පියදාස සිරිසේන නවකථා එකතුව- 05-මහේශ්වරී iii

15. පරිච්ජේදය

     මහත්මයා ගැන මිට ඉහත නොයෙක් තොරතුරු ඇසු අපි පුදුම වුනා. ඩිංගිරි මැණිකා සොයා ගැණිමේ අද්භූත වික්රඅමය ඇසු අපට අද මහත්මයා දකින්ට ලැබි ප්රීකතිවන අතරම මහත්මයාගේ පුදුම කතා බස් අසා හොඳටම පුදුමයට පත්වුනා. ආත්ම ගෞරවය කියන වචනයේ හරි තේරුමවත් දැන ගත්තේ අදයි. ඉතින් මහත්මයානනි, මහේස්වරිය සොයන්නට යාමට තිබෙන නිසා නොවේ නම් අනුරාධපුරයේ කීප දිනක් නැවතුනොත් මහත්මයාගෙන් පුදුම ‍ දේවල් දැනගන්ට පුළුවන. මහත්මයා ඔපමණ ගැඹුරු කාරණා දනිද්දී බුද්ධාගම්කාරයෙක්ව ඉන්නේ මන්දැයි සිනාසෙමින් පෙරේරා නෝනා ඇසුවාය.
    මට තදින් සිනහා පහල විය. බුද්ධාගම්කාරයා ය කියන්නේ ඥනයෙන්ම කාරණා අවබෝධ කරගත් පුද්ගලයාටයි. අනුරාධ පුරය මැද්දේ ඉඳගෙනත් බුද්ධාගම අදහන්ට බැරි කෙනෙක් සිටිතොත් ඔහු හෝ ඈ අනද භක්තියෙන් අන්ධවු ඥනය ආවරණය කරගත් කෙනෙක් විය යුතුයයි කිවාම පෙරේරා නෝනා මෙසේ කිවාය.
   “අනේ මම ආගම් වාදයක් කරණවායි හිතන්නට එප‍ා. ඇත්තෙන්ම මහත්මයා, බදුන් අදහන්නේ මන්දැ”යි ඇසුවාය.  “ඔවු පෙරේරාං නෝනාට ඔය ප්රනශ්නය අසන්නට පිළිවන් ඔය අන්දමට පමනකි. තුන් ලෝකයේම උපන් උත්තමයන්ගෙන් දෙවියන්, බ්රතහ්මයන්, මනුෂ්යනයන් ආදී සියලුම සත්වයන් අතර මේ බුදුහාමුදුරුවන්ට සමාන



පියදාස සිරිසේන නවකථා එකතුව 363


කිසිම සත්වයෙක් උපන්නේ නැත. ඒ නිසා ඒ ඉතාමත්ම හොඳ උත්තමයා මම අදහමි.”

පෙරේරා නෝනා - ඇයි දෙවියන් වහන්සේ නරක ද?

මම - නරක නැහැ. නමුත් බුදුහාමුදුරුවන්ගෙන් කෝටි ප්ර කෝටියෙන් පංගුවක් තරමවත් හොඳ නැහැ.

පෙ. නෝ. - ඒ මොකද, සියල්ල මවා ආරක්ෂා කරණ ඒ උත්තමයාට වඩා බුදුන් හොඳ මොකද ?

මම - නෝනාලාගේ දෙවියන් වහන්සේ හොඳ තමයි. නමුත් උන්වහන්සේට රාගය හෙවත් ආසාව තිබෙනවා-ද්වේසය හෙවත් අනුන් කෙරෙහි තරහ තිබෙනවා-මොහය හෙවත් අඥනකම තිබෙනවා- ඒ දෙවියන් වහන්සේට සමාන වන්ටවත් - ඒ දේව පදවියට වෙන කෙනෙකුට පැමිණෙන්ටවත් බැරිළු. දෙවියන් වහන්සේ අන්තිම ලොක්කා- අනිත් ලෝකේ හැමදෙනාම ඒ දෙවියන් වහන්සේ යටතේ- උන්වහන්සේට යාඥ කරමින් හොඳක් ලබාගත යුතුය කියනවා- දෙවියන් වහන්සේගේ පදවියට වෙන කෙනෙක් පැමිණෙනවාටත් - ඒ දෙවියන් වහන්සේ විදින සැප වෙන කෙනෙක් විඳිනවාටත්- ඒ දෙවියන් වහන්සේගේ බලය හා ගෞරවය වෙන කෙනෙක් ලබනවාටත්- ඒ දෙවියන් වහන්සේ ස්තුහටු නැහැ නොවේ ද?

පෙ. නෝ. - දෙවියන් වහන්සේගේ පදවියටත්, උන්වහන්සේගේ බලයටත් වෙන කිසි‍ෙවකු පත්වෙන්ට බැරිබව ඇත්තකි. ඒ එසේමය- දෙවියන් හා සමාන කෙනෙන් ඉන්ට ඕනෑයයි කීම මහා පුදුමයකි.

මම - ඔවු, මුළු ‍ ලෝකයේ වහල් භාවය ඇතිවුනේ ඔය අධිපති කල්පනාව නිසාය. “මම ලෝක‍යත්, තොපත් මැව්වෙමි. මම ලොක්කා- මගේ නියමයේ හැටියට සිටිව්. මට යාඥ කරව්- ස්තුති කරව් - මට පුජා කරව් - එසේ නොකළොත ඒ අකීකරු සියලු දෙනාම සදාකාලික ගින්නට කැප කරමි- මට කිකරු- මගේ අණපණත් පිළිපදින අය ස්වර්ගයට ගණිමයි” දෙවියන් වහන්සේ කියා තිබේනවා නොවේ ද ?

පෙ. නෝ. - ඔව්, සත්තකෙන්ම එසේ කියා තිබේ.

මම - හොඳයි, දෙවියන් වහන්සේ පළමුවෙනියා වි මුළු ලෝකයේම


364 මහේස්වරි


සත්වයන් තමන්ගේ වහල් කමට තබා ගත්තා. ඉන්පසු උන්වහන්සේගේ පුතා යේසුස් ක්රිවස්තුස් වහන්සේ ඉපදී ගැලවුම් කාරයා වුනා- ඒ ක්රි ස්තුස් වහන්සේගේ මාර්ගයෙන් මිස - ඒ ක්රි ස්තුන් වහන්සේ නො අදහා කිසිම කෙනෙකුට ගැලවිමක් නැත. දෙවියන් වහන්සේගේ වහල් භාවටය පත්කර ගත් ලෝක සත්වයන් මේ විඩේ ක්රිසස්තුස් වහන්සේගෙත් දාස භවයට පත් කර ගන්නා ලදී. ඉන් පසු පාප් බිෂොප් පුජකාදීන්ගේ දාස බවට ඒ ඒ රටවල මිනිසුන් පත් කර ගත්හ. රජවරු එක පැත්තකිනුත් ඇමතිවරු තව පැත්තකිනුත් ධනවතුන් හා බලවුතුන් තව පැත්තකිනුත් අධිපතියන් වෙමින් දුර්වල අසරණ මිනිසුන් ඔවුන්ගේ වාළුන් බවට පමුණුවා ගත්ය. දෙවියන්ගේ පටන් ඒ ඒ තරමේ මිනිසුන්ගේ වාල් බවට මනුෂ්යමයන් පත්කර ගෙණ හැමදෙනාම ගොදුරු හැටියට අනිත් තිරිසන් ගත සත්වයන් ජලචර සත්වයන් තබා ගත්හ. ඉතින් ලෝක‍යේ නිදහස නැති කල - නිදහසේ පරම හතුරාවන දුෂ්ට වු ආත්මාර්ථකාමි හීන කල්පනාවක් ඇති කළ - වහල් චිත්තයක් ඉපද වු - ආත්ම ශක්තිය - ආත්ම ගෞරවය - ආත්ම විශ්වාසය නැතිකොට - ලෝක අන්ධකාරයේ හෙලා තැබු දෙවියන් වහන්සේ අදහන්ට මා වැන්නෙකුටත් පිළිවන් යයි පෙරේරා නෝනා සිතන්නෙහි ද ?

පො. නෝ. - එත‍ෙකාට මහතමයා බුදුරජාණන් වහන්සේ අදහන්නේ ? උන්වහන්සේ තුන්ලෝකාශ්රසය - අසමසමය - අශ්රයය කියමින් වැද පුදනවා නොවේ ද?

මම - ඔව්, පෙරේරා නෝනා - මම බුදුහාමුදුරුවන් අදහන්නේ ලෝකයට නිදහස - සමානාත්මභාවය - සම්පුර්ණ නිවහල් චිත්තය- ආත්ම ශක්තිය - ආත්ම ගෞරවය - ආත්ම විශ්වාසය ලොවට දේශනා කළ එකම උත්තම සමානාත්මවාදිය ඒ ලෝකනාථයන් වහන්සේ පමණක් බැවිනි  ! එයින් කිහ.

ත ම න් පැමිණි සැපතට සහ පදවිය ට අ නු න් පමුණුවන උපදෙස් දුන් ලොව ට ස ව න් ඔබ නියම ආගම් කතු බව ට එ යි න් සුදුසු විය වෙන ගුනයක් කුම ට

පෙ. නෝ. - මොකද බුදුරාජණන් වහන්සේ මිනිසුන්ගෙන් වැඳුමු පිදුම්




පියදාස සිරිසේන නවකථා එකතුව 365


ලැබුවේ නැද්ද ?

මම - ඇත්තෙන්ම බ්රුහ්මයන්, දෙවියන්, මනුෂ්ය යන් ආදි සියලු සත්වයන්ගෙන් උන්වහන්සේ වැඳුම් පිදුම් ලැබුවා. අද මේ මොහොතේදිත් ‍ කෝට් සංඛ්යා ත සත්වයන් උන්වහන්සේට වඳිති පුදති. එසේ වැඳුම් පිදුම් ලැබිමට සුදුසු වු ශ්රේයෂ්ඨම ගුණයට. ශ්රෞපෂ්ඨ තත්වයට උන්වහන්සේ පැමිණ නිසාවෙන්ය.

පෙ. නෝ. - ඒ මොන තත්වයයක්ද ?

මම - කරුණාවන්ත පෙරේරා නෝනා ට මම කියා දෙන්නෙමි. “තමන්ගේ පදවියටත්-තමන් ලැබු සැපතටත් ලෝකයේ අනිත් අයත් පමුණුවන උපදෙශය දුන් එකම උත්තමයා තමන් වහ්නසේ පමණකි. ඉතාම හොඳ දෙවියා, ඉතාම හොඳ රජා ඉතාම හොඳ ධනවතා- ඉතාම හොද පණ්ඩිතයා - ඉතාම හොඳ නිලධාරියා - අනිත් ලෝක වාසීන්ට බොහොම වැඩකරති- උපකාර කරති- ආදර කරුණ ගුණය දක්වති- නමුත් ඒ ඉතාම හොඳ දෙවියා. රජා ආදි කිසිවෙක් තමා පැමිණ ඉන්නා පදවියටත්, සැපතටත් අනිත් ලෝකවාසීන්ටත් පැමිණෙන්ට ඉඩදේද ? මගේ පදවියත් සැපතත් නුඹලා හැමදෙනාමත් ලබා ගණිල්ලායයි කියන කෙනෙකු ගැන පෙරේරා නෝනා අසා තිබේද ?

පෙ. නෝ. - ඇත්ත කථා කරතොත් ලෝකයේ කවුරුවත්ම තමාගේ පදවියටත් තමාගේ සැපතටත් අන්ය හැමදෙනාම පමුණුවන්ට උත්සාහ කරණ බවක් නොපෙනේ. ඉතාම හොඳ තෑගිවන්තයන් අනුන්ට දෙනවාට වඩා හොඳන් තමාගේ තමාගේ ජිවිකාව කරගැණිම සිරිතකි.

මම - ඔව් පෙරේරා නෝනා, ස්වයම්භූඥනයෙන්, ලෝකස්වභාව සම්පුරුණයෙන් අවබෝධ කරගත් මහා වීරපුරුෂයානන් වහන්සේ වන බුදුහාමුදුරුවෝ පමණක්ය. මම මේ මෙ අන්දමේ පාරමි ධර්ම පුරා අනන්ත අප්ර්මාණ කාලයක් අප්ර්මාණ විර්යකොට මේ උතුම් බුද්ධ පදවියත්- පරම සැපතවු සංසාර විමුක්තියත් ලබා ගතිමි. ලෝක සත්වයන්ගෙන් එනම් බ්රතහ්ම, දේව, මනුෂ්ය් තිරිසන් ආදි සත්වෙන්ගෙන් යම්කිසි කෙනෙක් විරිය කළොත් මා වගේ බුදු කෙනෙක් වෙන්නට බැරි නැත. මා ලබාගත් නිර්වානණ අමෘතය ලබාලක්ට බැරිකමක් නැ.” යන




366 මහේස්වරී


මේ පුදුම සමානාත්මතා ධර්මය ලෝකයට දේශනා කළාවුද ඒ අදභුත සමානාත්මතා දර්මයෙහි පිහිටියාවුද එකම උත්තමයා ඒ බුදුහාමුදුරුවෝ පමනක්ය. නිදහසටත් සත්යවයටත් කැමති ආත්ම ගෞරවය-ආත්ම ශක්තිය-ආත්ම විශ්වාසය ඇති කිසිම කෙනෙකුට ඒ නිදහසේ කර්තෘ වරයා වන සමානාත්මතාවය- හැබෑ සමානාත්මතාවය ලෝකයට ප්රතත්ය ක්ෂකරදුන් ඒ මහොත්තමයා ඇර වෙන කිසිවෙකු අදහන්ට බැරිය. කිසිවෙකුට නමස්කාර කරන්ට බැරිය. ඉතින් පෙරේරා නේනා “සිංහ” යන ගෞරවාන්විත උතුම් ආර්ය ගොත්රරයෙන් පැවතෙන මම- වික්රිමපාල ලොකාචාර්යවු- ලෝකබන්ධුවු-සකල ඥෙය්යැ මන්ඩලය කරතලා මලකයක් මෙන් දැන වදාළ-ශාක්යර සිංහයානන්ගේ සරණ නොගොස් - ඒකාධිපති භාවය ආරූඨ කරගෙණ අනිත් හැමදෙනාම තමාගේ ගොදුරුකරගත් මුළු ලෝකවාසි අප්රණමාණ සත්වයන් වහල් අන්ධකාරයේ නිමග්නකළ, නිදහසට ද්රොදහිවු - සත්යණයේ පරම සතුරාවු - ලෝක ස්වභාවය මොහාන්ධ කාරයෙන් සැඟවු - කවදාවත් නුපන් - කවදාවත් නැති නොවන- කා විසින් වත් නොදුටු - හැම තැනම ඉන්නා බව කියතත් කොතනකවත් නැති - සවිබලධාරිය කියනමුත් - වසංගත මදුරුවෙකුට තරම් බලයක් නැති-ඉන බඩ රැකගැණිම සඳහා කාලකන්නි අසරණ යුදෙව් මෝඩයන් විසින් උපදවන ලද බොරු දෙවිකෙනෙකු ඇදහිමට පිළිවන් ලොක ස්වභාවය වත් - හේතුඵල ධර්මය වත්- විමුක්ති සැපය වත් සලකා ගන්ට බැරි වහල් හිතක් ඇති දුර්වලයන්ට පමණක්ය. මැ වැනි සිහ‍ංලයෙකුට දෙවියන්ගෙන් පවා වැඩගත් උතුම් සිංහල ජාතියෙන් පැවතෙන මා වැන්නෙකු විසින් තෝරා ගත යුත්තේ වහල් භාවයද නැතහොත් විමුක්ති සැපයද ?

පෙ. නෝ. - මහත් පුදුමයට පැමිණ මා දෙස බැළූ ඇස් නොව සාම සිටිමින් “මෙබඳු කථා මින් පෙර කවදාවත්ම අපට අසන්නට ලැබුනේ නැත යුරෝපයේ නොයෙකුත් භාෂා ශිල්ප ශාස්ත්රි උගත් අය එතකොට ඔය දෙවියන් අදහන්නේ  ?

මම - යුරෝපියන්ගේ ඇදහිම ගැන කතාකිරිම නිස්ඵලයි. දෙවියන් අදහන්නේ ඒ ආගම නිසා දිවි පවත්වා ගන්නා අයත් - උසස් ශාස්ත්රු නොදත් ජලයාත් පමණකි. මහා පන්ඩිතයෙක් ශාස්ත්රනඥයෙක් තබා “ආර්ය” ලේ වලින් යුක්ත උගත් කෙනෙක්




පියදාස සිරිසේන නවකථා එකතුව 367


ක්රිාස්තියානය නොඅදහති. යුරෝපයේ ආගම් පිළිබඳ කලබල මිස ඔවුන්ගේ සාමාන්ය් ජනයාට “දුක්ඛය - සමුදය -නිරොධය - මාර්ගය යන චතුරාර්ය සත්යනය ය ඉගෙණ ගැණිමට තරම් හේතුවක් වත් ඒ පිළිපැදිමට පිළිවන කමක් වත් නැත. දුවන්නන් වාලේ කෙට එලදෙන දිව්වාක් මෙන් ඔවුන්ගගේ ආගම් ඇදහිම දෙස බැලිම අයුක්තකි. නිදහසත් සමානාත්මතාවයත් නුගන්වන ආගම් සියල්ලම වහල් බන්ධන බව දැනගත යුතුය. මුළු ලෝකය - කවදාවත් නුපන් කෙනෙකුට - කොතනක වත්ම නැති බොරු නාමයකට යටත් කොට ඉන්පසු පාප්, කාඩිනල්, බිෂොප්, පුජකාදින්ගේ යටතට වාල්කමට මිනිසුන් පමුණුවා ගණෙ ඔවුන්ට සැප පහසු සලසා ගැණිමට තනා තිබෙන ආගමක් උසස් ධර්මශාස්ත්රි වලට තබා ලෞකික විමුක්ති ශාස්ත්ර්යට වත් නොගැලපෙන බොරුවකි. රුපියල් කණනක් ගෙවා පුජාවක් පවත්වා ගෙණ ස්වර්ගයට යා හැකියයි විස්වාස කරණ තරම් අන්ධ භක්තික වහල් චිත්තයක් ඇති මිනිසුන් ආර්ය වර්ගයෙන් පැවතෙන සිංහලයන් අතර ඇති විය නොහැක. සමහර විට මිලේච්ඡා සංකීර්ණයන් ඇති වුවත අප වැනි සිංහලයෝ කොයි ක්ර්මයකින් වත් ඊට සම්බන්ධ නොවම්හ”යි කීවෙමි.


16. පරිච්ජේදය

       වෙලාව සවස හයට පමණවු බැවිනුත් එදා රාත්රී් ත්රිඊකුණාමලය පැත්තට යාමට අදහස්කර තිබුනු බැවිනුත් පෙරේරා තරුණ නෝනා පිටත් කර යවන්ට උවමනා විය. පෙරේරා නෝනා සහ තව කීප දෙනෙකුත් මහෙස්වරීත් එකට ඉඳ ගන්නා ලද පින්තුරයක කොපියකුත් මහේස්වරි විසින් පෙරේරා නේනාට එවනලද අන්තිම ලියමනත් ඉල්ලා ගනිමින් පෙරේරා නෝනා සමඟ ඇතිවු හිතවත්කම කවදාවත් මතක නැති නොරණ බව කියා ඈට ස්තුති කොට යන්ට ඇරියෙමි. පෙරේරා නෝනා වික්රලමපාල වන මගේ කථව අසා අමුතු අදහසකට පැමිණි බව මට වැටහුනේය. අපේ කථාබස් අසා සිටි අනිත් මහතුන්ටද ප්රටයෝජන වුනු බව තේරුම්ගත් මම සාමාන්යබ ගම් වැස්සෙක් මෙන් සැරසී එදා රාත්රික අනුරාධපුර නගරයේ ඇවිදින්ට කල්පනා කළෙමි. මගේ රාත්රින භෝජනය අනුභව කොට මගේ ආරක්ෂාව සඳහා පිස්තෝලයත් තබාගෙණ කාටවත් ම ‍ නොදන්වා විදියට




368 මහේස්වරී


බැස්සෙමි. ඔළුවේ තුවායක් ඔතා ගෙණ වුන් මම ටිකක් දුර යන කොට හිඟන්නන් තුන්හතර දෙනෙක් පාළු ස්තෝප්පුවකට ගොඩ නැගෙනු දුටුවෙමි. මෙය ඔවුන් රාත්රිරයට නිදාගන්නා තැනකි. ඔවුන් පස්සේ ‍ ගොස් මම්ත ඒ ස්තෝප්පුවේ වාඩි ගතිමි. කලින් ඇවිත් පැදුරු එලාගෙන නිදාගත් හිඟන්නන් තුන්හතර දෙනෙක් ද එහි වුන්හ.

    “හිඟන ස්ත්රිියක් බන්ඩෝ උඹට අද කියක් ලැබුනාද ?  කෝ මගෙන් ඊ‍යේ ඉල්ලාගත් ශත 10” කියා ඇසුවාය. ඒ බන්ඩා නමැති හිඟන්නා ඒ ස්ත්රීෙයට සත දහය දී මට කථා‍කොට “උඹ කො‍ෙහ් යනවාදි, උඹත් හිඟන්නෙක්දැ” යි මගෙන් ඇසුයේය.  “මම දැන් හිඟානොකා හ‍ිඟාකනවා, අනුරාධපුරේට රක්ෂාවක් සොයාගෙණ ආවා-ඒක හරි ගියේය නැහැ- ගමට යන්ට වියදමක්වත් නැතුව මේ ඉස්තෝප්පුවට ගොඩ වැදුනෙමි” කීවාම බණ්ඩා මටත් බුලත් විටක් දි ඔහුත් විටක් කමින් “උඹේ ගම කොහේද ?  දෙයියනේ ! මිනිහෝ රැකීරක්ෂා සෙවිමෙන් කරදර විඳින්නේ කුමටද ?  මේ ලෝකයේ තිබෙන රක්ෂාවලින් හිඟාකැම තරම් වාසි ඇති නිදහස ඇති රක්ෂාවක් තිබෙනවාදැ”යි කීයේය. මගේ හිතේ බලවත් හැඟිමක් ඇතිවි ඇද මේ මිනිහා සමඟ හුඟක් වේලා කථාකරමින යි අදහස් කරගෙණ “මගේ ගම නම් බො‍හොම ඈතයි-‍ෙකාළොන්නා කෝරලේය. අපේ පළාත බොහොම දුප්පතියි. ඉතින් සාරවත් ය කියා මේ පළාතට ඇවිදින් රක්සාවක් සොයා ගන්ට බැරිවුනා-හිඟකෑම වාසි ඇති නිදහස් එකක් බව මම හිතුවේ නැහැ. ඉතාම දුක්ඛිත පහත් න‍ීච වැඩක් යයි මෙපමණ කල් සිතා සිටියෙමි.
   බණ්ඩා, උඹ තබා මමත් මුලදි හිතාගෙණ වුන්නේ හිඟාකැම ඉතාමත් නින්දිත දුක්ඛිත ජිවිතයක්ය කියා ය. ඔන්න එහෙනම් උමට මගේ ජිවිත කථාව කියන්නෙමි. මම ඉතා ඈත පළාතක කෙනෙක් නොවෙමි. නුවර කලාවියට අයත්  .....  කොරලේ ප්රනධාන රදල පවුලේ කෙනෙක්මි. මම අපේ නෑදෑ පිරිසකුත් සමඟ අනුරාධපුරු වන්දනාවට ආවා. මිට අවුරුදු 6 කට ඉස්සරින්. ඒ ආ ගමනේදි ඒ පිරිසගෙන් මග ඇරි වල්මත්ව අර එහායින් තිබෙන විශ්රෘ්ම ශාලාවේ නිදාගත්තා- එදා ඒ ස්ථානේ සිටි හිඟන්නියන් සහ හිඟන්නන් සමඟ රුවන්මැළි චෛත්ය.යට යන පාරේ වාඩිවි හිඟමන් ඉල්ලුවා-  ඉතින් අප්පේ රාත්රිව දොළහ වනතුරු හිඟමන් ලබාගෙන අපේ පිරිස විශ්රාවම ශාලාවේ එක්ව එක එකාට ලැබුනු මුදල් බැළුවා- ඒ පළමුවෙනි දවසේ මට ලැබි තිබුනු ගණන රුපියල් හතරකුත් සත හැත්තෑවකි. සමහර ගෑණුන්ට රුපියල් පහ භය ලැබි තිබුනා. ඉතින් එදා මම තීන්දු කරගත්තා, අපේ ගමටත්




පියදාස සිරිසේන නවකථා එකතුව 369


නොගොසින් මේ හිඟන්නන් රැල සමඟ එක්ව කල්ගත කරන්ට. ඇත්තෙන්ම එදා මට ඇති නිදහසත් සැපත් කියා නිම කරන්ට බැරිය. අපි කාණ්ඩය එක්වුනාම ඇති සන්තෝසය  ! අනේ හඟන කණ්ඩායමකට එකතු නුන කෙනෙකුට කියා අවබෝධ කරන්ට බැරිය. ස්ත්රීන පුරුෂ කවුරුත් තම තමාට මනාප හැටියට හැසිරෙන්ටත්, අරක්කු ආදි මත්පැන් පානය කරන්ටත්, හොඳටම නිදහස ති‍බේ. ගෙවල් දොරවල් හදනටත්. ඒවා හොඳින් තබා ගන්ටත්, වුත කුඹුරු වවන්ටත්, හරකබාන මේච්චල් කරන්ටත්, මිනිහෙකුට කොච්චර අමාරුද ? දු දරුවන්ගේ කරච්චලයත්, නෑදෑයින්ගේ කරච්චලයත් යනාදි සියල්ලත් විද දරා‍ගෙණ ගමේ රටේ පදිංචිව ඉඳිමට වඩා හිඟාකැම කොපමණ නිදහසද කියා කියන්ට බැරිය. ඇත්තෙන්ම උඹ වෙන රක්ෂාවල් සොයන්ට කමක් නැත. කරන්ට තිබෙන්නේ ඉස රැවුල් කපන්නේ නැතිව කිළුටු වස්ත්රය ඇඳගෙණ හැරමිටියක් අතට ගෙණ යන එක පමණයි. හිඟමන් ඉල්ලීමේදි කියන යාදින්න මම රාත්රිු දෙකකදී උඹට පුරුදු කරවන්නෙමි. නිදහසේ ඕනැ අන්දමට කන්ට බොන්ටත්, නිකම් කාලය ගතකරන්ටත් මිට වඩා හොඳ වැඩක් නැතැයි” හිඟාකැමේ රක්ෂාව මුව නොසෑහෙන සේ බණ්ඩා වර්ණනා කළේය.

       ම‍ෙග් හිත මහත් සංවේගයට පැමිණ මේ හිඟන රැලට මොකවත් කියන්ට කල්පනා කෙළෙමි. “බණ්ඩෝ අපට නොපෙණෙන ස්වර්ගත් අපායවළුත් බොහෝය. නමුත් අපේ ඇසට පෙණෙන ස්වර්ගයත් අපායපළුත් මේ ලෝකේම තිබෙනවා. අපට නොපෙණන ස්වරිග හා අපායවල් අවබෝධකර ගන්ට ආ‍ධාර වන්නෙති මෙහි තිබෙන ස්වර්ග හා අපායවල් දැක තේරුම් ගැණිමෙන්ය. මේ  ලොවදී ස්වර්ග සැප විදින සමහර අය මැරි ගියාට පසුත් සවර්ග‍ිලෝකවලට යන බවත්, මෙලොව අපාය හා සමාන දුක් විදිනා බොහෝ අය මැරි ගොසිනුත් නරක තිරිසන් ප්රේවත අසුර නිකාය ආදී සතර අපායට යන බවත් ඒකාන්තය. ඉතින් මේ උතුම් මනුෂ්යර ලෝකයේ උපන් කෙනෙක් මෙලොවදිත් අපාය දුක් විඳලා මරණින් මත්තෙන් අපායකට යතොත් ඒ තරම් අනුවණ කමක්   ලෝකයේ නැහැ නොවේද ? හිඟන්නා වනාහි මේ ලෝකයේ ඉන්නා තිරිසනා වේ . අපරාධ‍කාරයා වනාහි මේ ලෝකයේ ඉන්නා යක්සයා - පිසාචයා වේ. අලසයා හෝ සිත කය වෙහෙසා  මොකුත් සපයා නොගන්නා අය මේ ලෝකයේ ඉන්නාන ප්රේ තාය වේ . ලැජ්ජා භය ගුණ නුවණ නැති තැනැත්තා මේ ලෝක‍යේ ඉන්නා මනුෂ්යව තිරිසනා වේ. ඉතින් බණ්ඩා කියන්නේ මෙලොව 





370 මහේස්වරි


තිබෙන සතර අපායෙන් හිඟකෑම නමැති නිරයට ඇතුල් වෙන්ටද ? ඉතින් එසේ මෙලොව නරකාදී දුක්විදලා මරණින් පස්සේ වත සුගතියකට යන්ට ලැබේද ? ඇත්තෙන්ම නැත. මෙලොව වශයෙන් පවත්නා මනුෂ්ය් ගති සතරකි. දේව මනුෂ්ය්, මිනිස් මනුෂ්යය, තිරිසන් මනුෂ්යු, පිසාව මනුෂ්යර, තිරිසන් මනුෂ්යන යන පංක්තිවල උදවිය මරණින් පසුත් ඒ ඒ ස්ථානවල ඉපදෙනවා මිස මනුෂ්යර තිරිසනෙක් කල්ප ගණනකින‍ුත් සුගතියක උපදින්නේ නැත. මනුෂ්යර තිරිසනෙක් හෝ මනුෂ්යි පිසාච‍කයෙක් ඉන්නා හිඟන්නෙකුටත් සංසාරයේ අප්ර මාණ කාලයක්ම දිව්යට මනුෂ්යාෂදි සුගතියක් උපදින්ට නොලැබේ.

    හිඟා කැම මනුෂ්යු ගතිය ඉක්මවු නීච දිවි පැවැත්මකි. නීච මනුස්යලයෙක් මිස තිරිසනෙක් වත් හිඟාකනවා බණ්ඩා දුටුවා ද?  එක  තිරිසනෙක් තවත් තිරිසනෙකුගේන සමහර විට කොල්ලකා ගේන කන්ට පිළිවන. නමුත් හිඟාක්නේ නැත. එහෙත් මනුෂ්යටයා තවත් මිනිහෙකුගෙන් ඉල්ලාගෙණ කන බව පෙනේ. ඇත්තෙන්ම මනුෂ්යහ ආත්මය බලු කපුටු ආදි තිරිසනුන්ටත් වඩා පහත් කරගන්නා. තැනැත්තන්ට පිසාඡය-‍ප්‍රේතය කිවත් වැඩි තරම්ය. ආත්ම ගෞරවය, ආත්ම ශක්තිය. ආත්ම විශ්වාසය, නැතිව ඉතාමත් පහත් දාස හිතක්, වහල් හිතක්, යම් කිසි මිනිහෙක් ඇතිකර ගත්තොත් ඔහුට සංසාරයේ ලැබෙන දුක කාටවත් කියා නිමකරන්ට බැරිය. අනේ !  බණ්ඩෝ. උඹ වැදගත් පවුලක කෙනෙක- වැදගත් දෙමව්පියන්ගේ දරු කෙනෙක- ඉඩම් කඩම් වතු කුඹුර ඇති කෙනෙක කියා දැන් මෙහිදිම කීවා. එබඳු වැදගත් කමකුත් මවුපියනුත් ඉඩ කඩනුත් නැති නිකම්ම මිනිහෙක් වුවත ශරිර ශක්තිය තිබියදි- අත පය ඇස් කන් නාසා ආදි අංග ප්රිත්යංනග තිබියදි හිඟා කෑම කිය නොහැකි තරම් නින්දාවක් නෝවේද ? දැන් අපේ රටේ හිඟන පිරිස අතර උපදංශඃ වන. පිළියල් ආදි පිළිකුල් කටයුතු දරුණු රෝගවලින් නොපෙළෙන කෙනෙක් ඉන්නවාද ?  සතුන් මැරිම, හොරකම් කිරිම, පරදාරත පරපුරුෂ සේවනය, බොරුකීම, සුරාපානය කිරිම ආදි ගර්හිත පවුනොකරණ කෙනෙක් ඉන්නවාද ? ඉත්නා ලෝකයේ තිබෙන තාක් පිළිකුල් කටයුතු රෝගත්  වැළඳ ගෙණ-ලෝකයේ ඇති තාක් ගර්හිත දුශ්චරිතත් කරමින්-දුරුඝන්ධයෙන් යුත් කිලිටි ව‍ැරහැලි අඳිමින් - හිසපුරා උකුණන් ඇතිව-ගතපුරා කුණු කිලිටි වැගිරෙමින් බඩ වියතක් නිසා හිඟාකෑම කෙතරම් නින්දිත ක්රිරයාවක්ද කියා නුඹට නොතේරෙන එක පුදුමයකි. හරකෙකුට, එළුවෙකුට, රිළවෙකුට, බල්ලෙකුට, බලලෙකුට, ගැරඬියෙක්ට, 




පියදාස සිරිසේන නවකථා එකතුව 371

ගැඩවිලෙකුට, මැස්සෙකුට, මදුරුවෙකුට ආදී ඉතාම කුඩා ඉතාම නීච සතුන්ටත් තමන්ගේ ක්ෂුධා ගින්න නිවා ගන්ට මොනවා නමුත් සපයා ගත හැකි නම් මිනිස් රූපයෙන් උපන් උඹලා අපට කුසගින්න නිවා ගැනිමට තරම් යමක් සපයා ගන්ට බැරිද ? වහල් ගතියට පැමිණි මනුෂ්යවයා තිරිසනාට වඩා නරක බව දැන් බණ්ඩාරට අවබෝද වෙනවා නොවේ දැයි ඇසීමි.

     බණ්ඩා තවත් ටිකක් මා ලඟට කිට්ටුවෙලා “ආ ඕයි, තමුසේ කවුද- තමුසේ එසේ මෙසේ කෙනෙක් නොවන බව මට වැටහුනා. තමුසේව දකින්ට ලැබිමත් ලොකු වාසනාවකි. තමුසේ කියන කතාව මට හොඳින්මට වැටහුනා.
      නමුත් හිඟන කාන්ඩයට එකතුවි එක දිනක් හිඟාකා ඒ හිඟන්නන් සමඟ කල්ගත කළොත් කෙතරම් සමර්ථයෙකුටත් එයින් ගැලවි යන්ට බැරිය. දැන් අපට මෙතරම් වැදගත් කරුණු ප්රකකාශකළ තමුසේත් අපේ කාන්ඩෙට වැටි එක දවසක් ගතකළොත් තමුසේටත් සිද්ධවෙන්නේ එටිකමයි කිය.
    ඔව්, බණ්ඩෝ ඒක එහෙමතමා ! ලෝකයේ තිබෙනතාක් දුශ්චරිතත් - පහත් කරි   යාවලත් හැටි එහෙම තමා! ඔන්න එක්තරා ගෙදරක ගැහැණු ලමයෙකුට හොරෙන් කන්ට පුරුදුවුනා. ඒ පුරුදුවුනේ බඩපුරා කැවත් කුස්සියේ තිබෙන යම්කිසික් හොරෙන් කන ලොකු ස්ත්රීරයකගෙන් මේ ලමයාටත් ඒ හොරකම පුරුදු වුනාය. හොඳටම ආහාර කාලා සමහර විට තමාට බෙදා දෙන ආහාර කන්ටත් බැරිව ඉතුරු කළත් වෙන තැනක තිබෙන හකුරු කෑල්ලක් හෝ සීනි ටිකක් හෝ කැවුමක් කෙසෙල් ගෙඩියක් හෝ කෑම මේ ලමයාගේ සිරිතක් විය. ඉතින් මේ ලමයා ලොකු තරුණියක් වු පසු විවාහ කර දෙන්ට ලැහැස්ති කරණ ලදී. මඟුල් දිනයේ මනමාලිය ලෙස ඇඳ පැළඳ ගෙන මනමාලයා හා පිරිස්ත සමඟ මඟුල්භෝජන අනුභව කලාය. මේ තරුණ මනමාලිය ඈත මෑත බලා පැත්තකින් තිබුනු ලුනු භාජනයට අත දමා ලෙව කෑවේය. කාරණට දුටු මනමාලයා හා පිරිස මහත් ලැජ්ජාවෙන් කලබලයට පත්වු බව දුටු මනමාලිගේ මවු “සිරිත් විරිත් කළාද දුවේ”කියා පිරිස සංස‍ිඳුවන ලද්දේය. ඉතින් මේ කීවේ පුරුද්දේ බලතර කමයි. පුරුද්දත් දෙවිධියකි. මේ අසාරවු සංසාර ගතියක හැටි  !  හොඳ දෙයක් පුරුදු කරවිම ඉතාමත් දුෂ්කරය. නමුත් දුශ්චරිතයක් හෝ වැරැද්දක් එක වරක් කළොත් එය නැවත නැවත කිරිමට හිත පෙළඹේ.





372 මහේස්වරී


    වතුර වලකින් හෝ ගඟකින් පහත් භුවියකට වතුර ගැණිම සඳහා කුඩා අගලක් කැපුවිට පිළිවන. යන්තම් සුළු මගක් පාදා දුන්විට පහතට වතුර බැසිම ඒකාන්තය. ඒ පහතට ජලය බැසීම නැවත නැවත්විමටද පහසු නැත. ග‍ඟේ සිට පහත් භුමිටය කපන ලද කුඩා අගල ක්රිමයෙන්විශාලවි ටික කලක් යන විට බලවත් පරිශ්රයම නොගත්තොත් නවත්වන්ටම බැරිය. දුශ්චරිත හෙවත් නීච ක්රිකයාත් එසේමය. එක වරක්වත් නීච පහත් ක්රි යාවක යමෙක් යෙදුනොත් එය නැවත නැවත කිරිමට ඔහුගේ සිත ඔහුට නියම කරයි. මේ වනාහි ස්වභාව ධර්මයේ හෙවත් සංසාරයේ හැටිමයි. ඒ ස්වභාව ධර්මය මැඩ පවත්වනට පිළිවන්-සමර්ථතාව ඇතිවන්ට බුද්ධාදි උත්තමයන්ගේ ධර්මයත් ඉගෙණ  කල්යාැණ මිත්රෙයන්ගේ සේවනයත් ඇතිවිය යුතුය. 
  දැන් අප රටේ ස්වභාව වශයෙන්  උපදින්නෝ සියල්ලෙන්ම දුරුවල මනුෂ්යනයෝ. කෘත පුණ්ය් මහෙශාක්යප මිනසුන් උපදින්නේ කලාතුරකින්ය. පොළොවේ සාරයත් අඩු නම් ඒ පොළාව උපක්රපමයෙන්වත සාර නොකර සෘතුවත් නොසලකා බිත්තර වි ගැනත් නොසලකා ශාස්ත්රාරනුකුලව ඉඩමත් සකස් නොකොට වපුරණ කුඹුරු වල අස්වැන්න ඉතාමත් අසතුටු දායක වන්නාක් මෙනි. දැන් අපේ ජන සමාජය ප්රිතිපත්තියක් නැති උසස් සැප පහසු නැති- ගුණ ධර්මදිය නොසලකන ජන සමාජයකි. එබඳු දුර්වල ජනයා අතර පින්වත් මහෙශාක්යන උත්තමයෝ නුපදිති. ඉතින් පහත් මිනිස්න් ආත්ම ගෞරවය නැති වහල් හිතක් ඇති ජනයා බහුලවිම සිරිතකි. හිඟාකෑම අනුන්ගේ ඉපයීමෙන් රැකෙන්ට බලාපොරෝත්තුවිම ආදී දුරුවල හිත් ඇති අය වැඩිවිම මුළු රටටත් ජාතියටත් කරණ අනර්ථයක්ය. ඒ නිසා බණ්්ඩා මුතුන් මිත්තන්ගේ උසස් න‍ාමයට නින්දා කිරිමේ කොටස්කාරයෙක්වි ටික කලක් ජිවත්විම හරියට නයාගේ කටේ ඉන්නා මැඩියා මැස්සෙකු ඩැහැගෙණ ඒ මැස්සා ගිලිමින් ප්රීනතිවන්නාක් වැනි වැඩකැයි කීවාම හිඟන රංචුවේ වුන් හැම දෙනාම මා පිරිවරා ගත්හ. එක්තරා මහළු හිඟන්නෙක් නැගිට “බණ්ඩෝ උඹ ඔය කතා කරන්නේ අසරණ රස්තියාදු කාරයෙක් සමඟද?  සමහර  විට ඔයව කෝන්ගොඩ වික්රසමපාල මහතාද කියා කියන්ටත් බැරිය”යි කීවේය
     හිඟාකෑමේ තිබෙන නින්දිතකම හුඟක් දුර විස්තර කළ මම- රාත්රිය දොළහට පමන මා වුන් ‍ හෝටලයට අවුත් නිදා ගතිමි. උදේ දුම්රියෙන් කුරුණැගලට යන්ට සිතා සිටි නමුත් මිත්රියෙකුගේ පෙරැත්ත නිසා දහවල් ආහාර ගෙණ එ‍කේ දුම්රියෙන් යන්ට නියම කර ගතිමි.




පියදාස සිරිසේන නවකථා එකතුව 373


හෝටලයේ කතාකරමින් ඉන්නා විට මට ලියමනක් ලැබු‍නේය. ලියමන විවෘත කොට බැළුවෙමි. “මහෙස්වරීය බදුල්ලේ තේවත්තක ඉන්නවා. වික්රිමපාල එහාට ආවොත් වැඩි මහන්සියක් නැතිව මහෙස්වරිව දකින්ට ලැබේ. මේ වගට-මහේස්වරි”- මේ ලියමන මට කරණ ලද කවටකමක් ලෙස වැටහුනේය. නමුත් ලියමන තැපැල්කර තිබෙන්නේ බදුල්ලෙන් නිසා- බදුල්ලට යාමට සිතා ගතිමි. මක්නිසාද කවටකම් වලිනුත් යම් යම් ප්රතයෝජන ලැබිම තිබෙන බැවිනි. එවෙලාවේ එතන සිටි මගේ මිත්රැ ගුණවර්ධන මා දෙස පරීක්ෂාවෙන් බලා සිටියේය. මා අතට ලියුම් ලැබුනු හැටියේ ඇතිවුනු ප්රී තිය- ලියමන බලද්දී නැතුවගිය හැටිත් - ඉක්බිත් ලියමන කියවා බැළු මගේ හිත මිනිත්තුවකදි තවත් ගතියකට පරිවර්තනයවු හැටිත් දුටු ගුණවර්ධන මහතා සිනාසී “මොකද ?- වික්රටමපාල මහතාගේ මුහුණ මිනිත්තු පහක් ඇතුලතදි තුන් ආකාරයකට වෙනස් වුනේ ? මහත්මා වැනි උගත් ස්ථීර සාර ගුණය ඇති අයගේ හිතත් මේ තරම් ඉක්මණින් වෙනස් වෙතොත අන්ය යන් ගැන කියනු කවරේදැයි කීයේය.

    “ඔව් ගුණවර්ධන මහතානනි, මිනිස් හිත වෙනස්වන සියුම් කාලප්රනමාණයවත් කෙලෙස් සහිත කෙනෙකුට කිය නොහැක්කේය. මම එක් කාලයක අභිධර්මය පිළිබඳ යම් යම් කරුණු ඉගෙණගන්ට උත්සාහ කළෙමි. කොළඹ මාහ විසුද්ධාරාමයේ වැඩහුන් ආචාර්ය සිරිධම්ම මහා ස්ථවිර පාදයන් වහන්සේ වෙත් පැමිණ ගැඹුරු ධර්මය ගැන නොයෙක් විට කරුණු විමසුවෙමි. හිත පිළිබඳ විශේෂ දැනුමක් ඇතිව සිටි උන්වහන්සේ එක් දිනක් ස්වකීය ගෝල  භික්ෂුන්ට ලැගුම් ගෙයි පහන් නිවා පාඩමක් උගන්වද්දී මමද එහි ගියෙමි. කිසිම ආ‍ලෝකයක් නැතිව ඝනාන්ධකාරයේ ඒ පාඩම උගන්වන ලද්දේ රූපාදිය දැකිමෙන් හිතට ඇතිනවන චංචල භාවය වැලැක්විමට බව දැන ගතිමි. සිතේ පවත්නා පුදුම වෙනස්විම් ප්රලකාශකළ ඒ ස්වාමින්වහ්න්්සේ හිතේ ක්ෂණික භාවය මෙසෙත් විස්තර කළේය.  “බුදුන්” යන පදයේ ඇත්තේ අකුරු තුනක්ය. ඉතින් මේ  “බුදුන්” යන පදය. ශ්රශද්ධා භක්තිනේ යුක්තය එක්වරක කීමෙන්   “ච්ත්තක්ෂණ” විසි අටක් සංසි‍ඳේ. එවිට “බුදුන්” යන අකුරු තුන සජ්ඣායනා කරන කාලය අතර ඇතිවන කාල ප්රනමාණය චිත්තක්ෂණ විසි අටකි. සිත එකඟතාවයෙහි පිහිටුවන්ට උත්සහා කරණ පින්වතෙකුට  “බුදුන්” කියමින් එක් වරක් ශබ්ද කරණ විට චිත්තක්ෂණ විසි අටක නිදහසක් හෙවත් සිත ක්ෂණ විසි අටක් ස්ථීරව එනම් චංචල නොකොට පවත්වා 





374 මහේස්වරී


ගන්ට ලැබෙය යි ප්ර්කාශ කළේය. සිත පිළිබඳ හැබෑ දැනිමක් ඇතිකර නොගන් කෙනෙකුට ජිවිතයේ පවත්නා අප්රකමාණ කරදර කිසිවක් සැහැල්ලු කරගත නොහැක. හැබෑ පැණවතෙක් විය හැක්කේත් සිත පිළිබඳ සියුම් ඉගෙණිම ලැබු තැනැත්තා පමණයයි - කීවාම මගේ මිත්රර ගුණවර්ධන කවට කමකින් ලැබුනු ප්රැයෝජන කුමක්දැයි මතක් කළේය. කවටකමක් නිසා ඔටුන්නක් නැතිවුනු බව අපේ ඉතිහාසයේ සඳහන්වේ‍. නමුත් ඉතා ඈත නොවන කාලයක කොළඹට ආස්න්්න ගමක සිද්දවන්ට තිබුනු මරණ දෙකක් කවටකමක් නිසා සිද්ධනොවි. ගැලවුනේයයි කීවාම ඒ කවටකම විස්කර කරන ලෙස ඉල්ලු බැවින් එය මෙහි සඳහන් කරමි.

     දකුණු පළාතේ  කට්ටඬිරාල කෙනෙක් ගල්කිස්ස -  දෙහිවල ආදි කොළඹට ආසන්න ගම්වල යකදුරුකම් කරමින් සිටියේය. මොහු දක්ෂ නැට්ටුවෙකි. මිහිරි කටහඩ ඇති අයෙකි. ඒ කා‍ෙල් දැනටත් වඩා තොවිල් පවිල් කරවා ගන්නා උදවිය සිටි බැවින් කට්ටඬිරාලට වාසි තිබුනේය. දෙහිවලට ආසන්න ගමක ස්ත්රී්යක්  මොහ් සමඟ පෙම්බැඳ - චෞරස්වාමියෙක් කරග්ත්තේය. කට්ටඩි රාලද දරු සදෙනෙක් ඇති පවුල්කාරයෙක්. ස්තරීයෙකයද දරුවන් දෙදෙනෙක් ඉන්නා - පුරුෂයා සමඟ කල්යවන එක් ප්රටමාණයක පෙණුම ඇති ස්ත්රීනයකි. මේ ස්ත්රිරයත් කට්ටඬිරාලත් රහසින් කල්යවන බව ටිකදෙනෙකු අතර ප්රිසිද්ධව තිබුනේය. ස්ත්රීතයගේ නියම පුරුෂයා සැරපරුෂ මිනිහෙකි. කට්ටඬියා ඔහුගේ නිවසේදි බිරින්දත් සමඟ කතාබස් කරන වේලාවක් දකින්ට ලැබුනොත් ඔවුන් දෙන්නාම මරාදමන අදහසක් මේ මිනිහා තුල පැවැත්තේය. නමුත් කවදාවත් අල්වා ගත ‍  නොහැකිවිය. එක් සිංහල අවුරුදු දිනකට ඉස්සරින්දි කට්ටඬිරාල වැදගත් මිත්රියෙකුට ගෙණයන්ට උවමනා යයි කියා ලොකු කැවුම් මුලකුත් කිරි මුට්ටියකුත් පැණි මුලකුත් හොර බිරිඳට දෙන පිණිස ගෙණ ආයේය. ඒ කාලේ දුම්රිය මාර්ගය විවෘතකර  තිබ‍ුනේ කළුතරට පමණක් හෙයින් ඔහු හොඳට අඳුනන වලව්වක එදා රෑ නවාතැන් ගත්තේය. ඒ ස්ථානයේ ඉන්නේ ඉතාමත් සමර්ථ කවට මහතෙකි. ඒ මහතා කට්ටඬිරාලගේ කිරිමුට්ටිය හා පැණිමුලත් කැවුම් මුලත් ගෙණයන ස්ථානය හොඳින් දන්නා  බැවින් කට්ටඬිරාල රාත්රිු නිදාගත් පසු තවත් කීප දෙනෙකු සමඟ එක්වි කිරි පැණි හා කැවුම් මුලත් මහ රෑ කා දමුහ. ඉක්බිති විශාල ගෙමඩින් හතර දෙනෙකු කැවුම් මුල වෙනුවට බැඳ තැබුහ. කිරි මුට්ටිය වෙනුවට පොල් රා මුට්ටියක්ද පැණි මුල වෙනුවට ‍ ගෝඩා මුලක් ද බැඳ තබා





පියදාස සිරි‍සේන නවකථා එකතුව 375


නිසොල්මන්වුහ. කට්ටඬිරාල මධ්යාම රෑ නැගිට මේ කිරි පැණි කැවුම් ආදියත් රැගෙණ උදේම කළුතරට අවුත් දුම්රියෙන් ගල්කිස්සට අවුත් එතැනින් හෝර බිරිඳගේ ගෙදරට ගොස් ඒ බඩු ‍ හොර බිරිඳට දුන්නේය. ඇගේ පුරුෂයා යකුදුරා ඒය යන අදහසින් ගමින් බැහැර නො‍ගොස් සිටි නමුත් කට්ටඬි එන වේලාවට එහි නොසිටියේය. ස්ත්රීහයගේ ඥතීන් දෙතුන් දෙනෙක්ද ඒවෙලාවට ගෙයි වුන්හ. ඔහුන්ට දෙන පිණිසත් තමාගේ උසස්කම පෙන්වන පිණිසත් මැනවි නෝනා ඒ කිරි පැණි හා කැවුම් මුලත් මේසේ උඩම තබා ගෙන පළමුවෙන් කැවුම් මුල ලිහුවේය. කරුමයකි ! ලිහන කොටම ඉතාමත් කලු මහලු විසාල ගෙම්බන් හතරදෙනා දෙපැත්ත්කකට පැන්නාහ. එකෙක් මැන්චිනෝනාගේ නෑනා වන තරුණියකගේ හිසට පැණිම නිසා ඈ භයවි මොරහඬ දෙන්ට පටන් ගත්තිය. ඇත්තෙන්ම මැන්චි නේනාට කුමක් සිතෙන්ට ඇද්ද ? ඉස්තෝප්පුවේ වාඩිවි වුන් කට්ටඬිරාල වෙතට දුවගෙණ ආ මැනිච්නෝනා කිරි මුට්ටිය හා පැණි මුලද දැතින් අරගෙණ ආහ. “ආ බොල ජඩයෝ-‍ලොකු කැවුම් මුලක්ය කියා නාකි ගෙම්බන් හතරදෙනෙක් මට අවුරුද්දට ගෙණා තෑගිද ? කියමින් කට්ටඬිරාලගේ දෙසට කිරිමුට්ටියත් පැණිමුලත් විසි කළාය. මුට්ටියේ තිබුනු පල්රාත්-දුරුගන්දය ගහන ගෝඩත් වලින් කට්ටඬිරාලට නාන්ට තරම් සිද්ධවිය. “චාලි හාමු මට කළ විපතය”යි විලාප ගහමින් දුවන කට්ටඬියාට මැන්චිනෝනා බිඳුනු රා මුට්ටි‍යේ කැබලිවලින් දමා ගසා මින්පසු “තෝ මේ ගෙදර පස් පැගුවොත් ඉලපතෙන් ගහනවි”යයි පසු පස්සේ එලෙව්වාය. කට්ටඬිරාල පලරාත් ගෝඩාත් නාගෙණ දිව්වාට පසු කවදාවත් ඒ පළාතට නාවේය. මැන්චිනෝනා ‍ ගේ දොර සුද්ද පවිත්රා කර ස්වකිය පුරුෂයාට කට්ටඬිරාල මිත්රාවෙන්ට තෑගි බෝග අරගෙන ආ නමුත් ඈ ඒ තෑගිවලින් ඔහුට ගසා එලෙව් බවත් ප්රනකාශ කොට මැන්චිනෝනා ඉතා හොඳින් පතිවෘතාව රක්ෂා කරණ කුලාංගනාවක්ද වුවාය.බලන්ට චාලි හාමු කළ කවටකමේ ඉෂ්ට විපාක.








376 මහේස්වරි


17. පරිච්ජේදය

     සමහරවිට බදුල්ලේ කෙනෙක් කවට වශයෙන් එහි මහෙස්වරි ඉන්නා බව මට ලියා එව‍ා තිබෙතත්-  මහේස්වරිය මනුෂය ලෝකේ සිටියොත් මම  සොයන්නෙමි. ඈ නොසිටියොත් නැවත උපදින තැනවත් සොයන්නෙමියි මා මිත්රෙ ගුණවර්ධන මහතාට කිවෙමි. දවල් එකේ දුම්රියෙන් කුරූණෑගලට පැමිණයෙමි. එදා රාත්රිට කුරුණුගල නැවති පසු දින බසකින් නුවරට යන්ට සිතා ගෙණ මගේ මිත්රනයෙකුගේ නිවසට පැමිණි‍යෙමි. කරුණෑගල පළාතට මහෙස්වරි තවමත් නොපැමිණි බව නිසැකව දැනගතිමි. පළාතේ තොරතුරු විමසන විට හැබෑ පරාර්ථකාමි සත්පුරුෂයන් දෙතුන් දෙනෙකුට වඩා නැති පළාතක් බව වැටහුනේය. එකිනෙකි ධනවත් වෙන්ටත් උසස් වෙන්ටත් විරිය කරති. ඒ යථා විධියෙන්   නොවේ. වෙනිනි එකෙකු ‍ හෝ කිපදෙනෙකු පාගා දමා විනාශ කොට දියුණුවිමට දඟලන මිනිසුන් ලක්දිව හැම තැනමති සිටිති. කුරුණ‍ෑගල එබඳු අය බො‍හොමත් වැඩි බව පෙනේ. තමාට වඩා උසස්ව හෝ තමා සමාන වෙන කිසිවෙක් සිටිය යුතු නැත යන පහත් කල්පනාව අපේ මිනිසුන් තුල පවත්නා තුරු මේ රටේ උසස් දියුණු වක් ඇති නොවේ. ‍ ලෝවැඩ කිරිම තමන්ගේම වැඩ කරගැනිමට වඩා වැදගත් යයි සිංහල ජනයා සිත කාලය අතික්රා්න්තවි බොහෝ කලක් විය. ඒ කාලය හෙවත් ලෝවැඩ කිරිමත් මනුෂ්යල  ජිවිතයේ එක් යුතුකමකැයි අපට අවබෝධවන කාලයක් පැමිණියොත් එතැන් පටන් නැවතත් සිංහල ජාතිය දියුණුවිය හැකි බව කල්පනා විය.
   “අනේ වික්රවමපාල මහ්තමයානනි. අපේ නගරයේ ඉන්නා බලවත් උදවිය මතු පිටින් මහාජන  හිතෛෂි භාවය පෙන්වන්ට ගජ සමත්තු ! යටින් හීන් නුලේ තමන්ගේම වාසියටත් අනුන්ගේ අවාසියටත් වැඩ කරන්නෝය. මේ නිසා දැන් මේ පළාත ඉතාමත් දුක්ඛිත පළාතක් වි තිබේ‍. අපේ නගර සභා ආදියට පත්කරගෙණ ඉන්නන්ගෙන් බොහෝ දෙනාද එසේමය. නගරය හාත්පස තිබෙන ඉඩ කඩම් ආදිය ධනවතුන් හිමිකර ගන්නවා මිසි ඉඩම් නැති අසරණයන්ට අක්කරය හමාර ලබාදි-  ඔවුන්ට නිවහල් ජිවිතයක් ගතකරන්ට මග සලස්වන කෙනෙක් දකින්ටවත් නැත. සමහරු මොන උපක්රගමයකින්වත් ටිකක් සම්භකරගත් පසු-තවත් කෙනෙකු සමඟ භේදවී- නඩු කියන්ට පටන් ගන්නේය.





පියදාස සිරිසේන නවකථා එකතුව 377


අන්තිමේදි දේනනාම කුලල් කාගෙන විනාශ වෙති. මේ පලාතේ මිනිසුන් කොහොම වෙතත් ලමයින්වත් සමාජ ධර්ම යෙහි පුරුදු නොකෙරෙව්වෝත මේ පළාතම සිංහලයන් විරහිතවු- අන්ය ජාතිවල ජනයාට හිමිවු පළාතක් වන්නේ”යි මගේ මිත්රයයා කියේය.

     “ඔව් රාළහාමි දැන් ලක්දිව හැම පළාත්ම එක වාගේය. අනුන්ගේ යස ඉසුරු  නොසලකන කාලකන්නි පිරිලාය. ආත්ම ගෞරවය, ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය. ඇතියෙකු දැකිම වල්ගා තරුවක් දැකිමටත් වඩා දුෂ්කරය. අවුරුදු පන්සියයකටත් ටිකක් වැඩි කාලයක් ලක්දිව නිරවුල්වු නිශ්කලංකවු සමාජ  ධර්මයක් නොපැවැත්තේය. එක පැත්තකින් පරංගි ආදි දුෂ්ට පරසතුරන්ගේ සාස්වත නොපැවැත්තේය. එක පැත්තකින් පරංගි ආදි දුෂ්ට පරසතුරන්ගේ සාස්වත මිථ්යාත අධර්මය හා පරහිංසනාදි ක්රිදයා රට වාසීන් අතර පුරුදුවිය. අනිත් අතින් ද්ර්විඩ රාජ බලය පැවතීම නිසා අනාර්ය දෙමල චාර්ත්රත පුරුදු විය. තවත් අතකින් දෙමල පරංගි අරාබි ආදින් හො සංකීර්ණවිමද ඇතිවිය. දෙමල බලය පැවති පළාත්වල සමහර ලොකු පවුල්වලට දෙමල ලේ මිශ්රයවිම නිසා සිංහල ඡාතිකයන් තුල පැවති ආත්ම ගෞරවය ආත්ම බලය හා ආත්ම විශ්වොසය එහෙම පිටින්ම වාගේ සුන්යැවු ගියේය. උතුම් වු  ආගම ප්ර්තිපත්ති එහෙම පිටින්ම වාගේ අභාවයට ගියේය. ප්රතතිපත්ති විරහිත ආත්ම ගෞරවය නැති මිනිසුන්ගෙන් ඇතිවන පරම්පරාව තිරිසනුන්ටත් වඩා පහන් පැවතුම් ඇති පිරිසක්විම ඒකාන්ත කාරණයකි. අවුරුදු හාරසියයක් පමණ හැම අතින්ම පිරිහි ගිය සිංහල ජාතිය ඒ පිරිහිමට හේතුව ධර්ම ශාස්ත්රා ලෝකය නැතිවිමෙන් බව සැලකිය  යුතුයත. නමුත් සිංහල ජාතිය අව‍ුරුදු පන්දහසකට වැඩි කාලයක්  අවිච්ඡන්න විය යුතු බැවින් 18 වෙනි ශතවර්ෂයේදි ලක්දිව පින්වත් උතුමන් කීප පලක් පහලවුහ.  පිරිවෙන් කිපයක්ද -  පාඨශාලා බොහොමයක්ද පටන්ගෙණ “ජාති” ශබ්දය ප්රනකට කිරිමත්  - මහාවංශ ආදී ඉතිහාස පොත් ප්රෝකට කිරිමත් නිසා දැන් සිංහල ජාතිය මැලවි තිබුනු වෘක්සයක් දළු ලන්නට ආරම්භ වුවාක් මෙන් පෙනේ. යම්තම් දළුලන මේ වාක්ෂය යහපත් අවවාදනුශාසනා නමැති වැස්සත් -  පාළන ක්රවම නමැති මද සුළඟත්-ජාතයාලය නමැත් සූර්ය රශ්මියත් ලැබුනොත්- කුල භේද- නිකාය භේද නමැති වල් මෘග යන්ගෙන් ආරක්ෂාකර ගත්තොත්- එක්සත්කම නමැති වෘක්ෂය තව වරක් වැඩෙනු ඒකාන්තය. ඉතින් රාළහාමි පුද්ගලික ලාභ ප්ර්යෝජනම නොතකා පශ්විම ජනායගේ ප්රනයෝජනය සඳහා දැන් ඉන්නා ජාති හිතෛෂි සත්පුරුෂ ටිකදෙනා යථා විධියෙන් ක්රි්යා කළොත් වෘක්ෂයේ දළු




378 මහේස්වරී


දෙක තුන හතර වශයෙන් අතිවි ඉක්්බිති රිකිලි අතු පතර ඇතිවි - මල්පල හටගෙණ - අභින්වර බලසම්පන්න වෘක්ෂ රාජයෙකු මෙන් බබලන්නේ යම්සේද සිංහල ජාතියන් නො අනුමානවම බබලන්නේය. මම මාගේ කොටස කරමි. මම දැනට උතුරු සහ උතුරු මධ්ය ම පළාත්වල තොරුතරු දැනගතිමි. එහි පවත්නා අඩු පාඩුත් දැනගතිමි. මිලඟට මධ්යමම වයඹ පළාතුත් ඉන් පසු අනිත් පළාත් ගැණත් විමසා බලන්නෙමි. දැන් නැතිවි ඉන්න “මහෙස්වරී” ත්රි විධ ලංකානේ හෙවත් පළාත් නවයෙන් කොයි පළාතේ ඉන්නීදැයි මම නොඅනුමානව සොයන්නෙමි. අද මම නුවරට ගොස් දහ පහළොස් දවසක් ඒ පළාතේ විපරම් කොට නැවතත් රාළහාමි හමුවිමට කුරුණෑගලට එන්නෙමි”යි කියා බස් නැවතුම් පලට ‍ ගොස් නුවරට යන බසයක නැගුනෙමි.

     මා ගමන් කළ බස් රථයේ ඩ්රතයිවර් ඉතාම හොඳ කෙනෙකි. ඉවසිලිවන්ත සෑම වේලේම සිහියෙන් හා සතුටු සිතින් ඉන්නා ඒ ඩ්රමයිවර් සමගම ඉස්සරහා ආසනයේ සිට මට නුවරට යනතුරු ඔහු සමඟ කථාකර කර යන්ටද ලැබුනේය. “ඩ්රතයිවර් බොහොම ප්රීයතියෙන් ඉන්නා බව පෙනේ. සමහර අය පැය බාගයක් ප්රී තියෙන් වුන්නොත්- පැයක් දොම්නස් සහගතව-  අමනාපයෙන් සිටිති. ඩ්රසයිවර්ට වැඩිපුර  දොම්නස් ගතියක් නැතිවෙන්ට හේතුව කිම දැ”යි ඇසුවෙමි. ඔව් මහ්තමයා, ගෙදර දොරේ - ඥති මිත්රානදින්ගේ හා ගනුදෙනුකාරයන්ගේ කරදර හිතට වැදුනාම ඒ ඒ මිනිස්සු නොයෙකුත් හිත් වේදනාවලින් පීඩි විඳිනවා. මට එහෙම කිසි කරදරයක් නැත. අපේ අම්මා සකසුරුවම් කමදත් - ඉවසිලිවන්ත ලද පමණින් සතුටු වන-  චාන් පැවතුම් ඇති කෙනෙකි. අපට ලැබෙන් ආදායමෙන් භාගයක් පමන වියදම්කොට ඉතාමත් රසට ආහාරපාන ආදිය පිළියෙලවේ. අසල්වැසි අසරණ අයටත් උපකාර කරණ අපේ මෑණියන් නිසා මට ඇතිවි තිබෙන සැනසිල්ලත් අප්ර්මාණය. මා අද සවස ගෙදර ගියාම හරියටම දිවයලෝකයට ගියා වාගේය. තාත්තත් ‍ අම්මත් නංගිත් පන්සලට ගොස් ඒනනේ හයට පමණය. මම‍ මගේ වැඩ ඉවර කොට හයහමාරට පමන ගෙදර යන වි- කෑම බිම සියල්ලක් සුදානම් කොට අම්මත් නංගිත් තාත්තත් ප්රීපතියෙන් කවි හෝ ගාතා කියමින් සිටිති. ඉතින් මහත්මයා හිතට කරදර නැත්තේ ගෙදර දොරේ පවු‍ලේ කරදර නැති තැනැත්තන්ට පමණකි. මමත් නිදහස් සැහැල්ලු මිනිහෙක්ය”යි ඒ බස් ඩ්රයයිවර් වන ජිනදාස සිනාසෙමින් කීයේය.






පියදාස සිරිසේන නවකථා එකතුව 379


  “ඇත්තෙන්ම ජිනදාස නුඹලාගේ මෑණියෝ උතුම් සිංහල ස්ත්රීදයක් බව පෙනේ. නුඹේ ප්රීෙතිමත් ගතියෙන් සහ පවුලේ සැහැල්ලු ප්ර මාණයෙන්ද මෑණියෝ හොඳ කෙනෙක්වා පමණක් නොව- නුවණ ඇති ධර්ම ශාස්ත්රුය උගත් කෙනෙක් බවද හැ‍ඟෙනවා. පියාද ඒ මෑණියන් අනුව ශිලාචාර උගත් කෙනෙක් බවද හැ‍ඟෙනවි. පියාද ඒ මෑණියන් අනුව ශීලාචාර අන්දමින්  කල් ගතකරණ කෙනෙක් බවද හැ‍ඟෙනවාය”යි කිවාම ජිනදාස බස් රථය නියම නැවතුම් පලේ නැවැත්වු පසු මදක් සිනාසී “මහත්මයා අපේ මෑණියන් කවදාවත් දුටුවෙත් නැත මා කියාපු වචන හත අටෙන් අපේ මවුගේ යහපත් ගුණය අවබෝධ කර ගත්තේ කොහොමදැ”යි ඇසුයේය.
      “ඔව් ජිනදාස . මල්වල සුවඳ දන්නා මිනිහාට- වල නොදැක්කත් ඒ මලේ වැදි එන සුලඟ ආඝ්රාිණය වුණොත් - මේ සමන් පිච්ච මලය මේ සපු මලය මේ වැටකේ කියන්ට පිළිවන. එමෙන්ම යම් ස්ත්රි්ය්ක නුදුටුවත් ඇගේ පුත්රේ දුහිතෲන් දෙසත් ඈ ඉන්නා ගෙදර දෙසත්  ඈ සමඟ කල් යවන පුරුෂයා දෙසත් පරීක්ෂා කල විට දැනගන්ට පිළිවන. ජිනදාසාලගේ මෑණියෝ උත්පත්තියෙන්ම සත්ගුනවත් කෙනෙකි. නමුත් ධර්මශාසත්රා හොඳින් අවබෝධ කරගැනිම නිසා තමන්ගේ ප්රෙමාණයට වඩා දරු පිරිසක්ද ඇතිකර නොගත් බව පෙනේ. කාම සැපතට ඉවසිල්ලක් නැති දුරුදිග කල්පනා නො‍ෙකාට කෙරෙණ එකම ක්රි.යාවත් කාමයෙහි හැසිරිමයි. නුවණ ඇති ගුණවත් ස්ත්රීරහු ජිවිත කාලයේ දුක් බහුලකර නොගැණිම පිණිස ස්වාමි පුරුෂයන් විවිධ ක්රටමවලින් සතුටු කරන්ට දිනිති. බ්රැහස්පිත ආදි ශුභ ග්රිහයන් ශුභ රාසි ගතවන අවස්ථාවලදි පමණක් දරුවන් ප්රනසුත කරණ ස්ත්රීතන් අපේ රටේ ඒක් කලක බහුලවුහ. දැන්නම් තිරිසන් සතුන්මෙන් දරුවන් වදන ගැහැනු රට පුරාම සිටිති.පින්වත් ගුණවත් දරුවන් ලැබිමට කාලයක් ගුණධර්මත් සලකා ගත හැකි ස්ත්රීරන් දාහට පස්දෙනෙක්වත් දැන් අපේ රටේ නැත. එහෙයින්ම දිළිඳු අඥන අධම කාලකන්නි ජනයාගෙන් රට පිරි තිබේ. නමුත් තවත්  අවුරුදු තිහ හතලිහක් යන විට ටිකින් ටික ප්ර්තිපත්ති සම්පන්න දීර්ඝදර්ශි ස්ත්රීු පුරුෂයන් මේ රටේ වැඩිවෙන්ට බැරි කමක් නැත”යි කීවෙමි.
   මගේ කථාව තත්වු පරිද්දෙන් තේරුම් ගත් ජිනදාස අතිශයින් ප්රීසතියට පැමිණි බව පෙණුනේය. එපමණකුත් නොව ඔහු මා කවුද කියාත්ෙ දැනගන්ට විරිය කල නමුත් මා තව ටිකක් අප්රනකටව සිටිය යුතුය්යින හැඟුණු බැවින් කිසිත් නොකියා ත්රි තුණාමල විදියේ හන්දියෙන් 





380 මහේස්වරි


බැස මට පුරුදු හෝටලයට ගියෙමි.

       ඒ හෝටලය මගේම නිවස මෙන් මට පුරුදු එකකි. හෝටලේ කළමනාකාර මහාත මා සතුටින් පිළිගෙණ “‍ෙකාහොමද මහත්මයා- මහෙස්වරිය සොයන බව ආරංචියි. තවමත් හෝඩුවාවක්වත දැනගන්ට නැද්දැ”යි ඇසුයේය. “අප්ර මාදව හෙවත් පිළිවන් ඉක්මණින් කටයුතු කිරිම හොඳයි. නමුත් ඒ ඒ දේ  පිළිබඳව කාල නියමයක්ද තිබේ. පටන් ගත් දෙයක් අත් නොහැරම කළ යුත්තේ ඒ නිසාමය. යමක් විරියෙන් ඕනෑකමින් කරගෙණ යනවිට ටික දිනකදි කලකිරි අත්හැර දැම්මොත් බලවත් මෝඩකමක්්ය. පටන්ගත් වැඩේ හරි නොයන බව නිරවශේස වශයෙන්න දැනගන්නා තුරු එය අත්හැර දැමිම තරම් පශ්චාත්තාපයට කාරණයක් නැත්තේය. ඔන්න වෙච්ච කාරණයක් මැනේජර් මහතාට කියන්නෙමි.  1899 යේ මිණිරන් ගණන ඉහල ගිය බැවින් බොහෝ දෙනා මිණිර්න කප්පවන්ට පටන් ගත්තා. එක්තරා මහ්තමයෙක් මිණිරන් පතලයක් බැස බඹ 14 ක් යටට කැපුවා. කළුගලේ බහින ඒ වල සඳහා අවුරුදු දෙකක කාලයක් ඔහුට අයිති සියල්ලත් වියදම් විය. අන්තිමේදි ඔහු කොතරම් කලකිරිමකට පත්විද කිවහොත් ඉඩමේ බද්දත් අවලංගු කොට වල අත්හැර ද‍ැම්මේය. මාසයක් පමණ ගියාට පසු වලේ වැඩ කළ බැස්කෙනෙක් ඒ අසල වෙළදාම් කරණ දුප්පත් තේවතුර කඩකාරයකුට  “අනේ ඕයි රුපියල් දහයක් වියදම් කොට එක වෙඩි මුරයක් දැම්මොත් මිණිරන් ඉල්ලම පෑදෙය”යි නිතරම කියන්ට පටන් ගත්තේය. තේවතුර කඩකාරයාට රුපියල් දහයක් වියදම් කිරිමත් දුෂ්කරය. එහෙත් බාස්ගේ කරදරයට රුපියල් පහක පුපුරණ වෙඩි ගෙන්වා ගෙණ- ඉඩමේ බද්දත් ලබාගෙණ-  වලේ වැඩ පටන් ගත්තේය. ඇත්තෙන්ම ඒ වෙඩි පත්තු කිරිමට බෝර වලවල හාරණ ලද්දේ මිණිරන් ඉල්ලමේය. වෙඩි මුරේ තැබු හැටියේ මිණිරන් පැදුනේය. රුපියල් නවසියය- දහ ගනනේ ටොන් එක විකුණාන කාලය විය. තේ වතුර කඩකාරයා අවුරුද්දකටත් ඉස්සරින් ලක්ෂපතියෙක් විය. භාග්යතය නැතිබැවින් මුල් පතල් කාරායාට මිණිරම සම්භ නුන බවත් තේවතුර කඩකාරයාගේ භාග්ය්ය නිසා මිණිරම සම්භ වු බවත් කවුරුත් පිළිගන්නා තර්කයි. ඒ ඒසේද අවත් තමාගේ ආම්පන්නත්, කෑමබිමත්, පවා තිබියදි මුල් පතල් කාරයා එය අත්හැර යාම අයුත්තකි. පින් මද බැවින් ඔහුට එය අත්හැර යාමට සිත පහල වුනා නියතියි. “නමුත් පටන් ගත් දේ අන්තිම දක්වා කළ යුතුමය”යන ප්ර්තිපත්තිය ඔහු ස්ථිරව රක්ෂා කළේ්ප‍ නම් ඔහුගේ ඒ ප්ර්තිපත්ති බලයෙන් සමහර විට





පියදාස සිරිසේන නවකථා එකතුව 381

කර්ම බලය පවා වෙනස්විමට හැකිවියයි මා කීවාම මැනේජර් මහතා සිනාසි “හොඳිය කර්ම බලය ඉතාමත් දැඩිතර එකක් වි නම් එය වැළැක්විය හැකිද ?” ඇසුයේය.

    “ඔව් දෘඨතර කර්මයක් නම් එය කාටවත් වැලැක්විය නොහ‍ැකකි. නමුත් අල්ප කර්ම යතද. දීඨතර කර්මයද යනු අපට නිසැකව දැනගන්ට බැරිය. ඒ නිසා පටන් ග්තත වැඩේ අන්තිම උපකරණය හෙවත් අන්තිම ශක්තිය ඉවර වනතුරු කරගෙණ යා යුතු ඒ  නිසාමය. එක්කෝ ආරම්භ කළ පුද්ගලයා මිය යන්ට  ඕනෑ- නැතහොත් ආරම්භ කළ වැඩේ හරියන්ට හෝ ඕනෑ. සමහර විට උත්සාහවත් අයට මේ ආත්මයේදි ස්වකීය මනොරථය සම්පුරුන කර ගන්නට බැරිවුනත් මිලඟ ආත්ම භාවයේදි එ අදහස ස්ථිර කරගන්ට බැරිකමක් නැත.
   මගේ අධිෂ්ඨාණය ගැන දන්නා මා මිත්රන මහතා මහෙස්වරි ගැන වචන  දෙකක් තුනක් අසන්ට කැමති බව කියා “මේ මහෙස්වරිය දෙමල ස්ත්රීරයක්ද නැතහොත් සිංහල ස්ත්රීවයක්දැයි”ඇසුයේය. ‍ “සිංහල මහෙස්වරි යයි නමුත් දෙමල වි ති‍බේ. ඈ සොයා ගෑණිමට දුෂ්කරව තිබෙන්නෙත් ඒ නිසාමය”යි කිවෙමි. තරුණියක් පිළිබඳව ආරංච්යක් මට කියන්නට පිළිවනි.‍ මිට මාසයකට වාගේ ප්ර්ථම මොටෝ රථයකින් දෙමල තරුණයෙක් හා තරුණියක් අපේ මේ හෝටලයට ආවාහ. ඒ කාර් එකේ ඩ්රකයිවර් සිංහලයෙකි. එක් රාත්රිරයක හෝටලේ ඉදලා පසුදින උදේ රැයින්ම ඔවුහු යන්ට ගියහ. ඉතා ලක්ෂණ අවුරුදු දහතක් දහ අටක් පමණ වයසැති ඒ තරුණිය කාගේත් බැල්මට භාජනවන කෙනෙකි. මෙහාට පැමිණියේ සවස 7 ට පම්ණ නිසාත් උදේ හයටම පිටත්ව ගිය නිසාත් නොවේ නම් ඈ ගැන යමක් විමසා ගන්ට තිබුනේය. බාග වෙලාවට ඔය තරුණිය මහේස්වරිය වෙන්ටත් බැරිකමක් නැතැයි මගේ මිත්රායා කීවේය. අප මෙසේ කථාකරමින් ඉන්නා තැනට විශ්රාතම පඩි පිට රාජකාරියෙන් අස්ව ඉන්නා රටේ මහතෙක් ආයේය. මේ රටේ මහතා මා ඩිංගිරි මැණිකා සොයන කාලේ මිත්රයවු කෙනෙකි. මා දුටු හැටියේ “මොකද වික්රරමපාල මහතා, තවත් තරුණියක් සොයනවාදැ”යි ඇසුයේය.  “ඔව් රටේ මැතිඳුනි මම තරුණියන් සොයන බව ඇත්තකි. නමුත් සමහර ‍   රටේ මහතුන්  - මුදලිවරුන් - ධනවතුන් වාගේ අයුතු අදහසින් නොසොයමි. දුකෙන් හා විනාශයේන මුදවා ගැණිම පිණිසම සොයන්නාවු මට ඒ නැතිවු  දේවල් සමහර විට සම්භවේ. ඒ සම්භවි‍මෙන් පසු මගේ රටටත්, ජාතියටත්- ශිෂ්ට ධර්ම ප්ර්චාරයට්ත මහ්ත ආධාරයක් ලැබේ. මා තරුණයන් දෙසත් - අනුන්ගේ





382 මහේස්වරි


වස්තුව දෙසත් බලන්නේ මධ්යාටහ්න සූර්යා දෙස බලන්නාක්‍ මෙනි. මලක් හෝ වෙන ප්රිදයකරු දෙයක් දෙස බලන්නාක් මෙන් නොබලමි”යි කීවාම මහලු රටේ මහාත ස‍ිනාසී. මගේ පිටට තට්ටුකර “වික්රමමපාල මහාත කවදත් නිර්භිතව ඇත්ත කතා කරන්නෙකිත අපේ මධ්යපම පළා‍තේ කවුරුත් පාහේ තරුණියන් දෙස බලන්නේ ඇස් දෙකේ වස නපුරු අංජනමක් ගාගෙණබ බව ඇත්තකි. දැන් මට අවුරුදු 65 කි. ඒ එසේද වුවත් මගේ ඇස් දෙකත් තවම මුරුන්ඩුය. ඒ අපේ රටේ දේශ ගුණය නිසා වෙන්ට පුළුවනි. දැන් හිතට ප්රී තිය ගෙණ දෙන ප්ර්බන්ධයක් කීවොත් වික්රනමපාල මහතාට හ‍ිතේ තබාගන්ට සෑහෙන වැදගත් කරුණු රාශියක් මම කියන්නෙමි. ඒ සියල්ලම දැන් මේ පළාතේ ඉන්නා මිනිසුන්ගේ-විශේෂ වශයෙන් උසස්ය කියන මිනිසුන්ගේ කල් ක්රිනයාවන් පිළිබද කරුණු හෙයින් වික්ර්මපාල මහතාට බොහෝ ප්රුයෝජන ගත හැකි යි කීයේය.



18. පරිච්ජේදය

           ඇත්තෙන්ම යම් පළාතක තොරතුරුත් ඒ පළාත් වාසීන් ගේ ගති ගුණත් ඒ පළාත පාලනය කරන කෙනෙකුට ඉතා මත්ම හොඳින් අව‍බෝධවි ඇතුවාට අනුමාන නැත. අද දවසම මේ හෝටලයේම ගත කරන්ට තිබෙන බැවින් රටේ මහතා මෙහි නවත්වාගෙණ පිළිවන් කොයි ක්රලමයකින් නමුත් ඔහු වසඟ කර ගෙණ මේ පළාත පිළිපඳ විස්තරයක් දැන ගණිමි යි කල්පනා කොට රටේ මහතා ප්රීාතිවන අන්දමට කවි කීපයක් කීවෙමි.

දි නි ඳු ගොත් ගරු සාර වික්රතම බාහු නිරිඳුට ජාත වු සො ද ප සි ඳු සෙත් ජයවිර නම් නර විර මුණුබුරු වු විසාර ද මි ගි ඳු යුත් නිජබාහු විකුමෙන් පසිදු රජසිහ නිරිඳු මනන ද ස සැ දු සත් එක සෙවන කර ලක වැජඹි සක්විති සිරින් හැම ස ද

ල ත ර ඔල ‍ මොල දරන රුපුසෙන් සපිරි තුඟු කොටු පෙළින් පරසි ඳු ස බ ර ගමු මල්වානයද සහ මැණික් කඩවර සමඟ අනිකු ඳු වි ත ර නොමකර යුද එකින් එක විජය ගත් වනසමින් රුපු නු ඳු කු ම ර කෙළි රණ කෙළ පුරුදු නර විරයෙකි රජසිංහ නර නා දු

පියදාස සිරිසේන නවකථා එකතුව 383

ව ර එඩිතර රුපුන් ලක් ලොල් පැර තම බුජ බලෙන් පුවත ර නෑ ර ‍ෙලාව හැම සතුන් දුක්මුල් දුරැර ගණදුර විලස දිනක ර ති ර ණය කර සසිරි සක් තුල් තිදසපුර රජ කරණ ගරුත ර සා ර සිරි විද පවතු දික් කල් දිර සිරි රජසිංහ නර ව ර

වි දු රු නැණින් දැන සියල්ල මෙලක පැමිණි ලෙස සුර ගු රු අ තු රු මෙකර දිය වලල්ල බැඳ තද තෙද විකුම් පහු රු ව තු රු සපිරු ලොව මුළුල්ල එක යස සක්වලින් ඉතු රු ම හ රු මෙ රජසහ සුදුල්ල සිරි පවසති මෙලොව කවු රු

ර ඹ තුරු ලෙස සිඳි නෙක වර දැඩිතර රුපුසෙන් ලක ලො ල් ඔ බ අණසක පතුරුවාපු රජසිහ නිරිඳුනි සුවිපු ල් නු ඹ දිසි රිවි සඳ විලසට පසිඳුව තෙද යසින් නිම ල් ද ඹ දිව අග රජ සිරි ලැබ සැප විඳ පවතින් හැම ක ල්

 මේ කව‍ි කිවු විට-  රටේ මහතා මහත් ප්රීහතියට පැමිණ “ශෘංගාර කවියකුත්” කිවොත් මැනමැයි කීයේය. ඇත්තෙන්ම වෘද්ධභාමයට පැමිණියත් “ශෘංගාරයට” ඇති ඇල්ම ‍කොපමණද ?  මේ ඇල්ම මධ්යපම පළාත්වාසීන්ට හෝ මධ්යණම පළා‍තේ පදිංචිකාරයන්ටම පමණක්ද ?   නො එසේ නම් කාව්යම ශාස්ත්රටය දන්නා අයට පමණක් ද ? නැතහොත් රාග චරිතයන්ටම පමණක්ද යි මට මහත් විචිකිච්ඡා වක් වුයෙන් රටේ මහතා සමඟ ඒ සම්බන්ධයෙන් නැවත කථා කරන්ට සිතාගෙණ ශෘංගාර රසයෙන් යුත් කවි දෙකක්ද කීවෙමි.

ව න් ද නා ගරු පන්ව විලේපන ඉන්දනානල මෙන් බිය තා පා බැ න් ද නා නිලවන් දලමින් සිරි නන්දනා විඳිමින් සැර කී පා නි න් ද නා රඟ ඉන් නොකියන් වෙත වුන්දනා ඇසුවොත් මෙවිලා පා කි න් ද නා බව දැන් විමසන් සකි නන්දනා රජසිහ බු පා

	ම	ත්	ව	 ලා පැහැපත් සිරිගත් සිරිමත් කලා විලසින් කමලා	ලා

මු ත් නි ලා වරල් කුසුමුත් තුරු පත්වලා ගතයුත් ගව සා ලා අ ත් ව ලා නදටත් නදටත් එක මත් වෙලා සැප ලත් බව මා ලා සි ත් වෙ ලා වඩිතොත් කිය සත් ගුණ යුත් දුලා රජසිහ බුවිපා ලා

       මගේ මේ කවි අසා සතුටට පත් මහලු රටේ මහතා එදා රාත්රි් මාත් සමඟ හෝටලයේ නවතින අදහසින් මා නවතින කාමරයට ගොස් ඇඳුම් මාරු කළේය. එසේ කොට මුහුණ අත පය ‍ සෝදා ගත්තේය. මමද මුහුණ අතපය සෝදාගෙණ සුදු ඇඳුමෙන් සැරසී දළදා සාමින් වැඳිමට මාලිගාවට යාමට පිටත්වි රටේ මහතාටද කතා කළෙමි. රටේ

384 මහේස්වරී


මහතා වැඩි සතුටක් නැතිව ඉඳිනු දුටු මම “මොකද දැන් ශ්රයද්ධා භක්තියක් නැද්දැ”යි ඇසුවාම “ඇත්තෙන්නම වික්රැමපාල මහ්තමයෝ, මේ කාලේ ආණ්ඩුවේ කටයුතු කරලා රාජකාර්යයෙන් අස්වු අයගෙන් ඉතා වැඩි පිරිසක් හිස් මිනිස්සුය. ඔවුන් රාජකාරි කරද්දී යුක්තියෙන් අයුක්තියෙන් මොකවත් හම්බ කරගත් නමුත් බොහෝ දෙනා ජිවිතය කෙලෙසාගණ ඉන්නා බැවින් එතැන් සිට උචෙඡදවාදිව නිකම් කාලය ගත කරති. සමහරු කියන්නේ “නාහෙන් උඩට ගැලුවාට පසු තවත් කොපමණ ගැලුවත් එකම නොවේද”කියායි. මමත් තරුණ කාලේදී කය බල ශක්තිමත්ව පැවති අවදියේදි කරපු අධම ක්රිමයා අප්රකමාණයි. දැන් ඉඳහිටලා ඒ දරුණු නින්දිත ක්රිියා මතක්වේ. බුද්ධාගම සත්යර නම් ඒ පවුවල විපාක ආත්ම කෙල කෝටියකිනුත් ගෙවා නිදහස් විය නො හැක. ඒ නිසා පිණක් කරන්ටවත් හිතක් නැත. කාලය ගතවන තුරු ජිවත්වනු මිස මතු කාලය ගැන බලාපොරොත්තුවක් නැතැ”යි කීයේය. මේ කාරණය මට තදින් වැටහී රටේ මහතාත් කැඳවා ගෙන මාලිගාවට ගොස් පන්සිල් සමාදන්ව මල් පහන් පුදා පැයක් පමණ කාලය ගත කොට හෝටලයට අවුත් රාත්රිා කෑම කා රටේ මහතාත් සමඟ කථාවට පටන් ගතිමි.

රටේ ම. - වික්ර මපාල මහතාණනි, දැන් අපේ ලක්දිව බොහොම දුක්ඛිත, කාලකන්නි, නොසන්සුන් මිනිසුන්ගෙන් අධික රටක් නොවේද ?

මම - ඇත්තෙන්ම ඉතාමත් දුක්ඛිත අනුවණ කාලකණ්ණින් ගෙන් අධිකම ර‍ට වර්තමාන ලංකාව යයි කිවාට වරදක් නැත.

ර. ම. - මෙසේ වන්ට හේතුව කුමක් ද ?

මම - රට පාලනය කිරිමේ වරදයි

ර‍. ම. - ඒ මොකද ?

මම - රටවැස්සන්ට උවමනා තරම් ආහාර පාන උපයාගන්ට මග සලස්වා දිම පාලන ක්ර.මයේ පළමුවෙනිම අංග සුත්ර ය විය යුතුය. නමුත් මේ රටේ පවතින්නේ ඊට ඉඳුරාම විරුද්ධවු ක්රංමයයි එනම් වර්තමාන කාලයේ ලක්දිව තිබෙන පිළිවෙල නම් රට වැස්සන්ට උවමනා තරම් ආහාර පාන උපයා ගැනිමට තිබෙන මාර්ග ආවරණය කිරිමයි.

ර. ම. - ඊට වැරදි කාරයා කවුද  ?



පියදාස සිරිසේන නවකථා එකතුව 385


මම - පළමුවෙනි වැරදි කාරයා රටේ මහතා හෝ කෝරළේ කරණ මුදලි තැනයි.

ර. ම. - එතකොට දැන් ලක්දිව මිනිසුන්ට ආහාර පාන නැති විටම හේතුව රටේ මහතා, කොරාළ, ආරච්චිරාළලා, ආදීන් හා ඔවුන්ට ඉහල නිලධාරිහුත් යයි මහත්මයා කියන්නේද ?

මම - සත්තකටම එය මම ඔප්පුකර ප්ර ත්ය3ක්ෂකර දෙන්නෙමි සබරගමු පළාතේ උග්ගල් කල්තොට - වලවේ ගඟ අසබඩ අක්කර දහස් ගණනක් එහි පදිංචිකාර ජනයා අස්වද්දා ගෙණ ජිවත් වුනා. නමුත් එවකට පළාතේ වුන් රටේ මහතා මේ ඉඩම් ආණ්ඩුව සන්තකය කියා රපෝර්තුකර අඩු ගණනට විකුණුවා. වෙන කෙනෙකු නමින් ඒවා සුළු මිළකට ගෙණ තමා සන්තකකර ගත්තේය. එතැන් පටන් ගම් වැස්සන් ලවා වපුරා ගෙණ අස්වැන්න ඒ අයගේ වලව්වට ඇදගත්තේය. අසරණ ගම්වැස්සන්ට දවස් හත අටක් කෑමටවත් මොකවත් නැති බැවින් ගම් අත් ඇර යන්ට ගියෝය. මේ කාලකන්න‍ි අධම රටේ මහතා ඉඩම් හිමිකර ගෙණ කැලෑ වැවෙන්ට ඇර තබා මැරී ගියේය. මඩුවන්වෙල පැත්තේ රටේ මහතෙක් සාරවත් පොළවෙන් අක්කර 87000 ක් පමණ හිමිකර ගෙණ අපි වලසුන්ට පදිංචියට ඩඩ ඇර මැරී ගියේය. දෙරණියගල පළාතේ රටේ මහතෙක් අක්කර තිස්දාහක් පමණ යුරෝපීය වතු හිමියන්ට කොමිස් පිට ගම්වැස්සන්ගේ ඉඩම් අරගෙණ දී රුපියල් ලක්ෂයක් හමාරක් සම්බකරගෙණ ගම්වැස්සන් දහස් ගණනක් හිඟන්නන් කොට මැරී ගියේය.

ර. ම. - හිටින්ට වික්රසමපාල මහතාණෙනි. මා කළ අපර‍ාධයක් දැන් මට මතක් වෙනවා‍ - මගේ පපුවත් උගුරත් වියලිගෙණ එනවා- වතුර විදුරුවක් බොනතුරු හිටින්ට !

මම - ඔව්, අපේ බුදුහාමුදුරුවන් වහන්සේ මහත්මායා ආදී දුසිරිත් කළ අයට සිද්ධවන දුක වදාරාඃ පවු කරණ තැනැත්තාට ඒ වෙලාවේ ප්රීමතියක් ඇතිවුනත් එහි කටුක විපාක ලැබෙන විට බොහොමත් අමාරු බව වදාරා තිබේ. ඒ බව විදාගම හාමුදුරුවන්ගේ පොතෙත් සඳහන් වේ.






386 මහේස්වරී


ක ර න කලට පව් මිරිය මි සේ වි ඳි න කලට දුක් දැඩිවෙයි ගිනි සේ ඇ ඳි න එපව් දුරලන ‍ උප දේ සේ නු දු න මැනවි තුන් දොර අව කා සේ

ර. ම. - ඔව් වික්රේමපාල මහතාණෙනි. දැන් මේ කාරණය හොඳට වැටහුනා. කල්යාිණ මිත්රි සේවනයක් නැතිව ධර්මානු ධර්ම ප්රාතිප්තතියක් නැතිව කල් ගත කළ අපට අවුරුදු 50 ‍ හේ පටන් මෙලෝව ජිවත්වන ඉතුරු කාලය - දුකෙන් පසුතැවිල්ලෙන් - දොම්නසින් - මහත් භයෙන් ගත කරන්ට සිද්දවි තිබේ. ඉතින් කාලය - දුකෙන් පසුතැවිල්ලෙන් - දොම්නසින් - මහත් භයෙන් ගත කරන්නට සිද්ධවි තිබේ. ඉතින් මක්කරන්ටද ?

මම - ඇයි?  ! එහෙම් කියන්නේ - හැබෑ ශ්ර්ද්ධා භක්තියෙහි පිහිටා සීල සංරක්ෂණයෙහිත්, භාවනාවෙහිත් යෙද‍ෙනාත් සමහර විට කළාවු අකුසල් එසේම තිබියදි මරණ මොහොතේදී ත්රි්හේතුක කාමාවචර කුසල චිත්තයක් ඇති කර ගන්ට බැරි කමක් නැත. කළාවු අපරාධ ගැනම සිතමින් පසු තැවිලි විම තවත් මෝඩ කමකි. ඉදිරියට අපරාධ නොකොට සුචරිත ධර්මයෙහි හැසිරිම එකම ප්රහතිකාරය බව සැලකිය යුතුය. ‍ ර. ම. - අනේ වික්රවමපාල මහතාට පින් සිද්ධවේවා  ! මගේ ඉතුරු කාලය පින් දහම් කිරිමෙන්ම ගතකරමි. දැන අපේ මේ මධ්යමම පළාතේ උපදින අය පමණක් නොව පිටතින් අවුත් දීර්ඝ කාලයක් මෙහි පදිංචිව ඉන්නා අය පවා පුදුම ගතියකට පැමිණෙ බව මටත් නොයෙක් වර වැටහුනා. එය දේශ ගුණයේ වැරැද්දක් ද?

මම - දේශ ගුණයම නිසා එසේ වේයයි කියන්ට බැරිය. ප්රුතිපත්තියක්, දේශ ගුණයත්, ආශ්ර-ය කරන්නන්ගේ හැටිත්, ම‍වුප්යනයාදී, පරම්පරාත් නිසා මේ වෙනස් ගතිය ඇති විය හැකි බව පෙනේ. මවු කෙනෙකු තුල ශ්රුද්ධාදි ආර්ය ගුණ කිසිත් නැතහොත් ඇගේ කුසේ උපදින දරුවා තුල ප්රෙකෘති වශයෙන් ඒ ආර්ය ගුණය අට නොගනි. උත්පත්තියෙන් ඒ ආර්ය ගති ගුණ නැති මුවපිය සහෝදර මෙහෙකාරාදීන් මධ්යනයේ වැඩේ. තුන් හතර වසක් ගිය නැත් පටන් මිථ්යාර පැසැලක හෝ මහණ කමක් නැති ශ්රනමණ වේස ධාරියෙකු ලඟ ඉගෙණ ගන්නා ඒ ළමයාට ආර්ය ගති ගුණ මාත්රැයක් ඇතිවිමට ඉඩක්



පියදාස සිරිසේන නවකථා එකතුව 387


කොයි ලෙසකින්වත් නැත්තේය. පරාර්ථකාමි චේතනාවත් තමන් දුක්විද අනුන් සුවපත් කිරිමේ උදාර අදහසත් නැති පහත් මිනිසුන් අධික රට පිසාචයන්ගේ දුපතකට වඩා හොඳ වෙතොත් ඒ ඉතාමත් ‍ සොච්චමකි. දැන් දැන් අපේ සිංහලද්විපය ගුණ හීන පහත් මිනිසුන්ගෙන් පරිපුර්ණ රටකි. පන්සියයක් තිබෙන් අය එකක් තිබෙන අයගේ ඒ එකත් ගැණිමට මුළු ශක්තියම යොදවයි. නමුත් එකක්වත් නැති කෙනෙකුට දෙන කෙනෙකු ‍ෙසායා ගැණිම අතිශයින්ම අමාරුය. මේ මධ්යකම දිසාව අවුරුදු තුන්සියයක් තරම් කල් දෙමල ආදි මිලේච්ඡයන්ගේ වාසස්ථානයව පැවති නිසා ලක්දිව අනිත් හැම පළාත්වලටම වඩා අකෘතඥ. ආර්මාර්ථකාමි, දැඩි ලෙස කාමාන්ධකාරයෙන් අන්ධවු, ශ්ර්ද්ධා භක්තියෙන් හීන මිනිසුන්ගෙන් අධිකවු බව කිය හැක්කේය.

ර. ම. - වික්ර්මපාල මහත්මයා කිවා බො‍හොම හරි ! කැප්පිටිපොල සේනාධිපති තුමා‍ගේ සිංහලද්විපයේත් ගෞරවය රැකගත් එක්කෙනෙක්වත් මේ පළාතේ උපන් බවක් මටත් අසන්ට බැරිව‍ුනා. විහාර සන්තක, දේවාල සන්තක, ඉඩකඩම් ආදිය බදුදී - උගස් කොට - විකුණා - ඒ මුදලෙන් අධික ලෙස සල්ලාල ක්රිආයවෙහි යෙදෙන කීපදෙනෙකු මිස ගමක් සදාචාර සම්පන්න කොට ගම්මැසියන් සුඛිත මිනිසුන් කළ කෙනෙකු ගැන මට කවදාවත් අසන්නට ලැබුනේ නැත. මම වික්රනමපාල මහතාට ඇත්තක් කියන්නෙමි. අපේ මේ මධ්යනම පළාතේ තරම් අනුන් කෙරෙහි ඊර්ෂ්යාප ක්රෝ්ධ කරණ - අනුන්ගේ යස ඉසුරු කෙරෙහි අප්රිෙය කරණ මිනිසුන් ඉන්නා රටක් ඇතැයි මම නොසිතමි. වෙනෙකක් තබා තමාගේම සහෝදරයා - තමාගේ ගෙට වඩා හොඳ ගෙයක් තනාගත්තොත්, තමාට වඩා යමක් හරි හම්බ කර ගත්තොත් - ගම්වාසී අන්ය යන්ටත් වඩා ඉක්මණින් - ඒ උත්සාහ වන්තයාට ඊර්ෂ්යා කරන්නේ කවිද ? අනිත් අහෝදරයායි. දැන් මේ රටේ ඉන්නා මහණුන්නාන්සේලාත් ගිහියනුත් බුද්ධාගම අදහන්නේ පරම්පරාගත පුරුද්දට නිසා මිසක් ඒ උතුම් ආගමේ උගන්වන ධර්මය දැනගන නොවේය. අනුන්ගේ යස ඉසුරට අනුන්ගේ දියුණුවට ඊර්ෂ්යාම කිරිම මෙ‍ෙලාව පරලෝ වශයෙන් පිරිහීමට හේතුවන බර අකුසල කර්මයක් බව ධර්මයේ උගන්වා





388 මහේස්වරී


තිබෙතත් රඒ කිසිවක් සලකන ගිහි පැවදි කිසිවෙකු මේ පළාතේ ඉන්නා බවක් මම නොදනිමි. පළිගැණිමේ දැඩි ආශාව - සමාවිමට හෙවත් මෛත්රී් කිරිමට නුපුරුදු අධම මිනිසුන් මේ රටේ අධිකව වාසය කරති. දෙමල, පල්ලර, පඩක්කර, මුක්කර ආදි දකුණු ඉන්දියාවේ මිලේච්ඡයන් වැනි බොහෝ දෙනා අපේ රටේ ඉඳිම අත්තකි.

මම - රටේ මහතාට දැන් කාරණය හුඟක් දුර වැටහි තිබෙනු දැක්ම ප්රීරතියකි. අපේ අන්තිම සිංහල රජතුමා - වීරපරාක්රීම නරෙන්ද්ර සිංහ රජතුමා මරණ මංචකයේ සිටියදි - ‍ නිලමෙ‍වරුන් කැදවා දෙමළ කුමාරවරුන්ට ලක්දිව රජකම දෙන්ට එපාය - සිංහල රාජ වංශයෙන් පැවත එන “උනම්බුවේ බණ්ඩාරට” රජකම දියයුතු යයි කී නමුත් එය ඉෂ්ටවුනේ නැත. මක්නිසාද එවකට රාජ පිරිසව සිටි නිලමෙලා උනම්බුවේ බණ්ඩාර අධිපතියා වශයෙන් තබා ගැණිමට ඇති අප්ර සන්නනතාවය නිසාය. ස්වජාතියේ කෙනෙක් උසස් වෙනවාට වඩා අන්යද ජාතිකයෙකුගේ උසස්වීම හොඳය යන මර්ම ච්ඡෙදක පහත් කල්පනාව ඇත්වුයේ අද ඊයේ නොව දැනට අවුරුදු 500 යකටත් අධික කාලයක් සිට බව පෙනේ. ස්වජාතිකයාගේ ඉඩ කඩම තමාට ගත නොහැකි නම් - ආණ්ඩුව සන්තක කරවාදිම - ස්වජාතික වැදගතෙකුට පවා ගෞරව කිරිමට ඇති අප්රසසන්නතාවය සලකා බලන විට මේ පළාතට කුමන සාපයක් වැදුනා දැයි කියන්ට බැරිය.

ර. ම. - ‍ඔන්න එක් දිනක් අපේ වලව්වට හම්බන්කාර මුදලාලියෙක් ආවා. ඔහුට වෙනදාත් කරණ සංග්ර හ එදාත් කළෙමි. වාඩිවෙන්ට පුටුවක්දී තේ කෝප්පයක් ගෙන්වාදී සංග්රතහකොට කථා කරමින් ඉන්නා විට අ‍පේ මාමා කෙනෙකුටගේ පුතෙක් ආ නමුත් - ඔහුට වාඩිවෙන්ටවත් නොකීවෙමි. ඔහු ඉස්තෝප්පුවේ හිටගෙණ ඉන්නා අතර පාතරට වැදගත් මහත්මයෙක් අවුත් මට කතා කළේය. ඉතින් උන්නැහේ සමඟ කතා නොකර නොහැකි බැවින් හම්බ මුදලාලියා පිටත්කර යවා ඒ මහත්මයා සමඟ කථා කරණ විට උන්නැහේ මට ‍‍‍ නොසෑහෙන්ට චෝදනා කළේය. හම්බයාට පුටුවක්දී වාඩිවෙන්ට සැලැස්විමේන මගේම ඥතිවර සිංහලයා ගැන නොසැලකීමෙන් වරද පෙන්නා දුන් මට ඇතිවුනු ලැජ්ජාව අප්ර මාණය විය. අපේ සිංහලයා තරම්





පියදාස සිරිසේන නවකථා එකතුව 389


ආත්ම ගෞරවය නැති මිනිස් වර්ගයක් දැනට ලෝකයේ ඇතැයි මම ‍ නො සිතමියි රටේ මහතා කීයේය.

මම - රටේ අසත් ධර්මය තදින් පැතිරයාම මේ දේශ ගුණය නිසා ඇතිවු බව සිතිය හැක. ප්රිතිපත්ති රකින ධර්මකාමින් විරල පාප ක්රිදයා දැන් භයක් ලැජ්ජාවක් නැති තැනට පැමිණ තිබේ. රටක ප්රටධාන මිනිසුන් විසින් කරණ අපරාධයක් හෝ දුශ්චරිතයක් ඉතා ඉක්මණින්ම රටේ සම්මතව යාම ධර්මතාවයකි. උඩරට පළාත්වල වෙනම රාජ්යකයක් පිහිටුවා ගත්පසු ඉතාමත් දැඩි ආත්මාර්ථකාමි රදලවරු ඇතිවු බව පෙනේ. අන්තිම සිංහල රජා වන වීරපරාක්රාම නරේන්ද්රඇසිංහ රජ මරණ මංචකයේදි කළ නියමය ඉක්මවා ක්රිරය කරන්ට පළිවන්වු නිලමේලාට ලෝකයේ කළ නොහැකි අධම ක්රිකයවක් නොමැත්තේය. මේ රජතුමා කීවේ “සිංහලද්විපයේ රජකමට දෙමළෙකු පත්කර නොගත යුතුය. උනම්බුවේ බණ්ඩාර පත්කර ගතයුතුය” යන්නයි. නමුත් ස්වජාතික ඒ උනම්බුවේ කුමාරයාට රජකම දීමට වඩා අන්යයතර දෙමළ කුමාරයෙකුට දීම හොඳයයි රජු කාලක්රිටයාගළ පසු මේ නිලමේලා සම්මත කරගෙණ තිබේ. පුදුමෙකි ! මේ නිලමේ පරම්පරා වලිවන්ම පැවතෙන් වර්තමාන ජනයාත් - සිංහලයෙක් රුපියල් 1000 ඉල්ලන ඉඩම් කට්ටිය දෙමළ මරක්කලාදි අන්ය- ජාතියක මිනිහෙකුට රුපියල් හත් අට සීයේකට විකුණන බව පෙනේ. මේ අපුරු අද්භුත මිනිසුන් සිංහල මිනිහා අවිශ්වාස කරති. සිංහලයා තමාටම තමා විස්වාස නැති කෙනෙක් වුයේ කෙසේද ? දෙමළ මරක්කල කොච්චි ආදී ජාතින් සමඟ සංකීර්ණවිමත්- ආත්ම ගෞරවය ඇති කරණ ඉගෙණිමක් ‍ නොලබන නිසාත් - කුඩා කා‍ලේ පටන් පුරුදු කරණ පිරිසිදු ධර්ම ප්රාතිපත්තියක් නැති නිසාත්ය. අධික කාමාශාව ඇති කරණ දේශ ගුණයෙන් යුත් මධ්යනම පළාත හා සබරගමු පළාත් ආදියේ පදිංචිකාරයන්ගෙන් වැඩි දෙනා ඉතාම පහත් තත්වයට පැමිණ සිටින බව පෙනේයයි මා විස්තර කර දුන්විට මා මිත්රැ රටේ මහතා දෙවරක්ම සුසුම්ලා “අනේ වික්රනමපාල මහතානනි, අපේ උතුම් ජාතයට ගිය කලය” යි කිවේය. අපේ මේ කතාබස් නිසා රාත්රින 12 ත් පසුවිය. ප්රිථම දිනයේත් නිදිමරා සිටි බැවින් රාත්රිප ඉතුරු කාලය නිදා ගතිමි. පහ මාරට අවදිව ම‍ගේ ප‍ුරුදු භාවනාවත් සර්වඥ






390 මහේස්වරී

ගුණ ගායනාවත් පටන් ගතිමි. එය අවසාන වන විට උදේ 6 ය විය. රටේ මහතා ඒ අසාගෙණ සිට “අපේ වික්රිමපාල මහතා හැම දිනම ඔය භාවනාව කරන්නෙහිදැ”යි ඇසුයේය. ඇත්තෙන්ම කොතන සිටියත් කෙතරම් ශරෟර පිඩාදියකින් යුක්ත වුවත් මේ භාවනාව නොකර නොනැගිටිමි. රාත්රිෟයේ දුම්රියක හෝ ගමන් කරණ කල්හිත් මේ වේලාවට මේ භාවනාව කරන්නෙමි. ආත්ම ශක්තිය හා ආත්ම ගෞරවයත්- කරුණා මෛත්රීන ආදි ශාන්ත ගුණයක් ඇතිවිමට නම් යමිකිසි භාවනාවක- ගුණ ගායනාවක දවස ආරම්භයේදිම යෙදිය යුතුය. නිදාවුන් මිනිහා දත් මැද මුව සෝදා පිරිසිදු ආහාර පානාදිය ගැණිම සිරිතක් නොවේ ද  ? ඉතින් ශරීරයේ කොටසක් වු මුහුන කට නොසෝදා - පිරිසිදුකර නොගෙණ ආහාර පාන ගත යුතු නොවේ නම් ශරීරයට වඩා අතිශයින්ම වැදගත් - ප්රනධාන-හිත පරිශොධනය කර නොගෙණ - එහි අටගෙණ තිබුනු ඊර්ෂ්යාගව ක්රෝශධ-කාමාදි කෙලෙස්මල - භාවනා නමැති ජලයෙන් පරිශෝධන නොකොට - බුදුගුණ දිව්ය් බෙහෙතින් ශක්තිමත් කර නොගෙණ- ඒ දවසේ කටයුතු පටන් ගැණිම අයුතු නොවේදැ”යි මා කීවාම රටේ මහතා තවත් සුසමක් හෙලා “අනේ මහත්මයෝ අප ජාතිය උසස් බවට- තේජවන්ත බවට- ශාන්ත බවට පැමිණවු උතුම් ධර්මානු ධර්ම ප්රුතිපත්තිය අභාවයට යාමම අපේ පිරිහිමට හේතුවු බව දැන් මට වැටහුනාය”යි කී‍ෙව්ය.



19. පරිච්ජේදය

       මුහුණ කට සෝදා උදේ තේවතුර බීමට ලැහැස්තිවන විටම මට විදුලි පණිවුඩයක් ලැබුනේය. “යුෂ්මතුන්ට ප්රශයෝජනවත් ආරංචියක්- අදම බදුල්ලට ආ යුතුය. මේ වගට අඩ්වින්” යන මේ විදුලි පුවත ලැබුනු හැටියේම ම‍ගේ හිත නොසංසුන් විය. ඇඩ්වින් මගේ හිතවත් මිතුරෙක් බව මතක් විය. මහේස්වරිය පිළිබඳ කාරණයක් බවත් වැටහුනේය. ඉතින් තේවතුර බී මගේ මිත්රද හෝට‍ෙල් කළමනාකාර මහතාටත් විදුලි පුවත පෙන්වා එවලේම යන්ට සැරසී තිබුනු බසයකිනන් නුවරඑලියට ගියෙමි. සවස් වන විට එහි පැමිණි නමුත් එදා රාත්රිත නුවරඑලියේ ගත කරන්ට කල්පනා කළෙමි . හෝටලයක නැවතිම 




පියදාස සිරිසේන නවකථා එකතුව 391


වඩා ප්රේයෝජනය යයි සිතු මම දෙවෙනි පංක්තියේ හෝටලයකට ගොස් හුදකලාවම කාමරයක් ගෙණ මගේ බඩු මුට්ටු ආදිය තබා තැන්පත් විමි.‍

   සනීප ගැණිම සඳහා පිටපළාත් වලින් බොහෝ දෙනා පැමිණි වුන් බැවින් ඒ දවස්වල නුවරඑලිය ජනාකීර්ණ බව පෙණුනේය. මා වැනි මධ්ය ම පංක්තියේ මිනිසුන් ගැන එහි සිටි අමුත්තන්ට කාරණයක් නොවිය. ධනවත් පවුලක තරුණියක් ලඟදීම කසාද බැන්ද තරුණයෙකු හා ඒ කසාද බැඳි නෝනාගේ නැගනියක් වන තරුණියකක්ද යන තුන්දෙනාද නුවර එලියට ගොස් සිටියාහ. විවාහවු තරුණිය වෙනින් යහලු ප‍ිරිසක්  සමඟ ඇවිදින්ට ගොස් සිටි නිදාදේ තරුණයත් ඔහුගේ නෑනා වන තරුණියත් පහට පමණ රේස්  පිට්ටනියේ ඇවිදිමින් සිට ගසක් යට තිබුනු බංකුවක් ලඟට අවුත් වාඩි ගත්හ.  මම ඒ වේලාවට ඒ බංකුවට නුදුරු ඒ බංකුවට පිටි පසින් තිබුනු බංකුවේ වාඩි ගෙණ සිටියෙමි. සාමාන්යා මිනිහෙක් ලෙස ඉන්නා මා ගැන ඔවුන්ගේ නොවැටහුන බැව් එතැනදි මට කල්පනා විය. ඥති සහෝදරයන් වන ඔවුන් දෙදෙනා එහි සැරසුණු  අන්දම සලකා බලන විට අපේ රටේ මහෙස්වරියකුත් සිටිද ?  මහේස්වරිය යන ආරූඪ නම ඇති තැනැත්කියන්ට නම් ඉන්ට බැරි කමක් නැත. වර්තමාන ශිෂ්ටාචාරය “මෘග ශිෂ්ටාචාරය‍” යි කීවත් ගෞරව වැඩිය. ස්ථානයක්-   වේලාවක්- නෑ කමක්- ගුන ධර්මයක් ලැජ්ජා භයක් නොතකා අනාචාරයේ හැසිරෙණ මිනිසුන් තිරිසනුන්ට වඩා ඉතා පහත්ය.
    විවාහවු ස්ත්රීනයකගේ සොහොයුරියක් සමඟ හෝ- අන්යත තරුණියක් සමඟ-  ඒ විවාහවු ජෝඩුව සනීප ගැනිමාදි කටයුතු සඳහා බැහැර යවන මවුපිය භාරකාරාදීහු ඉතා පහත් අය බව පෙනේ. අපේ රටේ ස්ත්රීනන්ට ඇතිවි තිබෙන අයුතුත නිදහස නිසා පැතිර යන දුර‍ාචාරයේ  ප්රුමාණය නොතකන ජන ප්රිධානීන් ට කුමක් කටයුතු දැයි නොතේරේ. මවු පියන්ගේ ආරක්ෂාව නැතිව ගෙයින් පිටවන තරුණියන් ගැන අපට කිය හැක‍ි කුමක්ද ?
    නුවරඑලියේ රේස් පිට්ටනි‍යේ පසෙක බංකුවක් උඩ වාඩිවිවුන් මස්සිනාගෙත් නෑනාගෙත් තොරතුරු බලාවුන් මට “වර්තමාන ශිෂ්ටාචාරය”හොඳ‍ින් අවබෝධවු පසු ම‍ගේ නැවතුම් පලට ගොස් විවේක ගතිමි. නුවරඑලි නගරයේ රාත්රින කාලයේ ටිකක් ඇවිදින්ට සිතා සිටි නමුත් රාත්රිෂ වැස්ස පටන්ගත් බැවින් ඒ කල්පනාව අත්හැර 





392 මහේසවරී


දමා සුවසේ නිදාගතිමි. පසුදින උදේ බන්ඩාරවෙලට යන බසයකින් එහි ගොස් මිත්රායෙකුගේ නිවසට පැමිණ දහවල් බත් අනුබව කොට එදිනම සවස් භාගයේ බදුල්ලට පැමිණියෙමි. මේ ප්රලදේශ වල යුරෝපීය ජනයා විශාල තේවතු වවාගෙන සිටිති. අනිත් ඉඩම් කැලෑ වැවි හෝ පතන්වි නිකම්ම තිබේ. ‍ කොළඹ ආදී නගරවල මහත්තැන්ට අයිති ලක්ෂණ බංගලා ආදිය තිබෙතත් මෙහිම පදිංචිකාර සුඛිත පිරිසක් නැතිවිමෙන් හැඟෙන්නේ මේරට රට හිමියන්ගේ ප්රංයෝජනයාට පාලනය කරණු ලබන එකක් නොවන බවය. රට හිමි ස්වදේශින් වශයෙන් පෙනි ඉන්නා අය කුඩා පැල්වල අපිරිසිදු රෙදි පිළි හැදගත් දුක්ඛිත් පිරිසක්ව ඉඳිම විදේශිකයන්ට හා පිට පළාත්වල දනවතුන්ට ඔවුන්ගේ දර දියා අදවා ගැනිමට අධාරයකි. මෙබඳු සිතිවලි සිතමින් බදුල්ලට පැමිණි විට පරණ මිත්රකයෙක් මුනගැසුනේය. මට විදුලි පුවත එවන ලද මිත්රරයා ඉන්නා තැන සොයා ගියවිට එවේලාවට කළයුතු සංග්රිහ ‍ කොට “මහෙස්වරිය” ඉන්නා තැන පෙන්වන්ට මාත් සමඟ පිටත්විය.

    “දුන්හිඳ ජල පාරත්” බලා ඒ අසල බංගලාවකට ගියෙමි. ප්ර්සිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඕවර්සියර් කනෙකුගේ බංගලාවකි. මාත් සමඟ ගිය මිත්රදයාට එහි වුන් ඕවර්සියර් විසින් පිළිගණු ලැබ සංග්රමහද කරණු ලැබුවේය. එසේ සංග්ර්හ කල පසු මිත්රියා මා සොයන මහෙස්වරීය ගැන කී විට ඕවර්සියර් ස්වකීය භාර්යාව ඉදිරියට කැඳවා අපට පෙන්වුයේය. මා සොයන මහෙස්වරී මෙබඳු කෙනෙක් නොවන බව කියා මා අතේ තිබුනු පින්තූරය ඔවුන්ට පෙන්වු විට ඒ බලා ඔවුහු පුදුම වුහ. ඉක්බිති කාරයේ නැගි අපි පහලට ගමන් ගතිමු. හැතැප්ම දහ හතරක් යන තුරා ගිය අපට ඒ පාර පුදුම එකක් මෙන් වැටහුනේය. වංගුවෙන් වංගුවට අධිකතර බෑවුම් වලින්යුත් ඒ දුරුග මාර්ගයේ ගිය  අපට ඒ පළාතේ ඉන්නා ඉතාමත් ලොකු ධනවත් මරක්කල මිනිහෙකුගේ “වලව්ව” දකින්ට ලැබුනේය. මිට අවුරුදු විස්සකට කලින් රුපියල් පහක ලුනු කහ මිරිස් හිස පිට තබාගෙණ ඇවිදිමින් වෙළදාම් කළ  මක්කලයාට දැන් කුඹුරු අක්කර තුන්සියයක් හා ගොට ඉඩම් අක්කර දෙදාහකට වඩා හිමිව තිබේ. කැලැබද ගම්වලට   වෙළෙඳම් බඩුගෙණ යන තවලන් ගොන් බාන් හැත්තෑ හයක් ඔහුට හිමිව තිබේ. එල මිහරක් තුන්සියයකට වඩා සිටිති. ඔහුගේ වැදගත් කටයුතු කරන මරක්කල මිනිස්සු පණහක් පමණද පහත්වැඩ කරණ සිංහල  මිනිස්සු සියේකට අධිකවද ඔහු යටතේ සිටිති. නුවණත් වීර‍ියත් ඇති මරක්කල මිනිහාට මුළු පළාතේම ඉන්නා ප්රුධානීන් ගැත‍ියෝව සිටිති. සිංහල 





පියදාස සිරිසේන නවකථා එකතුව 393


පර3ද ධානීන් ඉඩ කඩම් වැවිමාදි වැඩක හෝ ධර්මශාසත්ර අතේ කිසිවක් නොසලකා ගම් ‍ඌරන් හා ගොව බෙල්ලන් මෙන් කාම සේවනයෙහිම නියුක්තවි සිටිති. ඔවුන් හාම දෙයින්ම පිරිහී ගොස් දැන් තැනින් තැන ඔවුන්ගෙන් පැවතෙන දු දරුවෝ ටික දෙනෙකි සිටිති. ඔවුනුත් මවුපියන් මෙන් කාම තෘෂ්ණාවෙන්ම දෙලෙහි දෙලෙහි පිසාචයන් මෙන් හැසිරෙණු වනා වෙන කිසිම දියුණු අතක ගමන් නොකරති. ඉතා සාරවත් සඳු හා කුඹුරු යායවල් ඇති මේ පළාත ස්වාභාවික වාරිමාර්ගවල ජලයෙන් යුක්ත බැවින් උත්සාහවත් මනුෂ්යසන් ලක්ෂ ගණනකට සැපසේ වාසය කරන්ට හොඳින් ඉඩ තිබේ. එක සිංහල ප්රෙධානියෙක්ව මේ පළාතේ සිටිතොත් මුළු පළාතම දියුණ් කරන්ට බැරිකමක් නැත්තේය.

      මහෙස්වරිය බලන්ට ගොස් ඒ ‍  නොලැබුනු නමුත් පුරාණ කාලයේ දියුණුව පැවති දැනට වන ගතව තිබෙන ප්ර්දේශයක් බලාගෙණ නැවතත් බදුල්ලට එන අපට දුන්හිද ඇල්ල බලන්ට ලැබ‍ුනේය. මේ බදුලු ඔයේ ජල පාරය. විශාල ගල් පර්වත දෙකක් යාකර තිබෙන කුඩා්ැ‍   සිදුරකින් ගලා බසින බැවින් වේගවත් පවති. මේ සම්බන්ධ මිථ්යාය කථා බොහෝ පවතී. ‍  මේ ගල සිදුරු කරගෙණ රන ආඳෙක් නික්මිම නිසා එතනින් මේ ජලය නික්මෙන බව කියති. නමුත් මෙහි පවත්නා තවත් කථාන්තරයක් නම් දෙවෙනි රාජසිංහල රජුගේ මලණුවන් වන කුමාරසිංහල කුමාරයා ඌව පළාත ආණ්ඩු කරණ කාලයේ මේ ජලය ගලා යන පර්වරතයේ විශාල පුස්  වැලක් වැවි ති‍ෙබ්. එය කෙතරම් විශාලව වැඩුනාද කිවහොත් වතුර බස්නා ද්වාරයත් සම්පූර්ණයෙන් වැසී ගියේය. ඉන්පසු තදින් වැස බදුලු ඔය පිරියාමෙන් ඒ වතුර බැස යන්ට මගක් නැතිවිම නිසා නගරය සම්පූර්ණබයෙන් යටවුයේය. මුතියංගන චෛත්යැ මළුව දක්වා යටවු පසු කුමාරාසිංහල ආණ්ඩුකාර තුමා කාරණය පරීක්ෂා කරණවිට මේ විශාල පුස්වැල ගැන දන්නා ගම්වැසි බෙර වයන මිනිහෙක් ඒ වැල කපා ජලය පිටවෙන ද්වාරය විවෘත කළ පසු වතුර බැස්ස බව කියති. මේ මිනිහාගේ පරම්පරාවට තවමත් කුමාරයාගෙන් ලැබුණු ගරුබුහුමන් හා ඉඩකඩම් හිමිව තිබෙන බවද කියති.
    දැන් බදුලු නගරය ක්ර්මයෙන් දියුණු වන අලංකාර නගරයකි. නමුත් ඉඩකඩම් හා වෙළඳාමත් විදේශික ජනයාටම අධික වශයෙන් හිමිව තිබේ. උඩරට පාතරට සිංහලයන්ගේ අවිස්වාසය පරදේශින්ට ලොකු වාසියක්වි තිබේ. මුතියංගන චෛත්ය්ස්ථානය ස්තතක ඉඩකඩම් 




394 මහේස්වරී


බොහෝය. යථා පළිවෙලට ඒවා පාලනය නො වෙතත් අවුරුද්දකට රුපියල් දස දහකට අඩු නොවන ධනයක් ඒ ස්ථානයට ලැබේ. නමුත් ලෝක ශාසන දෙකේ දියුණුවට කරන දෙයක් දකින්නට නැත. පාතරට පළාත්වලින් පැමිණ ඉන්නා සමහර කපටින්ගේ ක්රි්යා වලිනුත් රට දුෂ්යළ වියහැකි නමුත් ශාස්ත්රණ වර්ධනය කිරිමෙහිත් සමිත් සමාගම් ආදිය ආරම්භ කොට ජාතිය දියුණු කිරිමෙහිත් නියුක්ත වැඩිදෙනා පාතරට සිංහලයන් බව කිය යුතුය. උඩරට තරුණ පරම්පරාවේ සමහර දරුවන් තුල පාතරැටියන් කෙරෙහි කලින් පැවති අවිස්වාසය නැතිවි ගොස් දැන් එක්තරා සමගියකට පත්වේගන එනු දැක්ම ප්රීපතියකි. බදුල්ලේ දෙ‍දවසක් ගතකළ අපට මහෙස්වරිය ගැන කිසිම ආරංචියක් දැනගන්ට බැරි බව වැටහුනේය. මඩකලපුව තෙක් ගමන් කිරිමට සිතා බස් රථයකින් පිටත්විමු. තැපැල් ගෙනයාමේ නියුක්ත මේ බස් සමිතියේ බස්වල කටයුතු කරණ මෙහෙකරු ජනයා ඉතාමත් ශික්ෂිත ඉවසිලිවත් ගුණවන්ත ජනයා බව වැටහුනේය. කම්කරුවන් මේ තරම් ශික්ෂිත නම් මේ සමිතියේ අධිපති අයිතිකාර මහතුන් කෙතරම් ශිෂ්ටාචාර ගුන සම්පන්න මහත්තැන් වියයුතු නොවෙත්දැයි සිංහලයන ගැන වරිනවර කලකිරෙන වික්රිමපාලට කල්පනා වුයේය. බදුල්ලේන් පිටත් වු අපි ඉතා සාරවත් තේ වතු මැදින් දක්ෂ ශිල්පීන් විසින් පිළියෙල කරණ ලද රම්ය වු මහ පාරේ ගමන් කළෙමු. එක් පසකින් විශාල කඳු මුදුන්ද අනික් පසින් ඉතා පහත් නිම්න භූමියද දර්ශනීය කුඹුරු යායවල්ද ඇත්තේය. කඳුමතින් ගලා බසින සිහිල් ජල ධාරා ඇති මේ වතුවල පෙණෙන අලංකාර තේ කර්මාන්ත ශාලා සිවුමහල් පස්මහල් ප්රාරසාද බව පෙණුනි. මහා මාර්ගය දෙපස පලිනපල කඩඩසාප්පුද ජනයා පදිංචි හෘහද පෙනේ. බොහෝ වෙළඳ ශාලාවල දමිළයන් හෝ මරක්කලයන් හෝ හම්බන්කාරයන් හෝ පරවරුන් මිස සිහංලයන් දකින්නට නැත. පස්සර නමැති විශාල කඩපලට පැමිණියෙමු. විශිෂ්ටවු දේශගුණය නිසා ප්රානණවත් ගතිය අනුනව හොඳින් පවත්නා මේ ස්ථානයේ පහත රටින් පැමිණ වෙල හෙළදාම් ආදී කටයුතු කරන සිංහලයන් ධෛර්යයෙන් හා සිංහල ගතිගුණවලින් යුක්තවු මහතුන් කීප පලක්ම ඉන්නා බැව් ද‍ුට‍ු අපට මහත් ප්රීතතියක් ඇතිවිය. සිංහල වෙළඳුන්ගේ සහයෝගතාවය අඩුකමක් - කෙනෙකුගේ දියුණුවට තව කෙනෙකු ඇසට විෂවිමත් පරදේශින්ගේ දියුණුවට බලවත් ආධාරයක් වි තිබේ. සිංහල ජාතිය්ක වශයෙන් එක්වි අන්යොයන්යාවධාරයෙන් කටයුතු ආරම්භ කරණ තුරු තනි තනි වශයෙන් දියුණු නොවන බව සිංහලයන්ට





පියදාස සිරිසේන නවකථා එකතුව 395


අවබෝධ විය යුතු කාලය වඩා ඇත යයි නොසි‍තේ.

   පස්සරීන් පිටත්වු අ‍නපේ බස් රථය බදුල්ලේ සිට පස්සරට පැමිණියාක් මෙන් ඉතා ප්ර වේශමෙන් ගමන් ගත්තේය. කඳුපල්ලම් වංගු පාලම් ආදියෙන් මේ පාරේ බස් ලොරි කාර් ආදිය පදවන ඩ්රේයිවර්වරු කොළඹ   ආදි පළාත්වල කටයුතු කරණ අයටත් වඩා දක්ෂ කල්පනා සහිත අය බව කිය යුතුය. ඉතාමත් සාරවත් විශාල තේ වතු නමැතිසාගරය මැද්දේ ගමන් කරණ අපේ බස් රථය නමැති කුඩා නැව කිසිම ආපදාවකට නො පැමිණ ලුනුගලට  පිමිණියේය. ලුනුගලත් වීර ප්රතසිද්ධ කඩපලකි. ශතවර්ෂයකට අඩු නොවන කාලයේ පැමිණි පාතරට සිංහලයන්ගේ පරම්පරාවලින් පැවතෙන් වැදගත් සිංහල මහතුන් කීපදෙනෙක් සිටිති. ඒ නගරයත් ලක්දිව අනික් නගර මෙන්ම දමිළයන් ගෙන් හා මරක්කලයන් ගෙන් පරිපුර්ණන බව කිය යුතුය.
     අපේ බස් රථයේ කටයුතු කරණ දක්ෂ සේවකයෝ රථයන්ත්ර.යේ වතුර ආදිය දමාගත් පසු ගමනට පිටත්වුහ. ලුනුගල පටන් මහපාර වෙනස්ය. හැතැප්ම තුන හතරක් ගිය පසු මහ හිමය මැද්දේ තනා ති‍බෙන පාර මිස මිනිසුන් පදිංචි තැනක් දක්නේ කලාතුරකින්ය. ඉතින් බස්රථයේ වේගය දෙගුණයක් විය. ක්රරමයෙන් සුර්ය රශ්මියද අධිකවු බැවින් බස් රථයේ ශිඝ්රෙගමණ එහි සිටිය අයට සතුටක් විය. මේ පාරේ කාරයක් හෝ බස් රථයක්- ලොරියක් මාරුවෙන්නේ ඉතාමත් කලාතුරිකන් වුවත්- එබඳු අවස්ථාවලදී අපේ ඩ්රේයිවර් තැන පෙන්වු සැලකිල්ලත් කරුණාවත් වැටහුණු මට තවමත් සිංහල ජාතියේ ස්ථානොචිත ඥනයෙන් ක්රිවයා කල හැකි ජනයා ඉන්නා බව වැටහුණේය.
  බිබිලයට යන තුරා තැනින් තැන කුඩා ගම්, වතු, කුඹුරු හා ගෙවල් තිබෙන නමුත් ර‍ෙට් පෙර පැවති තත්ව්යන දැක්වෙන ලකුණක්වත් නැත්තේය. මධ්යාුහ්න වේලාවේ බිබිලට පැමිණියෙමු. මේ වනාහි ඒ පළාතේ ප්රිධාන නුවරය. ආණ්ඩුවේ බෙහෙත් දෙන ශාලාව, තැපැල් කන්තෝරුව සහ තානයම් පලත් එහි ති‍බේ. වාසනාවකට මෙන් එහි තිබෙන වෙළඳ සැල් ස්වල්පය සිංහලයන් ගේමය. මේ පුදුම ගෞරවය සිංහලයන්ට හිමිවු‍යේ කෙසේදැයි විමසු විට එහි පාර අයිනේ භුමියත්, තිබෙන කඩ පිලුත්, සිංහල සහෝදරයන් දෙදෙනෙකුට හිමි බවත් ඒ මහත්තැන් දෙදෙනා සිංහලයන්ට මිස වෙන කාටවත් මේ කඩපිල් කුලියට නොදෙන බවත් දැනගන්නා ලදී. නියම සිංහල  ලේ ඇතියන් බිබිලෙත් ඉන්නා බව අවබෝධවු මගේ ලේ ධාතුව කෙතරම් ප්රහසන්න විද කිවහොත් බදුල්ලේ සිට බිබිල දක්වා ගමන් කිරිමෙන් ඇතිවි 




396 මහේස්වරි


තිබුනු ක්ලාන්ත ගතිය නැතිවිය. මෙහිදි බස් රිය සමිතියේ හිමිකාර මහතෙකු මුනගැසුනේය. මා දුටු හැටියේ බලවත් කරුණාවක් දැක්වු ඒ මහතා ස්වකීය අවශ්යස ඥතිවරයෙකුට මෙන් සංග්ර්හ කරන්ට පටන් ගත්තේය. කෑම ආදියේන සංගරයසුහ කොට ඒ මහතාගේ මිත්රා දොස්තර මහතාගේ බංගලාවටද ගොස් අඳුන්වා දෙන ලදි. ඉකබිති බස් රථය වේලාවට පිටත්විය. ඒ මහතාද මා සමඟ වාඩිගත් බැවින් ඒ පළාතේ මහෙස්වරිය සිටිදැයි ඒ පිළිබඳ තොරතුරු කි විට එබඳු කෙනෙකු ගැන නම් ආරංචියක් නැත. නමුත් උතුවන් කන්දේ සර්දියෙල්ට වඩා දක්ස ඉතා අද්භූත පුද්ගලයෙක් බින්තැන්නේ වනාන්තරයේ ඉන්නා බව කියා “තිසාහාමිගේ” කථාන්තරය කීයේය. අපේ කථාන්තරය කියවන අයගේ විනෝදය පිණිස එය මෙහි සඳහන් කරනු ල‍ැබේ.

    “තිසාහාමි වනාහි බින්තැන්න පළාතේ නිලගල කෝරළේ දමනේ ගමුවේ කෙනෙකි. සුරවිර නිර්භිත අයෙකි. මිටි සුලු මිනිහෙකි. දු දරුවන් කීපදෙනෙක් ඇති පවුල්කාරයෙකි. අවුරුදු 50 කට වඩා වයස්ගතය. යම් කිසි ක්රො ධයක් නිසා පළාතේ කෝරළේ මහතා වෙඩි තබා මරණ ලද්දේය. ඒ අපරාධය කළ පසු ඔහු කැලේ වැදි සිටි. පොලිසිය නොයෙක් පරිශ්රසම දරතත්, තිසාහිමි අල්වා ගන්ට බැරිවිය. ඔහු මහ හිමටය වෙලා ගන්ජා ආදිය වවා‍ෙගණ හේනක් හා පළතුරු ජාතින් වවා ගෙණ හුදකලාව සිටියි. ඔහු‍ගේ දරුවන්ගෙන් හා වෙනත් මිත්ර්යන්ගෙන් ලැබෙන ආධාරය නිසා ඔහුට සැඟවි ඉන්නට ඉඩ තිබේ. එක් වරක් විශාල පොලිස් පිරිසක් එහු වටකර අල්වන්ට ගොස් තිබේ. ඒ බව කලින් දැනගත් තිසාහාමි පදිංචි ස්ථානය සුණු විසුණු කොට දමා ආ නමුත් පොලිසියට අල්වාගත නොහැකි විය. මොහුගේ මිත්රි ගන්ජා වෙළ‍ඳුන් හා පුත්රොයන් ඉඳහිටල මොහු සම්බවනේට ගොස් ඔහු ට උවමනා පතරොන් ලුනු ආදී ද්රවව්යප සපයන බව කියති. එක් වරක් තිසාහාමි ඇල්ලීමට මද්යප ඉන්ස්පැක්ටර් කෙනෙකුත් ‍  කොර්ලේ මහතෙකු ‍ ගොස් තිබේ. කෝරළේ මහතා වෙඩි නොවදින පිණිස බලසම්පන්නන යන්ත්රේයකුත් “හෙනරාජ තෛලයත්” අතේ බැඳගෙන ගියේළු. තිසාහාමි සම්බවුනොත් වෙඩි තබන්ට ඕනෑයයි මද්ය  ඉන්ස්පැක්ටර මහතා කිවු නමුත් කෝරළේ මහතාගේ යන්ත්රනයෙත් හෙනරාජ තෛලයේත් ආනුභාවය කියා තිසාහාමිට වෙඩි තබන්නේ නැතිව පණ පිටින් අල්වා ගන්නා බවට සහතිකවි තිබේ. කෝරළේ අතෙත්, මද්ය  ඉන්ස්පැක්ටර් අතෙත් තුවක්කු තිබුන නමත්- තිසාහාමි දුටු හිටියේ වෙඩි තබා නැත. තිසාහාමි මහ කැ‍ලේ ගලක් උඩ ඉඳ





පියදාස සිරිසේන නවකථා එකතුව 397


කෝරළේ මහතාට වෙඩිල්ලක් තබා තිබේ. කෝරාළ‍ෙග් මහානුභාව සම්පන්න යන්ත්රමයත් හෙනරාජ තෛලයත් ඇ‍ඟේ තිබියදිම තිසාහාමිගේ වෙඩි පාර කා මරු මුව වැටුනු බවත්-මද්යඑ ඉන්ස්පැක්ටර් තැන තුවාල ලැබ යන්තම් ගැලවි ආ බවත් කියති.

    මිට පසුත් නොයෙක් දෙනා මොහු අල්ලන්ට යන්ට ඇතුවාට අනුමාන නැත. නමුත් මොහු ලඟට ‍ ගොස් ආපසු ඒනනේ ඔහුගේ මිත්රියෙක් දෙන්නෙක් පමණකැයිද කියති. විශාල බින්තැනි කැලේ සැඟවි ඉන්නා මේ අපරාධ කාරයාට නීති මගින් දඬුවම් දිමට තවමත් ඉඩ ලැබි නැත. උතුවන්කන්දේ සර්දියෙල් නමැති හොරා සිටි‍යේ  18 වෙනි ශතවර්ෂයේය. ඒ කාලේ ඔහු කළ දක්ෂකම් තිසාහාමිගේ  දක්ෂක්මවලට වඩා ඉතාමත් සුළුය. මක්නිසාද දැන් අහස්යාත්රාල පටන් සියලුම් උපකරණ බහුල කාලයක් බැවිනි. ඉතින් තිසාහාමි සම්මුඛ විමට වික්රටමපාලද යන්ට  කල්පනා කළ නමුත් ඔහුගේ හිතෛෂි මිත්රියෙකු හෝ පුත්රායෙකු දැක ඇඳින ගන්නාතුරු වික්රඩමපාලගේ ගමන අන්තරා දායක නිසා  ඒ ගමන නවත්වන‍ ලදී



20. පරිච්ජේදය

     දැනට මහපාර දමා තිබෙන ආසන්නයේම පාලම් තුනක් යොදා තිබෙන පෙදෙස පුරාණ කාලයේ “මහඔය” නම් විශාල වැව බව පෙනේ. ඒ වැව තිබුනු ප්රනදේශයේ සාරවත් විශාල වෙල් යායවල් තිබුනාට සාක්ෂි ති‍කබේ. දිගිමඩුල්ල නමින් පැවති ඒ ප්රවදේශය ලක්ෂ සංඛ්යායත යුද්ද භටයන්ට ආහාර දෙන පිණිස විශේෂයේන සකස් කරණ ලද්දකි. ගැමුණු කුමාරයා යුද්දයේ යෙදි සිටියදි එතුමා‍ගේ මලණුවන් වන තිස්ස කුමාරයා කෘෂිකර්ම ඇමතිධුරයට පත්ව මේ පළාත හොඳින් සශ්රීැක කර ආහාර පාන සුලභ කළ බව පෙනේ. දෙහි දොඩම් ආදි පැඟිරි ජාති මේ පළාතේ  ඉතාමත් හොඳින් වැවේ. ලබු පුහුල් වට්ටක්කා ආදිය ඉතාමත් සුලභය. මහා සාගරය වැනි විශාල හිමය පසුකර ඉතාමත් සුරක්ෂිත ලෙස ගමන් කළ අපේ බස් රථය සවස හතර හමාරට පමන මඩකලපුවට පැමිණියේය. මේ රම්ය වු නගරය හාත්පස විශාල කලපුවය. ඕලන්දක්කාරයන්ගේ කොටුව තුල ආණ්ඩුවේ කන්තෝරු තනා තිබේ. මධ්යඕම තරමේ වෙළදාම් පොලක් වන මේ නගරයේ හා අවටත් පදිංචිකාරයෝ දෙමළ භාෂාව කථාකරන මිනිස්සුය. ගති ගුණ ආදියෙන් සලකා බලන විට දැන් දෙමළව 



398 මහේස්වරී


ඉන්නන්ගෙන් බො‍හෝ දෙනා කලින් සිංහලයන් බව කල්පනා කළ හැක. ලක්දිව වර්තමාන ආණ්ඩුව විසින් තනා තිබෙන ශක්තිමත් පාලම් - කලවඩි පාලම් - මඩකලපුව හරහා තනන ලද්දකි. මුහුදේ සිට හැතැප්ම 25 කට වඩා ගොඩට නෙරා තිබෙන මේ කලපුවේ ඉස්සන් ආදී බොහෝ මත්ස්ය්යෝ සිටිති. මෙහි පුරාණ පැවති ඇල වේලි වැව් ආදිය ප්රුකෘතිමත් කොට කුඹුරු අස්වද්දන්ට පටන් ගන්නාතුරු ජනයාගේ සුඛිත භාවය ඇති නොවේ. තද ඌෂ්ණය ඇතකි මේ පළාත අනුර‍ාධපුර පැත්තට වඩා විශේෂයක් නැත. සිංහල මිනිස්සු අතරෙන් පතර සිටිති. නමුත් ප්රුධාන ධනවතුන් හා ඉඩම් හිමියෝ ද්රයවිඩ මරක්කලාදීහුය.

     මගේ මිත්රටයන්ගේ ආධාරයෙන් මහෙස්වරිය ගැන තොරුතරු විමසු නමුත් - කිසිම ආරංචියක් දැනගත ‍ නොහැකිවු මම දුරුමුණ වෙනවා වෙනුවට -  ත්රි කුණාමලය තෙක් ගමන් කෙළෙමි. මඩකලපු ත්රි කුණාමල දෙපළාතම පුරාණ මෙන් තවමත් කිරි සුලභ පළාත් ය. නමුත් සේරුවිලට යන පාරේ තිබෙන “කිරි වෙට්ටි” කියන ග‍මේ ගවදෙනුන්ට කිරි අධිකව තිබෙන බවත් ඒ ගමේ කිරි ඉතාමත් රසවත් පෝෂ්යිදායි කිරි බවත් පෙනේ. වෙන ගමක ශක්තිමත් එළදෙනෙකුගෙන් ලැබෙනවාට වඩා කිරි වෙට්ටි ග්රා මයේ දුර්වල එළදෙනෙකුගෙන් ලබාගත හැකි බව ඇසු අපට මේ කාරණය පරීක්ෂා කරන්ට සිත්විය. වර්තමාන කාලයේ “කිරි වෙට්ටි”යයි කියන්නේ- කාවන්තිස්ස මහරජාණන්ගේ “කිරි පට්ටියට” බව පෙනේ. මේ රාජකීය කිරි පට්ටිය ආරම්භ කිරිමට සිංහල හාස්ත්රළඥන්ට භාරකළ විට ඔවුන්ගේ තෘණාදි විද්යාරඥනයෙන් මේ ස්ථානය තෝරාගෙන තිබේ. මෙහි භූමියේත් වැවෙන තෘණාදියේත් යම්කිසි   විශේෂ  ගුණයක් පවත්නා හෙයින් ඒ මහා ශාෂ්ත්රෙඥයන් මේ ස්ථානය තෝරාගත් පසු එහි රාජකීය කිරිපට්ටිය පිහිටුවා තිබේ. එවකට විසු සිංහල ශාසත්ර්ඥයනගේ ඥන ශක්තිය ගැන කල්පනා කිරිමට මේ කාරණයේදි මෙනෙහි කළ යුතු තවත් වැදගත් කාරණය නම් මාගම පිහිටි රාජවාසලට සේරුවිල සිටි දිනපතා කිරි ගෙනගියේ කොහොමද යන්නයි. දැනට වඩා කෙටි පාරවල් එවකට තිබෙන්ට බැරි නැත. එහෙත් හැතැප්ම තිහ හතලිහකට වඩා අවුවිය නොහැක. උදේ සවස රාජවාසල ප්රයයෝජන සඳහා මේ කිරි පට්ටියෙන් කිරි ගෙන ගියේ කොහොමද ?  වර්තමාන ක‍ලේ තිබෙන වාහාන මො‍ටෝකාර් -  අහස්යාත්රා් ආදිය එවකට ‍ නො පැවතුනු නමුත් වේගයෙන් ගමන් කළ හැකි පදින රථ (බයිසිකල්)  විශේෂයක් ඒ කාලයේ තිබුනු බවට කිසිම සැකයක් නැත්තේය. වේළුසුමන සේනාපති තැන උදෑසන මාගම් 





පියදාස සිරිසේන නවකථා එකතුව 399


නුවර සිට අනුරාධපුරයට අවුත් එහි මානිල් විලෙන් නෙළුමි ආදිය රැ ගෙන සවස් වන්නට පෙර නැවතත් මාගමට පැමිණි බව ඉතිහාසයේ පෙනේ. මේ පයින් ගමනක් නොව පදින රථයකින් ආ ගමනකි. පැදීමේ වේගය පුරුෂ ශක්තියේ හැටියට බැවින් මේ ශක්තිමත් සේනාපතියා හැතැප්ම සිය ගණනක් ඒ පදින වාහනයෙන් ගමන් කොට තිබේ. සේරුවිලට නුදුරු කිරි පට්ටියෙන් මාගම රජවාසලට උදේ සවස කිරි යැවිමටත් පදින රථ වර්ගයක් පාවිච්චි කළ බවත් නිසැකය.

    මේ පළාතේ කුඹුරු පමණක් නොව  අන්යර භූමිද ඉතාමත් සාරය. අල බතල පලතුරු එලවළු ආදිය ඉතාමත් හොඳින් වැවේ. දැනට එහි පදිඤ්චිකාරයන්ව ඉන්නා නුගත් පහත් මිනිසුන් අන්යහ සුළු කටයුත්තක් කොට දිවි රැකගණු මිස විධිවු පරිද්දෙන් රැකී රක්ෂාවල නියුක්ත කෙනෙක් නැත. මසුන් අල්ලා ගෙන කැමෙන් හා  දඩයම් කිරිමෙන් රැ කෙන අය බොහෝය. ද්රිවිඩ මරක්කලාදින වශයෙන් ඉන්නා මෙහි වැස්සන්ගෙන් බොහෝ දෙනා  පරම්පරා ගණනකට ප්රටථම සිංහලව සිටියවුන් බව නොයෙක් ලකුණු වලින් අපට වැටහුනේය. කවුරුත් වුවත් මෙහි ඉන්නා මිනිසුන් දියුණු කිරිමට ආණ්ඩුව ඉදිරිපත් වෙතොත් මේ කැලෑවේ ජනපද පිහිටුවන්ට උත්සාහ කරතොත් අවුරුදු 25 කදි මුළු පළාතව ජනාකීර්ණ සාරවත් ප්රිදේශයක් වනු නිසැකය. මෙහි පදිංචිකාරයන් අතර පරදාර සේවනාදිය පාප ක්රිපයා බො‍හෝ අඩුය. ආහාර පිණිස සතුන් මරාගෙණ කෑම මිස අන්යා පාප ක්රි‍යා අඩු මේ පළාතට කොළඹ ආදි නගරවලින් පැමිණෙන සමහර අධම මිනිසුන් නිසා-  තක්කඩිකම්, සොරකම්, කපටි ක්රිපයා, සුරාපානය, සුදුව ආදි දුශ්චරිතත් දැන් පුරුදුවේගන යන බව පෙනේ. “නාගරික දියුණුව හා දුශ්චරිත අතින් අත වැළඳ  ගැනිම ඇතිවන එකකි” මට මේ ස්ථානවල වැඩි කාලයක් ගත කරන්ට අවකාශ නැතිවිය. මහෙස්වරිය ගැන කිසිම ආරංචියක් දැනගත නුහුනු මට බලවත් වික්ෂිප්ත භාවයක් ඇතිවය. මහහෙස්වරිය සොයන පිණිස නැවතත් අනුරාධපුරයට යන්ට සිතා ත්රිඇකුනාමලයෙන් බස් රථයක නැගි එදා රාත්රිප අනුරාධපුරයට යන්ට සිතා ත්රිකකුණාමලයෙන් බස් රථයක නැගි එදා රාත්රිව අනුරාධපුරයට මා පැමිණි බව ආරංචියෙන් ඇසු මගේ මිත්රොයන් කීපදෙනෙක් පසු දින උදේ ම‍ා සම්බවෙන්ට පැමිණියහ.
     මට නොයෙක් වාරවල උපකාර කළ- රටේ දියුණුව දැකීමට බලවත් ආසාවක් ඇති ගුණවර්ධන නමැති මගේ මිත්රැයා දෙමාසයකට වැඩි කාලයක් සිට මා ගන්නාවු පරිශ්රයමයේ ප්රෙතිඵලයක් තවමත් දකින්ට





400 මහේස්වරී


ලැබුනේ නැද්දැයි මගෙන් ඇසුයේය. “ඇත්තෙන්ම ගුණවර්ධන මහතාණෙනි, මා ගත් මහන්සිය ඉතාමත් අධිකය- නමුත් මහෙස්වරිය ගැන හරි ආරංචියක් තවමත් දැනගන්නට බැරිවිය. ඇලිපන්ට්පාස් නම් සන්ධියේදි මොටෝ රථයකින් ආවාය කියන ආරංචියක් මිස ඈ නැවති සිටිය තැනක්වත් දැනට නැවති ඉන්නා තැනක්වත් සොයා ගන්ට බැරිවුනා. නමුත් මම දුරුමුඛ නොවුයෙමි. මහෙස්වරිය ජිවත්ව සිටිතොත් මේ මාසය තුලම ඇයත් සමඟ අනුරාධපුරයට එන්නෙමි. මහෙස්වරි මැරී ගියා නම් ඒ මළාවු ස්ථානයට හෝ ගොස් ඇගේ මෘත‍දේහය තැන්පත් කළ තැනවත් දැනගෙන එන්නෙමි”යි කීවාම පුදුමටය පත් ගුණවර්ධන මහාත මට ස්තුති කොට “මහතා මේ දෙමාසය තුල ඇවිද්දාවු පළාත්වල තොරතුරු ටිකක විස්තර කිය‍තොත් මෙතන ඉන්නා මා ඇතුළු තුන් හතර දෙනාට පමණක් නොව සිංහල බොහෝ දෙනෙකුට ප්රනයෝජනවත් විය හැක. අද ව්වේක ගන්නා දිනයක් බව පෙණෙනු හෙයින ඒ ගිය ආ තැන්වල විස්තරයක් කියන්ට ඉල්ලා සිටියේය.

    “ගුණවර්ධන මහතාණෙනි, පසු ගිය දෙමාසේ දවස් හැටෙන් දවස් දහයකට අඩු ගණනක් මම විවේක ගතිමි. දින පණකට වඩා මහේස්වරිය සෙව්මේ නියුක්තවිමි. පුරාණ බෙදිමේ හැටියට රුහුණු පිහිටි මායා යන තුන  රටේ හෙවත් වර්තමාන බෙදීමේ හැටියට උතුරු, උතුරු මධ්යටම, වයඹ, මධ්ය ම ඌව, නැගෙණඉර, සබරගමු, දකුණු, බස්නාහිර යන පළාත් නවයේම ඇවිද්දෙමි. බො‍හෝ පළාත්වල ඉතාමත් විස්තර වශයෙනුත් ඇතැම් පළාතක තොරතුරු සංක්ෂේප වශයෙනුත් විමසා ගතිමි. මගේ මේ පරීක්ෂණය උතුරු පළාතෙන් හෙවත් ජාපනයෙන්ම ආරම්භ කරණලදි. ජාපනය පිළිබඳ ලුහුඬු විස්තරයක් මේ කථාන්තරයේ මුල්භාගයේ දක්වා ඇත. මා අවබෝධ කරගත් අන්දමට ජාපනය පැත්ත බලවත් උත්සාහවන්ත මිනිසුන්ටම මිස අලසවු සුඛුමාලවු -  කාමාභිලාෂිවු  - මිනිසුන්ට සුදුසු පළාතක් නොවේ. එහි ඉන්නා ද්රතවිඩ ජනයා ඉතාමත් උත්සාහවත් දුක් සැප එක හා සමානව විඳ දරාගන්ට පිළිවන් උදවිය බව පෙනේ. නාග, රාක්ෂස.ද්ර්විඩ ආදී ජාතිවලට අයත් උත්සාහවත් ජනයා පුරාණ කාලේ සිට වාසය කරන්නාවු මේ පළාතේ සිංහල ජනයාද වාසය කර තිබේ. විශේෂයෙන් බෞද්ධ භික්ෂුන්වහන්සේලා ප්රිදය කරණ පළාතක්ව තිබුනු බව පෙනේ. මෙහි දේහ ගුණය පුදුමය. තපස් රැකීමට හෙවත් සිත දමනය කෙට ධ්යා න බලය ඉපදවිමට පහසුකම ගැන සලකා බල‍තොත් 





පියදාස සිරිසේන නවකථා එකතුව 401


නාගදීප නමින් සලකන මේ ජාපනය පැත්ත ඊට ඉතාමත් හොඳය. මේ පළාතේ ශරීරය වියලන ගතියක් තිබේ. ඉතාමත් බලවත් තරුණ කාලයේදි ආරක්ෂා ‍ නොකළ පසිඳුරන් ඇතියෙක් - තමාගේ කැමැත්තෙන්ම දුසිරිතට පුරුදු වුනොත් මිස - සිහි බුද්ධි ඇති මධ්යතම වයස ඉක්මවු අයට ඉතාමත් පහසුවෙන් බ්රීහ්මචාරී ශිලය රක්ෂා කිරිමට මෙහි පිළිවන. කාමසුවය සඳහා වර්තමාන කාලේ පිළියෙල කරගෙන තිබෙන ජින්, බ්රැ න්ඩි, විස්කි ආදි මත්පැන් නිසාත් වෙනත් කාම වර්ධනයට හේතු ගන්ජා අබින් ආදී විෂ ද්රෙවය නිසාත්- කෙළි සෙල්ලම් සමාගම හා අධික ලෙස ඕජා වර්ධනය කරණ ආහාර ‍ ආදිය නිසාත් නොවේ නම් - මේ පළාතේ දමුනු ඉන්ද්රිජයන් ඇති පරදාරාදි ගර්හිත පාපයෙහි නොඇළුනු මිනිසුන් අධිකවනු නිසැකය. වර්තමාන බටහිර ශිෂ්ටාචාරය නොදත් ඈත ගම්වල මිනිසුන්ගේ චරිතය මම විපරම් කෙළෙමි.

  සතුන් මැරීම හැර ඒ මිනිසුන් අතර වෙන දුසිරිතක් දක්නට නැත. පරණ හින්දු සිරිත් බහුල දෙවි දේවතාවන්ට යාඥ කිරිම, බාරහාර විම ආදි මෝඩකම් හා කුල භේදය්දු ඔවුන් අතර පවති. ඔවුන්ගේ දියුණුවට - උත්සාහවත් භාවයට හා සමගියටත් බාධක මෙබඳු සිරිත් පවතිතත්- යමිකිසි කටයුත්තක ‍  නොයෙදෙන ස්ත්රිතයක් හෝ පුරුෂයෙක් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්ය. පුරාණ පැවති වැව් අමුණු ඇල දොල ආදිය සකස්කර ගත්තොත් විශාල වශයෙන් ඉඩකඩ ඇති උතුරු පළාත තව දුරටත් දියුණු කරන්නට බැරිකමක් නැත. අරුවිඇරු, යෝධ වැව, පරංගි ආරු ආදී ජලාස වලින් යුත් මන්නාරම පැත්තේ ගොවිතැනට බොහොම ඉඩ තිබේ. මේ ලොකු වැව්වලින් වතුර ගන්නා ඇල වේලි හා ගම්බද කුඩා වැව් දැන් දක්නටත් දුරුලභය. කෙහොම නමුත් සිංහලයන් පදිංචිසද පළාත්වලට වඩා එක්තරා උනන්දුභාවයක් ද්රොවිඩයන් ඉන්නා මේ විශාල පළාතේ පවත්නේය. ද්ර්විඩ ජනයා සිංහල පළාත්වලට පැමිණ නොයෙකුත් රැකිරක්ෂා කරමින් පදිංචි වන්නාක් මෙන් සිංහල ජනයාද දැනට වඩා අධික වශයෙන් මේ පළාතේ පදිංචි  විමෙන් පුරාණ කාලයේ පැවති සම්බන්ධතාවයද අධිකවනු නිසැකය. මුලතිව් පළාතේ ඉරණමඩු මහා වැව සකස් කිරිමටත්. දීර්ඝ මහ මාවත් තැනීමටත් වර්තමාන ගොවිකම් මණ්ඩලය ආරම්භ කර තිබෙන බැවින් මුලතිව් පළාත ඉක්මනින්ම සශ්රීමකවත් භාවයකට පැමිණෙනු සැක නැත. ජාපනේ පළාත ගැන මිට වඩා විස්තරයක් කීමෙන් පලක් නැත 






402 මහේස්වරී


       උතුරු මධ්යකම පළාතය කියන රජරට ගැන ගුණවර්ධන මහතුන් නිතරම අසා තිබේ. ලක්දිව ධාන්යාරගාරයත්, ලක්දිව විසු රජ දරුවන්ගේ වාස භවනයත් මේ රටය. කැලෑ රොදක් සහ ගම්වරයක් ප‍ාසැ දකින්ට ලැබෙන නෂ්ටාවශේෂ දේ වලින්ම මේ රජ රටේ තත්වය තේරුම් ගත යුතුය. මේ රඡ රට අත්හැර මායා රටට සිංහල ජනයා ගියේ  යම් දිනකදීද එදා පටන් පිරිහී ගියේය. ඒ සම්බන්ධයෙන් දැනගත් අප්ර මාණ කරුණු පැත්තකින් තබා අවංකවු ප්රවශස්ත ඉංගරීටත්සි ඉතිහාසඥයන්ගේ අදහස් කියන්නෙමි.  “මේ රටේ සාමාන්යන දියුණුවට බාධක වුයේ කලින් කල මේ රටට පැමිණි දකුණු ඉන්දියාවේ සොනග බව පෙනේ. මේ සෝල මණ්ඩලය පැමිණ යුද්ධාදි කොලාහල කිරිම නිසා ගොවිතැන් සශ්රිවක කරගත නොහැකි විමෙන් සාගතය ඇති වුනේය. ලෝකයේ වෙන රටවලට මෙන් ලක්දිවටද වරින්වර ඉසුරුමත් කාලත් පරිහානි කාලත් ඇතිවිය. ක්රිසස්තු වර්ෂයට පර්ද ථම ශතවර්ෂය. ක්රි්ස්තු වර්ෂයෙන් පසු දෙවෙනි‍, පස්වෙනි. නවවෙනි සහ දොළොස්වෙනි යන ශතවර්ෂවල ලක්දිව සර්වොත්කර්ෂයෙන් බැබලුනු කාල පරිච්ජෙද බව පෙනේ. එකොලොස්වෙනි ශත වර්ෂයේ අගභාගයේදි සොළී බලලය නිසා අනුරාධපුරය අත්හැර පොළොන්නරුව අගනුවර කරගත් නමුත් සිංහල බලය ඉතා මහති විය. ක්රිුස්තුවර්ෂ 1153 සිට 1186 දක්වා රජ කළ මහා පරාක්රෙමබාහු රජතුම‍ාගේ රාජ්යු කාලය ලංකාද්විපයේ අතිශයින් සශ්රිුකවත් කාලය හැටියට ගණන් ගත හැක. මේ රජතුමා රටේ පැවතී කුඩා රාජ්යු බල නැතිකොට මුළු රටම එක්සත් ‍ කොට යථා ක්රයමයෙන් පිහිටෙව්වේය. මහා ඇමතිවරු තිදෙනෙක් රජතමාගේ සහායකාරයත්ව විසුහ. ආණ්ඩුකාරවරු දොළොස් දෙනෙකු රට පාලනයෙහි යෙදුහ. මේ හැර දක්ෂ නිලධාරීන් අසුහතර දෙනෙකු උසස් රාජ්යටකෘතීන්හි යොදවන ලදහ. පොළොන්නරු පුරවරයෙහි රජතුමා ප්රචධාන මේ නිලධාරීන් 100 ක් දෙනා හා පොදුජනයා විසින් ඒ ඒ පළාත්වලින් තෝරා ගන්නා ලද මහතුන්ගෙන්ද යුත් මන්ත්රාණ සභාවක් පැවති බව නම් නිසැකය.
       මේ කාලයේ ධනසම්පත් ආදියෙන් පමණක් නොව උසස් ධර්මශාස්ත්රහය අතින්ද ලක්දිව අතිශයින් බැබලුනේය. මේ දියුණුව රජතුමාගේ අභාවයෙන් පසු නැවතත් පිරිහෙන්නට විය. මලබාර් රටෙන් පැමිණි (මාස)  මහාසේන විසින් නැවතත් රට පාළුකරණ ලදි. වැව් අමුණුවලින් සශ්රීජකමත් කළ රජ රට ඒ වැව් අමුණු ආදිය විනාශ කිරිම නිසා ගම් අගම්වි -  රට නො රටවි - රට වැස්සන් දුක්ඛිත 





පියදාස සිරි‍සේන නවකථා එකතුව 403


අසරණයන් බවට පත් කරන ලදහ. මේ සොලීන් වැදි කලශ කොට අල්වා ගෙණ අවුරුදු තිහක් ගතවන්ට පෙර සිංහලයන්ට රජරට අත්හැර යන්නට සිද්ධවිය. මෘඝයා පොළොන්නරුවේ අගරජ විය. ලක්දිව උතුරන් නැගෙණහිරත් ඉන්පසු නරවශේෂ වශයෙන් දෙමළ බලයෙන් තුරන්කරගත නොහැකිවිය. ජාපනය ඔවුන්ගේ ප්රෙධාන රාජධානිය කරගත් පසු දුර්වල සිංහල කුමාරු කුරුණෑගල, දඹදෙනි, ගම්පල, කෝට්ටේ, සිතාවක, මහනුවර ආදි තැන්වල රාජධානි පිහිටුවා ගත්හ. (ඩො‍ෙනාමෝර් කොමිෂන් සභා වාර්තාවෙන්) මෙසේ පවත්නාන අතර කෝට්ටේ අගනුවරව පැවති කාලේ ලංකා රාජ්යාශ්රීරයට පත් සවෙනි පරාක්රහමබාහු රජතුමා මුළු ලක්දිව එක්සත් කොට දෙමල බලය යටපත් කොට තිබේ. පුරුණ පැවති විශාල විරිමාර්ග නැතිවි යාමෙන්ද, ජන සුනය වන වසංගත රෝගාදිය පැමිණිමෙන්ද රජරට එහෙමපිටින්ම මහා වනයක් විය. 1872 ක වනතුරු ඉංග්රිමසි ආණ්ඩුවටද මේ රජරට පැත්ත බැලිමට කාරණයක් නොවිය. නාරංවිට සුමනසාර ස්වාමින් වහන්සේ 1873 නේදී ස්වර්ණමාලි මහා චෛත්ය8 රාජය ප්රාතිසංස්කරණයට ඇරඹුනේ යම් දිනකද එදා පටන් අනුරාධපුරය දියුණුවෙන්නට පටන් ගෙණ අද දවසේ තිබෙන තත්වයට පැමිණ තිබේ. දැන් අනුරාධපුරු නගරය මහා මෙවුනා උයනේ පිහිටුවා තිබෙන බැවින් අධික ජනගහනයක් ඇති විය නොහැක. ජෙතවනාරාම චෛත්යවයෙන් උතුරු පැත්තේ පිහිටි රජමහනුවර නැවතත් පිහිටුවා රජරට දියුණු කරණතුරු ලංකාව දියුණු නොවේ. මිනිසෙකුගේ ශරීරයේ අත පය ආදිය මනාව පැහැපත්ව තිබුනත්- හෘදය වස්තුව නිරෝගිව බල සම්බල්නව නොපැවතියොත් - ඒ මිනිසා‍ගේ ශරීරය ශක්තිමත් නොවේ. කලක් නොපවති. එමෙන්ම ශ්රී ලංකාංගනාවගේ හෘදය මණ්ඩලය අනුරාධපුරයයි. ඒ නගරය හා පළාතත් පරාක්රයමබාහු රාජ්යේකාලයට පරිවර්තනය කළ යුතුය. දොන් ස්ටිවන් සේනානායක නමින් දැන් ඉන්නා කෘෂිකර්ම මහා ඇමතිතුමාට “පරාක්රදමබාහු අවතාරය”යි ඉංග්රීෂසිකාරයෝ කියති. මාවැලි ග‍ඟේ වතුර රජරට විසුරුවා හැරිමටත් නටබුන්ව තිබෙන වැව් අමුණු ප්රරතිසංස්කරණය කොට ඒ ඒ පළාත්වල මිනිසුන්‍ පදිංචි කරවිමටත්- රටවැස්සන් උපදවන වි සහ වෙනත් ධාන්යවජාතීන් ආණ්ඩුව විසින් මිලේට ගෙණ මිනිසුන්ගේ ‍ ගොවිතැන් සඵල කිරිමටත් මේ මැතිතුමා සියලුම උපක්රංම ‍ යොදා තිබේ. මිට අවුරුදු 1600 කට ප්ර්ථම ගොඨාභය රජු යටතේ රජ රට පාළනය කළ සේනානායක පරම්පරාවේ මහතුන්ගේ උත්ස‍ාහයෙන් නැවතත් රජරට






404 මහේස්වරී


දියුණු විය හැක. නමුත් අනිත් සිංහල ජනයා තම තමන්ටම අධික සැප විඳින්ට නොලැබුනත් මතු ඇතිවන සංහල පරම්පරාවල යහපත සඳහා සහයෝගීව වැඩ කළ යුතුය.

       දැන් උතුරු මධ්යසම පළාතේ ඉන්නන්ගෙන් බොහෝ දෙනා ද්රකවිඩයන්ය. කොටසක් සිංහලට පරිවර්තනයවු දෙමළුය. සංකීර්ණ වුවෝය. නමුත් පිරිසිදු සිංහල පරම්පරාවලින් පැවතෙන්නෝ ද සිටිති. සිංහල බලය අධික වු‍ෙනාත් සංකීර්ණව මිශ්රිව ඉන්නන්ගේ බලය අඩුවේ. බලවතුන්ටත් උගත් අයටත් බියවන අයුත්තට හිස නමන මිනිසුන් බො‍හෝය. මෙහි ප්රසධානත්වුය  උසුලන බොහෝ දෙනා ගම්වාසි දුප්පතුන්ට උදැල්ලක්, රෙද්දක්, රුපියලක් හමාරක් දෙමින් ඔවුන්තගේ තත්වය තව පහත් කරති.  ගම්බද පාඨශාගා පිරිවෙන් තබ්බවා. මංමාවත් දියුණුකොට මිනිසුන්ගේ සැප පහසු ඔවුන්ටම ඇති කරන්ට මග සලස්වනවා වෙනුවට ඔවුන් යාචකයන් කිරිම, බියගුල්ලන් කිරිම, අදක්ෂයන් කිරිම බලවත් අයුත්තකි. මේ නැවත්විමට නම් නිර්භිත 

උගත් ජාති හිතෛෂි සිංහලයෙක් අනුරාධපුර පළාත වෙනුවෙන් හැමදාම රාජ්යතමන්ත්රනණ සභාවේ සිටිය යුතුය. අනුරාධපුර පළාත හෙවත් රජරට ගැන කළයුත විස්තරය දවස් කීපයකිනුත් කොට නිම කළ ‍ නොහැක. එබැවින් ගුණවර්ධක මහතාණෙනි. උතුරු මධ්යසම පළාත පිළිබඳ මා දැනගත් කරුණුත් නොකියා වයඹ පළාත සම්බන්ධයෙන් විස්තරයක් කියන්නෙමි.

   වයඹ පළාත ලක්දිව ඉතාමත් විශාල එකකි. මෙහි ප්රැමාණය හත්පත්තු  හතකින් හෙවත් පත්තු හතලිස් නවයක් තිබිමෙන්ම සලකා ගත හැක. ඉතා සාරවත් කුඹුරුත් ගොඩබිමුත් ඇත්තාවු මේ පළාතෙන් නියම ප්ර්යෝජන නොගනිති. තවමත් උවමනා තරම් මංමාවත් තැනී නැත. පුරාණ පැවති වැව් අමුණු සියල්ලක්ම වල්බිහිවි තිබේ. අවුරුදු විස්සක තිහක වේලේ පටන් හලාවත පුත්තලම ආදී මුහුදුබඩ පළාත්වල පොල් වැවිම ආදි කටයුතු කරති. තබ්බෝවේ වැව ප්රුකෘතිමත් කොට ගොවිජන පදයක් කිරිමට නොබෝදා ආරම්භකර තිබෙතත් වන්නිහත් පත්තුව ආදි පළාත් තවමත් දියුණුවෙන් බොහොම ඈත්ය. මුල් පදිංචිකාර පිරිස තවමත් ශිල්ප ශාස්ත්රත දැනිමෙන් හා ධනසම්පත් උපයා ගැනීමෙන් ඉතාමත් පහත්ය. මේ පළාතේ මුහුදු බඩ පළාත් මල වැඩි වශයෙන් දකුණු ඉන්දියාවෙන් පැමිණි ජනයා ලාංකිකව වෙසෙති. පිරිසිදු සිංහල මිනිස්සු අතරෙන් පතර සිටිතත්-  සම්මිශවු බොහෝ ජනයා තවමත් දෙමල කථාකරති. පරංගි කාරයන්ගේ වසඟයට වෙලා පයින්ම ගිය 





පියදාස සිරිසේන නවකථා එකතුව 405


මේ සෙනග අතර ආර්ය ධර්මය ඇදහිමට වඩා මි‍ලේච්ජ ආගමක් ඇදහිමට කැමති අය බොහෝ වෙති. ධාතු ආයතනාදි මනුෂ්ය යා පිළිබඳ සියුම් ධර්ම ඔවුන්ට කවදාවත් නොවැටහේ. මේ පළාතේ ලොකු පොල්වතු නැටුකොට්ට හෙට්ටි ජනයාටත් පරවරාදි විදේශින්ටත් හිමිය. වෙළඳාම් එහෙම පිටින්ම වාගේ මරක්කල හම්බාදින් අතේය. සිංහල මිනිසුන්ගේ වැඩි දියුණුවක් නැත. සිංහලයන්ගේ දුක්ඛිතකම නිසා ඔවුන්ගේ බෝවිමද අඩුය. ඈත. කෝරල බද පළාත් පාලනය කිරිමට තරම් දක්ෂ උගත් මුලාදෑනින් විරල බැවින් ආණ්ඩුව මගින් ඇතිකරවා ගත හැකි ආධාරද නොලැබේ. දේශගුණය අතින් උතුරු මධ්ය.ම පළාතටත් වඩා ඌෂ්ණාධික මේ පළාතේ දරුවන්ට පිරිමහින ඉගෙණිම ඇතිකරදි පළාත් වැස්සන්ගේ අභිවෘධියට වැඩ නොකළොත් සුරවු පරදේශින්ට මුළු පළාතේම සාරවත් කොටස හිමි වි රටට හිමි සිංහලයා එහෙම පිටින්ම විනාශ විය හැක. මේ පළාතට අයත් කුරුණෑගල දණ්ඩගමුව ආදී නගරවල ඉඳහිටලා ජාතික දියුණුවට කතාබස් කෙරෙතත් තවමත් පොදු ජනයාගේ සතුටට තරම් යහපතක් සිද්ධවි නැතඤ. පුත්තලම, නාරම්මල, කුරුණෑගල ආදී රාජ්යමමන්ත්රකණ සභවේ ආසනවලට රට ජාතිය කෙරෙහි හැබෑ ප්රේකමයක් ඇති දක්ෂ විචක්ෂණ නිර්භිත මහතුන් පත්කරගත හැකි වුනොත් මේ පළාතත් ලක්දිව අනිත් පළාත්වල තත්වනයට පත්වෙන්නට බැරිකමක් නැත. ප්රමතිප්තති ගුණධර්ම ආදිය අතින් ඉතාමත් පහත් ප්රවදේශ මෙහි තිබේ. සදාචාරය පටන් ගතයුතු භික්ෂුන්ගෙන් හා අධිපතියන්ගේන්ය. නමුත් ඔවුන් අතර සදාචාර සම්පන්නයෙකු දැකීම ඉතාමත් දුෂ්කරය, රටේ බොහොම ඉඩකඩ තිබෙතත් ලෙඩදුක් බහුල නිසාත්, මංමාවත්, වාරිමාර්ග ආදිය නැති නිසාත් මේ වන්නිකරය විශාල වනයක්ව පවති. රාජ්යර මන්ත්රරණ සභාවේ විශේෂ සැලකිල්ලකට මේ පළාත භාජන වෙන්නේ කවදාදැයි නොසිතේ.


12. පරිචිජේදය

       අන්තිම සිංහල රාජධානිය පැවතී මධ්යිම පළාතේ අනිත් හැම පළාත්වලටම වඩා මම ඇවිද්දේමි. මහෙස්වරි මධ්ය ම පළාතේදි සොයාගන්ට ලැබේයයි පැවති ම‍ගේ බලාපොරොත්තුව මාසයකට පෙර නැතිව ගියේය. මේ පළාතේ තරම් කෙළෙහි ගුණ නොදත් මිනිස්සු ඉන්නසා පළාතක් ලක්දිව ඇත්තේම නැත. පළාතේ සාරවත් 


406 මහේස්වරී


භූමි සියල්ලක්ම පරදේශින්ට හිමිව තිබේ. ඒ පළාතේම පදිංචි සිංහල මිනිසුන්ට හිමි විශාල වත්තක් වත් - කිසිම කර්මාන්තයක් හෝ වෙළඳාමක් ඇත්තේ නැත. ඒ පළාත හිමි මුල් මනුෂ්යනන් තරම් අද්භුත සිංහල මිනිසුන් ලක්දිව අන්යඒ කොයි පළාතකවත් දක්නට නැත. මා ගිය ආ අනිත් හැම පළාත්වලටම වඩා අමුතු ගතියක් මේ පළාතේ මුල් මිනිසුන් තුල පවත්නා බව පෙනේ. පාතරට ආදි අන්යක පළාත්වාසීන් අතර ඉතාමත් බියගුළු ආත්මාර්ථකාමි උසස් දියුණුවක් ගැන අපෙක්ෂාක් නැති මෙ‍ලෝ පරලෝ දියුණුව සඳහා නුවණින් හා වීර්යයෙන් ක්රි යා නොකරණ කුහක- දැඩි කාමුක- ඊර්ෂ්යා්වෙන් හරිත නොවන ස්ත්රීතයකු හා පුරුෂයකු සොයා ගැණිම ඉතාමත්ම දුෂ්කරය. රටේ ඉඩම්වලින් සාරවත් ඉඩම්වලින් කොටසක් විහාර වලටත් දේවාලවලටත් නින්දගම්වලටත් හිමිව තිබෙන්නේ ඉංග්රීාසි ආණ්ඩුවට රට භාර දුන් පසු ඒ නින්දගම් හා විහාර දේවාලයන් සතු ඉඩම් හා අන්තිම දෙමල රජුන්ගේ ගබඩා ගම් නමින් පැවති ඉඩම්ද යුරෝපීය වතුකාරයන්ට තේ කෝපි කො‍කෝ ආදී වතු සඳහා විකුණා තිබේ. සමහරක් බොහෝ දීර්ඝ කාලවලට බදුදි තිබේ. ගම්වැස්සන්ගේ ඉඩම්ද අධිපතින්ගේ උපක්රිමවලින් පරදේශික නොයෙක් දෙනාට හිමිවි තිබේ. මේ පළාතේ මුල් හිමිකාරයන් පදිංචි ගෙවල් තිබෙන කුඩා ඉඩම් කෑල්ලත් ඔවුන්ට ඕනෑවට වැඩියයි සලකා මුළු රටම අන්ය්ජාති වලටත, පාතරට සිංහලයන්ටත් හිමිකර ගන්ට ඉඩ ඇර නිසොල්මන්වු බව පෙනේ. පසුගිය කාලේ විසු රටේ මහත්තැන්, කෝරළේ මහත්තැන්, බස්නායක නිලමේලා ආදී ප්රේධාන මිනිස්සු තම තමා මිස අනිත් රටවැස්සන් දියුණු කිරිමට හෝ‍ ඔවුන්ටම දියුණුවිමට නිදහස නුදුන්හ. පළාත්වැසි සාමාන්යත ජනයා වාළුන් යාචවකයන් ලෙස තබා ගැනීමට පිළිවන් සියලුම උපක්රිම ඔවුහු යෙදුහ.

      රට වැස්සන්ගේ නිදහසටත් දියුණුවටත් අකුල් හෙලු අධිපති ජනයාගේ පවුල්ද පරම්පරාවෙන් පරම්පරාවටම පිරිහි ගිය හ. මවු පියන් ප්ර්තිපත්ති විරහිත දුෂ්ටයන් වු විට ඔවුන්ට ඉතා පහත් දරුවෝ උපදිති. උත්පත්තියෙන්ම පවුකාර ඒ දරුවෝ මවුපියන්ගේ ක්රිඔයා පටිපාටිය අනුගමනය කිරිමෙනුත් පාප මිත්ර් සේවනයෙනුත් ඒ මවුපියන්ට වඩා හැම අතින්ම ශර‍ීර ශක්තියෙන් හා ඥනශක්තියෙන්ද දුර්වල අය වුනි. ඉතින් මවුපියන්ගෙන් අයිති ඉඩකඩම්ද විකුණා ඔවුහු






පියදාස සිරිසේන නවකථා එකතුව 407


ටික කලක් සුරා පානය කාමමිත්යා චාරය ආදි අකුසල් කරමින් සිට මැරියති. සමහරු අපායෙන් චුතවන පහත් කාලකන්නින් කීප දෙනෙකුද බෝකර තබා මියයති. මද්ය ම පළාතේම හිමි ජනයා අතර සියේට පස් දෙනෙක් ප්රිතිපත්තිකාමි සුව පහසු සම්පන්න අය සිටිත්යයි කිම උගහටය. ඉතින් ඒ පළාතට පිට පළාත්වලින් ගොස් පදිංචිවු අයගෙන් පැවතෙන්නන් අතරද සියේට දහදෙනෙක්වත් සුචරිත සම්පන්නයයි කිය නොහැක. ඒ පිටපළාත් වලින් ගොස් පදිංචිවු මෑත අතීතයේ විසු මිනිසුන්ට ඒ පළාතේ විසිමේදි විලිබිය රහිතව දුරාචාරාදි දුසිරිත වලට යෙදෙන්ට අවකාශ ඇතිවු බැවින් ඔවුන්ගේ පරම්පරාද දුර්වාල බවට පැමිණියා හ.

     ද්රුවිඩ මරක්කල ආදී ජාතිවල වඩා මධ්යවම පළාතේ වෙ‍සෙන සිංහල මිනිස්සු බො‍හෝ දුර්ව්ලය, අසමර්ථය, අඥ්ය , අසමගිය යන්න නිරවශේෂ කොට කිය හැක්කේය. බහු ස්ත්රීය සේවනයත් බහු පුරුෂ සේවනයත් තරම් මන්ෂ්යර ජාතියක් පිරිහාමට වෙන කිසිම හේතුවක් ඇත්තේ නැත. බහු ස්ත්රීව සේවනයෙහි නොයෙදෙන අධිපතියෙක් හෝ ධනවත් මිනිහෙක් මධ්ය ම පළාතේ සොයා ගැණිම දුෂ්කරය. පුරුෂ පක්ෂය  අනාචාරි විලිබිය රහිත සල්ලාලයන්වු හැටියේම ස්ත්රීර පක්ෂයද දුසිරිතට බැසිම නිසා පරම්පරාවෙන් පරම්පරාවම පිරිහෙමින් විනාශ වේ. වරක් ගජබා රජුද ගෙන ආ හිරකාරයනුත් තව වරක් පරාක්ර්මබාහු රජුගේ දකුණු ඉන්දායා ජයග්රිහණයේදී  ගෙණ ආ කර්මාන්තකාරයනුත් මධ්ය ම පළාතේ පදිංචිවිමෙන් මිශ්රජවු පිරිසට වඩිග කුමාරවරුන්ගේ කාල‍යේ මෙහාට පැමිණි දෙමල ජනයාද මිශ්රයවිමෙන් සිංහල ගති ගුණ හැඟීම්  මේ පළාත්වලින් පැමිණි සිංහලයන් හා ඔවුන්ගෙන් පැවතෙන්නන් කෙරෙහි දක්වන අවිස්වාසයත් ඔවුන් කෙරෙහි පවත්නා ඊර්ෂ්යා් ක්රො ධාදියත් මධ්ය ම පළාත පිරිහිමට බලවත් කාරණයකි. මධ්ය ම පළාත යථා ස්වභාවයට පැමිණවිමට නම්- එහි පදිංචිකාර ජනයාට සෑහෙන ඉගෙණිමකුත් ප්ර්තිපත්ති පුරුදු කරවීමකුත් අවශ්යදය. වෙළහෙලඳාම් ආදී ධනොපාර්ජන කටයුතුවල නොයෙදිමත් ආණ්ඩුවේ සුළු රාජකාර ගැනම පවත්නා බලවත් කෑදර කමත් මේ පළාත් වාසින්ගෙන් අතුරුදහන් කළ යුතුය. මුළු ලක්දිවෙන්ම ඉතා  සාරවත් වාසීන්ගෙන් අතුරුදහන් කළ යුතුය. මුළු ලක්දිවෙන්ම ඉතා සාරවත් ඉතාමත් සනීපදායක ප්රිදේශවලින් යුත් මධ්යයම පළාත දියුණු කරගෙන සිංහල බලය එහි වර්ධනය කරගැණිම එහිම මුල් මිනිසුන්ගේ පමණක් නොව ත්රිල සිංහල වාසීනස්ගේ යුතුකමකි. මා ඇවිද්දා පළාත්වලින් සබරගමු 





මහේස්වරී 408


පළාත මධ්ය ම පළාතටත් වඩා සංවේග දායක පළාතකි.

   අකෘතඥ, ජාතිද්රෝ හි, ආත්මාර්ථකාමි මිනිසුන්ගෙන් පරිපුර්ණ වේ. මධ්ය ම පළාතේ තරමට දෙමල සංකරය මෙහි නැතත් පළාතේ අධිපතිකමට පත් මිනිසුන්ගේ දැඩි ආත්මාර්ථකාමි කුහක ගතිය නිසා මධ්යඅම පංක්තියේත් පහත් පංක්තියේත් මිනිස්සුදි පිරිහිමට පත්වි සිටිති.   දේශගුණය වශයෙන් මධ්ය ම පළාතට සමානය. රට පිරිහුන කාලේ පටන් බහු භාර්යා බහු පුරුෂ ‍ සේවනය මෙහාටද බෝවි තිබේ. විලිබිය ඇති ප්ර තිපත්තිකාමි කෙනෙකු සොයා ගැනිම දුෂ්කරය. මේ පළාතේ සමහර ගම්වල ගුණවත් ප්රපතිපත්තිකාමි ස්ත්රිර පුරුෂයන් දක්නට ලැබෙතත් එහි අධිපති අලජ්ජ මිනිසුන් බහුල න‍ිසා රටේ සීලාචාර භාවය පැතිරෙන්ට ඉඩක් නැත. පරම්පරාගත උගත් මහත්තැන් ටික දෙනෙක් තන්හි තන්හි පදිංචිව සිටින නිසා නොවේ නම් සබරගමු පළාත ගර්හිතය.  මහජනයා හික්මවිමට  ඉන්නා භික්ෂුන් අතර නියම භික්ෂු පදවිය දරන්නන් ඉතාමත් ටික දෙනෙකි. මැණික් මිරන් ආදි ඛනිජ වස්තුවෙන් ආඨ්යය මේ රටේ ඉතා  සාරවත් ප්රෙදේශ පරදේශින්ට හිමිව තිබේ. වෙළඳාමත් වැවිමත් එහෙම් පිටින්ම වාගේ මරක්කල ද්ර්විඩාදින අතේය. බටහිර දකුණු පළාත්වල සිංහල වෙළඳුන් ටික දෙ‍ෙනක් සිටිතත්-  ඒ පළාත හිමි සිංහලයන්ගෙන් වෙළඳාමෙහි නියුක්ත අය දැකිම පවා දුෂ්කරය. ගොවිතැන් ටිකක් කිරිමෙන් සතුටුවසන සිංහලයාත් - ආණ්ඩුවේ කුඩා මෙහෙයක් කිරිමෙන් සතුටුවන සිංහල ජනයාත් බොහෝය. තේ, රබර් ආදි වතුවල කුලි වැඩ කිරිමෙන් ඉතා දුකසේ කල්ගත කිරිමට සිංහල මිනිසුන් බො‍හොම කැමතිය. ධර්මයෙන් හෝ අගෞරවයෙන් යන්තම් දෙයක් සපයාගෙණ කා- තිරිසනුන් මෙන් කාම සේවනයේ යෙදිම මනුෂ්ය් ජිවිතයේ ප්රුයෝජනය  ඒ යයි සලකන මිනිස්සු මෙහි සිටිති.  හැම  දෙනාගෙන්ම හැමුදුරුකම ලබන සමරහ රටේ මහත්තැන්- ස්වකීය භාර්යාවන් දැනුවත් පහත් කු‍ලේ ස්ත්රීයන් වලව්වල නවත්වාගෙන සිටිති. පළාතේ ඉන්නා ශිෂ්ටාචාර  මධ්ය ම පංක්තියේ හා පහත් පංක්තියේ අයට මේ උසස් පංක්තියේ කාමුක් නීච මිනිසුන් නිසා ඇතිවි තිබෙන කරදරය ඉතාමත් බියකරුය. සබරගමු-නොව-  “සමරගමුව”යයි කීමට තරම් කාමමිත්යා්චාරය තදින් පවත්නා මෙහි නමින් කුලභේදයක් ද පවති. ඇත්ත වශයෙන් කොයි කුලත් එකට මිශ්රි බැවින් මෙහි කුලභේදයක් නැතැයි කියයුතු තරම්ය. සියේට පහක් හයක් පමණ පවුල් දුරුචාරයෙන් වෙන්ව -  අමිශ්රිව සිටිතත් අනිත් බො‍හෝ දෙනා- හැම කුල ගෝත්රා සමඟම






පියදාස සිරිසේන නවකථා එකතුව 409


මිශ්රසව ඉන්නා බව කිවහැක. මේ සබරගමු පළාත තරම් දියුණුකළ හැකි සනිපදායක ඉඩකඩ ඇති වෙන පළාතක් නැත. ඉන් නිසා ධෛර්යමත් අභිවෘධිකාමි සිංහලයන් විසින් කල්පනා කටයුතුය.

     සබරගමු පළාතෙන් පිටත්ව ගිය මම දකුණු පළාතේ සීමාව දක්වා ගියෙමි. හම්බන්තොට පටන් නැගෙනහිර පළාතේ සීමාව දක්වා දකුණු ප්ර්දේශයේ ‍ දේශගඅණය රජ රටට සමානය. තිස්සමහාර‍යාමය - සිතුල්පව්ව ආදි ප්රගසිද්ධ ආරණ්යණවලින් ප්රෙතිමණ්ඩිත මේ පළතේ- අනුරාධපුරයේ මෙන්ම මහ රහතන් වහන්සේලා විසු බව පෙනේ. කෙලෙස් නසන ධ්යාාන භාවනාදියට යෝග්යහ දේශ ගුණයෙන් යුත් ප්රෙදේශ මෙන්ම ඉතා සාරවත් කෙත්වත් ආදියේන ද යුත් මේ රුහුණු රට හෙවත් දකුණු පළාත දැන් දේශ පාලනයේ අන්දමට බෙන්තොට ගඟ සිමාකොට ඇත්තේය. ලක්දිවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂාකරගත් මහා විරයන් උපන් මේ පළාතේ තවමත් ඉතාමත්ම ව්ය්ක්තයන්ද, කවිවරයන්ද ඉන්නා බව පෙනේ. දැනුත් විශාල ත්යා ගවන්තයන්ද, හා ඉතාමත් ගුණවත් සිල්වත් භික්ෂුන්ගෙන්ද යුත් පළාත දකුණු පළාත යයි කිය යුතුය. ස්වර්ණමාලි මහා චෛත්යු ප්ර්තිසංස්කරනයට රුපියල් දෙලක්ෂ පනස්දාහක් පරිත්යාමග කළ හේනේගම සිටුගේ රාළහාමි හා සමාන ත්යා ගවත් සිංහලයෙක්-  අවුරුදු තුන් සීයකින් මෙදාතුරේ ලක්දිව ඉපදි නැත. ඇත්ත වශයෙන්ම ප්රහතිපත්ති රකිනා ශරයක ද්ධාබුද්ධි සම්පන්න ස්ත්‍ල්ී  පුරුෂයන්ගෙන් සමන්විත දකුණු පළාතේ ශරී්   සමෘධිය අඩුවිමට හේතුව කරුණු බහුල නුනා නම් එහි වාසින් ලක්දිව අනිත් පළාතුත් යථාස්ථානයට පැමිණ විමට ඉදිරිපත්වනු ඒකාන්තය. මුහුදුබඩ තොටමුනු අසල මිස අන්ය  ජාතික මිනිසුන් වැඩිපුර නැති දකුණු පළාතේ සංකීර්ණ ගතියද හුඟක් දුරට අඩුය. ආත්ම ගෞරවය සහ ආත්ම ශක්තිය උවමනාවට වඩා අධිකව පිහිටි බැවින් දකුණු පළාතේ ක්ෂණික කෝපයේන සිද්දවන මිනිමැරුම් හා තදබල තුවාල කිරිම් ආදි අපරාධ බහුල බව කිය යුතුය. ප්රතතිපත්තියෙන් පාලනය කර නොගත් සිංහළයෝ ඉතාමත් දැඩි බව පෙනේ. පුරාණ ක‍ාළේ පටන්ම ඒ නිර්භිත ආත්ම ගෞරවය- ධර්ම ප්රතතිපත්තියෙන් හික්මවා යථාස්ථානයට පත්කොට තිබුණු මිනිසුන්ට දැන් පිරිමහින ඉගෙණිමක් හා ඔවුන්ට නිවහල් ගොවිකම් වෙළඳාම් ආදිය කර ගැනිමට නිදහසත් ආධාර උපකාරත් නැති නිසා දක්ෂිණ දිසාවේ එක්තරා නොසන්සුන් ගතියක් පවතිතත්-  සිල්වත් උත්සාහවත් භික්ෂුන් වහන්සේලාත් පරාර්ථකාමි ප්රිභූ ජනයාත් විරිය කළොත් නැවතත් දක්ෂිණ ලංකාව පෙර පැවති තත්වයට 




410 මහේස්වර‍ී


පමුණුවන්ට බැරිකමක් නැත. ගොවිකම් ඇමතිතුමා අහස් ගඟ ආදිය පටන් ගෙණ රජරට පමණක් සශ්රිටක කොට නිශ්ශබ්ද නොවේ. දකුණු පළාතේ නිල්වලා නදිය මාතර දිස්ත්රි ක්කයේ සියලු උවමනා පිරිමැසෙන අන්දමට විශාල මුදලක් වියදම් කොට සකස් කිරිමට යෝජනාකර ති‍බේ. මැණික් ගඟ හා වලවේ ගඟත් රටට වැඩ දායක කිරිමේ උපක්රයමද මෙතුමාගේ වැඩ සටහනේ ති‍ෙබ්. දකුණු පළාත් වාසීන් ආදර්ශයට ගැණිම අනිත් පළාත් වාසීන්ගේ යුතුකමකි. උඩරට වතු තිබෙන පෙදෙස්වල වෙළඳාම හා ද්රලවිඩ මරක්කලාදින් සමඟ බලවත් වෙළඳ යුද්ධය කරන්නන්ගෙන් වැඩි දෙනා දකුණු පළාතේ වැස්සෝමය. මේ සිංගප්පුරුව, මලයා, හොංකොං ආදි විදේශවලට ගොස් ධනෝපාර්ජනය කරන්නන්ගෙන් වැඩි දෙනාද දකුණු පළාතේ වැස්සෝය. මේ කාරණය සලකා බලන විට සිංහල ජාතියේ ප්රාදණවත් භාවයට බලවත් ආධාරය මේ පළාතය යි කිය යුතුය. දකුණු පළාතේ නොයෙක් පෙදෙස්වල ඇවිද මම බස්නාහිර පළාතට ආවෙමි. දැන් ලක්දිව අගනුවර පිහිටි මේ පළාත අධික ජනගහනයෙන් හා යස ඉසුරෙන් අගතැන්පත් පළාතය යි කිය යුතුය. නොයෙක් ජාතිවල මිනිසුන්ගෙන් යුත් මේ පළා‍තේ සිංහල බලය එහෙම පිටින් පිරිහි ගියේ නැත. කොළඹ ආදි නගරවල ඉඩකඩම් හා වෙළදාමත් අන්ය ජාතින්ට හිමි වුවත් ‍‍ කෝරළබද සිංහලයන් මෙහි තවමත් එක්තරා ගෞරවයකින් යුක්තව වාසය කරති. මුහුදුබඩ සමහර පළාත්වල මිනිසුන්ගෙන් නුගත් පිරිස පරදේශික පුජක බලයට වාල්ව ඉඳිම නිසා ජාත්යාතභිමානයත් ආත්ම ගෞරවයත් නැති බොහෝ ‍ දෙනා මෙහි සිටිති. ඒ කොයිහැටි වුවත් ලක්දිව අගනුවර කොළඹ නිසා සිංහල ජාතියේ ඉතාමත් හොඳ මිනිසුන්ගේත් වාසය බටහිර පළාතේ බව කිවමනා නොවේ. බටහිර පළාතේ තත්වය ඉතාමත් ප්රදකට හෙයින් ඒ පිළිබඳ වැඩි විස්තරයක් කිරිම අවශ්යි නොවේ. ලක්දිව පළාත් නවයෙන් ඌය පළාත් නැගෙනහිර පළාතත් පිළිබඳ තොරතුරු මිට ඉහතින් කීවෙමි. ඉතින් මිනිසුන් පදිංචිව ගොවිතැන් - වැවිලි -වෙළදාම ආදියේ නියුක්තවිම කාගේත් යුතුකමකි. බොහෝ ඉඩකඩ තිබෙන පළාත්වලට අන්ය ජාතිවල මිනිසුන් ඇතුල්වි එහි ස්ථිර පදිංචිකාරයන් වනතුරු බලා ඉඳිම සිංහලයන්ට බලවත් පාඩුවකි. දරුවන් හතර පස්දෙනා ඉන්නා පවුල්වලින් දෙතුන් දෙනෙක්වත් ඒ ඒ පළාත්වලට පැමිණ පදිංචිවිම දැන් සිංහල ජාතියට කරණ එකම සංග්ර්හයකි. දැන්






පියදාස සිරිසේන නවකථා එකතුව 411


අනුරාධපුරයට පැමිණ ඉන්නා ගුණවර්ධන මහත්මයා ආදි සිංහලයන් ජාතියට සංග්රධහයක් කළ අය ලෙස මම සලකමි. තමන්ගේ ගම්වල ඉඳිමිනු මවුපියාදින්ගෙන් හිමිවුන වතු කුඹුරු ගේ දොරම භුක්ති විඳිමින් - අලසකමින් හා වීර්ය නොකොට සැප විදිමේ අභිලාෂයෙන් කල්ගත කරණ මිනිසුන්ගෙන් සිංහල ජාතියට වැඩක් නොවන්නේය. ධනවත් කමක් නැතිව- ස්වල්ප වශයෙන් ඉඩකඩම් සැපයු මව්පියන්ගේ දරුවන් හැමදෙනාම ඒ ස්වල්ප වු දේ ගැනම බලාපොරොත්තුවිම නිසා අපේ රටේ නඩුහබත් අඬ දබරත් කෝලාහලත් අධිකවුනා පමණක් නොවේ. ඒ පළාත්වල සාරය පරදේශින්ට හිමිවිය. ඉතාමත් සාරවත් ලංකා භූමිය ඝන කැලෑ වෙන්ටත් හේතුවුයේ ස්වකීය නිවසේම ඉඳිමට සිංහල ජනයා කල්වලා කිරිමෙන්ය. සෛවරී භාවයත්- ධනසම්පත් උපයා ගැණිමට ඉඩ ප්රකස්තාවත් ඇති හැම පළාත්වලම සිංහල ජනයා යා යුතුය. සමහරවිට එසේ යන අයට මුල් කාලයේදි යම් යම් අපහසුනම් ඇතිවිය හැක. ඒ සිංහලයන්ට කාරණයක් නොවේ. මක්නිසාද වංගදේශය අත්හැර සැතැප්ම දහස් ගණනනක් ඈතින් පිහිටි ‍ මේ ලක්දිවට පැමිණ එය වගාකර ආත්මාරථ පරාර්ථ දෙකටත්- එලේ මෙලෝ දෙකටත් වැඩකර ගැනිමට අපේ පළමුවෙන‍ි මුතුන් මිත්ත්න්එ කැමතිවු බැවිනි.



22. පරිච්ජේදය

     මෙ මෙසේ අප කතා කරමින් ඉන්නා විට ඔර්ලෝසුවේ එකොලහ ගැසීය. අ‍ෙප් දවල් භොලනය සුදානම් බව කී හෙයින් මම මගේ කාරමයේ සුදානම් කර තිබුණු ආහාර අනුභව කරන්ට පටන් ගතිමි. එය නිමවන්ටත් ප්ර්ථඹ තැපැල්කාරයා විසින් ගෙණ වුන් දුන් රෙජිස්රේ කරණ ලද ලියමනක් හෝටලයේ මෙහෙකරුවකු විසින භාරගන්නා ලදුව මගේ කාමරයට ගෙණායේය. මගේ ආහාර කෘත්යයය තවමත් නොනිමි නමුත්-  ලියුම රැගෙණ එහි පිට විස්තර බැලුවෙමි. එසේ බලමින් ආහාර කෘත්යිය නිමවා පැන් බි අත කට සෝදාගෙන ලියමනත් රැගෙන මගේ කාමරයේම තිබෙන හානසි පුටුවේ ඉඳ ගතිමි.  ලියමනේ මගේ නාමයත්- හෝටලයත්- තැපැල්පලත්හොඳ හැටි ලියා තිබුණේය. එවන ලද අයගේ නම ලියුම් කවරයේ නැත. නමුත් ස්ත්රීදයකගේ අකරු බව මට වැටහුනේය. ලොකු කවරයක දමන 



412 මහේස්වරී


ලද ඒ ලියමන ඉතාමත් සංවේගයෙන් කියව්නනට පටන් ගතිමි. ඒ ලියමන නමඃ

      “කරුණාවන්ත කෝන්ගොඩ වික්රයමපාල මහාතණෙනි, තමුන්නාන්සේ මා සොයන අදහසින් බලවත් පරිශ්රදමයක් දරණ බව ආරංචිය. මා ඉන්නා තත්වය ඉතාම්ත දුක්ඛිතය. බාගවෙලාවට තමුන්නාන්සේ අතට මේ ලියමන ලැබෙන්නටත් ප්රමථඹ සියල්ලම නිරවුල් වෙන්නට පිළිවන.  තමුන්නාන්නසේ සම්මුඛවි කියන්නට තිබෙන දේවල් කියා ගන්නට  නොලැබෙන නිසාම- හරිහැටි තමුන්නාන්සේ ඉන්නා ස්ථානය නොදැනම මේ ලියමන එව්වෙමි. ම‍ෙග් නම මහෙස්වරීය නොවේ. “මහෙස්වරී දේවි” බවට ලබන ආත්මයේදි පැමිණෙන බැවින් මේ නම ලැබුනාදැයි නොදනිමි. මගේ ජිවිත කථාව මට කලගිය හැටි මගේ ප්රීත්ය්ක්ෂ දැකීම හා අදහසත් තමුන්නාන්සේට කියන්නෙමි. මම හේවාගම් කෝරළේ උපන් කෙනෙක්මි. මගේ පියා පරම්පරාගත ඉඩම් හිමි ශ්රහද්ධාදි ගුණයෙන් යුත් දහනායක අප්පුහාමි නමැති කෙනෙකි. මගේ මව් පාඨශාලා ගුරුවරියකි. නුමුත් ධර්ම ශාස්ත්රම හොඳින් උගත් ප්රෙතිපත්තිය ජිවිතය දෙවෙනි කොට රක්ෂාකළ ස්ථිර සාර ගුණයෙන් යුත් කෙනෙකි. මෙසේ කියන්නට හේතුව දැන් කාලේ අපේ රටේ ගුරුවර ගුරුවරියන් අතර ඉතාමත් චපල පැවතුම් ඇති අධික පිරිසක් සිටිනා බැවිනි. කුඩා දරුවන්ට අකුරු ඉගැන්විමේ දක්ෂතාවය ලබාගෙණ වැටුප් සඳහා ඒ ගුරු වෘත්තියෙහි නියුක්ත ස්ත්රීි පුරුෂයන්ගෙන් වැඩි කොටසක් පංචවධ දුශ්චරිත‍යේ ඇළුණු ධර්ම ශාස්ත්රෙ කොහෙත්ම පුරුදු ‍ නොකළ අය වෙති. ගුරුවරු හා ගුරුවරියන් ආදර්ශමත් විය යුතුය. සල්ලාලකම්, බේබදුකම්,  ජඩකම් කරණ ගුරුවර ගුරුවරියන් බොහෝය. සමහරුන්ගේ ඉගෙණිම කාමුක ජඩ ක්රි්යා කිරිමට ආධාරයක් කරගෙණ තිබේ. ධර්ම ශාස්ත්රු ඉගෙනි‍මේ පරමාර්ථ හිතකය හික්මවා ගුණධර්ම පුරුදු කිරිමය. නමුත් වර්තමාන අපේ බොහෝ ගුරුවර ගුරුවරියන් රටට හොඳ වේසයක් පෙන්වා කාමුක ක්රි යාත් රටවැස්සන් අතර අසමගිය හා වාද භේදත් දියුණු කරති. අපේ රෙට මේ තරම්ම පිරිහිමට පත් වුයේ- ආදර්ශමත්- හැබෑ ගුරුවරයන් හා ගුරුවරියන් විරිලවිම බව පෙනේ. නිත්යි පංචශිලයත් පො‍ෙහාය අෂ්ටාංග සීලයත් රක්සා කළ අපේ මෑනියන් උදේ පහට නැගිට බුදුගුණ සජ්ඣායනා කිරිම චාරිත්රසයක් ලෙස පැවැත්තුවාය. කිසිම දවසක මේ සජ්ඣායනාව කඩකලේ නැත. එහි ප්රිතිඵලයක් වශයනේ අපි මෑණියන්විසු පාසැල 






පියදාස සිරිසේන නවකථා එකතුව 413


අවට ගෙවල ස්ත්රීත පුරුෂ කවුරුත් පාහේ තවමත් උදේ පාන්දර කවි සොලෝ ගාථා ආදිය කියන බව පෙනේ. මගේ මෑනියන්ගේ චරිතය කෙරෙහි ප්ර සන්නවු මගේ පියා රූප ලක්ෂණයෙනුත් ධන සම්පත් ආදියෙනුත් දුර්වලවු මගේ මෑණියන් සරණකර ගන්ට සතුටුවි තිබේ. අපේ පියා ඒ පළාතේ අනිත් තරුණන් තරමට සුරා සුදු සල්ලාලකම් ආදී දුසිරිත්වල ගැලුනු කෙනෙක් නොවුවත් සම්පුර්ණයෙන්ම පිරිසිදු කෙනෙක් නොවිය.‍ එහෙත් අපේ මෑණියන්ගේ අවවාදයත් - කරුණාවත්- බලවත් සංග්රෙහයත් නිසා- අපේ පියා ආදර්ශමත් පිරිසිදු සිංහලයෙක් බවට පැමිණියේය. මේ කාලයේ මගේ උත්පත්තිය සිද්ධවිය. මා උපන් පසු පියාට වඩ වඩා ධනසම්පත් ලැබුනේය. පළාත්වාසීන්ගේ සැලකිල්ලද අධික විය. මගේ මෑණියන්ට කොළඹ පාසැලක මුල්ගුරු තනතුරු ලැබුනේය. මේ නිසාම මවු මාත් සමඟ කොළඹට අවුත් පදිංචිවිය. පියා ගම නතරවිය. සතියක්ට වරක් මෑණියන් ගමට යාම සිරිතක් විය. මෙසේ අවුරුදු ගණනක් - අවුරුදු 10 ක් පසුකරණ ලදී. මේ කාලයේ මම හොඳින් සිංහල ඉගෙන ගතිමි. ඉංග්රිනසි දෙවන පොත කියවන කාලයයි. මව් උගන්වන පාසලෙත් අස්කොට ඉංග්රිිසි බෝඩිං ඉස්කෝලයක මා නවත්වන ලදි. ඉංග්රිතසි පාසැලට බැදි දෑවුරුද්දක් ගිය පසු අනේ මවුට හදිසි අසනිපයක්වී ගමදි මළාය. මේ පණිවුඩය ලැබුනු මගේ බාලපොරොත්තු සියල්ලම විනාශවිය. ගමට ගොස් පියාගේ ආරක්ෂාවේ සිටියෙමි. එතකොට පියාගේ වතු කුඹුරු ඉඩකඩම් බොහෝය. මවුගේ මරණින් පසු පියා වෙනස්විය. ඉතාමත් ගර්හිත අශික්ෂිත පවුලක අවුරුදු 18ක් පමණ වයසැති තරුණිය්ක විවාහ කරගැණිමට පියා සතුටුවි මගෙන් විචාළේය. එවකට අවුරුදු 45 ක් පමණ වයස්ගත පියා අවුරුදු 18 ක චණ්ඩ තරුණියක් විවාහ කරගැනිම නුසුදුසු බවත් - එසේ කළහොත් මටත් - පියාටත් එක හා සමාන අනාථ මරණ‍යෙන් මිය යන්නට සිද්ධවන බවත් කිවෙමි.

      කාම සේවනය පුරුදු කෙනෙකුට තමා‍ගේ වයසට වඩා තරුණ කෙනෙකු ලැබුනොත් - ඔහු නුවනින් දුර්වල කෙනෙක් නම් කොයි විධියකින්වත් ඔහුගේ සිත වෙනස් කළ නොහැක්කේය.  අපේ තාත්තා පේමවතී නමැති ඒ තරුණිය හා විවාහ විය. මා ඇග් වැඩකාරිය කරණ ලදි. මගේ රූපය කෙරෙහි ඇගේ සිත තුල බලවත් වෛරයක් ඇතිවිය. කෙන්ඩා ලඟට දීර්ළ මෘදු නිල්වන් මගේ කේසකලාපය  කෙරෙහි ඇගේ බලවත් වෛරයක් ඇතිවිය.  පේමවතී නමැති යක්ෂණිය මට කරණ හිරිහැර දැක මගේ පියා ඈට නොයෙක් විට හිංසාද 





414 මහේස්වරී


කළේය. මෙයෙන් ඇ‍ගේ වෛරය තව දුරටත් අධික විය. පේවමතී‍ගේ දරුණු මවුපියන් හා ස‍හෝදරියන් ද අපේ පියාට තරුජනය කරන්නට වුහ. වයස්ගත අපේ පියාට මේ ලපටි චණ්ඩ තර්ණිය විවාහකර දු‍න්නේ පියාට අයිති වතු කුඹුරු අත්කර ගැනිමේ අදහසින්ය. ඉතින් විවාහ වී අවුරුද්දක් යන්ටත් පෙර අපේ පියා මළේය. ගමේ උදවිය කිවේ පේමවතීගේ පියා විසින් වස දෙනු ලැබිමෙන් අපේ පියා මළ බවය. පියා මැරි මාසයක් පමණ වනවිය මාවත් මරා දමන්නට ඔවුන්ට වුවමනා කෙළේය. මක්නිසාද පියාගේත් මවුගේත් ඉඩකඩම් සියල්ලම හිමි මට බැවිනි. මට අපේ ගෙදරින් පැනයාමට නොයෙක්විට සිත් වුනේය. පේමවති සහ ඇගේ දුෂ්ට ඥති පිරිසත් මෙහෙකිරියකට තබා තිරිසනෙකුටවත් නොකරන අඩම්තේට්ටම් කරන්නට පටන් ගත්හ. නමුත් කරුණාවන්ත මගේ මෑනියන්ගෙන් පුරුදුවු කරුණා මෛත්රීන ඉවසිම ආදි උතුම් ගුණ ප්රගබලව පැවති මම- මා උගත් ධර්ම ශාස්ත්ර් බලයත්- ඒ නෛසර්ගික ගුණයට එකතුකොට සතුරටන් විසින් පිරිවරන ලද අපේ නිවසේ වාසය කළෙමි. පියා මැරි තුන් මාසයක් ගතවිය. මගේ නිල්වන් දීර්ඝ කේසකලාපහ ගමේ අනිත් ස්ත්රීුන්නට දැකුම් කටයුත්තක් වු නමුත් අපේ පියා විවාහකරගත් පේමවතීට ඒතරම් පිළිකුල් දෙයක් නැති කරම් විය. මගේ දිර්ඝ කේසකලාපයත් රූපශ්රිවයාවත් නොවිනම් ඈ මා කෙරෙහි මේ තරම් දැඩි ක්රොඝධයක් ඇති නො කරන්නීය. ඉතින් මා මැරිමට උපක්රිම යෙදුවාය. වසදීලා මා මරන්නට පිළිව්න නමුදු එසේ කිරිමෙන් ඈට මගේ කේසකලාපය කපාගන්නට නොලැබෙන් බැවින් වස- දිමටද සතුටු නොවිය. කුලියට මිනි මරණ “කොටියා” නමැති මිනිහා අපේ ගෙදරට යන්ට එන්ට පටන් ගත්තේය. ඔහු කුලියට මිනි මරන්නෙක් බව ගමේ සමහරු කියන නමුත් මට විස්වාසයක් නොතිබුනේය. කිප දවසක් යනකොට මේ මිනිහා මා සමඟ හිතෛෂි විය. ඔහුට ‍‍ තේ වතුර සදා දිමෙනුත් බුලත්විට සාදා දිමෙනුත් මිතුරු වු මොහු සමහර විට මහත් දයාවක්ද තිබෙන බව මට දැනුනේය. පේවමතී ආදී කවුරුතු නැති වේලාවක එහු එක්තරා යෝජනාවක් කළේය. “චන්ද්රාි නෝනා දැන් මෙතන ඉන්නේ කැමැත්තකින් නොවන බව මට පෙනේ. ඉතින් සතුටු නම් කොළඹ වැදගත් ගෙදරක වැඩක යොදවන්නට පුළුවන්.හැබැයි පේමවතී නෝනලාට දැන නොගන්නට හොර රහසේ යන්නට ඕනෑ. හෙට රැ පේමවති නෝනලා‍ගේ මහ ගෙදර ලොකු බලියක් නිසා මේ කවුරුත් එහි යති. එතකොට මම එන්නෙමි. මෙහෙන් රෑ අට විතර ගියාම






පියදාස සිරිසේන නවකථා එකතුව 415


අවිස්සාවේල්ලට ගොස් රාත්රිු දුම්රියෙන් කොළඹ යත හැකැ”යි මේ මිනිමරුවා යෝජනා කළේය. මගේ ගුණවත් මවුත් මුලා වු පියත් මළාට පසු මිට වඩා ප්රීාතිදායක වචනයක් අසන්නට නොහැකිවු බැවින් මම එකපාරටම සතුටුවිමි.

    පසු දින බදාදා -  රාත්රිහ බලි ගෙදරට පේමවතී ආදි කවුරුත් ගියහ. වෙනදාට වඩා මට ආදයක් දක්වා -  “චන්ද්රා් නෝනා- බවපොතක් බලමින්  ඉන්ට - අපි ඉස්සරීන් එනවාය”යි කියා මගේ හැතිර කුඩම්මා යන්නට ගියේය. මිනිමරු “කොටියා” හරියට හතාමාරට ආයේය. අවුත් මට ලැහැස්ති වෙන්නට කිය. මගේ දිරා ගිය ගවොමත් ඇඳගෙණ ඔහු සමඟ පිටත්විමි. කැලෑ පාරකින් දුමිරිය පාරට ගමන් ගත්තෙමු. දුම්රිය පාර ලඟට ගොස් මේ දුෂ්ටයා ම‍ගේ කකුල කපා දුම්රිය පාරේ තබන්නට  සුදානම් වන බව දැනුනේය. එවිට මම ඔහුගේ බෙල්ල බදාගෙණ “අනේ සියේ මා මැරිමෙන් පලක් නැත. සමහරවිට නුඹට විපතක් වෙන්නට පුළුවන- අපේ කුඩම්මා ලඟට කවදාවත් නැවිත් මම කොහාටවත් යන්නෙමි. උඹ මිනිත් නොමරා උඹේ ගාස්තුවත් ලබා ගණින්. පේමවතීට මගේ කරදරයෙන් තුරන්වුනා යයි කියාපන් කීවාම මගේ මෘදු වු අත් දෙකේ ස්පර්ශය නිසාදෝ ඒ මිනිහා ටිකක් මෘදුව “එහෙනම් උඹේ කේස කලාපය කපාදියන් -  ඒක අරගෙණ ‍ ගොස් දුන්නොත් තමයි මට රුපියල් පණහ ලැබෙන්නේ - උඹව මරා මලකඳ රේල් පීල්ල උඩ තබා -  කොන්ඩය කපාගෙණ ආවොත් තමයි රුපියල් පණහත් කුඹුරු ලියද්දකුත් දෙන්නේ” -  කීවාම මම  මහත් සතුටට පැමිණ මගේ මුදු සුනිල් සේස කලාපය කපා ගන්නට කීවෙමි. මට ‍ වේදනා ‍   නොකර ඔහු එය කපාගෙණ ඔහුගේ ලේන්සුවේ ඔතා ගන්නවාත් සමඟ එතනට දෙමල මනුෂ්යුයෙක් පැමිණිනයේය. මේ වේලාව කලින් පැවති වර්ෂාව මදක් සංසිඳ පැවතුනු වේලාවයි. ටික ටික තෙමෙමින් වුන් අප දෙදෙනාම දෙමල මනුෂ්යයයා ආ හැටියේ මිනිමරුවාත් අඳුනන ඒ තැනැත්තා මා භාරදි ඔහුගෙන් රුපියල් පහක්ද ඇරගෙන මිනිමරුවා යන්නට ගියේය. ඉතින් ඒ කරුණාවත් දෙමල මනුෂ්යතයා මාත් සමඟ අව්ස්සාවේල්ලේ ඔහුගේ කඩේට ගොස් පියෙකු මෙන් මට සංග්රයහ කළේය. මා දුහිතෘස්ථානයේ තබා ඇති දැඩිකොට මට උගන්වා නොයෙකුත් සැප පහසු දුන් සෝම සුන්දරම් මහතා පිළිබඳ සියල්ලක් තමුන්නාන්සේ දන්නා බැවින් මෙහි වැඩිදුරට සඳහන් නොකරමි.






416 මහේස්වරී


    මා තරුණියක් වුනාට ප්සුස නැවතත් මට කරදරයක් ඇති වුනේය. සෝමසුන්දරම් මහාත මනුෂ්යයගුණ ඇතයෙකි. නමුත් ඔහුගේ බිරින්ද “අමුම යක්ෂණියකි” ගම ඉන්දදී පේමවති නමැත් දුෂ්ට කුඩම්මා යම්සේමද- ජාපනේට ආවිට-  සෝමසුන්දරම්ගේ භාර්යාව වන නාගම්මාන් එබඳුම ස්ත්රීරයක් බව වැටහුනේය. ඉතින් මගේ වාසනාව නිසා තමා ධනවත් වුන බව සලකන සෝමසුන්දරම් මට නියම දියනියකට මෙන් ආදරය දැක් වුයේ ය. මා ද්රනවිඩ තරුණයෙකුට විවාහකරදිමට ඔහුගේ එකම අදහස විය. ම‍ගේ හිතට මිට වඩා කරදරයක්  නොවිය. ගමදි මගේ කුඩම්මා වන  හැතිරියගේ උපක්රිමයකින් මම මරනු ලදිමි නම් වඩා‍ හොඳ යිය ජාපනයේ සිටිද්දී මට කල්පනා විය. දෙමල ගෙදරක-දෙමල සිරිත් පවත්වමින් - දෙමලෙන්ම කතාබස් කරමින් සිටි නමුත් මගේ සිංහල ලේ ප්රරභාමත්ව පැවතුනේ ය. සිංහලලෙන් මිස දෙමලෙන් හෝ වෙන භාෂාවකින් එකද සිතිවිලි මාත්රනයක් නොසිතුවෙමි. මා බැලිමට මනමාලයන් කීප දෙනෙක්ම ආහ, උගත්‍,  ධනවත්, රූප සම්පන්න   දෙමල තරුණන් දෙතුන්දෙනෙක්ම ආහ. මගේ පියා සෝමසුන්දරම් මහතා ගේ ඕනෑකම පිට ආ ඒ ද්රුවිඩ තරුණන්ට “උඹලා මෙහාට ආවාට මොකද මෙහි ඉන්නේ සිංහල වඩකාර  කෙල්ලක්ය”යි සෝමසුන්දරම් මායියා කීවා ය.  “මහේස්වරි” නමැති මා කෙ‍රෙහි සෝමසුන්දරම් මහතා හැර අන් කිසිවෙක් කරුණාවත් හිතක් නොදැක්විමෙන් පමණක් නොව ජාපනේ පළාතේ කලක් ඉඳිමෙන් මගේ හිත බලවත් ලෙස කලකිරුනේය. රාජ්යළයත් වස්තුවත් නිසා ස්වකීය පියානන් මැරූ කස්සප රජුත් දෙමල ස්ත්රීරයකගේ පුතෙක් බවද මා විසින් අසන ලදි. සිංහලයන්ට ද්රසවිඩ සම්බන්ධය ඇතිවුයේ සේනකය ගුත්තිකය යන යුදධ සරඹ පුරුදු කරන්නට ගෙන්වන ලද සේනාපතීන් දෙදෙනාගෙන් පසුවය. ඔවුන්ගේ සම්බන්දතාවය ඇතිනුනා නම් කවදාවත් සිංහලයන් අතර කෙලෙහිගුණ නොදත් මිනිසුන් ඇතිනොවේ. ද්රිවිඩ ලේ ආත්මාර්තකාමි පහත් ගතියෙන් පරිපුර්ණය. මවු පසින් මේ ලේ මිශ්රේ වු සිංහලයා අතිශයින්ම නින්දිතය. පිය පසින් මේ ලේ මිශ්රතයා ආ‍ඳෙක් වැනිය. සර්පයන්ට හිසත් මත්ස්යිය්නට වලිගයත් දක්වා දෙපක්ෂයටම හානි පමුණන ආඳාමෙන් ඉන්නා වර්තමාන සිංහලයන් ගැන හොඳින් විපරම් කලොත් මේ කීම ස්ථිරය. මේ ආදි කරුණු සැලකු මම දිවි ගියත් ද්රිවිඩයෙකු සමඟ විවාහ නො වෙමියි ස්ථිර අධිෂ්ඨානයක් ඇතිකර ගතිමි.මෙසේ ඉන්නා අතර නල්ලයියා නමැත් ධනවත තරුණෙක් මා 






පියදාස සිරිසේන නවකථා එකතුව 417

විවාහකර ගන්නට සතුටු වු නමුත් ඔහු සෝමසුන්දරම්ගේ වෙල්ලාල කුලේ නොවන බැවින් අසතුටු විය. “සෝමසුන්දරම්ගේ ධනය ලක්ස දහයකට අධිකය ඒ සියල්ලම “හිමිවන්නේ මහෙස්වරියටය”යන්න හැම තැනම ප්ර සිද්ධව තිබුනු බැවින් - රුපියල් විසි තිස්දාහක දේපල අයිති මේ නල්ලයියා මක්කරලාවත් මා විවාහකර ගන්නට කල්පනා කොට තිබේ. ඔහු ඉංග්රිුසි උගත් යුරෝපීය ඇඳුම් අඳින ශක්තිමත් රූප්ත තරුණයෙකි. ඔහුට ලක්ෂණ මොටෝකාරයක් තිබේ. ඔහුගේ ඩ්රමයිවර් සිංහලයෙකි. නිර්භිත- යුකතිකරුක-ඉවසිලිවන්ත මේ ඩ්රේයවර්ගේ නම් ජිනදාසය. හොඳම ඇඳ පැළඳ‍ගෙණ සිටි‍ෙතාත් නල්ලයියාට වඩා රූපශ්රීෝයෙන් යුත් ජිනදාස දුටු මම මෙසේ කල්පනා කෙලෙමි. “මා තනාගත් සෝමසුන්දම් මහතාට කෘතඥවිම මගේ යුතුකමකි. නමුත් අසරණයෙක්ව සිටි ඔහු දනවත් ප්රශසිද්ධ කෙනෙක් වුයේ මා නිසා බව කවුරුත් කියති. ඒ එසේද වුවත් “ශාක්යෙ ලෙයට මිශරකෙන වු සිංහල ලේ මගේ ශරීරයේ තිබේ. කොයි විධියකින්වත් දෙමලෙකු හා සරන වි ජිවත් විය නො හැක. රත්නාවලි බිස්වම ස්වකිය මස්සිනාට අනාර්ය බිසවගෙන් ලැබුනු පුතා ගැනත් පිළිකුල් කළ කල්හි - සම්පුරුණ අනාර්යයෙකු සමඟ මම කෙසේ වෙසෙමි දැයි සිතුනු මට මේ දෙමල ගෙදරින් ඉවත්විමට කල්පනා වුනේය. නල්ලයියා නමැති දෙමලාගේ මිත්රම ඩ්රකයිවර් ඉන්නා නිසා ඔහු‍ගේ කාරයෙන් සැඟවි ගියොත් මට සිංහල පළාතට පැනගත හැකැයි සිතා-කාටවත් නොදැනුවත්ව නල්ලයියා සමඟ යන්නට කථාකර ගන්නාලදි. මා ගැන කිසිම සැලකිල්ලක් නොකරන සෝමසුන්දරම් මහතාගේ භාර්යාව පමණක් ගෙදර ඉන්නා දවසක මේ ගිවිසුම කර ගන්නා ලදි. නල්ලයියාට සිංහල බැරිය. ඉංග්රිිසියෙන් ඔහු සමඟ කථකොට ඉක්බිති ඔහුගේ ඩ්රලයිවර් වන ජිනදාසට මෙසේ කීවේමි. “ම‍ා මේ යන්නට අදහස් කළ ගමන ඉතාමත් වැරදිය. නමුත් යමෙකුට වැරදි දෙකක් කරන්නට සිදුවුනොත් කුඩා එක තෝරාගත යුතුයයි පණ්ඩිතයන් කියා තිබෙන බැවින් මෙසේ කරමි. ජිනදාසගේ ආර්ක්ෂාවත් ආධාරයත් බලාපොරොත්තුවෙන්ම මේ ගමන එන්නෙමියි කීවාම බලවත් හැඟිමකට පත් ජිනදාස මා දෙස පුදුම බැල්මක් හෙලා “නෝනා මහත්මයා වෙනුවෙන් මගේ අංග ප්රදත්යංාග පමණක් නොව ජිවිතයත් පරිත්යාාග කරන්නෙමි”යි කීයේය. ඉතින් එදා රැ එනම් දෙමලුන් විසින් නීච අඩම්තේට්ටම් කරණලදුව “ඇල්සි” නමැති සිංහල තරුණිය මරා කලබලයක් ඇතිවුනදා රාත්රිම- 10 ට පමණ නල්ලයියාගේ මෝටර් රථයෙහි නැගි ජාපනයෙන්






418 මහේස්වරී


පිටත්විමි. මගේ රෙදි පෙරෙදි ආදිය මිසක් සෝමසුන්දරම් මහාතගේ ගෙදරින් වෙන මොකවත් මොකවත් නොගෙණාවෙමි. නල්ලයියා මා විවාහකර ගැනිමේ අදහසින් මා ගෙන ආ නමුත් මා කවදාවත් හත්කඩකට කැපුවත් ද්රතවිඩයෙක් සමඟ විවාහ නොවන බව ඔහු දන්නේ නැත. ඩ්රායිවර් ජිනදාස මා කෙරෙහි පිළිබඳ සිතක් ඇති බව මට හොඳින්ම දැනුනා.නමුත් ජිනදාස කවදාවත් ඒ බව ඇ‍ෙඟව්වේ නැත. නීතිප්රමකාර කසාද බඳින තුරු මා සමඟ සරාගි කථාවක්වත් නොකිරිමට වේලාපසින්ම පොරොන්දු කර ගතිමි. ඉතින් උතුරු පළාතෙන් නැගෙණ ඉර පළාතෙක් එක තානායමක දවස් දෙක තුන වශයෙන් ගතකළ අපට මාස තුනකට කිටිටු කාලයක් ගතවිය. මා නොයෙක්විට නල්ලයියා අත්හැර ජිනදාත් සමඟ විවාහවි යන්තම් ලෝකයේ ඉන්නට කල්පනා කළෙමි. එසේ කල්පනාවෙන් පසුවෙන අතර ගිය සතියේ ත්රි කුනාම‍ලයේ සිට අනුරාධපුරයට යන පිණිස පිටත්විමු. ත්රි කුනාමලයේ සිට අනුරාධපුරයට යන පා‍රෙන් හැරි දිඹුලාගල මහා ආරණ්යවයකට හැරෙන පාර ලඟ කාර් දෙකක් නවත්වා, වැදගත් සිංහල මහතුන් හතර දෙනෙකුත් මධ්ය ම වයසේ නෝනාවරු තුන්දෙනෙකුත් එතන සිටිනු දැක - අපේ කාරයද නවත්වා තොරතරු ඇසිමු. එ මහතතැන් මග පෙන්වන්නෙකුගේ ආධාරයත් ඇතිව දිඹුලාගල ආරණ්යඟය බැලිමට යන පිරිසක් බව කිහ. ඇත්තෙන්ම මා තුල ඇතිවු ප්රී තිය කිය නොහැක. මහා පරාක්රනමබාහු රජතුමාන් ලවා සම්බුද්ධ ශාසනය යථාස්ථානයට පමුණුවා මුළු ලක්දිව මංගල්යා ගෘහයක් බවට පැමිණවිමට අවවාද අනුශාසනා කළ මහා කාශ්යුප මාහිමියන් වහන්සේ වැඩහුන් මේ ස්ථානය නොදැක ජිවත්වන්නේ කුමටදැයි සිති මම මගේ ආරක්ෂකයන් වන නල්ලයියාට හා ජිනදාසටත් බැගැපත් ලෙස කියා ඒ වන්දනා පිරිසත් සමඟ අපි තුන්දෙනාද ගමනට පිටත්විමු . ඉතාමත් කලාතුරකින් කෙනෙක් ගිය ආ දුර්ග මරිගයේ හැතැප්ම හතක පමණ ගමන් කොට දිඹුලාගල ආරණ්යගයට පැමිණියෙමු. විහාර චෛත්යැ, ගල්ලෙන්, සක්මන්මළු, ලිං පොකුණු ආදි ආරණ්යැයකට අවශ්යි කර්මාන්තවලින් අඩු ලුහුඬු නැති මේ ස්ථානයේ රහතන් වහන්සේලා විසු බවට කිසිම සැකක් නැත්තේය.

    අප එතනට ලඟාවන විට සවස පහත් පසුවිය. හනි හනික එහෙ මෙහෙ බැලු නමුත් එදා විස්තර කිසිත් බලාගත නොහැකි විය. අපට සමඟ ගිය කාන්ඩය රැයක් හා දවාලක් නවතින අදහසින් කෑම. පැදුර, කොට්ට ආදියත් රැගෙන ගිය බැවින් එද‍ා රැ එහි නැවති පසුදින 





පියදාස සිරිසේන නවකථා එකතුව 419


ස්ථානය හොඳින් බලා වැද පුදාගෙණ එන්නට කල්පනා කළෙමු. ඒ ගිය කාන්ඩේ සිටින තලතුනා නෝනා වන වික්ර මසිංහ හාමි‍නේ මාකෙරෙහි බලවත් ප්රේඩමයක් ඇතිකල බැවින් හිත කලින් පැව‍ිතියාටත් වඩා ප්ර ශන්න විය. ඉතාන් රාතරි හයාමරාට පමණ ගෙණගොස් තිබුනුන පාන්, කට්ලිස්, විස්කෝතු ආදිය කා තේ වතුර බි ප්රීගතයට පත් අපේ කාන්ඩය‍යේ පිරිමා තරමක් සුද්ධපවිත්ර ව තිබුනු ගල්ගෙට ඉදිරි කොටසේත් මා ඇතුළු ස්ත්රීදන් සිවුදෙනා චෛත්යි අසල තනා තිබනෙ කුඩා පොල්අතු මඩුවේත් ලැගුම ගතිමු.

        රාත්රිු දහය වනතුරු නින්ද ගියේය. ඉක්බිත ඇහැරි වටපිට බලනවිට කුඩා තාරකා සමුහයක් ඒ වනාන්තරයේ හැසිරෙන්නාක් මෙන් කලාමැදිරියන් ආලෝක කරණ බව පෙණුනේය. අප වුන් මඩුවේ නිදන අනිත් නෝනාවරු තුන්දෙනාම දැඩි නින්දේය.මම මගේ පැදුර උඩ ඉඳගේණ   බලවත් කල්පනාවක් කිරිමට පටන් ගතිමි.  “අනේ දැන් අපේ හැටි ! සියලු දේම වෙනස්වන බව ප්රවකාශිත තථාගතයන් වහන්නසේගේ ධර්මය ඒකාන්ත සත්යඅයකි. පුරාණ කාලයේ බ්රකහ්මලෝකයක් මෙන් පැවති  මේ ආරණ්යතය අද කෙතරම් අන්ධකාරයට පැමිණ තිබේද ?  පරිසුද්ධ ශිල සංරක්ෂණයෙහි යෙදුන උත්තමයන්ගෙන් පරිපුර්ණව පැවති රාජාදි උතුමන්ගේ ආරක්ෂාවේ පැවති මෙබඳු ස්ථාන කියක් දැන් වන මෘගයන්ගේ වාසස්ථානව පවතිද්ද ?  අනේ මේ පහත් තත්වයෙන් හොඳ අතකට මේවා පරිවර්තනය වෙද්ද ?  පන්දහක්ම බුද්ධ ශාසනය ලක්දිව පවතිතොත් සිංහල ජාතිය දියුණු විමත් මේ ස්ථාන ප්ර්කෘතිමත් විමත් අවශ්යොය. දැන් පවත්නේ කාලයාගේ දොෂයද නැතහොත් පින්වත් ස්ත්රීන පුරුෂදීන්ගේ විරල භාවයද -  අපටත් කාලයක් ලැබේද-  විරෝදාර ගුණයෙන් යුතු පින්වත් සිංහල ජනයා නැවතත් උපදිද්ද” යන මේ විතර්කයෙන් ආකුල ව්යා කුලවු මගේ හිත ලෝභ, ද්වේෂ,  මොහ් යන පාප කසලින් තොරවි පැවැත්තේය.
    මම මේ කියන්නට යන කථාව  “උමතු කථාවකැ”යි සමහරු කියනු නිසැකය. මහෙස්වරියට පිස්සු වැටි බොරු ගොතා කියන්නිය. මහෙස්වරියට පිස්සු වැටි බොරු ගොතා කියන්නීය. එසේ නැතිනම් මහේස්වරි මරු විකාරෙන් දොඩවන්නීය”යි කියනු ඒකාන්ත ය. නමුත් වික්රිමපාල මහතා මධ්ය න්ථව කල්පනා කළ හැක්කෙක් බැවින් සිද්දවිම මඳකුත් අඩුවැඩි‍ නො‍ෙකාට කියන්නෙම. දෙවියන් යක්ෂයන් ආදි අමුනුෂ්ය යන් සම්මුඛවි ඔවුන් සමඟ කථාබස් කළ අය බො‍ිහෝය. හදිසියෙන් අහම්බෙන් දකින්නට ලැබෙන අමනුෂ්යියන් තවත් කෙනෙකුට පෙන්වන්නට බැරි බැවින් කිසිවෙක්




420 මහේස්වරී


එය විස්වාස නොකරති. ගස් ගල් ආදි නොයෙක් දේ හදිසියෙන් දැක බියපත්ව ලෙඩ රෝග හදාගෙණ මැරෙණ බියසුල්ලෝද සිටිති. වෙන කෙනෙක් දැකපු දෙවියෙකුගේ හෝ යකෙකුගේ ප්ර්වෘත්තියක් අසා එය අධික කොට තමාම දුටු බව කියන බොරුකාරයෝද සිටිති. දෙවියන් හෝ යක්ෂයන් ගැන විස්වාස කළ නොහැකි කියන අහේතු අපප්ච්චියවාදිහුත් ඒ ගැන විස්වාස නොකරති. නමුත් වික්රිමපාල මහතාණෙනි, මනුෂ්යා ඇසට නොපෙණෙන සත්ව සමුහය ඒ ඇසට පෙනෙණන සත්වයන්ට වඩ‍ා අඩුනොවේ. පෘථීවි ගර්භයෙහි හෝ මහා සාගරයෙහි තිබෙන මුක්තා මාණික්යදයාට සම්භවෙන්නේ කලාතුරකින්-අහම්බයකිනි. එසේද වුවත් මුක්තා මාණික්යා දි වස්තුව ති‍බෙන බව නම් නිසැකය. පඨවි ධාතුව ප්රදධානව මුලිකව ඇතිවන මිනිස් තිරිසන් ආදී සතුන් මෙන්ම ආපෝ-වායෝ-තේපෝ ධාතු ප්රනධානව-මුලකව ඇතිවන සත්ව කොට්ඨාශයකුත් සිටිය යුතුමය. සත්වයන් අපට දක්නට ලැබෙන්නේ පුදුමයකින්-හදිසියකින් බව අපට අව‍බෝධ කර ගත නොහැක්කේය. ඒ කාරණය බොරු නිසා නොව අපේ ඥනයේ දුර්වලකම නිස‍ා බව සැළකිය යුතුය. දැන් ඉතින් වික්රයමපාල මහතාට මා දැකපු පුදුම දර්ශනයත්-කෙරුණු කතාබස් ආදියත් කියන්නෙමි-විස්වාස කිරිම හෝ නොකිරිම මහත්මයාගේ වැඩක්ය.

      ම රාත්රි් දහයට  පමණ නැගිට අපේ ජාතියත් බුද්ධශාසනයත් පිළිබඳව කල්පනා කරමින් සිටින විට මා සිටි මඩුවට නැගෙන හිර  දෙසින් පැමිණි විහාරය ලඟ ඉතාමත් ලක්ෂණ කාන්තාවන් කීප දෙනෙකු මට පෙණුනේය.  මේ සිහිනයක්ද මගේ-සිහිය නරක්වීමක් දැයි මට කල්පනාවි-නැවතත් ඇස් දෙක පිස දමා සිතේ ධෛර්ය ඇතිකරගෙණ ඒ පැත්ත බැලුවෙමි. ඇත්තෙන්ම පුදුමයකි. මිට පෙර කවදාවත් මා නොදුටු තරම් රූප කල්යාටණයෙන් යුත් තරුණ කාන්තාවන් හත් අට දෙනෙක් නොව දෙතුන් සියක් පමණ මට පෙණුනේය. මේ මගේ සිහි විකාරයක- නැතහොත් වනාන්තරයේ ඈත ලොකු ගස් මිනිසුන් වාගේ පෙණෙත් යයි සිතු මට කිසි බියක්-චිත්තොන්මාදයක් ඇති නොවිය. වුන් තැනින් නැගිට ඒ මඩුවේ කයියෝරුව උඩ වාඩිගෙණ ප්රුකෘති සිහියෙන් යුක්තව ඒ පැත්ත බලාගන සිටියෙමි. මා නැගිට ආවාට පසු ඒ ස්ත්රීමන් නොපෙණුන නමුත් මා වුන් තැනට විහාර මළුවටත් අතර යම් කිසි පිරිසක් ඉන්නා බව මටම දැනුනේය. මගේ පිරිසේ හැම දෙනාම නිදිය. ඔවුන් කතා කිරිමට තරම් ම‍ගේ හිතේ බියක් හෝ තැති ගැම්මක් ඇති නොවි -  “මේ වනාහී මේ උතුම් 





පියදාස සිරිසේන නවකථා එකතුව 421


ස්ථානය වැඳිමට පැමිණි දිව්යසප්සරාවනස් සමුහයකැයි සිතාගත් මම ඔවුන් හැසිරෙණ පැත්ත ඉතා ඕනෑ කමින් බලාගෙණ වුනිමි. නමුත් මට කිසිවක් පෙණුනේ නැත. මිනිත්තු පහක් පමණ මෙසේ බලාගෙණ ඉන්නාවිය “චන්ද්රා - මොකද බලාගෙණ ඉන්නේ-උඹත් අපේ පිරිසට එක්වෙයන්-දැන් උඹ ඉන්නා තත්වයෙන් උඹටවත් ජාතියට වත් පිරිමැසීමක් නැතැ”යි කියේය. මේ කතාව මට පුදුමයක් බව කියයුතුය? නමුත් මා සිත තුල ඇත්තටම කිසිම භයක් ඇති නොවිය-එහෙත් බලවත් ප්රීුතියක් ඇතිවි මගේ රෝම ප්රාතණවත් බවට පැමිණියේය. මේ කථාකළ හඬන මගේ මෑනියන්ගේ කට හඬට සමානය. මගෙන් පිළිතුරක් නැතිව තව දුරටත් කතා කරද්දැයි කන් යොමු කරගෙණ සිටි නමුත්- කිසි කතාවක් නැති බව දැනුන මම, මහත් දොම්නසට පැමිණ “ඔය ඉන්නේ ම‍ගේ ප්රේිමනීය මෑනියෝද-බුදුහාමුදුරුවන්ගේ නාමයට ගෞරව පිණිස මට පෙණෙන්ට-අනේ මෑනියන් වහන්ස මට අනුකම්පා කරන්ටය”යි මම කීවෙමි. “ඔව් චන්ද්රාි, මම මෙහි ඉඳිමි. මා ඇර තවත් බොහෝ දෙනෙක් ‍මෙහි සිටිති. නුඹ දැන් ඉන්නේ කාලකන්නි කුහකයන් සමඟය. දැන් අපේ රට පිරිහීගෙන යන්නේ බහු ජනයාට ලැබි තිබෙන නිදහස බව සලකනු මැනවි. කෝට්ටේ රජකළ හය වෙනි පරාක්රිමබාහු රජතුමාගෙන් පසු ක්ර මයෙන් අධිපති ජනයගේ හිතුවක්කාර බලය අධිකවිම නිසා අපේ ජාතිය පිරිහි ගියේය. පොදු ජනයාට ධන සපයා ගන්නට වත්-ගෙවල් දොරවල් හදාගන්නට වත්-ධර්ම ශාස්ත්රට ඉගෙණ ගන්නට වත්-නිදහස නො ලැබුනු නිසා අවුරුදු දෙසීයක් ඇතුලත සිංහල ජාතිය භේදව දුර්වලව පිරිහී ගියේය. අධම අධිපතියන්ට හිතුවක්කාර අධික බලය ලැබි සාමාන්යන ජනයාට නිදහස නැතිවිමෙන් පිරිහි ගිය සිංහල ජාතිය අන්තිමේදි ද්රිවිඩ කුමාරයන් යටතට පත්විය. ආත්මාර්ථකාමි අධම අධිපතියන් නිසා හිතුවක්කාර ද්රදවිඩයන්ගේ යටතට පත්විමෙන් පසු සිංහල ජාතිය එහෙම පිටින්ම නිශ්තේජස් වුනා පමණක් නොව සෝලමන්ඩලෙන්අවුත් වුන් නොයෙක් දෙනා සමඟ සංකීර්ණ විය. ඉක්බිති ඒ සංකීර්ණයෙන් සිංහල භාෂාව කතාකරන “සිංහලයන්”වුහ. ඉන්පසු පෘතුගිසි ආදී විදෙශින්ට යටත්වි ඔවුන්ගේ ආගමද බොහෝ දෙනා වැළඳ ගත්හ. සිංහල ජාතිය ප්රෙබලව පවත්නේ බෞද්ධාගම හොඳින් පවත්නාතුරු පමණක්ය. මනුෂ්යියන්ට වුවමනා තරම් නිදසත්-ඉතාමත් අවශ්යම ආවරණයත් යන දෙකම යථා විධියෙන් ප්රමකාශ වන එකම ආගම නම්-සම්පුර්ණ විමුක්තියට මඟ පෙන්වන ලෝකස්වාමි සාක්යා





422 මහේස්වරි


මුනීන්ද්රහයානන් වහන්සේගේ උතුම් ආගම පමණක්ය. ඒ ධර්මඟය හරිහැටි නොඅදහන ජනයි යථා මාර්ගයේ ගමන් කරන්නට නොදනිතිත. අධම අධිපතිය්නගේ හිතුවක්කාර බවලය නිසා නිදහසක් නැතිව පැවති ලක්දිව ඉංග්රීයසි ආණ්ඩුවේ නිලධාරීන්ගේ හිතුවක්කාර අණ පනත් වලින් දුෂිතවිය. මේ නිසා 1915 යේ දී යුද්ධ නීතිය මගින් රටවාසීන් මහත් අනතුරු හා අලාබ හානි ඇතිවිය. මේ කාලයේ විසු පරම ජාති හිතෛෂියා වන ඇප්. ඇර්. සේනානායක නමැති බුද්ධාංකුර වීර පුරුෂයා විසින් බලයක් ලබි දුන්නේය.

     රටක් දියුණු කිරිමට නම් පරිසුද්ධ වංශවත්-යටත් පිරිසෙයින් පරම්පරා තුනක් වත් රටට වැඩකළ සත්කීර්තිමත්- ධර්ම ශාස්ත්රත උගත් පරාර්ථචර්යාව පුරුදු කරණ පින්වතෙකු අධිපති කර ගෙණ-එතුමාට සුවච කීකරුව ක්රිනයා කළ යුතුමය. නීච රැලකගේ ඝෝෂාවෙන් රට අමුසොහොනක් වෙනවා මිස දියුණුවකට පත් නොවේ. අධික ආවරණයක් අනවශ්ය  නිදහසත් යන අන්ත දෙකට රටවැස්සන් යා නොදි යථා ස්ථානයෙහි තබාගත හැකි උත්මයෙකු අධිපති කරගන්නා තුරු මේ රටට වගුතුවක් නොවේ. 
   මම-නුඹේ මව්වු වාර නොපමණද  ?  මා මියගිය පසු ලක්දිවම භුමාටු දෙව්දුවක්ව උපන්නෙමි. එබඳු සිංහල ස්ත්රී න් භූමාටු දෙව්දුන්ව මෙහිත් දඹදිවත් බොහෝ සිටිති. දිව්යබ ලෝකයේ දිව්ය්ප්සාරවන්ව සිටිති. අප හැම දෙනාගේම බලාපොරොත්තුව තව වරක් සිංහලව ඉපද-දිව්යත කුමාරයන් දරුකමට ලබාගෙණ ඒ දිව්යත- කුමාරවරුන්ගේ පිණින් හා තේජසින්ද උදාර පරාර්ථ චර්යාවෙන්ද නැවතත් ලක්දිව යථා ස්ථානයට පමුණුවා තථාගත සම්මා සම්බදුරජානන් වහන්සේගේ උතුම් ශාසනය බැබලවිමටය. එහෙත් තවම ඊට කාලයක් නොවිය. භුමාටු දිව්යමගතියෙන් හෝ ගාන්ධර්වාදි දිව්යබ ලෝකවලින් චුතවන පින්වතුන්ට පිළිසිඳ ගැණිමට මාතෘ ගර්භයන් ලක්දිව දැන් ඉතාමත් විරලය. දිව්යත ලෝකවලින් චුතව උපන් පින්වත් කීප දෙනෙකුට මාතෘ බවට පත් උත්තමාවන් ටික දෙනෙක් නොබෝදා වනතෙක් සිට මිය ගිය බව අත්තකි. දැනුත් එබඳු ගුණවත් උත්තමාවෝ හතර පස්දෙනෙක් සිටිති. ඔවුන් නිසා ඇතිව ඉන්නා පින්වත් කීප දෙනෙක් දැනට රට පිළියෙල කරති. රට වැස්සන්ට උවමනා ආහාර පාන උපදවා ගැනීමට කෘෂිකර්ම ඇමතිවර සේනානායක මහතා පිළියෙල කරන්නාහ. අඹන් ගඟ අවුරා මාවැලිග‍ඟේ ජලය රජ රටට ගැණිම සඳහා “අහස් ගඟ





පියදාස සිරිසේන නවකථා එකතුව 423


තනන්නාහ. මහාපරාක්ර ම බාහු රජතුමා විසින් කරවනලද වාරිමාර්ගත් වැව් අමුණුත් ඒ අන්මට සකස් කිරිමට වර්තමාන කෘෂිකර්ම ඇමතිතුමා ආරම්භ කළ බවත් පෙනේ.

     ක්රිස: ව: 1940 යේ පටන් ලක්දිව ඒ ඒ පළාත්වලත්-විශේෂ වශයෙන්රජ රටේත් ඝන කලෑව නිල්වන් ගොයම් කෙත් වලටත් ඒ අතරතුර ප්රි1යකරු ගෘහවලින් සමලංකෘත ගෘහොද්යාමන බවටත් පැමිණෙනු ඒකාන්තය. යම් ජාතියකට කුසපුරා අනුභව කිරිමට ඕජා සම්පන්න ආහාරපාන නැත්නම් ඒ ජාතියට ගුණ ධර්මයක් වත් ප්රමතිපත්තියක් වත් ඇති නොවන්නේය.  ඒ හෙයින් රට සුභිකෂ කිරිම පළමුවන අසශාය ප්රතජාපාලන විධිය. වේ අවුරුදු තුන්සියයකට පසු නියම අවශ්යම දේශපාලන විධිය කෘෂිකර්මය හා භුමිය භාර අමාත්ය තුමා විසින් ආරම්භ කරණ ලද්දේය. ඉතින් සුලභවු අන්තපාන ඇතිවන කොටම සිංහල මිනිසුන්ගේ සදාචාරය හා ජාත්යා.භිමානයද ඇතිවනු ඒකාන්තය. එතැන් පටන් දුටුගැමුණු පරාක්රයමබාහු ආදී කාලවල මෙන් පින්වත් සිංහලයන් ලක්දිව උපදිනු නිසැකය. පසුගිය අවුරුදු දෙතුන් සියය තුල මැරිගිය පින්කළ සිංහල ස්ත්රීද පුරුෂයන් දහස් ගණන් නෙයෙක් දිව්යු භුමාටු දෙවියන්ව ඉපදී සිටිති. ඔවුන් හැම දෙනාම නැවතත් සිංහලව ඉපද නෛර්යානික බුද්ධශාසනය රක්ෂා කරගැනිමට බලාපොරොත්තු වෙති. දැන් ඔවුන්ට පිළිසිද ගැණිමට තරම්-ගුණ නුවණ ඇති ශ්රපද්ධා භක්තිය ඇති-නිරෝගි-ධෛර්යමත්-සිංහල මවු පියන් නැති බැවින්-දිව්යාොලෝකවලත් මනුෂය ලෝකයෙන් ඉන්නා දිව්‍ය ස්ත්රීස පුරුෂයන්ගේ ගණන බොහෝය. අපේ මේ පිරිසේ එකසිය පණස් දෙනෙකුට වඩා සිටිති. චන්ද්රාප- මගේ කටහඩ ඇදින ගත්තාට මම බොහොම සතුටුයි. නුඹ කොපමණ කල් ජිවත් වුනත් කොපමණ සුවපහසු ලබුනත් දෙමළෙකු සමඟ කල්ගත නොකළ යුතුය”යි කියත්ම මුළු වනයම නිශ්චල නගරයක් මෙන් මට දැනුනේය. 
     මගේ මෑණියන් ඇතුළු දෙවඟනන් යම්තම් දැකීමෙනුත් ඒ මෑණියන්ගේ මධුර මනෝහඑ කථාව ශ්රේවණය කිරිමෙනුත් ප්රී්ත්යට පත් මට කටපාඩම් තුබුනු මේ කවිය මදක් ශබ්ද නගා කියන්නට සිද්දවිය.

“ග ලි ලේ කුදිටු දෙමලේ යොන් ලේ සැ ඩ යා අ ප ලේ කළ නමුත් සිරි සදහම් මැ ඩ යා සි හ ලේ සුමුදු සකලේ කළ ලෝ වැ ඩ යා බැ බැ ලේ තව වරක් පතුරා තුති හ ඬ යා”



424 මහේස්වරී


    මා මේ කවිය කියන විට රාත්රීු දොළහට පමණ ඇත. ඒ ශබ්දය ඇසී අපේ මඩුව පසෙකින් තුබුනු ගල්ගෙයි වුන් පිරිමින්ගෙන් දෙදෙනෙකුටත් අපේ මඩුවේ වුන් වික්රනමසිංහ හාමිනේටත් ඇහැ ඇරී අවදිව ඉඳගෙණ කවි කියන්නේ මන්දැයි මගෙන් ඇසීය. අපේ කාරයේ ඩ්රඅයිවර් වන ජිනදාස බොහෝ ඕනෑකමින් මා නැගිට ඉන්නේ මන්දැයි ඇසීය “නැත කිසිම  අමුත්තක් නැත. මම එළියට යන්නට නැගිට්ටේමි-ප්රී“තියෙන් ඒ කවියත් කීවෙමි”යි කියා ඔවුන් අස්වසා ඉතිරි කාලයෙහි නිදාගතිමි. පසු දින උදේ මුහුණ අතපය සෝදාගෙණ අප ලඟ තිබුනු ආහාර පාන කා බී- ආරණය හැම තැනම ඇවිද වැඳ පිදිය යුතු ස්ථානවලට ගොස් වැඳ පුදා දවල් දහයට පමණ පිටත්ව පැය දෙකකින් අපේ මො‍ටෝරථය නවත්වා තිබුනු ස්ථානයට පැමිණියෙමු. නල්ලයියාගේ කාරයේ නැගී අනුරාධපුරුයට යන්නට ගියෙමු. අනිත් මහත්තැන් සේරුවාවිල පැත්තට පිටත් වුහ. අපට දවාලට ආහාරද නැතිවිය. අනුරාධපුරයට එන විට මට උණගැණුනේය. ඒ බව නොකියා අනුරාධපුර හෝටලේ නැවතී සි‍රිත් ප්රාකාර කා බි නිදාගත් මගේ උණ තදබල විය. පසුදින ඉංග්රීලසි  වෛද්ය වරයෙකුගෙන් බෙහෙත් ගත් නමුත් අසනීපය ඉතා තදබල විය. නමුත් ම‍ගේ මිතරරයවයන් දෙදෙනාට ඒ බව නොදන්වා දෙදවසක් ගත කළෙමි. ඉක්බිති මා ආරෝගය ශාලාවට එක්කරගෙන ගිය හ. දෙදිනක් එහි සිටිද්දී මේ ලියමන ලියන්නට පටන් ගතිමි. මම බලවත් අසනීපයෙන් වුවත් නල්ලයියාටවත්-  ජිනදාසටවත් ඒ බව නොකියා  “මා ආරෝග්යව ශාලාවෙන් ඉවත්කොට- අන්යද තැනක නවත්වන්ට යයි කීවෙමි. මා කියන්නක් වහාම ඉෂ්ට කරන්නට සුදානම්වු දෙදෙනාම මොටෝ රථයේ තබාගෙණ අනුරාධපුරයේ  සිට ත්රි්කුණාමලේට යන පාරේ-  කහටගස්දදෙගිලියෙන් ටිකක් ඈත- දෙමළ මහතෙකුගේ බංගලාවකට එක්කරගෙණ ගොස් එහිදි ප්රගතිකාර ගනිමින් සිටිමි. මේ ලියුම එතැන සිටගෙණ තැපැල් කෙළෙමි. ආයුබෝවන් වික්ර මපාල මහතානනි.
                               මේ   වගට-  මහේස්වරී  නමින්  ඉන්නා,

චන්ද්රා

     මා ලියමන කියවා අවසන්වන කොට හතරාමාර විය. වහාම ඇද පැළඳගෙන මගේ මිත්ර යෙක් වන පෙරේරා දොස්තර මහාතගේ නිවසට ගොස් අමාරු ලෙඩෙක් බැලිමට මාත් සමඟ යන්නට තිබෙන බව කීවාම- ඒ මගේ මිත්රඳයා සිනාසි-  “මොකද මහෙස්වරී වත් අසනීපදැ” යි කියමින් මහාම ඇඳ පැළඳගෙණ වෛද්යි උපකරණ බෑග් එකත් රැ




පියදාස සිරිසේන නවකථා එකතුව 425


ගෙණ උන්නැහෙගේම මොටෝ රථයෙන් පිටත්විමි. ඉතාමත් වේගයෙන් ගිය බැවින් කහටගස්දිගිලියේන හැතැප්ම තැනක් ඈතින් තිබුණු බංගලාවට පැමිණියෙමු. වේලාම පහමාරට පමණ විය. එහි කීපදෙනෙක් වුන්හ. මහෙස්වරියට වෙදකම් කරණ පිණිස දොස්තර මහතෙකු රැ ගෙණ ආවෙමු යි කියන විට එහි සිටි ද්රනවිඩ තරුණයා ඉක්මනින්ම ලෙඩා ඉන්නා කාමරයට එක්ව ගියේය. දොස්තර මහතා ලෙඩාගේ නාඩි පරීක්ෂා කොට බලා දැන් අන්තිමයයි කීයේය. එවිට මහෙස්වරිය මා දෙස එකපාරටම ම ‘බලා’ තවරෙක්දැයි සිතට ගෙණ “තව අවුරුදු දෙක තුනකින් මහෙස්වරි දකින්ට පිළිවනි” යි ප්රීැතියෙන් මෙන් සෙමින් කියා ඇස් පියා ගත්තාය.


       මහෙස්වරී මළේය. ඇගේ මෘතදේහය ආදාහන කිරිමට නල්ලයියාට සහ ජිනදාසටත් උපස්ථම්භකව පසුදින සවස් භාගයේ දොස්තර පෙරේරා මහතාත් මමත් අනුරාධපුරයට පැමිණියම්හ.