පියදාස සිරිසේන නවකථා එකතුව- 04-i

පියදාස සිරිසේන නවකථා එකතුව - කාණ්ඩ අංක 04


පටුන සංස්කරණය

1. සුචරිතාදර්ශය හෙවත් සරත් කුමාර චරිතය 27 - 301

2. අද්භූත ආගන්තුකයා 303 - 647

3. චින්තා මාණික්යය රත්නය 649 - 847


පියදාස සිරිසේන නැවත කියවීම සංස්කරණය

සිංහල නවකථා අධ්යැයනය කෙරෙහි උනන්දුවක් දක්වන අද්යිතන පරපුරට පියදාස සිරිසේනගේ අගය දැන දැන වඩාත් දැනෙන්නට පටන් ගෙන ඇති බව පෙනේ. එ‍ෙහත් ඔවුන්ට පරිශීලනය කිරිම සඳහා සිරිසේන සූරීන්ගේ නවගථාවලියෙන් කිහිපයක් හෝ සොයා ගැනීම අපහසු බව අපට දැනෙන්නට පටන් ගත්තේ විශ්වවිද්යායලයෙහි සිංහල නවකථාව පිළිබඳ විෂය ඒකකය උගන්වද්දී ය.

සිරිසේනයන්ගේ ජනප්රිනය නවකථා කිහිපයක් යළි යළිත් මුද්රේණයෙන් එළි දැක ඇති නමුදු ඇතැම් නවකථාවක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර පුස්තකාලය වැනි ආයතනවලින් පවා සොයා ගත නොහැකි විය. පියදාස සිරිසේන නවකථා එකතුව පළ කිරීමෙහි ලා අප පෙලඹ වූ හේතුව එය යි.

පියදාස සිරිසේන අභාවප්රා ප්ත වී වසර 55ක් ගත වී තිබේ. බුද්ධිමය දේපළ පනත අනුව එතුමාගේ කෘති දැන් මහජනතාව සතු ය. එසේ තිබියදීත් එතුමාගේ ජනප්රිතය නවකථා කිහිපයක් විනා බොහෝ කෘති යළි පළ නො ‍වන්නේ මේ වාණිජ්යරමය සමාජයෙහි ඒවාට වෙළඳපොළක් නැති නිසා විය හැකි ය. පියදාස සිරිසේන නවකථා මාලාවේ වටිනාකම වටහා ගෙන මේ කෘති පෙළ මුද්රයණයට උත්සුක වූ සිරිසුමන ගොඩගේ මහතාට පාඨකයාගේ නො මඳ කෘතඥතාව හිමි විය යුත්තේ එබැවිනි.

කාණ්ඩ පහකින් යුත් පියදාස සිරිසේන නවකථා එකතුව සඳහා සිරිසේනයන් විසින් ප්රදකාශිත ප්ර ථම මුද්රිණ සොයා ගන්නට උත්සාහ කළ නමුත් බොහෝ විට ඒ උත්සාහය ව්යරර්ථ විය. එබැවින් මේ කෘති

6 පන්තියෙහි ඇති සදොස් වැකි, සදොස් පද බෙදීම්, සදොස් අක්ෂර වින්යාඋස සිරිසේනයන්ගේ මුල් කෘතිවල තිබුණු ඒවා ම දැයි සැක හැර දැන ගැනීම උගහට ය. උදාහරණ ‍කිහිපයක් මතු දැක්වේ.

තරුණියකගේ ප්රේඋමය (1957 මුද්රනණය)

“කඳළු ආහ” – 165 පි. “වෙද මහතා ......... දුන්නාය” – 180 පි. “දෙදෙනා වාසය කළේය.” – 167 පි. “ඇය කල්පනා කළේය” – 130 පි. “ආගම් හොඳ වූහ” – 103 පි. “පපුව පැලෙන්නට පටන් ගත්තීය” – 109 පි.

මහා වියවුල (1962 මුද්ර0ණය)

“ඔවුන් පිළිකුල් කරති” – 119 පි. “ඔවුන් පැමිණියාය.” – 152 පි. “අපි නොදනිමි” – 59 පි. “සිත්රිදයක් එළියට බැස්සේය” – 84 පි. “ඔහු ඈනුම් ඇරියාය.” – 104 පි.

මේ නවකථා එකතුවේ දී අප මෙබඳු වැරදි නිවැරදි කරන්නට උත්සාහ නො දැරූ බව මෙහි ලා අවධාරණය කළ යුතු ව ඇත.

පියදාස සිරිසේනයන්ගේ නවකථා එකතුවක වැදගත්කම පෙන්වා දෙමින් ඒ සඳහා දිරිදුන් ජ්යේකෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න ඇඳුරුතුමා ගෞරවයෙන් සිහිපත් කරමි.

මෙම නවකථා එකතුවෙහි පරිගණක අක්ෂර සංයෝජනය කළ චන්දන ගුණවර්ධන මහතාටත් පිටකවරය නිර්මාණය කළ ප්රේ්ම් දිසානායක මහතාටත් සෝදුපත් බැලීමට උපකාර කළ කොස්ගොඩ චන්දජෝති හිමි, තිළිණ, දෑරංගල, රසිකා, උදේනි, ලලිතා, සහ හංසි යන සද්ධිවිහාරිකයන්ටත් ස්තුතිවන්ත වෙමි.

ජයලතා මැදවත්ත

2002 සැප්තැම්බර් 01 වැනි දා

ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාදලයීය සිංහල හා ජනසන්නිවේදන අධ්ය යනාංශයේ දී ය.



පියදාස සිරිසේන නම් සමාජ ශෝධකයා සංස්කරණය

පියදාස සිරිසේන නවකථා රචනා කළේ පැහැදිලි අරමුණු කිහිපයක් සාක්ෂාත් කර ගැනීමේ පරමාර්ථයෙනි. මතු දැක්වෙන උද්ධෘත සලකා බලන්න.

i

“සිංහලයන් අතර සිද්ධාන්තව පවත්නා අර්ථදායක සත්චාරිත්රු අභාවයට යමින් පවත්නා හැටි මෙහි ඇතුළත් කොට පෙන්වා දී තිබේ. රටට වැඩදායක වන “වල්බූරු නිදහසේ” නිසරු භාවය ද ඒ ඒ තන්හි අඩංගුවේ. ඓතිහාසික ඇතැම් කරුණු සියැසින්ම බලා සඳහන් කළ පරිච්ඡේද නොමසුරු සිතින් කල්පනා කරන්නන්ට ඇතිවන පහන් සංවේගය අප්රමමාණය. පරාර්ථය කෙරෙහි හිත ඇතියන්ට අපායත් සතුටුදායක තැනකැයි කී උතුම් පණ්ඩිත වචනය මේ පොත ලියද්දී අපට ප්රටත්යික්ෂ විය”

මහේශ්වරී හෙවත් වික්රයමපාලගේ පස්වෙනි වික්රිමය (සංඥාපනය)

ii

“ අවුරුදු 25කට වැඩි කාලයක් පරීක්ෂා කිරීමෙන් අත්හදා බැලූ ධර්ම ශාස්ත්රා ප්ර5තිපත්ති එක්කොට තනන ලද මේ පොතෙන් චින්තා මාණික්යායකින් ලැබිය හැකි ලෞකික සම්පතුත් චින්තා මාණික්යනයකින් නොලැබිය හැකි ලෝකෝත්තර සම්පතුත් ලැබිය

හැකි බැවින් මෙය චින්තා මාණික්ය රත්නයෙනුත් අග්රත චින්තා මාණික්යම රත්නය බව මෙයින් ප්ර්යෝජනය ගන්ට තරම් දක්ෂ අයට වැටහේ යැයි අපි විශ්වාස කරමු. අප විසින් ලියන ලද පොත්වල සාරාංශය මෙහි පිඬු කොට තිබේ. අපේ දුප්පත් ප්රනතිසන්ධිය නිසා අපේ රටට මීට වඩා සුභ සිද්ධියක් මේ ආත්මයේ දී කළ නොහැක්කේ ය. එබැවින් මෙයින් ප්ර මුදිතව මෙලෝ පරලෝ වැඩ සාදා ගන්නා මෙන් සිංහලයන් ගෙන් ඉල්ලමු.”

චින්තා මාණික්ය රත්නය (සංඥාපනය)

III

“ ප්රකබන්ධ කථා මාර්ගයෙන් ජාත්යාැලයාදී උතුම් ගුණ ධර්ම වර්ධනය කිරීමට යුරෝපීය ජනයා ආරම්භ කරන ලද්දේ අවුරුදු 400 කට මෑත දී නමුත් සිංහලාදී පෙරදිග ජනයා අවුරුදු දහස් ගණනකටත් පෙර ‍එසේ කළ බවත් විනාශ භාවයට නොගිය ප්රඅබන්ධ කථා තවමත් පෙරදිග රටවල පවත්නා බවත් පෙනේ. ඒ එ‍සේද උවත් අප විසින් ප්රවබන්ධ කථා තැනීමෙහි වැදගත්කම තේරුම් ගන්නා ලද්දේ ඉංග්රීේසි ප්ර්බන්ධ කථා (Novels) කියවීමෙන් ම බැව් සඳහන් කරමු.”

වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින් (සංඥාපනය)

IV

“ අපේ සිංහල ජනයා යථා මාර්ගයෙහි යොදවනු සඳහා අප විසින් ලියන ලද පොත් බොහෝ වෙති. “නව ප්රහබන්ධ” යන නම මේ කාලයේ ව්යනවහාර කරතත් අපේ පොත්වල ධර්ම ශාස්ත්රී‍ය කරුණුවලින් පිටස්තර කිසිවක් නැත්තේ ය.”

යන්තම් ගැලවුණා (ප්රගස්තාවනාව)

V

“සිංහල ජාතියේ පිරිහීමට හේතු වූ විශාල වැරදි ප්ර ත්ය ක්ෂ ‍වශයෙන් ප්රදකාශ වන මේ පොතේ. ශාස්ත්ර්යත් ධර්මයත් සලකන හැමදෙනාටම මෙලො‍වදීම උසස් දියුණුවට පැමිණෙන්නට පිළිවන් හැටිද හොඳින් දක්වා තිබේ.”

විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය (සංඥාපනය)

VI

“ මේ ‘තරුණියකගේ ප්රේළමය’ වනාහි ස්ත්රී”න්ගේ ගුණධර්මාදියම විශේෂ වශයෙනුත් ජාත්යාගල‍යාදී අන්ය ගුණධර්ම සාමාන්ය වශයෙනුත් වර්ධනය කරනු සඳහා ලියන ලද්දකි.”

තරුණියකගේ ප්රේහමය (සංඥාපනය)

VII

“ බොහෝ දෙනා විසින් ලියනු ලබන ප්ර්බන්ධ කථා කාලය ගත කිරීමට ම හේතුවන නමුත් මේ ප්රයබන්ධ කථාවෙන් හා මගේ අනික් පොත්වලින් ද ජාති ධර්ම ශාස්ත්රතයත් දේශපාලන ක්රරමයත් ඉගැන්වීම සිද්ධ වේ. ජාති මමත්වය හා ස්වදේශ චාත්ශල්යමය ඇති වීමටත් මෙකල සිංහලයන් අතර ප්රසකට පොත් ඉතා විරල හෙයින් මේ පොත් පංන්තිය පිළියෙල කෙළෙමි.”

මහා වියවුල (සංඥාපනය)

පූර්වෝක්ත උද්ධෘතවලින් පැහැදිලි වන්නේ පියදාස සිරිසේන යනු කවුරුන් ද යන්න යි. සිරිසේන සූරින් තමා ජීවත් ව හුන් යටත් විජිත යුගයෙහි නිද්රා්ශීලී ව නිවට ව හුන් සිංහල ජාතිය පුබුදුවාලීම සඳහා සිය ප්රතබන්ධ කථා යොදා ගත් බව ද පැහැදිලි ය.

“ දරුවෙනි, සිංහලයෝ ආර්ය ජාතිකයෝ ය. ඒ ආර්යයන් තුළ වෙනස් කළ නොහැකි කීපයක් පවතී. එනම් ස්වජාතිය කෙරෙහි ආලය හෙවත් ජාතිමමත්වය, ජාත්යාංභිමානය, ස්වකීය රට කෙරෙහි ආලය, සත්ය පිළිගැනීම, අයුත්තට බිය නොවීම, ප්රා‍ණඝාත, අදත්තාදාන, කාම මිථ්යා චාර, බොරුකීම, සුරාපානය කිරීම යන මේ අනාර්ය ම්ලේච්ඡ මනුෂ්යණයන් ‍විසින් පමණක් කටයුතු පංචවිධ දුශ්චරිත නොකිරීම, කරුණා - මෛත්රීක ගුණය, ආගම භක්තිය, වැඩිහිටියන්ට ආදර ගෞරව පැවැත්වීම, සමගිය යනාදී මේ ගුණ ආර්ය ජාතීන් තුළ පවත්නා ගුණ වෙති. සිංහලයන් තුළ ද මේ කිසිත් අනූනව පැවැත්තාහ.”

පියදාස සිරිසේන නවකථාකරණයෙහි නියැළුණු සමය වනාහි දේශීය ජන සමාජය පරගැති බවේ ගැලී සිටි යුගයක් විය. ඔව්හු සිරිත් විරිත්, ඇඳුම් පැළඳුම්, කෑම බීම පමණක් නොව සිතින් ද පරගැති වූහ.නමින් පමණක් සිංහල වුහ.

ආණ්ඩුවේ නිලතල ලබා ගත් එම පිරිස් තම ‍රටේ විදේශිකයෝ ලෙස ජීවත් වූහ. මේ වරප්රිසාද ලද්දෝ ඉඩම් හිමි නව ධනපති පන්තියක් ලෙස වර්ධනය වූහ.

තවත් පිරිසක් ඉංග්රීතසි අධ්යා පනයේ පිහිටෙන් රජයේ රැකියා ලබා ගෙන ඉහළ මධ්යිම පන්තියට ඇතුළු විමේ උත්සාහයක යෙදෙමින් සිටියහ. වැ‍ඩි පිරිසකට සිදු වූයේ ශීඝ්රියෙන් පැතිරී යන වතුවගාව සඳහා තම ඉඩකඩම් කුණු කොල්ලයට දී ඒව‍ායේ ම කුලී වැඩ කිරීමට යි. නො එසේ නම් දේශීය ප්ර්භූවරුන් යටතේ බැල මෙහෙවර කිරිමට යි.

පියදාස සිරිසේන මේ සමාජ විපර්යාසය කිසිසේත් ම අනුමත ‍කළේ නැත. ඔහු පරමාදර්ශී සමාජය ලෙස දුටුවේ සිංහල බෞද්ධ සාරධර්මවලින් පිරිපුන් සංස්කෘතියත් ස්වයංපෝෂිත ආර්ථික රටාවත් ය. දේශීය කර්මාන්ත නඟා සිටුවිය යුතු අතර විදේශයන්ගෙන් ආනයනය කරන ආහාර ද්ර ව්යද ආදිය මෙහි ම නිපදවා ගත යුතු ය යන්න ඔහුගේ අදහස විය. බලන්න.

“නෝනාවරුනි, මහත්වරුනි,

“වර්තමාන ලංකාව” යනු මගේ කථාවේ මාතෘකාව යි. මේ කථාවෙන් වර්තමාන ලංකාවේ ආණ්ඩුවත්, එහි වැසියනුත්, වැසියන්ගේ දියුණුව හෝ පිරිහීමත් ඉතා සංක්ෂෙපයෙන් දැක්වීමට උත්සාහ කරමි. අපේ මේ ලංකාද්වීපය වර්තමාන ඉංග්රීැසි මැනීමේ හැටියට හතරැස් හැතැප්ම 25.331 ක්ය 1901 කේ අවුරුද්දේ ගත් ජන ලේඛනයේ හැටියට ලක්දිව ජනසංඛ්යා ව තිස් පන් ලක්ෂ හැට පන් දාස් නවසිය පනස් හතර දෙනෙකි. යුද්ධ හමුදාවට අයත් හේවායන්ගේ ගණන 2023 කි. මේ තිස් පන් ලක්ෂ සංඛ්යායත සේනාවට ඉගැන්වීමට පිහිටුවා තිබෙන ආණ්ඩුවට අයත් හෝ ආණ්ඩුවෙත් ආධාර ලබන පාඨශාලා 3,780 කි. මේ ගණන් 1904 රේ ඒවායි. මේවායේ ඉගෙන ගන්නා ගෑනු පිරිමි ශිෂ්යායෝ 2,46,669 කි. ගොවිතැන් හෝ තේ, රබර්, පොල්, කුරුඳු ආදිය වවා තිබෙන අක්කර ගණන 23,32,257 කි. ආණ්ඩුවට ලැබෙන ආදායම රුපියල් තුන් කෝටි අට ලක්ෂ හතලිස් හයදාස් හයසිය අනූ හතරකි. ආණ්ඩුකාරතුමාගේ බඩි ආදී සියලු ම වියදම් රුපියල් තුන් කෝටි විසි ලක්ෂ දහ නව දාස් තුන් සිය අනූ දෙකකි.

මෙරට මිනිසුන් ගේ ප්රඅයෝජනය සඳහා පිට රටින් ගෙන්වා තිබෙන හාල් ආදී ද්රනව්යඅයල වටිනාකම රුපියල් එකොළොස් කෝටි හැට හතර ලක්ෂ අසූ තුන් දාස් නවසිය හතළිස් තුනකි. මෙරට උපදින තේ, කෝපි, මිනිරන් ආදිය පිටරට යැවීමෙන් මෙරටට ලැබී තිබෙන ගණන රුපියල් දස කෝටි හතළිස් දෙ ලක්ෂ හැට පන් දාස් නව සිය විසි හයකි. තව ද තිස් පන් ලක්ෂ සංඛ්යා ත ජනයා විසින් හතරැස් හැතැප්ම විසි පන් දාස් තුන් සිය තිස් එකක් ඇති මේ ලක්දිව කුඹුරු වශයෙන් වපුරණ භූමි ප්රනමාණය අක්කර 7,11,406 කි. කුරක්කන්, යව, මෙනේරි, මුං ආදී අන්ය‍ ධාන්ය ජාති වපුරා තිබෙන භූමි ප්ර මාණය අක්කර 1,03,891 කි. කොපි වවා තිබෙන බිම් ප්ර1මාණය අක්කර 3,954 කි. කොකෝ වවා තිබෙන බිම් ප්රණමාණය අක්කර 5,614 කි. කුරුඳු වවා තිබෙන බිම් ප්රරමාණය අක්කර 41,679 කි. කුරුඳු වවා තිබෙන බිම් ප්ර මාණය අක්කර 40 කි. තේ වවා තිබෙන බිම් ප්ර මාණය අක්කර 4,19,210 කි. දුම්කොළ වවා තිබෙන බිම් ප්රෙමාණය අක්කර 14,872 කි. පොල් වවා තිබෙන බිම් ප්ර්මාණය අක්කර 9,26,537 කි. සින්කෝනා වවා තිබෙන බිම් ප්රතමාණය අක්කර 1,172 කි. රබර් වවා තිබෙන බිම් ප්ර මාණය අක්කර 13,167 කි. ඉතින් ලක්දිව මේ කියන ලද සංඛ්යා වලින් දැන් පවත්නා ස්වභාව වැටහෙතැ යි විශ්වාස කරමි.

මෙහි කියන ලද ආණ්ඩුවට ලැබුණ ආදායමත්, ආණ්ඩුවෙන් වියදම් වූ ආදායමත් සම්බන්ධව ස්වල්පයක් කියමි.ආණ්ඩුවට ආදායම් වශයෙන් ලැබී තිබෙන රු: 3,08,46,694 ‍‍ෙරන් රැපියල් 31,29,250 ක් ලැබී තිබෙන්නේ අරක්කු රේන්දයෙනුත් 16,465 ක් ලැබී තිබෙන්නේ අබින් විකිණීමෙනුත් බව පෙනේ. වියදම් පැත්ත ගැන බැලුවා ම පඩිනඩි හා පැන්ෂන් ආදියත් සඳහා ලැබුනාටත් වඩා ගොස් තිබේ. ලක්දිව කලක් රාජකාය්ය් පැ කොට එංගලන්තයට ගොස් විශ්රාඩම ගන්නා ඉංග්රී සි මහත්තැන්ට පමණක් රුපියල් දශ ලක්ෂ හතලිස් අටදාස් තුන්සිය හැටපහක් යන බව පෙනේ. ආණ්ඩුකාර තුමාගේ පටන් අන්තිම කුලී කාරයා දකිවා රුපියල් 70,48,313 කුත් ඉංග්රී්සි සිංහලාදීන්ට පැන්ෂන් පඩි පිණිස රුපියල් 13,25,397 කුත් ගිය බව පෙනේ. මෙයින් ලක්වැසියන්ට ලැබුණු ගණනුත් යුරෝපියාදීන්ට ලැබුණු ගණනුත් තේරුම් ගැනීම අමාරු නොවන හෙයින් විස්තර නොකරමි. ලක්දිව උපදින ධනයෙන් රුපියල් එකොළොස් කෝටි හැටහතර ලක්ෂ අසූතුන්දාස් දෙසිය හතළිස් තුනක් පිට රට ගිය බව ඉහත කීවෙමි. ඒ ගණනින් හාල් ආදි ධාන්යය වර්ගී වලට රුපියල් 31,10,082 කුත් රෙදි පිළි ආදිය සඳහා රුපියල් 2,70,893 කුත්, මත්පැන් වලට 10,38,546 ක් තීරුව වශයෙන් ආණ්ඩුවට ලැබී තිබෙන බැවින් මේ කී ද්රලව්ය8 වල තීරුව වශයෙන් ආණ්ඩුවට ලැබී තිබෙන බැවින් මේ කී ද්රීව්යම වල වටිනාකම වශයෙන් පිට රටට ගොස් තිබෙන මුදල සිතට ගත හැකියි.

යම් රටක උපදින ආදායම අන්යට රට වාසීන්ට දී ඔවුන් ගේ ද්ර.ව්යව රැගෙන පාවිච්චි කිරීමට පුරුදු වුවහොත් ඒ රටේ අභිවෘද්ධයක් ඇති විය නො හැක්කේ ය. යුරෝපාදී පිටරටවලින් ගෙනෙන රෙදි පිළි, පිඟන් කෝප්ප, උදළු, පොරෝ, පිහියා, කැති, ඇණ, සරනේරු, තීන්ත, කඩදාසි, සුවඳ සබන් ආදියත් ඉන්දියාවෙන් ගෙනෙන හාල් ආදී ධාන්ය3 වර්ගපත් මේ රටේත් තනන්ට හා ඇති කර ගන්ට බැරි නොවේ. පුරාණයේ දී සිංහලයා ගේ පාවිච්චියට උවමනා සියල්ලක් ම මෙහි උපදවා ගත හැකිවූවා නම් යන්ත්ර සූත්රාිදියත් සුලභ. මේ කාලයේ කොහෙත්ම බැරි කමක් නැත්තේය. නමුත් අප රටේ දැන් යමක් ඉපදවීමට එකෙක් සිටී නම් ඒ එකා උපයන දේ කෑමට විස්සක් තිහක් සිටිති. මෙසේ වීමට හේතුව මේ රටේ උගැන්වීමේ තිබෙන අසම්පූර්ණිතාවය යි. දහස් ගණනක් ස්වභාෂා, ඉංග්රීනසි ද්විභාෂා දී පාඨශාලා ඇතත් මේ කිසිම පාඨශාලාවක “උපයන්නන්” ඇති කිරීමට නූගන්වති. ඊට ඉඳුරා ම ප්රිතිවිරුද්ධ ව දැන් අපේ පාඨශාලා වල ඉගැන්වීම කර‍න්නේ “කා දමන්නන්” ඇති කරන පිණිස යි.

රටේ උපයන්නෝ යි කියනු ලබන්නෝ නම් ගොවියෝ, කර්මා්න්තකාරයෝ, ශිල්පියෝ, වෙළෙන්දෝ හා වැවිලිකරුවෝ ය. රටක් කාබාසිනියා කරන්නෝ ය යි කියනු ලබන්නෝ නීතිඥයෝ, දොස්තරවරු, බ්රෝ කර්වරු හා (පඩි නැති) මුලාදෑනි ආදිහු යි. දැන් පවත්නා අපේ පාඨශාලාවල පළමු කී ගොවියන් ආදී උපයන ජවයන් ඇති කරද් ද? නැතහොත් රට කාබාසිනියා කර දමන්නන් වන නීතිඥාදීන් ඇති කරද්දැ යි, මගේ කථාව අසා ගෙන සිටින කාටත් තේරෙනවා ඇත. අපේ රටේ අමුතු කර්මාන්තත්, විශාල වශයෙන් ගොවි කර්මාන්තයත් කිරීමට නම් ගමක් පාසා කෘෂිකර්ම, හස්තකර්ම ශාලා පිහිටුවා ලක්වැසි දරුවන්ට ළදරු කාලයේ පටන් ශාස්ත්රර හා ගුණ ධර්මත් සමග ඒ ඒ පුද්ගලයන්ගේ චාරිත්රපනුකූලව වඩු වැඩ, යකඩ වැඩ, සුනු කර්මාන්තය, ගල් වැඩ, කැටයම්, හස්ත කර්මාන්තයට අයත් වැඩ, රෙදි විවීම, නූල් කැටීම, කඩදාසි තැනීම, සබන්, සුවඳ විලවුන්, සිමෙන්ති, කැති, උදලු, තැනීම ආදී කර්මාන්ත ඒ ඒ දරුවන්ට උගැන්විය යුතු යි. එසේම ගොවි කර්මාන්තා දී වැවිලිත් ඒ ඒ ළමයින්ට සුදුසු පරිදි උගැන්විය යුතු යි.”

එහෙත් බටහිරකරණය පිළිබඳ සිරිසේනගේ ඇතිම් ආකල්ප අන්තවාදී නො වූ බව වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින් නවකථාවෙහි එන මතු දැක්වෙන පාඨයෙන් අවබෝධ වේ. “යුරොපියාගේ ‍හෝ යකාගේ හෝ යහපතක් තිබේ නම් ගත්තාට වැරදි නැහැ. නමුත් පෙරාපු රත්තරන් වැනි අපේ උතුම් සිරිත් අත්හැර මළ බැඳි යකඩ වැනි යුරෝපීන්ගේ වල් සිරිත් සියල්ලක්ම ගැනීමට අප ජාතිය සැරසී සිටීම නින්දාවකි.”

සමකාලීන සමාජයේ ස්වභාවය වූයේ සිරිසේන පැවසූ ලෙස ම අවිචාරශීලී ව බටහිරට ගැති වීම යි. රට, දැය, සමය මේ ව්යඅසනයෙන් මුදා ගැනීම සඳහා අනගාරික ධර්මපාලතුමා පෙරමුණ ගත්තේ මේ අවදියේ දී ය. අනගාරික ධර්මපාලතුමා දේශන මාර්ගයෙන් සිංහල ජනතාව දැනුවත් කරද්දී එම කාර්යය ම ලේඛන මාර්ගයෙන් සිදු කිරීමේ වගකීමට පියදාස සිරිසේන සූරීහු උර දුන්හ. පෑන නම් වූ ඔහුගේ අවිය සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැවති අකටයුතුකම්, දුසිරිත්, දුරාචාර ඈ සියල්ලක් ම සොය සොයා පහර දෙන්නක් විය.

ඔහු ලියූ නවකථා පන්තියෙන් ප්රරකට වන්නේ මේ සමාජ ශෝධන ව්යාසපාරය යි. වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින් නවකථාවේ ප්රොධාන චරිත දෙක වන ජයතිස්ස සහ රොස්ලින්- සිරිසේනගේ පරමාර්ථවලට අනුව නිර්මාණය වුණු ආදර්ශ රූප වැනි ය.

ජයතිස්ස සිංහල සංස්කෘතියේ ප්ර තිමූර්තිය යි. ඔහු සිංහල භාෂා විශාරදයෙකි. ජීවිත පරිඥානයෙන් මුහුකුරා ගිය බුද්ධිමතෙකි. නිකැළැල් මිනිසෙකි.

“එදින සවස හය පමණ වන විට රොස්ලින් බුද්ධාගම ගැන කරුණු විචාරීමට ලෑස්තිවුන නමුත් ජයතිස්ස ඊට නො සතුටු විය. එදා රාත්රීි රොස්ලින්ලාගේ නිවසෙහි නැවතීමට ජයතිස්සගෙන් ඉල්ලා සිටි කල්හි ජයතිස්ස “ලෝක චාරිත්රටයට යුතු නැත. අද රෑ මෙහි නැවතී සිටියොත් එයින් අපට මත්තට කැලලක් ඇති වෙන්නට පිළිවන. අපගේ සිත් නිර්මල ජලය මෙන් පිරිසිදු නමුත් කොයි මොහොතේ දී එය වෙනස් විය හැකි දැයි කිව නොහේ.

මේ බලනු,

“ඉ තා දික් කලක් රාගය පැවත එ න දෙ තා පසිඳුරන් හට බලය නොමඳි න මෙ තා සිත එයින් නපුරට ම සලස න සි තා එ බව සිහියෙන් කල් හරුව දැ න”

පෘථග්ජනවා සෑම වේලේම පෙරළෙන සුලුය. එහෙයින් මට නුඹලාගේ ගෙදර අද නැවතී ඉඳීම යුතු නොවේ. බුද්ධාගම සම්බන්ධ කරුණු නැවත ලැබුන විටකදී විමසා ගත හැකිය යි කියා රොස්ලින්ට සහ මරියනෝනාටත් සුදුසු ආචාර සමාචාර පවත්වා ජයතිස්ස විශ්රාලම ශාලාවට යන්ට ගියේය”

රොස්ලින් ද උපතින් ක්රි්ස්තියානි ආගම අදහන්නියක වුව ද ජයතිස්සගේ බලපෑම නිසා බෞද්ධාගම වැලඳගත් ආදර්ශවත් හෙළ කුල කතකි.

“වින්සන්ට්ගෙන් ගැලවී වනයේ ව‍ැදී ගිය රොස්ලින්ට ගල උඩම නින්ද ගියේය. රොස්ලින්ගේ පතිව්රවතා ධර්මය පරීක්ෂා කරමැ යි සිතා ඉතා ලක්ෂණ තරුණයෙකු මෙන් පෙනී සිට ඈ සමග අසත්ධර්මයෙහි හැසිරීමට උත්සාහ කළේය. දේවතාවා රොස්ලින්ට නානා ප්රීකාර ස්ත්රීින් මුළා වන රැවටිලි බස් කී නමුත් ඇගේ සිත කොහෙත්ම වෙනසක් කළ නොහැකි විය. ඉක්බිති “ ලෝකයෙහි පතිව්රකතා ධර්මය රක්ෂා කරන ස්ත්රීරහු නම් අතිශයින් දුර්ලභයහ. නුඹ මා සතුටු නොකරන්නී නම් මෙහි ම‍රා දමමැ”යි දේවතාවා කීවේය. රොස්ලින් ද, “අනේ මහතාණෙනි, මරණය විඳීම ඉතා පහසුය. දැන් මා මේ මරණය සමාන දුකට පත්ව සිටින්නෙත් මාගේ පතිව්රරතා ධර්මය හා පොරොන්දු කඩ කිරීමට නොහැකි හෙයින්ය. මම මරණයට රුචි වෙමි. නමුත් අධර්මයට කැමති නොවෙමි” යි ස්ථිර ව ම කීවාය.

ඇගේ සෙලවිය නොහැකි ස්ථිර ගුණයෙහි ප්රධසන්න වූ දේවතාවා එතනින් අන්තර්ධානව රෞද වූ යක්ෂ වේශයකින් රොස්ලින්ට පෙනී සිටියේය. භයානක වූ යක්ෂයා දැක රොස්ලින් බුදු ගුණ සිහි කරමින් මෙසේ සිතුවාය. “අර්ථ වශයෙන් කිසිත් නොදැන ‘නමෝ බුද්ධාය’ කී පමණින් යක්ෂෝපද්රථව වලින් වැලකී ති‍බේ. මම වනාහි මඳක් වත් අර්ථි වශයෙන් බුදුහාමුදුරුවන්ගේ ගුණ දනිමි. ත්රිනවිධද්වාරයෙන් ම පස් පවින් වැලකී සිටින්නාවූ මට ද අන්තරායක් තැතිගැම්මක් නොවේව”යි ස්ථිරවම සිතා ගත්තා ය.”

ජයතිස්ස වයසින් තරුණයකු වුව ද දැනුමෙන් හා අවබෝධයෙන් මහල්ලකු තරම් වීමට හේතු වූයේ සිරිසේන සූරීන්ගේ අදහස් උදහස් ඔහුගේ චරිතයට ආරෑඪ කිරීම නිසා යැයි සිතිය හැකි ය. ජයතිස්ස සහ රොස්ලින් නවකථාවේ “විවාහය” මැයෙන් එන දේශනය පිටු ගණනාවක් පුරා දිවෙන්නකි. නවකථාවක් ලෙසින් බැලූ කල එබඳු දේශනා නුසුදුසු වුව ද සිරිසේනගේ අභිමතාර්ථ සාධනය කරනු වස් එම දෙසුම් අත්යදවශ්යි විය. විවාහය පිළිබඳ සිරිසේන සූරීහු මෙසේ සිතති.

“ගිහිව වාසය කරන ඉන්ද්රීමය විකල නුවූ ගුණ ධර්මයෙන් යුත් අඹු දරුවන් පෝෂ්යි කිරීමට තරම් වූ ධෛය්ය්නුවමත් සියලු දෙනා ම විවාහ විය යුතු ම යි. ඉන්ද්රිිය විකල භාවාදියෙන් විනිර්මුක්ත යම් මනුෂ්යණයෙක් විවාහ වන තුරු ඔහු සම්පූර්ණ නොවන බවත් ඔහු අවාසනාවන්තයෙකු බවත් පණ්ඩිතයෝ කියති.

“කොප මණ කල් වෙසෙද බිරිඳක් නොලැබ ස රු එ ප ම ණ කල් පූරිස් ගිහි දනු අඩක් යු රු අ බ ර ණ තුල් ගෙයට පිළිඳුන් නොපිරි වැ රු නොප ම ණ කල් වේය එම ගෙය සොහොන යු රු


මෙය මෙසේ නමුත් විවාහ ජීවිතයට පැමිණ සැපසේ කල් යවන්නන්ට වඩා දුකසේ කල් යවන්නෝ බොහෝය. විවාහය ගැන කියන ලද රසවත් කීමක් මෙහි දක්වමි.

“වාසනාවත් ක ම නමැති ගෙය තැනුමට පෙ ම දැමු අත්තිවාර ම විවාහය බව දනිව් සැක කි ම

පවර සුරපුරය ට නොහොත් ගොරතර නිරය ට තබනා පළමු කො ට අඩිය බව දනු විවාහය තු ‍ට

විවාහය සඳහා දෙදෙනාගේ කැමැත්ත අත්යණවශ්යන සාධකයක් ලෙස සිරිසේන සූරීහු දුටහ. එමතු නො වේ. අවංක ප්රේකමය ද අත්යොවශ්යුළ සාධකයකි.

“බොහෝ සිංහලයන් විවාහ වන්නේ විවාහයේ නියම ප්ර යෝජන ලැබීමට නොව අන්ය කාරණා නිසාය. ඒ අප ජාතියේ පිරිහීමකි. කොටින්ම විවාහය ජීවිතයේ දුක නොහොත් සැපතේ පටන් ගැන්ම ය. ඒ හෙයින් ම විවාහය හා සම්බන්ධ ව කළයුතු සියලු ම අන්ය කටයුතුවලට වඩා ඥානවන්ත‍ව කළ යුතු කෘත්ය්යකි. දැන් සිංහලයෝ විවාහයක් කර ගැනීමට පෙර ස්ත්රීක පුරුස දෙපක්සය ම සම්බන්ධ කරුණු පසක් පරීක්ෂාකර බලති. එනම් කුලය, ධනය, රූපය, උගත්කම හෙවත් ශිෂ්ටාචාරකම සහ ආගමත්ය. සත්තකෙන් ම මේ කරුණු පස සැලකිය යුතු නමුත් මීට වඩා ප්රකධාන වූ කාරණය වන විවාහයට ඇතුළත් වන දෙ දෙනාගේ අභිමතය නොහොත් එම දෙ දෙනා තුළ ඔවුනොවුන් කෙරෙහි ඇති ප්රේයමය හා පෑසීම ගැන නො සලකති. ඉදින් විවා වන දෙ දෙනා ඔවුනොවුන් කෙරෙහි සැබෑ ප්රේමමයක් නොමැත්තේ නම් ඉහත කී කරුණු පස ම එක සමානව තිබුණත් කිසි දිනක ඒ විවාහය වාසනාවන්ත වෙන්නේ ම නැත.

තව ද කාරණා කීපයකින් ම සම්පූර්ණ මනුෂ්යසයෝ ඉතා විරල වෙති. කුලයෙන් හා ධනයෙන් අධික නම් ඉගෙනීමෙන් හෝ වෙන කරුණකින් අඩු වෙයි. ඉදින් එක පක්ෂයකට අධික ව ඇති එක කරුණකින් හෙවත් දෙකකින් අනික් පක්ෂය අඩු වෙයි. කිසි කලක සෑම දෙයින් ම දෙදෙනෙක් එක සමාන නොවෙති. ඒ එසේ මැ යි.

“ලොවින් එකෙක් එක දේකට වෙයි සම ත වෙ නි න් අනික් දේකට අනිකෙක් සම ත නොමින් සුළඟ ලදුවත් නෙදිගින් සැප ත ගො ඩි න් නැව දියෙන් රතය ද නොයනු යු ත”

කරණා මෙස් හෙයින් විවාහ විය යුත්තේ ධනය කුලය උගත්කම ආදිය සලකා ගෙන නොව විවාහ වන දෙ දෙනා තුළ ඔවුනොවුන් කෙරෙහි ඇති අවංක වූ ප්රේ මය ප්රාධාන කොට බව සැලකිය යුතුය.”

විවාහය හා බැඳුණු මධු සමය. දෑවැද්ද යන සංකල්ප ද සිරිසේනගේ විවේචනයට බඳුන් විය.

මධු සමය

“මගේ කථාවේ මාතෘකාව නම් “හොනිමුන්” ය. හොනිමුන් කියා දැන් ව්ය වහාර කරන්නේ විවාහවූ දින මනමාලිත් මනමාලයත් ස්වකීය නෑ බන්ධූන් අත් හැර ටික දවසක් නැවතීම සඳහා පිට පළාතකට යන ගමනට බැව් කව්රුත් දන්නවා ඇතැ යි විශ්වාස කරමි. මේ හොනිමුන් යෑම බෝ වුණේ මෙන්න මෙසේ යයි මා විසින් අසන ලදී. යුරෝපයේ එක්තරා ධනවත් උපා දක්ෂ කෙනෙකුගේ රූමත්දුවණියක් සිටියාය. ඈ අනාචාරසීලී වූයේ නොයෙක් දෙනා සමග ඇවිදින්ට යෑම් ආදියෙන් පුරුෂ වසඟයට බැඳී ගර්භනී වූවාය. මේ බැව් දැන ගත් ඇගේ පියා තමාට ලැබෙන්ට එන අවනම්බුවෙන් ගැලවෙන පිණිස එක්තරා තරුණයෙකුට

ස්වකීය දියණිය පාවා දෙන්ට හණි හණික ලෑස්ති කර කසාද බැඳපු හැටියේ ඒ මනමාලයාගේ ගෙදරට මනමාලිය ගිය හොත් මනමාලයාගේ මව් ආදී ස්ත්රීට පක්ෂය හොරේ දැන ගන්නා හෙයින් “හොනිමුන්” යන ගමන ලෑස්ති කර මනමාලයත් මනමාලියත් පිටිසර ගමක තනිව විසීමට පිටත් කර යවන ලද්දේය. මේ ප්රගයෝග දක්ෂ යුරෝපාකාරයා යොදන ලද ක්රතමය එවකට ‘අලුත් පැෂන්’ සොයමින් සිටි යුරෝපියන් විසින් ද භාරගෙන තිබේ. මේ ප්රනවෘත්තිය මෙසේ වුණත් නූනත් මහත්වරුනි, හොනිමුන් යන වචනයට දිය යුතු අර්ථය නම් “ස්ත්රිහයක් රහසින් කළ දුසිරිත් සඟවා ගැනීමට යන ගමනය”.

දෑවැද්ද

“අම්මේ, මම ඔය මඟුලට පළමු කොටම අසතුටු වුණේ දෑවැද්ද නිසායි. බලන්න දැන් අපේ නංගිව අපි ඉතා ආදරයෙන් හා සැළකිල්ලෙන් ඇති දැඩිකොට අවුරුදු 18න් 20ක් නොයෙක් දුක් කරදර විඳ අන්තිමේදී අන් කෙනෙකුට පාදපරිචාරිකා කමට පාවා දෙන විට තවත් මුදලකුත් දෙන්නට වුණොත් අපට අමාරු නොවේ ද? එමෙන්ම මට පාදපරිචාරිකාකමට අදහස් කරන ඒ තරුණියගේ මවුපියන්ටත් අමාරු වෙනවාට සැක නැත. දෑවැද්දකුත් සමග ස්ත්රිියක් සරණ කර ගැනීමට මම කැමති නොවෙමි. ඒ නිසා ඒ තරුණිය ‘ගෑණු ටොක්කෙකුට’ දෙන්නට සැලැස්සුව මැනවැ’යි කීය. එවිට පෙරේරා මහතාගේ පිය, හින්නි අප්පුහාමි පුදුම ව. “ආ ළමයා දෑවැද්ද නැතිව කසාද බඳින මෝඩයා කවුද? දැන් කාලේ උඹ වාගේ ඉගෙණ ගත් ආංඩුවේ වැදගත් රාජකාරියක් කරණ කාටත් රුපියල් හාර පන්දාහේ දෑවැද්දක් ඇතිව කසාදක් බඳින්නට පුළුවන් කම තිබේ. එසේ ම කොයි තරුණයොත් සෑහෙන තරම් දායාද නැතිව කසාද නො බඳිත්. උඹ පමණක් ඊට හාත්පසින් විරුද්ධ එකක් කියන බව පෙනේ. “යයි කියන කොට කරුණාරත්න උන්නැහේ සිනාසී, “අප්පුහාමි, මේ සනී මහත්මයා

ස්නේහලතාවගේ කථාන්තරය අසා ‍දායාද ගැන කලකිරුණු කෙනෙක් වෙන්නට ඇති. එහෙම ද මහත්මයෝ” කියා ඇසුයේ ය. එ විට පෙරේරා. “ මම ස්නේහලතාවගේ ප්රනවෘත්තියත් ඇසීමි. එහෙත් ‘දෑවැද්ද’ නමැති උවදුර ‍කරේ ලා නොගන්නට මා සිතට ගත්තේ ස්කෝලයට යන කාලේමයි. අපේ රට පිරිහුනු. අපේ මිනිස්සු නරක්වුනු, දුශ්චරිතවලින් ප්රනධාන එක මේ “දායාද වසංගතය” බව මට තේරුම් ගොස් බොහෝ කල් යයි කීය.

“ආ මහත්මයා ‘ගෑණු ටොක්ක’ යි කී එකේ තේරුම කුමක් ද?”

“ගෑණු ‘ටොක්කය’ කියන්නේ ගෑණුන්ගෙන් ටොකු කන අයටයි.”

“ගෑණුන්ගෙන් ටොකු කන්නේ කවුද?

“දෑවැද්ද සමග ගෑණු ගෙණෙන මෝඩයෝ යි.”

අවිචාරශීලී ව බටහිර සංස්කෘතිය වැලඳ ගැනීම නිසා විනාශයට පත් වන පවුල් පිළිබඳ කථාන්තර සිරිසේනගේ නවකථා පන්තියෙහි සුලබ ව දක්නට ලැබේ. මේ එවැනි එක් අවස්ථාවක් පමණි.

“මාර්ගරැට් කුරේ කසාද බැඳි පුරුෂයා වන ඇල්ප්රණඩ් සිල්වාට වඩා කසාද නොබැඳි පුරුෂයා වන ඩග්ලස් පෙරේරා කෙරෙහි ගරු බුහුමන් ආදර කරුණා පවත්වන බව කැරොලයින් දන්නා නමුත් අඥාන පියාට ඒ කිසිවක් නොකීවාය. මෙසේ කලක් පසුවෙන් විට ඇල්ප්රිඩ් සිල්වාගේ ලැබීමට වඩා වියදම අධික හෙයිනුත් දුෂ්ඨ භාර්යාව ඩග්ලස් පෙරේරා නම් වූ ඇගේ හොර පුරුෂයාට අතට අසුවෙන තරම් ධනය දෙන බැවිනුත් ඇල්ප්ර ඩ් සිල්වා ණය වෙන්ට පටන්ගත්තේ ය. ඒ එසේම යි. මසකට රුපියල් පන්සියයක් සපයන කෙනෙකු මසකට රුපියල් දාහක් වියදම් කළොත් කෙසේ රටේ හිටින්ටද? මධ්යකම පංක්තියේ සිංහල ගෙදරකට වර්තමාන කාලයේ හැටියට රුපියල් 150 කින් මසක් පිරිමසා ගත හැක්කේය.

නමුත් ඇල්ප්ර ඩ් සිල්වාගේ දෙවෙනි භාර්යාව ඒ කිසිත් නොදත් අධම ගෑනියක් වූ බැවින් මසකට පිදුරු තොප්පි එකක් දෙකකුත්, දකින දකින සේදරෙදි, පටරෙදි ගවොනුත්, ඒවා මැස්සවීමට එකකට රුපියල් 15 ය විස්ස බැගින් ගෙවීමටත් පටන් ගත්තාය. දිනකට අහක දමන බටර්, පාන්, කිරි, තේ, කෝපි, සීනි, බත්, මාලු, එළවලු ආදිය තබා ඒවා ගෙනෙන්ට යන වැඩකාරාදීන් ශත 5ට 10ක් බැගින් වැඩිපුර ගන්නා මුදල වත් සලකන්ට තරම් ඥානයක් නැති ශරීරය පිටතින් ඔප දමාගෙන උන් මේ තරුණිය ඇල්ප්රනඩ් සිල්වාගේ විනාශයට ළංවූ බව ඔහු නොදත්තේ ය. කැරොලයින් පුංචි මම්මාගෙන් ටොකු කමින් ඈ කියන කියන හැටි කළා මිස ස්වකීය පියාට වෙන හානිය දැක දැකත් නිශ්ශබ්ද වූවාය. මක්නිසා එසේ කළාද කිවහොත් ඇගේ පියා ‍ස්වකීය දෙවෙනි භාර්යාව කෙරෙහි සක්තභක්තුක ජාතකයේ පෙනෙන බ්රාදහ්මණයා මෙන් ඇලුණු කෙනෙකු වූ බැවින් ය.

තොප රුසිරු පිය බ ඳ නිති බලත එක තැන ඉ ඳ ඇසිපිය හෙලන ස ඳ නොවෑවෙන මම කෙසේ යෙමි අ ද

යනාදී වශයෙන් ස්ත්රීිසොඬව සිටි බ්රා‍හ්මණයා මෙන් මාර්ගරැට් කුරේට ඇලුණු ඇල්ප්ර ඩ් සිල්වාගේ ධනය පිදුරු තොප්පි වලටත්, පටසේද ගවොන් වලටත්, මේස් සපත්තුවලටත්, සුවඳ වර්ග වලටත්, ලේස් බොස්තරැක්ක ආදියටත්, චිපොන්, ග්ලවුස්, චීත්ත ආදියටත්, මස්පාන්, කේජු, බටර්, සැමොන්, සාඩින්, හැම් බේකන්, විෂිකි, බ්රැ,න්ඩි ආදියටත්, බාල් නැටුම්, බාල්කෑම්, නෘත්යා බැලීම්, නුවරඑළි යෑම් ඊම් ආදියටත් හොර මිනිසුන්ට දීමටත් වහාම දියවී ගියේය. හෙට්ටින්ගෙන් මුදල් ණයට ගැනීම නිසා ඔහුගේ අසරණකම ඉතා ආසන්න වීය. අබයවික්ර ම හාමිනේ සිටියදී පවුම් පන්දාහක් ඇතුව සිටි ඇල්ප්ර ඩ් සිල්වා අලුත් කසාදය බැඳ වර්ෂයක් ‍ගතවෙන්ට පෙර රුපියල් විසි දහසක් පමණ හෙට්ටින්ට ණය විය.”

සිරිසේන ලියූ පරිවර්තනය නමැති කුඩා නවකථාව ඔහු හඳුන්වන්නේ පරිවර්තනය හෙවත් ස්ත්රී න් පිරිමි වෙස් ගැනීම යනුවෙනි. එම හැඳින්වීමෙන් ම කතුවරයාගේ අභිප්රා්ය පැහැදිලි වෙයි. එනම්, ස්ත්රී න් පිරිමි මෙන් හැසිරීම යනු යි.

අද්භූත ආගන්තුකයා නවකථාව සම්පූර්ණයෙන් ම වෙන් ‍වන්නේ මත්පැන් පානයෙහි ආදීනව දැක්වීමට ය.

“පළමුවෙනි මත්පැන් වීදුරුව මිනිසා විසින් බොනු ‍ලැබේ. දෙවෙනි වීදුරුව මිනිහාගේ ඕනෑකම් ඇතත් නැතත් පළමු බොන ලද වීදුරුව විසින්ම ‍බොනු ලැබේ. ඉතින් තුන්වෙනි වීදුරුවේ පටන් මිනිහා විසින් මත්පැන් බොනු ලබනවා නොව මත්පැන් විසින් මිනිහා බොනු ලැබේ.” යයි ජපන් පණ්ඩිතයෝ කියති. මෙහි තේරුම පාපමිත්රහ සේවනාදී යම්කිසි උපක්ර මයකින් යම් කෙනෙකුට මත්පැන් වීදුරුවක් බොන්ට සිද්ධවුනොත් එහි ඇත්තාවූ පුදුම මායා ශක්තියෙන් ඊට පසුත් එය බොන්ටම බල කරන්නාවූ ගතියක් ඇතිවේ. ඉතින් දෙවෙනි වරටත් බොන්නේය. දෙවෙනි වර බිවූ පසු ඒ බීමට කෙතරම් බලයක් ඇතිවීද කිවහොත් එතැන් පටන් මිනිහා බීමට වාලෙක් වන්නේය. හෙවත් නොබී නොහැකි තරමට ඔහුගේ බලවත් ගිජුකමක් ඇති වන්නේය. මේ මත්පැන් බීමට පුරුදුවන හැටිය. යම් කෙනෙකුට මේ නීච සුරාව පුරුදුවීද එතැන් පටන් ඔහුගේ සියුම් ඉංද්රිලය සියල්ලක්ම විකල භාවයට පත්වේ. (Brain Cells) මොලේ සියුම් රන්ධ්රල සියල්ලම ක්රලමයෙන් වියලී අප්රාුණිකවීමට පටන් ගණී. පෙණහැල්ලට මද්යල විෂ වන් ඉක්මණින්ම ශරීර ගතව ධාවනට කරණ පිරිසිදු ලේ ධාතුව දියවේ. ඒ පිරිසිදු ලේ ධාතුව දූෂ්යගවීමෙනුත් අනුක්රකමයෙන් මත් පැන් පානය බහුල වන විට බඩවැලේ තැන තැන කළු ලප හටගැණී එතැන් පටන් ක්රබමයෙන් ඒ බඩවැල කුණුවීමටද ප‍ටන් ගණී. ඉතින් ශරීරගත සියලුම ලොකු කුඩා නහරවල මත්පැන් විෂ මිශ්ර වූ අපිරිසිදු ලේ දිවීමටද පටන් ගැනීමෙන් ඒ සියලු නහරද දුර්වල බවට පැමිණේ. මත්පැන් බීම අවුරුද්දක් පමණ කර ගෙන ගිය මිනිහාගේ මොලේ පවතින ලක්ෂ ගණන් වූ සුළු නහර වියලේ. පෙණහැල්ල නරක්ව තැම්බී දූෂිතව දුර්වල වේ. ශරීරගත සියලු දේ දූෂිතව විෂ මිශ්රපව


පිරිසිදු සෞම්ය් ධාතුව ඩහදිය මෙන් අපිරිසිදු වතුරක් වැනි බවට පමුණුවයි. ඒ අපිරිසිදු ලේ දිවීම කරණකොට ගෙණ ශරීරගත ලොකු කුඩා සියළුම නහරවැල්ද අප්රාිණවත් කොට දිරීමට පමුණුවයි. බඩවැලේ තැන තැන හට ගන්නා කලු ලප වණවෙන්ට පවන් ගැණීමෙන් ආහාර රුචිය ආදිය නැති කොට ඒ රෞද්රප වූ මත්පැන්ම මිස අන්යච දෙයක් කෑම බීමට කැමැත්ත වලකයි. ඉතින් මත්පැන් බීම නිසා ශරීරයේ හටගන්නා විකෘති ස්වභාවය මෙසේය. මේ තත්වයට පැමිණෙන කොට ඒ පුද්ගලයාගේ ගති ගුණ කුමක් වේද? මොලේ කුඩා රන්ධ්රණ වියලෙන කොටම කල්පනා කිරීමේ ශක්තිය, හොඳ නරක දැනීමේ ශක්තිය, ලැජ්ජා භය දැනීමේ ශක්තිය, අභිවෘද්ධකාමී වීමේ ශක්තිය, ශ්රෙද්ධාව ඇති‍වීමේ ශක්තිය, යමක් සිහි තබා ගැණීමේ ස්මෘති ශක්තිය, කෙළෙහි ගුණ සැළකීමේ ශක්තිය යනාදීවූ උත්තම මනුෂ්යේ ගතිය වඩන්නාවඋ උතුම් බලය රඳා සිටින්නාවූ සියලුම ශක්තිය අන්තර්ධාන වන්නේය. මද්යඋ පානය නිසා මනුෂ්යට ශරීරයටත් මනුෂ්යඅ ගතියටත් සිද්ධවන විපත ඉතාමත් විස්තරව අපේ ආයුර්වේදයේ ද හොඳින් දක්වා තිබේ. නමුත් ලෝකයට මත්පැන් බීම තදින් පුරුදු කරවූ යුරෝපයේ මහ උගතුන් විසින්ම ඒ මත්පැන් ගැන සොයා ගෙණ තිබෙන කරුණු ස්වල්පයක් මහත්මයාට කියන්නෙමි. මත්පැන් සම්බන්ධව මේ තරම් කරුණු කියන්ට කල්පනා කළේ මේ ලෝකේම තිබෙන අයහපත් ක්රිරයා සියල්ලටම වඩා මත්පැන් බීම නරක බැවිනි. කොටින්ම මත්පැන් පානය කරණ මිනිහෙකු තුළ කිසිම ගුණ ධර්මයක් නොපිහිටිය හැකි බව මේ කරුණු වලින් මහත්මයාට හෝ මත් පැන් පානය කරණ අන්ය්යෙකුට හෝ අවබෝධ වුනොත් මත්පැන් සම්බන්ධපව අවුරුද්දක් කීවත් වරදක් නැත.”

පියදාස සිරිසේනගේ නවකථාවල දී පූර්වෝක්ත කරුණු පවසනු ලබන්නේ ඒ ඒ නවකථාවල ප්රසධාන හෝ අප්රකධාන චරිත විසිනි. එහෙත් එම චරිත තුළ ජීවත් වනුයේ පියදාස සිරිසේනගේ චරිතය

බව පැහැදිලි ය. එසේ ම පියදාස සිරිසේන ම නවකථාවල චරිත අතරට ප්ර විෂ්ට වූ අවස්ථා ද නැත්තේ නො වේ.

නැත් මැ යි සිසිල් ගතිය ගින්නෙහි නම් මඳක් වත් නැ ත් මැ යි හොඳක් පර සිත්වල ඒ විලස්නෙත් ඇ න් ද ත් ‍කනේ නුඹ මැණික් මුතු හා රුවන් වත් නැ ත් මැ යි පලක් සිදු වුණේ වල් හැට්ටේ සන්දා

වැසිය යුත රහස් තැන් ඒ විලස්නෙන් නොවස්වා වෙසඟනහ අඳිත් සල්ලාලයින් සිත් ගැනුම් වස් කුලඟනක විලස් යුත් සෝචුරී ඇන්ද හැට්ටේ වි ලි බි ය වැනසීමේ බේතකැයි දැන් පෙනෙන්නා

ත න ර න් තිසර බඳු වත පිරි සිසි බි ම්බු තු මු ව න් දවල දත් රතදර පල බි ම්බු සු ප ස න් ලඳුනි ඇඳ ඔය හැට්ටය ව ම්බු නොකරන් ජාතියට මින් මතු අවන ම්බු

මේ කවි තුන හත් අට වරක් ම කියවා තේරුම් ගත් මට බලවත් ලජ්ජාවක් ඇති වී කාරණාකාරණා දත් ම‍ෙග් අයියාට මෙය පෙන්නා සිද්ධවූ තොරතුරු කීවෙමි. මගේ අයියා ද මේ වැදගත් අවවාදය දුන් මහතා කව්දැයි බොහෝ උත්සාහයෙන් සොයා (පියදාස සිරිසේන මහත්මයා බව දැන) උන්නැහේ ළඟට ගොස් ස්තුති කොට එදා පටන් ඔහොරිය අඳින්නට පටන් ගතිමි යි කීවාය. සියකාරි හා අනික් සායකාරිත් ගවොන් කාරිත් පුදුම ව ඒ කවි තුන් ලියාගෙන ඔවුන් මහත් ලජ්ජාවට පැමිණි සිටින විට ඒ කාමරේ ම සිටි නන්දාවතී ද කථාකරමින් “සිරිසේන මහතා පාඨශාලාවට යන කාලයේ ස්වකීය ‍ගමේ තරුණියකට කියාපු කවියක් ද මට මතකය” යි කීය. එවිට හෙනරත්ගොඩ පළාතේ තරුණිය. “අනේ හාමිනේ එහි තොරතුරුත් කියා මට ඒ කවිය ලියා දෙන්ටය” යි ඉල්වීය. එවිට නන්දාවතී” එහි තොරතුරු නම් සිරිසේන මහතා තවත් ළමයින් දෙන්නෙකු සමග ළිඳක් ළඟට ගොස් සිටින විට අසල

ගෙයක තරුණියක් වතුර කළයක් ගෙන යන පිණිස අවුත් ළිඳට කළය බා වතුර කළය උඩට අදින විට හොඳටම පළල්වඋ ඇගේ හැට්ටයෙන් පයෝධර එළියට ආහ. තරුණයන් තිදෙනා පැනලා දිවූහ. තරුණිය කළෙත් අතහැර ගෙදර දුව ගත්තාය. නාන්නෙත් නැතුව සිරිසේන මහතා ගිය නමුත් මේ කවිය තරුණිය වෙත එවූයේ ය.

අ ම න කර පළල් හැට්ටය නුඹ ඇ න්දා දෙත න තිසරු ඒ ගැන සිතු නොව න න්දා ප නි න ලෙස ළිඳට එළියට ආ ස න්දා එ දැ න නොකර මින් මතුවට නව නි න්දා”

පියදාස සි‍රිසේන විසින් රචනා කරන ලද රහස් පරීක්ෂක නවකථා මාලාවේ එන කෝන්ගොඩ වික්රරමපාල නමැති රහස් පරීක්ෂකයා විසින් ද ප්රාතිනිර්මාණය කරනු ලබනුයේ පියදාස සිරිසේනගේ චරිතය ම බව වැඩිදෙනාගේ අදහස යි. තවත් පිරිසකගේ අදහස වන්නේ කෝන්ගොඩ වික්රවමපාල යනු අනගාරික ධර්මපාලතුමාගේ චරිතය බව යි. මෙබඳු මතිමතාන්තර පැවතුණ ද පැහැදිලි ව කිව හැකි වන්නේ පියදාස සිරිසේන නවකථා මාලාවෙන් මුණ ගැසෙන සුදන චරිත සියල්ල ම පාහේ කතුවරයාගේ පරමාදරිශී සමාජයක් පිළිබඳ සිහිනය සැබෑ කර ගනු වස් නිර්මාණය වූ චරිතයන් බව යි.