පියදාස සිරිසේන නවකථා එකතුව- 05-පළමුවන පාසැල i

පළමුවන පාසැල

PALAMUWANA PASELA

(ක්රිN. ව. 1938)












430



01. පරිච්ජේදය


            “දැන් කාලේ තරුණ අය කලිසමක් කෝට් එකක් ඇඳ ටිකක් ස්ටයිල් වුනු හැටියේම සොයා ඇවිදින්නේ ලක්ෂණ තරුණියක් ය. රැකී රක්ෂාවක්. මතු කාලය ගත කිරිමට පිළිවෙලක් ගැන අදහස් මාත්ර.යක් වත් නැතිව තරුණියක් සමඟ මිත්රලව කතා බස් කෙළි සේල්ලම් ආදිය  පටන් ගැනිම අපේ රටට වෙලා තිබෙන ලොකුම උවදුරක් ය. “පලයන් ගර්ලි අහකට කිසිම රැකී රක්ෂා ආදියක් නැතිව තරුණ කම පමණක් පෙන්වමින් හැසිරෙණ ඔය තරුණා සමඟ උඹ කථාවට ගියේ මැන්දැ”යි කියමින්  ග්රෙ ස් පෙරේරා නෝනා කාමරයක සිට ස්තෝප්පුවට ආවා ය.
     එහි  ස්තෝප්පුවේ පුටුවක් උඩ වසන්ත චන්ද්රක ගුණතිලක මහතා වාඩිවි වු‍න්නේය. ඔහු පාසැල්ට යන කුඩා කාලේදි අවුරුදු පහකට පමණ පෙර දැන ඇඳින සිටි ගර්ලිත් ඇ‍ගේ සොහොයුරි වන ලැටිෂියාත්- මිස්ටර් ගුණතිලක බොහෝ කාලේකින් දුටුවේ නැහැ- ලංකාවෙන් පිට ගොස් සිටින බව බර්නාඩ් (ස්වකීය වැඩි මහල් සො‍ෙහායුරා) එක දවසක් මෙහිදි කීවේය. දැන් පාර්සි කාරයෙක් ව‍ාගේ ලක්ෂණ වි ඉන්නා බව පෙනේ.  කවදා ල‍ංකාවට ආවේ”  යන මේ ප්රේශ්නය අසන කොටම වාගේ ගර්ලිගේ මවු ග්රෙ.ස් පෙරේරා නෝනා ඉහත කී චෝදනාවත් කරගෙණ ස්තෝප්පුවට ආවාය.
    දැන් මෙය මහා පැටලිල්ලකි. ඒ නිසා කියවන්නාට මේ කථාවට අටුවාවක් වුවමනා කෙරේ. වසන්ත චන්ද්ර් කවු ද?. ඔහු කුමක් නිසා ග්රෙඅස් පෙරේර‍ා නෝනාලාගේ ස්තෝපුපවට අවුත් වාඩි ගත්තේ ද?.  ඔහු සමඟ ග්රෙනස් පෙරේරා නෝනාගේ රූපත්  තරුණ දියණිවරු දෙදෙනා කවර අදහසකින් කථා කළෝ ද?.   ග්රෙගස් පෙරේරා නෝනා ඉහත දැක්වු චෝදනාව වසන්ත චන්ද්රරට කරණ ලද්දේ ඒ වසන්ත චන්ද්රප තරුණියන් පස්සේ ඇවිදින පාදඩයෙක්ය යි සිතා ගෙණ ද?
    වසන්ත චන්ද්රර වනාහි විසිතුන් ඇවිරිදි තරුණයෙකි. ගුණතිලක මැතිනියගේ ඒකම පුත්රරයා ය. ගුණතිලක මැතිනිය රටත් ජාතියත් ආගමත් කෙරෙහි හැබෑ භක්ත්යාේදරයක් ඇතිව විසු පංචසීලයත් පොහොය අෂ්ටාංග සීලයත් රක්ෂාකළ කුලස්ත්රීසයකි. ඒ මැතිනියගේ ස්වාමි පුරුෂයා වන බුදුධදාස ගුණතිලක මහතා මුදලි කෙනෙකුගේ 



පියදාස සිරිසේන නවකථා එකතුව 431


පුතෙක් වු නමුත් නිදහස් වෙළෙන්දෙක්ව කටයුතු කළ කෙනෙකි. වසන්ත චන්ද්රද ගුණතිලක ඉපදි පස් අවුරුද්දකින් පියා කාලක්රි යා කෙළේය. නමුත් ගුණතිලක මැතිනිය ස්වකීය පුත්රයයාට දිය හැකි ඉතාමත්ම හොඳ ඉගැන්විමක් දෙමින් ඇති දැඩි කරද්දි වසන්ත චන්ද්රතගේ දුර්භාග්යිය නිසා ඔහුට 18 හැවිරිදි වයස සම්පුර්ණවන්ටත් පෙර ගුණතිලක මැතිනිය ද නැසී ගියා ය.

      වසන්තගේ පාසැල් මිත්රියෙක් වන බර්නාඩ් පෙරේරා ග්රෙහස් පෙරේරා නෝනාගේ පුත්රයයා ය. අවුරුදු පහකට පමන පසු ලක් දිවට පැමිණි වසන්ත  රික්ෂෝ රථයකින් දෙමටගොඩ පාරේ යද්දී  හදිසියෙන් බර්නාඩ්ට මුණ ගැසී දිර්ඝ කාලයක්ට පසු දකින ලද හිතවත් මිතුරා බලවත් පෙරැත්තෙන් ස්වකීය නිවසට කැඳවා ගෙණ ගියේ ය. එසේ ගොස් ඔහුට වාඩිවෙන්ට සලස්වා බර්නාඩ් කථාබස් කිරිමට වහාම එන බැව් කියා ශරෟර කෘත්යයයක් සඳහා ගෙයි පස්සා පැත්තට ගියේ ය.
     ඒ අතර බර්නාඩ් ගේ ස‍හෝදරියන් දෙදෙනාද වසන්ත චන්ද්ර් කුඩා කාලේදි අඳුනන බැවින් ඔහු ලක්දිවින් ගොස් බොහෝ කලක් කොයිබ සිටියේදැයි යනාදි තොරතුරු අසන්ට පටන් ගත් විට ඔවුන්ගේ මෑණියන් වන ග්රෙයස් පෙරේරා නෝනා කාමරයේ සිටි අවුත් කිසිවක් විමසන්නේ න‍ැතිව හදිසියෙන් පැමිණි ඒ තරුණ මහතාට “දැන් කාලේ තරුණ අය” ආදී වශයෙන් මුලින් ප්රදකාශ වු චෝදනාව කරන්ට පටන් ගත්තා ය.
       මෑණියන් ගේ කර්කශ වු වචන ඇසුණු බර්නාඩ් පෙරේරා වහාම ස්තෝප්පුවට ආවේය. “අනේ ගුණතිලක මහතාණනි, අපේ මෑණියන් කිවු වචන ඇසුනා නම් ඒ ගැන අමනාප නොවි අපේ මෑණියන් කල බලවත් අයුත්තට සමාවුන මැනමැ” යි බර්නාඩ් ඉතාමත් බැගැපත්ව ගුණතිලකගෙන් අහැද සිටියේය. ගුණතිලක හුනස්නෙන් නැගිට “නැහැ බර්නාඩ් මගෙන් සමාව ඉල්ලන්ට තරම් දෙයක් මෙතන සිද්ධ වුනේ නැත. ඒ මෑණියන් කියාපු වචන අගේ ඇති අවවාදයකි. ඒ අවවාදය මම ඉස් මුදුනෙන් පිළිගනිමි. මා එනතුරු බලා ඉන්න මිත්රතයෙක් මා නැවති ඉන්නා හෝට‍ලේ සිටි. ඒ හෙයින් අවකාශ ඇති වෙලාවක් බර්නාඩ් ආවාම පිළිසඳර කථා ආදිය කළ හැකැ”යි කියා කාටත් ආචාරකොට වසන්ත චන්ද්රි ගුණතිලක මහතා තමා ආ රීක්ෂෝ  රථයේම තැගි යන්ට ගියේ ය.
      බර්නාඩ් කෝපාවිෂ්ට විය. කොටි පැටවෙකු මෙන් මවු දෙස බලා “මෙහි ඉස්තෝප්පුවේ වාඩි කරවාගෙන අශික්ෂිත ගැහැණුන් සමඟ



432 පළමුවන පාසැල


පමණක් නොව පිරිමින් සමඟ පවා අම්මා පැය දෙක තුන කථා කරමින් ඉන්නවා-අවුරුද් පහකට පසු දක්කා වු ඉතාමත් ශිකෂිත වැදගත් මිත්රථයෙකු සමඟ මිනිත්තු පහක්වත් කථා කරන්ට ඉඩ නොදි එලවා ගත් අම්මා වැනි නැහැදිච්ච ස්ත්රී්ය්ක මවු වෙලා මිනිස් ලෝකයේ උපදින්ට ලැබුනාට වඩා මිට කලින් උන් අපායේම ඉන්නට ලැබුනා නම් වඩා හොඳයි”යි කියා බර්නාඩ් ගෙයින් පිට වි යන්ට ගියේ ය.

    ග්රෙ ස් පෙරේරා නෝනාට අන්දුන් කුන්දුන් නැතිවිය. පුතා බලවත්  කෝපයට පැමිණ ගෙයින් පිටවි ගියා පමණක් නොවේ ගර්ලි වැඩිමහල් දියණිය මවුට අපවාද කියන්නට පටන්ගෙණ “ගුණතිලක මහතා තරුණියන් බලන්ට ආ ගමනක් යයි අම්මා සිතුවේ මොන හිතකින් ද?  ඒ මහතා බලහත් කාරයෙන්ම වා‍ගේ අයියා විසින් එක්කරගෙණ ආවේ අවුරුදු දහයකටත් වැඩි කාලයක් ස්කෝලේ එකට ඉගෙණ ගත් මිත්රො කම නිසයි. නංගිත් මාත් කතා කළා මිස ඒ මහත්මයා අප දෙස බැළුවේවත් නැත. එසේ පිරිසුදු අදහසින් ආ ආගන්තුකයෙක‍ුට අම්මා කළ චෝදනාව අපට පමණක් නොව ගැහැණු වර්ගයට ම නින්දාවකැ”යි කියා ගෙට වැදි නිදා ගත්තා ය.
      එය ග්රොස් පෙරේරා නෝනාගේ හිතට ඒ තරම් අමාරුවක් නොවිය. මක්නිසාද මේ චෝදනාවේ බරපතලකම ඈට නොවැටගෙන බැවිනි. නිතරම අනුන්ට ගරහන-යුතු කම් නො දැන කතා බස් කරණ-  තමන් කියන වචනයේ හෝ අසන වචනයේ අර්ථය නොතේරෙණ පහත්  හිතක් ඇති යන්ට කොතරම් ගර්හිත වචන කිවත් ඇසුවත් අමාරුවක් නොවේ. තමාගේ දුරුභාෂිතය ගැනද අමනාප නොවේ. එක සුනඛයෙක් බුරණ විට ඒ අසාගණ ඉන්නා අනිත් සුනඛයා ද බුරන්නේය. නමුත් ඔවුන් දෙදෙනාටම එය වැදගත් කාරණයක් හෙවත් හිතේ පවත්නා කාරණය්ක නොවේ.
    මේ කාරණය සිද්ධ වුයේ සවස් භාගයේ ය. ග්රෙ ස් පෙරේරා ගේ ස්වාමියා වන විල්බට් පෙරේරා මහත්මයා ගෙදර ආයේය. ඇවිත් ඔහු අතපය  සෝදා ගන්නා තැනටම ස්වකීය භාර්යාව ගොස් අතන මෙතන රස්තියාදු තරුණෙක් අවුත් ගර්ලිලා සමඟ කතා කරන්ට පටන් ගත්තාම මම ඔහුට චෝදනා කළායයි බර්නාඩ් මා සමඟ තරහවි යන්ට ගියා-ගර්ලි කාමරෙට වෙලා තවමත් නිදි” යයි අම්මා කියන විට කුඩා දුව ඉදිරියට අවුත්  “ඔයා අම්මා කියන්නේ ඔක්කොම බොරු.  අවුරුදු ගණනකට පස්සේ දැකපු ගුණතිලක මැතිණියගේ පුතා සමඟ වචනයක් දෙකක් කතා කිරිම ගැන කිපුන අපේ අම්මාගේ 




පියදාස සිරිසේන නවකථා එකතුව 433


අනිත් කියුම් කෙරුම් ගැන කුමට විශ්කවාස කරණවා ද?” කියනකොට තද කෝපයට පත් ග්රෙමස් පෙරේරා කුඩා දුවට කම්මුල් පහරක් දී” මේකි හැමදාම කියනවා මම බොරුකාරායක්ය-මෝඩියක්ය කියා මේකි‍ගේ හෝස්ස කඩන්න ඕනැය”යි කියා හොස්සටත් එකක් ඇන්නාය.

        බාල දියණිය වන ලැටිෂියාට අධික ලෙස ප්රේඕම කරණ විල්බට් පෙරේරා (පියා)  ගේ හිතට මහත් කණගාටුවක් ඇතිවැ භාර්යව සමඟ වචනයකුදු කථා නොකොට ගෙයි ස්තෝප්පුවට ගොස් පුටුවක් පිට වාඩිවි බලවත් කල්පනාවකට වැටුනේය. ගෙදර ඉන්නා මෙහෙකරු ළමයෙක් තේවතුර බොන්ටයයි කීප විටක්ම අඬගැසු නමුත් විල්බට් පෙරේරා මහතාට ඒ  ඇසුනේවත් නැත. හයට පමණ ග්රෙනස් පෙරේරා නෝනා ස්වකීය සැමියා ළඟට අවුත් “මොනවාද ඔය හැටි කල්පනා කරන්නේ?  ළමයින්ට ගසා තරවටු කරන්නේ නැහැ. ළමයි හිතුවක්කාරය්න වුනා පුතා නානා ප්රිකාර තාන්වල ඇවිදිමින් නානා ප්ර්කාර මිත්රරයන් හා මිතුරියන් සමඟ ඇවිදලා සමහරදාට රාත්රීා දහය දෙළහට ගෙදර එනවා. සමහරදාට එන්නෙත් නැහැ.  ඔහු මාස්පතා ගන්නා පඩියෙන් තුට්ටුවක් ගෙදර දොරේ වියදමකට දෙන්නේ නැහැ. තමාගේ පඩිය පමණක් නොව ගෙදරින්ද මුදල් අරගෙණ ගොස් රේස් සුදුවටත් වෙන වෙන අයුතු වැඩටත් දි නාස්ති කරණවා. ඒ ළමයා  ගැන පියා ටිකක් විපරම් කොට ඔහුට තර්ජනය කරනවා නම් එය තරමට නරක් වේද?. දැන් හතරාමාරට විතර මෙතනට ආ ඉලන්දාරි ගැටයෙකුට ටිකක් නොවැදගත් වචන වගයක් මා විසින් කියන ලදැයි කියා මට බැනලා ඝෝෂාකොට යන්්ට ගියා. බාගවෙලාවට අද දවසේම‍ එන එකකුත් නැත. ඉතින් පුතාගේ හැටි ඔහොමයි. දුලා දෙන්නාගේ හැටි ඊටත් අන්තයි. මම මොකවත් හරි කී‍ෙවාත් කළොත් එකිලාට විහිළු. “අම්මාට  තේරෙන් නේ මොනවද?  අම්මා “ශිලාචාර” නැත. මෝඩ අම්මාගෙන්න අපට ඇති පලේ මොකක් ද?  කියමින් ඈලාගේ ඉංග්රිටසා වේසය පෙන්වමින්  හිතුන තැන්වල හිතුන හිතුන වෙලාවේදි ඇවිදිනවා. මා කියන වචනයක් තඹදොයිතුවකට සලකන්නේ නැත. මේ එක්කොම වැරදි පියාගේ වරදින්ම සිද්ධ වි තිබෙනවා. නමුත් ගෙදර ආපු වේලාවේදිවත් ළමයින්ට තර්ජනය කර ඔවුන් හදන්නේ නැතැ”යි ග්රෙ ස් ප්රේ රා පුරුෂයාට පාරම් බෑවාය.
     විල්බට් පෙරේරා අහිංසක දුරුවල කෙනෙකි. අවුරුදු පණස් පහකටත් වඩා වයසැති ඔහු වැඩි උගතෙක් නොවන නමුත් තරමක් දුරට ධර්ම




434 පළමුවන පාසැල


කථා අසා පුරුදු කෙනෙකි. ස්වකීය භාර්යාව ගේ නොහික්මුනු පහත් ගතිය ඉතාමත් හොඳින් දන්නා බැවින් කොතරම් ලොකු අයුත්තකදීත් ඉවසා දරා ගන්නවා මිස හරි වැරදි කතා නොකිරාම විල්බට් ගේ සිර‍ිතකි. ස්වකීය භාර්යාව “ළමයින්ට තර්ජනය කර ඔවුන් හදන්නේ නැතැ”යි කි කිම මෙනෙහි කරමින් සිතින් සිනාස‍ුනේය. අභ්යඔන්තරයේ ඇති වි ගිය හාස්යි ජනක ප්රීනතිය නිසා‍දෝ තමා නොදැනුවත්වම “දැන් ළමයින්ට හදන කාලයක් නො‍වේ- ඒ කාලය ඉක්ම ගොහින්ය”යි කියා හුනස්නෙන් නැගිට- තමා වෙනුවෙන් පිළියෙළ කරන ලදුව හොඳට සිසිල්ව තිබෙන තේවතුර කෝප්පය ද බි ලොකු දුවට ගර්ලිට කතා කෙළේය.

   ඒ ළමයා කාමරේ සිට එළියට ආවාය. “මොකද ගර්ලි උඹලා තුන්දෙනාම අම්මාත් සමඟ දබර කරගෙන ඉන්නේ?  මොකක්ද අද සිද්ධවුනු ගම් පෙරළිය?”.
   “නැහැ ඩැඩි-අයියා  එයා‍ගේ පරණ මිතුරෙකු සමඟ මෙහාට ආවා. අවුරුදු පහකට කලින් දැක පුරුදු ගුණිතිලක මහත්මයාත් එක්ක මමත් නංගිත් වචන තුන හතරක් කතා කළා. එසේ කළේ අයියා කාමරේට  ගොස්  එනතුරුය. එතකොට අම්මා එලියට අවුත් ඒ මහත්මයාගේ හිත නරක්වෙන අන්දමට කතා කළා. එකට අයියා තරහවෙලා යන්ට ගියා. මට ඉවසන්නට බැරිව කාමරේට වෙලා නිදා ගත්තා. වෙන මෙතන මොකවත් සිද්ධිය්ක නැතැ”යි කියනකොටම වාගේ ගුණවති උපාසිකම්මාද එතනට පැමිණියා ය.
      “එන්ට උපාසක නැන්දේ අපේ ගෙදර හබයක්. හැබැයි පිටස්තර කවුරුවත් අතර නොවෙයි. අපේ හාමිනේත් දරු තුන් දෙනාත් අතර කැලඹිමකි. උපාසිකා නැන්දා රටේ තොටේ තොරතුරු හොඳින් දන්නා කෙනෙක් බැවින් මේ සම්බන්ධව යමක් කිය්නනට පුළුවන් යයි සිතමි” යි විල්බට් පෙරේරා කීවේය.  රටේ   ලෝකේ තොරතුරු පමණක් නොව නොයෙක් ප්රමමාණවල උගතුන්ගෙන් කථාබස් ඇසීමෙන් බහුශ‍ෘතව සිටි හැට වයස් පිරුණු නමුත් ශරීර ශක්තියෙන් නොපිහිරි වුන් ගුණවති උපාසිකාව පසෙකින් තිබුණු පුටුවක් පිට වාඩි ගත්තාය.
      පෙරේරා මහත්මයා කියන්ට ඉස්සරින් මට මේ හබට ආරංචියි. අපේ ගෙට අල්ලාපු ගෙයි කුසුමාවති මේ කාරණය කීවා. අපි සාන්ත වු කෙනෙකු හැටියට ගරු කළ ගුණතිලක මැතිණියගේ පුත්රට වසන්ත හාමුථ තරුණියන් සොයා ඇවිදින කෙනෙක් යයි කියා මහත් අප්රරසන්නයක් පෙරේරා නෝනා මහත්මිය ඇතිකර තිබෙන බව 




පියදාස සිරිසේන නවකථා එකතුව 435


කුසුමාවති අද හවස මා සමග කීවා . ඉතින් ඕක සුලු කාරණයකි. දැන් කාලේ හැටිත් ඔහෙම තමයි. පෙරේරා මහතා දැන් ඔය ගැන ලතැවෙන්ට කමක් නැත. සිංහල ජනයා- ස්තරීවකථ ප‍ුරුෂ කවුරු හරි - ඉංග්රි සියෙන් හෝ දෙමළෙන් හෝ හිතන තුරු-සිංහල ගතියට අනුරුපව කිසිවක් සිද්ධ නොවේ. සිංහලයන්ගෙන් බොහෝ දෙනෙක් දැන් සිතන්නේ ඉංග්‍රීසියෙන්මයි. පහත් දුප්පත් පංක්තිය හිතන්නේ සිංහලත් ඉංග්රීනසිත් දෙමළත් නොව අසභ්ය භාෂාවකිනයි. ඉතින් සිංහල මිනිසුන්ගේ ගති ගුණ අදහස් උදහස් කොයි ලෙසකින් උසස් වේ ද? සිංහලෙන් හිතන දරුවෙකුට මවුපියන් දෙවියන්ට වඩා උසස්ව වැටහේ. නමුත් ඉංග්රීනසියෙන් හිතන අයට මවු පියන්-මහළු නෝනා-මහලු මිනිහා හැටියට වැටහේ. දැන් යෙදි තිබෙන්නේ බලවත් විනාශයක් සඳහා ය”යි විශාල විවාදයකට මුහුණ පාන මේ කාරණා ටික ගුණවතී උපාසකම්මා කීවාය.

     මෙපමණ වේලා තරහෙන් පිපිරි පිපිරි වුන් ග්රෙ ස් පෙරේරා නෝනා තවත් කෝපාවිෂ්ටව ගුණවති උපාසකම්මා ඉදිරි පිටන්ම වාඩි ගෙන “මොකද උපාසිකා නැන්දේ මිනිසුන් හිතන්නේ ඉංග්රීිසියෙන්ය කියන එකේ තේරුම?  හිතන්ටත් භාෂාවක් ඕනැද? මම උපන්තෙක්ම නාහාපු කාරණයක්”.
     “ඔව් නෝනා, නෝනලා පවුල්වෙලා අවුරුදු තිහක් විතර වේයයි සිතමි. නමුත්  මනුෂ්ය් ආත්මය ගැන- තමා ගැන දැන ගත යුතු කරුණු වලින් දසදාහෙන් එකක්වත් තවම හරි හැටි දැනගෙන නැත. දැනගණ තබා අහලාවත් නැත. එහෙම  දැන ගැනිමට ආසාවක් හෝ වුවමනාවක් ද නැත. ඉතින් නෝනලාගේ පවුල පමණක් නොව වර්තමාන ලංකාවේ ඉන්නා සිංහල මිනිසුන් ගෙන් දාහකට එකෙක්වත්-හිතවත්-වචනයවත්-ක්රිදයාවවත් ආංරම්භ වෙනහැටි නොදනී. හිතන්නට භාෂාවත් වුවමනා නැත්නමි කථා කරන්නට භාෂාවක් කුමට ද?
     “ග්රෙනස් නේනා අන්දුන් කුන්දුන් නැතිව ස්වකීය පුරුෂයා ගේ මුහුණ බලා ආ ඕයි. ගුණවති උපාසිකා නැන්දා කියන්නේ ඇත්තක්ද, සිතන්ටත් භාෂාවක් වුවමනා ද?” කියා ඇසුවාය. පෙරේරා මහතාන් ඉංග්රිදසියෙන්ම හිතන්නෙක් වුවත් හිතන්ටත් භාෂාවක් අවශ්යි බව දැන ගෙණ වුන් කෙනෙ‍ක් නොවේ. ඒ හෙයින් වයලට්ට කතා කොට “වයලට් ගෙයි තිබෙන ඇන්සයික්ලෝපීඩියා පොත ගෙණෙන්. හිතිමට භාෂාවතක් අවශ්යි ද යන්න ඒ‍  පොතේ විස්තර කර තිබෙන්නට පිළිවන්ය”යි කීවාම වයලට් “ඇන්සයික්ලොපීඩියා ඔප් බ්රි ටනිකා” පොත ගෙනවුත් දුන්නාය.




436 පළමුවන පාසැල


    “ඔව්, ගුණවති උපාසිකා නැන්දා කිවා බොහොම හරි. හිතන්ට භාෂාවක් උවමනාමයි. ඒ තමා හිතන භාෂාවෙන් ප්ර්කාශ වන අන්දමටම ඒ ඒ අය‍ගේ අදහස් ද හැඩ ගැසෙන බව මෙහි කියා තිබේ. ඉතින් උපාසිකා නැන්දේ අපේ රට අන්ධකාරයේ නොවැ!”.
     “අනේ පෙරේරා මහතා-අප ජාතිය අන්ධකාරයට වැටුනා නොවෙයි. අන්ධකාරයට ඇද දමනලදි. අවුරුදු 155 ක් පරංගි කාරයන් විසිනුත් අවුරුදු 135 ක් පමණ ලන්දේසින් විසිනුත් අවුරුදු 130 ක් විතර ඉංග්රීරසින් විසිනුත් සිංහල ජාතිය අන්ධකාරයේ ගිල්වා තිබේ. “පාපයේ කෙළවර මරණය” වේ යයි සිංහල  දරුවන්ට උගන් වන තරමට මේ රට පිරිහි ගිය පසු තවමත් මේ තරමටවත් ශිෂිටාචාරව ඉඳිම ගැන සිංහලයන්ට ස්තුති කරන්ට වටි. ජාතික හැඟිම-ස්වදේශවාත්සල්යසය-ලෝක පාල ධර්මය-එනම් ලජ්ජා භය -ආත්ම ගෞරවය-  ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය-කෘත ගුණය ස්වකිය පරම්පරාගත අභිමානය- ආත්ම දමනය-ලෝභ, ද්වේෂ, මෝහ යන මහා පවු මුල් - දාන සීල භාවනාදි කුසල් මුල් සිංහලයාගේ හිතෙන් තුරන්කොට, වහල් හිත-බැගෑපත් බව- පිහිට ඉල්ලා යාඤා කරිම- ආත්මාර්ථකාමිභාවය බියසුලුකම-  යටහත්ව ඉඳිමේ ආභාව-තමහට කිසිම ශක්තියක් නැත- අන්ය-යෙකු නිසාම ජිවත්විය යුතුය යන තිරිසන් හැඟිම- අනුවණ ශ්රතද්ධා භක්තිය- මුල් මැද අග යන තුන් ස්ථානය විමසා නොබලා මුළා විම යන ආදි අශිෂ්ටාචාර මනුෂ්ය්යන් තුළ හට ගැණෙන පහත් ගති සිංහල මිනිසුන් තුළ ඉබේම ඇතිවුනා නොව නොයෙක් රටවල පුජකාදීන් නිසාම ඇතිවුන බව පෙනේ. ගිය සතියේ මා අසාගෙණ සිටියදිම වැදගත් ගෙදරක කෙරුණ කතාවක් මෙ‍සේය:-  “ළමයින්ට ඉතා හොඳ ඉගෙනිමක් ඇත කරන්ට නම් යුරෝපීය නෝනලා හා යුරෝපීයයන් විසින්ම උගත් වන යුරෝපීය පාලනයේ පවත්වන පාඨශාලාවලටම දරුවන්  යෑවිය යුතුය. කුඩා කාලේ පටන් ඉංග්රී්සියේන හිතන්ටත් ඉංග්‍ුළිසියේන කතා කරන්ටත් ඉංග්රිතසි චාරිත්රග වාරිත්ර් පුරුදු කරන්ටත් බැරි වුනොත් හැබෑ ස්ත්රීතයක් හෝ පුරුෂයෙක් වෙන්ට බැරිය. මගේ ලොකු දියණිවරුන්ට ඉංග්රීයසි මස සිංහල කතා කරන්ටත් බැරිය. ටැනිස් ගහන්ට, රේස් දුවන්ට, දුර පිමි පණින්නට, නටන්ට, සිංදු කියන්ට, ම‍ගේ කුඩා දියණිවරුන්ට පවා පිළිවන. මිස්ටර් දරුවන් සිංහලෙන් උගන් වන සිංහ‍ලෙන් කතා කරණ පාඨශාලාවලට යැව්වොත් වෙන්නේ වස වැරැද්දකැ”යි කීවේය.





පියදාස සිරිසේන නවකථා එකතුව 437


      මේ කථාව අසාවුන් මගේ හිතට වික්ෂිප්තවිය. මෙබඳු අමන උගතුන් ඉන්නා සිංහල ජාතිය යථා ස්ථානයට පැමිණවිම ඉතාමත් දුකසේ බලවත් උත්සහායකින් කටයුත්තකි. විදේශිය පුජකයන්ගේ පඩිය නිසාම කටයුතු කරණ අර්ධ උගතුන්ගෙත් බලය නැතිකොට රට යථා ස්ථානයකට පැමිණවිමට බෞද්ධ ජාතික අද්යා්පනයක් රටේ ඇති කළ යුතුමය. පළමුවන පාසැල හොඳ වුනොත් තමයි දරුවන් හොඳ වෙන්නේ. ග්රෙුස් පෙරේරා නෝනලාගේ ළමයින් කතෝලික-මිෂනාරි- බර්ගර් ආදී පාසැල් වලට යවා ඉගැන්නු වරදෙන් වැඩේ නරක් වුනා. දැන් ඒ ගැන කලකිරෙන්නට කමක් නැත. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්ට බැරිය. මිළඟට කටයුතු දේ  හොඳින් බලාගෙණ ඉවසිල්ලෙන් කාලය ගත කළයුතු”යයි කියා ගුණවතී උපාසිකාව යන්නට ගියා ය.
       විල්බට පෙරේරා ‍ලොකු දුවට කතාකොට “ගර්ලි-දැන ගුණවති  උපාසිකාම්මා කියාපු කාරණය උඹටත් ඇහුනා නේද. උඹලාත් අපේ රටේ හැම දෙනාමත් දැන් නරක් වි තිබේන්නේ “පළමුවන පාසැල” නිසා බව ඇත්තකි. නුඹලා පළමුවෙන් ගිය බර්ගර් ස්කෝලේ චාරිත්රප පැවතුම් කතා බහද ඉතාමත් නරක බව මටත් දැන් වැටහෙනවා. උඹලා නටන්ට ගි කිය්නට හා තැන් තැන්වල ඇවිදින්ට සමර්ථවුනා මිසක් මවුපියන්ට සලකන්ට-වැඩි හිටියන්ට ගරු කරන්ට කුස්සියේ ගෙදර දොරේ වැඩක් කරන්ට මොකවත් දැන ඉගෙන ගත්තේ නැහැ. ඉතින් කරන්ට දෙයක් නැත. අපට දැන් මුලපටන්ම ඉගෙණ ගන්ට සිද්ධවි තිබෙනවා යයි තමාගේ සිතේ තිබුණු තරයත් නිවාඩුකොට රාත්රිග භෝජනය අනුභව කොට පුතා එනතුරු මග බලා වුන්නේය. රාත්රීා දොළහත් පසුවන තුරු  බලා ඉඳ පුතා නා බැවින් කණගාටුවෙන් නිදා ගත්හ.
     පසු දාන උදේ හතට පුතා ගෙදර ආවේය. පියා තමාගේ රාජකාරියට යනු සඳහා සැරසෙද්දි ආ බැවින් කිසිත් කතා නොකර යන්ට ගිය නමුත්-මවු ස්වකීය පුතාට ආදරයෙන් කතා කොට “ආ බර්නාඩ් උඹ ඔය විධියට- හිතුවක්කාර කම් කළාම මේ පවුලට යන කල දසාව කො‍ෙහාම ද?  මගේ නොදැනුවත් කමට හෝ ඉක්මන් කමට කියාපු වචනයට කොපව උඹ ගෙදරත් නෑවිත් අපට වෙනස්කම් කිරිම අපරාධයක් නොවේද?.  උඹ ඊයේ රෑ කොයි ගියාදැ”යි ඇසුයේය. “ඔව් මමි, මගේ හිතට ඇතිවුන තද ලැජ්ජාව නිසා ඒ ඉවසාගත නොහැකිව වසන්ත ගුණතිලක මහතා නැවති ඉන්නා හෝටලයට ගොස් ඒ මහතාත්




438 පළමුවන පාසැල


සමගම කා බි මුලු රාත්රිනයම වා‍ගේ කතා කරමින් කාලය ගත කළා. ඊයේ රාත්‍ින යේ මැ ඇසු අද්භුත කාරණා දන්නා උදවිය අ‍ාෙප් රටෙත් සිටිතොත් මේ රට මේ තරමට පහත් ‍අඩියට වැ‍ෙටනනේ නැතැ”යි කියමින් තමාගේ රාජකාරියට යන පිණිස සැරසුණේය. “ආ ‍බර්නාඩ් ඔය ගුණතිලක තරුණයා ගැන මට වැඩි දැනිමක් නැත. මිනිහා රැකි රක්ෂාවක් කරණ යමක් කමක් තිබෙන කෙනෙක්දැ”යි මව ඇසුවාය.

    “මම්මා වාගේ දුර දිග නොබලන කෙනෙක් නිසා නොවේ නම් ඒ මහත්මයා අපේ ඥති වරයෙකු කරගන්ටද ඉඩ තිබුණේය. යුරෝපා- ඇමරිකා-ඉන්දියා-ජපන්-චින ආදී රටවල පස් අවුරුද්දක් පමණ ඇවිද වැදගත් අවශ්යක ධර්ම ශාස්ත්ර් අවබෝධ කරගත් ඒ මහතා රුපියල්ව ලක්ෂයක් පමණ මුදල් ද සම්භකර ගත් කෙනෙකි. ගිය සතියේ කොළඹීන් කදිම ගෙයක්ද මිලේට ගෙණ තිබේ. ඇමරිකා රටේ වෙළඳ නියෝජිතයෙක්ව අවුත් ඉන්නා ගුණතිලක මහතා අප්රිසිද්ධියේම මසකට රුපියල් දෙතුන් දාහක් සපයන කෙනෙකි.  එබඳු වැදගත් උගත් ගුණවත් මහතෙකු ගෙදරට කැඳවා ගත් හැටියේ බැන වැදිම නිසා මට තිබුණු අමාරුවට ඊයේ මුළු  රාත්රිවයම ඒ මහතා සමඟ කතා කෙළෙමි”යි කියා බර්නාඩ් ද ඔහු‍ගේ රාජකාරිය සඳහා යන්ට ගියේ ය.


02. පරිච්ජේදය

     ග්රෙපස් පෙරේරා සාන්තුවරියකටත් වඩා හොඳ විය. මක් නිසාද, සාන්තුවරිය්න ජිවත්ව ඉන්නා කාලේ  ඔවුන්ගේ සිත් තුළ කවදාවත් ඇති නොවන මෙත්තා මුදිති කරුණා උපේක්ෂා යන සතර බ්ර්හ්ම විහරණය ඒ මොහොතේදි ග්රෙුස් පෙරේරා තුළ ඇති වු බැවිනිය. සාන්තුවරියන් යයි දැන් නම් කරගන්නා ස්ත්රීදන්ට විශේෂයෙන්ම මඩම්වල ආදියේ   හැසුරුණ ස්ත්රීමන්ටය ඒ නම තබා ගන්නේ මිය ගොස් දෙතුන් අවුරුද්දක් ඉක්ම ගියාට පුසවය. ඇලා ජිවත්ව ඉන්නා තුරු පංචකාම ආදී සැප විඳ මහලු වුනාට පසු නැසි ගියාම ඇගේ හිත මිතුර්න විසින් “සාන්තුවරිය” කි යයි ප්රතසිද්ධ කොට ගෞරව කරති. මේ ආර්ය ජාතීන්ගේ ප්රනවේනි ධර්මතාවයකි.
     ලෝභ. ද්වේෂ, මෝහ, යන මහා පවු මුල් තුන්වත් නොදන්නා අමුම අමු මෝඩය්න හා මොඩියන්ගෙන් පරිපුර්ණ මේ ලෝකයේ කෙතරම් ගර්හිත දුසිරිත් නොපවති ද?  ඉතින් අපේ කතාන්තරයේ 



පියදාස සිරිසේන නවකථා එකතුව 439


ග්රොස් පෙරේරා නෝනා පුතා විසින් කියන ලද ගුණතිලක මහතාගේ විශිෂ්ට ගුණයත් ධනපතිකමත් ඇසු හැටියේම සාන්ත භාවයට පත්වුයේ- “අ‍නේ මගේ දියණියක් මේ වැදගත් උගත් ධනවත් තරුණයාට දෙන්නට ඇත්නම්” යන කල්පනාවෙන් මින වෙන ප්ර්කාතියනේ පිහිටියා වු හෝ උපක්ර මයෙන් පිහිටුවා ගත්තා වු හෝ කිසිම “ක්ෂාන්ති” ගුණයක් ඈ තුළ ඇති වු නිසා නොවේ. පුතා ගෙදරින් ගොස් පැය කාලක් යන්ට ප්රාථම ගෙදර මෙහෙකාර ළමයෙකු අත ලියමනක් යවා ගුණවති උපාසිකාව කැඳවා ගත්තාය. වෙන කවදාවත් නොපෙන්වන ලද කරුණාවක් ඒ උපාසිකා අම්මා වෙත දක්වමින් තේවතුර කෝප්පයකින්ද සංග්රිහ ‍ කොට කතාවට බැස්සාය. “එකද උපාසිකා නැන්දේ, ඊයේ මා විසින් නින්දා කරන ලද තරුණ මහත්මයා- වසන්ත ගුණතිලක-ඉතාමත් උගත් දක්ෂ ධනවතෙක් බව අපේ බර්නාඩි අද මා සමග කීවා. පින් දහම් කිරිම ගැන ප්ර්සිද්ධව සිටි ගුණතිලක මැතිණිය ගුණවති උපාසිකා නැන්දාගේ ගජම ගජ මිතුරිය බව වසන්ත හාමු මේ උපාසිකා නැන්දාට ගරු බුහුමන් කරනු ඒකාන්තයි. මා කළ වැරැද්දට සමැව ලබා දි ඒ මහත්මයා අපට මිත්රුකර දිමට උපාසිකා නැන්දාට පුළුවන් නොවේ ද?”

    “ඔව් ඇත්තෙන්ම වස්නත හාමු ලංකාවට අවුත් මාස දෙකකට වැඩි නැත. ඒ ආ හැටියේම මා ඉන්නා තැන සොයා මාව දැක සතුටුව දඹදිව බුදධ භූමියේ විස්තර කියා ජිවමාන බුදු හාමුදුරුවන් වැඩ ඉන්නාක් මෙන් ඒ උතුම් ස්ථාන බලා ප්රීාතිවිය හැකැ බවත් ඒ සියල්ලම පෙන්විමට ලබන ඔක්තෝබර් මාසයේ මාත් සමඟ දඹදිව යන බවත් කියා මට රුපියල් සියයක්ද දී උපාසිකා ආච්චිට වුවමනා උපකාර හැ8ම වේලාවකම කරමියි කීවාය. ඉතින් තමාගේ කරුණාවන්ත උසස් ම‍ෑණියන්ගේ හිතෛෂි මිතුරියක් මෙන් ඒ හාමු මාව සලකනු ඒකාන්කය.
  ග්රෙනස් නෝනා කළ වරද සමා කරවා ගන්ට බැරි කමක් නැතැයි කීවාම එදින දෙකට  ගුණවති උපාසිකා අම්මාත් ග්රෙවස් නෝනාත් වසන්ත චන්ද්රා මහතා ඉන්නා හෝටලයට ගිය හ. ඔවුන් යන විට තවත් මහත්තැන් දෙදෙනෙකු තලතුනා වයසේ කාන්තාවකුත්, වසන්ත චන්ද්ර් සමඟ වැදගත් කථාවකි. ගුණවති උපිසාකාව්න ග්රේස් නෝනාත් දුටු හැටියේම හුනස්නෙන් නැගිට ඔවුන්ට වාඩිවෙන්ට සනසා තේවතුර  ආදයෙන් සංග්රුහ කර කලින් කරමින් සිටි කතාව නවත්වා-තමන්ගේ ගුණවත් මෑණියන්ගේ මිතුරිය වන “ගුණවති උපාසිකා ආච්චි පෙරේරා  නෝනාත් සමඟ පැමිණියේ යම්කිසි




440 පළමුවන පාසැල


වුවමනාවකටදැ”යි ඇසුවේය. ගුණවතී පිරිස දෙස බලා “හාමු මහත්මයා කරමින් සිටි කතාවට අපේ පැමිණිම බාධාවකි. ඒ කතාව හමාර වුනාම අපි පැමිණි කරණය කියන්නෙමුය”යි කීවාය. “‍හොඳයි-අප මෙතන කතා කරමින් වුන්නේ පුද්ගලික කාරණයක් ගැන නොවේ. පොදු වශයෙන් හැම දොනාටම ප්ර්යෝජනවත් හැම දොනම විසින් දැන ගතයුතු කරුණු ගැනයි” කියා වසන්ත චන්ද්රි මහාත තමන් කරමින් සිටි කතාව කෙටි කරන්ට පටන් ගත්තේය. “ඉතින් වීරකෝන් මහතාණනි. දැන් අ‍පේ රටේ මිනිස්සු බලවත් අඳුරේ ඉන්නා පිරිසකි. උතුම් ධර්මයවත් ගැඹුරු ශාස්ත්ර්වත් වෙන වෙන තැන්වලත් මේ රටේත් බහුල වශයෙන් පැතිරි යන දුශ්චරිතවත් යන ආදි කිසිවක් ගැන හරි දැනිමක් ඇති අය සියේට පස් දෙනෙක්වත් දැන් අ‍පේ රටේ නැත. එබඳු දැනිමක් මිනිසුන් අතර පතළකර හැරිමට විරිය කරන අයද අප රටේ විරිළය. අපේ පුජක පක්ෂය සිලාදි ප්රකතිපත්ති නොරැක සැපවත් ධනවත් ජිවිතයක් ගත කරති. මිනිසුන් ඒ අනුගමනය කරමින් ධනවත් කාමුක ජිවිතයක් ගත කිරිමට උත්ස‍ාහ කරති. ධනවත් සැපත් ලබා ගත හැක්කේ කෙසෙදැයි හරිහැටි ‍ නොදිනිති. පාලන බලයෙන් මුළු රටම සැපවත් කළ හැකැයි සිතන කොමියුනිසම් නමැති උව්ජේද වාදයත්-කෙනෙකුට යාච්ඥා කිරිමේන් සැපවත් විය හැකැයි සිතන ඊශ්වර වාදයත් ලෝකයේ ප්රෙකටව ගියාම ලෝකය මේ අන්දමට පිරිහි යාම පුදුමයක් නොවේ. මේ කතාව කලින් අසමින් සිටි වීරකෝන් මහතා හා උන්නැහේගේ මෑණියන්ද ඒ සමගම අවුත් වුන් බැන්ජමින් අප්පුහාමිද ඊට පසු පැමිණි ගුණවති උපාසකම්මා හා ග්රෙකස් පෙරේරා නෝනා ද යන පස්දෙනා වසන්ත චන්ද්‍මිගේ කාමරටය් ඉන්නා බව දුටු හෝට‍ලේ අමුත්තන් වශයෙන් වුන් මහත්තැන්ටද ඇසී එයින්ද කීප දෙනෙක් ඒ කාමරයටම ඇතුල්වි වාඩි ගත්හ. ඒ පිරිසත් පැමිණියාට පසු එහි සිටි තරුණ වීරකොන් මහතා වසන්ත චන්ද්ර මහතාට කතාකොට- අපේ රටේ මිනිසුන්ගේ දුරුවලකම් පිළිබඳව මහතා මෙතෙක් වේලා කී කරුණු අසාගෙණ වන් අපේ සිත්තුළ ඇතිවු සංවේගය ඉතාමත් බරපතළය. ඒ දුරුවල පහත් ගති නැතිකර ගැනිමට උපදෙස් කියන්නට ප්රමථම මහත්මයා ආ ගිය රටවල තොරතුරු හෙවත් ඒ රටවල් දියුණු විමටත් පිරිහිමටත් ඇතිව් තිබෙන හේතුත් අපට කියා දුන්නොත් වඩා ඉක්මණින් හා නිරවුල් ලෙසත් කාරණය තේරුම් ගත හැකැ”යි කීයේය.

         තමාගේ කතාව ඇසීමට දහයක් පමණ ඒ සභාවේ ඉන්නා බව දුටු





පියදාස සිරිසේන නවකථා එකතුව 441


වසන්ත චන්ද්රේ මහතා ඉතාමත් සතුටුව අද කිසි වියදමක් නැතුව මේ මහත්තැන්ට බාග‍තවේලාවට අපේ ජාතියට සංග්ර හයක් කරන්ට ලැබිම ගැන ප්රීටතිවෙමි. අනාථව සිටි මම, මාගේත් ලෝක වාසි නුවණැත්තන්ගේත් ස්වාමි දරුවන් වන ශාක්යී සිංහ මුනින්ද්ර යන් වහන්සේගේ ජන්ම භුමියත් උන්වහන්සේ පරිහරණය කළ ස්ථානත් බලා වැද පුදා ගත් මට කලින් බලාපොරොත්තු ‍නොවු උපකාරද ඇති විමෙන් ඒ උතුම් ස්ථාන පමණක් නොව ලෝකයේ රටවල් කීපයක් බලාගන්ට ලැබුණා. ඒ ඒ රට වල්වල හත් අට මාසය බැගින් වාසය කොට උගතුන්ගේ හා නුගතුන්ගේත් ආශ්ර්යෙන් හා නොයෙක් දේ පෙරික්ෂාකර බැලීමෙන් මා ඉ‍ගෙණ ගත් කරුණු බොහෝය. එයින් අපේ රටටත් අල්ප මාත්රක යහපතක් වත් සලසා දෙන්ට ලැබුණොත් ජිවිතයේ ඵලය ඒ යයි මම සලකමි.

වීරකොන් - හොඳයි මහත්මයා ගිය ආ රටවලින් පළමු කොටම යුරෝපයේ තත්වය කියන්ට-එ‍ංගලන්තය කොහොම ද?

වසන්ත - එංගලන්තය ඉතාම බලසම්පන්න ධනවත් රටකි. ලෞකික දියුණුවේ කෙළවරකට පැමිණි එංගලන්තය තවත් කාලයක් ඒ තත්වයේම පැවතියය හැක. වික්ටෝරියා මහේෂිකාවගේ කාලය තෙක් වාසය කළ ස්ත්රී්න් නිසා උපන් දරුවන් ජිවත් වන තුරු එංගලන්තයේ පිරිහිමතක් ඇති වන්ට බැරිය.

වීර - ඒ කිම ඉතාමත් ගුප්ත-අර්ථය ප්රනතිවිඡන්තවු ප්ර කාශයකි.

වසන්ත - ඔව් ඉඳ හිටලා ගැඹුරු අර්ථවත් වචනත් කතා කරන්ට ඕනෑ. වික්ටෝරියා බිසොවුන් වහන්සේගෙන් පසු ඒ කියන්නේ ඒ උතුම් බිසෝව අපවත් වුනායින් පසු එංගලන්තයේ “පළමුවන පාසැල” නරක් වෙන්නට පටන් ගත්තා. තවමත් ඒ පාසැල නරක්වේව් යනවා මිස එහෙම පිටින්ම නරක්වි අවසන් වුනේ නැත. ඒ පළමුවන පාසැ‍ලේ විත්තිය දන්නා උගතුන් ඒ පළමුවන පාසැල ප්ර කෘත්තිමත් ‍ොකට යථා ස්ථානයට පමුණුවන්ට උත්සාහ කරන නමුත් පිළිවන් වේයයි සිතන්නට ඉඩක් නැත. දැනටම එංගලන්තයේ පළමුවන පාසැ‍ලේන් පහෙන් හතර ‍කොටසක් තරම නරක් වෙලා ඉවරයි. ඉතින් මේ දුසිත බවට පැමිණි පාසැලේ ඉගෙන වැඩිවිග පැමිණෙන පුත්රඉ දුහිතෲන්ගේ කාලයේදි ඒ රටට කුමකින් වේදැයි කියන්නට බැරිය.

වීර - මහත්මයා කියන පළමුවන පාසැල කුමක් ද? ඔක්ස්පර්ඩ්



‍442 පළමුවන පාසැල


යුනිවර්සිටිය ද? -කේම්බ්රිුජ් යුනිවර්සිටිය ද?-ලන්ඩන් යුනිවර්සිටිය ද?

වසන්ත - මා කියන්නේ ‍ඔය එකක්වත් නොවේ. එක්සිපර්ඩ් ආදි විශාල වීර ප්ර සිද්ධ මහා ශාස්ත්රි ශාලාත් ඒවාට සම්බන්ධ සිය දහස් ගණන් ලොකු කුඩා ශාස්ත්ර ශාලාත් තිබෙන බව මම දිනිමි. නමුත් මා කියන්නේ දු දරුවන්ට උගන්වන පළමුවෙන් පාසැලය.

වීර - එංගලන්තයේ පළමුවෙනි පාසැල නරක ද?

වසන්ත - තවමත් එහෙම පිටින්ම නරක් වු‍ෙන් නැත. දැනට පහෙන් හතර පංගුවක් තරම නරකවි තිබේ. ඉතින් අනිත් කොටසත් නරක්විම සීඝ්රෙයි. දැන් උදැල්ලක් හෝ කැත්තක් නැතහොත් වෙනින් ආවුධයක් මළකඩ කන්නට පටන් ගත්තාම මුලදි ඉතාමත් සුලු කොටසක මළකඩ සෑදේ. ඒ මළකඩ ශුද්ධ නොකොට නිකම් හිටියොත් කලින් තිබුණු මළකඩය පැතිර ගොස් ඒ කලින් තිබුණු කළකඩය හැදෙන්ට ගතවු කාලයෙන් භාගයක් යන්ටත් පරින ථම දෙගුණයක් විශාල මළකඩය්ක තැනේ. තුන්වැනි මළකඩය ඊට වඩා විශාල වත් වඩා ඉක්මණිනුත් හට ගැනේ. අන්තිමේදි ඒ ආවුධය කිසිපලක් ගන්ට නොහැකි මළකඩ ගොඩක් බවට පැමිණේ. එමෙන්ම යම් ජාතියක පවුලක පරිහිම පටන්ගත් විට ඊට ප්රතතිකර්ම නොයෙදුවොත් කාලයෙන් අඩුවත් සංඛ්යාිවෙන් වැඩිවත් ඒ පිරිහිම සිද්ධ වන බව සැලකිය යුතුය. දැන් එංගලන්තයේ තිබෙන යස ඉසුරු බලසම්පන්න කම් ආදිය ගැන ප්ර ශ්න කරන්ට දෙයක් නැත. බ්රිනතාන්යන අධිරාජ්යායේ විශාල කමත් බලයත් කල්පනා කරන විට ඒ පුදුරමයක්ද නොවේ. නමුත් පළමුවන පාසැල එහෙම පිටින්ම දුෂ්යුවි නරක් වි ගියාට පසු කුමකින් කුමක් වේදැයි කියන්නට අප කාටව්ත බැරිය.

වීර - හිටින්ට මහත්මයා- එංගලන්තයේ මහා ශාස්ත්රල ශාලාවල ඉගෙණගෙන ආ මහත්තැන් අ‍පේ රටෙත් සිටිති. එසේ නොවේද ?

වසන්ත - ඔව්. බොහෝ දෙනෙක් සිටිති. ඉතින් ඒ හැම දෙනාම එකාකාර ‍හොඳ අය ද? ගුණ නුවණින් තෑගිවන්ත පරාරිථකාම ගතියෙන්ද යුත් කෙනෙක් ඉතාමත් විරළ වශයෙන් දක්නට ලැබේ. එංගලන්තයට හෝ යුරෝපයේ ඕනෑම රටකට ගොස්



පියදාස සිරිසේන නවකථා එකතුව 443


ඉගෙණ ගෙන එන මිනිසුන් ගෙන් සියේට දෙන්නෙක්වත් - සිංහලයන්ව - සිහංල ගතියෙන් - යුක්තව ඉන්නා බවත් නොපෙනේ. යුරොපීය ස්ත්රී යක් විවාහ කරගෙන උච්ජේද වාදියෙක්ව-භක්තිවන්ත පරතොටු පිරිවැජියෙක්ව නැතහොත් ස්වකීය ජාතිය තබා මවුපියන්වත් පිළිකුල් කරණ අධමයෙක්ව එන අයවලුන් සියේට අනුපස් දෙනෙකි. ඉතින් මෙසේ සිද්ද වන්නේ එංගලන්තයේ උසස් ශාස්ත්රන ශාලාවල වරදක් නොව ඒ අයගේ පළමුවෙන් පාසැ‍ලේ වරදම ය.

වීරකොන් - මහත්මයා අපට කිට්ටු ඉන්දියාව කො‍හොමද?

වසන්ත - ඉන්දියාටව හෙවත් දඹදිව, බුරුමය, සියම, කාම්බෝජනය ආදි රට වල අවුරුද දෙකහමාරක් පමණ ඇවිද්දෙමි. නුවණත් ප්රදතිපත්තිකාමි භාවයක් ප්රරත්ය්ක්ෂකර ගැනිමට ඉන්දියාව හෙවත් දඹදිව තරම් රටක් වෙන ලෝකයේ නැත්තේය. ඉන්දියාවේ මුල් පාසැල කවදාවත්ම එහෙම පිටින්ම නරක් වුනේ නැත. කලින් කල ඒ දුෂ්යැ වුනා පමණකි. කොයිම රටක් හෝ ජාතියක් ඉතා උසස් තත්ත්වයට පැමිණ විය හැක්කේ ධර්ම බලයත් පාලන බලයත් එක්වු විට පමණකි. එ එසේද වුවත් පාලන බලය නරක්වි ධර්ම බලය යටපත් කරතොත් ඕනෑම රටක් ප්රයපාතයේ ද දැමිය හැක. ඉන්දිය‍ාව සම්බන්ධයෙන් මහත් රාශියක් කරුණු කිය යුතුය.

     මහමත් බලයත් හින්දු බලයත් අධික විම හා ඒ දෙකෙ ඝට්ටනයත් ඉන්දියවේ පිරිහිමට හේතු වු නමුත් දිර්ඝ කාලයක් ම පැවති සමහර පළාත්වල අවිච්ඡන්නවත් සමහර පළාත් වල තාවකාලික වශයෙනුත් පැවති ආර්ය ප්රිතිපත්ති තවමත් නැති නොවි පවති. උතුරු ඉන්දියාවේ සදාචාරය සොලවන්ට අමාරුය. අනාර්ය දුෂ්ට ප්රපතිපත්තින් සමඟ එක්වු ආණ්ඩුන බලය බලවත් ‍ෙනාවු පළාත්වල අසරණ මිනිසුන් අතර පවා ආර්ය චාරිත්ර  පවති. දඹදිව ස්ත්රීෙන් පුරුෂයින් කෙරෙහි පැවැතියා වු ප්රතතිපත්තිමය පුරාණ කාලයෙහි අපේ රටේ පවත්වන ලදි. ඒ ප්රැතිපත්ති පවත්නා රටක මුල් පාසැල කොයි ක්රේමයකින් වත් දුෂ්යප විය නොහැක. පුරාණ දඹිදවත් මේ රටේත් පැවති ඒ ප්රැතිපත්ති ෂට් භාෂා පරමෙශ්වර ත්රි පිටක ආචාර්ය තොටගමුවේ ශ්රීම රාහුල සංඝරාජ මාහිමියන් වහන්සේ කාව්යප ශේඛර මහා කාව්යයයෙහි ද සඳහන් කර තිබේ.  අපේ කාලය කොතරම් ගතවුවත් ඒ කව පංක්තියෙත් එහි අර්ථත් මෙහිදි ප්රේකාශ නුනොත් අපේ මේ කථාව සම්පුර්ණ වෙන්නේ නැත.  මේ 




444 පළමුවන පාසැල


වනාහි ශරීළමු මහා බොධිසත්ව සේනක පණිඩිතයන් වහන්සේ මහලු බමුණෙකුගේ තරුණ භාර්යවට කළ අවවාදය වේ. තොටගමුවේ මහා සාමින්ගේ ව්ය ක්ත කවි කට පාඩම් කරගෙන ඒ එක එක කවියේ භාවාර්ථය හොඳින් තේරුම් ගැනිම සදාචාරය ගරු කරන හැම දෙනාගේම යුතු කමකි. බලවත් යුතු කමකි.

රන්වන් පැහැ ගතැ ති නලඹල ලියක විලසැ ති ලියක් රූ සිරි ඇ ති මැකේ නුගුණෙන් මිට සැක නැ ති

වෙමින් කිසි රැහැ ණිය සිය හිමි කෙරෙන් පැර ණිය සිතු වෙනස පැමි ණිය කැලල වෙයි අඟනුන්ට බැමි ණිය

පෙමින් පිළි බ ද්දේ රැඳවු එකකු මෑ ද්දේ උන් ලිය නොසි ද්දේ අසා අනිකෙක් කෙසේ බ ද්දේ

මල් සුවඳ නපු රූ සෙයින් නොලැ‍ඟෙන බම රූ අඟනන් වනු දු රූ තමන් නුගුණෙන් මෙබස නිබො රූ

ඇති ගුණය පෙ න්නා පිරිමින් නිති ලඟ න්නා බොළඳ කම් ද න්නා කවුරු අඟනන් පියති ප න්නා

සැප ඇති කල සර ණ ඉඳිති අඟනෝ නොපම ණ නහස්නා පහණි ණ පෙණේ හිමි දුක් ඔවුන්ගේ ගු ණ



පියදිස සිරිසේන නවකථා එකතුව 445 ‍ නොවන හි මි හර ණේ දරු වැදු ගැහැණු නුගු ණේ රඟින් පුතු මුහු ණේ රහස තම කළ වරද පමු ණේ

දමසැර එකෙකු වෙ ත් වැදු දරුවන් ගෙණැවි ත් අනිකක්හු ගෙයි ක ත් මිට වැඩි විළි නැති කමෙක් නැ ත්

හිමි හට ඇති පද ම් පිටතට කියන තොතර ම් පෙන්වන කොහොල් ක ම් ඉතිරි ගෙයි වසන සැතිරි න ම්

හන් කිළුටු වත් ඇ ති ගෙතුනු හිස කෙස් වැටි ඇ ති නෙතට දුරිනා ප ති ඔබල වෙස් වැනි වෙන පඬුරු නැ ති

මලිය දිවි දෙයි ය න ඇදහිලි නොවන නිතියෙ න හිමි සහ දවස් ය න දුකට සරි කොද දුකක් ‍ලොව වෙ න

ගෙහිමි අන් නිවෙ සා ලැග්ගයි කියන බස සා ඉඳින ලිය ඉව ස‍ා කවර නම් දෙය නොයි ද ඉව සා

ලද කල පෙර දව ස යහපත සිතා සෙනෙහ ස මැහැලි කල්හිදු තො ස පුවර ගුණ අත් නොහැරිනා ‍ලෙ ස

තම වරදින් ස බා වේ මැද සියන් සසො බා යන ලෙස කර නො බා කරව යහපත ගුණෙන් සුල බා 446 පළමුවන පාසැල

“දරුවන්ට සෙනෙසැ ත විමල් යසසට සෙනෙහැ ත තමහටද සෙනෙහැ ත තරේ සෙනෙහැති චන්න හිමි වෙ ත

රහසින් කළ වර ද සඟවන සිතින් නිචර ද කරන තැන ගෙයි ඉ ද දෙවෙනි වරදයි දනුව කල්බ ද

බරට පල ගත් අ තු නැමෙන විලසින් තම න තු හිමි පෙම් වත දිමු තු නැමෙව ඔහු වෙත සිතා කටයු තු

ඇසි පිය හෙන ක ලේ වැළදි අත කල ලිහි ලේ තබ පිය තෙප ලේ හිමින් වියොවයි සිතව එක ලේ

පවතු ලෙස වැඩ ක රු හිමිහට නොව නොකීක රු සම ගැහැණුන් සොඳු රූ සිනා නොවන සෙ මතු දවස් හ රු”

     1.    රන්වන් පැහැයෙන් යුත් දිව්ය ප්සරාවක් වැනි ප්රි යකරු ස්ත්රී යක් වුවත් සුවච කීකරු ආදි ගුණයෙන් විරහිත නම් ඇගේ රූප සෞන්දර්යයෙන් කිසි පලක් නැත්තේය
    2.     කෝපාවිෂ්ටව දුරදිග නොබලා තම ස්වාමියා කෙරෙන් වෙන්ව අන්ය යෙකු කෙරේ සිත් තතු කිරිම ස්ත්රීබන්ට මෙ‍ෙලෝ පරලෝ දෙකේම මහත් කැළලක් වන්නේය.
    3.   මවුපියාදින්ගේත් කැමැත්ත ඇතිව ප්රිීය භාර්යාවක් ලෙස තබා ගෙන ආහාර පාන ආදියෙන් සංග්රදහ කරන කෙනෙකුට අයුතු ලෙස අනාදර කරන ස්ත්රීායකුට ස්නේහයක් උපදවා නුවණැති වෙන කෙනෙක් ඈට සංගර අනහ කරයි ද?
   4.     නපුරු වු මලේ දුර්ගන්ධය නිසා මිමැස්සන් ඒ මල කරා නොයන්නාක් මෙන්-නපරු දුරුගුණ ඇති ස්ත්රිේන් කෙරෙහිද කිසිවෙක් ඇල්මක් නොකරන්නේම ය.

පියදාස සිරිසේන නවකථා එකතුව 447

      5.    තමන් තුළ විද්ය මාන වු යහපත් ගුනය දක්වමින් පරි   ය කතා ආදියෙන් හා ස්වාමියාගේ සිත දිනා ගෙන වාසය කරන ස්තරී   යක් කිසිම කාලයක් ස්වාමියාගේ සාදර ගෞරවයෙන් තොර නොවන්නේ ය.
     6.    ස්වාමියා ධනවත් කල පමණක් හොදින් ආදර දක්වමින් ඉඳ- ස්වාමියා අයසට දුකට පත් කල ස්වාමියා ගෙන් වෙන් වන ස්ත්රීකන් ගේ හැටි දැන ගැනිමට ඒ ඔවුන් ගේ ගති ගුණ පරීක්ෂාවට කැඩපතක් වැනිය.
 
      7.    ස්වාමියාට අසමාන වෙන අන්ය යෙකුගේ හැඩහුරු කම් ඇති දරුවන් ප්ර සුත කරන ස්ත්රීපයගේ රහස් චරිතය හෙවත් රහසින් තමා කළ අපරාධය දරුවාගේ මුහුණෙන්ම ‍ලොවට දක්වන්නේ ය.	
     8.     ලෝකයේ විලි ලැජ්ජා නැති වැඩ අනන්ත ය. නමුත් එක මිනිහෙකුට ජාතක කොට වැදු දරුවන් සමඟ අවුත් අන්යියෙකු ගේ ගෙදර විසිම හෙවත් අන්ය යෙකු හි විවාහ විම හා සමාන ලැජ්ජා නැති කමක් ‍ලෝකයේ වෙන නැත්තේය.

9. ස්වාමියා ‍ගේ හරි වැරදි හෝ නිවටකම් ආදිය ගැණ පිට මිනිසුන් සමඟ කියන ස්ත්රීද තත්වයෙන් බාහිර වු විකාර වලින් යුත් ස්ත්රී ය- ඒ ගෙදර ඉන්නා නපුරු යක්ෂණියකට සමැන වේ.

     10.    වැරහැලි ඇඳ ගෙතුනු හිසකෙස් ඇති විකාරව-‍ගොරවන ලෙස හැසිරෙන ස්ත්රි යක ගෙන් වෙන්විම හා සමාන වෙනින් සැපක් නැත්තේ ය.
     11.     අවශ්ය  තැනක දි මාගේ භාර්යාව මා වෙනුවෙන් ජිවිතය වුවත් පරිත්යා ග කරන්නි යයි යන විශ්වාසයක් ස්වාමියා ගේ හිතේ ඇති කරන්නට තරම් ස්වාමි භක්තියක් නැති ස්ත්රීයය හා විවාහ ජිවිතයක් ගත කිරිම තරම් වෙන දුකක් මේ ලෝකයේ නැත්තේ ය. 
     12.      යම්  පුරුෂයෙක් වෙන ස්ත්රීකයක් හා මිතුව සිටිය යුතු අසා එය ඉවසා ගෙන සිටිය හැකි ස්ත්රී යක් ඉඳි නම් ඈ තරම් ඉවසිලිවන්තියක් ලෝකයේ නැත්තේ ය.
     13.      තරුණ-සැපවත් කාලයෙහි ස්වාමිපුරුෂයා සමඟ අභිරමනයෙන් සිදපු සැප මෙනෙහි කරමින්‍-මහලු කල්හිදු ඒ ප්රී්තියෙන් හා ගෞරවයෙන් කල් ගත කිරිම උත්තම ස්ත්රී්න්ගේ යුතු කමකි. 
     14.          යම් කිසි දුසිරිතක් කිරිම නිසා ඇති වන අගෞරවය කරණ ‍ කොට ගෙණ ස්වකීය ඥාති මිත්‍රාදින් මධ්ය යේ කරබා ගෙන


448 පළමුවන පාසැල

නොසලස්වා-කොතන කොයි සභාවේදිත් මුහුණ ඉදිරිපත් කරගෙන ඉන්නතිස රමට කල් ගත කිරිම උතුම් ස්ත්රී න් ගේ යුතුකම වේ.

     15.    ස්ත්රීනහු ස්වකීය දරුවන්ට ස්නේහවන්ත විය යුත්තාහුය. පිරිසිදු  යසෝ කීර්තියක් ලැබිමටත් කැමති විය යුතු ය. තමන් ගේ ජිවිතය මෙලෝ පරලෝ දෙකේ සැපවත් කර ගැනිම ට ද උත්සාහ කළ යුතු ය. මේ කියු අවශ්යි කාරණා තුනටත් වැඩියෙන් ස්වාමියා ගේ ගෞරවයත් ප්රීයතියත් සැපතත් වර්ධනය කරන අන්දමින් ඒ ස්වාමියාට ආදරේ විය යුතු ය.
     16.     හොරෙන් කළා වු යම් කිසි නොපනත් කමක් සඟවන අදහසින් තමන්ගේ නිවරද්යා භාවය පෙන්වා සිටිම දෙවෙනි නොපනත් කමක් කළාට සමාන ය.
     17.        ගෙඩි යහමින් පළගත් අත්ත අනිත් අතුවලට වඩා නැමෙන්නාක් මෙන්-තමාට ස්වාමියා‍ ගේ ස්නේහය අධික බව දැන ගත් ස්ත්රීඅය වඩ වඩාත් ඒ ස්වාමියා කෙරෙහි සවච කීකරු විය යුතු ය. 
    18.       ස්වාමියා රැකී රක්ෂා සඳහා ගෙයින් පිට ගිය විට තමා එක්ව ඉන්නා කල්හි වැළදි අත ලිහිල් වු විටත් ස්වාමි වියෝගය හැටියට සලකමින් ස්වාමියා කෙරෙහි බලවත් භක්ත්යා්දරයක් පැවැත්විම උතුම් ස්ත්‍න්ින් ගේ ගතිය වේ.
    19.       තමන් ‍ගේ තත්වයේ හෙවත් ජන සමාජයේ අන්යෙ ස්ත්රීහන්ගේ පරිභවයටත් සිනාවටත් භාජන නොවි-ස්වකීය ස්වාමියාට අකීකරු නොවි දාසි, භගිනි, සාමි, මාතු, භාර්යාවක් ලෙසට ජිවත් විය යුතුය. යන මේ කිවිවල සාමාන්යර අදහසිකි,
  ජබ්බුද්විපයේ  ආර්ය ජනයා අතර අවුරුදු ලක්ෂභ ගණනකටත් පෙර සිට පැවති ගෙන එන සත් චාරිත්රය ආරක්ෂා කරන මුල් පාසැල් තවමත් සම්පුරුණයෙන් පිරිහි  ගොස් නැත. මේ ස්වාභාවික ධර්මය කෙතරම් දුරට වර්ධනය කරගෙන ගියා ද කිවහොත් වයාසසාෂින් ගේ කාලයේ ඥානවන්ත සත්පුරුෂයා ‍ගේ ස්වභාව විස්තර කරන විට:-
                  “අක්රෝධ මාරොග්යව ජිතෙන්රිතර  යත්වංම

දයාක්ෂ මා සර්ව: ජන ප්රිතයත්වංව නිර්ලොභි දාතා භය ශොක මුක්තිර් ඥානප්රභභෙදා දස ලක්ෂ්ණානි”

යන දස ලක්ෂණය පෙන්නුම් කර දි ති‍බේ. නමුත් මහමත් බලය ආදි


පියදාස සිරිසේන නවකථා එකතුව 449


අනාර්ය ආණ්ඩු බල ප්රාබල විමෙන් ඉන්දියාවේ දුගි අසරණ කාලකන්නින් අධික රටක් විය.

විරිකොන් - එතකොට වර්තමාන ලෝකයේ ඉතාම හොඳ පළමු වන පාසැල තිබෙන්නේ කොයි රටේ ද?

ගුණවතී උපාසිකාව - මහත්මයා මේ කියන “පළමුවන පාසැල” කුමක්දැ යි අපට තේරුම් නැත. කරුණාකර එය විස්තර කර දෙන්ට.

වසන්ත - පළමුවන පාසැල කුමක් දැ යි අපේ ‍මේ කථාන්තරයේදි ප්රමත්යපක්ෂ වන තුරු විස්තර කිරිමෙන් පළක් නැත. දැන් රෑබෝ වුන නිසා නැවත දිනක හමුවි කතා කරමු යයි තාවකාලික වශයෙන් කතාව නවත්වන ලදි.

      ඉක්බිති විරකොන් මැතිනිය හා පුත්රතයා ඇතුලු පිරිස වසන්ත චන්ද්රදට ස්තුති කොට ලබන ඉරිදා මේ කථාන්තරය අසන්නට එන බව කියා යන්ට ගියා ය. නමුත් ග්රෙිස් පෙරේරා නෝනා හා ගුණවති උපාසිකාවන් නැවති වසන්ත චන්ද්ර්ට නින්දා සහගත වචන කීමෙන් ග්රෙ ස්  පෙරේරා නෝනා කළ වරදට සමාව අයැදියේ ය. “ඇත්තෙන්ම මේ නෝනා මහත්මයා මට අයුත්තක් කළේ නැත. අපහාසයක් ද කළේ නැත. දැන් කාලේ අප රටේ තරුණනගේ හැටි කීවා පමණි. දෙමව්පියන්ගේ ද නොදැනිමෙන් වර්තමාන තරුණයේ නොමග ගොස් සිටිති. ටිකක් ඉංග්රී සිත් ඊට වඩා යුරෝපිය ස්ටයිලුත් ඉගෙන් ගන්නා තරුණන් වයස අවුරුදු විසි දෙකක් පසුවෙන්නටත් පෙර ලක්ෂණ වැදගත් ගේවල- ඔවුන් සමඟ කාලය ගත කිරිම සිරිතක් වේගත යයි. ඉතින් මා ගැන හෝ එසේ කිවාට වැරදි නැත. මොන අදහසකින් එදා ඒ වචන කීවත් මට නම් හොඳ අවවාදයක් ලෙස වැටහුනා. මම ඒ ගැන නැවතත් ස්තුති කරමි”යි කීවාම ග්රෙවස් පෙරේරා ගේ හිතේ පැවති සැකයත් කණගාටුවත් නැතිවිය.

ගුණවතී උපසිකාව - හොඳයි හැමු මහතා අපේ මේ ග්‍රෙස් නෝනා මහ්තමි සමඟ අසතුටු නැති නම් හෙට සවස එහාට එන්නෙහිද ?

වසන්ත - ඔව්. ඇත්තෙන්ම මම එන්නෙමි. බර්නාඩ් පෙරේරා මගේ මිත්රපයෙකි. ඒ නිසා මට එන්නට පිළිවනි. හෙට සවස හතරටත් හයටත් අතර මම එන්නෙමි යි කියා ඔවුන් පිටත්කර යවා රාත්රිස බත්කිස නිමවා තමාට ලැබුනු ලියමනක් බලන්නට ගත්තේ ය.



450 පළමුවන පාසැල


     මේ ලියමන පුදුම ලෙස ලැබුණු එකකි. තාමගේ කන්තෝරුවේ වැඩ කරද්දි තැපැල්කාරයෙක් ලියුමි කිපයක් ගෙනත් දුන්නේ ය. ඒ ලියුම් අතඑ මිල දර්ශන කිහිපයක්ද තිබුණේ ය. දිග පුලුලැති ලියුම් කවරවල දමන ලද  ඒ මිළ දර්ශන පැත්තකින් තබා අනිත් ලියුම් කඩා බලා ඒවාට කළයුතු දේ කළේ ය. අවසානව අවශ්යක කටයුතු නිම වු පසු ඉවත දමා තිබුණු  මිළ දර්ශකන බැලිමට පටන් ගත්තේ ය. එක ලොකු කවරයක් තුළ තවත් ලියුමක් තිබුණේ ය. එය කුරුණැගල තැපැල් කන්තෝරුවටය. කරුණාරත්න ආදි නමකින් යුත් ගුරු මහත්මියකගේ නමට යවන ලද්දකි. තැපැල් කන්තෝරුවේදි මේ කුඩා ලියමන මිළ දර්ශනයේ නොවසා තිබුණු පැත්තෙන් ඇතුල්වි එකත් සමගම තැපැල් කාරයා ගෙනත් දි තිබේ. ඉතින් මේ ලියමන  නැවතත් තැපැල් කන්තෝරුවට යැවිය යුතු ද?  සත්තකෙන් ම එසේ කළ යුතු ය. නමුත්  වසන්ත චන්ද්ර  එසේ කළ නොහැකි විය. ඔහු මෙසේ කල්පනා කෙළේ ය.
      “මේ ලියමන ස්ත්රීතයක් විසින් ලියන ලද්දකි. මෙහි කවරයේ බලන විට ඉතාමත් හොඳ පළමුවන පාසැලක උගත් කෙනෙක් බව පෙනේ. අකුරුවල හැඩහුරුකම් බැලුවාම තරුණියකගේ එනම් විසි අවුරුද්දකට අඩු කෙනෙකු‍ගේ බවත් පෙනි යයි. පිටතින් තිබෙන අකුරු පේළි තුනට වඩා මෙහි ඇතුලේ තිබෙන ලිපියෙන් මේ තැනැත්තිව හොඳින්ම විමසා ගත හක. මේ ලියමන කියවා බලා ඉක්බිති වෙනින් කවරයක දමා හෙට තැපැල් කරන්නෙමි. දැන් කන්තෝරුවේ වැඩ නිමවා වසන්නට ආසන්නට බැවින් හෝටලයට ගොස් රාත්රී යේ මේ ලියමන කියවා බලමි” යි සිතුයේය.
      පුදුමයකි. වසන්ත චන්ද්ර  ඒ ලියමන එක වරක් කිවයා බැලි මෙන් තෘප්තියට නොපැමිණියේ ය. දෙවරක් කියවා  ඉක්බිති ටික වේලාවක් කල්පනා කොට තව වරක්  කියෙව්වේ ය. ලියමන යවනු ලබන ප්රටයෝජනවත් එකක් බව වැටහි තමාටම මෙසේ කියා ගත්තේ ය.







පියදාස සිරිසේන නවකථා එකතුව 451


03. පරිච්ජේදය

         “වර්තමාන ලක්දිවත ඉතාමත් හොඳ පළමුවන පාසැල් වලින් ඉගෙනිම ලබන දරුවන් ගෙන් බො‍තහෝ දෙනා කැලේ පිපුණු මල් මෙන් නැතහොත් මුහුද පතුලේ තිබෙන මැණික් මනේ නරර්ථක වෙති. මක්නිසාද, දැන් අ‍පේ ර‍ට නොමග ගොස් මුලාවේ වැටි සිටින බිවිනි. ඇසට ප්රි,ය රූපයටත් පරිභෝග වස්තුවලටත් මිස අභ්යමන්තර ගති ගුණවලට පහදිය කෙනෙක් හෝ ඒ අභ්යෝන්තර ගතිගුණ තේරුම් ගතහැකි කෙනෙක් හෝ එසේ තේරම් ගත් නමුත් එය උසස් කොට සලකන කෙනෙක් හෝ දැන  අපේ රටේ සොයා ගැණිම ඉතාමත් දුෂ්කර ය. එහෙයින් පළමුවන පාසැල වැඩ දැයක-මෙ‍ලෝ පරලෝ දෙකේ සැපතට හිමි නොවේ.

රූ බ ල උසස් කුල දනවත් සිය දහ සි ‍ලෝ තු ල උපන්නත් පෙර කරුමය විල සි පා සැ ල පළමුවන යමෙකුගෙ නුවොත් නි සි සී ක ල යුතු වැඩක් ඔහුගෙන් නොවේ කි සි

  මේ ආදි වශයෙන් වසන්ත චන්ද්‍ නගේ හිතේ අටගත් සිතුවිලි මහ මුහුදේ නගින රළ පතර මෙන් අප්රනමාණ විය.
    තමාට හදිසියෙන් ලැබුණු ලියමනේ අකුරු විදුලි පහනෙන් තව වරක් බලා-අක්ෂර විද්යා සනුකූල මේ ලිපිය ලියු තැනැත්තී උසස් අදහස් අති-සත්යරවිදි, නිරහංකාර දුක සැප එක හා සමානව විඳිමට සමර්ථ, යුතුකම් හොදින් දන්නා, ආත්ම ගෞරවය ඇති, නිරෝගී ඉවසිලිවන්ත කෙනෙක් බව වැටහුණේ ය. විදුලි පහනින් දුටු පමණින් තෘප්තියට ‍නොපැමිණ ලියමන ලියන මේස ලාච්චුවේ දමා නිදා ගත්තේ ය. හි‍තේ නොසන්සුන් භාවය නින්දට මහත් බාධාවකි. වේලාව රාත්රීම ‍ෙදාළහ පසුවි තිබුන නමුත් වසන්ත චන්ද්ර.ට නින්ද නොගි‍යේ ය. නිදි නැති විට ඇ‍ඳේ සයනයක වැතිරගෙණ ඉඳිමෙන් සිත තව තවත් ව්යා‍කූල වේ. ව්යාිකූල වු හිතේ කුසල් සිත්වලට වඩා අකුසල් සිත් අටගැනිම ස්විභාව ධර්මයකි. ඉතින් වසන්ත් චන්ද්රූ යහනින් නැගිට ඇල්වතුර විදුරුවක් පානයකොට සතිපට්ඨාන සුත්රාය බලන්නට පටන් ගත්තේ ය. පැයක් පමණ අර්ථ මෙනෙහි කරමින් සති පට්ඨානය බලන වසන්ත චන්ද්රප ගේ සිත සංසිඳුණේ ය. හිත සංසි‍ඳෙනවත සමඟ



452 පළමුවන පාසැල


ඔහුනට හොඳින් නින්ද ගි‍යේ ය.

  උදේ පහමාර වනතුරු සුවසේ නිදාගත් වසන්ත චන්ද්ර  නැගිට බුදු ගුණ සඡ්ක්ජාොයනා කොට ශරීර කෘත්යා්දියෙන් පසු තැපෑලෙන් ලැබුණු අද්භූත ලියමනේ අකුරු තව වරක් බලා තමා ගේ දැන ගැණිමේ අන්දමට රාත්රිසයේ වැටහුනාට වඩා කිසි වෙනසක් නැති බව වැටහි ලියමනත  සාක්කුවේ දමාගෙන තමාගේ කන්තෝරුවට ‍ ගොස් ඉන්පසු අත් අකුරු විශේෂඥයෙක් වන තමා කලින් දන්නා අඳුනන ඉන්දිය ප්රොොපැසර් ජිවානන් මහතා ළඟට ගොස්-රුපියල් පහක් ගාස්තුව වශයෙන් ගෙවා මේ ලියමනේ අකුරුවලින් මෙය ලියු තැනැත්තා ගේ චරිතය  ප්රවකාශ කරන්ටයයි ඉල්ලා සිටියේ ය.

ප්රොරපැසර් - මොකද වසන්ත තෑගි පළමුවෙන් දුන්නේ ?

වසන්ත - ඒ තෑග්ගක් නොව මහත්මයාගේ ගාස්තුවයි.

ප්රොතපැසර් - වසන්ත ගෙන් ගාස්තුව නොගත්තාට මේ වැඩේ කර දෙන්ට යුතුය. මා වෙත බො‍හෝ දෙනකු එවා තිබෙන බව මට මතකයි. ඉතින් එබඳු හිතවතෙකුගේ වැඩක් නොමිළේ කරදිම පාඩුවක් ද?

වසන්ත - මහතා “හස්ත‍ාකෂර විශේෂඥ” බව දැනගත් මම අඳුනන කීප දෙනෙකු එවන ලද්දේ ඔවුන්ට වැඩ පිණිසයි. මහාතටත් එයින් ප්රෂයෝජන වෙන්ට ඇතුවාට සැකක් නැත. අන්ධකාරය දුරු කිරිම ඉර හද ආදී බබලන විශාල වස්තුන්ගේ ධර්මතාවය වුවත් ඒ ආලෝකය හෙවත් රශ්මිය කරණකොට ගෙණ පිපෙන මල් වර්ග ද තිබේ. හොඳ හිතින් කෙනෙකුට කරන යහපතින් නිරායාසයෙන්ම තවත් කෙනෙකුට ප්රාවයෝජන ලැබේ. යම්කිසි කටයුත්තක් කරණ කෙනෙකුට ඒ සඳහා ලැබිය යුතු ගාස්තුව නොගෙවිමෙන් ඒ කරණ කටයුත්ත නිසි අන්දමට ඉෂ්ට වුනත් ඒ කටයුත්තේ අගය සැහැල්ලු වන බව මගේ මෑණියන් ගේ ඉගැන්විමකි. මහතා අත් අකුරු පරික්ෂා කිරිම රක්ෂාවක් වශයෙන් කරණ නිසා ඊට ගාස්තුවක් නොලැබුනොත් ඒ කටයුත්ත රෑ වටිමක් වේ . කාට වුවත් ඒ ඒ කාරණයක් සඳහා දිය යුතු ගාස්තුව එවලේම නොගෙවිම ම‍ගේ කටයුතු පිළිවලට වෙනස් බැවිනි. මේ මුදල ගත මැනවැයි කී ය.

  ප්රෙවපැසර් මහාත වසන්ත චන්ද්රත ගේ අකුටිල අවංක භාවය ගැණ තව දුරටත් පැහැදි තමාට දුන් දීර්ඝ ලිපියේ සිංහල ඉංග්රිදසි අකුරු


පියදාස සිරිසේන නවකථා එකතුව 453


ඉතාමත් ඕනෑ කමින් බලා මෙසේ කියන්ට පටන් ගත්තේ‍ ය.

    මේ ලිපිය ස්ත්රීසයෙකු විසින් ලියන ලද්දකි. අවුරුදු විස්සට අඩු වයසැති තරුණියකි. උසස් ප්රරතිපත්තියක් ලැබ‍ු ධර්ම ප්රුතිපත්ති කාමි ස්ථිරසාර ගුණයෙන් වුත් නිරහංකාර වු නිදහස් සැපට සතුට නමුත්  ප්රයතිපත්තියක් වශයෙන් වැඩිහිටියන්ට හා ගුණවතුන්ට ගරු බුහුමන් දක්වන කාය වාක් මනස් යන ද්වාරත්රයයම නොවෙනස් කෙනෙකි. අවුරුදු තුනක් හතරක් පටන් බලවත් දුකට හා විපතට ‍ෙගාදුරු වුන නමුත් ස්ථානොචිත නුවණින් හා දක්ෂ භාවයෙන් ඒ දුක් වලින් අධික පීඩා නොවිද නිසැක බලාපොරොත්තු වෙන් කල් යවන කෙනෙකි. මේ ස්ත්රීකය සරණ කරගත් පුද්ගලයාට කල්ප ලතාවක් ලැබුණාටත් වඩා සැප ලැබේ. ස්වකීය මෑණියන් ගේ ගැබ තුලදිම පුරුදු වු උතුම් අදහස් වලින යුත් කෙනෙකි. මෙසේ කියා තමාගේ මිත්රද ශාස්තරතුමඥයා කවට වශයෙන් “වසන්ත චන්ද්රු මහතාට සුදුසු-ආශ්ර ය කටයුතු තරුණියක්ය” යි කියා ඒ අත් අකුරු ‍‍ හොඳින් විස්තර ‍‍ෙකාට කියා දුන්නේ ය. මෙවැනි කාරණා අප රටේ බොහෝ ‍ෙදනා නොසලකති. තමාට යමක් ‍හොඳය කියා වැටහු‍ෙනාත් කිසිම කෙනෙකු නොදන්වා පිළිගැනිම බොහෝ ‍දෙනාගේ සිරිතකි. නමුත් තමාට වඩා ප්රනවීණ තමාට අ‍වංක වශයෙන් හිතැති කෙනෙකුගෙනුත් උපදෙස් ගැනීම ඉතා වැදගත්ය. එහෙයින් වැඩි අපහසුවක් නැතුව තමට සතුරු නොවන කෙනෙකුගෙන් ද ඒ ගැණ පරීක්ෂා කිරිම මලකට සුවඳ පැන් ඉසිම වැනි අතිරේක සංග්රුහයක් ය.
  වසන්ත චන්ද්රර ‍අත් ලිපි පරීක්ෂා කිරිමේ ශාස්ත්රනය දන්නා නමුත්, ඒ පිළිබඳව නිරත්තර අභ්යා සයක් ඇත, වඩා උගත් කෙනෙකුත් ලවා පරීක්ෂා කිරිමෙන් ඇති වු ප්රී තිය නිසා හදිසියෙන් ලැබුනු ලිපිය ස්වකීය කන්තෝරුවට ගොස් තව වරක් කියවන්ට කල්පනා කොට එය සාක්කු‍වේ දමාගෙණ තමා‍ගේ මිත්රොයා වන ප්රොනපැසර් මහතා මේ ලියමන ලියු තැනැත්තිය හා විවාහ වෙන්නට කීවේ මන්දැයි මිත්ර් විවාදයකට බැස්සේ ය.

වසන්ත - මම විවාහයක් කර ගන්නට සිතා ඉන්නේ උතුරු ඉන්දියාවෙනි. ඉතින් ඒ අදහසට පටහැනි සිද්ධියක් මා ඉදි‍රිපිටට පැමිණ ති‍බේ. එසේ නේද?

ප්රොහපැසර් - ඇත්තෙන් ම වසන්ත චන්ද්රන මහතා ගේ අදහස ඉතා ම ප්ර?හස්ත එකකි සිංහල ජාතියට පුනර්ජිවයක් දීමට නම් අපේ




454 පළමුවන පාසැල


උතුරු ඉන්දියාවේ ඉන්නා උගත් ශිෂ්ටාචාර ප්රඇතිපත්ති කාමි ස්ත්රීරන් විවාහ කර ගක යුතු යි. මේ අදහසින් ඇති අන්යප එකම සිංහලයෙන් වත් මට මෙතෙක් සම්බවුනේ නැත. මහත්මයාට ඒ අදහස ඇති වන්ට හේතුව ලෝක‍යේ බොහෝ රටවල ඇවිදීම බව මට හිතන්ඩ පුලුවන.

වසන්ත - මම බොහෝ රටවල ඇවිද්ද බැවින් ස්ත්රීව වර්ගය ගැණද හොඳ අවබෝධයක් ඇතිකර ගනිමි. දැනට ‍ලෝකයේ ඉන්නා ශිෂ්ටාචාර ස්ත්රීකන් ගෙන් ජපන් ස්ත්රින ඉතාමත් ශ්රේාෂ්ටය. ඔවුන් ගේ ඉගෙනිම හා ප්ර්තිපත්ති අන්තිම ඉහලට නැග තිබේ. ඒ තත්වයේ ජපන් රට කෙතරම් කල් පවතී දැයි කිය නොහැක. නමුත් පැරණි ඉන්දියාවේ කුල ස්ත්රීතන් අතර සිද්ධාන්තව පවත්නා සත් චාරිත්රන කිසිම කාලයක එහෙම පිටින්ම වෙනස් නුවුයේ ය.සමහර ප්රරදේශවල ආණ්ඩු නරක් විමෙන් අසරණ කම අධික විමෙන් දුක්ඛිත බව පැතිර ගොස් තිබේ. ඒ කෙසේ වෙතත් සිංහලයන් ගේ මුල් භුමිය වන ජම්බුද්වීපයෙන් සිංහල ජනයා විවාහ කර ගත්තොත් මිස අපේ රටේ උසස් බවට පැමිණ විමට වෙන මගක් ඇත්තේ නැත.

ප්රොේපැසර් - මහ වංශය ප්රකවේශමෙන් කියවන කෙනෙකුට මේ ක‍ාරණය හොඳින් -ම වැ‍ටහේ. විජය කුමාරයා හා සත්සියයක් පිරිසට මථුර පුරයෙන් කන්යා වන් ගෙනාවා පමණක් නොව ඊට පසු වරින වර උතුරු දිසාවේ කාලිංග. වංග, කෝසල ආදී ජනපදවලින් සිංහල ජනයාට භාර්යාවන් ලබා ගෙන තිබේ. දඹදෙණි පරාක්ර මබාහු රජතුමා ගේ පුත්රන කුමරුවන්ට කුමරියන් සොයා ගෙණ තිබෙන්නේ පැලලුප් ආදී රාජධානිවලින් බව පෙනේ.

වසන්ත - ලක්දිව වරින් වර දෙමළ සතුරන් නිසාත්- අභ්යනන්තර වියවුල් නිසාත් දුර්වලව ගොස් තිබේ. එය දුඃඛිතව පවත්නා අවස්ථාවල උපන් ජනයා අසමර්ථ දුර්වල වු අය බව කිව යුතු නොවේ. රටේ සමාදානයත්, අන්න පාන සුලභවත්වයත්, සාධාරණ බලසම්පන්න ආණ්ඩුවකුත් නැති කාලවල ජන සමාජය ඉතාමත් පහත් බවට පැමිණේ. ජන සමාජයේ ස්ත්රීජ පක්ෂය පහත් බවට පැමිණිම ඉතාමත් සංවේග දායකය. අපේ රට දෙමළ කරදරයෙන් පිඩිතව ඉන්නා කාලයේම පරංගින් පැමිණිම නිසා දැන් අවුරුදු පන්සීයක් පමණ- දුසිරිත්- දීන බැව්, වහල් ගති, ආත්මාර්ථ කුහක කම් ආදියෙන් පිරි ඉතිරි ගොස් තිබිය දි එය වෙනස්



පියදාස සිරිසේන නවකථා එකතුව 455


කිරිමට ඉතාමත් හොඳ උපකරකත මය නම් දඹදිව ආය්ය් ‍ ජාතිය සමඟ සම මිශ්රටණයවිම බව මම කල්පනා කළ වාර අප්ර මාණ ය. තවමත් නියම සිංහල කුල. ස්ත්රී සන් තන්හි තන්හි සිටිති. නමුත් ධන බලයෙන් ඉංග්රි්සි භාෂා ශාස්ත්රබ ආදියත් ප්රහමුඛ ස්ථානයට පැමිණ තිබෙන බැවින් නියම සිංහල කුල චාරිත්ර් හරණ විභුෂිත ස්ත්රිටන් කැලේ පිපුණු මල් මෙන් අප්රලකට භාවයට පැමිණ වඳ වේගෙන යන බව පෙනේ.

ප්රොටපැසර් - ඔව්, ඉන්දියාවේ වර්තමාන උගත් තරුණන් කලින් තිබුනු දායාද ගැණිම ආදී දරුණු සිරිතුත් අත්හැර උගත් ගුණවත් කාන්තාවන් සරණ කර ගන්නා බව පෙනේ. හොඳ මව් පියන් ගේ දියණියන් තුළ පවත්නා උසස් ගුණය පිරිසිදු හිත-දරුවන් ගේ උසස් බව ඇති විමට ප්ර්ධාන හේතුව බව ඉන්දියාවේ උගත් පක්ෂයට දැන් අවබෝධ වී තිබේ. දැන් ලක්දිව ඉන්නා පොහොසත් පවුල්නවල දරුවන් විශේෂ වශයෙන් ගැහැණු දර‍ැවන් හිත කය දෙකෙන් ම බොහෝ දුරුවල ය. පරංගියා කාලයේ බෝ වු මත්පැන් පානය-සත්ව ඝාතනය- ආත්මාර්ථකාමි බව- දෙවියෙකුගේ පිහිට බලාපොරොත්තු විමේ වහල් හිත-ආදි දුසිරිත්වල නොගැලුන පවුලක් සොයා ගැනිම ඉතාමත් අමාරු ය. ඊට නිදර්ශන වශයෙන් මා දැනගෙන තිබෙන කරුණු ටිකක් වසන්න චන්ද්ර්‍ මහතාට කියන්නෙමි. දැන් ලක්දිව පවත්නා ඉගැන්විම් ක්ර්මය ඉතාමත් අයෝග්යය නුසුදුසු එකකි. ඒ එසේ ද වුවත් ඉතාමත් උසස් ප්රියෝජනවත් විභාගවලින් සමර්ථව උසස් නිලතල ලබන්නෝ කවරහු ද? ධනවත් ප්රාසිද්ධ පවුල්වල දරුවෝ ද? සත්තකෙන්ම නැත. පුරාණ කාලයේ ඒ කියන්නේ පරංගියා ගේ කාලයේ පටන් වඩිග රජුන් ගේ කාලයේ පටන් මේ රටේ නිලතලත්-අධිපතිකමත් ධනයත් වෙන වෙන බල පුළුවන්කාර කමත් හිමි වුනේ උගත් දක්ෂකම් ඇතියන්ට නොව පරම්පරාගතව බව පෙනේ. තාත්තා මුදලි නම්- රටේ මහතා නම් පුතා කොතරම් අධම අඥානයෙක් වුනත් ඔහුට මුදලිකම හෝ රටේ මහත්කම ලැබු‍නනේ ය. ඉතින් මේ අයුතු ක්ර්මය නිසා රට එහෙම පිටින් ම පිරිහි විනාශ විය. දුරාචාරයත්, අල්ලස් ගැනිමත්, රට වැස්සන් ගේ දියුණුවට බාධා ඇති වුයෙත් උසස් නිලතල ආදිය පරම්පරාගත මිස උගත්, දක්ෂ, අවංක ගුණවතුන් අතට නො යාම ය. දැන් ඒ වැරදි පිළිවෙල වෙනස් වේගෙන





456 පළමුවන පාසැල


යන බව පෙනේ. දැන් පවත්නා අර්ධ නිදහස් ආණ්ඩුව මගින් ඇතිකර තිබෙන අසම්පුර්ණ ඉගැන්විමේදි පවා ධනවත් පවුල්වල දරුවන්ට බැරි සමත්කම් මධ්යණම පංක්තියේ පවුල්වල දරුවන්ට ඇති වන බව පෙනේ. බලන් සිවිල් සර්විස්, මැඩිකල් සර්විස් , අධිනීතිඥ, නීතිඥ ආදි විභාග වලින් සමර්ථ වන තරුණන් අතර ලොකු පවුල්වල තරුණයෙක් දකින්ට ලැබෙන්නේ කලාතුරකින් බව වසන්ත චන්ද්රක මහතා කල්පනා කර ති‍ිබේ ද?

වසන්ත - ඔය කාරණය මම නිතරම කල්පනා කළ එකකි. ඒ තබා ඒ සම්බන්ධව කෙරුණු කථා බස් හා අත්දැකිම් ද සියයකුත් එකකටත් වඩා මට පෙන්වන් ‍-න්ට පිළිවන. ඔන්න ගිය සතියේ මම ඉංග්රිකසි විද්යාාලයක ආචාර්ය වරයරයෙකු සම්මුඛ විමට ගොස් ඒ මහතාත් සමඟ කථා කරමින් ඉන්නා විට විශාල දෙහයකින් යුත් රත්රන් ආදිය හොඳින් පැළඳ පට ඔසරියක් ඇඳ ගත් නෝනා කෙනෙක් දොළොස් හැවිරිදි ළමයෙක් සමඟ ශාස්ත්රම ශාලාවට පැමිණියා ය. එවිට අ‍පේ කතාව නවත්වා ඒ ආචාර්ය වරයා ඒ නෝනාට ආසනයක් දි වඩි ගත් පසු ආගිය තොරතුරු ඇසුයේය. එ‍විට කෝපයෙන් මෙන් සිටි ඒ තරබාරු නෝනා ස්වකීය පුත්රයයා ගුරුවරයා දෙසට තල්ලුකොට “මම අවේ මේ ළමයා ගැන කරුණු කියන්ටයි. මොහුට කිසිවක් බැරිය. දැන් මාසේකට රුපියල් හතක් ගෙවනවා. නමුත් කිසිම පාඩමක් බැරි ය. ඉගෙනිම අතින් ඉතාමත් දුරුවලය. අවුරුද්දකට වැඩි කාලයක් ස්කෝලෙට ආ නමුත් කිසිම වැඩි දියුණුවක් වුනේ නැතැ”යි කීවා ය. මේ චෝදනාවෙන් ‍ මැඩුනු ආචාර්යවරයා ඉතාමත් ශාන්ත අන්දමින් “අප ළඟට මේ ළමයා එනකොට මොකවත් දන්නේ නැත. ක්ලෑසිය වශයෙන් තුන්වෙනියා කියා ආ නමුත් හෝඩියේ අකුරු වත් හරි හැටි දන්නේ නැත. පසුගිය වරිෂයේ අප දන්නා තරම් උපක්ර්ම යොදා ළමයා ගේ ඉගෙණිම ටිකක් වැඩි දියුණු කර තිබේ. මේ ළමයා ඉන්නා පංක්තියේ ඉතාමත් දුර්වල තැනැත්තා ඔහුය. එපමණක් නොව සියකට මෙයින් තව දුරටත් කිපුණු නෝනා “අපේ ළමයා එහෙම දුරුවල ළමයෙක් ය කියන්නේ ඇයි ? මේ ස්කෝලෙ වරද වෙන්ට ඕනෑය යී” කීවා ම ආචාර්ය මහතා සිනාසි “මේ ශාස්ත්රා ශාලාවේ ළමයින් එක්දහස් හාර සීයකට වඩා ඉගෙනුම ලබති.




පියදාස සිරිසේන නවකථා එකතුව 457


ඔය ළමයාට පමණක් නොසලකා ඉඳිම පුදුමයකැ’යි කිවේ ය. මේ කථාව අසා වුනු මම (වසන්ත චන්ද්ර ) “ළමාය ගේ පළමු වෙනි පාසැල හොඳ නැති වි තිබෙන බව මට වැටහේය”යි සිනාසෙමින් කිවෙමි. එවිට මිනිස් කඳු ගැටයක් වැනි ඒ නෝනා මා දෙස රවා බලා “ඔය ළමයා මුලදි යැම්මේ සැන්ට් ජෝන් ස්කෝලයට යි. එය නරක පාසැල වෙන්නේ කෙසෙදැ”යි කීවා ය. “නැහැ නෝනා. සැන්ට් ඡොන් පාසැල දෙවෙනි ස්කෝලය ය. ඊට කලින් හිටපු පාසැලයි පළමුවන පාසැල. ඒ පාසැල හොඳ මදි වුනා වාගේ පේනවා ය”යි කීවාම “ඒ ළමයා පළමුවෙන් ම ඇරියේ සැන්ට ජෝන් පාසැලටයි. ඒ හැර පළමුවන පාසැලක් මම දන්නේ නැතැ”යි ගොරෝසු හඬින් කියා සිංහල අවුරුද්දෙන් පසු ළමයා අස්කර ගන්නා බව ආචාර්ය මහතා සමඟ කියා යන්ට ගියා ය. මේ මා ඉදිරිපිට දිම සිද්ධවුවකි. තවත් මෙබඳු සිද්ධිය්ක එක පළාතක දි ඇති විය. ආරාධනාවක් ලැබි වලව්වකට ගියෙමි. එහි දි තේ පැන් ආදියෙන් සංගරි ඇහ ලැබු මාත් සමඟ තලතුනා වයස් ගත වලව්වේ මහතා නොයෙකුත් කරුණු ගැන කතා කරමින් ඉන්නා අතර “ආ මහත්මයෝ, අපේ මේ පළා‍ෙත් ප්ර සිද්ධ උගතෙක්, කීර්තිමත් කෙනෙක්, විශාල තයාගවන්තයෙක්, විශ‍ාල දනවතෙක්, සීලාදි ගුණ සම්පන්න උත්තමයෙක් ගැන අසන්ටවත් නැත. නමුත් ලක්දිව අනිත් කොයි පළාත්වලත් එබඳු උතුමෝ සිටිත්ය”යි කීවා ය. මට සිනහ පහළ විය. ඒ ස්ථානයේ ඒ වේලාවට වුන් අනිත් අය ද සිනාසුනාහ. “වලව්වේ මහතා ගේ කථාව ඉතාමත් කාලෝචිත ප්රායෝජනවත් එකකි. මේ පළාතේ පරාර්ථකාමියෙක්, ත්යා ගවන්තයෙක්, උසස් උගතෙක්, විචක්ෂණයෙක්, සීලාදි උසස් ගුණ ධර්මයෙහි පිහිටි උතුමෙක් ආදි පැසසිය යුත්තන් අඩුවිමට හේතුව අපටත් වඩා නෝනා මහත්මයා දැනගත යුතු ය. හඳුන් හොඳ වෙන්නේ ගල හොඳ නම් නොවෙද” යන ග්රාතම්යඳ උප‍දේශය වත් තේරුම් ගත හැකි නම් මේ කාරණය නිරාකර්ණය වේ. ප්රනයෝගයෙන්, කපටි කමින්, බොරුවෙන් මනුෂ්යන ජිවිතය රවටන්ට බැරි ය. රත් වු යකඩයේ මැස්සන්ට වසන්නට බැරි ය. නමුත් කසල ගොඩේ අප්රොමාණව මැස්සෝ හැසිරෙති: ගුණ ධර්ම අතින් හා සීලා දි ප්රනතිපත්ති අතින් පහත් පවුල්වලත්-ගම්වලත්-ප්රනදේශවලත් ත්ර‍භෙතුක කාමාවචර කුසල චිත්තයෙන්





‍458 පළමුවන පාසැල

ප්රනතිසන්ධිය ගන්නා උත්තමයන් ගේ ඉපදිමක් නැත. නමුත් සාරවත් රටක කෑම බිම හා දුරාචාර ක්‍ගනියාවලින් පාඩුවක් නොවේය”යි කීවා ය. එහි වුන් හැම දෙනාම පාහේ එකිනෙකා ගේ මුහුණු බලමින් දුරුමුඛ වු හ.

   “කැම බිමත්, ඇඳිම පැළදිමත්, ගමන් බිමනත්, ක්රීාඩා කිරිමත්, කාම  සේවනයත් පමණක් හිතේ පවත්නා ස්ත්රී,න් ගව දෙනුන්ටත් වඩා නරක ය. දානය හෙවත් අන්ය්යන්ගේ සැප පිණිස මෙහෙයු හිතත්, සත්ව ඝාතනාදියෙන් විනිරුමුක්ත වු මෛත්රිහ සහගත හිතත්, ආත්ම ශක්තිය හා ආත්ම ගෞරවයෙන් යුත් හිතත්, අන්යරයෙකු ‍ෙග් පිහිටෙන් හෝ පර‍ලොව සැප ලැබිමේ වහල් හිතත් ඇති ලෝක ස්වභාව ‍ෙනාදත් ස්ත්රීගයකු තුළ තවදාවත් ම උසස් දරුවෙක් අට ‍නොගනිය”යි මා කී විටි ඒ පිරිස තවත් දුරුමුඛ වුනා මිස කිසිවක් කිවේ නැත.

ප්රොිපැසර් - වසන්ත චන්ද්ර මහාත මේ රටේ පින්වතුන් ඉපදිමේ එකම මාර්ගය කල්පනා කර තිබෙන බව පේනවා. සමහර මුවපියන් විශේෂ වශයෙන් මවුවරු ශිෂ්ට සම්පන්නව කාලව ගෙවන අවස්ථා පැමිණේ. එබදු අවස්ථාවල යහපත්, දරුවන් පිළිසිඳ ගන්නා නමුත් ඒ මවුපියන්ට ම දාව අශිෂ්ට දරුවන් උපදින බව පෙනේ. එකම මවු පියන්ගේ දරුවන් ගෙන් කීප දෙනෙක් යහපත් මිනිසුන් වන අතර සමහ‍රෙක් අයහපත් දුෂ්ටයන් වන්නේ ඒ හෙයින් ය. මේ කාරණයත් මහත්මයා කල්පනා කර තිබේ ද?

වසන්ත - ඒ කාරණය වැඩිදුරු කල්පනා කිරිමට පවා වුවමනා නැත. සමහර පවුල්වල දරුවන් හත් අට දෙනා සිටිතත් මනුෂ්යා ගිතයෙන් යුත් අය එකෙකුට දෙන්නෙකුට වඩා නැති බව පෙනේ. ඊට හේතුව ළමයින් පිළිසිඳ ගන්නා කාලේ මවු පියන්ගේ විශේෂ වශයෙන් මුව ගේ ප්රිතිපත්තියත් අදහස් උදහස් අනුව- පැවැත්මට අනුකූල වු සත්වයෙකුගේ පිළිසිඳ ගැනිම බව කාට වුවත් වැටහිය යුතු ය. කර්ම බලය සතය වන මේ කාරණය දැන දැනත් තමන්ට මො‍ෙලාවදි ම දුක් ලැබෙන අන්දමට ක්රි යා කිරිම කෙතරම් දුර්වල කමක්ද කියා ස්වකීය මිත්රක ප්රොටපැසර් සමඟ කථා කරමින් පැයක් පමණ කාලය ගත‍කොට වසන්ත චන්ද්ර‍ ස්වකීය කන්තෝරුවට ‍ෙගාස් අහම්බෙන්-අනියම් විධියෙන් තමා අතට ලාබුණු ලියමන බලන්ට පටන් ගත්තේ ය.





පියදාස සිරිසේන නවකථා එකතුව 459


04. පරිච්ජේදය

 කරුණාවන්ත ගුරු හාමිනේ වෙතටයි,
      “මා වෙත එවන ලද ලියමන ලියා තිබෙන්නේ 15 දිනකට ප්ර ථම නමුත් මා අතට ලැබුනේ පෙරේදා ය. ගාල්ලේ ඉඳලා මෙහාට අවුත් මාසයක් පමණ ය. ගාල්ලට තැපැල් කළ ඒ ලියමන අ‍ෙප් නෝනා භාරේ හරවා එව්මාදියෙන් මේ ප්ර්මාදය වෙලා තිබෙන බව පෙනේ.
    මා සම්බන්ධයේන හාමිනේ දක්වන කරුණාව ගැන ස්තුති කරන්නට වචන නැත. මවුපියන් නැති මා වැනි අනාථ තරුණියකට ආධාර උපකාර කරන්නට උත්සාහ කරන මිනිස්සු දැන් අප රටේ විරලය‍ හ. කුරුණෑගල පළාතේ ධනවත් මිනිහෙකු ‍ෙග් ඉඩකඩම්වල භාරකාර කමක් සමඟ ප්රහසිද්ධ ධනවතෙකුට භාරදෙන ලද තරුණියන් දෙදෙනකුට ගිය කල දසාව හාමිනේ ‍ෙග් ලියමන බලද්දි මට මතක් විය. මේ රටේ ඉන්නා පරමිනසිද්ධ ධනවත් මුහුකුරා ගිය අය පවා ඉඩ ලැබුණු හැම තැනකදී ම අන්යකයන්ට දුක් දි  තමාගේ ම සැප සලකති. මේ සංසාර ගතිය විය හැක. අනුන්නට දුක් දි තමාගේම යහපත සලකන මේ ලෝකේ තමා දුක්විද අනුන්ට සැප සලසන කෙනෙක් ඇති වෙ‍ෙතාත් පුදුමයකි. ඒ ‍අද්භූත උතුමන්ට බෝධිසත්ව වරයන්ට නමස්කාර වේවා !.
    “ස්කෝලේ හාමිනේ මට විවාහ වෙන්නට කියා තිබේ. ධනවත් ප්රදසිද්ධ කෙනෙක් මගේ ස්වාමි පුරුෂ කමට තෝරාගෙන තිබෙන බව පෙනේ. ම‍ෙග් කරුණාවන්ත මෑණියන් සමඟ දීර්ඝ කාලයක් පැවැත් වු මිත්රබ ධර්මයේ ආනිශාංසයක් වශයේන මට මේ යහපත කර දෙන්ට යන බව පෙනේ. නමුත් මිට තුන් හාර මසකට ප්රමථමයෙන් කීවාක් මෙන් මට තවමත් විවාහයකට බැදිමට කාලය ලැබි නැත. කාලය නොලැබුනාටත් වඩා ඔය කතා කරගෙන ඉන්නා මහත්මයා  මට නොගැලපෙන බව ඔහු පිළිබඳ විස්තරයෙන් පෙනේ. එය‍ා‍කගේ වයසත් රූප ලකෂණයත් ධනයත් කෙතරම් දුර නොගැලපෙතත් අප වැනි උගත් ස්ත්රීරසන්ට හොඳින් කල්ගත කරන්ට බැරි කමක් නැත. නමුත් පරම්පරාගත ගති ගුණ හා උගත් කමක් සුවිනිත භාවයත් ඒ කියන පුරුෂයාගෙත් මගෙත් එක හා සමාන නොවේ. කලින් කල ඇති වන දුක් විපත් වලින් හා සැප සම්පත් වලින් යුක්ත කාලවල මිනිසුන්




460 පළමුවන පාසැල


විමසා ගැනිම සුදුසු නැත. යටත් පිරිසෙයින් මවුත් පියාත් දැන ගෙනම ඔහු ගේ අභ්යාන්තර තත්වය විනිශ්චය කර ගත යුතු ය. යම් යම් අය පිටතට පෙන්වන තරම් ශ්රයද්ධාසීලා දී ගුණ ඔහු තුළ පවති දැයි නිශ්චය කරග්න්ට ප්රයථම ඒ තැනැත්තා ගේ මවු පියාදි පරම්පරාව විමසිය යුතු ය. සපුගසක වැඩුනු මලකට හෙවතක් සපු මලකට සමාන මලක් රෙදි වලින් හෝ කඩදාසි වලින් ද තැනිය හැක. සපු මලේම සුවඳ ද කඩදාසි මලේ ගැල්විය හැක. දුරදිග නොබලන- විමංශන බුද්ධියෙන් හින කෙනෙකුට ඒ කඩදාසි මල සපු මල යයි වැටහෙන්ට පිළිවන. නමුත් කවදාවත් ඒ කඩදාසි මල සපු මල නොවේ.

    “අ‍පේ මෑණියන් හා පියාණන් ගැනත් ස්කෝලේ හාමිනේ දන්නවාය. ඒ මෑණියන් උසස් ප්ර‍තිපත්ති නැමති අමාවතුරේ ගැලි මාස දහයක් ගත කළ මගේ මස් ඇට නහර ආදියේ‍ පමණක් ‍ෙනාව මොලේ ලක්ෂ  සංඛ්යාකත රන්ධ්රමවල පිරි ගියේ-ඒ දාන, සීල, ත්යා ග-ආදි ආලෝභ, අදොස අමෝහ සිතිවිල් නමති අමෘත බින්දුම ය.
     ඉතින් නිත්යම ආශ්ර යෙන් හා ප්රයතිපත්ති පිරිමෙන් අති දැඩි වුන මට එසේම ඇති දැඩි වුන උගත් ගුණවත් කෙනෙකු හා  එක්වන්ට බැරි වුනොත් මගේ ජිවිතය එහෙම පිටින්ම වෙනස් වන බව කියන්ට වුවමනා නැත. ගුණ ධර්ම හා ප්රිතිපත්ති විරහිත කාමුක ජිවිතයකට නම් ස්කෝ‍ලේ හාමිනේ කියන මිනිහා හොඳ ය. එබඳු ජිවිතයක සැප ඇත්තේ කාම තෘෂ්ණා ආදියෙන් පීඩිත වේලාවට පමණ ය. දිනකට තිබෙන පැය විසි හතරෙන් විස්සක් පමණ දුකින්, වද හිංසාවෙන්, කරදරයෙන්, නොසන්සුන් භාවයෙන් ගත කරන්ට සිද්ධ වන විවාහයකට ඇතුළත් විමට මම කිසිසේත් සතුටු නොවෙමි.
      “ස්කෝලේ හාමිනේ කියන ධනවත් මහතා හදිසියෙන් ධනවත් වු කෙනෙක් බව පෙනේ.කාට වුවත් ධනවතෙක් වන්ට බැරි කමක් නැත. නමුත් ගුණවතෙක් හෝ සත්පුරුෂ යෙක් විමට හදිසියේම පිළිවන් නො‍ෙ‍ව්. පුරුදු කරන ලද ප්රසතිපත්තියෙන්ම ගුණවතෙක් -  සත්පුරුෂයෙක් විය යුතු ය. බාහිර දේට වඩා අභ්යතන්තර ගති ගුණ ප්රවණිතය, සියුම් ය. ඉතින කුඩා කාලේ පටන් උගත් කමත්, උසස් නිලතලත්, ධනයත්. ඥති බලයත්, අධිපති කමත්, බාහිර වශයෙන්  ඇති වුනත් ප්රුථම පාසැලේ දී ගුණ ධර්ම ප්රමතාපත්ති ආදිය ප්රාගුණ නොකළ කෙනෙකු විශ්වාස කටයුතු නොවේ. ධනවත්කම් ආදියෙන් ප්ර සිද්ධ කෙනෙකුට ස්වකීය බිරිඳට වඩා රූප ලක්ෂණයෙන් හෝ වෙන කරුණකින් උසස් ස්ත්රීයයක් ලංකර ගන්ට හිතු‍ෙනාත් ඒ කලින් නීති




පියදාස සිරිසේන නවකථා එකතුව 461


ප්රදකාර විවාහ වු ස්ත්රි ය අත්හැර, නැත්නම් විනාහ කොට, නැත්නම් ක්ලොරොපෝම් කොට, නැත්නම් මත්පැනට හෝ බෙහෙ‍තකට විෂ මිශ්රි කොට දි මරා දමන්නට බැරි ද?

  වැඩි ඇත නොවන කාලයක දි සිද්ද වු එබඳු මිනි මැරුම් හා දික්කාසද නඩු කිපයක් ගැණ මෙහි සඳහන් කළ නොහැකි ද?  මුනුබුරන් ලැබු ඉතා ප්ර්සිද්ධ මිනිස්සු දරු පවුල් ඇති ස්ත්රීකන් හා  අනාචාරයේ යෙදිමෙන් ඇති වු ජාතික නින්දාව කෙතරම් භයානක ද?  ඉතා ම ධනවත් පවුල්වල අඹු සැමියෝ ඔවු නොවුන්ට රුච‍ි සැමියන් ලෙස ඉන්න තැන් කි සියක් පෙන්වන්ට බැරි ද? ගුණධර්ම හා ප්ර‍තිපත්තිය නැති මිනිසුන් අතර ඇති සැපය කුමකි ද? දැන් අපේ රටේ වීර පුරුෂයන් හා උත්තමයන් නැත්තේ එබදු උතුමන්ට ප්රසතිසන්ධිය ගත හැකි මවු ගැබක් නැති බැවින් ය. එබඳු උතුමන්ට පිය කෙනෙක් විමට තරම් සුදුසු ගුණවත්  කෙනෙක් නැතිවිම ය.

“නොවන හිමි හර ණේ දරු වැදු ගැහැණු නගු ණේ”

    යන මේ චෝදනාවට භාජනය වු ස්ත්රීුන් කී දහසක් අපේ රටේ සිටිද් ද? පර පුරුෂ සේවනයෙන් වීර වික්රෝමාතිශය ඇති වන පුත්රන දුහිතෲන් ලැබිය හැකි නම් කෑල මල්වලින් සුවඳත් ලැබිය හැකි නොවේ ද?  විවාහවිම අමාරු නැත. ධනයත් සමඟ දෙතෝත් ඕනෑම යකින්නක් විවාහ කර ගැනිමට සතුටු ප්රොසිද්ධ පවුල් වල මිනිස්සු එමට සිටිති. එමෙන්ම ධනවත් මිනි‍හෙක් වයසින් මුහුකූරා ගියත් කෙතරම් පාපතරයෙක් වුවත් ඔහු සමඟ විවාහ වෙන්ට කැමති (උගත්) රූප සම්පන්න ස්ටයිල්කාර තරුණියෝ එමට සිටිති. ඔවුන් ගේ බලාපොරොත්තුව කුමක් ද? අවලක්ෂණ ධනවත් තරුණියක් විවාහ කරගෙණ ඒ ධනය බලයෙන් තමාට රුචි තරුණියත් අභිරමනය කිරිමට ය.
       දැන් රටේ පවත්නා මේ ගර්හිත අදහස-චන්ඩාල ගර්හිත අදහසක් බව රට වැස්සන්ට අව‍බෝධ වනතුරු මේ රට කවදා වත් වැඩි දියුණු නොවේ. අපේ රටේ පවත්නා සදාචාර පරිහානිය දිනෙන් දිනම දියුණු වනු මිස එය වැලැක්විමට මේ තාක්ම කිසිවකු ඉදිරිපත් වුනු බවක් නොදනිමු. ධනයටත් අධිපති කමටත් සියල්ලම වු බව පෙනේ. ප්රුතිපත්තියටත් සදාචාරයටත් ගරු කිරමට පටන් ගන්නාතුරු රටේ 




462 පළමුවන පාසැල


හැබෑ දියුණුවක් ඇති නොවේ ධන බලය නැමති අන්ධකාරය මැඩ පවත්වන්ට ප්රෑතිපත්ති-සදාචාර නැමති සූර්යාලෝකය ඉදිරිපත් විය යුතු ය. පින්වත් මහෝත්තමයන් ගෙන් විරල වු මේ ලෝකයට කවදා එබදු උතුමෙක් ලැබේ ද? අපේ බුදු හාමුදුරුවන් ගේ ධර්මය අවුරුදු දෙදාහකට වැඩි කාලයක් ලක්දිව ද‍ියුණු අති කරමින් බැබලුනේ ය. පර සතුරු උපක්රයමත් මිථ්යාෝ ආගමුත් නිසා ඒ ධර්මාලෝකය දුර්වල වෙනවාත් සමඟ රටේ පින් වතුන්ගේ පහළවිම අඩු විය. අතරෙන් පතර ඇතැම් පළාත් වල විසු ප්රිතිපත්තිකාමි මවුවරුන් නිසා පින්වන්කයන් ටික දෙනෙක් උපන් නමුත් ඔව‍ුන්ගේ දරුවන් අයථා මර්ගයේ ගිය බැවින් සමහර පවුල් එක පරම්පරාවේදිම විනාශවි යන බව පෙනේ. දෙමව්පියන්ගේ උසස් ප්ර තිපත්ති ආදී ගුණ ධර්ම ක්රනමයෙන් මතක නැති කොට පුත්ර දුහිතෲන් අනාර්ය මිලේච්ච විලසට තනති. ඉක්බිති මවුපියන් ගේ අනුවනකම නිසා ප්ර තිපත්තිය හා සදාචාරයත් ඒ පවුලෙන් ද ඉවත් වේ. එ තැන් පටන් ක්රාමයෙන් ඒ පවුල ද ජාති භ්රුෂ්ට අධම ගතියට බැස පරම්පරාවක් තුළම හෝ පරම්පරා දෙකක දි සම්පුර්ණ විනාශ භාවයට පත් වේ. ධර්මයත් ශාස්ත්රකයන් ගරු කිරිමට සාමාන්යි ජනයාට පුරුදු නැත. ඒ හෙයින් ම රාජ බලයෙන් වැලැක්විය හැකි අපරාධවලට මිසක් අන් කිසිවකට දඬුවම් නොලැබෙන බව සලකන තරම් අධම කෙනෙකු සමඟ කල් ගත කිරිමට මගේ කිසිම බලාපොරොත්තුවක් නැත.

   ගුරු හාමිනේ මට සැප විඳින්නට සලස්වන පිණිස ධනවත් ප්රනසිද්ධ කෙනෙකු විපරම් කරගෙණ තිබෙතත් “සැප” යන වචනයේ හැබෑ තේරුම් සලකා නැත. “සුඛංච න විනා ධම්මං”න ධර්මයෙන් පිට සැපතක් නැත නිරවශෙෂ වචනය සලකා තිබේ ද?  ධර්මය ඉතා හොඳින් උගත් කෙනෙක් වුවත් එය යථා විධියෙන් පුරුදු නොකළොත් ඔහුට ඒ ධර්මයේ අගය නොවැට හේ. දැන් අපේ රටේ ඉන්නා උගත් ධර්මධර භික්ෂුන් අතර පවා පරය නතිපත්ති පුරන්නෝ විරල වෙති. ඊට හේතුව ධර්මය නො දත්කම නොවේ. එය පුරුදු නොකිරිමයි. ධර්මය පුරුදු කිරිමට ධර්මවාදි උතුමන් සමඟ කල් යැවිය යුතු ය. එසේ නැතොත් ධර්මය ශබ්දවාහි යන්ත්රද තැටියේ තිබෙනවාට වඩා කිසි අමුත්තක් නැත. දැන් හැම තැනම-පිරිත් හා සුත්රර ධර්මය දේශනා කරන යන්ත්රස තිබේ. නමුත් අවෙතන වු ඒ යන්ත්රිවලට පිරිත් ආදි ධර්මය  කිමෙන් පලක් නැත්තේ යම්සේ ද ධර්මය ප්රිතිපත්තියෙහි





පියාදස සිරිසේන නවකථා එකතුව 463


නොයෙදුනු ධර්ම ධරයන් එක් අතකින් ශබ්දවාහිනි යන්ත්ර වලටත් වඩා නරක ය. මක්නිසා ද? ධර්මපද ද්ර ව්යි සංයෝග බලයෙන් සටහන්න කළ ශබ්දවාහිනි තැටි-දිරාප්තවි ගිය පසු - පුනරුත්ප්ත්තියක් නැති බැවින් අවසාන වේ. නමුත් ධර්මයෙහි නොහැසිර ධර්මය ඉගෙන ජිවත් වන තැනැත්තා මරණින් පසු නැවත උපදින බව ඒකාන්ත හෙයින්-තමා පුරුදු කළ අධර්මයට විපාක විඳින නිසා ශබ්දවාහිනි යන්ත්රෙයක් තරම්වත් නොවටිනා කෙනෙකි.

    කරුණාවන්ත ගුරු හාමිනේට මේ කියු කරුණු නුවණින්න මෙනෙහි කරන්ට කමක් නැත. නමුත් අද ලක්දිව ඉන්නා පහත් ඉගෙනිමක් ඇති මිනිසුන්ට නම් මගේ අදහස් පිස්සියක ‍ගේ අදහස් යයි වැටහෙවනාට සැක නැත. ජපන් රට ඇද පැමිණ ත‍ිබෙන තත්තවයට පැමිණ වුයේ කෙ‍ෙස් ද?. ඉතාමත් හොඳ “පාසැල්” ගෙදරක් ගානේ ඇති කරන ලදි. මිනිස් ලොව එළිය දකින්ට ප්ර ථම දස මාසයක් නොයෙකුත් ධර්ම ශාස්ත්රද ප්රපගුණ කරගෙන උපදින ජපනාට හෝ ජපනීට-බාහිර වශයෙන් ඉගැන්විය යුතු ගණිත, මිණිත, අක්ෂර, විද්යා දී සියල්ලක් යථා විධියෙන් උගන්වනු ලැබේ.   පළමුවැනි පාසැල නරක් වු එකෙක් වත් නිරාකුල උගතෙක්-දක්ෂයෙක්-විරයෙක්-සුරයෙක් නොවන බව නිසැක ලෙස දත් ජපන් ජනයා කාටවත් ම නොතේරෙන නොවැටහෙන අන්දමට මේ පළමුවන පාසැල පිළියෙළ කළ නිසා අද ලෝකයේ ශ්රේනෂ්ඨ ජාතියක් බවට පැමිණ සිටිති.
      ජාතියක් වශයෙන් දියුණුවිමට නම් මුළු රටේම දරුවන්ට පිරිමහින ජාතික ඉගැන්විමක් කළ යුතුය. තිබේ. ඊට අපි සමර්ථ නොවෙමු. නමුත් පවුල් වශයෙන් නැතහොත් පුද්ගලික් වශයෙන් හැබෑ දියුණුවක් ඇතිකර ගැණිමට අපට ද කිසිම අවහිරයක් නැත. තමා ගැන තමාට ම විශ්වාසයක් නැති පහත් ගති නිසා නොවේ නම් කාට වුවත් ප්ර තිපත්ති ධර්මයක පිහිටන්ට බැරි කමක් නැත. රටේ මිනිසුන් කරනාව‍ා‍ලේ චාරිත්රතයක් වශයෙන්-ක්රීැඩාවක් වශයෙන් සිල් සමාදන් වන, පල් පහන් පුදනා බුදුන් වදින, බණ අහන, දන් දෙන, වන්දනාවේ ය ජනයා ගෙන් නම් හිඟයක් නැත. නම්ත් ස්ථීරසාර ගුණයක් ප්රමතිපත්තියක් නැති අය ඒ පින්කම් කිරිමෙන් පලක් නොලබන බව දන් නෝ නැත්තා හ. සිද්ධවේච්ච කරුණක් ගුරු මහත්මියට කියන්නෙමි. ගා‍ල්ලේ අප සිටි ‍ගේ ළඟම පදිංචි මහලු මිනිහෙක් එක් පසළොස්වක පොහෝ දිනක තවත් විශාල උපාසක පිරිසක්  සමඟ අටසිල් සමාදන් වි පසුදින උදේ සිල් පවාරණ වි ගෙදර ආවේ ය.




464 පළමුවන පාසැල


අල්ලපු වත්තේ මරක්කල මිනිසුන් ගේ කුකුල්ලු ඔහු ගේ ගෙදර අසල රැස්කකා උන් හ. උපාසකරාළ පොල්ලකින් ගසා එකෙක් මරා දවල් බතට ගත්තේ ය. මොහුට ඒ ක්රි යාව කිරිමේදි අමාරුවක් නුන බව විභාග කළ අපට දැන ගන්ට ලැබුණේ ය. මොහු තරුණ කාලේ කුකුළන් ආදී සතුන් ම‍රා පුරුදු කාරයෙකි. අනුන් ගේ කුකුල්ලු ස්වකීය නිවස ළඟට ඒම ගැන බලවත් ලෙස කිපෙන කෙනෙකි.

    අධික මුලාවෙන් හා තරණ්හාවෙන් පීඩිතව ඒ මනුෂ්යනයා රාත්රී් රෑක්කා වු සීලය ගැනවත් සලකන්ට අසමර්ථ වු බව පෙනේ. අපේ රටේ ස්ත්රිෙන් මිටත් වඩා අන්ත ය. මෙත්තා, මුදිති, කරුණා, උපේක්ෂා යන සතර බ්ර්හ්ම විවරණ්ය  දන්නේ වත් ඒ උතුම් ආර්ය ගුණයක ස්වකීය හිත එක පැයක් වත් රැඳවිමට දන්නේ වත් නැත. ස්ත්රීආන් පුරුෂයාත් දෙදෙනාම උසස් ගතිවලිනස් විරහිත නම් ඔවුන් නිසා ඇති වන දරුවන් වැදි රටේ උපදින දරුවන්ට වඩා අමුත්තක් නැත. ඉතින් ගුරු හාමිනේ මා වෙත් ලියා එවා තිබෙන පුරුෂයා සමඟ මගේ සංයෝගයෙන් මා ටික ටික නරක්වෙනවා මිස ඒ පුරුෂයා කවදාවත් හොඳ නොවන බව මට ඔහුගේ ජිවිත කථාවෙන් අවබෝධ  වේ.
    මහත්මයෙක් විමට අඩු ගණනේ පරම්පරා තුනක නිවහල් භාවයෙන් ධර්ම ශාස්ත්ර  දැනිමත් ප්රනතිපත්ති පිරිමත් තිබෙන්ට ඕනෑ ය. ඒ යුරෝපීය පණ්ඩිතයන් ගේ කීමේ හැටියටයි. පෙර දිග පණ්ඩිතයන් ගේ කීමේ හැටියට නම් හත්මුතු පරම්පරාවක් යා යුතු ය. අපේ මව් පිය පරම්පරා හතක් ම මහත් තැන් ලෙස කල් ගතකොට තිබේ. ගුරු මහත්මිය කියන ධනවත් මහතාගේ මව් බුලත් වට්ටි කාරියෙකි. පියා පොල් කැඩු කෙනෙකි. ඉතින් එබඳු අයට  ලැබුණු දරුවෙකුට අපරාපරිය වේදනීය කර්මයකින් වස්තුව ලැබුණත් ඔහු තුළ මහත්මා ගතියක් ඇති විය හැකි ද?.  සත්තකින්ම නොහැක්කේ ය. ඔහු  කල්යා ණ මිත්‍ර සේවනයෙන් බාහිර වු අධම තක්කඩින් ආශ්රවය කරණ සුදු සුරා සල්ලාලකම් ආදියේ නියුක්ත හැඩි දැඩි කෙනෙක් බව පෙනේ. ඉතින් එබඳු මිනිහෙකු ගේ වතු පිටි ගෙවල් දොරවල් රථ වාහනවලින් මට ඇති ප‍ලේ මොකක් ද?. ගුණ ධර්මයෙන් විරහිත වස්තු හලාහල විෂ මිශ්රට ආහාරයකට සමාන ය.
      කරුණාවන්ත ගුරු මහත්මියට මා මේතාක් රැකගෙක වුන් රහසක් ද කියන්නෙමි. මගේ මෑණියන් කාලක්රිමයා කරන විට මා සිටියේ ස්කෝලයේය. මිය යන්නට පැය දෙකකට පමණ කලින් ලියා මට දෙන්ට යයි ගෙදර වුන් කෙනෙකුට ලියුමක් දි ති‍බේ. ඒ  මෙසේ ය:-




පියදාස සිරිසේන නවකථා එකතුව 465 ‍ වන්ද්රාස,

  “මේ ජිවිතයේ දි තවත් නුඹ දකින්නට නොලැබේ. උඹ ජිවත් වන බව මම දනිමි. ඒ කාලය තුළ ප්ර ධාන කාරණා දහයක් පිළිපැද්ද යුතු ය.
    1.   අධික සැපතට ගිජු නොවිය යුතු ය.

    2.    ඉතාම දිළිඳු නම් ගිහි ජිවිතයට ඇතුළත් නොවිය යුතු ය.
    3.    මහත්මයෙකු සමඟ මිස විවාහ නොවිය යුතු ය.
    4.    නිදහස් නිරවුල් වු නිවසක් ඇතිකර ගන්නා තුරු විවාහ නොවිය යුතු ය.
    5.   රටට-අන්යුයන්ට පෙන්විම සඳහා නොව දෙලොව ප්රතයෝජනයට ප්රී තියටත් හේතු වන වැඩම කළ යුතු ය.
    6.    උදය සවස තුනුරුවන් වැඳිමත් බුදුගුණ මෙනෙහි කිරිමත් ජිවිතයේ ඉතාමත් අවශ්ය6 මෙහෙය බව සැලකිය යුතු ය.
    7.    ඊට පමණක් දෙවෙනි වන මෙහෙයක් දිනපතාම කිරිමට තිබේ. එනම් සෑමදාම උදේ ස්වාමි පුරුෂයාත් සමඟ බුදු ගුණ ස්ජ්ජායනාකොට ඉක්බිත් ඒ ස්වාමි පුරුෂයාණන්ගේ දෙපතුල් ළඟ වැටි   “ඕකාස අහං හන්තේ ඕකාස වාරත්තයෙන් කතං සබ්බං අපරාධං කමථමෙ භන්තේ යන පාථය කියා තුන් වරක් වැන්ද යුතු ය.
  8.      මුළු ජිවිතයේම එකම පැයක්වත් ස්වාමි භක්තිය නැති නොවිමට හේතුවන මේ දිව්ය මන්තුය කියා වැඳිමට තරම මහාත්ම ගුණයෙන් යුත්-එනම් කුලගෝත්රේ අතින්-ධර්මශාස්ත්ර  දැනිමෙන්-දිළිඳු  භාවයෙන් තොර-නිවහල් භාවයෙන් යුත් නුවණැති- ස්වාමිපුරුෂයෙකු ලැබෙන තුරු විවාහ නොවිය යුතුය. එබඳු කෙනෙක් ලැබිමට තරම් පුන්යු බලයක් තිබුණොත් කවදා නමුත් අනායාසයෙන්ම ලැබේ. එසේ ලැබෙන තුරු ජිවිතය ආරක්ෂා කර ගනිමින් ප්රීාතියෙන් විසිය යුතු ය.
   9.     ජිවිතය කරදරය කියා නොසිතන තරමට කාලය ගත නරන්ට බැරිනම් ජිවත් විමේන් පළක් නැත. මක්නිසාද දැඩිතර සන්තාපයෙන් තැවෙන කෙනෙකුට ලැබෙන කම් සුවය ඉතාමත් ගර්හිත බැවිනි. ඒ හෙයින් මුළු ජිවිතයම සතුටෙන් ප්රීනතියන් ගත කිරිමට තරම් ශක්තියත් නුවණත් නැත්නම් විවාහයකට සතුටු නොවිය යුතුය.	
  10.   යම් හෙයකින් විවාහයකට බැඳුනාට පසු- එයින් වෙන්විමට සිතක් අටගත්තොත්-ඒ සිත ස්වාමියාට දැන්නුවොත්- ඉන් පසු ඔහු 

466 පළමුවන පාසැල


සමඟ කල්ගත කළ යුතු නොවේ. නීතිපරකට කාර ඔහුගෙන් නිදහස්ව දස සිල් උපාසිකාවක් විය යුතුයි. එක පුරුෂයකුගෙන් ඉවත් වි තවත් පුරුෂයකු සමඟ යාම කබලේ බැඳි සිටියෙක් බුර බුරා නගින ගිනිදළුවලින් යුත් ලිපට පැනීම හැ සමාන ය.

   මේ වනාහි මගේ මැණියන් වහන්සේ මට අවශානයට දි මියගිය කරුණු දසයයි. එබැවිනු මේ කරුණුන දසය නුවණින් මෙනෙහි කරමින් ඒ අනුව පිළිපැදිම මගේ එකම අදහස බැවින් මා කෙරෙහි අනුකම්පාවෙන් ජෝඩු කරන ලද ඒ මංගල කතාව ඒ කරමින්ම නවත්වන දමන ලෙස ගෞවයෙන් මතක් කරමි. සැපවේවා !.

‍ මේ වගට-හිතවත් වු, චන්ද්රාඒ,



05. පරිච්ජේදය

      වසන්ත චන්ද්රව ලියමන කීප විඩයක්ම කියවා බලා-මෙය ලියන ලද තරුණිය විපරම්කර බලා ඉක්බිති ඈට හෝ ලියුම යවනු ලැබු තැනැත්තියට ලියමන යවන්නෙමියි සිතා නැවතත් ලියමන සැක්කුවේ ලා ගත්තේ ය. ස්වල්ප වශයෙන් තිබුණු තමා ගේ කටයුතු අවසාන කොට නැවතී ඉන්නා හෝටලයට ගියේ ය. එහ  යනකොට දෙගොඩහරි වයසේ තලතුනා මිනිහෙක් වසන්ත චන්ද්රට සම්බවෙන්නට අවුත් වුන් බැවින්-තමාගේ ඇඳුම් මාරුකිරිමාදි අවශ්යස ශරීර කෘත්යබවන් නොකොට ඔහු සමඟ කථා කරන්නට සිදධවිය.
   “මම අවේ මහනුවර සිටයි. හාමු මහතා සම්බවෙන්ටයි. අපේ අමර‍කෝන් රාළහාමිගේ දියනිය-එකම දියනිය ජෝඩුකරණ පිණිස ඇවිත් කතා කරගන්ට යයි අමර‍කෝන් ළමාතැනී මට කීවා-මම ප්රවසිද්ධ මඟුල් කපුවෙක් නොවෙමි-නමුත් වැදගත් මඟුල් ප්ර ස්තා කිහිපයක් පලපට්ටල් කරදී තිබෙනවා-ඉතින් හාමු මහතා මාත් සමඟ ටිකක් කතා බස් කරන්ට කැමැති දැ”යි ඇසුවේ ය.
     මොහුට කදිම පාඩමක් උගන්වමියි කල්පනා කළ වසන්ත චන්ද්රද හෝටලයේ මෙහෙකරුවෙකුට කථාකොට “මෙන්න මේ මනුෂ්යපයාට හොඳ හැටි රසකැවිලි ආදියෙන් හා තේවතුරෙන් සංග්ර්හ කළ මැනව” යි කියා තමා ද මුන අතපය සෝදාගෙන තේවතුර කොප්පයක් ගෙන්වා ගෙන බි මහලු මනුෂ්යවයා තමාගේ කාමරයට ගෙන්වා ගෙණ 

පියදාස සිරිසේන නවකථා එකතුව 467


වාඩිවෙන්ට පුටුවක් ද දී ඔහුත් සමඟ කතාවට පටන් ගත්තේ ය.

වසන්ත - තමසේ දන්නේ කොහොම ද මම කසාද බඳින්ට ඉන්නා කෙනෙක් බව?.

කපුවා - අමර‍කෝන් ලමා එතනී කීවා ඇවිත් කතා කරගන්ට.

වසන්ත - මා ගැන ඒ ලමසා තැනී දන්නේ කොහොම ද?.

කපුවා - ගුණවති උපාසිකා අම්මා මහනුවර ගිය වේලාවේ අමරකෝන් වලව්වට ගොස් තිබේ. එහි නැවතී සිටින ගමන් මේ මංගල කතාව ඉදිරිපත් වි-ඒ ලමා තැනිගේ දියණිය දිමට හාමු මහතා ඉතාමත් හොඳ කෙනෙක් බව නියම කරගෙන තිබේ.

වසන්ත - හොඳයි මිට පෙර කිසිම ඇඳිනිමක් නැති මා ගැන ගුණවතී උපාසකම්මාගේ කී,ම නිසා මේ මඟුල් ජෝඩුව ඇති වුනා-නමුසේට මේ ගමන ඒමට අමරකෝන් ලමාතැනි කියක් දුන්නා ද?.

කපුවා - මට මේ ගමන ඒමට දුන්නේ රුපියල්පහකි. නමුත් සතුටු දායක අන්දමට කරුණු පිළියෙළ කරගෙණ ආවොත් තවත් රුපියල් පහක් දෙනවයි කිවා.

වසන්ත - බොහෝම හොඳයි - තමුසේ ආවා! ඉතින් අ‍පේම ප්ර්යෝජනයට නොව ලේකයා ගෙත් - සිංහල ජාතියේත් ප්රායෝජනය සලකා ගෙණ මඟුල් කථාවට බසිමු. ඔය අමරකෝන් රාළහාමි කාගේ කවුද?. උන්නැහේ ‍‍ ‍ගේ ලමාතැනි කාගේ කවුද- උන්නැහේලාගේ දියණිය කොහොමට හැදුනු- මොන මොන ධර්ම ශාස්ත්රා උගත් කෙනෙක් ද යනාදි විස්තරය මට කියන්ට.

කපුවා - (ටිකක් තිගැස්සි) අමරකෝන් රාලහාමි දැන් බොහොම ලොකු ධනවතෙක් - රුපියල් දස ලක්ෂයකටත් වැඩි ධනවතෙකි.

වසන්ත - මොකද කපුරාළ යන්නේ කොහාට ද කියා ඇසුවාම මල්ලේ පොල්ය කීවාක්ම මෙන් කතා කරන්නේ මන් ද? මම ඇසුවේ ධනයක් විත්තියක් නොවේ. අමරකෝන් රාලහාමි කාගේ කවුද යන්නයි-උන්නැහේ ගේ පියාගේත්- මවුගේත්-ආතාගේත්- උන්නැහේ ගේ ලමාතැනියගේත් - ඒ ලමාතැනි ගේ මවුපියන්ගෙත්-ඒ මාපියන් ‍ගේ මාපියන්ගේත් පරම්පරාගත විස්තරයත්-ඔය ජෝඩු කරණු ලබන මනමාලිය ගේ ඉගෙනීම ආශ්රපය කළ යාළු මිතුරු ගුරුවරාදීන්ගේත් තොරතුරු ලියවා


468 පළමුවන පාසැල


ගෙණ දවස් තුල හතරකින් එන්ටයයි කියා වසන්ත චන්ද්රආ මහතා මඟල් කපුරාලට රුපියල් පහකුත් දි යන්නට කියේ ය. කපුරාල පුදුම වි වසන්ත චන්ද්රට මහාත ගේ ත්ය ගවත් කරුණාවන්ත භාවය ගැන ස්තුති කොට රාත්රි දුම්රියේම නැගි ගියේ ය. වසන්ත චන්ද්රන කටයුතු ඇත්තකි. පසු දින තමා විසින් ම‍ලේට ගත් අභිනව ගෘහයට වුවමනා කරන දැව භාණ්ඩ මොනවාදැයි බලන පිණිස එහි ‍ ගොස් ඒ වුවමනා භාණ්ඩ සටහන් කරගෙණ ගේට්ටුවෙන් එලියට එනකොටම තමාගේ පරණ මිත්රටයෙක් මුණ ගැසී බොහෝ කාලයකින් නුදුටු ඒ මිත්ර යා දැකිමෙන් බලවත් ප්රීරතියට පත්වි ය.

    “කොහොමද කුමාරදාස-‍ පාඨශාලාවෙන් ඇරුනාට පස්සේ අවුරුදු හතකින් පමණ පළමුවෙන්ම දුටු දවසය”යි කියා කුමාරදාස වික්ර්මරත්න නමැති ඒ මිත්ර යා සමඟ නැවතත් තමා‍ගේ අභිනව ගෘහය පෙන්වන්ට ගියේ ය.
   කුමාදාස වික්රේමරත්න සමඟ වසන්ත එකම පංක්තියේ ඉගෙණගත් ගුණ නුවණ ඇති පින්වත් කෙනෙකි. වසන්ත කෙරෙහි තද ඇල්මක් ඇති කුමාරදාස-වසන්ත නොයෙක් රට වල ඇවිද පුදුම ඉගෙනීමක් ලබාග්ත හැටිත්-වැඩි මහන්සියක් නැතිව මධ්ය ම තරමේ ධනවතෙක් වුනු හැටිති අසා මහත් පුදුමයටත් ප්රීනතියටත් පැමිණ තමාගේම තොරතුරු වසන්තට කියන්ට පටන් ගත්තේ ය.
    අනේ වසන්ත-මට මේ ජිවිතයේ හරි හැටි තේරුම යන්ට පටන් ගත්තේ ඉතාමත් ලඟදි ය. අපේ අම්මා දැන් මට හිනා වෙනවි. ඒ හිනාවෙන්නේ මට අගෞරවයක් වශයෙන් නොව මට ධර්මය ප්රඅත්යටක්ෂ වන බව දැක බලවත් ප්රිවතියෙන් ය. වසන්තට අපේ මෑනියන් ගැන මතක තිබෙන්නට බැරි නැත. වසන්ත ගේ මෑනියන් වන ගුණතිලක මැතිණිය ගේ හොඳ මිතුරියකි. ඉන් නිසා අද දවාලට අපේ ගෙදරින් ආහාරත් ගෙණ-අද පැය තුන හතරක් අපේ ගෙදර නැවතුනොත් මා පිළිබඳ වු හාස්යග රසයෙන් හා සංවේගයෙන් යුත් කථාන්තරයක් ද දැනගන්නට  පිළිවනැ”යි කියා වසන්ත චන්ද්රසත් ස්වකීය මෝටර් රථයේ නංවාගෙණ කැම්බල් ප්ලේස්හි පිහිටි ස්වකීය නිවසට ගයේ ය.
   හැට වයස් ගත නමුත් පිරිසිදු ශක්තිමත් දේහයකින් යුත් වික්රෝමරත්න මැතිනිය පුතත් සමඟ ආ කුමාරයෙකු වැනි වසන්ත චන්ද්රු දැක මහත් සතුටට පැමිණ ඒ කවරෙක් දැයි සිහි කරගත නොහැකිව-කුමාරදාස අද 




පියදාස සිරිසේන නවකථා එකතුව 469


උඹ එක්කර ගෙණ අවුත් ඉන්නා මේ මහතා කවු ද? අද්වකාත් මහතෙක් දැයි ඇසුවා ය. “මොන අද්වකාත් මහතාක් ද? අම්මාගේත් හොඳ මිතුරියක්ව විසු ගුණතිලක ලමාතැනිය ගේ එකම පුත්රදයා වන වසන්ත චන්ද්ර ය”යි කීවාම වික්රලමරත්න මැතිනියට එක පාරටම සිහිපත් වි අනේ පුතා -වසන්ත හාමු-රත්නත්ර යේ සරණයි-අවුරුදු හතකින් පමණ දුටුවා-මා දකිනකොට හුඟක් පුනචියි-දැන් අයිරේනියන් හෙවත් ශාක්ය කුමාරයෙක් වාගේ ඉන්නවා කියා” වසන්තගේ හිස සිඹ ආදරය දක්වා-දහවල් රසවත් ආහාරයෙන් සංග්රවහ කොට සවස් වන තුරුම වික්රයමරත්න මැතිනිය වසන්තත් කතාබස් කරමින් සවස තේවතුරත් පානය කලා හ.

  “කුමාරදාස සමඟ මා ආවිට”අද්වකාත් කෙනෙක්දැයි”ඇසුවේ මෙකද-අද්වකාත් කෙනෙකු බලන්ට කුමාරදාස ගොහින් ආවේ දැයි ඇසුයේය”ඔවු පුතා-කුමාරදාස අන්තාම මර උගුලක අසුවෙලිය”යි තාම ගේ පුතාත් ලඟ සිටියදිම ඔහු කරගෙණ තිබෙන ගම පෙරලිය වික්රලමරත්න මැතිනිය වසන්ත චන්ද්රිට කියන්ට පටන් ගත්තා ය.
  කුමාරදාසත් පැත්තකින් ඉඳගෙණ සිනා සෙමින් ස්වකීය මෑනියන්ට කැමති අන්දමටම කතාන්තරය කියන්ට ඉඩ ඇරියේ ය. වසන්ත චන්ද්රන පහන් සංවේගයෙන් මගේ කථාන්තරය අසන්ට, හාමු දන්නවා ඇති මට ඉන්නේ එකම පුතිය. කුමාරදාස පමණයි-වික්රදමරත්න මහත්මයා-කුමාරදාස ගේ පියා මැරි ගොස් අවුරුදු පහක් පමණ වෙනවි- මැරෙද්දි අපට තිබුණු බුදලය රුපියල් දසදාහකට වැඩි නැත. මගේ මවු පියන්ගෙන් ලැබුනු දේපලත් සමඟ රුපියල් විසිදාහක තරම දේපල අපට තිබේ. ඉතින් එකම පුත්රැයා නිසා ඒ අපට අයිති දේපල  හොඳට රැක බලා ගත්තොත් කුමාරදාසටත් මටත් රැකෙන්ට සැහේ යයි සිතා ‍ඔහුට වෙන යම් කිසි රක්ෂාව්ක ද පුරුදු නොකෙළෙමි.
  මෙසේ ඉන්නා අතර සමාගම්, ප්රීනති උත්සව, කානිවල් ආදියටද පුති ගියේ ය. එක්තරා කානිවලයකට ගිය කුමාරදාස සමඟ මඳක් මිතුරු වු තරුණියක් දැන් “යුද්ධකරන්ට” සුදානම්ව සිටි.   (කුමාරදාසට හිනා)  ඉතින් වසන්ත, ගුණතිලක වලව්වේ මහතාත් අප කීප දෙනෙකුත් නිතරම කථාකළ යම දුතියන් ගෙන් කෙනෙක් වන මේ “ලීලාත්” කුමාරදාසත් ලියුම් ගණුදෙනු කර ගත්තාලු-  එහි විපාකයක් වශයෙන් ඈ විවාහ කරගත යුතුලු- දැන් ම‍ගේ පුතා පැටලි තිබෙන්නේ  ඔබඳු මර උගුලකයි- ඉතින් වසන්ත හාමුගේ කල්පනාව කුමක් ද? 



47‍0 පළමුවන පාසැල

       වසන්ත චන්ද්රව සිනාසි-විපතක් වුනාම කලකිරිම-මන්දෝත්සාහිවිම තවත් විපතක් කරගැනිමට සමාන ය. හැම දේකටම ප්ර්තිකාරයකුත්  තිබිය යුතු ය.  අපි භය නොවි ඉක්මන් නොවි මිටත් ප්රසතිකාරයක් තිබේදැයි විපරම් කරමු යයි කිය කුමාරදාස දෙස බලා මොකද කුමාර තරුණියන් සමඟ “‍පෙම්” කරන්නට ගියේ සර්පයන් සමඟ සෙල්ලම් කිරිම ටිකක් හොඳ ය. නමුත් තරුණියන් සමඟ ලියුම් ගණුදෙනු කිරිම ඊටත් වඩා නරක බව දන්නේ නැද ද?.

කුමාරදාස - ‍ෙහාඳ කෙනෙක් ඉන්ටම බැරි ද?.

වසන්ත - මොකද බැරි ? ඉතාමත් හොඳ පළමුවන පාසැලක උගත් ස්ත්රීුයක් නම් ඕනැ තරම් කලක් වත් ආශර නය කළාට වරදක් නැත. නමුත් දැන් අපෙ රටේ ‍‍හොඳ පාසැල් ඉතාම දුරුලභයි. ඉන්නිසා “ලැජ්ජා භය” දකින්ටවත් නැත. පළමුවෙන් කුමාරදාස තරුණියට ලියුවේ ද? නැතහොත් තරුණිය කුමාරදාසට ලියුවා ද?.

කුමාරදා - (සිනාසෙමින් මවු දෙසත් බලමින්) ඇත්තෙන්ම වසන්ත මට පළමු වෙන්ම ලියුම් ලිව්වේ ලිලියි. ඉතිම් මම සෙල්ලමට ප‍ාහේ ලිවේ දෙවෙනි ලියුමයි.

වසන්ත - එහෙම ද:-

“ප ඳු ර ක් ලඟට යම් කිසිවෙක් යනුව වි නා කි සි වෙ ක් ලඟට පඳුරක් එයි ද කිසි දි නා”

යයි කියු පණ්ඩිත කීම සිහිවුනේ නැද්ද? පඳුරක් ලඟට මිනිහෙකුට යා හැක. නමුත් මිනිහෙකු ලඟට පඳුරක් එයි නම් ඒ අද්භූත පඳුරකි. ඉතින් තරුණියක ගෙන් පළමුව ලියුමක් ලැබුණු හැටියේ ඈ ඉතා නරක පළමුවෙන් පාසැලක ඉගෙණ ගත් එකියක් බව වැටහුනේ නැද් ද?.

වික්රගමරත්න හාමිනේ - අනේ වසන්ත හාමු-මගේ පුතාට අපේ ධර්ම ශාස්ත්රම යහමින් උගන්වන්ට බැරි වුණා. බහුශ්රැනත නොවිම නිසා මගේ පුතා වල් කෙල්ලකගේ බහට රැවටුනා.

වසන්ත - රැවටුනා විතරක් නොවේ. රැවටනු ලැබු බවත් පේනවා. ඉතින් ලිලී . පළමුවෙන්ම එවන ලද ලියුමට යැවි පිළිතුර කුමක්ද? එහි කොපියක් තිබේනවා ද?

කුමාරදාස - මා විසින් යවන ලද සියලුම ලියුම්වල පිටපත් මා ලඟ තිබේ. නමුත් ඈ නඩුවට අමුනා තිබෙන්නේ මගේ ලියුම් තුන හතරක් පමණකි. පියදාස සිරිසේන නවකථා එකතුව 471

වසන්ත - ඈ පළමුවෙන්ම එවනලද ලියමනට යැව් පිළිතුර කුමක් ද?

කුමාරදාස - මෙන්න ඒ ලියමනේ පිටපත-“කරුණාවන්ත ලිලී. නුඹේ ලියමන දැක පුදුම වුනා. පෙම් හසුන් ලියා මට පුරුද්දක් නැත. අවුරුදු දෙකක් හෝ තුනක් විපරම් නොකොට තරුණියක් කෙරෙහි ඇල්මක් ඇති කිරිම ‍‍ෙහාඳ නැත. නුඹ කැමති නම් එපමණ කල් බලාපොරොත්තුත් නැතුව මධ්ය ස්ථව සිටිය යුතුය. මංගල කථා ආරම්භවිය යුතු වැඩිහිටියන් ගෙනුයි. තරුණ තරුණියන් විවාහ බස් පටන් ගැණිම අනියම් විධියකි-හෙවත් යුරෝපීය විධිය බව පෙ‍නේ. මේ වගට-හිතවත්. කුමාරදාස ඉතින් මගේ මේ ලියමන ඈ නඩුවට අමුනා නැත.

වසන්ත - කුමාරදාස ලියා තිබෙන්නේ නම් ඉතාමත් වැදගත් ලිපියකි. ආර්ය චාරිත්රා නුකූලව නම් විවාහ ගිවිස ගත යුත්තේ මවුපිය ආදී වැඩි හිටියන් එකතුව ය.

සව් සිරි පිරි න ඳුන් කුල යන් දදුන් පසි ඳුන් දෙන ලෙස දු ල ඳුන් නියමකරමි යවා සබ ඳුන්

   නමුත් හදිසියෙන් -  අහම්බෙන් තරුණ තරුණියන් විසින් ද විවාහ යෝජනා කරගෙන තිබේ. එබඳු විවාහ වලින් බොහොමයක් වාසනාවන්ත වන බව ද පෙනේ. නමුත් යුරෝපීය මිනිසුන් අතර වැඩි වශයෙන්ම තරුණ තරුණියන් විසින්ම විවාහ ජෝඩු කරගන්නා නිසා :- දැන් කාලේ විවාහ සීයේකින් හැට පත්වන බව පෙනේ. මේවා වැටහෙන්නේ ඒ ඒ රටවල තොරතුරු දන්නා අයට පමණකි.

කුමාරාදාස - ලක්දිව ඉන්නා යුරෝපීයන් අතර නම් වාසනාවන්ත නොවි ඉන්නා පවුලක් දකින්ට ලැබෙන්නේ කලාතුරකිනන් නොවේ ද?.

වසන්ත - අපට පෙනෙන්නේ එහෙම තමයි. ඊටත් වඩා අපේ රටේ ඉන්නා යුරෝපීයන්ගෙන් වැඩි දෙනෙක් වැදගත් පවුල්වලට අයිති- උගත්, ධනවත්, උසස් නිලතල දරණ අය වෙති. ඉතින්



472 පළමුවන පාසැල


එබඳු අය අතර පවත්නා අප්ර සන්න ගති ආදිය පිටස්තර අයට දැන ගන්ට ලැබෙන්නේ ඉතාමත් කලාතුරින්ය. ඔක්කෝටම වඩා පුදුමයක් ඔවුන් අතර පවති. දුරාචාරය ගැන ඔවුන්ගෙන් බොහෝ දෙනා අතර වැඩි සැලකිල්ලක් නැත. ස්ත්රිවන්ටත් පුරුෂයන්ට මෙන් සෛවරීව තමාට රුචි අන්දමට හැසිරෙන්ට ඉඩ තිබේ. යුරෝපීයයන් අතරම පමණක් ‍ෙනාව යුරෝපීය වෙස්තග ස්වදේශින් අතර ද ඒ ගතිය පවති. අන්යණ පුරුෂයෙකුට අතට අත දි කථා කිරිමත් වැරදි බව සලකන පෙරදිග මිනිසුන්ට නො‍හොබනා සිරිත් යුරෝපීයයන් ගෙන් බෝවිම අපේ ගුණධර්ම දුර්වල විමට හේතුවිය.

කුමාරදාස - ඉතින් වසන්ත මට විරුද්ධව පමුණුවා තිබෙන් නඩුවට පිළිතුරු දිමට අපි පිළියෙළ කරගෙණ යනවා- ඒ සම්බන්ධයෙන් යම්කිසි ගුරු කමක් දෙන්ට පිළිවන් නම් කියන්ට.

වසන්ත - කුමාරදාස ලිලීට එව් පළමුවෙන් ලියමනේ සඳහන් කරුණු මොනවා ද? ඒ ලියමනේ කොපියක් තිබෙනවා ද?.

කුමාරදා - ඔව් මෙන්න ඒ ලියම‍නේ පිටපත. මම කියෙව්වේ ඒක තමයි. නමුත් ඒ ලියුම නුඩුවට අමුනලා නැත. බයිස්කෝප් මඩුවකදී සිද්ධවේච්ච හදිසියක් ගැන ලියු විහිලු ලිපියකුත්- තවත් එබදු ලියුම් දෙකකුත් නඩුවට අමුනා තිබේ.

වසන්ත - නමුත් ඈ මේ ලියුම් නඩුවට අමුනා නැත. අමුනා තිබේන්නේ ඈට වාසි ඇති ලියුම් පමණකි නේද? ‍ෙහාදයි. මේ දෙවැනි ලියමනේ ඊට කලින් එවන ලද පළමුවන ලිපියක් ගැන සඳහන් තිබේ. කුමාරදාස යවන ලද මුල් ලිපිය ඈ අතින් නැතිවුනයි කීම ගැන විනිශ්චකාරයෙක් කල්පනා ‍ෙනාකර ඉන්නේ නැත. ඉන්නිසා නඩුවට යන්ට කියමු. මගේ කාලයත් ඒ ගැන මිඩංගු කරන්නෙමි කියා වසන්ත චන්ද්ර ඔහුගේ මිතුරා හා වික්රයමරත්න හාමිනේත් මදක් අස්වසා ගියේ ය.


වසන්ත චන්ද්ර් ඊට පසුදින ‍ෙකාටුවේ තේ පැන් ශාලාවකට තේවතුර බොන පිළිස පැමිනියේ ය. ඒ යනවිට හිතවත් මිත්රතයෙක් මදක් අඳුනන කෙනෙක් ද ලංසි මහත්මයෙක් ද- තමා නොහඳුනන තලතුනා සිංහල මහතෙක් ද එක මේසේම තේවතුර බොමින් වුන්හ. වසන්ත වෙනින් මේසයක් ලඟ වාඩිගත් පසු හිතවත් මිතුරා ද තමා තේවතුර බි ඉවර හෙයින් වසන්ත ලඟින් වාඩිගෙණ “මොකද වසන්ත, කුමාරදාසට


පියදාස සිරිසේන නවකථා එකතුව 473


විරුද්ධ නඩඩුවක්ය කියන්නේ හැබෑ ද? ලිලි පෙරේරා නමැති තරුණිය හා විවාහ වෙන්ට පොරොන්දුවි සිට ඒ කඩ කිරිම නිසා අලාභය රුපියල් දස දාහක් ඉල්ලා නඩු ගන්ට යනවාලු. කොහොමද ඒ ගැන විපරම් කළේ නැද්ද?’යි ඇස‍ුවේ ය.

   වසන්ත කවදත් වැඩි  පරීක්ෂාවක් නොකොට තමා දන්නා දේ කියන කෙනෙකි. ඒ නිසා මිත්රායා වන හේරත් ඇසු ප්ර ශ්නයට පිළිතුරු වශයෙන්-ඔව් හේරත්, කුමාරදාස මාගේ හොඳ මිත්රකයෙක්-අප දෙදෙනාම එක පංක්තියේ ඉගෙණ ගත්තෙමු.  ඊටත් වඩා හිතවත් කමක් අපට තිබේ. කුමාරදාස ගේ මවුත් අ‍පේ අම්මාත් දීර්ඝ කාලයක් පටන් ඉතා මිතුරුව වුන් හ. කුමාරදාසගේ මවු ආර්ය සිංහල කුලාංගනාවකි. ඉතින් ඒ හාමිනේ දැන් වැන්දඹු ය. එකම පුත්ර යා කුමාරදාස ය. ඉතින් සිද්ධ වි  තිබෙන විපත ගැන ඇසු මම මහත් පුදුමයට පැමිණියෙමි.කුමාරාදස ස්ත්රීි සොඬයෙක් නොවෙයි. නමුත් හැට හතර මායම්-අනුලෝම ප්රිති‍ලෝම වශයෙන් දන්නා ලිලී නමැති තරුණියක් ප්රරදර්ශන පලකදි- කොයි අන්දමින් නමුත් කුමාරදාස සමඟ කථාකොට මිත්‍රව ඔහුගේ පදිංචිය දැනගෙණ ලියුම් කීපයක් ගනුදෙනු කරගෙණ තිබේ. ඒ තරුණියගෙන් ලැබුණු ලියුම් හා කුමාරදාස යවා තිබෙන ලියුම්වල පිටපතුත් මට පෙන්වන ලදි. කුමාරදාස පළමුවෙන් ලිපියට යවා තිබෙන පිළිතුර පැමිණිලි පක්ෂයේ අද්වකාත් අතට දී නැත. නමුත් කුමාරදාස ලඟ එහි පිටපත තිබේ. කුමාරදාසට ලිලී එවා තිබෙන හතර වැනි ලිපියේ අන්තිමට ලියා තිබෙන සිවුපදයක් ද තිබේ.එය කියවු පසු ම‍ගේ හිතට ඇති වු ලැජ්ජාව කෙතරම්ද කීවොත් ලිලී ගේ අත් අකුරු පරික්ෂා කළ පසු ඈ ගැන කරුණු පර‍ීක්ෂා කළෙමි. “ඇගේ හතරවන ලියමනේ අන්තිමට තිබුණු සිවුපදය කුමක්ද වසන්ත” කියා  හේරත් සිනහ සෙන්ට පටන් ගත්තේ ය.
   මෙහා මෙසේ වටේ මේ කතාව අසමින් වුන් තුන්දෙනාගෙන් තලතුනා සි‍ංහල මහතා විශේෂ වශයෙනුත් අනිත් දෙන්නා ආසාවෙනුත් අසාගෙණ සිට මේ සී පදය කියනකොට වඩාත් නොසන්සුන් වුනු බව පෙනුනේ ය.
 
    “ඔන්න හේරත්-  මෙහෙම-අම්මණ්ඩිලාත් සමඟද ලියුම් ගනුදෙනු කළයුතු-






474 පළමුවන පාසැල


“මා සි ත් සනසන්ට නුඹමය සිතන්නෙ මි හා ම ත් වි නොදැක බෝකල සිටින්නෙ මි ආ වො ත් අද හවස අදහස කියන්නේ මි ආ යෙ ත් ............................. ‍ ”

   ඉතින් මේ කවිය කියපු පසු වසන්තට මේ තරුණිය ගැන කුමක් සිතුනා ද?
   මට ‍සිතුන ඒවාටත් වඩා ඇගේ පලපුරුද්ද හා චරිතය විපරම් කිරිමෙන්ම දැනගත් මම- මගේ මිත්රට කුමාරදාස ගලවා ගැනීමට-මා අතින් වත් රුපියල් දෙතුන් දාහක් වියදම් කරන්ට තින්දුකර ගතිමි. අද උදේ මට මැගේ පැරණි “මිනිහ‍ා” සම්භ වුනා. හයමාසයක් පමණ ඔහු අනියම් “භාය්යා ක  ව” වශයෙන් කල්ගතකොට ඔහුගෙන් රුපියල් දාහක් තරම සම්භකරගත් ලිලීට කුමාරදාස වැනි අහිංසක සුකූමාල ලපටි තරුණයෙක් ලැබුනොත් කුමක් නොකරයි ද?.

‍හේරත් - ඉතින් වසන්ත-ඒ ලිලී ගේ අනියම් පුරුෂයා සාක්ෂායකට කැඳව්නට බැරි ද ?

වසන්ත - ඇත්තෙන්ම කැඳවනාවා-ඒ තබා ඒ තරුණයා විසින් ලිලීට දීලා තිබෙන “චැක් පත්” වල නොම්මරද මට ලියා දුන්නා. ජුවැලර් සාප්පුවකින් අරන් දුන් බඩුවල බිල ද මා ලඟ තිබේ. ඒ අනියම් පුරුෂයාට කරණ කරදර නිසා ලිලිගෙන් ඔහු තුරන් වි තිබේ. අප විසින් ඔහුව කැඳවනු ලැබු‍වොත් ඈ ගැන කදිම විස්තරයක් උසාවියේදි කියනවාට කිසි අනුමානයක් නැත.

හේරත් - මහත්මයාලා ගේ අද්වකාත් කියන්නේ මොකද-මේ පැකිලිමක් නැති ලිලී නගර සෝභනිය්ක බව ඔප්පු කරන්ටද යන්නේ?.

වසන්ත - ඒවා දැන්මම කියන්ට අමාරුයි. වර්තමාන ශිෂ්ටාචාරයේ හැටියට එකෙක් හොඳ මදි නම් තවත් එකෙකු සමඟ යාම සිරිතකි. බාගවෙලාවට ලිලී ගේ වල්කම් විනිශ්චයකාරවරු නොසලකා-ආදර හසුන් වලින් ම නඩුව විස දන්ට බැරි කමක් නැත. ඒ නිසා මේ කථාන්තරය සම්පූර්ණයෙන් ම අපේ පිළිතුරේ සඳහන් කරන්ටයි යන්නේ. ලිලි විසින් ආදර හසුන් ලියු අටදෙනෙක් ඉන්නා බව-බවලත් කෙනෙක් දන්නවාලු. අද රාත්රීු මම ඒ ගැන සෝදිසිකොට ඒ ලියුම් වලිනුත් කීයක් වත් ලබා ගැණිමට උත්සාහ කරන්නෙමි”යි කියා වසන්ත චන්ද්රය නැගිට යන්ට සුදානම් විය.



පියදාස සිරිසේන නවකථා එකතුව 475


    ආසන්න මේසේ වටේ වාඩිවි වුන් තුන්දෙනා ගෙන් තලතුනා සිංහල මහතා නැගිට “මහත්මයා දැන් කතා කලේ කා ගැනිද? ලිලඃය කිවේ කා‍ෙග් කවුරු ද? ඒ කිසිත් වග විභාග නොකොට මහත්මයා කාගේවත් පලහිලව්වක් කරට ගෙන වැඩ කරන්නේ මන්දැ”යි ඇසු‍වේය.  “අනේ ආයුබෝවන්, අන්ය යෙකුගේ විපතකදී-නාඳුනන කෙනෙකු පිළිබඳ වුවත් මැදිහත්වි යම්කිසි ආධාරයක් කළ හැකි නම් එසේ කිරිම මනුෂ්යන ධර්මයකි. නමුත් කථා කළ කාරණය මගේ හිතෛෂි මිත්ර යෙකු පිළිබඳ බරපත්ලක කාරණයකි. හොඳයි, මගේ මිත්ර යෙක් පිළිබඳ කාරණයක් නිසා මම කතා කළා- මහත්මයා වැනි තලතුලා කෙනෙක් ඒ ගැන විමසුවේ මන්ද?.  කාගේවත් පලහිලව්වලට මැදිහත්විම නරක නම් මහත්මයා ඒ ගැන ප්ර ශ්න කළේ මන්දැ”යි වසන්ත ප්රතශ්න කළාම මහල්ලා තවත් කෝපම. “එය කියන ලිලී පෙරේරා මගේ දියණියයි. මට කේන්ති ගියෙත්- ඒ ගැන ප්‍තවශ්න කළෙත් අපේ ළමයාට කළ ‍චෝදනා නිසාය”යි ගොරෝසු හඩින් කීවේ ය.


06. පරිච්ජේදය

      වසන්ත චන්ද්රයට ටිකක් ලැජ්ජා ඇති වු නමුත් ලිලීගේ පියා ඉදිරියේ නඩුව ගැන යමක් කියන්ට ලැබිම නිසා සතුටුවි හොඳයි මහත්මයා ලිලී‍ගේ පියා නම්- මේ නඩුව සම්බන්ධවත් ලිලී සම්බන්ධවත් ටිකක් කතා කරන්නට සතුටුදැ”යි ඇසුයේ ය.

මහල්ලා - ඔව්, මහත්මයා කවුද? කුමාරදාස වික්ර මරත්න ගැන ඔය තරම් වෙහෙසේන්නේ මන් ද?.

වසන්ත - මම වසන්ත චන්ද්ර් ගුණතිලක නම් කෙනෙකි. කුමාරදාස කුඩා කා‍ලේ පටන් දන්නා අඳුනන හොඳ පාසැලක උගත් වැදගත් කෙනෙක් නිසා-ලීලී නැමති දුෂ්ට ස්ත්රීොයකට බැදි මේ යහපත් මනුෂ්යා ලෝකය අපායක් කර ගැනීමෙන් වැළැක්විම මගේ එකම අදහස ‍ වේ.

මහල්ලා - (තවත් ටිකක්) වසන්ත ලඟට පුටුව කිට්ටු කරගෙන කුමාරදාස ලිලී‍ව කසාද බැන්දොත් මේ යහපත් ලෝකය අපායක් කර ගන්නේ කොහොමද යන්න මට පළමුවෙන්ම පහදා දෙන්න.

වසන්ත ‍- (සිනාසෙමින්) ටිකක් දුර කල්පනා කරන්නට මහත්මයාටත් පුළුවන්කම තිබුණා නම් මේ ප්ර ශ්නය මගෙන් අසන්නේ නැත.


476 පළමුවන පාසැල


හොඳයි දැන් මහත්මයා ඉන්නේ මඟුල් සත්වලද අපායක ද?

මහල්ලා - (ටිකක් වෙලා නිශ්ශබ්දව සිටි) මහත්මයා කිවු කාරණය මට වැටහුණේ නැත. කරුණාකර තව ටිකක් විස්තර කොට කියා දෙන්ට.

වසන්ත - දැන් මහත්මයා ගෙදරින් පිටවි ආවේ ප්රීරතියෙන්ද- කාගේවත් මැසිවිල්ලක්-චෝදනාවක් නොලබා මේ ගමන ආවෙහි ද? මහත්මයා දැන් ගෙදර ගියාම-ප්රිචතියෙන් සිනහවෙන්-‍ සිත එකඟ කමින්- සැපවත් ලෙස විවේකව ඉඳ-රාත්රිරයට රසවත් ආහාර පාන කා බි සුවසේ නිදා ගන්නෙහි ද?.

මහල්ලා - (පුදුමයට පැමිණ හොඳයි), මම හිතේ අමාරුව්ක ඇතුව කරදර විඳගෙන මේ ගමන ආ බව මහත්මයා දැනගත්තේ කො‍ෙහාම ද?.

වසන්ත - මා දැනගත් අන්දම නැවත කියන්නෙමි. මහත්මයා ගෙදරින් ආවේ එහි ඉන්නට නිදහසක් ප්රී තියක් නැති නිසා නොවේද- ඇත්ත කියන්  !.

මහල්ලා - (අමුතු මිනිහෙක් වි) ඇත්තෙන් මහත්මයා ශාස්ත්රරකාරයකේද- දිවැස් ඇත්තෙක් ද? මහත්මයා වැනි කෙනෙකු දකින්ට ලැබිමත් මගේ කුසල් බලයක් යයි දැන් මට වැටහේ.

වසන්ත - මොකද ඒ තරම් පුදුමයකි. මිට ප්රේථම මහත්මයා වැටි ඉන්නා අපාය ගැන දන්නේ නැද්ද? මහමත්මයා මුළු ලෝකයම දුකෙන් පීඩිත-කවුරුත් මහත්මයා වාගේම දුක් විඳිත්ය- මේ ලෝකේ හැටි මෙහෙම තමා යයි සිතාගෙන ඉන්නා කෙනෙක් නොවේ ද?.

මහල්ලා - මම හිතාගෙන ඉන්නේ එහෙම තමයි-මම බණ දහම් ආදිය දන්නේ නැත. මම නම් හම්බකළා- දැන් නම් නිකම් පාහේ කාලය ගත කරනවා- මට ආණ්ඩුවෙන් පැන්ෂන් පඩියක් ලැබෙන්වා-නමුත් එයින් රැකෙන්ට මදි-අපි ඉගෙණ ගන්නා කාලේ සිංහල පොත් බලන්ට ඉඩ දුන්නේ නැත. යන්තම් අකුරු ඉගෙණ ගත්තා පමණකි. මිට අවුරුදු 50 කට පෙ‍ර ඉස්සර මා නැවති වුන් බෝඩිං නිවසේදි අපට මොකවත් - ඉංග්රීනසි භාෂාවේ පොත් මිස වෙන මොකවත් ඉගෙණ ගන්නට ඉඩ දුන්නේ නැත. නමුත් අපේ පවුල බුද්ධාගමේ.




පියදාස සිරිසේන නවකථා එකතුව 477

වසන්ත - මේ ලෝකේම අපාය භයකුත්, ස්වර්ග භයකුත් තිබෙන බවවත් මහත්මයා ආස නැද්ද?.

මහල්ලා - අනේ කවදාවත් අසා නැත. පළමු වරට ඇසුවේ අද තමයි. කරුණාකර ඒ අපාය භයත් ස්වර්ග භයත් මට විස්තර කොට කියා දෙන්ට.

වසන්ත - ඔව්, මම හොඳින් විස්තර‍කොට කියා දෙන්නෙමි. ඉතින් මහත්මයා භය වෙන්ට වත් කලකිරෙන්නට වත් එපා. ලෝකේ ඉන්නා සමහර මිනිසුන්ට අපාය භයම ලැබෙති. සමහරුන්ට පහක්, සමහරුන්ට හතරක්, සමහරුන්ට තුනක්, සමහරුන්ට දෙකක්, සමහරුන්ට එකක් යානදි වශයෙන් ලැබෙති. ඉත‍ින් මහත්මයා වැටි ‍ඉන්නේ අපාය කීයක දැයි මා විස්තර කරන විට හිතට අරගෙන මට කියන්ට.

මහල්ලා - අවංකව නොසඟවාම ඇත්ත කියන්නෙමි. කරුණාකර මට විස්තරකර කියා දෙන්ට.

වසන්ත - ක්ර්ග්රා ම වාසී කුලහීන සෙවා කුභොජනං ක්රෑරර මුඛිව භාය්යාහීන පු‍ෙත්රා පි මුර්ඛො විධවාච කන්යා ෂට්ජ්ව ‍ලොකෙ නරකං වදන්ති

   මේ පුරාණ පණ්ඩිතයන් ගේ ප්රඛකාශයකි. මෙයින් -1 වෙනි අපාය නරක-වනචර-නුගත්-පහත් මිනිසුන්ට වාසය කරන ගම හෝ විදියයි. 2 වෙනි අපාය-කුල හීනයන් හෙවත්-ධර්ම ශාස්තරන්ට නුගත්-‍අශික්ෂිත පහත් මිනිසුන් ආශ්ර ය කිරිම.  3 වෙනි අපාය නම්-තමන්ට පථ්ය  නොවන අසනීප වන ආහාර පාන අනුභව කිරිමයි.  4 වෙනි අපාය නරක කර්කෂ කටක් ඇති- හැම වේලේම චරු චුරු ගාන නාහෙන් අඬන සන්ඩු දබරකිරිමට අර ඇඳගෙන ඉන්නා අනුනගේ ඕපාදුප කියමින් කාලය ගත කරන-‍ෙහාඳ නරක නොතේරෙණ ස්ථානොචිතව ක්රිකයා කරන්නට නොදත් ඉවසීමක් නොමැති ඉතා සුළු කාරණයකදි පවා සැපින්නක් මෙන් කිපෙන කෙළෙහි ගුණ  නොදත්-  තමන්ගේ මුල් තත්වය මතක නැති භාර්යාවත් ලැබිම 4 වෙනි අපායයි.  5 වෙනි අපාය-නම් අකීකරු දුර්වච-සුදු සුරා සල්ලාල ක්රාැයාවෙහි නියුක්ත- දෙමවුපියන් නොසලකන-භය ලැජ්ජා-නැති ධර්ම ශාස්ත්රක නුගත්-දාන ශිලාදි ගුණධර්ම නොපුරණ-පර්මපරාව-තම ජාතිය උසස් කිරිමට



478 පළමුවන පාසැල


අදහසක් නැති- ස්වකීය ඥාතින් සමඟ දුක් සැපේදි එක්වි ක්රිපයා නොකර-හිතුවක්කාර-ආත්මාර්ථකාමි පුත්රසයන් හෝ දුවරුන් ලැබිම 5 වන අපාය වේ. 6 වෙනි අපාය නම් දීගදුන් පසු කනවැන්දුම් වෙලා හෝ පුරුෂයාගෙන් වෙන් වෙලා හෝ ගෙදර අවුත් ඉන්නා දු වරුය. ඉතින් මහත්මයාට මේ අපාය වලින් කීයක් හිමි වි තිබේ ද?.

     මෙසේ කියන කොට එහි සිටි පෙරේරා නමැත් මහළු මහත්මයා සිහිසන් නැතුව බිම හොත්තේය. වසන්ත් චන්ද්ර  හා  තේපැන් ශාලාවේ මෙහෙකරුවන්ද මේ කතාව ආසවෙන් අසාගෙන වුන් මහත්තැන් තුන් හතර දෙනෙක් මහළු මහත්මයා හාන්සි පුටුවක් මත තබා ඇල්වතුර පොවා සාත්තු කළහ. මිනිත්තු දහයක් පමණ ගත වනවිට මහළු පෙරේරා මහතා ප්රොකෘති සිහියත් ශක්තියක් ලැබි තරුණ ගුණතිලක පණ්ඩිත මහතා කෝ කියා ඇසුවේ ය.

වසන්ත - මම ඉන්නවා- මොකද මහත්මයාට වුනේ - කිසි බලාපොරොත්තුවක් නැතිව මහත්මයා මිමැස්මොරය හැදුනු කෙනෙකු මෙන් විසඥව ඇද වැටුනේ මොක ද? අපි බොහොම භයවුනා. දැන් අපේ කතාව මේ තරමින් නවත්වා වෙන දවසකට කල් දමමු ද?.

මහල්ලා - අනේ මහත්මයෝ ඉතාම රසවත් ආහාරයක් මුඛයට දී-එහි රසවත් බලන්නට ප්ර ථමයෙන් එය පැහැර ගැනීම යුතුද? දැන් මගේ වයස 55 කටත් වැඩිය. තමුන්නාන්සේ අද කියාපු කාරණාවලින් එකක් වත් මිට පෙර මේ ජාතියේදි අසන්ට ලැබුනේ නැත. තමුන්නාන්සේ කියා දෙන්නට පොරොන්දු වු අපාය 6 ක් ස්වග 6 ත් අද එලිවෙන් තුරාවත් කියා දෙන්ට ඕනෑයයි හුනස්නෙන් නැගිට වසන්තගේ හිස සිඹ වාඩි ගත්තේය.

මේ අතර අසල පසල තවත් කීප දෙනෙක් මේ කථාව අසා ගන්නට ආහ. තේපැන් ශාලාව හිමියාද කථාව හොඳනි ශ්රදවනය කිරිමට කැමැත්තෙන්-මහළු පෙරේරා මහතාට හා වසන්ත ආදී හැම ‍දෙනාටම අමද්යතපාන වලින් සංග්රේහ කළේය. ඉක්බිති නැවතත් කථාව පටන් ගත්තේ ය.

වසන්ත - ඉතින් පෙරේරා මහතාණනි, මා ඉතාමත් ලුහු‍ඬෙන්න විස්තර කරනලද අපාය හයෙන් එකක්වත් මහත්මයාට ලැබි තිබෙනවා ද?.

මහල්ලා - මට මහතා විස්තර කළ අපාය හයෙන් එකක් වත අත්



පියදාස සිරිසේන නවකථා එකතුව 479


නොහැරී-එකම එකක්වත් මඳක්වත් අඩුපාඩු නැතුව ඒ අපාය හය එහෙම පිටින්ම ලබාගෙන ඉන්නේමම තමයි. අනේ මහත්මයෝ මේ භයානක අපාය හයේ ඉන්නා මට ඒ විස්තර කළ හැටියේම, සිහිය නැතිව ගොජදමා ඇඳ වැටුනා දුටුවේ නැද්ද?

වසන්ත - අපාය හය විස්තර කරන්ට පෙර-මහත්මයාට ධෛර්යමත් වෙන්නට මා කී‍වේ නැද් ද?. මනුෂ්ය් ධෛර්යය හැම තැනකදීම ඇති වෙන්නට ‍ඕනෑ- “ඛෙදා විපත්තීසු පටි ක්රිියාන” විපත්තියක් වු විට-නැතහොත් විපත්තියකට ‍ෙගාදුරුව ඉන්නා බව අවබෝධ වු විට කනගාටුවිම-මන්දෝත්සාහි විම ඊට ප්රාතිකාරයක් නොවේය”යි උත්තමයෝ කියති. ඉතින් අපේ තලතුනා මහතාට පැමිණ තිබෙන “අපාය දුක” උත්සාහයෙන් මදක් වත් තුනි කරගන්නට බලනවා මිස මන්දෝත්සාහි විම සුදුසු නොවේ. මහත්මයාට මෙහි මුලින් කී නපුරු ගමක හෙවත් නරක මිනිසුන් පදිංචි විදියකි වාසය කිරිමේ දුකක් තිබේ ද?.

මහල්ලා - අනේ මහත්මයෝ, අපේ ගෙදර තිබෙන විදිය තරම් අශික්ෂිත විදියක් කොළඹ නගරයේ තවත් ඇතැයි කියන්ට බැරි ය. විදියෙන් පිටිපස්සේ වතුවල කුඩා ගේවලත් ඉන්නා ගැහැණු පිරිමි කවුරුත් පාහේ යම ලෝකෙන් පහළ වුන පිරිසකැයි කිය‍ යුතු ය. ගන්ජා විකුණන්නන් අබින් විකුණන්න්, ලෙගියම් විකුණන්නන් ගෙන් අතුරක් සිදුරක් නැත. ඒ විෂ ජාති මදිවාට බොහෝ තැන්වල රාත් අරක්කුත් විකුණති. බුරුවා ගැහිම ආදී කඩදාසි කුට්ටමේ සුදුව තැති ගෙයක් සොයා ගැනිම ඉතා අමාරු ය. අපේ ගෙවල් තුන හතරකට එහායින් තිබෙන “ක්ල්බ්ඉ” එ‍කේ උදේ පටන් රෑවන තරුත්-රෑ පටන් එළවෙන තුරුත් අතුරත් නැතිව පවත්වන “ක්ලබ්” වැඩේ නම්-තුන් හතර ක්රඑමයක සුදුව. ඒ කියන්නේ බිලියඩ්, දාදු, කඩදාසි යන තුන් ප්රුකාර සුදුව, රාවල පටන් විස්කි බ්රැ න්ඩි දක්වා සුරා වෙළඳාම, කොකේන් ගංජා අබින් ලේගියම් ආදිය විකිණිම, ඒ අතර නා නා ප්රරකාර වේස ස්ත්රිාන්ගේ සන්නිපාතය-රටේ හිටි තරමක් පාදඩයන් සුදු කාරයන් සල්ලාලයන්ගෙන් අතුරක් නැති මේ ස්ථානයට මොටෝ කාර් වලින් ද “මහත්තැන්” නිතරම එති. ඒ මහත්තැන් අතර මන්ත්රී වරුන් හා තවත් ප්රලසිද්ධ අය පවා දක්නා ලැබෙති. ඉතින් අප පදිංචි ඉන්නා වීදිය නම් කිසි අඩු




480 පළමුවන පාසැල


පාඩුවක් නැති අපායකි. ඉන් නිසා මහත්මයා නම් කියන අපාය භයෙන් පළමුවෙනි එක මට සම්පුර්ණයෙන් ම ලැබි තිබේ.

වසන්ත - ඇත්තෙන්ම මහත්මායට පළමුවෙනි අපාය හොඳින් ලැබි තිබෙන බව පෙනෙනවා. වැදගත් ගුණවත් කාටවත්ම ඔබඳු ප්රෙදේශයක වාසය කළ නොහැක්කේ ය. නමුත් මහත්මයා මේ ලෝකේ දෙයක් නොදත් කෙනෙක් බැවින් ඒ අපා දුක් කිසි වගක් විභාගයක් නැතුව විඳිනවා. ඉතින් මහත්මයා දෙවෙනි අපායෙන් වත් තුරන් වි ඉන්නවා ද?.

මහල්ලා - දෙවෙනි අපාය ය කීවේ කුමක් ද?.

වසන්ත - දෙවෙනි අපාය ය කිවේ ධර්ම ශාස්ත්රෙ ආදිය නුගත් උසස් ප්ර්තිපත්තියක් හීන මිනිසුන් සේවනය කිරිමයි.

මහල්ලා - අනේ මහත්මයෝ කුඩා කාලේ පටන්ම මම ආශ්ර්ය කරන්නේ- බේබද්දන් සුදුකාරයන්- රේස්කාරයන්-ගංජා විකුණන්නන්, රස්තායාදුකාරයන්, ගොඩ පෙරකදෝරුවන්, බොරු-කපටි උපාකයන් හා උපාසකම්මලාය. සවස හයට අපේ ගෙදරට නිතරම පැමිණෙන “බ්ලොක්” නමැති තුප්පිහියෙකි. ඔහුට මගේ නෝනා බොහොම කරුණාවන්තයි. දැන් නම් ඔහු නාකියෙකි. එසේ ද වුව්ත්ා හවස හයට පමණ අවුත් නමය වනතුරු නොයෙකුත් විගඩම් කතා-අනුන්ගේ ඕපාදුප ආදිය කියමින් අරක්කු අඩි දෙකක් තුනක් ගසා යන්ට යනවා. ඔහු අප ඉන්නා විදියේම පදිංචිකාරයෙකි. ගංජා බාස් කෙනෙක් වන අගෝරිස් අප්පු දවසකට වරක් දෙකක් කොහොම නමුත් දකින්ට ලැබෙනවා. මුදල් හදල් අමාරු වුනාම අපි ගනුදෙනු කරගන්නේ ඔහු ගෙනුයි. ඔහු ආශ්ර්ය කරන්ට ලැබ‍ුනේ අවුරුදු පහකට වාගේ ඉස්සරදී ය. මට අබින් කන්නට පුරුද්ද ඇතිවුනෙත් ඔහු ගෙනුයි. ඔහුගේ මායියා නිතරම අපේ නෝනත් ළමයිනුත් ආශ්ර ය කරයි. ඈ මේ ලෝකේ තිබෙන දුසිරිත් වලින් නොදන්නා දෙයක්වත් නොදන්නා හොරෙක් වත් ඇත්තේ නැතැයි කීවාට වරදක් නැත. අප ඉන්නා විදියේ පමණක් නොව මුළු කොළඹ නගරයේ ම සිද්ධ වන දුසිරිතක්-කෝලහලයක් හොරකමක් ගැන රහස් පොලිසියෙන් විමසන්ට වුවමනා නැත. අගෝරිස් අප්පුගේ මායියා වන සෙලෙස්තිනා ලඟට ගියාම ඕනෑම




පියදාස සිරිසේන නවකථා එකතුව 481


කාරණයක් දැනගත හැක. එක නිසා සමහර ගෑනු සෙලෙස්තිනාට “ග්රැදමපෝන්හාමි” යයි කියති. තවත් නිතරම අප ආශර්රැය කරන කෙනෙක් නම් මිස්කින් නානයි. ඔහු ගැට කැපීම ගැන- සුදු කෙළිම ගැන බොහොම ප්ර සිද්ධ කෙනෙකි. තවත් එය විධියේ හත් අට දෙනෙක් අප නිතර ආශ්රහය කරන අයයි. කුඩා කාලේත් තරුණ කාලේත් ආශ්‍රය කළ අයගෙන් කීප දෙනෙක් හිර ගෙදරම මළාහුය. නමුත් වාසනාවකට මෙන් මම හිර ගෙදරට නොගියෙමි.

වසන්ත - දැන් කියාපු අන්දමට පෙරේරා මහතාට දෙවෙනි අපායත් සම්පූර්ණයෙන් හිමි වි තිබෙන බව පෙනේ. හොඳයි ‍කොයි කාලේකවත් “භාක්ෂුන් වහන්සේ’ කෙනෙකු හේම ආශ්රදය කරන්නට ලැබුණේ නැද්ද?.

මහල්ලා - ඔය කියන්නේ බුද්ධාගමේ හාමුදුරුවරු ද? අපේ ගෙදරට නිතරම පැමිණෙන උන්නාන්සේ කෙනෙක් ඉන්නවා. අද උදේත් ගෙදරට අවුත් තේවතුර ‍කෝප්පයකුත් බී අපේ බාල දියණිය ‍ගේ නඩුව සඳහා මන්ත්රල ගුරු කමක් කරන්නට තිබෙන බව කියා මොනවාදෝ බෙහෙත් මුල් වගයක් අනුරාධපුර පළාතෙන් ගෙන්වා ගැනීමට රුපියල් දෙකක් ද ඉල්ලාගෙන ගියා.‍

වසන්ත - හොඳයි, ඒ හාමුදුරුවන් ආවාම කතාබස් කරන්නේ මොනවා ද?.

මහල්ලා - නොයෙක් දේවල් නොයෙක් ශාස්ත්රක ඒ හැමුදුරු‍වෝ දන්නවා.

මන්ත්ර ගුරුකම් - සුනියම් කැපීම්, මඟුල් ජෝඩු කිරිම්. පෙරොන්දම් බැලීම්. ශාස්ත්රය කීම්, වස්කව්-සෙත් කවි කිම ආදි මේ ලෝකයේ තිබෙන්තාක් ශාස්ත්රඩ ඒ හාමුදුරුවෝ දන්නවා. නඩු දිනවන පරදවන ගුරුකම්, ස්ත්රීා පුරුෂයන් යාළු කරවන භේද කරවන ගුරුකම් ආදී පුදුම දේවල් ඒ උන්නාන්සේ දන්නවා කියති. අපේ නෝනා ඒ සියල්ලටම බොහොම ගරු කරණ කෙනෙකි. තරුණියන්ගේ මන පොළඹවන-රාගය වර්ධනය වන බෙහෙත් මන්ත්ර. ආදිය පමණක් ‍ෙනාව කවි ‍ෙසාලෝ ආදියත් ඒ උන්නාන්සේ ‍ෙහාඳින් දන්නවා. ඉතින් මෙයා කොහොම නමුත් සතියකට තුන් හතර දිනක් අ‍පේ ගෙදරට අවත් අපේ නෝනාත් - අපේ වැන්දඹු දුවත් තරුණ (ලිලී) දුවත් සමඟ පැය තුන හතරක් කතාබස් කරමින් සිටි “ගිලන් පසත්” දෙතුන් වරක් බීලා






482 පළමුවන පාසැල


යනවා. මා සමගත් නොයෙක් විට තමාගේ වස් කවිවල හා සෙත් කව්වල තේජස කියා යනවා. ඔය තමයි අපි ආශ්ර්ය කරන “හැමුදුරුවෝ”.

වසන්ත - දැන් ඉතින් වැඩිපුර කීමෙන් පලක් නැත. පළමුවෙනි අපායටත් වඩා හොදින් කිසිම අඩු පාඩුවක් නැතුව අපේ පෙරේරා මහතාට දෙවෙනි අපාය ලැබි තිබේ. මහත්මයා වැනි මිනිසුන් අධික නිසා තමයි මේ සංසාරය මේතරම් දි  ! ඉතින් අපාය දෙකක් ලබාගෙන ඉන්නා පෙරේරා මහත්මයා තුන්වෙනි අපායෙන්වත් නිදහස් වි ඉන්නවා ද?,

මහල්ලා - මොකක්ද්ද ඒ තුන්වෙනි අපාය ?

වසන්ත - ඇයි මතක නැද්ද? ඒ කීවේ නපුරු ආහාර පාන වර්ග ගැනිමයි. ශරීරයට පථ්ය- නොවන “ගෙරි මස්” ආදිය කැමත් ජින් බ්රැයන්ඩි ආදි සුරා වර්ග බිමත්ය. කොටින්ම ශරීරයට අපථ්ය‍ ආහාර පාන ගැනිමය. ඒ තුන්වෙනි අපාය නම් ඒ තරම්ම දරුණු නොවේ. නුවණ ඇති කෙනෙකුට වහාම නැති කරගත හැකි එකකි. පාප්. මිත්රි සේවනාදිය නිසා සුරා පානයටත් සත්ව ඝාතනාදි ගර්හිත ක්රිණයා වලටත් මිනිසුන් පැමිණ බලවත් දුක් විඳින නිසාම “කුභොජනය” හෙවත් අපථ්ය ආහාර පානද ආපයක් බව දක්වා තිබේ. ඒ නිසා ඒ තුන්වන අපායට වඩා භයංකාර වු සිව් වෙනි අපායේ විස්තරයක් අපි හොඳින්ම දැන ගත යුත්තම්හ.

මහල්ලා - ‍ෙහාඳයි තුන්වන අපාය මට වැටහුනා. සිව්වන අපාය ගැනයි උත්තර දෙන්නට යන්නේ. මහතාණනි, මම කසාද බඳින කාලේ අදටත් වඩා මෝඩ කෙනෙකි. ඇස කට ප්රිිය රූපයක් ඇති තරුණියක් දකින කොට මගේ සිත උමතු වන ගතියක් මා තුළ පැවැත්තේය. ඉතින් ආණ්ඩුවේ රාජකාරියක් කරන කෙනෙක් බැවින් කවුරත් මට ස්ත්‍ආණීයක් දීමට සතුටුය. ඉතින් මේ ස්ත්රීනය ජෝඩු කළේ කපටි මඟුල් කපුවෙකි. ඇගේ මවුපිය පරම්පරාවක් වත්-ඇගේ ඉගෙණිමක් වත්-ප්රවතිපත්තියක් වත් විමසන්නට ඥානයක් නැති-අමුම අමු මීහරකෙක් වන මම මඟුල් ජෝඩුවි මාසයක් යන්ටත් ප්රමථම ඈ සමඟ නීති ප්රුකාර විවාහ විමි. ‍ වසන්ත - ඉතින් පෙරේරා මහතාට-පොත් පත් කියවා පුරුද්දක් නැද්ද?




පියදාස සිරිසේන නවකථා එකතුව 483

ඉංග්රී සි භාෂාව තේරෙණ කෙනෙක් නම් ඉංග්රී සි පොතක් දෙකක් වත් කියවා පුරුද්ද නැද්ද ? බටහ‍ි රටවල සිරිත් විරිත් වත් දැනගන තිබුණානම් අනික් ගුණ ධර්ම ප්ර තිපත්ති ආදිය කෙසේ වෙතත් ජන සමාජ තත්වයෙන් වත් තමාට සමාන කෙනෙක් තෝරා ගන්නට තිබුනා නොවේ ද?

මහල්ලා - තිබුනා නොවෙන්නම් ඇන්නෑ‍වේ. මම-මගේ රාජකාරිය කරගැනිමට වඩා අධික ඉගෙනීමක් ලැබුවෙක් නොවෙමි. ඊටත් වඩා පොත් පත් කියවිමට රුචියක්-පුරුද්දක් තිබුණේ නැත. ප්රාසිද්ධ කතාවක් බණ දහමක් ඇසිමට යාමක් මගේ වැඩක් නොවිය. දැනුත් අපේ මිත්රපයෙක්ව ඉන්නා බ්ලොක් මහතා වැනි මිනිසුන් ආශ්රදය කළ මට තරුණ භාර්යාවක් මිස වෙන මොකවත්ම වුවමනා නොවිය. ඒ නිසා ඉක්මනින්ම කසාද බැඳගෙන පවුලක් විමි. මේ ම‍ගේ භාර්යාව සමඟ කල්ගත කළ 35 වර්ෂය තුළ කොයි ක්රලමයකින් වත් ඈ සතුටු කරන්නට බැරි විය. “මදිය නැතිය-නරකය” නොකියන්ට කිසිම කාරණයක් කරන්නට බැරි විය. කොපමණ ආහාර පාන මස් මාළු අපේ ගෙදරට ගෙන ගියත් ඈට මදි-නරකය. කොතරම් රෙදි පෙරෙදි ආදිය ගෙන ගොස් දුන්නත් කවදාවත්ම ඒ එකක්වත් හොඳය නොකිවාය. ගෙදරින් පිටවෙන කොට හෝ ගෙදරට පැමිණෙන විට මගේ භාර්යාවගේ මුහුනේ ප්රිෙතියක් සිනාවක් මට දකින්ට බැරි විය. වැඩට කෙල්ලන් කොල්ලන් කොපමණ ගෙනාවත් ඒ එකෙක් වත් ‍හොඳ නැත. ගෙදර දොර දූ දරුවන් රැක බලා ගැනිම් ආදියට වඩා ඇට වුවමනා බඩ පුරා කා බි හොඳට ඇද පැළඳ ගෙණ ඇවිදින්ට-නරක ගැහැණුන් සමඟ එක්වි නොයෙක් දෙනාගේ කේලම් ඕපාදුප කතා කරමින් කාලය ගත කිරිම පමණකි. අපේ ඥාති මිත්රුයෙක් තබා ඇගේ ඥාතියෙක්වත් අපේ ගෙදරට පැමිණෙනවාට කැමති නැත. බණක් දහමක් හොඳක් නරකක් ගැන කතා බහක් කරන කෙනෙකුවත් ඈට පෙනෙන්නට බැරි ය. අහල පහල බොරු ස්ටයිල් කාරයන්ගේ විධියට ඉඳිම ගැන කතා කරණවා මිස වෙන මොනම අදහසක් වත් ඈට ඇත්තේ නැත. කවුරුවත්ම ඈට වඩා හොඳින් ඉන්නවාට අඳිනවාට පළදිනවාට ඈ කැමති නැත. ඉතින මා සමඟ අමනාපෙන් කතා බස් නොකළ දිනයක් මේ පසුව යන තිස් පස් වර්ෂය තුළම හෙවත් දවස් දොළොස් දාස් හත්සිය





484 පළමුවන පාසැල

හැත්තෑපහක් තුළම ඇතිවි යයි මම නොසිතමි. හැබැයි මේ කාලය තුළ සතුටුව -කෑම බිමාදියෙන් සතුටුව කල් ගත නොකළායයි. නොකියමි. කොච්චර අසතුටෙන් කරච්චලයෙන් කාලය ගතකළත්-මටළමයින් හදෙනෙක්ද ලැබුණේ ය. එයින් තුන්දෙනෙක් මළා. තව තුන්දෙනෙක් ගැහැණු ළමයි. දෙන්නෙකුත් පිරිමි ළමයෙකුත් ඉන්නවා. මගේ නෝනාගේ කරච්චලයතක් කරදරයත් මට දැන් ගණනක්වත් නැත.

වසන්ත - ඒ මොක ද? මුළු ‍ලෝකයේම ස්ත්රිනන් ඔය වගේ යයි සිතාගෙණ ද?.

මහල්ලා - ඔව් මහත්මයා එකම තමයි මගේ වැටහිම. දැන් අපේ ‍ගෙදර ආසන්න‍යේ ඉන්නා පවුල්වල ස්ත්රී්හුන් ඔය වගේ තමයි. පුරුෂයා තඹයටත් වඩා සැහැල්ලු කොට සලකති. අපේ ගෙදර මෙන්ම ඒ ගෙදරවල ද-නොසතුටු කම් අඩු පාඩු-සන්ඩු දබර කෑ කෝ ගැසිම් වලින් අග හිඟයක් නැත. ඒ තබා අපේ මවුත්-තාත්තාත් කල්ගත කළේ දැන් අප ව‍ගේම කරදර මැද්දේ ය. අපේ නෝනාගේ මවු හා පියාත්-එක වාරයකට වඩා ගහගෙන තුවාල වී-හිර ගෙයිද වැටි තිබේ. ඉන් නිසා ම‍ගේ කල්පනාව- ලෝකයේ කොයි ගෑණුත්-කොයි පවුලුත්- අඬ දබර කර ගැණිම- නාහෙන් ඇඬිම-දුක් හිරිහැර විඳිම ධර්මතාවයක් වශයෙන් පවත් වන බව ය. උරුලෑවා හැම වේලේම දුර්ගන්ධයෙන් යුත් සතෙක් ය. ඒ වගේම ස්ත්රිරයත් හැම වේ‍ලේම ඤරු ඤුරු ගාන- නාහෙන් අඬන-සන්ඩු දබර කරන- මදිය නැතිය කියන-පැයක් ප්රීාතියෙන් සිටියොත් දෙපැයක්- කනගාටුවෙන් සෝකයෙන් ස‍ිටිය යුතු- ඉන්නා තත්වයෙන් උසස්විමට නොව දවසින් දවසම පල්ලම් බැසිය යුතු කෙනෙකැයි මේතාක් මම සිතාගෙන සිටියෙමි.

වසන්ත - දැන් මට කාරණය වැටහුනා. අපේ පෙරේරා මහතාට කිසිම අඩු පාඩුවක් නැතුව සිව්වෙනින අපායද ලැබි තිබේ. අන්ධයාට රෑ දවල් වෙනසක් වත් ලක්ෂණ අවලක්ෂන දෙයක් වෙනසක් වත් නැතුව ඉන්නාක්‍‍ මෙන් ධර්ම ශාස්ත්රව දෙකෙන් අන්ධ නිසා මුළු ලෝකයේ කවුරුත් එක හා සමාන යයි සිතා අපේ පෙරේරා මහතා දුක් විඳියි. ඉතින් පස්වෙන‍ි අපායත් පෙරේරා මහතාට හිමි වි තිබේ ද?





පියදාස සිරිසේන නවකථා එකතුව 485


මහල්ලා - කරුණාකර ඒ කුමක් ද කියා මට මතක්කර දෙන්ට.

වසන්ත - මෝඩ- අකීකරු දුර්වල පව්කාර දරුවෝ යි. ඉතින්න මේ ප්රරශ්න කරන්නේ මට නො‍ෙත්රෙනවාට නොවෙයි. පෙරේරා මහතා ගෙන්ම විස්තරයක් දැන ගන්නා පිණිස යි. මුව යම් සේද දරුවාත් එසේමය”යි කී පණිඩිත වචනය මම දිනිමි.

මහල්ලා - අනේ මහත්මයා මගේ දරුවන් වැනි පුදුම දරුවන් මුළු ලෝකේම ඇතැයි මම ‍ෙනාසිතමි. මට දැන් ඉන්නේ එකම ‍පුතයි. ඔහුට ඉංග්රීිසි උගන්වන්ට මා දන්නා හැම තාල වලින්ම උත්සාහ කොට බැරිවුනා. කොළඹ තිබුණ ස්කෝල වලින් ඔහු ඉගෙන නොගත් තැනක් නැත. අවුරුද පහළොවක් වනතුරු වීර්ය ‍ෙකාට අන්තිමේදි නිකම් සිටිය. ඔහු ඉගෙන ගත්තේ යුරෝපීය විධියට අඳින්න-සිගරැට් බොන්ට-මත්පැන් බොන්ට-රේසි ඔට්ටු අල්ලනට් බුරුවා ගහන්ට-බයිලා නටන්ට-කපිරිවඤ්ඤ සින්දු කියන්ට තවත් කියන්නට නොහැකි ගර්හිත ක්රිටයා කරමින් පාදඩයෙක් මෙන් කාලය ගත කරන්ටස මිස නම්බුකාරයෙක් ‍ලෙස වැඩි දියුණුවිමට ඔහු තුළ අදහසක් වත් නැත. මම දන්න සියලු විධි වලින් ඔහුව සෑහෙන කටයුත්තක යොදවන්නට ඔහුගේ කාලය හොඳ වැඩකට ගත කරවන්නටන උත්සාහ කළ නමුත් බැරි විය. ගෙදරින් පිටත යතොත් යන්නේ පාප මිත්ර යෙකුත් සමඟ ඇවිදිමට නැතහොත් සුදුවට ය. එසේත් නැතහොත් අනාචාරි ස්ත්රිටන් ඉන්නා තැනකට ය. ඉතින් මහත්මයෝ මගේ පුතා ගැන ත‍ිබුණු බලාපොරොත්තු එහෙම පිටින්ම නැති වි ගොස් බොහෝ කල් වෙනවා ය.

   මගේ දුවර  දෙන්නා‍ෙගන් වැඩි මහල් දියණිය-වීරසිංහල නමැත‍ි වැදගත් තරුණයෙකුට විවාහකර දෙන ලදි. ඈ රූප සම්පන්න නිසා- ඒ තරුණයා රූප නමැති මළපත් පුඩුවට අසුවි බැඳගත් නමුත් ඔවුන්ගේ විවාහය සඵල වුනේ නැත. දුව මවුට වඩා හැම අතින්ම නරක කෙනෙකි. ලජ්ජා භය නුවණ මොකවත් නැති ස්ත්රීුයකි. ගුණවත් තරුණ විරිසිංහල මේ හැතිරියන් සමඟ අවුරුදු තුනක් පමණ ජිවත්ව ඉඳ මැරි ගියා-ඔහු මැරෙද්දි කිවේ මේ දුෂ්ට ස්ත්රිහයගෙන් වෙන්ව කාලසුත්රම යයි කියන අපායේ ඉන්නට ලැබුනත් හොඳය කියායි. “වතින් බතින් බුලතින් සියලු සැපතිනි-නිතින් විඳින පහසින් රස මුසු  බසිනි”න යනාදි  කිසිම ක්රජමයකින් මගේ භාර්යාව සතුටු කළ නොහැකි වාක් මෙන්ම ම‍ගේ දියණියද සතුටු නොහැකි  වු බව විරිසිංහ කීප




486 පළමුවන පාසැල


වරක්ම මට ලියා එවා තිබුනා. “ස්ත්රීුයගේ රූපයට මා රවටි විඳින දුක උඹත් විඳින බව මට පෙනේ-ඉතින් මම කුමක් කරම්දැ”යි මම ඒ තරුණයාට කීප වතාවක්ම ලියා යවා “නුඹ ඉවසිල්ලෙන් මේ සුළු ජිවිතය යන්තම් ගත කර ගණින්නැ”යි ද කීවෙමි. නමුත් ඒ තරුණා ස්තරිජ යගේ කරදර නිසාම ජිවිතය ගැන කලකිරි ටික කලකින් මැරි ගියේ ය. දැන් ඒ මගේ දුව ලමයකුත් සමඟ ගෙදර ඇවිත් ඉන්නවා. ම‍ෙග් දෙවෙනි දුව වන ලිලීත් සමඟ එකතුව නොයෙකුත් නපුරු උපක්රඉම යොදමින් අපේ ගෙදර කෙලි මඬුල්ලක් කරගෙන ඉන්නා බව දැන් මට වැටහුනා.

වසන්ත - හොඳයි. මේ ‍ලෝකේ තිබෙන අපාය භය ගැන දැනගන්නට පෙරත් මහත්මයාට-ස්වකීය භාර්යාවගේ හා පුත්රේ දුහිතෲ වරුන්ගේ දුෂ්ට ගතිය හා අයුතු හැසිරිලි ගැනත් වැටහි තිබුණා ද?.

මහල්ලා - මට එක් දිනකට හත් අට විඩයක්-කරදර, සිත්තැවුල්, දොම්නස්, කනගාටු, ජිවිතය එපාවිම ආදිය පැමිණෙනවා. නමුත් ඒ ගැන මගේ කලකිරිමක් නැත. මක්නිසාද ඒ කරදර කනගාටු ආදිය විඳලා පුරුදු හෙයිනුත්-හැම දෙනාම මෙබඳු කරදර වින්ද යුතුය-හැමදෙනාම ඉන්නේ මා ඉන්නාක් මෙන් යයි වැටහි තිබුණ බැවින් ලෝකේ හැටි ඔහොම තමයි සිතාගෙණ සිටියෙමි.

වසන්ත - දැන් මහත්මයාට කාරණය වැටහුනා ද? මහත්මයා මෙලොව තිබෙන අපාය හයම ලබාපු කෙනෙක් බව පෙනේ. අනික් ලෝවැස්සන්ගෙන්ද සියේට අනුවක් තරම අපාය එක, දෙක තුන, හතර, පහ වශයෙන්ද අපාය භයමද හිමි කරගෙන ඉන්නා බව පෙනේ.

මහල්ලා - ඉතින් අපේ මේ ලෝකය අපායක්ම ද? මේකේ තිබෙන අපායවල් දෙස බලන විට-සංජිව, කාලසුත්ර ආදි නියම අපායවල් මිට වඩි හොඳ නොවේ ද?

වසන්ත - මුලා වෙන්ට එපා. සංජිව කලාසුත්රය ආදි අපායවල ද‍ුකම මිස අස්වැසිලි මාත්රසයක් වත් නැත. ඊටත් වඩා ඒවායේ ආයුෂ කාලය ඉතාමත් දිගය. මනුෂ්යි ලෝකයේ අපාය භයක් තිබෙතත්-විරියත් නුවණත් ඇති කෙනෙකුට ඒ අපාය හයම හිමි වුනත්-ඉඳ හිටලා සැපයයි සම්මත සැනසිලි මාත්රුයක් ද


පියදාස සිරිසේන නවකථා එකතුව 487


ඇතිවේ. ඒ නිසා නිරයට වඩා මනුෂ්ය ‍ලෝකයේ අන්තිම දුක්ඛිතයාටත් අස්වැසිල්ලක් ඇත්තේය. ඉතින් මහත්මයෝ මනුෂ්යය ‍ලෝකයේ අපාය හයක් තිබෙතොත් “ස්වර්ගය හෙවත් දිව්යයලෝක” හයකුත් තිබෙන්නට ඕනෑය. ඒ බව පණ්ඩිතයන් විසින් ද හොඳින් පෙන්වා විස්තර කොට කියාදි තිබේ.

අත්ථාිගමොනිත්යණ මරොගිතාව ප්රිායාව භාය්යා‍ිතය ප්රිවායවාදිනිව වශස්ච පුත්රොරත්ථිත කරිච විද්යා ෂට්ජ්ව‍ෙලාකස්ය් සුඛානි රාජන්

    ධනය ලැබිම, නිතරම නිරෝගිව ඉන්ට ලැබිම, පතිවෘතා ධර්මය රකින ප්රිිය භාර්යාව, ප්රිථය වචන කියන ස්ත්රීටය, සුවච කීකරු උසස් පුත්රය දුහිතෲන් ලැබිමි, නිසැකව ධන සම්පත් ලැබෙන ශිල්ප ශාස්ත්රි ඉගෙනිම යන මේ කරුණු සය සැප ගෙන දෙන දිව්යපලෝක හයකට සමානය. මේ ‍ලෝකය හොඳත් නරකත් හෙවත් සැප දුක දෙකෙන් මිශ්රය එකකි. ඊට ප්රිධාන හේතුව පුර්ව කර්මයයි. ඒ කියන්නේ ‍‍-හොඳ කරන මිනිසුන්ට මෙහිදිත් හොඳම අධික වශයෙන් ලැබි පසුවද උපනුපන් තැන් වලදී හොඳම ලැබේ. නපුර හෙවත් පවු කරන අයට පවු කරන කාලයේදිත්- ඉන් පසු උපනුපන් අනන්ත ජාතිවලදිත් බලවත් දුක් කරදර ලැබි දුකෙන්ම මැරේනනට සිදුවේ.

මහල්ලා - එතකොට මේ ‍ලෝකය දුක සැප දෙකෙන්ම මිශ්රද වු එකක්, ඒ දුක සැපත් ඒ ඒ මිනිසුන්ගේ විරියේ නුවනේ හැටියට ලැබෙන එකත්-එහෙම නොවෙද කියන්නේ?.

වසන්ත - ඇත්තෙන්ම එහෙම තමයි. පරමාර්ථ වශයෙන් බලන විට- මුළු තුනලෝකය එකම දුක් පිඩකි. මක්නිසාද හැම සත්වයා තුළම ‍ලෝභ, ද්වේෂ, මෝහ, යන පාප මුල් තුන පවත්නා බැවිනි. බුද්ධාදි ආර්යයන් වහන්සේලාගේ ධර්මනේම මිස ඒ ලෝභාදි පව් මුල් තුන සම්පූර්ණයෙන් නැති කරන උපදේශය ලබා ගත නොහැක. පරමාර්ථ සත්ය් වශයෙන් මුළු තුන්ලෝකයම දුක් පිඩක් වුවත්-සම්මුති වශයෙන්-තනිම දුකෙන් හා සැපෙන්ද යුත් ස්ථාන දෙකකුත් දුක් සැප මිශ්රතව වු ස්ථානයකුත් මේ භවයේ තිබේ.

මහල්ලා - භවයයි කීවේ අනන්ත අප්රවමාණ ලෝක ධාතුවට ද?.

වසන්ත - ඔව්-පංච භුතයන් පවත්නා හැම තැනමත්-සංස්කාර


488 පළමුවන පාසැල


ධර්මයන් පවත්නා හැම තැනමත් භවයට අයිතිය. එහි ප්රතමාණය වත් විස්තරය වත් කල්පනා කිරිමත් සිතිමත් පිස්සුවකි. භවය හෙවත් ලෝක ධාතුන්ගේ පටන් ගැන්ම හෝ කෙළවරක් ගැන හිතන්නා මෝඩයෙකි. කාටත් හිතා ගත හැක්කේ තමා ගැනම පමණකි. තමා ගැනම නිශ්චය කර ගත්තොත්-අනික් අනික් ලෝකයේ විස්තරත් තොරතුරුත් ඔහුට නිරායාසයෙන්ම දැනගත හැක. කෙතරම් විශාරද පණ්ඩිතයන්ට වුවත්-‍ලෝකයත් අනිත් සත්වයන් ගැනත් දැනගත හැක්කේ තමාගේ ඥානයේ ප්රාමාණයට පමණකි. ඉන් එහාට යන කොට ඔහු අනම් මනම් දොඩවයි. සමහර විට ඒ පණ්ඩිතයා කෙරෙහි භක්ත්යාඑදර ඇති-ඔහු තරම් නුවණ නැති උදවිය ඔහුගේ විකාර බොරු විශ්වාස කරති.

මහල්ලා - අප ඉන්නා මේ පොළව ඇති වෙනවාද-නැති වෙනවා ද?.

වසන්ත - අප ඉන්නා මේ පොළොව පමණක් නොව මුළු මහත් ලෝකයේ තිබෙන පොළෝ කොටස් ග්ර හ තාරකා ආදි කුදු මහති සියල්ලම කලින් කළ නැති වෙමින්- ඇති වෙමින් පවත්නා දේ වෙති. දැන් අප ඉන්නා පොළව ප්රිමාණය මවන ලදැයි කියා තිබේ. ලෝකයේ තත්වය මොකවත් නොදත් අඥානයෙකු විසින් කියන ලද ඒ අඥ කිම වර්තමාන ශිල්ප ශාස්ත්රත උගත් අයට පිළිකුල් බොරුවුවත් ඒ විශ්වාස කරණ ඒ අඥාන බොරුවට ගරු කරණ මිනිස්සු අප්රවමාණ ය. ලෝකයේ හැටි ඔහොම තමා!.

මහල්ලා - ඉතින් මහත්මයා කියන සැපම තිබෙන ස්ථානයත් දුකම තිබෙන ස්ථානයත්-සැප සහ දුක් මිශ්ර් ස්ථානයත් විස්තර කරන්ට.

වසන්ත - පරමාර්ථ සැපය නොව සම්මුති සැපත් දුකත් ගැනයි අප මේ කතා කරන්නේ. හැම විටම මුළු ජිවිත කාලය තුළම සැප විඳින ස්ථානය ස්වර්ගයයි. න‍ිරය මුළු ජිවිත කාලය තුළම දුක් විඳින අතුරක් නැතිව දුකෙක් පිඩා විඳින ස්ථානයයි. තිරිසන් අපායෙන්-සැපයයි කිය හැකි ඒ තිරිසනුන්ට ප්රීිතිය ගෙන දෙන කරුණු තිබෙතත් අධික මරණ භයින් හා අප්රසමාණ අනතුරුවලට භාජනව ඉන්නා බැවින්-ඒ තිරිසනුන් ගේ සැප ද ඉතාමත් අල්ප ය. සැපත් දුකත් මිශ්ර ව පවත්නා ස්ථානය නම් මනුෂ්යද ලෝක‍ය පමණකි.




පියදාස සිරිසේන නවකථා එකතුව 489

මහල්ලා - මනුෂ්ය ‍ලෝකය ස්වභාව ධර්ම වශයෙන් සැප දුක දෙකෙන් මිශ්ර4ද- නැතහොත් මිනිසුන් ගේ ක්රිුයාවෙන් ඒ සැප දුක් වැඩි කර ගන්නවා ද?.

වසන්ත - මනුෂ්ය ලෝකයේ දුක් අධික කර ගැනිමට ‍ හෝ සැප අධික කර ගැනිමට ඉඩ තිබේ. අධික වීරියත් නුවණත් ඇති සත්වයා මිනිසා බැවිනි. ඔන්න බලන්ය- යම් ඌෂ්ණ දිනක කාමරයක් තුළ අපි සිටිතොත් දහඩිය ගලමින් බලවත් දුකින් සිටිමු ද?. නුවණ ඇති අය එසේ නොකරති. පවන් පහක් සාදාගෙන පවන් ගසාගෙන තද ඌෂ්ණය ටිකක් වත් අඩුකර ගනිති. නමුත් නුවණ නැති නුගත් මෝඩයා ස්වභාව වශයෙන ඇති වු තලබල ‍ඌෂ්ණය විද දරාගනි. මේ ලෝකයේදි සිද්ධවන දුක් වලින් බොහෝමයක් අනුවණ කමින් වැඩිකර ගනිති. අනුවණ කම නිසා ස්වල්ප දුකත් වැඩිකර ගනිති. එසේම නිරායාසයෙන් ලැබෙන සැප අනුවණ කමින් නැතිකර ගණිති. නැතහොත් ඒ සැප අඩුකර ගනිති. මේ නිසා මනුෂ්යි ‍ලෝකය විද්යාකවටත්- තපසටත්. ඥානයටත්, සීලයටත්, ගුණයටත්, ධර්මයටත් ආධාරව පවත්නා හෙයින් කාම, රුප, අරූප යන භවත්ර යේ ඉතාමත් ‍‍ෙහාඳ ස්ථානය මනුෂය ‍ලෝකය බව පෙනේ.

මහල්ලා - මනුෂ්යබ ලෝකය එහෙම පිටින්ම-හැම තැනම හොඳ නැති බව අප්රිාකාවේ ආදී සමහර අශිෂ්ට මිනිසුන් වාසය කරන රටවල තොරතුරු අසන විට පේනවා නේද?.

වසන්ත - ඇත්තෙන්ම අප්රිතකාවේ ආදී සමහර රටවල තබා අපේ මේ කුඩා දිවයිනේත් සමහර පළාත්වල ඉතා රෞද්රෙ නරක මිනිසුන් වාසය කරන බව පෙ‍ෙන්. උසස් ඉගනිමත් ධර්ම ප්රිතිපත්තියත් නැති පවුල් පවා ඉතා දරුණු ය.

යෙෂං නවිද්යාෙ නතපො නදානං ඥානං නසීලං නගුණං නධමර්‍ං තෙමත්යග ලොකෙ භුවි භාර භුතඃ මනුෂ්යස රූපෙන් මෘගාශ්වරන්ති

  විද්යාරව, තපස, දානය, ඥානය, සීලය, ගුණය, ධර්මය යනාදි කරුණු වලින් තොරවු මනුෂ්යයයා රූපයෙන් ඇවිදාන තිරිසනා ය. ඉතින් වන මෘග සංඛ්යාපවේ ඉන්නා උසස් ශාස්ත්රන නැති ප්රිත්යනන්ත රටවල මිනිසුන් ගැන කුමට කතා කරනවා ද? ස්වකීය මෑණියන්ට



490 පළමුවන පාසැල

තිස්හය පලකට පිහියෙන් ඇන මැරූ අධමයෙකුට සිංහල ද්විපයේ ඉන්ට පිළිවන් වුනා නම් අනිත් රටවල් ගැන කුමට කියනවා ද?.

මහල්ලා - ඉතින් මහතාණනි‍, රෑ බෝවුනා, මට තමුන්නාන්සේ සම්මුඛවිම මගේ හොඳ කාල පරිච්ජේදක් ලැබුවා යයි මම සිතමි. මම ඉන්නේ අපාය හයකම වැටිගෙනයි. මා ඒ දුක් විඳිනවා මදිවාට අන්යප කෙනෙකුත් එහි අල්ලා එබිම යුතු නැත. මහත්මයාගේ මිත්රමයා වන කුමාරදාසට විරුද්ධව පවරන්නට සිතාගෙණ වුන් නඩුව මින් පස්සේ උසාවියට පමුණුවන්නේ නැත. මගේ දියණිය වැනි යමදුතියක් ඒ හොඳින් ඉන්නා තරුණ මහතෙකුගේ කරේ එල්ලීම අපරාධයකි” යි මහලු පෙරේරා මහතා කීයේ ය.

වසන්ත - මහත්මයා ඇත්තට ගරු කරන සත්පුරුෂයෙකි. තමන්ගේ දු දරුවන්ගේ හෝ භාර්යාවගේ හෝ තමාගේම වරද වුවත් දුටු තැන පිළිගැනිම සත්පුරුෂයන්ගේ යුතු කමකි. ලිලී පෙරේරා රුපියල් දසදාහක් අයකර ගැනිමට කියන්නට අදහස් කළ නඩුව එසේ මෙසේ එකක් නොවේ රුපියල් දාහක් හමාරක් වියදම් කළ යුතු ය. උසාවියේ දි එළි පහළි වන ඈ පිළිබඳව තොරතුරු ඉතාමත් සංවේග දායක වනු ‍නොඅනුමාන ය. ඉන් නිසා ඒ හිතුවක්කාර දියණියට අවවාද කොට හික්මවාගත මැනමැයි කියා වසන්ත චන්ද්රක මහතා රාත්රීො දහයට පමණ තමා නවතින හෝටලයට ගියේ ය.


07. පරිච්ජේදය

     මහළු පෙරේරා උන්නැහේ රාත්රීීවෙලා ගෙදර ගියේ ය. එහි ‍ගොස් මුහුණ අත පය සෝදා ගෙන පිළියෙළ කර තිබුණු ආහාර අනුභව ‍ෙකාට සුරුට්ටුවක් ද පත්තුකරගෙන ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක් පිට ව‍ාඩි ගත්තේ ය.
   තරුණ කාලේදි වත් නොදැක්වු ආදරයක් දක්වමින් පෙරේරා උන්නැහේ ගේ භාර්යාව සිනසීගෙන ඉස්තෝප්පුවට අවුත් පැත්තිකන් තිබුණු පුටුවක වාඩිගෙණ “මොකද අද මහත්මයා රෑ වුනේ-ලිලී කුමාරදාස විරුද්ධව පොරොන්දු කඩ කිරිමේ නඩුවක් ගන්නට වැඩ කරගෙන යන නමුත් දැන් ඒකටවත් ඉඩ නැති තැනට කටයුතු




පියාදස සිරිසේන නවකථා එකතුව 491


කරගෙණ තිබෙන බව අපේ ‍ලොකු දුව ඇග්නිස් කීවා ය. ඉතින් මහත්මයා මේ රෑ දාවල් වෙහෙසෙන්නේ කුමටදැ”යි කීවා ය.

   ඇත්තේනම මහළු පෙරේරා පුදුමයට පැමිණියේය. “වසන්ත චන්ද්රඉ මහාත ගේ උතුම් අවවාදය ඇසු නිසාදෝ අද මගේ වධක භාරිය මෘදු මොලොක් අන්දමට මා සමඟ කතා කරති. ලිලිට නඩුවට යන්ට බැරි යයි හැගෙන්නට කියන කතාව එසේ මෙසේ එකක් නොව නිකිණි කථාවේ පෙණෙන සෙ‍ලෝහාමිට වෙච්ච දේ ලිලීටත් සිද්ධවෙලා ද? එහෙනම් රට හිනස්සන්නේ නැතුව නිකම් හිටියනම් හොඳය”යි මහළු පෙරේරා උන්නැහේ තමා ගේ වධක භාර්යාවට කීයේ ය.
   “ඔව් දෙයියනේ, ඔය කාරණා නඩු ශාලාවට ගියාම එතනදි එළි පහළි වන කරුණු ප්රිවාත්ති පත්ර,වල ප්රාසිද්ධ වුනාම අපට ඉඳිමත් වෙන්නේ නැත. දැන් මහත්මයාට ඇත්ත කියන්නෙමි. මේ නඩුව සඳහාම ලිලී තනියේ නොතනියේ රෑ දවල් නොබලා ඇවිදිදා,  ඔය තරුණ නීතිඥවරු සමඟ මඟුල් ඉලව් ගැන කතා කරමින් සිටින විට මොනවා සිද්ධවෙන්ට බැරි ද?  දැන් ඒ ළමයාට තුන් මාසයක්ලු. ඉතින් එකට පිළියම් කරනවා මිස නඩු මගට යාමෙන් පලක් නැතැ”යි කීවා ය.
   “බොහොම හරි. අද දවල් තුනේ පටන් දහය වනතුරු කොටුවේ‍ හෝටලයක අපි සාකච්ජාවක් පැවැත්තුවා. වසන්ත්‍ චන්ද්රො නමැති තරුණ මහතෙක් මහා සේනක පණ්ඩිතයන් මෙන් අපට ධර්මානු ශාසනාවක් කළා. එතුමා කීවේ  “මව් යම්සේද-දරුවාත් එසේම ය” කියා යි. ඉතින් මෙයත් මාත් විවාහ වෙන‍කොටත් සිද්ධ වි තිබුණේ දැන් ලිලීට සිද්ධ වි තිබෙන එකයි-නේද?”  “ඇයි ද බොල දුවටත් තිගේ පෙර පුරුද්දම කියනුව ඉතින්” යනුවෙන් ගමයා කම මහගෙට කී බව ඇසුවේ නැද්ුදැ”යි මහළු පෙරේරා කියනකොට සාලේ ඇතුලේ වුන් පෙරේරා ගේ කන්වැන්දුම් දුව ඇග්නස් හිනාවෙමින් ඉතින් පප්පේ ඒ කවි පදේට ගම මහගේ කියාපු උත්තරය මතක දැයි ඇසුවා ය.
    පෙරේරා උන්නැහේත් මහළු පෙරේරා නෝනාත් පමණක් නොව ගෙදර වුන් කවුරුන් සිනාසෙන්ට පටන් ගත්හ. අනිකෙක් තබා- ඇබැද්දියට පැමිණ ඉන්නා ලිලිත් සිනාසි “පප්පා ගම මහගෙ ‍ෙග් කවි පදයක් දෙකක් නොකීවොත් නිකිණි කතාව හරියට දන්නේ නැතැයි කිවේ ය. මේ කිමට මතක නැතිවි තිබුණ නිකිණි කතාවේ කවිය මහලු පෙරේරාට මතක් වි “මාව මැරුවට කරන්නේ දැන් කුමක්දෝ. ඒ 



492 පළමුවන පාසැල


වෙච්ච වරදට-ඈ නුවුවත අකීකරු නැත. මේ වුනේ නම් ගිරහ අපලෙට”යයි කියන කොට මුළු ගෙදරම කොක්හඬ දෙමින් සිනාසුනේය.

   මහළු පෙරේරා මහතා ඔර්ලෝසුව දෙසා බලා දොළහට ළඟ බව දැක අපේ විකට ජිවිත ගැන නැවත කල්පනා කරමු. දැන් නිදිමතයි. යමු නිදාගන්ට කියා පුටුවෙන් නැගිට ගොස් තමාගේ කාමරයට වැදි නිදා ගත්තේ ය.
  පසු දින උදේ මහළු පෙරේරා මහාතට වෙනදාට වඩා හිතේ බලවත් සතුටක් විර්යයක් තිබෙන බව හැගුනේ ය. “සියල්ලකට මුල් හේතුව අවිද්යාිව බව ධර්මයේ කියා තිබේ. එය සත්යතයකි. ඊයේ එක දවසේ කළ ධර්ම සාකච්ජාවෙන් මට කොතරම් සැනසිල්ලක් ලැබුණා ද?. වසන්ත් චන්ද්ර  ගුණතිලක මහතා වැනි උගතුන් ටික කලක් වත් ආශ්රුය කරන්නට ලැබුනා නම් මගේ බලවත් මුලාව කොපමණ දුර නැතිකර ගන්නට තිබුණා ද? මුලාව හෙවත් අවිද්යාුව තුනි කරගන්නා තුරු මනුෂ්ය්යා තිර්සනාට වඩා අමුත්තක් නැත. ඒ බව දැන් වැටහෙනවාය’යි කල්පනා කර මින් තමා නිදිගත් යහනේම සිටන විට මහලු පෙරේරා හාමිනේත් වෙනදා නැති දයාවක් පෙන්වුවා ය. වෙනදා පෙරේරා ගේ උදේ ‍කෝපි කෝප්පය තමාම කැම මේසය ළඟ ගොස් බිය යුතු ය. නමුත් එදා තමා ගේ වදක භාර්යාව වතුර විදුරුවකුත් කෝපි ‍‍කෝප්පයකුත් ඇඳ ළඟටම ගෙණත් දුන්නා ය. “අනේ අපගේ විවාහය සිද්ධවි තිස්පස් වර්ෂයකටත් වැඩි ය. මේ ද‍ිර්ඝ කාලය තුළ මගේ භාර්යාව ඇඳ ළඟට ‍කෝපි කෝප්පය ගෙනවුන් දීපු දවස අද ය. නොඅනුමානව අපේ ජිවිතය වෙනස් වුනා වෙන්ට ඇතැ”යි ප්රීදති වෙමින් ‍කෝපි ‍ කෝප්පය බි ගෙයි ඉස්තෝප්පුවට අවුත් වාඩි ගත්තේ ය.
   වැඩි වේලාවක් යන්ට ප්රනථම ලිලී ගේ නඩුවේ වැඩ කරණ තරුණ නිතිඥයෙක් ලිලි පෙරේරා සම්භවෙන්ට ආවේ  ය. මහළු පෙරේරා නෝනා ලිලී ගේ හවුල්කාරයා මෙයා බව තේරුම්ගෙණ නිතිඥයාත් සමඟ කතාවට බැස-ආ මහත්මයා අපේ ලිලී ගේ පොරොන්දුව කඩ කිරිමේ නඩුවේ වාසියක් වේ ද?.

නීතිඥ - ඔව්-ඕව්-හොඳක් නඩුව, කුමාරදාසට බො‍හොම මුදල් තිබෙන නිසා-නඩුව දාපු හැටියේ රුපියල් පන්දාහක් විතර දීලා සමාදාන වෙන්ට බැරි කමකුත් නැත.




පියදාස සිරිසේනව නවකථා එකතුව 493

පෙරේරා නෝනා - ‍හොඳයි. උසාවියට යන්නටත් ඉස්සරින් ලිලිට ළමයෙක් ලැබුණොත් ‍! ඉතින් ඒ ළමයා ගේ පියා මහත්මයා බව ඔප්පු වුනොත් ! යයි කියන කොට උගුර කට වියලුණු නිතිඥ තැන “මාව පමණක් ව‍ැරදිකාරයා කරන්ට එපා! ලිලි දේශපාලන සමාජ කාරියක්”

  (මේ කතාවට මැදහත් නොවි පෙරේරා මහතා නෑගිට යන්ට ගියේ ය. නීතිඥයා තරම ඉංග්රීගසි නොදනිතත් ලෝකයේ ඇතිතාක් නීතිත් අවනිතිත් දන්නා මහළු පෙරේරා නෝනා නීතිඥයා සමඟ වාද කරන්ට පටන් ගත්තා ය.)

පෙරේරා නෝනා - ලිලි දේශපාලන සමාජ කාරියක් බවට හරවා ගත්තේ මහත්මයා විසින් ද-නැතහොත් මහත්මයාලා නඩුවක් කියන්ට ඈ පොළඹවා ගන්නකොටත් ඈ දේශපාලන සමාජකාරිය්ක ද?

තරුණ නීතිඥයා - ඒක මම දන්නේ නැහැ. ලිලි අපේ කන්තෝරුවට එනකොටත් සමාජය කනුවක්, අප කීප දෙනෙකුත් ම එම සමාජය පිළිගත්තේ ඇගේ ඕනෑ කමටයි.

පෙරේරා නෝනා - එසේ තිබියදි පොරොන්දු කඩකළායයි නඩුවක් ගන්නට නියම කරගෙණ අපෙන් රු: 150 ක් පමණ මුදල් ගත්තේ කුමට ද?.

තරුණ නිතිඥයා - මොනවද පෙරේරා නෝනා- අපි දැන් දේශපාලන සමාජස්ට්වරු, තිබෙන කෙනෙකුගෙන්-පිළිවන් දෙයක් ගැනීම අපේ “ධර්මය”යි. ලක්ෂණ තරුණයෙකු ගෙන් හෝ තරුණියක ගෙන් ගත හැකි ප්රජය‍යෝජනය ‍ෙනාගනිතොත් කොපමණ ‍ෙලාකු මොඩ කමක් ද?. නිතියෙන් දඬුවම් නොවිදිමට හැකි අන්දමට කාගේත් දෙයක් හරි ගත්තාට වරදක් නැත. දැන් ලිලිට සිද්ධවෙලා තිබෙනවායයි කියන ඇබැද්දියට “ප්රි තකාරයක්” කරගන්නවා මිස අපට වග පල කීවාට පලක් නැත. (ළඟ සිටි ලිලීට කතා කොට) ආ ලිලි උඹ ඇත්ත කියාපන්-උඹේ පලහිලව්වට වැරදි කාරයා මම ද?. උඹ අපේ කන්තෝරුවට එන කොට දේශපාලන සාමාජිකාවක් වශයෙන් නොයෙක් දෙනා සමඟ මිතුරුව නොයෙකුත් සමිත් සමාගම් පවත්වා පුරුදු නොවේද? නුඹ සමඟ ම‍ගේ හිතෛෂිභාවයක් ඇති වුණා නම් ඒ ‍උඹේම බලවත් ඕනෑ කමට නොවේද?. දේශපාලන සාමාජිකාවක් වශයෙන්




494 පළමුවෙනි පාසැල


ඇත්ත කථා කරපන්නැ”යි කීවාම ලිලි සිනා සෙමින් ඉංග්රීිසියෙන්ම “මේ නාකි ගැණුන්ගේ කථාබස් අපට කුමටද? කුමාරදාස සමඟ නඩු කියන්නට බැරි බව මටත් ‍පේනවා. මම වේලාපහින් මිනිහෙකු සමඟ කල් යැවු බවත් ඒ මිනිහා මා වෙනින් කෙනෙකු සමඟ මිත්රේ බවත් පොලීසියේ ‍පොත්වල සටහන් කර ත‍ිබෙන බවත් මම දැන ගත්තා. ඊටත් වඩා මට ගැබුසාවුණු බවත් ආරෝග්යා ශාලාවේ ලියවි තිබෙනවා. ඉතින් මහත්මයා කණගාටු වෙන්ට එපා. අප සමාජයේ අපට මොකක්වත් අපහාසයක් නින්දාවක් නැහැ- ඒ නිසා දැන් මා ඉන්නා තත්ත්වය ගැන කවුරුත් කනගාටු වෙන්ට වුවමනා නැතැ”යි ලිලී කීවාම “හොඳයි ලිලී ‍බොහොම ස්තූතියි” අද හවස 6ට අපේ “මිටිමක් ලිලිත් එන්ට ඕනෑ” යයි කියාගෙන තරුණ නීතිඥ-යා යන්ට ගියේ ය.

   නීතිඥයා ගියට පසු කාමරේ වුන් මහළු පෙරේරා උන්නැහේ එලියට අවුත්-දුලා දෙන්නාත් පුතාත්-මහළු භාර්යාවත් ඉදිරියට කැඳවා  මෙසේ කථා කරන්ට පටන් ගත්තේ ය. “ඇග්නස් (ලොකු දුව)  දැන් උඹත් උඹේ දරුදෙන්නත් මෙතනට වෙලා අවුරුද්දකටත් වැඩිය. ඉතින් නුඹලා තුන්දෙනෙකු නඩත්තු කිරිමට දැන් බැඳි ඉන්නේ මමයි. හර්බට්(පුතා) දැන් උඹට අවුරුදු 30 ක් පමණ වුණා. උඹ සතයක්වත් සපයන කෙනෙක් නොවේ.  ලෝකයේ ඇත්තාක් දුශ්චරිත කරමින් මගේ පැන්ෂන් පඩියෙන් යැමෙන පරපුටුවෙකි. ලිලී (2 වෙනි දුව) දැන් නුඹේ වයස අවුරුදු විස්සකි. මේ කාලය තුල නුඹ නැටුවේ නැති නැටුමක් ඇත්තේම නැත. දැන් නුඹ දේශපාලන සමාජයට බැඳි නටන නැටුම ඔක්කොටම අන්තය. ඉතින් මට උඹලා සමඟ මින් ඉදිරියට ඉන්ට අමාරුයි. මම ලබන සතියේ ඉන්දියාවට යනවා-උඹලාට පුළුවන් එකක් නුඹලා බලා ගනිල්ලාය” කියන කොට හැපින්නක් මෙන් කිපුන වධක භාර්යාව “උඹ ඉන්දියාවට ගියාම මටත් උඹේ දරුවන්ටත් යන කල දසාව කො‍ෙහාමද?” කියා ගෝරනාඩු කළාය. 
    ඔව්, සොපි නෝනා-උඹ කියන එක බොහොම හරි. ඉතින් මම මළොත්?

ඒ එතකොට නොව‍ැ මැරෙනතුරු උඹට අපව අත්හැර යන්ට පුළුවන් ද? දරුවන් අකීකරු නරක පිරිසක් වුනාට වැරදි කාරයා තාත්තා නොවැ!





පියදාස සිරිසේන නවකථා එකතුව 495


  ඇයි-අම්මා! මවු යම්සේද දරුවෝත් එසේමය කියු උත්තමයන් ගැන සොපි නෝනා අසා තිබෙනවා ද?
   “දෙයියනේ ඔය පණ්ඩිත කිම් වලින් අපට ඕනෑ කමක් නැහැ- අපට ඕනෑ-කන්ට අඳින්ට-හිතුන දෙය්ක කරන්ට එය ප්ර තිපත්ති ගුණධර්ම ආදිය ‍අපට කුමට ද?. ඒවා වුවමනා අය කල්මත්තෙන් දැනගෙන ක්රිරයා නොකළේ මන්ද? මම එදත් එකයි. අදත් එකයි. මගේ දුලා ඉංග්රිපසි ඉගෙනගත් නිසා මට වඩා ඉහළින්-‍ෙහාඳ මිනිසුන් ආශ්රෙය කරනවා- මට වඩා සැප විඳිනවා-ඉතින් ඒක නරක ද?- මගේ පුතාත් ඒ වගෙයි.  උඹ දැන් නාකිවුනාට පස්සේ “සිල් ගන්ට හදනවා ද”යි පෙරේරා මැහැලි හැපින්නක් වාගේ කථා කළා ය.
   “ඔව් සොපි   නෝනා උඹ කීවේ ඇත්ත තමයි. ඒ ඇත්තමයි. ඒ ඇත්ත කීවාට තෑග්ගක් වශයේන අද මට ලැබෙන පැන්ෂන් පඩිය එහෙම පිටින්ම උඹේ අතට දෙනවා. මම තරුණ කාලේ ඌරෙකුට වඩා නරක මිනිහෙක්ව වුන්නෙමි. ඒ කාලයේ හොඳක් නරකක්-පවක්-පිනක්-ධර්මයක්-සුචරිතයක්-මෙලොවක්-පරලොවක්- අපායක්-සුගතියක් තිබෙන් බව විමසුවේ නැහැ. පසු ගිය අවුරුදු තිහක් පමණ අහපු බැණුම්-විඳපු අවනම්බුත් සිතේ ඇති වු බලවත් ‍වේදනා-කරපු නොපණත්කම් හා මෝඩකමුත් අප්රකමාණ ය. ඉතා දුරුලභ වශයෙන් ලබාගත් මේ මනුෂ්යක ආත්මය නිරර්ථක වුනේ මා තුළ පැවති රාග චේතනාත්-ලෝභ චේතනාත් මෝහ චේතනාත් නිසා ය. ලෝක ස්වභාවය  තේරුම් ගත හැකි  උසස් ධර්මයක් ශාස්ත්රනයක් නුගත් නිසා පංචකාමය කෙරෙහි ඇති වු බලතර ආලය-තරුණ වය‍සේදි තවත් අධිකවිමෙන් තරුණ වයසේ සිටි නුඹ කෙරෙහි  ඇතිකළ ලෝභය- නුඹේ මායාවෙන් තවදුරටත් රැවටුනු නිසා අන්ධයෙක් හා සමානවු මම පාප මිත්රෝ සේවනය‍ටත් සුරා අපාය හයේම දුක විඳිමි. මේ සියල්ලටම වැරදිකාරයා අන්කිසිවෙක් ‍ෙනාව මම ම ය. ඉතින් මා කළ වරදට දඬුවම් වින්දා හොඳටම ඇති. දැන් මගේ කල්පනාව-මා මැරුණයි කියා හිතාගෙණ-මේ රට අත් ඇරලා කොයි බවත් යන්ටයි.

ඇග්නස් - (ලොකු දුව) පප්පා මේ රට අත්ඇරලා ගියාම- ‍අනිත් ඔක්කෝටම වඩා අමාරුව පැමිණෙන්නේ මටයි. මාව මිනිහෙකුට දීලා-ඒ මිනිහා මැරුණා. දැන් ලමයින් දෙන්නෙකුගේ කරදරයත් මගේ හිස පිට. ඉතින් පප්පා එක්කෝ ඒ දරුවන් භාරගන්ට ඕනෑ- එසේ නැත්නම් මාව ධනය ඇති මිනිහෙකුට




496 පළමුවන පාසැල


ක්සා ද බඳවා දෙන්ට ඕනැ!

මහළු පෙරේරා - බො‍ෙහාම හරි  ! කදිම දඬුවම  !! අනේ බොල නුඹ මගේ දුව වුනේ මගේ කීමකට ද? නුඹට අවුරුදු 18 ක් කවා පොවා උගන්වා නොයෙකුත් සැප පහසු දි ‍ෙලාකු වුනාට පසු දහට නයවෙලා දෑවැද්දක් සමඟ වැදග්ත් මිනිහෙකුට පාවා දුන්නා. නුඹේ අධම අසත්පුරුෂ ගති නිසා දුකට පත් ඒ තරුණා අකාලේ මැරුණාහ. ඔහුගෙන් හිමි වුනු රුපියල් දහ දොළොස් දාහක දේපල නුඹේ අධම මවුත් සමඟ එකතුවෙලා නොයෙකුත් වල් මිනිසුන් එක්කරගෙන නඩු හබ කියා තවත් අයුතු වියදම් කරගත්තා. එසේ කොට අන්තිමේ මෙතනට රිංගාගෙන දරුවන්ගේ ලෙඩට දුකටත් නුඹේ විකාර වලටත් මට ලැබෙන දෙයින් තුනෙන් පංගුවකට පඩා වියදම් කළා. ඒ කිසිවක් නොදත් නුඹ දැන් කියනවා උඹේ දරුවනුත් උඹත් ගැන වගකිය යුත්තා මම බව- බොහොම හරි ඇග්නස්, ඉතින් ලිලී උඹ කියන්නේ කුමක් ද?

ලිලී - මම කියන්නේ පප්පා මැරිලා ගියත් ඕනෑ තැනක ගියත් මට කමක් නැත. නමුත් පප්පාට ලැබෙන පැන්ෂන් පඩිය අපට ලබාගන්ට සලස්වනවා නම් මම කැමතියි. වෙන මට මොකවත්ම වුවමනා නැත.

පෙරේරා - ඔව් ලිලී, ලෝකේ හැටි ඔ‍ෙහාම තමා. මිනිසුන් මැරුණාම සමහර භාර්යාවොත් දරුවොත් අඬනනේ වැලපෙන්නේ ස්වාමියා නොහොත් පියා මළාට නොවෙයි. ඔහුගේ නැතිවිම නිසා නොව හම්බකරවා, ගෙන කන්ට නොලැබන නිසා බව දැන් රටේ ප්රේකට කාරණයකි. මිනිහාගේ මරණය හෙවත් ඔහු වෙන්මි යාම ගැන නම් කිසිහ කනගාටුවක් නැත. කනගාටුව මුදල් හදල් ලැ‍බෙන්නට තිබුණු මාර්ගය නැතිවිම පමණකි.ඉතින් ඒ කොයි හැටි වුනත් මට නම් දැන් වැටහෙන සැපේ නම් උඹලාගෙන් වෙන්විම පමණකි. ලෝකය ගැන උගතුන්ගේ කල්පනාව:-

කො ප ම න කිවත් දද දන සැප- සැප පහ සු බැ ළු තැ න නැණින් දුකමය රුදුරු විස මු සු වි දි ද න සැපය කියනා දේ ‍ලෙසට ඔ සු සැ න සෙ න බවක් නොපෙනේ නොවම දුක් මු සු




පියදාස සිරිසේන නවකථා එකතුව 497

නි ල ත ල සියල්ලම මහ බරකි හිස පි ට ත ද බ ල තැවුල්ලකි වැඩි දනය ලැබු වි ට කු ස තු ල දැවිලකි දුප්පත් දනන් හ ට ලො ව තු ල අවුල්ලකි නුවණින් බලන වි ට

රූ ප ත් ඉතිරි පුම කරදර විඳති නා ති පෝ‍ ස ත් දනට ඔරවති බණිති ගුටි දෙ ති කා ට ත් සිරුර තර සතුරන් ඉමක් නැ ති නේ ස ත් උගත් පඬිනට නිතර ගරහ ති

ද න ව ත් වුනත් අපරාදෙකි අනඩු වෙ ත‍ි ද න තැ ත් වුනොත් කනු ‍බොනු නැතුව වැලපෙ ති ත ම ල ත් බලය අන් කෙනෙකුට විසක් වෙ ති ත රු ණ ත් මහල්ලත් සැම තැනම හොඳ නැ ති

තැ න ක ට ‍ෙහාඳ එකක් තව තැනක නරක ය ‍කෙ නෙකු ට පිය දෙයක් අනිකෙකු හට දුක ය පැ ය ක ට සැපය සිතුවත් දුකිනි වැලක ය දි න ක ට පැය තිහක් දුක් විඳිනු නිසැක ය

උ ප න් දින පටන් අවුරුදු සියක් තු ල සැ පෙ න් යයි මුළු දිනයක් විසු ලක ල කි ය න් නට හැකිද කිසිවෙක් මෙදිය තු ල ඉ ති න් “සැප-සැපය” යනු නොවෙද නිස්ප ල

“දු ක ත් සමුදයත් සෙත දුක් නසන ම ග” ප ස ත් බුදු නැණින් දැනගත් තිලෝ අ ග සු ග ත් බුදුන් දෙසු මග මිස අරි අට ග නො මැ ත් මය සැපක් පිණි තරමට තණ ග

  පෙරේරා මේ කවි පංක්තිය කියවා සිතට ගෙණ-“‍ෙහාඳයි මට නම් කවදාව්ත මේ අඹුව්න දරුවනුත් සමඟ කල්ගතකොට ස‍ැනසිල්ලක් ලැබිය නොහැක්කේ ය. ඒ හෙයින් ‍අදම දුඃඛිත බන්ධනයෙන් ගැලවෙමියි සිතා-මහළු පෙරේරා උන්නැහේ එදින පැන්ෂන් පඩිය බැවින් තමාගේ පැන්ෂන් පඩියත් රැගෙන දඹදිව යන්නෙමියි අධිෂ්ඨාන කරගෙන ‍කොටුවට ගියේ ය. පැන්ෂන් ගන්නා විට පරණ මිත්රමයෙක් ඔහුට මුණ ගැසුණේ ය. ඔහුත් සමඟ එන විට ඔහුගේ මෙහෙයිමෙන් 


498 පළමුවන පාසැල


 බිම වෙළඳ ශාලාවකට ගොස් පුංචි “අඩියික්” ගැසුවේය. තමාගේ යහළුවා යන්ට ගිය නමුත් බිගත් හැටියේම “දඹදිව” සිහි නැති වි ගෙදරට වුවමනා සිල්ලර ටිකකුත් අරගෙන ගෙදර අවුත්මහළු පෙරේරා වෙනදා මෙන් කටයුතු කෙළේය.
  මනුෂ්‍යයන්ගේ කලකිරිමත් දුක සැප ලැබිම මෙන්ම ක්ෂණික සිද්ධියකි. ස්ථිරසාර අදහසක් - යමක් කමක් තත්වාවබෝධයක් ඇති වන්නේ දහසකින් කෙනෙකුට පමණකි. මේ හෙයින්ම අපේ ලක්දිව චපල-අනිස්ථිර මිනිසුන් දින පතාම අධික වන බව නිසැක කාරණයකි.


08. පරිච්ජේදය

   වසන්ත චන්ද්රප කිප දිනකට පසු කුමාරදාසලා ගේ ගෙදරට ගියේ ය. කුමාරදාසගේ මෑණියන් වන වික්රදමරත්න හිමිනේ වසන්ත් චන්ද්ර  පිළිගෙන ව‍ාඩිවෙන්ට සලස්වා තේ ‍කෝප්පයකින්ද සංග්ර්හ කොට ඉක්බිති කථාවට පටන් ගත්තේ ය.
  පුතා බලන්ට යන්ටයි වුන්නේ. අර වනචර ලිලීගේ පියා සමඟ කළ කථා නිසා අපේ කුමාරදාසට විඳින්ට තිබුණ  හිරිහැර කරදර වලින් නිදහස් වුනේ පුතා නිසාමයි. පුතා‍ගේ ඉගෙණිමත්-ස්ථානොචිත ඥානයත් නිසා නාකි පෙරේරා ස්වකීය පවු‍ලේ තත්වය අවබෝධ කරවා දිමෙන් දැන් ඔවුන්ටම නඩු කීම එපා වුන බව ආරංචිය. වසන්ත හාමුටත් ඉන්පසු මහළු පෙරේරා උන්නැහේ සම්භවුනාදැ’ ඇසුවාය.  “නැහැ මට එයින් පසු පෙරේරා   උන්නැහේ සම්භවුනේ නැත. නමුත් නඩු කිමේ අදහස සම්පූර්ණයෙන් අත්හැර දැමු බවත්-ලිලි පෙරේරා දැන් දරුවෙකු ලැබිමට වාසනාවන්තියක් වි ඉන්නා බවත් ආරංචිය.

වික්රදමරත්න හාමිනේ - වසන්ත හාමු විවාහ වනතුරු කුමාරදාස විවාහ නොවන බව ඊයේ රාත්රීක මා සමඟ කීවා-ඉතින් හාමුට සුදුසු තැනක් දැනගන්ට ලැබුණොත් කුමාරදාස ගැනත් හිතේ තබාගන්ට යයි කීවාම වසන්ත චන්ද්රත මෙසේ කියා කුමාරදාසත් සමඟ යන්ට ගියේ ය.

   “ඉතා හොඳ පළමුවෙනි පාසැලක ඉගෙණගත් ස්ත්රී්යක් මේ රටේ සොයා ගැනිම දුෂ්කර ය. මට හදිසියේ ලැබුණු ලියමනක් විපරම් කරන්නට තිබේ. ඒ හරි නොගි‍යොත් ලක්දිවින් ස්ත්රීියක් විපරම් කිරිමේ අදහස අත්හැර දමමි. මම ළඟදි ඉන්දියාවට යන්ට සිටිමි. එහි ගියාම 


පියදාස සිරිසේන නවකථා එකතුව 499

මගේ මිත්රරයෙකුගේත් ආදාරයෙන් කීප ‍පළාතකම විපරම්කර බලන්නෙමි. මා හැරි එනතුරු කුමාරදාස විවාහයක් කරගැනීමට ඉක්මන් නොවිය යුතුය”යි කීවාම කුමාරදාස සිනාසෙමින්” අනේ වසන්ත අපේ ජාතියේ සෙනග තිස් ලක්ෂයක් පමණ සිටිති. එයින් භාගයක් තරම් අනාර්ය මිලේච්ජ ලේ වලට මිශ්ර් වුවෝ බව ඇත්තකි. ඒ එසේ ද වුවත් අමිශ්ර්ව නියම සිංහල ‍ෙල් ඇතියන් පහළොස් ලක්ෂයක් පමණ සිටිති. ඒසා විශාල සෙනගත් අතර භාර්යාකමට තෝරා ගත යුතු තරම් තරුණායක් නැත්නම් ප‍ුදුමයකි. මා දන්නා පවුලක් මේ කොළඹම සිටි. එක් දිනක් අපි ඒ ගෙදර ප්ර්ධාන ස්ත්‍ිෙීය සැමිදුව සම්භවෙමු. අපේම රටෙන් සොයා ගන්ට පිළිවන් වේදැයි විපරම් ‍ෙනාකර ඉක්මන්විම සුදුසු නැතැ”යි කීවාම වසන්ත චන්ද්ර ද ‍ඊට එකඟ විය.

   “හොඳයි මා කියන තුරා කුමාරදාස ඉක්මන් නොවි ඉන්ට, වයස අවුරුදු විසිපහක් ඉක්ම ගිය පසු හුඟක් දුර වග විභාග කර ඉවසිල්ලෙන් විවාහයක් කරගන්ට උත්සාහ‍ නොකරණ තරුණන් බො‍ හෝ සේම රැවටෙති-මුළා වෙති”යි වසන්ත චන්ද්රහ ගුණතිලක මහතා කුමාරාදසව ගෙදර යලිත් බස්සවා ස්වකීය නිවසට අ‍ායේ ය.
    මිට සතර දිනකට ප්රතථම තමාට හදිසියෙන් ලැබුණු ලියමන පිළිබඳව ක්රිතයා කරන්ට ඕනෑයයි සිතා ඒ ලියමන අරගෙණ නැවතත් මුල සිට කියවා බලා-ඇත්තෙන්ම මේ “චන්ද්රඅ” ඉතාම ‍ෙහාඳ පළමුවන පාසැලක ව‍ැඩුණු කෙනෙක් විය යුතු ය. මේ ලියමනේ පෙනෙ‍න අන්දමට මෑ කුරුදුවත්තේ වැදගත් ගෙදරක ඉන්නා ගවනර්ස් කෙනෙක් ද?.  නැත‍ෙහාත් වෙතින් වැදගත් මෙහෙයක යෙදි ඉන්නා තැනැත්තියක් දැයි කිය නොහැක. අත් අකුරු පරීක්ෂා කළ ජිවානන්ද මහතා කී දේ සත්යක නම් මේ චන්ද්‍මනා රූප ලක්ෂණයෙන් යුත්- දාසියක් නොවන කෙනෙක් විය යුතු ය. මේ තැනැත්තී ඉන්නා ස්ථානය පළමුකොටම සොයා ගතයුතු යයි සිතා- තමා ගේ නිතර රික්ෂෝ රථකාරයා කැඳවා කුරුඳුවත්තේ  ප්රුසිද්ධ විදියක විශාල මන්දියක් ලඟට ගොස් විපරම් කෙ‍ළේ ය. එහි ඉන්නේ උසස් යුරෝපීය පවුලකි. ඒ ගෙදර මෙහෙකරුවෙක් වත් එළිය පහළියක නොසිටි බැවින් වසන්ත මෙසේ කල්පනා කෙළේ ය. “දැන් මම ගෙයි නොම්මරයත් ගෙයි නමත් දැන ගතිමි. මම හුදකලාව-  එහි ‍ ගොස් “චන්ද්රග ‍මෙහි ඉන්නවා දැයි ඇසුවොත් බාගවේලාවට මා ‍චෞරවයෙකු ලෙස ගණන් ගන්ට බැරි කමක් නැත. ඉන් නිසා දැන් මම කන්තෝරුවට ගොස් වැදගත් යුරෝපීය මහතෙකුගෙන් ලියමනකුත් රැගෙන හෙට ඉරිදා උදේම මේ ගෙදරට 





500 පළමුවන පාසැල


ගොස් චන්ද්රු දකින්නෙමි”යි සිතා කෙලින්ම කන්තොරුවට ‍ෙගාස් බැංකුවක හිතවත් මහත්මයෙකු ළඟට පැමිණ කාරණය කිවේ ය.

   චන්ද්රක නැවතී ඉන්නා ගෙදර මහත්මයාත් ‍ නෝනාත් මේ යුරෝපීය මහතාගේ ඉතාමත් හිතෛෂි යහළුවෝ ය. “ඉතින් ගුණතිලක මහතා අඳන්වාදීම වශයෙන් කියයුතු කුමක් දැයි යුරෝපීය මහතා ඇසුයේ ය. “මේ සමඟ එන්නේ මගේ මිත්රය වැදගත් කෙනෙකි.  ඔහුට ඈත නෑකමින් නෑනා වන කෙනෙක් මහත්මයාල‍ා‍ගේ ගෙදර යම්කිසි මෙහෙයක යෙදී ඉන්නා බව ආරංචිය. ඒ හැබෑ නම් මේ මහතාට ඒ තරුණියත් සමඟ ටික වේලාවක් කථා බස් කරගන්ට ඉඩ දෙනු මැනවි” යන වාසගම වසන්තට ලියා  ඒ මහතා අතට දුන්නේ ය. “ඔව් වසන්ත මේ ගෙදර රූපත් සිංහල තරුණියක් ඉන්නා බව මම්ත දනිමි. ඈ එඒමහත්මයාගේ දුවරු දෙදෙනෙකුට මැහුම් ‍ගෙතුම් මල් හැදුම් ආදී අත්කම් උගන්වන බවත් මම දනිමි. වසන්ත යන්ට-නොඅනුමානව ඈ සම්බවි කතාබස් කරගත හැක. නෑනා කෙනෙක් නම් විවාහ කර ගත්තත් හොඳය”යි සිනා සෙමින් කවට බස් කියා ලියුම් ටයිප්කර අත්සන් කොට-වසන්තගේ මිත්රි වු ස්කොට් මහතා ප්රීිතියෙන් ලියමන දුන්නේ ය.
    වසන්ත චන්ද්රව මහත් ප්රී තියෙන් ලියමන රැගෙන රික්ෂෝ රථයේ නැගි මෙසේ කල්පනා කෙළේ ය. “චන්ද්රාප, ‍ෙනාඅනුමානව වැදගත් මවුපියන් ගේ දරුවෙකි. අතර කාලයක අනාථ කටයුතත් ඉතාමත් අ‍ගේ ය. ඇ‍ගේ මිත්රැ ගුරුවරියකට යවන ලද දීර්ඝ ලියමන කුරුණැගලට නොගොස් අනියම් ක්ර මයකින් මා අතට ලැබුණේ-චන්ද්ර් මාගේ භාර්යාව විමට සුදුසු හෙයින් ය. සල්ලි පණම් ඉඩ කඩම් න‍ෑදෑ මිත්රරයන් ඉන්නා පවුලකින් මට විවාහයක් කරගත හැක. දැනමට නොයෙක් උසස් පවුල්වලින් මඟල් ජෝඩු වෙති. ඒ නමුත් නිදහස් සැපවත් නිරවුල් ජිවිතයක් ගත කිරිමටත්- උසස් පරම්පරාවක් ඇති කිරිමටත් චන්ද්රා් වැනි උදාර අදහස් ඇති කෙනෙකුන්ම සරණ කරගත යුතුය‍”යි  සිතමින් ගෙදර ආයේ ය.
   කැම්බල් පාක් උයන පසෙක පිහිටි වසන්ත් ගේ ගෘහය ඉතා විශාල නුවුවත් දැකුම් කටයුතු නිවාසයකි.ච ස්වක‍ීය මවු පියන් ළඟත් වැඩ කළ “ලුවිස් අප්පු” නමැති වයස් ගත මනුෂ්යකයා ඒ ගෙ දොර බලාගන්ට සලස්වා තිබේ. ඔහු නොයෙක් වර්ගයේ මල් හා එළවලු.  පළතුරු ආදිය වවා “චන්ද්රක භාගි” නමැත් ඒ බංගලාව ඉතා රම්යල නිවාසයක්




පියදාස සිරිසේන නවකථා එකතුව 501


කර තිබේ. වර්තමාන කාලයේ ධනවත් ගේවල තිබෙන දැව භාණ්ඩ වලින් කිසි අඩුවක් නැති “චන්ද්ර භාගි” නමැති ඒ බංගලාවෙහි ඉතා අලංකාර ලෙස තබා තිබේ.

  මේ නිවසට අමුතුවෙන් ගිය කෙනෙකු ඉක්මණින් ඒ ගෙවින් පිටවි යා නොහැක්කේ ය. වසන්ත චන්ද්රු ගුණතිලක මහතා මෙබඳු රම්‍ය බංගලාවක් පිළියෙල කරගෙන තිබෙන බවක් දන්නා ඒ මහාත ගේ මිත්රගයෝ ඉතාමත් දෙනෙකි. මක් නිසාද මේ බංගලාව මිලේට ගෙන වැඩි කලක් නොවන බැවින් ය. තමා ගේ මුව පිය ඥාති මිත්රාසදි කිසිවෙක් නැති ඒ බංගලාවේ මහළු කුස්සි අම්මා කෙනෙකු කුඩා ළමයෙකුත් ලුවිස් අප්පුත් පමණක් නැවති ඉන්නා බැවින් වසන්ත නැති වේලාවට එය පාළු ගෙයක් වැනි ය.
     සෙනසුරාදා සවස ගෙදර එනවිට එහි කීපදෙනෙක් ඉන්නා බව ‍ගේට්ටුව ළඟදීම දැනුනේ ය. දැනී සතුටුව ගෙටච ගොඩ වාදි බැළු කල ගුණවතී උපාසිකාව, නුවර මඟුල් කප‍ුරාළ සහ තවත් මිනිහෙකි. ඔවුන්ට කාලෝචිතව සංග්රණහ කර තිබුණු-ලුවිස් අප්පු කෙරෙහි ප්ර සන්නවි- ඔවුන් ගෙන් ආ ගිය තොරතුරු ඇසුවේ ය. ගුනවති උපාසකම්මා කතා කරමින් හාමු මහතාගේ මේ බංගලාවට ආ පළමුවෙනි වතාවමයි. මේ මල් හා එලවලු කොටුවත් අලංකාර ගෙය්ත වැඩිදුරටත් අලංකාර විමට නම් පංච කල්යා්ණයෙන් යුත් නෝනා කෙනෙක් මෙහි ඉන්නට ඕනැ. එය සලස්වා දෙන අදහසින් මේ කිරි බණ්ඩාත් සමඟ මම ආවා. මහනුවර වීර‍කෝන් රාළහාමිගේ දියණිය ගැන තකා කරන්ටයි ඇවිත් ඉන්මනේ කීවාම-“‍ඔව් උපාසකම්මාට මම ස්තුති කරමි-මේ කිරිබණ්ඩා මිට ඉස්සරත් ආවා-වීරකෝන් රාළහාමි ගේ තොරතුරු ලියාගෙන ආවා දැයි වසන්ත ඇසුයේ ය. “ඔව් මහත්මයා උන්නැහේලාගේ මුතුන් මිත්තන් ගේ තොරතුරු ඒ අයවත් දන්නේ නැත. පාතරටින් එහි ගිය කෙනෙක් වන වීරකෝන් රාළහාමි නුවර පවුලකින් කසාද බැඳ තිබේ-දැන් ඉතාමත් ප්රෝසිද්ධ ධනවතෙක්, දුවත් පුතාත් පමණයි පවුලේ ඒ ද‍ුව හොඳට ඉංග්රීිසි දන්නවා- බෝඩිං ඉස්කෝලෙක නවත්වා පස් අවුරුද්දක්ම උගන්වන ලදි. ඒ ළමායට මහනුවරින් ගෙවල් දෙකකුත් රබර් වත්තකුත් මුදලෙන් රුපියල් දාසදාහකුත්‍-රුපියල් පන්දාහක ඇඳනුත් දෙනවා. මේ උපාසක හාමිනේ-මහත්මාය ගැන එතන වලව්වේදි කතා කළ වේ‍ලේ පටන්ම-ඒ රාළහාමිත් ළමාතැනිත් මට කරදර කරන බැවින්-මේ උපාසිකා හාමිනේත් එක්කරගෙන් ආවේ ඒ ගැන තීන්දුවක් කරගැනිමට”යි කිරිබණ්ඩා ඉතා ඕනැ කමින් කීවේ ය.




502 පළමුවන පාසැල


   “මොකද  උපාසාකා ආච්චි කියන්නේ-ජෝඩු කරන මනමාලිය ගේ නම කුමක් ද “ග්රෙ ස්” නොවේ ද?.
   “අනිච්චං-හාමු මහත්මයා ඒ නෝනා ගේ නමත් දන්නා හැටිය”යි කියමින් ගුණවති උපාසකම්මා පුදුම වුනා ය. “අනේ අපාසිකා ආච්චි මාව අප‍ායේ දාන්ට එපා- විරකෝන් රාළහාමිගේ පියා මාර්කට් එකේ කුලී උස්සපු මිනිහෙකි. ඔහු ගේ භාර්යාව විවාහ වෙන්ට පෙර බත්කඩේක සිටි මෙහෙ‍කාරියෙකි. බලවත් අපරාපරිය වේදනිය කර්මයකින් ඔවුන්ට වස්තුව ලැබි තිබේ. ඒත් ධාර්මික රැකි රක්ෂා වලින් නොවේ. මසට ගවයන් විකුණා සත්ව වෙළඳාමෙන් හා සුරා වෙළඳාමෙන්ද - අසරණයන් ගේ ඉඩකඩම් තුට්ටුවට දෙකට ගැනිමෙන්ද ධනවත් වු වීරකෝන් දැන්නම් රුපියල් හාර පන් ලක්ෂයකට පොහොසතෙකි.  ඔවුන්ට හදිසියෙන්ම වාගේ ධනය ලැබුණාක් මෙන් ප්ර්ඥාව-සීලය-අවිහිංසා චේතනාව පරාර්ථචර්යාව-ආත්ම ගෞරවය- ආත්ම ශක්තිය-ආත්ම විශ්වාසය ආදි උතුම් ගුණත් ඇතිවි තිබේ ද?. 

සත්තථිකන්ම නැත. ඉතින් ධනයට වඩා අනත් ගුණධර්ම උසස් කොට සලකන මට ග්රෙනස් හොඳ‍ ද? ඒ තැනැත්තීට වහල්ව ඇගේ කන්දොස්කිරියාවට ගොදුරු වී- ඇ‍ගේ නොපනත්කම් ඇස් වසාගෙන බලමින්-මනුෂ්යට තිරිසනෙක්වි-ඒත් මදිව මනුෂ්යෙ තිරිසනුන් බෝ කරන්ටද මට කියන්නේ?.

    ග්රෙයස්ව හොඳ රටේ දේශපාලන සාමාජිකයෙකුටයි-මට වුවමනා තරම් ධනය තිබේ. ඒ වා‍ෙගේම ධනයෙන් සුවසේ ඉන්ට පිළිවන් වන්නේ- පංචකල්යා ණයෙන් යුත් හෙවත් දිර්ඝ කෙස් කලාපය ඇති- සමව පිහිටි දත් ඇති-‍ෙනාතර නොකෙට්ටු සිරුරක් ඇති-නුස් නොමිටි වර්ණවත් ගැහැණියක් හා විවාහ විමෙන් නොවේ. සුවසේ ඉන්ටත්-ද උසස් පරම්පරාවක් ඇති කරන්ටත් පිළිවන්-“චිත්ත කල්යා්ණය” ඇති ස්ත්රිඋයකගෙන් පමණක් යයි කීවාම කිසිවක් කතා කරගත නොහැකි වු ගුණවතී උපාසකම්මාත් කිරිබංඩාත් වසන්ත චන්ද්ර  මහතාට ආචාර කොට යන්ට ගිය හ.
   සෙනසුරාදා රාත්රී  ආහාර අනුභව කොට‍ සිරිත් පරිදි නිදාගත් නමුත් වසන්ත චන්ද්ර් නිදා ගැනිමට දුෂ්කර විය. හෙට වෙන්නේ කොයි වේලේ දැයි ඔහුගේ සිතේ තද අමාරුවක් පැවති බැවිනි. ස්ත්රීු වියෝගයෙන් පීඩිත වුවන්ට මෙන්ම ස්ත්රී යක් කෙරෙහි බලවත් ඇල්මක් ඇති තැනැත්තාට ද නින්ද නොයාම ආදී ගර්හිත ආබාධ  ඇති වේ. කොතරම් ධර්ම ශාස්ත්රහ උගත් කෙනෙක් වුවත් ස්ත්රීතයෙකු හා ආශ්රහයෙහි




පියදාස සිරිසේන නවකථා එකතුව 503


පුරුද්දක් නැති වසන්ත චන්ද්ර ටික වේලාවකට නමුත් මුලාවේ වැටුණේ ය.

  කො‍ෙහාම නමුත් ඉරිදාට පහන් විය. වෙනදා මෙන් කරන බුදුගුණ සජ්ඣායනා ආදියෙන් පසු උදේ තේවතුර බී-පිරිසිදු වාන් යුරෝපීය ඇඳුමකින් සැරසී තම මිත්රන ස්කොට් මහතා දුන් ලියමනත් සාක්තුවේ දමාගෙන-තමා ගේ පුරුදු රික්ෂෝ කාරයා වන ගිරිගෝරිස් ගේ රික්ෂෝ රථයෙන් බර්ඩ් මහතුන්ගේ නිවසට යාමට පිටත් වුනේ ය. සුදු, කහ, කළු ආදී නානා වර්ණයෙන් යුත් කුඩයක් ඉස ලා ගත් ස්ත්රී යක් අතේ යම්කිසි ද්ර ව්යගයකුත් ඇතිව ඉස්සරහට එනු දුටු වසන්ත චන්ද්රග මහතා ප්රීිතියට පත්වුයේ ය. මේ ස්ත්රීයය නියමම තරුණ කාන්තාවක් නුනත් රූප සොභාවෙන් අනුන විවාහ වු ස්ත්රීටයක් බවත්-ඉසලාගෙන තිබු කුඩය නා නා වර්ණයෙන් යුත්ත වුවත් ඈ අතේ තිබු පාර්සලය හෙවත් පොට්ටනිය මිහිරි ආහාර ද්ර ව්යවයක් බවත් තේරුම් ගත් වසන්ත චන්ද්රි මේ ගමන නික්මෙන්ට කලින් තිබුණාටත් වඩාවන ප්රීවතියෙන් ගමන් ගත්තේ ය.
    බර්ඩ් මහතා ගේ ගෙයි ගේට්ටුව අසල-සුදුපාට වාන් සාරියක් ඇඳ-කේස කලාපය විදහාගෙන-මල් නෙලන තරුණියක් සිටින බව දුටු වසන්ත චන්ද්රි ගේට්ටුව ළඟදී රික්ෂෝ රථයෙන් බැස “චන්ද්රාි” කියා කථා  කෙළේ ය. ඒ හඩින් තිගැස්සුණු චන්ද්රාෝ එක පාරටම ගේට්ටුවෙන් ඇතුල්ව ගේ දෙසට එමින්න සිටි වසන්ත චන්ද්රන දෙස බලා මඳක් සිනාසී වසන්තට ප්රවථමයෙන් ගෘහයට ඇතුල්වි ගත්තා ය. ඇය පස්සෙන්ම වාගේ ගිය වසන්ත ද ඉස්තෝප්පුවට නැගුණාට පසු- ඇතුල් සාලේ දොරකඩ පසෙකින් සිටි චන්ද්රාන “මහත්මයා-කාවද සම්බවෙන්ට ආවේ?” කියා මෘදු වචනයෙන් ඇසුවා ය. “මා සම්බවෙන්ට ආවේ චන්ද්රා් යි. ඊට පළමු මේ ගෙදර ප්ර ධාන බර්ඩ් මහතා හෝ නෝනා හෝ ‍දෙදෙනාම සම්බමිමට තිබේ”යයි කීවාම චන්ද්රාබ නම්  මමයි. බර්ඩ් මහතාත් නෝනාත් පවුලේ අනිත් උදවිය ඊයේ නුවරඑළි ගොහින් ය.  ඔවුන් ආපසු එන්නේ ලබන බ්රනහස්පත්නිදා හෝ සිකුරාදා යයි සිනිමාසු මෘදු වචනයෙන් කියමින් ගෙයි ඇතුල් පැත්ත බැලුවා  ය.
    මේ විශාල මන්දිරයේ එවෙලාවට වුන්නේ මුරකාරයාත් කුඩා ළමයෙකුත්-අයම්මා වවන මැන්චි හාමිත්-මහළු කුස්සිඅම්මා කෙනෙකුත් චන්ද්රා ත් පමණකි. චන්ද්රාව තව වරක් වසන්ත චන්ද්රු දෙස බලා කරුණාකර වාඩිවෙන්ට අපේ ආයම්මා නානවා ඉක්මණින් ඉවර වී එනවා ඇතැයි




504 පළමුවන පාසැල


කීවාම පසෙකින් තිබුණ පුටුවක වාඩි ගත්තේ ය. වතුර නා තෙත්ව සිටි කේස කලාපය බැඳගෙන-වසන්තට ටිකක් ඈතින් සිටි චන්දරාුර නැවතත් කතා කරමින් “තමුන්නාන්සේ දැන් මගේ නම කියා කථා කළේ මිට ඉස්සර අඳුනනවා ද නැතහොත් කාගෙන් වත් දැනගෙන ද මා සම්බවෙන්ට අවේ. නැතහොත් බර්ඩ් මහතා සම්බවෙන්ට ආ ගමනක්දැ”යි ඇසුවා ය.

    “නැහැ චන්ද්රෘන, මට බර්ඩ් මහතා වුවමනා වෙන කිසිවක් සඳහා නොව චන්ද්රාච සමඟ කතාබස් කරන්නට අවසර ගැනීමට පමණකි. දැන් ඒ මහතා නැති බැවින් ඒ අවසරය ද වුවමනා නැත” කියන කොටම මැන්චි හාමි නමැති දෙ‍ෙගාඩහරි වයසේ සිටි ආයම්මා න‍ාගෙන හිසත් පීරාගෙන එලියට ආවා ය. චන්ද්රා ත් සමඟ රූපත් තරුණයෙක් කතා කරමින් සිටින බව ඈතදිම දුටු මන්චිහාමි ලහි ලහියේ ආවා ය. ඇවිත් වසන්ත දිහා දෙතුන් වරක් බලා ප්රීුතිමත්ව සිනාමුසු හඬින්” අනේ වසන්ත හාමු අනේ පොඩි හාමු-මෑණියන් ගේ මරණයෙන් පසු හාමු මහතාට දුටුවේ අද ය. දැන් කොහේද ඉන්නේ” කියමින් මහත් ගෞරවයක් දැක්වුවා ය. “ආයම්මා අපේ මෑණියන් අඳුනනවා ද? මාවත් දැකලා පුරුදු ද- ඇත්තෙන්ම බර්ඩ් මහතා සම්මුඛ නුනත් අද මගේ ගමන සඵල ය. මගේ මෑණියන් අඳුනන කෙනෙකු තුළ මා කෙරෙහි බලවත් සැලකිල්ලක් ඇතිවන බව මට නිසැකය” කියන කොට ආයම්මත් චන්ද්රාලත් දෙදෙනාම ශාලාවට ගොස් වසන්ත චන්ද්රනට සංග්ර හ කරන්නට කිරි තේ විදුරුවක් ලැහැස්ති කරන්නට නියම කර ගත්හ. ආයම්මා එසේ කරද්දී චන්ද්රා  ගේ හිත වසන්ත කෙරෙහි තබා ගිය බැවින් හිත නැතිව ශරීරය පමණක් ගෙයි සාලය තුළ සිටිනු නොහැකිව නැවතත් ඉස්තෝප්පුවට අවුත්-
     “දැන් නම් මහත්මයා ගැන දන්නවා. දැන් ආයම්මා කිව් ගුණතිලක මැතිණිය අපේ අම්මාත් සමඟ නිතර ආශ්රමය කළ කෙනෙකි. ඒ කාලේ මම ඉස්කෝ‍ෙල්-අපේ මවු ඒ ඉස්කෝලේ මියුසියස් නමැති කොලිජියේ- සිංහල ගුරුවරියකි. ඉතින් අපේ මවු ගේ මරණනයට අවුරුදු පහකට ඉස්සරින්, ගුණතිලක මැතිණිය එක් දිනක් ඉස්කෝලෝට ආ බව ද මට මතක් වුනා” යි ප්රීතති කදුළු වලින් ප‍ිරුණු ඇස් ඇතිව චන්ද්රාෝ කීවා ය. “ඔව්-චන්ද්රාි, මිට අවුරුදු විසිතුනකට හෝ විසිහතරකට පමණ ප්ර්ථඹ චන්ද්රා ත් සමඟ එකට වාසය කළ බවත් මට මතක් වෙනවා-චන්ද්රා්ටත් ඒ බව මතකද’යි ඇසුවේ ය





පියදාස සිරිසේන නවකථා එකතුව 505


     චන්ද්රාාට එක පාරටම මේ කීවේ කුමක් දැයි වැටහි “ඔව් ඒ බැව් මගේ කෙන්ද්ර ය බැලු අයත් කියා තිබේ. බුද්ධ කාරක ධර්මය පුරාණ බෝධිසත්වවරුන්ට එක ආත්මයක තොරතුරු ඉතාමත් පහසුවෙන් සිහිපත් කරගන්නට පිළවන් බවත් වමා අසා තිබේ. අවුරුදු විසිහතරක් නොදැක සිටි මාගේ ස්වාමි දරුවාණන් අද දකින්නට ලැබුණු නබව කියමින්-බිම වැට්-වසන්තගේ දෙපතුල් ලඟ වැටි අඬන්ට පටන් ගත්තා ය. එතකොටම මැන්චිහාමි කිරි තේ විදුරුවත් රැගෙන එන බව දුටු වසන්ත “දුර්වලවෙන්ට එපා චන්ද්රාම-නැගිටින්ට-නැගිට මිට ඉස්සර ආත්මයේ චන්ද්රා මෙන් ධෛර්යමත් වෙන්ටය”යි කියන‍කොටත් චන්දරාස   නැගිට ගත්තා ය. ඒ කරණය දැක්කා ‍ නොදැක්කා තරම එහායින් සිට ආ  මැන්චිහාමි-කිරි තේ විදුරුව වසන්තට පිළිගැන්නුවා ය. එය පානය කොට ප්රී තියෙන් හරිත චන්ද්රාි ගෙයි සිටියදි-මැන්චිහාමි වසන්ත චන්ද්ර්ත් සමඟ වත්තේ මල්ගස් අතර තිබෙන බංකු දෙක ළඟට ගොස් වාඩි ගෙන කථා කරන්ට පටන් ගත්හ. දැන් හාමු මහතා ඉන්නේ කොහේ ද? කරන රක්ෂාවකුමක් ද? බර්ඩ් මහත්මයත් පවුලත් බලන සෙනනුරාදා තරම් රට යනවා- ඉතින් මට නම් ගමට යන්ට පුළුවනි- නමුත් චන්ද්රාන නෝනාට වෙන්නේ අකරතැබ්බයකි. බර්ඩ් මැතිනිය චන්ද්රාි නෝනාටත් එංගලන්තයට යාමට කතා කරනවා. නමුත් ඒ  ළමයා කැමති නැත. මේ චන්ද්රාය නෝනාය කියන්නේ ඉතාමත් හොඳ මවු කෙනෙකු ගේ ළමයෙක් ය. ධනවත් වෙළෙන්දෙක්ව සිටි විජයසේර මහතා ගේ භාර්යාව වන සුධර්මා විජයසේකර හාමිනේ  උසස් පාඨශාලා ආචාර්යාවරීයක්ව වුන්නා. හාමු මහතා ගේ මැණියන්ගේ ද ඉතා හිතෛෂි මිතුරියකි. පුරුව කර්මයක් නිසා පියත් මවුත් දෙන්නාම නැතිවුනායින් පසු ගාල්ලේ පාසැලක මැහුම් ගෙතුම් මල් හැදීම ආදි කර්මාන්ත ඉගැන්මිමට චන්ද්රා් නෝනා පත්කර ගෙන තිබේ. ඒ  ඉස්කෝලේ මැනේජර් තැන ‍ගේ පුත්රරයා ගේ කරදර නිසා චන්ද්රාු නෝනා එයින් අස්ව- එවකට ගාල්ලේ නැවති වුන් බර්ඩ   නෝනා ගේ ‍ඉල්ලීම පිට ඒ නෝනා ‍ෙග් දුවරු දෙදෙනෙකුට මැහුම් ගෙතුම් මල් හැදිම ආදි අත්කම් උගන්වමින් දැන් ඉන්නවා. මේ මහතුන් ළඟට අවුත් අවුරුද්දකට වැඩි නැත. චන්ද්රා  නෝනාගේ උගත්කමත් උසස් ප්‍රතිපත්තියත් නිරහංකාර සාන්ත ගතියත් නිසා මේ ඉංග්රිකසි මහත්තැන් කෙතරම් දුර පැහැදි සිටිත් ද කියතොත් චන්ද්රා  ස්වකීය දරුවෙකු ලෙස නීති මගින් ඇතුළත් කරගෙණ ළඟදී එංගලන්තයට යනකොට ඇයත් සමගම යාමට කතා කළා.  නමුත් චන්ද්රාන නෝනා ස්වකීය 





506 පළමුවන පාසැල


මෑණියන් මැරෙද්දී ලියා තැබුවයි කියන පණිවිඩේ අන්දමට- කොළඹින් පිට යන්නේ වත් පිරිසිදු සිංහලයෙකු සමඟ මිස විවාහ වෙන්නේ වත් නැත කියනවා. ඉතින් හාමු මහතා-ගුණව්ත-උගත්-හොඳ මවු කෙනෙකු ගේ දියණියක් විවාහ කරගන්ට කැමති නම් මිට වඩා හොඳ කෙනෙකු සොයන්ට කමක් නැහැ”යි කීවා ය.