පරංගි හටන නමින් හැ‍ඳින්වෙන නමුදු සෙන්කඩගල පුර රාඡසිංහ1 රඡු ප්රගතිකාලුන් සමඟ කරන ලද යුද්ධ විස්තරයක් පසුබිමි කොට, සිංහල රජුගේ ජයග්රේහණ අගේ කරමින් රජුට ආසිරි පතා ලියන ලද ප්‍රශස්තියක් ලෙස සැලකීම කාව්‍යයේ ස්වරූපය අනුව යුක්ති සහගත ‍වේ. පෘතූගීසින් පරාඡය කිරීම මතූපිට රාජසිංහ රඡු ලැබු ජය අගේ කොට, පෘතූගීසි සංහාරයක් රජු කර ලදැයි යන සිතුව්ල්ල මතු කොට පරංගි හටන යන නමින් තම නිබන්ධතනය හැදින්වී යයි සිතීමටද ඉඩ ඇත. කාව්‍යයේ මුල සිට අග දක්වාම විරුද්ධ පක්ෂදය නින්දාවට ලක් කරමින්, රජුගේ වීරෝද්රලර ගුණයම අගේ කර ඇති බව පැහැදිලිය.

කාව්‍යයේ කතෘ පිළිබඳ සෑහෙන නිගමනයකට බැස ගැනීමට තරම් කරු‍ණු නොවී ය. අලගියවන්න මුකවෙටිතුමා2 මෙහි කර්තෘවරයා වශයෙන් සලකන්නෝද, වේවැල්දෙනියේ මොහොටිටාල3 මෙහි මුල් කොට සේ විරිදුව අයිතිකාරයා වශයෙන් සලකන්නෝද, සිටිත්, කර්තෘ රාජසිංහ රජුගේ වන්දි හට්ටයකු වශයෙන් පැහැදිලිවන යෙදුම්වලින් කෘති පීරි පැවතේ. දැනට බෙර වයන්නන් භාවිතා කරන ගායන මෙහි පැවතීමෙන් වන්දි හට්ටයකු යයි කරන නිගමනය තහවුරු කරයි. කාව්‍ය කරණයේද සංස්කෘත, දෙමළ ආදී වචන එසේම යොදා ගනිමින් විරිත රැක ති‍බේ.

  1. පරංගි හටන 2, 6 වැනි කව
  2. පරංගි හටන 1916 මුද්රැණය (ඩී.පී.අල්විස්)
  3. සිංහල සාහිත වංශය 339 පිට (පුංචිබණ්ඩාර සන්නස්ගල M.A., P.H.D. පණ්ඩිත)

ග්‍රන්ථ නිර්මාණ කාලය නිර්ණය කිරීමෙහි ලා දෙවැනි රජසිංහ සෙන්කඩගලපුර රජතුමාගේ රාඡ්යෝණදය කාලය වන ක්‍රි:ව: 1635 – 1687 කාලයද, 145, 146 කවි වල සඳහන්වන ගා‍ල්ලේ කොටුව පෘතූගීසින්ට අහිමිවීම පිළිබඳ ක්‍රි:ව: 1640 යේ සිඬිය ද, 148 වැනි කවියේ සඳහන් ලන්දේසි යුදයට හරිමින් මඩකලපුවේ........ යන සිද්ධියද එක්තැන් කල යුතුය. කවියා තමන්ගේ විස්තර වලින් වැඩි හරියක්, ගන්නොරුවේ සටන්1 සඳහා වෙන් කළ අතර වැල්ලාවෙල2 මහවැලිගංතෙර සටන්3 ගැන ද මතක් කරයි. කාව්යල කාලය නිගමනය කල යුත්තේ මේ සටන් වලින් පසුව හෙවත් 1640 න් පසු කාලයක වශයෙනි.

පෘතූගීසි සමයේ දෙවැනි රාජසිංහ දවස ඓතිහාසික සිද්ධි පිළිබඳ සාමාන්‍යෙය් එලියක් පරංගි හටනින් ලබා ගත හැක. නමුත් සෑම විස්තරයක්ම කරුණු වශයෙන් පැහැදිලි කීරීමක් නොවේ. රජු ඉදිරිපිට ගයා වයා කියා පෑමට හැකි විරිත් ගණනකින් රාජසිංහ රජු කෙරෙහි දක්වා ඇති අචල භක්තිය සෑම කවක් තුලින්ම පැහැදිලි වේ.

 දිගත් පාල හැම සුර සහ මෙදි යත           
 දිමුත් රාඡසිහ නරනිදු රැක දෙත	1		
 සෙන් කඩ ගල රජසිහ රජු රිවි කුල
 පින් පිඩ තුල ලෙව සත කල පෙර කල  6	
 පවර රජසිහ නිරිඳුසඳ දැක නොවැඳ සිටි රුපු නිරි‍ඳෙකුත් නැත  21
 මනරම් රජ සහ රජුනම් ලකහිමි තෙවිකුම් විකුමැති රජෙකි බලා  39

  1. 14 වැනි කව
  2. 23 වැනි කව
  3. 38 වැනි කව

 දෙරණාපත් බුදු කුරු උතුමෙකි රජසිහ 	මහිපාලා  83
 දේවා දිගා සිරි රජසිහ නිරි ඳුන්ඩ
 වේවා දිගා මුඵ කප්හිම් වැඩ ඉන්ඩ  100
 අඵත් නුවර හිමි පුල්වන් සුරාදිප
 මහත් සිරින් රකු රඡසිහ නරිදිප  101

මෙසේ රාජසිංහ රජු කෙරෙහි භක්තියක් දැක්වූ අතරම සතුරන් කෙරෙහි දක්වා ඇතිතේ මහත්වු අප්‍රසන්න තාවයකි.

ඒ බව,

 වරින් පස් ඇස් ලතර විජසිඳු යකුන් වනසා ලකෙලි කළ වෙත
 පරන් ගින් හිස් කපා ගන්නොරුවේ වෙලේ ගොඩකරවිය තැන තැන  14 
 අපිත් රජුනැ යි සිතා උඩඟුව	යුදට එන රුපු රජුන් නොව සැක
 සියොත් බලුකැනහිල් වලස් වලකුස් පිසස් රකුසන්ගෙ මගුලක  15
 සකල බුවිතල පතල බල සැඬි දෙමළ ඔල මොල සයුර කොල ගල  16
 අයෙක් වල හඬි වලින් සිට පොඩි කරති දැඬි සැඬි දෙමළ ඔඵ ගෙඩි  17
 කෙළින කෙළියක් ලෙසට සතුරන් කපා දවමින් එලව එලවා  19

 වඩිනවා දැක රාජසිහ රජ දුවති රුපුවල් ඉරව ඉරවා
 පවර රජසිහ නිරිදු සඳ සැක නොවැඳ සිටි රුපු නිරිදෙකුත් නැත  51
 එ දි නා යුත් රුදු රුපු නරවර ගෙනකම පා වන්දා
 නිතිනා දිවි රිවි ලෙස රුපදුරු දිය තුල හල සින්දා  81
 උරඟුන්වන් එ පරන්ගින් ගති රණයිඳු වැඳ නෑරා
 සොබමන් රජසිහ රජු ඉන් දැන් ගුරුලිඳු වැනි දීරා  82
 නෙක රුපු  විරුදු  ඔද  සිඳ  ගත්  සියල්ලෙක  88
 කොස්තත්තීනු විලසින් නැසෙනු කුමටද?  96
 නොබා වැඳ සමරමුක රුපුන්සිඳ දමන 	කල නැගී සෙද මහත්තුරැ මුදුනේ
 බ බා තැන තැනින් පැන කමින් දළු ඇලි වඳුරු සිරින්වූ පරංගින් සොදිනේ 109

යනාදි යෙඳුම් ගණනකින් පැහැදිලිව පෙනේ.

 සුහුඹුල් මගෙ රණහසතුල් පියයුරු වියවුල් ගිනිසේ තැවී 40
 අභිමන් රජසිහ නෘපනන් රුපඹුන්හමදුන් මෙවියෝගේ  41
 පුරුදු වෙලා ලඳ බොලඳ කලා රති සැප විදලා රජසිහ රජුනේ 42
 පවරා අපවෙත අනුරා කෙළියට මෙවරා ලෙස කින්දේ  45
 මෙන් රනේ හසයුරු පුන්තනේ සිඔ පෙරමන් ‍සෙනේ වඩවමිනා  46
 මෙලෙස සිතේ කම් කෙළිය මතේ සැරදී දිමුතේ ඉද යහන මතේ  47
 සඳුනුන් පිනිදිය සහ මුවමද වැකුනන් ගිනි සේ මේ
 සිරි මත් රජසිහ රජු සමඟව අපලත් සැප මෙහෙ මේ  49
 සිරිසාද පසිඳු රිවිකුල කොත් රජසිහ නිරිඳුන් ගේ
 සිරිපාද නැමද සැලකරපන් වඩිනට වෙත මා ගේ  55
 නැවි කඳුලැලි ලැම තද සෝ ගිනි දේවියේ
 මෙවි දුකවත් දැක වැඩමව නර දේවියේ  115
 සොඳා සුවඳ මුවනව රති සැප විඳ මනනඳා
 දද්රො දිලෙන වියො සිදු මැද දැමුවේ කිම අඳ්ර්  116
 ගොර මේ විරහ ගඟ වැටුනා දැන් වෑවෙමි කෙසේ  117

යනාදි වශයෙන් ප්රිඟයංබිකාවක් මුවගින් ගිලිහෙණ කාමෝන්මාද වාග්ධාරාවක් විලාශයෙන් වරින් වර කරනු ලබන ආයාචනාවන් ද සහිතය.

සටන් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන්නට උත්සාහයක් ගත්බවක්, නොපෙනෙන අතර රාජසිංහ රඡු විරුද්ධකාරයන් විනාශ කළ අභීත ආකාරය විරිදුවෙන් කියා පෑමට ගත් උත්සාහය අගේ කළ යුත්තකි.

මෙසේවු විරිදුව සඳහා යොදා ගත් භාෂාව

 පුරව නිර්ගත බරනි න්ර්කි වරනි න්ර්පෙ විලසින් යසෝරා	
 මෙ නරෙන්ර්රිද පුරසුන්ර්හ යුවතින්ර්ද මනනන්ර්ි ව
 කරවින්ර්්රි රූසරා තිලිනෙන්ර්ිද  සුරකුම්බ විලසින්ර්නින
 කිවිඳුන්ඩ බෝකරා නන්ර්ුන් රාඡ සිංහන්රෙ ප නෙන්ර්කි  දිනහිම්ද
 ප්රී්තිචන්ර්සෝර	බාසුරා” 155

යන උදාහරණයට සමාන වේ.

විජයිඳු යකුන් වනසා ලූ ලෙස සිව්සැට කලා, සරඹ අවිසිප් දත් රිවිකුල රාජසිංහ රජු සැඩි දෙමඵන් වැන සූ බව, (16, 17, 157 – 165 ) කීප ස්ථානයකදී ම මතක් කරවයි. කඵගඟ රුපුන් මැඩලූ පුවතක් (19) ඉදිරිපත් කර ඇති අතර යාපාරජු මුල් සිඳු බව (23) හා වැල්ලවාවෙල දි (23) පරංගීන් හට පහරදීම ගැනද කියා පායි. ප්‍රපතිකාලුන් හා ලන්දේසින් රජුට පුද පඬුරු (35) ගෙන ආ අතර දසටක් මහවන්නීන් ජය ගැනීමේ පුවතක් ද (80) විය. මහවැලිගඟ සටන් (107) හා රන්දෙනියේ ගන්නොරුවෙහි සටන් ගැනද (134, 147,162) කීපවාරයක් ම විවිධව විස්තර කර ඇත. කොළඹ විරුද්ධකාරයන් පිළිබඳව හා (135) ගාල්ල සම්බන්ධව පුවත් ද (145 – 146) ලන්දේසි යුදයට යැවීම (148) ගැන ද උඩරාජාර්ගි යුදයක් (149) ද මඩකලපුවේ වෙඩි ලෑමක් ද, (167 – 168) යන කරුණු ඓතිහාසික සිද්ධී9න් හා කොතරම් දුරට ගැල‍පේදැ’යි විමසිය යුතු විය.

බොහෝ තැන ප්රසමාණය ඉක්මවා රජු ගේ වීරෝදාර චරිතය, රණසුරත්වය ගැන කරුණු කියා පාන පරංගි හටන අවසන් කරනුයේ ඉර සඳ පවතිනා තුරු රජසිහ නිරිඳු පැවතේවා යයි යන අංශංසනයකිනි.

පරංගි හටන

සංස්කරණය

1.

 පො ත ත් නීල ගෙලෙ නැබ සිරි සරණ ත
 කො තත් කාල කර හිමකිර කිරණ	ත
 දි   ග   ත් පාල හැම සුර සහ මෙදිය	ත
 දි   මු   ත් රාජසිහ නරණිඳු රැක දෙ	ත

2.

 සිරි සර   යස වර   කුලඹර කිවිය	ර
 පුර ඳර    උර හර   හිමකර සියක	ර
 දින කර  කුල වර රජසිර නරව	ර
 සිරි සර   විඳ දින   සෙන්කඬගල පු	ර

3.

 ගිරිනිඳු තිර ගුණ යසසින් 	පිරිනිඳු
 සුරනිඳු සිරිසර තෙදනින්	කිරනිඳු
 පිරි සිඳු ගුණ රැඳු රජසිහ	නරනිඳු
 සිරිනිඳු සිරිනිඳු සිරිනිඳු	සිරිනිඳු

4.

 සකලා සැපතින් වාකුමෙන්	සකලා
 සකලා සඳ සිරි යස සිරි	සකලා
 සකලා දැනගත් මොහු නැණ	සකලා
 සකලා සිරි විඳ දින දින 	සකලා

5.

 වි කු ම ට සිරිහිමි සැප 	සුරනිඳු	මය
 රු සි ර ට මද තර ගුණ 	ගිරි රඳු 	මය
 ය ස ස ට සඳු බුජ බල 	කුමරිඳු	මය
 මෙ රඟට සරි රජසිහ 	නරනිඳු 	මය

6.

 ම    න්   මැඩ මොල  රුපු නිරිඳුන් නොපැකි	ල
 මෙ න්   තුඩ   ක ළ   බඹ මුදුනත යස දු	ල
 සෙ න්   ක ඩ  ග ල   රජසිහ රජු රිවි කු	ල
 පි    න්   පි  ඩ තු  ල   ලෙව් සත කළ පෙරක	ල

7.

 හි ම ක ත ය  සි ත න දිය නෙත  කුල කො	ත
 සි රි ව ත   මො හු අ ත අ   සි  ප  ත  ලෙල දෙ 	ත
 රු පු ක ත   කො පු ල ත 	ස  හ   ර  ත  දිගුනෙ	ත
 තෙමි යෙන නෙ නැ වත ස  ස  ල  ත  එ ක යු 	ත

8.

 මු තු ම ල්  ද ල නි ල් මි ණි දු ල්    පැ හැ ප 	ත
 සු වි ම ල්  කි වි ලො ල්  ව න ක ල්   ප ල දෙ	ත
 රජ ක ල්   උ ර පු ල්       ස පු ම ල්    වැ ල යු	ත	
 හැම ක ල් ලි ය ක ල්      වි ය තු ල්   මො හු අ	ත

9.

 සි  රි  ම ත්   ර ජ සි හ නිරිඳුගෙ යසින	ද
 කොපුලත්   සිරිසර නොහලෙන් වෙනු බ	ඳ
 පැ හැ ප ත්  යුගනෙත් සතරත් දැක සො	ඳ
 සැ ක සි ත්  හැර සිත් ලෙස විසු සිරිස	ඳ

10.

 එ    බී   විරිදු    නිරිඳුන් ගජ  කුඹු  හැ	ම
 හෙ බී  ය මුඵ සිරියක ගිරි සිරභි	ම
 අ   බී   ත  වන  නීතියෙන් බැස  රණ බි	ම
 ඔ  බි   රාජසිහ  යනු  මේ  නිරිඳුට  	ම

11.

 මි  හි  පා   කිරුළඟ මිණිතර  විඳු	නා
 ස ත  පා   රණහස  සළඹින්  රඳ	නා
 සි  රි  පා   වර රජසිහ  නරවර	නා
 සි  රි  පා   මුතු මිණිතඹරෙක නද	නා

12.

 ද ල නි දි   ගුණමිණි යසසින් සුරන	දි
 න  ව  ති   නිළිනෙත් රිවිහිමි නොව ල	දි
 සි රි රැ දි   රජසිහ නරනිඳු ගුණ නි	දි
 සි රි ල දි   සි රි ල දි   සිරිලදි   සිරිල 	දි

13.

 දි නි  ක ර   කි ර ණ ත  රතඹර  බරනෙ	ත
 දි න  ක ර   කි ර ණ ත  සරසත සරණ	ත
 ගුණ  ස ර   සි රි න ත  රජසිහ තරණ	ත
 දි න  දි න   මෙසුගත  රැක සිරි සෙත දෙ	ත

14.

 සිරින් ඇත් අස් සදිසි වර රජසිහ 
               නිරිඳු සිය සෙනඟ සමගි	න
 බිරන් වෙස් රොස් තුමුදු බලසුත්
               සතුරු මහසෙන් මැදට පැන ඇ	න
 වරින් පස් ඇස් ලතර විජසිඳු 
               යකුන් වනසා ලකෙළි කළ මෙ	න
 පරන් ගින් හිස් කපා ගන්නොරුවේ වෙල්	
               ගොඩ කරව් තැන තැ	න

15.

 උ  ග  ත් සිව්සැට කලා ඇත් අස්
               සරඹ සහ අවි සිල්ප දත්	නෙක
 දි  මු  ත් රිවිකුල මෙ අප රජසිහ
               නිරිඳුගේ සිරි සරණ නොම 	දැක
 අ  පි  ත් රජුනැයි සිතා උඬගුව යුදට
               එන රුපු රජුන් නොව 	සැක
 සියොත් බලුකැනහිල් වලස්
               වග කුස් පිසස් රකුසන්ගෙ  	මගුලක

16.

 නැ බ ල    ගිරි පෙල වරණ මදගල
                පනිත හයරල විසුල රල වැ		ල
 ස  ස ල    ප‍ටගල විපුල කුමුපෙල
                ඔසල අවිකැල මිනැති අවිර		ල
 ස ක ල    බුවිතල පතල බල සැඩි
                දෙමළ ඔලමොල සයුර කොලහ		ල
 මෙකල   රජසිහ නිරිඳු පදතල
                වෙරල මැද නැවතුනෙය පැහැදු		ල

17.

 නොයෙක් සය වැඩි මෙ රජසිහ රද
                සෙනග රණ මැද කළ යුදෙහි දැ		ඩි
 අයෙක් පසු අඩි නො හැර 
                වෙඩිහර පහර ලැබ වරමීගට කන්න		ඩි
 අයෙක් සිට දැඩි උනේ ඇත් අඩි
                සිදිති එහි වැඩ රුපුන් හිස් ගෙ		ඩි
 අයෙක් වලතඩි වලින් සිට පොඩි ‍
                කරති දැඩි සැඩි දෙමල ඔඵ ගෙ		ඩි

18.

 වි ත ර නොව නෙක ලෙසිනි සසොබන
               පටලි කුඩ කොඩි පණෙති වෙසෙ		සේ
 ප ත ර දිය එක පිතිර ගොසකළ
               වෙඩිලි රැසවිය සුසුන් ලත		සේ
 ප ත ර නෙක ගිරි කුහර කඳයුරු
               ඔරැඳි රුදු රුපු උරග පිරි 		සේ
 ප ව ර රඡසිහ නිරිඳු ගුරුලිඳු
               තෙදන තුඩගින් ගතිය තොල		සේ

19.

 යනෙන කඵ ගඟ එතර වැඩ සිට
               රුපුන් යනමෙන් බ ල ව	බ ල වා
 දිලෙන රන්කහ අතට අරගෙන
               විදුලියක් මෙන් ලෙ ල ව	ලෙ ල වා
 කෙලින කෙලියක් ලෙසට සතුරන්
               කපා දමමින් එ ල ව	එ ල වා
 ව ඩි න වා දැක රාජසිහ රජ
               දුවති රුපු වල් ඉ ර ව 	ඉ ර වා

20.

 ග නි ත සුරතට එකම කගමය
               රැගත් කළ කග දෙකක් 	සේ මය
 නැවත ලෙලදෙත පෙ‍ණෙන ලෙස
               කග තුනක් හතරක් පහක්	සේ මය
 වදිත රුපු මැද රැගෙණ සඳ
               කග සියක් දහසක් කෙළක්	සේ මය
 දියත පරසිඳු රාජසිහ නිරිඳුගේ
               කග අනුහස් සද 	සේ මය

21.

 ත ඹ  ර  කර පෙර ගිරග වැද එත
                ගහන පිලිකැර අඳුරකුත් 	නැ ත
 ල  ත ර  එකසර කෙසර නදසා
                නොදිව සිටි මත ගිජිඳෙකුත්	නැ ත
 ප‍ඬෙ ර  ගණ වෙත පැමිණි පැමිණි නොබිරුව
                උදම්වු යක් පිසසෙකුන්	නැ ත
 ප  ව ර   රජසිහ නිරිඳු සඳ දැක
                නොවැඳ සිටි රුපු නිරි‍ඳෙකුත් 	නැ ත	

22.

 වා ර  මිණිකුල නුබ විර‍ාජිත
               ලෙසින් තෙද යස දිති	සු රා ම ය
 වී  ර  රුපු රජ ගජන් කුඹු බිඳි
               නොහැර දිය තුල බා	සු රා ම ය
 සා ර  නුවණින් රජු අසුර සෙන්
               දිනූ විලසින් පර	සු රා ම ය
 සූ  ර  තෙදියත කින් සුවඳ දැක
               මෙලක රජසිහ ලකි	සු රා ම ය

23.

 ස ට න්  රිසි රජසිහ වෙවුල්ලා
               විරිදු පුම්බයි රණ දෙරණ තු	ල
 ප ට න්  යාපා රජු මුලින් සිඳ
               දැමිය යක් යකුහටම නොපැකි	ල
 තු ටි න්  වඩනා පරන්ගිං යෙත
               එරජු පත්කළ වැල්ලවා වෙ	ල
 ස ට න්  රිසි අරවමින් මෙනිරිඳු
               සොඳට බැටදුනි කුමර කෙලි කෙ	ල

24.

 නොමින්   දඹදිව්තල වසන රුපු
               රජුන් සහ නෙක සටන් කෙරෙසි	න
 ඔ  වු  න්   දෙන ගජමිණි පඬුරු
               මේ නොහිමි එමගින් නිවා වෙසෙසි	න
 එ  ව   න්   නොසලකු බැවින් ලකතුල
               විත් රුපුන් සිඳ කොලඹ උන් තැ	න
 මෙ දැ න්   මෙනිරිඳු තුමා දුන් බැව්
               සටන් පලයට ලත් කුසුම් මෙ	න				


25.

 එ පි ට    නෙක රට සෙනඟ ගෙන්නා
               සොඳට මොහු බල කරණ රජ	හට
 ක ප ට   නිරිඳුන් උන් මුදුන් පා
               ර‍ෙජක් පැමිණිය කලට මිග	බට
 අ ප ට    එදිරිව රජෙක් වීනම්
               යෙගෙකි රණකෙළි කෙලිමු කී	විට
 ඔ හු ට   රජසිහ නිරිඳු දුනි බැට
               උදක් නරබිලි තබන විල	සට

26.

 දි මු ත්    රිවිකුල පවර  රජසිහ
               නිරිඳුගේ සිරිවතට නොම කො	ට
 ම හ ත්   බුජ බල විකුම් ඇති ජන
               රජුන් සිඳිමින් කරපු සටන	ට
 කි ව ත්   තනනා සියක් වස් ඉඳ
               අනූනනු බැරි වතනු සරි කො	ට
 ත ව ත්   නුබ මැද සඳක් වී නම්
               ඇඳිය සක්රද මෙකප හිමි කො	ට

27.

 ක  ර  ණ   රණ කෙළි රජුන් දිය තුල
               දෙවන් මිණිමුතු පඬුරු වෙසෙසි	න
 රැ ගෙ ණ   රජසිහ නිරිඳු සිරිපා
               දුහුලි අනමින් සඳුන් සමගි	න
 සොබ න   නලලත තිලක ලාගන
               වඳිත රණවිග නොවැඳ කියමි	න
 දි  න  න   රඟ සැක නොකොට
               දැනගත් ඇතුට කේසරසිංහ රජු මෙ	න

28.

 තොසින්   කළ හිමි මෙ රජසිහ
               නරනිඳුන් තෙද රිවි ලෙසින් 	දිස් වී
 ප  ස  න්   කිවියර සුජන බියකර
               වැසූ රුපු ගණ අඳුරැ අ	ස් වී
 හ  සු  න්   පඩි ලැබ තිලින මුවරද
               නගන රැව් කිත් තද විල	ස් වී
 කු  සු  ම්   විල ගඟ තඹර තදකර
               දහන් ටිගු නදයට විල	ස් වී

29.

 ස  ක ල   බුවි තල පසිඳු යස රැස
                සිසිර කර හර ගිරි	තීස්  ක ර
 ප  ත  ල   තෙදබල කල සුරත කර
                කළඹ රුපු ගති දිගු 	තේස්  ක ර
 ගු  ගු  ල   බලමොල සතුරු සමුදුර
                දිලින් සිඳගත්	අගතීස්  ක ර
 මේකල   රජබල පහළ කළ
                රජසිංහ නරපති කුල	බාස්  ක ර

30.

 බැ ව්   උපා බල මුදලි කඳයුරු
               අදන් විසිතුරු උස්	වෙ වී
 සි  ව්   එ දේවා‍ලය සතෙහි බැඳි
                දනන නිරතුරු වැස්	ස වී
 ලෙ ව්  එ සාසත රකින රජසිහ
                රජුගෙ දම්කුරු රැස්	ස වී
 සි   ව්   දිසාපති සතර ඇර ජන
                කඳු මුලින් පොළු ගැස්	ස වී

31.

 ප ස ඟ  තුරු ගොස යුගත සමුදුර
               ගුගුල හඬ විලසට උගු 	ල් ලා
 ප ත ඟ කුල රජසිංහ රජු ජයසිපත
               ලෙ‍ලකර ලෙස විපු	ල් ලා
 ම ත ඟ  මදගල ගගණ ගණකුළු
               දෙරණ වැලි ලෙස කර වල	ල් ලා
 මෙ රඟ රණමුන පැමිණි රඟ දුට
               නිමල මහමෙරවන් වෙවු	ල් ලා

32.

 ප   ත  ර කර බුඡ විකුම් රජසිහ
               නිරිඳු සියසෙන් ඇරපු විග	සේ
 නොහැර රුපුරඹ අරණ මදමත්
               තිමද මදගජ රැලක විල	සේ
 එ   ව  ර     මහවැලි ගඟ දෙතර රුපු
               උරිරු වතුරෙන් තෙමුනු විල	සේ
 අ   ව   ර    මෙරදිග පබල සමුදුර
               කෙලින සක්විත් සෙනඟ විල	සේ

33.

 තා ර පති කිත්හාර රජසිහ
              රාජ සිරිලක් රජු ලෙ	සේ
 වී ර  සිරි රැඳි බාර මුතු සේසත්
              දරා වැඩ සිට එ	සේ
 වී ර  තද කර දාර සින්නම් කොම්බු
              කාලම් සක් ගො	සේ
 ගෝර  නදකර මාර සෙන් හඬ
              ගෑ ලෙසින් රජහට ඇ	සේ

34.

 වි  රි  දු  පෑ යුර තලවියෙන්වත්
              දෙරණ ලෙලවන රඟ විකුම් සෙ	ද
 සු  රි  දු  පෑරිය ගගන හළුකල
              වලඹ ගිනි වැට විලස තද තෙ	ද
 ප  සි  ඳු  සූරියවංස රජසිහ නිරිඳු
              රණමඬලක පැමිණි ස	ද
 කෙබඳු වීරිය රුපු රජෙක් වත් නොවැඳ
              සිටිනට නොහැකි සිරිප	ද

35.

 පු රු දු  කාළුන් ලන්දේසි කැල
              වඬින නන්දෙසවල අය	ත්
 සි නි ඳු ගණසර මුරුදු මෘගමද‍
              මතහ හට ජය කුඩ කොඩි	ත්
 වි රි දු ජසෙන් අතුරු නොහැරම්
              පඬුරු පටසළු ගෙන අවු	ත්
 ප සි ඳු  රජසිහ නිරිඳුගේ
              සිරිසාර යුගපා වැඳ සිටි	ත්

36.

 අ සු පි ටි න් රජ සිහ ර ජු න්
             පල කර ග ම න් දුටු යන රජුන්	ගේ
 සෙනඟ රන් ර සු න ද ප ව න්
             විය නොදැක ඉන් පසු දිවපු මේ	ගේ
 අඟල   කින් හුණු අසු පිටින්
             රජ තව සෙමින් වැඩ සිටිය ලා 	ගේ
 මදන   ලින් සොඳ තලතමින්
             ලැබ නොව දිළුන් වෙනි රණපතා	ගේ

37.

 මු  දු න්  මිතුරු කු ල  නදු න්
                මෙ ර ජ සි හ රජුන් සමග මිහිසුලන ස	            දේ
 බැ දු න්  කිවිදු පද ලඳුන්
                දෙ පියයුරු මුදුන් සරල වරලස නිබ		දේ
 නු දු  න්  සිනැගි රස බොජුන්
                වැසෙන තුරු වෙදුන් සතර කර නිබ	‍ 	ඳේ
 සි ඳු න්  වි රි දු ප ර ර දු න්
                වෙ ර ල මිස වැදුන් නොවෙය වෙන 	නොම වනදේ

38.

 තු ගු ග න් දි ගු ද ල ද ල යු ත්
               තුලරණ රඹ පත් මදගල වරණයු		තේ
 බ ල ව ත් නෙකවර වෙතපත්
               රුදුරණ ජයගත් රඟ දැක බියව සි		තේ
 තෙ දියත් තුල හැම එකසත්
               කර තම පුරයත් රජසිහ රජුට වෙ 		තේ
 වෙපසින් සු ර ර ද සි දු හ ත්
               වටකර තිකුලත් බැඳගණ ඉඳිති                    සිතේ

39.

 ත න දොම් දොමිකිට තදිතන්
               මද්දල මකුඩම් සහ වයමින් නොව		ලා
 ගු මු ගු ම් හඬ සක් සමගින්
               පසතුරු ගණ ගුම් වැඩි දැඩිවෙඩි හැර 		ලා
 තො තරම් කර මිග කියමින්
               හැම වර යුද වන් රුදු රුපු මුළු පුට		ලා
 ම න ර ම් රජසිහ රජු නම්
               ලකහිමි තෙවිකුම් විකුමැති රජෙකි බ 		ලා

40.

 සිනිමල් ප ට ති ලි තු ල තු ල්
       පි පි ම ල් ගි ය ම ල් මුතුලිත	වී
 තුගුතුල් ව න මු දු ස ඳුතුල්
       සඳකැන් සි හි ලැ ල් නල තල	වී
 රතු පුල් පි යු මැ ති මිහිපල්
       ර ජ සි හ තු නු වි ල් වෙත නොය	වී
 සුහු ඹුල් මගෙ රණ හස තුල්
       පි ය යු රු වි ය වු ල් ගිනිසෙ තැ	වී

41.

 සු ප ස න් ක ර ණා සි ලි ලෙ න්
       සිසි ලෙස ක ර මි න් තුකු 	මා ගේ
 මනයොන් යුද ඉඩ නොදෙමින්
       පෙ ර සි රි වි දි මි න් අනු	රා ගේ
 අ භි  ම න් රජ සිහ නෘ ප න ත්
       රු ප ඹු න් හ ට දු න් මෙවි	යෝ ගේ
 මෙ ර ගි න් අප වෙත නො වඩින්
       නට සකි බ ස කි න් වද	කා ගේ

42.

 සි නි ඳු ක ලා පති කිරණ වෙලා
       සිය ග ත ට හ ලා හල විසසෙ 	දැනේ
 කු මු දු ක ලා දල ය හ න තු ලා
       තද වෙහෙස වෙලා දෙනෙතට 	නිදිනේ
 පුරුදු වෙලා ලද බො ල ද ක ලා
       රති සැප විදලා රජසිහ රජු	නේ
 මෙබඳු අලා රුව වි දි න ක ලා
       අප කිමෙක මෙලා ගව වැඩ ඉඳි	නේ

43.

 ස න් කරා රිපු මත කුන් ජරා
       ස න නැ ගෙ මි න් විරා ජිත	නොවලස්
 ම න් තරා පව ග ණි මි න් සරා
       සත විදිපන් සරා ලෙස	සුවහස්
 දුන් තුරා තුරු ඉද මන් දිරා
       ත ද දෙ ස ස ව න් පුරා හඬ සේ	පියස්
 පෙන් ක රා රජසිහ න න් තරා
       දි ප නො ලැ ගු න් කරා කිම	උදහස්

44.

 ව දි නේ අ ම යු රු ත දි නේ
       මන් කොඳ සුගුනේ දිලි සේ	පා
 ම දි නේ සිව් සැට ක ර නේ
       දැන් ලොබ කරනේ කත රූ	පා
 නිදි නේ අද තනි ය හ නේ
       තුන් යම ත දි නේ විය තා	පා
 මෙදිනේ කි ම නො ව ඩි නේ
       රජසිහ රජු නේ ම සමි	පා

45.

 ත  ව  රා   සොඳ කොකුමඟරා සියොගත
       අසුරා තල ගි	න් දේ
 සොඳු රා  ව න සි ය බි ගු රා මය වෙත
       ඇදුරා රණකු	න් දේ
 ල ත රා   තුරු රජ කෙසරා සිරි දිනූ
       රජසිහ නරණින්	න් දේ
 ප ව රා   අප වෙත අනුරා කෙළියට
       මෙවරා ලෙස කී	න් දේ

46.

 මෙන් රනේ හස යුරු පුන්තනේ
       සිඹ පෙරමන් සෙනේ	වඩවමිනා
 අන්  තැනේ ලොබ නොවමින් උ නේ
       සැර දෙය අන් රොනේ තුල	යහනා
 වන් මෙනේ යුද සරොසින් මෙනේ
       පද වැද ලත් උනේ වෙත	මදනා
 දැන් අනේ කිම මෙලෙසින් උ නේ
       රජසිහ තන් තරාදිප	කරුනා

47.

 මු හු ල ම තේ බැඳ දුනුද ලතේ
       කඳ තිලක ලතේ ලැම වලඟ	අතේ
 කොමල ගතේ සඳු තල උරතේ
       හර දෙස වනතේ සත් පතිනි	යුතේ
 මෙලෙස සිතේ කම් කෙළිය මතේ
       සැ ර දි දි මු තේ ඉඳ යහන 	මතේ
 මෙ අපවෙතේ රජසිහ නෘපතේ
       තුන් යමට නෙතේ නිදි විය 	අපතේ

48.

 පා නා ලෙස යුග දඟ පෙරගින්
       දින පෑවිය සිය	කුන්දා
 බා නා පසන ලසන නැගෙමින්
       මද යුදයට කොඩි 	බන්දා
 ගා නා පිනිදිය වන්දන කුන්
       කුම තලවිය සිළු 	මෙන්දා
 බූ නා පති රජසිහ නරණින්දා
       සකිසඳ වර	කැන්දා

49.

 ස ඳ ප න්   වර පෙර ගිරඟින් දිනකර යුත් ගිමදි	මේ
 ම ද න ත්   සැරපස ගෙණ විඳි යුද මදකුන් නිදිනේ	මේ
 ස ඳු නු ත්   පිනිදිය සහ මුවමද වැකුනත් ගිනිසේ 	මේ
 සි රි ම ත්   රජසිහ රජු සමගම අප ලත් සැප මෙහෙ	මේ

50.

 කොඳපා       සතනල මින්දද බැඳ වැඩඉද තුල	යහනේ
 ක  ඳ  පා       තම බල පාකළ කර පසලිය සැර	යහනේ
 අ   ද  පා       හිමිකුල වර වර රජසිහ නරණිඳු	අසමානේ
 වැ  ඳ  පා       යුගසැල කර සකි සඳ වඩිනට සඳ	පානේ

51.

 ත ඹ ර කර පෙර ගිරඟ වැද එන
       ගගන පිහිකුළු අඳුර	කුත් නැත
 ල ත ර එකසර කෙසර තදසා
       නොදිව සිටි මත ගිජිඳෙ	කුත් නැත
 කුවෙර රද වෙත පැමිණ නොබියව
       උදම්වූ යක් පිසසෙ	කුත් නැත
 ප ව ර  රජසිහ නිරිඳු සඳ දැක
       නොවැඳ සිටි රුපු නිරි‍ඳෙ	කුත් නැත

52.

 පා නා අසිරි නොහැර පානා
       දෙනෙත් කුසුමබානා පියෙව් බලති	තුංකමේ
 නු නා වැලදී කමල යානා
       සඳ ද සද වියානා සපිරි පිරිනි	සංකමේ
 පී නා සමර ස යු ර නා නා
       තනන තනඹ ගානා විරිදු තෙදන 	කුංකුමේ
 සේනා සමග මෙලක නානා
       සිරින් පවතු බූනා දීනතී රාජ	සිංහමේ


53.

 ස ක ලා වන් කොඳ තදකළ පිරියස	ලංකමේ
 වි ක ලා රුපු ඔද සිඳහල තිසර ප	තංකමේ
 ස ක ලා ස ත ව ද නිඳු පිරි සිරිනිඳු	සංකමේ
 ස ක ලා සි රි වි ඳ දින දින වර රජ 	සිංකමේ

54.

 හ රි ඳු  ගිරිඳු යුරු සුනිමල් සිංහ විරාජි	ත
 වි රි දු  නිරිදු රඹ සුන්කල මදන සුපූජි	ත
 සි රි දු  විරිදු තද තෙද නන් තෙදියත පූජිත
 ගි රි දු  කිරිදු හිමි දින රජසිහ නර දේව	ත

55.

 සි රි සා ද  කිරණ කොඳ තද කර බබලයි ලිය දී	ගේ
 බැ රි වාද  වෙමින් මදරද සෙදනල තුරගුට නැං	ගේ
 සි රි සා ද  පසිඳු රිවිකුලකොත් රජසිහ නිරිඳුන්	ගේ
 සි රි පා ද  නැමද සැලකරපන් වඩිනට වෙත මා 	ගේ

56.

 අ න් ත යුග නලසේ පාසේ නේකලම්බා
   පෑර කිරණේසේදේ ගත නම්බා
     නේක ගිමනාදේ
 කොන්ත මුන ලෙස වියානා ගි ම ත ම් බා
   දාන කොඳ පෑදේ මි ග පු ම් බා
     මීන දද	වාදේ
 නන්ත සැර විදිනේ තේදී  දී ර ම් බා
   සේමකර තේදේ දිගු න ම් බා
     හාර යසි	නේදේ
 වන්ත රජසිංහ මීපා මා වෙත සම්බා
   වේද නොපමාදේ සකි එම්බා
     තීගෙ ගුණ	මූදේ

57.

 තුං  ග උදය ග පා නා සේ සි සි බි ම් බා
   වි ය න ව තා වී නොවලංගා
     කාරදෙය 	තාපේ
 නැං ග තලරිය යානා වේ ක ම ල ම් බා
   සුනු වි ද ඒ වී ම න රං ගා
     බානලිය	වාපේ
 ගං ග සිරිපුර නානා සේ සි රි ර ම් බා
   සාමි සදි සේ වී නික ලං ගා
     නූනු තුනු 	රූපේ
 අං ග රජසිහ බූ නා බූපාලා සෙද එම්බා
   සාද නො පමාවී අ ද ලං ගා
     වේද ම 	සමීපේ

58.

 නන්දා කොඳතුල යහනේ නේක සුගන්දාස
   ලේපනොව තාපා උරගින්දාහ ගොරවිස 	සේපා
 මන්ද නී ල ත ල සේ ඒ ඌනග බන්දාා
   මින දද චාපා තීපුරන්ද් බානවිද 	කීපා
 තීන්ද තැන නෙත වීනා නාද සුරන්දා
   රාඬ හඬ සේ පා පිස සුන්දස  පෑරඑ	සමීපා
 කින්ද රජසිහ බූ පාලා අද කැන්දඑ
   තේ නු ම සමීප‍ා සිරි නන්දන සාර තුනු	රූපා

59.

 ලෙස දෙව් වර සිරිති නෙකා දිසි රජසිහ
   නිරිඳු	සදා
 ව ත  සි  ව් නැති ගුණෙකී තුමුතුංගවූ ඔහු
   ගෙලෙහි	යොදා
 නැණ බැව් තෙදසේ තොලසව් පිරියත ඔහු‍	
   නොවමි 	නදා
 වි සු ලෙ ව් ගගනත ගෙණ හගිතෙම් පළ
   හෙළතරු	සමුදා

60.

 සි රි   ම ත් රජ දිමු තා ගුණයුත් රජසිහ
   රජු	දිමුතේ
 සත නෙත් කුමුදු ඉතා තද කෙළෙ
   මෙදියත සත	වියනේ
 ගිම  නෙත් තම වනිතා සඳකත පහනින්
   දිනූ	දෙ නෙතේ
 මුහු ලත් සරණ වතා මුකුලිත විය
   පරරද	සතතේ

61. පි රි න ත තෙ ද ණ රැසේ රජසිහ නිරනිඳු කර අරුණු බ බ ල ත පෙ ර ඟ හිසේ ඉන් ඇතිවෙද රුපුඳුරු දරුණු හි ම ක ත අ න ල හ සේ කුලපති පරරද කුල මුහුණු වන පෙත වැද වෙහෙසේ විඳිනුය නොමදව බිය නළුණු

62. වන්දන නා ගරු පංක විලේපන ඉන්ද නා තලමෙන් විය තාපා බැන්ද්නා නිලවන් දද මින් සිරි නන්දංනා විඳිමින් සැර කීපා තීන්දිතා රඟ ඉන් නොකියන් වෙන උන්දදනා ඇසුවොත් මේ විලාපා කින්දත තා බව දැන් විමසන් සකි නන්දේනා රජසිංහ මගීපා





19

63. මත් ව ලා පැහැප ත් සිරි ගත් සි රි ම ත් විලාසයකින් කමලාලා මුත් නීලා ව ර ල ත් කුසුමුත් මු තු ප ත් වලාගත යුත් ගවසාලා අත් වලා න ද ට ත් හඬමින් එ ක ම ත් වලා සැප ලත් බව මාලා සිත් වෙලා වඬිතොත් කියසත් ගුණ යුත් දූලා රජසිහ නර පෑලා

64. මේ ර ගි න් කරවා රණ මංගල පුන්නවු යසහි නොව ලං කා නා ග ම න් දින මින ලෙසින් බින්දාවූ සිරිත් අසුරාදීප සං කා බෝවනත් රුපු සවුතිගනන් ලැගුනේද ඉන් ජය වේ නොව සං ක‍ා බානුවන් සය බීම රජසිහ මේ නරාදීප පවතින් සිරි ලං කා

65. බ න්දුන මා කරවන්නට නුන්තවරා තබිලෝක මනෝහර පුජිත ඉ න්දුබ වාරිව උර්දිකරාමය නාරනු සේනානායක සෝඛිත න න්දු නූමා මෘත සැස්ටකලාවතු සහිත නානාසාගර පාරත ලංකා බූපති රජසිහ නරදීප මුහුලකමින් තා මාන විරාජිත


* * * *




20

66. ඉ න්දී පන්කජ සාදවත් නිති උදාර යස තේජසින් දිසි බි න්දා මින් පර රාජ වරණ කුම්බ සිංහසේ බි න්දා මින් දජකේලි දික්යට මන්දබරගිරි රාජමෙන් තර න න්ද් නන් වර රාජසිංහ රාජ රාජනේ

67. නි ක ර තරඟසේ රඟහර නන්දි යස සඳුන් දිගගන ල ක ර වූ උර නිතොර නැර කිරණ දාරණේ ස ක ල උබය කුල පිරිසිදු විතර නූ සැපසේ දින දින ල ක ල මාලිගාදි දීප රාඡසිංහ මේ

68. සු නි ල ගගණ නැබගණ කුලගින් දිසි විදු කිඳු සමාන උ දු ල සිපත ගෙණ රුදු රණ නේකසේ දිනා ක ම ල සුරත සිරිපදතල වීර විරිදු නෑමර රුදු ස ක ල දියත පරසිඳුවර රාඡසිංහ මේ

69. බා නු කුල ග පාර ද සුර ‍හේම කොත් සිරිත් සුරදුල දේ නු සුරබි පාදපසුර ත්යාඡග රාඡනේ පී නු ස ම ර සා ග ර බැස මුනු සපිරි දිරිතර වර ති නු විඡය සි රි ව ර රජසිංහ බූපනේ

70. නොහැර දිය නැගු දු දන පින් සිඳ දමන අවි අතුරෙන් ගිනිසෙ ඉසුරු වාලා එ ව ර තෙද යසසට දිසි දිනිඳු රිවි වන ලෙසට පැන නැගි රාජයස ලීලා ප ව ර අප රාජසිංහ නිරිඳු තෙද ඇතුල වැද දමන සඳ රුපුන් වනසාලා ඉ ව ර නොවදී නැගුනු දුනුවෙයි සිරිදැරු නොහැර අඹර තල පැතිර රැලි දීල‍ා



21

71. නො බා මැද සමරමුක රුපුන්සිද දමනකල නැගිසෙද මහත්තුරු මුදුනේ බ බා කැණ තැනින්තාන කමින් දළු ඇලිවඳුරු සිරිත් පරංගිද මෙ සොදිනේ සැබැ ලෙස මෙ තරණිඳු දැකපු යුද පවසතොත් වෙසෙස් කොට මදක්වත් එදිනේ බ ඹා පුරදරා සුරගුරු මිස වෙතින් අන් කෙනෙක් නැත සිතෙයි මේ දෙරනේ

72. එ ස ඳ පත් දෙදෙව්ලොව සුරිඳු ලෙස දෙරට ගත් රාඡසිංහ රජුගේ උදාරා නොමද යස තරඟවැල වෙලින් වෙල මෙදිය තුල පිරෙව් කිත් යුගෙහි සිරි නෑරා නි බ ඳ එයි ගැලීකුර කෙලෙස් කුල උමයඟන අහස්ගඟ සවත්සඳ තෝරා ස ස ද නොව ඇඳින හුන් තමන් බව කිවුය බස් කුහුල්විය පැතිර නෑරා

* * * *

73. ර ණ හ ස යුරු දෙතනා සතොසින් පිරිමැඩ ඉඳ යහනා ම ද හ ස ලත ලවනා සතොසින් කරමින් තුනු විමනා නොතවස පෙර මදනා ර ජ සි හ නරණිඳුගෙන් සොබනා සිතු ලෙස රැගෙන මනා කිම දැන් වෙත නොවඩින කරුනා




22

74. වදිමින් හිමවත වන්දනා පළු තනමින් පිපි කුසුමන් මුවරද සමලින් පරපුටු සන් ගෙන එන පවතින් ගිම දේවි මනයොන් ඉඟ සැරසුන් බිඟු දිය බඳිමින් නලසන නගිමින් මිග කිනමින් සෙද රම්රද ලෙස සැරපසයෙන් වීද ඒවී දෙසවන් කුසුමෙහි වන් පිනිදිය සඳනෙන් හිමකොකුමන් ගතවැනි සැමතැන් විසගොර උරගුන් ලෙස දැනෙමින් නිදි නේවී ඉතිකින් සකි වෙසෙසින් රජසිහ නිරිදුන් සිරිපද පංකජ වැඳ වමදුකින් සනසන ලෙස දැන් සැලකරපන් නො පමාවී

75. පැහැ පත් හිමජල මුත් හර සුරගඟ යුත් පිරිසිදුකින් සුදහර දිගුනෙත් කුඹුතල වත් වරකල මදයුරු තුනු ලිලා යු ද ප ත් රුපුර දමත් සියපද සිය පත් කරනොනවත් දෙරටම එක සත් කර ඇරගත් නොහැරම නෙකබුජ බල පාලා ගතහොත් ලෙල විදුයුත් කගපත මද මත් ගජ කඳවත් නලැඹුල ලෙසවත් සිඳ සතසිත් තුටුකළ රිසිදේයත් දීලා දිය නෙත් කුල සිරිකත් රැදිඋර හැම සත් වග සියනෙත් ලෙස රැදි දකිනොත් සැප මෙදියත් මෙතතිව රජසිහ නර පාලා





23

76. කුන්දෙපා කිරණ සුරගග පාරද කොඳ සඳ බරණ වන්දකනා, ගනසර සිරි පිරිය සරන්ද නා දිගගන උර සරණේ, තුන්ග නාරද ලෙස බින්දයනල රණරඟවූ පරදද රණ අරණා, තංගවා දිය දද වැජඹෙන සිරි රඟනා සුරරද පද වෙසනේ

77. පද පුල් සර සි හ දුල් සුලකල පිලි මල් රුදු රද මත කිරුලේ සිරි කල් පුළුළුර ලොල් කරරැඳි මිහි පල් තුම බැස රණ මඬලේ සිහි ලැල් දර ප ට තු ල් ලක ඡය සුමගුල් කග ලෙලදේ නිමලේ සුර කල් බඳ බි ගු නි ල් පෑඳුල රුපු කල් වම වමසැස සසලේ

78. වා රා මිණිකුල කිරණව පිරිතාරා පතිලෙස සිරිසාරා මෝරා දස දුසිරිත හැමවර වාරා ගුණයුතු තිරසාරා පෑ රා සතසිත ලොබ දෙන දනසාරා සුරතුර සිරි නෑරා සා රා සිරි විද දින දින මෙවු දාරා මනුකුල ජග දීරා

79. සු වි සා ර ද මෝදර නරපති මකුටෝ පාදා අ වි පා ර ද වු කල මුදුනත සුරපුර සිරි සාදා සු වි සාර මනෝහර කිවිවර විරුදාවලි නාදා මිම් මෙර නිසා කරහිම දින රජසිහ සාදා



24

80. දසටත් මහවන්නින් ගෙණ සක්රද ලෙස පෑ ලීලා එම හත් බුඡ විකුමන් කෙරෙමින් ලොවසත්කර පාලා වෙනසත් නොම කරමින් සිරිසඳ වස්වාඋර ලෝලා තෙදියත් තුල පිරවිය යසරැස රජසිහ මිහිපාලා

81. සො බ නා ගජ ගමනින්පසුකර වර සුරවර නින්දා දි ලෙ නා පිරි යජසින් පසුකර ලපසුන්සඳ ඉන්දා එ දි නා යුත් රුදු රුපු නරවර ගෙනතම පා වන්දා නි ති නා දින රිවි ලෙස රුපදුරු දියතුල හල සින්දා

82. ප ල ගි න් යුතු පි ය ප ත් රන් කග අත යුතු මන් ගෝරා සු ප ස න් යුතු මැති අරි මින් දකිමින් ඇතිගති තෝරා උ ර ගු න් වන් එ පරන් ගින් ගති රණසිඳුවැද නෑරා සොබමන් රජසිහ රජු ඉන් දැන් ගුරුලිඳු වැනි දීරා

83. ස ර ණා මුනි මුදුනත කිරුලග ලෙසිනා කර ලෝලා පු ර ණා සත්තිස්වර බෝදම් සිරිසර ලොව පෑලා ක රු ණා ගුණ සිහිලඹ ඉසිමින් මුළුලොව සදවාලා දෙ ර ණා සත් බුදුකුරු උතුමෙකි රජසිහ මහිපාලා




25

84. ල ත ඹු රු සිරිමුව මදහස දී වඩිමින් සතොසේ අ ම යු රු රතිසැප විඳ වැඩ ඉඳ රන්රස විලසේ ල කි සු රු රජසිහ නරණිදු කළ උදහස මෙලෙසේ පි ය යු රු හසපැටියන් මම නලවම්දෝ කෙලෙසේ

* * * *

85. පි නි පා විරිදු නිරිඳුන් එකසර කෙසර පි නි පා බරණ නද‍ෙතව් බල විකුම් සර පි නි පා යසැති රජසිහ රජුගෙ පද සර පි නි පා නොකළ නිරි‍ඳෙක් දුටුවෙද කවර

86. නොතබ‍ා රුපු රදුන් ඔද සිඳහළ දුරමා සසොබා යසින් එකසත් කරපු දෙරට ම‍නා ම හ බා රාජසිහ රදවදන ඇත අමා කලඹා සයුර සුරසෙන් වෙහෙසුනේ කිමා

87. කැඳ වූ වෙතට සරසවි සිරිකත දෙදෙන න ද වූ ගුණැති රජසිහ නිරිඳුගෙ සරන “රි ද වූ නම් මිසක් කිරුලගමිණින් ඇන” කොදවු ජයක් සක් රුදු රුපු නිරිදු වෙ න

88. නෙකරුපු විරිදු ඔද සිදගත් සියල්ලෙක සි රි ස ඳ පුරුදු නොහැරම වෙන ඇසිල්ලක ර ජ සි හ නිරිදු පැහැසර සිරි පතුල්දෙක බිය රුපු වැද ගිලෙන ගගුලැලි පිහිල්ලෙක






26

89. ය ස තේ ජසින් යුතුයයි උඩගුව ම සිත වි ම තේ ‍ෙවමින් ඇවිදින රුපුරදු නැවත ය ස තේ බැබලි රජසිහ රජුගෙ සිරි අත සි ප තේ උරිරු තවරණ බවට පැමිණෙන

90. සි රි ව ත කිරණ මදහස පිරි ස‍ඳෙක් මය සි රි ක ත ඉඳින පුඵඵර සිරි ඇ‍ඳෙක් මය කි වි ස ත කමල කරවන දින රදෙක් මය සි රි අ ත රාඡසිහ රජ කප්තුරෙක් මය

91. පෑ දු න් ඉසුරු මොහු පියතෙපල ගුම්කර යොදුන් සමග මදහස විදුනොමින් තොර සෙ දුන් යොත් නිලින වතගොත මුවෙන් තර අ ඳු න් වේද කුමකින් කිවි ලොබම කර

92. දි සි ය ස සි න් හ රජ පිරි තරිඳුකල පැටී සි සිලෙසබන් දිය දද ලතල දිගු යටී සෙසු නි රිඳුන් දුන්නත් මිණිරුවන් කැටී අ ප නි රි ඳුන් වදහල වදනක් නොවටී

93. ව ර ද ර දු න් දිනු සුරගත ලොවින් නිතී නි ර ද බ දු න් පින්රිය නනු තැනග මැතී ස ර ද ස ඳු න් හර ලපයුත් යසින් නිතී මෙරද න දු න් සතතම සඳ ලකුණු ඇතී

94. සි න් දු පුරුදු කානුන් ඔදහල උරණ ර න් දු යස සදුන්කුඹුතල දිගු වරණ බ න් දු විපුල තෙදයුත් දසසග කිරණ ඉ න් දු සිරින් දින දින රඡසිහ නරණ



27

95. ස ත ර ත් ස ත ත දිනනත දිනකර තරිඳු ති සු ල ත් ස ත ත සරනත බඹසඳ ගිරිඳු ස ත ර ත් ව න න කොත අත හිමකර උරිඳු රැ කදෙන් ස ත ත අප වර රජසිහ නිරිඳු

96. රැ ස් ව න් බානු දසදෙස පතළ තද තෙද දොස් වන් නුනු රජසිහ රජුට වෙර බැඳ ඉ ස් ක න් පේනු කරගත රුපු රජු නොයිඳ කොස්තන් තිනු විලසින් නැසෙනු කුමටද

97. ග ණ ලේ දු ලේ රජසිහ නිරිඳු කර තලේ වි ඳු ලේ රැලේ ලෙ‍ලදෙන සිපත රුපු කැලේ න ල ලේ සෙලේ විදිමින් වරලපිල් කැලේ බැ ම ලේ ගෙලේ නිල්කෙත තදිනි රඟ කලේ

98. දි ගා ලද මෙහිමි තදතෙදන පැහැපත නි ගා කළ යුගත නල වදුන දිගුබිත ග ගා දර පතළ සඳ වෙලඳ පෙලැසිත ර ගා වෙහෙස විසිනෙය නිබඳ නොනැවත

99. උ ර ණ වෙමින් තිසරුව යුද යස සරණ ස ර ණ තඹර පැවතුම ගරු රුපු තරණ න ර ණ සදිසි වර රජසිහ නරවරණ ව ර ණ සිරිත් යසසින් දිසි සුරවරණ

100. නේ වා නි ගා කළ නෙක රුපු විරිදුන්ඩ ගෝ වා ල ගා කළ රජසිහ වියතුන්ඩ දේ වා දි ගා සිරි රජසිහ නිරිඳුන්ඩ ප ල වා දි ගා මුඵ කප්හිම වැඩඉන්ඩ




28

101. දි ග ත් පතළ තෙදනිත් දින කරා දිප වි ප ත් කළ නොහැර දානව සුරා දිප අ ඵ ත් නුවර හිමි පුල්වන් සුරා දිප ම හ ත් සිරින් රකු රජසිහ තරා දිප

102. ර ණ ගි ර නිඳු කයින් දුනු ලෙව් කර දිගතු ම ණ හ ර සඳුන් යස මල් පවන මිණිමුතු ගු ණ ස ර නිඳු රජසිහ නරනිඳු දිමුතු දි ණ ක ර නීඳු හිමි සව්සිරි විඳ පවතු

* * * *

103. පි රි තාරපතිසේ යස සිරි සඳුන් සි රි සාර ගුණසෙ නුවනින් පසන් සි රි සාර රාජසිහ නරණිඳුන් ස රි ‍ෙ ව්‍දෝ ලොව නිරිදෙක් කොයින්

104. මෙ ල ක් පැතිර රුදු රුපු බිරම් ව ල ක් වනුසේ සිදුකළ බිරම් උ ද ක් රාජසිහ නරණිඳුම් ප ස ක් වෙනුසෙ දන්විය වියම්

105. නොහැර සිරිඳු මිහිකත මෙනා පැ හැ ර විරිදු ජයගෙණ රනා ප ව ර රාජසිහ මෙ නරනා මෙව ර ර‍ෙජක් නැත මෙලෙසිනා

106. ම න ක ල් ‍ රජසිහ ම න් න වා යුද ලොල් රජ බැඳි ප න් න වා හැ ම ක ල් උන් කඳුලෙන්නවා සු වි ම ල් තම බල පෙ න් න වා

* * * *


29

107. වි ය ත් පාකළේ පෙර මුහුදු දිය පමණකර වෙසෙසකැයි අගතිසි සිට නොහැරා පු ව ත් අප රාජසිහ නිරිඳු පාකර නොහැර රුපු සයුර සමග ජන සුනෙරා සි ය ක් යොත් රුවල් කුඹ ඇතුව නැගුණු තරම් නැව්හලෙත් මහවැලිග‍ඟෙහි නිතොරා වි ය ත් මුළු නැණ නැවින් ගොස් නොදැක හැකි විකුම් සිදු වෙරළ යස විතරා

108. නොහැර දියනැගු දද රුපුන් සිද දමන අවි තුරෙන් ගිනිසිඵ විසුරු වාලා එ ව ර තෙද යසසට දිසි සිනිඳු කිඵටුවන ලෙසට පැනනැගි රජස් ලිලා ප ව ර අප රාජසිහ නිරිඳු තෙද අතල වැද දෙවන සදරුපු නරණවි විකලා ඉ ව ර නොව වෙඩි වැදී නැගුණු දුමෙහි සිරිදැරි නොහැර නුබතල පැතිර රැදි ලීලා

109. නොබා වැද සමරමුක රුපුන් සිඳ දමනකල නැගි සෙද මහත් තුරු මුදුනේ බ බා තැන තැනින් පැන කමන් දළු ඇලි වදුරු සිරිත් වු පරංගින් සොදිනේ සැබා ලෙස මෙ නරනිඳු කරපු යුද පවසතොත් වෙසෙස් කොට මදක් වත් එදිනේ බ ඹා පුරදරා සුර ගුරු මිස වෙනින් අන් කෙනෙක් නැත සිතෙයි මේ දෙරනේ




30

110. එ ස ඳ පත් දෙදෙව්ලොව සුරිඳු ලෙස දෙ රටගත් රාජසිහ රජුගේ මෙ උදාරා නොමඳ යස තරඟ වැළ පෙලින් පෙල මෙදියතුල පිරවිකිත යුගෙහි සිරි නෑරා නි බ ඳ ඒ ගැලී හර කෙලෙස් කුල උමය’ඟන අහස්ගඟ සවන සකද තෝරා ස ස ඳ නොම හැඳින ඔවු නොවුන් තම තමන් බව කියවිය බස් කුහුල්සිත දුරැරා

111. පි රි තු රු තාර පනි යස හාර තෙදැති උදාර දිනිඳු බඳු දි රි ත ර වී ර රු පු ප ර රාඡ ඔදබිඳ පාද මුදුන සැදු සිරි කත නෑර උරවිල සාර කරවැස බෝග කළ පුරුදු සිරි ලක නෑර රැක කගදාර දින දින රාජසිහ නිරිඳු

112. මුළු සි රි ලං ක කිරණ සසංක ගුණැති නොවංක වන මුරුදු රුසිරු ප තං ක ලෙස නොව ලංක පෙර අකලංක මලවි බඳු කිරි පිරි සං ක මෙනනිකලංක රිවිකුල වංස සුපිරිසිදු බු ජ බ ල තුං ක සි රි ර ජ සිං ක නරනිඳු හිමිව දින දිනිඳු





31

113. දි ය තු ල නෑර යසරැස පූරණ ජයකල සේම සිසිර කරා පෙ ර නර වී ර වරකළ සෑම සිරිදැරූසේ යසලෙස නොහැරා නෙ ක සි රි සාර දෙවමින බෝම සතතුල ගෝර දුක දුරැරා පුරෙ මේ උදාර රජසිහ රාජ දින සැප සේම මෙලෙක සරා

114. රිවි කුල මාන කනක විමාන දිලු මිණි පාන ලෙස නිතොරා රුසිරු සමාන මදහුගෙ මාන හැරියද වාන තීනය දරා සරිකර මාන කළ අබි මාන රුපු රජ මාන මුලිනුදුරා විකුමට මාන රවිදු සමාන සොඳ අසමාන මෙ නරවරා

115. පා වී උදයගපන් සොමි දින කර සේ වි යේ ඒ වී ම ද ර ද විදිනට සැර පස බෑ වි යේ නෑවී කඳුලැලි ලැම තද සෝ ගිනි දේ වි යේ මෙ වී දුකවත් දැක වැඩ මව නර දේ වි යේ

* * * *

116. ල දා බොලඳ බව දැන දැන මවෙතට වැඩි සදා එ දා දුනිමි තුනුවිමනත පුළුළුර සෙද සදා සොඳා සුවඳ මුවනව රතිසැප විඳ මන නදා දා දා දිලෙන වියො සිදුමැද දැමුවේ කිම අදා




32

117. පෙ ර මලවිය දිනු රජසිහ නිරිඳුනි පිරි යසේ තී ර කර සැප සමහන් විද ඔබ අදහස ලෙසේ හැ රි කල දුදනත් බස්ගෙන නිවරද අප මෙසේ ගොර මෙ විරහගඟ වැටුනා දැන් වෑවෙමි කෙසේ

118. බා ලේ සිට මම පේවි ඔබටම පෙම් බැ‍ෙඳ් නෑ ලේ දැන් සිතු අන් නිරිඳුන්ගේ වෙත සො‍ඳේ ආ ලේ වඩවන රජසිහ නිරිඳුගෙ පාවැ‍ඳේ කෝලේ නොව කිය මාලේ දෙමි අද සකිස‍ඳේ

119. සොඳ සඳකැන් ගසවදිනෙය ගිනිසිළු විලසිනා ම ද නල ගොර උරගිඳු විස ඳුමවිය වෙසෙසිනා ම ඳ නල තුරගුට නැගෙමින්විදඑයි එමදිනා බැ ඳ මුදුනත සැලකර රජසිහ රජුහට මනා

* * * *

120. ම න් මද වන් තුනු රූපා - දිසි ර ම් රද බුජ බල සේපා පි න් කළ රජසිහ බුපා - සකි එ න් නට කිය මය මීපා

121. ය හ ප ත් පුන්සොමි උදගේ - ලෙස පැහැ පත් ගිනිසිලෙක රගේ ගුණ වත් රජසිහ රජුගේ - සිරි ප ද ටත් වැද කිය මෙරගේ

122. නු ව න ත් රතුවිය සොදිනේ - අද ය හ ප ත් රස නොම බුදිනේ පැහැ පත් ගත විය මිලිනේ - දැත මෙපවන් කීම නොම වඩිනේ



33

123. රූ පා මින් යොන් සිරිනා - රද දී පා මිණි කුල නදනා මීපා රජසිහ නරනා - මස මීපා වැඩමව මෙදිනා

124. ස ඳු නු ත් ගිනිසිලු ලෙසිනේ - යස කො ඳමුත් යහනත නිදිතේ සි රි ම ත් රජසිහ රජුනේ - කිම මෙ ප වත් දැන නොම වඩිනේ

* * * *

125. ගිනිසිඵසේම, සඳකැන්දේය, ගිමන් මද නල සෝම, විසඳුමමෙන්ගත, වැදනේක දැඩිවුතාපේ ගජදලයාන නෙතතිදි නේවීදැන් ඉඳිනෙමි මම කුලදීප, නවරතිබෝග රාජසිංහ රාජනේ

126. ‍ෙසාඳපාන යුගතග බානුමෙන් පෙරගිරගින් දිලෙමින් මීන දජහුගෙ මාන වඩිමින් ඒවි දැන් පරපුටුනාද යකුහඩසේවි දැන් සවනතවත් රැකිපෙරමාන රිවිකුලජාත රාජසිහබූපනේ

127. කර අබිමාන මදපසමානයෙන් විඳිනෙය කැලලනොවීම සියගත තැවරි බල පුදුමෙක දැන් රජසිහ රාජවෙත සිට නේන ලෙසින් සකී මගෙ උතුම් තම කරපද මුදුනත නූන සැලකර මේ වදන්

* * * *


34

128. ප සි ඳු රාජසිහ නිරිඳුගෙ සුරත ජිව පෑ නොමින්ද වි රි දු සිපත ලෙලෙන උදුල විලස කාල අග්නි කන්ද වි හි දු දුවෙයි උලැගි දුහිලි විරිදු මිගුන් ලෙලව මින්ද ප සි ඳු අසිරියද ජයගත් නිරි‍ඳෙක් තෙදියත කොයින්ද

129. ත ඹු රු මිතුරු කුල රජසිහ රජුගෙ තේජ මිණි පන්දම් සි දු රු නොවී දැක සිටි රුපු සරඟ ගෝත රැල අන්දම් රු දු රු සෙනඟ රණ මැද වන් ස‍ඳෙහි දූලි නැගි අන්දම් අ ඳු රු රැසේ කර දාවල් සමර දන්ඩ යම කන්දම්

130. සි වු පා බල තුති ජයසිරි ලක් රජසිහ නිරිඳු ලකල බැ වු පා බල තුගුසක්වළ ගිරවත් සෙද පැන නැගි කල සි වු පා වා ලග දිගුසොඬ සිත සහ ඇත එලද යුවල කොවුපා කරවත් බමවයි මනහ තුගුන් කිම රුති බල





35

131. අහසින් වත් ගරුඬරාජ ලෙස බින්දන රුපු නසාල සරොසින් රජසිහරජ මහසෙන් සහ යුදයට වන් කල රුපුසෙන් උඩුරැවුල් තරම් සුකර ලොම් ලෙසින් ලකල සියසෙන් අත කල‍ෙද් කම්කල තෙද අවිකර නිකසල

132. නැ ණ බල රජසිහරජ වැඩසිටි සඳ වැකි ඒකදන්ත එ න කොල හල දැක රුපුමරු හඬ ලති ගුගුරණ දිගන්ත ර ණ ක ල විට රණමඩලග ගිරිනිඳු සිරි ඒකදන්ත ග ණ කු ල කොත දිලි නමයද දැක දිවයෙනි රුපු අනන්ත

133. උදු ලිය රජසිහ රජ රණමඩලඟ රිවිමඩල එලිය විදු ලිය තෙදරැසින රුපුන් ඔහුලිය උවනෙත ඇකිලිය නල ලිය දිගු විජය කෙලිය යසලිය බඹතල වටලිය එහි ලිය පත් ලෙලෙන කෙලිය ලෙසවිය ගනගැබ විදුලිය





36

134. ය ස බල වන් රජසීහ නිරිඳුන් කල යුද වෙසසින් රාවන රජුනම් රොස කර රන් දෙනියෙද ගන්නොරු වෙහි ජනයින් සිඳ බිඳ කරපු විකුම් වැස සිර සුන් කර යටිතනැගත් රුපු විලසකවන්තවූ කරණ රැගුම් ලෙස පවසන් තට නොහැකි ගනන් කිවියර පවසන්නට අමුතු උවම්

135. න ල බ ල දි න් තර කර තන යසතුරු ලබමින් ගොසගුම්කර පානේ ක ල බ ල මි න් කර දර විරිදුන් තද හද වෙවුලුම් කල දෙන පානේ දු ල බ වු පි ය න් සර සරද රජුන් රජසිහ කම් කග කල දල පානේ කොළඹ රුපුන් ම ර ව ර පලගුන් ලෙස වැද වැනසෙන්නට හඳ පානේ

136. තු ට් ට විජය සිරි තුතිලිත් රජසිහ ගුරුලිඳු රණවැද කළ යුද්දේ උ ට් ට මලු ඇසිපිය පතරින් රුපු සවි ගමන් පලකර බැද්දේ සැ ට් ට එලු සැව රුදුඋරගුන් හැඩ හඬකරගත දෙරනත වැද්දේ දු ට් ට විසැති රුපු සව්ස්ු මුහ සෙද කඳයුරු එ තුඹසතුල වැද්දේ

* * * *



37

137. සු ර පති තුල් රජසිහ මිහිපල් ජය සුරත මගුල් කග ලෙල දෙනසේ මෙර ගි ර ස ල් වැද බමණ විපුල් සියදහසෙන කල් වනවිය තොසේ වැ ර පි රි ම ල් රඡ හද වත හිල් කර රුදුරු සියල් බොන යම දිවයේ වර සිරි කල් බුජ සපැමිණි කල් සිට දකිති මගුල් රණකෙළිය මෙසේ

138. සු ර ත ට කගපත වැකිසිටි රඡසිහ රඡු ඇරි මහසෙන් හඬ පසදී පි ට පි ට වෙඩිලැර ගුගුරණ රුදුරණ මැද වැනසෙති සරුනොකොට යෙදී රට තොට ගන්නට ආ රුපු වටකොට පිටපට පමනින් හැර බැටදී ඉස කඩකට යන බස බස බොරු නොව කොට කඩ කඩ ඉසගත් වැරදී

139. සුනෙර අවරගිරි උදයගහිමි ගිරිසිකර දෙදරවන විලස ගොස් අ සු ර බවන රණ බියවන රඟ මහ දෙරණ ගුගුරවයි නොව කමසේ කු හ ර ගැඹර ජය වෙඩිලැර බිඳ සුනුවිසුනු කරති බලකොටු විගසේ ලතර සෙනග හරිමින් රජසිහරජ වීඡයමගුල් රණදිනන ලෙසේ



38

140. සු නි ල ගගනතල ගුගුලසෙ බුජබල ගසන පවල තාලන් පදසේ එ නි ල පලහ මෙහෙ පටලය තුල රණමඬල විපුල ලෙලදෙන විලසේ එකල සමරකලසත කොකවැලමිණි ලෙලෙන විසිර දජබිඳු පොද‍ෙස් මෙකල උදුල මිහිතල බල පලකල රජසිහ රඡු තතු මේ විලසේ

141. ගොස කරමින් එන සෙනඟ වතුරු ලෙස කදුගිරි පැනගන සෙනඟ නොහිමි ප ස තු රු ගොසකර එනරුපුදැක වැඩ සිට රජසිහ රජ ලෙස දියරම් දෙ ස දෙසවල රුපු එකතැන්කර කඳු රකුසෙකුහට දෙන ලෙස බිලියම් ලෙ ස කළ රණ ඉර සඳ ඇඳ තිබුවොත් වටමහ දඹදිව කෙරේ යෙහුම්

142. යසැති පසන් රජසිහ රජුනන් කග රොසකර ගුම් දිලි දිවි උරගේ විසදුම් ඉන් හැරි විලස රජස්නැගි පනනල ගන්නට බැරි මෙරගේ දෙස දෙස උන් රුපු ගෙන ගෙනයත් රණ කර විසුලින් ඇඳිවත සමගේ ලෙස පවසන් නට කගබුඡ ගුම්කළ කෙවෙත සමන්විත තැන බුජසේ





39

143. මු රු දු කෙසෙර ලෙල සෙමෙර දෙපලදල සුරත දෙලොවතා රොසි නිරතේ එ රු දු දහර අවිනියෙනි පහරදෙන දෙගොසින් ඒ සක්සිහ සිරිතේ ප සි ඳු මේ රජසිහ නිරිඳු මිහිඳු වැඩ වසනකලට සක්ගිරි අරනේ මෙබඳු රගින් කුඹු බිඳින ගතිය දැන කුමටද වෙන එනු ගජ රුපුනේ

144. මු තු න් නිරිඳු කල සතුන් පුරුදුකල් රුපුන්ට දැසිදැස් කල පොරනේ උ තු ම් වූ මුනුබුරු රජුන් විසින් ලොව සතුන් නිදැස් කරවිය තොසිනේ ඇතුන් ඉල්වූ රුපු රජුන් ගෙ ඔදමැඩ ඇතුන් ලවා ඇට බිදුව මිනේ ඇතුන්ගෙ දිගුකුඹු කිතුන් සඳුන් සඳු උතුම් මේ රජසිහ නරවරනේ

145. සා ල් ගනන් අඩුවෙනතුරු ඉද උඩුමාල් ගුදම්‍වල සුසුම් ලලා තා ල් ලවන් අසුවෙයි අතබැඵෑ කටුගාල් වලෙහි රැඳි කෙරඵ බලා වා ල් උනා රුපුහට මද දොසත ඊල් නොවී යලි පිට පැනලා ගා ල් එසොර හරකුන්සෙ බැඳුන්කති ගාල් ල අරවන *දින වැඩලා

---------------------------------------------------------------------------------

මෙම යුද්ධය 1640 දී දැයි විත‍ෙභද සහිතය



40

146. ගාල් තුලට වන් ගවරැලකට වැටලීල් තැනින් බිඳ මැද පැනලා තුල් වලග තලඹෙව් ඇදගන යති ලිල් නොකර මන් බිය කරලා වාල් විතර සරුනොව බැටදී ප්රනතිකාල් රුපුන් රැක වට කරලා ගාල්ල ඇරවිය රඡසිහ රඡු *අමරාල් සමග සියසෙන් ඇරලා

147. නෙකරුපු යුදවන් පිනටම ඇරියෙන් රජසිහරජ නම් වීර තුමුල් ගජ රුපුබිඳ රන් දෙනියෙහි ගන් නොරුවෙහි කල යුද කුම්පාට තවල් දැක දැක රුපුසෙන් යුදයට එති දැන් සිහිනොවකල සුන්සාට කවල් කකියනතුරු පැන් කෙල කෙල කකුඵන් ඉපිලෙන විලසින් තාට කවල්

148. සෙ න ග බලා ලන්දේසි යුදයට හරිමින් මඩකලපුවේ සිට බලපා ගි ර ඟ බලැති කඳයුරු බින්දා රුපු පලවා නැව්නැගෙමින් බලපා ත ර ඟ එ බලවත් රුපු අල්වා තැන තැන ගස්වා දඬුදෙකර දෙපා මෙ ර ඟ තබල පින් රාසියකින් ලොව පහල ර‍ෙජකි රජසිහ නරපා


* Admiral:- අමරාල් 41

149. සී හු මෙ රඡසිහ රාඡ රොසින් ජනරාල් ගිඡිදෙකුගේ කුඹු උගුලා පා හු නොවෙයි උඩරාජරේගි යුද මීරැඳුනොත් බැටදෙති වටලා රා හු සඳට මිස තාරපෙලට පත්වේද උනත් මේ බස් තෙපලා කෝහු මාහු නොවවීමගියෝ සෙනගක් නිරිඳුගෙ උදහස් දැකලා

150. අ ඳු රු දුහිලිකඳු උලැගි කුලින් ගණතෙද රජසිහරජ උදහස්වී සි දු රු නොහැර රණදෙරණ පැහැරතුරු විදුරු අයුරුමුන සැර වැස්වී සි දු රු ගුගුලසෙන් හඬන රුදුරු රණවතුරු පබල සමුදුර ලෙස්වී රු දු රු සතුරුසෙන් අකුරු වතුරු රණසෙනඟ පෙලසෙ කල කල රැස්වී

151. කර සුද්ද සිරිලක පුරෙහිරක් සිතනා රුදාගිරි වඡ්රරපහුරක්සේ සෙනඟක් සරාපරදේ සෙනා පරසිදු රජසංහ නරපතින්දඟයෙකි වන්තවාස සේනා නන්ත දින සුද්ද බල බද්ද්රඟ පරසීද්දම විය සාසනා

152. ගෙන සෙනඟක් බලජනපති උඩරට රණ වැදා රජසිහ නිරිඳුන්කළ යුදසෙනගක් ගෙණ සදා යුදකළපන් මොලසුලඟට කන්පිතකර නදා තුගුමහසක්වල ගිරිදෙදරණ වැනි වැඳ වැදා




42

153. යෝදසෙන් ගැමුණු රාජවන් දෙමළ ඒ රණේ දෙවෙනි රාමසෙන්දසමුකා සටන්කරණසේ දැනේ රාජසිහ නර දේවයන් පැමිණි රණව මුනේ විරිදු මේලෙසින් කිය කියා දුවන්ඩමය අරිමුනේ

* * * * 154. මෙලෙසින් රජසිහ නිරිඳුන් යුදයට ලන්කලේ - වැද ගඡ සෙන් ඇත රුපුරඹ බින්දාතී පර සක්වලේ මැදිවන් රුපු ඉස් සිඳිනෙත් තැන තෙපුලක් කලේ - සත මෙලෙසින් පුදුම යුදෙක් නැසිමුයෙත් ලක්තුලේ

155. පු ර ච න්ර්ුලේ බරණින්ද- වරනින්ද විලසින් යසෝරා මෙනරෙන්ර්පුද පුරසුන්ද යුවතින්ද් මනනන්දණ කරවින්දර රූසරා කිලිනෙන්ර්ුද සුරකුම්බ විලසින්දු කිවිදුන්ඩ බෝකරා නන්දන රාඡ සිංහන්රෙමප නෙන්දල දිනහිමිද ප්රීනතිචන්ර්හන් බාසුරා

* * * *

156. පු ර ණ සමුදුර දුවන නැව් දැකලා රුපුබිය කරන රඟදැක විලස පුර උගුලා ක ර ණ යුද කෙලි අකුණු හඬ ගුගුලා විලසට හරිනවෙඩි අත්උදුල කොඩි බිඳලා ව ර ණ වදහළ සෙනහඬසෙ නැබලා වැදඵති දෙරණ මැඩ එක පැහැර වට කරලා න ර ණ යුතු රජසිංහ රජු දැකලා රුපු ගැති කරණ යුද කිම නොයිද පද වැදලා


43

157. එ ස ග ගන තවරත්න රග නොලසා නොවිතර කුඵ‍නුගැබ රන් වෙතට කර විමසා ම ත ග පෙලබල එකුලුගිරි විලසා වටකල සුගත සාසන වරණයට සලසා ත ර ඟ වැලබල සෙනඟ ඇර සලසා රුපුහැඩි දෙමල එකසර පැහැර වෙරල ගසා ප ස ඟ තුරු ගොස ගුගුලහඬ සලසා රජසිහ නිරිඳු ජලනිඳු විලස ලද ලයසා

* * * *

158. වී ර බල මහ සෙනඟ කරලනිගා - යුද ක ර ණ රුපුබුන් පෑර නැවුනන්ගා දී ර රජසිහ රාජ මනරන්ගා - කළ පෑර රුපු එක දාරවන රන්ගා

159. පි ට ත් උනහොත් යුදට තද රොසිනේ - රණ දු ට ත් දෙරනත් වුය ලෙලව මීනේ ඉ ට ත් වැඩි රජසිංහන්රෙ ප තුමනේ - වෙන පි ට ත් නිරි‍ඳෙක් එදිරිවෙද දෙරනේ

160. සි ද් ද මහ නවරත්න නරනිදුටා - රුපු යු ද් ද මෝඩනි ඇවිත් වැඳ නොසිටා යු ද් ද කරමැයි සිතුවොත් තොපටා කටු බැ ද් ද මුහුදත් විනා තැන පිහිටා




44

161. සු ර බල ඒ සෙනඟ කර ලංගා - සහ දී ර රුපුබුන් නොහැර නැවූ නංග‍ා දී ර රුපු නවරත්න මන තුංගා - යුද නෑර ඡයගත් මහිම බල පෙංගා

162. සි රි උර රජසිහ රජ සෑදි - ඇරී දි රි තර සෙන් තර මැද වැදී යු ද කර ගන්නොරු තැන්නෙදී - රුපු ඇ ද ගණ යෙති නෙක බැට දිදී

163. යු ද ගරුකමිපෑ රුපු ගතී - බිම් වැ ද ගවයින්සේ තණ කතී ස ම හරු ගනිමින් කොල ඉතී - එද ද ල රකුසන් රඟ සිරි ගතී

164. ස ම හරු මරවැද වැඳ ලතී - අත ස ම හරු වටවිද පෙරලෙතී මෙම රඟ දැක උන් ඡනපතී - අඹ තු ර කට දනිපනිගා ගතී

165. නැගෙමින් ජනපති අඹතුරේ - කි දු ක කි න් යන ලෙස අඹතුරේ යු ද න ම් සෙන්කඩගල් පුරේ - සැඩි දෙ ම ළු න් වනසන යමපුරේ

166. විකුමෙන් දියබඳු සිරිඋරේ - යුද අ බි ම න් රජසිහ තරවරේ යු ද ව න් රුපු රණබිඳ දුරේ - වැද ක ල ඹ න් නට තුගු රණගිරේ




46

167. සිදුතුල ගොසවම කරපුවේ - වැඩ රජසිහ රජ මඩකලපුවේ බැඳි කඳයුරු කොටු බිඳබ්වේ - සොඳ විලසට රණකෙළි කෙලපුවේ

168. දු ල ව න් මඩකලපුව තුරේ - බැඳි පි ලි ල ක් සේ මහ කඳයුරේ බ ල ව ත් සෙනඟක් සොඳ සැරේ - ගෙන වෙඩිලැර බිම සමතල කරේ

169. වේ ලා යුද මෙන් දිරිතරා - බල පා ලා රජසිහ නරවරා දෝලා වෙන් ගිය රුපු පෙරා - කර බා ලා යන්නට බිය කරා

170. සොබමන් රජසිහ නරවරා - තුගු ස තු ර න් වනගැබ සිඳහැරා තෙ ද ගි න් එදනයකර හැරා - සොඳ එ දහන් ලක් රජු කේසරා

171. සදා රඹතුරු කඳන්සේකර අතුනුබානෙව්කර ලකල් බදා වළු රන්තැඹිලි රත ඉස් කවිසි සිරි පිරිකුඹු සියල් බදා රුපුසෙන් කපා සිරසද සදා වටමල් තඹ රැවුල් එදා යස යුද සද‍ා රජසිහ තෘපා කරවු රණ මගුල්




46

172. ර ත්න බූපති මේ රජසිහ රජු කරපු රණකෙලි සේ විලාසය ර ත් න පෑ ගුරු දුහිලි ගතරැඳි සෙනඟ රණවැද කරපු ගෝසය ර ත් න පෑ රුපු සිඳැර රණබිජු අසුරයුද දිනු නොපිරි සේසය ර ත් න මාමුත් සවණ රණයුද දෙසළු සැපසූ විලස ලාසය

173. සොදිති රජසිහ නිරිඳු දින රණ පැහැර රුපුරණ දෙරණ බඳුනට එ යි නි ගතරැඳි රුදුරු සිසිලෙහි තෙලිනි පිපිරුණු මසුන් කලවිට ත දි නි රිවිගිනි මැදිනි තෙදගිනි දෙගිනි වැද මස් බැඳුනි කර කොට පැ මි නි සෝගිනි සැටසතරගිනි කුසේ නිවමින් බුදිති මගුලට

174. ක බ රු ගොයි නරි සුනක ගැරඬින් තලාකෑරුපු බඳැර දප මැඩ රු දු රු තුප්පහි කවිසිකානුන් කඳන් දැක දැක දෙරණ ගොඩ ගොඩ ද බ රු මේ බහු අපට දෙවූ දැන් සිතා ඇත දැන් නිරිදු කළ වැඩ ක බ රු පලියට සුනක නරි බිඳ දමිති අත්පා පහර කඩ කඩ





47

175. තෙ ඳැ ති බල ඇති සෙනඟ පැනඑති තුතියුදට පති උදය දිනපති බ ලැ ති රුපුඇත එලති විදහළ බඳිති එහි රජ සෙනඟ වටලති දි ප නි රුපුගැති වඳිති වෙව්ලති අඬති වැලපෙති එකට වේනැති මෙ රඟ බලඇති රණෙහි ජයගති දෙරණපති රජසිංහ තරපති

176. සි සි ර කරසේ තද රාග තබමන නලහය නීතවාහන විලස ගත පුරවා ත ඹ ර මුවනිති ගිලිනැගියන රජසිහ බමර රණහංසනාද වාරණ රැගෙණ තුරු ගොසසේ සදමින් දමිය බැඳ කරවා ස ත ර කර රුපු රාජවන විල සදුනු සිරිරජු මාවෙතට වැඩමවනේ අනේ සකි මදන බිය අරවා ස ත ර සැට රතියෝග පූරිත ගසලකරතිමවූ උදාරම අදම වෙතසේ පෑ පෑ දේවි සිරිරාම නම කරවා








48

177. ව සි න වැසි විලසින් දෙලෝ නෙත වැහෙන පිරිකඳුලැල්ල අංඡන දෙතන රත්හස නිල්කොබෝ වෙන වෙනස ගති නෙදනේ ප ම න නොව රුපු යුද්දසේනා විතර නදදෙවමින් යකුන්සේ මදන සැරපසයෙන් අහෝ ගත පමණකර වැදුනේ ග ග න මිණිකුලයෙන් සූපූරණ මෙරජසිහ නිරිඳුන්ගෙ කාරණ නොදැන රතිමතයෙන් එබැවෙන කලට සකි නෙදනේ නොවන ලෙස වැඩියෙන් දෙතනහස විගස තද මෙදුකින් මිදී නොමසිටින බව පොරනුන් එකී ගුණ මටම වද දැනුනේ

178. නං ග වා තුරඟමද බ්රංතගකීර සත එබිගු සන්කනාදයමෙන් ඇසුනේ තුං ග රා ගයෙන් දෙතන රැන්දුතසාර මුත්හරසලු වමින් දරා අතුරු දිගුනේ සං කා ර ලෙසින් නොමද පන්සරා බියෙන් ගියෙ යහන්කරා කෙලෙමි යහනේ වෙ නසරා රුවින් රාජසිංහ රාජ ඉන්සකිය පින්පුරා වඩින්නට කිය ගොසිනේ

179. පි පි සමන් සු ව ඳ න න් බි ගු න ල න් විහිදෙමින් කැළුම්සළු පලදමින්නේ නල අසුන් නැන්ගෙමින් රන්රසු එසන් බිගුසන් තිසර සක්නද ඇසෙමින්නේ සහතොසින් මෙ රජසිංහ නරණිඳුන් වඩිනමෙන් පෙර ගමන්කරණ එමදිනේ යු ද ට ව න් ම ද ර දු න්නො දැ න ම න් ඇසුවෙමි රැවටෙමින් වද වදවිඳිනේ

49

180. ගු ව නේ යසෙව් තරිඳු උවනේ එ සැව් ඉගු පවනේ සැදුන් රණගෙයි නැගුනේ ය හ නේ කුසුම් සැරය මෙවනේ කොවුල් තිසරු තදිනේ කලට ගොසය සැදුනේ පෙ නු නේ මටම උවිඳු වෙසිනේ සමත් මදහු ඉඳිනේ කෙසේද තනි යහනේ ව ඩි නේ රා ජ සි හ ර ජු නේ සොඳින් මෙමට සරනේ යසිරිපද සෙවනේ

* * * *

181. දි ට පුල්නෙත සිරි රුසිරෙන් වරගණ නිබඳ කරණ අති මනෝනදේ ග ට වන් එ බදුරු තිලින ගජනනි සදිසිවයුන් නැණ විසාරදේ තු ට වඩවන අප නරේන්ර්ජනෙසිහ මෙ හිමිකළ මෙවිකුම් විසාරදේ ව ට මහ දඹදිව දිළුන්කරන ලෙස ඇත්දත් කිම මුතු ඉරේස‍ඳේ

182. ග ලෙ ක හර ගිරි සමග සසලන මතග ඉබසිට කුලෙක තුරුපති ඇ ලෙ ක සුරගඟ සුරඹ සිඳු විදුදරන් බලනිති කෙලින නොනැවති ව ලෙ ක කිරිසිදු සසල නල වැද සතත කළ සිරි යහන් සිරිපති ති ලෙ ක ලක අප රාජසිහ නරණිඳුගෙ පිරිසිදු යසට සරිනැති 7


50

183. වි ත ර නොව නෙකලෙසින් සසොබන පටල කුඩ කොඩි රැගෙන වෙසෙසේ ස ත ර දිග එක පැතිර ගොසකර වෙඩිලි හරිමින් සුසුන් ලනසේ ප ත ර නෙකගිරි කුහර කඳයුරු ඔරැදි සිටරුපු උරා පිරිසේ ප ව ර රජසිහ නිරිඳු ගුරුලිඳු තෙදග ගුඩගින් ගතිය නොලසේ

* * * *

184. වෙ න් ලෙ සි න් විකුමෙන් මු දුන් වන අන් රදුන් මතවරණ මිගපති න න් රු ව න් බරණින් නොමින්‍ කි වි ඳු න් නදුන් කර දෙවන ලෙස රුති පි න් සි රි න් ගුණයෙන් නඳුන් රුසිරෙන් නිතින් සැලකරණ සිරි ගති ස න් තොසින් සු රි දු න් ලෙසින් සැපතින් ඉදිරන් රඡසිංහ නරපති

* * * *

185. අ ම ර ගණ සුරවනත හිමකර රකිනලෙස යස ඉස පුවත් අ සු ර සුරපුර සෙනඟ මෙන්වන් නොයෙක් රජසිරි ලැබ පුවත් ල ත ර කරදර යුදට පැමිණෙන පුරුදුකාහුන් කියන රුපුවත් ප ව ර රජසිහ රජුගෙ සෙන් අත සිපින් ගෙනලන රිදී කොපුවත්

51

186. ස ඳ ද අමාකර දිස්විය විලසින් කිරුලු ලතා දි ය ද තමා පෙල බඹර කුසුම සැරගෙන තිනා ඇ ද ද විදී උරපුරා මලිය සැව් හර රනා සොඳද තමා රසපහස රැගෙන දෙව් විතරනා

187. දි න රා ජ කුලෙන් ලොව පහලව පින් පලකරවා නොමිනේ සු වි රා ජ මාන යස කීර්තිලතා මුතු සැදු ගෙලෙ දික් අගනේ අ ග රා ජ කමට පැමිණි සිරිලක ගෙන එකසත්කර සෙවනේ ව ර රා ජ සිකාමුතිවූ අප රජසිහ හිමසඳ මේ වඩිනේ

* * * *

188. සු න්ර්න රුවැති අසමාන පියුම සැර විඳි මදරඡුද සකි ච න්ර්සු බිම්බ සතලිය සැව් අත ඇත නොකියව බස් මෙතෙකී කුන්ඡ්රබ අරා අයිරාවන පැලඹෙන සක්රදාදෝ නිසකී ඉ න්ර්නිස දිසාපති දහසක් නය නැත එකටෙක නොකිය සකී

189. ස ම ත් රුපුන් ගජකුම්බ විදාරණකන්ථීවර ලෙසිනා දි ස ත් තෙදත් සම්පූර්නකර වාතෙක කුහරෙයි ගගනා අ හි ත් නොවන් සකි ඇසුවෙහි මෙවදන සිතේ නොම දැනෙනා දි මු ත් මැණික් රන්කොත් කෑ තමරා කවුරුද මේ වඩනා


52

190. වැහෙන පහන හිමකත් සිහි ලැබගෙන ගටමින් ගත් නිතිනා න ද න සුවඳ දැ සඳුනෙත් පත්කිල අබිනව මද සිරිනා වැසෙන සුපිපි මල් තිලිතුල යහනත වැස රන්රස ලෙසිනා රැගෙන පහස රස වැඩියෙන් වියො සිදු මැද පීනා කරුනා

191. නි ම ල් ස‍ඳසෙ ලප කැලලක් නොමවන රුසිරැති නුඹෙ උවනේ කොපුල් යුවල ලංකාර කරණ සක් පත් යුග කිම තැළුනේ සු පු ල් පියුම් සැදි යහන නිදනවිට රුකුලත දුන් බැවිනේ කු හු ල් මදක්වත් නොමවන් ඉන් දැන් තැලුනේ පත් සවනේ

192. ම න ර න් තුනු රුසිරුති වර මෙනයින් නොකියව බස් මෙලෙසේ සු ප ස න් වට මට කමුතුරසෙ ගෙලෙසෙ සත්තකි මා වෙසෙසේ ඇ ස ව න් නවදිලි පබරා රාජිත විඳ විනිබත් එමසේ ග ණ ර න් දත් මුත් හාරබරින්කර රිරි ගියයි නොලසේ

193. ඉ න්ර් ් පුරෙන් මිහිපත් දිසි සුරඹසෙ වඩවන සිත් උමතූ ච න්ර්උමත බිම්ම යුරු ලැමදේ සසලප නුබලන වනිති යුතූ සු න්ර්යුත රුවැති මන්මාල කතෙයි කිය නොව සගවා මෙතතූ ඉ න්ර්මෙත නීල මිණිසේම සුනිල් නෙත් යුග කිමවුවේ රතූ 53

194. වි ස ල් වියතගණ ගුම්කර නොමදව වැසි වැස එකට ගලා එ ක ල් මහත් කඳු ගිරිකුළු දෙදරා ගන එන මෙන් පෙරලා තු මු ල් රුදුරු මේ සීනය දැක හද බිය වැද ගත වෙවුලා සු නි ල් පුළුල් දිගුනෙත් යුග රතු විය උන්නෙමි නිදි නෙ‍ාවලා

195. සි රි ස ඳ වන් නවයවුවන දිගුනෙත රුසිරැති අතිබාලා ම න න ද නිල්ගෙලෙ පැහැයැති මුහුලස කිමවූවේ ලිහිලා හැ ම ස ඳ සුපිපුනු සුවදාකිරණ ගැවසු මල්බාලා මු ව ර ද ලොබබැඳ බිඟුකැල වැදහෙව ඉනුනේ දිගුවරලා

196. යෙ දී වෙනත ලොබබැදී සුරතියට නොමයෙදුනොත් ලකළූ සි ඳී කෙලෙස යෙදයුවලත් සපිරූ ගණරන්මිණි වලළූ සැදී දෙපසවල් පන්දු කෙලින කල යෙහෙලියන් සහ සියළූ වැදී අනිත් අත සිඳ හුනු මිස ඉන් නොකියෙමි බස් නිරළූ

197. වි ය ත් කමින් නොව තෙපලව එකටෙක නොකියා ඇති ගතියේ අ පි ත් හසල නොව කළදේ නොවවෙද මෙපමණ කෙළි රතියේ දි මු ත් වියන් තල සැපමිණ පුන්සඳ සේදිසි උවනතියේ සු ර ත් හිඟුල් පළුවන් නුඹෙ ලවනත සත්කීම රූපතියේ

54

198. ඉ තා මනෝහර ගිරවෙකු සුරතින් අරගන සිතූ ලොබලා වෙ නා කරම සවනත පත් පබලසෙ දෙලවන් අති නිමලා ක තා කරණකොට අමයුරු සුරතල් බස් වනලෙස අසලා සි තා සුරන් බිඟු පලදෝ තුඩලිය රැගතිය මුවකමලා

199. ර මා නදන ලියවන් අප දැකලා හසුකරගෙන දෙතනේ පෙ මා වඩන නෙක සමානවන බස් දීලා දල ලොබිනේ සමා ගමව ඉද කොඳ පෙති එකිනෙක සුසැදූ දල යහනේ අමා මියුරැ රස පහස රැගත් උතුමෙක් ඇත අස තොසිනේ

* * * *

200. සෙ මි න් උදක් දිව්වා රජසිහ නිරිඳුගෙ සෙනඟ පසේ ප ර න් ගි හට සෙව්වා මරණය සෙද ගන්නොරු පියසේ සි ටි න් ඩ මුර යැව්වා සිංහල සෙන් රැකවල් පිණිසේ සොරුන් ඩ උන්ලවා පොරණේ බලනේ පේන ලෙසේ




55

201. නැ බ ල ගිරිපෙල වරණ මදගල පනිත හයරල විසුල රලවැල ස ස ග පටහල විපුල තුමුපෙල ඔසල අවිකැල මිනැති අවිරල ස ක ල බුවිතල පලත බල සැඩිදෙමල මොල මහසයුර කොලහල මෙකල රජසිහ නිරිඳු පදතල වෙරලවැද නැවතුනෙය පැහැදුල

202. ප ත ර රිවිකුල රතන මැදුරෙන් ලකල මිණිමුතු පහන් එලියෙකි ස ත ර වදහල නිමල සදහම් කෙසර තෙල් ලන කනක තලියෙකි නි ත ර රුදුගණ විරිදු රුපුනත් සුරත සදහස යකුට බිලියෙකි ල ත ර කරදර සතුරු යුද නම් මෙ අප රජසිහ රජුට කෙලියෙකි

* * * *

203. අ රු ණ කිරණ කිරණෙව් දිසි බරණින් සැරසි සසොබන පොරණ ම ද න වන් රජසිහ නරනිඳු අසුපිට නැගෙමින ස ර ණ දෙරණ නොගැවෙන විලසින් වටකර එලවුතැන න ර ණ කිරණ අල්ලනවර නැගිතුගුරල සිරිපැයි ගෙන

204. ඉ දී තෙදිය රන්ගිරි හිස බබලා හැමකල් සදීර බි දී ගඡන් කුඹුතල හිස යුදලොල් නිරිඳුන්න මීර සැ දී දිගඹුවන් උරතල පිරිසිදු යසගර නොපැර ල දී රාජසිහ යන නම ඉන් අප නරනිඳු උදාර


56

205. නිය මින් අඩුවැඩිවු තුනු ලකුනෙන් වෙසෙසව පවසන වි ය තු න් නොපහන්වන අසුබය දැන පෙරැදුරු සතරින එබැ වින් මින් දද උනඟය සිව්වන බඹගර තිනයන සොබමන් රජසිහ නිරිඳුට කවරෙක් සරිවෙද රුසිරෙන

206. ර න් ර ස ව න් දුටු සතසිත තුටු මියුරූ පු න් ස ඳ වන් සොමිකැළුමැති මුව තඹුරූ මන් මදවන් ලොබ වඩවන තුනු රුසිරූ පින් පිඩවන් ලෙව් රැකුමට මෙ ලකිසුරූ

207. ල ප නොමවන් සඳවන් යස රැස් වැකිය සැ ප වඩමින් සත තම සක්ලෙස රැකිය රු පු නිරිදුන් පාබිස්සක් කොට තැකිය කොපු ලතදුන් අත උනඹුන් නොව ලැකිය

208. දැ සි දැස් ගව ගජන් ගම් මුතු මැණික් සොඳ නි සි ලෙස අන් රදුන්ගෙන්ලැබුනත් නොමඳ නි සි මේවර රාජසිහ නරනිඳුගෙ සොඳ දි සි මදහසින් යුතු පිය බැල්මකට මඳ

209. ද ති සිවුසැට කලා අතැඹුල ලෙස තොසින ප ති නි වට’ඟ දුලා මෙ නිරිඳු මැවුවෙන නිති කිවිකැල බලා උවමක් නැති බැවින ග ති වනමන කලා පිළිබිඹු කැඩපතින

210. ව ද න ස ව න අබරණ කර සත සතට න ද න න ය න රසඳන අඳවන රඟට ල ල න බ ර න පරරද මත අග පදට අ ර න ක ර ණ වරසර කළ තර පදට


57

211. ස ත න උසනවතරණ වටද සතකර ස ත ක උසද කනකද ලද ලන යතර ස ත ඟ දරණ දරණත නද වතර තර මත මග ලකර අරජය ලද තර පවර

212. ග ස් වා ජය මඟුල් බෙර සක්හඬ නිතොර ව ස් වා සරසවිය සිරි මුවත පුළුළුර ඉ ස් වා යසස් මල් මෙම සක්වල අතර පස්වා දහස් දින රජසිහ නර පවර

213. ම න් නා වර රාජසිහ රජුගෙ තෙද බව ද න් නා සැටසතර අවිසිප් උගත් බව ගෙන්නා ලන්දෙසින් තම වෙතට දුල බව පෙන්නා වදාළේ සිරිලකට අග බව

214. ස මු දු රු ගැඹුරු ගුණයෙන් යුත් පසින්දු දි නි සු රු තෙදින් යසසින් ලොව පසින්දු පු ර ඳු රු අයුරු අපෙ රජසිහ නිරින්දු නි ර තු රු පවතු ඇතිතෙක් සොමි දිනින්දු




නිමි

"https://si.wikibooks.org/w/index.php?title=පරංගි_හටන&oldid=8515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි