ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-III-අධ්‍යාශය සහ අනුමෝදනාව

අධ්යආශය සහ අනුමෝදනාව


නීතීඤ ජෝන් ද සිල්වා (ක්රි .ව. 1857 – 1922) වනාහි සිංහල නාට්යන වංශයෙහි පුරොගාමී නාට්යි කර්තෘවරයෙකි. ඔහුගේ නාට්ය කෘති අධ්ය්යනය කිරීමෙන් නූර්ති නම් වූ සිංහල නා‍ට්යල යුගය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබීමේ අවස්ථාව රසික ජනයාට ලැබෙතියි යන්න අපගේ විශ්වාසය විය. එබැවින් - අවුරුදු හැට හැත්තෑවකින් නැවත මුද්රයණය නො කළා වූ ද පොත් වශයෙන් ප්ර‍කාශයට පත් නො කළ නිසා සාමාන්යද පාඨකයාගේ අ‍ාශ්ර‍යෙන් බොහෝ සෙයින් දුරස්ථ වූ ද සිල්වාගේ නාට්ය් පිටපත් සොයා මෙසේ මුද්රඨණය කරන්නට සිතුවෙමු.

මෙම කෘතිය සකස් කිරීමෙහි ලා අප පෙළඹ වූ තවද එක් කාරණයක් විය. එනම්, ගීත නිබන්ධකයකු වශයෙන් ජෝන් ද සිල්වා සිංහල ගීත ක්ෂේත්ර යෙහි උසුලන්නා වූ සුවිශේෂ ස්ථානය යි. ගීතය කේවල කලා මධ්යංයක් වන්ට පෙරාතු ය නාටකය හා බද්ධ ව පැවතිණ. නාඩගම්, නුර්ති, ටීටර් යන නම්වලින් හැඳින්වුණු සිංහල නාටක, ගීතයෙන් හා සංගීතයෙන් ආඪ්යස නිර්මාණයෝ වූහ. නූර්ති යුගයෙහි ජෝන් ද සිලවා විසින් පමණක් රචනා කරන ලද සංඛ්යායව දහස් ගණනකි. ඉන් ඇතැම් ගීයක් රස නුසුන් ව අදත් දනන් තුඩ තුඩ පිළිරැව් දේ. එබැවින් නාට්යී කෘති ඒකරාශී කිරීමේ ව්යා ජයෙන් අප විසින් කරනු ලැබ ඇත්තේ ජෝන් ද සිල්ව‍ාගේ ගීත ඒකරාශී කර සිංහල ගීත වංශයේ ඌන පූර්ණයක් කිරීමකැයි යම් කෙනෙකු චෝදනා නඟතොත් එය පිළිගන්නට අප ඉත සිතින් සූදානම් බැවි කිව මනා වේ. මේ කෘතියෙහි පමණක් අඩංගු වී ඇති නූර්ති ගීත සංඛ්යාකව 255 කි.

ජෝන් ද සිල්වා නාට්යු කෘති එකතුවෙහි එක් එක් කාණ්ඩවල මුලට අමුණා ඇති පූර්විකා ගැන ද වචනයක් සඳහන් කළ යුතු ව ඇත. එනම්, ඒවා හුදෙක් දුහුනන් දැනුම් සඳහා සකස් කරන ලද ලිපි ලේඛන බව යි. ජෝන් ද සිල්වාන පිළිබඳ හසරක් නො දත් පාඨකයකුට වුව ඔහු ගැන කිසියම් අවබෝධයක් ලබ‍ාගෙන ඉන් අනතුරැ ව නාටක පෙළ පරිශීලනය කරන්ට අවකාශ සලසා දීම එම ලේඛන පළ කිරීමේ අභිලාශය විය. මේ කාණ්ඩයෙහි පූර්විකාව වෙන් වී ඇත්තේ ජෝන් ද සිල්වාගේ පූර්වගාමියා වූ සී. දොන් බස්තියන් පිළිබඳ විස්තර කථනයක් සඳහා ය.

ජෝන් ද සිලව‍ාගේ නාට්යල කෘති මෙහි ලා සංග්ර හ කිරීමේ දී ඒවායෙහි අඩංගු වූ ප්ර්ස්ත්වනා, භූමිකා විස්තර, පිළිගැන්වීමේ වාක්යස හා කාව්යද ආදිය ද ඒ හැටියෙන් ම බහා ලන ලදී. එමෙන්ම වියරණනයබුන් තැන්, අක්ෂර වින්යාකසයෙහි සහ පද බෙදීමෙහි සදොස් තැන් එසේ ම තිබෙන්ට හැරියෙමු. භාරතීය රාග නාම හා තාල නාමවල දැකිය හැකි උච්චාරණ දෝෂ ද එමට ය. මේ සියල්ල ශුද්ධ කිරීමෙන් තොර ව මුද්රමණය කරන්නට යෙදුණේ සිංහල නාට්යචයෙහි ප්රායථමික අවධියේ භාෂා සාහිත්යන සංගීත කලාවන්හි තත්ත්වය පාඨකයාට ‍වටහා දීමේ හිතාධ්යායශයෙනි.

මෙහි දී අප නාට්යත පෙළ ගස්වා ඇත්තේ ජෝන් ද සිල්වා විසින් ලියා පළ කරන ලද අනුපිළිවෙල හැකි තාක් දුරට ආරක්ෂා කර ගනිමිනි. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ‍ව‍ාර්තාවලට අනු ව ජෝන් ද සිල්වා මුද්ර්ණයෙන් ප්රබකාශයට පත් කළ මුල් ම නාට්යු කෘතිය නලරාජ චරිතය යි. ඒ,1886 ජුනි 25 වන දා ය. එය ‘ජෝන් ද සිල්වා නූර්ති නාට්යු එකතුවෙහි’ මුලින්ම දක්නා ලැබේ. 1886 අගෝස්තු 12 වන දා ගිනිහටන නාටකයත් 1886 දෙසැම්බර් 12 වන දා සීතාභරණ හෙවත් ගින්ගත් රාමායනයත් ප්රගකාශයට පත් කර තිබුණත් ඒවා අපට හමු වූයේ මුල් කාණ්ඩ මුද්ර ණද්වාරයෙන් පළ වූ පසු ව බැවින් චතුර්ථ භාගයට ඇතුළත් කර ඇත. එනයින් චතුර්ථ භාගයෙහි සංග්රපහ වී ඇත්තේ මුල් කාණ්ඩවලින් ගිලිහී ගිය කෘති සමූහයක් බව සැලකුව මනා ය.

ජෝන් ද සිල්වා නූර්ති නාට්ය එකතුවේ තෘතීය හා චතුර්ථ භාග අද පළවනුයේ මුල් කාණ්ඩ නිකුත් වීමෙන් වසර 16කට පසු ව ය. ඒ වනාහි එකී කාණ්ඩවල නාට්යු පිටපත් එක්රැස් කරන්නට ගත වූ කාලය යි.

ක්ෂණික ආර්ථික ප්රලතිලාභ ගෙන නො දෙන මෙම දැ‍වැන්ත කෘතිය, කාණ්ඩ වශයෙන් ප්රිකාශයට පත් කිරීමේ බැරෑරුම් වගකීම පවරා ගත් ඇස්. ගොඩගේ මහතාණෝ අපගේ නො මඳ කෘතඥතාවට පාත්රය වෙති. සූචිය සම්පාදනය කළ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ, කංචුක නිර්මාණයට දායක වූ දී.ග. සෝමපාල සහ සිසිර විජේතුංග, නාට්යන පිටපත් සපයා දීමට උත්සුක වූ අමර හේවාමද්දුම ආදීහු ද, පියසිරි ප්රිසන්ටර්ස් හි නිමල් දිසානායක සහ සාරංගි ප්රිමන්ටර්ස්හි කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද මෙම සත්ක්රි්ය‍ාවෙහි පින්ඵල භුක්ති විඳිත්වා !


සුනිල් ආරියරත්න

2008 ජනවාරි 01 වන දා

‘ආරණ්යනවසයේ’ දී ය.