ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/චූල සකුළුදායී සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ වැසූහ.
එකල්හි වනාහි සකුළුදායී නම් පරිව්‍රාජක තෙම මෝර නිවාප නම්වූ පරිබ්‍රාජකාරාමයෙහි මහත්වූ පරිබ්‍රාජක පිරිස සමග වාසය කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පෙරෙවා පා සිව්රු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පැමිණියෝය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් විය. තවම රජගහනුවරට පිඬු පිණිස පැමිණෙන්ට ඉතා උදෑසනවේ. ´මම මෝර නිවාප නම් පරිබ්‍රාජකාරාමය යම් තැනකද, සකුළුදායී නම් පරිව්‍රාජක තෙම යම් තැනකද, එහි එළඹෙන්නෙම් නම් යෙහෙක´ කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෝර නිවාප නම් පරිබ්‍රාජකාරාමය යම් තැනකද, එතැනට පැමිණියෝය. එකල්හි වනාහි සකුළුදායී නම් පරිබ්‍රාජක තෙම උස් හඬින් හා මහත්වූ හඬින් ඊර්ෂා කරමින් නොයෙක් තිරිසන් කථා කියන්නාවූ පරිබ්‍රාජක පිරිස සමග හුන්නේ වෙයි. එනම්, රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහ ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ ගැන කථාය, ආහාර ගැන කථාය, බීම ගැන කථාය, වස්ත්‍ර ගැන කථාය, සයන ගැන කථාය, මාලා ගැන කථාය, ගන්‍ධ ගැන කථාය, නෑයන් ගැන කථාය, යානා ගැන කථාය, ගම් ගැන කථාය, මහගම් ගැන කථාය, නගර ගැන කථාය, ජනපද ගැන කථාය, ස්ත්‍රීන් ගැන කථාය, සූරයන් ගැන කථාය, වීථි ගැන කථාය, දිය ගන්නා තැන් ගැන කථාය, මළවුන් ගැන කථාය, නොයෙක් නොයෙක් කථාය, ලොකය ගැන කථාය, සමුද්‍රය ගැන කථාය, පිරිහීම නොපිරිහීම ගැන කථාය යන මේයි. සකුළුදායී පරිව්‍රාජක තෙම දුරදීම එන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක තම පිරිස තැන්පත් කෙළේය. ´පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා, පින්වත්නි, ශබ්ද නොකරව්. මේ ශ්‍රමණ ගෞතම තෙමේ එන්නේය. ඒ ආයුෂ්මත් තෙම වනාහි නිශ්ශබ්ද වීම කැමැත්තේ නිශ්ශබ්ද වූ වහුගේ ගුණ කියන්නේ වේ. නිශ්ශබ්දවූ පිරිසක් බව දැන මෙහි පැමිණිය යුතුයයි හැඟෙන්නේනම් ඉතා යෙහෙකැයි,´ (පිරිස සන්සුන් කෙළේය.) ඉක්බිති ඒ පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සකුළුදායී පරිව්‍රාජක තෙම යම් තැනකද එතැනට පැමිණියෝය. එකල්හි සකුළුදායී පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට ´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වඩින සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීම යහපත්ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකින් මේ ආකාරය කළසේක. එනම් මෙහි වැඩම වීමෙනි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නා සේක්වා, මේ ආසනය පණවන ලදැ´ යි කීය. භාග්‍යවතුන් වහන්සේ පණවනලද ආසනයෙහි වැඩ හුන් සේක. සකුළුදායී පරිබ්‍රාජක තෙමේද එක්තරා මිටි අස්නක් ගෙණ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාම වූ සකුළුදායී පරිව්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීහ.
2. ´´උදායීය, දැන් කවර කථාවකින් යුක්තව හුන්නාහුද, තොපගේ කිනම් කථාවක් අඩාල වූවාද,´´ යනුයි. ස්වාමීනි, අපි දැන් යම් කථාවකින් යුක්තව හුන්නමුද, ඒ කථාව තිබේවා. ස්වාමීනි, මේ කථාව භාග්‍යවතුන් වහන්සේට පසුවද ඇසීමට දුර්ලභ නොවන්නීය. ස්වාමීනි, මම යම් කලෙක මේ පිරිසට නොපැමිණියෙම්ද, එකල්හි මේ පිරිස නොයෙක් ආකාර තිරිසන් කථා කියමින් හුන්නීය. ස්වාමීනි, යම් කලෙකින් මම මේ පිරිසට පැමිණියෙම්ද, එකල්හි මේ පිරිස මාගේ මුහුණම බලමින්, ´උදායීය, ශ්‍රමණ තෙම අපට යමක් කියන්නේද, අපි එය අසන්නෙමු´ යි හුන්නීවෙයි. ස්වාමීනි, යම් කලක භාග්‍යවතුන් වහන්සේ මේ පිරිසට පැමිණියේ වේද, එකල්හි මමද මේ පිරිසද භාග්‍යවතුන් වහන්සේගේම මුහුණ බලමින් භාග්‍යවතුන් වහන්සේ අපට යම් ධර්‍මයක් දේශනා කරන්නේද, අපි එය අසන්නෙමුයි හුන්නෝ වෙමු´´ යි කීය.
3. ´´උදායීය, එසේ වී නම් යම් සේ වට ධර්‍ම දේශනාවට කරුණුකර ගැනීම සඳහා තොපිම එක් කාරණයක් ප්‍රකාශ කරව්.´´ ´´ස්වාමීනි, ඊයේ පෙරේදා පළමුදා දවස්වල සර්‍වඥය, සියල්ල දක්නේය, යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම එළඹ සිටියේයයි, නිරවශේෂ (ඉතිරි නැති) නුවණින් දැකීම ප්‍රකාශ කරන්නෙක් වීද, මා විසින් අතීතය අරබයා ප්‍රශ්නයක් අසන ලද්දාවූ හෙතෙම අනිකකින් අනිකක් වසා කීයේය. කථාව පිටතට හැරවීය. කෝපයද, ෙවෂයද, නොසතුටු බවද පහළ කෙළේය. ස්වාමීනි, මට ඒ භාග්‍යවතුන් වහන්සේම අරබයා ප්‍රීතිය පහළ වූයේය. යමෙක් මේ ධර්‍මයෙහි දක්‍ෂවූයේද, ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතා යහපත ඒ සුගතයන් වහන්සේ ඉතා යහපතැයි, උදායීය, මේ කවරෙක් වනාහි සර්‍වඥය, සියල්ල දක්නේය, යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම එළඹ සිටියේයයි, නිරවශේෂ ඥාන දර්‍ශනයක් ප්‍රකාශ කරන්නේ වීද, තොප විසින් අතීතය අරබයා ප්‍රශ්නයක් විචාරන ලද්දේම අනිකකින් අනිකක් වසා කීයේ. කථාව බැහැර කෙළේ, කෝපයද, ෙවෂයද, නොසතුටද පහළ කෙළේ කවරෙක්ද?.´´ ´´ස්වාමීනි, නිගණ්ඨ නාත පුත්‍ර තෙමේය´´. ´´උදායීය, යමෙක් වනාහි අනෙකප්‍රකාරවූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන්නේද, එනම්, ජාති එකක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් සංවර්‍ත කල්පයන්ද, නොයෙක් විවර්‍ත කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසවල් තැන වීම්, මෙනම් ඇත්තෙක්, මේ ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්‍ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙමි, අසවල් තැන ඉපදුනෙමි. එහිද මෙනම් ඇත්තෙම්. මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්‍ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නේ වෙම´ි යි, මෙසේ ආකාර සහිතවූ උදෙසීම් සහිතවූ අනෙකප්‍රකාරවූ පෙර විසූ භව පිළිවෙළ සිහි කරන්නේද, හෙතෙම මාගෙන් අතීතය අරභයා ප්‍රශ්න අසන්නේ නම් මම පූර්‍ව කෙළවර අරබයා ඔහුගෙන්ද ප්‍රශ්න අසන්නෙමි. හෙතෙම පූර්‍ව කෙළවර අරබයා ප්‍රශ්න විසඳීමෙන් මාගේ සිත සතුටු කරන්නේ නම් මමද පූර්‍ව කෙළවර අරබයා ප්‍රශ්න විසඳීමෙන් ඔහුගේ සිත සතුටු කරන්නේනම් උදායීය, යමෙක් වනාහි පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද, සත්‍වයන් දකින්නේද මේ පින්වත් සත්‍වයෝ ඒකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආය්‍ර්‍යයන් දොස් කියන්නෝ වූහ. මිත්‍යා දෘෂ්ටිකයෝ වූහ. මිත්‍යා දෘෂ්ටි කර්‍ම සමාදන්වූවෝ වූහ. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන්නාවූ, නරකයෙහි උපන්නාහුය. හෙවත් මේ පින්වත් සත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ. වාග් සුචරිතයෙන් යුක්ත වූහ. මනො සුචරිතයෙන් යුක්ත වූහ. ආය්‍ර්‍යයන්ට දොස් නොකියන්නාහු. සම්‍යක් දෘෂ්ටි ඇත්තෝ වූහ. සම්‍යක් දෘෂ්ටි කර්‍ම සමාදන්වූවෝ වූහ. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාවූ සත්‍වයන් දකින්නේද, පහත්වූද, උසස්වූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද, චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ සත්‍වයන් දැන ගන්නේද, හෙතෙම අනාගතය අරභයා මගෙන් ප්‍රශ්න අසන්නේනම් මමද අනාගතය අරභයා ඔහුගෙන් ප්‍රශ්න අසන්නෙමි. හෙතෙම අනාගතය අරබයා ප්‍රශ්න විසඳීමෙන් මගේ සිත සතුටු කරන්නේ නම්, මමද අනාගතය අරබයා ප්‍රශ්න විසඳීමෙන් ඔහුගේ සිත සතුටු කරන්නෙමි. උදායීය, එතකුදු වුවත් අතීතය තිබේවා, අනාගතය තිබේවා, මෙය ඇති කල්හි මෙය වෙයි. මොහුගේ ඉපදීමෙන් මෙය උපදියි. මෙය නැති කල්හි මෙය නොවෙයි. මොහුගේ නිරුද්ධවීමෙන් මෙය මෙය නිරුද්ධවේයයි, ධර්‍මය තොපට දේශනා කරන්නෙමි.´´ ´´ස්වාමීනි, මම ජීවිතයෙන් යම්තාක් කල් ගත කෙළෙම්ද, එයද මෙසේ ආකාර සහිතව දැක්වීම් සහිතව සිහි කරන්ට නොපොහොසත් වෙමි. මම කෙසේ නම් නොයෙක් ආකාරවූ පෙර විසූ භව පිළිවෙළ සිහි කරන්නෙම්ද, එනම්, ජාති එකක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් සංවර්‍ත කල්පයන්ද, නොයෙක් විවර්‍ත කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසවල් තැන වීම්, මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්‍ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙමි, අසවල් තැන ඉපදුනෙමි. එහිද මෙනම් ඇත්තෙම්. මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්‍ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නේ වෙම´ි යි, මෙසේ ආකාර සහිතවූ උදෙසීම් සහිතවූ අනෙකප්‍රකාරවූ පෙර විසූ භව පිළිවෙළ භාග්‍යවතුන් වහන්සේ මෙන් කෙසේ නම් සිහිකරන්නෙම්ද, ස්වාමීනි, මම වනාහි දැන් පංගු පිසාචයෙකුවත් නොදන්නෙමි. මම කෙසේ නම් පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද, හීනවූ, ප්‍රණීතවූ, යහපත් වර්‍ණ ඇත්තාවූ, අයහපත් වර්‍ණ ඇත්තාවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද,සත්‍වයන් දක්නෙම්ද? මේ පින්වත් සත්‍වයෝ ඒකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආය්‍ර්‍යයන් දොස් කියන්නෝ වූහ. මිත්‍යා දෘෂ්ටිකයෝ වූහ. මිත්‍යා දෘෂ්ටි කර්‍ම සමාදන්වූවෝ වූහ. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන්නාවූ, නරකයෙහි උපන්නාහුය. හෙවත් මේ පින්වත් සත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ. වාග් සුචරිතයෙන් යුක්ත වූහ. මනො සුචරිතයෙන් යුක්ත වූහ. ආය්‍ර්‍යයන්ට දොස් නොකියන්නාහු. සම්‍යක් දෘෂ්ටි ඇත්තෝ වූහ. සම්‍යක් දෘෂ්ටි කර්‍ම සමාදන්වූවෝ වූහ. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාවූ සත්‍වයන් දකින්නේද, පහත්වූද, උසස්වූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, හොඳ ලොවට ගියා වූද, නරක ලොවට ගියාවූද, චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ සත්‍වයන් භාග්‍යවතුන් වහන්සේ මෙන් දැන ගන්නෙම්ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට, ´උදායීය, එතකුදු වුවත් අතීතය තිබේවා, අනාගතය තිබේවා, මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදියි. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නැතිවීමෙන් මෙය නැතිවේයයි තොපට ධර්‍මය දේශනා කරන්නෙමි´ යි යන යම් වචනයක් වදාළේද, එය මට වැඩියක් නොවැටහෙන්නේය. ස්වාමීනි, මම ස්වකීය ආචාය්‍ර්‍යවරයන්ගේ ඉගැන්වීම වන ප්‍රශ්න විසඳීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිත සතුටු කරන්නෙම් නම් ඉතා යෙහෙක.
4. ´´උදායීය, කුමක් නම් තොපගේ ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීම වේද? ස්වාමීනි, අපගේ ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීම මෙසේ වන්නේය. මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය, මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය. යනුයි. උදායීය, තොපගේ ස්වකීය ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීම මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය, මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය. යනු නම් ඒ උතුම් වර්ණ නම් කුමක්ද? ස්වාමීනි. යම් වර්ණයකට වඩා වැඩිවූද, උසස්වූද අන් වර්ණයක් නැත්නම් එය උතුම් වර්ණයයි. උදායීය, යම් වර්ණයකට වඩා උසස්වූද වැඩිවූද යම් වර්ණයක් නැත් ඒ උතුම් වර්ණය නම් කුමක්ද? ස්වාමීනි, යම් වර්ණයකට වඩා උසස්වූද වැඩිවූද යම් වර්ණයක් නැත්නම් එය උතුම් වර්ණයයි. උදායීය, තොපගේ මේ වචනය දිගින් දිගට යන්නේය. ස්වාමීනි, යම් වර්ණයකට වඩා වැඩිවූද උසස්වූද අන් වර්ණයක් නැත්නම් එය උතුම් වර්ණයයි කියන්නෙහිය. ඒ වර්ණයද නොකියන්නෙහිය. උදායීය, යම්සේ පුරුෂයෙක් මෙසේ කියන්නේද? මම මේ ජනපදයෙහි යම් ජනපද කල්‍යාණිය (ඉතා රූපත් ස්ත්‍රිය) කැමතිවෙමි, පතමියි කියන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. පින්වත් පුරුෂය, නුඹ ජනපද කල්‍යාණිය කැමැත්තෙහිය, පතන්නෙහිය. නුඹ, ජනපද කල්‍යාණිය ක්‍ෂත්‍රියාවක්දැයි හෝ බ්‍රාහ්මණියක්දැයි හෝ වෛශ්‍යවංශ ඇත්තියක්දැයි හෝ ශුද්‍රවංශ ඇත්තියක්දැයි හෝ මෙසේ දන්නෙයිදැ´ යි අසන ලද්දේ නැතැයි කියන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. ´පින්වත් පුරුෂය, නුඹ යම් ජනපද කල්‍යාණියක් කැමැත්තෙහිද, පතන්නෙහිද. නුඹ, ඒ ජනපද කල්‍යාණිය මෙනම් ඇත්තීයයි හෝ මෙනම් ගෝත්‍ර ඇත්තීයයි හෝ දන්නෙහිදැයි මෙසේ අසන ලද්දේ නැතැයි කියන්නේය. උස් තැනැත්තියක් හෝ මිටි තැනැත්තියක් හෝ මධ්‍යම තැනැත්තියක් හෝ වේයයි දන්නෙහිදැයි මෙසේ අසන ලද්දේ නැතැයි කියන්නේය. කලු තැනැත්තියක් හෝ හෙලලු වන් තැනැත්තියක් හෝ දුඹුරු පාට තැනැත්තියක් හෝ වේයයි දන්නෙහිදැයි මෙසේ අසන ලද්දේ නැතැයි කියන්නේය. අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ නගරයෙහි හෝ වේදැයි මෙසේ අසන ලද්දේ නැතැයි කියන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. ´පින්වත් පුරුෂය, නුඹ යම් ස්ත්‍රියක් නොදන්නෙහිද, නොදක්නෙහිද, නුඹ ඇය කැමැතිවන්නෙහිද පතන්නෙහිදැයි මෙසේ අසන ලද්දේ ´එසේයයි කියන්නේය. උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද, මෙසේ ඇතිකල්හි ඒ පුරුෂයාගේ කීම නිරත්‍ර්‍ථකවූ කීමක් බවට නොපැමිණෙන්නේද?´´ ´´ස්වාමීනි, ඒකාන්තයෙන්ම එසේ ඇතිකල්හි, ඒ පුරුෂයාගේ කීම නිරත්‍ර්‍ථකවූ කීමක් බවට පැමිණෙන්නේය, වන්නේය. උදායීය, එපරිද්දෙන්ම යම් වර්ණයකට වඩා වැඩිවූද උසස්වූද අන් වර්ණයක් නැත්නම් ඒ වර්ණය උතුම් වර්ණය වේයයි, කියන්නෙහිය. ඒ වර්ණයද නොකියන්නෙහිය.
5. ´´ස්වාමීනි, යම්සේ යහපත්වූ, ජාති සම්පන්නවූ, අටැස්වූ, මනාව ඔප දමන ලද්දාවූ, වෛඩූය්‍ර්‍ය මාණික්‍යය කම්බිලියෙක්හි බහා තබන ලද්දේ බබලයිද, දිලිසෙයිද, මරණින් මත්තෙහි උවදුරක් නැතිව පවත්නා ආත්මය මේ වර්ණය ඇත්තේය. ´´උදායීය, ඒ කුමකැයි හඟින්නේහිද? යහපත්වූ, ජාතිමත්වූ, අටැස් ඇත්තාවූ, මනාව ඔප දමන ලද්දාවූ, වෛඩූය්‍ර්‍ය මාණික්‍යය පඬුවන් කම්බිලියෙක්හි බහා තබන ලද්දේ බබලයිද, දිලිසෙයිද, මහත්වූ අන්‍ධකාර ඇති රාත්‍රියෙක්හි යම් කදෝපැනි නම් පණුවෙක් (කණාමැදිරියෙක්) වේද, මේ වර්ණයන් දෙදෙනාගෙන් කවර වර්ණයක් තෙම ඉතා වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වේද?´´
6. ´´ස්වාමීනි, මහත් අන්‍ධකාර ඇති රාත්‍රියෙහි යම් මේ කදෝපැනි නම් පණුවෙක් වේද, මෙතෙම මේ වර්ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වෙයි´´. ´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? මහත් අන්‍ධකාර ඇති රාත්‍රියෙහි යම් කදෝපැනි නම් පණුවෙක් හෝ වේද, මහත් අන්‍ධකාර ඇති රාත්‍රියෙක්හි යම් තෙල් පහණක් හෝ වේද, මේ වර්ණ දෙක අතුරෙන් කවර වර්ණයක් තෙම වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වේද?´´
´´ස්වාමීනි, මහත් අඳුරු ඇති රාත්‍රියෙහි යම් මේ තෙල් පහණක් වේද, මෙය මේ වර්ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වෙයි.´´ ´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? මහත් අඳුරු ඇති රාත්‍රියෙහි යම් තෙල් පහණක් හෝ වේද, මහත් අඳුරු ඇති රාත්‍රියෙහි යම් මහ ගිනිකඳක් හෝ වේද, මේ වර්ණ දෙක අතුරෙන් කවර වර්ණයක් වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වේද?´´ ´´ස්වාමීනි, මහත් අඳුරු ඇති රාත්‍රියෙහි යම් මේ මහත් ගිනිකඳක් වේද, මේ වර්ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වෙයි.´´
7. ´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? මහත් අඳුරු ඇති රාත්‍රියෙහි යම් මහත් ගිනිකඳක් හෝ වේද, රාත්‍රි අළුයම් කාලයෙහි පහව ගියාවූ වැස්ස ඇති දුරුවූ වළාකුල් ඇති අහසෙහි යම් ඔසධි (පහන්) තාරකාවක් හෝ වේද, මේ වර්ණ දෙක අතුරෙන් කවර නම් වර්ණයක් වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වේද?´´ ´´ස්වාමීනි, රාත්‍රි බලවත් වැස්ස ඇති අළුයම් කාලයෙහි දුරුවූ පහවූ වළාකුල් ඇති අහසෙහි යම් ඔසධි (පහන්) තාරකාවක් වේද, මෙය මේ උභය වර්‍ණයන්ගෙන් වඩා යහපත් වන්නේත් වඩා උසස් වන්නේත් වෙයි.´ ´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද, රාත්‍රි අළුයම් කාලයෙහි දුරුවූ වැස්ස ඇති පහවූ වළාකුල් ඇති අහසෙහි යම් පහන් තරුවක් හෝ එදවස්හි පොහොය ඇති පසළොස්වක්හි දුරුවූ පහවූ වළාකුල් ඇති අහසෙහි සම්පූර්‍ණ අඩ රෑ වැස්ස ඇති කාලයෙහි යම් පුන්සඳක් වේද, මේ වර්ණ දෙක අතුරෙන් කවර වර්ණයක් වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වේද?´´
8. ´´ස්වාමීනි, යම් මේ එදවස්හි පොහොය ඇති පසළොස්වක්හි දුරුවූ ගියාවූ වැස්ස ඇති, පහවූ වළාකුල් ඇති අහසෙහි සම්පූර්‍ණ අඩ රෑ කාලයෙහි පුන්සඳ වේද, මෙය මේ වර්ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වෙයි.´´ ´´ උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද, එදවස්හි පොහොය ඇති පසළොස්වක්හි දුරුවූ ගියාවූ වැස්ස ඇති, පහවූ වළාකුල් ඇති, අහසෙහි සම්පූර්‍ණ අඩ රෑ කාලයෙහි යම් පුන්සඳක් හෝ වේද, වැසි කාලයේ අන්තිම මාසය වන සරත් කාලයෙහි දුරුව ගියාවූ වැස්ස ඇති, පහවූ වළාකුල් ඇති අහසෙහි සම්පූර්‍ණ ඉරමුදුන් කාලයෙහි යම් සූය්‍ර්‍යයෙත් හෝ වේද, මේ වර්ණ දෙක අතුරෙන් කවර වර්ණයක් වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වේද?´´
´´ස්වාමීනි, යම් මේ වැසි කාලයේ අන්තිම මාසය වන සරත් කාලයෙහි දුරුව ගියාවූ වැස්ස ඇති, පහවූ වළාකුල් ඇති අහසෙහි සම්පූර්‍ණ ඉරමුදුන් කාලයෙහි සූය්‍ර්‍යයා වේද, එය මේ වර්ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වෙයි.´´
9. ´´උදායීය, මේ සඳ හිරු දෙදෙනාගෙන් ආලෝකය නොලබා තම ශරීරයෙන්ම මීටද වඩා ආලෝකමත්වූ දෙවියෝ බොහෝ වෙත්. ඉතා බොහෝ වෙත්. මම ඔවුන්ද දනිමි. එහෙත් යම් වර්ණයකට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් වර්ණයක් නැත්තේ යයි මම නොකියමි. එතකුදු වුවත් උදායීය, නුඹ මේ කණමැදිරි පණුවෙකුගේ වර්ණයටත් වඩා පහත්වූද, පිළිකුල්වූද, වර්ණයක් උතුම් වර්ණයයි කීයෙහිය. ඒ වර්ණයද පනවන්නෙහිය.´´
´´භාග්‍යවතුන් වහන්සේ කථාව කපා හැරියේය. සුගතයන් වහන්සේ කථාව කපා හැරියේය.´´
10. ´´උදායීය, කුමක් හෙයින් නුඹ ´භාග්‍යවතුන් වහන්සේ කථාව කපා හැරියේය. සුගතයන් වහන්සේ කථාව කපා හැරියේය.´ යි මෙසේ කීයෙහිද?´´
´´ස්වාමීනි, අපගේ ස්වකීය ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීමෙහි මෙසේ ඇත්තේය. මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය. මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය. යනුයි. ස්වාමීනි, ස්වකීය ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීම පිළිබඳව පැහැදිලි කරනු ලබන්නාවූ, කරුණු දක්වනු ලබන්නාවූ, කරුණු කියනු ලබන්නාවූ, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් හිස්කරන ලද්දෝ වැරැද්දට පමුණුවන ලද්දෝ වෙමු.´´
´´උදායීය, කිමෙක්ද, ඒකාන්තයෙන් සැප ඇත්තාවූ ලෝකයක් ඇත්තේද? ඒකාන්ත සැප ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස කරුණු සහිත මාර්‍ගයක් ඇත්තේද?´´ ´´ස්වාමීනි, අපගේ ස්වකීය ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීමෙහි ඒකාන්තයෙන් සැප ඇත්තාවූ ලෝකයක් ඇත්තේය. ඒකාන්ත සැප ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස කරුණු සහිතවූ මාර්‍ගයක් ඇත්තේය යන ඉගැන්වීම වෙයි.´´
11. ´´උදායීය, ඒකාන්ත සැප ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස (පවත්නාවූ) ඒ කරුණු සහිත මාර්‍ගය කුමක්ද?´´ ´´ස්වාමීනි, මේ ලෝකයෙහි ඇතැමෙක් ප්‍රාණාතය හැර ප්‍රාණාතයෙන් වැලකුනේ වෙයි. සොරකම් කිරීම හැර සොරකමින් වැලකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීම හැර කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකුනේ වෙයි. බොරු කීම හැර බොරු කීමෙන් වැලකුනේ වෙයි. එක්තරා තපස් ගුණයක් හෝ සමාදන්ව පවතියි. ස්වාමීනි, මේ වනාහි ඒකාන්ත සැප ඇත්තාවූ ලොකයට පැමිණීම පිණිස පවත්නා ඒ කරුණු සහිතවූ මාර්‍ගයවේ.´´
12. ´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කලෙක්හි ප්‍රාණාතය හැර ප්‍රාණාතයෙන් වැලකුනේ වේද, එකල්හි ඒකාන්ත සුව ඇත්තාවූ ආත්මය හෝ වේද, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය හෝ වේද?´´ ´´ස්වාමීනි, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය ඇත්තේ වෙයි.´´
´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කලෙක්හි සොරකම හැර සොරකමින් වැලකුනේ වේද, එකල්හි ඒකාන්ත සුව ඇත්තාවූ ආත්මය හෝ වේද, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය හෝ වේද?´´ ´´ස්වාමීනි, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය වේ.´´
´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කලෙක්හි කාම මිත්‍යාචාරය හැර කාම මිත්‍යාචාරයෙන් වැලකුනේ වේද, එකල්හි ඒකාන්ත සුව ඇත්තාවූ ආත්මය හෝ වේද, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය හෝ වේද?´´ ´´ස්වාමීනි, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය වේ.´´
´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කලෙක්හි මුසාවාදය හැර මුසාවාදයෙන් වැලකුනේ වේද, එකල්හි ඒකාන්ත සුව ඇත්තාවූ ආත්මය හෝ වේද, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය හෝ වේද?´´ ´´ස්වාමීනි, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය වේ.´´
13. ´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කලෙක්හි එක්තරා තපස් ගුණයක් සමාදන්ව පවතීද, එකල්හි ඒකාන්ත සුව ඇත්තාවූ ආත්මය හෝ වේද, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය හෝ වේද?´´ ´´ස්වාමීනි, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය වේ.´´
´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? කිම, සැපදුක් දෙකින් මිශ්‍ර වූයේ සුවදුක් දෙකම ඇති ප්‍රතිපදාවකට පැමිණ ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීමෙක් වේද?´´ ´´භාග්‍යවතුන් වහන්සේ කථාව සින්දේය. සුගතයන් වහන්සේ කථාව සිංදේය.´´ ´´උදායීය, නුඹ කුමකට වනාහි භාග්‍යවතුන් වහන්සේ කථාව සින්දේය. සුගතයන් වහන්සේ කථාව සින්දේයයි මෙසේ කීයෙහිද?´´ ´´ස්වාමීනි, අපගේ ස්වකීය ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීමෙහි ´ඒකාන්ත සැප ඇති ලෝකයක් ඇත්තේය. ඒකාන්ත සැප ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස කරුණු සහිතවූ මාර්‍ගයක් ඇත්තේය´ යන මේ ඉගැන්වීම වෙයි. ස්වාමීනි, ස්වකීය ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීම මනාව ගෙනහැර දක්වනු ලබන්නාවූ මනාව ගන්වනු ලබන්නාවූ මනාව කියනු ලබන්නාවු ඒ අපි භාග්‍යවතුන් වහන්සේ විසින් හිස්කරන ලද්දෝ වරදට පමුණුවන ලද්දෝ වෙමු.´´
14.´´ස්වාමීනි, කිම, ඒකාන්ත සුවයක් ඇත්තාවූ ලෝකයක් ඇත්තේද, ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස කරුණු සහිතවූ මාර්‍ගයක් ඇත්තේද?´´ ´´උදායීය, ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයක් ඇත්තේය. ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස කරුණු සහිතවූ මාර්‍ගයෙක් ඇත්තේය.´´ ´´ස්වාමීනි, ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස පවත්නා ඒ කරුණු සහිතවූ ඒ මාර්‍ගය කවරේද?´´
´´උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම විචාරත්. ඔවුන්ට මම දුක්ඛ සමුදය සත්‍යය විචාරණ ලද්දේ ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. ඔවුහු දුක්ඛ නිරෝධ සත්‍යය මා විචාරත්. ඔවුන්ට මම දුක්ඛ නිරෝධ සත්‍යය විචාරණ ලද්දේ ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. (භික්‍ෂුතෙම) ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් කෙලෙස් තවන චීය්‍ර්‍යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, ලෝකයෙහි විසම ලෝභය හා සිතේ නොසතුට දුරුකොට වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ මනා දැනුම් ඇත්තේ ලෝකයෙහි විසම ලෝභය හා සිතේ නොසතුට දුරුකොට සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, වීතීය ධ්‍යානයට ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුක්තවූ ඎධිපාදය වඩයි. චිත්ත සමාධි ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුක්තවූ ඎධිපාදය වඩයි. තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. උදායීය, මේ වනාහි ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස පවත්නා ඒ කරුණු සහිතවූ මාර්‍ගයයි.´´ ´´ස්වාමීනි, ඒ වනාහි ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස පවත්නා මාර්‍ගය නොවෙයි. ස්වාමීනි, මෙතෙකින් ඔහු විසින් ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණෙන ලද්දේ වෙයි.´´ ´´උදායීය, මෙතෙකින් ඔහු ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට නොපැමිණියේ වෙයි. මෙය ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස ඇති කරුණු සහිතවූ මාර්‍ගය වන්නේය.´´
15. මෙසේ වදාළ කල්හි ´´අපි මෙහි ආචාය්‍ර්‍යයන් සහිතව නැසුනෙමු. අපි මෙහි ආචාය්‍ර්‍යයන් සහිතව නැසුනෙමු. අපි මීට වඩා වැඩි දෙයක් නොදනිමු´´ යි සකුළුදායි පරිබ්‍රාජිකයාගේ පිරිස උස් හඬින් මහ හඬින් කෑ ගැසීය. ඉක්බිති සකුළුදායි පරිබ්‍රාජික තෙම ඒ පරිබ්‍රාජිකයන් නිශ්ශබ්ද කොට භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´ස්වාමීනි, කොපමණකින් වනාහි මොහු විසින් ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණෙන ලද්දෝ වේද?´´ ´´උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම සුවයද දුරුකිරීමෙන් සංසිඳීමට පමුණුවන්නාවූ, සම්බෝධියට පමුණුවන්නාවූ, චිරියෙන්‍ද්‍රිය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ සම්බෝධියට පමුණුවන්නාවූ, ස්මෘතින්‍ද්‍රිය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ සම්බෝධියට පමුණුවන්නාවූ, සමාධින්‍ද්‍රිය වඩාද, චතුත්‍ර්‍ථධ්‍යානයට පැමිණ වාසය කරයි. යම්තාක් දෙවියෝ ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයෙහි උපන්නාහුද, ඒ දෙවියන් සමග එක්ව සිටියිද, එක්ව කථා කරයිද, සාකච්ඡාවට පැමිණෙයිද, උදායීය, මෙතෙකින් වනාහි මොහු විසින් ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණෙන ලද්දේ වෙයි.´´
´´ස්වාමීනි, ඒකාන්තයෙන් මේ ඒකාන්ත සුව ඇති ලෝකයට පැමිණීම පිණිස භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙද්ද?´´ ´´උදායීය, මේ ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස භික්‍ෂූහු මාගේ ශාසනයෙහි (බඹසර) උතුම් හැසිරීමෙහි නොහැසිරෙත්. උදායීය, යම් ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂකිරීම සඳහා භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, මෙයින් අන්‍යවූ ඒ ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද ධර්‍මයෝ ඇත්තාහ.´´
16. ´´ස්වාමීනි, යම් ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂකිරීම සඳහා භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙද්ද, මෙයින් අන්‍යවූ ඒ අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද ඒ ධර්‍මයෝ කවරහුද?´´
´´උදායීය, එසේම මේ ලෝකයෙහි අර්‍හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූ, චතුස්සත්‍ය අවබොධ කළාවූ තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, මේ ලෝකය ස්වකීය විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශ කරයි. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අවසානය යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, දස වැදෑරුම් අක්‍ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචය්‍ර්‍යාව ප්‍රකාශ කරති.
17. ´´ඒ ධර්‍මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයෙක උපන්නෙක් හෝ අසයිද, ඔහු ඒ ධර්‍මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ මෙසේ සලකන්නේය. ගිහිගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්‍ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩිහක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළි රැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙහි නම් ඉතා යහපතැයි කියායි.
18. ´´ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් හැර, ස්වල්පවූ හෝ බොහෝවූ නෑ පිරිස් හැර, කෙස් දැළි රැවුලු කපාදමා සිවුරු හැඳ, ගිහිගෙන් නික්ම, සස්නෙහි මහණ වන්නේය. එසේ මහණවූ හෙතෙම භික්‍ෂූ සීලයෙන් යුක්තවූයේ, ප්‍රාණවධය හැර, ඉන් සම්පූර්‍ණයෙන් වැළකුනේ, බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ, කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්‍ණයෙන් වැළකුණේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ, සොර නොවූ, පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කෙරේ. අබ්‍රහ්මචය්‍ර්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්‍ගය නම්වූ ග්‍රාම ධර්‍මයෙන් වෙන් වූයේ බ්‍රහ්මචාරීවේ. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, සැබෑ වචන කියන්නේ, සැබැවින් සැබැව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ, ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. පිසුනුබස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේ, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේ, මෙසේ භෙද වූවන් ගළපන්නේ, සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ, සමගිය ඇතිකරණ වචන කියන්නේය. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, යම් වචනයක් නිදොස් වේද, කණට මිහිරිද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රිය කරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ වචනම කියන්නේ, අත්‍ර්‍ථයෙන් යුක්තවූ, ධර්‍මයෙන් යුක්තවූ, විනයයෙන් යුක්තවූ, වචන කියන්නේ, සුදුසු කල්හි උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති අත්‍ර්‍ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.
19. ´´හෙතෙම තණ, ගස්, වැල්, සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි. එක් වේලක් වළඳන්නේ රාත්‍රි භෝජනයෙන් හා විකාල භෝජනයෙන් වැළකුණේ වෙයි. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි. මල්, ගඳ, විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලඞකාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි. රන්, රිදී, මසු, කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය වර්‍ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. ස්ත්‍රීන් තරුණියන් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. වැඩකරුවන් හා වැඩකාරියන් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. එළුවන් බැටළුවන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඌරන්, කුකුළන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඇතුන්, ගවයින්, අසුන්, වෙළඹුන්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත්, පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ගිහින්ගේ දූත මෙහෙවරය, ගෙන් ගෙට යන මහත් මෙහෙවරය, යන මෙයින් වැළකුණේ වෙයි. විකිණීම, මිළට ගැනීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොරට කිරීම, රන් නොරන් කිරීමාදියෙන්, හොර කිරීම, මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලෝහ රන් රිදී යයි අඟවා වඤචා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයෝගය යන මෙයින් වැළකුණේ වෙයි. කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය යන මෙයින් වැළකුණේ වෙයි.
´´හෙතෙම යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද, සතුටුවන්නේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් ඒ ඒ තැනට එය ගෙන යන්නේ වෙයි. යම් සේ පක්‍ෂියෙක් යම් තැනකට පියාඹා යේ නම්, ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, එපරිද්දෙන් භික්‍ෂු තෙමේද ශරීරය වැසීමට ප්‍රමාණවූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද, සතුටුවන්නේ වේ. ඔහු යම් තැනකට යා නම් ඒ ඒ තැන එය රැගෙනම යයි. හෙතෙම මේ උතුම් සීලයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.
20. ´´හෙතෙමේ, ඇසින් රූපයක් දැක එහි මහත් සටහන් සිතට ගන්නේ නැත. කුඩා සටහන් සිතට ගන්නේ නැත. චක්‍ෂු ඉන්‍ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් හේතු කොට ගෙන ලෝභ ද්වේෂ අකුසල ධර්‍මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්‍ෂු ඉන්‍ද්‍රියය රකී. චක්‍ෂු ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
´´කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් ගන්නේ නොවේ. නැවත නැවත මතක්වන සේ අල්ලා ගන්නේ නොවේ. යමක් හේතුකොට ගෙන ශ්‍රොතෙන්‍ද්‍රිය (කන්) අසංවරව වසන්නහුට ලොභ ෙවෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, ඒ ශ්‍රොතෙන්‍ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොතඉන්‍ද්‍රියය රකී. ශ්‍රොතඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
´´නාසයෙන් ගඳක් ආ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වන සේ සිතට නොගනී. යමක් හේතුකොට ගෙන ානෙන්‍ද්‍රිය (නාසය) අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ානෙන්‍ද්‍රිය රකියි. ානෙන්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි.
දිවෙන් රසක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක් වන සේ නොගනී. යමක් හේතු කොටගෙන ජිව්හෙන්‍ද්‍රිය සංවර නොකොට වාසය කරන්නාහට ලොභ ද්වෙෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, එහි සංවරය පිළිපදියි. ජිව්හෙන්‍ද්‍රිය (දිව) ආරක්‍ෂාකරයි. ජිව්හෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
´´කයින් පහසක් ස්පර්‍ශකොට නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වන සේ සිතට නොගනියි. යමක් හේතුකොට ගෙන කායෙන්‍ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, ඒ කායෙත්‍ද්‍රිය සංවරය පිණිස පිළිපදියි. කායෙන්‍ද්‍රිය ආරක්‍ෂාකරයි. කායෙන්‍ද්‍රියේ සංවරයට පැමිණෙයි.
´´සිතින් ධම්මාරම්මනයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවතත් මතක් වන සේ සිතට නොගනී. යම් හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, ඒ මනින්‍ද්‍රිය (සිත්) සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකී. මනින්‍ද්‍රිය සංවරයට පැමිණෙයි. හෙතෙම මේ උතුම් ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.
21. ´´හෙතෙමේ ඉදිරියට යාමෙහිද ආපසු යාමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත් පා හැකිලීමෙහිදීද, දිගු කිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟළ සිවුර සහ පාත්‍රා සිවුරු දැරීමෙහි නුවණින් යුක්තවූයේ වෙයි.
´´අනුභව කිරීමය, පානය කිරීමය, රස විඳීමය යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථා කිරීම්, නිශ්ශබ්ද වීම යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි.
´´උතුම්වූ මේ සීල සමූහයෙන් යුක්තවූද, උතුම්වූ මේ ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤඤයෙන් යුක්තවූද, ඒ භික්‍ෂුතෙමේ කැලයද, ගහක් මුලද, පර්‍වතද, කඳුරැලිද, ගල් ගුහාද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑද, හිස්තැන්ද, පිදුරු ගොඩවල්ද යන මේ විවේක සේනාසන භජනය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළකුණේ, පය්‍ර්‍යඞක බැඳ ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.
´´ඔහු ස්කන්‍ධ ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලෙසන්නාවූ ක්‍රොධය පහකොට, ක්‍රොධයෙන් දුරවවූ සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ක්‍රොධයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය – සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ, ආලොක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව, ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුලත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේ. සැකය දුරුකොට, පහ කළ සැක ඇත්තේ කුසල ධර්‍ම විෂයෙහි එසේද මෙසේදැයි සැක නැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
22. ´´හෙතෙම සිත කිලිටු කරන්නාවූ, ප්‍රඥාව දුර්‍වල කරන්නාවූ, මේ පංච නීවරණයන් දුරුකොට, කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ. විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, යමක් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසැරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද, මේ ධර්‍මයද වේ. උදායීය, නැවත අනිකක්ද කියමි. මහණකෙම චිතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්‍ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, යමක් ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද මේ ධර්‍මයද වේ.
´´ උදායීය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කරහිද, සිහියෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, ශරීරයෙන් සුවය විඳින්නේද, ආය්‍ර්‍යයෝ යම් ඒ ධ්‍යානයක් උපේක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරන ඇත්තේයයි කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, යමක් ප්‍රත්‍යක්‍ෂකිරීම සඳහා භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද මේ ධර්‍මයද වේ.
23. ´´ උදායීය, නැවත අනිකක්ද කියමි. මහණතෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, (ධ්‍යාන ලැබීමට) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්‍ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
´´හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලේශයන් පහවගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යෝග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේදයත්, ´එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති හතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙම්න් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, අසුවල් තැන වීම්, මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙමි, අසුවල් තැන උපන්නෙම්, එහිදු මෙනම් ඇත්තෙම්. මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි´ යි මෙසේ ආකාර සහිතව දැක්වීම් සහිතව නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි. උදායීය, යමක් ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද මේ ධර්‍මයද වේ.
24. ´´ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යෝග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි. හේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින්, චුතවන උපදින සත්‍වයන් දකී, පහත්වූද, උසස්වූද, ලක්‍ෂණවූද, අවලක්‍ෂණවූද, හොඳ ලොව උපන්නාවූද, නරක ලොව උපදින්නාවූද, කර්‍මයට අනුව උපදින්නාවූ සත්‍වයන් දකී. ´මේ පින්වත් සත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආය්‍ර්‍යයන්ට ගරහන්නෝ වූහ. මිත්‍යා දෘෂ්ටිකයෝ වූහ. මිත්‍යාදෘෂ්ටි කර්‍ම සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු, සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ. වාග් සුචරිතයෙන් යුක්ත වූහ. මනො සුචරිතයෙන් යුක්ත වූහ. ආය්‍ර්‍යයන්ට නොගරහන්නෝවූහ. සත්‍යය අදහන්නෝ වූහ. සත්‍ය ඇදහීම් සමාදන්වූහ. ඔවුහු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණියෝ´ යි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්‍වයන් දකී, මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්‍වය ඉක්මසිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, පහත්වූද, උසස්වූද, ලක්‍ෂණවූද, අවලක්‍ෂණවූද, හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද, කර්මය ලෙස පැමිණි සත්‍වයන් දනී.
25. ´´ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලේශයන් පහවගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යෝග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී. මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැන ගණී. මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැන ගණී. මේ දුක් නැතිකිරීමේ මාර්‍ගයයයි තතු ලෙස දැන ගණී. මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැන ගණී. මේ පැසවන ක්ලේශයන්ගේ හේතුවයයි තතු ලෙස දැන ගණී. මේ ඒ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැන ගණී. මේ ඒ කෙලෙස් නැතිකිරීමේ මාර්‍ගයයයි තතු ලෙස දැන ගණී.
´´මෙසේ දන්නා දක්නා ඔහුගේ සිත කාම ආශ්‍රවය කෙරෙන්ද මිදේ. භව ආශ්‍රවය කෙරෙන්ද සිත මිදේ. අවිද්‍යාශ්‍රවය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන ඥානය පහළවෙයි. ඉපදීම නැතිවිය. උතුම් හැසිරීමෙහි වසනලදී. කටයුත්ත කරණ ලදී. මින් පසු මේ සඳහා කළ යුත්තක් නැතැ´ යිද දැනගණී.
´´උදායීය, යමක් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, මේ වනාහි ඒ ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද, ධර්‍මය වේ. උදායීය, යම් ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, මේ වනාහි ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද, ධර්‍මයෝ වෙති´´ යි වදාළේය.
26. මෙසේ වදාළ කල්හි සකුළුදායී පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ විවෘත කරන්නේද, මංමුලාවූවෙකුට හෝ මග කියන්නේද, අන්ධකාරයෙහි හෝ ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය දේශනා කරණ ලදී. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්‍මයද, භික්‍ෂු සංයාද (සරණකොට යමි.) ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිවීම ලබන්නෙමි´´ යි මෙසේ කී කල්හි සකුළුදායී පරිබ්‍රාජකයාගේ පිරිස සකුළුදායී පරිව්‍රාජකයාට මෙසේ කීයේය.
27. ´´භවත් උදායීය, ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි නොහැසිරේවා, භවත් උදායී තෙමේ ආචාය්‍ර්‍යයෙක්ව සිට අතවැසිව වාසය නොකෙරේවා. යම්සේ නම් මහ දිය සැලියක්ව දිය ඉසින කිනිස්සක් වන්නේද, භවත් උදායීහුගේ මේ කාරණය එසේ වන්නේය. උදායීය, ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි නොහැසිරේවා. භවත් උදායීය තෙමේ ගුරුවරයෙක්ව සිට අතවැසිව නොවෙසේවා´´ යනුයි.
මෙසේ වනාහි සකුළුදායී පරිබ්‍රාජකයාගේ පිරිස සකුළුදායී පරිබ්‍රාජකයාගේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිර්මට අනතුරු කෙළේය.
නවවෙනිවූ චූල සකුළුදායී සූත්‍රය නිමි.
උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )