ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/සංයුත්ත නිකාය/දීඝලට්ඨි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එසමයෙහි දීඝලට්ඨි නම් දිව්‍යපුත්‍ර තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර පැහැ ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි දීඝලට්ඨි දිව්‍යපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ ට ගාථායෙන් මෙසේ කීය:
’’මේ රහත් බව අනුසස් කොට ඇති මහණතෙම (ශාසනයෙහි) හෘදය යයි කියනලද රහත්බව පතන්නේනම්, ධ්‍යානයෙහි ඇලුණෙක් වන්නේය. සංස්කාරයන්ගේ පහළ වීමත්, නැසීයාමත්, විදර්‍ශනා ඥානයෙන් දැන, තන්හා දෘෂ්ටීන් ඇසුරු නොකෙළෙක් වන්නේය. යහපත් සිත් ඇතියෙක්ද වන්නේය.’’
( උපුටා ගැනීම - suttacentral.net )