පියදාස සිරිසේන නවකථා එකතුව- 02/විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය i

විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

හෙවත් වික්‍රමපාලගේ දෙවන වික්‍රමය


සංඥාපනය

සංස්කරණය

මේ ‘විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය ‘ ප්රමථමයෙන් ප්ර සිදධියට පමුණුවන ලද්දේ වර්ෂ 1919 ඔක්තෝබර් මස 10 වනි දීය. ග්රදන්ථ කර්ථාවරයා ඔහුගේ ප්රනථම සංස්කරණයේ ඇතුළත් සංඥාපනයෙහි මේ ග්රෝන්තය පිළිබද මෙසේ සදහන් කරයි.

   	   “මේ වනාහි අප විසින් ලියන්නට ආරම්භ කරන ලද අභිනව ප්ර්බන්ධ පංක්තියේ දෙවෙනි පොතය. ‘පරික්ෂ්ක ප්ර්බන්ඛ’ නමැති මේ කථා වර්ගයෙන් රටේ පවන්නා ගුප්ත කරුණු එළි කරන්ටත් රට වාසින්ගේ සදාචාරයට බාධක බලවත් අයුතු ක්රිපයා මර්දනය කරන්ටත් පිළවන. යුරෝපයේ හා ඇමෙරිකාවේත් මේ වර්ගයේ කථා දෙතුන් සියය බැගින් මාස්පතා ප්රිසිද්ධ කරණු ලබති. දේශපාලනය. අර්ථ සංවර්ධනය, සදාචාරය, ජාති මමත්වය, ආදිය සාමාන්යි ජනයාට ඉගැන්වීමට තිබෙන උපාය මේ ප්රුබන්ධ කාථා බව අපට අවබෝධ වූයේ පාඨශාලාවකට යන කාලේදිමය. එවක් පටන්ම පැවති අදහස පරිද්දෙන් අපට ඇති ස්වල්ප විවේක කාලය පරාර්ථයෙහි යොදවන ලදි.

වර්තමාන බෞද්ධ භික්ෂුපන් වහ්නසේලා අතර පවත්නා සමහර වැරදි අදහස් ඇදිය මේ කථාවෙන් ප්රනකට වේ. එසේ කරන ලද්දේ මහා සංඝරත්නය කෙරෙහි අගෞරවයකින් නොව බලවත්ගෞරවයෙන්මයි. අප දන්නා අන්තිම දුශ්ශිල ශ්රහමණ ප්රරතිරූපකයෙකුටවත් පුද්ගලික වශයෙන් කිසිම ගැරහුමක් මෙහි නොකළමු. නමුත් සාමාන්යි වශයෙන් පවත්නා තද වැරදි ස්වල්ප වශයෙන් දක්වන ලදි. අපගේ කුලදේවතාවූ. අපේ ආචාර්ය ප්රාදවාර්ය වූ අප ජාතියත් ශාසනයක් අරාක්ෂාම කරණ උතුම් භික්ෂුතන්වහන්සේලාට මේ පොත නිසා ගෞරවයක් මිස අගෞරවයක් නොවේය යි අපේ ඒකානත් අදහසය. තවද මේ පොත ලිවීමේදි අප කල්යසණ මිත්රව ස්වාමින් වහන්සේලා කීප නමක්ගෙන් උපකාර ලැබුන බවද නොමසුරුව කියමු. මේය කියවිමෙන් ඇතිවන ප්ර්යෝජන පණ්ඩිතමානි කුහකයන්ට නොතේරේ. දැන් ඉන්නා සිංහලයන්ගෙන් වැඩි පිරිසකට මෙයින් අදහස් කරන ලද ප්රේයෝජන ගන්ට බැරි වුවත් මීලඟට ඇතිවන පරම්පරාව අපේ අදහස් පරිද්දෙන් මින් ප්ර‍යෝජන ගණු හෙයින් දැන් අපට මේ නිසා ඇතිවන ප්ර ශංසාව හො අප්ර්ශංසාව කාරණයක් නොවන බව මතක් කරමු’ යනුයි. මේ නිකුත් වන පස්වන මුද්ර්ණය අප විසින් ප්ර කාශයට පමුණුවන්නේ දැන් බොහෝ සිංහල කියවන්නවුන්ගේ ප්රරයෝජනය පරිදිය. මෙහි ඇතුළත් කිසිවක් කිසිම පොත පතකට හෝ අන්යි කිසිවකට නොගත යුතු බවත් මෙහි සම්පුර්ණ අයිතිකම් අප සතු බවත් සෑම කෙනෙකු විසින්ම සැලකිය යුතුය


ආරියපාල සිරිසේන.

වර්ෂ 1960 සැප්තැම්බර් මස 20 වෙනි දින

මහරගම

සේනානි දීය


01.පරිච්ඡේදය

සංස්කරණය

වෛ ශාබොත්සව දිනයෙහි අටසිල් සමාදන්ව අනිත් පුණ්ය කර්ම කිරිම මගේ සිරිතකි. ෂට්වර්ණ කොඩි එසිවීම, පහන් දැල්වීම, මල් පිදීම ආදි පූජාත් රත්නත්රවය වැදීම හා රත්නත්ර යේ ගුණ සිහිකිරිමත් ඉන් ඉක්බිති වන්දනාදිය සදහා යන අයටත් යාචකාදින්ටත් අන්නපානාදියෙන් සංග්ර හ කිරිමත් මහජනයා රැස්වන තැන්වලදි මා දත් තරමින් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උදාරතර චරිතය කියාදිමත් වෙසක් මඟුල් දවසෙහි කරන පුණ්යේක්රිරයාවන්ය. බදාදා මුඵ දවසම මේ පුණ්ය්කර්ම සදහා ගතකොට බෘහස්පතින්දා වෙන කටයුතු වලට නොගොස් විවේකවම ගෙදර සිටියෙමි. එදා වතුර නා කා බී පොතත් බලමින් සිටින විට සවස දෙකට පමණ වයස්ගත හාමුදුරුනමක් මා සම්භවීමට ආයේය. මගේ ගෘහයේ සංඝයා වහන්සේලාටම වැඩ සිටිම පිණිස වෙන් කරණ ලද සුදු ඇතිරිලිවලින් සැකසු අගනා කඵමැදිරිය අත්පුටු හතරක් තිබෙන බැවින් මේ මහලු ස්ථවිරයන් වහන්සේ ඉස්තෝප්පුවට ගොඩනැගුණු හැටියේම හුනස්සෙන් නැගිට උන් වහන්සේ සමග ඇතුල් ශාලාවට ගොස්, වැඩඉන්ට සලස්වා නමස්කාරකොට ඉක්බිති දැහැත් හෙප්පුවක් ද පිළිගන්වා එකත් පසෙකින් නීච ආසනයක වාඩිවී, හාමුද‍ුර්වන් වහන්සේ පැමිණියේ කුමක් සදහා දැයි ගෞරව සහිතව ඇසුවෙමි. මා විසින් හාමුදුරුවන් කෙරේ දක්වන ලද ගෞරවය ගැන සුතුටුවු ඒ ස්වාමින්වහන්සේ” මහත්මයා සම්භවෙන්ට එන කොයි සංඝයාටත් මේ මට මෙන්ම ගරු බුහුමන් කරන්නෙහිදැ”යි මගෙන් ඇසුයේය. “එසෙය ස්වාමිනි, මේ ඔබ වහන්සේට විශේෂයෙන් නොකෙළෙමි. දැන් සම්මතව පවත්නා චිවරය පොරවාගත් කාටත් මගේ ස්ථානයේ ඉතාමත් භක්ත්යාිදරයෙන් ගරු බුහුමන් කිරිම මගේ යුතුකමකි.මගේ යුතුකම් කොයි කාරණයේදිත් මගේ මුඵ ශක්තියෙන්ම ඉෂ්ට කිරීමට මම හැම වේලේම වීරය කරන්නෙක්මි”යි කිවෙමි. මා කෙරෙහි බලවත් පැහැදිමකට පත් ඒ මහලු භික්ෂුමන් වහන්සේ මදක් කනගාටු සහිතව මෙසේ කියන්ට පටන් ගත්තේය. “මහත්මයාණෙනි, මහත්මයාගේ සූරවීර භවයත් අවංක භාවයත්




388 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

අසා අතිශයින් පැහැදි සිටියෙමි. අද මහත්මයාගේ රූපයත් ගති ක්රිටයාදියත් ඇසින්ම දැක ඒ කලින් පැහැදිම ස්ථිර බවට පැමිණියේය. මා මෙහි පැමිණියේ මට සිද්ධවුනා වු බලවත් විපතක් මහත්මයාට දැනුම් දි, මහත්මයාගෙන් සැනසිල්ලක් ලබාගැණිමටයි. ඉතින් කාරණය විස්තර වශයෙන් කියන්ට අවකාශ දෙතොත් කියන්නෙමි”ය කීය. මේ දවස්වල මට වැඩි වැඩකුත් නැති බැවින් “රහසක් පරික්ෂා කරිම” බව සිතී “ඔව් හොදයි හාමුදුරුවනේ කියන්ට. පිළිවන් එකක් නම් කරන්නෙමි. කීවාට වරදක් නැහැ” කී පසු හාමුදුරුවෝ මෙසේ කියන්ට පටන් ගත්හ. “මුදල් හදල් සම්බන්ධව මහණුන්නාන්සේලා මැදිහත්ව ක්රිටයා කිරිම වරද යයි මට ‍චෝදනා කරන්ට එපා. මම මුදල් සම්බන්ධව කටයුතු කළේ වෙන කාරණයක් නිසා නොව අපේ පන්සලේ ගොඩනැගිලි දියුණු කිරිමටයි. නමුත් මගේ මෝඩකම නිසා ඒ කිසිම කටයුත්තක් ඉෂ්ට වුනේ වත් මුදල් ටික ආරක්ෂා් වුනේ වත් නැත. දැන් නම් කරන්ට දෙයක් නැත. මගේ මුදල් බොහෝ දීර්ඝ කාලයක සිටම අපේ ගුරුවරයන් වහන්සේගේ කාලයේ පටන්ම ඒකකාසු කොට තරකරන ලද විශාල එකකි. මට මතක හැටියට එහි රුපියල් තිස්පන්දාහක් පමණ ගණනක් තිබුණේය. “අපේ පන්සලේ විහාර ගෙයත්, ධර්මශාලවත්, ලැගුම් ගේකුත් යන මේ සියල්ල හොඳින් තනවා ගැනීමට ඉතාමත් පරෙස්සමෙන් විය්‍ර්‍යයෙන් එකතු කළ මුදලකි. මේ මුදල් පෙට්ටිය මගේ කාමරයේ මගේ අල්මාරියේ හොද යතුරු වලින් වසා ආරක්ෂා ඇතිව තබා තිබුණු එකකි. මා පන්සලේ නැති දිනට අපේ කුඩා උන්නාන්සේ සරණපාලට මිස වෙන කිසිවෙකුට මේ කාමරයට යන්ටවත් බැරිය. ඉතින් අල්මාරියේ යතුරත් නොකඩා මාත් පන්සලේ සිටින දිනකදි දෙවෙනි දවල් මේ මුදල් පෙට්ටිය නැතිවුණු බව මගේ කල්පනාවය. මේ පුදුම සොරකම ගැන සැක කිරිමට කෙණෙක් ද නැත. අපේ පන්සලේ මේ තරම් විශාල මුදල් පෙට්ටියක් තිබෙන බව මා මිස අන්යු කිසිවෙක් ද දන්නේ නැත. ඉතින් මහත්මයෝ මේ මුදල් පෙට්ටිය සොයා දුන්නොත් මහත්මයාට නිවන් සැප ලැබේවිය”යි විමලතිස්ස හාමුදුරු‍වෝ ඉතා කනගාටු සහිතව මා ඉදිරියේ ප්ර කාශ කළහ. මම නිතරම පිළිවන් තරම් ප්රීලතියෙන්ම කාලය ගතකරන්නෙක් බැවින් හාමුදුරුවන් නිවන් දැකීමට කරගන්නට කී පුණ්ය කර්මය ගැන සිනාසි “ හොදයි හාමුදුරුවනේ - නිවන් දැකීම දැන්මම ඕනෑ වැඩක් නොවෙයි. යම් විධියක්න හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය සොයා



පියදාස සිරිසේන නවකථා එකතුව 389

දුන්නොත් මට කීයක් තෑගි වශයෙන් දෙන්ට කැමැත්තෙ හි දැ”යි ඇසුවෙමි. එවිට හාමුදුරුවෝ මදක් කල්පනා සහිතව සිට “මහත්මයා ඒ මුදලෙන් රුපියල් පන්දායක් ගත්තත් මගෙන් වරදක් නැහැ” යි කීයේය. “ස්වාමිනි. මුදල් පෙට්ටිය සොයා දුන්නාම රුපියල් පන්දායක් ගන්ට කීවේ ඊට වැඩි ගණනක් දුන්නොත් තමුන්නාන්සේට පාඩුවේය කියා සිතාගෙනද? රුපියල් තිස්පන්දාහකට අඩු නොවන මුදලක් ලැබෙන විට රුපියල් දහ දොළොස්දාහක් එයින් කෙණෙකුට දීම නුසුදුසු කියා තමුන්නාන්සේ සිතන්නෙහිද”යි ඇසුවෙමි. එවිට හාමුදුරුවෝ මගේ මුහුන දෙස තව වරක් බලා “මහත්මයාණනි, හොදයි මුදල් පෙට්ටිය සොයා දුන්නොත් රුපියල් දසදහසක් දිමට මම පොරොන්දු වන්නෙමි. ඉතින් මහත්මායට ඒ ගැන මගෙන් උවමනා කරන්නේ කුමක්දැ”යි ඇසුයේය. මේ වේලාවෙදි හාමුදුරුවන් සහඟ වැඩිපුර බණ දහම් කථා කරන්නට යාම ප්රාඥාගෝචර නොවන බව සලකා මට පොරොන්දු ඔප්පුවක් ලියා දුන්නෝත මුදල් පෙට්ටිය සොයන්ට වීර්ය කරන්නෙමි යි කීවෙමි. ඉතින් විමලතිස්ස හාමුදුරුවන්ද සතුටුව මාත් සමග එදිරිසිංහ නොතාරිස් මහතා ලඟට ගොස් නීතිප්රුකාර පොරොන්දු ඔප්පුවක් ලියවා අත්සන්කොට ඉක්බිති එදා රාත්රිප මගේ වාසස්ථානයේම හාමුදුරුවන්වත් නවත්වා ගතිමි. එසේ මට හාමුදුරුවන් නවත්වා ගන්ට උවමනා කළේ මේ පලහිලව්ව සම්බන්ධව දැනගත යුතු සියලු තො‍රතුරු දැනගන්න පිණිස බව සැලකිය යුතුය. රාත්රියයට හාමුදුරුවන්ට සුදුසු ගිලන්පස පිළිගන්වා මගේ ඇද සූදානම් කොට හාමුදුරුවන්ට සැතපෙන්ට සලස්වා ඒ ලඟින් ම බීම පැදුරක් එලාගෙන මම එහි හාන්සි වී හාමුදුරුවන් සමග මෙසේ කථාවට පටන් ගතිමි. මම - හාමුදුරුවන්ගේ පන්සලේ හික්ෂුනන් වහන්සේලා කී නමක් වාසය කරත් ද? හාමු - මාත් සමග පස් නමකි. මම - ඒ හතර නමම හාමුදුරුවන්ගේ ගෝලයෝ ද? හාමු - එක නමක් මගේ ගුරු හාමුදුරුවන්ගේ ගෝල නමකි. අනිත් තුන්නම මගේ ගෝලයොය. එයින් එක් නමක් “ අන්ය ජාතික” නිසා ඔහු ගැන මගේ වැඩි සැලකිල්ලක් නැත. පන්සලේ අධිපතිකමත් අයිතිකමත් පවරාදෙන පිණිස මගේ බෑනා වන ළමයෙකු හතර අවුරුද්දකට පෙර මහණ කෙළෙමි. ඒ කුඩා තැනගේ නම සරණපාලයි. මගේ එක ගෝලයෙකුගේ නම



390 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


වනරතනයි. අනිත් ගෝලයාගේ නම සොභිතයි. මගේ ගුරු හාමුදුරුවන්ගේ ගෝලයාගේ නම ධම්මරතනයි. ඉතින් මේ විස්තර මහත්මයා‍ට උවමනා කරායයි සිතාගෙන කීවෙමි. මම - බොහොම හොදයි. හාමුදුරුවෝ විස්තර වශයෙන් කාරණාව ප්ර්කාශ කළ එය හොදයි මට කාරණා රාශියක් දැනගන්ට උවමනාකර තිබේ. හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන්ගේ ගෝලයා වන ධම්මරතන උන්නාන්සේ පන්සලේ අයිතිවාසිකමක් බලාපොරොත්තු නැද්ද? ඒ උන්නාන්සේට යුක්ති වශයෙන් තමුන්නාස්සේගේ ම ගෝලයන්ට තරම පන්සල සම්බන්ධ අයිතිවසිකම් නැද්ද? හාමු - අයිතිකම තිබේ. නමුත් මගේම ඥාති කෙනෙකුට එය පවරාදිම අපේ පරම්පරාවේ සිරිතයි. මගේ හාමුදුරුවෝ නම් අපේ බාප්පයි. මට පුද්ගලික වශයෙන් ඔප්පුවක් පිටම පන්සල පවරා දි තිබේ. දැන් මගේ කල්පනාවත් මගේ බෑනා වන සරණපාලට පන්සල පවරා දිමයි. මම - හොදයි “අන්යර ජාතිය” ගෝලයයි කී සොභිතට පන්සලේ අයිති කමක් නැද්ද? ඒ උන්නාන්සේ ඒ ගැන බලාපෙ‍ාරොත්තුවක් නැද්ද? ඒ අන්ය ජාතියක කීවේ දෙමළ,ඉංග්රීොසි ආදි ජාතියක්ද? නැතහොත් සිංහල ජාතියට ම අයිති “අන්යේ ජාතිය” කට ද? හාමු - ඔව් සිංහල ජාතියේම “සලාගම ජාතියේ” කෙනෙකි. මගේ ගජ මිත්රතයෙක් හිටියා ඔන්දිරිස් සොයිසා කියා. ඉතින් උන්නැහේගේ ඕනෑ කමට උන්නැහේගේ ප්ර ත්රොයෙක් වන ඔය සෝහිත මහණ කෙළෙමි. අපි අමරපුර නිකායේ නමුත් ගොයිගම නොවන මහණුන්නාන්සේලා ගැන මගේ වැඩි සැලකිල්ලක් නැත. මම මේ ඇත්ත කියන්නේ මහත්මයාත් “ගොයිගම ජාතියේ” නිසායි. මම - ඔය ජාති, කුල, ගෝත්රත සම්බන්ධව මම හාමුදුරුවන් සමග කිසිවත් කථා නොකරමි. ඔය කියන සොභිකගේත් සරණපාලගේත් වනරතනගේත් වයස කියන්ට පුඵවන්ද ? හාමු - වනරතනට අවුරුදු 23 යි. සරණපාලට 21 යි. සෝභිතට 25 යි. ධම්මරතනට 34 යි. ඔයින් යමක් කමක් උගතා වනරතනයි. මම - හොදයි හාමුදුරුවනේ, ඒ සම්බන්ධ තො‍රතුරු දැනට ඔය ඇති, ඔය නැතිවුන මුදල් පෙට්ටිය එකතුකර ගත්තේ කොහොමද?


පියදාස සිරිසේන නවකථා එකතුව 391

හාමු - අපේ හාමුදුරුවෝ බොහොම දක්ෂයෙකි. රුවන්වැලි චෛත්ය් රාජයා වෙනුවෙන් පින්කමක් ආරම්භකොට ලංකාවේ ප්ර ධාන මහතුන්ගේ නම් ගම් යොදා පින් පත්රට පණස් දාහක් විතර අච්චුගසා රට මුඵල්ලේ විසුරුවා හැර විශාල සම්මාදමක් එකතුකර ගන්නා ලදි. ඒ මුදල එකතු කිරිමේ නියුක්ත ගිහියන් දෙදෙනෙකුත් මහණුන්නාන්සේ කෙණෙකුත් වංචා නොකළහු නම් පිනකම පැවති දවස්වල ලැබුණු රුපියල් හත්දාස් අටසියය ඇර රුපියල් තවත් විසිදාහක් තරම් ලැබෙන්ට තිබුණා. නමුත් පිටින් ලැබුණු සම්මාදම් රුපියල් නවදාහකුත් පින්කම කෙරුණු තුන් දවස තුළ ලැබුණු රුපියල් හත්දාස් අටසියත් යන මේ රුපියල් 16,800 යත් ඊට ඉස්සරින් හා පසුකාලයේදිත් අපේම පන්සලේ පින්කම්වලදි ලැබුණු මුදල් ආදියත් සමග ගුරු හාමුදුරුවන් අපවත්වෙද්දි රුපියල් තිස්දාහක් තරම තිබි ඒ සියල්ලම මට අයිතිවුනා. ඉන්පසු අපේ ප්රතධාන දායකරාල පොලිස් විදානේගේ උදව්වෙන් මව්සින් ම රුපියල් 7000 ක් තරම සම්භ කළ බව මට මතකය. ඉතින් අවුරුදු තිහක් තරම කාලයක් මුඵල්ලේ එකතු කරන ලද මේ මුදල එක පාරටම නැතිවීම ඉවසිය හැකි එකක් ද? මම - ඔව් බොහොම අමාරුයි. දැන් ඔය කී විස්තර මට ඇති. තව උවමනා යමක් නැවත් අසන්නෙමි. දැනට හුඟක් රැබෝවි තිබේන නිසා නිදාගනිමු. විමලතිස්ස හාමුදුරුවොත් මමත් ඒ කාමයේ නිදාගතිමු. හාමුදුරුවෝ සුසුම් ලමින් නිදාගත් නමුත් මම මට පුරුදු ගාථා සතර කියා රත්නත්ර යේ ගුණ සිහිකරමින් සුවසේ නිදාගත් බව අසන මේ කියවන මිත්ර යන්ට පුදුමයක් වෙන බව මෙහිදි මතක් කරමි. පසුදින උදේ ද‍ානය වැළඳු පසු විමලතිස්ස හාමුදුරුවෝ යන්ට ගිය හ. මම එදා දවල් මගේ නොයෙක් වර්ගයේ ඇඳුම් ආදි උපකරණ ඇති පෙට්ටියක් රැගෙණ මිනිරන් ගැණීමට ඇවිදින බ්රෝ්කර කෙනෙකුගේ වේශය ගෙණ දවල් දෙකේ දුම්රියෙන් කඵතරට පැමිණියෙමි. මා මිත්රේයෙකුගේ ගෙදරට ගියත් ඒ වේලාවේ සිට වේශය නිසා මා අඳුනා ගැනීමට නොහැකි වන බැවින් හෝටලයකට ගොස් කීප දිනක් එහි නැවතීමට ඉඩ ලබාගෙන එක් කාමරයක මගේ පෙට්ටිය තබා රාත්රි භෝජනයට එන බව කියා විමලතිස්ස හාමුදුරුවන්ගේ පන්සලට ගියේමි. මා යන කොට එතන බලවත් කැළඹීමකි. විමලතිස්ස



392 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

හාමුදුරුවෝ මා සම්බවීමට කොළඹ එන විට එහි සිටි සෝහිත එදින රාත්රිල සිවුරු හැර ගොසින්ට. හාමුදුරුවන් දවල් පන්සලට අවුත් තමාගේ පෙට්ටිය මොහු විසින් සොරකම් කරණ ලද්දේ යයි ඒ සැඟවි යාම නිසා ඔහු ගැන සැක කරන ලදි. දීර්ඝ කාලයක් එකතු කළ විශාල මුදල් පෙට්ටිය තැතිවීමත් ගෝලයා පලායාමත් යන කාරණා දෙකින්ම සිතට අමාරු පැමිණ සිට විමලතිස්ස හාමුදුරුවන් සිට නැනට මා ගොස් වැද එකක් පසෙක සිටි නමුත් කිසිම පලක් නොවීය. ඉතා දුඛිත අන්දමින් “මහත් මයා මේ රැවේලා මෙහි ආවේ මොක ද? මට අද කථාකරන්ටවත් පවා සනීප නැත. මම ඊයේ උවමනාවකට කොළඹ ගොසින් ආවේත් මේ දැන්ය. ඒ මා එනකොට මෙතන සිටි කුඩා උන්නාස්සේ සිවුරු ඇර ගොසින් බව දැන ගතිමි. මට දැන් හොදටම අසනීපයි. දැන් මහත්මයා කොහේ කෙණෙක්ද කියා අසන්ටවත් මට සිහි කල්පනාවක් නැත”කියා මට කිසි අනුකම්පාවක් නොකළ බැවින් මම එතැනින් ඉවත්ව ගොස් පන්සලේ වෙනිත් ගේක සිටින විමිලතිස්ස හාමුදුරුවන්ගේ කණිෂ්ඨ ශිෂ්යප ධම්මරතන උන්නාසේසේගේ කාමරයට ගොස් නම්සකාර කොට එකක් පසෙක් සිටියෙමි. අත්තෙන්ම ශීලචාර භාවයෙන් යුතු ඒ හාමුදුරුවෝ මගේ තොරතුරුත් එහි එවෙලාවෙට පැමිණීමට හේතුවන ඇසූහ. මම ඊට පිළිතුරු වශයෙන් මිනිරන් වගයක් බැලීමට අල්ලපු ගමේ පතලකට යන්ට ආ බවත්, රැ බෝවු බැවින් පන්සලේ නැවතී උදේ යන කල්පනාවෙන් පැමිණි බවත් මගේ නම ‍ජොරනිස් පෙරේරා බවත් කීවෙමි. ප්රතයෝගාදිය නොදත් ඒ ස්වාමි මගේ කථාව විශවාසකොට මා කෙරෙහි මහත් අනුකම්පා උපදවා “අනේ මහත්මයා ආ වේලාව ඉතාමත් නරකය. අපේ පන්සලේ සිටි කුඩා උන්නාන්සේ නමක් ලොකු හාමුදුරුවන් නැති වේලාවේ ඊයේ රැ සිවුරු හැර ගොසින්ය. අද මෙතැන බලවත් කලබල ඇති දවසකි. මහත්මයාට රැට ආහාරයක් දීමට ක්රමමයක් සලස්වන්ටත් බැරිය. ලොකු හැමුදුරුවන් ඔහොම ආගන්තුක වශයෙන් පැමිණෙන නාඳුනන මිනිසුන්ට නවාතැන් දීමට තහනම් කොට තිබේ. ඒ කොයිහැටි උනත් මහත්මයාට මගේ මේ කාමරයේ නිදා ගැනිමට තැනක් මම සූදානම්කර දෙන්නෙමි. උවමනාවකදි දෙතුන් වේලක් වත් නිරාහාරවත් රාත්රිෙ දෙකක් තුනක් අවදිවත් ඉන්ට පරුදු මට කිසි අපහසුවක් නැතිව එහි නිදාගන්ට සතුටු බව





පියදාස සිරිසේන නවකථා එකතුව 393

හැ‍ඟෙව්වෙමි. ආහාර නැතත් ආගම චාරිත්රක පැවැත්වීමට පන්සලකදිත් අතපසු කිරිම බලවත් අයුත්තක් නිසා විහාරගෙට ගොස් පන්සිල් සමාදන්ව බුදුන් වැද අවුත් ධම්මරතන හාමුදුරුවන් ගේ ඇද ලඟම නිදාගන්ට සූදානම් වූ විට ඒ හාමුදුරුවෝ තේවතුර කේප්පයක් සූදානම් කරවා තිබුණු බැවින් එයද බී හාමුදුරුවන් ගේ කරුණාවන්තභාවය ගැන සතුටුව “ස්වාමිනි, ඔබ වහන්සේ කරුණාධාරය නොලැබුනු නම් මේ රාත්රිව භාගය අමුත්තෙක් වු මට ලොකු අපහසුවක් වෙන්ට තිබුණී. මා ආ හැටියේ ලොකු හාමුදුරුවන් ලඟට ගිය නමුත් ඒ හාමුදුරුවෝ මා එලවා ගත්හ. මෙහි ඉන්න ලොකු හාමුදුරුවෝ ඔබ වහන්සේගේ ගුරු හාමුදුරුවොදැ”යි ඇසුවෙමි. එවිට ධම්මරතන ස්වාමින් වහන්සේගේ ගුරු හාමුදුරුවොදැ”යි ඇසුවෙමි. එවිට ධම්මරතන ස්වාමින්වහන්සේ මදක් සිනාසි “ ඔය මගේ ගුරු හාමුදුරුවන්ගේ ගෝල නමකි. දැන් මහත්මයා මෙහි නවත්වා ගත් බව දැනගන්තොත් මටවත් ඉන්ට ඉට නොහරි. නමුත් මට එබඳු “අමානුෂ්ය ගති” පුරුදු නැත. මහත්මයා වැනි ආගන්තුකයන්ට සංග්රමහ කිරිම අපට ප්රඅවේනි වූ ධර්මතාවයකි. අනුන්ට උපකාර කිරිම අපේ ශාස්තෲන් වහන්සේගේ පළමුවෙනි ඉගැන්විම වේ. මහත්මයා බෞද්ධාගම්කාරයෙක් බවත්, සිංහලයෙක් බවත් මට ඒකාන්තය. ඉතින් යම් විධියකින් බෞද්ධ නුවු අන්ය ජාතියක කෙණෙක් අවේලාවක අපේ ස්ථානයකට පැමිණි විට ඔවුන් එලවා දැමීම බලවත් අපරාධයක්ය”යි කීයේය. අත්තෙන්මට එ කථාව ඇසු මගේ හිත අතිශයින් ප්ර්සන්නව බොහෝ දෙනා සිතන තරමට අපේ සංඝයා අතර ගුණවත් වු, චාරිත්ර වාරිත්ර දත් සංඝයා අඩු යයි සතීම වැරදිය. නියම භික්ෂු ප්රධතිපාදව තවමත් ලක්දිවෙන් අතුරුදහන් නූණු බවට මේ හාමුදුරුවන්ගෙන්ම නිශ්චය කරගත හැකියි සලකා “ස්වාමිනි, මම ශ්රවද්ධාවත් අවංක බෞද්ධයෙක්මි. මම හොරෙක් හෝ තක්කඩියෙක්ද නොවෙමි. මම ඵක් ප්ර්මාණයකට ධනය ඇති මිනිරන් වෙළන්දෙක්මි.මේ මගේ චැක් පොත . මෙ මුදල් බලන්ට- මට තමුන්නාන්සේ නවාතැන් දීමෙන් කළ උපකාරය ඉතා මහත්ය. ඒ නිසා කරුණාකර මේ ලොකු හාමුදුරුවන්ගේ ස්වභාවයත්, දැනට සිවුරු හැර ගොස් සිටින සොහිත සම්බන්ධ තොරතුරුත් කියා දුන් මැනවැ”යි කීවෙමි. එවිට ධම්මරතන හාමුදුරුවෝ මා කෙරෙහි වඩාත් විශවාසව මෙසේ කියන්ට පටන් ගත්හ. “මහත්මයා යමක් කමක් දත් බුදධාගම්කාරයෙක් නිසා මේ කරුණු කියමි. අශ්ර්ද්ධාවන්ත බෞද්ධයෙකුට හෝ අන්යා




394 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

ආගම්කාරයෙකුට අපේ මේ පන්සලේත්, ලෙකු හාමුදුරුවන්ගේත් තොරතුරු දැනගන්ට ලැබුනොත් ප්රමවෘත්ති පත්රරවලින් පවා අපට නින්දාකරනු සැක නැත. “අපේ ලොකු හාමුදුරුවන් ලඟ මුදලක් තිබි නැතිවි දැනට මාසයක් පමණ වෙනවා. ඒ හැබෑවක් ද බොරුවක්ද යන බවවත් නිසැකව මම නොදනිම. මෙහි සිට ඊයේ රැ සිවුරු ඇර ගිය සෝහිත ඒ මුදල ගන්නා ලද්දේ යයි මෙහි සිටින වනරතන තැනත්, දායකයෝ දෙතුන් දෙනෙකුත් චෝදනා කරති. මා විසින් ඒ මුදල සොරකම් කරණ ලද්දේ යයි ලොකු හාමුදුරුවොත් ප්රිධාන දායකයා වන විදානරාලත් කියති. වනරතන උන්නාන්සේ තවත් හොරුන්ගේත් ආධාර ඇතුව මුදල් පෙට්ටිය ගන්නා ලද්දේ යයි සිවුරු හැර ගිය සොභිතත් විදානරාලගේ මායියත් තවත් කීප දෙනෙකුත් කියති. ඉතින් මේ අන්දමට මේ කලබලය පවතිද්දී මටත් වනරතනටත් අභූතයෙන් චෝදනා කළ ඡුවන් වෙද මහතා ඒ තමා කළ දුෂ්ට චෝදනාවට විපාක ලබා තිබේ. එනම් ඔහුගේ රූපසම්පන්න තරුණ දියණිය තමන්ට කුල ගෝත්රාභදියෙන් අසමාන තරණයෙක් සමඟ සැඟවි යාමය. එසේම වනරතනටත් මටත් චොදනා කළ සොහිත සිවුරු තබා කොහොදෝ සැඟවි ගොස් තිබේ. එපමණක් නොව පුවන් වෙදමහතමයාගේ හාමිනේද දියණිය සොයන්ට ගිය ගමන් අනතුරකට පත් වුනා යයි තවත් ආරංචියක් තිබේ. එමපමණකුත් නොව මෙහි ප්රොධාන දායකයා වන විදාන උන්නැහේගේ පුත්ර යාද හිටපු හැටියේ හදිසියේ නැතිවි සිටි ඉතින් මහත්මයෝ මේ පැටලිල්ල කියන්ට ගියොත් අද අපට නිදාගන්ට ලැබෙන්නේ නැත. නමුත් මේ පුදුම කතාන්තරය සිද්ධවී තිබෙන්නේ ඔය අන්දමටයි. අපේ ලොකු හාමුදුරුවන්ගේ තොරතුරු මම නොකියමි. ඒ මගෙන් නො අසන මෙන් ඉල්ලමි”යි ධම්මරතන හමුදුරුවො කීවාය.

02.පරිච්ඡෙදය

සංස්කරණය

මු දල් පෙට්ටිය සම්බන්ධව යම් කිසිවක් දැන ගැනිමට සිවුරු ඇර ගිය සොභිතගෙන් පිළිවන් වේ යයි නිශ්චයකොට සිතාගෙන එදා රැ නිදා ගතිමි. පසුදින උදේම නැගිට ධම්මරතන හාමුදුරුවන්ගෙන් අවසර ගෙන කඵතර ගොස් හෝටලයට පැමිණ රාත්රිද කෑම නොකෑ නමුත් ඊට ද මුදල් ගෙවා මගේ බ්රේ කර වේශය ඉවත්කර ගඟට ගොස් නාගෙන අවුත් දවාල බත් කා දුකුණු පළාතේ ගම්වැසියෙකුගේ වේශයෙන් පන්සලට ගියෙමි. එදින මා ගියේ දවල් දෙකට පමණය. ඒ

පියදාස සිරිසේන නවකථා එකතුව 395


මා යනකොට පන්සලේ සංඝයා වහන්සේලා කවුරුත් නිදිය. නමුත් සරණපාල නමැති තරුණ උන්නාන්සේ අබිත්ත ළමයෙකුත් සමග කථා කරමින් විහාර මඵවේ උන්නේය. ඒ උන්නාන්සේ මා දැක “මොකද කා සම්භ වෙන්ටද ආවේ? ලොකු හාමුදුරුවෝ සැතපෙත්ය”යි කියේය. එවිට මම ඒ සරණපාල හාමුදුරුවන්ට වැද මහත් කණගාටුලීලාවෙන් දක්වා “ අනේ හාමුදුරුවනේ, මේ පන්සලේ සිට අපේ කුඩා හාමුදුරුවෝ - සෝහිත හාමුදුරවෝ සිවුරු ඇර ගියාය කියා ආරංචියි. අනේ ගමට නම් ගියේ නැත. මම ඒ උන්නාසේ ගිය ආරංචියට එය හැබෑද කියා බලන්ට ආවෙමි”යි කිවෙමි. එවිට සරණපාල ටිකක් සිනාසි “ එහෙනම් උඹ සෝභිතගේ නෑයෙක්! සෝභිත ගමට නොගිය බව හැබෑය. පන්සලේ තිබුනු කාසිත් සොරකම් කරගෙන මිගමුව පැත්තට ගිය බව ආරංචිය. ඒ පුද්ගලයා තනියම නොව මේ පළාතේ වැදගත් කෙණෙකුගේ දියණියකුත් ඒකකරගෙන ගිය බව කියති. ඉතින් ඒ කාලකණ්ණි පුද්ගලයා සොයා වෙහෙසෙන්නේ කුමටද ? ඒ හාදයා මහණ කමට සුදුස්සෙක් නොවේ. අපේ ලොකු හාමුදුරුවන්ටවත් විකාර හැදිලා දකින දකින මිනිහා මහණ කරලා අන්තිමට අතේ මිටේ තිබෙන දේත් නැතිකර ගන්නවා. උඹ බොරුවට වියදම් කරගෙන ඔය පුද්ගලයා ගැන විපරම් නොකර ගමට යනවා නම් එපමණට හොදය”යි සරණපාල කීයේය. රුපියල් තිස්පන්දාහක මුදලක් සොභිත සොරකම් කරන්ට පිළවන් කෙණෙක්ද යනු පරීක්ෂාටකර ගැනීමටත් ඒ සම්බන්ධව ඔහු දන්නා දෙකක් දැනගැණීමටත් මට ඉතාමත් අවශ්යඒවු බැවින් වැඩිපුර කථා නොකර එතැනින් පිටත් ව මා නවතින හෝටලයට ගියෙමි. “මේ විශාල මුදල කා විසින් ගන්නා ලද්දේද කොයි අන්දමකින් මෙය සොයමි දැයි කල්පනා කරමින්ම එදින ගත කොට පසුදින උදේ පළමුවෙන් විමලතිස්ස හාමුදුරුවන්ගේ පන්සලට ගිය අන්දමට මිනිරන් බ්රෝෙකර කෙනෙක් මෙන් සැරසී. නැවතත් පන්සල දිහාවට ගියෙමි. පළමු දවසේ මට නවාතැන් දුන් ධම්මරතන ස්වාමින් වහන්සේ වෙතට ගොස් නම්සකාරකොට එක් පසෙක වුන් විට මට මිනිරන් ගන්න ලැබුනා දැයි ඒ ස්වාමි ඇසුයේය. තුන් හතර පලකට මිනිරන් බලන්ට ගිය නමුත් තවම හරි ගණනකට තීන්දුකර ගන්ට බැර වූ බව කීවෙමි. සොභිතගේ ගම දැනගන්ට සිතාගෙන “කොහොමද ස්වාමිනි පෙරෙයිදා සිවුරු ඇර ගිය උන්නාස්සේ ගැන ආරංචි කොහොමද? ගමට ගියේය නැතහොත් වෙන කෙහේවත් ගියේද”යි ඇසුවෙමි. එවිට ඒ



396 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

ස්වාමින්වහන්සේ “අනේ මහත්මයෝ, ඒ මනුෂ්ය්යා මහණකමට සුදුස්සෙක් නෙවේ. ඔහුගේ පියාත් මහා නපුරු මිනිහෙකි. ඒ මනුෂ්යමයාගේ ගම ඌරාගස්මන්හන්දියේය. බාගවෙලාවට ඔහු ගමට යන්ට ඇති. එබදු හාදයෝ සිවුරු ඇරයාම හොදයි”යි කීවේය. මෙසේ අප කථා කරමින් සිටින තැනට පන්සලේ ප්ර.ධාන දායකයා වන විදානරාල එන බැව් දුටු ධම්මරතන ස්වාමි ඒ බව මට කී බැවින් මද වේලාවක් අපේ කථාව නවත්වා සිට ඔහුත් අවුත් වාඩිගත් පසු නවැතත් කථාව පටන් ගතිමි. විදානරාල මගේ තොරතුරු ධම්මරතන ස්වාමින්ගෙන් අසූ විට කොළඹ මිනිරන් වෙළෙන්දෙක් බවත් ධම්මරතන හාමුදුරුවන්ගේ මිත්රටයෙක් බවත් කි බැවින් විදානරාල මා කෙරෙහි ටිකක් සැලකිලි ඇතිකර “මොකද මේ මහත්මයාත් හාමුදුරුවොත් කිය කියා සිටියේ සිවුරු ඇර ගිය සෝභත උන්නාන්සේගේ වගද”යි ඇසුයේය. “ඔව් අපි ඒ කාරණ්ය් ගැන කථා කරමින් සිටියෙමු. ශාසනයට කාලකණ්ණි පවුකාරයක් ඇතුළත් කොට නැවත සිවුරු හරවා එලවා දැමීම සනීපරක්‍ෂාවේ ගුරුකම් පිළිනොපැද ලෙඩ බෝකර ගෙන ඉග්බිති නොයෙක් වියහියදම් මහන්සි දරා සුවකර ගැණීම හා සමානය. සුපරික්ෂා නොකොට අධමයන් මහණ කළාම ඇතැම් අය සිවුරු ඇර යතත් බොහෝ දෙනා දුසිරිත් කරමින් ශාසනයේම වැතිර ගෙණ සිටිත්. ඒක හරියටම අප්ර වේසමෙන් ලෙඩ බෝකර ගෙන මිය යන්නා වැනිය. සිවුරු ඇර යන වැඩි කොටස ඉතාමත් අශික්ෂි්තයෝ වෙති. සමහරු මනුෂ්යස ගතිය දුරු කළ මනුෂ්යිප්රේ ත සංඛ්යානවට පත්වෙති. එ නිසා සිවුරුඵෑවන් වන අය අතර සියේට අනූපස් දෙනෙක් පමණ ඉතා භයානක අය වෙති.” “මම සිවුරුඵෑවන් තදින් පිළකුල් කරන්නෙක්මි”යි කීවෙමි. මගේ කථාවට තදින් අප්රනසන්න වූ විදානෙරාල “මහත්මයා සිවුරුඵෑ අය ගැන ඔහොම කිව්වාට මොකද බුරුමයේ මහණ නොවු කෙණෙකුට ‘හිරයක්’ වත් දෙන්නේ නැත. පිළිගතයුතු මිනිහෙක් බවට ඒ රටේ ඇති පළමුවෙනි සික්ෂිය සිවුරුඵෑ බවයි. එබදු උතුමි පදවියට මහත්මාය ඔය තරමි තදින් නිග්රකහ කරන්නේ කුමක් නිසාද? මොකද ධම්මරතන ස්වාමිනි. ඔබ වහන්සේගේ කල්පනාව කුමක්දැ”යි ඇසවේය. විදානරාලගේ කථාවට හාමුදුරුවෝ කිසිත් නොකියා සිනා සෙන්ට පටන් ගත්තාහ. සිවුරුඵෑවන් වැඩි දෙනෙක්ම පිළකුල්ව සිටින මට තව දුරටත් කථා නොකර නොහැකිව මෙසේ කිවෙමි. “වර්තමාන කාලයේ බුරුම දේශයේ සිවුරුඵෑවන් ගෞරවකොට සලකන නොසලකන



පියදාස සිරිසේන නවකථා එකතුව 397

හැටි මම ‍නොදනමි. නමුත් පුරාණ කාලේ නම් ඉතා පහත් කොට සලකා තිබෙන බවට බලවත් සාක්ෂි තිබේ. බුරුම ශාසනවංශය ලියන ලද පොතේ මෙන්ම මේ කථාන්තරය සදහන්ව තිබේ. “පහත බුරුමයේ පන්සලක සිටි එක්තරා භික්ෂුවක් මහණ කමට කළකිරි සිවුරු හරින කල්පනාවෙන් උඩ බුරුමයේ අප්රුසිද්ධ ගමකට ගියේය. ඔහු බොහෝ දුර යන කල ඒ යන පාර අද්දර තිබෙන නෙලුම් පොකුණකින් මලක් කඩා ගෙන ඒ මල ගලක් උඩ පුදා අහස දෙස බලා වැදගෙන, ඉතා බලවත් ප්රකර්ථනාවක් කරන රූප සම්පන්න තරුණ කාන්තාවක් මේ භික්ෂුවට ඈතින් පෙණුනේය. මධ්ය්ම දවල් තනිවම පොකුණුතෙර ඉදගෙන මේ ක්රිේයාව කරණ තරුණිය දුටු භික්ෂුව ක්ර මයෙන් ඒ පොකුණ දෙසට පැමිණියේය. ඈ තවමත් වැද ගෙන නිශ්ශබ්ද සිටිනු දුටු ශික්ෂුව “පින්වතිය, තෙපි හුදකලාව මේ මධ්යවම දවල් මේ ස්ථානයේ ඉදගෙන කුමක් කරන්නෙහිද”යි ඇසුවේය. එවිට එම තරුණ කාන්තාව භික්ෂුන් වහන්සේ දෙස ඉතාමත් ‍ගෞරවයෙන් බලා “ස්වාමිනි, මම මේ මල රත්නත්ර යට පුදා ප්රාතර්ථනාවක් කරමින් සිටිමි” යි කීවාය. විහාරස්ථානයකටත් නොපැමිණ හදිසියෙන් මෙන් කරන මේ ප්රාිර්ථනාව කුමක් දැ” හික්ෂුන් වහන්සේ ඇසුවේය. එවිට භක්තිමත් වු ඒ තරුණිය “ස්වාමිනි, උපනුපන් ජාතියක සිවුරුඵැවෙකුට භාර්යා නොවෙම්වායි මම ප්රාිර්ථනා කරමි”කිවාය. ශ්රසමණ ධර්මය පිරිමට අසමර්ථව කළකිරි සිවුරු හැරිමට යමින් සිටි ඒ භික්ෂුව සිවුරුඵෑකමේ නින්දිත භාවය ඒ තරුණියගේ ප්රාුර්ථනා කිරිමෙන්ම තේරුම් ගෙන සිතේ මහත් ලැජ්ජාවක් ඇතිකොට ඒ තමා ගිය ගමන නවත්වා ආපසු පෙරලා ස්වකීය ආරාමයට පැමණ උට්ඨාන විර්යය ඇතිකොට මහණ දම් පුරා ඉන්පසු සංඝනායක මහා ස්ථවීරතුමෙක්ව ආත්මාර්තව පරාර්තවසිද්ධිය සලසා ගත්තේය. මේ කථාව සංක්ෂෙථපයෙන් කී බව සැලකිය යුතුය”යි මම කිවෙමි. එවිට ධම්මරතන මාහුදුරුවෝද ඔය කථාව අසා තිබෙන බව කීහ. ඒ මගේ කථාව ඇසූ විදානරාල මා කෙරෙහි අධිකව කිපි “මහත්මයා බුද්ධාගම් කාරයෙක් යයි මම නොසිතමි. ශාසනයේ එක් දවසක්වත් පැවිදිව සිටි අය අනිත් මිනිසුන්ට වඩා හොදය. මම සිවුරුඵැවන්ට තරම් අනික් කිසිවෙකුට ගරු නොකරමි”යි කියා කොපයෙන් මෙන් එතැනින් නැගිට යන්ට ගියේය. නමුත් ඔහු නැගිටින කොටම මම මේ කව් දෙපදය කීමි.




398 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


“ සි ති ය මි න් කළත් බිතු සිවුරඵ රෑ පා

 කි සි ලෙ සි න් සුදන ලංවෙන්ට	එ පා”

අපේ මේ කථාබස් පන්සිලේ ඉන්නා සරණපාල හා වානරතන යන හික්ෂුනන් දෙනමද අසාගෙන උනහ. ධම්මරතන ස්වාමින් වහන්සේට මගේ අදහස නුරුස්සන බව පෙනී ගියේය. මීට පසු මම පන්සලෙන් අවුත් විදානරාලලා‍ගේ ගේ අයිනේ තිබෙන ගම්සභා පා‍ර දිගේ ගම්ගොඩට යන්ට ගියෙමි. ස්වකීය භාර්යාව සමග පන්සලේ කෙරුණු කථාව කියමින් සිට විදානරාල මා දැක භාර්යාවටත් ඒවා ගැන කියා මා ගෙදරට කැදවා වාඩි වෙන්ට කියා බුලත් හෙප්පුවක් ද දි මට සංග්රවහ කළේය. විදානේ මායියා ඉතාමත් කෛරාටික වූ අධම ස්ත්රිුයක් බව සත්රි න්ගේ රූපලක්ෂමණය දන්නාවූන්ට තේරුම්ගත හැක. මගේ මේ කථාන්තරය කියවන සියලුදෙනම ඒ ශාස්ත්ර ය නොදත් බැවින් ස්ත්රිවන්ගේ රූපලක්ෂණයන් සැකෙවින් දැනගණිමට ඒ “ස්ත්රීූ ලක්ෂණය” නම් වූ මාහැගි ශාස්ත්රෂයෙන් කරුණු ටිකක් කියමි. පුර්වජාතියෙහි කරණ ලද සිලව්රසතාදියෙන් ඉහතාත්මයේදි යහපත් ආභරණයක් හා යහපත් රූපලක්ෂණ ඇතිවෙන බව බුද්ධා දි උත්තමයන්ගේ ප්රණත්ය ක්ෂ ධම්මයෙහි ප්ර්කාශ වේ. එහෙයින් නපුරු අංශ ලක්ෂණ ඇති ස්ත්රී්හුද තම තමාගේ කය වචන හිත යහපත් ලෙස හසුරුවා ගැනීමේන් තමන් ලැබු දුර්විපාක වලට ප්රයතිකාර කරගත යුතුයි. ස්ත්රිපයකගේ නලලේ හෝ බොටුවේ කරකැවුනු ලොම් සුලි ඇතිවුවොත් ඒ අසුභ ලක්ෂණ‍යකි. පිටෙහි ලොම් සුලි තිබේ නම් ඒ අතිශයින් දුෂ්ට ලකුණකි. බඩෙහි ලොම් සුලි තිබේ නම් ඒ තැනැත්තියද දුෂ්ට වේ. නිදන කල්හි ගෙරවීම දත් සැපීම් ආදි විකාර ඇති ස්ත්රිතය දුෂ්ට වේ. ස්ත්රිලයකගේ නාසය අග කඵපාට ඇත මසක නම් කැලලක් පැහිටියොත් ඈ නපුරු ස්ත්රි්යෙකි. තුනි වු හෝ පිංගලවර්ණවු හෝ මහත් වූ හෝ ඉතා සැහැල්ලුවූද රඵවූද ඉසකෙස් ඇතිවිම නපුරු ලක්ෂණයකි. ඵල්බෙහන්නා වූද තදින් ගනව වැඩුනාවූද කේස කලාපයද දුර්ලක්ෂණයකි. නලල ද්කවි නම් නැතහොත් රෝම සහිත වී නම් අසුභය. නහර පෙණෙන වැහැරුණාවූ කන අසුභ ලක්ෂණයකි. පිඟුවන්වූද, තුනීවුද, කෙලින් සිටි දික් ලොම්වලින් යුතු බැම දුෂ්ට ලකුණකි. බලල් ඇස් හෝ ඇතුන්ගේ ඇස් වැනි ඇස් ද, වපර වු ඇස් ද දුෂ්ට ලක්ෂණයකි. මියන්ගේ හෝ කොබොයියන්ගේ වැනි ඇස් ද රක්ත වර්ණ ඇස් ද ඉතාමත් නපුරු ලකුණුය. පිටට නෙරණ ලද හෝ එලදෙනුන්ගේ හා මීදෙනුන්ගේ වැනි


පියදාස සිරිසේන නවකථා එකතුව 399


ඇස් ද දුෂ්ටය. අග රතුවූද වක් වූද නාසය අරිෂ්ට ලක්ෂණයකි. නාසයේ අග මහත්ව මැද නැමුනොත් ඒ අසුභය. තලු දිව එල්බි කඵපාට ඇති සක්කැබලි ආකාරව තුනීව දත් පිහිටියොත් ඒ බලවත් අරිෂ්ට ලකුණකි. දත් යටි ඇන්දේ වැඩිවිමද විකෘති වි තුනීව පිහිටිමද නපුරු ස්ත්රිකයක් බව හැඟවීමය. යටි තොල රඵ නම්, එල්ලෙන්නාක් වැනව මස් රහිත නම්, කඵපාට නම් බලවත් දුෂ්ට ලකුණකි. කම්මුල් මස් අනුව රඵව ලොමු අධිකව වකුටු වුවහොත් අරිෂ්ටය, මහත්වූද, රතුවුද, පලල්වූද එසේම සිහින්වූද බොටුව නපුරුය. නහර පෙණෙනනාවු නැමි බිඳුන රෝම අධිකව පිහිටි පිටකටුව දුෂ්ට ලක්ණකි. අතේ නියපොතු හක්කැබලි වැනව හෝ වලවැදි හෝකිඹුල්වන් හෝ වකුටුව හෝ රඵව තිබේ නම් අරිෂ්ට ලක්ෂනයකි. පුරුක් වැඩිව උස් වු හෝ පෙතිලි වූ වැහැරුණා වූ කෙටිවූ හැකිලුනා වූ ඇඟිලි බලවත් දුෂ්ට ලකුණකි. වමතේ මාපටැගිල්ල මුල පටන් සුලඟල්ල තෙක් රේඛවක් පිහිටියොත් අරිෂ්ටය. පිට අල්ල රෝම වලින් ආකුලව ගැඹුරුව මස් වැහැරුනොත් නපුරු ලක්ණකි. අත්ලෙහි නහර මතුව මස් නැතිව තිබේ නම් අරි‍ටු ලකුණුය. උස්ව මස් රහිතව හෝ මහත්ව හෝ වකුටුව ලොම් සහිත උරහිස් දුෂ්ට බවට ලකුණුය. පයෝධර මූල මහත්ව අග ඉතාමත් සිහින් නම් ඒ අසුභ ලක්ෂුණයකි. නොපිරුණා වු ලය අරිෂ්ටය. රෝම සහිත අතිශයින්පුඵල් වූ ලයද අසුභය. පිඟුවන්ව හෝ වකුටුව හෝ තුණීව හෝ මහත්ව බඩරැලි ඇතනම් ඒ අසුභ ලක්ෂණයකි. කලයක හෝ මිහිඟු බෙරයක හෝ යව ඇටයක හැඩහුරුකම් ඇතතාවු හේ පුසුල් ගෙඩියක හැඩේ ඇතතාවූ හෝ දැඩි වු උදරය අරිෂ්ට ලක්ෂණයෙකි. උස්වූද අතිශයින්ම වැහැරුණාවුද උදරය අසුභ ලක්ෂ්ණ වේ. විලුඹ මහත්ව හෝ උස් වි හෝ තිබේ නම් නපුරු ලකුණකි. පය මැද මස් අඩු නම්, නැතහොත් නැමිලා නම්, අධිකව නහරවැල් පෙනේනම්, රෝම සහිත නම් නපුරු ලකුණය, පයේ අනාමිකා ඇඟිල්ලවත් මැදැඟිල්ලවත් කොටවුවොත් ඒ ඇඟිලි දෙකම හෝ ඉන් එකක් බිම නොහැපුනොත් ඒ අතිශයින්ම අරිෂ්ටය. පයේ ඇඟිලි එකිනෙක නැගි සිටියොත් නොහොත් ඇඟිලි උඩ ඇඟිලි පිහිටියොත් ඒ අරිෂ්ට ලක්ෂණයකි. ගමන් කරන විට පෘථිවියෙන් ධූවිලි නැහේ නම් ඒ නපුරු ලකුණකි. කුල්ලක ආකාර ඇත්තාවූද, කාලවර්ණ වූද, කෲර වූද, නිසි පිළිවෙළට නොපිහිටි පයේ ඇඟිලිවල නියපොතු නපුරු ලක්ෂණයකි.” මේ ආදි අරිටු ලකුණුවලින් එකක් දෙකක් වත් පිහිටි ස්ත්රිවය උත්පත්තියෙන්ම දුෂ්ටය. නමුත් යහපත් ඉගෙණීමෙන්ද කල්යාරණ මිත්රක



400 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

සේවනයෙන් හා ප්ර තිපත්ති පිරිමෙන්ද එබදු ස්ත්රීපහුන් ලෝකයේ ‍හොදින් කල් යවන ස්ත්රීාන් විය නොහැකි නොවෙත්, මට එදා සංග්රනහ කළ විදානමායියා මා මෙහි කි අරිටු ලකුණු බොහොම‍යක්ම ඇති කෙනෙක්ය. එසේම උසස් ධර්ම ශාස්ත්ර කිසිත් නොදත් තබා වැනි නූගත් අශික්ෂිදත මවත් ලඟ පහත් ස්ත්රිාන්ගේ ආශ්රතයද ඇතිව ඇති දැඩි වූ කෙනෙකි. ඊට පසු විවාහ වී අවුත් සිටින්නෙන් අනුන් තලා පෙළා යුක්තිය අයුක්තිය කොට, අයුක්තිය යුක්තිය කොට ලොව රවටමින් රැකෙන විදානෙකෙක් සමගය. සියුලු අතින්ම නරක් වූ මේ ස්ත්රි ය විසින් කරන ලද සංග්රෙහ විද මදක් වෙලා කල්පනා කරමින් සිටින විට “අනේ මහත්මයෝ, සිවුරුඵෑවන්ගේ අනිත් වඩා යහපත් ගතිගුණ තිබෙන බව නොයෙක් දෙනා කියති. මහත්මයා පමණක් ඔවුන්ගේ අගුණ කියනවාය කියන්නේ ඒ කුමක් නිසාදැ”යි විදානමායියා මගෙන් ඇසුවේය. එවිට මම ඒ ස්ත්රිේයගේ මුහුන බැලීමට ගෙයි අතුල් පැත්ත බලනකොටම රතු වර්ණයෙන් යුත් ලක්ෂනණ තරුණියක් ‍අපේ කථාව අසාගෙන ඉන්නා බව පෙනුණේය. විදානේමායියා සිවුරුඵෑවන්ගේ ගුණය වර්ණනා කරන්නේ යම්කිසි කාරණයක් නිසා විය යුතු යයි මට තදින් වැටහුනේය. සිවුරු ඇර ගියයි කියන සොහිත ගැන වහාම විපරම් කිරිමට මගේ සිත තදින් කියන්ට පටන් ගත්තේය. ඒ කොයි හැටි වුවත් විදානේ මායියා සතුටුකර ගනීමට උවමනා බැවින් “අනේ හාමිනේ මට සමාවන්න. සිවුරුඵෑවන් අතර හොද සත් පුරුෂ ජනයාත් ඉන්ට පුඵවන්. නමුත් මේ විමලතිස්ස හාමුදුරුන්ගේ පන්සලේ සිටි සිවුරු අර ගිය මිනිහ එපමණ හොද මිනිහෙක් නොවේ යයි කීප දෙනෙක්ම කී බැවින මමත් එසේ කීවෙමි”යි කී විට විදානමායියා ප්රීිතියට පැමිණ “ ඒ කොතෙනද වලෙක් මෙතන පන්සලේ සිටින තුරුම අනික් හාමුදුරුවන් සමග දබර කරමින් ඒ මනුෂ්ය යා නම් සිවුරේ හිටියත් සිවුරු ඇරියත් වස නපුරු මිනිහෙක්, මහත්මයා නරකය කියන්නේ ඔහුට නම් ඒක සත්තකය”යි කිවාය. මේ කථාව නිසා ‍මා කලින් සොහිත ගැන සිතූ සිතිවිල්ලත් වෙනස් කරන්ට විය. ඒ කෙයිහැටි වුනත් විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය සොයනු තබා ඒ ගැන හෝඩුවාවක් දැන ගැනිමට මගේ දිවි තිබෙන තුරු බැරි තරමට මේ කාරණය ගුප්ත බව මට වැටහුනේය. නමුත් “වඳුරන්ට මුහුද මැදින් පාරක් තැනිය හැකි නම් මට සිංහල වූ මට කරන්ට බැරි කුමක්දැ”යි ධෛර්යමත්ව විදාන මහතාටත් හාමිනේටත් අචාර කොට මම ගෙදරින් පිටවන විට විදාන මහතාගේ දුව මා මීට කලින් මතක්




පියදාස සිරිසේන නවකථා එකතුව 401

කළ රූප සම්පන්න තරුණිය ඈතින් සිටගෙන මා දෙස බලා මදක් සිනාසුනාය. තරුණ ස්ත්රි්යක්ගේ සිනාවෙන් කෙතරම් රෞද්රා වූ තරුණයෙකුගේ සිතක් වුවත් මෘදු කළ හැක. ඒ සම්බන්ධ තොරතුරු හොදින් දත් මට ඇගේ සිනාව ප්රී ති වීමටවත් කාරණයක් නොවීය. නමුත් මම ද සිනා දැක්වීමෙන් එතැනින් පිටත්ව මගේ හෝටලයට අවුත් එදින මුඵල්ලේම හෝටලයේ කල් ගත කෙළෙමි.

03.පරිච්ඡේදය

සංස්කරණය

ම ම කඵතර පැත්තට ගොස් දවස් කීපයක් වූ බැවිනුත් සෝහිත තැන සිවුරු ඇර හෝ සිවුරු පිටින්ම පැත්තට යන්ට ඇත කියා සැක සහිතව දැනගත් බැවිනුත් එදා උදෙන්ම දුම්රියෙන් කොළඹට පැමිණයෙමි. මගේ නවාතැන්පලට ගොස් සිරිත් ප්ර කාර ඇඳුම් මාරුකොට මූණ කට අත පය සොදාගෙන මගේ වැඩ කරණ ළමයා විසින් පිළියෙළ කර දුන් තේ කෝප්පකද බී මට තැපෑලෙන් අවුත් තිබෙන ලියුම කඩා බැලුවෙමි. රටේ කෙරෙණ බලවත් හොරකම්, අපරාධ අයුතු ක්රිබයා ආදියෙන් වැඩි කොටසක් මට දැන්විම සිරිතකි. ඉතින් මේ කරුණු මට ලියා එවන සමහරු නියම නම් ගම නොදක්වා බොරු නම් වලින් ලියති. ඇතැම් අය වැදගත් නොවු සුඵ කරුණුද මට ලියා එවති. “මේ මහත් කරදර ගොඩේ මම සිටිම”යි ඇතැම් වේලාවකට මට සිතෙන නමුත් සියලු මනුෂ්යොයන්ම මා මෙන්ම බලවත් කරදර ගොඩේ වැටි සිටින බව නුවණින් සැලකුව විට පෙණෙන හෙයින් මා පමණක් කරදර නැතිව විසිම අයුතු යයි සිතුවෙමි. එදා මට තැපෑලෙන් ලැබි තිබුණු ලියුම් වලින් එකක් විමලතිස්ස හාමුදුරුවන්ගේ ලියමනකි. එහි කියා තිබුනේ පන්සලේ සිට සෝභිත උන්නාස්සේ සිවුරු ඇර ගිය බවත් ඒ නමුත් ඔහු ගැන කිසි සැකයක් නැති බවත් දැනට පන්සලේ සිටින ධම්මරතන උන්නාන්සේ ගැන මදක් සැක ඇති බවත් අප්රුමාදව සොයා නොගත්තොත් මුදල් පෙට්ටිය ලැබේ යයි සිතන්ට බැරි බවත් යනාදි කරුණුය. තවත් එක ලියමනක් නම් රසවත් කවි පංක්තියකි. එය ලියා එවන ලද්දේ කාවිසින් දැයි නමක් සදහන් නැති නමුත් මෙය කියවන මිත්රයයන්ටත් ප්රියෝජන වේ යයි සිතෙන බැවින් ඒ කවි පංක්තිය මෙහි සම්පූර්ණයෙන්ම යොදනු ලැබේ.



402 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය ලොකු ධනවෙතක් බංකොලොත් වුන හැටි

පු ව ත ර කොළෙම් පුවර නිතර වැජඹෙ න නි ම ක ර කිව නොහැකි විලසින් සැප විදි න ල ක තු ර පතල දනවත් කෙනෙකුට යෙදෙ න ක ර ද ර යක් කියම් සිංහල කවි බසි න

ම ව් පි ය දනවතුන් වූ සන්දා පත ර ‍ස ව් සි රි සැපම අත්විය මොහට එකව ර සෙ වි ම ට නිතර තුටුවිය ලංසි සංක ර කි වි ම ට අමාරුයි සැම ඔහුගෙ තොරතු ර

ක රු මෙ ට බිරිද නැතිවුණු තෙක් සිට මොහු ට දැ නු ම ට නැති බැවින් සදහම තතු ලෙස ට හැ ම වි ට ඇසුරු කරණා සංකර දස ට ස හ තු ට බවක් විය වැඩියෙන් වෙන අය ට

තේ ව තු රබර් වතු පොල් වතු බොහෝ වෙ ත ලෝනෙ තු සතුටු වන ගෙදොරද ඉමක් නැ ත රු යු තු ලිය පෙලක් ගෙයි මෙහෙකම් කර ත මෙ යු තු මොහු “කුඩා සුල්තාන්” කෙනෙක් වෙ ත

ද රු ව න් තමන් අනුවණ කමිනි බලත ර ත න මි න් මෝඩ රජ කුමරුන්ට සම යු ර ස රු ව න් සිප් සතර නෙවුගන්වා ‍නිත ර දෙ ව මි න් සුදුසු නැති ලෙන සැපත බෝක ර

වි දු ලි ය පවන්පත යට සිටියත් දිය නි සු දු ලි ය යුවල දෙපසින් පවන සලමි නි ඇ දු හැටි කොයි ලෙස දසැප දෙමිනි සුදනෙ නි ඇ දු නන දෙයක් නැත සුඵ පට් ඒ තරු නි

රු පි ය ල් දෙකක් දිය යුතු වැඩට කෙණෙකු ට රු පි ය ල් පහක් දෙයි දෙක මදිව ගණන ට ලොවතුල් සියලු දෙය අයිතිය ඔවුන් හ ට හැ ම කල් පියත් දරුවොත් සිතුය සැබව ට

පියදාස සිරිසේන නවකථා එකතුව 403

ස ං ක ර කැරපොතුන් දුදනන් සෙවි මෙ නි ල ං ක ර විස්කි “අඩි පිට අඩි” ගැසි මෙ නි සු ං ක ර නුවණ විලි බිය දුර ලැබි මෙ නි ග ං තෙර දුක් සිටිති දැන් සිත තැවි මෙ නි

තැ න තැ න පවුල් වැඩිවෙයි “අඩි” වැඩි අය ට එ ලෙ සි න මොහු හටත් සිදුවිය නිසි ලෙස ට ස න ස න අදහසින් සැම දෙන සියලු වි ට ව පු ර න වැනි විය දන කද මේ මුඵ ර ට

සි ය ර ට වසන දුගියන් සනසන දහ ස කි සි වි ට වැඩක් කෙරුවේ තැන මෙ ලක කඅ ස දු ට හ ට කැපපොතුන් ඉතිරින්ගේ සිතු ලෙස ස කැ ප කො ට දුනි දනය පස්කම් සැප පිණි ස

මෙ ලෙ සි න් නපුරු දුදනන් සමග එක තු ව ස ත ති න් පමාදව මත් පැනද එක තු ව ඉ ති රි න් සොරුන් ලඟ ලා නිතර අයු තු ව දෙ ගු රු න් දුන් දනද ලැබු දනද අමු තු ව

ද ස ව ස ක් යන්ට පෙර වනසාග ති ය ති ද හ ස ක් ඉතින් ලැබ ගනු බැරිවෙ ති ය ‍මෙ රහ ස ක් කොළඹ දැන් සිදුවි ඇ ති ය උ පදෙ ස ක් මට කීවොත් යහප ති ය මේ වගට. තත්ත්වඥ. මේ කාට සිද්ධ වූ විපතක් දැ යි මට හෙදින් නොතේරන නමුත් මෙය කයවන සමහරුන්ට තේරුම් ඇතුවට අනුමාන නැත. ඉතින් එදා මට අවුත් තිබුණු ලියුම් අතර තවත් පුදුම ලියමනක් තිබුණේය. එය නුවර පලහිලව්වක් ගැන බැවින් මම එහි ගිය විට ඒ ලියමනක් මගේ මිත්ර යන්ට කියවන්නෙමි. එදා දාවලට මගේ මිත්රහයන්ට කියවන්නෙමි. එදා දාවලට මගේ වාඩකරු ළමයා පිළියෙල කරදුන් හෝජනය අනුභව කොට මගේ ස්වතා ගතිය කොහෙත්ම වෙනස් නොකොට මට සාමාන්යනයෙන් පුරුදු කලිසම් මේස් සපත්තු ආදි ඇඳුම් ද ඇදගෙන මගේ රහස් කළමනා පෙට්ටියද රගෙණ මරදානේ දුම්රියපලට ගොස් සවස දෙකට මරදානෙන් පිටත්ව

404 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


යන දුම්රියෙන් මීගමුවට යන පිණිස පිටත්විමි. මේ හලාවත් දුම්රියයි.අනිත් සියලුම පාරවල ගමන් කරණ දුම්රියවලට වඩා මෙම දුම්රියේ කරත්ත පිරිසිදුය. අඵත්ය, ඉතින් මේ සදහා අපේ දුම්රිය කළමනාකාර තැනට ස්තුති කරගත් අපිරිසිදු ලෙස තබාගෙන තිබෙන අනිත් පාරවල ගමන් කරණ දුම්රිය කරත්ත සදහා චෝදනා කළ යුතු බැවින් මම මෙහිදි ඒ දෙකෙන් එකක වත් නොකරමි. මම දුම්රියේ දෙවෙනි පංක්තියේ කාමරයකට ඇතුල්විමි. එහි වැදගත් තලතුනා සංඝයා වහන්සේලා දෙනමකුත් සර්වසංකරවූ ඇදුමෙන් යුත් මහත්මයෙකුත් උන්හ. සර්වසංකාර ඇඳුමය කී පමණින් සමහරුන්ට නොතේරේ. ඒ සර්වසංකර ඇඳුම් නම් කලිසම ඇද මේස් සපත්තු ඇද කලිසමට උඩින් සතර රියන් රෙදි කැබෙල්ලක්තු ඇඳ - කමිසයත් ඇඳ බෙල්ලේ වැල හෙවත් ටයි එකත් බැඳ - කොන්ඩය පිරා බැඳ - පුරාණ ජාවුන්ගෙන් උදුරාගෙණ සිංහලයා තනියම සින්නක්කර කරගත් කැස්බෑලෙලි පනාවත්, ඒක වැසීමට ටොප්හැට් නම් උස්වූ තොප්පියත් කෝට් එකේ පැත්තකින් එල්ලාගත් බ්රැමකට් එකක්, එහිම එල්ලෙන රත්රන් කාසි පොකුරකින්ද යුත් මේ ඇඳුම “සර්වසංකර” පිරිමි ඇඳුම වේ. මේ ස්ථානයට වැඩි ප්රඇයෝජන තැතත් සර්වසංකාර පිරිමි ඇඳුම් දැනගත් උදවියට සර්වසංකාර ස්ත්රී ඇඳුම ද දැනගන්ට ඇත්නම් හොදය කියා සිතෙන බැවින් එය ද මෙහි දක්වනු ලැබේ. ඉන යටට කම්බාය හෝ චිත්ත රෙද්ද ඊට උඩින් යට සායත් ඊට උඩින් ගවොමත් ඇද කකුල්වල මේස් සපත්තුද දමා ඔඵව හො‍ද හැටි පීරා කොන්ඩය බැද රත්රන් කුරක්ද ගසා නැවත හිස වැසෙන පිණිස කුකුල් පිහාට්වලින් සරසන ලද තොප්පියක් ලා ගෙන බෙල්ලේ නොයෙක් විධියේ මාලද බැඳ දිග ඔර්ලෝසු මාලයද දමාගෙන එක් අතකින් කුඩා බෑග් එකක් ද අනිත් අතින් අවන් පතද ගෙන සැරසුන කල සර්වසංකර ස්ත්රී ඇදුම් බව සැලකිය යුතුය.‍ ෙමහි ‍ දෙවෙනි ප්ර මාණයේ සර්වසංකර ඇඳුම් ඇතත් මා නැගුනු දුම්රිය කාමරයේ සිටි ස්ථවිරයන් වහන්සේලා දෙනමගේත් අනිත් මහත්මයාගෙත් මගේත් කථාබස් ඇසිම ඒ ඇඳුම පලහිලව්වට වඩා මගේ මිත්රහයන්ට රුචි විය හැකි බැවින් ඒ කථා සල්ලාපය සංක්ෂෙපයෙන් කියන්නෙමි. මම දුම්රියට නැගුණු හැටියේම එහි සිටි සුමනසාර ස්ථවිරපාදයන් වහන්සේ මා අඳුනන බැවින් “ ආයුබෝවන්ඩ වික්රසමපාල මහත්මයෝ, මේ බැහැරක් ද? කාටද සිද්ධ වි තිබෙන අපහසුවක් සොයාන්ටවත් යන්නෙහි ද “ යි ඇසයේය. මම



පියදාස සිරිසේන නවකථා එකතුව 405

ස්වාමින්වහන්සේලා දෙනමට නමස්කාර කොට පැත්කින් වාඩිගෙන “එසේය ස්වාමිනි, මගේ මේ කුණු ශරිරය නිශ්චලව තබා ගනිම මහත් අපරාධයක් නිසා මා දන්නා තරමකින් මාගේ ශක්ති පරිද්දෙන් අනුන්ට වැඩ කිරිමේම නියුක්තව සිටිමි”යි කීවෙමි. සුමනසාර ස්වාමින්වහන්සේ ධර්මශාස්ත්රි උගත් සීලාචාර කෙනෙක් බැවින් ද අවුරුදු කීපයක පටන් මගේ තොරතුරු හොදින් දන්නා බැවින් ද එහි සිටි අනික් ස්ථවිරයන් වහන්සේට මා ගැන මදක් තොරතුරු කියා “දැන ඇදින ගතයුතු වර්තමාන බෞද්ධ ප්රනභූන්ගෙන් කෙනෙක්ය”යි මට ගෞරව වශයෙන් කීයෙය්. මීට පෙර නමින් දැක පුරුද්දෙන් මා ‍නාඳුනන එම ස්ථවිරපාද‍යන් වහන්සේ මා විමසන පිණිසදෝ මෙසේ කීයේ ය. “අපේ මේ මහත්මයා ශ්ර ද්ධාව අසා මම සතුටුවිමි. නමුත් දැන් කාලයේ සාමාන්යම බෞද්ධ ජනයා අශ්ර්ද්ධාවත් කෛරාටිකයෝය. අපේ මේ මහත්මයා බුද්ධ ධර්මය ඉගෙන ගත්තේ කාගේ ආශ්රායෙන්ද ? දැන් සමහරු ඉංග්රිදසි පොත්වලින් බුද්ධාගම ඉගෙන ගෙන සංඝයාත් ඕනෑ නැත, දන් දිම් සිල් රැකිම ආදි ප්ර්තිපත්ති ඕනෑ නැත යනාදි වශයෙන් අමුතු බෞද්ධ වෙසක් ඇති කර රට විනාශ කරති. එබඳු නපුරු කාලයක මහත්මයා වැනි අවංක ශ්ර ද්ධාවත් බෞද්ධයන් අතරින් පතරවත් දිකින්ට ලැබිම මහත් ප්රිඅතියකැ”යි කීයේය. ඒ ස්වාමින් වහන්සේගේ කතාවට මම මෙසේ කීවෙමි. “මගෙන් යම් කර්කශ වචනයක් කියවුනොත් ස්වාමින් වහන්සේලා මට සමාවෙන ලෙස ඉලලිම. අහස කඩා වැටුනත් කිවයුතු තැනදි ඇත්ත කියන්ටම ඕනෑ. වර්තමාන බෞද්ධ ජනයා අශ්ර ද්ධාවත් ආගම ප්රිති පත්තියෙන් තොරවු බෞද්ධ නාමධාරි පිරිසක් වීම ගැන චොදනා ලැබිය යුත්තෝ භික්ෂුවන් වහන්සේලාය. ගිහි ඡනයා භික්ෂුන්ට වඩා නූගත් හිතුවක්කාර ලෙස හැසිරිය හැකි පිරිසකි. ඵබදු පිරිසක් අශ්රඡද්ධාවත් වීමවත් ප්රගතිපත්තියෙන් තොරවීමත් පුදුමයක් නම් භික්ෂුන් වහන්සේලා සතර සංවර ශිලයෙන් තොරව ශ්රවමණ ධර්මය පහකොට ක්රිහයා කිරිමට අතිශයින්ම පුදුමයට කාරණයකි”යි කීවාම ඒ ස්ථවිරයන් වහන්සේ සමග විවාදයක් මෙන් කථා කරන්ට සිද්ධවිය. ඒ මෙසේය:-

ස්ථවිර - දැන් මහත්මයාගේ කල්පනාවට සියලුම හික්ෂුකහු ශ්රටමණ ධර්මය රක්ෂාම නොකරණ ශ්රනමණ වෙශධාරිහු යයි කියා ද? මම - අනේ ස්වාමිනි, මට සමාවෙන්ට, මම කවදාවත් ‍එසේ නො සිතුවෙමි, නො කිවෙමි, එසේ සිතුවොත් කීවොත් මගේ ඉස සත් කඩකට පිපිරෙන්ට යුතුය. ලක්දිව ඉන්නා සංඝයා




406 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

වහන්සේලා දොළොස්දාහක් පමණ වේ. ඒ මේ පිරිස අතර සොවන් ඇදි මාර්ග ඵල ලැබු උතුමොත් සිටිති. ඉතින් ඒ උත්තමයන් වහන්සේලාට නිකමටවත් නින්දා කරණ පුද්ගලයා බුදුධාන්තරයකින්වත් අපායෙන් නොමිදේ. එම නිසා මම ලෝකශ්රඇ වූ රත්නත්රනයෙන් එක රත්නත්ර.යකට වත් අලපමාත්රඇයකුදු අගෞරව නොකරමි. ස්ථවිර - බොහොම හරි - මහත්මයාගේ කල්පනාව ඉතාමත් හරි. මේ කාලයේ හැටියට පුඵවන් තරම් ශ්රරමණ ධර්මය ආර්ක්ෂා කරණ සංඝයා මිස පුරාණ කාලයේ මෙන් ධුතාංගාදිය රක්ෂා කරන්නෝ අවිද්යංමාන වෙත්, ඉතින් සංඝයාට සාමාන්යක වශයෙන් ගිහින් කරන් චෝදනාව හරි ද? මම - හොදයි ස්වාමිනි, දැන් කාලේ හැටියට ශ්රකමණ ධර්මිය පුරන්ට සංඝයාට හොද නම් දැන් කාලේ හැටියට සතුන් මරමින්, සොරකම් කරමින්, පරදාව සේවනය කරමින්, බොරු කියමින්, ජාති ධර්මයක්, ආගම ධර්මයක් ප්රසගුණ නොකරමින්, මනුෂ්යණ තිරිසන් ගතියේ සිටින ගිහි මිනිසුන් අශ්ර්ද්ධාවත් විම ගැනවත් ඔබ වහන්සේලාට චෝදනා කිරිම ගැනවත්, ඔවුන්ට දොස් කියා හැකිද? ස්වාමින් වහන්සේ වැනි ධර්මය විනයධර කෙනෙකුත් තමන්ගේ දෝෂය ආවරණය කර ගෙන අනුන්ගේ දෝෂ පමණක් ඉදිරියට ගන්නේ නම් අනේ අපේ ශාසනය කෙසේ පවතීද? ස්ථවිර - මහත්මයාගේ කල්පනාව සංඝයා සීලවන්ත නූන නිසා ගිහි මිනිසුන් අශුද්ධාවත් බෞද්ධ නාමධාරින් වූ බව ද? මම - අනේ ස්වාමිනි, ඒ මගේ කල්පනාව පමණක් නොව සම්පූර්ණ ඇතතකි. ඇයි ස්වාමිනි, මේ බලන්න, බුදුගුණලංකාරයෙහි

“රජුන් අදමිටුව ත් වෙති මැතිදොද එපව ත් දැක උන්ගේ පුව ත් බමුණු ගහපතියොද එගනි ත්

උන් දැක දනම් වැ සි දන වෙති අදහමට රි සි රැක උන් වෙත පැහැ සි සුරන් සිතටත් එදම් අදහ සි”

ඉතින් ඉහල පංක්තිවල පටන් අධර්මය බොවෙන්නේ ‍යම්සේ


පියදාස සිරිසේන නවකථා එකතුව 407

ද ප්රසතිපත්ති ආදියත් එසේම ඉහල පංක්තිවල පටන් පහතට දියුණුවේගණ යයි. ස්ථවිර - අපේ මේ සුමනසාර ආයුෂ්මතුන් ගැන වර්ණනා කළ නමුත් මහත්මයා ලෙහෙසි පහසු කෙනෙක් නොව, සංඝයාගේ දොස් සොයන අමාරුකාරයන්ගෙන් කෙනෙක් බව මට පෙනේ. මම - ස්වාමිනි, මම ලොහෙසි පහසු චපලයෙක් නොවමි. තථගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය මදක්වත් දැන එවු පරිදි පිළිපදින තැනත්තා “ මොඩ තකතීරුවෙක්ය” යි තමුන්නාන්සේ සිතා සිටියෙහිද ? මම සංඝයාගේ පමණක් නොව ගිහියන්ගෙත් ගුණ දොස් මගේ ශක්ති තරමින් සොයන්නෙමි. නමුත් මගේ ගුණ දොස් නොසොයා අනුන්ගේම ගුණ දොස් සොයන්නෙක්ද නොවෙමි. සංඝයාගේ සීලාචාරභාවාදි ගුණයත් දුශ්ශිලභාවාදි වැරදිත් සෙවිම අපරාධයක්යයි තමුන්නාන්සේ කියන්නෙහිද ? ස්ථවිට - මහත්මයා මගේ කථාවට අසතුටුවුණා ද? මා කීවේ මේ කාලයේ හැටියට මහණදම් පුරණ බව සහ ඊට වැඩි යම්ක කරන්ට බැරි බවිය. මම - හොදයි, ස්වාමින්වහන්සේට නිවන් සැප ලැබේවා. මා වෙත කරුණා පෙරදැරිව මේ කාලයේ හැටියට මහණදම් පුරණ හැටිත් ඉස්සර කාලයේ හැටියට මහණදම් පුරා තිබෙන හැටිත් විස්තර කර කියා දෙන්ට. මේ වචන ඇසු සුමනසාර ස්වාමින් වහන්සේ සිනාසි “අපේ හාමුදුරුවෝ ගිලින්ටත් වමාරන්ටත් බැරි වජ්රි ගුලයක් ඩැහැගත්තාහ. පුඵවන් නම් උත්තරදි නිදහස් වන්ටය”යි කීයේය. අපේ මේ කථාව ඉතා ඕනැ කමින් අසමින් පැත්තකින් සිටි සර්වසංකර ඇදුමෙන් සැරසුනු සිංහල මහත්මයාද කට කොණකින් සිනාසුනේය. ස්ථවිර - මම නොකියමි. මහත්මයා මහා බණකාරයෙක් නිසා මහත්මයා කියන්ට. මම - අනේ හාමුදුරුවනේ වර්තමාන කාලේ බොහෝ සංඝයා තුළ පවත්නා යුක්ති විරහිත කථාත්, අදහසුත් , මෙබදු ප්ර්සිද්ඛ ස්ථානයකදිත් තමුන්නාන්සේ පෙන්නු හැටි දැන් කාලේ සංඝයා ය කියා ඉන්න බොහෝ ශ්රකමණ ප්රනතිරූපකයන් මිස සැබෑ



408 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

ශුමණයන් වහන්සේලා ඉස්සර කාලේ ප්ර්තිපත්ති ආදිය කිසිසේත් මතක නැති නොකළාහ. සමහරවිට තමුන්නාන්සේ ඒ පුරාණ සංඝයා වහන්සේලා රක්‍ෂා කළ දැනුත් සිල්වත් හික්ෂුන් රක්ෂා කරණ බුදුරජාණන් වහන්සේ ගේ විනය ප්රැඥප්ති කිසිවක් නොදත් කෙනෙක් විය හැකි. ඉතින් තමුන්නාන්සේ ඒ කිසිත් නොදත් “නිකම්” උන්නාන්සේ කෙණෙක් බව නොකියා “මගේ බණකාරකම්” කීයෙහියයි සිතමි. ඒ කොයි හැටි උනත් මෙහි සිටින සිල්වත් ස්ථවිරපාදයන් වහන්සේටත් ගිහි මහත්මයාටත් අපේ කථාවේ යුතු අයුතුකම් වැටහුනාට අනුමාන නැත. සුමනසාර - මහත්මයාගේ කතාව අපේ ස්ථවිරයන්ට තේරුම නොගෙස් කථා කළ බව පෙනේ. ඒ නිසා දැන ඔය කථාව නැවතුවෝත හොදා. මම - අනේ ස්වාමිනි, උත්ම් වු රත්නත්රදය වෙනුවෙන් මට සමාවෙන්ට මේ කාලේ හැටියට මහණදම් පුරනවාය කියනනේ කුමක්ද? ශ්රේමණ භූමියට අතුලත්වනවිට පුරාණ කාලයේ ආයාචනා කර සිටින්නේ කෙසේද? සුමනාසාර ‍- “සබ්බ දුක්ඛ නිසසරණ නිබ්බාන සවජ්කරණන්ථනය, ඉමං කාසාවං ගහෙත්වා . පබ්බා‍ෙජථ මං භනෙත”කියයි. මෙහි තේරුම සියලු දුක්වලින් නික්මිම නම් වු නිර්වාණය ක්ෂාත් කිරිම පිණිස මේ කාෂය වස්ත්රලය ගෙණ මා පැවිදි කරණ සේකවා යනුයි. මම - ඉතින් ස්වාමිනි. දැන් මහණකම ලබන ඇතතොත් එසේම ද? සුමනසාර- ඔව්, එසේමයි. මම - අනේ ස්වාමිනි, බුදුහාමුදුරුවන්ගේ විනය ප්ර”ඥප්ති ඉස්සරත් දැනුත් එකම ද? සුමනසාර - සත්තකෙන්ම ඉස්සරත් දැනුත් මත්තටත් එසේමයි. කිසිවෙකුට අඩු වැඩි නොකළ හැකි වෙනස් නොකළ හැකි එකම ධර්මය අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. මම - ඔය ඇති ස්වාමිනි. මේ ඔබ වසහ්සේ මග ගමන් කරණ ස්වාමින්වහන්සේ ‘බුද්ධාකම්කාරයෙක්’ ද? එවිට ඒ ස්තවිරතෙම මා දෙස බලමින් රවයි .ස්රවසංකර මහත්මයාත් සුමනසාර ස්ථවිරයන් වහන්සේ සිනාසෙත් සුමනසාර - මහත්මය‍ාගේ කල්පනාව කොහොම ද? ඒ ස්ථවිරයන්



පියදාස සිරිසේන නවකථා එකතුව 409

වහන්සේ බුද්කාගම්කාරයෙක් යයි මහතා කල්පනා කරන්නෙහිද? මම - සත්තකටම ස්වාමිනි, මේ ස්වාමිනි වහන්සේ බුද්ධගම්කරයෙක් නොවේ. මේ අන්දමට ලබනවිට දැනට ලක්දිව සිටින දෙළොස්දාහක් පමණ වු මහණුන්නාන්සේලාගෙන් වැඩි කොටසක් බුද්ධාගම් කාරයෝ නොවෙති. ඉතින් බුද්ධගම් කාරයන් නොවන ගිහි පිරිසකුත් බුද්ධාගම්කාර නොවන ශ්රබමණ පිරිසකුත් බුද්ධාගම් අදහන්ටත් එය පරිපාලනය කරන්ටත් ලෑස්තිවුනාම එය කෙසේ ඉෂ්ටවේද? සූප ශාස්ත්රසය නොදන්නා කෝකියෙක් ගෘහ සංවිධානය නොදත් “අප්පුලත්” එක්ව මංගල්ය්‍ භෝජන උයා පිළයෙල කළාට කවර ලෙසකින් එය හිරියාද ? සත්තකින්ම ඒ මගුල ගෙදර විවිධ වූ පරිදි පවත්වාගත නොහැක්කේය. මේ නිසා දැන් ලක්දිව සිටින බුද්ධාගම්කාර භික්ෂුනන් වහන්සේලාටත් ගිහියන් ටික දෙනටත් උට්ඨාන විර්යයෙන් යුක්තව ක්රි යා කරන්ටවී තිබේ. ඉතින් මම මගේ කොටස කරන්නෙමි. ස්වාමින් වහන්සේගේ කොටස ඔබ වහන්සේ කළ මැනැවැයි කීවෙමි. මිගමුවේ දුම්රිය‍පලට දුම්රිය ලඟා වූ බැවින් මම එතනින් බැස්සෙමි.

04.පරිච්ඡේදය

සංස්කරණය

සො භිත උන්නාන්සේ සිවුරු අරියේද සිවුරු පිටින්ම දැයි පහසුවෙන් දැන ගැනීම මීගම්වේ දුම්කොල කඩයක් දමාගෙණ ඉන්නා ඒ උන්නාන්සේගේ මාමාගෙන් පිළවන් නිසා එදා රැ හෝටලයට ගොස් නැවති නිස පසු දින උදේ සාමාන්යග ගම්වැස්සෙකු ලෙස සැරසි දුම්කොල කඩේට ගොස් වාඩි ගතිමි. සෝභිත උනනාන්සේගේ මාමා වන අවුනේරිස් අප්පු ම දෙස බාල, “මේ කොහෝ සිටිලා දැ”යි ඇසුයේය. “මම අම්බලන්ගොඩ සිට ආවෙමි. තමුසේලාගේ බෑනා කෙනෙක් වන සෝභිත උන්නාන්සේ කුඩා කාලේ පටන් මගේ මිත්රගයෙකි. ඉතින් ඒ ගැන තමුසේ මොකවත් දන්නෙහිදැ”යි ඇසුවෙමි. අවුනේරිස් අප්පු මට බුලත් විටක් දි “තමුසේ ආවාට මම බොහොම කැමතියි. සෝහිත උන්නාන්සේ මගේ බෑණා කෙනෙකි. අර විමලතිස්ස හාමුදුරුවන් ලඟ මහණ කෙරෙව්වේ ඒ උන්නාන්සේගේ කරදරයටයි. නමුත් එතන මේ ලෝකේ කෙනෙකුට ඉන්න බැරිය.



410 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

විමලතිස්සගේ බෑණා කෙනෙක් ලගදි මහණ කරගෙන තිබේ. එසේ කර තිබෙන්නේ පන්සලත් ඒ සම්බන්ධව දේපලත් අයිතිකර දෙන පිණිසයි . ඉතින් ඒ ගැටයා මහණවුන දවසේ පටන් විමලතිස්ස හාමුදුරුවොත් අමුතු වෙලා ඒ කුඩා උන්නාන්සේ කියන කියන එකක් කරදෙති. පන්සලේ ඉන්න අනික් සියලුම උනනාන්සේලා ඵ් ගැටයාගේ වැඩකාරයෝය. නිතරම පාහේ සෝහිත උන්නාන්සෙට කරදර කරණ බැවින් සිවුරු ඇරලා මෙහි ආවේ ය. ගිය ඉරිදා මම නැවතත් අර එහායින් පෙණෙන පන්සලේ සුමනතිස්ස හාමුදුරුවන් ලග මහණ කරෙව්වෙමි. තමුසෙට දැන්ම ම සම්භවෙන්ට ඕනෑ නම් ආං අර පෙණෙන පන්සලට ගියාම සම්භවෙන්ට පිළවනැ”යි කීයේය. මගේ ගමන බලාපොරොත්තුවුනාටත් වඩා සඵල වූ බැවින් මහත් ප්රි්තියට පැමිණ කෙලින්ම පන්සලට ගොස් ගිය ඉරිදා මහණ වුන කුඩා හාමුදුරුවෝ කොයිදැයි පන්සලේ සිට වයසක මිනිහෙකුගෙන් ඇසුවෙමි. හොද වේලාවට ඒ සෝභිත උන්නාන්සේ පන්සල් වත්තේ කෙළවරේ පොල් ගසක් යට පාඩම් කරමින් සිටි වේලාවක් වූ බැවින් ඒ පන්සලේ ප්ර ධාන සංඝයා වහන්සේලාටත් නොදැනුවත්වම සෝභිත උන්නාන්සේ සමග කථබස් කරගන්ට මට ඉට ලැබුනේය. මහඵ මිනිහා උන්නාන්සේ ඉන්න පැත්ත කී බැවින් මම එහි ගොස් ඒ කුඩා හාමුදුරුවන්ට වැදලා තණකොල උඩම පැත්තකින් වාඩිවිමි. ඒ හාමුදුරුවෝ මීට පෙර කවදාවත් මා නුදුටු බැවින් කොයිබ සිට ආවෙහිදැයි මගෙන් ඇසූහ. මම විමලතිස්ස හාමුදුරුවන්ගේ පන්සලේ දායකයෙකුගේ පුතෙක් බවත් නිතරම කොළඹ සිටින කෙනෙක් බැවින් සොභිත හාමුදුරුවන්ට දැනුම් නැති බවත්, දැන පන්සලේ අයුතු වැඩ රාශියක් කොරෙණ බැවින් දායකයන්ගේ සභාවකින් ඒවා විමසා යමක් කරන්ට සූදානම් කිරිමේ නියුක්ත බවත් ඒ සම්බන්ධව එනම් පන්සලේ සිටින උන්නාන්සේලාගේඅයුතු වැඩ ගැන තමුන්නාන්සේගෙන් තොරතුරු රාශියක් දැනගන්ට පුඵවන් යයි සිතාගෙන පැමිණි බවත් කීවෙමි. සෝභිත උන්නාන්සේ විමලතිස්ස හාමුදුරුවන්ගේ බෑනා වන සරණපාල සමග බලවත් ක්රෝකධයෙන් ඉන්නා නිසා ඊට පලිගැනිමට මේ කදිම වේලාව යයි සලකා ගෙන මෙසේ කියන්ට පටන් ගත්තේය. “ඔන්න මහත්මයෝ එහෙනම් මා දන්නා තරම කියන්නෙමි. විමලතිස්ස හාමුදුරුවන්ගේ බෑනා වන සරණපාල තරම් වලෙක් සිංහල ජාතියේ වත් ඇතැයි සිතන්ට එපා. ඒ මනුෂ්යසයාට කිසිම මහණ කමක් නැත. පිටස්තර උන්නාන්සේලාට පන්සලේ දේපල අයිතිවේයයි සිතා විමලතිස්ස හාමුදුරුවන් මේ ගැටයා මහණකර තිබේ. අනිත් ප්රිතිපත්ති



පියදාස සිරිසේන නවකථා එකතුව 411

පැත්තකින් තබන්ට, මහණවුණාට පසු ඒ උන්නාන්සේ පස් දවසක් වත් බුදුන් වැන්ද බව මට කියන්ට බැරිය. පොත පත පාඩම් කිරිමක් වත් මොකුත් නොකරන මේ මනුෂ්යටයා මහණ උන්නාසේ නමක් තබා වැදගත් ගිහියෙකුට හිතන්ටවත් බැරි තරම් නීච වැඩ කරමින් කල්ගත කරයි. “ඒ පන්සලේ ප්රරධාන දායකයෙක් මෙන් ලොව රවටාගෙන ඉන්න විදානරාල නිසා මේ කුඩා උන්නාන්සේ ඉතාමත් ව්ලවි සිටි. ඒ විදානරාලගේ මායියා ලෝකයේ ඉන්නා කපටි ස්ත්රි න්ගෙන් අන්තිම ස්ත්රි යයි කීවට වරදක් නැත. මේ සරණපාල මහණවුන තැනේ පටන් ලොකු ශ්ර්ද්ධාවක් හා කුඵපගභවයත් පෙන්වා මේ කුඩා උන්නාන්සේව ගෙදරට කැදවා දානය දෙමින් පන්සලේ තිබෙන පොලුත් හෙරලිත් මුදලුත් ඒ මායියා රවටා ගනී. ඒ බව දුටු අප වරක් දෙකක් විමලතිස්ස හාමුදුරුවන්ට කීවා බෑනාගේ හිත නරක්වේය සිතා අපේ කීම ගණනටවත් නොගත්තේය. දැන් විදාන මායියා සරණපාල රවටාගෙන පන්සලට ලැබෙන සියඵම ආදායම ඔවුන්ගේ ගෙදරටම ගනිති. අනිකක් තබා විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පොට්ටිය සරණපාල විසින් විදාන මායියාට දුන්නායි මම සිතමි”යි සොභිත උන්නාන්සේ කීයේය. ඉතින් හාමුදුරුවනේ සරණපාලත් විදානමායියාගේ දුවත් කථාබස් කරණ වගත් ලියුම් ගණ්දෙනු කරගන්නා වගත් තමුන්නාන්සේ දුටුවේ නැද්දයි ඇසුවෙමි. “අනේ මහත්මයෝ මම නම් ඒ ගැන කිසිත් නොදනමි. සරණපාලගේ ආවතේව කරණ අමාරුකාර කොලුවෙක් පන්සලේ සිටි. ඔහුගේ නම හැන්රි ය. අන්න ඒ සම්බන්ධය පුඵවන් නම් ඔහුගෙන් දැන ගන්ට කරුණු තිබෙත්, පන්සලේ සිටින ගුණවත් ධම්මරතන හාමුදුරුවන්ගෙන්ද සරණපාල ගැන දැනගත හැක. ඒ පන්සලේ සිටින අනිත් වනරතන උන්නාන්සේත් සරණපාලගේ ගජ මිත්රගයෙකි. යම් හොරකම්, දුෂ්ට ක්රිතයාවක් කලොත් දෙන්නාම එකතුවයි. විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය ගැනත් යමක් කළා නම් ඔය දෙන්නම එකතුවෙලාය. මට ඒ දෙන්නා සමග ඉන්ට බැරි නිසා සිවුරු ඇර ආවෙමි”යි සෝභිත උන්නාන්සේ කිවු පසු මීට වඩා යමක් එතන්න් දැන ගන්නට බැරි බව හැඟුණු නිසා “හොදයි හාමුදුරුවනේ තමුන්නාන්සේට වැඳ පන්සලේ ලොකු සංඝයා සම්භ නොවි පිට පාරේම විදියට ආවෙමි. මම කඩ වීදියට යනවිට පුදුම කාරණයක් දැක්වෙමි. උස මහත ඇති උන්නාන්සේ කෙණෙකුත් තවත් ගැටයෙකුත් අවුරුදු 8 ක් පමණ




412 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


වයසැති ළමයෙකුත් මරක්කල සාප්පුවකින් රෙදි වගයක් ගන්ට බලන බව පෙණි. ඒ උන්නාන්සේත් ළමයාත් එකම හැටහුරුකම ඇති පියත් පුතත්ම මිස අනිකෙකැයි කිව නොහැකි නිසා මමද සාප්පුවට ඇතුල්ව ලේන්සුවක් ගන්ට සූදානම් වීමි. එවිට ඒ ශ්රපමණ තැන ළමයාට “ඇලෆ්රමඩ්” කියා කථාකොට ඔහුට කැමති රෙදි වර්ගය පෙන්වන්ට කීයේය. උන්නාස්සේත් කොලුවාත් එකතැන ඉඳ එකපැත්ත බලාගෙන ඉන්නවිට මේ පියත් පුතත් කියනු මිස ඇස් නැති අඥානයෙකුටවත් අනිකක් සිතන්ට අමාරුය. ඉතින් අප්පේ මෙබදු කාලයක සිවුරු ඇදපු මිනිහෙක් තමාට ජාතක වූ තමා සමාන දරුවෙකු සමග ප්රුසිද්ධ නගරවල ඇවිදන්නේ කෙසේදැයි සිතා මේ ශ්රුමණ වෛශධාරියාගේ තොරතුරු වමසන්ට කල්පනා කොට මරක්කල සාප්පුව ඉදිරිපිට තිබෙන සිංහල සාපුපුවට ගියෙමි. එහි සිටි තරුණ මහතා මට වාඩිවෙන්ට කියා මට උවමානා කුමක්දැයි මගේන ඇසුයේ ය. එතැනට ගියා වෙනුවට ශත දොළහක් දි ලේන්සුවක් ගන්නා විටම ශ්ර.මණ කෝලමත් ඔහුගේ පුතත් අතවැසියාත් පාරට බැස්සාහ. එවිට සිංහල වෙළෙන්දාගෙන් ඒ මහණ උන්නාන්සේ කවරෙක්දැයි ඇසුවෙමි. ඒ තරුණ මහත්මයා සිනාසි “ඔය පාඨශාලවේ කළමනාකාරයා, අර එක්ක යන්නේ ඔහුගේ පුතාය. අද ඔය පුතා සමග පමණක් ආ නමුත් සමහරදාට භාරයාවත් පුතත් යන දෙදෙනා සමගම රෙදි පිළි ආදිය ගන්ට එන්නේය. ඔය ශ්රදමණ වෙශධාරියාට ආදායම් ඇත පන්සලකුත් භාරදි පාඨශාලාවක්ද විවෘත කොට ඔහුට භාරදුන මිශ්රධ පාඨශාලාවක් බැවින් එහි ගුරුකමකට ආ ස්ත්රී ය භාර්යාකමට පාවාගත් ඉක්බිත ඔය දරුවන් ලබාගෙන දැන් සැපසේ කාලය ගතකරයි. ඉතින් ප්රාසිද්ධියේ මේ අන්දමේ මොහු සමග ආශ්ර ය කරණ මහනුන්නාන්සේලා ඉන්නා කල බුද්ධශාසනය කොහොම රැකේ දැ”යි මහතා කීයේය. අනේ අනේ සංඝ ගෞරවය! අනේ අපේ උගත් ශාසනස්ථිතිකාමි භික්ෂුමන් වහන්සේලාගේ උදාසීන භාවය අනේ අපේ ගිහියන්ට සංඝයා එපා උන හැටියි සිතමින් මා අදුනන එක්තරා පෙරකදෝරු කෙණෙකු සම්භවීමට යමියි සිතා හෝටලයට ගොස් මට පුරුදු යුරෝපිය ඇඳුමෙන් සැරසී දාවල් බතද අනුභව කොට උසාවිය ලඟ තිබෙන් ඒ පෙරකදෝර් තැනගේ කන්තෝරුවේ ගියෙමි. මා යනවිට පොරකදෝරු උන්නැහේගේ කන්තෝරුවේ අවුරුදු තිහක් පමණ වයසැති දුර්වල මිනිහෙක් මිස වෙන කිසිවෙක් නොසිටියේ ය. ඒ අය ස්තෝප්පුවේ තිබෙන බංකුවක් උඩ වාඩිවි සිට මා දුටු හැටියේ ඉස්සරහ පඩිය ලඟටම


පියදාස සිරිසේන නවකථා එකතුව 413


අවුත් “ මහත්මයා නැත. උන්නැහේ යන්ට ගියේය” යි කීවේය. ලෝකයේ තොරතුරු දත් මට මේ කථාව කොහෙත්ම අදහාගන්ට බැරිවිය නැත්නම් ඔය තරම් ඕනෑ කමින් මගේ පෙරමුණටම අවුත් ඒ මා විසින් මහත්මයා ගැන විමසන්ටත් පළමු මෙසේ දැනුම් දුන්නෙ මෙහි රහසක් නිසා යයි සලකා ටිකක් ගේ ඇතුලේ පැත්ත දෙස බැලුවෙමි. මහත්මයා හෝ වෙනින් එක්කෙනෙකුට වැඩි පැත්ත දෙස බැලුවෙමි. මහත්මයා හෝ වෙනින් එක්කෙනෙකුට වැඩි ගණනක් එහි ඉන්න බව මට දැනී “හොදයි, මම තව ටිකකින් එන්නෙමි”යි කියා එතනින් ගියෙමි. සවස පහට පමණ පෙරකදෝරු මහතා මා ඉන්න හෝටලය ලඟින් යනු දැක කථා කළෙමි. උන්නැහේට මා සමග කථා නොකොට යා නොහැකි කරුණු කීපයක් ඇති බැවන් හෝටලයේ මගේ කාමරයටම අවුත් වාඩි ගත්තේය. “මහත්මයා ගුණධර්මය ගරු කරන කෙනකැයි අද වනතුරු සිතා සිටියෙමි. අද කන්තෝරුවේ පැවති ස්වභාවයෙන් මහත්මයාත් අපිරිසිදු සිතිවිල අනුව ගිය සිත සුතුටු කිරිමට උවමනා සෑම දේම කරන්නෙක් බව තේරුම් ගනිමි. පරිසුද්ධවූ ධර්මය නොඉගෙන වර්තමාන ශාස්ත්ර් පමණක් උගත් අය සාමාන්යසයෙන්ම අඥානයෝය හෙවත් තුච්ඡ වූ කාම සැපතට වාලුවුවෝ ය. උසස් ධර්මයෙහි පුරුදුවූවෝ පමණක් නියම මිනිස්සුය. අනික් සියල්ලෝම මනුෂ්ය රූපයෙන් ඇවිදින .තිරශ්චිනයෝ වෙති. ඉතින් පෙරකදෝරු මහතා අන්තිමට කී පංක්තියට වැටිලා නොවේද’යි අසුවේ, මගේ පරණ මිත්රතයෙක් වූ උන්නැහේ “වික්රනමපාල මහතාණෙනි, අපේ තාත්තලා අම්මලා ඇදහු නිසා මම බුද්ධාකම අදහමි. නමුත් දැන් මට පරලොවක් ගැන විශ්වාස මාත්රියක් නැත. පඤචමහාභුතයන් නිසා උපන් මිනිසා ‍පඤචමහාභූතයන්ට බෙදි යන්නේය. මේ කරුණු මට වැටහුණු තැන් පටන් මගේ හිත කයට සතුටු එලවන යමක් ඇද්ද ඒ සියලුල එසේ කරමි”යි කීයේය. ඇත්තෙන්ම මගේ හිත චංචල විය. වර්තමාන කාලේ කියන “ඥානවත් ආගම” (Retionalism) මේ බවත් මේ දෘෂ්ටියට බැස විනාශවුන සෙනගගේ ගණන සුඵ පටු නොවන බවත් කල්පනා වුණු මට බලවත් දොම්නසක් ඇති වී තථාගත සම්මා සම්බුදු රාජණන්වහන්සේගේ ධර්මය නොදත් අෂ්ට දුෂ්ටක්ෂණයෙන් වෙන් වූ උත්පත්යක් නොලැබු අහේතුක පුද්ගලයන් මේ නපුරු දෘෂ්ටියට බැසීම කනගාටුදායක නොවන නමුත් ධර්ම මන්දිරයයි නම් ලත් පස්වා දහස් කල් සුගත ශාසනය නිර්මල ලෙස පවත්නා ලක්දිව උපන් සිංහල මිනිසුන් මේ අයුතු දෘෂ්ටියට වැටිමට අතිශය්න්ම සංවේගදායක බවත් කල්පනා කොට “හොදයි මහත්මයා මහත්මයා මවු පියන්ට වඩා ඉහලින් ශබ්ද ශාස්ත්රා දිය ‍උගත් නිසා ඒ මවුපියන්ට පරම්පරාගතව ලැබුනු ආගම් නරක බව සිතී “ කුමේ බේබේ”


414 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


කිරිම හොදය හිතා තිබේ. ඒ ගැන දැන් මම කථා නොකරමි. කරුණාකර අද රෑට මා ඉන්න මේ හෝටලයට තවත් මහත්මයාගේ මිත්ර “රැෂනලිස්ට” හෙවත් “ප්රඉඥාවතෙ” කුත් සමග ආවොත් ඔය “ඥානවත්කම” එක්කෝ සුණු විසුණුකර දමන්නෙමි. නැතහොත් මමත් පිළිගන්නෙමි”යි කීවෙමි. මා මිත්ර පෙරකදෝරු මහතාද ඉතා සතුටුව අටහමාරට එන්නෙමි යි කියා යන්ට ගියේය. විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය සෙවිම තරම් අමාරු වැඩක් තවත් නැතැයි සිතමින් හෝටලේ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක් පිට සිටින විට කොළඹ මගේ නිවසට මා සම්භවෙන්ට ගොස් මා නැති බැවින් මා සොයාගෙණ ආ ටිකක් මට ඇඳුනුම්කම් ඇති සියදෝරිස් අප්පුහාමි නැමති ගම්බද ධනවත් කෙණෙක් පැමිණියේය. මම ඔහුට වාඩිවෙන්ට කියා ආ ගිය තොරතුරු ඇසුවෙමි. සියදෝරිස් අප්පුහාමි ඊයේ මා සම්භවෙන්ට කොළඹ ගිය බවත් මීගමුවට ආ බව අසා වහාම ආ බවත් කියා “මට රහසක් කියන්ට තිබෙන අර එහායින් පෙණෙන ටැනිස් පිට්ටනියට ආව මැනවැ”යි කියා මා අඬගසාගෙන හෝටලේ පැත්තකින් තිබෙන ටැනිස් පිට්ටනියට ගොස් එහි තිබෙන බංකුවක් පිට වාඩිවි මෙසේ කියන්ට පටන් ගත්තේය. “අනේ මහත්මයෝ මට සිද්ධවි තිබෙන්නේ ලොකු විපතකි. මට ඇත්තේ එකම දියණයයි. මට අයිති ඉඩ කඩම් සියල්ලම රුපියල් සියක් දාහක් පමණ වටි. ඉතින් ඒ දියණිය ඉතා වැදගත් ගුණ ධර්මයේ පිහිටි උගත් පාඨශාලාචාර්යවරයෙකුට පාවා දුනිමි. දැන් ඒ ගුරු මහතා අපේ ගෙදරම නැවතී සිටි. නමුත් මගේ දුව ගෙදරින් සැඟවී ගොස් පසළොස් දිනක් විය. මගේ බෑනා සමග අසතුටු ගතියකින් සිටියෙත් නැත. ඔහු ඉතාමත් ශික්ෂියත කෙණෙක් නිසා මගේ දුවට කිසි අඩන්තේට්ටමක් කරන්නේත් නැත. ඒ මගේ බෑනා වන ගුරු මහතා භාර්යවගේ සැඟවී යාම ගැන වැඩි අසතුටකුත් පෙණෙන්නේ නැත. ඒ තැනැත්තිය කා සමග කොයි පළතක සැඟවී ඉන්නා දැයි සෙවිමකුත් නැත. මා කරපු මෝඩකම් නිසා දැන් දුවත් නැත. ඉඩකාඩම් ටික ලැබෙන්නෙත් නැත. මෙම කාරණය ගැන උපදේශයක් හෝ මෙසේ විමට හේතු වූ රහස හෝ දැන ගණිමට මහත්මයාට කියනට අවේ”යි කීයෙය්. මේ කථාව මේ තරමට කෙරෙන කොටම මගේ මිත්ර” පෙරකදෝරු මහත්තා උන්නැහේගේ මිත්රක ගණතිලකත් ප්ර නාන්දු නම් තවත් උගත් මහත්මයෙකුත් මා සමග විවාද කරණ අදහසින් පැමිණි බැවින් සියදෝරිස් අප්පුහාමිට එළිවනතුරු හෝටලේම නවතින්ට කීය. මම



පියදාස සිරිසේන නවකථා එකතුව 415

ඉක්මනටට රාත්රි භොජනය අනුභව කොට මා මිත්ර පෙරකදෝරු මහතා ඇතුඵ තුන්දෙනාත් සමග මගේ කාමරයට පැමිණ කථාවට බැස්සෙමි. සියදෝරිස් අප්පුහාමි ආදි හෝටලේ සිට තවත් කීප දෙනෙකුත් සමග අපේ කථාව අසාගෙන වුන්හ. පෙරෙකදෝරු මහත්මයා පෙරදිග ශාසත්රඅ හා ධර්මය නොදත් නමුත් අපරදිග ශාස්ත්රස හුඟක් දුර උගත් කෙණෙක් බැවින් මගේ කථාවට ඉ‍ඩ ඇති විය. රසායනාදි ශාස්ත්රද නොදන්නෙකුට මනුෂ්යක ජිවිතය සම්බන්ධ දේ කීමෙන් ඔහුට අවබෝධ කරවීම ඉතාමත් දුෂ්කරය. පෙරකදෝරු මහත්මයා හා මා සම්භවීමට අවුත් සිටි දෙදෙනාගෙන් කෙණෙක් දොස්තර මහතෙක්ය. එම නිසා මේ කථාව ගැඹුරු ශාස්ත්රෙනුකුලවම වූ එකක් විය හැක. මෙය කියවන මිත්රසයින් විසින් පරික්ෂාවෙන් තේරුම් ගත යුතුය.

මම - පෙරකදෝරු මහත්මයා (Rationalist) රැෂනලිස්ට නමැති ප්ර ඥාවත් දෘෂ්ටිකයෙක් වීම වරදක් නොවේ. නමුත් ඔබ දෘෂ්ටියේ හැටියට මරණින් මතු උත්පත්තියක් නැත. කරන්නාවු ක්රිටයාවලට විපාක නැත කීයා තේරුම් ගත්තේ කාගේවත් ගුරු කමක් පිට ද නැනහොත් තබාගේම ඥානයට වැටහිලා ද? පෙරක - මම කාගේවත් ගුරු කමකින් යමක් පිළි නොගතිමි.”කවුරුවත් කී පලියටවත්, පුරාණ පටන් ඇදහුවාටවත්, පොත පතේ ලියා තැබුනාටවත්, බොහෝ දෙනෙත් අදහන වාටවත්, පණ්ඩිතයන් විසින් කියා තිබුනාටවත් කිසිවක් පිළිගන්ට එපාය. පිරිසිදු ඥානයෙන් කල්පනා කොට බලා නිදහසට රුචිවන දේම පිළගන්ටය”යි ගෞතම බුදුරජාණන් වහන්සේත් කියා තිබියදි මහත්මයා අනික් විධියක් මගේන අසන්නේ ඇයි? මම - ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඵබදු කියම් මහත්මයා ගරු කරන්නේ ඵබදු කියමුවලට ඇත්තාවූ ප්රකත්යාක්ෂ සත්යස භාවය වැටහිලාද නැතහොත් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් ඇති නිසා ද? පෙරක - මම නම් එබදු කියුම් ගරු කරන්නේ ඒ කියුම්වලම ඇති සත්යගතාවය ප්රකත්යමක්ෂ නිසාය. මහත්මයා බුදුරජාණන් වහන්සේගේ වචනය කෙරෙහි ගෞරව කරන්නේ ඵ් ඛුදුරඡාණන් වහන්‍ේ. ෙග වචනය නිසා ද?



416 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

මම - සත්තකටම මම දෙවිධියටම ගරු කරමි. පෙරක - එතකොට බුදුරජාණන් වහන්සේගේ කියුම් සියල්ලම ප්රවත්යරක්ෂල සත්යෙ වචන ද? “ධර්මය” ය කියා පාවිච්චි කරණ සියල්ලම් බුදුන්ගේ වචන ද ? මම - සත්තකෙන්ම බුදුහාමුදුරුවන්ගේ වචන සියල්ලම සතපාක සහග්රිපාක තෛලය මෙන් අතිශයින් සත්යනයි. පිරිසිදුයි. සියලුම ශාස්ත්රගවලට සම්පූර්ණයෙන්ම එකඟයි. නමුත් දැන් “ධර්මය”යි කියන සියල්ලම ඒ බුදුහාමුදුරුවන්ගේ වචන නොවේ. උන්වහන්සේ ධර්මදේශනා කොට දැනට අවුරුදු 2462 කටත් වඩා ගතවිය. ඉතින් ඒ නිසා දිර්ඝ කාලයක් පවතින ධර්මස්කන්ධයකට කලින් කල ඇත වන දුර්මතික පණ්ඩිතයන්ගේ ලියුම් කියුම් එකතුවීම පුදුමයක් නොවේ. බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා නොබෝ කලකින් මහා රහතන් වහන්සේලා විසින් පළමුවෙනි ධර්මසංගායනාව කරණ ලද්දේත් ඒ ඉක්මණින්ම උතුම් ධර්මයට ‍ෛචතුල්ය මත එක් වූ බැවින්ය. ඊට පසු කාලාශෝක රජතුමන්ගේ කාලයේදිත් ධර්මාශෝක රජතුමාගේ කාලයේදිත් මහා ධර්මසංගායනා දෙකක් කොට බුදධධර්මයට මිශ්රල වූ චෛතුල්යය මත පහකොට බුද්ධධර්මය ශුද්ධකරණ ලද්දේය. මහ රහතන් හා බෞද්ධ මහානරපතියන් විසූ ඒ කාලයේදීත් ශුද්ධවු බුද්ධභාෂිතයට නපුරු ලියුම් කියුම් එකතුකරණ ලද්දේ නම් ඉන් මෑත භාගයෙහි අවුරුදු දහස් ගණනක්ම රහතන් වහන්සේලාත් නැතුව බෞද්ධ රාජ බලයත් නැතුව පැවති ඒ කාලය තුළ බුදුරජාණන් වහන්සේගේ උතුම් වචනයන්ට කොපමණ චෛතුල්යු මත එකතු කරන්ට නැද්ද? දැන් මහත්මයාට කාරණය අවබෝධ වූයේ ද? පරෙක - ඔව් එසේ වෙන්ට පුඵවනි. වන්දපිරිත, සූරිය පිරිත, සප්ත සූර්යෝද්ගමන සූත්රසය ආදි සූත්ර. බුද්ධභාෂිත යයි මහත්මයා කියන්නෙහි ද? මම - සමහර සිංහල පණ්ඩිතයෝ පවා ඔබඳු අශාස්ත්රිධය කරුණු සම්බන්ධව සැක කරති. ඉතින් ඔය කරුණූ වලින් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය විසදීමට බැරිය. මහත්මයාත් උසස් ශාස්ත්රාමදිය ඉගෙනගත් කෙනෙක් නිසා අපි බුදුන් දේශනා කළ උසස් පරමාර්ථ ධර්මය සම්බන්ධව සාකචඡා කරමු ද? පෙරක - හොදයි ඒ සියල්ලම් පළමු සතර මහා භුතයන්ගෙන් බාහිර



පියදාස සිරිසේන නවකථා එකතුව 417

වූ කිසිවක් මනුෂ්යකයා සම්බන්ධව පවතීදැයි බලමු. මම - ඔව්, බොහොම හොදයි. ශරිරය තුළ පවත්නා චිත්ත චෛතසික ධර්ම සතර මහා භූතයන්ගෙන් කිසිවකට අයිතිය කියා මහතා සිතන්නේද? පෙරක - ඒ සතර මහා භූතයන් නිසා අටගත් රූපයේ බලයයි. මම - නමුත් ශරීරය විනාශවීමේ දි ශරීරයේ අනිත් කොටස් සතර මහා භූතයන්ට එකතුවන්නාක් මෙන්ම මේ සිතත් යම් කිසි ධාතුවකට එකතුවේවි ද? පෙරක - නැත. එහෙම එකතුවන බවක් ශාස්ත්රාධනුකුලව නොපෙනේ. මක්නිසාද ශරීරය තද වූ ඇට ද්රේව්යබ පාඨවී ධාතුවටත්, කෙල මුත්රි ආදි ද්රනව්යද ආපො ධාතුවටත්, ශරීරයේ පවත්නා උණුසුම් ගතිය තේජො ධාතුවටත්, සැලෙන ගමනා ගමනය කරණ වාතය ගුණය වායො ධාතුවටත් එකතුවන නමුත් අද්රාව්යව වු හිත යම් කිසි ධාතුවකට එකුතුවේ යයි කියන්ට ඉ‍ඩක් නැත. මම - බොහොම හරි. මහතා ශාස්ත්ර යට අනුව සෘජුව කථා කිරිම ගැන ස්තුති කරමි. ඉතින් මරණයේදි කිසිම ධාතුවකට එකතු නොවන හිත කරණකොට ගෙන අමුත්තක් සිද්ධවිය නොකැකි ද? පෙරක - අදුව්යත වු සිතින් කුම්ක කරන්ට ද? මම - බොහොම හරි. ජිවත් වන මිනිහෙකුගේ හිත නිසා සොම්නස හෝ දොම්නස උපදවන්ට ශක්තිය තිබේනවා නොවේද? සිතින් නොසිතා අඩියක් දෙකක් එහාට මෙහාට විමටවත් නොහැකි බව පිළිගන්නෙහි ද? පෙරක - ඔව්, මම පිළිගනිමි, ඉතින් ජිවත් වන මිනිහාගේ පඨවි ආදි ධාතු ශක්තිය පවත්නා නිසා ඒ ආශ්රමය කරණ හිතින් යම් කිසි ක්රිායා ඉපදවීමට පිළිවන් වෙනත් මළා වු පුද්ගලයාගේ හිති කොයිබ පවතී ද? මම - බොහොම හරි, මළාට පසු ඒ හිතම නැති බව හැබැයි. නමුත් මැරෙනවිට ඒ හිත නිසා අමුතු ස්වභාවක් ඇති කරන්ට පිළිවන් බව තේරුම් ගන්ට බැරි ද? පෙරක - එය තේරුම්ගන්ට අමාරුයි. විස්තරයක් කරන්ට. මම - ඔන්න 1+2=3. මෙහි එකත් දෙකත් යන ගණන් දෙක එකතු කොට 3 නම් ව‍ූ ගණනක් සාදාගෙන ඒ මුලින් කී එකක් දෙකත් මකා දමූවිට ඉතිරිව තිබෙන 3 ඒ එකයි දෙකමද නැතහොත්



418 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


එහි ප්රඉතිඵලය වු අනිකක් ද? පෙරක - ඔව් එක දෙක නිසා හටගත් ප්රගතිඵලය තුනයි. ඒ තුන එකයි දෙකයිම නොවේ. අනකකුත් නොවේ. මම - බොහොම හරි. මහත්මයා ගැඹුරු ශාස්ත්රි තේරුම් ගණිමට පිළවන් කෙනෙකි. ඒ නිසා මට යුරෝපීය “රැෂනලිසම්” සම්බන්ධව විස්තරයක් කරන්ට ප්රරථම පෙරදිග ධාතුන් සම්බන්ධ ශාස්ත්රබය ගැන යම්ක කථා කරන්ට ලබීම පුණ්යපයකි. පෙරක - ධාතුන්ගෙන් යම් යම් සැදි එසේ සෑදුනාට පස් ඒ ධාතුවල නාමයන් නොකියා වෙන නමකින් ව්ය්වහාරයට පැමිණේ. ඒ සම්බන්ධව ශාස්ත්රවයද මහත්මයා කියන්නේ ? මම - නැහැ එපමණක් නොවේ. “නියාම ධර්මය” වශයෙන් දැක්වෙන ගැඹුරු ශාස්ත්රහය ඉතාමත් සංක්ෂේප වශයෙන් හෙවත් නාම වාත්රවය වශයෙන් මම මෙහිදි කියන්නෙමි. “බීජ නියාමය, කර්ම නියාමය ධර්ම නියාමය. චිත්ත නියාමය” යන පඤ්චවිධ නියාම ධර්ම මගින් ධාතු ශාස්ත්රහය තේරුම් ගැනිමට හෙවත් සම්බන්ධව කල්පනා කිරිමට පිළවන් වන බව ඒකාන්තය. කිසිම කෙණෙකුගේ සකස් කිරිමක් නැතිව එසේ සකස් කරණ ලද්දක් මෙන් බිජයන්ගෙන් ඒ ඒ වෘක්ෂලතාවන්ගේ පරම්පරාගත පැවැත්ම යයි කියන විශේෂය බීජ නියාමය වේ. එ එසේමයි. කඩල ගසේ දඵව උතුරු දිසාවට හැරී ලියලිමත්, දක්ෂිණාවල්ලිය වැල් ගහට දකුණු පැත්තෙන් එතී යාමත්. යානාදිය බීජ නියාම වශයෙන් සිද්ධවන්නේය. කිසිවෙකුගේ උපක්රයමයක් නැතිව බක් වෙසක් ආදි මාසවල ඒ ඒ වෘක්ෂලතාවන්ගේ මල් පිපීම පල හට ගැණිම ආදිය සෘතු නියාමය ලෙස සිද්ධවන්නේය. මේ සෘතු නියාමයයි. සත්වයන් විසින් පෙර කරණ ලද්දා වූ පින් පව් දෙකේ හැටියට විපාක ලැබීම කර්ම නියමය වේ. බුද්ධාදි උත්තමයන්ගේ උත්පත්තිය ආදි කරුණු නිසා ඇතිවන භුමිචලන, මල්වැසි, මුහුද මිරිදියවීම, නිරාගිනි නිවියාම ආදි අද්භූත දේ ධර්ම නියමය වේ. රූප ශබ්දාදි අරමුණු ඇස ආදි සදොර ඝෂ්ටනය වූ විට දැකීම ආදි ඒ ඒ ක්‍රියා පිළිවෙලින් පහළවීමේ නියමය චිත්ත නියාමය නම් වේ. ඉතින් මේ නියාම ධර්මය හොදින් තේරුම් ගත්තොත් උච්ඡෙද දෘෂ්ටිය සංඛයාත “රැෂනලිසම්” සම්පූර්ණ පුහු කල්පනා මාත්රූයක් බව ඔප්පු නොවන්නේ ද?


පියදාස සිරිසේන නවකථා එකතුව 419

පෙරක - හොඳයි, ස්වාභාව ධර්මය වශයෙන් බීජයන් සම්බන්ධ ඒ ඒ ගති ගුණත් සෘතුන් සම්බන්ධ ඒ ඒ ගතිගුණත් සිද්ධවන්නාක් මෙන් මනුෂ්යසයා සම්බන්ධවත් එසේ විය නොහැකි ද? එසේ නම් කර්මයක් කුමට ද? මම - ඇත්තෙන්ම එසේ විය හැකි නම් කර්මය බොරුවකි. කර්මය හැබැ නිසා එසේ නොවේ. බලන්ට සියඵම කඩලගස්වල දඵව උතුරටම නැමෙයි. ඒ එසේ නමුත් සියලුම සිංහල මිනිස්සු නොහොත් දෙමළ මිනිස්සු ඒකාකාර නෙවෙයි. යටත් පිරිසෙයින් එකම පියාට දාව එකම මෑණියන්ගේ කුසෙහි හටගත් සහෝදරයන් දෙදෙනා දෙයාකාර ගති සැප ආදියෙන් යුක්තය. ‍එ සේම එකම දිනේ මිනිත්තු තුන හතරක පමණක් ඉදිරිපහු විමෙන් එකම මෑණි කෙනෙක් ප්රුසූත කරණ නිඹුල් දරු දෙදෙනාගේ ගති ගුණ සැප දුක් ආයුෂ දෙවිධියකි. ගස් වැල් ආදිය මෙසේ ස්වාභාව ධර්ම බලයෙන්ම පමණක් සිද්ධවන ක්රිූයාවක් නම් මෙසේ එක විධියක දෙදෙනෙක් දක්නට නැතිව සියක් කෝටියක් සෙනග සිටිත් නම් ඒ සියක් කෝටිය සියක් කෝටි ආකාරයකින් යුක්තවිමට යුක්තිය කවරේද? පෙරක - ඔව්, ඒක එක්තරා ගැඹුරු ප්රේශ්නයකි. එය මට තව දුරටත් විස්තර කරන්ට මම - බොහොම හොදයි. මහත්මයා අවංක උගතෙක් හැටියට කථා කරනු දැක්ම මට ප්රීොතියකි. බීජ ආදින්ගේ එක්විම නිසා ස්වාභාව ධර්මය බලයෙන් ගස්වැල් ආදියත් එවායේ මල්ඵල ඇදියත් හට ගැනේ. නමුත් ඒවාට නොමැති චිත්ත බලයක් පවන්තා සත්වයාට ඒ ගස්වැල් ඇදියට අයිති නොවන කරමබලයක් තිබිය නොහැකිද ? දැන් බලමු. ගසක හෝ වැලක හෝ වැඩිමත් - ඵලමල් දැරිමත් අපට පෙනේ. නමුත් අපට මෙන් හිතුමනාපයක් චිත්ත බලයෙන් යමක් කිරිමට එව‍ාටත් පිළිවන් ද? සත්තකෙන්ම බැරිය. ඉතින් ඒ ගස් වැල වලට තැති අධිකතර බලයක් ඇති සචේතන සත්වයාට ඒ අධිකතර අමුතු බලය නිසා අමුතු කර්ම නියාමද ආදි අමුතු ධර්ම කිපයක් ඇති විය හැකි නොවේද ? දහයට වැඩිය කිවිට එකොළහ හෝ ඊට වැඩි කොයිම ගණනක් හෝ විය නොහැක්කේ ද ? ගස් වැල් ආදියට වැඩි බලයක් සචේතන සත්වයන්ට පවතින බව අපට



420 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


ප්ර්ත්ය ක්ෂත නම් කර්ම ශක්තිය අද්භූත ධර්ම ශක්තිය චිත්ත ශක්තිය ආදි අමුතු ගුණ ඒ සචේතන සත්වයන්ට ඇතිවීම ඒකාන්තය. ගස්වැල් ආදියට අයිති ස්වාභාව ධර්ම ශක්තිය මිනිසුන්ටත් ඇතිවීම ඒ දෙවර්ගයටම සමාන වු විට එය දහය යයි සිතමු. ඉතින් මල් වැල් ඉක්මවා පවත්නා චිත්ත බලය ඒ දහයට වැඩි ගණන යයි සිතමු. ඉතින් ඒ වැඩි ගණන එකොළහ හෝ ඊට වැඩි ගණනක් හෝ විය හැක්කේය. පෙරක - ඉතින් ඔය කර්මයත් සත්වයාත් සම්බන්ධ ප්රනශ්නය අද මේ .තරමින් නවත්වා මීට පසු දවසක කථා කරන්ට කැමැත්තෙහි නම් මගේ මිත්රායන් හත් අට දෙනෙකුත් සමග මහත්මයා සම්මුඛ වීමට එන්නෙමි. පෙරකදෝරු මහතා එසේ කී බැවින් මටද ටිකක් විඩා නිසා නින්දට ගියෙමි. අපේ මේ කථාව අසා සිටි සියදෝරිස් අප්පුහාමි සහ අනිත් පිරිසත් මා කෙරෙහි අතිශයින් ප්ර සන්න වූහ.


05.පරිච්ඡෙදය

සංස්කරණය

ම ම රාත්රි නිදාගතිමි. සුවසේ නින්ද නොයාමට ඇති හේතු දත් බැවින් මම කවදත් පාහේ සැපසේ නිදාගතිමි. හොදින් නින්දයාම ශරීරයේ නිරොගි භාවයටත් වඩා චිත්ත විවේකය ඇති බවට බලවත් සාක්ෂියකි. පසුදින උදේ රැයින්ම සියදෝරිස් අප්පුහාමි තමාගේ විපත කියනට පටන් ගත්තේය. මොහුගේ දියනිය සැඟවී ගියේ කුමක් නිසාදැයි සලකා ගැනීමට අමාරු වි “හොදයි අප්පුහාමි අපි දහයට පමණ අප්පුහාමිලාගේ ගෙදරට යමු. එහි ගිය පසු මේ රහස කුමක්දැයි කල්පනා කරන්නෙමි යි කියා ඔහුගේ ගමේ තිබෙන තොරතුරුත් ගෙදරට යන පාරේ විස්තරත් යනාදි සියල්ලම අසා දැනගෙණ ඔහු පිටත්කර යැවිවෙමි. එසේ යවා මම මහලු නක්ෂස්ත්රෙකාරයෙකුගේ වේශයෙන් සැරසී කුලියට තිරික්කලයක් රැගෙන මහ හුණුපිටියට ආසන්න වූ ඒ ගමට ගොස් සියදෝරිස් අප්පුහාමිල‍ාගේ ගේ ලඟම තිබෙන සිරිනේරිස්ලාගේ ගෙදරට පැමිණියෙමි. ඒ ගෙදර මිනිස්සු එක් විධියක කරුණාවන් උදවිය නිසා මගේ වතගොත ඇසූවිට මා කෙරෙහි බලවත් ලෙස පැහැදි දවල් බත සූදානම්කර දි මා ලවා කේන්ද්රා කිපයක් බලවා ගත්හ. මා දන්නා තරමින් ඔවුන්ට කේන්ද්ර වල ඵලාපල කී විට ඒ මගේ කීම හරිගිය බැවින් මා කෙරෙහි වඩාත් ප්රනසන්නව

පියදාස සිරිසේන නවකථා එකතුව 421

මට තෑගි වශයෙන් රුපියල් පයක් ද දුන්නේය. එය නොගත්තොත් මා ගැන සැක කරත් යයි සලකා රුපියල් පහද රැගෙන අල්ලපු වත්තේ සියදෝරිස් අප්පුහාමි සම්භවෙන්ට දැන් පුඵවන්දැයි සිරිනේරිස්ගෙන් ඇසුවෙමි. එවිට ඒ කරුණාවනත් මනුෂ්යැයා “අනේ ගුරුන්නාන්සේ සියදෝරිස් අප්පුහාමි නම් ඉතා හොද මනුෂ්යවයෙකි. ඒ මනුෂ්යඅයාගේ එකම දියණිය එහා ‍ගමේ පාඨශාලාවේ ගුරුමහත්මයාට කසාද බන්දවා දෙන ලදි. ඊට පසු අවුරුදු ගණනක් භාර්යාව මැරි තනිව සිටි සියදෝරිස් අප්පුහාමි කොළඹ පළාතේන් තරුණ පාහේ මහා අමාරුකාර ස්ත්රිරයක් භාර්යාකමට ගෙනායේය. ඒ තැනැත්තී අවාට පසු ඉතා සමගියෙන් සිටි දුවත් බෑනත් දෙදෙනා කෝලහල කර ගනිමින් සිටි ගිය සතියේදි ඒ ලමිස්සි සියදෝරිස් අප්පුහාමිගේ දුව කොහේදෝ සැඟවි ගොසින්ය. ඉතාන් පුදුමයක් නම් ඒ තැනැත්ති ගැන ඇගේ පුරුෂයා වන ඉස්කෝලේ මහත්මයා පරික්ෂා කිරිමක්වත් නැත. සියදෝරිස් අප්පුමාහි නැත්නම් ජිවත්ව ඉන්නේද? යන්නනවත් කාටවත් දැනුමක් නැත. ඒ ලමිස්සි ගෙදරින් ගිය දිනේ සිට අප්පුහාමිගේ දෙවෙනි ස්ත්රිකයටත් ලොකු ප්රී.තියකි. මේ කාරණ්යට කොළඹ රහස් පරික්ෂක වික්රවමපාල මහතාටත් ඇනුම්දුන් බවත් අද උන්නැහේ මෙහාට එන බවත් සියදොරිස් අප්පුහාමි මා සමග කීයේය” යන මේ සිරිනේරිස්ගේ කථාන්තරය අසූ හැටියේම මට කාරණය හුඟාක් දුරට තේරි “ එන්ට කරුණකර මාත් සමග ඒ උදවියට මොකුත් දීලා “ශාස්ත්ර යක්” ඇසුවොත් ඒකත් මට වාසියකැ”යි කීවෙමි. සිරිනේරිස්ද සතුටුව මාත් සමග සියදෝරිස් අප්පුහාමිලාගේ ගෙදරට ගොස් මා ලොකු ශාස්ත්රසකාරයෙක් හා නක්ෂස්ත්රලකාරයෙක් බවත් ඔවුන්ගේ කේන්ද්ර් තුනක් බලා ඉතාම සත්යස වූ කාරණා කිව් බවත් සියදෝරිස් අප්පුහාමිටත් ඔහුගේ දෙවෙනි භාරයාව වන ජුලීනොනාටත් කීයේය. ඒ වේලාවේ ස්කෝලේ ගුරුවරයා එහි නොසිටියේය. අමාරුවට පැමිණි තැනැත්තාට කියන කියන කොයි තොවිල් පවිල් උවත් කිරිම සිරිතක් නිසා දුව තැතිවීමෙන් අමාරුවට පත් සියදෝරිස් අප්පුහාමි මට වාඩිවෙන්ටදි බුලත් හෙප්පුවද ගෙණවුත් තබා මගේ නම ගම ඇසුවේය. මම තල්පේ පත්තුවේ කෙනෙක් බවත් නැකැත් ශාස්ත්රසකීමේ හැසිරෙණ කෙණෙක් බවත් නම් ජේන් සිල්වා බවත් කීවෙමි. මගේ සැරසීම පුදුමද කිවහොත් මා හොදින්ම දන්නා අඳුනන සියදෝරිස් අප්පුහාමිට මා “වික්රනමපාල” බව යන්තමකටවත් සැක කරන්නට බැරිය ශාස්ත්රපයක් ඇසුවේය. ඔහු අසන්නේ නැතිවූ දියණිය ගැන බවත්




422 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


දත් මම “අප්පුහාමි අසන්නේ නැති වූ වස්තුවක් ඉඩමක් කඩමක් ගැන නොව ප්රාමණයක් ගැනය. මේ ප්රා්ණය ස්ත්රික ප්රා ණයකි. තමාගේ හිතෛෂියෙක් සමග නොසතුටින් සැඟවි ගොස් තමාට කුලුපග වූ ස්ත්රීා ප්රාතණයක් ලඟ නැවති ඉන්නේය. මීට වඩා විස්තර අද සවස්වුන බැවින් කිය නොහැකියි. හෙට උදේ නම් කියන්නෙමි”යි ශාස්ත්රසය ඒ තරමින් නැවැත්වූවෙමි. මෙසේ කලේ එදා රැ එහි නැවතී තව දුරටත් එතන කාරණා පරික්ෂා කරගන්න පිණිසය. මගේ ශාස්ත්රනය ඉතාමත් සත්යක වූ බැවින් සියදෝරිස් අප්පුහාමි මා කෙරෙහි අතිශයින් ප්ර්සන්නව එදා රැ එහි නවතින්ට කියා මට කෑම බීමද හොදින් පිළවෙළ කළේය. මෙසේ අප සිටිනවිට සියදෝරිස් අප්පුහාමිගේ බෑනා වන ගුරුවරයා ගෙදර ආ බැවින් මගේ අදහස වඩාත් හොදින් ඉෂ්ටවේ යයි සලකා ඔහුත් සමගද කථාබස් කොට මිත්රේවීමි. සියදෝරිස් අප්පුහාමි කලින් මත්පැන් ආදිය නොබී හොදින් කල් ගතකළ කෙනෙකි. නමුත් අභිනව භාර්යාව ගෙනා තෙක් පටන් ටික ටික වශයෙන් බිම බොන්නෙකි. ඔහුගේ අභිනව භාර්යාව ජුලීනෝනා කුඩා කාලයේම මාපියන්ගේම මෙහෙයිමෙන් මත්පැන් බීමට පුරුදුව මැත්පැන් නොබි කොයි විධියකින්වත් දිනක් වත් ගත කළ නොහැකි නපුරු ස්ත්රිකයකි. ඉතින් මේ තැනැත්තිය දුර්ව්ල වූ වයස් ගත වු සියදෝරිස් අප්පුහාමිත් ඉතාමත් ශික්ෂිත වූ ඔහුගේ දියණිය වන කල්යූණවතී හා ඇගේ පුරුෂයා වන ස්කෝලේ ගුරුවරයාත් තබා මුඵ රටක්ම නැති කිරිමට තරම් සමර්ථ නැතැත්තියක් බව තේරුම් ගියේය. ඉතින් රාත්රිි කෑමට සියදෝරිස් අප්පුහාමිත්, ස්කෝලෙ ගුරුන්නාන්සේත් මමත් වාඩි ගතිමු. මෙසේ උඩ “පරණ අරක්කු” බෝතලයක් ද තිබුනේය. මගේ මූණ බලා “මොකද අපේ නක්ෂත්රඅ ගුරුන්නාන්සේත් “පුන්චි අඩියක්” ගහන්ට කැමැතිදැ”යි සියදෝරිස් අප්පු‍හාමි සිනාසෙමින් මගෙන් ඇසුවේය. ඇත්තෙන්මට සමහර තැන්වලදි මගේ අදහස ඉෂ්ට කරගනු පිනිස මමද මත්පැන් බොන බව කියමි. නමුත් ඔවුන් ලඟ එවේලාවට නැති බිමක නමක් කියා එය මා අතේම ඇති බව හඟවා සැපදායක බෙහෙතක් බීම මගේ සිරිතකි. මා මත්පැන් නොබොන යහපත් මිනිහෙක් බව නොහඟවා “ඔව් අප්පුහාමි කෑම කන වේලාවට මමත් ටිකක් බොන්නෙමි. නමුත් අරක්කු බීවොත් මට ඉසේ ඇම්ම හැදෙනවා. මම බොන්නේ බ්රැ න්ඩියි. මගේ බෑග් එකේ ටිකක් තිබේ. මම එයින් ‍ටිකක් බොන්නෙමි”යි කීයා මගේ බෑග් එකේ තිබුණු අශ්වශන්ධාරිෂ්ටය ටිකක් කුඩා කෝප්පයකට දමා වතුර ටිකක් ද කලවම් කොට මම බීවිවෙමි. සියදෝරිස් අප්පුහාමිත් ඔහුගේ බෑනා වන ඉස්කෝලේ ගුරුන්නාන්සේත් හොදටම බීගෙන බත් කෑහ.


පියදාස සිරිසේන නවකථා එකතුව 423


මම ද බඩ පුරා බත් කා සාලේ තිබෙන හාන්සි පුටුවේ හාන්සිවි කල්පනා කරමින් සිටියෙමි. සියදොරිස් අප්පුහාමිගේ දෙවෙනි භාර්යාව වන ජුලිනොනාත් අරක්කු බෝතල් කාලක් පමණ බී බත් කන බව මට පෙනුනේය. අප තුන්දෙනා බත් කා නිමවුනාට පසු ‍ඈ කන්නට පටන් ගත් නමුත් ඒ ගැන පරික්ෂාවෙන් සිටි මට කාරණය වැටහී මට සූදානම් කර දුන් අදේ නිදාගනිමි. එදා රාත්‍රි ඔවුන්ගේ හැසිරිමෙන්ම සියදෝරිස් අප්පුහාමිට පැමිණ තිබෙන විපත තේරුම් ගත් මම එය ප්රරත්යරක්ෂර දෙන්ටත් අප්පුහාමිගේ දියණිය ඉන්නා තැන දැනගන්ටත් කල්පනා කොට ස්කොලේ මහත්මයාත් සමග මීගමුවට යන්ට කල්පනා කළෙමි. උදේ ආහාර පාන ගත් පසු සියදෝරිස් අප්පුහාමිට කථාකොට “අප්පුහාමි තමුසේගේ දියණිය නැවත ගෙන්වා ගැනීමටත් තමුසේට වෙලා තිබෙන විපතින් ගැලවීමටත් සුදුසු ගුරකම මම සොයාගෙන එන්නෙමි. තමුසේගේ බෑනා වන ඉස්කෝලේ මහත්මයා මාත් සමග මීගමුවට යන්ට එවන්ට සතුටුදැ”යි ඇසුවෙමි. අප්පුහාමි එකපාරටම සතුටුව “අනේ ගුරුන්නාන්සේ මගේ මිත්ර යෙක් වන වික්රතමපාල නම් වූ දක්ෂ රහස් පරික්ෂක මහතාත් මට සම්භවි මේ රහස සෙවීමට එන බව කී නමුත් ආවේ නැත. ගුරුන්නාන්සේ මේ කාරණය සොයාබලා මට සැනසිල්ලක් දුන්නොත් උන්නැහේට දෙන මහන්සිය ගුරුන්නාන්සේට දෙන්නෙමි”යි කියා මට රුපියල් පහක් ද දී බෑනාටද මාත් සමග මීගමුවට යන්ට කීයේය. ඒ ස් කෝලේ මහතා කලින් ඉතා ශික්ෂික ලෙස කල්ගත කළ කෙණෙකි. සියදෝරිස් අප්පුහාමිගේ දෙවෙනි භාර්යාව නිසාම නරක් වූ බව මම දුහු‍ඬෙන් තේරුම්ගත් නමුත් විස්තර දැන ගැනීමට උපක්ර මයක් යොදා ගනිමි යි සලකමින් එකොළහට පමණ හෝටලයට පැමිණියෙමි. එසේ පැමිණි මම මගේ වේශය ඉවත් කොට වික්ර්මපාල මෙන් අවුත් ගුරුවරයාට සංග්ර හ කෙළෙමි. ඔහු සමග ආ නැකැත් ගුරුන්නාන්සේ කොයි දැයි මගෙන් අසූවිට ඒ අය තවත් ශාස්ත්රගකාරයෙක් අඬගසාගෙණ එන බව කියා “ තමුසේට ඔහු එනතුරා මෙහිම ඉන්ට කීයේය. සමහර විට ඔහු එන්නේ හෙට උදේ වෙන්ට පුඵවනි. ඔහු එනතුරාම තමුසේට මෙහි නවතින්ට ඉඩ දිමට අපට කියා ගියේ ය”යි කියා ඔහුත් සමග මිත්රමව ඔහුට විස්කි නමැති නපුරු මත්බීම විදුරුවක් දුනිමි. එය බීපු වේලේ පටන් ඔහුගේ මිත්රවකම වැඩිවිය. ඉක්බිති ඔහුත් සමග එකට කෑම කෑවෙමි. ඒ කද්දිත් විස්කි බ්රැැන්ඩි මිශ්රඔකොට “ලොකු අඩියක්” දුනිමි. ඒ “අඩිය” ගැහු හැටියේම ඔහුගේ ප්රකකෘති සිහිය වෙනස් විය. කෑම කා ඉවර වූ හැටියේ ඔහුත් සමග මගේ කාමරයට ගොස්



424 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


නොයෙකුත් දේ ගැන කථා කරණ අතර හෙතෙම ඔහුග් ජිවිත කථාව කියනට පටන් ගත්තේය. මත්පැන් පානය කළ තැනැත්තාට භයත් ලැජ්ජාවත් දෙකම නැතිවෙත් ස්ථානොචිත ඥානයද නැතිවේ. එතැන් පටන් මේ කිවයුත්තය. මේ සැඟවිය යුත්තය යන ආදි වශයෙන් කිසිම විශේෂයක් නැතිව තමා සම්බන්ධ වූ ද, තමා දන්නාවූද, සියල්ලම කිම සිරිතකි, මේ කාරණය දන්නා මම ස්කෝලේ ගුරුන්නාන්සේටද මුඵ ලෝකයටද සාපයක් වූ මත්පැන් පොවා නිර්දෝෂ වූ යහපත් ස්ත්රිටයකට පැමිණි තිබෙන විපතින් ඈ මුදවාගන්නට කල්පනා කෙළෙමි. ඉස්කෝලේ ගුරුන්නාන්සේ තමා සම්බන්ධව මෙසේ කියන්ට පටන් ගත්තේය. “මගේ තොරතුරු කිසිවක් නොහඟවා මහත්මයාට කියන්නෙමි. මගේ ගම හෙනරත්ගොඩය. දැන් අප පදිංචි ගෙවල ලඟ තිබෙන ස්කෝලයට අවුත් දැනට අවුරුදු අටක් වෙනවාය. ඵ් මා ආ කාලයේ ඔය ගමේ ළමයින් ලොකු මිනිසුන් බොහොම වනචරය. කන බොන අදින පළදින හැටිවත් දන්නේ නැත. ඔවුන්ට ධර්ම ශාස්ත්රය උගන්වාගෙණ ගමේ සමාගමක් පිහිටුවා ගම්වාසින්ට පින්කම් උත්සව ආදිය පවත්වන්ට සලස්වා හොදින් වැඩ කරණු දුටු අපේ මාමා, මා කෙරෙහි ඉතාමත් ප්රවසන්නව තමාගේ එකම දියණිය වන කල්‍යාණවතී සරණකර දුන්නේය. රුපියල් සියක් දාහක් තිබුණ දේපල සියල්ලක්ම ඒ මගේ භාර්යාවගේ නමට ලියන ලදි. ඉතින් මෙසේ අප සැපසේ වසන අතර මාමා අවුරුදු පණස් පහක් පමණ වයස්ගත වූ මනුෂ්යසයා කසාදයක් බඳින්ට සුදානම් වන බව ආරංචි වි එය වලක්වන්ට උත්සාය කළෙමි. ඔහුගේ භාර්යාව මැරි අවුරුදු 18 ක් වනතුරා විවාහයක් ගැන නොසිතු මේ මනුෂ්යැයා මේ අන්තිම කාලේ කසාද බදින්ට සිතීම පුදුමයකි. ඉතින් මේ කොහෙන්ද යන්නවත් නොදැන සිටියෙමු. පසුගිය අවුරුද්දේ පුනි මාසයෙදි මාමා කසාද බැදගෙන තරුණ ස්ත්රිියකුත් සමග ආයේය. මේ තැනැත්ති කොළඹ මඩමක ලොකුවෙච්ච තැනැත්තියකි. ඇගේ මව්පියාදින්ගේ වැඩි විස්තර නොදනමි. ඉතින් මේ ඇත්ති මත්පැන් බීමට ගජ සමර්ථයකි. ඈ සමග අවුත් මාසයක් යන්ට ප්රතථම මාමත් අඩි ගහන්ට පටන් ගත්තේය. ඇගේ පෙරැත්තය නිසා පළමු දවසේ වයින්ද, ඊට පසු බීරද ඊට පසු ි් ක්රකමයෙන් අරක්කු ආදි සැර බීම වර්ග ද බීමටත් පුරුදු විය. මෙසේ මාස දෙකක් පමණ කල් ගතවන කොට “ මත්පැන්වලට තිබෙන රසය” මට හොදින් තේරි නිතරම බොන්ට පටන් ගතිමි. ඉතින් අපේ පුංචි නැන්දත් මාත් දෙන්නාම හොදටම බීගත් පසු මගේ භාර්යාව මට මතක් නොවීය. ඇත්තෙන්ම මම මහත්මයාට



පියදාස සිරිසේන නවකථා එකතුව 425

නොසඟවා කියමි. අවුරුදු විසිදෙකක් වයසැති ඉතා දැඩි වු රාගය ඇති සුරාපානදි දුසිරිතුත් පුරුදු වූ ජුලිනෝනා කෙසේ පිරිමසී ද? මාමා මේ කටයුත්ත දන්නේ නැත. දැන් ජූලිනෝනා මාමාගේ දේපලවලින් කිසිවක් අයිති නොවන නිසා - ඇගේ කල්පනාව මගේ නියම භාර්යාව වන කල්යාකණවති මරණයට පත්කොට ඉක්බිති අප්රකත්රික වූ මාමා ලවා බූදලය ඇගේ නමට ලියවාගෙන නාකි මාමා මළ පසු මාත් සමග ප්රලසිද්ඛ වශයෙන් කසාද බඳින්ටය. දැනට මගේ භාර්යාව ක්ෂයරොගය සෑදි තිබෙන පවුලක මහලු ස්ත්රිකයකගේ ලඟට කැදවා ගන්ට ජුලිනෝනා උපක්රිම යෙදු බව මා සමග කිවූ නමුත් ඒකේ තොරතුරු මම හරිහැටි නොදනිමි. මට ඕනැ නම් අසාගන්ට බැරි කමකුත් නැතැ”යි කීයේය. ඉතින් මගේ අදහසට මේ කථාව ඉතාමත් සෑහෙන බැවින් ගුරුවරයාට සුරුට්ටුවකුත් දි මෙසේ ඇසවෙමි. “ජුලිනෝනාගේ කල්පනාව කල්යුණවතීට ලෙඩ බෝකොට මරා සියදෝරිස් අප්පුහාමිත් තමුසේත් සමග කසාද බදින්ටද නැතිනම් අන්තිමේදි තමුසේත් මරා වෙන කෙනෙකු සමග ඉන්ටද කියා නිශ්චය කොට සිතන්නේ කො‍හොමද”යි ඇසවෙමි. “අනේ මහත්මයෝ මට ඒ ගැන කිසිම සැකයක් නැත. ජුලිනෝනාට මා තරම් රුචි පුරුෂයෙකු කවදාවත් නැත කියයි. අගේ ප්රාහණයට වඩා මට ආදරය බව ඈ ඉතා භක්තිමත් අදහන දෙවියන් ගැන දිවුරුම් දීපු වාර අප්රමමාණය. ඊටත් වඩා ඈ මට කරණ සැලකිල්ලෙන් හා සංග්රිහයෙන් ඈ මට කිසි කලෙක අනතුරක් නොකරණ බවයි. කල්යාැණවතින් සියදෝරිස් අප්පුහාමිත් මළ ඉක්මණින්ම මාත් සමග කසාද බඳිනු ඒකාන්තය”යි ගුරුවරයා කීයේය. මෙසේ ගුරුවරයාගෙන් දැනගත හැකි සියල්ලම දැන ගෙන සවස හයට පමණ ගුරුවරයාට හොදට සංග්රගහ කරන්ටයයි හෝටලේ කළමනාකාරයාට කියා, ඉස්කෝලේ ගුරුන්නාන්සේ විධියට වෙස් මාරුකරගෙන ඔහුගේ කෝට් එකත් ඇදගෙන ඔහුට නොදැනුවත්ම හෝටලයෙන් පිටත්ව සියදෝරිස් අප්පුහාමිලාගේ ගෙදරට ගියෙමි.මා යන විට සියදෝරිස් අප්පුහාහ මි ගෙදර නැත. ඔහු මිණුවන්ගොඩ උවමනාවක් සදහා ගොසින් ය. ජූලිනෝනා මා දැකපු හැටියේ නුරාබැල්මේන් බලා සිනාසී “ අර බොරුකාරයා සමග නිකම් නිස්කාරණයේ මීගමු ගියා නොවැ, කල්යාරණවති ගැන ශාස්ත්ර් නෑසුවාට තුන්මාසෙකට ඉස්සරින් මම උන්දැට කරණ එක කරන්නෙමි”යි කියමින් මා වැළද ගත්තේය. මම ද ඇඳුම් ලියා හාන්සිපුටුවක් උඩ වාඩිවි ඈත් සමග සතුටු විය යුතු කතාබස් කොට ඈ විසින් සූදානම් කළ රසමස වූලෙන් යුත්




426 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

භෝජන අනුභව කොළෙමි. ඈ සිරිත් ප්රරකාර බොන අරක්කු හැර මා විසින් ද පෙරැත්ත කොට තවත් අරක්කු බෝතල කාලක් පමණ පෙව්වෙමි. මා ඈ රවටා අරක්කු කියා වතුර වීදුරුවක් බීවෙමි. අධිකව බිගත් ජුලීනෝනා වෙනදාටත් වඩා දැඩි රාශික ස්ත්රිරයක් වූ බැවින් මම හාන්සිවි සිටිය සෝපාව උඩින්ම ඉදගෙන මාත් සමග කථාවට බැස්සේය. එසේ කථා කරද්දි මට උවමානා කරුණු දැනගන්න පිණිස ඇගෙන් මෙසේ ඇසුවෙමි. “ ආ ඩාර්ලින්’‍,උපායක් සොයා යමක් ක‍ළත් ඵ්කෙන් සිද්ධවන ප්ර්තිඵලය බලන්න ඕනැ. හොදයි උඹ කල්යායණවතීව මැරුවොත් මිනීමැරිමේ වරදට අසුවෙන්ට බැරිද? ‍එහෙම වූණොත් ඇ ගේ නමට තිබෙන දේපල ලියවා ගත්තත් ඇති ඵලය කුමක්ද?” මෙසේ ඇසුවාම මූන අතගාමින් නුරා සිනාවත් සිනාසි ජුලිනෝනා මෙසේ කීයේය. “අනේ ඩියර මම මොඩියක් නො වෙමි. අප්පුහාමි සමග එන්ට ඉස්සර මම මිනිසුන් තුන්දෙනෙකු සමග කලින් කල විසුවෙමි. මට උවමනා කරණ තරම සැප පහසු ඔවුන් කිසිවෙකුගෙන් ලැබුනේ නැත. පළමුවෙන්ම ස්වාමියා වශයෙන් ආරොන් සිල්වා සමග ගියෙමි. තුන්මාසයක් පමණ ඔහු සමග වාසය කරණ අතර කෑම ඇදීම දිමෙන් වත්, වෙන වෙන සැප පහසුවනින් වත ඔහුට මාව සුතුටු කරන්ට බැරි බව පෙණි ඒ වත්තේම සිටි හැන්රි සිංඤා සමග මිත්රාව ආරොන් සිල්වා අත්හැර ඔහුත් සමග ගියෙමි. එසේ ගොස් සිටින අතර ඔහු බීමට විරුද්ධ නිසාත් තවත් අඩුපාඩුකම් නිසාත් ඔහුට සිතට රුචි නැතිව ඉන්නා අතර ඉතාමත් ශක්ති සම්පන්න වෙඵන් අප්පු නම් කරන්තකාරයකු සමග මිත්රතවීමි. ඔහු නම් මට උවමනා කරණ හොද මිනිහෙකි. නමුත් මට පිරිමහින්ට කෑම ඇදීම සපයන්ට පුඵවන් කෙනෙක් නොවේ. මේ අය සමග හයමාසයක් පමණ කලගත් කරණ විට මේ සියදෝරිස් අප්පුහාමි දකින්ට ලැබි මිත්රමවිමි. “එවකට මගේ මිනිහා වන වෙඵන් අප්පු සියදෝරිස් අප්පුහාමි ගේ කොප්පරා පැටවීම කළ බැවින් එක් දිනක් අපේ ගෙදරට ආ විට උන්නැහේට පරණ අරක්කු අඩියක් දී යාඵකර ගතිමි. රුපියල් ලක්ෂයක පමණ බූදලයක් තිබෙන කෙනෙක් නිසා ඔහුට සතුටු වූනේ කසාද බදවා ගෙන ඒ බූදලේට හිමිකාරි වි නාකි සියදෝරිස් අප්පු උන්නත් මළත් මට කැමති කෙනෙකුත් සමග හැසිරෙන පිණිසයි. ඉතින් මම මෙහි ඇවිත් බැඵෑකොට සියදෝරිස් අප්පුහාමිගේ වස්තුව දුවට ලියාදි ඔහු නිකම්ම මිනිහෙක්ව ඉදිමයි. ඉතින් මම ගුරුන්නාන්සේ මහතාට එක්වුනේ ඒ දු වෙනුවටයි. “ඇත්තෙන්ම කල්යා්ණවතීට වඩා මම කරකද? ඇත්ත කියනට යැයි ඈ කීයේය. මම මේ කථාන්තරය අසා පුදුමව “ආ ජුළිනෝනෝ, උඹ ඉගෙන ගන්තේ කණ්යාැ මඩකමද?


පියදාස සිරිසේන නවකථා එකතුව 427

වෙන තැනකදැ”යි ඇසුවෙමි. “මම කන්යා මඩමක තුන් අවුරුද්දක් ඉගෙන ගතිමි. ඉන්පසු අපේ බාප්පාලාගේ ගෙදර නැවතී සිටි කුඩම්මාගේ කරදර දරාගන්ට බැරිව ආරොන් සිල්වා සමග සැඟවී ගියෙමි. අපේ මව්පිය පරම්පරාවට රෝමානුකාරයෝ. දැන් සියදෝරිස් අප්පුහාමි මට බුද්ධාගමට අඬගසයි. නමුත් මම කවදාවත් මගේ ආගම අත් නොහරමි. තමුසේ මට අඬගැසුවත් බුද්ඛාගමට නම් එන්නේ නැතැ”යි ජුලිනෝනා මගේ මූණ පිරිමදිමින් කීයේය. ඉක්බිති මම ජ‍ුලිනෝනාට කථාකොට “ආ ජුනිනෝනෝ උඹ කරපු හපන් කම නම් ඉතා පුදුමයි. නමුත් කළ්යාණවති උඹ නැති කරන්නේ කොහොමදැයි මට තේරුම් ගන්ට බැරිය”යි කියන කොට ජුලිනෝනා සිනාසි “මොනවද ගුරුන්නාන්සේ මහත්මයෝ. මම ඔහොම වැඩ කීයක් කළ ගෑණියෙක්ද? දැන් කළ්යා ණවති කුට්ටුකර ඉන්නේ කලක හිටන් මා දන්නා අඳුනන මැන්වි නැන්දටයි . මිනිසුන්ට ලෙඩ බෝකරන්ට ඔපමණ සමර්ථ ගෑණියෙක් ඇත කියා සිතන්ට එපා. ඒ ඇත්තිගේ ගෙදර නවත්වාගෙන ඒ පළාතේ ඉන්නා නපුරු ක්ෂය රෝගය බෝ කරනු අනුමාන නැත. දැනටම කල්යාරණවතිට ඒ පළාතේ ඉන්නා ඉතාම අසාධ්ය ක්ෂවය රෝගකාරියන්ගේ ඉඳුල් කැව්වාට කිසිම අනුමානයක් නැතැ”යි කීවාම “හොදයි හොදයි උඹ නම් හිතු දෙයක් කරන සමර්ථියක් බව නිසැකයි. ආ ජුලිනෝනා, අප සැම දෙනාටම හොරෙන් මැනවි නැන්දත් සමග කල්යාෝණවාතිට යන්ට සැලැස්සුවේ මොන උපක්ර මයෙන් ද? දැන් මැනවි නැන්දලා ඉන්නේ කොහෙදැ”යි ඇසුවෙමි. එවිට වෙරිමතින් නිදිමතත් අධික වෙමින් සිටි ජුලිනෝනා “ගුරුන්නාන්සේ මහත්මයා දන්නේ නැද්ද? මැන්වි නැන්දාට මුදල් ටිකක් දි නිතරම මෙහාට එන්ට කියා ඒ අතර කල්යා?ණවති සමග හොදින් මිත්රම වෙන්ට සැලැස්විමි. ඉතින් ගුරුන්නාන්සේ මහතා මා හා එකතු බව දැනගෙන එදා කෝලහල වෙද්දි මට ගහන්ට හැදුවාම පැත්තකින් සිටි මැන්චි නැන්දි මහා කරුණාවකින් මෙන් කථා කොට “එන්ට කල්යානණවති හාමිනේ මේ කරදර නොවිද මාත් සමග යන්ට, ඔය දූෂ්ට ගෑණි ඉන්නා තුරු මෙහාට තවත් එන්ට එපා . අපේ ගෙදර හාමිනේට සියලුම සැප පහසු දෙන්නෙමි”යි කීවාම පියත්, ස්වාමියා වන ගුරුන්නාන්සේ මහත්මයාත් නැති වෙලාවේ කල්යා”ණවති මැන්වි නැන්දාත් සමග ගියේය. එහි ඈ ගියාට පසු තාත්තාටත් ස්වාමියාටත් අකීකරුව කෝලහල කරගෙන ගිය බැවින් ලැජ්ජාවෙනුත් භයෙනුත් ඈ මහර වත්තලට යන පාරේ මැන්වි නැන්දලාගේ ගෙදරම




428 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

නවති ඉන්නේය. තව අත් අට දින්ක යනකොට සියදෝරිස් අප්පුහාමි ඈ සොයාගනෙ එනු නිසැකයි. එසේ එන්ට ප්රටථම ඈ ක්ෂය රෝගය බෝකරන්ට මැන්චි නැන්දා සමර්ථ බව මම දනිමි. කල්යාදණවති කා සමග කොහේ ඉන්නවාද යන වග ගුරුන්නාන්සේ මහතා සමගමවත් නොකීවේ ඒ නොකීයන්ටම නොව ඈට ක්ෂයරෝගින්ගේ ඉඳුල් කවා ක්ෂයරෝගය බෝකරගන්නට තවමත් මැන්වි නැන්දා බැරි වූ බව මට කී නිසාය” යි කියා “ඉතින් යමු නිදාගන්ට” යයි ජුලිනෝනා කියා නැගිටින කොටම වත්තේ බල්ලෝ බුරන්ට පටන් ගත්හ. ඒ කුමක්දැයි බැලුවාම මිනුවන්ගොඩ ගිය සියදෝරිස් අප්පුහාමි අවුත් වත්තේ ගේට්ටුව ලඟ කරත්තය නවත්වා තිබෙන බව දුටුවෙමු. ඉතින් ජුලිනෝනා ටිකක් ගැස්සි අප්පුහාමිට කෑම පිළයෙල කරන්ට පටන් ගත්තේය. මම ඒ අතර හොරෙන්ම මහපාරට අවුත් සියදෝරිස් අප්පුහාමි බස්සවා යන කරත්තකාරයා මිගමුවට යන බව කී හෙයින් ඔහුගේ කරත්තයේම නැගී ගියෙමි. මා එහි යනවිට වෙලාව හරියටම රාත්රී එකය. හෝටලයේ සිටි ඉස්කෝලේ ගුරුන්නාන්සේ ආදි කවුරුත් නිදාගෙණ උන්හ. මම මගේ කාමරයට වැදි නිදාගෙන උදේම නැගිට ඉස්කෝලේ ගුරුන්නාන්සේ ආදි කවුරුත් නිදාගෙණ උන්හ. මම මගේ කාමරයට වැදි නිදාගෙන උදේම නැගිට ඉස්කෝලේ ගුරුන්නාන්සේගෙන් සුවදුක් විචාළෙමි . ඔහු බොහෝ සනීපයෙන් සිටින බවත් නක්ෂත්රස ගුරුන්නාන්සේ තවම නා බවත් කියේය. “ඔව් ඉස්කෝලේ මහත්මයා ඔය නක්ෂත්රගකාරයා හොරෙක් වෙන්ට පිළිවනි. සමහරවිට කවදාවත් මෙහාට නොථන්ටත් හොරෙක් වෙන්ට පිළවනි. සමහරවිට කවදාවත් මෙහාට නොඒන්ටත් පිළිවනි. ඒ නිසා එන්ට ස්කෝලේ මහත්මයා තමුසේගේ ගම පැත්තට යාමට මටත් උවමනාවක් තිබේ. මගේ කරත්තෙන්ම යන්ට පුඵවනැයි කීයා මම මගේ ස්වභාව වේශයෙන්ම කලිසම් මේස් සපත්තු ආදිය ඇදගෙන උදේ තේ වතුර බීපු හැටියේම ඉස්කෝලේ මහතාත් සමග ඔවුන්ගේ ගමට පැමිණියෙමි. ඉස්කෝලේ ගුරුන්නාන්සේ මා කවරෙක්ද? යන්නේ කොහේදැ”යි නොදත්තේය. මම ඔවුන්ගේ ගෙදරටම එනු දැක ඔහු පුදුමයෙන් මෙන් බලා සිට “මහත්මයා රහස් පරික්ෂක වික්ර මපාල මහතාදැ”යි ඇසුයේය. එසේ අසන ලද්දේ මිදුලේදිම බැවින් මම සිනාසි ගෙයි ඉස්තෝප්පුවට ගොඩ නැගුනෙමි. සියදෝරිස් අප්පුහාමි මා දැක “අනේ මහත්මයා පෙරේදා එන බවට පොරොන්දු වි මේ වනතුරු ප්රපමාද වුනාට කණගාටුවෙනි සිටියෙමි. තවත් කොතැනකද රහසක් සොයන්ට ගියේදැ”යි අසමින් මා වැළදගෙන හාන්සිපුටුවක් පිට වාඩිකරවා මට තැඹිලි වෑවරයකින්ද සංග්ර්හ කළේය. ලංකාවේ පුදුම රහස් ඇල්ලිමේන කීර්තිමත් සිටන මා සියදෝරිස් අප්පුහාමිලාගේ


පියදාස සිරිසේන නවකථා එකතුව 429


ගෙදරට පැමිණි බව ආරංචතිවුන බැවින් වටපිට මිනිස්සුත් ඒ ගමේ පන්සලේ අභ්යටතිස්ස හාමුදුරුවොත්, ඒ පේරුවේ විදාන ආරච්චි මහත්මයාත්, තවත් වසගත් මිනිස්සු කීප දෙනෙකුත් ඒ ස්ථානයට පැමිණියහ. සියදෝරිස් අප්පුහාමි ඒ පැමිණි ඇතතන්ට සුදුසු ආසන දි සංග්රයහ කෙළේය. මා දුටු වේලේ පටන් සියදෝරිස් අප්පුහාමිගේ තරුණ භාර්යාව මා දෙස ඉතා ඕ්‍නෑකමින් බලන බවද මට පෙනුනේය. ඈ දකින දකින විට මට සිනහ ඇතිවුන බැවින් බොහෝ දෙනාට එය තේරුම් ගන්ට බැරිවිය. සියදෝරිස් අප්පුහාමිගේ බෑනා වන ස්කෝලෙ ගුරුන්නාන්සේ මා වික්රිමපාල බව දැනගත් හැටියේ පටන් ක්රවමයෙන් මලානික සුදුමැලි කෙනෙක් මෙන් විය.

06.පරිච්ඡේදය

සංස්කරණය

අ භයතිස්ස හාමුදුරුවෝ මා දෙස බලා මට ස්තුතිකොට “මහත්මයාණෙනි, මහත්මයාගේ අද්භූත දක්ෂකම් කීපයක් අසූ මම පුදුමවිමි. අපේ මේ සියදෝරිස් අප්පුහාමිගේ කරුණාවත් සුවච කීකරු දියණිය සම්බන්ධව මහත්මයාට කාරණා සොයාගන්ට බැරි උනොත් වෙන කිසිවෙකුට මොනවත් සොයා ගන්ට ලැබෙන්නේ නැත. අනේ මහත්මයේ ඒ ගැන පුඵවන් වීර්යයක් කරන්ටය”යි කිවේය. මේ මහලු ස්වාමින් වහන්සේගේ කථාවට මට සිනහ පහල විය. ඉක්බිති මම අප්පුහාමිට කථාකොට ඉදිරි පිටින් වාඩි කරවා ගෙන මෙසේ කියනට පටන් ගතිමි. “ අප්පුහාමිට සහ අපේ මේ ස්වාමින්වහන්සේටත් අනික් මගේ මේ කථාව අසා ගෙන ඉන්නා සැම දෙනාටත් ඉතාමත් ප්රටයේජන හෙයින් දැන් නොසඟවා සියල්ල කියන්නෙමි. මම දැන් පසලොස් දිනක වෙලේ සිට හාමුදුරුනමකගේ නැතිවුනු විශාල මුදල් පෙට්ටියක් සෙවිමේ නියුක්තව ඉදිමි. ඒ සදහාම මිගමුවට පැමිණි මා සොයා ගෙන ගොස් මේ අප්පුහාමි තමාට සිදධ වු විපත්තිය කීයේය. ඉතින් සිංහලයා හරිහැටි ඉගෙණ ස්ථිර ගුණ ධර්මයේ පිහිටා අනලස්ව ක්රිතයා කළොත් සිංහලයාට කළ නොහැකි දෙයක් ලෝකයේම නැති බව පළමුකොටම මගේ මේ ක්රි යාවෙන්ම ඉගෙන ගත යුතුය. අප්පුහාමිලාගේ ගෙදරට මම පෙරෙයිදා එන බව කී නමුත් අවේ නැතියි කියේය. සත්තකෙන්ම මම පෙරේදා මෙහි ආවෙමි. අප්පුහාමිගේ දියණිය සම්බන්ධව දැනගතයුතු සියල්ලම ඉතා හොදින් දැන ගතිමි.


430 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

දැනට ඈ නවතී ඉන්නා තැනත්, ඈට සිද්ධවෙන්ට ‍යොදා තාබෙන අනතුරුත් අප්පුහාමිට සිද්ධවෙන්ට තිබෙන අනතුරුත් යන ආදි සියල්ලක්ම මම හොඳින් දැනගිතිමි. අද අප්පුහාමි නිදහස් කොට අප්පුහාමිට මෙලෝ පරලෝ දෙකින්ම සැනසිලි ලැබෙන හැටියක් සලසන්නෙමි. නමුත් මේ සභාවට ප්රෙයෝජන වන පිණිස අප්පුහාමිගේ අඥානකම නොකියා නොහැක්කේය. අප්පුහාමි දැනට අවුරුදු පණස් පහක් වයසය. අප්පුහාමිගේ ප්රිඅය භාර්යාව මැරි අවුරුදු විස්සක් පමණ වෙනවාය. ඒ සා දීඝ කාලයක් කිසිම පවක් අපරාධයක් නොකොට හොදින් කල්ගත කළ අප්පුහාමි අන්තිමේදි දුෂ්ට පුලිනෝනා දැක ඇගේ මායමට අසුවිම කාටත් ඉගෙන ගත යුතු පාඩමකි. සුරාව කියන විෂ වර්ගයහි ස්වභාව ඉගෙන ගැනීමට මීට වඩා හොද ප්රඩස්තාවක් ඇත්තේම නැත. “සුරා” යන්නෙහි එක් තේරුමක් නම් රාගය උද්දිප්ත භාවයට පමුණුවා බලවත් මුළාවට හෙළා විනාශ කරන එකක බවයි. බලමු - සියදෝරිස් අප්පුහාමි මේ ඡුලිනෝනාට වඩා ලක්ෂණ ස්ත්රී න් දුටුවේ නැද්ද? කෙ‍ාපමණවත් දකින්නට ඇති. නමුත් ඵ් ඵකම ස්ත්රී්යක්වත් නිසා අප්පුහාමී අමාරුවට නොවැටුනේය. කොප්පරා පටවාගෙන ආ කරත්තාකර වෙලුන් අප්පු සම්බවෙන්ට අප්පුහාමි ඔහුගේ ගෙදරට ගිය වේලාවේ මේ ජුලිනෝනා දැක ඇගේ නුරා බැල්මටත් රාගික කපටි බසටත් මොහොතක් මුලාවි ඉක්බිති ඈ විසින් දුන් අරක්කු ටික බීවේය. ස්වල්ප වශයෙන් ඇගේ වචනයෙන් වූ මුළාව සුරාපානයෙන් පසු එහෙම පිටින්ම උමතුව රාග ගින්නෙන් දැවි ඇගේ වසඟයට පැමිණියේය. ඉන්පසු ඇගේ බලවත් මායමක් නිතරම බොන්නවූ සුරාවත් නිසා පනස් පස් වර්ෂයක් රැකි සුචරිතයත් ශික්ෂිත භාවයත් යටපත් කොට අප්පුහාමි මේ දුෂ්ට ජුලිනෝනාට වාලෙක්විය. “තමාගේ දියණියත් නොසලකා තලතුනාකමත් නොසලකා ජුලිනෝනා කසදා බැද ගත්තේය. ඉතින් ජුලිනෝනා මෙහි ආතෙක් පටන් අප්පුහාමි සුරා සොඬක් කොට ගෙන ඔහුගේ ස්ථානොවිත ඥානයත් ප්රපතිපත්තියත් පිරිහෙලා ඈට උවමනා අන්දමට ඔහු ලවා ක්රිරයාකර ගත්තේය. සුරාපානයෙන් මුලාවට පැමිණ මේ මහා විපතට පැමණියේ අප්පුහාමි පමණක් නොවේ. අප්පුහාමිගේ බෑනා වන මේ ස්කෝලේ මහත්මයාත් ජුලිනෝනාගේ වාලෙකි. රටක ගමක දරුවන්ට ධර්මශාස්ත්රහ උගන්වමින් උතුම් පතිපත්තියේ යෙදි උන් මේ ස්කෝලේ මහතා ජුලිනෝනාගේ බලවත් ප්රතයෝගයෙන් සුරාපානය කරන්ට පුරුදු වි ඉක්බිති ඇගේ




පියදාස සිරිසේන නවකථා එකතුව 431

හිමිකමට ඔහුද මැදගත් කර ගත්තේය. අවිවාහක කාලේ වත් පර ස්ත්රී්න් දෙස නොබැඵෑ මේ ගුණවත් ස්කෝලේ මහාත ස්ත්රී අඬගයෙන් සම්පූර්ණ වූ ස්වකීය භාය්යා ව සිටියදිම මේ දුෂ්ට ජුලිනෝනාගේ මායාවට අසුවි පරදාර පාපාකර්මය කරගත්තේය. ඒ පාපකර්මයක්තඅනික් ස්ත්රිෝයකු සමග නොව සියදොරිස් අප්පුහාමි බලවත් මුළාවට පත්ව කාසාද බැදගත් නමුත් දැන් සම්මත වශයෙන් තමාට මවු පදවියේ ඉන්නියකි. ඉතින් ස්වාමිනි, මහත්වරුණි, සියදෝරිස් අප්පුහාමි වැනි ශික්ෂිත වැදගත් තලතුනා මිනිහෙකු රාග ගින්නෙන් රත්කොට මේසා විපතකට පැමිණිවිමටත් පංච මාතාවන්ගෙන් කෙනෙකු සමග මේ ස්කෝලේ මහතා අසද්ධර්මමයේ හැසිරීමට තරම් මුලාවක් ඇති කිරිමටත් සුරාපානයට පිළවන් නම් ඒ සුරාපානය කරන මිනිස්සු කෙතරම් අපරාධ කරණ අශික්ෂි ත කාලකණ්ණිහු දැයි සැලකිය යුතුයි. වෙලුන් අප්පු නමැති කරත්ත කාර‍යාගේ භාය්යා ව වන මේ ජුලිනෝනා තමාගේ භාරියාකමට ගැනීමට අවුරුදු පනස් පහක් වයසැති මේ සියදෝරිස් අප්පුහාමිට හිතක් පහළ කිරිමට සුරාපානයට බලය තිබුනා නම් මීට වඩා තරුණ මිනිහෙක් සුරාපානය කරන්නේ නම් ඔහු යම්කිසි වැදගත් ගෙදරකට වැද්දගනීම කොතරම් අයුක්තදැයි දැන් තමුන්නාන්සේලාට තේරුම් යියායයි මම සලකමි. ස්වකීය භාර්යාවත් රූප සම්පන්න ලක්ෂණ භාර්යාවත් ගෙදරම සිටියදි ඥාර්යාවත් මෑණියන් වන ජුලිනෝනා සමග සුරාපානය නිසා මේ ස්කෝලේ මහතා වැනි කෙනෙක් අනාචාරයේ හැසුරුනා නම් මිටත් වඩා නූගත් ස්වකීය භාර්යාව නැති වෙන තරුණෙක් සුරාපානය කළ පසු ඔහුගේ සහෝදරියන් නැන්දා කුඩම්මා ආදින් සමග එක ගෙදර ඉන්ට ඇරිම කෙතරම් අන්තරාය දායක කරුණක් දැයි තමුන්නාන්සේලාට වැටහෙන්ට ඇත. සුරාපානය පිණි බිදක් පමණක් බොන්ට එපායයි මහා කාරුණික තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ නියමකර වදාලේ ඒ සුරාපානය කළ තැනැත්තා එවලේම ලජ්ජා,භය විරහිත ජඩයෙක්, කෙලතොල්ලෙක්, අධමයෙක්, පාහරයෙක් වන බැවිනි. කල්යාෙණවති සම්බන්ධ වූ මේ විපත්තියට මුල් වූයේ සුරාපානය බව පළමුකොට සිත්හි තබාගත් යුතුයි. “ඉතින් අප්පුහාමිත් මේ ස්වාමිනි වහන්සේත් ප්ර ධානකොට ඇති පිරිසට මේ විපත පැමිණි හැටිත් ජුලිනෝනාගේ ජිවිත කථාවත් ඈ විසින් යොදන ලද කූට උපක්රැමයත් කියමි. ඒ සියල්ල විස්තර වශයෙන් කියන්ට ප්රසථම මේසා විශාල කුමන්ත්ර ණයක් හා ගුප්ත කාරණයක් එක දවසක් තුළ දි මා විසින් සොයා ගැණීමේ සමර්ථ කමෙන්ද මේ ඇත්තන්ට ගුරු කමක් ගන්ට පිළිවන. සිංහලයාට කිසිවක් බැරිය. කිසිවක් නොදන්නා



432 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


කෙණෙකු “සිංහලයා මෝඩයා කැවුම් කන්ට යෝදයා” යයි විදේශික ජනයාත් ඇතැම් සිංහල මිනිසුනුත් කියමින් සිංහලයන්ට පරිභව කරණ නමුත් ධර්ම ශාස්ත්රි ඉගෙන ප්රමතිපත්තියෙහි යෙදි උට්ඨාන වීර්යයෙන් ක්රිශයා කරතොත් ලෝකයේ කිසිම ජාතියකට සිංහල ජාතිය දෙවෙනි නොවේ. ඒ බව මෙතරම් අමාරු වූ ගුප්ත වූ කාරණයක් එක් දවසක් තුලම සම්පූණියෙන් සොයාගත් මගෙන්ම තේරුම් ගත හැක. පෙරේදා මේ ඉන්නා සිරිනේරිස්ලාගේ ගෙදරට නක්ෂත්රත ගුරුන්නාන්සේ කෙනෙක් මෙන් අවුත් එතනින් මේ අප්පුහාමිලාගේ ගෙදරටද අවුත් ජුලිනෝනාගේ තොරතුරු සියල්ලක් දැනගතිමි. ධර්ම ශාස්ත්ර ඉගෙන ලෝක ස්වභාවය ඉගෙන උතුම් ප්රරතිපත්තියේ ස්ථිර ලෙස පිහිටා අවංකව සෘජුව ස්ථානෝචිතව‍, සූරව ක්රිථයා කිරිම නිසා මට මේ සමර්ථකම කරන්ට පිළිවන් විය. ඉතින් සිංහල දෙමව්පියන් ස්වකීය දරුවන්ට භාෂා ශාස්ත්රියත් සමග ධර්මයත් උගන්වා ප්රනතිපත්තියෙහිත් යෙදවුවොත් ඔවුනට කළනොහැකි කිසිවක් ලෝකයේ නැත. මීලඟට ජුලිනෝනාගේ තොරතුරු කියන්නෙමි. “මේ අධඹ ස්ත්රිලය සුරාපානදි දුශ්චරිත කරමින් විසූ මිනිහෙකු ගේ දියණියකි. මැගේ මවු ධර්මයක් ශාස්ත්රියක් සීලයක් ගුණයක් නෙදත් පහත් ස්ත්රිකයකි.කාගේවත් පිට තමා කළ පව් පටවා ස්වර්ගයට යාමට පළවනැයි රැවටි සිටි ඇගේ මව තමාගේ කුණු ශාරිරය පිනවිය හැක්තාක් සියලුම පාප ක්රිටයා කළ තැනැත්තියකි. මෙබඳු ස්ත්රියයක් කුස සුරාවෙන් ඳූෂිත වූ කලින් කී ඇගේ පියාට දාව උපන් බැවින් ඈ උත්පත්තියෙන්ම ඉතා පහත් ලෝකාන්තරික නරකයේ සිට අවුත් උපන් තැනැත්තියකි. ඉක්බිති කුඩා කාලේ පටන්මනපුරු මනුෂ්යස තිරිසන් ගතියෙහි පිහිටි මිනිසුන් මධ්ය්යේ ලොකු වි ඉන් ඉක්බිති කන්යාල මඩමයයි කියන ඉගැන්නුම් පලක නිශ්ශාර වූ ඉගැණිමක් ලබා ඉන්පසු ඉතා අශක්ෂිත ලෙස හැසිරෙණ ඇගේ කුඩම්මා කෙනෙකුගේ ගෙදර නැවති සිට සුරාපානයේත් ඊටම අදාළ වූ දුරාචාරයෙන් නිතරම ගැලී සිටියේය. මැගේ රූපලාවන්යතයට රැවටුනු සිල්වා නම් කෙනෙක් සමග මාස තුනක් පමණ සිටින විට ඔහුගේ ඉපයීම මද නිසා, ඔහු වෙත සිටියදිම ආරොන් සිංඤෝ නමැති වෙනින් කෙනෙකු හා මිත්රා විය. ඔහුද ඇගේ තත්ත්වයට නොහොබනා හෙයින් වෙලුන් අප්පු නම් කරත්තකාරයා සමග එකතුව හය මාසයක් පමණ ඔහු සමග කල්ගත කළේය. “මේ අතර වෙලුත් අප්පුගේ කරත්තයේ කොප්පරා පැටවීමට පුරුදු වු සියදෝරිස් අප්පුහාමි හදිසියෙන් දැක ඔහු මැගේ කපටි ස්ත්රිද



පියදාස සිරිසේන නවකථා එකතුව 433


මායමින් මුලාකොට අවුරුදු පනස් ගණනක් මත්පැන් බිමාදි දුසිරිත්වලට පුරුදු නූවු මේ අප්පුහාමිට මත්පැන් පොවා ඉක්බිති ඇගේ වසඟයට පමුණුවා ගත්තේය. එතැන් පටන් ටික ටික මත් පැන් සේවනය කිරිම නිසා මේ ගුණවත් වයෝවෘද්ධ අප්පුහාමි මේ දුෂ්ට ජුලිනෝනාට දාසයෙක්ව නීතිප්රිකාර ඈ භාර්යාකමටද සලකා ගත්තේය. තමාගේ නම්බුකාරකමවත් තමාගේ වයෝවෘද්ධ කමවත් තමාගේ දියණියගේ උසස් ගතියවත් තමාගේ මහත් ධනයවත් මේ ඡුලිනෝනාගේ ක්රෑිරතර අනාචාරකමවත් නිසිලෙසකින් නොතකා සුරාමතයත් ඒ එක්කම ඇතිවන විරාමයත් යන මත දෙකින් මත්ව මේ අධම ස්ත්රිතය රැගෙන ආයේය. මුල පටන්ම නින්දිතව ක්රිවයාවට පුරුදු වූ පහත් මනුෂ්ය යා කෙතරම් උසස් පදවියකට ගියත් ඒ තමාගේ මුල් ස්වාභාව වෙනස් නො කෙරේ. ඉතින් ජුලිනෝනා මෙහි ආ හැටියේ සියදෝරිස් අප්පුහාමි වැනියෙක් චණ්ඩ වූ සල්ලාල ස්ත්රිෙයකට නොපිරිමහිනා බැවින් ඉතා ශික්ෂිතව සිටි මේ ස්කෝලේ මහතා සුරාපානයෙන් මුලා කරවාගෙන සියදෝරිස් අප්පුහාමිගේ ශික්ෂිත දියණියන්ට අයුත්තේ හිංසා පීඩාකොට මේ තැනැත්තියට සියදෝරිස් අප්පුහාමිගේ මූදලය නොලැබෙන බව දැනගත් නිසා ඒ නිර්දෝෂ වූ ශිෂ්ට ස්ත්රි්යට ක්ෂය රෝගය බෝකොට ඈ මරා දමා ඉක්බිති මහඵ සියදෝරිස් අප්පුහාමි ද මරා දමා තමාට රැචි කාලයක් ස්කෝලේ මහතා සමග වැසි ඉක්බිති ඔහුද මරාදමා ලෝක‍ය ගිනිලන්ට මේ අධම හැතිරිය කටයුතු සූදානම් කළේය. “ඊයේ රාත්රික ස්කෝලේ ගුරුන්නාන්සේ මීගමුවේ හෝටලයක නවත්වා ඔහුගේ වේශයෙන් මෙහි අවුත් මේ සියලුම තොරතුරු මම දැනගතිමි. “දැන් ජුලිනෝනා උඹට මේ ගැන කියන්ට තිබෙන්නේ කුමක්දැ”යි මම ඇසුවෙමි. මේ මා කී සත්යඹ වූ තොරතුරු අසමින් පුදුමව සිටි ජුලිනෝනා “මහත්මයා කියාපු කරුණු සියල්ලම සැබැයි. මා දඟගෙට නොදමා යන්ට ඇරියොත් මහත්මයාට පින්සිද්ධවේය”යි කියා මගේ දෙපා ලඟ වැටුනේය. සියදෝරිස් අප්පුහාමි ආදි එහි සිටි විර්ද්ධව මිනී මැරිමට කුමන්ත්රපණ යෙදිමේ වරදට මට නඩුගන්ට පුඵවනි. නමුත් හෙට දිස්ත්රරක් උසාවියට ගොස් සියදෝරිස් අප්පුහාමි සමග බැන්ද කසාදය අවලංගුකර ගැනීමට දිව්රුම් පෙත්සමක් දි නඩුකාර මහතාගේ නියමය පරිදි එය අවලංගුකර ගෙණ මේ පළාතේවත් නොයිද යන බවට පොරොන්දුවක් දෙන්ට කැමැතිදැයි ඇසවාම ඈ එකපාරටම ඊට සතුටුවූ බැවින් එසේ ලියවිල්ලක් ගතිමි. ඉක්බිති කල්යාඊණවති ඉන්න ස්ථානය විස්තර සහිතව




434 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

ඇගෙන අසා සියදෝරිස් අප්පුහාමි කල්යාහණවතීගේ ස්වාමිපුරුෂයා වන ස්කෝලේ ගුරුවරයාත් එවේලාවම එතන සිටි විදාන ආරච්චි මහතාත් යවා ඒ කුල ස්ත්රිුය ගෙන්විමි. ඉක්බිති සද්ධවු ප්ර වෘත්තිය තත් වූ පරිදි ඈට කියා දි ස්වකීය පියානන් හා ස්වාමිපුරුෂයානන් සුරාවෙන් උමතුව කරන ලද අපරාධයට ක්ෂමාකරවා සමගියෙන් ප්රාතිපත්ති රක්ෂා කරමින් සිටිමට අවවාද කොට දුෂ්ට ජුලිනෝනාට කටයුතු හැටිත් කියා දුනිමි.”මත්පැන් බොන්ට එපා පවුල් විනාශ කරණ මිනිසුන් යක්ෂයන් කරණ මත්පැන් බොන්ට එපා” යන මේ අකුරු පසුදින උදේ සියදෝරිස් අප්පුහාමිලාගේ ගෙයි ඉස්තෝප්පුවේ ප්රඅධාන උඵඅස්සට උඩින් රාත්රිේයේම ඇද තිබෙනු දැක පුදුමව ඒ කාගේ වැඩක් දැයි ඇසු විට අප්පුහාමිගේ බෑනා වන ස්කෝලෙ මහත්ගේ වැඩක් බව අසා සතුටු විම මා ගත් මහන්සියට ඔවුන්ගේ ප්රාලණත් දෙන බව කියා මුදලෙන්ද රුපියල් දාහක් දුන්නේය. එය භාරගෙන මම සැපසේ කොළඹට ආවෙමි. “සියදෝරිස් අප්පුහාමිගේ භාර්යාව දික්කසාද කිරිමට සියල්ල පිළයෙල කොට ඔහුගේ දියණිය වන කල්යා ණවති හා ඇගේ පුරුෂයා වන පාඨශාලා ආචාර්ය තැනත් සමගිකර පියත් දුවත් බෑනත් යන තිදෙනාට සදාචාරයෙන් යුක්තව සැපසේ ඉන්ට සලස්වා කෙලින්ම කොළඹට ආ මම කෙතරම් ප්රී ති සැපතක් ලැබුවෙම් දැයි මෙහි දැක්විය අපහසුය. විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටියට ගන්නා මහන්සියෙන් ලැබෙන ප්රටයෝජන නොලැබුනත් සියදෝරිස් අප්පුහාමිගේ පවුලට කර දුන් යහපත කල්පනා වන විට මගේ හිතට හටගන්නා ප්රී්තිය මෙන්ම මේ කිය වන්නන්ටත් ඇතිවේ නම් පරාර්ථකාමි නොවන කෙනෙක් ඒ පිරිස අතර ඇත්වේ යයි නොසිතමි. මිගමුවේ දි කීප දවසක් ලෙල්ලන් වූ බැවින් එක දවසක් නිවාඩු ගෙන ඊට පසුවදා කඵතර පළාතට යන්ට සිතා ගතිමි. මා නිවාඩුගත්තේ බදාදා ය. බදදා උදේ පටන්ම සංඝයා වහන්සේලාත් වෙන වෙන උදවියත්මා සම්භවෙන්ට ඒමට පටන්ගත් නිසා මගේ නිවාඩුව අනිකක් විය. පොදු වැඩ කිරිමේ නියුක්ත කෙනෙකුට නිවාඩුවක් කොයින් ද? නිවාඩු ගැනිම නිරොගි මිනිහෙකුට උවමනා නැති එකක් බව නිවාඩු ගන්ට ඉඩක් නැති නිසාදෝ මට කල්පනා විය. එදා මා සම්භවෙන්ට ආ මහත්තැන් අතර උඩරට මහත්මයෙක් ද සිටියේය. උන්නැහේ ධර්මවාදි කෙනෙකි. නමුත් ධර්මය හරිහැටි තේරුම් නොගෙන මුළා වූ කෙනෙකි. අප රටේ උන්නැහේ මෙන් මුළාවූවෝ එමට සිටිති. “සියල්ලන්ටම මෛත්රිද කරන්ට ඕනෑ ය”යයි අපේ මින්ස්සු කියති. එසේ කරන්නේ



පියදාස සිරිසේන නවකථා එකතුව 435

බුදුහාමුදුරුවෝ සියල්ලටම මෛත්රි කළ නිසාලු-ඉතින් මේ කථාව රටේ පැතිර පවත්නා නිසා ඒ උඩ රටින් පැමිණි ඩිංගරි බණ්ඩාර මහතාත් මාත් අතරේ වූ කථාව මෙය කියවන මිත්රනයනට ප්ර යෝජන වේ යයි සලකමි.

බණ්ඩාර - මහත්මයා බොහොම හොදින් ධර්මය දත් සත් පුරුෂයෙකි බව දනිමි. නමුත් සමහරවිට ඉතාමත් නපුරු ලෙස මිනිසුන්ට තාඩන පිඩනාදිය පවා කරණ බව අසීමි. මම - සත්තකෙන්ම මම කවදාවත් අයුත්තේ එසේ නොකරමි. නිර්දෝෂ වූ දුර්වල වූ කෙනෙකුට යම්කිසි බලසම්පන්න අධමයෙක් අයුතතේ යමිකිසි අනත්ථ ක් කරතොත් අබදු ප්රඅස්තාවලදි අමාරුකම පමණුවමි. එය උත්තම ධර්මතාවයකි. මහත්මයා එය වැරදිය කියා හිතන්නෙහි ද? බන්ඩාර - නැහැ, ඒක වරදක් යයි මට කියන්ට ඉඩක් නැත. නමුත් බුද්ධාගම්කාරයන් වශයෙන් අපි සියලු දෙනාටම මෛත්රි් කරමු. මම - බොහොම හොදයි. අප සෑමදෙනාටම මෛත්රි් කරණ එක බොහොම හොදයි. නමුත් අධර්මවාදි අධමයෙකුගේ බලය බිදලෑම මෛත්රිහ කිරිමක් නොවේ ද? බණ්ඩාර - මහත්මයාගේ කථාව මට තේරෙන්නේ නැහැ.අධම අසත්පුරුෂ මනුෂ්යහයෙක් පස්සු බල්ලෙකුට වඩා හොද නැද්ද? මම - ඇත්ත වශයෙන් නම අනුන් පෙලා තලා තමාගේම සැප පහසු සලකා ගන්නා මිනිහා පිස්සු බල්ලෙකුටත් වඩා නරකයි.නමුත් මේ කාරණය විසදා ගැනීම සදහා අධම මිනිහා පිස්සු බල්ලට වඩා හොද යයි කියමු. බණ්ඩාර - ඉතින් බුද්ධාගමේ හැටියට ඒ පිස්සු බල්ලෙකු පවා මැරීම අකුසල් නොවේ ද? මම - ඔව් වර්තමාන කාලේ බුද්ධාගම මිනිසුන් අසමර්ථ කරන, මිනිසුන් දුර්වදල කරණ, මිනිසුන්ගේ යුක්ති ධර්මය ඉක්මවා දියුණුවන අකුල් හෙලන ආගමක් කරගෙණ ඉන්නා බව හැබැයි . නමුත් බුද්ධාගමේ උගන්වන උතුම් දර්ම ඒ වූ පරිදි දන්නා කෙණෙක් කිසි කාලයක බුද්ධාකම මිනිසුන් තුළ උට්ඨානවිර්යය ඇති කිරිමට මිස නැති කිරිමට හේතු වූ අගමිකැයි නො කියයි. බණඩාර - මහත්මයාගේ කථාව මට තේරුනේ නැහ. බුද්ධාගමේ හැටියට පිස්සු බල්ලකු පවා මැරිම තහනම් නොවේද ?


436 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


මම - ඔව් ඒ එක ක්රවමයක්, නමුත් එය අපි කල්පනා සහිතව කරමු නම් වෙත අතක් වෙනවාට සැක නැත. ඔබදු සියුම් කරණු ඉතා ඉවසිල්ලෙන් හා ඥානයෙන් විමාසාගත යුතුයි. බුදුහාමුදුරුවන්ගේ ධර්මය නම් “සියලු පව් නොකිරිමත්, කුසල් කිරිමත්, සිත පිරිසිදු කිරිමත්” යන්නයි. ඉතින් මේ කරුණු තුනෙන් එකක් කළ හැටියේ, අනිත් දෙකක් නිරායාසයෙන්ම සිද්ධ වේ. සියලුම පව් අත්හළ විට ඉතින් කරණ තරමක් පින්ය. ඒ පින් කරණ හෙවත් පව් අත්හළ තැනැත්තා ගේ හිතට පිරිසිදුය. මේ කියන ලද තත්ත්වයට බෞද්ධයා පැමිණෙන්නේ කවදා ද? බණ්ඩාර - මට ඵය තේරැම් මදි. මහත්මයාම කියන්ට.

මම - හොදයි. බණ්ඩාර මහතාට මම උපමාවකින් කාරණය අවබෝධ කරන්නෙමි. දැන් බණ්ඩාර මහතා මෑණියන්ගෙන් කිරි බොන්නට කැමැත්තෙහිද?

බණ්ඩාර - නැහැ, සත්තකෙන් නැහැ. මා තබා තුන්හතර අවුරුද්දක් ගිය ළමයෙක්වත් බොන්නේ නැහැ. ඊටත් වඩා මට මවු කෙනෙකුගේ කිරි ටිකක් බීලා වෙන්ට බැහැ. මම - හොදයි, බොහොම හරි, බණ්ඩාර මහතා මවුගේ කිරි බිව්වේ නැද්ද? ඒ කිරි බොද්දි එයම දිවි රැකීමට සෑහුනා නොවේද ? බණ්ඩාර - ඔව්.ළපටි කාලේ. ඒ කාලේ මවුගේ කිරි මගේ පොෂණයට උමනාවටත් වැඩිය. මම - ඉතින් ඒ කිරි නොබී උපන් හැටියේ පටන් දැන් කන අන්දමට බත් මාලු ආදිය කන්ට දුන්නා නම් අද බණ්ඩාර මහත්මයා මේ ලෝකේ ඉන්නෙහි ද? බණ්ඩාර - සත්තකෙන්ම, මට ඉපදුනු හැටියේම අද කන බොන ආහාර කවන ලද්දේ නම් මා මැරී ගියේ ඉපදි දවසකින් දෙකකින්ය. ඒ ගැන සැකක් නැත. මම - බොහොම හරි, ඉතින් කිරි නොබි. බත් මාඵ කන අවස්ථාවකට කිසිම මනුෂ්යබයෙකුට පැමිණිය නොහැකි බවත් බත් මාඵ කන අවස්ථාවට පැමිණි පසු මව්කිරි බිම කළ නොහැකි නින්දිත ලජ්ජා එලවන ක්රිපයාවක් වන බවත් නිසැක ලෙස තේරුම් ගත්තෙහි ද? බණඩාර - ඔව්, මා හට හොඳින් තේරුනා. මම - එසේ නම්, අපේ බෞද්ධාගම සම්බන්ධව ධර්ම ක්රජමයක් තේරුම

පියදාස සිරිසේන නවකථා එකතුව 437

ොකරන්නෙමි. සොවාන් ආදි සතර මග ඵලයට පැමිනෙණ තෙක් මව් කිරි බොන ළපටියෙකුට සමානය.ඒ ළපටියාගේ මාතරය වැඩිවිය පැමිණියෙකුට නුසුදුසුවා මෙන්ම සෝවාන් ඵලදි අධිගමයකට නොපැමිණියන්ගේ ක්රිුයාද නියත බෞද්ධ වු අධිගමලාභින්ට රුචි නොවේ. ඒ එසේද වුවත්. ළදරුවා ක්ෂිරපානය නොකළා නම් ආහාර පාන ජාති අනුභවයට සුදුස්සෙක් නොවන්නාක් මෙන්ම බුදුන් සරණයාම, මල් පහන් පිදිමි,අපරාධ මර්දනය කිරිම, පරර්ථකාමි ක්රිසයා කිරිම, මහත් සමුහයකට දුක් දෙන්නෙකු කෙරේ අනුකම්පා නොකොට අර වැඩිදෙනා කෙරේ අනුකම්පා කොට ඒ අධමයා පිළවන් කොයි ක්රදමයකින් හෝ ඉවත්කිරිම යන ආදි සුඵ ක්රිනය කරලා එයින්ම උසස් බවට පැමිණිය යුතුය. ඉක්බිති හාමුදුරුවන්ගේ අනුශාසනාව එනම් සියලු පව්වලින් වෙන්වීමටත්, සියලු කුසල් කිරිමටත් තමා‍ගේ සිත පිරිසිදු කරගැනීමටත් පිළිවන් පුද්ගලයෙක් වන්නේය. එයි එක පාරට කරන්ට වීරයය කිරිම උපන් හැටියේ ළදරුවෙකුට බත් මාඵ මස් පාන් ආදිය කවන්ට තැත් කිරමික් වැනිය.

බණ්ඩාර - එතකොට මහත්මයාගේ කල්පනාව දැන මහත්මයා බුද්ධාගම්කාරයෙක්ව සිටින නමුත් උවමනා උනොත් සතෙක් මරාගෙණ කෑම, සොරකම් කිරමි ආදිය කළාට වැරදි තැන කියා ද? මම - සත්තකෙන්ම, මම එසේ නොකියමි, සතෙකු මැරිම සොරකම් කිරීම ආදි පාපකර්ම ඒකාන්තයෙන්ම මනුෂ්යම ගතිය කිඵටු කරණ නීච ක්රිායායි. තමුන්ගේ පුද්ගලික සැප‍ පහසු හෝ උවමනාවක් සදහා සතෙකු මැරීමාදි පාපක්රිමයා කිරිම ඉතාම ලාමක බව සැලකිය යුතුයි. එබඳු ක්රි්යා කරන්නා තමාගේම ආත්ම භාවයට අන්තරාය කරගන්න අඥානයෙකි. උපමාවක් වශයෙන් කියතොත් මෙසේය. මුදල් උපයන මිනිහෙක් අතේ තිබෙන මුදල නැවත ගත නොහැකි තැනකට විසිකළා වැනිය. බණ්ඩාර - මට මහත්මයාගේ කතාව තේරුණේ නැහැ. කරුණාකර තව විස්තර කරන්ට.

මම - ඔන්න මුදල් සම්හකරණ දෙන්නෙක් සිටින්නාහු සිතමු. ඉන් එ‍ෙකක් තමා ලඟ තිබෙන මුදල නැවත කවදාවත් දකින්ට බැරි ගඟකට . මූදකට විසිකළයි සිතමු. ඉතින් ඔහුගේ මුදලුත්


438 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

නැතිවිය. අනික් මිනිහා තමා ලඟ තිබෙන මුදලෙන් ඒවාගේ දසදොළොස් ගුණයක් වටිනා මැණිකක් මිළේට ගත්තායයි සිතමු. ඉතින් ඔහුගේ මුදලුත් නැතිවිය. නමුත් කවදා නමුත් මැණික විකුණා ගත් දිනට තමා ලඟ කලින් තිබුණා වාගේ දසදොළොස් ගුණයක් මුදල් ඔහුට ලැබේ. බණ්ඩාර - දැන් මහත්මයා මෙයින් මට අවබෝධකර දෙන්ට තනන්නේ කුමක්ද? මම - බණ්ඩාර මහතාට මම අවබෝධකර දෙන්ට වීර්යය කරන්නේ තමාගේ ජිවිතය කෙරෙහි අනුකම්පා කොට හෙවත් තමගේ ජිවිතය ආරක්ෂා කරගැනීම පිණිස සතුන් මැරීම, සොරකම් කිරිම ආදි පාප ක්රිායා කරණ පුද්ගලයා හරියටම තමා ලඟ තුබුණු මුදල් ටික ගඟකට මූදකට විසිකර දමන අඥානයන් බවත් අනුන් කෙරෙහි අනුකම්පා කොට හෙවත් මහ සමූහයකට යහපත සලසන පිණිස තමාටම හෝ වෙනත් කෙනෙකුට එනම් අර සමූහයාට පීඩාදායකව සිටින කෙණෙකුට දුක් දීලාවත් සමූහයාට සැප දෙන තැනැත්තා අතේ තිබන මුදල් ටික දීල වටිනා මානික්යට රත්නයක් ගත් නැණවතෙක් සමාන බවය. බණ්ඩාර - මම තවමත් එය හොදහැටි වැටහුනේ නැහැ. එය තේරුම් ගන්නා පිණිස මහත්මයාගෙන් ප්රමශ්න දෙකක් අසමි. ඉන් එකක් නම් “ඔන්න මහත්මයාත් තවත් දුර්වල ස්ත්රී්න් හා මහල්ලන්ද, ළමයිද කීප දෙනෙක් එක් අම්බලමක ඉන්නාහුයයි සිතමු. ඉතින් ඒ වේලාවේ එතනට වියරු සුනඛයෙක් අවේ යයි සිතමු. පිස්සු බල්ලා එතනට පැමිණි හැටියේම, මහත්මයාත් අනිත් දුර්වල ස්ත්රී් පරුෂදීනුත් කා විනාශ කරන්නට තැත් කරයි. ඉතින් මහත්මයා මක්කරන්නෙහි ද? මම - හොඳයි, බොහොම හොද ප්රරශ්නය, මම ඒ දුර්වල මිනිසුන් කෙරෙහි මහත් කරුණාවක් ඇතිකොට ඔවුන් වෙනුවට මගේ පණවත් පූදා හෙවත් මා පිස්සු බල්ලාට ගොදුරු වෙලාවත් අර දුර්වලයන් ගලවමියි සිතා ඉදිරියට අවුත් ලඟ තිබුණු මුගුරක් රැගෙන පිස්සු බල්ලාට පහර දෙන්නෙමි. ඒ පහර කා ඌ නොගොස් මිනිසුන් හපන්ටම තනන්නේ නම් ඌ මැරෙන තුරාවත් ගසා අර මිනිසුන් ගලවා ගන්නෙමි. බණ්ඩාර - ඉතින් මහත්මයාට පව් සිද්ධවෙන්නේ නැත කියන්නෙහි ද?


පියදාස සිරිසේන නවකථා එකතුව 439


මම - සත්තකටම, මට පව් සිද්ධවේ, නමුත් ඊට වඩා පිණුත් සිද්ධ වේ. ඒ ක්රිායාව හරියටම අතේ තිබුණු මුදල් දීලා වටිනා මැණිකක් ගන්තා වැනිය. මැණිකක් ගැණීමටත්, අතේ තිබෙන මුදල් ටිය දුන්විට තමාට අලාභයක් විය. නමුත් යම් දවසක මැණික විකුණා ගත් විට ඒ ලැබුනු අලාභය වෙනුවට දසදොළොස් ගුණයක් ලාභ ලැබිය හැකිය. එමෙන්ම මහත් සමුහයකට දුක්දෙන අධමයෙකු වූවත් තුරන් කිරිම සුඵ වරදක් බැවින් ඊට පාපයක් සිද්ධ වෙතත් ඒ අධමයා තුරන් කිරිම නිසා මහ සමූහකයට සැනසිලි ලැබුණා නම් නො අනුමානව එසේ කළ පින්වතා සුඵ නරකකින් මහා යහපතක් කරගත් කෙනෙකි. හිරියටම වී කුරුණියක් වැපිරිම වශයෙන් නැතිකරගෙණ බුසල් දහයක් දොළහක් කපා පාගා ගැනීම වශයෙන් ලබා ගන්නා කෙනෙකි. බණ්ඩාර - එය මට තේරුම් ගියා. මගේ අනිත් ප්ර ශ්නයත් අසන්නෙමි. මහත්මයාගේ මෑණියන් හෝ වෙන අවශ්ය ඥාතිවරයෙක් අසනීපව ඉන්නාවිට වෛද්යයවරයෙක් ඒ ලෙඩාගේ සුවය පිණිස කුකුළෙකු මරා මස් කන්ට දීමට නිමය කළොත් මහත්මයා එසේ කරන්නෙහි ද? මම - සත්තකෙන්ම. මම මගේ මවු හෝ වෙන අවශ්යු ඥාතිවරයෙක් හෝ ඒ රෝගයෙන් මිය ගියත් මම නම් කුකුළෙක් ආදි සතෙකු මරා මස් නොදෙමි. මක්නිසාද ? කාගේවත් අසනීපය දුරු කිරිමට කුකුළා බැදිලා නැත. කාටවත් අසනීප වුනාට කුකුළා පලිකාරයෙක් ද? බණ්ඩාර - හොදියි, එසේ නම් අධමයෙකු විසින් අනුන්ට පීඩා කරණවාට මහත්මයාට මැදහත්වෙන්ට යුතුකම මොකද? මම - අනේ මහත්මයාණනි, පිළිවන් මිනිහා බැරි මිනිහාට උදව් කිරිම මනුෂ්යාකමේ එකම අංගයයි. ඒ නොකරණ අය මෙලොව වශයෙනුත් පිරිහිලා පරලොව වශයෙනුත් පහත් බවට පැමිණෙයි. හරියටම අතේ තිබෙන මුදලෙන් ලාභ ලැබිය හැකි වෙළදාම් ආදි කිසි කටයුත්තක් නොකොට ඒ අතේ තිබෙන දෙයම කකා බිබි විනාශ කරන අඥානයෙක් වැනිය. බණ්ඩාර - හොදයි, මහත් සමූහයකට හිංසා පීඩා කරණ අධමයෙකුටවත් විනාශ කළ උත්තමයෙකු ගැන මහතාට කියන්ට පුඵවන් ද? මම - ඇත්තෙන්ම මට පුඵවනි. අපේ බෝධිසත්වයන් වහන්සේ දීපංකර

440 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

පාදමූලයෙහිදි ලැබු නිවන් රසය ලෝකසත්වයා වෙනුවෙන් ප්ර්තිකේෂප කොට ඒ ලෝක සත්වෝයාටත් දෙන පිණිස සංසාරයට බැස්සේය. එතැන් පටන් බුදුවන තෙක් කිසිවකුට ගණන් කළ නොහැකි වූ අනන්ත වූ, අප්රකමාණ වූ කාලයක් උන්වහන්සේ අප නිසා නොවිදි දුකක් නොකළ කුසලක් ඇත්තේ නැත.එසේ දස පාරමි ධර්මයන් පුරන උන් වහන්සේ එක් ජාතියකදි මීයෙක්ව කළා වූ පුදුම ක්රි යාවක් බණ්ඩාර මහතාට කට පාඩම් වන පිණිස කවියෙන්ම කියන්නෙමි. ඒ මෙසේයි. 01. ලෝ ස ක් වන් තිලෝගුරු බෝසත් පව ර මී ‍යෙ ක් වී උපන් කාලෙක මෙම සස ර පෑ වි ක් මෙන් තමන් ජාතිය රකින යු ර මේ දැ ක් මෙන් සිතට ගතහැකි වෙයි මුතු ර

02. සැ පෙ නී සියොත් සිවුපාවුන් රැදි නිතො ර ර ම නී කැලෑවක ලඟ බරණැස් නුව ර යො හෙ නී පෙරුම් සපුරණ බෝසත් පව ර උ ප නී මි රජේක් වි පවකින් සස ර

03. එ ම මී රජු අසූ දහසක් තරම ව න සි ය ම පිරිස රකිමින් සිය දිවි ලෙසි න නො නැ මි අගතියට දස රජ දම් ඇදි න එ ව මි කුසෙහි නිවසයි නොමද සැපති න

04. ද හ ස ක් අසූ මේ මහ මී රැල නිත ර ද ව ස ක් පාසාම සුඹසෙන් විත් බැහැ ර කු ඹු ර ක් වෙතට යති ලැබගන්ට ආහ ර සි ව ලෙ ක් දිනක් දුටුවේ ‍මය මෙපෙළහැ ර

05. පු ඵ ම ලෙස සුදනි තර මහ මිය න්ද ඇ ඵ ම යුතු උනුත් වෙත මි පැටිය න්ද බැඵ ම නුරා යුතු නෙක මී දේනු න්ද කැඵ ම ගත පැවති මි රජ්ජුරුව න්ද

06. මී රැ ල අසු දහසට වැඩි තරම් ව න වි ක ල බල දුටුව සද කපටි නරි නෑ න ලෝ තු ල නැත සැපක් මුන් මස් කෑම මෙ න බෝ බ ල වන් උපා සැළකීය වෙන වෙ න


පියදාස සිරිසේන නවකථා එකතුව 441

07. කො ල හල කර මෙයින් මී කීප දෙනෙකු න ගි ල ගනු හැකිය මට එනමුත් පල කුම න බ ල තර ඔවුන් රැල කිපුනොත් එක්වෙමි න ව ල කිනු හැකිද මගේ මරණය කොයි ලෙසි න

08. ර හ සි න එකකු අල්ලා කෑවත් මෙම ට ප සු දි න එලෙස බැරිවෙයි උන් රැවටුම ට එ බැ වි න මෙ මී රැල සිතුවිලස කෑම ට කු ම කි න කුමක් කරණෙමි දැයි මෙනෙහි කො ට‍

09. දු රු ක ර මොලොව සැප පරලොවට බියවෙ ලා ත ව ස ර කම් කරණ උතුමෙක්ය හඟව ලා බ ල ත ර මේ මීයන් රැල කරවමින් මු ලා සි තු යු ර එකිනෙකා කන්නෙමි සිති හිව ලා

10. ඇ ද හි ලි යුතු රජුට සැපවත් මී රො ත්තේ නොවමැ ලි උදයෙන්ම කුඹුරට යන වැ ත්තේ රැ ව ටි ලි සිතැති හිවලා පාරෙන් පැ ත්තේ උ ඩු බැ ලි අතට කට හැරගෙන ‍වැදහො ත්තේ

11. ම ළ කෙණෙකුත් ලෙසින් සිටි සියලු දුටු ස ද බි ය වඩමින් දිව්වෝ මීයෝ එස ද සැම ට මැදින් ආමි රජු බැතින් න ද ඇසු විගසින් බියවනු කරුණ නිසිලෙ ද

12. දූ ලා හිමි සඳිනි තෙල මාවත අයි නේ බ ලා ගෙණ කෙණෙක් රිවි දෙසෙහිම ඉදි නේ ම ළා දෝ නැද්ද ඔහු අපහට නොදැ නේ බ ලා ගන මැනවි කිවු පිරිස වදිමි නේ

13. වි ම ලා ගුණැති බෝසත් මී රජ සොබ න දු ර ලා දිවි ඇඵම් අත් පා විදහ ගෙ න එ ක ලා වම් සිටින පන නැතියෙකු ලෙසි න හි ව ලා දෙස බලා ඇසුවේ මේ ලෙසි න

14. නෙ තු ත් වසාගෙන සිවුපා විදාග න ක ට ත් අයාගෙන අව්වේ වියලෙමි න කි සි ත් නොසලකා වෙස් රැගෙන මළකු න සු මි ත් නුඹ කවුද ඇයි ඉදිනු මෙලෙසි න

442 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

15. කි ව් බස එමි රජු ඇසු කපටි නිරි සො ර ම ව් පිය අඹු දරුන් මගෙ පිරිස ත් ඇ ර ලෙ ව් තුල තිබෙන දුසිරිත් දැක දුකින්න ර ප ව් මැඩලන පිණිස මම විමි තවස ර

16. ග න් නේ නැත අහර පානය සුලඟ මි ස ඉ න් නේ නැත සැපෙන් නිවු පා විදා මි ස දු න් නේ සව් ඉසුරු පරලොව සැප පිණි ස ය න් නේ නැත මැරෙන තුරු මෙහි නිදනු වි ස

17. මේ ලෙ ස පැවසූ නරිනයිදෙගෙ බොරු බස ට ලෝ ය ස පතල මි රජු රැවටි තුතිකො ට වි තො ස අවට සිටි සිය මී පිරිස හ ට කී ර ස බසින් හිවලුට ගරු කිරිම ට

18. එ තැ න් පටන් මිරැල උදයත් සව ස ය මි න් එමින් සුඹසෙන් ආහර පිණි ස නි ති න් බැතින් නරියට නපුරු අදහ ස හි සි න් යෙහෙන් පිණිපාකර යෙති සතො ස

19. උ ද ය ම එමි රැල කුඹුරට ගොස් බසි නී ය ළි සැ ම සවස කා බි සුඹසට වදි නි දෙව ර ම යනෙන විට හිවලා ලගින් නී හෙ ලිකොට කී විපත මීයන්ගේ හඬමි නී

20. දි න ක ට මෙලෙස සදෙනෙක් වැනසෙන බැවි නී ක ලක ට පසු හුඟක් සුඹයේ ඉඩ පෙනු නී ග රු කො ට මී ඇමතියෙක් රජු වෙත පැමි නී හෙ ලිකොට කී විපත මීයන්ගෙ හඬමි නී

21. අ නේ මහ රජුනි අප ජාතියෙ පිරි ස සෙ නේ යුතුව පිරිලා මේ මහ සුඹ ස දි නේ පොරණ සිටිමුත් අද හිස් විල ස පෙ නේ බලනු මැන විමසා මෙවමි කු ස

22. ව ස ක ට ටිකක් වැඩිවිය හිවලු මිත් ද ම ව න ස ට පැමිනි පන්දහකට වැඩි තර ම වි ග ස ට විපත වැටහි මි රජුට පෙ ම මෙලෙස ට මැතිහට සෝකෙන් බැර ම


පියදාස සිරිසේන නවකථා එකතුව 443

23. බො රු ත වු ස් වෙසක් ගත් නරියා කප ට ඇ ඟ වෙ හෙ ස් නොකර කයි අප සිතු රඟ ට හෙ ට ද ව ස් මරා ඌ අප ජාතිය ට සැ ප ස ල ස් වමියි කී මි රජු එවි ට

24. පි රි ස ක් කෙරෙහි මෙත් කොට එකෙකු වැනසු ම ව ර ද ක් නොවන බව පඬි කියති මනර ම සැ ප ත ක් ලැබනු වස් අන් සත නසා ත ම වි ප ත ක් කරණු යුතු නැත කෙනෙකුට කිසි ම

25. ජා ති ය ක් නසා මෙම කපටි නරි හො ර පී ති ය ක් ලබයි අප ලා දුක් යු ර නී ති ය ක් නොමැත මේ විලස ලෝ තු ර බී ති ය ක් නොවි මගේ පණද පුදක ර

26. රැ ක සොදේ උතුම් මගේ ජාතිය පෙමැ තී ලෙ ස සදේ පතලවන යසස කර ඇ තී බි ඳ ඔදේ රුදුරු දුදනගෙ නපුරු ග තී හෙ ට උදේ මරම් කී මී රජුහු ඉ තී

27. සො දා මෙබස් අසමින් මිරැල බැති න ද ද දෑ ඇඵම් ගින්නෙන් සිය සත න එ දා රැ කපක් මෙන් දික්ව ගෙවමි න උ දා වුනා ස‍ඳෙහි සැරසි සියලු දෙ න

28. සුඹසෙන් පිටට වුන් මී රජු කි පීයා සොල්ලා හිස ගියේ සිරතට නි සීයා මෙල්ලා නොව සියලු වෙනදා ලෙ සීයා අල්ලා ගති හැමට පසුවි යන මීයා

29. බ ල් ලා හිවල් දැක මී රැල කි පීයා සො ල් ලා හිස ගියේ සිරිතට නි සීයා මෙ ල් ලා නොව සියලු වෙන දා ලෙ සීයා අ ල් ලා ගති හැමට පසු වි යන මීයා

30. සි හ පැ ට වෙකු බලැති මහ මී රජු සතුට ට දැ ඩි කො ට සිවලාගෙ ගෙල ඩැහැගති එවි ට ව ට කො ට මහ පිරිස රඹ පලයක් ලෙස ට මොහොත ට මරා කෑවෝ ඉතුරු නොමකො ට‍ 444 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


31. සි ව ලා මස් කන්ට බැරිවූ දුබල ය න ලෙවලා කෑ අයෙගෙ මුව සිත සතුටු වු න මෙබලා සිටි රුකක වැඩි දෙවියෙක් සොබ න එ ක ලා සාදු සාදුයි කී මහ හඬි න

32. නැ ත ක් දනට දුකදි සැප ලබන එ කා මොකෙ ‍ක් උවත් වැනසුම නම් යුතු කමෙ කා ප ස ක් කරණ මොක් සැප මහසත් කලෙ කා මෙ වි ක් මය කරපු රඟ බල ඇර දෙස කා

33. පි රි ස ක් දුකට පමුණන අයකු දුටු ව ර කු ඵ ණ ක් කරනු යුතු කාටද කිය මිතු ර ද හ ස ක් හටද එක අයටද සැක නොක ර මි නි සෙ ක් ලෙස කියව බියසුඵ කම දුරැ ර 34. දු ක් දෙන සියයෙකුට එකෙකුන් දුරු කෙරු ම වි ක් මැති මහතු‍මන්ගේ ගතියකි පර ම දු ක් පත් සතුන් වනසන අය දුටුවහ ම ම ක් කළදැයි බලව් බෝසත් දත් දහ ම


07.පර්ච්ඡේදය

සංස්කරණය

බ ණ්ඩාර මහතාත් සමග එදා රාත්රී නොයෙකුත් කථාබස් කරමින් කාලය ගත කළ නමුත් විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටියට කුමක් වී දැයි කල්පනා කිරිමට අමාරු වූ බැවින් එදා මට අස්වැසිල්ලක් නැතිවිය. පසුවදා උදේම, කලින් ගියාක් මේන මිනිරන් වෙ‍ළන්දෙකුගේ වේශයෙන් විමලතිස්ස හාමුදුරුවන් ගේ පන්සලට ගොස්, මගේ මිත්රය වූ ධම්මරත්න හාමුදුරුවන් සම්මුඛව සුවදුක් ආදිය කථාකොට පන්සලේ හැන්රි නමින් සිටි ඇබිත්ත ළමයා කොයිදැයි ඇසුවෙමි. හාමුදුරුවන්ට ඒ මගේ අදහස මදක්වත් නොතේරි ඒ ළමයා සම්බන්ධව තොරතුරු මෙසේ පටන් ගත්තේය. “අනේ මහත්මයෝ ඔය ළමයාගේ වග අසුවොත් පුදුම නොවි බැරිය, වැදගත් පවුලක ළමයෙකි. පීරිස් නමැති උගත් මහත්මයෙකුගේ පුතෙකි. නමුත් ඒ පීරිස් උන්නැහේ තද බේබද්දෙක් නිසාදෝ ඒ ළමයා ඉතා අශික්ෂිමත අකීකර් ළමයෙක් වූ බව පෙනේ. “සිංහල ජාතිය” කර්තෘ මහතා කියන්නාක් මෙන් මවුපියන්ගේ ප්ර තිපත්තිවලට අනුකූලවම දරුවෝ උපදිති. ඒ බව මේ හැන්රිගෙන්ම ප්රවත්ය ක්ෂවේ.


පියදාස සිරිසේන නවකථා එකතුව 445

“ධනවත් ප්රනසිද්ධ පවුලක උපන් මේ ළමයා ඉංග්රී4සි ඉගැන්වීමට අවුරුදු දහයක් පහළොවක් වීර්ය කොට නොහැකි වූ බැවින් පෙරදිග භාෂාවන්වත් උගන්වන්ටය කියා පීරිස් මහත්මයා මට භාරදි ගියේය. මෙතන පන්සලටත් අවුත් අවුරුදු දෙකක් පමණ වෙන නමුත් කිසිවක් උගන්වන්ට බැරිවිය. සරණපාල නමැති මෙහි සිටින තක්කඩි කුඩා උන්නාන්සේත් සමග එකතුව නොයෙකුත් තැන්වල ඉන්න තරුණියන් සමග මිත්රතව මහා ගම්පෙරලි කරමින් සිටියේය. සරණපාල තැනට පන්සලේ මුඵ බලයම පැවරි තිබෙන බැවින් හැන්රි කෙතරම් අයුත්තක් කළත් ඔහුට එයින් කිසිම පීඩාවත් ඇත නොවීය. ලොකු හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය මේ ගැටයා හා සරණපාලත් එක්වි සොරකම් කරණ ලදැයි මම සිතමි. මීට එහා ගමේ තරුණියක් රවටා බලවත් කැළඹිමක් ඇතිවූවට පසු හැන්රි ගිය සතියේ මෙහෙන් සැඟවී ගොස් සිටි. මොහුගේ තොරතුරු, එනම් මොහු පන්සලට ආවාට පසු කරන ලද බලවත් අයුතු කරුණු සියල්ලක්ම සරණපාල දන්නේය. නමුත් ඒ පුද්ගලයා කිසිත් නොකියා මහා පුදුම කල්පනාවක් ඇතියෙක් මෙන් දැන් වැඩ කරන්නේය. හැන්රි කොයි ගියේදැයි කියන්ට මට නම් බැරිය. නමුත් ඒ හාදයා පන්සලකම මිස අනික් තැනක් නොසිටන බව නම් සත්තක ය”යි කිවේය. ධම්මරතන හාමුදුරුවන්ගේ කථාව මට ප්රනයෝජන නොවන එකක් මෙන් අසාගෙන මම මිණිරන් බලන්ට යන්නෙමියි කියා එතනින් පිටත්ව පන්සලේ දේපල කොල්ලකාගෙන කන විදානරාළගේ ගෙදරට ගියෙමි. කලින් මා අඳුනන බැවින් විදානමායියා මා දුටු හැටියේම වාඩිවෙන්ට දි මට සංග්ර හ කරන්ට පටන් ගත්තේය. විදාන මායියාගේ දුවනිය වන ලිසීද, ඵ් මේ අත යමින් මට සංග්රයහ කිරීමට ස්වකීය මවට උපකාර වන බව දිටිමි. ඈ සමග මිත්රමව කථාබස් කිරිමට ඉතාමත් උවමනා බැවින් පොසොන් උත්සවයට අනුරාධපුරයට ගොසින් තිබෙනවා දැයි’ඇසුවෙමි. එවිට ලිසි මවුටත් පළමුව “අපි ලබන පොසොන් පෝයට අනුරාධපුරේ යන්ට සිතාගෙන ඉන්නෙමු.” යි කීයේය. මීට වඩා යමක් ඒ තරුණිය සමග කථා කරන්ට ඉඩ නැති බැවින් විදානේ මායියාගෙන් හැන්රි ගිය ආ තැනක් දන්නෙහි දැයි ඇසුවෙමි. හැන්රි කියනකොටම බලවත් කණගාටුවක් පැමිණියෙකු මේන “ අනේ මහත්මයෝ ඒ ළමයා මෙතන ලොකු හාමුදුරුවන්ගේ කරදර නිසා යන්ට ගියා. කොළඹ පිරිවෙණේ ඉගෙන ගන්නා ඒ ළමයාගේ මිත්රා හාමුදුරුනමක් ලඟ ඉන්නවා යයි ආරන්චියි. මේ පන්ස‍ලේ ඉන්නා පුංචි හාමුදුරුවොත් හැන්රි ඉතාමත් මිත්රියි. මොකක්ද පන්සලේ තිබී




446 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

නැතිවුනා යයි කියා හැන්රිට බැන්නාම ඔහු යන්ට ගියේ”යි කියේය. මේ කථාව මට සෑහුනු බැවින් “හොදයි මුදල් පෙට්ටිය සම්බන්ධ ස්වල්ප මාත්රබයක්වත් ආරන්චියක් හැන්රිගෙන් ලබාගන්නෙමි”යි සිතා ජුනි මස 1 වෙනි දා මම නැවතත් කොළඹට පැමිණියෙමි. මම මගේ නිවසට ගොස් මගේ ස්වභාව වේශයෙන්ම සැරසී පිරිවෙණට ගියෙමි. එතන මා අඳුනන හික්ෂූින් වහන්සේලා කිප නමක් සිටිති. මුඵ ලක්දිවට පමණක් නොව ලෝකයේ අන්යම රටවලටද මේ පිරිවෙණෙන් ලැබුණු ආධාරය ඉතා මහත් ය. ඉතින් මේ පිරිවෙණ “කාගෙණ” ඉන්නකුට මහණෙකුගේ චරිතය මා ගිය හැටියේම මගේ මිත්රන ස්වාමින්වහන්සේ නමක් කියන්ට පටන් ගත්තේය. “අනේ මහත්මයෝ මා මෙහි ධර්මශාස්ත්රක ඉගෙණීමට පැමිණි මාස දෙකක් වේ. මගේ වියහියදම් ඉතා දුක සේ ලබාගනිමින් මම ඉගෙන ගනිමි. අපේ මවුපියෝ ධනවත් අය නොවෙති. ගමේ ඉන්නා ශ්රණද්ධාවත් දුප්පත් දායක මහතුන් පස් දෙනෙක් එකතුවි මට මාසෙකට රුපියල් දොළහක් එවති. ගිය මාසේ මට එව් රුපියල් දොලහ තැපැල් කන්තෝරුවෙන් මාරුකරගෙණ ආ හැටියේ මෙහි සිටින කැහැටු ශ්රැමණයෙක් මගේ කාමරයේ දොරකඩට අවුත මුඛයෙන් නොව අතිත් මට අඬ ගැසුවේය. මම ඔහුගේ තොරතුරු කිසිත් නොදත් බැවිනුත්, මේ ස්ථානෙය් බලසම්පන්න කෙණෙක් නිසාත්, ඔහු කැටුව ඔහුගේ කාමරයට පැමිණියෙමි. ඉතින් ටිකක් දුර මගේ “වංහුං” අසා “තැනේ මට හදිසියක්, තමුසේ ලඟ මුදල් තිබෙන බව අමරවංශ කීවා. මම හෙට උදේ දෙන තුරා මට රුපියල් දහයක් දෙන්ට ය”යි ඉල්වීය. එවිට මොහුගේ ගතිය නොදත් මම “අනේ හාමුදුරුවගෙන් මා ලඟ රුපියල් දහයක් පමණක් තිබේ. එය මට ආහාර එවන ගෙදරට දිමට තිබෙන මුදලයි. ඒ මුදල ගෙවිය යුතු දිනය ඊයේ ය. මට මුදල් ලැබුනේ දැනුයි. ඉතින් එය දැන්වත් නෑරියොත් අද දවාලටවත් මගේ ආහාර නොලැබේ”යයි කීවෙමි. “ඉතින් මහත්මයෝ, එම හාමුදුරුවෝ” අර වෙහෙරපා, අර විහාරෙපා , බුදුන් පා හෙට උදේම දෙන්නෙමි.මට හෙට උදේම රුපියල් පණහක් ලැබේ. ඒකෙන් තමුසේගේ මුදල උදේම දේනනෙමි.” කියා ඉල්වීය. ඉතින් මා සන්තකවම තිබුනු රුපියල් දහය ඒ හාමුදුරුවන්ට දුනිමි. මට කෑම එවන ගෙදර අසරණ පවුලක් බැවින් මුදල් නොයැවු නිසා ආහාරයද නැතිවිය. එදා මගේ මිත්රක ස්වාමින්වහ්නසේ නමක්ගේ දානයෙන් ටිකක් ලැබ වැලඳුවෙමි. පසුවදා උදේ කෑමදෙන ගෙදරින් මුදල් ඉල්ලා එවා තිබුණු බැවින් මම මේ පුදුම ශ්රපමණයා ලඟට ගොස් ඒ බව කීවෙමි. “මේ



පියදාස සිරිසේන නවකථා එකතුව 447

දැන් දෙන්නෙමි. “චැක්” එක මාරුකරන්ට සාප්පුවට යැව්වෙමි” යි කිවේය. මේ අන්දමට හත් අට දවසක්ම චැක් එක සාප්පුවට යැව් බව කියමින් සිට ඉක්බිති මුදල් මතක් කළොත් මොනවද? තැනේ, මා කාගේ මුදල්වලට කරන්නෙත් ඔහොම තමාය”යි කීයේය. ඉතින් අ‍ප්පේ මක්කා කරන්ට ද? මම දැන් දුකසේ පිණ්ඩපාය කරමින් ඉගෙන ගනිමි. ඉතින් මේ පුද්ගලයා මට පමණක්නොව මෙතන සිටින කාටත් ඔය “ගුලිය” ඇඹරිම සිරිතක් බවද දැනගතිමි”යි ඒ කුඩා ස්වාමින් වහන්සේ දුක් උපදනාකාරයෙන් කියේය. එවිට මා මහත් කණගාටුවට පැමිණ “අනේ හාමුදුරුවනේ ඔය උන්නාන්සේ බුදධාගම්කාරයෙක්ද”යි අසන කොටම තවත් මා අඳුනන හාමුදුරු නමක් මිදුලේ අප කථා කරමින් සිටි තැනට පැමිණ “මොකද මහත්මයා රහසක් දැ”යි ඇසුයේය. එවිට අපේ කථාව ටිකක් දුර ට් හාමුදුරුවන්ට කීවෙමි. එවිට ඒ හාමුදුරුවෝ සිනාසෙමින් “මහත්මයා කේන්ති නො ගනිතොත් ඔය පුද්ගලයාගේ විත්තිය තරමත් දුර කියන්නෙමි. මේ පිරිවෙණ පටන් ගත් උත්තමයන්ගේ උතුම් අදහස නිසාත්, දැනට මෙහි ප්රපධානව ඉන්න ස්වාමිපාදයන් වහන්සේගේ අපක්ෂපාත කරුණා මහිමය නිසාත් නොවේ නම් ඔය එකම පුද්ගලයා නිසා මේක විනාශ වි ගොසිනුත් ඉවරයි. මෙහි පැමිණෙන සියලු ශිෂ්ය යන්ටම ඔය පුද්ගලයා නෙරෙක්කු කරයි. මුදල් හදල් අතින් අමාරුකරයි. තමා වැනි කුහක පාප අදහස් ඇතියන් මිස අනික් කිසිවකු මොහුට නොරිස්සෙයි. ඉතින් යන්තම් වද විදගෙන ඉවිසිලිවන්ත ඇත්තෝ ඉගෙණ ගනිති. දුර්වල අය සිවුරුත් දමා නැතහොත් ඉගෙණීම නවත්වා ගමට පැන ගණිති”යි කියා මේ ශ්ර මණවෙශධාරි පුද්ගලයාගේ විද්යාමාන දොස් දහසක් මා සමග කීයේය. මේ සියල්ලම ප්රිකට සත්යය කරුණුමයි. මම ඒ හාමුදුරුවන්ට වැද “අනේ හාමුදුරුවනේ ධර්මයේ ප්රලකෘති සක්ය බලයෙන්ම දැන් ශාසනය පවති. දැන් සිවුරු ඇඳගත් පාපිහු කරණ අපරාධ ඉසලිය නොහැකියි. ශ්ර ද්ධාවෙන් ශාසනයට ඇතුළත්වන වැදගත් මව්පියන්ගේ දරුවෝ පවා කලින් ඒ ඒ ස්ථානවලට රිංගාගෙන ඉන්නා කුහකයන්ගේ දෘෂ්ටානුගතියට බැස විනාශවෙති. මේ ප්රකධානව කටයුතු කරණ මේ ඇතතා “පන්සිල්වත්” ගත්තෙකැයි මම නොසිතමි. මහණ වුනාටම පසු සත් දවසක් බුදුන් වැන්දේයයි කියා නොහැකිය. ඉතා දුකසේ පවුල් රක්ෂාකරණ ග්රා ම්යය පුරුෂයන් මෙන් ණයට තුරහටත් වෙන වෙන කූට උපක්රකමවලිනුත් මුදල් සපයමින් නොයෙක් දුශ්චරිත කරති.මේ කොළඹ නගරයේම ඉන්නා එක්තරා “නායක” කෙනෙකුට ස්වකීය සහෝදරියක් එවන ලද ලියමනක් හදිසියේ මට දකින්ට ලැබී



448 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

කියවා බලා පුදුම වීමි. එහි අඩංගු ඇතැම් කරුණු මගේ මේ කතාන්තරයට පවා ඇතුලත් කරන්නට අමාරුයි. එම ලියුමෙන් කොටසක් මෙසේය. “නායක හාමුදුරුවෝ ඉඩමට දුන් මුදල නිසා දැන් අපේ බර ටිකක් අඩුවුණා. එදා කිවූ හැටියට ගොණා බලන්ට ගියා රුපියල් 75 කින් අඩුව දෙන්නේ නැහැ. ගොණා ගත්තොත් ගෙදර නිකම් තිබෙන කරත්තයෙන් දිනකට රුපියලක් පමණ උපයා ගත හැකියි. ඒක නිසා මක්කරලාවත් අද හෙටම රුපියල් 75 ක් එවන්ට, ළමයාගේ පලහිලව්වත් කිට්ටුයි. දෑවැද්ද හාමුදුරුවන්ගෙන්ම බලාපොරොත්තු වෙමි. යනාදිය යි. ඉතින් “මහණකම” මේ අතට හරවා ගන්ට උත්සාය කරණ මේ කාලේ ශාසන මාමක් ගිහි පැවිදි උතුමෝ මීට සුදුසු ප්රගතිකාර කළයුත්තාහ. මම මගේ කොටස කරන්නෙමි. ස්වාමින්වහන්සේ තමන් වහන්සේගේ කොටස කළ මැනැවැයි කීවාම සිලාචාර වූ, ශ්ර්ද්ධාසම්පන්න ඒ ස්වාමින්වහන්සේ සුසුම් ලා “අනේ මහතාණෙනි, මහාකාරුණික වූ මගේ ස්වාමිදරුවන්ගේ නෛර්යානික ශාසනයට දිවි පිදීමට සතුටුව පිරිසක් ගිහි පැවිදි දෙපක්ෂය අතර තවම සිටිති. ඒ ගැන හොදින්ම දන්නා බැවින් සැනසී සිටිමි. මහත්මයාගේ ඉල්ලීම කවදාවත් මතක නැති නොකරමියි” කීයේය. ඉක්බිති හැන්රිගේ තොරතුරු දැනගන්නේ කොහොමදැයි සිතා “හාමුදුරුවනේ, හැන්රි නමැති අවුරුදු 18 ක් පමණ වයසැති ගැටයෙක් මෙහි හාමුදුරු නමක් සමග අවුත් ඉන්නේදැ”යි ඇසුවෙමි. “හැන්රි” කොයිබගියත් අප්රසසිද්ධව ඉන්නා කෙණෙක් නොව මහා කලබල කාරයෙකි. ඒ නිසා යම් ස්ථානයක එක දවසක්වත් සිටියේ නම් එහි ඉන්නා කවුරුත් ඔහු ගැන දැන ගනිති. ඉතින් හාමුදුරුවෝ එක්පාරටම “ ඔව් මහත්මයා , ඒ හාදයා පෙරේදා උදේ මෙහනේ ගියා ධම්මරතන හාමුදුරුවන්ගේ ගෝලයෙකි. මෙහි සිටින අමරමොලි හාමුදුරුවන් සම්බවෙන්ට විත් තරුණියක් විසින් තරුණ සාමණේර නමකට යවන ලද ලියමනක් අප කීප දෙනෙක්ම ඉදිරියේ කියවා මහත් කලබලද කරමින් සිට අමරමොලි හාමුදුරුවන් සමග අසතුටුව පෙරේදා උදේ ගිය බව දනිමි. සමහර විට කොළඹ පන්සලක ඇතුවාට අනුමාන නැහැ”යි කීයේය. හැන්රි අතේ තරුණියකගේ ලියමනක් තිබෙන බව කී නිසා ‍ඔහු ඉක්මණින්ම සොයා ගැනිමට සිතාගෙණ ඒ හාමුදුරුවන්ට වැද බොරැල්ල පැත්තට ගියෙමි. ඒ පැත්තේ ප්රටසිද්ධ පන්සලකට ගිය විට සංඝයා වහන්සේලා දෙපක්ෂයක් එකම දානෙකට ගොස් දෙපක්ෂය දාන ශාලවේ දෙපැත්තේ වැඩිවි මැද්දෙන් තිරයක් ඇදගෙන දන් වැළදිම ‍ගැන කෝප වූ ගිහි දායකයෙක් ඒ සංඝයාගෙන්




පියදාස සිරිසේන නවකථා එකතුව 449

එක් නමක් සමගවාද කරමින් සිටි වේලාවකි. ඉතින් මේ වාද කරන දායකයා එක් කුලයක කෙනෙකි. හාමුදුරුවෝ වෙනිත් කුලයක කෙනෙකි. මේ වේලාවේ මමත් හාමුදුරුවන්ගේ කුලයකට ඇඳුනොත් හාමුදුරුවන්ගේ හිතේ පවත්නා අදහස් නිසැකව දැනගන්නට පිළවන් නිසා මා නාඳුනන ඒ හාමුදුරුවන්ට වැද එකත් පසෙක සිටියාම කරමින් සිටි කථාව නවත්වා “මේ කොහෝ ඉඳලාද’යි ඇසයේය. “මම මිගමුවේ නඩුවකට අද්වකාත් කෙනෙකු පමුණුවා ගැනීමට ආවෙමි. අපේ හාමුදුරුවරු මේ පන්සලේ ඉන්නා නිසා බලන්ට සන්තෝෂයෙන් හා මට යන්ට තිබෙන දුම්රයත් පහට නිසා නිකම් පාහේ මහි අවෙමි”යි කීවම හාමුදුරුවන්ට මා නිකම් කුලයේ කෙනෙකුදැයි හැඟී මීගමු‍වේ..........තිස්ස හාමුදුරුවන් හඳුනනවා දැයි ඇසීය. මම ඒ නම ඇසුවේමත් එවේලාවෙත් නමුත් “ඔව් ඒ අපේ මාමා කෙනෙකි. අපේ ගෙවලුත් ඒ පන්සලට ක්ට්ටුයි”යයි කීවාම මා කෙරේ කිසිම සැකක් නැතිව “ඔන්න දැන් මෙතන කෙරුණු වාදයක් මහත්මයාටත් කියන්නෙමි. මේ ඉන්නා සයිමන් අප්පුහාමි ගොයි වංසේ කෙනෙකි. ඒ නිසා උන්නැහේ අපේ කතාවට හෝ ජාතිය ගැන විරුද්ධවන කෙනෙක් නොවේ. මහත්මයා සලාගම් කුලයේ කෙනෙකි. ඉතින් ඒ අපේ කුලය සම්බන්ධ තොරුතුරු මහත්මයා දන්නෙහිද? එවිට මාත් සයිමන් අප්පුහාමිත්. ආර්. ඇස්. තිස්ස නමැති ඒ හාමුදුරුවනුත් අතර කථාවක් ඇතිවිය. මේ කියවන්නාට බො‍හෝ ප්රහයෝජන වන බැවින් මෙහි යොදනු ලැබේ.

මම - හාමුදුරුව මම සලාගම තමයි. නමුත් දැන් සිංහලයා කියනවා මිස වෙන කිසිවක් අපට තිබේයයි මම නොසිතමි. තිස්ස - හරි හපනා. මහත්මයා උගත් වැදගත් කෙනෙක් වෙලත් තමන්ගේ “ජාතිය”ගැන දන්නේ නැති කොට අනිත් මිනිස්සු මක් නොකියද්ද? මම - මොකද හාමුදුරුවනේ ලෝකයේ තොරුතුරු ඔක්කොම දන්නේ කව්ද ? මම ඕවා ගැන සොයා නොබැලු නිසා නො දනමි. නමුත් තමුන්නාන්සේ ඒ ගැන සොයා තිබේ නම් දැන්වත් කියන්ට. තිස්ස - ඇයි අපි ලංකාවේ ඔක්කොටම ඉහලයි. අපි බ්රා?හ්මණයෝ. පළමුවෙන් සාලිය පට්ටමෙන් වත්හාමි කුමාරයාට “දිගා සිරි වැඩීමට” මරක්කලයන්ගේ සහායත්වයෙන් ගෙණ ආ පිරිසට අයිති සත්දෙනාගෙන් පැවත එන්නෝ නොවෙමුද ?



450 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


මම - ඔව් ඒක හැබැයි. ඉතින් බ්රාුහ්මණයෝ සත්දෙනා බැමිණියනුත් සමගම ආවාද? තිස්ස - (ටිකක් තිගැස්සි) නැහැ. එහෙම එකක් නැහැ. මම - ඉතින් හාමුදුරුවනේ ලක්දිවට ආ අපේ මුත්තලා හත්දෙනා බ්රාසහ්මණයෝ උවත් ඒ මුත්තලා පාවාගත් ආච්චිලා මෙහි කලින් සිටි සිංහල ස්ත්රීණහු නොවෙත් ද? හොදයි. අපේ ඒ මුත්තාලා අවුත් අවුරුදු හත්සියයක් පමණ වේ. ඉතින් ඔය හත්දෙනාගේ පරම්පරාව ලක්දිව සිටි වෙන කුල ගෝත්ර් සමග පරම්පරා පහළොවක් පමණ කොයි අන්දමෙන් මිශ්රන වෙන්නට නැද්ද? තිස්ස - ඔය ටික අපි හිතුවේ නැහැ. ඔය ඇත්ත කමයි. නමුත් අපි තවමත් “බ්රා-හ්මණය” කියමින් ඉහලින්ම ඉන්නවා. මහත්මයා “අපේ ජාතියේ නිසා කවදාවත් ඇත්ත නමුත් ඔය මිශ්රමවීම කියන්ට එපා. සයිමන් අප්පුහාමි - ඇයි හාමුදුරුවනේ ඒ මහත්මයා සලාගම ගොත්රපයේ උවත් ඇත්ත කථාකරයි. ඉතින් හාමුදුරුවන්ම “අපේ සිංහල ජාතිය” භේද කරන්ට ඔය කථා කියතත් ගොයිගම සලාගම ආදි කොයි ගොත්රකවල ඉන්නා උගතුනුත් ලක්දිව ඉන්නා ඔක්කෝමත් මිශ්රග වූ “සිංහලයන් “ මිස ඊට වඩා ප්රතභේදයක් කියන්ට බැරි තරම් මිශ්රග වූ අය බව දනිති. ඒ නිසා සුඵ කල්පනා ඇති තම්න්නාන්සේලා නිසා අපේ ජාතිය දුර්වල විය. මම - මහත්මයා ගෙයිගම ද? ඇත්තට මහත්මයා ගැන මම ස්තුති කරමි. මොකද ? මෙතන මා එන්ට ප්ර?ථම කෙරුණු කථාව ? සයිමන් අප්පුහාමි - ඔන්න මම මහත්මයාට ඇත්ත කියන්නෙමි. ඊයේ අපේ ඉස්කෝලේ සංඝික දානයක් ඉතින් මේ පන්සලේ ඉන්නා හැමුදුරුවන්ට ආරාධණාකර තිබී 16 නමක් දානයට වැඩියා හ. ඉතින් දානය පිළියෙල කොට පිළිගැන් වූවාට පසු මැද්දෙන් තිරයක් ඇදගෙන දානය වැළදූහ. මේ තිරේ අදින්නේ කුමක් නිසාදැයි කෙනෙකුගෙන් අසුවාම එකම පන්සලේ ඉන්න එකම නිකායේ හාමුදුරුවරුන් නමුත් සාමාන්යක වශයෙන් එකම කුලේ උවත් “හේවාපන්නයටත්, කුරුඳුකාර පන්නයටත්” අයිති සංඝයා නිසා මෙහෙම තිරෙන් මුවාකරගෙන වළඳත් යයි කීයේයි.ඇත්තෙන්ම මේ කාරණය කලින් දැනනොගෙන සිටි මට පුදුමයක් මෙන් විය. ඉතින් දානය වලදා තිරයක් අහක්කළට පසු හාමුදුරු


පියදාස සිරිසේන නවකථා එකතුව 451


නමක් සමගියේ ආනිශංස කියන්ට පටන් ගත්තේය. තවත් බණ කියා පින් අනුමෝදන් කරවූවාට පසු ඒ සභාවේ සිටි වැදගත් මහත්තෙක් නැගිට “අනේ හාමුදුරුවනේ තමුන්නාන්සේලා ගිහියන් වන අපට සමගිව කුලභේද ආදිය නොබලා සමාගම් පවත්වන්ට කීම හරියටම නිර්වස්ත්රකයෙන් ඉන්නා කෙණෙක් කිඵටු ඇදගෙන ඉදිමේ දොස් කීම වැනි කථාවකි. දැන් අපේ මේ සමාගමේ බෙරවා, රදා, වහුම්පුර, නවන්දන්නා, කරාව, දුරාව, සලාගම, ඔලි, ගොයිගම ආදි සියුලම කුලවල මිනිස්සු සිටිති.අද රෑට අපි සිහලු දෙනාම එකම මේසේ කෑම කන්නෙමු. ඉතින් තමුන්නාන්සේලා මෙන් තිර ඇදගෙන නොව එකසමාන පුටු උඩ වාඩි වී එකම සහෝදරයන් මෙන් අපි කන්නෙමු. ලක්දිව සියලුම කුලගෝත්රඑවලට අයත් ගිහි අපට එකට කෑමට තරම් සමගියක් දැනට ඇතිකරගන්නට හැකි වූ නමුත් එකම නිකායට අයත්, එකම කුලයට අයත්, එකම පන්සලේ ඉන්නා තමුන්නාන්සේලාට මහණවී බුද්ධපුත්ර,යෝ යයි කියමින් ඉන්නා තමුන්නාසේලාට -එක කුලයක පවත්නා (බොරු) සුඵ භේදය මගඇරගත නොහැකිව මෙබඳු සමාගම් ශාලාවකදිත් තිර ඇදගෙන වෙනවුනා නම් අපට තමුන්නාන්සේලා‍ගෙන් අසන්ට ඇති බණේ කුමක්දැයි”ඒ මහතා බැණ වැදුණේය. ඉතින් එතනදි හොදටම “පචවි” ඇවිත් දැන් මේ හාමුදුරුවෝ. හෝවාපන්නේ විත්තියත්, කුරුඳුකාර විත්තියත් කියමින් මා මුළාකරන්ට හැදුවේය. මම - ඇත්තෙන්ම අප්පුහාමි කුලභේදය නැති කිරිමටත් සිංහල ජාතිය ඒකසත් කිරිමටත් තිබෙන එකම බාධාව දැන් ඉන්නා ආර්මාත්ථකාමි ශ්රිමණවෙශධාරිහුමයි. තිස්ස - ඉතින් ඔය කුලභේද තිබෙන්නේ අපේ නිකායේ අපේ ජාතියේ පමණක් ද? මහත්මයා අනිත් නිකායවල අනිත් “ජාතිවල” උන්නාන්සේලා අතර ඔය භේදය ගැන කියනාව ද? මම - එහෙම කී එකක් නැහැ. තමුන්නාන්සේලා තුළ පමණක් නොව දැනට ලක්දිව ඉන්නා අටදාහක් පමණ වූ සංඝයා ගෙන් හත්දාහකටත් වැඩි පිරිසක් තුල පවත්නා නිශ්ශාර වූ කල්පනා මාත්රහයකි. හොදයි, මට හැකිවූවොත් ඔය “මළ කඩය ගලවන්නෙමි”යි කියනවිට තිස්ස තැන මා ගැන ටිකක් සැකකොට මා පැමිණියේ කුමට දැයි නැවතත් ඇසුයේය. ඉතින් මම මුලින් කි කිරණයම කියා පන්සලේ මිදුලට බැස


452 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


ධර්මශාලවේ පාඩම් කරමින් සිටි කුඩා ස්වාමින් වහන්සේ නමක් ලඟට ගොස් හැන්රි නමැති ගැටයෙක් ඊයේ පෙරේදා එහි පැමිණ ඉන්නවාදැයි ඇසුවෙමි. හැන්රි නමැති කෙනෙක් ඒ පන්සලේ නැති බවත් ඊයේ පෙරේදා ආ කිසිවෙක් නැති බවත් කී බැවින් ‍වැලිකඩ පැත්තේ තිබෙන පන්සලකවත් මේ ගැටයා සිටිදැයි විමසන පිණිස එහි ගියෙමි. සමහර පන්සල්වලට මේස් සපත්තු ඇදගෙන පැමිණෙනවාට ඇතැම් හාමුදුරුවරු අප්රේසන්න නමුත් ඇතැම් පන්සල්වල ඉන්නා හාමුදුරුවරු මේස් සපත්තු ඇඳගෙන එන මිනිසුන්ට බොහෝ ගරු කරති. දැන් සංඝ සම්මතව ඉන්නා පිරිසගෙන් වැඩිකොටසක් කලිසම්කාරයන්ට තදින් ගරු කරණ නිසාම මමත් මේස් සපත්තු ඇතුවම මේ ස්ථානවලට ගිය ආ බව සැලකිය යුතුය. පළමුවෙන් වැලිකඩ ප්රුසිද්ධ පන්සලකට ගියෙමි. එහි සිටින කිසිවෙක් මා අඳුනන්නේ නැත. මිදුලේම සිටි කුඩා හාමුදුරු නමකගෙන් “හැන්රි” ගැන ඇසුවාම එහෙම කෙනෙක් පන්සලේ නැති බවත් ඊයේ පෙරේදා එතනට ආ කිසිවෙක් නැති බවත් කීයෙන් මා සොයන “හැන්රි” වෙන කොයි බටදෝවි සිටින බව හැඟුනු මට මඳක් දොම්නම් ගතියක් ඇතිවිය. ඉතින් පන්සලට ආවා වෙනුවට මොකවත් දැනගණ ගියොත් ඒත් හොදයයි සිතා ඒ කුඩා හාමුදුරුවන්ගෙන් මෙහි නැවතී ඉන්නා ප්රිධාන හාමුදුරුවෝ කවුදැයි ඇසුවෙමි. එවිට ඒ කුඩා ස්වාමින්වහන්සේ ප්රනධාන හාමුරුරුවන්ගේ නම කියා “ලොකු හාමුදුරුවෝ එහායින් පෙණන ආවාසයට වැඩියා හ. දැන් ඉක්මණින් එනවා ඇතැ”යි කියා මට වාඩිවෙන්ට සැලැස්සුවේය. මම වාඩිවීමට පුංචි පුටුවක් දුන් නමුත් මම එහි වාඩිනොවි මගේ සපත්තු දෙක ගලවා පැත්තකින් තබා පන්සලේ ඉස්තෝප්පුවේ පැදුරක් උඩ වාඩි ගතිමි. මිනිත්තු තුනකදි පමණ ඒ ප්රඋධාන හාමුදුරුවෝ පැමිණියා හ. මේ හාමුදුරුවන් කරාව ගොත්රියේ කෙනෙක් නිසා මෙහිදි මමත් කරාව ගොත්රායේ මිනිසෙක් වෙන්ට සිතාගතිමි. හාමුදුරුවෝ අවුත් ඉස්තෝප්පුවේ තිබෙන හාන්සි පුටුව පිට වාඩි ගත්තාම මම වැදලා එකත්පසෙක උනිමි. මේස් සපත්තු ඇද රූපශ්රීියෙන් යුත් සුඛිත තරුණයෙක් වූ මදෙස බලා මදක් සිනාසී “මහත්මයා මීට ඉස්සර මම නුදුටුමි. මේ කොයි පළාතේ ද? මෙහි පැමිණියේ කුමක් නිසා දැයි මගෙන් ඇසුවේය. එවිට මම ගෞරව සහිතව “මම තංගල්ලේ කෙණෙකි. මම ජයසූරියයි. මගේ බාප්පා කෙණෙක් කොළඹ පෙරක‍දෝරු කෙ‍නකි. ඒ බාප්පා



පියදාස සිරිසේන නවකථා එකතුව 453

සම්බවෙන්ට ආ ගමන් මේ පන්සලට ආවෙමි. ඔබ වහන්සේ දැක ඇඳුනුම් කමක් නැතත් නමින් නම් හොදටම ඇඳුනමි යි” කීවෙමි. “ජයසූරිය” යි කී පමණින් මා ගැන නිසැකව සිතාගන්ට බැරි වූ නිසාදෝ වැලි ගම ජයසූරිය මහත්තැන් ඥාතිවෙතියි කීවාම මම කරාව ‍ගොත්රරයේ කෙනෙක් බව හොදින්ම තේරුම්ගෙන “මහත්මයෝ, අපේ ජාතියට විරුද්ධව “ගොයිගම ජාතියේ” උන්නාන්සේලා පොත්පත් ලියති. ඊට පිළිතුරු වශයෙන් මා විසිනුත් පොතක් ලියා තිබේ. එය අච්චුගැස්වීමට ටිකක් ආධාර වූනොත් හොදයි”යි කිවේය. අපේ කථාව දෙබසක් මෙන් කෙරුණු බැවින් එසේ යෙදීමෙන් පහසුවෙන් තේරුම් ගත හැක.

මම - ඉතින් හාමුදුරුවනේ අපේ ජාතිය කීවේ කුමක් ද? හාමුදුරු - අපේ ක‍රාවේ ජාතිය. මම - ඉතිං පොත ලියා තිබෙන්නේත් ඒ ජාතියේ භාෂාවෙන්ද? කරාව ගොත්රුයේ කෙනෙක් උවත් මම සංහල භාෂාව මාතෘ භාෂාව වශයෙන් දනිමි. බොහොම මහන්සි වෙලා ඉංග්රිාසි සහ දෙමළත් ටිකක් ඉගෙන ගතිමි. මම “කරාව ජාතියේ” භාෂාව නොදනමි. ඉතින් මා නොදන්නා භාෂාවකින් ලියනලද පොතකට ආධාර කරන්නේ කොහොමද? හාමුදුරු - මහත්මයා මා කිවූ එක නොතේරුණ හැඩයි. මම පොත ලියා තිබෙන්නේ සිංහලෙනුයි. ඒක අපේ ජාතියේ උසස් භාවය ප්රෙකාශවීමට ලියාපු එකකි. මම - හාමුදුරුවනේ මම වැඩිපුර ඉතිහාස තොරතුරු නොදනිමි. ඉන්නිසා මම දැන් පවත්නා ජාති ධර්ම ශාස්ත්රඉයට අනුව යමක් කී‍වාට හාමුදුරුවන් තරහ වෙන්ටත් එපා. යම් ජාතියක් සිටියා නම් ඒ ජාතියට අයිති භාෂාවකුත් තිබෙන්ට ඕනෑ. ජාතියක් දැන ගැණිමේ පළමුවෙනි කාරණයත් ඒකයි. ඉතින් කරාවේ මිනිස්සු එක් ජාතියක් ද? හාමුදුරු - කරාවේ මිනිස්සු ක්ෂත්රිකය යෝ. ලංකාවේ ඉන්නා ඔක්කොටම ඉහලයි. නමුත් සිංහල ජාතියේයි. ඒ නිසා අපේ භාෂාවත් සිංහලයි. මම - හාමුදුරුවනේ එහෙනම් අපි සිංහල ජාතියේ ද කරාව ජාතියේද? එසේත් නැත්නම් සිංහල ජාතයේ කරාව ගොත්රියේ ද? හාමුදුරු - (කලින් සිතුවාට වඩා මා ගැන සැක සහිතව) ඔව්,



454 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

මහත්මයාගේ කීම වඩා හොදයි. සිංහල ජාතියේ කරාව ගොත්රයයේය කියන වඩා හොදයි. ඉතින් පුරුද්දක් වශයෙන් දැන් කාලේ ගොයිගම ජාතිය කරාව ජාතිය දුරාව ජාතිය යන ආදි වශයෙන් කියති. නොයෙක් පොත් පත් වලත් එසේම ලියති. මම - අනේ හාමුදුරුවනේ ලෝකයේ තිබෙන තරමත් පොතුත් පතුත් හැබෑ නැහැ. බුදුවරයන් වහන්සේලා ලෝකයේ පහල වෙන්නේත ඒ නිසාමයි. දැන් කරාව ගොත්රේයේ සිංහල මිනිස්සු ටිකදෙනා “ක්ෂත්රි ය ය” යි කියමින් අනිත් සිංහල මිනිසුන්ට වඩා ඉහල යන්ට උත්සාය කිරිමෙන් ප්ර යෝජනයක් තිබේය කියා තමුන්නාන්සේ සිතන්නෙහි ද? හාමුදුරු - ඇයි, බලන්ට අපට තවමත් ගොයිගම ආදි “ජාතිවල” මිනිස්සු කරණ නිගරුව? ඒ නිසා අපේ උසස්කම නොකිව්වොත් අපට වෙන්නේ මහා වැරැද්දක් නොවේ ද? මම - ස්වාමිනි, තරහවෙන්ට එපා. ඔබ වහන්සේලාගේ ලුහුඬු කල්පනාව නිසා අපේ ජාතිය විනාශවුනා. ගොයිගම කුලයේ හෝ වෙන කුලවල මිනිස්සු අපේ කුලයට හෙලා දක්වා අසමගි වූවාහු නම් එයින් ලැබුනු ප්රපයෝජනය ඒ ගොයිගම මිනිස්සු හෝ අන්යනයෝ ඉහල ගියහු නොව සිංහල ජාතිය දුර්වලවුනා පමණකි. අපි එහෙම පොත්පත් හැදුවත් වෙන්නේ ඒකමයි. දැනට හදා තිබෙන පොතපත නිසා වුනෙත් ඒකමයි. ඊටත් වඩා ඇත්ත යටපත් කොට බොරුවෙන් තමාගේ වර්ණනාව කරන්නා මෙලොවත් පිරිහි පරලොවත් අපායට යයි. හාමුදුරු - හොදයි මහත්මයාගේ කල්පනාවට කරාවේ මිනිස්සු ක්ෂත්රි ය නොවේද් ද? මම - හාමුදුරුවෝ කියන්නේ ඉස්සර වගද, දැන් වගද? හාමුදුරු - ඉස්සරත් ( ටිකක් තතනමින්) දැනුත් මම - අනේ හාමුදුරු‍වනේ, නොදන්නා කමින් කියන බොරුවටත් වඩා දැනගෙනම කියන බොරුව අපරාධයකි. එහෙම නොවේද? හාමුදුරු - හොදයි පළමුවෙන් ලක්දිවට ආ කරාව ගොත්රනයේ මිනිසුන් ගැන මහත්මයා දන්නේ ද? මම - හොදයි, හාමුදුරුවෝම කියන්ට .......................... හාමුදුරු - පළමුවෙන් පරාක්රටමබාහු රජ කෙනෙකුගේ යුද්ධ හමුදාවක්


පියදාස සිරිසේන නවකථා එකතුව 455

වශයෙන් ගෙන්වනු ලැබීය. මම - බොහොම හරි, ඒ මීට අවුරුදු 600 කට ඉහත දීය. ඉතින් යුද්ධ හමුදාව මෙහාට අවේ ස්ත්රීී හමුදාවකුත් සමග ද? හාමුදුරු - (ටිකක් තිගැස්සි) නැහැ පිරිමි පමණයි. මම - ඉතින් හාමුදුරුවනේ ඒ ක්ෂත්රිවය කම ඒ හමුදාවෙනම් ඉවරවුනා නොවේ ද? ඒ පිරිමි එවකට ලක්දිව සිංහල ස්ත්රීහන් සරණ කරගෙන එතැන් පටන් පරම්පරා දහඅටක් කොයි කොයි අන්දමට මිශ්රක නූනායයි තමුන්නාන්සේටත් මටත් කියන්ට පුඵවන් ද? හාමුදුරු - (ටිකක් කේන්තියෙන් මෙන් මගේ මූණ බලා) එහෙනම් අනිත් උදවිය අප පහත්ය කියන්නේ? මම - හාමුදුරුවනේ ඒක එහෙම තමයි. දැන් යම් ගමකට කෙතරම් උසස් පවුලක කෙනෙක් ආවාත් කලින් සිටි මිනිස්සු ඒ ඇත්තාට පිට ගම්කාරයායයි කියති. එමෙන්ම දඹදිවින් ඒඒ කාලවල ආ මිනිසුන්ට කලින් සිටි මිනිස්සු නිගාරුකොට කතා කිරිම සිරිතකි. නමුත් ඒ වැදගත් මිනිස්සුත් කලින් සිටි මිනිසුන්ට මිශ්රම වී සිටිත්. හාමුදරු - නමුත් අපේ ක්ෂත්රිිය ගතිය ඇත්තේම නැද්ද? මම - ඇත්තෙන්ම කරාවේ මිනිසුන්ගේ පමණක් නොව ලක්දිව ඉන්නා සිංහල මිනිසුන්ගෙන් ආර්යා වර්ගයට අයත් සියල්ලන්ගේම ඒ ක්ෂහත්රි්ය ගතිය තිබේ. ක්ෂත්රිඉය ගතිය අඩු ද්ර.විඩාදි දකුණු ඉන්දිය වාසින්ගෙන් පැවතෙන්නන්ගේ පමණකි. හාමුදුරු - ඒ කොයි හැටි උනත් අනිත් උදවිය වාගේ අපිත් අපේ වංශය උසස් යයි කියා පොත් පත් හැදීම යුතු කමෙකි. මම - ඔව් දැනට අපේ ජාතියේ - සිංහල ජාතයේ - ඇතිවේගන එන සමගිය නැති කිරිමට හාමුදුරුවන්ට සිත් වුනේ හාමුදුරුවන්ටත් පිස්සු හැදීගෙන එන නිසා විය යුතුයි. “ක්ෂත්රිටයවංශය”කියා පොතක් හැදු නොතාරිස්ට පිස්සු හැදිලා ගියා. “කරා ගොයි කොන්ටැස්ට්” කාරයාටත් වුනේ ඒකමයි. අනිත් මිනිසුන්ට නිගාකොට කුණුහරුප ලියු ජයසූරියටත් වුනේ අනිකක් නොවේ. අනේ හාමුදුරුවනේ තමුන්නාන්සේත් පිස්සෙක් වෙන්ට එපා. එසේ කිවාම හාමුදුරුවන්ට ටිකක් සැක හිතුන නිසා මා සමග වැඩිපුර කථාකරන්ටත් අසතුටු වූ නිසා මම හාමුදුරුවන්ට වැද එතනින් ආවෙමි.



456 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

හැන්රි සොයා ගැනීමට ඉතින් කොයිබට යම්දැයි සලකමින් බම්බලපිටිය පැත්තේ විශාල අඵත් ආවාසයට ගියෙමි. එතන සිටි ළමයෙකුගෙන් හැන්රි ගැන ඇසුවාම එහි නා බව කීවෙන් හිතට කණගාටු ඇතිවිය. එසේද වුවත් අඵත් අභිනව විහාරය බලන්ට සිතා සපත්තු මේස් ගලවා එහි ඇතුල් වු හැටියේම එහි තුල තිරයක් එල්ලෙමින් සිටි ස්වාමින්වහන්සේ නමක් මගේ පැමිණිම ගැන ඇසිය. ඒ හාමුදුරුවෝ වහුම්පුර කුලයේ කෙනෙක් බැවින් මමද ඒ කුලයේ කෙනෙක් වි මගේ ගම ගාල්ල දන්ගෙදර බවත්... ප්රිනාන්දු බාප්පාගේ සාප්පුවට උවමානවක් සදහා ආ බැවින් මේ විහාරයත් බලාගෙන යන්ට ආවෙමියි කිවාම හාමුදුරුවෝ ඉතාමත් සතුටුව මාත් සමග පන්සලට ආයේය. එසේ අවුත් මට පුන්චි පුටුවක් දි වාඩි වෙන්ට සලස්වා මා සමග කථාකරන්ට පටන් ගත්තේය.

හාමුදුරු - මහත්මයා අපේ ජාතියේ කෙණෙක් නිසා මා විසින් ලියන ලද “වංශ පූරන බ්රා හ්මණ වංශ ප්රනකරණය” නමැති අභිනව පොත පෙන්වමි. එය අච්චු ගැසීමට කැමති ධනවත්තු එමට සිටිති. නමුත් තව තව උගතුන්ට පෙන්වන තුරා මුද්රටණයට පැමුණ්වේ නැත. මම - ඔව් මේ පොත හොදයි, නමුත් මෙයින් සිද්ධවෙන්නේ මහත් අයහපතකි. හාමුදුරු - ඇයි එහෙම කියන්නේ, අපේ මිනිස්සු අපේ “ජාතිය” ගැන නොදත් වැරැද්දෙන් අපි යටපත්ව ඉන්නවා. අපි මේ පොත පිටකළාම අපටත් අනික් “ජාතිවල” මිනිසුන්ට මෙන් “බ්රාජහ්මණ” කම ලැබේ. ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන් අපි ඔක්කොටම ඉහල බව මහත්මයා දන්නවාද? මම - අනේ හාමුදුරුවනේ අපේ ජාතිය එනම් “සිංහල ජාතිය” ගැන අපි හරිහැටි දනිමු නම් අප කවදාවත් මෙතරම් දුරට නොපිරිහෙන බව ඇත්තකි. ඒ ඒ කාලවල දඹදිවින් ආ මිනිස්සු කොයි කොයි කුලවලටත් අයිතිව මෙහාට ආ නමුත් මෙහි සිටියන් සමග මිශ්රි වු බව අපි දනිමු නම් ධන සම්පත්,ශාස්ත්රට, ආගම දැනීම හා ගුණධර්ම නිසා මිස වෙන ක්ර මයකින් උස්පහත් කමක් ලක්දිව ඇතැයි නොසිතමු. ඒ බව අපි දනිමු නම් කවදාවත් එක එක කුලයේ මිනිස්සු තම තමාගේ කුල වංශ උසස් යයි මුසාවාද කියා අපායට නොයති. තමුන්නාන්සේගේ පොත පිටවීමෙන් ඇතිවන එකම ප්රතයෝජනය නම් දැනට සහෝදරයන්



පියදාස සිරිසේන නවකථා එකතුව 457

මේන සමගිවේගන එන අපේ ජාතිය තව වරක් භේදවිම පමණකි. එසේ කීවාම ඒ තෙරුන්නාන්සේ මා කෙරෙහි බලවත් සැකයට පැමිණ කිසිවක් කථා නොකළේය. බම්බලපිටියේ ම තවත් පන්සල් කීපයක් තිබෙනත් ප්රමසිද්ධ උගත් හාමුදුරු නමක් ඉන්න පන්ලසට යන්ට සිතුවෙමි. නමුත් ඒ හාමුදුරුවන්ගේ අදහස් උදහස් එසේ මෙසේ කෙනෙකුට දැනගත නොහැකි බැවින් මගේ වේසය එහි යාමට නොහොබිනා බැවින්ද එදින සවස් වුන බැවින්ද එහි නොගොස් ගෙදාර ඇවෙමි. එසේ අවුත් අපේ රටේ ඒ ඒ කුලගොත්රරවල මිනිසුන්ගේ කල්පනා මෙහෙම පවතිද්දි අපි එකම ජාතියක්ව එකට ආවාහ විවාහ කරගෙන කොයි කාලයකදි බලසම්පන්න ජාතියක් වෙමුදැයි කල්පනා කළෙමි. හොදයි දක්ෂ වෛද්ය්වරයෙක් ලෙඩේ ඇවිස්සි අමාරුවෙන් බෙහෙත් දි නැවත රෝගාතුරායාගේ ලෙඩේ සමුලඝාතනයෙන් නැතිවන ඖෂධ යොදන්නේ යම්සේද මමත් මගේ උතුමි සිංහල ජාතියේ සහෝදරයන් තුළ ඇතුව පවත්නා අභූත කලබල හා අහේතුක විෂම කල්පනාද දුරු නොකොට නොම‍ැරෙමියි අධිෂ්ඨාන කර ගතිමි. පසුදින ඉරිදා බැවින් මගේ මිත්රඨයෙක් වන සමරජිව මහතා මෙන් සැරසී උදේම පන්සලට ගියෙමි. ඇත්තෙන්ම ප්රජතිපත්ති රක්ෂා කරණ ඒ ස්වාමින් වහන්සේ බුදුන් වැඳිමාදි කටයුතු කොට බන පොතක් බලමින් සිටියේය. ම‍ා දුටු හැටියේම සමරජිව උන්නැහේ නොවේ යයි කිසිලෙසකින් සැක නොකොට “කොහොමද මුන්නැහේගේ යාඵවා වික්ර මපාල, විමලතිස්සගේ මුදල් පෙට්ටිය සෙව්වාද”යි සිනාසෙමින් ඇසුවේය. එවිට මම හාමුදුරුවන්ට නමස්කාර කොට එකත් පසෙක වාඩිවි “ඒ මනුෂ්යමයා කොහොම නමුත් ලෝකේ තිබුනොත් ඔය මුදල් පෙට්ටිය නොසොයා ඉන්නේ නැත. සමහරවිට මුදල් පෙට්ටියත් සමගම ලක්දිව ඇතැම් භික්ෂු න්ගේ වැරදිත් වැරදි කල්පනාත් ඔය මුදල් පෙට්ටිය සොයන්නාක් මෙන් සොයා ගන්නවාටත් අනුමාන නැත”යි කීවෙමි. හාමුදුරු - සමරජිව සමග වික්රයමපාල ගජමිත්රය නෙවේ ද? මම - බොහොම මිත්රසයි. ඇත්තෙන්ම හොද මිනිහා. මුඵ ලක්දිව මිනිස්සු එකම ජාතිය කරන්ටත් ගුණ ධර්මවලින් මිනිසුන්ගේ උසස්කම සලකා ගන්ටත් සලස්වන පිණිස ඒ මහත්මයා ගන්නා උත්සාහයට අවංකව කා විසිනුත් උන්නැහේට ස්තුති කටයුතුය. හාමුදුරු - ඔව්, ගොයිගම මිනිසුන් අතර එබඳු අවංක මිනිස්සු සිටිති.නමුත් අනික් කුලවල ලොකු මිනිස්සු පවා පොදු වැඩය කියමින්



458 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

කරණ කටයුතුවලදිත් තම තමනගේ පක්ෂයට වැඩි වාසිය තබා ගණිති. අපට විතරක් එහෙම එකක් කර ගන්ටවත් ඉඩක් නැති කොට! මම - අපි බ්රාහහ්මණ වංශයේ ද? නැතහොත් ක්ෂත්රිදය වංශයේද? හාමුදුරු - ඇයි දන්නේ නැහැ ද? මධුරාපුර බ්රා හ්මණ වංශිකයෝ ය. අපට වඩා හොද පිරිසක් ලක්දිව වෙන ඇත්තේ ම නැහැ. මම - ඉතින් ඒ මධුරපුරෙන් ආ අපේ සීයලා, එහෙන්ම ආච්චිලත් සමග ආවාහුද? නැත්නම් පිරිමි විතරක් අවුත් මෙහි සිටි සිංහල ස්ත්රිමයන් සමග විවාහ වී තිබේද් ද? හාමුදුරු - නැහැ මධුරාපුරෙන් ස්ත්රිකන් සමග ආ බව සිතන්ට අමාරුයි. මම - ඉතින් හාමුදුරුවනේ එහෙනම් අපේ බ්රාිහ්මණකම එක පරම්පාරවේදිම ඉවර වෙන්ට ඇති. මෑත කාලයේ අපේ කුලයේ සිට ඉතාමත් ප්රවශස්ත පඬිවරයා වන මිහිරිපැන්නේ ප්ර වර කවි කුලතිලක වූ ධම්මරතන ස්වාමින් වහන්සේ “අප ලක්දිව ඔක්කොටම ඉහළ බ්රා හ්මණ” නම් ඒ බව නොකියා නොසිට, රජන් ඇමතියන් ආදින්ට පවා කිවයුත්ත කියා පාන නිර්භය වූ ඒ ස්වාමින් වහන්සේ “ගොවි වංශයේ සංඝයා” අනිත් කිසිම කුලයකින් මහණවන ඇත්තන්ට උපසම්පදාව නොදෙන බැවින් මහනුවර රජකළ ශ්රීප වික්රනම රාජසිංහ නම් වූ අන්තිම සිංහල රජුට යන ලද ලියමනක් මට මතකය. එය මෙසේය.

දිරිතර විකුමෙන් කා කිත් රැසින් යුත් පස සිරිලක අගපත් වූ වික්ම සී ම උතුම් වූ වැඩසිටින අපේ දෙයියන් වහන්සේ සුරන්කැන් දිඩබල තෙදනින් සෙත් දි රකින් පන්දහස් වස්

රුපු නිබු කැල බන් දා එවිලස් මා මිහි න්දා පරසිදු තෙද කින් දා යුත් යුගන් කල් දින න්දා සිරලක නර නිරින් දා සව් සිරින් සේ දුමින් න්දා පවතිනු මැන පන් දා සක් වසස් ලෝ සුන න්දා

තිලිනෙනි සුරකු ම්බා දෙවි දෙනක් සේ පස‍ ස්නා පුඵළුර පියුම ම්බා යිත් සතොස්නෙන් නිව ස්නා නරවර පැරකු ම්බා යුත් උතුම් ගොත්හිර ස්නා පවතු දිනුදුබි ම්බා හිම හසස්නෙන් නොන ස්නා

පියදාස සිරිසේන නවකථා එකතුව 459

රුපුකැල වනසා ලා කෝප ගින්නෙන්ද වාලා පිරිසිදු යසමා ලා ලක් ලියන්ගේ උ රේලා සරසවි කැදවා ලා වත් පියුම් හී බ හාලා සැරද විකුම් පා ලා ලො සසුන් දෙක් ව වාලා

ලොව තුරු පතලා වු කිත් රැසින් යුත් නිමල් වු බුදුකුරු විලසින් සිත් වෙන් මහත් මෙන් පවත්නා ලකිසුරු රිවිගොන්දා දෙවිතුමානන්ට පින් දි සැලකර සිටිනේ සිත් හි මහත් වූ බයින් දැන්

බියතර සසරේ පත් වු නොයෙක් දුක් විදිමෙන් නොපමණ දිගුකල්හි සව් පෙරුම් දම් පුරාලා බුදුවුන උතුමා දම්සක් පවත්වා වදාලේ සැමදෙන වෙත මෙත් සිත්නෙන් දයාවෙන් නොවේදෝ

දැනට සඟ වහන්සේලා විසින් ඒ බුදුන්ගේ බණට එදිරි වි සස්නේ උතුම් වූ පැවිද්දත් අපට නොදෙන ඒ ඇනනෑව සන්දා බොහෝ වූ සසර දුක ‍ගෙවන්නේ කොයි මගින් කොයි ලොසින්දෝ

රිවිකුල කිරුළෙව් පින්වත් රජන්ගේ මෙලක්දිව් “බඵගැති කුලයේ දාවූ” බුදුන්ගේ සසුන්වන් අපට සඟ වහන්සේලා වෙනස්කම් කිරිමෙන් නොදෙති උපසහන් ඉල්වා නොයෙක් මෝසමේ දි

පෙර අප කළ පින්කම් හි බෙලෙන් ඒ මහත් වූ අපටම ලැබුනා වූ කප්රුකක් සිත්මිණක් වන් වැඩ සිටින අපේ දෙයියන් වහන්සේ විසින් දැන් වැඩිවන කරුණා සම්පත් දවස්ලා වදාරා

සසර දුක ගෙවා ගන්නා නිසා මේ බොහෝ වූ එබදු උපසපන් සිල් දෙවිතුමානන් විසින් දැන් අපට ලැබෙන මෙන් මෙත් සිත් පවත්වා වදාළොත් බුදුබව නොලැබේදෝ ලොවතුරා මොක් පුරේහි

දුක්පත් වූ “බඵගැත් කුලේ” උපදිමින් සිත් හි සතොස්නෙන් යෙදි කපුරුක් සිත් රුවනක් පතා එන ලෙසින් දෙය්යන් වහන්සේ නිසා මෙත් පත් වූ අපටත් උතුම් මෙකරුණා සම්පත් දෙවුවොත් හෙහෙන් අතපත් වෙයි තිරසාරයෙන්ම බුදුබැව් සත්සෙත් පුරේ ලොවිතුරා “ඉතින් අපේම

460 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


කුලයේ උපන් ඉතාම ලොකු පණ්ඩිතයෙක් මෙසේ කියා තිබිය දි අපි ඉතාම උසස් කුලයේ යයි සිතා ගෙන ඉඳීම විහිඵවක් නොවේ ද?

හාමුදුරු - ඔය කාරණය ඒ මිහිරිපැන්නේ හාමුදුරුවන්ට ඔය අන්දමට කියනට හේතුට රජ්ජුරුවන්ට ඉතා යටපත්ව උපසම්පදාව ලබාගැනීමට අවසර ගැනීමයි. මම - හොදයි “අපි ඉතාම උසස්” නම් අපට වඩා පහත් කුලයක ඇත්තන්ට දි තිබුණු උපසම්පදාව අපට නොදේ ද? හාමුදුරු - මොකද අද සමරජිව උන්නැහේ අමුතු මිනිහෙක්ව ඉන්නවා වගෙයි. මම - නෑ හාමුදුරුවනේ, අපි ඔක්කොම “සිංහලය” නොකියා වෙන වෙන උසස්කම් ආරෟඪ කරගෙණ ජාතියක් වශයෙන් දුර්වලව දුප්පත්ව විනාශවන කාරණය අපට පේනවා. අනිකක් තබා අපේ ආගමේ කටයුතු කැඩි බිදි ආගම ප්රනතිපත්ති පවා මේ මලඉලව් කුලබේදය නිසා විනාශ වෙනවා. බලන්ට අපේ ධර්මශාලාව ඔබ වහන්සේ හෝ අපේ කුලේ මහණ උන්නාන්සේ නමක් බණ කියනවායයි කියා ප්ර සිද්ධ වුණොත් මේ කිට්ටුව ඉන්න අපේ කුලේ ගෑනු පිරිමි කවුරුත් බණ අහන්ට යති. නමුත් වෙන නිකායක වෙන කුලයක කෙතරම් දක්ෂ හාමුදුරු නමක් බණ කියන බව කීවත් කිසිවෙක් එතනට නොයති. නමුත් ඔය අඥාන කුල පලහිලව්ව නොතකන වැදගත් මහත්වරු අප කියන හැටියට කොයි කුල වලට අයිති මහත්වරුන් නිතරම කාගෙන් උවත් ධර්මය ඇසීමට පැමිණෙති. ඒ එසේද වූවත් මහණව ඉන්නා කවුරුත් පාහේ තමන්ගේ කුලේ උදවියට යම් යම් අඩුපාඩු ඇතත් අනිත් කලවල ඇතතන්ට වඩා විශේස සැලකිලි දක්වතියි. මෙසේ කියනකොටම හාමුදුරුවන්ට මා කව්දැයි සැක සිති නිශ්ශබ්ද විය. ඉතින් හැන්රි ඒ පන්සලවත් නා බව දැනගත් බැවින් වැල්ලවත්තේ තිබෙන පන්සලටත් ගියෙමි. ඒ පන්සලේ කුල කීපයකම භික්ෂුතන් වෙසෙති. මෙහි හැන්රි සිටිදැයි විපරම් කළ නමුත් නැති බව දැනගත් නිසා පන්සලේ ඔබ මොබ ටිකක් ඇවිද එක්තරා තරුණ හාමුදුරු නමක් මට කථා කල බැවින් ඒ හාමුදුරුවන්ට වැඳ ට්කක්වත් ඒ හාමුදුරුවන්ගේ අදහස් දැන ගන්නා පිණිස කථා කරන්ට පටන් ගතිමි. මගේ ගමත් නම්ත් ඇසු විට ගම බෙන්තොට බවත් නම එලියස් ප්ර්නාන්දු බවත්


පියදාස සිරිසේන නවකථා එකතුව 461

කීවෙමි. එසේ කීවේ මා හුනුකුලයේ මිනිසෙක් බව ඇඟවිමටය. වැල්ලවන්තට ආවේ කුමක් නිසාදැයි කී විට ප්රේනාන්දු මහාත අපේ ඥාතිවරයෙකි. උන්නැහේ සම්බවෙන්ට ආවෙමියි කීවාම මහත්මයාලා අපේ “ජාතිය” ගැන කොහෙත්ම සලකන්නේ නැත. මෙතන ඉන්නා ප්ර ධාන උන්නාන්සේ අපට නිතරම වෙනස්කම් කරනව දැන් ලක්දිව ඉන්නා සියලුම “ජාතිවල” මිනිස්සු නම් තමන්ගේ ජාති උසස්කර ගනිති. අපි විතරක් නිකම් ඉන්නෙමි. මහත්මයාලා උපකාර කරනවානම් මා විසින් ලියා තිබෙන “චුණ්ණකාර බ්රාරහ්මණ වංශය” නමැති පොත අච්චු ගසන්ට පුඵවනැ”යි කීය. ඉතින් අපේ කථාව දෙබසක් වූ බැවින් මෙහිද එසේම යොදමි.

මම - අනේ හාමුදුරුවනේ, අපේ ජාතිය “සිංහල” මිස අනිකක් මා සිතා නැත. සුනුකර්මාන්ත කරන්නන්ට ඒ නමත් ගොවි කර්මන්ත කරන්නන්ට ඒ නමත් කියනු මිස මට චුන්නකාර බ්රාතහ්මණ නමක් නැත. හාමුදුරු - ඇයි මහත්මයාලා අපේ වංශ ගැන දැනගන්ට ඕනෑය. පසුගිය කා‍ලේ අප පාගාගෙණ බලවත් කුලවංශවල මිනිස්සු අගෞරව කළ නමුත් දැන් මේ නිදහස් කාලේ අපත් පොත පතින් කරුණු දක්වා අපේ “ජාතිය” උසස් කරගන්ට ඕනෑ. මහත්මයාලා ඉංග්රී‍සි ඉගෙන ඒ අතට ගියා මිසි තමන්ගේ ජාතිය ගැන කිසිත් කරණ බවක් නොපෙනේ. ඒ බලවත් වැරැද්දකි. මම - අනේ හාමුදුරුවනේ මට “හුනු” නමක් කවුරුවත් නොකියති. මට ලියන්නායි කියති. අපේ තාත්තාව වෙදරාලය කියති. අපේ බාප්පාට මුදලාලිය කියති. අපේ මාමාට ගොවිරාලය කියති. ඉතින් අපේ අයියාට නම් “හුනු මිනිහාය” කියති. මක්නිසාද ඒ අයියා හුනුගල් ගෙන්වා පුඵස්සා හුනු සපයන හෙයිනි. ඉතින් අපට ඇති ජාතිය ගැන “සිංහල”බැවින් “චුණ්ණකාර බ්රා හ්මණ”කම ගැන මම නොදනිමි. හාමුදුරු - ඒක හරි, නමුත් බලන්ට සෑම “ජාතිවලම” මිනිස්සු බ්රාදහ්මණය,ක්ෂත්රිිය ය, වෛශ්යාය කියමින් උසස් වෙති. අපේ මිනිස්සු පමණක් නිකම් ඉන්නා නිසා පහතටම යති. මම - “නෑ හාමුදුරුවනේ, අපේ මිනිස්සු පහතට යන්නේ ජාතිය ගැන දන්නේ නැති නිසාමයි. අප ඔක්කොම සිංහල ජාතයේ බව දැනගෙණ අන්යෙමන්යපයන් අතර සමගියක් සහෝදරත්වයක්



462 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

ඇතිකොට ගුණවත් භාවයෙන් හා උගත් කමිනුත් ධන ධාන්ය නිලතල ආදියෙනුත් මිනිසුන්ගේ උස් පහත්කම් පළිගන්ට, සැරසුනා නම් කවදාවත් අපේ උතුම් “සිංහල” ජාතිය මේ ආකාර පිරිහිමකට පත් නොවේ. එහෙයින් නමත්නාන්සේ ඔය බොරු කල්පනා ඉවත්කොට නියම සිංහලයෙක් මෙන් භික්ෂුමන් වහන්සේ නමක් මෙන් ක්රි යා කළොත් ආත්මාර්ථ පරාර්ථ දෙකටම වැඩ සැදෙති. එවිට මේ හාමුදුරුවෝ මා ගැන මහත් සැකයට පත් වූ බැවින් වැඩිදුර කථා නොකළෝය. ඉක්බිති මම හාමුදුරුවන්ට නමස්කාර කොට ගල්කිස්සට ගියෙමි. ගල්කිස්සේ දුම්රියපල ලඟම තිබෙන ආවාසයේවත් හැන්රි නැවතී සිටියේ දැයි සොයන පිණිස එහි ගියෙමි. මගේ කරුමයට මෙන් ඒ ගැටයා එහිද නොසිටන බව දැනගතිමි. ඒ පන්සල ඉතාමත් ආරවුල් සහිත එකක් බැවින් සෑහෙන භික්ෂු නමක් නොතවතින නමුත් ලඟදි පැමිණි ස්වාමින් වහන්සේ නමක් වාසය කරන බවත්, ඒ ස්වාමින් වහන්සේ නවන්දන්නා ගොත්රවයට අයත් කෙණෙක් බවත් පන්සලට එන විදේශිය මගීන්ගෙන් සම්මාදම් එකතු කිරිමට නියුක්ත “ගයිඩ්”ගෙන දැනගතිමි. ඉක්බිති මමත් නවන්දක්නා කුලයේ මිනිහෙක් ලෙස කථාකරමියි සිතා හාමුදුරුවන් සම්භවෙන්ට ගොස් නම්ස්කාර කොට එක්ත්පසෙක වාඩිගතිමි. ඒ ගමේ තොරතුරු ‍හොද හැටි නොදත් ඒ ස්වාමින්වහන්සේ මගේ වංහුං ඇසුයේය. මම දෙහිවල පදිංචි “ද්වෙන්ද” කෙනෙක් බවත් අපේ ස්වාමින්වහන්සේ නමක් මෙහි අවුත් ඉන්න බව අසා දකින්ට සතුටින් ආ බවත් කීවෙමි. ඇත්තෙන්ම ඒ ස්වාමින් වහන්සේ අභිෂේක ලද්දාක් මෙන් සතුටුව “මම මෙහාට ආ නමුත් මෙහි මිනිසුන් කිසිම ශ්රසද්ධාවකින් වැඩ නොකරණ බැවින් ඉක්මණින්ම යන්ට කල්පනා කරගෙන සිටිමි “යි කීයේය. මම - මොකද ස්වාමිනි මෙබඳු ශිෂ්ටාචාර පළාතක දායකවරු වැඩි උපකාර නොකරනත් සිල් රක්ෂා කරණ අල්පෙච්ඡ සත්තුෂ්ටියෙන් යුත් ඇත්තනන්ට කිසි අපහසුවක් විය නොහැක. හාමුදුරු - ඒක එහෙම තමයි. අනිත් සියුලම “ජාතිවල” මිනිස්සු තම තමන්ගේ සංඝයාට විහාර පන්සල් කරවා දි ඇප උපස්ථාන කරති. නමුත් “විශ්වකර්ම බ්රාාහ්මණ වංශයේ” උදවියගෙන් මහණ වි ඉන්නෙත් දෙතුන් දෙනෙකි. ඒ ටික දෙනාටවත් කිසිම සැලකිල්ලක් නොකරති.



පියදාස සිරිසේන නවකථා එකතුව 463


මම - මොකද ස්වාමිනි, විශ්වකර්ම බ්රා හ්මණ කුලය කීවේ අපේ නවන්දන්නා කුලයට ද? හාමුදුරු - ඔව් මහත්මයා, ඒ අපේ කුලය ගැන දන්නේ නැද්ද? අපි විශ්වකර්ම බ්රාටහ්මණ කුලයේ නොවැ. මම - ඒකනම් හැබෑ තබා, නමුත් අපේ මිනිසුන්ගේ දැඩි මාන්නයත් බොරු උඩඟුවත්නිසා මොකවත් කරගන්ට බැහැ. අපෙන් ටිකක් දියුණුවන අය අර පරංගි වෙති. ඒ නිසා අනිත් සිංහලයන් මේන කීර්තිමත් බවට, ධනවත් බවට නොපැමිණෙති. හාමුදුරු - ඒවා නම් හැබැ තමා. නමුත් වෙන ආගමවලට ගොසින් ඉන්නා වු අපේ මිනිසුන්ට “බුද්ධාගමේ “ ඉන්න අයට මෙන්ම සමහරු නෙරෙක්කු කරති. මම - ඔය ගැන වැරදිකාරයෝත අපිමයි. අපේ ලොකු කමක් පිරිසිදු කමක් කියා කියා අපි එකිනෙකාම හින්නවන බැවින් මහාජනයා අතරත් අපට උසස්ව ක්රිකයා කරන්ට ඉඩ නැත. ශාසනයට ඇතුළත් වූ තමුන්නාන්සේත් බ්රාිහ්මණ කමම සිතමින් ඉන්නාව මිස ආචාර්ය උපාධ්යනයන් වහන්සේලාට කීකරුව කටයුත කරණ බවත් නොපෙණේ. මේ නිසා ශාසනයත් ඒ සමගම සිංහල ජාතියත් පිරිහෙනවා. උසස් ශිල්ප ශාස්ත්රස ඉගෙන රටට ජාතියට යහපත කරමින් ආත්මාර්ථ පරාර්ථකාමිව ඉන්න කිසිවෙකුට කිසිකලෙකත් මහාජනයාගේ ආදර ගෞරව නොලැබි නොයයි. නමුත් උත්සාහයක් නොගෙණ රටට ජාතියට හොද වැඩ නොකොට බොරු නම්බු කියමින් සිටින අපි විස්වකර්ම කුලයේ තබා මහා බ්රාමහ්මණ කුලයේ ය කීවත් අපටවත් රටටවත් යම්කිසි යහපතක් නොවේ යයි කීවෙමි. මගේ කථාව අසා ඒ ස්වාමීන් වහන්සේගේ අදහසට විරුද්ධ කෙනෙක බව වැටහුනු නිසා එපමණින්ම ඒ කථාව අවසාන විය.


08.පරිච්ඡේදය

සංස්කරණය

වි මලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය සොයනු තබා හැන්රි නමැති කොලුවාවත් සොයගත නොහැකිව ඉතාමත් චිත්ත ඛේදයට පැමිණි මම සවස් භාගයේ මගේ නිවසට පැමිණියෙමි. කොළඹ තවත් පන්සල් කීපයක් තිබෙන බැවින් පසුදින උදේ මගේ ස්වභාව 457 464 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

ගතිය වෙනස්ව පෙනෙන ලෙස අවුරුදු පනහක් වයසැති මිනිහෙකු මෙන් සැරසී එක්තරා පන්සලකට ගියෙමි. ඒ පන්සලේ ඉන්නා සංඝයා වහන්සේලාගේ කුලයේ කෙනෙකු මේන ගිය නමුත් ඒ සංඝයා මා “සලාගම ගොත්ර යේ” කොණෙක් බව තේරුම් ගත් බැවින් ඔවුහුත් සලාගම බව මිස වෙන අමුත්තක් නොකීහ. එතන හැන්රි නැති බව දැනගත් නිසා කොළඹ නැවතී ඉදාගෙන ධර්මශාස්ත්රේ ඉගෙණ ගන්නා තරුණ ස්වාමින් වහන්සේ නමක් නැවතී සිටින ආවාසයකට ගියෙමි. මම කඩුගන්නාවේ හතරලියද්දේ සිට ආවෙමියි කී විට ඒ හාමුදුරුවෝ මහත් සැලකීමක් ඇති කොට මට වාඩිවෙන්ට පැදුරක් දැම්මවා මා ආගිය තොරතුරු ඇසුවාහ. මම ඒ හාමුදුරුවන්ට නමස්කාර කොට උන්වහන්සේ අපේ කෙණෙක් නිසා යම්කිසි කටයුත්තකට කොළඹ ආ ගමන් මෙහිත් පැමිණියෙමියි කීවෙමි. ඒ භික්ෂුන් වහන්සේ “බත්ගම” කුලයේ බැවින් මමත් ඒ කුලයේ බැව් දැනගත් හැටියේම තමාගේ කපටි අදහස් මා සමග කියන්ට පටන්ගත්තේය.

හාමුදුරු - උපාසක උන්නැහේව නමින් අසා තිබේ. අපේ “ජාතියත්” අපේ මිනිසුන්ගේ දියුණුවත් සදහා නිතරම ක්රි යාකරණ කෙණෙක් බව දිනිමි. මම - ඔව්, මම මගේ ශක්තියටත් වඩා අපේ ඡාතිය සදහා වැඩ කරමි. ඉතින් ස්වාමීන් වහන්සේ ඵ ඡාතිය දියුණුවට යම් කිසි කටයත්තක් කරන්ට අදහස් කර නැද්ද?

හාමුදුරු - අපේ “ජාතියේ දහපහ‍ළොස් දෙනෙක් තරම මහණ වෙලා සිටිති. නමුත් අපේම නිකායේ ගොයිගම ආදි අන්යේ ජාතිවල උන්නාන්සේලාගෙන් ඇති කරදර නිසා කිසිවක් කරගන්ට බැරිය. අන්යා “ජාතිවල” මිනිසුන්ගෙන් බේරෙන්ට බැරුව අපේ බොහෝ දෙනෙක් සැල්වේෂන් ආගමට පවා ගොස් තිබේ. අපේ “ජාතිය”ගැන අපේ මිනිස්සු දනිත් නම් මේ විධියට මුඵ වැදි නොසිටිති. අපේ “ජාතිය” පදුමුත්තර බ්රාතහ්මණ” ජාතියයි. අප ජාතයේ බ්රා්හ්මණයන් ගජබා රජ්ජුරුවන්ට සොත් වැඩිමට ගෙන්වන ලද පිරිසක් මෙන් මෑත කාලයකදි ක්රි යා කර තිබේ. මේ වැරැද්දෙන් දැනුත් අපට ඉහ උස්සන්ට අන්දමක් නැත. මම හොද පොතක් ලීවෙමි. “පුදුමත්තර බ්රාැහ්මණ වංශය” නමැති ඒ පොත මුද්ර ණය කළොත් අපි අනික් සියල්ලටම ඉහළ මිනිස්සු බව ඔප්පු වේ. මම - ඉතින් හාමුදුරුවනේ ඔය පොත අච්චු ගැසු පමණින් අපේ කුලයේ මිනිසුන්ට උගත් කමත් ධනවත් කමත් වෙන වෙන උසස් ගතිත් ඇතිවේද?


පියදාස සිරිසේන නවකථා එකතුව 465


හාමුදුරු - උපාසක උන්නැහේට තේරුනේ නැහැ. අපේ මිනිසුන්ට ධර්ම ශාස්ත්රු උගන්වන්ට ඕනෑ. ශිල්ප කර්මාන්තත් උගන්වන්ට ඕනෑ. නමුත් මේ පොත අච්චු ගැසුවාම අනිත් කුලවල මිනිස්සු අපට ගරු බුහුමන් කරණවාට සැක නැත. මම - ඔය පොතෙන් උගන්වන්නේ අප “පදුමුත්තර” බුදුහාමුදුරුවන්ගේ ඥාතීන් බවයි. හොදයි, අප උසස් ධර්ම ශාස්ත්ර” ඉගෙණ ශිල්ප කර්මාන්ත ඉගෙන වෙළහෙලදාම් සහ වැවිලි ගොවිතැන් ඉගෙන උන්න්දුව වැඩ කළොත් ඔය පොත තැනත් අපට උසස් කුලයක් විය හැක. දැන් වැද්දන්ට සමානව ඉන්න බොහෝ දෙනෙකුගෙන් යුත් අපේ කලයේ අයට ශාස්ත්රවයක් ශිල්පයක් උගන්වන්ට වීරය නොකොට තමුන්නාන්සේ පළමුවෙන්ම අප “ පුදුමත්තර බ්රායහ්මණ “ කරන්ට පොතක් ලිවිම හිරියට ගෙට අත්තිවාරම දමන්නටත් ප්රොථම “පාන” එල්ලන තැන සූදානම් කළා වැනිය. තමන්නාන්සේ ශ්රොද්ධාවත් මිනිසුන් එවන මුදලෙන් ජිවත්වෙමින් ධර්ම ශාස්ත්රය ඉගනෙ ගන්නවා වෙනුවටත් සතර සංවර ශිලය රක්ෂාකරනවා වෙනුවටත්- උපන්නතෙක් නොඇසු “පුදුමත්තර බ්රායහ්මණ වංශ” පොත ලියන බව පෙනේ. හාමුදුරු - ඇයි උපාසක උන්නැහේ ඔහොම කියන්නේ? අපේ “ජාතිය” උසස් කර නොගෙන අනික් මොකවත් මොටද ? චුණ්ණකාර බ්රාොහ්මණ වංශය, වංශපූරණ ප්ර කාරනය, සලාගම බ්රානහ්මණ වංශය, මධුරාපුර බ්රාාහ්මණ වංශය, විශ්වකර්ම බ්රා්හ්මණ වංශය, ක්ෂත්රිබය වංශය ආදි නොයෙක් පොත් ඒ ඒ “ජාතිවල” මහනුන්නාන්සේලා ලියා තිබියදි අප පමණක් නිකම් සිටියොත් අපේ උගත් කමෙන් ඇති ‍පලේ මොකද? මම - හරි මට දැනුයි තේරුනේ, දැන් කාලේ මහණ වෙන බොහෝ දෙනා අනුන්දෙන සිවුපසය භුක්ති විදිමින් ඉගෙන ගන්නනේ සතර සංවරාදි සීල සංරක්ෂනයට නොව, ඒ තම තමා උපන් කුලගොත්රර වර්ණණාකොට බොරු මිශ්රට වූ පොත් තැනීමට හොදයි, බොහොම හොදයි, එසේ කියා මම එතනින් පිටවී ආවෙමි. නොයෙක් තැන්වල ඇවිද හැන්රි ගැන ආරංචි මාත්රකයක්වත් දැනගත නොහි............. මාලිගාවත්ත පැත්තේ ආවාසයකට ගියෙමි. එහි ඉන්නා ස්වාමින්වහන්සේලා තුන්නමක් පොත් කියවා ගන්ට ගොස් ආ හැටියේ


466 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

බැවින් මට එක විඩේම සම්මුඛ විය. හැන්රි ගැන ඇසූ නමුත් නොදන්නා බැව් කී හොයින් ඒ නමස්කාර කොට එකත් පසෙක් වාඩිවිමි. එසේ වාඩිවි “තමුන්නාන්සේලා මොන “ජාතියේ දැ”යි ඇසිමි. “සිංහල ජාතිය” සඟරාව හා පත්රතය කියවා පුරුදු වූ ඒ ස්වාමින්වහන්සේලා සිනාසි “අපි සිංහල ජාතියේ ය” කීහ. ඇත්තෙන්ම මගේ හිත ප්රීමතිමත්ව “එහෙනම් තම්න්නාන්සේලා කවර කුල වලට අයත් දැ”යි ඇසුවෙමි. එවිට එක් හාමුදුරුනම්ක් “මහත්මයාණනි, ඇල දොල ගංගා ආදිය මුහුදට වැටුනාට පසු ඒ සියල්ල එකම මුහුදය යි කියනු ලබන්නේ ය. එසේම ගිහිව ඉන්න කාලයේ නොයෙක් නාමවලින් කියනු ලබතත් මේ තථාගත ශාසනයට අතුළත් වූවාට පස් භික්ෂු-සංඝයා ය කියනු මිස අනික් නමක් නැතැ”යි කීයේය. ඇතතෙන්ම ඒ හාමුදුරුවන්ගේ කථාව ගැන අතිශ‍යින් ප්රී තියට පත් මම “ස්වාමින්වහන්සේගේ කථාවට මා විර්ද්ධව කථාකරන්නේ ඔබ වහන්සේලාගේ වැටහීම දැනගැන්මටයි. ගිහි කාලයේදී තමුන්නාන්සේලා තුන් නම කවර කවර කුල ගොත්ර වලට අයත්දැයි මට කියනු මැනවි. එය තමුන්නාන්සේලාගේම කුල වංශවල මිනිසුන් අතර කථාකරණ අන්දමට මට කීවොත් මා රටට යහපතක් කරන්ට විරිය කරත්නේක් බැවින් තමුන්නාන්සේලා ද ඊට සහභාගි වන්නාහ. කරුණාකර ඇත්ත කියන මැනවැ”යි කිවෙමි. එවිට එක නමක් මට කථාකොට “මහත්මයා අවංකව අසන බැවින් කියන්නෙමි. මම රදා කුලයයි සම්මත කුලේ කෙනෙක්මි. අපට රජකයෝ යයි කියති. දැන් අප පහත්යයි සම්මත කරගෙන සිටිතත් අපේ මුල් මිනිස්සු “රාජ බ්රා.හ්මණ” යයි අප මිනිසුන් අතරේ පවතින කථාවයි. මා දන්නා තරමින් අපේ ගෝත්ර යෙන් දෙතුන් නමකට වඩා දැන් මහණ වි නැති බැවින් තවම අපේ “බ්රා‍හ්මණකම” ලෝකයාට දැක්වීමට පොතක් පතක් හදා නැත. ඔයිට වඩා විස්තරයක් අපේ කුලය ගැන කියන්ට මම නොදනමි”යි ගුණවත් ඒ ස්වාමින් වහන්සේ කීයේය. ඉක්බිති එහි සිටි අනිත් දෙනමගෙන් එක නමකට කථා කොට “ ස්වාමින් වහන්සේ ගිහිව සිටිද්දි කවර කුලයකට අයත්දැ”යි ඇසුවෙමි. ඒ තරුණ ස්වාමින් වහන්සේ සිනාසෙමින් මම “දෛවඥ” කුලයේ වෙමි. දෛවඥයන් බ්රාසහ්මණ බව කිවයුත්තක්ද නොවේ. නමුත් බෙර වයන උදවිය අපේ කුලයේ ඉන්නා බැවින් අපට “බෙරවා” නාමය ද කියති. ඒ කොයිහැටි වුවත් බ්රාඉහ්මණයන්ට තවමත් අයිති යාග හෝමාදිය කිරිමත් වෛද්ය” නක්ෂත්රාුදි ශාස්ත්ර් හැදෑරිමටත් අපේ පරම්පරාගතව



පියදාස සිරිසේන නවකථා එකතුව 467

අවිච්ඡින්නව පවත්නා හෙයින් අප “බ්රා හ්මණ” බව මනුෂ්ය යන් සම්බන්ධව අවංකව කල්පනා කරන්නන් සිටිතොත් සිතා‍ගත හැක. “ඇත්තෙන්ම ඒ ස්වාමිනි වහන්සේගේ කීමට මගේ සිත අතිශයින් ප්ර මුදිතව අනිත් ස්වාමින් වහන්සේගෙන් තමුන්නාන්සේ කවර කුලගොත්ර්යකට අයත් ද”යි ඇසුවෙමිව ඒ ස්වාමීන් වහන්සේද සිනාසි අනේ මහත්මයා මම “ඔලි” කුලයේ කෙනෙක්මි”යි කියේය. ඉතින් ස්වාමිනි, ඒ “ඔලි” කුලය සම්බන්ධව තමුන්නාන්සේලාගේ පිරිස අතර පවත්නා මතය කුමක්දැයි මට කීවොත් මැනැවැ”යි අයැදි බැවින් ඒ කුඩා ස්වාමින් වහන්සේ මෙසේ කීයේය. “අපේ මුත්තලා ලක්දිව රජන්ගේ සේවයට නොව යුද්ධ හිරකරුවන් වශයෙන් ලංකාවෙට ගෙණ එන ලද්දා වූ සොලිහුය. චෝලිය රටට සිංහලෙන් ලොසීයය කියති. සොලී රජතුමා සිංහල 12000ක් අල්වා සිය රටට ගෙන ගිය බැව් අසන ලද වික්රිමවත් ගජබා රජතුමා ඒ සොලී රටට ගොස් සිංහලෙන් ගෙණ ගිය දෙළොස් දහස වෙනුවට විසිහතර දාහක් ලක්දිවට ගෙණ අවුත් තිබේ. මේ බලන්ට

 “මෙකල රජකළ පවර ගජබා නිරිඳු මා වටු පුරෙන් සොලි ර	ට
   එකල සැටවස් පුරාගෙණ ගිය දොළොස් දහසක් දන්නා සිරකො	ට
   අසා රැහැනිව ගදාගන පහළොස් රියන් තුන් රියන් ඇති ව	ට
   මුහුදු පිනා උරතලෙහි ගැ සදුන් නොමකා ගොසින් එතෙර	ට
   පිවි	ස සොලපුර එරජගෙට ගොස් සමග සිංහාසනේ උන්ස	ද
   මෙලෙ	ස සිහලිඳු තනිව ආවේ කිමෙක පුඵවන් සෙමෙන් සොලිර	ද
   දොළොස දහසක් පෙර’ප නුවරින් දනන් ගෙණ ආ නුඹගෙ පියර	ද
   විග	ස ගෙන යන ලෙසට ආවෙමි කියූ, තෙපුලට වඩවමින්ම	ද
  නිරි 	ද සී සි කියනු කිම බස් මෙසේ නොතකා අප සොලින් මැ	ද
  තව 	ද වැලි මඩ තෙල්යාපා දිය ගතැකිදෝ කවුරුත් විසින් ත	ද
  එක 	ද සොලියා බසට යගදා අතින් මිරිකා රැපැයි දිය ක	ද
  පැහැ	ද දුන්නේය එසද බිය වි සූවිසි දහසක් දනන් නිවර	ද”

“ඉතින් මේ ගෙන ආ මිනිස්සු ලක්දිව නොයෙක් පළාත්වල පදිංචි කරවුහ. දකුණු පළාතේ මෙන්ම අනික් සෑම පළාත්වලමවාගේ පදිංචි වූ ඒ මිනිස්සු පරමපරා දෙක තුනේ දි ඒ පළාත්වල එවකට බලසම්පන්නව සිටි කුලගොත්රර වලටම ඇතුළත් වූහ. නමුත් දකුණු පළාතේ පදිංචි වූ බොහෝ දෙනා ඔවුන්ගේ මුල් “සොලී” නමට බලවත් ආදරයක් දැක් වූ බැවින් ඒ නම වෙනස් කරන්නට නොසතුටු වූහ. ඉතින් සොලි යන වචනය ව්යාවකරණාකූලව හෙලි වි නැවත “ඔලි” වි තිබේ. දැන් ඒ ඔලී

468 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

යන නමින් ඉන්නා මිනිස්සු ‍ෙජ්යමතිශස්ත්ර යත්, වෛද්යල ශාස්ත්රියත් ඉගනෙ ඒ අතින් දිවි පවත්වා ගණිති. බොහෝ දෙනෙක් යාග හෝමාදිය ද කරති. මේ නිසා “ඔලී” කියා දැන සිංහල ජාතියට ආදී ඉන්නා පිරිස “බ්රා.හ්මණ” වාට කිසිම සැකයක් නැතැ”යි ඒ ස්වාමින් වහන්සේ කියේය. ඇත්තෙන්ම අනික් සැමදෙනාගේ කීමට වඩා මේ ස්වාමින් වහන්සේගේ කීම යුක්ති තර හෙයින් ඉතාමත් සතුටුව ඒ ස්වාමින් වහන්සේලාට නමස්කාර කොට එතනින් අවුත් ම‍ගේ නිවසට සවස හයට පමණ පැමිණියෙමි. මා ගෙදර එන විට සම්භවිමට “වැදගත්” රටේ මහත්මයෙක් අවුත් සිටියේය. ජිවත් වීමේ ආලය පහව ගිය කෙනෙක් මෙන් කලකිරුණු ස්වභාවයෙන් යුත් ඒ රටේ මහතා මා දුටු හැටියේම අඬන්ටත් මෙ‍සේ කියන්ටත් පටන් ගත්තේය. “අනේ වික්රුමපාල මහත්මයෝ, මම ඉතාමත්ම අමාරුව මෙහි ආවෙමි. මම අවුරුදු තිස්පහක් ආණ්ඩුවේ රාජකාර්ය කළෙමි. රුපියල් හත්අට ලක්ෂයක දේපල සම්භකළෙමි. පිරිමි ළමයින් හතර දෙනෙකුත් ගෑණු ළඹයින් පස් දෙනෙකුත් වඩා වර්ධනය කෙළෙමි. නමුත් මගේ මේ අන්තිම කාලේ මම අතිවි තිබෙන චිත්ත වේදනාව නරකාදියේ විදිනවයි කියන දුකට වඩා වැඩිය. ඉතින් මට උපදේශයක් ලබා ගැනීමට පැමිණියෙමි.”යි මා ගෙයි සාලෙට එන්ටත් ප්රඋථම මහලු රටේ මහත්මයා කීයේය. මම ටිකක් සිනාසි “වාඩිවෙන්ට දිසා මහත්මයෝ, අපි හෙමින් කථා කරමු. මෙහි අවුත් හුඟක්වේලා දැ”යි ඇසුවෙමි.ඉතින් රටේ මහතාද වාඩි වි මම මෙහි අවුත් පැයකට වඩා නැත. කීයේය. මේ අතර මගේ වැඩකාර ළමයා තේ වතුර කෝප්ප දෙකක් සාදා ගෙන අවුත් ඒ අපට පිළිගැන්නුවේය. රටේ මහත්මයාටත් තේ කෝප්පයක් දි මම ද එකක් බිවෙමි. ඉක්බිති රටේ මහතාගේ විත්තසන්තාපය ඉතා බලවත් නිසා එය ටිකක් මැඩ නොපවත්වා ඔහුට කියන යමකින් ප්රවයෝජන නැති බව වැටහි රටේ මහතාගේ හිත සතුටු කිරිම පිණිස මෙසේ කීවෙමි. දිසා මහතාගේ පලහිලව්ව රාත්රි බතෙන් පසු කියමු. දැනට සිත් සතුටුවීම පිණිස රසවත් කවි, කථාන්තර ආදිය කියමු දැයි” ඇසුවෙමි. බලවත් ගිනිමැලයට යන පුඵන් මේන ඉතාමත් චත්ත වේදනාවෙන් ඉන්න ඒ පුද්ගලායට මගේ කියම් රුවිනුවු නමුත් මට ගෞරව කීරිමක් වශයෙන් “හොදයි මහත්මයා, උඩරට “කාවියම” දන්නවා නම් එකක් පහත රටට යන භේදයක් මම නො දනමි. ඔන්න අපේ අන්තිම කාලේ සිටි රජතුමෙකුගේ වර්ණණාවක් කරණ ලද කිවිවරයකුගේ කීමක හැටි.




පියදාස සිරිසේන නවකථා එකතුව 469


“ය ස ලි ය නරෙන්ද්ර සිහ හමිසඳු මෙ මිහි ත ලී බැ බ ලි ය නැවත ගිරි රද වටෙහිම පැට ලී ද ඵ ලි ය බඹතලට දස දිගත කර එ ලී වි දු ලි ය එලිය අබිනව පත්සිරි ඉසි ලී

මම මේ රසවත් කවිය කීවාම පුරාණ කාවියමි අසා පුරුදු නමුත් මෙහි අර්ථ හරි හැටි තේරුම ගත නොහැකි රටේ මහතා “මම නම් වික්ර මපාල මහත්මයෝ ඒ කවිය ඉතා මධුර බව තේරේ. නමුත් අර්ථ තේරුම ගන්ට බැරිය. කරුණාකර එය විස්තර කරන්ටය”යි කීය. ඇතතෙන්ම බලවත් දොම්නස් ගතයෙන් උන් රටේ මහතා මා කී රසවත් කවිය කෙරේ මදක් සිත ඇල වූ බැවින් මොහුට අද ප්ර යෝජනත් පාඩමක් උගන්වා දෙන්ට පුඵවන. පළමුකොට මොහුගේ චිත්ත දෞර්මනස්යරය දුරුවි යාම පිණිස මොනවා නමුත් කියා ඉක්බිති අවවාදයත් ප්රිතිකාරයත් යන දෙකම දෙන්නෙමි”යි සලකා හොදයි මෙන්න ඒකවියේ අර්ථ - “නරේන්ද්රනසිංහ හිමිසඳු වීරපරාක්රයම නරේන්ද්රනසිංහ (රාජ) ස්වාමින්ගේ,යසලිය, යසස් නමැති ලතාව (වැල) මේ මිහිතලී මේ මහිතලයෙහි බැබලිය. බැබලුනේය. නැවත, ඉක්බිති, (එම යස ලිය) ගිරි රද වටෙහිම, මහාමෙරුව වටේට පැටලි එති, දස දිගත, දශදිසාන්තය, එලිකර, ආලෝක කොට, බඹතලට, බ්ර්හ්ම ලෝකය දක්වා (උසට) දඵ ලිය, දඵ ලෑවේයල විදුලිය ඵළිය, විද්යඹල්ලතා ලෝකය (වනාහි) (එම යසස් නමැති ලතාවෙහි හටගත් ) අබිනව පත්, අඵත් සතුටුව මාත් “ශෘංගාරා”කවි දෙකක් තුනක් කියන්දැයි මගෙන් ඇසීය . ඇත්තෙන්ම කාව්යතය රසය රුචි නොවන්නේ ගොඵ බිහිරෙකුට හෝ මෝඩයෙකුටමය. මම ගොඵවෙක් බිහිරෙක් හෝ මෝඩයෙක් නොවන බැවින් හොඳයි. එවිට කළකිරිලා මෙන් සිටි දිසා මහතා මෙසේ කියන්ට පටන්ගත්තේය. “සොබන ගුණාති වර නරේන්ද්ර්සිංහ නම් හිමි වුවෙන් අපි රි කියන විරහ නල වැදි තැවෙන්කොට මදරද සිට ඉදි රි නොදැන කුමට හැපුනේද කියා රිවිකුල නිරිඳුගෙ කා රි කියන විරුදු මිග සරුප තමාවද ඉවසා ගන්ට බැ රි





470 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


කැටී සපදි දියලා ඉගුසැටි ගෙන සමගින් සැර පසෙ කී සිටි උදක් ඇති කෝපව විදිනට ජය සාදන ලෙස කී අටි වඩන වර නරේන්ද්රවසිහ නම් හිමි සඳුගෙන් වැල කී වැටි යහන වුන් මේමා රමිදු සුත දුටුවේ කෙසෙද සැ කී

බොගුම් කරවා පරපුටු සක් සත නංවා තරිඳු ඇ ගේ වාකුම් ජර රා පැලඹෙයි යුදයට ඔහු පිය රමිඳු ව ගේ වූගම් බිර අප නරේන්ද්රයසිහ හිමි නූවොත් අද මල ගේ ආඩම් බර තද කොලෙසක ඉවසිමි සකියනි මදරදු ගේ

කරලා සමුදුර තුරු ගොස ජයසක් පිඹ පරපුටු සව නේ සැරලා කොඳ පෙත් කවමින් නිති බිඟු දියලා සැර යහ නේ වැරලා ඇද සිස් නොකරම උරබිත විදිනේ තද රොසි නේ ඇරලා මේ යුදට නරේන්ද්රත සිහ හිමි කිම නොම වඩිනු අනේ

රටේ මහතා මේ රසවත් කවි කියන විට ම‍ගෙන් උන්නැහේ ගෙන් සිත් එකාකාරම ‍සතුටු වූහ. වියෝගයට පත් ස්ත්රිසයක් කියන්නාක් මෙන් වීර පරාක්රකම නරේන්ද්රටසිංහ රජුට කරණ ලද මේ ප්රරබන්ධයෙන් ද සිංහල කාව්යර ශාස්ත්රායාගේ ඇති විවිධ ක්රලම අපට තේරුම් ගත හැක. කලින් බලවත් කලකිරීමට පත්ව සිටි රටේ මහතා මගේ සම්යධක් උපායෙන් මඳක් අස්වැසිලි ලැබුනේය. ඉක්බිති රාත්රි් අටට පමණ උන්නැහේත් සමග රාත්රි. බත අනුභව කොට තවත් නොයෙක් අන්දමේ සතුටු විය යුතු කථාබස් කරමින් සිටි උන්නැහේට පැමිණි තිබෙන විපත ගැන කථා කරන්ට පටන් ගතිමි. “අපේ දිසා මහතා මා සම්භවෙන්ට පැමිණ සිටින්නේ බලවත් අමාරුවක් පැමිණි නිසා බව මට පෙනේ. අමාරුවක් පැමිණිවිට ඊට කළයුතු ප්රණතිකාරය කණගාටු වීමත් අධෛර්ය වීමත් නොව සතුටු වීමත් ධෛර්ය වීමත්ය. ලෝකය පෙරලෙතොත් අපි ඉතුරු නොවෙමු. ලෝකය නොපෙරලී තිබුනත් ඉතාම සීර්ඝ කාලයක් අපට ඉන්ට නොලැබේ. ඉතින් අපි නිකම් කලබලව දොම්නස්ව පිස්සන් මෙන් ක්රිපයා කරමු නම් ධර්මශාස්ත්ර. දෙකක් ලෝකේ තිබෙන බවක්වත් නෑසූ පල් මෝඩයෝ වම්හ. එම නිසා මහතාට පැමිණි තිබෙන අමාරුව දුර්මුඛ නොවි කිය මැනවැ”යි කිවෙමි. “මගේ පියාත් රටේ මහතෙකි. මමත් රටේ මහතෙකි. මට දරුවන් නව දෙනෙකි. හතර දෙනෙක් පිරිමිය. පස් දෙනෙක් ගෑණුය. මොවුන්ට උගන්වන්ටත් කෑම ආදියටත් එකාට පවුන් හත් අට සියය බැගින් වියදම් කෙළෙමි. නමුත් ගෑණුත්, පිරිමිත්, එකාකාරවම කිසිවක් හරිහැටි ඉගෙන ගත්තේ නැත. අන්තිමේදි

පියදාස සිරිසේන නවකථා එකතුව 471


ලෝකයේ ඇතිතාක් සියලු නොපනත් ක්රි්යා කරමින් මටද අකීකරුව මා දුකසේ උපයාපු දේ නාස්ති කරමින් මගේ පරම හතුරෝව සිටිති. මගේ මැණිකේ ද මා තණපතකටවත් නොතකයි. ඉතින් දරුවන්ගේ ඇති අධම ගතියත් මැණිකේගේ අනාචාරගතියත් බලා ඉන්ට බැරිව රැ දාවල් දෙක් හි “සුරාපානය” කරමින් මම සිහි නැති කරගෙන ඉදිමි. ඉතින් එසේ ඉන්නා අතර සිහි ඇති වේලාවක් වික්රනමපාල මහත්මයාගේ පුදුම වික්රසම ක්රිියාවක් ගැන අසා මටත් යම්කිසි පිහිටක් ලබාගත හැකි දැයි බලන්ට ආවේ”යි රටේ මහතා කීයේය. අප දෙදෙනා කථා කරන්ට පටන්ගත්තේ නිදන කාමරයේ ඇදන් දෙකක හාන්සි වී ඉඳගෙනය. නමුත් රටේ මහතා කී වචන අසා මම ඇඳ උඩම වාඩි ගතිමි.එසේ වාඩිගෙන මෙසේ කීවෙමි. “ අපේ දිසා මහතා මා ලඟට පැමිණියේ නාහෙටත් ඉහලින් ගැලුවාට පස්සේය. ඒ කොයිහැටි උවත් අසාධ්යල ලෙඩට පවා වෙදකම් කීරිම වෛද්යුවරයන්ගේ සිරිත බැවින් දිසා මහතාටත් යම්කිසි ප්රකතිකාරයක් කරන්ට බලන්නෙමි. දූ පුතුන් හා භාර්යාවගේත තොරතුර ඉඳුරාම නොදැන කිසිවක් කිය නොහැක. ඉතින් ඔවුන්ගේ පැවැත්ම හා ක්රි යා පටිපාටිය කියන්ට පිළිවන් දැ”යි ඇසීමි. රටේ මහතා මිනිත්තු කිපයක් කල්පනා කරමින් සිට “මගේ වැඩිමල් දුව දැන් දෙවරක් දක්කසාද විය.දෙවෙනි දුව තුන් වරක් දික්කසාද වූනා. හතරවෙනි දුව සහ පස්වෙනි දුවත් තවම “මඩමේ” ය. මගේ පුත්තු හතර දෙනාගෙන් ජේමිස් මිනීමරු හොරෙකි. දෙවෙනි පුතා තවමත් නුවර කොලීජියේය. මගේ මැ‍හණිකේ වතමත් ලක්ෂණ සම්පන්න තරුණියක් වගේය. මා කෙරෙහි කිසි සැලකීමක් නැතිව ගොස් අවුරුදු හතරක් පමණ විය. ඉතින් මේ හැර මෙවුන් නිසා මම දිනකට විදින හිරිහැරත් කරණ විදයමත් මගේ අප්පේ කියන්ටත් බැරිය. ඉතින් මට මෙසේ වෙන්ට හේතුවක් මෙයින් ගැලවෙන්ට තිබෙන මාර්ගයත් “අපේම” කෙනෙක් වූ වික්රකමපාල මහතාගෙන අසාගන්ට ආවෙමි”යි දිසා මහතා කීය. දිසා මහතාගෙත් දූ දරු ආදින්ගේත් තත්වය මට හොදටම අවබොධ වූ නමුත් ලෝකාර්ථය පිණිස වත දුරටත් විපරම් කිරීම දුසුදු යයි වැටහුණු බැවින් “අපේ දිසා මහතා දැන නිදාගන්ට, අවුරුදු ගණනක් පැවති දරුණු රෝගයක් එකපාරටම සුවකළ නොහැක්කා මෙන්ම බොහෝ කාලයක් මුඵල්ලේ කීප දෙනෙකුගේ සම්බන්ධතාවන් දිසා මහතාට අයිති වී තිබෙන දුක එක විඩේම ඉවර කිරිමට ප්රබතිකාර හෝ අවවාද දිය නොහැකියි. මම දවස් තුන හතරකින් වලව්වට අවුත් කරුණු තත් වූ පරිදි දැනගෙන කිය යුත්තක් කට යුත්තක් කරන්නෙමි.



472 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

ඒ හෙයින් දැන් සුවසේ නිදාගෙන ඉද උදේ තේ වතුර බී ගමට යන්ට, මම ඉක්මණින් එන්නෙමි”යි රටේ මහතාට ප්රුතිඥා දි අපි දෙදෙනාම නිදාගතිමු.