දහම් සොඬ කව-විවරණය ii
41
ප:- විකුමෙන් - වික්රූමයෙන්, අහසෙන් බිමට බට-ආකාශයෙන් භූමියට බැස්සා වූ, මහසෙන් සදිසි - මහා සෙනග වැනි වූ, තුමුල බලසෙන් - මහත් වූ භට සේනාව, සතුරු සෙන් - ශත්රැ සෙනාව, ජයගෙන - ජයග්රවහණය කොට, එපුර - ඒ නගරයෙහි, හැසිරෙයි-සඤ්චාරය කරයි.
වි:- බට- ‘බස්’ (බැසුම්හි) දයින් සිදු අතීත කෘදන්තයි. ප්රචකෘතිය ‘බටු’ යනුයි. අහසෙන්- පැරණි කවිහු මෙසේ නො යෙදූහ. ‘අහස්’ සදින් පරව අවදි විබත්හි යෙදෙනු යේ ‘ඉන්’ පස්යප ‘රහසින් අහසින් තොසින් ගසින්’ යනාදිය රහසෙන්, අහසෙන්, තොසෙන් ගසෙන් ආදි වශයෙන් යොදන්නට වූයේ මෑත දී ය.
විකුමෙන් සදිසි මහසෙන් - මහසෙන් යනු කඳකුමරුට නමි. හේ දෙව සේනාපතියා යි. මහත් වූ සේනාවක් ඇත්තේ මෙ නම් විය. එ නුවර භට සෙන් වික්රෙමයෙන් කෙබඳු ද යත්? අහසින් බිමට බැස්සා වූ කඳකුමරු වැනි ය.
හැසිරෙයි:- 38. 39 වැනි කව්වල යෙදෙනුයේ මෙය හැසිරෙති, යි බුහු බසින් යෙදිය යුතුය. හැම පිටපත්හිම එනුයෙන් වෙනස් නො කළම් හ. කරතෘ ‘බලසෙන්’ යනුයි. හැසිරීම වෙන් වෙන් ව බැවින් ක්රි යාව බහු වචනය විය යුතුයි. ‘හැසිරෙයි’ යනු ‘හසුරු’ (හැසිරීමෙහි) දයිනි. (පා. සං) ‘භටසේනා’ ශබ්දය ‘බළසෙන්’ යි එයි.
82 දහම්සොඬ කව් වැනුම
42
අ:- සුදනන්ගෙන් දිමුත් එ පුරෙහි, සියලු සම්පත් වන්ත නරඹතහොත් අනත සක මුත් කවුරු, පොහොසත්, වෙත්)
ප:- වනත නරඹත හොත්- වර්ණනා කරත් හොත් බලත් හොත්, අනත සක මුත්- අනන්තයා හා ශක්රෙයා හැර, පොහොසත් - සමර්ථ (වෙත්) ද?
භා:- සත්පුරුෂයන්ගෙන් බැබළි එනුවර ඇති සියලු සම්පත් වනතහොත් බලතොත් අනන්ත නාගරාජයා හා ශක්ර යා හා කවරහු සමත් වෙත් ද?
වි:- වනත නරඹත - අසම්භාවන කෘදන්තයි, ‘නරඹ’ බැලීමෙහි දයින් ‘නරඹත’ යනු සිද්ධය හොත් නිපාතයි.
අනත සක මුත් - අනන්තයා මුව දහසක් ඇති හෙයින් වැනීමට ද, ශක්රසයා ඇස් දහසක් ඇති හෙයින් බැලීමට ද සමර්ථ යි.
‘මුත’ යනු ‘මිස’ හැරයන අරුත්හි නිපාත යි. අවසාන ක්රිලයාව වෙත් යි ගත යුතුයි. ‘කවුරු’ යනු ප්රයකෘති කර්තෘයි. විකෘති කර්තෘ ‘පොහොසත්’ යනු යි. (පා) ‘පහුසන්ත’ යනු පොහොසත් හි ආයේ ය.
43
අ:- සිරිමත් එ පුරවර, සත වෙත පතළ මෙත් යුත් කිසි අවගුණ නොදත්, බඹදත් නමින් නිරිෙඳක් විය.
ප:- පතළ - පැතුරුණා වූ, අවගුණ - දුර්ගුණ, බඹදත් නමින් - බ්රතහ්මදත්ත යන නාමයෙන් යුක්ත,
වි:- අවගුණ - නරක ගති, මේ රජ දුසිරිතක් කරනු තබා නොදත්තේ ද වෙයි.
44
ප:- එ රජුගෙ - ඒ නරෙන්ද්රියාගේ, යස පබඳ - කීර්ති ප්ර්බන්ධය, එකලෙද - එකාකාරයෙන්, දසත - දස දිසායෙහි, පැතිරෙත- පැතිරෙන කල්හි, එවෙන් - ඒ
දහම්සොඬ කව් වැනුම 83
විෂ්ණු තෙමේ, කිරි සිඳු නිල් මුහුද- ක්ෂීර සාගර නීලවර්ණ සමුද්ර යන දෙකෙහි, වෙන්- වෙනස, පිරිසිද- පරිච්ඡෙද කොට, නොමදතිය - නොදත්තේමය.
භා:- එ රජුගේ කීර්ති ප්රෙබන්ධය (කීර්ති රාශිය) දස දිසායෙහි එක පරිද්දෙන් පැතිරෙන කල්හි විෂ්ණු තෙමේ කිරි මුහුදෙ ත් නිල් මුහුදෙ ත් වෙනස විභාග ෙකාට නො දත්තේ ය.
වි:- යස පබඳ - අතරක් නැතිව ප්රුකර්ෂරයෙන් බැඳුණේ පබඳ’යි ජල ධාරාවක් මෙන් එකට බැඳුණ කීර්තිය ‘යසපබඳ’ දසතදස+අත සතර ‘දිසාවය’ සතර අනු දිසාවය. උඩය, යටය යන දසයයි. එකලෙද -වෙනසක් නැතිව හැම දිසායෙහිම එකාකාරයෙන් පැතිරි බව මෙයින් පැවසේ.
කිරිසිඳු - මහමෙරට පෙර දිගින් පිහිටි මුහුද රිදී පැහැයෙන් යුතු බැවින් ‘කිරි මුහුද’ නම් විය. කැස්පියන් මුහුදයයි ඇතැම්හු තෝරති. නිල්මුහුද - මහමෙරට දකුණු දිගින් පිහිටි මුහුද යි. එහි ජලය නිල් පාට ය. මේ දෙපදය ම සම්බන්ධවිභක්ත්යමන්ත යි.
එවෙන් - ‘එ’ යන්න ප්ර.සිද්ධාර්ථයෙහි ය. ‘වෙන්’ යනු (පා) ‘වෙණ්හු, (සං) ‘විෂ්ණු’ ශබ්දයෙහි වෙන් - (පා. සං) ‘විනා’ නිපාතය මෙසේ ආයේ ය. වෙනස යන අරුතෙහි ය. පිරි සිඳ- ‘පිරිසිඳු’ (පිරිසිදුම්හි) දයින් දනියි- ‘දන්’ (දැනුම්හි) දයින් සිදු අතීත ආඛ්යා ත යි. ‘වෙන්’ යනු කර්තෘ යි. ‘වෙන්’ යනු කර්ම( යි.
ඒ රජු ගේ කීර්තිය දස දිසායෙහි පැතිර යන විට විෂ්ණු හට කිරි මුහුදේත් නිල් මුහුදේත් වෙනස නොදත හැකි වූයේ නිල් මුහුදත් කිරි මුහුද මෙන් සුදු පාටවී තිබුණ හෙයිනි. එයට හේතුව කීර්ති ප්රුබන්ධයාගේ පැතිරීමයි. කීර්තිය සුදු යනු කවි සමයාගත යි.
84 දහම්සොඬ කව් වැනුම
45
ප:- නව මේකුළෙ’ව්- අභිනව මේඝ කූටයක් මෙන්, දුළ ජ්වලිත වූ. තුඟු අඳුන් ගිරි කුළ- උස්වූ ද මහත් වූ ද අඤ්ජන ගිරි කූටය, ඔහු-ඒ රජුගේ, පළ හෙළ-ස්ඵුට වූ ද ධවල වූ ද, යසිනි - කීර්තියෙන්, කෙළෙස් ගිරි රද විලස්-කෛලාසය පර්වවත රාජයා ගේ විලාසය, පළකළ ප්ර කාශ කළේ ය.
භා:- අලුත් වළාකුළක් මෙන් බබළන උස් මහත් අඳුන් ගිරිකුළ ඒ රජු ගේ පැහැදිලි වූ ද සුදු වූ ද කීර්තිය හේතු කොට ගෙන කෛලාසය කූටයාගේ ස්වභාවය ප්රදකාශ කෙළේ ය.
වි:- නව මේ කුළෙව් - නව මේ කුළු+එව්; අඳුන් ගිරි කුළ-හිමාලය පර්වභතයා ගේ එක් කූටයකට මේ නමි. ‘කාලකුට’ යි ද කියති. කළුපාට බැවින් මෙනම වැටිණ. අනවතප්ත විල ළඟ පිහිටියේ ය පළ- (පා) ඵුට (සං) ‘සුඵුට’ ශබ්දයන්ගෙනි. ‘පැහැදිළි’ යන අර්ථපයි. කෙලෙස් ගිරි රද- කෛලාස කූටය; හිමාලය පර්වුතයාගේ ම කූටයෙකි. සුදු පාටින් යුක්ත ය. ඊශ්වරයා ගේ හා වෛශ්රතවණයාගේ වාසස්ථානය මේ යයි ද කියති.
46
ප:- ඵ විරු- ඒ වීරවරයාගේ, පැතිරි-විද්තීර්ණප වූ, පළ- ව්යාක්ත වූ, හෙල-ධවල වූ, යස-කීර්තිය, සුර ගඟ යට ආකාශ ගංගා නමැති දඬුයෙහි, දුළ - ජ්වලිතවූ, දියතෙක්- සෙවන කළ- ලොකය කෙළවර කොට ඡායාව කළා වූ, බඹු මුදුන- බ්ර්හ්ම මස්තකයෙහි, සේ සතෙහි ලෙස්-ශේවතච්ත්ර යෙක ආකාරය, කළ-කෙළේ ය.
භා:- ඒ රජුගේ පතළා වූ ද පැහැදිලි වූ ද සුදු වූ ද කීර්තිය, අහස් ගඟ නමැති ලීයෙහි (මිටෙහි) බබලන, ලොව පුරා සෙවණ කළ බ්ර,හ්මයා ගේ මුදුනෙහි වූ සුදු කුඩයක ස්වභාවය ප්රපකාශ කෙළේ ය.
දහම්සොඬ කව් වැනුම 85
වි:- විරු- (පා. සං) වීර ශබ්දයෙනි. පැතිර - ‘පතුර’ දයින් සිදු කෘදන්ත යි. සුරගඟ - දෙවියන්ගේ ගඟ, අනවතප්ත විලට දකුණෙන් නික්මෙන ගඟ සැට යොදුනක් ගොස් සරසට සිටි පර්වවතයක වැදි උඩට නැඟී අහසින් සැට යොදුනක් පමණ තැන් ගොස් ‘තියගල’ නම් ගල් තලයෙන් වැටේ. අහසින් ගිය එම ජල ධාරාව ‘අහස් ගඟ’ ‘සුරගඟ’ නමින් බෞද්ධ සාහිත්යුයෙහි එයි. වෛදික මතයේ හැටියට දෙව් ලොවින් ගලා බස්නා ගඟකි. දැන් ‘ගංඟා’ නම් ගඟ යයි කියති. එය පටන්ගන්නේ විෂ්ණුහු ගේ පයේ මාපටඟිල්ලෙන් ල! එය ඔහුගේ ජටාව වටා තෙවරක් පැදකුණු කොට පොළොවට බැස්සේ ය යි කියනු ලැබේ. ‘කපිල’ නම් සෘෂිහු ගේ ශාපයකින් හළුවී ගිය ‘සගර’ රජුගේ පුත්රගයන් සැට දහසට සවර්ගකය ලබාදීම පිණිස ‘සුරගඟ’ පෘථිවියට බස්වන ලදැ යි ද මතයෙක් වෙයි.
දියතෙක් - අවදි විබත්, ‘තෙක්’ යනු අභිවිධි. අර්ථයෙහි නිපාත යි. ගනු ලබන සීමාව ‘අභිවිධි’ නමි. ‘ලොකය සීමාකොට’ හෙවත් ලොව ‘පුරා සෙවණ කළ’ යන අර්ථ ය ලැබෙ යි. ‘දක්වා’ යනු යෙදෙනුයේ මර්ය්යාාදාර්ථකයෙහි ය. එවිට, සීමා කරනු ලබන වස්තුව හැර ගනු ලැෙබ්. සේසතෙක - සබඳ විබත්.
47
ප:- එ රජුගේ - ඒ රාජයා ගේ, තෙද ළැවග- තේජස නමැති දාවග්නිය, එකරඟ - එකාකාරයෙන්, දශදිග- දශ දිසාවෙහි, දුවත - දුවන කල්හි, පෙඬරඟ- ඊශ්වර තෙමේ සඳවෙල සඳින් - සන්ධ්යාාවලාහකයෙක යන අදහසින්, රඟ කර - නෘත්යැ කොට, රැවටුණෙලු - වඤ්චිත විල, අහො-ඛෙදයෙකි.
වි:- තෙද ළැවග- අන්යියන් මැඬීමෙහි සමත් ගුණය ‘තේජස්’ (තෙද) නමි. වනයෙහි උපදනා ගින්න ‘ළැව’ ග හෙවත් ‘ළැවු ගින්න’ නමි. ‘ළැවු+අග ළැවග, (පා.සං) ‘දාව’ යනු ‘ළැවු’ යි ආයේය. (පා) ‘අග්ගි’ ශබ්දය ‘අග’ යි
86 දහම්සොඬ කව් වැනුම
ආයේ ය. ‘තෙජස’ රක්ත වර්ණ ය යි. කවි සමයෙහි එන බැවින් ළැවු ගින්නට සම කරන ලදි. දවත - ‘දව’ (දිවුම්හි) දයින් සිදු කාලාර්ථු අසම්භාවන කෘදන්ත යි. සඳවෙළ සඳින් - සැන්දෑයෙහි ඇතිවන වලාව ‘සඳ වෙල’ යි. ‘සඳින් යන තැන ‘සඳ’ යනු (පා.සං) ‘ඡන්ද’ ශබ්දයෙනි; සැන්දෑයෙහි. නැටීම ඊශ්වරයා ගේ සිරිතෙකි. කීර්ති නමැති ළැවු ගින්න දුවන කල්හි සන්ධ්යාන වලාහකය පහළ වී යයි හෙවත් සැන්දෑ වී යයි සිතීය. රැවටුණෙලු- ‘රවට’ (රැවටීමෙහි) දයින් සිදු ‘රැවටුණු’ යන කෘදන්තයෙන් පර ව ‘ඒ’ විබත් පස වූ කල රැවටුණෙ’ යන ප්රගථමා විභක්ත්යනන්තවචනය සෑදෙ යි. ඡන්දස රැකීමට මෙහි හ්රතස්ව විය. ආඛ්යාතතය ‘වී’ යි ගත යුතු යි. ‘රැවටුණේ’ යනු එයට විකෘති කර්තෘ යි. ‘ලු’ යනු ශ්රැෙතිසු වචනාර්ථ යෙහි ‘ආරංචියක් කීමෙහි’ වැටෙන නිපාතයෙකි. අහෝ - ඛෙදාර්ථහ නිපාත යි. පෙඬ’රඟ - පණ්ඬරාඬග, සුදු සිරුරක් ඇතියෙන් ඉසුරට නමි. 48
ප:- ඒ රජුගේ, තද තෙද ගිමන - ස්තබ්ධ වූ තෙජස නමැති ග්රී:ෂ්මයෙන්, රුපඹුවන් - සතුරු ස්ත්රිථයන්ගේ තන-පයොධර නමැති, රන හස - සවර්ණ හංසයෝ, පුඬුතුඩු- චුංචුක නැමති චඤ්චුන්, උඩ තබමින - ඌර්ධව, උර විල- වක්ෂසතල නමැති තඩාගයෙහි, කුමුටුවූ මෙන- නිමග්න වූවන් වැනි වෙති.
භා:- හංසයන් ග්රීැෂ්මයෙන් පෙළෙන විට මුව උඩුකුරු කර ගෙන විල්හි ගිලීම ස්වභාවයෙකි. මේ රජුගේ තද තෙද නමැති සවර්ණන හංසයෝ ද තන පුඩු නමැති මුව උඩුකුරුව තබාගෙන ඒ ස්ත්රී න්ිගේ හෘදය නමැති විලෙහි ගිලුණවුන් බඳුය. රජුගේ තෙදින් සතුරු ස්ත්රීඩන් ගේ තනපුඬු වියලී ගිය බව මෙයින් පැවසිණ.
වි:- තද තෙද ගිමිණ - කරණ විබත්, ‘ගිමින’ යන්නෙහි ප්රධකෘතිය ‘ගිම්’ යනු යි. (පා) ‘ගිම්හ’ ශබ්දයෙනි. රුපඹුවන්-රුපු+අඹුවන්, සතුරු රජුන්ගේ භාර්ය්යා වන්, තන - (පා) ‘ථන’ ශබ්දයෙනි. පුඩු තුඬු - පෙළෙහි පුඩු තුඩු
දහම්සොඬ කව් වැනුම 87
යනු වැරැදීමෙකි. ‘පුඩු, (පා) ‘පිණ්ඩ’ ශබ්දයෙනි. ‘තුඩු-(පා) ‘තුණ්ඩ’ ශබ්දයෙනි තුඩු+උඩ, තුඩුව කුමුටු-‘කුමුදු’ (ගැලුම්හි) දයින් සිදු අතීත කෘදන්ත ය. අවසන් කිරිය ‘වෙත්’ යි ගත යුතු යි. ‘තනහස’ යනු ප්ර කෘති කර්තෘතයි. ‘කුමුටුවුමෙන්’යනු විකෘති කර්තෘි යි. මෙසේ වූයේ තම හිමියනට විපත් වෙති යන බිය හෙතු කොට ගෙනය.
49
ප:- ඔහු-ඒ බඹදත් රජුගේ, තෙදගමඩලින - තේජස නමැති අග්නි මණ්ඩලයෙන්, රුදු රුපුවන - රෞද්රඩ වූ සතුරු නැමති වනය, හළුකරන - භස්ම කරන කල්හි, රුපඹුන් - සතුරු සත්රීූන්ගේ, රත් නුවන- රක්තනෙත්රකය, ඉන්-ඒ ගිනි මැලයෙන්, නැඟී- උද්ගත වූ, පුලිඟු විලසින-ගිනි පුපුරු ආකාරයෙන්, විය-(දෘශ්ය්මාන) වූයේය.
භා:- ඒ රජුගේ තෙද නමැති ගිනි මැලයෙන් නපුරු සතුරන් නැමති වනය අළු කරන විට සතුරු වනිතාවන් ගේ ඇස් රතු විය. කොපය නිසා ය, එය එම ගිනි මැලයෙන් පැන නැඟි ගිනි පුපුරු මෙන් විය.
වි:- මඬල-(පා.සං) ‘මණ්ඩල’ ගළිය - මැලය යන අර්ථප යි, නැඟි- ‘නග’ (නැගුම්හි) දයිනි. පුළිඟු-(පා) ‘විප්ථුලිඬග’ (සං) විස්ඵුලිඬග, ගිනි පුපුරට නමි.
50
ප:- එ නිරිඳු ෙග- ඒ රජතුමාගේ, තෙද නල- (තෙද අනල) තෙජස් නමැති ගින්න, නො පැකිල -ප්රාස්ඛලිත නොවී, දිගත දිශාන්තයෙහි, පැතිරී-විස්තිර්ණ්ව, දිග ඟන (දිග අඟන) දිශා නැමැති අඬගනාවන්ගේ, තන මඬල-පයෝදර මණ්ඩලයෙහි, පැහැදුල-ප්රනභායෙන් ජ්වලිත වූ, කොකු මඟරසිරි කුන්කුමාඬගරාග ශ්රිලයය, රැපැයි- ප්රනකාශ කෙළේ ය.
භා:- එ රජුගේ තේජස් නමැති ගින්න දිශාන්තයෙහි නො පැකිල පැතිරී දිශා නමැති කාන්තාවන් ගේ තන මඬලෙහි ගෑ කාන්තියෙන් බබලන කොකුම් විලවුන්හි ශොභාව ප්රහකාශ කෙළේය.
88 දහම්සොඬ කව් වැනුම
වි:- පැකිල-‘පකුලු’ (පැකුලුම්හි) දයිනි. දිගඟන-දිශාවෝම අන්ගනාවන් වශයෙන් ගන්නා ලදහ. තන මඬල-තන මැයි, මණ්ඩලාකාර (රවුම්) බැවින් මෙසේ යෙදිණ. කොකුමඟර - (පා.සං) ‘කුන්කුමාඬගරාග’ කොකුම්වලින් කළ විලෙපනය, තේජස රතුවන් බැවින් මේ යෙදීම මැනවි.කොකුම් ද රතුය. කොකුම් පොතු වලින් කළ විලවුන් ඇඟ ගෑම සිරිතකි. කොකුම්යි අන්යය වූ මල් වර්ග යක් ඇතැයි ද කියති. කොකුම් ගල්වනුයේ උණුසුම් කරනු පිණිසය.
51 ප:- ඔහු- ඒ රාජයා විසින්, කග මේ- ඛඩ්ග නමැති මෙඝයා, නගත-නගන කල්හි, රුපඹු බැම සිකි-සතුරු ස්ත්රී න්ගේ භ්රෑා නමැති මයුරයෝ, නළලත-ලලාට නමැති, රන්ගිරි අතල මත-ස්වර්ණ පර්ව ත ස්ථලය මතුයෙහි, කියඹු සඳ පිල් කැල-අලකා නමැති චන්ද්රාික්ෂිච්ඡ සමූහය, විදා ගත - විසතිර්ණත කර ගත්හ.
භා:- වැසි වසින විට පිල් විදහා ගැනීම මොනරුන්ිගේ සිරිතය. මේ රජුගේ කඩුව මේඝය වැන්න. එය ඔසොවන කල සතුරු ස්ත්රීරන්ගේ බැම නැමති මොනරු නළල නැමති ගල්තලය මතුයෙහි කියඹු නැමති සඳ පිල් විදා ගත්හ. මොනරුන් වැසි වසින විට විදහාගෙන නටන්නේ සතුට හේතුකොට ගෙනය. සතුරු අඹුවන් ගේ බැම නැමති මොනරුන් නැටුයේ සතුට නිසා නොවේ. සිය හිමියනට විපත්වෙති බියෙනි. කියඹු වැල් නළලෙහි කරනුයේ අලඬකාරය පිණිස ය. රජු ගේ කගමේ නැගීමෙන් බිය පත් වූ සතුරු ස්ත්රි න් ශෝකයෙන් කියඹු වැල් නළල මත අතුර, ගත් බව මෙහි අදහස යි.
වි:- සිකි-(පා) ‘සිඛි’ (සං) ‘ශිඛින්’ ශිකාවක් ඇතිනුයි මේ නමි. ‘ශිඛා’ නම් (සිළුව) කුඩුම්බි ය යි. නලලත- අග ‘අත්’ යනු ස්වාර්ථු ප්ර ත්යශය යි. නළල ම නළලත්, රන් ගිරි අතල- දිගට විහිදී ගිය ගල් තලාව ‘අතල’ නමි. නළල ද එ වැනිය. කියුඹු -නළලට
දහම්සොඬ කව් වැනුම 89
වැටෙන සේ කොටකර කැපූ රැළි සහිත කෙස් රොදට නමි. සඳපිල්-සඳස් සමූහ යයි. විදා - ‘විදහා’ (විදැහීමෙහි) දයිනි. ‘විදහා’ යනු හලොපයෙන් හා දීර්ඝ යෙන් ‘විදා’ යි සිටියේ ය. ගත-‘ගන්’ දයින් සිදු අතීත ප්රුථම පුරුෂ බහු වචන යි. කර්තෘව ‘බැම සිකී’ ය.
52
ප:- ඒ නිරිඳු - ඒ රජ තෙමේ, හැම දවස - සියලු දිනයෙහි, විතරණ - පරිත්යාකගය, විකුම් - වික්රවමය, සබවස - සත්ය වචනය, එ තමා - ඒ තමා ගේ, දිවි විලස - ජීවිතය පරිද්දෙන්, නුවණින් යෙදී - ඥානයෙන් යුක්තව, නිසි ලෙස - සුදුසු සේ
වි:- රකී - ‘රක්’ (රැකුම්හි) දයිනි. යෙදී, - යොද, (යෙදුම්හි) දයිනි.
53
ප:- එ නරවර සුර තුරු - ඒ නර ශ්රෙුෂ්ඨයා නමැති දිව්යී වෘක්ෂය, වැළඳි - ආලිඬගනය කළා වූ, කප්ලිය එක යුරු - කල්ප ලතාව හා එකාකාර වූ, සුරූ - මනා රූ ඇති, කැත් කුලඟනක් - ක්ෂත්රි ය කුලාඬ්ගනාවක් තොමෝ, අග බිසෝ තනතුරු - අග්රඟ මහිෂි ස්ථානාන්තරයට, සැපත් වූ - සම්ප්රාඑප්ත වූ වා ය.
වි:- නරවර - නරනට වර නරවර, සුරතුර - දෙව් ලොව ඇති සිතූ පැතූ දේ දෙන වෘක්ෂ යි. මන්දාර, පරිජාත සන්තාන, කල්ප වෘක්ෂ, භරි චන්ද න යි සුරතුරු පසෙකැයි කියති. වැළඳ-පෙළේ ‘වැළඳ’ යනු වැරදීමෙකි. ‘වළඳ’ ධාතුව අනුභවාර්ථයෙහි ද ‘වළඳ’ ධාතුව පරිභොග, ආලිඬගනාදී අර්ථයන්හි ද වැටේ. කප්ලිය - දෙව් ලොව ඇති කැමති සම්පත් දෙන ලතාවෙකි. සුරු තුරෙහි කප්ලිය එතීම මනා ගැළැපීමෙකි. එකයුරු - එක්+අයුරු, එක වාගේ, සුරු - මනා රූ යමකට ද ඕ සුරු, සැපත් - ‘සපමුණු’ දයින් සිදු කෘදන්ත යි. (පා) ‘සම්පත්ත’ ප්රවථම පුරුෂ බහු වචන යි, ප්රුකෘති ‘කැත්කුලඟ-
90 දහම්සොඬ කව් වැනුම
නක්’ ය, ‘සැපත්’ යනු විකෘති කර්තෘද යි. ‘අග බිසො තනතුරු’ යනු ‘සැපත්’ යන්නෙන් කර්මසය යි, ‘වූ’ යන බහු වචන ක්රි යාවට එක වචනයෙන් කර්තෘ සිටියේ හෙළුයෙහි එය විශෙෂ රීතියක් බැවිනි. ස්ත්රී ලිඬග කර්තෘ් පදය එකබස් වුව ද අතීත ආඛ්යාෙතය බුහු බසින් යෙදිය යුතු යි.
54
අ:- නෙත් අට සිරිරති පළමුකොට මවා බලමින් රුසිරු ගුණ කැටිකොට යළි මනතුට මෙ ලඳ මැවූ වැනි.
ප:- සිරිරති - ශ්රීන කාන්තාව හා රති දෙවඟන, රුසිරු-මනොඥ වූ, කැටි - එකතු, යළි - නැවත, මනතුට - සිත සතුටු කරන, මැවූ වැනි - මවන ලද්දාක් වැනි ය.
වි:- සිරි - විෂ්ණු භාර්ය්යාරව යි. රති - අනඬ්ගයාගේ බිරිය යි. මේ දෙදෙන රුසිරින් අග්රි ය. මවා - ධාතුව ‘මව’ (මැවුමහි)ය. බලමින් - ‘බල’ (බැලුම්හි) දයිනි. නෙත් අට - බ්රකහ්මයා යි. ‘අටනෙත්’ යි සිටිය යුත්ත එළිසමය පිණිස මෙසේ යෙදිණි. මැවූ වැනි -‘වේ’ යි අද්ධ්යාළහාර්ය්යස ක්රිටයාවට විකෘති කර්තෘ යි. ‘මෙ ළඳ’ යනු ප්ර්කෘති යි. මැවූ-යනු ‘මව’ (මැවුම්හි) දයින් සිදු කර්මයකාරක කෘදන්ත යි. සිරි රති මැවීමෙන් සැක හැර පසුව මේ කාන්තාව මැවිණැ යි කීමෙන් ඒ දෙදෙනාට වඩා මෑ රුසිරින් අගපත් බව හැෙඟ්. පුහුණුව ලැබීමෙන් පසු කරන නිර්මඩණයෙහි වරදක් නැති බැවිනි.
“සිරිරත් පළමුවෙ න සැක හැර මවා බලමි න යළි ලොවැදුරු විසි න මවා ලූ වැනි රුසිරු මෙ කලු න යි කුසදා කව්හි කියන ලදුයේත් මේ අදහස මැයි.
55
ප:- වතින් - වක්ත්රනය කරණ කොට ගෙන, සලකය- චන්ර්ාුටයා හා, සරි - සමාන වූ, පවින් - පාපයෙන්, වැලකය-වැලකී, පවතින - පවත්නා වූ, දුලකය - ජ්වලිත ශරීර
දහම්සොඬ කව් වැනුම 91
යෙකින්, යුතු-යුක්ත වූ, එ ළඳ - ඒ කාන්තාව, නොයෙක් රජඟන - අනෙක, රාජාඬ්ගනාවන් ගේ, නළල-ලලාටයෙහි, තිලකය - තිලකාභරණයක් වැනි ය.
වි:- සලක - සාලක (සාවකු ගේ ලකුණ) යමෙක හේ සාලක චන්ර්භරණයා යි. වතින් සඳ වැනි ය යි කීමෙන් සඳවන් සෞම්ය මුහුණක් ඇති බව පැව සේ. වැලක - ‘වලක’ (වැලකීමෙහි) දයිනි. තිලකය - ස්ත්රීේන් ගේ නළයෙහි අලඬගාරයක් වශයෙන් සාදන තිතෙකි. අවසාන ක්රිලයා ‘වේ’ යි ගත යුතු යි. ‘එළද’ යනු ප්රාකෘති කර්තෘ ද, ‘තිලක්යේ’ යනු විකෘති කර්තෘේ ද වේ.
56
අ:- වෙසෙස තුනු රුසිරෙන් පසක් සිරිසඳ ලෙද නිදොස කුලදම් රැකි පවර ගුණ යුතු එ බිසොවුන් කුස-
ප:- වෙසෙස් - විශ්ෂ්ට වූ, තුනු රුසිරෙන් - ශරීර සෞන්දපර්ය්යඑයෙන්, පසක් සිරිසඳ - ප්රනත්ය ක්ෂ ශ්රීු කාන්තාව නිදොස - නිවැරැදි, කුලදම් - කුලධර්මන, එබිසොවුන් - ඒ මහිෂිය ගේ, කුස - ගරුභයෙහි.
වි:- වෙසෙස - අනුන් හා සමාන නො වන බව දැක් වේ. දිසි - ‘දිස්’ දයින් සිදු කෘදන්ත යි. පසක් සිරි සඳ - ශ්රීද කාන්තාව වසනුයේ දිව්යත වලකයෙහි ය. මෝ තොමෝ ප්රකත්ය.ක්ෂ වූ ඇසට පෙනෙන සිරිකත යි. මිනිසුනට නො පෙනෙන සිරිකත මැගෙන් ප්ර්කාශ වේ. කුලදම් - කුල චාරිත්රට යි. නිදොස යනු යෙදුනේ සදොස් වූ ඇතැම් කුලසිරිත් ඇති බැවිනි. බිසොවුන් - අභිෂෙක කරනු ලැබූ රජ කුමරිය “බිසොවු” නමු.
57
අ:- දන් සිල් ඈ වෙසෙස සමතිස පෙරුමන් පුරන තිලොව එක ඇස සදිසි පින් රැස බෝසත් තුමා දිනි.
ප:- ඈ - ආදි වූ, වෙසෙස - විශෙෂය ඇති, සමතිස් පෙරුමන් - සමත්රිංිශත් පාරමිතාවන්, තිලොව - තුන් ලොකයෙහි, පින්රැස - පුණ්යු රාශියක් (පින් පිඬක්) වූ, දිනි - උපන්නේ ය.
92 දහම්සොඬ කව් වැනුම
වි:- වෙසෙස - පාරමිතා දානය ශීලය ආදි වශයෙන් විභාග කරන ලද්දේ වෙයි. සමතිස් පෙරුමන් - දාන, ශීල, නෛෂ්ක්ර ම්ය , ප්ර ඥා, වීර්ය්යෙ, ක්ෂාන්ති, සත්ය , අධිෂ්ඨාන, මෛත්රීර, උපෙක්ෂායි පාරමිතා දශයෙකි. එක් පාරමිතාවෙක්, පාරමී, උප පාරමී, පරමාර්ථද පාරමී යි තුනකට බෙදෙන තිසෙකි. ‘පෙරුම්’ යනු පාරමී ශබ්දයෙනි. එනම් සසර සයුරෙන් පරතෙරට පමුණුවන පායිත ගුණ යි. ‘පෙරුම්’ සද කම් විබත් බුහු; බස්හි ‘පෙරුමන්’ යි සිටියේය. ඇතැම් නපුංසක ලිඬග ශබ්දයෝ මෙසේ ‘අන්’ විබත් පස ගනිති. තිලොවෙක- තිලොව+එක; ‘තිලොව’ නම් සවර්ග , මර්ත්යප, පාතාල යි හෝ කාම රූප, අරූප යි තෙ වැදෑරුම් ලෝකය යි. ‘දිනි+ය’ ය’ලොපයෙන් ‘දිනි’+ ‘අ’ ‘දීර්ඝ ’ වීමෙන් ‘දිනි’ ධාතුව ‘දන’ (දිනුම්හි) ය පිළසිඳ ගැන්ම සඳහා මේ යෙදිණ. පින්රැස - බෝසත් තුමා පින් ගොඩක් වැනිනු යි මෙසේ කියන ලදි.
58
ප:- නිදොස - නිර්දෝෂ වූ, ගනකුළෙකින් - මේඝ කූටයකින්, නිකුත් - නිෂ්ක්රානන්ත වූ, සඳමඬලක් ලෙස- චන්ර් ි මණ්ඩලයක් මෙන්, ‘දස කඩ මස’ - අඛණ්ඩ දශමාසයක් පිරි - පූර්ණේව, කුමරිඳුතුමා - කුමාර චන්ද්රොුත් තම යා; නිසි ලෙස - යොග්යක පරිද්දෙන්, බිහිවි - බහිර්භූත විය.
වි:- ගන කුළෙකින් - වලාකුළෙකින් ‘ගන’ යනු මෙඝ යට නමි, නිදොස- වලාකුළු, මීදුම්, දුම්, රාහු, රජසය යන පසින් යුක්ත වූ චනර්යන යා නො බැබළෙ යි. එබඳු දොසක් නැතියෙක ‘නිදොස්’ ය. නිකුත් - ‘නිකුම්’ දයින් සිදු කෘදන්ත යි. පිරි - ‘පුර’ දයිනි. දසකඩ මස - ‘දස අකඩ’ යනු ‘දසකඩ’ යි සන්ධි විය. ‘අකඩ’ යනු අඛණ්ඩ (නොකැඩුණු) යන අර්ථය. ‘අකඩ දසමස’ නම් සම්පූර්ණ. දශ මාස යයි. පුරා දස මසක් ම මවු ගබෙහි හැම සත්ත්වයෝ ම නො වසති. එබඳු විශෙෂයක් ඇත්තේ බුදුවන අත් බැව්හි බෝසතුන් පිළිබඳව පමණි. අනිත් සත්ත්වයන්ගේ ගර්භවාසය දසමසක් හෝ එයට අඩු වැඩි
දහම්සොඬ කව් වැනුම 93
ගණනක් විය හැකි යි. රසවාහිනියෙහි ‘ධම්මසොණ්ඩක වත්ථුයෙහි දහම් සොඬ කුමරු මව් ගැබෙහි විසූ මාස ගණනක් කියා නැත. එහි පරිවර්තඬනය වූ සඬර්මාවලංකාරයෙහි ‘දස එකඩ මස් ඇවෑමෙන්’යි යෙදිණ. හෙළු පොත් හි මෙසේ යෙදුණේ පාළි පොත් හි එන ‘දසමා සට්ටයෙන’ යන්න වෙනුවට ය. එ හෙයින් දසකඩමසයි. පැවති ව්ය වහාර ‘දසසෙකඩ මස’යි වෙනස් වී යයි හැෙඟ්. දසෙකඩ මස එකක් අඩු දසමසැ යි ඇතැම් හු තෝරති. එවිට ගැනෙන්නේ නව මාසය යි. සමහරු දස මාසයකුත් අර්ධ මාසයෙකැයි කියති. මේ තේරුම් ගත හැකි වුවත් සිදුහත් කුමරුන් ගේ ගර්භ වාසය පිළිබඳ වර්ණ නයන් හි පවා ‘දසකඩ මස’යි ඇතැම් පොත් කතුවරුන් යොදා තිබෙන බැවින් ‘ඛණ්ඩ’ දසමාසය යන අර්ථ ය ම මැනවැ යි කල්පනා කරම් හ. යමෙක් දස මස් පසළොස් දිනක් හෝ නව මසක් මවු ගැබෙහි විසීයයි කියන ලද තැනෙක් වේ නම් එ තැනට යට කී අර්ථ කීම වරදක් නැත. බිහිවි - ‘බිහි’ යන ‘පිටත’ යන අර්ථ ඇති නිපාතයෙකි. (පා) ‘බිහි’ යන්නෙන් ආයේ ය. එය මෙහි ‘වි’ යන්නට වහල් ය සිටියේය. දෙකම එක පදයක් වශයෙන් ගනු ලැබේ. කුමරිඳු තුමා - කුමාර චන්ර්ි උත්තමයා යන අර්ථ යි. ‘ඉඳු’ යනු (පා) ‘ඉන්ද්රව’ ශබ්දයෙනි.
59
ප:- එ බුදුකුරු-ඒ බුඬාංකුරයා, බිහිවත- බිහිවන කල්හි සව්ලො දනෝ-සකල ලෝකවාසී ජනයෝ, හද තුරු - සිත් තුල, සදහම් ලකුණු-සඬර්මැ සංඥාව, දාරු-ධාරණය කළහ. ඉන් - ඒ හෙතුයෙන්, එ කුමරු -ඒ කුමාරයා, දහම්සොඬ නම් ධර්මර ශෞණ්ඩ යන නම ඇත්තේ. වි-වූ යේ ය.
වි:- හද තුරු-හද+අතුරු, ‘අතර’ සද ‘අන්තර’ (අතුළ යන අර්ථ ඇත්තේ ය. සදහම් ලකුණු - (සඬර්ම් ලක්ෂණ) මේ කුමරු උපදිනවා සමග ම සියලු සතුන් ගේ සිත්හි ධර්මු සංඥාව උපන් බව කියා තිබේ. ‘සංඥාව’ මෙහි ලකුණු’යි කී බව හැෙඟ්. දාරු-‘දර’ (දැරුම්හි) දයින සිදු ආඛ්යාංත යි-
94 දහම්සොඬ කව් වැනුම
60 ප:- එ කුමරු- ඒ කුමාරයා, දෙගුරුන් - මවුපියන් ගේ පෙම් සයුර - ප්රෙඑම සාගරය, නිරතුරු - නිරන්තරයෙන්, ඔදවඩමින්-ඔජොධික කෙරෙමින්, සරු- සාරවූ, නවසඳ සිරින් - අභිනව චන්ර්ඩ ශ්රිෙයෙන්, රුසිරින් යුතුව- රූපශොභායෙන් යුක්තව, වැඩිණි-වෘඬියට පැමිණියේ ය.
වි:- දෙගුරු-මවුපිය දෙදෙන දරුවන්ගේ මුල් ගුරුන් හෙයින් ‘ගුරු’ නම් වෙති. පෙම් සයුර - මවුපියන් ගේ=සිතෙහි දරුවෙක් පිළිබඳ ව ඇතිවන ප්රෙ’මය අප්රුමාණ බැවින් එය සයුරට උපමිත යි.
ඔද වඩවමින් - මුහුදෙහි දිය වැඩිවීම, ‘ඔදවැඩීම’ යයි කියනු ලැබේ. ඔජය අධික වීමයි ‘වඩ’ දයින් සිදු ප්රමයොජ්ය මිශ්ර ක්රියයා පදය ‘වඩවමින්’යි සිටියේ ය. නවසඳ - අලුත් සඳ එය ක්ර මයෙන් වැඩෙන්නා සේ, කුමරු ද ක්රයමයෙන් වැඩුණේ ය. සාමාන්යඳ චනද්ර යා සයුරෙහි ඔද වඩ වන්නා සේ, මෙ කුමරු නමැති නවසඳ දෙගුරුන්ගේ ප්රෙටම නමැති සාගරයේ ඔද වැඩි විය. සඳ දැකීමෙන් මුහුදෙහි දිය වැඩෙතැ යි කියති. කුමරු සඳ දකින විට මවුපියන්ගේ ප්රෙඳමය ද වැඩි විය. වැඩිනි-‘වඩ’ දයින් සිදු නිරුත්සාහික ක්රිේයා යි. කර්ම යෙක් නැත. ‘එ කුමරු’ යනු කර්තෘ යි.
61
අ:- සිවුසැට කලාව ද; මනනඳ දස අටක් පොරණ නෙක අවි ශිල්පය ද කුමරු නැණින් පිරි සිඳ ඉගෙන-නෙක අවි ශිල්පය ද කුමරු නැණින් පිරි සිඳ ඉගෙන-
පා:- සිවු සැට කලාව ද-සැට සතරක් කලා ශිල්ප ද, මනනඳ-සිත තුටු කරණ, දසටක් පොරණ-අෂ්ට දස පුරාණ ද, අවි ශිල්පය ද- ආයුධ ශිල්පය ද,
වි:- සිවු සැට කලා-අක්ෂර, ලිඛිත, ගණිත, ගාන්ධර්වආ, තර්ක, ව්යාපකරණාදිය යි. පූජාවලියේ 135 වැනි පිටුව හෝ සඬර්මාලංකාරයෙහි දහම් සොඬ වස්තුව බැලිය යුතු.
දහම්සොඬ කව් වැනුම 95
දසටක් පොරණ - ‘පුරාණ’ නම් ඉතිහාස විශෙෂයෙකි. බ්ර්හ්ම - පද්ම - විෂ්ණුශිව - භගවත් නාරද - යාර්කණ්ඩෙය-අග්නි-භවිෂ්යෙත්-බ්රමහ්ම-වෛවර්න-ලිංග-වරාහ-ස්කන්ධ-වාර්මගන- කුර්මහ - මස්ත්යක-ගරුඬ - බ්රා හ්මණ්ඩ - පුරාණ යන දහ අට ය.
අවි ශිල්පය-ආයුධ වර්ගන බොහෝ යි. ඒ සියල්ල ම සිවු කොටසකට බෙදනු ලැබේ. ‘මුක්ත’ (අතින් දමා ගසන අවිය) ‘අක්ත’ (අතින් නොමුදා ගසන කඩු ආදිය) යි. ‘මුක්තා මුත්ත’ (ගසා ආපසු ඇද ගන්නා තොමරාදිය)ය. ‘යන්ත්රබ මුක්ත’ (යන්ත්රප වේගයෙන් යවන හී ආදිය ය යනු යෙනි. උගෙන-‘උ’ ‘පූර්වත’ ‘ගත්’ (ගැනුම් හි) දයින් උගැන උගෙන පිළිපෙරළියෙන් ‘ඉගෙන’
62
පා:- සුගුණ මිණි-යහපත් ගුණ නමැති මාණික්යසයනට මුහුදුව-සමුද්රරයක් ව, සත සතන් කොඳ - සත්වයන් ගේ සිත් නමැති කුන්දරපුෂ්පයනට, තරිඳුව-චන්ද්රණයා ව, සිරිසඳ ට - ශ්රීර කාන්තාවට, උවිඳුව-විෂ්ණුව, මුළු දඹදිවට - සමස්ත ජම්බුද්වීපයෙහි, පසිඳුව - ප්රහසිඬව, විසු-වාසය කෙළේය.
වි:- සුගුණ මිණි මුහුදුව - මනා ගුණ සුගුණ සුගුණ ම මිණි සුගුණ මිණි මුහුද රුවනට ආකාරය වෙයි. බෝසත් තුමා යහපත් ගුණ නමැති රුවනට සමුද්රුය බඳු විය. මුහුදු යනු (පා) සමුද්ද ශබ්දයෙනි. සමුද්රි-මුසුදු-මුහුදු සතන්කොඳ සතන් යනු (පා) ‘සන්තාන’ ශබ්දයෙනි. චිත්ත වාචියි. චන්ද්ර යා කොඳ ‘පුබුදුකෙරේ’ බෝසත් තුමා සතුන්ගේ සිත් නමැති කොඳ මල් පුබුදු කෙරේ. එහෙයින් ‘තරිඳු’ බඳුය. තරුන්ට ඉඳු ‘තරිඳු’.
සිරිසඳ - මෙහි ‘සඳ’ සඳ ‘කාන්තා’ වාචි යි. උවිඳු-(උපෙන්ද්රද) ශක්රසයාට අනතුරු ව උපන් හෙයින් විෂ්ණු මෙ නම් විය. විෂ්ණු තෙමේ වාමන වෙශධාරී ව කාශ්යුපයාට දාව අදිති නම් තැනැත්තිය ගේ කුසෙහි උපන්නේ ශක්රීයාට අනතුරු ව යයි කියති. ශ්රීත කාන්තාව ගේ ස්වාමි
96 දහම්සොඬ කව් වැනුම
පුරුෂයා යි විසී- එ කුමරු යනු කර්තෘ යි, දඹදිවට-අදර විබත්, දඹදිව, (ජම්බුද්වීප) යනු හිමාලයෙහි වූ විශාල ‘දඹ’ (ජම්බු) රුකත් නිමිති කොට ගෙන ප්රවකට වූ දස දහසක් යොදුන් පමණැති මහ දිවයින යි. ‘දඹදිව’ නම් ආසියාට යයි ද යුරේෂියාව යයි ද යනාදි මත පවතී. බොහෝ තන්හි ‘ඉන්දියාව’ මේ නමින් ව්ය වහෘත ය.
63
අ:- පෙරඩ මස සඳ ලෙස, දින දින නිසි ලෙස වැඩි සොළොස් වස පැමිණෙත කුමරු දැක පිය රජ තොස වෙමින්-
ප:- පෙරඩ මස-පුර පක්ෂයෙහි වූ දින දින-දවස් පතා, සොළොස්-දහසය.
භා:- පුරපස සඳ මෙන් දිනපතා නිසි පරිදි වැඩි සොළොස් අවුරුද්දට පැමිණෙන කල්හි කුමාරයා දැක පියරජතුමා සතුටුව-
වි:- පෙරඩමස-චන්ර්නිස මාස දෙ ආකාර වේ. පූණර්මාිනත් අමාන්ත යි. පුර පසළොස්වක අන්ත කොට ගන්නා ක්ර මය පූර්ණතමාන්ත යි. අමාවක අන්ත කොට ගන්නා ක්රකමය අමාන්ත යි. පූර්ණආමාන්ත ක්රඅමයෙන් මාසයේ මුලට යෙදෙනුයේ අවපක්ෂය යි. අමාන්ත ක්රරමයෙන් පුර පක්ෂ යි. ‘පෙරඩමස’ යන්නෙහි ප්රරකට ව පෙනෙන අර්ථුය නම් පූර්ව්ධර්ම මාසය යනු යි. එහෙත් එ පමණකින් නිශ්චයට යා යුතු නොවේ. ‘පෙරඩමස’ යනු පුර පක්ෂය’ යන අර්ථක ඇත්තේ ය. මාසයෙහි මුල අග දෙකින් කොතැනට යෙදුන ද එයින් ගැනෙනුයේ ‘ශුක්ල පණය’ යන අර්ථය මැයි, ‘පුර’ යනු කලෙක දී ‘පෙර’ යි පෙරළෙන්නට බැරි කමක් නැත. ‘අපරඩමස’ යන්නෙහි ‘අ’ යන්න ලොප් වී ‘පරඩමස’ යි වහරට පත් ව කලෙක දී ‘පරඩමස’ කියා, පෙරැළිණැ’යි සිතීමට ඉඩ තිබේ. කෙසේ වුව ද ‘පෙරඩමස’ යන්නෙන් මෙහි ගත යුත්තේ ‘පුර’ පක්ෂයෙහි’ යන අර්ථය යි.
දහම්සොඬ කව් වැනුම 97
දින දින - අදර විබත්, පුරපස සඳ දිනෙන් දින වැඩෙන්නේය. කුමරු ද දිනෙන් දින වැඩුණේ ය. ‘වැඩි’ යනු ‘වඩ’ දයින් සිදු පෙර කිරිය යි.
පැමිණෙන - ‘පමුණ’ දයින් වූ කාලාර්ථය අසම්භාව්යු කෘදන්තයි. ‘දැක’ ‘දිස්’ දයිනි ධාතුවට ‘දක්’ යනු-ආදේශ වේ.
64 ප:- සුරු - ශුර වූ, සිවුරඟ සෙනඟ - චතුරඬග සේනාව ද, කීකරු - කිඬකර, මැතිවරන් සහ-අමාත්යිවරයන්ද, සව් ඉසුරු සමගින්-සියලු සම්පත් සමගින්, යුවරාජ තනතුරු - යුවරාජ ස්ථානාන්තරය ද, බාර කෙළෙ - ප්ර්දානය කෙළේ ය.
භා:- දක්ෂ වූ සිවුරඟ සෙනගත් සුවච වූ ඇමතිවරයනුත් සියලු සම්පත් සමග යුවරජ කමත් බාර කෙළේය.
වි:- සිවුරඟ සෙනඟ- සිවු (සතර) අඟක් (අවයවයක්) ඇත්තේ ‘සිවුරඟ’ යි ‘ර’ කාර ආගම යි. ‘සෙනඟ’ යනු සෙනාවට නමි. ‘සෙනාඬග’ යි කීම නො ගැළපේ. ප්ර කෘතිය ‘සෙනඟ’ ම ය. අග ‘අග’ යන්න ලොප් වීමෙන් ‘සෙන්’ යි සිටිතැ යි කල්පනා කරනු ලැබේ. සෙන් ම සෙනඟයි ගතහොත් ‘අග’ යන්න ස්වාර්ථ ප්රපත්යේයෙකි. මැති - ‘ඇමති’ යන්නෙහි ආදිය ලොප් වීමෙනි. ‘මන්ත්රීව’ ශබ්දයෙන් ආ ‘මැති’ ශබ්ද ගතහොත් මන්ත්‍රීවරයන්’යි අර්ථය ගතයුතුයි.
කීකරු-කුම් කෙරෙම් දැයි පිළිවස කරනුයේ ‘කීකරු’ එයම මුල දීර්ඝ් වීමෙන් ‘කීකරු’යි සිටී. සමඟින්-නිපාතයි.
යුවරාජ තනතුරු - ‘යුවරජ’ යන්නෙහි අර්ථසය තරුන රජ යනුයි. පිය රජු විසින් පුත්රමයාට දෙන රජකම යුවරජ කමයි ‘කෙළෙ’ යන්නට ‘කර්තෘැ’ පියරජය.
65
අ:- එ තුවක් පටන් සිට හැමවිට සිහි නැණ යුතුව සිය නෙත් යුග ලෙසට සව්ලෝ සතුන් තුටු කොට රකී. 4
98 දහම්සොඬ කව් වැනුම
ප:- එ තුවක්- එතැන්-එකල, සිය නෙත් යුග- තමාගේ ඇස් දෙක, සව්ලෝ-සියලු ලෝ වැසි.
වි:- එ තුවක්- නිපාතයි, පටන් සිට- නිපාත දෙකකි. ‘ඒ කාලයේ සිට’ යනු අර්ථියි. සිහි- (සති, ස්මෘති) හොඳ නොහොඳ විභාග කරන සිතිවිල්ල යි. රකි කර්තෘය කුමරුය. සව් ලො සතුන යනු කර්ම‘ ය.
66
ප:- පියරද- පිය රජහු ගේ, ඇවෑමෙන්- ඉක්මයාමෙන්, පෙර රජ දහම - පූර්වක රාජ ධර්මිය, පිළිපැද ප්රෙතිපාදනයකොට, මිණි කිරුළ - මිණියෙන් කළ ඔටුන්න, හිස - ශීර්ෂවයෙහි, පැළඳ - ප්රපසාදනය කොට, දඹදිව්තලට - ජම්බුද්වීප තලයෙහි, අගරද විය-අග්රඉරාජයා වූයේ ය.
වි:- ඇවෑමෙන් - ‘ඇවෑම’ යනු ප්රිකෘතිය යි. හැෙඟ්, පාලියෙහි ‘අව්වය’ යනුයි. ‘ඉකුත්වීම’ යනු අර්ථඅයි. නිපාතයෙකැ යි සිතිය හැකි යි. පෙර රජ දහම පුරාණ රජවරුන්ගේ නීති, දශරාජ ධර්මුයයි, එනම්; දන්දීම, සිල් රැකීම, පරිත්යානගය, සෘජුකම, මොළොක් ගතිය, ඉන්ද්රිදය දමනය, ක්රො ධ නො කිරීම, ඉවසීම, අවිරුද්ධ බව යනුයි. පිළිපැද-ධාතුව ‘පිළිපද ය’ රජ දහම පිළිපැදීම නම් රාජ ධර්මකය රැකීමයි. මිණිකිරුළිස-මිණිකිරුළ+ඉස ‘කිරුළු’ යනු (ප.සං) ‘කිරිට’ ශබ්දයෙනි. රුවන් විසුරුවනු ලැබේනුයි මේ නම වැටිණ. මැණික් ඔබ්බා කළ කිරුළ මිණිකිරුළ යි. පැළඳ - ‘පළඳ’ ධාතුයි. අගරද-අග්ර රාජ, මහරජ.
67
ප:- දිඩ- මහත් වූ, සිවුපා-සතර උපාය නමැති, පදැති පාදයෙන් යුක්තවූ, ඉඩනොව-අවකාශ නොව, බස් මද-වචන නමැති මද ජලය, වැහෙන-වැගිරෙන්නාවූ, දහම් සොඬ යුතුවූ-ධර්ම- නමැති ශුණ්ඩාවෙකින් යුක්තවූ, දහම්සොඬ-දහම්-සොඬ රජ තෙමේ, වරණසිරි-වාරණ ශ්රීැයය ඉසීලී-උද්වහනය කෙළේය.
දහම්සොඬ කව් වැනුම 99
භා:- දහම් සොඬ රජතුමා ඇතකුගේ ශොභාව ඉසිලීය. කවර හෙයින් ද? සතර උපාය නමැති පා සතරක් ද වචන නමැති මඳ වැගිරීම ද, ධර්මන නමැති සොඬක් ද ඇති හෙයිනි.
වි:- සිවුපා-සිවු උපා සතර උපාය, එනම්: සාම-දාන හෙද-දණ්ඩ යනුයි. බලවත් රජවරුන් සමඟ මිත්ර ව සිටීම ‘සාමය’ යි, සුදුසු විට සුදුස්සනට වස්තුව දීම ‘දාන’ යයි. ගම හට ජය ලැබෙන සේ ඔවුනොවුන් බිඳුවීම ‘හෙද’ යයි වරදට සුදුසු දඬුවම් කරවීම ‘දණ්ඩ’ යයි.
මද-ඇතුන්ගේ කොපුල් ආදී තැනින් වැගිරෙන රුක් අත්තන මලෙයි සුවඳින් යුතු ද්රරව්යුයෙකි. මෙය වැගිරෙනුයේ ශරද් සෘතුයෙහි දී ය. වැහෙන- ‘වග’ දයින් සිදු කෘදන්තයි. නොව ඉඩ - ඉඩක් නැති සේ යන අර්ථන යි. ඉසිලි - ‘උසුල’ ධාතුයි. කර්තෘන ‘දහම් සොඬ’ ය. කර්මරය ‘වරණසිරි’ ය.’
68
ප:- යසස්බිජුවට - කීර්තුති නමැති බීජයන්, ඉස-වික්ෂෙපනය කොට තද තෙදන’වැට - ස්තබ්ධ වූ තෙජසින් යුත් ආඥාව නමැති වෘතිය, තරකර- තදකොට, දඹදිව් කෙත- ජම්බුද්වීප නමැති ක්ෂෙත්රෂය, කරුණාදියෙන් - කරුණා නමැති ජලයෙන්, තෙත්කොට - ආර්දකොට, සතුට - සන්තුෂ්ටියෙන්, රකී - රක්ෂණය කෙරේ.
භා:- රජතුමා ක්ෂෙත්රන පාලකයෙකුට සමකළ හැටි යි. කෙත නම් දඹදිව යි. කෙතේ වපුල බීජ නම් කීර්තායයි. බැඳි වැට නම් තදවූ තෙදින් යුතු ආඥාවයි. කුඹුර තෙත් කරන ජලය නම් කරුණාවයි.
69
ප:- සතරක් - චතුර්විධ වූ, උපායෙන - උපායෙන් ද, තුන් සත් - ත්රි:විධ ශක්තිය, සගුණ - ෂඩ් ගුණය, සතඟින- සප්තාඬගය යන මෙයින් ද, සිවුරඟරාවතින - චතුස්- සංග්රුහ වස්තුවෙන් ද, යුතුව - යුක්තව, වෙසෙසින - විශේෂයෙන්, ලොවරැක - ලොකය ආරක්ෂාකොට, වෙසේ-වාසය කෙරේ
100 දහම්සොඬ කව් වැනුම
වි:- සතරක් උපාය - 67 වැනි කවෙහි වේ. තුන්සත්-(ත්රි ශක්තිය) ප්රේභාව, උත්සාහ, මන්ත්රෙණ යන තුනයි. ප්ර භාව නම් ධන සම්පත්තිය දණ්ඩනය යන මෙයින් හටගත් තෙජසයි. උත්සාහ නම් කාර්යයන්හි ස්ථිර ගතිය යි. ‘මන්ත්ර ණ’ නම් සතුරා සුදුසු තැන සිටුවීමේ මන්ත්රපණයයි.
සගුණ - (ෂඩ්ගුණ) සන්ධි, විග්ර හ, යාන, ස්ථාන, සංශ්ර ය වෛධීභාවය යන සය යි. බලවත් සතුරන් හා එක්වීම ‘සන්ධි’ නමි. දුබල සතුරන් හා යුද කිරීම ‘විග්ර හ’ නමි. සතුරන් හා යුදට යාම ‘යාන’ නමි. සතුරා එන තෙක් දුර්ග ස්ථානාදියෙහි සැඟවී සිටීම ‘සථාන’ නමි. ‘ආසන’යි ද කියති. එකකු මැඬීම පිණිස අනෙකකු ඇසුරු කිරීම ‘සංග්රමහ’ නමි. ‘ආශ්ර’ය’ යි ද කියති. වැඩ ඇත්නම් සංග්රරහව ද, වැඩ නැත්නම් නිග්රයහය ද යන දෙ පරිදි කිරීම වෛධිභාවය’යි සතඟ - (සප්තාඬග) රාජ්ය යක අවයව සත යි. එනම්:- රජ, අමත්යියෝ, මිතුයෝ, ධනාගාර, දුර්ග ස්ථාන, විජිත හෙවත් යටත් දෙශ, බල සෙනඟ යනු යි. මෙහි ‘රජ’ යන අංශය හැර ඒ වෙනුවට පුර වැසි ශිල්ප කර්ම න්තාදියෙහි දක්ෂ ජන සමූහයා ගත යුතු යි.
සිවුසඟරාවත - (චතුස්සංග්ර හ වස්තු) ජනයාට සංග්ර හ කරන කරුණු සතරයි. එනම්:- (1) දානය (දීම), (2) ප්රිගය වචනය, (3) අර්ථචර්ය්යාන (හිත වැඩෙහි හැසිරීම) ය, (4) සමානාත්මතාව (සියල්ලන් තමා සමාන කොට සැලකීම) යනු යි. වෙසේ - ආඛ්යාාත යි. ධාතුව ‘වස්’ (විසුම්හි) ය. ‘දහම්සොඬ’ යනු කර්තෘ යි. වෙසෙසින - තමාගේ රැකීමට ලොව රැකීම උසස් කොට සැලකූ බව මින් අඟවත්.
70
අ:- තමා රජසිරි පතා නොබෝ දවසක් ඇතුළත සිරි යහන් මත ඉඳ මෙ අප මහසත මෙසේ සැලකී.
ප:- රජසිරි- රාජ්ය ශ්රියයට, පත-පැමිණියා වූ, සිරියහන් මත- ශ්රීත ශයන මස්තකයෙහි, සැලකී - කල්පනා කෙළේය.
දහම්සොඬ කව් වැනුම 101
වි:- නොබෝ-නො බෝ, ‘බොහෝ’ නො වනුයේ යනාර්ථල ය ඉඳ- ‘හිඳු’ (හිඳුම්හි) දයිනි ‘හා’ ලොපයි. සිරියහන්- ‘සිරි’ සද යෙදුනේ උත්තමාර්ථයෙහි ය. ගරු කටයුත්ත සඳහා ‘ශ්රීද’ ශබ්ද යොගය සම්මත යි. පා ‘සයන’ සං ‘ශයන’ යනු ‘සයන්’ යි එයි. වන පෙරළියෙන් ‘යසන්’ හා ආදෙශයෙන් ‘යහන’ යි වේ. නිදාගන්නා ස්ථානය යි. සැලකි - ‘සලක’ සැලකුම්හි දයිනි. ආඛ්යාිත යි. මහසත-මහාසත්ත්ව යා ‘මහ සද’ පූජ්යාකර්ථ යි; මහා සත්ත්ව’ නම් ‘බොධිසත්ත්වස’ යි.
71
ප:- සසරෙහි - සංසාරයෙහි - සැරිසරන - සඤ්චාරය කරන්නා වූ, සතුන්වෙත - සත්වයන් කෙරෙහි . මෙත් කුළුණෙන - මෛත්රීෙකරුණායෙන්, මොක්පුර - නිවන් නමැති නගරයට, පමුණුවන - ප්රාරප්තාකරන්නා වූ, මෙ අප මුනි - මෙ අප ගේ සර්වෛඥයන් වහන්සේ විසින්, අමාමෙන-අමෘතය මෙන්, වදහළ - දෙශනා කරන ලද.(ම.ස.)
වි:- සසරෙහි- ‘සසර’ නම් නොසිඳි පවත්නා පඤ්චස්කන්ධ ධාතු ආයතනයන් ගේ පිළිවෙළ යි. භව යනු ද, නමෙකි, සැරිසරන - ‘සැරිසර’ දයිනි ‘සැරි’ යන්න පූර්වර කොට ඇති ‘සර’ ධාතු ය යි ද කියති. වදහළ - ‘වදහර’ දයිනි. අමාමෙන් - ‘අමෘතයමෙන්, මිහිරි කොට දෙසූ බැවිනි. මෙ අප මුනි වදහළ - මේ කාලයෙහි කසුප් මුනි සසුන පිරිහී ගොසිනි. එහෙත් ‘අප මුනි’ යන්නෙන් ගත යුත්තෝ කාශ්යනප සර්වොඥයන් වහන්සේ යි.
72
ප:- මුනි නැණදර - සර්වගඥයන් වහන්සේ ගේ ඥාන නමැති පෘථිවියෙහි, පිහිටි - ප්රයතිෂ්ඨිත වූ, මග පල අමා පලදර- මාර්ගද ඵල නිර්වඅණ නමැති ඵලයෙන් භාර වූ, බව ගිමන-සංසාර ග්රීිෂ්මය, දුරහළ - දුරුකළා වූ, පුවතර-ප්ර සිද්ධ වූ, සුරතුරෙ - දිව්ය වෘක්ෂයන් ගේ, සිරි - ශොභාව රැගත් - ග්රළහණය කළා වූ, (ම.ස.)
102 දහම්සොඬ කව් වැනුම
භා:- සද්ධර්ම ය සුරතුරට උපමිත යි. එය පිහිටි පොළොව නම් බුදුන්ගේ නුවණ යි. එය මාර්ගුඥාන, ඵලඥාන, නිර්වමණ යන නව ලොකොත්තර ධර්ම නමැති ඵලයෙන් බර වූ යේ වෙයි, භව නමැති ග්රීතෂ්මය හෙවත් ක්ලෙශ ග්රීගෂ්මය දුරු කෙරෙයි.
වි:- නැණදර-මෙහි ‘දර’ සද පෘථිවි වාචක යි. (පා) ‘ධාරා’ බවගිමන - ප්රලකෘතිය ‘බව ගිමන්’ ය. එනම් නොයෙක් දුක් දොම්නස් ය. සුර තුරෙක - සබඳ විබත්.
73
ප:- මෙබඳු ගුණ - මේ ආකාර ගුණ ඇත්තා වූ, සදහම් - සද්ධර්ම ය, නොමදැන - විජානනය නොකොට, සැලකුම් නොකර - සැලකීමක් නොකොට, කරන - කරන්නා වූ, මේ රජකම් - මේ රාජ්යස කර්මොය, අහෝ-අනේ, අපහට-අස්මතුනට, නො තරම් වේය - නුසුදුසු වේ මැයි.
වි:- සදහම් - (පා) ‘සද්ධම්ම’ ශබ්දයෙන් ‘සදම්’ යි එයි. හකාරාගම ව ‘සදහම්’ සිටි යි. සැලකුම් - ‘සලක’ දයින් පරව ‘උම්’ ප්රරත්ය‘ය වීමෙන් සිදු කෘදන්ත යි. ඇසුම් බැලුම් යනාදිය මෙනි. ‘වේ’ යන්නට මේ රජකම්’ යනු ප්රිකෘති කර්තෘ ද වේ.
74
ප:- වෙළනැති - වෙරළ නැත්තා වූ, සයුරු මෙන් - සාගරය මෙන් ද, රිවි සඳ නැති - රවි චන්ද්රලයන් නැති, අහස මෙන් - ආකාශය මෙන් ද, පහන් නිවි - ප්රවදීපය නිවී ගියා වූ, ගෙය මෙන් - ගෘහය මෙන් ද, යුවළ දළ නැති-දෘෂට්රා යුග්මය රහිත වූ, මත ගිජිඳු මෙන් - මත්ත හස්ති රාජයා මෙන් ද, (ම.ස.)
භා:- වෙරළ නැති මුහුද ද, ඉර සඳ නැති අහස ද, පහන් නිවී ගිය අඳුරු ගෙය ද, දළ දෙක නැති ඇත් රජ ද, නොබබලන්නේ ය. එමෙන්-
දහම්සොඬ කව් වැනුම 103
වි:- මෙන’යි පාද සතරෙහි ම යෙදුණ ද අග ‘අ’ යන්න නිරර්ථඳක යි. නිවි- ධාතුව ‘නිව’ (නිවුම්හි) ය, ගෙය-ප්රයකෘතිය ‘ගේ’ යනු යි. යුවළ - (පා.සං) ‘යුගල’ දෙක යන අර්ථය. මත ගිජිඳු - මද වැගිරෙන ඇතා මතැතා යි. කම්මුල් දෙකය, කොෂය යනාදී තැනින් මඳ වැගිරේ. ගජනට ඉඳු ගිජිඳු (පා) ‘ගජින්ද’ (සං) ‘ගජෙන්ද්රග.’
75 ප:- කමල නැති- පියුම් නැත්තා වූ, විලමෙන් - තඩාගය මෙන් ද, තරළ මිණ නැති - තරළ මාණික්යුය රහිතවූ, හරමෙන් - හාරය (වැළය) මෙන් ද, ගහණසුන් - නාසයෙන් ශුන්ය වූ, වතමෙන් - වක්ත්ර ය මෙන් ද, දහම් නැති ලොව - ධමර්ය- නැත්තා වූ ලොකය, සසොබන නොවේ - ශොභා සහිත නොවේ මැයි.
වි:- කමල - පාලි සංස්කෘත දෙකට සම යි. ජලය අලංකාර කෙරෙනු යි මේ නමි. තරළ මිණ - (තරළමිණි) රුවන් වැළෙයෙහි මැද වූ ප්රෙධාන මැණිකට නමි. හර -(පා.සං) හාර, ගහන - (පා) ‘ඝාන’ (සං) ‘ඝ්රාණ’ ශබ්දයන් ගෙනි. සුන්- (සං) ශුන්ය ශබ්දයෙනි. සසොබන - සොබ (ශොභාව) සහිත වූ යේ ‘සසොබ’ යි. ‘සොබ’ දයන් ‘බබළන’ යන අරුත් ඇති ‘සොබන’ යන කෘදන්තය සෑදේ. සසොබ’ සොබන යන පද දෙකේම තේරුම එක යි. ‘සසොබන’ යන්නෙන් ලැබෙනු යේ, සොබන යන්නෙන් ලැබෙන ශොභන සහිත යන අර්ථය යි. එසේ යෙදීම නොමැනවි. ‘සුසොබන’ යි යෙදිණි නම් ‘ඉතා හොබන’ යන නිවැරදි අරුත ලැබේ. (නො) ‘වේ’ යන්නට ‘ලොව’ යනු ප්රෙකෘති කර්තෘන යි. ‘සසොබන’ යනු විකෘති කර්තෘ‘ යි.
76
ප:- රිවිසඳ - සූර්ය්ය් චන්ද්රට දෙදෙන, නො පත්කළ-නො පැමිණි කල්හි, නො දිලෙන - නො බබලන්නා වූ, සුදු නිල් වත්සෙ - ශුභ්රව නීල වස්තූන් මෙන්, සදහම් නැති
104 දහම්සොඬ කව් වැනුම
කල- සද්ධර්ම ය නැති කල්හි, පින් පව් දෙකෙහි - පුණ්ය පාපද්වයෙහි, පල - විපාකය, නොම දැනෙයි - අවිඥතවේ.
භා:- සුදු නිල් වස්තු බබලන්නේ ඉරත් සඳත් පැමිණි කල්හි ය. ඒ නැත්නම් නො බබළ යි. එසේම සදහම් නැත් නම් පින් පව් දෙකේ ඵලය නො දැනෙන්නේ ය.
වි:- වත් - (පා) ‘වත්ථු’ (සං) ‘වස්තු’ සුදුනිල - දැනේ+යි. සිද්ධ යි. පල -යනු උක්ත කර්තෘ් යි. අනුක්ත කර්තෘ අප විසින් - යි අද්ධ්යාරහාර කට යුතු යි.
77
අ:- මේ ලෙස සළකමින එ රෑ දින පසුකරමින පනදා උදෑසන සුවඳ සිලිලෙන් සිරුර සනහා-
ප:- එරෑ දින - ඒ රාත්රිප කාලය, පනදා - දෙවන දවස්හි, උදෑසන - ප්රඳභාත කාලයෙහි, සිලිලෙන්- ජලයෙන්, සිරුර-ශරීරය, සනහා-ස්නානය කොට-
වි:- එරෑ දින - මෙහි ‘දින’ සද කාලාර්තයි. පසු - නිපාත යි. පාළියෙහි ‘සච්ඡ’ යන්නෙනි, පනදා - මෙහි ‘පන’ යනු ‘පුන’ යන්නෙන් ආ නිපාත යි. උදෑසන - ‘උදායාසන්න’ යන්නෙන් හින්න යි. උදෑසන,උදෑසණ යන දෙයයුරින් ම පවතී. උදෑසන, උදැහැනැක්කේ යනාදීන් වහරෙහි එයි. ඉර උදාවීමට ආසන්න කාල යයි. සිරුර - ප්රදකෘතිය ‘සිරුර’ යි (පා) ‘සරිර’ (සං) ‘ශරීර’ සනහා - ‘සනහ’ දයිනි. සිලිලෙන් - ‘සිලිල’ යනු (පා) ‘සලිල’ ශබ්දයෙනි. සුවඳ මුසු දිය ‘සුවඳ’ සලිල’යි.
78
ප:- රසමසවුළෙන් යුත් - රසයෙන් ද මසින් ද අවුළින් ද යුත්, රසවත් - රස ඇති, බොජුන් - භොජනයන් බුදුමින් - අනුභව කොට, සිනිඳු වත් - ස්නිග්ධ වස්ත්රජයන්
දහම්සොඬ කව් වැනුම 105
වඩමින් - ඇඳගෙන, සිරිමත් - ශොභායෙන් යුක්ත වූ, සිවු සැට බරණ - සැට සතරක් ආභරණයන්, පැලඳ - ප්රකසාධ - නය කොට, (ම. ස.)
වි:- රස මස් අවුලෙන් - ‘රස’ නම් ද්රවවය තැම්බූ දිය හෙවත් ‘සූප’ ය. ‘මස්’ නම් මාංසාදියෙන් කළ ව්යමඤ්ජන යි. ‘අවුළු’ නම් කැවිලි වර්ග යි. රසවත් මාංස භොජනයෙන්, යි ද අර්ථ කියති. බුදුමින් - ‘බුදු’ (බුදීමෙහි) දයිනි. රසවත් - රස ඇතියේ රසවත්, තද්ධිත නාමයි. ‘වත්’යනු අසත්ය ර්ථ ප්ර්ත්ය යයෙකි. වඩමින් - ‘වඩ’ ධාතුව මෙහි ඇඳීම’ යන අරුත්හි ය. සිනිඳු - ‘ඉතා සියුම්’ යන අර්ථයි.
සිවු සැට බරණ - රන්පට, රුවන්තොඩු, නාගවඩම්, කාදු කාප්පු, මුතු පට, කච්චෝඩම්, බාහු දණ්ඩි, මණි කයි වඩම්, ගිගිරි වලලු, හස්තමුද්රබකා, හස්තාංගුලි, කයිපෝට්ටු, අංගාදාහරණ, එකාවැල, කර්ණමවාතංස, ග්රීාවාලංකාර, පදක්කම්, කර්ණග සූත්ර , මණිබන්ධි ගල් මුතු මාල, ගෙළ මුතු මාල, මිණි මුතු මාල, දර්ශරන මාල, නිල් මිණි මාල, රන් මුතු මාල, රන්පෙති මාල, ලිය රන් මාල, වට රන් මාල, රුවන් මාල, රන් මිණි මාල, තුන් කොත් මාල, සිවු කොත් මාල, හස්ත පෝට්ටු, මෙඛලාව, පස්රු, පස් පෙරහැර, සත් රුවන් වැල, රන් සවඩි, රිදී සවඩි, මුතු සවඩි, රන් රුවන් සවඩි, රන් මිණි සවඩි, නිල්මිණි සවඩි කෙයුරාභරණ, ඌරුජාලා, ඉණ සැද, ඌරුබන්ධන, මකරපට, නිල්පට, පාදසඬඛලා, පාදාභරණ, පාදජාලා, කිංකිණිකජාලා, පාදාංගුලි, පාද ජංඝා වළලු, පත්රප වලලු, රන්දම්, මුතුදම්, සක්දම්, රිදීදම්, මිණිදම් මුතුහර, අවුල්හර, වොටුනු යන සැට සතර යි. ‘වොටුනු’ සිවුසැට බරණට ඇතුළත් නො කොට සැළලිහිණි සන්දෙ ශාදියෙහි දැක් වේ.
79
අ:- විජයොත් පහ තුලින් නික්ම සුර සබයට යන පසක් සක් විලසින සෙනඟ සමගින සබයට පිවිස
ප:- විජයොත් පහතුලෙන - වෛජයන්ත ප්රා සාදයාගේ ඇතුළෙන්, පසක්සක් - ප්ර ත්යරක්ෂ ශක්රැයා,
106 දහම්සොඬ කව් වැනුම
වි:- විජයොත් පහ - ශක්රපයා ගේ මහා ප්රාගසාද යයි; සත් සියයක් යොදුන් උස වේ. එහි වූ ධ්වජ යොදුන් තුන්සියයක් උස ය. අසුරයන් හා යුදුකොට ජය ලැබීමෙන් පසු පහළ වූ බැවින් ‘වෛජයන්ත’ නම් වී යයි කියති.
නික්ම - ‘නිකුම්’ දයිනි. සුරසබයට - ‘සුධර්ම ’ නම් දිව්ය සභාවට, එය දිගින් පළලින් තුන්සිය යොදුනි. එහි වූ ෙස්සත යට ෙයාදුනක් පමණ ස්වර්ණප පර්ය්ය ඬ්කයෙක හිඳ ශක්රූයා දෙව් මිනිසුන්ගේ කාර්ය්යා්කාය්යයර් විචාරන්නේය. අප බෝසතුන් පෙර ‘මඝ’ මාණවක වූ කාලයෙහි කර වූ අම්බලම හේතු කොට ගෙන මෙය පහළ වී යයි කියති. පසක්සක්-සක්දෙව් රජ වසනුයේ තව්තිසා දෙව් ලොව ය. එයටත් චාතුම් මහා රාජිකයටත් අධිපතිය මිනිස්නට හේ ප්රනත්යාක්ෂ නොවේ. සිවු සැට බරන පැළඳ රජ සබයට යන දහම්සොඬ රජතුමා ප්රේත්යසක්ෂ ශක්ර යා වැනිය. ඇසට පෙනෙන සක් රජ බඳු ය.
පිවිස - ‘පිවිසි’ (පිවිසීමෙහි) දයිනි.
80
ප:- පුන්සිසි ලෙසට - පූර්ණැ චන්ද්රඇයා මෙන්, දිසි-පෙනෙන්නා වූ, දළපුඬුසේසතෙහි - ඇත් දළින් කළ පුඬු යෙන් යුත්, ශෙවතචඡත්රපයා ගේ, යට-අධොභාගයෙහි, සැදි-සජ්ජිත වූ, සිහසුන්පිට - සිංහසාන මස්තකයෙහි, සිය තද තෙද’ණ - ස්වකීය සතබ්ධ තෙජසින් යුත් ආඥාව, පළකොට- ප්රෙකාශ කොට, අරා - ආරූඪව - (ම.ස.)
වි:- පුන්සිසි ලෙසට - සේසත පුන්සඳ වැනි ය, වට කුරු ය, දළපුඬු සේසතෙහි - මුදුනෙහි වූ කර්ණිකාව ‘පුඬු’ නමි. එය ඇත් දළින් කරන ලද්දේ වෙයි. ‘සේසතෙහි’ යන්නෙහි ‘හ’ කාරයට ‘ය’ කාරාදෙශ වීමෙන් සේසතෙයි’යි සිටියේ ය. සබඳ අරුත්හි අදර විබත්.
සැදි - සද (සැදුම්හි) දයින් සිදු කෘදන්තයි. සීහසුන්-‘සිංහාසන’ (සං ශබ්දනයෙනි. ‘සිංහ’ ශබ්දය ශ්රෙසෂ්ඨාර්ත්ථ යෙහිය. ‘ශ්රෙ‘ෂ්ඨාසනය’ යන අර්ථා යි. පද්මාසන, ශංඛාසන
දහම්සොඬ කව් වැනුම 107
ගජාසන, හංසායන, සිංහාසන, භෘඬගාසන, මෘගාසන, හයාසන යි. රාජාසන අට වැදෑරුම් ය. ‘සිංහරූප’ යෙදු බැවින් හෝ හේ සිංහාසන නමැයි කියති. අරා - ‘අර’ දයිනි.