පූජාවලිය-ජේතවනාරාම පූජා කථා

පූජාවලිය


සතළොස්වන පරිච්ඡේදය


තව ද අප බුදුන් සැවැත්නුවර දී අනේපිඬු මහ සිටාණන් ගෙන් ලද ජෙතවනාරාම පූජාා නම් කවර යත්?-සංස්කරණය

තව ද අප බුදුන් සැවැත්නුවර දී අනේපිඬු මහ සිටාණන් ගෙන් ලද ජෙතවනාරාම පූජාා නම් කවර යත්?- මෙසේ බුදුරජාණන්වහන්සේ පළමුවන ගමනෙහි ම පියමහ රජාණන්වන්සේ තුන්මඟ තුන්ඵලයෙහි පිහිටුවා, සඟපිරිස් පිරිවරා, ඒ කිඹුල්වත් නුවරින් නික්ම එම විසිදහසක් රහතන් පිරිවරා රජගහා නුවරවැඩ එහි සීතනම් මහවෙනෙහි වසනසේක. එ කල රජගහා නුවර ධනසිටාණකෙනෙක් ඇතියහ. ඔවුන්ගේ නැඟණියෝ සැවැත්නුවර අනේපිඩු මහසිටාණන් කෙරෙහි වෙසෙති. එසේ හෙයින් ඔහු දෙදෙන භගිනිපතිකාවූ සුහුරුබඩු වූහ. එසේ හෙයින් ඔහු දෙදෙන තමන් තමන්ගේ නුවරින් පන්සිය බඩු ගැල් ගෙන ඔවුනොවුන්ගේ නුවර ගොස් විටෙක එති; නොවිකා නම් ඔවුනොවුන්ගේ ගෙවල දී යෙති. ඔවුනොවුන්ගේ නුවරට ඔවුනොවුන් වදිනා දවස් ඔවුනොවුන් පෙර මඟට ගොස් යොදනෙක පටන් මහපෙරහරින් නුවරට ගෙනෙති. මෙසේ වසන කල අනේපිඬුමහසිටාණෝ සැවැත්නුවර සිට රජගහානුවර ගොස් යොදනෙක සිට තමන් ආ පවත් පෙර සේ ම කියා යවුවාහු ය.

එ දවස් නම රජගහා නුවර සිටාණන් බුදුන් කරා ගොස් බණ අසා....සංස්කරණය

එ දවස් නම රජගහා නුවර සිටාණන් බුදුන් කරා ගොස් බණ අසා සෙට දවසට පවරා අවුත් මහත් වූ දාන විධා‍නයෙහි යෙදී අවකාශයක් කිසිවකුත් නැති දවසෙක. එසේ හෙයින් සිටාණන් ආ පවත් කියාගතහුණුවෝ නැත. එ කල අනේපිඬුමහසිටාණෝ දැන් එති, දැන් එති. යි පෙරමඟ බල බලා වෙහෙසි නො එන හෙයින් මඟ දී දක්නෙම් වේ දැ යි සිතා එනිනාහු එසේ ත් නො දැක මිදුලෙහි දී දක්නෙම් වේ දැ යි සිතා දොර මිදුලටත් ගොස් එසේ ත් නො දැක සිටාණන්ට යම්කිසි ව්යදසනයක් ඇති වනැ යි සිත‍ා ගොස් ඇතුළු ගෙට වන්හ. එකල සිටාණෝ අඅනේපිඬුමහ සිටාණන් දැක සාමීචි කථා කරන්ට අවකාශ නැති හෙයින් සිපගෙන පියා “කිමෙක් ද සිටාණෙනි! මඟ නිදුක් ව සැප සේ පලා ආදෑ ද, බාලයන්ට දුක් නැද්දැ”ය යන මේ දෙබස විතරකින් සාදකොට තෙසු කථාවක් නොකොට “උදුන් බඳුව, දරගෙනෙව, පැැන් ගෙනෙව, අප්රඋමාද ව දාන විධානය කොට සවස අනේපිඬු මහ සිටාණන් කරා ගොස් සුවදුක් කථාවෙන් සන්හිඳි හුන්හ.

අනේපිඬුමහසිටාණෝ කියන්නාහු “සිටාණෙනි! පෙර මා මෙ නුවරට ආකල පෙරගමන් කොට යොදුනක් තැන්ගොස් මහත් වූ සන්තොෂයෙන් පිනව, අද මට පෙරගමනු ත් නො කළව සත්කාරයකු ත් කළව, මා හා කැටිව ස්වගාතයකු ත් නො කළව, මහත් වූ මඬ්ගල විධානයක් ම කරව, අද තොපගේ ගෙයි ආවාහ විවාහදි මහාමඬ්ගල දිනයෙක්ද, මෙනුවර රජ්ජුරුවන් හා මහ සෙනඟට සෙට අමුතු බතක් දෙව් ද, නොහොත් මහත් යාගයක් කරව්දැ’යි විචාළහ. එ වේලෙහි රජගහානුවර සිටාණෝ අනේපිඬු මහසිටාණන්ට කියන්නාහු “යහළු තෙපි නො ඇසුද, සුදොාවුන් මහරජාණන් දරු සිදුහත් කුමාරයෝ දැන් ලොවුතුරා බුදුවූහ. දහම්වැසි වස්වා වෛනෙය ජනසත්ත්වයන් සන්තොෂ කරවමින් සිටියහ. දෙව්බඹුන් තමන්ගේ ශ්රී පාදමුලයට ගෙන්වා කුලගැත්තන් සේ මෙහෙ ගනිිමින් සිටියහ. එසේ වූ බුදු උතුමාණෝ දැන් අපගේ මෙ නුවරට වැඩ අපගේ සීත වෙනෙහි වාසයකරන සේක. මම ඒ බුදුන් කරා ගොස් බණ අසා දහම් අමා උකා බී මත් ව සෙට ඒ බුදුන්ට මහදන් දෙමි යි උමතුවූවාහු තොප හා කුමන ස්වගතයක් කෙරෙම්දැ”යි කීහ.

එ වේගෙහි අනේපිඬු මහසිටාණෝ තමනු දු පෙර බුදුන් දැක පින් රැස්කොට ආ මහ පින්පිඩාාණන් හෙයින් හිරිරස් කලබක් හා සමඟ සන්තොෂ වූ මහ පියුමක් සේ බුදුහු ය යි කී වචනය හා සමඟ උපන් මහා සන්තොෂයෙන් සකල ශරීරය පුරා ලෙ‍ාමු දහ ගන්වමින් ඉත‍ා විස්ම ය පත් ව යහළු නො වළහා කියව, බුදු කෙනෙක් ම දැ”යි විචාළහ. බුදුකෙනෙක් ම ය යි කීහ. දෙවනුව තුන්වනුව ත් විචාළහ; දෙවනුව ත් තුන්වනුව ත් බුදුහු ම ය යි කීහ. එ වේලෙහි අනේපිඬු මහසිටාණෝ ‘මා ඇසුයේ ඉතා අද්භූත වූ වචනයෙක, කල්්ප කොටියකිනු ත් ලැබගත හැක්කා වූ වචනයෙක් නො වෙයි. මට වූයේ වැඩෙක. මා මෙ නුවරට ආ‍යේ ම යෙහෙක, යහළුව මට සිනැහැ ඇතියා නම් දැන්ම මා ගෙනගොස් බුදුන් දක්වා පියව”යි කීහ. එ බසට සිටාණෝ කියන්නාහු “බුදුන් සිතූ සිතූ විට ම දැකලිය නො හැක්ක, නො වේලෙහි ගියකෙනෙක් ඇත්නම් බුදුහු බුද්ධාසනයෙහි වැඩහිඳත්, ගන්ධකුටියෙහි වැඩහිඳ ත් ගන්ධාමාළකයෙහි වැඩසිටත්, නො පැනෙනසේක ම ය; ධ්යාාන සුවයෙන් හෝ වැඩහිඳිනා සේක, දෙවිියන්ට බඹුන්ට පැන හෝ වදාරන සේ්ක; සක්දෙවුරජහු වැනියෝ පවා නො වේලෙහි බුදුන් කරා ගොස් දැකගත නො හී ආපස්සෙහි පලායෙති. බුදුන්ගේ අදහස් දත නො හැක්ක.

බුදුහු සිවථිකාවක් සමීපයෙහි ත් වසන සේ්ක. මේ මේ කාැණයෙන් බුදුන් දැකීමට මෙ වේලාවකු ත් නො වෙයි. සෙට උදෑසණම කැඳවාගෙන ගොස් බුදුන් දක්ව‍ාලමි. අද එක රැයට සැතපී ගනුව”යි කියා සන්හිඳුවා සිටාණන් සත්බුමු මහා පායෙහි මතුමාලේ යහන් ගබඩාවේ සැතැප්පූහ.

එ කල අනේපිඬුමහසිටාණෝ ද බුදුන්ගේ නම ඇසූ වේලෙහි පටන් ....සංස්කරණය

එ කල අනේපිඬුමහසිටාණෝ ද බුදුන්ගේ නම ඇසූ වේලෙහි පටන් කිසි භාණ්ඩයන්ගේ විධානයකුදු නො කොට කිසි පරිවාර ජනකෙනකුන්ලාත් කථාවක්නොකොට බුද්ධාලම්බනප්රීෙතිනමැති අමා දිය උකා බීමෙන් මුසපත් ව ගියා සේ “බුද්ධො- බුද්ධො”යි කියා කියා යානේ වැදහෙව මෙතෙක් දවස් සේ තිස් පැයකින් හිරු නො නැඟී අද කීප පැයකින් පහනි වී නම් යෙහෙකැ’යි සිත සිතා නිඳන්නාහු පළමුවන යම සිහිනෙන් පහන්ව ගියා සේ දැක ඇස දල්වා බුද්ධාලම්බන ප්රීනති ශ්ර ද්ධාවෙන් පහන් දමස් දැල්වූවාසේගේ කුස දැක “සැබැවින් පහන්ව ගිය, ඉර පැනනංගේවන, කල්යවා නිදා පීම් වන, මා කෙළේ කිමදැ”යි සිත සිතා ගබඩාවෙහි දොර හැර ගොස් සඳල්ලට බැස අහස බලා නැඟි හිරක් නොදැක මුදුන බලා සඳ දැක සඳ පියවර බලා දසපෑ ගියේ යය් දැන නැවත ගබඩාවට වැ ද නිඳන්නාහු දෙවන යමෙහි දු එසේ ම ආලෝක දැක දොරට ගොස් බලා විසිපෑ ගියේ ය යි දැන නැවත ගබඩාවට වැද නිඳන්නාහු තුන්වන යමෙහි දු එසේම ඇලොක දැක පහන් නුවූ බව් දැන අඅලුයම් රාත්රිදයෙහි දුටු ආලොකයෙන් සැබැවින් ම පහන් වීම ය යි සිතා බුදුන් කරා යෙමි යි නික්මුණාහ. එ කෙණෙහි සිටාණන්ගේ ශ්රරද්ධාබලයෙන් දෙවියෝ මතුතුනුරුවන්ට තමන්ගේ ගෙදොර විවටාඬ්ගණ කරන මහතාණෝ යයි සිටාණන් කෙරෙහි පැහැද සත්මාලෙහි මහදොර සතම හැර මඟ අලුකොට එකාඬ්ගණ කළහ.

එවේලෙහි අනේපිඬුමහසිටාණෝ මහ වාසලින් පිටත් ව අමු සොහොනකට පැමිණ පළමුවන පයින් එක් මිනියෙක පැකිළ, දෙවන පයින් අනික්මිනියෙක පැකිළුණාහ. එවේලෙහි සිටාණන් පයට මිනිය අති සිහිල් ව වැටහිණ. කුණප ගන්ධය ද නාසයට පැනනැංග, නිලමැස්සෝ ද කිලදී නැංගහ. එකෙණෙහි මිනිකුණ පයෙක් වනැයි උපන්නාවූ මහා ප්ර්තික්කුලචිත්තයෙන් බුද්ධාලම්බන ප්රීමතිචිත්ත ය පසුබට; එසේ හෙයින් සිටාණන්ටට උපන් ආලොක අන්තර්ධාන ව දසදික් අඳුරු විය. එ වේලෙහි සිටාණෝ රාත්රිතය බවු දැන අමුසොහොනකට පැමිණියෙමි යි සිතා මහත් වූ භය ඉපද ආපසු යෙමියි සිතා මඳක් පසුබටහ. එ වේලෙහි ඒ සීවථිකාව සමීපායෙ‍හි රුක වසන සීවක නම් සෝවාන් දෙවතාව සිටාණනට උපන් භය දැක “මතු බුදුනට අග්රාඋපස්ථායක වන පිනවත් සිටාණන්ට අනුබල වෙමි”යි සිතා ආකාශයෙහි විදුලියක් සේ සිටාණන්ට පෙනී කිංකිණිකනාදයක් සේ මධුර වූ නාදයෙන් “යහළු සිටාණෙනි! භය නො ගනුව”යි කීහ.


“සතං හත්ථි සතං අස්සා- සතං අස්සතරී රථා,

සතං කඤ්ඤා සහස්සානි - ආමුත්තමණිකුණ්ඩලා;

එකස්ස පදවිතිහාරස්ස - කලං නාග්ඝන්ති සොළසිං”යි.

යන මේ ගාථාව කියා “යමෙක් ඇතුන් ලන්ෂයක්, අසුන් ලක්ෂයක්, රථ ලක්ෂයක්, දෙවඟනක් බඳු වරඟනන් ලක්ෂයක්,යාචකයන්ට දනදුනනේ වෟනම් එසේ වූ දාන විපාකයට ත් වඩා යමෙක් තුනුරුවන් අරභයා වඳින්නට යෙමි, බණ අසන්ට යෙමි’යි වෙහෙරකට යේ නම් ඔහු සන්හිඳීයන ගමනෙහි එක් පියවරක් ඔසවා තුබූ කල ඒ පය අග්රාඳඩ්ගුලියෙහි පටන් සිටි පියවර අග්රා ඩ්ගුලිය දක්වා අනතරයෙහි මුඨිරත්න ප්රෙමාණවූ පදවීතිහාර නම් භූමි ය සොළොස් කොට්ඨාසයක් කොට එයින් එක් භාගයක් ගෙන,එයි දු සොළොස් භාගයක් කොට එයින් එක් භාගයක් ගෙන,එයි දු සොළොස් භාගයක් කොට මෙසේ මෙසේ ම සොළොස් වාරයක්බෙදු නල අස්ලොමක් පමණ ඉතා සූක්ෂම වූ භූමියෙක් වෙයි. ඒ එක බූමියෙන් ජනිතවූ කුසල සම්භාරය ම සුවහස් ගුණෙන් වඩනෙමය. සිටාණෙනි නො මැලිව යව, දැන් ම ගොස් බුදුන් දකුව, ආපසු නො යව නො යව”යි කීහ. එබසට අනේපිඬුමහසිටාණෝ අහස බලා දෙවතා දැක “මම මෙතන් පටන් එකලා නොවෙමි. දෙවියොත් මා හා සදඟ ඇත්තාහුය”යි උපන් එකලා භය සන්හිඳුවා නැවත බුද්ධාලම්බන ප්රීයතිසන්තොෂ උපදවා ගෙන පෙර සේම ආලෝක දැක ඉදිරියට යන්නාහු නැවත දෙවන වාරයෙහි ත් මිනියෙක පැකි්ළුටණාහ; එ වේලෙහි දු උපන් භය දෙවතාවෝ ම සන්හිඳවීය; තව ද ගොස් තුන්වන වාරයෙහි දු මිනියෙක පැක්ළුණාහ. එ වේලෙහි දු උපන් භය දෙවතාවා ම සන්හිඳවී ය.

මෙසේ සිටාණෝ දෙවියන්ගේ බලයෙන් හා ශ්රේද්ධායෙහි බල යෙන් අලුයම් රාත්රි්යෙහි බුදුන් හුන් වෙහෙරට ගොස් බුදුන් නො දැක ම සිතනාහු “මේ ලෝකයෙහි ඇපි බුදුම්හ, ඇපි බුදුම්හ යි කියා ඇවිදිනෝ බෙහෙව, ඉදින් මොහු සැබෑ බුදුකෙනෙක් වූ නම් මාගේ මවුපියන් තුබූ නම මා මුත් මාගේ අඹුදරුවොත් නො දන්නාහ, කුල නමින් මට ආමන්ත්රුණයකොට මා හා සමඟ කථාකළෝ නම් ඔවුන් සබා බුදුකෙනකුන් නියා ය, එසේ කළෝ නම් ඔවුන් වඳිමි. පුදමි. සත්කාර කෙරෙමි. නම කියාගත නුහුණුවෝ නම් ඔවුන් නො වඳිමි. නො පුදමි. සත්කාර නො කෙරෙමි. ආපස්සේ යෙමි’යි සිතූහ. එවේලෙහි මාගේ ස්වාමිදරුවෝ ඒ එක සත්වයකු තබා අනන්තාපරියන්ත ලෝකධාතුයෙහි සත්ත්වයන් සිතූ සිත් තමන්වහන්සේගේ එක සිතින් දැනගන්නා තරම් අසාධාරණ වූ බුද්ධඥාන ඇති හෙයින් සිිටාාණන් සිතූ සිත කරතලාමලකයක්සේ දැක සිටාණන්කෙරෙහි උපන් මහත් වූ කරුණා ඇති ව “මා වැනි ශාස්ත්රැ වක්හට අග්රම උපස්ථායක වෙමි යි ප්රාේර්ථනා කොට ආ ප්රමණ්ය්වන්තයා පෛරමඟට මම් ම යෙමි’යි සිතා ගන්ධකුටියෙන් බාහ්යව ව සක්මන් කොට කොට ගන්ධමණ්ඩලමාළකයෙහි වැඩසිටි ප්රිායපුත්රසයක්හු ම එන පෙරමඟ බලන පෙම්බර මවක සේ සිිටාණන් පෙරමඟ බලා සිට සිටාණන් දැක සක්මනින් ගොස් උන්ට අභිමුඛ ව බුද්ධාසනයෙහි වැඩ හිඟ එ දවස් තමන්වහන්සේ ම සිට උන්ට නහ් තබාලුවා සේ “සුදත්ත ය! මෙසේ මාකරා පලා වරැ”යි වදාළ සේක.

එ වේලෙහි සිටාණෝ සුදත්ත යය් කී බස කන හීම හා සමඟම....සංස්කරණය

එ වේලෙහි සිටාණෝ සුදත්ත යය් කී බස කන හීම හා සමඟම බුදුන් සබා බුදුන් බව ත්, සවුනේ දත් බව ත් විශෙෂයෙන් දැන පහන් දිය විලක් සේ බුදුන් කෙරේ පැහැද බුදුන් කරා දිව ගොස් අමාවිලක් දුටු පිපාසිතයකු සේ බුදුන්ගේ චරණනඛ මයුඛ නමැති අමාවිල්හි ගැලි ගැලී සිත් සනහ සනහා පසඟ පිහිටුවා වැඳ එකත් පස් ව දොහොත් මුදුන් දී හිඳ සඳට අබිමුඛවූ සුපුෂ්පිත වු කෞමද වනයක් සේ තමන්ගේ ප්රී තීන් ප්ර බුද්ධ වු මුඛයෙන් බුදුන්ගේ මුඛ චන්ද්ර යා බල බලා “කිමෙක් ද, ස්වාමිනි සවුනේ ගෙවා දත් බුදුරජාණෙනි! මා උපන් දවස් නම් තුබුදෑ නුඹ ද, මාගේ නම කවුරු නුඹට කියාලූ ද, ඒ එක බසින් ම නුඹ ලොවුතුරා බුදුබව දත්මි, හස්ති කාන්ති වීණ‍ාවක් කනහුණුවාවූ ඇත්පොවුවකුසේම මම ද නුඹ වහන්සේගේ මධුර නාදය කන හුණු වේලෙහි පටන් ශබ්දයෙහි මත්වීමි. එසේ හෙයින් මෙ වේලෙහි පටන් මාගේ ජීවිතාන්තය දක්වා නුඹවහන්සේට කුලගැති වීමි, කිමෙක් ද, ස්වාමිනි! රාත්රිටයෙහි දවස් ගියේ ද, සුවෙන් සැතපුණුසේක් දැ”යි විචාළහ. එ වේලෙහි ස්වාමිදරුවෝ වතුරෙහි යන එකකුගෙන් පෙනිගිය අවයවයක් නොහැර ම ගසා අල්වාගෙන ගොඩට තමා කරා හය‍ාගන්නා වූ වීර පුරුෂයකු සේ සිටහු කී බස ම ගෙන ඕහට බණ කියා‍ ඔහු සසර සයු‍ෙඍන් ගොඩනඟා ගන්මි යි සිතා:-


“සබ්බදා චෙ සුඛං සෙති - බ්රා හ්මණො පරිනිබ්බුතො,

යො න ලිම්පති කාමෙසු - සීතිභූතො නිරූපධි.

සබ්බා ආසත්තියො ඡෙත්වා - විනෙය්යර හ‍දයෙ දරං,

උපසන්තො සුඛං සෙති - සන්තිං පප්පුය්යි වෙතසො”යි.

යන මේ ගාථා දෙකින් “එසේ ය, සිටාණෙනි! සවාසනා කෙලෙසුන් නසා ශාන්තියට පැමිණි කෙනෙක් සුවයෙන් සැතපෙන්නෝවෛත්දැ”යි වදාරාසිටාණනට අනුරූප වූ ධර්මදේශනා කළසේක. එවේලෙහි සිටාණෝ යෙළදහසක් කෙළෙසුන් ගෙවා දහසක්නයින් ප්රවතිමණ්ඩිතවූ සෝවාන් ඵලයෙහි පිහිටා එවේලෛහි වීදුරු පොළොවෙක ගලා හිඳු වු වජඛීලයක් සේ බුද්ධශාසනයෙහි ස්ථිරව පිහිටියාවු අචල ශ්රකද්ධාඇතිව බුදුන ට ශතසහස්ර වචනයෙන් ස්තුති කොට “ස්වාමිනි! ගැත්තවූ මෙ නුවරට ආගන්තුක ව ආව ත් මාගේ ශ්ර ද්ධා පමණ දානයක්දී ගන්නා කැමැත්තෙමි. සෙට දවසට ගැත්තවුට අනුග්රාහ කළ මැනවැ”යි බුදුන් පවරාලා සුහුරු බඩු සිටාණන්ගේ ගෙට ගොසින් නො එක් භාණ්ඩ‍යන් පරීක්ෂා කොට දානසම්භාරයන් රැස්කරන්නට පටන් ගත්හ.

ඒ සිටාණෝ එ පවත් දැන “තෙපි මහළු මෙ නුවරට ආගන්තුක යව, මම නෙ වාසිකයෙමි, තොපගේ නුවර දී මා ාකළමනා යම් දෙයක් තොපට ම භාර ය, තොප මාරුවෙහි, දානපරිත්යා ගය මාගෙන් ම කෙරෙමි යි තෙපි යෙහෙන් හිඳුව”යි කීහ. අනේපිඬු මහසිටාණෝ එසේ නොකෙරෙමි යි, මාගේ පන්සියක් ගැල් පුරාගෙනා බඩු එක දවසක් තබා තුන්මසක් ම දන් දෙත ත් දාන පරිත්යා ගයට ඇත. මාගෙන් ම දෙමි යි කියා නො ගිවිස්සාහ. එකල රජගහානුවර අසූදහසක් නියම්ගමට නායක වූ නේගම ජ්යෙපෂඨයාණෝ ද අනේපිඬුමහසිටාණන්ගා අති විශ්වාසය හිඳිනාහු එ පවත් අසා අවුදින් “යහළු! සියලු දානොපකරණ මාගෙන් ගනුව”යි කීහ, උන්ගෛනු දු කිසිවක් නො ගත්හ.

බිම්බිසාර රජ්ජුරුවෝ ද “ තොප‍ෙග් ගමක් නොව ත්....සංස්කරණය

බිම්බිසාර රජ්ජුරුවෝ ද “ තොප‍ෙග් ගමක් නොව ත්, අපගේ භාණ්ඩාගාරයෙන් සියලු පරිත්යා ග ගෙන දන් දී ගනුව”යි කීහ. ස්වාමිනි, සියල්ල ම මාගෙන් ම සපයමි, අඩුයෙක් ඇත්නම් සැල කරන්නෙම් වේ දැ යිි මායමින් රජ්ජුරුවනු දු යවා තමන්ගේ ම පරිවාර ජනයන් ඇරගෙන ගිනි දර පැන් ලිප්ගල් දක්වාත් මිල දී ම ඇරගෙන මහදන් සරහා, දෙවන දවස් බුදුන් වඩාගෙනවුත් තමන්ගේ නැඟණියන්ගේ මහා පායෙහිදී ම බුදුන් ප්ර ධාන වූ විසි දහසක් මහරහතන් වළඳවා වළඳා අන්තයෙහි “” ස්වාමිනි! අපගේ සැවැත්නුවර නම් ඉතා රම්යධ වූ නගරයෙක, සත්පනස් ලක්ෂයක් කුල ඇතියේ ය, සත්කෙළක් මනුෂ්යනයෝ ඇතියාහ, අවුරුදු පතා ලක්ෂ නිමන අසුදහස ත් නියම්ගම් ඇතියේ ය, තුන් තුන් සියක් යොදුන් කසී - කොසොල් දෙරටින් නුවරට සතර දිගින් වදිනා අය මහමුහුදු රළපෙළ දිවන්නා සේ මුත් අනික් උපමායෙක් නැත; ස්වාහිනි, අපගේ නුවරට වැඩවදාළහොත් ගැත්තවුගේ කෙළගණන් ධන නිධාන කොට තිබෙයි, කෙළගණන් ධන ණය පොළී පිට තිබෙයි, කෙළගණන් ධන අනුභවයට තිබෙයි, මුතුන් මීමුතුන් රැස්කළ ධන මෙතෙකැ යි පමණ නැත. එයින් අටළොස් කෙළක් ධන ණය දුන් තැන් සිහිනැති ව ගියේ ය; අටළොස්කෙළක් ධන නිධාන කළ තැන මුහුදුබත් විය. ගැත්තවුගේ එ සේ නිෂ්ප්රසයෝජනව නස්නා’වූ සිටු සැපත ස්වාමිදරුවන්ගේ සසුන් නමැති කුඹුරෙහි ඉස පියනු කාමාත්තෙමි”යි ආරාධනා කළහ. එ වේලෙහි අනන්තා පරියන්ත වූ බුදුන් සද්ධර්මප්රාවාහ කළාවූ ධ්යාින ක්රීනඩාමණ්ඩලයක්ම නියාව දැන වදාරා එ නුවරට මාත් ්ගියමනා කල් ම ය යි සිතා “සිටාණෙනි! සර්වඥවරයෝ නම් ශූන්ය ගෘහයෙහි රමණ ය කරන්නාහු වෙත් දැ”යි වදාළ සේක.

එ වේලෙහි සිටාණෝ බුදුන් වදාළ අභිප්රා යෙන් “බුදුහු මා ලවා වෙහෙරක් කරවනු කැමති සේකැ”යි දැන “අදහස් දතිමි, ස්වාමිනි! වෙහෙරක් කරවාලා ගැත්තවූ ආරාධනා කොට එවූ කල වැඩවදාළ මැනැවැ”යි ආරාධනා කොට බුදුන් අතින් සියලු ප්රමතිඥා ලදින් බුදුන් වැඳ සමුගෙන තමන්ගේ නුවරට යන්නාහු මඟ යොදනෙන් යොදනෙහි මනුෂ්ය යන් රැස් කොට “මනුෂ්යුයෙනි! බුදුහු මෙ මග වඩනා සේක, මං සරහව, වෙහෙර කරව, නො පමා වව”යි කිය කියා බුදු ගුණයෙන් බොහෝ දෙනා පහදව පහදවා මඟ පන්සාලිස් යොසනෙහි පන්සාලිස් ලක්ෂයක් වියදම්කොට පන්සාලිස් වෙහෙරක් කරවා සැවැත් නුවරට ගොස් බුදුන්ට වාසයට මා වෙහෙරක් කරවා ගන්නා පරිද්දෙන් කෙසේ වූ ස්ථානයෙක නුදුරු නො ළංව සත්ත්වයන් සිත් සේ ගොස් වැඳ පුදා ගන්නා පරිද්දෙන් යොඝ්යන දෝහෝ රම්යැ දෝහෝයි නුවර සිසාරා බලා ඇවිදිනාහු ජෙත නම් රාජකුමාරයන්ගේ උයන ඉතා රම්යද ය යි උන් කරා ගොස් “ රාජකුමාරයක් වහන්ස! නුඹගේ උයන්බිම බුදුන්ට මා වෙහෙරක් කරවා ගන්නා පරිද්දෙන් මාගෙන් මිලයෙට බිම මට දුනමැනැවැ”යි කීහ. එබසට රාජකුමාරයෝ “මඳ මිලයක් දෙන්නා තබා ඒ බිම ඔටින් සිටුවා රනින් වසා පුරා දුනු නුමත් දෙම් ම ය”යි කීහ.

එ බසට සිටාණෝ “එක විට ම කී බසින් ම බිම මට දීපු දෑ ය, උයන ගත්මි, උයන ගත්මි” කියා ඇකයේ අත් ගසා සිනාසුනහ. එ වේලෙහි රාජ කුමාරයෝ “සිටාණෙනි! තොපට මා උයන දුන්නා නැත. කුමක් දොඩාදැ”යි කීහ. සිටාණෝ නැවත ත් “මම උයන ගතිම් ම ය” යි කීහ. රාජකුමාරයෝ “උයන නො දනිම් ම ය” යි කීහ. සියාණෝ දුනු ම ය යි කීහ. තවත් නො දිනිම් ම ය යි රජකුමාරයෝ කීහ.

එ වේලෙහි සිටාණෝ “අප දෙදෙනාගේ බසින් කම් නැත. අධිකරණ සභාවට යම්හ. යුක්ති දන්නෝ අප දෙදෙනා කී බස් අසා නුඹම මට උයන දුන්නැ යි කිවු නම් උයන මාගේ ම ය. නුදුන්නැ යි කිවු නම් නුඹගේ උයන නුඹගේ ම ය”යි කියා රාජ කුමාරයන් කැඳවා ගෙන අධිකරන සභාවට ගොස් “අප දෙදෙනාගේ මේ අධිකරණය මැදහත් ව කිව මැනැවැ” යි කීහ.


එ සමයෙහි අධිකරණ නායකයෝ දෙදෙනාගේ බස් අසා....සංස්කරණය

එ සමයෙහි අධිකරණ නායකයෝ දෙදෙනාගේ බස් අසා රාජකුමාරයන් මුහුණ බලා “යම් වෙළෙඳාමක් කරන කල වස්තු ස්වාමියා නො වටිනා ගරු අගයක් පළමු කොට කියාපු නම් වස්තුව මිළ කළ නියා ම ය. නුඹ ගරුකොට මිල කියාපී බැවින් ඒ මිළ සිටාණන් දී ගත නුහුණු වූ නම් උයන නුඹගේ ම ය. දීගත හුණු වූ නම් උයන සිටාණන්ගේ ම ය” යි කියා කුමාරයන් පැරදවූහ. එ වේලෙහි රාජකුමාරයෝ පැරද “මාගේ උයන නම් අයමින් විතරින් වඩු දහස් දහස් රියන් ඇතියේ ය. එසේ හෙයින් එක්යාල දොළොස්මූණක වප්යන්නා වූ මහ බිමෙක, මේ සා බිමක් වසා රන් ඔටින් සිටුවා පුරා දී ලීමෙක් නම් කවර නම් සතක්හට පිළීවන් දෙයෙක් දැ”යි සිතා මොහු රනින් පරදවා මාගේ උයන නො දෙම් ම ය යි සිතා “වැළි තො‍ප එදේ ම තප්පර බැවින් උයන තොපට ම දිනිමි. දැන් ම මට රන් දී බලගැ” යි කීහ.

එ වේලෙහි සිටාණෝ ඉතා සතුටු ව රාජකුමාරයන් කැඳවා ගෙන උයනට ගොස් උයනෙහි නිෂ්ප්රායෝජන වූ විහාරයට නො කරම් ගස් මුලින සිඳුවා දම්මවා සඳුන් කපුරු සපු නො පනා අඹ දඹ දොඹ ආදී වූ මාහැඟි ගස් රඳවා උයන්බිම බෙර ඇසක් සේ තනා එවේලෙහි ලියන්නන් මෙල්ලාකවරුන් කැඳවා “මාගේ සත්මුත්තක් මු්වල්ලෙහි දොර නො හැර තුබූ අඅසවල් නිධානයෙහි පිධානය හැර එහි තුබු මසුරන් ඇද මෙ බිම ඇසිල්ලෙකින් පුරව”යි විධාන කළහ. එ වේලෙහි රාජකුමාරයෝ “මොහු කියන්නේ කිමෙක් ද, එක නිධානයෙක වැඩී ගියේ නම් දශලක්ෂයක් හෝ තිබෙයි. විසි ලක්ෂයක් හෝ තිබෙයි. එ විතර රනකින් මෙේසා බිම සුළස්සෙන් සිටුවා පුරාලිය හැකි දැ”යි ිසිත සිතා‍ සිටියහ.

එ වේලෙහි ිසිටාණන්ගේ ලියන්නන් හා මෙල්ලාකවරු දිව දිව ගොසින් සිටාණන්ගේ සත් පවුරු සත් දොරටු ඇතුළෙහි තුබූ ඒ නිධානයෙහි පිධාන ය හැර ඇතුළට වැද බඩසැළෙක වී මැණ හරිනා සේ ලාසු වලින් රන් මැණ මැණ දෙත් සිටාණන්ගේ ලක්ෂ ගණන් පරිවාර ජනයො වැදලා ඔවුනොවුන් පරයා මසුරන් ඇද ඇසිල්ලෙකින් අනු යහලක් පමණ මසුරන් උයන මැාද සැලූහ. එ කෙණෙහි ම සිටාණන් සැලු සැලු රන් ලක්ෂ ගණන් ජනයෝ මිටින් මිටින් ගෙන එක්යහල දොළොසමුණක් වපු යන ඒ සා බිම කිසිවකුත් නො පෙනෙන සේ සුළස්සෙන් සිටුව සිටුවා බුමුතුරුනෙකින් වසන්නා සේ වසා ගෙන යන්ට පටන් ගත්හ.

එ වේලෙහි සිටාණෝ ද සක්විති රජයක් ලබන දවසක් සේ මහත් වූ සන්තොෂයෙන් පිනා තමන්ගේ පිරිවර සිටුවරුන් ගෙන මේ ඳුන්ගස් ආදි වූ ගසින් වැසී සිටි බිම රන් ලාලිය නො හැක්කේ ය, එසේ කල මාගේ පින්කම අඩුව ගියේ නම් නපුරැයි සිතා තවත් වඩ වඩාලා ම පිනෙහි ම ලොභ කරන්නාහු ඒ රුක් වට සිසාර මැණ මැණ එම සා තෙසු බිම්වල ඒ මාරුවෙහි මසුරන් පුර පුරා යන්නා‍හු ය. මහ වාසල්බිම තබා අවශෙෂ වූ උයන් භූමිය මුළුල්ලෙහි මසුරනින් වසා නිමි කල සිටාණෝ එ වේලෙහි වාසල්බිමෙහි රන් නූ ලූ අඩුව දැක මෙ තෙන ද වහා රන් පුරව යි කීහ.

එ වේලෙහි ලියන්නෝ අවුත් “සිටාණන්වහන්ස! නුඹ වහන්සේ ගේ සත්වන මුත්තණුවන් වහන්සේ ඒ නිධාන ය කෙළේ අටළොස් කෙළක් මසුරනින. ඒ අටළොස් කෙළක් මසුරන් ම මෙ තෙනට ගොනන ලද, ඒ නිධායෙහි අලෛවියක් නු වූ නියාවට ලේකම් බල බලාා වදාළ මැනැවැ”යි එම නිධානයෙහි සංග්රාහ කොට තුබූ තඹපත අකුරු පෑහ. එ කල සිටාණෝ අනික් නිධානයෙකින් රන් ගෙනෙව යි කීහ.

එ වේලෙහි රාජකුමාරයෝ සිටාණන් මේ සා සම්පතක් ගෙනෙ ත් ගෙනෙ ත් වඩ වඩා සතුටු ඇති නියාව ත් මේ සා ධන පරිත්යාගගයෙක මඳ දොම්නසකු ත් නැති නියාවත් දැක “එකාන්තයෙන් මුන් කරන්නේ මේ සා සම්පතකට ත් වඩනා ඉතා උතුම් වූ කටයුත්තෙක් වන, මුන් රන් දි බිම ගන්නා බව එකාන්තම ය. මාත් මුන් හා ම එක්වුව මැනැවැ” යි සිතා “සිටාණෙනි! යුක්ති බිණීමෙනු ත් මා ම පැරදවුව. රන් දීමෙනුත් මා ම පැරදවූව, එ තෙකින් මා බොහෝකොට නො පරදව. මේ වාසල් බිම තොපගෙන් මට උපකාරකොට දෙව. එ බිමට රන් නො ගෙන්වව. තොපගේ පිනෙහි මා ත් එක්කොට ගන්ව”යි කීහ.

එ වේලෙහි සිටාණෝ ද “තමා කරන කටයුත්තෙක මෙ වැනි ප්රටසිද්ධ වූ රජදරුවන් එක්වීමෙන් දොෂයෙක් නැත. උනුන් එක් කෙරෙමි”යි සිතා යහපතැයි ගිවිස එතෙන රරන් නො ලව යි නියොග කොට රාජකුමාරයන්ට වාසල් බිම අළහ. වාසල් බිම ඇර “ එසේ වී නම් තෙලෙ රන් හස්කොට ගත මැනව. මට බිම වහා අවසර කොට දුන මැනැවැ”යි කීහ.

එ කල රාජකුමාරයන්ගේ සේවකයෝ සියදහස් ගණන් ගොවි පෝරු ලා....සංස්කරණය

එ කල රාජකුමාරයන්ගේ සේවකයෝ සියදහස් ගණන් ගොවි පෝරු ලා ලා ඇද මසුරන් උයනින් පිටත රැස්කොට බිම අවසර කළහ. එ කල සිටාණෝ විහාරකර්මාන්ත පටන් ගන්වා අනන්තාපරියන්ත වූ බුදුන්ගේ ශාසනස්ථාන වූ අවිජහිත භූමියෙහි බුදුන්ට විසිතුරුවූ ගඳකිළියක් කරවා, වටා සංඝාරාම කරවා, රාත්රිනස්ථාන - දිවාස්ථාන - චංක්රටමණ - මණ්ඩප - පුෂ්නරණි - විල් පතැස් - පුෂ්පාරාම - ඵලාරාම ආදී වූ නොයෙක් සංඝාරාම දෙවියන්ගේ ද සහායෙන් දිව්යආ කර්මාන්ත සේ විශ්වකර්ම නිර්මිතයක් සේ ඉතා මනොහරකොට නිමවා සිසාරා සාර දහසක් රියන් හා උසින් අටළොස් රියන් මහ පවුරු කරවා නොබෝ දවසෙකින් නිම වූහ. එහි බුදුන්ට ම කැරවූ ගඳකිළිය සියක් ලක්ෂයක් මසුරන් වියදම් කොට කෙළක් අගනා සේ කළහ. සියලු විහාර කර්මාන්තම එක් නිධානයෙක් ම පුරා තුබූ අටළොස් කෙළක් මසුරන් වියදම්කොට කළහ.

ඒ අනේපිඬු මහසිටාණෝ නම් කල්යා ණ මිත්රදයන් බහුල කෙනෙක “අපගේ සිටාණන්ගේ මේ පින්කමෙහි අපි ත් එක්වම්හ,අපිත් එක්ණවම්හ”යි කියකියා විශ්වාසයන් ඔවුනොවුන් පරයා කරන ලද කර්මාන්ත හා උන්ගෛන් කරන ලද ධන පරිත්යානග හා මෙතෙකැයි පමණ නැත. අවශෙෂ වූ සත්ත්වයනුදු බුදුන්ගේ නම අසා “බුදුහු ය යි යන කෙනෙක් ල, ඔහු ඉතා සොඳ කෙනෙක් ල, මිහිරි වූ කටහඬ ඇති කෙනෙක් ල, මනෝහර වු දහම් අමා ඇති කෙනෙක් ල, මොහු කරවන්නේ ඔවුන් ්හිිිනා වෛහෙරක් ල, අපි අපි දු ඒ උතුමාණන්ත හා කරම්හ”යි කිය කියා වෙන වෙන කරවාපු කර්මාන්ත හා වෙන වෙනම නළා වූ ධනපරිත්යාෙග ද මෙතෙකැයි පමණ නැත. එ කල ජෙත නම රාජකුමාරයෝ ද සිටාණන් කරන්නා වූ ඒ විහාරකර්මාන්තයෙහි පැහැද “සිටක්හුගේ සම්පත් රජක්හට ඇයි ද, ඔහු දුන් මිල ඔහුගේ විහාරයට ම පරිත්යාරග කොරමි”යි සිතා නැ‍ඟෙනහිරි වාසල් භූමියෙහි එක්සිය විසිරියනක් අයම් විතර ඇති සත්මහල් මහාමාලිගාවක් වාසල් කොට කරවා සෙසු තුන් වාසල ද එසේ එ‍සේ ම මෙනොහර කොට නිමවා එ බිම ගත් අටළොස් කෙළක් මසුරන් එම වෙහෙර සතර මහවාසල් කර්මාන්තයට ම පරිත්යාඑග කළහ.

එ කල අනේපිඬු මහසිටාණෝ මෙ සියලු විහාරකර්මාන්ත නිමි කල බුදුන් පවරා යවුවාහු ය. එ කල බුදුරජාණන්වහන්සේ යොදනෙන් යොදනෙහි සිටාණන් කැරවූ විහාරයෙන් විහාරයෙහි සැතපි සැතපී පන්සාලිස් දවසෙකින් සැවැත්නුවර වැඩී සේක. සිටාණෝ විහාරය මුළුල්ලෙහි ධජ පතාක පුන්කලස් කෙසෙල් ගස් පිළි තොරනින් දිවඋයනක් සේ මහා පූජා සරහා තමන් පුතණුවන් සර්වාභරණයෙන් සරහා පන්සියයක් සිටුකුමරුවන් පාවා දී පස්පෑයෙ‍න් දිලියෙන පන්සියයක් ධජපෙළ සමඟ යවුවාහු ය. ඔවුන් පස්සෙහි මහා සුභද්රාන නම් සිටුදුව චුල්ලසුභද්රා් නම් සිටුදුව හා දූන් දෙදෙනා දෙවු කුමරියන් සේ සරහා සම වයස් ඇති, පන්සියයක් සිටුදුන් හා සමඟ පන්සියයක් රන් කලස් දී යවුවාහුය. ඔවුන් ඉක්බිත්තෙහි සිටාණෝ තමන්ගේ අග්රර සිටුදියණියන් පන්සියයක් කුලස්ත්රී්න් හා සමඟ සර්වාභරණයෙන් සරහා පන්සියයක් රන් පැන් දී යවුවාහු ය. ඒ සිටුදුන් ඉක්බිතිව කොසොල් මහරජ්ජුරුවන්ගේ දියණියෝ සුමනා නම් රිජකුමාරිකාවෝ පන්සියයක් රජ කුමරියන් පිරිවරා පන්සියයක් රථ නැඟී සර්වාභරණයෙන් සමලඬ්කෘත ව ශක්රාපුරයෙන් නික්මුණු දෙවඟනන් රැසක් සේ සුවඳමල් කරඬුගෙන එක පෙළ නමා ගත්හ. ඒ රජකුමරියන් ඉක්බිති ව පන්සියයක් ඇමැතියන් ද සර්වාභරණයෙන් සැරහී මල්කලප් ගෙන නමා ගත්හ. ඔවුන් ඉක්බිති ව මහනුවර වැසියෝ සියලු අලඬ්කාරයෙන් සැරහී සියලු පූජා භාණ්ඩ ගෙන ගණන් නැති ව ගියාහු ය. ඔවුන් හැමදෙන ම මෙසේ ගියකල අනේපිඬු මහසිටාණෝ පන්සියයක් සිටුවරුන් සමඟ අලුත් සුදු දා වලු පිළී හැඳ පුජා මඟුල්වෙස් ගෙන සුවඳ මල් අතින් ගෙන බුදුන් පෙරමඟට ගොසින් දුටහ.

ඉක්බිත්තෙන් බුදුරජාණන්වහන්සේ මේ මහබිරිස් පළමු ව පූජාවෙන් නික්මුණු කල.....සංස්කරණය

ඉක්බිත්තෙන් බුදුරජාණන්වහන්සේ මේ මහබිරිස් පළමු ව පූජාවෙන් නික්මුණු කල තමන් වහන්සේ විසි දහසක් සඟ පිරිස් ගෙන සවනක් රසින් දිලිහි දිලිහී මහ පෙළහරින් පූජා විඳ විඳ අපරිමෙය වූ බුද්ධශ්රීදන් දෙවුරම් වෙහෙර වන් සේක බක්බිත්තෙන් අනෙපිඬු මහසිටාණෝ බුදුන් දැක වැැඳලා “ස්වාමිනි! මෙේවෙහෙර කෙසේ පිළිපදිම් දැ”යි විචාළහ. ස්වාමිදරුවෝ “මහ සිට! මේ විහාරය මේ තෙනට පැමිණි නො පැමිණි සෑම භික්ෂූන් උ‍දෙසා සාංඝිකකොට දෙව යි වදාළ සේක. එ කෙණෙහි අනේපිඬු මහසිටාණෝ ස්වර්ණභිංකාරයෙන් පැන් ගෙන “සතර දිගින් වඩනා බුදු පාමොක් මහසඟනට මේ වෙහෙර සංඝිකකොට දිනමි”යි කියා බුදුන් ශ්රී හස්තයෙහි පැන් වත්කළහ. එ කෙණෙහි ස්වාහිදරුවෝ දෙව්රම්වෙහෙර පිළිගෙන සිටාණන් තමන් මකැර වූ ධර්මමණ්ඩපයෙහි බුද්ධාසන පැන නැඟී වැඩ හිඳ-


“සීත උණ්හං පටිහන්ති - තතො වාළමිගානි ච,

සිරිංසපෙ ච මකසෙ - සිසීරෙ චාපි වුට්ඨියො” යි.

යනාදීන් ආවාසදානයෙහි අනුසස් මහ පිරිසට දෙශනා කොට බොහෝ සතුන් සසරින් මුදා වදාළ සේක.


ඉක්බිත්තෙන් අනේපිඬු මහසිටාණෝ මෙසේ බුදුන්ට ජෙතවනාරාමය පිළිගන්වා දවස දවස පූජා කරන්නාහු අටළොස් කෙළක් ධන දාන පූජාවෙහි වියදම් කොට නව මසක් මුළුල්ලෙහි දවස් පතා පූජා කළාහු ය. මෙසේ බිම ගත් මිලය විහාර කර්මාන්ත කැර වූ මිල ය, දාන පූජාවට කළ වියදමැ යි මෙසේ සිවුපනස් කෛළක් ධන බුදුන් උදෙසා එක ජෙතවනාරාමයට ම වියදම් කළහ.

මේ විහාරභූමිය නම් අනන්තාපරියන්ත වූ සර්වඥයන්ට ම අනන්තාපරිමෙය වූ ධනසිටුවරුන් විසින් ම මිලදී ගෙන කරවා පිළීගන්වා එන වෙහෙරෙක් ම ය. සෙසු සර්වඥයන් හැර විපස්සී නම් බුදුන්ට සවස්තිසෙන නම් සිටාණකෙනෙක් මෙ ම බිම සතර ගවුවක් පමණ තෙන රන් අතුළුවෙන් වසා බිම ගෙන විහාරය කරවා ඒ විපස්සී නම් බුදුනට පිළිගන්වා මහාපූජා කළහ. තව ද සිබී නම් බුදුන්ට සිරිවඩ්ඪක නම් සිටාණකෙනෙක් මෙම බිම තුන් ගවුවක් පමණ තෙන ඝනරන් සීවැලින් වසා මිල දී බිමගෙන විහාරය කරවා පිළිගන්වා මහා පූජා කළහ. වෙස්සභු නම් බුදුන්ට ස්වස්තික නම් සිටාණ කෙනෙක් මෙම බිම දෙගවුවක් පමණ තෙන ඝනරනින් ගැසූ ඇතු පයින් වසා මිල දී බිම ගෙන වෙහෙර කරවා පිළිගන්වා මහාපුජා කළහ. කකුසඳ නම් බුදුන් සමයෙහි අච්චුත නම් සිටාණකෙනෙක් මෙම බිම ගවුවක් පමණ තෙන ඝනරන්උලින් වසා මිල දී බිම ගෙන වෙහෙරක් කරවා පිළිගන්වා මහා පූජා කළහ. තව ද කොණාගමන නම් බුදුන් සමයෙහි උග්ගත නම් සිටාණ කෙනෙක් මෙම බිම අඩගවුවක් පමණ තෙන රනිබ්බන් පුරා මිලදී බිම ගෙන වෙහෙර කරවා පිලිගන්වා මහා පූජා කළහ. තවද කාශ්යහප නම් බුදුන් සමයෙහි මඬ්ගල නම් සිටාණ කෛනෙක් මෙම බිම සොළොස් කිරියක් පමණ තෙන ඝනරන් උළින් වසා මිල දී ගෙන වෙහෙර කරවා පිළීගන්වා මහාාපූජා කළහ. දැන් අප මහා ගෞතම බුදුන් සමයෙහි මේ අනේපිඬු මහසිටාණෝ බිජු අටකිරියක් පමණ බිම ඔටින්සිටුවා මසුරනින් වසා මිල දී බිම ‍ගෙන ජෙතවනාරාමය කරවා මෙසේ පිළිගන්වා නව මසක් මුළුල්ලෙහි මහාපූජා කළහ.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ අනන්තාපරියන්ත වූ බුදුන්ගේ වාසයට ම සුදුසු වූ මේ ජෙතවනාරාමය හැම බුදුන්ගේ චාරිත්ර නො වරදවා පිළිගෙන එ දා පටන් දවස් පතා දෙසිය සැත්තෑවක් පමණ දවස් මහා පූජා ලත්හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනු ත්, ලොකාචාය්ය්මර්‍ වූ, අනාචාය්ය්්ර්‍ වූ, ලොකාධාර වූ, අනාධාර වූ, ලොකෙශ්වර වූ, අනෙශ්වර වූ, ලොකනාථ වූ, අප්රලතීනාථ වූ, ලොකස්වාමි වූ, එකස්වාමි වූ, මාගේ ස්වාමිදරු වූ මාගේ ම ගුුරු වූ, මාගේ ම මවු වූ, මාගේ ම පිය වූ, මාගේ ම දෙවි වූ, මාගේ ම බඹූ වූ, මාගේ ම සර්වඥ වූ, මාගේ ම බුදුරජාණෝ මේ මේ කාරණයෙනු දු අර්හත් න්ම වන සේක.

එසේ හෙයින් කියන ලදුයේ මැයි:-

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්ථානු රූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං- යි.


මේ පූජාවලියෙහි අප බුදුන්ට අනේපිඬු මහසිටාණන් විසින් කරන ලද

ජෙතවනාරාම පූජා කථා නම් වූ

සතළොස් වන පරිච්ඡේදය නිමි.