ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-III-වෙස්සන්තර ජාතක
වෙස්සන්තර ජාතක.
(ක්‍රි.ව. 1916)
ප්‍රස්තාවනා
මෙම මධුර නාටකයේ කථාශරීරය ජාතක පොතෙන් උපුටා නාට්ය)කලා අනුව දෘශ්යධ කාව්යශයට නැගුවෙමි. බුදුබව ප්රාුර්ථනා කරගෙණ සසර ගමන්කරණ බෝධිසත්‍වයන් වහන්සේ විසින් දියයුතු පංච මහා දානයන් අතුරෙන් අඹු දරු දානය කොයිතරම් හිතට අමාරු දානයක්දැයි මෙම වෙස්සන්තර කාව්යදයෙන් අප ජනයාට පෙණීයනවා ඇත. මෙහි රැඟුම් දක්වන නාට්යමකරුවන් පස්පවින් වැලකී ශ්රනද්ධාසම්පන්නව රැඟුම් කළයුතු බව දන් වමි. වෙන නාටකවලදී වාගේ හරියාකාර පාඩම් නොකර නොසැලකිලි ගතියකින් නැටුම් පෙන්වන්ට අදහස් කළොත් බුද්ධාශාසනය රක්ෂාාකර වදාරණ දෙවි දේවතා වහන්සේලා කිපී වස් දොස් සිදුවෙන්ට හැකි බැවින් සියලුම නැට්ටුවෝ යහපත් චරිතයකින් සිටගෙණ නැටුම් පෙන්වන දිනට පසු දවසේ විහාර ස්ථානයකට පැමිණ බුදුහාමුදුරුවන්ට මල් පහන් පුදා නමස්කාර කොට පන්සිල් අරන් සියලුම දෙවි දේවත්වුන්ට පින් අනුමෝදන් කරත්වා. එසේ කළාම කිසි වස් දොසක් සිද්ධනොවී නැට්ටුවාට යහපතක් සිද්ධවෙන බව සිතට ගතයුතුයි.
TO
Colonel T.G. JAYAWARDANA
AND
Mrs.T.G. JAYAWARDANA’
This drama is respectfully dedicated by its
Auhtor,
JOHN DE SILVA;
Proctor of the Hon’ble The Supreme Court of Ceylon.
පි රි හ ද සුනිමල සුගුණෙනි නිසකර සිරිසිලි මනය ර
සි රි ල ක ජන අතරෙහි ඔසවනලද දද රඟ පළක ර
සි රි ප ති විකුමෙන් යුදසෙන් කර්නල් නිලදැරු ගරුත ර
සි රි ල ක ඇත මැතිඳෙක් ටී.ජී.ජයවද්දන තෙද ස ර
ය ස හ ර ලොව දිසාලියගෙ ගෙළ සැදු සිංහල පවුල කි
ග රු ත ර ජයවද්දන මැති එම පවුලෙහි සොඳ බරණෙ කි
සි රි ස ර දිනූ රුවිනි ලිනා කුලඟන බුදු සසුන මිණ කි
දි ය ත ර සුරකින මෙ දෙදෙන සෙත සැපදී මුර නොවැළැකි
මෙ ම ට සිතී තිලොවග අප මුනිඳුගෙ පෙර සිරි තා
ර ස ට කියන්නට නළුකර වෙසතුරු නම් එක තා
ර ට ට පසිදුකරනට එය ලියමි ලොවට වැඩැ තා
මැ ති ට මැතිනිහට අදරින් ඔප්පුකරමි එ පො තා
වෙ ස තු රු නරනිඳුගෙ කතා ඇසූ අය වෙති කම් පා
අ ඹු ද රු දන්දුනි එම රජ ලොව නැතිවන කම් පා
එ ම ස රු මහදනින් ලොවේ දසපාරමි දම් පා
වෙ ස තු රු පිරු පෙරුම් බලෙන් බුදුවුනි මහමොක් පා
ජෝන් ද සිල්වා.
පෙරකදෝරු
වර්ෂද 1916 නොවැම්බර් මස
21 දින කොළඹ සංජෝශප්
වීථියේ විජය මන්දිසරයේදීය.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
නාට්ය කරුවෝ.
සූත්රසධාරී, නාටිකාංගනාවෝ, ඇමතිවරු දෙදෙනෙක්, මයුර නාද නම් කවටයා, සඳමහරජ, (සිවි රට රජ) පුසති දේවි (රජුගේ බිසව) වෙස්සන්තර, (බෝධිසත්ව කුමාරයෝ) නාගසලම්කාරයෝ, කළගෙඩිකාරියෝ, උඩැක්කිකාරයෝ, මද්රි බිසෝ, (වෙස්සන්තර මහරජුගේ බිසව) බමුණෝ හතර දෙනෙක්, ජාලිය කුමාරයා සහ කෘෂ්ණජිනාවෝ, (වෙස්සන්තර රජුගේ පුතා සහ දුව) වැසියෝ තිදෙනෙක්, දාසයෝ තිදෙනෙක්, වාරාංගනාවෝ තිදෙනෙක් ජූතක (බමුණා), අමිත්තතාප, (ජූතකගේ ස්ත්රී ), පැන් අදින ස්ත්රීනයෙක්, බැමිණියෝ දෙදෙනෙක්, චේතියරජ සහ බිසව, ජයසේන කවටයා, ඔමරී (ජයසේනගේ ස්ත්රී්), වැදිපුත්ර යා, අච්චුත (තාපසයෙක්), විශිවකර්ම, ශක්රරයෝ, උරුවිසි ආදි සුරංගනාවෝ හයදෙනෙක්.
සුත්රනධාරි පැමිණ කියයි.
(සින්දුව)
සිරිගණ ධර්ම සංඝ නමදිම් මෝ බෝධිසත්ව චරිතක්ද නාට්ය කර ලොවට පාමු බැතිනී බෝ.
සර්වදෝෂයන් භංගවෙන්ට සෙත දෙවියෝ දෙත මෙතපා බෝ ෴
සිරිගණ ධර්මෝ සංඝ නමදිම්මෝ ශක්රග බ්‍රහ්ම කඳ විෂ්ණ්රම පත්මකර සුමණ ආදි දෙවියන්ගේ - ශාන්ති කාව්යණ කර්තෘතට නාට්යරකරු අපටත් නිතරම වේවා !
සාධු ජනයිනි, අපේ රටේ රජදරුවන්ගේ චරිත නාට්යමකර දක්වන අතරම අප තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ බෝධි සත්ව චරිතයක්වූ වෙස්සන්තර ජාතකය නාට්ය කර පෙන්වීම යොග්යායයි හැඟීයන බැවින් ගෞතම බුදුහාමුදුරුවන් බුදුවෙන්ට පෙර ආත්මයවූ වෙස්සන්තර ජාතකය අද රාත්රිියේදී සියළුදෙනාටම තේරුම්ගන්ට හැකි වෙස්සන්තර ජාතකය අද රාත්රිඅයේදී සියළුදෙනාටම තේරුම්ගන්ට හැකි පරිද්දෙන් මෙම රංග මණ්ඩලයේදී දක්වනවා ඇත. තමුන්නාන්සේලාට ඉන් යහපතක්
සිද්ධවේයයි යන ප්රා ර්ථනාවෙන් දෘශ්ය කාව්ය යට නගා දක්වන මෙම කථාවස්තුවෙන් ත්රිතවිධ රත්නය ප්රිධානකොට දේව සමූහයා සියලුම වස් දොස් වලින් අප මුදාදමා කාව්යෙ කර්තෘත සහ නැට්ටුක්කාර අපටද තමුන්නාන්සේලාටද සෙත් සලස්වා මින් යහපතක් ලොවට කරදෙත්වා යන ප්රා්ර්ථනාවෙන් මෙම නාටකය පටන්ගණිමු. එය මෙත්සිත් පෙරටුකොට වරද දුරලා ශ්රපවනය කරණමෙන් ඉල්ලා නාටකය පටන්ගන්ට මෙම රංග සභාවට අවසරදී නික්ම යමි.
(නික්මයයි)
1 අංකය.
සංස්කරණයI ජවනිකා - සිව්රට මාලිගාව.
සංස්කරණයසඳමහරජ්ජුරුවෝද පුදති දේවීද සිටිත්, ඇමතියෝ දෙදෙනෙක්ද සිටිත්. නාටිකාංගනාවෝ හදෙනෙක් රැඟුම් දක්වති. (සින්දුව)
නැට්ටුක්කාරියෝ - හාය් රිවි බිම්බා ලෙස තෙදපත් රාජා සිරින් - තොස්දෙය් ලෙවන් රිවි බිම්බා ලෙස තෙද පත් හාය් රිවිබිම්බාලෙස තෙදපත්
පෝසත් මේ දේස රක්නා සිඳා රුපු නොදේ ලෝ ජනා සිත් පිනී මෛත්රි යෙන් හදේ මේ රජින්දා අපේ - දුක් ලෙවන්ගේ ලොපේ - රිවි බිම්බාලෙස තෙදපත් - හාය් රිවිබිම්බා
ලෙස තෙද පත් - රාජා සිරින් - තොස් දෙය් ලෙවන් රිවි බිම්බා ලෙස තෙද පත් හාය් රිවි බිම්බා ලෙස තෙදෙපත් -
වෙස්සන්තර් නාම ලද්දේ පුතා රජිඳුගේ දානදී පාරමී ධර්ම පුරණේ මේ කුඩා කාලෙදී - දන් දුගින්ටා පිදී - රිවි බිම්බා ලෙස තෙද පත් - හාය් රිවි බිම්බා
ලෙස තෙද පත් - රාජා සිරින් - තොස් දෙය් ලෙවන් රිවි බිම්බා ලෙස තෙදපත් හාය් රිවි බිම්බා ලෙස තෙදපත් -
(දොහොරා කියනකල සියලුම නැට්ටුවෝ රජුට නමස්කාර කරති)
සඳමහරජ - ප්රි ය බිසවුනි, අපේ පුත්ර වෙස්සන්තර කුමාර අට හවුරුදු වයසේදී පාරමිතා ධර්මයෙන් පූර්ණය කරන්ට පටන් ගත්තේය. දාන පාරමිතා ගැන කිසි මසුරු භාවයක් නැතුව අචලවූ ශ්ර ද්ධා ස්වභාවයක් දක්වන්නේය.
පූසති දේවී - ප්රාතසාදයෙහි බද්ධපය්ය්ක න්කයෙන් හිඳ බුදුබව පිණිසම ජීවිත දානය දෙන්නට සිතුවේය.
i ඇමති - දේවයන්වහන්ස, ඒක එසේමයි, යම් යාචකයෙක් උන්නාන්සොගේ හෘදයවස්තුව ඉල්වූයේනම් වෙර පළා හෘදය වස්තුව උපුටා දෙන්ට කැමැත්තේය.
ii ඇමතියා - ශරීර මාංසය ඉල්වූයේනම් ශරීර මාංසය කපකපා දෙන්ටද රුධිරය ඉල්වූයේනම් ශරීර මාංසය පැසලා මිරිකා බදුන්පුරා ලේ දන්දෙන්ටද කැමැත්තේය.
සඳමහරජ - මාගේ පුත්රැයාට දැන් සොළොස් හව්රුදු පිරී ඇත. මා පුතුගේ රාජ්යනශ්රීේ සම්පත් මාගේ ඇස් හමුයෙහිම දකින්ට කැමැති බැවින් චේතිය රටින් මද්රිේ නම් කුමාරිකා ගෙන්වා කුමරුට අභිෂේකකොට රාජ්යරශ්රී් සම්පත් දෙන්ට කැමැත්තෙමි.
පූසති දේවී - ඒ කල්පනාව කදිමයි. ඔබ වහන්සේ රාජ්ය.ය ගැනම දිවා රෑ වෙහෙසෙන්ට ගියාම පරලොව සුගතිය ලැබීමට කටයුතු යමක් කරගන්ට නිවාඩුවක් නැත, ඒ නිසා පුත්රකයාට රාජ්යනය බාර දෙනවා හොඳයි.
සඳමහරජ - මාගේ ඇමතිය විගස ගොස් වෙස්සන්තර කුමරුන් මෙහාට කැන්දවනු.
i ඇමතියා - එසේ යහපති මහරජ.
(i ඇමතියා නික්ම යයි)
(සින්දුව)
සඳමහරජ - දානේ මේලෝ ශාන්ති දෙය් බෝ දුගීමන් තොස්වෙත් බිසෝ මා ලෝකේ වස්තුසවෙන් පලේ කෝ මෙම දාන නැත්නම් ලොබා බෝ
පූසති දේවී - පෙරුම්බල පෙණේය සින්දලාය ලොබ හදේහි රන්දන - සුනිමල කෙරේය දාන චිත්ත මහ නිරින්ද සෝබන - කන්ට නැති යාචකයගේ ගින්න කුස නිවීම පෙම්කර - කුසලක් බව දැන් වැටහේය එයින සිත නිමල වෙලායය් රාජේන්දර -
2 ඇමතියා - ලෝකේ දුක් සිඳී සෙතාවේ එම දානයෙන් සිත් නිමල්වේ තුනිවෙය් තණ්හා රජින්දේ -
(කවටධූරන්දර මයුරනාද පැමිණේ.)
සඳමහරජ - මහවාසලට තෝ එන්ට ප්රකමාද උනේ කුමක් නිසාද?
මයුරනාද - දේවයන්වහන්ස, මනුෂ්යායාට නියම වේලාවට වැඩ කරගන්ට පුළුවන් නම් ඔහු කොපමණ දියුණු අඩියකට නොයයිද.
සඳමහරජ - ඒක මගේ ප්රුශ්නයට උත්තර නොවෙයි.
මයුරනාද - ඒකත් උත්තරයක් - ප්රරමාද උනු කාරිය එලිකරන්ට හොඳනැති හෙයින් ඔහොම උත්තර දුනිමි.
සඳමහරජ - හොඳද නරකද කියා විනිශ්චය කරගන්ට එය කියාපන්.
මයුරනාද - වාසලට සිරිත්ප්ර කාර එන්ට පිටත්වෙනකොටම ලොකු පොල්ගෙඩියක් තරම ඇති ඉඹුල්කිරිබත් ගෙඩියක් මගේ හුරතල් සීදේවි සාදා ඒක මා කනකල් ඕතොමෝ වීනාව වයමින් මධුර සින්දුවක් කීවාය. මට වාසල මතක නැතිවිය.
සඳමහරජ - ඔය තරම් සිතපිණවන සින්දුවක්ද?
මයුරනාද - මගේ හුරුබුහුටි කොමලී වීනාව වයමින් සින්දු කියනකොට මට දැනෙන්නේ තොටිල්ලක මාවදමා නල වන්නා වගෙයි.
පූසති දේවී - අනේ මටත් එහෙම කරන්ට පුළුවන් නම් අපේ රජ්ජුරුවන් වහන්සේගේ වැඩ පාළුවෙන්ට පුළුවනි.
සඳමහරජ - ඔය තරම් මිහිරි සින්දුවක්ද?
මයුරනාද - පංචසිකයාපවා පිරම්තට්ටුවෙන සින්දුවකි.
සඳමහරජ - පුදුම සින්දුවක් වෙන්ට ඕනෑ.
මයුරනාද - පුදුමනොවේ අරුම - ඇගේ පියා හොඳ සංගීතකාරයා. ඒ නිසා ඒක ඈට උරුම කරුම.
පූසති දේවී - ඔහෝ එහෙනම් සහජෙටයන හැඩයි.
මයුරනාද - නයාට පෙනේ ස්වභාවෙන්ම තිබේ. ගැරඬියාට එය නැත. ඉතින් ස්වභාවයෙන්ම තිබෙන පෙණේ කැබිලිති කෑල්ලක් ඩැහැගත් ගැරඬියාට පහලවෙන්නේ කොහොමද?
සඳමහරජ - කැබිලිතිකෑල්ලත් පෙණේයයි සිතන මෝඩයෝ මේකාලේ බොහොම සිටිති - ඒ නිසා උරුම කරුම අරුමපංතියට නොගැණේ.
මයුරනාද - දේවයන්වහන්ස: ඉන් ලොවට අවැඩ සිදුවේ. නො දන්නා දෙමළෙට ගොහින් වරිගෙනහින්නේ ඔයින්තමා.
සඳමහරජ - ඒක මටත් දැන් දැන් පෙණී යනවා.
මයුරනාද - දේව සමහරෙක් කතාකරණකොට කථාකරන්නේ ලොව්තුරා බුදුන් වාගේය. ක්රිකයාව ජාංචි ගුරාගේය.
සඳමහරජ - අපොයි මයුරනාද. එබඳුඅයගෙන් බේරෙන්ට බොහොම අමාරුයි. මනුෂ්ය යෙක්ව හැඳිනගන්ට කොයිතරම් පාඩුවිඳින්ට ඕනෑද?
මයුරනාද - ඒක මොකට කියනවාද? ඔළුගෙඩිය බඩගෙඩිය අත පය ඇහැ කන තිබුනාට මනුෂ්යකයෙක් යයි සිතා බාර ගැනිම වැරදිබව මගේ මේ කොටජීවිතේදී මට දැනගන්ට ලැබී තිබෙන බව සත්යැයකි.
පූසති දේවී - නුඹේ ස්ත්රි වීනාව වයමින් කියාපු සින්දුව අපිත් අසන්ට කැමැත්තෙමු. එය කියාපන්.
මයුරනාද - ගැරඬියාගෙන් පෙණේ ඉල්ලන්නාවාගෙයි. සින්දු බැරි මම එය කෙසේ කියම්ද?
සඳමහරජ - දන්න තරමින් කියාපන්.
මයුරනාද - දන්නතරමට කීවාම එය රුචි නොවන්නේය. මාගේ සොඳුර මෙහි කැන්දවා කියවන්ටද?
සඳමහරජ - එය දෙවනු කරන්ට පුළුවනි දැන් තොපට පුළුවන් හැටියට කියනු.
මයුරනාද - එහෙනම් අසන්ට හොඳා.
(සින්දුව)
කාලා තොස්වී දැන් පිටත්වෙන් ගාලා සින්දු සිත්සතොස්දෙම් සාදා දුන්බත් දැන්ම කාපන් මගේ පෙම්බරාණේ පා ප්රෙපමේ පැනි පොල්ලා සෑදූ මේ බත්කෑම බෝම දෝෂ දේමැයි නැස්ම වාසලේදී නාම්බාවේ සින්දු කන්දී තොස්නෙන්
උන්ඩි උන්ඩි බත්කාපන් කව්රුත් මේවා කෑවොත් පම් පම් කැස්සත් ඔක්කාරේ වෙයි දොක්කම් සර්වාංග හයිවේ දොස් සුන්වී ෴
පූසති දේවී - ඉඹුල්කිරිබත් ඔපමණ හොඳද?
මයුරනාද - එලකිරෙන් තම්බා පැනිපොල් ඇතුළට දමා පුවක් පට්ටයක් අරන් තිරිබත ගෙඩියක්වාගේ හිටින්නට පට්ටෙන් ඔතලා මිරිකලා ඇරියාම හරියට බෙරයක්වාගේ හයිවෙනවා. - ඔයින් දෙකක් පාන්දරට කෑවාම ඉරමුදුනට එනකල් මොකවත් වෙන කන්ට ඕනෑනෑ.
වෙස්සන්තර කුමාරයා සහ 1 ඇමතියා පැමිණෙති.
(සින්දුව)
සඳමහරජ - පුත. එන්ඩකියා මා ඇරියේ තාගෙ විවාහේ දැන් ගන්ට හින්දාය සොඳා මද්රිවකුමාරී මෙම රටට රජා වෙන්ට සොඳා ඈවගෙනත්දෙම්: සන්තෝෂවී කිව් විලස්කරන් ඈගෙ විවාහේ.
වෙස්සන්තර - පියරාජතුමන් කිව්විලසා මාගෙ විවාහේ දැන් සිද්ධවන්නේය මගෙනෑ අමනාපේ මම පුරමි ලොවේ පාරමිතා දාන දෙමින්බෝ සංසංරයේ දුකින්වෙය් මෙසේ පාරමිතාවෙන්.
මයුරනාද - දේවයන් වහන්ස සොලොස්හවුරුදු වයසැති වෙස්සන්තර කුමරුට චේතිය රට මද්රි්නම් කුමරිය විවාහකර දෙන්නට ඔබ වහන්සේගේ කැමැත්ත දැන් ප්ර්කාශකළේ, පිරිමියාගේ ශරීරය අව්රුදු විසිහතර වනතුරු වැඩී විසිහතරේ පටන් හතළිහ දක්වා එය නොවැඩී නොව එක විධියට පවතී. හතළිහෙන් පසු එය ජරාවටයන්නේ මෙසේ වූ කල අපේ කුමාරයාට අව්රුදු විසිහතර පසුවෙනතුරා ඔය මංගල්යල ප්රටස්ථාව කල්දමනවා නරකද?
සඳමහරජ - ඔය කියන සත්යරය සාමාන්යදයෙන් ඒත්තු ගණිතත් රජ පවුල්වලට ඒත්තු නොයයි. යහපත් කෑම බීම ඇත්තාවූ
ජනයා සොළොසැවිරිදි වයසේදී විවාහයට පත් වෙනවා දනිමි.
මයුරනාද - වෙස්සන්තර කුමරුගේ මංගල්යවය නොබෝකලකින් සිදුවෙන බැවින් එම ප්රීිතිය කල් ඇතුව ප්ර්කාශ කෙරීමට නළඟනෝ සින්දුවක් කියා නටත්වා.
(සින්දුව)
නාටිකාංගනාවෝ - ලොව දාන පාරමී පේවී රක්නා වෙස්සන්තර ශ්රීක කුමරා විද්යා වපාය්. ලබාමේ රාජ්ජේ කිරුළ පියාගේ ධර්මෙන් වැස්සෙන් රකිනේ - නටා දැන් තුතිගොස් පුදමු අපි මේ සෙත වේ බෝ ලෝකයාට වෙස්සන්තර ශ්රී කුමරා විද්යාසවපාය්. (සියළුදෙනම නික්මයති)
II ජවනිකා - වීථියක්.
සංස්කරණයතම්මැට්ටම්කාරයන්ද, නාගසලම්කාරයන්ද, උඩැක්කිකාරයන්ද, කළගෙඩි පිඹින ගෑනු කණ්ඩායමක්ද පිරිවරා ගෙණ මද්රි. නම් කුමරිය අශ්වරථයකින් මහා පෙරහරින් සඳමහ රජුගේ මාලිගාව කරා ගමන් කරයි.
නාගසලම්කාරයෝ මේ සින්දුව කියා නලා පිඹිති.
අද වෙස්සන්තර රාජපුතා මද්රිස කුමාරි බඳී දේවෝපකාරේ වේවා සෑදී සෙත් රටවැස්සන්ගේ කාලෙ හොඳා දුර්භික්ෂග යාය සිඳී මංගල්ලේ සාරාවෙවා සෑදී සෙත් බෝම ප්රීසති ඝෝෂා ඇසෙන්නා මෙ සිව් දිසා සෙත අත්පත්වේ මද්රිස කුමරිහට දැන් රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්
කුමරාගේ පිනක්මය් - වාසනා බෝ වාසනා බෝ.
(සියලු දෙනාම නික්ම යති.)
III ජවනිකා - කළිඟුරට නුවරක්.
සංස්කරණයනුවරවැසි බ්රාාහ්මණයෝ දුර්භික්ෂ භයින් පීඩිතව වෙස්සන්තර රජුගේ දාන පාරමිතා ගැන අසා පිංඩා නම් ධවල හස්ති රත්නය දන් ඉල්ලාගන්ට සම්මත කරති.
1 බමුණා - වැස්ස නැතුව රටේ දුර්භික්ෂනය පවතින්නේය.
2 බමුණා - කෑම නැතුව වැසියෝ කුසගින්නෙන් නසිති.
3 බමුණා - සිවි රට ජයතුරා නුවර රජකම් කරන වෙස්සන්තර රජුගේ දාන බලයෙන් එහි වැසියාට කිසි හිඟක් නැත.
4 බමුණා - එහි නිසි කාලයට වර්ෂාරව ලැබේ.
1 බමුණා - එහි මහානුභාව සම්පන්න වූ පිංඩා නම් සුදු ඇතෙක් ඇත. අකාලයෙහි වැසි වස්සන තරම් අනුහස් ඒ ඇතාට තිබේ.
2 බමුණා - එබඳු ඇතෙක් මේ මනුෂ්ය. ලෝකයෙහි අති දුර්ලභය
3 බමුණා - ඒ ඇතා දන් ඉල්වා ගත්තොත් අපේ රටේ දුර්භික්ෂ වහාම නැතිවෙයි.
4 බමුණා - වෙස්සන්තර රජ බෝධිසත්වයෙකි, බුදු බව ප්රා ර්ථනා කර ගෙණයන උත්තමයෝ ඔය ධවල හස්තියා පමණක් නොව ලේ මස් දන්දෙති.
1 බමුණා - අනේ එහෙම කරන්නේ මන්ද?
2 බමුණා - ලෝභය හිතේ බැඳෙන මලකඩවැනි කිළුටෙකි, එය තිබෙනාතුරා හිත පිරිසිදු වෙන්නේ නැත, හිත පිරිසිදු නැත්නම් කෙලෙස් සහිතයි, කෙලෙස් තිබෙනාතුරා බුදු වෙන්ට බැරිය.
3 බමුණා - වෙස්සන්තර බෝධිසත්වයෙක්නම් ඔය සුදු ඇතා අපට ලබාගන්ට බැරි වෙන්නේ නැත.
4 බමුණා - ගොසින් ඒ ඇතා දන් ඉල්ලා බලමු, ලැබුනොත් කල රට පලිඟුවක් මෙන් බබලනවා ඇත. ශක්ර යාගේ භවනෙහිද ධවල හස්තියෙක් ඇත. ඒ උතුම් වස්තුවක්වාට අනුමාන නැත.
(සින්දුව)
බමුණෝ - පවතින සාගත මේ රටේ - කෑම හිඟය් බෝ සිව්දෙන - මරුවාගෙණ දැන්යය් - ඉන්නා වැසියන් නෙක් ඉන්ට බැරී
කන්ට නෑ අනේ - කෑම හිඟය් බෝ පවතින සාගත
වේගය් - වෙසතුරු රජුගේ හස්ති ධවලවන් ලැබගෙණ එමු සෙතේ සෑදේ බෝ - කෑමහිඟය් බෝ - පවතින සාගත වේගය් (නික්මයති)
2 අංකය.
සංස්කරණයI ජවනිකා - වෙස්සන්තර මාලිගාව.
සංස්කරණයවෙස්සන්තර රජ, මද්රිෙ බිසෝ, ජාලිය කුමාර, ක්රිීෂ්ණාජිනාය යන දරු දෙදෙනාද, ධවල හස්තියාද, පියරජුගේ ඇමතිවරු දෙදෙනෙක්ද, මයුරනාදද, නාටිකාංගනාවෝ හදෙනෙක්ද සිටිත්.
වෙසතුරු රජ සිංහාසනේද, මද්රිය බිසෝ එසේම එක් පාර්ශවයක ආසනයෙහිද, දරු දෙදෙනා මාතා ළඟින්ද වාඩිවී සිටිති. (ඇමතිවරු, මයුරානාද, නාටිකාංගනාවෝ රජුට සෙත ප්රා ර්ථනා කරති.)
(සින්දුව)
ඇමතිවරු යනාදින් - වෙසතුරු නම්, සිවි රටේ, රාජා තෝරා නඩු විසඳී ධර්මෙන් තීන්දු පෑදී වෙසතුරු නම් සිවි රටේ රාජා
දානෙන් කරුණා පා, ලොබ සින්දාලා මන්
ඒ පාරමිතා පුරණා මේලෙස් දැක්කාද බුලෝසත් -
රකි රකි දෙවියෝ තුම්
මේ රජ කුටඹු දැරු විකුම් -
(මෙසේ කියා නාටිකාංගනාවෝ ටික වේලාවක් නටා නිමවූ පසු මේ සින්දුව කියා නටති.)
නාටිකාංගනාවෝ - රට සේසත් නගා සව් සත් සිත් ගන්නා - නිවලා වැසියන්ගේ දුක් දුක් දුක් රජා සව් සත් සිත් ගන්නා - රට සේසත් නගා සව් සත් සිත් ගන්න - දානේට දෙන්නාවූ වස්තු නිමක් නෑ. මේරට වාසී පෙම් පෙම් පෙම් - රජා සව් සත් සිත් ගන්නා -
දොහොරා - සිඳා දුගින්ගේ මන් ලොබේ බලා ඔවුන්ගේ දුක් දෙන්ට දානේට වස්තුලත් ඇද්දමෙසේ අන්රජෙක් කියව් මෙ සින්දු තුතිගොස ලෝකෙයන්ට මේ රට වාසී පෙම් පෙම් පෙම් රාජා සව් සත් සිත් ගන්නා. ෴
මයුරනාද - දේවයන්වහන්ස මේ නළඟනන්ගේ සින්දුවේ මේ රට වාසී පෙම් පෙම් පෙම්, රජා සව් සිත් ගන්නා යන්න මගේ කණේ වැටෙනකොට මට හිතුනා මෙහෙම කියන්ට, ඕ පරවාලි චෝප් චෝප් චෝ මෙරා දිල් ජල් ජාළුංගා සුනො සාහෙඩි මෙරා දිල් ජල් ජාළුංගා - අරිවෝ පරවාලි චෝප් චෝප් චෝප් මෙරා දිල් ජල් ජාංළුගා
වෙස්සන්තර - නුඹට නොයෙක් භාෂාවලින් සින්දු කියන්ට පුළුවන් බව දනිමි.
මද්රින බිසෝ - නුඹේ සොඳුරට නුඹට වඩා හොඳට සින්දු කියන්ට පුළුවන් බව මට ආරංචියි
මයුරනාද - එහෙයි ස්වාමිදූ, ඇගේ වීනාව අතින් රැගෙණ රාම්කළී රාගේට සින්දු කියනකොට මට නම් නිකම්ම නින්ද යනවා.
මද්රිු බිසෝ - අපේ මේ ජාලිය ක්රිිස්නජිනාය යන දරු දෙදෙනාට හඳපානේ පන්දු ක්රීනඩාව කරනකොට කියන්නට සින්දුවක් උඹට උගන්වන්ට පුළුවන්ද?
මයුරනාද - අවසර ලැබෙනවා නම් උගන්නඤඤා
බමුණෝ හතරදෙනෙක් කලිඟුරටින් දන් ඉල්ලන්ට පැමිණෙති.
(සින්දුව)
1 බමුණා - ශ්වෙත වර්ණයෙන් ඇතු සිටිනා රජිඳාගේ සාලේ දන්දේවා භංගවෙය් දුක් වැහි දේසේ නැත්තේ මියයනවෝ ඒදිසාවේ වැසියෝ දැන් ස්වාමි දුර්භික්ෂේ සිදුවෙච්චි වැස්ස නෑවිත් දෙසේ ෴
වෙස්සන්තර - වැස්ස බෝළුය් යනු රැගෙණා සුදුනාගා මාගේ දුර්භික්ෂේ භංගවෙය් ඉන් බමුණන්ගේ දේසේ මනදොළ මම් මේ ජනන්ගේ පුරමී සන්තෝසේ පින් අත්වී බුදු වෙම්වා හස්තියා මා ගන්නේ ෴
මයුරනාද - දේවයන්වහන්ස මිනිස් ලොවට අතිදුර්ලභ වූ මාහැඟිවූ ආභරණයෙන් හා සූවිසිලක්ෂවයක් අගනා වස්තුවෙන් සරහන ලද්දාවූ දෙවියන් විසින් මිනිස් ලොවට පහකරණලද්දාවූ අකාලයේ වැසි වස්වා පියනතරම් මහානුභාව සම්පන්නවූ පිංඩා නම් හස්තිරත්නය ඔබවහන්සේ මේ කලිඟු රටින් ආ හිඟන බමුණන්ට කුමට දන්දුන්නෙහිද?
වෙස්සන්තර - හස්තියාගේ වටිනාකමේ තරමට ලෝබය ඇතිවන්නේය. එහි වටිනාකම අකක් තරමටවත් නොසලකා බුදු බව මිලකරන්ට බැරි ශ්රේකෂ්ඨ වස්තුවක් බැවින් එය ලබන්ට ප්රා්ර්ථනාකර මෙම දානය දෙමි.
(රජ්ජුරුවෝ ආසනෙන් බැස දකුණු අතින් ඇත්සොඬ ගෙණ වමතින් ස්වර්ණාභිකාරය ගෙණ බමුණන්ගේ අතට වතුර වක්කොට හස්තිරාජයා දන්දෙන සේක.)
(දිව්යා බ්රගහ්මයෝ සාධුකාර දෙති.)
(බමුණෝ ඇතා අරන්යති.)
II ජවනිකා - වීථියක්.
සංස්කරණය(සිවි රට වැසියෝ තිදෙනෙක් වෙස්සන්තර රජු විසින් ධවල හස්තියා කළිඟුරට බමුණන්ට දන්දුන් බව අසා කිපී පියරජුට පැමිණිලිකරන්ට යති.)
1 වැසියා - ලෝකේ සොයාගන්ට අමාරු උතුම් වස්තුවක් වූ සර්වාංගයම සුදු පාටින් යුතු ඇතා අපේ වෙස්සන්තර රජු විසින් කළිඟුරට බමුණන්ට දන්දී අපට කළ පාඩුව ගැන සඳමහ රජුට පැමිණිලිකර සිටිමු.
2 වැසියා - වෙස්සන්තර රජුට වේලක පිස්සුවාගෙයි.
3 වැසියා - නෑ, මට හිතෙනවා දෙවේලක පිස්සුයිකියා නැත්නම් මිනිස් ලොව සොයාගන්ට බැරි මහානුභාව සම්පන්න ධවල හස්තියෙක් අර කුණු පාන්කඩ අඳින හිඟන බමුණෙකුට දෙයිද?
1 වැසියා - දන්දීමේ හැටි ඔහොම තමා, ලෝභකම නසා හිත පිරිසිදුකරගෙණ යහපත් ප්රාදර්ථනාවක් ඇතුව දෙන දානයෙන් ලැබෙන ආනිශංස අප්රතමාණයි.
2 වැසියා - පිංඩා නම් ඇතා අපේ රටට නැතිවී කළිඟු රටට ඉතින් ඇතිවිය, වෙස්සන්තර රජ බුදුබව පතා එම ඇතා දන්දුන්සේක, උන්නාන්සේට බුදුබව රටවැස්සන්වූ අපට පාඩුව.
3 වැසියා - උන්වහන්සේට බුදුබව ලැබුනොත් අපට පාඩුවක් වෙන්නේ නැත. මක්නිසාදයත් කෙළ කෝටිගණන් සත්වයන්
උන්වහන්සේ සත්ය වූ ධර්මය දේසනාකර නිවන් දක්වනවා ඇත.
1 වැසියා - ඕවා කොයි කාලේද වෙන්නේ, ඔච්චරකල් කාට හිටින්ට පුළුවන්ද? දැන් සිදුවූ පාඩුව ගැන දැන්ම ක්රිඇයා කරමු. පිය රජුකරා ගොස් මේ කොලු වයසේ අයෙකුට කුමට රජකම දුන්නාදැයි අසා චෝදනා කරමු.
2 වැසියා - හොඳයි යමු.
(සින්දුව)
වැසියෝ - සුදු ඇතු දන්දුනී රජ ස්වාමී ඔව් අමන විකාර ප්රුකාරයෙන් ඇතු දන්දුනී රජ ස්වාමි - පාඩු මෙතෙක නැත සිදු දන්වමූ කාරි පියා වසන අර මාලිගාවෙන් පැමිණ මෙහි රජකම බාලයෙකුයට දුන්නෙන් ඇතු දන්දුනී නොම තේරී වාසී හැපි පෑසී කිපී කෝපා වෙති බූපාවෙති ඇතු දන්දුනී නොම තේරී ෴
(නික්ම යති.)
III ජවනිකා - සඳමහරජුගේ මාලිගාව.
සංස්කරණයසඳමහරජ සය පූසතිදේවි සිටිත්.
(සින්දුව)
සඳමහරජ - පුරාවි පාරමී දම් පුතා අපේ දාන දේය නිතී තෑගි බෝග දිදී බෝ බෝ බෝ පුරාවි පාරමී දම් පුතා අපේ දුන්නාලු දන් ඇතු කාලිංග දේශින්ටා ඒ කිපෙමින් බෝම ඉන්නාහු මෙදේස වාසීහු
පූසතිදේවී - පින්දම් දන්නා දෙන්නා දන් නෑ ඉන් වෙන්නෙ නෙය්යාඩම්
දනයෙනි ගත් පල මගෙ පුත් දැන් විඳ ඉන්නේ එලෙස් -
සඳමහරජ - පුරාවී පාරමී දම් පුතා අපේ දාන දේය නිතී තෑගි බෝග දිදී බෝ බෝ බෝ පුරාවී පාරමී දම් පුතා අපේ ෴
පූසතිදේවී - ස්වාමිනි සියලුම අකුසල් බලනකල ඒවා ආශාව හේතුකොටගෙන සිදුවෙන බව පෙණීයයි.
සඳමහරජ - එක විධියකට එහෙම හිතන්ට පුළුවනි, සංසාරය කියන්නේ ආශා නමැති නූලේ අමුනන නොයෙක් වර්ණයෙන් යුතු උත්පත්ති නමැති පබුළුය. ඔය ආශා නමැති නූල කම්මුතු උනාම උත්පත්ති නමැති පබුළු අමුනන්ට බැරිය එතකොට තමා නිර්වාණ.
පූසතිදේවී - අපේ පුතනුවෝ තමන්සතු වසුතුව නිර්ලෝභිව යාචකයින්ට දන්දී දාන පාරමිතාව පුරති.
සඳමහරජ - මට පෙණෙන්නේ මේ මනුෂ්යම ජීවිතය නමැති තුවක්කුව අපේ පුතා ලෝකේ සියල්ලටම වඩා ඉහළ ඉලක්කෙට කුරුමානම් අල්ලා පත්තු කරන්ට යන හැඩයි.
පූසතිදේවී - බුද්ධත්වයට වඩා ඉහළ ඉලක්කයක් කුමක්ද?
සඳමහරජ - එය ලබන්ට තමා ඔයහැටි වීර්ය දරන්නේ.
වැසියෝ තිදෙනෙක් පැමිණෙති.
(සින්දුව)
වැසියෝ - සම්පත නෑ බේරි, දන්දෙති පුත් පේවී සුදු හස්තී, නැතිවෙච්චී, ඒකාරී දැන් තේරී, ආමු ඔබහට සැලකරණට අපි - ලොකු පාඩුය් මේ කාරී -
(දොහොරා) - මෙලෝහි දුර්ලභය් රජිඳේ නැතේ සුදු හස්තියෙක් ඌ සේ- අනේ මන්දැයි එසේ දුන්නේ ඉලව්හැපුනා, පෙණෙය්
ඳෝසේ අපට විපත බාල අය රජකම ගෙණ මෙ දේසේ ෴
සඳමහරජ - වැසියනි, අපටත් ඒක ආරංචියි, තොපී නොකීපෙව්.
වැසියෝ - අනේ ස්වාමිනි ඔය තරම් ශ්ර ද්ධාව තිබෙනවා නම් සුදු ඇතා ඉතුරුකරගෙණ අනික් ඇතුන් උන්නාන්සේට දන්දෙන්ට බැරිද? අශ්වයන් දෙන්ට බැරිද? නොයෙක් රන්රුවන් දෙන්ට බැරිද? මුළු ලොවට දුර්ලභවු අපේ ඇත්රජ දන්දුන්නේ මන්ද? මේ ලාබාල කොලුවෙකුට රජකම ඔබවහන්සේ දී අපට මේ කළ විනේ කුමක්ද? ස්වාමිනේ කුමක්ද, ස්වාමිනේ ඉතින් අපි නැතෝ! (හඬති)
සඳමහරජ - සගයෙනි, ඒ නොකළමනා දෙය කළ තැනැත්තාට තොප කිවූ දඬුවමක් කරන්නෙමි.
වැසියෝ - මෙනුවරම සිට අප නැසූ තැනැත්තා මෙරට ඉන්ට නොදී වංකගිරි නම් පර්වතයට පිටවහල්කරණු මැනව.
සඳමහරජ - එම දඬුවම ඕහට මම පමුණුවන්නෙමි. තොපි නොකිපෙව්.
වැසියො - මින්පසු ඔබවහන්සේ යම් නිලයකට යමෙක් පත් කරන්ට මත්තෙන් මේ පුරාණ කීම මතකනැති නොකරණලෙස සැලකර සිටිම්හ. එනම් ‘ දනන් මහළුපා දෙලේ යොදා වෑකරෙව් සරුපා’
සඳමහරජ - ඒ යහපත් කීමකි. තොපි නොකිපෙව් කළ යුතු දඬුවම ඉක්මනට කරන්නෙමි.
(වැසියෝ රජුන් වැඳ නික්මයති.)
(සින්දුව)
සඳමහරජ - දේවි අපේ පුතාගේ ක්රි යාව කෝපවෙන්ට හේතුවේ හස්තියාගේ ප්රුමාණ තේරිනෑ, කෝපවෙන්ට හේතුවේ.
පූසතිදේවී - අච්චු පමුණුවලා සමා නොදී කෝප නිවාලා දැමුකල උන්ගෙ විකාරා
කෝපවෙන්ට හේතුවේ ෴
(නික්මයති)
3 අංකය.
සංස්කරණයI ජවනිකා - වෙස්සන්තර රජුගේ මාලිගාව.
සංස්කරණයවෙස්සන්තර මද්රී බිසෝ, ජාලිය කුමාර, ක්රි ෂ්නජිනාය, ඇමති දෙදෙනෙක්, මයුරනාද ද සිටිත්.
(ඇමතියෝ දෙදෙනා සහ මයුරනාද මේ සින්දුව කියති.)
ඇමති දෙදෙනා - දේවාධාරා ලත් ප්රිිය රාජා කුටුඹා සහ මයුරනාද අකුසල දුරුකර කුසල බජනකර පෑවො ධර්ම - ලෝකෙට දානෙන් තුසාර සුදු ප්රකකාර - නෑ ලොබ නීචමල පලුදු පුරාලා සිරිපති ගණපති රැක්ම දෙති - දේවාධාරා ලත් ප්රි්ය රාජා කුටුඹා ෴
වෙස්සන්තර - ඇමතිවරුණි ජයතුරා නුවර වැසියන් ඇළි ඇතා දන්දුන්නායි කියා කිපී පියරජුකරා පැමිණ මා වංකගිරි නම් පර්වතයට පිටවහල් කරන්ට අයැද සිටින බැවින් මම දෙදවසකට අවසර ගතිමි, මනුෂ්යියන්ට උපභොග පරිභොගවූ වනසතුන් සත්සියයක් බැගින් දන්දෙමි, හෙටද දාන ක්රීරඩාකර මව්පියන් වැඳ අවසරගෙණ හිමාලයෙහි තපස් ක්රීවඩාවට යන්නෙමි.
මද්රිෙබිසෝ - ස්වාමිනි ඔබවහන්සේ නැතුව මේ වාසලේ මට ඉන්ට බැරිය, මාත් හිමාලයට අරන් යනු මැනව. (සින්දුව)
වෙස්සන්තර - මගෙ මද්රි් නම් බිසෝගේ යාච්ඤාවෙ බෝය වේගේ නෙක් චන්ඩ ව්යාරඝ්රග වාසේ හිමාල දේශ දේවී
හාමත්ව ඉන්ට වේමැයි
බෝදුක් විඳින්ට වෙන්නේ
නවතින්න මාලිගාවේ
සීදේවි නේනු මාගේ ෴
මද්රිිබිසෝ - ගෙයි පාන නෑ ගියෝතින් මම් අන්ධකාරෙ ඉන්නෙම් මා බැන්ද පෙම්බරාගේ ඒ වාස මාගෙ වාසේ බෝ චණ්ඩ ව්යාාඝ්ර ආදී උන්නත් හිමාල දේසේ එමි ස්වාමි එක්ක නික්මී ඒ ජීවිතේට පේවී ෴
ජාලිය කුමාරයා - මාතා පිතා ඔබ වහන්සේලා දෙන්නාම අප මෙහි දමලා යන්ටද?
ක්රියස්ණජිනාය - අනේ මාතා ඔබගේ තුරුල්ලේ බුදියාගන්න මා මෙහි දමලා යන්ටද?
වෙස්සන්තර - පුතේ කණගාටුවෙන්ට එපා ජාලිය මම වඩාගෙණ යමි, ක්රිසස්ණජිනාය, මාතා වඩාගෙණ යනවා ඇති, බවේ දුක දරුවණි අප්රසමාණයි, ඉන් මිදෙන්ට මාර්ගය අපි සොයා යමු.
මද්රිනබිසෝ - මෙහි රාජසම්පත්ති කොපමණ තිබුනත් ඒ සියල්ලම අත්හැර මාගේ වාසනාවන්ත පුරුෂයා සමග දුක් විඳින්ට සූදානම්ව එන්නෙමි.
වෙස්සන්තර - ප්රිමය සොඳුර හිමාලයෙහි චණ්ඩවූ ඝොරවූ භයානකවූ සිංහ ව්යාසඝ්රව දිවි වලස් දාර පිඹුරු හුරු ආදීන්ගෙන් හා සීත සුලං ආද්යෙන් බොහෝ වූ උපද්ර ව ඇත්තේය, තෙපි අත්යසන්ත රාජ සුකුමාල බැවින් මහ හිමයෙහි වැස පිය නොහැක්කිය.
මද්රි් බිසෝ - අනේ ස්වාමීනි ඒතාක් වෙහෙස මාහිමි දක්නා මට රජ සැපතක් හා සමානය.
(දාසයෝ තිදෙනෙක්ද වාරාංගනාවෝ තිදෙනෙක්ද පැමිණ විලාප කියති.)
වාරාංගනෝ - අපේ ස්වාමින්වහන්සේ ඉතින් කවදා දකින්නෙමුද? අහෝ මේ අභිණිෂ්ක්ර මයෙන් අපේ ළය පැළී යන්නේය, ස්වාමිනි ඔබවහන්සේට සහ සිය පවුලට දේවෝපකාර ලැබේවා.
(සින්දුව)
දාසයෝ තිදෙන අප ස්වාමි මෙහි දැන් වාසේ හැරා හිම දේසකරා හිම දේසකරා - හා වරාංගනෝ පේවෙනවාඳෝ යනාසේ ළය දෙදරා යනවා දෙදරා යනවා - පස්ලාපි අපේ මුවෙ කාව බලා දැන් ඉන්ට ලැබේ සිත්වේ ශෝකා - සර්වෝපද්රක ලෝ භංගව සිද්ධි සැදී වෙසෙවා නරසී වෙසෙවා නරසී ෴
වෙස්සන්තර - දාසයෙනි ශෝක නොවව්, මාගේ අබිනිෂ්ක්රසමණයෙන් තොපට පාඩුවක්මෙන් පෙණීයතත් ලොවට ඉන් වැඩවන්නේය, සැනසී සිටිව්.
දාසයෝ තිදෙනා - ඔබවහන්සේට කිසි උවදුරක් නොවේවා දොවෝපකාර ලැබේවා. හා වරාංගනාවෝ
මයුරනාද - දේවයන්වහන්ස කවටබසින් ඉතින් කාගේ සිත මම ප්රි.යකරම්ද ? මගේ සොඳරත් මමත් මෙපමණකල් ඔබ වහන්සේගේ වාසලෙන් රැකුනෙමු, ඒ රැකිරක්ෂාගව අපට නැතිවුනත් ඔබවහන්සේව දිනපතා දැකගන්ට පමණක් අපට ඇත්නම් වෙන ඉසුරක් අපට ඕනෑ නැත, මේ ප්රනස්තාවේදී මටද හැඬුම් එන්නේය, ඔබවහන්සේට සහ බිසවුන්නාන්සේටද දරු කුමරුවන්ටද, බ්රැහ්ම, විෂ්ණු මහේශ්වර යන ත්රිනවිධත්වයේ ආධාර ලැබේවා, කිසියම් රෝ දුකක් නොවේවා, සිත් සැනසේත්වා, දිගා ලැබේවා, අපටත් සැනසිල්ල ලැබේවා.
(සින්දුව)
මයුරනාද - දී දන් ලෙවන් පිනානා අප බොධිසත්ව මෙකලේ බැබලේ තේජස නිමල්වන් දෙව්ලෝ පටන්ම බැබලේ දේවෝපකාරී වේවා මාගේ රජින්ද සුවසේ ඉඳින් තිරා ලැබ දිගා සීලේට පේවි සමිඳේ ෴
වෙස්සන්තර - මයුරනාද, තොපේ සුභ ප්රාලර්ථනාවට සතුටුවෙමි. ඉතින් මෙයින් නික්මයන්ට මට බාධා නොකරව්.
සියලුදෙනාම - ජයස්තු ජයස්තු ජයස්තු ! (වෙස්සන්තර රජ ජාලිය කුමරුන් වඩාගෙණ මද්රි බිසෝ ක්රියෂ්ණජිනාය වඩාගෙණ රාජසම්පත්තීයන් අත්හැරදමා නික්මයති. දෙවියෝ අහසේ ඉඳ සාධු කාර දෙති.)
II ජවනිකා - දුන් නිවිඨනම් බ්රාධහ්මණ ග්රාතමයේ වීථියක්.
සංස්කරණයපූජකනම් බ්රාකහ්මණයාගේ ස්ත්රීිවන අමිත්තතාප නම් බැමිණිය පැන් ගෙණෙන්ට තවත් ස්ත්රිොයක් සමග යයි - පැන් කළ දෙකක් දෙන්නා උකුලේ ගෙණෙති.
(සින්දුව)
අමිත්තතාප - පුරුසා මාගේ සකි ජූජකා නම් සොඳ වාහේ දෙයි රෙදිපිළි ලක්ෂ ණවී ඉන්ට ගේදොර බාරේ බෝ පවිත්රප වස්ත්රෂ දීපි ආභරණාදී මේ මගේ ජූජක බමුණු නාකිමුත් මට සන්තෝසේ -
ස්ත්රීජ - නාකියා හොඳ සැමිවේ කාමදාසයා රාගේ රංගය දනී පෙන්නා දයා කෑජර ආලය නිතර පාය බාරිටා
අමිත්තතාප - සුන්දර සැමි මට සොඳසේ බලන්නා සන්තෝසා කරදෙන ආයිත්තම් මෙන්නා සාළුද සේල දී ආලේ හැඟුතී ස්වාමි සන්තෝසේ බෝරස කෑම සදාය දිවාරෑ
ස්ත්රීෑ - තිට වාගේ මට වාහේ ලැබුනොත් සැපා වේ අඟනෝ නාකි මේ ලෝකේ බඳිති
සීල සම්පන්නා ෴
අමිත්තතාප - පුරුසා මාගේ සකි ජූජකා නම් සොඳ වාහේ දෙයි රෙදිපිළි ලක්ෂබණවී ඉන්ට ගේදොර බාරේ ෴
ස්ත්රීෙ - තිගේ පුරුෂයා තිට කරන සත්කාර බැලුවාම සෙසු ස්ත්රී න්ට ගුරුකමක් ගන්ට තිබේ.
අමිත්තතාප - මගේ පුරුෂයා කෙරෙහි මහත් ගෞරවයෙන් උපකාර සත්කාර කරමි. - මේ ගමේ සිටින බ්රාතහ්මණ ඉලන්දාරි තමන්ගේ බැමිණියන්ට කෝපවී කෙල්ලෙනි ජූතක නම් මහළු බමුණාට අමිත්තතාප නම් තරුණ ස්ත්රි යක් උපස්ථාන කරන හැටි බලා අපෙන් උපස්ථාන ලබන්ට බලාපෙරොත්තු නොවව් කියති ෴
ස්ත්රීඋ - නාකියා උනත් ඉලන්දාරියා උනත් පුරුෂයා පුරුෂයාමයි - අමිත්තතාප පුරුෂයාට පැවතී සිටියාම නිමානරතිය නම් දිව්යතලෝකයේ මනාප කායිකා නම් දිව්යංරගනාව වී උපදින බව දැනගණින්.
(තරුණ බැමිණියෝ දෙදෙනෙක් පැන්කළ අරන් පැමිණෙති.)
(සින්දුව)
1 බැමිණි - නාකියගෙ නාම්බි සිටින්නී හිනාවී මෑගේ දෑසා නැතිලෙස, පාවාගතී අර ලොම්බා පැහී ගිය කුදාවී - නාකියගෙ නාම්බි සිටින්නී හිනාවි ෴
2 බැමිණි - විකාලේ කාල මේයස ගෑනු මේ යති පස්සේ නිකින්ගෙ. හිනාවය් මේක දැක්කාවූන් කියත් බෝ දෝෂ ගෑනුන්ගේ එපා ඒ හම්පඩා වෙත් ඉන්ට තී කාටත් එනින්දාවයි රූපෙන් කිමා කම් දැන් තරුණාංගනා ඔහොම මගුල් වේනම් -
1 බැමිණි - මොකට බැන්දාද ලඳා - ලජ්ජා නැද්දෝ මෙදා දෑස ඇත්තේද ලොඳා - චිඃ නාකිත් කාට හොඳා
2 බැමිණි - දොස් තේරී පලයන් වෙන්වී නොසෑහේ වාහේ
ලියන්ටත් බෝ නිගාවක් බැව් දැන්වත් තේරේ තේරේ නාකි වාහෙගෙ ප්රේ මන් සිදුවෙති දෝෂා -
1 බැමිණි - නාකියගෙ නාම්බි සිටින්නී හිනාවී මෑගේ දෑසා නැතීලෙස, පාවාගතී අර ලොම්බා පැහීගිය කුදාවී ෴
අමිත්තතාප - මොකද උඹලා මට අපහස කරන්නේ
1 බැමිණි - තිට අපහස කරනවා නොවෙයි - තිගේ මොළේ නැතුව කරගෙණ තිබෙන මගුලේ හැටි තමා කීවේ
අමිත්තතාප - මට හොඳනම් කාටවත් මොකද
2 බැමිණි - තී අපේ ස්ත්රීමපක්ෂයට අයත් කෙනෙක් නිසා තිගේ නුසුදුසු මංගල්යත ප්ර ස්තාවෙන් ස්ත්රී නම දරන අප සියල්ලටම කැලලක්ය.
අමිත්තතාප - ඔහොම හිතනවානම් අර අපේ පියාගේ නිවසෙහි ඇති දැඩිවෙන කාලේදී කිළුටු ඇඳගෙණ කුසගින්නෙ ඉන්න කොට කෝ ඔය තරම් කැක්කුම ඇති ස්ත්රීග මට කළ උපකාර.
1 බැමිණි - ඒ කාලේදී තිගේ සුවදුක් අපි නොදැන සිටියෙමු - දැන් තීට වෙලා තිබෙන මේ විපත එසේ මෙසේ එකක් නොවේය. අපටද එය මහ මදිකමකි.
අමිත්තතාප - නුඹලාගේ අවවාදය සිතට ගණිමි - නුමුත් මගේ පුරුෂයා නාකී උනත් රන්කඳකි.
1 බැමිණි - එඹල පව්කළ තැනැත්තිය නවයෞවනයෙන් යුක්ත වූ තී ජරා දුර්වල ජූතකයා හට දුන් තිගේ දෙමව්පියෝ තිට සතුරෝය - තී පෙර නවවක්හී යාගයෙහි ලූ බත් පළමු කොට කෑ මහළු කවුඩෙක් හෙයින් මහලු මිනිසෙකු ලද්දෙහිය. ගැරඬි සමක් වැනි ඇඟ රැළිඇති කඩ දත් ඇති කෙළතොළු මහළු බමුණා හා තිගේ කවරනම් පංචනාම සම්පත්තියෙක්ද
අමිත්තතාප - මට හෙලාදකින්ට කමක් නෑ - නුඹලා දැන් කී සියල්ලක්ම හිතට ගතිමි - පැන් ගත්තානම් පිටත්වී යමු.
III ජවනිකා - ජූතක බමුණාගේ නිවස.
සංස්කරණය(සින්දුව)
ජූතක - දැන් බාරී තේරී මගෙ කාරී බෝසේ - ගෙණ පැන් කළේ, එය් දැන්කලේ, පෙම් පා ලොලේ බත්කාමුලේ - නාකින්ටත් මේ ලෝකේ සන්තෝසේ - බෝදෙත්නාරී - දැන් බාරි තේරී මගෙකාරී බෝසේ - ගෙණ පැන් කලේ එය් දැන් කලේ, පෙම් පා ලොලේ, බත්කාමුලේ - මට බුලත් කොටාලා දෙන්නේ - කරපෙම් පෙම් පෙම් මට බතුත් බෙදාලා දෙන්නේ - හුරතල් ලොල් ලොල් මහළු උනත් මම් - විඳිමි සැපා කම් සිත් තොස් වන්නා මේ - කාරෙන් මාගේ බෝවී වාසනා ෴
දැන් බාරි තේරී මගෙ කාරී බෝසේ ගෙණ පැන් කළේ එය් දැන් කලේ, පෙම් පා ලොලේ, බත්කා මුලේ ෴
පතීව්රනතාව රකිනා භාර්යාතොමෝ කිසි වංගුවක් නැති පොල් ගෙඩියක් පමණ මහතැති රතුකැටයටත් වඩා වටිනාය. මේ වෙනතාක් මාගේ සොඳුරගේ වටිනාකම මිළ කරන්ට බැරිය - මගේ බාලකාලයෙහි පටන් සිගා නාකිවෙනකල් සම්භ කළ කහවනු සියය මගේ සොඳුරගේ පියා ලඟ තබාගොස් කල්යාමකින් ඇවිත් ඉල්ලුවාම එය වියදම්වුනු බව මට කියා කහවනු සියය වෙනුවට ඔහුගේ දුව වන අම්ත්තතාප ගෙණයවයි කීය - එය භාරගත් මේ අමිත්තතාප වාගේ යහපත් ස්ත්රිීයක් අදවෙනතුරා නුදිටිමි - ස්ත්රි යෝ වනාහි දුර්වල තැනැත්තියෝය - අතමිට හිඟවුනොත් කටගහන්ට බැරි නෑ.
(අමිත්තතාප පැන් කළයක් අරන් ඇවිත් ජූතකයාගේ රැවුල අල්ලා මෙසේ කියයි.)
(සින්දුව)
අමිත්තතාප - බෝම දෝෂ පැන්තොටේ ගෑනු දැන් කියත් මෙරාල මගේ නාකි හින්දා බෝ හෙලාදකිත් ෴
ජූතක - නාකියාගෙ රන් මුදල් ගත් තිගේ පියා හිලව්ව කළේ තීව බන්දා දී මෙමා සොයා ෴
අමිත්තතාප - බෝම බාලවූ මෙමා කාමදාසවූ මෙනාකි හමා මන්ද ගත්තේ ඉන් නිගාසෙවූ ෴
ජූතක - නාකිවීම කාටමුත් ලෝ සුබාවකී බිරින්ද තිටත් ඒක වේමැයි ලෝජනා දකී ෴
අමිත්තතාප - නාකි වෙන්ට කල් තිබේ දැන්ම දාසයන් මෙහාට සොයා කැන්දවාපන් අද්දවන්ට පැන් ෴
ජූතක - බාරි කෝප වෙන්ටෙපා පැන් ගෙණත් දෙමි එදාස වැඩේ මම් කරන්නෙම් තී නිසා නැමී ෴
අමිත්තතාප - අහෝ නාකි බමුණා තා කෙරේ හුන් විපාකය අද ලද්දෙමි - මේගම ලමිස්සියන් මට පැන්තොටදී නොකළ නින්දාවෙක් නැත. වහා ගොස් දාසයෙකු හෝ දාසියෙකු හෝ ගෙණෙනු නැතහොත් තා කෙරෙහි නොයිඳ යන්නෙමි.
ජූතක - එම්බා සොඳුර මහළු වූ බැවින් දාස දාසින් ලද්දෙක් නොවෙමි. අද පටන් තොපට දර දිය දෙකෙම ගෙණත් දෙන්නෙමි. තෙපි ගෙය රැක ඉඳු.
අමිත්තතාප - අහෝ බ්රාණහ්මණය සැමියන්ගෙන්, මෙහෙවර ගන්නා කුලයක මම නූපන්නෙමි. නපුරු බස් නොකියා දාසයෙකු හෝ දාසියෙකු හෝ ගෙණ එව.
ජූතක - දාස දාසින් කෙසේ ලබමිද.
අමිත්තතාප - එපමණකවත් නොදන්නෙහිද - වෙස්සන්තර නම් මහ රජානන් වහන්සේ අඹුදරුවන් සහිතවම වංකගිරි නම් පර්වතයෙහි වසනාසේක එහි ගොස් දාස දාසින් ගෙණ එව.
ජූතක - එහි යන්නෙමි දර ගෙණත් ගේ පුරවා දිය ගෙනත් වලන් පුරවා ගේවට වැට කඩුලු කටුපැලලි බැඳ පිටත්වෙන්නෙමි.
(ජූතක අඹුවට වැඳ ආදර දක්වා තුන් තැනක වැඳ වැටී සමුගෙණ අඬ අඬා අඹුවට තුන්වරක් ප්ර්දක්ෂි ණා කෙරෙමින් මාර්ගෝපකරණ ගෙණ පසුඹිය කරලා ගෙණ නික්ම යයි)
IV ජවනිකා ජයතුරා නුවර සිට චේතිය රජුගේ නුවරට යන වීථියක්
සංස්කරණයවෙස්සන්තර මහරජ, මද්රිකබිසෝ, ජාලියකුමර සහ ක්රි ෂ්ණජිනාය අශ්වයන් හතර දෙනෙක් බැඳි රථයකින් ගමන් කරති.)
(සින්දුව)
වෙස්සන්තර - යමු දේවී බෝම මාන්සිවී පාපෙන් ගැලවී අපි - යමු දේවී බෝම මාන්සිවී - පාරමිතා පුරා දන්දෙමි මේලෝකේ බුදුබව ඉන් ලැබීමටා ෴
මද්රිව - දෙන දානේ ආනිශංස බෝ ඒකෙන් ලොබ සංසිඳී ශීත හිමාලයේ සිල්රැක මා ස්වාමි නිවසමු ඉන් ගෙවේ බවා ෴
ජාලිය - මගේ නංගි ක්රිමෂ්ණජිනාවෝ මේකෙන් අපට දුකා - මගේ නංගී ක්රිකෂ්ණජිනාවෝ දාන දිදී පියා පින්කරගන්නා බෝ සිදුවුනි දුක් මෙසේ මෙදා ෴
ක්රිවෂ්ණජිනා - සසරේ දුක් දැක්ක මාපියා දානෙන් ලොබ සුන්කෙරි සසරේ දුක් දැක්ක මාපියා ඊට අපේ දුකා පින්ඇති අය්යණ්ඩී නැත පමණා පෙණේ මෙදා ෴
(බමුණෙක් පැමිණේ)
(සින්දුව)
බමුණා - පින්කර යන වෙස්සන්තර දැන් මට දෙනු දන් යාන වාහනාදි දාන දාන දෙමිනි පාන බෝධිසත්වගුණ මට මෙම රිය දෙන්න ස්වාමි දැන් - තේරී දුක් ලෝෂක තිබෙනා දන්දීම කෙරේ මෝහේ සිඳේවී විකාර සින්දි යතී කීදාන දෙන්නේ, සන්තෝසවෙන්නේ, මාගේ පවුලේ දුක්ගෙවෙන්නේ - හායි හායි. හායි හායි කීව දාන දෙන්. ෴
වෙස්සන්තර - මද්රිාදේවි දරුවනි රථයෙන් බසිව් මෙම බ්රා හ්මණයාගේ මනදොළ පූරණය කර අපි මේ රථය ඔහුට දන් දී පයින් යමු. (රථයෙන් බසිති) බ්රායහ්මණය මේ රථය දන්දෙමි අරන්ගොස් තොපේ අගහිඟ පිරිමසාගණු.
(සාධුකාර දී බමුණා රථය අරන් නික්මයයි.)
(වෙස්සන්තර රජ මද්රිථ බිසව සහ දරු දෙදෙනා පයින් ගමන් කරති.)
ජාලිය - අම්මා මේ මාර්ගය දෙපැත්තේ අඹ දඹ ආදි පලතුරු පෙණෙති. අපට බඩගිනියි. එය කන්ට කඩා දෙනු මැන.
මද්රිබිසෝ - ඔය ගස් නැමී නැමී තොපේ අතින්ම ගෙඩි කඩා ගැන්ම පහසුවෙන්නේය. (දරුවෝ ගෙඩි කඩාගනිති)
(නික්මයති)
4 අංකය
සංස්කරණයI ජවනිකා - චේතිය රජුගේ මාලිගාව.
සංස්කරණයචේතිය රජ, බිසව, ඇමතිවරු දෙදෙනෙක් ද කවට ධූරන්ධර ජයසේනද ඔහුගේ ස්ත්රී, ඔමරිද සිටිත්.
චේතියරජ - ජයසේන මේ ලෝකේ සියල්ලටම වඩා තද වේගයකින් ගමන් කරන වස්තුව කුමක්ද?
ජයසේන - විදුලිය
ජයසේන - තවදුරටත් කල්පනාකර බලාපන්.
ඔමරි - මට හිතෙන හැටියට හිත.
චේතියරජ - ඔමරිගේ මතය හරියි මටත් කල්පනා වෙනවා
ජයසේන - එහෙයි ස්වාමිනි මේ අසුර ගසන තරම් වේලාවකින් බ්රේහ්මලොව දක්වා හිතට දුවන්ට පුළුවනි.
චේතියරජ - ඒ යහපත් බලයක් ඇත්තාවූ හිත කිළුටුවෙන්නේ කොහොමද?
ජයසේන - අපොයි දේවයන්වහන්ස එය කිළුටුවෙන විධි බොහොම තිබේ.
චේතියරජ - මේ අප සියලු දෙනාටම දැනගන්ට කියපන්.
(සින්දුව)
ජයසේන - පංචපාපෙන් හා රග ද්වේෂ මෝහයෙන් වෙලී රුදු ආලයෙන් පෙලී මහෝපද්රහයේ ගැලී ලෝක විකාරෙකි දේවනේ මෙම කී මල හිතෙහී බැන්දාම පාපේ සැදී වැනසෙන් නරා නාරි චිත්ත බෝ පවිතුවේ - කිව් මලෙන් මිදු තැනේ වාසනා ලොවේ - පිරේ බෝම ස්වාමිනේ ෴
චේතියරජ - ජයසේනගේ කීම හරි - හිතේ බඳින මලකඩ ඕවාතමා. ඒ මලකඩ දුරුකරගත්තාම මේ ශරීරකූඩුව අරන් ගුවනේ පවා ගමන්කරන්ට පුළුවනි.
ජයසේන - එහෙයි ස්වාමිනි හිතට ඒතරම් බලයක් තිබෙනවා - විදුලි බලයට වඩා ලොකු බලයකි.
බිසව - තොපේ ඔමරිගේ හිත කොහොමද?
ජයසේන - අපේ ස්වාමිදූ ඇගේ හිත බොහොම කිළුටුයි.
ඔමරි - මගේ මාළු නටනවා.
ජයසේන - මගේ රත්තරණ තරහවෙන්ට එපා - හිත කිළුටුනැති කෙනෙක් සොයාගන්ට බොහොම අමාරුයි. අප දෙන්නාගේ හිත කිළුටු නැත්නම් මේ ක්ෂ ණයෙන් දෙන්නාටම දිව්යනලෝකවල පවා ගමන්කර එන්ට පුළුවනි.
බිසව - මනුෂ්යයයාගේ බලපරාක්ර මය හැංගි තිබෙන්නේ හිතේ බව පෙණීයයි - ඔය දුනු ඊතල් කඩු මුගුරු ආදියේ එය නොරඳන්නේය.
චේතිය - දුනු ඊතල් කඩු මුගුරු ඕනෑකරන්නේ පිරිසිදු නැති නිසයි. - හිත පිරිසිදුනම් ඔය මොකවත් ඕනෑ නෑ.
බිසව - ජයසේන නුඹේ ස්ත්රී ටත් කියන්ට පුළුවන් සින්දුවක් පටන්ගණින්.
ජයසේන - මට කියන්ට පුළුවන් කැමති සින්දුවක් ඈටත් පුළුවනි.
චේතිය - හෙනම් කිව්වාට මන්ද
(සින්දුව)
ජයසේන - මාගෙ ළදැරියා සංගීත පිරියා, දෙව්ලෝ නිවසනා රම්බා වගේ -
ඔමරි - මට පෙම් පාන වාගේ දෙය් සැපා
ජයසේන - බාරි වාගේ මේලෝකෙ නෑ අංගනා
ඔමරි - සබාස් සබාස්
ජයසේන - බාරි වාගේ මේලෝකෙ නෑ අංගනා
ඔමරි - ප්රිබතිවෙය් මනා
ජයසේන - හාය් නැලවෙන්කෝ කියා සින්දු බාරි
අන්දම් සොඳේ රාගේ හොඳේ තාලේ හොඳේ
චේතී රටේ රාජා නදේ මාගේ ලඳේ තෑගි පිදේ
ශෝකා සිඳේ ඇත්නම් හදේ ගීතා නදේ වන්කලේ
කර්ණෙණ - සීදේවී -
ඔමරි - අපි දෙන්නා කියාලමු සින්දුමේ ඊට සරෝස් නොවෙය් රජින්දා
ජයසේන - - මා හොඳ පුරුසා තීගේ මනා පිනේ
ඔමරි - ඉන්නා බස්සා වාගේ වාගේ
ජයසේන - ඇයි
ඔමරි - හුයි ෴
ජයසේන - මාගේ ළදැරියා සංගීත පිරියා දෙව්ලෝ නිවසනා රම්බා වගේ
(වෙස්සන්තර රජ මද්රිද බිසෝ ජාලිය කුමර සහ ක්රිාෂ්ණජිනාවෝ පැමිණෙති)
(චේතිය රජ සහ බිසෝ දෙඅත් වැලඳගෙණ මෙසේ කියති)
චේතියරජ - අහෝ වෙස්සන්තර මහරජාණෙනි කුමන ගමනක්ද දුරුකතර ගෙවා වැඩියාවූ නුඹගේ නිරෝගි බව කිමෙක්ද නුඹගේ නිරෝගි බව කිමෙක්ද නුඹගේ පියානන්ගේ නිරොගිබව කිමෙක්ද සිවිරට වැසියන්ගේ සුවදුක් කොහොමද මහරජාණෙනි නුඹගේ මහ බලසෙනග කොයිද නුඹවහන්සේගේ රථ සෙනග කොයිද මා දුවනියන් නැගී ආ රන්දෝලි කොයිද රන්සිවිගෙවල් කොයිද මා මුනුබුරෝ අව්සුලන් විඳ කෙසේ අව්ද මේ කෙබඳු විපත්තියක්ද.
වෙස්සන්තර - - පිංඩා නම් හස්ති රත්නය කලිගුරට බමුණන්ට දන් දුනිමි - ඒ නිසා සිවිරට වාසීහු කිපී වංකගිරි පර්වතයට යනසේ සම්මතකළහුය. - එම වංකගිරි පර්වතයට යන්ට මෙහි පැමිණියෙමි.
සියලුදෙනාම - ‘සවාගතං තෙ මහාරාජ’ මෙහි වැඩහිද අප හැමට රාජ්ය කර වදාල මැනව.
වෙස්සන්තර - - මයිලනුවන් වහන්ස මට රාජ්යිශ්රීා සම්පත් කමක්නෑ වංකගිරියට යන පාර මට පෙන්නාදෙනසේ ඉල්ලමි - එහි ගොස් තපස් ශීලය රක්ෂාර කරමි.
චේතියරජ - මගේ හිත ශෝකයෙන් පිරේ ඒ කෙසේ වෙතත් යහපත් කරුණක් ගැන වඩින ගමනක් බව මට හැඟීයයි - මමද මාගේ සේනාවද පාර පෙන්නන්ට එන්නෙමු - යමු පිටත්වී
(සින්දුව)
සියලුදෙනාම - නෙක් කුසල් සම්පත්ති ඇති සිත් නිමල් දන්දෙන වෙස්සන්තර් රජ හුඟක් කල් ජීවත්ව නිරෝගි සම්පත් අත්පත් වෙන්නට බේරි දෙයියන්ව නමාමි දුක් යන්ට නිමාවි කිත් යන්නා දිලුම්වී, දෙව්ලොව තෙක් යාවි මින් සෙත ලැබේයි - ලෝ සත් කාටත් - පින් දම් බලේ - දැන් දීප්තිවෙය සිව් කොන් - නෙක් කුසල් සම්පත්ති ඇති සිත් නිමල් ෴ (නික්මයති.)
II ජවනිකා - වනාන්තරේ වංගගිරි මාර්ගය
සංස්කරණයවෙස්සන්තර මහරජ, මද්රිත බිසෝ සහ දරු දෙදෙන ගමන් කරති.
(සින්දුව)
වෙස්සන්තර - පුත්රි පුත්රිර දේවි මෙහි පෙණෙත් විශාල පර්වතා ඝෝර ව්යා ඝ්රි සිංහ දාර පිඹුරු වසති නෙක් අතා
රෑට නින්ද නොයා ශී ත බෝ තදින් වදීය වා ත වනේ විසුම දෙන්නෙ බී ත රුදු ලෙඩ ඇත සන්නිපා ත
ජාලිය - මාගෙ භාග්ය්වන්ත පිතුරු මව්ද දැන් ඉඳිත්වනේ -
ඒ නිසාම නැත භයක් ඊට සෞම්ය පිතුරුනේ
මද්රිාබිසෝ - පුණ්ය වන්ත ස්වාමියා කෙරේ බැඳි දයා ළයේ නෑරී පවති මේ හිමාලයේ උනත් දිවා රැයේ ඉතා ශීත හුලං වේග වෙව්ලවා දමාය අංග
ක්රිලෂ්ණජිනාවෝ - දැසෙ නින්ද නේය රෑට මේ හිමාලයේ පියේ - බෝම දුක් විඳින්ට වේය හාමතේ දිවා රැයේ -
වෙස්සන්තර - සර්ව ගන්ධයෙන් ගන්ධිතවූ ගන්ධමාදන පර්වත දැන් පෙණීයයි - අර පෙනෙන්නේ කේතුමතී නම් ගඟය. අපි මුචලින්ද නම් විල්තෙරෙන් ගොස් ගිරිදුර්ග ගෙවා වංගගිරි පර්වතයට නුදුරු සතරැස් පොකුණට පැමිණෙන්ට යමු.
(නික්ම යති.)
(ජූතක බමුණා පැමිණේ.)
(සින්දුව)
ජූතක - බෝදොස්කියා - මාගෙ - බෝදොස්කියා - මාගෙ බෝදොස්කියා සිවිදේසේ වැස්සෝ කිපී - පන්නා මාලූහ මෙවන දාසින්ව ලබා ගෙණා - සම්භවෙන්ටා සුන්දරී යන්නටා හැක්කීවෙදෝ - දානාදෙයිද වෙස්සන්තර බෝදොස් කියා - මාගෙ බෝදොස්කියා - මාගෙ බෝ දොස් කියා -
(චේතිය පුත්රද නම් වැදි පුත්රදයා කීන බල්ලන් සමග බල්ලන් සමග පැමිණ ජූතක බමුණාට බල්ලන් උසිගන්නයි. ජූතක බමුණා මරභයේ ගසට නගී)
වැදිපුත්ර යා - උසි උසි උසි
කීන බල්ලෝ - බුඃ බුඃ බුඃ
ජූතක - (ගහේ ඉඳන්) - අනේ මා මරන්ට එපා.
වැදිපුත්ර යා - (උරපුරා දුන්න ඇඳ) අහෝ බ්රා.හ්මණය තාගේ මහබඩවිද
අතුරුබහනින් මේ මහ වනමාර්ගුයේ දේවතාවන්ට බිලි පූජා කරමි.
ජූතක - පින්වත මා නොවිදව - ජයතුරා නුවර සිවි වාසීන්ගේ සම්මතයෙන් ආ දූතයෙක්මි. - වෙස්සන්තර මහරජානන්ගේ ජයතුරා නගර ප්රොවේශ මංගල්ය්යට දූත මෙහෙවරයට යන්නෙමි.
වැදිපුත්ර යා - එසේ නම් තොපට කිසි අන්තරාවක් නොකර බල්ලන් ගහේ බඳිමි - ගහෙන් බසිනු. (ජූතක ගහෙන් බසී)
ජූතක - අනේ මට වංගගිරියට යන මාර්ගය කියනු මැනව.
වැදිපුත්ර යා - ඔන්න ඔහොම යනු
(වැදි පුත්රේයා නික්මයයි)
(මෙසේ ජූතක හුඟක් දුර යනකොට විපුල නම් පර්වතය කරා පැමිණිකල අච්චුත නම් තාපසයන් වහන්සේ සම්භවේ)
ජූතක - සුවදුක් කෙසේද ස්වාමිනි.
අච්චුත - සුවසේ සිටිමි - තොපි කවුද
ජූතක - වෙස්සන්තර රජ්ජුරුවන් බාලකල අකුරුකරවා ලිම් දැන් මාසයක් මුලුල්ලෙහි මා ඇස නොදැක්කෙමි - සැප දුක් දැනගන්ට යන්නෙමි.
අච්චුත - වංකගිරි පර්වතයට යන මාර්ගය ඔන්න ඔහෙන්. (ජූතක නමස්කාරකොට නික්මයයි) (නික්මයති)
III ජවනිකා ශක්රටභවන
සංස්කරණයශක්රIදේවේන්ද්රක පාඬුකඹල ශෛලාශනයේ සිටි විශ්වකර්ම දිව්යවපුත්රපයා පැත්තකින් සිටි උරුවීසි ආදී දිව්යාං්ගනාවෝ දහදෙනෙකේ ගි කියා නටති.
(සින්දුව)
නාටිකාංගනාවෝ - ශක්ර දේවදෙව්ලෝරජානෝ මේ පඬැඹුලඅස්නේ - බෝ මන් පිනී සිටිනාහූ - බෝ තුති බෝ තුති පුදමු සොඳසේ නටලා ගීකියලා තේරී - සෝබන චූඩා රත්න රශ්මි යායා දිසා දීප්ති - බෝ මන් පිනී සිටිනාහු -
නැත්තේ විපතා දෙව්ලෝ දැන් සින්දී දප් ඒ අසුරන්ගේ අප සුරනා මේලෝ පාලනා අන්දම් සිත්තොස්දෙන්නේ බෝතුති බෝතුති පුදමු සෝඳසේ - නටලාගීකියලා තේරී - සෝබන චූඩා රත්න රශ්මි - යාය දිසා දීප්ති - බෝ මන් පිනී සිටිනාහු
සක්දෙව් - විශ්වකර්ම මාගේ පාඬුකම්බල ශෛලාසනය රත්වී යන බව හැගේ.
විශ්වකර්ම - දේවයන්වහන්ස කුමක් නිසාදැයි බලනු මැන.
සක්දෙව් - මනුෂ්ය් ලෝකයේ සිවිරට සඳමහ රජුන්ගේ පුත් වෙස්සන්තර මහරජ දානපාරමිතා පුරා තමන් සතු සියල්ලක්ම යාචකයින්ට දන්දී බුදුබව ප්රාුර්ථනාකර සිටින හෙයින් වැසියෝ කිපි උන්නාන්සේව වංකගිරි පර්වතයට එලවා දැමුවෝය. ඒ රජ සියපවුලත් සමග වංකගිරියේ තපස් ශිලය ආරක්ෂා කරන්ට දැන් ගමනේ යෙදී සිටී - තොපි විගස වංකගිරියට ගොස් ආශ්රවම දෙකක් එනම් වෙස්සන්තර රජුට වෙනම ආශ්රවමයක්ද මද්රිිබිසෝට වෙනම ආශ්ර මයක්ද තපස් පිරිකර දෙකක් දමවා පැවිදිවන්නාවුන්ට කැපයයි කියා භක්තියෙන් අකුරු ඇඳ හාත්පසින් දොළොස් යොදුනක් ප්ර මාණයෙහි වංඩවූ සිංහ ව්යාොඝ්රා්දීන් ලුහුබැඳ එලවා දමා මෙහි ඇවිත් මට දන්වනු මැනව.
විශ්වකර්ම - එසේ යහපති දේව.
(නික්මයති)
5 අංකය.
සංස්කරණය(I ජවනිකා - වංකගිරි ආශ්ර ම.)
සංස්කරණයවෙස්සන්තර රජ වෙනම ආශ්ර මයක වැඩසිටින සේක. මද්රි බිසෝ දරුවන් සමඟ වෙනම ආශ්රමමයක සිටින සේක. රෑ පශ්චිම යාමයෙහි මද්රි න් දේවීන් නපුරු ස්වප්නයක් දැක භයින් තැතිගෙණ වෙස්සන්තර රජුගේ පන්සලට ගොස් දොරට තට්ටුකරන්නීය.
මද්රි බිසෝ - රජුනේ රජුනේ රජුනේ දොර අරිණු අනේ.
වෙස්සන්තර - කවුද
මද්රිනබිසෝ - ස්වාමිනි මද්රිරය.
වෙස්සන්තර - මද්රිජනි කලට හෝ අකලට හෝ මාගේ පන්සලට එන්ට එපා යනු මා කියල තිබෙන බව නොදන්නෙහිද?
මද්රියබිසෝ - ස්වාමිනි ආයෙත් නොඑමි - නපුරු ස්වප්නයක් දැක විචාරපියන්නට ආමි.
වෙස්සන්තර - කෙබඳු ස්වප්නයක්ද?
මද්රිනබිසෝ - කාලවර්ණ වූ එක් පුරුෂයෙක් කසා පිළි දෙකක් හැඳ දෙකණ රත්මල් හැඳ භයානකවූ ආයුධයක් අතින් ගෙණ මාගේ පන්සලට වැද ජටාමඩුලු සහිතව මාගේ හිස ගෙණ භූමියෙහි මා හෙලා හඬව හඬව මාගේ ඇස් දෙක උපුටා දෙඅත් කපා ගෙණ හෘදය පලා ලේහෙලා හෘදයමාංශය ගෙණ ගියේය.
වෙස්සන්තර - (අහකට කියයි) මාගේ දාන පාරමිතාව පුරවා ලීමට කල්යා්ණ මිත්රනයෙක් එන බවට පූර්ව ලකුණකි. සාධු සාධු (මද්රිී බිසෝට) මද්රිනනි රජ සැප අත්හැරලා මේ වනයෙහි නපුරු බොජුන් වළඳන තොපට පෙණුන විකාර හීනයකි. භය නොවී ගොසින් බුදියගණු මැනව.
(මද්රින බිසෝ නික්මයයි.)
(සින්දුව)
වෙස්සන්තර - හීනෙ තේරේ තේරේ - දෝනිද පුතා දාන දෙන්ට කාලේ - මගෙ දේවී බිය පත්වී - දෝනිද පුතා දාන දෙන්ට කාලේ - පිබිද මෙහි ආව සැරේ - දානේ වෙයි සාරේ - නිමල දහම් පෑදේ- මෙලෝකතුලේ - සෑම දේශලෝකේ විපත්ති සුන් - කරමි මෙදැන් දෙමි මගෙ දරු දානේ - හිමාලේ හිමාලේ හිමාලේ දෝනිද පුතා දාන දෙන්ට කාලේ ෴
මද්රි බිසෝ - (දරුවන් සිඹ කියයි) දරුවෙනි අද නපුරු ස්වප්නයක් දිටිමි ප්රරවේසම්වී සිටිව් (රජුට කියයි) මා දුටු ස්වප්නය කිසි ශුභයක් නැත - මා දරුවන් භාරගෙණ රැක වදාළ මැනව ඵලාඵල පිණිස මේ කෙක්ක හා පැස ගෙණ වනයට ඵලාඵල පිණිස මේ කෙක්ක හා පැස ගෙණ වනයට යමි - මා එනකල් ස්වාමිනි මාගේ දරු දෙන්නා රැකගත මැනව.
වෙස්සන්තර - ඵලාඵල සොයා ගෙණ එනු - ස්වප්නය ගැන කණගාටු නොවෙනු.
(මද්රි බිසෝ වනයට නික්මයයි.)
මේ ගල්පෝරුව මත්තේ වැඩහිඳිමි දරුවෙනි මෙහි ඇවිත් මාගේ පාමුල සෙල්ලම්කර ඉඳගණිවු
(දරුවෝ පාමුල හිඳිති - ජූතක බමුණා පැමිණේ.)
(සින්දුව)
ජූතක - මම් ගොසින් පින්වත් රජුන් ජයතුරා පුරේ සෙව්වෙම් ඒ පුරේ වැස්සෝ මෙමා එලෙව්වො බෝ කෝපෙන් ගසා ආවේ ඉතින් මෙවන කරා දාන ලබාගන්ටය් මා පුත් පුත්රීය පාද මුලේ - සෙල්ලමින් බෝ ඉන්නාහු ෴
වෙස්සන්තර - දෙන්ට දන් නැත්තේ මෙදා දරු විනා මෙමාගාවා
මාගමේ පුත්රී පුතා
දකින්ට තා වෙන්නෝ බියා
දානේ උතුම් බව දැන ලෝ - වස්තු මගේ දාෙන් දී -
සිල් රක්නා සේම මෙහි
වාස වෙන්නෙම් සිත් පෑදී ෴
ජූතක - දෙන්න දන් පුත්රී් පුතා මට අනේ ලොබා සින්දා බාරි මා එව්වා මෙහි අරන් යනා ලෙස් දාසයන් මාගේ යැදුම් පිළිගණිවා මාන්සි බලා සන්තෝසෙන් තොස් වේමා රම්යත ලඳා සණ්ඩු පස්සේ නෑ වෙන්නේ ෴
යම්සේ පලඤචමහා ගංගාතීරයෙහි ජලස්කන්ධය කොතෙක් දෙන විසින් ඇදබීපියන කල්හිත් සදාකල් ක්ෂ ය නොවේද එමෙන්ම ශ්ර ද්ධා ජලයෙන් පිරුණාවූ නුඹවහන්සේගෙන් මම කිසිවක් ඉල්ලාගන්ට ආමි. නුඹවහන්සේගේ මේ දරුවන් මට දාසත්වයට දුන මැනව.
වෙස්සන්තර - සාධු සාධු බ්රාඹහ්වණය මෙම දරුවන් තොපට දන් දෙමි. මොවුන්ගේ මෑනියෝ පලවැල සොයන්නට ගියාය මෙහි ආවාම හෙට උදේම ගෙණ යව,
ජූතක - අහෝ ස්වාමිනි ස්ත්රිනහු නම් දානයට බාධාකාරිහුය. ඔවුන්ගෙන් කම්කිම්ද - දෙනවා නම් දැන්ම දෙනු මැනව.
වෙස්සන්තර - එසේවී නම් මාගේ බොලඳ දරුවන් ගෙන සිවිරටට ගොස් මේ දරුවන්ගේ මුත්තනවූ සඳමහ රජ්ජුරුවන්ට දැක්කුකල තොපට බොහෝ වස්තුව ලැබෙනවා ඇත.
ජූතක - උපායෙන් නසන උපායෙක් සොයාගත් සේක් මෙබඳුවූ කුමාරවරුන් බැඳගෙණ ගියාවූ මා හට වස්තු දෙන්නේ කවුද - මොහු අපගේ කුමාරවරුන්ට සොරා ගෙණයයි කියා උදුරාගෙණ මගේ දිවි නොනසියිද නොපමාව මේ දරුවන් මට දාස භාවයට දුන මැනව.
ජාලිය - අනේ මාගේ නංගි මේ කර්ක ෂ පරුෂවූ බකල පාද ඇති මුඛය වැසී තිබෙන තොල් ඇති කුණු නිය ඇති අධොගලිතවූ මස්පිඩු ඇති දෙතොල් බිතින් වැහෙන කෙළ ඇති හූරුදත් වැනි නපුරු දත් ඇති මැදින් බිඳි නැමුනු නාසය ඇති කළයක් බඳු මහ බඩක් ඇති මැදින් කුදු පිටක් ඇති විසම ඇස් ඇති තඹ රැවුල් ඇති රන්වන් හිසකෙස් ඇති බළල් ඇස් ඇති කටිය පිට පපුව යන තුන්තැනෙකින් නැමුනාවූ ශරීරයක් ඇති දිගු අත් ඇති මනුෂ්යනවේසයෙන් හැසිරෙන්නාවු මස් ලේ භෝජන කොට ඇත්තාවූ මේ යක්ෂනයාට අපේ පියා අප කාමරන්ට දන් දෙන්ට සූදානම් වෙයි. අනේ කාගේ පිහිටද ඉතින් දුප්පත් නංගි අපි මෙතනින් දුවගොස් හැංගී බේරෙන්ට බලමු.
ක්රිිෂ්ණජිනා - අය්යේ ප්රටවේසමට තැබූ යකඩේ ඈලියාවට හිටියා වාගේ අපේ ආරක්ෂා්වට සිටින පියා අපට කිසි අනුකම්පාවක් නැතිකොට මොකද කරන්නේ හැංගෙමු.
(දෙදෙනා බියෙන් වෙවුල වෙවුලා හඬ හඬා දුව ගොස් නොයෙක් තැන්හි හැංගී ජූතකයා එතැන්හිත් පෙණෙන හෙයින් සතරැස් පොකුණට බැස නෙළුම් පත්රෙවලින් හිස වසාගෙණ හැංගී සිටිති)
ජූතක - අහෝ වෙස්සන්තර මහාරජානෙනි නුඹවහන්සේ දැන්ම මට වචනයෙන් දරුවන් දන්දී ඔවුන්ට ඉඟි කර පන්නා නොදන්නා සේ හිඳිනසේක - නුඹ වහන්සේ වැනි බොරුකාරයෙක් ලොව නැත.
වෙස්සන්තර - බ්රානහ්මණය මා දරුවෝ භයවී පළාගියෝය සොයා ගෙණවුත් තොපට දන් දෙන්නෙම්.
(නික්මයති)
II ජවනිකා - වනමගක්.
සංස්කරණයජාලියකුමාරයා ක්රි්ෂ්ණජිනාවෝ භයින් ත්රුස්තව හතරැස් පොකුණ කරා යති
(සින්දුව)
ජාලිය - නංගිමා හැංගෙනා, ජූතක යකාට බියබෝ වෙනා - පියා දානේ, දෙවානේ, පරාණේ, නසන්නේ, අපගේ අනේ - ජූතක යකාට බිය බෝ වෙනා - ෴
ක්රිනෂ්ණජිනා - මවුතුමා දුක්වෙලා, පවුලේ, පියාගේ බාරේ තැබුවාය, ප්ර්වේසම්, වෙනසේමා, අය්යේ දැන් හැංගි, අපේ, ප්රා-ණ, මිදේදෝ, බේරී සිදුදුක් කන්දා අපි කාට කියම්මෝ අය්යේ -
ජාලිය - හද දාගෙනා - දුක් බෝ වෙනා - රුදුවන් ගුණා - පියා පවෙනා - ජූතක යකාට බිය බෝ වෙනා
ක්රි ෂ්ණජිනා - අය්යන්ඩි අප හැංගෙණ සෑම තැනටම ඒ ජූතක බමුණා අපට පෙණෙනවා
ජාලිය - ඔව් නංගි පන්සල පිටිපස්සේ හැංගී සිටියෙමු එතෙන්ටත් පෙණුනා - කැලෑවට ගොසින් හැගුනාම එතෙන්ටත් පෙණුනා - හතරැස් පොකුණේ කරවටක් බැස නෙළුම් පත්රගවලින් හිස වසාගෙන හැංගී සිටිමු - එහෙම සිටියොත් බමුණා අපට නොපෙණේ.
ක්රිණෂ්ණජිනා - ප්ර මාද නොවී අය්යේ පොකුණ කරා යමු.
ජාලිය - වරෙන් දුප්පත් නංගී
(නික්මයති)
(වෙස්සන්තර රජ දරුවන් සොයා පැමිණ දරුවන්ගේ අඩිලකුණු බලා හතරැස් පොකුණ දෙසට ගමන්කරයි)
(සින්දුව)
වෙස්සන්තර - සොයා ගඤ්ඤා පුතුන් දී දන් පුරමි දශපාරමී ලෝ මම් දැන සව්නේ බවෙන් මෙලෙව්වන් මුදා බේරා ගණිම් දී දන් පුරම් දශ පාරමී ලෝ - දිව්වා කුමාරයා
නංගිත් අරන් දැන් සොයා දෙන්නෙම් එදන් දී දන් පුරමි දශ පාරමි ලෝ ෴
මාගේ දරුදෙදෙන ජූතක බමුණාට භයේ තැනින් තැන හැංගෙති - හතරැස් පොකුණ දිසාවට ගමන්කර තිබෙන බව ඔවුන්ගේ පොඩි පාද ලකුණු වලින් පෙණීයයි - එහි ගොසින් බලන්නෙමි.
(නික්මයති)
III ජවනිකා - හතරැස් පොකුණ
සංස්කරණයජාලිය කුමාරයා ක්රි ෂ්ණජිනාවෝ හතරැස් පොකුණේ කරවටක් බැස නෙළුම් පත්රයවලින් හිස වසාගෙන භයෙන් වෙවුල වෙවුලා සිටිති.
(සින්දුව)
ජාලිය - බුදු නංගි බීත ළයේ, බෝසැරේ, ජූතක දුකා දේ - ලෝබේ පියා භංග, කරණ මෙරංග, දක්නා ලෝසත් අද විස්මේට පත්ව සිටින්නේ - බුදු නංගි බීත ළයේ බෝ සැරේ ජූතකා දුකා දේ -
ක්රිළෂ්ණජිනා - ශෝකෙනි යායා පැලී, අය්යා මා ළෙය්යා හූල්ලාලා - මෑනියන්දෑගෙ ප්රේණමෙන්, කාරිකිමා මේවාරේ - ආ ආ ආ ආ -
ජාලිය - ලෝබේ පියා භංග කරන මෙරංග දක්නා ලෝසත් අද විස්මේට පත්ව සිටින්නේ - බුදු නංගි බීත ළයේ, බෝ සැරේ, ජූතකා දුකා දේ ෴
ක්රි ෂ්ණජිනා - ජූතක යකා ගියාද මොකද දන්නේ නෑ.
ජාලිය - නංගි හයියෙන් කතානොකර හිස නොසලවා සිටිනු - පියා අප සොයාගෙණ එන හැඩයි.
ක්රි ෂ්ණජිනා - පියා අපට කතාකළොත් අයියේ උත්තරනොදී සිටීම හරි නෑ.
ජාලිය - ඒක එහෙම තමා. අපේ නම කියා කතාකළොත් උත්තර දෙමු.
(වෙස්සන්තර රජ්ජුරුවෝ පැමිණ කථාකරති)
වෙස්සන්තර - ජාලිය ජාලිය
ජාලිය - එහෙයි පියානනි (නෙළුම්පත් ඉවත් කොට ගොඩට පැමිණ බෝධිසත්වයන් වහන්සේගේ දකුණු පය බදාගෙණ හඬයි.)
වෙස්සන්තර - පුතණ්ඩ ජාලිය කුමාරයෙනි තොප නැගනීවූ කෘෂ්නජිනාවෝ කොයිද.
ජාලිය - මාපියානනි භයක් පැමිණි සත්වයෝ අභයම සොයන්නාහුය.
වෙස්සන්තර - මාගේ ප්රිනයතර දුවනියනි මෙහි අව මැනව මාගේ දාන පාරමිතාව පුරවාලන්න.
ක්රිාෂ්ණජිනා වෝ - ජූතක යකු මා කා මරතත් පියානන් වහන්සේට අකීකරු නොවෙමි. (හඬ හඬා ගොඩට විත් රජුගේ වම්පය බදාගෙණ හඬයි)
වෙස්සන්තර - (දරුවන් ළඟට ගෙන කියයි) දරුවෙනි තොප මහා නෞකා කරගෙණ මේ අන්වරාග්රි සංසාර සාගරයාගේ පරතෙරට එතරවනු කැමැත්තෙමි මම පළමුවෙන් එතරව තොපත් ඇතුළුවූ දෙවියන් සහිතවූ ලෝකයා සංසාර සාගරයෙන් එතර කරන්නෙමි - මාගේ දානපාරමිතා මස්තක ප්රාගප්ත කරවා ලුව මැනව - පුත ජාලිය කුමර තෙපි නිදහස්වනු කැමැත්තෙහි නම් බමුණුහට රන් තිස්දහසක් දෙමින් නිදහස්වුව මැනව. තොප නැගණියන් නිදහස් කර ගන්නා කැමැත්තෙහි නම් බමුණාට දැසිදස් ඇත් අස් ගව මහීෂ රන්නිස්ක යනාදියෙන් සියයක් බැගින් දී නිදහස්කොට ගණුව. මා දරුවන් කෙරෙහි ප්රිිය නැත්තෙන් දෙනවා නොවෙයි - මීට වඩා සර්වඥතාඥානයම ශතශාහශ්රත
ගුණයෙන් මට ප්රි යකරවන්නේය - මා දරුවන් දන්දෙමින් ඒ පාරමි බලයෙන් මතු සර්වඥතාඥානයට පැමිණ මුළු ලොවට සෙත් කරන්නෙම් බුදුබව ප්රාැර්ථනා කෙරෙමි. දරුවෙනි ජූතක බමුණා වංකගිරි පන්සලේ නැවතී සිටි -එහි මා සමග යමව්.
(දරුවෝ හඬ හඬා වෙස්සන්තර රජුන් සමග ජූතක බමුණා කරා නික්මයති)
6 අංකය - වංකගිරි ආශ්ර මය.
සංස්කරණය(ජූතක බමුණා සිටි.)
(සින්දුව)
ජූතක - රජිඳා ශෝකය නෑපෑවේ මුසාබස් නොකීයනවා වාගේ - දේය දේය දන් පුත්රීබ පුත්තුම් බාරි සන්තොස් වේමැයි පාප්රේෑමා පාප්රේමමා දැන් පාප්රේනමා - මේ බිලිඳුන් දාසකමේ ඉන්දා පැන් අද්දා ඈටපේවි ඉන්ටහැක්කි මාවෙත් පෙම්පානිත්
(වෙස්සන්තර රජ දරු දෙදෙනා අතින් අල්ලා ගෙන පැමිණේ - දරුවෝ ඉකිගගා හඬති)
වෙස්සන්තර - බ්රා හ්මණය මෙහි වර මා දරුවන් කෙරෙහි ආදරය නැත්තෙන් දන්දෙනවා නොවෙයි මීට වඩා සර්වඥතාඥානයම ප්රමයතර බැවින් බුදුබව ප්රාටර්ථනා කෙරෙමින් මේමාගේ කමඬලාවෙන් තොපේ අතට පැන්වත්කොට දන් දෙමි. (පොළව කම්පාවෙයි දෙවියෝ සාධුකාරදෙති. අකාල විදුලිය වර්ෂාකරයි ජූතක බමුණා වනයෙන් වැලක් කඩාගෙණ ජාලිය කුමරුගේ දකුණත හා ක්රිනෂ්නජිනාවන්ගේ වමත හා එක්කොට බැඳ වැල්පොටින් තළ තළා ගෙණ යන්නේය.)
(සින්දුව)
ජාලිය - ඝෝරදුක් දෙන්නේය පිතුරේ - යක්ෂ යාසේ දුර්ජ නා
යක්ෂයයාසේ දුර්ජනා - මේ යක්ෂ යාසේ දුර්ජ නා
දැන් තළන්නා වැල්පටින් මේ හෝ ගගා එයි ලේ බොහෝ
මන්ද නැත්තේ දැන් පියාගේ හෘද කම්පා දේවනේ ෴
ක්රි ෂ්ණජිනා වෝ - දානදී මේකාට මෙකලේ අය්පියා මාවෙන්ක ළේ අය් පියා මා වෙන්කළේ - දැන් ඇය් පියා මා වෙන්ක ළේ මව් තුරුල්ලේ බිව් කිරිත් කෝ මූ තළා ලේ වෑහෙ නා රම්යත අම්මා කෝ ඉතින් මම් කම්මුතුය් අය්යණ්ඩියේ ෴
ජූතක - තොපේ කන්නලව්ව එපා - ඉක්මණට යමව් (මෙසේ කියා තළයි)
ජාලිය - මට ගහපන් බමුණු සීයා. මාගේ දුප්පත් නංගිට තළන්ට එපා.
ජූතක - මට දැනමුතුකම් දෙන්ට තැත්කරණවාද (ක්රි ෂ්ණජිනාවන්ට තළයි - ක්රිමෂ්ණජිනාවෝ කෑගසා හඬයි ජූතක කකුල පටලැවී වැටේ ජාලිය කුමාරයා සහ ක්රිිෂ්ණජිනාවෝ අත බැම්ම ගලවා ගෙණ බෝධිසත්වයන්ගේ දෙපතුළ මුහුණ ත්බාි හඬා මෙසේ කියති.)
ජාලිය - පියානන් වහන්ස අපේ අම්මා ඵලාභලයට නික්ම ගියකල ඔබවහන්සේ මේ බමුණාට අප දන්දුන් සේක - අම්මා ආවාම මේ බ්රානහ්මණයාට කැමැති ලෙස අප විකුණවා මරවා දමනු මැනව
ක්රිනෂ්ණජිනාවෝ - යකෙකු විසින් අප කා මරන්ට ගෙණයන කළ ඔබවහන්සේ සිත් පිත් නැති ගලක්මෙන් බලා ඉන්නේ මන්ද.
ජාලිය - පියාණෙනි මේ මාගේ නංගි කිසි දුකක් නොදන්නීය අම්මන්ඩීත් නොදැක කිරට හඬන්නීය - මාගේ නංගි මෙහි නවත්වාගෙණ මා පමණක් බමුණාට දන්දුන මැනව.
වෙස්සන්තර - (ඇසේ කඳුළු පිසමින් කියයි) දරුවෙනි කණගාටු නොවව් - පූර්ව බෝධිසත්වයෝ ධන පරිත්යාුගය, අංග
පරිත්යාසගය, රාජ්ය පරිත්යා ගය ජීවිත පරිත්යා ගය, පුත්ර කලත්රා පරිත්යාසගය යන පඤ්චමහා පරිත්යා ග කොට ලොවුතුරා බුදුවූහ. මමද පුත්රල පරිත්යාහගය කොට ලොවුතුරා බුදුවන්නෙමි - ඉන් තොපට සෙතක්වේ
ජූතක - කොල්ලනි තෙපි පැනයන්ට ඉතා සමර්ථහ (මෙසේ කියා අල්වා බැඳගෙණ ඉදලින් තළ තළා ගෙණ යයි.)
ක්රිාෂ්ණජිනාවෝ - (කරකැවී පියා දෙස බලා මෙසේ කියයි.)
(සින්දුව)
අහෝ දුක වාන්ට බෑ දැන් මගේ දෙය්යනේ මාගෙ මාතා. මාගෙ මාතා ! කොහෙද ඉන්නේ කියාපන් පියේ මා මරා දමාවි නාකි අදමිටු බමුණා - අහෝ දුක් වාන්ට බෑ දැන් මගේ දෙයියනේ -
ජාලිය - ශෝක ලයාහී - බෝම පිරේවී පියා නෑ ඊට කම්පාකළේ නංගියේ තළාවී නාකි අදමිටු බමුණා ෴
ජූතක - හහා අදමිටු බමුණා - මෙසේ කියා තළයි - දරුවෝ පිට පිටි අතට නවා හඬ හඬා නික්ම යති)
(වෙස්සන්තර රජ්ජුරුවෝ හෘදය පැලීයනසේ බලවත් වූ සෝකයෙන් තැවි තැවී දෑසින් නික්මෙන ලේ කඳුළු පිස පිසා සර්වඥතාඥානයම සිහිකර සිටිනසේක.)
II ජවනිකා - වනාන්තර මාර්ගය
සංස්කරණයජූතක බමුණා ජාලිය ක්රිිෂ්ණජිනාවෝ ගමන් කරති. (ජූතක දරුවන්ට තළ තළා ගෙන යයි.)
(සින්දුව)
ජාලිය - වනේ වාසී සුරෝ දුක්වී අප සොයා එය් අපේ මාතා - වනේ වාසී
සනසා ඈව දමව් අනේ
අප ආ බැව් කියලා
ජීවත්වී ශෝක නැතිසේ
උන් බැව් ඈට කියව්
නංගි මගේ නාඬ මා හෘදේ
පැලේ ඇසෙනා ඒ දෝංකාරේ
ජූතක - අඬනකොට වනේ තට දෝංකාරේ ඇහෙනවාද. (මෙසේ කියා තළයි)
ක්රිමෂ්ණජිනාවෝ - කිපී සීයා මදිව් හානි නොකර කෝපේ නිවා තේරී මගෙ අය්යන්ඩිට හා මටත් නොතළා මේහැටි දැන් කැන්දා යන්කෝ මෙම වනේ දාසි දාස ලෙසින් වාස වනේ දේවතා දේවෝ. මෙදුක් නොබලා ඉන්නාහුඳෝ ෴
ජූතක - වනදේවතාවන්ට පෙණෙන්ට තමා තොපට හම ඉලිප්පෙන්ට තළන්නේ (තළ තළා ගෙණයයි) (නික්මයති)
III ජවනිකා - වංකගිරි ආශ්රතම
සංස්කරණයවෙස්සන්තර මහරජ සිටී.
වෙස්සන්තර - ජූතක බමුණා දැන් දරුවන් අරන් හුඟක්දුර යන්ට ඇත - මගේ බිසව මෙහි පැමිණ දෙවරක් දරුවන් ගැන විභාගකර ඔවුන් සොයන්නට තද ශෝකයෙන් වනයට ගියාය - තුන්වෙනි ගමනේදී දරුවන් බමුණාට දන් දුන් බව ප්ර-කාශකර ඈට පින් අනුමෝදන් වෙන්ට ඉල්ලමි.
(පලවැල අරන් පැමිණේ)
(සින්දුව)
මද්රිෝබිසෝ - අය්යෝ පැලී යනවා මාගේ හදා ශෝකෙන් පුත් පුත්රීස මා තැබුවේ කොහොදෝ මාගෙ ස්වාමි දැන් අස දෙදෙරා වී හදා ශෝකෙන් පන්සල පාලුය් මළාන්කාවුනි මා උවනා දැන් ගෙන්නා දෙනු අනේ දරුවන් මගේ පෙම්පෑ පුත් පුත්රී මා තැබුවේ කොහේදෝ ෴
(මෙසේ කියා මුර්ජා වී වැටේ)
(වෙස්සන්තර රජ මද්රිාබිසවගේ හෘදයෙහි අතතබා ප්රා්ණය ඇතිබව දැන කමඬලාවෙහි පැන් ගෙණත් කඳුළු පිරුණු ඇසින් යුක්තව මද්රිෙදේවීන්ගේ හිස ඔසවා දෙපා දිගුකොට ඔක්ක තබාගෙණ පැන් ඉස මුඛය සහ හෘදය පිරිමැද සුසුම්ලලා මෙසේ කියයි.)
වෙස්සන්තර - මාගේ මද්රිැදේවිනි සිහිවෙව - දරු ශෝකයෙන් මෙම වනේ මිය නොයනු.
(සිහිවි නැගිටෙයි)
මද්රිිබිසෝ - මාගේ වෙස්සන්තර මහරජානෙනි මාගේ දරුවෝ කොයි ගියාහුද.
(සින්දුව)
වෙස්සන්තර - බිසෝ එපා හඬන්ටා උන් දන් දුනිමි පිනී බෝ ශෝකේ හරින් ම මද්රීී ශාන්ති සෑදේ ඉන් මෙ ලෝකේ පින් අනුමෝදන් වෙවා බිසෝ බිසෝ එපා හඬන්ටා ෴
මද්රිඑබිසෝ - ස්වාමිනි පින් අනුමෝදන් වෙමි
සාධු! සාධු!! සාධු!!
(දෙවියෝද සාධුකාර දෙති)
(ශක්රයයෝ මහළු බ්රා්හ්මණ වේශයක් මවාගෙන බෝසතාණන් කරා පැමිණෙති)
ශක්රශයා - මහරජෝත්තමයානන් වහන්ස මම ඉතා මහලු වීමි - ස්වහස්තයෙන් කර්මාන්තයකුදු කොට ගත නොහැක්කෙමි. ඒ තාක් දුරුකතර ගෙවා මෙම මද්රිමදේවීන් පිණිස ආමි - ඈ මට භාර්යාකොට දුන මැනව.
වෙස්සන්තර - සාධු සාධු මාගේ ප්රිවය දේවිනි තොප නිසාම සංසාර සාගරයෙන් එතරවනු කැමැත්තෙමි. මාගේ ප්රිරය දේවීනි තොපගේ ආධාරයෙන් ම ලොවුතුරා සර්වඥතාඥානයට පැමිණෙනු කැමැත්තෙමි - මද්රීනනී තොපගේ උපකාරයෙන්ම ලොවුතුරා සර්වඥතාඥානයට පැමිණ තොප ඇතුළුවූ තුන්ලෝවාසීන් සංසාර සාගරයෙන් එතර කරවනු කැමැත්තෙමි මේතාක් අත්මාර්ථ පරාර්ථ සලකව.
මද්රිරබිසෝ - නුඹවහන්සේගේ අභිප්රාායලෙස කරවදාළ මැනව.
චේතියරජ - බමුණු මෙහි එව (මද්රිරදේවීන්ගේ අත ගෙණ බමුණු අත තබා පැන් මත්කොට මෙසේ කියා දන්දෙයි.) සාධු සාධු මාගේ ප්රිපයතර කලත්රර දානනයෙන් මතු ලොවුතුරා බුද්ධරාජ්යුයට පැමිණ සූවිසි අසංඛ්යජයක් සත්වයන් නිවන් දක්වමි.
භූමිය පටන් බ්ර්හ්මලෝකය දක්වා එකෙනෙන්නාද කොට ගගනතලයෙහි දෙවියෝ ප්රබමුදිතව සාධුකාර දෙති)
ශක්රලයෝ - එම්බා මහරජ මාලත් බිරින්ද තොපටම භාරකෙළෙමි. මට හැර අන්කිසිවෙකුට නොදෙන පොරොන්දුවපිට මද්රිලදේවින් තොපටම භාරදෙමි.
(මෙසේ කියා බමුණුවෙස් මාරුකර ශකුදේවෙන්ද්රර විලාසයෙන් අහසට පැනනැගී මෙසේ කියයි.)
(සින්දුව)
බුලොව ඤාණ එලිය පතුරන්නට මහරජ දුනි දා නේ ශාන්ති සැප මෝක්ෂේ තිලෝකවාසින්ට සිදුවන්නේ බූලොව මේ කප තුල රාජේන්දර බුදුවී නිවනා පා දෙන්නේ පාරමිතා දශයෝ අද පිරුණෙය දැන ගන් නේ ෴
නරදේව නුඹවහන්සේගේ දෙදරුවන් ගෙණගිය ජූතක නම් බමුණා මංමුලාවී සඳමහරජ්ජුරුවන් කරා ගොස් අගය කළ තාක් වස්තු ලබා දරුවන් නිදහස්කොට සඳමහරජ්ජුරුවන්ට භාරදුන්නේය. සත්දවසක් ඇතුළත සඳ මහරජ මෙහි පැමිණ ඔබවහන්සේද මද්රි්බිසෝද නොයෙක් පෙළහරින් ජයතුරා නුවරට වැඩමවාගෙණ ගොස් ඔටුනු පළඳවා එහි රජකම දෙනවා ඇත. නුඹවහන්සේ මේ කල්පයෙහිම ලොවුතුරා බුදුවන සේක්මය.
වෙස්සන්තර සහ මද්රිෙබ්සෝ - සාධු සාධු සාධු
සියලුම නැට්ටුවෝ පැමිණ කියති.
වෙසතුරු නරණිඳුන්ගේ කතා, දිසිකව් ගොතා, සගමොක් පතා කළයුත් මෙතා, කතුදී සෙතා, රකුතුන්නෙතා - ශාසන රැකදෙන වෙන් සුරිඳුන් බරනෙත විදුරත ගහණත් තුම් වස් දොස් සින්දා පින් ගණිමින් සෙත්දීලා, මෙත්පාලා, දුරලාලා: පබඳා දෝෂා මෙකාව්යා ගෙතු කතුරිඳු නළු පිරිසද රකිත රකිත සෙත සම්පත යසසිරි දීලා ෴
සිරිලක දැහැමිනි පාලනා, නරණාසනා, රුපුසුන්වෙනා, ලෙස රැක්මෙනා, සෙත දෙව් පිනා, මන වෙන් ගණා - ඉංග්රිනසි මහරජ හා කුටඹුන් රැකදෙත කරසෙත කරුණාවෙන් සවි දෙස් සෑසී දම් යවමින් සව්දේවෝ, සෙත්දී බෝ, පින් ගන්නෝ, නළු මේ පෙනේවා - මෙකාව්ය් ගෙතු කතුරිඳු නළුපිරිසද රකිත රකිත සෙත සම්පත යසසිරි දීලා ෴
෴ නිමි. ෴
වර්ෂ 1916 ක්වූ ඔක්තෝබර් මස 22 වෙනි දින සවස 1 ½ ට කෙළඹ සංජෝශප් වීථියේ අංක 23 දරණ ගෘහයේදී ප්රිබන්ධකර නිමකරණ ලදී.