රජු ධාතූන් වහන්සෙ වැඩමවීම සංස්කරණය

එවේලෙහි ඉන්දගුත්ත මහ තෙරුන් වහන්සේ සිතන සේක "වශවර්තිමාරයා මේ පූජාව උගුළුවනු පිණිස එන මුත්, ඔහු වලකමි" යි සිතා සතිස් ලක්ෂ දස දහස් තුන් සිය පණස් යොදුන් සක් පඤ්ච නිකායික තෙරුන් වහන්සේ ප්රදධාන කොට ඇති සයානූ කෙළක් රහතුන් වහන්සේ ඒ ධාතුන් වහන්සේ පිරිවරා පස් තෙනක වැඩ හිඳ පිරිත් බැණ වදාළ සේක.

එවේලෙහි දුටුගැමුණු මහරජ එතනට අවුත් තමා හිස තුබූ රන් කරඩුව බහා ඒ කරඬුවෙහි ධාතුන් වහන්සේ වැඩ හුන් කරඬුවෙන් වඩාලා සත් රුවන් ආසනයෙහි තිබි ය. නැවත සුවඳ ද සුවඳ සුනු ද සුවඳ මල් ද යන මේ ආදියෙන් ධාතූන් වහන්සේට ඒ රජ පූජා කොට පැදකුණු කොට පසඟ පිහිටුවා වැඳ දොහොත් මුදුනෙහි තබා මහත් වූ සොම්නසින් දෑස් දල්වා


ථූපවංසය 75


බලා වැඳ වැඳ සිටියේ ය. එවේලෙහි රජු බලා බලා සිටියදී ධාතූන් වහන්සේ ද තමන් වහන්සේගේ මුඳුන්හි පිහිටි ධවලඡත්රලය ද පෙනෙන්නේ ය. කුඩ ගත් මහා බ්ර්හ්මයා නො පෙනෙන්නේ ය. එසේම තල්වැට වල්විදුනා ආදිය ධාතූන් වහන්සේට සලන්නා පෙනෙන්නේ ය. ඒ ඒ වස්තු ගෙන සිටි දෙවියෝ මිනිසුන්ට නො පෙනෙන්නාහ. දෙවියන් ගසන දිව්යස හෙරි ශබ්ද ද දිව්යූ ගිතිකා ද ඇසෙන්නේ ය. දෙවතාවෝ මිනිසුන්ට නො පෙනෙන්නාහු ය.


ලංකා රාජ්යොයෙන් ධාතූන් වහන්සේ පිදිම සංස්කරණය

ඉක්බිති දුටුගැමුණු මහරජ මේ ආශ්චය්ය්ම ි දැක ඉන්දගුත්ත මහ තෙරුන් වහන්සේට මෙසේ දැන්වී ය: "ස්වාමිනි, දෙවතාවෝ දිව්ය ච්ඡත්රදයෙන් පූජා කළෝ ය. එසේ හෙයින් මමද මා සන්තක මනුෂ්යවච්ඡත්රඡයෙන් පුදමි" යි දැන්වී ය. එබස් ඇසූ ඉන්දගුත්ත මහ තෙරුන් වහන්සේ ද "මහරජ එලෙස ම පිදිය යුත්තේය" යි වදාළ සේක. එබස් ඇසූ ගැමුණු රජ තමාගේ රන්පුඩු සේසතින් දාතුන් වහන්සේට ස්වරණභිඞ්කාරයෙන් පැන් වත් කොට ලක්දිව පුදා, ආතත ය විතත ය විතතාන ය ඝන ය සුසිර ය යන පංචාංගි ක තූය්ය් ද නාදයෙන් ඒ ධාතුන් වහන්සේට පූජා කොට නැවත ඒ දුටුගැමුණු මහරජ ඉන්ද ගුත්ත මහ තෙරුන් වහන්සෙට මෙසේ දැන්වී ය: "ස්වාමිනි, අපගේ බුදු රජාණන් වහන්සේ දිව්යනමනුෂ්ය් යන මේ ඡත්රා දෙක ම ධැරෑ සේක් ද, ස්වාමිනි යි" දැන්වී ය.

එසේ විවාළ රජ්ජුරුවන්ට තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක. එසේ වදාළ තෙරුන් වහන්සේට රජ්ජුරුවෝ කියන්නාහු, "ස්වාමිනි, අනික් ඡත්ර් නො දකිම් ද" යි විචාළහ. "ගැමුණු රජ්ජුරුවන්ට අනික් ඡත්රා නම් මෙලෙස ය" යි වදාරන තෙරුන් වහන්සේ චතුපාරි සුද්ධි සීල නමැති ආධාර ඇති සමාපත්ති නමැති දඩු ඇත ද්වාවීසති ඉන්ද්රිරය නමැති ගොනැස් ඇති දශ බල නමැති පත් පෙළ ඇති මාර්ග ඵල නමැති පත් සෙවෙනි ඇති විමුක්ති නමැති උතුම් සේසත් ඡත්ර් නංවා ප්රාඥා නමැති අභිෂේකයට පැමිණ සද්ධර්ම නමැති රත්න චක්රයය පවත්වා දස දහසක් සක්වළෙහි බුද්ධ රාජ්යු අත්පත් කොට රාජ්යත කොට වදාළ සේක් වේ දැ" යි කියා තෙරුන් වහන්සේ ඒ රජහට කී සේක. ඒ ඇසූ දුටුගැමුණු රජ "ධවලච්ඡත්රත තුනක් ධැරෑ බුදු රජාණන් වහන්සේට මේ මා සන්තක වූ එකුනනූසියක් යොදුන් ලඞ්කාද්වීපය පුදමි" යි ධාතුන් වහන්සේට තුන් වරෙක ලඞ්කාද්වීපය පිදි ය.


ධාතු නිධානය හා ප්රා තිහාය්ය්්ක ය සංස්කරණය

ඉක්බිති දෙවතාවන් ද මිනිසුන් ද දිව මල් දිව සුවඳ දිව පහන් පුදන කල්හි, දිව්යව තූය්ය් වල දිව්යක ගීතිකාදීන් පූජා කෙරෙමින් සිටියදි, දුටුගැමුණු


76 ථූපවංසය


මහරජ දාකරඬුව තමන් ඉසින් ගෙන හැර රුවන් මඬුවෙන් මෑත් ව සයානූ කෙළක් රහතුන් වහන්සේ විසින් පිරිවරන ලදුව රුවන්වැලි දාගබ තුන් විටක් පැදකුණු කොට නැඟෙනහිරි දිසා භාගයෙන් දාගබට පැන නැඟී ඇතුළු දාකුසට රජ බැස සයානූ කෙළක් රහතුන් වහන්සේ ද ඇතළු දාකුසට බැස පිළිවෙළින් වැඩ සිටි සේක. එවේලෙහි දුටුගැමුණු මහරජ "තමා ඉස තුබූ දාකරඬුව බහා මැහැඟි වූ කෙළක් අගනා රිදි යහන් පිට ධාතූන් වහන්සේ තබමි" යි සිති ය. එසේ රජු සිතු ක්ෂණයෙහි දාකරඩුව ඒ රජු හිසින් සත් තලයක් පමණ තන්හි ආකාශයට පැන නැඟි තමන් වහන්සේ ම කරඬුවෙන් මෑත් ව, නැඟෙනහිරි සක්වළ මුවවිට පටන් බස්නාහිරි සක්වළ මුවවිටට දසදහසක් සක්වළ මහාමෙරු පර්වත රුවන් ටැම් කාට හිඳුවා, ඊපිට මවන ලද රුවන් සක්මන්හි අටළොස් රියන් උස බුදුබඳ මවා වැඩ සිට, "සුප්පතිට්ඨිතපාදො හෙට්ඨා පාදතලෙසු චක්කානි ජාතානි සහස්සාරානි සනෙමිනි සනාභීකානි” යනාදි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අශිතිඅනුඛ්යිඤ්ජනයෙන් හා බ්යාමමප්රසභා කෙතුමාලා ලඞ්කාරයෙන් හෙබියාවූ, නිල පිත ලොහිතාවදාත මාඤ්ජිෂ්ඨ ප්ර්භාස්වර ය යි යන ෂඩ්වර්ණ ඝන බුද්ධර්ශ්මි මාලාවෙන් දිලියෙන්නා වූ බුද්ධ රූපය මවාගෙන ගණ්ඩම්බ නම් අඹරුක් මුල්හි තීර්ථකයන්ගේ මන් බිදිනා පිණිස යමක ප්රානතිහාර්ය කොට වදාළ සේක් ද එසේ වූ රජහු ප්ර්ධාන වූ සියලු පර්ෂද් මද්ධ්යබයෙහි පෑ වදාළ සේක.

ඒ ධාතූන් වහන්සේගේ මෙබඳු වූ ආශ්චය්ය්ථකයමත් ප්රාිතිහාය්ය්ණි දුටු ස්ත්රීා පුරුෂයන්ගෙන් දොළොස් කෙළක් පමණ සත්වයෝ සිවු පිළිසිඹියා පත් රහත් බවට පැමිණියාහ. සෙසු සෝවාන් සෙදගමි අනගැමි යන තුන් මහ තුන් ඵලයට පැමිණි සත්වයෝ මෙතෙකැ යි ගණන් නැත්තාහ. මෙසේ ඒ ධාතුන් වහන්සේ අනෙකප්රූකාර දිය කඳ ගිනි කඳ ආදි ප්රා තිහාය්ය්තු දක්වා මවා ගත් බුද්ධවෙසය අන්තර්ධාන කොට රුවන් කරඬුවට වැඩ ඒ රුවන් කරඬුවෙන් ම අහසින් බැස දුටුගැමුණු මහ රජාණන් හිස් මුදුනෙහි ම පිහිටි සේක. එවේලෙහි තොලබෝ විතෙක සුළං පුරාපී කලක් මෙන් ඒ රජ ප්රීටතීන් පිනා, අභිෂෙකයට පැමිණි කලක් මෙන් "මාගේ මනුෂ්යා ත්මභාවයෙහි ඵල ලදිමි" යි, "ගිය ජාතියෙහි පින් නො කළ එකෙකිමුත් නො වෙමි" යි සිත සිතා රජ තමා දෑතින් දාකරඩුව ගුන තමාගේ සොළොස් දහසක් බිසෝවරුන් පිරිවරන ලද්දේ සරහන ලද කෙළක් අගනා රිදී යහන සමීපයට ගොස් දාරකඬුව නැවත රුවන් කරඬුව හැර නැවත රුවන් කරඬුව මත්තෙහි තබා පෙරහා සුවඳ කවන ලද පැනින් රජ අත දෙවැ සිවුදෑ ගඳින් අත උළා රුවන් කරඬුව හැර ධාතූන් වහන්සේ ගෙන ඒ දුටුගැමුණූ මහරජ මෙසේ සිතී ය. කෙසේද යත් :

“මේ ධාතූන් වහන්සේ, කිසි කෙනකුන් විසින් පන් දහසක් හවුරුදු කිසි උපද්රේවයක් නො කොට හැකි වේ දැයි සුයලු සත්වයන්ට පිහිටව වැඩ


ථූපවංසය 77


සිටිනා සේක් වී නම්, ලොවුතුරා බුදු රජාණන් වහන්සේ කුසිනාරා නුවර යමහල සල්රුක් දෙකට මධ්යලයෙහි පැනවූ යහන්හි උතුරු දිග සල් රුකට හිස ලා දකුණු දිග සල් රුකට පය ලා නැඟෙනහිරට පිට ලා බටහිරට මුහුණ ලා නැඟි නො සිටිනා ස්යෙ යාවෙන් බුදුන් පිරිනිවන් පානට වැඩ හොත් කලක් මෙන් මේ ධාතූන් වහන්සේ ද ඒ ලෙස ම මේ යහන්හි භෝනා සේක්ව" යි රජ සිතා උතුම් යහන මුදුනෙහි ඒ ධාතූන් වහන්සේ ඒ රජ තිබී ය. ඒ ක්ෂණයෙහි ධාතුන් වහන්සේ ද රජ්ජුරුවන් සිතු සැටියේ ම මාහැඟි වූ ඒ යහන්හි බුද්ධ විලාසයෙන් බැලු බැලූවන් තාක් සතුටු සොම්නස් කරවමින් මුළු ලෝ බබුළුවමින් වැඩ හොත් සේක.


ධාතු පූජා සංස්කරණය

මෛසේ ඒ දාගැබ ධාතූන් වහන්සේ පිහිටියේ කවර දවසෙක ද යත්: ඇසළ මස පුර පසළොස්වක් ලත් මැදි පොහෝ දවස් උත්රැසළ නකතින් පිහිටු වන ලද. ධාතු පිහිටවීම හා සමඟ මහ පොළොව නාරාවයෙන් ගැසූ ලෝතලි සමූහයක් මෙන් ගුගුරා පැන නැංගේ ය. මහාමේරු පර්වතය ද නැමී වැඳුම් ගෙන සිටියේ ය. සප්තකුල පර්වතයෝ ද ඉසින් ඉස අන්නාක් මෙන් ඔවුනොවුන් පැහැර නැටූහ. සප්ත මහ විල් ද පස් පියුමෙන් සෑදුණේ ය. ලුණුරස වූ මහ මුහුද ද මිහිරි පෑන් විය. සදෙවුලොව දෙවියෝ ද බ්රුහ්මයෝ ද සාධුකාර ශබ්ද පැවැත්වූහ. අහස්හි විදුලිය පහළ වී ය. ඒ ඇසිල්ලෙහි අකාල මෙඝ නඟා ගෙන පොකුරු වැසි ද වට. දස දහසක් සක්වළ එකකොලාහල විය. මේ ආශ්චය්ය්ගෙන දැක පහන් වූ දුටුගැමුණු මහ රජ ද තමා හිසට කරන ලද රන්දඬු ඇති ධවලච්ඡත්රුයෙන් ඒ ධාතූන් වහන්සේට පූජා කොට මේ සියලු ලංකාද්වීපයෙහි රාජ්යචය සත් දවසක් ඒ ධාතූන් වහන්සේට පූජා කොට නැවත තමා පැලඳ ගෙන සිටියා වූ තිස් දහසක් අගනා ආභරණ ද ගලවා ඒ ධාතූන් වහන්සේට පිදී ය. මෙසේ ඒ රජ්ජුරුවන් පූජා කළ වෙලෙහි ඒ රජ්ජුරුවන්ගේ සොළොස් දහසක් බිසෝවරු ද රාජ රාජ මහා අමාත්යනයෝ ද නන්දිමිත්රාධදි දශමහා යෝධයෝ ද එකොළොස් දහස් එක් සියයක් පමණ සිරි යෝධයෝ ද බොහෝ ස්ත්රිස පුරුෂයෝ ද දිව්යූ බ්රණහ්මයෝ ද නාග සුපරණයෝද ලක්ෂ රාක්ෂයෝ ද සිද්ධ විද්යාොධරයෝ ද යන මේ සියල්ලෝ ම තම තමන් පැලඳ ගෙන සිටි ආභරණ ගලවා ධාතූන් වහන්සේට පූජා කළාහ. එසේ හෙයින් තුන් ලෝ වාසීන් විසින් පුදන ලද්දාවූ ජීවමාන සර්වඥයන් වහන්සේට මෙන් ආදර සහිතව යමක්හු විසින් පුදන ලද්දා වූ, එසේ ම අබ ඇටක පමණ වූ ඒ සර්වඥයන් වහන්සේගේ ධාතුවක් යම් කෙනෙක් පුදද්ද, ඒ චිත්ත ප්රවසාදයෙහි කුශල විපාකය ජීවමාන සර්වඥයන් වහන්සේට කළ


78 ථූපවංසය


පූජාව හා සමාන ය යි දැන සියලු සත්වයන් විසින් ම ඒ ධාතූන් වහන්සේට මල් පහන් පිදිය යුත්තේ ය.

ඉක්බිති දුටුගැමුණු මහරජ සිවුරු පිළි ද උක් සකුරු එළඟි තෙල් මේ ආදි බෙහෙත් ද සයානූ කෙළක් රහතුන් වහන්සේට පිළිගන්වා දොහොත් මුදුනෙහි තබා ගෙන, "ස්වාමීනි, තුන් යම රාත්රිදය මුළුල්ලෙහි මේ ධාතූන් වහන්සේ පිරිවරා පිරිත් බැණ වදාළ මැනැව" යි ආරාධනා කෙළේ ය. රහතුන් වහන්සේ ද ඒ රජුගේ ආරාධනායෙන් එදවස් රාත්රිරය මුළුල්ලෙහි පිරිත් බැන වදාළ සේක. දෙවන දවස් රජ නුවර බෙර ලැවී ය. කුමක් කියා බෙර ලැවී ද යත්: 'සියලු සත්වයෝ ම සත් දවසක් මුළුල්ලෙහි ධාතූන් වහන්සේට සුවඳ සුනු සුවඳ මල් පහන් තෙල් ද යන මේ ආදිය ගෙනහැර ධාතූන් වහන්සේ පූජා කොට වඳිත්ව" යි කියා මේ සැටියේ බෙර ලැවී ය. ඉන්දගුත්ත නම් මහ තෙරුන් වහන්සේ ද" සියලු ලංකාද්වීපයෙහි සියලු ස්ත්රිළ පුරුෂයෝ මල් පහන් පූජා ගෙනහැර පෙහෙව ගෙන කිසි ආයාසයක් නැතිව තම තමන්ගේ ගෙට යන්නවුන් මෙන් ධාතූන් වහන්සේ වැඳ මේ ඇසිල්ලෙහි ම යෙත්ව" යි කියා අධිෂ්ඨාන කොට වදාළ සේක. ඔබගේ ඒ අධිෂ්ඨාන බලයෙන් මේ ලංකාද්වීපයෙහි සියලු මනුෂ්යවයෝ ම එදා ම අවුත් ධාතූන් වහන්සේ වැඳ පුදා එම දවස් ම තම තමන්ගේ ගම්බිම්වලට ගියාහ.


ධාතු ගර්භය වැසීම සංස්කරණය

ඉක්බිති රජ්ජුරුවෝ සද්දවසක් මුළුල්ලෙහි සයානු කෙළක් රහතුන් වහන්සේට මහ දන් දී, සද්දවස ගිය කල අට වැනි දවස් රජ්ජුරුවෝ මහා සංඝයා වහන්සේට මෙසේ දන්වන්නාහු, 'ස්වාමීනි, මා විසින් ධාතු ගර්භයෙහි කළ මනා කාය්ය් ිය කොට නිමවිමි. එසේ හෙයින් ස්වාමිදරුවන් විසින් මෙහෙවන් පහණින් ම දාකුස වසා වදාළ මැනව" යි දැන්වූ ය. එබස් ඇසූ මහා සංඝයා වහන්සේ ද උත්තර සුමන නම් සාමණේර දෙදෙනා වහන්සේ කැඳවා වදාරන සේක් "තොප විසින් පෙර ගෙනා මෙහෙවන් පහණින් ධාතු ගර්භය වසව" යි වදාළ සේක. ඒ දෙදෙනා වහන්සේ ද හැම දෙනා වහන්සේ විසින් වදාරන ලද මෙහෙවර අසාගෙන වැලි මළුයෙහි සඟවා තුබ මෙහෙවන් පහණ ගෙනවුත් දාකුස වසා වදාළ සේක. ඉක්බිති සයානූ කෙළක් මහරහතන් වහන්සේ සමඟ අධිෂ්ඨාන කොට වදාරන සේක් "මේ දුටුගැමුණු මහ රජහු විසින් මේ දාකුසෙහි ගැල්වූ සුවඳ පන් දහසක් හවුරුදු මුළුල්ලෙහි නො විය ළේව යි: දාකුස පිදු මල් ද නො මලාව යි: රන් වැට ඇවිළෙන සුවඳ තෙල් පහන් ද නො නිවේව යි: පුදන ලද රුවන්හි මල නො ගනීවයි; මේ දාකුස පූජා භාණ්ඩ මරහු විසිනුත් සොලවාලිය නො හේව යි; මෙහෙවන් පහණ


ථූපවංසය 79


ද කෙසඟක් පමණකුත් හිරක් නැති ව විශේෂයෙන් සන්ධි ගැළපීයේව යි, පරසතුරන් විසින් පහණ පමණකුත් දැක්ක නො හේව" යි, කියා මේ සැටියේ අධිෂ්ටාන කොට වදාළ සේක. මෙසේ ඒ දුටුගැමුණු මහරජ ධාතු නිධානය නිමවා නුවරට වැද මේ සැටියේ කියා බෙර ලැවී ය. "මා විසින් බඳවන ලද මහ දාගබ ධාතු නිධාන කරනු කැමති කෙනෙක් තමන් තමන්ගේ ධාතූන් වහන්සේ ගෙන හැර මෙහෙවන් පහණ මුදුනෙහි නිධාන කෙරෙත්ව" යි කියා බෙර ලැවී ය. එපවත් ඇසූ බොහෝ දෙන තමන් තමන්ගේ ශක්ති වූ පරිද්දෙන් රන් කරඬු රිදී කරඬු කරවා ඒ කරඬුවල තමන් තමන්ගේ ධාතූන් වහන්සේ පිහිටුවා ගෙනවුත් මෙහෙවන් පහණ මත්තෙහි නිධාන කළාහු ය. එසේ හැම දෙනා විසින් නිධාන කරනු පිණිස ගෙනා ධාතූන් වහන්සේ කෙනෙක් ඇති සේක් ද යත්: දහසක් දෙනා වහන්සේ ය යි දත යුතු. එසේ හෙයින් සත්පුරුෂයන්ගේ සිත් පහදවනු පිණිසකියන ලද ථුපවංසයෙහි ධාතු නිධාන කථාවමෙලෙස කියා නිමවන ලදැයි දතයුත.


ගැමුණු රජුගේ ව්යානධිය හා කුමරුගේ පැමිණිම සංස්කරණය

මෙසේ ඒ දුටුගැමුණු මහරජ ඒ සියලු ධාතූන් වහන්සේ නිධාන කරවා දාගබ බඳවන්නේ බුබ්බුලාකාරය හා සිවුරැස් කොටුව බඳවා නිමවිය. ඉක්බිති ඒ දාගබ කැරැල්ල හා කොත් කර්මාන්ත හා සේසත හා දාගබ සුනු කර්මාන්ත හා මේ හැම නො නිමෙන තෙක් ම ඒ දුටුගැමුණු මහරජ මරනාන්ත ව්යාදධි යෙන් ගිලන් වූ රජ දිගාමඬුල්ලේ හුන් මලණුවන් තිස්ස කුමාරයන් ගෙන්වා මලණුවන් ඉස හයා, තමන් ළෙහි තබා ගෙන සිඹ සනහා "මලණ්ඩ, මේ ලොකයෙහි සහාය නම් ඉතා ලාමක දෙයෙක. එසේ හෙයින් නෑයන් මිත්රුයන් විසින් සහායයෝ නම් පරලොව සහායයෝ ම ය. එබැවින් මේ දාගබ නො නිමි සියලු කර්මාන්ත නිමවා, නො මියන තෙක් මා ඇස දක්වා මා සතුටු කරව" යි කියා මේ ලෙස මලණුවන් තිස්ස කුමාරයන්ට සම්මත කළේ ය.

බෑණන් කී එතෙපුල් ඇසු තිස්ස කුමාරයෝ නුවනින් කදුළු ඉස "මාගේ බෑණන් වහන්සේ ඉතා ම දුර්වල සේක. එසේ හෙයින් මේ දාගැබෙහි නොනිමි කර්මාන්ත උපායකින් මුත් අනික් සැටියෙක කොට නිමවිය නොහැක්කැ" යි සිතා භාණ්ඩාරයෙන් සළුපිළීසම්බඩම් මෑත් කරවා රදවුන් ලවා අතිධවල කොට දෙව නංවා සන්නාලින් ලවා මස්වා, කුළුපත්තන් ලවා හුණදඬුයෙන් කැරැල්ල සැටියේ සැර බඳවා එක්සිය විසි රියන් උස ඇති දාගබ් වහන්සේ පළමු සුදු කරවූ පිලියෙන් සන්නාලින් ලවා පිළිකස්සෙහි ලවා චිත්රාණකාරයන් ලවා ඒ දාගබ අනෙක ප්රකකාර වූ සිතියම් ද කරවා


80 ථූපවංසය


මේ සැටියේ දාගබ කර්මාන්ත කරවා ඒ තිස්ස කුමාරයෝ දාගබ කොත් පලඳවා මුදුනෙහි ධවලච්ඡත්රම නංවා විශ්වකර්මයා විසින් කොට නිමි කර්මාන්තයක් මෙන් විසිතුරු කොට දාගබ සියලු කර්මාන්ත නිමවා බෑණන් සමීපයට ගොස් "ස්වාමිනි, මා විසින් දාගබ කළමනා සියලු කර්මාන්ත නිමිණැ" යි රජ්ජුරුවන්ට දැන්වූහ. එවේලෙහි මලණුවන් කී බස් ඇසූ ගැමුණු රජ සතුටුව "එසේ වීනම් මලණ්ඩ, දාගබ් වහන්සේ මා ඇස දක්ව" යි කි ය. එවේලෙහි තිස්ස කුමාරයෝ බෑන් රන්සිව්ගෙයකින් ගෙන වුත් රුවන්වැලි දාගබ පැදකුණු කරවා දකුණු දිග දොරටුව සමීපයෙහි බිම අතුළමනා ඇතිරිලි අතුට ඒ මත්තෙහි රජ්ජුරුවන් සැතැප්පූහ. එහි සැතපුණු රජ්ජුරුවෝ දකුණැලයෙන් නැමි රුවන්වැලි දාගබ වඳිනාහු ය. වමැලයෙන් නැමී නව මහලක් ඇති ලෝවා මහසාය දක්නාහු ය. මෙසේ ඒ දෙක බල බලා සිත ප්රවසන්නව ප්රීෙතීන් පින පිනා ගැමුණු රජ්ජුරුවන් වැදහොත් වේලෙහි ඒ ඒ තෙන වැඩ හුන් සියලු මහා සංඝයා වහන්සේ රජ්ජුරුවන් ගිලන් බව අසා සම්යවක් සම්බුදු රජාණන් වහන්සේගේ පස්වා දහසක් මුළුල්ලෙහි පවත්නා ලෝක ශාසන දෙකට බොහෝ උපකාරී වූ දුටුගැමුණු රජ්ජුරුවන් සුවදුක් විචාරනු පිණිස ඒ ඒ තැනින් ආකාසයෙන් වැඩියා වූ භික්ෂූන් වහන්සේගෙන් සයානූ කෙළක් පමණ රහතුන් වහන්සේ රජ්ජුරුවන් පිරිවරා වැඩ සිටි සේක. බිමින් වැඩි පෘථග්ජන භික්ෂූන් වහන්සේ මෙතෙකැ යි ගණන් නැති සේක. ඉක්බිති එසේ රැස්වූ මහා සංඝයා වහන්සේ රජ්ජුරුවන් මැදි කොට මුළු මුළු වගෙන පිරිත් බැණ වදාළ සේක.


ථෙරපුත්තාභය හිමියන් රජුට බණ කීම සංස්කරණය

එවේලෙහි ගැමුණු මහ රජ ඒ සමාගමයන්හි ථෙරපුත්තාභය මහ තෙරුන් වහන්සේ නො දැක මෙසේ සිතී ය. කෙසේ ද යත්: "මා හා සමග මියුඟුණේ පටන් දෙමළුන් හා කැටිව අටවිසි මහ සටහනක් කරන කල්හි මා අත් නො හැර පසු නො බැස, දැන් මරහු හා කරන යුද්ධයෙහි මා පරදිනා බව දැන දෝ හෝතෙරුන් වහන්සේ නො වඩිති සිතමි" රජ්ජුරුවන් සිතු ක්ෂණ යෙහි ඒ ථෙරපුත්තාභය මහ තෙරුන් වහන්සේ ගුත්හල කිරිදිහොය අසල අඤ්ජලි පර්වතයෙහි පන්සියයක් රහතුන් හා සමග වසන සේක් රජ්ජුරුවන් සිතූ සිත් තමන් නහන්සේගේ පරසිත් දන්නා නුවණින් දැන වදාරා රහතුන් වහන්සේ පන්සියයක් පිරිවරන ලදුව ආකාසයෙන් අවුත් ගැමුණු රජ්ජුරුවන් අභිමුඛයෙහි පෙනුණු සේක. එසේ වැඩියා වූ තෙරුන් වහන්සේ, ගැමුණු රජ්ජුරුවෝ දැක සතුටුව තමන් අභිමුඛයෙහි තෙරුන් වහන්සේ වඩා හිඳුවා මෙසේ දන්වන්නාහු, 'ස්වාමීනි, නුඹ වහන්සේ ඇතුළු වූ දශමහා යෝධයන් හැරගෙන දෙමළුන් හා සමග අටවිසි මහා සටනක් කෙළෙමි. දැන්


ථූපවංසය 81


මම හුදකලාව මරු හා සමග යුද්ධයට පටන් ගතිමි. ඒ මරු නැමැති සතුරා පරදවා ගත නො හෙමි. එසේ හෙයින් නුඹ වහන්සේ ද ස්වාමිනි, මට සහාය ව වදාළ මැනවෑ"යි කියා තෙරුන් වහන්සේව දැන්වුහ. ඉක්බිති රජ්ජුරුවන් විසින් කියන ලද එබස් ඇසු ථෙරපුත්තාහය මහ තෙරුවන් වහන්සේ වදාරන සේක, "මහ රජ තෙපි භය නො ගනුව. කෙලෙස් නමැති සතුරා තොප පරදවා ගත නො හෙයි: මරු නමැති සතුරා හා නො දිනිය හැක්කේ ය" යි වදාරා, නැවත ඒ තෙරුන් වහන්සේ රජහට මෙලෙස අවවාදානුශාසනා කොට වදාළ සේක: "දෙවයෙනි, සියලු ලෝවැසියෝ ම ජාතිය අනුව ගියාහුය. ජරාවෙන් මඬනා ලද්දාහු ය. මරහු විසින් පරදවනු ලද්දාහුය" යි වදාරා නැවත අනිත්යවතාව රජ්ජුරුවන්ට වදාරන තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක: "යම් සේ වාතයෙන් නස්නා කපෙහි පළමු කොට සිහින් වැලිය, අකුරුකැට පහණ පර්වත පන්දුවට සේ උඩ නඟ නඟා ඉක්බිති හිමාලය පර්වත, සක්වළගල්, මහාමේරු පර්වත යන මෙකී සියල්ල ද පොළොවින් උපුටා බාලයන් කෙළනා අත් බඹරක් මෙන් ආකාසයෙහි නඟා ගෙන ඊ ඊ පැහැර සුනු විසුනු කොට ඉන් රජස් පමණකුත් බිම ගිය නො දී ආකාසයෙහි ම නසාපියා කෙළවර වාතය තෙමේ ම නෑසි යන්නේ ය. එපරිද්දෙන් ම මහරජ, සියලු දෙවි බඹුන් ආදි වූ සත්වයන් ජරා මරන යන දෙදෙන එක්ව ගෙන, සත් රුවන් පහළ ව සතර මහා ද්වීපයට ආකාශයෙන් ගොස් අනුශාසනා කොට දාවල් බත් දඹදිව තමන්ගේ ගෙයිදි අනුභව කොට රාජය කරන්නා වූ මේ සා මහත් ආනුභාව සම්පන්න වූ සක්විති රජදරුවන් ද, ප්රයදේශ රජදරුවන් ද, මහාසම්මත රොජ වරරොජ කල්යාසණාදි වූ අසංඛ්යා,යුෂ්ක රජදරුවන් ද, මහ පිනැති ජොතිය සිටාණන් මැඬ මහ සිටාණන් ආදි වූ බොහෝ සම්පත් ඇති සිටුවරුන් ද, මහත් වූ ශක්ති ඇති වාසුදේව බලදෙවාදි දසබෑ රජදරුවන් ද, ඍද්ධිමතුන්ට අගතැන් පත් වූ මුගලන් මහ තෙරුන් වහන්සේ ආදි වූ ඍද්ධි ඇත්තවුන් ද, නුවණෑත්තන්නට අගතැන් පත් වූ ධම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ ආදි වූ නුවණැත්ත වුන් ද, ස්වයම්භූඥානයෙන් පැමිණෙන ලද ගුණ විශේෂයන් ඇති පසේ බුදුවරුන් ද, සියලු ගුණයෙන් අපරිමිත වූ අතුල්යේ වූ සම්යක් සම්බුද්ධයන් ද මරණ නමැති මහ ඇත්හු විසින් මඩනා ලද කල්හි, රාගාදි සියලු කෙලෙසුන් විසින් ගැවසි ගත් අවශෙප සියලු සත්වයන් මරණ නමැති බඩබා මුඛයෙහි පතිත ව විනාශයට පැමිණෙති යනු ආශ්චය්ය්තු් නො වෙයි" වදාරා, නැවත රජ්ජුරුවන්ට අවවාද කරන තෙරුන් වහන්සේ, "මහරජ, ගිය ජාතියෙහි තොපගේ කුශලයෙහි අදහස් මහත් බැවින් එළඹ සිටියා වූ දිව්යි ලොකයෙහි දිවසුව හැර තෙපි මේ මනුෂ්යි ලොකයට අවුත් මේ රාජවංශයෙහි ඉපද බොහෝ කුසල් කොට බුදුසසුන් බැබළවූහ. එසේ හෙයින් දෙවයෙනි, සෙසු සැකයක් නො සිතා අදවක දක්වා තොප විසින් කරන ලද සියලු පින්


82 ථූපවංසය


කම් සඳහන් කරව" යි වදාළ සේක. එවේලෙහි එබස් ඇසූ රජ්ජුරුවෝ සතුටුව "ස්වාමීනි" නුඹ වහන්සේ මරු හා කරන යුද්ධයෙහි ද මට පිටිවහල් වූ සේකෑ" යි කියා ලබන ලද අස්වැසිලි ඇතිව පින් කිරියවත් කියවන්ට එවේලෙහි ම සම්මත කළහ.


පින් පොත කියැවීම සංස්කරණය

ඉක්බිති පින්කිරියවත් කියවන ලියන්නෝ ගැමුණු මහරජහට මෙසේ කියවූහ: "දෙවයන් වහන්ස, අද දක්වා නුඹ වහන්සේ එකක් අඩු විහාර සියයක් කරවූ සේක. එසේ කරවූ විහාරවලින් මිරසවැටි විහාරය එකුන් විසි කෙළක් වස්තු වියදම් කොට කරවන ලදි. නැවත උතුම් වූ ලෝවාමහ පාය තිස් කෙළක් වස්තු වියදම් කොට කරවූ සේක. නැවත රුවන්වැලි මහ සෑයෙහි අගය නැති අනර්ඝ වස්තු සූවිස්සක් හැර කරවන ලද සෙසු කර්මාන්තයෝ කෙළ දහසක් වස්තු අගනාහ. නැවත මිරිසවැටි විහාරය පිළිගන්වන සත් දවස ද, ලෝවාමහපාය පිළිගන්වන සත් දවස ද රුවන් වැලි දාගබ මඟුල් උළු ඔබන සත් දවස ද ධාතු නිධාන කළ සත් දවස ද යන මේ සිව් තැන්හි සතර දිගින් වැඩි භික්ෂූ භික්ෂූණි සංඝයා වහන්සේට මහ දන් දී තුන් සිවුරු පාත්ර දෙවූ සේක. සූවිසි මහ වෙසක් පූජාවක් කරවා වදාල සේක. නැවත සිංහල ද්වීපයෙහි සියලු භික්ෂූ සංඝයා වහන්සේට තුන් වරෙක තුන් සිවුරු පාත්රහ දෙවූ සේක. සත් සත් දවස් ලංකා රාජ්යය පස් වරෙක තුනුරුවන්ට පිදුසේක. එළඟිතෙලින් සකස් සුදු කඩින් පාන් පියලි අඹරා දොළොස් තෙනක් නිරන්තරයෙන් පාන් දහසක් පූජා කළ සේක. ලංකාද්වීපයෙහි අටළොස් තෙතෙක වෙදහල් නංවා වෙදවරුන්ට භාණ්ඩා රයෙන් මිල දි රෝගී සියලු ගිලනුන්ට පිළියම් කරවා වෙදවරුන් කී සැටියේ නිරන්තරයෙන් බතුන් දෙවා වදාළ සේක. නැවත සිවුසාළිස් තෙනෙක මනා කොට කරවන ලද මිපිඬු දන් දෙවූ සේක. එසේ ම සිවු සාළිස් තෙනෙක නිරන්තරයෙන් තෙල් උපුල්වා සියල්ලවුන්ට කිරිබත් දන් දෙවූ සේක.

"නැවත එපමණ තෙන එළඟිතෙලින් බදනා ලද පුළුබ් බදනා හා බත් නිරන්තරයෙන් ම දෙවා වදාළ සේක. මසකට දොළොස් දවසක් බැගින් මේ සියලු ලංකාද්වීපයෙහි ඇතැයි කී සියලු විහාරයකට ම පාන් තෙල් තබා දෙවූ සේක. එසේ ම හැම තැන්හි ම මැදහත් ව පසිඳිනා ධර්මාධිකරණ ද කරවූ සේක. සියලු ලංකාද්වීපයෙහි ගර්භිණින්ට මිරිස් ලුණු ද ප්ර්සව කරවූ මිනිනඹුවන්ට පිළි ද භාණ්ඩාරයෙන් දෙවූ සේක. ලංකාද්වීපයෙහි සියලු සතුන්ට, දවල් ගෝනි ඇද රෑ සයින් සිටිනා ගොනුන්ට මීයේ වැකූ පිදුරු දෙවූ සේක.


ථූපවංසය 83


නැවත මේ සියලු දානයට වඩා ලොවුතුරා බුදුන්ගේ ධර්ම දානය ම උත්තම ය යි අසා ලෝවාමහපායෙහි රැස්ව වැඩ හුන් සයානූ කෙළක් රහතුන් වහන්සේ මධ්ය්යෙහි "ධර්ම දානයක් දුන මැනවැ" යි ධර්මාසනයට පැන නැඟි හිඳ මංගල සූත්රිය කියන්ට පටන් ගත් සේක. වැඩ හුන් මහා සංඝයා වහන්සේ බලා ඔබ කෙරෙහි ගෞරවයෙන් සූත්ර්ය කියා නිමවා ගන්ට නො පොහොසත්ව "බණ කීම නම් ඉතා බැරි දෙයෙකැ" යි සිතා එතැන් පටන් මේ සියලු ලංකාද්වීපයෙහි හැම දෙනාට බණ අසන්නට ගමකට පණ්ඩිත කෙනකුන් බැගින් සලස්වා ඒ සියලු පණ්ඩිතවරුන්ට බත් පිළි තමාගෙන් දී ඔවුන්ට සත්කාර කොට ලංකාද්වීපයෙහි සියලූ තැන්හි ම බණ කියවූසේක. "නැවත එසේ බණ කියන පණ්ඩිතවරුන්ට භාණ්ඩාරයෙන් පෝය කට එළඟිතෙල් නැළියක් බැගින් මසකට එළඟිතෙල් සතර නැළියක් ද උක් සකුරු ද උක් දඩු ද කෙහෙල් වැලවරකා ද සතරඟුලක් දිග ඇති වැල්මි ගැටයක් ද පොහොයකට පිළීසඟළක් දැ යි යන මෙ කී සියල්ල පණ්ඩිත වරුන්ට දී ධර්මදානයත් සියල්ලවුන්ට දෙවූ සේක.


මරණාසන්න මොහොතෙහි සිත පැහැදවූ දාන දෙක සංස්කරණය

නැවත කොළොම්ගල මඩු කන සායෙහි මාහැඟි වූ කන තුබූ කුණ්ඩලා භරණ දෙක දී තණසාලේ පැසිබත් මුලක් හැර ගෙන ක්ෂිණාශ්රගවයන් පස දෙනකුන් වහන්සේට ප්රිසන්න වූ සිතින් දන් දි වදාළ සේක. නැවත යුදගණා පිටියෙහිදි මලණුවන් වහන්සේ හා සමග කළ යුද්ධයෙහි පැරද පලා යන්නා වූ නුඹ වහන්සේ සප්පඳුරුහොය සැතපි වැඩ හිඳ "ලද බත් දන් දී කමි" යි කියා ඇමැත්තවු ලවා "සිඟා වඩනා කලැ" යි හඬගාවා, එවේලෙහි ආකාසයෙන් වැඩියා වූ ක්ෂිණාශ්රාව භික්ෂු කෙනකුන් වහන්සේ දැක, 'බතෙහි උපෙක්ෂාවක් නො කොට තැට්බත් දෙන ලදැ" යි කියා මේ සැටියේ ලියන්න වුන් විසින් පින්කිරියවත් කියවූ කල්හි ඒ පින්කිරියවත් අසා සතුටු වූ දුටුගැමුණු මහරජ පිනිකිරියවත් කියවූ කල්හි ඒ පින්කිරියවත් අසා සතුටු වූ දුටුගැමුණු මහරජ පින්කිරියවත් කියා තමන් සිත් සතුටු කළ ඒ ලියන්නන්ට අපමණ සම්පත් දී පිනිකිරියවන එපමණකින් තබා පියා "මෙ කී සියලු පින්කම්, රාජ්යශ්රී යෙහි සිට කළ හෙයින්, මා සිත සතුටු කොට ලිය නො හෙයි. මාගේ ජීවිතයෙහි අපේක්ෂාවක් නො කොට දුක්පත් ව සිටි මා විසින් දෙන ලද්දාවූ මේ දන් දෙක හා සම දන් දෙකක් නැත. මෙපමණෙක් ම මට සෑහෙ" යි කී රජ්ජුරුවන්ගේ බස් ඇසූ ථෙරපුත්තාභය මහ තෙරුන් වහන්සේ, "දෙවයෙනි, සිත පහදවා ගතමනා තෙන ම ප්ර්සාද එළවුව. එසේ හෙයින් ඒ දන් දෙක ම කිසි කෙනකුන්ට පීඩාවක් නො කෙට දැහැමින් සෙමෙන් ලබන ලද දෙය හෙයින් ද තමා නො බලා නො පසුබැස දන් දුන්


84 ථූපවංසය


හෙයින් ද පිළිගන්නවුන්ගේ සිත් පුරා දුන් හෙයින් ද ප්රීහති බලවත් හෙයින් ශ්රිද්ධාවෙන් දුන් හෙයින් ද දෙය්යා ධර්මය නිරවශෙෂයෙන් අනුභවයට ගිය හෙයින් දැයි මේ පස් කාරණයෙන් මහා ඵල ය" යි වදාරන මහ තෙරුන් වහන්සේ "තණසාලේ පැසිබත් දන් ගත් තෙරුන් වහන්සේ අතුරෙන් මලියදෙව මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේ පිළිගත් බත් කොටස ගෙන ගොස් සමනළ පර්වතයෙහි වසන පන්සියයක් රහතුන් වහන්සේට දන් දී වළඳා වදාළ සේක. අනික් පඨවිචාලක ධම්මගුත්ත නම් තෙරුන් වහන්සේ තමන් වහන්සේ පිළිගත් බත් කොටස ගෙන ගොස් කැලණි මහා විහාරයෙහි පන්සියයක් දෙනා වහන්සේට දන් දි වළඳ වදාළ සේක. තලගුරු විහාර වාසී ධම්මගුත්ත නම් මහ තෙරුන් වහන්සේ තමන් ලත් බත් කොටස ගෙන ගොස් පුවඟු දිවයින දොළොස් දහසක් රහතුන්වහන්සේට බෙදාදි වළඳා වදාළසේක. මහාවන වාසි තිස්ස නම් මහතෙරුන්වහන්සේ තමන්වහන්සේ ලත් බත් කෙටස කගනගොස් කෙසකූට නම් විහාරයෙහි වසන සෑටදහසක් රහතුන්වහන්සේට බෙදා දී වළඳා වදාළසේක. මහාභක්ග නම් තෙරුන්වහන්සේ තමන්වහන්සේ පිළිගත් බත් කොටස ගෙන ගොස් අක්කානගර නම් විහාරයෙහි වසන පන්සියයක් රහතුන්වහන්සේට බේදා දී වළඳා වදාළසේක. තැටිබත් පිළිගත් නායක තෙරුන්වහන්සේ පුවඟු දිවයින දොළොස් දහසක් දෙනාවහන්සේට දන්දි වළඳා වදාළසේකැ"යි කියා මේ සැටියේ ථෙරපුත්තාභය මහතෙරුන්වහන්සේ රජ්ජුරුවන් සිත් පැහැදවූසේක.


රජුගේ ආයාචනය හා අනුශාසනය සංස්කරණය

ඉක්බිති දුටුගැමුනු මහරජ තෙරුන්වහන්සේට මෙසේ දැන්විය: "ස්වාමිනි, මම සූවිසි හමුරුද්දක් රාජ්ය් කරන්නෙම් භික්ෂු සංඝයාවහන්සේ ට උපකාරිව සිටියෙමි. එබැවින් මාගේ ශරීරය ද සංඝයාවහන්සේට උපකාරී වේදැයි, එසේ හෙයින් මා මළ කල මාගේ ශරීරය රුවන්වැලි දාගබ් වහන්සේ සමිපයෙහි පොහෝ කරන මළුවෙහි දවා වදාළ මැනවැ"යි දන්වා ඉක්බිති දුටුගැමුණු මහරජ මලණුවන් තිස්ස කුමාරයන් ගෙන්වා කියන්නේ "මලණ්ඩ, තිස්ස කුමාරයෙනි, මාගේ මහ දාගැබෙහි නොනිමි කර්මාන්ත යෙක් ඇත්නම්, ඒ මෙහෙවර ද යහපත් කොට කරවා ලව. සවස උදෑසන ම දාගබ්වහන්සේට මල්පහන් පූජා කරව. දවස තුන් වේලෙහි සක්පඤච මේ ආදිවූ පූජා සත්කාර කරවව. මා තබාලූ දන්වැට නොපිරිහෙළා දෙවාලව. මහසංඝයාවහන්සේට කළ මනා සියලු උපස්ථානයෙහි ප්රිමාද නොවව. තොප දිවරුක්මෙහි ද සිහි ඇති වව. ලංකා වාසීන්ට කිසි පීඩාවක් නොකොට දැහැමෙන් සෙමනේ රජ කරව"යි මෙලෙස මලණුවන්ට අනු


ථූපවංසය 85


ශාසනා කොට මුවෙන් නොබැණ වැදහොත් රජ්ජුරුවන්ට සයානු කෙළක් රහතුන්වහන්සේ බණපිරුවන්ට පටන්ගත්සේක. එවේලෙහි සදිව්යේලොකයෙන් දෙවියෝ රථසයක් ගෙනවුත් පිළිවෙළින් තබා ආකාසයෙහි සිට ගෙන රජ්ජුරුවන්ට මෙසේ දන්වන්නාහු, "දෙවයෙනි, අපගේ දෙව්ලොව රම්යය. අපගේ දිව්ය ලොකයෙහි ආයුෂයත් බොහෝය. එසේ හෙයින් අපගේ දිව්යටලොකයට වැඩිය මැනව, අපගේ දිව්යලොකයට වැඩිය මැනවැ" යි කියා සදෙව්ලොව දෙවියෝ වෙන වෙනම රජ්ජුරුවන්ට ආරාධනා කළහ. දෙවියන් කී බස් ඇසූ රජ්ජුරුවෝ දෙවියන්ට කියන්නාහු, "යම්තාක් මම බණ අසම් ද, ඒතාක් ඉවසව" යි ඒ දෙවතාවන්ට දකුණත ඔසවා සංඥා කළහ. රජ්ජුරුවන් කළ සංඥාව දැක මහාසංඝයා වහන්සේ පිරුවමින් සිටි බණ තබා වදාළසේක.

එවේලෙහි රජ්ජුරුවෝ බණ වැලකූබව දැක "ස්වාමිනි, පිරුවමින් සිටි බණ නොපිරුවා තබා වදාළේ කුමකට දෝහො,යි විචාළහ. එවිට රජ්ජුරුවන්ට මහාසංඝයා වහන්සෙ වදාරනසේක්, "දෙවයෙනි, තොප අතින් සංඥා කොට වැකු හෙයිනැ"යි වදාළසේක. එතෙපුල් ඇසූ රජ්ජුරුවෝ කියන්නාහු, 'ස්වාමිනි, මම නුඹවහන්සේලා පිරිවානා බණ වලකා සංඥා කෙළෙම් නොවෙමි; දෙවතාවෝ සදිව්ය් ලොකයෙන් රථ සයක් ගෙනවුත් සිට තම තමන්ගේ දිව්යට ලොකයට මා යනු කැමැතිව ආරාධනා කළෝය. එසේ හෙයින්, 'යම් තාක් මම බණ අසම්ද, ඒ තාක් බලව'යි කියා සංඥා කෙළෙමි,යි දැන්වූහ. ඒ අසා සමහර කෙනෙක් සිතන්නාහු, "මේ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ මරණ භයින් භයපත්ව නන්දොඩන්නාහ. එබැවින් මරණෙහි නොබන කෙනෙක් නම් නැතැ"යි සිතූහ. ඔවුන්ගේ සිත් දත් ථෙරපුත්තාභය මහ තෙරුන්වහන්සේ රජ්ජුරුවන්ට වදාරනසේක්, "දෙවයෙනි, සියල්ලවුන්ගේ සැක දුරුකොට සදෙව්ලොවින් ආ රථවල මල්දම් එල්ව"යි වදාළසේක. එවේලෙහි තෙරුන්වහන්සේ වදාළ බස් ඇසූ දුටුගැමුණු මහරජ්ජුරුවෝ ආකාශයට මල්දම් සයක් දමන්නට සම්මත කළහ. එසේ දැමූ මල්දම් සය ගොසින් වෙන වෙනම රථවල එලුණේය. එවේලෙහි බොහෝදෙන රථ ඉස්වල එලෙන්නාවූ මල්දම් දැක සැක දුරු කළහ.


ස්වර්ග ප්රාප්තිය සංස්කරණය

ඉක්බිති රජ්ජුරුවෝ තෙරුන්වහන්සේට දන්වන්නෝ, "ස්වාමිනි, සදෙව්ලොවින් කවර දෙව්ලොව යහපත්දැ"යි විචාළහ. තෙරුන්වහන්සේ වදාරනසේක්, "දෙවයෙනි, තුසිතභවනය යහපත. බුදුවන සමය බලා හිඳිනා මෛත්රි, බොධිසත්වයෝත් එහිම වෙසෙති"යි වදාළසේක. එබස් ඇසූ රජ්ජුරුවෝ ඒ තුසිත භවනයෙහි ආලය කොට තමන් බැඳවූ වන්වැලිදාගබ්වහන්සේ බල බලා වැද හෙව මිය නිදා පිබිදියක්හු මෙන් තුසිත


86 ථූපවංසය


භවනයෙන් ගෙනා රථයෙහි ඔපපාතිකව දිව්යිපුත්‍ේ ෙයක්ව ඉපද තමන් කළ කුශල විපාකය මහාජනයාට ප්රතකාශ කරන පිණිස රථයෙහිම සිට සැට ගැලක් පුරා ලන ආභරණයෙන් සැරහී බොහෝදෙනා බල බලා සිටියදීම රථයෙන් බැස තුන්විටක් රුවන්වැලි දාගබ්වහන්සේ වැඳ පැදකුණුකොට සයානූකෙළක් මහරහතුන් වහන්සේ වැඳ අවකාශ ඉල්වා ගෙන මලණු වන් ඇතුළුවූ රාජ්ය්වාසීන්ට "මා ලද්දාවූ මේ දිව්යම සම්පත් බලා හැම වේලෙහි ම නොපමාව පින්කම් කරව"යි සියල්ලවුන්ට අවවාද කොට තුසිත දිව්යන ලොකයට ගියාහ.

ඉක්බිති රජ්ජුරුවන් මළ පසු රජ්ජුරුවන්ගේ සොළොස් දහසක් පුර ස්ත්රි හූ රජ්ජුරුවන් මළ බැවු දැන තම තමන්ගේ හිසකේවැටී මුදා පිට මැද හෙළා හැඬුය. එතැන්හි කරනලද සාලාව මකුටසාලා නම් විය. නැවත රජ්ජුරුවන් සෑයට නැගු කල්හි බොහෝදෙන දොහොත් මුදුනෙහි තබා ගෙන හැඩූහ. එතැන්හි කරනලද සාලාව විරවිත්ථසාලා නම් විය. රජ්ජුරුවන් දැවූ තැන්හි මළුව රාජමාලක නම් විය.

ඉක්බිති රජ්ජුරුවන්ගේ මලණුවෝ, තිස්ස කුමාරයෝ, ඔටුනු පැලඳ බෑණන් බැඳවූ ඒ දාගැබෙහි නොනිමි කොත්කැරැල්ල හා සුනුමෙහෙවර කරවා කොත් පලඳවා පූජා කැරවූහ.

එසේ හෙයින් සත්පුරුෂයන්ගේ සිත් පහදවනු පිණිස කරන ලද ථූපවංසයෙහි රුවන්වැලි දාගබ් කථාව මෙලෙසින් කියා නිමවන ලදි.

මේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පියාණෝ කාවන්තිස්ස රජ්ජුරුවෝ මතු බුදු වන මෛත්රීු බුදුන්ට පියවන්නාහුය. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ මෑණියෝ විහාරමහාදේවී ඒ මෙතේ බුදුන්වහන්සේට මවු වන්නාහුය. මේ දුටුගැමුණු රජ්ජුරුවෝ ඔබට දකුණත් සවු වන්නාහ. තිස්ස නම් මලණු වෝ ඒ බුදුන්ට වමත් සවු වන්නාහ. කාවන්තිස්ස රජ්ජුරුවන්ට නං වූ දුටු ගැමුණු රජ්ජුරුවන්ට නැඳි වූ අනුලාදේවි ඒ මෙතේ බුදුන් බුදු වන ජාතියෙහි ගිහිගෙයි වැඩ හිඳිනා කල ලක්ෂයක් බිසෝවරුන්ට ප්රුධාන අග මෙහෙසුන් වන්නාහ. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පුතණුවෝ සාලිය රාජ කුමාරයෝ, ඒ මෙතේ බුදුන්වහන්සේට පුත් වන්නාහ. මේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ භාණ්ඩාර රක්ෂාවෙහි සිටි සංඝ නම් අමාත්යන ඒ මෛත්රීණ බුදුන්වහන්සේට අග්රු උපස්ථායක වන්නේය. ඒ භාණ්ඩාගාරින්ගේ දු ඒ බුදුන්ට අග්රජ උපස්ථායිකා වන්නාහ. මෙසේ මොහූ හැමදෙනම මාහැඟි කොට කරනලද පින්කම් ඇත්තාහු ඒ මෛත්රීා බුදුන්ගෙන් බණ අසා සිවු පිළියිඹියාපත් රහත්ව කෙළවර නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ නිවන් පුර වදනාහ. සකල විද්යාණ චක්‍රවර්තී පර පරාක්රතම පණ්ඩිතයන් විසින් කරනලද ථූපවංස කථාව කියා නිමවනලදි.




ථූපවංස

ගැටපද විවරණය සංස්කරණය

1. ඉක්බිති අනතුරුව, පසුව; අස්නැවියෙකුගේ නැව්වලින් අශ්වයන් ගෙනැවිත් වෙළඳාම් කරන්නෙකුගේ; දැහැමින් ධර්මයෙන්; පිත් පූත්ර්: සූසාළිස් හතළිස් හතර; මල් මලණු, බාල සොහොයුරු; යුවරජ්ජුරු කෙනෙක් රජු ළඟට දෙවැනි වූ උපරජ කෙනෙක්; අග මෙහෙසුන් රජුගේ ප්ර්ධාන බිසොව; සුළුගෙයි යුවරජ්ජුරුවන්ට පසුකාලයෙහි මහවාසල නමින් හඳුන්වනලද රජ මාළිගය නොහොත් රජගෙය ළඟට දෙවැනි වූ ප්රනසාදයෙහි විසූ යුවරාජ යාණන්ට. යුවරාජ මන්දිරට 'සුළුගෙය" වූයේ ප්රනධානත්වයෙන් රජමැදුරට නොහොත් මහවාසලට සුළු හෝ කුඩා හෝ දෙවන හෝ වන හෙයින් 'සුළු' යන විශේෂණය යෙදෙන විටම 'මහ' යනුවකුත් ඇතිබැව් සිතාගත යුතුයි. මෙසේ පාලි චුල්ලපිතුවාචී 'සිළිපිය" (ධම්පියා අටුවා ගැටපදය 108-18, 229-27) හෝ සිළිය (ධ:ඇ:ග: 81-7, 148-17) යනුවත් සමගම මහා පිතු වාචී මැහැපිය (ධ:අ:ගැ: 229-27) හා මැහැවි (ධ:අ:ගැ: 81-7) යනුවකුත් පෙනේ. මෙස් ප්රිධානවූ මහත්වූ යමක අපෙක්ෂාවෙන් සිංහලයෙහි සුළු අතවැසි, සුළුවටා, සුළුමව්, සුළුපිය, සුළුපා (=චූල පාසාද) යනාදි ශබ්ද රැසක් වෙත් සුළුගෙය යනුවෙන්ම එහි වෙසෙන යුවරාජයා ද උපචාරයෙන් ගැනිණ. සද්ධර්මරත්නාවලියෙහි නන්දමහ තෙරුන්වහන්සේගේ වස්තුවෙහි ජයතිලක ශ්රීරමතුන්ගේ සංස්කරණයෙහි 137 වැනි පිටෙහි බුදුරජ කිඹුල්වත් නුවරට වැඩි ගමනේදි අභිෂෙකාපෙක්ෂාවෙන් සිටි යුවරජ වූ නන්ද කුමරු බුදුරදුන් පසුපස්සේ පාත්රෂය ගෙනයන විට එබැව් දත් ජනපද කල්යාදණිය වහා දිවගෙනවිත් නන්ද කුමරු අමතා "සුළුගෙයි වහා එව" යි කීවාය. ජයතිලක සංස්කරණයෙහි සුළුගෙයි යනුවට සුළුගෙයි, සුළුගෙවියි, තුළු ගෙයි යනුදු පාඨාන්තරයි. සුළුගෙයි යනු නිවැරදි පාඨය වියයුතුයි. සුළුගෙවිය යනුදු පොතපතෙහි පෙනේ. ජාතක අටුවා ගැටපදයේ දෙවන කොටසෙහි කුසජාතක ගැටපදයෙහි විවාපත්ව සිටි වැඩිමහල් සොහොයුරුගේ ගෙයිම විසූ නොහොත් ඔහු සමග එකගෙයි කෑ බාල මලණුවන්ට වැඩිමහල් සොහොයුරුගේ භාර්යාව 'සුළුගෙවිය" යයි කියයි. සුළුගෙවිය යනු පාලියෙහි චුල්ලපති යනුවෙහි යන්නයි. එහෙත් ඉන් චුල්ලගහපති යනුවට සමඅරුතක් පළවෙතැයි සිතේ. සුළුගෙයි යනුදු සුළුගෙවි යන්නෙහිම විකෘතියක් වියහැකියි. මෙසේ සුළුගෙයි හෝ සුළුගෙවි යනුවෙන් යම් කිසි පවුලක හෝ ස්ථානයක දෙවැනි පතියා නොහොත් දෙවැනි අධිපතියා යන අර්ථය


2 ථූපවංසය


වාච්ය විය යුතුයි. රජ පවුලක් සම්බන්ධයෙන් සුළුගෙයි හෝ සුළුගෙවි වනුයේ රජු ළඟට දෙවැනිවූ යුවරාජයායි. සුළුගෙයි ශබ්දයට දෙවැනිව කී මෙම අර්ථය පළමුව කී අර්ථයට වඩා උචිත සේයි. සිරිඟි ලාලා විෂ යොදා, සංශෘඞ්ගික යනු පාසානම්; තෙසු සෙසු, ඉතිරි; කුඩා පියාණන් පියාගේ බාල සොහොයුරා, බාප්පා; අස් කඩන්නා භාම භාජනය වසා තිබූ වැස්ම නොහොත් මුද්රාරව කඩනවිටම; "භාජනෙ චිවටෙ" යනු පාලි ථූපවංසයි. රූණට රුහුණු රටට; වදාපීහ, වැදුවාය; ස්ත්රි"ලිඞ්ගික එක වචන පදයක් උක්තවන කල ආඛ්යා;තය, බෙහෙවින් අතීතකාලයෙහිදි, බහුවචනයෙන් සිටීම පැරණි භාෂා රීතියි. එහෙයිනි 'බිසවු' සමග යෙදෙන 'වදාපීහ' යන ආඛ්යාපතය බහුවචනයෙන් සිටීයේ. මෙම ප්රුයොගය ථූපවංසයෙහි නොයෙක් තැන දක්නට ලැබේ. නාපීකල නෑවිට, ජලස්නානය කළ කල්හි. 'පී' යනු පිම් අරුතෙහි වැටෙන 'පිය' දයින් සිදුවූ කාදන්ත රූපයකි. මෙතැන්හි 'පී' යනු උපකාර කාර්ථයෙහි වැටේ.

2. අයාමෙහි මියයාමෙන්, පසු; සංවාසයක් ඇතිව සමග විසිමක් නොහොත් අයුතු සම්බන්ධයක් ඇතිව; "බිසව හා සංයොගයෙන්" යනු රාජාවලි පාඨයි. සැළවගිය තැනදි ආරංචි වී ගියවිට, ප්රනසිද්ධ වූ කල; සොරා හොරෙන්, පත් හස්නක් පතක ලියූ හසුනක්, ලියුමක්; වන වැදුණේය. නොහඟවා අගවන්නේ නැතිව; ඔබ හා කැටිව උන්වහන්සේ සමඟ; හස්නේ ආසනයෙහි. සංස්කෘත යුගයෙහි ඇති ශ, ස, ස යන තුනම පාලි යුගයෙහිදි ස කාර වී සිංහලයෙහි ද බොහෝවිට ස කාරයම කලක් පැවත්විත් කල්යාමේදි එය හකාරවී පසුව එය ආශ්රි ත ස්වරය පමණක් ඉතිරි කොට ලොප්ව ගියේය. සං, ශාසන, පා. සාසන > සසුන්, හසුන්, අසුන්; සං, ශ්ර්ද්දධාති, පා. සද්දහති > හදහයි. අදහයි, මෙසේ සිංහලයෙහි, ස්වර අවශිෂ්ටවී ඇති අසුන් අදහයි යනාදි නොයෙක් තන්හි පැරණි වහරෙහි හසුන්, හදහයි යනාදී හකාරයෙන් යුත් රූප දක්නා හෙයින් ඒ අනුසාරයෙන් අයථා සාදෘශ්යියෙන් ශබ්දයන්ගෙ නිෂ්පත්තින්ට අනුව හකාරයක් අනවශ්ය් තන්හිදු ස්වර පමණක් දක්නාවිට හකාරයක් යොදන ලදි. සං. අස්ත, පා. අත්ථ > අත්, හත්; සං. පා. ආචාර > අසර, හසර; සං. අධ්යාවත්ම, පා. අජ්ඣත්ත > අදඅත්, හදඅත්; අරා (ආරූඪ වි, නැගි) > හරා;පා. අණ්ඩපදෙස > අඬුපියෙස, හඬුපියෙස; සං, උෂ්ණ, පා. උණ්හ > උණු, හුණු; ඉක්ම (අතික්රරමණය කොට) > හික්ම (ජා: අ: ගැ: 135-25); ඉක්මෙයි (අතික්රණමණය වෙයි) > හික්මෙයි. (ජා; අ; ගැ; 120-5, 220-20). මෙසේ ආසන වාචී 'අසුන්' යනුද හසුන් විය. භාෂා රීති නොදන්නෝ මෙබඳු පාඨ සකස් කරන්නට පසුබට නොවෙත්. පසුගමන් කරන්නට රජමාළිගයෙන් නික්ම යන තෙරුන් වහන්සේ පස්සෙන් මඳක් දුර යන්නට. උතුමෙක් යමෙකුගේ නිවසට පැමණෙන විට ඔහුට ගෞරව කිරිම වශයෙන් ඉදිරියට මඳක් තැන් ගොස් නොහොත්


ගැටපද විවරණය 3


පෙර ගමන් කොට පිළිගැනීමත් නැවත ඔහු නික්මී යන විට ඔහු සමඟ මඳක් තැන් පසු ගමන් කිරීමත් පැරණි චාරිත්ර්යි. අත දිලා තෙරුන් වහන්සේට මෙසේ වඩින්ටැයි අත දිගු කොට මඟ පෙන්වා; හුණු වැටුණු; රජ පත දැක.... ඒ කැලණි තිස්සරජ මෙම වාක්යසයෙහි 'රජ' යන කර්තෘ දෙවරක් යෙදිණ. මෙසේ එකම වාක්යවයෙහි, විශේෂයෙන්ම දිර්ඝවූ වාක්ය යන්හි, කර්තෘ නැවත නැවතත් දෙතුන් වර යෙදිම ථූපවංස කර්තෲන්ගේ විශේෂ ලක්ෂණයකි. කර්තෘහුට ආවෙණිකවූ ලක්ෂණ නොදන්නෝ ඔහුගේ භාෂාව වෙනස් කොට කෙලෙසති. නුහුණුයේ නොහැකිවූයේ; තෙල්කටාරයේ විශාල තෙල් භාජනයක; කකියවන්නේ උණුකරවන්නේ, නටවන්නේ; දිවසින් දිව්යෙමයවූ ඇසින්; ගොපලුව හරක් බලන්නෙක් වී; සැළක භාජනයෙක; පිරිනිවන් පෑ වදාළසේක. නැවත ඉපදිමක් නොමැති ලෙස නිර්වාණයට පැමිණිසේක; 3. ගලා ගිල්වා, දියෙන් යට කොට; උත්පාතික කොට තද රැළි නංවා, වේගවත් ලෙස උඩට කළඹා, හදිසියෙන් උපද්ර ව සහිත නොහොත් භයානක කොට, "මුහුද දිය උපෑ රළ ගළ කොට" යී අමාවතුරෙහි දක්නේත් මේ යි. දිව්යා ඞ්ගනාවකසේ සරහා දෙවඟනක මේන සරසා: සැළෙක හිඳුවා විශාල භාජනයෙක වාඩි කරවා: "ඔරුවක් ගෙන රාජ කුමරිය ඔරුව ඇතුළත ඉඳුවා" යනු රාජාවලි පාඨයි. "සොවණ්ණුක්ඛලියා නිසිදාපිය" යනු මහාවංසයි. නියාවට බවට; සැළ හැරපීය භාජනය පාවී යන්ට ඇරියේය; කෙවුළෝ මස් මරන්නෝ, මාළු අල්ලන්නෝ; මහපෙරහරින් මහත් ගරු සත්කාරයෙන්; ඉස් සෝධා හිස සෝදා පිරිසිදු කොට. පැරණි වහර හෙයින් සෝධා යනුවෙහි ධකාරය තවමත් අවශිෂ්ටයි. හඳවා අන්දවා; රුවන් සකින් රන් රිදි මුතු මැණික් ආදි රුවනින් සාදන ලද එසේ නැතහොත් මැණික් ඔබබන ලදහ ක් ගෙඩියකින්; අභිෂෙක ජලය දි; හිස පැන් වත්කිරිමෙන් අභිෂෙක කොට; මන වඩති සිතට ඉතා ප්රි ය නොහොත් අනුකූල නොහොත් රම්යු වූවාය; ස්ත්රී වාචී දේවී යනු කර්තෘ වූ හෙයින් ඒ සමග යෙදෙන ආඛ්යා තය වර්තමාන කාලික වුවද බහුවචනයෙහි වැටිණ. "ලිච්ඡවි රජහු ඔවුන් දැකැ, තෝ කවරෙහි? තී කවරහු" යි පුළුවුත්හ" යනු ගුරුළු ගෝමීන්ගේ ප්රුයොගයකි. බෙහෙත්සත් අප දුටු සෑම පුස්කොල පිටපතකම මෙම පාඨය ඇත්තේ මෙසේමැයි. එහෙයින් පාඨය නොපැහැදිලි වුවද එසේම බහාලීමු. ගයිගර් පඬිතුමන්ගේ මහාවංස සංස්කරණයෙහි මෙම ඛණ්ඩය ඇත්තේ "හෙසජ්ජං වසනානිව (xxii30)", "නානා හෙසජ්ජවත්ථානි (xxii 37)" කියායි. කාම්බෝජ මහාවංසයෙහි ද "හෙසජ්ජ වත්ථකානි ච"යි පෙනේ. 'භෙසජ්ජ වසනානි (xxii 30)" යන තැන "වසනානි" යනු වර්ණනා කරන මහා වංස ටිකාකාරයෝ "වසනානි වාති, වත්ථානි ව"යි කියත්. සිංහල මහා වංසයෙහි ද පූර්වොක්ත දෙපළ "බෙහෙත් ද පිළී ද (xxii 30)" "බෙහෙත් හා වස්ත්රජයන් (xxii 37)" යි කියැවේ. එහෙයින් බෙහෙත්සත් යනුවෙහි


4 ථූපවංසය


අර්ථය 'බෙහෙත් බඩු හා වස්ත්රා' යනු විය යුතුයි. නියම පාඨයද "බෙහෙත්වත්" දෝයි සිතේ. එහෙත් පාලි හෙසජ්ජ යනු සිංහලයෙහි බෙහෙජ (ධම් පියා අ.ගැ. 14-22), බෙහෙජ් (එහිම 27-34, 132-2), බෙහෙද, බෙහෙද් (එහිම 122-5), බෙහෙත්, බේත් යි ද බෙහෙසත් (එහිම 18-27; සද්ධර්මා රත්නාකරය (368-1) යී ද කීප ලෙසකින් සිටී. ඉන් බෙහෙත් හා බෙහෙසත් යන රූප දෙක සංකර වීමෙන් ද බෙහෙත්සත් යී සිද්ධ විය හැකිය. අනුසස් යහපත් විපාක, ඉෂ්ට ඵල; එකත්පස්ව උතුමකු කරා ගොස් කථා බස් කරන විට ඔහුට පිටිපසින් හෝ ඉඳුරාම කෙළින් හෝ ඉතා කිට්ටු වී හෝ ඉතා ඇත්වී හෝ ඉතා උස්ව සිට හෝ ඉතා පහත්ව සිට හෝ යනාදි වශයෙන් නොහිඳිය යුතු හෙයින එසේ නොව එක් පසෙකට වී හිඳ; සහපිරි වරින් පිරිවර සහිතව; මෙවෙනි මෙබඳු, මේ ආකාර; අප්රෙමාදව පමානොවී; ප්රනතිපත්තියට යහපත් මඟ පළිපැදීමට; අෂ්ටාය්ය්කංක පුද්ගල වූ සෝවාන් මාර්ගස්ථ සෝවාන් ඵලස්ථ යනාදි ආය්ය්්ත් පුද්ගලයන් අටදෙනාගේ සංඛ්යාසවට අයිති වූ; තෙල අර පෙනෙන. ගිලන් වූ අසනීප; මියන්නට මැරෙන්නට; සාමණෙරයන් උසස් වූ උපසම්පදා ශිලය නොලත් භික්ෂුව; ලැඟුම් ගෙට වසන නොහොත් සැතපෙන ගෙට; දොහොත් එකට තැබූ අත් දෙක, දෝත; මේ අත්බැවින් චුතව මෙම ආත්මභාවයෙන් නොහොත් ජාතියෙන් පහවී; 4. මිනිසත් බව මිනිස් අත්බව, මිනිසෙක් ව ඉපදීම. ප්රමතිකූල පිළිකුල්, අප්ර්සන්න; නො ඉවසා වදාළසේක අනුමත නොකළසේක, එකඟ නොවූසේක; අත පහරවා අත ගස්වා; ඉඟි අදහස්; පිළිසිඳ මවු කුස ප්රූතිසන්ධිය ලබා; සමුගෙන අවසර ගෙන; යානාවට රථයට නොහොත් පල්ලැක්කියට; නිරුද්ධව විනාශයට පැමිණ, මැර; නොයන තෙක්ම යන්නට පෙර; වීදුරු පුරාපී දියමන්ති පුරවාපු; පෙරළා ආපසු; දෙමහල්ලෝ අඹු සැමිදෙ දෙදෙන; ආදාහන පූජා මළ සිරුර දැවීම පිළිබඳ පූජා; මේ නියා දොළෙක් මෙබඳු ආශාවක් නොහොත් දොළ දුකක්; මී වැදැල්ලක් මීයක් හෝ මී වදයක්; වමැලයෙන් යහපත්ව වම්පැත්තට හැරි සැතපී; මෙම පාඨය "වාමන්තරෙන පසේසන නිපන්නා" යි මහාවංසයෙහි ද, "වාමෙතරෙන පසේසන නිපන්නා" යී මහාවංස ටීකාවෙහි ද "දකුණැලයෙන් යහපත් සයනයෙක හොත්තී, යයි සිංහල මහාවංසයෙහි ද පෙනේ. එහෙත් පුස්කොළ පිටපත්හි "වමැලයෙන් යහපත්ව" යී මිස පාඨය අන් කිසි ලෙසකින් නොදක්නා හෙයින් කර්තෘහුගේ පාඨය වෙනස් නොකළෙමු. දෙව සෝදා; දේවී යනුවෙහි පූර්ව ක්රිහයායි. මැඩගෙන පාගාගෙන; නොමලා ගිය නොමැලවුණු, පරනොවූ; සිංහලයෙහි 'මලයි, මලා" යනු 'මැලවෙයි' යන අරුත ගෙන දෙන ආඛ්යා තයි. නිමිත්තපාඨකයෝ නිමිති කියන්නෝ. 5. දස එකඩ මසින්'අඩ මසක් අඩු වු දසමසකින්' ය යනු ශබ්දාර්ථයි එහෙත් සාමාන්යියෙන් 'දස මසකිනැ' යි ගනු ලැබේ. බෙර ලවන්නෝ අඬ


ගැටපද විවරණය 5


බෙර ගස්වන්නෝ; මී පටලයක් මී වදයක්; ලැබෙති ලබත්. සකර්මක ආත්මනෙපදි රූපයි. ගොළු මුහුද ලංකාවේ ගිනිකොණ දිග මුහුදු බඩ ආසන්න ඉන්දියන් සාගරයට, විහේෂයෙන් කිවහොත් රුහුණ අසල මුහුදට, එතරම් චණ්ඩ නොවේ යයි සිතු හෙයින්දෝ, එසේ නැතහොත් නොගැඹුරු යයි සම්මත වීමෙන් දෝ 'ගොඨ සමුද්ද" නොහොත් 'ගොළු මුහුද" යනු නම්, මාලු නැවක මහලු නොහොත් පරණ ඔරුවක; යහන් පනවා යහන් පිළියෙල කොට. මඟුලඝු මංගල අශ්වයා, රජුගේ අශ්වයා; අස්සලයා රජුගේ අශ්ව ශාලාව භාර නිලධාරියා, අශ්වයන් බලන්නා; අස්වාලා ඇසෙන්ට සලස්වා, හඬ නඟා කියා; සුරෙක් ශුරයෙක්; දක්ෂයෙක්; අඹා පස්සෙන් එළවා. කැලයක් මුවාව ගෙන කැලයටකට මුවාවී, නොපෙනි සිට; සරස් කොට පෑ හරස් කොට පා; දොළ පහ කොට ආශාව සන්සිඳුවා; ඇලි සුදු; හෝ තෙර ඔය ඉවුරෙහි. 6. බිළි වැද්දෙක් බිළි බා නොහොත් බිළියෙන් මාළු අල්ලන්නෙක්; ඇත්තලයන් ඇත්හල බලන්නන්, ඇත්ගොවුවන්; පෙර හර තබා සත්කාර කොට, ආරක්ෂා සංවිධාන සලස්වා; එයින් එයද; සාධා පරදවා, යටපත් කොට; ශරණ ශිලයෙහි තිසරණ හා පන්සිල් යන මෙහි; සංසර්ග වූහ සංවාසය නොහොත් සෙවනය කළහ; මහණ වහන්දෑට භික්ෂූන් වහන්සේට, භික්ෂු සංඝයාට; පවරා ආරාධනා කොට, කැඳවා; තලිය භාජනය; බත් ආලෝප බත් පිඬු; දෙබෑයෝ සහෝදරයෝ දෙදෙන; අමාවක් කෑ කල නොමැරෙන දෙයක්, ප්රුණිත වූ දිව්යෙ භොජනයක්, අමෘතයක්; කුල දෙවතා වූ කුලයට අරක්ගත් දෙවි වූ; විමතියක් විරුද්ධ කල්පනාවක්, හිතකර නොවූ දෙයක්; විපක්ෂ විරුද්ධ, සතුරු; 7. දිවුට දිවුරා; දිවිරිම් අර්ථයෙහි වැටෙන 'දිවුර' ධාතුවෙන් සිද්ධ වූ පූර්ව ක්රි.යායි. අතුර, මතුර, කඹුර යන ධාතුන්ගෙන් අතුව, මතුට, කඹුට වන්නාක්මෙනි;මියුඬුරු සුසුම් ලා හූල්ලා; සුසුම් ලන විට මිය උඩුහුරු කොට නොහොත් උඩට හරවා දීර්ඝ ලෙස සුසුම් ලෑම සිරිති. නොහෙව නොසැතපී, ශයනය නොකොට; හෙව යනු හොවී යන ආඛ්යා තයාගේ පූර්වක්රිවයායි. අභිප්රා‍ය අදහස; මුයෙන් නොබිණුය කටින් වචනයකුදු නොකීහ, නිශ්ශබ්ද වූහ; හස්තිශිල්ප අශ්වහිල්ප රථශිල්ප ඛඞ්ගශිල්ප ධනුශ්ශිල්පයෙහි ඇත්අස්රථ කඩු දුනු යන මේ ශිල්පයන්හි; මෙතැන ශිල්ප කීපයක් නම් කොට අවසානයෙහි ඇති ධනුශ්ශිල්පය යනුවට ආධාර විභක්ති ප්ර්ත්යකයක් යොදා ඒ එක එක ශිල්පයෙක නොහොත් සියලුම ශිල්පයන්හි යනුවක් ප්රයකාශ කෙරේ. මෙය කර්තෲන්ගේ විශේෂ යෙදුමකි. මයුරපාද පරිවෙණාධිපතීන් වහන්සේද පූජාවලියෙහි 'ඇති ගොදුරු වටු ගොදුරෙහි, චුළවංස මහා වංසයෙහි, ආමීෂ පූජා ප්රාතිපත්ති පූජාවට" යී යොදත්. ගුරුළුගෝමීහු පවා ඇතැම් තන්හි "පූති මත්ස්යි පුති කුල්මාස ස්යුන්දනිකායෙහි කාමීයක්හු සෙයින්" (ධර්මප්රයදීපිකා


6 ථූපවංසය


150 වෙනි පිට) වැනි යෙදුම් යොදත්. ථූපවංස කර්තෲන්ගේ භාෂා විලාසය නොදතුවෝ මෙබඳු ප්රනයොග මකා හරිත්. සෙනෙවිරත් සේනාවට නායක, සේනාපති, එක කුස හොත් එකම කුසෙහි හුන්, එකම මවගෙන් උපන්. 8. මයිලණුවන්ගේ මාමාගේ. දණ හෙළා දණ බිම ඔබා, දණ ගාගෙන, යන විසින් යෑම් වශයෙන්, යන හෙයින්; වෙහෙසී පියා වෙහෙසට පත්ව, විඩාව; පියා යනු උපකාරක ක්රිහයා රූපයකි. කියටි කියයුත්ත, කළයුත්ත; වරපටක් හමින් කළ පටියක් නොහොත් ලනුවක්; හිණ ඉණෙහි; දාගල ඇඹරුම් ගල; වැදගත් විසින් වැදුණු හෙයින්: සිදි කැඩි; සේවාකම් කෙරෙති සේවය කරත් නොහොත් කළෝ ය; කිසඅත්පස කරන මලපැහැරීමේ කෘත්යල කරන. "ථූපාදිසු අසක්කාරං කරොනෙත" යනු මහාවංස පාඨයි. එයම සිංහල මහාවංසයෙහි "සෑ ආදියෙහි අසත්කාර කරණ" යි පෙනේ. සිංහලයෙහි වස හෝ වස්, අත්පස, මුවාපස යනාදි ශබ්ද කිහිපයක්ම 'වසුරු' නොහොත් 'මල' නොහොත් 'වර්චස්' යන අර්ථයෙහි වැටෙත්. "වසමහ" (සිඛ වළඳ විනිස ජයතිලක සංස්කරණය, 1924, පිට1), "වස් පවත්වමින්" (එහිම 60 වෙනි පිට), "බොහෝ දෙන අත්පසට යන එක් ගල්පොත්තක් ඇත" (සද්ධර්ම රත්නාවලිය 403-26) "වැසි කිළියට බැස අත්පස් හැරගෙන" (එහිම 403-20), "අත්පස් වළෙක්හි" (ජාතක අටුවා ගැටපදය 117-26), "සරීර වළඤ්ජන කාලෙ, මුවාපස් කරන කල්හි" (එහිම 105-14) "තමන්ගේ මුවා පසම බතට අනුභව කෙරෙත්" (සද්ධර්ම රත්නාවලිය 402-36) "කිස අත්පස" යනු 'මුත්රහ හා මල නොහොත් වර්චස්" යි ගැනීමට වඩා, අවිශේෂයෙන් 'මල" යි ගැනීම යුක්තියුක්ත බැව් පෙනේ. "ඉධ දාරකා අසුවිං කරොනති" යන ධම්මපදට්ඨකථා පාඨයෙහි අර්ථය ප්රේකාශ කරන ධර්මසේන ස්ථවීරයෝ "කුඩා කොල්ලන් කිස මූවාපස් කරන හෙයින්" (සද්ධර්මරත්නාවලිය 94-27) යි කියත්. කිස අත්පස යනුත් කිසමුවා පස යනුව බඳුමැයි. 'කිස කිළි' යනුදු '(මුත්ර) කෘත්යසය සඳහා පවත්වන කුටිය" යනුයි. එහි 'කිස" යනු වෙන් "සිරුරු කිප, දිය කිස, පුසන් කිස" යනාදි තන්හි මෙන් කෘත්යා ර්ථ යම මුඛ්යපසේයි. හුදු මූත්රායර්ථයෙහි වැටෙන කිස සදක් අප්රධකටයි. 'කිස අත්පස' යනුව ඇතැම් ථූපවංස සංස්කාරකයෝ 'වස්පස් කිස" කරත්. දස් දාසවූ, සල්ව සල්වා සොලව සොලවා; මැඩ පාගා; දෙකඩක් කැබලි දෙකක්; භය එතියි 'යි' නිපාතයෙන් සම්බන්ධ අන්තර්වාක්යුයන්හි සංශය වාර්තාදි අර්ථයක් ප්ර්කාශ කෙරෙන විට කර්තෘ එකවචන වුවද ආඛ්යා තය බහුවචන යෙන් සිටී. "නුවර වැස්සෝ 'රජ අප පියන් මුතුන් ගන්ති' යි ගිගිරි කෙරෙති" යනු අමාවතුරු පාඨයි. යක්ෂරාක්ෂයකු යකෙකු හෝ රකුසෙකු. උපද්ර ව උවදුරු, පීඩා; නුහුණුවාහුය නොහැකි වූහ; මරන්නම් මරම් නම්.


ගැටපද විවරණය 7


9. පවත් කෙරෙම්දැයි ආරක්ෂාකොට පවත්වම්දැයි, දියුණු කෙරෙම් දැයි. පස්වාදහසක් අවුරුදු පන්දහසක්. සංස්කෘත 'වර්ෂ' යනු සිංහලයෙහි වස් වා, වරුස යි තුන් ලෙසකින් සිටි. හාත්පසින් හැම පැත්තෙන්ම, වටේට; කෙළෙඹියක්හුගේ කුටුම්බයක නොහොත් විශාල දේවළ ඇති පවුලක ප්රෙධානියෙකුගේ, වස්තු ඇත්තෙකුගේ; "කුටුම්බං හොගො" තං එතස්ස අත්ථිති කුටුම්බිකො" යනු ධම්පියා අටුවා ගැටපදයි (223-11) බෑයන් සොහොයුරන්: කිස්දොවුන් කුස දෙවගෙන නොහොත් සෝදාගෙන ආ තැනැත්තා, බඩිස්සා, අන්තිම බාලායා; ගෙන් ගෙයින්, සෙනෙහ බොහෝ විසින් ආදරය වැඩි බැවින්; මල්බෑයන්ට (වැඩිමහල්) සොහොයුරන්ට. 10. දුරු මෙහෙවරක් ඈත කටයුත්තක්; යහළණුවන් මිතුරාණන්; සඳුන් කපුරු කස්තුරු කළුවැල් තුවරලා නාපියා, ඇවිදපියා යන තන්හි යෙදෙන 'පියා' යනු 'පියයි' යන උපකාරක ක්රි්යාවේ පූර්ව ක්රි යා රූපයි. සල්පිළින් වෙළඳපළින්; දත් දැනගත්; පූර්ණවර්ධන නම් පිළිසහළක් අගය කළ නොහැකි එනම් ඇති වස්ත්රග දෙකක්; පඬුරු තෑගි; වටනා වටිනා; මාහැඟි ප්රහසාද පැහැදීම නිසා දෙන ඉතා වටිනා තෑගි; දුහුලින් සිහින් වස්ත්රැයකින්. 11. දෙමෝපිය දෙදෙන මව් පිය දෙදෙන. 'දෙමෝපිය' යනු මව් පිය දෙදෙනායි. නමුත් කලක් එය ව්යරවහාර වන විට 'දෙදෙනාය' යන අර්ථය යටපත් වී 'මව්පියන්' ය යන අර්ථයම ප්රැකටවීම කරණකොට ගෙන නැවතත් 'දෙදෙන' යනුවක් එකතු වී තිබේ. පුස්කොළ පිටපත් වැඩි ගණනක එසේම එන හෙයින් කර්තෘහුගේ පාඨය වෙනස් නොකෙළෙමු. මෙබඳු යෙදිම් සිංහලයෙහි එමටයි. 'පෙශකාර' යනුවෙන් සිද්ධ 'පෙහෙර' යන්න සමගම 'පෙහෙර කරු' යි ද, 'කූටාගාර' යනුවෙන් සිද්ධ 'කුළාර' යන්න සමගම 'කුළාරගේ' යි ද 'අට්ඨකථා' යනුවෙන් සිද්ධ 'අටුවා' යන්න සමගම 'අටුවා කථා' යි ද, එසේම 'දෙන්න දෙමල්ලෝ' 'මහ මාවත' යි ද දක්නට ලැබේ. ගුරුළුගොමිහු පවා 'විසිවා දහසක් හවුරුදු' යි (අමාවතුර 230-7) යොදත්. ථූපවංස කර්තෘහුම 23 වෙනි පිටෙහි 'දෙමයිල් දෙමළුන් දෙන්නා' යි කියත්. සමුගෙන අවසර ගෙන; ශෞර වීය්ය්' ' ශුර භාවය හා විර භාවය; ඉස් වට උස කොරතල් ඉස පමණට උස මිටි තල් ගස්; තෙල අර, ඒ; හෝබඩ ඔහ සමීපයෙහි; මුත් මිස; පරිහාස කියා සිනහ බස් දොඩා, කවටකම් කොට; මාසට මහට, මෑ වැපිරිමට; "මාස ඛෙත්තත්ථං" යනු මහාවංසයි; කුඹුරු ඉදිකරන්නාවූ බිම සකස් කරන්නාවූ; ගැණ ගැණ ලා ගණන් කොට. 12. ඉතිකින් මෙතැන් පටන්; කුඹුරු කිරියක වපවල් කිරියක නොහොත් අමුණු සතරක පමණ බිමෙහි වැපිරීම පිළිබඳ කටයුත; වාසිබස් ආඩම්බර වචන; සා සමාන; කඳවැට ලී කඳන් ආදියෙන් බඳින වැට; කෙළි පෙඳ වට සෙල්ලම් කරන පන්දු බෝල; සරු නැතිව සැලකිල්ලක් නොදක්වා, ඕනැවට


8 ථූපවංසය


එපාවට මෙන්; හගදාවක් යකඩ මුගුරක් නොහොත් පොල්ලක්; හැර ඇරගෙන; උහු ඌ, ඔහු. 13. ජවයෙන් ඉක්මනින් දිවීමේ ශක්තියෙන්, වේගයෙන්; වලට කැලයට, වනයට; සෛන්ධවයෙක් සින්ධු දේශයෙහි උපන් අශ්වයෙක්; කුඩා පියා වෙළුසුමනයන් දරුකමට ගෙන හදා වඩාගත් පියා; වටලාලූවට කරපු; අසු විහිදුවා අශ්වයා දුවන්ට සලස්වා; දිගහැර දිවන වේගයෙන් දුවන; ශංකාවක් සැකයක්, භයක්; ඇඳගන්නි ඇඳ ගනි; ඔල්වරහඬ මහත් වූ ප්රී;ති ශබ්ද; පිත් පුතා. 14. පිළු (=පාලි:පීඨ) කොර; මුවදඩ මුවන් දඩයම් කිරීමට; මීවුන් මීහරක්; සිසාරා කරකවා; තුතු කොට සුනු විසුනු කොට, කුඩු කුඩු කොට; සක හක්ගෙඩිය; සංඛනාදය හක්ගෙඩියේ හඬ; පතළේය පැතුරුවේය; ශබ්දවෙධි ශබ්දය අනුව විදිමෙහි සමර්ථ; ගැල් කරත්ත; හිය පලවන්නේය ඊතලය යවන්නේය; 'පලවයි' යනු 'පලයි' යන ආඛ්යායතයාගේ ප්රයයොජ්ය් රූපයි. 'පැලෑමෙහි නොහොත් පලා යෑමෙහි' වැටෙන 'පල' ධාතුව කර්තෘ කාරකයෙහිදී 'පලයි, පලා' යී දෙපරිද්දෙකින් සිටී. "සූසූති සද්දං, සුසු යන හඬ වල මුවන් පලනුවට ඔහු කරන හඬ දක්වන අනුකරණ" යනු ධම්පියා අටුවා ගැටපදයි (63-5); "පනුදි, පහ කෙළේ-පැලවිය යුතු නැති" (108-4); "සුසු යී මියන් පලවන්නට කියත්" යනු ජාතක අටුවා (145-7) ගැටපදයි. පියා පෝරු පියා නම් ගසින් කළ ලෑලි; බොල ඝන කම ඇති; යපට යකඩ පටි නොහොත් තහඩු; අතින් අතට එක පැත්තක සිට අනික් පැත්ත දක්වා; ඉස්බක් උසහයක්, රියන් 140 ක ප්රිමාණයක්. 15. පස්පිඩි පස් පිඬු; බත් ඉදිකරවා බත් උයවා; ලා බතක් සලාක නොහොත් ලා නොහොත් තුණ්ඩු අනුව දෙන බතක්; සලාක බතක්; වහ්නිකබල් ගිනි තැපීම සඳහා ගිනි කබල් නොහොත් අඟුරු කබල්; ඇල්කල පොරෝනට පලස් ශීත කාලයෙහි පෙරවීම සඳහා කම්බිලි; වඩනට වැඩීමට; සත්කාර හා සමඟ කොට සත්කාරයන්ට සමාන ලෙස; බලවාහන සේනාව හා යාන වාහනාදිය; පුතණුවන් සටනේ නැසී යෙතියි මෙම අන්තර වාක්යීය සංශයාර්ථයක් ප්ර්කාශ කරන හෙයින් ආඛ්යා තය ප්රයථමා පුරුෂ බහුවචනයෙන් ද ඒ සමඟ යෙදෙන කර්තෘහු දෙවන විබතින්ද සිටී. 16. නොගිවිස්නා එකඟ නොවන; අද වක් පටන් අද දවසේ සිට; රන් හැකිලි ගස්වා මසා මුත්ර ත්රන් දම් වැලකින් බැඳ මිස, රත්රන් විලංගුවක දමා මිස; සූ සැට ඔටුන්නක් පැලඳ ඔටුනු 64 ක් දරා; අභිෂෙකයෙහි පටන් අවුරුද්දක් පාසාම සංවත්සර මඞ්ගලයෙහිදි ඔටුන්නක් පැලඳීම සිරිති. එහෙයින් ඔටුනු හැට හතරක් පැලඳ යයි කීමෙන් රජතුමා රජවූ දින සිට සුසැට වසක් විසූ බව කියැවේ. දවා පුලුස්සා; සොහොන් අස්කරවා සොහොන් කිරීමෙන් නොහොත් ආදාහනයෙන් පසු යම් කිසි ගින්නක් ඉතිරි වුවහොත් එය


ගැටපද විවරණය 9


නිවා දමා අළු ආරක්ෂා කොට සුදුසු දිනක පුද පූජා සහිතව නොහොත් ගරු සත්කාරයෙන් අළු ගෙන යා යුතුයි. මෙහි අර්ථය ඒ සියල්ල කොට නිමවා යනුයි. සොහොන් අස් කිරීම යනු සොහොන් හස් කිරීම යී ද දක්නට ලැබේ. "සිරුර ආදාහන කරවා සොහොන් අස් කොට" යී සද්ධර්මාලඞ්කාර යෙහිද" 'ඔවුන් දවා අළු හස් කොට" යි පූජාවලියෙහි ද පෙනේ. ථූපවංස යෙහිම ධාතු ගර්භරූප වර්ණනාවෙහි, "සරීර ඩහනං අග්ගි නිබ්බාපනං ආළාහන සක්කාරං" යන පාලි පාඨයෙහි අර්ථය ගෙන දෙමින් "බුදුන්ගේ ශරීරය දාගිය නියාවද සොහොන් හස් කළ තැන් ද" යී කියැවේ. මෙසේ "සොහොන් හස් කළ තැන්" යනුවෙන් බුදුරදුන් දැවූ චිතකයෙහි "අග්ගි නිබ්බාපනය නොහොත් ගිනි නිවීම හා ආදාහන සත්කාර ද ගැනෙන බැව් පැහැදිලියි. ඒ පිළිබඳ වැඩි විස්තර දැනගනු කැමතියන් මහා පරිනිර්වාණ සුත්රැ අටුවාව අන්තයෙහි 'නිබ්බාපෙසුං" යන පාඨයෙහි විස්තරය බැලුව මනායි. අසුන් සන්දෙශය, ලියුම; නා විසින් නොපැමිණි හෙයින්; මාගේ බෑණන් වහන්සේ වේදැයි නෑකුලුකමෙක් වේවයි මාගේ වැඩිමහල් සහෝදරයා නොවේදැයි කිට්ටුඥතියකු වශයෙන් දක්වන විශ්වාසයක් නොහොත් හිතවත් භාවයක් හෝ. 'නෑකුලු' යන තන්හි දක්නා 'කුලු' යනු 'කුලයට නිතර එළඹෙන, එහෙයින්ම හොඳින් දන්නා අඳුනන, විශ්වාස, හිතවත්, යන අර්ථය ගෙනදෙන පාලි කුලුපග යනුයි. මෙය කුලුව, කුලෙවු, කුලොවු කොලොවු යනාදි වශයෙන් කීප ලෙසකින් පැරණි වහරෙහි ඇති බැව් පහත සඳහන් ධම්පියා අටුවා ගැටපද පාඨයන්ගෙන්ම පෙනේ. "කුලුපකා. කුලුවෝ මහණහු" (144-10), "කුලුපගං ථෙරං, කුලෙවු තෙර කෙනකුන්-තුමා කුලට නිබද්වැ එළබෙන තෙරකෙනෙක්න යූසේයි" (98-2), "මණිකාර කුලුපග තිස්ස තේථරං මිණිරු කුලොවු තිස් තෙරුන්" (176-5), "එතස්ස කුලුපගානම්පි මොහුගේ කොලොව්නටජ්" (126-6). සද්ධර්මාඞ්කාරයෙහි මෙම. පාඨය ඇත්තේ "බෑයන්වහන්සේ වේ ද එන සේකැයි නෑකුලුපග කමක් වේවයි" (455 වෙනි පිට) කියයි. 17. සැකයක් නැතිව බයක් සැකක් නොමැතිව, ගරුසරු කමක් නැතිව; සැරහී සුදානම් වී; ආදීම මුලින්ම, කලින්ම; නතු අවනත, නැමුණු, යටත්, පක්ෂ; ශපථකළ විසින් දිවුරවූ බැවින්; නොඉවසා අනුමත නොකොට, එකඟ නොවී; වෙළඹක අශ්වධෙනුවක්; බිඳී දිවගත්හ පලාගියහ; කොල 'බොල" යන්න වැනි ආමන්ත්රුණ පදයෙකි; සේව සේව දක්ෂලෙස ඉක්මනින්, යුහුව; සරස හරහට; හොය ශ්රොරතසෙහි ඔයෙහි; බණවා කථා කොට, ආමන්ත්රනණය කෙට; මේ නිමවා කෑම කා; මුත් මිස; සයින් බඩගින්නේ; පාත්රුය නමාපියා දන් පිළිගැනීම සඳහා පාත්ර් මුඛය පහත්කොට නොහොත් අභිමුඛ කොට.


10 ථූපවංසය


18. ආලොපයක් පිඬක්; දිය සිඳ වතුර බේරා, තෙතමාත්තු කොට; සන්නාහය යුද්ධ හැට්ටය, යුද්ධ ඇඳුම; සුඹුළුවක් දරණුවක්; අස අසල; නට නැසුණු, විනාශ වූ; තෝමරය ආයුධ විශේෂයක්; සැදැහැයෙන් ශ්රයද්ධාවෙන්, විශ්වාසයකින්, සැලකිල්ලෙන්, ආදරයෙන්; තරයේ දැඩිලෙස; වළහා වලක්වා, මුවාකොට; තොපිරිමිකමින් පුරුෂවික්රේමයක් නොමැති කමින්; සලමින් සොල්වමින්; ගැත්තවු මෙහෙකරු, දාසයා; භික්ෂූන්වහන්සේ කෙරෙහි ඇති අත්යවන්ත ගෞරවය හා භක්තිය නිසා එසේ කියන ලදි. 19. කුල දෙවතාවන්ට කුලයට අරක්ගත් දෙවියන් බඳුවු භික්ෂූන් වහන්සේට; පටහැණිව විරුද්ධව; දස් දාසවූ; සිවුරුකඬින් සිවුරු රෙද්දකින් නොහොත් සිවුරු කැබෙල්ලකින්; පහන් ප්ර්සන්නවූ, පැහැදුණු; ගියෙන්නම් ගියෙම් නම්; එකත් පස්ව එක් පසෙකට නොහොත් එක පැත්තකට වී හිණිහිස පඬිපෙළ මුදුනෙහි; රඳවා නවත්වා 20. එළවූහ පිරිණැමූහ, ගෙනැවිත් දුන්හ; පාත්රවපතින් පාත්ර්යේ පියනින්; පාමුව පාත්ර්යෙහි කට; ගැතිකම් දාස භාවය, මෙහෙකරු බව, ලෑදිකම්; දෙබෑයෝ සහෝදරයෝ දෙදෙන; සම්මතකොට එකඟ කරවා, නියම කොට; ගොයම් කරවන්ට කුඹුරු ගොවිතැන් ආදිය කරවීමට, දෙමළුන් සමඟ සටන් කිරීමට සූදානම් වීම වශයෙන් ආහාර සුලභ කරවීමට, "සස්ස කම්මානි කාරෙකුං" යනු මහාවංසයි. සමු දි අවසර දි; පටකඩ පිළී කඩ ප්රමසාද දී පටරෙදි හා සාමාන්යී වස්ත්ර්ත් සතුටු පඬුරු වශයෙන් දී; ජයකොන්තයට ජයලැබීම සඳහා මඞ්ගල වස්තුවක් වශයෙන් ගෙන ගිය කුන්තායුධයට; බලකායෙන් යුක්තවූ බලපිරිස සහිත වූ. 21. සන්නාහ සන්නද්ධව යුද්ධ ඇඳුම් වලින් සැරසි; අන්නට අනින්නට; මුළු බැඳි සිටී රැස්ව සිටි; සාධා විනාශ කරදමා, යටපත් කොට, පරදවා; නටබුන් වෙහෙර විනාශ කොට සිඳ බිඳ දමනලද වෙහෙර විහාර; සසුන් කරවම් බුද්ධ ශාසනය දියුණු කරවමි; මනදොළ සිතෙහි ඇති දැඩි ආශාව; වහල් වන්නෝ උපකාර වන්නාහු; පටකඩ පට්ටෝලි බැඳ පට වස්ත්රන බැඳිමෙන් නිලතල ගරුනාම ආදිය දී. 'පට්ටෝලි බැඳ' යනු නිකාය සංග්ර්යෙහි එන 'රන්සිරි බන්' කියන්නාක් මෙනි. ද්රඩවිඩ ශබ්දයක් වූ 'පට්ටෝලෛ" යනු 'රජුගේ පුකාශය, රාජාඥාව, රජු විසින් දෙනු ලබන නිල තලය හෝ ගරුනාමය, සන්නස' යනාදි අර්ථ ප්රනකාශ කරයි. ගැටබෙර ආදිය වූ කලි විවිධ තූර්ය්ය භාණ්ඩයි. එම භාණ්ඩවාචි ශබ්දයන්ගෙන් බොහොමයක් ද්රටවිඩ තත්සමයි. කාහලජාතීන් කාහල නොහොත් හොරණැ' වර්ග කරණකොට ගෙන; යුගන්ධර පර්වත සමීපයෙහි මහාමේරුව වටේට පිහිටා තිබෙන පර්වත වළලු සතින් පළමුවැන්න වූ යුගඳුරු පව්ව ළඟ. කසුදාගබක් කංචුක චෛත්ය්යක්, කලින් කරවනලද චෛත්යයයක් ගර්භ


ගැටපද විවරණය 11


කොට නොහොත් ඇතුල් කොට ඊට උඩින් එහි වැස්මක් වශයෙන් කරවනු ලබන අනික් චෛත්යියක්: කසු නොහොත් කංචුක යනු හැට්ටය නොහොත් වැස්ම යනුයි. කවර හෙයින් මෙය කසුදාගබ වීදැයි මිට ස්වල්පයක් පහතින් විස්තර වෙයි. පාලි ථූපවංසයෙහිද දෙපළක ම "කංචුකථූපං කාරෙසි'" "කංචුක චෙතියං කාරෙත්වා" යි සඳහන් වෙයි. 22. මැදිපොහෝ දවස් පසළොස්වකදා, චන්ද්ර්යා නිමිතිකොට නම් ලබන චන්ද්රා මාසය බෙහෙවින් ආගමික කටයුතු සඳහා පුර පසළොස්වක ඉම් කෙටද, බොහෝ සෙයින් ම ලෞකික කටයුතු සඳහා අමාවක ඉම් කොටද ගණිනු ලැබේ. ලෞකික ක්රිමයට ඒ ඒ මාසයෙහි මැදට පැමිණෙන පුර පසළොස්වකට මැදි පොහොය යයිද දෙකෙළවර ඉම් වශයෙන් පවත්නා අවපසළොස්වකට කළුවර දෙපෝදා නොහොත් දෙපෝදා යයිද ව්යපවහාරයි. මාවැලිගං බිත්තියෙහි මහවැලි ගඟ ඉවුරෙහි නොහොත් ගං තෙර: සන්නි පාතස්ථානයට රැස්වෙන තැනට; හිස්මත්තෙහි හිස්වලට උඩින්; අභය භයෙන් නදහස් කම; සම්කඩ අතුට සම්කැබෙල්ල අතුරා; තෙජො කසිණ සමාපත්තියට සමවැද ගින්නම කසිණයක් නොහොත් භාවානාවට අරමුණක් කොට උපදවාගත් සතරවෙනි ධ්යා නයට එළඹි; අසමසම තමහට සමාන කෙනෙක් නොමැති හෙයින් බුදුරජ අසම වෙයි. එසේ අසම වුවන්ට සමාන හෙයින් අසමසමවෙයි. අප්ර තිපුද්ගල සම කටහැකි පුද්ගලයෙක් නොමැති; දෙවතාසමාගමය දෙවියන්ගේ රැස්වීම; කෙළ කෝටිය; සිරස පිරිමැද හිස අත ගා; රන්සුමුඟකින් රන් කරඬුවකින්; ඉන්ද්ර කීල මාණික්ය්මය ඉඳුනිල් මැණික්වලින් සැදු; ධම් සෙනෙවි නොහොත් ධම්මසෙනාපති යනු සැරියුත් තෙරුන්වහන්සේට ගෞරව සඳහා ව්යලවහාර කරන ලද විශේෂණයකි. අතවැසි ශිෂ්යල; ගිනි නොනිවෙන තෙක්ම ගිනි නිවෙන්ටත් කලින්ම: නිධාන කොට මෙන් පාණින් මෙදො වර්ණ නොහොත් සත්වශරිරයෙහි තෙල්වල පාට ඇති ගල්වලින්, මියුඟුණු දාගැබ් වර්ණනාවෙහි එන මේවන් යනු මෙදවණ්ණ පාසාණ යයි මහාවංසයෙහි (139) හා එම ටීකාවෙහිද සඳහන් වෙතත්, මෙඝවණ්ණපාසාණ යයි පාලි ථූපවංසයෙහිද රසවාහිනි යෙහි ද සද්ධර්මරත්නානකරයෙහි ද සඳහන් වේ. තවද මේදවණ්ණ පාසාණ නාගහවනයෙන් ගෙනාබවක් මහාවංස ටීකාවෙහි කියැවේ. රුවන්වැලි සෑයෙහි ධාතු නිධානය සඳහා ද රහත් දෙනමක් උතුරු කුරු දිවයිනට ගොස් මේවන් පහණ සයක් ගෙනා බවත්, ඒ ගල් වලින් ඉදිකරනලද ධාතු ගර්භයෙහි ධාතු නිදන් කොට මෙවන් පහන් බිත්තියෙහි නොයෙක් සිතුවම් කරවූ බවත් පාලි ථූපවංසයෙහි හා මහාවංසයෙහිත් කියන ලදී. මේදෙපළින් ධාතු නිධානය සදහා ගල් ගෙන ආ තැන ගයිගර් මහතුන්ගේ මහාවංස සංස්කරණයෙහි "රවිහාසුරෙ.... ගණ්ඨීපුපීඑනිහෙ මෙදවණ්ණ පාසාණෙ" (xxx 58,59) යී ද මහාවංස ටීකාවේ සුමංගල සංස්කරණයෙහි


12 ථූපවංසය


"රවිහාසුරෙ... ගණඨිපුප්ඵනිඟෙ... මෙඝවණ්ණ පාසාණෙ"යී ද පාලි ථූපවංසයෙහි "භණ්ඩිපුප්ඵනිහෙ... මෙඝවණ්ණ පාසාණෙ"යි ද කියැවේ. රවිභාසුර යනුවෙන් 'සූර්යයා මෙන් බබළන" යන අර්ථයත් සමගම යම්කසි පැහැයකුත් එයින් හැඟේදැයි යනු විමසිය යුත්තකි. 'ගණ්ඨීපුප්ඵලියේ යනුවට 'ගැටපුජ් බඳු' යයි සිංහල මහාවංසයෙහි අර්ථ කියැ වේ. 'බන්ධුජීවක පුප්ඵපිණ්ඩ සදිසෙ' යනු ඊට මහාවංසටීකාවෙහි එන වර්ණනායි. බන්ධුජීවක යනු බඳුවදයි. "බඳුවදමල් පැහැවැනි වූ මෙහෙවන් පාණ සයක්" යි සිංහල ථූපවංසයෙහිද (පිට 52) එයි. එසේ වුවහොත් පැහැය රතුපාට විය යුතුයි. භණ්ඩික යනුදු බඳුවදට නම්. යම්යෙහයකින් ගණ්ඨිකපුප්ඵ නොහොත් භණ්ඩිකපුප්ඵ යනුවෙන් ලා කහ පැහැති නොහොත් මෙදො වර්ණවූ බඳුවද විශේෂයක් එසේ නැතහොත් අන්කිසි මල් වර්ගයක් ගැනේද යනුත් විමසිය යුතුයි. කසු වන් කංචුකයන් නොහොත් වැස්මක් වැනිවූ; සරභූ ස්ථවීරයන් වහන්සෙ බුදුරජුන්ගේ ග්රීකවාධාතුව මියුඟුණට ගෙන විත් එය ඉන්ද්ර්නීල ස්තූපයක නිදහන් කොට එම ඉන්ද්රකනීල ස්තූපය මේවන පහණින් වසා දොළොස් රියන් උස ස්තූපක් කළ බැව් මහාවංසටීකාවෙන් හොඳටම පැහැදිලි වේ. 23. ආශ්චය්ය්උසගමත් පුදුම; සිංහලය එක්සමයෙක ප්රනකෘතයක්ව පැවැත්තේය. එහි ශබ්දයෝද ප්රා්කෘත ප්ර්ණාලියට නොහොත් රිතීන්ට අනුවම හැඩ ගැසුණාහ. සංස්කෘතයෙහි හා පාලියෙහි අවර්ණාන්ත ශබ්දයන්ගෙන් පරවවන්ත ප්රෙත්යමය විනා මන්ත යනු නොයෙදෙන නමුත් ප්රායකෘත යුගයෙහිදී පඤ්ඤාමන්ත ගුණමන්ත යි නොයෙක් විට අවර්ණාන්ත ශබ්දයන්ගෙන් පරව වුවත් මන්ත යනු යෙදේ. පැරණි සිංහල වහරෙහි ද කසිවිටෙක ඒ ප්රාවකෘත ව්යමවහාරානුසාරයෙන්ම ආශ්චය්ය්හිරමත්, ධෛය්ය්‍්රමත් යනාදි රූප යෙදේ. සටන් කරන්නෝ ද පවා ගුණයට ආකර වූ යන පාඨය පැහැදිලි නොවූවත් අප දුටු සෑම පුස්කොළ පිටපතකම එසේම තිබෙන හෙයන් කර්තෘහුගේ පාඨය වෙනස් කරන්නට තරම් සාහසික නොවූමූ. එහි අර්ථය නම් 'සටන් කිරීම වැනි (ඉක්මනින් කළයුතුවූ) වැඩ කටයුතු කරන්නාහු වුවද ගුණධර්මයන්ට ආකර වූවාහු නොහොත් ගුණධර්මයන්ගෙන් යුක්තවූවාහු යනුයි. 'එවමච්චායිකං කම්මං කරොන්තාපි ගුණාකරා' යනු පාලි ථූපවංසපාඨයි. නොපමාව පමානොවී; සත්බෑ කොට්ටය වටලාගෙන සහෝදරයන් සත් දෙනෙකු සටි කොටුව වට කො; රන්ප්රාසාද තෑගි වශයෙන් දෙන රන් රත්රන් වටිනා බඩු ආදිය. දෙමයිල් දෙමළුන් දෙන්නා මාමා හා බෑනා වන දෙමළු දෙදෙනෙක්. 11 වෙනි පිටෙහි දුටු දෙමෝපිය දෙදෙන යන්න වැනියි. එක සැරහුම් හෙයින් එකම ආකාර ඇඳුම් පැලඳුම් ආදියෙන් සැරහී සිටි හෙයින්; සත්යහ ක්රි යාවක් යම්කිසි සත්යබයක් ඉදිරි පත්කොට 'මෙය සත්යි වීනම් ඒ සත්යියාගේ බලයෙන් මෙබන්දක් විය යුතුය" යි කරන


ගැටපද විවරණය 13


අධිෂ්ඨානයක්. පස්වා දහසක් අවුරුදු පන්දහසක්. සංස්කෘත 'වර්ෂ' යනු සිංහලයෙහි වස්, වා, වරුස යි තුන් ලෙසකින් සිටී. වසර යනු වත්සර යනුවෙහි තද්භවයි. 24. හන් ඇඳි; පලන් පැලඳි; ඵලකායුධ පලිස් හා ආයුධ; කඳවුරු තාක් පැහැර ඇති තාක් සියලු කඳවුරුවලට පහර දි; බුන් බුන් බිඳි බිඳි. සිඳ ලූ සිද ලූ; ගැලවුණු බේරිගිය; බස් බැණ වචන කියා; මෙහෙයාලුහ කුපිත කරවූහ, අවුස්සාලූහ; වඩබාමුඛයෙන් දක්ෂිණධ්රැ වාසන්නව මුහුද පතුලෙහි පිහිටා ඇතැයි විශ්වාස කරන පාතාලයට නොහොත් අවිචියට ඇතුල් න දොරටුවෙන්; යදඩෙන් යකඩ පොල්ලෙන්; අනුරාව කෙරෙමින් හඬකට අනුව පැතිරෙන හඬක් මෙන් ශබ්ද කෙරෙමින්; තනනවමින් කම්පා කෙරෙමින්; මකුළුහුයක් මකුළුදැලක නූලක්; යකම් යකඩ දම්වැල්; නෙළුම දැලියක් නෙලුම අලයක්; උපුටා ගන්නා සේ උගුළුවාගන්නාක් මෙන්; කඹය කණුව, ටැඹ ස්තම්භවාචී ස්තම්භ ශබ්දයක් වෛදික සංස්කෘතයෙහි දක්නට ලැබේ. එය ප්රාසකෘතයෙහි බම්භ යි සිටී. හෙළුවෙහි 'කඹ' වූ සේයි. අප ඇසුරු කළ පුස්කොළ පොත් සියල්ලෙහිම ඇත්තේත් 'කඹය" කියායි. සද්ධර්මාලංකාරයෙහි එනුයේ 'කුඹය' කියායි. මුද්රි ත ථූපවංස පොත් සියල්ලෙහිම පාහේ 'තඹය' යි පෙනේ. තුතු කෙරෙමින් සුනුවිසුනු කෙරෙමින්, කුඩු කරමින්; ඇත්හල පැහැර ඇතුන් ඉන්නා ශාලාවට ගසා නොහොත් පහර දි; ධූලි දුවිලි; සේයට ඡායාවට; සෙවණැල්ලට; දෑදුරු දිරාපත්, දුර්වල, අබලම්; දළග දළ අග; ගෙරින් මීවුන් හරක් හා මීරහක්; අතුණු බහනින් බඩවැල්වලින්; සල සලා සොලව සොලවා; තරම් නොවෙයි ප්රිමාණ නොවෙයි, සුදුසු නොවෙයි; අත්පොළා අත් පුඩි ගසා; බැණනැඟී ශබ්ද නඟා කථාකොට; හයා ඇඳ; අක්කුටුකයෙන් හිඳුවාපීය අඩක් දණ නවා එසේ නැතහොත් ඇතාගේ පසුපස බිම වැදෙන සේ වාඩිකරවීය; පුරුපබලපරාක්රිම පුරුෂ ශක්තිය හා වික්රිමය. 25. විමසා පරීක්ෂා කොට; වාසල දොර දොරටුව; වාසල් හෙළා දොරටු වසා; ඉදි හැර තරංක හරස්පොලු ආදිය දමා, අගුළු හෙළා; අට්ටාල වලට අටලුවලට, මැහැවලට, පවුරු මත්තෙහි උස් කොට තැනූ මුරගෙවල් වලට; ලෝපවුරෙන් ලෝහයෙන් සෑදු ප්රා කාරයෙන් නොහොත් තාප්පයෙන්; යදොරින් යකඩ දොරින්; පෙරවා අත දණ බිම ඔබා ඇතුගේ අත් යයි ද කියනු ලබන ඉදිරි පාදයන්ගේ දණ දෙක බිම තබා, දණින් සිට, 'පෙරවා' යනු 'පෙර පා' යනු මැයි. 'ප' යන්නෙන් පටන්ගන්නා සංස්කෘත හා පාලි ශබ්ද තද්භව වශයේන සිංහලයට එනවිට ආදි පකාරය අවශිෂ්ට වේ. එහෙත් සමාසයක මධ්ය ගත වූ පදයක් වශයෙන් බිඳි එනවිට පකාරය බෙහෙවින් වකාර බවට පැමිණේ. සං. ප්රකසාද, පා. පාසාද>පා. ලොහපාසාද>ලෝවා.


14 ථූපවංසය


මයුර ප්ර සාද, මොරපාසාද>මොරවා; සං. පාෂාණ, පා. පාසාණ>පහණ, පාණ; ක්ෂීර පාෂාණ, ඛීර පාසාණ>කිරිවාණ; ගිරිපාද>ගිරිවා, ගිරුවා; උළු ගඩොල්; ඇතු දොර බිඳිනාවුට දොර බිඳින්නාවූ ඇතුට; රත් කොටපූ යවට ගිනියම් කළ ලෝ ගුළි නොහොත් යකඩ බෝල, ඇලයට පාර්ශවයට, පැත්තට; අභිමාන ආඩම්බර; කුංචනාද කොට කෑ ගසා, අශ්වයන්ගේ කෑ ගැසිමට 'හෙසාරව' යයි කියන්නාක් මෙන් ඇතුන්ගේ කෑ ගැසීමට 'කුඤ්චනාද' යයි කියනු ලැබේ. පිරිමැද අත ගා; මේ නිමවන්ට ආහාර ගැනීමට, කෑමට; ඊ පිට එය මතුපිට; මිසම් මීහරක් හම්; තෙලිසම් තෙල් ගෑ නොහොත් තෙලෙහි බහාලූ හම්; අළහ ඇරියාහ; දොරබාව උළුවහු කණුව. 26. වන් කඩින් වැදුණාවූ කොටසින්, ඇතුල්වූ තැනින්; ගැල් සකක් කරත්ත රෝදයක්; ගැලැත්තක් කරත්ත කූඩුවක්, කරත්ත තට්ටුවක්; 'සකට පංඡර' යනු පාලියි. යගදාවක් යකඩ මුගුරක්; සාධා යටපත් කොට; කසාගල් පාබඩ කාස පර්වතයෙන් ඔබ්බෙහි නොහොත් කඳුපාවුල. 27. කඳවුරු තාක් ඇති තාක් කඳවුරු, කඳවුරු සියල්ල; කෙළ පැමිණ සිටි කෙළවරට පැමිණි සිටියාවූ අගතැන් පත්; නියත කළහ නිශ්චය කළහ. සන්නාහ සන්නද්ධව යුද්ධ ඇඳුම්වලින් සැරසි; මන්ත්රෙණය කොට සාකච්ඡා කොට; උපදේශයෙන් අවවාදයට අනුව; ධවලච්ඡත්රල නංවා සුදු කුඩ ඔසවා; කිහිරි හරින් කිහිරිගසේ අරටුවෙන්; පොලු ගසා කපාදමා. 28. බස්නහු බසින්නහු; වැටීහිණ වැටීගියේය. වැටුණේය. 'හිණ' යනු හීම් අරුත්හි වැටෙන 'හෙ' ධාතුවෙන් සිද්ධ අතීත කාලික ප්රුථම පුරුෂ එක වචන ආඛ්යා.තයි. 'හුණු' යනු අතිත කෘදන්තයි. උන්මත්තභාවයට අමතුබවට, පිස්සුවැටුණු බවට; බිඳුණාහුය බිඳී ගියාහ. විසුරුණාහ; ලුහුබඳවා පස්සෙන් එලවා; තෝමරය ලන්සය; වළහාපීය වැලැක්වීය; ළෙන් ඇන පපුව මැදින් පසාරු කොට; චතුරංගිනි සේනාව ඇත් අස් රිය පාබළ යයි අංග නොහොත් කොටස් සතරකින් යුක්තවූ සේනාව; එකාතපත්ර කොට එක සේසතක් නොහොත් එකම රජෙකු යටතට ගෙනැවිත්. 29. ඉදෝලි පල්ලැක්කි; දෝලි දෝලා; කුණම් පල්ලැක්කි විශේෂයක්; පෙරහැර තබවා එළාර රජුගේ සොහොන අසලට පැමිනි අය මේ මේ ලෙසින් ඊට සත්කාර සම්මාන කටයුතුයයි රාජඥ වශයෙන් අණ පනත් පනවා. ඇතැම් ථූපවංස ග්රාන්ථයන්හි 'පෙරහැර' යන පාඨය 'පෙළහර" යි යොදා තිබේ. පෙළහර, පෙරහර යනු ශබ්ද දෙකෙකි. බුදුරදුන් විසින් දක්වන ලද යමක මහා ප්රාරතිහාර්ය වැනි විස්මයකර වූ විසිතුරු දේ පෙළහර නොහොත් පෙළහැරයි. රජෙක් හෝ යුවරජෙක් හෝ ඇතැම්විට රජු වෙනුවෙන් අන්කිසි උසස් නිලධාරියෙක් හෝ යම්කිසි විහාරයකට හෝ ගමකට හෝ කිසියම් ස්ථානයකට හෝ පුද්ගලයෙකුට විශේෂ අයිතිවාසිකම්, ලාභ


ගැටපද විවරණය 15


ප්රපයෝජන, ගරු බුහුමන් ආදිය ලැනෙ පරදි පනවනු ලබන ආඥවන්ට පරිභාර නොහොත් පෙරහැර යයි කියනු ලැබේ. එබඳු ආඥා ප්රේකාශකිරීම බොහෝ විට අමාත්යයයන් සහිත වූ රජු විසින්ම හෝ රජු වෙනුවෙන් උසස් නිලධාරි මණ්ඩලයක් විසින් හෝ කරනලද හෙයින් ඊට අත්තාණි පෙර හැරයයිද, එබදු ආඥා ප්රිකාශ කොට සිටුවන ගල් කණුවලට අත්තාණි කණු, නොහොත් අත්තාණි පෙරහැර කණු නොහොත් පෙරහැර කණු යයිද ව්යනවහාරයි. ලංකා ශිලාලිපි සංග්රරහයෙහි (iii 105) පරිභාර යනු කිම්දැයි විස්තර පහත සඳහන් ශ්ලොකය උපුටා දක්වයි. "ජාතෙර් විශේෂෙෂු පුරෙෂු වෛව-ග්රාාමෙෂු - දෙශෙෂු ච තෙසු තෙෂු අනුග්රෙහො යො නෘපතෙර් නිදෙශාත්-තාජ්ඥ:පරීහාර -ඉති ව්යොවස්යෙශත්." 'යම් යම් ජාති විශේෂයන් කෙරෙහි හෝ නගර ග්රාදම දෙශ යන මොවුන් කෙරෙහි හෝ රජුගේ ආඥවෙන් යම්කිසි අනුග්ර්හයක් කරනු ලැබේ ද තතු දන්නවුන් විසින් ඊට පරිභාරයයි කිවයුතුයි. පරිභාර දානය 9 වෙනි 10 වෙනි ශත වර්ෂයන්හිදි ලංකාවේහි ඉතා සුලභව පැවති බවට ශිලාලිපි සාක්ෂි දරත්. පරිභාර වාචී පෙරහැර යනු බොහෝ විට 'රතනගිරියැ යන නමින් අනැගි වටදා ගෙයක් කරවා ගම්බිම් වෙහෙර වැස්සන් ආදි මහ පෙරහර තබා" (ලංකාශිලාලිපි ii 170) යනාදි තන්හි මෙන් 'පෙරහර' යී ද, "ආනෑ පවත්නා කොට මේ අත්තාණි පෙරහැර දෙනු ලදි" (එහිම ii46) යනාදි තන්හි මෙන් 'පෙරුහැර' යී ද" "සෙන් සෙනෙවි රද් පිරිවෙනට්... අත්තාණි පැරුහැර දෙන්නට වදාළෙයින්" (එහිම i 167) යනාදි තන්හි මේන 'පැරුහැර' යි ද දක්නට ලැබෙන නමුත් කිසිවිටෙක 'පරැහැර්, පැරහෙර, පැරහැර්, පැරැහර්, පැරැහැර්, පෙරැහර්, පෙරැහැර්, පෙරැහැරැ, යී ද සෙල්ලිපිවල දක්නට ලැබේ. වෙදොක්තවිධීන් මවුකුස සිටින දරුවාට ආරක්ෂා සංවිධාන සැලසීම සඳහා කලින් කල කරනු ලබන වත් පිළිවෙත් ආදියටද පරිභාර නාමය ව්යාවහාරයි. ඊට විශේෂයෙන් ගම්පෙරහර නොහොත් ගැබ්පෙරහැර යයි කියනු ලැබේ. රජෙකුට අයිතිවූ නොයෙක් අයිතිවාසිකම්, තෙජොබල පරාක්රවම ආදිය පාමින් බළ පිරිස් යාන වාහන ඇතිව ශ්රී සෞභාග්යියෙන් යාම් ඊම් ආදිය කරනවිට ද "රජතුමෝ පෙරහරින් වඩිති" යනාදි වශයෙන් කියත්. විහාර දේවාලවල ආගමික සිරිත් සම්බන්ධයෙන් කුඩකොඩි අලින් ඇතුන් ආදිය ගෙනයමින් පවත්වනු ලබන පෙරහැරවලටද ඒ නාමය කලින්


16 ථූපවංසය


ව්යනවහාර වන්ට ඇත්තේ ඒ පෙරහැර කරවන වෙහෙර විහාර ආදියට පැරණි රජදරුවන් විසින් පවරා හිමිකොට දෙනලද විශේෂ අයිතිවාසිකම් කොඩි සේසත් යනවාහනාදිය මහජනයාට කලින් කල පෑම සඳහා ඒ පෙරහැර පවත්වන ලද හෙයින් වියහැකිය. පෙරහැර ශබ්දයෙහි මෙම අර්ථය වර්තමාන ව්යලවහාරයෙහි පමණක් නොව පැරණි සමයයන්හිදීත් පැවති බවට "පස්මහ සාවද්දැයෙහි පහළ කැමියන් දා පැරැහැර් නොකරනු ඉසා" (ලංකා ශිලාලිපි iii 265) යන කළුදිය පොකුණෙහි සෙල්ලිපියෙන් පෙනේ. ශිලාලෙඛයක් හිඳුවුය සෙල්ලිපියක් පිහිටවූහ, ගලක ලියවිල්ලක් කොට තැබූහ; පහළේ ද ගැසීද, පහරදුන්නේද; පඩවු යාත්රා් විශේෂයක්, පහුරු, සුලුප්පු; පඩවිටි බැඳ කඳවුරු බැඳ; 'පඩෛවිටු' යනු කඳවුරුවාචී ද්රිවිඩ ශබ්දයකි. ශ්රීප විභුතීන් අලංකාරයෙන්, තෙජාන්විත ලෙස; පඤ්චායුධ දිය; මුගුරු ආදී ආයුධ පස; බටහ බැස්සාහ; හීයක් ඊතලයක්; ලා රස ලාකඩ දිය; ඔල්වර හඬ ප්රීපති ශබ්ද; ප්රීබති ඝොෂා 30. කුණ්ඩලාභරණය කනෙහි පලඳින ආභරණය; සැරයක් ඊතලයක්; විත් කා ඊ පහර ලැබ; කන්වැලින් කන්පෙත්තෙන්; හීපගිලිය ඊගහේ දුනුදියට සම්බන්ධවන පිහාටු සහිත කොළ නොහොත් පසු කෙළවර; හිමි පමණ දිය යුතු තරම්, කැමති පමණ, සුදුසු ලෙස; වැලි නැවතත්; විදර්ශනා වඩා අනිත්යු දු:ඛ අනාත්ම වශයෙන් භාවනා කොට; සිවුපිළිසිඹියා පත් අර්ථ ධර්ම නිරුක්ති ප්රුතිභාණ යන සිව්වැදෑරුම් ප්රයතිසම්භිදාඤාණයට පැමිණ; සදහන් කොට සිහපත් කොට; කලන්දයක් විශාල සංඛ්යාපවක්; අටලොස් කලන්දයක් යනු අක්ෂොහිණියකැයි මහාවංසයෙහි කියැවේ. 31. දොම්නස් දුක්, කනගාටු; අස්වසනු පිණිස සනසන සඳහා; ස්වර්ගමොක්ෂ දෙකට දිව්යා සම්පත් හා නිර්වාණ යන දෙකට; ගැත්තවු මෙහෙකරු, දාසයා, සේවකයා; පසිඳ වදාළ යහපතැයි නැති කළහොත් නොහොත් දුරු කළහොත් යහපත්යයි; කෘතාධිකාර කරන ලද ප්රාතර්ථනා ඇති; දකුණත් සවු දකුණු අත පැත්තේහි සිටින ශ්රා වක; මළ මිරිස් පැස්සක් මළ මිරිසින් ඉදිකළ පැහියක්, මිරිස් ව්යරඤ්ජනයක්; පලන් පැලඳි. 32. පිළිසම්බඩම් වස්ත්ර් පොදි, රෙදි පොට්ටනි; ජය කොන්තය මංගල කොන්තය, ජය පිණිස ගෙන යනු ලබන කුන්තායුධය; ඉඳුරා ඍජුව, හරියට; පලය වහල. පුස්කොළ පිටපත් වැඩි ගණනක 'පලය' යී ඇති හෙයින් එයම පාඨය කොට ලීමු. එහෙත් එක් පිටපතක 'පාය' යී ඇති හෙයින් ද මහාවංසය පාලි ථූපවංසය ආදියෙහි 'මණ්ඩපපාද" යී ඇති හෙයින් ද පාඨය 'පා" හෝ 'පය' යී ද ගත හැකියි. එවිට වගන්තියෙන් ප්රුකාශ වනුයේ "ඒ මණ්ඩපයේ කකුල් නොහොත් කණු අගය වැවේ ජලයෙහි පවා සිටුවා තිබුණු


ගැටපද විවරණය 17


බවයි" "අබාවැව ජලයෙහිදු ටැම් සිටුවා ඒ මණ්ඩපය කරන ලද්දේ විය" යනු සිංහල මහාවංශ පාඨයි. 33. නිස්සාර සාරයක් නැති; පොහෝ කරන්නට පෝය දිනයන්හි රැස් වී විනය කර්ම කිරීම; රන්පත රත්රන් කොළයක නොහොත් තහඩුවක; හසුන් සන්දේශය, ප්රටවෘත්තිය; අත්පොළා අත්පිඬු ගසා; පොහෝ ගෙයක් පෝය කරන ගෙයක්; සදෘශ සමාන; පෙතිකඩෙක රෙදි කැබෙල් ලෙක, සිතියම් වස්ත්ර යෙක, ලී මැටි ලෝහාදියෙන් තැනූ රූප 'පිළිම" නම් බුදුන්ගේ හෝ දෙවි කෙනකුනේගේ රූපය ඇඳි නොහොත් සිතියම් කළ වස්ත්රෝ 'පෙති' නොහොත් 'පෙතිකඩ' නමි. සැලැස්මක් සටහනක්; මිඬිව දාසියක්ව; දාසභාවයෙහි ලකුණක් වශයෙන් හිස මුඬු කරනලද හෙයින් මිඩිය යනු කලින් 'හිස මුඬුකරනලද තැනැත්තිය' යන අර්ථයෙහි දාසියකව සැදැහැති සිතින්; සැටගැලක් කරත්ත හැටක්; නවාමුණක් අමුණු නවයක්. 34. යෙළයාළක් යාළ එකහහාරක්; නළුනාටකයන් නාටන්නන්, නළු හා නාටක යනු පය්ය්යාළයයි. දැඟිඟුලෙන් සාදිලිංගම්වලින්; හැඳ ඇඳ; පිළිසම්බඩම් වස්ත්රඩ පොදි; සැළ සැළි, භාජන; රන්රසුදැලින් රත්රනින් කළ කුඩා මිණිගෙඩි එල්ලු දැලින්; පරික්ෂෙප කරවූහ වට කරවුහ; පදනමින් පිළින්, කියියෝරුවෙන්; වෙදිකායෙහි පිළෙහි. නාරිවාහනය වාහනයක් කොට ගන්නා ලද ස්ත්රි.ය. ස්ත්රී රූපයක ආකාරයෙන් කරවන ලද වාහනයකටද නාරිවාහන යයි කිය හැකියි. එහෙත් උත්තර කුරු ජනපදවාසීහු දෙනුන් හා නිකුත් තිරිසනුන් පිටත්, ස්ත්රීඩන් හා පුරුෂයන් පිටත්, කුමරුන් හා කුමරියන් පිටත් සිතූ සැටියේ ගමන් කරන බවක් ආටානාටිය සූත්රීයෙහි සඳහන් වේ. එම ජනපදයට අධිපතිවූ වෛශ්රවණ නම් යක්ෂයා ද එබදුම වූ යානාවන්ගෙන් ගමන් කරයි. ආටානාටිය සූත්රයෙහි සඳහන් වන ස්ත්රීඑ වාහනය සුමංගල විලාසිනියෙහි (ii 704) මෙසේ විස්තර වේ. "ඉත්ථි වාහනං කත්වාති යෙඟුය්යෙන ගබ්හිනි මාතුගාමං වාහනං කත්වා තස්සා පිට්ඨියං නිසිදිත්වා වරන්ති. සස්සා කිර පිට්ඨි ඔනමිතං සහති. ඉතරා පන ඉත්ථියො යානෙ යොජෙන්ති". මෙසේ උත්තරකුරුවාසියක්ෂයන් ගර්භිනි වූ ස්ත්රී න් පිට හිඳ යන බවත්, එබඳු ස්ත්රීවන්ගේ පිට හොඳින් නැමෙන හෙයින් එම කාර්යට උචිත බවත් අනිකුත් ස්ත්රී, යානයෙහි යොදන බවත් කියැවේ. ශක්රහ දෙවේන්ද්රථයාද සමහර විට උයන් කෙළි සඳහා යන කල්හි විශ්වකර්මයා මැවූ නාරි වාහන ඇති රත්නමය මණ්ඩපයකින් යන බවක් ද අමාවතුරෙහි (පිට 241) සඳහන් වේ. ටැඹින් කණුවලින්;


18 ථූපවංසය


එලෙන්නාවූ ඇඹුලපක් සා එල්ලෙන්නාවූ නෙල්ලි ගෙඩි සමාන; දැවාණමය පළිඟුමය; පිටාටුව වාඩිවී පිට හේත්තු කරන ඇන්ද මුත්තෙන් මුතුවලින්; ප්රඟසාදවහ ප්රෙසාද එලවන්නාවූ, සිත පහදවන සුලු; අතුරතුරෙහි අතරින් අතර, පළින් පළ; රන්ලිය රනින් කළ වැල්; බුමුතුරුණු බිමට එලන කලාල; ව්යවජන පත්රව පවන් සලන පවාන්, පවන් පත්; පියගැට පඩිපෙළ. 35. අට මඟල මඞගලයයි නොහොත් ශුභයයි සම්මත වස්තු අට. එනම් සිංහයා, ගොනා, ඇතා, පුන්කලස, වල්විදුනාව, කොඩිය, හක්ගෙඩිය, පහන යන අටයි. ආනන්ද කුමාරසාමි මහතුන්ගේ Mediaeval Sinhalese Art නමැති ග්රන්ථයෙහි 'මිහිඟු බෙරය, වෘෂභයා, නාගයා, වීජනිය, කෙශර සිංහයා, මකරයා, පතාකාව, ප්රිදිපය" යන අටද අටමඟල වශයෙන් සඳහන් කෙරේ; රන්සැළ රන් සැළිය, රත්රනින් කළ භාජනය; රන්ළුව රත්රන් හැන්ද; ලෝහුළින් ලෝහමය උළුවලින්; සෙවූ බව සෙවිලි කළ බව; 'සෙවු'යනු සෙවීම් නොහොත් වැසිම් අර්ථයෙහි වැටෙන 'සොය' ධාතුවෙන් සිද්ධ අතීත කාදන්තයි. පෘථග්ජන මාර්ගයකට හෝ ඵලයකට නොපැමිණි, ආය්ය් ත් නොවූ, ලෙකික; තබා තිබියදී; සනිටුහන් නිශ්චය. 36. රසමසවුලෙන් රස වූ පස ආදි ව්යැඤ්ජනයෙන්; අධිගෘහීත අරක්ගත්; හෝ තෙර ඔය ඉවුරෙහි; විශ්වකර්මයා සක්දෙව් රජුගේ අණ පරිදි කැමති දෙයක් මැවීමෙහි සමත් දිව්ය පුත්ර්යා; හෝ බඩ ඔය අසල; දඬ ගිය බලු වැද්දෙක් බල්ලන් ගෙන දඩයමේ ගිය වැදි පුත්රළයෙක්; බූමාටු භුමිය ඇසුරු කොට වෙසෙන; හෝ වෙසක් තලගොයි වේශයක්; අන්තර් ධාන විය නොපෙනී ගියේය; අස්නක් පණිඩුඩයක්; ඊසාන කොණයෙහි නැඟෙනහිරටත් උතුරටත් අතර දිශාවෙහි; බිජුවට ධාන්යස බීජ, බිත්තර වී; සතරඟුල් අඟල් සතරක්; භාණ්ඩයෙක් බඩුවක්, දෙයක්. 37. අග්නිකෝණයෙහි ගිනිකොණ දිග, නැගෙනහිරටත් දකුණටත් අතර; උපුල්වන් කුරුඳු හා පද්මරාග හා කුරුවින්දක පාෂාණ යන මැණික් දෙවගය සහිත; වෑපාරයෙක් වෙළෙන්දෙක්; ගල්වල කඳුකරයට, මලයරටට; ගැල් මුදා කරත්ත ලිහා; කැවිටිදඬු කෙවිටිවලට කෝටු; සැළක් සා හැළියක් පමණ; මැඩ මිරිකා, ඔබා; විලිකුන් බව ඉදුණු බව; ව්යා පාරයා වෙළෙන්දා.

"https://si.wikibooks.org/w/index.php?title=ථූපවංසය_-_iii&oldid=5597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි