පියදාස සිරිසේන නවකථා එකතුව- 03/පියදාස සිරිසේන නම් වූ කවියා

පියදාස සිරිසේන නම් වූ කවියා


සිංහල සාහිත්යන ක්ෂේත්රොයෙහි පියදාස සිරිසේන නාමය වඩාත් ප්රහකට ව ඇත්තේ නවකථාකරුවකු ‍වශයෙනි. මේ නිසා ඔහු ප්රවධාන පෙළට අයත් කවීන්ගේ නාම ලේඛනයට ඇතුළත් නො වූ අවස්ථා ද තිබේ. නිදසුන් වශයෙන් ආරිය රාජකරුණා විසින් රචිත නූතන සිංහල කාව්යඅ නමැති කාණ්ඩ දෙකකින් යුක්ත ග්රාන්ථය දැක්විය හැකිය. අවුරුදු සියයත් තුළ පහළ වූ නූතන කවීන් පිළිබඳ විමර්ශනයක් කරන ආරිය රාජකරුණා මහාචාර්යවරයා ආනන්ද රාජකරුණා. ඇස්.මහින්ද හිමි, ජී.එච්. පෙරේරා යන කවීන්ගේ නාම ලේඛනයට පියදාස සිරි‍සේක‍ගේ නම ඇතුළත් කොට නැත. එහෙත් පියදාස සිරිසේන කවි දහසකටත් වැඩි ප්ර්මාණයක් රචනා කොට තිබේ. ඒවා ඔහු ජීවත් වූ යුගයෙහි තබා බලන කළ ආනන්ද රාජකරුණාගේ හෝ මහින්ද හිමියන්ගේ ‍හෝ ජී.එච්. පෙරේරාගේ හෝ කවි තරමට ම විමර්ශනයට පාත්ර් විතු නිර්මාණ බව අපගේ අදහස යි.


පියදාස සිරිසේන කවියට දැක්වූ ඇල්ම නවකථාවට දැක්වූ ආල්ම තරම් ම මහත් වූවකැයි පෙන්වා දෙන සාක්ෂි බොහෝ ය. නවකථාව වනාහි ගද්ය් ප්රෙබන්ධයක් වුව ද කවියෙන් තොර එක ම නවකථාවක්වත් ඔහු රචනා කොට නැත. ජයතිස්ස සහ රොසලින්හි සංගෘහිත පද්යව සංඛ්යානව සියයකට ආසන්න ය. තරුණියකගේ ප්රේදමයෙහි සියයකට අධික කවි සංඛ්යා වක් ද අපට වෙච්ච දේ නවකථාවෙහි සියයකට අධික කවි සංඛ්යාංවක් ද


8 පියදාස සිරිසේන නම් වූ කවියා


දැකිය හැකි ය. බොහෝ විට සිරිසේන‍යන්ගේ පෙම්වතුන් සහ පෙම්වතියන් ලිපි හුවම‍ාරු කර ගත්තේ කවියෙන‍ි.


මේ, විජයදාස නමැති පෙම්වතා වෙතින් කැරොලයින් නමැති පෙම්වතියට යැවෙන ලිපියකි:

“පි පි ප ස න් තඹර දිනු පැහැසර වති නි

 මි ණි ප හ න් 	සදිසි කුල විමනක දිලි			නි
 කැ‍ෙරාල යි න්	නමැති රූබය පිය බඳි				නි
 උ ප නු ප න්	තන්හි නුඹ පතමි සතුටි			නි

අ ස ර ණ මෙමා හට පා හද අදර සො මි එ ස ර ණ දියුණුවට මගෙ වුණ බව කිය මි මෙ ස ර ණ සසර හිමි වන තුරු සිහිකර මි ති ස ර ණ දෙවැනි කොට මගෙ පෙම්බරිය සිත මි

අ වා සන කලෙහි පත් මගෙ රුදුරු දු ක නි වා ලූ රුසිරු පෙම්බරි ගුණ අදි ක ලො ව සින්ට දක්වා ගුණය මහිමෙ ක දෙ වා ලමි සියලු සැප ලොව ඇති නොයෙ ක

ම ගෙ සි ත් මුවා බැඳි ගුණ රන්දමින්ය ස ඇ ඳි සි ත් පයණතෙහි තුනු රූසිරු වෙසෙ ස සි ටි ත ත් අප දෙදෙත දෙපළක මෙන් මෙලෙ ස එ ක් වෙ ත් පණ ‍දනිත් පඬි දන එ අදහ ස

රු සි රෙ න් මයැස වදනින් මියුරු සවන ත ගු ණ යෙ න් මසිත තුටු කළ පිබිදිනි ඉ ත පි හි ටෙ න් මගෙ යසස් වැඩූ නුඹට සිරිම ත ම ප ණි න් පුද කළත් මසිතට පමණ නැ ත


පියදාස සිරිසේනගේ නවකථා එකතුව 9


මි දි යේ රස දනිත් මිදි කෑ නැණැති ද න රැදි පින්සර රුසිරු ගුණ නුවණ එකතැ න මෙදි යේ දු ල බ වෙත්මය නුඹ වැනි අඟ න ම දි වේ ම දිවි දුන් මුත් කළ උදව් ගැ න

වැ ළ ඳ ගෙල බොමින් මුව මී අම සේ ම බො ළ ඳ රස වදන් ලැබ එක පණ සේ ම මෙ ල ද දිවි සපල වෙන්නේ නිසි සේ ම ප ල ද දින තමයි අපගේ එක් වී ම

මේ වගට - ප්රේවමවන්ත වි. අභයවික්රවම”.1


මුක්තලතා නමැති පෙම්වතිය වෙතින් ජයසිංහ නමැති පෙම්වතා ලද කවි පෙම් හසුනකි මේ:

“දි මු තු ගුණ කැළුම් දුර හරණ දුකඳු ර

 අ යු තු	දුසිරි සොර එඩි මැඩ රුපු තඹ			ර
 රු යු තු	සිසි කුමර ජයසිහ තුසර ක				ර
 ප ව තු	සිහල දිව කොඳ විල ‍පමොද ක			ර

වැ ර ස ර මැතිසඳදුග පතමිණි රුවන සෙ ඳ තැ බු ව ර හද විමන දුකඳුර ගියෙ මතු ඳ දු ටු ව ර සරඳ සඳ යම් සේ කිරි මුහු ඳ එ ක යු ර ඔද වැඩි සැප විය මට නොම ඳ

අ ට වස තුරා වෙන් වුණු ඔබ පණ වැ නිය අ ට ලෝ දහම මේ යයි මෙමට දැනු නිය වි ට වි‍ට මා විඳින ලද දුක් සෝ ගි නිය සෙ ට වන ඔබ සිතා සැනසෙනු හැකි වු නිය


10 පියදාස සිරිසේන නම් වූ කවියා


පි ය ක රු දිගඹ කර බැඳි දිමුතු යස හ ර බු දු කු රු දම් පුරන හිමි සඳිනි ගරුත ර දි වි යු රු ඔබ සිතා ගෙන ඉඳමි හැමව ර වැ ඩ ක රු මේ මට කි‍මදෝ ලැබෙන අවස ර ‍ තො ස ප ත් ලොව සතා ලැබ සිතැඟි ඇම වි ට සි රි ම ත් මැති ඉතා සරු සුර තුර සොඳ ට ලැ බු නො ත් මුතුලතා වට වුළඳ ගැනුම ට ඇ ති වෙ ත් රස කතාවක් සිහල දනහ ට

එ බැ වි න් හිමි සඳිනි ‍මගෙ සිසිර කුමරු නී ස ත ති න් ඔබ පතා ගෙන සිටිමි පණ මෙ නී තැ ත අ න් සැපක් පිහිටක් ඔබැර මැතිඳු නී මෙතෙ කි න් ‍මගේ තොරතුරු දත මැන බැති නී

මේ වගට - කීකරු වූ, මුක්තලතා”1


හතර පද පෙම් හසුන් ලිවීම විසි වන සියවස මැද භාගය පමණ වන තුරු අපේ පෙම්වතුන් පෙම්වතියන් අතර ජනප්රිසය සිරිතක් ව පැවතිණ.

පියදාස සිරිසේන කවියා විසින් රචනා කරන ලද මිහිරිතම පෙම් කවි රැසක් ඩිංගිරි මැණිකාහි දක්නට ලැබේ. ඒ කවි අතරින් වඩාත් ජනප්රැසාදයට පාත්රහ වූයේ රංබණ්ඩාර ඩිංගිරි මැණිකාටත් ඩිංගිරි මැණික‍ා රංබණ්ඩාටත් ලිය යැවූ ‍ෙම් පෙම් කවි මාලාවයි:

“ වැ නේ සුනෙර සසලස තරිඳුගෙන් මැ කේ

 පෙ නේ	දවල් තරු එද නොසිතමි නොහැ			කේ
 සෙ නේ	අපෙ කැඩෙනු බැරිමය නැතිය සැ		කේ
 වු‍ ණේ	මේ කිමඳ ‍මගෙ ඩිංගිරි මැණි			කේ


පියදාස සිරිසේනගේ නවකථා එකතුව 11


රූ බ ර සුරඹ සම් මුත් රසබසින් මැ ඩී පෑ ද ර පබල දෑල පිය පියයුරන් දැ ඩී ආ ද ර පියබඳිනි ලිය මැණිකටත් වැ ඩී මැ අර ගියේ කෙලෙසද පෙම් යදම කැ ඩී

ගනනි ල් වලාසඳ නිලපුල් මුතුවැලෙ කා සුහු ඹුල් කෙසෙල් පැල රන්කුඹු සිරිවැස කා මෙසියල් සිය ගතින දරු ඩිංගිරිමැණි කා අකු ස ල් දැඩි බැවින් මෙමගෙන් ගිය වැල කා

ඉ ඳු ව ර දෙකක් ඇති නම් සඳ සම වති නී මු ව ස ර නිතර පිරි රසබස් මුව රදි නී පි ය ත ර ‍මගේ මැණිකේ පණවැනි දෙවෙ නී ම ට හි ර ගේ හොඳයි නුඹ ඉඳිතොත් සැපෙ නී

කෙ ඳ ව න් මහඳ ඔඳකළ මඳ හසි නී සු ප ව න් නුඹෙ උවන දැකුමට නැති බැවි නී එ උ ව න් ‍සම තරිඳු ‍ෙසවීමුත් පෙරපවි නී සැ බ වි න් සඳද දසමසකින්ම නොපෙණු නී

සි හි ලැල් ‍දි‍යසෙ තෙපළන බස රසා ව න ගු ණ දු ල් මගේ මැණිකේ දිගු ඇසා ව න ක ළු ග ල් දැවෙන ගිනි හදතුළ වසා ගෙ න ක ළු ග ල් තලමි දැන් මම නුඹ නිසා වෙ න

මේ සැ ටි ද ළ කිමඳ හඬ කොවුලු ලෙස ය කා පෑ හැ ටි ප ල ‍අහෝ පෙරදින කළ පවෙ කා ඒ කැ ටි ක ළ කඳුළු රෑ දෙවෙහිම දෙස කා මී වි ටි ග ල කුමරි ‍‍ිමගෙ ඩිංගිරිමැණි කා


12 පියදාස සිරිසේන නම් වූ කවියා


දි ය ර ම් ජනක දුව වෙන්විය රුදුරු ව නේ එ ත ර ම් බලය ඇතිනම් කරුමයට අ නේ මෙත ර ම් අපට වුන දුක පුදුම නැත ප නේ වි ම ර ම් කර බලන් මා ගැන නොබිඳ සෙ නේ


නු ඹෙ ව ත සඳපහන් ඇඳ ඇතිරිලි පහ ස ර ස යු ත බොජුන් පසතුරු පියඹ රසබ ස නැතනෙ ත ගත දිවද සවනට මෙ දසම ස ‍ම ගෙ සි ත ඉතින් කෙලෙසට සැනසෙද දිගැ ස


වැ න සු ම් නො වේ දුක සසරෙහි සරන තුරු උ ණු සු ම් නො වේ ගත ගඟ බැස සිටින තුරු පැ ස සු ම් නො වේ රස කවි පඬි අසන තුරු සැ න සු ම් නො වේ ‍මගෙ සිත නුඹ දකින තුරු”



ඩිංගිරි මැණිකා රංබණ්ඩාරට ලිය යැවූ පෙම් හසුන යි මේ:

“ලොව සෙට සතර දත් යුතු ගුණ යෙ න් සා ර

 ස හ තු ට		කළ මහඳ කොඳ පති		පු න් තා	ර
 සැ බ ව ට 	සහතොසින් දිවි කර 		දු න් බා 	ර
 කි ම ම ට 	වුනේ මැතිඳුනි රන් 		බ ණ් ඩා 	ර

පෑ‍ වේ මොන පවක්දෝ හිමිසඳිනි අ නේ කී වේ මා රැගෙන එන්ටද මෙරුදු ව නේ ආ වේ සොරෙකි ඔබ වෙනුවට එ රැදි නේ නෑවේ මහඳ කඳුළෙන් මෙ මොකද වු ණේ


පියදාස සිරිසේනගේ නවකථා එකතුව 13


සු ප ස න් මිණිබිරිය මැතිඳුගෙ දි සා වේ වි ල සි න් පිපි තඹර ගම්පළ දි සා වේ සැ ප ති න් විසුව ඔබ රණහස මු වා වේ ම ම දැ න් වැලහින්නියකි ගල් ගු හා වේ

දෙ න නි සා දු‍දනෙකුට බැඳ කර කා ර ස හ තො සා දෙගුරු අත්හැර පෙම් බා ර ඔ බ නි සා අවුත් මැතිඳුනි බන් ඩා ර මෙ වි ල සා ලදිමි දුක් වෙසෙසින් ගෝ ර

මු ළා වෙන් සොරුට අසුවී එ රැ දි නේ බ ලා ගන්ට බැරිවිය ඔබ සිටපු තැ නේ දු ලා ගුණ රුසිරු බණ්ඩාර මැතිඳු නේ ම ළා දෝ අනේ! ඔබ මා නිසා අ නේ

‍රු දු ගු ණ යු ත් සොරුන් මැද හිමයේ දුකි‍ න ‍කොටිමැ ඳ ප ත් ළදරු මුවදෙනක විලසි න ඔ බ මෙහි ප ත් වේය යන මේ අදහසි න ම ම ත ව ම ත් ඉඳිමි දිවි තොර කර නොගෙ න

රෑ වෙ න එළිවෙන වග මෙ මට නොදැනෙ න මා ම න මෙ ගල්ගෙයි ගණඳුරට සම ව න මේ වු න විපත කිම හිමි සඳිනි ගුණ නැ ණ පා ය න වදෝ තවමත් හිර සඳ දෙදෙ න

දි ය ඇ ස දහම ඔබගෙනි මා දැන ග ත් තේ නි ද හ ස එයින් ලැබ පතිදම රැක ග ත් තේ උ ද හ ස සොරුවෙන්ට පෙර නාවොත් ස ත් තේ ත ව ද ස මසක් පමණයි ආයුෂ ඇ ත් තේ


14 පියදාස සිරිසේන නම් වූ කවියා


සු ර ර ඳ ගෙන්වන්ට පතිවත සමති ය න බ ස අ ද සැබෑනම් හිමිසඳිනි ‍‍සසොබ න ඔ බ ට ද මටද සැපතක් නියතම බැවි න එක ලෙද කෙසරදෙන මම ඉඳිමි නිසැකි න

දු ක් විඳගෙන සොරුන්ගෙන් පතිවත රකි මි වි ක් මය සිහල කුලඟන ඇසෙහි අඳව මි ල ක් ඉතිහස දපණ යස පිළිබිඹු යොද මි දු ක් බව නසන තුරු ඔබමය ‍මගේ හි මි”1


ඩිංගිරි මැණිකා නවකථාව චිත්රිපට ගත කරන ලදුව 1956 දී ප්රගදර්ශනය විමත් උක්ත පෙම් කවි මාලාවෙන් කිහිපයක් ධර්මදාස වල්පොල සහ ලතා විසින් ඉතා මිහිරි ලෙස ගායනා කරනු ලැබීමත් මේ කවිවල ජන‍ප්ර්සාදය තියුණු වීමට හේතු වූ තවත් කරුණකි. සිරිසේනයන්ගේ නවකථාවල පරි‍ච්ඡේද ආරම්භ කිරීම සහ අවසන් කිරීම මඟින් සිදු කෙරුණු අවස්ථා ද සුලබය. මතු දැක්වෙනුයේ ජයතිස්ස සහ රොසලින් නවකථාවෙහි තුන් වැනි පරිච්ඡේදයේ ආරම්භය සහ අවසානය යි.


“ ම රා දුක් දෙමින් ඇඟ මස් වියලා ද

 ත රා ලෙසින් වද දී දඟ ගෙයි ලා				ද
 වි රා ජිත සියලු සම්පත් නැති ‍වේ				ද
 ති රා පඬි එමුත් සත පිළි නොගනී				ද2

ඇ ස ක න දිවෙනි කන බොන කම් රස විදි න ස ත ති න ඉඳුනු නැති නම් සුරෙකුට එමෙ න ගු ණ නැ ණ යුතු අපට බැරි කිමද නොසිත න අ නු ව ණ යිනි කිමෙක පල තොප අත් බවෙ න”3

1. සිරිසේන, පියදාස, ඩිංගිරි මැණිකා හෙවත් වික්රරමපාලගේ පළමුවෙනි වික්ර මය,

    සිංහල ජාතිය මුද්ර ණාලය, කොළඹ, 1945 මුද්රදණය. 90-101 පිටු.

2. සිරිසේන, පියදාස, වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින්.

   ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 1992 මුද්ර ණය, 27 පී

3. -එම- 36 පි.


පියදාස සිරිසේනගේ නවකථා එකතුව 15


පියදාස සිරිසේනගේ සෑම නවකථාවක් ම පාහේ අවසන් වන්නේ ද කර්තෘ වාචක පද්යරයකිනි. I “පි රි දු කිරි සයුර හර ගිර හර යස ස

 වි රි දු	දිත් අරණ අළු කළ තෙදණ රැ			ස
 පු රු දු පර වැ‍ෙ‍ළඩහි ‍‍තෘමගෙ දෙවියනි බ් රැ				ස
 දි නි දු ලෙස සැරද සිරි ලක් දිවි අහ				ස


මු නි ඳු න් සසුන රුකුමට වරලත් පසි ඳු සි හ ලු න් දියුණුවට වැඩ කරන අනුබ ඳු සිරිසෙ න් “සිහළ දෑ පත” පතර කතුරි ඳු ප ත මි න් ලොවැඩ කළෙ මෙම පබඳ අමබ ඳු”1

II “පෑ දු ල පසක් කළ නුවණැති දෙසට ව සේ

 සීහල දෑ කතුරු සිරිසෙන් නමැති ර				සේ
 රෑ දු ල පිනැති සිහලුන් ලක වැඩි වන 				සේ
 “පාසැල පළමු වෙනි” විස්තර ක‍ෙළ නිසි			සේ” 2

III “ප ර ද වන පිණිස සතුරන් මිග දෙ ඩුව

 එ ස ඳ රාජසිහ කුමරුට දුන් ක					ඩුව
 නි බ ඳ බුදු සසුන් රැකුමෙහි පෙම් වැ				ඩුව
 සැ ර ද බර නයන සුර යසිනි නො අ				ඩුව

සු රැ ඳු මුව තඹර සරසවි ඇම අව ස නෙ‍ාම ඳු තැන් කරන සිය දෑ වැඩ පිණි ස කි වි ඳු පියදාස සිරිසෙන් සතිස් ව ස ප සි ඳු කළෙ මෙ මහවියවුල බසැතිර ස”3


1. සිරිසේන, පියදාස, ශ්රී ලංකා මාතා.(මුද්රුත ස්ථානය නො සඳහන් ය) 1957

    මුද්රිණාය, 179 පි.

2. සිරිසේන, පියදාස, පළමුවන පැසැල, ඔරියන්ටල් මුද්ර්ණාලය, මරදාන ඟ

   මුද්රිණය 1954. 95 පි

3. සිරිසේන, පියදාස,මහාවියවුල. ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ 8 1962 මුද්රෙණය, 192 පී 4.

16 පියදාස සිරිසේන නම් වූ කවියා


IV “සේ ස ත සඳ කිරණ කිරනණෙව් යස දිමු ත

 ලෝනෙත සසුන් සුරකින නිතර දිවි යු				ත
 දී	අත රාජසිහ කුමරුන් කළ සම					ත
 මා ඉත කඳ සුරිඳු සැරදේ මුළු දිය					ත

උ තු ම ඟ සුසැඳු සිරිපා මුනිඳු සමතැ ස මතු ලක් සසුන් වැඩුමට සිතැති අදහ ස ක තු ස ඳ දෑ පතර සිරිසෙන් නමැති ර ස “සිතු මිණ රුවන” කෙළෙ සියදන වැඩ පිණි ස”1

V

දි මු තු තුරු මලින් සඳ පලෙහි පළ ලොවේ අ මු තු යසලියක් ඔබ හිමි නිසා මැවේ අ යු තු කුදිටු මැඩුමට හිමිට බැරි නොවේ ප ව තු කඳ සුරිඳු කප් හිමි සිහල දිවේ

බු දු ර දු උතුම් සිරි පා යුග දැරූ හිසිනී පි රි සි ඳු පිළිවෙතෙහි පිළිපන් විදි ලෙසිනී ක තු රි ඳු සිහල දෑපත සිරිසෙන් විසිනී වැ ඩ සි ඳු වන සෙ කළ පබඳකි රස බසිනී”2

ස්වකීය නවකථාවල තීරණාත්මක හා උණුසුම් අවස්ථාවන්හි දී සිරිසේන ගද්යවයෙන් පද්යුයට අවතීර්ණ වනු දක්නට ලැබේ. අෂ්ට ලෝක ධර්ම චක්රදයෙහි ජයසිංහ සහ මුක්තලතා උනුන්ගෙන් වෙන් වී සිට නැවත එක් වීම සඳහා මඟ පාදනුයේ කවියාය.


පියදාස සිරිසේනගේ නවකථා එකතුව 17


“ ම හ මෙ තා පතල කළ බුදු රජ සර ණ

  නි ති ප තා 	වඳින නිති පන්සිල් රකි				න
  මු තු ල තා 	නමැති මම පිය නැති සොවි			න
 මෙය ගො ත	කීමි ඇති තතු නෙ‍ාසඟ මි				න

මහාවියවුල නවකථාව අවසානයේ ධනපාල තෙන්නකෝන්ට නන්දාවතී රූපසිංහ හමු වනුයේ ඇය විසින් රචනා කරන ලදුව ගායනා කළේ මේ කවි පන්තියයි:


“තද අකුස ලා ළඟට ම විත් විඳි න්නට

දුක පමුණ ලා රහසින් දැන නොග			    	න්නට
ගිනි අවුල ලා පිටතින් නොම පෙනෙ			    	න්නට
මට වුණ මුළා බැරි කාටත් කිය				    	න්නට

ප ල දී අකුසලත් පියතුම ළද වය සේ නොරැ දී මරු සමඟ ගිය තැන් පටන් ල සේ නොවි ඳී දුකක් නම් නැත මා මෙදිය කු සේ නො බැඳී පවට නිවසට එබැවින් දිගැ සේ

ස ම ඟි න් කුළුණුබර මගෙ මව් සඳ ගුණැ තී සැ ප ති න් කලක් විසුවෙමි වී අදර බැ තී වැ ඩි යෙ න් සැප ලබනු වස් තෙන්නකොන් මැ තී පැතුවෙන් මට දෙලොව හිස පිට වැටුණු යු තී

නැ ණ යෙ න් ගණිඳු වන් යසසින් පිරි සෝ ම බ ල යෙ න් රවිඳු දිනු තුනු රුසිරැති කා ම සු ප ස න් තෙන්නකොන් අග මැතිඳුනි පේ ම ම ම ව න් කෙනෙකු හට කිම දුක් දෙනු මේ ම


18 පියදාස සිරිසේන නම් වූ කවියා


ප ස් ව ස ක් ඔබගෙ නම රෑ දෙවේ ලේ ලෙ ස් අ ම ක් සිතා සිටියෙමි එකා ලේ ද ස් ක ම ක් නොදත් අඟනෙක් මෙවේ ලේ දු ස් ක ඳ ක් ලබා ඒකෙන් ම වේ ලේ

ලක් ස ත් කෙරෙහි පෑ නිතරම කුළුණු බ ර සක් යු ත් සිරි සැපැති දෙන තිළිණ සුර තු ර එක් මැත් තෙන්නකෝන් මැති සඳිනි ගරුත ර දුක් ග ත් මෙමට ලැබුණේ කඳුළු මුතු හ ර

සොඳ මගෙ මවුත් නැනි විය යන මං ද නැ තේ ල ද මගෙ කිත් රැසත් ගුණයත් ගියෙ අප තේ ව ද මිස එක දිනක් වත් තව ම සැප නැ තේ හ ද වත ඔබෙ පැළෙයි දනිතොත් දුකම සි තේ

එ දා අත රැගෙන සිප රන් මුදුව ද මා න ඳා බස් කියා ආ බැවිනි හිමි තු මා අ දා ගෙන අවුත් දැන් අසරණවු ම මා නි දා ගනිමි කෙලෙස ද දා සැලෙයි ළැ මා

එ න ම ඳ සුළං වැදෙමින් මහවැලි එ ඟ ‍ෙඟ් ත ද බ ඳ පොළොං විස සේ විය ඇඟට ම ගේ මැ ති ස ඳ මෙවන් දුක් දනිතෝතින් ඔබ ගේ නැ ත හ ඳ තිබෙන්නේ උණුවෙයි වෙඬරු ව ගේ

ගු ණ ය ට පැහැදුමෙන් සහ ලැබ ද තිර බ ස ස ර ණ ට නෙ‍ාලදියෙමි පල දී පවක් ව ස ව න සෙ ට තෙන්නකෝන් මැති සඳිනි සහතො ස ම ම හෙ ට නසිමි පවතින් ඔබ සුරිඳු ලෙ ස


පියදාස සිරිසේනගේ නවකථා එකතුව 19


මේ හැරෙන්නට සිය නවකථා තුළ දී කවියෙන් උපදේශ සම්පාදනය කළ තැන් බොහෙමයක් දැකිය හැකිය.

“ දැ හැ මි න් තොරව සැපතකි කිසි තැනක නැ ත

 ස ත ති න්	ඉර සඳ සෙ මේ හැමටම පෙනෙ		න
 ‍එලෙ සි න්	නමුත් අනුවණ අමන ලෙව් ස		ත
 සැ ප ග න්	නට සිතා තද දුසිරිත් කර			ත

දු සි රි ත් කරන මොහොතෙදි අනුවණ බැවි නි හැ ‍ෙඟ‍තත් ඒ සැපක යනු ගුණැති සු‍දනෙ නි ත ද ය ත් පිපාසෙට ලුණු දිය බිව් ලෙසි නි වැඩිවෙ ත් ඔහුගෙ දුක දුසිරිත ද සමඟ නි

ජාතක කථා කර කී තැන් ද දක්නට ලැබේ. අෂ්ට ලෝක ධර්ම චක්ර ය නවකථාවේ ඇතුළත් කර ඇති දීර්ඝ ජාතක පුවත පියදාස සිරිසේන විසින් 1915 දී කොළඹ සිංහල ජාතිය යන්ත්රාතලයෙහි මුද්රිණය කොට ප්රිකාශ කරන්නට යෙදුණු ජාත්යා ලය හෙවත් මහා කපි ජාතකය නම් කුඩා කවි ‍ෙපාත ය. එම කෘතියෙහි 107 වැනි කවිය හෙවත් අවසාන කවිය ද අෂට ලෝක ධර්ම චක්රයයට ඒ අයුරින් ම ඇතුළත් කොට ඇත.

“ පි බි දා සියන් දුක් දැක එය සිඳලා න

 ල ය දා	වැඩ කරන සිත පිරි දිරි මා			න
 පැ හැ දා	ලබනු වස් මතු නැණ ‍මහසේ		න
 මෙ ම දා සරස ‍‍කළෙ බුදු කුරු ගුණ පා		න

මේ කවියෙහි පාද හතරේ පිළිවෙළින් 1,2,3,4, යන අකුරු (මේවා කළු පැහැයෙන් දක්වා ඇත) එකතු කළ විට පියදාස යන නාමය ද 13,14,15,16 යන අකුරු එකතු කළ විට සිරිසේන යන නාමයද සෑදේ.


20 පියදාස සිරිසේන නම් වූ කවියා


කවි 34කින් සමන්විත ‘බිලාර ජාතකය’ විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙ‍ට්ටිය නවකථාවෙහි කවි 26කින් සමන්විත ‘වානරින්ද ජාතකය’ මහේශවරී නවකථ‍ාවෙහි ද දක්නා ලැබේ.

පියදාස සිරිසේන නවකථාවල අඩංගු පද්යව පන්ති හැරුණු කල කේවල පද්යර ග්රලන්ථ කිහිපයක් ද රචනා කොට ඇත.ඒවා නම් ජයවර්ධන ශතකය, කුමාර කව් මල්දම, සමරු සැරේ, නීතිවෙණ්බා, හසුන් මාලාව, ජාත්යාදලය හෙවත් මහා කපි ජාතකය, ස්වර්ණමාලී මහා කාව්යවය ආදිය යි. පියදාස සිරිසේනගේ පද්ය, පන්ති අඩංගු කව් දහස නම් වූ කෘතියක් ද පසු කාළයේදී පළ වූයේය. එහි වැඩි වශයෙන් ඇත්තේ සිරිසේන කවියා සිංහල ‍ජාතිය පත්රසයට ලියූ කවි ය.

පියදාස සිරිසේන විසින් රචනා කරන ලද සකලවිධ පද්යය පන්ති සමූහය විමර්ශනයේ පහසුව තකා මතු සඳහන් පරිදි වර්ගීකරණය කළ හැකිය.

1. පෙම් කවි 2. උපදේශාත්මක කවි 3. ජාත්යාතනුරාගය සහ දේශානුරාගය පිළිබඳ කවි 4. සමාජ දේශපාලන විචාරාත්මක කවි 5. පරිසර කවි

පියදාස සිරිසේන ලියූ පෙම් කවි කිහිපයක් ඉහත දක්වන ලදී. මතු දැක්වෙනුයේ තවත් පෙම් කවි කිහිපයකි.

“ පි යු මෙ ක රත් උවන සෙව් නෙත් බිඟු නිති නී

 ති ස රෙ ක 	යුත් වැඩෙන තුඟු පියයුරු සොබ		නී
 වෙ න සෙ ක	නැත් ම දි වි  රොස්ලින් පිය බඳි		නී
 කෙ දි න ක	අත් වේද නුඔ මට සිතු ලෙසි		නී


පියදාස සිරිසේනගේ නවකථා එකතුව 21


ඊට පිළිතුරු වශයෙන් රොසලින අමරසිංහ රචනා කළ පෙම් කවි යුගළ යි මේ.

“ පිරි සඳ හරණ යස දැරු ගුණ නැණති ති ර

 සිරි	සඳ	නිති වසන පෙම් බැඳි උර මැඳු			ර
 මැති සඳ	‍ජේ.විකුම්සිහ ‍‍මගෙ රුසිරු බ			ර
 හැම සඳ මම පතමි ලැබුමට ඔබ අද 				ර

පි න වා රස බසින් ‍‍මගෙ සිතු ගෙන නොම දේ ද න වා එ සිහි වෙන කොට මැතිතුමනි හ දේ මොනවා සිදු වුණත් මට ඔබතුමා හො ‍ඳේ දෙ න වා ම පණ ඔබ වෙනුවට නිසැක ලෙ දේ

වලව්වක පළහිලව්ව නවකථාවේ නවරත්න සහ ලීලාවතී මැණික් යන පෙම් යුවළ අතර හුවමාරු වූ පෙම් කවි:

“ දි සි ග ත සුරඹ නුමුදා ම වෙත බැඳි ‍සෙ නේ

  ප ති ව ත	රකින පිස දා අදර සිය		ප	නේ
  ම ට නැත	සිහිය මෙ සඳා නුඹට කිම		උ	නේ
  නුඹෙවත	තඹර කවදා දකිනෙම් ද		අ 	නේ

පෙ නේ සඳ මහිම මැද පෑ දිනිඳු ලෙ සේ ක නේ යවුල් මෙන් කොවුලන්ගෙ හඬ ඇ සේ සෙ නේ බැඳි තවම පවතිනවද දිගැ සේ අ නේ පියඹ ගැන මම දැන ගනිමි කෙ සේ


ලීලාවතී මැණිකේ ලියා ඇති පෙම් කවි මෙබඳු ය:


22 පියදාස සිරිසේන නම් වූ කවියා


“ඔ බ ව ත් තඹර පැහැ මුවරද නොග න්නා

 ම ගෙනෙත්	බමර සෝ ගින්නෙන් තැවෙ		න්නා
 දි වි ‍යු ත්		අදර බැඳි හිමි නැති බැවි			න්නා
 බ ල ව ත්		සමර ලිය සැව් ගෙන පෙනෙ		න්නා

පැ ළ ඳ රඳන ගුණ මිණි බරණ හැම ස ඳ ම ල ද පෙර පිනින් රැති පතිවතින් ‍ෙසා ඳ වැ ළ ඳ ඔබ සඳුන් තුර යුත් ගුණ සුව ඳ බොළ ඳ මෙමට හෙටවත් සැනසෙනු හැකි ඳ

පියදාස සිරිසේනගේ නවකථා සඳුපදේශයන්ගෙන් ගහන රචනවෝ වූහ. ඒ සදුපදේශයන්හි ස්වරය ඇතැම් විට කරකශ විය. අනුකාරක සිංහලයන් ගැන කියැවෙන මතු සඳහන් කවිය බලන්න.

“ බෙ‍හලයන්ාති වෙ න කෙනෙක් බොන හින්දා මත් බී ම

 ක ති වෙ න 	කෙනෙක් කනු දැක නුසුදුසු කෑ		ම
 ග ති වෙ න	වෙසක් ලැබුමට වෙන දන පේ		ම
 නැ ති ම ය	ගොනෙක් මිහිපිට සිහලා සේ		ම

“මනුෂ්ය ජීවිතය” නම් වූ පද්යන පන්තියේ දී කවිය විසින් සැපයෙන උපදේශ මාලාවේ ස්වරය මෙබඳු ය.

“ නොසි ත ව් මෙලෝ දිවි තිර එකකැයි මිතු ර

 ස ල ක ව්	දවල් දකිනා සිහිනයක යු			ර
 මෙ මලෙව්	උපන් දන සිය වසරක් අත			ර
 ප ර ලෙ ව්	යන බවත් දැන ගනුව සැක හැ		ර

කා ල ය කෙළවරක් නැත ඉදිරියට ඇ තී ආ ල ය කම් සැපට ‍අපෙ මායිමක් නැ තී පෑ ළ ය තුළ කුළුණු මෙත් පරහිත කැම තී සී ල ය නොරැකියොත් මතු දුකට පත් වෙ තී


පියදාස සිරිසේනගේ නවකථා එකතුව 23


ජාත්යසනුරාගය සහ දේශනුරාගය දැනවීම උදෙසා පියදාස සිරිසේන විසින් ලියක ලද කවි විශාල සංඛ්යායවක් ඔහුගේ නවකථාවල අන්තර්ගත ය. ශ්රීව ලංකා මාතා නවකථාවෙන් උපුටා ගත් මතු සඳහන් කවි විමසා බලන්න. හුදු ජාත්යාලලය පමණක් නොව සදය උපහාසයක් ද ඒවායේ අඩංගු ය.

“ පැ න් ව ත් දන ඉඳිති දන නැතුව සිරි ල ක

 ද න ව ත්		‍දනෝ නොතකති උන් මෙව	ක
 දැ න ග ත්	ගුණ දහම් සමඟින් විඩේ එ		ක
 වැ න සෙත්	ලක් දිවින් ‍අය්යෝ මේ කිමෙ	ක

ජා ති ය රට උතුම් ආගම කුල සිරි ත පී ති ය විලස රැකි සිහලුන් ගෙන් සම ත රී ති ය ලෙසින් පැවතෙන සු‍දනෙනි මහ ත නී ති ය පඬින් සලකනු මැනවි දිවි යු ත

ඩෙබර කෙල්ල නවකථාවෙහි දේශානුරාගය දැනවීම සඳහා කළ පද්ය යකි මේ: “ ස ‍ඳේ මෙන් පතළ පැරකුම් දුටුගැමු ණු

 උ දේ 	සවස මුනිඳුට පසු සිහි කර			නු
 වි දේ	සින්ගෙ දුසිරිත් පිළිකුල් කර		නු
 මෙ දේ 	කරන තුරු නැත වන්නේ දියු		ණු	

මහාවිහවුලෙහි දී සිංහලයා ඔදවත් කිරීම සඳහා කවියා මෙසේ ඉදිරිපත් වේ.

ය ස ස ක් ජාතියට වඩනා පිණිස හි වී ක රුණක් පැමිණියොත් සිහලුනි බියක් නො වී අ බැ ට ක් පමණවත් නොතකා දෙ‍වව් දි වී සැ ප ත ක් ඒ මිසක් වෙන මේ ලොවෙහි නො වී


24 පියදාස සිරිසේන නම් වූ කවියා


සිංහල ජනයා නිද්රාකශීලීභාවයෙන් මුදා ගැනීම සඳහා අප කවියා මෙබඳු කව් ‍කළේය.

“ මි තු රු රැස් කඳින් මුළු දිය දිලෙ න්නා

 තඹුරු 	වෙනෙහි බඹරුන් රොන් සොය		න්නා
 අ තු රු	නැතිව ලෙව් සත වැඩ කරු			න්නා
 සොඳුරු	සිහලු දහවල්හිත් නිද				න්නා

කු සු ම න් සුපුල් මුවරද බී දොඩමළු ව සියොතුන් හඬත් තුර තුර අග බැලු බැලු ව සැ ප ති න් වෙසෙත් කවුරුත් දැන සිති කළු ව සි හ ලු න් නිදන හැටි තවමත් මුළු මු ළු ව


සිංහලයන් හා සුදු ස්ත්රීටන් අතර විවාහය හෙළා දැකීම සඳහා අප කවියා ‘සිංහල ස්ත්රීරන්ගේ වැලපීම’ නමින් කවි පන්තියක් රචනා කළේ ය. එහි ආ එක් කවියකි මේ:

“ සි හ ල ත් සුදු ලියත් එක් වී යන කල ට

 ක පු ට ත්	කොකිත් බැස්සාවැනි නියරක	ට
 දරු‍ වොත්	ඔවුන්ගේ සංකර වී හොඳ		ට
 ව න ස ත් 	පරපුරත් සතුරු ව ජාතිය		ට

පියදාස සිරිසේන තමා හාත්පස සමාජය වෙත දෑස් දල්වා ගෙන ඉතා අවදියෙන් සිටි ලේඛකයකු බව ඔහුගේ නවකථාවලින් ‍මතු නො‍ ව සමාජ විචාරාත්මක කවිවලින්ද දැක ගත හැකිය. රාජ්යහ මන්ත්ර‍ණ සභාව, ඔහු සිය කවි පන්තියක දී හඳුන්වනුයේ “අපේ විහිළු මන්ත්රතණ සභාව” නමිනි. ඔහු මේ විහිළු මන්ත්රිණ සභාව දකින සැටි බලන්න.


පියදාස සිරිසේනගේ නවකථා එකතුව 25


මු ළු දි ය තු ළේ නිදහස් දිනිඳු විය දු ‍ෙල් මෙම සිං හ ලේ වැටුණයි ගන අඳුරුව ලේ රජ මැති පෙළේ රහසින් එක් ව මේ ක ලේ හ බ ර ල අ ලේ වැනි විය අපට දුන් බ ලේ

“මන්ත්රීේන් තේරීම” නමැති කවි පන්තියේදී යහපත් මන්ත්රීාවරයකු තුළ තිබිය යුතු ගුණාංග මොනවා දැයි අප කවියා පෙන්වා දෙයි.

“ ද න ය ත් උසස් කුලයත් සමඟ පුවත ර

 දැ නු ම ත්	ඉංග්රී්සි ආදී සද සත 				ර
 මෙ ම හ ත් 	රජ සෙබට පැමිණෙන්ට ගරු ත		ර
 නොම වෙත්	සුදුසුකම් දැන ගනු මැන මිතු		ර

දැ න ග ත් සඳ සතර වියතුන් සෙවි සුහ ඳ ස ත මෙ ත් කුළුණු යුතු සිය දිවි සෙ හැම ස ඳ ගු ණ ව ත් මහතුමෝ රජ සබයට පබ ඳ පැ මි‍ ණෙත් යම් යෙහෙකි අනිකෙක් නොවේ හො ඳ

මේ අනුව ධනය, කුලය, ඉංග්රීොසි දැනුම මන්ත්රී්කමට සුදුසුකම් නොවේ. කුලුණු ගුණය, වියතුන් සබා මැද සිටීමේ හැකියාව, ශබ්ද ශාස්ත්රට පිළිබඳ දැනුම මන්ත්රීුවරයකු සතු විය යුතු සද්ගුණාංග ය.

“ මහත්වරු” නමැති පද්යත පන්තියෙන් සැබෑ මහත්වරු කවරහු දැයි කවියා මෙසේ අපට පෙන්වා දෙයි.

“සු ව ය ට කම් ගිජුව මුළු දිවි එ නිසා ම

 ග ත කොට සිට මැරෙණ ගම් ඌරකු සේ		ම
 කෙනෙකුට දනය නිල තල පිරිවට බෝ		ම
 ලැබුනට ඔහු නොවෙයි මහතෙක් වන පේ		ම


26 පියදාස සිරිසේන නම් වූ කවියා


පැරණි මන්ත්රීට සභාව අභාවයට ගිය පුවත අප කවියා ‘පරණ මන්ත්රව සභා මුත්තා’ නමැති කවි පන්තියෙහි සදය සිනහවකින් යුතු ව පවසන්නේ මෙලෙ‍සිනි.

“ ගොඩ ම ඩ කුඹුරු ගොයිතැන් වැනසුව සත්තේ

 ගො‍ඩ කොට	වැව් අමුණු වල් බිහි කර		ගත්තේ
 ද ඩ මු ඩ	මිසක් රට දියුණක් නැති 			විත්තේ
 හ ඬ මු ද	මෙනුඹ මැරණට මැති සබ 			මුත්තේ

බෙ‍ාරුවෙන් ජීවත් ‍වන මන්ත්රීතවරුන්ගේ ස්වභාවය ‘මන්තීකම’ නමැති ‍කවි පන්තියෙන් පළ වන්නේ මෙපරිද්දෙනි:

“ උ ප න් තරම මදියයි සංකාර වෙ ‍ච්‍තරා

 මැ ති න්	උවොත් අහසට යනු කිම නි	ච්‍ෙචා
 මෙ දැ න් කියන බොරු බේගල් බස් ඉ	ච්‍ත‍ා
 සි ත න්	නට එපා කිසිවෙක් ලෙස ස	ච්‍ෙචා

සුදු ස්ත්රීතන් කෙරෙහි සිරිසේනයන් තුළ තිබුණු පිළිකුළ හා නො මනාපය “ සුදු ස්ත්රීිහු” නමැති පද්යො පන්තියේදී සුදු ස්ත්රීින්ගේ මුවට නඟා පවසන මේ කවියෙන් පැහැදිලි වේ.

“ හැ ර ල සා ඉවත සිය රට දිගැ සේය

 සු දු නි සා	අපට  කවුරුත් සතො		සේය
 නැ ති නි සා	මඟක් ඉඳිනෙමු මෙලෙ	සේය
 අ ප නි සා 	දිනෙක අප රට වැන		සේය

සිසිර කාලය, වසන්ත කාලය, ග්රී ස්ම කාලය, දුරත්ත, වස්සාන කාලය ආදී මාතෘකා යටතේ අප කවියා පද්යක පන්ති රචනා කොට ඇත.


පියදාස සිරිසේනගේ නවකථා එකතුව 27


සිසිර කාළය

“ කො ඳ ව න පුබුදු වන සුවඳැති නල හම න

 වි හි ද න 	සොමි කැලුම් සඳ තුරු පිරිවරි	න
 තැනතැන	කුඹුරුවල නිල් ගොයම් පූදි		න
‍සසොබන		සිසිර කල් විය ලොවට පියව	න

“ සි සි ර කර වෙසෙස් කැලුමින් දිලි අඹ ර

 බ ම ර 	සතුටු වන කොඳ වන තුළ හැසි		ර
 ස ‍ම ර 	පසවි ගෙන සොයනා විරහ ස		ර
 සි සි ර	කල් ලකල් කල් පැමිණි දිය තු		ර

වසන්ත කාළය

“ සු ර ත් පුල් උවන් කොඳ දත් බබ ලන්නී රු ග ත් මල් සුවඳ නල එ සු සු ම් ලන්නී සැපත් තුල් ලොවට යසිසුරු සල සන්නී ව ස ත් කල් ලකල් කල් අවුදින් ඉන්නී

ග්රීතස්ම කාලය

“ දි නි දා සැඩ රැසින් මිහිතෙත් රස උර ත එ ස දා සිරුරු ඔද ඇදුනෙමි සිනිදු වෙ ත නි බ ඳා සත පෙළන බෙලහීනව දිය ත මෙස ඳා විත් සිටි ගිම්කල් රකුසු යු ත

වස්සාන කාලය “ හි සි නි කඳ ගලන දිය දහර නිරතු රූ බ සි න සයුර තෙක් පිරි ගං හෝ කඳු රූ ත සි න වස් වසන තවු‍සන් සුපියක රූ ව සි න කල සැපෙකි පෙර සතුට දිය ත රූ


28 පියදාස සිරිසේන නම් වූ කවියා


දුරුත්ත “ දු රු ත් තේ දිනක ගලිලේ උපත වූ න මෙ වැ ත් තේ කියති යේසුස් ඇදුරු ගැ න නොමැ ත්තේ උවත් අපහට කිසි කරු න නො ද ත්‍ තේ කවුද නත්තල දැන් වස න

ඉහත දක්වන්නට යෙදුණේ සිරිසේනයන් විසින් රචිත පරිසර වර්ණනා කිහිපයක් ආරම්භක පද්යසයන් ය. මෙසෝ පරිසර වර්ණනාවලට ප්රලවේශ වූයේ වී නමුදු ක්ෂණික ව කවියාගේ සිත එයින් බැහැරට ගොස් අවවාද අනුශාසනා වෙත යොමු වන සැටි බොහෝ විට දැකිය හැකිය. සිසිර වර්ණනයට බට කවිය එහි ලා මෙබඳු කවි ද ලියයිඃ

“ මා හේ කෙත් කපති රටවල ගොවි යෝ ලාහේ ලන්ට වියැටක් දැන් මෙහි නැති ‍‍යෝ දා හේ කෙළක් වැඩි රුපියල් වෙනත ගි ‍යෝ නාහේ නොවිදි ගොන්නුය ලොකු සිංහල යෝ

සිසිර කාලය ගැන රචිත පද්යො පන්තියක සිවු වැනි කවිය ද මෙසේ අවවාදාත්මක සවරූපයක් ගනී:

“ දු සි රි ත් දුගඳ සිරි ලක්දිවින් කර දු රේ සු සි රි ත් සුවඳ විහිදා දසනු දෙස ත රේ ය ස මු ත් හරය බැඳ කල් සිසිර කල් ක රේ නැවත ත් දියුණු වව් පෙර සිංහලුන් යු රේ

වස්සාන ඍතු වැනුම් අවසන් වනුයේ මෙලෙසිනි:


පියදාස සිරිසේනගේ නවකථා එකතුව 29


“ ම හි දි ව ලොවට වැජ සැදු සම්බුදු රජු ගේ සැ ප දි ව පවග සලසන සසුන පණ ව ගේ ළ බැ ඳි ව සුරුකි මුත්තන් සිහි කර අප ගේ අ ව දි ව සිහලු හැසිරෙවි ගුණ දහම් ම ගේ

ක්රිදස්තුන් වහන්ිසේ උපන් මාසය නිසා දෝ දුරුත්ත වනාහි පියදාස සිරිසේනයන් නො කැමැති ම කාලය යි. වර්ෂයේ නිසරු ම කාලයයි. “ ඉ ප දු න නිසා යේසුස් දුරු රට ගලි ල ස ල ක න දනන් ඉඳිතත් මඟුල නත්ත ල ක න බෙන සියලු දේ හිඟ ලෙඩ දුක් බහු ල වෙසෙ සි න නිසරු මෙ මසය මුළු වසර තු ළ

පියදාස සිරිසේනගේ කවි බොහෝමයක් සමුද්රුඝෝෂ විරි‍තින් රචිත එළිසම් පද්යසය ය. එළු සඳැස් ලකුණේ නො සඳහන් ‍එහෙත් කාව්ය්ශේඛරය, බුදුගුණාලංකාරය. ගුත්තිලය ආදී කෘතීන් විසින් ජනප්රි,ය කරන ලද විරිතින් ලිය‍ූ කවි ස්වල්පයක් ද තිබේ. සිරිසේනයන්ගේ කවියෙහි බස බොහෝ විට සම්භාව්යූ සාහිත්ය විසින් සුපෝෂිත බසක් ම විහ. එහෙත් පඬි බසත් ජන බසත් මිශ්රය කොට කවි ලියූ අවස්ථා ද ඇත. විවාහය ගැන රචිත මේ කවි බලන්න.

“ මෙ සේ වසන සඳ ඔහුහට රුසිරු යු තී තොසේ වඩන අඟනක් නැන්සි නමැ තී ලෙ සේ ලොව සිරිත් මව්පිය වී කැම තී ය සේ මඟුල් ‍කා කර දුන් විවා ඉ තී


30 පියදාස සිරිසේන නම් වූ කවියා


දෙපසේ දෙමවුපියන්ගෙන් ලත් දන කඳි නී සැපසේ වසන සඳ මෙදෙදෙන සිතු පෙමි නී ල ප සේ සඳ නොවෙන් වී විසුවෙන් නිති නී අ ප සේ වෙන කෙනෙක් නැත ඔවුනට හැඟු නී

ඉඳුරා ජන කවියෙන් ආශාසය ලබා ලියූ කවි ද සිරිසේනයන්ගේ රචනා අතර දක්නා ලැබේ.

“ ටික ටික තමයි බීවේ ම හිමි සඳ සුරා ටික ටික දවස දවසින් වැඩි වුණයි සුරා ටික ටික රැකුම් මග ඇරුණා නිසා සුරා ටික ටික දිළිඳු බැව් අපහට දුනිය සුරා

පමණ නැත අනේ මා කෑ ගුටි ඇනි ලී පමණ නැත හිසේ හැළු උණු හොදි ඇති ලී පමණ නැත විඳපු දුක් ඇඳි රෙදි වැර ලී ප ම ණ නැත කියන්නට මා මුව සිය ලී

“ පු රා ලොව සසක් කැලුමැති වුණේ යා හැ රා දු ක පසක් සැප හැම තැනේ යා තු රා ම ල් ගසක් නැත නොපිපුණේ යා වි රා ජි ත වෙසක් සුමඟුල් දිනේ යා

“ ක න් ඩ ත් බැරිය ලැබුණත් මුව බැටළු දරු

   බොන්ඩත්	බැරිය දිය සිටිතත් ජලය	තුරු

ඉ න් ඩ ත් බැරිය දොළ දුක් ගායෙන් න පුරු වෙ න් ඩ ත් බැරිද පිහිටක් හිමි සඳුනි ගරු


පියදාස සිරිසේනගේ නවකථා එකතුව 31


මතු දැක්වෙනුයේ ද අප කවියා, ජන කවියට ළං වූ තැනෙකි.

“ කේ න් තිය වැදි හොඳටම බොමින් සු රා පා න් කියන්නට බැරි කල එයි ගෙද රා මේ න් මළ යකෙක් කියමින් ඔහු සොඳු රා හා න් සිය වෙන්ට සැලසුවයි සොඳු රා

ත ද ලෙ ද සුරා බී ජේමිස් එන කල ට ම න න ද ගුණැති නැන්සී ළඳ කුළුණු කො ට ලු ණු කැ ඳ උයන කල හාමත් දරුවන් ට සි හි ය ද නොමැති යකු වැනි ඔහු එදැක සි ට

මොනවඳ බැල්ලියේ ඔය කියමින් නොප මා උණුකැඳ වළඳ ඇර ගෙන ඇගේ හිසේ න මා ත ද බ ල ලෙසින් ගුටි දුනි සුතනට ද සැ මා මෙ මසඳ නැනිසි දුක් විඳිමින් නොමැති නි මා

මෙසෝ සිය නවකථාවලට තමා ලියූ කවි බහුල ලෙස අන්තර්ගත කළ පියදාස සිරිසේන ඉනිදු නො නැවතී බොහෝ විරන්තන කාව්ය යන්ගෙන් ද පද්ය උපුට ගත්තේය. නිදසුනක් ලෙස පසන් නිවස නවකථාවෙහි සිරිසේනයන් ලියූ කවිවලට වඩා ඇත්තේ කාව්යදශේඛරය, සුභාෂිතය, සඳකිඳුරාකව, මනමේ කතාව ආදී කෘතිවලින් උපුටා ගත් කවි ය.

මේ හැරෙන්නට ඩිංගිරි මැණිකා සහ පළමුවෙනි පාසල නවකථාවල කාව්යරශේඛරයෙන් උපුටා ගත් කවි ද ඉෂ්ට දෙවියා නවකථාවේ පත්තායමේ ලේකම්ගේ කවි ද දක්නට ලැබේ. මහේෂ්වරී නවකථාවේ ජනකවි 35 ක් පමණ ඇතුළත් කර තිබේ. ඒවා හඳුන්වා ඇත්තේ කිරිහාමි නැමැත්තා පවසන “ වන්නිය පැත්තේ මිනිසුන් කියන සිව්පද” වශයෙන‍ි.


පියදාස සිරිසේන සිය නවකථාවලට මෙසේ කවි ඇතුළත් කළ හේතු ඇතැම් විට ඔහුගේ මුවින් ම පැවසී ඇත.

“අපේ බෝධිසත්වයන් වහන්සේගේ චර්තයත් සංක්ෂේපයෙන් කියන්ට කල්පනා කොට එය කටපාඩම් වන පිණිස කවියෙන්ම කීවෙමි”

“ මගේ මිත්රයයන්ට ටිකක් ප්රකබෝධ ගතියක් ඇති කරුණු පිණිස”

“ ගිහිගෙට බැඳි භාර්යාවන් ලෙස සැප සේ කල්ගත කිරීමට බලාපො‍රොත්තු වන සියලුම ස්ත්රීලන් විසින් මේ රසවත් කවි අට කට පාඩම් කරගෙන විවේකව ඉන්න‍ා වේලාවේ චිත්ත දෞර්මන්ය්් ය දුරුකර ගැනීමටත් සමඟ කිවයුතුය.

“ සුනන්දාවගේ දැකීම කවින්ගේ භාෂාවෙන් මිනස ප්රදකාශ කිරීම උගහටය.

පියදාස සිරිසේන නවකථා ලියූ යුගය සිංහල කවිය පිළිබඳ මහත් වූ ප්රසබෝධයක් පැවති යුගයකි. ඒ බව සිරිසේනයන්ගේ සමකාලිකයන් වන බෙන්තොට ඇල්බට් ද සිල්වා. ඇල්. අයිසෙක් ද සිල්වා යන අයගේ නවකථාවලට කවි ඇතුළත් වීමෙන් ද නූර්ති නාටකවල කවි ගහන වීමෙන් ද එවක ජනප්රි ය පුවත්පත් වූ ලක්මිණි පහන, ලක්රිවි කිරණ, සරසවි සඳරැස, ඥානාර්ථ ප්රිදීපය, කවට කතිකයා, කවට දූතයා, කවට දක්ෂයා වැනි පුවත්පත්වල පත්ර්යේ නමට යටින් සිය පරමාර්ථය විදහා දක්වන කවියක් ඇතුළත් කරීමෙන් ද පෙනේ.


නවකථාවලට කවි ඇතුළත් කරීම සම්බන්ධතයෙන් අදහස් ඉදිරිපත් කරන මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න “අකුරු කවි පන්ති ආදිය නිසා නවකථාවක කලාත්මක භාවටය සිදුවන්ගේ දැඩි හිනියකි. කවි පන්ති ඉදිරිපත් කරීම අවශය අංගයකැසි සැලකූ නවකථාකරුවන් අතින් බොහෝවිට බිහි වී ඇත්තේ එක්තරා ප්රූබන්ධ කථා විශේෂයක් මිස නවකථා නමින් හැඳින්විය හැකි කලාත්මක නිර්මාණ සමූහයක් නොවේ.” යැයි පවසන අතර ම පුවත්පත් කර්තෘවරුන්ගේ නාට්යන කර්තෘවරුන්ගේ මතු නොව ආගමික, සාහිත්යිත මාතෘකා යටතේ වාද-විවාද කර ගත් වාදකරුවන්ගේ පවා ප්රපබල අවිය බවට පත් ව තිබුණු කවිය අමතක කර දැමීම නිසා ඒ. සයිමන් ද සිල්වාගේ මීනා වැනි සමකාලීන නවකථා, “ජයතිස්ස රොසලින්” තරම් ජනප්රි ය නො වූ බවත් පෙන්ව‍ා දෙයි.