ප්‍රස්තාවනාව ථූපයන්ගේ වංසය , හෙවත් පැරණි ඉතිහාසය ගැබ් වූ පරම්පරා කථාව , “ථූප වංස” නම්. ගෞතම බුදු රජුන්ගේ ධාතූන් නිදන් කොට ඉදි කරන ලද ථූප හෙවත් දාගප් දහයක් පිළිබඳ තො‍රතුරු ද පූර්ව බුදුවරයන් වහන්සේලාගේ ධාතුන් හෝ දාගැප් පිළිබඳ තොරතුරු ද ථූපවංසයෙහි සඳහන් වන නමුත්, එහි ප්රරධාන කොට ම සවිස්තරව දක්වනු ලබන්නේ මහා ථුපය යයි කියනු ලබන රුවන් වැලි මස සෑයේ ඉතිහාස කථාව හෙයින් ‘මහා ස්තූපයාගේ වංශය’ය යන අර්ථයෙන් ථූපවංස යන නාමය විය. ග්රථන්ථය ආරම්භයෙහි ම දක්නා, ඒ බුදුරජාණන් වහන්සේගේ තිඹක් පමණ ධාතුන් වහන්සේ නිධාන කළ නොයෙක් රත්නයෙන් උප්ජ්චලිත වූ රත්නමාලි නම් චෛත්යනය වර්ණනා කෙරෙමි. මා කියන ඒ රුවන්වැලි දාගැබ් වර්ණනාව සත්පුරුෂයන් විසින් සාවධානව අවික්ෂිප්තව මා දාසවට කන් නමා ඇසුව මැනවි’ යන පාඨයෙන් ම මෙම ග්රාන්ථය කිරීමේදී කර්තෘහු ගේ ප්රැධාන බලාපොරොත්තුව වූයේ රුවන්වැලි මහ සෑය ම වර්ණනා කිරීම බැව් පැහැදිලි වේ. ජාතක කථා වස්තුවක්. එසේ නැතහොත් අන් කිසි චරිතාපදානයක් වස්තු කොට ගෙන මහා කාව්යියක් රචනා කරන කිවියකු මෙන් ථූපවංස කර්තෘහුද රුවන්වැලි සෑයේ ප්රරවෘත්තිය මුඛ්යථ වස්තු කොට ගෙන ස්වකීය කෘතිය ධර්මර ග්රතන්ථයක් බවට පමුණුවා ලූහ. එසේ කර ලීමෙහිදී ථූප වංසය පහත සඳහන් කරුණුවලින් සමන්විත කොට ති‍බේ. සූවිසි විවරණ කථා බුද්ධ චරිතය, සම්බුද්ධ පරිනිර්වාණය හා ධාතු පූජා කථා, බුදුන්ගේ ශරීර ධාතුන් නිදන් කොට කළ දාගැප් අට හා අඟුරු වඩා කළ දාගැබ හා ධාතු ‍බෙදු නැළිය වඩා කළ දාගැබ දැයි යන දඹදිව පිහිටි දස ථූපයන් පිළිබඳ කථා, ධාතුන් වහන්සේට තීථිකයන්ගෙන් වන උපද්රිව බලා අජාසත් රජ්ජුරුවන් විසින් කරවන ලද ධාතු නිධානයේ කථාව, ධර්මාාශෝක චරිතය, දෙවනපෑතිස් රජු දවස ලක්දිව බුදු සසුන් පිහිටුවීම, ථූපාරාම කථා, බොධීන් වහන්සේ වැඩමවීම, සැදැහැති දෙවන පෑතිස් රජු ලක්දිව මුළුල්ලෙහි යොදුනක් යොදුනක් පාසා දාගැප් බැඳවීම, හා අනතුරුව මෙම මුද්රිුත කොටසෙහි ඇතුළත් වන දුටු ගැමුණු චරිතය සහ රුවන්මැලි මහ සෑයෙහි කර්මාින්ත ද යන මොවුහුයි.


ග්රඅන්ථය අවසානයෙහි දක්නා පාඨයෙහි සිංහල ථුපවංසය ‘සකල විද්යාණ චක්රනවර්ති පරාක්රහම පණ්ඩිතයන්’ විසින් කරන ලද බැව් සඳහන් වේ. ඔහු කවරේ ද, කවර සමයයෙක්හි විසුවේ ද යනු විසඳිය යුතු ප්රයශ්නයෝයි. 1889 වෙනි වර්ෂයෙහිදී ථූපවංස සංස්කරණයක් කළ වැලිවිටියේ ධම්ම රතන ස්ථවිරයන් වහන්සේ ථූපවංශය චක්රසවර්ති පරාක්රවම පණ්ඩිතයන් විසින් 12 වෙනි ශත වර්ෂයේ මැද භාගය පමණේ දී කරන ලද බවත්, එහි කර්තෘහු සමකාලීන වූ සූරපාද, ධර්මකීර්තිපාද වැනි පඬිවරයන්ට සමාන කීර්තියක්

ඉසුළූ  බවත්, මහා පරාක්රතමබාහු  රජතුමන්ගේ බෑනණූ කෙ‍නකුන් වූ එම ථූපවංස කර්තෘ මයිලණුවන්ගේ ඇවෑමෙන් පසු විජයබාහු යන නාමයෙන් ලංකා රාජ්යියට පැමිණ පොළොන්නරුවෙහි සිට අවුරුද්දක් රාජ්යානනුශාසනා කළ බවත් කියත්.

මහා බ්රිකතාන්යේයේ රාජකීය ආසියාතික සමාගමේ සඟරාවෙහි ථූපවංසය පිළිබඳ විස්තරයක් කරන මහාචාර්ය වික්රයමසිංහ මහතා ධම්මරතන හිමියන්ගේ මතයට විරුද්ධව කරුණු දක්වමින් පරාක්රසමබාහු රජුගේ බෑනණුවන් සිංහාසනාරූඪ වීමට පෙර චක්රවවර්ති පරාක්රහමබාහු යන නාමයෙන් විසූ බව ‍මේතාක් දන්නා කිසි ම ඓතිහාසික ග්ර න්ථයක සඳහන් වී නොමැති බවත්, එම බෑනා ‘ව්ය්ක්ත වූ පඬිවරයකු හා ප්රයසිද්ධ කිවිවරයෙක්’ ය යි මහාවංසයෙහි දක්නා ප්රාවෘත්තිය හැර, රජුගේ බෑනාත් විද්යා් චක්රාවර්ති පරාක්ර මබාහු තෙමේත් එක ම තැනැත්තා ය යි කීමට අන්ය, කිසිම සාක්ෂියක් නොමැති බවත්, ථූපවංසයේ භාෂාවෙහි හා මහා පරාක්රයමබාහු රජතුමන්ගේත් 11 වෙනි 12 වෙනි ශතවර්ෂයන්ට අයත් අනික් රජුන්ගෙත් සෙල්ලිපිවල භාෂාවෙහි හා මහත් වෙනසක් පෙනෙන බවත්, රචනා විලාසය හා වාක් ප්රෙයෝග අතින් ද ථූපවංසයේ භාෂාව ගුරුළුගෝමීන්ගේ අමාවතුරට හා ධර්මප්‍රදීපිකාවට වඩා 13 වෙනි 14 වෙනි ශතවර්ෂයන්ට අයත් පූජාවලිය, එළු බොධිවංශය වැනි පොත්වල භාෂාවට අතිශයින් සමාන බවත් ප්රනකාශ කරයි. වාචිස්සර මාහිමියන් විසින් රචිත පාලි ථූපවංසය හා සිංහල ථූපවංසය ද පිළිබඳ තුලනාත්මක විවේචනයක් කරන මහාචාර්ය ගයිගර් පඬිතුමා වික්රඳමසිංහයන්ගේ පූර්වොක්ත අදහස් අනුමත කොට විජයබාහු රජ සිංහාසනාරූඪ වීමට පෙර පරාක්රකමබාහුය යන නමින් සිටි බව කිසි තැනෙකත් සඳහන් වී නොමැති බැව් තරයේ ප්රතකාශ කරයි. බුත්සරණෙහි ප්රිශස්ත සංස්කරණයක් කළ පණ්ඩිත වැලිවිටියේ සෝරත හිමිපාණෝ එම ග්ර්න්ථයේ ප්රබස්තාවනාවෙහි බුත්සරණත් ථූපවංසයත් එක කර්තෘක කෘතීන් බව තරයේ කියාපාමින් මෙසේ පවසත්. ii


එනම් බුත්සරණෙහි “මේ ග්රරන්ථයාගේ කර්තෘ විද්යා චක්රතවර්ති නම් පඬිවරයෙකි. මෙතුමන් විසින් කරන ලද තවත් ග්රගන්ථයෙක් නම් ථූපවංසය යි. එහි මෙතුමන්ගේ සම්පූර්ණ නාමය වූ ‘සකල විද්යාූ චක්රාවර්ති පරාක්ර ම පණ්ඩිත’ යන නම දක්වන ලදී. ඇතැම්හු ‘සකල විද්යාූ චක්රාවර්ති’ යනු උපාධියක් ලෙස බෙදා ‘පරාක්රමම පණ්ඩිත’ යනු නියම නාමය වශයෙන් යෙදු නිසා ද ‘පරාක්රරම පණ්ඩිත’ නාමයෙන් ම ඒ පඬිවරයාගේ නාමය නිකාය සංග්ර හයෙහි සඳහන් වන නිසා ද ඒ මෙම විද්යා චක්රගවර්ති යැ යි සිතිමට කරුණු නැත්තේ ය” යනු යෙමින් මේ දෙපොත දෙදෙනෙකුන්ගේ කෘති යැ යි කියති. පැරැණි නිකාය සංග්ර හයෙහි හුදු පරාක්ර ම පණ්ඩිත නාමය නො‍ෙපනේ. එහි පෙනෙන්නේ ‘ආගම චක්රිවර්ති පරාක්ර ම පණ්ඩිත’ යන නාමය යි. සමහර විට ‘සකල විද්යාම චක්රහවර්ති පරාක්රමම පණ්ඩිත’ යනු හා ‘ආගම චක්රේවර්ති පරාක්රනම පණ්ඩිත’ යනු ද එක ම ආචාර්යවරයකුගේ නාම යැ යි සිතිය හැකි වුවත්, ධර්ම පරිච්ඡෙදය නම් ග්රඑන්ථය ආගම චක්රාවර්ති පඬිවරයාගේ කෘතියෙකැ යි ප්රපසිද්ධ හෙයින් හා ආගම චක්ර වර්ති පරාක්රිම පණ්ඩිත නම් ඇඳුරකුගේ කෘතියක් නැති හෙයිනුත් එකී නිකාය සංග්රකහ පාඨය අසම්පූර්ණ යැ යි කිය හැකි වේ. ‘ආගම චක්රඑවර්ති යැ, විද්යාම චක්රමවර්ති පරාක්ර ම පණ්ඩිතයැ’ යි තුබූ තන්හි ‘විද්යාෙ චක්රරවර්ති” නාමය අභාවයට යෑමෙන් යථොක්ත පාඨය පමණක් ‍ෙශෂවූ බව සිතිය හැක. තවද පුරාතනයන් සමහර විට උපාධි නාමය ම මුඛ්යත වශයෙන් යෙදු බවට නිදසුනක් වශයෙන් දළදා සිරිත කතුවරයා ‘දෙව් රද දම් පසඟිනාවන්’ යී හඳුන්වනු ලැබීම ද ධම්පියා අටුවා ගැටපදය කළ පණ්ඩිත කසුප් මහ රජතුමා ‘දෙබියෙවැ ජා අභාසලමෙවන් මහ රජහු’ යි සිය විරුද නාමයෙන් හඳුන්වනු ලැබීම ද සඳහන් කරන සෝරත හිමියෝ ථූපවංසයෙහි බොහෝ තන්හි බුත්සරණෙන් පාඨ උපුටා ගෙන තිබීම ද පෙන්නා දේ පොත ම එක කතුවරයකුගේ කෘති බවට බලවත් සාධක කොට දක්වති. සිංහල ථූපවංසයේ කාලය නිශ්චය කිරීමට පෙර පාලි ථූපවංසය කවර කාලයෙකදී කරන ලද්දක් ද එය සිංහල ථූපවංසයට වඩා පැරණි ද මෑත දැයි යනු පරීක්ෂා කට යුතුයි. පාලි ථූපවංසය අවසානයෙහි එය පරාක්රිමබාහු රජුගේ ධර්මාගාරයෙහි නියුක්ත වූ ත්රිාපිටක පාරප්රා ප්ත වාචිස්සර ස්ථවිරපාදයන් විසින් විරචිත බැව් කියෑවේ. “පරක්කම නරින්දස්ස සබ්බභූපාල කෙතුනො ධම්මාගාරෙ නියුත්තො යො පිටකත්තයපාරගො ........................................................................ තෙන වාවිස්සරතේථරපාදෙන ලිඛිතො අයං” ති iii පාලි ථූපවංසය, ආරම්භයෙහි, එම ග්ර.න්ථය කිරීමට කලින් ද සිංහලයෙන් ලියනලද ථූපවංසයක් හා පාලියෙන් ලියන ලද ථූපවංසයක් ද තුබුණු බවත්, සිංහල ථූපවංසය ලංකාවාසීන්ට පමණක් ප්රදයෝජනවත් හෙයිනුත්, පාලි ථූපවංසය නොයෙක් දෝෂයන්ගෙන් ගහන හෙයිනුත් විස්තර කටයුතු බොහෝ දෑ එහි විස්තර වී නොමැති හෙයිනුත් තමන් වහන්සේත් නැවත ථූප වංසයක් කරන බවත් ප්රවකාශ කොට තිබේ. පාලි ථූපවංසය රචනා කළ වාචිස්සර තෙරුන් වහන්සේ වනාහි තුන්වෙනි විජයබාහු රජු දවස (1236-1240) වැඩ විසූ සංඝ පිතෘවරයකු බවත්, උන්වහන්සේ විජයබාහු රජුගෙන් පසුව ලංකා රාජ්ය යට පත් දෙවෙනි පැරකුම්බා මහ රජුන්ගේ රාජ්යහ සමයෙහිත් (1240-1275) වැඩ වසන්ට ඇති බවත් පඬිවරුන්ගේ පිළිගැන්මයි. එවිට වාවිස්සර තෙරණුවන් නියුක්තව සිටියේ දෙවෙනි පැරකුම්බා මහරජුන්ගේ ධර්මාගාරයෙහි විය යුතුයි. මෙසේ පාලි ථූපවංසය අවසානයෙහි එන ප්‍රවෘත්තිය ද සැස‍ඳෙයි. පාලි ථූපවංසය රචනා කිරීමට කලින් තිබුණා යයි සඳහන් අනික් පාලි ග්රින්ථය මහාවංස ටීකාවෙහි නම් කරන චේතියවංසට්ඨ කථාව විය හැකි ය යනු ගයිගර් මහතුන්ගේ පිළිගැනීමයි. කලින් පැවතුණා ය යි සඳහන් සිංහල ථූපවංසය අප අතට පත්ව තිබෙන මෙම කෘතිය යයි සමහරු කියතත්, මෙම ථූපවංසය හා පාලි ථූපවංසය ද සුපරීක්ෂ්ය කාරී වැ බලන කවරකුට වුවත් මෙම සිංහල ථූපවංසය පාලි ථූපවංසයෙන් පසුව කරන ලද්දක් බැව් පෙනී යයි. ගයිගර් මහතා ද එම පොත් දෙක ම තුලනාත්මකව පරීක්ෂා කොට සිංහල ථූපවංසයේ භාෂාව අමාවතුර ආදී ග්රලන්ථයන්ගේ භාෂාවට වඩා 13 වෙනි 14 වෙනි ශතවර්ෂයන්ට අයත් කෘතීන්හි භාෂාවට අතිශයින් සමාන බවත්, පාලි මහා බොධිවංසය ම වැඩි දුරටත් විස්තර කොට එළු බොධි වංශය කළාක් මෙන්, පාලි ථූපවංසය ම තව දුරටත් විශාල කිරීමෙන් මෙම සිංහල ථූපවංසය කොට තිබෙන බවත් ප්රලකාශ කරයි. බුද්ධඝොෂාචාරීන්ගේ සමයයෙහි පටන් බුද්ධ වර්ෂ 1809 (ක්රිපස්තු වර්ෂ 1266) දක්වා පහළ වූ ගිහි පැවිදි පඬිවරුන්ගේ නම් සඳහන් කරන රාජ රත්නාකර පාඨයෙක, (46 වෙනි පිටෙහි) ‘කවිරාජසේකර ය ගුරුළුගෝමි ය ආගම චක්රපවර්ති ය පරාක්රහම පණ්ඩිතය යන බොහෝ පණ්ඩිතවරු නොයෙක් ටීකාර්ථ කථා හා ..... අනෙකප්රිකාර ධර්ම ප්ර්බන්ධ හා සන්න ගැටපද පිටපත් ආදීය උපදවා බුදුන්ගේ පර්යාප්ති ශාසනය බැබළවූහ’ යි කියැවේ. මේ නයින් කල්පනා කර බලන විට පරාක්රපම පණ්ඩිතයන් ක්රිධ.ව. 1266 ට පෙර විසිය යුතු හෙයින් සිංහල ථූපවංසය පාලි මහාබොධි වංශය සංග්රතහ කොට වැඩි කලක් යන්ට මත්තෙන් 13 වෙනි ශත වර්ෂය තුළ දීම රචනා කරන ලද්දක් විය යුතුයි. ක්රි .ව. 1250 ටත් 1260 ටත් අතර ථූපවංසය රචිතය යනු ගයිගර් මහතුන්ගේ නිගමනයයි. iv


මෙම ථූපවංසය රචනා කිරීමෙහිදී පාලි ථූපවංසයට පවා කලින් තිබුණා යයි සඳහන් සිංහල ථූපවංසය ද, චෙතියවංසට්ඨ කථාව වේවා, අන්කිසි ග්ර න්ථයක් වේවා, පාලියෙන් තුබුණා ය යි කී ථූපවංසය ද නිසැකින් ම ආශ්රනය

  කරන්නට ඇත. සිංහල ථූපවංසය බෙහෙවින් ම
පාලි ථූපවංසයෙහි ක්රාමය අනුව ගොස් තිබෙන
හෙයින් ද, එය ඉහත සඳහන් හේතූන් නිසා පාලි
ථූපවංසයට මෑත ය යි කිව යුතු හෙයින් ද වාචිස්සර ස්ථවිර පාදයන්ගේ පාලි ථූපවංසය ද ගුරු කොට ගන්නට ඇත. ථුපවංසයේ මුල කොටසෙහි දක්නා සූවිසි විවරණ හා බුද්ධචරිතය ආදීය පිළිබඳ විස්තර දැක්වීමෙහිදී ජාතක නිදාන කථාව, සමන්තපාසාදිකාව, බුද්ධවංස පාලිය හා එම අටුවාව වැනි ග්රෙන්ථ ඇසුරු කොට තිබෙන බැව් පෙනේ.

සම්බුද්ධ පරිනිර්වාණයෙහි පටන් ධාතු විභාගය දක්වා ඇති විස්තරයෙහි (පිටු 55-56) පාලි ථූපවංසයෙහි (පිටු 65-66) හෝ මහාවංසයෙහි (xxx 85-87) නො‍ දක්නා නොයෙක් තොරතුරු මහා පරිනිර්වාණ සූත්ර ය හා එම අටුවාව ආශ්රපයෙන් එකතු කරන ලද ‍සේයි. ධාතුගර්භය ඇතුළෙහි කරවන ලදැයි එන වෙස්සන්තර ජාතකයේ විස්තරය (පිටු 56-59) ‘වෙස්සන්තර ජාතකන්තු විත්ථාරෙන අකාරයි’ (xxx 88) නොහොත් ‘වෙස්සන්තර ජාතකය සවිස්තරව කරවී ය’ යී මහා වංසයෙහි නාම මාත්ර යෙන් සඳහන් වේ. පාලි ථූපවංසයෙහි (පිට 66) ස්වල්ප විස්තරයක් එයි. එහෙත් සිංහල ථූපවංසයෙහි වෙස්සන්තර ජාතක අටුවාව ඇසුරු කොට දීර්ඝ විස්තරයක් කොට තිබේ. මහාවංසයෙහි මිස පාලි ථූපවංසයෙහි හෝ අප දන්නා අන්කිසි පාලි පොතක හෝ නොදක්නා වූ යම් යම් විස්තර විභාග සිංහල ථූපවංසයෙහි එන හෙයිනුත්, 64 පිටෙහි මෙන් කිහිප තැනක ‘එ ද මහාවංසයෙහි කියන ලද මැයි’ යනාදි වශයෙන් මහාවංසය නමින් ම සඳහන් කර තිබෙන හෙයිනුත්, ථූපවංස කර්තෘ මහාවංසය ද ඇසුරු කළ බැව් අවිවාදයෙන් පිළිගත යුත්තකි. එහෙත් කිසි විටෙක මහාවංසයෙහි ම එන ප්රඳවෘත්තියක් කීමෙහිදී යම්කිසි විස්තරයක් මහාවංසයෙහි එන ආකාරයට වෙනස් ලෙසකින් සිංහල ථූප වංසයෙහි දකිනු ලබන බැව් ද, ඇතැම් තන්හි මහාවංසයට මුළුමනින් ම වෙනස් ලෙස යම් යම් ප්ර වෘත්ති දක්වා තිබෙන බැව් ද පෙනේ. දුටුගැමුණු රජුගේ බාල සොහොයුරු වූ තිස්ස කුමාරයා වැඩිමල් සොහොයුරා හා යුද්ධ කොට පැරද පලා ගොස් විහාරයකට වැදුණු බවත් එබැව් දත් ගැමුණු කුමාරයා ආපසු හැරුණු බවත් පසුව භික්ෂුහු කුමරුන් දෙදෙනා ක්ෂමා කරවූ බවත් කෙටියෙන් පාලි ථූපවංසයෙහි (පිට 46) එයි. මේ ප්රෙවෘත්තිය බෙහෙ‍වින් ම මහාවංසයෙහි (xxxiv 38-57) එන පරිදි සිංහල


v ථුප වංසයෙහි (පිටු 18-20) සවිස්තරව දක්නට ලැබේ. මෙම ප්ර්වෘත්තිය ම මීට වෙනස් ලෙස රාජාවලියෙහි පෙනේ. එසේ ම 61 වෙනි පිටේ සිට 63 වෙනි පිටේ මැද දක්වා ඇති භාතිය රජුගේ පින්කම් විස්තරය මහාවංසයෙහි මිස පාලි ථුපවංසයෙහි නොපෙ‍නේ. එහිදු කාරෙසි..... මහාථූපෙ වෙදිකාවෙ’ (xxxiv 39) හෙවත් ‘මහසෑයෙහි පිළිකඩ දෙකක් කරවීය’ යි සඳහන් වන නමුත් සිංහල ථූප වංසයෙහි ඇත්තේ ‘රුවන්වැලි දාගැබ කොත්, කැරැල්ල පටන් දාගැබ වැලිකොන් ද දක්වා පට කඩින් ජවනිකා දෙකක් කරවා’ (පිට 61) යනුයි. නිර්මල හෙවත් නිමිල යෝධයා තමාගේ සූරවීර භාවය නිසා සූරනිර්මල හෙවත් සූරනිමිල යයි ප්රයසිද්ධ වූ බව සිංහල ථූපවංසයෙහි (පිට 11) එයි. එය මහාවංසය (xxxiii 41-44) හා මහාවංස ටීකාව හා සැස‍ඳෙයි. එහෙත් රසවාහිනියෙහි “සුරාය පීත භාවෙන’ස්ස සුරනිම්මලො’ති වොහරිංසු” (පිටු 71-72) යි ද, සද්ධර්මාලංකාරයෙහි ‘විශාල ඔඩමක් රා පූ බැවින් ඕහට සුර නිර්මලයයි ව්යලවහාර කළහ’ (පිට 464) යී ද පෙනේ. දසමහා යෝධයන්ගේ උත්පත්ති කථා ආදී විස්තර (පිටු 7-15) කිසිවක් පාලි ථූපවංසයෙහි දක්නට නොමැතියි. එහිදි ‘තෙසං උප්පත්ති කථා මහා වංසතො ගහෙතබ්බා” හෙවත් “ඔවුන්ගේ උත්පත්ති කථා මහාවංසයෙන් ගතයුත්තාහ” යී කියැවේ. එම විස්තර මහා වංසයෙහි (xxiii) වෙනි පරිච්ඡෙදයෙහි) එන හෙයින්, එයින් ම සිංහල ථූපවංස කර්තෘ එම ප්රතවෘත්ති ගන්ට ඇතැයි සිතිය හැකියි. යෝධයන් පිළිබඳ මෙම විස්තර වෙදෙහ ස්ථවිරයන් විසින් දඹදෙණි සමයෙහිදී ම විරචිත රසවාහිනියෙහි ද සඳහන් හෙයින් එහි මූලාශය වශයෙන් සඳහන් කරනු ලබන මහාවිහාරයෙහි ගුත්තවංක පරිවෙණවාසී රට්ඨපාල ස්ථවිරයන් වහන්සේගේ කෘතිය හෝ මහාවංස ටීකාවෙහි සඳහන් වන සහස්ස වත්ථූ අට්ඨකථාව වැනි ග්රෝන්ථයක් හෝ සිංහල ථූපවංසය කිරීමෙහිදී ඇතැම් විට ඇසුරු කරන්නට ඇතැයි ද සිතිය හැකියි. රසවාහිනී කර්තෘ හෝ එම පරපුරෙහි යම් ආචාරී කෙනකුත් විසින් යෝධයන් පිළිබඳ තොරතුරු මහාවංසයෙන් ම ගන්නා ලද ද යනුත් විමසිය යුත්තකි. සමහර තන්හි පාලි ථූපවංසයෙහි හෝ මහාවංසයෙහි නොමැති විස්තරයක් රසවාහිනි පරපුරට අයත් යම්කිසි පොතකින් උපුටා තිබෙන බැව් පෙනේ. මෙසේ කැලණිතිස්ස රජු රහතුන් වහන්සේ විසින් බිසෝවට රහස් පතක් දෙන ලද්දේ ය යි සැක කොට උන්වහන්සේට හා ලියමන බිම දැමූ පුරුෂයාට ද දඩුවම් කළ සිද්ධිය පිළිබඳව මහාවංසයෙහි එනුයේ කෝපවූ රජු තෙරණුවන් හා ලියුම ගෙන ගිය පුරුෂයාත් මරවා මුහුදට දැමූ බවත් ඉන් කෝපයට පත් දේවතාවුන් මුහුද ගලන්නට සැලසූ බවත් පමණකි.

vi

(xxii 19-20). මහාවංස ටීකාවෙහි ද ඒ පිළිබඳ වැඩි විස්තරයක් නොමැතියි. එහෙත් පාලි රසවාහිනියෙහි හා සද්ධර්මාලංකාරයෙහිත් (පිට 439) තෙරණුවන් කකියන තෙල් කටාරමක දැම්මවූ බවත් උන්වහන්සේ ටික වේලාවක් නො දා එහි වැඩ සිට පූර්ව කර්මයක් සිහිපත් කොට පසුව පිරිනිවන් පා වදාළ බවත් පසුව රජු තෙරණුවන් සහ පුරුෂයාත් මරා මුහුදට දැම්මවූ බවත් එවිට දේවතාවන් උදහස් වී මුහුද ගලන්නට සැලසූ බවත් සඳහන් වේ. සිංහල ථූපවංසයෙහි, කැලණිතිස්ස රජ ලියමන ගෙනගිය සොරා මරා මුහුදට දම්මවා පසුව තෙරුන් වහන්සේ තෙල් කටාරමක ලා තෙල් කකියවන්නේ එසේ කකිය වන්නට නොහැකි වූ බවත් පසුව තෙරුන් වහන්සේ තමන්ගේ පූර්ව කර්මයක් සිහිපත් කොට තමාගේ අධිෂ්ඨානය හළ පසු තෙලෙහි කකියා පිරිනිවන් පා වදාළ බවත් එවිට දෙවියන්ගේ කෝපයෙන් මුහුද ගලන්නට පටන්ගත් බවත් (පිටු 2-3) කියැවේ. දුටුගැමුණු රජ වරක් නන්ධිමිත්රෙ යොධයා විමසනු පිණිස ‘නන්ධිමිත්තං දිස්වා කණ්ඩුලං මුංවෙසි’ යී කණ්ඩුලයා මිදු බව පාලි ථූපවංසයෙහි සඳහන් වේ. මහාවංසයෙහි (xxv 21) ‘දිස්වා යන්තං නන්දිමිත්තං විසජ්ජාපෙසි කණ්ඩුලං’ යී එය ම කියැවේ. මහාවංස ටීකාවෙහි වැඩිපුර විස්තරයක් නොමැතියි. රසවාහිනීයෙහි (පිට 72) ඇතුට රා පොවා එවූ බවත්ඇතු එසේ රා බී ගර්ජනා කෙරෙමින් සොඬින් බිමට පහර දෙමින් ආ බවත් දැක්වේ. ඊට වඩා දීර්ඝ විස්තරයක් සිංහල ථූපවංසයට (පිටු 24-25) හැර ගෙන තිබේ. ඇතැම් තන්හි ඊටත් වඩා විස්තර සහිතව එම වර්ණනනාව සද්ධර්මාලංකාර යෙහි (464-465) එයි. සද්ධර්මාලංකාරයෙහි එන විස්තරය. ථූපවංසයේ තිබෙන විස්තරයට වඩා මෑත වුවත් දෙක ම සහස්සවත්ථූ අට්ඨකථා වැනි යම්කිසි එක ම ග්රරන්ථයක ආශ්රදයෙන් හඬ ගැසුණා විය හැකියි. සොණුත්තර සාමණෙරයන් වහන්සේ නා ලොවින් ධාතු ගෙන ගිය විට එබැව් දත් නාගයන් හැඩූ බව පමණක් පාලි ථූපවංසයෙහි හා මහාවංස යෙහිත් සඳහන් වන නමුත් ඔවුන්ගේ හැඬීම හා වැලපීම පිළිබඳ දීර්ඝ විස්තරයක් සිංහල ථූපවංසයෙහි එයි. එම වර්ණනය කිනම් ග්‍රන්ථයක ආශ්‍රයෙන් කරන ලද්දක් ද එසේ නැතහොත් ථූපවංශ කර්තෘහුගේ ම ප්‍රතිහානයේ ඵලයක් දැයි නිශ්චය කට නොහැකියි. මහසෑයේ ධාතු නිධාන පූජාව සඳහා ශක්‍රදෙවෙන්ද්‍රයා විශ්ව කර්ම දිව්‍යපුත්‍රයා කැඳවා ඔහු ලවා ලංකාද්වීපය නොයෙක් ලෙසින් සැරසූ බව මහාවංසයෙහි (xxxi 34) ‍ කියැවේ. මහාවංස ටීකාවෙහි 'නොයෙක් ලෙසින්' හෙවත් 'අනෙකධා' යනු කිම් දැයි විස්තර කිරීම් වශයෙන් 'අටුවායෙහි කී හෙයින්' හෙවත් 'අට්ඨකථාය චුත්තනයෙන' යී කියන ලදී. පාලි ථූපවංසයෙහි ද සිංහල ථූපවංසයෙහි ද ලංකාව සැරසූ ආකාරය විස්තර කර තිබෙන හෙයින් ඒ කී අටුවාව බලන්ට ඇතැයි සිතිය හැකියි. ඒ අටුවාව යයි කීවේ vii

චෙතියවංසට්ඨ කථාව හෝ කලින් පැවත විනාශවී ගොස් තිබෙන අට්ඨ කථා මහාවංසය විය හැකියි. මෙසේ සිංහල ථූපවංසය කිරීමේහිදී ත්‍රිපිටකයට අයත් නොයෙක් පෙළ හා අටුවා ආදිය ද, මහා ස්තූපයේ ඉතිහාසය සඳහන් නොයෙක් සිංහල හා පාලි පොත්පත් ද, මහාවංසය, මහාවංස ටීකාව හා අට්ඨකථා මහාවංසය ද, පැරණි කථාවස්තු පුරාවෘත්ත ආදිය ඇතුළත් වූ සහස්සවත්ථූ අට්ඨකථා වැනි පොත්පත් ද ඇසුරු කරන්ට ඇතැ යි සිතිය හැකියි. ථූපවංසය ධර්ම ග්‍රන්ථයෙකි. ප්‍රථම පරිච්ඡේදයාගේ අවසානයෙහි ඇති 'සාධු ජනයන් සිත් පහදවන පිණිස කරන ලද මේ ථූපවංසයෙහි..... යනාදි පාඨයෙන් මෙම ග්‍රන්ථය කිරීමෙහිදි කර්තෘහුගේ පරමාර්ථය වූයේ මහාජනයාගේ ශ්‍රද්ධාව හා භක්තිය දියුණු කොට තුනුරුවන් විෂ‍යයෙහි ඔවුන් පහදවමින් ළ ගන්වා බණ කීම බැව් පෙනේ.ඒසඳහා රුවන්වැලි මහ

සෑයේ වර්ණයත් සමගම භක්තිමත් වු ආගමමාමක වු දුටුගැමුණු මහරජුගේ උදාර චරිතයත් ලංකා බුද්ධශාසනයේ පූර්ව ඉතිහාසය හා බුද්ධ චරිතයත් එකට ගළපා තිබේ.

ථූපවංසය සිංහල සාහිත්‍යයේ පොළොන්නරු සමය අවසන් වී දඹදෙණි යුගය ආරම්භ වූ කාල පරිච්ඡෙදයෙහි විරචිත හෙයින් ද, මහජනයාට ප්‍රසාද සංවේග උපදවනු සඳහා කරන ලද හෙයින් ද, කාහටත් තේරුම් ගත හැකි ලෙස මිශ්‍ර සිංහලයෙන් කරන ලදී. අමාවතුරෙහි මෙන් එහි එළු ශබ්ද බහුල නො‍ වේ. එහි භාෂාව සර්වප්‍රකාරයෙන් ම දඹදෙණි සමයට අයත් ග්‍රන්ථ යන්ගේ භාෂාවයි. එවක ද්‍රවිඩ බලය තදින් බල පවත්වා තිබුණු හෙයින් ද්‍රවිඩ ශබ්ද රාශියක් ථූපවංසයේ භාෂාවට වැද්ද ගෙන තිබේ. පැරණි සිංහල ග්‍රන්ථ කර්තෲන් අතුරෙහි ථූපවංස කර්තෘ කෙබඳු තත්වයක් උසුළා දැයි යනු මඳක් විමසිය යුත්තකි. ඇතැම් පඬිවරු ථුපවංසයත් බුත්සරණය කළ විද්‍යා චක්‍රවර්තීන්ගේ ම කෘතියකැයි කියතත් එම පොත් දෙක සියුම් ලෙස පරීක්ෂා කරතහොත් භාෂාව අතින් හෝ රචනා විලාසයෙන් හෝ වර්ණනා ක්‍රමයෙන් හෝ කවිත්වයෙන් හෝ මෙම කර්තෲන් දෙදෙනා අතුරෙහි එතරම් සාම්‍යයක් නොමැති බැව් පෙනේ. පදයන්ගේ සංඝට‍නයෙහි පවා දෙදෙනා අතර ඇති වෙනස ඉතා මහති. ථූපවංස කර්තෘහු ගේ වර්ණනා කොතරම් ඇතත් ගුරුළුගෝමීන්ගේ හෝ විද්‍යා චක්‍රවර්තීන්ගේ වර්ණනයකින් ලැබෙන ප්රීවතිය හා රසාස්වාදය එයින් ලැබෙනුයේ ඉතා කලාතුරකිනි. 'ථූපවංසය, අමාවතුරෙන් පටන් ගෙන සද්ධර්මරත්නාවලියෙන් කෙළවර වන සිංහල ගද්‍යාවලියෙහි ලා සැලකිය යුතු ගද්‍යයක් නො වේ.

viii

එය පූජාවලියෙන් පටන් ගැනුණු කනිෂ්ට ගද්‍යාවලියෙහි ලා සැලකිය යුත්තකි. යනු මාර්ටින් වික්‍රමසිංහ මහතුන්ගේ ථූපවංශය පිළිබඳ හැඟීමයි. මෙසේ ථූපවංස කර්තෲන් ගුරුළුගෝමීන් හා විද්‍යා චක්‍රවර්තීන් මෙන් පළමුවන ශ්‍රේණියෙහි ලා ගිණිය හැකි නොවූවත් ඔවුන්ගේ කෘතියෙහි සිත්ගන්නා ඇතැම් වර්ණනා ඇති බැව් කිව යුතුයි. මාර යුද්ධ වර්ණනාව එබන්දකි. සොණුත්තර සාමණෙරයන් ‍ නා ලොවින් ධාතු ගෙනා විට මහ කෙළ නා රජ සාමණෙරයන් කරා අවුත් හඬමින් කළ අඳෝනාව දක්ෂ ලෙස සිතුවම් කොට තිබේ. පාලි පොතපතට ණය ගැතිකම වැඩි හෙයින් දෝ ථූපවංස කර්තෘහුගේ ප්‍රතිභානය අධිකවූ බවක් නො පෙනේ. පාලි ථූපවංසයෙහි දක්නා ඇතැම් පාඨ, අර්ථය එතරම් ව්‍යක්ත නොවන පරිදි සිංහලයට නඟා තිබෙන තැන් ද කිහිපයක් වෙත්. මෙසේ පාලි ථූපවංසයෙහි (47 වෙනි පිට) දක්නා "එවමච්චායිකං කම්මං කරොන්තාපි ගුණාකරා කරොන්ති පුඤ්ඤා සංසාරභයහීරුකා" මෙසේ ඉක්මන් ඉක්මන්ව සටන් කරන්නෝ ද පවා ගුණයට ආකර වූ, සංසාර භයින් භයපත් වූවාහු, පින්කම් කොට දිව්‍ය ලොක සම්පත් අත්පත් කොට ගත්තෝ ය' යි සිංහල ථූපවංසයෙහි (23 වෙනි පිට) එයි. ථූපවංසය කර්තෘහුගේ ඇතැම් වාක්‍ය එක් ආකාරයකින් පටන් ගෙන තරමක් දුර ගියායින් පසු එහි මුල කර්තෘහුට අමතක වී යාමෙන් දෝ ඉඳුරාම වෙනස් ලෙසකින් අවසන් වන බැව් නොයෙක් විට දක්නට ලැබේ. මෙම ලක්ෂණය බෙහෙවින් ම පෙනෙනුයේ දීර්ඝ වාක්‍යයන්හි ය. 'එබස් ඇසූ භාතිය රජ්ජුරුවෝ 'කුමක් වදාරණසේක් ද? ස්වාමීනි, නුඹ වහන්සේට මා විසින් කියන ලද්දේ ඒ ධාතු ගර්භයෙහි පූජායෙන් දස භාගයෙන් භාගයක් විචරත් නො කීමි' යි දැන් වූහ. (පිට 63); ‘පලගත් රුක් දුනු පට සේ නැමී සිටි රුකින් මියුරු පලාපල කඩා දරුවන්ට දුන් තැන් ද’ (පිට 57): ‘නැවත වන දොරකඩ සිටි වැද්දවු වඩනා බොධිසත්වයන් දැක මී හා දඩමස් දුන් වැද්දවුට රන් ඉද්ද දුන් තැන් ද’ (පිට 57) "දුටු ගැමුණු රජ 'මා මුත් සෙසු කෙනෙක් එළාල රජු නො මරව' යි ඒ යුද්ධ භූමියෙහි බෙර ලවා ගැමුණු රජ සන්නාහ සන්නද්ධව සන්නාහ සන්නද්ධ වූ කඩොලැතු පිටට පැන නැඟී බිඳී දුවන එළාල රජු ලුහු බඳවා දිවගෙන ගොස් අනුරාධපුර නුවර දකුණු වාසලදි රජ දරුවන් දෙදෙනාගේ සටන් විය" (පිට 28); (රජ්ජුරුවෝ) ...... අනුරාධපුර නුවරට වැද නුවර බෙර ලවන්නෝ මේ සැටියේ කියා බෙර ලැවූ ය. '....' බෙර ලවා, ඉක්බිති විසාඛ ය සිරිදෙව ය යන නම් ඇති අමාත්‍යයන් දෙදෙනකුට මෙසේ නියෝග කළහ; 'තෙපි දෙ ix දෙන ගොස් දාගබ බඳිනා තෙන සරහව' යි කියා යවා, උන් දෙන්න අවුත් ....නොයෙක් සැටියේ ඒ දාගබ බඳිනා ස්ථානය සැරහු ය' (පිට 40). එක ම වාක්‍යයෙහි, බොහෝ විට ම කර්තෘ ද, ඇතැම් විට කර්මය ද, කිසිවිටෙක සම්ප්‍රදාන ආදී අනික් විබතකින් සිටිනා නාමයක් ද, නොයෙක් විට ආඛ්‍යාතය ද කීපවර නැවත නැවතත් යෙදීම ද ථූපවංස කර්තෘහුට ආවෙණික වූ ලක්ෂණයකි. 'රජ පත දැක නුවණ නැති කම කළ ඒ කැලණිතිස්ස නම් රජ.....' (පිට 2); 'එවෙලෙහි රජ්ජුරැවෝ සේනාව පෙළ බලා...... රහතුන් වහන්සේට දන් දී රජ්ජුරුවෝ.... දුටුගැමුණු රජ්ජුරුවෝ..... කසු දාගබක් කරවූහ' (පිට 21). 'අපගේ බුදුරජාණන් වහන්සේ..... අවුත් ...... සර්වඥයන් වහන්සේ වැඩ සිට..... දෙව යි වදාළ සේක (පිට 22). ඉක්බිති දුටුගැමුණු මහරජ '..... රිදිමය සිසාරා ඇවිදිනා රියන් දණ්ඩ ..... අමාත්‍ය පුත්‍රයකු ලවා රිදි දණ්ඩ ගන්වා දාගබ වට මහත් කරනු පිණිස පටන් ගත' (පිට 43). 'ඉක්බිති රජ්ජුරැවෝ සේනාවට රත්රන් පටකඩ පිළිකඩ ප්‍රසාද දී සේනාව සිත් ගෙන.... සේනාව පිරිවරා.... මෙසේ දැන්වූ ය.' (පිට 20). 'ඒ දුටුගැමුණු මහරජ මෙසේ දැන්වී ය '....' යි දැන්වී ය (පිට 75). ථූපවංස කර්තෘහු අතින් මෙසේ එක ම වාක්‍යයෙහි එක ම ශබ්දය කීප විටක් ම යෙදී ඇත්තේ ඇතැම් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නට යෑම නිසා ද, එසේ නැතහොත් පද යෝජනාවට වඩා කථා වස්තුව කියා පෑමට වැඩියෙන් සැලකිලිමත් වීම නිසා දැයි සිතුව මනායි. කල්‍යාණවතී බිසවුන් විසින් පිහිටුවන ලද සෙල් ලිපියක 'රුවන්වැලි මළුවේදී ථූපවංස අසා' ලංකා ශිලා ලිපි (iv 256) යි දක්නා හෙයින් බොහෝ දෙනා අසා සිටියදී ථූපවංසයක් කියවීමේ සිරිත ඉතා පැරණි කාලයන්හි සිට පැවති බැව් පෙනේ. මෙම ථූපවංසයාගේ ආරම්භයෙහි ද 'මා කියන ඒ රුවන්වැලි දාගැබ් වර්ණනාව සත්පුරුෂයන් විසින් සාවධානව අවික්ෂිප්තව මා දසාවට කන් නමා ඇසුව මැනවි' යි ද පෙනේ. යම්කිසි පිරිසක් අසා සිටියදී ඔවුන් පිනවා කියන කථාවක, ඔවුන් සිත් ගන්නා, එසේ නැතහොත් ඔවුන්ගේ විශේෂ සැලකිල්ලට භාජන කටයුතු වූ යමක් නැවත නැවතත් කීම පුදුමයක් නොවේ. එසේ ම වියරණය කුමක් වුවත් කථාරසයෙහි ම ගැලී සිටින හෙයින්, එක් ලෙසකින් කියන්ට පටන්ගත් කරුණක් අන් ලෙසකින් අවසන් කිරීම ද ආශ්චර්යයක් නොවේ. එසේ හෙයින් මෙම ථූපවංසය රුවන්වැලි මහසෑයෙහි වර්ණනාව කෙරෙමින් ප්‍රසාද සංවේග

x

ඇති කරනු වස්, මහජනයා ඉදිරියෙහි, ඔවුන් අසා සිටියදී කියවීම් සඳහා විශේෂයෙන් සැපයුණු කෘතියක් දෝ යි විමසිය යුතුයි. පැරණි පොත්පත්හි දක්නා වියරණ රීතීන්ට නො සැසඳෙන තැන් කීපයක් ද ථූපවංසයෙහි දක්නට ලැබෙත්. 'එවේලෙහි රජ්ජුරැවෝ 'කුමක් පිණිස ද, ස්වාමීනි' යි විචාළ කල්හි 'මහරජ, තිස්ස කුමාරයන් දක්වනු පිණිස ගෙන ඒම්හ' යි වදාළ සේක" (පිට 20). 'නිශ්ශබ්ද වූ රජදරුවන්ට බමුණාණෝ බොහෝ අවවාද කියා ගිවිස්වා ගෙන ඒ සියලු රජදරුවන්ට ධාතු බෙදා දුන් නියාව ද යන මෙකී සියල්ල ම සත් රුවනින් ම කරවූ ය' (පිට 56). ශබ්ද කීපයක් ළග ළග යෙදී තිබෙන විට ඒවා සමාස නො කොටත් අවසාන ශබ්දයට යම්කසි විභක්තියක් යොදා ඒ සියල්ල සමාස වූවාක් මෙන් ගැනීම ද කීප තැනක දක්නට ලැබේ: 'හස්ති ශිල්ප අශ්ව ශිල්ප රථ ශිල්ප ඛඩ්ග ශිල්ප ධනුශ් ශිල්පයෙහි දක්ෂ ය' (පිට 7). ථූපවංසයෙහි යෙදී තිබෙන උපමාවන් දෙස බලන කල පාලි පොත පතෙහි එන උපමාවන් හැර, අර්ථය ව්‍යක්ත කරනු සඳහා ඇතැම් විට ගැමි වහරින් ගත් අමුතු උපමා ද යොදා තිබෙන බවත් කිසි විටෙක පාලියෙහි එන උපමාවන් ම සිංහලයට වඩා යෝග්‍ය ලෙස සකස් කොට ගෙන තිබෙන බවත් පෙනේ. මෙසේ පාලි ථූපවංසයෙහි එන 'මහාසමුද්දං ච සන්නිසින්නං' යනු අලංකාර කොට මහ මුහුද රළ සිඳී ශර්කරා බහ ලා කකාරා ගත් මීකිරි ඇතිළියක් මෙන් මිහිරි සිහිල් පැන් විය" (පිට 67) යී කියයි. පාලි ථූප වංසයෙහි දක්නා 'කසිණ මණ්ඩලං විය සමං කත්වා' යනු 'බෙර ඇසක් මෙන් සම කොට' (පිට 67) යි දක්ෂ ලෙස සිංහලයට ගළපා තිබේ. පාලි ථූපවංසයෙහි හා මහාවංසයෙහි නොමැතත් විශුද්ධි මාර්ගයෙහි දක්නා 'ධමිත්වා පූරිත වත්ථි විය" යනු 'තොලබෝ විතෙක හුළං පුරාපී කලක් මෙන්' (පිට 76) යී යොදා තිබේ. 'දිය කිමිද ගෙන යන දියකාවකු සේ පොළොව කිමිද ගෙන' (පිට 68)ල 'සියුම් වූ මකුළු හුයක් යටි පිටින් දා මතු පිටින් කළුවන් පෑ නොවන තෙක් පොළොව කිමිද අවුත්' (පිට 71) යනාදි පාඨයන්හි ද විසිතුරු උපමාවෝ වෙත්. 'කාවන්තිස්ස රජ සූසැටක් විහාර කරවා සූසැට වසක් රාජ්‍යය කොට මළේ ය' යන පාලි ථූපවංසයෙහි හා මහාවංසයෙහි එන ප්‍රවෘත්තිය සිංහල ථූපවංස කර්තෘ රසවත් කොට "කාවන්තිස්ස රජ්ජුරුවෝ සූසැට විහාරයක් කරවා සූසැට ඔටුන්නක් පැලඳ මළෝ ය" යි කියයි. 'සූසැට' යන අර්ථය පාලියෙහි දෙවරක් නො එතත් 'රජ සන්නාහ සන්නද්ධව සන්නාහ සන්නද්ධ වූ කඩොලැතු පිටට පැන නැඟී' (පිට 28) යනාදි පාඨයන්හි මෙන් අනුප්‍රාසය ගරු කොට යම්යම් ශබ්ද දෙවරක් යෙදීම ථූපවංස කර්තෲන්ට ප්‍රිය වූ බැව් පෙනේ. xi මෙසේ ථූපවංසයේ භාෂාවෙහි හා රචනා විලාසයෙහි දක්නා යම් යම් විශේෂ ලක්ෂණ මෙන් ම එහි අන්තර්ගත කරුණු ද පාඨකයාගේ සැලකිල්ලට භාජන විය යුතුයි. ථුපවංසයෙහි ප්‍රධාන කොට ම විස්තර වනුයේ මහසෑය පිළිබඳ තොරතුරු වුව ද, ඒ සමගම දුටුගැමුණු නරවීරයන්ගේ සමයයෙහි ලංකාවෙහි පැවති සමාජ තත්වය පිළිබඳ නොයෙක් තොරතුරු ද පළින් පළ හෙළි වේ. සිංහලයෝ ප්රෞබඩ ජාතියකි. ඔවුන් මහත් භක්තියෙන් හා උදාර ලෙසත් ආගමික කටයුතු සියල්ල කළාක් මෙන් ම, ජාතික දියුණුවට බාධක ලෙස සතුරු වියවුල් ආදී උවදුරු එළඹුණු විට නිර්භයව උග්‍ර ලෙස සටන් කළහ. එසේ සටන් කිරීමෙහිදී, පවා වීර ලෙසත් ශුර ලෙසත් සටන් කළ බැව් දුටුගැමුණු මහරජතුමා එළාල රජු සමග කළ සටනෙහිදි එළාල රජු සමග සටනට අන් කිසිවකු නො යවා තමා ම යෑමෙන් ද, එළාල රජුගේ මළ සිරුරට පවා රජකුට කළ යුතු සියලු ම සත්කාර කරවීමෙන් ද ඔප්පු වේ. දුටුගැමුණු රජුගේ එම ආදර්ශයෙන් අපේ ජාතික ගෞරවය සහස්‍ර වාරය කින් ගුණිත වෙයි. පැරණි භාරත දේශියයන්ගේ මෙන් ම සිංහලයන්ගේත් යුද්ධ ශිල්පයෙහි ශිෂ්ටත්වය ද එයින් හෙළිවේ මැයි.

ඩී. ඊ. හෙට්ටිආරච්චි

xii

"https://si.wikibooks.org/w/index.php?title=ථූපවංසය_-_ප්‍රස්තාවනාව&oldid=5589" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි