ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/සංයුත්ත නිකාය/ජන්තු සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක කොසොල් රට හිමවත් පෙදෙස ආරණ්‍ය කුටියෙක බොහෝ භික්‍ෂූහු උඩඟුව, ඔසවාගත් මානනළ ඇතිව, චපලව, පාත්‍ර.්‍ර සිවුරු සැරසීමෙහි යෙදුණෝව, මුඛරිව, කටට ආ ආවක් දොඩනසුලුව, මුළාවූ සිහි ඇතිව, ප්‍රඥායෙන් වෙන්ව, නොඑකඟ සිතැතිව, වෙසෙති.

එකල්හි වනාහි ජන්තු නම් දෙව්පුත් ඒ පසළොස්වක් පොහෝදා ඒ භික්‍ෂූන් කරා පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂූන්ට ගාථාවලින් මෙසේ කීය:

’’පෙරැ ගෞකම ශ්‍රාවකවූ භික්‍ෂූහු තණ්හාව නැතිව පිඬු සොයන්නාහු, තණ්හාව නැතිව සෙනසුන්

සොයන්නාහු, සුවසේ දිවි පවත්වන්නෝ වූහ. ලොව අනිත්‍යතාව දැන ඔවුහු දුක් නෙළවර කළහ.

’’එහෙත් දැන් ඇතැම් භික්‍ෂූහු තමන් දායකයන් විසින් ලෙහෙසියෙන් පෝෂිත කළ නොහැක්කවුන් කොටගෙන ගමෙහි ගම් දෙටුවන් සේ අන් ගෙවල්හි ක කා මුළාව නිදත්.

’’සංඝයාට ඇඳිලිකොට (වැඳ) කියමි. මෙහි ඇතැම් පැවිදි කෙනෙක් ඈතට තුමූම නෙරපුණේ (එහෙයින්) අනාථවූයේ, සොහොනෙහි දමා ගිය මළසිරුරු බඳු වෙත්.

’’යම් කෙනෙක් වනාහි පමාව වෙසෙත්ද, ඔවුන් සඳහා මෙය මා විසින් කියන ලදී. යම් කෙනෙක් නොපමාව වෙසෙත්ද, ඔවුන් හැමට මම නමස්කාර කෙරෙමි.’’

( උපුටා ගැනීම - suttacentral.net )