ධමර්මමප්ර5දීපිකා පිටපොත

අකුරෙකින් 38 = කරත්තයක ඇලවංගුවකින්, මෙහි ප්ර>කෘතිය අකුර යනුයි. එය පාළි අක්ඛශබ්දනේ හෝ සං අක්ෂ ශබ්දයෙන් බිඳගත නොහේ. එහෙයින් අකුර යනුව අක්ඛශබ්දයෙන් ආ අකුශබ්දයත් සමග රිය ශබ්දය එකතුවීමෙන් සිදුවුණු අකුරිය ශබ්දයෙන් සිඞසේ සලකම්හ. (අකුරිය > අකුරය > අකුර)

අකුරු 269 , 354 - අඩ්කුර, ගහක කොළහැලී නැවතත් ලියලන කොළ ආදියෙහි ළදරු අවස්ථාව.

අක්මා 182 - කැවුත , එය හදවතට දකුණින් පිහිටා තිබේ. (යකෘත්මාංස > යකුමහ > යක්මහ > අක්මහ > අක්මා)

අක්ෂනවෙධී 262 - අකුණු එලියෙන් ඉලැක්කයට විදින ධනුර්ධරයා

අගමෙහෙස්න 141 - ප්රලධාන මෙහෙසිය, (මහෙසිනි > මෙහෙසිනී > මහෙස්නි > මෙහෙස්න)

අග්දෙරිය 327 - ගෘහාදියෙහි ප්රඉධාන දොරටුව ඉදිරියෙහි තිබෙන මිදුල. (අගුදෙරිය > අග්දෙරිය)

අග්රඅරසපරිතෘප්ත 53 - ඇතිවනතුරු අග්රවරසය වැළඳීමෙන් සන්තුෂ්ට වූ

අඞ්ගාරවෘෂ්ටිසම්පරිකීර්ණ 15 - අඟුරුවැස්සෙන් ගැව්සීගත්.

අටතඩියෙකින් 204 - දඬු අටකින් (දණ්ඩ > දඩු > දඩි > තඩි

අට්ඨදන්තක 97 - කුඹුරක බිම සකස් කිරීමේදී ප්ර යෝජනවත් වන , උල්හෙවත් දත් අටක් ඇති පනාවක් වැනි උපකරණය.



422 ධර්ම ප්ර දීපිකා පිටපොත

අඩතෙළෙස් යළ්සියක් 380 - බාගයක් අඩු දහතුන්සියයක් (එකදහස් දෙසිය පණසක්) මෙහි පෙනෙන යළ් ශබ්දය එක්යළක් දෙයළක් යනාදී තන්හි මෙන් වාරාර්ථය දෙයි. එහෙයින් බාගයක් අඩු තෙළෙස් වූ සියය යන අර්ථය එයින් ගත හැකිය. අඩුතුන් පඞික්තිය 123 - අඩක් අඩු පඞ්ක්තිතුන හෙවත් පඞ්ක්ති දෙකහමාර අණ්ඩචේඡද 140 - අණ්ඩය හෙවත් පෙල්ල ලී කැබෙලිවලින් තදකොට පොඩිකිරීම. පිළිඇඹීම. අතිකුට්ටන 185 - මස්ලොඹුව උඩතබා ආයුධාදියෙන් කැපිම. අතුරු 122 - ඇතිරිය අත්යුන්තායොග ව්ය වව්ඡෙද 2 – (අත්ය.න්ත අයොගව්ය ව‍ච්ඡේද) “නීලොත්පලමස්ත්යෙගව” (නීලොන්පලය ඇත්තේමය) යනාදී තැන්වල ක්රිනයාව කෙරෙන් පරවැ යෙදුණු එවකාරය, නීලොත්පලයාගේ අවිද්යලමානත්ව සඞ්ඛ්යාවත අයොගය අත්යලන්තයෙන්ම වලකා නීලොත්පලයාගේ විද්යවමානත්වය ප්රඅකාශකෙරෙයි. එහෙයින් ඒ එවකාරය අත්යතන්තායොග ව්යයවචේඡද නමි අත්සන 152 - හස්තසංඥාව හෙවත් අතවැනීම. (හත්ථිසඤ්ඤා > අත්සඤ > අත්සන) අතින් පිහිටුවන සලකුණ අත්යනන්තරසේ 52 - බුදුගුණ දැනීමේ ශක්තියත් තමාත් අතර ඇති පරතරය ඉතා විශාල සේ අත්යනන්තදුරතර යනු ශුඞ පාඨය දැයි සොයනු. අකුනු 182- බඩවැල්. (අන්ත > අතුනු) අතුනුවැටිය 182 - මෙය පාළි අන්තවට්ටි ශබ්දයට සමානය. එයිනුත් බඩවැලම කියැවේ. නමුත් මෙහි අතුනු අතුනු වැටි යන දෙශබ්ද එකතැන යෙදී තිබෙන හෙයින් බඩවැල විසිඑක් පලකින් එකට බැඳි තිබෙන අන්තගුණ සඞඛ්යාහත නහරවැල් එයින් අදහස් කළාවත්දැයි සෙවියැ යුතුය. අත්සරිය 152 - හස්තසාරය. අධිච්චසමුප්පන්න - සියල්ල අහේතුකව උපන්නේය යන දෘෂ්ටිය.





ධර්ම්ප්රනදීපිකා පිටපොත 423

අධිමුක්ති 220 - අදහස. අනවලෝමුදුන් 56 - නොබැලියැහැකි මුදුන. (අනවලොකිත > අනවලොකිය > අනවලොයිය > අනවලොයි අනවලො) අනුඛ්යිඤ්ජන 4 - දෙතිස් මහා පුරුෂ ලකුණු අනුවගිය විතඞ්ගුලිතාදී කුඩාලකුණු අනුත්සදකෘත 45 - අධික නොකළ අනුභූතවත්ථු 178 - දෙව්ලොවදී තමා විසින් පරිහරණය කරන ලද දෙව්විමන් ආදී වස්තු අනුසය 32 - අරමුණක් ලැබුණු විට උත්සන්න වෙමින් , සිතින් පහනොවී පවත්නා කාමරාගාදි සත්වැදෑරුම් කෙළෙස්. අනෙකධාතු නානාධාතු ලොකයාගේ නානාත්වය දන්නා නුවණ 33 - බොහෝවූද නානාපුකාරවූද ස්කන්ධයන්ගේ සහ ආයතනයන්ගේ වෙනස දන්නා නුවණ අන්තරාංශ 11 - පිටේ මැද තිබෙන ඇලක් මෙන් පහත් ප්රයදෙශය. එය තුනටියේ සිට දෙවුරතෙක් දික්වැ පවතී. අන්යදයොගව්යැවච්ඡේදක 2 – “පාථිළුවධනුර්ධරඃ” (පාථියාමධනුර්ධරයාය) යනාදි තැන්වල මෙන් විශෙෂ්යැයා කෙරෙන් පරවැ යෙදෙන එව කාරය, පාථියා හැර අන්යෙයන්ගේ ධනුර්ධරත්වය වලකාලන හෙයින් එයඅන්යරයොග ව්ය වච්ඡේදක නම්. අන්තානන්තික 396 - අන්තානන්ත නම් ශාස්වත දුෂ්ටිය පිළිගත් අය කෂිණභාවනා හිමිකොට නොවැ සක්වළේ එක්තරා කොටසක පමණක් පතුරුවා එසේ කෂිනා ලෝකය පැතුරුණු හරිය ලෝකය සේ ගෙන ‍ඒලෝකය අන්ත සහිත යයිද, තවත් සමහරු හිම්කොට කෂිණා ලෝකය පතුරුවා එසේ කෂිණාලෝකය පැතුරුණු සක්වළ අනන්ත යයි ද සලකති. මෙසේ ලෝකය අන්ත සහ අනන්ත වශයෙන් සැලකීම අන්තානන්ත නම් දෘෂ්ටිය නමුත් එය පිළිගත්තාහු අන්තානන්තික නමුත් වන්නාහ.





424 ධර්ම්ප්රතදීපිකා පිටපොත

අන්යටවිහිත 61 - හිත අනෙක් අරමුණක්කරා යෑම අන්යෙින්යත පය්ය්් න්තස්ථායී 32 - පෙට්ටියක පියන්දෙක දිගින් හෝ පුළුලින් අඩුවැඩිනොවැ සමවැ සිටින්නාසේ දතයුතු පදාර්ථයන් සහ බුඞඥානය ඔවුනොවුන්ට නොවෙනස්වැ සිටීම. අපරාමෘෂ්ට 157 - තෘෂ්ණාදියෙන් නොවැළඳගත් යනු අර්ථයි. එය ශෛක්ෂයන්ගේ ආය්ය්157මාර්ග සහගත සිලයට විශෙෂණවේ. අපරිගෘහිත 111 - නොවැළදගන්නා ලද අපරිරුද්ධ 13 - බාධාරහිත අපය්යාද් පන්නයහ 24 - ලොකොත්ත්රධර්මරයෝවෙති. අභිනිර්ව‍තික 35 - නිපදවන අභිභවනලදුවව්හ - මැඩපවත්වන ලද්දෝ වූහ. අභිසංස්කාරකොටගෙන - සකස්කොටගෙන. අභිසංස්කෘත - සකස්කරන ලද. අභ්යාසඛ්යාින 144 - නින්දා අමත්දිහි 381 - හුන්කිරිතත්වයෙන් මිදුනාවූත් හොඳින් නොමිදුනාවූත් කිරි අමත්දිහිසේ හඳුන්වනු ලැබේ. ඉන්දියාවේ සමහරුන් උපොසථිකව කිරිත්බිව් බව පෙනේ. විනය ටීකා 94 පිට බලනු. අම‍රාවික්ෂේප 397 - අමර නම් මත්ස්යනයා ස්ථිරව අල්වා ගත නොහෙන්නා සේ එක අරමුණක නොපිහිටි - අස්ථිර දෘෂ්ටිය සහ ඒ පිලිබඳ කථාව. අඹමලිය 265 - අඹගසින් යුත් මලුව, අඹමලුව > අඹමලිය. අයපවත් 381 - අකැපවස්තු( අකප්පිය > අකප > අයප) අයිරිත් කැප නොකළදහොත් 381 - අතිරික්තත් කැපත් නොකළ හොත්, පවාරිත (ආහාරප්ර තික්ෂේප කළ) භික්ෂුව, පඤ්චවිධ ආභාරයන් අතුරෙන් යම් අහරක් ප්ර්තික්ෂේප කළ භික්ෂුව, එවැනි අහරක් පෙරවරුයෙහි අනුභවකළ යුත්තේ අනෙක් භික්ෂුවක් ලවා ඉතිරි කරවා ගැනීමෙන් හෝ කැප කරවා ගැනීමෙනි. ඒ දෙකම නොකළහොත් යනු අර්ථැයි.





ධර්මමප්රරදීපිකා පිටපොත 425

අයොඝනයෙන් 106 - ගනකම ඇති යකඩයෙන්. අරත්නිය 271 - රියන. අරවති 60 - ඉල්වති. අලගර්දපය්යා් ප්තිය 129 - වැරැදි විධියට නයකු අල්ලන්නාසේ වැරැදි විධියට යොදොවන ධර්ම්ය. අවක්රා න්තවන්නට 61 - බැසගන්නට. අවතංශක 6 - මුදුන්මල්කඩ. අවධූනන 105 - යටිකුරුකොට ගසාදැමීම. අවන්මහඇතිරි 404 - නිළියන් සොළොස් දෙනකුට නැටියැ හැකි, බිම අතුරන මහ ඇතිරි. ඒවා විශෙෂයෙන් සුරාපාන ශාලාවල අතුරන හෙයින් අවන් මහ ඇතිරි නමින් හඳුන්වනු ලැබේ. ( ආපාන > අවන්) අවරන්පත් - අපරාහ්ණයට පැමිණි. ඉර හැරීමෙන් පසු සන්ධ්යාය සමය දක්වා වූ කාලය අපරාහ්ණය නමි. අවශවර්තී 36 - තමාගේ යටතෙහි නො පවත්නා අවහිත 8 - සැඟවුණු අවප්ර කීර්ණතායෙන් - නොවිසිරෙන බැවින් අචෙත්යත 215 - අචල , ස්ථිර අඡෛවර්තික 232 - නො වෙනස් වන අශබල 157 - කබර නැති. මුලින් හෝ අගින් සික පද දෙක තුනක් නොකැඩුණු ශීලය අශනවසන 107 - කෑම බීම සහ වස්ත්ර් අසිපත්රිවන 101 - කඩුමෙන් කැපෙන කොළ ඇති ගස්වලින් යුත් වනයක්. එය නරකාදියෙහි ඇතැයි සලකනු ලැබේ. අසිදැගෙන 208 - උදුරාගෙන (අච්ඡිදිත්වා > අසිඳය > අසිඳැ) අස්තිකඞ්කාල 146 - ඇටසැකිල්ල අස්තෙයචිත්තය - නොසෙ‍ාරසිත. ආකර්ෂණ 195 - ඉදිරියට ඇදීම. ආත්මනිය්යාතය යතනය 170 - තුනුරුවන් වෙත ආත්මය පූජා කිරීම.




426 ධර්ම‍ප්ර‍දීපිකා පිටපොත

අනුලොමිකක්ෂාන්තිය 45 - මෙහි ආනුලොමික ශබ්දයෙන් විදර්ශනා ඥානමය අදහස් කෙරේ. ඒ ඥානයෙන් සියලු සංස්කාර ධර්මයන් හේතුප්රනත්යහයන් නිසා ඇතිවන බවත් එසෙම ඒවායේ අනිත්ය දුක්ඛ අනාත්ම තත්වයත් ක්රාමයෙන් අවබෝධ වේ. එහෙයින් අනුලොම ඥානය යනුත් අනුලොමික ක්ෂාන්තියටම නමි. ආපොරසානුගතබන්ධන 200 - ජලය නිසා ඇතිවන සම්බන්ධය. ආමුක්තය ඥසූත්රනවැ 324 - බඳනාලද පූනනූල අතැතිවැ. ආවර්ජන 29, 154 - මෙනෙහි කිරීම. ආවර්ජන ප්රූතිබද්ධ 32 - මෙනෙහි කිරීම සමග බැඳුණු ආවර්තපය්යාූත වසානයෙහි 9 - ලොම් කරකැවීගිය හරියෙහි කෙළවර. ආවර්තයෙහි 98 - දියසුලියෙහි. ආවර්යහ 183 – (ස්ත්රීිහු) ඔවුන් සමග බැඳුනවුන්ට දියසුළි බඳු වෙත්. ආශය 45 - ශාස්වත සහ උච්ඡෙද දෘෂ්ටි) ආස්පදයහ 183 - ආධාර ස්ථානයෝය. ඇගෑයක් 56 - චෛත්යනයක සටහන් ඇති තෝරණ විශෙයක් (අග්ඝිකා > ඇගික > ඇගැය > ඇගැය් > ඇගෑ) ඇටමුල් 92, 96 - ඇට මැද තිබෙන ලොඳ ඇණපට 7 - මෙහි පට ශබ්දය තරමක් අවුල් සහිතය. එයට තෝරා පටාණි ශබ්දය කඞ්ඛා විතරණි පිටපොටත් තෝරා තිබෙන්නේ “පටාණි නම් හැඳ පා සිළු නො ගිලිහෙන පිණිස පිට සැ හොවා ගසන ඇණයි” කියාය. මෙයින් හැ‍ඟෙන්නේ යමක පිටින් ගසන ඇණය පටාණිය බවය. (71) ඇස්වටයත් පිටට පෙනෙන්නේ කකුලේ තබා ගසන ලද කුඩුම්බිය ලොකු ඇණයක් මෙනි. එසේ ඇස් වටය පිටි පයේ ගසන ලද ඇණයක් මෙන් පවත්නා හෙයින් සාමාන්යක මිනිසුන් ගමන් කරන විට පතුල හොඳින් පරිවර්තනය නොවේ. ඇතියව්හු 8 - ඇතියෝ වෙත්. ඇතියයුහ > (ඇතියවුහු > ඇතියව්හු) මෙහි ශබ්ද ප්රයකෘතිය “ඇතියයු” යනුයි.




ධර්මවප්රිදීපිකා පිටපොත 427

ඇතියාවැ 309 - ඇත්තෙක්වැ (අන්විත > ඇති) ඇරැ 163 - ගෙනවුත්. (ආහරිත්වා >ඇහැරය>හැරැය>හැරැ>ඇරැ) ඇරැවිය 127 - ඉල්විය. ඇවිදු මඬලෙහි 149 - අවීවමණ්ඩලයෙහි. (අවිවි > ඇවිදු) ඉන්ද්රමඛීල 56 - නගරවාරාදියෙහි ගේට්ටු පලු හෝ දොරවල් සවි කරන කණු. ඉන්ද්රිඬයපරාවරතා 42 - ශ්රේඞාදී ඉන්ද්රිියයන්ගේ අඩු වැඩිකම ඉළු 352 - වනය. උකුල් දෙනුවක් 3 - රුකුල් දීමක් උක්මැලි 271 - උක්මල් උඩස 63 - උඩ. (උඩම - උඩස) උත්කණ්ඨා 256 - කලකිරීම උත්කාරගෘහය 182 - වැසිකිළිය උත්ත්රගස්තවැ 99 - අතිශයින් බියවැ. උත්ත්රාෘසිතවැ 102 - බිය ගන්වන ලදුව උත්පාත 103 - මුහුදු ජලය ඉහලට නැගීම උත්සදකෘත 45 - අතිශයින් බහුල කරන ලද, උත්සන්න. උත්සදනරක 88 - ප්ර්ධාන නරකවල තිබෙන අප්ර්ධාන සුලු නරක. එක මහ නරකයකට, එක පැත්තේ හතරක් බැගින් උත් සද නරක සොළසක් ඇතැයි කියති. උදකවගාහ 106, 292 - ජලයෙහි බහාලීම උදහන 269 - උඩට නැගෙන. (උද්ගච්ඡ > උදහ) උදහාගිය 291 - උඩට නැගි ගිය , උඩඟු වී ගිය. උද්භාවනා කළ 395 - ඉපැදැවූ උපද්දි 77, 387 - උපදියි. (උපදියි > උපද්යි > උපද්දි) උපධාරණ - ප්රපතිෂ්ඨාව, ආධාරය උපධි සම්පන්න 44, 390 - රූප සෝභාව නමැති ධනය ඇති. උපනිබන්ධන පුණ්ය 211 - ඕපධික පින් භවභොග සම්පත් දෙන පින්.




428 ධර්මණප්රයදීපිකා පිටපොත


උපනිසින්නක කථා 132 - සමීපයෙහි ඉඳගෙන කරන ධර්ම සාකච්ඡා. උල්කාපාත 256 - තරු කඩා වැටීම. උල්ලිප්තාවලිප්ත 234 - ඇතුළත පිටත සුණු පිරියම් කළ එකකර්මොතපබ්රෑ හිත 63 - එකම කර්මායක් වර්ධනය කළ එකත්යම ශාස්වතිකයහ 24 - ඇතැම් දේ පමණක් සදාකාලිකය යන මිථ්යායදුෂ්ටිය ගත්තාහුය. එසියයක් 123 - එක සීයක්, මහ කසුප් යන්න මහසුප් වූ සැටිත් සලකනු එළිපෙරහැරපියා 45 - මෙය දිගු කලක සිටම පොතට වැටී තිබෙන අප පාඨයකැයි හැ‍ඟේ. එහි ශුඬ පාඨය “සිලි දොර හැර පියා” යි සලකම්හ. සිලි, වලිතවැ කලබල වී: දෙ‍ාර හැර පියා. ගෙවල්වල දොරවල් හැර දමා යි එයට අර්ථ කියැ හැකියැ. ධම්පියා අටුවා සන්යායෙහි අපේ පොතේ 67 වන පිටේ සිලී යන්නෙහි අර්ථය වැඩි දුරටත් විශද කරනු පිණිස “කමත් පියා එළි පෙරහැර බලනුවට නිකන් යී සේ යි” කී සැටි ද සලකනු. එහිත් සිලි යන්න එළි කියා වැරැදී වැටි තිබේ. කටයුතු අත හැර කලබල වි දොරවල් හැර දමා පෙරහැර ‍බැලීමට ගීය වග එයින් කියැවේ. එතත් විභාග ජිඥාසූන් 215 - තෙල ශරණගමනයෙහි ප්රදභෙද දනු කැමැතියන් (විසින්) ඔවැටි විදැ - සිවුරේ දිග මැස්ම යන පාර රවුම් කටුවකින් විද (ඔවට්ටිකා > ඔවැටි) ඔස 281, 294 , 324 - එහෙනම් (එසේ නම්) යන අර්ථයෙහි යෙදෙන නිපාතයක්, විශ්මයාර්ථයෙහිත් වැටේ. සීගිරි පද්ය 137 මාතර පළාතේ මේ වචනය ඔහේ යි සිටී. ඔසධීතාරකා 15, 12 - යම් තරු එලියකින් යම් යම් බෙහෙත් වර්ග උගුලා ගත යුතුද ඒ තරුව ඕසධී තරුව නමි. උදේ චන්ද්රුයාත් සමග පායන දවහත් තරුව. කකුළුතුඹුරෙහෙරෙයෙන් 357 - කකුළු තඹු මගුරු යන මත්ස්යන විශෙෂයන් කරන කොට ගෙන. දැනට තඹුවො නමින්




ධර්මකප්ර.දීපිකා පිටපොත 429

හඳුන්වන තඹවන් මත්ස්ය‍ විශෙෂය තඹු නාමයෙන් අදහස් කළා වියැ හැකිය. රෙහෙරු නම් අත්නනගලු ඔය ආදියෙහි වැඩි වශයෙන් සිටින මගුරෝය. කට සී 85 - පෘථිවිය , ආත්ම භාවය. කටුමතිගාය 203 - ගැට සහිත කසය ( ඝාත > ගාය) කඩ 183 - මාර්ගය. කඩ පළා සොර 83 - මෙහි කඩ යන්නෙන් මාර්ගයත් පළා ‍සොර යන්නෙන් උප්පලක වොර නැමැති චෞර විශේෂයත් අදහස් කළා වියැ හැකිය. උප්පල ගන්ධ චොඑ යනුත් ඔවුන්ටම නමි. ඔවුහු රැකියාවක නොයෙදී මග යන එන්නන් මැරීමාදියෙන් ඔවුන් ළඟ තිබෙන දේ රැගෙන ජීවත්වන සොරුය. (උප්පලක > උපලහා පලහා පලා) කථයිතව්ය. 194 - කියැයුතු. කඳට - බෙල්ල (කන්ධර > කඳට කර්ණාට 140 - දකුණ ඉන්දියාවේ එනම් රට - කෙරළය කථායැ 137 - කථාද. කනක කටක රසනානූපුරාදී 57 - මෙහි පෙනෙන කනක ශබ්දය කටකාදී අනෙක් ශබ්දයන් සමගත් සම්බන්ධ වේ. කනක කටක ආදි විසිනි. ස්වර්ණමය අත්වළලු රසනා දාමය (ඉන පළඳනාවක්) පාවලලු ආදී යනු අර්ථයි. කමිසන් එව 120 - කටයුතු විධානය කොට (කම්මසඤ්ඤා > කම්සන්) කරවැල් 98 - වෙතරණීග‍ඟෙහි ඇතැයි සැලැකෙන කටු සහිත අයෝමය වැල් විශේෂයක් බාරවල්ලි යනු පාළිනාමයි. ඛුරවල්ලික යනුත් පාඨාන්තරයි. කර්ණෂණපට 14 - කන් පෙත්ත. මසුන්ගේ කන් ළඟ දිගට තිබෙන අවයවට. කර්මෂකාරණ 107 - කම්කටොලු, වධබන්ධන කර්මෂකාරණ ප්රා ප්තයක්හු - වධබන්ධනවලට පැමිණියක්හු.





430 ධර්මමප්ර‍දීපිකා පිටපොත


කර්මෂජවාතය 97, 196 - කර්මයෙන් නිපන් වාතය. ළමයකු මව්කුසින් බිහිවන්නේ මවගේ මෙන්ම ළමයාගේත් කර්මජවාතයෙනි. කර්ම පථ 107 , 108 - කර්ම කරන්නා වූ හෝ නොකරන්නා වූ තැනැත්තාට ඒ අවස්ථායෙහි ඇතිවන චෙතනාව කර්මථපාශයෙන් 103 - කර්ම නමැති මලයෙන් කර්මථස්වකතා 310 - කර්මය ස්වකීය කොට ඇති බව කලත්රාපරිග්ර හ කොටැ 77 - භාර්යාවක් විවාහ කොටගෙන කල්පශීර්ෂ 15 - දෙකට බෙදුණු හිස් ඇත්තෝ කල්මාෂ 157 - කබර කල්වියො 352 - කාන්තාවගෙන් වෙන්වුණු කවළියෙන් - ජනේලයෙන් (කවාට > කවුළු > කවළි) කස්පා 121 - මේ පාඨය හැම පොතකම වාගේ පෙනෙන්නේ කසුන්පා කියය, කාඤ්චන ශබ්දයෙන් එන කසුන් ශබ්දය ස්වර්ණවාචකය. ස්වණ්ණ පාත්ර් ගැන මුලින් කියන ලදී. මෙහිදී කස්පා නමින් හැඳින්වෙන්නේ ලෝකඩ පාත්රු බව සැලැකියැ යුතුය. කස්පා යනුව ලෝකඩ වාචක කංස ශබ්දයෙන් ආ හැකි හෙයින් කස්පා යන්නට ශුද්ධ පා‍ඨය සේ සලකම්හ. ලෝකඩ පාත්රන යනු අර්ථයි. කහවණු 381 - සාමාන්යකයෙන් බුද්ද කාලයෙහි රජගහ නුවර ආදී නගරවල ව්යණවහාරවුණු මිශ්රු ලෝහයෙන් සකස් කළ සළකුනු සහිත රුපියල් තුනක වටිනාකම ඇති හතරැස් කාසි විශේසයකි. සංස්කෘත පොත්වල එන කාර්ෂපණය මෙය නොවේ. එහි වටිනාකම රුපියලක් වන හෙයිනි. මෑත කාලයකට අයත් රූද්ර්දාමන් කහාපණයෙහි වටිනාකමත් එතෙක්මය. කළා නම් වෙද්ද 77 – “මෙසෙ සත්කාර කරන දරුවො දෙමාපියනට ප්ර ත්යු්පකාර කළා නම් වෙද්ද යත්” යනු සම්පූර්ණම වාක්ය ය වේ. මෙසෙ සත්කාර කරන දරුවො යන්න ප්ර”කෘති කර්තෘණත් දෙමාපියනට ප්රදත්යු පකාර කළා නම් යන්න විකෘති කර්තෘයත් වන්නේය. කළාහු නම් වෙද්ද, යී සිටියැ යුතු තැන මෙසේ සිටියාත් වියැ




ධර්මයප්ර දීපිකා පිටපොත 431

හැකිය “උපසර්ගත නිපාතාර්ථ නොවූ නගරාදි ශබ්දයෝ උපසර්ග නිපාතාර්ථු වූවා නම් වෙති” යනාදියත් එවැනි තැන්ය. මෙබඳු තැන්වල විකෘති කර්තෘන එකවචනයෙන් මෙන්ම ප්රරකෘතියෙනුත් සිටි. කළාවමො 116 - කළෝ වෙමු යනු අර්ථයි. කළා යන්න කෙරෙන් පරව “ව” ධාතුව යොදා එය උත්තම පුරුෂ බුහු බසට වරනගාගත් නැති. කළා වෙමු යන්නත් මෙසේ සිටියා වියහැකිය. කළමො යනු ශුඞ ප‍ාඨයදැයි සොයනු. කාකතාලිය 396 - පියාසර කරන කපුටකු තල් ගසක ඡායාව පසු කරන්නට පෙරාතුව උගේ ඇඟට තල් ගෙඩියක් වැටීම වැනි හදිසි සිදුවීම් පිළිබඳ න්යාතය. කාගිජුහු 102 - කාක්කන් සහ ගිජු ලිහිණියෝ. මේ වෙනුවට ජාතකමාලා පද්යජයෙහි එනුයේ “වකවායසකඩ්කශෘධ්රාඃි” කියාය. කාමනිබන්ධනදුක්ඛ 185 - කාමවස්තූන් හේතුකොට ගෙන ඇතිවන දුක්. කාලකාරාමසූත්ර්ය 61 - අඞ්ගුත්තරනිකායෙහි වතුක්ක නිපාතයට අයත් උරුවෙලවග්ගයෙහි එන බුදුගුණ ප්ර1කාශක සුත්රූයක්. කාලසිංහ 170 - මේ සතා නොහඳුනමු. පාළි පොත්වල ඉස්ස, බස්සමිග (කුණාල ජාතක) යන දෙශබ්දයෙන්ම කාල සිංහයා හඳුන්වන ලදී. ජාතක ගැටපදාදියෙහි සහ ධම්පියා අටුවා සන්ය යෙහි (28 බලනු) පෙනෙන හැටියට කාල සිංහයා නම් වලසාය. (අපේ ශුඞ්ය 129 පිට ) සෝරත නායක ස්ථවිරයන් වහවන්සේත් මේ මතයම පිළිගත්හ. නමුත් ඒ මතය නොපිළිගත යුත්තක් බව අපි කියමු. පාළි නිඝණ්ඩුයෙහි වලසාත් කාල සිංහයාත් එකකු වශයෙන් නොවැ දෙදෙනකු වශයෙන්ම හැඳින්විමත්, මනොරථපූරණියෙහි සහ සංයුත් අටුවා යෙහි (439 පිට) “කාලසීහො කාලගාවී සදිසො තිණ හක්ඛෙ” යි (කාලසිංහයා කලු දෙනක් වැනි, තණකොළ කන සතෙකි) කියා තිබීමත්, ජාතක ගැටපදයෙහිම






432 ධර්මකප්ර දීපිකා පිටපොත

කුණාල ජාතකයෙහි (අපේ පොත 442) කලසීගොන් කියා ඉස්ස ශබ්දයට අර්ථල දැක්වීමත් නිසා අපි එසේ කීවෙමු. වලසාට අං නැත. කාලසිංහයාට අං තිබේ. වලසා තණ නුබුදියි. මේ කරුණු අන‍ුව වලසාත් කාලසිංහයාත් අතර ඇති වෙනස දතහැකිය. දැන් සෙවියැ යුත්තේ කාලසංහයා කවරෙක්ද යන බවය. අපේ කල්පනාවේ හැටියට නම් කාලසිංහයා බයිසන් නම් ගව වර්ගයට අයත් සත්ව විශෙෂයකැයි කියැයුතුය. “ඉණ්ඩියන් බයිසන්” නැමැති සතා ඉන්දියාවේ ඇතැම් සත්වොද්යායන වලදි දැක්ක හැකිය. එහෙත් උගේ අං දෙක විපරාවර්තවැ තිබුණු බවක් නොපෙනුනේය. අප්රි කාදී රටවල සිටින බයිසන් නැමැති ගවයාගේ අං දෙක විපරාවර්තරවැ ඇතැයි කියති. කැහැටිදඬුයෙකින් 61 - කෙවිටිදණ්ඩකින්, කැහැටි යනුව කෙවිටි යන්නෙන්ම සැදුනක් වන්නට පුළුවන. කිමහෙ 104 - මේ වචනය යොදන ලද්දේ “තං කිං මඤ්ඤථ” යන පාළි වචනය වෙනුවෙනි “තං කිං”යන්න හෙකිම කියා යෙදියැ යුතු වුවත් පද පෙරළිකොට මෙසේ යොදනුත් සිරිති. කවරහෙ යනාදිය සමගත් සමකර බලනු කිං ශබ්දයත් කිහ කියා උච්චාරණය කළ බව පිරිත් අටුවාවෙන් පෙනේ. කිරිය 122 - අමුණ (බාරි > කිරි) සතරමුණක වපසරිය කියන කිරි ශබ්දයකුත් භාසායෙහි ඇත්තේය. එය කරීෂ ශබ්දයෙන් බිඳී එයි. කිමිකිරෙන 269 - කර්ම විභාගය නැමැති ග්රරන්ථයෙහි එන දිවිකිරෙන යන්න සමගත් සසඳා බලනු. මෙහ අකුරු යන්නට විශෙෂණව සිටී. මෙහි අකුරු යන්නෙන් අදහස් කරන ලද්දේ ගස්වැල් ආදියෙහි කෙ‍ාළ වැටී නැවතත් ලියලන සමයෙහි කුඩා රිකිලි ආදියෙහි ඇති වන - එකට බැඳී තිබෙන කුඩාම දලුය. හෙවත් මොට්ටුය. මල් මොට්ටුවට කෙමි නාමය යෙදෙන්නා සේම මේ දලු මොට්ටුවලටත් ඒ නාමය යෙදේ. එහෙයින් කිමිතිරෙන යන පදයත් කෙමිකිරෙන කියා




ධර්ම්ප්රකදීපිකා පිටපොත 433

තිබෙන්නට ඇතැයි සිතනුත් කරුණු සහිතය. මොට්ටු වන්නාවූ අඞකුරය යන අර්ථය එයින් ගත හැකිය. තවත් සොයනු. කියග 116 , 265 , 355 - මේ වචනය කියව යන අර්ථනයෙහි මෙන්ම කිමෙක්ද යන අර්ථයෙහිත් ‍වැටේ. බලග, ගනුග (සීගිරි පද්යව 317) යනාදිය සමගත් සමකර බලනු වෙස්සන්තර ජාතක ගැටපදයෙහි කීප තැනකම කියග යන්න “කච්චි” යන නිපාතය වෙනුවය යෙදි තිබේ. (39 පිට) කච්චි කච්චින්නු යන නිපාතයෝ මොකොද කිමෙක්ද යන අර්ථ දෙයි. කිව 127 , 182 - කවාය. (කිව්ය > කිව) කිසිවැනි 179 , 180 - කෙබඳු කිසිවට 252 - මේ වචනය තේරුම්ගත නොහැකිය. වෙන පොතකත් නොදැක්කෙමු. යෙදී තිබෙන්නේ සඟළ වලදු ශබ්දයත් සමගයි. පියස්ස වටේට තිබුණි යම්කිසි දැවමය අවයවයකැයි හැ‍ඟේ. කැටයම් කළ වඩිම්බු ලෑල්ලක් වන්නටත් නොබැරිය. කිසෙයැ යත් 3, 81 - කෙසේදැයි කියතොත්. ( කිසේද යත් > කිසේයැ යත්) කුමක්කියු වෙත්යත් 80 - කුමක් කීවාහු වෙත්දැයි කියතොත් මේ ප්රොයෝගය භාෂායෙහි ඉතා ප්රවසිද්ධය. ඌකාරය හළුවා වෙත් යනාදියත් නිදසුනි. මෙවැනි තැන්වල නම් යන නිපාතයත් බෙහෙවින් දක්නා ලැබේ. “සමාප්ත්ති දැක්වූවා නම්වෙත්” යනාදී තන්හි මෙනි. බන්ධනගත සත්වයෝ බන්ධනයෙන් මුක්ත වූහ (අමාවතුර) යනාදියත් මෙබඳුය. මේ තැන්වල විකෘති කර්තෘක විබත් නොගෙන ප්රරකෘතියෙන් සිටියේය. කුමුදෝර 358 - කුමුදුමල්වල ඇතුළත කුමුදු + උදර > කුමුදෝර කුමුදුමල සම්පූර්ණයෙන්ම සුදු ඕලුමලකට සමානය. වෙනස සඳරැසට පිපීමත් හිරුරැසට හැකිලීමත්ය. උදර > උවර > ඕර) කුහනා 191 - ලාභසත්කාරාදිය සඳහා නැති ගුණපෙන්වීම






434 ධර්ම1ප්ර දීපිකා පිටපොත

කූටව්යසවහාරිකයො 100 - බොරුවිනිශ්චයකාරයෝ කූටසාක්ෂිහි 100 - බොරුසාක්ෂි කියන්නෝ, (කූට සාක්ෂිහු > කූට සාක්ෂිහි) කූටශාල්මලීවන 97 - උස් කටු ඉඹුල්වනය. කූටාගාර 253 - කැණි මඩුල්ලක්දී සාදනු ලබන ගෙය. එහි පියස්සේ මුදුන රවුම් කඳු ගැට යක් කූටයක් සේ පෙනේ. මහනුවර පත්තිරිප්පුවේ පියසි මුදුන ගැනත් සිතා බැලියැ යුතුය. කූබර 93 - කරත්තේ ඒරියකඳ ඊසා සඃඛ්යාපත රිය කඳ ඒරිය කඳනමි. ඒ යනුව ඊසා ශබ්දයට හුරුය. කෙමෙන් 106 - කෙමින. (කුමින > කෙමෙනෙ > කෙමෙන්) කෙසිමුදු 165 - යතුරු සහ සීල් තබන මුද්රා> (කුඤ්චිකා > කෙ‍සිය > කෙසි) කෙළෙන් හිද - කෙළින් හිද (කෙළින් > කෙළෙන්) කොටුකරය 414 - මුවහන් නැති දැලිපිහිය. (කුණ්ට > කොටු) කොද්රරව 96 - අමුනම් ධාන්ය. විශෙෂය. ක්ර්කව කණ්ටක සන්දර්භුයෙන් 102 - ඉඹුල්කටු ඇමිනීමෙන් කියත්දත් වැනි කටු සමූහය හැනීමෙන් කෞකෘත්ය - කළ නොකළ නොහොඳ හොඳ නිසා ඇතිවන පශ්චාත්තාපය. ක්ෂණිකමරණහාවුව - ක්ෂණික මරණයද වුවත් ක්ෂාරාවතක්ෂක 195 – (බාරාපතච්ඡික) සිරුරෙහි ඒ ඒ තැන් ආයුධ වලින් තුවාල කොට ඒ තුවාලවල කාරම්ගා සම් මස් නහර දියකොට මුළු සිරුර ඇට සැකිල්ලක් බවට පැමිණවීමෙන් සිදුකරන වධයක්, ක්ෂාර ධූමයෙන් 86 - ශරීරය දියකර හරින කාරම් දුමෙන්. ක්ෂාරෝදක 107 - සත්තවයන් වැටුණු විට දියවී යන සීත නරකයෙහි ඇතැයි සැලැකෙන ජලය. ක්ෂෞම කෞශෙය 122 - ක්ෂෞම (පාළි , ඛොම) නම් ගසේ පට්ටා වලින් වියන වස්ත්රක සහ පටපණුවන් ගේ කුසෙහි වූ නූල් වලින් වියන වස්ත්ර .




ධර්ම්ප්ර දීපිකා පිටපොත 435

බානිය 90 - ද්රොොණ හතර හෙවත් කුරුණි 16. බාරිය 90 - අමුණ. ග‍ඳෙළපිරිවෙන 60 - ගන්ධකුටි සඞ්ඛ්යාරත පිරිවෙන, ගන්ධ කුටි ශබ්දය ග‍ඳොළ , ග‍ඳොළ යන දෙරූපයෙන්ම සිටි. ග‍ඳොළ වූයේ ග‍ඳොළ යන්න මැයි. ගනරන් සඟළ 308 - ඝනතනින් කළ සඟළ වළලු, මෙහි සඟළ යනු පාළි සඞ්ඝාට ශබ්දයෙන් ආයේය. දම්පියා අටුවායෙහි පෙනෙන පරිදි (භික්ඛු වග්ග වණ්ණනා, සම්බහුලානං භික්ඛුනං වත්ථු බලනු) සඞ්ඝාටය වූ කලි ගෙවල් වල ආරක්ෂාව සඳහා භූමියෙහි යොදන කටුහෙවත් උල් සහිත යකඩගුලි ‍විශෙෂයකි. මැදුම් සඟි අටුවාහි කියන පරිදි (‍ෙකාසම්බක සුත්ත්වණ්ණනා) එනමින් හැදිනෙන්නේ කැණිමඩුල්ලක හැකිල්ලකැයි කියැ යුතුය. කුරුපාවක් නොදී තනනු ලබල පියසිවල මුදුන කැණි මඬලකින් (කර්ණයකාවකින්) යුක්ත බව අපි දනිමු. පියස්සේ ප්රණධාන පරාල සියල්ලම එහි වද්දන බවද කියනු ලැබේ. මෙයින් පෙනෙන්නේ සුදුසු පරිදි කැණිමඩලේ පරාල යොදා, ඒ මතුපිට රිප්පගසා සාදාගනු ලබන වහල පිළිබඳ කූඩුව සඟල බවය. “කූටාගාරකණ්ණිකාසඞ්ඝාටං” කොසබ්බක සුත්ත අටුවායෙහි එන පාඨයවේ. අට්ඨි සඞ්ඝාටං (ඇට සාකිල්ල) යනාදිය සමගත් සසදා බලනු. ගන්ධ මණ්ඩල මාලකය 57 - සුවඳ ගන්වන ලද රවුම ගෘහය ගන්ධහස්ති 58 - යම් ඇතකුගේ බෙටිවල ගන්ධය ආසා සතුඑු ඇත්තු බායෙත්ද එබඳු ඇතා. ගමත්වල් 229 - ගමකෙළවර තිබෙන වනය. ගරබරණ 149 - ගැරඩින් සහ දියබරි ගර්භණවක්රා න්ති 195 - මව්කුසින් බිහිවීම ගලනුවහ 59 - ගිල්වන්නෝ වෙත් ගලබිල 106 - උගුරේ තිබෙන සිදුර ගවරවළ 117 - නගරගම් ආදියෙහි කුණු සෝදාගෙන ගොස් වැටී පැසි පැසී තිබෙන වතුරවළ මේගවර ශබ්දය ගොහොරු ශබ්දය සමගත් සසදා බැලියැ යුතුය.



436 ධර්ම ප්ර්දීපිකා පිටපොත

ගහණ උළු 255 - නස්යි කරන උපකරණය. (ඝාණ > ගහණි) උළුයි ආයේ උළුඩ්ක ශබ්දයෙනි. ගහන නිශ්රීදත 107 - කැලෑ ඇසුරු කළ ගිරිගහ්වර 193 - පර්වකත ගුහාව ගුණුකලා 155 - ක්ෂයවූ කල්හි (ඛීණ > කුණු > ගුණු) ගුරුළුවා 33 - ගුරුළා පියා පහරන කල්හි ඇතිවන වාතය ගොත්රුභූ වූ - ශ්රපමණ ගොත්රිය මඩිමින් ගිහිගොත්ර යට නැඹුරු වූ ගෛරික 8 - සිවංගුරු චිතවූ 11 - පරිපර්ණ වු චිත්රිවකෘත 115 - විසිතුරු කරන ලද ජෙද්යිගාමිනී 23 - සම්පූර්ණ යෙන්ම මහණකම නැති වැ යන (ඇවැත්) ජල ලඹකලඹින් - වැසිවලාකුලින් ජාල කවුළුව 7 - වියන ලද දැලක් මෙන් පෙනෙනසේ සාදන ලද ජනේලය. දැලක සිදුරු පෙලත් නූල් ගැට පෙලත් ඇද නැති වැ පෙනෙන්නාසේ බුදුරජාණන්වහන්සේ ගේ සිව් ඇඟිලිවල ඇඟිලි බටු පෙල සහ සිදුරු පෙළ දක්නා ලැබේ. ජාලාවනඬකරතලයෙහි 56 - ජාලලක්ෂණයෙන් ගැවසි ගත් හස්ත තලයෙහි ජ්වලාන්තයෙන් - ගින්නෙහි අවසානයෙන් ඥෙයපථ 31 දතයුතුදේ ඩාකිනීන් 142 - යක්ෂිණීන් තකුල් 356 - කපුකිනිස්ස (තක්කොල > තකුල්) තණකබල 4 - තණකොළ නැමැති ආහාරය තත්පරායණතා 216 - තත් ( ඒ රත්නත්රදය ) පරමපිහිට බව පවසමින් ශරණ යෑම. තත්ප්රේණරක 205 - අනුන්ට විපත් පමුණුවනු සඳහා දුනුහී ආදිය මෙහෙයවන්නා තත්සාභවය්ය්් 242 - ඒ සමග හැසිරෙන තන්කොට 115 - ස්ථානය සලකුණු කොට





ධර්මොප්රරදීපිකා පිටපොත 437

තන්වැසි 162 - ස්ථානවාසී කටයුතුවල පලපුරුදු, තන් සිටි යන්න සමගත් සසඳනු. තප්තළුාල 300 - තවන ලද යකඩ පතුරු තරහල්දරු - ස්වර්ණ කාර පුත්රුයා (තුලාධාර > තලධර > තරදල > තරහල > තරහල්) තලයෙන් 263 - ඊ කූරේ අග තිබෙන පැතලි කොටස තලාටික 357 - තිලක සඞ්ඛ්යාපත ටික , ටික යනු තිලක වාචක ටිකක් ශබ්දයෙන් ආයේය. අභයගිරි ශිලාලිපියට අප ලියූ විස්තරයත් බලනු. (අප් ශිලාලේඛන සඞ්ග්ර හය 1-85) තාත්ධර්මගය 242 - ඒ ස්වභාව ඇති තාත්ස්ථ්යර 242 - එහි සිටි තාලවෘන්තය 244 - තල්වැට , තල් අත්ත තිරෙළු 83 - එළුවා තිරකොට 116 , 130, 136, - හිරකොට , බන්ධනය කොට, තදකොට තිරැකළ 174 - ස්ථීර කළ තිසරඋරගසින් 354 - හංසයන්ගේ පපුව ගැටීමෙන් තුනාදරු 116 - රෙදිවියන්නා ( තුන්නක › තුනහ › තුනා) තුන්කැලැති 356 - බඩේ තිබෙන ප්රීධාන රැළි තුන තුබුවො 153 - සෙස්සො තුවරලාභ 233 - තගර නම් ගස් වර්ගරයේ ලාටු සුවඳ වගර්යාකි. තෘණොල්කාවක් 185 - තණහුලක් තෙමෙහෙ 109, 238, 239 - මෙය අපට නුපුරුදු වචනයකි. ස්ත්රිය ලිඞ්ගයට තොමෙ‍ාහො යි සිටී. බහු වචනය තුමුහු යනුයි. මෙහි අගට යෙදී තිබෙන “හෙ” යනුව උන්නැහෙ යනාදී තන්හි මෙන් ගෞරවාර්ථයෙහි යෙදුනා වියැ හැකිය. දක්මහ 77 - දකින්නෙහු. (දකුමහ › දක්මහ) දඩ 204 - වනය




438 ධර්ම7ප්රවදීපිකා පිටපොත

දදගළ 274 - දද සමූහය. (ඝටා › ගළ) දම් ගෙඩිය 152 - වරදකාරයන්ගේ හිස් සිඳිනු සඳහා භාවිත කළ කොලොම්බු කොටය. (ධම්මගණ්ඨි › දම්ගෙඩි) දලබු 182 - ගුදයත් මුත්තර බොක්කත් අතරෙහි වූ සියුම් සමක් වැනි අවයවයක් දවහත් තරුව 13, 14, 15 - ඉරබටු තරුව (ධාවන්ත › දහවත් › දවහත් දසනණසමවධාන 60 - දෑතේ නිය පොතු දසය එක්තැන් කිරීම දසරිය 78 - උරේ (දසරුව › දසරිය) දශාර්ණව දේශය 140 - ඉන්දියාවේ ප්ර සිඬ රටක් දහසිඳ 410 - වාටිය කපා දමා දහසක් කිරි කුඹුරු 61 - දහසක් ප්රතමාණ වූ කිරි කුඹුරු , අමුණක වපසරිය ඇති කුඹුරු කිරි නමි. ඉස්සර කුඹුරු යායවල්, අමුනේ කොටස් අමුණු බාගේ කොටස් අමුණු ‍කාලේ (පාද) කොටස් වශයෙන් බෙදා වෙන් කොට තිබුනේය. අය බදු ගැනීමේ පහසුව සඳහාය. දහවුත් 203 - කෝප කරත් හොත් (දහවත › දහවුත්) දාකැට 337 - ධාතු කැබෙලි. රිදී කැටි (රජතකට්ඨි) යනාදිය සමගත් සම කර බලනු. දාගැබ් සැදමට 406 - ධාතු ගර්භයේ අලංකාරය පිණිස දැත්ත 263 - ඊ කූරේ අග දුනුදියේ රඳවනු සඳහා ‍සාදා තිබෙන කරුව වැනි තැන දැර්ළ 83 - මේ වචනයත් අපට අමුතුය. “දැව” යන්නම වැරැදීමකින් මෙසේ වැටුනේ දැයි සෙවියැ යුතුය. දෑහිඟුල් 8 - ජාත්හිඞ්ගුල , සාදිලිඞ්ගම් දිගම්බර 285 - දිශාවන්ම වස්ත්රය කොට ඇති වස්ත්ර” නො හඳින ජෛන ශ්රාමවක කොටසක් දියරට්හස් රජු 385 - ධතරට්ඨ නම් හංස රාජයා දිව්ය්ගද - දිව බෙහෙත් දු ක්ඛදුක්ඛ 196 - සාමාන්යද දුක්ඛ වෙදනාව




ධර්මුප්රයදීපිකා පිටපොත 439

දුක්ඛූපනිසාසඞ‍ා 106 - ශ්රුඬාව දුක ඇසුරු කොට ඇත්තිය. දෙඛිභින්නය 299 - සහෝදරියන් දෙදෙන. සහෝදර ‍සහෝදරියන් දෙදෙනාටත් දෙබිහිනිනාමය යොදා තිබේ. දෙලෙන්ගින්න - දිලෙන ගින්න දෙයොදුන් සුවහස් හතර නුහුවක් 204 - යොදුන් දෙලක්ෂ හතළිස් දහසක් , නුහු යනුව නහුත ශබ්දයෙන් ආයේය. එයින් දස දහස කියැවේ දෙවරෑ 252 - දිවාත් රෑත් දෝ 152 - සෝදන ලද (ධොත › දොහොය › දෝය › දෝය්› දෝ) ධමර්කාහය 35 , 48 - මේ වචනය මේ පෙ‍ාතේ කීප තැනකම සඳහන් වෙතත් මෙහි අර්ථය නො පැහැදිලිය. භග්න දෝෂතායෙන් ධර්මයකාය සම්පත් දීපිත බැව් එක් තැනක 27 දැක්වෙන අතර තවත් තැනක කියවෙන්නේ එය (ධර්මකාය) අප්රවමාණ ගුණයෙන් සහ නුවණින් ආඪ්ය( වූ බවය. බුදුරජාණන් වහන්සේගේ ඤාණ විලාසය ධර්මකාය නමැයි ජිනලඞ්ක‍ාර වර්ණනායෙහි කියන ලදි. 18 පිට දික්සඟි අටුවායෙහි (අග්ගඤ්ඤ සූත්රැ අටුවා) “තථාගතොහි තෙපිටකං බුඞ වචනං හදයෙන චින්තෙන්වා වාවාය අභිනීහරි. තෙනස්ස ‍කායො ධම්මමයත්තා ධම්මොව ඉතිධම්මකායො අස්සාති ධම්මකායො” යන විස්තර‍ය පෙනේ. තෙවළා ධර්මය සිතින් සිතා වචනයෙන් පිට කළ බැවින් බුදුරජාණන් වහන්සේගේ ශරීරය ධර්මයෙන් නිර්මිත වූවකැයි ද එසේ ධර්මයෙන් නිර්මිත වූ ශරීරයක් ඇති බුදුරජාණන් වහන්සේත් ධර්මකාය නම් වන සේකැයි ද ඒ වාක්ය්යෙන් කියැ වේ. මේ සියලු අදහස් ගොනු කළ විට හැඟී යන්නේ ද්වෙශාදියෙන් මිදුනා වූද ත්රිුපිටක ධර්මයට උත්පත්තිස්ථාන වූද අනන්ත ගුණයෙන් සහ ඥානයෙන් යුක්ත වූ ද බුඞ ශරීරය ධර්මකාය නමින් ථෙරවාදීන් සැලැකූ බවය. මහායානිකයන්ගේ මතය පරිදි ආදි බුද්ධ යන තත්වයම ධර්මකාය නම් වේ. සියලුම බුදුවරුන්ගේ - විශෙෂයෙන් ආමිතාහ ගෞතම සම්බුඬ අවලොකිතෙශ්වර බොධි සත්ත්ව යන උතුමන්ගේ මුල් අවස්ථාව ආදි බුද්ධ නමි.




440 ධර්ම.ප්ර දීපිකා පිටපොත

එය හින්දුන්ගේ බ්රනහ්ම පරමාත්ම යන තත්ත්ව වලට සමානය. ඔවුන්ගේ නිර්වාණයත් එයමැයි. මේ දෙමතය සසඳන විට ඒක දෙශයකින් එකිනෙකට ගැලපෙන බව ද කියැ යුතුය.

ධර්මකීර්තිපාද - මෙතුමා ප්රසමාණවාර්තික නම් ග්රකන්ථයෙහි කර්තෘරවරයාය. ධර්මප්ර්දීපිකායෙහි 2 වන පිටේ එයින් උපුටා ගනු ලැබූ පද්යය හතරක්ම ඇත්තේය. ඒවා ප්ර මාණවාර්තික යෙහි 4 වන පරිච්ඡෙදයෙහ් 190 , 191 , 192 , 193 යන කාරිකාවෝය. පඤ්චිකා ප්රපදීපයටත් එයින් ඇතැම් දේ උපුටා ගන්නා ලදී. සම්බන්ධ්යනනුගුණොපායං පුරුෂාර්ථාභිධායකම් පරීක්ෂාධිකෘතංවාක්ය මතොනධිකෘතම්පරම් යනුත් එවැන්නකි. එය ප්ර මානවාර්තිකයෙහි 3 වන පර්ච්ඡෙදයෙහි 214 වන කාරිකාවය. ධාරාගෘහ 269 - නල මාර්ගයෙන් ජලය අවුත් වැක්කෙරෙන ගෙය. නාන ගෙය. ධිග්දණ්ඩ 139 - නින්දා කිරීමෙන් සිදු කරන දඬුවම ධෙනුපමන්යා ය 115 - වසු පැටියා පියා වූ ගොනාගේ නාමයෙන් නොවැ මව වූ දෙනගේ නාමයෙන් පෙනී සිටින්නා සේ ම පියාගේ නමින් නොවැ මවගේ නමින් දරුවන් පෙනී සිටීමේ ක්රිමය පිළිබඳ නීතිය. නං 84 - නංගි ( නඟ >නං) නංගි යනුව දෙමළ නං කෛ ශබ්දයෙන් ආයේය. නන්ද්යාපවර්ත 6 - බුදුරජාණන් වහන්සේ ගේ යටි පතුලේ පිහිටි ලක්ෂණයක්. වතු සුද්ද මලට මෙන් ම රාජ ගෘහ විශෙෂයකටත් ර් නම යෙදෙතැයි කියති. නරකාවාට 171 - නරක සඞ්ඛ්යාෙතවළ නවසදල පෙළෙව 351 - අලුත් සද්දලා නැමැති තණකොළ ඇති පොළොව





ධර්මලප්ර3දීපිකා පිටපොත 441

නාගදන්ත 292 - යම් යම් දේ එල්වා තැබීම පිණිස බිත්ති ආදියෙහි ගසනු ලබන ඇත් දතක් වැනි උල නාගාවර්ත 21 - නාගයන් කුලප්පු වී කරන විකාරය නැංග 266 - නැංගේය. නිගඩබන්ධන 178 - දම්වැල් වලින් බැඳීම නිඩුහුරු 180 - මේ වචනයත් අවිශදය. පොතේ එන සීගිරි ලිපි 222 , 348 නිදසුන් අනුව පෙනෙන්නේ දියෙන් ගොඩ එන්නට ඉඩ නො දෙන යන අර්ථය සලකා ඒ ශබ්දය යෙදුණු බවය. එහෙයින් ශබ්දය නි + උඩුහුරු කියා වෙන් කළ හැකිය. උඩුහුරු ශබ්දය දියෙන් ගොඩවිම් අර්ථයෙහි මෙන්ම මුඛය උඩුකුරු කොට සුසුම් දැමිම් අර්ථයෙහිත් වැටේ. කර්ම විභාගය නැමැති පොතේ (අපේ ශුඞිය 50 , 119 පිටු) දෙතැනකම උඩුහුරු ශබ්දය යෙදී ඇත්තේය. නිපැදැ - සම්යඋක් සම්බොධියට පැමිණීමෙන් නිෂ්පන්න වැ නිරවධි 148 - සීමාවක් නැති නීර්ඣරඝොෂයෙන් - පහතට වැටෙන දිය පහරවල ඝෝෂායෙන් නිර්ධූතන 195 - උඩුකුරු කොට ගසා දැමීම නිල්වදුල් - නිල් පාට වැහි කලුව නිෂ්පය්යා ෙන යදුක්ඛය 196 - යම් කිසි ක්රයමයෙන් නිසා නොවැ ඒකාන්තයෙන්ම දුකැයි සැලකෙන දුක්ඛය නිෂ්යින්දඵල 12 - අප්ර ධානඵල නිඃස්වාස 256 - මුවෙන් වාතය පිට කිරීම නුගරුක්පය 115 - නුග ගහ මුල. (පාද > පය) නුහුවක් 204 - දස දහසක්. (නහුත > නුහුය > නුහු) නෙමිමණි 6 - රෝදයේ නිම්වලල්ලේ ඔබ්බා තිබෙන මැණික්. නොඑරියැහැකි 24 - බැසගත නොහැකි. (ඔතරිතුං > එතරියැ > එරියැ) නොදිහියැහැක්ක 252 - නොහැරිය හැකිය. (ජහිතුං > ජහියැ > දිහියැ)





442 ධර්මකප්ර-දීපිකා පිටපොත


නෙපථ්යයය 411 - ඇඳුම් පැලඳුම් ආදියෙන් ඇතිවන විලාසය. නොබැඳීබද්දාව 375 - ඉබේ නොබැඳී තමාගේ වුවමනාවෙන්ම බැඳුනාහුය. මේ බද්දාව යන්න මධ්ය3ම පුරුෂ බහුවචනය වේ. නොරාත්මත්නැයි 294 - රහත්නූනා පමණකැයි. නොසැහැ - නොඉවසාත සැහැ යනු සහ (ඉවසිමෙහි) දයින් නිපන් පූර්ව් ක්රිතයාය. නොහියැදී 266 - වැටියැ නොදී. හෙ (වැටීමෙහි) ධාතුයි. නෛරුක්තිකවිධි 151 - වර්ණගමාදී නිරුක්තිවිධි පස. පක්වාසය 195 - නොදිරූ ආහාර රඳා තිබෙන බොක්ක. පණයම් 152 - වෙශ්යාරවන්ට දෙන තෑගි. පත්කඩින් පත්කඩදු 263 - හී පත්රනයෙන් පත්රටය ද ඊයේ මුල තිබෙන දෙපසට විහිදී ගිය හරිය (පාළි වාජ) හි පත්රපය නමි. පත්කරණ 152 - ලේඛනය. පත්නල 341 - කොළවල නාරටි. පත්ලේ 235 - පන්හිඳ. පයමුහුළු 122 - තැටි ආදිය මධ්යරයෙහි නෙලුම් බට්ටක ආකාරයෙන් අවයවයක් සාදනු ලැබේ. එහි මුල් කොටස සිහින්වන අතර ඉහල කොටස ලොකුය. පයමුහුලුව නම් ඒය. (මකුල > මුහුලු) පරිකර්ම 29 - පළමුවෙන් සකස් කිරීම. පරිකර්ෂණ 195 - එහාට මෙහාට ඇදීම. පරිඤ්ඤාතස්කන්ධය 129 - හාත්පසින් දැනගන්නා ලද පඤ්ච සිකන්ධය ඇත්තේය. පරිනායකරත්න 255 - සක්විතිරජකුගේ ප්රාධාන සෙනෙවියා. පරිභාවිත 195 – “නානාකුණපගන්ධපරිභාවිත” යනු සම්පූර්ණ වාක්යාං ශය වේ. නොයෙක් කුණපයන්ගේ දුර්ගන්ධයෙන් ගඳගන්වන ලද යනු අර්ථයි. පරිමුපිතමති 148 - මුළා වූ සිහිය. පරිවර්තන 31 - පෙරලීම.




ධර්මරප්ර1දීපිකා පිටපොත 443

පරිෂ්කෘත 121 - සකස් කරන ලද. පය්යාකෘත යදුක්ඛ 196 - ඒ ඒ දුක‍ට හේතුවන හෙයින් ජාති ආදිය පය්යාම ය දුක්ඛ යැයි කියනු ලැබේ. පයදාසප්රබතිෂෙධ 280 - පරපදයාගේ අර්ථය සම්පූර්ණජෙන් නොවලක්වා පරපදාර්ථයට සමාන අර්ථයක් ප්රදකාශ කරන (නඤ් නිපාතය ) අබ්රා්හ්මණ යනාදී තන්හි මෙනි. පලන 351 - පලා යන. පලාශපත්ර3පුට 233 - කොළවලින් සාදන ලද ගොටුව. පත්ර‍පුට යනු ගොටුවට නමි. පලෙලු 83 - පොර ගසන එළුවෝ. පසිලි 254 - සිල්වත් ගුණවත් අය. විශේෂයෙන් තපස්වීහු ‍එයින් කියැවෙති. (පෙසල>පසිලි) පහනෙළූහ 358 - මෙහි ශුඞ ප‍ාඨය “පහයෙලූහ” යන්නදැයි සෙවියැ යුතුය. ඇමැතියෝ රජතුමා ප්රාලසාදයෙහි නැවැත්වූහ යන අර්ථය එයින් ගත හැකිය. තැනේ හැටියටත් ඒ අර්ථය ගැලපේ. පහයන 152 - අලඞ්කාර කරන , පහද (පැහැදුම්හි ) දයින් නිපන් කෘදන්ත ක්රි යාය. පුහුල් 193 - පංසුකූල සිවුරු ( පංසුකූල > පසුඋල > පසුල > පසුල්) පළහ 278 - කොළ ගොටුව‍. ( පුටක >පළඟ) පාතලු 255 - පාත්රි සහ තැටි. පාදකධ්යා2න 330 - චතුර්ථධ්යාටනය. අභිඥාවනට ආධාර වන හෙයින් ඒ නම ලැබුනේය. 1,2,3 වන අභිඥා නොඉපැදැ 4 වන ධ්යාැනයෙහි උපදි.

පාදපීඨිකා 406 - රුවන්වැලි මහසෑය පිළිබඳ නිධානයෙහි නිර්මිත මහ බෝ රුකකුත් , ඒ වටා ප්රොතිමා සොළසකුත් ඇත්තේය. සෑයේ තුන් මහල් පේසාවෙන් පිටත සිටගෙන ඒ ප්ර0තිමාවහන්සේලාට වඳිනු සඳහා උන්වහන්සේලා වැඩ සිටින දිශාවල් හඳුන්වමින් චෛත්යර මලුවේ තුන් මහල් පේසාවනට ළංව පිහිටුවන ලද ගල්ලෑලි සොළසක් පාදපීඨිකා නමින් හඳුන්වනු ලැබේ. ඒවා උඩ පය තබා




444 ධර්මකප්ර දීපිකා පිටපොත

හිඳගෙන පසඟ පිහිටුවා සෑයට වඳින හෙයින් නාමය අනුරුත්ය. විහඞ්ග අටුවා හේ . වි . 205 පිටත් බලනු (අත්ථටසාලිනී 85 ) පාපිළ 152 - සේදූ පය තබන පා පුටුව. (පීඨ > පිළ) පාර්වතෙය වූ - පර්වතයෙහි හටගත්. පාර්පණිය 5 - විලුඹ පැනඹමලුව 418 - මහාවංසයෙහි එන පඤ්හම්බමාලක නාමය මේ පැනඹමලු (පැන අඹමලු) නාමය සමග හොඳින් සැසැ‍ඳේ. අත්ථුසාලිනිය (හේ. වි. 332 පිට) ආදී ඇතැම් බල “පෙනම්බඬ්ගන” නාමය පෙනේ. පෙන, පඤ්හ, පැන යන ශබ්දයන් ගැන සලකනවිට පෙනීයන්නේ පඤ්හ යන පාළි නාමය පැන යන සිංහල වචනය ප්රකභව කොට ඇති බවත් පැණි අඹය යනු ඒ අඹගසේ ව්යවවහාර නාමය බවත්ය. පැණි අඹය යනු ඒ අඹගස තිබුණු මලුව පැනඹමලුව නම් විය. එය මුලදි භික්ෂූන්ගේ ලාභ බෙදන ස්ථානයවැ පැවැති නමුත් පස්ව භික්ෂූන්ට බෙහෙත් බෙදාදෙන තැන විය. (අත්ථ සාලිනී 332 පිට) වර්තමාන තැපැල් කන්තෝරුව අසල තිබෙන පැරැණි දාන ශාලාවේ සුන්බුන් වලටත් ලෝවාමහාපායටත් අතරෙහි පැණි අඹ මලුව තිබෙන්නට ඇතැයි සිතා ගත හැකිය. තවත් මෙහිදී සැලැකියැ යුත්තක් නම් දික්සඟියේ මහාසුදස්සන සූත්රව අටුවායෙහි පෙනෙන අම්බලට්ඨිකා නම් ස්ථානය කොහි තිබුනේ ද යන බවය. එයත් මේ බසව්වෙහිම තිබුණු බවට නිදසුන් දියැ හැකිය. එහෙයින් පැනඹමලුවත් අම්බලට්ඨිකාවත් දෙකම එකක් සේ සලකන්නටත් අවකාශ ඇත්තේය. චතුක්කඞ්ගුත්තරයෙහි මහා ආරිය වංස සූත්ර් අටුවායෙහිත් පැනඹමලුව ගැන සඳහන් වේ. පැරැ 265 - ඉදිරියෙහි. ( පෙර > පැර) පැරහැර 139 - සත්කාරය. පැව 127 - දැක්වූවාය. පැවි 115 - දැක්විය. පව (පැවීමෙහි) දයින් - සිඞ අතීත ආඛ්යාදතයි.





ධර්ම ප්ර දීපිකා පිටපොත 445

පැවැරිබොජුන් 381 - අතවැසිමාදියෙන් ප්රතතික්ෂේප කළ ආහාරය පැහැසු 406 - පෑස්සුවා වූ හෙවත් එකට සම්බන්ධ කළ බැබැලුණු යන අර්ථයත් සුදුසුය. (පහාසිත > පැහැසිය > පැහැසුය > පැහැසු) පැළමුහුණෑ 137 - බස්නාහිර පැත්තෙහි පිනහැඹිලි 3,291 - පැණි වලට වහන ඇඹිලායො නොහොත් පැණිපාට ඇඹිලයො. (පැණිහැඹිලි › පිනහැඹිලි) පිපිලිකාව 157 , 158 - කුහුඹුවා , වේයා (අමරකෝෂ සන්න) පියගැට වෙහෙළි 252 - පඩිපේලියක් දෙපැත්තේ තරමක් උසට බැඳ තිබෙන තාප්ප කෑලි පියෙවීනම් 117 - ඉවතලන ලද්දේ නම් පිරිගා - ආරක්ෂාකර‍න. (පරිග්ගහ > පිරිගා) පිරිතැස්ලි 124 තැති ගැනීම් බියවීම (පරිතාසනා > පිරිතැස්නි පිරිතැස්ලි) පිරිපස්නා 126 - වත්පිළිවෙත් කිරීමාදියෙන් ආරක්ෂා කරන (පරිපොසන > පිරිපසන > පිරිපස්න > පිරිපස්නා) පිරිරනු 171 - පසුකිරීම පිරිවැටෙන 83 - පරිවර්තනය වන පිරිහුන් 410 - සම්පූර්ණවුණු (පරිපුණ්ණ >පිරිපුණු >පිරිහුණු >පිරිහුන්) පිල්වැටිය 33 - මයූරාදි සතුන්ගේ පිටුපසෙහි තිබෙන පිහාටු ගොන්න. පිළවුන් 152 - පැටවුන් (පිල්ලක > පිලවු) පිළිකල කල 140 - කර ඇඹරූකල්හි දඩු දෙකකිනල් තද කොට ගොනුන්ගේ පෙල්ල පොඩිකර දැමිම පිළි ඇඹීම නමි. මේ වචනය පිළිහල කල කියාත් සමහරු ශඞ කෙරෙති. ශ්රි සුමංගල ශබ්දකෝෂය බලනු. පුටපාක 195 - පුටයක පිච්චිම බෙහෙත් වර්ග දමා හුලං නොයන සේ මැටිබැඳ උඩයට සහ හතර පැත්තේ අඟුරු ඇති වළ් ආදියක දමා බෙහෙත් පුලුස්සන භාජනය පුටයනමි.





446 ධර්මිප්ර දීපිකා පිටපොත

පුද්ගලාධිමුක්ති 124 - පුද්ගලයන්ගේ අදහස් පුර‍දොළොස්වක 12 - චන්ද්රහයා වැඩෙන පක්ෂයෙහි දොළොස්වෙනිදා පුරිසර 152 – “මරණනොබන පුරීසර” යනු සම්පූර්ණ වාක්යෙය හෙයින් පුරීසරයෙන් යුක්තයා මරණයට නොබන බව පෙනේ. යුඬාදියෙහි දී ප්රනථමයෙන් ඉදිරියට යන්නා යන අර්ථය ගැළපේයයි සිතේ. (පුරශ්වර > පුරීසර) පුස්මින් - ස්පර්ශ කෙරෙමින් ( පුසමින් > පුස්මින්) පුස්සඩුවන් 176 - වර්චස් ශොධකයන් (පුප්ඵඡඩ්ඩක > පුපුසඩු>පුස්සඩු) පුප් නම් වර්වස්ය. පුල්නීකොළඹිලුහි 353 - පුල්නීකොළඹඉලුහි) මල් පිපිණු නීප (මොර) සහ කොළොම් වනයෙහි පුවහාසි - බැහැර කළ මෙහි පුවහා යන පූර්වු ක්රිඩයාව පවහෙත්වා යන්නෙනුත් පි යනු පිය (හැරුම්හි) ධාතුවෙනුත් සිඞය. පූර්වොයන්තර දිශා 1 - ඊශාන පුෂ්පපුටය - 328 මල්ගොටුව පුෂ්පපට 249 - මල් රෙද්ද පෘථක්පුරුපකාර 311 - වෙන් වෙන් මිනිසුන්ගේ ක්රිලයා පෙවෙන්නහු 92 - පිපෙන්නහු - මතුවන්නහු පොකුරුපත 98 - නෙලුම් කොළය පොපි 152 - චලනය ප්රිකර්ශ2පය්ය්ලු න්තප්රාමප්ත 51 - අත්යපන්තයෙන් කෙළවරට පැමිණි ප්රික්වථිත - හොඳටම උණු වූ ප්රිතිපාදනා 338 - අවබොධ ප්රිතොද 93 - කෙවිට ප්රිතොදකණ්ඩකයෙන් 106 - කටු සහිත කෙවිටෙන් ප්රිත්යකයසමවාය භූයොභාවයෙන් 106 - වැඩි වශයෙන් ප්රයත්යඅයන්ගේ එකතු වීමෙන් ප්රෙත්යුණත්ථාන 216 - වැඩිහිටියන් දැක හුනස්නෙන් නැඟී සිටීම. ප්රෙභින්නවරවාරණයක්හු - මදවැගිරෙන උතුම් ඇතෙකු




ධර්මනප්ර්දීපිකා පිටපොත 447 ප්රමලය 328 - විනාශය ප්රමවණ 395 - නැමීම ප්රමවචනය 3 - බුඞවචනය ප්රමවචනභාවයෙන් ප්රපවෘත්තිත ග්ර න්ථයෙහි 310 - ධර්ම වශයෙන් පැවැති ග්රමන්ථයෙහි ප්රමවෘත්ති යැ 388 - ප්රැවෘත්තියෙහි , මේ ලොකයෙහි ප්රමසජ්යතප්ර3තිෂෙධ 281 - උත්තරපදාර්ථය සම්පූර්ණයෙන් වැලැක් වීම ප්රමස්කන්නවූහ 153 , 397 - බටහ පැමිණියහ’ ප්රානග්භාර ශිර්ෂප 15 - ඉදිරියට නැමුනු හිස ප්රානයශ්චිත්ත 408 - කළ වරද අනෙක් භක්ෂුව‍කගේ අභිමුඛයෙහි දෙසීමෙන් පමණක් ශුඬිය ලබාගත හැකි කුඩා පචිති ඇවැත් ප්රි්යංවදවැ 243 - ප්රිකයතෙපුල් කියන්නෙක් වැ ප්රේ්මාධිකප්ර ණයෙන් 101 - ප්රේ්මය අධික කොට ඇති ප්රීීතියෙන් බජන 353 - බබලන බඩදිව 182 - බඩෙහි වම් පැත්තෙහි තිබෙන දිවක් වැනි පිලාව බදදිව් 13 - බඬවූවාක් වැනි දිව ඇති බද්දාහ 375 - බැඳුන්හුය. බන්දෙමි 166 - බඳුවෙමි බඳු + එමි > බන්ද්එමි > බන්දෙමි බහළධාතුක 14 - ඝන , අධික , ධාතු ඇති බාල - මෝඩ බිජුවළ 152 - රවුම් බීජයක් (බිජුවට > බිජුවළ) බුදක් 405 , 254 - ස්වල්පයක් (බිඳක් > බුදක්) බුභූක්ෂ 53 - අනුභව කරනු කැමැත්ත බුහුනකගෙ 82 - අක්කා කෙනකුගේ (භගිනි > බුහුන) බින්හැඹුවට් 114 - වැඩිමහලු සහෝදරිය වූ කුමරියට මෙහි එන “බින්” යනුව භගිනී ශබ්දයෙන් ආයේය. (භගිනි > බිහිනි> බුහුනු >බුන්නු > බුන් >බින්) හැඹු ශබ්දය පිළිබඳ





448 ධර්මනප්ර.දීපිකා පිටපොත


මුල් රූපය අබු. අබි. අම්බියයි ශිලා ලිපි වල පෙනේ. එය අම්බිකා ශබ්දයෙන් ආ සේ සමහරුන් සිතතත් අම්මා ශබ්දයෙන් ආ සේ සිතනු වඩාත් කරුණු සහිතය. අම්මා ශබ්දය මෙන්ම අම්බා ශබ්දයත්, ආදරාර්ථවත් ආමන්ත්රහණයක් වශයෙන් උසස් පඞ්තිවල කාන්තාවන් කාටත් යෙදුනේය. බ්රතහ්මාස්ඵාලනා කොට 328 - බ්රාහ්මයකු සේ අත්පිඩි ගසා භද්ර් පීඨ 6 - සිංහාසනය, වේවැල් පුටුව භින්නමය්යානේ දවැ 107 - සීමාව ඉක්මවා භූජඞ්ගජනයො 254 - සල්ලාල ජනයො භූජිඡ්යන යැ 157 - දාස කමින් මිදිණ. භූත භෞතික විසින් 35 - භූත රූප සහ භෞතික රූපයන්ගේ වශයෙන් මහා භූත හතර භූත රූප නමුත් මහා භූතයන් ගෙන් හට ගන්නා උපාදාය රූප සූවිස්සක් භෞතික රූප නමුත් වන්නේය. භූම්ය්න්තර 23 , 24 - මේ ධර්මයෝ සතර සතිපට්ඨානයෝය යනාදි වශයෙන් සියලු ධර්මයන් සිඞ්ඛ්යාු වශයෙන් බෙදා, එසේ බෙදූ ධර්මයන් කාමාවචරාදී භූමි වශයෙනුත් විභාග කොට අභිධර්ම පිටකය දෙශනා කිරීම මගධනැලිය 9 - මගධ රටේ ව්යරවහෘත සේරුව. එයට කාල් අටකි. මඟුල් අවුස් වඩා 358 - මඞ්ගල තූය්ය්ත ස නාද පවත්වා (ආතොජ්ජ > අවුස් ) මඟුල් මහ ඇමැති 358 - රජුට අභිෂෙකය කරන ඇමැති මණිවර්මවර්මිත 58 - මැණික් එබ්බූ ඇත් ඇඳුම් ඇන්දූ මත්වලහු 254, 274 - මත්වැ නටන්නෝ මනමිණි 406 - චින්තාමාණික්යත මධුපිණ්ඩයක් 53 - මීපැණියෙන් හැනූ බැදි ධාන්යද පිටිවලින් සකස් කළ අග්ගලාවක් මමන 269 - වැගිරෙන.




ධර්මලප්ර-දීපිකා පිටපොත 449

මයිදු 315 - මා විසිනුත්. එයිදු, මෙයිදු, තොයිදු, යනාදිය සමගත් සමකර බලනු. මෙහිදී මයි කියා සිටියේ මයා යන්නෙන් ආ “මය” යන්නමැයි. (මයදු > මයිදු) මයූරහස්ත 6 - බුදුරජාණන් වහන්සේගේ ශ්රී” පාදස්ථ චක්ර( ලක්ෂණය වටා පිහිටි කුඩා ලක්ෂණයක්. මොනර පිළින් කළ ලක්ෂණ භාෂ්ඩයක් බව පෙනේ. එය ඉස්සර පෙරහැරවලත් ගෙන ‍ගියේලු. සුමඞ්ගල විලාසිනි 1, 293 බලනු. මරකතමාණික්යර 251 - පව්වගල් මරාසලවට 352 - මරකත මිණි පර්ව්තය හාත්පස මලහරණී 255 - කන්හැන්ද මලෝලඹුදී 127 - පෙති පහලට හිටින සේ වියන් ආදියෙහි මල් එල්වා ( මල් අවලඹු > මලවලඹු > මලෝලඹු) මල්කඩ 58 - හිසේ පළඳින දරන්නක් වැනි මල් මාලාවක් මල්තුඹුපිටි 87 - සුදු ඊයම් පිටි මල් පත් 269 - පුෂ්ඵපත්ර මල්පියවසායෙන් 406 - මල් පේසාවෙන්. පැරැණි චෛත්ය(වල මුල් කොටස ඉදිරියට නෙරා ගිය ආලින්දය වැනි අවයව තුනකින් යුක්තය. චෛත්යැ පාදය වසාගෙන සිටින හෙයින් පියවසා නාමයත් විශෙෂයෙන් මල් පුදනු සඳහා භාවිත වුණු හෙයින් මල් පියවසා නාමයත් ලද්දේය. (පියවසා >පේවසා > පේසා) මල්මුළ 329 - මල් ගොඩුව ( පුට >මුළ) මල් රොන්මුඩු 355 - මල් රේණු වලින් යුත්. (මණිඩිත >මුඩු) මල්සුඹුළුවක් 354 - මල් දරන්නනක්. ( චුම්බටක >සුඹුළු) මවකමතු - මවක් පමණක් මස්ලොඹු 203 - මස් තබා කොටන ලී කැබෙල්ල මස්වළුමෙහෙ 122 - රැවුල් කැපීම පිළිබඳ මෙහෙය. දැළිවළු, කෙස්වළු යනාදිය සමගත් සසඳා බලනු. (වට්ටි >වැටි >වළු) මහණුවම් 143 - මහණකම්




450 ධර්ම1ප්ර දීපිකා පිටපොත

මහතවුසක්වැ මහා තාපසයෙක්වැ. පෙළ බසෙහි මෙබඳු තැන්වල යෙදෙන පළමු විඛත සිංහලයෙහිත් බොහෝ තැන්වල එසේම යෙදුනේය. නමුත් ගුරුළුගෝමීන්ගේ බසෙහි කර්ම විභක්තියම යෙදුණු සේ පෙනේ. ධර්ම ප්රුදීපිකායෙහි වන පිටුවේ එන “ගැහැවියෙක්වැ” යනුවත් ගැයැවියක්වැ කියා තිබෙන්නට ඇත. මහබැලවුන් 176 - මිනී දවන්නත් ( හත >බැල) මහමඩියෙ 341 - මහ කඩපඩලෙහි ( මහමඩුව >මහමඩිය) මහමිදිබිමන 229 – “තොප මහම්ඉදිබිමන ඇතියන් සිරිරින්” යන පද සම්බන්ධය ගත හැකි බව ද පෙනේ. එයට අනුව සෘඞිය හා විශිෂ්ට ඥානයක් නැති තොපගේ සිරුරෙන් යන අදහස ගැනීම යුතුසේ පෙනෙයි. සෘද්ධිමතකුගේ හෝ සුවිශෙෂ ඥාන ලාභියකුගේ සිරුරෙන් සවණක් රැස් විහිදීම අදභූත නොවේ. සිදුහත් කුමරුගේ ඇති ආශ්චය්ය්ස් වත් කරුණ, සෘඞියකින් හෝ ඥාන විශෙෂයකින් තොරව සවණක් රස් විහිදීම යැයි මෙහි ලා කියැ වේ. මහම ශබ්දය නස්ත්යිථීයේ යොදනු සිංහල සාහිත්යහයට හුරු ප්රකයෝගයක් බව ධම්පියා අටුවා ගැටපදයෙන් ද පැහැදිලි වන කරුණකි. තවත් සෙවිය යුතුයි. මහසණු 406 - මහා තිර. සණු යන්න සාණි ශබ්දයෙන් ආ හැකිය. මහ සෙණු යනුත් නිවැරැදි පාඨයි. මහාද්යුිතික 107 - මහත් බැබැලීම් ඇති මහාවිප්ඵාර 107 - මහත් සේ පැතිරෙන. මා කවරක්හු විසින් ශ්රවමණභවත් ගෙ‍ෟතමයා පසස්නෙම්ද 52 - මා කවරක්හු විසින් ශ්ර මණ භවත් ගෞතමයා පසස්නෙද කියා හෝ මම කවරෙකීම් ශ්රිමණ භවත් ගෞතමයා පස්නෙම්ද කියා හෝ මේ වාක්යමය සිටියැ යුතුය. විශෙෂ්යශය පූර්වම වැ විශෙෂණය පරවැ යෙදෙන මෙබඳු තැන්වල විශෙෂ්යරය විශෙෂණ දෙකම විබත් සහිතව සිටිනු සිංහලයේ සිරිති. විශෙෂණය මුල්වූ විට එය වැඩි වශයෙන් කම් විබත් ගෙන සිටී. මාංසොත්සද 10 - පිරුණු වසවුණු මාංස ඇති.




ධර්මොප්රනදීපිකා පිටපොත 451

මාතෘව 195 - මවගේ මාබුදුභයිදනුව 325 - මෙසේ සිංහල කරන ලද්දේ “බු‍ඬොත් මංධාරෙහි” යන පාළි වාක්යනය වේ. මෙවැනි තැන්වල සඞකාර්ථයෙහි බුහු බසක් සමහරුන් උගන්වතත් මෙතැන සැකයක් නැත්තේය. මැඩහඟුදුන්න 262 - එළුවන්ගේ අංවලින් සාදන ලද මිටක් ඇති දුන්න. (මෙණ්ඩක >මෙඩ >මැඩ) මිණිදැල් 354 - ගෙජ්ජිවැල්. මිණිපුඩුසේසත 245 - මැණික්මය පුඩුවක් ඇති සේසත. මෙහි පුඩුව කුඩ මිට මෙන්ම කූඩය මුදුනේ සවිකරන කුඩා කරඬුවක සටහන් ඇති අවයවයත් විය හැකිය. (පිණ්ඩ >පුඩු ) මිණිබමරක්හුබඳු 56 - මැණික්මය බමරයක් වැනි. මෙහි බමර ශබ්දයෙන් සජීව බමර‍ා නොවැ බමරය නම් ක්රී ඩා භාණ්ඩය අදයස් කරන ලදී. මිණිමුස්වමින් 357 - පුබුදුවමින්. (මිණිමුසුවමින් >මිණිමුස්වමින්) මිණියෙන් හෙවත් බන්ධනයෙන් මුඤ්චනය කෙරෙමින් යනු අර්ථයි. මිණිමෙ‍ාරරුවරරහ 381 - මෙයින් අදහස් කරන ලද්දේ පැසෙනු පිණිස සුරාමණ්ඩි මිශ්ර කළ නමුත් පැසෙන්නට තරම් කල් නොගිය තරුණ සුරාය. මිණි බුරු මී, යි එළුසදස් ලකුණේ යොදා ඇත්තේත් (යෙන්මත්වල ගිය බලනු.) මේ මිණිමොරරහමය. මෙහි ශුඞ පාඨය මිණිමොර තරුණ රහ යන්න දැයි සෙවියැ යුතුය. මිණිමොර යන්නෙහි නියම තේරුම අපි නොදනිමු. එළුසඳැස් ලකුණේ ආ පැරැණි පාඨය වන මිණිබුරු යන්න මිණිමොර කියා වෙනස් කිරීමටත් කරුණු නොපෙනේ. මියෙනුඩුහුරු නලහව්වක් උසුලමින් 353 - මියෙන් , මුඛයෙන්, උඩුහුරු නලහව්වක්, (මුඛය) උඩුකුරු කොට නික්මවන මාරුත භාවය උසුලමින්, මුව උඩට හරව‍ා සුසුම් ලමින්. මුකුණු 182 - හොටු මුක්තාජාල සින්ධුවාර සංස්තර සදෘශ 60 - මුතුදැල් සහ නිකමල් ඇතිරි සමාන





452 ධර්මුප්රදදීපිකා පිටපොත

මුඛපටහයෙහි 147 - මුඛ නැමැති බෙරයෙහි මුඩු - යුක්ත වූ (මණ්ඩිත >මුඩු) මුත්ගලු වෙහෙර 341 - මුතියඞ්ගන විහාරය වියැ හැකිය. ඡඡක්කසූත්රම අටුවාවත් බලනු මුත්නා 146 - පියාගේ පියා ( මුත්න + ආ = මුත්නා) මුලැ 182 - මොලය වේ. (මුලය >මුලැ) දෙමළ මුලෛ මුළුලුවෙ 95 - මුළුල්ල (සියල්ල) වේ. මූර්ජනා 340 - ආරෝහන අවරෝහන දෙක්හි දී යෙදෙන ස්වර‍යන්ගේ අනුක්ර මය මෙත්ඌල් 152 - මෛත්රීඅ නැමැති උල්පත් මෙවණු පහන් බිත් 406 - මේදවණ්ණ පාෂාණ (රතු ගල් ) භිත්තිය , ඉන්දියාවේ අග්රා ‍නුවර ටජ්මහල් ප්රා්සාද භූමියෙහි මේ ගල් වලින් කළ නොයෙක් කර්මාන්ත තිබේ. මේ ගල් මස් සේදූ ජලයට බඳු පාට ඇත්තේය. මෙහෙස්නො 141 - මෙහෙසීහූ. (මෙහෙසිනී + ඔ = මෙහෙස්නො) මොණරකිළින් 354 - මයුරධෙනූන්. මොහොලෙහි 117 - බැස යන කුඩා දිය පහරෙහි මොවුන් හැම ආචාය්ය්4 යන් කෙරෙහි 77 - මේ සියලුම ආචාර්යවරයන් අතුරෙහි. ආචාර්ය වූ මොවුන් හැම දෙනා අතුරෙහි. විශෙෂ්යහයපූර්වල වූ තැනි. යතා 352 - මිරිකාගෙන - තල්ලු කොට. (යන්තෙත්වා › යතය › යතය් › යතා) යථාභිසංස්කෘත 60 - පිළියෙළ කර ගත් පරිදි යනවනැයි 281 – “මාගේ කාම විෂය ඉක්ම යනවනැයි” යනු සම්පූර්ණ වාක්යයයයි මාගේ කාම විෂය ඉක්මවා යන්නෙක් වන්නේ යයි යනු අර්ථයි. වනු යැයි යන්නට මෙහි වනැයි කියා සිටියේය. “වනු” යන්න පරිචිතර්කාර්ථුයෙහි යෙදුණු අනාගත විඛත සේ ගණන් ගත හැකිය. යන්ත්ර නාලිකායෙන් 56 - දිය විදින දිය බටයෙන් යවා 359 - කියවා ය (කියුම්හි) ධාතුයි. යපතින් අසිඳුනා ලද 12 - යකඩ පතුරකින් (පීරකින්ද) කපන ලද




ධර්මනප්රදදීපිකා පිටපොත 453

යුග්මවූ හස්ත පාද ඇතිවන බැවින් ජාලහත්ථිපාද නම් වෙත් 7 – මේ වාක්යහය අපට පෙනෙන්නේ සදොස් සේයත යුග්ම වූ හස්තපාද ඇති බැවින් යුග්මහස්තපාද වනු විනා ජාල හස්තපාද වියැ නො හැකි හෙයිනි. යුග්ම ජාල යන දෙ ශබ්දය සමානාර්ථ ඇත්තේත් නො වේ. එහෙයින් මෙහි ශුඬ පාඨය “ජාල වූ හස්ත පාද ඇතිවන බැවින් ජාලහස්තපාද නම් වෙත්” යි සිටියේ නම් මැනවැයි සිතේ. තවත් සොයත්වා. “ජාලාවනධ කරතල” යන්න සමගත් සසඳනු. යුවරජසිරිවියොමහගිමින් 352 - යුවරාජ සම්පත්තියෙන් වෙන් වීම් සඞ්ඛ්යානත මහා ග්රීිෂ්මයෙන් යුක්තයනට 101 - තපස්වීන් ආදී ගරු කළ යුත්තන්ට යූසේයි 66 , 270 , 414 - කියූ පරිදියි යොහොඹුමල 58 - සමන් පිච්ච මල යෙළ - එකහමාර යොත්රු 93 - කඹ රජ්ජු විසින් උද්බාධ්ය3මානයහට 196 - රැහැනින් උඩ එල්ලනු ලබන්නාහට රතිඳුගොවු 48 , 352 - වර්ෂා කාලවල පොළොවෙහි හටගන්නා ගැඩවුල් පවුලට අයත් රතුපාට පණු විශෙසයක් රක්ත කම්බලගෙණ්ඩුකයක් 6 - රත් පලසක නූල් වලින් ගෙතූ පන්දුවක් රත්නත්ර්යොපාසනයෙන් 221 - රත්නත්ර ය ඇසුරු කිරිමෙන් රන් කොසුකම් 121 - රන් එබ්බවීමේ කර්මය. (ඛවිත >කොසු) රනින් කළ සුර සහ කුප්පි බහාලීමත් වියැ හැකිය. රන් රස්සෙන් 274 - ස්වර්ණ කිංකිණියෙන් (රන් රසුයෙන් >රන් රස්යෙන් >රන්රස්සෙන්) රන්ලිය ඉලකට 269 - ස්වර්ණලතායෙන් සැදි වනයකට රසයින 152 - රසායනය රිණි 356 - රෙණු රිදී කැට 121 – ( රජතකට්ඨි) රිදී කැබෙලි ගුලි‍ කොට මුද්රාර තබා සාදන ලද කාසි විශෙෂයක් රිදිපලු 121 - බිම සාරාගෙන යනු පිණිස නඟුලේ සවි කරනු ලබන යකඩ පතුරට සමාන සටහන් ඇති රිදී කාශි විශෙෂයක්


454 ධර්මතප්ර දීපිකා පිටපොත


රොන්සළා 246 - රේණු සමූහය (ජටා >සළා) ලක්ෂණ රස විසින් 35 - ලක්ෂණ වශයෙන් හා රස වශයෙන් යමකින් යමක් වෙන්කර ගැනීමට උපකාර වන විශෙෂ ලක්ෂණ මෙහි ලක්ෂණ නමිනුත් යමකින් කරන ප්රඋධාන කෘත්යකය රස නමිනුත් අදහස් කරන ලදී. ලාරෙසෙන් 56 - ලාකඩ උණු කරගත් ජලයෙන් (ලාබා >ලභ >ලා) ලැව්ගිනි 132 - කැලෑවේ ගස් සහ සාඛා එකට ගැටීමෙන් ඇතිවන ගින්න. (දාව >ළැව >ළැව්) ලියපුලුන් 15 - වැල්වල සෑදෙන පුලුන් ‍විශෙෂයකි. ලොහොලා - ඉවත් කොට ලිහලා යන වර්තමාන රූපය සමගත් සසඳනු. ලොහොළුවින් 99 - ලොහ සැන්දෙන් ( උළුඩ්ක >උළුව > ළුව) වට 181 - වාරය. (වාර >වර > වට) වටන 86 - අඹරන වටා 286 - පෙ‍ාෂණය කොට (වට්ටවත්වා > වටය > වටය්> වටා ) වටාගෙන - අඹරාගෙන වටාලයි 97 - නැවත දමයි. වඩබානල 85 - අවිචියෙන් නැගි මුහුදේ අධික ජලය දවා ලන ගින්නකැයි සැලකේ. වඩුරියන 403 - ගෙවල් සැදීමාදියෙහිදී වඩුවන් පාවිච්චි කරන රියන. රියන් එකහමාරකුත් අඟල් හතරකැයි කියති. වණවැටිය 152 - සායම් (වණ) ගෑම පිණිස වූ වෘත්තීය, පින්සලය. වතළ 152 - පැතුරුණු. (පත්ථරිත >පතළ > වතළ) වත්හිමියො 100 - ස්වාමීන් වහන්සෙ, උපාධ්යාූයසාමි යන්නෙන් ආ හැකිය. (උපාධ්ය2ය > උපජය > වජය > වජ > වද > වත්) පසු කාලයකදී වත්හිමි යන්න සාමාන්ය‍යෙන් ගෞරවාථර්යෙ හිත් වැටුනේය. වස්තුවට ස්වාමියාය යන අර්ථය සලකා රජවරුන්ටත් වත්හිමි යි ව්යාවහාර කෙරෙති. වදෑරජුන් - විශාලා මහනුවර වජ්ජි රජවරුන්

වනපත් 353 - විරහප්රාරප්ත , වෙන් බවට පැමිණි. වෙන > වන) වෙන ශබ්දය වෙන්වීම් අර්ථයෙහි ප්රිසිඬය.



ධර්මවප්රිදීපිකා පිටපොත 455

වනසෝකල්පියමින් 353 - විරහ ශොක කාලය ගෙවමින්. වන්නාහා 210 - වීම හා සමගම. (වනුවා › වන්වා › වන්නා) වර්ත්මපාක්ෂිකවැ 127 - සංසාර පාක්ෂිකවැ, නැවත නැවත ඉපදීම් පක්ෂයෙහි පවත්නා. වර්ධමානකය 6 - බුදුරජාණන් වහන්සේගේ පත්ලෙහි පිහිටි චක්රව ලක්ෂණය වටා ඇති මඞ්ගල ලක්ෂණයන් අතුරෙන් එකක්. වලානල 270 - වැසි වලාවත් සමග ඇතිවන සුළඟ. වල්පළා - අස් ලොම්ගස දෙපළු කොට. වසාපැන් 356 - ගංගා ජලය වසාවිට 119, 152 - ගංගා පෘෂ්ටිය වස්තුරූප - ප්ර සාද රූප පස සහ හෘදය වස්තුව වස්ත්රූකොටි 122 - වස්ත්රය යුග්මය වස්ත්රූගුය්හ 7 - වස්ත්ර්යෙන් සැඟවියැ යුත්ත. ස්ත්රීට පුරුෂ නිමිති. වහරෙයින් 269 - වැස්සෙන්. (වහරෙ + ඉන් = වහරෙයින්) වහස්නහු 64 - හඬන්නහු විසින් වහස් බැල්ම 116 - මඳමඳ සිනා සහිතව යටැසින් බැලීම. (උපහාස › උවහස › උවහස් › වහස්) ව‍ාලවේධි 262 - කරබටු ගෙඩිය ලකුණු කොට එය එල්ලා තිබෙන අස් ලොම දෙපලු වන‍ සේ විදින. වාහ 71 - අමුණු විස්ස, කරත්තය වැටසිරිපහයා 358 - ප්රනදීපාලෝකයෙන් අලඞ්කාර කොට (වට්ටි › වැට) වැටුප්මලා 22 - පහන් කබල, (මල්ලක › මලක › මලහ › මලා) වැටූ 7 - පහන් වැටියක් රවුම් වනසේ අඹරන ලද, වැටෙන්නට 402 - පවතින්නට වැඩිබන්දහයි - වැඩියාවගේයයි. (වැඩිබඳුහයි › වැඩිබන්දුහයි › වැඩිබන්දහයි) වැදැහැරට 110 - විදේහ නම් රට. උතුරු ඉන්දියාවේ සෙ‍ාළොස් මහ ජනපදයන්ගෙන් එකක්. වැදිලිගත් 353 – “ජලලඹකලඹින් වැදිලිගත්” යනු සම්පූර්ණ වාක්යොයි. එයින් කියැවෙන්නේ ජලලඹකලඹින් වැසි වලාකුළු සමූහයෙන් වැදිලිගත් බවකි. වැදිලි (වද්දලිකා)



456 ධර්ම(ප්රසදීපිකා පිටපොත


ශබ්දයෙනුත් වලාකුල් කියැවෙන බව පෙනෙතත් මෙහිදි එයින් වැසිවලාකුළු නිසා ඇතවුණු අඳුරුගතිය (බිරැනිගතිය) අදයස් කළා වන්නට පුළුවන. වැනිවූනොයි 8 - මෙහි පෙනෙන නො නිපාතය අර්ථැ කීපයකම වැටෙතත් අවධාරණාර්ථය හෙත්වර්ථය ප්රඳශ්නාර්ථය පද පූරණය යන අර්ථවල වැඩි වශයෙන් යෙදුණු බව පෙනේ. “න නො සමං අත්ථිතථාගතෙන” යන රතන සූත්රද පාඨයෙහි නො යන්න අවධාරණාර්ථයෙහි යෙදී තිබේ. පූජාවලී ආදියෙහි නො වෙනුවට න කාරයත් යෙදුනේය. “කිවුන” යනාදිය නිදසුනි. යි පරකල්හි එය නැ රූපයෙනුත් සිටී. “එණිමෘගයන්ග් ජඩ්ඝා වැනිවූනොයි ඔවුහු එණිජඩ්ඝ නම් වෙත්” යන තැන එය හේත්වර්ථයෙහි යෙදුනේ යයි සිතමි. වැම්හෙන 96 - ගිලිහී වැටෙන. වැටී පූර්වු හෙ (වැටීමෙහි) (වැමීහෙයි › වැම්හෙයි) වැලපී 64 - වැගුරූ, ශබ්දනගා නොහඬා කදුළු පෙරීම වැලපීමය. විලපිත ශබ්දයෙන් ආයේය. වැලයෙන් 264 - වෙලුවෙන් - දඟයෙන් වැළපළහ 278 - වැලිගොටුව (පුටක › පළහ) වැළත 93, 121, 154 - සමීපය. (වැළම › වැළත) මේ වැළ ශබ්දය වෙන ශබ්දයාගේම වෙනස් රූපයක්දැයි සොයනු (උපාන්ත › උවෙත › වෙත › වැල) විජෘම්හනකොට - ඉස්සරහ ගාත් දෙක ඉස්සරහටත් පස්සා ගාත් දෙක පස්සටත් තබා බෙල්ල ඔසොවා කොන්දා නමා ඇඟමැලි කැඩීම විජෘම්භනය නමි. විදෑමිණිඌල් 356 - නිල්මැණික් ආශ්රිිත උල්පත් විපරිනාමදුක්ඛ 196 - වෙනස් වීමෙන් ඇතිවන දුක විදුරුගුහා 136 - දියමන්ති ගලින් සැදුණු ගුහා විදුරුඅග්නාරාවය 262 - දියමන්ති බැඳි අගක් ඇති හීය. විද්ද 264 - විද්දේය. (විදිය › විද්ය › විද්ද) විනතොද්ගත 8 - පහත්වූත් , උස්වූත් විධිවශයෙකින් 82 - පිනකගේ වශයෙන්, පිනකින් ‍විධෙය 110 - කීකරු විනියොග 243 - පැමිණීම



ධර්මයප්ර1දීපිකා පිටපොත 457

විනිර්විධ 87 - විනිවිදගිය විපරාවෘත්තයහ 171 - වෙස්වන සුළුය. විරිවූ 140 , 161 - උණු වී දිය වූ විලීනවෙ 54, 55, 70 - උණු වැ දියවේ. විලුම්පනය 179 - පැහැර ගැනීම විවර්ත 7 - නිවන විවර්තවෙයි 7 - පෙරළෙයි. විෂදිග්ධ 170 - විෂ කවන ලද විෂමපාකිම 259 - ගොයම් පැසෙන කල එකවිට නොපැසී විටින්විට තැනින් තැන පැසීම. විෂ්කම්භයෙන් 215 - යටපත් වීමෙන් විසිරෙන පෙදෙසිමුළින් - විසිරි යන ප්රලදෙශවාසි සමූහයාගෙන් විහියනොහී 353 - ඉසිලියැ නොහැකිවැ (වහිතුං › විහියැ) විනම් 191 - හොත් නම් යන අර්ථ යන්හි යෙදෙන නිපාතයක් විරඹුසොරහයි 83 - අනුන්ගේ භාය්යාිට වන් කොල්ලකන සොරුයයි. මෙහි වීරඹු ශබ්දයෙන් පරස්ත්රී3හු කියැවෙති. (විහිර + අඹු = විරඹු) විහිර යනු බාහිර ශබ්දයෙන් ආ හැකිය. වීරෙන 83, 151 - විසිරෙන. (විසිරෙන › විහිරෙන › වීරෙන) වුහුටු 310 - හරනා ලද. (විස්සට්ඨ › වුහුටු) වෘංහිත 394 - රැස් කළ වෙනෙන් 417 - වේගයෙන් වෙහෙරවල් 229 - විහාර සමීප වනය වෙහෙල් මියුල් කැල 354 - මුවන් සමූහය සහ මුව දෙනුන් සමූහය වේදිකාවලය 253 - රවුම් ප්රාවසාදයක් වටේට තිබෙන වලල්ලක් වැනි වේදිකාව වෙශ්ම 359 - ගෘහය වෛවර්ණවය 26 - වෙනස් ස්වභාව ව්යරපකෘෂ්ටකායතා 345 – (පඤ්චකාමාදියෙන්) වෙන්වුණු ශරීරය ඇති බව ව්යරවසර්ග 361 - වෙන් කිරීම ව්යු්ත්ථානතා ව්ය6වදානකර ධර්ම 46 - අපායාදියෙන් ඔසොවා තැබීම සහ පිරිසිදු බව ඇති කරන ධර්ම


458 ධර්මරප්රයදීපිකා පිටපොත

ශකටපඤ්ජරයක් 73 - කරත්ත අමරාවක් ශක්ති 66 - අඩයටිය. බයිනෙත්තුව වැනි අනින ආයුධයක් ශතධෞත 300 - සියක්වර සොධය ලද. ශත ධෞත වළඳන කලක් මෙන්කියා යොදා ඇතත් සියවරක් සේදූ කවර නම් දෙයක් දැයි සඳහන් නොවේ. එය පාඩුවකැයි හැ‍ඟේ. ශතධෞත ශබ්දය ගිතෙල් ආදී යමකට වෙසෙසුන් කරන ලද්දේ නම් මැනවැයි සිතේ. ශබ්දවේධී 262 - ශබ්දය අසා ඒ අනුව ඉලක්කයට විදින ධනුර්ධරයා ශරවේධි 262 - මුලින් විද්ද හියේ දැත්තෙහි ඇමිණෙන සේ දෙවන හියක්ද ඒ දෙවන හීයේ දැත්තෙහි ඇමිනෙන සේ තෙවන හීයක්දැයි මෙසේ හී පරම්පරාවක් විද අන්තිමටම විදින ලද හියේ දැත්ත දල්වාගෙන ඒ හී සියල්ල නො වැටෙන සේ දරා සිටීමට සමත් ධනුර්ධරයා. ශලනාර්ථයෙන් 151 - සංවරකරන අර්ථයෙන් ශලක්ෂණ 28 - මෘදු මොළොක්. ශ්වභ්ර යක් 135 – (සොබ්හ) වළක්. ශික්පාප්රනත්ය1ක්ඛ්යාළන 213 - ශික්ෂාපදප්රදතික්ෂෙපය. ශිශූමාර 6 - කිඹුල් පැටියන් මරා කන හෙයින් නම අනුරුත්ය. ශොකතානව කළ පරිදි 300 - ශොක තුනීකළ පරිදි. ශ්රතඬාදෙයවිනිපාත 112 - ශ්ර්ඬායෙන් දුන් දෙය විනාශ කිරීම. ශ්රීාවත්සය 6 - බුදුරජාණන් වහන්සේගේ යටිපතුලේ චක්ර් ලක්ෂනය වටා ඇති රේඛා ලක්ෂණයක්. සඋපෙක්ෂාසහගත චිත්තයො 88 - උපෙක්ෂාසහගත සිත් හය. සකපුදායෙහි 141 - සඞ්කප්ප ජාතකයෙහි. සක්පතක් 12 සඞ්ඛපත්රසයක් - හක්ගෙඩි පතුරක්. සග 114 - බාල. සඞ්ඝාතපර්ව4තයෙන් 86 - මිරිකා පොඩි කර දමන පර්වදතය, ගල් තද කරන රෝලමෙනි. සචිකිත්ස්ය4ය 23 - පිළියම් කළ හැක්කේය. සතීන්හල 136 - සිහි නොකළ, සතීන් යනු සතිශබ්දය කම් විබත් බුහුබස්ගත්තැති. සදල 46 - සාද්වල , තෘණ.



ධර්මබප්ර-දීපිකා පිටපොත 459

සදැල 95 - සය ආකාර ගිනි. නරකාදියේ උඩ යට සහ සිව් දිශාව යන සයපැත්තෙන් නැගෙන ගිනි. සඳකැත්මිණි ගඟුලෙහි 356 - සඳකැත්මිණි නම් දියතිරිප්පුය. ඒවාට සඳරැස් වැටුණු විට එයින් ජලය වහනය වේ. සන්නිෂ්ඨාන 84 - නිශ්චය. සපා 148 - ගසා , පහරදී. සපෙනාරජ 375 - වම්පෙය්යප නාගරාජ. සප්තපදව්ය4තිහාර 304 - සත් පියවරක් ඔසොවා තැබීම සභාගවිසභාග විසින් 34 - සමාන අසමාන වශයෙන්. සමක්ෂ ස්රා වකයන් 394 - සම්මුඛ ශ්රා්වකයන්. සමධුබින්දුවක් 88 - මීපැණි බින්දු හයක් සමනා 2 - පරීක්ෂාකොට (සමානෙත්වා › සමනය › සමනය් › සමනා) සමන්තමුඛයැ 275 - හාත්පස මුහුණු ඇත්තේය. බොධි සත්වයන් වහන්සේ හාත්පසින් මුහුණු නොතිබුණු හෙයින් මෙය සෙවියැ යුත්තකි. සංඥාපනය බලනු. සමසිත්වායි 203 - සමසිත් ඇත්තෙක් වවයි. සමාධානොපධාරණ 151 - මනාව පිහිටුවීම සහ කුශලධර්මයනට ආදාර විම. සමුකොට - භාරකොට මිහින්තලා ලිපියෙහි එන කරඬු අත්සමු යනාදිය සමගත් සසඳා බලනු. සමුත්ථිත 64 - හටගත්. සමුද්ගපටල 32 - පෙට්ටියක උඩුපියන සහ යට කොටස. සම්භාර 55.282 - රාශිය. සරතසහාවිනොයා 356 - ස්රාරන්තභාවයද දුරු කොට සරතම සරතස - (විනොදෙත්වා › විනොයය › විනොයය්› විනොයා) සර්පිෂාදි 131 - ගිතෙල් ආදී සර්විවාහීන 171 - සියල්ල උසුලන්නාහු වෙත්. සල අවුණුව 294 - ගල්බාල්දිය (අම්මණ › අමුණු › අවුණ) සහනුවහ 147 - ඉවසත්ද. සහස්රහථ‍ාමයෙන් 208 - දහසක් දෙනෙකුට ඇති වීය්ය්)ර්‍යෙන්. සහස්රහරශ්මීන් විභක්තපදයන් අතුරෙන් 1 - සහස්රෙරශ්මී යනු සූය්ය්්ර්යාට නමි. හේ දොළොස් කොටසකින් යුක්තය.


460 ධර්මිප්රකදීපිකා පිටපොත

එහෙයින්ම සූය්යා ට ද්වාදසාත්මන් යනුත් නමි. සූය්ය් ස යා මෙන්ම මහාබොධිවංශයත් පරිච්ඡේද වශයෙන් දොළොසකට බෙදන ලදී. එසේ බෙදන ලද පරිච්ඡේදනයට අයත් පදයන් අතුරෙන්. සහස්රලථාමදුන්න 25 - දහසක් දෙනා ඔසොවන බරක් දුනුදියෙහි බැඳ එසෙව්වත් ප්ර්මාණයට වඩා නොනැමෙන දුන්න. සංස්කාරදුක්ඛ 155 - සංසාරයෙහි පවත්නා දුක. සංවෘතිමරණ 312 - ගහමැරුනේය යනාදී තන්හි ලැබෙන ලොකසම්මත මරණය. සංරම්හයෙන් - ක්රොගධයෙන්. සනිදර්ශෙන සප්රනතිඝ 35 - දර්ශමනය සහිත ධර්මඑ සහ ඉන්ද්රිරයන් සමග ගැටෙන ධර්ම. සන්නාහකස්ස 262 - යුඬය සඳහා වූ කඤ්චුකය හෙවත් සැට්ටය. (කඤ්චුක › කසු › කසුව › කස්ස) සන්නිට්ඨාන 84 - නිශ්චය. සතාසාතප්රිතික්ෂේප විසින් 300 - සැපදුක් දෙදෙනා බැහැර කිරීම් වශයෙන්. සාදවස් 342 - බඩගිනි දවස්. සාමිවහන්සැයි 99 - ස්වාමීනි බඩගිනි ඇත්තෙමියි. (වහන්සැ සාමියි) සාර්ථවාහක 65 - කරත්ත කණ්ඩායමේ ප්රිධානයා. සාරාණීය ධර්මයෙහි 112 - ලැබුණු දෙය අනුන්ට බෙදාදී වැළඳීමෙහි. සැපූකල්හි 327 - ගැසූකල්හි. සිඳුබළන් 352 - සිඬභටයන්. සිදබුවන් සියො 352 - සිඬාඩ්ගනාවන් හා එක්වැ. (සංයොග › සියොව් › සියො) සිදුහතුළුදු 3 – (සුදුහත් + උළුඳු) අබ පියල්ල නැමැති හැන්දද (උළුඩ්ක › උළු) සින්දූරසුණු 56 - රතුඊයම් සුණු. සිපසිපා 204 - ගසගසා. සියක්යොජුනෙහිලා 96 - සියකයොදුන්තන්හිදී. ලා යනු ආධාරාර්ථයෙහිය. එයින් හටගත් ගඟුල සඳකත්මිණි ගඟුල නමි. ගඟක් හටගන්නා උල්පත ගඟුල නමින් සැලැකේ.





ධර්ම ප්රේදීපිකා පිටපොත 461

සියුරුරැව් 271 - ඇටකුලු නාදය සියුරු යනුව වකොර ශබ්දයෙන් ආයේ දැයි සොයනු සිරිමඩුල්ලක් 462 - විදිනු සඳහා ධනුධර්යන්ට දෙනු පිණිස එක තැනකට රැස් කොට තබන ඊ සමූහය සිරිමඩුල්ල නමි. සිලියෙන 152 - වැගිරෙන ගලන (වලිත › සිලිය) සිහිමැදුර 270 - සිංහපඤ්ජරය. සීවැල්පලු 96 - සීවැල් සඞඛ්යාලත පලු. බිම සාරා ගෙන යනු පිණිස නගුලේ සවි කොට තිබෙන පැතැලි යකඩ පතුර. එහි අග උල් හෙයින් කොද්රිව (අමු) රාශියෙහි දැමූ විට එහි යටට කිඳා බසී (ඵාල › පලු) සුක්වත් 114 - අයබදු. සුඞ්ක සඞඛ්යාපත බද්ද. (සුඞ්ක › සුක්) සුන 136 - සිත්ඳාය. (සුනුය › සුන්ය › සුන් ය › සුන) සුපායිත 187 - මනාකොට විෂ පොවන ලද සුඹුල 93 - සිවිය, හම. (චර්ම › සුමුල › සුම්බුල › සුඹුල) සුමුගක් 141 - සමුද්ගයක්, කරඬුවක් සුවණ්ණ සුරභිගන්ධ පුෂ්පොපහාර 59 - යහපත් වර්ණයෙන් සහ ගන්ධයෙන් යුත් මල් පූජා සුහු 268 - එකනෙක ගැළපීම ( සංහත › සුහුය › සුහු) සුහුරුහුස්නට 100 - මාමා සහ නැන්දාට (හුසා - හුස්) සුවිමුඛක්ෂුරධාරා 196 - ඉදිකටු මුණතක් මෙන් සියුම් දැලි පිහියාමුවාත සූත්රාඛහත 92 – (සූත්රාත + ආහත ) නූල් ගසන ලද සෙමෙරපවනසින් 270 - චාමරයෙන් හටගත් මාරුතයෙන් පවනම පවනස. සොසුලු 356 - තැනේ හැටියට මේ වචනයෙන් ගතැ යුත්තේ දාඩිය ඉසුලූ යන අර්ථය වේ. දාඩියවාවක සේද ශබ්දය සො කියා නොවැ සෙ කියා සිටින හෙයින් මේ වචනය “සෙසුලු” යි සිටියේ නම් මැනැවැයි සිතේ. සෞවස්තික - නයාගේ පෙනේ තිබෙන අටේ ඉලක්කම වැනි ලකුණක් ස්කන්ධ 319 , 328 - ගෙල




462 ධර්ම3ප්රේදීපිකා පිටපොත

ස්යනන්දනිකා 195 - නගරාදියක තිබෙන වළකට කුනු කන්දල් ගලා බස්නා කුඩා අගල ස්ඵටිකමණි වර්තියක් 121 - පළිඟු මැණික් වැටියක් ස්වර්ණාණලිඞ්ගය 10 - රනින් තැනූ අලිඟු බෙරය. බුදුරජාණන් වහන්සේගේ ග්රී වය ස්වර්ණාණලිඞ්ග්යකයක් සමාන බව අත්ථසාලිනියෙහිත් කියන ලදි. ( හේ. වි. 4. 2. 4) දැනට මිහිඟු බෙරය (මුදිඩ්ග) නමින් හැඳින්වෙන බෙර කඳක් ඇති බෙරය අලිඟු බෙරය වියැ හැකිය. ස්වවිෂයග්ර හණයට 156 - අරමුණු ගැනීමට. මෙහි ස්ව ශබ්දයෙන් පසිඳුරන් ගන්නා ලදී. ඔවුන්ගේ විෂය අරමුණුය. හටන 152 - හටගන්නා. නාම ධාතුක ක්රි යාවකි හනනයෙන් 215 - හිංසා කිරීමෙන් හන්තීහු 38 - හන් (හිංසායාං) යන ධාතුව ස්වාර්ථයෙහි ති ප්රරත්ය.ය විය. හපුස්වමින් 270 - සන්තෝෂ කෙරෙමින්. (සංපහංස › සපුස › හපුස › හපුස්) හපුප්තෙලි 337 - හංසයන්ගේ බඩේ තිබෙන සියුම් පිහාටු වලින් සාදනු ලබන ඇතිරි විශෙසයක් තෙලි වූයේ තිලි යන්නමැයි. හමුළු 353 - හමන ලද හමනාගෙන 204 - උසුලාගෙන , දරාගෙන හරිසඳුන් 41 - හරි නම් පර්ව.තයෙහි ව‍ැවෙන සඳුන් හලාහලවිෂ 146 - විෂ හෙදයක් හවියෙන් 355 - ස්වභාවයෙන් ( සභාව › හවිය) හසුන්කන් 336 - අඳනයෙහි කොණ. (අච්ඡාදන › අසුන් › හසුන්) හස්තවාර 201 - නෘත්යොයෙහි දී කරන හස්ත විකාර හස්මුන්ද 351 - රාජකීය ලාඤ්ඡන සහිත මුද්ද. ස්වකීය මුද්රාඇව මුද්දක්‍ සේ සකස් කොට ඇඟිල්ලේ දමාගෙන පාවිච්චි කරනු පෙර රජුන්ගේ සිරිති. වැඩි ආරක්ෂාව සඳහාය. (ලඤ්ඡ › ලස් › හස්) හාරහාරිණි 199 - හැර ගෙන යා යුතු දෙය හැර ගෙන යන්නීවූ නදී යන්නට විශෙෂණයි.




ධර්මෂප්ර දීපිකා පිටපොත 463

හැදැහැව්ලි හස්මුළු 152 - ඇදහීම නැමැති හංස සමූහයා. (සඬාපන › සැදැහැව්නි › හැදැහැව්නි › හැදැහැව්ලි) හැමුනූ 152 - ඉසිලූ. දැරූ හැලී 104 - සැඟවී. (සංලීයිත්වා › හැලිස් › හැලී) හැවිලැ නැගී යන 148 - ආකුලවැ නැගී යන. මුවදෙව්දාවතෙත් (49) පෙනෙන හැවිලැ යන්නට හැකිලී යන අර්ථයත් සුදුසු සේ ය. හෑස්වූහ 121 - සංසක්ත කළහ. එකිනෙකට සම්බන්ධ කළහ. (සංසක්ත › හැසිය › හැසි ) හැවක් වෙහෙර 341 - ඡඡක්ක සූත්ර අටුවායෙහි සාකිය වංස විහාර නාමය පෙනේ. හෑවක් යන සිංහල වචනය එසේ පාළි කර ගත්තා වියැ හැටිය. පටිවාර ගැටපදය විශුඬි මාර්ග සන්නය යන පොත්වල පෙනෙන්නේ හඩ්කන විහාරයට හැවක විහාර නාමය ව්යයවහාර කළ බවය හිඟුල් 203 - සාදිලිංගම් හිදි අගින් වටා තිබුවාක් වැනි 6 - නූල් කටින ඉද්දක පහත කොටසෙහි බොලයක් මෙන් රවුම් කළ කොටසක් තිබේ. බුදුරජාණන් වහන්සේගේ විලුමත් එවැනිය. ඉද්ද අගින් රවුම් කොට තිබුවාක් මෙන් යනු අර්ථයි. හිදි 290 - තැමිබී හිදෙන්නෙ 195 - තැම්බෙන්නෙ හිඹුල්දහතළාවන 385 - දහසංඛ්යා්ත තළාකය දහතළා නමි. එහෙත් මෙතන්හි ඒ වචනය යොදන ලද්දේ කවරා‍ර්ථයක් සලකා ගෙන දැයි සිතාගත නො හැකිය. පාළි පොතේ පෙනෙන්නේ සිම්බලිවන යන්න පමණකි. එය ශක්රළ පුරයට සමීපව තිබුණු බවද පෙනේ

       හිවිදළදළම 269-උස්වුත් මහත්වුත් (ඇතුන්ගේ) දළ නැමැති
       හීදැත්ත 263 - ඊ කූරෙහි දුනු දියෙහි තබන කොටස කරුවක් මෙන් සාදා තිබේ. දැත්ත නම් ඒය. පගලිය යනුත් එයට ම නමි.

හුයන 86 - තම්බන හුයාපී 4 - තම්බන ලද හෙවැනිදිය 116 - වැතිරී සැතපුනේය. (සුපිත්වා › හෙව)





464 ධර්ම4ප්ර-දීපිකා පිටපොත


හෙයොපාදෙයතත්වසම්මූඪ 325 - හැරියැ යුතු තත්වයෙහි සස ගත යුතු තත්වයෙහි මුළා වූ හෙලලු 240 - රන්වන් පාට සිදත් සඟරාවේ හෙලලු ශබ්දය ශ්වෙතාර්ථයෙහිත් යොදා තිබේ. හොයලහි 354 - ගං ඉවුරෙහි හොවැලහි යන තැන වහට ය ආදෙශ වීමෙන් මෙසේ සිටිය හැකිය. හොවැලයෙහි 354 , 356 - ගංඉවුරෙහි. වැල යී සිටියේ වෙලා ශබ්දයමැයි හ්යුලපත්‍රපා 193 , 107 - ලජ්ජාව සහ භය හුද 378 - ලොකු විල ළමැඩීයෙහි - හෘදය මධ්ය9යෙහි ළහස්ස 90 - කුරුණිය ළැව්දළ 353 - ලැව් ගින්න ළිදිරෙන 269 - මෙහි අර්ථය පැටලිලි සහිතය. ලුදුර යනු මෙහි ධාතුව සේත් පොත පතේ එන ලොදුලු යන්න එයින් සෑදුණු අතීත කෘදන්තය සේත් සලකති. අභයගිරි ශිලා ලිපියෙහි එන “ළොන්දුර්වස්” යන්නත් සලකා බැලිය යුතුය. සමෘඬ කරවා යනු එහි අර්ථය සේ පෙනේ. “සරත් සිරින් ළිදිර වසත් සිරිත් පුබුදු රන් ලිය ඉළකට වන් කාමෙශ්වරයා පරයමින්” යනුත් ඒ සම්බන්ධයෙන් සලකා බැලියැ යුතු තැනකි. බොහෝ විට කැලෑවල අප්රේනල් මැයි මාසවල දී ‍ෙකාළ හැලි අඞ්කුර ලියලයි. ඉක්බිති ඒ කැලෑවල මල් පිපෙන්නේ සරත් සෘතුවේදිය හෙවත් වප් ඉල් මාසවල දී ය. මෙයින් පෙනෙන්නේ ගස් වැල් ආදියෙහි කොළ හැලී නැවතත් කොළ හට ගැනීමට මුලින් ඇතිවන අඞ්කුර වලට ම නමි. හතු ජාති වලටත් ලිදිර නාමය යෙදේ.