නිසඳැස් වත/සිතුවිලි/කියනු රිසියෙමි
< නිසඳැස් වත | සිතුවිලි
ඔබ සරල සමීකරණයක් වුනි නම් ඔබට ඇත්තේ එකම එක තාත්වික මූලයක් බව දනිමි. ඔබ වර්ග සමීකරණයක් වුනි නම් ඔබට ඇත්තේ මූල දෙකක් බවද දනිමි. එනමුදු ඔබ බහුපද සමීකරණයක් බව කියනු රිසියෙමි. හුදෙක් මාගේ ප්රයත්නයන් අවකලනය වන කල්හි නුඹේ සිතිවිලි අනුකලනය වනු දුටිමි. මා සරල රේඛාවක් වන කල්හි ඔබ පරාවලයක වී කිසිදා එක් නොවනා අනන්තයට යන බව කියමි.