නීල කොබෝ සන්දෙශය-ගමන් මඟ (ii)

    51

එතර ව ම එ ගං ඉවුරස ඉ ක් ම ඉ‍ඳේ

පතර පෙම වඩා සිතු සැම දු ක් ම සි‍ඳේ

නිතර හැම සතන් රැකි සුර රුක් ම ලෙ‍දේ

කතර ගම සුරිඳු හට5 තෙ විටක් ම වැ‍ඳේ


   52

එද ද කි මි නි පෙර දෙස ත යන6 සිතමිනි

ඉඩ හ රි මි නි සිටි සැරෙත7 දිනමිණි

පිය ස බ ඳි නි8 සිතු9 පෙම දියුණු කරමිනි

පිය වි ද මි නි යනු මැන ගුවන නැලෙමිනි10


   53

නිලමින් නිති ඔරැඳි සස’කුරු කෙත් විටිය11

බලමින් නොම එලඹ කර සිත් අටිය

සලමින් ත ගෙ සුනිල පිය යහපත් සැටිය

වලවින් ගොසින්දකු12 සකි නිඹරුක් වැටිය


      54

සඳ සෙම දුලා උවනත ගහණ රන් කුසේ

නද තන ‘පිලා හස නාලිය ගමන් දිසේ1

ලඳ නෙක2 බලා නෙතු සිතු වඩවමින් තොසේ

මැද ගම බ ලා යව මිතුරිඳුනි මන් ලෙසේ


     55

සෙයි යු ත් ව න් මද මහිසන් ගිජිඳු පෙළ

ලි යි ලෙ ක් න ම් නැති ම ය එහි කෙබඳු3 කල

එ යි දැ ක් මෙ න් බිය නො ම ගෙන දෙවිඳු බල

ප යි බොක්කෙන් ගොස් දැක ගන් දෙබිජු කල


    56

අ ස ම ඟා පන්න රස කා සිතු ලෙදින

ව ල මි නා පන්න කෙළනා අනු බඳින

නෙකරඟා වන්න සිරි ‘සිලු වන පෙදින

ම හ ලි ගා තැන්න දැක යන් සකි සඳින


    57

නෑ ර එ ක් ක ඇවිදින් පැටි පෙළ නොමද4

ගෝර උ ක් ක තලමින් සිටිනා නිබඳ5

ඌ රු රොත්ත දුටු මුත් සිතු බිය නොවැද

ආ ර බොක්ක පසුකර යාගන් සබඳ


    58

කු ස ල් කෙත රකින පමණට එහි සතනා

වි ස ල් නො ව සුසැදි මඩමක් ඇත එතනා

ඩ සෙල්— ලුන සඳා ගත ගිම් වැද පතනා

සසොල්— පෙව් කලක් එහි සිට යන් සිතනා


    59

නි ති යන දන ගෙ අයබදු ගැන්මට නෑර

මැ ති නර විරු වෙතින් වුත් සිටි මනු දාර

රු ති වන අය පල වෙත සිටි අවි දූර

ඇ ති ත ගෙ තුනු ගිමන් මද කල් කර පෑර


    60

සුර ගු රු නැණින් රුසිරෙන් රතිපාල යුත

මැති සුරු එවෙත සිටි වන ලෙස ආල සිත

සු මියු රු නදිනි’ගිලි සපැමිණි නීල පත

ම මිතුරු ගොසින් වදු මහලේවාය වෙත


     61

එ හි සිටිනා ගජ ගිරි කුළු යුත්තේය

පැන කෙළිනා තැන තැන මිග රොත්තේය

දුටු හොතිනා සිරි සර මෙ පැවැත්තේය

වෙද කෙවනා මනු සක් අකැමැත්තේය


    62

නු ලප වන් සිසි වත කොඳ වන් දළින

රූ සර1 පන් සර ලිය රුසිරෙන් දුලන

පෑ සර වන් යොවු’නඹු දකිමින් කෙළන2

ඒ සැණෙකින් යව සකි කොහොලන් කලින


    63

නිති නොහැකිළිය සරඟුන් ගො මහිසන් පත3

උදකෙහි ගිලිය රුදු ගිම් උන වමින්4 ගත

පොර ඇණකෙළිය තැන තැන දිව අතින් අත

දකු මලලෙපිය සිරිසර5 සහතොසින් සිත


    64

කිඹුල ගෝර ඇති සන්දා නො ව පටුව

තුමුල දී ර කඳ සුර අණ ගෙන තුටුව

සිලිල නෑ ර සනහා ගිම් කර පටුව

මලල ආ ර පසු කර යාගන් ඉටුව


    65

එ යි නි ක් බි ති තොප සපැමිණ යන වලින

දෙයි රු ක් ප ති නරඹා6 දෙන මෙන් තිළින

ලි යි ලෙක්නැති තුරු නැමුනෙව් පල පරින

එ යි සි ත්රු ති ලෙස වලඳා යව ලොලින


    66

ය ලි පත් විට සිය ත ගෙ එම අරන වසා

පි ළි විත් තුට ත ගමන තොරතුරු නො වසා

ක ලි සිත් මට ඉත අයදුමකිනි පවසා

වැ ලි ගත් තට විසුමට යා ගන් සවසා




51 එ ත ර ව ම එගං ඉවුරස ඉක්ම ඉදේ

       ප ත ර පෙම  වඩා සිතු හැම දුක්ම                සි‍ ඳේ 
       නිත ර හැම සනත් රැකි සුර රුක්ම               ලෙදේ
       කතර ගම සුරිදු හට තෙ විටක් ම                  වැ‍ඳේ
  
    අන්වය  :  අනාකුල යි.
  අර්ථය   :  (ග‍ඟෙන්) එතෙර වී ගං ඉවුර පසු කොට ඉඳ ගෙන මහත් වූ ප්රේයමය වැඩි දියුනු කර සිතෙහි වු සියලු දුක් නැති කර දමා නිතර දිව්යම වෘක්ෂයක් ලෙසින් සියලු සත්ත්වයන් ආරක්ෂා කළා වූ කතරගම දෙවිදුට තුන් වරක් ම වඳින්න.
     සංලක්ෂ්යදය : සුර රුක්- දිව්යත වෘක්ෂ, දිව්ය  වෘක්ෂ පසෙකි. එනම්-මන්දාරය, පාරිජාතකය, සන්තානය, කල්ප වෘක්ෂ්යක, හරිචන්දන යන මොහුය; එයින් කීහ.

“පඤ්චෛතෙ දෙවතරවො මන්දාරඃ පාරිජාතනඃ සන්තානඃ කල්ප වෘක්ෂශ්ච පුංසිවා හරිවන්දනම්”

   දෙ වැනි පදයෙහි දුක් ම යන තන්හි ද තෙ වැනි පදයෙහි සුර රුක් ම යන තන්හි ද “ම” කාරය පද පුරණය හා එළිය පිණිස යි. සිවු වැන් නෙහි තෙ විටක් ම යන තන්හි ‘ම’ කාරය නිශ්චයාර්ථයෙහි ය.

52 එ ද දකිමිනි පෙර දෙස ත යන සිතමිනි

	ඉඩ හරිමිනි සිටි සැරෙත			දිනමිනි

පිය සබඳනි සිතු පෙම දියුණු කරමිණි පිය විදමිනි යනු මැන ගුවන නැගෙමිනි

    අන්වය  : සරල යි.
   අර්ථය  :  (තොප කළා වූ) ඒ අභිවාදනය (=වැඳිම) දකිමින් තොප ගේ ගමන සිහි කරමින් පූර්ව දිශාව ඉඩ හරිමින් සිටියා සේ ඉර(=සුර්යයා) හැරී යන කල්හි එහ ද බලමින් සිතෙහි ප්රේරමය දියුණු කරමින් පියාපත් විදහමින් අහසට නැඟි යනු මැනවි.

53 නිලමින් නිති ඔරැදි සස’කිරු කෙත් විටිය බලමින් නො ම එලඹ එහි කර සිත් අටිය සලමින් තගෙ සුනිල පිය යහපත් සැටිය වලවින් ගොසින් දකු සකි නිඹරුක් වැටිය

  අන්වය  :   සරල යි.
   අර්ථය   :  නිල් පැහැයෙන් නිතර බැබළුණු පැල ගොයම් සහිත කුඹුරු පෙළ බලමින් එහි සිත ඇලුම් කොට (එහි) නො පැමිණ තොප ගේ ඉතා නිල් වූ පියාපත් යහපත් සේ සොලවමින් වලවෙන් ගොසින් මිතුර, නිඹරුක්වැටිය දකින්න.
     සංලක්ය්ි    :  1. නිලමින් - නීල වර්ණ)යෙන් - ගිරා පැහැයෙන්.
                        2. සසකුරු - (සස්+අකුරු) ශෂ්යාවඬ්කුර, පැල ගොයම
                         3.  වලව - වලවේ නම් ගම. මෙය අයිති මාගම් පත්තුවට ය.


වලවේ ගඟින් නැගෙණහිර කුඹුක්ගම් ගඟ තෙක් මාගම් පත්තුවය.ඉන් ඔබ නැගෙණහිර පළාතය. වවේ ගඟින් බටහිර රන්නෙ ඔය තෙක් නැඟෙනහිර ගිරිවා පත්තුව ය. වලවේ ගඟ මුහුදට වදනා මුවදොරට වලවේ මුවදොරය කියති. පළමු මෝදර ගොඩවාය නමින් ප්රලසිද්ධ යි.

     ගජබා රජු සමඟ යුද පිණිස සොළි රටට ගිය නීල යෝධයා වලවේ උපන් රුහුණු වීරයෙකි. යුද ජය සිහිවිම පිණිස ඔහුට ගම්වර සූ විස්සක් තෑගි කළ බව නවුරුත් දනිති.

“පෑ බල සොළී පුර කෝලහල කර එනුවර නීල යෝදය තීර ලැබී රජුගෙන් නොයෙක් තනතුර

වලවේ ඔය දෙගොඩය පටුනු ගම්විසි හතරය නීල යෝදයට තිරය වෙතට දුනි ගජබා නිරිදුය”

                                                              (ගජබා කාව්ය ය)
එ මතු ද නො වේ. රන් රුවන් අබරණන් රිදිය ගමත් නීල යොධ මාතාවට නින්දගම් කොට දුන් බව

“සිංහල පුරය තුට ඉපිද කුල පුත් වැදුවට නන් මිණි බරණ තූට දුන්නු රිදීයේ ගම ද උන් හට”

යනුවෙන් එම ජන නව් පොත ම සාක්ෂි දෙයි. රිදිය ගම මවටත් හේනයා ගම පියාටත් තෑගි කළ බව ජන ප්ර.වාදයෙහි පවතී.

                  5.   නිඹරුක් වැටිය:- මෙය ගම්මානයක් යයි සමහරු කියති. වලව අසල මෙ නමින් ගමක් ඇති බවක් දැන ගන්නට නැත. මෙය ආණ්ඩුවේ ග්රාමම ලෙඛනයෙහි ද ‘නො පෙනේ. කොස්වැටිය. බඩවැටිය යන ආදී බැවහරයන් හා සසඳා බලන්න. කොහොඹගස් වැටියක් සඳහන් කරන ලදැ යි සිතීම නිවැරැදි සේ පෙනේ.


  රන් ගිරි විහාරය අසල නිඹ (=කොසොඹ) රුක් දක්නට හැක. එ පෙදෙස මෙහි වූ නාඹරුක්වැටිය බව සමහරු කියති. ඒ එ සේ නම් ගමන් මඟ අවුල් වන බව කිව යුතුය.

54 සඳ සෙ ම දුලා උවනත ගහණ රන් කුසේ

          නද තන ‘පිලා හස නාලිය ගමන්                          දිසේ
          ලඳ නෙකබලා නෙතු සිතු වඩවමින්                  තොසේ 
          මැද ගම යව මිතුරිඳුනි මන්                                ලෙසේ
   අන්වය  :   අනාකූල යි.
   අර්ථය  : චන්ද්ර යා සේම බබළන මුහුණු ඇත්තා වූ ද රන් අකුසු සමාන නාසිකා ඇත්තා වූ ද සිත් සතුටු කරන්නා වූ උස්ව පිහිටියා වූ හංසයන් බඳු පයොධරයන් ඇත්තා වූ ද ගමනින් ඇතින්නන් සමව දෘශ්යඳමාන වන්නා වූ ද නො එක් කාන්තාවන් බලා නෙත් සිත් සතුටු කෙරෙමින් මිතුරිඳුනි´මැඳගම බලා සිත් සේ යන්න.
      සංලක්ය්ස  ය:   මැදගම-වලවේ ගම් මුලාදෑනි වසමට අයත් මෙ ගම මාගම් පත්තුවේ පිහිටියේය.

55 සෙයි යුත් වන් මද මහිසන් ගිජිදු පෙල

       ලි යි  ලෙක් නම්  නැති ම ය එහි              කෙබදු      කල
       එ යි දැක් මෙන් බිය නො ම ගෙන          දෙවිදු         බල
       ප යි බොක්කෙන්  ගොස් දැක ගන්        දෙබිජු         කල
    අන්වය  :   එහි සෙයි යුත් වන් මද මහිසන් ගිජිදු පෙළ ලයිලෙක් නම් කෙපඳු කල නැති මය. එයි දැක්මෙන් බිය නො ම දෙවිදු බල ගෙන පයිබොක්කෙන් ගොස් දෙබිජුකල දැක ගන්.
    අර්ථ.   :   (එකි මැදගම නම්) ග්රාෙමයෙහි ශක්තිසම්පන්න මද ඕම්න් හා හස්ති සමූහයාට උපමාවෙක් නම් කිසි කලෙකත් නැත්තේ ම ය. එවුන් දැකීමෙන් භය නො වී දෙවියන්ගේ බලය සිහි කර ගෙන පයිබොක්කෙන් ගොස් දෙබිජුකල දැක ගන්න.
      සංලක්ය්ක    :   1.  පයිබොක්ක - මාගම්පත්තුවේ දෙහිගහලන්දට යාව මුහුද පැත්තෙන් පිහිටි මෙ ගම ද වලවේ මුලාදෑනි වසමට අයිතිය. ඊටත් දකුණෙන් ගොඩවාය පිහිටා තිබේ.


                 2.  දෙබිජුකල - මේ කවර නාමයකින් අද බැවහර වේ දැ යි නිශ්චය කිරීම අසීරු වේ. චිත්රා  කල පෙදෙස බව අපගේ විශවාසය යි. පයිබොක්ක, මාලිගාතැන්න අතර විත්රාවකාල පිහිටි බැවානි.

56 අස මඟා ප න් න රස කා සිතු ලෙදින

        ව ල මිගා ප න් න කෙළනා අනූ                         බඳින
        නෙකරහා ව න් න සිරි’සිලු වන                        පෙදින
        ම හ ලි ගා තැන්න දැක යන් සකි                        සඳින
   අන්වය  :  මහා අස සිතු ලෙදින පන්න රස කා වල මිගා පන්න අනුබඳින කෙළනා නෙක රහා වන්න සිරි ඉසිලු වන පෙදින ගොස් සකි සඳින මාලිගාතැන්න දැක යන්.
     අර්ථඳ  :  මාර්ගාසන්නයෙහි සිත් වූ පරිදි පර්ණ රස (=පන්න රස, පත්රැ ස, රසවත් වූ කොළ වර්ග) කාලා වන මෘග (=වල මිගා) පඬ්ක්තිය පනිමින් තොර නැතිව ක්රිතඩා කරන්නා වූ නොඑක් ආකාර සිරි ඉසුලුවා වූ වනාන්තර ප්රිදෙශයෙන් ගොස් මිත්රකය, මාලිගාතැන්න නම් පෙදෙස දැකලා යන්න.
      සංලක්ය්ඉ  ය  :  මාලිගාතැන්න-අම්බලන්තොට තිබෙනුයේ මාතර හම්බන්තොට පාරේ 140 මයිල කණුව ය. එ තැන් සිට මයිල හතරක් ඒ මාර්ගයේ ම ගිය විට (144 කණුව) ඒ සමීපයෙන් උතුරට හැරී යන ටකලැ පාරක් අදත් තිබේ. එයට මාලිගාතැන්න පාරය යි ව්යලවහාර කරති. 
       තංගල්ලේ සිට ම මූදු බඩින් ආ මේ මාර්ගය ඉගොඩට වැදුණේ මෙ තැනිනි. හම්බන්තොට මේ ගමන් මඟට නො වැටුනේ ද එහෙයිනි. 144 කණුව සමීපස්ථ වූ මඟිනි නීල කොබෙයියාට යාමට අණ දුන්නේ. එකල ප්රවසිද්ධ මාවත එය බව මෙයින් පෙනේ.
      මාලිගාතැන්න හරියේ රජ මාලිගයකයහ යි සැළකෙන නටබුන් තිබේ. වැල්ලේ සන්දේශයේ වීර පරාක්රෙම නමින් රජ කෙනකු ගැන ද මෙ පෙදෙස ගැන කියනා විට සඳහන් වේ. එය කෙතෙක් දුරට විශවාස දැ යි නො කිය හැකි. මාලිගාතැන්නෙන් ඔබ්බෙහි ය ආරබොක්ක. බටහිර ගිරිවා පත්තුවේ යටිගල ගම් මුලාදෑනි වසමේ ද මාලිගාතැන්න නමින් ගම්මානයක් ඇති බැව් සැළකිය යුතු.


57 නෑ ර එ ක් ක ඇවිදින් පැටි පෙළ නො මද

       ගෝර  උ ක් ක තළමින් සිටිනා                           නිබඳ
       ඌ රු  රො ත් ත  දුටු මුත් සිතූ බිය                 නො වැද
       ආ ර බොක්ක  පසු කර යාගත්                             සබඳ
   අන්වය  :  සරල යි.
  අර්ථය   :  අත් නො හැර බොහෝ වූ පැටවුන් සමඟ ඇවිදින් ඝොර ලෙස පොර අනිමින් (=උක්ත තළමින්) නිතර සිටින්නා වූ ඌරු රොත්ත දුටු නමුත් සිතට භය නො ගෙන මිත්රැය, ආරබොක්ක පසු කර යන්න.
   සංලක්ය්ය  ය  :   ආරබොක්ක-මෙය හම්බන්තොට මුලාදෑනි වසමට අයත් ගමකි. පැරැණි චෛත්ය:යක නෂ්ටාවශෙෂ ගොඩනැගිලිවල කොටස් ගල් කණු ආදි පුරාණ සභ්ය:ත්වයට නෑකම් කියන ලකුණු මෙහි තිබේ.
   58       කු ස ල් කෙත රකින පමණට එහි		සතනා
              වි ස ල් නොව සුසැදි මඩමක් ඇත		එතනා
              ඩ සෙ ල් ලුන සදා ගත ගිමි වැද		පතනා
              ස සො ල්  පෙව් කලක් එහි සිට යන් 		ස්තනා
   අන්වය   :  අනාකුල යි.
     අර්ථ    :   ආරබොක්කෙහි අයවලුන් විසින් කුසල් නමැති කෙත රක්ෂා කරන ප්රමමාණයට වඩා විශාල නො කොට මනාව සාදන ලද්දා වූ මඩමක් ඇත. මාර්ගයේ දි ශරීරයට ශ්රී ෂ්මය වැදිමෙන් ඩහ (දිය) වැටුණු කල්හි හිතවත, ඉතා ස්වල්ප කාලයක් එහි (මඩමෙහි)නැවතී යන්න.
   සංලක්ය්්    :  1. ඩසෙල්ලුන සඳා - ඩහදිය වැටුණු කල්හි. සඳ (සඳා) කාලාර්ථ යි.
                         2. පතනා - පථයේ දී, මාර්ගයේ දී
                         3.  සිතනා - හිතවත; මිත්රයය.
                         4.  සසොල්පෙව් කලක් - (ය්වල්ප - සොල්ප) ඉතා ස්වල්ප කාලයක්.


59 නි ති යන දන ගෙ අයබදු ගැන්මට නෑර

         මැ ති  නර විරු වෙතින් මුත් සිටි		          මනුදාර
         රු ති  වන අය පල වෙත සිට		             අවිදුර
         ඇ ති  ත ගෙ තුනු ගිමන් මද කල් කර		පෑර
  අන්වය  :  සුගම යි.
   අර්ථය  :   නිතර යන අය ගේ බදු අත් නෑර ගැනිමට රජුන් කෙරෙන් අවුත් සිටි අභිමානයෙන් උසස් වූ මැතිවරුන් ප්රිදය වන්නා වූ නුදුරු වූ ආදායම් පොළ වෙත සිට තෙිප ගේ ශරීරයෙහි ඇති ග්රීූෂ්මය මඳ වෙලාවකින් බැහැර කරලා.
    සංලක්ය්ර     1.   අයබදු - ආදායම් බදු 
                 2.  මනු’දාර - (මන+උදාර) අබිමානයෙන් උදාර - උසස්
                3.  අය පල - ආදායම් අය කරන ස්ථානය - රේන්ද පොළ හෝ තොටුපොළ නමිනි මෙතැන්වලට බැවහර වූයේ. මඟින් ගෙන් අය බදු ගන්නා සිරිතක් නො විය. අය පොළින් එහා මෙහා යන ගැල්, ඇත්, අස්, ආදියෙනි බදු අයකරන ලද්දේ.

60 සුර ගුරු නැණින් රුසිරෙන් රතිපාල යුත

        මැති  සුරු  එ වෙත සිටි වන ලෙස ආල		සිත
        සු මි යුරු  නදිනි ගිලි සපැමිණි නීල 		පත
        ම මි තුරු  ගොසින් වදු මහ ලේවාය  	             වෙත
     අන්වය  :  සරල යි.
     අර්ථය  :   ඥනයෙන් බාහස්පති  වැනි වූ ද රූපශ්රිියෙන් අනංගයා වැනි වූ ද ඒ සමීපයෙහි සිටියා වූ මන්ත්රී්ඹවරයන් ගේ සිතෙහි ආලය ඇති වන ලෙස ඉතා මධුර නාදයෙන් යුක්තව පියාඹා ආකාශයට නැඟී ගොසින් මාගේ මිත්රුය, මහ ලේවාය වෙතට පැමිණෙව.
   සංලක්ෂ්යෙ : 1.  සුර ගුරු - මේ බාහස්පති යි. සුරනට ගුරු වූ සුරගුරු විසින් සම්පාදිත නිතීයට ගුරු නීති ය යි කියති. අසුරනට ගුරු වූ සිකුරු (=ශුක්රත) විසින් තඅනු නිතිය ශුක්ර  නීති නම්. මනුනීති නමින් ප්ර සිද්ධ වූ යේ මහා යේ මහා සමුමත නම් වූ මනු රජු ගේ නීතිය යි. නුවණින් අග තැන් පත්  බවට “සුරගුරු”උපමා කරති.


               2.   රතිපාල - රූප සෞන්දර්යයෙන් අග තැන් පැමිණි රතී නම් වෙඟන ගේ ස්වාමියා ය. රතිපාල. කුස්මවියා, අනංගයා, පුෂ්පවාණ ආදී නාමයන් ගෙන් යුක්ත මේ තෙමේ සියලු දෙව්යන් කෙරෙන් රූප සම්පත්තියෙන් අග්රද ගණ්යෙ යි. සත්වයන් ගේ සිත්හිකාම චේතනා ඉපදවීමෙහි සමත් බව මොවුන් කෙරෙහි පවතී. මොවුන් ගේ වාහනය කීර (=ගිරා) පක්ෂියෙකි. අතෙහි උක්දඬුයෙන් තැනූ දුන්නක් දරයි. එහි හී පසෙකි. ඉඑ බැවින් මෙ තෙමේ “පන්සර” නමින් ද. පතළ ය. මේ එක් එක් හීයෙහි මූණ එක්  එක් ‘පුෂ්පයෙකි. මෙයින් යමකුට විද්ද කල්හි මුළා කරවිමය (=සම්මොහන), විකල කරවිමය (=උන්මාදන), වියලීම (=ශොෂණ), තැවිමය (=තාපන) නො, සෙල්වන බවය (ස්තම්හන=) යන කාමොද්දීපනා ‘අවස්ථා පස පහළ වෙති.
        3.  මහලේවාය - හම්බන්තොට ලුණු ගැන ප්රසසිද්ධ යි. එහි වූ විශාල ලොනාකරය (=ලුණෂු ආකරය) මහ ලේවාය නමින් දන්ති.

61 එහි සිටිනා ගජ ගිරි කුළු යුත්තේය

        පැන කෙළිනා තැන තැන මිග	            රොත්තේය
        දුටු හොතිනා සිරි සර මෙ 	           පැවැත්තේය
        වෙද කෙවනා මත සක් 	        අකැමැත්තේය

අන්වය  : සරල යි.

  අර්ථ:  :  ඒ අසල සිටින්නා වූ ඇත් සමූහයා පර්වත කූට (=ගිරි කුළු)සමානය. තැන තැන පැන ක්රීටඩා කරන්නා වූ මුව රංචු (මිග රොත්ත) ය. මේ ආකාර සිරියාව දුටු හොතින් කවරාකාර මනුෂ්යායෙක් අකැමැති වන්නේ ද? (නො වන්නේ ම ය)

62 නු ලප වන් සිරි වත කොඳ වන් දළින

     රූ  සර  පන්  සර   ලිය      රුසිරෙන්  		දුලන
     පෑ සර වන් යොවුන’ඹු    දක්මින්		            කෙළන
     ඒ සැණෙකින්  යව සකි   කොහොලන්	            -කලින
   අන්වය  :   අනාකුල යි.


  අර්ථ   :  ශශ ලපයෙන් වෙන් වූ චන්ද්රචයාට බඳු වූ චක්කුියෙන් ද කොඳ (=කුන්ද) වැනි වූ දන්තයක් ගෙන් ද රූ සපුවෙන් අග්රඳ වු රතී නම් දිව්යබඬ්ගනාව බඳු වූ රුසියෙන් බබළන පැහැපත් වූ ක්රිුඩා කරන යෞවන සුත්රිනන් (=යොවුන් අඹු) දක්මින් එම මොහොතේ කොහොලන් කලින් මිතුර යව.
      සංලක්ෂ්යර  1.  නු ලපවත් සිසි-ශශ (සාවා) ලකුණ නැති දන්ද්ර යා සඳට සස ලපය ඇති වූ පරිදි ශශ ජාතක කථාවෙන් දත යුතු.
                  2.   කොඳ - කෞමද, කුමුදු, කුන්ද යන නම්වලින් ද9ැක්වනුයේ සන්ධ්යාක සමයෙහි සඳ රසින් පුබුදු වන මල් වර්ග යි. සමන් මල් ද කොඳ වෙසෙසකි. දන්තයනට කොඳ උපමා කිරීම කවි සමයෙහි එයි. “කොඳ කැකුළු වන් දත්” (කුසජාතකය)
        3  .  පන්සර ලිය - පන්සර යනු අනංගයාට නමකි. ඔවුන් ගේ ලිය  පන්සර ලිය යි. රතී නම් දෙවඟන ඹ්. රූ සපුවෙන් උසස් ස්ත්රි යක දැක්වීමට මේ දෙවඟන උපමා කිරීම කවි සම්ප්රතදායට අයත් වේ.

“සිරි රති පළමු වෙන සැක හැර මවා බලමින යලි ලොවැදුරු විසින මවා ලූ වැනි රුසිරු මෙ කලූන “(කුසජාතකය)

යන්නෙන් මැණික් සාමි සිරි රති දෙදෙනාට වඩා රූමත් බව අලගිය වන්න කිවිදුන් කී සැටියි මේ. 60 වැනි කවෙහි 2 වැනි සංක්ෂ්යිය බලන්න.

         4.   කොහොලන්කල - නීල කොබෙය්යා කොහොලන් කලට පැමිණි බවම මින් දක්වයි. රුහුණේ ප්රොණිත නම මීකිරි (=මහීෂදධි) ගැන කොහොලන්කල ඉතා ප්රොසිද්ධ යි. හම්බන්තොට - තිස්ස මහාරාම පාරේ වූ 4 මයිල කණුව මෙ ලමේ ය.

63 නිති නො හැකිලිය සරඟුන් ගො මහිසන් පත

           උ ද කෙ හි  ගිලිය රුදු ගිම්    උනවමින්       	ගත
           පොර ඇණ කෙළිය තැන තැන දිව  අතින් 	අත
           දකු ම ල ලෙ ලිය   සිරි සර  සහතොසින්		සිත


    අන්වය  :   නිති සරඟුන් ගො මහිසන් නො හැකිලිය පත උදකෙහි ශිලිය ගත රුදු ගිම් උනවමින් තැන තැන අතින් අත දිව පොර ඇණ කෙළිය මලලඑළිය සිරි සර සිත සතොසින් දකු.
    අර්ථ   :  නිතර මුවන් (=සරඟුන්), ගවයන් (=ගො), මීමුන් (=මඟිසන්-මහීෂයන්-මීහරකුන්) නො හැකිලි හෙවත් නිර්භීතව පැමිණ ජලයෙහි ගිලී ශරීරයෙහි රෞද්රී වූ ග්රී ෂ්මය පහ කෙරෙමින් තැනින් තැන ඒ මේ අත දුවලා පොර ඇණ ගෙන ක්රිිඩා කරන්නා වූ මලලඑළිය පෙදෙසෙහි ශ්රී  සාරය සන්තෝෂයෙන් දකුව.
         සංලක්ෂ්ය ය :  ම‍ලලෙළිය- (මලල+එළිය) මලල මෝදරටත් මහපාරටත් අතර පිහිටි විශාල එළිමහන් පිට්ටනියකි; මලල කලපුව නමින් ඉස්සන් ආදි මසුන් මරන තැනක් මීට යාබද ව තිබේ.

64 කිඹුල ගෝර ඇති සන්ද්ර් නො ව පටුව

      තුමුල දී ර  කඳ සුර අණ ගෙන		තුටුව
      සිසිල  නෑ ර  සනහා ගිම් කර		පටුව
      මලල ආ  ර පසු කර යා ගන්		ඉටුව
    අන්වය  :  අනාකූල යි.
    අර්ථය  :  ඝොර වූ කිඹුලන් නො අඩුව ඇති සන්දා මහත් වූ ධෛර්යයෙන් යුක්තව ස්කන්ද දෙවියන් ගේ අණ සිහි කොට සතුටින් නො හැර ම ස්නානය කරලා ග්රීේෂ්මය තුනී කොට ඉටු මිතුර, මලලආර පසුකර යා ගත්.
     සංලක්ය්ආ    :   1.  නො ව  පටුව - නො අඩුව , බොහෝ මහත් වූ
                         2.  සිසිල සයහා - පැන් සනහා, ස්නානය කොට දිය නාලා.
                        3.  පටුව කර - තුනී කොට, අඩු කොට
                        4.   ඉටුව - ඉෂ්ට මිත්රොය, ඉටු මිතුර.
                5.   මලලආර - මාගම්  පත්තුවේ උතු	රු මායිමටත් තරමක් ඈතින් වූ දේවගිරි කන්දෙන් පටන් ගෙන තිස්ස පාරේ උඩමලල හරියෙන් ගලා මුහුදට වදනා දිය දහරකි මලලආර. මලලඑළිය, මලලමෝදර, උඩමලල , පල්ලෙ මලල යන මේ එකාබද්ධ ප්රඑදේශ කොහොලන්කල ගම්මුලාදෑනි වසමට අයිතිය.


  අන්දරේ ගේ සොහොන මලලමෝදර තිබෙන බව කියති. එය තිබෙනුයේ මලලආර පෙදෙසේ බව තවත් මතයකි. මලලආරට විත් පලා නෙළන ගැහැනියක් දැක අන්දරේ මෙ සේ කීලු.
         “පුල පුලා අවුත් පැස මලල		ආරට
          විල  පලා නෙළන ලිය හොඳ ලු     	      ට”
   මෙ පෙදෙසේ පලු හා වීර හා රුක් පෙළින් සැදුණු සෙවණක අන්දරේ අවසන් හුස්ම හෙළමින්
           “රීදී කළේ රන් කොතලේ බීපු		                  මට
             නිකම් කළේ පැන් නැති විය	                         පිපාසෙට
             කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති මෙ                      මට
             පණ යන්නට විය පලු වීර ගස්                                  යට
යන කවිය කීවේ ය යි ජනශ්රැ තියෙහි පවතී.

65 එ යි නි’ක් බිති තොප සපැමිණ යන වලින

         දෙයි රුක් පති   නරඹා දෙන මෙන්		තිලින
         ලි යි ලෙක් නැති තුරු නැමුනෙ’ව් පල		බරින
         එ යි සිත් රුති  ලෙස වලඳා යව		             ලොලාන
   අන්වය  :   සරල යි.
    අර්ථය  :   ඊට පසු වනයට පැමිණිලා යන්නා වූ තොප බලා වන දෙව්යන් පඬුර (=තිළිණ) ක් දෙන මෙන් අඩුවක් නැත්තා වූ ගස් පලින් බර වී නැමුණාක් වැනි ය. එහි දී සිතෙහි රුචිය (=රිසිය, කැමැත්ත) පරිදි (ඵල රස) අනුභව කොට සතුටින් යන්න.
   සංලක්ය්     :    1.  එයිනික්බිති - (එයින්+ඉක්බිති)
                       2.   දෙයි රුක් පති - රුක් පති දෙයි, රුක්පති දෙව්. වෘක්ෂාධිපති දෙවයන්, වන දෙවියන්. දෙවියො - දෙයියො ඈ වහර අනුව එළිය සඳහා “දෙව්” – “දෙයි” යි යෙදි ඇත.
                     3 .  ලියිලෙක් නැති - අඩුවක් නැත්තා වූ
  66    ය ලි  පත්  විට  සිය  ත ගෙ එම අරන		වසා
          පි ලි  විත් තුට  ත ගමන තොරතුරු  නො		වසා
          කලි  සිත් මට ඉත අයදුමකිනි     	            පවසා
         වැලි ගත්  තට විමසුමට යා ගන්		            සවසා

2280 – k

   අන්වය  : යලි එම අරන වසා ත ගෙ සිය පත් විට තුට පිලි විත්  ත ගමන තොරතුරු නො වසා මට කලි සිත් ඉත අයදුමකි පවසා සවසා විමසුමට වැලිගත්තට යා ගන්.
   අර්ථ   :  නැවත එම අරණ්ය  වාසී වූ තොප ගේ බන්ධුන් පැමිණි කල්හි සතුටින් පිළිවිසුවා වූ තා යන ගමන් තොරතුරු නො සඟවා මාහට කල්යානණාධ්යාවශය  (=කලි සිත්) ඇති ඉත මිතුරකු ගේ ආයාචනයකින් යන ගමනකැ යි ප්ර කාශ කොට සවස විමසුමට වැලිගත්තට යන්න.
     සංලක්ය්ත  ය : වැලිගත්ත - මෙයත් කොහොලන්කල ගම් මුලාදෑනි වසමට අයත් ගම් පෙදෙසකි.