පූජාවලිය-ගංගා රෝහණ පූජා කථා

පූජාවලිය


එක් විසි වන පරිච්ඡෙදය


තව ද: අප බුදුන් විශාලා මහනුවර දි ලිච්ඡවි රජුන්ගෙන් ලද ගංගාරොහණ පූජා නම් කවර යත්?සංස්කරණය

තව ද: අප බුදුන් විශාලා මහනුවර දි ලිච්ඡවි රජුන්ගෙන් ලද ගංගාරොහණ පූජා නම් කවර යත්? මේ එහි පිළිවෙළ කථාව ය: ගිය දවස බරණැස් නුවර බ්රූහ්මදත්ත රජහුගේ අගමෙහෙසින් බිසොවුන් කුස දරු ගබෙක් විය. එ බිසොවු කුස බර වූ සේ දැන රජහට කීහ, රජ්ජුරුවෝ දරුගබ් මඟුල් කොට ගබ පෙරහර තබා දුන්හ. මෙසේ මහත් වූ සත්කාර ලදින් දසමසක් ගිය කල එ බිසොවු දවසෙක අලුයම් වේලෙහි ලාරෙසෙන් තෙත් වූ බඳු වදමල්දමක් සේ ඉතා සුරක්ත වූ මස් වැදැල්ලක් වැදුහ. සෙසු බිසෝවරු රන් පිළිම සේ දරුවන් වදිති, අග මෙහෙසින් බිසොවු මස් වැදැල්ලක් වැදුහ යි රජු ඉදිරියෙහි සිට කියා බොහෝ දෙන මාගේ නුගුණ කියන්නාහු ය යි බිසොවු ලජ්ජා ඇති ව එ මස් වැදැල්ල නවමු සැළියෙක ලා පිධානයෙකින් වසා බැඳ රාජමුද්රිවකාවෙන් හස් ඔබා දිය නො වදිනා සේ ලාකඩින් මේ කොට ගඟ දියෙහි ලැවූහ. එ වේලෙහි එ දරුවන්ගේ පින් බලයෙන් ගඟ අරක් ගත් දෙවියෝ රළ පහරින් වේව යි, දණ්ඩෙකින් වේව යි, ගලෙකින් වේව යි, සළාවෙකින් වේව යි, එ සැළට අන්තරායක් විය නො දී ආරකෂා ගෙන “බරණැස් රජ්ජුරුවන්ගේ අගමෙහෙසින් බිසොවුන් දරුවෝ ය”යි රන්පතෙහි දෑහිඟුලෙන් ලියා සැළමතුපිට බැන්දහ. ඉක්බිත්තෙන් මෙසේ ඒ භාජනය නො නැසී ම දෙවියන්ගේ ආරක්ෂාවෙන් යටිගං බලා යෙයි.


එ සමයෙහි එක් තාපසකෙනෙක් ගවපාලයන් වසන ගමක් නිසා ඒ ගංබඩ පන්සලක් කරවා එහි වාසය කෙරෙති. ඒ තාපසයෝ එ දා උදාසන දැවටි කන නිසා ගංතොටට බැස ගං මධ්යෝයෙහි එන ඒ සළ දැක දියෙන් යන පාංශූකූලෙයකැ යි දිය පිහිනා ගෙන ගොස් සැළ අල්වා ගෙන බලා රන් පත ලියා තුබූ අකුරු දැක හස් කඩා යට තුබු මස්වැදැල්ල දැක “මේ දරුමලයෙක, කුණප ගන්ධයෙකුත් නැත, බරනැස් රජහුගේ දරුවෝ ය යි පත ලියා තුබුයේ, රැක තබමි”යි සිතාලා පන්සලට ගෙන ගොස් සතා සතුන් නො වදනා සේ ක්ෂෙම කොට තුබුහ. දවසින් දවස බල ත් බල ත් පසළොස් දවසක් ගිය කල ඒ එක මස්වැදැල්ලක් දෙකක් ව බෙදි ගිය. නැවත පසළොස් දවසක් ගිය කල එකි එකී මස් කැටියෙහි දෑත ය, දෙ පය ය, ඉස ය යි පස්පොළක් සේ පෙනිලා පසුව දෙතුන් දවසක් ගිය කල ඉසෙහි දෑස ය, දෙනාසා සිදුරු ය, දෙකන් සිදුරු ය, දෙකන ය, මුඛ ය යන අවයව හා මලවටන් දියවටන් නව දොර පෙනී, විසි ඇඟිලි විසි නිය ඇදි වූ සටහන් අටගෙන රන්පිළිම සේ කුමරියක හා කුමරුවකු හා දෙදෙනෙක් වූහ. එ දරුදෙදෙනා දුටු වේලෙහි තාපසයන්ට දරුප්රේෙම හටගත. එ කෙණෙහි තාපසයන් දෑත දස ඇඟිල්ලෙන් කිරි ධාරා වැගිරෙන්නට පටන් ගත. ඇඟිලි දරුවන් මුඛයෙහි තබාලු වේලෙහි මවුන් තන ය එලීගෙන කිරි බොන දරුවන් සේ එ දඑුවෝ දෙදෙන තාපසයන් දෑත ඔවුනෙවුන් පරයා එලීගෙන තලු ගස ගසා කිරි බොන්නාහු ය. දරුවන්ගේ පිනින් තාපසයන්ට ද එ තැන් පටන් භොජ්යු සුලභකොට ලැබේ ම ය. මෙසේ වැඩෙන දරුවන් අනුභව කළ යම් ම භෝජනයෙක් දෑවාණ කරඬුයෙක තුබු වස්තුවක් සේ බඩයට පෙනේ ම ය. මෙසේ එ දරුවෝ අනුභව කළ කළ දෑ පිටතට පෙනෙන හෙයින් ජවි නැතියවුන් වැනි යාහුනු යි කියා ත්, ලිච්ඡවි නම් වෙති. ඔවුනොවුන් හා වෙනසක් නැති ව සමාන වූ ජවි වර්ණ ඇතියාහු නු යි කියා ත් ලිච්ඡවි කුමරුවෝ නම් වෙති.

තාපසයෝ මෙසේ ඒ ලිච්ඡවි රජ දරුවන් වඩන්නාහු පූර්ව දිග්භාගයෙහි ගමකට උදාසන හිරි රසට මූණ ලා ගොස් සිඟති. ප්සවරු භාගයෙහි නැවතඑම හිරි රසට මූණ ලා දරුවන් නිසා ඇවිද බෛාහෝ දුක් ගනිති. මෙසේ තාපසයන් දවස් පතා සූය්ය්දර්පාතකයෙන් තැවි තැවී දරුවන් නිසා ඇවිද ගන්නා දුක් දැක එ ගම ගවපාලයෝ කියන්නාහු “ස්වාමිනි! තපස්වීවරුන්ට දරුවන් වැඩීම නම් මහා පලිරොධ ය, එ දරුවන් අපට පාවා දුන මැනැව, අපි උන් වඩම්හ, නුඹවහන්සේ මහණ ධර්මන පුරාගත මැනැවැ”යි කීහ. තාපසයෝ මැනැවැයි ගිවිස්සහ. ගවපාලයෝ ‍දෙවන දා ගම පටන් පන්සලට මහ බෙරතලයක් සේ තනා සුවඳ මල් ඉස ධ්වජ පතාක නඟා පූජා කරවාගෙන බොහෝදෙන පන්සලට අවුදින් “දරුවන් අපට පාවා දුන මැනැවැ”යි කීහ. තාප‍සයෝ “මාගේ දරුවෝ මහ පින් ඇතියහ. ආදරයෙන් වඩව, වැඩුණු කල ත් මෙ කුමරුවාට අනික් කුමරියන් පාවා නො දෙව, මෙ කුමරිය අනික් කුමරුවක්හට පාවා නො දෙව, දෙන්නා ඔවුනොවුන් හා අවාහ විවාහ කරව, පසු ව කිරි - යොද - දී - තෙල් - වෙඬරු යන පස්ගෝරසයෙන් තොපගේ රජ්ජුරුවන් පහදවාගෙන බිමක් ලවා ගෙන එහි ගමක් කරවා තෙලෙ කුමරුවා රජ කොට ගන්ව”යි කියා දරු දෙදෙනා පාවා දුන්හ. ඔහු හැනැවැ යි ගිවිස එ දරු දෙදෙනා ගෙන ගොස වැඩූහ. එ කුමරුවෝ වැඩී කෙළනා කල සෙසු දරුවන් අතින් පයින් ගසාලති. ඔහු හඬ හඬා තමන් තමන් ගෙවලට යෙති. හඬවුනැ යි මවුන් පියන් විචාල කළ එ සරුවෝ “මවුන් පියන් නැති ව තාපසයකු වැඩු නිප්පිතික කොල්ලෝ අප මැරූහ”යි තියති. එ කල උන් උන්ගේ දෙමවුපියෝ “මේ කොල්ලෝ අප දරුවන් මරති, අප දරුවන් නසති. අප දරුවන්ට දුක් දෙති, එසේ හෙයින් මේ කොල්ලෝ වර්ජිතව්යුයහ, වර්ජිතව්ය යහ” යි කියති. ඒ කාරණයෙන් එ නුවර වර්ජිත නම් වූ පසුව තුන්සියයක් යොදුන් තැන් වර්ජිත රට ය යි නමින් ප්රූසිද්ධ විය.

එ කල එහි නුවරක් නිමවා එ කුමරුවා සෙ‍ාළොස් ඇවිරිදි කල රජ කොට එ කුමරිය අගමෙහෙසින් කළහ. ඒ ලිච්ඡවීන් දෙදෙනා මෙසේ ප්රි ය වාසයෙන් වසන කල ප්රලථම සංවාසයෙහි ම ඒ ලිච්ඡවි කුමාරිකා දරු ගබ් ලදින් දුවක හා පුතකු එක විට ම වැදුම. මෙසේ ම දුන් පුතුන් බැගින් යමක දරුවන් සොළොස් වාරයෙක දෙතිස් දෙනකු වුදුහ. මෙසේ ම ක්රවම ක්රෙමයෙන් සොළොස් සොළොස් යමක දරුවන් බැගින් දරු මුණුබුරොත් වැදූහ. මෙසේ ඒ වංශය බොහෝ වූ වූ සේ ගම අවකාශ නැති හෙයින් මහත් මහත් ව ගවුවක් සා වි ය. දෙවන වාරයෙහි දෙගවුවක් සා විය, තුන්වන වාරයෙහි තුන් ගවුවක් පමණ වටා මහ පවුරු ලා මහාරාජ නුවර විය, මෙසේ කලින් කල විහාල විශාල ව ගිය හෙයින් විශාල මහ නුවර ය යි මෙ නමින් ප්රවසිද්ධ විය. ඒ රජදරුවෝ ද යට කී ක්ර මයෙන් ලිච්ඡවි රජදරුවෝ ය යි මෙ නමින් ප්රලසිද්ධ වු හ. ඒ රජ දරුවෝ තාපසයන්ගේ පන්සල වැඩී උත්පත්තිය වූ කාරණයෙන් ද, එක මෑණියන් වැදූ හෙයින් ද, අන්ය. ජාතියක් හා ජාති සම්භෙදයක් නැති හෙයින් ද, ඔවුනො’වුන් කෙරෙහි ප්රේාම බහුල ව වාදයක් ම නැති ව සාදයෙන් ම රාජ්ය ය කෙරෙති.


අප බුදුන් සමයෙහි මේ විශාල මහ නුවර දිව්යදපුරයක් සේ......සංස්කරණය

අප බුදුන් සමයෙහි මේ විශාල මහ නුවර දිව්යදපුරයක් සේ සදෘද්ධ විය, ඉතා ජයගහන විය, සම්පත්තීන් අනුන විය, කෙළි නළුයෙන් උත්සන්න විය, සකසා මැදි රන් කැටපතක් බඳු වූ ජවි වර්ණ ඇති දිව්යව සමාන ලිච්ඡවි රජදරුවෝ ම සත් දහස් සත්සිය සත්දෙනෙක් වෙසෙති, යුවරාජදරුවෝම සත් දහස් සත්සිය සත්දෙනෙක් වෙසෙති, සේනාපති ම සත් දහස් සත්සිය සත්දෙනෙක් වෙසෙති, භාන්ඩාගාරිකයෝ ම සත් දහස් සත්සිය සත්දෙනෙක් වෙසෙති, රජ ගෙවල් ම සත් දහස් සත්සිය සතෙක, කූටාගාර ශාලාම සත් දහස් සත්සිය සතෙක, පවුරු සත් දහස් සත්සිය සතෙක, මෙසේ එ නුවර සියල්ලෙන් ඉතා සමෘද්ධ විය. මෙ තෙක් රජදරුවෝ ම වාරයෙන් වාරයට රාජ්යධ ය කෙරෙති, ඒ ලිච්ඡවි රජදරුවන්ගේ රූප ශ්රීව හා තරම් රූ ඇතියෝ මිනිස්ලොව නැත් ම ය. තවුතිසා වැසි දෙවියන් නො හඳුනන්නවුන් ලිච්ඡවි රජුන් බලා හැඳින ගන්නේ ය යි බුදුන් විසිනු ත් වදාරන ලදම ය. මෙසේ එ නුවර දෙවුලොවින් බට බාගයක් වැනි යේ ය, මතැතුන්ගේ කුඤ්චනාදයෙන් හා අසුන්ගේ හෙෂාරවයෙන් හා රථවල චක්රග නාදයෙන් හා නළුවන් ගානා වීණා වාද්ය නාදයෙන් හා මුහුද හඬ සේ ඝොසා ඇති මහා භෙරි නාදයෙන් හා තුඩ තබා පිඹිනා දහස් ගණන් ජයසක් නාදයෙන් හා දහස් ගණන් වංශීන් විසින් සංගීත කරනලද වංශනාදයෙන් හා, දහස් ගණන් පෙළ පෙළ දී ගසන තාලනාදයෙන් හා, කව! බොව! යන ශබ්දයෙන් හා මේ දශවිද වූ ඝොෂාවෙන් ම එ නුවර විශාල වූ හෙයිනු ත් විශාල මහ නුවර ය යි නම් ලද දෝ හෝ යි කියා ත් සිතමි. විහෙෂ වූ විශාල ශාලාවෙන් අලංකෘත වූ හෙයිනු ත් විශාලා නමැ යි කියාත් සිලමි. දහස් ගණන් උද්යාලනවල විශාල වූ ශාල වෘක්ෂරාජ සමුහයන් විරාජමාන හෙයිනු ත් විශාලා නමැ යි සිතමි.

මෙසේ සමෘද්ධ වු ඒ විහාල මහ නුවර කලෙකින් මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් “සියලු සංස්කාර ධර්මලයෙන් ම ඒ ඒ ආකාරයෙන් නො වෙත්තාහු ය, අනිත්යකයහ” යි වදාරන්නා වූ අවවාද වචන ය සබාම ය යි දෙස් කියවන්නා සේ ඒ විශාලා මහ නුවර ද රොග ය, දුර්භික්ෂ භය ය, අමනුෂ්යශ භය ය, යි තුන් භයකින් විහාල විය. හේ කෙසේ ද යත්?

පළමු ව වැසි නැති ව වැවු අමුණුවල දිය සිඳී ගොයම් මිය සාය ගසා බතින් දුර්භික්ෂ විය. බත් නො ලබන දිළිඳු සත්වයෝ පළමු පළමු ව මියන්නට පටන් ගත්හ. මළ මළ මිනී සමහර කෙනකුන් දවති, මිනී බොහෝ ව ගෙන යන හෙයින් හැම දවාගත නො හී බොටුයෙහි වැල් ලලා පිටතට අදිති. තව ද: මිනී බොහෝ ව ගෙන යන හෙයින් එසේත් ඇදගත නො හී ගේකුසින් පිටත්කොට වතුකන් මිදුල්කනට අදිති. තව ද; මියන්නවුන් බොහෝවන හෙයින් ගෙන් පිටවතු ත් කොට ගත නො හී ගෙන් භාගයෙක මළ මිනී ඔවති, එක් භාගයෙක ලෙඩ ව හැඳින් නැඟී සිටි ය නො හෙනුවෝ හොවිති. මළ මිණී අදින්නෝ නො ම ඇත, ලෙඩ වුවන් බලනුවෝ නො ම ඇත. පැනට හඬන දරුවන් කට පැන් හෙළාලිය නො හී තමන් තමන්ගේ ව්යාපධි සඳහන් නො කොට දරු ශොකයෙන් හොත් පොළ හෙව අඬන්නා වු මවුපියෝ මෙ තෙක් දහස් ගණනැ යි ගණන් නැත. ජීවිත සමාන ප්රේදම ඇති පුරුෂයන් පැන් බොම්හ යි හඬන වේලෙහි හොත් පොළින් නැඟී සිට උන් කට පැන් හෙළා ලිය නො හී තමන් තමන්ගේ ව්යාිධියට වඩා ප්රිැය පුරුෂයන් නො බලන්නා වූ ශොක ඉවසා ගත නො හී කෙඳිරි ගගා හඬන ස්ත්රීෂ මෙ තෙක් දහස් ගණනැ යි ගණන් නැත.ස්ත්රීසන් පැනට හඬන වේලෙහි උන් කට පැන් හෙළා ලිය නො ාහී එ ම ශොකයෙන් ම මහ හඬින් හඬ හඬා වැදහෝනා පුරුෂයෝ මෙතෙක් දහස් ගණනැ යි ගණන් නැත. මෙසේ ඒ මිනි කුණුප ය නිසා ගිනි පිට ගිනි දැමුවා සේ අභිවාතක නම් රොගයෙක් උපන.

ඒ රොගයෙක් පළමු ව ගෙයි වසන සූනෝ මියෙති, දෙවනු ව බල්ලෝ බළල්ලු මියෙති, තුන්වනු ව මනුෂ්යායෝ මියෙති.ඒ රොගයෙන් මියන කල සමහරු නො ලෙඩුන් සේ දොඩා වැදහෙව මියෙති, සමහරු ප්රි ය කථා කොට කොට ම සිට ලා මිය වැටී යෙති, සමහරු යමින් එමින් සිට මියෙති. යම් සේ සර්ප‍යන්ගේ විෂ වාතය වැද ගත් කෙණෙහි ම මනුෂ්ය යෝ විස මූර්ජාවෙන් වහා මියෙද් ද, එසේ හෙයින් ම මේ රොග ය ද බල බලා සිටිය දී ම මැරෙණ හෙයින් අභිවාතක නම් වි ය. ඒ මිනී මස් කනු සඳහා ඒ ඒ දිගින් යක්ෂයෝ දිව අවුදින් මුළු නුවර ගලාගෙන දිවි තුබු තුබු මිනිසුන් සල්ව සල්වා කන්නට පටන් ගත්හ.

මෙසේ දුර්භික්ෂ - රොග -අමනුෂ්යි ය යි යන තුන් භයින් සියලු රට හා නුවරවල් නස්නට පටන් ගත් සමයෙහි නො මළ නො මළ මනුෂ්යා යෝ හැමදෙනම රැස් ව මරණ භයින් වෙවුලා “කොල! මේ කිමෙක් දැ”යි කිය කියා අඹු දරු නෑ ශොකයෙන් වැනි වැනි රජ්ජුරුවන් කරා ගොස් “රජ්ජුරුවෙනි! තොපගේ නුවර තුන් භයෙක් ඉපැද දැන් එක වලහම් ගෙයක් සේ විය, තොපගේ සත් මුත්තක් පරම්පරායෙක මෙ නුවර මෙසේ වූ භයෙක් නැත, මෙසේ වු ශොකයෙන් නො වී ය, මෙසේ වු වියෝ දුකෙක් නො වී ය; අපට මේ භය වහා සන්හිඳුවා දුන මැනැවැ”යි කියා හඬා හුණහ.

එ වේලෙහි රජ්ජුරුවෝ සියලු අමාත්යහයන් සන්ථාගාරයට රැස්කොට “මා කරන අධර්ම යක් ඇත් නම් හැමදෙන ම පරීක්ෂා කොට මට කියව”යි නියොග කළහ. එ කල නුවර වැසියෝ නො එක් සේ පරීක්ෂාකොට රජුගේ කිසි අධර්මිෂ්ඨකමක් නො දැක “ස්වාමිනි! නුඹවහන්සේගේ කිසි ම අමැදහත් කමක් නුදුටුම්හ, මෙ භය කෙසේ සන්හි‍ඳේ දැ”යි කීහ. සමහර කෙනෙක් සෘද්ධිවන්ත වූ තාපස කෙනකුන් වඩා ගෙන’වුත් පූජා කළ කල භය සන්හි‍ඳෙයි කීහ. සෘද්ධිවන්තයෝ නම් කවුරු දැ යි විචාළහ. එ කලට දඹදිව “අපි බුදුම්හ, අපි බුදුම්හ”යි කිය කියා මිථ්යා දෘෂ්ටි ගෙන ලෝවැසියන් මුහුණ වැලි ගසන්නා සේ වඤ්චායෙන් ඇවිදුනා වූ පුරණ කාශ්යිප ය - මක්ඛලි ගෝසාල ය - අජිත කෙශකම්බල ය - කකුධ කාත්යාගයන ය - සඤ්ජය ‍බෙල්ලඨී පුත්රම ය - නිගණ්ඨ නාථපුත්රක ය යි ලොව ගසා කා ඇවිදුනාහු සොරහු සදෙනෙක් ඇත. ගිනි අඟුරෙහි රස දන්නා ඔටු කුකුලන් සේ උන් උන්ගේ ගුණ ගත් මිථ්යානදෘෂ්ටි ගතුවෝ ඔවුන් සදෙනාගේ ගුණ කීහ.

එ කල සුධාභොජනයෙහි රස දත් තවුතිසා‍ දෙවියකු සේ මාගේ ස්වාමිදරුවාණන්ගේ දහම් අමායෙහි මඳ රසයක් දත්තා වු එක්තරා එක් ශ්රදද්ධාසම්පන්න පුරුෂයෙක් හුනස්නෙන් පැන නැඟී බුදුන් වන දෙසට වැඳලා “සත්ත්වයෙනි! තොප හැම කියන බස් වැසි බා පිහිලි වදනා වැන්න; හැල්බා දියෙහි තොපට වැඩක් කැමතියා නම් එ පවිටුන්ගේ බස් මා ඇසිය දි නො කියව, මාගේ ස්වාමිදරු වු සකල ලොක චින්තාමාණික්ය වු බුදුරජාණන් මවු කුස පිළිසිඳගත් වේලෙහි ද, මවුකුසින් බිහි වු වේලෙහි ද, මහණ වන දා නුවරින් නික්මුණු වේලෙහි ද, බුදු වූ වේලෙහි ද, ධම්සක් දෙසු වේලෙහි ද, කිඹුල්වත රුවන්සක්මනදී යමා මහ පෙළහර පෑ වේලෙහි ද, සැවැත් නුවර රුවන් සක්මනදි යමක ප්රා තිහාය්ය්ෙර්‍ පෑ වේලෙහි ද, මෙම නුවර පාටිකාරාමයෙහි රුවන් සක්මන දී ප්රා්තිහාය්ය් ර්‍ පෑ වේලෙහි දැ යි යනාදි වු නො එක් බුදු මඟුලෙහි දෙතිස් පුර්ව නිමිත්තාදි නො එක් අද්භූතයෙන් මුළුලෝ විස්මය පත් වීම ය, ඒ ඒ ස්ථානයෙහි දී ඔබගේ කල්පනාවක් නැතිව පවා ලෝකයෙහි පොකුරු වැසි ත් වට ම ය, මාගේ ඒ ස්වාමිදරුවාණෝ තොපගේ මෙ නුවර ඉදින් ශ්රීි පාද ය තබා වදාළ සේක් වී නම් එ පමණෙකින් ම මෙ නුවර ඇති සියලු රෝගාන්තරා ය හිරු දුටු අන්ධකාරයන් සේ අන්තර්ධාන වේ ම ය, වැසි වැස තොප ඇමගේ සියලු හැම ගිම් දිය දුටු කුණපයන් සේ අන්තර්ධාන වේ ම ය, තොප තොපට වැඩක් කැමතියා නම් මාගේ බුද්ධ නමැති කල්පදෘම මෙ නුවරට වඩා ගෙනෙව”යි කීය.

එ වේලෙහි සියලු රජ පිරිස සාධුකාර දී “ඒ බුදුහු දැන් කොයි වැඩ වසන සේක් දැ”යි විචාරා “රජගහා නුවර බිමිසර රජ්ජුරුවන් නිසා වේළුවනාරාමයෙහි වසන සේකැ”යි අසා ලිච්ඡවි රජුන් දෙදෙනෙකු තෝරා ඔවුන්ට මහ පිරිස් දී බිම්සර රජ්ජුරුවන් කරා යවුහ. බිම්සර රජ්ජුරුවෝ ඔවුන් අතින් එ පවත් අසා “බු්දුහු නම් සියලු සතුන්ට ම සාධාරණ සේක. මාගේ ගම වැඩහුන් බුදුන් අනික් ගමකට වැඩ වදාල මැනැවැ යි මම ආරාධනා කළ නො හෙමි, තෙපි ම ගොස් සැලකරව”යි එම ලිච්ඡවි රජදරුවන් දෙදෙනා ම බුදුන් කරා යවූහ. ඔහු දෙදෙන ගොස් බුදුන් දැක තමන්ගේ නුවර උපන් මේ විපත්තිය කියා බුදුන් එ නුවරට වඩනා පරිද්දෙන් යාච්ඤා කළහ.

ස්වාමිදරුවෝ එ වේලෙහි දිවැසින් බලා එ නුවර තමන් වහන්සේ වැඩිකල වැසි වස්නා නියාව ත්, රතන සුත්ර් නම් දෙශනාවක් කරන නියාව ත්. එ වේලෙහි සියලු සතුන්ගේ රෝග සන්හි‍ඳෙන නියාව ත්, ඒ දෙශනාව උදෙසා පස්ලක්ෂ අට අසු දහසක් ප්රාෙණීන් අමා මහ නිවන් දක්නා නියාව ත්, නැවත ඒ දෙශනාව කෙළ ලක්ෂයක් සක්වළ පැතිර ප්නදහසක් හවුරුදු මුළුල්ලෙහි ලෝ වැඩ කරන නියාව ත්, කරතලා මලකයන් සේ දැක සත්ත්වයන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් “යහපත, විශාලා මහනුවරට එමි”යි අනු දැන වදාළ සේක.

බිම්සර රජ්ජුරුවෝ එ පවත් අසා බුදුන් කරා ගොස් “ස්වාමිනි! විහාලා මහනුවරට වඩනා සේක් දැ”යි විචාරා “යෙමි මහරජැ” යි වදාළ කල “එසේ වී නම් ස්වාමිනි! ගැත්තහු මාර්ග ය සරහා පුජාවක් සපයාලන තෙක් දෙතුන් දවසක් බලා වදාළ මැනැවැ”බුදුන් රඳවාලා ඇතුළු නුවරට ගොස් ඇතුළු නුවර පිටි නුවර බෙර ලවා අටළොස් කෙළක් පමණ මහසෙනඟ රැස් කොට එමවිට ම නික්ම රජගහා නුවර පටන් පටන් දෙනුවරට අතුරෙහි ගංගා නම් ගඟ දක්වා පස්යොදුන් මාර්ග ය මුළුල්ලෙහි පුළුලෙන් ඉස්බක් පමණ අවකාශ ය බෙරතලයක් සේ තනා, යොදුන් තැන විහාර බැගින් කරවා බුදුන් වඩනා පරිද්දෙන් ආරාධනා කළහ. එ වේලෙහි බුදුහු පන්සියයක් මහ රහතන් පිරිවරා තරු සඳ සේ සවනක් රසින් දිලිහි දිලිහී නික්මුණු සේක.

එ කල බිම්සර රජ්ජුරුවෝ ඒ පස් යොදුන් පමණ මඟ කළුවැලිපියා....සංස්කරණය

එ කල බිම්සර රජ්ජුරුවෝ ඒ පස් යොදුන් පමණ මඟ කළුවැලිපියා, සුදු වැල්ලෙන් තවරා, දණ පමණ කටි පමණ පස්වනක් මලින් තනා, බුදුන් සිරසට අනගි වු මතු මතුයෙහි සේසත් දෙකක් හා පන්සියයක් රහතන් හිසට පන්සියයක් සේසත් ලවා, තමන්ගේ පිරිවර හා සමඟ සුවඳින් මලින් පුද පුදා, එකී එකී විහාරයෙහි එකි එකී දවස් බුදුන් සතප සතපා මහත් වූ දාන පූජාවෙන් පස්වන දා ගංතොටට වඩාගෙන ගොස් නැවු අගුළු සරහන්නට පටන් ගන්වා, එ කෙණෙහි විශාල මහා නුවරට කියා යවුවාහු ය. එ වේලෙහි ලිච්ඡවි රජදරුවෝ බුදුන් මඟට වැඩි පවතු ත් බිම්සර රජ්ජුරුවන් කැර වූ පූජා ත් සා “අපි ඔවුන්ට දියුණුව පූජා කොට බුදුන් වඩා ගෙනෙම්හ”යි වාසි කියා තමන්ගේ විශාලා නුවර පටන් ගංතොට දක්වා තුන් යොදුන් පමණ මාර්ගය කැටක් මුලක් නො තබා තලි පිටක් සේ තනවා, මඟ ධ්වජ පුන්කලස් හා පන්සියයක් රහතන් හිසට දෙ දෙ සේසත් බැගින් දහසක් සේසත් ගෙන්වා ගෙන අවුදින් ගංතොට සිටගත්හ. ඉක්බිත්තෙන් බිම්සර රජ්ජුරුවෝ අඟුළු දෙකක් අලංකෘත කොට නිමවා, එ මතුයෙහි විචිත්ර වූ මණ්ඩපයක් නිමවා, මල්දම් ආදියෙන් සරහා, මණ්ඩප මධ්යවයෙහි සත්රුවන්මය වූ බුද්ධාසනයක් පනවා‍, බුදුන්ට ආරාධනා කළහ. බුදුහු පන්සියයක් මහ රහතන් සමඟ ඒ මණ්ඩපයට නැඟී බුද්ධාසනයෙහි වැඩහුන් සේක. රජ්ජුරුවෝ කර පමණක් දියට බැස බුදුන්ට පසු ගමන් කොට “ස්වාමිනි! යම් දවසක් මෙ තෙනට වඩනාසේක් වී නම් එ දවස් දක්වා මම මේ ගංතොට ම බල බලා හිඳිමි”යි නැවැත්තහ. එ කල මෙසේ මහත් වූ පූජාවෙන් ඒ මණ්ඩපයෙන් වැඩ ලිච්ඡවි රජුන් සිටි ගංතොටට පැමිණි සේක.

එ කෙණෙහි ස්වාමිදරුවාණන් ඒ ලිච්ඡවි රජුන්ගේ සීමාන්තර යට වඩු ත් තුන් හවුරුද්දක් මුළුල්ලෙහි පොදක් බිම නො හෙළා මෙඝා නාදයක් නැති ව තුබූ තුන් සියක් යොදුන් රාජ්යම ය මුළුල්ලෙහි හැම ආකාශ ය අන්ධකාර ව ගෙන විදුලිය ගසා මෙඝනාද දී, ශතපටල - සහසුපටල නඟා වැසි අකුල් දිවන්නට වන. එ වේලෙහි ස්වාමිදරුවන්ට පෙර ගමන් කරන්නාහු පමණ ඇති ඒ ලිච්ඡවි රජදරුවෝ මහත් වූ ආදරයෙන් බුදුන් ගොඩට වඩා ගෙනාහ. එ කෙණෙහි ස්වාමිදරුවන් දකුණූ ශ්රී. පාද ය ගොඩ තිබීම හා සමඟ මැ දසදිගින් දිවු ඒ මහ පොකුරු වැස්ස ධාරානිපාතයෙන් වස්නට පටන් ගත. බිමින් දණ පමණ, හිණිමස් පමණ මහ වතුර හැලි ගස ගසා දිවෙති. ඒ සා ඝන මහා වර්ෂාවෙහි තෙමෙනු කැමැත්තෝ තෙමෙති, නො තෙමෙනු කැමැත්තෝ නො තෙමෙති. එ කල ඒ රාජ්යන ය මුළුල්ලෙහි ලක්ෂගණන් මිනිකුණු වතුරෙන් ගෙන ගොස් ගඟ ලා බිම ඉතා පරිශුද්ද වී ය. ලිච්ඡවි රජදරුවෝ ඒ තුන් යොදුන් මාර්ගයෙහි හිණිමස් පමන උස සුවඳ මලින් තනා මහා පූජා කොට යොදනින් යොදනෙහි සතප සතපා මහ දන් දිදී විහාලා මහනුවර වඩාගෙන ගියහ. ස්වාමිදරුවන් එ නුවරට වඩනා වේලෙහි සක්දෙවුරජ දෙදෙවුලොව දෙවියන් පිරිවරාගෙන අවුදින් වැද ගියේ ය. මහෙශාඛ්යප දෙවියන් එ ත් එ ත්, වරම් රජදරුවන් එ ත් එ ත්, අටවිසි යක්ෂ සෙනාඡිපතීන් එ ත් එ ත්, දෙතිස් මහා දිව්යත පුත්ර යන් එ ත් එ ත්, සියලු අමනුෂ්ය්යෝ සුළං දුටු පරඬලා පත් සේ ඒ ඒ දිගින් බා වෙවුල වෙවුලා දිවන්නට පටන්ගත්හ.

එ වේලෙහි බුදුරජාණන් වහන්සේ නුවර වාසල් දොර වැඩසිට ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා “ආනන්ද ස්ථවිර ය! තෝ මාගේ රුවන් සූත්රම ය ඉගෙණගෙන මාගේ මේ ශෛල පාත්රවයෙන් පැන් ගෙන, මහත් වූ පූජාවෙන් ලිච්ඡවි රජදරුවන් හා සමඟ මෙ නුවර තුන් පවුරු අතුරෙහි සිසාරා ඇවිද, පිරිත් බැණ බැණ පැන් ඉස අරක්ගනැ”යි වදාරා අනඳ මහ තෙරුන් වහන්සේ පළමු ව යවා වදාළ සේක. මෙසේ අනඳ මහ තෙරුන් වහන්සේ පාත්රාාධාතුයෙන් පැන් ගෙන නුවර සිසාරා ඇවිද පිරිත් බණන්නට පටන් ගත් සේක. “යං කිංචි චිත්තං” යන ශබ්දය කියා පැන් ඉසලු වේලෙහි යක්ෂයන් ඇඟට කකියන ලෝබින්දු ගසන්නා සේ බය විය. මනුෂ්යෝයන් ඇඟට අමා බින්දු ගසන්නා සේ එම පැන් ශාන්ත විය. එ කල අමනුෂ්යායෝ රද මොහොල් හැරපූ මහ සොරොවූ දොර සතරෙකින් නමා දියවතුරක් සේ, සතර මහ වාසලින් පිටතට දිවන්නට පටන් ගත්හ. පවුරු පසනම් බිඳගෙන ඔවුනො’වුන් පිටහී දිව එක අමනුෂ්යවයෙකු ත් ඇතුළෙහි සිට ගත නුහුණුයේ ය; හැම යක්ෂයෝ ම පැලෑහ. එ කෙණෙහි දසවන අවස්ථාවෙහි ලෙඩින් මියන්ට ඔත් සත්ත්වයෝ පිරිත් පැන් ඇඟ වැකී ගිය ඇසිල්ලෙහි අමාපැන් ලද්දවුන් සේ, සිහිනගෙයි දුටුවා වූ රෝගයක් සේ, සියලු රෝග ම අන්තර්ධාන වී, හොත් හොත් පොළින් නැඟී සිට, සුවඳ මල්පහන් ගෙන දිව දිව ගොස් මහ තෙරුන් වහන්සේ පිරිවරාගෙන, සතුටින් නට නටා, අත්පොළොසන් දිදී, ඔල්වරසන් දිදී, අසුරුසන් දිදී, බුදුන් ගුණ කිය කියා, උත්සව කෙළි කෙළ දිවෙති.

රජදරුවෝ එ නුවර මධ්යවයෙහි තමන් හැමදෙනා රැස් ව කථා කරන සන්ථාගාර ය සිවුදෑගඳින් පිරිබඩගෙන රන්තරු - රිදිතරුයෙන් හොබනා වියන් බැඳ විසිතුරු වූ රන්තිරයෙන් පරික්ෂෙප කොට අනර්ඝ වූ බුමුතුරුණු අතුට, මණ්ඩප මධ්ය යෙහි අනර්ඝ වූ බුද්ධාසනයක් පනවා, බුදුන් මහ පූජාවෙන් ඇතුළු නුවරට වඩාගෙන ගියහ. බුදුහු වැඩ පනවනලද බුද්ධාසනයෙහි වැඩ හුන් සේක. පන්සියයක් මහරහතන් හා සත්දාස් සත්සිය සත් මහා ලිච්ඡවි රජුන් හා සිය දහස් ගණන් ඇමැති මඩුලු හා ඇමදෙනා ද බුදුන් පිරිවරා ගත් වේලෙහි ශක්රම දෙවෙන්ද්ර යා දෙදෙවුලොව ද්ව්යු සේනාව හා සමඟ දිව අවුදින් එ තුන් සියක් යොදුන් රාජ්යෙ ය මුවල්ලෙහි වැසි වස්වා සියලු කුණුපයන් දුරුකොට හුදියකු බෝමළුවක් හැමඳපුවා සේ, සියලු බිම ම පරිශුද්ධ කරවාලා එ තෙනට අවුදින් ආකාශයෙහි සිතියම් කඩක් විදා පෑවාලූ සේ. සියලු සතුන්ට පෙනි පෙනී මහපෙරහරින් සපිරිවරින් සිටගත. එ වේලෙහි අනඳ මහතෙරුන් වහන්සේ ද නුවර සිසාරා ඇවිද සියලු සතුන්ගේ රෝගා පීඩා‍ සන්හිඳුවා මුව නුවර වැසියන් ගෙන අවුදින් එකත්පස් ව උන් සේක.

එ වේලෙහි බුදුරජාණන් වහන්සේ මේ රුවන් සූත්ර්ස් දෙශනාවෙන් ධර්මජදෙශනා කොට එ ම දා සුවාසූ දහසක් ප්රාාණීන් අමාමහ නිවන් දක්වා මෙසේ ස මෙම සූත්රුය පිට පිට ම සත්දවසක් දෙශනා කොට දවස දවස සුවාසූ දහසක් බැගින් පස්ලක්ෂ අටාසු දහසක් ප්රාවණීන් නිවන් දක්වා වදාළ සේක. මෙසේ සුවාසු දහසක් දර්මණස්කන්ධයෙහි දහස් වදාළ සේක. මෙසේ සුවාසු දහසක් ධර්මණස්කන්ධයෙහි දහස් ගණන් සූත්ර් දෙශනාවන් අතුරෙන් බුදුන් සත්වාරයෙක දෙශනා කළා වූ සුත්ර‍යෙක් මේ රුවන් සූත්රබ ය විනා නැතිම ය. එසේ හෙයින් බුදුන්ගේ ශ්රී මුඛ ශ්රීස, සත්වාරයෙක ලත් හෙයින් මේ රුවන් සූත්ර් ය සියලු ධර්ම යෙන් ම අග්ර, වී යයි දත යුතු.


මෙසේ බුදුහු දෙපෝයක් එ නුවර වාස ය කොට.....සංස්කරණය

මෙසේ බුදුහු දෙපෝයක් එ නුවර වාස ය කොට සියලු රෝගාන්තරායන් සන්හිඳුවා ලිච්ඡවි රජුන්ට තමන් වහන්සේ වඩනා ආකාර දක්වා වදාළ සේක. නැවත ඒ ලිච්ඡවි රජ දරුවෝ දියුණු කොට පූජා කරම්හ යි මඟ සරහා බුදුන් සිරසට සේසත් අටක් හා පන්සියයක් මහරහතන්ට සතර සතර සේසත් බැගින් දෙදහසක් සේසත් සමඟ මහා පූජා කොට බුදුන් වඩා ගංතෙරට ගෙන ගියහ. ඒ තංතාවෙහි අධිගෘහිත වූ දිව්යඩ නාගරාජයෝ “මනුෂ්යතයෝ තමන් තමන් ශක්ති පමණින් බුදුන්ට පූජා කළහ. අපි ද අප ශක්ති පමණින් පූජා කරම්හ”යි සත් රුවන්මය වූ නැවු මවා ගෙන සියලු ගඟ පියුමෙන් දිය නේ පෙනෙන සේ මවා ගෙන අවුත් “ස්වාමිනි! ලොවුතුරා බුදුහු නම් සියලු සතුන් ගොඩ නඝන සඳහා ම බුදුවුහ. මේ සා වූ දිව්යඩ සම්පත් ඇතිවත් අපි අහේතුක යෝනියෙහි උපන්නා වූ අකුශල බලයෙන් අපි නුඹ වහන්සේ වැනි බුදුකෙනකුන් දැක පවා දැන් මාර්ගඵල සුවයක් නො ලබම්හ, එසේ දුක්පත් වූ නුඹ‍ගේ ගැත්තවුන්ට ද අනුග්ර හ කොට වදාළ මැනැවැ”යි ආරාධනා කළහ. එ වේලෙහි ස්වාමිදරුවෝ ඒ දිව්යරනාගරාජන්ගේ ආරාධනා ඉවසා ඔවුන් මැවූ සත් රුවන් නැවට පැන නැඟි සේක. එ කල දිව්ය නාගරාජයෝ බුදුන් හා පන්සියයක් රහතන් තමන් තමන්ගේ පන්සියයක් නැවුවලින් තමන් තමන්ගේ භවනයට වඩාගෙන ගියහ. බුදුහු එදා රෑ දෙවරු දිව්යේනාගරාජයන්ට ධර්ම.දෙහනා කොට බොහෝ පින් රැස් කළ සෙක. දෙවන දා උදාසන නයි තමන්ගෙන් ම දිව්යක වූ භොජන ත් වළඳවා, මහත් වූ සත්කාර කළාහ. බුදුහු එ කල ඒ නයින්ට අනුමෝදිනී බණ වදාරා නාග භවනයෙන් නික්මුණු සේක.

එකෙණෙහි භූමියෙහි වසන්නා වූ විමානස්ථ දෙවියෝ “මනුෂ්යායන් හා නාගයෝ තමන් තමන් පමණින් බුදුන්ට පූජා කළහ, අපි ද අප පමණින් පුදම්හ”යි මේ සක්වළ ගබ මුළුල්ලෙහි නොයෙක් පර්වත ගිරි කුළු මුදුනෙහි ය. නොයෙක් වෘක්ෂ ලතා මුදුනෙහි ය යි අවකාශයක් නැති ව යටත් වශයෙන් පිල ගස තණ ගස වසන දෙවියන් දක්වා කුඩ පිට කුඩ සිට ගත්හ. මෙම ක්ර්මයෙන් ඔවුනොවුන් බල බලා ආකාශස්ථ දෙවියෝ ය, විමානස්ථ දෙවියෝ ය, අග්රබවලාහක - උෂ්ණවලාහක - ශීතවලාහක - වාතවලාහක - වස්සවලාහකදෙි දෙවියෝ ය, චාතුර්මකහාරාජිකාදි සදෙවුලෝ වැසි දෙවියෝ ය, අරූතල අසංඥා තලයන් හැර පසළොස් බ්රිහ්මලෝකවල දෙවියෝ ය යි හැම දිව්යැයෝ බ්ර හ්මයෝ “අපි අපි ද ඒ උතුමාට අද සේසත් පූජා කරම්හ’යි ඔවුනෙවුන් පරයා දිව අවුදින් නාගභවනයෙහි පටන් අකනිටා බඹලොව දක්වා මුළු ලොව සේසතින් වස්වා සිටගෙන පූජාවට පටන් ගත්හ. එ දවස් දෙවියන් මාගේ බුදුන්ට කළා වූ සේසත් පූජාවට අනික් උපමාවක් දැක්ක නොහෙම් ම ය, සාරාසංඛ්යෙක කප් ලක්ෂයක් මුළුල්ලෙහි පූරණය කළා වූ සදත්රිං් ශත් පාරමිතා භූමියෙන් පැනනැංගා වූ ඔබගේ යශශ් නමැති මහලිය ය එදා මල් පිපී වැනී ගියා දෝ හෝ යි සිතමි. මෙසේ මහත් වූ බූජා විඳ විඳ බුදුන් ගංතොටට වැඩි කල බිද්සර රජ්ජුරුවෝ බුදුන් වැඳ වැඳ බලා සිටියාහු “මම ද ලිච්ඡවි රජුන් කළ පූජාවට දියුණුකොට පූජා කෙරෙමි”යි බුදුන් සිරසට සේසත් බැගින් සාරදහසක් සේසත් හා සමඟ මහත් වූ පූජා කොට කොට, යොදනෙන් යොදනෙහි සතප සතපා මහදන් දිදී රජගහා නුවර වෙළුවනාරාමයට බුදුන් වඩාගෙනාහ. මෙසේ ස්වාමිදරුවන් පුජාවෙන් ඒ ගඳකිළියට වැඩ ශයනප්රාදප්ත වූ කල, එම දා සවස් වේලෙහි භික්ෂූගණයා ධර්මශසභාමණ්ඩලයට රැස් ව බුදුන්ගේ ගුණ කථන ය කරන්නාහු “ඇවැත්නි! බුද්ධානුභාවයක් බලව, බුදුන්ගේ පුණ්යාප්රඇභාවයක් බලව, බුදුන්ගේ මහිමයක් බලව” යනාදීන් බුදුන් ලද ගංගාරොහණ පූජාවට ස්තුති කොට කොට වැඩහුන් සේක.


එ කල ස්වාමිදරුවෝ දෙවි බඹුන්ගේ කිරුළුකුළු මිණි රසින් දිලියෙන විශාල වූ ශාලපඬ්ක්තින් හා භිත්තිස්තම්හ සොපාන මාලාවෙන් අලංකෘත වූ, ප්රේසාද පංක්තීන් හා චන්ද්රොකාන්ති සෙයින් පරිශුද්ධ වූ වාලුකාතලයෙන් හා, විසිතුරු වූ, ලතා මණ්ඩපයෙන් හා පස්පියුමෙන් සැදි පොකුණු පඬ්ක්තීන් හා විරාජමාන වූ ස්වර්ණ සුරහි සුගන්ධ පුෂ්පොපහාර සමලංකෘත වූ භූමිභාග ඇති සුගන්ධ ගන්ධ කුටියෙහි වැඩහිඳ, මහාකරුණා සමාපත්ති - ඵලසමාපත්ති ආදි වූ අනේකප්රඳකාර සමාපත්ති සමවදනාසේක් අත්ය න්ත පරිශුද්ධ වූ තමන් වහන්සේගේ දිවයශ්රොේත්රැය ධාතුයෙන් ධර්ම සභාමණ්ඩලයෙහි උපන්නා වූ කථා ස්වරූප ය අසා වදාරා. මේ භික්ෂූහු ධර්ම් සභාවට රැස් වෙ හිඳ මාගේ ආනුභාව හා පින්බල කියති, මා විසින් පූර්ව ජාතියෙහි කළා වූ කුශල මුල ය හස්මයෙන් ප්ර්තිච්ඡන්න වූ ජාත වෙදයක් සේ බවයෙන් ප්රසතිච්ඡන්න හෙයින් මට මුත් ඔවුන්ට අප්රවකාශ ය, මා ධර්ම සභා මණ්ඩලයට ගියකළ මේ කොට ගෙන මා පූර්ව ජාතියෙහි කළා වූ කුශලමුල ය ඔවුන්ට ප්රවකාශ කෙරෙමි යි සිතා වදාරා. නානා මණිප්රාහාවිසර විෂ්ඵුරිත විස්තීර්ණ වර රුචිර සුගන්ධ ගන්ද කුටිවාස ය මහා කරුණා ඥානයෙන් දුරුකොට ශුද්ධශයනයෙන් පැනනැඟී ලාක්ෂාරසයෙන් තෙත් වූ අභිනව ප්රෙබුද්ධ රක්තකෝවිළාර කුසුමවර්ණ සුරක්ත වූ දෙපට සිවුර රන් මෙරක් සන්ධ්යාර වලාපටලයෙකින් වසන්නා සේ සිසාරා රන්කතුරෙකින් රත්පියුම්පෙති කලබක් කපන්නා සේ ත්රිරමණ්ඩල ප්රකතිච්ඡාදන වසයෙන් සංවිධානකොට හැඳ, රත් වලාගබෙකින් නිකුත් විදුලියයක් රැළි දෙන්නා සේ, රත්පියුම් පෙති කලබක් රන් පමුදමෙකින් පරික්ෂිප්ත කරන්නා සේ, සශ්රී ක වූ පටිධාතුව බැඳ, රත්පළස්කඩෙකින් රන්ගලක් වසන්නා සේ. චිත්රිකූට පර්වත ය බඳුවදමල් රැසෙකින් වසන්නා සේ, මහ පොළෝ සක්වළගල් මෙරගල් යුගන්ධරාදි පර්වතයන් එකපැහැර කම්පා කෙරෙමින්, අසාධාරණ ප්රාාතිහාය්ය්රර්යේන් උපන්නා වූ නිග්රොකධ ඵල සමාන වර්ණවර රුචිර පාංශුකූල චීවර ය ධරා, නීල - පීත - ලෝහිත - ඔදාත- මාඤ්ජිෂ්ට - ප්ර භාස්වර ය යි යන සවනක් ඝන බුද්ධරශ්ම් මාලාවන් යන්ත්ර නළින් මඩනාවූ ස්වර්ණ රසධාරා සේ, දොරකවුළු බල බලා අසු අස්සෙන් දශදිගන්තරරයෙහි ව්යාාප්තකෙරෙමින්, අපිරිමිත වූ පුණ්යනප්ර්භාවයෙන් විවෘත වූ ද්වාර ඇති ගන්ධකුටිද්වාරයෙන් මෙඝමුඛයෙකින් නිකුත් පූර්ණචන්ද්ර්යාගේ ලීලා පරදවමින්, රන්ගල් ගුහායෙකින් නිකුත් අභීත කෙශරසිංහ රාජයකුහු ගේ වික්රුම අවික්රඅම කෙරෙමින්, නිලවලාභ්යයන්තරයෙන්-

 දොර කවුළු බළල්වා අසුඅස්නෙන් - ඇතැම්.

-නික්මුණාවූ සියරැළි විදුලිය කලබක්හුගේ ලීලාවට නින්දා කියවමින්, පද්මගර්භයෙක්හි වාසයකොට අභිමතස්ථාන ගත ස්වර්ණභෘංගරාජයක්හු සේ මෙසේ ඒ ගන්ධකුටියෙන් නික්ම දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ශ්රීධ ශොභාවන් කරණ කොට ගෙන සන්ධ්යාමප්රකභානුරඤ්ජිත ඉන්ද්ර චාප විද්ද්යුනල්ලතා පරික්ෂිත කනක ගිරිශිඛරයක් සේ දිලියෙමින් අචින්ත්ය් වූ, අනුපම වූ, අසදෘශ වූ, අනන්යම සාධාරණ වූ, බුද්ධ ගීගාවෙන් සම්ප්රාිප්ත වූ, පර්ෂදට අනුරූප වූ, තුන් ප්ර,කාරයෙන් එක්තරා එක් ප්රාශතිහාය්ය් ර්යෙසකින් ධර්මරසභාවට වැඩ.

කෙසේ ද? බුදුහු සමහර දවසෙක පර්ෂද්ගේ අදහස් බලා ගන්ධකුටියෙහි දී ම පොළෝ කිමිද වැඩ බුද්ධාසන ය මැදින් යුගඳුරු මුදුනට පැනනැඟි ළහිරි මඬලක් සේ පෙනී වැඩ පෙනී වැඩ හිඳිනා සේක. සමහර දවසෙක ගඳකිළියෙහි නැණිමඬල දෙබේ කොට ගෙන ආකාශයෙන් වැඩ ධර්මමහාලාවෙහි කැණිමඬල පළාගෙන බැස, හස්තගිරි පර්වතයට ගොසින් බට පුන් සඳක් සේ ධර්මා සනයෙහි පෙනි යන සේක. සමහර දවසෙක නැඟු නැඟූ පත්ලෙහි පියුම් දක්ව දක්වා මහත් වූ ප්රාපතිහාය්ය්ුර්යෙුන් ධම්සභාවට වැඩ පනවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳිනා සේක.


කෙසේ වූ ධම්සභා මණ්ඩලයෙක් ද යත්?.....සංස්කරණය

කෙසේ වූ ධම්සභා මණ්ඩලයෙක් ද යත්? නෛක බ්රේහ්ම සුරාසුරෝරග දෙව දානවාදි දිව්යෛසමුහයන්ගේ ශරීරප්ර භායෙන් හා අපිරිමිත රාජර්ධිසම්පන්න රාජාධිරාජ ප්රරශස්තඋත්තම රාජයන්ගේ කිරුළුකුළුමිණිරසින් හා රන්රිදී මිණි තරු පෙළින් විසිතුරු වූ විතානපඬ්ක්තින් හා නානා ස්ථානයෙහි එල්වන ලද චම්පක - පාරිජාත - මන්දාර - කෙතකාදි කුසුම දාමයෙන් හා ගන්ධ මාලා ධූප දීපාදි නානා ප්රකකාර පූජාවස්තු විශෙෂයෙන් හා සුවඳ තෙලින් දිලියෙන රන් වැට ප්ර දීප සහස්ර යෙන් හා, ඒකාලොක වූ, ඒ කොද්භූත වූ, ඒකාලංකාර වූ, ඒකප්රයසන්න වූ, රාජභවන ශ්රීව මඬනා වූ, දිවයබවන ශ්රීව කැඳවන්නා වූ, බ්රා,හ්මා ‘මරනාග නයන රසායන වූ මෙසේ වූ, අලංකෘත ධම්සභාමණ්ඩලයට සඅවිනිත වූ ඇත්මුළක් ළඟට වදනා ගන්ධ හස්ති රාජයක්හු සේ, සිංහසමුහයක් මැදට වදනා අභීත කෙශර සිංහරාජයකු සේ, වැඩ. අලංකෘත වූ රත්නමණ්ඩප මධ්යකයෙහි පනවන ලද බුද්ධාසනයට පැන පැඟී, සුපුෂ්පිත වූ ශාලද්රැමමරාජයක්හු සේ දිලිහි දිලිහී වැඩහිඳ. තමන් වහන්සේ වීතරාග වූ සේක්, වීතද්වෙෂ වූ සේක්, වීත මෝහ වූ සේක්, තෘෂ්ණා රහිත වූ සේක්, නි‍ක්ලේශ වූ සේක්, සිවයං බුද්ධ වූ සේක්, ශාන්ත වූ සේක්, දාන්ත වූ සේක්, සුවිනීත වූ සේක්, සුප්රා වෘත වූ සේක්, ශාන්ත වූ ඉන්ද්රිතයයන් ඇති සේක්, ශාන්ත වූ සිත් ඇති සේක්, ශාන්ත වූ කාය ඇති සේක්, අල්පේච්ඡ වූ සේක්, සන්තුෂ්ට වූ සේක්, ප්රූවිවික්ත වූ සේක්, අසංසෘෂ්ට වූ සේක්, චෝදක වූ සේක්, පාපගර්භිත වූ සේක්, ආරබ්ධ වූ වීර්යය ඇති සේක්, වචනක්ෂම වූ සේක්, ශීලසම්පන්න වූ‍ සේක්, සමාධිසම්පන්න වූ සේක්, ප්ර්ඥාසම්පන්න වූ සේක්, විමුක්තිසම්පන්න වූ සේක්, විමුක්ති ඥානදර්ශනසම්පන්න වූ සේක්, වන්ත දෝෂ ඇති වූ සේක්, භින්නපටධර වූ සේක්, බින්න ක්ලේශ වූ සේක්, ජින්නබන්ධන වූ සේක්, විජටිත ජටා ඇති සේක්.


තමන් වහන්සේ සේ ම වීතරාග වූ, වීද්වෙෂ වූ, වීතමෝහ වූ, තෘෂ්ණා රහිත වූ, සුප්රාශවෘත වූ, ශාන්ත වූ ඉන්ද්රිවයයන් ඇති, ශාන්ත වූ සිත් ඇති, ශාන්ත වූ කාය ඇති, අල්පේච්ඡ වූ, සන්තුෂ්ට වූ,ප්රතවිවික්ත වූ, අසංසෘෂ්ට වු චෝදක වූ, පාපගර්භිත වූ, ආරබ්ධවීර්ය වූ, වචනක්ෂම වූ, ශීලසම්පන්න වූ, සමාධි සම්පන්න වූ, ප්රතඥාසම්පන්න වූ, විමුක්තිසම්පන්න වූ, විමුක්ති ඥානදර්ශන සම්පන්න වූ, වන්තද්වෙෂ වූ, භින්නපටධර වූ, භින්නක්ලේශ වූ, විජටිත ජටා ඇති වූ, ජින්නබන්ධන වූ, සංඝසමුහයා මධ්යරයෙහි. වෘෂභගණයා පිරිවැරූ වෘෂභ රාජයා සේ, සිංමගණයා පිරිවැරූ සිංහරාජයා සේ, ගරැඬගණයා පිරිවැරූ ගරුඩරාජයා සේ, සිය රස් පිරිවැරූ දිවසකර රාජයා සේ, පහන් දහස් පිරිවැරූ පහන් රුකක් සේ, රත්පියුම් සාගරමධ්ය,යෙක්හි හොභමාන වූ කනක නෞකාවක් සේ , පුවාලවේදිකා මැද දිලියෙන කනක ප්රාූසාදයක් සේ, පත්ර්ෙන පරිවෘත වු කෙශර පුඤ්ජයක් සේ, කෙශර පිරිවැරූ කර්ණිකා රජයක්සේ, අටදහසක් ඇතුන් පිරිවැරූ ධ්රැ්තරාෂ්ට්රම නම් හස්තිරාජයා සේ, අනුදහසක් හංසයන් පිරිවැරූ ධ්රැහතරාෂ්ට නම් හංසරාජය‍ා සේ, දිව්යයගණයා පිරිවැරූ සුජසම්පති නම් සක්දෙවු රජ සේ, බ්රේහ්මගණයා පිරිවැරූ භාරිත නම් බ්ර හ්මරාජයා සේ, අශ්වගණයා පිරිවැරූ වලාහක නම් අශ්වරාජයා සේ, මහබිරිස් පිරිවැරූ චක්රිවර්තිරාජයා සේ, සඳ වලා පිරිවැරූ දිලියෙන නකත් තරුවක් සේ, තරුගනයා පිරිවැරූ ශරච්චන්ද්රවරාජයා සේ, මණි ගණයා පිරිවැරූ සිතුමිණි රුවනක් සේ, කුලපවුවන් පිරිවැරූ කනකමේරුරාජයා සේ, ඉතා මහත්වූ බුධානුභාවයෙන් බුඬශ්රීරන් බුඬතෙජසින් , බුඬවික්රයමයෙන් බුද්ධඥානයෙන්, දිලිහී දිලිහී . ව්යා්මප්රගභාමණ්ඩලයෙන් පරික්ෂිප්ත වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් කරණකොටගෙන පිළිවෙළින් ගොතා තුබූ චන්ද්රහයන් දෙතිස් දෙනකුගේ, සූය්ය්මර්යාන් දෙතිස් දෙනකුගේ, චක්ර වර්ති රජුන් දෙතිස් දෙනකුගේ, දෙවේන්ද්ර්යන් දෙතිස් දෙනකුගේ, බ්ර හ්මෙන්ද්රනයන් දෙතිස් දෙනකුගේ, ශ්රීි විභූතියට නින්දා කරවමින් යුගඳුරු මුදුනෙහි දිලියෙන බාලාර්කමණ්ඩල ය, සේ පර්වත මුදුනෙක්හි දිලියෙන ඝනරන්කඳක් සේ, කාලාන්ධකාරයෙක දිලියෙන දෑරඟමිණි පර්වතයක් සේ, ෂඩ්වර්ණ වූ ඝනබුද්ධරශ්මිමාලාවෙන් සියලු ධම්සභාමණ්ඩල ය එකපැහැර බබුළුවමින් යථොක්ත වූ බුද්ධාසනයෙහි වැඩහිඳ. රන්මාලිගාවෙක්හි මැවීගිය ඉඳුනිල්මිණි කවුළු සඟලක් හරන සේ, තමන් වහන්සේගේ පස්වනක් පෑයෙන් දිලියෙන දිගු පුළුල් ඇස් සඟල උන්මීලන ය කොට පඤ්චවර්ණන ප්රිභා ධර භෘංගරාජ යුගලයක් රත්පියුම් වනයෙක්හි ඇවිදුවන්නා සේ. වාත රහිත ස්ථානයෙක නිශ්චග ව පිපී වැනී ගියා වූ රත්පියුම් වනයක් සේ, මෙඝවර්ණ වූ, පාංශුකූල චීවර ධරා ක්ෂාන්ත්යාුදි ප්රරතිපත්තීන් නිශ්චල ව වැඩහුන්නාවූ සංඝසමූහයා බලා වදාරා “මේ මාගේ භික්ෂු පර්ෂද ඉතා හොබනී ය, එක ද භික්ෂුවක්හුගේ කැස පියන කිබිස පියන හඬෙක් වත්. හස්ත චලන, පාදචලන, ආශ්වාස ප්රඝශ්වාසාදි කිසි ම අරගලයෙක් වත් නැත, සර්වාභරණයෙන් සැරහී දෙවඟනක් බඳු වරඟනන් පිරිවරා මා කරා අවුත් සිටිනා ක්ෂත්රි ය පර්ෂදක් හෝ චක්රරවර්ති පර්ෂදක් හෝ කාමාවචර දිව්යරපර්ෂදක් හෝ රූපාවචර බ්රවහ්ම පර්ෂදක් හෝ ඉදින් මේ ස්ථානයෙහි ඇත ත් ඔවුන් කෙරේ සානුරාග වසයෙන් කර ඔසවා බලන එක ද භික්ෂුකෙනෙක් නැත. යම් සේ අභ්ර් ය, මහීක ය, ධුම ය, රජ ය, රාහු ය, යි යන පඤ්චොප ක්ලේශයෙන් දුරු වූ සම්පූර්ණ චන්ද්රවයා බලන්නවුන් සේ මාගේ මුඛමණ්ඩල ය ම බල බලා හිඳිති, මේ මාගේ භික්ෂූහු බුද්ධ ගාවරයෙන් සගාර ව වුවාහු,බුද්ධතෙජසින් තැති ගත්තාහු, මම මාගේ ආයුෂ්කල්ප ය මුළුල්ලෙහි ත් ප්රතථමාරම්භ වූ කිසි කථාවක් නො කොට නිශ්ශබ්ද ව හුන්නෙම් වීම් නම් මට පළමුකොට මුඛ සොලවා කථාවක් උපදවන්නාවූ එක ද භික්ෂුවක් මේ පර්ෂදයෙහි නැත, මම් ම පළමුකොට කථාවක් උපසවමි”යි සිතා වදාරා.

සඳවලාගබෙකින් ද්විතීය චන්ද්රිතකාව දැක්වුවා සේ තමන් වහන්සේගේ ඉතා සුරක්ත වූ අධරොෂ්ඨයන් දෙදෙනා අතුරෙන් දන්තශ්රීා දක්ව දක්වා තමන් වහන්සේගේ වාක් ව්යා්මප්ර භාමණ්ඩලයෙන් පරික්ෂිප්ත වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් කරණකොටගෙන පිළිවෙළින් ගොතා තුබූ චන්ද්රකයන් දෙතිස් දෙනෙකුගේ , සූර්යයන් දෙතිස් දෙනෙකුගේ, චක්ර වර්ති රජුන් දෙතිස් දෙනෙකුගේ , දෙවේන්ද්ර්යන් දෙතිස් දෙනෙකුගේ , බ්ර හ්මෙන්ද්රනයන් දෙතිස් දෙනෙකුගේ , ශ්රීි විභූතියට නින්දා කරවමින් යුගඳුරු මුදුනෙහි දිලියෙන බාලාර්කමණ්ඩල ය සේ, පර්ත මුදුනෙක්හි දිලියෙන දෑරභමිණි පර්වතයක් සේ, ෂඩ්වර්ණ වූ ඝනබුද්ධරෂ්මිමාලාවෙන් සියලු ධම්සබාමණ්ඩල ය එකපැහැර බබුවවමින් යථොක්ත වූ බුද්ධාසනයෙහි වැඩහිඳ. රන්මාලිගාවෙක්හි මැවිගිහ ඉදුනිල්මිනි කවුළු සගලක් හරන සේ,තමන් වහන්සේගේ පස්වනක් පෑයෙන් දිලියෙන දිඟු පුළුල් ඇස් සඟල උන්මීලන ය කෙ‍ාට,පඤ්චවර්ණෙ ප්රහබා ධර භෘංගරාජ යුගලයක් රත්පියුම් වනයෙක්හි ඇවිදුවන්නා සේ,වාත රහිත ස්ථා නහෙක නිශ්දලව පිපි වැනි ගියා වූ රත්පියුම් වනයක් සේ ,මෙඝවර්ථ වූ ,පාංශුකූල චිවර ධරා ක්සාන්ත්යාවදි ප්ර,තිපත්තින් නිශ්චලව වැඩහුන්නාවු සංඝසමූහයා බලා වදාරා “මේ මාගේ භික්ෂු පර්ෂද ඉතා හෙ‍ාබනීය ,එක ද භික්ෂුවක්හුගේ කැස පියන ිබිස පියන හ‍ඬේ වත්, හස්ත දලන, පාදචලන, ආශ්වාස ප්රනශ්වාසාදි කිසිම අරගලෙයෙක් වත් නැත,සර්වාභරණයෙන් සැරැහී දෙවඟනක් බදු වරගනන් පිරිවරා මා කරැ අවුත් සිටිනා ක්ෂත්රිවය පර්ෂදක් හෝ චක්රනවර්ති පර්ෂදක් හෝ කාමවචර දිව්යෂපර්ෂදක් හෝ රූපාවචර බ්රපහ්ම පර්ෂදක් හෝ ඉඳින් මේ ස්ථානයෙහි ඇත ත් ඔවුන් කෙරේ සානුරාග වසයෙන් කර ඔසවා බලන එක ද භික්ෂුකෙනෙක් නැත. යම් සේ අභ්රක ය, මහීක ය,ධුම ය,රජ ය ,රාහු ය,යි යන පඤ්චොප ක්ලෙශයෙන් දුරුවූ සම්පුරුණ චන්ද්රහයා බලන්නවුන් සේ මාගේ මුකමණ්ඩල ය ම බල බලා හිඳිති, මේ මාගේ භික්ෂුහු බුද්ධ ගාරවයෙන් සගාර ව වූවාහු, බුද්ධතෙජසින් තැති ගත්තාහු,මම මාගේ ආයුෂ්කල්ප ය මුළුල්ලෙහිත් ප්රිථමාරම්භ වූ කිසි කථාවක් නො කොට නිශ්ශබ්දව හුන්නෙම් වීම් නම් මට පළමුකොට මුඛ සොලවා කථාවක් උපදවන්නාවූ එක ද භික්ෂුව් මේ පර්ෂදෙහි නැත, මම් ම පළමුකොට කථාවක් උපදවමි” යි සිතා වදාරා.

සඳවලාගබෙකින් ද්විතිය චන්ද්රිුකාව දැක්වූවා සේ තමන් වහන්සේගේ ඉතා සුරක්ත වූ අධරොෂ්ඨයන් දෙදෙනා අතුරෙන් දන්තශ්රීක ද්ව දක්වා තමන් වහන්සේගේ වාක් සුචරිතානුභාවයෙන් ජනාත වූ, දිව්ය ගන්ධයෙන් සුගන්ධ වූ, නා නා ගන්ධයෙන් සම්පූර්න වූ. රුවන් කරඬුවක් හරනා සේ, මුඛ නමැති පියුම් කරඬුව හැර පාරමිතා නමැති ජලයෙන් පිරුණා වූ, බුද්ධඥන නමැති සූර්ය රශ්මින් ප්රුබුද්ධ වූ,මොලොක් තුනු පළල් ජිහ්වාධාතු නමැති මෙි ඇති, සමශුද්ධ වූ අවිචරචත්තාළිස දන්තධාතු නමැති ‍කෙශර පඬ්ක්ති ඇති, සුරක්ත වූ,අදරෝෂ්්ඨ පල්ලව යුග්ම නමැති පියුම් පත් ඇති,සද්ධර්මන නමැති මධුබින්දු වහනය කරන්නා වූ සහ්රි්ක වූ මුඛ නමැති පද්මයෙන් සුවඳගඳ විහිදුවා බැණනැගි බසින් සියලු ධම්සබා මණ්ඩල ය එක පැහැර සුවඳ පිඩක් සේ කෙරෙමින් ,මධුමඳ මුදිත ලලිත රතිනර මනොහර කුරවිකනාද නිර්ව්හේෂ අෂ්ටාංගසමුපෙත නානා නය නිපුන අනෙකාධ්යා ශයා’ නුකූල අර්ථ ව්යනඤ්ජනසම්පන්න විවිධ ප්රාාතිහාර්ය ධර්මාසර්ථදෙශනා ප්රනතිවෙධ සානුරාග හ්ර වණීය මධුර වූ වචනයෙන් “මහණෙනි! මා එන්නාට පූර්වභාගයෙහි මෙතෙන කෙබඳු වූ කථාස්වරූපයෙින් යෙදී උන්නාහු දැ’යි විාරා වදාළ සේක.


එ කල්හි භික්ෂුන් වහන්සේ....සංස්කරණය

එ කල්හි භික්ෂුන් වහන්සේ ප්රේ්මණිය වුුු,කර්ණ රසායන වූ,හෘදයට අමෘතාභිෂෙකය් වැනි වූ, ඒ මනොහර නාද ය අසා “ස්වාමිනි! නුඹ වහන්සේ ‘මහණෙනි! මේ මේ කථාවෙහි නො යෙදව’යි අප මහණ වූ දාම අප අප උලන්වා වදාළ වූ රාජ කථාය, චොරකථාය, මහාමාත්ය‘ කථා ය, සේනා කථා ය, භය කථා ය, යුද්ධ කථා ය, හානි ථා ය, සයන කථා ය , මාල කථා ය, අන්තථා ය,පානකථා ය, යානකථා ය, ගන්ධ ථා ය. තුරිය කථා ය, ගාම කථා ය, නිගම ථා ය, නගර කථා ය, ජනපද ථා ය, ඉත්ථි කථා ය, ධුත්ත ථා ය, සුර ථා ය, විසිඛා කථා ය, ුම්භට්ඨාන ථා ය,පුබ්බෙපෙත කථා යථ නාන්ත ථා යත ලොකක්ඛායි කථා ය, සමුද්දක් ඛායික කථා ය, ශාශ්වතදෘශ්ටි කථා ය,උච්ජෙද දෘෂ්ටි ථා ය. වාද්ධි කතා ය, කාමසුකල්ලිකානුයෝග කථා ය, අත්තකිලමතානුයෝගි කථා ය,යන මේ දෙතිස් කථාවෙන් කථාවක් නො කළම්හ, මහනෙනි! මේ මේ කථාවෙහි යෙදෙව’යි නුඹ වහන්සේ උගන්වා වදාළ වූ දානකථා ය,ශිල කථා ය,නෛෂ්කර්ම ය කථා ය, ප්රභඥා කථා ය, වීර්ය කථා ය,ක්ෂාන්ති තා ය, සත්යම කථා ය, අධීඹ්ටාන කථා ය, මෛත්රීල කථා ය, උපෙක්ෂා කථා යයි යන දශවිධ වූ මහා කථාවෙහි අන්තර්ගතවූ කතාවෙක ම හෙදී උනුම්හ,ඉනුත් නුඹ වහන්සේ මේ මේ විශාලා මහනුවරට වැඩ ලද්දා වු මහත් පූජාවි‍ෙඕෂය් ,නුඹ වහන්සේගේ ඉතා මහත් වූ බුද්ධානුභාවයක්, ම කිය කියා උනුම්හ’යි කී සේක.

එ කල ස්වාමිදරුවෝ “මහණෙනි! මේ සා පූජාවක් මාගේ බුද්ධානුභාවයෙකින් ලදහ යි නො සිතව, මේ ලොයෙහි සියලු කුශල ධමර්යෝ ම තරාදිය සේ ඉතා සූක්ෂ්ම වූ වාසි ඇතියාහ,එසේ හෙයින් ලොවුතුරා බුදුවුව ත් පුරාාත වූ කුශල ධර්මාය ම ප්රහත්යු ය වන්නේ ම ය”යි වදාරා තුෂ්ණිම්භූත ව වැඩඋන් සේක.

එ වේලෙහි එක් භි්ෂුකෙනෙකුන් වහන්සේ හුනස්නෙන් නැඟි සකසා හැඳ පෙර ව කායබන්ධනධාරි ව නැමි නැමි ගොස් බුදුන් වැඳ සිංහරාජයෙකු දුටු ඇත් පැටවකු සේ බුද්ධ තේජසින් භය ගෙන ගෙන බද්ධාඤ්ජලීව සිට “ස්වාමිනි! ශාක්යනසිංහ වූ බුදුරජානෙනි! තුන් ලොවට ඇසක් වැනි වූ ස්වාමිදරුවාණෙනි! නුඹවහන්සේ දැන් ලද්දා වූ මේ පූජාව අප හැමට ප්රණත්යුක්ෂ ම ය,පෙර නුඹවහන්සේ මෙසේ වූු පූජා විශෙෂයක් ලබන්නට කළා වූ කුශල මහිමය කෙසේ ද,ඒ අසනු කැමැත්තම්හ”යි ආරාධනා කළ සේක.

එ වෙලෙහි ස්වාමිදරුවෝ පයියකින් වසා තුබූ රන් කැටපතක් භයා පානා සේ ,භවයෙන් වැසී තුබූ තමන් වහන්සේගේ පූර්වචරිත පාරමිතාව් දක්වා වදාරණ සේක්.මහණෙනි! පෙර මා සසර පාරමිතා භූමියෙහි ඇවිදිනා වූ සමයෙහි ශංඛ නම් බ්රාමහ්මණ කල, ඒ ජාතියෙහි මට ම දරු වූ සුසීම නම් පසේබුදුන්ගේ ධාතු පිහිටුවා කළ දාගැබ දැක ඔබ කෙරෙහි කළ පුත්රන ප්රේමයෙන් හා අල වූ ශ්ර ද්ධාවෙන් එ දා ඒ දාගබ් මළුවෙහි වටාපතක් සා තෙන තණ පරණලා දුරුකොට කළා වූ කුශලයෙන් මේ රජගහා නුවර පටන් ගෙන විශාලා මහනුවර දක්වා මේ අටයොදුන් මාර්ගයෙහි පුළුල්ලෙන් සිය් රියන් පමණ තැන වළගොඩ තැනි හෙරිතලයක් සේ තැනුම් ලද.තව ද; එම දාගබ් මළුවෙහි එකුරුතුපටින් ගෙනවුත් වටාපතක් සා තැන තනාලු වැලිසුභෙහි අනුසසින් මේ අටයොදුන් මාර්ගය සුදුවැල්ලෙන් සැදුම්ලද. තව ද;එම දාගබ වට එදවස් මා පුදාලු එක මල් මිටෙහි අනුසසින් ගංගජව ඇතුළු ව නව යොදුන් මාර්ගය පස්වන්මලින් සැදුම්ලද.තවද එම මළුවෙහි කමඬ ලෙන් එ දා ඉසලු පැන් අතලොස්සෙහි පිනින් ර නුවර මා පය තබාලු ඇසිල්ලෙහි ඒ තුන්සියක් යොදුන් ලිච්ජවින්ගේ රාජ්යලය මුළුල්ලෙහි ඒ සා මහත් පොකුරු වැස්සෙක් වැසපි ය.තව ද; එම දාගබෙහි නඟාලු වියතක් පමණ පතායෙහි පිණින් පුදාලු එක පත්කුඩයෙහි පිනින් නාලොව පටන් බඹලොව දක්වා අවකාශ නැති ව අතුරු නො දී උතුරුව උතුරුවා සිට ගත්තා වූ මේ සා මහත් වූ සේසත් පූජාවක් ලදිමි,එසේ හෙයින් මහණෙනි! මේ පූජා ලදුයේ මාගේ බුද්ධානුභාවයෙකිනුත් නො වෙයි,දිව්යා -බ්ර්හ්ම-ගරුඬ -ගන්ධර්වාදි දෙවියන්ගේ දෙවියන්ගේ ආනුභාවයෙකිනුත් නො වෙයි,මා යට කළ කුශල මූලයෙන්ම ය යි වදාරා මේ ශංඛජාතක ය නිමවා කෙළෙවර තව ද; භික්ෂුන්ට ම අවවාද සදහා:


මත්තාසුඛපරිච්චාගා -පස්සෙ චෙ විපුලං සුඛං,

චජෙ මත්තා සුඛං ධීරො- සම්මස්සං විපුලං සුඛං-හි.


යන මේ ගයින් බණ වදාල සේක..එ කෙණෙහි ද බොහෝ භික්ෂුන් වහන්සේ සෝවාන් ආදි මාර්ගඵලයට පැමිණි සේක.


මෙසේ තමන් වහන්සේ එක විශාලා මහනුවරට වැඩි ගංගාරෝහණ පූජාවෙහි බිම්සර රජහු පළමුව පූජා කළ දෙක් උතුරු වූ පන්සියයක් පමණ සේසත් පූජා ය,දෙවනු ව ලිච්ජවිරජුන් කළ සතරක් ූතුරු වූ දෙදහසක් පමණ සේසත් පූජාය, තුන්වනුව ඔවුන් ම කළ අටක් උතුරු වූ දෙදහසක් පමණ සේසත් පූජා ය, සතරවනු ව බිම්සර රජහු කළ සොළොසක් ූතුරු වූ සාරදහසක් පමණ සේසත් පූජා ය යි මෙසේ සත්දහස් පන්සියතිසක් පමණ ඇති සේසත් පූජා ම ලත් හෙයිනු ත්, නයින-දෙවියන් -බඹුන් පිදු අප්රසමාණ සේසත් පූජා ලත් හෙයිනු ත්,මෙසේ උදාර වූ පූජා විඳිමට සුදුසු හෙයිනුත් , මෙසේ මුළුලොවට අද්භූත වූ, මෙසේ මුළු ලොවට ආශ්චර්ය ය වූ මෙසේ මුළුලෙ‍ාවට අද්භූත වූු, මෙසේ මුළු ලොවට ආශ්චර්ය ය වූ මෙසේ මුළුලොවට කරුණාසම්පන්න වූ, මෙසේ මුළුලොවට ප්රේවමනීය වූ, මෙසේ මුළුලෙ‍ාවට කර්ණ රසායන වූ, මෙසේ මුළුලොට අමෘතෞෂධ වූ, මෙසේ මුළු ලොවට භාග්යආවත් වූ,මෙසේ මුළුලොවට පූජාර්භ වූ,මාගේ ස්වාමිදරු වූ,බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක.එසේ හෙයින් කියන ලදුයේ මැයි:

මේ පුජාවලියෙහි අප බුදුන් විශාලා මහ නුවර දී ලිච්ජවි ආදින්ගෙන් ල


පුජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්තානුරූපං “අරහං” ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතංයි


ලංලජරෝහණ පූජා කථා නම් වූ එක් විසිවන පරිච්ජේදය නිමි.