ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/නිවාප සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන නමි ආරාමයෙහි වැඩවාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ,මහණෙනි,යි භික්‍ෂූන්ට කථාකළහ. ,ස්වාමීන් වහන්ස,යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වද්‍රළහ.

2. ,මහණෙනි, මුවන් ඇල්ලීමට තණකොළ වවන තැනැත්තේ මා විසින් මේ වවන තණ කොළ අනුභව කරන්නාවූ මුව සමූහයා එය අනුභව කොට දීර්‍ඝායුෂ වෙත්වා වර්‍ණවත් වෙත්වා බොහෝ කළක් යැපෙත්වායි කියා නොවවන්නේය. ඔහු මෙසේ සිතාගෙන වවන්නේය. (කෙසේද?) මුව සමූහයා මා විසින් වවන මේ තණ කොළ කොටුවට ඇතුල්වී මුසපත්ව ආහාර අනුභව කරන්නාහුය. ඇතුල්වී මුසපත්ව ආහාර අනුභව කරන්නාහු මත්වන්නාහුය. මත් වූවාහූ සිහිනැති බවට පැමිණෙන්නාහ. සිහිනැති වූවාහු මේ තණ කොළ කොටුවෙහිදී කැමති සේ අල්ලාගතහැකි බවට පැමිණෙන්නාහුය යි සිතා තණ කොටුව වවන්නේය.

3. ,මහණෙනි, එහි පළමුවෙනි මුව සමූහය මුවන් ඇල්ලීම පිණිස තණ වවන්නහුගේ තණ කොටුවට ඇතුළුවී මුසපත් වූවාහු බොජුන් අනුභව කළහ. ඔව්හු එහි ඇතුල්ව මුසපත්ව බොජුන් අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට (සිහිනැති බවට) පැමිණියාහුය. ප්‍රමාදවූවාහූ මුවන් අල්ලන්නාගේ ඒ කොටුවෙහි කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මහණෙනි, මෙසේ වනාහි පළමුවෙනි මුව සමූහයා මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහ.

4. ,මහනෙනි, එහි ලා දෙවන මුව සමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි මුව සමූහය ඒ මුවන් අල්ලන්නාගේ තෘණ කොටුවට වැද මුසපත් වූවාහූ භොජනයන් අනුභව කළාහුද, ඔවුහූ එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදවූවාහූ මුවන් අල්ලන්නාගේ ඒ කොටුවෙහි කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහ. යම්හෙයකින් අපි ඒ තණ කොටුවේ භොජනයෙන් සම්පූර්‍ණයෙන් වළකිමු නම් භය සහිත භොජනයෙන් වෙන්ව මහ වනයට වැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක’. (කියායි) ඔව්හු මුථමනින් තණ කොටු භොජනයෙන් වැළැක්කාහුය. බියෙන් අනුභව කටයුතු බොජුනෙන් වැළැක්කාහු මහ වනයට වැද වාසය කළාහුය. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයෙහි තෘණ හා ජලය වියලී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේය. ඉතා කෙට්ටු බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනු කල්හි මුවන් අල්ලන්නාගේ ඒ තෘණ කොටුවට ආපසු පැමිණියහ. ඔවුහු එහි වැද සිහි මුළාවූවාහු ආහාර අනුභව කළහ. ඔවුහු එහි වැද සිහි මුළාවූවාහු ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහි මුළාව ආහාර අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ.

මෙසේ ඒ දෙවෙනි මුව සමූහයද මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

5. ,මහණෙනි, එහි තුන්වෙනි මුව සමූහයමෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ ඒ තණ කොටුවට වැද සිහිමුළා වූවාහූ ආහාර අනුභව කළහ. ඔවුහූ එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදවූවාහූ මුවන් අල්ලන්නාගේ ඒ කොටුවෙහි කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. යම් ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ ඒ තණ කොටුවට වැද සිහිමුළා වූවාහූ ආහාර අනුභව කළහ. ඔවුහූ එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදවූවාහූ මුවන් අල්ලන්නාගේ ඒ කොටුවෙහි කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. අපි සම්පූර්‍ණයෙන් තණ කොටු භොජනයෙන් වෙන්වෙමු නම් භයින් අනුභව කළ යුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ (කියායි) ඔවුහු තෘණ කොටු භොජනයෙන් සම්පූර්‍ණයෙන් වෙන්වූහ. භයින් අනුභව කළයුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේය. ඉතා කෙට්ටු බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ආපසු පැමිණියහ.

,ඔවුහු එහි වැද සිහිමුළා වූවාහූ ආහාර අනුභව කළහ. ඔවුහූ එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාවූ ඒ තෘණ කොටුවෙහි

මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

,එහෙයින් අපි මුවන් අල්ලන්නාගේ තණ කොටුවට නුදුරුව සැඟවී සිටින තැනක් සාදාගන්නෙමු නම් යහපති. එහි වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුථ නොවී සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු. ඇතුථ නොවී සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණෙන්නෙමු. මත් නොවූවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු. ප්‍රමාදයට නොපැමිණියෝම ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට නොපැමිණෙන්නෙමු’ (කියාය).

,ඔවුහු මුවන් අල්ලන්නාගේ තණ කොටුවට නුදුරුව සැඟවී සිටින ස්ථානයක් කොට වාසය කළාහුය. වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුථනොවී සිහි මුළා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහු නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණියාහ.

6. ,මහණෙනි, එහි මුව වැද්දාටද ඔහුගේ පිරිසටද මෙබඳු සිතක්විය. ‘මේ තුන්වන මුව සමූහය කයිරාටිකය. කපටය. මේ තුන්වන මුව සමූහයා ඎද්ධි ඇත්තවුන් වැනිය, මොවුහු යක්‍ෂයන් වැනිය, ඔවුහු තෘණ කොටුවේ තෘණද අනුභව කරත්. ඔවුන්ගේ ඊම හෝ යාම හෝ නොදනිමු. අපි යම්හෙයකින් මේ තණ කොටුව හාත්පස දැලකින් වටකරන්නෙමු නම් ඉතා යෙහෙක. යම් තැනක ඔවුහු ලැගීමට යන්නාහුද මේ තුන්වන මුව සමූහයාගේ වාස ස්ඛානය දක්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි) ඔවුහු මෙම තණ කොටුව හාත්පස මහත් ප්‍රදේශයක් වටකළහුය.

,මහණෙනි, මුවන් අල්ලන්නාද ඔහුගේ පිරිසද ඒ තුන්වන මුව සමූහය යම් තැනක ලැගීමට යත්ද ඒ වාස ස්ථානය දුටුවාහුය, මහණෙනි ඒ තුන්වන මුව සමූහයද මෙසේ ඒ මුව වැද්දාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

7. ,මහණෙනි, එහි සතරවෙනි මුව සමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ ඒ තණ කොටුවට වැද සිහිමුළා වූවාහූ ආහාර අනුභව කළහ. ඔවුහූ එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාවූ ඒ තෘණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුව වැද්දාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. යම් ඒ මුව සමූශය මෙසේ සිතූහ. ‘අපි සම්පූර්‍ණයෙන් තෘණ කොටු ආහාරයෙන් වෙන්වෙමු නම් භයින් අනුභව කළ යුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ (කියායි) ඔවුහු තණ කොටු ආහාරයෙන් සම්පූර්‍ණයෙන් වෙන්වූහ. භයින් අනුභව කළයුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේය. ඉතා කෙට්ටු බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි මුව වැද්දාගේ ඒ තණ කොටුවට ආපසු පැමිණියහ.

8. ,ඔව්හු එහු වැද සිහි මුළාවූවාහූ ආහාර අනුභව කළහ. ඔවුහූ එහි වැද සිහිමුළාව ආහාර අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාවූ ඒ තණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. එහෙයින් අපි මුවන් අල්ලන්නාගේ තණ කොටුවට නුදුරුව සැඟවෙන තැනක් කොට වාසය කරන්නෙමු. එසේ වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුළු නොවී සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු. ඇතුළු නොවී සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණෙන්නෙමු. මත් නොවූවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු. ප්‍රමාදයට නොපැමිණියෝම ඒ තණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළ හැකි බවට නොපැමිණෙන්නෙමු’ (කියාය).

9. ,ඔවුහු මුවවැද්දාගේ තණ කොටුවට නුදුරුව සැඟවෙන තැනක් කොට වාසය කළාහුය. වාසය කොට මුව වැද්දාගේ තණ කොටුවට ඇතුථනොවී සිහි මුළා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහු නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණියහ.

,මහණෙනි, එහි මුව වැද්දාටද ඔහුගේ පිරිසටද මෙබඳු සිතක්විය. ‘මේ තුන්වන මුව සමූහය කයිරාටිකය. කපටිය. මේ තුන්වන මුව සමූහයා ඎද්ධි ඇත්තවුන් වැනිය, මොවුහු යක්‍ෂයන් වැනිය, ඔවුහු තණ කොටුවේ තණද අනුභව කරත්. ඔවුන්ගේ ඊම හෝ යාම හෝ නොදනිමු. අපි යම්හෙයකින් මේ තණ කොටුව හාත්පස දැලකින් වටකරන්නෙමු නම් ඉතා යෙහෙක. යම් තැනක ඔවුහු ලැගීමට යන්නාහුද මේ තුන්වන මුව සමූහයාගේ වාස ස්ඛානය දක්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි)

10. ‘ඔවුහු මහත් දැළකින් තණ කොටුව හාත්පස මහත් ප්‍රදේශයක් වටකළාහුය.

,මහණෙනි, මුව වැද්දාද ඔහුගේ පිරිසද ඒ තුන්වන මුව සමූහය යම් තැනක ලගිත්ද්ද ඒ තැන් දුටුවාහුය, මහණෙනි, ඒ තුන්වන මුව සමූහයද මෙසේ ඒ මුව වැද්දාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

,යම් විධියකින් මුව වැද්දාද ඔහුගේ පිරිසද යම් තැනකට යා නොහැක්කේද අපි එබඳු තැනක් වාසස්ථාන කරන්නෙමු නම් එහි වාසය කොට මුව වැද්දාගේ තණ කොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු නම් නොවැද මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු නම් මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත් නොවූවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු නම් ප්‍රමාදයට නොපැමිණියෝම මේ තණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණෙන්නෙමු නම් යහපත් යයි, සිතූහ. යම් තැනකට මුවවැද්දාද ඔහුගේ පිරිසද නොයන්නේද ඒ ස්ථානය වාසස්ථාන කරගත්හ. එහි වාසය කරමින් මුවවැද්දාගේ තණ කොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කළහ. තණ ටකටෙුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහය. මත්වීමට නොපැමිණියාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තණ කොටුවෙහි මුවවැද්දාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණියාහ.

11. ,මහණෙනි, මුව වැද්දාටද ඔහුගේ පිරිසටද මෙසේ කල්පනා විය. ‘මේ හතරවෙනි මුව සමූහයා කයිරාටිකය. කපටිය. මේ හතරවෙනි මුව සමූහයා ඎද්ධි ඇත්තවුන් වැනිය, මොවුහු යක්‍ෂයන් වැනිය, ඔවුහු තණ කොටුවද අනුභව කරත්. ඔවුන්ගේ ඊම හෝ යාම හෝ නොදනිමු. අපි යම්හෙයකින් මේ තණ කොටුව හාත්පස මහත් ප්‍රදේශයක් මහත් දැලකින් වටකරන්නෙමු නම් ඉතා යෙහෙක. යම් තැනක ඔවුහු ලගිද්ද මේ හතරවෙනි මුව සමූහයාගේ වාස ස්ඛානය දක්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි). ඔවුහු ඒ තණ කොටුව හාත්පස මහත් ප්‍රදේශයක් මහත් දැලකින් වටකළාහුය. මහණෙනි, මුව වැද්දාද ඔහුගේ පිරිසද ඒ මුව සමූහයාගේ වාසස්ථානය නුදුටුවාහුය,

12. ,මහණෙනි, ඒ මුවවැද්දාටද ඔහුගේ පිරිසටද මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් අපි මේ සතරවැනි මුව සමූහයා කලබල කරන්නෙමු නම් කලබල කරනු ලැබූ ඔවුහු දුර සිටින අන්‍ය මුවන්ද කලබල කරන්නාහ. ඒ මුවෝද කලබල වූවාහු අන්‍යයන්ද කලබල කරන්නාහ. එසේ වූවිට මේ තණ කොටුව සම්පූර්‍ණයෙන් මුවන්ගෙන් හිස් වන්නේය. යම් හෙයකින් අප් සතරවෙනි මුව සමූහයා කෙරෙහි උපෙක්‍ෂා වන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ කියායි. මහණෙනි, මුවවැද්දාද මුවවැද්දාගේ පිරිසද සතරවැනි මුව සමූහයා කෙරෙහි උපෙක්‍ෂාවූහ. මහණෙනි මෙසේ වනාහි ඒ සතරවැනි මුව සමූහයා මුවවැද්දාගේ උපක්‍රම බලයෙන් මිදුනාහ.

13. ,මහණෙනි, අර්‍ථය ඇඟවීමට මා විසින් මේ උපමාව දක්වන ලදි. මෙහි අර්‍ථය මෙසේය. මහණෙනි, තණ කොටුව යනු පංචකාම ගුණයට නමෙකි. මහණෙනි මුවවැද්දා යනු පාපීවූ මාරයාට නමෙකි. මහණෙනි, ඔහුගේ පිරිස යනු මාරපිරිසට නමෙකි. මහණෙනි මුව සමූහයා යනු මහණ බමුණන්ට නමෙකි.

,මහණෙනි, පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වවනලද තණ කොටුව නැමැති පංචකාමය සිහි මුළාවූවාහු අනුභව කළහ. ඔවුහු එහි සිහි මුළාව පස්කම්සැප අනුභව කිරීමෙන් මත්වීමට පැමිණියහ. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු පඤ්චකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක්කළහැකි බවට පැමිණියාහ.

‘මහණෙනි, මෙසේ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. මහණෙනි පළමුවෙනි මුව සමූහය යම්සේද, මහණෙනි මේ පළමුවෙනි මහණ බමුණන්ද එබඳුයයි කියමි.

14. ,මහණෙනි, එහි දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයා විසින් වවන ලද ඒ පඤ්චකාම තණ කොටුවට ඇතුල්ව සිහිමුළා වූවාහු ආහාර අනුභව කළහ. ඔවුහු එහි සිහි මුළාව පඤ්චකාමය නමැති ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. මේ පඤ්චකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

‘යම් හේතුවකින් අපි සියථ ආකාරයෙන් පඤ්චකාමය නම්වූ තණ කොටු භෝජනයෙන් වෙන්ව මහවනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක, (කියායි). ඔවුහු සම්පූර්‍ණයෙන් පංචකාම භොජනයෙන් වෙන් වූවාහුය. භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ඔවුහු එහි අමුකොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ. ඌරුහැල් අනුභව කරන්නෝද වූහ, සම් කසට අනුභව කරන්නෝද වූහ, ගස්මැලියම් අනුභව කරන්නෝද වූහ, කුඩු අනුභව කරන්නෝද වූහ, දඹු බත් අනුබව කරන්නෝද වූහ, තණකොළ අනුභව කරන්නෝද වූහ, ළපටි වස්සන්ගේ ගොම අනුභව කරන්නෝද වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මුල් ඵල අනුභව කරමන්ද ජීවත් වූහ. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයේ තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධියෙන් පිරිහුනාහ. සමාධියෙන් පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද ඒ පංචකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔවුහු එහි වැද සිහි මුළා වූවාහු පංචකාමය නමැති ආහාර අනුභව කළහ. ඔවුහු එහි වැද සිහිමුළාව පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මහණෙනි, මෙසේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය. මහණෙනි, මම දෙවෙනි මුව සමූහය යම්සේද මේ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ද මෙබඳු යයි කියමි.

15. ,මහණෙනි, තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතූහ. ‘ පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වවන ලද ඒ පංචකාමය නමැති තණ කොටුවට වැද සිහිමුළා වූවාහු පංචකාම නම්වූ ආහාර අනුභව කළහ. ඔවුහු එහි සිහි මුළාව පංචකාම නම්වූ ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියහ. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

,යම් ඒ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයා විසින් වවන ලද ඒ පංචකාමය නමැති තණ කොටුවට වැද සිහිමුළා වූවාහු පංචකාමය නමැති භොජනය අනුභව කළහ. ඔවුහු එහි සිහි මුළාව ආහාර අනුභව කළාහු මත්වූවාහුය. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

16. ,යම් හේතුවකින් අපි සියථ ආකාරයෙන් පඤ්චකාම තණකොටු භොජනයෙන් වලකින්නෙමුනම්, භයසහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක. (කියායි) (මෙසේ) ඔවුහු සම්පූර්‍ණයෙන් පඤ්චකාමය නමැති තණකොටු භොජනයෙන් වෙන් වූවාහුය. භයසහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ඔවුහු එහි අමුකොළ බුදින්නෝ වූහ. බඩහමු (අමු) බුදින්නෝ වූහ. ඌරුහැල් අනුභව කරන්නෝ වූහ, සම් කසට බුදින්නෝවූහ, ගස් මැලියම් බුදින්නෝ වූහ, කුඩු බුදින්නෝ වූහ, දඹු බත් බුදින්නෝ වූහ, තණකොළ බුදින්නෝ වූහ, ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝ වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මුල් ඵල අනුභව කරන්නාහු ජීවත් වූහ. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයේ තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධිය පිරිහුනේය. සමාධිය පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද එම පඤ්චකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔවුහු එහි වැද සිහි මුළාව පංචකාම තණ කොටුවල ආහාර අනුභව කළහ. ඔවුහු එහි වැද සිහිමුළාව පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වූවාහය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

17. ,මේ මාරයා විසින් වවනලද පංචකාමය නමැති තණ කොටුවට නුදුරුව තැනක්කොට (එහි නොවැද) වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පංචකාම තණකොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු. එහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නමෝ මත්වීමට නොපැමිණෙන්නෙමු. මත්වීමට නොපැමිණෙන්නමෝ මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළහැකිබවට පැමිණෙන්නෙමු’ (කියායි.) ඔවුහු මාරයාගේ පඤ්චකාම තණ කොටුවට නුදුරුව සැඟවෙන තැනක් කොට (එහි නොවැද) වාසය කළාහුය. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පංචකාම තණකොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළා නොවී ආහාර අනුභව කළාහු මත්වීමට නොපැමිණියහ. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු මේ පඤ්චකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණියාහුය.

18. ,එසේද වුවත් මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. ලොකය සදාකාලිකය කියාද, ලොකය සදාකාලික නොවේය කියාද, ලොකය කෙළවර නැත්තේය කියාද, ලොකය කෙළවරක් ඇත්තේය කියාද, එයම ජීවිතය වෙයි, එයම ශරීරය වෙයි, කියාද, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියාද, සත්‍වයා මරණින් මතු ඇත්තේය කියාද සත්‍වයා මරණින් මතු නැත්තේය කියාද සත්‍වයා මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත සත්‍වයා මරණින් මතු නොම ඇත්තේය නොම ඇත්තේත් නොවන්නේය කියාද වෙති, මහණෙනි, මෙසේ ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝද මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

19. ,මහණෙනි, තුන්වෙනි මුව සමූහය යම්සේද මේ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයන් එබඳු යයි මම කියමි.

,මහණෙනි, එහි සතරවැනි මහණබමුණෝ මෙසේ සිතූහ. ‘පළමුවෙනි මහණබමුණෝ සිහිමුළාව මාරයා විසින් වවන ලද ඒ පඤ්චකාම නම්වූ ආහාර අනුභව කළාහූ මත්වීමට පැමිණියහුය. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.’

,යම් ඒ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයා විසින් වවන ලද පඤ්චකාම තණ කොටුවෙහි වැද සිහිමුළා වූවාහු පඤ්චකාමය අනුභව කළහ. ඔවුහු එහි සිහි මුළාව ආහාර අනුභව කළාහු මත්වූවාහුය. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

,යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පංචකාම තණකොටු භොජනයෙන් වලකින්නෙමු නම්, භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි.) (මෙසේ) ඔවුහු සම්පූර්‍ණයෙන් පංචකාම භොජනයෙන් වෙන් වූවාහ, භයසහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ඔවුහු එහි අමුකොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ. ඌරුහැල් බුදින්නෝද වූහ, සම් කසට බුදින්නෝද වූහ, ගස් මැලියම් බුදින්නෝද වූහ, කුඩු බුදින්නෝද වූහ, දඹු බත් බුදින්නෝද වූහ, තණකොළ බුදින්නෝද වූහ, ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝද වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මුල් ඵල අනුභව කරමින්ද ජීවත් වූහ. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගියකල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධිය පිරිහුනේය. සමාධිය පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද එම පංචකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔවුහු එහි වැද සිහි මුළා වූවාහූ ආහාර අනුභව කළහ. ඔවුහු එහි වැද සිහිමුළාව, ආහාර අනුභව කරන්නාහු මත්වූවාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

,අපි මේ මාරයා විසින් වවනලද පංචකාමය නමැති තණ කොටුවට නුදුරුව තැනක්කොට (එහි නොවැද) වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පංචකාම තණකොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු නම් එහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නමෝ මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත්වීමට නොපැමිණෙන්නමෝ ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු නම් ප්‍රමාදයට නොපැමිණෙන්නෙමෝ මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණෙන්නෙමු නම් ඉතා යෙහෙක, (කියායි.) ඔවුහු මාරයා විසින් වවන ලද පංචකාම තණ කොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළා නොවී ආහාර අනුභව කළාහු මත්වීමට නොපැමිණියහ. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණියාහුය.

,එසේද වුවත් ඔවුහු මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. ලොකය සදාකාලිකය කියාද, ලොකය සදාකාලික නොවේය කියාද, ලොකය කෙළවර ඇත්තේය කියාද, ලොකය කෙළවර නැත්තේය කියාද, එයම ජීවිතය වෙයි, එයම ශරීරය වෙයි, කියාද, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියාද, සත්‍වයා මරණින් මතු ඇත්තේය කියාද සත්‍වයා මරණින් මතු නැත්තේය කියාද සත්‍වයා මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත කියාද සත්‍වයා මරණින් මතු නොම ඇත්තේය නොම ඇත්තේත් නොවන්නේය කියාද වෙති, මහණෙනි, මෙසේ ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. මහණෙනි, ඒ තුන්වැනි මුව සමූහය යම්සේද මම මේ තුන්වැනි මහණ බමුණු සමූහයත් එබඳු යයි කියමි.

20. ,මහණෙනි, ඒ සතරවැනි මහණබ්‍රාහ්මණයෝ මෙසේ සිතූහ. ‘පළමුවෙනි මහණබමුණෝ මාරයා විසින් වවන ලද තණකොටුව නමැති පංචකාමය සිහිමුළා වූවාහූ අනුභව කළහ. ඔවුහූ සිහිමුළාව පස්කම් සැප අනුභව කළාහූ මත්වීමට පැමිණියහ. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු පංචකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහ. මෙසේ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. එහි දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ සිතූහ. යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයා විසින් වවන ලද ඒ පංචකාම තණ කොටුවට ඇතුල්ව සිහිමුළා වූවාහු ආහාර අනුභව කළහ. ඔවුහු එහි සිහි මුළාව පංචකාමය නමැති ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

,යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පඤ්චකාමය නම්වූ තණකොටු භොජනයෙන් වළකින්නෙමු නම් භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි.) ඔවුහු සම්පූර්‍ණයෙන් පංචකාම භොජනයෙන් වෙන් වූවාහුය භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය.

,ඔවුහූ එහි අමුකොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ. ඌරුහැල් බුදින්නෝද වූහ, කුඩු බුදින්නෝද වූහ, දඹු බත් බුදින්නෝද වූහ, තණකොළ බුදින්නෝද වූහ, ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝද වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මුල් ඵල අනුභව කරමින්ද ජීවත් වූහ. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගියකල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධියෙන් පිරිහුනාහ. සමාධියෙන් පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද ඒ පංචකාම තණ කොටුවට නැවත පැමිණ එහි වැද සිහි මුළා වූවාහූ පංචකාම නමැති ආහාර අනුභව කළහ. ඔවුහු එහි වැද සිහිමුළාව, පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වූවාහය. මත්වීමට පැමිණියාහුය. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

21. , යම් ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතූහ. ‘පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වවන ලද ඒ පංචකාමය නමැති තණකොටුවට වැද සිහි මුළාවූවාහූ පංචකාම නම්වූ ආහාර අනුභව කළාහූ මත්වීමට පැමිණියහ. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහ. මෙසේ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

, යම් ඒ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයා විසින් වවන ලද පංචකාමය නමැති තණ කොටුවට වැද සිහිමුළා වූවාහු පංචකාමය නමැති භොජනය අනුභව කළහ. ඔවුහු එහි සිහි මුළාව ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහූ මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

, යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පංචකාම තණකොටු භොජනයෙන් වලකින්නෙමු නම් භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි.) (මෙසේ) ඔවුහු සම්පූර්‍ණයෙන් පංචකාමය නමැති තණකොටු භොජනයෙන් වෙන් වූවාහුය, භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය, ඔවුහු එහි අමුකොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ. ඌරුහැල් බුදින්නෝද වූහ, සම් කසට බුදින්නෝද වූහ, ගස් මැලියම් බුදින්නෝද වූහ, කුඩු බුදින්නෝද වූහ, දඹුබත් බුදින්නෝද වූහ, තණකොළ බුදින්නෝද වූහ, ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝද වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මුල් ඵල අනුභව කරමින්ද ජීවත් වූහ. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගියකල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ

ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධිය පිරිහුනේය. සමාධිය පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද එම පංචකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔවුහු එහි වැද සිහි මුළා වූවාහූ පංචකාම තණ කොටු ආහාරය අනුභව කළහ. ඔවුහු එහි වැද සිහිමුළාව, පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වූවාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

22. , මේ මාරයා විසින් වවනලද පංචකාමය නමැති තණ කොටුවට නුදුරු සැඟවෙන තැනක්කොට (එහි නොවැද) වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පංචකාම තණකොටුවෙහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු. එහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නමෝ මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත්වීමට නොපැමිණෙන්නෙමු. ප්‍රමාදයට නොපැමිණෙන්නෙමෝ නම් පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණෙන්නෙමු’ (කියායි.) ඔවුහූ මාරයාගේ පංචකාම තණකොටුවට නුදුරු සැඟවෙන තැනක් කොට (එහි නොවැද) වාසය කළාහුය. එහි වාසය කරමින් මාරයා විසින් වවන ලද පංචකාම තණ කොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කළාහු මත්වීමට නොපැමිණියහ. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණියාහුය.

‘ එසේද වුවත් මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. ලොකය සදාකාලිකය කියාද, ලොකය සදාකාලික නොවේය කියාද, ලොකය කෙළවර නැත්තේය කියාද ලොකය කෙළවරක් ඇත්තේය කියාද, එයම ජීවිතය වෙයි, එයම ශරීරය වෙයි, කියාද, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියාද, සත්‍වයා මරණින් මතු ඇත්තේය කියාද සත්‍වයා මරණින් මතු නැත්තේය කියාද සත්‍වයා මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත කියාද, සත්‍වයා මරණින් මතු නොම ඇත්තේය නොම ඇත්තේත් නොවන්නේය කියාද වෙති, මහණෙනි, මෙසේ ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

‘ මාරයාත් මාර පිරිසත් යම් තැනකට නොයන්නේද අපි එහි වාසයකරමින් මාරයා විසින් වවනලද පංචකාම තණ කොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නෙමු නම්, එහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නමෝ නම් මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත් නොවන්නමෝ ප්‍රමාදයට නොපැමිනෙන්නෙමු නම් ප්‍රමාද නොවන්නමෝ මාරයාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණෙන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ (කියායි) , යම් තැනකට මාරයාද මාර පිරිසද නොපැමිනෙද්ද ඔවුහූ එහි වාසයට ගියාහුය. එහි වාසය කරමින් මාරයාගේ පංචකාම තණකොටුවට නොවැද සිහි මුලා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහූ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණියහ. මහණෙනි, මෙසේ ඒ සතර වැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මරයාගේ උපක්‍රම බලයෙන් මිදුනාහුය. මහණෙනි සතරවෙනි මුව සමූහය යම්සේද, මේ සතරවෙනි ශ්‍රමණ බ්‍රාහ්මන සමූහයද එබඳු යයි මම කියමි.

23. ,මහණෙනි, මාරයාගේත් මාර පිරිසගේත් නොපැමිණීම නම් කෙසේද ? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්‍ක සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ ඇස අන්ධ කළේයයි ද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

,මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති විතර්‍ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

,මහණෙනි, නැවත අනිකක්ද කියමි.මහණ තෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කරයිද, සිහයෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආය්‍ර්‍යයෝ යම් ඒ තෘතීය ධ්‍යානයක් උපෙක්‍ෂා ඇති සිහි ඇති සැප විහරණ ඇත්තේයයි කියද්ද ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්‍ධකෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද, කියනුලැබේ.

, මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සැපය දූරු කිරීමෙන්ද, (ධ්‍යානය ලැබීමට) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් නිදූක්වූ නොසැපවූ උපෙක්‍ෂා සිහියෙන් පිරිසිදූ බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද මාරයාගේ ඇස පිහිටක් නැතිසේ නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

24. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැති කිරීමෙන් (නොයෙක්) සංඥාවන් සිහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාශානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද මාරයාගේ ඇස පිහිටක් නැතිසේ නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

, මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා විඤ්ඤානය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

, මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

, මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

, මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා ඤඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියට පැමිණ වාසය කරයිද මාර්‍ග ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රවයෝ (කෙලෙස්) නැතිකරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද ලොකයෙහි ඇලෙන්නාවූ තෘෂ්ණාවෙන් එතරවූයේ යයිද කියනු ලැබේ. ,

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය.

පස්වෙනිවූ නිවාප සූත්‍රය නිමි.

උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )