ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-III-‍ජෝන් ද සිල්ව‍ාගේ පූර්වාදර්ශය : සී. දොන් බස්තියන්

ජෝන් ද සිල්වාගේ පූර්වාදර්ශය : සී.දොන් බස්තියන්

සිංහල නාට්යව වංශයෙහි ‘නූර්ති යුගය’ නමින් හඳුන්වන යුගයක් වෙයි. සිංහල ගීත වංශයෙහි ‘නූර්ති ගී’ නමින් හඳුන්වන ගීත ප්රබවණතාවක් වෙයි. මේ නූර්ති යුගයෙහි සමාරම්භකයා, නූර්ති ගීයෙහි සමාරම්භකයා සී. දොන් බස්තියන් (ක්රන.ව.1852 – 1921) හෙවත් කළුතන්ත්රී,ගේ දොන් බසිතියන් ජයවීර බන්ඩාර ය. නීතිඥ ජෝන් ද සිල්වා වනාහි ඔහු‍ෙග් අනුප්රාගප්තිකයා ය. මේ නිබන්ධිකාවෙහි අරමුණ වන්නේ ජෝන් ද සිල්වාගේ නාට්ය කෘති පරිශීලනය කරන්නට ඔහුගේ පූර්වගාමියා පිළිබඳ යම්බඳු දැනුමක් ලබා දීමයි. එමෙන්ම බස්තියන් විසින් රචනා කරන ලද නූර්ති ගීවල ස්වභාවය පෙන්වා දෙමින් ආදිතම නූර්ති ගීයෙහි තත්ත්වය පහදා දීම යි. බස්තියන්, 1852 පෙබරවාරි 18 වන දා කොළඹ පිටකොටුවේ දී උපත ලැබීය. පාසල් ගුරුවරයකු ව සිට පසු ව ව්යයප‍ාරික ක්ෂේත්රළයට පිවිසි දොන් දාවිත් ජයවීර බණ්ඩාර ඔහුගේ පියා ය. හික්කඩුවේ ශ්රීර සුමංගල, වස්කඩුවේ ශ්රීි සුභූති, වැලිගම ශ්රීු සුමංගල යන භික්ෂූන් වහන්සේ වෙතින් බස්තියන් ශාස්ත්රෝ‍ද්ග්රකහණය කළේ ය. තරුණ වියට එළඹෙත් ම දක්ෂ කථිකයකු සහ සමාජ සේවකවකු ලෙස හේ ප්රෝසිද්ධියට පත් විය. ඔහු තරුණ පෙළ යහ මඟ යැවීම සඳහා ඥනාභිවෘද්ධි සංගමය නම් සංවිධානයක් ද පාසල් දරු දැරියන්ට නොමිලයේ සිංහල ඉගැන්වීම සඳහා පුණ්යගසංවරී නම් වු රාත්රීද පාසලක් ද, සිංහල නාට්ය් කලාවේ අභිවෘද්ධිය සඳහා සිංහල නෘත්යග සමාගම නම් ආයතනයක් ද පිහිටුවී ය. 1885 දී රොසලින් ප්රේ්රා නම් යුවතියක් විවාහ කොට ගෙන දූවරුන් පස් දෙනකු ද එක් පුත්ර8යකු ද ලැබී ය. බස්තියන් ග්රතන්ථ 12ක් ලියා පළ කළේ ය. ඒ, මේවා ය. (1) දා සයුර - 1880 (ශුද්ධ සිංහලයේ ධාතු ප්ර‍ත්ය විභාගය සඳහා ලියන ලද්දකි.) (2) රාමායණය - 1886 (දෙමළ රාමායණයෙහි පරිවර්ථනයකි.) (3) අක්ෂර ශික්ෂාව 1887 (4) ඔ‍වා මුත් හර - 1889











12 පුර්වාදර්ශය

(දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමන්ගේ දියණියක වූ දෝන එංගල්තිනා හේවාවිතාරණ නෝනා මහත්මියගේ විවාහ මංගල්යගයට තුටු පඬුරු වශයෙන් කළ කුඩා කවි පොතකි.) (5) කව් මිණි බරණ - 1891 (6) සස දාව (7) ද සොයිසා චරිතය - 1904 (8) දේවකථාලංකාරය - 1912 (පැරණි දඹදිව දේව කථා 150ක් සැකෙවින් පළ කෙරෙන කෘතියකි.) (9) සභා රත්නය හෙවත් සභා සම්බන්ධ දැන ගත යුතු සභා රීතිය - දෙවැනි සංස්කරණය - 1918 (සමිති සමාගම්වල දී අනුගමනය කළ යුතු ක්රිනයා පරිපාටිය සහ කථා පැවැත්වීම පිළිබඳ උපදේශ) (10) ශ්රීු දේවි - 1920 (ප්රොබන්ධ කථාවකි.) (11) දාරක සංග්රාහය - 1920 (බාලයිනගේ ප්ර)යෝජවය සඳහා කව් බසින් කළ බුද්ධ චරිතයකි.) (12) ශොක විනෝදනය - 1921 (මළවුන් ‍ෙවනුවෙන් ශෝක කරන්නවුන්ගේ සිත් සනසනු පිණිස කළ රචනාවකි.) ශ්රීව ලංකාවේ ප්රපථම දිනපතා පුවත්පත වූ ‘දිනපතා ප්රගවෘත්ති’ (1895) සංස්කරණය කරන ලද්දේ ද බස්තියන් විසිනි. ඉර උදාව නම් වූ ප්රනවෘත්ති පත්ර‍යක ද සංස්කාරකත්වය දැරී ය. නාටක 16ක් පමණ රචනා කළ (මේ නාට්ය‍ ලැයිස්තුව පිළිබඳ මතභේද ඇත.) බස්තියන් 1921 පෙබරව‍ාරි 7 වන දා අභාවප්‍ේ ාප්ත විය.

බස්තියන් ලියූ නාටක නම් මේවා ය:

1. රොලිනා 2. රොම්ලින් හෙවත් දිව්යර කුසුම 3. රෙ‍ාමියෝ සහ ජුලිය‍ට් 4. ප්රැලන්ක්ලො සහ ඉංගර්ලි 5. පෝටියස් සහ වැලන්ටයින් 6. ලියොනයින් සහ එම්ලින් 7. සිංහබා 8. සුදාස සහ ශාලිනී 9. ෂූලා හෙවත් කපටි බෑනා 10. ස්වර්ණතිලකා 11. දිනතර නෘත්ය ය 12. චුසිම් සහ චැම්පෝ 13. ඉෂ්ටානිෂ්ට නාට්ය‍ය


ජෝන් ද සිල්වා 13 14. පබියෝලා 15. ස්වර්ණතිලකා 16. අලිබබ‍ා

මේ නාටක පංක්තිය අපට වැදගත් වන්නේ මෙ මගින් නූර්ති නම් වූ නව නාටක යුගයක් ඇරඹුණු බැවිනි. මෙබඳු නව නාට්යත යුගයක් උදා වීම කාලීන අවශ්ය.තාවක් වූයේ ය. මහාචාර්ය ඩී.වී.හපුආරච්චි පවසන පරිදි “දීර්ඝ කාලයක් තිස්සේ මෙ රට විසූ සිංහල ගැමියන්ට පමණක් නොව නාගරිකයන්ට ද එක සේ විනෝදය ලබා දුන් නාටක වර්ගයක් වූ නාඩගම් පිළිබඳව ඇතැමුන්, විශේෂයෙන් නාගරික මධ්යකම පන්තික උගතුන් කලකිරීමට පත් ව ඒ වෙනුවට කාලයට උචිත නාට්යක වර්ගයක් බිහි කිරීමේ අවශ්යරතාවය ගැන කාගේත් අවධානය යොමු ව තිබූ අවස්ථාවේ දී එම කාර්යය සපුරා ලීමට ඉදිරිපත් වූ සී. දොන් බස්තියන් ය” (සිංහල නාට්යය ඉතිහාසය, 1981,පි. 132) බස්තියන්ගේ රොලිනා නාටකයෙන් නූර්ති යුගය ආරම්භ විය: නූර්ති ගීය ආරම්භ විය. ජනප්රි8ය හින්දි, ඉංග්රීපසි තනුවලට ‍වචන යොදා සිංහල සින්දු තැනීමේ කාරිය ආරම්භ විය. නෘත්යරයෙහි හෙවත් නුර්තියෙහි පිතෘවරයා බසිතියන් බව බස්තියන්ගේ නාට්යරවල ම සඳහන් වී තිබේ. Kojia Hassan Alhabal and the Two Gentlemen of Bagdad (කොජියා හැසන් අල්හාබෙල් සහ බැග්ඩඩ් නගර මහත්වරු දෙදෙනා) කථාන්තරය ඇසුරින් බසිතියන් රචනා කළ “ඉෂ්ට්නිෂ්ට නාට්යnය” මුද්රි්ත පිටපතෙහි “සිංහල නෘත්යයය පීතෘස්ථානගත සී. දොන් බස්තියන් මහත්මයා විසින් ප්ර බන්ධ කරන ලදී” යන වැකිය දක්නා ලැබේ. රොලිනා, 1877 දෙසැම්බර් 27 වන දා පිටකොටුවේ කෙයිසර් වීදියේ අංක 51 දරන තැන දී වේදිකා ගත කරන ලදී. රොලිනා නාටකය, අපේ නාඩගමෙහි සහ හින්දුස්තාන් ඩ්රැදමටික් කොම්පැනිය රඟදැක් වූ ‘ඉන්දර් සභා’ නාටකය විසින් හඳුන්ව‍ා දෙන ලද රංග සම්ප්ර දායේ සංකලනයක් බව මහාචාර්ය තිස්ස කාරියවසම් පවසයි. (සිංහල නාට්ය්යේ විකාශනය (1867 – 1911) 1981 කොළඹ පි.27) මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රංයන්ගේ අදහස රොලිනා එ නමින් රඟ දැක්වුණු නාඩගමෙහි සංස්කරණයක් බව යි. (සිංහල ගැමි නාටකය, 1969. පි. 184) මහාචාර්ය හපුආරච්චි පවසන්නේ එය නාඩගම්වල හෝ හින්දුස්තානි නාටකවල ආභාසය ලැබූවක් නොව ඉංග්රී්සි නාටක සම්ප්රාදාය අනු ව යමින් කළ නාටකයක් බව යි. (සිංහල නාට්යො ඉතිහාසය. 141 150 පිටු.)








14 පුර්වාදර්ශ

රොලිනා නමැති ප්රාථම සිංහල නූර්ති නාටකය ආරම්භ වන්නේ මෙබඳු කවියකිනි.

වර පසැස පා වැඳ වර තෙවළා දම් වැඳ වර මුනි සුතන් වැඳ වරම් ගෙන කරනෙමි මෙ ගී බැඳ

මෙසේ ඇරඹෙන රොලිනා කථාවෙහි මූලාශ්රිය කුමක්දැයි පැහැදිලි නැත. බස්තියන්ට පෙර රොලිනා නමින් නාඩගමක් ද රචනා වූයේ වී නමුත් කථාවේ මූලාශ්ර ය අප්ර්කට ය. බස්තියන්ගේ කෘතියෙහි හැඳන්වීමෙන් ඒ පිළිබඳ ඉඟියක් පමණක් ලැබේ “මේ මාහැගි කථාන්දරය, නම දැනගත නොහැකි පුරාණ ඉංග්රී්සි පොතකින් පිටපත් කර තිබුණු පැරණි සිංහල ලියවිල්ලක් අපට සම්බ ව ඉතා රුචි උපදවන කථාවක් හෙයින් සිංහල ප්ර ණ්යප සංවරී ප‍ාඨශාලාවේ ශිෂ්යබයන් ප්රපධාන කොට තවත් බොහෝ දෙනෙකුගේ ආරාධනාවටත් පිටුවහල් ව හින්දුස්තානි සංගීතයට නඟා මගේ දැනුම් තරමින් සිංදු කළෙමි.” සින්දුවට රොලිනා නූර්තියෙහි ප්රටධාන තැනක් හිමි වූ බව එය මුද්රබණයෙන් ප්ර්කාශයට පත් කළ වි.ජේ.පෙරේරාගේ ප්ර කාශයකින් පෙනේ. “කිසිසේත් නොතේ‍රෙන හින්දුස්තාන් සින්දු කියන අප රටවාසී සෙල්ලම්කාරයන්ට මෙය අප්රශවමාණ සතුට එළවන වැඩකි... බාල මහලු කා‍ෙග්ත් සිත් සතුටු කරන්නා වූ කවටකම් ආදියෙන් යුත් මේ සින්දු පොත...” ප්ර‍කාශකයාට අනු ව රොලිනා නාට්යක පිටපත වනාහි “සින්දු පොතකි” එය සැබෑවකි. එහි ගද්යය වාසගම් විරල ය. ගීත බහුල ය. රොලිනා හි හින්දුස්තානි ගී තනු අනුව රචිත ගීත මෙන් ම කපිරිඤ්ඤා තනු අනු ව රචිත ගීත ද “ජැක් ඇන් ජිල්” වැනි ඉංග්රීිසි ළමා ගී තනු අනු ව රචිත ගීත ද දැකිය හැකි ය. රොලිනා නම් වූ ප්ර්ථම සිංහල නූර්ති නාටකයෙන් උපුටා ගත් ගීයක කොටසක් මතු දැක්වේ.

වෘත්තය: හෝලි, (බජරේ බජමා නජ්රා) නිතොරේ නෙත සේ, වැඩු මා පියා-ණනි මට සිත විය - රට රට යාමට - ඉන් මෙ මගෙ අබිලස - මින් දෙව නොව වෙනස.

හසරේ බය බෝ ඇත මා - පුතු - සඳිනියෙ ඇර මට - දුක බැරි වානට - පුන් සඳ වැනි පුතුනි මන් හද තැවෙ දුකිනී





ජෝන් ද සිල්ව‍ා 15

හින්දුස්තානි ඩ්රැෙමටික් කොම්පැනිය, එල්ෆින්ස්ටන් ඩ්රැ මටික් කොම්පැනිය ආදී නම්වලින් හඳුන්වනු ලබන්නේ 19 වන සියවස අග භාගයෙහි බොම්බායේ සිට මෙ රටට පැමිණි ප‍ාර්සි ජාතික නාට්යො කණ්ඩායම් ය. මොවුන් මෙහි රඟ දක්වන ලද්දේ ගුජරාති, මරාථි, උර්දු, හින්දි ආදී භාෂාවන්ගෙන් රචනා කළ සංගීතමය නාට්යර ය. මේවායෙහි දිලිසෙන ඇඳුම් පැළඳුම් විය; වර්ණවත් චිත්රෂ වස්ත්රක විය යන්ත්රා්නුසාරයෙන් ක්රියයා කරන අද්භූත හිස්කම් විය; මෙ රට ජනයා අතර මේ නාටක ජනප්රිෂයත්වයට පත් වූයේ ඒ සියල්ලටමත් වඩා ඒවායෙහි ආ කර්ණ රසායන වූ ද සුගේය වූ ද හින්දුස්තානි සරල ගී තනු නිසා ය. සිංහල නූර්ති ගී යුගය විගසිත වූයේ මෙහි රඟ දැක්වුණු ඉන්දර් සභා නමැති හින්දුස්තානි නාටකයෙනැයි කියනු ලැබේ. විල්මට් පී. විජයතුංග පවසන පරිදි එය අපේ සංගීතකාමීන්ට සම්භාවනීය සංගීත උල්පතක් වූයේ ය. ඉන්දර් සභාවෙන් වෘත්ත සෑහෙන ගණනක් නො ගත්තා වූ එක ම සිංහල නාටකයක්වත් එකල නෙ‍ා වී යැයි පවසන විජයතුංග එහි ගීතයක් නො දත් සංගීතාභිලාෂීන් සිටියා නම් ඉතා ම ටික දෙනෙකු බවත් පවසයි. (“සිංහල වේදිකාවේ නූර්ති යුගය”. නිශ්ශංක ජයවර්ධන සංස්.,ජවනිකා, 1 කලාපය, 2 සඟරාව, 1960 ඔක්., පි. 12) ක්රිජ.ව. 1888 දී ජෝන් ද සිල්වා ඉන්දර් සභාවේ ගුජරාති සංස්කරණයක් මුද්ර1ණය කර වූ අතර පසු කාලයේදී ඉන්දර් සභා නාටකය, ජේම්ස් පීරිස් නම් රචකයකු විසින් සිංහලයට සකස් කරන ලදී. ශේක්ස්පියර්ගේ රොමියෝ සහ ජුලියට් හි හින්දුස්තාන් අනුවර්තවය. එල්ෆින්ස්ටන් ඩ්රැයමටික් කොම්පැනිය මෙහි දැක් වූ රැඟුම් අතරින් වඩාත් ජනප්රි ය වූවකි. එම නාට්යන කණ්ඩායම සියරට බලා ගොස් නොබෝ දිනකින් සී. දොන් බස්තියන් එම හින්දුස්තාන් අනුවර්තනයෙහි සිංහල අනුකරණයක් නිෂ්පාදනය කොට වේදිකා ගත කළේ ය. හින්දුස්තානී නාටකවල ආ ගී තනුවලට සිංහල වචන යොදන ලදී. සිංහල සිනදුව සිරසෙහි මුල් හින්දුතානි ගීතයේ මුල් වචන පෙළ යෙදුවේ ගයන්නන්ගේ පහසුව උදෙසා ය: ඔව්හු හිනදුස්තානි ගීයෙහි තනුව දැන සිටියහ.

“ආවේ මොරිසජනි” “ගර්හම්නෙදිල්ස නම්කුදියා බිර්කුසීකුත්යාග” “ඔහිලා හර මෙරා මන කී අන්දර්” “ජප්තා පිරාත් කියා කිෂන්” “රාජාහුමයි කවුමටා ඉන්දර්” (රොමියෝ සහ ජුලියට්, කොළඹ. පි. 6, 21, 37, 53, 128)






16 පූර්වාදර්ශය

“ගර්හම්නෙදිල්ස නම්කුදියා බිර්තුසීකුත්යා ” නමැති හින්දුස්තානි සින්දුවට අනු ව බස්තියන් වචන ගැළපූ සින්දුවකි මේ.

මන් යන්නේ දැන්, සුරංගී සොයා, ජුලියට් නමා (ම) ජුලියට් නමා, (සුරංගි) ජුලියට් නමා - මන් සිත් වෙ බෝ සිත් සේ අත්වුනොත් - මන් ගියා වටින්, එහෙම ප්රි යා, ප්රි-යවූ ප්රිටයා, ඇත්ද දෙව් ලොවා උන් දන්නේ මන් මොන්ටෙගුය කියා, ඒදො මා සොයා - ඒදො මා සොයා - දැන් උන් ඒදො මා සොයා - (උ) කම් නැත්තෙ ඒත් මා හිස් ගියත්, ජුලියට් නිසා - ඒක බසා, දෙවිදෝ ශ්රිනයා මක් වෙතත් යම්

(රො.ජු.) (පි.21)


බස්තියන් තමාගේ නාටක හැඳින්වීමට නව නාමයක් යොදා ගත්තේ ය. ඒ, “නෘත්යතය” යන්න යි. රොමියෝ සහ ජුලිය‍ට් නාටකය ඔහු හඳුන්වන්නේ “අන්තේ බේද පංචසන්ධි නෘත්ය ” කියා ය. “ප්රැහන්ක්ලෝ සහ ඉංගර්ලි” හඳුන්වන්නේ “අන්තේ ප්රී්ති ද්විසන්ධි නෘත්යනය” කියා ය. මෙය කිසිසේත් පාර්සි නාටකය හා සම්බන්ධ වූ නාමයක් නො වේ. ඉන්දිය‍ාවේ සංගීත නාටකවලට භාවිත වූ නාමය “නාටක්” යනු යි. “නෘත්ය ” යනු ආංගිකාභිනය මාර්ගයෙන් කිසියම් භාවයක් ප්ර්කාශ වන නැටුමකි. එය නාටකයක් වන්නේ චතුර්විධ අභිනය ම එක් වූ කලට ය. එබැවින් නාට්යකයකට නෘත්යක යැයි කීම සාවද්ය් ය. එහෙත් බස්තියන්ගේ මේ “නෘත්යන” යන පදය ජනප්රි ය විය. පොදු ජනයා එය විපරිත කොට “නූර්ති” යැයි භාවිත කරන්නට යෙදුණි. අද දක්වාත් ප්ර චලිත ව පවත්නේ “නූර්ති” නම් වූ ඒ විපරිත, අව්යරක්ත ව්ය.වහාරය යි. රටින් රටට ගෙන යෑම සඳහා ඔප මට්ටම් කොට සකස් කරන ලද පාර්සි නාටකවල ර ග විධාන ආදිය ඒවා අනුකරණය කළ සිංහල නාටකවලට ද පිවිසුණි. ඒ මෙසේ ය.

“ලියමන නැවත වැඩකාරයාට දෙනවා” (රො.ජු. 7 පිටුව)

“මේ නැටීමේ දී රොමියෝ සහ ජුලියට් පැත්තකට වී කථා කිරීම ද නැටීම අන්තිමේ එක්එක්කෙනා කැපියුලට් සහ පවුලට කථා කොට ද රොමියෝ ජුලිය‍ට්ව සිඹ ඉවත් වී යෑමද මෙහි දී ඕනෑ කරයි. (රො.ජු. 8 පිටුව)




ජෝන් ද සිල්ව‍ා 17

“වැඩකාරි දොරට තට්ටු කිරීම” (රො.ජු. 53 පිටුව) “කැපියුලට්, භාය්යා ව හා දූති යනවා” (රො.ජු. 71 පිටුව) “බැල්තසාර් යනවා” (රො.ජු. 100 පිටුව) “හුරුවම් බානවා” (රො.ජු. 111 පිටුව) “පිඹිනවා ඇසෙති” (රො.ජු. 112 පිටුව) “ඔසවා ගෙනවිත් මිනී ගේ ලඟ තැබීම” (රො.ජු. 113 පිටුව)

බස්තියන්, සිංහල නාට්යීය වාණිජ්යවමය ව්යා1පාරයක් බවට පත් කළේ ය. ඊට පෙරාතු ව පැවති නාඩගම්, කලාතුරකින් මුදල් අය කර රඟ දැක්වූවද බොහෝ විට විනෝදය සඳහා නොම්ලයේම රඟ දක්වන ලදී. බස්තියන්, සිංහල නාට්ය යට වැදගත් සමාජ තත්ත්වයක් ලබා දුන්නේ ය. ඔහුගේ නාට්ය්වල රඟපෑවාහු පුණ්යටසංවරී රාත්රි පාඨශාලාවෙහි ශිෂ්යවයෝ ය. ශිෂ්ය යන්ගේ සබකෝලය දුරු කිරීම ද ඔවුන් නා‍ට්යරකරණයට ප්රශවිෂ්ට කරවීමේ එක් අරමුණක් විය. නාඩගම් රඟ දැක්වූවාහු නූගත් හුදී ජනයා ය. බස්තියන්, ගෑස් ලාම්පුවලින් වේදිකා ආලෝකමත් කළේ ය. නාඩගම්වල ආලෝකය සැපයුණේ කිට්සන් ලාම්පුවලිනි. බස්තියන්, වේදිකාවේ පසුබිම් චිත්ර වස්ත්ර‍ සහ වේදිකා සැරසිලි සඳහා යුරෝපයේ පුහුණුව ලත් ශිල්පීන්ගේ සහාය ලබ‍ා ගත්තේ ය. නාඩගම්වල වේදිකා සැරසිලි නො තිබිණ. බස්තියන්, සිංහල නාට්ය් ඉතිහාසයේ ප්රසථම වරට ස්ත්රීා චරිත නිරෑපණය සඳහා ස්ත්රි යක් යොදා ගත්තේ ය. 1885 සැප්තැම්බර් 26 වන දා සහ ඔක්තෝබර් 3 වන දා රොම්ලින් නාටකය රඟ දැක්වෙද්දී එහි රොම්ලින්ගේ භූමිකාව නිරූපණය කිරීම සඳහා ආනා පෙරේරා (විවාහයෙන් පසු කන්නන්ගර) නම් යුවතියක් යොදවා ගන්නා ලදී. මේ සිද්ධිය 1885.9.18 සරසවි සඳරැස පත්රකයෙහි වාර්තා වී ඇත. “පරණ සිරිත් වූ පුරුෂයෝ ස්ත්රීින් මෙන් පෙනීම වෙනස් කර ස්ත්රි්යෙක් ම පෙනී සිටීම. සිංහල නෘත්යි මණ්ඩලයක 1 වෙනි වරට සිංහල කන්යා වක් නෘත්යම දක්වමින් ලංකා කථාන්තරය සම්පූර්ණ ‍කෙරීමේ 1 වෙනි අලංක‍ාර රාත්රිීය.... නම්බුකාර යෞවනියක් ම නෘත්යා මණ්ඩලයට ගෙන ඒම” යනුවෙනි. නාඩගම්වල ස්ත්රී් භූමිකා රඟ පෑවාහු පුරුෂයෝ ය. බස්තියන්ගේ නාටක බොහොමක් ප්රේ්ම කථාන්තර ය. මේ ප්රේංම කථාන්තර මෙන් ම ඒවායෙහි රා ගීත ද බෙහෙවින් ජනප්රි ය විය.

(ප්යාවරිතෙරි ජල්වගරි) දාසියන් - පලුපල මල් සපිරි - නෙතුරු - ඇසුරු බමරු රැසා එයි






18 පූර්වාදර්ශය

මිරි මිරි නාදෙ තොසා වෙයි - කීර කීර නාදෙ එසේ මැයි - පලු - උයන මේ අරණ සැරී - සපිරි - රුසිරි - කුමරි සිරියෙයි නිලිපුල් අක්ෂි සිරිදෙයි - මාලා මුතු බෙල්ලේ දිලිසෙයි

(උස්කුය හා බුලාවෝ)

රොම්ලින් - පුල් කමලා පිරිලා - බෝ - බෝ - බෝ නිල් උපුල් පිපිලා - බෝ - බෝ - බෝ පල් විසල් නැමිලා - බෝ - බෝ - බෝ ලොල් කරව් තොමෝලා - බෝ - බෝ - බෝ

දාසියන් - රූප සිරි අසා - එන්නෙ එක් පුරුසා - බෝ සංවාල් - සීලෙ ලොල් - දර්ශන කරන්.

රොම්ලින් - ගියාවේ ගියාවේ පාරේ - සෝක කිම්ද කාරි - ගියාවේ දැන් යන්ට උන් - වන්හු දිග් බලා

දාසියෙක් - එන්නා ඒ තරුණා (හැමෝම) හා - හා - හා රොම්ලින් - ජුට්යෙන් කලනා (එම) හෝ - හෝ - හෝ දාසියෙක් - පිස්සෙකු විලසා (එම) හා - හා - හා රොම්ලින් - රිස්ස යයි නොලසා (එම) හෝ - හෝ - හෝ

(රොම්ලින් හෙවත් දිව්යර කුසුම, (3 මුද්රෝණය). 1910, විද්යලදර්ශ යන්ත්‍‍ාාලය, 1 – 2 පිටු)

රොම්ලින් නාටකයේ හින්දි තනුවලට මෙන් ම ඉංග්රීාසි තනුවලට බැඳුණු ගීත ද විය. මන්ත්ර කාරයා එන විට ගයන පහත සඳහන් සින්දුව “අයි වැරි ගුඩ් බංගලි බාබු” නමැති ඉංග්රීනසි තනුව අනු ව බැඳුණකි:

1. බෝලෙට වන් ආසාව ඇත්තෙ ඈ මලයා මව් දැන් දිටිමි මේ මුදුවේ බල පෙන්නඤ්ඤන් පමණක් කුමරි ඕනෑ බැසුම්

එන්නෙමි වෙළඳ‍ාමේ බලා - ගන්නට ඒවී - ඈ මලා - ආ විට ඌටා නෑ දෙනු බෝලා - මම් පෙරලන්නෙමි ඌ බිමා ඒවි ඈ බැස විතර කෝපෙනී ගෙන්වා යකු කැන්දා යඤ්ඤා

2. බොරුව වන් කුමරිගේ මූණ - දේවලොවයෙන් පහලවූ ලෙසේ මම දැන් දැක බෝවී ආලා - යඤ්ඤං යඤ්ඤං යන්නාසේ දෙන්නේ නෑ හිටු කුමරාටා - මම් රජවෙන්නෙමි මේ රටා

ජෝන් ද සිල්වා 19


ඈ ගෙණ දීලා අගමැතිකම් මම් ගන්නෙ නෑ මොකොදෑ රුදා ඈව පාවා කාලා බීලා - කර පෙම් - කර පෙම් - ඉන්නේ මම් (රොම්ලින්, පි. 11)

බස්තියන්ගේ රොම්ලින් මෙන් ම සුදාස සහ ශාලිනී, සිංහබා වැනි නූර්ති නැරඹීමට සෑම රාත්රි්යක ම ජනයා පිරී ඉතිරී ගිය බවට සියැසින් දුටුවෝ සාක්ෂ්යඹ දරත්. බස්තියන්ගේ නාටක සියැසින් දුටුවකු පවසන දීර්ඝ විස්තරයකින් කොටසක් මෙ බඳු ය: “ලංකා ජනයාට නාට්යස සාහිත්ය යක් නැත. තිබෙන නාටක, ඉන්දියාවේ මෙන් තරමක් මන්දගාමී සන්සුන් ඒවා ය. ප්රේ‍ක්ෂකයා බලාපොරොත්තු වන්නේ කතාව අවසානයේ දී සියල්ලන් ම සතුටින් ජීවත්වනු දැකීමට ය. ජීවිතය දුක්ඛදායි නිසා නාට්යක දෙස මිනිසුන් බලා සිටියේ එයින් මිදීමට හොඳ කතාවකුත් භාෂාවකුත් සතුටුදායක අවසානයකුත් ඇත්නම් ය. 1889 මා කොළඹ සිටිය දී එහි රඟදැක් වූ නාට්යු කලින් කී ආකාරයේ ඒවා ය. සිංහල කොම්පැනියක් මගින් ප්ලෝරල් හෝල්හි සෑම රාත්රිායකම ජනයා පිරී ඉතිරී යද්දී පෙන් වූ සිංහබා, රොම්ලින්, ශාලිනී වැනි ප්රීයතිදායක කෘති නිසා නාට්යබ ගැන හොඳ අ‍වබෝධයක් ලබා ගැනීමට පුළුවන් විය. මේවා ප්රශචාරය කළ පෝස්ටරයේ තරුණියක්,බැනජෝ එකක්,වීණාවක්, නලාවක් සහ බෙරයක් ඇඳ තිබුණි. (William Wood. “Sinhalese Theatre”.CLR.,Vol.vi.Jan.19.1892. No 25.pp. 197-200) පූර්වෝක්ත විස්තර වාර්තාවෙහි සඳහන් පරිදි රොම්ලින් මෙන්ම සිංහබා කථාන්තරය හා සුදාස සහ ශාලිනී ද සුබාන්ත නූර්ති ය. සුදාස සහ ශාලිනී හඳුන්වා ඇත්තේද “අන්තේ ප්රීදති ත්රි සන්ධි නෘත්යමය” යනුවෙනි. මතු දැක්වෙන්නේ සුදාස ශාලිනියෙන් උපුටා ගත් සින්දුවකි.

(වෘත්තය : කුරකවන)

සුදාස - සසිරි සඳ පෑවුයුරු - නීල අවකාසේ - සසා නැති තනි වූ චන්ද්රතයා සේ - ඉන්නේ දොසජ්ජායනේ - නන්ද මන බෝසේ

ශාලිනි - අසිරි සිරි වේවා නිති - යාම‍ කොහේ වෙන්නේ - ලපේ නූනේ තය - සසරේ යෙදෙන්නී - වංසෙ හා නාම ඔබෙ - දැන ම ප්රි ය වන්නේ

සුදාස - කිඳුරු හඬ ඉක්මවතී - සුමිහිරි රාගේ - කුලේ උනේ රජ - නම සුදාස් මාගේ - සුන්දරිගේ නාම දැන - ගැන්ම ජය වාගේ




20 පූර්වාදර්ශය


ශාලිනී - ගිරග රණසේම ඇසා - ඔබේ රූ සිව්මැල්ලි - පුරේ මේ වූ රජ දූ නාම ශාලිනී - කාර ලොබින් ආ නම් ප්රිබයේ - නැත්තේ කිසි තැවිලි

සුදාස - යන්නෙමි මම කාමලියේ - කිරුළට ආලෙන් - අපේ සෙනේ ලියලයි පත් එවීමෙන් - ඊට මන් කාවත් සොයා - එන්න එමි මේ දැන් (සුදාස සහ ශාලිනී, 1888, කොළඹ, පි.20)

බස්තියන්ගේ නූර්ති බොහොමයක් ප්රේ ම කථා වූවා සේ ම ඒ‍ව‍ා විදේශීය කථාන්තර ද විය. සිංහබා නූර්තිය ඔහු එයින් මිදුණු විරල අවස්ථාවකි. මෙය ඔහු හඳුන්වන්නේ “අන්තේ ප්රී්ති ද්විසංධි නෘත්යලය” යනුවෙනි. එයින් උපුට් ගත් සින්දුවක් පහත දැක්වේ: සුප්ප‍ා සහ පුත් කුමරු (වෘත්තය - ‍අරේඛාන්මිලානා)

සි. - යොමා කන් මව්නි සමා වී අසන් - කිමා මේ වෙනසා පියාගේ කියන්, දෙපාවුන් චතුප්පාදයන් හා විසුම් - අපායෙන් ලැබෙන්නාවූ දුක් සේ කියුම්

දුවක් ද පුතෙක් ද ඇතිමුත් හුදක් - කිමෙක් ද නොමැත්තේ වලිග ‍ෙදකක්.

සුප් - සරා චන්ද්රතයා සේ රුවින් උස් පුතා - පුරා වංගුයේ පාලනා මා පිත‍ා සුරංගායුරා රාජ මාලිගයේ - සැපෙන් සැදිලා පව්බලේ උස් වියේ සිතී එක් දිනේ මේ වනයේ ඇවිත් - පතා ගත් මෙනා සී රදා එක්වූයෙන් එයින් මේ නුඹා සහ නඟාවත් ලැබීම් - වෙනින් යම් දෙයක් නෑ උනේ මේ ලෙසින්

සිං - වනේ වූ සතෙක් හා මනුෂ්ය ලියෙක් - විසූ තැන් නොමැත්තේ මෙය පුදුමෙක්

විකුම් පා මම මේ වනින් යන්නට් - ඉතින් කාරි සෙවීමේ යෙදෙන්නම් තුටා (සිංහබා කථාන්තරය, 1888. කොළඹ, පි. 6)


ජෝන් ද සිල්වා 21


බස්තියන් විසින් නිෂ්පාදනය කරන ලද නාටකයක් සියැසින් දුටු තවත් පුද්ගලයකු ඒ ගැන විස්තර ලියා ති‍බේ. 1890 අප්රේකල් 9 වන දා පූර්ණචන්ද්රටලේඛා ශාලාවේ උන් ප්රේුක්ෂකයකු වන එඩ්වඩ් ටෙරි පවසන පරිදි මුළු නාටකය ම ග‍ායනා කරන ලදී. සෑම ජවනිකාවක් ම අවසාන වූයේ වෘත්ත රහිත පේළි කිහිපයක් ග‍ායනා කිරීමෙනි. (Edward Terry. ”Shakspeare in Cingalese”. C L R.. No 6. Vol. Vi. 1891. September 8, pp 55-56) මුළු නාටකය ම ගායනා කළා යැයි යන ප්රNකාශයෙන් පෙනී යන්නේ ගදා වාසගම් විරල වූ බව විය හැකි ය. නාඩගම්වල දී මෙන්ම නූර්තිවල දී ද ප්ර මුඛස්ථානය හිමි වූයේ ගායනයට ය. සිනදුවට ය. නාට්යල පෙළ බැහැර කොට සිනදු පමණක් පොත් වශයෙන් මුද්ර ණය කළ අවස්ථා ද විය. එබඳු සිනදු පොත්වල දී ඒ සිනදු එකිනෙකට සම්බන්ධ කරන්නට යෙදු‍ෙණ් කතාව සංක්ෂිප්ත කර සිනදු අතර මැද යෙදීමෙනි. පසු කාලයේ දී ජනප්රිුයත්වයට පත් වූ ‘සිනදු පොත් ව්යා්පාරයෙහි සමාරම්භය මෙය යැයි සිතිය හැකි ය. නාඩගම් යුගයෙහි දී නාට්ය සින්දු පමණක් උපුටා ගෙන මුද්රයණය කළ අවස්ථා දැක ගන්ට නැත. බස්තියන්ගේ ෂූලා හෙවත් කපටි බෑනා නූර්තියෙහි නාට්යණ පෙළ නො දක්වා සින්දුවකට සම්බන්ධ එක් ජවනිකාවක විස්තර සංක්ෂේපයෙන් පවසා ඇත්තේ මේ ලෙසිනි:

දෙවෙනි චිත්රේවස්තුය - මුහුදු වෙරළක්

මත්ස්ය යින් දෙදෙනෙක් යොදන ලද රන් රතයක් පැදගෙන සුරඟනියක් ඒම ද සුරඟන අත ආති වූ දඬු කැබැල්ලෙන් වෙරළ මායිම් කිරීම සහ පොළොව පිපිරීම ද: රං භය වී මුහුදේ පැනීම ද, දේවින්නාන්සේට බැසීමට අන කිරීම ද, දිව්යං උයන් වතු ආදිය ද, සුරඟනන් අහසේ ගමන් කිරීම ‍ආදිය ද වේ.

(ෂූලා හෙවත් කපටි බෑනා, (2 මුද්රදණය). 1910, විද්යා දර්ශ යන්ත්රාෂලය, පි. 5)

ෂූලා ‘සිනදු පොතෙන්’ උපුටා ගත් ගීයකි මේ: ෂූලාගේ ප්රෙමාධයක් දැක කාපිරියා කුමරි සමඟ ආදර කිරීමට යාම (බහානා කරෝජාන්)

කාපිරි - නහා මා නුරා බස් - දෙන් ශ්රිදයාවි සිත්සේ - බොහෝමා ඉසුරැ දෙමි මා





22 පූර්වාදර්ශය

කුමරි - ඔව් ඔව් කාපිරි - සත්තෙන් ම පා - නාහා කුමරි - ඔයිටා වේ ආසා - වර්ගේ වූ ගෑණු - යම් තෝ නොසිටා මෙහි කාපිරි - ඒ විහිළූ - මන් පෙම් වූ ශ්රි යා - නාහා මා ෂූලා කෙරේ ලොල් වෙන්ටෙපා ප්රේ-මී - මා හා වේවා ආදරේ කුමරි - චිඃ යව් යව් කාපිරි - බෑ සුන්ද්රාේ මාගේ - නාහා මේ නුරා බස් කුමරි - කාප්රි හොරා කෝ - අල්ලා වද දී - තා හිස් කඩැරලාමි කාපිරි - ඔය ඇත්ත - ඒක නොවේවි - නාහා මා කියමි එදා වූ ප්රේරමේ විහාගා - කුමරා හා දෙඩූ වදන් කුමරි - හා හා හා කාපිරි - ඇයි සුන්ද්රා- මාගේ - නාහා මා කුමරි - ඌට බියක් නෑ කාට බියත් නෑ - ඊට දනී කාරී මා කාපිරි - වැරදේවි කුමරි - වල් බල්ලෝ‍ දෙන්නා

(ෂූලා හෙවත් කපටි බෑනා, පි. 12)

සිංහල නාටකය විවිධ ජන කොටස් අතර ප්රනචලිත කිරීමට බස්තියන් සමත් වූයේ ය. පහත සඳහන් වන්නේ ඔහුගේ නාට්යත නැරඹූ ප්රේක්ෂකයන් පිළිබඳ පද්ය මය වාර්තාවකි.

ඉංග්රීනසි ලන්දේසි සහ සිහළූද - බංගලි ඇතුළුව නෙක දෙමළු ද සන්නසි ජාවුන් බර්ගරයෝ ද - සන්තෝසයෙන් බැලි ඉඳ යොන්නු ද

(බත්තරමුල්ලේ සුභූති, සිංහල නෘත්යබ වර්ණනාව, 1884, පි. 7)

එ මතු නො වේ. ආණ්ඩුකාරවරයා පවා ඔහුගේ නාටක නැරඹීමට පැමිණියේ ය.

නෙගරුතර ආර්තර් හැමිල්ටන් ගෝර්ඩන් නම් මෙ ලක නරව ර සපිරිවර මැති සෙනඟ සහ තරු පිරි‍වැරූ සඳ විලස මනහ ර අමරවර යුරු පැමිණ මෙම රඟහලට වැඩ ඉඳගණ අසුන්ත ර දෙනෙත හැර රඟ වෙසෙස දැකලා ගියේ රජගෙට සතොස් කර කර (සිංහල නෘත්යස වර්ණනාව, පි. 4)





ජෝන් ද සිල්වා 23


නාට්යදකරුවකු වශයෙන් තමා පිළිබඳ “ප්ර ශස්ති” රචනා බිහි කරවීමට තරම් බස්තියන් කීර්තිධර පුද්ගලයෙක් විය. “සිරි ලක මල් උයනේ නාඩගම අස - සකි රැඟු වරුණේ” යන මාතෘකාව ය‍ටතේ සිංහල නෘත්යි සමාගමේ ප්රසධාන තැනපත් සී. දොන් බස්තියන් නමට කොල්ලුපිටි වාසී උගත් ජෝන් පෙරේරා මැතිතුමා විසින් සතුති සිනදුවක් ද රචනා කරන ලදී. (සිංහල නෘත්යෝ වර්ණනාව. පි.6-7) සී. දොන් බස්තියන් යනු කවරෙක්ද යන්න විලියම් ද සිල්වාත සිංහල නෘත්යා වර්ණනාවට ලියා ඇති සංඥාපනයෙන් මැනැවින් පැහැදිලි වෙයි: “තවද ලොකේකමේ සිංහල නෘත්යා සමාගමෙහි ප්රනධානියෙක් වූ සහ ගුරුවරයෙක් වූ ද, ප්රේයෝජනවත් පොත් කීපයක් කළ පොත් කර්තෘි කෙනෙක් වූ ද, දක්ෂ කථාකාරයෙක් සහ මනුෂ්ය යන් සන්තෝෂ කරවන නාට්යාරකාරයෙක් වූ ද, ඉවසිලිවන්ත වූ සහ අනුන් කෙරෙහි නිතර කරුණා ඇත්තා වූ ද, මාහැඟි පැවැත්මක් ඇත්තාවූ සහ යහපත් කුලවත් නඹුකාර පෙළපතක් ඇත්තා වූ ද, අප මිත්රූ සී. දොන් බස්තියන් මහත්මයින් විසින් අනේක දුක් මහන්සි වියදම් දරා නැටුම් ආදිය සහ නෘත්යො පකාරණාදිය මාහැඟි ලෙස සම්පාදනය කරමින්, ගරුතර ආණ්ඩුකාර සර් ආර්තර් හැමිල්ටන් ගෝර්ඩන් උතුමානන් වහන්සේ ඇතුලු වූ රජ පව්ලටද අතිශයින් සන්තෝෂ කරවීමෙන් සහ ආණ්ඩුවට ද මහජනයා‍ට ද‍ කරදර පැම්ණෙන නාඩගම් ආදී නිනදිත චරිතාදිය තුනී කරවීමෙන් ද, මින්පසු මෙබඳු කටයුතු කරන්නන්ට අනේක ගුරෝපදේශයන් දීමෙන් ද, පෙන්වීමෙන් ද සිංහල ජාතිය ප්රමධාන නා නා විධ ජාති දහස් ගණන් ස්ත්රීන පුරැෂ සමූහයා සතුටු කිරීමෙන් ද, කෝලහලාදියක් නැතුව පිරිසිදු ශිෂ්ට්හචාරාදියෙන් හර්තව ලෝකේ කිසි කලක සිද්ධ නොවූ මේ උතුම් නෘත්යෝ ගුණ නිලතල ආදී තෑග්ගක් දීමට රාජමහාමාත්යාෙදියෙක් නුවූ බැවින් ද, මුතුමැණික් ආදී වස්තුවක් දීමට හිටුවරාදියෙක් නුවූ බැවින් ද සිංහල ජාතියට මේ කළ නඹුව ගැන කෘතොපකාර වශයෙන් මේ සත්යු වූ කීර්තිය නා නා දේශවාසීන් අතුරේ පැතිරේවා වන ප්‍තකාර්ථනාවෙන් මේ පොත් පිංච මෙසේ සම්පාදනය කරවා ගත්තෙමු. (සිංහල නෘත්යත වර්ණනාව, “සංඥාපණය”)

සිංහල සිනදුව ප්රකබල වාණිජ්යථ මෙවලමක් බවට පත් කිරීමේ ගෞරවය නිසැකයෙන් සි. දොන් බස්තියන්ට හිමි වෙයි.එහෙත් සාහිත්යෙමය වශයෙන් බලන වි‍ට නාඩගම් සින්දුවල පැවති ප්රොශස්ත භාවය බස්තියන්ගේ නූර්ති සින්දුවල නොමැති බව පෙනේ. සැබැවින් ම ඒ‍වා ජනප්රිබය වූයේ







24 පූර්වාදර්ශය

පදමාලා නිසා නොව හින්දුස්තානි සුමධුර තනු නිසා ය. ඒ තනු අනු ව හින්දුස්තානි වචන ගයමින් සිටි සිංහල ජනයාට, කවර සිංහල පදමාලාවක් වුව හින්දුස්තානි වචනවලට වඩා ප්රි ය විය: සමීප විය. “නූර්ති සංගීතය සඳහා බලිවාලා සම්ප්රවදාය අනු ව රවිකිඤ්ඤය හෙවත් වයලීනයත් ‍ඩෝලයත් භාවිත කරන ලදී. නූර්ති සින්දු ජනප්රිීය කරවීම සඳහා මේ ව‍ාද්යට භාණ්ඩ දෙකෙන් සිදුවූ මෙහෙය ද අනල්ප ය. ඇතැම්විට හරක් ‍ෙබාකුවලින් තනාගත් මයිනාහම් නලාවක් ද ශ්රැහති ස්වරය නැඟීම පිණිස යොදාගත් බව කියති.”(විජයතුංග, ස්වර සහිත නෘත්යල ගීත,පි ගXiv’) බස්තියන්ගේ නා‍ට්යක සියැසින් දුට‍ුවකු කරන විස්තරයේ දී වාදක මණ්ඩලය පෙනෙන්නට නො සිටි බවත් එහෙත් බෑග් පයිප් ශබ්දය, බෙර හඬ සහ තවත් තත් භාණ්ඩයක හඬ ඇසුණු බවත් කියා තිබේ. (C.L.R.,No.25. Vol. Vi. 1892. Jan. 19. p. 199) තමා දුටු බස්තියන් නාට්යේයේදී බෑග් පයිප් හඬ නැගුණු බව එඩ්වඩ් ටෙරි ද පවසයි. (C.L.R.,No.25. Vol. Vi. 1892. Jan. 19. p. 55) මෙ‍ාවුන් මෙසේ බෑග් පයිප් යනුවෙන් හඳුන්වන්නේ ස්කොට්ලන්තයේ බෑග් පයිප් නමැති සාම්ප්ර1දායික වාද්ය) භාණ්ඩය නොව සමහර විට විජයතුංග මහතා පවසන යට කී මයිනාහම් නලාව විය හැකි ය. නූර්තිය මඟින් රට පුරා ගලා යන්ට වූ පාර්සි වේදිකා නාට්යි සංගීතය, ඉගෙනීමට පහසු වූ ද සාමාන්ය මිනිසුන් අතර වහා ජනප්රිැය වූ ද සංගීතයක් නමුදු එය ශාස්ත්රීනය මට්ටමේ නො තිබුණු බවත් ඒ වනාහි ශාස්ත්රීසය සංගීතයෙන් බිඳුණු දූෂිත සංගීතයක් බවත් පවසන මෙ රට ඇතැම් සංගීතවේදීහු යාපනයේ දෙමළ හිනදු ජනයාගේ සංගීත දැනුම කොළඹ සිංහලයන්ට වඩා මඳක් උසස් තත්වයක පැවති බවත් ඔවුන්ට පිරිසිදු ඉන්දීය සංගීතය ගැන ප්රණමාණවත් අ‍වබෝධයක් පැවති බවත් පවසති. (W. Sathasivam. “Music of the Sinhalese and Tamils.,Ed’Annada K. Coomaraswamy’ F.L. Woodward and W.A. De Silva. THE CEYLON NATIONAL REVIEW. No.9 Vol. III. 1910. March. pp. 127-128) සී. දොන් බස්තියන්ගේ නිර්මාණ හා සසඳන කල අපට පෙනී යන්නේ බස්තියන්ගේ අනුප්රානප්තිකයා වූ ජෝන් ද සිල්වා නාට්යෙකරුවකු වශයෙන් ද නූර්ති ගී රචකයකු වශයෙන් ද බස්තියන්ට වඩා කෙතරම් ඉදිරියට ගමන් කර තිබුණේ ද යන්න යි.