නීල කොබෝ සන්දෙශය-සම්මුක සුරිඳු වැනුම්
සම්මුක සුරිඳු වැනුම්
රු විනි විරා - ජිත රන් කිරුළි’ස පැළඳ
පැහැ විසුරා මිණි බන් අබරණ පැළඳ
දිවස කරා මෙන් තෙද’ණින් යුතු පබඳ
ත නෙත පුරා දකු සම්මුක සුරිඳු සඳ
(දර්ශනය)
තෙද යසසින් සුර සෙන් පිරිවර නොමින
දිළි සිහසුන් පිට වැජ හුන් සක් සෙයින
කඳ සුරි ඳුන් වෙත ගොස් සිට මන තුටින
අදර බැතින් නමදුව ඒ හිමි සරන
(අභිවාදනය)
රු වි න් ඔරැඳි එසුරිඳු උතුම’හ ලකුළු
නොහි න් රැස් විසිර බබළන රන් රුවන් කිරුළු
නි ති න් කෙළින සතුටුව බැස රුවන් කුළු
සු ව න් මියුරු ස දෙනෙකු සිර’සිලු ලකුළු
(කිරුළු)
දෙර ණට පැමිණි පුරඳුරු ඉසුරු පෑ දුලේ
වටකොට සුර සෙනඟ වැඩ හුන් ඔහු විපුලේ
සැ ම වි ට දිසෙන රන් පිට දිළි නළල් තෙලේ
එ ක වි ට දිළෙන විදු කිඳු සයෙක සිරි’සුලේ
(නළල් පට)
ස හ තු ට වඩන මෙ සුරිඳු බැම නිති දිලෙන
එ ක වි ට පහළ ඉඳු දුනු දොළොසකි සොබන
සැ ම වි ට කෙළන බිඟු වැල සිරි ගති නිතින
(බැම)
ස ව ත් සුරනිඳු ගෙ නිති දිසි නෙත් දෙසය
ම හ ත් කලණ සයුරෙහි කෙළි මින් ලෙසය
කි යත් මඳක් උවමට ඉඳු මිණි රැසය
අ නත් ගෙලෙ මිණට සරි කළ කැට ලෙසය
(නෙත්)
හිමි සඳ තුඟු සය රන’ කුසු වැනිය
තුඩු දුන් මුව කමල්රන හස පෙළ වැනිය
යෙදු උවමන් ලෙව් සත වැනි කෙලෙසිනිය
කෙසර පෙළට සරි කළ කැනහිල් වැනිය
(නාසය)
දසත වසන දළ රද මුවරද දිමුත
දිව් කෙමි දුළ ගෙලෙ නල කමල පෙළ යුත
මුව සුරනිඳු සරිකර කියනු සිය පත
සොමි මඬලට දපනය වැනි සරි කරත
(මුහුණ)
නි ති න් දිලෙ න රන් ඕවිලි ලෙස සොබන
ස ව න් දැරු මහඟු මිණි කිරණ වොරැඳුන
රු වන් කුළෙක දෙ පසෙහි එක විට පැමින
කි ය ත් ලහිරු දොළොසෙක් දිළි නම් එමෙන
(තෝඩු)
සිරි සඳ නිතින් වසනා රන් මැඳුර යුරු
පුළු’ ලුර මඬල රණ ගල තල එසුර විරු
කොමල කමල වැනි පැහැපත් වූ සොඳුරු
කු කු ළු සිලට සම කොට පවසති කවුරු
(උර මඬල)
ක ර තල සුර රජු ගෙ රතැ’ඟිලි නව දිලින
කි ර - ණ නිය කුසුම් සෙව් මිණී බරණ
සු ර නර නදන කර සව් සිරි පල දෙවන
සු ර තුර අතු දොළොසෙක සිරි ගති සොබන
(අත්)
සොබ -න කලිඳු ගඟ පළ කර පාන ලද
ප බ -සර කිරණ දිසි මෙ සුරිඳු වසා රොද
නැ බ පියුමට ගමනොත බිඟු වැල කිවද
ලැ බ එනමක් සක්විති සැප සම කළ ද (වසා රොද)
ම න හ ර මෙ සුරනිඳු පුළුලු’කුල සිරි බර
පු ව ත ර රුවන් වැලි තල විලස පළ කර
දි රි ත ර තුනු සුනෙර හටගත් හෙම් සයුර
ස රි ක ර මෙ ලෙස පැවසිය හැ කි වෙති කවර (උකුල)
ගජන’ත් කනා රඹ පැල යුවලෙව් දිෙළන
සිරි ම ත් සුරනිඳු ගෙ දෙවටොරට සරි වන
උව මත් යෙදු කිවියර පොරණ කෙලෙසින
සිදු හ ත් ගැබට ලෝ කුස සම කළ ලෙසින
(වටොර)
දිළෙන සොඳුරු යුග දණ මඬල පැහැපත
එතුනු කිරණ හෙම් රස් දොස් දවාගත
රන් උතුයුග කිබිසිනිකොට තැබුව හොත
සදිසි වේ ද හිමි සුරනිඳුට මෙ පුවත
(දණ)
ප ර සි ඳු දියත මහසෙන් සුර රජු ගෙ තොස
පැහැබඳු රුවන් යුග දඟ වැනියැ’කි කෙලෙස
සිකිනිඳු කර තැඹිලි දුනුකේ කැකුළු ලෙස
කොයිබඳු වී ද උවමට ඒ කියන බස (කෙන්ඩා)
ම හ ත් පිය පතර දිගැ’ඟිලි දල පෙළින
දි මු ත් බරණ ඉඳු මිණි බිඟු කැන් සරන
සෙවිත් නිතින් සුර නර කැල හස රළින
රැගත් රත කමල සිරි මෙ සුරිඳු සරන
(පාද)
තෙදින් මේ මහසෙන් හිමි සරි වන දෙ වන
වෙනින් තවත් සුරිඳෙක් කිම දියත වෙන
උ ව න් කිවොත් පුන් සඳ සයෙකි පළ වන
එ යි න් කැලලෙකි හෙ ද අඩුවෙ දින දින
ර න් මිණි බරණ දැරූ සවතිඳු රූ යසුර
දු න් නෙත් කැලුම් සුර’ඹුන් කෙළිමින් අයුර
මන් සන්තොසින් සිරි සඳ වසන නිරතුර
බන් නන් රුවන් මැදුරෙ’ව් රුසිරෙන් සොඳුර
ප සි ඳු වන මෙ හිමි වැජඹෙති තැන සිනිඳු
සි නි ඳු ගුණෙන් විකුමෙන් කවරෙක් මෙබඳු
මෙබඳු තෙදින් දිය දද බන්දා විරුදු
වි රු දු දිත රුපුන් මැඩ පුමබා විරුදු
රුසිරෙන් උතුම් මෙ සුරිඳු දැක එ සිරිසර
විසුවෙන් අවුත් සතතින් කෙරෙ මේ සුරවර
තැවෙමින් සොවින් කළු වි ය වෙන් කලේබර
එලෙසින් නොවිය රැකියෙන් සතත බඹසර
ග න ර න් අනගි නව මිණි අබරණ රුවට
ද ර මි න් සිකියහන් නැඟෙමින් සිතූ ලෙසට
න ඟ මි න් සැව් දද දිව තද තෙද විහිට
රුපුසෙන් දිත දපා හළ බල පෑ ලොවට
ප ව ර මෙ මහසෙන් හිමි රජු ගෙ තොස
වි ත ර නො වන සිරි තෙද නැණ විකුම් යස
ස ත ර වත- සහස නෙත නතනාම මිස
ක ව ර අනෙක් කිවියර වනති ඇති ලෙස
(උසස් බව)
(කහ කුරුළු සන්දෙ ශය 220- 242)