ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-III-‍විහාරමහාදේවී චර්තය

විහාර මහා දේවි චරිතය (ක්රිා.ව. 1916)


THE HISTORICAL PLAY

ENTITLED

VIHARA MAHA DEVI

IN

FIVE ACTS

BY

JOHN DE SILVA

PROCTOR OF THE

Hon’ble the Supreme Court of Ceylon.

පාණදුරේ නිවාසි ධනවත් ඇම්.ඒ.පෙරේරා මැතිතුමන්ට මෙම විහාරමහාදේවි චරිතය නමැති ඉතා මධුර නාටකය එහි කර්තෘට වන ලංකාද්වීපයේ ශ්රේනෂ්ඨාධිකරණ ශාලාවේ නීතිඥ ධූරන්දර ජෝන් ද සිල්වා මහතුන් විසින් සාදර ගෞරවයෙන් ඔප්පුකරණ ලදී.

1. ස ර ණ යන අප තිලෝගුරු බුදු දහම් සඟ යන තුණුරු වන් ස ර ණ වන ලොව වැඩැති සතහට සිඳා ලොබ කප්තුරක් වන් ද ර ණ සිරි සැප මැතිඳ ඇමි.ඒ.පෙරේරා වාසනා වන් පොර ණ ලක සිය කතාවක් පුදක‍රමි නළු කර මනා වන්

2. කැ ළ ණි පුර පෙර තිස්ස රජුගේ සුද්ද දේවී නම් දුවෙ ක් ගුණෙ නි පරසිඳු වීය මිහිතල රුවිනි සම වන සුරඟන ක් නොපෙනි තම දොස එ පිය රජතුම රහත් සහණට කළ දොස ක් පෙණු නි අප බුදු සමය සුරකින සුරන් හට ලෙස අතැඹුල ක්

168 විහාර මහා දේවි චරිතය

3. කෝප වුනු දෙවි දේවතාවන් මූද ගල්වා එම ස ‍ඳේ සා ප කළ හැටි නපුරු නිරිඳුට පෙණේ හොඳහැටි මෙපබ ‍ඳේ දී ප සිය බස නගා නළුකර පුදමි මැතිඳුන් මෙම ස ‍ඳේ තා ප නොව පිළිගණු මැනවි සංගීත රස විඳ විඳ සො ‍ ඳේ

මේවගට, ජෝන් ද සිල්වා නීතීඥතැන.

වර්ෂඥ 1916 පෙබරවාරි මස 29 වෙනි දින කොළඹදීය.
















ජෝන් ද සිල්වා 169

ප්ර්ස්තාවනා.

මෙම නාටකයේ කථා ශරීරය ලුහුඬින් දක්වමි. ක්රි ස්තු වර්ෂ යට පෙර කැළණිපුර නමින් නගරයක් ලංකාවේ දැන් කැළණි විහාරය තිබෙන භූමිය අඩංගු විශාල භූමි කොට්ඨාශයේ පිහිටා තිබුණේය. එහි රජකම් කළ කැළණිතිස්ස රජුගේ බිසවුන්නාන්සේට පතිව්රශතාව නැතැයි සංකාකළ රජ්ජුරුවෝ එක් දිනක් රහතුන් ප්රිධාන කොට ඇති සංඝයාට මාළිගාවේ දාන දීම පිළියෙල කර දන් බෙදා සංඝයා එය වළඳා නිමවූ පසු වාසලෙන් පිටවී යන්ට නැගි‍ටුන කල කැළණිතිස්ස රජුගේ සහෝදර උත්තිය කුමාරයා විසින් පුස්කොල ලියුමක් ලියා බිසවුන්නාන්සේට ඇහිඳගන්ට බිම දමන්ටෙයි කියා අන ලැබූ එක්තරා බක තවුසෙකුගේ සිවුර අස්සෙන් මේ ලියුම බිමට වැටෙනවා දැක එය ඇහිඳගෙණ කියවා බලා බකතවුසාද තෙල්කටාහ ගාථා වදාළ උතුම් රහතුන්වහන්සේද අනුමානකර සෙසු සංඝයාට යන්ට ඇර මේ උතුම් රහතුන්වහන්සේ තෙල්කටාරමේ දමා මරන්ට නියම කළෝය. ශීලය දැරූ රහතුන්වහන්සේට උණු තෙල් සිසිල් පැන් මෙන් දැනී මේ කුමන පාපයක් නිසා මේ විපත්තිය සිදුවීදැයි පරීක්ෂා කර බලන්නේ එක්තරා පූර්වන ජාතියකදී කිරි උණුකරද්දී මැස්සෙක් කිරි භාජනයේ වැටී තැම්බෙන්ට ඉඩඇරිය කර්ම ය නිවන් යන්ට මත්තෙන් පඩිසන් දෙන්ට එන බව දැක්ක සේක. ඒ කර්මකය පෙණීගිය සැණේදී රහතුන් වහන්සේ තෙල්කටාරමේ තැම්බී ජීවිතක්ෂකයට පැමිණිසේක. මේ අපරාධය දුටු දෙවියෝ කෝපවී මහමූද ගලන්ට සලස්වා හැතැක්ම දොළහක් පමණ විශාල භූමිය මූදට යටකර දැමුවෝය. භයෙන් ත්ර ස්තවූ කැළණිතිස්ස රජ තමාගේ එකම දියණිය වූ සුද්ධදේවී (පසුව විහාරමහාදේවී) රන්පෙට්ටියක ලා මූදට පූජා කළ කල සමුද්රමය ගැලීමනැවතුනේය. රන්පෙට්ටියේ පාවී ගිය සුද්ධදේවී රුහුණ පළාතේ රජකම් කළ කාවන්තිස්ස රජුට සම්භ වී ඒ රජ ඈ හා සරණ විය. ලංකා විහාර මුදේ විහාර ආදී නොයෙක් විහාර, කාවන්තිස්ස රජ තම දේවීන්වහන්සේගේ නමින් සාදවා සුද්ධදේවීට විහාරමහාදේවී යනාමයදී ඒ උතුම් බිසෝ මූදෙන් ගොඩගත් ස්ථානයේ ශිලා ලේඛනයක් පිහිටවා අද වෙනතුරා මෙම කථාන්තරය සැබෑ බව සිහල ජනයාට දැනගන්ට කරුණු ඇතිකෙරෙවූ සේක. ඒ පලාතේ විහාරයක සිටි ශීලවන්ත සාමනේර නමක් කළුරිය කරන්ට යන බව දැනගත් කාවන්තිස්ස රජද විහාරමහාදේවීන්වහන්සේද එහි පැමිණ මැරෙණ සාමණේරයන්වහන්සේට විහාරමහාදේවීගේ කුසේ පිළිසි‍ඳෙන්ට ආරාධනා කළෝය. එම සාමණේරයන්වහන්සේ ඊට කැමැත්ත දී කළුරිය කළේය. දුටුගැමුණු







170 විහාර මහා දේවි චරිතය

කුමාරයා කියා විහාරමහාදේවීන්ගේ කුසේ උපන්නේ මෙම සාමණේරයන් වහන්සේය. මතු ලොව පහලවෙන මෛත්රෙරය බුදුරජානන්වහන්සේගේ දෙමව්පියෝ දෙමව්පියෝ මෙම විහාරමහාදේවී සහ කාවන්තිස්ස බවත් අපේ පොතේ පතේ පෙනෙන්ට තිබෙන බව මේ කියවන සාධු ජනයෝ සලකත්වා.


මේ වගට,

නීතිඥ ‍ජෝන් ද සිල්වා

වර්ෂඥ 1916 පෙබරවාරි මස 29 දින කොළඹ සන්ජෝසප් වීදියේ නො. 28 දරණ ගෘහයේදීය.















ජෝන් ද සිල්වා 171

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස නාට්යසකරුවෝ

කැළණිතිස්ස-එනම් සිංහල රජ, බිසෝ-එම රජුගේ බිසව, උත්තිය - රජුගේ සහෝදරයා, සිරෝමණී - එනම් බකතවුසෙක්, රහතන්වහන්සේ - තෙල්කටාහ ගාථා වදාළ රහතුන්වහන්සේ, කාවන්තිස්ස - රුහුණු පළාතේ රජ - විහාර දේවීගේ පුරුෂයා, ශක්රෝයා - එනම් දෙවියෝ, මාතලී - ශක්රරදෙවියන්ගේ රථාචාය්යාීගේ , රාජසේවකයෝ - මන්ත්රීමවරු - නාටිකාංගනාවෝ, වනදේවතාවියෝ, කාවන්තිස්ස රජුගේ කවටයා, සිංහල ස්ත්රි්යෝ, වැසියෝ, සංඝයා වහන්සේලා, සූත්රතධාරි, නාටිකාංගනා, ජගත්පාල - කැළණිතිස්ස රජුගේ කවටයා

සූත්රෝධාරි පැමිණ කියයි. 1. සෑසී පාද මා මුදුන තබලා කරමි පබඳ එ විහාර දේවිගේ නාට්යප ශාස්ත්රග ගෙණ අප සිය බසිනා ෴

2. තෝරා පාමි ඒ කුමරි වරුණා සිහල ජනට දැනගන්ට මන්මෙනා නාට්යජ ශාස්ත්රෙයෙනි සිත තුටු වඩනා ෴

3. සෙත් දී සව් සුරෝ රකින නිතරා නළු කතුරිඳු නළුවන්ද මේ සබා දෝෂ භංගකර ඇතහොත පබඳා ෴

සාධුජනයෙනී, අද රාත්රි යේ මෙම නාට්ය මණ්ඩපයේ දක්වන මධුර කථාව ඉතිහාසයෙන් උපුටාගත් කැළණිතිස්ස රජුගේ දෝනියන්වූ සුඬදේවීගේ හෙවත් විහාරමහා දේවිගේ ජීවිත කථාවයි. මෙම විහාර මහා දේවී තොමෝ දුටුගැමුණු මහරජුගේ මෑනියන්වහන්සේය. මේ දේවීන් වහන්සේ අරබයා මහාවංසාදි පොත්වල පෙණෙන කථා සංග්රදහ ‍කොට නීතිඥ ජෝන් ද සිල්වා මහතුන් විසින් නාටක කරදී තිබෙන හෙයින් එම නාටකය තමුන්නාන්සේලාට අද රෑ හොඳාකාර දැකගන්ට පුළුවන. හා මේ කවුද.

(නැට්ටුක්කාරියෙක් පැමිණේ)





172 විහාර මහා දේවි චරිතය

සූත්ර ධාරි - කාශ්මීර සාළු පැළඳගත් නාරි ඇයි මොකද මෙහි ආවෙ දන්වනු කාරි

නැට්ටුක්කාරි - දීපේ පු‍රාණේ කල්යාතණතිස්සා දූගේ රුපේ සව් ලෙව්වන්ට තොස්සා ඒ කියන ලෙස ආමි සූත්තරදාරි

සූත්රනධාරි - කාලේ විකාලේ නාට්යා කලා මේ අයියෝ මෙකාලේ බස්නා කලාවේ ‍ඉන් අපට නැත ලාභ සංහල දීපේ

නැට්ටුක්කාරි - දීපේ මෙ දීපේ සංසාර දන්නා සෑසි දම්සේ ලෝකාලේ අරින්නා ඉන් අවැඩ නැත ලෝකේ සූත්තරදාරි

සූත්රවධාරි - කාශ්මීර සාළු පැළඳගත්නාරි ඇයි මෙකද මෙහි ආවෙ දක්වනු කාරි ෴

සූත්රෙධාරි - ප්රි ය නාටිකාංගනා. මෙම මධුර නාටකය ප්රජමාද නොවී දැක්වීමට කාලය පැමිණ තිබෙන හෙයින් සින්දුවක් කියා නටා සභාව ප්රී තිකර නික්ම යමු

නැට්ටුක්කාරි - එසේ යහපති දීපේ දීපේ ජය වේවා සජ්ජනයා සජ්ජනයා අපෙ සජ්ජනයා - දීපේ දීපේ. දැන් රැඟුම් සල් දෘර්ඝා වෙන්නා සජ්ජනන්ගෙන් පූර්ණෘවෙන්නා නාට්යන සපල වන්නේය දීපේ ප්රීයතියට පැමිණෙන්නා සජ්ජනයා. (නික්මයති)

1 අංකය

I ජවනිකා - කැළණි මාලිග‍ාවේ ඇතුල් මැදුරක් (අඳුරේ පානක් පත්තුවේ, කැළණිතිස්ස රජ දෙගඩහරි ජාමෙට නින්දෙන් නැගිට මනස්තාපයෙන් තනියම කථාකරයි)

කැළණිතිස්ස - රජකම් කළත් කලකම් පලදෙන්නා - සංසංරෙවැටී සිටින සත්වයාට ඉන් ගොඩ යනතුරා සැපක් නම් නැත. මාගේ බිසවුන්නාන්සේට රන් රිදී මුතු මැණික් යහන වාහන කෑම බීම පට පිළි ආදී සියලුම සම්පත්ති ඇතත් ජෝන් ද සිල්වා 173

පතීව්රිතා නමැති අලංකාර ආභරණය ඈගෙන් නැතිවී මට දිවා රෑ දෙකේ නෙතේ නිදි නැතිව හිතේ දුක් පිරී දිනෙන් දින මාගේ ශරීරය නලා බටගසක් මෙන් තුනීවී යන්නේය. අහෝ සංකා නමැති පණුවා මාගේ හෘදය නමැති පද්මය කා නාස්ති කරන්නේය. අයියෝ ! අයියෝ !! අයියෝ !!

ලයගින්න නිවාරණ වේදෝ බිසෝ හදවත දෙ‍ලහී යනවා ශෝකා කිසි නින්ද නැතේ දෙනෙතේහි පුරා සැක රෝගෙන් පෙලී දිවාරෑදේහා නෑ මේ ලෝකේ දැන් සම්පත්ති බලේ ඒ අවුල් කළා මා රුසිරු බිසෝ තව ඇද්ද මෙ ලෝක තුළේ විපතා මෙ සමාන විකාරය පානා බෝ

(බිසවුන්නාන්සේ‍ නින්දෙන් නැගිට නිදි ඇඳුමෙන් පැමිණේ)

බිසෝ - දේව. මේ දෙගෙඩහරි ජාමේදී නිදා‍නොගෙණ පිබිද සිටින්නේ ඇයි.

කැළණිතිස්ස - සොඳුර. ස්ත්රිමයෝ වනාහි සුරංගනාවෝය. ඒ වාගේම මාරාංගනාවෝය.

බිසෝ - දේව. පුරුෂයන්ටත් ඔය කී භේද ඇත්තේය. එබැවින් එක ප‍ාර්ශ වයකට පමණක් ඔය දෝෂ ආරූඪ කළ නොයුතුයි.

කැළණිතිස්ස - තිගේ නළලේ පතීව්රෝතා තිලකය කෝ, ඒක යළිත් තබාගන්නාතුරු මා සමග කථාකරන්ට එපා

බිසෝ - දේව. මාගේ පතීව්රආතා තිලකය කිසි කලක නැති කර නොගනිමි. සංකා නමැති ලෙඩේ සෑදුන පුරුෂයාගේ නෙතට එය කිසිකලක පෙ‍ණෙන්නේ නැත.

කැළණිතිස්ස - ඔහෝ එහෙනම් මගේ වැරැද්දයි. පද්ම සේ දුල් වත සොබනා සිරියාවී මාගේ සිත් සංකා වෙන්ට ඇයි කල් ඇර ඉන්නෙ දීපේ

බිසෝ - සැක වුනි නම් මා ප්රා ණේ කිම දේහේ වාසේ ලන් මා දිව් කර හානි දැන් රාජ ස්වාමි

(නික්මයති)


174 විහාර මහා දේවි චරිතය

II ජවනිකා - වීථියක් (උත්තිය කුමාරයා පලායයි)

උත්තිය - මාගේ සහෝදර කැළණිතිස්ස රජ මා අනුමාන කර සිටින්නේය.‍ මෙහි නැවතී සිටීමෙන් අන්තරා සිදුවිය හැකි බැවින් පලායමි. රහතුන් වහන්සේගෙන් ලබා සිටි ඉගෙණ ගැන්ම මින් පසු මට නොලැ‍බේ.

සවස් කාලේ මගේ අයියා සොයා ආවා මෙමා කෝපෙන් මින් පලා මම් දැන් යම් කෝපෙන් බේරී ඊට මාගේ නෑනගේ ආධාරේ අත්පත්වී සිරස් මාගේ සි‍ඳේ දෝෂෙන් මගේ පාපේ භයංකාරයි. මගේ මූලාවී රාගෙනි මේ දෝෂාවී ඊට අයියා කෝපවී මාගේ දිවි දෙයි හානී (නික්මයයි)

III ජවනිකා - මාලිග‍ාව. කැළණිතිස්ස රජ කල්පනාවෙන් යුක්තව ඇවිදිමින් සිටින අතර කවට ධූරන්ධර ජගත්පාල පැමිණේ.

ජගත්පාල - බෝසේ බුකවා කල්පනාවෙන් දෑසේ නිදි නෑ රංග පාමින් දෝසේ වහලා ඉන්නේ ඇයි දැන් මගෙ රාජ ස්වාමි මේ වාරේ ෴

මොන ඇන්නෑ රෝගයක්දැයි මේක කාට තේරී බේරී ඇද්ද මේක සංකා රෝගේදෝ ෴

කැළණිතිස්ස - ජගත්පාල. මාගේ හිත නමැති තුරඟා දමනය කරගන්ට බැරුව කනගාටුවෙන් සිටිමි.

ජගත්පාල - දේව. දාහට අරන් සීයේට වික්කා වාගේ සිටින්නේ ඒ නිසාද.

කැළණිතිස්ස - දාහට අරන් දෙදාහට වික්කත් එපමණ කාරියක්ද.



ජෝන් ද සිල්වා 175

ජගත්පාල - එකට එක හිටියාම පාඩුද.

කැළණිතිස්ස - පාඩුවට කණගාටු නොවෙමි. සිඹ සිඹ සිටින මල කඩාදමන්ට හිතෙන එක තමා උහුලන්ට බැරි කනගාටුව.

ජගත්පාල - ඇයි කඩාදමන්නේ. ගහේ තිබෙද්දීම ඉඹ ඉඹ ඉන්ට නොදන්ානෙහිද.

කැළණිතිස්ස - පතීව්ර්තා නැති ස්ත්රිෙය සුවඳ නැති එරබදු මල වාගේය.

ජගත්පාල - සුවඳ නැති වුනත් ලක්ෂනණ තිබෙනවා නොවෙද.

කැළණිතිස්ස - මලේ යහපත් අංගයක් නම් සුවඳයි, ඒවාගේ ස්ත්රීමන්ගේ ඉතාම වටිනා අංගය නම් පතීව්රලතාවයි. එය නැති ස්ත්රිාය මිනී ගෙයක් හා සමානයි.

ජගත්පාල - දේව. ඒ උපමාව කුමක්ද.

කැළණිතිස්ස - මිනිගෙය පිටතින් බොහොම ලක්ෂ.ණට පෙණේ. ඇතුළේ ගඳගහන මිනී කුණු තිබේ. පතීව්රවතාව නැති ස්ත්රිෂය හරියටම මිනී ගෙයක් වාගේය.

ජගත්පාල - එතකොට ඔබ වහන්සේගේ දේවීන්වහන්සේවත් මිනී ගෙයකට සමානකරන්නෙහිද.

කැළණිතිස්ස - එහෙම තමා උපමාව. මගේ උත්තිය නම් මල්ලී කෙරෙහි ඇගේ පැවැත්ම මට පිළිකුල්ය. ඉන් මගේ කෝපාග්නිය දිවා රෑ දෙකේම මාගේ හෘදය නමැති ලිපේ හෝස් ගගා දැවෙන්නේය.

ජගත්පාල - මෛත්රීල කරුණා නමැති වතුරෙන් එම කෝප නමැති අග්නිය නිවා දැමිය යුතුයි. එතකොට ඔබවහන්සේට සැප මිසක් දුකක් නැත. නැති නම් මේ දිග සංසාරයේ අප්රසමාණ දුකට ඔබවහන්සේ ගොදුරු වන්නේය.

කැළණිතිස්ස - ජගත්පාල. මේ ලෝකේ නොයෙක් රෝග ඇත්තේය. ජලසන්නිය, සන්නිපාත උණ, වසූරිය මේ ආදී නොයෙක් නපුරු රෝග තිබේ. නුමුත් මේ සියල්ලටම වඩා භයානක නපුරු රෝගය ගෑනු සැකය බව පෙණීයයි.

ජගත්පාල - ඇයි දේවයන්වහන්ස. තමාගේම සෙවනැල්ල අනුමාන

176 විහාර මහා දේවි චරිතය

කරණ අයට නිදහසක් කොයින්ද. තම සෙවනැල්ලා මහාසොහොනායයි හිතන අයට දුක මිස සැපක් කොයින්ද.

කැළණිතිස්ස - මේ සැකය දුරුකරගන්ට මම දිවා රෑ වෙහෙසෙන්නෙමි. නුමුත් මට ඒක කරගන්ට බැරිය. මට වසක් පෙව්වා මෙන් හැඟීයයි.

ජගත්පාල - අහෝ දේව. මෝඩයන්ගෙන් ස්ත්රීැන්ගෙන් බිලිඳුන්ගෙන් කිවීන්ගෙන් වුනාවූ වරද පෙර පඬිවරු සිතට නොගත්තේ ඔය හින්දා තමා. බිසෝගෙන් යම් වැරැද්දක් වුනා නම්. එය හිතට නොගන්න. කොපමණ හිතට කයට සැපද.

කැළණිතිස්ස - දැනමුතුකම් කාටත් දෙන්ට පුළුවනි. එය පිලිපදින එක වද කාරිය.

කැළණිතිස්ස - පරදාර ක්රි යා තුන් ලෝක පියා අකුසල්ය කිවේ මෙ නිසාය ලොවේ මෝරණ පාපේ බවේ බෝසැරේ කරුමේකි මගේ කරුමේකි මගේ ෴

චිඃ කාම සැපා මට ලෝකෙ එපා රූපත් මබිසෝ නැත්තේ ප්රේෝමා බේරී මින් ලොවේ ඉන්ට සමර්ථ ජනා සොඳ බෝධිසතා මිස අන් කෙවතා ෴

(නික්මයති)

2 අංකය

I ජවනිකා - උත්තියවාස

උත්තිය කුමාරයා පුස්කොලයක් ගෙණ ලියුමක් බිසවුන්න්න්සේට අරිණු පිණිස ලියමින් මෙසේ කියවයි.

මට කරුණාවන්ත ප්රිනයාංගනා, රජුගේ කොපාග්නිය තද වේගයකින් පවතින බැවින් මෙහි නවතිමි. තිගේ සැප සනීප මට වහාම ලියුමකින් දන්වා එවන මෙන් ඉල්ලමි. මේ රැගෙණ එන සංඝයා අත මිට උත්තරයක් එවනු මැනවි. (පණිවිඩකාර සිරෝමණී පැමිණේ)


ජෝන් ද සිල්වා 177

උත්තිය - තෝ මෙපමණ කල් මෙහි නෑවිත් සිටියේ මන්ද.

සිරෝමණී - දේවයන්වහන්ස, ලෝකේ නොයෙක් දේශ බලන්ට ගොස් ප්රෝමාද වුනෙමි.

උත්තිය - කොහෙ කොහෙ ගියෙහිද.

සිරෝමණී - පා‍ටලීපුත්රා දෙල්හී නේපාල් භූතාන් සියාම් සිංගප්පූර් තංජුර් චීනා බර්මා කොංජෙවිරාම් අවකානා කාබුල් පූනා සූරත් කාම්බෝජේ ඇනෑම් ලැස්සා කුම් මොංගෝලියා මංකුස් කෝරියා උතුම් මේවා මම් සන්තොසින් දිටිමි. මාගේ නුවන් නන්දා වීමෙන් ලදිමි නේත්රාු ලත්පලේ මෙමම් ෴

උත්තිය - ඇවිද්ද පය දහස් ව‍ටී කීවේ ඔය හින්දා තමා. ලෝකේ නොයෙක් රටවල් බැලීමෙන් තමාගේ දැනගැන්ම වඩන්නේය.

සිරෝමණී - දේවයන්වහන්ස. ඔය නොයෙක් දේශවල අප තිලෝගුරු බුදුන්ගේ ආගම පවතින්නේය.

උත්තිය - ඒ ධර්මවය තුන්ලෝකේම පමතින්ට ඕනෑය. එහෙම නොවේ නම්, බුදුහාමුදුරුවන්ට තිලෝගුරු කියා නමක් ව්යමවහාර වෙන්ට බැරිය. මට පොඩි වැඩක් තොපෙන් කරගන්ට තිබෙනවා.

සිරෝමණී - ඒ කුමක්ද දේව.

උත්තිය - තෝ සිවුරු පෙරවා ගෙණ මහා වාසලට රහතුන් දානේට වඩින වේලාවට ඒ එක්ක ගොසින් මේ ලියුම බිසවුන්නාන්සේට දකින්ට බිමට අත ඇරලා වර. බිසවුන්නාන්සේ එය අහුලා බලා මට උත්තරයක් ලියා එවනවා ඇත.

සිරෝමණී - එය ඉෂ්ට කරමි. නුමුත් ස්වාමිණි. රහස එලිවුනදාට කාරණා බොහොම නරක්වෙයි. කලගෙඩියක් මුනින් වතුරේ ඔබා අත ඇරියාම උඩට එන්නා වාගේ ඔය රහස් බොහොම ඉක්මණට එළිවෙනවාය. නත්ති ලෝකේ රහොනාම.

උත්තිය - මගේ හිත නමැති මුවා බිසවුන්නාන්සේගේ ප්රේයමය



178 විහාර මහා දේවි චරිතය

නමැති කඹෙන් බැඳලා බිසවුන්නාන්සේට ඕන ඕනෑ විධියට ඇදලා ගණී. ඒ නිසා මේ ලියුම වහාම අරන් පලයන් (ලියුම දෙයි)

සිරෝමණී - අරන් යඤ්ඤා. නුමුත් අන්තරා දායක වැඩකි. (නික්මයයි)

උත්තිය - වියෝගෙන් මන්මුලාවී යාවි ලෝකේ රාගේ විපත්ති සදාවි - මන්මුලාවී යාවි වන්සෙට නෝබිනා රාගෙකි මාගේ කාරි තේරි නෑනා සීරු වේවිද වස‍ඟේ - මන්මුලාවී යාවි වියෝගෙන් මන්මුලාවී යාවී ෴

ලෝකේ රාගේ විපත්ති සදාවි - මන්මුලාවී යාවි ලෝකෙට අන්තරා බෝ ලෙස වෙන්නේ රාගේ වේගේ සන්දා ලෝකේ චාරිත්ර- කැඩුනේ මන්මුලාවී යාවී - වියෝගෙන් මන්මුලාවී යාවී. (නික්මයයි)

II ජවනිකා - වීථියක් සිරෝමණී සිවුරු පෙරවා ගෙණ ලියුම රැගෙණ මහා වාසලට ගමන් කරයි.

සිරෝමණී - ලොකු මිනිසුන් ආශ්රෙය කරන්ට ගියාම භයානක අන්තරාවලට ගොදුරු වන්නේය. උත්තිය කුමාරයාගේ පණිවිඩය ඉෂ්ටකරන්ට ගොසින් උගුලේ වැ‍ටුනොත් මගේ ආලේ කම්මුතුයි. නුමුත් ස්ව‍ාමියාට කීකරුවී සිටීම සියලුම දාසයන්ගේ යුතුකමක් බැවින් හොඳ වේවා නරක වේවා මාගේ යුතුකම පමණක් ඉෂ්ටකරන්නෙමි. අද ගෙදරින් පිටත්වෙන කොට දිටු නිමිති හොඳ නෑ.

සිරෝමණී - (1) වාසල්කරා මහවාසල් කරා යමි වාසල් කරා හස්නා මේ දෙඤ්ඤා හොරෙන් මාරාණි ඊට සතුටු වේ මැයි බොහෝ-බලා වේ මැයි බොහෝ-බලා තිස්ස රාජා මන්දිරේ



ජෝන් ද සිල්වා 179

දන් බෙදා ඉන්නා වරේ ලඤ්ඤා බිම දුන්න හසුන ෴

(2) වාසල් කරා මහ වාසල් කරා යමි වාසල් කරා සිවුරක් ලා බූගා හිසත් මේ වාගේ ඇද්ද මගඩි රාගේ ඉතා කැතා ඊටත් නැතා නෙතා තිස්ස රාජා මන්දිරේ දන් බෙදා ඉන්නා වරේ ලඤ්ඤා බිම දුන්න හසුන ෴

(නික්මයයි)

III ජවනිකා - රජවාසල

රහතුන්වහන්සේ ප්ර)ධානකොට ඇති සඟ පිරිසක් දානය වැළඳීමට පැමිණ ආශනවල ඉඳගණිති. සිරෝමණී නමැති බක තවුසාද පැමිණ පැත්තකින් වාඩිවෙයි. රජ්ජුරුවෝද බිසවුන්නාන්සේද සුඬ දේවිද රාජ සේවකයෝද සංඝයාවහන්සේලාට දානය බෙදති. සංඝයා වහන්සේලා දානය වළඳා රජපවුලට සහ රාජසේවකයන්ටද මෙසේ පින්දෙති.

සංඝවාවහන්සේලා - තිලෝගුරු බුදුන්ගේ සසුනේ පැවිද නිමල් සිල් රක්නා මේ සංඝයාට දෙනලද ද‍ානානිසංසයෙන් අමාමහ නිවන් සැප ලැබෙන තෙක් උපදින උපදින ආත්මවලදී කාය සැප සකල ඉසුරු නොමින් ‍ලැබේවා. නිවන් සැප ලැබේවා.

රජපවුල - සාධු සාධු.

(සංඝයා දාන වළඳා නිමවූ පසු නික්මයන්ට ආශනවලින් නැගිටින කල බක තවුසාගේ සිවුර අස්සෙන් පුස්කොල ලියුමක් බිම වැටෙනවා දැක රජ්ජුරුවෝ ඒ ඇහිඳ ගණිති. කියවා බලා රජ කෝපයෙන් දිලී ලියුමේ අකුරු පරීක්ෂාකර රහතුන් වහන්සේගේ අකුරු වාගේ එය පෙනීගිය බැවින් රහතුන්වහන්සේද බකතවුසාද අනුමාන කර අනික් සංඝයා යන්ට ඇර මේ දෙපොල නවත්වා ගනී)

කැළණිතිස්ස - සිරෝමණී තවුසා සහ රහත් සංඝයාද මෙසේ මාගේ නඩු තීන්දුව දෙනතුරා නැවතී සිටිය යුතුයි.



180 විහාර මහා දේවි චරිතය

රහතුන්වහන්සේ - රජ මේ ගැන කිසිවක් මම නොදනිමි.

කැළණිතිස්ස - මේ ලියුමේ පෙණෙන අකුරු ඔබගේ අකුරු බැවින් ඔබගේ නිර්දෝෂය ගැන මට කියන්ට එපා.

රහතුන්වහන්සේ - දේව. රහතුන් මරණයට භය නැත. බොරු නොකියති. එබැවින් මාගේ මුවෙන් බොරුවක් මේ ප්රුස්තාවේදී නොපිටවන බව ඔබ වහන්සේ දතයුතුයි.

කැළණිතිස්ස - සිල් කැඩුනාම ඇති රහත්කම කුමක්ද. එබැවින් වැඩිදුර ඔය ගැන කථා නොකළ යුතුයි.

රහතුන්වහන්සේ - මහත් පාපයකට ඔබ තුමා නිකරුනේ අසු වෙනවාට මට දුකයි. නුමුත් මගේ පූර්ව- කර්මටයක් පඩිසන්දෙන්ට එන බැවින් එය වලක්වා දමාගන්ට මට නොහැකිය. ඔබ තුමන්ට මනාපයක් කෙරේවා.

කැළණිතිස්ස - පින් සිඬ නොවේය. මෙදුන් දානයෙන් හොරේ අසුවීය දැන්. සඟණ කරණ විළිබිය නැති අමනකම් පින් සිද්ධ නොවේය මේ දුන් දානයෙන් හොරේ අසුවීය දැන්. හසුනේ පෙණේ තොප අකුරා කෙලෙසා රහත්වී සිටිනා සීලය බින්දා ලොබ බැන්දා ලිය සන්දා - යෙදි නින්දා දැන් තොප මරවා දමමි මම් කරමි නිගා - පින් සිඬ නොවේය මෙ දුන් දානයෙන් හොරේ අසුවීය දැන් ෴

සේවකයිනි මෙම සංඝයා වහන්සේලා දෙනමගෙන් රහත් සංඝයා තෙල් කටාරමේ දමා තැම්බී මැරෙන්ට සලස්වමි. අනික් සංඝයා මරණයට පත් කරමි. මෙසේ මොවුන්ගේ ජීවිතක්ෂදය වනතුරු දඟගෙයි නවත්වව්

සේවකයෝ - එසේ යහපති දේවයන් වහන්ස

(සේවකයෝ රජ අණ පරිදි රහතුන්වහන්සේ සහ බක තවුසාද දඟගෙට කැන්දගෙණ යති)


ජෝන් ද සිල්වා 181

කැළණිතිස්ස - (බිසවට කථාකර කියයි) තොපේ අව කල්ත්රි යාව නිසා අපේ නම්බුව නැතිවිය. අප විසින් වඳින පුදන ත්රිතවිධ‍රත්නයෙන් උතුම් සංඝරත්නයට නිගා දී දඬුවම් පැණවීමෙන් පංචානන්තරීයට කැප වුනෙමි, අහෝ මෝඩ ලියන්ගේ ක්රිනයාවලින් ලොව නැතිවෙන හැටි.

බිසව - ස්වාමිණි. කවුරුවත් වල් ලියුමක් එවූ පලියට මට චෝදනා කිරීම ප්රවඥාගෝචර නොවේ.

කැළණිතිස්ස - සංඝයා පටන් මට අවිශ්වාස වෙන පරිදි ක්රිඑයා කළ තිගේ තර්ක‍නය අසන්ට මට ඕනෑ නෑ.

සුද්ධදේවි - මාගේ නුවන් බඳු දෙගුරුණි. ඔබවහන්සේලා මෙසේ ඩබරකර ගත්තාම කෙසේ මම එය වාගෙණ සිටිම්ද, මට කරණ දඬුවමක්යයි මට සිතී යන්නේය.

කැළණිතිස්ස - ප්රියය නන්දනිය. තිගේ කිසි දොසක් නැත. මෑනියන්ගේ වැරැද්දෙන් මගේ හිත පෙරළී ගොස් ඇත.

සුද්ධදේවි - පියානන්වහන්ස. තෙල්කටාරමේ දමා මරන්ට නියමකළ ඒ නිර්දෝෂ රහතුන්වහන්සේ මාගේ නමට බේරා අරිණ ලෙස ඉල්ලමි.

කැළණිතිස්ස - දුව. ඒ රහතුන් ගැන මගේ සැක තිබේ. එබැවින් ඒ ගැන කථා නොකරණු.

බිසව - දේව. සැක නමැති ඩාකිනිය හිත නමැති බෙනේ රිංගාගත්තාම නිදොස් ජනයා ‍සදොස් මෙන් පෙණී යයි. අපේ දියනියන්ගේ යාච්ඤාව පිළිගණු මැනව.

කැළණිතිස්ස - මා කෝප නොකරණු. වැඩිදුර කථාවෙන් මගේ කෝපය දියුණු වන්නේය.

මගෙ බිසෝගෙ චාරෙ රිස්සුම් අයියෝ නෑ දැන් දැන් බුඬි සුන් සුන් සුන් මගේ බිසෝගෙ චාරෙ රිස්සුම්- පිස්සා වෙනවා මේවා හින්දා වංසේ ලෝකේ පෑගී පෑගී කර්මොකි දැන් මින් බේරී ඉන්ටත් නෑ දීපේ ලංකාදීපේ.

බිසෝ - කාරී නොදැනා පිස්සෙක් මෙන් - ඉන්නා දැන් නන් දොඩමින් - 182 විහාර මහා දේවි චරිතය

මන් ලෝලේ උන් මාගේ ස්වාමින්ගේ - මන් සෝකේ සින්දාලා - සෙත් දෙත්වා දේවෝපකාරේ වේවා සාරේ -

සුද්ධදේවි - සිත් ප්රේරමෙන් උන්නෝතින් දුක් වේ සුන් නෑසංචල් ෴

3 අංකය

I ජවනිකා - පිට්ටනියක් තෙල්කටාරම ගින්නේ තබා තිබේ. වදකයෝ ‍රහතුන්වහන්සේ කැන්දාගෙණ වදමල් හිසේ පැළඳ බෙරගසාගෙණ පැමිණෙති.

වදකයෝ - ස්වාමිණි. රාජ පණත අප විසින් ඉෂ්ටකෙරීමට කාලය පැමිණ තිබේ. ඔබවහන්සේ අප කෙරෙහි මෛත්රීා කරුණා පෙන්නා මෙම කටාරමට ඇතුල්වෙනු ‍මැනව.

රහතුන්වහන්සේ - වදකයිනි. තොප කෙරෙහි ‍හෝ අප රජු කෙරෙහි හෝ කිසි වෛරයක් මට ඇත්තේ නැත. තවද මරණයට කිසි බියක් නැති බව දැනගනිව්.

වදකයෝ - බුදුවරයෝද රහතුන්වහන්සේලාද මරණයට භය නැත්තෝය. දැන් ඉතින් අපේ යුතුකම් ඉෂ්ටකරන්ට ඕනෑ බැවින් ඔබවහන්සේ තෙල්කටාරමට ඇතුල්වෙන ලෙස යාච්ඤාකරම්හ.

රහතුන්වහන්සේ - තොපට රජුගෙන් දඬුවම් කෙරෙන්ට හැකි බැවින්ද රාජ නියෝගයට යටත්විය යුතු බැවින්ද තෙල්කරාරමට පනිමි. පූර්වබ ජාතිවල කුමන පවක් මවිසින් කරණලදදැයි පරීක්ෂාිකර බලමි.

(රහතුන්වහන්සේ තෙල්ක‍දටාරමට වදී. උණුවූ තෙල් සිසිල් පැන් මෙන් උන්නාන්සේට දැනී කුමණ පූර්වැ කර්මවයක් හේතුකොට ගෙණ මෙම විපත වීදැයි පරීක්ෂාැකරන්නේය.)

ලා තෙල් කටාරමේ මා අපරාදෙ ශීල නැතිසේ රජිඳා සංකා කරන්නා මේ තෙල් සිසිල්ය මෙ කලේ මා දේහ දැවේ නෑ නෑ ශීලේ නිමල්ව පවතී කරුමේ කිමා මෙ විපතා දැන් සිඬවෙන්ට මෙ ලෙසේ ෴


ජෝන් ද සිල්වා 183

නිර්වා න සම්පතා තුම් ලැබගන්ට පේවි මෙ කලේ රකිනා ශීලේ නිමල් වන් පානානිසංස මෙ ලොවේ මැස්සෙකු පූර්වේ තැම්බී මාගේ බඳුන්හි කිරිලූ එම කර්මුයා පෙණෙනවා ගත දාය දාය විගසේ ෴

(රහතුන්වහන්සේ තැම්බී නසිනසේක - වදකයෝ මෘතදේහය ඉන් රැගෙණ මෙසේ කියති.)

1 වදකයා - පූර්වක ජාතියකදී උණුකරණ කිරෙහි මැස්සෙක් වැටී තැම්බෙන්ට ඇරිය ඒ කමර්යා මෙම උතුම් රහතුන් වහන්සේ දිටු කෙණෙහිම ජීවිතක්ෂමයට පැම්ණියේය. මුන්නාන්සේ රහතුන් බවට සැකක් නැත. අහෝ අපේ රජ්ජුරුවන් කරගත් පාපය කවර කලක ගෙවා නිමවේද. කර්මේ බවේ නැගී එන්නා පඩිසන්දීම කී සේ සෑසි නිවනා ලබන්ට මත්තෙන් කර්මේම දැන් දැන්ම පඩිසන් දුන්නා අකුසල් මේ තේරී පන්සිල් නොරැකා ලංකාව හානි වෙන්නා ෴

2 වදකයා - ධර්ම බලව් තිලෝනාගේ නොමරව් සතුන්ගෙ ප්රාෙණේ ලෝකේ මැරුණා කිරේ වැටී උන් මැස්සා තැම්බෙන්ට කිරේ මුන්න්න්සේ ඉඩ දුන් ඒ කර්මෙම පූර්වෙල පඩිසන් දුන්නාය දැන් මේ කාලේ ෴

(නික්මයති)

II ජවනිකා - වීථියක්

වැසියෝ දෙදෙනෙක් රහතුන්වහන්සේගේ මරණය ගැන ශෝක ප්‍රකාශකරමින් ගමන් කරති.

1 වැසියා - හෝ මිත්ර.ය. කිසි වැරැද්දක් නැති රහතුන් තෙල් ක‍ටාරමේ දමා මරණලදී.

2 වැසියා - නිවැරදි ශීලවන්තයන්ට දඬුවම් පමුණන රජදරුවන්ට දේව කෝපය නගිනවාට සැකනැත.

1 වැසියා - සම්යරක්දෘෂ්ටි භූමාටු තලාටු දෙවියෝ මේ ගැන කෝපවී 184 විහාර මහා දේවි චරිතය

නිසි දඬුවම් පමුණුවති.

2 වැසියා - ඒක එහෙමයි. බුදුහාමුදුරුවෝ ශ්රීය ලංකාද්වීපයේ බුදු සසුන් ආරක්ෂාඬ කිරීමට ශක්රයදෙවියන්ට බාරදුන් සේක. ශක්ර්දෙවියෝ විෂ්ණුදෙවියන්ට බාරකළ සේක. එබැවින් ශාසනය පාලනය කරණ මේ දෙවිවරු මේ ගැන නිකම් නොයිඳිති.

1 වැසියා - මුනිසුතා නිවන්පුරා සුපැමිණිය මේ‍ෙකණේ රාගෙ නිසා තිසා රජා රහතුන්ව මැරිය ලක්දිවේ මේ දොසිනා විනාශ දැන් වේ රජිඳාගෙ දීප මේ.

2 වැසියා - වැරදිලා විනිශ්චයා නිරපරාධ සංඝයා තිස්ස රජා ම‍රා දැමී මුනිඳුන්ගෙ දහම සිත්නොලා මේක නිසා මේදීප තුම් දැන්ම වැටේ විනාශයේ ෴

(නික්මයති)

III ජවනිකා - ශක්රිභවන. ශක්රනයාද මාතලීද සිටිත්

ශක්රනයා - මාතලි. තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ නිමල් සිල් රකිණ ශ්රීව ලංකාද්වීපයේ රහතුන්නමක් කැළණිතිස්ස ‍රජ තෙල්කටාරමේ දමා වදදී මරණ ලදින් රජු නිවසන පළාතට මූද ගලන්ට සලස්වා ඕහට දඬුවම් පැමිණවිය යුතුයි.

මාතලී - දේව. නිසි ප්ර.ස්තාවට නිසි දඬුවම් නුදුන්නොත් ශාසනය නැතිවෙන්ට පුළුවන. එබැවින් එම අධර්මිෂ්ට රජුන්ට අච්චුදීම සර්වාෙකාරයෙන්ම යෝග්ය් වන්නේය.

ශක්රායා - පුරුසේකි රුදු පව්කම් කරණා කැළණී තිසා ලංකා පාලනා දැන් මහ මූද ගලා රට යට කරවා දමනෙම් බියකර ඒ වල් රාජා මේ දුෂ්ට ක්රිඒයාව කළේ මෙකලේ සංකා ඉපදී අඹුගේ චරිතේ ෴

මාතලී - දෙවියන්ගේ බල දන්නේද රජා දුසිරි මගේ ලංකා දැන් දැමීයා අපරාධ කළේ ඔබ තෙද මහිමේ


ජෝන් ද සිල්වා 185

නොදනී බව මට දැන් දැන් තේරේ ලංකාවෙ මෙ පාප ක්රි යා වලකා ලන්නේ සුරි‍ඳේ බල පා ඔබගේ ෴

ශක්රනයා - මාතලී. අපේ රථය විගස සූදානම් කරගණු. මේ මොහොතේ දීම ලංකාවට ගොස් මහ මූද ගලන්ට සලස්වා රජුට නිසි දඬුවම් පමුණුවන්නෙමි.

මාතලී - එසේ යහපති දේව

(නික්මයති)

IV ජවනිකා - වීථියක්. ශක්රනයා සහ මාතලී ගමන් කරත්.

ශක්රනයා - මේ මූදු වෙරළේ පටන් කැළණිය දක්වා හැතැක්ම දහසයක් පමණ ඇත.

මාතලී - එහෙයි දේව. බුදුරජුන් කැළණියට වැඩිය බැවින් එපුර සමීපය බේරා සෙසු භූමිය මූදට යටවෙන්ට සලස්වමු.

ශක්ර යා - රජුගේ සුද්ධදේවි නම් දියනියක් ඇත. එම දියණිය මූදට පූජාකළොත් කැළණිය මූදට යටනොවෙන්ට සලස්වමි. නැත්නම් සියල්ලක්ම යටකර දමන්නෙමි.

සෑසි ආලෝක බූලෝ කළේ ‍දම් දෙසා කළේ දම් දෙසා - කළේ දම් දෙසා සෑසි ආලෝක - බූලෝ කළේ දම් දෙසා සීලේ දරා උන් සුද්ධ ඒ රහතුන් තෙල්කට්රමේ දැම්මේ රජා විරුද්ධවෙලා පාපයේ ගැලී ඉන් දැන් විශාල මූද එන‍වා ගලා ගලා මෙ කලේ විපාක දැක්කැකි සංඝයා මැරූ ෴

මාතලී - දේව ලංකාව මේ ලෝ ඉතා ඉස්තරම් ඉතා ඉස්තරම් - ඉතා ඉස්තරම් දේව ලංකාව මේ ලෝ ඉතා ඉස්තරම් සෑසි දෙසූ දම් සුද්ධ සේ පවතී සුද්ධ භූමියේ ධර්මෙද බලා විකාර සිඳාගන්ට මේ රටේ ඉන්නා ජනන්ට හැක්කී සොඳසේ මෙ ලෝකයේ කරුමේ විපාක දැන් ලැබේ තිස්ස රාජගේ ෴

186 විහාර මහා දේවි චරිතය

(නික්මයති)

V ජවනිකා - මහමූද

(මහමූද ගලා රට වතුරට යටවීගෙණ එනකල කැළණිතිස්ස රජ බිසෝ සහ සුද්ධ දේවි භයෙන් ත්රෙස්තව මෙසේ කියති.) (රාජ සේවකයෝ දෙදෙනෙක්ද සිටිති)

කැළණිතිස්ස - අහෝ බිසව. තොපේ වැරැද්දෙන් රහතුන්ට මවිසින් දෙනලද දඬුවමට දෙවියෝ කෝපවී මගේ රට වතුරට යටකරති. මී‍ට කුමක් කරම්ද.

බිසෝ - මගේ වැරැද්ද නම් දඬුවම් මට ලැබේවා

කැළණිතිස්ස - මේක නවත්වාලන්ට නම් අපේ එකම දියනියවු සුද්ධදේවී රන් පෙට්ටියක ලා මුදේ පාකර අරිමු.

සුද්ධදේවි - මගේ පණ පූජාවීමෙන් අපේ රට බේරාගන්ට හැකි නම් ඊට මම කැමැත්තෙමි. පියානන් වහන්ස ‍එසේ කළ මැනවි.

කැළණිතිස්ස - මෙ කාලේ විසල් ගම්භීර මේ මූදේ රැල්ල වේගයේ නගිනවා දේවනේ දීපේ නැසීයයි ඒ ගිලී මූදේ මදෝනි පෙට්ටියක්හීලා අරිමි මූදේ පාකරා නවත්වා අන්තරා ලන්නේ- නිවා දැන් කේප‍දෙයියන්ගේ ෴

බිසෝ - ම දෝනි විපුල්වන් මූදේ කෙසේලා වාමි මා ළයා නිකරුනේ ජීවිතේ හානිකළේ - ඇයි ස්වාමි රහතුන්ගේ නුදුන්නොත් දෝනි බ්ල්ලක්සේ ගිලිනවා දීපසාගර රකිත්වා සුද්ධදේවී මා මෙ ලංකා බාර සව් දේවෝ

සුද්ධදේවි - එපා මා උතුම් පිත් මාතා පෙළෙන්ටා - ශෝකයෙන් ළයේ මෙරට බේරීම සෑහේමැයි මගේ ප්රාළණේම දී පූජා බුදුන් දම් සංඝ රත්නත්රෙට කෙරෙහි මම් - භක්තියෙන් සිටිම් උපද්රාී නෑ කිසිත් වෙන්නේ දියේ ලෑවත් මෙමා මූදේ ෴


ජෝන් ද සිල්වා 187

කැළණිතිස්ස - සේවකයිනි, මගේ දූ සුද්ධදේවී රන් පෙට්ටියක සැතපෙන්ට තබා ඔරුවක එම පෙට්ටිය නංවා මේ මූදේ පාකර ඇරියයුතු බැවින් වහාම රන් පෙට්ටිය සහ ඔරුව මෙහාට අරන් වරෙව්.

සේවකයෝ - එසේ යහපති දේව.

(සේවකයෝ ඔරුව සහ පෙට්ටිය ගෙණෙන්ට යති.)

බිසව - ස්වාමිනී, අපේ එකම දියනියන් මෙසේ පූජාකර කෙසේ වාගෙණ සිටිම්ද.

කැළණිතිස්ස - ප්රාිණ කීයක් දැන් රටේ හානිවෙන්ට ඇද්ද. කීපයක්ව වතුරට යටවී නැතිවී තිබේ. එබැවින් අපි තනි දුවගේ ප්රාදණය පූජාකර වැසියාව බේරාගම්මු. (සේවකයෝ රන් පෙට්ටිය සහ ඔරුව අරන් පැමිණෙති)

කැළණිතිස්ස - මගේ ප්රිුය දියනිය මේ පෙට්ටියේ සැතපියන්

සුද්ධදේවි - එසේ යහපති පියාණන් වහන්ස. නුවන්සේ ආලයෙනි මේතෙක් තැනූ මව්පියෝ ඉතින් වෙන්ට සමුද්රෙි ලන්නහු අයියෝ ගිලිද්දෝ චණ්ඩ මෝරු මා තුණුරුවන්ගේ තුණුරුවන්ගේ නිත්තෙන් පිහිට අත් වේවා මෙ ලංකා භූමියේ යෙදුනු සියල් දොස් සංසිඳී යත්වා ෴

(සුද්ධදේවි පෙට්ටියට වැදුනකල එය දියත්කර පාවෙන්ට අරිති. පෙට්ටිය ගෙකන් මූදේ රුහුණු පළාතට පාවී යයි. සියලු දෙනාම එය නොපෙ‍ෙණන දුර යන කල්ම බලා ඉඳිති.)

බිසෝ - දේව. මගේ එකම ගෑනු දරුවා අද ඉතින් මගෙන් වෙන්වී ගියාය. මගේ පපුව දෙදරායයි. (අඬයි)

කැළණිතිස්ස - වැරැද්දෙන් වැරැද්ද සිදුවී මේ අන්තරා අපට සිද්ධ විය. භූමාටු තලාටු දෙවියෝ මගේ දුප්පත දුව ආරක්ෂාැකර ගණිත්වා. (සියලුදෙනාම නික්මයති) රජුගේ ඇතා සමග රජ යයි



188 විහාර මහා දේවි චරිතය

VI ජවනිකා - බුම්වළ

(කැළණිතිස්ස රජ සුද්ධ දේවී මූදට පූජාකර කැළණි පුරයට ඇතා පිටින් ගමන් කරද්දී කැළණිපුර සමීපයේදී පොළොව ගුගුරා දෙදරා රජ ඇතා සමග ගිලීයයි.)

කැළණිතිස්ස - භයංකාරයි, භයංකාරයි, භයංකාරයි, පොළොව ගුගුරා දෙදරා යයි. මවිසින් දේවාතිදේව බ්රයහ්මාති බ්රළහ්ම වන්දිය පූජනීය තිලොගුරු බුදුහාමුදුරු‍වන්ගේ නිර්දෝෂ රහත්නමකට කළ අපරාධ ක්රිදයාව නිසා දැන් මේ අච්චු ලැබෙන්නා. අහෝ කෙසේ මම් බේරෙම්ද.

කැළණිතිස්ස - සෙල්ලි පොලෝ බුම්ගගා නැස්ම ලංවී ගිලිවි දැන් මා ගිලිවි දැන් මා රහත් මැරු පවිනි විපත්ති සෑදී ගිලිවි දැන් මා ගිලිවි දැන් මා ඉතා භයන්කාරමයි මේ වුනේ දේවනේ නිදොස් රහතුන් දිවි නැස්මෙන්මයි ෴ (පොළොව පැලී රජ ඇතා සමග බුම්වලේ ගිලීයයි.)

4 අංකය I ජවනිකා - කාවන්තිස්ස රජුගේ මාළිගාව

(මන්ත්රීිවරු දෙදෙනෙක්ද නාටිකාංගනාවෝ දහදෙනෙක්ද සිටිති. කාවන්තිස්ස රජ සිංහාසනාරූඪවී සිටී. රජු හැර සියලු දෙනාම මෙසේ කියති.)

සියලුදෙනාම - තෙදබල පෑ ලංකාවේ කාවන්තිස්සා නම් බූපතිඳා තෙදබලපෑ ලංකාවේ දිනාය යුද්ද සැඩිදෙමළාගෙන් සිරිලක වනසන සැමතැන කෝපෙන් තෙදබල පෑ ලංකාවේ පින්කම් පින්කම් නිත්තෙන් සාරා ධර්මෙම දන්න ධර්ම ධාරීන් ඉන්න පන්සල් ලක්දිව් සෑදී බෝ නිවන්පායි සලසයි ලක්දිව් සුසිරී සැපත්දෙයි දුක් බෝ සංසිඳී


ජෝන් ද සිල්වා 189

ඉතින් ලකට සෙත් දීපේ ධර්ම බෝ වේ නිත්තේ සිඳී විකාරය තෙදබල පෑ ලංකාවේ ෴

කාවන්තිස්ස - කෙත් වතුපිටි දියුණ් කෙරීමට වැසියා සිතට ගත යුතුයි. රටක දියුණුව රඳන්නේ ආහාර ලබා ගන්නා ක්රිම සම්පාදනය කරගැනීමෙන්ය.

මන්ත්රීෙවරු - එය සැබෑවකි. වැසියාට හිඟ නැතිව කෑම දැන් රටේ ලබාගන්ට හැකිය.

කාවන්තිස්ස - ශාසන වැඩ අතපසු නොකළ යුතුයි. මෙම ජීවිතය ලොට්ටයක් පමණවත් දිග නැත. ඒ කොට ජීවිතය කාලා බීලා සෙල්ලම්කරලා ගත කළොත් සංසාරයේ කල්ප ගණන් දුක් විඳ විඳ සැරිසරන්ට වෙන බැවින් තිලෝගුරු මුණිඳුන්ගේ ධර්මි අනුව අප විසින් කල් ඇරිය යුතුයි.

මන්ත්රීනවරු - දේවයන්වහන්ස ඔබවහන්සේගේ කල්පන්ව යහපත්ය. සංසාරය කොටවෙන ප්රුකාරයට මෙම ජීවිතය පසුකළ යුතුයි.

කාවන්තිස්ස - මේ සිටින නළඟනන්ගේ රැඟුම් දක්වවි.

මන්ත්රීසවරු - තොපේ නැටුම් සින්දුවක් කියා දක්වව්.

නළඟනෝ - ප්රී-තිවෙයි මහරජ නාට්යක බැලුමෙන් ලංකා දීපා රකින ධර්මයයෙන් මහරජ වේවා ප්රි ය දැන් ශාන්ක දාන්ත ගුණ ජන මන පිනවන ප්රා ප්ත ප්රාජප්ත තන්හී ජන දෙති තුති ගොස් මහරජ වේවා ප්රිපය දැන් ෴

කාවන්තිස්ස - ඇත්තටම සිත ප්රිනයකරණ නැටුමකි. මන්ත්රිටවරුණි. මුන්ගේ නඩත්තුවට ඕනෑකරණ වී හාල් ආදිය අපේ ගබඩාවෙන් දෙන්ට නියමකරව්.

මන්ත්රී්වරු - එසේ යහපති දේව

(රාජ කවටයා පැමිණේ)


190 විහාර මහා දේවි චරිතය

කවටයා - මේ මූදුබොඩේ අන්න වැල්ලද්දරේ අන්න වැල්ලද්දරේ ස්වර්ණ පෙට්ටි තිබේ. මේ පළාතේ සිගතකාලේ වෙන්ටෑ‍කී පෝසත් රත්තරණින්දුල් පෙට්ටි පාවී වැල්ලටවන් බුවිපාල් මේ මූදුබොඩේ අන්න වැල්ලද්දරේ අතන වැල්ලද්දරේ - ස්වර්ණ් පෙට්ටි තිබේ. ෴ ඒක අස්සේ වේ හඬ බෝසේ පින්ගන්නා දේවා දැන්ම ගොසින් ඒ ගත්තොත් නෑරා බෝජය අත්වෙනවා.෴

කාවන්තිස්ස - සුභාරංචියක් ව‍ාගේ - මොන පෙට්ටියක්ද.

කවටයා - දේව. බලන්ට ලක්ෂටණයි. විශාල රත්රන් පෙට්ටියක්. ඇතුලේ සුසුම්ලන හඬක් මට ඇසුනා.

කාවන්තිස්ස - මනුෂ්යා හඬක්ද.

කවටයා - එහෙයි දේව.

කාවන්තිස්ස - මිහිරි හඬ්ක් ද.

කවටයා - හූල්ලන හඬක්. එබඳු හඬක ඇති මිහිරි භාවය කුමක්ද.

කාවන්තිස්ස - එහෙනම් දුක් හඬක්.

කවටයා - එහෙයි ‍දේව. දුක ග‍ාව‍ාට සැප. දුකෙන් සැප උපදින්ට බැරි නෑ. ගොසින් බලනු මැනවි.

කාවන්තිස්ස - එහෙනම් යමු බලන්ට, නුඹ මා සමග වරෙන්.

කවටයා - ලැබෙන එකෙන් දෙකෙන් පංගුවක් මටත් ලැබෙනවානම්.

කාවන්තිස්ස - දෙන්ට පුලුවන් එකක් නම් ඉන් පංගුවක් දෙන්නෙමි.

කවටයා - පෙට්ටිය ඇතුළේ තිබෙන වසුතුවෙන් කොටසක් මට එපා. පෙට්ටියෙන් පමණක් මට ලැබුනොත් හොඳටම ඇති.

කාවන්තිස්ස - හොඳයි යමු බලන්ට. (නික්මයති)


ජෝන් ද සිල්වා 191

II ‍ජවනිකා - වීථියක්. (කාවන්තිස්ස රජ්ජුරුවෝ කවටයා සමග මූදු වෙරළට ගමන්කරති)

කවටයා - පස්වාදහසක් බුදුවෙන්ට දෙයියෝ. තරහ ‍අවසර නොලැබෙනවා නම් තව යහපත් ‍ආරංචියක් මට කියන්ට පුළු‍වනි.

කාවන්තිස්ස - ඒ කුමක්ද.

කවටයා - සිරිවමිය පුලුලුර නිවසන සරසවිය මුවෙහි ලගින ‍වරළ ගනකුල් සදිසි නළල අඩසඳක් බඳු ගහණ රන් කුසුමෙනා නුවන නිලුපුල් මෙනා දසත මූදු විලස් ගත් දෙතොල් බිඹුපලවිලස දෙබැම ඉඳුසැවි සදිසි උවන පියුමක් බඳු බෙල්ල හක්ගෙ‍ඩියකි. තන තිසර දෙදෙනෙකි. දෝත රන් ලතාසේ පාද පංකජන්සේ ව‍ටොර කදලිවන් සුරඟනන් රුවින් පරදවන අඟන ඇත ඔය ලඟම ඔබගෙ. නෙත පිනවන්ට මට ලැබෙන අවසරේ කිමද කිය මැන අනේ පිණැති මගෙ සමිඳුනේ.

කාවන්තිස්ස - ඔපමණ ලක්ෂටණ ස්ත්රිමයක් මගේ අණසකපවතින මේ පළාතේ සිටිනවා අසන්ට සතුටුවීමි.

කවටයා - දේවයන්වහන්ස. හොඳ කඩවසමේ ස්ත්රි යකි. පාඩගම් පයේලා ඇවිදින කොට කිං කිං කිං කිං කිනි කිනි කිනි යන නාදය ඇසේ.

කාවන්තිස්ස - හොඳයි නුඹ ඔපමණ වර්ණනනා කරණ බැවින් අර රන් පෙට්ටිය පළමුවෙන් පරීක්ෂා-කර බලා වාසලට හැරී යනපාර ඔය කී කාන්තාව බලාගෙණ යමු.

(නික්මයති)

III ජවනිකා - මූදුවෙරළ.

රන් පෙට්ටියක් වෙරළේ තිබේ. (සිංහල ස්ත්රිටයෝ දෙදෙනෙක් වෙරළේ ඇවිදිති. පෙට්ටිය දැක ලඟට පැමිණ සෝදිසි කරති.)

1 ස්ත්රිරය - යාළුවා බලපන් අර පේන පෙට්ටිය.

2 ස්ත්රිරය - රත්රන් පෙට්ටියක් - සෝදිසිකර බලමු.


192 විහාර මහා දේවි චරිතය

1 ස්ත්රි ය - කහවනු කෝටියටත් වඩා එහි රත්රන් තිබේ.

1 ස්ත්රි ය - පෙට්ටිය එපමණ වටිනවා නම් ඇතුළේ වස්තුව කොපමණ වටිනවා ඇද්ද.

(ලඟට පැමිණ සෝදිසි කරති)

2 ස්ත්රිසය - ඇතුළේ මනුෂ්ය යෙක් සිටින හැඩයි

2 ස්ත්රිසය - මෙහි රජ්ජුරුවෝ පැමිණෙති

(ස්ත්රිතයෝ පැත්තකට වෙති. කාවන්තිස්ස සහ කවටයා පැමිණෙති)

කාවන්තිස්ස - නුඹලා කවුද.

1 ස්ත්රිසය - දේව. මූදුවෙරළේ ඇවිදින්ට මෙහි පැමිණිකළ මේ රන් පෙට්ටිය දැක එය සෝදිසිකර බලන්ට කැමැත්තෙන් පැමිණියෙමු.

(කාවන්තිස්ස රජ පෙට්ටිය ඇර බලයි)

කාවන්තිස්ස - මෙහි සැතපී සිටින ස්ත්රි්ය නැගිටෙනු මැනවි.

(සුද්ධදේවී නින්දෙන් නැගිට රජු හා කථාකරන්නීය.)

කාවන්තිස්ස - නෙතා නිල්වන් මෘගාක්ෂින නොව කෝල පා දන්නාමේ නොව කෝල පා දන්නාමේ නොව කෝල පා දන්නාමේ ෴

සුද්ධදේවි - මව් පිත් වාසේ කැළණි එක් රහත් නමක් පිත් මා මරලා දෙයියෝ රොස්වී ගිල්ව දැම්මෝ දීපේ ග්රාතමා ෴

කාවන්තිස්ස - කියා දීපන් එ වම් හුම් පුදුමේකි සංචල් චිත්තා පුදුමේකි සංචල් චිත්තා පුදුමේකි සංචල් චිත්තා ෴

සුද්ධදේවි - මව් පිත් පූජා කෙරුවෝ ම‍ාව මූදටා ස්වාමී කැළණිතිස්සා බුවීපල් ම‍ාගේ පිත් බැව් දන්වා දෙන්නෙම් ෴ ජෝන් ද සිල්වා 193

කාවන්තිස්ස - අහෝ මේවා අසාලා සිත වේය සංචල් මාගේ සිත වේය සංචල් මාගේ සිත වේය සංචල් මාගේ ෴

සුද්ධදේවි - ලා රන් පෙට්ටි තුළ මා මූදේ පා කළා අයියෝ තෙරුවන්ගෙ ආරක්ෂාෝ ලද්දෙන් මූදේ බේරී ආමි ෴

කාවන්තිස්ස - තී රජ පවුලකට අයිති කුමරියක් බැවින් මාගේ වාසල කරා මා සමග යන්ට එනු මැනවි. පුදුම ජීවිත කථාවක් ඇත්තාවූ කුමරියක් බව පෙණීයයි

සුද්ධදේවි - ස්වාමිණි. ඔබවහන්සේ කවුද.

කාවන්තිස්ස - මම මේ රුහුණු ප්රමදේශයේ රජය. තිගේ තත්ව යට මගේ තත්ව ය යෝග්යත බැවින් අකමැතිනොවී මා සමග යනු මැනවි.

සුද්ධදේවි - එසේ යහපති දේව.

කවටයා - කොහොමද දේව දැන් ම‍ාගේ ආරංචිය.

කාවන්තිස්ස - පුදුම සුභාරංචියකි.

කවටයා - මට රන් පෙට්ටියෙන් කොටසක් දෙන්ට වටිනවාද නැද්ද.

කාවන්තිස්ස - එය දෙවනු බේරාගන්ට හැකිය. රන් පෙට්ටිය මේ කුමරියට අයිතිය. ඒ නිසා ඉන් කොටසක් දෙන්ට මට කිසි බලයක් නැත.

කවටයා- බලේ ඔබවහන්සේට දැන්මම ලැබුනාවද.

කාවන්තිස්ස- එසේ ලැබුන බවක් නොදනිම්. ලැබුනාම පොරොන්දුව ඉෂ්ට්කරන්නමි.

කවටයා - සාධු සාධු. පෙරනම අපරනම ඉරනම. මේක ඉරනම තමා.

(නික්මයති)


194 විහාර මහා දේවි චරිතය

IV ජවනිකා - වනාන්තරයක් වනදේවතාවියෝ දෙදෙනෙක් සිටිති

වනදේවතාවියෝ - ප්ර මාණා නැත පානා ආදරේ රජතිස්සා සුදු දේවීගේ කෙරේ මෙකාක වර්ණුවූ බූපල් තොස්වී කුමාරි ගෙණ ගොස් වාසල් දැක්වී පේවී රකින්නී ශීල බුදුන් කී කැළණිතිස්ස දූ මූදේ පාවී කාවන්තිස්සා ගත්තෙන් දේවී ජය ලැබ බෝම වැජඹේ දිව්හි මේ දීප ලංකා ‍සාරා සාරා කසාද බැන්දා රාජා රාජා එතැන මංගලම් - සරි සරි සරි සරි ෴

(නික්මයති)

5 අංකය I ජවනිකා - කාවන්තිස්ස මාලිගාව. කාවන්තිස්ස රජ සහ සුද්ධදේවී සිංහාසනේ සිටිත්. මන්ත්රී වරු තුන්දෙනෙක්ද රාජ කවටයාද නාටිකාංගනවෝද ප්රී ති ඝෝෂා කරත්.

සියලුදෙනාම - පතා දිගාද සෙතා - පතා දිගාද සෙතා - පතා දිගාද සෙතා - දෙයියන්ගේද රත්නත්රටයාගේද යාපත් උදව් දැන් යදිව් මේ සැමා ෴ සැපා නිදෝගි සැපා - සැපා නිදෝගි සැපා - සැපා නිරොගි සැපා - අත්පත් වෙන්ට දුක් සන්සිඳී යන්ට තොස්නෙන් පතවි දැන් සබාවේ සැමා ෴ සිඳා රුපුන්ගෙ ඔදා - සිඳා රුපුන්ගෙ ඔදා - සිඳා රුපුන්ගෙ ඔදා - ලංකා දීප රක්නා මහීපාල බෝකල් වෙසෙත්වා බිසෝ මන්පිනා ෴

කවටයා - දේවයන්වහන්ස. ඔබවහන්සේට ලැබුන මේ පුණ්යුවන්ත බිසවුන්නාන්සේ පුදුමාකාරයෙන් ලැබුන බව දැන් රටේ


ජෝන් ද සිල්වා 195

තොටේ පුකටයි. ඔබවහන්සේගේ හිසේ බඹා කෙටුවේ මේ තමා. එබැවින් මේ පුස්තාවේදී මගේ ප්රීසතිය පුකාශ කෙරීමට ‍මට අවසර දුන මැනවි.

කාවන්තිස්ස - තොපගේ ප්රීසතිය පුකාශ කරණවාට අපෙන් තහනමක් නැත.

කවටයා - පින් ගන්නා දේවා තොස්වූ අන්දම් පෙම් පාවී ඉන්නා දේවී තුම් සන්සින්දේවී දීපේ පව්කම් සිත් සන්තෝසා වේය නිකම් - බෝ - රූපේ ශ්රීෝයා කාන්තා මෙන් නුමුත් බූපල් වර්ණී කාක්කෙක් මෙන් සංසාරේ බූපල් දේවී පෙම් පෙම් බැන්දා කාරේ වීය දිලුම් සෙත් අත්පත්වේ නොහිම් සෙත් අත්පත්වේ නොහිම් සෙත් අත්පත්වේ නොහිම් සෙත් අත්පත්වේ නොහිම් සෙත් අත්පත්වේ නොහිම් සෙත් අත්පත්වේ නොහිම් සෙත් අත්පත්වේ නොහිම් සෙත් අත්පත්වේ නොහිම් ෴

කාවන්තිස්ස - තොපේ නාටිකාංගනාවන් සින්දුවක් කියා නටවවි.

කවටයා - එසේ යහපති දේව. මෙහි පැමිණි නළඟනෝ මේ ප්ර ස්තාවට සුදුසු ගීතිකාවක් කියා තොපේ නැටුම් දක්වත්වා.

නළඟනෝ - එසේ යහපති නිලමේ.

සිත් සන්තොස්වී දැන් බූපල් මේ බිසෝ කාරේ බැන්දා සාරේ - දෙයි තෑගී බෝගා බෝ ලෙස්නා ඉන් පාඩු නැත මෙහි රඟ පානා- අපි සැන්දෑවේ මෙම සැන්දෑවේ සොඳ සින්දු පවසමු සංගීතේ සිත් සංචල් කෝ දැන් පින් ගන්නා මහාරාණි



196 විහාර මහා දේවි චරිතය

මහාරාණි ලත් මුදේ පීඩා කෝ දැන් කෝ දැන් ප්රී තියට පැමුණුනි රාණී අපි සංගිතේ සොඳ සින්දු මේ කිය පාමූ නට න‍ට සන්තෝසේ ෴

(නික්මයති)

II ජවනිකා - මාගම්පාර. වැසියෝ ලංකා විහාර තැනීමට යති

වැසියෝ - සදනවා විහාර දීපේ ශ්රීන කාවන්තිස්සා නම තබා බිසෝගෙ සදනවා විහාර දීපේ - ශ්රීා කාවන්තිස්සා දුන්න මුනිඳු සොඳ ධර්මර තේරී රාජ ධූර දරායි පුණ්ය කර්මා දීපයේ මේ සොඳින්ම සිද්ධකරවායි ශීලේ රකින්නා මුණිබණා දැනගෙණා රජින්දා සදනවා විහාර දීපේ ෴

1 වැසියා - මිතුරණි. මූදේ පාවී ඇවිත් අප රජුට ලැබුන පින්වන්ත කුමරියගේ නම සුද්ධදේවීය. අපේ කාවන්තිස්ස රජ්ජුරුවෝ ඒ කුමාරිය සිහිපත් කෙරීමට ලංකා විහාරය මූදේ විහාරය ආකාශ චෛත්යිය යනාදි විහාර දාගැබ් රාශියක් දැනට සාදවති. ඉන් පසු සුද්ධදේවී විහාරමහා දේවී යන නමින් ලෝකේ ප්ර සිද්ධවෙනවා ඇත.

2 වැසියා - මූදේ කිසි අන්තරාවක් නැතුව රන් පෙට්ටිය මේ මාගම් පළාතේ වෙරළට ගොඩගසා කුමරිය රජුට ලැබුන බැවින් දෙයියන්ට පින් දීමට අපේ රජ්ජුරුවෝ මෙකී විහාර තනති - ගොඩබැස්ස තැන ශිලාලේඛනයක්ද පිහිටවන්ට සූදානම් කරති -අපිද මේ විහාර සෑදීමේ පංගුකාරයෝ වී සංසාරය කොටකරගම්මු. (නික්මයති)

III ජවනිකා - ලංකාවිහාරය කාවන්තිස්ස සහ විහාරමහාදේවී ලංකාවිහාරය තනවා සංඝ සන්තකකර එහි සංඝයා නවත්වා මල් පූජා කෙරීමට පැමිණෙති

කාවන්තිස්ස - විහාරේ සාදා මා බිසෝ නාමෙන්



‍ජෝන් ද සිල්වා 197

දේවාති දේව සෑසි නමාමි මෝක්ෂි සැපා ලැබගන්ටා ෴

විහාරමහාදේවි - තිලෝනා තැබූ ශාසනේ බෝ දීප්ති වේවා පාපේ සිදීලා පුෂ්ප පුදම් වැඳ සෑසී ෴

කාවන්තිස්ස - නමාමි නිමල් දම් සඟුන් පේවී ලොප් වෙන්ට මාගේ සංසාර දුක්ඛා මෝක්ෂව පතම් වැඳ සෑසී ෴

විහාරමහාදේවි - ලැබෙනවා නිවන් සම්පතා ලංවී මා මෝහ සුන්වී ඤාණේ ලැබිලා ධර්මෝ වඳිම් සහ සංඝා ෴

කාවන්තිස්ස - මෙසේ ත්රිිවිධ රත්නය වැඳ පුදා අද කරණලද පින් මාගේ මේ බිසෝ සාග‍රයේ පාවෙද්දී කිසි පීඩාවක් වෙන්ට නෑර සියලුම අන්තරාවලින් බේරාගත් උතුම් සම්යික් දෘෂ්ටි දෙවි දේවතාවුන් වහන්සේලා අනුමෝදන්වී අප දෙදෙනාට තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ ධර්මීයට පිටු නොපා මෙම දීපය පාලනය කරන්ට පිහිට වෙත්වා - සාධු ! සාධු !! (නික්මයති)

IV ජවනිකා - විථියක් වැසියෝ දෙදෙනෙක් ගමන් කරති

1 වැසියා - මිත්රකය අර පන්සලේ සිටින ඉතා ශීලවන්ත සාමනේර නමක් අසනීපයක් සෑදී කළුරිය කරන්ට ඉන්නා බව සැලයි.

2 වැසියා - ශීලවන්තයා මරණය ගැන කුමට භයවෙයිද. මරණය ගැන භය කාම සැප සොයා යන පුද්ගලයායි.

1 වැසියා - මේ සංසාරය කොටකරගන්ට නම් ශීලය අවශ්ය යෙන්ම ඕනෑකරයි. ශීලේ නැති බුද්ධාගම්කාරයාගෙත් විත්යාි දෘෂ්ටීන්ගෙත් ඇති වෙනස මොකද.

2 වැසියා - ඔය සාමනේර වහන්සේ ශීලාචාර කෙනෙක් බැවින්



198 විහාර මහා දේවි චරිතය

මේ රටේ සිටින සියලුදෙනාම උන්වහන්සේ කෙරෙහි පැහැදී සිටිති.

1 වැසියා - ශීලේ නැති සංඝයා ‍කුමටද. ශීලේහි පිහිටි සංඝයාට දෙන දානේ බොහෝ ආනිසංස ඇත.

2 වැසියා - යමු සාමනේරයන්වහන්සේ බලන්ට.

1 වැසියා - යමු ප්රනමාද නොවී.

දෙදෙනාම - රැක සීලේ පින් දැරී බෝ උතුම් සඟා උතුම් සඟා - බෝ - උතුම් සඟා රැක සීලේ පින් දැරී බෝ උතුම් සඟා දුන් මුනි සදහම් සේ ඉඳලා මෙලෝකේ නෑ පාඩු මරුණාම සම්පත් සගේ ෴ (නික්මයති)

V ජවනිකා - විහාරය ලෙඩින් සිටින සම‍ෙණ්රද නායක හාමුදුරුවෝද සිටිත්. නායක හාමුදුරුවෝ ලෙඩින් සිටින සාම‍ෙණ්රවහන්සේට මහාසතිපට්ඨාන සූත්රුයෙන් මෙසේ වදාරති.

නායක - කතමඤ්ච භික්ඛවෙ දුක්ඛනිරොධං අරියසච්චං යොතස්සා යෙච තණ්හාය අසෙස විරාග නිරෝධො චාගො පටිතිස්සග්ගො මුත්ති අනාලයො සාඛොපනෙසා භික්ඛවෙ තණ්හා කත්ථපහිය මානා පහියති කත්ථනිරුජ්ඣමානා නිරුජ්ඣති.

(කාවන්තිස්ස රජ විහාරමහාදේවී සමග පැමිණ සංඝයා වැඳ මෙසේ කියයි.)

කාවන්තිස්ස - ස්වාමීණි. සාමනේරයන්වහන්සේගේ සනීප දැන ගන්ට කැමැත්තෙමි.

නායක - දේව. තය ටික වේලාවකින් කළුරිය කරණවා ඇත

විහාරමහාදේවි - ස්වාමීණි. මාගේ කුසේ පිළිසි‍ඳෙන්ට මේ සාමණේරයන් වහන්සේට ආරාධනා කරණු මැනවි.

නායක - ආරාධනා කරමි. (සාමණේරට කථාකරයි.) මෙහි ‍දැන් අප නරදේව විහාර මහාදේවී කැටුව පැමිණ එම ජෝන් ද සිල්වා 199

දේවීන් කුසේ පිළිසි‍ඳෙන්ට තොපට ආරාධනා කරණ සේක. එම ආරාධනාව පිළිගණු මැනවි.

සාමණේර - මේ මනුෂ්ය ලෝකයේ නැවත ඉපදීමට මට ආශාවක් නැත. ඒ කෙසේ වෙතත් ආරාධනාව ඉෂ්ටකළයුතු බැවින් විහාරමහාදේවීන්නේගේ කුසේ පිළිසි‍ඳෙන්ට ප්රනසන්නවෙමි.

සියලුදෙනාම - සාධු ! සාධු !! එසේ පිළිසි‍ඳේවා.

(රජ සහ බිසෝ සංඝයා වැඳ ටිකක් දුර යනකොට සාම‍ණේරයන්වහන්සේ කළුරිය කරණසේක) (නික්මයති)

VI ජවනිකා - වීථියක් සූත්රිධාරි පැමිණේ. අපරාරම්භය ප්ර!කාශකරයි.

සූත්රිධාරි - අද නාට්යරකරුන් පෙන්නු කථා බෝම සැබෑවේ ඉන් මෝහ සුන්වේය අසා දීප ජනන්ගේ මළ මුනිඳු පුතා දේවී කුසේ තොස්වී උපන්නේ පස්සේ දැරී දුට්ඨගාවිණී නාම මෙ දීපේ ෴ වෙති මෛත්රිද බුදුන් මව්පිය මේ දේවී රජානෝ සංසාර දුක් ලන්ට සිඳා වීය්ය්ව වඩව් බෝ මෙම පුදුම රටේ ඇත්තෙ කථා නාට්යප කෙරීමෙන් සත්තේ පෙණේ ලක්දිවේ අප රාජවලියේ ෴ (නික්මයයි)

(සියලුම නැට්ටුවෝ පැමිණ කියති.)

ශාසන මේ ලංකාවේ රක්නා - දෙයියෝ ඉංග්රී්සින් බූපති තුම් - දුක් සින්දා දැන් - දේහේ රෝගා සින්දා රැක්මා දෙත්වා දී සෙත් ‍සාරා පෙන්නා ප්රේිමා ලංකා දීපේ කෝලාහාලා සින්දී සෑසි ධර්මර තේරී මෙත් සිත් කාටත් පාලා - වැස්සෝ වාසවෙත්වා තොස්නෙන් මෝහේ සුන්වී ධර්ම ලෝකේ අත්පත් වේවා සව්ලෙව්වන්ටා ෴

නිමි