තිසර සන්දේශය-විවරණiii

101. යෝ න න් නුවන් පැහැසර දිය හය තරඟ නේසෙන් සි ලි ල් සර පතරැති වීදි ගඟ1 පා මි න් ගමන් ගත් කලදෝ නැවක2 රඟ යා ගන් එයින් මමිතුර සිරි මඟා මඟ

පදාර්ථ යෝනන් නුවන් පැහැසර දිය, යුවතීන්ගේ ඇස්වල කාන්තිය නමැති ජලය ද: හය තරඟ, අශ්ව නමැති තරංග ද, නේ සෙන් සිලිල් සර පතරැති. නොයෙක් සේනා නමැති ජලවර සත්ව සමූහයා ඇති: විදි ගඟ, විථි නමැති ගංගායෙහි: ගමන් ගත්, ගමන් ගත්තා වූ: කලදෝ නැවක රඟ පාමින්, රිදී නෞකාවක ආකාරය පෙන්වමින්: මමිතුරු, මාගේ මිත්රරය: මඟ සිරි මඟ, මාර්ගයෙහි ශෝභාව බලා: එයින් යා ගන්, එතැනින් යා ගන්න.

විස්තර නුවන් පැහැසර: නේත්රනයන්ගේ ප්රිභා සාරය. ප්රසභා සාරය නම් කාන්තියයි. සිලිල් සර පතරැති : සලිල > සිලිල්, ජලයයි. ජලයෙහි හැසිරෙනුයේ සිලිල් සරයි. මත්ස්යි යන අර්ථය මෙන් ම ජලවර පක්ෂීන් හා මස් කැසුබු යන අර්ථය ද ගත හැකිය. පතර යනු සමූහාර්ථයි. උදාහරණ වශයෙන් කව්සිළුමිණෙහි (1. 20) “මිණි පතර තර” යනු මාණික්යර “සමූහයාගේ රශ්මි” යි අර්ථ ගැනේ. පතර + ඇති > පැතරැතී. මඟ සිරි මාහා : මාර්ග ශ්රීුය බලා. මඟා - මඟ (ධා) මැඟීමෙහි, බැලීමෙහි, සෙවිමෙහි. සිදත් සඟරාවෙහි “මහා මැඟී සුව විසලි මලී යා” යි යෙදිණ. කැලණිපුර වැනුම් 102. පැදුම් නිසල් සල් තුරගෙහි රැඳි මහරු කුසුම් කැනෙක සිරි සිසි නොම ලබන තුරු උවම් කරත නිසි පුරවරට පුරඳුරු උතුම් කැලණිපුර වදු හසරද මිතුරු3 පදාර්ථ පැදුම් නිසල් සල් තු‍රගෙහි, පෙරදිග පර්වතය නමැති සල් ගස මුදුනෙහි: රැඳි, රුඳුණා වු: මහරු කුසුම් කැනෙක සිරි. ඉතා අගනා මල් පොකුරක අලංකාරය: නොම ලබන තුරු, ලැබීමට පෙර: සිසි. චන්ද්ර යා: පුරඳුරු පුරවරට, ශක්ර යාගේ උතුම් නගරයට: උවම් කරත නිසි, උපමා කිරීමට සුදුසු වූ: උතුම් කැලණිපුර, උත්තම කැලණිපුරයට: හසරද මිතුරු, හංසරාජ මිත්ර්ය: වදු පිවිසෙන්න.

විස්තර පැදුම් නිසල් : ප්රාලවීන > පැදුන් > පැදුම්. නලින > නෙලුන් > නෙලුම් වූවා සේය. සල/සල් (චංචල) නොවනුයේ නිසල්ය. පර්වතය යන අර්ථයි. අචල ශබ්දයෙන් සිද්ධ ‘අසල්’ යන්නට සමානය. ____________________________________________________________ 1. හැඟ - අ.ඉ.උ.එ.ක.ග.ර. 2. නැවෙක -ජ: නැවෙකැ -කු. 3. සොදුරු - එ.කු.ජ.

136 තිසර සන්දේශය නොම ලබන තුරු: ලැබීමට පෙර යන අර්ථයි. ‘තම පියා නොම ලන තුරු’ 91 වැනි පද්යුය මෙනි.

103. දිමුතු මුතුලැලින් සොබමන් විමන් වට ලෙළෙන කෙහෙලි රසු ගොස ලෙසිනි සුළඟට කැලණි එපුර සිරි පිළිවිසි සුරන්හට වෙසෙස නොහැර1 තෙපලන වැනි2 ගොස් වෙතට

පදාර්ථ දිමුතු මුතුලැලින් සොබමන්. දිලිසෙන මුතු වැල්වලින් ශෝභමාන වූ: විමන් වට, මන්දිර අවට: සුළඟට ලෙළෙන කෙහෙලි, සුළඟ නිසා ලෙ‍ළ දෙන කොඩි, රසු ගොස ලෙසිනි, කුඩා මිණි ගෙඩිවල නාදයේ ආකාරයෙන්: කැලණි එපුර සිරි, කැලණිය නම් ඒ නගරයේ අලංකාරය: පිළිවිසි සුරන්හට, විචාළ වූ දෙවිවරුන්ට: වෙතට ගොස්, (ඔවුන්) සමීපයට ගොස්: වෙසෙස නොහැර තෙපලන වැනි, විශේෂත්වය අත් නොහැර ප්රෙකාශ කරන්නාක් මෙනි.

විස්තර රසු ගොස: කුඩා මිණි ගෙඩි නාදය. මේ කුඩා ගෙජ්ජි කොඩිවල එල්ලා තිබේ. ඒ කොඩි සුළඟට ලෙළෙන විට ගෙජ්ජි හඩ නැ‍ඟේ. සිංහල කවියේ නිතර යෙදෙනුයේ රන් රසු දැල් යනුවෙනි. රනින් කළ ගෙජ්ජි දැල්. ස්වර්ණ කිංකිණික ජාලා යන අර්ථයෙනි.

  කැලණි පුරයේ මැඳුරු සමීපයේ ලෙළ දෙන මිණි කිකිණි සහිත කොඩිවල කාර්යය නම් නගර සිරි විමසන දෙවියන් සමීපයට ගොස් එහි තතු සපුරා පැවසීමය. ‘වෙතට ගොස් පවසන වැනි’ යි කීමෙන් අදහස් කෙරෙනුයේ ඒ මන්දිර දෙව්ලොවට සමීප වන තරම් ම උස් බවය. ඒ කොඩි දෙවියන් හා කථා කරනුයේ කිංකිණික නාද නමැති වචනවලිනි.

104. ගොස් තම පුරවරට කෙළ ඇවිදිතී පෙර3 රොස්4 පුරඳුරු ලොව ගිරි පිය5 සිඳින වර රැ ස් ගතයුරු6 ගිරි තැනකෙහි7 බියෙනි තර8 උ ස් පහ මුළු බල සුලකුළු එපුරවර පදාර්ථ පෙර තම පුරවරට ගොස්. පුරාණයේ තමන් (ශක්රතයා) ගේ උතුම් පුරයට ගොස්: කෙළ ඇවිදිතී. ක්රීඑඩා කරමින් හැසිරෙතියි: රොස් පුරදුරු, උරණ වූ ශක්රයයා: ලොව ගිරි පිය සිඳින වර, ලෝකයේ පර්වතවල පියාපත්

1. නොහැරැ - කු.ජ. 2. වෙනි - අ.ඉ.උ.එ.ක.ග.ප.බ.ර.ව. 3. ඇවිදීති එපුර - අ.ඉ.එ.ක. ග.ප.බ.ර.ව. 4. ගොස් - අ.ඉ.උ.එ.ක.ග.ප.බ.ර.ව. 5. විය - අ.ඉ.උ.ක.ප.බ.ව. 6. ගන යුතු- උ.ග.ප.බ.ර.: ගණ යුතු - අ.ඉ.ක.ව. 7. තැනෙකැයි - කු: තැනෙකෙහි - එ.ජ. 8. තොර - එ.කු.ර.

විවරණ 137 කපන කල්හි: ගිරි, පර්වත: තර බියෙනි තැනකෙහි, මහත් බියෙන් එහි (එක්) ස්ථානයක: රැස් ගනයුරු. රාශිභූත වූ ආකාරය: එපුරවර, ඒ උතුම් නගරයෙහි: සුලකුළු උස් පහමුළු බල, ඉතා අලංකාර උස් ප්රා සාද සමූහය බලන්න.

විස්තර රොස්: < රෝෂ (සං.) “රොසින් මෙන් එකලා - පහන නිවුවා කටින් පිඹලා” යනු කාව්යසශේඛර පාඨය (12 . 51). පුරඳුරු : පුරන්දර (සං.) වෛදික සාහිත්ය.යේ සඳහන් පරිදි ශක්රවයා සතුරු නගර වැනසූ නිසා ඔහුට පුරන්දර, පුරහිද් යන නම් යෙදිණ. පුරාණ දේව කථා අනුව, අතීතයෙහ් පර්වතයන්ට පියාපත් තිබිණ. එබැවින් පර්වතයෝ දෙව් ලොවට පියාසර කර ගොස් එහි තැන තැන ක්රිතඩා කළහ. ඒ දැක කෝපයට පත් ශක්රගයා පර්වතවල තටු සිඳින්නට පටන් ගත්තේය. මහත් බියට පත් පර්වතයෝ කැලණිපුරයෙහි රාශිභූත වූහ. ඒ මේ කැලණිපු‍රයේ ප්රා සාද පංතියයි. 105. තර සර නිය නැවින්1 ගත සයුරු තෙර පත2 ම න හ ර ගැඹුරු ගුණෙනද3 නියවතුන් යුත පැහැසර රුවැති වර අඟනන්ගෙන් නුමුත ම මි තු ර එපුරවර සිරි වනත නොසමත4 පදාර්ථ තර සර නිය නැවින් ස්ථීර සාර වූ නුවණ නමැති නෞකාවෙන්: ගත සයුරු තෙර පත, ග්රසන්ථ නමැති සාගරයේ කෙළවරට පැමිණියා වූ: මනහර ගැඹුරු ගුණෙනද, සිත් ගන්නා ගැඹුරු ගුණයෙන් තෙත් වූ නියවතුන් යුතු, නැණවතුන්ගෙන් යුක්ත වූ: පැහැසර රුවැති, පැහැයෙන් සරු රූප ශ්රීු සහිත: වරඟනන්ගෙන් නුමුත. කුල කාන්තාවන්ගෙන් නොතොර වූ: එපුරවර සිරි වනත, ඒ පුරවරයේ අලංකාරය වර්ණනා කරත් හොත්, මමිතුර, මාගේ මිත්ර ය: නොසමත, සමත්හු නොවෙත් මැයි.

විස්තර ගැමුරු ගුණෙනද: ගුණෙන් + අද. ගුණයෙන් ආර්ද්රි වූ, තෙත් වූ යන අර්ථයි. කුමාරතුංග “ගුණනද” යනුවෙන් සකස් කොට ‘ගුණ නිධාන’ යි අර්ථ දෙයි. නිය නැවින්: ඥානය නමැති නෞකාවෙන්. ඥාන යන අර්ථයෙ නිය. නී. නි යන පද යෙදේ. න්යා ය. නීත යන වචන ද සිංහලයෙහි නය/ නිය/ නී යයි යෙදෙයි. “තියුණු නිය ඈ ගුණ රැස” - කව්සිළුමිණ. 1. 33. “නුවණ නි සයුරා” - මුවදෙව්දාව, 1. ____________________________________________________________ 1. නැවිනි - ජ 2. සයුරෙහි තෙරත - අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව. 3. ගුණ නද - කු. 4. කෙසමඟ - අ.ඉ.උ.ක.ග.බ.ර.කු. 138 තිසර සන්දේශය මේ ගැන අදහස් දක්වන කුමාරතුංග‍යෝ “නිය නැවින් ගත සයුර තෙර පත් නියතුන්” යැයි කීම ධන ඇති ධනවතුන් යැයි කීම මෙන් සිනා ‍උපදවන පුනරුක්තියෙකියි පවසති. නිය යන්නට න්යා්ය, ක්ර මය යන අරුත් ද දිය හැකිය. වර අඟනන් : වරාංගනාවන් (කුල කතුන්) ගෙන් මෙන් ම වාරාංගනාවන් (වෙසඟනන්) ගෙන් ද මෙනුවර අලංකාර වී යැයි අර්ථ ගත හැකිය.

106. ඉ සේ ගජන් වැජඹුණු බිහිසුණු මිගිඳු ලෙසේ විරිදු දප1 බිඳ තද තෙදින් රුදු ය සේ වැජඹි විබිසණ නම් සුරිඳුසඳු වෙසේ එපුර සුරිඳුතුමෙක් ලක2 පසිදු පදාර්ථ ගජන් ඉසේ වැජඹුණු. ඇතුන්ුගේ කුම්හස්ථලයෙහි විරාජමන වූ:බිහිසුණු මිගිඳු ලෙසේ, බිය ගෙන දෙන සිංහයෙකු මෙන්: විරිදු දප බිඳ, සතුරන්ගේ එඩි වනසා: සුරිඳුසඳු යසේ වැජඹි, සක් දෙව් රජතුමාගේ (මෙන්) කීර්තියෙන් බැබළි: විබිසණ නම් සුරිඳුතුමෙක්, විභිෂණ නම් වූ දෙව් රජතුමෙක්: ලක පසිදු, ලංකාවෙහි ප්රවසිද්ධ වූ: එපුර වෙසේ. ඒ (කැලණි) පුරයෙහි වාසය කරයි.

විස්තර ගජන් ඉසේ: ඇතුන්ගේ හිසෙහි: කුම්හස්ථලයෙහි. මිහිඳු: මෘගේන්ද්රි, මෘගයන්ට රජ වූයේ සිංහලයාය. සිංහයා ඇත් කුඹු පළා මොළය කති යි යනු කවිසමයයි. සුරිඳුසඳ : සුරනට ඉඳු (අධිපති) වූයේ ශක්ර ය. ඉඳු (ඉන්ද්ර ) යනු ද ඔහුට නමි. ‘සඳු’ උත්තමාර්ථයයි. යසේ වැජඹි: සුරිඳු මෙන් විබිසණ ද කීර්තියෙන් බැබළෙයි. ලක පසිඳු : විභිෂණ දෙවියන් රාමායණාදියෙන් ලොව ප්රහසිද්ධ හෙයින් ලක පසිඳු යි ඔහුට යෙදුම මදි - පුංචිකමකි. මේ අනුව, ජයතිලක, “ලක පසිඳු සුරිඳුතුමෙක්” යනුවෙන් ද, කුමාරතුංග “ලක පසිඳු එපුර” යි ද පද ගළපති. එහෙයින් “කැලණිය ලංකාවේ (සෙසු තැන්වලට වඩා) ප්රුසිද්ධය” යි එයට විශේෂණ කිරීම මැනවි.

107. ම න ර ම් මෙ අප සුරරදහට පටන් පෙර බැති පෙම් දියුණු3 කර4 දවසළ එසුරවර5 රි සි ය ම් ලෙසක6 වැඳ7 එසඳන්8 මන් නොකර9 සි ති ය ම් ලකළ එහි මැඳුරක ලැගුම10 කර

1. දප් - ජ. 2. ලකැ -කු. 3. දිවුන - අ. ඉ.උ.ක.ග.ප.බ.ර.ව. 4. කැරැ - කු.ජ 5. එපුරවර - ක.ග.ප.බ.ර.ව. 6. ලෙසත් -ව: ලෙසෙකැ -කු. 7. වැද - ප, 8. එසෙයින් - එ.ජ. 9. නො කැරැ - කු.ජ 10. ලැගුම් -ජ.


විවරණ 139 පදාර්ථ මෙ අප මනරම් සුරරදහට, මේ අපගේ මනෝරම්ය වූ (උපුල්වන්) දෙව්රජහට: පෙර පටන් බැති පෙම් දියුණ කර, පූර්වයේ පටන් භක්ති ප්රේ මය දියුණු කරමින්: එසුරවර දවසළ, ඒ (විභිෂණ) දේවරාජයා කල් ගෙවූයේය: ඉන් මන් නොකර, එහෙයින් ආඩම්බර නොදක්වා: එසඳ, එවිට: රිසි යම් ලෙසක, කැමති යම් ආකාරයකින්: වැඳ, නමස්කාර කොට: සිතියම් ලකළ, සිතියම් වලින් අලංකෘත වූ: එහි මැදූරක, ඒ (දේවාලයෙහි) ඇතුළු පහයෙහි: ලැගුම් කර, ලැගුම් ගන්න.

විස්තර මනරම් : ඉල්ලීම් ලබා දීමෙන් ජනයාගේ සිත් සතුටු කරන හෙයින් මේ දෙවියන්ට මනරම් යි විශේෂණය යෙදේ. මෙඅප සුරරද: මේ අප දෙව්රජු නම් සන්දේශය පිළිගැන්වෙන උපුල් - වන් දෙව් රජුය. එසඳින්: එසඳ + ඉන් යනුවෙන් විසන්ධි කර ගත මනාය. රිසි යම් ලෙසක වැඳ: උත්කුටිකව හෝ දණ්ඩ නමස්කාරයෙන් හෝ වැඳලා. කුමාරතුංග “වැඩි සැලකිල්ලෙන් නො වඳනා බවෙකි” යි පවසයි. මන් නොකර: තමාන් දෙවියන් හා එක්ව එක් තැන රැ ගෙවන හෙයින් තිසරාට ද ආබම්බර ඇති විය හැකි මුත් එසේ නොකරන ලෙස නියම කෙරේ. කුමාරතුංග “සතුරනට පක්ෂ වූයේ සතුරු ය. සතුරකු ‍වැඳීම නින්දාවට හේතු වේ” යි සදහන් කරයි. එවිට මෙය දෙවියන් ගැරහීමක් වෙයි. විභීෂණ සතුරකු ලෙස පෙර නොසැලකිණ. සිතියම් ලකළ : විහාර දේවාලය බිත්ති සිතුවම් ඇඳ අලංකාර කිරීම පවත්නා සිරිතකි. එහි මැඳුරක ලැගුම කර: දේවාලයෙහි නිඳීම දේව ප්රඅසාද ලැබීමේ උපචාර ක්ර මයකි. මහාවංසයෙහි පියා මහාපරාක්රකමබාහු පුත් කුමරු පතා දේවාලයේ සැතපීම හා වර දානය ගැන සදහන් වේ.

                    මඟ වැනුම් 

108. පියවුරු බර දිගැසිය අඹර කොළතුර සිය කර දිගු කර1 රසවත්2 සුගත වර3 ලියසැව් සෙන්4 ගිගුමෙන්5 නෙත ‍නිඳි දුරැර ගිය මැනවිය මඟ බැස ලැසි නොව එපුර පදාර්ථ පියවුරු බර, වලාකුළුවලින් නොහොත් තන බරින් යුතු: දිගැසිය, නැගෙනහිර (= සියදිගු) දිශාවෙහි නොහොත් කාන්තාවගේ : අඹර කොළතුර, අහස් කොන නොහොත් වස්ත්රග කොන ඇතුළත: රසවත්, සූර්යයා නොහොත් පෙම්වතා විසින්: සිය කර, සිය ගණන් රශ්මි නොහොත් තම 1 කැරැ - කු.ජ. 2. රසවතු - කු. 3. රැගත් වර - ජ: යුගතවර - අ.ඉ.උ.එ.ක.ග.ප.බ.ර.ව. 4. ලිය සැව්වෙන් - ඉ.උ. ග. ප. බ.ර.ව. ලිය සැව් සෙන - කු. 5. ගිගුමෙනි - එ.කු.ජ.

140 තිසර සන්දේශය අත: දිගු කර, පතුරුවා නොහොත් දික් කොට: සුගත වර, මැනවින් අල්ලා ගනු ලැබූ කල්හි: ලියසැව් සෙන්. අනංගයාගේ සේනාවේ: ගිගුමෙන්, ගර්ජනා කිරීම කරණ කොට ගෙන: නෙත නිඳි දුරැර, ඇස්වල නිදමත දුර ලා: එපුර ලැසි නොව, ඒ නගරයෙහි පමා නොවී: මඟ බැස ගිය මැනවි මඟට පිවිස ගමන් ගත හොත් යෙහෙකි.

විස්තර මේ පද්ය යේ විශේෂත්වය නම් මුල් දෙපාදය ශ්ලේෂර්ථවත් ලෙස ගළපා තිබීමය. වලාකුළුවලින් බර වූ අහස් කොනක් තුළ සූර්යයා සිය ගණන් රැස් දහර පතුරුවා හොඳින් උදා වන ආකාරය පෙම්වතකු පියවුරුවලින් බර කාන්තාවගේ වස්ත්රන කෙළවර ඇතුළත තම අත දමා හොඳට අල්ලා ගෙන සිටීමක් සේ මෙහි දක්වා ඇත. එසේ ඉර වලාකුළු බර නැ‍ඟෙනහිර අහසේ උදා වී තිබිය දී, නැත හොත් පෙම්වතා විසින් පෙම්වතියගේ වස්ත්රෙයේ කොන අතින් අල්ලා ගත් විට අනංග සේනාව නංවන ගිගුම් හඬින් අවදිව උදාසන පමා නොවී ‍ඉන් පිටත්ව මඟට වැද ගමන් ගන්නැයි මෙහි අදහසයි. පියවුරු: පයෝධර, පයස් යනු ජලයටත් කිරිවලටත් නමකි. ජලය දරනුයේ ද කිරි දරනුයේ ද පයෝධරයි. ජලය දරනුයේ වලාකුළුය. කිරි දරනුයේ තනය. දිගැසිය : ‘සිය දිගැ’ යි පද මාරු කර ගත් විට ‘ස්වකීය දිශාව’ යන අර්ථයි. ස්වකීය දිශාව නම් නැ‍ඟෙනහිරි දිශාවයි. දිගැසිය යන්නෙහි අනෙක් අර්ථය නම් දිගු ඇස් ඇත්තියයි. එනම් කාන්තාවයි. අඹර : ‍අම්බර (සං.) අභය, වස්ත්රයය යන අර්ථ දෙක ම ගනී. කොළ : කෝට්, කෙළවර රසවත්: රසවතා, සූර්යයා, පෙම්වතා යන අර්ථ දෙක්හි ම යෙදේ. හිරුට ‘රසවත්’ යි යෙදෙන්නේ ‘රශ්මිවන්ත’ යන අර්ථයෙනි. පෙම්වතා පෙම් රස විඳින හෙයින් රසවත්ය. සිය කර: සූර්යයා සම්බන්ධයෙන් සිය ගණන් රැස් දහරය. පෙම්වතා සම්බන්ධයෙන් සිය අතය: ස්වකීය හස්තයය. සුගත වර: මැනවින් අල්ලා ගත් කල්හි, ජයතිලක සංස්කරණයේ රැගත් වර’ යි පෙළ සකසා “ග්රතහණය කළ (සූර්යෝදය වූ) කල්හි” යි අර්ථ දෙනු ලැබේ.

109. රඟන හුරු රළනගෙ විල් අස තිළිය නොදැන1 යුව2 දළන්3 කොපුල් පිටු දුළිය4 නොලා5 පොකුරුකුරුයි6 විමල් තුඩු7 යළිය වඩන සබඳ ගෙවා8 ලුහුල්9 මස්කෙළිය

1. නොදැක - අ.ඉ.උ.ක.ග.ර.ව. නොම දැක - බ. 2. පුවළ - එ.කු.ජ. 3. දලින් - අ.ඉ.උ.ක.ග.ප.ර.ව.: දළන - ජ 4. පිටදුළිය -ජ : පිටැදිළිය - කු 5. නො ලන -කු. 6. පොකුරු- කුරැඟ - ජ: පොකුරුකුරන්ති -කු. පොකුරුකුරුසිය - අ.ඉ.ක.ග.බ.ර.: පොකුරුකුරුගිම් මල් - එ. 7. මල්කුඩු - කු. 8. ගෙවන් - කු. ගෙවමින් - අ. ගෙව - ඉ.උ.ක.බ.ර. 9. දුහුල් - ඉ.උ.ක.ග.ප.බ.ර.ව.: දුල් - අ. විවරණ 141 පදාර්ථ විල් අස තිළිය රඟන, විල් අසල ප්රී තියෙන් ක්රී ඩා කරන: හුරු රළනගෙ, ඌරු රංචුවල: කොපුල් පිටු දුළිය. කම්මුල් පිට දිලිසෙන: යුවළ දළන් නොදැන, දළ යුවළ නොහැඳින: පොකුරුකුරුයි, නෙලුම් අල යයි: යළිය, නැවතත්, විමල් තුඩු නොලා, පිරිසිදු හොටය (එහි) නොතබා: සබඳ, මිත්රැය: ලුහුල් මස්කෙළිය, ලූලන් ඇති මස්කෙළිය (එනම් ස්ථානය) : ගෙවා වඩන, ඉක්මවා යන්න.

විස්තර යුවළ දළන්: දළ යුවළ, ජයතිලක, කුමාරතුංග යන දෙදෙන ම ‘පුවළ දළන’ යි පෙළ සකසා “ප්රෞ:ඪ වූ දංෂ්ට්රාිවන්” යි අර්ථ දෙති. අප්රාැණවාචි පද “දළන්” “පියුමන්” ආදී වශයෙන් විභක්ති ගැනීම විරල නොවේ. නොලා : නොබහා, හංසයෝ නෙලුම් අල, දලු, අංකුර කති. පොකුරුකුරු: පොකුරු + අකුරු. නෙලුම් අංකුර: අල. විමල් තුඩු : පිරිසිදු හොට. ඌරන්ගේ දළවල ඔබේ පිරිසිදු හොට වැරදී නොතබන ලෙස නියම කෙරේ. ‍ මෙය “මල් තුඩු” යි සකස් කරන කුමාරතුංග “විවෘත තුණ්ඩය..... දෙමළයෙහි මලර (මලක් මෙන් විවෘත විමෙහි) යනු යෙදේ” යි විවරණ සපයයි. ලුහුල්: ලුලා මීට ජයතිලක “රෝහිත මත්ස්ය යන්ගෙන් යුක්ත” යි අර්ථ දෙයි. “රේමස් බිලීමස් නම් රේ මසුන්හට කිණු මස් ලුහුල් නම් වේ කලු මසුන්හට” යනු නාමාවලි පාඨයයි. මේ අනුව රේ මස් (රෝහිත මත්ස්ය යා) ලුලා නොවේ. කාවයියාය. කාව්යුශේඛරයෙහි ද (10. 90) ලෙහෙල්. ලුහුල්, රෙහෙ මස් යනු මසුන් තුන් වගයක් ලෙස සඳහන් තුන් වගයක් ලෙස සඳහන් කෙරේ.

110. පිපි සල්1 තුරු ගැවසි දිසි කිර වැළාන2 දකිමින් ලකුළු මාදලු මූකළාන කොක වැල සුරවි දුළ3 මා මේ කුළාන යන සදිනෙසඳ යව මඟ නොව මුළාන පදාර්ථ පිපි සල් තුරු ගැවසි, පිපුණු සල් ගස් සහිත වූ: කිර වැළාන දිසි, ගිරා රෑන් දක්නට ඇති: ලකුළු, අලංකාර: මාදලු මූකළාන දකිමින්. මාදලු මූකළාන (නම් ප්රනදේශය) බලමින්: කොකවැල සුරවි දුළ, කොක් පේළී සහ දේදුනු බැබළෙන: මා මේ කුළාන, මහා මේඝ කූටයක්ය: යන සදිනෙ -

1. මල් - ගු.උ.ක.ග.ප.බ.ර. 2. කර වැලාන - ඉ.උ.එ.ක.ග.ප.බ.ර. නර වැරලාන - අ: කරැවැලාන -ව 3. දුලි - අ- ඉ.එ.ක.ග.ප.බ.ර.ව.


142 තිසර සන්දේශය සඳ, යන සැකයෙන් යුතුව ඒ වේලාවේ: මඟ මුළාන නොව, මං මුළා නොවි: යව, යන්න. විස්තර. පිපි සල් තුරු: මල් පිපුණු සල් ගස්. සල් මල් පැහැයෙන් සුදු පාට කොකුන්ට සමාන බව කියවිණි. මේ අනුව අද සල් නමින් හැඳින්වෙන ළා රතු මල් පිපෙන ගස ඉන් අදහස් නොකෙරේ. දැනට උපවත්තන සල් උයනේ ඇත්තේ ද වෙනස් සල් රුක් විශේෂයකි. විශාල වෘක්ෂ යන අර්ථය ද මාතා භාෂාවල ශාල/සාල යන වචනවලින් ලැබේ. කිර වැළාන: ‘කීර’ නම් පෙළ සකු වදන සිංහලයෙහි කිර, ගිරා යනුවෙන් යෙදෙයි. ගිරා රංචුය. වැළාන, වැළන් කර්ම බහු වචනයි. මා දලු මූකළාන : මූකළ - චනය. මේරූ ගහ කොළ ඇති බැද්ද මූකළාන නමි. මාදලු මූකළාන එකල පැවති කැළෑ නමකි. සුරවි: සුර + අවි, ඉන්ද්රාායුධ නම් දෙව් දුන්නයි. ඉන්ද්රශවාප යනු ද නමි. නොව මුළාන : මුළා නොවී ‘මුළා’ යන්න එළිසම සඳහා ‘මුළාන’ වී ඇත. ජයතිලක “මුළාන නොව, මූඪ නොව” යනුවෙන් ද, කුමාරතුංග “ආන මුළා නො ව, වනයෙහි මූඪ නො වී” යනුවෙන් ද අර්ථ දෙති. එහෙත් සමස්ත ග්රාගම නාමවල (උදා: පැපිළියාන, බඹරවාන ආදියෙහි) මිස කේවල නාම පදයක් ලෙස සිංහලයෙහි වන වාචී “ආන” යන්නක් නොලැබේ. 111. වෙනේ එසිරි දැක ගිය සඳ මඟ1 බඩය පෙනේ රුසිරු ඉසුරෙන් සැදි වෑබඩය ග නේ ලියෝ පැළඹෙති හස දප මැඩය ඉ නේ නොවැද මඟ ගමනොත2 හොත් වැඩය පදාර්ථ වෙනේ එසිරි දැක, වනයෙහි වූ එකී සුන්දරත්වය බලා: ගිය සඳ, ගමන් කළ විට: මඟ බඩය, මඟ අසල දි: රුසිරු ඉසුරෙන් සැදි, සිත් රුචි කරවන ඓශ්චර්යයෙන් සැදුණා වූ: වෑබඩය පෙනේ. වෑබඩ නම් ග්රා්මය පෙනේ. හස දප මැඩය, හංසයන්ගේ එඩි මැඩ ගෙන: ලියෝ ගනේ පැලඹෙති. කාන්තවෝ සමූහ වශයෙන් ඔබ මොබ යති. ඉනේ නොවැද, එහෙයින් ඒ (වෑබඩට) ඇතුළු නොවී: මඟ ගමනොන හොත්, මඟ දිගේ ම ගමන් කළ හොත්: වැඩය, වැඩදායකය.

විස්තර වැබඩය පෙනේ: වෑබඩ පිහිටා තිබුණේ ගමන් මඟ දෙපස නොව මහ මඟට ඈතින් බව පාර අද්දරට (ඈත සිට ම) පෙනෙති යි කීමෙන් හැ‍ඟේ. අග පාදයෙහි “ඉනේ නොවැද” යන්නෙන් (වෑබඩට ____________________________________________________________ 1. මං - කු. 2. ගමන අත - අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව.



විවරණ 143 ඇතුළු නොවන්නට ඉල්ලීමෙන්) ද, ඒ බව තහවුරු වේ. ‘බඩය’ ආදි වශයෙන් සතර පාදයේ ම ‘ය’ කාරය එළිවැට සඳහාය. රුසිරු ඉසුරෙන්: ඉසුරු (ඓශ්චර්යය) නම් 1. ධන සම්පත්; 2. උසස් තනතුරු හා 3. සුන්දරත්වයයි. ඒවා රුචිරය; හෙවත් රුචිය වඩන සුලුය. ගනේ පැලඹෙති : ගනේ, ඝනව, එකට ගැටෙමින්, කාණ්ඩ විසින්ය. පැලඹීම නම් අනුන් සිත් ගනිමින් උදාර සේ පෙනීම, හැසිරීමය, සකුවෙහි ප්ර ලම්භනයි. හස දප මැඩය: හංසයන්ගේ දර්පය (ආඩම්බරය) යටපත් කරන මාර්ග දෙකකි. එකක් හස - ගමනයි. අනෙක හංසාකාර පියවුරුය. හස ගමන ද ඇත් ගමන ද කාන්තා ගමනෙහි සුන්දරත්වය පෑමට කවීහු යොදති.

112. මඟ දෙපස අ ර‍ ණේ සිරි නොතැඳ ගොස් එ ක ණේ1 වැඩ ඉඳ වඩන ක ල‍ ණේ පිසඹිය තුරෙයි2 සෙවණේ පදාර්ථ මඟ දෙපස අරණේ, මාර්ග දෙපාර්ශ්වයෙහි (ඇති) කැළයේ: සිරි නෙතැඳ, ශෝභාව ඇස්හි ඇඳ ගෙන: එකණේ ගොස්, ඒ සැණින් ගොස්; පිසඹීය තුරෙයි සෙවණේ, පිසඹිය ගසේ සෙටණෙහි: වැඩ ඉඳ, නතර වී සිට: කලණේ. කල්යා්ණ (මිත්ර ය) : වඩන, ගමන් කරන්න.

විස්තර සිරි නෙතැඳ: නෙත් + ඇඳ වන සුන්දරත්වය බලා යන්න කවි බසින් පැවසුවේ වන සිරි ඇසේ ඇඳ ගෙන හෙවත් සිතුවම් කර ගෙන කියාය. ‘නෙත් + ඇද’ යි ද පෙළ සැලකිය හැකිය. එවිට නෙතට ඇද ගෙන හෙවත් ආකර්ෂණය කොට කියා අර්ථ ගන හැකිය. එකණේ: එකෙණෙහි, ඒ ක්ෂණයෙහි, ඒ මොහොතේ. පිසඹිය තුරෙයි: පිසඹිය යනු කොහොඹ යයි අනුමාන කෙරේ. කොසඹ සඳහා ‘නිඹ’ ‘පිසඹ’ ‘පිසිඹ’ යන පද යෙදේ. පියසඹිය යනු ද එහි තවත් රූපයක් විය හැකිය පියසඹිය යනු කොසඹ නොව වෙනත් ඖෂධ වර්ගයක් බව එක් මතයකි. පුවිමන්ද (පාදකි) > පිසඹිය ‘පිවු මර්ද’ (කුෂ්ට මඩින්නා) යන සකු නමට ද පිසඹිය සමානය. කුමාරතුංග එබඳු (කොහොඹ) ගසක් නිසා ලැබුණු නම් ඇති ගමක් වූ සේ ද සැලකිය හැකි යයි කියයි. “(පිසඹිය) තුරෙහි - (කොහොඹ) ගසෙහි” යයි නිශ්චිතව කියවෙන හෙයින් ගමක් නොව එම කැළයේ මඟ අසල මඟීන් ගිමන් අළ සුපුරුදු කොහොඹ ගසක් බව හැ‍ඟේ. ____________________________________________________________ 1. එසැණේ - කු : එකෙණේ - ජ 2. තුරෙහි - කු.

144 තිසර සන්දේශය “කොහොන් ගස පොකුණේ සැනහෙම්නි බඳ පවනේ” - තිසර, 31 යන තන්හි ද කෝන් හෝ කොහොම්. (= කොහොඹ) ගස අසල වූ පොකුණක් ගමන් ම‍ඟෙහි විය. මාර්ගාසන්නයේ මගින්ගේ පහසුව තකා කොසඹ ගස් වවා තුබුණ ද විය හැකිය. ටැඹ > ටැම් මෙන් කොහොඹ > කොහොම් / කොහොන් විය හැකිය. “තුරෙයි” යනු යෙදී ඇත්තේ ආධාර්ථයෙනි. එය “තුරෙහි” යි සකස් කිරීම අවශ්ය” නැත. “සවනතෙයි” යන්න මේ කෘතියේ ම යෙදේ (3) කලණේ : කල්යා ණය, හිත මිත්රොය. ජයතිලක “කලණේ, මනෝඥ වූ: පිසඹිය තුරෙහි...” යි අර්ථ ගනී. 113. ලබා 1 දුහුල් පට වසමින් තනනුදුළ2 තබා පයින් පය පියනන්3 ගෙන සලෙළ බබා4 යනෙන රුසිරඟනන්ගෙ සුලකළ සබා 5 නෙතැඳ යව ඒයෙන් ඌරුවළ පදාර්ථ දුහුල් පට ලබා දුකූල වස්ත්රග ලබා‍ ගෙන: උදුළ තනන් වසමින්, බැබළෙන පියවුරු වසා ගනිමින්: සලෙළ පියනත් ගෙන, විනෝදකාමී ප්රිනයයන්ගේ අත් අල්ලා ගෙන: පයින් පය තබා, අඩියෙන් අඩිය තබමින්: බබා යනෙන, බිය පත්ව යන එන්නා වූ: සුලකළ රුසිරඟනන්ගෙ. ඉතා අලංකාරව සිටින රුචිර අඟනන්ගෙ: සබා නෙතැඳ, ස්වභාවය ඇස්හි ඇඳ ගෙන: ඌරුවළ ඒයෙන් යව, ඌරුවළ (නම් ප්ර දේශයේ) ඒ දණ්ඩෙන් (පාලමෙන්) යන්න.

විස්තර දුහුල් පට ලබා: දුහුල් < දුකූල, විනිවිද පෙනෙන ඉතා සියුම් වස්ත්රේ සොයා ගෙන. බැබළෙන පියොවුරු වසා ගැනීම සඳහා ඒ රුසිරඟනන් දුහුල් පට ලබා ගත් බව කියවේ. මෙවැනි වස්ත්ර ලබා ගැනීම එකල පහසු නොවන්නට ඇත. හැම පුස්කොළ පිටපතක ම යෙදෙන ‘ලබා’ යන්න ජයතිලක කුමාරතුංග ඇතුළු හැම සංස්කාර‍කයකු ම ‘ලඹා’ යි සකස් කර ඇත. කතුන්ගේ පියවුරු දුහුල් පටින් (ලඹා) එල්ලා ගැනීම හෝ එල්ලෙන දුහුල් පටින් තන වසා ගැනීම ‍හෝ ඇදහිය නොහැකිය. රුසිරු අඟනන්ගේ සිරිත තම පියවුරු තන පටින් තද කර බැඳ ගැනීමය. තව ද: මෙම පද්යියේ අනෙක් පාදවල ‘බා’ සහිත මුල එළිවැට අනුව සලකන කල ද. ‘ලඹා’ යන්නට වඩා ____________________________________________________________ 1. ලඹා - ජ.කු. 2. තනින් නුදුල - ර.: තැනිනුදුල - බ.: තන උදුල -ජ. 3. පි‍යනෙත් - අ.ඉ.උ.ක.ග.ප.බ. ර. ව. 4. තබා - අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව. 5. සුබා - එ.කු.ජ



විවරණ 145 ‍ ‘ලබා’ යනු ගැළපේ. මේ ස්ත්රී හු තනපට නොබැන්දහ: තන එල්ලා නොගත්හ: බැබළෙන තන දුහුල් පටින් වසා ගත්හ. තනනුදුල: තතන් + උදුල. බැබළෙන පියොවුරු පියොවුරු බැබළෙන්නේ එහි රන්වන් පැහැය නිසාය. ඔවුන් තනපට නොබැඳ දුහුල් පටින් ඒවා වසා ගන්නේ රන්වන් පැහැය ද ප්ර.දර්ශනය කෙරෙන ආකාරයෙන් විය හැකිය. තනන් - අප්රාපණ වාචි බහු වචන කර්ම විභක්ති රූපයයි. ඉහත 109 පද්ය යේ ‘දළන්’ යි යෙදිණ. පියනත්: පියන් + අත් ප්රිමයයන්ගෙ අත් බබා යනෙන රුසිරඟනන්: බා ධාතුව බිය විමෙහි. බබා නම් භය වෙවි යන අර්ථයි. යන + එන යනෙන. රුසිරු + අඟන > රුසිරඟන, රුචිර අංගනාව. මේ රුසිරඟනන් බිය වීමට හේතු දෙකක් ඇත. එකක් නම් ප්රිුයයන්ගේ අත් අල්ලා ගෙන සිටින නිසා අනුන් දැකීමෙන් ඇති වන බියය. අනෙක නම් ඒ දණ්ඩෙන් හෝ පාලමෙන් යෑමට ඇති බියය. සබා නෙතැඳ: ස්වභාවය, ඇති සැටිය. නෙත් + ඇඳ > නෙතැඳ නම් නේත්රාංැජනය කොට ඇස්හි ඇඳ ගෙන එනම්. මැනවින් බලාය.

114. මි දෙ ල් මිදි ලමඟ නුග රෑරඟ කරඳ කි තු ල් පොල්1 පුවක් පුවඟුගු සිඳුවර ද වි ස ල් ළසල් සහයුරු2 තුරු කැන් නිබඳ කෙහෙල් වේරුගල3 බලමින් යව සබඳ

පදාර්ථ මීදෙල්, මිදෙල්ල: මිදි, මිඳි: ලමඟ, (ලමංග) කරාබු නැටි: නුග, නුග: රැරඟ, ඔෂධී: කරද කිතුල් පොල් පුවක් පුවඟු, එනම් ගස්: උගු, උක්: සිඳු වර ද, නික ගස් ද: විසල්, විශාල: ළසල්, තරුණ සල් ගස්, සහයුරු, මී අඹ (දයන): තුරු කැන්, වෘක්ෂ සමූහවලින්: නිබඳ, එක්ව බැඳී ඇති: කෙහෙල් වේරුගල, එනම් ග්රා මය: බලමින්, නරඹමින්. සබඳ, මිතුර, යව, යන්න.

විස්තර රැරඟ , ඔෂධී රාත්රිඳයේ සඳ පහන මෙන් බබළන වැල් වර්ගයක් බව සැලළිහිණි පුරාණ සන්නය (සාරාර්ථ වර්ණනාව) පවසයි. පල හට ගැන්මෙන් මැරෙන ගස් ඕෂධී (ඕෂධි ඵල පාකාන්තා) යයි අමරකෝෂයෙහි දැක්වේ. පුවඟු: පුවඟු + උඟු, පුවඟු < ප්රි යංගු සමහරු රුක් මල් යයි ද කියති.

1. පුල - එ: පුළු - අ. ඉ. උ. ක. ග. ප.බ. ර. ව. 2. සායුතු - අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව. සායුරූ - එ. 3. නිහෙල් වේරුගල - ජ. කෙහෙල් පේරගල - අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව. :



146 තිසර සන්දේශය

115. පි රි කු සු මැ ල් ල රැඳි සහගුම් බිඟු දැල්ල තු රු සෙවණැල්ල සැර දෙන ළඳ සිවුමැල්ල1 දැ ක එ සි ය ල් ල යොමු කර2 නෙත් මිණි නිල්ල සිතු නොම ඇල්ල රැඳුමෙහි හිස්පන් ඇල්ල3 පදාර්ථ පිරි කුසුමැල්ල රැඳි, පිරුණ මල් සමූහවල රැඳි සිටින: සහගුම් බිඟු දැල්ල, ගුම් නද සහිත මී මැසි රංචු ඇති: ළඳ සිවුමැල්ල දෙන, තරුණියන්ගේ සුකුමාර බව ගෙන හැර පාන: තුරු සෙවණැල්ල සැර, ගස් සෙවණැල්ලෙහි හැසිර: නෙත් මිණි නිල්ල, ඇස් නමැති නිල් මැණිකෙහි නිල් පැහැය; යොමු කර, මෙහෙයවා: එසියල්ල දැක. ඒ සියලු දෑ බලා: හිස්පන් ඇල්ල. හිස්පන් ඇල්ල නම් පෙදෙසේ: රැඳුමෙහි, රැඳි සිටීමේ: සිතු නොම ඇල්ල, සිත් ආශාව නොකරව.

විස්තර කුසුමැල්ල: කුසුම් + ඇල්ල. ඇල්ල යනු සමූහාර්ථයෙහි යෙදේ ඒ ගස්වලින් (පිරි) ගැවසී ඇති බව කියවිණ. බිඟු දැල්: භෘංග ජාලා, මී මැසි රංචු. නෙත් මිණි නිල්ල: නේත්ර නමැති මාණික්ය්යන්ගේ ඇති නීල වර්ණය. ඇස් මැණික්වලට සමාන කෙරේ. ඒවා නිල් පැහැය ගනී. ‘නෙත් මිණි කැලුම්’ යි කාව්ය්යේ නිතර යෙදේ. නොම ඇල්ල: නොම ඇලෙව, නොඇලෙව, චිත්තාශා නොකරව යන අර්ථයි. හිස්පන් ඇල්ල: මෙහි කෙරෙන විස්තර අනුව හිස්පන් ඇල්ල නම් වර්තමානයේ අත්තනගල්ල නමින් ප්රකකට ස්ථානය බව අනුමාන කිරීමට ද පිළිවන.

116. සත් මිණි4 අබරණ සිලිලාර දුහුලින සැදි මහවැලි ගඟ5 මුතුහරිනි බබළන සිරි ලකඟන මත6 කිරුළෙක අයුරු වන එහි වටදා ගෙය වැඳියොත්7 වැඩෙයි පින පදාර්ථ එහි, ඒ හිස්පන් ඇල්ල ගමෙහි: සත් මිණි අබරණ. සප්ත විධ මාණික්ය’ නමැති ආභරණයෙන් (ද) : සිලිලාර දුහුලින. මුහුද නමැති දුහුල් වස්ත්ර යෙන් (ද) : සැදි, සැරසුණු: මහවැලි ගඟ මුතුහරිනි, මහවැලි ගඟ නමැති මුතු වැලින්: බබළන, බැබළෙන්නා වූ: සිරි ලකඟන මත, ශ්රීි ලංකා නමැති කාන්තා -

1. සියුමැල්ල - එ.ජ. 2. කැරැ - කු.ජ. 3. හිස්පත් ඇල්ල - එ. කු. 4. ගැපමිනි - උ.: සපමිනි - අ.ඉ.ක.බ. : සැපමිනි - ග.ප. 5. ගං - එ. කු.ජ. 6. මත් - අ. ඔතැ - කු. මහත් - ඉ.උ.ක. ග.ප.බ.ර. ව: 7. වැදිහොත් - ඉ.උ.ග.ප.බ.ර.


විවරණ 147 වගේ මුදුනෙහි; කිරුළෙක අයුරු වන, ඔටුන්නක් හා ඒකාකාර වන්නා වූ: වටදා ගෙය, සෑගෙය: වැඳියොත්, වැන්දොත්: පින වැඩෙයි, පින් වැඩි වෙයි.

විස්තර සිලිලාර : සිලිල් + ආර. ජලයට ආකර වනුයේ මුහුදය. වටදා ගෙය: පෙර දවස කුඩා‍ චෛත්යැ වටා ගල් කණු ඉදි කොට ඒ මත ඉදි කෙරෙන ලී පියස්ස සහිතව සාදනු ලබන සෑගෙයයි. චේතියඝර, ථූපඝර, වට්ටධාතුඝර යන නම් ද යෙදේ. ථූපාරාම, මැදිරිගිරි ආදි චෛත්යරවලට ඉදි කරනු ලැබූ වටදා ගෙවල නටබුන් අද දක්නට ලැබේ.

    මේ පද්යගයෙන් හිස්පන් ඇල්ාලේ වටදා ගෙය වර්ණනා කෙරේ. ඒ ශ්රීද ලංකා‍ව නමැති අංගනාව පැළඳි ඔටුන්නක් බඳුය. ඈ සත්රුවන් නමැති අබරණින් ද මුහුද නමැති දුහුල් වස්ත්රුයෙන් ද සැදුණාය. ඇගේ මුතුහර මහවැලි ගඟය. ඒ වටදා ගෙය වැඳ පින් ලබා ගන්නා ලෙස දුතයාට නියම කෙරේ. 

117. අටස්1 ගොවිඳු හර සුර නරෙක සරණය අටස් සතර වෙහෙරින් යුතු2 සඟ ගණය අටස් නොලා වැඳ බැති පෙමිනපමණය අටස් පිළිම ගෙයි තොප ලගුතු කලණය

පදාර්ථ අටස්, ඇස් අටක් ඇත්තාය (බ්රරහ්මයා): ගොවිදු, විෂ්ණුය: හර, ඉසුරු (යන), සුර නරෙක සරණය. දෙවි මිනිසුන්ට එක ම පිහිට වූ ද: අටස් සතර වෙහෙරින් යුතු, සතර බ්රණහ්ම විහරණයෙන් යුක්ත වූ: සඟ ගණය, සංඝ සමූහය: අටස් නොලා, අෂ්ටාංග විනිර්මුක්තව (අට දොසින් තොරව): වැඳ බැති පෙමිනපමණය, අප්රඅමාණ භක්ති ප්රේනමයෙන් වන්දනා කොට: අටස් පිළිම ගෙයි. අටකොන්ව සෑදු බුදු ගෙයි: තොප ලගුතු කලණය, තොප ලගින්නේ ‍නම් යහපත්ය.

විස්තර අටස්: මහාබ්ර්හ්ම ඔහුට මුහුණ සතරකි. ඇස් අටකි. එහෙයින් චතුරුමුඛ. අෂ්ටාක්ෂ (සිවුමුවා, අටස්) යන නම් වූයේය. ‘අටස්’, ‘අටැස්’ යන වචන දෙක ම සමානාර්ථවත්ව යෙදේ. සෙසු පාදවල ද එසේ මය. ගොවිඳු: ගෝවින්ද, විෂ්ණුට නමි. විෂ්ණු අවතාරයක් වූ ශ්රීර කෘෂ්ණ ගවයන් ඇති ගෝප කුලයෙහි ප්රරධාන වූයෙන් ඒ නමි. හර : ඊශ්වරගේ නම්වලින් එකකි. හරණය. සංහරණය හෙවත් ලෝක විනාශය කරන්නා. අටස් සතර වෙහෙර: බ්ර්හ්ම විහාර සතර. 1. මෙත්තා, 2. කරුණා, 3. මුදිතා, 4. උපෙක්ඛා. බඹ පවතින්නේ. ජීවත් වන්නේ මේ සතර ක්ර මයටය. විහාර නම් විහරණය - පැවැත්මය. ____________________________________________________________ 1. අටැස් - කු. (සතර පාදයේ ම). 2. යුත් - කු: යුර - උ.ක.ග.ප.බ.ර.ව.

148 තිසර සන්දේශය අටස් නොලා වැඳ: වැඳිමෙහි දී නොව වැඳ හිඳීමෙහි දි නම් නිසිදන දෝෂ අටක් අත් හළ යුතු යයි කියවේ. මේ දෝෂ වන්නේ වැඳීමෙහි දී නොව එකත්පස්ව හිඳීමෙහිදීය. ‘වැඳ’ යන්නෙන් වැඳ හිඳීම යන උපචාරාර්ථය අභිප්රේ ත බව පෙනේ. කුමාරතුංග “අටැස් නො ලාඅඩ බැලුම් නො ලා.... අවඥා සහගත (අනාදර) බැලීම යි” යන අර්ත ගනී. අටස් පිළිම ගෙයි: අට කොන් සේ පත්තිරිප්පු ආකාරයට සාදන ලද බුදු ගෙයක්. අනුරාධපුර තිසා වැව අසල රන් මසු උයනේ කෙළවර මෙබඳු ගොඩනැගිලි දෙකක නටබුන් ඇත. ඒවා දිය අගලකින් වටය. තාන්ත්රිදක ගොඩනැඟිලි ලෙස ද සැලකේ. කලණය : කල්යා ණ සාධු යන යෙදුම් ද ‘යහපති, හොඳයි’ යන අර්ථ යෙන් යෙදෙයි. 118. තඹුරුසසිය1 පියයුරු2 වන ලෙස එක් ම අඳුරු වත3 පැහැර හැර4 රසතින් දික් ම ඉ ඳු රු දිගඹ වැලඳිය ලෙස කර5 දැක්ම මිතුරුසඳ වඩින් ලැගි නිවෙසින් නික්ම පදාර්ථ කඹුරු සසිය, සූර්යයා: පියයුරු එක් ම වන ලෙස, තමාගේ පයෝධරයන් හා එක් වන ලෙසින් ම: දික් ම රසතින්. ඉතා දිගු වූ රශ්මිය නමැති අතින්: අඳුරු වත පැහැර හැර: අන්ධකාරය නමැති වස්ත්රසය උදුරා දමා: ඉඳුරු දියඹ, නැ‍ඟෙනහිරි දිශා නමැති අඹුව: වැලදිය ලෙස, වැලඳි ආකාරය: දැක්ම කර, බලා: මිතුරු සඳ, යහපත් මිත්ර ය: ලැගි නිවෙසින්. ලැග්ගා වූ නිවාසයෙන්: නික්ම වඩින්, නික්මී ගමන් කරන්න.

විස්තර තඹුරු සසිය : තාමරස ස්වීයයා, තාමරසයනට සිය නෑයා. නෙලුම් පුබුදුවන නිසා ඉරුට මේ නම මෙන් ම පද්මබන්ධු, පද්මප්රිසය ආදි නම් ද යෙදේ. ජයතිලක “තඹුරු සසිය පිය, සූර්ය නමැති වල්ලභයා” යි ද කුමාර තුංග “කඹුරුය පිය - පද්මප්රිිය නැමැති ප්රිමයයා” යි ද අර්ථ දක්වා ඇත. පියයුරු වන ලෙස එක් ම: පියයුරු හා එක් වන ලෙසට වැලඳ ගැන්මේ අවස්ථාය. පියයුරු වැහි වලාවන්ට ද නමි. ඉඳුරු දිගු අඹුවගේ පියයුරු මෙන් ම එහි වන වලාකුළු ද ශ්ලේෂ වශයෙන් ගැනේ.

   ජයතිලක “පිය. වල්ලභයා: අවුරුවන‍ ලෙස, ආවරණය කරන පරිද්දේන්” යි ද කුමාරතුංග “පයෝධරයන් සංගමය වන පරිද්දෙන්” යි ද අරුත් දක්වති. 

ඉඳුරු දිග: ඉන්ද්රු අධිපති වනුයේ නැගෙනහිර දිශාවට හෙයින් ඒ නමි.

1. තඹුරුය පිය - කු. 2. පිය අවුර - එ: පියවුරු - ක.ජ.ප.බ.ව. පියොවුරු - කු. 3. වන - අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව. 4. හැරැ - කු.ජ. 5. කැරැ - කු.ජ.


විවරණ 149 දැක්ම කර: දැකීම කර. එනම්. බලාය. නැ‍ඟෙනහිර දෙසින් ඉරු උදා වීම සැමියා ප්රි යාව වැලද ගෙන සිටී‍මක් සේ කල්පිතය. සැමියා නම් සූර්යයාය. හිරු රශ්මි නමැති අත් දිගු කොට අන්ධකාරය නමැති වස්ත්රැය ඉවත් කොට නැ‍ඟෙනහිර දිහා නමැති අඹුව වැලඳ ගනි. එකල්හි ඇයගේ පියවුරු හිමියාගේ සිරුරෙහි ස්පර්ශ වේ. ශෘංගාරාත්මක කවි කල්පිතයකි.

119. විඳිනා1 සුනිල් කැලුමොන වනඹර ගැබට2 පුන්3 සිසි බිඹුහට කරනුව මෙන් ගහට වැද පෙර මඟ සැදි සා බර වන ගැබට4 බල එහි සිරිසර මමිතුර සිතු ලෙසට පදාර්ථ සුනිල් කැලුම් විදිනා, ඉතා නිල්වන් කාන්ති විහිදුවන: වනඹර ගැබට, වනය නමැති අහස් කුසට: ඔත, පිවිසි: පුන් සිසි බිඹුහට, පූර්ණ චන්ද්ර බීම්බයට: ගහට කරනුව මෙන්. අපහාස කරන්නාක් වැනිව: පෙර මඟ සැදී ඉදිරි මාර්ගයෙහි සැදුණා වූ: සා බර වන ගැබට වැද, ශාඛාවලින් බර වූ කැළෑව තුළට පිවිස, එහි සිරිසර, එහි වූ ශ්රීබ සාරය: මමිතුර, මාගේ මිත්රදය: සිතු ලෙසට බල, සිත් වූ පරිදි බලන්න.

විස්තර කැලුමොත: කැලුම් + ඔත, ස්වර සන්ධියි. අහස් කුස ඉතා නිල්වන්ය: කාන්තිමත්ය. එයත් වනයත් සමානය. හංසයා මේ වන මුදුනට පිවිස පියාසර කරන කල නිල් අහසේ පූර්ණ චන්ද්රනයා අපහාස කරනු වැනිය. සඳට අපහාස කිරීම නොමනා බැවින් පෙර මඟ පෙනෙන වන ගැබට වදින ලෙස හංසයාට නියම කෙරේ.

   මේ අලුයම් කාලයයි. හංසයා සුදුසුය. නිල්වන් වන මුදුනේ පියාසර කරන හංසයා නිල් අහසේ පුන් සඳට උපමිතය.  

120 ස ර න5 මල් අතරතුර බිඟුවැල බරින ලෙළන6 ලිය විලස එහි තුරු වැලඳ ‍ ගෙන ම ලි න රැඳි සොඳුරු වරලස විදා ගෙන කෙළන වැනි වැලඳ හිමි වන ‍ දෙවඹුවන පදාර්ථ මල් අතුරතුර, මල් අතරතුරේ. සරන බිඟු වැල බරින. පියාසර කරන මී මැසි රංචුවල බරින්: එහි තුරු වැලඳ ගෙන, ඒ වනයෙහි ගස්වල එතී: ලෙළන ලිය විලස, පැද්දෙන්නා වූ වැල්වල විලාසය (කෙසේ ද යත්): මලින රැඳී. මල් දම්වලින් රඤ්ජිත වූ: සොඳුරු වරලස. සිත් ගන්නා කෙස්

1. විදුනා - ර. 2. ගබට - එ.කු. 3. දුන් - අ.ඉ.උ.ක.ග.බ. 4. වනගැ වට - කු. 5. සරනා - එ.කු.ජ. (සතර පදයේ ම මුල් එළිය නාකාරාත්තව යෙදේ.) 6. ලෙළෙනා - කු.


150 තිසර සන්දේශය කලබ, විදා ගෙන, විදහා ගෙන: වන දෙවඹුවන, වන දෙවඟන: හිමි වැලඳ, සැමියන් වැලඳ ගෙන: කෙළන වැනි, ක්රී ඩා කරන්නා සේය.

විස්තර මලින රැඳි : මාලා (මල් දම්) වරලස හා එක් කොට ගොතා අලංකාර කිරීම පෙර කතුන්ගේ සිරිති. නිල්වන් වරලස බඹර වැලට උපමිතය. වන දෙවඹුවන : වන දිව්යර ස්ත්රීමන් සාමාන්ය යෙන් කාව්යරයේ යෙදෙනුයේ ‘වන දෙවඟන’ යන රූපයයි. මෙහි සතර ‍පාදයේ ම මුල් එළිවැටට යෙදෙන ‘සරන’ ‍’ලෙළන’ ආදි පද ‘සරනා’ ආදි වශයෙන් මුද්රියත සංස්කරණවල දීර්ඝ කොට යොදා ඇතත් මෙහි පෙළ අත් පිටපත් අනුව ම සැකසිණ.

     ඒ වනයේ ලතාවෝ වෘක්ෂයන් වටා එතී සිටිති. ඒවා මලින් ගැවසී ගත්තේය. මල්වල මී මැස්සෝ හැසිරෙති. ඔවුන්ගේ බරින් නැමුණු වැල් වෘක්ෂයන් වැලඳ ගෙන සුළඟින් ලෙළෙයි. එය වන දෙව් ලියන් වරලස මල් රඳවා විදහා ගෙන හිමියන් වැලඳ ක්රී්ඩා කරන්නාක් වැනිය. 

121. බට ගඟුලැලි පෙළාන1 පැහැ දුළාන දිගු තුඟු ගිරි කුළාන විලසළාන බබළන දළ දළාන මද ගළාන දකු මත ගජ රළාන වන ගළාන පදාර්ථ පැහැ දුළාන, පැහැයෙන් දිලිසෙන: ගඟුලැලි පෙළාන බට, දිය ඇලි පෙළක් බටුවා වූ ;දිගු තුඟු ගිරි කුළාන, දික් වූත් උස් වූත් කඳු මුදුන් සමූහයක; විලසළාන, විලාසය ප්රරකාශ කළා වූ; දළ දළාන බබළන, මහත් දළයෙන් බබළන්නා වූ; මද ගළාන, මද වැගිරෙන; මත ගජ රළාන, මත් වූ ඇත් රංචු ඇති; වන ගළාන දකු. වන පෙත බලන්න.

විස්තර විලසළාන: විලස් + අළ. විලාසය ප්ර කාශ කළා වූ අර ධාතුවෙන් වූ අතීත කෘදන්ත රූපයකි. ‘පෙළාන’ , ‘දුළාන’ ආදි වශයෙන් අට තැනෙක - ආන’ යි යෙදෙනුයේ එළිවැට සඳහාය. දළ දළාන: දෘඪ > දළ. මහත් යන අර්ථයි. දාඨ > දළ. ඇත් දළය. වන ගළාන: වන ඝටයන්. එක දිගට පවත්නා වන පංතිය. උස් කඳු පංතියෙන් ගලා බසින ගඟුලැලි රිදි පැහැයෙන් දිලිසෙයි. ඒකෙසේ ද යත්. මහත් වූ දළ සහිත වූ ද, මද වැගිරෙන්නා වූ ද ඇත් රළ මෙනි. පර්වත ද ඇත් රළ මෙන් කාළ වර්ණය. දිය ඇලි ද, ඇත් දළ ද ශ්වේත වර්ණය. දිය ඇලිවලට සමාන වන්නේ ඇත් දළ පමණක් නොවේ. මඳ වැගිරීම ද ඊට සම වේ. ____________________________________________________________ 1. පොලාන - අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව.

වියරණ 151 122. ගිරි හිස පිළඹළාන සිකි නළාන පිපි මාරුකු පෙළාන බිඟු දුළාන රැව් දෙන වලිකුළාන විලිකුළාන බල මියුරඹ දො‍ළාන මුව රළාන පදාර්ථ ගිරි හිස, කඳු මුදුන්හි: පිළඹළාන, පිල් විදහා ගත්: නළාන සිකි. නටන මොනරුන් ඇති: බිඟු දුළාන, මී මැස්සන්ගෙන් බැබළෙන: පිපි මාරුකු පෙළාන, මල් පීදුණු පොල් ගස් පේළි ඇති: රැව් දෙන, හඬ නඟන, වලිකුළාන විලිකුළාන, වලිකුකුළන් හා විල්ළිහිණියන් ඇති: මියුරඹ දොළාන, මිහිරි දිය සහිත දොළවල් (හා) : මුව රළාන, මුව රංචු (ද) : බල, බලන්න.

විස්තර පිළඹළාන : පිල් + අඹළාන. ‘හඹර’ ධා. අතීත කෘදන්තයි. මේ පද්යායේ ද ‘- ආන’ යෙදෙනුයේ එළිවැට සඳහාය. සිකි නළාන : සිකි. ශිඛාව ඇත්තේ මයුරයාය.නළ, නට - නටන්නා. නටන මොනරුන් යන අර්ථයි. මාරුකු පෙළාන: පොල් ගස් පේළි. මාරුකු. නෙරළු ආදි නම් පොල් ගසට යෙදේ. විලිකුළාන : විලිකුළු, සාරස පක්ෂියා, විල්ළිහිණියා. වලිකුළාවෙනත් පක්ෂියෙකි. වලිකුළා නම් වල්හි/වනයේ කුකුළාය. විලිකුළු නම් විල්හි/සරසියෙහි කුකුළාය. විල්හි වයනුයේ විලිය. වල්හි වසනුයේ වලිය. මියුරඹ: මියුරු + අඹ. අඹ < අම්බු මිහිර ජලයයි. පර්වත මුදුන්හි පිල් විදහා ගත් ‍මොනරු නටති. මල් පීදුණු පොල් ගස් පේළිවල මී මැස්සෝ ගැවසෙති. එහි වලිකුකුළෝ ද විලිකුකුළෝ ද නාද කරති. මිහිරි දිය සහිත දොළෙහි මුව රංවු සිටිති.

  මෙහි ද එළිවැට සඳහා පද වෙනස් කර ඇත. 

123. ගිජිඳු දිමුතු මුතු වැල උරබිතේයා1 සුසැදු මොනර පිල් නිල් වරලතේයා සිනිඳු බොළඳ රස තෙපලෙන්2 යුතේයා මලදු කතුන් බල ඇත වනපෙතේයා

පදාර්ථ උරබිතේයා, පපු පෙදෙසෙහි (ළයෙහි) : ගිජිඳු දිමුතු මුතු වැල, ඇත් රජුන්ගේ දීප්තිමත් (ගජ) මුතු වැල් ද: නිල් වරලතේයා. නීල වර්ණ කේශ කලාපයෙහි: සුසැදු මොනර පිල්. මැනවින් ‍සැදුණ මොනර පිල් ද (ඇති) : සිනිඳු බොළඳ රස තෙපලෙන් යුතේයා, සිනිඳු වුත්. බොළඳ වූත් ‍රසවත්

1. උරබිතේය - අ.ඉ.උ.එ.ජ.ප.බ. ඉතිරි පාදවල ද එළිය සඳහා දීර්ඝයක් නැත. 2. තෙපුලෙන් - ඉ.ග.ප.බ.ව.

152 තිසර සන්දේශය වචනවලින් යුක්ත: මලදු කතුන්, වැදි ගැහැනුන්: වනපෙතේයා ඇත, කැළැ පෙදෙසෙහි ඇත හොත්: බල, බලන්න.

විස්තර උරබිතේයා : මෙහිදු සතර පාදයේ ම එළිය සඳහා දීර්ඝය දක්නට ලැබේ. ‘බිත්’ යනු හිත්තිය, ප්රසදේශය යන අර්ථ දෙක්හි ම යෙදේ. මුතු ආදි වැල් බඳිනුයේ උර පෙදෙසෙහි (ළයෙහි) නොව ගෙලෙහිය. මෙහි මුතු වැල් බැඳීමක් ගැන සඳහන් නොවේ. ඒවා ළය මත දිස්වේ. වරලතේයා: මෙහි වරලත යි යෙදී ඇත්තේ වරලස මෙන් ම ස්වාර්ථයෙනි. නුවනත, සවනත, නළලත යන තන්හි මෙනි. මලදු කතුන් : වැදි කාන්තාවන් යන අර්ථයි. ‘මලදු’ යනු ම්ලේච්ඡ (සං), මිලක්ඛ, මිලච්ඡ (පා.) යන පද හා සම්බන්ධ කළ හැකිය. (මිලච්ඡක > මලිදු/මිලිදු) “වැදි, සබර, වන දන රනිය, වනසර, වනැසුරු දැනී, ලැවී, මලදරු සැරටි, පුලිඳු, මිලිදු, රව” යන රුවන්මල් නිඝණුටු (400) ගීය අනුව මේ සියලු පද වැද්දන් සඳහා යෙදේ. එහිත්, මයුර සන්දේශයේත් (73) එන ‘මලිදු’ යනු පුල්ලිඟුය. මෙහි ‘මලදු කතුන්’ යි යෙදෙන නිසා ‘මලදු’ යන්න ද ‘මලිදු’ යන්නේ අපර පාඨයක් දැයි අනුමාන කළ හැකිය. එහෙත් ගෙනැ ගිණු නිහිය - මලදු කඳටහි යෙහෙන් බෙණෙමින් සොඳ බොළඳ බස් - වලඟනනැ‍ඟෙති කබර යන මුවදෙව්දා (159) ගීය අනුව ‘මලදු’ යන්න මල දුන් (වැදි ස්ත්රීචන්) යන අර්ථයෙහි යෙදේ. එසේ නම් ‘මලදු කතුන්’ යන පාඨයෙහි ‘කතුන්’ යන්න පුනරුක්තියක් සේ සැලකිය යුතු වෙයි. ඇත: ඇත හොත්. සංශයාර්ථයෙහි යෙදුණේ වැදි කතුන් මඟින්ට නිතර හමු නොවිය හැකි නිසාය.

124. ගිරවුන් තුඩින් මතු වන වෙහෙස සිතමිනේ ඉසිමින් කඳුළු සිටි තැන සිට තැවෙනු1 මෙනේ පවනින් ලෙළෙන ඉස ඉස පිනි බිඳු ගණනේ2 පිඟුවන්3 කරල් තුඩු නැමි ඇල් කෙතුදු පෙනේ

පදාර්ථ ගිරවුන් තුඩින්, ගිරවුන්ගේ හොටවලින්: මතු වන වෙහෙස සිතමිනේ, ඉදිරියට සිදු වන හිරිහැරය ගැන කල්පනා කරමින්: කදුළු ඉසිමින්, කඳුළු වගුරුවමින්: සිටි තැන සිට, සිටින්නා වූ ස්ථානයේ ම සිට ගෙන, තැවෙනු 1. අසනු - ඉ.උ.ක.ග.ප.බ.ව. 2. පිනි බිඳුන් ගනේ- ජ. : පිනි බිඳුන් ගනේ -කු. 3. බිඟුවන් - අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව.

විවරණය 153 මෙනේ, තැවෙන්නාක් මෙන් : පිනි බිඳු ගණනේ ඉස ඉස, පිනි බින්දු බොහෝ විසුරුවමින්, පවනින් ලෙළෙන, සුළඟට සෙලවෙන: පිඟුවන් කරල් තුඩු, රන්වන් කරල් අග: නැමි, (පොළොවට) පහත් වී තිබෙන: ඇල් කෙතුදු පෙනේ. ඇල් (වී) කුඹුරු ද දක්නට ඇත.

විස්තර පිනි බිඳු ගණනේ : සංස්කාරකයන් විසින් වෙනස් කරනු ලැබ ඇතත් පාඨය පුස්කොළ පොත්හි ඇත්තේ මේ අයුරිනි. ‘පිනි බිඳු ගණනේ ඉස ඉස’ යනු ‍ ‍”බොහෝ පිනි බිඳු ඉසිමිනි” යන අර්ථයි. ‘ගණනේ’ ආදි වශයෙන් දීර්ඝ කර ඇත්තේ එළිවැට සඳහායි. පිඟුවන්: පිංගි වර්ණ (සං). රන්වන්. කහ පැහැ යන අර්ථයි. ඇල් කෙතුදු: කෙත් + දු > කෙතුදු. ශාලි ක්ෂේත්රර (සං) ඇල් කෙත් ද, “හැල් සද දහන් වෙසෙස්හි” යන රුවන්මල් නිඝණ්ටු (543) පාධයෙන් කියවෙනුයේ හැල්, ඇල් ධාන්යන විශේෂයක් බවය. ඇල් වී, ඇල් සාල් යන වහර නිතර භාවිත වේ. වී වර්ගයකි. ඇල් කෙත්හි ගොයම් කරල් පැසි රන්වන් පැහැය ගෙන බිමට නැමී සිටි. කරල් සුළඟට සැලෙන කල එහි වූ පිනි බිඳු විසිරේ. මෙයකුමක් වැනි ද? නොබෝ දිනකින් ගිරවුන්ගෙන් තමන්ට සිදු වන ආපදාව දැක හිස පහත් කර කදුළු වගුරමින් හඬන සේය.

125. අ ඹා සරල් වරලස මල් කැනති ඔබා ත බා විළිදු දිව දිව ඔවුනොවුන් අඹා නොබා සරන එහි ඇල් ගෙවිලියන් සුබා ස බා සබඳ දැක ලැසි නොව එවන ගැබා

පදාර්ථ මල් කැනති ඔබා, මල් පොකුරු බහා: සරල් වරලස අඹා, රැලි සහිත කෙස් කලබ සාදා (බැඳ) ගෙන: විළිදු තබා, ලජ්ජාවත් හැර දමා: ඔවුනොවුන් අඹා දිව දිව, උනුන් පසු පස එලවා දුවමින්: නොබා සරන, බිය නොවී හැසිරෙන: එහි ඇල් ගෙවි ලියන්. එහි ඇල් කෙත් බලන ගැහැනු‍න්ග්: සුබා දැක, ස්වභාවය බලා: සබා සබඳ භාග්ය් සම්පන්න මිතුර: එවන ගැබැ, ඒ කැළෑව තුළ: ලැසි නොව, පමා නොවව.

විස්තර මල් කැනති: මල් පොකුරු. කැන් + ඉති. කැනිති. කැනති, දියති පිලි පෙරළිය.

කිනිති යන රූපය ද යෙදේ. ‘ඉති’ ස්වල්පාර්ථයෙහි තද්ධිත ප්රිත්ය යකි. ‘කැඳිති’ ‘කැබලිති’ ආදිය මෙනි. 

සරල් වරලස අඹා: සරල් - රැලි සහිත. වරල, වරලස, ස්වාර්ථයෙහි යෙදේ. අඹා, හඹ හැඹීමෙහි. සැදීම, ඉදි කිරීම. වරල මනා‍ සේ.

1. බිලිදු - අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව.

154 තිසර සන්දේශය සාදා ගෙන. දෙවන පාදයේ ‘අඹා’ යන්න යෙදී ඇත්තේ ‘ලුහුබැඳීම’ යන ප්රාකට අර්ථයෙනි. සබා සබඳ: ස + බා - භාග්යන සහිත, භාග්ය වන්ත. මිතුරකුට එසේ ඇමතීම චාරිත්රනයකි. ඇල් ගෙවිලියන් දැකීම ඔහුගේ භාග්යදයට තවත් හේතුවකි. “සැබෑ යහළුව” යන අර්ථය ද ගැළපේ. ඔහු සැබෑ මිතුරකු වන්නේ පවරනු ලැබූ දූත මෙහෙවර මැනවින් ඉටු කරන හෙයිනි.

  ඇල් ගෙවිලියන්ගේ රැලි සහිත කෙස් කලබ මල් පොකුරු බහා සරසා ඇත. ඔවුහු ලජ්ජා බිය ‍පසෙක තබා උනුන් පසුපස එළවමින් දිව ක්රිේඩා කරති. 

126. කෙ සා පුළුල්1 දුහුල ද2 ඇඳ දණිනුඩ ම සි සාරමින් ඇද ඇද තනමින් නරු ම3 තොසා ‍යනෙන ගම් වැසි අඟනන් දැකුම නි සා නොයිඳ4 යා ගත5 මැනවි අල්ගම6 පදාර්ථ කෙසා පුළුල් දුහුල ද, කෙතරම් පළල ඇති දුහුල් වස්ත්ර වුව: දණිනුඩ ම ඇඳ, දණ මඩලින් උඩට ම (සිටින සේ) ඇඳ ගෙන: සිසාරමින් ඇද ඇද, වට කරමින් ඇද ඇද: නරු ම තනමින්. නරු පට ම සකස් කරමින්, තොසා යනෙන. සන්තෝෂයෙන් යන එන: ගම් වැසි අඟනන් දැකුම නිසා, ගම් වැසි ස්ත්රීාන් දැකීම සඳහා: අල්ගම නොයිඳ. අල්ගම නම් ස්ථානයේ නොනැවතී: යා ගත මැනවි, යා ගනු මැනවි. විස්තර කෙසා : ‘සා’ යනු ‘පමණ’, ‘තරම’ යන අර්ථයේ අව්ය පදයකි. ‘එපා’, ‘මෙසා’ වියැටක් සා’ යනාදි වශයෙන් යෙදේ. සිසාමින් ඇද: සිසාර ධා. මිශ්රම ක්රිවයාය. අතීත කෘදන්ත රූපය ‘සිසාළ’ යනුය. වදාර > වදාළ, හදාර > හදාළ යන රූප මෙනි. වස්ත්රමය ඉණ වට කරමින් ඇඳ. නරු ම තනමින්: නරු පට. වර්තමාන ව්ය වහාරය නෙරිය යනුය. ඉණ වටා හෝ දෙපසින් හෝ රෙදි කොන් ඇද එකට කැටි වන සේ ගැළපිමෙන් නෙරිය සෑදේ. ‘විදි දිය දහර ලෙළ දෙන දිගු නරු පටැති’(8) ‘විදෙන ලෙළෙන නරු බර පුළුලුකුල රැඳි (73) යනු සැලළිහිණි සන්දේශ පාඨයි. ‍නොයිඳ: නො + ඉඳ, ය කාරාගමයෙන් ‘නොයිඳ’ වේ. සෑම පුස්කොළ පිටපතක ම යෙදෙන මෙය වෙනස් කිරීමට හේතු නැත. මේ අල්ගම ගම් වැසි ස්ත්රී න් පිළිබඳ වර්ණනාවකි. මොවුන්ගේ ඇඳුම් ආදිය නාගරික ස්ත්රීගන්ට වඩා වෙනස්ය. ඔවුහු පුළුල් දුහුල් රෙදි දණින් උඩට සිටින සේ, නෙරිය තබා ඉණ වටා ඇඳ ගනිති.

1. සුපුල් - අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව. 2. දුහුලැඳ - ක.ග.ජ.ප.බ.ර.ව.: දුහුලුදු - කු. 3. නෙරුම් - කු. 4. නො ඉඳ -කු.ජ. 5. ගන් - අ.ඉ.උ.එ. ක.ග.ප.බ.ර.ව. 6. විල්ගම -කු. විවරණ 155 127. සුර නා ලිය ලෙසින් - සරනාඟන පෙරටුයේ යා දසන යා1 දසනින් - ලැසි නොව යව2 නිවටුයේ3 පදාර්ථ සුර නා ලිය ලෙසින්, දිව්යාං ගනාවන් හා නාග කන්යාවවන් පරිද්දෙන්: පෙරටුයේ. ඉදිරියෙන්: සරනාඟන, සැරිසරන කාන්තාවන්ගේ: යා දසනින්, යහපත් දර්ශනයෙන්: යා දසන, කල්යා ණ දර්ශණ මිත්රනය: නිවටුයේ, නිවටුව නම් ගමෙහි: ලැසි නොව යව, පමා නොවී යන්න.

විස්තර සුර නා ලිය: දෙවඟනන් හා නාගාංගනාවන්. සුර නායක (නාථ) > සුර නා, දෙවියන්ගේ නාථයා. ශක්රකයා යන අරුත් බලා ගෙන ‘සුර නා ලිය’ යන්නෙන් ශක්ර යාගේ ස්ත්රීහන් යන අර්ථය ද ගත හැකිය. නිවටුවෙහි කාන්තාවෝ එතරම් රූමත්ය. යා දසන: යහපත්. ශුභ දර්ශණ, දැකුම් ඇත්තාණනි, කලණ මිතුර. 128. පසස්න දා නදනෙව් තුන් දියටෙකය සවන නුවන් පුද කළ දුමිඳුන් දැකය නැමද තොසින් වන පින් පල නොව සැකය බලග වෙහෙර4 සැදි සිරිසර ‍දොරවකය

පදාර්ථ 

තුන් දියටෙකය නදනෙව්, තුන් ලෝකයට එක ම නිධානයක් මෙන්: පසස්න දා, පැසසුම් කටයුතු දැ දෙන: සවන නුවන් පුද කළ සර්වඥයන් වහන්සේ විසින් නේත්රද පූජා කරනු ලැබුවා වූ: දුමිඳුන් දැකය. වෘක්ෂ රාජයන් දැකලා : වන පින් පල, (අත්) වන්නා වූ පින් පල (ගැන) : නොව සැකය, ‍සැකයක් නොවි: තොසින් නැමද, සන්තෝෂයෙන් වන්දනා කොට: දොරවකය වෙහෙර සැදි, දොරවක විහාරයෙහි සැදී තිබෙන; සිරිසර බලග, ශ්රීි සාරය බලන්න.

විස්තර තුන් දියටෙක නදනෙව්: දියට + එක: නදන + එව්. දිය ජගත්ය. හින්දුන්ගේ පිළිගැනීම අනුව ස්වර්ග, මර්ත්ය්, පාතාල යන තුන් ලොවය. බෞද්ධ මතය නම් කාම, රූප අරූප තුන් ලොවය. තුන් ලෝකයට ම සම්පත් දානය කරන නිධානයක්‍ මෙන් බුදුන් වහන්සේ තුන් ලෝ සතුනට නිවන් දෙන බව කියවේ. පසස්න දා: ‘පසස්න’ යන්නෙන් පැසසුම් කටයුතු දෑ. රිසි දෑ. ප්රාජර්ථනා කරන දෑ යන අර්ථ ලැබේ. දා නම් දානය කරන, දෙන යන අර්ථයි. “පසස්න දා එමුනි සස්නේ දෙතා තුටු” යනාදි ගීයක් සසදාවතෙහි (135) එයි.

1. සා - අ.ඉ.උ.ක.ග.බ.ර.ව. 2. 0 - අ.ඉ.උ.ක.ග.ර.ව 3. නිවටයේ - රු ව: නිව්වටුයේ - අ. නිවවයේ - ඉ.උ.ක.බ.ර.ට. 4. වේර - එ. වෙහෙරැ - කු.


156 තිසර සන්දේශය සවන නුවන් පුද කළ : සවන < සර්වඥ නුවන් < නයන. බුදුන් වහන්සේ බෝධි වෘක්ෂ්යන තමන්ට උපකාර වූ බව සලකා සතියක් පුරා ඇසි පිය නොලා අනිමිස ලෝචන පූජා කළ වගය. බලග: බල + ග. විධී ක්රිඇයායි. ග කාරය නිසා විශේෂාර්ථයක් නොලැබේ. එය දෙමළ බලපෑමකැයි සමහරු සලකති.

129. එරවණ ගිජිඳු මුදුනත පුරඳුරු ලෙසිනි පුරඳුරු මුදුන සහතර කිරුළක් ලෙසිනි කිරුළග ලකළ මාහැඟි1 රුවනක් ලෙසිනි මැඳුරෙහි බැබළි මුනිඳුතුමා වඳු තොසිනි පදාර්ථ එරවණ ගිජිඳු මුදුනක, ඵෙරාවණ ඇත් රජුගේ මුදුනෙහි: පුරඳුරු ලෙසිනි, සක් දෙව් රජු සේ (ද) : පුරඳුරු මුදුන, සක් දෙව් රජුගේ හිස මත: සහතර කිරුළක් ලෙසිනි, කාන්තිමත් ඔටුන්නක් සේ ද: කිරුළග ලකළ, ඔටුන්න අග අලංකාර කළ: මාහැඟි රුවනක් ලෙසිනි. ඉතා අගනා රත්නයක් ලෙසින් ද; මැඳුරෙහි බැබළි. විහාර මන්දිරයෙහි බැබළුණු: මුනිඳුතුමා, බුදුරජාණන් වහන්සේ; තොසිනි වඳු, සතුටින් වඳින්න.

විස්තර එරවණ ගිජිඳු : ඵෙරාවණ. සක් දෙව් රජුගේ ඇතුට නමි. පුරඳුරු : පුරන්දර. තමාගේ වජ්රෙයෙන් පුරයන් දාරණය (වැනසීම) කරන හෙයින් ශක්ර යා පුරන්දර වේ. සහකර: තර - රශ්මිය, සහතර - රශ්මි සහිත. මාහැඟි රුවනක් : ඉතා අගනා රත්නයක්. මහ + ඇගි > මා ඇගි > මාහැඟි. හකාරාගමයි.

130. විදුලග මේ කුළක්2 - වැනි රුවනුදුල දළ හිස3 පෑපත් වැටුපු ළං4 ඉඳු මිණි පෑ දිනිය සේ ඇත් සොඬක් වන්5 යුවළත් කුම් වැනිය පඩෙර ගිරි පස හුණු - ගඟුලැලි යුවළ විලසළ

ලඹ දෙන ලකල්6 අක පට අම පිඩෙව් ගත නු බ ගඟ සුනිල් හස වැල ඇත එසිරි7 ගත

ප ද නියෙනි රසුදුල වතළ තරු වැල සඳබ පබළේ ස ඳ රැ සි නි ඇකිළෙන තුසර රැඳි තඹර මන් පහළේ සොඳ රු වි නි යුතු ඉති නතිඳු එම මුනිනිවෙස බැබළේ වැ ඳ තොසිනි ඕනුදු8 අයදු කුළු9 දෙන ලෙස මන දොළේ

1. මා ඇඟි - කු. 2 . කුළෙක් - ජ. 3. මෙම පාදය අපැහැදිලි ය. වැනි රුවිනුදුළ දළ - එ: වැනි රුවිනිදි උදුළ දළ දළ - කු : වැනි රුවිනුදුළ දළ (හිස) - ජ. 4. වැටුපුලන් -ජ. 5. සොඩෙක් වන් -ජ : සොඩෙක වත් - කු. 6. අකල් - ඉ: කල් - අ. 7. එදිරි - අ. ඉ.උ.ක.ග.ප.බ.ර.ව. 8. ඕහුදු - කු. 9. කුලුණු - කු. විවරණ 157 පදාර්ථ රුවනුදුල දළ හිස, මැණික්වලින් බබළණ ජටා සහිත හිස, විදුලග මේ කුළන් වැනි. විදුලිය සහිත මේඝ කූටයක් වැනිය. පෑපත් වැටුපු ළං, ආලෝක සහිත පහනකට ළං වූ: ඉඳුමිණි පෑ දිනිය. ඉන්ද්ර නීල මාණික්යැයක පැහැය ජය ගත්තේය. සේ ඇත් සොඬක් වන්. සුදු ඇතකුගේ සොඩයක් වැනි: යුවළත් කුම් වැනිය. අත් දෙක කුමක් වැනි ද යත්: ‍පඩෙර ගිරි පස හුණු, ධවල පර්වතය. (දෙ) පසෙහි ඇද හැළුණු: ගඟුලැලි යුවළ විලසළ. දිය ඇලි දෙකක විලාසය ගෙන හැර පැය. අම පිඩෙව්, අමෘත පිණ්ඩයක් වැනිව: ගත ලඹ දෙන, ශරීරයෙහි අවලම්බිත වන: ලකල් අක පට, මනහර අක්ෂ මාලාව (ඇට වැල), නුබ ගඟ, අහස් ග‍ඟෙහි: සුනිල් හස වැල ඇත, ඉතා නිල් (කාල වර්ණ) හංස පංතියක් ඇත් නම්: එසිරි ගත, එම ශෝභාව ගත්තේය. නියෙහි රසුදුල පද, නියවලින් පැතිරෙන රශ්මියෙන් බබළන පාද: තරු වැල වතළ, තාරකා පංති පැතිරුණු: සඳබ පබළේ, සන්ධ්යා වලාකුළක ප්රවභාව ගෙන හැර පෑය. සඳ රැසිනි ඇකිළෙන, සඳ එළියෙන් මුකුලිත වන: තුසර රැඳි පිනි බිඳු රැඳුණු: තඹර මන් පහළේ. රතු නෙලුම් මලක මානයට පහර දුන්නේය. ඉති, මෙසේ, සොඳ රුචිනි යුතු. සුන්දර රූපයෙන් යුක්ත වූ: නතිඳු, නාථ දෙවිඳු: එම මුනි නිවෙස බැබළේ. එකී බුදු මැඳුරෙහි විරාජමාන වේ: ඕනුදු තොසිනි වැඳ, ඔවුන් ද සන්තෝෂයෙන් නමස්කාර කොට: මන දොළේ, සිතෙත් ආශාව: කුළු දෙන ලෙස, මුදුන්පත් කරන ලෙස: අයදු, ආයාචනා කරන්න.

විස්තර රුවනුදුල දළ හිස : මෙහි පාදාන්තයේ මාත්රාා දෙකක වචනයක් සියලු පිටපත්වලින් ගිළිහී ඇතත් සෑම සංස්කාරණයක ම ඒ අඩුව සපුරා තිබෙන බව සැලකුව මනාය. ජයතිලක සංස්කරණයේ දී ඒ අඩුව පුරවමින් වරහන් තුළ ‘හිස’ යන්න යොදා ඇත. අප සංස්කරණයට ද ඒ වචනය ම එකතු කරන ලදි. ඒ අනුව, ‘මැණික් බබළන රටා සහිත හිස’ යි අර්ථ දැක්විය හැකිය. ‘රුවනුදුල’ යන්න ඇතැම් සංස්කරණවල ‘රුචිනුදුල’ (රුවින් + උදුල) යි ගෙන රූපයෙන් උජ්වලිත’ යි රූපයෙන් උජ්වලිතය’ යි කීමට වඩා එහි ජටා හිස (මකුටය) රුවනින් හෙවත් මාණික්යළයන්ගෙන් බැබළෙන බව කීම ගැළපේ. ‘සොඳ රුචිනි යුතු නතිඳු’ යි මෙහි මුළු රූපය ගැන ම සඳහන් වන හෙයින් හිස ගැනන් එසේ ම කීම පුනරුක්තියක් ද වනු ඇත. රුවන් + උදුල > රුවනුදුල. ජටා ශීර්ෂ > දළ හිස. කුමාරතුංගයෝ රුවනිදි උදුල දළ” යි පෙළ සකස් කොට “රත්න සූචියෙන් (කූරෙන්) උජ්ජවල වූ ජටාව ... රුවන් යනුවෙන් රන් ම ගැනුණු හ යි සිතේ” යි විවරණ දක්වති.



158 තිසර සන්දේශය විදුලග මේ කුළක්: විද්යුත් (සං) විජ්ජු (පා.) > විදු: ලග්න > ලග්ග > ලග: මේඝ කූට > මේ කුළ. විදුලිය ලග්න වූ මේඝ කූටයක්. පැපත් වැටුපු: පෑපත් < ප්රනහාප්රා්ප්ත වැටුප්. වැටුපු යන රූප ප්ර දිප. පහත අර්ථයෙහි යෙදේ. සේ ඇත් සොඩක් වන්: නාථ දේව රූපය සුදු පැහැ හෙයින් දෙඅත් සුදු ඇතකුගේ සොඩකට උපමිතය. පඩෙර ගිරි: පණ්ඩර (සං: පා.) > පඩෙර, නාථ දේව රූපය සුදු පර්වතයකට උපමිතය. බෞද්ධ නාථ දෙවියන් සුදු පැහැති (ශ්වේතාංග) බව ශාරීපුත්රඩයෙහි සඳහන්ය. විලසළ : වීලස් + අළ. විලාස, විලස්. අර (ධා). එළවීමෙහි, අළ අතීත කෘදන්ත රූපයි. අක පට: අක්ෂ මාලාව (ඇට වැල) අංක පට්ට (උතුරු සළුව) යන අර්ථත දෙකක් දිය හැකිය. උපමේය වනුයේ අහස් ගගේ නිල් (කළු) හංස පේළියකටය. කාල වර්ණය වඩා ළං වනුයේ උතුරු සළුවට නොව ඇට වැලටය. මේ අනුව අක්ෂ මාලා අර්ථය යෝග්යු සේ පෙනේ. නුබ ගග : අහස් ගඟ. කවි සමයෙහි සුදු පැහැ ගනි. නාථ දෙවියන්ගේ පැහැය ද එයයි. සුනිල් හස වැල : ඉතා නීල වර්ණ හංස පංතිය කළු පැහැය කවි සමයේ දි නිල් වෙයි. “නිල තුරඟුට නැ‍ඟෙමින්...” යනාදි සැලළිහිණි පද්යයයේ එන අශ්වයා ද කළුය. ඇට වැල ද එවැනිය. සඳබ පබළේ. සඳ + අබ / සන්ධ්යා අභ්රහ අභ්රප නම් වලකුළය. පබළේ = පබ + අළේ. ප්රඅභා + අළ + ඒ පැහැය ගෙන හැර පෑය. සන්ධ්යා වලාවක පැහැය නම් රතුය. නිය රැස් ද රතුය. සොද රුචිනි යුතු නතිඳු මුනි නිවෙස: නතිඳු = නාථෙන්ද්රියා, අවලෝකිතේශ්වර නාථ මහායාන බෝධිසත්වයෙකි. මුනි නිවෙස නම් බුදු ගෙයයි. මේ බෝධිසත්ව ප්රෝතිමාව අතිශයින් දර්ශනීය බව කියවිණ. ඕනුදු: ඔවුනුදු > ඔඋනුදු > ඔඔනුදු > ඕනුදු. දොරවක විහාරයෙහි බුදු මැඳුරෙහි ඇති නාථ දේව රූපය මෙයින් වර්ණනා වේ. 131. බෝරා යස වියන මහරු සිරි ලක් මැඳුර වෙසෙසී තෝරා හැර දුසිරි සුසිරි ලකරින් ලකළ එකසී වා රා නොව රුසිරු ඉසුරු දෙන සුරබි දෙන් සදිසී තා රා බිසොවුනුදු’ නැමද යා ගන් එයින් නොලැසී පදාර්ථ සිරි ලක් මැඳුර, ශ්රී ලංකා නමැති මන්දිරය: බෝ රා, අතිශය ප්රවභාවත් වූ නොහොත් අනේක වර්ණයෙන් - යුක්ත වූ: යස මහරු වියන, කීර්ති නමැති

1. බිසව තො ද - අ.ඉ.උ.ක.ග.ජ.ර.

විවරණය 159

මහාර්භ වියනින්: වෙසෙයි. විශිෂ්ට කළා වූ (ද) : දුසිරි තෝරා හැර, දුශ්චරිතයන් තෝරා බැහැර කොට: සුසිරි ලකරින් එක සී ලකළ, සුවරිත නමැති අලංකරණවලින් එක හෙළා අලංකෘත කළා වූ (ද): වාරා නොව, බාධාවක් නැතිව: රුසිරු ඉසුරු දෙන, රුචීර වූ සම්පත් ලබා දෙන්නා වු (ද) : සුරබි දෙන් සදිසි, සුරහි ධේනුව හා සමාන වූ (ද): තාරා බිසොවුනුදු. තාරා නම් බිසොව ද: නැමද, නමස්කාර කොට: නොලැසී, ප්රවමාධ නොවී, එයින් යා ගන්. එතැනින් (දොරවක විහාරයෙන්) යා ගන්න.

විස්තර බෝරා : ‘බෝ’ යනු බොහෝ යන අර්ථ දෙයි. ‘රා’ (<රාග) යන්න වර්ණය. ප්ර්භාව යන අර්ථවල යෙදේ. ‘බෝරා’ යන්න ගැටලු සහිත පදයකි. ජයතිලක සංස්කරණයෙහි ඉහත දැක්වු අර්ථය ම පිළිගෙන ඇත. කුමාරතුංගයෝ ‘බෝරා, වසා.... දෙමළෙහි ‘ බෝර්ක්කිරදු’ (පෝර්) යනු වැසීමෙහි වැවේ” යි සඳහන් කරමින් ශ්රී. ලංකා නමැති මන්දිරය කීර්ති නමැති විතානයෙන් වසා යනුවෙන් අර්ථ දක්වති. ඇතැම් සංස්කරණවල මෙය ‍’මෝරා’ යි ශුද්ධ කොට ‘මහරු යස වියන මෝරා’ යි පද ගළපා ‘මහාර්ඝ යසස් නමැති විතානය වැඩී’ යි අර්ථ දක්වා ඇත. විමසිය යුතු තැනකි. තාරා බිසොව : අවලෝකිතේශ්වර නාථ නම් මහායාන බෝධිසත්වයන් ගේ බිසව. අභය මුද්රාල සහිත තාරා දේව රූප පුරාණ යුගයට අයත්ය. වන වැනුම 132. බැස එයිනේ ගිය සඳිනේ නිල් ගු ව නේ තරු ලෙසිනේ ව න මු දු නේ කුසුම් කැනේ වෙහෙස පෙනේ නුදුරු තැනේ පදාර්ථ එයිනේ බැස ගිය සඳිනේ, එයින් (මඟට) බැස ගිය කල්හි, නිල් ගුවනේ තරු ලෙසිනේ. නිල් අහසේ තාරකා ලෙසින්: වන මුදුනේ කුසුම් කැනේ, කැළෑව මුදුනේ මල් පොකුරුවල: වෙසෙස නුදුරු තැනේ පෙනේ. විශ්ෂ්ටත්වය නුදුරු තන්හි දී ම පෙනේ.

විස්තර ‘එයිනේ’ ආදි කන්හි දීර්ඝය එළිවැට සඳහාය. දොරවක විහාරය පසු කර ගෙන යන තිසරාට හමු වනුයේ වන පෙදෙසකි. කැළයේ ගස්වල පිපි ඇති මල් පොකුරු නිල් ගුවනේ තාරාකාවලට උපමා කර ඇත. මේ දර්ශනය දැක ගත හැකි වනුයේ අහසින් පියාසර කරන ‍කල්හිය.


160 තිසර සන්දේශය 133. මු ව ර ඳි නේ ‍ ගැවසෙමිනේ ව න හි සි නේ එන පවනේ සි හි ල සි නේ1 දැහැ ගිමනේ දකු තොසිනේ සිරි එවනේ පදාර්ථ මුවරඳිනේ ගැවසෙමිනේ, මල් රොන්වල තැවරී : වන හිසිනේ එන, වන මුදුනෙන් (හමා) එන: පවනේ, සිසිලසිනේ. සුළ‍ඟේ ශීතලභාවයෙන්: ගිමනේ දැහැ, ශ්රීඑෂ්මය දුර ලා: එවනේ සිරි, ඒ වනයේ අලංකාරය: තොසිනේ දකු, සතුටින් බලන්න.

විස්තර සිහිලසිනේ : සිහිල් + අස් > සිහිලය. ස්වාර්ථ ‘අස්’ ප්රනත්යිය එක් වූ තද්ධිත නාමයයි. වරලස මෙනි. එළිවැට සඳහා පද දීර්ඝත්වය පෙනේ.

134. මුව පොවනා ළපලු රැසා බුදින සෙමෙහි මුවන් තොසා ළපලු ලෙළෙන ලෙස තුරු සා බිය ගෙන වෙවුලන විලසා පදාර්ථ මුව පොවනා ළපලු රැසා, මුව පාන්නා වූ (පහත් වන) ළා දලු සමූහය: මුවන් තොසා බුදින සෙමෙහි. මුවන් විසින් භුක්ති විඳිනු ලබන කල්හි: කුරු සා ළපලු. ගස් අතුවල ළා දලු: ලෙළෙන ලෙස. සෙලවෙන ආකාරය (කෙබඳු ද යත්); බිය ගෙන වෙවුලන විලසා. බිය පත් ව වෙවුලන්නා සේය.

විස්තර මුව පොවනා ළපලු රැසා : මුව = මුඛය, ළපලු රැසා = ළා දලු රාශිය. මුව පොවන බව පැවසීමෙන් අදහස් වනුයේ ළා දලුවල මුඛ හෙවත් තුඩු පෙවීම, යොමු කිරීම හෙවත් පහත් වීමය. ළා දලුවලට සප්රාසණිකත්වය ආරෝපණය කෙරීණ. මුවන් සුතුටින් බුදින්නේ ඒ පහත් වූ ළා දලුය.

  මෙම පද්ය.යේ අර්ථ දීමේ දී හැම සංස්කරණයක් ම දෙවන පෙළේ එන ‘මුවන්’ යන පදය මුලට ගෙන ‘මුවන් මුව පොවනා’ ආදි වශයෙන් පද ගළපා ඇත. එසේ වූ කල්හි ‘පොවනා’ යන්න පූර්ව ක්රිසයාර්ථයෙහි සැලකිය යුතු වේ. එහෙත් එවැනි යෙදුමක් නැත. මුවන් මුඛය පොවා ළා දලු බුදින බව පැවසීම හොඳ ‍කාව්යෝික්තියක් සේ ගිනිය හැකි වේ. 
     මුවන් එසේ පහත් වූ ළා දලු කන විට අනෙක් අතුවල ළා දලු ද සෙලවේ. ඒ දලු සුළඟට ද සෙලවේ. මේ සෙලවීම මුවන්ට බියෙන් වෙව්ලීමක් සේ සැලකිණ. 

____________________________________________________________ 1. සිසිලසිනේ - එ. කු. විවරණ 161 මයුරය ද මෙය ම කියයි: “එන වේලා දැන වේලා බුදිනා ලොලා කඳුළුදු ලා පිනිමනලා සුසුමුදු ලා ළය වෙව්ලා එව් සසලා ළපලු වැලා” - (110)

135. නිල් කටරොළු මලිනවුලා ගන සා බර තුරු සියලා විදා සඳැස් පිල් සුනිලා රඟන මොනර සිරිනුදුලා1 පදාර්ථ නිල් කටරොළු මලිනවුලා, නිල් කටරොළු නම් මල්වලින් ගැවසී ඇති: ගන සා බර, ඝණ වූ ශාඛාවන්ගෙන් බර වූ: තුරු සියලා, වෘක්ෂ සමූහය: සුනිලා සඳැස් පිල් විදා. ඉතා නිල් කප්පිල් සහිත පිල් විදහා ගෙන: රඟන මොනර සිරිනුදුලා, නටන්නා වූ මොනරුන්ගේ ශ්රී යෙන් බැබළෙයි.

විස්තර මලිනවුලා: මලින් + අවුලා. මල්වලින් ආකුල වූ, ගැවසී ගත්තා වූ සිරිනුදුලා: සිරින් + උදුලා. ශෝභාවෙන් බබළයි. වනයේ ගස් සමූහය නිල් කටරොළු වැල්වලින් ගැවසී ඇත්තේය. ඒ වැල් මලින් ගැවසී ගත්තේය. ඒ සිතකලු දර්ශනය කෙබඳු ද යත්: පිල් විදහා නටන මොනර සමූහයක් වැන්න.

136. සේපාලිය2 මලින් ගිළි සැදි පිළිමිණි ගිරි අතළී පබළ අකරනෙන්3 උදුලි කිරි සමුදුර විලස් හළී4

පදාර්ථ ගිළි සේපාලිය මලින් සැදි, ගිළිහුණු සේපාලිකා මල්වලින් අලංකාර වූ, පිළිමිණි ගිරි අතළි, පළිඟු ගල් තළා; පබළ අකරනෙන් උදුලි, පබළු අංකුර‍වලින් බැබළෙන: කිරි සමුදුර විලස් ‍හළී, කිරි මුහුදේ විලාසය අත් හළේය.

විස්තර ‘ගිළ’, ‘අකළි’ යනාදි පාදාන්ත දීර්ඝය විරිත රැකීම සඳහාය. පිළිමිණි ගිරි අතළ: ස්ඵටික මාණික්යණ පර්වත ආස්තර. අතළ - අතුරු (ධා.) අ තිත කෘදන්තයි. ‘ගල් තළාව’ ආදි තන්හි ද මේ අර්ථය මය. කිරිගල් තළාව මත සේපාලිකා මල් වැටි විසිරී ඇත. මේ ගල් තළාව පළිඟු (කිරි ගරුඩ) ගල් තළාවක් සේ සැලකිණ. එය තිරුවාණ වැනි සුදු ගල් විශේෂයක් වන්නට ඇත. මල් පෙති විසිරීම නිසා ද එය සුදු

1. පිලිනුදුලා - ඒ. 2. සේපාලිග -ජ. 3. අකරනෙත -ජ අකරමේන - එ. 4. විලස් සිලී - කු.

162 තිසර සන්දේශය පැහැ වන්නට ඇත. සේපාලිකා මලෙහි නටුව රතුය. පබළු අංකුර දැ රතුය. මෙය පබළු අංකුරයන්ගෙන් බැබළෙන කිරි මුහුදට උපමා කෙරිණ.

137. නිමලිය1 සුදු වැලීය සසලිය රල මලීය සුපුලිය පියුමැලීය විපුලිය වන විලීය පදාර්ථ නිමලීය සුදු වැලිය. නිර්මල සුදු වැල්ලය: සසලිය රල මලීය. චංචල වන රැලි මාලාය: පියුමැලීය, නෙලුම් මල් සමූහය: සුපුලිය. මනා සේ පිපි: වන විලීය, වනයේ විල්: විපුලීය, විශාලය.

විස්තර එළි වැට සඳහා පද සකස් කර ඇත. පියුමැලිය: පියුම් ඇලිය. “ඇලි” යන්න සමූහාර්ථයේ යෙදේ. 115 වැනි පදයයූහයේ ‘පිපි කුසුමැල්ල’ හා සසදන්න. නෙලුම් මල් ගාල, ගොන්න යන අර්ථයි.

138. මුතේය ලඹ අතේය2 සතේය සිරි ගතේය මුතේය කුසුමතේය යුතේය තුරු පෙතේය පදාර්ථ කුසුම් අතේය මුතේය (- කුසුම් මුතේය අතේය), මල් පිපුණු ශාඛාවලින්: යුතේය තුරු පෙ‍ෙත්ය. යුක්ත වූ වෘක්ෂ පංතිය: අතේය මුතේය ලඹ, කෙළවර මුතු එල්වූ: සතේය සිරි ‍ගතේය. ඡත්රයයක ශ්රීතය ගත්තේය.

විස්තර කුසුමතේය මුතේය: කුසුම් + අතේය - කුසුමතේය. අර්ථ සඳහා ‘කුසුම් මුතේය අතේය’ යි පද ගළපා ගත යුතු‍ වේ. මුත - මුක්ත, පිපුණ යන අර්ථයි. ‘මිණි මුතු පියුම්’ යන කව්සිළුමිණෙහි (1. 10) යෙදේ. මණි මුක්ත. කොපුවෙන් මිදීම නම් පිපිමය. අතේය මුතේය ලඹ: අතේය - අන්තයෙහි; මුතේය - මුතු. පිපුණු; ලඹ - එල්වු. එළිවැට සඳහා මෙහි පද විකෘත කර ඇති හෙයින් මේ පද්යිය අවුල් සහිතය. ඒ අවුල ලිහා ගත් කල සරල අරුතක් ලැබේ. විහිදුණ ‍ශාඛාවන්ගෙන් යුක්ත ගස විශාල කුඩයක් වැනිය. අතු අග පිපි එල්ලෙන මල්, කුඩය වටා එල්ලූ මුතු වැල් වැනිය.

1. නිටලිය - කු සෙසු පාදවල ද මුල් එළිය - ‘ලීය’ - කු. 2. ලමිනොතේ ය - ජ.



විවරණ 163 139. ප තේ ය පව‍නතේය වෙතේය නොනැවතේය ය තේ ය මාවතේය ග තේ ය ගිම් මුතේය පදාර්ථ පවනනේය. සුළඟ අතට: පතේය, පැමිණ: වෙතේය නොනැවතේය. ඒ අසල නොනැවතී: යතේය මාවතේය. මහා මාර්ගයෙන් යත හොත්: ගතේය ගිම් මුතේය, ශරීරයෙන් ශ්රීේෂ්මය මිදෙයි.

විස්තර සුළඟ හමන අතට මහ මඟට පිවිස ගමන් කිරීමෙන් ගතේ වෙහෙස නැති වන බව පැවසීමෙන් විඩා හැරීම සඳහා නොනැවතී ගමන් කරන ලෙස දුතයාට ආයාචනා කෙරේ.

140. තුරුවල නා ලිය සොඳුරාහා බිඳ1 රඳනා ලිය වඳුරාහා සහ යනෙනා ලිය කිඳුරාහා දද කෙළනා ලිය මැඳුරාහා2 පදාර්ථ තුරුවල සොඳුරහා නා ලිය, ගස් වැලඳ ගත් සුන්දර වූ නාග ලතා (- බුලත් වැල්) : බිඳ, අනුභව කරමින්: ලිය හා රඳනා වඳුරා, (වඳුරු) ලියන් සමඟ හැසිරෙන වානරයෝ (ද) : ලිය සහ යනෙනා කිඳුරා හා, ලියන් සමඟ යන එන කින්න‍රයෝ (ද): දද කෙළනා ලිය මැඳුරා හා, පක්ෂීන් ක්රීලඩා කරන්නා වූ ලතා මන්දිර ද (වෙති)

විස්තර එළිවැට සඳහා ඇතැම් වචන විකෘත කර ඇති බව සලකන්න. තුරුවල: තුරු = අවල. අවල නම් වැලඳ ගැනීමය. රති ක්රීනඩා යන අර්ථයෙහි යෙදෙන ‘අචල කෙළි’ යන්නෙහි ‘අචල’ යන පදයෙන් ද වැලඳ ගැනීම ගම්යනමානය. ‘තුරු අවල’ යන්නට ජයතිලක ‘වෘක්ෂයන්හි ගැවසුණා වූ’යි අර්ථ දක්වයි. මෙහි පළමු පදය “තුරුවලන් ලිය සොඳුරා හා” යි පද ගළපන කුමාරතුංග “පැමිණියා වූ වෘක්ෂයන් ආලිංගනය කළා වූ ලතා සුන්දරීහු” යි අර්ථ දක්වයි. නා ලිය: නාග ලතා, නාග වල්ලි, බුලත් වැල්. දද: < ද්විජ. පක්ෂියා කුසින් සහ බිජුවටින් යනුවෙන් දෙවරක් උපදී ද්විජ අර්ථයෙන් බමුණාට ද ‘දද’ යි යෙදේ. බිඳ: බිඳ/බිද පූර්ව ක්රි යා (භුජ් - භුඤ්ජන / භෝජන ධාතු) රූප සමය. වන වර්ණනයකි. ගස්වල එතුණු බුලත් වැල්ය. ඒවා වැඳිරියන් සමඟ බුදින වඳුරෝය. කින්නරාංගනාවන් සමඟ හැසිරෙන කින්නරයෝ ය. ක්රිඟඩා කරන පක්රෝෂීන්ගෙන් ගහන ලිය ගොමුය. ____________________________________________________________ 1. බිදැ - ජ: බිඳැ - කු 2. මඳුරාහා - එ. 164 තිසර සන්දේශය 141. නඳුනුයනා සිරිනඳනා1 තුරු එවනා2 ඔවුනොවුනා අතු අතිනා පහරමිනා මල් රැසිනා ගතෙව් සිනා

පදාර්ථ නඳුනුයනා සිරිනඳනා, නන්දන උයනේ ශෝභාවෙන් සතුට ගෙන දෙන: එවනා තුරු, ඒ වනයෙහි ගස්: ඔවුනොවුනා, උන් උන් (- එකින් එක) : අතු අතිනා පහරමිනා, අතු නමැති අත්වලින් පහර දෙමින්: මල් රැසිනා, පුෂ්ප රාශියෙන්: සිනා ගතෙව්. සිනා ගත්‍ සේය.

විස්තර සිරිනඳනා: සිරින් නඳනා. ශෝභාවෙන් සන්තුෂ්ටිය ගෙන දෙන්නා වූ, සිරි + නඳනා. නන්දනෝද්යාතනයේ ශෝභාව ගත් ඒ වනයෙහි ගස් සුළඟට සෙලවේ. ඒ කෙබඳු ද යත්: අතු නමැති අත්වලින් කෙළි පිණිස ඔවුනොවුන්ට පහර දෙමින් මල් සමූහයෙන් සිනා ගත්තාක් වැනිය.

142. පිපි සපු නා තුරු පඳුරාහා වග ලගනා ගිරි කඳුරාහා ඇත සරනා සඳකිඳුරාහා බල තොසිනා හැම3 ඉඳුරාහා

පදාර්ථ පිපි සපු නා, පිපුණු සපු නා (යන) : තුරු පඳුරා හා, ගස් හා පඳුරු(ද): වග ලගනා ව්යා ස්රුයන් ලග්න වන්නා වූ: ගිරි කඳුරා හා පර්වත හා දිය කඩිති (ද): සරනා සඳකිඳුරා හා ඇත, හැසිරෙන්නා වූ සඳකිඳුරෝ ද ඇත්තාහ. හැම ඉඳුරාහා තොසිනා, (මේ) සියල්ල කෙළින් ම සතුටින්: බල, බල්න්න.

විස්තර වග ලගනා: ව්යාමඝ්රායන් ලග්න වූ ලග (ධා) වර්තමාන කෘදන්තයි. ගිරි කඳුරා හා: කඳු සහ කඳුරු ද කඳුරු නම් දියෙන් කැඩී ගිය තැන් හෙවත් දිය කඩිතිය. සඳකිඳුරාහා: වන්ද කින්නර. ඉහත 140 වැනි පද්ය යේ ලියන් හා හැසිරෙන ලියකිඳුරන් ගැන සඳහන් කෙරිණ. සඳකිඳුරු නම් කිඳුරු විශේෂයකි. ‘සඳ’ යනු “උත්තම’ අර්ථයෙහි ද යෙදේ.

     වන වර්ණනයකි. පිපුණු සපු නා ගස් ද, ව්යා.ඝ්රඳයන් වසන්නා වූ කඳු සහ දිය කඩිති ද තැන තැන හැසිරෙන සඳකිඳුරන් ‍ද මෙහි දැකිය හැකිය.

1. සිරිනි දිනා - එ. කු. 2 තුරු පවනා - කු. 3. ඇම - ජ.


විවරණ 165

143.	වෙනෙමා1 රුකුමා එ ඇ මා 		නහමා

සැදි මාන ඇමා2 ලැබ මා ඔදමා වෙනෙ මා ලුනුමා3 ල සු මා4 නොව මා5 නත මානු වමා යව මාවත මා පදාර්ථ වෙනෙමා (_ මා වෙනෙ), ‍මහා වනයෙහි: එඇමා රුකුමා, ඒ සියලු වෘක්ෂයන් ම: නහමා, බලා: ඇමා මාන සැදි, සියලු මානයෙහි (තන්හි) සැදුණා වූ: ඔද මා ලැබ මා (_ මා ඔද ලැබ ම), මහත් ඕජස ම හෙවත් සාරය ලබා ගෙන ම: වෙනෙ මාලුනුමා (--එවෙනෙ මා ආල උනුමා) : ඒ වනයේ මහත් ආශාවෙන් ස්වල්ප මාත්රුයක් ‍(හෝ); ලසුමා නොව මා, ආලසයක් (-අඩුවක්) නොව ම; නත මානුවමා (-නත මාන උවමා), අනන්තයා ප්ර මාණ උපමා ඇති; මාවත මා යව, මහා මාර්ගයෙහි ම ගමන් කරන්න.

විස්තර ඡන්දය සඳහා මෙහි නොයෙක් තැන් විකෘත කර ඇති බැවින් අර්ථ ව්යාපකූල වී ඇති සැටි සලකන්න. රුකුමා : වෘක්ෂ (සං) රුක්ඛ (පා.) රුක්, රුකු යන රූප දෙක ම බහු වචනාර්ථයෙහි යෙදේ. රුකුම + රුකුමා නහමා: බලා පූර්ව ක්රිකයාය. නහම ධා. ඇමා මාන සැදි: හැම මානයෙහි සැදුණා වූ. මාත යනු ප්රතදේශය, ස්ථානය, දිශාව යන අරුත්හි යෙදේ. ‘ගම් මානය’ පෙනෙන මානා යනාදි තන්හි මේ අර්ථය ගැනේ. ඔද මා ලැබ මා: මා ඔද ලැබ ම - ‘මහත් ඕජස ලබා ගෙන ම’ ඕජස් > ඔද. ශක්තිය, සාරය. වනයේ ඕජස ලැබීම නම් වන ශෝභාවෙන් සතුටට පත් වීමය. මාලුනු මා: අර්ථ සඳහා (එ වෙනෙ) ‘මා ආල උනු මා’ යි පද ගැළපිය යුතු වේ. ඒ වනය පිළිබඳ මහත් ආශාවෙන්. ජයතිලක සංස්කරණයෙහි ‘වෙනෙමා ලුනුමා’ යි පෙළ සකසා ‘එවෙන, ඒ වනයෙහි (කරන ලද) : මා ආල උනුමා මහත් වූ ආලයෙන් ස්වල්ප මාත්රසයකුදු’ යි අර්ථ දැක්වේ. කුමාරතුංග සංස්කරණයෙහි මෙ තමා ලිනුමා’ යි පෙළ සකසා ‘මේ තමාගේ ආශාව මිදීමෙහි ලා’ යි අර්ථ දැක්වේ. ලසුමා නොව මා: ප්රඅමාදයක් නොවී ම. අඩුවක් නැතිව ම. ජයතිලක: “උනුමා, ස්වල්ප මාත්ර‍යකුදු: ලසුමා නො ව මා, ආලස්යතයක් නොවම’ කුමාරතුංග: “උසුමා නො ව මා, සුයුම් නො හෙළා” නතමානුවමා : නත මාන උවමා. අන්තයා ප්රහමාණ උපමා ඇති. අනන්ත නම් නාගයාට උපමා කළ හැකි.

1. වෙන්මා - එ: වෙනමා - කු. 2. යදිමාන ඇමා - එ, යළ මා නවමා - ජ. සැදිමා නැ ඇමා - කු. 3. වෙනෙමා ලුනුමා - එ.ජ: මෙකමා ලිනුමා -කු. 4. උසුමා - කු. 5. නො මමා - කු.

166 තිසර සන්දේශය ජයතිලක “මාන නැත උවමා” යි පද ගළපා ගෙන ‘දීර්ඝ ප්ර මාණයේ අනන්තයා බඳු වූ” යි අර්ථ දෙයිත කුමාරතුංග එහි අර්ථ දෙනුයේ “ප්ර මාණයෙහි අනන්තයා උපමාන වූ” කියාය. මාවත මා යව: මාර්ගයෙහි ම යව. ඉහත වර්ණනා කරනු ලැබූ වනයෙහි ශෝභාව විඳ එහි වෘක්ෂ නරඹා ඒ හැම තන්හි පවත්නා සාරය විඳ ගෙන. වනය කෙරෙහි ඇති ආශාව නිසා මඳක් හෝ ප්රවමාද නොවී අනන්ත නම් නාගයාට උපමා කළ හැකි මහා මාර්ගයෙහි ගමන් කරන ලෙස දුතයාට නියම කෙරේ.

මඟ වැනුම් 144. නෙතු පුල්ලා පුද කළ ස‍ඳෙහි මුනිඳුන රැඳි නිල්ලා පැහැ කිඳු තව1 නොගිය මෙන ගන නිල්ලා හිවි2 දල පතරැති සොබන යන3 ඇල්ලාකොළ හිමි දුමිඳු වඳිමින

පදාර්ථ මුනිඳුන නෙතුපුල් ලා, බුදුන් වහන්සේ විසින් නේත්රන නමැති මහනෙල් මල් යොදා: පුද කළ ස‍ඳෙහි, (අනිමිෂ ලෝචන) පූජාව කරනු ලැබූ කල්හි, රැඳි නිල්ලා පැහැ කිඳු, රැඳුණා වූ නීල වර්ණ ප්ර්භා සමුහයන්: තව නොගිය මෙන, තව මත් නොගියාක් මෙන්; ගන නිල්ලා, ඝන නිල වූ: හිවි: හෙවී හෙවී පැතිරී ගිය: සොබන, ශෝභන: දල පතරැති, පත්ර් සමූහ ඇත්තා වූ: ඇල්ලාකොළ, ඇල්ලා කොළ (නම් ගමෙහි) දුමිඳු හිමි වඳිමිනි. බෝධී ස්වාමීන් වඳිමින්: යන, යන්න.

විස්තර නෙතුපුල් ලා: නෙත් උපුල් ලා නේත්රස නමැති නිල් මහනෙල් මල් යොදා. කුමාරතුංග: “පුල් නෙතු ලා, ඵුල්ල නේත්ර යන් බහා” යනුවෙන් ද ජයතිලක: “නෙතුපුල්ලා, නේත්රෝනත්පලයන්” යි ද අර්ථ ගනිති. නිල්ලා පැහැ කිඳු : නිල්ලා - නිල්, නීල වර්ණ. පැහැ කිඳු - ප්රරභා, රාශිය, ‘කිඳු’ යන්න රාශිය, රොද, සමූහය යනාදි අර්ථවල යෙදේ. “සුනිල් පැහැකිඳු” (කව්සිළුමිණ, (5ල 20) “විදු කිඳුයුරු රන්රසු දැල් යොදවා” (ගුත්තිලය, 230) ගන නිල්ලා: ඝණ නීලවර්ණ වූ. ජයතිලක සංස්කරණයේ ද මේ අර්ථය ම දී ඇත. කුමාරතුංග “ගණන් ඉල්ලා” යි පද කඩා ගෙන “සංඛ්යා් (ප්ර මාණය) පතා” යි අර්ථ දක්වයි. ගිවි: ‘උස්’ යන්න ප්ර කට අර්ථය වුව ද මෙහි දී හෙවුණු, ගැවසුණු පැතුරුණු යන අර්ථ යෝග්යිතර වේ. කව්සිළුමිණේ (5. 40) “හිවි පුළුප් කලස” යන තන්හි මෙනි. 1. නව - කු. 2. සිවු - කු. ජ. 3. යව - ජ.

විවරණ 167 දල පතරැති: දල = පත්ර , කොළ; පතර - ඇති. ‘පතර’ යන්නේ ද ‘පත්ර ’ අර්ථය ඇතත් මෙහි සමූහාර්ථ්යද ගැළපේ. පැතිරීම, ප්ර සාරණය. ඇල්ලාකොළ නම් ග්රාථමයේ ප්ර්සිද්ධ බෝධී වෘක්ෂයක් තුබු බව මෙයින් කියවේ.

                                       දැතිගම්පුර වැනුම් 

145. ප ඩෙ ර ඟ රඟ දෙමින් සිය ගිරි හිසේයා සි ය ල ඟ අඹල වෙන්1 අදහස ලෙසේයා2 දෙළෙලග ගඟිනි හුණු දිය බිඳු ලෙසේයා සුර මඟ තරඟ තරු දිසි එවිගසේයා

පදාර්ථ පඩෙරහ, ඊශ්වරයා: සිය ගිරි හසේයා. ස්වකීය (කෛලාශ) පර්වතය මුදුන්හි : රඟ දෙමින්. නැටුම් කරමින්: අදහස ලෙසේයා, සිත් වූ පරිදි: වෙන්, වෙගයෙන්: සියලග අඹල, මුළු ඇඟ කරකවත් ම: දෙළෙලග ගහිනි. ජටාවෙහි ලග්න වූ ගංගාවෙන්: හුණු දිය බිදු ලෙසේයා. වැටුණු ජල බින්දු ආකාරයෙන්: සුර මහ, අහස්ගි: තරඟ රශ්මි සහිත අංග ඇත: තරු දිසි එවිගසේයා, තාරකා දිස්වූ මේ මොහොතෙහි (මතු සම්බන්ධයි)

විස්තර පඩෙරඟ : පඩෙර - අග සුදු පැහැති අඟක් (ශරීරයක්) ඇත්තේ පඩෙරඟය. ඊශ්වර. මෙහෙසුරු යනු තවත් නමකි. සිය ගිරි: ඊශ්වරයා වසන ගිර කෛලාස පර්වතයයි. සිය - ස්වකීය. අඹළ: ඇඹරුණු, කරකැවුණු, අඹර ධා. අතීත කෘදන්තයි. දෙළෙලග : දළ නම් ජටාවය දළ - එ > දෙළෙ. ලග - ලග්න. සුර මඟ: අහසය. සුරන් ගමන් ගන්නා මඟ යන අරුතය. තරඟ : තර - අඟ. තර නම් රශ්මියයි. තරඟ නම් රශ්මි සහිත ශරීරයයි. ඊශ්වරයා කෛලාස පර්වත මුදුනේ නටමින් තම ශරීරය වේගයෙන් කරකැවු කල්හි ඔහුගේ ජටාවෙහි වූ අහස් ගඟ කැළඹෙයි. අහසේ පෙනෙන රශ්මි සහිත තාරකා පංතිය ඒ අහස් ගඟින් විසුරුණු දිය බිංදුවලට උපමිතය. වේද සාහිත්යතයෙහි සඳහන් වන පරිදි අහස් ගඟ විෂ්ණුගේ මහපටැඟිල්ලෙන් පටන් ගෙන ඊශ්වරයාගේ ජටා මඩුල්ල වටා කරකැවී පොළොවට ගලා බසී. සන්ධ්යාඩ කාලයේ දී ඊශ්වරයා කෛලාස පර්වත මුදුනට වී නටයි. ඒ (තාණ්ඩව නෘත්යය නම්) නැවිමේ දී ජටාවෙහි ගලා යන සුර ග‍ඟෙහි දිය බිංදු විසිරෙයි. ____________________________________________________________ 1. මෙන් - කු. 2. ලසේ ය - කු.


168 තිසර සන්දේශය

146.	ඇති යම් සිරි තැනෙක1 වූ ලෙසිනි		බබළනා

සි ති ය ම් ඇති නොයෙක රුදු සොඳුරු විමනිනා බැති පෙ ම් තුනුරුවන ඇති සත නිතොර වනා දැ ති ග ම් පුරවරට වදු මිතුර සිතු මෙනා. පදාර්ථ ඇති යම් සිරි ඇත්තා වු යම් ශ්රීත සම්පතක්: තැනෙක වූ ලෙසිනි, එක් තැනක (එකතු) වූ ආකාරයෙන්: බබළනා, බබළන්නා වූ (ද) ; සිතියම් ඇති. (බිතු) සිතුවම් ඇත්තා වූ: නොයෙක, අනේක විධ: රුදු, මහත් වූ: විමනිනා සොඳුරු, විශාල මන්දිරවලින් සුන්දර වූ (ද) ; තුනුරුවන බැති පෙම්, රත්නත්රනයෙහි භක්ති ප්රේවම (ඇති) : සත නිතොර වනා, ජනයාගෙන් තොර නොවන්නා වූ (ද) ; දැතිගම්පුරවරට, දැදිගමපුරවරයට: මිතුර, මිත්රූය, සිතු මෙනා වදු, සිත් සේ ඇතුළු වන්න.

විස්තර දැතිගම්පුරය පිළිබඳ වර්ණනයකි. යම් ශ්රීම සම්පත්තියක් ඇද්ද ඒ හැම එක් තැනක එකතු කළ ආකාරයෙන් මේ පුරය බබළයි. බිතුසිතුවම්වලින් යුක්තවූ නොයෙක් විශාල මන්දිරයන්ගෙන් සුන්දරය. තුනුරුවන් කෙරෙහි බැති පෙම් ඇති ජනයාගෙන් පිරි ඇත.

147. මිතුරු සඳ, එපුර සිරි පසස්නා වදන් පස්කැන් තා සවන් සද

පදාර්ථ මිතුරු සඳ, උතුම් මිත්රදය: එපුර සිරි, ඒ (දැතිගම්) පුරයේ ශ්රීඇ සම්පත්තිය, පසස්නා වදන් පස්කැන්. වර්ණනා කරනු ලබන වචන නමැති කුණ්ඩලාභරණයෙන්: තා සවන් සද, නුඹගේ කන් සරසන්න.

විස්තර පසස්නා වදන් පස්කැන්: පසස්නා - ප්රලශංසා කෙරෙන, වර්ණනා කෙරෙන යන අර්ථය. පස්කැන් - කුණ්ඩලාභරණය. කනෙහි පළඳින කොන් පහක් ඇති ආභරණයකි. තාඩංක. සවන් පද : කන් සැදීම හෙවත් සැරසිම නම් ශ්රකවණය කිරීමය.

148 ගැ ඹ ර2 අගල මෙවුලෙන්3 පුන්කුඹු තෙනෙනි නිතොර සොබන මහ වේ සීමන් ඉරිනි එ පු ර අඟන නළලත දුන් තලා වැනි ප ව ර ගොපුර සිරි දකු මමිතුර නඳිනි පදාර්ථ ගැඹර අගල මෙවුලෙන්, ගැඹුරු වූ දිය අගල නමැති මේඛලාදාමයෙන් (ද): පුන් කුඹු තෙනෙනි, පුන් කළස් නමැති පියොවුරුවලින් (ද): නිතොර

1. තෙනෙකු - එ: තැනෙකැ - කු. 2. ගැඹුරු - එ. 3. මෙවුලින් - කු.

විවරණ ‍ 169 සොබන, සෑම විට ම ශෝභානව පවත්නා: මහ වේ. මහා විදි නමැති: සිමන් ඉරිනි, (හිස දෙපසට බෙදු) සිමාන්ත රේඛාවෙන් (ද යුක්ත වූ) : එපුර අඟන, ඒ පුරය නමැති අංගනාවගේ: නළලත දුන් තලා වැනි? නළල් මත දුන්නා වූ තිලකය බඳු: පවර ගොපුර සිරි, උතුම් ගෝපුරයේ අලංකාරය: මමිතුර, මගේ මිත්රනය: නඳිනි දකු, සන්තෝෂයෙන් බලන්න.

විස්තර ගැඹර : ගැඹුර යනු එහි අනෙක් රූපයයි. අඳර - අඳුරු. අගර - අඟුරු මෙනි. ස්වර විපර්යාසයි. තෙනෙනි: තන - එනි > තෙනෙනි. ස්වර පරරූපයි. මහ වේ : මහා විථි. මා වේ යි රූපයක් ද ඇත. මා වේ - කො වේ - මහා විථි සහ කුඩා වීථි. සීමන් ඉරිනි: සීමන්ත (සං. පා) “සීමන්ත දක්වා... කොහෙ බැඳ” යි අමාවතුරු පාඨයි. ස්ත්රිාහු (විශේෂයෙන් විවාපත් ස්ත්රී)හු) හිස කේ දෙපසට බෙදා පීරූහ. මෙසේ පීරු කල පෙනෙන ඉර ‘සීමන් ඉර’ය ඉරිනි - කරණ විබත්. නළලත: නළල් - අත් > නළලත්. මෙහි අත් යනු ස්වාර්ථයෙහිය. තලා : තිලකය. සඳුන්, කොකුම්. සිරියෙල් ආදි යමකින් නළල් මැද තබන ලකුණ, පොට්ටුව. ගොපුර: ගෝපුර, සංස්කෘතයේ ද නගර ද්වාරය යන අර්ථයෙන් මෙය යෙදේ. වාසල් දොර. බිහිදොර, තොරණ යන අර්ථ ද ගත හැකිය. ‘ගෝපුර’ යි යෙදී ඇත්තේ මුල දී ගවයන්ගේ ගමන් වැළකීම සඳහා බඳිනු ලැබූ පුරය. වැට කඩොල්ල සලකා ගෙන විය හැකිය.

149 පහ ළදඟන1 දුන් දුන් සේ අත් පහර බිම වැද වැද පෙද උඩ යන ලෙස ඇඹර2 උනතිනි ගෙල් ලැබ ලැබ දළ ලොබ නිතොර පසු බැස බැස සලෙළුන්3 වෙර වදිනයුර

පදාර්ථ පහ ළදඟන, ප්රා3සාදවල (සිටින) තරුණ ළඳුන්; අත් පහර දුන් දුන් සේ, අත් පහර දුන් දුන් ආකාරයෙන්: පෙද බිම වැද වැද, පන්දුව බිම වැදි වැදී; ඇඹර උඩ යන ලෙස, ඇඹරී (කරකැවී) ඉහළ යන ආකාරය. (කෙබඳු ද යත්) උනතනි ගෙල් බැස බැස, දැඩි ලෝහය නිතර පසු බසිමින්: සලෙළුවන්, වෙර වදිනයුරු, කාමුකයන්ගේ ශරීරය (ආපසු) වදින වැනිය. ළදහන: ළඳ - අඟන. තරුණ කාන්තාව යන අර්ථයි. “ළද කත්” (සීගිරි ගී. 475). “ළද ලිය’ (හංස 80) “ළද වයස’ (කාව්ය ශේඛර. (1. 16) යනාදි තන්හි මෙනි. කාන්තාවට ‘ළඳ’ යි යෙදේ.

1. එහි ළඳගන - ජ. 2. ඇඹිර - එ : ඇඹැර -කු. 3. සලළුන් - කු සලෙලුව - එ.

170 තිසර සන්දේශය

ඇඹර : ඇඹරී, ආපසු කරකැවී , අතීත කෘදන්තයි. ගෙල් : ඝාත, ගැහැට. පහර. ප්රා සාදයන්හි සිටින තරුණ කාන්තාවෝ පන්දු කෙළිති. උන්ගේ පහර අනුව පන්දුව බිම වැදි වැදී ඉහළ යයි. ඒ අතර තවත් දෙයක් සිදුවේ. මේ කතුන්ගේ අත් පහර ලැබ ලැබ පසු බස්නා දැඩි ලෝභය සලෙළුවන්ගේ ශරීරයට ම වැදෙයි. මේ අනුව තරුණ කතුන් අතින් පහර ලබන සලෙළුවන්ගේ දැඩි ලෝභය පසු බැස ගොස් සලෙළුවන්ගේ ඇඟට ම වදින ආකාරයෙනි. තරුණ ළඳුන් පන්දු කෙළින කල තරුණයන් දැඩි ආශාවෙන්බලා සිටින බවත් ලෝහය ඉන් වැඩි වන බවත් ගම්යාමානය.

"https://si.wikibooks.org/w/index.php?title=තිසර_සන්දේශය-විවරණiii&oldid=12208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි