දහම්පියා අටුවා ගැටපදය- තතුව

අහාසලමෙවන් කසුබ් රජුගේ දහම්පියා අටුවා ගැටපදය


ශොධකවරු:සංස්කරණය

සරික්කාමුල්ලේ සිරිනන්දබන පිරිවෙනේ ආවාසික භික්ෂුජව වන මැදඋයන්ගොඩ විමලකීර්ති ස්ථවිර

කලුතර කුමරිකන්දේ ශ්රී සුදර්ශආනාරාමාධිපති විනයාචාර්ය් ොබ නෑහින්නේ සොමින්ද ස්ථවිර


දහම්පියා අටුවා ගැටපද තතුවසංස්කරණය

ධම්පියා අටුවා ගැටපදය හඳුනා ගැනීමට නම් එහි ගුරු පොත වන ධම්මපදට්ඨකථාවත් හඳුනාගත යුතු හෙයින් අපි පළමුකොටම ධම්මපදට්ඨි කථාව කෙටියෙන් හඳුන්වන්නට වෑයම් කරමු.

පෙළ බසින් සැපැයුණු බණ පොත් අතුරෙන් ජාතක අටුවාවට ලැබුණු ජනාදරය අනෙක් කිසි පොතකට නොලැබුනේය. අනාගතය සම්බන්‍ධයෙනුත් එසේම කියැ හැකිය. ග්‍රන්‍ථ අනතර්‍ඬානයෙහිදී අන්තිමටම නැතිවැ යන්නේත් ඒ පොත හෙයිනි. ‍පරපුරෙන් පරපුරට පවත්වනු පිණිස සිංහල ගණාචාර්‍ය්‍යවරයකුහට භාරවුණු පොතත් සිංහල ජාතක පොතමය. ජාතක පොතට දෙවැනිවැ සිංහල‍යන්ගේ විශේෂයෙන් ධර්‍මකාමීන්ගේ ආදරය දිනාගත් අටුවාව ‍මෙන්ම දම්පියා අටුවාවත් සන්න ගැටපද පරිවර්තනාදියෙන් පෝෂණය වෙමින් දැනුත් ජන සමාජයෙහි නවතායෙන් යුක්තවැ බබළන්නී මැයි. ජාතක කථාවලට ලැබෙන ජන සම්මානය ජාතක පෙළට නොලැබෙතත් දම්පියා අටුවාවේ එන කථාවලට නොලැබෙන මහත් ගෞරවයක් දම්පියා ගාථාවනට හෙවත් දම්පියා පෙළට ලැබේ. ධම්මපදය හෙවත් දම්පියාව වුකලි බුද්ධකාලයෙහිත් සකස්වැ තිබුණු පොත් කීපය අතුරෙන් එකකැයි කියැ යුතුය.දම්පියාවෙහි එන ධර්‍ම කොටස් බුද්ධකාලයෙහිත් ධම්මපාදනාමයෙන් වෙනස් නොට හැදෑරූහයි ගැටපදකාරයන් කීයේත් එහෙයිති. සංයුත්නිකාය අටුවායෙහිත් (හේ වි 238) මේ කාරණය සඳහන් වන්නේය. එහි සඳහන් වන දෙවන පියඞකරමාතානම් ප්‍රේතියට අසන්නට ලැබුනේ දම්පියාවේ දෙවන වර්‍ගයවන අප්පමාද වර්‍ගයවේ. ධම්මපද කථා‍වන් කොටස් වලට බෙදුනේ බුද්ධකාලයෙහිදී යයි නිගමනය කරන්නට මේ කාරණයම ප්‍රමාණත්‍වයෙන් සැලැකියැ හැකිය. ධම්මපදය සංගීති වලට නැගුනේත් පෙර තිබුණු පරිද්දෙන්ම ද යනුත් පුශ්නයකි. සංගීතිවලදී පෙර පැවති ක්‍රමය වෙනස් වන්නටත් හොඳටම ඉඩ තිබුනේය. බුද්ධකාලයෙහිම සකස් වුණූ අනෙක් දෙ පොත නම් ප්‍රාතිමොක්‍ෂය සහ සූත්‍රනිපාතය වේ. බුද්ධත්‍වයෙන් විසිඑක්වන වර්‍ෂයෙහි භික්‍ෂූන් ආණාපාතිමොක්ඛය සකස්වී නොතිබුනේ නම් ඒ කාර්‍ය්‍යය නොකළ හැකිය. කුටිකණ්නසොණ ස්ථවිරයන් වහනස්සේ සූත්‍රනිපාතයට අයත් අට්ඨකාවර්‍ගය බුදුන් හමුයෙහි මධුර ස්වරයෙන් දෙසූහ යනුත් දෙශනායෙහිම එන ප්‍රවෘත්තියකි.

බුඬකාලයෙහිම සූත්ර්නිපාතයත් කොටස්වලට බෙදා තිබුනේයයි ඒ අනුව සිතාගත හැකිය. දැන් තිබෙන ධම්මපදය වර්ග්වශයෙන් සවිස්සකටත් බණවර වශයෙන් දෙකකටත් බෙදී තිබෙන බැව් අපි දනිමු. නමුත් ධම්මපදය වර්ග කරන ලද්දේ අනෙක් පොත් වර්ගෙකළ විධියෙන් නොවේ. අනෙක් පොත් පත්වල වර්ග යක් වශයෙන් සාමාන්යකයෙන් ගණන් ගන්නා ලදදේ සූත්ර. හෝ ජාතක දශයකි. සමහර විට මේ ක්රාමය ඉක්මගිය තැන් පෙනෙනත් වැඩිවශයෙන් මේ ක්ර මය අද්ය තවුණු බව පෙනේ. නමුත් ධම්ම පදයේ ගාථා දශය බැගින් ඇති වර්ගම පෙනෙන්නේ දෙකක් පමණකි. එහෙයින් ධම්මපදය වැඩි කරන ලද්දේ ඒ ඒ ධම්මපද දේශනාවන්හි ඇතුළත් වුණු කරුණු අනුවයයි නිගදනය කළ යුතුය. ඒ ඒ වර්ගඒවලට නම් තැබමේදීත් වැඩි වශයෙන් එකී වර්ගිය යමක නාමයෙන් හැඳින්වූයේ කථා වැඩිගණනක ගාථා දෙක බැගින් අහෙයිනැයි හැගේ. දෙවන වර්ගමයෙහි අප්රකමාදය පිළිබඳ තොරතුරැ වැඩි වශයෙන් සඞග්රිහවන හෙයින් ඒ වර්ගනයට අප්පමාද වග්ගනාමය අනුරුත්ය. අනෙක් වර්ග්නාමයන් සම්බන්ධ යෙනුත් මේ අයුරින් කල්පනා කළ යුතුය.

එක බණවරකට සාමාන්‍යයෙන් අටකූරු ගාථා 250 ක් ගඞග්‍රහ වෙතැයි කියතත් මෙහි ප්‍රථම බණ වරට ඇත්තේ ගාථා 197 ක් පමණකි. මේ කරුණු සම්බන්‍ධයෙන් ආධුනිකයන්‍ගේ විමසුම් ඇස තවදුරටත් යොමුවිය යුතු බැව් කියමු. නිදාන කථාවනුත් මහිතවැ මේ ගාථාවනට ලියූ අර්‍ථ සංවර්‍ණනාව ධම්මපදට්ඨ කථා නාමයෙන් අදහස් කරනු ලැබේ. නිදාන කථා සියල්ල එකක් අඩු තුන් සියයකි. ඒවා බාහිර නිදාන වශයෙනුත් කරුණාව අභ්‍යන්තර නිදාන වශයෙනුත් ගැනේ. අර්‍ථ වශයෙන් සහ අදහස් වශයෙන් ධම්මපදයෙහි පැවැති ගැට මුසු තැන් සමහර විට බුදු‍රජාණන් වහන්සේමක් පැහැදිලි කරන්නට ඇත. උන්වහන්සේගේ ඇවෑමෙන් ධම්මපදය දඹදිවදී පැවැත්වුණු ත්‍රිවිධ සඞගායනාවන්හිදීක් සඞ්ගීත විය. එය පරපුරෙන් පරපුරට පවත්වනු සඳහා ප්‍රථම සඞ්ගීති අවස්ථාවෙහිදීම එක්තරා භික්‍ෂා පරපුරකට පැවැරුණේය. ධම්මපදභාණක නා‍මයෙන් හැඳින්නාහු ඔවුහුය ඔවුන්ගේ මතයේ හැටියට ප්‍රථම බුඞ වචනය වශයෙන් සැලැකියැ යුත්තේ “අනෙකජාතිසංසාරං” යනාදි ගාථාව වේ. ‍මෙසේ ඇතැම් බණපදයන් සම්බන්‍ධයෙන් ඔවුන් ඇතිකළ මතාන්තරයෝත් බොහෝ වෙති. ධම්මපදටඨකාථාවේ එන නිදාන කථාවන් බුඞකාලික වුවත් ඒවා උන්වහන්සේගේම දේශනානනැයි ගණන් ගත නො හැකිය. එහෙයින් ඒවා ප්‍රථමයෙන් ධම්මපද පරිහරණය කළ ධම්මපදභාණක භික්‍ෂුන්ගේ කෘතීන් සේ පිළිගන්නට සිදුවී තිබේ. ධම්මපදයේ ගැටමුසු තැන් සම්බන්‍ධයෙන් බුදුරජාණන්වහන්සේ සැපයූ අර්‍ථ විවරණත් සමග නිදාන කාථාවන්හි සාරයත් ධම්මපද භාණක පරපුරේ පවතින්නට ඇත. එසේම එය සබ්බපරියන්තික සුතත්නතභාණක යන පරපුරවල්වලත් පවතින්නට පුළුවන. මුලදි ඉතා කෙටියෙන් පැවැති නිදාන කථාවන් සහ ගාථාසංවර්‍ණනාවන් පසු පසු කාලවලදී ධම්මපදභාණකාදී භක්‍ෂුන් අතින් තව චුරටත් සක්සවන්නට ඇතැයි සිතනු නිවැරැදිසේ පෙනේ. සම්බුඞ පරිනිර්‍වාණයෙන් දෙසිය පන්තිස් වසක් ගතවන විට දම්පියාව සහ එහි අටුවාව ඉන්‍දියානු භික්‍ෂුන් අතර හොඳින් ප්‍රචාරිතවැ පැවැතිණැයි ලෙහෙසියෙන් සිතාගන්නට පුළුවන. මෙසේ ඉන්‍දියාවේ පැවැති ධම්මපදය සහ එහි අටුවාව මිහිඳු මාහිමියන් විසින් මෙහි ගෙනෙන ලදුව ර්‍ථපාරාම සංගතියෙහීදීත් සංගීත විය. ථූපාරාම සංගීතය විනය පිටකයට පමණක් සීමාවවකැයි සලකනු භ්‍රාන්තියකි. එයට විනය සංගීතිනාමය ලැබුනේ පළමුවෙන්ම විනය පිටකය සඞගයන‍කෙල හෙයිනි. පළමුවන දෙවන සංගීතීන් හඳුන්වන ලද්දේත් විනය සංගීති නාමයෙනැයි චුල්ලවග්ග පාළිය අනුව කියැ යුතුය. එහෙත් සංගීතිවලදී තෙවළාවම සංගීතිවුණු බව පැහැදිලිය. කරුණු මෙසේ හෙයින් ථූපාරම සංගීතීයෙහිදීත් තෙවළාවම සංගීතිවීයයි අපි පවසම්හ. බඞකාලීන අටුවා ක්‍රමය පද භාජනියෙන් සහ තිදෙදසයෙන් දත හැකිය. දැන් ගිබෙන අටුවාවෝ ඒ ක්‍රමය සමග නොගැළපෙති. දම්පියා අටුවාව සම්බන්‍ධයෙනුත් මෙසේම කියැ යුතුය. එහෙයින් දැන් තිබෙන අටුවා කුමය සිංහල රටේදී සකස් වූවක් සේ අපි සලකම්හ. පාළිමුත්තක විනිශ්චයක් අටුවාවට වඩා වෙනස්ය. පෙළේ නො ආ ඇතැම් කරුණු සම්බන්‍ධයෙන් සංගීතිකාරක තෙරුණ්වහන්සේලා විසින් බුද්ධ ධර්‍මයට අනුව බැසගන්නා ලද නිගමන සමූහය හෙවත් ඔක්කන්තික විනිශ්චය සමූහය ඒ නාමයෙන් අදහස් කරනු ලැබේ. ධම්මපදට්ඨකථාවේ කොතැනකවත් එකතුවුණු දේ අතුරෙන් ‍ථෙරවාදයෝත් සැළකියැ යුතු තැනක් ගනිති. ම්මපදට්ඨකථායෙහි ප්‍රසිද්ධ ථෙරවාද ඇති බවකුත් නොපෙනේ. ථූපාරම සංගීතියෙන් පසුව බුඞකාලීන අර්‍ත කථා ක්‍රමයත් ඇසුරු කොට සිංහල භික්‍ෂූහු සිංහල අර්‍ථ කථා නිපද වූහ. ඒවා මුල් අටුවාවනට වඩා විස්තර විය. යම්යම් ධර්‍ම කරුණු විස්තර කරනු නොයෙක් චරිත උපමා ඓතිහාසික සිඬි සිංහල යනාදිය එකතුවීමත් ඒ විස්තරයට හේතුවිය. ශත වර්‍ෂ දෙකකටත් වැඩි කාලයක් තිස්සේ සාර්‍ථකකථා ත්‍රිපිටක ධර්‍මය එසේ පවත්වාලිය නොහැකි බව වලගමිණි අභය රජුගේ කාලයේදී වටහී ගියේය. දොළොස් අවුරුදු මහා දුර්භික්‍ෂය ඒ වැටහීමට ප්‍රධාන හේත්ව වන්නට ඇත. නිකායානත්රයන්ගේ පහළවීම ගැනත් සිතා බැලියැ යුතුය. ත්‍රිපිටක ධර්‍මය ග්‍රන්‍ථාරූඪ කිරීම එහි චිරස්ථිතියට හේතුවන බැව් හොඳින් වටහාගත් තත්කාලීන භික්‍ෂුහු මාතලේ අලුලෙණට රැස්ව නැවතත් සඞගායනාවක් පවත්වා තෙවළාව ග්‍රන්‍ථාරූඪ කළ සේක. මෙසේ සඞගායනා පූර්‍වකවැ ග්‍රන්‍ථාරූඪ විමෙහිදීත් සිංහල අටුවාවන් සම්බන්ධයෙන් නොයෙක් සංස්කරණයන් ඇතිවියැ හැකිය. මහසෙන් කාලය දක්වාම වරින්වර අටුවාවනට යම්යම් ‍කරුණු එකතුවුණු බවට නිදසුන් ඇත්තේය. ක්‍රි. පූර්‍ව තෙවන සියවසේ සිට ක්‍ර්. වර්‍ෂයෙන් පස්වන සියවස තෙක් ඇති අවුරුදු 800 ක් පමණ වූ දීර්‍ඝ කාලය සිංහල අටුවා යුගයත් සිංහල භාෂාවේ සුවර්ණ යුගයත් හැටියට සාමාන්‍යයෙන් සැලැකිය හැකිය. මේ කාලයෙහි සිංහල භාෂායෙන් ගියැවුණු තෙවළා අටුවාවන් පමණක් නොව මහාවංසදී ඉතිහාස පොත් පවා අටුවා නාමය ලද්දේය. සීහල මහාවංසට්ඨ කථා යනාදිය නිදසුකි. පස්වන සියවසේ මුල් භාගය වන විට උතුරු දකුණු දෙභාරතයෙහිම බුද්ධාගම අමුතු පණක් ලැබෙමින් ශීඝ්‍රව පැතිරෙන්නට විය. මේ රටවල සිංහල භික්‍ෂූන්ගේ සඤචාරයත් වැඩි විය. දඹදිව වැස්සන්ට ත්‍රිපිකය පිළිබඳ පෙළ පොත් සුළභ වූ නමුත් අටුවාවෝ සුලභ නොවූහ. අමාරුවෙන් සොයා ගත්තත් එහි භාෂාව සිංහල වූ හෙයින් එයින් වැඩ ගත හැකි වූයේ කීපදෙනකුන්ට පමණක් විය. පෙළබස පුහුණු කළ ඉන්දියානු බෞද්ධයන්ට අටුවාවත් පෙළබසට නැගුනොත් මැනවැයි හැඟී ගියේය. බුඬඝොෂ මහා ස්ථවිරයන් වහන්සේගේ ලඬකා ගමන සිදුවුයේ එහි විපාකයක් වශයෙනැයි කියැ හැකිය. ඉන්දියානු බෞද්ධයන්ට ත්‍රිපිටක පෙළ පොත් සුලභවුයේත් සිංහල භික්‍ෂූව් වහන්සේලා විසින් ඒවා ග්‍රන්‍ථාරූඪ කිරීමෙන් පසුවය. ඉන්දියාවේදී ත්‍රිපිටකය ග්‍රන්‍ථාරූඪ නොවූ හෙයිනි. බුදුගොස් තෙරණුවන් තෙලිඟුරටේ තෙලිගු බමුණකු සේ දැන් හඳුනාගෙන තිබේ. ඒ ස්ථවිරතුමා දකුණු දඹදිව කාඤවි ආදී නගරවල විසූබව මැදුම් සහි අටුවා නිගමනය ආදී පොත්වලින් පෙනේ. කෙසේ නමුත් පස්වන සියවසේ මුල්භාගයේදී ලඞකාවට පැමිණි උන්වහන්සේ සිංහල අටුවා පාළියට ගැනීමේ කටයුතු ඇරඹූහ. උන්වහන්සේ විසින් පළමුවෙන්ම පාළියට පෙරළන ලද්දේ සිංහල විශුද්ධිමාර්ගසය වේ. මේ පෙරලිල්ල සම්බන්ධයෙන් ගෙති ඇති කථා අතුරෙන් වැඩි හරිය අසත්ය් ඒවා බව පරීක්ෂකයන් ඉදිරියෙහි නම් අමුතුවෙන් කියැයුතු නොවේ. විශුද්ධි මාර්ගය පරිවර්තනයක් විනා බුසුගොස් හිමියන්ගේ නිපදවීමක් නොවන බව නම් ඉඳුරා පැවැසියැ යුතුය. කුදුගත් සඟියට අයත් ජාතක අටුවාව ආදී පොත් උන්වහනසේගේ පරිවර්තනයට හසුවූ බවක් සකාරණව ඔප්පු කළ නොහැකිය. ධම්මපදට්ඨ කථාව සම්බන්ධයෙනුත් එසේම කියැ යුතුය.

කුදුගත් සඟියට අයත් පොත්වලින් ලියූ සිංහල අටුවාවන් පාළියට පෙරළන ලද්දේ බදරතීර්ථ ධර්මපාල මිහියන් විසිනි. විශුද්ධිමග්ගටීකා කරණයෙහි ආරාධකයා වූ දාඨානාග තෙරුන්නාන්සේ දශවන සියවසේහි සිත්ථාිගාම පිරිවෙනේ විසූ දාඨානාග තෙරණුවෝ නම් ආචාර්ය්ේ ‍ධර්මපාල හිමියන්ගේ අටුවා පරිවර්තන කාලය දශවන ශතවර්ෂෝය සේ ගණන් ගත හැකිය. මහාබොධිවංසයෙහි කර්තෘේවරයා මෙන්ම සුමඞගල විලාසිනිය කරන සඳහා ආරාධනා කළාහුත් දාඨානාග නම් මහතෙර නමකි. සිත්ථාවගාම පිරිවෙනේ ඉතිහාසය දෙවන උපතිස් සමයත් ඉක්මවා යන හෙයින් සිත්ගම් පිරිවෙන් වැසි දාඨානාග තෙරුන් වහන්සේගේ ජීවන කාලයත් නිශ්චය නොකළ හැකිය.

කරුණු මෙසේ හෙයින් ධර්මපාල ස්ථවිරයන් වහන්සේගේ ජීවන සමය මෙන්ම විසුද්ධිමග්ගටීකා සමයත් තව දුරටත්සොයා බැලි යැ යුතු බව කියමු. ඒ කොයිහැටි වෙතත් සිංහල දම්පියා අටුවාව පාළියට පෙරළන ලද්දේ දශවන සියවසට ප්‍රථමයෙනි. දශවන සිය වස යනවිට අයට ගැටපදයකුත් නිපදුනේය. මෙහ් කරුණු ගැන සිතන විට අපට හැ‍ඟෙන්නේ 5 වන 10 වන සිය වස්වස්වලට අතර කාලයකදී සිංහල ධම්මපදට්ඨ කථාවේ නිගමන වක්‍යය පසුකාලයකදී එකතුකරන ලද්දකිත විශුද්ධිමාර්ගයට පවා ඒ නිගමන වාක්‍යය එකතු කරන ලද්දේ උන්වහන්සේගේ ශිෂ්‍යබාණ කෙ‍නකුත්වන බුඞමිත්‍ර නැමැති ස්ථවිරකෙනකුත් විසිනැයි විශුද්ධිමාර්ග සන්නය කියයි. ආත්ම වර්ණ්ණාවෙන් සැරැසුණු ඒ වාක්‍යය බුදුගොස් හිමියන්ගේ රචනයක් නොවන බව කාටත් ලෙහෙසියෙන් සිතාගත හැකිය. ලඞකාවේ තිබෙන හඳුනාගත නොහැකි සියලුම ගල් විහාරයන් වලගමිණි අබය රජුගේ කෘතීන් හැටියට සැලකෙන්නාසේම හඳුනා ගත නොහැකි සියලුම අටුවාවනුත් බුදුගොස් හිමියන්ගේ කෘතීන් සේ සලකන්නට පසු කලකදී පුරුදුවූ බව පෙනේ. ධම්මපදට්ඨ කථාවත් උන්වහන්සේගේ ම කෘතියකැයි යි කියන්නට පටන්ගන්නා ලද්දේත් ඒ පුරුද්ද නිසාය.

ඉදින් දම්පියා අටුවාව බුඞඝොෂ කෘතියක් නොවේනම් කාගේ කෘතියන්දැයි සොයා ගිය නොයෙක් උගත්තු නොයෙක් මත පමළ කරන්නට වූහ. සිංහල දම්පියා අටුවාව පෙළ බසට පෙරලන ලද්දේ සොළී භක්ෂුවක් විසිනැයි කියන නවීන මතයකුත් ඇත්තේය. එහෙත් ඒ මතය ඔප්පු කරන්නට තරම් නිදසුන් මාත්‍රයක්වත් අපට නම් නොහමුවිය. සොළී රටේ අධිරාජයන් විසීමත් ලඞකාවේ එවැන්නත් නොසිටීමත් දම්පියා අටුවාපරිවර්‍තනය පිළබඳ ගෞරවය සොළී භික්ෂුවකට පවරන්නට තරම් කාරණයක් නොවේ ලඞකාවේ අධිරාජයන් සිටියත් නොසිටියත්, ලඞකාවේ ඇතැම් රජවරුන් රාජාධිරාජ චක්‍රවර්තී ආදී නම් වලින් පෙනී සිටිය බව දඹදෙණි කෝට්ටේ යන යුගවලට අයත් කතිකාකාවත් ආදී දිපවිලිවලින් පෙනේ. 1 වන 6 වන පැරකුම් රජවරුන් එකී උපාධිවලින් පෙනී සිටියහ. එක දිවයිනකට අධිපතිවුණු විට එකී උපාධි පාවිච්චි කිරීම නිදොස් බව විනය අටුවායෙහිත් කියන ලදී. සිරිකුඩ්ඩ හෝ සිරිනිවාස නමින් සොළී ර‍ජෙකුත් නොසිටියේය. සිරිකුඩ්ඩ යනුත් මහානාම කාලයත් පස්වන සියවසේ මුල්භාලය වන්නට ඇතයි කල්පනා කළ හැකිය. නෙළෙහි ගුණ දන්නා අධිරාජයා විසින් කරවන ලද යනාදිය කියනලද හෙයින් මේ ග්‍රන්ථ කරණය ඒ වකවානුවෙන් පසුවත් සිදුවන්නට පුළුවන. මහානාම සමයෙහි ම හෝ එයට තරමක් පසුව සිංහල දම්පියා අටුවවා පාළියට පෙරළන්නට ඇතැයි ඉහත කී කරුණු අනුව අපි අනුමාන කරම්හ. මේ පොතේ ලඞකාවේ තොරතුරු කීපයක් සඳහන් වෙතත් සොළී රට ගැන වචන මාත්ර්යක්වත් සඳහන් නොවේ.

සිරිකුඩ්ඪ රජු - මේ රජු කවරෙක්දැයි නිසැකවැ හඳුනාගත නොහැකිය. දම්පියා අටුවාව හැර අටුවාවන්හි එන සිරිනිවාස යන්නත් සමග ගළපා බලන විට පෙන්නේ ඒ දේශබ්දයෙන්ම රජකුගේ උපාධියක් අදහස් කළ බවය. සිංහල රජවරුන් පෞද්ගලික නාමයට වඩා උපාධි නාමයට ගරු කෙරෙමින් ඒ උපාධිනාමයෙන් පමණක් පෙනී සිටිය බවට දැක්විය හැකි නිදසුන් එකක් දෙකක් නොවැ ‍බොහෝ ගණනකි. “රඤෙඤා සිරිනිවාසස්ස - සිරිපාල යසස්සිනො” යන විනය අටුවා නිගමනය වාක්ය්්වි මේ සම්බන්ධයෙන් සිතාබැලියැ යුතු වැදගත් තැනකි. එයින් පෙනෙන්නේ සිරිපාල යනු ඔහුගේ පෞද්ගලික නා‍මයෙන් කොටසක් බය. තිස්සමහාරාමයේ මහඅකුරුහොඩින් සොයාගන්නා ලද ලිපියක සම්පූර්ණ නාමය දක්නා ලැබේ. බුද්දසමහිදමහසෙන (තවකබාය) අභය මහාරාජ නැමැත්තකු විසින් ලියවන ලද ඒ ලිපියෙහි “චුලපුරුමුක බුද්දස තරිපල මහනමික ජෙටතිස මහ රජ අබයහ” යන පාඨයක් පෙනේ. මෙයින් හඳුන්වන ලද්දේ මහානාම රජතුමා වියැ යුතුය. එ‍සේම මේ ලිපිය ලියවන ලද්දේත් එතුමා යුවරජුවැ සිටි අවස්ථායෙහිය. එතුමා විසින් කරවන ලද ප්රිධාන ඝරයත් “තරිපලමහනමිපදනගල” නමි. මේ දෙතැනම තිබෙන තරිපල යනුව සිරිපාල යන්නට බෙහෙවින් සමානය. සිරිපාල යනුව තරිපාල වුයේ දෙමළ බස අනුව ගිය උච්චාරණය නිසාය. සිරිපාල සිරිනිවාස යන නම් වලින් හැඳින්වෙන රජතුමා හැර අන්කෙනෙකු නොවන බව මේ අනුව විශ්චය කළ හැකිය. 1 වන බු‍වනෙකබාහු රජතුමාත් ලක්ඛිනිවාස යන්නෙන් වෙසෙසන ලදී. භිත්තිය, ආශ්චර්ය් රජය කුඩා යන අර්ථමයන් කුඩ්ඪ ශබ්දයෙන් කියැවෙතත් මෙහිදී එය නිවාසාර්ථයෙහි හෙවත් ගෘහාර්ථයෙහි වැටෙකැයි සැළැකිය හැකිය. “කුඩ්ඪගිලෝඉ” යන ප්රාතකෘත වචනයට අර්ථග දෙන ලද්දේ ගෘහාර්ථයෙහිත් වැටෙන ඒ වන නිදසුන් කළ හැකිය. කුඩ්ඞ යනුව කුටී ශබ්දයට නෑකම් කියයි. සිරිකුඩ්ඩ යනුත් සිරිනාවාසාර්ථයෙහිම වැටෙන අනෙක් ශබ්දයක් බව මේ කරුණු අනුය සිතාගත හැකිය. දම්පියා අටුවා පරිවර්තකයනට තැනේ හැටියට සිරිකුඩ්ඞ ශබ්දය අභිමත විය. රඤෙඤා යන්න සමග සිරිනිවාසස්ස වනුව ගැළපුනත් පාසාදෙ යන්න සමග එය නොගැළපේ. මාක්රඤයක් වැඩිවී‍මෙන් වෘත්තය බිදෙන හෙයිනි. පාසාදේ සිරිකුඩ්ඩස්ස, යී යෙදුවීට එවැනි දොසක් ළං නොවේ දම්පියා අටුවාකාරයන් සිරිකුඩ්ඩ ශබ්දය යොදන ලදදේ එහෙවිනැයි හැගේ.

කැපීගියතැන් - සිංහල අටුවාවන් පාළියට නැගීමේදී කැපී ‍ගිය තැනුත් බොහෝය. සිංහල අටුවාවන්හි පැවැති අති විත්ථාදරබ ඒ කැපිලිවලට හේතුවුණුබවද කියති. සිංහල රටත් සිංහල ඉතිහාසයක් සිංහල සිරිත් විරිතුත් පිළබඳ තොරතුරු වැඩිවශයෙන් ඒ කැපිල්ලට අසුවුණුබව පරීක්ෂලකයන්ට පෙනේ. දම්පියා අටුවාව පෙරලද්දීත් ඒ කාර්ය්ත්හය එසේම සිදුවී ඇත්තේය. සිංහල දම්පියා අටුවා‍වේ දෙව්දත් තෙරුන් පිළිබඳ කථාවෙහි මුලටම යෙදීතිබුනේ ඒ තෙරුන් මහණදා සිට පොළොව දෙබේ.


කරගෙන අවීචියට යනතුරු ඔවුන් උදෙසා බුදුන් වදාළ ජාතක කථා පෙිළබඳ සඞග්ර හයකි. සමහරවිට ඒ කථා සඞග්රතහය ප්රගමාණවත් පොතක් පමණ විශාලත්වනන්ටත් නොබැරිය. එවැනි ධර්මහ සඞ්ගුහයක ආහශ්ය‍කත්වය දැනුත් හොඳින් දැනේ.

පැරණිසිරිත් - සූකර පෝතිකාවස්තුවෙහි කොටසත් හැර දම්පියා අටුවා ගත ඉතිරි සියලු කථාවෝම උතුරු ඉන්දියාව සමග සම්බන්ධවෙති. එහෙයින්ම මේ‍ පොතෙන් සිංහල සිරිත් පිළිබඳ තොරතුරු බලාපොරොත්තු නොවිය හැකිය. නමුත් ඒ කාලයෙහි දැනට වඩා ඉන්දියා ලඞකා සිරිත් සම්බන්ධය දැඩිව පැවැති හෙයින් එකී දෙරටට පොදු සිරිත් සමුහයක් තිබෙන්නට ඇතැයි සලකනු යුක්ත සහිතය.

දානය සඟ සතු කිරීමේදී අතපැන් වත්කිරීම, දානය වළදා අවසානයෙහි භුක්තානුමෝදනාව අසන්නට කැමැති භික්ෂුවගේ පාත්රිය ගැනීම, දෙනක් කුලුඳුලේ පැටියකු ප්රනසූත කළවිට ඒ වෙනුවෙන් උත්සව කිරීම අවාහ විවාහාදියට පෙරටුව දන්දීම ඉමංච රත්තිං ඉමංච දිවසං කියා සිල් ගැනීම සමාන ජාති ඇති කුල පුත්රායතු ළදැරියකගේ ‍කරෙහි මල් මාලාවක් දැමූතැන් පටන් අය ඔහු සන්තකවීම, යම්කිසි දෙයක් විකුණන මිල ගණන මෙපණයයි වස්තු ස්වාමියා කී‍වොත් ඒ මුදල දෙතහැකි ගැනුම්කාරයාට ඒ වස්තුවහිමිබව තෙත් කෙසුන් වස්ත්ර්ත් ඇතුව උතුමන් ක්ෂ මා කිරීම යනාදිය එකී සිරිත් විරිත් අතුරෙන් කීපයකි. දම්පියා අටුවාව අභයගිරිකයන්ගේ පොතකැයි සමහරුන් කියතත් ඒ මතය තහවුරු කිරීමට තබා සැකකිරීමට වත් තරම්වූ නිදසුනක් අපට නොහමුවුණු බවද කියනු කැමැත්තෙමු. අභයගිරිකයන්ගේයයි සැක කළ හැකි මහා පච්චරී ආදී අටුවාවනට අයත් මතයනුත් මේ පොතෙහි නො දැක්කෙමු. මහා අටුවා පාඨයන් මෙන්ම මහ අටුවාවේ ආ අදහසුත් මෙහි ඇත්තේය. එසේම දම්පියා අටුවාව මහ අටුවාව මහාවිහාරික බවට කිසිම සැකයකුත් නැත. මේ කරුණු අනුව දම්පියා අටුවාව අභයගිරිකයන්ගේ කෘතීයක් නොවැ මහාවිහාර පාක්ෂි කයන්ගේ කෘතියකැයි අපි කියමු. ඒ ඒ පුද්ගලයන් කරා බුඞ රශ්මියක් යවා තමන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි සිටැ ධර්මුදේශනාකරන්නාසේ පෙන්වීම අභයගිරිකයන්ගේම මතයකැයි ස්ථිරකරන්නටත් කරුණු නො පෙනේ.

ධම්මපදට්ඨකථාශුඞි - ඉහත කී පරිදි මහාජනයාගේ සාතිශය සම්භාවනයට පැමිණි ධම්මපදට්ඨකථාව නොයෙක් දෙනා විසින් කාලාන්තරයක් තිස්සේ අතිනතට ලියාගැනීමේදී ආදී හේතූන් නිසා දූෂණයට පැමිණැ කැල විපර්ය්ින සාදී තවත් හේතූන් නිසා උගතුන්ගේ ආශ්රආයෙනුත් ඈත්විය. තෙර බණ තිසබණ ආදී විභගවලට අසුවුණූ බවකුත් නොපෙනේ. මෙසේ කාලයත් තිස්සේ කොන්වී තිබුණූ මේ පොතෙත් කොටස් කීපයක් පසු කාලයකදී සාම‍ණේර භික්ෂූසන්ගේ අධ්යූයන ග්ර්න්ථමාලාවන්ට ඇතුළත් කරන ලදී. අප කුඩා කාලයෙහිත් ඇතැම් ආචාර්ය්භික පරම්පාරවල සාමණේර ශිෂ්ය‍යන්ට ධම්මපදට්ඨකථාව හැදෑරැවීමේ සිරිත පැවැත්තේය. දැනට ඒ සිරිතත් ක්ර්මයෙන් ආභවයට යමින් පවතී. අප ඒ පොත හැදූරූ කාලයෙහි මුද්රිපතවැ පැවැති පොත් කාණ්ඩ කීපයත් නොයෙක් දෝෂයන්ගෙන් ගහණවිය. අප දන්නා පමණික් කියතොත් සම්පූර්ණ දම්පියා අටුවාව ශුඬියට නගන ලද්දේ විද්යෝොදය ලරිවෙණාධිපතිවැ වැඩ විසූ කහවේ සිරිරතනසාරභිධෘන නායක ස්වාමීන්ර්යෝදයන් විසිනැයි කියැයුතුය. උන්වහන්සේගේ ඒ ශුඬිය සුප්රතසිඬ හේවාවිතාරණ මහතුන් විසින් මුද්රාණයෙන් ප්රැචාරයට පමුණුවන ලදී. එහි මුද්රතණකාරර්ය්විතය යහපත්වුවත් ශුඞියට නැගුනේ අග්ගමහා පණ්ඩිත පොල්වත්වත් බුද්ධදත්තාභිධාන මහා නායක ස්වාමින්දිවයන් වහන්සේ අතිනිත උන්වහන්සේගේ ශුඬිය රතනසාර ශුඬියට වඩා බෙහෙවින් ප්රිශස්ත නමුත් මුද්රඅණ කාර්ය්න්වය ඉතාමත් දුර්ව ලය. මෙවැනි පොතක් වරකින් දෙකකින් ශුඬියට නො නැගෙන හෙයින් උන්වහන්සේගේ ශුඬියෙහිත් ඇතැම් අඩුපාඩු කම් ඇතොත් එය පුදුමයට හේතුවක් නොවේ.

පරිවාරග්ර්න්ථප - ධම්පියා අටුවාගැටපදය සඬර්මසරත්නාවලිය දම්පියා ගාථා සන්නය යන මේවා දම්පියා අටුවාවේ පිරිවර පොත් හැටියට ගණන් ගනු ලැබේ. එයින් සඬර්මවරත්නාවලිය දඹ දෙණි යුගයට තරමක් පසුවැ රචිතවීයයි හැගේ. එයට සඞඝරක්ඛිත මාහිමියන්ගේ සුබොධාලඞකාර යෙනුත් පද්යටයන් උපටුගෙන තිබෙන හෙයිනි. දම්පියා ගාථා සන්නය තුදුස්වන සියවසට අයත්සේ සාමාන්යයයෙන් සලකනු ලැබේ.

ධම්පියා අටුවා ගැට පදය - සිංහල අටුවාවන් පෙළබසට රෙළුණූ ඉක්බිති සාමාන්ය සිංහල ජනතාවට ඒවා තේරුම් ගැනීම දුෂ්කරවිය. සන්ය ගැටපද පිටපත් සිලිසන්න සන්න ආදී ව්යාලඛ්යාණ විශේෂයන් ඇතිවුයේ එහි ප්ර්තිපලයක් වශයෙනි.

ඒවා අතුරෙන් මුලින්ම ඇතිවුයේ සන්යත ග්රනන්ථඑද නැතහොත් ගැටපදදැයි තීරණය කිරීම තරමක් අපහසුය විනය අටුවාවට ලියන ලද මහා ගණ්ඨිපද මජ්ඣිම ගණ්ඨිපද චූල ගණ්ඨි පද යන ග්රනන්ථයන්ගේ කාලනිර්ණිය නිශ්චය වශයෙන් නොදත හැකි හෙයිනි. දැන් තිබෙන පොත් අනුව සලකතොත් සන්යය ග්රණන්ථයන්ට මූලස්ථානය ලැබෙන බැව් කියැ යුතුය. එයිනුත් මේ පොත ඉතා පැරැණි සන්යමය වශයෙන් ගණන්ගැනේ. මෙය ධම්පියා අටුවා ගැටපද නාමයෙන් හඳුන්වන ලද්දේ ඒ නාමය බහුල පුචාරයට පැමිණිහෙයිනුත් පැරැණි ආචාර්ය්මය යන් විසින් ඒ දෙනාමය අවිශේඹයෙන් සැලැකුණූ හෙයිනුත් ය. ‍බො‍හෝ තැන්වල පෙනෙන “ගැටපද සන්යමය” යන වචනයත් එයට නිදසුන් කළ හැකිය. ගැටපද සඞඛ්යානත යනු එහි අර්ථ‍යවේ. විශුඞි මාර්ගද මන්ය‍යන් මෙහිදී විශේෂයෙන් සලකා බැලියැ යුතුය. එහි පෙනෙන ඇතැම් පාඨ සහ වාක්ය‍යන් අනුව සලකතොත් එහි නිර්මබණකාලය ධම්පියා අටුවා ගැටපද යුගයත් ඉක්මවා අතීතයට යන බැව් පෙනේ. විශුඬි මාර්ගබ සන්ය පාඨයන් පිළිබඳ විවේචන යක් අපවිසින් සකස්කරගෙන යන සිංහල වාග් විද්යාැවට ඇතුළත්ය. දැන් තිබෙන විශුඬි මාර්ග මන්යිය විශුඬිමාර්ගක ටීකාවත් ඇසුරු කෙරෙමින් ලියන ලද්දකි. එසේම විශ්රිඬිමාර්ගර ටීකාව ලියන ලද්දේ පැරැණි විශුඬිමාර්ග සන්යමය ඇසුරෙනැයි කියැ යුතුය.


තසසනිසසාය පොරාණං - කථාමගගං අනාකුලං

තනතිනයානුලං සුඬං - කරිසසාමත්ථංවණණනං

යන ගාථාව ඒ සම්බන්ධයෙන් අවබෝධයක් දෙයි. සන්ය කරණය දඹදෙණි යුගය තෙක්ම දික්වුණූ බවටද නිදසුන් ඇත්තේය. අරණ්යරක මෙධඞකර සඞඝරාජයන් වහන්සේගේ විශිෂ්ට කෘතියක් වන “පෙසලමතිපපභව” නාමයෙනුත් හැඳින් වෙන වින්යාගර්ථක සමුච්චයෙහි පාළිසන්යභ අටුවාසන්යය යන දෙනාමය බෙහෙවින් දක්නා ලැබෙන හෙයිනි. විනයාර්ථු සමුචචය වූ කලී පාරාණික පාළියටත් එහි අටුවාවටත් දෙකටම සැපැයුණු ව්යා ඛ්යා්නයකි. පෙළට අර්ථා කියා නිමවුණු කැන පාළි සනය නාමයක් අටුවාවට අර්තාවාවට නිමවුණු කැන අටුවා සන්යක නාමයත් දක්නා ලැබේ. මේ අටුවා සනයය හැර තවත් අටුවා සන්යටයකින් උපුටාගනු ලැබූ පාඨ ගණනක්ම විනයාර්ථ සමුච්චයෙහි මෙන්ම කුදුසික සන්නය කඞ්ඛාවිතරණි පිටපත යනාදි පොත්වලත් සඳහන් ‍වන්නේය. එහෙත් සන්යයය සම්බන්ධයෙන් අපට යමක් සිතාගත නොහැකිය. විශුඬිමාර්ගන සිලිසන්යපය සම්බන්ධයෙනුත් එසේම කැයැ යුතුය. සන්යේ නාමය කෙසේ නිපන්නේද යනුත් විසඳියැයුතු ප්ර ශ්නයකි. බොහෝදුර සිතා බැලීමෙන් පසුව අපට හැගීගියේ එය සංන්යාෙස ශබ්දයෙන් බිඳී ආවක්සේය. න්යා්ය යනු ටීකාර්ථයෙහිත් යෙදෙන ශබ්දයකි. ඒ ශබ්දය යොදා ඇත්තේ වෘත්තිවිවරණ ග්රතන්ථි විශේෂයක් කියනු සඳහාය. මේ කාරණය තවදුරටත් සොයාබැලියැ යුතු බව කියමු.

අර්ථෂය සහ අභිප්රාාහ නොපැහැදිලි පදයෝ ගණ්ඨිපද සහ අත්ථැපද නමින් හැඳින්වෙති. ඒ ගණ්ඨිපද සහ අත්ථැපද විවරණය කෙරෙමින් සැපැයෙන ග්ර න්ථවිශේෂය ගැටපද නමි. පදවශයෙන් විනා අර්ථතවශයෙන් සන්යණ ගැටපද දෙකේ වෙනසක් අපට නොපෙ‍නෙන බව නැවතත් කියැයුතුය. ඇතැමුන් වෘත්ති විවරණාර්ථය සලකා සන්ය , සන්න යන නාමයනුත් ඇතමුක් ගැටපද විවරාර්ථය සලකා ගැටපද නාමයත් යෙදුවා වනැයි සලකම්හ. මූලග්රවන්ථයෙහි ගැඹූරු තැන් පහදා ලමින් එයට ඉක්බීතිවැ ලියනු ලබන උපග්රමන්ථ විශේෂය පිටපත් නමින් අදහස් කරනු ලැබේ. පිටපොත යනුත් ඒ අර්ථයෙහිම යෙදේ. දෙවන, අප්රරධාන යන අර්ථපයන්හි යෙදෙන “පිට්ඨි” ශබ්දයක් පෙළබසේ ඇත්තේය. පිට්ඨි ආවරිය පිට්ඨිසමය යනාදිය නිදසුනි. පිටපත යන ත්නහි එන පිට ශබ්දය ඒ පිට්ඨි ශබ්දය අනුවයයි මුල්‍‍පොත නොවැ එහිම ගැටලු තැන් පහදමින් ලියූ අනෙක් පරිවර ග්ර්න්ථය යන තේරුම උඩ පිටපත් නාමය ඇතිවිණැයි කල්පනා කළ හැකිය. මුල්පොතේ පිටින් බැඳ තබන පොත පිට පොතවන්නේය යනුත් මතයි.

දම්පියාඅටුවාගැටපදකර්තෘත - අබාසලමෙවත් උපාධියෙනුත් පෙනී සිටිය පස්වන කසුබ් රජකුමාවිසින් දසවන සියවසේදී දම්පියා අටුවා ගැටපදය නිපදවන ලදි. එතුමාගේ ධර්ම්මිෂ්ට උසස් චරිතය මහාවංශයෙහි වර්ණිත වැ ඇත්තේය. එහෙයින් ඒ සම්බන්ධයෙන් වැඩියමක් කියන්නට අපි නොවෙහෙසමු. විවාදයටත් සැකයටත් මතාක්තරයටත් පාත්රමවැ ඇත්තේ “දෙබිසෙවැජා” යන උපාධිය වේ. “දෙබිසව්හුජා” යනුත් පාඨන්තරයි. මහාවංශ කතුවරයා විසින් වයාභිසේකාසඤ්ජාතා, යි පාළියට පෙරළනලද්දේත් මේ පාඨයමැයි. දෙවරක් අභිෂේකයට පැමිණි මෙහෙසියගෙන් උපන් යනු මේ පාඨයට දෙන අර්ථේය වේ. එහෙත් ඒ අර්ථකය අවුල් සහිතය. මේ පාඨය සම්බන්ධයෙන් මතුවී තිබෙන මතාන්තර දැක්වීමත් නිෂ්ඵල සේ පෙනේ. දේවසේන රජුට සඞඝා, දේවා කියා මෙහෙස්නෝ දෙදෙනෙක් වූහ.


පස්වන කසුබ් රජු සඞඝාවගේ පුත්රෝයාවන අතර පස්වන දප්පුල රජු දේවාගේ පුත්ර යා විය. පස්වන කසුබ් රජු වරින්වර මේ දෙදෙනා ළඟම වැඩුනා වියැ හැකිය. “ජා” යන්නෙත් උපන් යන අර්ථරය නොවැ වැඩුණූ යන අර්ථනය ගතැ යුතුය. එය ධාති (කිරිමව්) ශබ්දයෙනුත් ආ හැකිය. උරෙයිදා යනාදිය සමගත් සසඳා බැලීම සුදුසුය. දෙවනසේන රජු ලඞකාවන් පඬිරටත් දෙකම යටත්කොට ඒ දෙරටෙහි ම අභිෂේකය ලැබූහෙයින් දෙබිසවැ යන්නෙත් එතුමා කියැවෙතැයිද සමහරුන් විසින් කල්පනා කළ හැකිය. එහෙත් දෙයිසව්හු යන බහු වචනය ඒ අදහස ගන්නට ඉඩ නොදේ. එසේම එතුමා පඬිරට දිනා අභිෂේකයක් කළ බවටත් නිදසුන් නොලැබේ. බිසොවුන් දෙදෙනෙකු වෙතැ වැඩීමක් උපාධියක් ඇතිවන්නට තරම් කාරණයක්ද යනුත් පරීක්ෂාිකළ යුත්තකි. දෙබිසොවුන් කෙරෙහි ම ඇතිවුණු භක්තිය නිසා සමහරවිට මේ උපාධිය තබාගත්තාක් වන්නට පුළුවන.

දළනා පැවිජි - දළනා පැවිජියෙමි ‍දහම්පියට අටුවා සන්යුය හවුරුදුයෙන් ලීමි” යනු මේ පොතේ අවසානයෙහි පෙනෙන වාක්යපය වේ. මේ වාක්ය‍යෙහි පෙනෙන දළනා යනුව මේතාක් හමුවුණු හැම පොතකම එකසේ පෙනෙන පාඨයක් එකවරටම වෙනස් කළ යුතුද යනුත් මෙහිදී පැනනගින ප්රේශ්නයකි. ඉදින් මේ කියන ස්ථවිරයන්වහන්සේ කලක් තිස්සේ දළදා වහන්සේට තේවය කිරීමෙහි නියුත්තයුයේ නම් පෞද්ගලික නාමය යටපත් වී ඒ වෙනුවට දළදා පැවිදි නාමය ඉස්මතු වන්නටත් අධික ප්රකසිද්ධියට පැමිණීනාමයෙන් පෙනී සිටින්නටක් බැරිකමක් නැත. දළ පැරැකුම් (තෙවන පැරැකුම්) දළ මුගලන් යනාදී නාමයන් ඇතිවුණූ සැටිත් සලකා බැලිය යුතුය. ජයතිලක මහත්මයාට දකින්නට නොලැබුණු පිටපක් කීපයකුත් අපට දකින්නට ලැබුණේය. ඒ සියල්ලෙහිත් දළදා පැවිජි නාමයම දක්නා ලැබේ. එහෙයින් මේ කාරණය තවදුරටත් සොයා බැලියැ යුතු බව අපි කියමු. ඉඳින් දළනා පැවිජි යනුම ශුඞ පාඨයනම් මේ දළනා පැවිජිතෙමේ කවරෙක්දැයි සොයාබැලන්නටත් වටනේය. සුමංගල විලාසීනී නම් දික්සඟි අටුවාව කරන්නට ආරාධනා කරන ලද්දේත් දාඨානාගනම් සඞඝ‍ෙත්ථිර කෙනකුත් විසිනි. උන්වහන්සේට මේ කාලයෙහි ජීවත්විය නොහැකිය. ඉක්බිති ඒ නාමය පෙනෙන්නේ නෙත්ති අටුවාවෙහිය. සරණඞකර සඞඝරාජයන් ලියූ මහාබොධිවංස සන්නයෙහිත් දාඨානාග හිමිනමක් ගැන සඳහන් වෙතත් ඒ සම්බන්ධයෙන් තීරණයකට බැසගත නොහැකිය යි සමහර උගත්තු කියති. එහෙත් එය තීරණය නොවූවක් නොවේ. මහා බෝධිවංශ කරණයට උපතිස්ස ස්වමීන්ර්ස යන් මෙහෙයවාලු උතුමා හැටිය‍ට උන්වහන්සේගේ නාමය කාරුණික පූජ්යී පූජනීය සර්වරජගදෙක ශරණ සමස්ත ශාසත්ර්සාගරපාරගත ශීල ව්රීතෛකභාජන විඛ්යායත කීර්ත්තික නරපති චූඞාමාණී මරීරඤජිත පාදාන්ත ඇති” යනු උන්වහන්සේ සම්බන්ධයෙන් යෙදුණු විශේෂණයෝ වෙති. මෙයින් උන්වහන්සේගේ තත්වවය මැනගත හැකිය. විසුඬිමග්ගටීකාව කරන ලද්දේත් සිත්ථනගාම පරිවෙණවාසී දාඨානාග නමැති මහතෙරනමකගේ ආරාධනායෙනි. සිත්ථතගාමවිහාරය ඉතා පැරැණිය.දැන් කන්ද කාඩුනැමැති ප්රෙදේශය සිත්ථ්ගාම සේ සලකනු ලැබේ. පස්වන සියවසේ විසූ උපතිස්ස (2) රජුවිසින් කන්දකාඩු ශිලාලිපියෙහි “සිථනකරක” නමින් හැඳිනෙන්නේක් එකී සිත්ථ2ගාමය මැයි. (අපේ ශිලාලේඛන සඬ්ග්රථහය 5 -235 බලනු) මඩකලපුපාරේ මාගම් ලිටිය හැ. කීපයක් ඈතින් තිබෙන වැලකන්ද හන්දියෙන් හැරී හැ. 15 ක් පමණ ගියවිට චෙතියගිරියත් එතැන සිට හැ. 4 ක් පමණ ගමන් කිරීමෙන් කන්දකුඩුවත් හමුවන්නේය. සිව්වන මිහිඳු සමයෙහි සිත්ථටගාම පිරිවෙණ හෙබවුවෝ ආභිධම්මික දාඨනාග තෙරනුවෝ අරණ්ය යෙහි විසූසේක. (ම. ව. 54 6,35,36 ) මහාවංශයත් විසුඞිමග්ගටීකා නිගමනයත් එකට සැසැදීමෙන් පෙනෙන්නේ දාඨනාග මහතෙර සාමීන්වන්සේ‍ කලින් කල සිත්ථකගාමපිරිවෙනෙත් වනයෙහිත් විසූබවය. නෙතතිඅටුවා මහාබෝධිවංස ගැටපද මහාවංශ යන ග්ර න්ථයන්හි පෙනෙන දාඨනාග තෙරණුවෝ එකම නමක්නම් ධම්පියා අටුවාගැටපදයෙහි එන දළදා පැවිජිත් උන්වහන්සේම වන්නට පුළුවනැයි අපි සලකම්හ.

ආශ්රිිතපොත් - මේ පොතේ ප්රමධාන ආශ්රදය ධම්මපදට්ඨකථාව බව අමුතුවෙන් කියැයුතු නොවේ. අර්ථ කථාසහිත අනෙක් ත්රිනපිටක ධර්ම ග්රපන්ථ‍යන්ගේ ආශ්රයයත් මේ පො‍තේ කර්තෘවවරයාට බෙහෙවින් ප්රකයෝජනවත් විය. සීහලට්ඨකථා, මහටුවා, උදානඅටුවා සම්දිට්හැසුතත්වියබැන යන ග්රෙන්ථනාමයෙන් විශේෂයෙන් මෙහි සඳහන් වෙති. මෙහිදී සීහලට්ඨ කථානාමයෙන් අදහස් කරන් ලද්දේ සිංහල දම්පියා අටුවාවසේ සලකම්හ. මෙ‍දහෙළටුවා පෙරළා තුබූ අටුවා හෙයින්, යී කී හෙයිනි. මෙහි පහත පළවෙන පාඨකීපයෙන් එහි භාෂා තත්ත්වය ගැන ඉතා ස්වල්ප ඉඟියක් ඇතිකරගත හැකිය.


1. අපපමාදමහි පාණ්ඩිතා, හපන (75-13)

2. සා (ලි) න් තහක්කරන ලනක සිප (130-24)

3. ලකුණ්ටකො වදානති රස්සනැමි (142-29)

4. රහදොවදානකිද ආවාටහි නමි (143-21)

5. එක් භිත්තියගෙහෙමනුස්සානං පටිපුච්ඡිත්වා

සත්ථා රාහට් හිඳුනා ආසන පැනවිහ (110-25)


මේ වාක්ය‍කීපය පරීක්ෂානපූර්ව්කවැ කියවනවිට පරැණි සිංහලයෙහිත් වර්තමාන සිංහලයෙහි මෙන්ම දීර්ඝා‍ක්ෂකරය සහ ඇකාරය පැවැතිබවත් පාළිවචන සහ සිංහලවචන අතර දැඩි සාම්ය යක් පැවැතිබවත් පැහැදිලිවැ පෙනේ. මේ කාලයෙහි ලියැවුණු ශිලාලිපිවල නම් දීර්ඝාදක්ෂපරය මෙන්ම ඇකාරයත් නොදක්නා ලැබේ. වදානකි යන සිංහල වචනය සුත්රායාගේ අවසානයෙහි පෙනෙන ගාථාවල පාළි වචනයක්සේ ව්ය වහාර කොට තිබේ. වදානක ශබ්දය සමග සැසැදීමේදී ඒ දෙශබ්දයෙහි ඇති සාම්යසය දතහැකිය. වාචනක ශබ්දයෙන් කීමත් සමහරවිට කියන තැනත් යන දෙඅර්ථඇයම ගත හැකිය. බ්රාංහ්මණවාදනක ශබ්දයෙන් බමුණන් ලවා සොත්ථිනවාක්යඅ කියවා ඔවුන්ටි තුටු පඬුරු දෙන ස්ථානය අදහස් කරනු ලැබේ. ඕවදාන, ඔවදානක යනාදි වචනයන් ගැනත් සිතාබැලිය යුතුය.

මහාඅටුවාව - මුලට්ඨකථා යනුත් මෙයටම නමි. පොරොණටඨකථානාමයත් ඇතැම්විට යෙදේ. මහ අටුවා තුන් පිටකයටම ලියනලද විශාල අටුවාවකි. කලින්කල නොයෙක් දේ ඇතුළුවීමෙන් සහ ඇතැම් ක්රුම වෙනස්වීමදියෙනුත් දියුණුවට ගිය බුදුකැලි මහ අටුවාවම මහඅටුවා නාමයෙනුත් හඳුන්වනු ලැබේ. විශේෂයෙන් මෙහිදී සලකා බැලියැයුත්තක් නම් සමන්තපාසාදිකා සුමඞගල විලාදීනි පපඤචසුදනී සාරත්ථ්පපකාසීනී මනොරථපූරණී යන ආගම අටුවාවන් මූලට්ඨකථාසාරය හැරගෙන රචනාකළබව ඒ ඒ අටුවාවන්හිම කියැවෙතත් අනෙක් කිසිම අටුවාවක මූලට්ඨකථාසාරය හැරගෙන කළබවක් නොසඳහන් වීමය. මේ කාරණය ඉවසිල්ලෙන් බොහෝදුරට පරික්ෂාකළ යුත්තක්බව කියමු. අත්ථමසාලිනියෙහි එකතැනක (හේ. වි. මුද්රපණය 95 පිට) දැක්වෙන හැටියට පෙනෙන්නේ එයත් මහ අටුවවෙ ඇසුරු කරගෙන ලියූබවය. අරමුණ සහ සිත අතරත් කර්මය සහ වාරය අතරත් ඇති වෙනස දක්වනු සඳහා මහ අටුවායෙහි වාරකථාව කියන ලද්දේයයි එහි සඳහන් වන්නේය.

“ඉමස්ස අත්ථදස්ස පකාසනත්ථන ඉමස්මිං ඨානෙ මහාට්ඨකථායං ද්වාරකථාකථිතා” යනු අත්ථඉසාලීතී පාඨහෙයින් මහා අටුවාවටම අයත් එහි කොටසක් වන අත්ථ සාලීතියෙහි මේ ස්ථානයෙහි වාරකථාව කියන ලද්දේය යන අර්ථවය එයින් ගතහැකිද යනුත් සොයා බැලියැ යුතුය. සාමාවතියාමාගන්දි‍යාමරණදීපන වත්ථු්, යි සිංහප ධම්මපදට්ඨකථායෙහි ආ පාඨය මහ අටුවාහි ආයේ “සාමාවතියාවත්ථු නාමපඨමකි” කියාලු. එයින් පෙනෙන්නේත් සාමාවතියගේ කථාව සිංහල දම්පියා අටුවාවෙහි මෙන්ම මහ අටුවාවෙහිත් තිබුණුබවය. සිංහල දම්පියා අටුවාවත් මහ අටුවාවෙහි කොටසක්වැ තිබුනේ යයි ඒ අනුව සිතාගත හැකිද යනුත් විමසියැයුත්තකි. මේ පොතේ පෙනෙන්නේ මහාටුවා පාඨ දෙකක් පමණකි.

1. සාමාවතියාවත්ථුයනාම පඨමකි (76-5)

2. යොගෙ සොහෙදාවනකි උපද්දවහිසෙමි (76-2)

යන ඒ දෙපාඨය වේ. මෙහි පෙනෙන උපද්දවහි යනුව උපද්දවෙහි යන පාළි වචනයට කොතරම් සමානදැයි සිතාබැලියැ යුතුය. උදත් අටුවාව ගැන කියන්නට දෙයක් නැත. සම්මාදිට්ඨි සුත්රිව්යාතඛ්යා්නය අපට අවිසය පොතකි. ඉදින් එය එකලට ප්රමසිඬවැ තිබුණු පොතක් නම් එහි පැරැණිකම අපට හිතාගත හැකිය. “පොතැලියති” යන තැන්වල පොත යන්නෙන් අදහස් කරනලද්දේත් සිංහල දම්පියා අටුවාවමැයි.

වෙනස් අර්ථහ - පාළිධම්මපදට්ඨකථාව සිංහල දම්පියා අටුවාවේ ලරිවර්ත්නයක් වූවත් ඒ දෙ පොත අර්ථ වශයෙන් මෙන්ම පාඨවශයෙනුත් ඇතැම් තැනකදී වෙනස් ය. මෙතැන් සිට ලියැවෙන්නේ එවැනිතැන් කීපයකි. නන්දැගෝපාලයා මරනලද්දේ වැද්දකු විසිනැයි පාළිපොතේ දක්වා ඇතත් එක්තරා පුද්ගලයකු විසින් දුන්නෙත් විද මරන ලදැයි සිංහල අටුවාවේ පෙනෙන්නේලු. ‍උදත් අටුවාවත් සිංහල අටුවාව අනුව යයි. ඒ වෛරයට හේතුව එක්තරා ආවාටය (වළ) කැයි උදත් අටුවාව වැඩිදුරටත් කියයි. “මිච්ඡාදිඨිකස්ස ගෙහෙ ව සමානාය” යන පාඨයක් සිංහල අටුවාගත විසාඛා වත්ථු යෙහි එතැයි තියතත් එය පාලිපොතේ නොපෙනේ. සුමන මාලාකර වස්තුවෙහි එන අටඨකහාපණෙ යන්න සිංහල අටුවා‍යෙහි නිබ්ධං අටඨකහාපණෙ කියාද පාඨිකමාතික ආජීවක වස්තුවෙහි එන “පටිවිස්සකමනුස්සානං ගෙහං අල්ලාගොමයෙන උපලිමපිත්නා ලාජජඤවමානි පුප්ඵාතිවිකිරිත්වාස සත්ථුානිසිදනත්ථා‍ය මහාරහං ආසනංපඤඤපෙසුං” යන වාක්යථයෙහි මුල් කොටස පටිවිස්සක මනුස්සානං පටිපුච්ඡිත්වාඤ, යි වෙනස්වද තිබුනේලු. ඒ වෙනස සිංහල අටුවාව සමග ගැළපේ. ළඟගෙවල්වල මිනිසුන් අතින් අසා ඔවුන් කීපරිදි බුදුන් සහිත මහසඟනට අසුන් පැනවූ බව සිංහල අටුවා‍යෙහිත් පෙනෙතැයි කියන හෙයිනි. පස්වන කසුබ් සමයෙහි පැවති ධම්මපදට්ඨකථාවෙව් තිබුනේ ඉහතකී පාඨික මාතික උවැසියගේ ගෙයි අසුන් පැනවූ බව නොවැ ඇයගේ ගෙයට සමීප වෙන ගෙයක අසුන් පැනවූ බව පැවැසෙන වාක්යසයක්ලු දැන් තිබෙන පොත අනුව නම් ඒ අසුන් පනවන ලද්දේ එකී උපාසිකාවගේ ගෘහයෙහිමිසැ සමීප ගෘහයක නොවේ. පිතිපූජිතාවත්ථුග උදේතිවත්ථුන ආදියෙහිත් අර්ථෙවශයෙන් එවැනි වෙනස්කම් ඇත්තේය. 134 වන සඞඝහෙස පරිසක්කන වස්තුවෙහි පෙනෙන “අඤඤත්රෙනවභලවා” යන පාඨය අඤඤත්රෙසවහභගවතා, යි සිටියේ නම් මැනවි. අප මෙහි සඳහන් කරන ලද්දේ දම්පියා අටුවාව පිළිබඳ පාළි සිංහල දෙපොතේ ඇතැයි කියන වෙනස්කම් අතුරෙන් කීපයක් පමණකි. වැඩිවිස්තර දැන් තිබෙන පොත ධම්පියා අටුවා ගැටපදයත් සමග සැසදීමෙන් දත හැකිය.

විමැසිය යුතුතැව - රොහිණි වස්තුයෙහි (252 – 2 ) එන පටිමුඤ්චිත්වාෙ යන දයට මේ ගැටලදය අර්ථත දක්වනලද්දේ මුදාතබා කියාය. එහෙත් ඒ පදයට ඒ අර්ථයය කිසිසේත් නොගැළ පෙන බව අප දන්නා තරමින් කියැ යුතුය. මුඤචිත්වාහ යන්නට මුලින් පටි උපසර්ගපය යෙදුණුවිට දමාගෙන යොදාගෙන - හැඳගෙන යන අර්ථය එයින් ගතැයුතුමේ පෙනේ. ඕ (අව) නිපාතය මුලින් යෙදුනොත් මුදාතබා යන අර්ථඑය සුදුසුය අනුරුඬ ස්ථවිරයන් වහන්සේ කිඹූල්වකට වැඩිය විට සියනැගනිය රෝහිණිය හැර අනෙක් නෑයෝ උන්වහන්සේ දකින්නට වෙහෙරට ගියහ. රෝහීණීය කොහිදැයි ඇසූවිට ඇය කුෂ්ටරෝගයක් වැළදී, මෙහි එන්නට ලජ්ජාවෙන් මාලිගයේ නැවතුනහයි නෑයෝ කීහ. අනුරුඬ ස්ථවිරයන්වහ්නසේගේ පැරැත්තයෙන් ඇයත් විහාරයට ගියාය ඇය විහාරයට යන විට කුෂ්ටරෝගය වසාගැනීමට පොරොවා ගෙන සිටි පටකඩ සැට්ටය උන්වහන්සේ කෙරෙහි ගෞරවයෙන් මුද්රාාතබා ගියබව ධම්පියා අටුවා ගැටපදය කියතත් සද්ධර්මස රත්නාවලිය කියන්නේ පටකඩ හැට්ටය හැඳගෙන ආබවය. “පට්ටක්ඤ්වුතං පටිමුඤ්චිත්වා ආගතං” යන පාළි පාඨය සමග ගැළපෙන්නේත් ඒ අර්ථැය මැයි. මාලිගයේ සිට විහාරයට යනවිට ආගේ තිබෙන සැට්ටය මුදා තැබීම නොවැ සකස් කොට හැඳගැනීම සාමාන්යට සිරිති, සමහරවිට මේ පටකඩකස්ස රාජකීයත්වකය හඟවන ලෝගු විශේෂයක් වන්නටත් පුළුවන. විශාඛාවගේ මේල පළඳනාවගැනත් සලකනු. එය පැළඳගෙන බුදුන් හමුවට නොයනු ඇයගේ සිරිති. රෝහිණිය පටකස්ස මුදාතැබුවානම් එසේ කරන ලද්දේ එයත් ඇඳගෙන උතුමකු ළඟට යෑම නුසුදුසු හෙයින් වියැ හැකිය. සුවර්ණනතිලකාවගේ කථාවස්තුවත් බලනු.) ඒ කෙසේ වුවත් පටිසුඤචිත්වාන යන පාළි පදයට මුදාතබා, යි අර්ථත දැක්වීම නුසුදුසු බැව් අපි නැවත්ත කියමු. අප පසුගිය සිළුමිණ අතිරේකයට සැපයූ ලිපියකිනුත් මේ කාරණය මතක් කරන ලදී. අප මිත්රන පණ්ඩිත ස්ථවිරයන් වහන්සේ නමක් පටිමුඤචිත්වාය යන්නට මුදාතබා,යි අර්ථත කියනු නිවරද බවත් මිදීම තබා හෙවත් යොදාගෙන යන අර්ථ්ය එයින් ගතයුතු බවත් කියා පෑහ. මුදාතබා යන්නෙත් නුමුදා හෙවත් යොදාගෙන යන අර්ථ‍ය ගත හැකිනම් බහා තබා යන්නෙනුත් බහා නොතබා යන අර්ථවය ගතැ යුතු වන්නේය. ලිහාතබා බැඳතබා යනාදිය ගැනත් සලකනු. බහා යනුව පූර්ව ක්රියයාවක් නොවැ භාව ක්රිායාවක් නම් ඒ අර්ථ්ය ගැනත් යන්තමින් සිතා බලන්නට ඉඩ තිබුනේය. පස්වන කසුබ් රජතුමා පිස්සෙක් නොවීනම් හැඳගෙන හෙවත් යොදා‍ගෙන යන අර්ථයය දෙන්නට මුදාතබා යන වචනය නොයොදන්නේමය. සිංහල භාෂාවෙන් ලියැවුණු පොත පත තිබියදීත් ටික ටිකක්වත් සිංහල උගත් අය සිටියදීත් මේ අර්ථය කථනය ස්ථිර නොකළහැකි බව පමණක් අපි ස්ථිරව කියමු.

නන්දයතෙරුන්ගේ වතෙහි එන “මඞගලංවත්වා ” යන්නට ගෙහිපතන මඟුල් අධියරකොට අසේවනාව බාලානං යන ඈ තුමා තුන්මඟුල් කියා (43-16) යී අර්ථඟ කියනුත් අපට නොකැමැත්තේය. ඒ වාක්යුය “ගෙහිවටන තුන් මඟුල් අධියර කොට අසෙවනාව බාලානං යන ඈ තුමා මඟුල් කියා, යි ශුද්ධවිය යුතුය. මඞගල සූත්රයයෙහි කියැවෙන්නේ මඞගල කරුණු තුනක් නොවැ අටතිසකි. එදා බුදුහු මඞගලකරුණු දෙසූ බව මිස මෙපමණ මඞගල කරුණු වදාළහි,යි දම්පියා අටුවාවේ නොකියැවෙන හෙයිනුත් අසේවනාච බාලානං යනාදී මඞගලසූත්රවයෙහි මුල් ගාථාව පමණක් නොවැ මඞගලසූත්රවයම දෙසූහයි පිළිගතයුතු හෙයිනුත් උන්වහන්සේ ඞගලසූත්ර යෙන් බණවදාළේ නන්ද‍කුමාරයා පිළිබඳ අභිෂේකය විවහාය ගෙවදීම යන තුන් මඟුල් පවත්නා අවස්ථායෙහි යෙහිනුත් ඉහතකී අර්ථෂකථනය සදොස් සේ අපට පෙනේ. එහිම පෙනෙන “උදබින්දු‍හි පගඝරනෙත්හි” යන්නටත් වැහෙන දිය බිඳු,යි අර්ථහකියන ලදී. එයින් යම්කිසි අඩුවක් ඇතිබව අධූනිකයන්ට පෙනී යායුතය. රූපනන්දාිවගේ වතෙහි එන බුබ්බණ්ණ ආපරණ්න යන ශබ්දයත් තේරූ සැටිත් අපේ සිත් නොගනී. එහි ශුඬිය අපේ පොතේ 187 වන පිටෙන් දත හැකිය. උඳු, මුං ආදිය පුබ්බණ්න වශයෙනුත් ශාලිව්රීබහී ආදිය ආපරණණ වශයෙනුත් හැඳින්වීම අනෙක් පොත් සමග නොගැළපේ, උත්තරාවගේ වතෙහිත් අඬ්ඨකරීඝ යන්නට දෙපෑළකැයි අර්ථොදී ඇත්තේය. පාළිනිඝණ්ඩුයෙහි කරීසං චතුරම්මණං යනු පෙනෙන හෙයින් ද රූපසිද්ධිසන්නය ආදී පොත්පත්වලිනුත් ඒ අර්ථගයම පැවැසෙන හෙයින්ද කරීසයෙන් භාගය දෙපෑළ නොවැ දෙ අමුණකැයි ගණන් ගත යුතුය. ඛාරියෙන් හෙවත් අමුණෙන් බාගයක් නම් දෙපෑළක් වියහැකිය. මේ කාරණයත් සොයාබැලියැ යුත්තක් බව කියමු.

ථුල්ලතිස්සවස්තුවෙහි එන නාරද සෘෂිවරයාගේ ශාපය දෙසත් ආධුනිකයන්ගේ සිත් යොමුවියැ යුතුය. අභිඤඤාලාභියාගේ සිතෙහි පඤ්චනීවරණයන් යටපත්වැ ධ්යා නාඞගයන් බලපවත්වන බැව් අපි දනිමු. ශාප කිරිම වෙෂ්පූර්වධකවැ සිදුකළ යුත්තක් හෙයින් ඒ ශාප කීරීමත් සමගම නාරද සෘෂිවරයා ධ්යාසනයෙන් පිරිහුණා වියැ යුතුය. එසේ ධ්යා නයෙන් පිරිහිණු කෙ‍නකුට අනාගතය බලන නුවණක් ඇතිවියැ නොහැකිය. නමුත් නාරද සෘෂිවරයා ශාපය කාහට ඵල දෙන්නේදැයි අනාගතංශ ඥානයෙන් බැලුවේය. මෙය සිදුවියැහැක්දැයි දැන් සොයා බලමු. නාරද සෘෂිවරයා ධ්යාවනයෙන් පිරිහුනේ ඉතා ස්වල්ප කාරණයක් නිසාය. එසේ ස්වල්ප කාරණයක් නිමා ධ්යාානයෙන් පිරිහිණු විට වසඟකළ ධ්යා නය ඇත්තවුන්ට ඉතා ඉක්මණින් ඒ පිරිහීගිය ධ්යාිනය නැවතත් ඉපැදැවියැ හැකිය. නාරද සෘෂිවරයා විසින් ශාපයෙහි ප්රධතිඵලය අනාගතාංශඥානයෙන් බලනලද්දේ නැතිවැගිය ධ්යාදනය නැවතත් එකෙණෙහිම නිපදැවීමෙනැයි කියැ යුතුය. මේ පිළබඳ, වැඩිවිස්තර විසුඬිමග්ග සන්නයේ (ධම්මරත්න සංස්කරණය) 439 වන පිටුව බැලීමෙන් දත හැකිය.සුළඟින් සැලෙන හිරුරැස්ම මරීවි (මිරිඟු දිය) නාමයෙන් හැඳින්වෙන බවකුත් මේ පොතේ කර්තෘඩවරයා පවසයි. එතුමාවිසින් එසේ කියන ලද්දේ එකලට පැවැති ව්යවවහාරය අනුවය. සුළඟින් සැලෙන හිරුරැස් ඈත සිටින්නන්ට ජලය මෙන් පෙනෙන්නේ සුළඟින් සැලෙන හිරුරැස් ඔපමට්ටම් වුණූ පොළොවට වැටී පරාවර්තෙනය වූ විටය. ඒ කෙසේ වෙතත් නවීන විද්යාෙව පිළිබඳ අතැම් සිද්ධාන්තයන් දසවන සියබසෙහිත් තිබුණු බවට මෙවැනි දේ නිදසුන් කළ හැකිය.

මතභේද - පඤචකල්යසණය සම්බන්ධයෙන් අටුවාවන්හි මතභේදතුනක් දක්නා ලැබේ. 1. ඡවි, මංස, නබ, අට්ඨි, වය 2. ඡවි, මංස, නහාරු, අට්ඨි, වය 3. කෙස, මංස, අට්ඨි, ඥවි, වය යනු ඒ තෙමතය වේ. මෙයින් 1 වැන්න උදත් අටුවාවෙහිත්, දෙවැන්න ජාතක සංයුත්යන අටුවාවන්හිත්, තෙවැන්න ධම්මපදට්ඨ කථා ධර්ම ප්රටදීපිකා පූජාවලි යන පොත්වලත්, දක්නා ලැබේ. මේ පොතේ දැක්වෙන පඤ්ච නළ්යාභණයෝ නම් කෙස, ඡවි, මංස, නහරු, අට්ඨි යනුයි. (43-18) ඉහතකී හැම මතයකම පෙනෙන වය කල්යාලණය මෙහි නොපෙනේ. දරුවන් දශ දෙනකුත් වැදුවත් නොපිරිහුණු යොවුන්වයසින් යුක්තවීම වයඃ කළ්යාසණය නමි. එය පඤ්චකාළ්යාිණයෙහි වැදගත්ම අඞගය වන්නේය. එහෙත් එය අතහැරදමා ඉතා දුර්වතල අඞගයක්වන නහාරූ කළ්යාගණය ගැනීම විශේෂයෙන්ම සගකා බැලියැ යුත්තක් බව කියමු. මේ වෙනස භාණකමතයක් සේත් සිතාගත නොහැකිය. අටුවාවන්හි සඳහන් නොවන හෙයිනි.

නවසීවථිකය දැක්වීමෙහිදීත් මෙවැනි වෙනසක් කරන ලදී. (253-6) නවසීවථිකයේ කෙවැන්න හැටියට මෙහි දක්වන ලද්දේ “අට්ඨීසංඛලිකං නිමමංසලොහි ත මක්ඛිත්තං” කියාය. නමුත් සතිපට්ඨාන සූතුයෙහි ඒ වෙනුවට දක්වන ලද්දේ “අට්ඨීසංඛලිකං සමාසලොහිතං නහාරූදබ්බන්ධංම” පෙනේ. පෙළේ එන පදයක් අස්කිරීමෙන් කරනලද ඒ වෙනසක් විශේෂ පරීක්ෂාංවට භාජන කළ යුතුය. වයඃ කළ්යාරණය අතහැරීම මෙන්ම මේ අතහැරීමත් අභයගිරි මත අනුව යෑමකැයි සිතන්නටත් අවකාශ නැත්තේ නොවේ. අට්ඨිකානි අපගත සම්බන්ධාඅනි යන්න වෙනස් කොට අට්ඨිකාති දිසාවිදිසානි වික්ඛිත්තානි, යි යොදාතිබීමත් එවැනිම වෙනසකි. වෛරී පුද්ගලයකු දුන්නකින් විද නන්දිගෝපාලය මරණලදැයිද ඔහුගේ ඒ වෛරයට වළක් හේතුවීයයි ද සිංහල ධම්මපදට්ඨකථායෙහි මෙන්ම උදත් අටුවායෙහිත් (170) පෙනෙන්නේලු. නමුත් ඒ කාරණය මේ පොතේ දැක්වෙන්නේ එයට වඩා වෙනස් අයුරකිනි. එනම් වැද්දකු විසින් එමරණ ලදැයි කියාය. එහෙත් ඒ වෙනස ගැටපදයෙහි මෙන්ම දම්පියා සන්නයෙහිත් “පඨමක භාණවාරං” යන්නක් ඇතත් මුද්රිඒත පෙළේ එවැන්නක් නැත. බණවරක් නම් අටකුරු ගාථා 250 කැයි කථාව සත්යනයක් නම් එතැනට බණවරකුත් නොපිරේ. ගාථා 197 කට වඩා එහි නොමැති හෙයිනි. චක්ඛුපාල ස්ථවිරයන්වහ්නසේට ඒ නම ලැබුනේ දෙනෙත් අන්ධුවූ හෙයිනැයි කියන මතයක් පරික්ෂාවට භාජන කළ යුතුය. තම්බපාණී යන්න තම්බපණ්ණි, යි සිඞකළ නිරුත්ති ක්රකමයම ඵලිත ශබ්දය පාල බවට පැමිණ වීමේදීත් අපේ උගත් රජතුමාට උපකාර පිණිස විය. ධම්මපදට්ඨකථාව අනුවනම් උන්වහස්සේට පාලනය ලැබුනේ උන්වහන්සේගේ පියාවන කෙළෙඹියාවිසින් පාලනය (ආරක්ෂාහ) කරන ලද වනස්පතී වෘක්ෂචයක් නිසාය. ඇස් අන්ධෙවූ හෙයින් නොවේ. එසේම උන්වහන්සේ ඒ නමින් හඳුන්වන ලද්දේ අන්ධුයකු වන්නට පූර්වඹයෙහිය. මෙසේ මේ කරුණු පැහැදිලිවැ තිබි‍යදී පස්වන කසුබ් රජතුමා ‍පාලනාමය සම්බන්ධයෙන් අන්මගක් ගන්නා ලද්දේ කුමක් හෙයින් දැයි තවදුරටත් පරීක්ෂානකළ‍හොත් මැනවි. අර්ධය උපොෂථය (69) තේරූ සැටිත් අවුල් සහිතය. මෙසේ මේ පොතේ තවතවත් මතභේද ඇතිවන්නට පුළුවන. ඒවා පොත බැලීමෙන්ම අවබෝධ කළයුතුය.

අරුත් පැවැසූ ක්ර ම : පාළි පාඨයනට අරුත් පැවැසීමේදි සම්බන්ධය පැහැදිලි වනසේ පද උපුටා අරුත් පැවැසීම සාමාන්යවයෙන් හමුවන ක්රැමය වේ. නමුත් මේ පොතේ ඒ ක්රපමය නොලැබේ. ගාථා සහ වාසගම්වල එන ගැටපදයන් සහ අර්ථ පදයන් මුල සිට පිළිවෙළින් උපුටා සුදුසු පරිදි එකී පදයනට අර්ථව දැක්වීම මෙහි පිළිපන් ක්ර මය හෙයිනි. නිදසුනක් දක්වතොත්

මහාමොහතමොනදේධ - ලොකෙලොකනත දසසිනා

යෙන සද්ධම්ම පජෙජාතො - ජාලිතොජලිතිදධිතා

යන ප්ර්ථම ගාථාව දැක්වියැ හැකිය. ශිෂ්ය යනට තේරුම් ගත හැකි වන පරිදි මෙයට අර්ථළ දැක්විය යුතුයැ යුතුව තිබුනේ ජලිතිද්ධිනා, ලෝකන්ත දස්සිනා, යෙන, මහාමොහතමොන‍ෙඞ, ලොකේ, සද්ධම්මප‍ජෙජාතො, ජාලිතො යන සම්බන්ධය ඇතිවන සේ ය. එවැනි සම්බන්ධයක් බලගෙන නොවේ මෙහි අර්ථ් දක්වා ඇත්තේ. මහාමොහතමොනේධ, මහත් මොහ අඳුරුයෙන් වළඳන ලජ්ජෙහි; ලොකෙ, ලෙව්හිස; ධම්මාධ‍මෙමසු, ඉටාතිටුවිවාට කරුණු හා නොකරුණෙහිය; යනාදිය පරීක්ෂාසකර බැලීම වටනේය. පදභාජනයෙහි සහ නිදේශයෙහි පදාර්ථව දැක්වූ ක්රුමයත් මෙයට සමානය. අටුවා ක්ර මයක් එයම අනුගමනය කෙරේ. අපට වුවමනා කළේ මේ ක්රටමය විවේදනය කිරීමක් නොවැ පරැණි අර්ථය කථා ක්රදමය වත් මන් ක්රකමයට වඩා තරමක් වෙනස්වැ පැවැති බව පෙන්වීම පමණකි. වැකියක ගැඹුරු පද හමුවුණුවිට විග්ර්හ සහිතවැ හෝ රහිතවැ ප්රපථමයෙන්ම ඒවා‍ තෝරනුත් මෙහි සිරිති. පාළිපදයෙහි අර්ථි පවසනු පිණිස ඇතැම් විට පාළි පදයක්මත් යෙදේ. සිංහල පදයන් වෙනුවට පාළි පදයන් යෙදුණු තැනුත් බෙහෙවි. ඉදින් ඇෟථව වශයෙන් දැක්වූ පදය ගැඹුරු සේ පෙනේ නම් ඒ හා සමග ලිහිල් පදයක් යෙදීමත් මෙහි පිළිපන් මාර්ගඅය වේ. තන්තිහාසා, පෙළබස් - මගධබස්- යසේයි යනු නිදසුනි. මෙහි පෙනෙන යූසේයියන්න වෙනුවට යීසේයි, සේයි යන දෙපදයක් ඇතැම් තැනක යෙදේ. ඒ පදයන් එසේ යෙදෙන්නේ පසුව යෙදුණු ශබ්දයෙනුත් මුලින් යෙදුණු ශබ්දයාගේ අර්ථ යම පැවැසෙන බව ප්රනකාශ කරනු සඳහාය. අර්ථු කීපයක් කියන ශබ්දයක් හමුවුණුවිට තැනට සුදුසු අර්ථැය ‍යොදා ඉතිරි ශබ්දයන්ගේ අර්ථර දැක්වීම සම්බන්ධයෙනුත් මේ මගම ගන්නා ලදී. පාළිපදයක ධාතුවක් දක්වන්නට වුවමනා කල්හි සංස්කෘත ධාතුවක් දක්වනුත් මෙහි දක්නා ලැබෙන විශේෂ ලක්ෂවණයකි. ඩ්රධ-භෘඤ් ධාරණී පොෂණායොඃ, යාචෘ නිශාමනයොඃ, යනාදිය නිදසුනි. මෙසේ සංස්කෘතියෙන්ම ධාතූන් දක්වන ලද්දේ එකලට පාළිධාතු පාඨයක් නොතිබුණු හෙයින්ද යනුත් සිතා බැලියැ යුත්තකි. පස ගතියං මනන ගුතතභාසනෙ යන ධාතුද්වය පෙළබස අනුව ගිය බව පෙනේ. පාදුකා යන්නට අර්ථග වශයෙන් පාදුකා යන්නම යොදන ලදී. (25-18) මෙය සොයා බැලියැ යුතු තැනකි. පාදුකා ශබ්දයාගේ අර්ථුය පැවසෙන අනෙක් පාළි වචනයක් හෝ සිංහල වචනයක් යොදනු. සාමාන්යුයෙන් පිළිබත් ක්රයමය හෙයිනි. දිබේබන ඛාදනීයෙන යන තැන පද වෙන්කොට දිබෙබන, දෙවුලොවෙහි ඇතියෙන්; ඛාදනීයෙන, කෑයුතුයෙන් කියා අර්ථක කී සැටිත් සලකනු.

යෙළ අඟල කුජු - -(117-24) මේ වනාහි “අද්ධඞගුලම්පි” යන පාළි වචනයට දුන් අර්ථුය වේ අඟල් බාගය යනු අර්ථවයි. සඞඛ්යා වාචක ශබ්දයකට හෝ ප්ර්මාණවාචක ශබ්දයකට මුලින් යෙළ ශබ්දය යෙදුණු විට පරපදයෙන් කියැවෙන සඞඛ්යා්වෙන් හෝ ප්රදමාණයෙන් අර්ඬයයක් අධික යන අර්ථසය එයින් ගැනේ. යෙළ දහසක් ජැයිහි (දියඩඪංජාතිසහසසං 228- 10) යනාදියන් සලකනු එකදහස්පන්සියයක් ජාතිවලැ යනු අර්ථදයි.

සක්බිඳුමට :- (51-16) මෙහි පාළි වචනය චක්කභෙදාය යනුයි. මේ පොතේ කර්තෘඳවරයා චක්ක ශබ්දය තෝරන්නේ කරත්ත රෝදය වශයෙනි. එහෙත් විනය අටුවාහි (437 හෙ. වි. මුද්රවණය) චක්කභෙදාය යන්න තෝරන ලද්දේ ආණාභෙදාය කියාය. බුදුරජාණන් වහන්සේගේ ආඥාව බිඳිම පිණිස යනු අර්ථුයි. ඒ අර්ථ්ය වඩාත් ගැළපෙන සේ පෙනේ.

භාෂාව :-සංස්කරණය

නොයෙක් හේතූන් නිසා වෙනස් වෙමින් හැඩ ගැසුණු සධ්යර සිංහල භාෂාවෙන් මේ පොත රචනා කරන ලද්දේ යයි කියැ යුතුය. තැනින්තැන වැටී ඇති සංස්කෘත වචන සමූහයකුත් මෙහි දක්නා ලැබේ. හෙළ බසට සංස්කෘත වචන එකතු වුයේ දොළොස්වන සියවසෙහි දීය යන මතය මේ පොතත් බුද්ධන්නෙ හෙළ ශිලාලිපිය ආදී ලිපිත් කියැවු‍වෝ අනුමත නොකෙරෙතැයි සලකමු. මේ පොතේ මුල් පිටේමත් ධර්මලපද පාළියට, සංවර්ණිණානා කටැටි, නමස්කාර, විෂය යන සංස්කෘත වචනයන් යෙදී ඇති හෙයිනි. පොතේ අගදී සංස්කෘත වචන ප්රණයෝගය ක්ර මයෙන් අඩුවුණු බවද පෙනී යයි. ව්යිවහාර භාෂාවට කෙසේ වෙතත් සාහිත්යග භාෂාවට ද්රඩවිඩ වචනයන් බහුල වශයෙන් නොපැමිණි බවද මේ ග්රතන්ථය අනුව කියැ යුතුය. ශිලාලිපිවල බෙහෙවින් යෙදුණු “ඉසා” නිපාතය හෝ සෙනල් කිතල් මිතල් මිහිදල් යනාදි අල් පුත්යවන්ත නාමයන් හෝ වල් පුත්ය ය හෝ මෙහි කිසි තැනෙකත් නොයෙදුනේය. දෙමළ “කල්” යනුව අපේ කල් යන්න පිළිබඳ වූම උච්චාරණ විශේෂයකි. එහෙත් ඒ කල් ප්රලත්යකය පැරැණි දුවිඩ බසෙහිත් නොමැත්තේයිය ඇතැම් දෙමළ උගත්තු කියති. ප්රාදකෘත ලක්ෂිණ බහුලකොට ඇති පැරැණි සිංහල භාෂාව හැඩ ගැසීගෙන ආ පිළිවෙළ දෙස බලනවිට ශබ්දයක ම්ය යස්වර ලෝපයට ගොස් ව්ය ඤ්ජනය පමණක් ඉතිරිවීම ද්ර්විඩයේ බලපෑමකැයි සිතාගත හැකිය. මෙහි යෙදී තිබෙන ඇතැම් වාක්යීයෝ රචනා විලාසය අතින් ඇතැම්විට ධර්මකප්ර්දීපිකාව සිහිපත් කෙරෙති. “සමබිම පියෙහි පියෙහි ලැ‍ෙඟෙන පියුම් විරෙන රස් ප්රිභාතවය් නොතප්නහිරු විරෙන මල් රොන් ඈ නොයෙක් සුවෙන් උවෙදුවාගමන් බුත් ළෙහ නම්” (80 14) යනු එවැනි තැනකි. තවත් මෙහි පෙනෙන විශේෂ ලක්ෂ්ණයක් නම් හෙළබසෙහි දැන් වරනොනැගෙන බොහෝ ශබ්දයන් විශේෂයෙන් අප්රා්ණිවාචක ශබ්දයන් මේ පොත රචිත ශබ්දයන් විශේෂයෙන් අප්රායණිවාචක ශබ්දයන් මේ පොත රචිත සමයෙහි වරනැගෙමින් පැවැති බවය. එසේ වරනැගුණු ශබ්දයන්ගේ ඇතැම් පදරූපයන් තැන්තැන පෙනෙන්නට තිබෙන අතර කම් විබත් මුසුබස විශේෂයෙන් දක්නා ලැබෙන බව කියැ යුතුය. නපුංසක ලිංගික ශබ්දයන්ගේ පළමු විබත් බුහු බසින් බිඳගනු ලැබූ ඇතැම් රූප කෙණෙක් කම් විබත් බුහු බසින් වෙන්කොට හඳුනාගත නොහැකි තරම් සමානත්වබයක් දරති. වලය ශබ්දයාගේ බහුවචනය වන වලයානි යන්නෙන් ආ වලයින් යනුවත් එයට නිදසුන් කළ හැකිය. වරනැගුණු ඇතැම් ශබ්දයන් පිළිබඳ පද රූපයන් අතුරෙන් නැතිවැ ගිය පුරුක් සොයා යෑමෙහිදීත් මේ පොතෙක් ලැබෙන වහල අනෙක් පොතකින් ලබාගත නොහැකිය. සමීපාර්ථතවාචක කරශබදයාගේ වරනැගුණු රූප තුනක් තිබියදී අනෙක් රූපයන් නැතිවැ ගොස් තිබෙන බව උගත්තු දනිති. කරා, කෙරෙන්, කොරහි යනු ඉතිරිවැ තිබෙන රූපයෝය. ඔවුනුත් ඉතිරිවැ තිබෙන්නේ විභක්ත්යබර්ථ පුකාශක පදයන් වශයෙනි. නැතිවැ ගියරූපයන් අතුරෙන් “කරාට” යන රූපය මෙහි ඉතිරිවැ ඇත්තේය. අනෙක් රූපයන් තවමත් සොයාගෙන නොහැකිය. මෙවැනි අප්රායණිවාචක ශබ්ද සමූහයකගේම බහුවචන රූපයන් ‍සොයා ගත නොහැකි සේ අභාවයට ගොස් තිබෙන බවද කියැ යුතුය. ඒවා තොකරම් දුරට අභාවප්රා ප්ත වී තිබේදැයි කියතොත් ඇතැම් ශබ්දයෝ වරනොනැගුණහ’ යි සිතන්නට පවා අවකාශ ඇත්තේය. සමහර අව්යමයන් බුහුබසට වරනොනැගීමේ සිරිත පෙළ බසෙහිත් ඇත්තේය. භාෂා ඉතිහාසය සොයන ආධුනිකයන්ටත් මේ පොතෙත් ලැබෙන ආලෝකය ඉතා මහත්ය. ඒ සම්බන්ධයෙන් යම්කිසි විස්තරයක් ලියන්නට මේ අවස්ථාව නොවේ. එහෙයින් අපි විශේෂයෙන් සලකා බැලයැ යුතු භාෂා රීති කීපයක් පමණක් මෙතැන් සිට ආධුනිකයන් ඉදිරියෙහි තබන්නට වෑයම් කරමු.


1. “වූ” යන අර්ථි ක්රිකයාව ස්ත්රීීලිඞගයේදී “වී” රූපය ගනීබසාඩුවියෙහි සිත් අරියනුවීහි දුටුවන් සිත් ප්රඉසාදකරනුවී යනාදිය නිදසුනි.

2. විභක්තියම කාලාර්ථයක් දෙයි :- පාළි සංස්කෘතාදියෙහිදී ආධාර විභක්තියම කාලාර්ථ යත් දෙන බව අපි දනිමු. මධ්ය්ම කාලීන සිංහල බසෙහිත් ඒ ක්රකමය තිබුණු බව මේ පොතෙත් පෙනේ. කොතුහලේ උප්පනේන, කුහුල්උපනුයෙහි යනු එවැනි තැනකි. තවත් මෙවැනි තැන් බොහෝය. වත්මන් බස අනුව නම් ත, දා, දී යනාදී ප්ර ත්ය.යක් හෝ කාලාර්ථෙවත් ශබ්දයක් ඒ සඳහා යෙදියැ යුතුය. නිදසුන් තැනක් කාරණය සුබෝධය.

3. සංශයාර්ථය සහ බහුවචනය :- සංශයක් හෝ වාර්තා.වක් ප්රසකාශ කරන තන්හි උක්තය අනුකත්රූපයෙනුත් ආඛ්යාාතය බහුවචනයෙනුත් සිටි යනු වාර්ත මානික ඇතැම් උගතුන්ගේ කියුමි. ඒ ඇදුරා දැන් දැන් එති, කතිවෙණමීයන යනාදි පුයෝගයෝ ඒ මතය ඇතිවීමට හේතුවූහයි සලකම්හ.

මේ පොතේ එන “ඛීණාසබාජ් කම් සුව ඉවසතී හඟිමි” (127-30) යනාදී ප්රමයෝගයන් මෙන්ම බුදුහු දැන් කලී සිංහනාද කෙරෙති (ධර්ම(ප්ර-දීපිකා 4 වන සංස්කරණය 15 වෙනි පිට) බුදුහු කෙසේ ඔවුන් විඤඤාපනය කෙරෙතී සිතා (16) යනාදියත් ඒ මතයට විරුඞව සිටී. අමාවතුර, ධර්ම‍ප්රවදීපිකා, පූජාවලී, බුත්සරණ යානාදී පොත් පත්වල මෙවැනි යෙදුම් සමූහයක් ඇත්තේය. සංශයාර්ථයයක් ඇති තැන අනුකත කර්තෘස සමග බහුවචන ආඛ්යාපතය යෙදෛතැයි කියන කථාව මාතෘ භාෂා රීතියටත් වෙනස්ය. සිංහලයෙහි මාතෘ භාෂාවන් අනුව නොයන රීති ඇතත් කර්තෘර ක්රිකයා සම්බන්ධය අතින් එවැනි රීතියක් ඇති බවට නිදසුන් නොලැබේ. දුවිඩය සමග සමකර බැලුවත් කාරණය එසේය. “මේ පිළිකළ කල ජවසම්පන්න බලසම්පන්න වෙයි. අණ්ඩචෙඡදකොට තමහට වාහන කොළො” (ධ: ප්රස: 100) ‘මල්ලිකාදේවී එක් ජන්මයෙක්හි කුලදුවක්වැ පතිකුලයෙහි වසන්නී අමුත්කුහු දැකැ ඔහුට බත් දියැටිවැ මස් සොයා නොලදින් පැසුලුදොර හොත් එළියක හිස්සුන” (107) “ඔකාරජහු මුනුබුරෙක් සිද්ධත් කුමාර කිඹුල්වත් නුවරින් නික්මැ බුදුවැ ලෝකයෙහි දම්දෙසති. තෝ ගොස් උහුපුළුවුස හේ තට කියයි කිවැ” (අමාවතුර ඤාණාලොක 205) යනාදී ප්රපයෝගයෝ ඉහත කී කාරණය සම්බන්ධයෙන් ඉතා වැදගත්හ පූජාවලී ආදී පොත්වල බහුල වශයෙන් එන පරිදි පළමු විබත් බුහුබස වෙනුවට කම්විබත් බුහුබස යෙසෙතැයි සැලකූවිට ඉහත කී අහේතුක අදහස බැහැර කළ හැකිය.

4. ද, ජ දෙදෙනා අවිශේෂයෙන් යෙදෙති :- ජුවන යනු නිදසුනි මේ කාලයෙහි දුවන යන පාඨය විනා ජුවන යන්න අභාවයට ගොස් තිබේ. ධම්පියා අටුවා ගැටපදයෙහි මෙවැනි ප්රනයෝගයෝ බොහෝ වෙති.

5. ස්ත්‍රී අර්ථයෙහි “උම්” බස යෙදේ :- මෙවැනි ප්රලයෝගයක් මේ පොතේ හැර අනෙක් පොතක අප විසින් නොදක්නා ලදී. එහෙයින් “උම්” ප්රැත්යරය යෙදී තිබෙන තැන් කිපය ප්රිථමයෙන්ම දැක්විය යුතුය.

1. අහං පුබේබ යථාවාතථාවා ජීවිතං කපෙපනතීපි කුච්චපුරං නාලත්ථං ඉදානිකථං ජීවිස්සාමි (මම පූර්ව යෙහි දැහැමිවැ හෝ නොදැහැමිවැ ජීවිකාව කරමිනුත් කුස පුරා අහරක් නොලදිමි.) සම පියොවින් මතු ජෙවුය්ම් කී ‍සෙයින් ජෙමි (27-9)

2. න සක්කිස්සාමි පුත්තකං ආදාය අනාවාසා විචරිතුං (වසන්නට තැනක් නැති මම පුත්රඅයාත් රැගෙන එහි මෙහි හැසිරෙන්නට නොහැක්කෙමි.) අනාවාසා, වසන තැනක නැතියුම් (225-35)

3. සචාහං ඉමං මාරෙස්සාමි නිරයගාමිනී භවිස්සාමි (ඉදින් මම මොහු මරන්නෙම් නම් නිරයට යන්නනෙත් වෙමි.) නිරයගාමිනී, නිරයට යනු වියුම්. (226-3)

4. අහංපුබෙබ මනුසසයොනිතො චුතා.... තෙරස අත්තභාවෙ පත්වාය ඉදාති උක්කණ්ඨිතා (මම පෙර මිනිස් ගතියෙන් චුතවුයෙම්.... තෙළෙස් අත්බැවකට පැමිණැ දැන් කලකිරුණෙම් වෙමි.) උක්කණ්ඨිතා උකැටියුම් (268-14)

5. අන්ධකබාල දෙවතා - අඳුබල් දෙවියුම්. (168-34)

6. මානුසිමහි - මිනිසකුම් (58-17)

මේ වාක්යම ප්රබදේශයන් පරීක්ෂාකපූර්වයකවැ කියවනවිට හැ‍ඟෙන්නේ ජෙනියුම් නැතියුම් උකැටයුම් යනාදිය කෘදන්ත ක්රිවයාවන් බවත් උම් යනුව කෘත් ප්රකත්ය‍යක් බවත්ය. නමුත් දෙවියුම් මිනිසකුම් යන දෙතැන ඒ ප්රිත්ය ය යෙදී ඇත්තේ කාත් ප්රවත්ය‍යක් වශයෙන් නොවැ ස්ත්රීන අර්ථය ප්රඒකා්යත කරන සාමාන්යත ප්රරත්ය‍යක් වශයෙනි. ස්ත්රීහ අර්ථයෙහි උ, ඌ යන ප්ර්ත්යරයන් යෙදෙනුත් සාමාන්යඋ සිරිති. හැරයු (186) ඇළුණු (203) යූ යානාදිය නිදසුනි. “උම්” යන තැන ඇති “ම්” කාරය “මු” කාරයාගේ ස්වර ලෝපයෙන් සිද්ධය. මෙ “මු” යනුව පුරුෂලිඞලයෙහි යෙදෙන විට “මි” බවට පෙරළේ ස්ත්රී” අර්ථයෙහි උම් ප්රසත්යරය පමණක් නොවැ ඉම් එම් යන ප්ර ත්යමයෝත් යෙදෙති. දහරා, දහරිම් (280) අසජ්ජමානා, නොසැජනෙයිම් - නොපිළිපහරනෙම් (205) යනාදිය නිදසුනි. ‘තව්තිසා වැසි දෙවියන් සුධම් දෙව් සභායෙහි නටන්නෙයිම් ඇසීමි” යන අමාවතුර පාඨයත් (මහානාම 252) මෙහිදී සලකා බැලියැ යුතුය. මේ ඉම් එම් යන ප්රෙත්යායෝ දෙදෙනා ස්ත්රීව අර්ථයෙහි මෙන්ම පුරුෂාර්ථයෙහිත් අවිශෞෂයෙන් යෙදෙතැයි කියැ යුතුය. නිදසුන් සුලභය. ‍දළතාපැවිජ්යෙම් දහම්පියට අටුවාසකයය තවුරුදුයෙන් ලිමි. වීරාංකුරාමිසිට් ලැයිවීම. දයිමිසිට් ලියැවීමි. අපේ ශිලාලේඛන සංග්ර ය (5-121) මෙවැනි යෙදුම් සීගිරි පද්යවවලින් බොහෝය විශේෂයෙන් ඉහත කී උම් ඉම් එම් යන කෘත්ප්ර තයයන් යෙදී ඇත්තේ විශේෂ්යවය පූර්වේවුන් විශේෂණය පරවූක් තැන්වලය. විශේෂණ විශේෂ්ය1 දෙදෙනා විපර්යාි සවැ සිටි කල්හි ඒ දෙකම විභකත්ය නනවැ සිටිනුත් සිරිති. කතු විබගේ සිට එහි වෙනස් කමුත් දක්නා ලැබේ. “අනුරුත් තෙරුන් සිඟා වැඩියවුන්” (ධර්ම.ප්රවදීපිකා 4 වන සංඝකරණය 93 පිට) මෙහි අනරුත් තෙරුන් යනු විශේෂ්යසයත් සිඟා වැඩියවුන් යනු විශේෂණයක් විය. එසේම ඒ දෙකේ විපර්යාි සයත් විය. එහෙයින් ඒ දෙපදයම විබත් ගෙන සිටී. කතු විබතේ සිට පූර්වරවූ විශේෂ්යයය කම් විබත් ගෙනැ සිටිනුත් සිරිති. ඉහත කී ජෙුන්යුම් යනාදී තැන්වල “උකාරය ස්ත්රී‍ අර්ථයෙහිත්”ම්” යනුව අසමදර්ථියෙහිත් යෙදුනේය. කැතදුවවතුමු (කැතදුවක්මු) යනාදිය සමගත් සසදා බලනු. රැකෙන තැනක් නැහැයුම් යන පාඨයෙහි පෙනෙන නැහැයුම් යනුව ස්ත්රීන අර්ථයෙහි උම් පස යෙදුණු තැනක් නොවේ. පාඨයන් නැසුම් කියා ශුඬ වියැ යුතු සේ පෙනේ.


6. අනාගත විබත :-සංස්කරණය

සිංහලයෙහි අනාගත විබතක් නැතැයි ද එහෙයින් වත්මන් විබතම පදාන්තර සංසර්ගායෙන් අනාගතාර්ථය පවසතැයි ද සමහරු කියති. එසේත් වියහැකි ය. එය හෙළබසට පමණක් අවේණිකවූ නීතියකුත් නොවේ. නමුත් පැරැණි මහළබසෙහි අනාගත විබතක් තිබුණු බවට ග්රඅන්ථායන්තර යෙන් නොයෙක් නිදසුන් දියැහැකිය. ධම්පියා අටුවා ගැටපද කාලයෙහිත් අනාගත විබත වෙනුවට වත්මන් විබත යෙදෙමින් තිබ්නේය. පරමොවෙස්සාමි, මුදවමි (24) පොථෙසසාමි, පහරමි (33) යනාදිය නිදසුන් වේ. නමුත් මේ පොතේ හැමතැනකම වාගේ වැඩි වශයෙන් පාළි අනාගත විභක්තිය වෙනුවට සිංහල අනාගත විභක්තියක් යෙදී කිබෙන බව විශේෂයෙන් මතක් කළ යුතුය. අභිසපිස්සාමි, සව්ගන්වනෙම් - භවස්සති, වන්නේ ලභෙය්යාහම; ලබනම්හ - නලභිස්සාමි, නොලබනමෝ යනු එවැනි තැන් කීපයකි. මේ ක්රාමයම පොතේ වැඩි වශයෙන් යෙදී ඇත්තේය. නකාරයක් සහිත මේ ක්රිඑයා සියල්ල ගොනුකොට සැලැකිමෙන් දත හැක්කේ අනාගතාර්ථසයෙහි “නු” පුත්ය්යත් තිබුණු බවය. එසේම ඒ ප්රැත්යකය පරිකල්පර්ථයයෙහිත් යෙදුනේය. සිඛවළඳ විනිසෙහි ආ සමවැජිමි, සමවජමි, සමවජන්නෙම් යනාදියත් සලකනු. ගියාවනැයි සිටියාවැනයි යනාදී තැන්වලත් වනු (වනු + යැයි = වනැයි) යන අනාගත විභක්තිය දැක්ක හැකිය.


7. “යි” පුත්ය ය - නොයෙක් තැන්වල යෙදමින් නා නා අර්ථආයන් ප්ර,කාශ කරන යි නිපාතයත් පෙනෙතත් මෙහිදී අප විසින් අදහස් කරන ලද්දේ එකවචකයට වර නැගුණු කෘදන්ත ක්රිනයාවන් කෙරෙන් පරවැ යෙදෙන “යි” ප්රකත්යඅය වේ. ගියේයි සිටියේයි කරන්නේයි යනාදිය එයට නිදසුනි. “යම් භවෙක්හි සිටයේයි අනුපාදාපිරිවණින් පිරිණි වේ ද හේ පච්ඡිමභවනම්” (167-7) යනු ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සලකා බැලියැ යුතු තැනකි මෙහි සිටියේයි යන කර්තෘ“ පිරිණිවේද යන ක්රි්යාව සමග යෙදුනේය. සමමජජජනෙතා, හමදනෙයි; (197-16) යනාදිය ගැනත් සිහිකරනු. මෙවැනි තැන්වල “යි” ප්රසත්ය;ය යෙදී ඇත්තේ අන්යන ශබ්දකාරකාර්ථ යෙහිය. ත ශබ්දකාරකාර්ථ්යෙහි “හි” යනුත් ම ශබ්දකාරකාර්ථපයෙහි “මි” යනුත් එසේම යෙදේ. මේ අනුව ඉගෙනගත හැකි තවත් කාරණයක්නම් කෘදන්න ක්රිනයාවන් කෙරෙන් පරවත් පුරුෂාර්ථුවාචක පුත්යරයත් යෙදෙන බවය. හි, මි, දෙක ප්රරත්යකයන් ව‍ශයෙන් පිළිගනී‍තොත් යි යන්නත් ප්රවත්යහයක් වශයෙන් පිළිගත යුතුය. වත්මන් බසෙහි මේ යි ප්රකත්ය‍ නොයෙදෙන්නා සේ පෙනේ.


8. නොදසින් ඇති නොදිපිත ඇති :- මෙසේ සිංහලයට පෙරළන ල‍ද්දේ “න චිතතං අත්ථිස න පිතතං” යන පාළි වාක්යරය වේ. සිංහල වාක්යේයෙහි සමුච්චයාර්ථවවත් ද කාරයක් ඇතත් පාළි වාක්යියෙහි එවැනි ච කාරයක් නොලැබේ. එහෙයික් පාළි වාක්යයය පැරැණි පිටපත්වල තිබෙන්නට ඇත්තේ “න චිතතං අත්ථිබ න ච පිතතං” කියාය. අමාවතුරු ධර්මණප්රතදීපිකාසියෙන් මේ ප්රතයෝගය බොහෝ විය දක්නා ලැබේ. අප මේ කාරණය මතක් කන ලද්දේ මේ ප්රරයෝගය පෙනෙන්නේ ගුරුළුගෝමීගේ භාෂායෙහි පමණකැයි සමහරුන් සිතන හෙයිනි. නොදතුඹැස්හු (27-34) යනාදි තැන්වලත් එකී ද කාරයෝගය පෙනේ.


9. බෝසතනුවනට් - (289-23) බෝසනකු යන්න මෙහි ප්රවකෘතියවේ. ගෞරවාර්ථබයෙහි අනු ප්ර ත්ය්ය යෙදුණු නැති. මෙබඳු තැන්වල අනු ප්රරත්ය.ය විනා අණු ප්රවත්යථය නොයෙදෙන්න්ය යනුත් ඇතැමුත්ගේ මතයකි. මේ ප්රබත්ය යාගේ මූලය සොයා යන බවය. සිංහපයෙහි ලැබෙන ආණ අණු ඇණි යන තුන් ප්රකත්ය.යෝම දෙමළ “ආණ” ප්රබත්යථය ප්රලභවකොට ඇත්තාහ. ආල් යනුත් ආණ් පුත්යයය පිළිබඳවුම උච්චාරණ විශේෂයකි. අම්මාණ් - අම්මාල් යන ප්රහයෝගයන් ගැන සිතනු. ආණ ප්ර්ත්යඳය හෙළබසට එකතුවුයේ දසවන සිය වසටත් ප්ර ථමයෙනැයි කියැ යුතුය. නමුත් ධම්පියා අටුවා ගැටපදයට පෙරැ ලියැවුණු ශිලා ලිපි ආදියකින් ඒ සඳහා නිදසුන් නොලැබිය හැකිය. සංසකෘතයෙහි හලනතවැ සිටින ඇතම් ශබ්දයන් පාළි ප්රාාකෘත දෙක්හි ස්වරානනවනානා සේ ම දෙමළ සංසකෘතාදි භාෂාවන්හි එන ඇතැම් ශබ්දකෙනෙක් සිංහලයෙහිත් ස්වරාන්ත වෙති. ස්වාමීන් ශබ්දය “සමුන” කියා සිටියේ ඒ නීතියම බල පැවැත්වූ බව පෙනේ.


10. වරනැගිම් ක්රමම - ධාතූන් වරනැගීමේදී මෙන්ම ඇතැම් ශබ්දයන් වරනැගීමේදීත් වත්මන් බසින් ගිලිහී ගිය ඇතැම් ක්රශම පැරැණි බසෙහි බහුලවැ තිබුණු බව‍ට මේ පොතෙන් නිදසුන් සමූහයක් සැපැයිය හැකිය. දක්නවුහු සිටියවුහු ගියවුහු පසු බස්නවුහු පිළිගන්නවුහු කම්නැතියවුහු යනු එයින් යෙදුම් සීගිරි පද්යහවලත් ඇත්තේය. ඇතියවුහු යනාදිය ඇතියව්හු යනාදි විසිනුත් සිටී. තවත් මෙහිදී සලකා බැලියැ යුත්තක් නම් කුමර ආදී ඇතැම් ශබ්ද වරනැගීමේදී වෙනස් වන සැටිය වේ. මේ කාරණය මෙහිදි මතක් කරන ලද්දේ කුමරුවා කුමරුවෝ කියා ව කාරයක් සහිතවැ වරනැගෙන්නේත් කුමර ශබ්දයම සේ සමහරුන් පිළගන්නා හෙයිනි. කුමාර ශබ්දයෙන් කුමර කියාත් ස්වාර්ථරවත් ක ප්රවත්යතය සහිත කුමාරක ශබ්දයෙන් කුමරු කියාත් ආවිට කුමර කුමරු යනු දෙ ශබ්දයක් සේ සැලකෙන බවත් එහෙයිස්ම දෙවිධියකට වරනැගෙන බවත් සැලැකියැ යුතුය.

ශබ්ද බීදීම -සංස්කරණය

ඇතැම් භාෂාන්තර ශබ්දයන් සිය බසට සුදුසු සේ බිඳ ගැනිමේදීත් ධම්පියා අටුවා ගැටපදය මහත් සෛවරී භාවයත් පෙන්වයි. “න විජායි” යන්න “නො වැජැයි” කියා බිඳගත් සැටිය ගැන සලකා බැලියැ යුතුය. භාෂාන්තර වචනයන් සිය බසට සංක්රිමණයවීම දෙවිධියකින් සිදුවේ එයින් එක විධියක් ඇතුළු වීමය. එසේ නො වෙනස්වැ ආ ශබ්දයනට සිංහල විබත් ගැන්වීමෙන් ඒවා සිංහලයේ ව්ය වහාරයට හුරු කර ගනිති. එසේ කිරීමේදී ය කාර ව කාර ආගමාදියත් විභකතීනුත් නිසා උච්චාරණය පිළිබඳ වෙනස්කම් ඇති වෙතත් ප්රමකෘතියේ වෙනසක් නොවේ. කර ගජ යනාදිහු වන ශබ්දයන් අතුරෙන් කීපයකි. තත් සම නා‍මයෙන් හැඳිනෙන්නාහු එවැනි ශබ්දයෝය. භාෂා සංක්රකමණය නිසා උච්චාරණයෙන් නො වෙනස්වන, භාෂා කීපයකම එකසේ සිටින ශබ්දයනට තත් සමනාමය අනුරුත්ය. නමුත් එක ශබ්දයක් හැම බසකම එකසේ නො වෙනස්ව සිටිතොත් එය ඉතා දුරලභ දර්ශඋනයකැයි කියැ යුතුය. සංස්කෘත පාළී සිංහල යන තුන්බසෙහි උච්චාරණයෙන් සමානව සිටින ශබ්ද සාමාන්ය යෙන් තත්සමයේ සැලකෙතත් සිංහලයෙහි වැඩි වශයෙන් තත්සමය ලැබෙන්නේ පාළි ප්රාෙකෘත යන භාෂාවය සමගය.එසේ වන්නේ ඒ දෙභාෂාව සිංහල සමග වැඩි සම්බන්ධයකින් යුක්ත හෙයිනි.

මෙසේ ඇතැම් ශබ්දයන් උච්චාරණයෙන් නො වෙනස්ව භාෂාවකින් තවත් භාෂාවකට සංක්ර්මණය වන ශබ්දයෝ තත්හව නාමය ලබති. තත්හව ශබ්ද‍යන් සාමාන්යත ස්වභාවය නම් මුල් භාෂාවේ දී උච්චාරණයෙන් වෙනස්වීමය. පාළි සංස්කෘතාදී භාෂාවලින් සිංහලයට වචන බිද ගත් බව මුත් සිංහලයෙන් පාළි ආදියට වචන බිඳගත් බවත් අපේ උගතුන් නො පවසති. නමුත් සිංහලයෙන් පෙළ බසට බිඳගත් වචන රාශියක් අටුවා ග්රොන්ථ.වල දක්නා ලැබෙන බව කියැ යුතුය. පැනඹමලුව,ගඳගහනබියෙන්,හුලහ,කෙරවල,කප්වා,කොටවා,කියාදී,පිරිවහයි,තෙමෙනගස,සුලු,පිටිපස,පිරිපටු,ඇහිදැ,පටන්ගය,ඔසවාගෙන,ගවැසිගත්,තිහිරි,පළමුකොට,කටුකරඬු, කොටා,කුදුනා,කුඩා,මහනෙල්,ගල්හොය,හැලපූ,ලොකුගල,ලුහුගල,ගෙනහැර දක්වා,. ඇවිද, දියකුකුළා, කොට යන මේ වචනයේ පඤ්හොම්බමාලක, ගන්ධාගහණභයෙන, චූද්රංයස,කලෙබර කප්පාපෙත්වාඤ, කථෙත්වාුදත්වාස, පරිවත්තනි ‍තෙමනරුක්ඛා,චූළභ,පිට්ඨීපස්ස,පරිඛාපිට්ඨ,ආසීදිත්වාම, පට්ඨාන ගාථා, උක්ඛපිත්වාකගහෙත්වාූ,ගවච්ඡිරත, සතර,පඨමංකත්වාා, කණ්ඨක කරණ්ඩක,ඛුජ්ජනාග කොණ්ඩ,කුඩ්ඩ,මහානෙල,ගාළහගොග,සාලිපුප්ඵ,ලොකගල්ල,ලඬ‍කාගල්ල,ආහරිත්වාණදසේසත්වා්,අවිජ්ජිත්වා් ජලකුක්කුට ගොඨ යනු තත්භව සඬ්ඛ්යා්යෙහි ගැණෙති. පෘතුගීසි ඕලන්ද ඉංග්රීවසි දෙමළ යන භාෂාවලින් හෙළබසින් කඩාගත් වචන බෙහෙවින් දක්නා ලැබේ. මෙසේ තත්භව වචනවල වෙනස්කම් ඇතිවන්නේ නොයෙකුත් හේතූන් නිසාය. නමුත් ඒ හේතූන් මේ මේ යයි නිශ්චය වශයෙන්වත් සඬඛා වශයෙන් නොදැක්විය හැකිය. එහෙත් සෘතු භේදය ආහාරය පැවැත්ම භාෂා සඬඝට්ටනය යන මේවා ප්ර.ධාන හේතූන් හැටියට පෙන්වන්නට පුළුවන. සිංහල රටේ සිංහල මිනිස්සුන්ගේ මස් පිඩු පිහිටා තිබෙන්නේ මේ රටේ පවත්නා සෘතු භේදයන් ආහාර විශේෂත් අනුවය. සම විසම පැවතුම් නිසා ඒ මස් පිඩුවල තවතව වෙනස් කමුත් තැන්මාරුවත් සිදුවිය හැකිය. බලවත් භාෂාවක් විසින් දුර්විල භාෂාවකුත් විශාල පිරිසක් කථාකරන භාෂාවක් විසින් ස්වල්ප පිරිසක් කථා කරන භාෂාවකුත් යටපත් කළ හැකි බව අපට නිතරම අසන්නටත් දකින්නටත් ලැබේ. භාෂාවන් පිළිබඳ සතතාභ්යාමසත් තවත් භාෂාවකගේ වෙනසට හේතු වන්නේය. මුල සිටම ඉංග්රී සි භාවාතා කළ වුන්ට ජන්ම භාෂාව වන සිංහලය හොඳින් කථා කළ නොහැක්කේ ඒ අභ්යාසසය නිසාය. ඒ ඒ මිනිසුන්ගේ ශරීරවල පවත්නා මස්පිඩු පිළිබඳ ලොකු කුඩා කමුත් තැන්මාරුවීමාදියත් නිසා ඔවුන් තුළ උච්චාරණය පිළීබඳ ශක්තිය සහ අශක්තිය ඇති වේ. ඒ ශක්ති අශක්ති දෙදෙනාගේ තත්ව යන් විසිතුරුය. පෙර අපර ආදී ‍භේදයන් හැර ඉන්දිායාව වැනි එක් වයිශාල රටක වසන විවිධ ජනතාවන් ගැන සිතා බැලුවත් ඔවුන්ගේ උච්චාරණ ශක්තීන් පිළිබඳ නොයෙක් වෙනස්කම් ගැනත් අපට තරමක අවබෝධයක් ඇතිකර ගත හැකිය.

ඉන්දිකයාවම ජන්මභූමි කොට ඇති වෙන් වෙන්වූ ජනතාවන් ඉන්දි්යාවේම සම්භව වූ විවිධ භාෂාවන් උසුරුවන විට ලැබෙන විෂමත්වනයට වඩා අඩුවිය හැකිය. එහෙත් ඒ අඩුවීම සිදුවියැ හැක්කේ යුරෝපයට වඩා අඩුවූ විෂමත්වවයෙන් යුත් සෘතුගුණය සහ ආහාර විශෙෂයන් ඉන්දියයාවේ ඇතිවුවහොත් පමණකි. යම් යම් රටවලින් වෙ‍න වෙන රටවලට ගොස් විසුම් ගන්නා ජාතීන් කෙරෙහිත් මුලුභූමියේදී පුරුදුවුණු උච්චාරණ ක්ර ම බල පවත්වන බවද අපි දනිමු. සමහරවිට ඒ බලපැවිත්වීම ශතවර්ෂච ගණනක් යන තුරුත් නොවෙනස්වැ පවතින්නට පුළුවන. චාරිත්රුවාරිත්රතදිය සම්බන්ධනයෙනුත් එසේම කියැ යුතුය. වියලි පෙදෙස්වල වසන්නන් කථාකරන විට නොදක්නා ලැබෙන නාසිකාවට බර උච්චාරණයක් තෙතෙමන සහිත පෙදෙස් වැස්සන්ගේ කථාවෙහි ඇත්තේය. ශිත තුණය නිසා බහුල වන සෙම එයට ‍හේතුවියැ හැකිය. එක්තරා කාලපරිච්ඡයකදී ජර්මුන් භාෂායෙහි නොතිබුණු අනඅනාසික්ෂවරයක් පසුකලකදී ඇතිවුණු හෙයින් ජර්මීන් පඬිවරු එයට හේතුව සෙවූහ. ඔවුන්ට ‍ පෙනීගියේ ජර්මලනුත් වියලි දේශගුණයෙන් යුත් කඳුකර පෙදෙස්වල වෙසෙද්දී ඔවුනට අනුනාසිකය නොකියවුණු බවත් ශීතාධික නිම්නවල විසුම් ගැනීමෙන් පසුව අනුනාසිකය කියැවෙන්නට පටක්ගත් බවත් මේ රටේ දැනට ‍සොයාගෙ තිබෙන ශලා ලිපි අනුව සලකතොත් ක්රිට( පූර්වී තෙවන සිය‍වසේ සිට ක්රිස වර්ෂ නවවන සියවස දක්වා ඇති අවුරුදු දහසක් පමණ වූ කාලය මුලුල්ලේ ලියවුණු කිසිම ලිපියක අනුනාසිකයක් නොපෙනෙතැයි කියැ යුතුය. සිංහලයේ මාතෘභාෂාවන් සේ සැලකෙන හැම භාෂාවකමත් අනුනාසිකය කිබියදී සිංහලයෙහි පමණක් එය නැතිවන්නට, අප නොදන්නා නමුත්, විශාල හේතුවක් ඇතිවියැ යුත්තේමය. පාළී සංස්කෘත යන භාෂාවන් එන අනුස්වාරය සහිත ඇතැම් වචනයන් ප්රායකෘතයට යන විට අනුස්වාරය ලොප්වනුත් සාමාන්ය් සිරිති. පාළි සංස්කෘත දෙක්හි එකසේ පෙනෙන “සයම”කියා සිටී. නමුත් සම්පූර්ණයෙන්ම අනුස්වාරය නොමැති ප්රනකෘතයක් ගැන අපි නොදනිමු. මේ කාලයෙහි දෙමළ බසත් සිංහලය කෙරෙහි මූලධර්මප වශයෙන් බලපැවැත්වූ බවටත් නිදසුන් නොලැබේ. විජයාදීන්ගේ පැමීණිමට ප්රයථමයෙන් මෙහි විසූවන්ගේ භෂාවෙහි අනුනාසිකය නොතිබුණු නිසා හෝ මේ වෙනසට සිදුවුණා විය හැකිය. අනුනාසිකයක් නැතිවන්නට බැරිය. විජයගේ පටන් මේ දිවයිනට පැමිණි අය වැඩි වශයෙන් විසුම් ගත්තේ අනුරාධපුර රුහුණු ආදී වියලි පෙදෙස්වලය. එසේ වියලි පෙදෙස්වල විසීම නිසා අනුනාසික උච්චාරණය නැතිව ගියේද යනුත් සොයා බැලියැ යුතු තරම් කාරණයක්සේ පෙනේ. ඉහතකී කාලපරිච්ඡේදය තුළදී අනුනාසිකය සහිත ප්රාේකෘතාදී වචන වලින් හෙළුව බිඳී ආ හැම වචනයක්ම අනුනාසිකයක් නොමැතිව සිංහලයේදී ව්යහවහාර වුණුබව නම් සත්යඳයකි.

ශබ්ද බිඳින්නෝ - ශබ්ද බිඳින්නෝ නම් ගැමියන් සහ උගතුන්ය. කවර භාෂාවක වුවත් උගතුන් විසින් බිඳිනාලද වචන ඇතිතේ ඉතා ස්වල්ප සංඛ්යා්වකි. වැඩි වශයෙන් ලැබෙන්නාහු නූගතුනැයි සම්මත ගැමියන් විසින් බිඳිනලද ශබ්දයෝය. එවැනි ශබ්ද භාෂා ව්යනවහාරයට පැමිණැ කල්යෑමෙන් ඔපමට්ටම් වුණුවිට උගතුන් ‍ඒවා රැගෙන ප්රදකෘති ප්රහත්යණ විභාගයෙන් සාධුශබ්ද බවට පමුණුවති. මහජනයා විසින් බිඳනු ලබන ශබ්ද බෙහෙවින් මුල් ශබ්දය හා ශ්රැ තියෙන් සමානය. සිංහල වෙද පොත් කියැවීමෙන් එවැනි ශබ්ද සමූහයක් සොයාගත හැකිය. සෙම්ප්රයතිශ්යාහය, සර්වැස්ව අකර්තව්යබ යන මේ ශබ්දයන් සාමාන්යො ගැමියා විසින් බිඳනාලද්දේ හෙම්බිරිස්සාව,හරුබස්ස අකරතිබ්බ, කියාය. මුල් වචනත් එයින් බිඳුණු වචනත් අතර ඇති ශ්රැහති සාමාන්ය, එකී වචනවල නො අඩුව පෙනේ. ක්රිත: පූර්ව තෙවන සියවසේ සිට ක්රිු:වර්ෂ්යෙන් නවවන සියවස දක්වා ඇති භාෂාවේ වචනත් වැඩිවශයෙන් ප්රා‍කෘත පාලි ආදී භෂාවන්ගේ වචන සමග ශ්රැටතියෙන් සමාන බැවි කියැ යුතුය. දමරකිත (ධම්මරක්ඛිගත) තණචඩක(තිණධඩ්ඩක) සවඤුත(සබ්බඤ්ඤුත) අතුනො(අත්තනො) බතුනො(භත්තුනො) එතෙහි,කරිතෙ,යනාදි නිදසුනකි. ‍මෙවැනි වචන සමූහයක් පැරැණි ශිලාලිපි වලින් සොයාගත හැකිය. ශබ්ද බිඳීම නමින් අදහස් කරන්නේ ශබ්දයක් එකවරට වෙනස් කොට තවත් භාෂාවකට සංක්ර මණය වන්නේ මුල් භාෂාවේ පැවති ස්වරූපයෙන් හෝ එයට බෙහෙවින් සමාන ස්වරූපයකිනි. කලක් යන විට බහුල ව්යරවහාරාදිය නිසා සිදුවන ලෝප විපර්යා ති සදියෙන් එය සකස්වේ. ශබ්ද බිඳීම නම් එසේ සකස්වීම බැව් වැඩි දුරටත් සලකාගත යුතුය. අර්ය්ස්වභාෂාවකට අයත් වචනයක් තවත් අර්ය්ත් භාෂාගත වචනයක් හෙමර ආදී භාෂාවකට යෑමේදී ඇති නොවන බවද මතක්කළ යුක්තකි.

මුල් ශබ්දය කුමක්දැයි සොයාගන්නට බැරිතරමින් සමහර ශබ්දයන් වෙනස්වන බවද නොයෙක් විට දක්නා ලැබේ. සකට ශබ්දය සාළ වූ සැටිය සලකා බැලිය යුතුය. අධික ව්ය වහාරය, අධික ජනතාවකගේ ව්යභවහාරය, දෙශ භෙදය,කාලතික්ර.මණය යනාදී කරුණු ඒ වෙනසට හේතුවේ. ඇතැම් ශබ්දයෝ කවියටහුරු කිරීමේදීත් වෙනස්කම් ලබති. එකම ශබ්දයක් පළාත් භෙදාදිය නිසා රූපකීපයක් වැ ව්යදවහාරවන්නටත් ඉඩතිබේ. අතීත ශබ්දය අයිතු,ආ, යි රූපත්රදයයක් ගෙන සිටින්නේ ඒ නිසාය. ඇතැම් ශබ්දයක් ඇසුරු කොට ගෙන රූපකීපයක් ඇතිවුණු විට ජනප්රිනය බවටත් වැඩි ව්යැවහාරයටත් පැමිණි රූප ඉතිරිවෙද්දී අනෙක් රූපයන් අභාවයට යනුත් සිරිති. මාතෘ භෂාවන්හි සමාන ස්වරූපයෙන් සිටින ඇතැමි ශබ්දයෝ හෙළ බසට අවුත් වෙනස් රූපවලින් පෙනීසිටීමත්ය. රුවන් වාචක රතන ශබ්දයෙන් රියන්වාවක රතන ශබ්දයත් පෙළබසදී සමාන ස්වරූපයෙන් සිටින නමුත් හෙළබසෙහිදී උච්චාරණයෙන් වෙනස් වෙති. රතන වාචක කියාත් ශබ්දය රුවන් කියාත් හස්තවාවක රතන ශබ්දය රියන් කියාත් සිටින හෙයිනි. ඒ වෙනස සම්මතයෙන් ඇතිකර ගන්නටත් බැරි නොවේ. සද අර්ථියක් කියැවෙන ශබ්ද දෙකක් ඒක ස්වරූපයෙන් සිටිනු පැටලිල්ල හේතුවිය හැකි හෙයිනි. මේ අයුරින් සලකන හට ශබ්දයන් ඉබේටම බිඳී එන බවත් එසේම එය විචිත්රා කාරයෙන් සිදුවන බවත් හැම ශබ්දයකගේම වෙනස් කම් විවිධ හේතූන් ඇතත් ඒවා සොයා ගැනීම ඉතා දුෂ්කර බවත් විශෂයෙන් සැලකියැ යුතුය. ධම්පියා අටුවා ගැට පදය පරීක්ෂාාපූර්වවවැ කියැවීමෙන් ශබ්ද බිදී ආහැටිත් එසේ බීදි ආ ශබ්ද නොයෙක් හේතූන් නිසා ක්රපමයෙන් වෙනස් වුණු හැටිත් තරමක් දුරටවත් සිතාගන්නට මාර්ග්ය පැදේ. අනෙක් කිසිම සිංහල ‍පොතක් කියැවීමෙන් ඒ මාර්ග්ය නොපෑදේ.ඇතැම් වචනනයන් පිළිබඳ පැරැණි රූපයන් මෙන්ම නවීන රූපයොත් මේ පොත කියැවීමේදී හමුවෙතැයි පරීක්ෂැකයෝ කියති. අභීඤ්ඤ, සඤ්ඤ, තණ්හය, විඤ්ඤණ, ප්රියොජුන්, ආකිඤ්චැඤඤයින්, පඨමජ්ඣන්, කම්ඨන්, වෙජ්ජකම්, පරිව්වාගත්, ප්රයසිද්, පරිඛ්ඛජැ, බ්රඤහ්මජල්, සකාදිට්ඨී, පාමොජ, අඤ්ජනත්, ප්රහණිධන්, ව්යාඛ්ය,න්, පාරිසජ, යනු එසේ හමුවන පැරැණි ශබ්දරූපයන් අතුරෙන් කීපයකි. මේ ශබ්ද රූපයෝ ධම්පියා අටුවා ගැටපද යුගයටත් පැරැණිවූ වකවානුවකට අයත්හ’යි කල්පනාකරනු සුදුසුය. මේ හැඩහුරුයවන් යුත් වචන බහුලව ලැබෙන තවත් පොතක් නම් විශුඪිමාර්ගනයට ලියූ පැරැණි සත්යුය වේ.

ධම්පියා අටුවා ගැටපදය යුගය වනවිට දෙමළ බසත් සිංහලබස කෙරෙහි දැඩිවශයෙන් බලපා තිබුණේය. ඒ බලපෑ‍මෙනුත් ශබ්ද බිදීමේ අමුතු ක්රරම මත්‍ුවන්නට ඇතැයි කල්පනා කරන්නට ඉඩතිබේ. සිංහල ශබ්ද ස්වරයන් ලෝපයට ගොස් ව්යාඩඤ්ජනයන් පමණක් ඉතිරීවීම මේ කාලයට අයත් භාෂාවේ විශේෂ ලක්ෂ ණයකි. මේ ලෝපය වැඩිවශයෙන් සිදුවී තිබෙන්නේ වචනයන්ගේ මාධ්යකයෙහි සහ අන්නතයෙහි වූ ස්වරයන්ට වේ. ඒ ඒ වචනවල ආදියෙහි යෙදෙන හකාරය ලොප්වැ ස්වරය ඉතිරීවීමත් දෙමළ ලක්ෂපණයැකැයි සමහරුන් කියතත් ඒ කථාව සත්යකක්සේ අපට නොපෙනේ. හලන්ත වූ සංස්කෘත ශබ්ද පාළි ආදී ප්ර කෘතයනට ඊමේදී හලන්තයන් ස්වරාන්තවීමේ ලක්ෂදණය විශේෂයෙන් පෙනෙන හෙයිනි. විද්වස් ශබ්දය විද්දසු වූ සැටිය සලකා බැලිය යුතුය. සංස්කෘත ස්වාමීන් ශබ්දය හෙළුයෙහි සමුන කියා සිටින්නේ හලන්තය ස්වරාන්ත වීමෙනි. මෙසේ භාෂාවකින් තවත් භාෂාවකට ශබ්ද බිදී ඊමේදී සිදුවන වෙනස් කම් බොහෝය. ඇතැමි පාළි සංස්කෘතාදී භාෂාන්තරයනට අයත් විභක්ත්යදන්ත පදයන් හෙළුබසට බිදී අවුත් ප්රිකෘතීන් බවට පෙරළෙන බවත් පෙනේ. වලයානි යනුව වලයින් කියා හෙළුවට අවුත් එහිදී ප්රපකෘතියක් වශයෙන් සිටින්නාක් මෙනි. ධාතු බිඳීම සම්බන්ධයෙනුත් එසේමය. උපසර්ග්ගයන් සහ විකරණයන් සහිතවැ ධාතූන් බිඳී ආවිටත් ඒවා සිංහලයේදී ධාතු ප්රඑකෘතීන් සේ ගණන් ගැනෙන හෙයිනි. ශබද බිඳී ඊමේදී බල පවත්වන භාෂාධර්මේ සමූහයකුත් ඇත්තේය. මෙතැන් සිට එයින් කීපයක් පිළිබඳ තොරතුරුත් ආධුනිකයන් ඉදිරියෙහි තබන්නට වෑයම් කරමු.

1. ලෝපය හෙවත් අපචය -සංස්කරණය

ඇතැම් භාෂානතර වචන තවත් භාෂාවකට බිඳී ඊමේදී මුල් වචනවල ඇති ඇතැම් අකුරු නොකියැ වී ගිලිහී යන බව නොයෙක් විට අපට පෙනේ. ඒ ගිලිහී යෑම ව්යානකරණ කාරයන් ලෝපනාමයෙනුත් වාග්විද්යාටඥයන් අපචය නාමයෙනුත් හඳුන්වනු ලැබේ. අක්ෂයරොච්චාරණය පිළිබඳ උස් පහත්කම මෙන්ම දැඩිවන විටත් එයට යාබදව තිබෙන පහත් උචචා‍රණයෙන් සහ මෘදු උචචා‍රණයෙන් යුත් අකුරු නොකියැවී යනු සාමාන්යන සිරිති. සවර ව්යඋඤජන වශයෙන් දෙවැදැරුම්වන එකී ලෝපය මේ මේ අයුරෙන් සිදුවෙතැයි ශාසත්රී්ය නීතියක් නොපැන වියැ හැකිය. නමුත් සවරලෝපය මුල මැද අග යන මොවුන්ගේ වශයෙන් තෙපරිදිය. (උර ළ)(උපරාජ වරද) යනාදී තැන්වල ආදී සවරයත් (පතිඪ‍පෙත්වාප පිහිට්වය්) (ආසන අස්න) යනාදී තැන්වල මධ්යී සවරයත් (භොජන බොජුන්) (භාජන බජුන්) යනාදී තැන්වල අනන්ය) සවරයත් ලොප්විය. ආදි සවර ලෝපය පාළි සංස්කෘතාදියටත් පොදුහෙයින් ඉහත දැක්වූ වචනයන් ආදි සවරයත් සමගමහ හෙළුවට අවුත් එහිදීත් එකී ස්වරයන්ට ලොප්වියැ හැකිය. නමුත් ඉණ ශබදයාගේ ආදිසවරය එය සිංහලයට එනවිටම ලෝපයට යයි. මධ්යාික්ෂශර ලෝපය සම්බන්ධහයෙන් ප්රයකෘතයෙහි ලැබෙන්නේ ව්යමඤජනය ලොප්ව සවරය ඉතිරිවීමේ ක්රාමය වුවත් සිංහලයෙහි ලැබෙන්නේ එහිම අනෙක් පැත්තය. එනම් සවරය ලොප්වැ ව්ය්ඤජනය ඉතිරිවීමමය. ව්යිඤජනය ලොප්වැ සවරය ඉතිරිවූ උගුඅවෙච තව අවෙච ගජඅවෙච අදඇති යනාදී කීප තැනක් ඉතා අමාරුවෙන් ඉඳහිට සොයාගත හැකි වුවත් නීතියක් වශයෙන් එය පෙන්වාලියැ නොහැක. සිංහලයෙහි ලැබෙන මධ්යවසවර ලොපය දෙමළ අණුකරණය කැයි අපි කියමු. අනත්යයසවරලෝපය ගැන සිතා බැලුවත් අපේ සිත නැමෙන්නේ එයත් දෙමළයෙන් ලත් දායාදයකැයි කියනු සඳහාය. සංස්කෘතයෙහිත් හලන්ත වචනයෝ ‍බොහෝය. එහෙත් ඒවා අනත්යිසවර ලෝපයෙන් හලන්ත වූවාහූ දැයි තවදුරටත් සොයා බැලියැ යුතුය. සවරලෝපය මෙන්ම ව්යසඤජන ලෝපයත් තෙපරිදිය. නමුත් ආදි ව්යුඤජන ලෝපය ඉතා දුර්ලෙභ වශයෙන් ලැබෙන්නකි. උදු(හුදු) ඔඩි (කොඩි) ඔඩොක්කුව (කොඩොකකුව) ඉසුඹු (වියඹු = විසසාම) යනාදී කීපතැනක මිසැ වැඩිතැනෙක එය නොපෙනෙන හෙයිනි, මධ්ය් ව්යිඤජනය සවරයත් සමගම ලොප්වන බවකි පෙනෙන්නේ. රද දූ රදු, මහකසුප් මහසුප් යනාදිය නිදසුනි. පදානතයෙහි සිටින හල් අකුරු අතුරෙන් ය-ව් ආදී මෘදු අකුරැ කීපයක් විනා අනෙක් අකුරැ සාමාන්යායෙන් ලොප් නොවේ. තෙලුඹු නෙලුම්-යනාදී තැන්වල අනතව්යිඤජනය සවරයත් සමගම ලොප් වුණුබව පෙනේ. හයාකාර සවර රහිතව සිංහලයෙහි නොසිටී. මේ ලෝපය ඉහතකී විධිවලට වෙනස්වත් ඇතැම් තැනෙක සිටිය හැකිය.


2. ආදෙශය -සංස්කරණය

අක්ෂ.රයන්ගේ උචචාරණය සමබන්ධලයෙන් සිදුවන වෙනස ආදේශය නමි. පූර්ව රූප පරරූප දෙකත් එහිම සංගෲහිතය. ආදෙශයත් සවර ව්යජඤජන වශයෙන් දෙවැදෑරුම්ය. එසේම එහි නොයෙක් ප්රනභෙදත් ඇත්තේය. නමුත් ‘අ. උ ඔ.’ යන සවරයනට ‘ඇ.ඉ.එ.’ යන සවරයන් ආදේශවිමත් අඝොෂයනට ඝොෂාක්ෂැරාදේශයත් වැඩි වශයෙන් පෙවනන්නට තිබේ. ‘අ’ හට ‘ඈ’ පමණක් නොවැ තවත් නෙයෙක් සවරයන්ගේ ආදෙශය සිදුවන බව පොතපත කියැවීමෙන් දතහැකිය. එසේම ‘අ’ හට ‘ඈ’ ආදෙශය වන තැන්වලට වඩා හමුවන්නේ ආකාරයටත් සංයොගයකට පූර්වශ වූ ආකාරයටත් ඇකැරාදෙශ වුණු තැන්ය. ඉකාරය සහිත ව්යොඤජනයක් පරවීමත් ඇකාරාදෙශයට නිමිතතක් සේ පෙනේ. වාපි රාසි ජාති අචඡි ආදි යන ශබදයන්ගෙන් වැව රැස දැය ඇස ඇයි යන රූපයන් සෑදුන සැටි කල්පනා කළ යුතුය. උගගණභිත්වාය උගෙන ඉගෙන - උතතරති උතුරයි ඉතිරෙයි - රොහිණී රෙහෙණ - ධොවන දෙවිලි යනාදීතන්වල උ. ඔ. දෙකට ඉ.එ. ආදෙශයෝ වූහ. මේ ක්රිමයට විරුඪව නොයෙක් සවරයනට නොයෙක් සවරයන්ගේ ආදෙශය ද  බහුල බශයෙන් දක්නා ලැබෙතත් ඒ සමබන්ධායෙන් විසතරයක් ලියන්නට මේ තැත නොවේ. නොයෙක් ව්යෙඤජනයනට නොයෙක් ව්යනඤජනයන්ගේ ආදෙශයත් සිංහලයෙහි බහුලවැ ලැබේ. නමුත් අඝොෂයනට ඝොෂයන් ආදෙශ වනු වැඩිවශයෙන් දක්නා ලැබෙන ක්රේමය සේ පෙනේ. (කත කඩ කළ) යනාදිය විමසනු මා‍තෘභාෂගත ඒ ඒ වචනයන් හෙළුවට බිදී ආපසු හෙළුවෙහිදීත් ඉහත කී ආදේශයන් සිදුවියැ හැකිය. පරීක්ෂාශකොට බලා සුදුස්සක් බාරගත යුතු සේ දන්වම්හ. 


3. ආගම හෙවත් උපවය -සංස්කරණය

මුල් ශබ්දයේ නොමැති අකුරක් එයින් බිඳි ආ ශබ්දයේ පෙනේනම් එය ආගම නම් වන්නේය. මද ආරාම ශ්රයම ධුම්රේ සමගග පුගගල යන මේ ශබ්දයන් හෙළුවට එන විට මන්දම අරඹ හරඹ සුඹුල් සමඟ පුඟුල්, යී අනුනාසියක් සහිතව එන බව පෙනේ. මේ අනුනාසිකාගමයට හේතුව කුමක් දැයි හරිහැටි නොදන හැකිය. ඇතැම් සංස්කෘත වචන පාළියට ඊමේදීත් අමුතු අනුනාමිකාක්ෂටරයක් එකතුවන බව පෙනේ. පචන් ගච්ඡත් ගුණවත් තිෂ්ඨත් යනාදිය නිදසුන් වශයෙන් දැක්වියැ ආදී වශයෙන් පාළියට එන හෙයිනි. හකාරාගමයත් ඉඳහි‍ට දක්නා ලැබේ. අකාරණ, සානු යන දෙ ශබ්දය අකරහැක, සෙහෙන කියා සිටින හෙයිනි. උෂණ ශබ්දය ‘උණුසුම්’ වූ හැටිත් විමසනු ‘එවං’ යන්න ‘හෙවං’ කියාත් අශොක ලිපිවල පෙනේ.


4. ස්වරශක්තිය -සංස්කරණය

එකට බැඳී පවත්නා අකුරු දෙකක් මැදට ස්වරයක් වැටී ඒ දෙ අක්ෂවර වෙන් කොට බෙදාලීම ස්වරභක්තිය නමි, ඒ බෙදීම ස්වරය විසින් සිදුකරන හෙයින් නාමය අනුරුත්ය. එකතුල්යර ලීළහ අන්නරාය අල්ප යනාදි ශබ්දයන් එකතුලය ලෙළහ අනතුරු අලුප් යනු විසින් බිඳී ආයේ ස්වරභක්තියෙනි.

5. විශෙලෂය සහ ලෝපය -සංස්කරණය

එකට බැඳී අකුරු දෙකක් විශ්ලේෂයට පැමිණැ මුල් අකුරට ලොප් වනුත් ශබ්ද බීදීමේදී සිදුවන තවත් කාර්ය්ලේෂයකි. විජ්ජා සඤඤා සබ්බඤඤුත පාමොජජ යන ශබ්දයන් විජ සඤ සවඤුත පාමොජ යනු විසින් සිටියේ ඒ කාර්ය්ා  ය වීමෙනි.


6. විපර්යාා සය -සංස්කරණය

ස්වරයන් වෙනස්විමක් ව්ය‍ඤජනයන් පූර්වාජපර වශයෙන් මාරුවීමත් විපර්යාොජජ සය නමි. රුක් කුළුණු හමු දුසිල් මාලු අසපු දනුදු තෙපුලුදු ගුණයෙන් යනාදිය රික් කිළිණි හමි දිසිල් මෑලි අසපි දනිජ් තෙපුලිජ් ගුණියෙන් යනාදි රූපයන් ගතතේ ස්වර විපර්ය්ි හසයෙනි. මෙයින් පෙනෙන්නේ මුල් ස්වරය අගටත් අග ස්වරය මුළටත් නොගොස් ස්වරට ස්වරයක් ආද්ශවීම ස්වර විපර්ය්. ලසය බවය. සලාක සමණ ලකාර ඝණික සුදද වර්ෂ සංවච්ඡර ශබ්දයන් ලහා මහණ රුවල් ණිහිය මුහුද වහර හවුරුදු යනු විසින් සිටියේ ව්ය්ඤජනයන් අග මුළ ව‍ශයෙන් වෙනස්වැ යෑමෙනි.


7. සමීකරණය -සංස්කරණය

මුලතිබෙන අකුර අගතිබෙන අකුරට හෝ අගතිබෙන අකුර මුලතිබෙන අකුරට හෝ සමකිරීම සමීකරණය හෙවත් ශද්යතගීකරණය නමි. “පටිපත්ති, පිරයන්ත, පලිබෝධ, විසති” යන ශබ්ද, පිළිවෙත්, පිරියත්, පිළබොස්, විසිති, කියා සිටියේ ස්වර සමීකරණයෙනි. ‘අනු’ ශබ්දය සෑදුණු සැටිය වීමසීමත් මෙහිදී ප්රියෝජනවත්ය. එය නිපදවාගන්නා ලද්දේ ඒ ළඟම තිබෙන ‘අසු’ ශබ්දය බලාගෙන වේ. ‘අසු’ ශබ්දයබිඳගැනීමට ‘අසීති’ ශබ්දය ඇතත් අනූ’ ශබ්දය බිඳ ගැනීමට එවැනි ශබ්දයක් නැත. ‘නමුති’ යන්නෙත් අනූ යී බිඳගත නොහැකි හෙයිනි. අප්ර’සිද්ධි ශබ්දයක් ප්රදසිද්ධ ශබ්දයක් සමග සමීකරණය කොට ප්ර්සිඬ ශබ්දයේ රූපය අප්රෙසිඬ ශබ්දයටත් ආරුඨ කළ සැටියක් මෙයින් සිතා ගත හැකිය.


8. වීත්වටය -සංස්කරණය

සංස්කෘතයෙහි එන, “වන, සංඥ, පාන, ආඥා” යන ශබ්දයෝ “වන්ති, සන්න, (සීසන්න) පන්න, ආන්නැ,” යන රූපයන්ගෙනුත් සිටිති. එසේ සිටියේ විත්වනයෙනැයි සලකන්ට ඉඩ තිබේ. මුල් ශබ්දවල විත්වූයක් නොමැති හෙයිනි.


9. භ්ර්ස්වය -සංස්කරණය

මාතෘභාෂාගත ශබ්දයන් හෙළුබසට එන විට දීර්ඝනය, භ්රිව්සවීම ස්වාභාවික සිදුවීමක් සේ පෙනේ. “ආකාර, අතාප, රාජ, ආෂාඪ,” යන ශබ්දයන් “අයුරු, අව්ව, රජ, අසළි” යනු විසින් සිටිය් භ්ර ස්ව විධියෙනි.


10. මාතාවිපර්ය්ප සය -සංස්කරණය

“රාජගහ, දීඝ, නාගවිහාර, තාවතිංස” යනු “රජගහ, දිගා, නකාවෙහෙර, තව්තිසා” යි සිටියේ මුළ තිබුණු දීර්ඝුය අගට යෑමෙනි. එහෙයික් මේ තැන්වල මාත්රා‍විපර්යාහෙර සය සිදුවීයයි සලකම්හ. තවත් සොයනු.


11. දීර්ඝ ය-සංස්කරණය

අර්ධ‍කත ධම්මපද සකමන ලොකුත්තර අටඨූත්තර ආදීනව යනාදී ශබ්දයන් අඞාළාකළ ධම්පියා සියමනා ලොවුතුරා අගතුරා අවෙත්වායි සිටියේ දීර්ඝ විධියෙනැ හැගේ.


12. “අංක” යන්න අන්නකොට ඇති ශබ්දයන් හෙළුවට බිඳී ඊමේදී කකාරය ලොප්වැ අකාරයට බොහෝ සෙයින් උකාර දේශ වේ. ජීරක මාරක දාරක නායක කාරක යන ශබ්දයන් දුරු මරු දරු නයු කරු, යි ආ හැටි සලකනු. මුල්ම ශිලාලිපිවල කකාරපෝපයක් නොපෙනේ. ප්රනමුඛ ශබ්දයෙන් ආ පරුමුක ආදි ශබ්දයන් කකාරයත් සහිතවම දක්නා ලැබෙන හෙයිනි. මෂ්ය සමය වනවිට පරුමුත යන්න පුරුමු විය.


13. අනෙක් අකුරත් සමග බැඳී පවත්නා හ. ණ. න. ශබ්දයන්යන අකුරු ලෝපයට යෙයි. උණහ කණහ පිණඩ ලණං දනත මත්ථෂ යන ශබ්දයන් උණු, කිණු පිඬු ලඞ දත් මත්, යි සිටියේ එහෙයිනි.


14. “අන” යන්නෙත් අවසන් වන ශබ්ද හෙළුවට බිදී ඊමේදී ඒ අන යනුව ඇතැම් තැනෙක ඉන් බවට හෝ උන් බවට පැමිණේ. රසායන පසාධන කචචායන පරායන මුග්ගා යතන භොජන භාජන කාරණ පරායන යනාදිය රසයීන් පහසින් කසයින් පරයින් මුගයින බොජුන් බජුන් කරුණ් පරයින් යී සිටියේ එහෙයිනි.


15. අනුකරණය ශබ්දය බිඳ ගැනීමේදී අනුකරණයත් බෙහෙවින් බලපවක්නක බැව් පෙනේ. අසූ ශබ්දය බලාගෙන අනූ ශබ්දය නිපදවන ලද්දේ අනුකරණයෙනි. ඒ බව මුළදීත් කියන ලදී. අනුකරණය ශබ්ද බිඳීමේචී පමණක් නොවැ කුඩා අවධියෙහි ශබ්ද උච්චරණය කිරීම් ආදියෙහිදීත් විශේෂයෙන් බලපවත්වනු ලැබේ. නුපුරුදු ශබ්දයන් පුරුදු ශබ්දයනට හුරු කොට උච්චාරණය කිරී‍මත් අනුකරණයෙහි ලක්ෂරණයකි.


16. ණ, න යොගය -සංස්කරණය

සංස්කෘත පාළි ප්රා්කෘත ආදී භාෂාවක්හි ණ, න දෙක යෙදෙක සැටිය සම්බන්ධයෙන් මෙහිදී යමක් සඳහන් කරන්නට අපි අදහස් කොකරමු.


රූපයෙන් විනා උච්චාරණයෙන් ණ, න දෙදෙනොගේ වෙනසක් අපට නොහැගේ. එසේම දන්තජ ‘න’ කාරය සිංහලයනට උච්චාරණය නොවන බවද කියැ යුතුය. මුලින්ම ණ, න යෝගය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද්දේ රත්මලනේ ශ්රීය ධර්මානරාම නායක ස්වාමීන්ර්්බනයන් වහන්සේ විසිනැයි කියති. සිංහල ශබ්දකෝෂයේ ප්රීධාන කර්තෘම තැන්පක් ජූලියස් ලැන‍රෝග් මහතා විසිනුත් ණ, න සමබන්ධයෙන් පරික්ෂණයක් කරන ලදී. ඒ පරීක්ෂණයේදී ශ්රී‍ ධර්මා රාම නායක ස්වාමීන්‍ද්ර්යන් වහන්්සේගේ මතයක් උඩම ගොඩනැගුණු සේ පෙනේ. ලැනරෝල් මහත්මයාගේ පරික්ෂණයෙහි ප්රගත්ඵල සිංහල ශබ්දකෝෂ සංඥපණයෙහි පහළවී ඇත්තේය. සර් ඩී. බී. ජයතිලක මහතාණෝත් ලැන‍රෝල මහතාගේ සොයාගැනීම්වලට අත්ය ර්ථඩයෙන් ප්රකසංශා කෙරෙති. එහෙත් ලැනරෝල් මහත්මයාගෙ පරීක්ෂලණයෙහි මුල්ම සිඞානතය පවා සම්පූර්ණයෙන්ම වැරදි බැව් පක්ෂැ භජනයක් නොමැති මධ්යපසන පරික්ෂ ණයන් ඉදිරියෙහි අපි කියා සිටිමු.

“සංස්කෘත පාළි භාෂාවන්හි ක්රකමයෙන් ණී, ණණ යෙදෙන තැන්වල සිංහලයෙහි ඒ වෙනුවට න කාරය ලැබේ” යනු උන්නැහේගේ තදබල සොයා ගැනීම වේ. පූර්ණ ජිර්ණය චූර්ණට වර්ණා කර්ණක ආකිර්ණ සම්පූර්ණැ කර්ණිකා අර්ණනව කර්ණා‍ට කර්ණිකාර යන ශබ්දයෝ පාළියෙහි පුණණ ජි ණණ චු ණණ උ ණණ ව ණණ ක ණණ ආකිණණ සම්පුණණ කණණිකා අණණව කණණාට කණණිකාර කියාත් සිංහලයෙහි පුණු ජුණු සුණු උණූ වණ කණ අකිණු සපුණු කැණි අණවු කණ්ණඩි කිණිහිරි කියාත් සිටිති. මේ නිදසුන් වලින් පෙනෙන්නේ සංස්කෘතයට අනුව පාළියෙහි ණ කාරය යෙදුණූ බවත් පාළිය අනුව සිංහල ණ කාරය යෙදුණු බවත්ය. ණ කාරය හල් වූ විට එයට විකල්පයෙන් ඉඳහිට “න්” ආදේශවන බවත් පෙනේ. පුන් (පිරුණු) යනාදිය නිදසුනි. පස්වනක් (242 මේ පොතේ) සුනු (249) කලුවණ (කාලකණ්ණි) යනාදි කීපතැනක ඉතා දුර්ලභ වශයෙන් න කාරය යෙදී ඇතත් බහුල නීතිය එය නොවේ. එහෙයින්ම එය අව්යපකත ලේඛක දෝෂයක් වන්නටත් නො බැරිය. ඉදින් පස්වනක් සුනු යනාදිය දෝෂයක් පාඨමනම් ධම්පිය අටුවා ගැටපදයේ ණ, න දෙදෙනා අවිශේෂයෙන් යොදන ලද්දේයයි ගණන් ගත යුතුය. ඇතැම් විට ණ කාරය අනෙක් මූර්ධ ජාක්ෂදරයනට ආදේශවත් සිටී. ක්ර්ඨාරි පටිච්ඡාපෙත්වාි පටිච්ච යන ශබ්දයන් කෙණෙහි පිණිස්වා පිණිස කියා සිටියේ එහෙයිනි. සිංහලයෙහි “න” ප්ර්ත්යසය කොට නිපදවා ගනු ලබන කරන වැඩේ ඉතිරෙන බත යනාදි තැන්ල පෙනෙන ප්රිත්ය‍ය න කාරයට ර කාර නිමිත්තෙන් ණ කාරාදේශ නොවන බවද ධම්පියා අටුවා ගැටපදය අනුව කියැ යුතුය. අතීත කෘදන්ත ප්රාත්යවය වශයෙන් යෙදෙන ණූ සහ කර්මා තර්ථවත් ණ ප්රපත්ය යන් බොහෝ විට නු, න වශයෙන් නොයෙදුනේය. ගෞරවාර්ථ්යෙහි පමණක් යෙදෙන සේ සිදත් සඟරායෙහි උගන්වන ලදී. නමුත් එය කර්ත්රමර්ථයෙහි යෙදෙන බවටත් නොයෙක් නිදසුන් දියැ හැකිය. “මම කමටහන්හි යෙදිණිමි” (වි. ම. ස. 2-386) වෙණනද නික්මිණි (ගුත්තිලය) යනාදිය නිදසුනි. ණ, න සම්බන්ධයෙන් කරන පරික්ෂුණයකදී පාළි සංස්කෘත භාෂාවන්හි ඒ අකුරු දෙක යෙදෙන සැටිය පමණක් සොයා බැලීම ප්ර්මාණවත් නොවේ. ප්රාාකෘත සහ දුවිඩ භාෂාවන්හි එය යෙදෙන සැටියත් පරික්ෂා්කළ යුතු හෙයිනි.

ළ, ල -සංස්කරණය

මේවා සම්බන්ධයෙනුත් නොයෙක් මත භෙද පවත්නා බව දනිමු. නමුත් සාමාන්යහයෙන් සලකන විට මූර්ඬ ජාක්ෂනරයනට ළ කාරයත් දන්තජාක්ෂනරයනට ප කාරයත් ආදේශවන බව පෙනේ. පටි යනුව පිළ කියාත් වන යනුව වල කියාත් සිටියේ ඒ ආ‍දේශ ක්රදමයකි. හෘදයාර්ථයෙහි සහ බාලාර්ථයෙහි යෙදෙන ළ කාරවය නිෂ්පාන්නය යන මතයන් මේ තාක් බලපවත්වාතත් ඒවා නිෂ්පාදනය නොවන බව අපේ හැඟීම අනුව කියැ යුතුය. හෘදයවාචක ළ කාරය උර ශබ්දයනුත් (උර>ඔර>ළ) බාලාර්ථවත් ළ කාරය දෙමළ ඉළ (ඉළම්) ශබ්දයනුත් බිඳි ආ හැකිය. ඉළවරෂන් (යුවරජ) යනාදි තැන්වල තරුණාර්ථුවත් ඉළ ශබ්දය යෙදී ඇත්තේය. ඉලනාග (කුඩානාග) යනාදියත් එවැනි තැන්ය. ළ පරිදෙව නමින් ශිලා ලිපිවල හැඳින්නේත් කුඩා පාරින්දඅදෙව රජු සේ සලකති. දාව ශබ්දයෙන් ආ ලැවු (ලැව්ගිනි) යන්නත් ළකාර යුක්ත කොට ලියති. ධම්පියා අටුවා ගැටපද යෙහිත් එසේමය. සිංහල යනුවත් සිංහළ කියා ලියූ තැන් මධ්යලකාලීන ශිලා ලිපිවල සුලභය. සිංහල යනුව සිංහයකු මැරූ හෙයින් ලැබුණු නාමය කැයි දබොහෝ දෙනා කියති. සිංහල යන්න සිංහයකු මැරූ නිසා ලැබුණු නමක් නම් දේවල් යනුත් දෙවියන් මැරූ නිසා ලැබුණු නමයක් සේ පිළිගන්නට සිදුවේ. ඇත්ත නම් සිංහ සිංහල යන දෙ ශබ්දයෙන්ම සිංහයා කියැවෙන බවය. සිංහල යනාදි තැන්වල පෙනෙන ල කාරය ප්රාදකෘත භාෂාවන්හි අස්තර්ථයෙහි යෙදෙන “ලල” ප්ර ත්යඅය ප්රයභව කොට ඇත්තේය. සෙනල්, කිතල්, මිතල්, මිහිදල්, දෙවල්, මිහිදල යනාදි තැන්වල රන “ල” යන්න ගැන සිතා බැලීමෙන් මේ සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. සෙනල, පියල, දෙවල, මිහිදල යනාදි ප්රලයෝගයන් පෙනෙන හෙයින් එකී “ල්” කාරය ස්වරානනව සිටින බවත් සලකාගත හැකිය. ඉහත කී තැන්වල යෙදී ඇත්තේ දෙමළ අල් ප්රෙත්යකය සේ පරික්ෂ කයන්ට පෙනේ. තවත් සොයනු. ණ, ළ දෙක හල්වැ නොසිටින බව කුත් සමහරු කියති. මේ පොත කියවූ අයට නම් ඒ මතයත් නොපිළිගැන්වියැ හැක්කේමය.

මෙහිලා මේ කරුණු ස්වලපය දක්වන ලද්දේ සිංහල භාෂා ඉතිසාහයත් සිංහල වාග් විද්යා වත් සම්බන්ධයෙන් කරුණු සොයන ආධුනිකයන්ගේ ප්රහයෝජනය සඳහාය. ධම්පියා අටුවා ගැටපදය හොඳින් හාදාරතොත් සිංහල වාග් විද්යාරව පිළිබඳ සිද්ධාන්ත සමූහයක් මතු කළ හැකිය. පරාක්රසමබාහු විසුද්ධි මග්ග සන්නයට පැරැණි විශුද්ධි මාර්ග සන්යයයකට අයත් පාඨ සමුහයක් උඬරණය කොට ඇත්තේය. ඒවා එක්තැන් කොට ගෙන මේ පොතේ එන ඇතැම් පාඨයන් සමග සසදා බැලීමත් අතිශයින් ප්රධයෝජනවත්ය. විනයාර්ථ සමුචචය හෙවත් පෙසල මතිපපභවයත් පරැණි පොත් පත් වලින් උපුටා ගන්නා ලද වචන සමූහයක් ඇති තවත් ග්රවන්ථපයකි. ලියූ පුල්ස්කැප් පිට 660 කින් යුත් ඒ ග්රනන්ථය බොහෝ වෙහෙසී ශුද්ධ කළ නමුත් මුද්රකණය කරවන්නට ක්රලමයක් නොලැබුනෙත් උත්සාහය නිෂ්ඵල වේගෙන යයි. සාහිත්යි මණ්ඩලයෙනුත් මෙවැනි කෘතීන්ට පිහිටක් නොලැබෙන බැව් පෙනේ. ඒ මණ්ඩලයේ අනුග්ර‍හය ප්රා්ර්ථනනා කරන අමුද්රි ත පාළි - සිංහල පොත් තවත් සමූහයක් ඇත්තේය. සඞඝරක්ඛිත මාහිමියන්ගේ සාරත්ථි විලාසීනි නම් මොගගලලායන පඤචිකා ටීනාවත් එවැනි පොතකි. එය දැනට ලඞකාවේ නැති තරම් ය. බුරුම රටේ බුරුම අකුරෙන් මුද්රිිත එම ග්ර න්ථය කලවානේ හත්ථිේවනාරාම විහාරාධිපති ගෞරවහී හුණුමුල්ලේ සදධමමඤාණ ස්වාමීන් වහන්සේ විසින් අප වෙත එවන ලදුව තරමක් දුර කියවා බැලීමි. ඒ වනාහි ඉතා විශිෂ්ට පෙළ වියරණ පොතක් බව අමුතුවෙන් කියැ යුත්තේ නොවේ. එහි නිගමන ගාථාවලින් දැක්වෙන අප්රබසිද්ධ ඓතිහාසිත තොරතුරුත් කීපයකි. යාපවිව සිය වාසසථානය කොට ගත් සුභ සෙනෙවියා විසින් යාපව්වෙහි ඇති කළ විහාරයට වික්රිම සුන්දර නාමය ව්ය වහාර කළ බවත් සඞඝරක්ඛිත මාහිමියන් විසින් එහි වෙසෙමින් සාරත්ථ‍ විලාසිතිය රචනා කළ බවත් එ කී නිගමනය ගාථාවලින් කියැවේ. මෙ වනාහි අප්රවසිද්ධ ඓතිහාසික පුවෘත්තියකැයි කිය යුතුය. අනෙක් පොත පතකින් නොදන හැකි හෙයිනි. ලෝකාමිසයෙහිත්, කෙලෙස්මලයෙහිත් නොගැලී බුදු සසුන් දියුණුවට ක්රිියා කෙරෙව්වා යනු උන්වහන්සේගේ ප්රායර්ථෙනය වන්නේය. ග්ර්න්ථ නිගමනය අවස්න වන්නේ ටීකාවාර්ය්වන හාරිපුත්ර් මාහිමියන්ගේ සහ තෙවන විජයබාහු රජතුමාගේ වර්ණනාවකිනි. මේ පුයෝජනවත් පෙළ වියරණ ග්රින්ථය මුද්රාණය කරවන්නට යමෙක් ඉදිරිපත් වෙ‍තොත් අපට පොක සකස් කොට දිය හැකි ය. දික්වැල්ලේ සුධර්මාධාර විද්යාිලයාධිපති උගත් ගැටමාන්නේ ඤාණිසිරි ස්වාමින් වහන්සේ විසින් ධම්පියා ගැට පද පුස් කොළ පිටපතක් සොයා දීමෙන් කළ උපකාරය අපි උසස් කොට ‍සළකම්හ. මේ ශාස්ත්රීයය සේවයෙන් ලත් පුණ්යන ඵලය මගේ ආදරණිය මව්පියන්ටත් මැදඋයන්ගොට සිරිසුමනාරාම විහාරධිපති මහා මහොපාධ්යරය ධූරන්ධඋර සිරිපඤඤානන්දත වංසාලඞතාර ගෝදාවේ විමලධමමාභිධාන ස්වාමින්ද්ර් ප්රයමුක මගේ ආචාර්ය්්රී ස්වාමීන් වහන්සේලාටත් අනුමෝදන් කරවමි. එසේම මගේ ඉගෙන ගැනීම් ආදියට හැකි පමණින් උපකාර කළ සරික්කාමුල්ලේ සිරිනන්ද පිරිවෙනේ දායක සමූහයාටත් විශෙෂයෙන් මගේ දියුණුවට උපකාර කළ කෙසෙල්වත්තේ පේමනිවසෙහි පදින්දි ඕ. එච්. ඇප්. පීරිස් මහත්මයා ප්රාමුඛ ඒ මහතාගේ සහොදරාදීන්ටත් හෝරේතුඩුවේ හිටුපු මුලාදැනි තැන්පත් ඒ. ඇම්. ද අල්විස් රාළහාමිටත් මේ පිණ නිවන් පිණිස පවතීවා යි ප්රාිර්ථනා කරමි.


සසර වසනාතුරු - කම්සැප කෙරෙන් විරත වැ

හෙළ බස ද සම්බුදු - සසුන රකිනට සමත් වෙම්වා.


මැදඋයන්ගොඩ විමලකීර්ති ස්ථවිර.


2503 දුරුතු පුණු පො දින. සරික්කාමුල්ලේ සිරිනන්න පිරිවෙනේ දී ය.



විශෙෂ වචනයක්සංස්කරණය

පාළි - සිංහල අටුවාවනුත් විශේෂයෙන් ධම්පියා අටුවාවත් සම්බන්ධලයෙන් කියැ යුකු කරුණු ටිකක් මේ පොත හඳුන්වනු සඳහා ලියැවුණු නිබන්ධුනයෙහි සඳහන් කෙළෙමු. එහි සඳහන් නොවු කරැණක් මැදහතුන් ඉදිරියෙහි තැබීම මෙන්ම මේ ශුද්ධිය පිළිබඳ වැ පැවැසිය යුතු තෙ‍රතුරු ස්වල්පයක් සාහිත්යබ හිතෛෂින් වෙත ඉදිරිපත් කිරීමත් මේ ලියවිල්ලෙන් අදහස් කරනු ලැබේ. බුදුගොස් හිමියන්ගේ ආචාර්යය රේවත හිමියන් විසින් සිය ශිෂ්යදවරයාට පවසන ලද්දේ ඉන්දියාවේ -විශේෂයෙන් උතුරු ඉන්දියාවේ ත්රි පිටක පාළිය පමණක් පවත්වාගෙන ආ ලඬකාවට ගොස් ථෙරවාදයන් සහිත සිංහල අටුවාව පාළියට පෙරළාගෙන ආ යුතු බවත්ය. ඒ ආරාධනාව පිළිගත් බුදුගොස් හිමියෝ සිංහල අටුවාවත් පාළියට පෙරළනු පණිස ලක්දිව බලා වැඩියහ. උන්වහන්සේ වඩින විට මෙහි කිබුණු අටුවාව, ත්රිිවිධ සඬගායනාවකට නැගුණු සම්බුද්ධ දේශනාවත්, සාරිපුත්තාදී මහතෙරුන් වහන්හසේලා විසින් සකස් කරන ලද්දකැයි මහා වංශය කියයි. නමුත් අටුවාවන්හි කියවෙන්නේ මෙයට වඩා වෙනස් කථාවකි. එනම්; දඹදිව දී සිදුකළ ත්රිුවිධ සඬගායනාවන්හි දී සඬ්ගීත වුණු මිහිඳු හිමියන් විසින් ලක්දිවට ගෙන එන ලදු වැ මෙහි දී සිංහලයට නැගී මහ විහාර පරපුරේ සුරැකුණු මහ අටුවා නමින් ප්ර සිඬ සිංහල අටුවාවක් මෙහි පැවති බවය. සත්යීයත් එයමැ යි. කරුණු මෙසේ හෙයින් ඉන්දියාවේ ත්රිටපිටක අටුවාවක් නොතිබුණැයි කියනු අදහා ගත හැකි කථාවක් නොවේ. පස්වන සියවසේ මුල්භාගය වන විට බුදුකැලි අටුවාව ඉන්දියාවේ නොතිබෙන්නටත් කාරණයක් නැත එකලට ඉන්දියාවේ පැවැති අටුවාව සිංහල අටුවාව තරම් ප්‍රශස්ත නොවු හෙයිනුත් සිංහල අටුවාව පාළියට පෙරළීම බුද්ධ ධර්මය පහසුවෙන් තේරුම් ගැනිමට මාර්ගයක් වැ පැවැති හෙයිනුත් රේවත තෙරුණුවන් සි‍ය ශිෂ්යුයා ඒ උතුම් ක්රිවයාව සඳහා මෙහෙයවන ලද්දේයයි සිතනු යුක්ති සහගත සේ අපට පෙනේ. පොඨිල ස්ථවිරයන් වහන්සේගේ චරතයෙහි පෙනෙන්නේත් උන්වහන්සේ බුද්ධ කාලයෙහිම අටුවාව සහිත තෙවළාව හද්ර රා අටළොස් මහාගණයකට බණ ඉගැන්වු බවය. එහෙත් බුද්ධ කාලයෙහි අටළොස් මහගණයක් සිටිය බවට නිදසුන් නොලැබේ. විවෙක වැ සොයා බැලි යැ යුත මෙවැනි කරුණු සමුහයක් අපේ පොත්වල තවමත් ඇත්තේය. එවා සොයා බලා නිශ්චය කරණු උගතුන්ගේ යුතුකමකි. අපේ පිටපතට අසු නොවු තව තවත් ගැටලු තැන් මේ පොතෙහිත් ඇති වි යැ හැකිය. එවැනි තැන් අප වෙත ලියා එව්වොත් ඉතා කෘතඥ වැ, පිළිගෙන මතුවාරයක දී පිටපතට ඇතුළත් කරන්නෙමු. එවැනි කිපතැනක් අපටත් පසුව හමු විය. එහුසුයෙන් (164-25) එළි පෙළ හැර (67-17) යනාදිය මෙනි. එහුසුයෙන් යන්න යෙදන ලද්දේ අධොශීෂර්යෙන් යන අථිය දෙනු සඳහාය. ළමයකු ප්රෙසුත කරන විට මවගේ සහ දරුවාගේ කර්මජ වාතයෙන් දරුවාගේ ශිර්ෂය අධොමුඛවනු සාමාන්යු සිරිති.හිසියෙන් යන්නට හුසුයෙන් කියාත් සිටින්නට බැරිකමක් නැත. තේරුම් නොගත හැක්කේ මුලින් යෙදි තිබෙන “එ” කාරය වේ. අහෝ! (පාළි අධෝ කියාත් සිටී) ශබ්දයම එසේ සිටියේද නැතහොත් “එහු හුසුයෙන්” යන්න එහුසුයෙන් කියා සිටියේදැයි සොයා බැලි යැ යුතුය. එළි පෙළහැර යන්නට ආලෝක ප්රාුතිහාර්යය කියා තැනේ හැටියට අර්ථ නොදි යැ හැකිය. “එළි පෙළහැරපියා තමන් තමන් ගෙන් තික්ම යනු” ධර්මප්ර දිපිකා පාඨයි. (48-8) මේ එළිපෙර යන්නෙන් කියවෙන්නේ ගෘහයන්ගේ ඉදිරි පාර්ශවයයි හැගේ. “එළි පෙළහර බලනුවට නිකත්” යන පාඨයෙන් ඒ අර්ථය නොගත හැකිය. “ව්යුපළහ” ශබ්දයෙන් ආ “එළ” යන්නකුත් ජාතක අටුවා ගැටපදටයහි (අයොඝරජ:379-19 බලනු) පෙනේ. ඉදින් මේ “එළි” යනුව ව්යුවළහ ශබ්දයෙන් ආයේ නම් රැස්වුවන්ගේ ප්රාවතිහාර්යය යන අර්ථය එයින් ගත හැකි සේ පෙනේ. තවත් සොයනු නිමිසුවුණු (67-32 ) මේ වචනය බුදුරජාණන් වහන්සේගේ සක් ලකුණෙන් සැදි පාදයට විශෙෂණ වශයෙන් යොදන ලදී. “තිම්නැබසියෝ” යනු ධර්ම ප්රයදීපිකා පාඨයි. “සනෙමිකානි සනාභිකානි සබ්බකාර පරිපුරානි” යන පාළි පාඨය සමග ගැළපියැ හැක්කෙත් ඒ පාඨයමැයි. එහෙයින් “නිම්නැබසුවුණු” යනු ශුද්ධ පාඨය වන්නට ඇතැයි සැක කරන්නට ඉඩ තිබේ ඉදින් ශුද්ධ පාඨය එයම නම් සුවුණු යනුව “සුපුණ්ණ” යන්නෙන් ආ සේ ගණන් ගත හැකිය. නිම් වළල්ලෙන් සහ බොස්ගෙඩියෙන් සම්පුර්ණ වු යනු අර්ථයි. පෙරෙගත්නියරිවළා (88-30) සප් පිසීගෙන (47-7) සමුළුවක් (113-32) යනාදි පදයනුත් අපේ පිටපතින් ගිළිහී තිබේ. පෙරෙගත්නියරිවළා, යන්නට පුර්වයෙහි කර්මස්ථානය ගත් ආකාරය වෙනස් කොට යට අර්ථයත් සප්පිසීගෙන යන්නට ගැසු පහර වැසීගෙන යන අර්ථයත් සමුළුව යන්නට සමාහාරය හෙවත් එකතුව යන අර්ථයත් ගැළපෙන සේ පෙනේ. පිසී යනුව විශුද්ධි මාර්ග සන්නයෙහිත් දක්නා ලැබේ. (2-379) එයට අර්ථ දෙන ලද්දේ වැසී කියාය. සතකු මරා ඌට හතරැස් පොලු ආදියෙන් පහර දුන් විට පහර වැදුණු තැන ඉදීමී ඒ පහර වැසෙනු සිරිති. මෙහි දක්වන ලද්දේ පසුව පෙත බැලිමේදී අපට පෙනී ගිය කීප පලකි තව තවත් හමුවන මෙවැන් තැන් මතු සංස්කරණවලදී පිටපතට ඇතුලත් කරන්නට වැයම් කරමු. සර් ඩී.බී.ජයතිලක මහත්මයාගේ පොතේ පෙනෙන පාඨ සමුහයක්ම අපට වෙනස් කරන්නට සිදු විය.ඒවා ආධුනිකයන්ට ලෙහෙසියෙන් දැන ගැනිම පිණිස වෙන්කොට දක්වා ඇත. මෙහි මුද්රංන කාර්යය ඉක්මන්වුණු හෙයින් පෲප් බැලිමාදියට සම්පුර්ණ විවේකයක් නොලැබුනේය. එහෙයින් අකුරු අඩු-වැඩිවීම් ආදී ද්රෙසසුත් මෙහි ඇති වි යැ යුත්තේමය. සම්පුර්ණ ජාතක අටුවා ගැටපදය පිළිබඳ අපේ සංස්කරණයත් ඉක්මණින් ආධුනිකයන් අතට පැමිණෙනවා ඇත. දුර්ලභ වැ මෙන්ම අශුද්ධවත්වත් පැවැති මේ පොත ශුද්ධියට නගා ප්රැසිද්ධ කරන ලද්දේභ සර් ඩී.බී.ජයතිලක මහතාණන් බව කවුරැත් දනිති. ර් මහතාණන්ගේ පරිශ්රතමය නිසා දහම් පියා අටුවා ගැටපදයට අමුතු පණක් ලැබුණු බව අමුතුවෙන් කියැ යුතු නොවේ. මුලින්ම එයට ගැටපදයක් සපයන ලද්දේ අප විසිනි. අපේ ගැටපදය පිටවී දෙවසක් පමණ ගිය පසු වැල්ලවත්තේ ශ්රීක සද්ධර්මේමාදය පරිවෙණාධිපති රස්නකවැවේ සරිසද්ධම්මවංසාභිධාන රාමඤ්ඤනිකායේ අනුනායක ස්වාමීන්ර්ම යන් වහන්සේගේ ගැටපදය නිකුත් විය. පණ්ඩිත වැලිවිටියේ සොරතාභිධාන නායක ස්වාමීන්ර් වහයන් වහන්සේගේ ශ්රී සුමඬගල ශබ්ද කෝෂයෙහිත් දහම් පියා අටුවා ගැටපදයෙන් උපුටා ගනුලැබු වචන සමුහයක් සංශොධන පුර්වක වැ යොද්රම ඇත්තේය. අපේ සංස්කරණය සඳහා ඒ කෘතිනුත් අපට උපකාර වුණු බව ගෞරවයෙන් මතක් කරමු. අධෝලිපි වැඩී කිරීම පොත පරිශිලනය කරන්නන්ට කරදරයකැයි අපට හැගුණු හෙයිනුක් පිටපත්වල ආ පමණින්ම වැරැදි සේ හැ‍ඟෙන වචනයන් අධෝලිපි වශයෙන් යෙදීමේ තේරැමක් නොමැති හෙයිනුත් ජයතිලක මහත්මයාගේ පොතේ ආ අධෝලිපි සමුහයක්ම අපේ පොතෙන් ඉවත් කරන ලදි. එතුමාට ලැබුණු පොත් අතුරෙන් එකක් හැර අනෙක් සියල්ලම එක පරපුරකට අයත් ගුරු පොතකින් ලියා ගනු ලැබු පිටපත් බවත් එතුමා පෙතට ලියු සංඥ්රඑපනයෙහි සඳහන් වේ. අපට දික්වැල්ලෙන් ලැබුණු පොතේ එන ඇතැම් පාඨයන් ගැන සලකන විට පෙනි යන්නේ ඒ පොත අනෙක් පොත් වලට වඩා තරමක් වෙනස් වෙනස් බවය. ජයතිලක මහතාගේ පොතේ(30) පිට පෙනන “උකේඛ පන උක්ඛිත්තනුවත්තකෙසු” කියාය. එහි මෙවැනි තැන් තවත් සුලභය. අපේ මේ සංස්කරණය ආධුනිකයන් අතට දිය හැකි වුයේ ඇම්.ඩී.ගුණසේන සමාගමේ කළමනාකාර අධ්යකක්ෂය, ඇම්.ඩී. සිරිසේන මහත්මයාගේ උදව්ව නිසාය. එඓයින් එතුමා අපේ පුසංශාවට භාජනවෙති. කොත්මලේ චන්ර්කේඛසිරි, කඩවැද්දුව සුමඬගල යන දෙනමත් අපට මේ කාර්යයෙහිදී ඉවහල් වුහ.


මැදඋයන්ගොඩ විමලකිර්ති ස්ථවිර

නෑහින්නේ සෝමින්දි ස්ථවිර.

2503,දුරුතු අව අටවක ගත් ගුරු දින

සරක්කාමුල්ලේ සිරින්දටන පිරිවෙනෙහි දී ය