පියදාස සිරිසේන නවකථා එකතුව- 05-ඩෙබර කෙල්ල ii
07. පරිච්ජේදය
ග්රේපස් ඉන්න බෝඩිමේ ම අඳුනන සේවකයෙක් ඉන්න බව දැන ගත් මම එහි ගියෙමි. ඇත්තෙන් ම ඔහු ඉතා හොඳ මිනිහෙකි. ජාතිය ආගම රට කෙරෙහි බලවත් ප්රේ මයක් ඇති ඔහු කෝන්ගොඩ වික්රඳමපාලට අවඩන්නෙකි. මා ගිය හැටියේ ඉතාමත් ආදරයෙන් පිළිගෙන ඔහුගේ කාමරය කරා කැඳවාගෙන ගොස් අමද්යේ පැන් විදුරුවකින් සංග්රනහ කොට මා එහි පැමිණියේ යම් කිසි කාරණයක් නිසාදැයි ඇසුයේ ය. “ඔව් ගුණපාල, මා අවේ තමුසේ හම්බවිමටයි. දැන් මට ඉස්සර මෙන් දැඩි වික්ර ම වැඩ කරන්නට බැහැ. එහෙත් ජිවත්ව ඉන්නා තරු කාය වාක් මනඃ යන ද්වාරත්රරයෙන්ම යම් කිසි පරාර්ථදායි වැඩක් නො කොට ඉන්නට බැහැ. දැන් අපේ ජාතියේ ඩෙබර කෙල්ලන් හා ඩෙබර කොල්ලන් බෝවිම ඉතාමත් භයානකය. සමහර පළාත්වල ගොළුබෙල්ලන් බෝ වෙනවාටත් වඩා සැරේට ඩෙබර කෙල්ලන් හා හා ඩෙබර කොල්ලන් බෝවෙති. එක ගොළුබෙල්ලිය්ක එක වරකට බිත්තර සියය හමාරටත් වඩා දමයි. එමෙන් එක ඩෙබරියක් නිසා ඩෙබරියන් හා ඩෙබරයන් කොපමණ බෝවේ ද? මා හොඳට දන්නා එක්තරා ඩෙබරියක් නිසා ඩෙබරියන් දෙදෙනෙකුත් එක ඩෙබරයෙකුත් උපන්නාහ. ඒ තුන්දෙනාට ඩෙබරියන් දහ හත් දෙනෙකුත් ඩෙබරයන් දෙන්නෙකුත් උපන්නාහ. ඔවුන් දහනව දෙනා උපන් පසුත් ඩෙබර තාලයට ම වැඩුණු බැවින් අතම්මා වන බෙඩරියට වඩා සත් ගුණයකින් නීච ඩෙබරියන් හා ඩෙබරයන් වු මිණිබිරි මුණුබුරන්ට දු පුතුන් පනසක් පමණ බෝ වි සිටි.
පියදාස සිරිසේන නවකථා එකතුව 603
ඉතිනු මේ අන්දමට දැන් සිංහල ද්විපයේ ඉන්නා තිස්පන් ලක්ෂයක් පමන වු සිහංලයන්ගෙන් තඅනෙන්-දෙකෙන් පංගුවකටත් වඩා ඩෙබර ඩෙබරියන් වි සිටිති. ශිඝ්රලව බෝවිගෙන යන මේ ඩෙබර වසංගතය වැලැක්විමට උපක්රිම නො යොදා මැරැණොත් මා කරන වැඩවලින් කිසි පලක් නැත. ඒ නිසා පරාර්ථයෙහි අනුසස් දන්නා ගුණපාලත් මට උපස්තම්භක විය යුතු”යයයි කීවාම ප්රීිතියෙන් සිහිසන් නැතිව ගිය ගුණපාල ඉසේ අත තබාගෙන “අනේ මහත්මයෝ අපේ ජාතියටත් ආගමටත් රටටත් සිද්ධිව තිබෙන හානිය මදක්වත් සංසිඳවිමට ක්රිජයා කරන කෙනෙකුට මගේ ජිවිතය වුවත් පුජා කරන්නෙමි. වික්ර්මපාල මහතා නිසා පිරිසිදු සිංහලයන් ටික දෙනා තුළ ඇතිවි තිබෙන උදාර අදහස් නිසා නොවේ නම් මෙලහකටත් සිංහල ජාතිය අන්තර්ධාන වෙලා ය. එ බැවින් තමුන්නාන්සේට මගෙන් වුවමාන සියල්ලක් ම ඉෂ්ට කරන්නෙමි”යි ගුනපාල කියේය.
මම - ඔව් ගඅණපාල, මේ ස්කෝලේ බෝඩිමේ ග්රේ ස් කියා තරුණියක් ඉන්නවාද? ඈ ගැන ගුණපාල දන්නේ මොනවාද?
ගුණපාල - (ටිකක් ඈතින් පුටුවක් පිට වාඩිවි ඉන්න ග්රේ ස් පෙන්වමින්) අන්න අර ඉන්නේ ඒ නෝනා තමයි. ගාලු පළාතේ ධනවත් කෙනෙකුගේ දුවක්ලු. බොහොම යාළුවෝ ඉන්න නෝනා කෙනෙකි. නිතර ම මොටෝකාර්වල නැගි යන එක කෙනෙකි. ලබන සඳුදා බණ්ඩාරවෙල පැත්තේ සෙල්ලමට යන්නට සුදානම් වෙනවා. ස්කෝලේ ළමයි කට්ටියකුත් ගුරුවර ගුරුවරියන් කට්ටියකුත් ඒ ගමන යන්නට සුදානම් වෙනවා. ඉතින් ඒ කාණ්ඩය සමඟ වැඩකාරයොත් යනවා. මම නම් ඒ පිරිස සමඟ නොයන්නටයි හිටියේ. එහෙත් මහත්මාය කියතොත් මටත් ඒ පිරිස සමඟ යන්නට පුළුවනි.
මම - ගුණපාල මක්කරලාත් ඔවුන් සමඟ යන්න ඕනෑ. මම රහස් පරික්ෂයකු වශයෙන් බණ්ඩාරවෙල පැත්තට යන්නයි ඉන්නේ. ගුණපාල මේ ග්රේමස් ගැන මොකවත් දන්නේ නැද්ද?
ගුණපාල - මේ නෝනා ස්කෝලයට ඇවිත් වැඩි කලක් නැත. මේ තැන පුදුම ගැනු ළමයි ඉන්නවා. ග්රේ ස් නෝනා ගැන වැඩි දැනිමක් නැත. ලෝබ නැතිව වියදම් කරන උජාරුවට අඳින ලජ්ජා භය නැති කෙනෙක් බව මිස ඊට වැඩි යමක් දන්නේ නැත. ඊටත් වඩා අපට ඔය තරුණියන්ගේ චරිත ගැන විපරම්
604 ඩෙබර කෙල්ල
කරන්නට ඉඩක් නැත. දැන් කාලේ කවුරුත් කිසිම චාරිත්ර්යක් නැති හිතුවක්කාර විළි බිය නැති අය බැවින් ඔවුන් ගැන දැන ගැනිමට අපට නියමයක් කර නැති නිසා අමුත්තක් කියන්නට බැරිය යි කීවේය.
මම - හොදයි ගුණපාල, මේ ගෑනු පිරිමි ගුරුවර ගුරුවරියන් ආදි පිරිස සමඟ යන්න -ම ඕනෑ. මම නොයෙක් වෙස්වලින් ඒ පිරිසගේ තොරතුරු විමසනවා. මට උපකාරයක් වශයෙන් ඒ ඒ අවස්ථාවලදි මා කියන දේ කර දෙන්නට ඕනෑ” යයි කියා මම යන්නට ගියෙමි.
මා ගෙදර යනකොට තලතුනා භික්ෂුන් වහන්සේලා දෙනමක් මා එනතුරු බලා වුන්හ. වෙලාව දහයමාර පමණ වු නිසා මේ හැමුදුරුවරුන්ගේ දන් වේලාව යයි සැලකූ මම “ස්වාමින් වහන්සේලා සමඟ දැන් කථා කර කර ඉන්නට ගියොත් හොඳ නැත. ඔබ වහන්සේලාට දවල් දානය ලැබෙන්නේ කොහොම ද? එහෙම නියම ස්ථානයක් නැත්නම් පිළිවන් තරමට අපි වත් පිළියෙල කරන්නෙමු”යයි කීවෙමි.
එවිට හාමුදුරුවරු මහත් ප්රීිතියට පැමිණ “මහත්මයා හොඳ කෙනෙක්, අවංක කෙනෙක් බව අසා තිබේ. එහෙත් මෙ තරම් ශ්රටද්ධාවත් කෙනෙක් බව අපි නො දනිමු. මහත්මයාට දුෂ්කර නැත්නම් අපට ආහාර ටිකක් පිළියෙල කර දුන්නොත් වළදෙන්නෙමු. එසේ බැරිනම් අසල පන්සලකට ගොස් හෝටලයකින්වත් ගෙන්වා ගෙන අපි දානේ ටික ගන්නෙමු”යයි කිහ.
එවිට මගේ ළමයා කථාකොට කුස්සියට ගොස් බැලුවිට මට පිළියෙල කර තිබුනු කෑම මඳ හෙයින් වහාම හෝටලයකට යවා ආහාර ගෙන්වා හාමුදුරුවන්ට දන් දුනිමි. ඉක්බිති මම ද ආහාර ගතිමි. හාමුදුරුවරු දානය වැළදු පසු කලින් තිබුනාටත් වඩා මා කෙරෙහි සැලකිල්ලක් ද ඇති කළ බව මට දැනුණේය. දැහැත් වැළදු ඉක්බිත් උන්වහන්සේලා පැමිණි කරණය කියන්නට පටන් ගත්හ. “මහත්මයා ඉතානමත් ම දක්ෂ රහස් පරීක්ෂකයෙක් බව දිනිමි. මේ ලෝකේ කිසිවෙකුටත් සිතන්නට පවා විමලතිස්ස හැමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය මෙව් මහත්මයා අපේ ආගමටත් අපේ ජාතියටත් වැඩ දායක නොයෙක් කරුණු පරීක්ෂා කොට ප්රටකාශ කිරිමෙන් අත්කර දුන් ශාන්තිය අප්රීමාණ ය.
පියදාස සිරිසේන නවකථා එකතුව 605
දැන් අප පැමිණියේත් එ බඳු ලෝක ශාසල සංග්ර හයක් කලස්වා ගැනීමට ය. අප දෙදෙනා ම එක ම හාමුදුරු නමකගේ ගෝලයෝ ය. අපේ තුන්වැනි සහෝදරයා වන ගුණසිරිට අප දෙ දෙනාගේත් කැමැත්ත ඇතුව මිට අවුරුදු දහයට පමණ පෙර අපේ ගුරු හාමුදුරුවන්ට අයිති පන්සල් තුනකුත්, කුඹුරු දෙකකුත්, අක්කර පහක පොල් වත්තකුත් තෑගි ඔප්පුවකින් පවරා දි තිබේ. ඉතින් ඒ වතුපිටි ආදියෙන් ලැබෙන ධනයට කුමක් වෙනවා ද කියන්නට බැරිය. අවුරුදු දෙක තුනක පටන් ඒ ගුණසිරිත් අමුතු සැප පහසුවක් විඳින බව නො පෙනේ. අපට යන්තම් ජිවත් විමට වත් මොකවත් නො ලැබේ. මේ ගුණාසිරිගේ හිතවත් නැ කෙනෙකුට දෙන බවක්ද නොපේනේ. අපේ එක පන්සලක් අසල ඉන්නා කලින් ඉතා දිළිඳුව උන් පවුලක් නම් ධනවත්ව ඉන්නා බව පෙනේ. ඒ පවුලේ හැම දෙනා ම ගුණසිරි හා ආශ්ර ය කරති. එහෙත් ඔවුන්ට කිසිම සම්බන්ධයක් නෑ හුරු කමක් ගුනසිරිට නැත. වෙනෙකක් තබා අපේ ගුණසිරිත් ඒ පවුලත්කුල දෙකකට අයිති ය. ඒ පුවලේ තරුණ වයසේ මාගමකුත් නැත. එහෙත් ඒ ගෙදර ඉන්නා මහලු ස්ත්රීිය ගුණසිරිට බොෙහාම කරුණාවන්තය. මවක් මෙන් ගුනසිරිට ආදරේය. පොල් වත්තෙන් ලැබෙන ආදායමත් කුඹුරුත් කිසි කතාවක් නැතුව ඒ පවුලට දෙන බව දැන ගන්නට තිබේ. එහෙත් වැරදි කාමුක අදහසකින් එසේ කරන බවක් කිය නොහැකි ය. ඒ පන්සල් තුනත් පොල් වත්තත් එසේ කරන බවක් කිය නොහැකි ය. ඒ පන්සල් තුනත් පොල් වත්තත් හිමි අපට එයින් කිසිවකුත් නොදි නමනුත් භුක්ති නොවිඳ ස්වකීය කුලයට වත් අයත් නොවන පවුලකට දෙන්නේ කුමක් නිසාදැයි අපි ප්ර්ශ්න කළාම “ඒ මගේ කැමැත්තය”යි කියයි. ඉතින් මෙම රහස කුමක් ද නීති මාර්ගයෙන් මේ අයුත්ත වලක්වා ගන්නට බැරි දැයි බුද්ධදත්ත නැමැති ලොකු හැමුදුරුවෝ ඇසුවාය.
මම - ඉතින් හැමුදුරුවනේ සියුම් රහස දැනගැනීමට මහන්සි විම යුතු ය. මේ මහන්සි විම නිසා මට ලැබෙන ප්රමතිඵලය කුමක් ද?
බුද්ධදත්ත - මහත්මයා අපි තෑග්ගකුත් දෙනවා. එමෙන්ම පිනුත් සිද්ධ වෙනවා.
මම - කීයක් තෑගි දෙනවාද පිනෙන් කමක් නැහැ. මට උවමනා කරන්නේ තෑග්ගයි. ඒත් වෙන මොකවත් නොව මුදලුයි.
බද්ධත්ත - අත් පිට මුදල් ඕනෑ කරනවා ද?
මම - ඇත්තෙන් ම අත් පිට මුදල් ඕනෑ. ණයට වැඩ කරන
606 ඩෙබර කෙල්ල
මිනිසුන්ගෙන් සියේට අනුපස් දෙනෙක් රැවටෙනවා.
බුද්ධදත්ත - උන්නාන්සේලා එහෙම කරන්නේ නැහැ. මහත්මයාට අප විශ්වාස නැද්ද?
මම - අනේ හාමුදුරුවනේ “විශ්වාස” නම් දහවල් හිනයකි. දහවලට දකින හිනවලින් සියයට අනුනමයක් ම බොරු ය.
බුද්ධදත්ත - එහෙනම් මහත්මාය බුද්ධාගම විශ්වාස කරන්නේ නැද්ද?
මම - සමාවෙන්න හැමුදුරුවනේ මම බුද්ධාගම විශ්වාස නො කරමි. එහෙත් මම ප්රතත්ය ක්ෂ වශයෙන් බුද්ධාගම දනිමි. එ හෙයින් ඒ උතුම් ආගම ඉතාමත් භක්ත්යා්දරයෙන් අදහමි. සමහර හැමුදුරුවන් පින් සිදුවෙන් පිණිස නම් වැඩ කරවා ගනිති. එහෙත් එ බඳු වැඩකට ගාස්තුවක් ඉල්ලුවාම “පින්දෙති” එ බඳු වැඩ කරලා පින් ලබා ගත හැකි නම් ඉබ්බන්ගෙන් මයිල් ද හාවුන් ගෙන් අං ද ලබාගත හැකිය.
බුද්ධදත්ත - මේ තැනට පැමිණි වේලේ පටන් අපට කළ සංග්ර්හයක් ගෞරවයක් ගැන කල්පනා කරන විට මහත්මයාට ආගම “විශ්වාස කරන” ශික්ෂුන්ට පක්ෂපාත කෙනෙනක් බව අපට වැටහුනි.
මම - ඔව් ස්වාමිනි. මම බුද්ධාගම ඒකානත් සත්ය් දර්මය බව දිනිමි. මාතුළ පවත්නේ විශ්වාස මාත්රඅයක් නොවේ. මම බුද්ධාගම ඇදහිමෙන් ලැබෙන ආනිශංස ප්ර්ත්යඅක්ෂ කරගත් කෙනෙකි. ඒ හෙයින් බුද්ධාගම “විශිවාස” කරන අයෙකැයි නො සිතුව මැනැවි. අපේ නිවසට පැමිණි ඔබ වහන්සේලාට අද සෑහෙන තරම් උපස්ථාන කිරිමට නො ලැබුණාට මම කනගාටු වෙමි. ආගන්තුක සත්කාරය අපේ ප්රගවේනි ධර්මයකි. භික්ෂුන් වහන්සේලාට පමණක් නොව කාට වුනත් ඒ ඒ අයෙග් ප්ර මාණයටත් ඒ ඒ වේලාවේ අන්දමටත් සංග්රාහ කිරිම මගේ සිරිතකි.
බුද්ධදත්ත - ඉතින් මහත්මයා අප කී කටයුත්ත එනම් ගුණසිරි උන්නාන්සේ කරන අයුත්ත කුමක් නිසා එසේ කරනවාදැයි පරීක්ෂා කර දුන්නොත් ලොකු ශාසන සංග්ර්හයෙකි.
මම - ශාසන සංග්රිහයක් නොවේ. සමහරවිට තමුන්නාන්සේලාට වාසියුකත් ගුණසිරි උන්නාන්සේට, ඒඋන්නාන්සේ මිත්රව
පියදාස සිරිසේන නවකථා එකතුව 607
පවුලට අවාසියක් ද විය හැකිය. සයිමන් කන දේ ජුවානිස්ට අරන්දිම “කුසලකි” ඒ නිසා මට රුපියල් දාහක් දෙතොත් නිසැකව ඒ කාරණනය පරීක්ෂා කො දැනගෙන එහි සත්යනය ඔප්පුකර දෙන්නෙමි. අද මම වැදගත් ගමනක් යන්නට සුදානම් වන බැවින් හාමුදුරුවන් සමඟ මිට වඩා කථා බස් කරන්නට ඉඩ නැතැ යි කීවාම. “හොඳයි, වික්ර මපාල මහත්මයා සම්මුඛ විමට නැවත එන්නෙමු”යි කියා ඒ හාමුදුරුවරු යන්නට ගියහ.
ග්රේ්ස්ලාගේ පිරිස බංඩාරවෙල යන්නේ රාත්රිව දුම්රියේය. ඔවුන් සමඟ ම කොළඹින් දුම්රියට නැගි යාමට වඩා පොල්ගහවෙලදි ඒ දුම්රියට නැගිමට ෙහාඳ යයි වැටහුනු මම මගේ වෙස් මාරු කර ගැනිමාදියට උපකරන ඇඳුම් හා කැම බිමත් තැන්පත් කරගෙන ඉතා හොඳ යුරෝපීය ඇඳුමකින් සැරිසි මරදානේ දුම්රියපලට ගොස් හතරහමාරට පිටත්වන දුම්රියේ දෙවෙනි පංතියේ කාමරයක නැගුනෙමි. දුම්රියේදි හිත වෙනස් නුනොත් පොල්ගහවෙලින් බසින්නට සිතා ඒ තැනට ටිකට් පත්රතයක් ගෙන මම දුම්රියට නැගුනෙමි. මට කලින් එහි නැග වුන්නේ සනීප ගැනිම සඳහා බංඩාරවෙලට යන පවුලකි. මහත්මයාත් නෝනාත් ළමයි තුන් දෙනෙකුත් ආයා කෙනෙකුත් තවත් මෙහෙකරු ළමයකුත් යන හත් දෙනෙක් වුහ. ඒ කාමරයේ පැත්තකින් අනිත් කාමරයට යා හැකි මාර්ගය තිබුනු බැවින් මම වහාම ඒ කාමරයෙන් අනික් කාමරයකට ගොස් වාඩි ගතිමි.
දුම්රිය ද පිටත් විය. අල්ලපු කාමරේ ඉන්නා මහත්මයාගේත් නෝනාගේත් කථාව. පටන් ගත්හ. මහත්මයාට ඉංග්රිකසි කතාකළ හැකි නමුත් නෝනාට කැඩිච්ච ඉංග්රිමසි මිසක් හොඳ ඉංගිරිසි බැරි නිසාදෝ ඔවුන්ගේ කථාව ඉංගිරිසි මිශ්රට සිංහල භාෂාවෙන් කෙරුණේය. “ඇල්ප්රරඩ්” බංඩාරවෙල යනවාට අසතුටු වුනේ ණය වෙලා මුදල් වියදම් කරන්නට බැරිය. කියලයි. එහෙත් අපේ අක්කලාගේ හැටි දන්නවා ද? අපේ මස්සිනාට සිවිල් වරෙන්තු දෙකක් තිබෙනවා. ජයසිංහ නෝනාගේ ඇඳුම් මඟුල් ගෙදරකට යන්නය කියා ඉල්ලාගෙන අවුත් හෙට්ටි කඩේ උගස් තියා රුපියල් හත්තෑ පහක් ගත්තා. ඉන්න ගෙට හය මාසයකින් කුලි ගෙව්වේ නැහැ. ළමයින් තුන් දෙනාගේ ස්කෝල කාසි පස් මාසයකින් ගෙව්වේ නැහැ. පිටකොටුවේත්, මරියකඩෙත්, බොරැල්ලෙත් කඩ දහයකට පමණ
608 ඩෙබර කෙල්ල
රුපියල් දෙ තුන් සියයකට වඩා හාල් තැන පහ ගත් මුදල් ගෙවන්නට තිබේ. අහල පහල ණය නැති කෙනෙක් නැත. ඒ ඔක්කෝම එසේම තිබේද්දි ගිය සුමානේ බායියෙකුගෙනන් රුපියල් එකසිය පණහක් ණයට ගෙන ඊයේ බංඩාරවෙල ගියා. වෙන වැදගත් මිනිස්සු සනීප ගන්නට යන කාලයට අපිත් ෙනාගියොත් අපේ තත්වය පහත බහිනවා. ඒ නිසා ඇල්ප්රයඩිට මේ ගමන යන්නට කථා කළා මිස මේ කාලයේ අපට සල්ලි නැති බව මමත් දන්නවා ය”යි ඇල්ප්‍රඩ්ගේ භාර්යාව නැන්සි ස්වාමියා සනසන්නට මෙන් කීවා ය.
මේ කථාව ඉතා ඕනෑකමින් අසාගෙන වුන් මම මගේ ගමන ඉතා ම සාර්ථක එකක් වු බව සිතමින් ඔවුන්ගේ කථවට ඉතාමත් හොඳින් ඇහුම්කන් දුනිමි. භාර්යාවගේ කථාවට තව දුරටත් අප්රටසන්න වු ඇල්ප්රකඩ් “අනේ නැන්සි, මට තිබෙන අමාරුකම් උඹ දන්නේ නැත. උඹේ අක්කාගේ විත්තිය මට කිවා. එහෙත් විජේරත්නට තිබෙන පැටලිලිත් ඔහු වෙලා තිබෙන ණයත් උඹට වඩා හොඳින් මම දනිමි. ඔහුගේ මිත්රායකුගේ ප්රානාන්දු දොස්තර උන්නැහේගේ ඔරලෝසුව අවශ්යම වුවමනාවකටය කියා ඉල්වාගෙන ගොස් රුපියල් දහයකට උගස් තියා ඒ දොස්තර මහතාට කරදර කරන උඹේ අක්කාගේ මහත්මයා ඉන්නා තත්ත්වය මට කියන්නට කමක් නැහැ. ඉතින් නුඹලාගේ පරම්පරාවේ නරක පුරුදු එකක් වත් නුම ඇතුළු කිසිවකුගේ අත්හැරි නැත. දැන් මගේ ගිලෙන්නට තිබෙන්නේ නාහෙන් උඩ පමණකි. නාස් පුඬු දෙක ළඟටම ගිලි ඉවරයි. තමන්ගේ ප්රාමාණය නො සලකා ස්ටයිල් කරන කාටත් මේ ලෝකයේ ඉන්නා ඉඩක් නැත. මට ලැබෙන පඬිය රුපියල් සියයි. නුඹේ මළමලාමය නිසා රුපියල් හතරළිහක ගෙයක ඉන්නවා. නුඹට වැඩ කාරයන් තුන් දෙනෙක් නැතුව බැහැ. මාසයකට සබන් පුයර සඳහා රුපියල් හයකට වඩා යනවා. දොස්තර බෙහෙතක් නො බොන එක දවසක් නුඹට තිබෙනවා ද? අඩු ගණනේ දොස්තර බේත්වලට එක මාසේකට රුපියල් පහළොවකට වඩා යනවා. රුපියල් දහයකට අඩු සාරියක් නාඳින නුඹේ ඇඳුම් සඳහා මසකට රුපියල් විස්සක් තිහක් වියදම් කළ යුතුය. ළමයි තුන්දෙනාට ඇඳුනුත් ස්කෝලෙ කිසිත් රුපියල් විස්සකට වැඩිය. ඉතින් කොළඹ නගරයේ කානිවල් ආදි විකාර උත්සවයක් පවත්වතොත් ඒකටත් යන්න ඕනැ. මට ලැබෙන පඩිය ඇත්ත වශයෙන් බලතොත් අපේ ගෙදර කැමටත් මදිය. නුඹට ඒ තරම් ම හොඳටත් ලොකුවටත් කැම බිම ද වුවමනා කර ති‍්බේ. මේ
පියදාස සිරිසේන නවකථා එකතුව 609
පසුව යන අවුරුදු හත තුළ මට ලැබුණු පඩිය පමණක් නොව අපේ මව් පිය සන්තක දේ රුපියල් හත් අට දාහකුත් වියදම් කර දැන් මා විසින් ගෙවිය යුතුව තිබෙන ණය මුදල රුපියල් පන්දාහකට වැවි ය.
නුඹලාගේ මවුගේ පටන් පවතින මේ ගර්හිත අධිකත්වයට මාත් ඈඳා ගත් නුඹලාට සාප නොවි යන්නේ නැතැයි ඇල්ප්ර ඩි කියා තුෂ්ණිම්භුත විය. දංඩකින් පහර කැ සැපින්නක් මෙන් කිපුණු නැන්සි “නුඹ වාගේ පාහර කථා කියන්නෙක් නැත. නුඹට ඕනෑකමට මාව කාසද බැඳ ගත්තා මිස මගේ ම ඕනෑකමට ද නුඹට බැඳුනේ?” “නැහැ, නැන්සි නුඹ කෙලිජියේ කානිවල් පලේදි මගේ ඇඟේ හැපි කාමුක මන්ත්ර?යෙන් මා සමඟ කර ගත්තා. එහෙත් දෙවනු නුඹෙන් ගැලවෙන්නට උත්සාහ කළ නමුත් නුඹේ කපටි මවු ඉට ඉඩ නොදි නැන්සි නැමැති උර චක්රාමාලය මගේ කරේ පටලැව්වා. දැන් නම් ජිවිත පරිත්යාාගයකින් මිස මේ උරචක්ර මාලය ඉවත් කරන්නට බැරි බව පෙනේ. හොඳයි කරච්චල් නොකර සනිප ගන්න යමන්”යයි කීවේ ය.
අඹු සැමි දෙදෙනාගේ මේ වචන ටික අසාගෙන වුන් මට මා නොදැනුවත් ම කිඹිසිල්ලක් ගියේය. ඒ කිඹිසිම සාමානය කිඹිසිමකට වඩා වේගවත් වු හෙයින් අල්ලපු කාමරේ වුන් ඇල්ප්රෙඩ් හා නැන්සි පමණක් නොව ඔවුන්ගේ ළමයි ආයා ද භය පත් වුනාක් මෙන් මා ඉන්නා කාමරයට එබි බලා මොන මොනවාදෝ කියන්නට පටන් ගත්හ. ඒ කිසිත් මට තේරුණේ නැත. දුම්රිය මිහිරිගම පසු කරමින් යන බව පෙනුනේ ය. මිහිරිගම බ්ම්ගේ පෙණෙන කොට ම මට කිවයක් මතක් විය. මේ වනාහි “කව් මුතු වැල” නැමැති ප්රමශස්ත කාව්යුයෙහි කවියකි.
රි ය ර ඳ වඩින දුම්රිය කග සලා ගෙන ම ග ඉ ඳ මිරිගම කඳු යකු බලා ගෙන ගි ලි ස ඳ දොරටුයෙනි රුඳු කුස සිලා ගෙන ත ද තෙ ද පා කෙනෙක නික්මිනි පලා ගෙන
අල්ලපු කාමරයේ වුන් ඇල්ප්රමඩ් මහ්තමයා මා ඉන්නා කාමරයට අවුත් (ඉංගිරිසියෙන්ා) “මහත්මයාට ලොකු කිඹිසුමක් ගියා. අපි ටිකක් භය වුනා. මහත්මයා කොහාටද යන්නේ” කියා ඇසුවේය. “මම යන්නේ බණ්ඩාරවෙලටයි. ටිකක් හයියෙන් ගිය කිඹිසුමට මහත්මයාලා භය වුනේ මොක ද? එයිට වඩා භය විය යුතු කරුණු එමට තිබියදි ස්වභාව ධර්මය වශයෙන් නිකුත්වුන කිඹිසුමට භය
610 ඩෙබර කෙල්ල
වුනේ මන්දැ”යි ඇසුවාම ඇල්ප්ර ඩ් මහත්මයා මා කෙරෙහි ටිකක් ප්රාසන්න වුනාක් මෙන් මා ඉදිරිපිට හිස්ව තුබුණු ආසනේ වාඩි ගෙන සිංහලෙන් ම කථා කරන්නට පටන් ගත්තේය. “මහත්මයා බණඩාරවෙල යන්නේ යම් කිසි කටයුත්තක් සඳහා ද නැතහොත් සනීප ගන්නට ද? මහත්මයා පදිංචි කොළඹද?” කියා ඇසුවේ ය. “ඔව් මම කොළඹ පදිංචි කෙනෙක්. මා බණ්ඩාරවෙල යන්නේ කටයුතු වගයක් නිසායි. එහෙත් හත් අට දවසක් එහි ඉන්නට ලැබුනොත් එහි ‘සනීපත්’ තිබෙතොත් මටත් ඒ සනිපය ආ යුතු නොවේද” යි සිනාසෙමින් කීවෙමි.
“නැහැ මේ කාලයේ නොයෙක් දෙනා සනීප ගන්න බණ්ඩාරවෙල යාම සිරිතක් වි තිබේ. දැන් මේ අපිත් යන්නේ සනීප ගන්නයි. ඉතින් අවුරුද්දකට වරක් දේශගුණය වෙනස්විමට පිට පළාතකට යාම හොඳ නොවේ දැයි ඇල්ප්ර.ඩ් මහත්මාය ඇසුවා ම මටත් තදින් සානා ගියේය. තදින් කිඹිසිමට නිසා ඇල්ප්රදඩ් මහතා මා ඉන්නා කාමරටය ආවාත් මෙන් ම මගේ මේ තද සිනාව නිසා නැන්සි නෝනාත් ඒ කාමරටය අවුත් ස්වකීය ස්වාමියා ළඟින් ම වාඩි වුනා ය. මට අප්රතමාණ ප්රී තියකි. ප්රීුතියෙන් පිනා ගිය මම ඔවුන් දෙස බලා මහ්තැන් අසතුටුව නැත් නම් කථාන්තරයක් කියන්නට කැමැතියි. සමහර අසනීප කාරයෝ බණ්ඩාරවෙල යති. ඉතින් එය දකින අසනීප නැති අයත් බණ්ඩාරවෙල යාම හරියටම ජෝන් මළාට රැවුල කපාගත් මිනිසුන්ගේ ක්රිැයාවට දෙ වැනි එකක් නොවේ. සනීප ගැනිම ගැන විස්තරයක් කරන්නට ප්රෙථම මා දන්නා ඒ කථාව කියන්නට දැයි ඇසුවා ම, මහත්මයාටත් ප්රයථම නැන්සි නෝනා සිනාසි “කරුණාකර ඒ කථාන්තරය කියන්න”යයි මට ආරාධනා කෙළේ ය.
“පුරාණ කාලයේ - ඉතාමත් පුරාණ නොව මිට අවුරුදු සියයකට වාගේ ඉස්සර දකුණු ඉන්දියාවේ රජෙකුගේ මාළිගාවේ රෙදි සෝදන මිනිහෙක් උන්නේ ය. ඔහු ඒ මාළිගාවේ රෙදි සේදිම පරම්මරාවෙන් ම හිමි කර ගත් කෙනෙකි. ඔහු කිළිටි රෙදි ගෙන යාමටත් ඇපුල්ලු රෙදි ගෙන ඊමටත් බුරුවකු යොදාගෙන සිටියේ ය. මේ රජකයාගේ බුරරුවා බොහෝ කලක් වැඩ කළ කීකරු සතෙකි. උගේ නම “ජෝන්”ය. රජක ගෙදර දීර්ඝ කාලයක් විසු ජෝන් නැමැති බුරුවාගේ ආයුෂ ගෙවි මළේය. තමන්ගේ හිතවතෙක් මළොත් කණගාටුව දැක්විමේ සිරිතක් හැටියට රැවුලෙන් බාගයක් බෑම ඒ රටේ එවකට පැවැත් එක්තරා මෝඩ සිරිතකි. දැන් කාලේ මෝඩ ක්රිවස්තියානි
පියදාස සිරිසේන නවකථා එකතුව 611
කාරයෝ යමෙක් මළ විට එක්තරා කාල සීමාවක් යනතුරු කළු ඇඳිම වැනි සිරිතකි. ඉතින් ජෝන් නැමැති බුරුවාගේ ස්වාමියා වන රජකයා ද රැවුලෙන් බාලයක් බුගාගෙන සෝදන්නට දි තිබුණු දෙරදි කරත්තයක පටවාගෙන අවුත් කුමාරයාගේ මාළිගාවේ මෙහෙකරුවන්ට බාර දුන්නේ ය. මේ වේලාවට ඒ කුමාරයාගේ පුරෝහිතයා රජකයා දැක “නමොකද රජකය, නුම රැවුලේ අඩක් කපාගෙන ඉන්නේ, නුඹේ ඉතා ම හිතවත් ඥාතියෙක් මෙල්දැ”යි ඇසුෙය් ය. එවිට ඒ මහලු මෝඩ රජකයා ඉස අත බැඳිගෙන “අනේ මැති තුමාණන් වහන්ස, මගේ පණටත් වඩා ආදරය කළ මගේ ජෝන් මලා”යයි කීයේය. දිර්ඝ කාලයක් අඳුනන රජකයාගේ ජෝන් මළ බව අසා ඒ ජෝන් කවරෙක් ද යනාදි කිසිව්ක විභාග නො කොට තමාගේ කාමරටය ෙගාස් ඔහු ද රැවුලෙන් අඩියක් බා ගත්තේ ය. “ඔන්න නුඹේ හිතවතාගේ මරණයට ශෝක ප්රිකාහ කිරිමක් වශයෙන් මම ද රැවුලෙන් අර්ධයක් බා ගතිමි”යි කීවා ම රජකයාද සතුටු වි අනේ තමුන්නාන්සේ හැමදාම මගේ දුක සැපේදි සහභාගි වන්නෙකැයි කියා නමස්කාර කොට මාළිගාවේ කිළුටු රෙදිත් රැගෙන යන්නට ගියේ ය.
රැවුලෙන් අඩක් බ ගත් පුරෝහිතයාට ලොකු ලජ්ජාවකි. එදා කුමාරයාගේ සභා දිනයකි. ලේකම්වරු, ඇමතිවරු අවුත් ශාලාවේ රැස්වුහ. පුරෝහිතයා ලජ්ජාවේ කාමරයේන එළි නො බැස ඉන්නා විට කුමාරයා අවුත් රාජාසනයට නැග පුරෝහිතයා ආවේ නැද්දැයි විචාළේ ය. ඔහු මුහුනේ එක පැත්තක් අතින් වසාගෙන් ඉක්මනින් රජු ළඟට විත් “දෙවියන් වහන්ස මම මෙහි ඉඳිමි. මහ වාසල රජකයාගේ ඉතා ම හිතවත් ඤාත්යෙක් මළ නිසා ශෝක ප්රනකාශ කිරිමක් වශයෙන් රැවුලෙන් බාගයක් ගෑවෙමි”යි කීයේ ය. රජු සහ අනිත් පිරිස ද ඔවුන්ගේ රැවුල් වලින් අර්ධය බැගින් බා ගන්නට සිදානම් විය. මේ කලබලය දුටු කුාමරයාගේ බිසව ඉදිරියට අවුත් අපේ “ර්ජ්ජුරාවන් ඇතුළු ඇමති මණ්ඩලය තම තමන්ගේ ලක්ෂණ රැවුල් වලින් බාගයක් බු ගාන්නට හදන්නේ මන්ද? මහලු පුරෝහිතයා රජකයා කී පමණින් පැසී ගිය රැවුලින් බාගයක් බු ගා දැමිම පලියට මේ තරුණ පිරිස කිසිත් විභග නො ෙකාට රජකයාගේ “ජෝන්” මළාය කී වචනයෙන් මළා නො විය යුතුය. රාජකයාගේ “ජෝන්” කවුද කියා පළමු කොට විභාග කර ගත යුතු නොවේ දැ” යි ඇසුවා ය.
බිසවගේ මේ ඥානවන්ත කීමට සතුටු වු රජු අනික් ඇමතිවරුන්ට
612 ඩෙබර කෙල්ල
කථාකොට ටිකක් නවතිමු. වහාම රජකයා ගේන්වව් යයි නියම කළේය. රජකයා තමා ගෙන ගිය කිළුටු වස්ත්ර තැන්පත් කරන්නටත් ප්ර ථමයෙන් පැමිණි මේ ආඥාවට බිය පත්ව වහා ම ආයේ ය.අවුත් රජු ප්ර්ධාන පිරිසට නමස්කාර කොට පසෙකින් උන්නේය. අතන් මුහුණ වසගෙන ඉන්නා මහළු පුරෝහාතයාට රජු කථා කොට රජකයාගේ ජෝන් කවරෙක් දැයි විමසන්නට නියම කෙළේය. එවිට පුරෝහිතයා “රජගය, නුඹේ මිය ගිය ජෝන් කවරෙක්දැ”යි ඇසුයේ ය. එවිට රැවුල අර්ධයක් බාගෙන ඉන්නාන රජකයා හිස පාත් කොට ඒ මිය ගිය “ජෝන්” අනිකෙක් නොවේ. මේ වාසල කිළුටු රෙදි අවුරුදු දහයක් පමණ ඇද දුන් නාකි බුරුවා යයි මුව අත වසාගෙන කීයේය. පසෙකින් සිටි බිසොව් අත් පුඩි ගසා සිනාසුනේ ය.රජ ඇතුළු පිරිස ද සිනාසි බිසවගේ ස්ථානෝචිත ප්රඅඥාව ගැන ස්තුති කොට මහලු පුරෝහිතයාට නින්දා කරන්නට පටන් ගත්තේ ය.රජකයාගේ කිළුටු රෙදි ඇද්ද නාකි බුරුවා මළාට රැවුලෙන් බාගයක් බුගා ගත් නුඹ වාගේ “බුරුවෙක්” මේ නුවර සිටි දැයි කියන්නට බැරි ය. නාකි රජකයා තමාගේ නාකි බුරුවා මළාට රැවුලෙන් බාගයක් බුගා ගැනීමත් ෙගාන් කමකි. ඉතින් ඒ නාකි රජකයා කළ “ගොන් ක්රිකයාව ගැන කිසිත් විභාග නො කොට ඔහු “ජෝන් මළා ය” කි පමණික් රැවුලෙන් බාගයක් බුගා ගත් නුඹ රාජ සභාවක පුරෝහිතකම් කරන්නට නොව රජකයාගේ කිළුටු රෙදි ඇද්ද ජෝන් නැමැත් බුරුවාගේ වැඩට සුදුස්සෙකැයි කියා රජු නාකික පුරෝහිතයා ඔහුගේ තනතුරෙන් පහ කරනු ලැබුයේ ය.
මේ ඉතාමත් රසව්ත ආදර්ශමතක් කතාන්තරයකි. සනීප ගන්නට යාමට අසනීප කාරයන් බණ්ඩාරවෙල තෝරා ගෙන තිබේ. “ටියුබර් කියුලෝසිස්” නැමැති පෙණහැල්ලේ සැදෙන සෙම් ගායට බණඩාරවෙල කඳු මැද්දෙන් නගින වියලි වාතය හොඳ යයි සමහර වෛද්යටවරු කියති. ක්ෂය රෝගයේ පටන් ගැන්ම වන මේ සෙම් ගෙඩි කෝපය වැලැක්විමට ධනය ඇති මිනිස්සු බණ්ඩාරවෙලට පැමිණ නැවතුණාහ. ඇතැම් ධනවතුන් අලංකාර බංගලාත් උයන් වතුත් තනාගෙන මාස හත අට මෙහි තවතින්නට පටන් ගත්හ. මුලදි එසේ කෙළේ අසනීප කාරයෝය. අසනීප කාරයන්ට ඒ ගමනෙන් සුව ලැබුණු නිසා අසනීපයක් නැති අයත් “සනීප” ගන්න බණ්ඩාරවෙලට යාමට පටන් ගැනිම ජෝන් මළාට රැවුලෙන් බාගයක් කැපිමට වඩා දෙ වැනි ද?
පියදාස සිරිසේන නවකථා එකතුව 613
මේ කථාව අසාගෙන වුන් නැන්සි ටිකක් භය වුනාක් මෙන් “බණ්ඩාරවෙල යාමන් අමුතු අසනීප සැදුනු මිනිසුන් මම දිනිමි. කිසිම අසනීපයක් නැතුව වුන් මා අඳනන පවුලක උදවිය මාසයක් සනීප ගන්නා පිණිස බණ්ඩාරවෙලට අවුත් රුපියල් පනහක කුළියට ගෙයක් රැගෙන පදිංචි වුනාය. ඒ ගෙයි ක්ෂය රෝගියෙක් මාස හතක අටක් පදිංචිව සිට අත්හැර දමා කන්කසන්තුරේට ෙගාස් තිබේ. ඒ ගැන ගෙහිමියාගෙන්වත් අසල් වැස්සන්ගෙන්වත් මොකවත් දැනගන්නට ලැබුණේ නැත. මවු පිය දෙ දෙනා සහ දරුවන් පස් දෙනෙකුගෙන් හා වැඩකාරයන් දෙ දෙනෙකුගෙන් යුත් මේ පවුල ඒ ගෙයි ම තිබුන දැව භාණ්ඩ හැලිවලන් පිඟන් කෝප්ප ආදියත් පාවිච්චි කරමින් මාසයක් පමණ ඉන්න විට ඔවුන්ගේ දහතුන් හැවිරිදි පිරිමි ළමයාට මඳ වශයෙන් කැස්ස ඇති විය. නිකම් ප්රනතිශ්යාිවකැයි සුළු සුළු බෙහෙත් කරමින් සිට ලමයාත් සමඟ ඒ පවුල කොළඹ ආහ. කොළඹ දි ළමයා දොස්තර කෙනෙකුට පෙන්වන ලදුව පෙණහැල්ල නරක් වේගන එන බව කියා ක්ෂය රෝගයට අවුරුද්දක් පමණ නොයෙකුත් ප්රවතිකාර ගත් නමුත් ළමයා මළේය. මා දන්නා එක් කාරණයකි. මා අසා තිබෙන මෙ බදු කරුණු බොහෝය. බණ්ඩාරවෙල ක්ෂය රෝගීන්ට සැප දායක තැනක් බව කියතත් සනීප ඇති මිනිසුන් වැඩිපුර සනීප ගැනීමට සුදුසු තැනක් බව කවුරුත් නොකියති. බණ්ඩාරවෙල පදිංචි ජනයා පිට පළාත් වලින් යන ක්ෂය රෝගීන්ගෙන් ප්රිවේසම්ව ඉඳිතත් පිට පළාත් වලින් සනිප ගන්නට යන අය ලෙඩුන් විසු ගේවල ද පදිංචි වෙත්. එසේ වුනොත් සනීපය වෙනුවට ලෝකයේ තිබෙන ඉතාමත් නරක අසනීපය හැදෙනවාට කිසි සැකයක් නැත.
“ඊට වඩා සනීප ගන්නට යා යුත්තේ අසනීප කාරයන් හා සනීපයෙන් කෙළ පැමිණිය හැකික වෙන කරන්නට දෙයක් නැති ධන සම්පත් ආදියෙන් ආඪ්යී වු මිනිසුන් පමණක් ය. අධික ධනවතුන් සනීප ගැනීමට නොව “සනීප විඳිමට” යන ස්ථාන යුරෝපාිද රටවල තිබේ. ඒ බව අසන දකින ඊට වඩා ටිකක් අඩු ධනවතුන් ගෙදර දොරේදි වින්ද නො හැකි සනීප විදිමට ඉන්දියාවේ හා මේ රටේ සමහර ස්ථාන ලැහැස්ති කර ගෙන තිබේ. ඉතින් මේ දුසිරිත ධනය නැති බොරු ස්ටයිල් කාරයන්ට ද බෝවි දැන් මේ රට “නරි නාටක මඩුවක්” වි තිබේ.
“අනේ! මේ මහත්මයා කවුද? අපේ ඉෂ්ට දේවතාවා විසින් එව්
614 ඩෙබර කෙල්ල
කෙනෙක් ලෙස මම සලකමි. මහත්මයා කි වචන වලින් එකක් වත් බෝරු නොවේ. හිස් නොවේ , බණ්ඩාරවෙල සනිප ගන්නට ගිය කීප දෙනෙක් රාගමට, කදානට, කන්කසන්තුරේට ගිය බව මමත් දනිමි. එහෙත් අපේ ගෑණු උදවියට ඒවා කියන්ට ගියොත් අපේ උගුර හපා කන නිසා කියන්නේ නැත. දැන් අපට මේ තිබෙන සනිපය හොඳටම ඇත. සියයට එක සිය පනහේ පොළියට මුදල් ණයට නොගෙන ඉන්නට ඇත්නම් ඊට වඩා සනීපයක් කුමට ද? අධික පොළියට මුදල් ණයට ගෙන නැති අසනීප සාදා ගන්නටන යම් යම් තැන්වලට යන අප තරම් පවුකාරයන් ඉන්නා මේ රටට ඉර හඳ පායන එකත් අපරාධකැ”යි කියමින් ඇල්ප්රවඩ් ලොකු හුස්මක් ඇරියේ ය.
මට ලොකු හිනාවක් ආ නමුත් බලවත් උත්සාහයෙන් එය යටත්පත් කර ගිතමි. දැන් මේ මහත්තැන් ආවාවු ගමන ගැන කලකිරෙන්නට කමක් නැත. ක්ෂය රෝගීන් පදිංචිව නො සිටි ගෙයක් සොයා ගෙන ඔය දරුවනුත් සමඟ කිප දවසක් ඉඳ ගමට යා යුතුය. දැන් කාලේ අපේ රෙට අමුතු ම කොලම් මඩුවකි. එකෙක් කරන මෝඩකම කිරිමට තවත් දහ දෙනෙක් සරසෙති. මේ බණ්ඩාරවෙල්ට යාමට හේතුව “ටියුබර් කියුලෝසිස්” නැමැති පපුවේ සෙම් ගතියට ප්රටතිකාරයක් වන්නේය. එසේ යන උදවිය ක්ෂය රෝගයට ප්රමතිකාරයක් වශයෙන් යන ගමනක් බව නොකියති. කියන්නේ “සනිප ගන්නට යන බව පමණකි. ඉතින් ජෝන් මළාට රැවුල බාගත් පුරෝහිතයා වාගේ කිසිත් කථා නො කොට ධනය ඇති මිනිස්සුත් සනිප ගන්නට බණ්ඩාරවෙල යාමට පටන් ගත්හ. ‘සනීප ගන්න යනවා’ කියන විට අසන්නට තිබෙන්නේ මොකද අසනීපය, අසනීපයක් නැත්නම් සනීප ගන්නට යන්නේ කුමක් නිසා දැයි අසන්නට යුතුව තිබුණේ ය. ෙකායි කාරණයක් වුවත් කරන විට තමනුත් එය හොඳින් තේරුම් ගෙන කළ යුතු නො වේද? දැන් නම් බණ්ඩාරවෙලට හපුතලේට සහ තවත් ස්ථානවලට සනීප ගන්නට යන්නන් පිරිස් තුනකි. (1) අසනීපයක් සුව කර ගැනීමට යන පිරිසකි (2) නැති අසනිපය සාදා ගැනිමට යන අමන පිරිසකි (3) ගෙදර දෝරේදි මවු පිය සහෝදරාදීන් මධ්යුයේ කරගත නො හැකි අනාචාර ක්රිියා කිරිමට යන පිරිසකි. ඉතික් මේ තුන් පිරිසට ම තම තමා ෙනාදැනුවත් ම අනුලෝම ප්ර තිලෝම වශයෙන් ඉහත කී කරුණු තුන ම සිද්ධවෙන බව අත් දැක තිබේ” යයි මගේ කථාව නිම වෙනවාත් සමඟ හැටන් දුම්රියපලට දුමිරිය පැමුණුනේය.
පියදාස සිරිසේන නවකථා එකතුව 615
හැටන් දුම්රිය පළේදි මා වෙන මා කාමරයකට ගියෙමි. එසේ ගොස් වෙනින් වේශයකින් ගම්බද වෙළෙන්දෙකු මෙන් සැරැසී ග්රේකස්ලා ආදි විශාල “පික්නික් පාටිය” ගමන් කරන සැලුන් රථයට නැඟුනෙමි. මා අතේ පළමු වැනි පන්තියේ ටිකට් තිබෙන බව නො දැත් ඒ කාණ්ඩේ කෙනෙක් “ඒයි මේක පළමුවැනි පන්තිය නුඹට වැරදිලා වාගේ පෙනේ. තුන්වැනි පන්තියේ කාමරයක නැගපන්නැ”යි කීයේය. සරම්ක් හා කෝට් එකක් ඇඳ හිසේ සිට පට ලේන්සුවක් බැඳ ගෙන අළුත් සෙරෙප්පු දෙකක් දමා වුන් මා මරක්කල මිනිනහෙකැයි සැලකු තවත් තරුණයෙක් “මොකද තම්බි මේ පස්ට් ක්ලාස්! මේකේ ගියොත් වැඩිපුර සල්ලි ගවෙන්නට වෙනවාන”යයි කිවේය. මොවුන්ගේ මේ කරච්චලය අසමින් කිසිත් කථා ෙනා කර ගොළුවෙන් මෙන් මාත් වාඩි ගතිමි. දුම්රිය පිටත් විය. ග්රේතස් හා සමාන වයසේ තරුණියන් පස් දෙනෙකුත්, මදර්ලා දෙන්නෙකුත්, තරුණ ගුරුවරියන් තුන් දෙනෙකුත්, ඉතාමත් ලක්ෂණ තරුණ ආයා කෙනෙක් හා අවුරුදු හතළිහක් පමණ වයසැති රූප සම්පන්න ස්ත්‍රියකුත් යන දහ හත් දෙනෙකුගෙන් යුත් මේ පිරිස එකට යාබද රිය කාමර දෙකේ වුන්හ. මොවුන් ගෙන් කිප දෙනෙක් නිදිබරව වුන් නුමත් සමහරු ඉතාමත් ප්රීයතියෙන් ඔකඳ සාතගරේ නිමග්න වුවන් මෙන් සින්දු කියමින්. කෙළි කවට කියමින්, රසවත් බිම ජාති බොමින් සිගරට් උරමින් වුන් ලීලාව දුටු මට සංසාරයේ මිනිසුන් බඳවන ෂඩෙන්ද්රිනයයන්ිගේ තත්ත්වයත් ඒ ෂඩෙන්ද්රිමයයන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ, මනසිකාර යන ෂඩායතනත් හොඳින් කල්පාන විය.
දුම්රිය නානුඔය ස්ටේෂමට ළඟා විය. මේ පික්නික් පාටියට මගේ ඉඳිම බලවත් කරදරයක් වු බැවින් එහි සිටි සුදු පාට අප්පෙක් දුම්රිය පළේ වුන් ප්රිධානියාට (ස්ටේෂන් මාස්ටර්ට) කථා කොට ඉංගිරිසියෙන් මෙසේ කීයේ ය. “මෙන්න මේ කාමරේ නිකම තම්බි කෙනෙක් ඉන්නවා. අපි මේ කාමර දෙක පික්නික් පාටියකට වෙන්කර ගෙනයි අවේ. මේ ‘තම්බිව බස්සවන්න” යයි කීවේ ය. මේ ස්ටේෂන් මාස්ටර් ටිකක් කල්පනා සහිත සුදු අප්පලාට ගරු නොකරන්නෙක් බැවින් මා දෙස බලා සිනාසී ඒ ඉන්නා මහත්මයා දුම්රියේ ගමන් කිරිමට දන්නා කෙනෙක් බව පෙනේ. මේ කාමරය විශේෂයෙන් වෙන් කළ එකකුත් නොවේ. මේ කාමර දෙකේ ආසන විස්සක් ද තිබේ. ඒ නිසා ඒ මහත්මයා බස්වන්නට මට බලයක් නැතැ”යි කියා ඔහු යන්නට ගියේ
616 ඩෙබර කෙල්ල
ය. නානුඔය දුම්රියපළේ මිනිත්තු විස්සක් පමන දුම්රිය නැවතුනේ ය. සුදු අප්පොච්චිට ස්ටේෂන් මාස්ටර් නො සැලකු නිසා දුම්රියේ ගාඩ්ට තව වරක් පැමිණිලි කෙළේ ය. ඔහු කළු පාට කෙනෙකි. දෙමළ ආදිය මිශ්ර් වු දැඩි මිනිහෙකි. ගාඩ් දුවගෙන අවුත් මා සිටි කාමරේ දොර හැර දමා මා දෙස බලා සිංහලෙන් ම”ඒයි නැගිටපන් මේක පළමුවැනි පන්තිය කෝ බලන්න නුඹේ ටිකට්” කියා ඇසුවේ ය. මම සිනාසුනෙමි. සිනාසෙමින් “නුඹ කවුද? පළමුවැනි පන්තියේ මහත්තැන්ට කථා කරන්නේ ඔහොම නම් දෙවැනි තුන්වැනි පන්තිවල මගීන්ට කථා කරන්නේ කොහොම ද? නුඹේ නීච කථාවේ ප්රිතිඵලයක් වශයෙන් මේ පාර කිපන්” නැයි කියා වේගවත් කම්මුල් පහරක් දුනිමි. ගාඩ් එක පාරට ම දුම්රියෙන් බැස යන්නට ගියේ ය. කොහි ගියේ දැයි දකින්නට වත් බැරි විය.
ගාඩ්ට කරමලය පුපුරන තරම් පහරක් දුන්න බව දුම්රිය වේදිකාවේ වුන් පිරිස දැක “අන්න නියම මහත්මයා. රෙදි අඳින මිනිසුන් වාළුන් යයි සලකන පාහරයන්ට හොඳ පාඩමක් ඉගැන්නු මහත්මයාට ස්තුති වේවා” යි මහා හඬින් ස්තුති කළහ. මේ ඝෝෂාවට ස්ටේෂන් මාස්ටර් ආදි මුලාදෑනි කිපදෙනෙක් දුව ආහ. “ඔය ඉන්නේ කෝන්ගොඩ වික්රේමපාල මහතා දැයි කියන්නටත් බැරිය”යි ලියන මහතෙක් කියන බව මට ඇසුණේ ය. ස්ටේෂන් මාස්ටර් මා ළඟට අවුත් “මහත්මයාට යම් කිසි හිරිහැරයක් වුනා නම් ගාඩ්ට විරිද්ධව පැමිණිල්ලක් කරන්න මම කැමැත්තෙමි”යි කීයේ ය. මම සිනාසි “මහත්මයාට ස්තුති කරමි. මට අගෞරව ලෙස කථා කළ ගාඩිට එලොව පෙනෙන්නට කම්මුල් පහරක් දුනිමි. ඒ ගාඩ් වැඩේ කරන්නේ “ඩෙබරියකගේ” පුතෙක් බව නිසැක ය. ඩෙබර කොල්ලන්ට විරුද්ධව නීති මඟ යන්නට කාලයක් නැත. ඌට වුවමනා නම් ගියාවේ. ඩෙබර කොල්ලන් කෙල්ලන්ට සුදුසු අවස්ථාවල ලැබුණු විට දිය යුත්තේ සතියක් ම වේදනාව පවතින කම්මුල් පහරකි. දැන් මම එය කෙළෙමි. යුක්තිය දන්නා ඔබ පුද්ගලික වශයෙන් මට කළ ගෞරවයට ස්තුති කරමි”යි කියන කොට ම සියයට අධික දුම්රිය වේදිකාවේ රැස්ව වුන් පිරිස ඔල්පර හඬ දෙමින් ඝෝෂා කරද්දි සමහරෙක් “කෝන්ගොඩ වික්රදමපාල තුමාට ජයවේවි! ඩෙබර කොල්ලන් කෙල්ලන් වඳ කොට සිංහල ජාතිය නැවතත් නියම ස්ථානයට ගෙන ඒවා” කියන කොට පික්නික් පාටියේ සෙනගත් වේදිකාවේ වුන් පිරිසත් මා වික්රවමපාල බව දැනගෙන සමහරු මහත්
පියදාස සිරිසේන නවකථා එකතුව 617
භයටත් සමහරු බලවත් ප්රීකතියටත් පත් වු බව පෙනුනේ ය. ඒ පිරිසේ වුන් දුම්රිය පළේ ප්රමධාන ලිපිකරු වන ජයවික්රනම මහතා මගේ පරන පොතක කවියක් කියද්දි ඒ කවිය නො ඇසු අයවළුන්ට තිස් හතළිස් දෙනෙකුටත් වඩා ඒ කවිය ලියාගත් බව මට දැනගන්නට ලැබුණේ ය. ඒ කවිය මෙසේ ය.
තො ස ප ත් ෙලව් සතා ලැබ සිතැගි ඇම වි ට
සි රි ම ත් මැති ඉතා සරු සුරතුර සොඳ ට
ලැ බ ණො ත් මුතු ලතා වට වැළඳ ගැනුම ට
ඇ ති වෙ ත් රස කතා තව සිහළ දන හ ට
මේ කලබලය නිසා පළමුවැනි පන්තියේ ම කාමරයක වුන් තලතුනා සිංහල මහත්මයෙක් මා ඉන්නා කාමරයට නැග මා ළඟින් වාඩි විය. ඒ මහතාත් කාමරයේ නැග ගත් නිසාදෝ සුදු අප්පොච්චිලා සහිත පික්නික් පාටිය ටිකක් සිංසිදුණු බව පෙනුනේ ය. යුරෝපිය ඇඳුමෙන් සැරසුනු ඒ තලතුනා මහතා මගේ නම දන්නා මගේ වික්රේම ගැන පැහැදුණු ජාතය කෙරෙහි ප්රේඒමයක් ඇති කෙනෙක් නමුත් ධර්ම ශාස්ත්රා දිය හොඳින් උගතෙක් නොවේ. ඒ මහතාගේ නම ඇසු විට පෙරේරා කෙනෙක් බව කියමින් “වික්රකමපාල මහතා වැනි උසස් සිංහල මහතැන් අපේ නම්වලින් ම අපි නොමග ගිය මිනිසුන් බව සලකනු නිසැකය”යි කීවේ ය.
“ඔව්, ඒවා එහෙම තමයි, එහෙත් පහු ගිය අවුරුදු හාර සියයක කාලයක් තුළ පරදේශිකයන් හා පරතොටු පිරිවැජ්ජන් විසින් අපේ ජාතියටත්, ආගමටත්, රටටත් කරන ලද නස්පැත්තිය සලකා බලන විට දැන් අප ඉන්නා තත්ත්වයත් ආශ්චර්ය අද්භුත එකක් බව කිය යුතුය. ලෝකයේ හැම ජාතීන්ට ම කලින් කල විපත් පැමිණිම ධර්මතාවයකි. සමහර කුඩා ජාති සම්පූර්ණයෙන් ම අභාවයට ද යති. සිංහල ඉතා කුඩා වුවත් මේ ජාතියේ ප්රානදුර්භවය විශේෂ කාරණයක් සඳහා සිද්ධ වුවකි. කල්ප ශත සහශ්රමයකින් ලෝ පහළ වන තථාගත සම්මා සම්බුද්ධ සර්වඥයන් වහන්සේලාගේ නෛර්යානික ශාසනය පවත්නේ සීමාසහිත කාලයකි. අපේ ගෞතම බුදුරාජාණන වහන්සේගේ ශාසනය පවත්නේ අවුරුදු පන්දහස් පන්සියයක් වු සුළු කාලයකි. ඉතින් ඒ ශාසනය අන්තිම දක්වා පිරිසිදු ලෙස පවතින්නේ මේ සිංහල ද්වීපයේ පමණකි. දමදිව ලාට දේශයේ සිංහ පුරයෙන් ආ සිංහල පිරිසත්, දඹදිව කිඹුලවත් පුරයෙන් ආ ශාක්යු වංශිකයිනුත්
618 ඩෙබර කෙල්ල
සම්මිශ්රඩවිමෙන් සෑදුණු සිංහල ජාතිය තවමත් පවතී. දඹදිව නොයෙක් පළාත්වලින් නොයෙක් කාලවල පැමිණි ආර්ය ජාතිකයත් මෙන් ම ආර්ය පහත් ජනයා ද දැන් සිංහල ජාතියට මිශ්ර වි සිටිති. ඒ ම්ලේච්ජ ජාතින්ගේ පහත් සභ්ය ත්වයත් ඇදහිලි ආදියත් නිසා සිංහල ජාතිය කලින් කල පරිශෝධනය කළ යුතුය. පසු වි යන අවුරුදු දෙදාස් හාරසීය අසු හතර තුළ සිංහල ජාතිය වෙනස් වු, පරිශෝධනය වු වාර ෙබාහෝ ය. දුටුගැමුණු රජතුමාගේ පරිශෝධනය ඉතාමත් සම්පුර්ණ එක විය. ඊට පසු නොයෙකුත් පින්වත් සිංහලේන්ද්ර යන් විසින් ජාතිය කාලෝචිතව සකස් කොට තිබේ. මත්තෙහි ද එසේ ම විය යුතුය.
සිංහල ශාක්ය දෙ වර්ගය මිශ්ර විමෙන් තැනුණු සිංහල ජාතිය නස්මපුුරණයෙන්ම වඳ වි යනතුරු දෙසෙ මුත් ලක්දිව පවති. ඒ කාලය අවුරුදු තුන් දහස් දහසයක් බව සැලකිය හැකිය. අවුරදු සියකට අඩු කාලයක් පවත්නා ජිවිත කාලය ගෞරවයෙන් ආරක්ෂා කිරිම මිනිස් බව ලත් කාගේත් උත්සාහ බව පෙනේ. ඒ එසේ නම් ඉදිරියට අවුරුදු තුන් දහසකුත් දහසයක් පවත්නා ජාතියක් ශ්රේතෂ්ඨ වු උතුම් වු, පරම සත්ය්වාදි වු ආගමක් ආරක්ෂා කිරිමට නියත විවරණය ලැබු අපේ සිංහල ජාතිය ආරක්ෂා කර ගැනීමට ජිවිත වුවත් පරිත්යාමග නො කර ඉන්නට පිරිසිදු සිංහලයන් බැරි ය. අද මම මේ ගමන යන්නෙත් ඒ සඳහාම බව මහත්මයාට කියමි. ඉතින් මහත්මයා යන්නේ බැහැරක් දැයි තලතුනා පෙරේරා මහතාගෙන් ඇසුවෙමි.
මම සනීප ගන්න යන ගමනක් නොවේ. බදුලු නගරයේ මගේ ඉඩම් කැබැල්ලක් තිබේ. එහි කඩ කාමර හතරක් තැනීමට භාර දි තිබේ. එය සොයා බලන්න යන ගමනක් යයි පෙරේරා මහතා කියා වර්තමාන කාලේ සිංහල ජාතියට සිදුවි තිබෙන ඉතාමත් බරපතල විනාශදායක වැරැද්ද කුමක් දැයි මට පහදා දුන මැනමැයි කියේ ය.
“ආණඩුව නිසා හෙවත් පාලන බලයේ වැරැද්දෙන් සිද්ධ වු තිබෙන ඉතාමත් බරපතල වරද වර්තමනා ඉගැන්විම් ක්රලමය වේ . රුපියල් විසි ලක්ෂයකට වඩා ආංඩුව වියදම් කරන මේ ඉගැන්විමට රට විසීන් ගෙන් ද අවුරුදු පතා රුපියල් පනස් ලක්ෂයකට වඩා වියදම් වේ . මෙය රට වැස්සන් දියුණු කිරිමට නොව පරපුටු හිඟන කාලකණ්ණි පව්කාරයන් කිරිමට කරන ඉගැන්විමක් බවකාට වුවත් වැටහේ. මේ රටේ ඉන්නා සිංහල දෙමළ ආදී මිනිසුන්ට ඉතා උසස් මාතෘ භාෂා තිබේ. එසේ තිබියදි එක ළමයකුට රුපියල් පන් දාහකට අඩු නොවන ගණනක් වියදම් ෙකා ඉංගිරිසි භාෂාව උගන්වන්නේ
පියදාස සිරිසේන නවකථා එකතුව 619
කවර ප්රසයෝජනයකට ද?
පෙරේරා - හිටින්ඩ, ඉංගිරිසි ආණ්ඩුව පවතින නිසා ඒ ආණ්ඩුවේ වැඩ කිරිමට ඉංගිරිසි භාෂාව නැතිව බැරි බැවින් ඉංගිරිසි උගන්වනාවා යයි සිතිය හැකි ය.
මම - ඔව්, එසේ තමා රටේ අදහස, එහෙත් එයින් ඇති වු දුර්විපාකය තමා අද විඳින්නට බැරි? සිහංල භාෂාවෙන් අවුරුදු දෙදාස් තුන්සිය පනහකට වැඩි කාලයක් මේ රට පාලනය කරන ලද්දේ නම් දැන් එසේ කරන්නට බැරි මන්ද? ඉංගිරිසි භාෂාව ඉගැන්විමෙන් සිංහලයන් පහත් ජාතියක් කොට යුරෝපීය චාරිත්රල අනුගමනය කිරිමට සැලැස්විම ඉංගිරිසි ඉගැන්ව්මේ පරමාර්ථය වේ. ඉංගිරිසි නොදන්නා මිනිහා පහත් වනචරයෙක් හැටියටත් ඉංගිරිසි දන්නා යුරෝපීය ඇඳුම් අඳින අය මහත්තැන් හැටියටත් සලක්නනට පටන් ගත්හ. ඉතින් මහත්තැන් විමේ බලවත් ආසාව නිසා මුදල් තිබෙන අයත් නැති අයත් ඔවුන්ගේ දරුවන්ට ඉංගිරිසි ම උගන්නවන්නට පටන් ගත්හ. ඉන් සිද්ධ වුයේ කුමක් ද? අතේ මිටේ තිබුණු මුදල් පමණක් නොව ඉඩම් කඩම් අනුන්ට හිමි විමය. රටේ පැවැති කර්මාන්ත ඉන්දියන් කාරයන්ට හිමි විය. පරතොටු පිරිවැජ්ජන්ගේ පල්ලි වතුපිටි ආදිය දියුණු කර ගෙන ඔවුන් ධනවතුන් වුහ. පොත් පත් සඳහා අවුරුදු පතා ලක්ස කෝටි ගණන් පිට රටට ඇදි යති. සිද්ධාන්තව පැවැති සත් චාරිත්ර නැතිව ගොස් යුදෙව් ආදි ආනාර්ය සිරිත් විරිත් රටේ බෝ වුහ. ඉතින් ඉංගිරිසි ඉගෙන විභාග පාස් කරමින් රැස්වන සිංහලයන් ලක්ෂ ගණන් දස ලක්ෂ ගණන් දැන් කිසි රක්ෂාවක් නැති පරපුටු අධම කාලකණ්ණි වෙනවා. වෙළඳාම, ගෙවිතැන, සුළු සුළු කර්මාන්ත ආදි ජිවනෝපක්ර ම ඉන්දියාවේ සෙනගට හිමි වෙනවා. මේ කිසිවක් අපේ වර්තමාන ආණ්ඩුව නොසලකන බැවින් ඉදිරියට අවුරුදු පහක් වත් මේ ඉගැන්විම් ක්රවමය පැවතුනොත් දැන් ලැබි තිබෙන ආණ්ඩු බලය තව ටිකක් දියුණු කර ගෙන ඉංගිරිසි ඉගැන්විම ක්රතමයෙන් නැති කර දැමිය යුතු ය.”
අප මෙසේ කතා කරමින් යන විට අප නොදැන්වත්ව ම දුම්රිය බණ්ඩාරවෙලට ළඟා විය. ඉක්මනින් මගේ යුරෝපීය ඇඳුම ඇඳ ගතිමි. කුමක් නිසා ද? බෝඩිමේ මෙහෙකරුවෙක් වසන ගුණපාලට මා
620 ඩෙබර කෙල්ල
අඳුනා ගන්නට බැරි බැවිනි. පික්නික් පාටියේ දහ හත් දෙනෙක් පළමුවැනි පංතියේ සිට බැස්ස නමුත් තුන්වැනි පංතියේ ආ මෙහෙකරු පිරිස ද දහ දෙනෙකි. ගුණපාල මේ පිරිසේ ප්රතධානියි ය. ඔහු මා ඉන්නා දුම්රියපළේ කාමරයට අවුත් මට ආචාර කොට ඒ මෙහෙකරු පිරිසේ ඉන්නා තරුණවිය නොඉක්ම වු ආයා කෙනෙකු පෙන්නා ඉතාමත් ශිෂ්ටාචාර ශ්රනද්ධා සම්පන්න ජාති හිතෛෂි කෙනෙක් බව කියා මගේ පරීක්ෂණයට ඇගෙන් සියලුන් උපකාර ලබා ගන්නට පුළුවන් බව කීයේ ය. ඒ ආයාගේ නම සෝමවති බව ද කීයේ ය. “හොඳයි ගුණපාල, මම දැන් මහ හෝටලයට ගොස් එහි කාමරයක් ගෙන නතර වෙනවා. දැන් නුඹලාගේ කාණ්ඩය පිළියෙල කරගෙන තිබෙන බංගලාවට ගොස් දවල් කෑමෙන් පසු ඒ සෝවාවති ආයාත් සමඟ මා සම්බවෙන්නට ආ යුතුය. එවිට අපේ වැඩ පිළිවෙළක් ගැන නියම කර ගන්නට පිළිවන්ය”යි කීවා ම ඔවුහු යන්නට ගියහ.
08. පරිච්ජේදය
මා හෝටලයට ගොස් තේ පානය කොට ගාල්ලේ අමරසිංහල රාළහාමිට විදුලි පුවතක් යැව්වේමි. “අද මම බණ්ඩාරවෙලට පැමිණ මහ හෝටලේ නැවතී ඉන්නවා. අද සවස තැපැල් දුම්රියෙන්ව මා සම්බවෙන්නට ආ යුතුයි”යන මේ විදුලි පුවත යවා ගුණපාලත් සෝමාවතිත් මා සම්බවනේනට එන තුරා හෝටලයෙන් බැහැර නොගොස් සිටියෙමි. වතුර නා දවල් භෝජන ගෙන පත්රනයක් බලමින් ඉන්නා අතර දෙකට පමණ ගුණපාලත් සෝමාවතිත් හෝටලයට ආහ. ඔවුන් මගේ කාමරයට කැඳවාගෙන ගොස් වාඩි වෙන්නට දි ඉක්බිති තේ කෝප්ප දෙකක් ද ගෙන්වා බොන්නට දුන් පසු අපේ කථාව පටන් ගතිමු.
“ගුණපාල, නුඹ ජාති හිතෛෂි පරාර්ථකාමි සත් පුරුෂයෙක් බවත් මාකරන ජාතික මෙහෙය ඉතා ඉහළන් සලකන කෙනෙක් බවත් එදා බෝඩිමේ දි කිවා. නුඹලාගේ පික්නික් පාටිය පිළිබඳ විස්තරයක් ඒ පික්නික් කාරයන්ගේ ගතිගුණ සියල්ල අවංක ලෙස ප්රටකාශ කිරිමෙන් අපේ ජාතියටත් රටටත් මහත්ක වැඩක් සිද්ධ වේ. නුමත් සෝමාවතිත් පරාර්ථකාමි වැඩට හිතවතුන් නම් මට වුවමනා කරන තොරතුරු
පියදාස සිරිසේන නවකථා එකතුව 621
සපයා දිය යුතුය. ඒ සඳහා නුඹලාට තෑගි වශයෙන් මම රුපියල් සියයක් දෙන්නෙමි”යි කිවාම ගුනපාල මොකවත් කියන්නටත් ප්ර්ථම සෝමාවති හුනස්නෙන් නැගිට මා ළඟ බිම වැතිර මගේ කකුල් දෙක අල්වා ගෙන වඳිමින් “අනේ වික්රයමාපල තුමාණනි, අපේ ආගමටත් ජාතියට හා රටටත් තමුන්නාන්සේ කරන ලද මෙහෙය කුඩා කාලේ පටන් දනිමි. අනුන්ගේ යහපත සඳහා යම් කිසි උපකාරයක් කළ හැකි නම් ඒ හා සමාන පිනක් ලෝකයේ නැති බව පණ්ඩිතයන්ගේ පිළිගැනිමයි. ජාතිය වෙනුවෙන් දිවි පිදු මහා කපි ජාතිකයේ උපන් බෝධිනසත්වයන් වහන්සේ එසේ කි බව තමුන්නාන්සේ ලියා තිබෙන ජාති ආලය නැමැති කුඩා කවි පොතින් පෙනේ. ඒ පොතේ කවි එකසිය හය ම මට කට පාඩම්ය. එයින් කිපයක් නිතරම මම එකසිය හය ම මට කට පාඩම්ය. එයින් කිපයක් නිතරම මම සජ්ඣානයනා කරමි. එයින් එකක් මෙසේය.
ද හ ස ක් වසක් විසුවත් රජ සැපත් වි ඳ පි හි ට ක් පරලොවට එම විසුමෙන් කිම ද සැ ප ත ක් අනුන් හට සලසන සත සුහ ද ද ව ස ක් එක ම විසුවත් එ පමණ මදි ද
ඉතින් මේ පික්නික් පාටියේ දුසිරිත් ආදිය තාබ ඊට වැඩි කරුණුවත් සොයා දි තමුන්නාන්සේට නො මිලයේ ම ආධාර කරන්නට මම කැමැති ය. ඒ බව තමුන්නාන්සේගේ තොරතුරු මේ ගුනපාල උන්නැහේ කි හැටියේම මම කීවෙමි”යි සෝමාවතී කිවා ය.
ඇත්තෙන් ම මගේ හිත බලවත් ප්රි.තියට පැමිණියේ ය. ජාතිය රට ආගම කෙරෙහි භක්ත්යා්දරය ඇති සිංහලයන් තැනින් තැන ඉන්නා බව සෝමාවතිගේ කථවෙන් මට වැටහි ඒ සෝමාවතී කාගේ කවුදැයි විමසුවෙමි. උගත් ප්රෙතිපත්තිකාමි ගුරුවරියකගේ දියණියක් බවත් සිංහල සාහිත්යඋ පමණක් ෙනාව බණ දහම් ද හොඳින් ම ඉගෙන ගත් පසු ධනවත් අධමයකු හා විවාහ වි ඉඳ ඔහු සමඟ විසීමට නො හැකිව මෑණියන් මළායින් පසු මේ බෝඩිමේ මෙහෙයට පත්ව ඉන්නා බවත් අසා මෙසේ අනාථවු ජාති හිතෛෂි ස්ත්රී් පුරුසයන් තවත් ඇති බව සිතුවෙමි.
“ඉතින් සොමාවතී, ගාල්ලේ රාළහාමි කෙනෙකුගේ දියණියක් වන “ග්රේරස්” නැමැති තරුණිය ගැන දන්නෙහිද?
සෝමාවතී - ඔව්, මම ඒ තරුණිය හොඳට දනිමි. අද මේ පික්නික් ගමනටත් ආවා.
මම - ඉතින් ඇගේ චරිතය කොහොම ද?
622 ඩෙබර කෙල්ල
සෝමාවතී - අනේ මහත්මයො ඈ සම්පූර්ණයෙන් විෂම චරිතයක් ඇති ගෑණු ළමයෙකි. අපේ බෝඩිමේ ඉන්න කගේ චරිතත් එක වාගේ තමා! එහෙත් මේ ළමයා ලජ්ජා භය නැති තරුණියකි. දැන් කාලේ ඔය කොලිජිවලත් බෝඩිංවලත් ඉගෙන ගන්නා ගැහැණු දරුවන්ටත් සමහර ගුරුවර ගුරුවරියන්ගෙන් වැඩි කොටසකට වත් බයක් ලජ්ජාවක් ඇත්තේම නැත. දුරාචාරය හා දුසිරිත් දැන් “ශිෂ්ටාචාරයේ” කොටසක් බව ඔවුන් කියති.
මම - හොඳයි සෝමාවති. නැවත අපි ඔවුන්ගේ චරිත ගැන විස්තරයක් කරමු. ඉතාන් ගුණපාල මේ පික්නික් පාටියේ කටයුත කොහෝම ද?
ගුණපාල - හෙට ඉරිදා බැවින් හැම දෙනා ම මෙහි බණ්ඩාරවෙල නවතිනවා. හෙට රාත්රිායට සිල්වා නැමැති ධනවත් මහත්මයෙක් මේ කාණ්ඩේට උන්නැහේගේ බංගලාවේ ලොකු බාලක් දි නැටුමකුත් පවත්වනවා! සඳුදා උදේ මේ පික්නික් පාටිය තවත් මිත්රැයනුත් සමඟ පස් කොටසකට බෙදි නොයෙක් තැන්වල ඇවිදිනවා. එහෙත් රාත්රිසයට හැම දෙනාම බණ්ඩාරවෙලට එනවා. අඟහරුවාදා දවල් ආහාර ගත් පසු පික්නික් පාටියේ හැම දෙනාම හයකොටසකට බෙදි නුවරඑළිය, හාවාඑළිය, බදුල්ල. හැලිඇල, ඇටම්පිටිය හා හපුතලේ යන ස්ථානවලට මොටෝ රථවලින් ගොස් අඟහරුවාදා රෑ එහි නැවති බදාදා රෑට බණ්ඩාරවෙලට එනවා. ඒ ආවාට පසු කොයි පළාත් වලට යාවිදැයි කියන්නට බැරිය.
මම - ඉතින් හය කොටසකට බෙදි යන මේ පිරිසෙන් ග්රේබස් සමඟ යන කණ්ඩයේ යන්නේ කවු ද, කොයිබට ද කියා මට දන්වන්න පුළුවන් ද?
සෝමාවතී - හොඳයි. වෙන කාගෙන් බැරි වුනත් ග්රේාස් නෝනාගෙන් මට දැන ගන්න පුළුවනින යන්නේ කොහාටද කා සමඟ ද යන බව දැන ගෙන මේ ගුණපාල උන්නැහේ අද රාත්රින එවන්නෙමි”යි කියා ඔවුන් දෙදෙනා යන්නට ගියෝය.
අවුරුදු පනස් පහක් පමණ වයසැති මටි පාහේ සිංහල මහතෙක් තරුණයෙකුත් මා දකින්නට මා හිටි හෝටලයට අවුත් එහි වැඩ කරුවෙකුගෙන් “කෝන්ගොඩ වික්රිමපාල” මහත්මයා ඉන්නවාද
පියදාස සිරිසේන නවකථා එකතුව 623
අසා තිබේ. “කොන්ගොඩ වික්ර මපාල” නාමයට කවුරුවත් සලකන බැවින් මේ මෙහෙකරුවා ටිකක් භය පත්ව “ටිකක් ඉන්ට මම විපරම් කරගෙන එන්නෙමි”යි කියා ඒ දෙ දෙන ඉස්තෝප්පුවේ තවත්වා මා සිටි කාමරයට අවුත් ‘කෝන්ගෙඩ වික්රඒමපාල මහතා තමුන්නානන්සේදැ”යි ඇසුයේ ය. වැදගත් ගේවල හෝටල ආදියේ නියුක්තව ඉන්නා සිංහනල සේවකයන්ගේ ශික්ෂිත භාවය මේ සේවකයාගෙන් මට වැටහුනේ ය. “ඔව්, ළමයා ඒ මම තමා කවුද ඇවිත් ඉන්නේ’ කියා ඇසුවා ම ඔහු දුව ගොස් ඒ අමුත්තන් දෙපොළ සමඟ ආවේ ය.
ඒ ආ වයසක මහතා මා දුටු හැටියේ බලවත් ප්රීආතියට පත් කෙනෙකු මෙන් “අවුරුදු බොහෝ ගණනක් තමුන්නාන්සේගේ” රූපය දැකිමට විරිය කෙළෙමි. අද නිරායාසයෙන්ම තමුන්නාන්සේ දකින්නට ලැබිම බලවත් ප්රීදතියකි. මේ තරුණ මහතාගේ ඕනෑ කමකට අද මම බණ්ඩාරවෙලට ආවෙමි. ඉතින් තමුන්නාන්සේ ගැන දන්නා බව ඒ තරුණ මහතා කි බැවින් මෙහි ආවෙමි. අපේ පැමිණිම තමුන්නනාන්සේට කරදරයක්දැ”යි ඒ මහතා මගෙන් ඇසුයේ ය.
වාඩිවෙන්න මහත්මයා කවු ද? මා දැකීමට බලාපොරොත්තු වුයේ. ම විසින් අපේ ජාතියට හා ආගමටත් රටටත් යම් කිසි මෙහෙයක් කර තිබෙන නිසා දැ”යි ඇසුවෙමි.
“මම උදුගොඩ බංඩා තම්න්නාන්සේගේ නව ප්රතබන්ධ කියවා නියම සිංහල බවටත් සත්පුරුෂ බවටත් පැමිණියන් ගෙන් කෙනෙක්මි. අනිකක් තබා තමුන්නාන්සේගේ පොත් පත් කියවා නොයෙක් දේ ඉගෙන ගත් මම මේ රටේ ඉන්නා ‘ඩෙබර කෙල්ලන්’ විමසිමේ විශේෂඥයෙක්ද වි සිටිමි. අද මම මෙහා ආවෙත් මේ ධනපාල මහතාගේ ආරාධනාව පිට ඒ මහතා විවාහ වෙන්නට අදහස් කළ තරුණයත් ස්වකීය මවුපියනුත් මෙහි අවුත් ඉන්නා බැවින් ඒ පරීක්ෂා කිරිමටය”යි කීයේය.
ඇත්තෙන් ම පුදුමයකි. මැණික් හාරන කෙනෙකුට රත්තරනුත් ලැබුණාන හා සමානය. ග්රේිස් ගැන විපරම් කරන්නට ආ මට “ඩෙබර කෙල්ල” යන නාමය ප්රනකට කරවු මේ උඳුගොඩ නිළමෙත් සම්මුඛවිම මගේ පිනකැයි සිතා “මිට දෙ මාසයකට පමණ ප්රටථඹ අපේ මේ නිලමේ කොළඹ මරදානේ දුම්රාය පලේදි යම් කිසි පවුලක අරගලයක් දැක “ඩෙබර කෙල්ල” යයි යම් කෙනෙකුට කියේ දැයි ඇසුවෙමි.
624 ඩෙබර කෙල්ල
“ඔව්ථ අපේ සංඝානන්ද නායක හාමුදුරුවනුත් සමඟ යම් කිසි කාරණයක කොළඹ ගොස් දුම්රිය එනතුරු මරදානේ දුම්රියපලේ අපි සිටියෙමු. දෙවැනි පන්තියේ ටිකට් ගෙනා නිසා ස්වකීය පියාට අපහාස කළ ගැහැණු ළමයකුත් ඇගේ තරබාරු මවත් දුටු මම නිකම් කවටකමට පාහේ “ඩෙබර කෙල්ල” කියා හාමුදුරුවොත් සමඟ නුවරට පිටත්වන දුම්රියේ නැග්ගෙමි. ඒ සම්බන්ධව වෙන කිසිවෙක් නො දනිමි”යි කියේ ය.
“හොඳයි, උඳුගොඩ නිළමේ අද එලිවන තුරු මාත් සමඟ කාලය ගතකළ යුතු නිසා මගේ මේ කාමරයේ නිදා ගන්නට ඕනෑ. මේ තරුන ධනපාල මහතා අපත් සමඟ රාත්රිේ භෝජන අනුබව කරන්නට ඕනෑය”යි කිවා ම ඒ මහතාමගේ නිවසේ අමුත්තන්ට භෝජන සංග්රෝහයක් බැවින් අපෙන් අවසර ගෙන යන්නට ගියේය . වේලාව අට වු බැවින් උඳුගොඩ නිළමේ සමඟ රාත්රිප භෝජනය අනුභව කොට මගේ කාමරයට පැමිණ කථා කරන්නට පටන් ගතිමි.
මම - නිලමේව සම්බවිම ඇත්තෙන් ම මට මහත් ප්රීඅතියකි. නිළමේ, ඩෙබර කෙල්ල නිසා අපේ ජාතිය විනාශ වු බව අවබෝධ කර ගත්තේ කොයි අන්දමට ද?
නිළමේ - අද තමුන්නාන්සේ සම්මුඛවිමෙන් මගේ ජිවිත ඵලය ලැබුණු තරමට මම ප්රී තාවෙමි. මම උඳුෙගාඩ පළාතේ මධ්යලම පංතියේ පවුලක උපන් කෙනෙක්මි. මගේ මෑණියෝ ඉතාමත් ශික්ෂිත ශ්රගද්ධා සිලාදි ගුණයෙන් යුත් නිහිතමානි අහිංසක කෙනෙකි. මගේ පියා ද ඒ කාලයේ හැටියට යමක් කමක් උගතක් තරමක දේපල ඇති අගම භක්තියෙන් හා ජාත්යාමලයෙන් යුත් සිංහලයෙක්. මගේ මවුපියන් හා සමාන ගුණ නුවණින් යුත් මම ඒ පළාතේ ආණිඩුවේ මිශ්රල පාඨශාලාවක ඉගෙනීමෙන් මගේ චරිතය සම්පුර්ණයෙන් නරක් නුන නමුත් අවුරුදු පහළොව පමන වන විට මම “දැඩි ඉලන්දාරියෙක්” බවට පැමිණියෙමි. ස්ත්රීනයක් හා විවාහවිම “ජිවිතයේ පරමාර්ථය” හැටියට මට කල්පනා විය. විවාහයක් කර ගැනීමට සුදුසු වයස වත් විවාහ වි සුවසේ වාසය කිරිමට ගෙයක් දොරක් වුවමනා බව වත්, විවාහ වුනා ම සුවසේ ජිවත් ව්මට ධන සම්පත් වුවමනා බව වත් මට කල්පනා වුනේ නැත. මනුෂ්ය් ජිවිතයේ ඉතාමත් අවදානම් කාලය අවුරුදු 18-25 අතර බව මට මගෙන් ම ප්රිත්ය ක්ස විය. විවාහයක් කරගෙන ගිහි ගෙට ඇතුල්විම
පියාදාස සිරිසේන නවකථා එකතුව 625
නිසා දරුවන් ලැබෙන බව වත් ඒ දරුවන් වඩා හොඳ උසස් දරුවන් විමට ඇති හේතුව වත් මට කල්පනා කරන්නට බැරි විය. ලක්දිව ඉන්නා සිංහලයන්ගෙන් සියයට අනුවක්ටත් වඩා මා වගේ ම කිසිත් කල්පනා නො කොට විවාහ වන අය බව තමුන්නාන්සේගේ පොත පතේ ආධාරයක් ඇතුව මට අවබෝධ වුයේ මා විවාහ වුවාට පසුවය. දැන් මම බොහෝ දුර කරුණු දැන ගත් කෙනෙක්මි. මගෙන් ම මම ඉගෙන ගතිමි. ඒ මගේ ඉගෙනිමෙන් මට මෙලොව දී ප්රියෝජනයක් නැතත් රටවාසි දෙනෙකුට වත් යහපතක් සලසා දුන්නොත් මතු සංසාරයේ සැරිසරන කාලයේදි වත් මට එහි ප්රොතිඵල ලැබෙන්නට පිළිවන.
මම - නිළමේ කසාද බැන්දේ වධක භාර්යාවක් ද?
නිලමේ - ඇත්තෙන්ම පළමුවැනි පංතියේ වධක භාර්යාවක්!
මම - කසාද බඳින ෙකාට වයස කීය ද?
නිළමේ - යන්තම් අවුරුදු දහ නවය ලැබුවා විතරයි.
මම - එසේ කෙළේ මවුපියන්ගේ කරදරයට ද නැතහොත් තමාගේ ම කැමැත්තට ද?
නිළමේ - ඥාණවන්ත මගේ පියා කිවේ යට්ත පිරිසෙයින් අවුරුදු විසි පහ වන තුරු විවාහ වන්නට එපි ය කියායි. එහෙත් ස්ත්‍පිීයක් ලබා ගැනීම ලෝකයේ ම තිබෙන සැපය හැටියට මට වැටහි තිබුණාන. ඉතින් මගේ අඥාන අමනකම නිසා පියාණන් ගේ අවවාදයත් නො සලකා අවුරුදු දහ නවයේදි විවාහ වුණා. ඒ කාලයේ උඩ රට පළාතේ බොහෝ දෙනා ඉතා ළපටි කාලයේ විවාහවිම ද සිරිතක්ව පැවතිම මගේ කරුමයට ඈඳන තවත් කොටසකි.
මම - නිළමේ කසාද බැන්ද ස්ත්රීකය තෝරා ගත්තේ කවර ගුණයක් ප්රමධාන කොට සලකා ගෙන ද?
නිළමේ - වෙන මොකවත් නැහැ. “රූපය” පමණයි. කුලයෙන් වත්, ධනයෙන් වත්, මවුපියන් පරම්පරාවෙන් වත්, සත් චාරිත්ර් අතින් වත්, ආගම භක්තියෙන් වත්, ධර්මය හා ශාස්ත්ර ය දැනීමෙන් වත් යන ආදි කිසිම දෙයක් සලකා ගෙන නොව ඒ වේලාවට කාමාන්ධාරයෙන් අන්ධව සිටි මම ලේකයේ වෙන කිසිම
626 ඩෙබර කෙල්ල
කෙනෙක් නො රැවටෙන තරමට රැවටුනා.
මම - හොඳයි, නිලමේ රැවටිමට වෙන කවුරු වත් ආධාර කෙළේ ද?
නිළමේ - ඒක තාම මට වුන විනේ! මගේ ස්ත්රීකයගේ මවු මා එකපාරටම මුළා කළා. විවාහය කර දිමට ඒ මවුට ඉඩ අති වුනා. මට ඒ කාලයේ හිතුනේ “මගේ සංකර මැණිකේ” ලෝකයේ තිබෙන ශ්රේ ෂ්ඨ වස්තුව හැටියටයි.
මම - හොඳයි. නිළමේට ලැබුණු උරචක්ර්මාලය නිසා යම් සැනසිල්ලකුත් ඇති කර ගත්තෙහි ද?
නිළමේ - ඇත්තෙන් ම වික්රිමපාල මහතාණනි. එක් අතකින් මගේ ජිවිතය සඵල වුනේ මේ වධක භාර්යාව නිසා බව අවංකව කියමි. කාම රාගය බලවත්ව පැවැති කාලයේ හෙවත් තරුණ කාලයේ මට මගේ භාර්යාවගෙත් ලැබුණු අලාභ හානි හිංසා පීඩා නින්දා පරිභව ආදිය අප්‍රමාණ ය. ඒ සියල්ල මා කළ අඥානකමට ලැබුණු විපාක වශයෙන් භාර ගතිමි. මගේ වධක භාර්යාව නිසා ඉවසිමේ උතුම් ගුණය පුරුදු කර ගන්නට මට ඉඩ ලැබුණා. මට ලැබුණු දියණියන් දෙන්නා හා පුතාගේ අඥාන, අධම, පවුකාර, කාලකණ්ණි, නිස්සාර දරුවන් විම නිසා මවුපියන් නිසා ම උස් පහත් දරුවන් ඇති වන නිසැක වු ස්වභාව ධර්මය තේරුම් ගැනීමටත් මනුෂ්ය යෙක් මනුෂ්යව ජාතියක් අභ්යමන්තර වශයෙන් ඇති වන උස් පහත් ගතියේ හැටියට ම බාහිර දියුණුව හෝ පිරිහිම ඇති වන හැටිත් යනාදි සියයකට අධික අවශ්ය කරුණු ප්රමත්යතක්ෂ කර ගැනීමටත් මේ අවාසනාවන්ත මගේ විවාහය මට ආධාර වු බැවින් මම සතුටු වෙමි.
මම - එතකොට නිළමේ කළ දේ ගැන පසුතැවිලි නොවන විර පුරුෂයෙක් මෙන් ප්රීතතියෙන් කාලය ගත කරන බවයි කියන්නේ. ඇත්තෙන් ම ඩෙබර කෙල්ලගේ බඩක උපන් කෙනෙකුට ඉතා ම ප්රරශස්ත ඉගෙනිමක් හා කල්යාගණ මිත්රක සේවයක් නො ලැබුනා නම් ඔහුට කවදාවත් ම ජිවිතය සඵල කර ගන්නට ලැබෙන්නේ නැත. එහෙත් නිළමේගේ මෑණියන් හා පියාණන් හොඳ වැදගත් සිංහලයන් වු නමුත් කුඩා කාලයේ ලැබු “රීලා ඉගෙනිමත්” ආශ්රයය කළ පරතොටු පිරිවැජ්ජන්ගේ පාප මිත්ර සේවනයත් නිසා කාමාතුර වු රූපත්
පියදාස සිරිසේන නවකථා එකතුව 627
දුෂ්ට ස්ත්රීේයකට සම්බන්ධ වු බව පෙනේ. මේ පූර්ව කර්මයත් සම්බන්ධවිමෙන් ස්ද්ධ වුවත් බව නිසැකය. ඒ එසේ ද වුවත් තමා ලැබු දුක් ගැහැට නිසා ස්වජාතියේ ටික දෙනෙක් වත් එබඳු දුක් ගැහැටෙන් මුදා ගැනීමට ක්රිසයා කරනු දැක්ම ප්රීඑතියකි. ලෝකයේ බොහෝ දොනාගේ උත්සාහය තමා වැටුණු අමාරුවට අන්ය යන් පත් කිරිමටය. එහෙත් පැමිණි විපත අවංක ලෙස අවබෝධ කර ගෙන ඒ තබාගේ මුළාව ලෝකයාට ද පෙන්වා දී ඒ ලෝකයාගෙන් කීප දෙනෙක් වත් මුළාවෙන් ගලවා ගැනීමට කරන ප්ර්යන්තය ගැන මුළු හෘදයෙන් ම ස්තුති කරමි. මා දැන් බණ්ඩාරවෙලට පැමිණ ඉන්නේ ඩෙබර කෙල්ලකගේ තොරතුරු පරීක්ෂා කිරිම සඳහා ය. ඒ ගැහැණු ළමයාගේ පියා අමරසිංහ රාළහාමි හෙට උදේ කරන්නට යෙදේ. දැන් අපි සුව සේ නිදා ගනිමු”යයි කියා රාත්රි් දොළහට පමණ නිදා ගතිමු.
පසු දින උදේ උඳුගොඩ නිළමෙත් සමඟ කා බි සුවසේ ඉන්නා විට උදේ අටහමාරට පමණ අමරසිංහ රාළහාමි හෝටලයට පැමිණියේ ය. අප දැක සතුටට පත් රාළහාමි ‘ඩෙබර කෙල්ල’ ක, මහත්මයා”යි උඳුගොඩ නිලමේ අඳුන්වා දි සතුටු වුනෙමු.
“රාළාහිමගේ දියණිය ඇතුළු විශාල පිරිසක් කරී. සඩා වශයෙන් දැන් බණ්ඩාරවෙලට පැමිණ සිටි. ඔවුන්ගේ තොරතුරු සියැසින් ම බලා ගන්නට සලස්වන්නෙමි. ඒ සියල්ලක් ම හොඳින් දැන ගෙන ස්වකීය දියණියට කුමක් කළ යුතු දැයි නැවත කල්පනා කරමු” යයි කියා අපි සිනාසෙමින් ඉන්නා විට මගේ යහළුවා වන ගුණපාල පැමිණියේ ය.
කොහොමද ගුණපාල, තමුසේලාගේ ‘පික්නික් පාටිය’ හය කොටසකට- බෙදි, මොටෝ, කාර්වලින් යන බව ඊයේ කිවා නේද?ග්‍රේස් නෝනා සමඟ යන්නේ කොයිබටදැ” යි ඇසුවාම “මහත්මයාගේ කිම නිසා මමත් සෝමාවතිත් ඒ ග්රේ ස් නෝනාත් සුදු අම්මා කෙනෙකුත් පිරිස් මහත්මයා මාස්ටර් කෙනෙකුත් ඒ කාණ්ඩයට ඇතුළත් ය. ඉතින් මහත්මයා වේලාපහින් ගොස් ඒ හෝටලයේ කාමරයක් ගෙන නවතින්න. ඒ පිරිස එහිදි හැසිරෙන ලීලාට බලාගත හැකිය”යි කීයේ ය.
628 ඩෙබර කෙල්ල
“ඔව් ගුණපාල, ඒ සියල්ලක් ම බලා ගන්නෙමි. ඊයේ රැ බාල් කාලා, නටලා වෙහෙසට පත්ව ඉන්න ඒ පිරිස දැන් කුමක් කරනවාදැ”යි ඇසුවාම “ඔවුන්ගෙන් බොහෝ දෙන තවමත් නිදි. ග්රේකස් නෝනාට බොහොමත් වෙහෙස වාගෙයි. සෝමාවති ඒ නෝනා සමඟ ම ඉන්නවා. බාල දුන් පිරිස් මහත්මයා කසද බැඳුපු කෙනෙකි. ළමයෙකුත් ඉන්නවා. උන්නැහේගේ නෝනාත් නටන්නට ගජ හපනියක්, ඉතින් ඒ නෝනා තවත් පිරිසක් සමඟ බදුල්ලට යනවා. එහෙත් මහත්මාය පිරිසට එක්ව නුවරඑළිය යනවා. ඉතින් වික්රලමපාල මහත්මයෝ අපේ රටේ දැන් කෙරෙහි කෙළි සෙල්ලම පුදුම නො වේදැ” කියා ගුණපාල යන්නට ගියේ ය.
අමරසිංහ රාළහාමිගේ සිත විකල විය. “මොනව ද වික්රපමපාල මහත්මයෝ මොවුන් ගැන තවත් විමසන්නේ මට දැන් කාරණය අවබෝධ වුනා. ඩෙබර කෙල්ලන් ඩෙබර කරන ඉගැන්විමකින් මුළාවේ හෙළන අප වැනි අඥානයන් ඉන්නා මේ රටට ඉර හඳ පායන එකත් වරදක් බව මට දැන් වැටහුනා. මේ ඩෙබර පලහිලව්ව හෙළි කර දුන් උදුගොඩ නිළමේට ස්තුති කරන්නට වචන නැත. ඉතින් ම විසින් දැන් කුමක් කටයුතුදැ”යි අමරසිංහ රාළහාමි සිහිසන් නැතු ඇසුවේ ය.
අමරසිංහ රාළහාමිගේ දුර්වල ගතිය ගැන සිනහ පහළ වුනු මම ඉවසිල්ලෙන් දරාගෙන “රාළහාමි, කොයි කාරණයේදි වත් ඉක්මන් වෙන්නට හොඳ නැත. ඉවසිල්ලෙන් හා නුවණින් ක්රිදයා කිරිමට පුරැදු කර ගත යුතු ය. මේ රටේ ඉගැන්විම ක්රාමය රටේ පිරිහිමටත් මනුෂ්ය යනගේ සත්චාරිත්රේ හා වීරවික්රටම භවය සුන්යව විමටත් යොදා තිබෙන දුෂ්ට පිළිවෙළකි. ඉතින් අවුරුදු තුන් හාර සියයක් පමණ දුෂ්යක වෙමින් පැවැති ජාතියත් එක පාරටම යථාස්ථානයට පැමිණවිය නො හැක්කේ ය. ඒ නිසා අප දරුවන් ක්රාමයෙන් නියම මනුෂ්ය සංඛ්යාැවට පමුණුවා ගත යුතුය. අද සවස අපිත් නුවරඑළි යමු. ග්රේමස්ලාගේ පික්නික් පාටිය හැසිරෙන අන්දම සියැසින් ම බලා ගනිමු. එවිට අපේ රටේ ඉන්නා ඩෙබර කෙල්ලන්ගේ හා කොල්ලන්ගේ තත්ත්වය දැන ගත හැකිය. ඉතින් ඊට ප්රෙතිකර්මයක් යොදන්නට පිළිවන් දැයි කල්පනා කර බැලීම අපේ යුතුකමකැ”යි කියා අමරසිංහ රාළහාමිගේ දැඩි කෝපය සංසිඳවා රාළහාමිත් උදුෙගාඩ නිළමෙත් මාත් සමඟ දෙකට පිටත්වෙන දුම්රියෙන් නුවරඑළියට ගියෙමු.
පික්නාක් පාටිය ලැගුම් ගැනිමට නියම කරගෙන ඉන්නා හෝටලය
පියදාස සිරිසේන නවකථා එකතුව 629
මා දන්නා බැවින් එහි ඉන්නා මගේ මිත්ර ලියන මහතෙකුගේ නිවසට ගොස් අපට නැවතීමට කාමරයක් ලෑස්ති කරගෙන එහි ගියෙමු. පික්නික් පාටියේ ඉන්නා මගේ මිත්රා ගුණපාල හා සෝමාවතිත් අපට ආධාරව ඉන්නා බැවින් පික්නික් පාටියේ හැසිරිම් ආදිය අපට හොඳටම දැක ගන්නට පිළිවන් බව දැන ගත් මම අමරසිංහ රාළහාමිව අපේ කාමරයේ නවත්වා උදුගොඩ නිළමේත් සමඟ හෝටලයේ මල්වත්ත ආදි තැන්වල ඇවිද පික්නික් පාටියේ ගැහැණු පිරිමි ඒ ඒ තැන බංකු ආදියේ වාඩිවි කථා බස් කරමින් ඉන්නා අන්දම බලා ගතිමු. මෙහිදි අවශ්යංයෙන් ම පරීක්ෂා කරන්නට ඕනෑ ග්රේඅස් හා ඈත් සමඟ කථා බස් කරන අය බැවින් ග්රේිස් ඉන්නා පැත්තට ගොස් එහි හිස්ව තිබුණු බංකුවක් පිට විඩි ගතිමු.
වේලව හයට පමණ විය. බණ්ඩාරවෙලදි බාලකුත් සංග්රවහ කළ පිරිස් මහතා මේ නුවරඑළිය ගිය කාණ්ඩයේ ප්රනධාන අමුත්තා බව පෙනුණේ ය. හය දෙනෙකුගෙන් යුත් මේ පිරිස “ප්රංශ ශිෂ්ටාචාරයේ” හැටියටදෝ සිගරැට් එකිනෙකාගේ සිගරැට්ටුවෙන් දල්වා ගනිමිින්, වැඩි සැර නැති බිම ජාති බොමින් ඒ ටික වේලාව ගත කළ අන්දමින් ම වර්තමාන කාලයේ ආචාර්යවරය්න හා ශිෂ්යියන් ද, පුජකයන් ගිහියන් ද, ස්ත්රීාන් හා පුරුෂයන් ද, වැඩිහිටියන් හා ළපැටියන් ද ඔවුනොවුන් කෙරෙහි පවත්වන සැලකිල්ලත් ගෞරවයත් හොඳින් පැහැදිලි වය. මේ සියල්ලක් ම අමරසිංහ රාළහාමිටත් පෙන්වන පිණිස උඳුගොට නිළමේ හෝටලයට යවා ඔහුවත් මල් වත්තට ගෙන්වාගේන මා ළඟින් ම වාඩි කරවා ගතිමි.
මල් වත්ත විදුලි පහන් වලින් ආලෝකවත් කරන ලද බැවින් එහි ඉන්නා කාටත් අන්යෝ න්යලයන් දැකිමට බැරි නැත. එහෙත් ඒ ඒ ආසනවල බංකුවල වාඩිගෙන කතාබස් කරමින් ඉන්නා ජනයා තම තාම ගැනම මිස අන්යහයන් දෙස නො බැලිම නිසා අපේ බංකුව දෙස බලන කෙනෙක් වත් නැති විය. රාත්රී හත හමාර පමණණ වන විට ග්රේුස්ලාගේ පිරිස හෝටලයට ගියහ. අපි තුන්දෙනා ද ඔවුන්ට පසු ගියෙමු. ඒ පිරිසේ හදෙනා ම ඉතාමත් අලංකාර භෝජන ශාලාවේ පිළියෙළ කරන ලද මේසයේ රාත්රි භෝජන ගත්හ. නොයෙකුත් බිම වර්ග සහිත ඒ භෝජනානුභවයෙන් පසු ඒ පිරිසට සුදානම් කර තිබුණු කාමරවලට නිදාගන්නට ගිය පසු අපි ද අනුභව කොට අපේ කාමරයේ නිදාගතිමු. පික්නික් පාටිය සමඟ වුන් ගුණපාලත් සෝමාවතිත් ඔවුන්ගේ මෙහෙය අවසාන බැවින් අප සිටි කාමරයට
630 ඩෙබර කෙල්ල
අවුත් මාත් සමඟ නොයෙක් දේ කථා කරන්නට පටන් ගත්හ. අමසිංහ රාළහාමි මිට පෙර ක්රිමඩා කණ්ඩායම් නො දුටු බැවිනුත් ඒ කණ්ඩායම්වල තොරතුරු නො ඇසු බැවිනුත් ටිකක් පුදුම වෙන්නට ඇත සිතා ගුණපාලට කථාකොට දැන් කාලේ “ඉගෙනීමේ රක්ෂාව” කරන ස්ථානවල ෙතාරතුරු ටිකක් කියන්නට යයි කීවෙමි.
“මොකද මහත්මයෝ, ගුරුවර ගුරුවරියනුත්, ඔවුන්ගේ අධිපතියනුත් ගෝලයෝත් එක හා සමනයි. එකම මත් පැන් බොනවා නම්. ගුරුන්නාන්සේගේ සිගරැට්ටුව ගෝලයාගේ එකෙන්ම දල්වා ගන්නවා නම්, ඕනෑම අසභ්ය කථාවක් ගුරු ගෝල කවුරුත් එකට කරනවා නම්, තවත් කිය නො හැකි ඕනැම හැසිරිමක් ඔවුනොනවුන් අතර පවතිනවා නම් ඉගෙනිමෙන් ඇති ඵලය කුමක් ද?
“විද්යාි දදාති විනයං” ඉගෙනිමෙන් පළමුකොට ම ඇති විය. යුත්තේ හික්මිම ය. එය නැති නම් ඒ ඉගෙනිම “රිල ඉගෙනිමටත්” වඩා නපුරු නොවේ ද? දැන් අපේ රටේ ඉගෙනීමේ ක්රගමයත්, ශිෂ්යද ශිෂ්යාළවන්ගේ හික්මිමත් වහා වෙනස් ෙනා කළොත් ‘ප්රංශ ජාතියට ගිය කල දසාව අපටත් ඒකාන්තයෙන් ඇති විය හැකි’ යයි ගුණපාල විසින් කි කල අමරසිංහ රාළහාමිට ස්වකීය පුත්රන දුහිතෘන්ගේ නරක්විම ගැන පැවති දොම්නස අතුරුදන් වි ගියේ.
ඉත්බිති අපි සිතල නිසා සුවසේ නිදාගත් හැකි බැවින් රාත්රිය ඉතිරි කාලය නිදා සිට උදේ කළ යුතු ශරිර කාත්යි කොට පික්නික් පාටිය තවමත් නිදද්දි උදේ අටහමාරට පමණ අමරසිංහ රාළහාමිත් උඳුෙගාඩ නිළමේත් මමත් මෝටර් කාරයකින් බණ්ඩාරවෙලට පැමිණියෙමු.
අපි හෝටලයේ නැවතුනෙමු. පළමුවෙන් උඳුගොඩ නිළමේ සමඟ මා වෙත පැමිණි ධනපාල නැමැති තරුණ වෙළඳ මහතා එ දිනත් ආයේ ය. ඔහු විවාහ කරගැනිමට බලාපොරොත්තු වන මනාමාලියත්, මෑනියන් හා වැඩිමහල් සහෝදරියකුත්, ඇගේ ස්වාමිපුරුෂයාත් බණ්ඩාරවෙලට පැමිණ ඉන්නා බැවින් ඔවුන්ට එදා රාත්රී භෝජන සංග්රුහයක් කරන බැවින් අප තුන් දෙනාට ද පැමිනෙන්නට ආරාධනා කෙළේ ය.
“අනේ වික්රේමාපල මහතාණනි. මේ ආරාධනාව පිළිගන්ට ඕනෑ ධනපාල මහාතගේ නැන්දනිය විමට බලාපොරොත්තු වන විජේවර්ධන හාමිනේ ලක්දිව ස්ත්රී න්ගේ තත්ත්වය ඉතා හොඳින්
පියදාස සිරිසේන නවකථා එකතුව 631
දන්නා කෙනෙකි. ඩෙබර කෙල්ලන්ගේ චරිත එකක් දෙකක් නොව දහස් ගණනක් දන්නා කෙනෙකි. වික්රෙමපාල මහතාණන් ගැනද හොඳින්ම. දන්නා කෙනෙකි අද රාත්රිෙ ඒ හාමිනේ සමඟ කථා කරන්නට ලැබුනොත් පික්නික් පාටිවලින් රටට ඇති වු සාපයද තව දුරටත් දැනගත හැකි ය. එහෙයින් මේ භෝජන සංග්රරහය සඳහ කරන ලද ආරාධනාව පිළිගත මැනැවැයි උඳුගොඩ නිළමේ කියා සිටි බැවින් අපි තුන්දෙනාම භෝජන සංග්රැහයට එන බැවි කියා ඒ ආරාධනය පිළිගතිමු.
09. පරිච්ජේදය
ධනපාල මහතාගේ ආරාධනාව පිළිගත් අපි ඔහුගේ නිවසට රාත්රින හතට පමණ පැමිණියෙමු. ඒ මහතාගේ නැන්දම්මා බවට පැමිණෙන්නට ඉන්නා විජයවර්ධන හාමිනේ වර්තමාන සිංහල ස්ත්රීනන් අතර ඉන්නා ඉතාමත් ශික්ෂිත ගුණ නුවණ ඇති කෙනෙක් බව උඳුගොඩ නිළමේ කී බැවින් ඒ හාමිනේ සම්මූඛ විමට ලැබිම අමරසිංහ රාළහාමිට ස්වකීය දියණිය වන ග්රේැස්ගේ චරිතය පෙන්වා දිමටත් වඩා වටිනා කාරණයක් විය. එහෙයින් උඳුෙගාඩ නිළමේත් අමරසිංහ රාළහාමිත් කැටුව ම මේ රාත්රිය භෝජන සංග්රනහයට ගියෙමු.
ධනපාල තරුණ මහතා ඉතා හොඳින් කල් යවන ධනවත් කෙනෙකි. වැදගත් මවුපියන්ගේ දරුවෙක් වු ඒ මහතා ඉතාමත් සුළුවෙන් පටන් ගත් වෙළඳාම මහත් දියුණුවකට පමුණුවාගත් කෙනෙකි. දියුණුවට පැමිණ පසු තමන් ගේ මුල් කාලය නොතකන “ඩෙබරයන්” අධික මේ කාලයේ ධනපාල මහතා සුදුසු මාර්ගයෙන් පිට නො පනින්නට හේතුවක් අමරසිංහ රාළහාමිට අවබෝධ කරවා දිමට මෙය ෙහාඳ අවස්ථාවක් වු බව මේ කියවන්නාට යථා කාලයෙහි දැක ගන්නට ලැබෙනවා ඇත.
අපි පැමිණි සැටියේ ධනපාල මහතා සහ ඔහුගේ මෑණියන් හා නැන්දම්මා වන විජේවර්ධන හාමිනේත් විසින් පිළිගනු ලැබුවෙමු. විදුලි පහනින් ආලෝක කර තිබුණු ලක්ෂණ ගෘහයෙහි දැව භාණ්ඩ සියල්ලක් ම පිරිසිදුව තිබුණේය. ඒ ඒ දේ ඒ ඒ තැන පිළියෙල කර තිබුණු ගෘහය දුපිළිවෙළට තිබෙන විශාල ගෘහයකට වඩා අගේ බව පෙනුනේ ය. රාත්රිත භෝජනය අටට පමණ ගත යුතු බැවින් අමුත්තන්
632 ඩෙබර කෙල්ල
තිදෙනා වන අපට අමද්යේ පානයෙන් සංග්රිහ කරන ලදි. උඳුගොඩ නිළමේ කලින් දන්නා අඳුනන විජයවර්ධන හාමිනේට කථාකොට “මෙන්න හාමිනේ කෝන්ගොඩ වික්රිමපාල මහතා, අපේ ජාතියටත්, ආගමටත් රටටත් විශාල සේවයක් කරන මේ මහතාණන්, දැකිමට හාමිනේ බොහෝ කලක සිට බලාපොරොත්තු වුන බව මම දනිමි. ඔන්න අද නිරායාසයෙන් ම සම්මුඛ වුනා. ඉතින් හාමිනේගේ පිරිසිදු චරිතයත්, විශාල දැනීමත්, වික්ර්මපාල මහතාට දැනගන්නට ලැබුණා ම අපේ ස්ත්රීය පක්ෂයට පහත් යහපතක් සැලසෙනවාට අනුමාන නැත. අද රාත්රිැය ඉතාමත් ප්රතයෝජනවත් රායක් කර ගැනීමට සඳහා වික්රනමපාල මහතාත් විජයවර්ධන හාමිනේත් “ඩෙබර කෙල්ල” පිළිබද කාරණය විනිශ්චය කළ යුතුයං”යි කියේ ය. විජයවර්ධන හාමිනේ මා දැකීමෙන් සතුටට පැමිණ “ඔව් අද බොහොම සතුටුදායක දවසකි. අපේ රටේ කිසිවෙක් නොකළ දස්කම් රාශියක් කළ වික්රබමපාල මහතා දැක කථා බස් කරන්නට ලැබිමත්, එසේ ම මගේ පුංචි දියණියගේ මංගල්යහය සම්බන්ධ අවසාන තිරණය කර ගැනීමත්මට මහත් ප්රී තියකි. අපේ ජාතියේ පරිහානියට හේතුව පවත්නා කරුණුග ගැනි නිතර නිතර කථා බස් ඇති නුනොත් ඒ පිරිහිමට හේතු කවදාවත් මේ රටෙන් දුරු වෙන්නේ නැත. ඒ නිසා ඩෙබර කෙල්ලන් හා කොල්ලන් ගැන වික්රනමපාල මහතා නොදන්නා කරුණුත් ස්ත්රී්යක් වශයෙන් මට ද කියා දෙන්නට පිළිවැන”යි කීවා ය. ඒ අතර ධනපාල මහතා විවාහ කරගන්නට ඉන්නා විජයවර්ධන හැමිනේත් දියණියත් දැනට විවාහ වි ඉන්නා දියණිය හා ඇගේ ස්වාමි පුරුෂයාත් මට හඳුන්වා දෙන ලදහ.
රාත්රිහ 8 ට අපට භෝජනයෙන් සංග්රඳහ කරන ලදි. නවටය පමණ එහි සිටි දොළොද් දෙනෙක් පමණ වු පිරිස ශාලාවේ සුව පහසු ලෙස වාඩිගත් ඉක්බිත් අපේ සාකච්ජාව පටන් ගන්නා ලදි.
මම - විජයවර්ධන හාමිනේ මිට ඉහතින් “ඩෙබර කෙල්ල” යන නාමයෙන් යුත් දුෂ්ට ස්ත්රි ය අසා තිබේ ද?
විජයවර්ධන හාමිනේ - ඔව්, කුඩා කාලයේ ම අසා තිබේ. සද්ධර්ම රත්නාකරයේ තිබෙන “ඩෙබර කෙල්ල ගේ කථාව” අපේ අම්මා අපට ඉතා හොඳින් විස්තර කර කියා දුන්නා. තමන්ගේ ප්ර්මාණය, තමන්ගේ මුල් කාලය නො දන්නා ස්ත්රිායත්, තමා කළ උපකාර කෙළෙහි ගුණ නො දන්නා ස්ත්රිායත්, ස්වකීය
පියදිස සිරිසේන නවකථා එකතුව 633
පරම්පරාව, ස්වකීය කුලගෝතුය, නොදන්නා ස්ත්රි යත්, තමාගේ තත්ත්වයට , ප්රකමාණයට ඉහළින් ක්රි යා කරන ස්ත්රි යත්, අධික මාන්නයෙන්, අහංකාරයෙන්, උඩගුවෙන් ක්රි යා කරන ස්ත්රි්යත්, “ඩෙබර කෙල්ල” සංඛ්යායවට වැටෙන බව සද්ධර්ම රත්නාකරයේ කථාවේ සදහන් ඩෙබර කෙල්ලගේ කථාවෙන් විස්තර වේ .
මම - හොඳියි, “ඩෙබර කෙල්ල” යන නමින් ඒ දුෂ්ට ස්ත්රීවන්ට ව්යංවහාර නොවිමට හේතුව කුමක් කියා හිතනවා ද?
විජය: හාමිනේ - අපේ පොත පතේ සඳහන් වැදගත් කරුණු කියවා බලා එය ප්රයකට කරන කෙනෙක් දැන් නැත. පරණ කථාන්තරය කියවා බැලිම පවා වර්තමාන කාලයේ ඉන්නා ස්ත්රී පුරුෂයන්ට නින්දාවක්ලු. පරණ බමුණු මාල්ලන් ගේ කීම වලට නින්දා කළ යුතු යයි ලියන කියන ස්ත්රීබ පුරුෂයන් කොපමණ සිටිත් ද? ඒ නිසා යුරෝපීය ක්රිමයට අදාල නො වන පැරණි සත්චාරිත්රි කිසිවක් මේ රටට වලංගු කරවන්නට බැරිව තිබේ.
මම - හොඳයි, අපේ (පෙරදිග) ධර්ම ශාස්ත්රු සිරිත් විරිත් අත් හැර යුරෝපීය ධර්ම ශාස්ත්ර- සිරිත් විරිත් පිලිගැනීමෙන් මේ රටේ මිනිසුන්ට සිද්ධවුනේ යහපතක් ද අයහපතක් ද කියා හාමිනේ තේරුම් ගෙන තිබේ ද?
විජය: හාමිනේ - මම හොඳින් ම තේරුම් ගෙන ප්ර ත්ය ක්ෂව දැන සිටිමි. මිරිදියේ උපන් මාලුන් කර දියේ දැමිමේන් යම් ප්රඳතිඵලයක් ඇති වේ ද අපට සිද්ධ මි තිබෙන්නේත් එයමය. යුරෝපීය ධර්ම ශාස්ත්රිවල හා සිරිත් විරිත්වල ගත යුතු ඉතාමත් හොඳ කොටස් නැත්තේ නොවේ. එහෙත් පෙරදිග මිනිසුන් විසින් ඒ යුරෝපීය ක්රතම සම්පූර්ණයෙන් පිළගෙන යුරෝපීය නාමස්කන්ධයෙන් හා සිංහල රූපස්කන්ධයෙන් යුත් මිනිස්සු දෙකටම නැති පුහු සතුන් කොටසක් විම නිසා මේ රටේ මිනිසුන්ට නො වැටහෙන ඉතාමත් භයංකර විනාශයකට බැස සිටිති.
මම - එතකොට යුරෝපීය විම දියුණු විමය, සැපවත් විමය යන කිම වැරදි කල්පනාවක් නොවේද?
විජය: හාමිනේ - සම්පූර්ණයෙන් වැරදි අඥාන කල්පනාවකි. අපේ මේ කුඩා ලක්දිව යුරෝපීය වේශධාරින්ගේ පරම්පරා
634 ඩෙබර කෙල්ල
තුනක්වත් පැවතී නැත. යම් කිසි විධියකින් ආණ්ඩුවේ උසස් රාජකාරියක් හෝ මුදල් යහමින් ලැබෙන අත්වකාත් පෙරකදෝරු වැඩක් හෝ වෙළෙඳ වැවිලි ආදි කටයුත්තක් කොට ධනවත් ප්රරස්ද්ධ බවට පත් කෙනෙකුගේ පරම්පරා තුනක් උසස් තත්ත්වයේ පැවැති බවක් වික්ර මපාල මහතාට පෙන්විය හැකි ද? එහෙත් සිංහල සිරිත් විරිත් ධර්මය ශාස්ත්ර අනුගමනය කරන සිංහල මිනිසුන්ගේ පරම්පරා දහය පහළොවටත් වැඩි කාලයක් අවිච්ජින්නව, අඛණ්ඩව, දුක්ඛිත භාවයකට ෙනා පැමිණ පවත්නා බව මහත්මයාට පෙන්වා දෙන්න ද?
මම - ඔව්, හාමිනේට ස්තුතියි, ඒ සියල්ලක් ම යුරෝපීය වුණු සිංහල පවුල්වලටත්, සිංහල හැටියටම කල් ගත කළ සිංහල පවුල් වලටත්. ගිය කල දසාව මම ඉතා හොඳින් දනිමි. ඉතා දුප්පත්ව සිටි පවුලක් යම් ක්රදමයකින් මඳක් ධනවත් බවට පැමිනියා නම් එතැනට යුරෝපීය ශිෂ්ටාචාරය ඉබේම වාගේ ඇතුළත් විමෙන් පසු ටික කලක් ඒ පවුල දියුණු වේගෙන ගොස් දෙවැනි පරම්පරාවේදි නොහොත් තුන්වැනි පරම්පරාවේදි හොඳටම විනාශ වේ. තුන්වැනි පරම්පරාව වන විට සම්පුර්ණයෙන් ම විනාශ වන බව අපට පෙනේ. මිට හේතුව කුමක් ද?
විජය හාමිනේ - ඉතාමත් ගැඹුරු ප්රවශ්නයක්! මුහුදු මත්ස්යමයෙකු මිරිදියට දැම්මොත් එසේ නැත්නම් මිරිදිය මසෙකු මුහුදට දැම්මොත් දවසකින් දෙකකිනුත් විනාශ විය හැකිය. සමහර විට ටික කාලයක් වත් ජිවත්ව ක්රකමයෙන් දුර්වලව වි මැරි යාම මෙන් අපේ ජාතියටත් සිද්ධ වි තිබේ යයි සිතන්නට ඉඩ තිබේ.
මම - හොඳයි. මේ ගැඹුරු ප්රපශ්නය නිරාකරණය විමට ආධාර වන පිණිස ඩෙබර කොල්ලන් හා කෙල්ලන් පිලිබඳ කථාව පටන් ගනිමු. හාමිනේ ඉගෙන ගත්තේ ස්කෝලයකද, කො තරම් දුරට ඉගෙන ගත්තා ද?
විජය: හාමිනේ - මම ඉගෙන ගත්තේ ආණ්ඩුවේ ස්කෝලයකයි. අපේ ගුරු මහත්මිය ඉතා හොඳ කෙනෙකි. ප්ර තිපත්ති නොකඩවා පිළිපැද්ද කරුණාවන්ත කෙනෙකි. එනිසා මගේ උත්පත්තියෙන් ඇති වි තිබුණු හොඳ ගති කිසිවකට කිසිම
පියාදාස සිරිසේන නවකථා එකතුව 635
හානියක් වුනේ නැත.
මම - හොඳයි, හාමිනේ මෑණියෝ උගත් කෙනෙක් ද? ප්ර තිපත්ති ආරක්ෂා කළ කෙනෙක් ද?
විජය: හාමිනේ - අපේ මෑණියන් පමණක් නොව පියාණන් ද ප්ර තිපත්තිකාමි ගුණවත් ඇත්තෝ ය. අපේ පියාණන් මධ්යඅම පංතියේ ධනවතෙක්ව සිටි නමුත් මිහිරන් කැපීමෙන් ණය වී, පාඩුවි නිර්ධන නිර්ධන බවට පැමිණ තිබේ. ඒසේ වුයේ අප කුඩා කාලයේදි ය. එහෙත් අපේ මවු පිය දෙදෙනා නිර්ධන විම නිසා සෝකයෙන්, කණගාටුවෙන්, වාද භේද විමෙන් කල් ගත කර නැත. ධනය හීන වන තරමට අපේ සැප පහසු අඩු කළා මිස ගුණ ධර්මයත් ප්රනතිපත්තියත් අඩු කෙළේ නැත. අපේ මෑණියන් කලින් කල වියහිදම් අඩු කොට ඇඳුම් පැළඳුම් චාන් අන්දමට පිළියෙල කොට මා ඇතුළු දරුවන් තිදෙනා රක්ෂා කළ අන්දම ආදර්ශයට ගත යුතුය. අපේ මවුපිය දෙදෙනා කලහ කරගත් දිනයක් අප්රටසන්නව සිටි දිනයක් මට මතක නැත. ඒ කල්ගත කළ යහපත්කම නිසා මාත් නංගිත් මධ්යිම පන්තියේ ධනවතුන් දෙදෙනෙකුගේ භාර්යාවන් විමු. අපේ මල්ලී ආංඩුවේ රාජකාරියට පත්වි ධනවත් පවුලක ඩෙබර කෙල්ලක් විවාහ කරගෙන ඉතාමත් කාලකණ්ණි දරුවන් පස් දෙනෙකුත් බෝ කර ගෙන මේ ලෝකයේ ඇති තාක් කරදර විඳිමින් දුක් විඳියි. එහෙත් නංගිටත් මටත් අම්මාගෙන් ලැබුණු උතුම් ප්රවතිපත්ති බලය නිසා අපේ පවුල් දෙකම කිසි අපහසුවක් නැතිව හොඳින් කල් ගත කරන්නෙමු. අපට ලැබුණේ දුවරු දෙන්නා පමණකි. දෙන්නාම දැන් මෙහි සිටිති. වැඩිම්ල්ු දුව සුමනා විවාහ කර දිමට ලොකු දැවැද්දක් වුවමනා නොවිය. මෙහි මේ ඉන්නා ජයසේකර මහත්මයා ඉඩම් හිමි වැවිලිකරුවෙකි. උගතෙක් නිසා අපේ පවුලේ තත්ත්වය තේරුම් ගෙන කිසිම දෑවැද්දක් නො විමසා විවාහ වි දැන සැප සේ සිටියි. අනිත් දියණිය විවාහ කර ගැනීමට මේ ධනපාල මහතා තීන්දු කරගෙන සිටි. ඉතින් මේ ප්රරතිපත්තිත් සත්චාරිත්රනත් නො කඩවා ජිවත් වුනොත් මගේ දු දරුවන්ගේ පරම්පරා දවසින් දවස උසස් වෙමින් බොහෝ දීර්ඝ කාලයක් ආත්මාර්ථ පරාර්ථකාමි විසිනුන්ව වාසය කරන්නට ලැබෙන බව මට ප්රකත්යථක්ෂය.
636 ඩෙබර කෙල්ල
මම - හොඳයි, හාමිනේ දන්නා නොහොත් ආශ්රතය කළ එබඳු පවුල් තවත් තිබේ ද?
විජය: හාමිනේ - ඇයි නැත්තේ, අපටත් වඩා සාන්ත දාන්තව කාලය ගත කරන පවුල් මම දනිමි. ඒ ඒ පුද්ගලයන්ගේ නම් කීම යුතු නොවේ.
මම - හාමිනේ දන්නා “ඩෙබර පවුල්” වලින් ඉතාමත් භයානක පවුල් කීපයක් ගැන විස්තරයක් කළොත් මෙහි ඉන්නා අමරසිංහ රාළහාමිටත් උඳුගොඩ නිළමේටත් ප්ර්යෝජන වෙන්නට පිළිවන.
නිළමේ - ඩෙබර පවුල්වලින් ඉතාමත් ගර්හිත පවුල මගේ පවුල යයි මම කල්පනා කරමි.
අමරසිංහ - නැහැ නිළමේ, ඩෙබර පවුල්වලින් ඉතාමත් නරක පවුල තමුසේගේ පුවල නොව මගේ පවුල බව මට කල්පනාවේ. හොඳයි, තමුසේගේ භාර්යාවගේ චරිතය ටිකක් කියන්න.
නිළමේ - මා විවාහ කර ගත්තේ ඉතා පහත් පැවතුම් ඇති වනචර පවුලකිනි. මගේ භාර්යාව වුනාට පසු ඈ කුමාරි හාමියෙක් වුනා. ඉගෙනීමෙන් හා ගුණධර්ය ප්ර තිපත්ති ආදියෙන් හීන ස්ත්රීහයකට සැපසේ ඉන්නට ලැබුණු හැටියේ ම ඈ නරක් වෙනවා. ස්ත්රීීයක් පමණක් නොව නුගත් පහත් ප්රිතිපත්ති විරහිත පුරුෂයෙකුට වුවත් ධනයක් ලැබුණු හැටියේ ම ඔහු වඩාත් දුෂ්ට බවට පැමිණිම ධර්මතාවයකි. නිකම්ම පොළොව හාරන ඌරාට වානේ කටුවක් බඳිනු ලැබු කල කොපමණ හාරයිද? යන්තම් දැල්වෙන ගිනි දැල්ලකට පහසුවෙන් දැවෙන තණ පිදුරු ආදියක් ලැබුණොත් කොතරම් විශාලව දැල්වේ ද?
මම - හිටින්න නිළමේ, අසරණ නුගත් අය ධන සම්පතේදි උඩඟු වන නමුත්උගත් ගුණවති ධන සම්පතේදී වඩාත් නිහතමානි ශාන්ත භාවයට පත් වේ. එහෙත් තේරුම් ගන්නට දුෂ්කර කාරණයක් තිබේ. උගත් කමක් නැති සමහර දුප්පතුන් ඉතාමත් ශාන්තය. නිහතමානී ය. ධනයක් ලැබුණත් ඒ ගතිය වෙනස් නො කරයි ඊට හේතුව?
විජය:හාමිනේ - නිලමේගෙන් අසන ලද ප්ර.ශ්නනයට මම උත්තර දෙන්නෙමි. කාගෙන් වත් ඇසු ප්ර ශ්නයකට බලහත්කාරයෙන්ම පිළිතුරු දෙන්නට හේතුව මා දුටු එක්තරා පවුලක් ගැන
පියදාස සිරිසේන නවකථා එකතුව 637
කියන්නට සිතුණු වාර නිසාය. අපේ ගමේ තරමක පොහොසත් පවුලක ගැහැණු ළමයෙකු විවාහයට පමුණුවන ලදි. ඒ ළමයා ඉතාමත් හොඳ මවු කෙනෙකුගේ යහපත් දරුවෙකි. ඇය විවාහ කර ගත් පුරුෂයා ඒ කාලයේ ධනවත් ප්රයසිද්ධ කෙනෙකි. එහෙත් අසත්පුරුෂ අධමයෙකි. සුදු කෙළිම ආදී ගර්හිත ක්රිපයාවලින් අසරණ බවට පත් වි පුරුෂයා අන්තිමයේදි බේබද්දෙක්ව, හොරෙක්ව ඉතාමත් දරුණු ලෙස කල් ගත කෙළේ ය. ස්වකීය භාර්යාවට අඩම්තේට්ටම් කරමින් ඉතා දුකසේ සිටි නමුත් එකී ස්ත්රි ය කවදාවත් නපුරු ගතිය වැටණේ නැත. පර පුරුෂ සේවනාදි දුෂ්චරිතයක් කෙළේ වත් ස්වකීය ස්වාමි පුරුෂයාට විරුද්ධකමක්, අනාදරයක් කෙළේවත් නැත. ඉතින් එසේ විමට හේතුවුයේ කුමක් දැයි පරීක්ෂා කළ මට වැටහුණේ ඒ තරුණියගේ මෑණියන්ගේ කුස තුළදි විශේෂයෙන් ඇති වු ඉගෙනීම බවය.
මම - ඔව්, දරුවන්ගේ පළමුවන පාසැල මාතෘ ගර්භයයි. මාස නවය හමාරක් පමණ ඉගෙන ගන්නා මාතෘ ගර්භය නැමැති පළමුවන පාසල නරක් වුණොත් ඒ දරුවා ලෝකයේ තිබෙන ඉතාමත් හොඳ පාසල්වල උගන්වනු ලැබුවත් කවදාවත්ම ඒ දරුවා සම්පූර්ණ හොඳ මනුෂ්ය යෙක් ෙනාවේ. ඉතාම අශික්ෂිත මවකගේ දරුවෙකුට වුවත් උස් ශිල්ප ශාස්ත්රත උගන්වන්නට බැරි කමක් නැත. එහෙත් කරුණාවෙන්, මෛත්රිඋයෙන්, පරාර්ථකාමි භාවයෙන්, ස්ථානොචිත ප්රණඥාවෙන්, මෛත්රියයෙන්, ආත්ම ගෞරවයෙන්, ආත්ම ශක්තියෙන්, ආත්ම විශ්වාසයෙන් යුත් සත්පුරුෂයෙකු විමට නම් උසස් පැවතුම් ඇති අලෝභ, අදෝෂ, අමෝහ යන සිතිවිලි වලින් යුත් කුල චාරිත්රාඇදිය ආරක්ෂා කරන මවකගේම දරුවෙක් විය යුතුය.
විජය: හාමිනේ - ඔව්, මහත්මයා එය “පළමුවන පාසැල්” කථාව ඉතා මැතක පටන් සමහරුන්ගේ කල්පනාවට භාජන වි තිබෙතත් අපේ මවුපියන්ගේ කාලවලත් වෙන වචනයකින් ඇඳිනි තිබේ. “මවු යම්සේද දරුවාත් එසේ මය” යන මේ කතාව කිසිම කෙනෙකුට කවදාවත් බොරු කරන්නට නොහැකි විය. ඉගෙනිමක්, ශික්ෂණ භාවයක්. ප්රමතිපත්තියක් නැති ගෙදරක ඇති දැඩිවුණු ස්ත්රිගයක් යම් කර්ම බලයකින්
638 ඩෙබර කෙල්ල
ධනවත් වැදගත් කෙනෙකුට භාර්යාව වුනත් ඇගේ මුල් හැදිම අනුවම සියලු කටයුතු කරන බව මම නොයෙක් ගේවල තොරතුරු විමසීමෙන් දැන ගතිමි. එ බදු තැන් කීපයක් කියන්නද?
අමරසිංහ - අනේ ලොකු හාමිනේ, එබඳු තැන් දන්නා තරමක් කියන්න. අද රාත්රිහය මුළුල්ලේ ම කිවත් ඉතා ප්රීහතියෙන් අසාගෙන ඉන්නෙමි.
විජට: හාමිනේ - කන්දොස්කිරියාව අසාගෙන ඉන්නා අයගේ කන් දුෂ්යක කරන නිසා කන්දොස් කිරියාවයයි කියති. බැනුම්, අවලාද, කුලමල, කුණුසරුප ආදය කියන ස්ත්රීයන් අපේ රටේ හැර වෙන කොයි රටකවත් ඉඳිත් යයි මම නොසිතමි.
සවස පහේ පටන් පසු දිනට එළිවෙන (උදේ) හතර දක්වා ස්වකීය පුරුෂයාට බනින ස්ත්රී යක් මම දනිමි. මැය පුරුෂයෙකු හා විවාහ වී දරුවන් සතර දෙනෙකුත් ලැබුවාට පසු අන්යර කුලයක ශක්ති සම්පන්න තරුණයෙකුට මිත්රවව අසද්ධර්මයෙහි යෙදම නිසා වයස් ගත දුර්වල පුරුෂයා නීති මාර්ගයෙන්ම ඇගෙන් වෙනස් වුනනේය. ඉක්බිති ඉහත කී තරුණයාත් සමඟ අඹු සැමි වශයෙන් වාසය කෙළේ ය. ඒ තරුණයා වල් පාහරයෙකි. ඔහු පර ස්ත්රීඹන් සේවනයෙහි කෙළ පැමිණියෙකි. ඉතින් ඒ මහලු ධනය තිබෙන බැවින් එක්ම කල් යවතත් නිතරන පරදාර සේනයෙහි හැසිරෙන මොහුට මේ මහලු ස්ත්රීැය චෝදනා කරයි. ඔහුට බනින විට ඔහු ස්ත්රි යට පහර තුන හතරක් දෙයි. ඉතින් පහර කැ ඒ ස්ත්රි ය මේ ලෝකයේ ඇතිතාක් කුලමල කියමින් කඳුළු වකුරුවමින් අඬයි. ඒ ඇඬිමත් කුණු සරුප කිමත් කොතරම් දරුනු ද කීවොත් ඈ ඉන්නා ගෙට ආසන්නයේ ගෙවල් කුලියට දීගත නොහැකිව වැසි යන්නේය. ෙනාදැනුම්කම නිසා ඒ ගේ අසලින් ගෙයක් කුලියට ගෙන යම් කෙනෙකි පදිංචි වුනත් මාසයකට දෙකකට වඩා එහි නොවස්නනේය. ඉතින් මාසයකට තුන් හතර වරක් මෙබඳු කන්දොස්කිරියාවේ යෙදෙන මේ ස්ත්රීනය ගැන මම විපරම් කෙළෙමි. මැයගේ මවුත් මෙයාකරම කන්දොස්කිරියාව කළ දුෂ්ට ගැහැණියක් බව දැන ගතිමි. ඈට ධනය තිබෙන නිසා දෙවැනි වර විවාහ කරගත් පහත් ගතිගුණ ඇති තරුණයාද ඇගේ කන්දොස්කිරියාව අසමින් ඇය සමඟම කල් යවයි. මෙහෙකරුවෙකු මෙහෙකාරියෙකු තබා ගත නොහැකි ස්ත්රීසන්
පියදාස සිරිසේන නවකථා එකතුව 639
අප්රාමාණය. නිති මගින් පවා දඩුවම් විඳිමින් මෙහෙකාරියන්ට හා මෙහෙකරුවන්ට හිරිහැර කරන ගැහැණුන් මේ රටේ බොහෝය. කරුනා මෛත්රිුය ආදි සත්ගුණයෙන් විරහිත විමත් තමාගේ නොපහත් කම් සොය බැලිම නිසාත් මෙහෙකරුවන්ට බොහො විට හිරිහැර කරති. මෙහෙකර්වන්ගෙන් වැඩ ගැනීමට හැක්කේ ස්වාමි පවුලක් උපන් කෙනෙකුට පමණකි. පහත් දාස කුලයක ඉපිද හදිසියෙන් ධනවත් වුණු නැතහොත් කර්ම විපාකයක් නිසා උසස් පවුලකට බැදුනු ස්ත්රි යකටද කවදාවත් මෙහෙකෙරුවන් රූස්සන්නේ නැත. මෙහෙකරුවන්ගෙන් වැඩ ගෙන පුරුද්දක් නැති මවුපියන්ගේ දුවෙකුට මෙහෙකාරයෙක් විමට වඩා කුස ගින්නේ මිය යාම හොඳ බව වැටහුනු වාර අප්රකමාණය.
දරුවන් තැනීම සම්බන්ධ තැලීම, තර්ජනය කිරිමාදය ඒ දරුවන්ට වැඩදායක නොවේ. මෘදු වචනයෙන්, අවවාදාදියෙන්, විසුළුවෙන්, ක්රීකඩාවෙන් හික්මවිය නොහැකි කුඩා වුන් දුෂ්ට ප්රනතිපත්ති විරහිත මවුපියන්ගේ දරුවන් බව නිසැකය. ඔව්හු විශේෂයෙන්ම පහත් මවකගේ දරුවෝය. කුඩා දරුවන් තැනීමට නම් හොඳ ආහාර පාන දීම, නරක දරුවන් හා කෙළි සෙල්ලම් කිරිමට ඉඩ නොදිම. යහපත් ආචාර්යවරයන් ඉන්නා පාඨශාලාවකට යැවීම, උදේ සවස ආගම ප්රදතිපත්තිවල යෙදවීම, නරක වචන හෝ අශික්ෂිත වචන කියන විට තරවටු කොට එහි වරද කියා දිම, වේලාසනින් නැගිට වේලාසනින් නින්දට පුරුදු කරවිම යනාදි වශයෙන් මිස දරුවන් හදනවාය කියන්නේ රන් රිදි බඩු වාගේ සෑදිම ද? දරුවන්ට හැදෙන මාර්ග පෙන්වාදිම ඒ ඒ වයසට සුදුසු තමන්ගේ වත්කමේ ප්රවමාණයට ඇඳුම් පැළඳුම් සපයා දුන්නාම හැදෙන ළමයි හැදෙත්. නො හැදෙන ළමයි එනම් ඩෙබරියන්ගේ කුසවල උපන් ළමයි හැදීමට මහා බ්රාළහ්මයාටවත් බැරිය. හොඳ මවකගේ දරුවෙක් වුවත් පාප මිත්රි සේවනායට, නරක පාඨශාලාවකට ගියහොත් ළමයි ද ඩෙබර කෙල්ලන් හා කොල්ලන් වන කෙනෙකු හදන්නට බැරිය. හොඳට හැදෙන මාර්ගය පෙන්වා ඊට ආධාර කළ විට හැදෙන ළමයා හැදේ. දරුවන්ගෙන්ම මවුපියන්ගේ විශේෂයෙන් මවගේ තත්ත්වය තේරුම් ගත හැකිය. සිද්ධ වුනු කාරණයක් ගැන දැන් මේ සභාවේ කියන්නෙමි. මම අවුරුදු පනස් පහක මහලු ස්ත්රියයකි. එක් දිනක් මම මහ පාරේ ගමන් කරන විට පාඨහාලාවට යන කුඩා ගැහැණු ළමයි තුන් දෙනෙක් පාර අයිනේ තිබෙන පේර ගසකට නැගි පේර කඩන බව
640 ඩෙබර කෙල්ල
දුටුවෙමි. එයින් එක ළමයෙක් ගසේ මුදුනටම නැගී අතු දෙකකට කකුල් දෙක ගසාගෙන සර්කස් කාරයෙකු මෙන් පේර ගෙඩියක් කමින් ආනක් දෙදෙනාට විහිලු කරන බව දුටුවෙමි. මම ගස ළඟ නැවතී, දරුවෙනි, නුඹලා ගස් නඟින එක හොඳ නැහැ. ගස අයිතිකාරයා දුටුවොත් නුඹලාට අල්ව ගන්නටත් බැරි නැත. ගැහැනු දරුවන් ඔය විධියට හැසිරිම හොඳ නැතැයි කීවෙමි. එවිට ගසේ මුදුනේ සිටි කෙස් කොට කෙල්ල, “නාකිච්චි කට වහපන්, ඔපමණකින්ම කට වහපන්. අපට කැමති හැටියට ඕනෑ දෙයක් කරනවා. නුඹට මොකදැ” යි මහත් හඩින් කැ ගැසුවා ය. ගස මුල සිටි ළමයින්ගෙන් ඒ කැගසන ළමයා කාගේ කවුදැයි දැන ගතිමි. ඊට පසු ඒ දුෂට කෙල්ලගේ මව ගැන විපරම් කෙළෙමි. පළමුවැනි පන්තියේ ඩෙබරියකගේදුවක් බව දැන ගතිමි.
ඉතා වැදගත් නෝනා මහත්මයෙකු දුෂ්යග කොට දිවි නසා ගන්නට සලස්වා තමා ගැලවි ගත් අධමයෙකු ගැන විපරම් කෙළෙමි. සිවුරු පිටින් ම විවාහ කර ගත් දුෂ්ට ඩෙබරියකගේ පුත්ර යෙකුට නො එක් ශබ්ද ශාස්ත්රා දිය ඉගැන්නුවත් පළක් නැති බව ඒ කාරණයෙන් තේරුම් ගතිමි. තමාගේ ම කාර් ඩ්රරයිවර් සමඟ අනාචාරයේ හැසිරෙන පහත් නීච ස්ත්රිේයකගේ පුතෙක් එක පවුලක් නොව පවුල් දහසක් වත් නාස්ති කිරිමට සමර්ථ බව මේ කාරණයෙන් ප්රකකට විය.
දරුවන් දහ පහළොස් දෙනෙකු ඉන්නා පවුලක වත් ඩෙබරියකගේ බඩේ උපන් කෙනෙක් නියම දරුෙවකු වේයයි පිළිගැනීම දුෂකර ය. මවුපියන්ගේ අගය සැලකීමට ඩෙබර කොල්ලෙක් හෝ කෙල්ලෙක් කිසි කලෙකත් සමර්ථ නොවේ. අද්වකාත්, නීතිඥ, ග්රකන්ථ කර්තෘවරු ආදී ලෝක ප්රරසිද්ධ පියවරුන්ගේ දරුවන් සුදු කාරයන් , බේබද්දන්, රස්කියාදුකාරයන් වි හැසිරෙන්නේ මන්දැයි විපරම් කළ විට පියා කොතරම් උසස් කෙනෙක් වුවත් පහත් දුෂ්ට මවක කුස උපන් දරුවෙකුගෙන් ස්වකීය මවුපියන්ට වත් ලෝකයේ කිසිවෙකුට වත් කිසි පලක් නො ලැබනෙ බව මට ප්ර ත්ය ක්ෂ විය.
විජයවර්ධන හාමිනේගේ මේ කථාව අසා සිටි මා සහ අමරසිංහ රාළහාමි ද උදුගොඩ නිළමේ ද පුදුම විමු. ධර්ම ශාස්ත්රා උගත් නුවණැති කෙනෙකුට කොතරම් විශාල යහපතක් රටට කළ හැකි දැයි අපට වැටහුණේය. වේලාව රාත්රිත දහය වු බැවින් උනු කෝපිත් කිතුල්
පියදාස සිරිසේන නවකථා එකතුව 641
හකුරුත් දිමෙන් අපට සංග්රුහ කළ පසු නැවතත් අපේ කතාව පටන් ගතිමු.
මම - අනේ මේ ලෝකයේ හැටි! සුඛිතව හොඳින් කල්ගත කිරිමට නිසැක වු ප්ර ත්ය ක්ෂ වු ගුරුකම් තිබිය දී ඒ කිසිත් නො සලකා අල්පායුෂ්කව, රෝගීන්ව, අසරණව, අරූපීව, අනාථව, පිළිකුල් කටයුතු වු මනුෂ්යව ප්රේනතයන්ට. මනුෂ්යූ තිරිසනුන්ව, ඉඳිම කොතරම් කණගාටු දායක ද?
අමරසිංහ - එසේ විමට හේතුව පූර්ව කර්මය නොවේ ද? ඉතින් ඒ කර්මය වැලැක්විය හැකි ද?
මම - ඔව්, හොඳින් තේරුම් ගත යුතු කාරණයකි. පූර්ව ජාතිවල කරන ලද නොයෙක් පාපා කර්ම නිසා අල්පායුෂ්ක රෝග බහුල අසරණ කාලකණ්නින් උපදින බව සම්පූර්ණ ඇත්තකි. ඉතින් ඒ බව ඇසින් බලබලා ඒ කාලකණ්ණි බෝ කරන්නේ මන්ද?
අමරසිංහ - කාලකණ්ණා බෝකරන්නට කිසිම කෙනෙක් කැමැති නැත. එහෙත් උපදිති. ඉතින් ඊට කුමක් කරමු ද?
මම - අන්න ඒක තමයි තේරුම් ගත යුතු කාරණය. කාලකණ්ණා පවුකාරයන්ට කාලකණ්ණි දරුවන් හා ඥාති මිත්රමයන් ලැබේ. යයි සමහර අය කල්පනා කර තිබේ. එහෙත් ධර්මය පවතින රටක මේ දුර්මතය පවතින්නට ඉඩ හැරිම වරදකි. මළ මුත්ර් ආදි අපවිත්ර දේ රැස් කරන තැනකට නිලමැස්සන් රැස් වන බව පෙනේ. එහෙත් ඒ ඉඩම ම සුද්ධ කොට රෝස ආදි සුවඳ ඇති මල් ජාති වැව්වොත් නිල මැස්සන්ගේ පැමිණිම නැවතී ඒ වෙනුවට මි මැස්සන් රැස්වන බව අපට දක්නට ලැබේ. කාලකණ්ණියෙක්ව ඉපද දුක් විඳින කෙනෙකුට වුවත් කාලකණ්ණි විමට හේතුව කුමක් දැයි තේරුම් ගැනීමට බැරි කමක් නැත. එසේ තේරුම් ගත්තොත් තමාගේ කාලකණ්ණිකම වීර්යයෙන් හා නුවණින් මඳක් වත් අඩු කරගෙන පින්වත් දරුවන් උපදවා ගත හැකි ප්රමතිපත්තියෙහි යෙදෙන්නට බැරි කමක් නැත.
විජය: හාමිනේ - අනේ සාදු! පිනවත් දරුවන් උපදවා ගැනීමේ ගුරුකම් කරුණාකර මෙතැනදීම විස්තර කරනු මැනවි. මාත් ඒ පිළිබඳව යම් යම දේ දනිමි. එහෙත් වික්රාමපාල මහාතගෙන්
642 ඩෙබර කෙල්ල
ධර්ම ශාස්ත්රාෙනුකූල නිසැක ලෙස දැන ගත හැකි ය. මට පමණක් නොව මෝ සභාවේ ඉන්නා තරුණ තරුණියන්ට එයින් ලබා ගත හැකි ප්රසයෝජන අප්ර මාණ ය.
මම - ඔව්, ලුහුඬින්, නුමත් අවබෝධ කර ගත හැකි අන්දමට ඒ කාරණය කියන්නෙමි. මනුෂ්ය් ශරීර දෙ තිස් කුණප කොට්ඨාශයෙන් පරිපූර්ණ භාජනයකි. හෙවත් දෙ තිස් කුණු ගොඩකි. රූපස්කන්ධ යයි කියන ශරීරය තුළ නාමස්කන්දය නම් වු වේදනා, සංඤ්ඤා. සංඛාර, විඤ්ඤාණ කියා තවත් ස්කන්ධ සතරකි. ඒ ස්කන්ධ සතර ම හිතය. ප්රාරණය ය කියා බාර ගත් විට ශරීර හිත හෙවත් ප්රාකණය ය යන දෙකකින් සත්මයා සම්පූර්ණ වේ. ශරීර ප්රරකෘත්තියෙන් ම, උත්පත්තියෙන් ම දෙ තිස් කුණප වුවත් හිත ස්වභාවයෙන් පිරිසිදු ය. පිරිසිදු සිත කිළිටිවන්නේ ශරීරයේ දෙ තිස් කුණපය නිසා නොව පාප සිතිවිලි නිසා බව නිසැකව තේරුම් ගත යුතුය. ලෝභ, ද්වේෂ, මෝහ යන පව් තුනෙන් එකක් හෝ දෙකක් හෝ තුනම හෝ යම් කෙනෙකුගේ සිතේ හටගත් විට ඔහුගේ සිත කිළුටු වේ. ඒ පාප සිතිවිලි බලවත් නිතර ම පවතින විට ශරීරයේ ලේ ධාතුව විෂම වේ. කුමක් නිසා ද? සිතිවිලි හට ගන්නේ හෘදයේ ය. හෘදයේ හට ගන්නාන සිතිවිලිත් ප්රා ණ යයි කියන හෘදය වස්තුවේ නිතර ම ගැටෙමින් පවත්නා ලේ ටිකත් එක්ව ම ක්රිියා කරති. හිතෙන් හෙවත් හෘදය වස්තුවෙන් පැන නගින ඒ සිතිවිල්ල ලාම්පුවකින් නික්මෙන ගිනිදැල්ලකට සමානන ය. ඉතින් ඒ ගිනි දැල්ල පිරිසිදු සතපාක සහශ්රමපාක තෙල් නිසා හටගත් එකක් නම් එහි රශ්මිය ඉතා ම මෘදු පිරිසිදු එකක් නිසා වස්තුවේ තිබෙන පතක් පමණ වු ලේ ටික පිරිසිදු වෙමින් මුළු ශරිරයෙහි ම පැතිර යන්නේ ය. ක්රුමයෙන් මුලු ශරිරයෙහි ම පැතිර යන ඒ ලේ ධාතුව නිසා නිරෝගි වු, සුඛිත වු පිරිසිදු ශරීරයක් ඇති කෙනෙක් වේ. මේ කුසල් සිත් ඇති කරන අයගේ හෘදය වස්තුවත්, ලේ ධාතුවත් පිළිබඳව බව සැළකිය යුතු ය. කුසල් සිත් නම් අලෝභ, අදෝෂ, අමෝහ යන සිත් බව දත යුතු ය. ලෝභ, ද්වේෂ, මෝහ, යන සිතිවිල වලින් හරිත සත්වයාගේ හෘදය වස්තුවේ හටගන්නා සිතිවිලි හරියට ම අපිරිසිදු වු බුමිතෙල් වලින් දැල්වු පහනකින් නගින දැල්ල හා සමාන ය.
පියදාස සිරිසේන නවකථා එකතුව 643
අපිරිසිදු වු බුමිතෙල් වලින් නගින ගිනි දැල්ල වඳින වඳන තැන ඉතාමත් කළු හටගැනෙන බව කාටත් වැටහේ. ලෝභ, ද්වේෂ, මෝහ යන මහා පාප චේතනා වලින් දුෂිත වු සත්වයාගේ ශරීරය අපිරිසිදු වේ. දුර්වල වේ. කාෂ්ටක වේ. කුමක් නිසාදැ ඒ පාප සිතිවිලි වල ගැටිමෙන් ක්රිවයා කරන හෙවත් ස්පන්දනය වන හෘදය ලේ ශරීර ගත වන විට මුළු ශරීරයේ ම පැතිර පවත්නා ලේ හා ශප්ත ධාතුව ම දුෂ්යළ වන බැවින් ය. ලෝභ, ද්වේෂ, මෝහ යන සිත නිසා ම කෙරෙන ක්රිතයා, සියල්ලම හෘදයේ ලේ දුෂ්යය කරන ඒවා බව ඒ සමඟ ම සැලකිය යුතුය. නිතර ම කිරිමෙන් හෝ අඥානකම නිසා හෝ එවලේම අවබෝධ නොවෙතත් සතුන් මරන මිනිහා ඔහු කරන ක්රි යාව කටුක නපුරු එකක් බව හැගේ. එසේ කරන කොට ම ඔහුගේ හෘදය වස්තුවේ හටගැනෙන ක්රෝුධ, භය, සන්තාපන ආදිය නිසා ඒ හෘදයේ ස්පන්දනයවන ලෙය දුෂ්ය වේ. හොරකමක් කරන මිනිහාගේ සිතේ හටගැනෙන භය සංත්රාෂස ආදිය නිසා ඔහුගේ හෘදයේ ලේ දුෂ්යන වේ. පර ස්ත්රි සේවනයක් හෝ පර පුරුෂ සේවනයක් කරන පුරුෂයාගේ හෝ ස්ත්රීේයගේ සිතේ ඇතිවන භය සංත්රාසස ආදිය නිසා හෘදයේ ලේ දුෂ්යර වේ. බොරුවක් කියන තැනැත්තාගේ හෘදයේ ඇතිවන භය, ලජ්ජා සැක ආදිය නිසා ද ඒ හෘදයේ ලේ දුෂ්යේ වේ. සුරා පානය කරන තැනැත්තා ඒ පානය කරන විෂ මත් ද්රේව්යය කිසා බඩවැලේ පටන් මොළය දක්වා මුළු ශරීරයේ ම විෂ ගතිය නිසා හෘදයේ ලේ වියලි කාෂ්ටක ව රට අඟුරු කැටයක් මෙන් වන්නේ ය. එසේ වු කල හෘදයේ ලේ ධාවනය අඩුවි ඒ සත්වයාගේ සප්ත ධාතුව ම විකාශ වේ. ඉතින් ලෝභ, ද්වේෂ, මෝහ යන පාප සිතිවිලි කරණකොට ගෙන කරන ප්රා.ණඝාතාදි පංචවිධ දුශ්චරිතත් ඊර්ෂ්යාය, ක්රෝකධ, මද මානාදි අප්රකමාණ දෝෂාත් නිසා තත්පරයක් පාසා ම මනුෂ්ය් හිතත් ශරීරයත් දුෂිත වන්නේ ය. මෙසේ දුෂිත බවට පත් වු මවු පියාදින්ගේ ලේ ආදී සප්ත ධාතු කිළුටු වන බැවින් ඒ මවු පියන් නිසා ඇති වන දරුවන් නො අනුමානව සතර අපායෙන් චුතවන පහත් පවුකාරයෝම ය.
කුමක් නිසා ද? කරන ලද පින් ඇති සත්මයෙක් එබඳු මවු පියන්ට දරුවිමට කිසිසේත් සතුටු නොවන බැවිනි. දුෂිත සප්ත ධාතු ඇති
644 ඩෙබර කෙල්ල
මවුපියන් නිසා හටගන්නා දරුවෝ . අල්පායුක්ෂ වු, කාසශ්වාසාදි දරුණු වු රෝගවලට භාජන වන්නෝ ය. පූර්ව ජාතයේ ප්රාඇණඝාතාදි පව් කළ සත්වයෝ ම ඒ පවුකාර මවුපියන් නිසා උපදින බැවින් වර්තමාන කාලයේ ඇතිවි තිබෙන යන්ත්රා සුත්රි හා ඖෂධ ප්රමතිකාර ආදිය නිසා වත් ඔවුන් සුඛිතයන් කළ නො හැකිය. රට වැස්සන්ගෙන් වැඩි කොටසක් ගර්හිත දුෂප්රමතිපත්තියේ ගැළුණු පිරිසක් ව සිටියදි ඔවුන්ට ම සුදුසු පවුකාරයන් බහුල වෙද්දී දේශපාලන බලයෙන් ඒ ගර්හිත ඉගැන්මට යථා ස්ථානයට පමුණුවා රටේ පින්වත් ජනයා බෝ කිරිමට විරිය නොකරතොත් මේ රට හිඟන කාලකණ්ණින්ගෙන් පිරි යනවාට සැක නැත. ලේභ, ද්වේෂ, මෝහ යන පාප සිතිවිලි වලින් යුක්ත නොවන එනම් අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල් සිත් වලින් යුත් සත්වයා තුළ මෙත්තා, මුදිතා, කරුණා. උපෙක්සා යන උතුම් සිත් නිතර පහළ වේ. සතුන් මැරිමාදි දරුණු ක්රිායාවක් ඒ පුද්ගලයාට කළ නො හැකිය. සිසිල් වු නිර්මල වු සිතිවිලි හෘදය වස්තුවෙමහි පැනනගිමින් හෘදයේ ලේ සමඟ ගැටෙන විට ඒ හෘදයේ ලේ පවිත්රු වෙමින් සිහිල් වෙමින් මුළු ශරීරයේ පැතිර යන්නේය. ඒ නිසා ලේ ආදි සප්ත ධාතු වැඩෙමින් පිරිසිදු වෙමින් පංචෙන්ද්රියයයන් ද පිනවමින් ශරීරය පැහැපත් කෙරේ. ඉතින් දුක් දොම්නස් ආදියෙන් විරහිත ඒ පුද්ගලයා රත්නත්රවයේ ගුණ සිහි කරයි. පින් කළ ශ්රදද්ධාවතුන්ගේ චරිත සිහි කරයි. විර වික්රේම කම් කළ සත් පුරුෂයන්ගේ ගුණ සිහි කරයි. මෙබඳු නිදහස් කිළුටු නොවු සිත් සතන ඇති මවුපියන් ධනවතුන් කුලවතුන් ෙනාවුවත් ත්රිෙ හේතුක කාමාචාර කුසල චිත්තයෙන් ප්රුතිසන්ධිය ගත් දිව්යව මනුෂ්යර ලෝකවලින් චුතවන පින්වත් සත්වයෝ පුත්රර දුහිතෲන් බවට පත්වෙති.
පිරිසිදු සිත් සතන් ඇති මවුපියන් නිසා හටගන්නා දරුවන් රූපත් වෙති. නිරෝගී වෙති, දීර්ඝායුස්ක වෙති, හදිසි අනතුරු ආදියක් නො ලබන ඒ දරුවන් සඳහා අධික වියදමක් කිරිමට මවු පියන්ට සිද්ධ නොවේ. සුවච කීකරු වු ඒ දරුවන් ශිල්ප ශාසත්රි ඉගැන්විමට දි කිසි අපහසුවක් නැත. එබඳු දරුවන් ලැබෙන තරමට මවුපියන්ගේ ධන සම්පත් ද වැඩි වේ. අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල් සිත නිතර ම හෘදය වස්තුවේ හැසිරෙමින් ඊර්ෂ්යාප ක්රෝභධ මද මාන්නාදි නපුරු සිත් නැති කිරිමේ ආනිසංසය පින්වත් දරුවන් ලැබු ඒ මවුපියන්ට වඩ වඩාත් ප්ර්ත්යමක්ෂ විම නිසා ඒ මවුපියෝ ද දිනෙන් දින සුචරිත වන්නාහ. රටේ ඉන්නා ජනයාගෙන් සියයට පස්දෙනේක් මේ
පියදාස සිරිසේන නවකථා එකතුව 645
තත්තවයට පමුණුවා ගතහොත් පස් අවුරුද්දක් තුළ ඒ ආදර්ශයට ගන්නා මිනිසුන් සියයට පහනහක් පමණ පිරිසිදු සිත් ඇති පුණ්යරකාමින් කළ හැකි ය. ඉක්නබිති දස අවුරුද්දක් තුළ අසරණ හිඟන්නන් හා කාලකණ්ණි විරහිත රටක් කළ හැක්කේ ය.
පුණ්යකවන්තයන් ඉපදිම නිසා ඒ පවුල් මෙන්ම ඒ ඒ ගම් නියම්ගම් ද පළාත් ද සුඛිතවිගෙන ගොස් මුළු රට ම සුඛිත බවට පත්වන්නාක් මෙන් පවුකාරයන් නිසා මවුපියන් දා ඒ ඒ ගම් නියම්ගම් ප්රබදේශ ද දුඃඛිතව නිසරුව විනාශ වන බව සැලකිය යුතුය. අපේ රටේ දැන් කෙරෙන රිළා ඉගෙනිම නිසා සුචරිත සම්පන්නව විසු පවුල්වල උපන් පින්වත් දරුවෝ ද “ඩෙබර “ වර්ගයට වැටි තිබෙන බව පෙනේ. ඒ ඩෙබර වර්ගය නිසා නැවත පින්වත් දරුවන් ඇති කිරිමට ඉතාමත් පරිශ්ර මයෙන් පරම්පරාවක් දෙකක් ඇති කිරිමට විරිය කළ යුතුය. පින්වත් දරුවන් ඉපඳිම හෙවත් සුදාරකෝත්පත්තියට හා ඩෙබරයන් හෙවත් පවුකාර දරුවන් ඉපදවිමට ආධාර වන ක්රෝමය සැකෙවින් මෙහි සඳහන් කරන ලදි.
මේ වේලාවේ රාත්රිා දෙකට පමණ විය. අප පිරිසේ කිසිවෙක් නිදිමතේ වැනෙන බවක් පෙනුණේ නැත. නැවතත් අපිට කෝපි හා කිතුල් හකුරු වලින් සංග්රටහ කරන ලදි. අපේ පිරිසේ වුන් අමරසිංහ රාළහාමි අනිත් හැම දෙනාටම වඩා මේ කතාබස් වලින් සංවේගයටත් ප්රරසන්න භාවයටත් පැමිණි බව පෙනුණේ ය.
අමරසිංහ - වික්රසමපාල මහතාණෙනි, අනිත් මහත්වරුණි, මා තරම් පවුකාරයෙක් ලෝකයේ නැතැයි සිතමි. මගේ භාර්යාවගෙන් අවුරුදු තිහකට වැඩි කාලයක් විඳපු කරදර අප්ර මාණය. ඒ මදිවාට දරු තුන් දෙනෙකුගෙන් ලබන චිත්ත පීඩාව ඉතාමත් බැරැරුම් ය. අනුවණ කාලයේ කළා වු මෝඩකමට මේ ආත්මය කැපකළ යයි සිතාගෙන මතුවත් මෙබඳු බන්දනයකට නො බැඳෙන්නට සැහෙන පුණ්යත කර්මයක් කරමි. ඒ පිළිබඳ අවශ්යය ගුරුකම් වික්‍රමපාල මහතා විසින් සලසා දිය යුතුය.
නිළමේ - අද අපි ඉතාමත් වැඩ දායක කාලයක් ගත කෙළෙමු. අපේ කරුණාවන්ත විජේවර්දන හාමිනේ විසින් ඩෙබරියන් දැන ඇඳින ගැනීමට පිළිවන් රූප ලක්ෂණ හා හැසිරිම් ආදිය ගැන ටිකක් විස්තර කළොත් මේ සභාවේ ඉන්නා තරුණ මහතුන්ට
646 ඩෙබර කෙල්ල
හා නෝනා මහතුන්ටත් ප්රනයෝජන විය හැකිය.
විජය: හාමිනේ - කලක් ආශ්ර්ය නො ෙකාට යටත් පිරිසෙයින් අවුරුද්දක් හමාරක් වත් ආශරටත ය නො කොට ඩෙබරෙකුගේ හෝ ඩෙබරියකගේ තත්ත්වය දැනගැනිම දුස්කරය. එහෙත් දුටු පමණින් දැනගැනීමට ලක්ෂණ ටිකක් කියන්නෙමි. (1) තවත් පිරිසක් සිටින තැනදි සිහ කසන්නී, (2) නිදන කල ගොරවන්නී, (3) ඇදි වස්ත්ර්යෙන් ම මුහුණ සිප දමන්නී, (4) අධික ලෙස ශබ්ද නගා සිනාසෙන්නී, (5) ප්රිමාණය ඉක්මවා කතාකරන්නී, (6) තමා ගේ හා තම මවුපියාදින්ගේ වර්ණනාව කරන්නී, (7) ඉතා සුළු කරුනුවලදි නාහෙන් අඬන්නී. (8) ඒක් තැනකදි ඇසුනු පුද්ගලික කාරණය තවත් කනෙකු සමඟ කියන්නී. (9) අධික ලෙස ආහාර අනුභව කරන්නී, (10) මේ දොරකඩය මේ නුසුදුසු තැන යයි නොසලකා ඒ ඒ තැන සිටගෙන ඉන්නී, (11) පුරුෂයන් මැදදී කොණ්ඩය බදින්නී, (12) තමාගේ වත්කමට ඉහළන් ඇඳුම් පැළඳුම් අඳින්නි, (14) නිතරම බයිස්කෝප් ආදි නාඩගම් බැලිමට උත්සාහ කරන්නී, (15) ගමන් බිමන් යාමට දඟලන්නී, (16) දේශපාලන සභාවලට යන්නී, (17) ප්ර සිද්ධ කථා පවත්වන්නී, (18) සිංහල මිනිසුන් සමඟ හෝ පවුලේ උදවිය සමඟ ඉංගිරිසියෙන් කථා කරන්නී, (19) ගෙදර දෝරේ වැඩ කිරිම නින්දාවෙක් ලෙස සලකන්නී, (20) මවුපියාදි වැඩිහිටියන් එන විට හුනස්නෙන් නො නැගිට සිටින්නී, (21) මවු පිය සහෝදරාදි වැඩිහිටි කෙනෙකු නැතිව ගෙයින් පිට යන්නී යන මේ විසි එක් ගුණයෙන් එකක් වත් යම් ස්ත්රීියක් කෙරේ පවතී නම් ඈ ඩෙබරියක් බව සලකා ගත්තාට වරදක් නැත. එහෙත් ටික කලක් ආශ්රනය නො කොට කිසිවෙකු “ඩෙබර” සංඛ්යාටවට ගත නො හැකිය. කුමක් නිසාද ඉහත කී දුර්ගුණ සමහර මවු පියන්ගේ අඥානකම නිසා සමහර දරුවන්ට ඔවුන් නොදැනුවකත්ව ම බෝවෙන හෙයිනි.
විජයර්ධන හාමිනේගේ මේ ප්රඅකාශයෙන් පසු අපේ කථාව අවසන් කොට නිදා ගත් නමුත් ෙහාඳ හැටි නින්ද නොහන බව දැනුනු
පියදාස සිරිසේන නවකථා එකතුව 647
මම නිදිබර වනතුරු මගේ දයාබර ලක්මවට කාව්ය භාෂාවෙන් මෙසේ නමස්කාර කෙළෙමි.
ස ම න් පව් මුදුන් දුන් පදලස ලක ල ස ම න් බදුරු වැඩ තෙ වරක්ම සෙත් කු ළ රු ව න් මුතු මැණික් පිරි නිදනෙවි විපු ල බැ ති න් නම කරමි ලක් මවු සඳ කොම ල
අ ර හ ත් මිහිඳු මා හිමි මා දම් සෝ කුම රු ක ර මෙ ත් බුදු සුතන් හා පැමිණ පිය ක රු අ ග ප ත් සසුන වැඩු තුන් ලොවට වැඩ ක රු බැ ති සි ත් යුතුව නමදිමි ලදි මවුන් ග රු
ස ඟ මි ත් තෙරණි දඹදිව අග රජ කුම රී සි රි ම ත් බෝ දකුණු සා රැගෙන තොස පි රී වැ ඩ ස ත් සෙත් යෙදීමට පිහිට වු සි රි අ ග ප ත් ලක් මවුන් නමදිමි බිම වැති රි
හ ඬ න තැනින් තැන කොවුලන් නද මියු රු න ට න පලින් පල වන පෙද රන් මියු රු ර ද න ගජ රජුන් හිමවතිනි විසතු රු ව ඳි න මැනැවි ලක් මවු සව් සිරින් ස රු
තු ර තු ර කුසුම් පිපි තුර තුර පළ දර ණ නි ර තු ර දනන් රිදි වන සව් සිසි ගහ ණ ලොව තු ර මුතු ඇටය යන නමිනි සලක ණ ග රු ක ර නිති වඳිමි ලක් මවු තුම කළ ණ
ග න් නා ලෙස පැමිණි ඔබ සතු කර තොසි නී
ප න් නා සතුරු රැළ තෙද මහිම වෙසෙසි නී ද න් නා දන දනිති පෙර සිහලු සතුටි නි දු න් නා ඔබෙ නමට දිවි ලක් මෑණිය නි
ස යු රු පට දුහුල් හැදි මුතු වැල් පැළ ඳි ෙසාඳු රු පා ලකුණු සමනල සිරස රැ දි ම තු රු කුල රදුන් සෙවි සතන මන බැ දි ම හ රු ලක් මවුන් වඳු මත යුගත දි දි
648 ඩෙබර කෙල්ල
ස සොබ න මෑණියනි සිහ බා දෙටු කුම රූ ස පැ මි න සිහලුන්ට ඔබ මවු කෙළෙය ස රු එ බැ වි න් ඔබ රකිමි පණ වත් නොකර ග රු ස ප ති න නිති බෙජේවා සරද සඳ යු රු
මගේ සිතෙහි හටගත මේ හැඟිම් කවියෙන් ප්රුකාහ කරමින් යහනෙහි හැනිසිවි සිටින විට නිදි දෙව්දුව පැමිණ මා වැළඳ ගත්තෙන් සුව සේ නින්න ගියේ ය.
10. පරිච්ජේදය
පසු දින අමරසිංහ රාළහාමිත් මාත් කොළඹ එන පිනිස දුම්රියට නැගුනෙමු. ග්රේනස් ඇතුලු “පික්නික්’ කාණ්ඩයද එම දුම්රියේ ම එත්යයි අපි සිතා සිටි නමුත් ඔවුන් එදිනත් බණ්ඩාරවෙල නවතින බව පසුව දැනගතිමු. අමරසිංහ රාළහාමි මට ආමන්ත්රතණය කොට “අනේ මහත්මයෝ ලෝකයේ හැටි! කරන ලද එකම අනුවණ ක්රිරයාවේ දුර්විපාක මුළු ජිවිතය කාලය තුළ ම විඳින්නට සිදුවුනි නොවේදැ” කීයේය. අප වුන් කාමරයේ වැදගත් තලතුනා මහතෙක් ද සිටි බැවින් ඔහුටත් ප්රතයෝජන වන පිණිස අමරසිංහ රාළහාමිට මෙසේ කීවෙමි.
“එක අනුවණකමේ විපාක එක ආත්මයකදි අවසන් කරන්නට ලැබුණොත් පුදුම පිනකි. අපේ බෝධිසත්වයන් වහන්සේ රන් තැටියක මසුරන සත් සියයක් ගෙවා ගෙන තිබේ. ඒ රන් තැටියක් මසුරන් සත් සියයක් ගෙවා ගෙන තිබේ. ඒ රන් තැටිය මසුරමකට දෙකකට ගැනීමට බලා වුන් කපටියෙකුට ඒ වංචාව කිරිමට නොලැබුණු බැවින් ඇති කරගත් වෛරය අප්ර මාණ කාලයක් පවත්වාගෙන අවුත් බුද්ධ රාජ්යකය ලැබු කාලයේදිත් ඒ දුෂ්ටයා දේවදත්ත නම් ප්ර්සිද්ධ කුමාරයෙක්ව ඉපදි බුදුන්ට පීඩා ෙකාට පණ පිටින්ම අව්චි මහ නිරයට ගියේ ය. ඉතින් අයුතු ලාබයක් ගැනීමට ෙගාස් බැඳගත් රෛය අප්ර මාණ කාලයක් පැවැත තිබේ. දැන් මේ රටේ ම කී දෙනෙක් බලවත් දුකෙන් චිත්ත සන්තාපයෙන් කල් යවද්ද? ඊට හේතුව වඩා ලොකු නොවන මෝඩකමකි. නැත්නම් ලෝබකමකි. නතහොත් ඊර්ෂ්‍ාෙකවකි. සමහරු ලක්ෂණයට රැවටි පහත්පැවතුම් ඇති ස්ත්රීබන් විවාහ කරගෙන ඔවුන්ගේ නොපණත් කම් නිසා දුක් විඳිති. නුගත් පහත් ප්රිතිපත්ති විරහිත ඒ ස්ත්රී න්ගේ කුසවල උපදින
පියදාස සිරිසේන නවකථා එකතුව 649
කාලකණ්ණි පහත් දරුවන් නිසා බොහෝ කාලයක් දුක් විඳ අසරණව අනාථව මිය යන්නෝ කොපමණද? සමහරෙක් එක පාරටම ධනවත් විමට කල්පනා කර රේස් ආදී සිදුවට ගොස් අසරණව, බේබදුව. කාලකණ්ණි මිය යති.
ස්වභාව වශයෙන් තරුණ වයසේදි රූප සම්පන්න ස්ත්රිියකට කැමැති වේ. ඇගේ පරම්පරාව, මවුපියාදින්ගේ ගති ගුණ විමසන්නටවත් අගේ ඉගෙනීමට හා චරිතය විමසන්නනට වත් ඉඩ නොලැබේ. විශේෂ වශයෙන් දේපල හා දෑවැද්ද ගැන බලාපොරොත්තු වන අයට ස්ත්රීනය පිළිබඳ කිසිවක් විමසන්නට නොලැබේ. ඒ නිසා මේ රටේ ඉන්නා ඩෙබරියන් නැතිකොට නියම කුලාංගනාවක් පිළියෙළ කිරිමට ආංඩුවක් ඇති විය යුතුය”යි කිවා ම මගේ කථාව අසාගෙන සිටි අප නාඳුනන ඒ මහතා මා ළඟට කිට්ටුවි තමුන්නාන්සේ කවුදැ”යි ඇසුයේ ය. මා උත්තර දෙන්නට ප්ර ථම අමරසිංහ රාළහාමි මගේ විස්තර කීවෙන් ඒ ආගන්තුක මහතා ඉතාමත් කණගාටුවෙන් මෙසේ කියන්නට පටන් ගත්තේය.
“අනේ මහත්මයෝ, මම තරමක ධනවත් පවුලක උපන් කෙනෙක්මි. එහෙත් හරි ඉගෙනීමක් ෙනාලබා සංකර සිරිත් ගත් කෙනෙකි. කානිවල් පලකදි මිත්රරවු ස්ත්රිෙයක් සමඟ විවාහ වි මේ ලෝකයේ ඇති තාක් දුක් විඳින්නෙක්මි. මම බොහෝ මුදල් ඉපැයුවෙමි. එහෙත් දුප්පත් පවුලක් උපන් මගේ වධක බාරිය නිසා මා ඉපැයු ධනය ද නැති විය. ඈට යන වියදම් ඇදුම් වලට යන වියදම් අප්රිමාණ ය. ගෙදර කලබල කරදර නැතිව එක දිනක් ඉන්නට නැතිවිය. සිනාවකින් ප්රීසතියකින් කාලය ගත කරන්නට ඈ දෙන්නේ නැත. ඈට ලෙඩක් නැති දිනක් ඇත්තේ නැත. එක දිනක් ඉසේ ඇම්ම නම් පසුවදා දත් කැක්කුම, අනිත් දවසේ පපුවේ ගාය. ඊළඟට බඩේ රුදාව, ඊට පසු කකුල් කැක්කුම, නැත්නම් ඇස් රුදාව මාසයකට අඩු වශයෙන් දහ දවසක් වත් දෝස්තර බෙහෙත් සඳහා රුපියල් තිහක් යයි. ඒ සඳහා යන එන වියදම රුපියල් දහයකට අඩු නැත.
ඉතින් මේ වදක බාරියගෙන් ළමයින් හදෙනෙක් ලැබුනා එකෙකුටවත් හරියට ඉගෙනක ගන්නට බැරිවුනා. අකීකරු පහත් පැවතුම් ඇති දරුවෝය. ගැහැණු හතර දෙනෙකි. හතර දෙනාම නැට්ටුකාරියෝ වුනා. පිරිමි දෙන්නාම සුදුකාර බේබද්කන් වුනා. මගේ ජිවිතය කොතරම් නින්දිතද කියා මා මිස වෙන කිසිවෙක් දන්නේ
650 ඩෙබර කෙල්ල
නැත. ඉතින් මේක පුර්ව කර්මයද නැතහොත් මේ ආත්මයේ කරපු වරදක් දැ” යි ඒ මහ්තමයා ඇසුයේ ය.
“ඔව් මහතාණෙනි, මුළා නොවි ඉමසිල්ලෙන් විසඳා ගත යුතු ඉතා වැදගත් ප්ර ශ්නයකි. සත්වයාගේ උත්පත්තිය පුර්ව කර්මානු අරූපව මය. ලෝභ ද්වේෂ මෝහ් යන පාප සිතිවිලි වලින් ප්රිතිසන්ධිය ගන්නා පුද්ගලයා එබඳුම ලෝභ ද්වේෂ මෝහ යන පාප සිතිවිලිවලින් හරිත මවකගේ කුසේ ප්ර තිස්නධිය ගන්නේ ය. එමෙන්ම අලෝභ අද්වේෂ අමෝහ යන මහා කුසල් සිත් වලින් ප්රයතිසන්ධිය ගන්නා සත්වයා එබඳු ම අලෝභ අද්වේෂ අමෝහ යන කුසල් සිත්වලින් හරිත වු පිරිසිදු වු කෙනෙකු කුස පිළිසිඳ ගන්නේය.
ඉතින් මේ පහත් උපතත්, උසස් උපතත් යන දෙකට මේ ලෝකයේදි එක් වන පහත් ක්රිඉයාත් උසස් ක්රි,යාත් එක්විමෙන් ඒ ඒ සත්මයාගෙන් ජිවිත හැඩ ගැසේ, සියල්ල ම පූර්ව කර්මය නිසාම සිද්ධවන්නේ වත් සියල්ලම මෙලොව කර්මය නිසා සිද්ධවන්නේ වත් නැත. පූර්ව කර්මයත් මේ ලෝකයේදි කරන කර්මයත් සංයෝග විමෙන් ම සත්ව ජිවිත හැඩ ගැසෙන බව නුවණින් ආවබෝධ කරගෙන පවුකාරයෙක්ව උපන් සත්වයා කල්යාැණ සේවනයෙහි යොදවා පිරිසිදු ඉගැන්විමකින් චරිත ශ්ර්ද්ධියකට පත් කරනු ලැබුවොත් ඔහුගේ ජිවිතය උසස් විය හැකිය. එසේ නොකොට පහත් උත්පත්තියක් ලැබු තැනැත්තා පාප මිත්රස සේවනයට හා අධර්මවාදි ඉගැන්විමක යොදවනු ලැබුවොත් ඔහුගේ ජිවිතය අතිශයින් ම කටුක වු ගර්හිත වු ජිවිතයක් විය හැකිය.
අනිත් අතට උසස් උත්පත්තියක් ලැබු සත්වයා කල්යා ණ මිත්රව සේවනයේ හා පිරිසිදු උසස් ඉගැන්විමක යෙදවුවොත් ඔහු ඉතාමත් උසස් උත්තමයෙක් විය හැකිය. එහෙත් උසස් උත්පත්තියක් ලැබු කෙනෙක් වුවත් පාප මිත්රත සේවනයේ යොදා දුෂ්ට නිෂ්ඵල ඉගැන්විමක යෙදවුවහොත් ඉතාමත් නින්දිත කාලකණ්ණි ජිවිතයත් ගත කරන්නේ විය හැකිය.
ඉතාමත් හොඳ බිජයකින් හටගත් පැලැටියකින් වුවත්, සෘතු ගුණය, ආරක්ෂාව, පෝර යෙදීම, අනුවම වැඩේ. ඉතාමත් නරක බිජයකින් හටගත් පැලයක් වුවත් සෘතු ගුණයෙන් හා ආරක්ෂාවෙන්ද පෝර යෙදීමෙන් ද යුක්ත නම් තරමක් වත් හොඳට වැඩේ. අනිත් අතට ඉතාම හොඳ බිජයක හෝ ඉතාම නරක බිජයක හෝ පැලයක් නරක සෘතුවක පැලකොට ආරක්ෂාවත් පෝරත් නොයෙදන ලද නම්
පියදාස සිරිසේන නවකථා එකතුව 651
දෙක ම නිෂ්ඵල වන්නේය. දැන් මහත්මයාට කාරණය වැටහුනාදැ” ආගන්තුකයාගෙන් මම ඇසුවෙමි.
ආගන්තුකයා - ඔව්, මහත්මයාට ස්තුතියි, කර්මය පිළිබඳව කියා දුන් කාරණය මට හොඳටම වැටහුනා. එහෙත් ඉතාමත් හොඳ උපාසකයන් වාගේ ඉන්නා මිනිසුන්ගේ දරුවන් ද බොහෝ විට නාස්තිකාර කාලකණ්ණි බවට පැමින තැන් අප්ර මාණ බව පෙනේ.
මම - ඔව්, එහෙම තමයි ලෝකයේ හැටි. තරුණ කාලයේදි සුරාපාන, පරදාර සේවනාදිය කරමින් අනුන්ගේ දේ කොල්ලකමින් සිටි සමහර උදවිය වයස්ගතව ධනවත් වුනාම ලොකු උපාසකයන් වාගේ ඉන්න බව පෙනේ. එහෙත් අධම මව අඥානව සිටි තරුණ කාලේ රූපයට හෝ දෑවැද්දකට හෝ වෙනයම් ක්රඅමයකට හෝ රැවටි ඩෙබරියක් විවාහ කර ගත් තරුණයාට ලැබෙන දරුවන් බොහෝ සෙයින්ම සතර අපායෙන් චුතව අවුත් උපදින සත්වයෝය. ඔවුන්ගෙන් සියයට පස් දෙනෙක් වත් නිසි මාර්ගයේ යෙදවිම ඉතාමත් දුෂ්කරය. දැන් අප රටේ පවත්නා ඉගැන්විම් ලබන දරුවන් අතර ඉන්නා පහත් උපතක් ලැබු අය පමණක් නොව උසස් උපතක් ලැබු අය ද නරක්විම නියතය. දැන් මේ රටේ ඉන්නා මිනිසුන් පුද්ගලික වශයෙනුත් ප්රිතිසංස්කරණයකට නොපැමිණියොත් සිංහල ජාතිය තව දුරටත් පිරිහෙනු නිසැකය.
ආගන්තුකයා - මෙ ලොවදි කරන පාප කර්මවලට මෙහිදි ම විපාක ලැබෙනවා ද?
මම - සත්තකින්ම විපාක ලැබනෙවා. ඒ විපාක දිම ප්ර තිපත්ති වශයෙනුත් අප්ර කට වශයෙනුත් දෙ විධියකට විපාක සිදු වේ. නරක ජිවිතයක් ගත කළ මිනිසාට හෝ මුළා වු මිනිසාට ඩෙබරියක් භාර්යාකමට ලැබේ. ජිවිතාත්තය දක්වා ඩෙබරියන්ගෙන් ලැබෙන සිත් වේදනා කරදර හැර ඒ ඩෙබරියගේ කුසයේ උපදින කෙළෙහි ගුණ නොදත් හොඳ නරක නො දත් පවුකාර කලකණ්ණි දරුවන් නිසා මෙ ලොවදි ඇති වන අපාය හයෙන් එකකට හෝ තුන හතරකට හෝ ඔහු ගොදුරු වන්නේය.
652 බෙඩර කෙල්ල
ආගන්තුකයා - මේ ලෝකයේ තිබෙන අපාය හය කුමක් ද?
මම - “කුග්රායමවාසී කුලහීන සෙවා කුභොජනං කෲර මුකීච භාර්යා පුත්රොංපි මුර්ඛො විධවාච කන්යාක ෂඩිජිව ලෙකෙ නරකං වදන්ති”
නපුරු දුෂ්ට මිනිසුන් අදිකව ඉන්නා ගමක වාසය කිරිමත්, නිච මිනිසුන් ආශ්රනය කිරිමත්, අපථ්යු ආහාර අනුභව කිරිමත්, නපුරු කටක් ඇති දුෂ්ට භාර්යාවක් ලැබිමත්, මෝඩ කෙළෙහි ගුණ නොදත් දරුවන් ලැබිමත්, වැන්දඹුවන දුවරුන් ලැබිමත් යන කාරණා සහ මෙ ලෝකයේදි ම ඇති වන අපාය හයකි.
වර්තමාන කාලයේ මේ අපාය හයෙන් ම හෝ තුන හතරකින්වත් මිදුණු කෙනෙකු සොයා ගැනීම අමාරුය. ඉතින් අනුවනකමින් පාප මිත්රන සේවනාදියෙන් තරුණ කාලයේදි ක්රි යා කළ වුන්ට මේ අපාය හයෙන් එකක්, දෙකක්, තුනක්, හතරක්, පහක්. හෝ හය ම ලැබෙනු ඒකාන්තය. මේ තරුණ කාලයේදි විවාහකර ගැනීමේදි දි ඉදිරිපත් වන අනුවනකම මුළාව නිසා මෙලොව දීම ලැබෙන අපාය වේ. අධර්මයෙන් අයුත්තෙන්, අපරාධයෙන්, අධික මාන්නයෙන් උපන් තත්ත්වය සම්පූර්ණයෙන් මතක නැති කිරිමෙන් ඇතිවන අතිරේක අපායක්ද තිබෙන බව සැලකිය යුතුය. එය නම් අවසාන කාලයේදි මරනාසන්නයේදි ලැබෙන අපායයි. ඉතාමත් ප්රාසිද්ධව සිටි ධනවත් කීර්තිමත් අධමයන් කවුරුත් අවසාන කාලයේ දරුණු ලෙඩුන්ව සිට, ඉතාමත් දුක්ඛිතයන්ව ස්වකීය වස්තුව විනාශ කරගෙන කුණු පණු කා මැරෙති. සමහරු වෙඩි පහර කැමෙන් ද සමහරෙක් පිහියා පාර හෝ පොළු පාර හෝ කෑමෙන් ද සමහරු නොයෙකුත් දුකට පත්වි මැරෙති. මෙ වනාහි ප්ර කට අපායයි. මෝඩකම් හෝ අපරාධ කළවුන්ට මේ ලොවදිම මේ ප්රළකට අපායත් අප්රුකට අපායත් යථා ක්රඩමයෙන් ලැබෙනු ඒකාන්තය. ඒ එසේ නම් මරණින් පසු ලැබෙන සතර අපා දුක නිසැක බව තේරුම් ගත නොහැකි දැ”යි මා කී විට මට නොසෑහෙන තරමට ඒ ආගන්තුකයා ස්තුති ෙකාට පොල්ගහවෙනල දුම්රිය පළෙන් බැස යන්නට ගියේ ය.
අමරසිංහ රාළහාමිත් මමත් කොළඹ අපේ නිවසට පැමිණියෙමු. පැමිණ මගේ ළමයා විසින් පිළියෙළ කර තුබුණු දවල් භෝජන අනුභව කොට නිමවු පසු අමරසිංහ රාළහාමි මට මෙසේ කීයේය.
පියදාස සිරිසේන නවකථා එකතුව 653
මහත්මයා සිංහල ජාතියේ වීරවරයෙකි. අපේ ජාතිය වර්තමානයෙහි වැටි ඉන්නා මඩ ගොහොරුවෙන් එළියට ඇද දැමිමට මහත්මයා වැනි කෙනෙක් මෑත කාලයකදී උපන්නේ නැත. මට ගමට ගොස් සිල්වා මහතාගේ මවුපියන් සමඟ කථා කොට මීළඟට අප විසින් කුමක් කට යුතු දැයි නිශ්චය කරගෙන මහත්මයාට ලියමනක් එවන්නෙමි. කරුණාකර ඒ ලියමන ලැබුණු වහා ම එනු මැනැවැ”යි කියා අමරසිංහ රාළහාමි දෙක හමාරේ දුම්රියෙන් යන්නට ගියේ ය.
එදින මම නිවාඩු ගතිමි. කිසිවකු සමඟ කථා බහකට නො ගොස් විවේකීව වුන් මට අපේ රට යථා තත්ත්වයකට පැමිණවිමට පිළිවන් උත්තමයෙක් ඇතිවන්නේ කවදා දැයි කල්පනා කරන්නට සිත් විය. අපේ පැරණි පොත් පත්වල සඳහන් ආනගත කිම් වලින් බොහොමයක්ම දැන් ප්රවත්යපක්ෂවි තිබේ. දිව්ය්ඥානයේන නොව ශාස්ත්රලඥානයෙන් හා ඒ ඒ අවස්ථාවල දි සද්ධවුණු කරුණුත් සලකාගෙන කියා තිබෙන ලියා තිබෙන අනාගත කීම් වලින් බොහෝමයක් සත්යව වි නම් තවමත් සීමාව ඉක්ම නො ගිය අනාගත කිව් සිද්ධ නොවන්නට හේතුවක් නැත. ලක්දිවට සිදු වි තිබෙන හානි වලින් ඉතාමත් දියුණු විපත නම් ආර්ය මිලේච්ජ ජාතින්ගේ පැමිණිමත්, සිංහල ජනයා හා සංකර විමත් ඒ අනාර්ය ජාතීන්ගේ ආගම සිරිත් විරිත් ආදිය රටේ මුල් බැස ගැනීමත් මේ රට පිරිහිමට හේතු වි තිබේ. ප්ර තිසංස්කෘත සිංහල සභ්යැත්වයක් මේ රටේ ඇති කිරිමට කවදා ඉඩ ලැබේ දැයි සිතමින් සිටි මට නින්ද ගියේ ය.
පසු දින උදේ සිරිත් ප්රසකාර ශරීර කෘත්යඇය හා වන්දන මානාදිය කොට ඉන්නා විට උදේ නවයට පමණ ද සිල්වා මහතා මොටෝ රථයකින් පැමිණියේය. එදින සෙනසුරාදා බැවින් සිල්වා මහතාට නිවාඩු නිසා තමාගේ “පෙම්බරී” ග්රේකස් ගැන කළ පරීක්ෂණ අමරසිංහ රාළහාමි අවංක ලෙස කියා තිබුණු බැවිනුත්, ඒ පිලිබඳ සියල්ල නිරාකූල කොට නිදහස් වන පිණිස මාත් සමඟ ස්වකීය නිවසට එන්නට කියා සිල්වා මහතාගේ මෑණියන් ලියමනක් එවා තුබුණු බැවිනුත් සිල්වා මහතා මා සම්බ වෙන්නට ආ බව කීයේ ය.
සිල්වා මහතාට ඒ වෙලාවට සුදුසු සංග්රුහ කොට හොඳට ඇඳ පැළඳගෙන උන්නැහේගේත් සමඟ පිටත්විමි. ඒ යන අතර කෙරුණු සංවාදය කියවන්නා ප්රනයෝජන විය හැකි බැවිනුත් මෙහි යොදනු
654 ඩෙබර කෙල්ල
ලැබේ.
සිල්වා - වික්රපමපාල මහාතණනි, ලෝකයේ සාමාන්යය ජනයා නොකරන තරම් ක්රිවයවක් මට මාමා වෙන්නට බලාපොරොත්තුව සිටි අමරසිංහ උන්නැහේ ගල බව මහත්මයා කල්පනා කෙළේ ද?
මම - ඇත්තෙන් ම එය හොඳින් කල්පනාවට ගතිමි. තමාගේ දුව කොතරම් නරක වුවත් වැරදි සියල්ලම සඟවා ගෙන ඉතාමත් හොඳ කෙනෙකුට පාවාදිම සියයට අනු අට දෙනෙකුගේ සිරිතකි. එහෙත් අමරසිංහ රාළහාමි තමාගේ දුවට කුමකින් කුමක් වුවත් වැදගත් මහතෙකු අමාරුවේ හෙළන්නට කැමැති වි නැත. ඒ රාළහාමි උත්පත්තියෙන්ම හොඳ කෙනෙකි. කුඩා කාලයේ අසරණව, දුක්ඛිතව වැඩුණු බැවින් පහත් වනචර ඩෙබරියක් විවාහර ගෙන තිබේ. එහෙත් ඔහුගේ විරියත්, නුවණක් නිසා පූර්ව කුසල කර්මයක් මතුවිමෙන් ධනවතෙක් වුණා පමණක් ෙනාව කල්යා ණ මිත්රු සේවනය ලැබිමෙන් ධර්ම ශාස්ත්රාාදිය ඉගෙන හොඳ සත්පුරුෂ පරාර්ථකාමියක් ද විය. දැන් අමරසිංහ රාළහාමි ලවා ආදර්ශමත් හොඳ වැඩ කරවන්නටත් බැරිකමක් නැත.
සිල්වා - ඔව්, අපේ මවුපියන් සමඟ හුඟක් දුර උන්නැහේගේ අදහස් කියා අද වික්රාමපාල මහතා ඉදිරිපිට දි කටයුතු සියල්ලම නිරවුල් කරන බව ද කියා තිබේ.
මම - සිල්වා මහතාණනි. එක මිනිහෙක් දෙන්නෙක් වත් නියම මාර්ගයේ ගමන් කරතොත් ඒ මාර්ගයට බසින්නට කැමැති වන මිනිසුන් ද ඇති වේ. බලන්න, ඉගෙනීම සඳහා යුරෝපයට ෙගාස් මිථ්යාේ මතයකට බැස මෙහි ආ කොමියුනිට් වාදීන් කිප දෙනෙකු උචේජද වාදයට බැඳි සිටිත් ද? වැරදි මාර්ගයක ගමන් කිරිමට ෙලාකු පිරිසක් ඉදිරිපත්විම සිරිතකි. කුමක් නිසා ද පවුකාර නුගත් පහත් මිනිසුන් අධික බැවිනි. ඒ එසේ ද වුවත් හරි මාර්ගයේ ගමන් කරන්නට එකෙක් දෙන්නෙක් වත් ඉදිරිපත් වුනොත් පින්වත් නුවණැති ටික දෙනෙක් වත් ඉදිරිපත් වුනොත් පින්වත් නුවණැති ටික දෙනෙක් ඊට ද කැමැති වනු නිසැකය. ඉතින් වැරදි මාර්ගයේ ගමන් කරන දාහකට වඩා හරි මාර්ගයේ ගමන් කරන දෙ තුන් දෙනා බලසම්පන්න හෙයින් අමරසිංහ රාළහාමිට අපි සැම අතින්ම
පියදාස සිරිසේන නවකථා එකතුව 655
අනුබන දිය යුතු ය.
දවල් එකොළහමාරට පමණ අපනි සිල්වා මහතුන්ගේ නිවසට ගියෙමු. සිල්වා මහතාගේ මෑණියන් හා පියාණන්ද අප පිළිගෙන ප්රතණිත ලෙස පිළියෙළ කර තිබුණු භෝජනාදියෙන් අපට සංග්රපහ ක ඉක්බිත් අපේ සාකච්ජාව ඇති විය.
මම - එන්න සිල්වා මැතිණියනි, ඩෙබර කෙල්ල සොයා ගන්නා ලදි. මරදානේ දුම්රිය පළේදි ඒ ඩෙබර කෙල්ල ගැන තොරතුරු කී උඳුගොඩ බංඩාර නිළමේ ද සොයා ගතිමි. පුතනුවන් පෙම් බැඳ වුන් ග්රේේස් උත්පත්තියෙනුත් ඉගෙනිමෙන් හා ප්රමතිපත්තියෙනුත් පළමු වැනි පංතියේ ‘ඩෙබරියෙක්’ බව ඇෙග් පියාට ම ඔප්පු කර දුනිමි. මේ සිල්වා මහතාට ද එය දැන් ප්ර්ත්ය ක්ෂ ය. ඒ හෙයින් සිල්වා මහතාට සීලාචාර ගුණ සම්පන්න කුලාංගනාවක් විවාහ කරදිමට දැන් කාලය පැමිණ තිෙබ්.
ද සිල්වා මැතිණිය - වික්රබමපාල මහතාට පින් සිද්ධ වේවා. අපට ඉන්නේ එක ම පුත්ර්යා යි. ඔහු අපේ ජාතයත්, ආගමත්, කුල චාරිත්ර ත් ආරක්ෂා කරන ගුණ නුවණ ඇති සත්පුරුෂයෙක් නුනොත් ඔහුගේ ඉගෙනීමෙන් වත් සමර්ථකමින්වත් පලක් නැත. ඉතින් මුළාව වුන් මගේ පුතනුවන්ට ඥානාලෝකය ලැබුණේ මහත්මාය නිසාය. මගේ අයියාගේ දියණියක් සිටි. දැන් මෙහිහ සිටි. ඇගේ පියා නැත. එහෙත් මවු සිටි. දැන් මෙහි ම ඉන්නවා. ධනවත් කමක් වත් යුරෝපීය දුසිරිතක් වත් නැති ඒ ළමයා විවාහ කර ගත්තොත් මගේ පුතාට ඉතා උසස් පරම්පරාවක් ඇති කර ගන්නට පිලිවැනයි කියා සුභද්රාග නැමැති ඉතාමත් ලක්ෂණ තරුණියත් ඇගේ මෑණියනුත් කැඳවා මට අඳුන්වා දුන්නේ ය.
අප ඉන්නා සාලේ පසෙකින් වාඩි ගත් සුභද්රා් දෙසත් මෑණියන් දෙසත් බැලු බැල්මෙණන් ම ඔවුන් නියම කුල ස්ත්රී න් බව වැටහුණු මම තරුණ සිල්වා මහතාගේ මුහුණ දෙස බැලුෙවමි සිල්වා මහතා ලජ්ජාවට පැමිණියාක් මෙන් “නැහැ” වික්රෙමපාල මහතාණනි. එය ඉන්නේ මගේ මාමාගේ දියණිය ය. යුරෝපීය “ප්ලෑනේට” යාමෙන් මා මුලාවට වැටුනා . අම්මත් තාත්තත් හැමදාම කීවේ මගේ නැනා සමඟ විවාහ වෙන්නටයි. දැන් එය ඉතාමත් ප්රීමතියෙන් ඉෂ්ට
656 ඩෙබර කෙල්ල
කරන්නෙමි”යි කියේය.
අමරසිංහ රාළහාමි පැමිණියේ ය. ඔහු අතේ නොතාරිස් ඔප්පු වැනි ලියවිලි කිහිපයක් ද තිබුණේ ය. ඔහු වාඩිගත් පසු මට කථා කොට “වික්රනමපාල මහතාණන් ඉක්මනින්ම ගෙන්වන ලද්දේ මගේ ඕනෑකමකටයි. අනුවන කමින් කරන ලද වැරදිවල විපාක නිසොල්මනේ විඳ දරා ගැනිම නුවණකි. එහෙත් අධර්මයට ආධාරදිම බලවත් වරදක් නොවේදැ”යි ඇසුවේය.
මම - රාළහාමි කියන්නේ කුමක් ගැන ද?
අමරසිංහ - මා පහත් තත්ත්වයකදි ඉන්දදී ගුණ නුවණ ෙනා මේරූ අවදියේදි විවාහ කරගත් ඩෙබරියගෙන් වින්දාවු දුක අප්රනමාණ ය. ඒ මදිවාට ඒ ඩෙබරියගේ කුසේ උපන් පුත්‍න්යාත් දුවරු දෙන්නාත් ඩෙබර පන්තියේ අග්රිස්ථානයේ ය. ඊට හේතුව ඩෙබර මවු කුස උපන් ඒ දරුවන්ට හොඳ මිනිසුන් වුවත් ඩෙබර සංඛ්යා වට පමුණුවන පහත් ඉගැන්විමක යෙදවිම නිසා මගේ වධක භාර්යාවටත් වඩා දහ දොළොස් ගුනයකින් දරුවෝ නරක්වුහ. ඉතින් තව දුරටත් ඔවුන් නරක් නො වන පිළිවෙළක් අද ම නියම කරගත යුතුය.
අමරසිංහ - අනේ මහත්මයෝ, මම එතරම් නරක අධමයෙක් නොවේ. මා රාත්රිම වැටුණු වලක නිර්දෝෂ සත්පුරුෂයකු දෙවැනි දවාලේ ඇද දැම්මොත් කොතරම් ෙලාකු අපරාධයක්ද? සිල්වා උසස් මවුපියන්ගෙන් දරුවෙකි. ශිල්ප ශාස්ත්රර උගතෙකි. ඩෙබරයන් හා ආශ්ර ය කරන නමුත් ඒ ඩෙබර සංඛ්යාශවට නොවැටුණු පින්වතෙකි. ඒ මහතාට උවමනා කරතොත් මගේ ධනයෙන් විසි තිස් දාහක් දෙන්නෙමි. එහෙත් මගේ දුව වන ග්රේමස් නැමැති දුෂ්ට ඩෙබරිය විවාහ කර නොදෙමි.
මම - ඇත්තෙන් ම අපේ රට මැදිමට නම් රාළහාමි වැනි අවංක සත්පුරුෂයන් ඇති විය යුතුය. තමන්ගේ දු පුතුන් වුවත් අධම අසත්පුරුෂ ඩෙබරයන් නම් ඔවුන් සත්පුරුෂ වැදගතුන්ට සම්බන්ද නොකොට ඔවුන්ට කැමැති පරිද්දෙන් ජිවත්විමට ඉඩ හැරීම උතුම් වු පරාර්ථදායි සත් ක්රිියාවකි. තමන්ගේ ම හෝ තම දරුවන්ගේ හෝ වරද සඟවා ගත්තත් එහි අනිෂ්ට විපාක නම් සඟවන්නට බැරිය.
පියදාස සිරිසේන නවකථා එකතුව 657
ද සිල්වා මැතිණිය - මා දන්නා කාරණයක් කියන්නෙමි. අපේ ගමේ ධනවත් කමක් නැති පවුලක ඉතාමත් රූපත් කල් ක්රිායාවෙන් යුත් තරුණියක් වුන්නා. කොළඹ පළාතේ ධනවත් තරුණයෙක් මේ තරුණිය දැක විවාහ කර ගන්නට සිතා ඒ දුප්පත් පවුලට මුදල් හදල් අතින් ආධාර කරන්නට පටන් ගත්තේය. මේ අසරණ තරුණිය කෙරෙහි අනුකම්පා කළ මධ්යගස්ථ සත්පුරුෂයෙක් ඒ කොළඹ තරුණයාගේ චරිතයත් ඔහුට වැළදි තිබෙන භයානක රෝගයත් මනාලියගේ පියා සමඟ කීයේ ය. ඔවුන්ට ලැබෙන්නට යන ධනවත් තරුනයා ගැන ඊර්ෂ්යාිවෙන් කියන බොරුවකැයි කියා ඔහුට නින්දා කොට මංගල්යාය කර ගත්තේය. ඉතින් ඒ ස්ත්රීණයට ඒ දරුනු රෝගය වැළඳි නොයෙක් දුක් විඳිමින් ඉන්දදී දරුවෙක් ද ලැබුණේ ය. ඒ දරුවා අන්ධව ඇගේ මාන්දම් ගෙඩි මෙන් රෞද්රු ගෙඩි වර්ගයකින් පීඩිත විය. වැරැද්ද තිබියදි ඒ වසා දමන්නට තැත් කළාට කාටවත්ම බැරිය. බෝවෙන දරුණු රෝග තබා දත් කැක්කුම වත් ඇති කෙනෙකු නිසා (විශේෂයෙන් මවු කෙනෙකු නිසා) හටගන්නා දරුවාට ඒ මවුපියන්ගේ රෝග බෝවේ. ශරිර ගතවු ආබාධ දරුවන්ට බෝවෙතොත් මානසික රෝග හෙව්ත සිතේ පවත්නා දරුණු සිතුවිලි දරුවන්ට සහජ වන්නේ නැද්ද?
අමරසිංහ - කරුණාවන්ත ලොකු හාමිනේට ස්තුති කරමි. මගේ භාර්යාව තුළ පවත්නා දුෂ්ට අදහස් එකක්වත් අත් නොහැරි මගේ දරු තුන්දෙනා තුළ ම පවති. ලෝභ, ද්වේෂ, මෝහ යන සිතිවිලිවලින් හරිත ස්ත්රීභයකගේ කුසයේ පින්වත් දරුවෙක් නුපදින බව වික්රවමපාල මහතා කියා දුන් පසු මම පරීක්ෂාකර බැලුවෙමි. මා ආශ්රගය කරන මිත්ර පවුල් විසි තිස් ගණනිකන් පවුල් දෙක තුනක හැර අනික් සියල්ලෝම ඉන්නේ ඩෙරියන් ඩෙබරයන් බව නිසැකවම දැන ගතිමි. ඒ නිසා මගේ දරුවන්ගෙන් මම කිසිවක් බලාපොරොත්තු නොවෙමි.
මම - දැන් ඔය රාළහාමි අතේ තිබෙන ඔප්පු මොනවාද?
අමරසිංහ - මා විවාහ කරගත් නිසා දිවි තිබෙන තුරු ජිවත්විමට මගේ භාර්යාවට යමක් දිම මගේ යුතුකමකි. එමෙන් මා නිසා
658 ඩෙබර කෙල්ල
උපන් මගේ දරුවන්ටත් දිවි පවත්වා ගැනීමට යමක් දීම ද මගේ යුතුකමකි. ඒ නිසා මට අයිති ගෙවල් හතරක් ඒ හතර දෙනාට තෑගි වශයෙන් ලියන ලද මේ ඔප්පු හතර අද සවස වැදගත් කිහිප දෙනෙකුගෙන් ඉදිරිපිටදි බාර දෙන්නෙමි.
මම - ඒ ඔප්පු ලියා ඉවර ද හාමිනේට මසකට කීයක් ලැබේද දරුවන්ට කියක් ලැබබේද?
අමරසිංහ - හාමිනේට මසකට රුපියල් හැටකුත් එක දරුවෙකුට රුපියල් හත බැගිනුත් ලැබේවි.
මම - ඉතින් රාළහාමිට තිබෙන්නේ කොපමණද?
අමරසිංහ - මේ ගෙවල් පහ හැර රුපියල් දෙලක්ෂ පණස් දාහක් වටිනා රබර්, තේ හා පොල් ඉඩම් තිබේ.
මම - ඉතින් ඒවාට කුමක් කරන්නටද යන්නේ.
අමරසිංහ - ඒවා පිනට දෙනවා. ගැහැණු ළමයින්ට ධර්ම ශාස්ත්රි නූකුල ඉගැන්විමක් කරනවා. ඒ පිළිබඳ විස්තරය හෙට මහත්මයා අතට දෙන්නෙමි.
මම - රාළහාමිගේ ඉතිරි කාලය ගත කරන්නේ කෙසේ ද?
අමසිංහ - මම මේ ඉගැන්විම ක්රතමය ආරම්භ කළාට පසු දඹදිවට ගොස් තථාගතයන් වහන්සේ උපන්, බුදු වුණු, පිරිනිවන් පෑ ස්ථාන ආදිය බලමින් වැද පුදා ගනිමින් මගේ ඉතිරි කාලය දඹදිවම ගත කරමි. බැංකුවේ තිබෙන මගේ මුදල් රුපියල් විසි දාහකි. එයින් මට ඉතිරි කාලය ගත කළ හැකි ය.
සිල්වා - රාළහාමි ඔය ඔප්පු බාරදි කලබල කර නොගෙන ඉන්නට හැකි ද?
අමරසිංහ - දැන් මම බොහොම ඉවසිලි වන්තයි. මගේ මිත්රල විදාන ආරච්චි මහාතත්, ජයතිලක වෙද මහතාත්, මේ වික්රකමපාල මහාතත් සමඟ සවස ගොස් කාරණය සම්පුර්ණයෙන් ම විස්තර කොට කියාදි වික්රේමපාල මහාත සමඟ හෙට උදේ මෙහි එන්නෙමි.
වේලාව හතර හමාර විය. සිල්වා මහතුන්ගේ තේ වතුර සංග්රසහයෙන් පසු අමරිසිංහ රාළහාමිගේ මොටෝ කාරයෝ මාත් නංවාගෙන විදාන ආරච්චි මහතාහාංහ ජයතිලක වෙද මහතා ඉන්නා තැන්වල ගොස ඔවුන්ද නංවාගෙන අමරසිංහ රාළහාමිලා පදිංචිව
පියදාස සිරිසේන නවකථා එකතුව 659
ඉනනා “අමර නිවස” ට පැමිණියෙමු.
කලින් පිළියෙල කර තිබුණු අන්දමට රස කැවිලි තේ පැන් ආදියෙන් සංග්ර හ කළාට පසු අමරසිංහ රාළහාමි ස්වකීය භාර්යාවට හා දරු තිදෙනාට කථා කොට ශාලාවේ ඉදිරි පිටින් වාඩි කරවා ගත්හ. අප තිදෙනා - එනම් විදානරච්චි, ජයතිලක, වික්රකමපාල යන තිදෙනා අමරසිංහ හාමිනේ දන්නා අඳුනන අය වුවත් ඒ වේලාවේ දි එකිනෙකි වශයෙන් අමරසිංහ හාමිනේට අඳුන්වා දෙන ලදි. ඉක්බිති අමරසිංහ රාළහාමි මෙසේ කියන්නට පටන් ගත්තේ ය.
“හෙලේනා හාමි, අද අපේ ජිවිතයේ ඉතාම වැදගත් දිනය වේ. දැන් මගේ වයස අවුරුදු පනස් පහයි මාස හයයි. නුඹේ වයස අවුරුදු හතළිස් අටයි මාස පහයි. අපි කසාද බැඳලා අවුරුදු තිස් පහකි. අප දෙන්නාගේ ම තරාතිරම නුඹත් මාත් දෙන්නා ඉතා හොඳින් දනිමු. අප හඳුනන අසල්වාසින් ද දනිති. මම රුපියල් දොළහමාරේ පඩියට මුරකරුවෙක් ව ඉන්නා කාලයේ නුඹව කසාද බැන්දෙමි. එවකට නුඹත් නුඹේ මවුත් කඩයප්පන් කඩවලට කුලියට පිටි කොට දෙමින් ජිවත්වුනු කාලයකි. දුප්පත් වුනත් අසීලාචාර වුනක් තරුණ රාගික වයස නිසාත් හොඳ නරක නොදන්නන නිසාත් මේ දරුවන් තුන් දෙනා ලැබෙන තුරුම නුමත් මමත් ඉතා ආදරයෙන් විසුවෙමු.
එක දවසකට හත් අට විඩයක් සංඩු දබර කරමින් දෙස් දෙවොල් කියමින් විසු නමුත් ඒ තරුණ කාලයේ මගේ සිතට නුඹ කෙරෙහි කිසිම කලකිරිමක් ඇති වුනේ නැත. ඊට හේතුව අසරණ මට වෙන කළහැකි දෙයක් නැති නිසාත් නුඹට වඩා හොඳ ස්ත්රීායක අසන්නට දකින්නට නොලැබුණ නිසාත් බව දැන් මට වැටහේ. අපේ ජිවිතයේ ඉතා පහත් මුල් කාලය නුඹට මතක නැත. භාර්යාවගේ මට දින තුනකට වඩා ස්වකීය නිවසේ නවත්වා ගත්තොත් ඒ ගෙට වගතුවක් වන්නේ නැති බව පණ්ඩිතයන් කියා තිබෙන නමුත් මම එවෙලේ නොදැන සිටියෙමි. එහෙත් පසුව එය මටම ප්රනත්යෙක්ෂ විය. කුමක් නිසාද නුඹේ අම්මා ජිවත්ව ඉන්නා තුරු එදා වේලවත් සපයා ගන්නට අපට බැරි වුන බැවිනි. ඒ හැර නුඹත් නුඹේ මවත් දෙස් දෙවොල් කියා ගැනීම නිසා අසල් වැස්සන්ට වත් සැනසිල්ලක් ලැබුණේ නැත. ඒ තරුණ කාලයේ නුඹ කළ නොපණත් කම්වලට ආධාර දුන්්නේ නුඹේ මවුය. විවාහ වු අයෙක් ස්ත්රීකයගේ මව් ගෙදර නවත්වාගෙන සුව පත්වු තැනක් නැති බව හොඳ නරක දැනගත්තාට පසු මට වැටහුණේ ය.
660 ඩෙබර කෙල්ල
අපි විවාහ වි අවුරුදු පහළොවකින් පමණ නුඹේ මවු මළ, ඒ දුෂ්ට ස්ත්රී්ය මළාට පසු අපේ ජිවිතය වෙනස් විය. රස්තියාදු වෙව් වුන් මට කොන්ත්රාඒත් වැඩ ලැබි ටිකක් ධනය ලැබෙන විට රේස් දිනුමක් ද ඇදී තරමක ධනවතෙක් විමි. ඉන් පසු කල්යා ණ මිත්රේයන් හා උගතුන් ද ආශ්රකය කරන්නට ලැබීමෙන් මා පින්වතෙක් ද විමි. අවුරුදු දහයක් යන්නට ප්රුථම රුපියල් තුන් ලක්ෂයක ධනවතෙක් වු මාගේ වටිනාකම දැන් රුපියල් තුන් ලක්ෂයකටත් වැඩිය. එහෙත් දුඃඛිත කාලකණ්ණි කාලයේ ලැබුණු නුඹත් නුඹ වැදු දරු තුන්දෙනාත් නිසා මම මෙලොව තිබෙන අපාය හයම හිමි කර ගත්තෙමි. ධනය ලැබෙන්න ලැබෙන්න මම හොඳ නරක දැන ගත්තෙමි. එහෙත් මා ධනවත් වෙන්න වෙන්න නුඹ අහංකාරයෙන් මත්ව නුඹ උපන් රාජ කුමාරියක් මෙන් මට නින්දා අපහාස කළා. කරනවා. ඉතින් ඒ සියල්ල ම ඉවසා දරාගෙන මම ඉඳිමි. නුම වැනි අධම අකෘතඥ ස්ත්රීකයක් තවත් ඇ කියා මම නොසිතමි. ඉතින් නුඹ පසඟ කල් ගත කළ අවුරුදු තිස්පහ ෙකාතරම් කටුක ද කිවහොතක මිට පසු යටත් පිරිසෙයින් ආත්ම තිහක් බ්රිහ්මචාරිව තපස් රැකීමට මම ප්රා ර්ථනා කරමින් සිටිමි. කෙළෙහිගුණ නොදත්, තමන්ගේ මුල් කාලය නොදත්, ඥානයක්, සීලයක්, ප්ර්තිපත්තියක් නැති ස්ත්රීකන්ටත් පුරුෂයන්ටත් ඉතාමත් සුදුසු නාමය “ඩෙබරියන්” හා ඩෙබරයන්” බව නොබෝදා දැනගතිමි. ඒ ඩෙබර ඩෙබරියන් සමඟ ප්රීනතියක් සැපතක් විඳිමට නො හැකි බව දැන් ප්රරත්යමක්ෂය.
ඒ ඩෙබර-ඩෙබරියන් නිසා උපදින්නෝ සතර අපායෙන් චුතව පවුකාරයන් බව අපේ දරුවන්ගේම ප්ර-ත්ය ක්ෂ විය. අපේ මේ පුතා, විල්බට් හැදිමට කොපමණ ධනයක් වියදම් කෙළෙමු ද? පාඨශාලා දහසයකට යැවු නමුත්කිසිම දෙයක් ඉගෙන ගත නො හැකි විය. දවසකට වාරය බැගින් රැවුල බු ගන්නටත් දිනකට සිගරැට් දහයක් පහළොවක් බොන්නටත් දිනපතා හොඳ සුට් එක බැගින් අඳින්නටත් කාඩ මිත්ර්යන් සමඟ එක්ව රේස් සුදු කෙළමින් රට බිම ජාති බොන්නටත් දිනපතා තවත් කිය නො හැකි තරම් අනාචාර දුසිරිත් කරන්නටත් මිස වෙන කිසිම දෙයක් මොහුට පුරුදුවි නැත. මගේ වතුවලට ගොස් ඒවා බලා කියා ගන්නට යවයි කියා මොටෝ කාරයක් අරන් දුනිමි. එයින් ලැබුණු ප්රයතිඵලය කොන්දොස්තර ආදින් යාලු කරගෙන කුළීකාර ගැහැණු දරුවන් දුෂ්ය් කරන්නට පටන් ගැනීම පමණකි. ඒ නිසා මම ඒ කාර් එකත් විකුණා දාම වතුවලට
පියදාස සිරිසේන නවකථා එකතුව 661
යාම තහනම් කෙළෙමි.
“අනේ අනේ! මම කිවේ ඕක තමයි. විල්බට් සෑහෙන තැනකින් කසාදයක් බඳවා දුන්නා නම් ඒ ළඹයා ඔය තරමට නරක් වෙන්නේ නෑ නොවෙදැ”යි පැත්තකින් සිට අමරසිංහ හාමිනේ ඝෝෂා කළේ ය.
“ඔව් - ඔව් - මගේ ආධාරයෙන් නුඹ ඩෙබරෙකුත් ඩෙබරියන් දෙන්නෙකුත් බෝකළා මදිවාට මම දුකසේ ඉපැයු ධනයත් වියදම් කොට ඒ අපේ පුතුන් දියණියන් දෙදෙනාත් ලවා තවත් ඩෙබරුන් ඩෙබරියන් සමුහයක් බෝ කිරිමටද දැන් කියන්නේ? ගුණ ධර්මයක් ප්රිතිපත්තියක ෙනා පිහිටි ආත්ම ගෞරවය නැති, ආත්ම ශක්තිය නැති දරුවන්ට ධනය දීමත් ඔවුන්ට ආවාහ විවාහ කර දිමත් වැනි අපරාධයක් තවත් ලෝකයේ නැත. පුර්ව ජාති වලට එබඳු අපරාධ කළ නිසා මමත් ඩෙබරියක් ලබා ගෙන ඩෙබරියන් බෝ කොට දැන් පුසතැවිලි වෙමින් ඉඳිමි”යි කීවේ ය.
ඉක්බිති අමරසිංහ රාළහාමි දුලා දෙ දෙනාට කථා කොට “ග්රේයස්, නුඹ තමයි හැබෑම ඩෙබරි. මැටිල්ඩා, නුඹ නිසා ඩෙබර යන නාමය ලොවට ප්ර කට වුනා. ග්රෙමස් බෝඩිං ස්කෝලයේ දි ඉගෙන ගත් දේත් හැසිරෙන හැටිත් බණ්ඩාරවෙලට පික්නික් ගිය ගමනේ දි සිහැසින් ම දැක ගතිමි. නුඹලාට උගන්වන ගුරුවරයන් හා ගුරුවරියන්ගේ තත්ත්වය විමසා බැලුවා ම නුඹ ඔය තරම් වත් ඉන්නා එක පුදුමයි. නුඹලා වැනි ලජ්ජා භය නැති චාරිත්ර් වාරිත්ර නො දත් ගැහැණුන් නිසා මෙ ලක්දිව බෝවි ඉන්නා ඩෙබරියන්ගේ ගණන ඉතා භයංකරය. අවුරුද්දකට විලප්පුව හැදි මැරෙන පනස් දාහකට අධික ළදරු සංඛ්යාහවත් ලොකු වුනොත් අවුරුදු දහයකදී මුළු ලක්දිව ම ඩෙබර රටක් වනු ඒකාන්තය. මම අතීත ආත්ම වලදි පිනක් දහමක් නො කළ නිසා නුමලාගේ මුව වැනි වධක දරුවනුත් ලැබුවා. මතුවට මගේ පරම්පරාවක් ඉතිරිවන්නේ නැහැ. ඉතිරි වුනත් එය සුදුකාර, බේබදු, අනාචාර පහත් පරම්පරාවකි. ඒ නිසා මතුවත් උසස් භාර්යාවක් හා පුත්රා දුහිතෘන් ද ඥාති මිත්රපයන් ද ලබන පිණිසත් මේ භයංකර සංසාරයෙන් එතර වන පිණිසත් මා උපයන ලද ධනය වියදම් කොට උදාර පුණ්යයකර්මයක් කරන්නෙමි.
නුඹලාගේ මව මගේ භාර්යාව නිසාත් නුඹලා තුන් දෙනා මගේ දරුවන් නිසාත් නුඹලාට රැකෙන්නට මනේන මේ ඔප්පු හතරේ
662 ඩෙබර කෙල්ල
පෙනෙන ගෙවල් සතර සහිත ඉඩම් තෑගි කරමි. මා ජිවත්ව ඉන්නා තුරු තවත් උපකාර කරන්නෙමි. මේ ගේත් නුඹලාට පොදුවේ භුක්ති විඳින්නට පුළුවන. නුඹලාට සමඟ ජිවත්ව ඉඳිම මට සැපතක් නොවන බැවින් මම විවේක රැගෙන පින් දහම් කරන්නෙමි.
අමරසිංහ හාමිනේ - ඔන්න කවුදෝ කපටියකුගේ බණකට රැවටි ඔයා අපෙන් වෙන් වෙන්නටයි හදන්නේ. මට මසකට රුපියල් හැටකුත් ළමයිනු එකිනෙකාට රුපියල් තිහ බැගිනුත් ආදායම ලැබෙන ගෙයක් බැගින් දෙන්නේ මන්ද? දැන් තිබෙන සිය්ලල්ම අපට අයිති නොවන්නට තිබෙන යුතුකම කුමක් ද? මේවා තමයි පුදුම කතා!
අමරසිංහ - ඔව්, හෙලේනාහාමි, අද මේ වැදගත් මහත්තැන් තුන් දෙනකු ඉදරියේදි නුඹලාට කරන්නට යන සංග්රිහයකි. නුඹලාට ඒකත් එපා නම් නිකම් සිටියාට වරදක් නැත. අප දෙ දෙනා අඹු සැමියන් වාගේ කල් ගත කරන්නට වි දැනට අවුරුදු තිස් පහකි. අවුරුදු තිස් පහට ඇත්තේ දවස් දොළොස්දාස් සත්සිය අසූවකි. (12780) ඉතින් මේ දවස්වලදි අප සම්පුර්ණ ප්රී්තියයෙන් ගෙත කළ දවසක් මට මතක නැත. ඉතාමත් දුප්පතෙක් වු මා සමඟ නුඹ විවාහ වන විට නුඹ සිටි සැටි නුඹට මතක නැති නමුත් මට නම් හොඳටම මතකය. මට ජිමිකානා දිනුම ඇදුන දින පටන් නුඹ අමුතුව ගැහැනියක් වුනා. නුමට උසස් හිතක් ඇතිවුනාට මම අසතුටු නැත. එහෙත් නුඹේ කටුක උත්පත්ති ගුණය දින පතාම අධික විය. රුපියයල් පහළොස් දාහක් පමණ වටිනා මේ ගේත්, රුපියල් හැටක් ලැබෙන ආදායමත්, ළමයින් තුන් දෙනාට මාස් පතා ලැබෙන රුපියල් අනුවක ආදායමකුත් සැපසේ ඉන්නට ගේකුත් දැව භාණ්ඩාදායත් සමඟ මාස් පතා රුපියල් එකසිය පනහකින් නුඹලා සතර දෙනාට හොඳින් කා බි සැප සේ ජිවත් වන්නට බැරි නම් නුඹලාට කුමකින් කුමක් වුනත් මට කමක් නැත. හෙලේනා, මේ සභාවේදි කියන විටි දැන් නුඹට ලැජ්ජා ඇති විය හැකි ය. එහෙතක් අපේ ජාතිය වැටි ඉන්නා ප්ර පාතයෙන් මුදවා ගත හැකි නම් ඒ ලජ්ජාවට කාරණයක් නොවේ. මේ පසුවේගෙන යන අවුරුදු තිස් පහ ඇතුළත නුඹව කොයි යම් ක්රයමයකින් වත් සතුටු කරන්නට බැරි විය.
පියදාස සිරිසේන නවකථා එකතුව 663
නුඹට රෙද්දක් ගෙන දුන් විට එය හොඳ යයි කවදා වත් කීවා ද? කෑමට මැලු, මස් එළවළු, කිරි පැනි ගෙන ආ විටක කවදාවත් එය හොඳය යැයි කීවාද? ගමනක් බිමනක් ගිය විට එය හොඳය කියා ප්රී තිවුනාද? හැමදාම හැම තිස්සේම, මදි ය, නරක යැ, හොද නැත නොකී එක ම දිනක් වත් මට මතක නැත. ඊයේ රුපියල් දහයක් සිලල්ර වියදම් සඳහා දුන්නා ම අද යම් කිසි ඕනෑ කමකට සතයක් ඉල්ලුවොත් නුම ළඟ නැත. කොපමණ වියදම් කළත්, කොපමණ දේවල් ගෙනාවත් එය ෙහාඳ ය කියා වත් තෘප්තියකට පමුණුවන්නට බැරි විය. ප්රීඑතියත් සතුටත් අපේ ගෙදර කවදා වත් ම ඇතිවුණේ නැත. අපට යමක් කමක් ලැබුනාට පසු නුමට අසනීපන නැති දවසක් මට මතක නැත. එක දිනකට දත් කැක්කුම, තවත් දැනක ඉසේ ඇම්ම, තවත් දවසක බඩේ ගාය, තවත් දිනක ඇලපත රූදාව, තවත් දිනක කකුල් රුදාව, මොකවත් ම නැත් නම් එදාට අස් පෙණෙන්නේ නැත. ඉතින් වෙදුන්, දොස්තරවරුන් නොගෙන්වා ඉන්නට වත් බෙහෙත් වලට වියදම් නොකර ඉන්නටත් වත් එක් දිනක් ලැබුනා ද? ගමන් බිමන් යාමට සුදානම් කර නො ගන්නා දවසක් අපට තිබුනා ද? මේ ජිවිතයේදි නුම මට කළ කරදර වද හිංසා එකින් එක විස්තර කළොත් පිටු දාහක පොතක් ලියන්නට පිළිවන. දැන් වයස් ගත වෙන්න වෙන්න නුඹේ ලෙඩ දුකත්, සැප පහසුත්, වියදමත් අධික වන බව පෙනේ, පුරුෂයාගේ සිත අප්ර්සන්න කිරිමට මිස ප්ර,සන්න කිරිමට නුමට වුවමනාවක් නැත. එබඳු ධර්මතාවයක් නුඹ දන්නේ ම නැත. මේ තරම් දේපල තිබෙන අපේ ගෙදර ප්රීතතියක් සන්තෝෂයක් නැත්නම් එදා වේල උපයා ගන්නට බැරිව දුක් විඳින ගේවල සිනාවක්, ප්රී්තියක්, සංසුන් භාවයක් ඇති වේද? එසේ ප්රීුතියක් සන්තෝෂයක් නැති ගෙදරක පින්වන්තයෙක්, දිව්යකලෝකයෙන් චුතවන කෙනකේ උපදි ද? දැන් මට තිබෙන වස්තුව ඩෙබරි වන නුඹටත්, අපේ ඩෙබර පුතාටත් හිමි කර දුලා ෙදන්නාටත් දුන්නොත් කුමක් වේවි ද කියා නුඹ සිතනවා ද? නුඹලා සතර දෙනාම ඩෙබරුන් බැවින් මේ ධනය අවුරුද්දකින් දෙකකින් විනාශ කොට නුඹලාත් විනාශයට පත්වනු ඒකාන්තය. අධර්මයෙක් බොහෝ ධනය උපයා තමන්ගේ ඩෙබර අඹු දරුවන්ට තබා මිය ගිය
664 ඩෙබර කෙල්ල
අය ගැන නුඹ දන්නවා ද? මගේ දැනීමේ හැටියට දහස් ගණනක් මෙ ලොවදි ම අපා දුක් විඳ අසරණ කාලකණ්ණි හිඟන්නන්ව මිය ගිය හැටිත් තවමත් සමහරු දුක් විඳිමින් ඉන්නා සැටිත් නුම දන්නවා ද?
අම්බලන්ගොඩ පළාතේ ධනවත් මුදලි කෙනෙක් ලක්ෂ පහකටත් වැඩි ධනයක් එක ම දුවට භාර දි මාළා ය. ඒ අශිෂ්ට ඩෙබරිය පොත පතක ලියන්නට බැරි තරම් ගර්හිත දුසිරිති කොට පිස්සියක්ව හිඟන කාලකණ්නි මළ ප්රේපතියක්ව කොළම නගරයේ විදි ගානේ හිඟාකමින් සිට කාණුවක වැටි මිය ගියා ය. අවුරුදු විසි ගනනක් සම්මාදන් කරමින් ලෝකයා රැවැටු අධමයෙක් ඩෙබර කෙල්ලන් බෝ කර අන්තිමේ ණය ගැතියෙක්ව ආහාර පානයක්වත් නැතිව කුසගින්නේ මළේ ය. තමන්ගේ ප්රවමාණය නොතකා උසස් වෙන්නට කල්පනා කළ පහත් මිනිසෙක් රටේ උත්තමයන්ට පරිභව කොට ඩෙබරියක් හා ඩෙබරුන් ද බෝ කොට අධර්මයෙන් පියා උපයා තිබු ධනය නිකම් නිස්කාරණයේ විනාශ කරගෙන දැන් හිඟා නොකා හිඟා කනවා. එක් ඩෙබරියකට අල්මාරියේ සාරි දෙසිය පනස් හයක් තිබියදි වෙසක් සඳහා අලුත් සාරියක් නැත කියා කීප දිනක් පන්සලට වි ශ්රිමණ වේශධාරීව ඩෙබරුන් සමඟ හැසුරුණු හැටි නුඹ දන්නවා නම් ඩෙබර අඹුවවන්ට හා දරුවන්ට විශාල දේපලක් තබා මැරෙන මිනිසුන් අධමයන් ගේත් අධම ඩෙබරයන්ගේත් ඩෙබර කාලකණ්ණි බව මම ඉති හොදින් දනිමි. රුපියල් දොළහේ පඩියට වැඩ කළ මට නුඹ වාගේ කාලකණ්ණි ඩෙබරියකුත් ආරක්ෂා කර ගනිමින් මේ සැ විශාල ධනයක්, ගෞරවයක්, කිර්තියක් ආරක්ෂා කර ගන්නට පුළුවන් වුන බව කාටත් පෙනේ. ඉතින් නුඹත් මගේ දරුවනුත් ඩෙබර ගතිය ටිකක් අඩු කොට මනුෂ්යරයන් ලෙස කල්ගත කළොත් නුඹලාට වැඩි පිනක් නැතත් දක්ෂකමක් නැතත් යන්තම් ජිවත්විමට මා දෙන වස්තුවෙන් බැරි කමක් නැත.
අමරසිංහ - මේ මොන විහිලු කතාද, ඔයා ළඟකදි සිට පිස්සෙක් වෙලා! දරුවන් අකීකරු ය, සෙල්ලම් කරනවාය කියා ඔවුන් අත් හැර දමන සිරිතක් තිබේ ද?
අමරසිංහ - ඒක තමයි අපට වැරදුනේ , සුදු කෙළින, සුරා පානය කරන, අනාචාරයේ හැසිරෙන, ආගම. ජාතිය, රට ගැන කිසිවක් නොදත් කාලකණ්ණි ඩෙබර දරුවන්ට විශාල ධනයක් උපයා දී මැරෙන මෝඩ මව්පියන් නිසා තමයි අපේ රටේ
පියදාස සිරිසේන නවකථා එකතුව 665
පවුකාර කාලකණ්ණින් බෝ වුනේ. ඒ අපරාධය මින් පස්සේ වත් නොකරන පිණිස මම හොඳ වැඩක් කරන්නට යනවා. හෙලේනා හාමි, ඉතින් සභවේ ඉන්නා විදාන ආරච්චි මහතාත්, වෙද මහතාත් වික්රනමපාල මහතාත් මා කී කරුණු ගැන කියන්නේ කුමක් ද?
මම - ඇත්තෙන් ම රාළහාමි මේ ශත වර්ෂයේ උපන් ඉතා ම උසස් විරවරයෙකි. තමාගේ වීරයෙන් හා පූර්ව කර්ම බලයෙනුත් ලබාගත් ධන සම්පත්තියෙන්නියම ප්රතයෝජන ගන්නට බැරි තැනැත්තා මෝඩයෙකි. ධනය සැපයිම හපන් කමකි. එහහෙත් ධනයෙන් නියම ප්රමයෝජන ගැනීම ඊටත් වඩා හපන් කමකි.
ජයතිලක වෙදස මහතා - අපේ සුප්ර සිද්ධ කෝන්ගොඩ වික්රනමපාල මහතා ඩෙබරි කොල්ලන් සෙවිමට ගත් උත්සාහයට අමරසිංහ රාළහාමි නොව මුළු ලක්දිව ම ඉන්නා සිංහල මිනිසුන් ඒ මහතාට ස්තුති කට යුතුය. දැන් අමරසිංහ රාළහාමි උන්නැහේගේ හාමිනේ පිළිබඳ ව කී කරුණු මමත් හොඳින් අසාගෙන සිටියෙමි. අපේ ගෙදරත් අමරසිංහ රාළහාමිගේ ගෙදරට දෙ වැනි නොවේ. මගේ භාර්යාව අන්තිම පංතියේ වධක භාර්යාවකි. මට දරුවන් හත් දෙනෙක් සිටිති. ඔවුන් අකීකරු අවකල් ක්රියයාවේ හැසිරෙන ප්රහතිපත්තියක් නැති පහත් දරුවෝය. “මවු යම් සේ ද දරුවනුත් එසේ ම ය” කි මම ඒකාන්ත සත්යතයකි. ලජ්ජාවට ගත්තෙන් සැපවත් හොඳ මිනිසුන් වාගේ කල් යවන නමුත් මගේ භාර්යාව පළමු වැනි පංතියේ ඩෙබරියකි. පුත්රා දුහිතෲන් ඒ මවුටත් වඩා අන්නය.
විදාන ආරච්චි - අනේ මහත්මරුනි, මම මේතාක් හිතා ගෙන වුන්නේ මගේ භාර්යාව හැර අනිත් වැදගත් ස්ත්රීනන් හොඳ අම්මණ්ඩිලාය කියායි. එහෙත් දැන් බලනකොට ලක්දිව ඉන්නා ස්ත්රීනන් සියේට අනුවකටත් වඩා ඩෙබරියන් බව පෙනේ. මගේ භාර්යාව තරම් දුෂ්ටව කටක් ඇති කරදරකාර ගැහැනියක් ඇත්තේ ම නැත කියායි මම හිතාගෙන ඉන්නේ?
මම - දැන් ඉතාමත් ම හොඳ අවස්ථාවකි. අමරසිංහ රාළහාමිගේ “ඩෙබරයන්” ගැන කථා කරන්නටයි. මෙහි රැස් වුයේ. ජයතිලක වෙද මහතාගේ පවුල අමරසිංහ රාළහාමිගේ ඩෙබරයන්ට වඩා ජයතිලක වෙද මහතාගේ “ඩෙබරයන්”
666 ඩෙබර කෙල්ල
නරක බව කීවේය. ඉතින් අපේ ආරච්චි මහතාගේ පවුල ඊටකත් අන්තලු! ඒ එසේනම් ආරච්චි මහතා ඉතා හොඳ පරාර්ථදායි වැඩවල නියක්ත වැදගත් මහතුන්ගේ මිත්රඉයෙක්ව නිදහස් මහත්මයකු මෙන් වැඩ කරන්නේ කෙසේ ද?
විදාන ආරච්චි - මගේ තිබෙන හපන්කමත් ඒක තමයි. චණ්ඩ සුළඟ නැති මුහුදේ රැළ පතර නැති දිනක ඔරුවක් පදින එක එතරම් දක්ස කමක් නොවේ. එහෙත් තද කුණාටුවත් වැස්සත් ඇති දිනක රළ වේගයෙන් යුත් මුහුදේ කුඩා ඔරුවක් පැදිම ද දක්ෂයෙකුට ඥානවත් ඉවසිලි වන්තයෙකුට මිස සාමාන්යප මිසිසෙකුට ඥානවත් ඉවසිලි වන්තයෙකුට මිස සාමාන්යු මිනිසෙකුට බැරි ය. දැනට අවුරුදු තිස් හතක් පමණ මගේ පවුලත් සමඟ ජිවත් වන මා ඉතාමත් සමර්ථයෙක් බව මම කල්පනා කරමින් ආඩම්බර වෙමි. විභාග පාස් කොට ප්‍රසිද්ධව සිටින මිනිසුනුත් නොයෙක් විට දිවි නසා ගන්නේ මගේ භාර්යාව තරම් දුෂ්ට ගැහැණුන් නිසා නොව සමහර කරණු වලින් මගේ භාර්යාවට වඩා හොඳ ස්ත්‍ණුීන් සමඟ ඉන්නට බැරිවයි. මම පසුගිය කාලයේ ඉතාමත් හොඳ සුපෙශල ශික්ෂාකිමි ස්වාමින් වහන්සේ නමක් ආශ්රඉය කළා. උන්වහන්සේ කී ප්ර ණිත ධර්මය නිසා මගේ භාර්යාව ගෙන් ලැබෙන කරදර පුර්ව ජාතියේ කළ බලවත් පාපකර්මක විපාක වශයෙන් සලකමි.ත එහෙත් ගෙදරින් පිටදි සැපවත් කෙනෙකු මෙන් වාසය කරමි. ස්ත්රීඑයකගෙන් කර්කෂ වචන අසමින් ම හොඳ වැඩ කරමින් සත් පුරුෂයන් සේවනය කරමි. මගේ ගෙදර මට රෞද්රම අපායකි. එහෙත් ලෝකයේ හැම තැනම මට දිව්යී ලෝකයකි.
මම - ආරච්චි මහතාත්, මේ අමරසිංහ රාළහාමි හා ජයතිලක වෙද මහතාත්, අප මිත්රෝ උඳුගොඩ බණ්ඩා මහතාත් වැනි ඉවසිලිව්නත සිංහලයන් ඉඳිනු දැක්ම ප්රීයතියෙකි. තමාගේ අනුවන කමින් හෝ ලෝභ,ද්වේෂ, මෝහ යන පාප සිතිවිලි නිසා හෝ කරගත් දේ ගැන කල්පනා කිරිමෙන් කලබල නොකොට ඉවසා දරා ගන්නා සත්පුරුෂයාට ඉතාමත් ඉක්මනින් සංසාරය කොට කර ගන්නට පිළිවන්විම ඒකාන්තය, මිනිහෙක් විවාහයකට බැඳි ජිවත්වන්නේ අවුරුදු පනහකට අඩු කාලයකි. කාලය ගැන නුවණින් සලකා බලන විට අවුරුදු පනහ ඇසුරු සැනයක තරම් වත් නොවේ. ඉතින්
පියදාස සිරිසේන නවකථා එකතුව 667
ඔය සුලු කාලය කෙසේ නමුත් ගතකර ගන්නට බැරි ද? ස්ත්රී යත් ඇගේ දරුවනුත් දුෂ්ට පවුකාරයන් ය කියා කල කෝලහාල කිරිමත් අවුරුදු ගණන් නඩු කියා දික්කසාද විමක් ලොකු අනුවණ කමකි. තමාගේ ම වරදින් හෝ අනුන්ගේ උපක්රවමයකින් හෝ යම් කිසි ඩෙබරයකට අසුවුන නම් කතාවක් බහක් නැතිව පිළිවන් තරම් ලෝකාර්ථ චර්යාවේ හැසිරෙමින් ජිවිතය ගෙවා ගැනීම නුවණැති සත්පුරුෂයන් ෙග් යුතුකමකි. ඒ සත්පුරුෂ ගතියෙහි පිහිටා සිටින ආරච්චි මහතාගේ භාර්යාවත් පවුලත් ගැන කරුණු ටිකක් විමසමි. අපේ ජාතිය සදාචාර වර්ධනය සඳහා අවංකව මා අසන කරුණු වලට පිළිතුරු දුන මැනවි. ආරච්චි මහතා විවාහ වුණේ තනි කැමැත්තෙන් ද නැතහොත් මවුපියාද වැඩිහිටියන්ගේ කැමැත්තෙන් ද?
විදාන ආරච්චි - මගේ විවාහව කර ගත්තේ මගේ ම කැමැත්තෙන් නොවේ. අපේ මවුපියන්ගේ ද කැමැත්තෙනි. එහෙත් මාගේ හාමිනේගේත් මගේත් කේන්දර දෙක බැලු ගණිතයගේ බොරු කථාවට රැවටුනා. මේ රටේ පොරොන්දම් බැලිමය කියන ගණිත ක්රථමය දන්නො සිටිත් නම් ඒ ඉතාමත් ටික දෙනෙකි. දස පොරොන්දම් ය විසි පොරොන්දම් ය කියා කියා බලන බැලිම ඒ සම්බන්ධ කිසිත් නොදත් මිනිසුන් මුළා කිරිමකි. තරුණ කාලයේ රූප ලක්ෂණයට මුළා වන බැවින් දුෂ්ට ගැහැණියක පිළිබඳ කිසිවක් විමසා ගත නොහැක්කේ ය. “මව යම සේද දරුවාත් එසේම ය”යි කී උතුම් කීම මට අසන්නට ලැබුණේ මගේ භාර්යාව දරුවන් සතර දෙනෙකු වැදුවාට පසුවය. කොටින් ම මා විවාහ විමට සුදුස්සෙක් නොවේ. මගේ කේන්දරයේ හත සෙනසුරා විසින් දක්නා ලදි. හතේ සෙනසුරු අගඟරු හෝ වෙනින් පාප ග්රරහයෙක් වුන්නොත් නොහොත් පාපයෙකුට හත පෙනෙතොත් ඒ පුරුෂයාට ලැබෙන්නේ වධක, චෝර, සාමි යන භාර්යාවන්ගෙන් කෙනෙකි. යම් ස්ත්රීහයකගේ කේන්දරයේ චන්ද්රරයාත් සමඟ පාපයෙක් සිටියොත් ඈ වධක භාර්යාවක් බව මා දැනගත්තේ බොහොම කල් ගියාට පසුවයි. මේ සියල්ලටම වඩා බැලිය යුත්තේ ස්ත්රිකයගේ මවුපිය පරම්පරාවයි. නුගත් පහත් පැවතුම් ඇති මවුපියන්ට විශේෂයෙන් ම මවකවට
668 ඩෙබර කෙල්ල
කවදාවත් ම යහපත් දරුවෙක් නො ලැබෙන බව දැන ගත්තේ ධර්මය දැනගත්තාට පසුවයි. අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල් සිත් වලින් පරිපූර්ණ නොවු මාතෘ ගර්භයක් තුළ පින්වත් දරුවෙක් නුපදින බව දැන සිටියා නම් මේ ස්ත්රීනය කවදාවක් මම විවාහකර නොගනිමි. ඇගේ මුව ඉතාමත් කටහැකර ස්ත්රීනයකි. ඇගේ පියා බලවත් අපරාධ හා දුශ්චරිත කරමින් මුදල් ටිකක් සපයාගෙන උජාරවට කල් යැවු කෙනෙකි. මගේ මවු පියන් ඇතුළු ඥාතීන් ඊට මුළා වුනා. මම ඇගේ රූපයට මුළා වුනා. කිසිම සත්චාරිත්රඥයක් නොදත් ඒ ස්ත්රිකය විවාහ කර ගත් මම ඇගේ දුක් කරදර නිසා ම හොඳ නරක දැන ගතිමි. අපට දරුවන් හත් දෙනෙක් සිටිති. එයින් එකෙක්වත් හොඳ හැටි ඉගෙන ගන්නේ වත් දියුණු විමට ක්රිදයා කරන්නේ වත් නැති තිරිසනුන් ය. ඇත්තෙන් ම මහතාණනි, මම නරක මිනිහෙක් නොවුවත් ධර්මයත් මත් චාරිත්රතත් දැන ගත්තේ දරුවන් ලැබුවාට පසුව ය. මගේ භාර්යාවගේ තරම ගතිගුණ තවත් කුමට ද? මුලු ජිවිතය තුළ ම කොයි ක්රතමයකින් වත් ඈ සතුටු කරන්නට මට බැරි විය. ඈට කොපමණ මුදල් දුන්නත් පසුවදාට ඈ අතේ සතයක් නැත. කොපමණ ඇඳුම් රෙදි පෙරෙදි ගෙන දුන්නත් ඈට මදි ය. “මේ ඉනේ තිබෙන වස්ත්රකය ඉවර කරන්නට හැටියත් නැතැ”යි කියන වාර අනන්තවත් මට ඇසුණේය. මා සමඟ, ඇගේ මවු සමඟ, අසල්වාසීන් සමඟ දරුවන් සමඟ හෝ ගෙදරට එන වට්ටිකාර වෙළෙන්දියක් සමඟ හෝ ඈට සණ්ඩුවක් කලබලයක් කර නොගෙන ඉන්නට බැරි ය. ඉතින් හැම වේලේ ම ලෝභ, ද්වේෂ, මෝහ යන පාප සිතිවිලිවලින් හරිත මේ ස්ත්රීඉයගේ කුසේ ඩෙබර කොල්ලන් හා කෙල්ලන් ඉපදීම පුදුම ද?
මම - හොඳයි, ආරච්චි මහතා දරුවන් ලැබෙන තරුණ කාලෙත් මේ “ඩෙබර” කතාව අසා තිබුණා ද?
විදාන ආරච්චි - අනේ නැහැ. ඒ ගැන පළමුවෙන් ම දැන ගත්තේ මේ අමරසිංහ රාලහාමිගෙනි. මගේ ස්ත්රී ය ඩෙබරියක් බවත් ඩෙරියකගේ බඩේ උපදින්නේ ඩෙබරයන් හා ඩෙබරියන් බවත් දැනගෙන වුන්නා නම් මේ රට අත්හැර යනවා මිස මගේ ස්ත්රීබයත් සමඟ දීග කමින් දරු හත්දෙනෙකු බෝ කරන්නේ නැත.
පියදාස සිරිසේන නවකථා එකතුව 669
මම - ඉතින් ආරච්චි මහතාට ධර්ම ශාස්ත්රා නුකුලව මේ කාරණා නොතේරුනත් මේ කරදකාර ස්ත්රිවයගෙන් තුරන් විමට කල්පනා නොකොට දරු හත් දෙනෙකු බෝ කර ගත්තේ මන් ද?
විදාන ආරච්චි - ඒක තමයි. දැන් සමහර වෙලාවට කල්පනා කරමින් ලෝභ, ද්වේෂ, මෝහ යන තුනේ දරුණුකම සිතමින් සැනසෙන්නේ. ඇගේ රූපයට රැවටි විවාහ වුනා ඉතාමත් කරදර සහිත කටහැකරියක් බව දැනගත්තේ පළමු ළමයා ලැබුනාට පසුවය. ළමයා ලැබෙන විටත් මම ආරච්චි. ඉතින් පදවියේ ගෞරවය ආරක්ෂා කර ගන්නා පිණිස බලවත් ඉවසිල්ලෙන් වුන්නා. ගෙදරට වැඩකාරියන් හා වැඩකාරයන් කොපමණ ගෙනාවත් මාස තුනක් එක ම කෙනෙක් වත් ඉන්නේ නැත. වැඩකාරියන්ට බනිනවා, ගහනවා පමණක් නොව මාගේ (අනියම්) භාර්යවන් යයි ඒ අසරණ ගැහැණුන්ට අවන්ම්බු නොකරන එක දිනක් නැත. ඉතින් ගෙදර නිශ්චලය තබා ගැනීමට වුවමනා නිසා මේ තරම් දරුවන් බෝ කර ගන්නට සිදුවුණ බව ද සැලකිය යුතුය.
මම - මට දැනගන්නට වුවමනා එක කාරණයක් නම් ආරච්චි මහතාගේ වැදගත්කම, වටිනාකම හා රටෙන් ලැබෙන ගරු බුහුමන් හා සැලකිල්ල් ගැන හාමිනේ හා දරුවන් තුළ ප්රීාතියක් හා ගෞරවයක් නැද්ද?
විදාන ආරච්චි - අනේ මහත්මයෝ, මගේ ස්ත්රී්යගේ පහත් උත්පත්තියත් තරුණ කාලයේ ආශ්රරය කළ පහත් පංතියේ අයත් නිසා මගේ වැදගත්කම වත් මට රට වැස්සන්ගෙන් ලැබෙන ගරු බුහුමන් ගැන වත් මගේ භාර්යාවට වුවමනාවක් නැත. ඈට එයින් පලක් නැත. කීර්තිය, ගෞරවය, ප්ර්ශංසාව. පව, පින ආදිය ඈට තේරෙන්නේ නැත. ඈට වුවමනා කරන්නේ ඉතාමත් රසට කිප වරක් කෑමත්, හොඳට ඇඳ පැළඳ ගෙන දොරකඩ අසල තබා ගත් පුටුවක වැඩි වි සිටිමත්, ගෙදර දොරේ වැඩ කරන අයට චෝදනා කිරිමත්. මෝටෝ කාර් වලින් නිතර ගමනා ගමනය කිරීමත්, නිතරම පස්කම් සැපතින් ප්රීෝතිවිමත් පමණකි.
බණක් දහමත්, උත්තමයන්ගේ ජිවන චරිතයතක්, රටේ යහපත
670 ඩෙබර කෙල්ල
සඳහා වැඩ කරන කෙනෙකුගේ පුවතක් කියන විට ඇගේ කනේ යවුල් වදින්නා වැනි ය. ඉතින් මම නිතර ම කියන කවි පදය “මම වද සොඳුරෙ දුක් විඳිනා ගොනානෝ” යන්නයි.
මම - අාරච්චි මහත්මයා ඉතාමත් ෙධෙර්යමත් ඉවසිලි වන්තයෙකි. මහත්මයාගේ හාමිනේ පරම්පරාගත හත අටක් ම ධනයෙන්, ගුණයෙන් හා ඥානයෙන් පහත බැස්ස පවුලක උපන් කෙනෙකි. එබඳු පහත් උත්පත්තියක් ද ලබාගෙන නැවත තරුණ කාලය වනතුරු වැඩුනොත් ඉතාමත් පහත් වනචර මිනිසුන් මධ්ය යේ බව පෙනේ. ඉතින් එබඳු කෙනෙකුට හොඳට ඉන්නට ලැබුනා ම එය හදිසියේ එක පාරට ලැබුනු විට ක්රෙමයෙන් දියුණු වන පහත් මිනිසෙකුට වඩා නරකය. කුස ගින්නේ කීප දවසක් දුක් විඳින කෙනෙකුට රසවත් ආහාර ගොඩක් ලැබුණා ම ප්රකමානයත් නොතකා අනුභව කොට හදිසියේ ම උසස් වන කෙනෙක් කවදා වත් ගුණ ධර්මයෙහි පිහිට තැන්පත් විමක් නැත. එබඳු ස්ත්රී යක ගේ දරුවෙකු ගෙන් නම් යුක්තියක්, ධර්මයක්, ගුණයක් බලාපොරොත්තු විය නො හැකි ය. එහෙත් ආරච්චි මහතා ඉවසිලිවන්ත ප්ර,තිපත්තිකාමි සත්පුරුෂයෙක් නිසා ඩෙබර භාර්යාවක් හා ඩෙබර දරු සත්දෙනෙකුත් සමඟ උන්මත්තකයෙකු නොවි කාලය ගත කිරිම ෙලාකු පුදුමයකි.
විදාන ආරච්චි - ඔව් මහත්මයා, මම රැවටුනා , ඒකම වැරදිකාරයා මම මයි. මැ කසාද බඳින්නට සුදානම් වි මගේ මුත්තනුවන්ට ඒ බව කියන්නට මම ගියෙමි. බුලත් හුරුල්ලකුත් රැගෙන මුත්තනුවන ළඟට ගොස් වැඳිලා මගේ මංගල්යදය ගැන කීවා ම ඒ කරුණාවන්ත සීයා මගේ මුහුණ බලා සිනාසී කවියක් කීයේ ය. ඒ කවිය මට තවමත් මතකය.
න ගු ලෙ වග දැනෙන්නේ බැස්ස කල්හි මඩෙ මයි අ ඟු ලෙ වග දැනෙන්නේ පැද්ද කල්හී ගඟේ මයි උ ඟු ලෙ වග දැනෙන්නේ ඊට පත් වු තැනේ මයි ම ඟු ලේ වග දැනෙන්නේ දු පුතුන් ලත් තැනේ මයි
මේ කවිය කියා ආරච්චි මහතා සිනාසෙන විට අපි සියලු දෙනා ම සිනාසුනෙමු.
පියාදස සිරිසේන නවකථා එකතුව 671
ඉක්බිති අමරසිංහ රාළහාමි ස්වකීය භාර්යාවට හා දරු තිදෙනාටත් ලියා තිබුණු ඔප්පු හතර වෙන වෙන ම ඔවුන් අතට දි “නුඹලා යම් විධියකින් හැබැ මිනිසුන්, හැබෑ සිංහලයන් මෙන් කල් ගත කරන බව මට දැනගන්නට ලැබුනොත් නුඹලා සමඟ නැවතත් කල් යවන්නෙමි. නුඹලා දැන් ඉන්න තත්ත්වයේ ම, එනම් කෙළෙහි ගුණ නොදත්, ජාතිය නොදත්, ආගම නොදත්, ගුණධර්මය නොදත්, ආත්ම ගෞරවය, ආත්ම ශක්තිය, ආතම් විශ්වාස නැති තිරිසනුන් මෙන් වාසය කරන තාක් නුඹලා සමඟ මගේ ආශ්රමයක් නැතැ”යි කියා දු වරු දෙදෙනාත් පුත්රඹයාත් භාර්යාවත් අඬ අඬා සිටියදි ජයතිලක වෙදනමහතාත්, සිලවා ආරච්චි මහතාත් මාත් ස්වකී මෝටර් රථයෙහි නංවාගෙන සිල්වා මහතුන්ගේ නිවසට පැමිණියේ ය.
සිවිල් නිලධාරි සිල්වා මහතා හා මුවපිය දෙ දෙනාත් අප සමාදරයෙන් පිළිගෙන මෙසේ කීයේය. වික්රාමපාල මහතා හා අමරසිංහ රාළහාමිත් හෙට වන තුරු නැතිය යුතු ය. මගේ නැන්දණියගේ දියණිය වන සුභද්රම හා සමඟ මම හෙට විවාහ වන්නෙමි. ඒ විවාහ ලේඛනයේන සාක්ෂි වශයෙන් මේ දෙ දෙනා අත්සන් කළ යුතු යයි අප සමඟ ප්රි තිව අපේ තේ පැන් සංග්‍න්හයක් ද කෙළේ ය.
ඉතාමත් උදාරතර අදහස් ඇති සිංහලයෙක් වන අමරසිංහ රාලහාමි ජයතිලක වෙද මහතාට හා සිල්වා ආරච්චි මහතාටත් ස්තුති කොට “මහතුන් දෙ පොළත් මා වාගේ මේ ලොව තිබෙන අපාය හයේ වැටුන මිනිසුන් බව දැනගත්තේ අද ය. මා වාගේ ම ඉවසිල්ලේන් නම්බුකාර ලෙස කල් යවන බව පෙනේ. දැන් අපේ සිංහල ජාතියේ ඉන්නා ගැහැණු පිරිමි නදෙ කොටසක් සියයට අනුවක් පමණ ඩෙබරියන් හා ඩෙබරුන් බව පෙනේ. සිංහල ජාතිය දෙමළුන්ගේ වහල් භාවයෙන් මුදා අපාය දුක් වුවත් විඳිමට දුටුගැමුණු කුමාරයා සතුටු වුනාක් මෙන් මමත් මගේ ජාතියට සුළු සංග්රතහයක් කරන්නෙමි. මගේ භාර්යාවට හා දුෂ්ට දරු තිදෙනාට මා සන්තක සියල්ල නොදි. නුවණ ඇතොත් රැකෙන්නට ඉඩ දී ඉතිරි රුපියල් දෙලක්ෂ පණස් දාහක් පමණ වු මගේ ධනය සිංහල දරුවන් ටික දෙනෙකු නියම සිංහලයන් ලෙස තැනිමට භාර දෙන්නෙමි. ඒ සම්බන්ද විස්තරයක් මේ වික්රරමපාල මහතාටත් අපේ සිල්වා මහතාටත් නීති ප්ර කාර ලියන ලද මගේ ඒ ඔප්පුව අද රාත්රිි භාර දෙන්නෙමි. මහතුන් දෙ පොළත් අද මෙහි නැවතී ඒ වැදගත්
672 ඩෙබර කෙල්ල
කාරණය සියැසින් ම අසා සතුටු වනු මැනැමැ”යි කීයේ ය.
මා සහ සිල්වා මහතා ද තව දුරටත් ඒ මහතුන්ගෙන් ඉල්ලා සිටි බැවින් ඔවුහු ද රාත්රීස භෝජනයටත් සමඟ එහි නැවතුණාහ. ගුණවර්ධන නොතාරිස් මහතා ද රාත්රිම හත හමාරට පමණ පැමිණියේ ය. කලින් පිළියෙළ කර තිබුණු මංගල භෝජනය අප සියලු දෙනා ම අනුභව කෙළෙමු. අමරසිංහ රාළහාමි කලින් මට කියා තිබුණු පරිදි උන්නැහේ ගේ අදහස මම සභාවට කියා දුනිමි. ඒ මෙසේ ය.
මහත්වරුනි,
මේ අමරසිංහ රාළහාමි තරුණ කාලයේ නොදත් කමින් හා පූර්ව අහේතුවක් කරණ කොට වධක භාර්යාවක් ලැබුයේ ය. එ නිසා ඩෙබර දරුවන් තිදෙනෙකුගේ පියෙක්ද විය. උත්පත්තියෙන් ම ඩෙබර වු දරුවන්ට මේ කාලයේ පවත්නා පරදේශික නීච ඉගැන්විම නිසා ඒ දරුවෝ සුචි ගෑවුණු කෙනෙක් මුත්රක වලින් සේදු කලක් මෙන් අතිශයින් අපවිත්රඒ වුහ. මව නිසා ම දරුවන් හොඳ හෝ නරක්වන බව අවබෝධ වු ඒ රාළහාමිට ඉතාමත් උදාරතර හිතක් ද පහළ වි තිබේ. ප්රඅතිපත්ති හා ගුණධර්මාදිය නැති දරුවන්ට හෝ කාට හෝ විශාල ධානයක් දීම දරුවෙකු අතට දැලි පිහියක් දිම වැනි අන්තරාදායක වැඩකි. ඊටත් වඩා කිසිවක් ම නැති අසරණ දරුවන්ට කිසි ම සංග්රිහයක් නො කොට තමා ඉපයු ධනය ස්වකීය අධම දරුවන්ට තබා මැරෙන්නෝ පල් මෝඩයෝ ය. ස්වකීය මෝඩ කාලකණ්නි දරුවන්ට හොඳින් හැදෙන්නටත් අපේ ජාතියේ දරුවන් ටික දෙනෙකුට වත් යථා මාර්ගය පෙන්වන්නටත් ඒ ධනය යෙදිමය අපේ රටේ කිසිවෙක් මේ තාක් ඉදිරිපත් වි නැත. ඒ හෙයින් අත්හදා බැලිමක් වශයෙන් අපේ මේ අමරසිංහ රාළහාමි අළුත් වැඩක් පටන් ගන්නට යන්නේ ය.
ඒ රාළහාමිට අයිති තේ රබර් හා පොල් වතු තුනකින් සාමාන්ය වශයෙන් අවුරුද්දකට රුපියලු හයදාහක සුද්ධ ලාභයක් ලැබේ. ඒ රුපියල් හය දාහ වියදම් කොට කුඩා පාඨශාලාවක් පටන් ගැණේ. “සුභද්රා් විද්යා ලය” නම් වු ඒ පාඨශාලාවේ ගැහැණු දරුවන් පසළොස් දෙනෙනකුට ඉගැන්විම කෙරේ. මේ පාසැලට ඇතුළු වන ළමයා නොකඩවා අවුරුදු හතරක් ඉගෙන ගත යුතු ය. පොහොය දිනවල හා ප්රයසිද්ධ උත්සව දිනවල ඉගැන්විමක් නැත. ඉගැන්මට පත් කරනු ලබන ආචාර්යවරුන් නම් අවුරුදු පනසට වැඩි ගුරුවරියන්
පියදාස සිරිසේන නවකථා එකතුව 673
දෙදෙනෙකි. ඔවුන්ට මසකට රුපියල් පනහකට අඩු ෙනාවන පඩියක් ගෙවිය යුතුය. ඒ පාසැලේ කුදු මහත් අන්ය මෙහෙයයන් සඳහා හික්මිමක් ඇති ස්තරීය ය්ක පත් කර ගත යුතු ය. පාඨශාලා ගෘහයන් ඊට වුවමනා පුටු බංකු ආදි උපකරණත් අමරසිංහ රාළහාමි විසින් සම්පාදනය කර තිබේ. මේ පාසලට ආණ්ඩුවෙන් හෝ ඉගැන්විම කරන අන් කිසිම සභාවකින් හෝ ආධාරයක් බාරගනු නොලැබේ. පාසැලට තෝරා ගනු ලබන ගැහැණු දරුවන් අවුරුදු දොළහකට අඩු නොවන දහ තුනට වැඩි නොවන ළමයින් යුතුය.
මේ ළමයින් තෝරා ගැනීම ඉතාමත් ප්ර වේසමෙන් කළ යුතුය.
මෙහෙකරු පවුලක ළමුන් භාරගනු නො ලැබේ. “මෙහෙකරු” යනු එදිනෙදා කුළි වැඩ කර ජිවත්වන අය බව සැලකිය යුතුය. පිරිසිදු පැවතුම් ඇති ශ්ර ද්ධා භක්තියෙන් යුත් මවකගේ දියණියක් විය යුතු ය.
මේ පාසැලට භාරගනු ලබන ළමයා ආණ්ඩුවේ හෝ බෞද්ධ පාසැලක හයවැනි ප්‍රමානය දක්වා හෝ ඊට ඉහළ ඉගෙන ගත් ආර්ය සිංහල නමක් ඇති ළමයෙක් ම විය යුතු ය. ළමයාගේ මව චෝදනා ආදියෙන් තොර දුෂ්යල නොවු වැදගත් පරම්පරාවක කෙනෙක් විය යුත ය. පියා සුරා පානය නො කරන. සුදු නො කෙළින. ජන සමාජයෙන් ඉවත් නො කරන ලද ගොවියෙක්, වෙළෙන්දෙක්, කර්මාන්ත කාරයෙක් හෝ ආණ්ඩුවේ හෝ වෙනත් වැඩපලක සේවකයෙක් විය යුතු ය.
ළමයින්ගේ කිසිම ගාස්තුවක් අය කරනු නො ලැබේ. පොත් පත් ආදිය පාසැලෙන් ම දෙනු ලැබේ. ඉතාමත් දුප්පත් ළමයෙක් නම් ඇඳුම් ද පාසැලෙන් ම සපයනු ලැබේ. ඉගැන්විම දවල් දොළහ මාරට පටන්ගෙන හතරහමාරට අවසන් කරනු ලැබේ. මේ පාසැල බැලීමටවත් භාරකාරයන් ගෙන් අවසර නැති ව කාටවත් යා නොහැකි ය.
“සුභද්රැ විද්යාභලය”
මේ විද්යා ලයෙහි කාරණා අටක් ප්රතමුඛ කරගෙන ඉගැන්විම කරන්නට යෙදේ. ඒ කාරණා අට නම් (1) සිංහල භාෂාව හොඳින් තේරුම් ගත හැකි ලෙස ඉගැන්විම, (2) චිත්ත චෛතසික ධර්මය හොඳින් තේරුම් ගත හැකි ලෙස ඉගැන්විම, (3) ගිහි විනය හෙවත් සිඟාලෝවාද සුත්රිය ප්රමගුණ කරවා ඒ ප්රමතිපත්ති පුරුදු කරවිම, (4) ගෘහ
674 ඩෙබර කෙල්ල
සංවිධානය හෙවත් ගෙයක් පාලනය කර ගැනීමට ශාස්ත්රා නුකුලව ඉගැන්විම, (5) සෞඛ්යව සංරක්ෂණය හෙවත් සනීපාරක්ෂණව කරගන්නා කුමය. (6) අර්ථසංරක්ෂණය හෙවත් ලැබීමත් වියදම් කිරීමත් පිළිබඳ විශේෂ විභාග ඉගැන්විම, (7) දාරක සංරක්ෂනය හෙවත් ධර්ම ශාස්ත්රානනූකුලව දරුවන් තැනීම, (8) කාම ශාස්ත්රවය හෙවත් ගිහිගෙයි වාසය කිරීමේදි දැනගත යුතු විශේෂ කරුණුය.
ඉතින් මේ කරුණු අටට අදාල සියලු දේ අවුරුදු හතරකදී ඉගැන්විය යුතු ය. මේ ඉගැන්විම පිළිබඳ ලුහුඬු විස්තරයක් මෙසේ ය.
(1) සිංහල භාෂාව හොඳින් තේරුම් ගත හැකි ලෙස නුගන්වා ගැඹුරු පොත් පත් තේරුම් ගත නො හැකි ය. එහෙයින් ආණ්ඩුවේ හෝ වෙන පාසැලක හත් වැනි අටවැනි ප්රොමාණ දක්වා උගත් ළමයින්ට සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, පූජාවලිය ආදි ගද්ය් පොත්වලින් පාඩමක් බැගිනුත්, කාව්ය්ශේඛරය, ගුත්තිලය, සුභාෂිතය ආදී පද්ය් පොත්වලින් පාඩම්, බැගිනුත් හොඳින් විස්තර කොට ඉගැන්විය යුතුය. හමාසයක් මෙසේ උගන්වන අතර පංච සීලය විස්තර කොට කියා දීම ද පාඨශාලාව ඇරෙන විට නාමාෂ්ට ශතකයෙන් ශ්ලෝක දෙක බැගින් කට පාඩම් කොට එහි විස්තර ඉගෙන ගන්නට සැලැස්විය යුතු ය. දුටුගැමුණු, පරාක්රටමබාහු, ආදී සිංහල වීරයන් පිළිසිඳ ගැනීම හා කුඩා කාලයේ ඒ උතුමන්ට ධර්ම ශාස්ත්රණ ප්රඉගුණ කළ හැටිත් විස්තර කොට සතියකට තුන් දිනක් කථාවක් කළ යුතු ය.
(2) චිත්ත චෛතසික ධර්මය පිළිබඳ විස්තරය අභිධර්මාර්ථ සංග්රටහයෙන් ඉගැන්විය යුතු ය. අභිධර්මය උගත් පනස් පස් වසකට වඩා වෘද්ධ ගුරුවරයෙකු ලවා ඉගැන්විම කළ යුතුය. සත්වයාගේ අභ්ය්න්තර සුද්ධිය ඇතිවිමට කුසල් සිත් ඇතිකර ගත යුතු පිළිවෙළ ඉගැන්විය යුතු ය. අභිධර්මය ආශ්ර්ය කරගෙන කරන මේ ඉගැන්විම සම්පූර්ණයෙන් මාස හයක් ඉගැන්විය යුතු ය. උගත් වයස් ගත ගිහියෙකු ලවා මිස භික්ෂුන් මේ සඳහා පාසැලට ගෙන්වා නො ගත යුතු ය. මේ චිත්ත චෛතික ධර්ම උගන්වන හමාසයේදි රත්නත්ර යේ ගුණ ප්රයකාශවන කථාත්තර ද ඉගැන්වය යුතු ය. කාව්යගශේඛරයේ ප්රයකාශිත චතුරාර්ය සත්යකය පිලිබඳ කවි කට පාඩම් කරවා අර්ථ කියා දිය යුතු ය.
පියදාස සිරිසේන නවකථා එකතුව 675
(3) ගිහි විනය හෙවත් සිඟාලෝවාද සුත්ර ය උගන්වන විට දස දිසාවේ විස්තරාදීයත් ඒ නිතර පිළිපැදිමටත් කියා දි ළපටි කාලයේ පටන් එය පිළිපදින්නට පුරුදු කළ යුතුය. මවුපියාදි වැඩිහිටියන්ටත් උදේ සවස වැන්ද බවට සාක්ෂි දැක්විම වශයෙන් සටහන් පොතක් තබා ගත යුතු ය. යම් දරුවකු මවුපියන්ට වදින්නට නො ලැබුණොත් එසේ නොවැදී එක එක වාරයට දඬුවමක් වශයෙන් මවුපියන් පාසැලට ගෙන්වා හත්වර බැගින් ආචාර්ය වරුන් ඉදිරිපිටදී වැන්දවිය යුතු ය. හමාසයක් පමණ සිඟාලෝවාද සුත්රරයත් ඒ අතර කාව්යවශේඛරයත් උතුම් ස්ත්රීකන්ට කියා තිබෙන අවවාදත් පාඩම් වශයෙන් ඉගැන්විය යුතු ය. මේ හමස තුළ ලංකා ඉතිහාසය ද ඉගැන්විය යුතුය.
(4) ගෘහ සංවිධානය - එනම් ගෘහයක් පාලනය කර ගන්නා හැටි, ගෙය සුද්ධ පවිත්රිව තබාගන්නා සැටි, දැව හා භාණ්ඩ තබන හැටි, පිඟන් කෝප්ප ආදිය ආරක්ෂා කරන හැටි, ගෙ මිදුල හා වත්ත තබාගන්නා හැටි, මල්, දුරු, මිරිස් ආදිය වවා ගන්නා හැටි, මේස පුටු ආදියට ආවරණ මසා ගන්නනා හැටි ආදී ගෙත්තම් හා පන්නම් ද මේ හමාසය තුළ ඉගැන්විය යුතු ය. තමන්ගේ ප්රතමාණය දැනගෙන ගෙය ඒ තරමට පිරිසිදුවටත් ලක්ෂණටත් තබා ගන්නාක් මෙන් තමන්ගේ වත්කමේ ප්රවමාණයටත් ඒ ඒ අවස්ථාවේ අන්දමටත් තමා හා ගෙදර අන්යගයන් ද ඇඳ පැළඳ ගත යුතු සැටිත් ඉගැන්විය යුතු ය. ගමන් බිමන් යාම හා ක්රීගඩා උත්සව බැලීමට පැමිණිමත් සුදුසු නුසුදුසු නැත් කියා දීමත් ගෘහ සංවිධානයටම ඇතුළත් කර ගත යුතුය.
(5) සෞඛ්ය සංරක්ෂනය - ගෙදර දොර සුද්ධ පවිත්රහව තබා ගන්නාත් මෙන් ම ශරීරය හා ඇදුම් පැළදුම් සුද්ධ පවිත්රිව තබා ගැනීමත් නිතර ම ජලස්නානය කිරීමත්, පථ්යු ආහාර පාන ගැනීමත්, ලෙඩකදී සාත්තු කරණ හැටිත් මේ කොටසට ම අයිති ය. තම පවුලේ ලෙඩ රෝග ආදියේදි උදව්දීම පමණක් නොව ඥාති මිත්රදයන්ගේ හා අසල්වාසීන්ගේද සුව දුක් සඳහා මැදහත්ව උපකාර කළ යුතු අන්දම ද වසංගත රෝග බෝ නොවිමට පිරිසිදු නිර්භිත හිතක් ඇති කර ගැනීමේ අවශ්ය තාව ද මේ හමාසයේ දි ඉගැන්විය යුතුය.
(6) අර්ථසංරක්ෂණය - මේ ඉතා ගැඹුරු සියුම් ශාස්ත්රටයෙකි. ලැබෙන ප්ර මාණයට අඩුවෙන් වියදම් කිරිමටත් කොතරම් අවශ්යක වුවත් ලැබෙනවාට වඩා වියදම් නොකීරීමටත්, “ණය” වීම අපායට
676 ඩෙබර කෙල්ල
යාමට වඩා දරුණු දුකක් බවත් ඉගැන්විය යුතු ය. ණය දීමත් ගැනීමත් බලවත් විනාශයකි. යම් කෙනෙකුට ආපදාවකදී යමක් දීම ඉතාමත් හොඳය. එසේ දෙන කල ආපසු දුන්නොත් බාරගන්නටත් නුදුන්කොත් කිසි ම ක්ර මයකින් අමනාප නො වන්නටත් අධිෂ්ඨාන කර ගත යුතුය. අර්ථසංරක්ෂනයේ ප්රනධාන අංගය කිසිවෙකුට ණය ගැති නොවිම බව සිහියේ තබා ගත යුතුය.
(7) දාරක සංස්කරණය හෙවත් පරම්පරාවක් තැනීම මනුෂ්යි ජිවිතයේ ප්ර ධාන යුතුකම බව සිහියේ තබාගත යුතු ය. මවුපිය දෙදෙනාට වඩා රූ පින් , ගුණ නුවණ ආදියෙන් උසස් දරුවන් ලබා ගන්නා මවුපියෝ ම ලෝකයේ හැබෑ මවුපියෝ වෙති. මේ ශාස්ත්රා ශාලාවේ දෙවැනි හමාසයේදි උගන්වන ලද චිත්ත චෛතසික ධර්මය හොඳින් අවබෝධ කර ගත් විට ත්රි හේතුක කාමාවචර කුශල චිත්තයෙන් ප්රහතිසන්ධිය ගන්නා දරුවන් ලැබුණු පසු ඔවුන් යථා විධියෙන් තනා ගැනීමත් යහපත් ඉගෙනීමක් ලබා දීමත් කල්යාුණ මිත්ර සේවනය ලබා දීමත් බාහිර වශයෙන් දරුවන්ට කළ යුතු සංග්රීහ වේ . ඒ ආරක්ෂා කර ගැනීමේ විධිවිධාන මේ පාසැලට එන ගැහැණු දරුවන්ට පහසුවෙන් ඉගැන්විය හැකි ය.
(8) කාම ශාස්ත්රනය - මෙය වෛද්යේ ශාසත්රපයේ කොටසකි. අපේ රහස් අංග ප්ර ත්යං ග ගැන විස්තර කොට කියාදි ස්වභාව ධර්මයට විරුද්ධව ඒ අගපසඟවලින් යම් ක්රියාවක් කළොත් එයින් මුළු ජිවිතයට ම පැමිණෙන හානිය ප්රදමාණ රහිත ය. ඒ ඒ අවස්ථාවලදී ශරීරයේ අංගප්රුත්යංමග වලින් ප්රඒයෝජන ගත යුත සැටිත් අයුතු ලෙස යෙදවිමෙන් ඇති වන විපතත් වැළඳෙන රෝගත් වෛද්යණ පොත්වල විස්තරව තිබේ. ඒ අනුසාරයෙන් තරුණවියේදි ඉතා හොඳින් ප්රගවේසම්ව සැපවත් ජිවිතයක් ගත කිරිමට සියලු විධිවිධානත් උපක්රිමත් අපේ මේ පාසලේ අන්තිම හමාසයේ දී උගන්වනු ලැබේ.
ඉතින් මහත්වරුනි, පසළොස් දෙනෙකුගේ පටන් ගන්නා මේ පාසැල නිසා අවුරුදු විස්සක් යන විට දිව්ය, ලෝකයෙන් චුතව ත්රි්හේතුක කාමාවචර කුසල චිත්තයෙන් පිළිබඳ ගන්නා පින්වත් සිංහල දරුවන් ලක්ෂ ගණනක් ඇති වුවිට මේ රටේ සිංහලයන්ට කාරණය අවබෝධ වේ. ශාස්ත්රාඇනුකූලව ගොවිතැන් කිරිමෙන් අසාර කුඹුරක් සශ්රිධක කරන්නට පිළිවන් බව අපට ප්රුත්ය ක්ෂ ය. එසේම පවුකාර වු පිරිහි ගිය ජාතියක් පින්වත් දියුණු වු ජාතියක් කිරිමට ධර්මයටත් ශාස්ත්රවයටත් පිළිවන. එසේ කිරිමට නොමසුරුව ඉදිරිපත්
පියදාස සිරිසේන නවකථා එකතුව 677
වු අමරසිංහ රාළහාමිගේ පොරොන්දු පත්ර යේ භාරකාරයන් ලෙස සහ සිල්වා මහතාත් අත්සන් කරමු. ඊට සාක්ෂිකාරයන් වශයෙන් ජයතිලක වෙද මහතාත් අත්සන් කරනු මැනැවි.
උඳුගොඩ බණ්ඩාර නිලමේ විසින් දැනගත් ඩෙබර කෙල්ල සෙවිමෙන් පසු ලක්දිවින් ඩෙබර සංභාරයට ප්රේමුඛ වුයේ ඩෙබරියකගෙන් පීඩාවට පත් කෙනෙක් විම සිංහල ජාතිය නැවතත් දියුණු බවට සාක්ෂියක් නො වේ ද?
ඇ සි නි සිය දුටුව සදහම් බලය නතා නි සි නි සිය දනට පෙන්වු බැතිනි ඉතා වි සි නි සිරිසේන කළ මෙ පොත දැක මෙතා
තො සි නි සිහල දැය සුරකිවු සැපත පතා
නිමි ~