පූජාවලිය


සත්විසිවන පරිච්ජේදය


තව ද: උන්වහන්සේම අනූන වූ ශ්‍රාවිකාවන්ගෙන් ලද පළමු වන ආදාහණ පූජා....සංස්කරණය

තව ද: උන්වහන්සේම අනූන වූ ශ්‍රාවිකාවන්ගෙන් ලද පළමු වන ආදාහණ පූජා නම් කවර යත්: මෙසේ ඒ මහාප්ර ජාපති ස්ථවිරින් වහන්සේ යට කී ක්රගමයෙන් බුදු සසුන් වැඳ මහණ ව, අමාමහ නිවන් දැක. භික්ෂූණි ශාසන ය ඇති කරවා, බුදුන්ට උත්තම ප්ර තිපත්තින් පුද පුදා, සියලු දෙවිමිනිසුන් අතින් තමන් වහන්සේ ද, නො එක් පූජා ලැබෙමින් විශාලා මහනුවර ලිච්ජවි රජුන් විසින් තමන් වහන්සේ ට කරවා පිළිගන් වන ලද මෙහෙනවර ම වාස ය කොට. එම රජුගෙන්ම දෙනලද සිවුපස දාන ය වළදා වලදා කලින් කලට එ නුවරට ගොස් උන්වහන්සේ ආදි වූ සියලු සතුන්ට ලෝවැඩ කෙරෙමින් දනවු සැරිසරා ත් වැඩවදාරන සේක් මය. එක් කලෙක බුදුරජාණෝ සත්සිය සත් ලිච්ජවි රජුන් හා එම තෙක් බිසෝවුරුන් හා සිංහාදි සිටුවරුන් හා අම්බ පාලිකාදි ගණිකාවන් හා නො එක් ශ්රවද්ධාවන්ත සත්ත්වයෝ බුදුන් පෙරමගට නො එක් පූජාභාන්ඩ ගෙන ඔවුනොවුන් පරයා ගොස් මහත් වූ උත්සවයෙන් බුදුන් වඩා ගෙන’වුත් කූටාගාර ශාලාවෙහි ලූහ. එ නුවර රුවන් සූත්ර් දෙශනාව කොට, ජනපදරොග බය පලවා, පොකුරු වැසි වස්වා , බුදුන් තමන්ට සුවසෙත් කළ තැන් පටන් එ නුවර වාසීහු බුදුන් යම් කලෙක තමන් ගේ නුවර දී දුටුව නම් මෙසේම පෙර ගමන් කොට ගොස් බුදුන් පුද පුදා එ දා පටන් සත් සත් දවස් බුදුන් දුටු සතුටෙහි උත්සව කෙළි කෙළනාහ. එසේ හෙයින් එ දවසු දු උත්සවයට බටන් ගත්හ.

එ දවස් මහාප්රදජාපති ගොතමින් වහන්සේ ද බුදුන් වැඩී පවත් අසා සසා හැඳ පෙර ව. පාත්රන ධරා පන්සියක් ශාක්යඑ මෙහෙණින්නන් පිරිවරා මණි කවව ලූ පන්සියක් ඇතිනි පෙළක් සේ බුදුන් පෙරමඟට ගොස් බුදුන් පුද පුදා, වෙහෙරට වඩා පුතණුවන් වහන්සේගේ ශ්රා්වකයන්ගේ පින පිනා නැවැත තමන් වහන්සේගේ මෙහෙණවරට ගොස් අර්ධපය්ය්්ර්‍ංකයෙන් වැඩ හිඳ මෙසේ සිතූ සේක. කෙසේද ද යත්?

ම පුතණුවන් වහන්සේගේ ශ්රා2වකයෝ ඉත‍ා අනූනයහ, ඉතා සමඟියහ, ශ්රා2වකයෝ බුදුන්ට හොබනාහ, බුදුහු ශ්රාෙවකයන්ට හොබනාහ, ආ වඩන ල පවා ශ්රායවකයන් හා සමඟ තමන් වහන්සේ දිගා වන සේ ආ වඩන සේක, එසේ හෙයින් බුදුහු අනූන වූ ශ්රාවවකයන් කැමැති සේක. කිමෙක්දෝ හෝ මෙ වකට බුදුන්ගේ ශ්රා වකයන් අතුරෙන් ඌනයක් වූ කෙනෙක් ඇද්දෝ. නැද්දෝ හෝ යි බලා බුදුන් බුදු වූ දවස් පටන් පිරිනිවන් පෑ එක ඔ්රාදවක නෛකු ත් නැති සේ දැක ඉතා සන්තෝෂ ව “ අහෝ ාධු 1 අහෝ සාධු යි” තුන් යලක් ප්රීෝතින් උදන් අනා ම පුතනුවන් වහන්සේගේ ශාසනයෙහි ඌනයෙක් කවර කලෙක වේ දෝ හෝ යි අනාගත ය බලා නොබෝ කලෙකින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ - ශාරිපුත්ත -මොග්ගල්යාින -ඛෙමා -උත්පලවන්ර්ණා-නන්ද -රාහුල -යශෝධරා මහ පින්වත් ශ්රා්වකයන් හා ශ්රාපවිකාවන් බුදුන්ට පළමු කොට පිරිනින් පැ නිවන් පුර යන නියාවත් පසු ව බුදුන්ගේ ද පරිනිර්වාණ ය වන නියාවත්, සියලු සංස්කාරධර්මපයන් අනිත්යි ම නියාවත් ලෝකවාසීන්ට ප්ර්ත්ය‍ක්ෂ වන නියාවත් කරතලාමලකයක් සේ දැක මාගේ බුදුන්ගේ හාසනයෙහි මතු වන්නාවූ ඌනතාව මා වැනියන් දකිනේ නො යෙදෙයි. මපුතණුවන් වහන්සේගේ සමෘද්ධි ය දුටු ඇසින් අසමෘද්ධියක් නො දකිම් මය.

මවුපියන්ගේ පරිහානිය, දරුවන් දැකීම ලෝකසාධාරණ වූ ධර්මියෙක, දරුවන්ගේ පරිහානිය. දෙමවුපියන් දැකීම නම් ඉතා නුදුටුව මනා ධර්ම,යෙක, එසේ හෙයින් මා ම පළමු කොට ම පුතණුවන් දැක්කදී ශාන්ති පුරයට නික්මුන මනා මය; මාගේ පුතනුවන් දැක්කදී ශාන්ති පුරයට නික්මුණ මනා ම ය; මාගේ අභිඥ සෘද්ධිබලයෙන් කෙතෙක් කල් ජීවත් වෙම් නමුත් පොහොසත්මි. එයිදු රහතුන්ගේ ධර්මකයෙක් නො ටවයි; මාගේ මෙ වකට වයස් කෙතෙක් දෝ හෝ ආයු තෛ් දෝ හෝ යි බලන සේක් තමන් වහන්සේ පඤ්චකලයාණයෙන් යුක්ත වූ ස්ත්රීනන් කෙරෙහි අන්තර්ග. වූ හෙයිනුත්, මහත් වූ පින්බල ඇති හෙයිනුත් , බුද්ධ මාතා වූ හෙයිනු ත්, මහත් වූ පින්බල ඇති හෙයිනුත්, බුද්ධ මාතා වූ හෙයිනුත් .එවක දක්වා ඉස නරකෙන්දකු ත් නො නැඟි , දන්තවලනාදි විලි පිලියක් නැතිව , සොලොස් හැවිරිදි වයසක් සේ පෙනෙන බවක් මිස එක්සිය විසි හවුරුද්දක් වයස් ගියේ ය යි දැක ආයු සංස්කාරය ද එ වකට කෙලෙවර වූ සේ දැක බුදුන් දැක අවසර ඉල්වාගෙන නිවන් පුරයට ශ්රාේවකයන්ට පළමුව මා ම නික්මුණ මැනැවැ යි සිතූ සේක. එ කෙණෙහි ඒ සිත හා සමඟ මහපොළොව ද වෙවුලා පැනනැංග. ආකාශ ය ද ගුගුරා පැන නැංග.

ඒ පෙලහරෙහි කුහුල් වූ සිත් ඇති ....සංස්කරණය

ඒ පෙලහරෙහි කුහුල් වූ සිත් ඇති පන්සියක් ශාක්ය මෙහෙණින්නෝ තමන් තමන්ගේ නිවාසයෙන් ඔබගේ ආවාසයට රැස්ව වැඳ සිට “ස්වාමිනි! අහස් පොළෝ ගිගුම් දුන් කාරණ කිමෙක් දැ’යි විචාළහ. දරුවනි! අනෙකක් නිසා නො වෙයි, මාගේ සිතිවිල්ලක් නිසා ම උපන්නාවූ පෙළහරෙක “මගේ බුදුන්ගේ ඌන වූ ශාසන ය නො දැක පළමු කොට නිවන්පුර යෙමි”යි සිතීමි, මේ කාරණයෙන් අහස් පොළෝ ගුගුරුවාලු පෙළහර විය, නිවන්පුර යනු සදහා බුදුන් අතින් දැන් අවසර ඉල්වා යෙමි යි කී දෑ ය. එ බස් අසා පන්සියක් මෙහෙණින්නෝ ද “හෙ බැවින් ස්වාමිනි! තාරකාවන් සිටිය දි එකලා සදහු ගමන් යන කල නො හොබනා සේ, අප හැම සිටිය දී නුම වැනියන් එකලා ව ම නිවන්පුර යන කල ඉතා නො හොබනේ ය. මහන වන දවසු දු නුඹ හා එක්ව ම මහන වූම්හ, සසරින් ගැළවෙනු වමෝ ත් එක් වලා ම යම් යහි වෙන වෙන කියා සිටියහ. එ වේලෙහි යහපතැයි ගිවිස ඒ පන්සියක් මෙහෙණින්නන් පිරිවරා මෙහෙණවරින් නික්ම මෙහෙණවර අරක් ගත් දෙවියන්ට පින් දී, එ පවත් අසා පෙර මඝට රැස් වූ සත් දහස් සත් සිය සත් බිසෝවුරුන් ආදි වූ බොහෝ ස්ත්රීට සමූහයාට ඔවා තෙපුල් දි,කූටාගාර ශාලාවට ගොස් , බුදුන් දැක වැද එකත්පස්ව සිට දොහොත් මුදුනෙහි තබාගෙන මෙසේ දන්වන් සේක්:


“අහං සුගත තෙ මාතා -ත්වඤ්ච වීර පිතා මම,

සද්ධම්මසුඛදො නාථ-තයා ජාතම්හි ගොතම.


සංවඩ්ඪිතො’යං සුගත.-රූපකායො මයා තව,

අනින්දිතො ධම්මතනු - මම සංවඩ්ඨිතො තයා.


මුහුත්ත තණ්හා සමණ -ඛීරං ත්වං පායිතො මයා

තයා’හං සන්තමච්චන්තං-ධම්මඛීරම්හි පායිතා.


වඩ්ඪනාරක්ඛණෙ මය්හං -අ‍ණනො ත්වං මහාමුනි,

පුත්තකාමිත්ථියො යාව-ලභන්තං තාදිසං සුතං


මන්ධාතාදි නරින්දානං -යා මාතා තා භවණ්ණවෙ.

නිමුග්ගා’හං තයා පුත්ත-තාරිකා භවසාගරා.


රඤ්ඤො මාතා මහෙසී’ති -සුලභං නාමමිත්ථිනං,

බුද්ධමාතාති යං නාමං-එතං පරමදුල්ලභං


තඤ්ච ලද්ධං මහාවීර - පණිධානං මම ත්වයා,

අණුකං වා මහන්තං වා -තං සබ්බං පූරිතං තයා.


පරිනිබ්බාතු’මිච්ජාමි --විහායෙ’වං කලෙබරං,

අනුජානාහි මෙ වීර - දුක්ඛන්ත කර නායක.


සුවණ්ණරාසි සංකාසං - සරීරං කුරුං පාකටං,

දිස්වා දෙහං සුනිට්ටං තෙ -සන්තිං ගච්ජාමි නායක’යි.


යන මේ විසිතුරු වූ ගාථාවන් කියා “දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් හා අසු අනුව්යනඤ්ජන ලක්ෂණයෙන් හා අනුපම වූ රූපකායෙකින් කප් රුකක් සේ බබළන්නා වූ ශ්රිමවන්ත වූ ම පුතණුවන් වහන්ස! ගෞතම නම් බුදුරජාණෙනි ! නුඹ පා පිසපු බිස්ස පවා දෙවිබඹුන්ට මුදුන් මල් කළා වූ වීර පුරුෂයාණෙනි! පෙර මම නුඹට ධම්මපාැල ජාතක චුල්ලනන්දිය ජාතකාදි නොඑක් ජාතිවල දී මවු ව ම අයිමි,මේ ජාතියෙහි කුසින් නො වැඳු බවක් මිස නුඹට මහ පෙම් කොට කිරි මා කම් කෙලෙමි. එසේ හෙයින් මම නුඹගේ මෑණියෙමි, නුඹ මගේ දරු දෑ ය, එසේ බවක් මිස පෙරළා මෙම ජාතියෙහි ම ආය්ය්ිර්‍ කුසින් වදාලු හෙයින් මම නුඹගේ දියණියෙමි, නුඹ මාගේ පියාණහ. තව ද: ස්වාමිනි! මම පෙර නුඹ වහන්සේගේ තෙල රූපකාය පමණක් පෙම් කොට වැඩීමි, දැන් නුඹවහන්සේ ශාන්ත වූ - දාන්ත වූ -අජර වූ - අමර වූ -මාගේ ධර්මකාය සසා වඩාලන ලද එසේ හෙයින් මා නුමට කල දරුමාකමට නුඹ දැන් මට කලා වූ දරා මා කම් ම සිය දහස් ගුණයෙන් වඩී මය.

තව ද: මොහොතක් කල් තෘෂ්නාවගේ සමනය කරන්නා වූ මා තනයෙහි කිරි පොවා , පෙර මම නුඹ නළවා ඇවිද්දෙමි, දැන් නුඹවහන්සේගේ සදහම් තෙනෙහි තුඩ තබා නිවන් නමැති අමා කිරි බී සංසාරව්ය්සනයෙන් , නැළවුම් ලදින් නුඹ විසින් අපමන වූ සංග්රසහ ලදිමි, එසේ හෙයින් පෙර මා නුමට පෙවූ තනකිරට දැන් නුඹ විසින් මා පෙවූ නිවන් අමා කිරිම රසයෙන් උතුම් ම ය. අසමාන ම ය

තව ද: මපුතණුවන් වහන්ස! පෙර නුඹ බ‍ාලකල රජගෙන් පිටත් ව ලා අසූදහසක් රජකුමරුවන් පිරිවරා තරු පිරිවැරූ පුන්සද සුඟක් සේ ඒ ඒ තැන්හි කුමාරකෙළි කෙල ඇවිදුනා කල්හි, මම නුම රාජාංගණයෙහි බලා දැක නො දැක ඒ ඒ තැන්හි සොයා ඇවිදිනෙම්, නුම දුටු කෙනෙහි ම දෑතින් වඩා මා තනතුරෙහි පිහිටුවා ගෙන වැසි සුළං ආතප ගව මහිෂාදි සතුන් ගෙන් පීඩා විය නො දී ඔහු පාවලට නැඟී ශ්රීමයහන්වල සතපා බඩ දි වැදහෙව නළව නළවා නිඳි ගන්වා ලෝකයෙහි සියලු මවුන් සියලු දරුවන්ට ම කරන්නා වූ සාධාරණ වූ දරුසන්ත්වකමක් අසාධාරණ වූ නුමට කෙළෙමි, හිමියාණෙනි! නුඹ විසින් දැන් සංසාරව්යහසන නමැති දුදුලට වැද , කෙලෙස් සොරුන්ට හසුව, සංසාර බන්ධනයෙන් දුක් ගන්නිය. මා කරුණා --මෛත්රී් නමැති උබය හස්තයෙන් වඩාගෙන සසුන් නමැති තනතුරෙහි පිහිටුවා මාර්ගඵල නමැති රලයෙන් ගෙනගොස් නිවන් නමැති මහපායෙහි ධ්යාින නමැති ශ්රී යහනට නඟා දහම් නමැති නැලවිල්ලෙන් නළව නළවා . සමවත්සුව නමැති අමා නිදි නිඳවා අනික් මවකට --පියකුට අවිෂය වූ, අද්භුත වූ, මවුපිය සනා කරනලද, එසේ හෙයින් මා විසින් නුඹට කලා වූ පුත්රන ස්නෙහයට නුඹ මට කළා වූ දරු ස්නෙහයද සුවහස් ගුනෙන් වඩනේ ම ය; එසේ හෙයින් මා නැලවු නැළවිල්ලට නුඹ නැලවූ නැලවිල්ල ම උතුම් වූ නැළවිලි ම ය; මේ මේ කාරනයෙන් බුදු උඅතුමානෙනි! නුඹ මස්සෙකින් සංග්රැහ කළානට සුවහස් පියලි ද්නි උදාර පුරුෂයක්හු වැනි දෑ ය, එසේ හෙයින් මා විසින් කළාවූු වැඩීමෙහි රැකීමෙහි මාතෘ ධර්මහයෙහි නුඹවහන්සේ නිර්ණ්ණය වූ දෑ ය, මාතුපට්ඨාන ධර්මහයෙහි මුදුන් පැමිණි දෑ ය; මෙලෙව්හි පුතුන් පතන්නාවූ , වදන්නාවූ ස්ත්රීහ නුම වැනි සිරිබර පුතුන් ම පතත් ව යි වදත් ව යි දැන් මට උපන්නාවූ දරුපෙම් හා දරුසිරි මුළුලෙව්හි ම පින්වත් සියලු ලෝකයා ම කෙරෙත්වයි. කාරන කිමයත්:

මහාමන්ධාතාදි සක්විති රජුන් පවා...සංස්කරණය

මහාමන්ධාතාදි සක්විති රජුන් පවා වැඳු මවු සංසජර සාගර යෙහි ගැලි, දැන් දක්වා ගොඩක් නො දැක ඇවිදිනාහු. ධවුන් වැදු කුසින් කලෙ චන්ඩාලයන් වදති, කරුකුහුඹුවන් වදති, නා පොළොන් ගැරවිල් ඈැ දිග් දැහැයන් වදති, ගවමහිෂයන් වදති, තව දක්වා තෙරක් නො දිති. මම වනාහි සංසාර සාගර යෙහි නොඑක් ජාතියෙහි නුඹ වදා මේ ජාතියෙහි මා බූනැණියන් වැඳු නුඹ වැඩූ පින් පමනෙකින් සංසාර සාගරරෙන් ගොඩ නැගී නිවන් මහමීයර බය නැතිව ශ්රීර විඳිමින් සිටියෙමි, පෙර සර මා දරු සාන්ත කමක් ඇතැම් ඇවිදිනා කල ද එ නම් එක පුතකුට - දුවකට -එක මවකට -පියකුට -හිමියකුට හැඬු කඳුලකට සතර මහා සාගරයෙහි දිය මද ම ය. කඳුව බොහෝ ම ය. නො මළ තැනෙක් නැත, එසේ වූ මම දැන් නුඹට මවු වූ පිනින් අනිකකු නො වැඳු සතේ නැත, එසේ වූ මම දැන් නුමට මවු වූ පිනින් අනිකකු නො වදිමි. අනික් කුසෙකින් නො දැන් උපදමි. අජර වීමි, අමර වීමි. අමාමහ නිවන් දිටිමි, මේ මේ කාරණයෙන් මා ලදුවාවු පුත්ර සම්පත් ලද්දාවූ අනික් ස්ත්රිියක් නැත.

රජුන්ට මවු වන්නා වූ, අගමෙහෙසිනි වන්නා වූ. තනතුරු ලබන ස්ත්රිත මේ ලෝකයෙහි සුලබ වන්නාහ, බුද්ධමාතාවෝ යයි යන මා වැනි වූ ස්ථානාන්තර ලද ස්ත්රීන කප් ලක්ෂයෙකිනු ත් අසංඛ්යෙවයිනු ත් දුර්ලභ වන්නාහ. සෙසු කල් තබා මේ සාරා සංඛ්යෙ‍ය ගණන් වූ ය, රාජමාතාවරු අසංඛ්යෙබය ගනන් වූ ය, බුද්ධමාතාවරු ඇම අටවිසි දෙනෙක් වූය, මේ ආදි කාරණයෙනුදු මා ලදුවා වූ ස්ථානාන්තර ලබන්නාවූ ස්ත්රීව ඉතා දුර්ලභයහ, එසේ හෙයින් ස්වාමිනි! මම ස්ත්රීම ජාතියෙනුදු ත් අග පැමිනියෙමි.මා කළාවූ ප්රාවර්ථනාව ද සාධා ගතිමි.එක්සිය විසි අවුරුද්දක් ආයු වලදාත් සිටියෙමි. නුමගේ අනූන වූ නිර්මල වූ හාසනයෙහි පළමු කොට නිවන්පුර යනු කැමැත්තෙමි, මට අවසර දුන මැනව.

බුදුරජාණෙනි! බුදුකෙනෙකුනැ යි යන නමකුදු ඇසිමෙක් ලැබීමෙක් ඉතා දුර්ලභ ම ය. එසේ හෙයින් දැන් මම නුමගේ රූසිරි සිත් ‍ේ බලා නුඹ පා වැඳ සිත් සනහා ගන්නා කැමැත්තෙමි, නුමවහන්සේගේ තෙල අටතුරා සියක් මඟුල් ලක්නෙන් දිලියෙන් සිතියම් කල පෙති සේ වූ , දෙවිබඹුන්ට මුදුන්මල්කඩ වූ, සාරදහස් අටසියක් යොදුන් උස රාහු අසුරෙන්ද්රඩයන් පවා යට සගවා පියන තරම් ආනුබාව ඇති සුරක්ත වූ, ශ්රී පාද නමැති පියුම්දෙක මඳක් මා කරා දිගුකොට වදාළ මැනව. මාගේ දරුසනා නමැති නුඹ කරා දිවන මහ දිය වතුරු වැටි බැඳ රඳවා ගන්නා කැමැත්තෙමි.

තව ද: සවනක් රසින් දිලියෙන තෙල නුඹගේ මනොහර වූ රූපකාය මදක් මට දක්වා වදාළ මැනව. තෙල උරමඬලෙන් සුගත්සිවුර මඳක් ඉවත් කොට වදාල මැනව. සිත් සේ නුඹගේ රූසිරි බලා වැද නිවන්පුර යනු කැමැත්තෙමි”යි බුදුන්ට දැන්වූ සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ මූණියන් වහන්සේගේ නො එක් ප්රේලමනීය වූ කථා අසා උපන් මහත් වූ කරුණා ඇති ව, සඳවලා ගබකින් අර්ධරූපයක් දක්වන්නාවූ සූය්ය්වර්දෙවවතාවා සේ සුරක්තවු චීවරය වම් දසරුවෙන් පහකොට ඌර්ධවකාය දක්වාලා ප්ර වාල සාගරයෙන් නිකුත් රත්පියුම් දෙකක් සේ ශ්රීාපාද යුග්ම ය දිගු කොට වදාළ සේක.

එ කෙණෙහි බුදුන්ගේ ඌර්ධවකායෙන් නිකුත් බුදුරසු කදේ අහස් කුසට පැනනැගි අසූරියනක් තෙන එකලු කෙරෙමින් දිලිහි දිලිහි සිටගත. ශ්රී පාද යුග්මයෙන් නිකුත් බුදුරසුදු එසේ ම මහපොලොව අසූ රියනක් විනිවිද රන් පිඬැල්ලක් සේ කෙරෙමින් සිටගත. පූර්ව පශ්චිම දක්ෂිණ වාම බාගයෙනුදු නිකුත් බුදුර් කදුදු එසේ ම ඒ ඒ දිගුන් බබුළුවා සිටගත. බුදුන් සිසාරා සිටගත් බ්යාුමප්රදභාමණ්ඩල ය ස‍ඳෙක ලූ මඩුල්ලක් සේ ඒ රස් අභිභවා සිටගත.

එ කල මෑණියන් වහන්සේ පුතණුවන් වහන්සේගේ රූපශ්රීය හා දෙතිස් මහ ළකුණු හා අසූ අනූ ලකුණු හා සියලඟින් දිවන බුදුරස් සිත් සේ බලා පින පිනා බුදුන් දිගු කළ ශ්රීලපාදයෙහි ඇඟිලි අගෙහි තමන් වහන්සේගේ සිරස පහරනා සේ වැදහෙව දරු ලදුවවුන් අසා ධරාගත නො හැක්කාවූ සැදැහැ ඇතියන්ට ඉතා ප්රේුමනිය වූ කර්නයට ඉතා රසායන වූ නො හඬා සිටිය නො හැක්කාවූ ස්නෙහකර තෙපුල් කිය කියා බුදුන් ක්ෂමා කරවන සේක්.

ස්වාමිනි! මා බුහුනැණියන් මහාමායා දේවීන් කුසෙහි ද මසක් වැස දාකරඬුයෙක රන් පිලිමයක් සේ දිලිහි දිලිහි මවුන්ට සුව දී මහබඹුන් අතට බිහි වූ වීර පුරුෂයාණෙනි! එ තැන් පටන් මා ඔර වැඩී මවුන්ට මෙ ඳු වූ ිරිකර කම් දුන් වැරසර පුතණුවන් වහන්ස! වැදු මවුන් -පියන් ඇතුව වූ තුන්ලෝ වාසින් නො වරදවා දරුකොට ගත් නිවන් මාහිමියාණෙනි! කිසියම් සැකයක් ඇතියෙමි, මේ ලෝකයෙහි ස්ත්රීනජාතීහු නම් නු ගුණයට ආකාරයහ, එසේ හෙයින් ළා මක වූු ස්ත්රීාජාතියෙහි උපන්මි.සංසාරයෙහි බොහෝ දවසක් නුඹ මා ඔර වැඩුණු හෙයින් කිසියම් මා කොටපු අපරාධයෙක් දැඩි මෙක් නිග්රසහ නිසා කොටාපු - කියාපු - වාචසික වූ -කායික වූ වරදෙකු දු ඇත්නම් දැන් මට ක්ෂමා කියාපු - වාචසික වූ -කායික වූ වරදෙකු දු ඇත්නම් දැන් මට ක්ෂමා කොට වදාල මැනැව, නුමගේ දුව කෙරෙහි අනුකම්පා කොට වදාල මැනැව.තව ද: නුඹවහන්සේගේ ම සසුන්වැද මහණධර්මන පුරමින් නිවනෙහි කල ලොභයෙන් නුඹ වලක්ව වලක්වා තුන් වාරයෙ ස්ත්රීලන්ගේ පැවිදි වීමට යාච්ඤා කෙළෙමි, ඒ ආයාචනා යෙහි දු දොෂයෙක් ඇත්නම් ක්ෂමා කොට වදාල මැනැව.

තව ද: නුමවහන්සේගේ ම අනුහාසනා වූ පරිද්දෙන් මෙහෙණි සස්න ඇතිකොට බොහෝ ස්ත්රිඅන් මහනනොට බොහෝ ‍දෙනා හික්මවීමි. එවුන් අතුරෙන් කිසියම් මට නො හික්මුනු කෙනෙක් ඇත් නමු දු ඒ වරද ද ක්ෂමා කොට වදාළ මැනැව. තව ද: නුඹ වහන්සේරෙග් ම දහම් අමා උකා බී සියලු සතුන්ට දහමුරස දෙන්නාවූ ර්‍්රීෙමත් වූ මුඛ ය නුඹ බිළිඳි කල මාගේ තන නමැති මස්ගඩුයෙහි පහරවා ඇවිද්දෙමි. තව ද නුඹ මෙම ජාතියෙහි මට පිය වන බවු නො දැන පෙම් නමැති මොහබලයෙන් පුත්ර බැවහාර යෙන් ආමන්ත්රතණය කොට ත් ඇවිද්දෙමි. තව ද: දැන් නුඹ විසූ ගඳක්ළිය ද, නුඹ වැඩඋන් ආසනය ද, නුඹ සැතපුනු යහන ද, නුඹ වැළදු පාත්රබය ද, මෙම ජාතියෙහි ම තුන්ලෝ වාසින්ට ධාතු වන බවු නො දැන නුඹ ඉතා ළදරු කල නුඹ වසන ගෙයි වාසයත් කෙළෙමි, නුඹ වඩාගෙන එක ආසනයේ හුනිමි, නුඹ බඩදීගෙන එකයානේ සැතපිණිමි, නුඹ මුයෙහි බත් අනා තබ තබා මම ද එම තලියෙන් බත් අනුභව ත් කෙළෙමි,මේ ආදි වූ පුත්රමප්රේනමයෙන් මා කළාවූ වර්ධනය ද, අනන්තාපය්ය්ැර්න්ඩත වූ බුද්ද මාතාවනු දු කොට ආ සිරිතක්ම හෙයින් එහි මාගේ ම අපරාධයක් නො දකිමි, එසේ ද වුව ත් ඒ වර්දනයෙහි කිසියම් නො දැන කලාවූ බුද්ධමාතා ධර්මුයෙහි අඩුවෙක් ඇත්නම් ඒ වරද ද ක්ෂමා කොට වදාල මැනැවැ යි වැද හෙව දැන් වූ සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ ...සංස්කරණය

එ වේලෙහි ස්වාමිදරුවෝ බැණනැඟි බසින් සියලු ගද කිළිය එක සුවඳ පිඬක් සේ කෙරෙමින් ඔබට බණ වදාරන සේක්

අක්ඛන්තො නාම මන්තබ්බං-කිං භවෙ ගුන භූසනෙ, කිමුත්තරං තෙ වක්ඛාමි-නිබ්බාණාය වජන්තියා -

යි යන මේ ගාථාවෙන් බුද්ධ මාතාවෙනි! තෙල නුවණැ’තියන්ගේ ක්ෂමා කැරවීමෙක් නොවෙයි. අනවතප්තජලය පෙරිමෙන් කම් නැත්තා සේ, චින්තාමාණික්යරරත්නය හොප් ලීමෙන් කම් නැත්තා සේ, ජාම්බු නද නක දැවීමෙන් කම්නැත්තා සේ, නිරපරාධයන් අනුන් ක්ෂමා කැරවීමත්: නිවරදයන්ට තමා ක්ෂමා කිරිමත් නිෂ්ඵල වන්නේ ය. එසේ හෙයින් අමාමහ නිවන් දුටුවානට ඔවුනො’වුන් ක්ෂමා කැරවීමෙන් කම් නැත.

එසේ ද වුවත් මෙ තැන වනාහි තොප විසින් බුදුන් කෙරෙහි ආදර නිසා කීයෙක් පූර්ව ධර්මයෙක් ම ය, බුදුන් විසිනු දු ක්ෂමා කිරිම බුදුන්ගේ ම ධර්මම ම ය; එසේ හෙයින් ලොකධර්ම් ව්යිවහාරයෙන් ලෝවැසියන්ගේ චිත්තාරාධනාව නිසා බුද්ධමාතාවෙනි! ක්ෂමා කළම්හ, ක්ෂමා කළම්හ”යි වදාරා නැවත බුදුහු:

සුබුස්ධෙ අනූනෙ මම බික්ඛුසංඝෙ

ලොකා යිතො නිස්සරිතුං ඛමන්තෙ.

පහාතකාලෙ ව්යසසනං ගහානං

දිස්වාන නියාති හි චන්දලෙඛා -යි

යන මේ ගාථාවෙන් “බුද්ධමාතාවෙනි! තොපවැනියන් මාගේ ශාසන පරිහානි ය නුදුටු මනා මය, තොප සිතුයේ කාරණයෙක් ම ය; උදය කාලයට පූර්වබාගයෙහි ම ‘ඇසිල්ලෙකින් මාගේ තාරකා බන්ධුහු නිෂ්ප්රයභාත්වයට පැමිණෙති. ඔවුන්ගේ ඒ පරිහානි ; මම දැක්ක නො හෙමි’යි යන්නාක් මෙන් හස්ත පර්වතයෙන් සැගවෙන්නාවූ චාතුර්දශි පූර්වර්ණචන්ද්රසයා සේ. තෙපි දු මාගේ මේ ශිලාලංකාර ශොභාවෙන් දීප්තිමත් වූ. සමුපූර්ණ වූ. ශ්රාලවක නමැති තාරකා සමූහයන් සසුන් නමැති ගුවන්හි සුගත් මෙර බබුළුවමින් සිටි කල්හි, කලෙකින් ඔවුන්ගේ පරිනිර්වාන නමැති සූය්ය්ලර්යාශගේ උද්ගමනය නො වන තෙක් නිවන්පුර නමැති හස්තගිරියෙන් සැගවී ගොස් ශාන්තිපුරයෙහි වසව”යි අවසර දී වදාල සේක.

එ කල උන්වහන්සේ බුදුන් ශ්රීසපාදමූලයෙන් පැනනැඟී රන් මෙරක් සිසාරා යන තරුපිරිවර සඳක්හුගේ ශ්රීල මඩිනා සේ ඒ පන්සියක් මෙහෙණින්නන් පිරිවරා බුදුන් සිසාරා තුන්යලක් පැදකුනු කොට තව ද: දොහොත් මුදුන් දි සිට බුද්ධාලම්බන ප්රීුතන් උද්දා ම වූ සිත් ඇති ව;

න තිත්ති පුබ්බං තව දස්සනෙන

චක්ඛුං න සොතං තව බාසිතෙන

චිත්තං මමං කෙවල මෙක මෙව

පප්පුය්යම තං ධම්මරසෙන තිත්තිං.

න‍දතො පරිසාහන්තෙ -වාදිදප්පප්පහාරිනො

යෙ තෙ දක්ඛින්ති වදනං -ධඤ්ඤා තෙ නරපුංගව.

දිගංගුලි තම්බනඛෙ -සුබෙ ආයතපණ්හිකෙ.

යෙ පාදෙ පණමිස්සන්ති -තෙපි ධඤ්ඤා රණන්තගා.

මධුරානි මහන්තානි -දෙසනානි හිතානි ච

යෙ තෙ වාක්යාතනි සුස්සන්ති -තෙපි ධඤ්ඤා නරුත්තම -යි.

යනාදි නො එක් ගාථා රචනාවෙන් “ස්වාමිනි! බුදුරජාණෙනි! බුඹගේ රූපදර්ශනයෙහි මාගේ ඇස ද තාප්තියක් නො ලැබෙයි. බුමගේ මධුර වූ තෙපුල් ඇසීමෙන් කන ද තෘප්තියට නො පැමිනෙයි. හුදෙක් මාගේ එකලා තෘප්ති ය ම නුඹගේ නිවන් දහම් රසයෙන් පිරි ඉතිරි ගි ය. සිවුවනක් පිරිස් පිරිවරා ධර්ම. ලිලාවෙන් වැඩහුන්නා වූ නුඹගේ සශ්රිරක වූ ශ්රීමමුකය ය යමෙක් ඇස් පුරා දුටුවාහු වූ නම් ඔහු ම පින්වත්හ.නම් ඔහු ම පින්වත්හ. යමෙක් නුඹගේ ශ්රීමපාදයන් දෙදෙනාට නමස්කාර කළාහු වූ නම් ඔහු ම ධන්යමවත්හ. යමෙක් නුඹගේ මධුර වූ පෙදෙහි පෙදෙහි නිවන් අමාබිඳු වහනය කරන්නාවූ තෙපුල් ඇසුවාහු වූ නම්ඔහු ම ශ්රිිවන්තයහ. එසේ හෙයින් ස්වාමිනි! මට වඩා පිනැතියෝ නැත, මම් ම ශ්රිලවන්තයෙමි, මම් ම භාග්යවවන්තයෙමි, මම් ම ඇස් ලදිමි, කන් ලදිමි, ස්ත් ලදිමි”යි යනාදි සිය දහස් වචනයෙන් බුදුන්ට ස්තුති කොට කොට බුදුරූ බල බලා සිටි සේක.

එ කල “බුද්ධමාතාවෝ....සංස්කරණය

එ කල “බුද්ධමාතාවෝ අද පිරිනිවන් පවිත් ල . දැන් බුදුන් අතින් අවසර ඉල්වමින් සිටියෝ ල”ක්ෂමා කරවමින් සිටියෝ ල. සියලු ශ්රාිවකයන්ට සැලව ගිය. එ බස් අසා මහත් වූ ධර්ම.සංවේගයට පැමිණ “බුද්ධ මාතා වූ මහ පිනවතුන්ට පවා නො නවත්නාවු ධර්මේයේ වනැ’යි කිය කියා අඤ්ඤාකොණ්ඩඤ්ඤාදි අසූ මහ සවුවෝ පිරිවර හා සමග අවුත් ගඳැත් පෙළක් සේ පෙල පෙළ සැදී බුදුන් සමීප යෙහි සිටියහ. නන්ද -රාහුල දෙදෙනා වහන්සේ ද පන්සියයක් ශාක්යහ කුල ස්ථවිරයෝ ද ධර්මාසංවේගයට පැමිණ සිටියහ. අනඳ මහ තෙරුන් වහන්සේ එ වකට තමන් වහන්සේ රහත් නො වන හෙයින් ශොක ධරාගතනොහී “බුද්ධමාතාවන්ගේ පරිනිර්වාරනය වනුයේ මාගේ බුදුන්ගේ පරිනිර්වාණ කාලය ආසන්න හෙයින් ම ය”යි සිත සිතා බාෂ්පධාරා වගුරුව වගුරුවා හඬන්නට පටන් ගත් සේක.

එ කල මහා ප්රනජාපතී ගොතමින් වහන්සේ මහාශ්රාරවකයනු දු වැඳ සමු ගෙන , පුතනුවන් වහන්සේ හා මුණුබුරාණන් වහන්සේ ද වැද සමු ගෙන . අනඳ මහ තෙරුන් වහන්සේ හඬ හඬා සිටිනා තැනට ගොස් “මට ම පිය වූ, මට ම කල්යාානමිත්රො වූ මට ම උපකාරි වූ , මට ම මේ සා නිවන් සුවයක් අනුබල ව සාධාදිලු, භික්ෂුණි ශාසනයට පිහිට ව මේ සා ලෝවැඩක් කලවූ.

පුතණුවෙනි! පුම බහුශ්රැ්තයන් කෙරෙහි අගපැමින සිටි කෙනෙකුන් වුව. බුස්ධොපස්ථානයෙහි අප්රැමාද කෙනෙකුන් වුව, මධුර ව බන කීමෙහි ඉතා දක්ෂ වූ කෙනෙකුන් වුව, බුදු කෙනෙකුන් ැඅතින් අට මහ වරයක් ලත් ශ්රි වන්තයාණ කෙනෙකුන් වුව, ධර්මලභාණ්ඩාර ය රක්ෂා කරන කෙනෙකුන් වුව. නුම වැනියන් හඬනු නො යෙදෙයි, මේ හැඬුව මනා කාලයෙක් නො වෙයි, මාගේ ආනන්දහෙරි වූ මහා මංගලය කාලයෙක.

එසේ හෙයින් නුඹ වැනියන් ඉතා සන්තෝෂ වුව මනා කාලයෙක, ඇසිල්ලෙකින් මා ලබන අද්භූත වූ මඟුල් නුම ම දක්නා දෑ ය: බුදුකෙනෙකුනුදු ලැබගත නො හැ්කා වූ මහත් වූ පූජා දැන් දැක් මා ලබන ලෙස් බල බලා නො හඬා වැඩසිටිය මැනැව, නුඹ ගේ මහායෙන් පැවිදි ලදිමි. උපසම්පදා ලදිමි. නුම මට කළ අනුබල සංග්ර හ මම ත් ව්යඋර්ථ නො කෙළෙමි. පූර්වකාලයෙහි මහ පඬි වූ, සියක් වයස් ව ගියාවූ , ස්ත්රිානු දු සාදාගත නුහුනුවා වූ, දැක්ක නුහුණුවා වූ, රස නො දත්තා වූ , අමාමහ නිවන් රස ය දැන් සත්හැවිරිදි කුමාරිකාවරුන්ට පවා සාධා දෙවා පිමි, රස දන්වා පිමි, එසේ හෙයින් නුඹ මට කරවාලු සංග්රවහය ස්ථානොචිත ය, මුදුන් පැමිණි ය”යි යනාදින් නො එක් ඔවා තෙපුලෙන් උන්වහන්සේ අස්වසා බුදුන් වන දෙස බලා සිටි දෑ ය.

එ වේලෙහි ස්වාමිදරුවෝ “බුද්ධමාතාවන්ගේ වික්ර.ම මුළුලෝ වාසීන්ට දක්වා බුදුබල පෑ, පන්දහසක් හවුරුදු මුවල්ලෙහි පවත්නා මාගේ බුද්ධ ශාසනයෙහි මතු අතිප්රෙසන්න වූ ශ්රදද්දාවන්ත කුලස්ත්රී්න් මේ වික්රමම අසා උපන් සන්තෝෂයෙන් ඔවුන්ගේ මුක පද්මයන් ප්ර්බොධ කරවා , ශ්රිෝවන්ත වූ පුතන් පැතීමෙහි ූත්සාහ කරවා , බුද්ධමාතාවන්ගේ බල පරාක්රතම මුළු ලොවට දක්වා , මතු බුදු වන බුදුන්ට ද මාතෘ ධර්ම්යන් පුරන්නා වූ කුලස්ත්රි න්ගේ වීය්ය්ුර්‍ ද වඩනා සේ ලෝවැඩක් කරවමි”යි සිතා වදාරා මෑනියන් වහන්සේට “මහාප්රවජාපති ගොතමිනි! බුද්ධමාතා වූ තොප වැනි පින්වත්හු ලෝකයෙහි ඉතා දුර්ලභයහ, එසේ තොප වැනියන් ලෝකවාසින්ට පෙළහරක් නො දක්ව‍ා නිවන් පුරයට අප්රාසිද්ධ ව පලායනු නො යෙදෙයි, මා තොපට කළාවූ සංග්ර හය මතු ලෝක ප්රාසිද්ධ වන සේ හා පෙර ස්ත්රිසන්ගේ අභිසමයෙහි හංකා කළාවූ එඥන වූ සත්ත්වයෝ බෙහෙව, ඔවුන්ගේ ද ශංකා දුරු කරන පිනිස දැන් මා මැදයෙහි තොපගෙන් කිසි යම් සෘද්ධිබලයක් දක්වා බලගැ”යි වදාල සේක.

එ වේලෙහි උන්වහන්සේ බුදුන් වදාල බස් මුදුනෙන් පිලිගෙන යෙහෙක ස්වාමිනි! මා වැනියන්ගේ කුමන බල දක්වම් ද. නුමගේ බුදුබල ලෝකවාසීන්ට දක්වා කිසියම් පෙලහරක් කෙරෙමි”යි කියාලා බුදුන් වැඳ අවසර ගෙන ධ්යාරනයට සමවැද ආකාශයට තලෙක , දෙ තලෙක ,තුන් තලෙක. සතර තලෙක, පස් තලෙක, ස තලෙක, සත් තලෙකැ යි නැගි නැගි ,බැස බැස. සත් වාරයෙක බුදුන් වැද නැවත සියක් තල. දහසක් තල, ලක්ෂයක් තලැ යි ආකාහයට පැනනැගි පුන්සදක් සේ දිලිහි දිලිහි සිට දසදිග් බලා “මුළුලෝ වැසියෙනි! මේ මාගේ බලයෙකැ යි නො සිතව, ම පුතනුවන් ගෞතම බුදුන්ගේ සසුන් වන් සියලු ස්ත්රී න්ගේ ම බලයෙන් ම ය. එසේ හෙයින් මාපුතණුවන් ගෞතම බුදුන්ගේ පෙලහරක් බලව”යි හඬගෑ දෑ ය. එකෙනෙහි දසදහසක් සක්වල සියලු දෙවු බඹපිරිස් රැස් ව තුන්ලෝ පුරා සිට බුදුන්ට සාධුනාද පුජාවෙන් ස්තුති කලහ. ඉක්බිත්තෙන් මෙහෙනින්නන් දෙ දෙනෙකු සේ පෙනී.සතර දෙනකු සේ, අටදෙනෙකු සේ , සොළොස් දෙනෙකු සේ, සියක් දහසක් . ගක්ෂයක් , කෝටියක් සේ පෙනි පෙනි වෙන වෙන රූ මව මවා මේ සා මුව සක්වළ මුළුල්ලෙහි අහස්කුස අවසරයක් නො තබා චක්ර වාට සරසියෙහි පිපි වැනි ගිය රත්පියුම් වනයක් බුදුන්ට පිදුවා සේ එකලා වෙසින් සිට ඒ සා මහත් මෙහෙණිනි පිරිස ලවා මා පුතනුවන් ගෞතම බුදුන්ගේ බලයක් බලව යි කටින් කටින් කියවු දෑය, එ කෙනෙහි දු මහත් වු සාධු නාදයෙන් පුජා වි ය.

නැවත: ඒ සා මහපිරිස හෙළූ ඇසිපිය නඟා නො ලන ඇසිල්ලෙහි එ තේ රූ අන්තර්ධාන කොට නැවත ගුවන් කුස එකලා වෙසින් ලෙනී මම ය බුද්දමාතාවෝ “යයි බැන නැගි දෑය. එ කෙණෙහි දු මහත් වූ සාධුනාද පුජා විය.

නැවත: විදුලියක් සැගවුනා සේ අන්තර්ධාන වූ දෑ ය, තුන්ලෝ පුරා සිටි ඒ සා මහත් දිව්යා සේනවෛන් උන්වහන්සේ කොයිවන් බව ත් දන්නා කෙනෙක් නැත; උන්වහන්සේ දෙවු ලොවත් නැත. බඹ ලොව ත් නැත; මිනිස් ලොව ත් නැත; මේ සක්වළ ත් නැත; පර සක්වල ත් නැත; වැලි කොයි වන් සේක් ද යත් ? සිටි තැන ම සිටි සේක. කොයි සැගවුණු සේක් දෝ හෝ යි මහපිරිස කුහුල් වමින් සිටිය දී නැවත විදුලියක් පෙනි ගියා සේ මහපිරිසට පෙණුනු දෑ ය. එ කෙණෙහි දු සාධුනාද පුජා විය.

නැවත: පිරිස බල බලා සිටිය දී උතුරුකුරු දිවු දිව මෙර ගලින් මුවා වු දෑ ය, එ කෙණෙහි දු දන්නෝ නැත, මෙ තෙන ම සිට පෙනෙම්ව යි අධිෂ්ඨාන කළ දෑය: දෑවාණයෙකින් වැසු රන් මල්දමක් ‍ේ ඒ සා මෙරගල විනිවිඳ විශෙෂයෙන් පෙනුණු දෑ ය.එ කෙණෙහි දු සාධුන‍ාද පුජා විය.

එහෙයින් ගොස් සක්වළ ගලින්...සංස්කරණය

එහෙයින් ගොස් සක්වළ ගලින් මුවා වු දැ ය, නැවත සක්වළගල විනිවිද පෙනුණු දෑ ය , එ කෙණෙහි දු සාධු නාද පුජා වි ය.

නැවත අහස්කුස පෙනී “’තුන්ලෝ වැසියෙනි! මේ මාගේ බ ලයෙක් නො වෙයි, ම පුතණුවන් ගෞතම බුදුන්ගේ සසුන් වන් සත් හැවිරිදි කුමාරිකාවරුන්ගේ පවා මෙබඳු වු පෙළහර ඇත් මය, එසේ හෙයින් මෙයි දු බුදුන්ගේ ගුණමහිමයෙකැ”යි හඬගැ දෑය. එ කෙණෙහි දු බුදුන්ට දුන් සාධුනාද පුජා තුන්ගෝ පුරා විය.

නැවත: “කුමන පෙලහරක් දක්වන සේක් දෝ හෙ‍ේ “යි මහ පිරිස සිත සිතා සිටියදී අසුරුසනක් කලින් අහසින් බැස මහ ලොලොව ිමිද යට සාරලක්ෂ , අසු දහසක් යොදුන් දිය පොලොව කිමිද, එයින් නවලක්ෂ සැටදහසක් යොදුන් වා පොලොව කිමිද යට අජටාකාශ ය බලා , නැවත සුස්මක් නඟා නො ලන ඇසිල්ලෙහි දක්ෂිණ සාගරයෙන් පැන නැගි දෑ ය. එ කෙණෙහි දු සාධු නාද පුජා විය.

නැවත: දක්ෂිණ සාගරයෙන් කිමිද පශ්චිම සාගරයෙන් නැඟි දෑ ය, පශ්චිම සාගරයෙන් කිමිද උත්තර සාගරයෙන්නැඟි දෑ ය, උත්තර සාගරයෙන් කිමිද දක්ෂිණ සාගරයෙන් නැගි දෑ ය, ඒ ඒ පෙළහරෙහි දු සාධු නාද පුජා වි ය.

නැවත: සතර මහා සාගරය සිසාරා කීපවාරයක් සක්මන් කළ දෑ ය, නැවත් එයින් ආකාහයට පැන නැඟී ‘සියලු සත්හු ම මා දකිත්ව”යි අධිෂ්ටාන කොට ලා අහස්කුස පලක් බැද රන් පිළිමයක් සේ වැඩහුන් සේක.

තවද: කුමන විස්මයක් පානා සේක් දෝ හෝ යි සියලුදෙනා බලන කල්හි ශරීර ය. මහත් කොට මවා මවා ක්ර ම ක්රනමයෙන් උස් උස් ව දෙවුලෝ බඹලෝ ගෙවා ශිරස තබා ගෙන මේ සා මුළු .තුන්ලොව එක කයින් හැසවා ගෙන පූර්ව පශ්චිම චක්රතවාටයෙහි දෙදණ මඬුල්ල තබාගෙන වැඩඋන්නා සේ ලෙනි “ මම දෙවියෙක් බඹෙක් නො වෙමි, බුදුන්ට කිරිමාකම් කලා වු එක්තරා එක් ස්ත්රිකයක්මි, බුදුන්ගෙන් මා ලද කිසියම් ගුණලවයෙක්හි බල බලව”දි කි දෑ ය. එ කෙණෙහි දු මහත් වූ සාධුකාර පුජා විය. තුන්ලොව උන්වහන්සේගේ එක මෙහෙණි රූපයට ම අවකාශ වු කල දෙවි බඹ කැලෝ කොයි වැඳ සිටියාහු ද යත්? එසේ නැත; උන්වහන්සේ තමන් වහන්සේගේ ස්වබාව වූ ශරීරයෙන් අගලක් සා තැනු ත් මහත් වුයෙ ත් නැත, උස් වුයෙ ත් නැත; ඒ අසාධාරණ වූ සෘද්ධි මහිමයෙක් ම ය, එ වෙනි සාද්ධි ලදුවවුන්ට මුත් නො දැනේ ම ය, නො සිතේ ම ය, සෘඬිවිෂය අචින්ත්යට ම ය.

නැවත: එ පෙළහර හැර එක් අතක් පොවා එක්ලක්ෂ අට සැට දහසක් යොදුන් උස මෙරගල කුඩ දණ්ඩක් සේ හයා ගෙන අනික් අත දිගු කොට දෙ ලක්ෂ සතලිස් දහසක් යොදුන් ඝන කඩ බොල් මහපොළොව අනික් සක්වළකින් පාන්මාලාවක් සේ හයා ගෙන, මෙරගල මතුයෙහි තබා එක් අතෙකින් පත්කුඩයක් මුව විටට ය, පැළසක්වළ මුවවිටින් පූර්වසක්වළ මුවවිටට ය, උතුරු සක්වළ ගලින් දකුණ සක්වළ ගලට ය, දකුණ සක්වළ ගලින් උතුරු සක්වළ ගලට ය, සක්වළගල සිසාරා ය යි නො එක් වාර යෙහි සක්මන් කොට වදාළ සේක. එ කෙණෙහි දු දෙන සාධු නාද පුජායෙන් තුන්ලෝ පිරී ගිය.

නැවත: එ පෙළහර හැරපියා සියලඟින් දුම්කඳු හැර හැර මුළුලොව එකාන්ධකාර කළ දෑ ය, දෙවියෝ බඹුන්ට නොපෙනෙති, බඹු දෙවියන්ට නො පෙනෙති, මනුෂ්ය්යෝ ද ඔවුනො’වුන්ට නො පෙනෙති, “කොල! මේ කුමන පෙළහරක් ද, අපි ඇම ඔවුනො’වුන් නො දකිමෝන, තොපි කොයි ද, මම කොයි ද, රෑව ගිය නියා ද, හිරු ගල නොහී ම කෙසේ රෑ වූ නියා දැ”යි යනාදීන් කිය කියා සිටි කල්හි, නැවත ඒ අඳුර අන්තර්ධාන කොට හිරි රස් කලබක් සේ පෙනි තෙජො සමාපත්තියට සමවැද ලා සියලඟින් ගිනි කඳු හැර තුන්ලොව ම ඒකාලොක කොට ගිනිපුලිඟුයෙන් පිරූ දෑ ය, ඒ සා මහත් ගින්නෙන් මුළු ලොව ම මකුළු හු දැලකට ත් හානියෙකුදු නො වීම ය,එ කෙණෙහිදු “මුළු ලෝවැසියෙනි! මේ කප් ගින්නෙකුත් නොවෙයි, සෙසු අවැඩකරු ගින්නෙකුත් නො වෙයි, භය නො කරව, භය නො කරව, මහා ගෞතම බුදුන්ගේ චුල්ලමාතාවන් කළ පෙළහර වූ ලෝවැඩ ගිනි ය, සසුන් බල බලව’යි හඬගා කී දෑ ය; එ කෙණෙහි දු දුන් සාධුනාද පූජාවෙන් තුන් ලෝ පිරී ගිය.

නැවත: එ ගිනි අන්තර්ධාන කොට පෙනී “මිට ත් වඩා පෙළහරෙක් තවත් ලෝකයෙහි ඇද් දෝ හෝ”යි මහපිරිස කුහුල් වමින් සිටියදී “තව ද පෙළහරක් බලව”යි කියාලා ආකාශයෙහි සිටි පොළ සිට ම. එක් අතක් දිගු කොට කොට පන්සියයක් යොදුන් හිමාලය පර්වතයට පොවාලා එහි මුවලින්ද්යසිනෙරු ය - මන්දාර ය - දද්දර ය - චිත්රනකූට ය - කෛලාසකූට ය - සුදර්ශනකුට ය - ගන්ධමාදනකුට ය - චුල්ලකාළ ය - මහාකාළ ය - දන්ද්ර පාර්ශ්ව ය - සුය්ය්තර්පාූර්ශ්ව ය - ජලපාර්ශ්ව ය - මණිපාර්ශ්ය ය යි යනාදි වූ සුවාසු දහසක් පර්වත සමුහයන් අබබිජු අවුළන්නා සේ, අවුළා එක මිටට ගෙන අත නඟා පෑ සේක. එ කෙණෙහි දු මහ පිරිස සාධුකාර දුන්හ.

නැවත: ඒ පර්වතයන් ස්වකීය - බස්වකීය ස්ථාකයට ම හැර දෑඟිල්ලක් පොවා එක් ඇඟිල්ලෙකින් පනස් යොදුන් හිරි මඬල වසා අනික් ඇඟිල්ලෙන් උනු පනස් යොදුන් සඳමඬල කිසිවක් නො පෙනෙන සේ වසා පෙළහර පෑ දෑ ය. ඒ පෙළහරෙහි දු දෙවි මිනිස්සු සාධුකාර දුන්හ.

නැවත: අනික් පෙළහරකු දු බලව යි කියා සිටි පොළ සිට ම එක් අතක් දිගු කොට දාසක් සක්වළෙහි හිරිමඬුලු දාසක් හ‍ා සඳමඩුලු දාසක් හයා ගෙන පෙරට තබා සෘද්ධි සුත්ර යෙන් අවුණා මන්ත්ර්වැල දෙකක් සේ, දෑතින් ගෙන සිටි දෑ ය, එ කෙණෙහි දු තුන් ලෝ වැසියෝ මහත් වූ සාධුකාර කොට බුදුන්ට ම මහත් වූ ස්තුති පූජා කළහ.

නැවත: එ පෙළහර ද හැරපු සේක; එ කෙණෙහි යම් සේ ය පාලමක් රරත්කොට කිනිහිරි මුදුනේ තබා කුළු මුදුනෙන් පහළ කල ඒ ඒ දිග්හි දිවන්නා වූ ගිනිමල් සේ හිරි මඬුලු දාස ත්, සඳමඬුලු දාස ත්, ඒ ඒ දිග්හි දිවී ය, එයි දු එක් පෙළහරෙක, එ පෙළහර දුටු වේලෙහි සත්ත්වයන්ට උපන් සන්තොෂ ද මෙ තෙකැ යි පමණ නැත.

නැවත: හිරි විමන ආසන කොට, සඳවිමන ආලම්බන කොට වැඩහිඳ ධ්යාින මුහුර්තයකින් එක් පෙළහරක් දැන්වූ දෑ ය, එ කෙණෙහි දු දෙවි මිනිස්සු සාධුකාර දුන්හ.

නැවත: එ පෙළහර ද හැර එක් අතක් දිගු කොට සතර මහා සාගරයෙහි දිය එක අත්ලෙන් උකාගෙන අත ඔසවා පෑ දෑ ය, එ කෙණෙහි සමුද්රෙයෙහි පැන් නො දැක සියලු දෙවි මිනිස්සු “කොල! මේ කුමන විස්මයෙක් ද, මහමුහුද පැන් කොයි වන්දැ”යි කියන්නා එ කෙණෙහි “එම්බා සත්ත්වයෙනි! මහමුහුද පැන් මාගේ මේ අත්ලේ තුබුයේ ය, සියලු ප්රාලණීන්ට ද කිසි හානියෙකුත් නො වී ය, තෙල පැන් බලව”යි අතලොස්සෙහි පැන් මහමුහුදට දැමූ දෑ ය, එ කෙණෙහි කල්පාන්ත වර්ෂාවක් සේ යොදුන් - දෙ යොදුන් - සිය දහස් යොදුන් ජලධාරාවෝ මුළු සක්වළ පුරා වැගිර සතර මහා සාගරය සාගරය පෙර සේ ම පුරා සිට ගත්හ. එ පෙළහර දුටු දෙවි - මිනිස්සු සාධුනාද පූජාවෙන් තුන්ලෝ පිරූහ.

නැවත: “දෙවිමිනිසිනි! තව ද බුද්ධමාතාවන්ගේ පෙළහර බලයක් බලව”යි කියාලා සක්විති රජක්හුගේ වෙසක් මවා චක්රව රත්නාදි සත්රුවන් මවා. සුවාසුදහසක් රජසෙනග මවා, සතිස් යොදනෙක පැතිර සිටි මහ පිරිසක් මවා, ආකාශයෙන් ගමන් ගත් සක්විති රජක්හුගේ ශ්රීසවිභූති දැක්වු දෑ ය, එ පෙළහර දුටු සත්ත්වයෝ ද “සක්විති රජකු හා බුදුකෙනෙකුන් හා එක සක්වළෙක ඉපදීමෙක් ඇද් ද, මේ කුමන විස්මයෙක් දැ”යි කිය කියා සිටියහ, එ වේලෙහි තමන් වහන්සේ “සත්ත්වයෙනි! මම සක්විති රජෙකිම් නො වෙමි, බුදුන් මවු මහා පුජාපතී ගොතමී නම් මම් ම වේ දැ”යි හඬගා කී දෑය, එ කෙණෙහි දු සාධුනාද පූජාවට තුන් ලෝකුස කුඩා ව ගියා ය යි සිතමි.

නැවත මහත් වූ ඇත් වෙසක් මවා, සියදහස් යොදුන් තැන් වසා සිට, තුන්ලොවට ඇසෙන සේ හස්ති කුඤ්චනාද නම් පුජාවක් බුදුන්ට කළ දෑය, ඒ ඇත්වෙස ද අන්තර්ධාන කොට ඉතා මහත් වූ ගුරුළුවෙසක් මවා, දෙපියායෙන් මුළු සක්වළගබ වියනක් සේ වසා ගෙන පෙනී ගරුඩනාද නම් පුජාවටක් කළ දෑ ය.

නැවත ඒ ගරුඬරූපය අන්තර්ධාන කොට මහත් වූ සිංහ රූපයක් මවා ආකාශයෙහි පෙනී තුන්ලොවට ඇසෙන සේ ගර්ජනා කොට සිංහනාදයෙන් බුදුන් පිදු දෑය.


නැවත: ඒ සිංහරූප ය අන්තර්ධාන කොට...සංස්කරණය

නැවත: ඒ සිංහරූප ය අන්තර්ධාන කොට ආකාශයෙහි ස්වකීය වූ මෙහෙණිනි වෙසින් පෙනී:-

මාතුච්ඡා තෙ මහාවීර - තව සාසන කාරිකා

අනුප්පත්තා සකං අත්ථං - පාදෙ වන්දති චක්ඛුමා - යි.

යන මේ ගාථාව කිය කියා‍ ආකාශයෙන් බැස බුදුන් වැඳ “ස්වාමිනි! බුදුරජාණෙනි! මේ පෙළහර කළා වූ මම දෙවි බඹ කෙනෙකුන්ගේ ආනුභාවයෙකින් අනික්, කෙනෙකුන්ගේ උපදෙසකින් නො කෙළෙමි, නුඹවහන්සේ උගන්වාලු උපදෙස් වූ පරිද්දෙන් ම කළෙමි, නුඹවහන්සේගේ සසුන් වන් ස්ත්රී න්ගේ ද බල දැක්වීමි, නුඹගේ ද බල දැක්වීමි, මම නුඹගේ කුඩා මෑණියෙමි, මහා ප්රගජාාපති ගොතමී නම් මම ය”යි යනාදින් කිය කියා ආකාශයෙන් බැස බුදුන් වැඳ එකත් පස් ව හුන් සේක.

එ කල මේ පෙළහරෙහි පහන් වූ සියලු ස්ත්රීි පුරුෂයෝ යුගාන්ත වාතයෙන් එක පිටට නැමුණා වූ මහ සල් වනයක් සේ උන්වහන්සේගේ පාද මුලයෙහි වැඳ පෙරලී “ස්වාමිනි! මෙතෙක් දවස් බුදු වූ සේක් අප බුදුහු ම ය යි සිතුම්හ, නුඹ ත් වු බවු නො දතුම්හ, පුතණුවන් වහන්සේ පළමු කොට බුදුකොටලා නුඹ පසු ව බුදු වු දෑ ද” යනාදීන් ඔබට සියදහස් ගණන් ස්තුති පූජා කොට “මෙසේ වූ පෙළහර හා මෙසේ වු ආනුබාවයක් ලැබීමට පෙර කෙසේ වූ පිනක් කළ සේක් දැ”යි විචාළහ. එ වේලෙහි “තවද සත්ත්වයන් වඩ වඩා පින් කැරවීමෙහි උත්සාහ වඩවමි”යි සිතා පෙර තමන් වහන්සේ කළ කුශලමුල ය දක්වන සේක් මෙසේ වු සෘද්ධි බලයක් අනෙක් කාරණයෙකින් ලදුයෙම් නො වෙමි, පුර්වජාතියෙහි කළ කුශලමුලයෛකින් ම ලදුයෙමි යි. ඒ කෙ සේ ද යත්?

මෙයින් කප්ලක්ෂයෙකින් යට පියමතුරා නම් බුදුරජාණකෙනෙක් ලෝකයෙහි උපන් සේක, එ කල ඒ බුදුන්ගේ ද චුල්ල මාතා කෙනෙක් ඒ බුදුන්ගේ සසුන් වැද මහණඛ වූහ, එ කල බුදු රජාණෝ සිවු වනක් පර්ෂද් මැද ඔවුන් රාත්රි,ඥයන් කෙරෙහි අග්ර කොට භික්ෂුණී ශාසනයට ප්රනධාන වූ ස්ථානාන්තර දුන් සේක. එ සමයෙහි මම ශ්රීරමත් වු කුලස්ත්රි්යක් ව ඉපැද ශ්රුද්ධා ලදින් කලින් කලට වෙහෙරට ගොස් බුදුන් අතින් බණ අසනුයෙම් ඒ ස්ථවිරීන් ගේ මහිම දැක “මේ ලොකයෙහි සුත්රීස ජාතියෙහි ඵල ලදුවෝ නම් මෙ බඳු වූ ස්ත්රීේහු ම ය, රූ ඇතියන් කෙරෙහි අග්රද වුහ, රජක්හට අගමෙහෙසිනි වුහ, බුදුකෙනකුන්ට මවු වුහ, බික්ෂුණී ශාසනයට ගුරු වූහ, අමාමහ නිවන් දුටහ, සෘද්ධිමතුන් කෙරෙහි අග පැමිණි යහ, මෙසේ එක ජාතියෙහි ම පඤ්ච ස්ථානයෙකින් අග්ර වුහ. මෙ බඳු වු ශ්රීධ විබූතියෙක් මට ද වී නම් යෙහෙකැ”යි පත පතා ඒ බුදුන් පවරා සත් දවසක් මධුරාහාරයෙන් ලක්ෂ ගණන්ශ්රාාාවකයන් හා බුදුන් වළඳවා පසුව දා අනැඟි වු පිරිකර දී “මට ද මෙ බඳු වු ස්තානාන්තරයෙක් වී නම් යෙහෙකැ”යි පතා බුදුන් වැඳ හොත්තෙමි.

ඒ බුදුහු “මේ පිනෙන් මතු තොයි දු රජකුලයෙක්හි ඉපැද දිව්යද සමාන රූප සම්පත් ලදින් ශූද්ධොදන නම් රජක්හට අග බිසෝ ව එ කල උපදිනා ගෞතම නම් බුදුන්ට චුල්ලමාතා ව ඔවුන්ගේ සසුන් වැද මහණ ව භික්ෂුණි ශාසනයට ගුරු ව අමා මහ නිවන් දැක සෘද්ධි ප්රාණතිහාය්ය්ටර්‍ ඇතියවුන් කෙරෙහි අග්‍ර ව රාත්රිපඥ මහාප්රයජාපතී ගොතමී ය යි මෙ නමින් ප්රෙසිද්ධ වන්නිය”යි නිවරණ පතුල් දුන් සේක. එකෙණෙහි දු මට අද සේ ම සියලු දෙවි මිනිස්සු සාධු නාදයෙන් පුජා කළහ. එ තැන් පටන් කප් ලක්ෂයන් මුළුල්ලෙහි දෙවුලොව මිනිස් ලොව ඇවිදිනා ලදුයෙම් එක් කලෙක ත් සතර අප‍ාය ඇසින් නුදුටුයෙමි, ශක්රන - සුයාම - සන්තුෂිත - සුනිර්මිත - පරනිර්මිත චක්රලවර්ති ආදි වූ දිව්යට - මනුෂ්යි රජුන්ට ම අගමෙහෙසින් වීමි, මෙසේ සසර සුව විඳ ඇවිද _

තව ද: මෙ කප කසී රට එක්තරා එක් කුලයෙක උපන්නෙමි, එ කල පියුමෙන් උපන් පදුමාවතී නම් බිසොවුන් කුසින් එක දා උපන් පන්සියක් දරු කුමරහු වැඩී, පසේ බුදු ව එක පෙළ අවුත් වස්වසන දවස් මා පෙරට පෙනී ගිය සේක. එ වේලෙහි මම ඒ පන්සියක් පසේ බුදුන් පවරා, පන්සියක් ස්ත්රීෙන් හා ඔවුන්ගේ පන්සියක් පුරුෂයනු දු සමාදන් කරවාගෙන, පන්සියක් ගෙවල් කරවා, පන්සියක් පසේ බුදුන් වස්වස්වා, පන්සියක් අටපිරිකර දිනිමි, එ පන්සියක් කුලස්ත්රීා නම් මේ පන්සියක් ශාක්යර මෙහෙණින්නෝ ය, එ පන්සියක් පුරුෂයෝ නම් මේ පන්සියක් ශාක්යත මහණු ය, එ සමයෙහි මාගේ වල්ලභයාණෝ කළා වු මෙසේ වු කුසල් බලයෙකින් මෙ බඳු වු ද්ථානාන්තර හා සෘද්ධි ප්රාලතිහාය්ය් ර්‍ ලදිමි, යනාදීන් මහපිරිසට තමන් වහන්සේගේ පූර්ව ප්රකණිධීන් සද්ධර්මය දෙශනා කළ දෑ ය. එ වේලෙහි දු සත්ත්වයෝ දොහොත් මුදුන් දී සාධුනාද පුජා කළහ.

එයින් සමහර සත්ත්වකෙනෙක් “මේ පන්සියක් මෙහෙණින් නොත් මුන්වහන්සේලා එක්ව ම පින් කළාහු ල, ඔවුන්ට ත් මෙ වැනි පෙළහරෙක් ඇද්දෝ හෝ නැද්දෝ හෝ”යි සැක කළහ. එ කල ප්රෝජාපතී ගොතමීන් වහන්සේ සත්ත්වයන්ගේ ඒ අදහසු දු දැන ළඟ සිටි පන්සියක් මෙහෙණින්නන් දිසාව බලා “දරුවෙනි! සත්ත්වයන්ගේ සැක දුරු කරවා තෙපි තෙපි දු වෙන වෙන ම පෙළහර දක්වා තොප තොපට මේ සා මහත් වූ අමාමහ නිවන් දුන් මපුතණුවන් ගෞතම බුදුන්ට සාධුකාර පුජා කරව”යි කී දෑ ය.

එ වේලෙහි උන්වහන්සේ කී බස හා සමඟ පන්සියක් මෙහෙණින්නෝ ආකාශයට පැනනැඟී එකි එකී දෙන දහස් ලක්ෂ කෝටිගණන් මෙහෙණිනි රූ මව මවා නොඑක් පෙළහර පානාහු දක්ෂවු ස්වර්ණකාරයකු එකඝනරන්පිඬක්ගෙන නානාසණ්ඨාන වු රූපාලංකාරයන් මව මවා දක්වන්නා සේ, එකි එකී දෙන ශත සහස්ර” ගණන් වෙන වෙන රූ මව මවා නො එක් පෙළහර පෑ තරු කැලයෙන් දිලියෙන අ‍ාකාශ ය සේ සියලු ගුවන්කුස හොබවා, නො එක් වාරයෙහි දු මා දිලිහී අන්තර්ධාන ව පෙනී ඉතා මහත් වු අද්භූත දක්වා බුදුන්ගේ මහිම පෑ මහත් වු ස්තුති පුජාවෙන් ලෝ කුස් පුරා, ආකාශයෙන් බැස බුදුන් රහතන් වැඳ මහාපුජාපති ගොතමීන් වහන්සේට “ස්වාමිනි! මේ සා මහත් වු ශ්රීුයක් අපට ගෙන දීලුදැ, නුඹය නුඹගේ ම සහායෙන් පින්කොට දෙව්ලොව - මිනිස්ලොව සුව විඳ ත් ඇවිදියම්හ, දැනු දු නුඹගේ ම බලයෙන් බුදු සසුන් වැද මහණ ව අමාමහ නිවන් දැක සංසාර සාගරයෙනුත් ගොඩ නැංගම්හ, එසේ හෙයින් නුඹ ම අපට ඉතා මහත් වු වැඩක් කළ දෑය”යි යනාදීන් ඔබට මුඛ නො සෑහෙන සේ සිය දහස් ගණන් ස්තුති කොට උන්හ.

ඉක්බිත්තෙන් මෙසේ අවසර ලදින්...සංස්කරණය

ඉක්බිත්තෙන් මෙසේ අවසර ලදින් මෙ බඳු වු පෙළහර පා ලෝවැඩ කොට හුනස්නෙන් නැඟී බුදුන් වන දෛස වැඳ වැඳ ඒ මහප්රහජාපතී ගොතමී නම් වු බුද්ධමාතාවෝ සපිරිවරින් මෙහෙණ වර බලා නික්මුණු දෑය, එ කෙණෙහි මහාපොළොව ද කම්පිත විය, රැස් වු දෙවි මිනිස්සු ද කම්පිත වුහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ සඟපිරිස් බලා “මහණෙනි! බුද්ධ මාතාවෝ නම් උත්තමයන්ගෙන් ආදර ලැබ්බ යුත්තාහ, ඔවුන්ට පසු ගමන් කරම්හ”යි හුනස්නෙන් පැන නැඟී තමන් වහන්සේ ගේ මඟුල්ලකුණෙන් දිලියෙන ශ්රීග පාද යුගලයෙන් මිහිකත සනහ සනහා පෙර තමන් වහන්සේ දම්පල් නම් කුමාර කල මහා ප්රාතාප නම් වු දෙවිදත් රජහු තමන් වහන්සේ අහසට දම දමා අසිමාල නම් වද කරවා මෛත්රීහ පාරමිතාව කුළුගැන් වූ දවස් ‘මා කරව, ඔහු නිරපරාධයහ”යි යනාදීන් මහත් වු විලාපයෙන් හඬ හඬා රත්පියුම් පෙති සේ රාජාංගණයෙහි ඒ ඒ තැන්හි කපා විසුරුවන ලද අතුල් පතුල් හිණ ලා සමහරක් තුරුල්ලෙහි ලලා “තොප නො නවත්නා බැවින් අතුල් පතුල් කැපු බැවින් කන් නාසා කැපු බැවින් තෙල කොට පුතණුවන් මට දිපියව, එතෙකින් හැරපියව, එතෙකින් හැරපියව”යි යනාදීන් කිය කියා හඬ හඬා, පවන්ගත් පේයාපතක් ‍සේ රාජාංගණයෙහි ඒ ඒ සේ ඉවසාගත නොහී ඔබගේ ජීවිතක්යට පළමුකොට ඔ්රාාන්ත ව, ල පැළි මලා වූ උන් වහන්සේ තමන් වහන්සේට එ දවස් කළා වූ අපමණ වූ දරුනාවට ම මෙ දවස් පසුගමන් නිමවා සංග්රණහ කරන්නා සේ , ශ්රා වක සෙනඟ හා මඝ වෙහෙර දොරටුව දක්වා ඔබට පසු ගමනින් පූජා කළසේක. මේ බුදුසස්නෙහි සත්ත්වයන්ට ලෝවැඩ නිසා ස්වාමිදරුවන් චෛනෙය පුස්ගලයන්ට පෙර ගමන් කල තැන් බෝහෝ සේ පෙනේ ම ය බුදුන්ගෙන් පසුගමන් පූජාවක් ලද කෙනෙක් මේ මහාප්ර්ජාපති ගෝතමින් වහන්සේ විනා අනික් කිසිකෙනෙක්කුන් නැතැයි දත යුතු.

මෙසේ සුවාමිදරුවන් ගොස් ඉන්ද්රතඛීල මස්තකයෙහි රන්ගල් ද්වාරයෙක සිටි සිංහරාජයකු සේ වැඩ සිටි කල්හි නැවත බුදුන්ගේ ශ්රී පාද වැද “ස්වාමිනි! මා ඇතුළු වූ සියලු සතුන්ගේ මැහැණියෙණි! පියාණෙනි! නුමගේ අමාකඳක් බදු වූ මේ රූපාය හා පුන්සදක් බඳු වූ මේ ශ්රීස මුකය හා නවහම් මල්මාලාවක් බඳු වූ මේ ඔ්රීම පතුල් හා මේ මාගේ අන්තිම වූ දර්ශනය ය තව ද මට සමු දුන මැන වැ”යි කිය කියා බුදුන් පාදමූලයෙහි වැඳහොත් දැ ය. එ වේලෙහි නො එක් දෙවි මිනිස්සු කම්පිත වූහ. එ වේලෙහි ස්වාමිදරුවෝ තමන් වහන්සේගේ මුඛ නමැති පද්මයෙන් සුවඳගඳ විහිදුවා වදාරන සේක්.

නිබ්බායිස්සාමි බච්චෙචං - කිං වක්ඛාමි වන්දතියා

යස්ස දා නිච්ච වො කාලං - මඤ්ඤතා’ති ජිනො බ්රැ වි යි.

යන මේ ගාතාව වදාරා “සියලු සතුන් නිවන් පුරයට ම මෙහෙ යන්නාවූ මම දැන් තොප නිවන් පුරයට යම්හ යි අවසර ඉල්වනු වන්ට කුමක් නම් කියම් ද. යෙහෙක, කල් දනුව”යි අවසර දී වදාල සේක.

එ කල උන් වහන්සේ සපිරිවරින් ගොස් මෙහෙනවරට වැද ආසනයට පැනනැගී අර්ධපය්ය්ිර්‍ංයෙන් වැඩහිද ප්රයතමධ්යායනයට මවැදිලා. එයින් ද්විතීයධ්යාතනයට මවැදිලා. එයින් තෘතීයධ්යාධනයට සමවැදිලා එයින් චතුර්ථධ්යානනයට සමවැදිලා එයින් ආකාසානාඤ්චායතන ධ්යා නය, විඤ්ඤානඤ්දායතන ධ්යාඤනය. ආකිඤ්චඤ්ඤයතන ධ්යාානය. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ද්යා‍නය යි නො එක් ද්යාඤනයට අනුලෝම - ප්ර තිලෝමයෙන් නො එක් ඔතසහස්රා වාරයෙහි සමවැඳ පහනක් නිවුවා සේ චෙතනාව නිරුද්ධ කොට නිවන්පුර ගොස්, තක ප්රාතිමා රූපයක් සේ වැඩහුන් සේක. එසේම පන්සියක් මෙහෙනින්නෝ ද තමන් තමන්ගේ ශයන මතුයෙහි අර්ද පය්ය්නර්‍ංයෙන් ම හිද එම ක්රඩමයෙන් ම ඒ ක්ෂනයෙහි ම දෙතනාවෙන් නිරුද්ධ කොට ප්ර‍තිබිමිබ මෙන් උන්හ.

එ ගෙනෙහි ම මහී නමැති ාන්තා සියදහස් ගණන් වාරයෙහි මහහඩින් ගුගුරා වෙවුලා පැනනැගි ආකාශයෙහි අකුනු සෙන විදුලිය ශතසහස්රවයන් දක්වා ආකාලයෙහි මෙගනාද පතුරුවා මහහඬින් ලුලුරා පැනනැංග. සියලු දේවතාවෝ ද අහෝ ඛෙද ය! අහෝ කෙද යයි තුන්ලෝ පුරා ලුලුරා පැන නංගහ. මහමෙර කුමල්සකක් සේ භ්රදමනය කොට කම්පිත ව නැමින. මහමූද හැලල ගිය. ආකාශයෙන් මල් වර්ෂා වට.

බුදුන් මවු වූ මහාප්ර.ජාපති ගොතමි නමැති ගුවන්සඳ ශාසනාම්බර යෙන් ගිලිහි පතිත විය. පන්සියක් හාකය මෙහෙනිනි තරු සමුහයෝ ද ගිලිහුණහ. නුමගේ හාසනය උනු වී හ”යි බුදුන්ට දැන් වූහ. එ වේලෙහි ස්වාමිදරුවාණෝ ආයුෂ්මත් වූ අනඳ මහතෙරුන් වහන්සේ බණවා “ආනන්දය! මාගේ ශ්රාවවක සංඝයාට මෙ පවත් කියව. අද බුද්ධමාතාවෝ නිවන්පුර ගියහ. ඔවුන්ගේ ලොවට ඉතා අද්භූත වූ බුදුකොනකු දු ලැබගත නො හැක්කා වූ ආදාහන මංගල්යව පුජා කාලයෙකැ”යි වදාල සේක. එ ගෙපුල් අසා අනද මහ තෙරුන් වහන්සේ දෑස් පිරුනු කඳුලෙන් සෝදුක් ඉවස ඉවා සියලු භික්ෂු සංගයා කරා ගොස් එ පවත් සැලකල සේක. එ කෙනෙහි බුදුන්ගේ අදහස් දත් දෙවියෝ ද දසදහස් යොදුන් දමදිව මුවල්ලෙහි වන්නා තුනුරුවන් කෙරෙහි පහන් වූ සියලු ස්ත්රීම පුරුෂයන් හා සියලු සංගගණයා කරා දිව බුදුන් මවු මහාප්රමජාපති ගොතමින්ගේ අද ආදාහන මංගල්ය පුජාවෙක් විහාලා මහනුවර දී වෙයි. හැමදෙන ම නික්මෙව”යි මුව දමදිව සැලකළහ. දඹදිව මතු නොවෙයි. මේ ක්වල දෙවියෝ දසදහසක් සක්වල මුවල්ලෙහි දිවය ප්රමහ්ම සේනාවට ද දිව දිව ගොස් මෙ තෙපුල් කියා මොහොත් කලින් රැස් කලහ.

එ කෙණෙහි දෙවුලෝ -බඹලෝ -නාලෝ ආදියෙහි...සංස්කරණය

එ කෙණෙහි දෙවුලෝ -බඹලෝ -නාලෝ ආදියෙහි ධ්යාහන නිසා ගොස් වැඩහුන්නා වූ රහතන්වහන්සේ දක්වා බුදුන් සිතූ සිත හා සමඟ දික් කල අතක් වක් නො කරන ඇසිල්ලෙහි අවුත් බුදුන් පෙරට පෙනුනු සේක. ඒ සා දඹදිව ප්රලත්යබන්තවල සිය දහස් යොදනෙහි පවා වසන පෘථග්ජන බික්ෂුහු බුද්දානුබාවයෙන් පාත්ර චීවර දරා එම වෙහෙර බෝමළුවෙක වත්පුරන්නට යනුවෙන් සේ කිසි පීඩාව් නැතිව ම ගොස් ඒ වෙහෙර ම පුරා ගත්හ. දඹදිව තව ද ශ්රරද්දාවන්ත වූ නො එක් ස්ථ්රී පුරුෂයෝ බාල දරුවනුදු වඩාගෙන ඉක්බිති ගෙයක කෙලියක් බලන්නට යනු වන් සේ කිසි පීඩාවක් නැතිවම පෙල පෙල දී කෙල කෙල ගොස් ඒ එක විහාලා මහනුවර ම රැස්වූහ. තෙසැට දහසක් රාජදානි ඇති දඹදිවු තෙලෙන් තුනුරුවන් කෙරෙහි පහන් රජ--බමුණු-වෙලඳ --ගොවි චාතුර්වර්න ස්ත්රී පුරැසයන් අතුරෙන් ඒ නුවරට නො ගියා වූ එක ද සත්ත්වකෙවෙක් නැත. මොහු එකනුවර කෙසේ සිටියාහු ද යත්?

බුදුන්ගේ ආනුබායයෙන් ම ිමියහ, සතර මහදිව මනුෂ්යුයන් ආවත් තවත් අවකාහ පෙනේ ම ය. තව ද එක් මහිමයෙක් ඇත; එ තෙක් සත්ත්වයන් අතුරෙන් යම් යම් කෙනෙක් යම් යම් කෙනෙකුන්ගේ දර්ශනයෙහි ප්රියය ඇතියාහු වූ නම් ඔහු ඔවුනොවුන්ට පෙනෙන්නාහු ම ය, යම් යම් කෙනෙකුන්ගේ දැක්මෙහි අරුචි ඇතියාහු වූ නම් ඔහු එවුනොවුන්ට නොපෙනෙන්නාහු ම ය; මෙයිදු මාගේ ස්වාමිදරුවන්ගේ බුද්ද මහිමයෙන් මය.අවින්ත්යදමය ය, අසදෘශ ම ය, අද්භූත ම ය. ආශ්චය්ය්අර්‍ ම ය. පෙලහර ම ය, විස්මය ම ය, තව දසදහසක් සක්වල රැස් වූ දිවව සේනා වටද එම නය ම ය.එම ක්රහම ම ය.

මෙසේ වූ දිව්යම-බ්රවහ්ම-නාග -සුපර්ණ-භික්ෂු -භික්ෂුණී -උපාසක-උපාසිකා ය යි යන අෂ්ට මහා පර්ෂදෙහි සමාගමය කෙතෙක් ඇසිල්ලෙකින් වී ද යත්? මාගේ ස්වාමිදරුවන් ඒ අධිෂ්ටාන චිත්තය කොට ගඳකිලියෙන් පිටත්ව ගොස් වෙහෙර දොරටුයෙහි ඉන්ද්රකඛීලමස්තකයට ශ්රීදපාද දිගුකරන ඇසිල්ලෙහි, මේ සා මහත් වූ සමාගමයෙක් වී ය යි දතයුතු. මෙසේ වූ අනූන වූ සමාතමයෙක් බුදුන් බුදු ව වැඩහුන් පන්සාලිස් හවුරුද්ද මුළුල්ලෙහි අනිත් කිසි කලෙකත් නු වූයේය.

එ කෙණෙහි විශ්වකම්ර්‍ දිවයපුත්රකයා අවුදින්”මාගේ කම්ර්‍ාන්ත විශෙෂයෙහි ඵල ලැබ ගන්නා කලේ ම ය. අනික් ශිල්පියක්හට මේ පින්කම් නො දෙම්ම ය” යි සිතා පන්සියක් රන් සිවි ගෙවල් අසුරුනෙකින් මවාලා මෙහෙණවර පිලිවෙලින් තබා පන්සියක් හිරිසඳ දෙවියන් විමන් හා සමඟ අහසින් බැස පුජාවට මිහි මඬලෙහි සිටගත්තා සේ රුවන්මඬු ශොබාවෙන් සියලු නුවර ඒකාලෝක කොට තෙමේ බුදුන් පෙරට සිටගත.

එ කෙණෙහි එ නුවරින් දිවු සත්දහස් සත්ිය සත්දෙනකු පමන ඇති ලිච්ජවි බිසෝවරු උරෙහි අත්පැහැර පැහැර අවුදින් හඩා මුසපත්ව සන්හිඳි පන්සියක් මෙහෙනින්නන් ස්වහස්ත යෙන් වඩා පන්සියක් රන්සිවි ගෙවලට වඩා සිසාරා අතුරු නොදී සිටියහ. දසදහක් සක්වළ සතලිස් වරම් රජදරුවෝ “බුදුන් මෑනියන් වහන්සේට අපි අපිම මඟුල් මෙහෙ කරම්හ”යි දිව අවුදින් පන්සියක් රුවන් මඬු ඔසවා තමන් තමන් කරින් උසුළාගෙන නික්මුනහ. දස දහසක් සක්වළ ශක්රක- සුයාම - සන්තුෂි තාදි පනස් දහසක් දිව්යක රජදරුවෝ තමන් තමන්ට අවකාශ නැති හෙයින් සූ්ෂම වූ අත් මවා එක කැණිමඬුල්ලට බොහෝ ගොනැස් ඉරවූ වා සේ අත් දිගු කොට පන්සියක් රුවන්මඬුවල කුළුගෙවලට අත් දි දී යෙති.

එ කල ස්වාමිදරුවෝ ශ්රායවක ගණයා පිරිවරා පසු පස්සෙහි වඩනා සේ, එයිදු එක් පුජාවෙ. දස දහසක් සක්වල සෙසු දෙවියෝ අහස්කුස්පුරා තමන් තමන්ගේ ශක්ති පමනින් පුජා කෙරෙමින් යෙති. බ්රනහ්මයෝ බ්රිහ්මසෘධින් පුජාකෙරෙති. සමහර දෙවියෝ දිව්යාසෘධීන් පුජාකෙරෙති. නාගයෝ නාග සෘධීන් පුජා කෙරෙති. ගරුඬයෝ ගරුඬ සාධීන් පුජා කෙරෙති, ගන්ධර්වාීදි සෙසු දෙවියෝ තමන් තමන්ගේ සෘධීන් පුජා තෙරෙති, සමහර දෙවියෝ අහස් වියන් ධරා යෙති, හිරිමඬල ආකාශයෙහි පෙනි පෙනි සිටගත. සක්වළගබ මුවල්ලෙහි සියලු තාරකාවෝ ද දිලිහි දිලිහි පෙනෙන්නට පටන්ගත්හ. මධ්යා හ්නසූය්ය්ෙර්යා් රාත්රීිචන්ද්රයය‍ාසේ සොමි පහස් දෙන රශ්මි වන්නට පටන් ගත. තව ද එක් පෙලහරකුධු ඇත; රුවන් මඬු උසුළා යන දෙවියෝ නැත, පන්සියක් සඳමඩුව ආකාශයෙන් යන්නා සේ පන්සියක් නකත් තරු පෙළක් සේ , පන්සිය රුවන් ආකාශයෙන් තෙමේ ම යෙයි, මෙයිඳු එක් පෙළහරෙක. පළමුව යන ලිච්ජවි රජුන් ආදි වූ මුළු දඹදිව මනුෂ්යක සේනාව ය. පසුපස්සෙහි වඩනා බුදුරජාණන් හා අසූ මහ සවුවන් හා , ඔවුන්ගේ බන්සිය පන්සිය පිරිවර හා. අවශේසවු ලක්ෂගණන්කෝටිගණන් සග පිරිසෙක. ආකාශයෙන් යන මහත් වූ දිවව සේනාවෙ, මෙයිදු එක් පෙළහරෙක. මෙසේ මහත් වූ දිව්යව මනුෂ්ය, සේනාවෙන් ස්වාමිදරුවාණෝ ආදාහන භූමියට වැඩ ශ්රාූවකයන් බණවා “මහණෙනි! මෙසේ වූ ආදාහන පූජාවෙක් බුදුකෙනෙකුන් ගේ සස්නෙක. බුදුකෙනෙකුන් පුජාකරෙන වෙන තැනේ නැත, එසේ හෙයින් බුද්ධමාතාවවන්ගේ ආදාහනයෙහි අනූනවූ ශ්රාණවක සංඝයා සහිතවූ බුදුකෙනකුදු පුජා කළහ, මේ මේ කාරණයෙන් මේ ආදාහන පුජාව මහණෙනි, අද්බූත ම යඅසදෘශ ම යයි වදාරන සේක්:-

න බු‍ශඬො බුඬනිබ්බානෙ-නො පදිස්සති භික්ඛවො

බු‍ඬො ගොතමි නිබ්බානෙ -සාරිපුත්තාදි කා කථා-යි.

යනාදින් බණ වදාළ සේක. එ වේලෙහි දු මහපිරිස සාධුකාර දුන්හ.

එ කෙණෙහි ලිච්ජවි රජදරුවෝ ද..සංස්කරණය

එ කෙණෙහි ලිච්ජවි රජදරුවෝ ද පන්සියක් සඳුන් දරසෑ බැඳ එහිවඬා ආදාහනපුජා කරන්නාහු සුවද ‍තෙල් සුවඳ සුණු ඉස ඉස මහ පෙරහරින් ආදාහන පූජා කළහ. පන්සියක් භික්ෂුණින්ගේ ධාතු නිරවශෙයෙන්ම ආදාහන විය. මහා ප්‍රජා පති ගොතමින් වහන්සේගේ ධාතු මුතු රැසක් සේ නො දා ම තුබුයේය. අනඳ මහතෙරුන් වහන්සේ ඔබගේ ධාතු බුදුන්ගේ ශ්රීාහස්තධාතුවට දුන්සේක. බුදුහු ඒ ධාතු බලා දම්ර්සංදවේගයට පැමින අශීති මහාශ්රානවකයන් ආදිවූ සියලු මහසඟනට දක්වා සුරක්ත වූ තමන් වහන්සේගේ ශ්රීනහස්තයෙන් කොඳකැකුව සේ මුතු සුනු සේ ඒ ධාතු පැ පෑැ:-

පණ්ඩිතාසි මහාපඤ්ඤ-පුථුපඤ්ඤ තථො’ව ච.

රත්තඤ්ඤු බික්ඛුණීනං සා-එවං ධාරෙථ භික්ඛවො.

ඉඬියා ච වසි ආසි- දිබ්බාය සොතධාතුයා,

චෙතො පරියඤණස්ස - වසී ආසි ච ගොතමි.

පුබ්බ නිවාසං අඤ්ඤසී- දිබ්බ චක්හු විසොධිතං

සබ්බාසවා පරික්ඛීණා - නත්ථී තස්සා පුනබ්භවො

අත්තදීපගතා හොථ - සතිපට්ඨාන ගොචරා

භාවෙත්වා සත්තබොජ්ක්ධංාගෙ- දුක්ඛස්ස’න්තං කරිස්සථයි.

යනාදි ගාථා වදාරා “මහණෙනි! මේ මහා ප්ර්ජාපති ගොතමි තොමෝ මහ නුවණ ඇත්තීය, මහමුහුද සේ ගැඹුරු වූ නුවණ ඇත්තී ය. ආකාශ ය .

ඇත්තීය, මාගේ ශාසනයෙහි සියලු භික්ෂූණින් අතුරෙන් රාත්රිේඥයන් කෙරෙහි අග්රග වුව, අසාධාරණ වූ සෘධිප්රාිතිහාය්ය්රර්‍ ඇත්තාහුය. ලක්ෂයක් සක්වල ක්ෂ්රුද්රඅ ප්රාිණීන්ගේ දක්වා සියලු ශබ්ද විහෙෂයෙන් තමා කන්මුලදි කරන කථාවක් සේ අසන්නට සමර්ථනවූ අසාධාරණ වූ දිවකන් ඇතියහ, සියලු සතුන්ගේ සිත් දන්නා නුවණ ඇතියහ, ලක්ෂ ගණන් කප්වල උපන් උපන් ජාති එක දවසෙක කළාවූ කටයුත්තක් සේ විශෙෂයෙන් දන්නා ජාතිස්මරණ ඤණ ඇතියහ, ලක්ෂයක් වන සක්වල තිබු අබ බීජු දක්වා විශෙෂයෙන් දක්නා දිවැස් ඇතියහ. සියලු ආශ්රාවයන් ස්වභාව ධම්ර්යෙතක, මහණෙනි! තෙපි තෙපි දු තොප තොපට සිකා නම් අප්රනමාණ ව භානනාවෙහි යෙදී සංසාර දුග්ර්යේන් ගොඩනැඟි ඔවුන් සේ ම අමාමහ නිවන් දකුව”යි බණවදාරා -ඒ ධාතු එ නුවර ම පිහිටුවා ලිත්ජවී රජුන් ලවා මහාචෛතළුයක් කරවා එහිදු අපමණවූ පුජා කරවා, දවස් පතා නො එක් සත්කාර කරන සේ නියෝග කොට තමන් වහන්සේද එ සෑය මලින් පඳින් පුදා ශ්රාකවකයන් හා සමඟ මහසෑය සිසාරා ප්රකදික්ෂිණා කොට සියලු සතුන්ට බණ වදාරා, නොඑක් ලෝවැඩ කොට එයින් ශ්රාුවකයන් පිරිවරා දෙවුරම් වෙහෙරට ම වැඩි සේක.

මෙසේ මේ මහා ප්රකජාපති ගොතමින් වහන්සේ ආදි වූ පන්සියක් සාක්යර මෙහෙණින්නන් විසින් කළාවු යථොක්තවු පන්සියක් ප්ර්තිපත්ති පුජාවන් ලත් යෙහිනුත් මා විසින් පවා සංඛ්යාකවක් කොට ගත නො හැක්කාවු අප්රකමාණ වු ප්රායතිහාය්ය්ගර්‍ාදි නො එක් පුජාවන් ලත් හෙයිනු ත්, ඔබට තමන් වහන්සේ කැරවු මේ ආදාහන පුජාව මවුත් හිමි සැපත් දරුවන් හිමි වන හෙයින් තමන් වහන්සේම ලඳුවා නම් වන හෙයිනු ත් මාගේ බුදුහු අර්හත් නම් වන සේ. එසේ හෙයින් කියන ලදුයේමැයි:- පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොක නාථො.

අත්ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං--යි.

මේ පුජාව වලියෙහි අප බුදුන් මහාප්ර ජාපත්යා දි ශ්රාුවිකාවන්ගෙන් ලද භික්ෂුණී ප්රරතිපත්ති පුජා නම් වූ සත් විසි වන පරිච්ජෙදය නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=පූජාවලිය-ආදාහන_පූජා_කථා&oldid=4566" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි