දා ගැබෙහි ප්ර්මාණය ගත් සැටිසංස්කරණය

ඉක්බිති දුටුගැමුණු මහ රජ එලෙස සිටි සංඝයා වහන්සේ දැක ප්ර්සන්න වූ සිත් ඇත්තේ සුවඳ මල් ආදියෙන් පූජා කොට පැදකුණු කොට සතර තෙනක බිම බැස හෙව වැඳ පුන් කලස තුබූ තෙනට වැද රන් කීලයෙහි බහාලන ලද රිදිමය සිසාරා ඇවිදිනා රියන් දණ්ඩ, ජීවත්ව පවත්නා මවු පියන් ඇති, මවු පක්ෂ පිය පක්ෂයෙන් මනාව කුලජ වූ, සැරහුණා වූ අගි මඬ්ගල සම්මත වූ, අමාත්යක පුත්රෂයකු ලවා රිදි දණ්ඩ ගන්වා දාගබ වට මහත් කරනු පිණිස පටන් ගත. ඒ ලෙස මහත් කොට කරන්ට පටන් ගන්නා


44 ථුපවංසය


වේලෙහි සිද්ධාර්ථ නම් මහ තෙර කෙනකුන් වහන්සේ වැලකූ සේක. කුමක් නිසා දයත්:

ඒ තෙරුන් වහන්සේට මෙසේ වූ සිතෙක් උපන: 'ඉදින් මේ රජ දාගබ මහත් කොට කරවන්නේ වී නම්, නො නිමෙන තෙක් ම මියන්නේ ය. නැවත මහා විශාල කොට බැඳි කල මතු පරිහරණයට කොට ගන්ට බැරි ය" යි සිතා වලකා වදාළ සේක. ඒ ක්ෂණයෙහි මහා සඬ්ඝයා වහන්සේ "දෙවයෙනි, තෙරුන් වහන්සේ මහානුභාව ඇති සේක. එසේ හෙයින් තෙරුන් වහන්සේ වදාළ බස් ගිවිස වදාළ මැනවැ" යි වදාළ සේක. දුටුගැමුණු මහ රජ්ජුරුවෝ මහා සංඝයා වහන්සේගේ අභිප්රාැය දැන, "ස්වාමීනි, වැලිකෙබඳු ප්රිමාණයෙක කෙරෙම් දැ" යි කි ය. ඒ සිද්ධාර්ථ නම් මහ තෙරුන් වහන්සේ වදාරන සේක්, "මහරජ මා ගියා වූ ස්ථානයේ වට දාගබට ගන්ව" යි වදාළ සේක. තෙරුන් වහන්සේ නික්මුණු මහ ම දාගබ වට හඳවා තෙරුන් වහන්සේ සමීපයට ගොස් ඔබගේ ශ්රින පාදය වැඳ "ස්වාමිනි, නුඹ වහන්සේ කිනම් සේක්දැ" යි විචාරා, "සිද්ධාර්ථ නම් ය" යි වදාළ බස් ඇසූ දුටු ගැමුණු මහ රජ්ජුරුවෝ, "මේ මා බඳවන දාගබ මට සිද්ධ වේය" යි සතුටුව ඔබට ගන්ධ මාලාදින් පූජා කොට තෙරුන් වහන්සේ වැඳ ඔබ පිරිවරා සිටි සෙසු එකොළොස් තෙරුන් වහන්සේ ද සමීපයට ගොස් ඔබගේ ශ්රි පාදය වැඳ සුවඳින් මලින් පුදා එකොළොස් දෙනා වහන්සේගේ ද නම් විචාරා දාගබ වට සිසාර ඇවිද රිදි දණ්ඩ අල්වා ගෙන සිටි අමාත්යප පුත්රායාගෙන්, "තෝ කිනම් දැ" යි විචාළහ. ඒ අමාත්යජ පුත්රුයා ද "දෙවයන්වහන්ස, මම සුප්රේතිෂ්ඨික නම් බමුණෙක්මී" කී ය. "තෝපගේ පියාණෝ කිනම්හු දැ" යි විචාළහ. "ස්වාමීනි, මාගේ පියාණෝ නන්දිසෙනයෝය" යි කි ය. "තොපගේ මෑණියෝ කිනම්හු දැ" යි විචාළහ. "සුමනාදේවී ය" යි කි ය. එබස් ඇසූ දුටුගැමුණු මහ රජ සියල්ලවුන්ගේ ම නම් අභිමඬ්ගලය යි සිතා සතුටුව, "මා විසින් කරවන මේ දාගබ කර්මාන්තය අවශ්යවයෙන් ම මට නිෂ්ඨාවට යන්නේ ය" යි සතුටු විය.


මඟුල් උළු පිහිටුවීමසංස්කරණය

ඉක්බිති ඒ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ සතුටු ව මධ්යඳයෙ රන් කළ අටක් ද රිදී කළ අටක් ද තබ්බවා ඒ කළ පිරවරා අටෝරාසියක් පූර්ණ ඝට තැබ්බවූ ය. ඉක්බිති රන් උළු අටක් ද තබා එකි රන් හුළක් පිරිවරා අටෝරාසියක් අටෝරාසියක් රිදී උළු තබ්බවා එකි එකී රන් හුළකට අටෝරාසියක් අටෝ රාසියක් පිළී තැබ්බ වූහ. නැවත සුප්රකතිෂ්ඨිත නම් අමාත්ය් පුත්රියා ලවා එක රන් හුළක් ගන්වා ඒ අමාත්යූ පුත්ර යා හා සදෘශ වූ නම් ඇති ජිවත්ව පවත්නා වූ මවුපියන් ඇති අනික් අමාත්යා පුත්රතයන් සත් දෙනකු ලවා අනික් රන් උළු


ථූපවංසය 45


සත ගන්වා මඟුල් උළු ඔබන්නට නික්මුණු ඒ ක්ෂණයෙහි චිත්තසෙන නම් තෙර කෙනෙකුන් වහන්සේ නැගෙනහිරි දිසාවේ වට ඇඳි රේඛා ඇති බිම් සුවඳ පිඬක් තබා වදාළ සේක. ජයසෙන නම් තෙර කෙනකුන් වහන්සේ ඒ සුවඳ පිඬ පිට පැන් ඉස අතින් ඒ සුවඳ පිඬ හනා වදාළ සේක. සුප්ර්තිෂ්ඨීක නම් බමුණු ද යහපත් යොග ලද උතුරුසළ නකතින් මහත් වූ පූජා සත්කාරයෙන් මඟුල් උළු පිහිටවිය. සුමන නම් මහ තෙර කෙනකුන් වහන්සේ දෑ සමන් මලින් එතැන පුදා වදාළ සේක. ඒ ඇසිල්ලෙහි දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් බොල ඇති මහ පොළොව ගුගුරා පැන නෑංගේ ය. මෙම ක්රදමයෙන් තෙසු සත් හුළ ද පිහිටුවුහ. ඉක්බිති දුටුගැමුණු මහ රජ රිදි උළු අටක් ද පිහිටුවා සුවඳින් මලින් පූජා කොට මඟුල් විධාන කොට නිමවි ය.

නැවත ඒ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ පූජා විධාන කෙළවර රන් පෙට්ටියෙන් මල් ගෙන්වාගෙන නැගෙනහිරි දිසාවෙහි භික්ෂූ සඬ්ඝයා වහන්සේට අභිමුඛයෙහි වැඩ සිටි මහාබුද්ධරක්ෂිත නම් තෙරුන් වහන්සේ සමීපයට ගොස් සුවඳ මල් ආදියෙන් ඔබට පූජා කොට වැඳ ඒ තෙරුන් වහන්සේගේ නම් ද ඔබ පිරිවරා සිටි පන්සියයක් තෙරුන් වහන්සේගේ නම් ද විචාරා, දෙවෙනි වූ දකුණු දිග සිටි මහාධර්මරක්ෂිත නම් තෙරුන් වහන්සේ ද බස්නා හිර දිසාවෙහි සිටි මහාසඬ්ඝරක්ෂිත නම් තෙරුන් වහන්සේ ද උතුරු දිග වැඩ සිටි ආනන්ද නම් මහ තෙරුන් වහන්සේ ද සමීපයට එළඹ සුවඳ මල් ආදියෙන් පූජා කොට ඔබගේ නම් ද විචාරා ඔබ සමීපයෙහි රජ්ජුරුවෝ සිටියාහ. එසේ සිටි රජ්ජුරුවන්ට පියදස්සී නම් මහ තෙරුවන් වහන්සේ ඒ මඟුල් උළු එබූ දවස් රජ්ජුරුවන් ඇතුළු වූ සිවුවනක් පර්ෂදට මියුරු වූ ධර්ම දෙශනා කොට වදාළ සේක. ඔබගේ ධර්ම දෙශනාව අසා ගිහිගෙන් සතලිස් දහසක් පුරුෂයෝ සිවුපිළිසිඹියා පත් රහත් බවට පැමිණියාහ. නැවත සතලිස් දහසක් පුරුෂයෝ යෙළ දහසක් කෙලෙසුන් නසා දහසක් නයින් හෙබියා වූ සෝවාන් ඵලයට පැමිණියාහ. නැවත දහසක් දෙන සකෘදාගාමි ඵලයෙහි පිහිටියාහ. දහසක් දෙන අනාගාමි ඵලයෙහි පිහිටියාහ. භික්ෂුන් වහන්සේ කෙරෙන් අටළොස් දහසක් දෙනා වහන්සේ රහත් බවට පැමිණි සේක. භික්ෂූණින්ගෙන් තුදුස් දහසක් මෙහෙණින්නෝ රහත් වූ සේක.

=========ථූපාරම්භ කථාව නිමි.


සත් දවසක් මහ දන් දීමසංස්කරණය

ඉක්බිති දුටුගැමුණු මහ රජ්ජුරුවෝ භික්ෂූන් වහන්සේ වැඳ "ස්වාමීනි, යම් දවසෙක මාගේ මේ දාගබ බැඳ නිමා ද, ඒතාක් මේ සයානු කෙළක් රහතුන් වහන්සේට ද ගණන් නැති පෘථග්ජන භික්ෂු සංඝයා වහන්සේට ද සිවු පසයෙන් උපස්ථාන කෙරෙමි" යි ආරාධනා කළහ. එබස් ඇසූ මහා සඬ්ඝයා වහන්සේ නො ඉවසා වදාළ සේක. "එසේ වීනම් සත් අවුරුද්දකට ඉවසුව


46 ථුපවංසය


මැනවැ" යි ආරාධනා කොට මෙම ක්රධමයෙන් පිරිහෙළා සත් දවසකට අවසර ලදින් පවරා දාගබ බඳිනා තන්හි වට කොට හාත්පසින් අටළොස් තෙනක මඬු ලවා මහා සංඝයා වහන්සේ වඩා හිඳුවා සද්දවසක් මහ දන් දී ඒ සියලු මහා සංඝයා වහන්සේට තෙල් මී උක්සකුරු පා සිවුරු බෙහෙත් ආදිය දන් දෙවූහ.


උළුවඩුවන් රැස් කරවීමසංස්කරණය

ඉක්බිති නුවර වැද උළු වඩුවන් රැස් වන පිණිස ලැවූ බෙර වාසගම් අසා පන්සියයක් පමණ උළු වඩුවන් රැස්වූ කල ඔවුන් අතුරෙන් එක් උළු වඩුවෙක් "මම රජ්ජුරුවන් සිත් ගෙන දාගබ බඳිනට පොහොසත්මි" යි කියා ගොස් රජ්ජුරුවන් දිට. 'එවේලෙහි රජ්ජුරුවෝ "දරුව, කෙසේ දාගබ බඳු දැ" යි විචාළාහ. "ස්වාමීනි, මම අතවෑස්සන් සියයක් දෙනා හැරගෙන දවසෙක මෙහෙයට පස් යාළෙක කර්මාන්ත කෙරෙමී" යි දැන්වී ය. එබස් ඇසූ රජ්ජුරුවෝ "දරුව, එසේ කල මාගේ දාගබ පස් ගොඩ වන්නේ ය. තණගස් ආදිය අටගන්නේ ය. බොහෝ කාලයක් නො පවත්නේ ය. එසේ හෙයින් දාගබ බැඳිම තෝපට නො පිළිවනැ" යි ඔහු අළහ. ඔහු එතැනින් පහ වූ කල්හි අනික් උළු වඩුවෙක් වැඳ සිට "මම, දේවයන් වහන්ස, මෙහෙකරුවන් සියයක් දෙනා හැරගෙන දවසකට පස් දස මුණෙක කර්මාන්ත කෙරෙමි" යි දැන්වී ය. ඔහු ද නො කැමැතිව අළහ. අනික් උළු වඩුවෙක් වැඳ සිට "දේවයන් වහන්ස, මම මෙහෙකරුවන් සියක් දෙනා හැරගෙන පස් පසමුණක කර්මාන්ත කෙරෙමි" යි දැන්වී ය. එවේලෙහි ඔහු ද හළ කල අනික් උළු වඩුවෙක් රජ්ජුරුවන් වැඳ සිට "දවසකට පස් දෑමුණක් ගෙන කර්මාන්ත කෙරෙමි" යි දැන්වී ය. ඔහුගේ ද බස් නො ගිවිස සිටි කල්හි අනික් නුවණැති උපායවත් බාල උළු වඩුවෙක් අවුත් රජ්ජුරුවන් වැඳ සිට "ස්වාමීනි, මම දවසකට පස් අමුණක් ගෙන වන ලා කොටා ඒ පස් කුල්ලේ ලා සලා ඒ සැලූ පස් දාගල ලා අඹරා එසේ ගත් පසින් එක් දවසක් කර්මාන්ත කෙරෙමි" යි දැන්වී ය. එබස් ඇසූ ගැමුණු රජ්ජුරුවෝ සතුටුව "දරුව, එසේ කල මාගේ දාගබ තණ ගස් නො නැහෙන්නේ ය. බොහෝ දවසක් පවත්නේ ය" යි කියා ඔහුගේ බස් ගිවිස නැවත රජ්ජුරුවෝ "දරුව, කවර සැටියේ දාගබ බදුදැ" යි විචාළහ. ඒවේලෙහි විශ්වකර්ම දිව්යවපුත්රුයා වඩුවා ඇග ආවේශව රන් තලියක් ගෙන්වා ගෙන පැනින් පුරා අතින් පැන් ගෙන තලියේ පැන් පිට ගැසී ය. ඒ ක්ෂණයෙහි දෑවාණ වටක් මෙන් මහත් දිය බුබුළෙක් පැන නැංගේ ය. එවිට වඩු කියන්නේ "දෙවයන් වහන්ස, මේ දිය බුබුළ සැටියේ දාගබ වට ගෙන බඳිමි" යි දැන්වී ය. එබස් ඇසූ ගැමුණු රජ්ජුරුවෝ විශේෂයෙන් සතුටු ව "යහපතැ" යි ගිවිස ඕහට දහසක් මිල වටනා පිළි සඟළක් ද නැවත දහසක්


ථුපවංසය 47


වටනා පූර්ණක නම් ස්වර්ණාභරණයක් ද දහසක් අගනා රන් මිරිවැඩි සඟළක් ද දොළොස් දහසක් මසුරන් ද දී ඔහට සුදුසු තෙනින් මාහැඟි ගෙයක් ද මාහැඟි කුඹුරක් ද යන මෙ කී සියල්ලෙන් ඕහට ප්රකසාද දී ගෙට යවා නැවත රජ්ජුරුවෝ රාත්රි භාගයෙහි මෙසේ සිතුහ: "කෙසේ මම මිනිසුන්ට දුක් නො දි මහ සෑය බඳින්ට උළු ගෙන්වා ගනිම් දෝ හො" යි සිතූහ.

ඉක්බිති දෙවතාවෝ රජ්ජුරුවන් සිතූ සිත් දැන දාගබ බැඳීමට දාගබ සතර වාසන එක එකී දවසට සෑහෙන විචර උළු ගෙනවුත් තුබූහ. ඒ රෑ පාන්ව ගිය කල මිනිස්සු උළු සතර ගොඩ දැක රජ්ජුරුවන්ට ගොස් දැන්වූහ. එබස් ඇසූ දුටුගැමුණු රජ වඩුවා කර්මාන්තයෙහි පටන් ගැන්වී ය. දෙවතාවෝ මෙම ක්රබමයෙන් යම්තාක් දාගබ බැඳ නිමා ද, ඒ තාක් එක එකී දවසට සෑහෙන විවර උළු ගෙනවුත් දෙවියෝ තබන්නාහ. සියලු දවස් මුළුල්ලෙහි කර්මාන්ත කළ ස්ථානයෙහි මැටි වේවයි උළුපොඩි වේවයි නොපෙනෙන නියායෙන් රාත්රි යෙහි දෙවතාවෝ ම අන්තර්ධාන කර්න්නාහ. ඉක්බිති රජ්ජුරුවෝ කර්මාන්ත කරන සියලු පර්ෂදට මිල පිණිස වාසල් දොරකඩ සොළොස් දහසක් රන් ද පිළී සම්බඩම් ද ආභරණ ද සුවඳ ද පලදනා ද මල් ද තෙල් මී සකුරු උක් කෙහෙල් වැලවරකා කසපැන් මේ ආදිය ද ලුණු මිරිස් ඉඟුරු දුරු අබ ද යන මෙකී සියල්ල ම මෙම ක්රරමයෙන් සතර වාසල් දොර රැස් කරවූහ. නැවත අනෙකප්රිකාර රසමසවුලෙන් යුක්ත වූ කැඳ බත් අවුලු පත් ආදිය ද සිහිල් මිහිරී සුවඳ පැන් ද තැබ්බවූහ. කපුරු තකුල් ලමහ නාරහ ඉඟුරු යුක්ත වූ පස්පලවතින් බුලත් ද තබ්බවා "මේ මාගේ දාගැබෙහි කර්මාන්ත කරන ගිහීන්වත් තපස්වීන් වහන්සේ වත් සිත් වූ පරිද්දෙන් මෙකී සියල්ල අනුභව කොට කළ කර්මාන්තයෙහි මිල මාගෙන් තො ගෙන නො යෙත්ව" යි කියා මෙලෙස විධාන කොට තැබ්බූහ.


දාගැබ් කර්මාන්තයට සහභාගිවීමට ගිය තෙර නමක්සංස්කරණය

ඉක්බිති එක් තෙර කෙනකුන් වහන්සේ රජ්ජුරුවන්ගේ දාගබ කර්මාන්තයෙහි එක්ව ගන්නා කැමැති සේක් දාගබ කර්මාන්ත කරන මැටි හා සදෘශ කොට කළ මැටි පිඬක් එක් අතකින් ගෙන අනික් අතින් මල් මිටියක් ගෙන දාගබට නැගී රජ්ජුරුවන්ගේ දාගබ මෙහෙ කරන්නවුන් වඤචා කොට වඩුවාට දී වදාළ සේක. ඒ වඩුවා ද මැටිපිඬ ගන්නේ "මා මෙතෙක් දා මෙහෙයට ගන්නා මැටි සේ නොවේ" යි දැන තෙරුන් වහන්සේ මුහුණ බලා එවේලෙහි ඔබගේ අඳෝනාකම් දැක මැටිපිඩ කර්මාන්ත කෙළේ ය. එසේ වුව ද මැටිපිඬ වඤචා ව ගිය නියාව කොලාහලව ගියේ ය. ඒ කොලා හලය රජ්ජුරුවෝ අසා ඒ ස්ථානයටඅවුත් වඩුවා විචාරන්නාහු "කොළ, තට එක් තෙර කෙනකුන් වහන්සේ මිල නො ගෙන මැටි පිඬක් මාගේ දාගබ මෙහෙයට දුන් සේක් දැ" යි විචාළාහ. එසේ විචාළ රජ්ජුරුවන්ට වඩුවා


48 ථුපවංසය


කියන්නේ "ස්වාමීනි, බොහෝ ආය්ය්අසායන් වහන්සේ එක් අතකින් මල් හා එක් අතකින් මැටිපිඬක් බැගින් ගෙනහැර දෙන සේක. එසේ හෙයින් මම නො දන්නෙම් මැටි පිඬ කර්මාන්ත කෙළෙමි. බල, එකක් කියමි. මුන් වහන්සේ ආගන්තුක සේක. මුන්වහන්සේ නෙවාසික සේකැ යි මෙපමණක් දනිමි" යි දැන්විය. රජ්ජුරුවෝ ද "එසේ වී නම් දරුව, තොපට මැටි පිඬ දුන් තෙරුන් වහන්සේ මුන් වහන්සේ ය යි කියා මොහුට පෑ ලව" යි කියා මාලු බලතකු වඩුවා සමීපයෙහි සිටවූහ. එම වඩු ද දෙවෙනි දවස් මැටිපිඬ දුන් තෙරුන් වහන්සේ දාගබ බඳිනා ස්ථානයට වැඩි ගමනේ 'මැටි පිඬ දුන් සේක් මුන් වහන්සේ ය" යි බලතාට පෑයේ ය.

ඒවේලෙහි බලතා ද උන්වහන්සේ හැඳිනගෙන රජ්ජුරුවන් සමීපයට ගොස් "ස්වාමීනි, මිල නො ගෙන දාගබට මැටිපිඬ ලූ තෙරුන් වහන්සේ හැඳින ගතිමි" යි දැන්වී ය. ඉක්බිති ඒ පවත් ඇසූ රජ්ජුරුවෝ ඒ බලතාට කියන්නාහු "දරුව" මාගෙන් දෙන ලද දෑසමන් කැකුළු යෙළයාළ තෙපි ගෙන්වා ගෙන ගොස් බොධි මළුවේ ගොඩ කොට සුවඳ පිඬක් තබා බොධි මළුවට උන් වහන්සේ වැඩි කල තොපි ගොස් ඔබගේ ශ්රි පාදය වැඳ දෙවයි" කියා බලතාට දුන්හ. එවිට බලතා ඒ මල් හා සුවඳ ගෙන ගොස් "ස්වාමිනි, ආගන්තුක ව වැඩි තෙරුන් වහන්සේ පුදනු පිණිස රජ්ජුරුවන් වහන්සේ දුන් සුවඳ මලැ" යි දැන්වී ය. ඒ පවත් ඇසූ තෙරුන් වහන්සේ සතුටු ව මල සුන් සෝධා එවූ සුවදින් පිරිබඩ ගෙන මල් පුදා සතර තෙනක සිට පැදකුණු කොට වැඳ නැඟෙනහිරි දොරටුයෙහි සිට ප්රිඇති උපදවා මල් පූජාව බල බලා වැඩ සිටි සේක. ඒවේලෙහි බලතා ද තෙරුන් වහන්සේ සමීපයට ගොස් ඔබගේ ශ්රිබපාදය වැඳ ගෙන සිට දන්වන්නේ "ස්වාමීනි, නුඹවහන්සේ රජ්ජුරුවන්ගේ දාගබෙහි මිල නො ගෙන පින් පිණිස ලූ මැටි පිඬට මිල පිණිස එවූ සුවඳ හා දෑසමන් මල් යෙළයාළක් බව දැන වදාළ මැනවැ" යි කියා නැවත "රජ්ජුරුවන්ගේ වැඳීමෙන් වඳිමි" යි කියා වැන්දේ ය. එබස් ඇසූ තෙරුන් වහන්සේ නො සතුටුවූ සේක් "මා දුකින් කොට ගත් පින්කම කුමට නැසී දැ" යි වදාළ සේක. එවේලෙහි එබස් ඇසූ බලතා ද "ස්වාමීනි, එසේ නො සිතා වදාළ මැනව. දෑසමන් කැකුළු යෙළයාළක් තබා එපමණ රන් මල් රජ්ජුරුවෝ දුන්නෝ වූ නමුත් නුඹ වහන්සේ දාගබ බඳිනට දුන් මැටි පිඬ නො අගනේය. ස්වාමිනි, සිත පහදවා වදාළ මැනවැ" යි දන්වා ගියේ ය.


තවත් තෙර නමක්සංස්කරණය

නැවත කොටසර පියන්ගලු විහාරයෙහි වැඩ වසන එක් තෙර කෙනකුන් වහන්සේ දාගබ බඳිනා උළු වඩුවාට කුලුපග සේක. එසේ හෙයින් ඒ තෙරුන් වහන්සේ ද නුවරට අවුත් වඩුවාණන් හා කථා කොට දාගබ බඳිනා


ථුපවංසය 49


උළෙහි දිග බොල පළල මැනගෙන ගොස් තමන් වහන්සේ සිය අතින් සකස් කොට මැටි මැඬ බොරලු හැර සකස් කොට මැටි ඉදි කොට උළු කපා ඒ උළු වියළා පලහා පාත්ර්පයියේ ලා ගෙන නුවරට අවුත් දෙවෙනි දවස් එක් අතකින් රජ්ජුරුවන්ගේ උළක් ද එක් අතකින් මල් මිටියක් ද ගෙන තමන් වහන්සේගේ උළ හා එක් කොට රජ්ජුරුවන්ගේ උළ දි වදාළ සේක. වඩුවා උළු ඇරගෙන කර්මාන්ත කෙළේ ය. එවේලෙහි තෙරුන් වහන්සේ ද සොම්නසට පැමිණ "මහ දාගබ කර්මාන්තයෙහි එක්ව ගතිමි" සිතමින් උළුහල් පිරිවෙනට වැඩ වදාළ සේක. ඉක්බිති උන්වහන්සේ ඒ කළ ක්රිියාව රජ්ජුරුවන්ට සැළව ගියේ ය. රජ්ජුරුවෝ එපවත් අසා වඩුවා අතින් විචාළහ. "කොළ, එක් තෙර කෙනකුන් වහන්සේ මාගෙන් මිල නො ගෙන උළක් මාගේ දාගබෙහි ලන ලද දැ" යි විචාළ කල්හි "සැබව, දෙවයන් වහන්ස, එක් තෙර කෙනකුන් වහන්සේ දුන් උළක් අපගේ උළු හා එක්වැනි හෙයින් කර්මාන්තයෙහි ලා පිමි" යි දැන්වී ය. "එසෙ වීනම් උන් වහන්සේ ලූ අළ හඳුනෙයි දැ" යි රජ්ජුරුවෝ විචාළහ. වඩුවා ද එබස් අසා තෙරුන් වහන්සේ කෙරෙහි මෛත්රි හෙයින් "ස්වාමිනි, උළ නො හඳුනමි" යි කී ය. "ඉදින් තෝ හුළ නො හඳුනෙයි නම් උළ ලූ තෙරුන් වහන්සේ මේ බලතාට පෑ ලව" යි කියා බලතකු වඩුවා සමීපයෙහි සිටවූහ. ඒ උළු වඩුවා ද පෙර මැටිපිඬ ලූ තෙරුන් වහන්සේ මෙන්ම බලතාට උළ ලූ තෙරුන් වහන්සේ පෑයේ ය. එවේලෙහි බලතා ද තෙරුන් වහන්සේ හැඳින ගෙන ඔබ වසන උළුහල් පිරිවෙනට ගොස් ඔබගේ ශ්රිර පාදය වැඳ එකත්පස්ව හිඳ පිළිසඳර කථා කොට "ස්වාමීනි, නුඹ වහන්සේ ආගන්තුක සේක් ද?නොහොත් නේවාසික සේක දෑ" යි විචාළේ ය. ඒවේලෙහි තෙරුන් වහන්සේ "උපාසකය, අපි ආගන්තුකයම්හ" යි වදාළ සේක. "ස්වාමිනි, කවර රටක වසන සේක් දැ" යි විචාළ බලතාට වදාරන සේක් "කොටසර පියන්ගලු විහාරයෙහි වසම්හ, උපාසකය" යි වදාළ සේක. එබස් ඇසූ උපාසක "ස්වාමිනි, මෙහි ම වැඩ හිඳිනා සේක් ද? නොහොත් කොටසර වඬනා සේක් දැ" යි විචාළා ය. "මෙහි නො වසම්හ. අසවල් දවස් යම්හ" යි වදාළ සේක. එබස් ඇසූ බලත් "ස්වාමිනි, මහලූ මමත් නුඹවහන්සේ කැටිව එමි. මාගේ ගම ද එම කොටසර අසෝගම ය" යි තෙරුන් වහන්සේට දැන්වී ය. තෙරුන් වහන්සේ ද "යහපත, උපාසකය, කැටිව යම්හ" යි වදාළ සේක. ඉක්බිති ඒ බලත් මහලු එපවත් රජ්ජුරුවන්ට ගොස් දැන්වී ය. රජ්ජුරුවෝ ද එපවත් අසා බලතාට මසුරන් දහසක් වටනා පිළී සඟළක් ද දහසක් අගනා මැහැඟි පලසක් ද වහන් සඟළක් ද සුවඳ තෙල් පිරූ තෙල් කුලාවක් ද පත් කුඩයක් ද සෙසු ශ්රකමණ පරිප්කාර ද නො මිලයේ උළ ලූ තෙරුන් වහන්සේට මිල පිණිස දෙව" යි කියා බලතාට දුන්හ. ඉක්බිති ඒ බලතා ද රජ්ජුරුවන් විසින් දෙන ලද ඒ පිරිකර ඇරගෙන ඒ තෙරුන් වහන්සේ


50 ථුපවංසය


වැඩ හුන් උළුහල් පිරිවෙනට ගොස් තෙරුන් වහන්සේ වැඳ ඔබ හා සමග ඒ රාත්රිසයෙහි වැස උදෑසන ඔබ හා කැටීව නික්ම ක්රලමයෙන් මහ ගෙවා කොට සර ගොස් පියන්ගලු විහාරය පෙනෙන ස්ථානයෙහි සිහිල් සෙවණ ඇති ඵාසු තෙනක වඩා හඳුන්වා ඔබගේ ශ්රීසපාදය සෝධා සුවඳ තෙලින් ශ්රී්පාදය මැඩ උක් සකුරු වළඳවා සිහිල් පැන් වළඳවා වහන් සහළ ඔබගේ ශ්රීඇපාදයෙහි ලා "ස්වාමීනි, මේ පිරිකර මාගේ අඳුනන තෙර කෙනකුන් වහන්සේ නිසා ගන්නා ලද. දැන් නුඹ වහන්සේට මේ පිරිකර දෙමි. මේ පිළි සඟළ ද මාගේ පුතණුවන් සරණ හිඳුවන මඟුල් නිසා ගන්නා ලද. මෙයිනුදු නුඹ වහන්සේට සිවුරක් කොට වදාළ මැනවැ" යි දන්වා තෙරුන් වහ්නසේගේ පාමුල තැබී ය. තෙරුන් වහන්සේ ඒ පිළි සහළ ද මාහැගි පලස ද පාත්රපපයියේ ලා ගෙන සෙසු පිරිකර පොදියක් කොට බැඳගෙන වහන් සහළ පය ලා ගෙන පත් කුඩය හිසට කොට ගෙන සැරයටිය අතින් ගෙන මහ නික්ම වදාළ සේක. එවේලෙහි බලතා තෙරුන් වහන්සේ හා කැටිව මඳක් තැන් ගොස් "ස්වාමීනි, මඳක් වැඩි සිට වදාළ මැනව. මේ මා යන මඟ ය" යි දන්වා පෙර මැටිපිඬ ලූ තෙරුන් වහන්සේට දැන්වූ ලෙස ම රජ්ජුරුවන්ගෙන් කියා එවූ තෙපුල් තෙරුන් වහ්නසේට දැන්වී ය. එවේලෙහි තෙරුන් වහන්සේ ද ඒ බලතාගේ බස් අසා මහත් වූ ශොකයෙන් කම්පාව "මේ නිසා වූ ආශ්චය්ය් හිමත් දාගබෙක මා විසින් දුකින් කරන ලද කුශල කර්මය නො කළා නම් වෙයි" දොම්නස් ව දෙ ඇසින් කඳුළු ධාරා වගුරුවා "ඇයි උපාසකය, මා දුකින් කළ කුශලය කුමකට නාසා පි ද? තාගේ පිරිකර තෝ ම ඇරගනැ" යි කියා සියලු පිරිකර දමාපු සේක. එසේ පිරිකර දමා වැඩ සිටි තෙරුන් වහන්සේට ඒ කාරණ දන්නා උපායවත් බලත් මහලු මෙසේ දන්විය: "ස්වාමිනි, නුඹ වහන්සේ කුමක් වදාරන සේක් ද? මේ දුටුගැමුණු රජ පින්කම කළ ලොභයෙන් මෙසේ කරන බව මුත් නුඹ වහන්සේ ලූ උළට මිල දෙමි යි කියා අකනිටා බ්රාහ්ම ලෝකය දක්වා තුන් සිවුරු පාත්රා දුන්නේ වී නමුදු නුඹ වහන්සේ ලූ උළ හා සරි කරන්නට නො පිළිවන. එසේ හෙයින් නුඹ වහන්සේ ලූ උළ නුඹ වහන්සේට ම පින. රජ්ජුරුවන් දෙවූ පිරිකර රජ්ජුරුවන්ට පිනැ" යි කියා තෙරුන් වහන්සේ අස්වසා සියලු පිරිකර තෙරුන් වහන්සේට ම දි ඔබගේ ශ්රි පාදය වැඳ සමු ගෙන පෙරළා නුවරට ම නැඟී ගියේ ය.

මෙසේ මේ දාගැබෙහි යම් කෙනෙක් බැළමෙහෙ කොට සිත් පහදවා ඒ කුසලින් දිව්යැ ලෝකයෙහි උපන් ඒ සත්වයෝ මෙතෙකැ යි ගණන් නැත. එසමයෙහි තවුතිසා දෙවුලොවෙහි උපන් දිව්යි ස්ත්රිතයක් තමාගේ අසාධාරණ වූ දිව්යි සම්පත් බලා සතුටුව "මනුෂ්යළ ලෝකයෙහිදී කවර පින්කම් කොට මේ සම්පත මා ලද්දේ ය" යි බලන්නි, "ගිය දවස දුටුගැමුණු රජ්ජුරුවන් ගේ රුවන්වැලි දාගබෙහි බැලමෙහෙ කොට සිත් පහදවා මෙබඳු වූ සම්පතක්


ථුපවංසය 51


ලත් කල, යම් කෙනෙක් අනුන් සන්තක දෙයක් නො ගෙන තමන් සන්තක දෙයින් පරලෝ අදහා කළ සුචරිත, පින්කම විපාක කෙබඳු දෝ හෝ" යි සිතා සතුටු ව එවේලෙහි ඒ දේවතා දු දිව සුවඳ දිව මල් දිව පිළි ගෙනහැර ඒ රාත්රිවයෙහි ම අවූත් ගෙනා සුවඳින් ඒ දාගබ පිරිබඬ ගෙන සුවද මල් ඒ රුවන්වැලි දාගබට පුදා සතුටින් වැඳ වැඳ සිටියාහ.

එවේලෙහි බැලවක වැඩ වසන මහාසීවලි නම් එක් තෙර කෙනකුන් වහන්සේ රජ්ජුරුවන් බඳවන රුවන්වැලි දාගබ වඳිනා පිණිස ගිය සේක් වඳිනා ඒ දිව්යජ ස්ත්රි ය දැක මහ රුක්අත්තන ගස මුල් වැඩ සිටි සේක. ඒ දිව්යය ස්ත්රිදය අභිප්රා ය වූ පරිද්දෙන් වැඳ නික්මුණු වේලෙහි විචාරන තෙරුන් වහන්සේ දිව්යි ස්ත්රි ය අතින් මෙසේ විචාළ සේක. කෙසේ ද යත්: "තොපගේ ශරීරා ලොකයෙන් මේ සියලු ලඬ්කාද්වීපය හිරු දහස් සඳ දහස් නැංගා සේ එකා ලොක විය. මෙසේ වූ රූප සම්පත්තියක් ලබන්ට ගිය ජාතියෙහි කවර පින් කමක් කළාදැ" යි විචාළ සේක. "ස්වාමීනි, අප සන්තක දෙයින් කළ කුසල යෙක් නැත. මේ දාගැබට අප සිත පහදවා ගෙන බැලමෙහෙ කොට එයින් ලද සම්පතැ" යි දැන්වූහ. මෙසේ බුදු සස්නෙහි පහන් සිතින් මිලයට කළ කුසල් පවා මහාඵල මහානිසංස වෙයි. එසේ හෙයින් මාගේ ස්වාමිදරු වූ සම්ය්ක් සම්බුදු රජාණන් කෙරෙහි සිත පැහැද වූ පමණකින් මෙබඳු දිව්යය සම්පත් ලබන කල නුවණැති සියලු සත්පුරුෂයන් විසින් හැම වේලෙහි ම නො පමාව මේ රුවන්වැලි දාගබට පූජා කළ මැනවි.


දාගැබ් කර්මාන්තයෙන් බැඳි කොටස පොළොවෙහි ගිලීමසංස්කරණය

මෙසේ දුටුගැමුණු මහ රජ ඒ දාගැබෙහි කර්මාන්ත කරවන්නේ තුන් මාල් පියවසාව බැඳ නිමවිය. එසේ කරවූ තුන් මාල් පියවසාව රහතුන් වහන්සේ ස්ථිර වන පිණිස බිම හා සම කොට තමන් වහන්සේගේ ආනුභාවයෙන් ගල්වා වදාළ සේක. මෙසේ බැඳි බැදි සේ නව වාරයෙක ම ගලාපූ සේක. ඉක්බිති දුටුගැමුණු රජ්ජුරුවෝ මේ කාරණය නො දන්නෝ නො සතුටු වූ සිත් ඇතිව "මාගේ කුල දේවතා වූ මහා සඬ්ඝයා වහන්සේ රැස් වන සේක්ව" යි ආරාධනා කොට රාජ පුරුෂයන් යවූහ. එවේලෙහි රාජ පුරුෂයන්ගේ ආරාධනයෙන් අසූ දහසක් දෙනා වහන්සේ රැස්වූ සේක. දුටුගැමුණු රජ්ජුරුවෝ සර්වාභරණයෙන් සැරහී මහ සෙනඟ පිරිවරා සුවඳ මල් බෙහෙත් ආදිය ගෙන්වා ගෙන විහාරයට ගොස් රැස්වූ අසූ දහසක් දෙනා වහන්සේට බෙහෙත් සුවද මලින් පූජා කොට වැඳ එකත්පස්ව සිට මෙසේ විචාළාහ: "ස්වාමීනි, මා කරවන මහ දාගබ තුන් මහල් පියවසාව බැඳි බැඳි සේ නව වාරයෙක ම පොළොව ගැලිණ. එසේ වනු මාගේ ජීවිතයට හෝ මා කරවන දාගබට හෝ අන්තරාය වන බවත් නො දනිමි. ඒ මට වදාළ මැනවැ" යි දැන්වූහ.


52 ථුපවංසය


එබස් ඇසූ මහා සඬ්ඝයා වහන්සේ රජ්ජුරුවන්ට මෙසේ වදාළ සේක: "දෙවයෙනි, තොප කරවන දාගබ කර්මාන්තයට වේව යි, තොපගේ ජීවිතයට වේව යි අන්තරායෙක් නැත. මතු එන දවස තිර්ථකයකන් විසින් වන උපද්ර්ව වලකන පිණිස ද, දාගබ බොහෝ කලක් ස්ථිරව පවත්නා පිණිස ද රහතන් වහන්සේ විසින් මේ කරවන ලදැ" යි වදාළ සේක. එබස් ඇසූ රජ්ජුරුවෝ සතුටින් පිණා වදාළ බස් මුදුනෙන් පිළිගෙන මහදාගබ කර්මාන්තයට නැවත පටන් ගෙන බඳවන්නාහු තුන් මාල් පියවසාව දස කෙළක් උළින් බැඳ නිම වූහ.


උතුරුකුරු දිවයිනෙන් ගල් ගෙන්වීමසංස්කරණය

මෙසේ තුන් මාල් පියවසාව බැඳ නිමි කල මහා සංඝයා වහන්සේ උත්තරය සුමන ය යන නම් ඇති රහත් සාමණෙරයන් දෙදෙනකු වහන්සේ කැඳවා දෙදෙනා වහන්සේට මෙසේ වදාළ සේක: "තෙපි දෙදෙනා උතුරු කුරු දිවයිනට ගොස්, සතර අතින් සම වූ, වඩුවෙන් අට රියන් බොල ඇත, එකි එකී අතින් අසූරියන් දිග ඇති මෙහෙවන් පාණ සයක් ගෙනෙව" යි වදාළ සේක. එවේලෙහි ඒ සාමණෙර දෙදෙනා වහන්සේ ද "යහපතැ" යි ගිවිස එම විට ම උතුරුකුරු දිවයිනට ගොස් මහා සඞ්ඝයා වහන්සේ වදාළ ලෙසට ම බඳුවද මල් පැහැ වැනි වූ මෙහෙවන් පාණ සයක් ගෙනවුත් එක් පහණක් දාගබ ධාතු ගර්භයෙහි ම බිම අතුට අනික් ගල් සතර සතරදිග පිහිටුවා අනික් ගල ධාතුගර්භයෙහි පිධාන කරන පිණිස දාගබට නැගෙනහිරි දිසාවෙහි වැලි මළුවේ පවුර සමීපයෙහි නො පෙනෙන පරිද්දෙන් තබා වදාළ සේක.



ධාතු ගර්භ වර්ණනාවසංස්කරණය

ඉක්බිති ගැමුණු මහ රජජුරුවෝ ධාතු ගර්භ මධ්යායෙහි සත්රුවන්මය වූ සිත්කලු වූ බෝධි කෙනකුන් වහන්සේ කරවූහ. ඒ බෝධින් වහන්සේ ඉන්ද්රිනීල මාණික්යෙමය බීමහි පිහිටි සේක. රජ්ජුරුවන් කරවන ඒ බොධින් වහන්සේගේ මුල් පබළුමය කොට කරවූහ. කඳ රිදියෙන් කරවන ලදි. සිරිවස ද රත්රනින් ම කරවූහ. අටමහල ද සත් රුවනින් ම කරවූ ය. නැවත මල් පඞ්ක්තියක් ද සිවුපා පඞ්ක්තියක් ද හංස පඞ්ක්තියක් ද විචිත්රත කොට සත් රුවනින් ම කරවූ ය. නැවත ඒ බොධින් වහන්සේ වඩුවෙන් අටළොස් රියන් උස ඇති සේක. එසේ ම කරවූ සත් රුවන් බොධින් වහන්සේගේ උඩ බලා ගිය කඳු ශාඛාව ද සතර දිගට ගිය කඳු ශාඛා සතර දැයි යන මේ ශාඛා කඳු පස ම වඩුවෙන් අටළොස් රියන් දිග ඇති සේක. ඒ බොධින් වහන්සේගේ බෝපත් ඉන්ද්රනනීල මාණික්යටයෙන් ම කරවූ ය. පඬෙරවන්


53 ථුපවංසය


පත් සත් රුවනින් ම කරවූ ය. අංකුර රත්රනින් ම කරවූ ය. ඒ බොධින් වහන්සේ මුදුනෙහි සුදු වියන් බැඳවූ ය. ඒ වියන් කෙළෙවර වටකොට මුතු හා එක් කොට අමුණන ලද රන්රසු දැල් බැඳවූ ය. නැවත රන් මිණි පඞ්ක්තියක් ද රන්දම් පඞ්ක්තියක් ද ඒ ඒ තන්හි එලෙන්නේ ය. ඒ වියන් සතර කොණ නව ලක්ෂයක් අගනා එසේ වූ සතර මුතු කඳක් ද එල්වූ ය. මෙසේ ම ඒ ධාතු ගර්භයෙහි සුදුසු ලෙස සත් රුවනින් ම සදහිරු දෙදෙනා ද නකත් තරු ද රන් පියුම් ද කරවන ලද්දේ ය. මාහැඟි වූ පස්වනක් පැහැයෙන් යුක්ත වූ අටෝරාදහසක් පිළි ද එල්වන ලද්දේ ය.

ඉක්බිති ඒ සතු රුවන් බොධීන් වහන්සේගේ කඳ මුල වට කොට සත් රුවන්මය පිල් කඩකුදු ලැවූ ය. ඒ පිල් කඩ මත්තෙහි මැහැඟි ඇඹුල පක් සා මුතු ද ඇතුරුවූ ය. ඒ මුතු රැසට කෙළවර සුවඳ පැන් පිරූ සත් රුවන් කළ පඞ්ක්තියක් ද තැබ්බවූ ය. එසේ තැබ්බ වූ රුවන් කළ පඞ්ක්තියෙහි පබළුමය මල් ලැවූ ය. පබළුමය කළයෙහි රන් මල් ලැවූ ය. මැණික්මය කළයෙහි රිදි මල් ලැවූ ය. රිදිමය කළයෙහි ඉන්ද්රඳනිල මාණික්යමය මල් ලැවූ ය. සත් රුවන් කළයෙහි සත් රුවන් මල් ලැවූ ය. නැවත ඒ බොධින් වහන්සේට නැගෙනහිරි දිසාවෙහි සත් රුවන්මය වූ කෙළක් අගනා ආසනයෙහි සත් රුවන්මය වූ බුදුන් වැඩ හුන් උස පමණට බුදුරුවකුදු කරවූ ය. එසේ කරවන ලද සත් රුවන්මය බුදුරුවෙහි විසිනිය ද ඇස් සඟළෙහි සුදු තැන් ද ජාති ස්ථිටික මාණික්යෙයෙන් ම කරවූ ය. අතුල් පතුල් ද තොල් සහළ ද ඇස්හි රත් තැන් ද පබළුයෙන් ම කරවූ ය. නැවත ඒ පිළිම රූපයෙහි මුදුන් කෙස් ද බැම සහළ ද ඇස් සහළෙහි කෘෂ්ණ මණ්ඩල ද යන මෙකී තැන් ඉන්ද්රෙනීල මාණික්යියෙන් ම කරවූ ය. තව ද ඒ පිළිම රූපයෙහි නළල්හි උර්ණ රොම ධාතුව ද රිදියෙන් ම කරවන ලද්දේ ය.

ඉක්බිති සහම්පති මහා බ්රනහ්මයා රිදී කුඩය ධරා සිටි නියාව ද එහි ම කරවූ ය. එසේ ම දෙදෙව්ලොව දෙවියන්ට අධිපති වූ සක්දෙව් රජු දෙවියන් පිරිවරා එක්සිය විසි රියන් දිග ජයතුරා සක පිඹ පිඹ සිටි නියාව ද එහි ම කරවූ ය. එසේ ම පඤ්චසිඛ දිව්යෙ පුත්රයයා බෙළුවපණ්ඩු නම් වීණාව ගෙන ගායනා කරන්නා වූ නියාව ද එහි ම කරවූ ය. නොයෙක් නාග මාණවිකාවන් පිරි වනර ලද, අනෙක ප්රාකාර ස්තුති ඝොෂාවෙන් බුදු රජාණන් වහන්සේ වන්දි භට්ටයකු සේ ස්තුති ඝොෂා කරන මහකෙල නම් නාග රාජයා ද එහි ම කරවූ ය.

ඉක්බිති වශවර්තිමාරයා අත් දහසක් මවා ත්රි ශුල මුද්ගරාදි නානායුධ ගෙන දහසක් කූඹින් සැරහුණු සසියයක් ගව උස ඇති ගිරිමෙබල නම් ඇතුපිට හිඳ දස බිම්බරක් මර සෙනග පිරවරා ගෙන බෝමඬට දිව අවුත් නොයෙක් භයංකාර දක්වා කිසි උපද්රයවයක කොට ගත නොහී පැරද ගිය නියාව ද එහි ම කරවූ ය. අනික් තුන් දිග, නැඟෙනහිරි දිසාවෙහි බොධි


54 ථූපවංසය


පය්ය්ථූපඞ්කය හා සදෘශ කොට කෙළක් අගනා ආසනයකුදු කරවා ඇද්දළින් දළමිටු ලවා පබළුමය ව්යශජන පත්රඬ ද ඒ ආසනයෙහි ම තැබ්බූය. බොධින් වහන්සේට ඉස්දොර අනෙක රත්නයෙන් හෙබියා වූ කෙළක් අගනා රිදි යහනකුදු කරවූ ය. කාය බල දසයක් හා ඤාණබල දසයක් ඇති ඒ මාගේ බුදු රජාණන් වහන්සේ ලොවතුරා බුදු ව සත් දවසක් මුළුල්ලෙහි දෑස නොපියා එයින් නික්මෙන පස් වනක් පැහැයෙන් බොධි පූජා කළ නියාව ද සත් රුවනින් ම කරවූ ය. රුවන් සක්මන් කළ තැන් ද, රුවන් ගෙයි වැඩ හිඳ දහම් විමසූ තැන් ද, මුලින්ද නම් නාග රාජයාගේ භොගාවලියෙහි වැඩ හුන් තැන් ද, අජපාල නිග්රො,ධ මූලයෙහි වැඩ හුන් තැන් ද, කිරිපලු ගස මුල් වැඩ හුන් තැන් ද, තපස්සු භල්ලුක ය යන වෙළඳුන් දෙදෙනා විසින් මීපිඬු දන් දුන් තැන් ද, එවේලෙහි සතරවරම් රජදරුවන් එළවූ පාත්රෙ සතර තමන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් එක පාත්ර යක් කොට ඒ පාත්රායෙන් පිළිගත් නියාව ද එහි ම කරවූ ය. ඉක්බිති මහා බ්රැහ්මයාගේ ආරාධනාවෙන් ධම්සක් පැවැත්වූ නියාව ද, යස නම් කුල පුත්රියා ප්රූධාන වූ පස් පනස් දෙනා ගේ මහණ වීම ද, භද්රය වර්ගයෙහි රජ කුමරුවන් තිස්දෙනාගේ මහණ වීම ද, තුන්බෑ ජටිලයන් ප්ර්ධාන වූ දහසක් තාපසවරන්ගේ මහණ විම ද, ලට්ඨි වන නම් උයන්හි වැඩ හුන් තෙනට බිම්සර රජ්ජුරුවන්ගේ ඊම ද, රජගහ නුවරට වැඩීම ද වෙළුවන උයන පිළිගත් නියාව ද, දෑග සව්වන් ප්රයධාන අසූ මහ සව්වන් ද නිත්ය පරිවාර පන්සියයක් දෙනා වහන්සේ ද යන මේ සියල්ල ම සත් රුවනින් කරවූ ය.

ඊට ඉක්බිතිව රජගහ නුවර සිට කාලුදායි නම් මහ තෙර කෙනකුන් වහන්සේගේ ආරාධනායෙන් අඟු මගධ දෙරටින් කිඹුල්වත් පුරයෙන් මෙකී තුන් රටින් විසි දහසක් දෙනා වහන්සේ පිරිවරා, දෙසිය සතළිස් ගව්වක් මඟ ගෙවා කිඹුල්වත් පුරයට වැඩිම ද, ශාක්යූ රජදරුවන් මානයෙන් නොවඳුම්හ යි සිටියවුන් දැක ඔවුන්ගේ මානය මැඩ රුවන් සක්මන්හි සක්මන් කොට, ඒ ආශ්චය්ය්දැක දුටු පියාණන් සුද්ධොදන රජ්ජුරුවන් ඇතුළු වූ රජදරුවන්ගේ වැඳිම ද, පොකුරු වැසි වට නියාව ද, රාහුල කුමාරයන්ගේ මහණ වීම ද, නන්ද කුමාරයන්ගේ මහණ වීම ද, ජෙතවන උයන පිළිගැන්ම ද, ගණ්ඩම්බ නම් අඹ රුක් මුල්හි කරන ලද යමක ප්රා තිහාය්ය්මා ද, ඒ රුවන් සක්මන්හි සිට තුන් පියවරකින් තවුතිසා දෙව්ලොවට වැඩ පඬු ඇඹුල් හසූන් හි වැඩ හිඳ තුන් මසක් විජම් දේශනා කළ තැන් ද, මනුෂ්ය්යන්ගේ ආරාධනා පිළිගෙන මුගලන් මහ තෙරුන් වහන්සේ මහාමෙරු පර්වතය පත්ලට ගොස් මහමෙර පළා ගෙන බුදුන්ගේ ශ්රීරපාද මූලයෙන් හිස නඟා පැදකුණු කොට මිනිසුන්ගේ පවත් දැන්වූ නියාව ද, දෙවොරොහණ නම් ප්රාහතිහාය්ය්ුි ද, සකස්පුර දොරට වැඩි නියාව ද, ධම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ප්ර්ශ්න විචාළ තැන් ද එහි ම කරවූහ.


ථූපවංසය 55


නැවත මහාසමය සුත්රණ දෙශනාව ද, රාහුලොවාද සුත්රේ දේශනාව ද, මංගල සුත්රැ දේශනාව ද, තිරොකුඩ්ඩ සුත්රු දේශනාව ද, බදිරඞ්ගාර සුත්ර් දේශනාව ද, ජම්බුකාජිවක සුත්රන දේශනාව ද, චක්ක සුත්ර් දේශනාව ද, ගොවින් ද සුත්ර දේශනාව ද, පාරායන සුත්රව දේශනාව දැයි මේ ආදී වූ සුත්රි දේශනා ද, ධනපාල නම් හස්තියාගේ දමනය ද, ආලවක දමනය ද, අංගුලිමාල දමනය ද, බක බ්ර හ්ම දමනය ද, සච්චක දමනය ද, පොරිසාද දමනය දැයි මෙකි සියල්ලම හුදු සත් රුවනින් ම කරවූහ. ඉක්බිති මාරයාට බුදුන් ආයුසංස්කාරය හළ නියාව ද, මෘදු වූ සූකර මද්දවය පිළිගත් තැන් ද, රන්වන් වූ පිළි සහළ පිළිගත් තැන් ද, පහන් පැන් වැළඳු තැන් ද, කුසිනාරා නුවර මුල පටන් අග දක්වා පිපි සිටි සල්ගස් දෙකට මැද පනවන ලද යන්හි උතුරු දිගට හිස ලා දකුණු දිගට පය ලා නැඟෙන හිරට පිටලා බටහිරට මුහුණලා නැඟි නො සිටිනා සෙය්යා වෙන් වැඩ හෙව පිරිනිවන් පෑ තැන් ද, අනඳ මහ තෙරුන් වහන්සේ කුසිනාරා නුවරට වැද සැට දහසක් මල්ල රජදරුවන්ට බුදුන් අලුයම් වේලෙහි පිරිනිවන් පෑ බැව් වදාළ තැන් ද, එබස් ඇසූ රජ දරුවන් පුරාඞ්ගනාවන් හා සමග හිස තැබූ අතින් හඬා වගුළ තැන් ද, රන් දෙණට වැඩූ තැන් ද, දිව්යන බ්ර්හ්මයන් හා මනුෂ්ය්යන් පූජා කළ තැන් ද, එක්සිය විසි රියන් සඳුන් දරසෑයට රන්දෙණ වැඩූ තැන් ද, මහසුප් මහ තෙරුන් වහන්සේ ඇතළු වූ ගණදෙටු සත් ලක්ෂයක් මහ තෙරුන් වහන්සේ ඇතළු වූ සෙසු නො කී බොහෝ මහා සංඝයා වහන්සේ බුදුන්ගේ ශ්රී,පාදය වැඳීම ද, බුදුන්ගේ ශරීරය දාගිය නියාව ද, සොහොන් හස් කළ තැන් ද, මගධ රටට අධිපති වූ අජාතශත්රැද නම් රජුගේ අමාත්යියන් පළමු කොට බුදුන් පිරිනිවන් පෑ බැව් අසා කම්පාව "මෙම සැටියේ ඇසූනම් අපගේ රජ්ජුරුවන්ගේ ළය දෙකක්ව පැළී යෙයි. එසේ හෙයින් අප වැනි මන්ත්රී්වරුන් විසින් අපගේ රජ්ජුරුවන් රැකගත මනා වේදැ" යි සිතා රන්දෙණ තුනක් කරවා චතුමධුර පුරා රජ්ජුරුව්න සමීපයට ගොස් "ස්වාමීනි, අප විසින් ඊයේ රෑ දක්නා ලද නපුරු ස්වප්නයෙක් ඇත. ඒ ස්වප්නය දෙසන නියායෙන් මේ චතුමධුර පිරූ දෙණ නාසා අග පමණක් පෙනෙන නියායෙන් වැඩ හොත් මැනවැ" යි දන්වා එසේ දෙණ හොත් රජ්ජුරුවන්ට එක් අමාත්යනයෙක් තමා පැලඳ සිව් ආභරණ ගලවා බුදුන් වන දෙසට මුහුණ ලා දොහොත් මුදුනේ බැඳ ගෙන බුදුන් පිරිනිවන් පෑ බවු රජ්ජුරුවන්ට දන්වා, එවේලෙහි රජ්ජුරුවන් මූර්ච්ඡාව ගොස් ළෙන් නැගි ශොකයෙන් නාසයෙන් කින්මුණු හුණු වාතයෙන් ඒ දෙණ පිරූ චතුමධුර කකියා හුණුසුම නැඟි කල්හි ඒ දෙණින් ඔසවා එසේ ම චතුමධුරු පිරූ දෙවෙනි දෙණක ලා බුදුන් පිරිනිවන් පෑ බව දන්වා මෙම ක්රිමයෙන් තුන් වෙනි දෙණ ලා මූර්ච්ඡාව ගිය රජ්ජුරුවන්ට හිස සියගණන් සිහිල් පැන් සලා හිස මුදුනෙහි සුවඳ පිඬක් තබා මෙසේ සීසන්න ලත් රජ්ජුරුවන්ට


56 ථූපවංසය


බුදුන් පිරිනිවන් පෑ බවු දන්වා, එපවත් ඇසූ අජාතශත්රැව රජ්ජුරුවෝ හඬා වැලප වියරු හුණුවක්හු වෙස්ගෙන සොළොස් දහසක් පුරඟනන් පිරිවරා හිසකේ මුදා පිටමැද හෙළාගෙන රන් පිළිමයකට බඳු වූ තමන්ගේ ළය පැළියෙති සිතන්නක්හු මෙන් දෑතින් ළය ගෙන රාජ විථියට බැස ජීවකයන් ගේ අඹ උයනට ගොස් ඒ අඹ උයනෙහි යම් ස්ථානයෙක්හි බුදුන් වැඩ හිඳ රජ්ජුරුවන්ට ධර්ම දේශනා කරන සේක් ද ඒ ස්ථානය බලා හඬා වැලප සිතන්නාහු "මා හැඬුවායින් ශොක සන් නො සිඳෙයි. බුදුන් පිරිනිවන් පෑවත් ශරීර ධාතුන් වහන්සේ මාත් ලද මනා වේදැ" යි සිතා කුසිනාරා නුවර සැට දහසක් මල්ල රජදුරුවන්ට "රජදරුවෙනි, බුදුන් වහන්සේත් රජව උපන් සේක. මමත් රජ කුලයෙහි උපන්මි. එසේ හෙයින් බුදුන් පිරිනිවන් පෑවත් බුදුන්ගේ ශරීර ධාතුවෙන් භාගයක් මාත් ලද මැනවැ" යි කියා පත් ලියා දුතයන් අත යවා යවූ පතට ධාතුන් වහන්සේ නො එවත් නම් ගත යුතු උපායකින් ධාතු ගත මනාවේ දැයි සිතා මාර සෙනගක් මෙන් සිවුරඟ සෙනග පිරිවරා අජාසත් මහ රජ්ජුරුවන් නික්මුණු බවු අසා විසාලා මහනුවර සත් දහස් සත්සියයක් රජදරුවෝ ද, කිඹුල්වත් පුරයෙහි ශාක්යා රජදරුවෝ ද, අල්ලකප්ප නුවර බුලය නම් රජදරුවෝ ද රාම ග්රා‍මයෙහි කොලිය රජ දරුරෝ ද, වෙඨදිපක නම් ගම බමුණෝ ද, පාවා නම් නුවර මල්ල රජදරුවෝ ද යන මෙකී සත්රට රජදරුවන් විසින් කුසිනාරා නුවර වට කොට ගෙන හිඳ අපට ධාතුන් වහන්සේ හෝ දුන මැනව, නොහොත් අප හා යුද්ධ කළ මැනවැයි ඔවුනොවුන් කෙරෙහි අභිමාන පුරස්සරව යුද්ධයට සැරහී සිටී කල්හි ඒ විවාදය දුටු ද්රෝකණ නම් බමුණු ආචාරීහු විසින් මාගේ ස්වාමිදරු වූ අරාග වූ අද්වෙෂී වූ අමොහි වූ තිලෝ ගුරු සම්යතක් සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑවා වූ ස්ථානයෙහි මේ රජදරුවෝ ආයුධ ආදීන් ඔවුනොවුන් පැහැර ලෙහෙ පමණකුදු දුටුවු නම් මාගේ ස්වාමි දරුවාණන් වහන්සේ විසින් පන්සාළිස් හවුරුදු කාලයක් මුළුල්ලෙහි බුදුව වැඩසිට වදාළ සියලු බුද්ධ කෘත්යනයට මෙලෙසෙක් වී නම් ඒ සුදුසු නො වෙයි. මා විසින් මේ කලහය සන්හිඳුවා මෙකි රජදරුවන්ට ධාතු බෙදා දී ලුව මැනවැ යි සිතා එතැන්හි උස් ගොඩකට නැඟි, පන්සියයක් පමණ, ද්රෝබණ ගර්ජිත නම් ගර්ජනාවක් පිරිවානා කල්හි පළමු බණවරින් දෙසිය පනසක් ග්රධන්ථ පිරිවන තුරු පර්ෂත් අරගළයෙහි නො අසා දෙවන බණවර පිරිවානා කෙළවර අපගේ ආචාරින්ගේ ශබ්දය වැනි ශබ්දයකැ යි අරගළ නො කරව යි කියා නිශ්ශබ්ද වූ රජදරුවන්ට බමුණාණෝ බොහෝ අවවාද කියා ගිවිස්වා ගෙන ඒ සියලුරජදරුවන්ට ධාතු බෙදා දුන් නියාව ද යන මෙකී සියල්ල ම සත් රුවනින් ම කරවූ ය.

නැවත පන්සිය පනස් ජාතකය ද එහිම කරවූ ය. වෙස්සන්තර ජාතක යෙහි සඳමහ රජ්ජුරුවන් ද, පුසති දේවීන් ද මද්රි දේවීන් ද ජාලිය කුමාරයන් ද


ථූපවංසය 57


කෘෂ්ණජිනාවන් ද ඇලිඇතු දන් දුන් නියාව ද, සන්තසතක මහා දානය ද, නුවරින් නික්ම නුවර බැලූ නියාව ද, අඹා දිවූ බමුණන් සතර දෙනාට අසුන් සතර දෙනා දුන් නියාව ද ශක්ර යන්ගේ නියොගයෙන් ‍දේවතාවන් රොහිත නම් මුවවෙස් මවාගෙන රථය ඇදි නියාව ද, නැවත හඹා දිවු බමුණාට රථය දුන් නියාව ද, දරු දෙදෙනා වඩාගෙන දෙදෙනා යන ගමනේ දරුවන් පලාපල දැක ඇවිටිගෙන ඇගිලි ඔසවා පෑ නියාව ද, පලගත් රුක් දුනුපට සේ නැමි සිටි රුකින් මියුරු පලාපල කඬා දරුවන්ට දුන් තැන් ද, චෙතිය රට සාලාවෙහි වැඩහුන් තැන් ද, මද්රි දේවීන් මහ තනිව සිටි නියාව ද, නුවර වැස්සන් මද්රිු දේවින් දැක "මේ කුමන අනාථ ගමනෙක් දැ" යි කියා වැලපි තැන් ද, එපවත් ඇසූ සැට දහසක් චෙතිය රජදරුවන් සාලාවට අවුත් බොධි සත්වයන් පා පිට හඬා සන්හිඳි වැඳ සිට තමාගේ නුවරට වඩනට ආරාධනා කළ නියාව ද, ඒ නො ඉවසන විසින් එම සාලාව දිව්යෙ විමානයක් මෙන් සරහා බොධිසත්වයන් ඉස් සෝධා නාවා සළු පෙරළා සළු හඳවා උතුම් රාජභොජනය අනුභව කරවා සද්දවසක් තමන්ගේ නුවර රඳවා මඟ වල් කප්පවා හෙළි කරවා සැට දහයක් රජදරුවන් බොධිසත්වයන් නික්මුණු වේලෙහි කඩු පලඟ ගෙන සැට ගව්වක් පමණ මඟ ගෙවා ඉදිරියෙහි වඞ්කගිරි පර්වතයට සැට ගව්වක් පමණ තැන් මහ සලකුණු කියා බොධිසත්වයන් වැඳ වන දොරකඩ වැද්දකු සිටුවා රජදරුවන් තම තමන්ගේ රටට යන්ට සමුගත් තැන් ද, ඒ ධාතු ගර්භයෙහි සත් රුවනින් ම කරවූ ය.

නැවත වන දොරකඩ සිටී වැද්දවු වඬනා බොධිසත්වයන් දැක මී හා දඩමස් දුන් වැද්දවුට රන් ඉද්ද දුන් තැන් ද, මුවලින්ද නම් විල් තෙර ද, වංක ගිරි පර්වතයට වැඩීම ද, අඹුදරුවන් සහිතව තවුස් වෙස් ගෙන පන්සල්හි හුන් තැන් ද, මද්රිමදේවීන් ඵලාඵල ගෙනහැර වළඳවා මළු හැමද දැහැටි පැන් තබා පුදන්නට මල් කඩා දි අත්පා මෙහෙකළ තැන් ද, අමිත්තතාපා නම් බැමැණියගේ ගහටින් පූජක නම් බමුණා ජයතුරා නුවරට වැද බොධි සත්වයන් විචාළ තැන් ද, ඒ ඇසූ නුවර වැස්සන් "තව දන් ගැන්මෙහි නො වැල කුණු දැ" යි කැට මුගුරු ගෙන ලුහුබැඳවූ නියාව ද, දෙවියන්ගේ ආනුභාවයෙන් බමුණා උතුරු වාසලින් නික්ම වඞ්කගිරි පර්වතයට යන මඟ දිවු නියාව ද, වන දොරකඩ සිටි වැද්දවුගේ කීන බල්ලන් බමුණා දැක සිසාරා ගත් නියාව ද, එවේලෙහි බල්ලන් කෙරෙහි භයින් බමුණා ගසට නැගී උන් නියාව ද, වැද්දවු අවුදින් බමුණා ගසින බා ගත් තැන් ද, මී හා දඩමස් කා පැන් බී නික්මුනු බමුණාට මඟ කී තැන් ද, බමුණා අච්චුත නම් තපස්වීන්ගේ පන්සලට වන් තැන් ද, තපස්වීන් දෙවෙනි දවස් නික්මුනු බමුණාට වඞ්ක ගිරියට මහ කී තැන් ද, එදවස් බමුණු අතර මහ රෑව ගොස් උස් වූ ගොඩක සැතපුණු තැන් ද, රෑ මද්රි දෙවී නපුරු සිනයක් දැක එවේලෙහි බොධිසත්ව යන්ගේ පන්සලට ගොස් දුටු සීනය කියා හැඬූ තැන් ද, එවේලෙහි බොධි


58 ථූපවංසය


සත්වයන් ස්වප්න විමසා සතුටුව මද්රිැදේවීන් අස්වසා යවූ තැන් ද, ඒ රෑ පාන්ව ගිය කල වත් පිළිවෙත් කොට බොධිසත්වයන් ද දරු දෙදෙනා ද ඵලාඵල අනුභව කරවා දරු දෙදෙනාට අවවාද කොට බොධිසත්වයන්ට පාවා දී වැඳ සමුගෙන ඵලාඵල බාගන්නා දේටිල්ල ද අලමුල් කණිනා යහුල ද පැය ද යන මෙකී දෙය ගෙන දෙවියන්ට යැද වල් ගිය තැන් ද, ඉක්බිති පූජක නම් බමුණා පන්සලට ආ තැන් ද, ඒ බමුණාණන් දැක ආදර පිණිස අතින් පිරිකර ගන්ට ජාලිය කුමාරයන් භයින් වෙවුලා බොධිසත්වයන් පිටිපස්සට වන් තැන් ද, එවේලෙහි බමුණා බොධිසත්වයන් ළඟට ගොස් ස්තුති කොට දරුවන් දන් ඉල්වූ තැන් ද, එබස් ඇසූ මහ බෝසතාණන් "යහපත බමුණාණෙනි, දන්දෙමි. දරුවන් ගනුව" යි කී බස් අසා දෙබින්නන් භයින් ගොස් විලට වැද සැගවී සිටී තැන් ද, බොධිසත්වයන් දරුවන්ගේ පියවර සල කුණෙන් ගොස් විල් තෙර සිට දරුවන්ට හඬ ගෑ තැන් ද, ඒ හඬ ඇසූ දරුවන් අවුදින් පාපිට හඬා හුණු තැන් ද, ඔවුන් වඩා ගෙන ගොස් වටිනා මිල කියා දරුවන් බමුණාට දන් දුන් තැන් ද, එවේලෙහි බොධිසත්වයන් බල බලා සිටියදි දරු දෙදෙනා බැඳගෙන නික්මුණු තැන් ද, බමුණා පැකිල හුණු අවකාශයෙහි අත බැඳි බැඳුම් කඩාගෙන දිව අවුත් පියාණන් පාපිට හඬා හුණු තැන් ද, නැවත බමුණා අවුදින් දරුවන් බැඳගෙන ගිය තැන් ද, ඵලාඵල සොයා ගිය මද්රි දේවී වෙනෙහිදි නපුරු කාරණා දැක එන ගමෙනෙහි පන්සලට එන නො දි ශක්රායන්ගේ නියොගයෙන් දෙවතාවන් තුන් දෙනකු විසින් සිංහ ව්යාොඝ්රි වලස් වෙස් ගෙන මං හවුරා වැදහොත් තැන් ද, උන් දැක ඒ පන්සලට යා නො හී අන් පලා ගිය පසු සඳ නැගි වේලේ පන්සලට යන්නා වූ මෙතෙක් දා කෙළනා ඒ ඒ රෑප්පා ආදිවු තැන තමන්ගේ දරුවන් නො දැක ළය පිරුණු හොකයෙන් හැළුලුණා වූ සිත් ඇතිව ඒ මද්රිදදේවි බොධි සත්වයන් සමීපයට ගොස් එතෑන්හි දරුවන් නො දැක "දරුවෝ කොයි ද, ස්වාමිනි" යි රජ්ජුරුවන් විචාරා, බැණ නොනැහෙන හෙයින්, ඒ තුන්යම් රාත්රියෙහි ගලසෙල ඇවිද දරුවන් නො දැක ළෙයි පිරුණු ශොකයෙන් ඇස පිරුණු කඳුළෙන් බල්ලකු ගත් කිකිළියක සේ බොධිසත්වයන්ගේ පා පිට හඬා හුණු තැන් ද, එවේලෙහි හිස ඇකයෙහි තබාගෙන මුහුණ පැන් ඉස අතින් පිරිමැදි තැන් ද, සීසන්න ලදින් නැඟී සිට දරුවන් විචාරා දන් දුන් බව අසා දොහොත් මුදුනෙහි තබා "දන් දුන් බව පළමු මට නො වදාළේ ඇයි ද? ස්වාමිනි" යි සතුටින් වැඳ සිව් තැන් ද, ශක්රවයන් විසින් බමුණු වෙස් ගෙන අවුත් මද්රි" දේවීන් දන් ලත් තැන් ද නැවත මද්රිර දේවීන් බොධිස්වයන්ට ම පාවා දි ගිය තැන් ද, ජූජක නම් බමුණා දරු දෙදෙනා ගස මූල බැඳ ගසට නැඟි වැද හොත් තැන් ද, දෙවතාවන්ගේ ආනුභාවයෙන බමුණාට මඟ වැරද ජයතුරා නුවරට ම දරුවන් ගෙන ගොස් මුතුන් වූ සඳමහ


ථූපවංසය 59


රජ්ජුරුවන්ට දැක්වූ තැන් ද, බමුනාට නොයෙක් වස්තු දි මුනුබුරන් ගැලවූ තැන් ද, නැවත සඳමහ රජ්ජුරුවන් වංකගිරි පර්වතයට ආ තැන් ද දරු දෙදෙනාගේ හා නෑයන්ගේ සමාගමයෙහි පොකුරු වැසි වට තැන් ද, වෙස් සන්තර රජ්ජුරුවන් හා මද්රිප දේවීන් හා දෙදෙනාගේ අභිෂෙක පැමිණි තැන් ද, ජයතුරානුවරට වැඩි කල සත්රුවන් වැසි වට තැන් ද, ඒ වෙස්සන්තරාත්ම භාවයෙන් චුව තුසිත භවනයෙහි උපන් තැන් ද යන මෙකී සියල්ල ම විස්තර වශයෙන් ඒ දුටුගැමුණු රජ්ජුරුවෝ සත්රුවනින් ම ඒ ධාතු ගර්භ යෙහි කරවූහ.

ඉක්බිති දස දහසක් සක්වළ දෙවියන් විසින් බුදු වන පිණිස ආරාධනා කළ නියාව ද, ඔවුන්ගේ ආරාධනාවෙන් මවුකුස පිළිසඳ ගත් නියාව ද, මහාමායා දේවින් ද, සුද්ධොදන රජ්ජුරුවන් ද, ලුම්බිනී වන නම් උයන්හි බිහි වූ නියාව ද, අහසින් උදක ධාරා දෙකක් අවුදින් බොධිසත්වයන් හා මෑණියන් හා එවේලෙහි ම තෑවූ නියාව ද, එමවිට ම අතුරු දිගට සත් පිය වරක් නඟා නික්මුණු තැන් ද, කාලදෙවල නම් තපස්වීන්ගේ ජටාවෙහි පතුල් සුං දෙක පිහිටි නියාව ද, නැවත දඹගස සෙවණ ගස වට ඉක්ම නො ගිය නියාව ද, කිරි ඔවුන්ගේ ප්රාමාදයක් දැක යහන්හි පය්ය්ුවීඞ්ක බැඳ ධ්යාදනයෙන් යුක්තව වැඩ හුන් නියාව ද, යන මේ හැම හුදු සත්රුවනින් ම ධාතු ගර්භයෙහි කරවූහ.

ඉක්බිති රාහුල කුමාරයන්ගේ මෑණියන් යසොධරා දෙවීන් ද, රාහුල කුමාරයන් ද, සතර මහා නිධානය ද, තුන් ඍතුවට අචිත වූ මාළිගා තුන ද, එකුන් තිස් හවුරුද්දේ උයන් කෙළි පිණිස යන ගමනෙහි ජරා රූප, ව්යා ධි රූප, මෘතරූප යන මේ දේවදූතයන් තුන්දෙනා දැක වැලකී තැන් ද, සතර වෙනි වාරයෙහි මහණ රුවක් දැක "පැවිදි රූපය යහපතැ" යි සිත් උපදවා උද්යා නයට ගොස් ශ්රී අනුභව කොට සවස් වේලෙහි මඟුල් පොකුණෙන් නහා මඟුල් සල වට වැඩහුන් කල්හි විශ්වකර්ම දිව්යා පුත්රියා සැරහූ තැන් ද, ඉක්බිති මධ්යාම රාත්රිටයෙහි නළුවන්ගේ විප්රිකාරය දැක කන්ථක නම් අශ්ව රාජයා පිටට පැන නැඟී මහභිනික්මන් කළ තැන් ද, දස දහසක් සක්වළ දෙවියන් කළ පූජා විඳිම ද, කන්ථක නම් අශ්ව රාජයා වැලකි තැන් ද, අනොමා නම් ගංතෙරදි මහණ වීම ද, රජගහ නුවර පිඬුසිඟා වැඩි තැන්ද පාණ්ඩව නම් පර්වතච්ඡායාවෙහි වැඩහිඳ පිඬු වැළඳූ තැන් ද, බිම්සර රජ්ජුරුවන් ඒ ස්ථානයට අවුදින් රාජ්යුයෙන් පැවරූ තැන් ද, සුජාතා නම් කෙළෙඹි දුව විසින් දෙන ලද කිරි පිඬු අජපාල නම් නුගරුක මුලදී පිළිගත් නියාව ද, ඒ කිරිබත් නෙරඤ්ජරා නම් ගංතෙර දී වැළඳූ නියාව ද, වැළඳු තලිය උඩුගං බලා යවූ නියාව ද, දවල් දවස් සල් වෙනෙහි කල් යවූ නියාව ද, සවස් වේලෙහි සොත්ථිය නම් බමුණා විසින් එළවන ලද කුසතණ පිළිගත් නියාව ද, ඒ සලා ඟුළ නියාව ද, එම විට පොළොව පළාගෙන පැන නැඟි තුදුස් රියන් වජා


60 ථූපවංසය


සනයට පැන නැඟි බෝ කඳට පිට දි නැගෙනහිර බලා පය්ය්දඩුඞ්ක බැද වැඩ හුන් තැන් ද යන මෙතෙක් දෑ විස්තර වශයෙන් සත්රුවනින් ම කරවූ ය. ඉක්බිති මිහිඳු මහ තෙරුන් වහන්සේ හා කැටිව මිහින්තලා වැඩි තෙරුන් වහනසේ ද, දෙවනපෑතිස්ස රජ්ජුරුවන් ද, මහමෙවුනා උයන පිළිගත් තැන් ද, මිහින්තලා ගල අටසැට ලෙණක් කටාර කොටවා පිළිගැන්වූ තැන් ද, සතර වරම් රජදරුවන් සතර දෙනා කඩු ගෙන රැකවල් ගෙන සිටි තැන් ද යන මේ හැම සත්රුවනින් ම කරවූ ය. ඉක්බිති දෙතිස් දිව්ය් පුත්රූයන් ද ලියවැට පහන් ගෙන සිටි දෙතිස් දිව්යැ ස්ත්රීින් ද අටවිසියක සෙනෙවියන් ද එහි ම කරවූ ය. නැවත දොහොත් මුදුනෙහි තබා ගෙන සටි දෙවියන් ද, රන් මල් ගෙන සිටි දෙවියන් ද, රන් කලස ගෙන සටි දෙවියන් ද, තබන දෙවතාවන් ද, බෙර ගසන දෙවතාවන් ද, වස්දඬු පිඹින දෙවතාවන් ද, තන්තිරි ආලවත්ති ගෙන සිටී දෙවතාවන් ද, වෙන වෙන ම ලක්ෂ අගනා උසින් දස රියන් උස ඇති කැටපත් ගෙන සිටි දෙවතාවන් ද, ලක්ෂ අගනා මල් ඇර ගෙන සිටි දෙවතාවන් ද, සඳමඬල ගෙන සිටි දෙවතාවන් ද, හිරු මඬල ගෙන සිටි දෙවතාවන් ද, රන් පියුම් ගෙන සිටි දෙවතාවන් ද, රිදි පියූම් ගෙන සිටි දෙවතාවන් ද, රුවන් පියුම් ගෙන සිටි දෙවතාවන් ද, මල් තොරණ ගෙන සිටි දෙවතාවන් ද, කුඩ ගෙන සිටි දෙවතාවන් ද, විසිතුරු වූ මල්ල දෙවතාවන් ද, පිළී හිස සිසාරන දෙවතාවන් ද, ධම්සක් ගෙන සිටි දෙවතාවන් ද, කඩු ගෙන සිටි දෙවතාවන් ද, පස් රියන් උස ඇති සුවඳ තේල පුරා තුබු දුහුල් පියල්ලෙහි ඇවළෙන පහන් පාත්රු හිස තබා ගෙන සිටි දෙවතාවන් ද යන මේ සියල්ල ම ඒ දුටුගැමුණු මහ රජ ධාතු ගර්භයෙහි සත්රුවනින් ම කරවී ය.


ඉක්බිති ඒ ධාතු ගර්භයෙහි සතර කොණ දෑවාණමය සතර ඇගෑයක් කරවා ඒ ඇගෑ සතර මත්තෙහි තියඹරා ගෙඩි සා මහක් මැණික් සතරක් තැබ්බී ය. නැවත ඒ ධාතු ගර්භයෙහි සතර කොණ රන්, රිදි, මුතු, මැණික්, පබළු, වීදුරු මෙ කී රුවන් සතර ගොඩකුදු කරවී ය. ඉක්බිති මෙහෙවන් ගල් සතර භික්තියෙහි විදුලිය කරවී ය. නැවත ඒ ඒ තන්හි රන්ලිය ද වල් විදුනා ද සත්රුවනින් ම කරවී ය. නැවත නිල් මහනෙල් මල් ගෙන සිටි නාග මාණවිකාවන් ද, කඬුපුල් මල් ගෙන සිටි නාග මාණවිකාවන් ද, යන මේ සියල්ල ම දුටුගැමුණු මහරජ උසින් පස් රියන් උස කොට ඝන රනින් ම කරවී ය. අවශේෂ වූ පූජා භාණ්ඩ මෙතෙකැ යි කියා පමණ නැත්තේ ය. හේ කෙසේ ද යත්: අඹපාණ වැසි චිත්තගුත්ත නම් එක් තෙර කෙනකුන් වහන්සේ ලෝවා මහපායෙහි යට මාලේ රැස් වූ දොළොස් දහසක් දෙනා වහන්සේ මද්ධ්යි


ථූපවංසය 61


යෙහි බණ වදාරන සේක් රථවිනීත සුත්රිය පටන් ගෙන මහා ධාතු නිධානය වර්ණනා කරන සේක් "මේ බණ අසන්ට හුන් පර්පද්හි සමහර කෙනෙක් මේ දුටුගැමුණු රජ කරවූ මේ පූජා විධි නො අදහද්දෝ හෝ" යි සිතන සේක් පූජා විධි සමහරක් හැර වදාළ සේක. එවේලෙහි ගුත්හල කොට පව්වෙහි වසන තිස්ස නම් මහ තෙර කෙනකුන් වහන්සේ ඒ ධර්මාසනයට නුදුරු තෙන වැඩ හුන් සේක් ධර්මකථික තෙරුන් වහන්සේට වදාරන සේක් "ඇවැත්ති, තොප කියන කථාවෙන් පිරිහුණු දෑත් ඇත. නො හැර කියව" යි වදාළ සේක.


භාතිය රජුගේ චෛත්යු පූජාවසංස්කරණය

නැවත මෙම ලක්දිව දුටුගැමුණු රජ්ජුරුවන්ට දස වැනි වූ භාතිය නම් රජ්ජුරු කෙනෙක් මහත් වූ සැදැහැ ඇත්තෝ ය. තුනුරුවන්හි පහන් සිත් ඇත්තෝ ය. සවස උදෑසන රුවන්වැලි දාගබ වැඳ පුදා මුත් බත් අනුභව නොකෙරෙති. ඒ භාතිය රජ එක්සිය විසි රියන් රුවන්වැලි දාගබ කොත් කැරැල්ල පටන් දාගබ වැලි කොන් ද දක්වා පටකඩින් ජවනිකා දෙකක් කරවා ලංකාද්වීප වාසින්ගෙන් තමන්ගේ භාණ්ඩාරයට වදනා අය හරවා නුවරට එකි එකී අතින් සතර සතර ගව්වෙහි බිම් කොටවා ඉද්ද වතු හා දෑසමන් වතු කරවා ඒ මල්වතුවල මල් සමව පිපෙන අවස්ථාවෙහි භාණ්ඩාරයේ රැස් කොට තුබූ සඳුන් මෑත් කරවා තුන්මාල් පියවසාවෙහි පටන් කොත් කැරැල්ල දක්වා සතරගුලක් පමණ බොල සඳුන් කලල් ගල්වා ඊපිට මල් නටුයෙන් නටුව ගාවා මල් හිඳුවා ඒ එක් සිය විසි රියන් උස රුවන්වැලි දාගබ මෙම ක්රාමයෙන් මල් ඔටුන්නක් මෙන් සදා තිසා වැවින් ජල යන්ත්රතයෙන් දිය ගෙන හැර කොත් කැරැල්ල මුදුනට දිය දැදුරැ දි මෙසෙයින් සතියක් පුදා එසේ ද මල් බොහෝ විසින් දාගබ සතර දොරටුයෙහි පටන් කොත් කැරැල්ල දක්වා සිය ගණන් දහස් ගණන් පැස්වලින් මල් සලවා මෙම ක්ර්මයෙන් ඒ එක් සිය විසි රියන් රුවන්වැලි දාගබ වසා මල් ගොඩක් කෙට ජල යන්ත්ර්යෙන් දිය දැදුරු දී මෙ සෙයින් සතියක් පුදා, ඉක්බිති ඒ මහ පිනැති භාතිය නම් රජ භාණ්ඩාරයේ තුබු මුතු සියක් ගැල් දමා මුතු සුනු හනවා දාගබ සුනුවම් කරවී ය. ඉක්බිති රුවන්මය පබළු දැලක් කරවා එක් සිය විසි රියන් දාගබ වසා හෙළවා සන්ධි සන්ධියෙහි ගැල සක් සා රන් පියුම් පුදා මුතු කලඹින් සදා මේ සැටියේ ද සතියක් පූජා කරවී ය. ඉක්බිති දාගබ වට සතියක් මුළුල්ලෙහි මීවැසි වැස්වී ය. සතියක් සුවඳ වැසි වැස්වී ය. සතියක් රසදිය වැසි වැස්වී ය. සතියක සිරියල් වැසි වැස්වී ය. සතියක් රන් කලල් වැසි වැස්වී ය. එහි රන් කලල් වැස්ස වැස දාගබ සලපතර මළුවෙහි ගොප් මස ගැලෙන පමණ වැසී සිටි කල්හි සද්දවසක් මහනෙල් මලින් සදා පුද කරවී ය.


62 ථුපවංසය


එසේ හෙයින් ම දාගබ අඞ්ගණයෙහි ගඳකලල් පුරා පිට ජාල පැදුරු අතුරුවා ඒ පැදුරු සිදුරෙහි මහනෙල් මල් හිඳුවා මේ සැටියේ සතියක් පුද කරවී ය. ඉක්බිති ඒ දාගප් මළුයෙහි නැසිනි අස්වා භාණ්ඩාරයේ තුබූ තෙල් ගෙන හැර එම මළුයෙහි පුරවා තුන්පා පිය වසා අතුරු නැති කොට සද් දවසක් හෙළ ගිතෙලින් ම පාන් පූජා කෙළේ ය. එසේ ම මී තෙලින් ම සතියක් පාන් පූජා කරවී ය. මෙසෙයින් ම සතියක් තල තෙලින් ම පූජා කරවී ය. හවුරුදු පතා බුද්ධ රත්නය ධර්ම රත්නය සඞ්ඝ රත්නය යන තුනු රුවන්ට තුලාභාර වස්තු පුදන්නේ ය.

මෙසේ ඒ භාතිය රජ එක් දවසක අධිකරණයෙහි හිඳ නපුරු කොට බණන ලද යුක්තියක් අසා මැදහත්ව විචාරන රජහට ඉතාම සවස් ව ගියේ ය. එවේලෙහි නැඟි සිටි රජ්ජරුවෝ රුවන්වැලි දාගබ වැඳීම සඳහන් නොකොට බත් මෙහෙ නිමන්නට එළඹ හිඳ බත් ආලොපයක් අතින් ගෙන මුඛයෙහි නො තබා ළඟ සිටීයවුන් අතින් විචාරන භාතිය රජ්ජුරුවෝ "අද මාගේ මුත්තණුවන් වහන්සේ වැන්දෙම් ද? නො වැන්දෙම්දැ" යි විචාළහ. එසේ විචාරන ලද මය. පෙර පුරාතන රජදරුවෝ බුදු රජාණන් වහන්සේට 'අපගේ මුත්තණුවන් වහන්සේ ය" කියන්නාහ. එබස් ඇසූ මිනිස්සු "දෙවයන් වහන්ස, අද දාගබ් වහන්සේ වැන්දේ නැතැ" යි දැන්වූහ. එවේලෙහි අතින් ගත් බත් පිඬ රන් තලියෙහි හෙළාපියා නැඟි සිට දකුණු වාසල් දොර හරවා විහාරයට අවුත් නැගෙනහිරි දොරකඩින් මළුවට නැඟී දා වඳිනේ ඇතුළු දාකුස රහතුන් වහන්සේ බණ වදාරන ශබ්දය අසා බණ පරිව පිරිවා සිසාරා ඇවිදිනා සේක් දෝහෝයි බලන පිණිස ඒ භාතිය නම් රජ සතර වාසල් දොර මිනිසුන් සිටුවා තුමූ දාගබ වට කොට ඇවිද නො දකිනා රජ රැකවල සිටි මිනිසුන් විචාරා පිටත බණ පිරිවානා ශබ්දයක් නැති බව දැන ඇතුළු දා කුස යයි නියත කොට ගෙන නැඟෙනහිරි දිසාවෙහි වාසලට ආසන්න ස්ථාන යෙහි දාගබට මුහුණ ලා වැදහෙව, ඒ රජ තමාගේ ජීවිතය පරිත්යාදග කොට "දාකුස බණ පිරිවානා රහතුන් දැක මුත් නැඟි නො සිටිමි" යි දෘඪතර ව වැද හොත්තේ ය.

මෙසේ වැද හොත් ඒ භාතිය රජ්ජුරුවන්ගේ ගුණානුභාවයෙන් සක් දෙව් රජ්ජුරුවන්ගේ ආසනය හුණුව ගියේ ය. ඉක්බිති සක්දෙව් රජ දහසක් නුවණැස් ලා මනුෂ්යව ලොකය බලන්නේ ඒ කාරණය දැක දෙව්ලොවින් අවුත් දාකුසට වැද බණ පිරිවානා තෙරුවන් වහන්සේට මෙසේ දන්වයි: "ස්වාමිනි, මේ භාතිය නම් රජ ධර්මිෂ්ඨ ය. තුනුරුවන්හි ඉතා පහන. එසේ හෙයින් ඒ රජ ඇතුළු දාකුස බණ පිරිවානා ශබ්දය අසා 'දාකුස දැක මුත් නැඟි නො සිටිමි" යි අධිෂ්ඨාන කොට ගෙන වැද හොත්තේ ය. ඉදින් ස්වාමිනි, ඒ රජ දාකුස නුදුටුයේ වී නම්, එතැන්හි ම මියන්නේ ය. ඔහු ඇතුළට ගෙන වුත් දාකුස පෑ වදාළ මැනවැ" යි කි ය.


ථූපවංසය 63


එබස් ඇසූ රහතුන් වහන්සේ ද රජ්ජුරුවන් කෙරෙහි කරන ලද කරුණා යෙන් දාකුස පානා පිණිස එක් තෙර කෙනකුන් වහන්සේව නියම කොට වදාරන සේක් "භාතිය රජ්ජුරුවන් ගෙනවුත් ධාතු ගර්භය වඳව" යි වදාළ සේක. එවේලෙහි තෙරුන් වහන්සෙ ද මැනවැයි අවුත් වැදහොත් රජ්ජුරුවන් අත අල්වා ගෙන ඇතුළු දාකුසට ගෙන ගොස් ඒ රජ්ජුරුවන් සිත් වූ පරිද්දෙන් වන්දවා ඇතුළු දාකුස සියල්ල ම සලකා ගත් කල්හි පිටත ලා වදාළ සේක. ඒ භාතිය රජ්ජුරුවෝ නුවරට ගොස් කල් යාමක් ගිය කල්හි දාකුස තමා දුටු රුවින් එකදෙහ මාත්රතයක් රන් රූ කරවා රජගෙයි මිදුලෙහි මහත් මඬුවක් ලවා ඒ රූ පන්තීන් තබා නුවර වෑස්සන් රැස් කරවා "දාකුසෙහි මා දුටු රූ මෙබඳු ය" යි හැම දෙනාට ඒ රජ කීයේ ය. ඒ දාකුස රූ සැටියට කළ විසින් නියාමකරූ නම් වෙයි. ඒ රජ හවුරුදු පතා ඒ රූ භාණ්ඩාරයෙන් මෑත් කොට මඬුවෙහි තබා නුවර වැස්සන්ට දක්වයි. ආදි දවස් ඒ රූ දැක්වූ කල නුවර වැස්සෝ පැහැද එකි එකී කුලයෙන් එකි එකී දරු කෙනකුන් බැගින් මහණ කරවූහ. මහා සඞ්ඝයා වහන්සේ මේ රූ නො දකිනා සේක් බොහෝ ය යි සිතා මහා සඞ්ඝයා වහන්සේටත් කියමි යි විහාරයට ගොස් ලෝවාමහාපායෙහි යට මාලෙහි භික්ෂූ සංඝයා වහන්සේ රැස් කරවා සංඝයා වහන්සේ වැඳ රජ්ජුරුවෝ තුමූ ආසනයේ හිඳ තුන්සම රාත්රියෙහි ධාතු ගර්භයෙහි තමන් දුටු පූජා ස්තකාර කියා කෙළවර කොට ගත නොහෙන්නාහු ම ආසනයෙන් බැසපූහ. ඒ පර්ෂද්හි වැඩ හුන් භික්ෂු කෙනකුන් වහන්සේ රජ්ජුරුවන්ට මෙසේ වදාළ සේක. "දෙවයිනි" තෙපි පෙරවරු බත් කා අවුත් තුන්යම් රාත්රිසයෙහි ධාතු ගර්භයෙහි වර්ණනා කරන්නාහු කියා නිමවා ගන්ට නො පොහොසත් වූහ. අනික් තවත් නො කී පූජා වර්ණනා ඇද්ද" යි විචාළ සේක. එබස් ඇසූ භාතිය රජ්ජුරුවෝ, "කුමක් වදාරන සේක් ද? ස්වාමිනි, නුඹ වහන්සේට මා විසින් කියන ලද්දේ ඒ ධාතු ගර්භයෙහි පූජායෙන් දස භාගයෙන් භාගයක් විචාරත් නො කිම්" යි දැන්වූහ. "මම වනාහි, ස්වාමිනි, මා විසින් සලකන ලද්දක් ම කියෙමි. ස්වාමිනි, ධාතු ගර්භයෙහි අනන්ත වූ පූජා භාණ්ඩ ය. මෙසේ අනන්ත වූ පූජා භාණ්ඩ සතරැස් සම වූ එකී එකී අතින් අසූ රියන් අසූ රියන් ධාතු ගර්භයෙහි අතුරු නැතිව පුරන්නටත් නො පිළිවන් කල සුදුසු සුදුසු සැටියේ තබන කල දාකුස තිබේවයි, මහ දාගබෙහි වැලි මළුයෙහි පවුරු කෙළවර දක්වා අතුරු සිදුරු නැතිව පුරන්නටත් බොහෝ ය. එසේ හෙයින් ඒ සියලු පූජා භාන්ඩ ඒ දාකුස කෙසේ පිහිටවී ද? එහි කිය යුත්ත පුරාතනයන් විසින් කියන ලදමය." නුගපිටි ත්රිඑපිටක මහාසීව නම් තෙර කෙනකුන් වහන්සේ රජගෙයි වැඩ හිඳ රජ්ජුරුවන්ට දසබල සිංහනාද සුත්රලය වදාරන සේක් ධාතු නිධානය කියා සූත්රූය නිමවා වදාළසේක. රජ්ජුරුවෝ ද තෙරුන්වහන්සේට මෙසේ දැන්වූහ: 'ස්වාමීනි, මේ ධාතු ගර්භය සම චතුරශ්රි ය. එකි එකී දිගින් අසූ


64 ථූපවංසය


අසූ රියන. මෙතෙක් පුජා භාණ්ඩ මෙහි ම ය යි කවරෙක් අදහා දැ" යි දැන් වුහ. එවේලෙහි තෙරුන් වහන්සේ "දෙවයෙනි, අපගේ බුදු රජාණන් වහන්සේ ඉන්ද්රූශාල ගුහායෙහි ශක්රහප්රෙශ්න සූත්රේ දේශනාව දෙයන දවස් ඒ ගුහායෙහි රැස්වූ දෙවසමාගමයෙහි කොපමණ පර්ෂදක බැස සිටියෝ දැයි තොප විසින් අසන ලද දෑ" යි විචාළ සේක. එබස් ඇසූ රජ්ජුරුවෝ "ස්වාමීනි, දෙදෙව් ලොව දෙවියෝ සිටියෝ ය" යි අසමි යි කීහ. එවේලෙහි තෙරුන් වහන්සේ "මහ රජ, එයිත් අදහා ගත යුතු දැ" යි වදාළ සේක. එබස් ඇසූ රජ්ජුරුවෝ "ස්වාමිනි, දෙවතාවන්ගේ ඍද්ධියෙන් වේ දැ" යි දැන්වුහ. ඉක්බිති තෙරුන් වහන්සෙ නැවත මෙසේ වදාළ සේක. "දෙවයිනි, ඒ එක දෙවතාවන්ගේ දෙව ඍද්ධියෙන් වේ ද? මේ වනාහි රුවන්වැලි දාගබ කරවූ දුටුගැමුණු රජ්ජුරුවන් ගේ රාජ ඍද්ධිය ය, රහතුන් වහන්සේගේ රහත් ඍද්ධිය ය, දෙවතා වන්ගේ දෙව ඍද්ධිය ය යන මේ තුන් ඍද්ධියෙන් පිහිටියේ ය" යි වදාළ සේක. රජ්ජුරුවෝ තෙරුන් වහන්සේගේ බස් අසා "යහපත, ස්වාමිනි" යි ගිවිස තෙරුන් වහනසේට ධවලච්ඡත්ර්ය පුදා විහාරයෙහි හැර ලැවූ ය. තෙරුන් වහන්සේ ද තමන් වහන්සේට පිදු ධවලච්ඡත්රනය රුවන්වැලි දාගබ් වහන්සේගේ කොත් කැරැල්ලෙහි බැඳ සත් දවසක් පුදා දෑසමන් මලින් පූජා කළ සේක. එසේ හෙයින් මෙ දුටුගැමුණු මහරජ එකාසංඛ්ය කප් ලක්ෂයක් පිරූ පාර මිතා ඇති විසින් මේ රජ මහානුභාව ඇත්තේ ය. එසේ හෙයින් ම දත යුතු.

සක්දෙව් රජ්ජුරුවන්ගේ නියෝගයෙන් විශ්වකර්ම දිව්යම පුත්ර්යා මේ කර්මාන්ත ආදියෙහි පටන් වඩුවා ඇඟ ආවේශව ගෙන කරවන ලද හෙයින් ඔහුගේ ඍද්ධිය යි කියාත් දත යුතු ය. කර්මාන්ත කරවන ඉන්දගුත්ත මහ තෙරුන් වහන්සේ කුඩා මහත් කර්මාන්ත විධාන කරවන හෙයින් හුදෙක් තෙරුන් වහන්සේ මතු නො වන සේක. සියලු රහතන් වහන්සේ ම තම තමන් වහන්සේ කළමනා කටයුත්තෙහි උත්සාහ පානා පිණිස තරව මේ තුන් ඍද්ධියෙන් කරන ලදැ යි දත යුතු. ඒ ද මහාවංසයෙහි කියන ලද මැයි. ෂඩභිඥා පාරප්රාලප්ත වූ මහා නුවණැති ඉන්දගුත්ත නම් මහ තෙරුන් වහන්සේ මේ දාගබෙහි කර්මාන්ත විධාන කොට නිමවූ සේක.


==============ධාතුගර්භ වර්ණනාව නිමි.


"මෙසේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ ධාතුගර්භයෙහි කර්මාන්ත නිමවා තුදුස්වක් ලත් දවස් විහාරයට ගොස් මහා සංඝයා වහ්සේ රැස් කරව" යි කියා ආරාධනා කොට යවුහ. එවේලෙහි තිස් දහසක් දෙනා වහන්සේ රැස්ව වදාළ සේක. එවේලෙහි දුටුගැමුණු රජ්ජුරුවෝ මහා සංඝයා වහන්සේ වැඳ මෙසේ දන්වන්නාහු. "ස්වාමීනි, මා විසින් ධාතු ගර්භයෙහි කළමනා


ථූපවංසය 65


කාය්ය්65ග කොට නිමවීම් සෙට ඇසළ මස මැදි පොහෝ දවස් උතුරුසළ නක තින් ධාතු නිධාන වෙයි. එසේ හෙයින් ස්වාමිදරුවන් විසින් ධාතු ඇති තැනක් දන මැනව" යි මහා සංඝයා වහන්සේට භාර කොට රජ්ජුරුවෝ තුමූ නුවරට ගියාහුය.


ධාතු ගෙන ඊට සොණුත්තර හෙරණපාණන්ට පැවරීමසංස්කරණය

ඉක්බිති භික්ෂු සඞ්ඝයා වහන්සෙ ධාතුන් වහන්සේ ගෙනෙන්නට සමර්ථ නෙකුන් වහන්සේ සොයන සෙක්, පුදපිරිවෙන වසන වයසින් සොළොස් හැවිරිදි වයස සිව් ක්ෂිණාශ්ර්ව සොණුත්තර නම් සාමණෙරයන් වහන්සේ දැක ඔබ කැඳවා වදාරන සේක් "සොණුත්තරයෙනි, දුටුගැමුණු මහරජ්ජුරුවෝ ධාතුගර්භයෙහි කර්මාන්ත නිමවා ධාතුන්වහන්සේ ගෙනෙන පිණිස මහා සංඝයා වහ්නසේට භාර කළෝය. එසේ හෙයින් ධාතුන් වහන්සේ තොප විසින් ගෙනෙව මැනවැ" යි වදාළ සේක. මහා සංඝයා විසින් වදාරන ලද බස් ඇසූ සාමණෙරයන් වහන්සේ "ස්වාමිනි, මම ධාතූන් වහන්සේ ගෙනෙමි. ධාතූන් වහන්සේ කොයි වැඩ සිටින සේක්දැ" යි විචාළ සේක. එසේ විචාළ සාමණෙරයන් වහන්සේට මහා සංඝයා වහන්සේ වදාරන සේක්, සොණුත්තරයෙනි, අපගේ බුදු රජාණන් වහන්සේ කුසිනාර නුවර සල්ගස් දෙක මද්ධ්යේයෙහි පැනවූ යහන්හි නැඟි නො සිටිනා සෙය්යාද වෙන් වැඩ හොත් සේක් සක්දෙව් රජ්ජුරුවන් කැඳවා වදාරන සේක්, "මාගේ අට ද්රෝදණයක් පමණ ධාතුන් වහන්සේ අතුරෙන් එක් ද්රොණයක් පමණ ධාතු කොලිය රජදරුවන් විසින් පුජා කරනු ලබන්නේ ය. ඒ ධාතු ද්රෝ ණයක් එන දවස ලංකාද්වීපයෙහි රුවන්වැලි නම් දාගබෙහි පිහිටන්නේ ය" යි වදාළසේක. නැවත බුදුන් පිරිනිවන් පෑ කල ද්රෝපණ නම් බමුණු ආචාරි ධාතු අට කොටසක් කොට අට රට රජදරුවන්ට බෙදා දින. ඒ රජදරුවෝ තම තමන්ගේ නුවරවල දාගප් බැඳ පූජා සත්කාර කළෝ ය. ඒ දාගප් අතුරෙන් රාම ග්රාතමයෙහි කොලිය රජදරුවන් විසින් බඳවන ලද දාගබ මහ වතුරෙන් බිඳි දා කරඩුව මුහුදට වැද රුවන් වැලි මත්තෙහි සවනක් රුසින් දිලිසෙමින් තුබූයේ ය. එසමයෙහි මාඤෙජරික නම් නාග භවනයෙහි නයි දාකරඬුව දැක නාග භවනයට ගෙන ගොස් මහකෙල නම් නා රජ්ජුරුවන්ට දැන්වූහ. ඒ තෙපුල් ඇසූ මහකෙල නම් නා රජ දස කෙළක් නයින් පිරිවරා අවුත් සුවඳින් මලින් මහත් වූ පූජා සත්කාර කොට, රන් ධජ රිදි ධජ මුතු ධජ පබළු ධජ මැණික් ධජ සත් රුවන් ධජ පඤ්චාඞ්ගික තූය්ය් ෙළනාදයෙන් මහත් වූ පූජා සත්කාර කොට දාකරඬුව ඉන්ද්රෙනීල මාණික්යන කරඩුවෙක තබා තමා ඉසින් ගෙන මහත් වූ පූජා සත්කාර ධාතුන් වහන්සේට ඒ නාරජ කොට නාග වනයට ගෙන හැර සයානූ කෙළක් ධන ධාතුන් වහන්සේට පූජා කොට


66 ථුපවංසය


සත් රුවනින් දාගෙයක් කරවා ධාතුන් වහන්සේ ඒ දාගෙයි පිහිටුවා පූජා සත්කාර කරන්නේ ය. නැවත මහසුප් මහ තෙරුන් වහන්සේ අජාසත් රජ්ජුරුවන් ලවා ධාතු නිධාන කරවන සේක් රාම ග්රාරමයෙහි ධාතුන් වහන්සේ තබා සෙසු සත් රට ධාතුන් වහන්සේ ගෙන හැර රජ්ජුරුවන්ට දි වදාළ සේක. ඒ අජාසත් රජ්ජුරුවෝ රාම ග්රාහමයෙහි ධාතුන් වහන්සේ නො දැක "ස්වාමිනි, කුමක් පිනිස රාම ග්රාවමයෙහි ධාතුන් වහන්සේ නො ගෙනෙන ලද දැ" යි විචාළහ. එවේලෙහි ඔබ වදාරන සේක් "දේවයෙනි, ඒ රාම ග්රා මයෙහි ධාතූන් වහන්සේට තීර්ථකයන් විසින් උපද්රයරව නැත. මතු එන දවස ලංකාද්වීපයෙහි රුවන් වැලි නම් මහ දාගැබෙක ඒ ධාතුන්වහන්සේ පිහිටන සේකැ" යි රජ්ජුරුවන්ට වදාළ සේක. නැවත ධර්මාශොක රජ්ජුරුවෝ අජාසත් රජ්ජුරුවන් කරවූ ධාතු නිධානය උගුළුවාපියා ධාතුන් වහන්සේ ගන්නෝ සත් ද්රෝරණයක් ධාතු දැක අට වැනි ධාතු ද්රෝනණය නො දැක සංඝයා වහන්සේ අතින් විචාරන රජ්ජුරුවෝ "ස්වාමීනි, අනික් ධාතු ද්රෝවණය කොයි දැ" යි විචාළෝ ය. එසේ විචාළ රජ්ජුරුවන්ට රහතුන් වහන්සේ වදාරන සේක් "දෙවයෙනි, කොලිය රජදරුවන් විසින් බඳවන ලද දාගබ පිහිටි ධාතුන් වහන්සේ මහ වතුරෙන් දාගබ බිදී, දාකුස තුබූ දාකරඬුව මහ මුහුදට වන. එසේ ගිය දාකරඩුව නයි දැක තමන්ගෙ මාඤෙජරික නම තාල භවනයට ගෙන ගොස් මහකෙල නම් නා රජ්ජුරුවන්ට දී පූජා කෙරෙති" යි වදාළ සේක. එබස් ඇසූ ධර්මා ශොක රජ්ජුරුවෝ මහා සංඝයා වහන්සේ වැඳ දන්වන්නෝ "ස්වාමීනි, නාග භවනය නම් මාගේ ආඥව පවත්නේ ය. ඒ ධාතූන් වහන්සේ ගෙන්වා ගනිම් දැ" යි දැන්වූ ය. එසේ දැන්වූ රජ්ජුරුවන්ට රහතුන් වහන්සේ වදාරන සේක් "දෙවයෙනි" ඒ ධාතූන් වහන්සේ මතු එන දවස ලංකාද්වීපයෙහි දුටුගැමුනු නම් රජක්හු විසින් රුවන්වැලි නම් දාගබක් බඳවා ඒ ධාතු ඒ දාගබහි පිහිටුවන්නේ ය. එසේ හෙයින් ඒ ධාතුන් වහන්සේ ගෙන්වීමෙන් ප්රුයෝජන නැතැ" යි වලකා වදාළ සේක.

(නැවත රහතුන් වහන්සේ වදාරන සේක්:) "එසේ හෙයින් සොණුත්තර යෙනි, තෙපි මාඤෙඡරික නම් නාග භවනයට ගොස් මේ හැම අප කී සරුප මහකෙල නා රජ්ජුරුවන්ට කියාලා ධාතුන් වහන්සේ සෙට ධාතු නිධානයට ගෙන එව" යි වදාළ සේක. එතෙපුල් ඇසූ සොණුත්තර සාමණෙරයන් වහන්සේ, "යහපත, ස්වාමිනි" යි ගිවිස තමන් වහන්සේ වැඩ හිඳිනා පුද පිරිවෙනට වැඩ වදාළ සේක.

නුවර සැරැසීමදුටුගැමුණු මහ රජ්ජුරුවෝ නුවරට ගොස් බෙර ලවන්නෝ "යෙට දගැබෙහි ධාතු නිධාන වන්නේ ය. එසේ හෙයින් නුවර වැස්සන් තමන්


ථුපවංසය 67


තමන්ගේ විහවානරූපයෙන් සැරහී සුවඳ මල් ආදිය හැර ගෙන දාගබ් මළුවට රැස්වන්නේ ය" යි කියා මේ සැටියේ බෙර ලැවූ ය. ඉක්බිති සක්දෙව් රජ විශ්වකර්ම දිව්යේ පුත්රියා කැඳවා මෙසේ නියොග කෙළේ ය: "සෙට මහ දාගබ ධාතු නිධාන වෙයි. තෝ ගොසින් සියලු ලංකාද්වීපය විශේෂ කොට සරහව" යි සම්මත කෙළේ ය. විශ්වකර්ම දිව්ය පුත්රයා දෙවෙනි දවස් එකුන් සියයක් යොදුන් පමණ ලඞ්කාද්වීපය වළක් ගොඩක් පර්වතයක් යන මේ සියල්ල ම අන්තර්ධාන කොට බෙර ඇසක් මෙන් සම කොට රිදි පට හා සමාන වැලි අතුට පස් වනක් මලින් සරහා හාත්සින් පූර්ණ ඝට පූර්ණ කලස පඞ්ක්තින් තබා සියලු මේ ලක්දිව වට කොට තිරයක් ඇද මුදුනෙහි සුදු වියන් බැඳ පොළෝ තෙලෙහි පියුම් ද දියෙහි පියුම් ද ආකාශයෙහි ඔලම්බක නම් එලෙන්නා වූ පියුම් ද දක්වා අලංකෘත කොට සරහන ලද සූධර්මා නම් දිව්යු සභාව මෙන් සරහා ලී ය. මහ මුහුද රළ සිදි ශර්කරා බහලා කකාරා ගත් මීකිරි ඇතිළියක් මෙන් මිහිරි සිහිල් පැන් විය. පස් වනක් පියුමෙන් ද ඒ මුහුද සැරහුණේ ය. ඒ මාගේ බුදු රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේගේ ආනුභාවයෙන්, සියලු සක්වළ ගබ, බුදුන් මවුකුස උපන් දවස් මෙන් ද බිහිවෙන දවස් මේන ද බුදුවන දවස් මෙන් ද සැරහුණේ ය.

ඉක්බිති රජ්ජුරුවන්ගෙ රාජ නියොගයෙන් නුවර වැස්සෝ රැස්ව රාජ විථිය කසළ හැර හැමද මුතු සුනු හා සමාන සුදු වැලි අතුට ලදපස්මල් ආදිය අතුට අනෙක ප්රේකාර පැහැයෙන් දිලිසෙන ධජ පතාක නංවා පුන් කලස තනා කෙහෙල් තොරණ පන්තීන් ද මල් තොරණ පන්තීන් ද පිළී තොරණ පන්තීන් ද, යන මේ අතෙක ප්ර්කාර තොරණින් ද, මල් ඇගෑ පහන් ඇගෑ ආදිය ද ඉදි කොට නුවර සැරහු ය. දුටුගැමුණු මහ රජ ද එවේලෙහි සතර වාසල් දොර දුක්පත් මිනිසුන් අනුභව කරනු පිණිස මියුරු වූ ආහාර ද නොයෙක් වර්ගයේ කැවුම් ද මි පැන් අක් පැන් කස පැන් ඇටකෙහෙල් පැන් මේ ආදි අටළොස් වර්ගයෙහි පාන වර්ගයන් ද සුවඳ කවා තුබූ සිහිල් පැන් ද මල් සුවඳ ද පිළි පලඳනා ද පස්පලවතින් යුක්ත වූ බුලත් ද යන මේ හැම තැබ්බවිය.


ගැමුණු රජ ධාතු නිධාන ස්ථානයට යෑමසංස්කරණය

ඉක්බිති ඒ දුටුගැමුණු මහ රජ උදෑසන සුවඳ පැන් සොළොස් කළයකින් ඉස් සෝධා නහා රන් සළු හැඳ සූසැට ආභරණයෙන් සැරහී මියුරු වූ ආහාර අනුභව කොට ඇඹුල මල් පැහැ බඳු වූ අසුන් සතර දෙනකු යොදන ලද උතුම් රථයකට නැඟි, සරහන ලද කඩොලැතු තමන් නැඟි රථයට ඉදිරි කොට, රන් කරඩුව හිස තබා ධවලච්ඡත්රැය යට රජ සිටියේ ය. ඒ ඇසිල්ලෙහි සක්දෙව් රජුහුගේ දිව්යා්ඞගනාවන් හා සමාන රූ ඇති අනෙක ප්රකකාර ආභ


68 ථූපවංසය


රණයෙන් සැරහුණු සොළොස් දහසක් බිසෝවරුන් හා නොයෙක් ස්ත්රීදහු රජ්ජුරුවන් පිරිවරා කික්මුණාහ. උන්ට ඉක්බිතිව නන්දිමිත්රාිදී දශ මහා යොධයන් හා එකොළොස් දහස් එක් සියයක් පමණ සිරි යොධයන් හා සිවුරහ සෙනඟ හා කුරුන් කුදුන් හා රාජාමාත්යදයන් හා යන මෙකි සියල්ලෝ ම රජ්ජුරුවන් පිරිවරා නික්මුණාහු ය. නැවත අටෝරා දහසක් පුරුෂයෝ ද අටෝරා දහසක් ස්ත්රිරහූ ද මල් කරඬු ද දඬුවැට පහන් ද පඤ්ච වර්ණයෙන් යුක්ත ධජ පනාක ද ගෙන රජ්ජුරුවන් පිරිවරා ගත්හ. මෙසේ ඒ දුටුගැමුණු මහ රජ එදවස් මහත් වූ රාජෛශචය්‍ර්‍යයෙන් යුක්තව නන්දනොද්යාදනයට ගමන් ගත් සක්දෙව් රජහු මෙන් ධාතු නිධාන කෙරෙමි යි කියා නික්මුණේ ය. එවේලෙහි රජු ඉදිරියෙහි නටන්නෝ ද ගි කියන්නෝ ද ගමන් ගත්හ. භෘඞගවීණා නකුලවීණා දද්දරවීණා බ්රෝහ්මවීණා කඤ්විතාලම රසුතාලම් සමුත්තාලම් හස්තතලම් ද දැදුරුබෙර පණාබෙර ගැටබෙර රෝදබෙර මහබෙර එකස්බෙර ලොහොබෙර තලප්පර වීරන්දම් තම්මැට නිසාන සමුද්රහඝොෂා රණරඞ්ගඝොෂා ඩැක්කි උඩැක්කි ඩවුර සක්පඤ්ච මේ ආදී හෙරි ශබ්දයෙන් ද, රන්සක් රිදිසක් රුවන්සක් තැලිසක් කරසක් යුවළ සක් දකුණුසක් රන්සින්නම් රුවන්සින්නම් රන්දාරා රිදිදාරා රුවන්දාරා දළදාරා දළහං ලෝහං ගවරහං විජයොධ්වනි ඔත්තු නන්තිරි පිට සිරිවිලි යන මෙකි කාහල ජාතියෙන් ද හස්තීන්ගේ කුඤ්චනාදයෙන් ද අශ්වයන්ගේ හේෂාරවයන් ද රථයෙහි නිමවළල්ලෙහි ශබ්දයෙන් ද සෙණහඬ මෙන් ගසන්නාවූ බලත් හඬෙහි ශබ්දයෙන් ද යන මෙකී ශබ්දයෙන් යුගන්ධර පර්වත සමීපයෙහි සාගර නාදයක් මෙන් ද පොළෝ පැළී යන කලක් මෙන් ද ඒ දුටු ගැමුණු මහ රජ පූජාවට නික්මුණු ඝොෂාව පැවැත්තේ ය.


සොණුත්තර හෙරණපාණන් නා ලොවට වැඩම වීමසංස්කරණය

එවේලෙහි පුදපිරිවෙන වසන සොළෙස් හැවිරිදි සොණුත්තර සාමණෙරයන් වහන්සේ දුටුගැමුණු රජ දාගබ ධාතු නිධානයට නික්මුණු හෙරි නාද ඝොෂාව අසා අභිඥාපාදක කොට ඇති චතුර්ථ ධ්යාසනයට සමවැද මහ පොළොව පළා ගෙන දිය කිමිද ගෙන යන දිය කාවකු සේ පොළොව කිමිද ගෙන මාඤේඡරික නම් නාග භවනයෙහි මහකෙල නම් නාග රාජයා අභිමුඛයෙහි ගොස් පෙනුණු සේක.

එවේලෙහි මහකෙල නම් නාග රාජයා ද තමා අභිමුඛයෙහි වැඩ සිටි සාමාණෙරයන් වහන්සේ දැක වහා හුනස්නෙන් නැඟී සිට ඔබගේ ශ්රීස පාදය වැඳ සුවඳ පැනින් පය සෝධවා සුවඳින් මලින් ඔබට පූජා කොට ඔබ හා සමග පිළිසඳර කථා කොට එකත් පස්ව හිඳ "ස්වාමිනි, කොයි සිට අපගේ මේ නාග භවනයට වැඩිසේක්දැ" යි විචාළේ ය. එසේ විචාළ නාග රාජයාට සොණුත්තර සාමණෙරයන් වහන්සේ වදාරන සේක් "මහරජ, ලංකාද්


ථූපවංසය 69


විපයෙහි සිට ආම්හ" යි වදාළ සේක. එසේ වදාළ සාමණෙරයන් වහන්සේට නා රජ කියන්නේ, "ස්වාමිනි, කුමක් පිණිස ලඞ්කාද්වීපයෙන් මේ මාගේ නාග දිවයිනට වැඩි සේක් දැ" යි විචාළේ ය. මෙලෙස විචාළ නා රජහට වදාරන සේක් "ලක්දිව රජ කරන දුටුගැමුණු මහරජ රුවන්වැලි නම් දාගබක් බඳවා දාකුස ධාතු නිධාන කරනු පිණිස ඒ රජ මහා සංඝයා වහන්සේට භාර කෙළේ ය. රජුගෙන් එපවත් ඇසූ මහාවිහාරයෙහි වැඩ හිඳිනා තිස් දහසක් පමණ භික්ෂූන් වහන්සේ එක්තැන්ව වැඩ හිඳ මට වදාරන සේක්, "සාමණෙරයෙනි, දුටුගැමුණු මහ රජ බැඳවු මේ රුවන්වැලි දාගබ් වහන්සේ නිසා තුබූ ද්රෝදණයක් පමණ ධාතුන් වහන්සේ මහකෙල නම් නාගරාජයා සමීපයෙහි තුබූ සේක. එසේ හෙයින් තෙපි ඔහු සමීපයට ගොස් අප හැම දෙනා වහන්සේ කී මෙපවත් ඒ නා රජහට කියා ධාතුන් වහන්සේ ගෙනෙව" යි මා තොප සමීපයට එවා වදාළ සේක. එසේ හෙයින් මම තොප සමිපයට ආමි" යි වදාළ සේක.


දාකරඬුව සැඟවීමසංස්කරණය

සාමණෙරයන් වහන්සේ වදාළ බස් ඇසූ මහකෙල නම් නාග රාජයා එබස් අසමින් ම පර්වතයකින් මඬනා කලක් මෙන් මහත් වූ ශොකයට පැමිණියේ මෙසේ සිතී ය: "අපි මේ ධාතූන් වහන්සේට පූජා සත්කාර කොට මේ තිරිසන් ආත්ම භාවයෙන් මිදි මතු දිව්යට ලොක සම්පත් අනුභව කරම්හ යි සිතුම්හ. මේ සොණුත්තර සාමණෙරයන් වහන්සෙ ද මහත් වූ ඍද්ධ්යාරනු භාව ඇති සේක. එසේ හෙයින් ඉදින් මුන් වහන්සේ මේ ධාතුන් වහන්සේ මේ දැගැබෙහි තුබුවා දුටු සේක් වී නම්, අප අත්මැඩ පියා ඇර ගෙන යන්නට පොහොසත් සේක. එබැවින් මා විසින් මුන් වහන්සේට ධාතූන් වහන්සේ නො දි දා‍ෙගන් ධාතුන් වහන්සේ ඉවත් කොටපුව මැනවැ" යි සිතා තමන් ගේ නාග පර්ෂත් කෙළවර සිටි වාසුලදත්ත නම් තමාගේ බැනකු දැක ඕහට අත්සන් කොට ඔහු ලවා ධාතුන් වහන්සේ සඟවනු කැමැතිව සලකුණු දින. එවේලෙහි වාසුලත්ත නම් වූ ඔහුගේ බෑනා මයිලා කළ සංඥාව දැන දාගෙට ගොස් දාකරඩුව හැර ගෙන ගැලපියා මහාමෙරු පර්වත පාමුලට ගොස් මහත් වූ නාග වෙශයක් මවා ගෙන වැද හොත්තේ ය. හේ කෙසේ ද යත්: සාරසියයක් ගවු වට ඇති එක් දහස් දෙසියයක් ගවු දිග ඇති නොයෙක් දහස් ගණන් පෙණ මවා ගෙන මහත් වූ ඍද්ධි ඇති ඒ නාග රාජ තෙම, මහාමෙරු පර්වත පාර්ශ්වයෙහි විෂ දූමයෙන් ද වහ්නින් ද දිලිසෙන්නා වූ ඒ නාග රාජතෙම දරණ වැල බැඳගෙන රුවන් වැලි මත්තෙහි වැදහෙව තමා හා සදෘශ වූ නොයෙක් දහස් ගණන් සර්පයන් විසින් පිරිවරන ලදුව වැද හොත්තේ ය.


ථුපවංසය 70


එවේලෙහි සර්වඥ පුත්රු වූ ප්ර තිපත්තියට දිවි පුදන්නා වූ අෂ්ටාය්ය් ිල පුද්ගල වූ සොණූත්තර නම් සාමණේරයන් වහන්සේගේ හා මහකෙල නම් නාග රාජයාගේ හා දෙදෙනාගේ යුද්ධයෙහි ජය ගන්නෝ කවුරු දෝ හෝ පරදින්නෝ කවුරුදෝ හො යි බලම්හ” යි බොහෝ දේවතාවෝ ද නාග සුපර්ණයෝ ද එතැන්හි එවේලෙහි රැස්වූහ. ඉක්බිති මහකෙල නම් නාග රාජයා තමාගේ බෑනන් විසින් ධාතුන් වහන්සේ සඟවාපු බව දැන සාමණේරයන් වහන්සේට මෙසේ දැන්විය. “ස්වාමීනි, සා සමීපයෙහි ධාතූන් වහන්සේ නැත. එසේ හෙයින් මේ නාග භවනයෙහි කල් නො යවා වහා ගොස් භික්ෂූන් වහන්සේට මා කී පවත් කියා වදාළ මැනව. එසේ කල මහා සඞ්ඝයා වහන්සේ අනිත් තෙනකින් ධාතූන් වහන්සේ සොයන සේකැ” යි නා රජ සාමණේර යන් වහන්සේට දැන්වී ය.


නාලොව සත් රුවන් දාගැබ හා දාගෙයසංස්කරණය

එබස් ඇසු සාමණේරයන් වහන්සේ තමන් වහන්සේට මහා සංඝයා වහන්සේ කී පරිද්දෙන් ආදියෙහි පටන් ධාතූන් වහන්සේ පරම්පරායෙන් නා රජු සමීපයට ආ නියාව වදාරා “එසේ හෙයින් ධාතූන් වහන්සේ තොප සමීපයෙහි ම ය. කල් නොයවා දෙව” යි වදාළ සේක. එවේලෙහි සාමණේරයන් වහන්සේ වදාළ තෙපුල් ඇසු නාරජ සිතන්නේ “මේ වහන්සේ මහානුභාව ඇතිදෑය. කිසි උපායකින් ධාතූන් වහන්සේ මුන්දෑට නො දී යවා පියන බව සුදුසුය” යි සිතා සාමණේරයන් වහන්සේ කැඳවා ගෙන දාගෙට ගොස් ඒ දාගෙයි සත් රුවන් දාගබ ද එසේ ම සත් රුවනින් විසිතුරු වූ දා‍ගෙය ද නා රජ සාමණේරයන් වහන්සේට පෑයේ ය.

ඒ දාගෙයි වර්ණනාව මහාවංශයෙහි කියන ලද මැයි. හේ කෙසේ ද යත්: අනේක ප්ර කාර වූ රුවනින් මනා කොට කරවන ලද්දා වූ දාගෙය ද එසේ හෙයින් ම විසිතුරු කොට බඳවන ලද්දා වූ දාගබ ද බැලුව මැනැවයි සාමණේරයන් වහන්සේට පෑ නැවත නා රජ සාමණේරයන් වහන්සේ කැඳවා ගෙන දාගෙන් මෑතට අවුත් සඳකඩ පහණ පබළුමය පියුම මතුයෙහි සිට “ස්වාමීනි, මේ දාගබට ද මේ දාගෙට ද මිල වදාළ මැනව” යි දැන්වීය. එලෙස වදාරා නැවත වදාරන සේක් “එකානුසියයක් යොදුන් ලඞ්කාද්වීපයෙහි සියලු රත්නයෝ තොපගේ මේ දාගෙට මැඩ ගෙන වදනා මේ සඳකඩ පාණටත් නො හඟනේ ය” වදාළ සේක.

එ බස් ඇසූ නා රජ “එසේ කල ස්වාමීනි, මෙසේ මහත් වූ පූජා සත්කාර ඇති තෙනින් ස්වල්ප වූ පූජා ඇති තෙනට ධාතු ගෙන යාම යුක්ත නො වෙයි” දැන්වී ය. එසේ කී නා රජුට නැවත සාමණේරයන් වහන්සේ වදාරන සේක්, “දේවයෙනි, සම්යාක් සම්බුද්ධයන් වහන්සේ නම් සද්ධර්මය ම


ථූපවංසය 71


ගරු කොට වසන බව මුත් ආමිසය ගරු කොට නො වයන සේක. එසේ හෙයින් තෙපි මෙවිචරක් තබා සක්වළ පමණ සා සත් රුවන් ගෙයක් මවා ඒ ගෙය සත් රුවනින පුරා ධාතූන් වහන්සේට තෙපි පූජා කොට පරිහරණය කරන්නාහු වී නමුත් ධර්මාභියොගයක් කොට ගන්ට අසමර්ථ ය" යි වදාළ සේක. ඉක්බිති සාමණෙරයන් වහන්සේ නා රජුට වදාරන සේක්, "දුටු ගැමුණු මහ රජ අද ම ධාතු නිධාන කරවන්නේ ය. එසේ හෙයන් තෙපි මට නො ලස් කොට වහා ධාතූන් වහන්සේ දෙව" යි වදාළ සේක. මෙසේ සාමණෙරයන් වහන්සේ වදාළ බසට නා රජ පසු නො බැස තමාගේ බෑනා විසින් ධාතූන් වහන්සේ සඟවාපියන ලදැයි සිතා සාමණෙරයන් වහන්සේට මෙසේ දැන්වී ය: "ස්වාමිනි, මේ මාගේ දාගබෙහි ධාතූන් වහන්ස් ඇති බවත් නැති බවත් නො දන්නා සේක්, "දෙවයෙනි, මට ධාතූන් වහන්සේ දෙව" යි වදාරන සේක. මම නැතැයි කියමි. එසේ හෙයින් මෙසේ දොඩා කම් කිම් ද? ඉදින් ධාතූන් වහන්සේ දුටු සේක් වී නම් හැර ගෙන වැඩිය මැනවැ" යි දැන්වී ය.


හෙරණපාණන් ඍද්ධි බලයෙන් දාකරඬුව ගැනීසංස්කරණය

එවේලෙහි නාග රජු කී බස් ඇසූ සාමණෙරයන් වහන්සේ ඒ නාග රාජයා අභිමුඛයෙහි වැඩ සිටි සේක් සූක්ෂම වූ අතක් මවා එකෙණෙහිම මෙර පාමුල නා කැලන් පිරිවරා වැද හොත් ඔහුගේ බෑනාගේ මුඛයට අත පොවා වදාරා දාකරඬුව හැරගෙන වදාරන සේක් නා රජ, අප ආ කාරිය සිද්ධ විය. තෙපි සිටුවයි වදාරා සියුම් වූ මකුළු හුයක් යටි පටින් දා උඩු පිටින් කළුවන් පෑ නොවන තෙන් පොළොව කිම්ද ගෙන අවුත් තමන් වහන්සේ වැඩ හිඳිනා පුදපිරිවෙන පෙනුණු සේක.

ඉක්බිති එදවස් සාමණෙරයන් වහන්සේගේ හා නා රජුගේ හා දෙදෙනා ගේ යුද්ධ බලම්හයි රැස් වූ දෙවතාවන් හා නාග පර්ෂද් හා සාමණෙරයන් වහන්සේ ජය ගත් බව දැක සතුටු වූ දෙවතාවෝ ධාතූන් වහන්සේට පූජා සත්කාර කරන්නාහු සාමණෙරයන් වහන්සේ හා සමග අවුත් විහාරයට ම වන්හ. ඉක්බිති මහකෙල නාග රාජයා ද සාමණෙරයන් වහන්සේ වැඩපු වේලෙහි "සාමණෙරයන් වහන්සේ වඤ්චා කොට යවාපීම් යි සතුටු වූයේ ළඟ සිටියවුන් බණවා කියන්නේ "වහා ධාතූන් වහන්සේ දාගෙට වඩනා නියායෙන් හැරගෙන එන්නේ ය" යි බෑනා සමීපයට මෙහෙවර කරන්නන් යවී ය. එවේලෙහි වාසුලදත්ත නම් නාග රාජයා ද තමා බඩ තුබූ දාකරඬුව නො දැක හිස තුබූ අතින් හඬමින් අවුත් මයිලා පාපට හි තමා බඩින් දාකරඬුව හැර ගත් බව මයිලාට දැන්වී ය. එවේලෙහි බෑනා කී තෙපුල් ඇසූ නා රජ ද "අපි වඤ්චා කරම්හ යි සිතුම්හ. මේ බව නො දත්තම්හ" යි හැඬීය. ඔහුගේ හඬ අසා සියලු නයි ම රැස් වුවාහු ධාතූන් වහන්සේට කළ සොකයෙන්


72 ථූපවංසය


හැඬු ය.ඉක්බිති නාග භවනයෙහි සියලු නයි රැස්ව හිසකේ මුදා පිට මැද හෙළා ගෙන දෑතින් ළය වහල් කොට ගෙන නිල් මහනෙල් මල් හා සදෘශ වූ ඇස්වලින් තමන්ගේ සොක විරුවන්නවුන් මෙන් දෑස්වලින් හුණු කඳුළු ධාරාවන් වගුරුවන්නාහු නාග භවනයෙන් අවුත් සොණුත්තර සාමණෙර යන් වහන්සේ පුදපිරිවෙනට රැස්ව හඬන්නාහු මෙසේ කියා හැඬු ය.


කෙසේ ද යත්:


නාගයන් හඬාවැලපීමසංස්කරණය

සියලු සත්වයන් කෙරෙහි පතළ කරුණායෙහි මුල් බවට පැමිණි සර්වඥ පුත්රියන් වහන්ස, මේ සසර දුක් දැඩි වූයේ මිනිසුන්ට ම ද? නිවන් මිහිරි වූයේ මිනිසුන්ට ම ද? බුදු වූ ස්වාමිදරුවාණන් පාරමිතා පුරා බුදු වූයේ මිනිසුන්ට ම ද? ඒ සදහම් අමා වූයේ මිනිසුන්ට ම ද? ඒ සඟුරුවන් දුක් දොම්නස් නැති කරන්නේ මිනිසුන්ගේ ම ද? ඒ ස්වාමිදරු වූ බුදු රජාණන් වහන්සේගේ ශරීරයෙන් විසිරුණු ශරීර ධාතුන් වහන්සේ අප විෂඝොර විසින් අප ඇසට හලාහල වී ද? මිනිසුන් ඇසට කර්පූර සලාක වී ද? ඒ ස්වාමි දරුවන්ගෙ රූපශ්රීන මිහිරි වූයේ මිනිසුන්ට ම ද? ස්වාමිදරුවාණන්ගේ ධාතු වැඳ පිදු පමණින් සතර අපායෙහි අකුල් හෙළා නිවන් මහවත් රජ මහවත් වන්නේ මිනිසුන්ට ම ද? ඇයි, අපිත් සසර නො සිටියමෝ ද? මිනිසුන්ගේ දුක් පහ කරම්හ යි බුදු වූ බව මුත් නා ලොව ඇත්තන්ගේ දුක් පහ කරම්හ යි නො සිතූ සේක ද? මෙසේ ම අපට තද වන්ට මුළු ලොව පැතිරි ඒ බුදුන්ගේ කරුණාව අප විෂඝොර හෙයින් ඇකිළි අප කරා නො වන්නේ ද? නැවත බුදු වන්ට වඩනා ස්වාමි දරුවාණන් වළඳ හළ පාත්ර්ය ගහට හළ කල උඩුගං බලා අසූ අතක් ගොස් සළාවැටුමෙක්හි වන්නේ අප කුලයෙහි එකක්හුගේ භවනයට නො වේ ද? ප්ර්ථම බොධියෙහි සත් දවසක් වස්නා මහ වැස්සෙහි රිදි උළින් බැඳි ආසනයක් මෙන් දරණවැල් ගැබ හිඳුවාගෙන ගඳකිළි කොට වඩා හිඳුවූයේ අප කුලෙහි නයෙක් නොවේ ද? බුදු වන මඟුලෙහිදි දහසක් තුඩු මවා ගෙන ස්වාමි දරුවන්ට වන්දි භට්ටයකු සේ ස්තුති ඝොෂා කෙළේ අප කුලෙහි ගැත්තෙක් නො වේ ද? එසේ හෙයින් ස්වාමි දරුවාණන්ට මේ හිමිකම් බිණීමෙහි අපිත් අවශ්ය්යෙන් ම ගැත්තම්හ. එසේ හෙයින් අපට අනුග්ර්හ කොට වදාළ මැනව. නුඹ වහන්සේ ධාතුන් වහන්සේ හැර ගෙන හීමෙන් පිඩාවට පැමිණියම්හ යි සඟමැද අනෙක කාරණ කියා ඒ නයි මේ සැටියේ හැඬූ ය. මෙසේ ඒ නයි හඬා නැවත භික්ෂූ සංඝයා වහන්සේට මෙසේ දැන්වූ ය.

"ස්වාමිනි, අප විසින් කිසි කෙනකුන්ට පීඩාවක් නො කොට අපගේ කුසලානුභාවයෙන් මේ ධාතූන් වහන්සේ ලැබ බොහෝ කලක් පරිහරණය


ථූපවංසය 73


කළ ධාතුන් වහන්සේ කුමක් පිණිස අපට කිසි ධාතු සිඟිත්තකුත් නො දි, නිරවශෙපයෙන් ගෙන්වා වදාළ සේක් ද? අපගේ ස්වර්ග මොක්ෂ දෙකට කුමක් පිණිස බාධා කොට වදාළ සේක් ද" යි යනාදීන් මෙලෙස ඒ නයි මුනි දරුවන් සිත පෙම් වඩා බැගෑපත් ව හැඬු ය. මෙසේ ඒ නයි හැඬූ පසු, මහා සංඝයා වහන්සේ ඒ නයින් කෙරෙහි කරන ලද අනුග්රදහයෙන් ඒ නයින්ට මඳ යම්තම් ධාතු කෙනකුන් වහන්සේ දෙවා වදාළ සේක. එවේලෙහි ඒ නයි ධාතූන් වහන්සේ ලැබ සතුටු වූවාහු තමන්ගේ නාග භවනයට ගොස් පූජා භාණ්ඩ ගෙනවුත් තමන් ලද ධාතූන් වහන්සේට මහත් වු පූජා සත්කාර කොට නාග භවනයට ගෙන ගොස් දාගෙට ධාතූන් වහන්සේ වැඩුවාහු ය.


දෙවියන්ගේ පුද සත්කාරසංස්කරණය

ඉක්බිති ශක්ර්දේවේන්ද්රම තෙමේ විශ්වකර්ම දිව්යු පුත්ර්යා කැඳවා "දරුව, තෙපි ගොස් සාමණෙරයන් වහන්සේ ධාතුන් වහන්සේ ගෙන පොළොව පළා ගෙන නැඟි තෙන සත්රුවන් මණ්ඩපයක් මවව" යි සම්මත කෙළේ ය. එබස් ඇසූ විශ්වකර්ම දිව්යද පුත්රටයා ඒ ක්ෂණයෙහි එතැන සත්රුවන් මණ්ඩපයක් මැවී ය. ඉක්බිති සක්දෙව් රජ දෙදෙව්ලොව දෙවතාවන් විසින් පිරිවරන ලදුව රුවන් ආසනයක් ද රන් කරඬුවක් ද ගෙනහැර ඒ විශ්වකර්ම දිව්යෙ පුත්ර්යා විසින් මවන ලද සත්රුවන් මණ්ඩපයෙහි රුවන් ආසනය ද ඊපිට රන් කරඩුව ද තබා සාමණෙරයන් වහන්සේ අතින් දාකරඩුව ගෙන පළමු කියන ලද රත්න පය්ය්තබාඞ්කායෙහි පිහිටවී ය. එවේලෙහි මහා බ්රිහ්මයා දොළොස් ගවු වට ඇති අටසාළිස් ගවු උස ඇති ධවලච්ඡත්ර.ය ඒ ධාතුන් වහන්සේ මුදුනට ධැරී ය. සන්තුපිත දිව්යා පුත්රහයා වල්විදුනා ගෙන සිටියේ ය. සුයාම දිව්යට පුත්රීයා මැණික් තල්වැට ගෙන සටියේ ය. සක්දෙව් රජ එක්සිය විසි රියන් ජයතුරා සක පිඹ පිඹ සිටියේ ය. ඉක්බිති සතර වරම් රජ දරුවෝ සතර දෙන කඩු ගත් අත් ඇතිව, "ඒ ධාතූන් වහන්සේට සතුරු කෙනකුන් වැද්ද නො දෙම්හ" යි දෙලක්ෂ අසූ දහසක් යක්ෂයන් හා අටවිසි යක් සෙනෙවියන් හා පිරිවරා අවුත් ඒ ධාතූන් වහන්සේට රැකවල් ගෙන සිටියාහ. මහත් වූ ඍද්ධ්යා නුභාව ඇති දෙතින් දිව්යා පුත්රහයෝ රන් කරඩු ගත් අත් ඇතිව පර සතු මදාරා මලින් පුදන්නාහු එතැන්හි සිටියාහ. නැවත දෙතිස් දිව්යක කුමාරි කාවරු ද දඬුවැට පහන් ගෙන සිටියාහ. පංචශිඛ දිව්යෙ පුත්රකයෝ ද තුන්ගවු දිග ඇති බෙළුවපණ්ඩු විණායෙහි සත් තතක් නඟා සරහා දසදහස් නවසිනය එකානු හඬෙකින් මුළු ලොව කර්ණාමෘත කෙරෙමින් ඒ ධාතුන් වහන්සේට පූජා කෙරෙමින් වැඳ වැඳ සිටියෝ ය.

නැවත තිම්බරු නම් ගන්ධර්ව දිව්යස රාජයා ද රඟ මඬලක් මවා ගෙන ඒ ධාතූන් වහන්සේට අනෙක විධ වූ හෙරි නාදයෙන් පූජා කෙරෙමින් වැඳ වැඳ සිටියේ ය. නැවත එකි එකී කුට්ටමකට අටසැට දහසක් බෙර හා ගී


74 ථූපවංසය


කියන දෙවිදුන් දස දහසක් සහිත වූ බෙර කුට්ටම් පනස් දහසෙක් බුදු ගුණ කිය කියා ඒ ධාතූන් වහන්සේ අභිමුඛයෙහි බෙර ගසන්නට පටන් ගත්හ. තුන් ලක්ෂ විසි දහසක් දිව්යධ කුමාරවරුන් හා එපමණ දිව්ය් කුමාරිකාවරු හා දඬුවැට පහන් ගෙන සිටියාහ. නැවත අනන්තාපරිමාණ දෙවියෝ ඒ ධාතූන් වහන්සේ පැදකුණු කොට අතින් අත් බැඳ කරින් කර වැලඳ දිවන්නා වූ බුදුගුණ කිය කියා තුනුරුවන් අරභයා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ද සවනක් ඝන බුදුරැස් ද පන්සිය පනස් ජාතකයන් ද චුද්දස බුද්ධ ඥානයන් ද නව අරහාදි බුදුගුණ ද කිය කියා ඒ ඒ සන්ධියෙහිදී ඔවුනොවුන්ට, "සබඳිනි, සබඳිනි" යි කියමින් මේ සැටියේ ඒ දෙවියෝ ධාතූන් වහන්සේට පූජා කළාහ. මහ කෙල නම් නාග රාජයා ද අනෙක ප්රෙකාරයෙන් ස්තුති ඝොෂා පවත්වමින් අසූකෙළ දහසක් නාග මාණවිකාවන් පිරිවරා ඒ ධාතුන්වහන්සේට වැඳ වැඳ සිටියේ ය.

නැවත අනන්තාපරිමාණ දෙවතාවෝ ඒ ධාතූන් වහන්සේ පිරිවරා ගෙන සත්රුවන් කාහල පිම්බාහු ය. ඒ කාහල කුමක් කියා පිම්බෝ ද යත්: "සමන්තභද්රණ වූ ශාක්යතසිංහ වූ පරදුඃඛ දුඃඛිත වූ සද්ධර්ම ගංගා ප්රචවාහ වූ හෘදයානන්දකර අශරණශරණ ශරණගත වජ්රිපඤ්ඡර ත්රි භුවනවන්ද්යාෝභීමාන වන්ද්යව දෙවාතිදේව ශක්රිතිශක්රු බ්රහහ්මාබ්ර‍හ්ම" යනාදී වූ විරිදු කියා ඒ ධාතුන් වහන්සේට ජය කාහල පිම්බාහු ය. ඒ කාහල පිඹි දෙවියෝ කෙතෙක් දෙනා ද යත්: දාවල් ආකාශයෙහි තරු පිපි වැනි ගියේ ය. භූමියෙහි සත් රුවන් ඉපිල වැනි ගියේ ය. සාගරයෙහි මත්ස්යතයෝ දිය පිට ඉපිල කන් පත් වරල් පත් නො සොල්වා ඒ ධාතූන් වහන්සේගේ ප්රා‍තිහාය්ය්හල බලන්ට සැරහි දිය පිට වැද හොත්තාහ.

"https://si.wikibooks.org/w/index.php?title=ථූපවංසය_-_ii&oldid=5596" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි