නීල කොබෝ සන්දෙශය-දෙව් ආසිරි
146
පු රා පෙරුම් බුදුකුරු බවට එන ඔබ
ක රා ආමි සැල කරනට මෙ තතු සුබ
හැ රා ඉන් ඔහු ගෙ සැම4 උවදුරු දුලබ
ද රා ඉන් මැනවි මුනි පදවි ගත ලැබ5
147
පු රා තෙදින් බබලන යසසින්6 නොමද
ද රා යලිත් සග සිරි අදිකව සබඳ
වි රා ජිත සතත සෙත සත පා අරද7
ති රා කල් පවතු සම්මුත සුරිඳු සඳ
146 පු රා පෙරුම් බුදුකුරු බවට එන ඔබ
ක රා ආමි සැලකරනට මෙ තතු සුබ හැරා ඉන් ඔහු ගෙ සැම උවදුරු දුලබ ද රා ඉන් මැනවි මුනි පදවි ගත ලැබ
අන්වය : පෙරුම් පුරා බුදුකුරු බවට එන ඔබ කරා සුබ මෙ තතු සැලකරනට ආමි. ඉන් ඔහු ගෙ සැම උවදුරු හැරා ඉන් දුබල මුනි පදවි අදරා ලැබ ගත මැනවි. අර්ථව : පාරමිතා පුරා බුද්ධාංකුරව එන්නා වූ ඔබ වහන්සේ වෙත යහපත් වූ මේ කාරණය සැළකිරීම පිණිස ආවෙමි. ඒ නිසා අප මිත්රළයා ලේ සියලු උපද්රුවයන් අත් හරවා ර් හේතුවෙන් දුර්ලභ වූ බුද්ධ පදවිය (=බුදු බව) ආදරයෙන් ලබා ගත මැනවි. සංලක්ය්ව : 1. පුරා පෙරුම බුදුකුරු එන - බුදු බව ලැබීමට අතිශයින් උපකාර වන ගුණ ධර්ම යම් පමණක් වේ ද ර් සියල්ල පෙරුම් (=පාරමිතා) නමින් හැදින්වේ. 1 දාන, 2 ශිල, 3 නෛෂ්ක්රමම්ය ,4.ප්රරඥ, 5 වීර්ය, 6 ක්ෂාන්ති, 7 සත්යථ, 8 අධිෂ්ඨාන, 9 මෛත්රිා, 10 උපෙක්ෂා යන මේ දසය දශ පාරමිතාවෝ ය. දාන පාරමිතා,දාන උප පාරමිතා, දාන පරමත්ථ පාරමිතා යනාදි වශයෙන් එක එක පාරමිතාව තුන් ආකාර වේ. එවිට දශ පාරමිතා කොටස් තිසකි. සමතිස් පෙරුම් යනුවෙන් හැදින් වෙනුයේ මේ ය. මේ පෙරුම් පුරන උතුමා ය බුදුකුරු (=බුද්ධාඬ්කුර), බෝසත්, බොධිසත්ව† නම් වලින් ප්රුසිද්ධ. මේ ආදි සියල්ල සම්පුර්ණත කිරිමෙන් බුදු බව ලැබේ. 2. දරා - “අදරා” මුල ලොපයෙන් “දරා”යි වෘත්තය රැකීම හා එළි වැට පිණිස යොදා තිබේ. මේනොනිසි යෙදුමෙකි. දරා - කී කල අදරා - යනු නිරායාසයෙන් නො හැඟෙන බැවිනි. ලොප වීමට පෙර තුබූ අදහස සංශය නැතිව ම ලොප වූ විට ද පැහැදිළි විය. යුතු ය.
147 පු රා තෙදින් බබලන යසසින් නො මද
ද රා යලිත් සග සිරි අදිකව පබද වි රා -ජිත සතක සෙත සත පා අරද තිරා කල් පවතු සම්මුක සුරිදු සඳ අන්වය : බබලන පුරා තෙදින් නො මද යසසින් යලිත් සබඳ සඟ සිරි අදිකව දරා අරද සතත සෙත සතපා සම්මුක සුරිඳු සඳ තිරා කල් විරාජිත පචතු. † චතුර්විධ මාර්ගස ඥනය ද සවිඥතා ඥනය ද බොධි නම් වෙයි.එහි ඇලුණු බැවින් ද බුදුන් කෙරෙන් ලත් ව්යානකරණ ඇති බැවින් ද එකැත්පතන් බුජඣකන සන්ත්ථදවවි ද බොධි සත්ත්ථව නම්. (ජාතක අටුවා ගැටපදය)
අර්ථද : බබළන සම්පූර්ණ (=නො මඳ, නො අඩු) තෙජසින් ද බොහෝ වූ කිර්තියෙන් ද යුක්තව නැවත උදාර වූ දෙව් සැපත (=සඟ සිරි) අධිකව දරා නිතර සත්ත්වයන් ශාන්තියෙන් සතප්පවා (=සන් තර්ජණය කොට) සමුහුණු දෙවිදුනි, (ඔබ) බෝවා කාලයක් විරාජමාන වෙමින් පවතු. (පවත්වා සේක්වා.) සංලක්ය්ව : 1 . අදිකව - අධිකව. 2. විරාජිත - විරාජිත, බැබළීම. 3. අරද - නිතර.