දළදා පූජාවලිය - ii
දළදා වහන්සේ
එක්බිති එකාසංඛ්ය කල්ප ලක්ෂ යක් මුළුල්ලෙහි පාරමී ධර්මරයන් පූරණය කොට අග්රඑප්රාඳප්ත වූ ධර්ම්12 සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේගේ අතවැසි වූ සරභු නම් තෙර කෙනකුන් වහන්සේ විසින් ධාතු භිනනවීමට පූර්වක භාගයෙහි තමන් වහන්සේගේ ඍධ්යරනුභාවයෙන් චිතකයෙහි වහනි නොනිවෙනතුරු13 ස්වර්ණහමෘදඞග භෙරි සණඨාන වූ ග්රී වා ධාතුන් වහන්සේ ඇරගෙන ගොස් මහියඞගන චෛත්යර ස්ථානයෙහි14 පිහිටුවා වදාළ සේක. මෙම15 ක්රමමයෙන් ඛෙම නම් එක් තෙර කෙනකුන් වහන්සේත් මහත් වූ ඍධ්යිනුභාවයෙන් සූක්ෂකම වූ අතක් මවා ගෙන16 අපගේ ශ්රීා දන්ත ධාතුන් වහන්සේ ඇර ගෙන ගොස් කාලිඞග පුරයෙහි රජ කරන
1 පෙ. අකුළුවා. 2 ක 1, 3, විසින් ද නාග සුපර්ණාදීන් විසින් ද 3 සු, 3 පරිච්ඡෙදය මෙතැනින් කඩා ඇත. 4 ක 1, මධ්ය, නොවූයෙන්; පෙ. මධ්ය3 නුවූ හෙයින්. 5 පෙ, නැත. 6 ක 1, 2, 3, ගාථා 4 ක් පැනේ; පෙ, ගාථා 3 කි; සු, ගාථා 7 කි. 7 ක 1, ගාථා සතරකින්. පෙ, සු, ගාථා සතකින්. 8 පෙ, නැත. 9 ක 1, නැත. 10 ක 2, ල, ආළාහත. 11 සු, මෙතැනින් 4 වන පරිච්ඡෙදය කඩා ඇත. 12 පෙ, දම්. 13 සු, නොනිවනතුරු, 14 පෙ, නැත. 15 පෙ. මේ. 16 ක 1, සු, මේ වාක්ය ඡෙදයම නැත; සු, ඍද්ධියානුභාවයෙන්.
14 කලිඟු රජහට හෙවත් බ්රඇහමදතත රජහට බණ කියා කෘදෘෂටි ආදී වූ මිත්යා දෘටි හරවා රත්නත්රවය ප්රා සාදයෙහි පිහිටුවා දන්තධාතූන් වහන්සේ පුදන පරිද්දෙන් ඕහට දුන් කල්හි ඒ දළදා වහන්සේ කෙරෙහි පහන් වූ බ්රිහ්මදත්ත රජ1 —
සුවණ්ණඛවිතාලම්බ — මුතතාජාලෙහි සොභිතං කූටාගාර සතාකිණණං — තරුණාදිච්ච සන්නිභං (දා. 123)
යනුහෙයින් රන්කම් කොට එල්වන ලද්දා වූ මුතුදැල් පන්තියෙන්2 හා ගැවසී ගත් කුළුගෙවල් සියගණනින් බාලාර්ක බිම්බයක් මෙන් අනෙක ශ්රීා විභූතීන් විරාජමාන වූ නොයෙක් රත්නයන්ගේ ශෝභායෙන්3 ඇස් දල්වා බැලිය නොහැක්කාක් බඳු වූ දෙව්ලොවට හා නිවන් පුරයට වාහනයක් බඳු වූ සියලු ලෝවැසියන්ට අධික ප්රාෙසාද එළවන්නා වූ දළදාගෙයක්4 හා එහි ම—
මුතතං මණිංවෙලුරියං ච සංඛං — සිලාපපවාලං රජතං සුවණ්ණං මසාරගලලංපිච ලොහිතංකං — දසනපපකාරං රතනං වදන්ති (සාරස. 203)
යනාදීන්5 කියන ලද මුතු ඉඳුනිල් මැණික්6 වෛදූර්ය රන් බැඳි ගල්7 සක් පබළුගල් මැසිරි ගල් රන් රිදී ලෙහෙවන් මැණිකැයි8 කියන ලද. මේ දශ ප්රගකාර වූ රත්නයන් සම්බන්ධිල වූ හුදු රුවන්මය වූ ආසනයක් ද කරවා දළදා වහන්සේ එහි වඩා රාත්රිර දිනයෙහි අප්රමාද වූ සිතින් සඳුන් කස්තුරු කපුරු අගරු9 දෙව් දුරු කළුවැල් තුවරලා දුම් ආදි වූ නානාවිධ සුගන්ධස ද්රුව්ය9යෙන් ද නාග පුනනාග පූග චම්පක සලලාසොකනීප සහකාර කර්ණිකාර කොවිලාර පාටලී සින්ධුරවාර ආදී වූ පුෂ්ප ජාතීන්10 ද, දෑසමන්11 සීනිද්ද බොලිද්ද සෞගන්ධිල ආදී වූ ථලස්ථ පුෂ්ප ජාතියෙන්12 ද, උත්පල කුමුද පුණ්ඩරික පදුම යනාදී වූ ජලජ පද්මාදියෙන්13 ද අනෙක ප්රතකාර පුෂ්ප ජාතියෙන් ද කරන ලද නිරන්තර පූජෝත්සවයෙන් ද, ආතතය විතතය ආතතවිතතය ඝනය සුසිරය යන පංචාංගික තූර්ය
1 ක 1, පෙ, රජතෙම, සු, රජ්ජුරුවෝ. 2 පෙ, සු, පඞක්තියෙන්. 3 ක 1, පෙ. සොභමානයෙන්. 4 ක 1, පෙ, දළදාගේ 5 සූ නැත 6 පෙ. මැණිකින් ද 7 පෙ නැත. 8 සු. මැණික් යන 9 සු. අගදුරු 10 ක 1, පන්තින්. සු. ජාතියෙන් 11 ක 1, සු. සමන් 12 ක 1, ල, වල්ලී පූෂ්පයෙන්,පෙ. පුෂ්පයෙන්; සු. ජාතියෙන් 13 සු. පුෂ්පාදියෙන්දැයි.
15
නාදයෙන් අනවරත පූජොත්සව කෙරෙමින්1 අන්වපයානු ක්රරමයෙන් නොයෙක් රජවරුන් විසින් යථොක්ත වූ සුචරිතය පවත්වා ආ කල්හි2 —
දඹදිවදී පෑ පෙළහර
ඒ වර්ගීයෙහි3 අවසානයෙහි ගුහසීව නම් රජහට රාජ්යත භාර ප් ාප්ත වූ කාලයෙහි ස්වාර්ථහ පරාර්ථන නොදැන මොහයෙන් මුඨ වූ අඥාන අචෙලකයන්ගේ බස් ගිවිස4 පොරණ කුල පරපුරෙන් පැවත ආ සම්යොක් දෘෂ්ටිය හැර දුර්ලබ්ධි ගෙන බුද්ධ ශාසනයෙහි පැහැදීමක් නැතිව දන්තධාතූන් වහන්සේට කරන ලද පූජා සත්කාරයෙහි රජහු උපෙක්ෂා් වූ නියාව දැන නැගරික ජනයා විසින් දිව්යු පුරයක් මෙන් නුවර සජ්ජිත කොට නගර මධ්යායෙහි මණ්ඩපයක් කරවා එහි විචිත්ර චිත්රු විතානාදිය බැඳ බොහෝ ජනයා සමාගමව දීප ධූප සුගන්ධක පුෂ්පාදීන් ද යුක්තව මණ්ඩප මධ්යබයෙහි පනවන ලද යානාවෙහි ශ්රීප දන්ත ධාතූන් වහන්සේ වඩා සිය දහස් ගණන් පිළිහිස බැමවීම5 ද යනාදි වූ නොයෙක් ස්තුති ඝෝෂා අසා මේ කිමෙක් දැයි විචාළ කල්හි බුද්ධශාසනයෙහි පැහැද සිටි ඇමැත්තක්හු විසින් “මේ අවසරය යහපත සම්යාක් දෘෂ්ටියෙහි රජු පිහිටා ගනුම්භ”යි යන සමාධියෙන් යුක්තව දෙවයන් වහන්ස!6 නුඹ වහන්සේගේ සත්වන කුල පරම්පරාව නොවරදවා නොහැර පැවත ආ දන්තධාතුන් වහන්සේට කරන ලද පූජාය”යි ඒ අමාත්යායා විසින් දැන්වූ7 කල්හි “එසේද8 දැන් මා ගිය මැනැවැ” යි සමාධියෙන් යුක්තව එකතින් සළුව ගෙන වහා ගොස් පර්ෂත් මධ්යහයට වැද නමස්කාර කොට “ස්වාමීනි! මෙතෙක් කල් මුඵල්ලෙහි මා විසින් නුඔ වහන්සේ නොහැදින වසන ලදැයි ගැත්තවුන් කෙරෙහි නොදැන කළ වරද ක්ෂ්මා කොට වදාරා ප්රාිතිහාර්ය පා10 මා11 මුදුනෙහි පිහිටිය වැනවැ”යි12 ආරාධනා කළ සඳ13 — චන්ද්ර රේඛාවක් සේ ආකාශයට පැන නැගී ඔහු සිය මුදුනෙහි පිහිටා වදාළ සේක14. එසේද, ප්රීකතියෙන්15 ප්රිමුදිත ශරීර ඇති ඒ ගුහසීව රජ්ජුරුවන්16 තමන් වසන මාලිගා තලයට දළදා වහන්සේ වඩා මෑත භාගයෙහි රුවන් දළදා ගෙයක් කරවා මාහැඟි පූජාසත්කාර
1 සු, වෙනස්කොට ඇත. 2 පෙ. නැත, සු. 5 වන පරිච්ඡෙදය මෙතැනින් කඩා ඇත. 3 පෙ. නැත. සු, වෙනස්කොට ඇත. 4 පෙ. ගෙන. 5, ල, පෙ, සිසාරමින් 6 ක 1, 3, තැති 7 සු. දන්වනලද. 8 සු. නැත. 9 ක 1, ගැත්තවූ කළ අපරාදයට. 10 ක 1. කොට වදාළමැනවැයි 11 ක 1, පෙ.සු, සිය. 12 ක 1. සු. පිහිටියොත් කැමැත්තෙමි කියා. 13 සු. කළේය. 14 ක 1. පිහිටා; පෙ.පිහිටියේය. සු. පිහිටි කල 15 පෙ. වාක්යදය අවුල්වී තිබේ. 16 ක 1, 3, සු, රජ්ජුරුවෝ.
16
පවත්වමින්1 උන් කල්හි, දුර්ලබ්ධි ගත් අචෙලකාදී වූ නොයෙක් නුවටහු එකල ජම්බුද්වීපයෙහි අගරජ කරන්නා වූ පඬුවස් රජහු කරා පැමිණ “කලිඟු රට තොප අතවැසි වූ2 ගුහසීව නම් රජෙක් තොප වැනි රජ දරුවන් වැඳ පුදන විෂ්ණු මහෙශ්වර නාරායන3 ආදී වූ ලොක ප්රැසිද්ධ දෙවියන්ට නින්දා කොට මිනී අටයක් පුදන්නේය” යි කී කල්හි, එ කියන වචන අසා කොපයෙන් දිලිහී තමන් බෑන වූ චිත්තයාන රජ්ජුරුවන් සමීපයට කැඳවා “එම්බා චිත්තයානයෙනි! කලිඟු රට ගොසින් ගුහසීව රජු හා ඔහු විසින් පුදන ලද මිනී ඇටය හා ගෙනෙව”යි සිවුරඟ සෙනග දී යැවූ කල්හි4 — ඒ චිත්තයාන රජු5 පැළලුප් නුවරින් නික්ම ක්රුමයෙන් කලිඟුරජ ඒ අසා ඔහු ළඟට ඇතුන් අසුන් මුතු මැණික් ආදී වූ මාහැඟි පඬුරු රාජපුරුෂයන් අත යවා ඒරජහු සිත් ගෙන ඔහු තමහට හිත වු බව අසා දැන තුමූ ද ඒ රජු කරා පැමිණ ඔවුන් දැක සන්තොෂයෙන් ආලිංගනය කොට මිත්රු සන්ථඬවය ස්ථිර කොට දෙදෙන සමගව —
පාකාර ගොපුරට්ටාල — පාසාදගඝික චිතතිකං දානසාලාභි සො රාජා — සමිදධං පුරමද්දස (දා. 163)
යනාදීන් කියන ලද7 වාසල් පවුරු අට්ටාල වීථි වින්යාහස දානශාලාදී වූ අනෙක ප්රදකාර ශ්රී සමුර්ධියෙන් බබලන්නා වූ ඒ දන්තපුර නම් වූ නුවරට වැද මාලිගා තලයට නැගී රුවන් දළදා ගෙය දකිමින් සතුටුව සර්වබඥයන් වහන්සේගේ පාරමිතා නැමැති ස්වර්ණනලතායෙහි හටගත් කුමුදු මුකුලයක් බඳු වූ3 ඒ දන්නධාතූන් වහන්සේ වැඩ උන් දළදා කරඬුව දැක එකත්පස්ව සිට “අපගේ නායක වූ පණ්ඩුවාස9 දෙවයන් වහන්සේ විසින් නුඹවහන්සේ හා මේ දළදා වහන්සේ ගෙන්වාගෙන යන පිණිස අප එවන ලදහ.10 එසේහෙයින් දන්තධාතුන් වහන්සේ වඩාගෙන නුඹ වහන්සේත් අප හා කැටිව11 අව මැනවැයි ජම්බුද්වීපයට නායක වූ12 රජ්ජුරුවන් වහන්සේගේ වචනය ලංඝනය කළ13 නොහැක්කැ”යි චිත්තයාන රජ්ජුරුවන් කී කල්හි, එ වේලෙහි14 ගුහසීව රජ දළදා වහන්සේ
1 ල. පෙ. පවත්වා. සු. වෙනස්කර ඇත. 2. ක 1. සු. නැත. 3 සු. බ්රනහ්ම විෂ්ණු මහෙශ්වර. 4 සු. වෙනස්කොට ඇත. 5 ක 1, 3, පෙ රජ්ජුරුවෝ 6 ක 1, 3, පෙ. කඳයුරු 7 සු, වෙනස්කොට ඇත. 8 සු, මේ වාක්ය6ඡෙදය නැත. 9 ක 1, සු, පාණ්ඩවවංශ. 10 පෙ, එවන ලද. සු, අලුත් කොට ඇත. 11 ක 3. ල, පෙ, සමග. 12 පෙ, නැත. 13 ක 2, ලගුනොකළ. 14 ක 2, නැත.
17
දසාවට දොහොත් මුදුනෙහි තබා ගෙන “සනරාමර ලොක වාසී වූ සත්ව යන්ගේ මොහ නැමැති අන්ධදකාර දූරී කරණයට සර්වමඥ නැමැති උදයගිරි පර්වනතොද්භූත වූ චන්ර්ැමැරේඛාවක් බඳු වූ දන්තධාතූන් වහන්ස! නුඹ වහන්සේත්, බඩාගෙන මාත් කැටුව1 යන ලෙසට ආ රජ්ජුරුවන් වහන්සේට ප්රාහතිහාර්යයක් දැක්වුවහොත්2 යහපතැයි කියා ආරාධනා කළ කල්හි3—
අබ්භුගගන්ත්වා ගගන කුහරං—වන්දපලෙඛාභිරාමා විසසජෙඡන්ති රජත ධවලා — රංසියො දන්තධාතු ධූපායන්තී සපදි බහුධා — පජ්ජලන්තී මුහුත්තං නිබ්බායන්තී නයන සුභගං — පාටිභීරං අකාසි (දා. 185)
යනුහෙයින් පෙර දෙපෝයෙහි චන්ර්—ධව රේඛාවක් මෙන් මනොඥ වූ ඒ දළදා වහන්සේ රුවන් කරඬුවෙන්4 පිටත්ව ආකාශ කුහරයට පැන නැගී රක්තවර්ණවයට බඳු වූ රශ්මි මාලා විහිදුවමින් ඒ ක්ෂශණයෙහි දුම් කඳක් සේ5 ද දුවමින් නැවත සඳරැස් කලඹක් සේ6 ද සියලු නුවර එකාලොක කොට7 බබුළුවමින් නැවත ගිනිකඳක් සේ6 ද දිලියෙමින් අනෙක ප්රොකාර වූ ප්රාබතිහාර්ය නැමැති ආශ්චර්ය රජු8 දැක සතුටු සිතින් බොහෝ දවසක් පුරුදුව ආ මිත්යාරොක දෘෂ්ටි හැර තිසරණ ගෙන පිහිටා9 සියලු සිවුරඟ සෙනග හා සමගින් විසිතුරු වූ පූජාකොට ඉක්බිති10 යනු පිණිස—
රාජා තතො දන්තපුරං ධජෙහි — පුප්ඵෙහි ධූපෙහි ච තොරණෙහි අලංකරිත්වාොන මහාවිතාන — නිවාරිතාදිච්ච මරීචි ජාලං. (දා. 188
යනාදීන් ඒ ගුහසීව රජ11 ස්වකීය වූ රාජ භවනය ද වීථි වින්යා ස උභය පාර්ශවය ද වඩනා වූ මග ද සුදුසු කොට කලු වැලි පියා සුදු වැලි12 තවරා ගෙන නානා ස්ථානයන්හි වින්යාදස කොට ලන ලද රන්තොරණ රිදීතොරණ පිළීතොරණ මල් තොරණ කෙහෙල්තොරණ ආදී වූ තොරණ පන්තීන් ද රන්වැට රිදීවැට ලියවැට දඬුවැට ආදී වූ පහන්වැට පන්තීන් ද
1 පෙ, නැත. 2 ක 1, දැක්කවුවහොත්. 3 සු. වාක්ය අලුත් කොට ඇත. 4 ක 1, 3, කරඬුවෙකින්. 5 පෙ, සු, මෙන්. 6 ක 1, පෙ, සු, සඳරැසක් මෙන්. 7 ක 2, 3, කෙරෙමින්. 8 පෙ, රජ්ජුරුවෝ. 9 ක 1, පෙ, තිසරණෙහි පිහිටුවා. සු, වාක්ය සම්පූර්ණනයෙන් වෙනස් කොට ඇත. 10 පෙ, ඉක්බිති කල්හි. 11 සු, යන්නෙන් දන්තපුරය සහිත 12 ක 1, 2, 3, පෙ, සු, වැල්ලෙන්
18
ස්වර්ණ කුම්භ රජතකුම්භ ආදී වූ ඝටපන්තීන් ද නගන ලද රන්ධජ රිදීධජ ආදී වූ නොයෙක් ධජපතාක පන්තීන් ද කළුවැල් අගරු දෙව්දුරු ආදියෙන් ලන ලද සුවඳ සුඹුළු සුනු පන්තීන් ද සූර්ය රශ්මි වලකන පිණිස බොම කෙසෙය්යළකොටුම්බර1 ආදී වූ නානාවිධ වස්ත්ර යන්ගෙන් බඳනා ලද විචිත්ර විතාන පන්තීන් ද ඒ විතානයෙහි එල්වන ලද්දා වූ සියදහස් ගණන් ඔලම්බක පද්ම හා කුසුමදාම පන්තීන් ද අභිනව දිවාකර කිරණ දර්ශනයෙන් පිපී වැනි ගියා වූ පස්පියුම් වනයක් හා සාදෘශ්යද වූ නානා වර්ණප රංග ඇති ඡත්ර් සමූහ නංවමින්, මෙසේ ම අනෙක ප්ර කාර සින්ධූූර පන්තීන් ද රන් සන්නාහ බහා පිළියෙළ කරන ලද්දා වූ ඇත් සෙනගින් හා ඇස් සෙනගින් ද සත්රුවන්මය කර්මා න්ත කොට නිමවන ලද චක්රස2 පන්තීන් ද යුක්ත වූ රථ පන්තියෙහි යොදන ලද ජවබල සම්පන්න3 සෛන්ධෙවයන් විසින් ද ඒ ඒ ස්ථානයෙහි සිට ස්තුති ඝොෂාකරන ලද්දා වූ වන්දිෙභට්ටයන් විසින් ද පූග පුන්නාග චම්පකාශොක සලල කර්ණිකාර සීනිද්ද බෝලිද්ද ජයසුමනාදී4 වූ නොයෙක් පුෂ්ප ජාතීන් ද මාර්ගර දිගන්තරයෙහි5 ඉසිමින්, තවද නානා ප්රමකාර ඛඞග කුනත තොමර භෙණ්ඩිවාල කරවාලාර්ධකචන්ර්ෙහ චක්රා්යුධ ධනු පන්ති ගත් නොයෙක් ලක්ෂක ගණන් පාබල සෙනගින් ද මහබෙර මිහිඟු බෙර ලොහොබෙර ගැටබෙර පනාබෙර එකැස්බෙර ඩවුර6 තම්මැට නිසාත ආදී වූ නොයෙක් භෙරී සංඛනාදයෙන් මහත් වූ සමුද්රබ ඝොෂාවක් මෙන් නුවර ද මාර්ගොය ද විස්තර කෙරෙමින්7 නිමාවක් නැත්තා වූ පූජොත්සවයෙන් හා නොයෙක් ශ්රී් විභූතීන් යුක්තව ඒ ගුහසීව රජ ද සර්වාවභරණයෙන් සැරහි අභිෂෙක ධරව8 ශුභ්රීතායෙන් චන්ර්ුහස බිම්බයෙක්හි ශ්රීභ ධරන්නා9 වූ විචිත්රා කර්මානන්ත කරන ලද රාජ රථයකට10 නැගී11 ශ්රීර දන්ත ධාතූන් වහන්සේ සිය12 මුදුනෙන් වඩාගෙන චිත්තයාන රජ්ජුරුවන් හා13 ඒ දන්තපුරයෙන් නික්ම ක්ර2මයෙන් මාර්ගාවතික්රාතන්ත කොට ක්ෂු1ද්රහ දීප පන්සියයකින් පිරිවරන ලද්දා වූ ජම්බුද්වීපයට නායක වූ පැළලුප් නුවරට ගොස්14 පණ්ඩුවාස රජ්ජුරුවන් සමීපයට පැමිණ15 ඔහු දැක සිටි කල්හි —
1 සු. කොවුම්බර. 2 සු, ඡත්රද. 3 පෙ, නැත. 4 සු, ජයකුසුම. 5 ක 1, පෙ දිගාන්තරයෙහි, 6 ක 1, 3, ල, ඩෞර. 7 ක 1, කරත්. 8 ක 1, ධරා. 9 පෙ, දරන්නා. 10 ක 1, ල, රාජරථවාහනයකට. 11 පෙ, සු, පැන නැගී. 12 ක 2. නැත. 13 ක 1, 3, පෙ. හා සමග 14 ක 1, පෙ. නැත. 15 සු වාක්ය අලුත්කොට 6 වැනි පරිච්ඡෙද ය ද කඩා ඇත.
19
ඒ රජ්ජුරුවෝ කලිඟුරජහට කියන්නාහු — “ලොක ප්ර සිද්ධ වූ අප විසිනුත් පුදන ලද්දාවූ 1විෂ්ණු මහශ්වෙර2 නාරා යනාදි3 වූ දෙවියන්ට නින්දාකොට තොප විසින් මිනී ඇටයක් තබා ගෙන පුදනු ලදුයේය යි ඇසුම්හ. එ කියන මිනී ඇටය අප සමීපයට ගෙනෙවයි” කියා ගෙන්වා ගෙන නිර්ලජ්ජී වූ හෙයින්4 හිරි ඔතප් නැත්තාවූ පවිටු වූ නුවටුවන්ගේ බස් ගිවිස ඒ රජ ඔවුන් ළඟට කැඳවා ගෙන දන්ත ධාතූන් ගිවිස ඒ රජ ධවුන් ළඟට කැඳවා ගෙන දන්ත ධාතූන් වහන්සේ ඒ නුවටුන් අතට අළ කල්හි — රාජාඞගන මධ්යනයෙහි වළක් පිඳුවා කිහිරි අඟුරු5 පුරවා ගුහසීව රජහු විසින් පුදන ලද තෙල මිනීඇටය ගිනිගෙන දිලිසෙන්නා වූ අඟුරු රැස මත්තට6 දමවයි කී කල්හි7 — ඒ නිවටුන් විසිනුත් බොහෝ වූ සමාධියෙන් යුක්තව තමන්ගේ හෘදයෙහි ගුණ ලවයක් නැත්තා වූ රෞරව නරකය සේ ඉතා දැඩි වූ ඒ අඟුරු රැස මත්තට6 ශ්රීර දන්ත ධාතුන් වහන්සේ දැමූ කල්හි8 —
තස්සානුභාවෙන තමග්ගිරාසිං — හෙත්වාර සරොජං රථ චක්ක මත්තං සමනතතො උගගතරෙනුජාල — මුඪාසි කීඤ්ජ ක්ඛහරාභිරාමං (දා. 199)
9යනුහෙයින් ඒ දළදා වහන්සේ අඟුරු රැස මත්තට දැමූ කල්හි උන්වහන්සේ ගේ අනුභාවයෙන් ඒ කිහිරි අඟුරු වළ පලාගෙන මහත්වූ රථ සකක් සා10 පමණ ඇති මුවරද සමූහයෙන් ගැවසී ගත්තා වූ සුවඳ වහනය කරන්නා වූ පියුම් කෙමියක් මත්තෙහි පිහිටා කොඳ කැකුළුවන් සමන් කැකුලකට බදු වූ11 රශ්මි සමූහයෙන් සියලු දිග12 බබුළුවමින් ප්රාුතිහාය්ය්සේ කොට ඒ පියුම් මත්තෙහි වැඩ උන් කල්හි13 — ප්රිසන්න වූ සිත් ඇති ඒ නුවර මනුෂ්යියන් ඒ ආශ්චය්ය්ෙ ය දැක නොයෙක් රුවනින් පූජාකොට තමන් තමන්14 ගත්15 දුර්ලබ්ධීන් අළ කල්හි — ඒ පඬුවස් රජතෙම බොහෝ දවස් පුරුදු කොට ආවා වූ මිත්යාගත්රදෘෂ්ටි නැමැති අන්ධකාරයෙන් මූඪ වූයේ, ඒ මහ16 නිවටුන් ළඟට කැඳවා “තෙල මිනීඇටය ඇර ගෙන කිනිහිරක් පිට තබාලා යකුළකින් පැහැරපියව”යි නියොග කළ කල්හි13 — ඒ නිවටුන්
1 සු. බ්රළහ්ම. 2 ක 1. ඊශ්වර 3 සු. නැත. 4 පෙ, එහෙයින්ම; සු, නැත. 5 ක 1, පෙ, සු, කිහිරඟුරු අඟුරු 6 පෙ. මස්තකයට. 7 පෙ. සු. - නියෝග කළේය. 8 පෙ. ඇරගෙන දැමූහ. සු. දැමූහ. 9 ක 1: පෙ. සු. දා. 200 ගාථාවද ඇත. 10 ක 2. හා පෙ, සු. සේ. 11 පෙ. කොඳ කැකුළට බදුවූ 12 පෙ. දසදිගුන් 13 සු. වෙනස්කර ඇත. 14 පෙ. තමතමන්. 15 සු. තම තමන්ගේ. 16 ක 1, 3, සූ, එම.
20
විසින් නියොගලත් පරිද්දෙන් කිනිහිර පිට තබා යකුළකින් පහරින්නට යකුළ ඔසවා ගත් කල්හි — කලල් පිහිරා යටවන් ස්ඵටික මාණික්යියක් මෙන් ද තවද, අස්තගිරි පර්වදතයෙන් භාගයක් ගිලී අර්ධකයක් පෙනුණු චන්ර් ද රේඛාවක් මෙන් ද දෘශ්යිමාන ධවල වූ රශ්මි කදම්බයෙන් දස දිගන්තරය එකාලොක කෙරෙමින්. වැඩ උන් කල්හි — ඒ ආශ්චය්ය්් ය1 දැක විස්මය2 පත් වූ රජහට ඊර්ෂ්යා්යෙන් යුක්ත වූ ගුණමකු දුරාචාරි වූ එක් නිවටුයෙක් රජ්ජුරුවන් සමීපයට ගොස් කියනුයේ3 “ඇයි රජ්ජුරුවනි! තෙපි කිමෙකැයි සිතවුද? මෙසේ වූ විශෙෂයක් ඒකාන්තයෙන් ඇත්තේ ශ්ර“මණභවත් ගෞතමයන්ගේ ඇටයෙකැයි නොසිතවු. මේ ලෝකයෙහි රාම4 විෂ්ණු මහෙශ්වර නාරායනාදි5 වූ අප ඇමගේ6 අවතාරයෝ ඇත. මෙයින් ඉන් එක අවතාරයෙක මිනීඅටෙකත් මෙසේ වූ ආශ්චය්ය්ි යක් ඇත්දැ”යි කීයේය. මෙසේ කී ඒ නිවටුන්ට ඒ රජ7 “එසේවීනම්8 තොපගේ රාම භෘගුරාම ඵරසුරාම විෂ්ණු මහෙශ්වර නාරායනාදී9 වූ මුන් ඇම දෙනා10 විසින් තබන ලද ශරීර අවයවයෙක්11 වී නම් තෙපි ඇම එක්ව ඒ කියන12 තොප ඇමගේ දෙවියන්ගේ ගුණ කියා තෙල කිනිහිරින් මෑත් කොට ගන්වයි කී කල්හි — ඒ අහිරිකයන් විසින් තමන්13 තමන්ගේ නාරායනාදී වූ නොයෙක් දෙවියන්ගේ ස්තුති ආදී වූ ගුණ කියා කිනිහිරින් මෑත් කොට ගන්නට14 අපොහොසත් වූ හෙයින්15 එ වේලෙහි රජ්ජුරුවෝ කියන්නාහු — “ඒ මිනීඇටය මෑත් කර ගන්නට නිසි කෙනෙකුන් පරීක්ෂාාකරවයි15 එසේ නිසි කෙනෙක් ඇත්නම් උන්ට බොහෝ සම්පත් දෙවමි16” යි කියා නුවර බෙර හැසිර වූ කල්හි17—
අපගේ සර්වවඥ රාජොත්තමයාණන් වහන්සේට සිවුපනස් කෙළක් ධන වියදම් කොට ජෙතවනාරාමය කරවූ අනේපිඬු මහසිටාණන්ගේ සත්වැනි මුනුබුරු වූ සුභද්රර නම් සිටාණ කෙනෙක් “මම ඒ ශ්රීග දන්ත ධාතූන් වහන්සේ කිනිහිරින්
1 ක 1. වෙස්වයය; පෙ, නැත 2 පෙ. විශ්ම. 3 ක 1, 3, පෙ කියන්නේ 4 සු. බ්රෂහ්ම. 5 සු. නැත 6 පෙ. අප අපගේ 7 ක 1, 3; කියනු යේ; පෙ. කියන්නේ සු. වෙනස්කර ඇත. 8 පෙ. නැත. 9 සු. නැත. 10 ක 1 නැත. 11 ක 2, පෙ, අවතාරයෙක් 12 ක 1. පෙ. සු. නැත. 13 ක 1. සු. නැත 14 ක 1, ල. පෙ. සු. ගන්ට 15 සු. වෙනස්කොට ඇත. 16 පෙ. දෙවි 17 ක 1. බෙර ඇසිරි වූ කල්හි; පෙ. බෙරලා ඇසුරු වූ කල්හි. සු වෙනස්කොට ඇත.
21
මෑත් කෙරෙමියි” බෙර වලක්වා1 එළඹ සිටි කල්හි “ඇයි සගයාණෙනි! තොපට පිළිවන්දැ යි” විචාළ කල්හි “පිළිවන3 ස්වාමීනි” යි කී සඳ — “එසේ වුවහොත් කිනිහිරෙන් මෑත් කරවයි” නියෝග ලත් සුභද්රව නම් සිටාණන්4 ඉස් සොධා නහා අලුත් වස්ත්රෑයක් හැඳ එකාංශ කොට උතුරුසළුවක් බහා දක්ෂි්ණ ජානු මණ්ඩලය භූමියෙහි වඩා දොහෙත් මුදුනෙහි තබා ගෙන
(1) දළදා වහන්ස! නුඹවහන්සේ මෙයට සාරාසඞඛ්ය කල්ප5 ලක්ෂයයක් මුළුල්ලෙහි සසර සැරිසරා ඇවිද්දාහු — ඔබවහන්සේ සිවිරජ කල පස් පෑ දිස්නා වූ ඇස් ඉල්වා ආ අන්ධර බ්රාදහ්මණයාහට ඇස් දෙක උපුටා දුන් සේක;
(2) තවද, සාව6 උපන් එක් ජන්මයෙක්හි7 ක්ෂුලධායෙන් පීඩිතයෙමි යි ආ ශක්ර2 බ්රවහ්මණයාහට ඔහු8 සක්දෙව් රජු බව නොදැන මේ9 යාචකයෙකැයි යන සංඥාවෙන් ඔහු මවා10 දුන් ගිනිකඳ මැදට පැන ඇඟ මස් දන් දුන් සේක.
(3) තවද, ඡද්දන්ත ජාතකයෙහි ඇත් රජව ඉපද11 සත් අවුරුදු සත් මස් සත් දවසකින් මහොත්සාහයෙන් ඡද්දන්ත විල සමීපයෙහි අටදහසක් අරළු ඇති මහ මේ කුළක් සේ12 සිටිනා නුග ගස මුල වළක්13 බිඳ එහි සැඟවී සිට සර්ව් ප්රමකාරයෙන් ධවල වූ රජත පර්ව තයක් සේ මහත් වූ ශරීරයට විෂ පෙවූ හීයකින් විද11 ජීවිතක්ෂවය වන තරම්14 වේදනා පැමිණ වූ ඒ15 සෝනුත්තර නම් වැද්දහුට16 සවණක් ඝන රශ්මි17 විහිදුනා18 වූ දළ දෙක කපා දී ඔහුගේ ද රජ බිසවුන්ගේ ද19 මනදොළ සිඬ20 කළ සේක.
(4) තවද, ක්ෂා.න්තිවාද ජාතකයෙහි කලාබු නම් රජහු21 කිපී තෙපි කවුරුහුදැ”යි විචාළ කල්හි “මහ රජ මම ක්ෂා න්තිවාදියෙමි” කී කල්හි එසේ වුවහොත් තොපගේ ක්ෂා න්තිය පරික්ෂාා කරම්හ”යි ඒ රජහු විසින් කටුසැමිටි
1 ක 1. වලකා. 2 පෙ. පුළුවන්දැයි. 3 පෙ., පුළුවන. 4 පෙ සිටානො 5 ක 1, 2, 3, පෙ, කප් 6 ක 1 සු. සසව, ල, හාව; පෙ. සහව 7 ක 1 ජාති. 8 පෙ. නැත. 9 පෙ. නැත. 10 පෙ. දල්වා 11 පෙ. නැත 12 පෙ. කුලයක් 13 සු. වළ 14 පෙ. සු. ජීවිතක්ෂ.යට පමුණුවන තරම්. 15 ක 1 නැත 16 පෙ.සු. වැද්දාහට 17 පෙ. රැස්.සු.රස්. 18 ක 1, විහිදුවමින් 19 ක 1. ඔහුගේ බිසවුන්ගේ ද 20 ක 1. සංසිද්ධ 21 සු. වෙනසකි.
22
ආදියෙන් පහර සිය1 දහස් ගණන් ගස්වා නොයෙක් ව්යබසන2 කළ කල්හිත් ක්ෂයමාව පැවැත් වූ සේක.
(5) තවද, ධර්ම.පාල ජාතකයෙහි ධර්ම2පාල නම් සත් මැසි කුමාරට බිසවුන් කෙරෙහි කරන ලද රොසයෙන් තමන් වහන්සේගේ හස්ත පාදාදිය ඡෙදනය කරන්නා වූ රජහු කෙරෙහි ද ඒ දුක් බලා ස්නෙහයෙන් අඬන මෑණියන් කෙරෙහි ද සමව3 මෛත්රිද පැවැත් වූ සේක.
(6) තවද4, වානරව උපන් එක් ජාතියෙක්හි අසත්පුරුෂ වූ දෙවිදත්හු විසින් පහණින් පහළ කල්හිත් ඔහු කෙරෙහි රොසයක් නොකොට ඔහු ඒ දුකින් මුදවා මනුෂ්ය් පථයෙහි රොසයක් නොකොට ඔහු ඒ දුකින් මුදවා මනුෂ්යු පථයෙහි ලා ව්ර ණ මුඛයෙන් වැගිරෙන රුධිරයෙහි පවා මාගේ හරීරයෙහි පිරී තිබෙන මෛත්රිරය බොහෝ පිටත් වූයේ යයි ප්රීේති උපදවා චිත්ත දොෂය නොකොට සන්තෝෂයට පැමිණි සේක.
(7) තවද,5 එක් ජාතියෙක්හි රුෂ්ට6 වූ මාරයා විසින් බොධිසත්ව් භූමියෙහිදී නුඹ වහන්සේ විසින් දෙන ලද්දා වූ දානාන්තරාය කෙරෙමියි බසේබුදුන් වහන්සේටත් නුඹ වහන්සේටත් අතරෙහි මවාපාන ලද ගිනි ගෙන දිලියෙන අඟුරු වළ7 දැක
කාමං පතාමි නිරයං - උද්ධ පාදො අවං සිරො නානාරියං8 කරිස්සාමි - හන්දන පිණ්ඩං පටිග්ගහ9 (ඛදිර)
යනාදීන් පසේබුදුන් වහන්සේට කියමින් සහලගුරු වළ මධ්ය යෙහි පය එබූ කල්හි මුවරද සළායෙන් ගැවසී පැන නැගී මහාපියුමක් මධ්ය යෙහි සිට තමන් වහන්සේ දෙන10 දානය ම සිද්ධ කළ සේක.
(8) තවද, එක් ජාතියෙක්හි රන් වන් මුවරජව ඉපද ගර්භණීව මරණයට පැමිණ දම්ගෙඩියෙහි ඉස තබා ගෙන11 හොත් තරුණ මෘගධෙනුවට අභය දී තමන් වහන්සේ ඒ මෘගධෙනුවට මාරුවෙහි12 දම්ගෙඩියෙහි හිස තබා හොත් කල්හි, ඒ ගැසූ බරණැස් රජහු අතින් දහසක්
1 ක 1. තැන. 2 ක 1. වැසත; ක 2, බැසන 3 ක 1. නැත. 4 ක 1. මෙසේම 5 ක 1, ල, මෙසේම 6 ක 1 දුෂ්ට සු. භීරුෂ්ට 7 ක 1. වලක්. 8 ක 1. පෙ. නපුනරිය. 9 පෙ. පවිග්ගගො 10 ක 1. නැත. 11 පෙ. නැත. 12 සු. වෙනස්කොට ඇත.
23
මුවන්ට ද සෙසු වනයෙහි චතුෂ්පාද ජාතීන්ටද පක්ෂි ජාතීන්ට ද මච්ඡ කච්ඡයන්ට ද අභය දෙවා ඒ රජහුට ද දසරාජ ධර්ම යෙන් රජය1 කරන ලෙස අවවාද දුන් සේක.
(9) තවද, සම්භව ජාතකයෙහි සම්භව කුමාරය යන නමින් ප්රසසිද්ධව සත් හැවිරිදි2 වයසට පැමිණ වීථියෙහි වැලි කෙළියෙහි තත්පරවූ සේක් සුචිරත3 නම් බ්රිහ්මණ පණ්ඩිතයන් විසින් විචාරන ලද ගුඪ4 වූ ධර්මයයාග නම් ප්ර ශ්නය ප්ර කාශ කොට ලෝවැසියන්ගෙන්5 පූජා ලත් සේක.
(10) තවද, එක් ජාතියෙක්හි කපීන්රිරව ව6 හෙවත් වඳුරන්ට නායකව ඉපද ස්වකීය වූ ජීවිතයෙහි ආසාවක්7 නොකොට මහවේවැලක් ඉඟ බැඳ ගෙන අනිත් කෙළවර ශාඛාවෙක්හි බැඳ ගඟින් එතර සිට වෘක්ෂනයකට පැන සිය දහස් ගණන් ශාඛාමෘගයන් පිට මැඩ ගෙන යන කල්හි ද කෙළවර යන දෙවිදත් තෙර වූ8 නායක වඳුරා විසින් පිට මැඩ දුකට පැමිණ වූ කල්හිද තමන් වහන්සේ පුරුදු කොට ආවා වූ මෛත්රිඩය බණ්ඩාදි භාවයකට නොපමුණුවා වානර සමූහයන් ඒ දුකින් ගලවා9 භය සන්හිඳ වූ සේක.
(11) තවද10, එක් ජාතියෙක්හි තුණ්ඩිල නම් හූරු රජව ඉපද මනුෂ්ය්යන් සද්ධර්ම නැමැති අමෘතයෙන් සන්තර්පනය කරවමින්11 ඍෂියක්හු මෙන් කියන ලද යුක්ති ශාස්ත්රැරව හූරුව12 දෙසූ ධර්මෙය සැටවා දහසක් හවුරුදු පවත්නා වූ නියායෙන් කළ සේක.13
පච්චතතිකං පුණණකයකඛමුගග — මහිද්ධිකං කාම ගුණෙසු ගිදධං යො තික්ඛපඤ්ඤො විධුරාභිධානො — දමෙයි කාළාගිරිමත්ථොකම්හි (දා. 228)
(12) යනාදින්14 කියන ලද මහාඍද්ධි ඇති දරුණු වු කාම ගුණයෙහි ලොල් වූ පූර්ණ භද්රන නම් යක්ෂ සෙනාධිපතිහු විසින් ඉඳිපත් නුවර ධනඤ්ජය කොරව්යස රජ්ජුරුවන් හා15 කැටිව
1 ක 2, ල, රජ. පෙ. රාජ්යවය. සු. රාජ්යරය. 2 ක 1 පෙ. සු. හවුරුදු 3 ක 1 සුචරිත. ක 2 සුචරිත. 4 පෙ. ගෲඪ 5 ක 1.ක. 2 ලොවැස්සන් විසින්: සු. ලෝවැස්සන්ගෙන් 6 ක 2, කපින්දුනම්; සු, කපිරජව 7 ක 1, සු. ආයාසයක් 8 පෙ. සු. නැත, 9 පෙ. සු. මිදුසේක. 10 ක 1. සු. මෙසේම 11 ක, පෙ,සු. කෙරෙමින්. 12 සු. නැත 13 සු. වෙනස්කර ඇත. 14 ක 1, පෙ, සු, යනුවෙන්. 15 සු, නැත.
24
12101
ද්යු ත1 ක්රී1ඩා කොට දිනූ කල්හි ඒ රජහු හා2 කැටිව තකි කොට විධුර පණ්ඩිතයන් ම වුව මැනවැයි කියා පණ්ඩිතයන් වහන්සේ ලැබ3 ගෙන
අසමභිතොව ගණහාසි — ආජානීයස්ස වාලධිං ඉදං පච්ඡිමකං තුය්හං — ජීවලොකස්ස දස්සනං (විධුර)
යනාදීන් කියන ලද4 තමාගේ ඍධ්යසනුභාවයෙන් සවින්ධ වයාගේ වාලධිය අල්වා ගනුවයි මෙම මනුෂ්යහ ලොකය5 තොපට පච්ඡිම දර්ශධනය හෙවත් කෙළවර දැක්ම යයි කියා භයගන්වා සැට6 යොදුන් උස කාලගිරි පර්වශත මස්තකයට නැගෙමින් දෙපය උඩු7 කොට අල්වා ගෙන පර්ව ත ප්රාගන්තයෙහි එළන කල් හිත් මරණ භයින් තැති ගැන්මක් නැතිව දෘෂ්ටිය නැමැති යෂ්ටිය කරණ කොට ගෙන පර්වාතයෙහි උස සැට යොදුනකැයි නුවණින් පිරිසිඳ දැන ගෙන, දෙවැනිව ඕහට සාධුතර8 ධර්මරය කියා දිවි ලැබ ඔහුගේ මනදොළ පුරා ඉඳිපත් නුවරට ම පැමිණි සේක.
(13) තවද, එක් සමයෙක්හි වටුව ඉපද උතුම් වූ ප්රමඥා ඇති සේක් අට නොගත් පක්ෂල පත්රදයන් ඇතිව කැදැල්ලෙක්හි ඔත් කල්හි දිලිහෙන්නා වූ වහනි ජවාලාවෙකින් ළැව්ගිනි ගත් කල්හි තමන් වහන්සේ හා කැටිව ජාතියෙහි පුරුදු කොට ආවා වූ මෛත්රිිය සහිත සත්යහක්රිියා බලයෙන් වස්වන ලද වර්ෂාාවක් මෙන් වනය දවා ගෙන එන්නා වූ වහනිය පසු බස්වා ඒ වන ප්රිදේශයට ගින්නෙන් පීඩාවක් නොවන ලෙසට9 —
සනනිපක්ඛා අපතනා — සන්නිපාදා අවඤ්ජිනා මාතා පිතා ච නික්ඛන්තා — ජාත වෙද පටික්කමා. (වට්ට)
යනාදීන් අධිෂ්ඨාන කළ සේක.
(14) තවද, එක් සමයෙක්හි මච්ඡ ජාතියෙක්හි ඉපද වැසි නැතිව පිපාසයෙන් පීඩිතව ඝර්මවයෙන් තපත වූ මත්ස්යච සමූහයා දැක —
අභිච්චනය පජුජුන්න — නිධිං කාකසස නාසය කාකං සොකාය රන්ධෙනභි — මඤච සොකො පමොචය (මච්ඡ)
1 පෙ, දූත; සු: ධූර්ත . 2 සු. නැත. 3 සු, ලබා. 4 සු. වෙනස්කර ඇත. 5 ක 1, සු, ලොව; ක 2. ලොකයෙහි 6 ක 1 සැටදහසක් 7 පෙ, සු, උඩුහුරු; සු, උඩුහුරු; සු (අ). උඩුකුරු 8 ක 1, වස්ධර්මඡය. 9 ක 1 ලෙස.
25
යනාදීන් තමන් වහන්සේ හා කැටිව ම බොහෝ දවසක් පුරුදු කොට ගෙන ආවා වූ සත්ය වචනයෙන් ම සත්යො ක්රිදයා කොට මද ඇසිල්ලකින් ම දෑස දල්වා ආකාශය බැලූ ක්ෂතණයෙහි ම සුමච කීකරු ගැත්තක්හු ලවා පැන් කලයක්1 ගෙන්වාගෙන සලන්නාක්හු2 මෙන් මහත් වූ වර්ෂාග ධාරාවන්3 වස්වා සත්වනයන්ගේ ග්රීවෂ්ම පරිළාහ මුදා සත්වුයා සන්තොෂ කරවා වදාළ සේක.
(15) තවද, කෙළවර වෙසතුරු නම් රජව “කම්පයිත්වාග මහිං දෙන්තා — සුතෙවාපි සකඞගනා” යනාදීන් දෙලක්ෂග සතලිස් දහසක් ඝනකඩ බොල්4 පොළොව කම්පා5 කරවා සඞඛ ශිලා ප්රෂවාලාදී වූ නව6 විධ රත්නයන් ද නැගෙන හස්ති වාහනය ද යාචකයන්ට දන් දී ප්රෙිමණීය වූ මද්රි්දෙවීන් ද ජාලිය ක්රිිෂ්ණජිනා නම් වූ දරු දෙදෙනා ද ගෙන හිමව් වන7 ප්ර්විෂ්ටව වංකගිරි පර්ව—ත ප්රාින්තයෙහි ශක්ර 8 දෙවෙන්ර්හිමයාගේ නියොගයෙන් විශ්වකර්මි දිව්යර පුත්ර යා විසින් නිර්මිත කොට පානා ලද එක් පෙද9 මග හා තවුස් පිරිකර සහිත පර්ණශාලාව දැක එහි ප්ර විෂ්ටව “තපස් කිරීමෙහි ඊප්සිත කෙනකුන්ට මෙ කියන සියල්ල කැපය” යි අකුරු අඟුරෙන්10 ඛිත11 ඇඳ තුබුවා බලා සමාධිව තවුස් වෙස් ගෙන මනහර12 වනමුල් අනුභව කොට ක්ර මයෙන් දවස් යවා තපො සංරක්ෂිණය කරමින් සිටි කල්හි සමීප ස්ථාන ප්රා්ප්ත වූ ජූජක බ්රාතහ්මණයාහට හස්තොදක කොට දරු දෙදෙනා දන් දී, තවද සිවුසැටක් ස්ත්රීය ලක්ෂ ණයෙන් විරාජමාන වූ මද්රිි දේවීන් ද ඉල්වා ආ ශක්රී බ්රාදහ්මණයාහට දන් දී13 තවද14 පාරමී ධර්ම්යන් කුළු ගන්වා15 සර්වාඥතාඥානය සමධි ගමය කළ සේක් ද —
මුචලින්දාකදයො නාගා — ධනපාලාදි කුංජරා බ්‍ාිනහ්මණා කූටදන්තාදී — බිම්බිසාරාදි ඛත්තියා සච්චකාදි පරිබ්බාරා — ජටිලා කස්සපාදිකා ආලවකාදිකා යක්ඛා — පහාරාදාදි දානවා පුරින්දකදාදයො දෙවා — බ්රාදහ්මණො ච බකාදයො අදෙණඩන අසතෙතන — නාථෙන දමතං ගතා
යනුහෙයින් යථොක්ත ප්රනකාර වූ මේ සත්වායන් ද ක්ෂ ත්රිතය බ්රා්හ්මණ වෛශ්ය් ශුද්ර යනාදී වූ සත්වකයන් ද අදණ්ඩ අශස්ත්රතයෙන් දමනයෙහි ලා, ශාසනයෙහි මහණ කොට අමානුෂික වූ ධර්‍ායනමෘත පානය කරවමින්16 ත්රිශවිද්යා්දි වූ
1 ක 1, සු, තලියක්. 2 පෙ, සලවන්නාක්හු. 3 ක 1, ධාරාවක්. 4 පෙ, මහබොල්. 5 සු, නම්පිත. 6 සු, දශ. 7 පෙ. හිමවුවට, සු.හිමාලය වන. 8 ක 1, නැත. 9 ක 1, 2, 4, පෙ, සු, පෙදෙස්. 10 ක 1, අකුරෙන්. 11 ල, භික්තිය; පෙ, බිත්තියේ , සු, ඛිත්ත. 12 ක 1, 3, වන භාර මුල්. පෙ, වනහර වනමුල්. 13 සු. වෙනස් කර ඇත. 14 ක 1, පෙ, සු, නැත. 15 ක 1, පෙ, පාරමී ධර්මතයන් පුරණය කොට ක 3, පාරමී ධර්ම යෙන් මුදුන් කුළුගන්වා. 16 ක 3, අවුල්වී තිබේ.
26
ඍද්ධි වික්රගමයකට ද පමුණුවා යම් සර්ව3ඥරාජොත්තමයාණ කෙනකුන් වහන්සේ සත්වියන්1 සංසාර සාගරයෙන් තරණය කළ සේක් ද ඒ අප්රතතිප්රධද්ගල වූ අනන්ත කරුණාකර වූ මාර භයංකර වූ සත්වස ප්රි යංකර වූ ලොක සිවංකර වූ පාප භයංකර වූ සර්වාඥ දිවාකර වූ
මුනිරාජවරො නරරාජවරො — දිවිදෙවරො සුවීබ්රිහ්මවරො සකපාපහරො පරපාපහරො — සකවුද්ධිකරො පරබුද්ධිකරො (ජිනා. 200)
යනාදින් වර්ණානීය වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්රීරමුඛ නැමැති තාමරස ගර්භියෙහි සුප්රයතිෂ්ඨිත වූ ශ්රීව දන්තධාතු කෙනකුන් වහන්සේ වී නම් මා විසින් කියන ලද මේ සත්ය් වචනය හේතුකොට ගෙන නීල වලාහක ගර්භහයක් විවෘත කොට ගෙන පැන නැගී චන්ර්වච රෙඛාවක් මෙන් කිනිහිරින් ආකාශ තලයට වහා පැන නැගී අතිධවල සඳරැසින් උදම්2 වූ කිරිසයුර3 මෙන් සුදු වූ බුදුරැස් විහිදුවමින් සියලු සත්වවයා නන්දනය කරවමින්4 ප්රාමතිහාර්ය පවත්වා වදාළ මැනවැ”යි5 ආරාධනා6 කළ කල්හි7 — ඒ දළදා වහන්සේ වහා ආකාශ තලයට පැන නැගී ඔසධී තාරකාවක් මෙන් සියලු දිගුන් බබුලුවන සේක් සත්වායා සිත හටගත් කාංසා8 විනොදනය කරන සේක් ප්රා—තිහාර්ය දක්වා ඒ සිටු පුත්රගයාගේ සිරසෙහි9 පිහිටා ගෙන ආදරයෙන් නැමුණා වූ ඔහු අමෘත පරිෂෙක කරන ලද ගාත්ර් ඇත්තක්හු මෙන් පින වූ සේක.
ඉක්බිත්තෙන් අපායගාමී වූ ලබ්ධි ගත් දුටු දුටු සත්වලයන් විසින් නින්දිත වූ අචෙලකාදීන් විසින් පුරාතනයේ ගණඩබ්බ රුක් මුල්හි බුදුන් සම සමව ප්රාකතිහාර්ය කරම්හයි ඊර්ර්‍්ු ද ා10 පූර්වා කොට අවුත් සිට — අඹ ඇටින් බැට ලදින් නොසතුටින් නොසිටිමින් ගෙලෙහි බැඳි11 කළ කටින් උකනලද පැන් කටින් එදා ඒ ගං තොටින් දියෙහි හී ගැලි — ගැලී යට ගඟට පැමිණ ජන්මාන්තර ගත වූ නිගණ්ඨ ආචාර්ය12 වරයන් විසිනුත් ප්රා තිහාර්ය පාම්හයි බොහෝ ව්යනසනයට13 පැමිණියා වූ නිලීජ්ජී වූ අචෙලකයන්ගේ අන්වුයානුගත වු බ්රපෂ්ට වූ දෘෂ්ටි ගත් මේ නිවටුන්ගෙන් සමහර අයෙක් රජ්ජුරුවන් ළඟට ගොස්14
1 ක 2, සත්ව්යා. 2 ක 1, පෙ. උදා. 3 ක 1. කිරිසයුරු. 4 ක 1, කොට පෙ, කරමින්. 5 ක 1, මැනවි. 6 සු. ආරාධනය. 7 ක 1, ක 2, පෙ, සු, දා, 240, 241 ගාථා දෙකද ඒ අවසන “යට කියන ලද ක්ර්මයෙන්” කියා ද එයි. 8 සු, ශාංකා. 9 ක 1, සිරස. 10 පෙ, ස්පර්ධා. 11 ක 2, බඳ. 12 පෙ ආචාරි. 13 ක 1, බැසනයට 14 ක 1, 2, 3, පෙ, සු, කියන්නාහු.
27
“දෙවයෙනි මේ ප්රාකතිහාර්ය නම් ඒ කාන්තයෙන් ම ධාතූන් වහන්සේගේ ප්රාදතිහාර්යයෙක් නොවෙයි. ඒ ශ්රේමෂ්ඨි පුත්රපයාගේ විද්යාය මහිමයෙකැ” යි කී කල්හි ඒ පණඩුවාස රජ සුභද්රන නම් ශ්රෙුෂ්ඨි පුත්රදයා ළඟට කැඳවා1 “එම්බා ශ්‍රෙෂ්ඨි පුත්රෙයාණෙනි! මේ දැක්ක වූ ප්රාරතිහාර්යය දන්ත ධාතු මහිමයෙක් නොවෙයි. මේ අචෙලකාදීහු කියති. එසේ හෙයින් අනිත්2 ප්රායතිහාර්යයක් දක්වන්නට වුව මැනවැ”යි කී කල්හි “යහපත ස්වාමීනි” කියා ගිවිස ස්වණ පාත්රදයෙක්හි සුවඳ කැවූ සිහිල් පැන් පුරා ශ්රීහ දන්ත ධාතූන් වහන්සේ ඒ පාත්රවයෙහි සුගන්ධර ජලයට වැඩූ කල්හි දක්ෂි ණාවෘත්ත කොට රාජහංස ධෙනුවක් මෙන් ශීඝ්රූව දිවන3 සේක් එම දියෙහි ගැලෙන4 සේක් එම දියපිට වඩනා සේක් එම දියෙහි ගැලෙන4 සේක් එම දියපිට වඩනා සේක් සියලු සත්ව්යන්ගේ නෙත්ර යෙහි සතුටු කඳුළු ගන්වමින් ප්රාිතිහාර්ය කළ කල්හි — ඉක්බිත්තෙන්5 කරන ලද ඍද්ධි ප්රාේතිහාර්යයෙහි ප්රාසන්නතාවක් නැතිව වීථි මධ්යනයෙහි වළක් ගස්වා ඒ වළෙහි දළදා වහන්සේ ලවමින් පයියම් කරවා6 ඇතුන් ලවා මැඩ වූ කල්හි —
භෙත්වා මහිං උට්ඨහි චක්කමත්තං — විරාජමානං මණිකණණිකාය පභස්සරං රූපිය කෙසරෙහි — සරොරුහං කඤචනපත්තපාලිං (දා. 247)
යනුහෙයින් රථ සකක් සා7 පමණ මහත ඇති මැණික්මය වූ කෙමියකින් බබලන්නා වූ රන්වන් පෙති පන්ති ඇති පෘථිවිය පලාගෙන පැනනැංගා වූ පියුම් මත්තෙහි වැඩ හිඳ ශොභාවෙන8 දස දිගුන් බබුළුවන්නා වූ ඒ දළදා වහන්සේ මඳ ඇසිල්ලකින් දක්නාවූ සත්වපයෝ තමන් තමන් පළන් වස්ත්රාූභරණාදිය දැමීමෙන් ද9 නොයෙක් මල් වර්ෂාව10 වැස්වීමෙන් ද පැන පැන අත් පොළන අත්පොළසනින් ද ඔල්වර හඬ නැගීමෙන් ද සාධුකාර දීම් ආදී වූ කෝලාහලයෙන් ද එනුවර පිරුණාක් මෙන් කළහ. ඉක්බිති11 ඒ තීර්ත්ථරකයන්12 ප්රා තිහාය්ය්ෙහ වංචා ප්රුයොගයකැයි කියා ගිවිස්වා නොයෙක් කුණපාදියෙන් පිරුණා වූ දුටු ක්ෂළණයෙහි පිළිකුල් එලවන්නා වු පවුරෙන් පිටත අගලට දැමූ කල්හි — ඒ අගල මැද ඇසිල්ලකින් ම රක්ත පද්ම ශෙවත පද්ම යයි කියන ලද පංචවිධ පද්මයන් විසින් ගැවසෙන ලද භ්රැං්ග සමූහයා විසින්
1 ක 1, 3, පෙ, කියන්නේ. 2 ක 1, පෙ, සු, අනික්. 3 පෙ. දුවක 4 ක 1. පෙ. ගැලෙනා 5 පෙ. නොහොත් එකල්හි 6 ක 1 පෙ. සූ කොට; ල. පදියම්කේට 7 සු. නැත. 8 සු. නැත. 9 සු. නුවර 10 සු. වර්ෂ;ණ. 11 ක 1. ඉක්බිත්තෙහි. තවද. 12 පෙ. සු. තීර්ත්ථ කයෝ
28
අනුභව කරන ලද්දා වු පොකුරු මීයෙන් ද බමර සමූහයන්ගේ සිත්කලු වූ නාද ඇත්තා වූ ඒ පුෂ්කරණිය නන්දා නම් පුෂ්කරණිය මෙන් වූ කල්හි - දහස් ගණන් ඇත් අස් ආදීන්ගේ කුංචනාද හෙෂාරවයෙන් ද මනුෂ්යනයන්ගේ ඔල්වරහඬ ගැසීමෙන් ද නොයෙක් භෙරී ජාතීන්ගේ මනාකොට වයන ලද ඝොෂාවෙන් ද නොයෙක් සත්වනයන් විසින් නොයෙක් ස්තුති ප්රයකාශ කොට කියන ලද ගීතිකාවෙන් ද 1ලජ්ජා ඇත්තන්ගේ නොහොත් ලජ්ජා ඇත්තවුන් විසින් නටන ලද නෘත්යනයෙන්2 ද ඉස බදනා ලද පිළී සිය දහස් ගණනින් ද ඔදැති සිතින් අපොළසනින්3 ද අසුරු සනින් ද නා නා ස්ථානයෙහි ලන ලද නොයෙක් ධජ පතාක මාලාවෙන් ද ඒ සියලු නුවර වසන ලද කලක් මෙන් වූ කල්හි සිතිය නොහැක්කා වූ ආශ්චර්ය දැක සතුටු වූ අමාත්ය් ගණයා වැඩෙහි යොදනු පිණිස පණ්ඩුවාස රජුහට කියන්නාහු — “රජ්ජුරුවන් වහන්ස! මෙ බඳු විශෙෂ ඇත්තා වූ සම්යසක් සම්බුද්ධ සර්වඅඥ රාජොත්තමයාණන් වහන්සේගේ ඍද්ධි මහිමය දැක දැකත් චිත්ත ප්රචසාද මාත්රමයකුත් නොකරන්නේ වී නම් ඔහුගේ නුවණින් ප්රතයොජනයක් නම්4 ඇද්ද?”
පසාදනීයෙසු ගුණෙසු රාජ — පසාදනං සාධු ජනස්ස ධම්මො ඵුපඵනති සබ්බෙ සයමෙව වන්දෙ— — සමුග්ගතෙ කොමුද කානනානි (දා. 257)
යනුහෙයින් “රජ්ජුරුවන් වහන්ස! - ප්රෙසාද කටයුතු වූ ගුණයෙහි පැහැද ගැනීම නම් සත්පුරුෂයන්ගේ ස්වභාව ධර්ම්යෙක. එක් කෙනකුන් විසින් කර කියන දෙයක්5 නොවෙයි. එක් කෙනකුන්ගේ උත්සාහයක් නැතිව ස්වභාවයෙන් වන දෙයක් ඇද්දැයි යතහොත් මේ ලොකයෙහි මෙ බඳු ආශ්චර්යවත්6 ප්රාවතිහාය්ය්යක දැක දැක බුද්ධාදී රත්නත්රලයෙහි ප්ර්සාදයක් නොකොට අනාචාර ස්වරූප ඇති මේ නිවටුන්ගේ බස් ගෙන නුඹ වහන්සේ කරන්නේ කවර කාය්ය්වත යෙක්ද? සීතයෙන් පීඩිත වූ සත්ව කෙනෙක් ඒ පීඩා සන්සිඳුවම්හයි ගිනි තබා කදෝපැනියන් ඇරගෙන යම් සේ පිඹ ගින්නෙන් සම්පාදනය වන්නා වූ කටයුත්ත7 කදෝපැනියන් නිසා සිද්ධ
1 පෙ. අවුල්වී ඇත; සු. මේ වාක්ය ය නැත. 2 ක 1, 2, ල. පෙ, සු. නෘත්යව ගීතිකායෙන්. 3 ක 1, පෙ, අපොලන; සු. ආපොළන. 4 ක 1. සු, නැත. 5 ක 1, නැත. 6 ක 1, ඓශ්චය්ය්ක මත් පෙ, ආශ්චය්ය්සුපවත්වූ. 7 පෙ, කටයුත්ත.
29
වේද? එ පරිද්දෙන් මේ දුර්ලබ්ධි ගත් නිවටුන් නිසා අපාය භාග් වීමට කාරණා1 විනා ස්වර්ගන මොක්ෂ සම්පත් සිද්ධ වන තරම් ප්ර යෝජනයෙක් ඒකාන්තයෙන් නැත්තේ ය.
“2තවද මේ ලොකයෙහි චන්ර්මේ සූර්ය දෙදෙනා විසින් පතුරු3වන්නා වූ ආලොක විනා සිය දහස් ගණන් කදෝ පැනියන් ඇරගෙන යම් සේ ලොව පහළ වූ අඳුරු හැරගත නොහැක්කාසේ — 2 “තවද මුක්තාභාරයකින් සැරහුනමනා කෙනකුන් මුක්තාභාරයෙන් සරහත්මුත්4 විෂඝොර සර්ප භාරයකින්5 ග්රීාවය සරහන කල්හි මරණ හෝ මරණ සමාන දුකට හෝ පැමිණේ6 ද එසේ හෙයින් ස්වර්ගල මොක්ෂර සම්පත් සාධා7 දෙන්නා වූ රත්නත්ර යෙහි8 ම ප්රීසාද විනා සෙසු දුර්ලබ්ධියෙහි යෙදෙන ගමන නම් සප්තරත්න භූමියට අවතීර්ණනව අඟුරු පොදි බඳිනවුන් වැන්න. එසේ හෙයින් දේවයන් වහන්ස! නුඹ වහන්සේ වැනි වූ උත්තමයන්9 විසින් භජනය කළ මනා නම් බුද්ධාදී රත්නත්රවය ම ය. එබැවින් දාන ශීලාදි වූ සුචරිතයෙහි යෙදී වසන බව සුදුසුය” යි යනාදීන් මුඛ නොසෑහෙන පරිද්දෙන් වෙන වෙනම කිය10 ඔවා තෙපුල් දී11 ඒ රජහු සම්යමක් දෘෂ්ටියෙහි පිහිට වූ කල්හි12— රත්නත්රදය ප්ර සාදි රජහු එකතින්13 සළුව ගෙන ඒ අගල සමීපයට වහා ගොස් පියුමෙන් පියුමට යන්නා වූ හංස ධෙනුවක් මෙන් ඒ ශ්රීි දන්තධාතූන් වහන්සේ චන්ර්් පමරීචියකට බඳුවූ ධවල ප්රයභායෙන් එක පැහැර ආලොක කෙරෙමින් ප්රාසතිහාය්ය්න් පෑ කල්හි ප්රීීතියෙන් පිනා දොහොත් මුදුනෙහි තබා ගෙන ඵල හරිත කදලි ස්කන්ධ්යක් සේ පරමාදාර පූරිත ව දන්වනුයේ —
වොහාරදක්ඛා මනුජා මුනින්ද — සංඝට්ටයිත්වා නිකසොපලම්හි කරොන්ති අගඝං වර කංචනස්ස — එසොභි ධම්මො චරිතො පුරාණො14 (දා. 273)
යනාදීන් ඒ රජහු විසින්15 “ස්වාමීනි! මා විසින් කරන ලද ඒ අපරාධය ක්ෂමමා කොට වදාළ මැනව. මම ඒ කෙළේ අනාදරයෙකැයි නොසිතමි. මේ ලොකයෙහි නුවණැත්තා වූ
1 සු, කාරණය. 2 ක 1, මෙසේ. 3 පෙ, පතුර. 4 සු, සරහන්නමුත්. 5 පෙ සු, සර්වාතහාරයකීණ් සු (අ) සර්වා හාරයකින්. 6 සු, පැමිණෙන්නේය 7 ක 2, සාධන්නාවූ 8 ක 1, පෙ, රත්නත්ර ය. 9 සු, වෙනස් කොට ඇත. 10 පෙ, නැත, 11 පෙ, කියා. 12 සු, වෙනස් කොට ඇත. 13 සු, එක අතින්, 14 ක 1, පෙ, සු, දා 274, 275 යන ගාථාද ඇත. 15 සූ, නැත.
30
සත්ව,යෝ රත්නයෙහි1 අගය බලනු නිසා නහස්නා පහණෙහි ඝර්ෂනණය කොට ආයාස පමුණුවා උත්තමාධම බව දැන ගනිති. තවද2 ලොකයෙහි සත්වෂයෝ අනර්ඝ මැණිකක් තමන්ගේ3 හස්තප්රාඅප්ත වූ කල්හි ගින්නෙහි බහා ගිනිවර කිරීමෙන් කිරීටාග්රමයෙහි4 හෙවත් ඔටුණු අග පමුණුවා පළඳිති. එසේ හෙයින් මාගේ සර්වටඥ ධාතූන් වහන්ස! මා විසිනුදු නුඹ වහන්සේගේ ඍධ්යානුභාවය ප්ර කාශ කරනු පිණිස යථොක්ත ක්ර්මයෙන් පරීක්ෂාි කළ බව විනා නුඹ වහන්සේට අනාදර පිණිස නොකෙළෙමි. එසේ හෙයින් මා කෙරෙහි කරන ලද කරුණායෙක් ඇත්නම් මාගේ උත්තමාඟයට වැඩ වදාළ මැනවැ” යි ආරාධනා කළ ක්ෂ්ණයෙහි දළදා වහන්සේ5 ආකාශයට පැන නැගී චන්ර්රාධරෙඛාවක් සේ ශුභ්රක රශ්මි6 විහිදුවමින් ඒ පණ්ඩුවාස රජහු මුදුනෙහි පිහිටිසේක.7
එවේලෙහි8 පස් වනක් ප්රීටතීන් පිනා මහපෙරහරින්9 ශ්රීර දන්තධාතූන් වහන්සේ තමන්ගේ උත්තමාංගයෙන් හෙවත් හිස් මුදුනෙන් පිළිගෙන නුවර ප්ර්දක්ෂිමණා කොට නොයෙක් පුෂ්ප සුගන්ධෙ ජාතියෙන් සරහා පිළියෙළ කරන ලද පුරයට දන්ත ධාතූන් වහන්සේ වඩාගෙන ගොස් නන්වන ලද ධවල ඡත්ර ඇති විසිතුරු කොට සරහා නිමවන ලද සිංහාසනයට වඩා නවරුවන් ආදීන් පූජාකොට අනෙක ප්ර කාර වූ රත්නයෙන් උජ්වලිත වූ දහසක් රැසින් බබලන්නා වූ සූර්ය මණ්ඩලය මෙන් අනෙක ප්ර කාර සවර්ණව කිංකිණික ජාලාදී නොයෙක් වර්ණ්යෙන් ද ඒ ඒ ස්ථානයෙහි එල්වන ලද මාහැඟි වූ මුතුදැලින්දැයි යනාදීවූ නොයෙක් අලංකාරයෙන් සරහා පිළියෙළ කරන ලද විසිතුරු වූ රුවන් දළදා ගෙයි පනවන ලද ස්වර්ණ්10 පීඨයට වඩා අචල ශ්රුද්ධායෙහි පිහිටා ගුහසීව රජ්ජුරුවන්11 හා12 අතිවිශ්වාස කොට තමන් හා සම බවට තබා තමන්ගේ සියලු නුවර දෙව්පුරයක් මෙන් සරහා රාජ්යතය13 පුදා බොහෝ කුසල සම්භාරයන් රැස්කොට දවස් යවන කල්හි14—
1 ක 1, පෙ, රත්ර නෙහි, ක 2, රත්නෙහි. 2 සු, නැත. 3 සු (අ) තමන් 4 ක 1, ක්රි ටාග්ර යෙහි 5 පෙ, නැත. 6 ක 1, පෙ, රැස්. 7 සු, 7 වන පරිච්ඡෙදය කඩා ඇත. 8 සු, සම්පූර්ණයෙන් වෙනස් කොට ඇත. 9 ක 1, 2, 3, පෙ. පෙළහරින්. 10 ක 1, සු, සුවර්ණර. 11 සු (අ) රජහු. 12 ක 1, පෙ, නැත. 13 ක 1, පෙ, රාජ්ජය; සු. වෙනස්කොට ඇත. 14 සු, මුලු වාක්යනයම වෙනස් කොට ඇත.
31
දළදාව සඳහා දඹදිව යුද්ධ
ක්ෂීවරධාරා නම් රජ්ජුරු කෙනෙක් තමන්ගේ බාහු ශක්තියෙන් සතුරන්ගේ එඩි දර්ප මඩනාවූ හස්ති සෙනාවය අශ්ව සෙනාවය රථ සෙනාවය පාබළ සෙනාවය1 යනාදී වූ චතුරංගිනී සෙනාව පිරිවරා මා මිස අන් රජක්හු කිම්දැයි2 යන රාජාභිමානය ඇතිව ඒ රජහු3 දන්ත ධාතූන් වහන්සේ ගන්නා පිණිස යුද්දයට සැරහී පැළලුප් නුවර සමීපයට ගොස්4 දූතයන් කැඳවා කියන්නේ, “එම්බා සගයෙනි! පඬුවස්5 රජුහුගේ නුවරට ගොස් 6ක්ෂීනරධාරා රජ්ජුරුවන් වහන්සේ දළදා සාමීන් නිසා චතුරංගිනී සෙනාව ඇරගෙන අපගේ7 නුවර සමීපයට ආ සේකැයි කියව. කුමක් නිසා ආ සේක්දැයි කී කල8 ශ්රී දන්තධාතූන් වහන්සේ ගුණයෙන් දෙතොත් දුන මැනව. එසේ නොදෙන සේක් වී නම් බලයෙන් වී නමුත් ගන්නා සේකැයි කියව.” යනාදීන් හසුන් දී ඔවුන් රජු සමීපයට යැවූ කල්හි — ක්ෂීාරධාරා රජ්ජුරුවන්ගෙන් ගිය දූතයා කී බස් ඇසූ පණ්ඩුවාස9 රජ යුද්ධයෙහි10 සතුටු සිත් ඇතිව කියන්නේ, “මේ සටන් කියා ආ තාගේ මුඛයෙහි මහනෙල් මල් පිපේවයි යන සතුටු වදන් කියමින් ශ්රීග දන්ත ධාතුන් වහන්සේ නොදෙම් ම ය. තොප රජු හා යුද්ධ කෙරෙමි. එ බැවින් දැන්ම ගොස් තොපගේ රජුට කියව”යි ඒ දූතයා අත කියා යැවූ කල්හි—ඒ ක්ෂී රධාරා රජහු විසින් පඬුවස් රජ කියන ලද වහසි තෙපුල් අසමින් සිත හටගත් රාජාභිමානයෙන්11 එඩි දර්පර වැඩී12 යුද්ධාර්ථිව පඬුවස් රජුගේ නුවරට පැමිණි කල්හි—ඒ පඬුවස් රජ තෙම තමාගේ පුර නැමැති ගුහාද්වාරයෙහි හෙවත් ඇතුළු පුරයට ප්රාාප්ත වූ ඇත් රජකු බඳු වූ ඒ ක්ෂී රධාරා රජු දැක කෙශර සිංහ රාජයකු සේ නිර්භය වූ සිත් ඇතිව තමාගේ ඇත් සෙනග අස් සෙනග රථ සෙනග පාබල සෙනගය යන චතුරංගිනී සේනාවෙන් යුක්තව මහත් වූ රණ රඞග ඝොෂායෙන් යුක්තව එවිට—
1 ක 2, පෙ. යයි. 2 ක 1 පෙ, කින්දැයි. 3 ක 1, පෙ, සු, රජතෙම. 4 සු, පැමිණියේය. 5 සු, පාණ්ඩව. 6 ක 1, අවුල්වී තිබේ; පෙ, කියන කල අපගේ; සු. රාජයා දැක. 7 පෙ, සු, නැත. 8 ක 1, පෙ. සු. මේ වාක්යඅ ඛණ්ඩය අවුල්ව තිබේ. 11 ක 1. රාජ්ජාභිමාන. 12 පෙ. නැත.
32
උදිත බහළ ධූලී පාලි රුන්ධ න්තලිකෙඛ සමද විවිධ යොධා රාවසංරම්භ භිමෙ නිසිත සරස තාලි වස්සධාරාකරාලෙ අජිනි මහති යුද්ධෙ පණඩුකො ඛීරධාරං (දා. 286)
යනාදීන්1 තමාගේ චතුරංගිනී සේනාවගේ පාද ඝර්ෂ.ණයෙන් නැංගා වූ රජස් සමූහයෙන් ආකාශ කුහරය වසමින් ඒ ක්ෂීසරධාරා රජහු කරා පැමිණ පුරුෂ මදයෙන් මත් වූ යොධ භටයන් වහසි බස් නැමැති පුරුෂ මදයෙන් මත් වූ යොධ භටයන් වහසි බස් නැමැති ගර්ජනාවෙන් භයංකර වූ ශර ප්රමහාර ආදී වූ ආයුධ වර්ෂා වන්ගෙන් ගැවසීගත්තා වූ මහත් වූ යුද්ධයෙන් ඒ ක්ෂීරරධාරා නම් රජහු2 පරාජය කොට මහත් වූ රාජ ඍද්ධි ඇති ශ්රීම විලාසයෙන් නුවරට වැද සේනාවට බොහෝ සංග්රමහ කොට තමන්ගේ පුතණුවන්ට රාජ්යා භිෂෙක කොට රාජ්යන පරිපාලනය ඔහු අත තබා ශ්රීප දන්ත ධාතූන් වහන්සේ දෙවැනිව ගුහසීව රජහට පාවා දී ඕහට3 බොහෝ සත්කාර සංග්ර්හ කොට සිය නුවරට යවා තුමූ ද බොහෝ වස්තු දාන මුඛයෙහි පරිත්යාොග කොට පැවිදිව තමන්ගේ මඟුලුයනෙහි දවස් යවා කරන ලද සුචරිත බලයෙන් එයින් චුතව තවුතිසා භවනෙහි උපන.4
ගුහසීව රජු5 ඒ පඬුවස් මහරජහු අතින් ලබන ලද ශ්රී දන්ත ධාතූන් වහන්සේ තමන්ගේ නුවරට මහත් පෙරහරින්6 වඩාගෙන ගොස් සප්ත රත්නමය වූ ධාතු මන්දි රයෙහි නන් විසිතුරු කර්මාාන්ත කොට නන්වන ලද ධවලාතපත්රධයෙන් විරාජමාන වූ ස්වර්ණටමය පීඨ මස්තකයෙහි ශ්රීා දන්ත ධාතුන් වහන්සේ වඩා නුවරට වන් සත් දවසින්7 ඇතුළත මහත් වූ පූජා පවත්වා පෙර තරමට දිවුණක්ව සුචරිත පවත්වමින් උන් කල්හි8— උදේනි රට උදේනි රජහුගේ පුත්රර වූ දන්ත නම් කුමරයෙක් ළදරු වයසෙහි පටන් පුරුදු කරන ලද බහුල ශ්රරද්ධා ඇතිව දසබල ධාරී වූ සර්ව්ඥ රාජොත්තමයාණන් වහන්සේගේ දර්ශ්න ප්ර්ණාමයෙහි සුරත9 වු සිත් ඇතිව තමාගේ සිය නුවරින් අවුත් කලිඟු රටට පැමිණ රජ්ජුරුවන් කෙරෙහි ප්රසසන්නව වසන ඒ රාජ කුමාරහු දළදා වහන්සේට අනෙක
1 ක 1, 3, පෙ, සු. ඒ පඬුවස් රජතෙම. 2 ක 2, සු. රාජයා. 3 සු. ඔහුට. 4 පෙ. සු. උපන්හ; සු. 8 වන පරිච්ඡෙදය මෙතැනින් කඩා ඇත. 5 ක 1. පෙ. සු. රජ්ජුරුවෝ 6 ක 1. පෙ. පෙළහරින් 7 සු. සත්දවසක් 8 සු. වෙනස් කොට ඇත. 9 සු. (අ) සුරක්ත
33
ප්ර්කාර වූ පුජා පවත්වා එම නුවර සැපසේ වසන කල්හි— ගුහසීව රජු විසින් මොනවට සුපුෂ්පිත වූ නිලුපුල් පෙති දෙකක් හා සාදෘශ්ය වු ඇස් සඟලක් ධරන්නා1 වූ හංස ධෙනුවකට බඳු වූ ගමන් ඇති2 සෙලෙලු ජන නැමැති භෘඞග සමූහයන්ගේ සිත් සනහන ලද මුඛ නැමැති පද්මයෙන් විරාජමාන3 වූ මනොඥ වූ ධම්මිල්ල කලාපයක් ඇති4 පින5 පයොධර යුග්මයකින් නම්න වූ ශරීරය ඇති රුවින් අග්රා ප්රා ප්ත වූ හෙමමාලා6 යන නමින් ප්රරසිද්ධ වූ තමන් ගේ දියණියන් සියලු ගුණ නුවණින් යුක්ත වූ නිර්මරල රාජ කුලයෙහි උපන්නා වූ බන්ධුනත්වියට සුදුසු වූ ඒ දන්ත කුමාරයන්ට පාවා දී දහස් ගණන් දැසි දස් ගව මහිෂාදී වූ දායාද දී තමන් හා සරි තනතුරට තකා දළදා වහන්සේගේ ආරක්ෂාග ධූරය ද පාවා දී උන් කල්හි7— ක්ෂීළරධාරා රජ්ජුරුවන්ගේ බෑනණුවන්8 දෙදෙනෙක් මහත් වූ චතුරංගිනී සේනාව විසින් පිරිවරන ලදුව ශ්රීන දන්ත ධාතූන් වහන්සේ කෙරෙහි කරන ලද ලොභයෙන් යුද්ධ සරහා ගෙන කලිඟු පුර සමීපයට අවුත් කඳවුරු බැද එහි රඳා දූතයන් අත කියා යවන්නාහු “දාඨා ධාතූන් වහන්සේ ලබන9 අභිප්රා ය ඇත්තම්හ. එසේ හෙයින් ඒ දාඨා ධාතූන් වහන්සේ හෝ එවන්නේය10 නැතහොත් කීර්තිශ්රීය උපදවන යුද්ධ හෝ අප හා කැටිව කරන්නේය10” යනාදීන් අසන්නට11 කර්කශ වූ අස්නක් එවූ කල්හි10—
දළදාව ලක්දිවට වැඩමවීම
ගුහසීව නම් රජ තෙම තමහට එවන ලද හසුන් අසා බෑණනුවන් ළඟට කැඳවා කියන්නේ12 “එම්බා දන්ත කුමාරයෙනි! සටනට ගිය කල්හි දිනුම් පැරදුම් නොදත හැක්ක. ඉදින් මම මාගේ ප්රානණය ඇතිව තිබියදී13 ශ්රී දන්ත ධාතූන් වහන්සේ අනිත් කෙනෙකුන්ට නොදෙම්මය. සටනට ගිය කල්හි ඉදින් පරාජයක් වී නම් සියලු දෙවි මිනිසුන් විසින් පුදන ලද ශ්රීන දන්ත ධාතූන් වහන්සේ ඇර ගෙන බ්රාමහ්මණ වෙශයකින්14 යුක්තව සිංහල ද්වීපයට යවයි” මයිල් රජහු විසින් කියන ලද උදාර වූ පස් අසා ඒ දන්ත කුමාරයෝ මයිල් රජහට කියන්නාහු—
1 සු. හා, 2 පෙ. නැත, 3 ක 1. සු. විරාජිත 4 ක 3, ල, සු- හා 5 පෙ, නැත 6 ක 1, 3, පෙ. හෙමමාලායයි; සු. හෙමමාලාව 7 සු. වෙනස්කර ඇත. 8 ක 1. පෙ. බෑනනුවෝ සු. බෑණාවරු 9 සු. ලබනලද 10 සු. වෙනස්කර ඇත. 11 ක 1- පෙ. සු. අසන්ට 12 ක 3, පෙ. කියන්නාහු; සු. කියනුයේ 13 ක 1, 3, පෙ, මාගේ. 14 ක 1. පෙ. වෙගයෙන්
34
තවච මම ච කො වා සීහළෙ බන්ධු භූතො
ජින චරණ සරොජෙ භත්ති යුත්තො ච කො වා
ඡලනිධි පරතීරෙ සීහළං ඛුද්ද දීපං
කථමහමතිනෙස්සං දන්ත ධාතුං ජිනස්ස (දා. 299)
යනාදීන් “සිංහල දිවීපයට යන ලෙස නුඹ වහන්සේ වදාරණ සේක. ඒ සිංහල ද්වීපයෙහි නුඹ වහන්සේට ද මට ද බන්ධූ ත්ව යෙක් හෙවත් නෑ කෙනෙක් ඇද්ද? බුදුන්ගේ ශ්රී පාද පද්මයට ආදරයෙන් යුක්තයෝ කවුරුද? මහාසාගරයෙන් එතර1 තිබෙන්නා වූ ක්ෂුද්රම වූ සිංහල ද්වීපයට බුදුන්ගේ ශ්රීම දන්ත ධාතුන් වහන්සේ කෙසේ ගෙන යමෝදැ”යි? කි කල්හි2— ඒ3 10 ගුහසීව රජ්ජුරුවෝ තමන් බෑණ වූ දන්ත කුමාරයන්ට මෙසේ කීහ.
මම ච පිය සහායො සො මහාසෙන රාජා ජින චරණ සරොජ ද්වන්දසසෙවාභියුතෙතා සලිලම්පි ච ඵූට්ඨං ධාතුයා පත්ථසයන්තො විවිධ රතන ජාතං පාභතං පෙසයිත්ථස (දා. 301)
යනාදීන් “එම්බා දන්ත කුමාරයෙනි! දසබලධාරි වූ සර්ව3ඥ රාජොත්තමයාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ සිංහල ද්වීපයෙහි බොහෝව ම පිහිටි සේක. එසේ හෙයින් ඒ සිංහල ද්වීපයෙහි සසර බිය නැසීමට දක්ෂට වූ ඒ4 සර්වරඥයන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දා වූ සපය්යා පතික නවලොකොත්තර5 ශ්රී සද්ධර්මවය ද එහි ම පවත්නේ ය. තවද බුදුන්ගේ නවාංග ශාසත්රැ ශාසනයත් එහි ම පවත්නේ ය. අගණිත සඞඝයා වහන්සේ ද වසන සේකැ”යි යනාදීන් කියා “තොපට ශ්රී ලංකා ද්වීපයෙහි සහාය ඇතැ” යි කියන ලද ගුහසීව රජු6 “එම්බා දන්ත කුමාරයෙනි! ඒ සිංහල ද්වීපයෙහි මහාසෙන නම් රජුජුරු7 කෙනෙක් ඇත. ඒ රජ්ජුරුවෝ මට අතිශයින් ඉෂ්ට මිත්රලයෝ ය. තවද8 උන් විසිනුත් පළමුත් මා සමීපයට ශ්රී දන්ත ධාතූන් වහන්සේ ඉල්වා ඇතුන් අසුන් මුතු මැණික් ආදී වූ අනෙක ප්රඅකාර වූ ප්රාේභෘත
1 ක 1, සු, එතරව, 2 සු, ඇසි, 3 සු, නැත. 4 ක 1, සු, නැත. 5 ක 2, නව ලොකුත්තර. 6 ක 1, පෙ, සු, රජතෙම. 7 සු, රජකෙනෙක්. 8 සු, නැන, 9 ක 1, පෙ, ප්රුවෘත්ති.
35
එවන ලද. එසේ හෙයින් ප්රරඥා සම්පන්න1 වූ මහාසෙන නම් රජහු ශ්රී දන්ත ධාතූන් වහන්සේ පුදන්නට පොහොසතැයි ද2 පුරුදු රටින් වෙන් වූ තොපට නොයෙක් වස්තු දීමෙන් සඞග්රොහ කරන්නට සමර්ථලය” යි යනාදීන් තමාගේ බෑණ වූ දන්ත කුමාරයන්ට මෙසේ කියා සේනාව රැස් කරවා ඔවුන්ට වස්තු දී මහත් වූ රණ රඞග ඝොෂායෙන් යුක්තව රණ ධරණියට ගොස් සතුරුව ආවා වූ රාජ කුමාර වරුන් හා යුද්ධ කළ කල්හි3— “තමාගේ මයිල් රජහු මරණ මුඛයෙහි පතිත වූහ” යනු අසා මයිල් රජහු විසින් කියන ලද ක්රුමයෙන් රජ වෙස් හැර බමුණු වෙස් ධරා ශ්රී දන්ත ධාතුන් වහන්සේ ගෙන කලිඟු පුරයෙන් නික්ම දකුණු දිගට වහා ගොස් දෙවතානුභාවයෙන් අචල ස්වභාව4 ඇති ඉතා මහත්වැලි පිරුණාවූ ගඟා නම් ගඟින් එතරව ධවල වූ පුලින තෙලෙහි වාලුකා රාශියක් කොට එයට ශ්රීල දන්ත ධාතූන් වහන්සේ වඩා නැවත ඒ කාලිඞග පුරයට ගොස් ගන්වන5 ලද බැමිණි වෙස් ඇති ඒ කාලිඞග පුරයට ගොස් ගන්වන5 ලද බැමිණි වෙස් ඇති භාය්යානම් ව ද ඒ සමීපයට වහා ඇරගෙන ගොස් ඒ වාලුකා රාශියෙහි පිහිටුවන ලද ශ්රීව දන්ත ධාතුන් වහන්සේට පූජා කරමින් වන ලැහැබක් සමීපව6 සිටියාහුය.
මෙසේ7 ඔවුන් දෙදෙනා සිටි කල්හි ආකාශයෙන් යන්නා වූ එක් තෙර කෙනකුන් වහන්සේ වඩනා ඇසිල්ලෙහි වැලි දාගැබින් ඝනව නැගෙන්නා වූ අනෙක ප්රකකාර වූ රශ්මි සමූහයන් දැක ඒ ස්ථානයට ආකාශයෙන් බැස, ඒ වාලුකා ථූපය වැඳ සිටි තෙරුන් වහන්සේ දැක සතුටු වූ සිත් ඇති ඒ දෙදෙනා විසින් “ශ්රීල දන්ත ධාතූන් වහන්සේ ඇර ගෙන අපි සිංහල ද්වීපයට යම්හ” යි කී කල්හි8— මෙරමාහට හිත කිරීමෙහි ඇලුම් ඇති සර්වටඥ පුත්රන වූ ඒ තෙරුන් වහන්සේ දළදා රැකුමෙහි නිරත වූ ඔවුන් දෙදෙනාහට වදාරණ සේක් “ශරීර ඛෙද ඇත්තා වූ තොප දෙදෙනා විසින් යන ලද මාර්ගාෙන්තරයෙහි පෙනුණු යම් උපද්රදවයක් ඇත්නම් ඒ නිවාරණය පිණිස මා සඳහන් කරව” යි යනාදීන් ඔවුන් දෙදෙනාහට කියා නැවත ඔවුන්ට සුදුසු බණ වදාරා මහත් වූ ශොක නැමැති ශල්යදය9 හෘදයෙන් උදුරා හැර10 ආකාශයට පැන නැගී තමන් වහන්සේ
1 සු, වත්ත. 2 ක 1, පෙ, නැත. 3 සු, වෙනස්කොට ඇත. 9 වන පරිච්ඡෙදයද මෙතැනින් කඩා ඇත. 4 ක 1, 3, පෙ, ස්වභා. 5 ක 1, පෙ. සු. ගන්නා. 6 සු, සමීපයෙහි. 7 ක් 1, පෙ, සු, නැත. 8 සු, වෙනස්කර ඇත. 9 පෙ, සල්ලය. 10 ක 1, පෙ, සු, තමන් වහන්සේ.
36
වසන්නා වූ ස්ථානයට ම වැඩි කල්හි1 — ගං පල්ලේ නාග භවනයෙහි වසන්නා වූ මහත් ඍධි ඇති පණ්ඩුවාස2 යි යන නමක් ඇති නාග රාජයෙක් තමාගේ නාග භවනයෙන් නික්ම අභිප්රාණයානුකූල වූ පරිද්දෙන් ඇවිදිනේ, දළදා වහන්සේ වැඩ හිඳිනා වූ වාලුකා චෛත්ය්යට පැමිණ ඒ චෛත්ය යෙන්3 නිර්මනලව නැගෙන්නා වූ චන්ර්ා ව මයූඛයට බඳු වූ රශ්මි සමූහයන්4 දැක මේ කිමෙක්දෝ හෝයි සැකව බලන්නේ වැලි දාගැබ මධ්ය්යෙහි පිහිටියා වූ දළදා වහන්සේ දැක5 ඒ ක්ෂළණයෙහි ආදර සහිතව අදෘශ්යබමාන වූ ශරීරයකින් යුක්තව රත්නමය වූ කරඬුවෙහි වැඩ උන් දළදා වහන්සේ ගැල මහත් වූ ශරීරයක් මවා ගෙන මහමෙර පල්ලෙහි රුවන් වැලි පිට දරණ පන්තියෙන් ඉතා උස් වූ රන්මෙර රුවන් පටකින් වළඳනාක් මෙන් වෙළා ගෙන වැදහොත් කල්හි— වැලි රැස මධ්යනයෙහි තබන ලද දළදා වහන්සේ නොදක්නා ඒ දෙදෙනා විසින් සර්වරඥ පුත්රය වූ උත්තම වූ පරහිත කිරීමෙහි දක්ෂස වූ ඒ6 තෙරුන් වහන්සේ සඳහන් කළ කල්හි, ඔවුන්7 දෙදෙනා විසින් තමන් වහන්සේ සඳහන් කළ බැව් දැන ශොකයෙන් බැගෑපත් වූ මුහුණු ඇති ඔවුන් දෙදෙනා ළඟට ගොස් ජයම්පතීන් විසින් පුදන ලද්දා වූ ඒ දළදා වහන්සේ තබන ලද ස්ථානයෙහි නොදැක කාරණා කීම්දෝහෝයි දිවැසින් බලා වදාරා මහමෙර පල්ලෙහි ධාතු කරඬුව ගැල ඔත්තා වූ නාගරාජයා දකිමින් ඒ ක්ෂවණයෙහි පතළා වූ පක්ෂෙ පත්ර යෙන් මහත් වු ආකාශ කුහරය වසන්නාක් බදු වු ගුරුඵ වෙශයක් මවා ගෙන තමාගේ පක්ෂප පත්රතයෙන් උපන් බලවත් වූ පවනින් අතිගම්භිර වූ සාගර ජලය දෙබේ කරමින් භයංකර8 වූ සාරම්භ9 වේගයෙන් වහා දිවෙමින් මහා මේරු පර්වදතය පල්ලෙහි හොත්තාහු10— නාග රාජයා විසින් හරණ ලද නාග වෙශය ඇතිව භයින් චකිත වූ චිත්ත සන්තාන ඇතිව දරණය හකුළුවා ගෙන 11ඒ ඇසිල්ලෙහි ම තෙරුන් වහන්සේගේ පාමුලට එළඹ සිටි නාගරාජයාහට ඒ මහතෙරුන් වහන්සේ විසින් දන්ත ධාතුන් වහන්සේ දෙවයි ඉල්වූ කල්හි නාග රාජයා කියන්නේ
සකල ජන හිතත්ථංේ යෙව ජානත්ති බුද්ධා භවති ජන හිතත්ථා ධාතුමතතසස පූජා අහම්පි ජින ධාතුං පූජයිත්වාු මාහගඝං කුසල ඵලමනපපං සඤචිතිසසනති ගණභි (දා. 319)
1 සු, වෙනස්කර ඇත. 2 සෑම පිටපතකම තිබෙන්නේ මේ නමයි. එනමුත් දාඨාවංසයෙහි ‘පණ්ඩුහාර’ යි සඳහන් වේ. 3 සු, චෛත්යවයෙහි. 4 සු, සමූහයක්. 5 ක 1, සු. හැඳින. 6 සු, යටකී. 7 සු, වෙනස්කර ඇත. 8 ක 1, පෙ, භයංකාර. 9 සු. සාරම්භ. 10 පෙ, හොත්තාවූ, සු, වෙනස්කර ඇත. 11 සු, වෙනස්කර ඇත.
37
යනුහෙයින් “සර්ව1ඥ පුත්ර, වූ උත්තමයාණන් වහන්ස! සර්වවඥ වරයෝ නම් සියලු ජනයන්ට හිත ප්ර ධාන කොට උපදිති. එසේ වූ සර්වාඥවරයන්ගේ සර්ෂප ප්රසමාණ වූත්, ධාතු මාත්රොයකට ඒක මලක් එක් පහනක් විවරකිනුත් කරන ලද පූජා1 ජනයා හට හිත සැප පිණිස වන්නේම ය. එසේ හෙයින් මම ද මාහැඟි වූ සර්වලඥ රාජොත්තමයාණන් වහන්සේගේ ශ්රීට දන්ත ධාතූන් වහන්සේට පූජා සත්කාර කොට බොහෝ වූ කුසල ඵල රැස් කොට ගනිමි”යි කී කල්හි ඒ නාරජුට වදාරණ සේක්,
සත්යාොවබොධයට සුදුසු වූ මනුෂ්ය්යන්ට වාසස්ථාන වූ සිංහල ද්වීපයට මේ ධාතුන් වහන්සේ අප විසින් ගෙන යන ලදැයි කියා නාරජහු අතින් ඒ දළදා කරඬුව ලත් කල්හි— තෙරුන් වහන්සේ ද ගුරුළු වේශය හැර සත්වායා විසින් බිය පත්2 වූ සාගරයෙන් ගොඩ නැගී සියලු පෘථිවි තෙලෙහි එක රජ කරන ලද රාජ්ය ශ්රීවය මෙන් දළදා වහන්සේ ඔවුන් දෙදෙනාට ගෙනවුත් පවා දුන් කල්හි— 3ඒ තෙරුන් වහන්සේගෙන් ලබන ලද දන්ත ධාතූන් වහන්සේ තමන් සිය මුදුනේ තබාගෙන යන කල්හි අද්ධාන මාර්ගනයෙහි කටු ආදිය පහව නිර්මුලව4 සුදුවැල්ලෙන් මනොඥ වූයේ5 දෙවතාවන් විසින් පුදන ලද්දා වූ සුගන්ධි කුසුමාදියෙන් ද පූජා ලැබ තමලිංගමු නුවරට වන් කල්හි, ඒ නුවර වැසියන්ගෙන් ලබන ලද පූජා සත්කාරයෙන් යුක්තව ඒ තාමුලිංග දෙශයෙහි වෙළෙඳුන් විසින් සරහා පිළියෙළ කරන ලද්දා වූ නෞකාවක්6 දැක ඒ නෞකාව සමීපයට ගොස් එහි නියුක්ත ජනයන්ට සවනට මිහිරි වූ තෙපුල් කියමින්. ඒ ඇසූ වෙළඳුන් විසින් සතුටු සිත් ඇතිව ඔවුන්7 දෙදෙනා නැවට නැංවූ කල්හි— ඒ දළදා වහන්සේගේ අනුභාවයෙන් රල පතර සන්සිඳුනේය.8 උතුරු දිගින් හමන ලද පවන දක්ෂිඅණ දිශාවට හමන්නේය. සර්ව.ප්රඋකාරයෙන් නිල් වූ සොභා ඇති ආකාශයෙහි ගමන් ගත් ගරුඬ රාජයක්හු මෙන් බලවත් වූ මාරුත වෙගයෙන් දිවෙන9 ලද නෞකාව10 ඇස් හමුයෙහි11 බල බලා සිටියදී ම12 ඉක්මෙන13 ලද පර්වගත ඇතිව පෙන නැමැති මලින් යුක්තව සාගර14 මධ්යියට වන් කල්හි15— ඉක්බිත්තෙන් භයංකර16 වූ
1 ක 1, පෙ, සු, පූජායෙන් 2 ල, භයපත්. 3 සු, මෙතැන් සිට විශාල වෙනසක් කර ඇත. 4 ල, නිර්මල වූ. 5 ල, වූ. 6 ක 1, 2, 3, ල, පෙ, නාවුකාවක්. 7 ක 1, ල, උන්. 8 ල, සංහුන්නේය. 9 පෙ, දිවන. 10 ක 1, ල, පෙ, නාවුකාව තෙම; සු, නාවුකාව තොම. 11 පෙ, සමූයෙහි. 12 ල, නැත. 13 සු, ඉක්මුණු. 14 ල, සාගරයෙහි. 15 සු, වෙනස් කොට ඇත. 16 පෙ, භයංකාර; සු, නැත.
38
සංවට්ට ප්රඇලය වූ මාරුතයෙන් පහරණ ලද පර්ව තකූට හා සමාන වූ පතරින් කන් පළන්නාක්හු මෙන් භයංකර වූ නාදයෙන් වලකන ලද අවකාශ1 ඇති කල්හි භයින් භයපත් වූ මනුෂ්ය යන්ගේ2 හැඬීම් ඇති සියලු රාත්රිහය ඉකුත්ව පහන්ව ගිය කල්හි ඒ සාගරය3 සන්හුන් රල පතර ඇතිව ඉන්ර්අවකනීල මාණික්යරමය වූ ගල්තලයක් මෙන් සොභාමත් වූ කල්හි සමුද්ර යෙහි දිව්යද4 නයින් විසින් ශ්රීූ දන්තධාතූන් වහන්සේට පූජා පිණිස සිය දහස් ගණන් පෙණ මවමින් සමහර කෙනෙක් දිව්යිමය වූ ශරීර මවා ගෙන අවිදිනාහ. සමහර කෙනෙක් හස්තයෙන් ගන්නා ලද කඩුපුල් මලින් යුක්තව ද සමහර කෙනෙක් ස්වර්ණණ කුම්භ රජත කුම්භ ගනිමින් යුක්තව ද සමහර කෙනෙක් ධජ පතාකා ගත්තාහු5 ද සමහර කෙනෙක් රන්වැට රිදීවැට ආදී වූ පහන්වැට ගනිමින් ඇවිදිනාහු6 ද සමහර කෙනෙක් මනෝඥ වූ7 නෘත්යහ ගීත වාද්යැ ප්ර්සංගයෙන් යුක්තව සමූද්රෙ මධ්යෙයෙහි පූජාවට පටන්ගත් කල්හි— රාජකන්යායව විසින් නෞකාවට නැගෙන්නට8 පූර්වයභාගයෙහි මනොඥ වූ තමාගේ ධම්මිල්ල කලාපයෙහි බහා සංග්රහ කළ9 ඒ ශ්රීා දන්ත ධාතූන් වහන්සේට නයින් විසින් පූජොත්සව කරන වේලෙහි නිල් මේ කුළක් මැදින් පැන නැගී චන්ර්ග රෙඛාවක් මෙන් ආකාශ කුහරයට නැගී10 රශ්මි මාලාවන් විහිදවමින්11 නයින්ගේ සිත් සතුටු කරවූ කල්හි— කරන ලද පූජා ඝොෂායෙන් ද දෙන ලද සාධුකාර12 නාදයෙන් ද ආකාශ කුහරය නොසෑහෙන්නාක් මෙන් ද විය. එකල්හි13 ඒ දාඨා ධාතූන් වහන්සේ14 කියන ලද උපමා ඇති ධම්මිල්ල කලාපාන්තර්ග3තව වැඩ උන් කල්හි— ඒ පූජා15 පිණිස ආවා වූ නයින් විසින් නෞකාව රාත්රි න්දිඩනයෙන්16 සත් දවසක් මුළුල්ලෙහි සමුද්රන මධ්යආයෙහි රඳවා ගෙන පූජා කළ කල්හි17 ඒ නෞකාව නිශ්චලව විමානයක් මෙන් සාගර මධ්ය යෙන්18 ගමන් නැතිවූ කල්හි— ඒ ජයම්පතීන් විසින් ඒ ඛෙම නම් තෙරුන් වහන්සේ සිහිකළ ක්ෂගණයෙහි දිව කනින් අසා එසඳ ඔවුන් ළඟට අවුත් අභිප්රාරය19 දැන ආකාශයෙහි නිල්වූ වළාකුළු මඩිමින් ගොස් මහත් වූ ගුරුළු වෙශයක් මවා ගෙන ඒ ක්ෂ ණයෙහි නයින් තැති ගන්වා යැවූ කල්හි—
1 ල, ආකාසය. 2 පෙ, නැත. 3 පෙ, සාගරයෙහි. 4 ල, දිඹ. 5 පෙ, ගන්නාහු; සු, වාක්යැ බෙහෙවින් වෙනස් කොට ඇත. 6 ල, ඇවිද්නාහු; 7 පෙ, නැත. 8 ක 1, 3, ල, නැගෙන්නාට 9 සු, වෙනස්කර ඇත. 10 පෙ, පැන නැගී. 11 පෙ, විහිදුවමින්. 12 ල, සාධු. 13 ක 1, ල. පෙ, නැවත. 14 ල, යයි. 15 ක 1, ල. පූජාව. 16 සු. රාත්රිා දිනයෙහි 17 සු, වෙනස් කර ඇත. 18 ක 1, පෙ, සු, මධ්ය.යෙහි. 19 ක 1, ල. අභිප්රා ව; පෙ, අභිප්රාච.
39
ඉත්ථංු බුද්ධසුතෙ භුජංග ජනිතං — හිතිං සමෙත්වාු ගතෙ සානාවා පවනා පකම්පිත ධජා — තුංගං තරංගාවලිං භින්දාන්ති ගති වෙගසා ඵුතුතරං — මෙඝාවලී සන්නීභං ලංකාපට්ටනමොතරිත්ථ සහසා — ථෙරස්ස තයසී දධියා (දා. 339)
යනුහෙයින් මෙසේ ඒ සර්ව ඥ පුත්ර— වූ තෙරුන් වහන්සේ නයින් විසින් උපදවන ලද භය සන්සිඳුවා පවනින් කම්පිත වූ ධජ පතාකාදිය සහිත වූ ඒ නෞකාව සුළං වේගයෙන් උස් වූ රල පතර බිඳිමින් සියලු ගුණ ගණාංගයෙන් උපලක්ෂිසත වූ ඒ තෙරුන් වහන්සේගේ ඍධ්යරනුභාවයෙන්1 වහාම කිත්සිරිමෙවන්2 රජහුගේ නවවන්නෙහි ලංකා පටුන්3 බැස ඔහු දෙදෙන හ් ලක්දිව පටුන සමීපයෙහි වූ දෙවාලයකට බැස ඒ ස්ථානයෙහි ලැග පහන් වූ දවස් එ තනින් නික්ම ක්රටමයෙන් දුරු කතර ගෙවා —
අනුරාධපුරං රම්මං — ආසි ලංකාමහීතලෙ භූමිකාමිනියා සාධු — මණ්ඩිතං වදනං විය.
භොගින්දි ඵන භොගෙහි — පරිතොව පරිකඛටං සුධාය ධවලුතතුංග — පාකාරටටාල මණ්ඩිතං
සුරාසුරනරාදිහි — මහාමානෙහි සබ්බදා කෙලාස සිඛරුත්තුංග — ථූපාලිහි මනො රමා
ඉච්ඡිතත්ථරප්පධානෙන — සුරපාදප සන්නිභෙ තත්ථිතත්ථා්භිපුජෙන්ති — බොධිපාදප මණ්ඩිතං
ඉච්ඡිතත්ථරප්පධානෙන — සුරපාදප සන්නිභෙ තත්ථිතත්ථා්භිපූජෙන්ති — බොධිපාදප මණ්ඩිතං
නෙක භිකඛු සහසෙසහි — භිකඛුනීහි තථෙවච සමාකිණණ මනොහාර — විහාරසත මණඩිතං
දවිභූමිකාදි උතතුංග — භෙම ථූපික සුන්දනරං නවලකඛමිතාකිණ්ණ — පාසාදෙහි සුමණඉඩිතං
ඝටදීපද්ධඡාදිහි — නානා තොරණ පන්තීහී වන්දපවඞකාදිනෙකෙහි — වීථිමාලා සමාකුලං
ගජානං කුංචනාදෙන — භයානං හෙසිතෙන ච භෙරිනාදෙහිනෙකෙහි — එකනිගෙඝාස ඝොසිතං
භෙරිමණඩලමජ්ඣට්ඨ — නාටිකා සමලං කතං තත්ථමතත්ථඣජනාකිණ්ණ — නච්චමණ්ඩලමණ්ඩිතං
අනෙකවිභවාකිණණ — නරනාරීහි සෙවිතං දෙවානමාලකත්වාතපි — මනොනන්දවනමාවහං
1 ක 1, ඍද්ධියෙන්. 2 ක 1, ල, කිත්සිරිමේ. 3 සු, වෙනස් කර ඇත. 40 යනුහෙයින් උරගෙන්ර්ට් යකුගේ දරණ වැළ පන්තියක් බඳු1 වූ හාත්පසින් වටකරන ලද අතිශයින් ධවල වූ උස් වූ ප්රා්කාර ගොපුරට්ටාල පන්තියෙන් ද සියලු දිව්ය මනුෂ්යායදීන් විසින් නිරන්තරයෙන් කරන ලද පූජා සත්කාර ඇති කෛලාසකුට ශිඛරය2 සේ අතිශයින් උස්ව සිත්කලු වු දාගැබ්3 පන්තීන් විරාජමාන වූ සියලු ජනයන් විසින් වැඳ පුදන ලද4 ලොක වාසී වූ සත්ව3යාහට ඓහලෞකික පාරලෞකික සම්පත්ති ප්ර දානය කරන හෙයින් ගැවසී ගත් කල්පද්රෛම පන්තියක් හා සාදෘශ්යක වූ ඒ ඒ ස්ථානයෙහි5 පිහිටියා වූ බොධිද්රැරම පන්තියෙන් ද, තවද නොයෙක් දහස් ගණන් භික්ෂුඒ භික්ෂු ණීන් විසින් ආකිණි වීමෙන් මනොහර වූ 6සිය ගණන් ආරාම ශ්රෙනණියෙන් ද, ප්රවතිමණ්ඩිත වූ ඒ අනුරාධපුර නම් නුවර උඩුමාල් නවලක්ෂරයක් හා බිම්මාල් අනූලක්ෂ්යකින් සැදුණා වූ ද්විභුමක ත්රිුභූමක යනාදී වූ ප්රා්සාද සමූහයන්ගේ7 මස්තකයෙහි බහා පැළඳ වූ රන්කොත් සමූහයෙන් ප්රාතිමණ්ඩිත වූ ස්වර්ණම ඝට8 රජත ඝට ආදී වූ ඝට පන්තියෙන් ද, මෙසේ ම නා නා ස්ථානයෙහි විරාජිත ප්ර දීපමාලායෙන් ද අනෙක වර්ණ කොට නගන ලද ධජ පන්තියෙන් ද, මෙසේ ම රන් තොරණ රිදී තොරණ පිළී තොරණ රඹ තොරණ යනාදී වූ තොරණ පන්තියෙන් ද චන්ර්රණ වංක වීථිය මහවැලි9 වීථිය සිඟුරුවක්10 වීථිය ආදී වූ වීථි පන්තියෙන් ද11 සොභමාන වූ එහි12 ඇත් අස් සමූහයාගේ කුංච නාද හෙෂාරාවයෙන් එකනින් නාද වූ නිරතුරුව වයන ලද භෙරී තූර්ය12 ශංඛ නාදයෙන් නිර්ඝොෂ වූ තන්හි රඟමඬුලු බැඳ නෘත්යභ ගීත වාද්යා2දියෙහි දක්ෂස වූ නළු නාටිකාවන් විසින් සමලංකෘත වූ නොයෙක් ශ්රීඳ සම්පත්තියෙන් යුක්ත13 වූ ස්ත්රීම පුරුෂයන් විසින් ගැවසී ගත්තා වූ දෙවියන්ගේ ආලකමන්දා නම් රාජධානියට අපහාර14 කරන්නාක් බඳු වූ සියලු දිව්යන මනුෂ්යනයන්ට සන්තොෂ එළවන්නා වූ මේ ශ්රී් ලංකාද්වීප නැමැති අංගනාව සරහා පිළියෙළ කරන ලද්දා වූ මුඛමණ්ඩලයක් බඳු වූ ඒ අනුරාධපුර15 නම් පුර ප්රයවරය16 සමීපයෙහි වූ මෙඝගිරි නම්
1 පෙ, වැනි. 2 ල, ශිඛරයක් මෙන්. 3 ක 2, ල, දා ගොප්. 4 ක. ල. ලද්දා වූ. 5 ල, ස්ථානාස්ථානයෙහි. 6 ක 1, පෙ, ආරාම සිය ගනනින්. 7 ල, සමූහ යන්ගෙන්. 8 ක 1, පෙ. සු, නැත. 9 ල. වැලිමහ. 10 සඟරුවන්. 11 ල, ප්රා කාර ගොපුරට්ටාල ආදියෙන් ද. 12 ල, නැත. 13 ක 1, 2, ල, පෙ, සු, ආකීර්ණ . 14 ක 1, පෙ, සු, අපහාස්ය . 15 ක 1, ල, අනුරාධ නම් පුර. 16 ල, ප්ර වරයට.
41
විහාරයට ඔහු දෙදෙනා අවුත්1 තෙරුන් වහන්සේ දැක දළදා වහන්සේ2 වඩා ගෙන ආ පවත් කි සඳ—