තෙ රුවන් මාලා - ii විමසුම
තෙ රුවන් මාලා විමැසුම
1. ඇරැඹුම
සංස්කරණය(1) දිනිඳු කිරුළු බැව් මා ගේ මුදුන්හී කිරීමෙන් දිනිඳු මා ගේ මුදුන් හි කිරුළු බැව් කිරීමෙන්.බුදුන් මා ගේ
මස්තකයෙහි වොටුනු බවට පත් කිරීමෙන්. මේ කිවියා බුදුන් නැමැදි සැටිය.
කිරුඵ බැව් -මේ කිරුඵ බැව් කියා යැ වියැ යුතු . ‘’බව්’’ සදක්
මිසැ බැව් සදක් සිංහල බසේ නැති.
මුදුන්හී- ‘’මුදුන්හි’’ යනුයි හරි වදන. විරිත රකින්නට ගිය
මේ දුඹුල් කිවියා මෙ සේ සිංහල වදන් විකාර කළ තැන් මේ පොතේ කොතෙකුත් වෙයි. දිනිඳු-දිනුවන් ගේ ඉඳ දිනඳු යැ. මෙහි දිනුවෝ නම් කෙලෙස් සතුරා පරදවා දිනුම ලද අය යැ. රහත්හු යැ. (ජින ඉන්
ද්රේ =ජිනේන්ද්රද) සද්දම්- = සදහම්- සත් + > සද්දම් ,- යහපත් දහම
මෙහි වඩා හරි සදහම් , සදම් යන වදන් දෙක යැ.
මී හරකකු එළ හරකකු හා එකට ඈඳුවා වැනි යැ සත් යන නොසිංහල පදය හා ඈඳීම. නළල්හි -නළල්හි කියා යැ වියැ යුතු. විරිත රැකීමට කළා
දුඹුල් යෙදුමෙකි. දුලබ දැකුම් උන් පුත් බරන් ගත් බරන් කිරිමෙන්.
නෙත දැකුම් දුලබ උන් පුත් ගත් බරන් කිරීමෙන්.
ඇසට දක්නට දුලබ වු උන් ගේ පුතුන් - බුදු පුතුන්- සිරුරට අබරණ කැරැගැනීමෙන්.බුද්ධ පුත්ර වේගයෙන් ශරීරය අලංකාර කැරැගැනීමෙන් යැයි කියු සේයි. බරන්-බරණ යැ කියා වියැ යුතු තැනි.සඳස රකිනට යැ
මේ වරද කැරුණේ.
සියක් මත් සොලෝ එක්- සොලෝ එක් සියක් මත්
සිලෝ’ එක සියයක් පමණ වූ
2. බුදු රැවන් මාලාව
සංස්කරණය2.දන නදන කළා වු බෝ මුලස්නේ මරුන් සව් බෝ මුල අසුනේ සව් මරුන් දන නදන කළා වු. බෝ මුල -වීදුරු-අසුනේ දී සියලු මාරයන් ගේ ධනය නිර්ධන කළා වූ. තම මනසිනිටීමෙන් සිව් අඟින් යුත් ඉටන් සව්-සිව් අඟින් යුත් සව් ඉටන් තම මනසින් ඉටීමෙන්. සතර සැටිෙයකින් යුතු සියලු අදිටන තමා ගේ මනසින් ඉටාගැනීමෙන්.
නම මන්සිටීමෙන් -ඒ තුමන් ගේ නම මනසින් ඉටීමෙන් ,දන සව්
කෙලෙස් සිත් නදන කෙරෙත් නම් උන් වඳිම්; ඒ උතුමාණන් ගේ – බුදුන් ගේ –නම හිතින් බලවත් වැ හිතා – ගැන්මෙන් මැ දනෝ සියලු කෙලෙස් සිත් නිධන කෙරෙත් නම්, – වළලා දමත් නම් යුසේයි – උන් වඳිමි.
3.සතර ඇසැකි කප් සුවහස් හා මත් මගක් වු සතර දිව කුරා නම් වු තිලෝනා පා මුලේ –
සාරා සංඛ්යක කල්ප සිය දහසකට ද මත්තේ බුදු වූ දීපංකර ශාස්තෘ නම් තුන් ලෝක නායකයාණන් ගේ පා මුලේදී.
සතර වරම් ලත් – සතිර වූ වරම් ලැබු. ස්ථිර වරය ලැබු.
4.දස දස දසයෙන් යුත් වූ පැරුම් – දස දස දස නම් තිස යැ. මේ සමතිස් පැරුම් සඳහන් කළ සැටියි.
දස දස බලයෙන් යුත් වූ – අප බුදුන් හට කාය බල දසයෙක් ද ඥන බල දසයෙක් ද වේ. දස දස යැයි දෙවරක් සඳහන් වුණේ. ඒ දෙ වගය සඳහා යැ.
දස ඇඳිලි බැඳීමෙන් ඒ සුඟත් මම් වඳිම් නිත් – ඒ සුගත් දස ඇඳිලි බැඳිමෙන් මම වඳිම්. ඒ බුදුන් දිසාවට ඇඳිලි බැඳැ මම් වඳිම්. ඇඳිලි බැඳිම නම් දෑත් එක් කොටැ පිහිටුවා ගැනීමයි.
5. දියත පසිඳු කිත් ගොස් දම් රඳා අත් සියල් දත් — සියල් අත් දත් කිත් ගොස් දියත පසිඳු දම් රඳා. සකලාර්ථයන් දැනැගත්තා වූ කීර්ති ඝෝෂය ලෝක ප්රාකට වූ ධර්ම රාජයා.
ඉසිපතන අරම් හී — ඉසිපතන අරමට වැටී යනු යැ මෙහි හරි අරුත. එහෙත් කිවියා මෙයින් අදහස් කළේ ඉසිපතන අරමෙහි යන අදහස වන්නට ඇති.
කෙළටළොස බඹුන් හා — අටළොස් කෙළක් බඹුන් හා
පස් වගුන් තුමන්ටත් — පඤ්ච වර්ගීය ශ්රා්වක උතුමන් හටත් යනු මේ කවියා කී සැටියි.
අමත පැන පෙවූ — අමා පැන පෙවුවා වූ.
6.මුනි බල හැඟැවීමෙන් තුන් දහස් පන්සියක් වූ පෙළහර
සොළොසක් දක්වා දෙසීමෙන් එ සව් සස් — බුද්ධ බලය හඟවා තුන් දහස් පන්සිය දහසයක් පෙළහර පෙන්වා චතුරාර්යප සත්යෙය දෙසීමමෙන්. යනුයි කිවියා පැතූ අරුත. එහෙත් ඔහු ගේ කියමනින් ඇඟෙන්නේ ඒ අරුත නො වේ. ‘’බුදු බල හැඟැවීම නිසා තුන් දහස් පන්සියයක් වුණා වූ පෙළහර දහසයක් දක්වා චතුරාර්ය සත්යනය දෙසීම නිසා’’ යනු යි ඒ කියමනින් ලැබෙන අදහස.
දුළුල් ගේ — දුළුල්ලන් ගේ යි වියැ යුතු නැති (ජටිලයන් ගේ
යනු යි විටැ අදස)
කුදිටු බිඳුවමින් මොක් සෙත් සවන් දුන් වඳිම් නිත් — කුදිටු
බිඳුවමින් මොක් සෙත් දුන් සවන් නිත් වඳිමි. කුදෘෂ්ටිය
බිඳුවමින් මෝක්ෂ ශාන්තිය දුන් සර්වඥයන් නිතර වඳිමි.
7. මරුන් බුන්— මරුන් බින්දාවූ
නුග අරම ගුවන්දී — නුග අරමැ ගුවනේ දී යී වියැ යුතු. එහෙත්
සඳසට කිවියා වාල් වූ විටැ කොයි ද එ බඳු ඉදු කියුම්?
8. පඬු ඇඹුල අසුන් — පඬු ඇඹුල අසුන්හි යනුයි හරි යෙදුම. මේ පඬු ඇඹුල නම් සකා ගේ ගල් අස්න යි.
මුරු ගණ අබිදම් දෙස්නෙන් අසූ එ කෙළක් පත් කළ මඟ පල
පස් ඇස් ලෝතුමන් පෑ වඳිම් නිත් — අබිදම් දෙස්නෙන් ඒ කෙළක් මුරු ගණ මඟ පල පත් කළ පස්
ඇස් ලෝ තුමන් පා නිත් වඳිම්. අභිධර්ම දේශනාවෙන් ඒ
කෝටියක් දිව්යප සමූහයා මාර්ග ඵලයට පැමිණැවූ පස් ඇසක් ඇති ලෝකෝත්තමයාණන් ගේ පා නිතර වඳිම්.
මුරු ගණ — දිව්යි සමූහයා
පසැස්—දිවැස, පැනැස, සමතැස බුදු ඇස, මසැස යන ඇස් පස.
9. සවන් — සර්වඥයන් වහන්සේ
යක් රෝ දුක් දුබික් තුන් නමින් යුත් — ඉතා මැ බොළඳ යෙදීමකි.
මෙහි අදහස කිවියා මැ කාදමා ඇත්තේයි. අමාරුයෙන් පද
කෙළින් කරමු. යක් රෝ දුබික් නමින් යුත් තුන් දුක්. යක් යැ ලෙඩ දුබික් යැ යන තුන් දුක.
දුබික් — දුර්භීක්ෂය. අහර හිඟ කම.
සුවාසු දහස් සත් මොක් දුන් — අසූ හතර දහසක් සතුන් හට නිවන් දුන්නා වූ.
10. අළවු යක් වීමන් දී — “අළවුයක් විමන්හී දී” යි වී යැ යුතු තැනි.
දිගායු කිරීමෙන් — දීර්ඝායු ඇති කිරීමෙන්. මෙය “දිගා දීමෙන් ” යන සැටියෙන් යෙදිණි නම් ඉතා මැනැවි. නොඑසේ නම් සිංහලයාට මෙයින් ගත හැකි අරුත දිගා යූ කිරීමෙන් - දිගා ඉක්මන් කිරීමෙන් යැනුයි. අළවු කුමරා ගේ දිගු ආ හෙමෙන් හෙමෙන් තිබෙන්නට ඇති.
බුදුහු දිගා ඉක්මන්කළාහු යැ හහ් හරි යෝද වැඩක් නොවැ බුදුන්කැරැ ඇත්තේ? මෙ බඳු හරුප පොත් උසස් හෝදිසි වලට නියම කරන්නවුන් හට යැ දිගු ආ යුහු කළ යුත්තේ.
ඔහු පුළුවුසු පැන් සව් වීදමින් සුත් අළව් නම් දෙසුමෙනි
තෙසරන් ගැන් වූ සුගත් එ වඳිම් නිත් — “ඔහු පළිවිසි සව් පැන විසඳමින් අළවු නම් සුත් දෙසුමෙන් තෙසරණ
ගැන් වූ ඒ සුගත් නිත් වඳිම්” යන මේ සැටියෙනි මෙහි පෙළ ගැස්ම. “ඔහු පිළිවිසින ලද සියලු ප්ර ශ්න විසඳමින්
තිසරණ ගැන්වූ ඒ බුදුන් මම නිතර වඳිමි” යනුයි එවිට අදහස. එහෙත් කිවියා යෙදූ හරුප යෙදුම් නිසා ඒ පැදි අඩෙන් ගත හැකි නො වේ මේ අරුත.
පුළුවුසු — පිළිවිසින ලද හෙවත් විතාළ යන අදහස පුළුවුසු යන්නෙන් නො ලැබේ. ඒ අදහස ලැබෙනුයේ “පිළිවිසි”
යන්නෙනි .
පැන් සව්— මෙය නම් අමු මැ උමතු යෙදුමෙකි. ප්රිශ්න යන අදහසෙහි “පැන” යන්නකි මිසැ “පැන්” යන්නක් සිංහල බසෙහි නම් නැති. පැන් යන්නේ තේරුම බුක්ති විඳින ජලය බව යන්තමට සිංහල බස හඳුනන්නෝත් දනිති. එවිටැ පැන් සව් යන්නේ අදහස සව් හාල් හේදූ ජලය යැ බුදුන් අළවු සුතුර සව්හාල් හේදූ ජලය වීසි කරමින් දෙසූ වග යැ මේ කියමනින් හැඟෙන්නේ. හරි හරි පිරිත් පැනට ගන්නට ඇත්තේ සව් හාල් හේදූ ජලය වන්නට ඇති . වීදමින්— සසඳමින් යනු යැ හරි. පැන විසැඳීමක් විනා පැන වීදිමක් කවුරු කරති ද? තෙ සරන් — තෙ සරණ යන්න සඳස රකිනු නිසා තෙසරන් යැයි ලියන්නකුට කරන්නට බැරි බිහිසුණු වරදෙක් තවත් ලොවේ කොහි ද?
11. රන් ගැප් ගොස් මහත් මෙත් කුළුන් යුත් මහ මුනිවර එ මහ සමය සුත් දෙස්නෙන් කිඹුල්වත් පුරේ වූ මහවන වෙහෙරේ රැස් වූ මහත් දෙව් පිරිස්හි මහ අසැකි සුරන් සෙත් නම් පුරේ ලී.උන් වඳිම්. මෙසේ යැ පද පිළිවෙළ. යන්තම් කරු සිටුවා එයට තේරුම දෙමු. සව ස ර්ණළ මඤ්ජුසාවෙකැ මෙන් ඝෝෂාව ඇති - කට හඬ ඇති - මහත් මෛත්රීව කරුණා යුතු මහ මුනි වරයා මහා සමය සූත්ර ය දෙසීමෙන්, මහ වන වෙහෙහරේ දී රැස්වූ මහත් දෙව් පිරිසින් අසංඛ්ය ගණන් දෙවිවරුන් ශෘන්ති නම් පුරයෙහි ලූයේ යැ. ඒ මහ මුනිවරයාණන් වඳිමි.
රන් ගැප් ගොස් — රන් ගප් ගොස් යන්න යැ බිඳක් හෝ සුදුසු රන් ගැබෙකැ හඬ ඇති. රන් සීනු හඬ ඇති යැයි කියූ සේයි
කුළුන් — කරුණා යන අරුත කුළුන් යන්නෙන් නො ලැබේ. ඒ ලැබෙනුයේ කුලුණු යන්නෙනි. පිරිස් හී—පිරිස්හි යැ වියැ යුතු.
ලී නම් පුරේ සෙත් —සෙත් නම් පුරේ ලි සාන්ති නම් පුරයේ
ලූයේ යැ— “ සෙත් පුරෙහි ලූයේ නම් ” කියා ද අරුත ගත හැකි යැ.
සෙත් නම් පුරේ ලූ උන් වඳිම් — යන සැටියෙන් යෙදිණි නම් මැනැවි.
12.බවග ගැසි හිවී උන්—බවග-භවාග්රය-දක්වා එකට ගැසී
උස් වෙමින් උන්නා වූ යනු - යැ මෙයින් කිවියා පතන අරුත.
සව් සතුන් ගේ සියල් සිත්—සියලු සතුන් ගේ සියලු සැටියේ වූ සිත්.
නෙක් නයින්—නොයෙක් අයුරින් : නොයෙක් නියායෙන්.
13.යමකු දහම් දෙසන කල්හි ; පසු පස ඉදිරි පස දෙ පස ආදියෙහි භවාග්රය දක්වා උන්නා වු කුරු කුහුඹු වැනි කුඩා සතුන් ගේ පටන් දිව්ය් බ්රහ්ම නාග මනුෂ්ය ආදි සියලු සත්තු තමන් ගේ බසින් මෙන් තේරී ඒ දහම අසත් නම් උන්- ඒ දහම දෙසන උතුමාණන් - බැති සිතින් වදිමි.
දහතුන් වැනි පැදියෙන් කිවියා අදහස් කළ අරුතයි.ඔය, අරුත ඒ පැදියෙන් ලැබීයැ හැක්කේ පද ඒ අතට මේ අතට මාරු කොටැ නොයෙක් සක්ක කැබලි ගැසීමෙනි.
14. මේ ලෝ සියල් එකලු වී—මේ ලෝ සියල් එකලු වී කියා යැ වියැ යුතු. මේ ලෝක සියල්ල ඒකාලෝක වී යනු යැ එ විටැ අදහස්.
බිහිරු නද ඇසූ නම්—බිහිරි අය හඬ ඇසුවෝනම් : යන අරුතයි. කිවියා අදහස් කරන්නේ.
එහෙත් බිහිරු යන්නෙන් බිහිරි අය යන අදහස නො ලැබේ; බයගුලු අදහස මිස.
පිල්හු සිත් සේ දිවූ නම්—ඈ කිරි බුදු අප්පේ මේ කවර දිවීමෙක් ද? මේ සඳහන් පිල්හු නම් මොනර පිල් වන්නට ඇති. සිදුහතුන් උපන් දවසෙ මොනර පිල් සිත්සේ දිවු වගක් කොහි සඳහන් ද?
වදනක් ඇද හැරැ හරියට ලියා ගන්නට බැරි දග්ධයන් වනේ අඳ ඇතුන් මෙන් පදයක් පාසා අනේ මුළා වන හැටි !
මේ පිළුහු කියා යැ යෙදියැ යුතු. පිළුහු නම් පිට ගැට කුදුහු යැ. ඒත් උන් හට දුවන්නට බැරි හැයි. පිළුහු යන්නේ අරුත කොර යැයි හිතාගෙනැ මේ කුකිවි පැදි කරුවා මහත් අමාරුයෙකැ වැටී දඟලන සේයැ. එද වරදෙක් නැති මෙබඳු ගත් මහ කිවි කැරුම් සේ තකා හෝදිසි වලට නියම කරන්නවුන් ගේ හැටි හෝ හෙළිනො වේ යැ? තුනිවට කෙලෙසුන් සව් ලෙව් සතුන් ගේ ගියේනම් - සව් ලෙව් සතුන් කෙලෙසුන් තුනි වැ ගියේ නම්. අව ගිනි නිවුණේ නම්—අපාය ගිනි නිවුණේ නම්.
15.පෙරටින්—පෙරටුයෙන් යන සේ යැ වීයැ යුතු. එවිටැ අදහස ඉදිරියෙන් යනුයි.
බුදුනට පෙරටින් ගොස් වාතයෙක්—යන යෙදුම ඉතා මැ නොහොබනා යෙදුමෙකි.
පැහැ පස කුසුමෙන් දිස්නා වියන්වත් කෙරේ නම් — “පස් පැහැ දිස්නා කුසුමන් වියන් මෙන් කෙරේ නම්”යන සේ යෙදිණි නම් අරුත ගත හැකියැ.
16.වළ තැන් පිරෙමිනි—වළ තැන් ගොඩ වී.
සම වැ බෙරඇසක් සේ උස් සියල් තැන් මැ යේ නම්—සියල් උස් තැන් මැ බෙරැසක් සම වැ යේනම් , සියලු උස් පෙදෙස් ෙබරඇසක් වගේ සමතලා වේනම්.
කනු කටු එ පහන් සව් ඈ මඟින් පා වැ යේ නම්— “කනු කටු පහන් ඈ මඟින් පහ වැ යේ නම්”කියා යැ යෙදියැ යුතු. කනු කටු ගල් ආදිය මාර්ගයෙන් අයින් වේ නම් කියායි.එ විටැ අදහස. මේ පබඳෙ හැම පැදියක් මැ කො තෙකුත් වරදින් ගහන යැ. ඒ වරද එකක් පාසා පැහැදිලි කරන්නට ගිය හොත් කලත් කොළත් දෙක මැ අපතේ යෙයි. එහෙයින් මෙ තැන් සිටැ එබදු තැන් යන්තමකට හඟවා අරුත දිම පමණක් කෙරෙමි.
17.වරද —අබ තුළ ඉරියවු සිව් දෙව්රම් සේ කෙරෙන් නම්—නිවරද- අබැටක් තුළ සිව් ඉරියවු දෙව්රම් සේ කෙරෙත් නම්.
අදහස —දෙව්රම් වෙහෙරෙදී වගේ සිව් ඉරියවුව මැ අබ ඇටයක් තුළ දිත් කෙරෙන් නම්.
වරද — සක් දෙව් පුරේ පීට යෙත් නම්.
නිවරද — සක් දෙව් පුරේ පිහිටායෙත් නම්.
සිය රුවෙනි දහස් නෙක් රූ මවාලා පවිත් නම් - තමාගේ රුවින් නොයෙක් දහස් රූප මවාලා දක්වත් නම්.
18.අදහස—කුරිරු වූ නපුරු වු බිහිසුණුවු නා රජවරුන්, යකුන් තවුසන් බමුණන් තීර්ථක වාදයෙන් යුත් ගෘහපතියන් බක - ආදි බ්ර්හ්මයන් , අංගුලිමාල, ශක්රය , රාහු අසුරේන්ද්රය ආදි වු නොයෙක් ඇත්තන් දමනය කිරීමෙන් නොයෙක් සැටියෙන් සතුන් හට වැඩ සිදු කළ ඒ තිලෝනාවන් නිතර සිත් පෙමින් වඳිමි.
19. අදහස — පැහැදිලියි.
20.අදහස —රත්නයෙන් හෝ සඳුන් ආදි නොයෙක් අරටුයෙන් හෝ යමකු ගේ රුව නෙළිමෙන් ද ඒ රුවට මල් පහන් ආදිය පිදීමෙන් ද නිතොර වතාවත් කිරිමෙන් සත සිත පැහැදි මෙන් ද අජරාමර නිර්වාණ මෝක්ෂ සාන්තිය ලබත් නම් උන් වඳිමි.
21.වරද — තම නම මුවැ වැකුවන්.
නිවරද — තම නම මුව වැකුවන්. තමා ගේ නාමය මුවෙහි ගෑවු තැනැත්තන්. යන්තම් තමා ගේ නම - ඒ බුදුන් ගේ නම - කටින් හැඬැවූ අය.
තම නම නකැනැ ලුවන් — තමන් ගේ නම ඇසු අය.
වරද — බස් සැබැවයි ඇදුවන්.
නිවරද — තම බස සැබැව යැයි ඇදැහුවන්.
අදහස — තමා ගේ වචනය සැබෑ යැයි ඇදැහූ අය.
22.අදහස — පැහැදිලියි.
වරද — තම සිත පැහැදුවත්.
නිවරද - තමා වෙතැ සිත පහදවාගත් අය.
අදහස — තමා ෙකරේ සිත පහදවාගත් අය.
වරද — ඉන්මඳක් වත් වැනුවත් - මෙය නිවරද කළ නො හැකියි.
23.දෙසය යොදනුසැත් වූ — යොදුන් දොළොසක් උස් වූ. සරණගිනි සිටීමෙන් — පතුල් අගින් හිටැ ගැනීමෙන්.
වරද — මෙවෙනි අසිරිමත් යුත් වූ.
නිවරද — මෙ වැනි අසිරිමත් වූ.
අදහස —මේ සැටියෙන් පුදුමවත් වූ.
24.අදහස—තරමක් පැහැදිලියයි.
වරද —කුසුම් මත් හී. නිවරද—කුසුම් මතෙහි.
25. අදහස— සතර සීවටන් සුතුර දෙසීමෙන් සවුවන් හික්මවා සතර අපාය දුකින් ඔවුන් මිදීමෙන් සිව්පිළිසිඹියාවෙන් හා සතර මඟ සතර පලයෙන්ද යුතු නිවන් දුන්නා වූ සතර වෙසරද ගුණයෙන් යුතු වූ බුදුන් මම නිතර වඳිමි.
සතර සීවටන්— කය අනුවැ බැලීම, සිත අනුවැ බැලීම, හැඟීම අනුවැ බැලීම, දහම අනුවැ බැලීම යැ යන සීවටන් හතර - සතර සතිපට්ඨානය—
සතර අව දුක — නරක, අසුර, පේත, තිරිසන් යන අපාය හතර
පිළිබඳ දුක.
සතර පිළිසිඹන්— අර්ථ යැ ධර්ම යැ නිරක්ති යැ ප්රසතිභාන යැ
යන ප්රළතිසම්භිදා හතර . පිළිසිඹින් කියා යැ වියැ යුතු.
26. සියලු සතුන් සතුටු කිරීම නිසා උතුම් සිතු මිණක් වැනි, සියලු කෙලෙස් ගිම් නිවීම නිසා. උතුම් සුර, ගඟක් බඳු ; දෙව්, බඹ, නා, මිනිස් සතුන් හට දෙව් තුරක් බඳු උතුම් බැත් පෙම් — බැති පෙම් කියා වියැ යුතු.
27. සිවුරු, පිඬු, සෙනසුන්, බෙහෙත් යන මේ සිව් පස කැප යැයි පිළිගන්නා වූ, සොහොනේ ලන ලද පණුවන් යුතු රෙදි කඩ පාංශුකූල කොටැගන්නා වූ, පව් බැහැරැ කළ හෙයින් රහසින් හෝ පවක් නොකරන උසස් කුලවත් කොයෙක් දහස් ගණන් සඟ පිරිස ලද තිලෝනෙතාණන් වඳිමි.
බේසද්— වැරදි යෙදුමෙකි. බෙහෙදුත් කියා වියැ යුතු.
පියල්—“පියැලි” යන්නෙන් මිසැ පියල් යන්නෙන් රෙදි කඩ යැ යන අදහස නො ලැබේ. පියල් යන්නෙන් අදහස බුහුටි - ප්රෙගල්හ - යනුයි.
28. අදහස— අනඳ තෙරිඳුන් බඳු තමන් ගේ හිත දන්නා වූ මෙහෙකරුවන් ලැබූ රහල් තෙරිඳුන් බඳු එක බඳු රුව ඇති දරුවන් ලැබූ ඉදුයෙන් බලයෙන් නැණින් අගපත් දෙ අග සවුවන් ලැබූ සුගත් බව බඳු නොලද හැකි දෙයක් ලැබූ බුදුන් වඳිමි.
මේකරුන්—“මේකරුවන්”යන සේ යෙදිණි නම් මැනැවි.
දෙ අග් සව් කෙනක් ලත්— බලවත් වැරැදි යෙදුමකි. “දෙ අග
සව් කෙනෙකු ලද” යන සේ යැ හරි යෙදුම.
නොලද් හැක්—නො ලද හැකි කියා වියැ යුතු.
29. සතර උතුරු වූ විස්සක් සවන් පා මුලේ දී —සූ විසි බුදුන් පා මුලේ දී.
30. අදහස —සියල්ල දත්තා වූ සිය පින් ලකුණු යුතු වූ උතුම් දස පැරුම පුරා මරුන් බිඳ හැරියා වූ කුලුණු මෙත් ආදි රුවන් , නිදනෙකැ මෙන් සිතෙහි. කළා වූ තුන් ලෝ පළට වූ කිතු ගොසින් යුතු ගොයුම්ගොත් නම් වූ උතුමාණන් වඳිම්.
ලකුන් යුත් = ලකුණු යුත් කියායි වී යැ යුතු.
කුලුන් මෙත් = කුලුණු මෙත් යනු යැ හරි.
ගොසයෙන් —–ගොසින් යනු විනා ගොසයෙන් යනු සිංහල නො වේ.
පසිද් වූ = හරි යෙදුම පසිඳු වූ යනුයි.
3. දමුරුවන් මාලාව
සංස්කරණය31 දිටු දෙ සැට නිබුල් වීමෙන්— නිබුල් වීමෙන් දෙසැට දිටු ශාස්වන යැ උච්ජේද යැ යන සේ යුගල වීම නිසා සැට දෙකක් වුණා වූ දෘෂ්ටි. දෙසතුරු සැට— හැට දෙවරක්
32. කෙළ සුවහස මත් වූ දෙව් නිකා ලෙස් කිරීමෙන් — සිය දහස් කෙළක් පමණ වූ දෙව්නිකාය සමඟි කිරීමෙන් .
33. පහසුයි
සක්වළේහි— සක්වළෙහි යන සේ යැ හරි. සක්වළේ හී නම් සක්වළේ වැටී යනුයි.
34. පැහැදිළියි.
බව ගිනි දල වන්— බවයට ගිනි ජාලාවක් බඳු
සව් කෙලෙස් ගිම් දලක් වන්— සියලු කෙලෙස් ගිමට ජලයක් බඳු.
සිලිලිඳු— සයුර
35. දෙසිය එ සොළොසක් — මෙහි එ යන්න සඳස රක්නට
යෙදුණ හිස් යෙදුමකි.
4. සඟරුවන් මාලාව
සංස්කරණය36. දකුන් සවු—දකුණු සවු යැ වියැ යුතු.
37 අදහස — කපක් කල් මුළුල්ලේ නො නැවත - වසින ලද - හැම වැස්සෙක්හි මැ පොද බිඳු ගණන මෙතෙකැයි - කියතොත් එයට ද- පස් පොළොවේ සියලු පස් උදු මුං
සේ ගුළි කොටැ ලකුණු තබත් හොත් එයට ද සමත් වූ උතුම් වූ නැණින් යුත් සැරියුත් සාමින් වඳිමි. කතුවරයා පතන අදහස මේ යැයි හිතමි. එහෙත් ඔහු ගේ පබඳින් මේ අදහස නො ලැබේ.
පස් ෙපාළෝවේ—පස් පොළොවේ යනුයි හරි.
38. උරගිඳු දමමින් නන්දෝපතන්දැයි නමින් යුත් — නන්දෝපනන්ද යන නමින් යුත් උරග රජු දමනය කෙරෙමින්.
විජයොත් පා — වෛජයන්ත ප්රායසාදය.
39. අදහස —මහ මෙර කුඩ යටියක් ලෙසට ගෙනැ ඒ මතැ පොළොව තබාගෙනැ සක්මන් කරත හොත් එයට ද සමත් වූ සියල් ඉදුමතුන් හට අග තැන් පත් වමත් සවු බුදු පුතාණන් බැති සිතින් අත් මුදුන් තබා සතුටින් වඳිමි.
40. ඇදැහිලි කළ මුල් අග් දම් පිළිගත් තුමෝ යැයි — අග් දම් පිළිගත් මුල් උතුමෝ යැයි ඇදහිළි කළ:
නවගහස දනක් = නව අගහස් දනක් , අග්රම ශස්යි දාන නවයක්.
41. තමන් ගේ පවුල් දී තම සම කළ — තමන් ගේ පාංශුකූල සිවුර දී තමන් හා සම කළා වූ. බුදුහු මහකසුප් හිමියන් හට තමන් ගේ සිවුර දී ඔවුන් ගේ සිවුර තමන් පිළිගත් පවත යැ මෙයින් සැඳැහුණේ.
සවන් පුත් — බුදු පුත්.
42. සියල් හවු ගුණෙන් යුත් පින් කෙත් — සියලු ශ්රා වක ගුණයෙන් යුත් වූත් පින් කෙතක් බඳු වූත්,
මුලිනුපුටු කෙලෙස් මුල් — කෙලෙස් මුල් මුලින් උදුරාහළ.
ලොබ, මොහ, දොස යන තුන යැ කෙලෙස් මුල් නම්.
සදාකල් — මෙහි කල් යනු වැඩි පදයෙකි. “සදා” යන වදන මැ
සියලු කල් යන අදහසදෙයි.
43. පුඟුලු තුති සදා — මේ තෙමේ ඉදුමතුන් කෙරේ අග වන්නේ යැ; මේ තෙමේ ඔවා පිළිගතන්නවුන් අතරැ අගපත් වන්නේ යැ; ඈ විසින් බුදුන් විසින් කරනලද තුති පැවැසුම ගැනැ වන්නට ඇති මෙයින් කියැ වෙන්නේ.
44. කප් සුවාහස් මුළුල්ලේ — “කප් සුවහසක් මුළුල්ලේ’ යන සැටි යැ නිවැරදි.
මුනිඳාණන් ගෙන් වරාටක් ලබමිනි— අනඳ හිමියන් බුදුන් හට උවටැන් තනතුරට පත් වූයේ කොහි දී හෝ කවුරුන් හට හෝ බුදුන් දෙසන ලද දහමක් තමාටත් දෙසියැ යුතු යැ. බුදුන් හට උපදින පිණි රස අහර තමාට නොදියැ යුතු යැ යුතු යැ යන ඈ ලෙසින් බුදුන් ගෙන් වර අටක් ලැබීමෙන් පසු යැ.
45. වරද — තෙමද ගිජිඳු නාලා නම් ගිරී මේයු කල්හී
නිවරද — නාලාගිරි නම් තෙමද ගිජිඳු මෙහෙණ කල්හී.
වරද — මේ මුළු පැදියේ මැ අදහස වැරදි යැ.
මේ බලන්නෑ.
“තුන් මදින් යුතු නාලා නම් ගිරි ඇතා මෙහෙයු කල්හි බොහෝ සෙනෙහසින් බුදුන් හැරැදමා නොයාමෙන් ඒ රණ කකුළු දා ආදියෙහි දී වගේ දිවිය පිදුවා වූ අනඳ තෙරිදුන්............ වඳිමි” යනුයි බොහෝ නිවැරදි කොටැ හෝ මෙයින් ගත හැකි අරුත. නාලාගිරි දමනයේ දී අනඳ හිමියන් බුදුන් වෙනුයෙන් තම දිවි පුද කළ වගක් මෙයින් ඇඟෙයි. ඒ නො මැනැවි. වැරැදි මැ අදහසෙකි.
නොපීමෙන්— නො බීමෙන් යන අදහස යැ මෙයින් ලැබෙන්නේ. නොපියීමෙන් යනු යැ හරි යෙදුම, එ විටැ අරුත නො හැරැදැමීමෙන් යනුයි.
නාලා නම් ගිරී— තනි නාලාගිරි යන නම දෙකඩ කොටැ රහත් වි; ධර්ම සඞ්ගායනා වේලායෙහි දී කසුප් තෙරිඳු ආදීන්රැස්වූ තැනෙහි මහ පොළොවැ කිමිදෙමින් ගොස් තම අස්නේ වැඩැඋන්නා වූ අනඳ තෙර හිමිඳුන් යන සැටියෙන් යැ යෙදියැ යුතු,
47. අදහස — තිලෝනා බුදුන් ගේ පාදාව - පිරිත් පැනින් පුරාගෙනැ තුන් බියෙන් යුත් පුරයේ තුන් යාමයෙහි පැදැකුණු කොටැ රුවන් සුතුර බෙණෙමින් පැන් ඉසිමින් සතුන් හට සෙත්වැඩූ ආනන්ද නම් ඒ සුගත් මල් උතුමාණන් සතුටින් වඳිමි.
48. “දෙව් ලෝ කතුන් මම ලබන්නෙම්” යි හිතා භාවනා කිරීමෙන් හතර මහත් හතර පලක් ලැබීමෙන් කෙලෙස් බිඳැදැමු; දසබල බුදුන් මෙන් දහම් දෙසීමේ සමත් වූ නන්ද මහ තෙරිඳුන් අත් මුදුන් දී මම වඳිම්.
49. රූ සිරින් ලෙව් පසිද් වූ — රූ සිරින් ලෝ පසිඳු වූ යනුයි, හරි යෙදුම.
50. නව නරසිහ සුත් — නරසිහ සුත් යැයි කීම නො මැනවි.එ නමින් සුතුරෙක් නැති.
51. අදහස — ඉතා ලෙහෙසියි. උපනැයියා — උපනැයි අසා. මෙ ගැළැපුම සුදුසු නැති.
52. මිලිඳු රජු නැමැති ගිජිඳා හට සිංහයකු බඳු, සසුන් විලට හස් රදු හා එක වැනි; ගුණය නැමැති ජලයට සයුර වැනි මෙත් ගුණයෙන් පුන් සඳ හා එක බඳු බව සයුරට පහුරක් බඳු සියලු කෙලෙස් ගිමට ජලයක් වැනි පැණසරවත් නාගසේන මහ හිමිඳුන් මම නිතර වඳිමි.
ගුණ දල සිලිඳු වන් — ගුණ දල සිලිලිඳු වන් යනුයි. හරි යෙදුම.
මුහුද සිලිලිඳු යැ. ඒ කෙසේ හෝ සිලිඳු කියා විකර නො වේ.
53. සැගිරීහි — මෙහි අදහස සෑගිරියෙහි වැටී යනුයි. එහෙත් කිවියා මෙයින් අදහස් කළේ “සෑගිරියෙහි” යන අරුතයි.
54. වරද — මුනියුරු පිළිගත් ලක් දිව් මහා මේ වනුයන්—
නිවරද — ලක් දිවැ මහ මේ වන උයන මුනි යුරු පිළිගත්,
අදහස — ලක් දිවැ මහ මෙවුනා උයන බුදුන් වහන්සේ මෙන්
පිළිගත්තා වූ.
55. පහසුයි. පොකුන් හී — මේ පොකුණේ කියා යැ වියැ යුතු. පොකුන් හී යන්නේ අදහස පොකුන් වැටී කියා යැ. පොකුන් නම් කොකුම් වැනි වගයක් වන්නට ඇති.
56. අදහස— නොයෙක් බුදු පුතුන් හා එක් මඟැ එමින් වැහි වස්නා කල්හි තුන් මද කිපුණු ගිජිඳු ගේ පා හතර අතරේ ඉඳැගෙනැ; නොයෙක් බුදුවරුන් ගේ සිරිත වූ මහ සීවටන් සුතුරු භාවනා කිරීමෙන් මේ සසර නැමැති ඇතා ගෙන් යම් අයෙක් මිදුණාහු ද: ඔවුන් වඳිමි - මේ සැඳැහුණේ කාල බුද්ධරක්ඛිත හිමියන් ගැන යැ. එ හිමියෝ සැදෑතිස් රජුන් ගෙන් ලක් රජයෙන් පවා පුද ලද්දෝ යැ.
57. අදහස — එයින් මෑතැ දී මලය දේව නමින් යුතු බුදු පුත් උතුමා, දතයුතු සියල්ල දත් තුන්ලෝනෙතාණන් ගේ නොයෙක් නමින් පිරුණු සසක් සුතුර මේ ලක් දිව හැට තැනෙකැ දී දෙසීමෙන් සැටක් සැටක් බැගින් මහණන් නිවන් පැමිණැවූයේ නම් එතුමා වඳිම්. 58. අදහස. — ඒ බුදු පුතාණන් “තුන් පිටකයේ කුදුගොත් සඟියෙහි සසක් සුතුර දෙසීමෙන් වෙහෙරේ සිටැ සක්දෙව් රජහු ගේ පඬු ඇඹුල් සලස්නා දක්වා හාත් පසින් හතර ගවුවක් තැන් පුරා උන්නා වු මුළු දෙව් පිරිසින් හතර දෙනෙකු තබා අනෙක් දහස් ගණන් සදෙව් ලෝ ජනයා නිවන් පත් කළේ නම් ඔවුන් වඳිමි. සුල්නා — සුළුනක කියා යි වීයැ යුතු.
59. අදහස — ලෝ උතුමාණන් දෙසන ලද උතුම් දහම; බුදුන් යෙන් සඟා කළ (සංගායනා කළ)සිය පස සිය දහසක් පමණ වූ සවුවන් ගේ – මුදුන් පත් වූ ඒකසුප් තෙරිඳුන් ආදි සියලු සඟුන් නිතොරැ වඳිම්.
නිකෙලෙයි සිය පස් තැන් — රහතුන් පන්සියයක් යනු මේ පැවසූ සැටියි.
60. අදහස — කාලාසෝක රජුන් කලැ වාලුකාරාමයේ දී දස වත පිළිබඳ මිසදිටුව බිඳැහැරැලීමෙන් බුදු දහම දෙවැනි වරැ සඟැයුම් කළ ඒ සත් සියයක් පමණ සඟුන් හා යස මහ තෙරිඳුන් ආදී සියලු බුදු පුතුනුත් මම වඳිමි.
වැලී නම් අරම්හී — ‘වැල්ලේ අරමෙහි’ යන සේ යෙදුණා නම් ඉතා මැනවි.
61. අදහස — දඹදිව රජ පැමිණි තෙවදත් දම්සෝ රජුන් කල දවසැ උතුම් තෙවලා දහම තුන්වැනි වරැ සංගායනා කළා වු මොග්ගලි පුත්ත නම් වූ ඒ රහත් බුදු පුතාණන් හා සමඟ දහසක් පමණ ඒ සියලු සවුවන් වඳිමි.
දිනසුත— බුදු පුත්
62. අදහස — මහනාම නම් ලක් රජුන් ගේ කලැ දී දඹදිවින් මේ ලක් දිවට අවුත් සියලු තෙවළා දහම් අදහස් දැනැගෙනැ ලංකාවේ සඟුන් සතුටු කරමික් තුන් පිටක අටුවා ලියූ: බුදුන් ගේ අදහස් දත් බුදු ගොස් හිමියන් වඳිමි.
සුගත් දත් අදාහස් — සුගත් අදහස් දත් යන සේ විණි නම් මැනැවි.
63. අදහස — සිරිමත් වළගම්බා නම් රජුන් ගේ කාලයේ දී බොහෝ පින් සිරින් යුත් එක් දනවු නාවකු ගේ අයැදීමෙන් සිරි ලක්දිවැ අලුලෙන්හි දී දහම් පොත් සංගායනාව කළා වූ , සියලු කෙලෙසුන් බිඳින ලද ශ්රා්වකයන් පන්සියයක් දෙනා ගේ සිරිපා වඳිමි.
64. අදහස — පින්නෙන් එන ජලයෙන් සතුටු වන සෙමරමුවන් මෙන් නිතර සොම්නස් වෙමින් තම ජීවිතේ වගේ සිල් රැකීම නිසා කෙහෙ අගැ සිරිය එල්ලා ළය දී වැදැහෝනවුන් වගේ නිතොර පවෙහි බිය යුතු වූ සඟුන් මම හැම කල්හි වඳිමි.
65. අදහස— තුන් වැදෑරැම් ශික්ෂායෙහි අගපත් වූ සුපිළිපන් වූ සසුන් විලට හංස රදුන් බඳු පිරිසුදු බුදු දහම නැමැති සිංහ තෙල පුරන ලද රන් බඳුන් වැනි අග සවුවන් වූ අසූ මහ සවු සඟුන් සියලු දෙනා මම වඳිමි.
66. අදහස—මායා බිසොවුන් නැමැති පෙරගිර මුදුනින් උදා වුණ මුනිඳු නැමැති හිරු තුන් ලොව නැමැති අහසේ බැබැළෙමින් ගොස් මරු නැමැති අවර ගිරට පැමිණි කැලැ උදා වුණු දළදා නැමැති සඳ දද අත්මුදුන් දී නිතොර වඳිමි.
67. අදහස — සියලු සතුන් වෙතැ මෙත් කුලුණනින් තමා අතට පැමිණි ඒ පිරිසුදු නිවන් සෙත අත් හරිමින් සියලු පැරුම් පුරමින් බුදු බව ලද ඒ බුදුන් ගේ දළඳා මම නිතර වඳිමි.
68. අදහස —සංඛපාල නම් බමුණු දවසේ දී සද් දිනක් මුහුදේ පීනමින් පිරිසිදු සිල්වත් බව පළට කළා වූ චුල්ලධර්මපාල කල දවසේ දී වැතිරී හොවමින් ද පිය රජාණන් හට මෙත් කළා වූ, ඒ පිළිමල් වැ ආ වසවත් මරුවා බිඳහැරැ මෙ කල්හි බෝමුලේ දී සුගත් බව, ලැබුවා වූ බුදුන් ගේ මේ දළඳාව ලක් රජදරුවන් නිතොරැ පුදන්නා වූ මේ දළදාව - සතුටින් වඳිමි.
සක් පල් විප් කලැ — සංඛපාල නම් බමුණු කලැ
නිමල් සිල් පල් කළ — නිමල් සිල් පළ කළ යනුයි නිවැරදි.
පිල්මල් වූ වසවත් මරු — බර පතළ වැරැදි යෙදුමකි. “පිළිමල් වූ” යන සැටියෙන් යැ යෙදියැ යුතු.
69. අදහස — පහසුයි.
තුන් කල් අත් දතුගේ — තුන් කල් අත් දතුහු ගේ යනුයි හරි සිංහල වැවහර.
70. අදහස — සංඛපාල නාග රාජ කලැ දී සීලය පළට කළා වූ සාන්තිවාද නම් තවුස් කලැ දී සාන්තිවාද නම් තවුස් කලැ දී සාන්තිය කළා වූ ඒ අසයිහ නම් සිටුවරයා වුණු කල දවසැ දී සක් දෙවියො පඬු ඇඹුල් අස්න දන් දුන්නා වූ බෝ මුලැ විදුරස්න අරා ඉඳිමින් මෙ කලැ මුදුන් තබමින් මම සතුටින් වඳිමි.
71. අදහස — රන් පැහැමත් වූ සිරුරින් ; අඳුරු සමූහය නැති කොටැ නොයෙක් දිසාවන් එළිය ගැන්වීමේ පොහොසත් වූ ඉතා යන - තුන් කලැ සියලු අර්ථයන් දැනැගත් සක් දෙවියා ගේ පඬු ඇඹුල් ගල් අසුනට නැඟී ඉඳැගෙනැ තුන් මසක් කල් අබිදහම දෙසූ සතුන් හට සෙත දුන්නා වූ ඔවුන් ගේ මේ දළදාව සිත් පෙම් වැඩීමෙන් වඳිමි.
72. 73 74 75 යන පැදිවලැ අදහස් ලිහිල් යැ.
වරද — කිනිහිරී. පෙරුම්හහී. ඉල්ව ආ. ගුවන්හී. අතිනී.
නිවරද — කිනිහිරි. පෙරුම්හි. ඉල්ලා ආ .ගුවන්හි. අතිනි.
76. මහා නා වනූයන් — මහා නාග වනෝද්යානය මහ නා වන උයන් යැයි යෙදිණි නම් ඉමැනවී.
77. නාග දිවයිනේ නාග සටන් බිමට බුදුන් වඩනා කලැ සමිද්ධි සුමන නම් දෙවියා කුඩයක් මෙන් ඉහලීමෙන් ගෙනැ අවුත් පිහිටුවන ලද ඒ කිරිපලු රුක් මුල්හි සමවත් සුවයෙන් බුදුන් වැඩැහුන් තැනැ දාගබ මම වඳිමි.
78. අයද්මෙන් — අයැදමෙන් යැ කියැ වී නම් මැනැවි.
සමවත් —“සමවත්” කියා යැ හරි යෙදුම.
79. ගුවනිනි කැලණින් ගෙගාස් — හරි මැ නොසිංහල කියමනෙකි.
80. සසර අවුලින් මුත් වූ — සසර පටැලිල්ලෙන් මිදුණු මේ රහත් යැ කියූ සේයි. ඉතින් ආයේ වරක් රහත් යැයි පුනා පැවැසීම කියමන කිලිටි කිරීමෙකි.
81. සිය පස රහතන් හා සව් කෙලෙස් බුන් තමන් සේ
තමන් මෙන් සියලු කෙලෙස් බිඳුනා ලද පන්සියයක් රහතුන් සමඟ.
ලක් කතුත් මත් = ලංකා කාන්තාව ගේ මස්තකයෙහි
ලක් කතුන් මත් කිරුල් වන් = මෙහි කිරුල් වන් යන යෙදුම ඉතා නො මැනැවි. කිරුළු වන් කියා යැ වියැ යුතු.
කොවුල් සඳෙස පිටපත් කරන්නට ගොස් ‘ඉරුගල් කුලට කිරුල් ’ යන සේ ලියා එහි පැදි කිලිටි කැරැදමන්නටත් ඇත්තේ මේ සාමණේර නම මැ වන්නට ඇතැයි මට හිතෙයි.
82. අදහස —තුන් කල අත් අතැඹුල වගේ දත්තාණන් ගේ ඉතා පිවිතුරු දා හිමියන් වැඩම කරමින් බඳනාලද ලක් අඟන ගේ මුදුන සරහන ලද කිරුළක් බඳු උස් වූ මුතියංගන දාගබ මම වඳිමි.
83. අදහස — පහහසුයි
ඊ නළල්හි නළල් දා තබමින් — ඒ පිළිමයෙහි නළලේ බුදුන් ගේ ලළාට ධාතුව පිහිටුවමින්
84. අදහස — සක් දෙවියා විසින් ලක් දිවැ දෙවන පෑතිස් රජු හට අහසින් එවුණු ඉතා පිරිසුදු නිල් කප් තුරක් මෙන් වැඩැලා මහ මෙවුනා උයන්හි පිහිටනු ලැබුවා වූ ජයසිරි මහා බෝ රුකෙහි දකුණු සාකාව මම වඳිමි.
85. අදහස — බුදුන් විසින් අයාගන්නා ලද තමන් වහන්සේ ගේ පස්පෑ දිස්නා දෑස නොපියාගැනීම නිසා නිල් පැහැයෙන් ඉපිලී ගියා වූ වැහි වලාවක් හා එක් වැනි වූ අනුරා පුරයේ පිහිටීම ලද දවසේ මැ රජුන් ගේ පුද ලැබූ කප් තුරක් බඳු ඒ දකුණු මහ බෝ මම වඳිමි.
86 බැන්දවූ සූරියන් උස් — නොමනා සන්දි කිරීමෙකි. බැන්දාවූ අසූරියන් උස් යනු යැ එහි විසන්දි රූපය.
87 අදහස — කෙළෙක් අගනා රිදී හස්නේ බුදුන් ගේ ධාතුන් වැඩැ උන් කල්හි; බුදුන් ගේ අදිටන පරිද්දෙන් මැ දෙ සල් ගස අතරේ පිරිනිවනේ දී බුදුන් හොත් සේ ඒ ලෝ උතුමාණන් ගේ රුව මැවෙමින් - මෙ සේ - නිදන් කම සිදු වූ ඒ අසදිසි දාගබ නමදිමි.
88. සඳස නිසා පිරිහීමක් සිදු නො වූ හොඳ මැ පැදියෙකි.
89. අදහස — අකු ධාතුව ඇත් රජු ෙග් කුඹුතලයට වැඩම කළ විටැ ගණ්ඩම්බ නම් අඹ ගස මුලැ දී වගේ පෙළහර දක්වමින් නිදහන් වන් දවසේ දී සිරිලකැ වූ නොයෙක් දාගැබ් තෙමී ද එසේ වූ පිවිතුරු අකු දාව යුතු ථූපාරාම සෑය වඳිමි.
90. අදහස — දන පින දෙකෙහි නිති ලොල් සිත් ඇති අබා නම් යම් රජෙක් රන් ගොනකු ගේ කුසෙහි බුදුන් ගේ ධාතූන් පුරා තබා එක්සිය අසූරියන් උසින් යුතු වැ බැඳැවීමෙන් පුදන ලද ඒ අභයගිරි දාගැබ මම අත් මුදුන් දී වදිමි.
(අප මෙසේ අදහස ගත් නමුදු රන ගොන් කුසෙහි යනුයෙන් හැගෙන්නේ රන ගොන් කුස සූගත්දායෙන් පුරන්නනට ගොස් රජු ඇදැපෙරැළුණ වගයි)
91. සවන් ගේ — බුදුන්ගේ යන අදහස දෙන්නට යැ මේ පදය යෙදුණේ එහෙත් වියරණය කාබාසිනියා කළ යෙදුමකි. සවනුන් ගේ යි නිසි යෙදුම.
මෙ ලක් කත් කිරුල් වන් — මේ ලක් අඟනට කිරුළක් වොටුනුත් බදු යනුයි කිවියා මෙනයින් පතන අරුත ‘මේ ලංකා කත තිරි උල්පත බඳු’ යනුයි.
92. අදහස — “කුස රජු කලැ සක් දෙවියා දුන් අටවක් නම් මැණික ගෙනැ අවුත් ඒ තුළට බුදුන් ගේ උණු ලොම් දාව වැඩම කිරීමෙන් එය පිහිටුවා සේල සෑය තැනුණ වගක් .” සමහරු කියන බවයි මේ පැදියෙන් හැඟවෙන්නේ .
93.අදහස — සිරිලක් දිවැ සැපත දැරුවා වූ තෙදවන් මයුරාසනයා ගේ දෙවොල අසලැ බුදුන් දැහැනින් වැඩහුන් තන්හි බඳනා ලඳ මහසෙන් දෙවියා සොම්නසින් නිතොර ඒ පුද තිරීමෙන් නැමඳුම් කළා වූ ඒ කතරගම දාගබ මම අත් මුදුන් දී වදිමි .
94.පහසුයි
95. පැවදිවනුවට කැමති වූ මහබෝසතාණෝ තමන් ගේ හිස කෙස් සිඳැ වොටුන්න හා සමඟැ අහසට ලූ කලැ ,සක් දෙවියා ඒ කරඬුයෙන් පිළිගෙනැ දෙව් ලොවැ තබලා සිළුමිණි නම් සෑය බැදීමෙන් වඳින ඒ සෑය මම වඳිමි.
96.අදහස පහසුයි —
මහාසත් යනු මහසත් යන සේ වියැ යුතු.
සිව් දෙනෙක් මත් —යනු මහ මැ හඩු යෙදුමකි
හන්සළූ දුන් — යන තැන ළූ යන්න ගුරු කළ සේ නො මැනැවි.
97. පහසුයි.
98. සව් සමාවත් යෙදීමෙන්
මෙය සව් සමවත්හි යෙදීමෙන් යන සේ යැ නිසි.
99. අරුත පහසුයි.
100. බිම්සර නම් රජු ගේ අයැදීම නිසා රජගහා නම් ඒ පුරයට බුදුන් වැඩැලා දිය පොළොව අවසන දක්වා මැ මිහිකත වෙවුලමින් පිළිගන්නාලද වේළුවන අරම මම් සිත පෙමින් වඳිමි.
101. අදහස පහසුයි.
102. සකු බස පෙළ දහම සඳස් ආදියත් බෝ කලක් ලක්දිව පවතින සේ තමන් දත් හැටියට මැ සියල්ල දන්වා අතැවැසි හෙරණන් ආදීන් සමත් බවට පමුණුවා නොයෙක් සේ උසභ ගැනීමෙන් දිවි පුද කරමින් සසුන වැවූ.
103. කුලුණු බලයෙන් ද නුවණ බලයෙන් ද අපිස් - අල්පේඡතා - ආදි නොයෙක් යහපත් ගුණයෙන් ද යුතු නිතොර අරණෙහි විසීමෙන් තුන් සතුටින් සිත සතුටු වූ සසුන් නැමැති අහසේ දිලිසෙන පුන් සඳ හා වැනි සතුටු වූ සසුන් නැමැති අහසේ දිලිසෙන පුන් සඳ හා වැනි පිරිසිදු වූ සරණංකර නම් ඒ බුදුපුත් උතුමාණන් ගේ
104. පා සෙවණේ වැඩී සද සතර - ශබ්ද ශාස්ත්රේය - සඳස හා දහම ද බිදක් දැනගත් අතැවැසි සාමණේර නමක් නිවන් සෙත ලබම්ව’යි සිතින් යුතු වැ පැදි සියයක් පමණ වූ මේ තෙරුවන් මාලා සිලෝව සිය බසින් බැඳීමෙන් තුන් ලොවේ පළට වූ තුනුරුවන පිළබඳ
105. නොයෙක් ගුණ වැනුමෙන් ද සිත් පෙම් වැඩීමෙන්ද වැදීමෙන්ද; මෙයින් මතු හතර අපායකට පත් නොවීමෙන් සසරෙහි ඇවිදීමෙන් යහ වැඩ පිණිසැ මැ යෙදීමෙන් දෙ සැට මිස දුටු නොගැනීමෙන් නිතොර කලණ මිතුරන් ඇසුරු කිරීමෙන්
106. පැණසර ගුණ තේජස් ගුණ ද යුතු වෙමින් ලෝ පසිඳු වැ මෛත්රී බුදුන් දැකැ ඒ බුදුන් ගේ සසුනෙහි පැවැදි වැ සියලු පිළවෙත් දම් පිරිසිදු වැ පිරීමෙන් ජීවිතය රක්නාක් මෙන් සියලු සික පද නො බිදැ රකිම් වා යි පැතුම් කෙළේයි.
107. දෙමාපියන් ගුරුන් වත් තෙරුන් ද යුතු සියලු සත්හු හිතවත් නොහිතවත් සත්හු හතර අපායේ වසන සත්හු දෙව් මිනිස් බඹ යනාදීන් යුතු හැම සත්හු මැ මා තෙරුවන් වැඳීමෙන් ලත් මේ පිනින් සතර අපාය දුකින් මිදී මෙතේ බුදුන් දකිත් වා!