ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-04-මහිලා නාටකය

මහිලා නාටකය



නාමෝතස්ස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

පුවත

ශාස්ත්රසධාරි පැමිණේ

සොරටි - ත්රිමතාල්

ශාස්ත්රසධාරි - සෑසි තිලෝනා නමා මහිලා රජිනි වත අපි පාමු - සෑසි ඉන්දියා දේශයේ උන් පෙර සිරිතා මන්ද්රා රජු මවු වී මහාලා - සෑසි ඈ ගැනා දක්වනා නාටක මෙසබේ බලමැන දුරලා දොසැතා - සෑසී අන්තරා සුන්කරා දෙව් අප රැකලා නළු සබ සපලා කරණු - සෑසී &c

සිංහල සාධු ජනයිනි. අද රාත්රිcයේදි මෙම මණ්ඩපයේ දක්වන මධුර වු නාටකය මන්ද්රල රජුග් මව් වන මහිලා නම් රාජිනිය ගැනයි. ඕ තොමෝ ඉන්දියා දේශයේ ස්ත්රින රාජ්ය ය යන නමින් ප්රාකට වු ප්ර දේශයේ රජකම් කළ නිර්භිත වූ යුධ ශාස්ත්ර්ය පුරුදු රාජ ස්ත්රි‍යක්ය. මෙම කථාව අසන සිංහල ජනයාට නොයෙක් ගුරුහරුකම් දැනගන්ට හැකි බැවින් සිංහල ආය්ය්ග සුබෝධ නාට්යය සභාව විසින් ඇගේ ජිවිත කථාව සංගිත ශාස්ත්රරය අනුව ගොස් නාටක කරණ ලදී. එය අසත්වා (නික්ම යයි)

526 මහිලා නාටකය


1 අංකය i චිත්ර වස්ත්රාය උදයසිංහ රජු‍ගේ මාලිගාවේ ඇතුල් මැදුරක්

උදයසිංහ රජ අසනි‍පයෙන් ඇ‍ඳේ සැතපි සිටින කල වෛද්යා‍චාර්ය කෙ‍ෙනක් ද ධර්මෙ පුස්තක කියමින් සිටින බ්රාෛහ්මණයෙක් ද රජු‍ගේ මන්ත්රි ද සෙනෙවි ද ලඟින් සිටිති.

උදයසිංහ - මන්ත්රි මාගේ ආයුෂ කෙළවර වෙන්ට යන බව ම‍ට පෙනි යයි. මෙම අසාධ්යල රෝගයෙන් නො‍බෝ කලකින්ම මරුමුවට මා පැමිණෙනවා ඇත. මට පුත්ර‍යෙක් නැති බැවින් මාගේ ම‍රණින් පසු මෙම ර‍ාජ්ය‍ය පාලනය පිණිස මෙම කඩුව මගේ දුවට දෙනු. (දිව ගොත වෙයි.) මගේ නන්දනිය බලාගනු. මන්ත්රි - වෛද්ය චාර්ය. අප දේවයනවහන්සේට බොහොම අසනිප බව පෙණේ. වෛද්යණ - (නාඩි අල්ලා බලා මන්ත්රිය අහකට කැඳවා කියයි.) රජ්ජුරුවන්වහන්සේ තව විනාඩි පහකට වඩා ජිවත් නොවෙයි. තව ස්වල්ප වේලාවක් පණ අල්ලාගෙන ඉන්ට ගුලි දෙකක් දෙන්නෙමි.යමක් අසන්ට තිබෙනවා නම් අසා දැනගන්ට හොඳා මන්ත්රිව - එසේ කරමු. සෙනෙවි. මහිලා රජදූ විගස කැඳවා ගෙණ එනු (බෙහෙත දෙයි. ටික වේලාවකට පසු රජ කථා කර මේසේ කියයි.)

උදයසිංහ - මන්ත්රිෙ, මාගේ මහිලා නන්දනි හනික ගෙන්වනු. මන්ත්රිෙ - දේවයන්වහන්ස. දුක් නොවනු මැනවි. මහිලා කුමරිය මේ එන්නේ.

(මහිලා, රජුට නමස්කාර කර හඬිමින් කියයි.)

ජෝන් ද සිල්වා 527

මහිලා - පියානන්වහන්ස. මම මෙහි පැමිණියමි. මගේ දුක අප්රාදමාණයි. උදයසිංහ - පුත්රි්. ඉක්මණට මගේ පණ සැඟවෙයි. එබැවින් මගේ මේ කඩුව රැගෙන මාගේ රාජධානිය පාලනය කරණු. මේ කඩුවේ ඔපය අඩු වෙන්ට ක්රි යා නොකරණු. (මහිලා කඩුව අතින් අරන් හඞා මෙසේ කියයි)

ආශා - ද්ප්චන්දි

මහිලා - හෘද මා යන්නා දෙලහා මෙතැන්හි දුක මගේ බෝ වී - දුකා මගේ බෝවි මා කැන්දා ස්නේහෙන් පියා ලෙඩා වී දුක මගේ බෝ වී - දුකා මගේ බෝ වී කරන් සුව පිතුරා‍ගේ මෙරෝගේ හේ වෛද්ය - හෘද බංග වී යයි මාගේ ශාන්ති කර මැන මා සිත් මෙවැත්තේ තාත්තාගේ පණ බේරා සත් දත්තේ රකිණු මැනා දෙව් පිතා දිගා දී ලෙඩ මෙම සුන් වී - ලෙඩේ මෙම සුන්වි

වෛද්යෙ - මන්ත්රිී. විගස‍ මෙම කුමරිය යන්ට අරිණු. රජ ස්වර්ගස්ථ වෙන්ට ලඟයි. සෙනෙවි - ගුරු කම්මුතුයි බ්රාවහ්මණ - නාරායණ! නාරායණ!

ii චිත්රා වස්ත්රනය විථියක්

මහිලා බිසවගේ දාසි ගමන් කරයි.

528 මහිලා නාටකය ‍ දේශ් - දාදරා දාසි - ඒ මහාරානි - ලාලසිංහගේ මනාලී සිංහගේ මනාලි - ලාලසිංහ‍ගේ මනාලි ඒ මහාරානි - ලිලසිංහගේ මනාලි කැන්දගෙන එන්ට කිය ලාලසිංහ ඒ මහිලා ඔහුව සම්බ වෙමි සොයා මෙම විථියේ සමීපේ

අහෝ ප්රේයමේ හැටි! මුණින් නැමු කළ ගෙඩිය වතුරේ එබුවාම මතු පිටට පැන නගින්නා සේ මනුෂ්යුයාගේ ප්රේාමය සඟවා සිටිනු නොහැකිය. මහිලා බිසව ලාලසිංහ දිටු සැණේම ඔහු කෙරේ ප්රේටමයෙන් හරිතව සිටින්නිය. ඇගේ සිතේ අදහස් ප්රනකාශ කරන වචන ද මුවන්ගේ ඇස්වලට සදිසි ඇ‍ගේ නේත්රර ද අධික ප්රේ මයකින් පසු වෙන බවට සාක්ෂි‍ වෙති. ම විසින් සොයා යන ලාලසිංහ මේ එන්නේ. (ලාලසිංහ පැමිනේ) දාසි - ලාලසිංහ. ඊයේ සවස නුඹ මාලිගා සමිපයෙන් යද්දි මහිලා බිසව නුඹ දැක ආල බැඳ දකින්ට ආශාවෙන් සිටින බැවින් නුඹ සමග යන්ට මා පිටත් කර එව්වාය. ලාලසිංහ - ඒක ප්රිරතිදාය ආරංචියකි. නුමුත් එහි දැන්ම යන්ට මම සුදානම්. නැත. දාසි - කල් දැමීම නුවණට හුරු නැත. මේ දැන් කළ යුතු වැඩය හෙටට කල් දැමිමෙන් නොයෙක් දෙනා පශ්චාත්තාපයට පැමිණෙති. ලාලසිංහ - ඒ ඒ ප්රනස්තාවලට සුදුසු පරිද්දෙන් ක්රිහයා කෙරිම ප්රිඥාගොචර බැවින් මහිලා බිසව සම්භ වෙන්ට යන්ට යුතු නිසි ඇඳුමකින් ය. එබැවින් ‍මම ගෙදර ගොසින් සුදුසු ඇඳුමක් පැළඳගෙණ එන්නෙමි. නුඹ ගොසින් එහි මා එන බව බිසවුන්නාන්සේට දන්වාපන්. ජෝන් ද සිල්වා 529

දාසි - එහෙනම් මට යන්ට අවසර. මේ පනිවිඩය කාටවත් දන්වන්ට එපා. (නික්ම යයි.) ලාලසිංහ - ම‍ගේ ප්රයයෝජනයට කිවු පනිවිඩය එලිදරව් කරන්ට මම පිස්සෙක්ද (කියමින් නික්ම යයි)

iii චිත්රහ වස්ත්රනය ලාලසිංහගේ ගෙදර

(ලාලසිංහගේ වැඩකාරයා ගේ දොර අතු ගා බඩු පිස දමමින් සිටි. ලාලසිංහ පැමිණේ.)

ලාලසිංහ - දාසය. පෙට්ටියේ තිබෙන මගේ වටිනා ඇඳුම මෙහි ගෙණෙනු. (යතුර දෙයි.) දාසයා - (යතුර අරන් පෙට්ටිය ඇර ඇඳුම ගෙණෙමින් කියයි.) වැදගත් ගමනක් යන්ට වාගෙයි. ලාලසිංහ - ඔව්. මා අඳින කල් කන්නාඩිය අල්ලා සිටපන්.

(ලාලසිංහ ඇඳගෙන උඩුරැවුල කරකවයි. දාසයා කන්නාඩිය හරියට ඇල්ලුවේ නැති නිසා මෙසේ බැණ වදි.) කන්නාඩියවත් අල්ලන්ට නොදත් මේකා මොකට මේ ගෙදර තබා ගණිමිද (කම්මුලට ගසයි.) දාසයා - (අහකට කියයි.)අද වෙස් පෙරළිලා බොහොම ආඩම්බර වී සිටින්නා. උඩ පැන්නෝත් බිම වැටෙනවා. (ලිලසිංහගේ මව් පැමිණේ)

මව් - ඇඟිල්ලේ තරමට ඉදිමුම ගණින්. මොකද මේ ඕනැවට වඩා උජාරු ලාලසිංහ - කටවහගණින්. උඹ දන්නවාද මට යන කල. මෙ ශරිර‍ය ර‍ාජ ශරිරයක් බව උඹ දන්නවාද

530 මහිලා නාටකය

මව් - තරම දැනගෙණ ක්රි්ය කරපන්. ගෙම්බා පුප්පා ඵලදෙනගේ තරමට මහත් වෙන්ට ගියා වාගෙයි. ලාලසිංහ - නොදකින්. මේ නාකි අම්මන්ඩිලාගේ කට හැකර කථා නොවාසනාවන්. ‍‍ෙනාදකින්. නොදකින්. (ලාලසිංහගේ පියා පැමනි තම ස්ත්රිා බණිනව අසාගෙණ සිට ඉදිරියට පැමිණ මෙසේ කියයි.) පියා - ලාලසිංහ, නුඹ වදා ඇති දැඩි කළ මව්ට ඔහොමද කථා කරන්නේ. ලාලසිංහ - අලි මදිවට හරක්! මේකා කියන දැනමුතුකම් මට මොකටද. මම දන්නේ නැද්ද ලෝකේ කල් අරින්ට. පියා - වැඩිහිටියන්ගේ දැනමුතුකම් නොඅසන තරුණයන්ට විනාශය ලඟයි.නුඹේ දෙමව්පියන්ට දියයුතු ගෞරවය පාගා දමා ඒ වෙනුවට අපහස කෙරිම ආයුෂ කොට බවට ලකුණක්ය. ලාලිසංහ - ඔය දැනමුතුකම් මට එපා මගේ ඇහැට නොපෙනි දෙදෙනාම මකබා වෙලපල් පලයල්ලා (තල්ලු කර දමයි) (මහලු දෙගුරු වැටි හඩා නික්ම යති) ජිල්ල - චල්ති

ලාලසිංහ - කාලේ බෝම හොඳා ජය වේය මහිලා දේවි කාරේ බන්දා රාජ දේහේමයි ශරිරය මාගේ මේ රන්වන් සිංහාසනයට වන් කල්හා මම් ඉඤ්ඤා නිර්භිතෙන් ලාමි පාගා රුපු සේරම බින්දා උන්ගේ දප් ගඤ්ඤා පලි මම මන්ත්රිබන් ආදින් පන්නා රක්ෂාවෙනි. වාසනාවේ මහිම බෝ වෙය. ජෝන් ද සිල්වා 531 රජා වෙන්නෙම් මම් ඇන්නෑ මව්පිය මේවා දන්නේ නෑ නෑ යන්තමවත්.

iv චිත්රම වස්ත්ර ය මාලිගාව මහිලා බිසව සහ දාසි සිටිත් මහිලා - දාසිය. මොකද ලාලසිංහ තවම නැත්තේ. දාසි - මහාරාජිනි. ඔහු ඉක්මණටම එනවා ඇත. මහිලා - සැබෑ ප්රේ මය මහ පුදුම එකකි. දාසි - මට ඒ ගැන යමක් කියන්ට දැනෙන්නේ නෑ. නුමුත් ඒ ගැන අහලා තිබෙන තරමට නම් මනුෂ්යටයා නිර්භිත කරණ නොයෙක් විට ලජ්ජාව නැති කරණ එකකි. මහිලා - මට දැනෙන හැටියට කියන්නෙමි, එය අසපන්. ජංගලා - ලාවනි මිතුරු දාසියේ සත්යර ප්රේෙම මට මෙ වරේ - තේරි තිබේ තිබේ මට මෙවරේ තේරි තිබේ ති‍බේ වසා දාය ලජ්ජා බිය හනිකා - නෑදෑ ගෝත්රා නුරුස්සා නිච විපාක බව තේරෙන්නේ නෑ එ පුදුම දේකි අ‍හෝ අ‍හෝ බෝ එ පුදුම දේකි අහෝ අහෝ - මිතුරු දිසියේ &c දිලේ ප්රේුම ගින්නා හද නි‍බ‍ෝඳේ වේලි යාය ශරිරේ ආල බැන්ද අයගේ රෑ මුණා දිටුවම ප්රි ති සැදේ සැදේ බෝ දිටුවම ප්රිරති සැදේ සැදේ - මිතුරු දාසියේ&c තිබේ ප්රේ මෙ කාන්දම් ගුණ විලසේ ඒකේ රංග නොතේරේ 532 මහිලා නාටකය

කාට ඒක දැනෙදෝ මා දාසි පවතින ප්රේෙම මගේ හදේ බෝ - පවතිය ප්රේේම මගේ හදේ.

දාසි - මහාරාජිනි, ලාලසිංහ මෙහි පැමිණ සිටි මහිලා - ලාලසිංහ. මෙපමණ වේලා මක් කළෙහිද? ලාලසිංහ - මහාරාජානිගේ පනිවිඩය ලැබුන කෙණේම ගෙදර ගොසින් පිටත් වි ආමි. මහිලා - මගේ සිතේ තිබෙන අදහසක් නුඹට ප්රකකාශ කරන්ට කැමැත්තෙමි. ඒ ගැන මට ටිකක් ලජ්ජයි ලාලසිංහ - මහාරාජිනි, ලජ්ජා නූව මැනව. යමක් හිතේ තිබෙනවා නම් මට ප්රතකාශ කලාට දෝෂයක් වෙන්නේ නෑ, මහිලා - නුඹ සමග සරණ බන්ධනයට ඇතුල්ත වෙන්ට ම‍ගේ කැමැත්ත තිබේ. ලාලසිංහ - ඊට මමද බොහොම කැමැත්තෙමි. නුමුත් එබඳ‍ු විවාහයකට ඔබවහන්සේගේ ඇමති මණ්ඩලය විරුද්ධ වෙන්ට හැකිය. මහිලා - මම කැමති නම් ඔවුන්ට කරන්ට දෙයක් නෑ, ලාලසිංහ - ර‍ාජනි.එහෙම නම් මමත් කැමතිය. නුමුත් ඔබවහන්සේ දැන්ම මෙසේ කිවාට මොකද කල් යන කොට එය මතක නැති වෙන්ට පුළුවනි. මහිලා - වැඩි කල් අරින්නේ නෑ. අපේ මංගල්යත සුදානම් කර ගන්නා තුරු නුඹ මේ මුද්ද තබා ගණින්. කිසිවෙකුට දැනගන්ට අරින්ට එපා.(මුද්ද දෙයි.) මට මතක නැති වුනොත් ඔය මුද්ද අරන් මා සම්භ වෙන්ට වරෙන්. ලාලසිංහ - (මුද්ද ගණි) දින නියම කර ඔබවහන්සේ මට දන්වනවා ඇතැයි බලාපොරොත්තු වෙමි. ‍‍අ‍ෙහා් ඒ වාසනාවන්ත දින ලඟදිම පැමිණෙයි සිතමි. මට යන්ට අවසර (යමින් මෙසේ කියයි.)

ජෝන් ද සිල්වා 533

ජිංජෝට් - ලාවනි දුනි ප්රේලමේ පෙණෙන මුදු - ප්රේ මේ පෙණෙන මේ ඒ ගැන මා සිත - වෙන්නා ප්රිවතිය බඳින එදින සිහි වේ මෙසේ දුනි ප්රේසමේ පෙණන මුදු - ප්‍ේයකමේ පෙණෙන මේ. රාජිනි ආදර බැන්දා මා වෙත මගෙද සිතෙහි ඇත ආදරේ දුනි ප්‍රේමේ පෙණෙන මුදු - ප්රේයමේ පෙණෙන මේ

(නික්ම යයි)

v චිත්රත වස්ත්රුය විථියක් (මන්ත්රි් සහ සෙනෙවි කතා කර කර ගමන් කරති.) මන්ත්රිත - රට පාලනය පිණිස උදයසිංහ රජු මහිලා දියණයට කඩුව දුන්නා ‍හොඳයි. සෙනෙවි - ස්ත්රිසන්ගේ බුද්ධියෙන් විනාශය පැමිණෙන් මුත් සමහර ස්ත්රි යෝ නුවනින් කදිමට වැඩ කරති. නුමුත් මහිලා බිසව දැන් ක්රිරයා කරණ හැටි ‍හොඳ නෑ. තමන් කරණ වරද තමුන්ට නොපෙණෙනවා නම් ඒ අයට ‍මේ ලෝකේ කල් අරන්ට බැරිය. වරද පෙණි එය ඒත්තු ගන්න අය නුවණක්කාරයාය. මන්ත්රිා - මට පුදුමය මහිලා බිසව කර ගන්ට යන මගුල් ප්රකස්තාව ගැන. තම තත්වයට ‍නොහොබින ලාලසිංහ සමග විවාහ වෙන්ට තැත් කරණවා යයි ආරංචියි. සෙනෙවි - එබඳු විවාහයක් වුනොත් අප රාජධානියට ලොකු හානියකි. තවද රක්ෂාවලුත් නවතිනවාට අනුමාන නෑ.

534 මහිලා නාටකය

මන්ත්රිැ - ඔය ආරංචිය සුද්ධ කරගෙණ සැබෑ නම් ලාලසිංහව මරමු. එතකොට ඔය අන්තරා වලකිනවා ඇත. (පනික්කියා පැමිණේ) කාfපි - ත්රි.තාල් පනික්කියා - වටපිට ප්රාවෘත්ති බෝම දනිතෑකි රටේ අන්දම් - රට් අන්දම් මම දනිම්මැයි සොඳින් - වටපිට රක්ෂාම ව දැන් බෝ ‍හොඳා කෙස් බෑම දත්තෙන් මෙදා ඉන් වාසි ඇත බෝ ලෙසා මා දන්න අය මේ දෙසා වාසේ වෙත් - තෑගි දෙත් - අව්රුද්දත් කා මමත් අඹුත් බෝ සැපෙන් සිටිම්මෝ හා හා හා

සෙනෙවි - පනික්කියා එන්නා. උගෙන් දැන ගත්තෑකි ලාලසිංහගේ තොරතුරු. මන්ත්රිස - ඔව්. ඔව්. පනික්කියා ගෙන් ගෙට යන බැවින් ඌ නොදන්නා ආරංචියක් නෑ. ලාලසිංහගෙත් රැව්ල කපන්නේ පනික්කියා වෙන්ට පුළුවනි. සෙනෙවි - කොහොමද පනික්කි අමුතු ආරංචි. පනික්කි - ස්වාමිනි. වාසනාව ඉහළ පහළ දෙකේම පවතිනවා වෙන්ට පුළුවනි. මන්ත්රිු - ඉහළ පහළ කිව්වේ හිසෙත් පයෙත්ද පනික්කි - නෑ නෑ උත්තම අධම දෙකොට්ඨාසයයි. සෙනෙවි - මන්ද ඔහොම කියන්නේ පනික්කි - ඇයි කරදියයි මිරිදියයි මිශ්රද වෙන්නෙ නැද්ද? ජෝන් ද සිල්වා 535

සෙනෙවි - උඹේ උපමා කොහොම වෙතත් උඵමේය පැහැදිලි නැහැ. පනික්කි - රජ පවුලෙත් අවාසනාව නැත්තෙ නෑ. මේ දැලි පිහියෙත් වාසනාව නැතැයි සිතන්ට එපා මන්ත්රින - (සෙනෙවිට අහකට කියයි.) සෙනෙවි. මූ තොරතුරු දන්නා හැඩයි. සෙනෙවි - (මන්ත්රිඅට) ඔව්. අහමු ලාලසිංහ ගැන. මන්ත්රිැ - ලාලසිංහ බඳින්ට යනවා නොවෙද. පනික්කි - ඔව්. එක් මම දන්නේ නෑ. සෙනෙවි - කවුද මනමාලි පනික්කි - මම දන්නේ නෑ. නෑ මහාරාජිනි. මන්ත්රිැ - ලාලසිංහගේ ඇඟිල්ලේ තිබෙව මුද්ද දැක්කාද? පනික්කි - ඔව් . නෑ සෙනෙවි - භය වෙන්ට එපා. ඇත්ත කියපන්. පනික්කි - නෑ. නෑ. ඔව් ඔව්. මන්ත්රිැ - දෙසැරයක් නෑ නෑ. දෙසැරයක් ඔව් ඔව්. ඉතින් කොයි එක භාර ගන්ටද. පනික්කි - නෑ දෙකෙන් ඔව් දෙක අඩු කරලා ඉතුරු එක භාර ගන්ට හොඳා සෙනෙවි - එතකොට මොකවත් නෑ ‍නව. පනික්කි - මොකද නැත්තේ. බින්දුවක් නැද්ද මන්ත්රිග - බින්දුවෙන් මොකවත් නැති බව නව හඟවන්නේ පනික්කි - මොන ගණිතේ හැටියටද සෙනෙවි - කොයි ගණිතේ හැටියටත් එහෙමයි පනික්කි - එක ලඟට බින්දුව ලිව්වොත් බින්දුවේ වටිනාකමක් නැද්ද.


536 මහිලා නාටකය

ගයන්න ගාවාට බින්දුව ලිව්වොත් ඉන් අර්ථයක් ගෙණ දෙන්නේ නැද්ද. ග ජ ඩ ද බ යන අකුරුවලට බින්දු භාගය එකතු වුනාම එහි වටිනාකමක් නැද්ද. වැහි බින්දුවෙයි කීවාම බින්දුවෙන් මොකවත් නැති බවක් හැ‍ඟෙනවාද. සෙනෙවි - මූ අණ්ඩර දෙමළ කථා කරණවා. පණික්කි - ස්වාමිණිත අණ්ඩර ‍කියන්නේ තෙලිගු භාෂාව ය. දෙමළ කියන්නේ ද්රුවිඩයන්ගේ භාෂාවට. මම කථා කළේ. ඔය දෙකම නෙවෙයි. ඔන්න ලාලසිංහ එනවා.

(ලාලසිංහ පැමිණේ. පනික්කි නික්ම යයි)

සෙනෙවි - ලාලසිංහ මෙහෙ වරෙන්. ලාලසිංහ - ලාලසිංහ මෙහෙ වරෙන්! හරියට මෙයාලගේ වැඩකාරයෙකුට වගේ කථාව. ලාලසිංහ මෙහෙවරෙන්! මන්ත්රිෙ - (සෙනෙවිට අහකට කියයි) පේණවද මේකාගේ ආඩම්බර අත දිහා බලාපන්. සෙනෙවි - (මන්ත්රිෙට) ඔව් ආරංචිය බොරු නෑ.ර‍ාජනිගේ ම‍ුද්දත් ඇඟිල්ලේ තිබෙන්නා. මන්ත්රි - ඔය මුද්ද උඹට ‍කොයින්ද? ලාලසිංහ - ඒ ගැන මොකටද විස්තර. මට මුදු අඳින්ට බැරි ආඥාවක් රටේ ‍තිබෙනවාද සෙනෙවි - එහෙම අඥාවක් තිබෙනවාට ඇසුවා නොවෙයි. ඔය මුද්ද රාජිනිගේ අතේ පළඳින මුද්ද බව දැනිලයි ඔය ගැන ඇසුවේ. ලාලසිංහ - ඇයි එක වාගේ ම‍ුදු තිබෙන්ට බැරිද.


ජෝන් ද සිල්වා 537 මන්ත්රිස - ඔව්. උඹ බොහොම පෝසතෙක් හින්දා රාජනි අඳින මුදු වාගේ මුදු උඹටත් තිබෙන්ට බැරි නෑ. සෙනෙවි තව මොකද බලාගෙණ ඉනෙනෙ සෙනෙවි - කාලකන්නියා. අපේ රාජවංශය කිළුටු කරන්ට හිතට ගත්තෙහිද (මෙසේ කියා ලාලසිංහගේ බෙල්ලෙන් අල්ලා කඩුවෙන් කපා දමයි. ලාලසිංහ වැටි මැරෙයි) මන්ත්රි - ඔය මුද්ද ගලවාගෙණ විගස යමු. සෙනෙවි - ඔව්. මෙහි නැවති සිටිම සුදුසු නෑ. (මුද්ද ගලවාගෙණ නික්ම යයි) 2 අංකය

i ච්ත්ර  වස්ත්ර)ය

රජ මාලිගාව මහිලා, දාසි, චන්ද්රාවවති සහ තාරමති සිටිත්. මහිලා,ලාලසිංහගේ මරණය ගැන ශෝක වෙයි. මාඩි - දිප්චන්දි මහිලා - අය්යෝ මරාලා මා පෙම්බරා - දුක ‍ගෝරා මන්ත්රිග සෙනෙවි දෙදෙන කළෝ මේ ‍දෝෂා අය්යෝ මරලා &c රසඳුන විලසා - දුටු දන දෑසා රෑපය ලොවේ නැත ඒ වාගේ අය්යෝ මරාලා &c ම‍ෙ‍ග් හද දෙදරා සිදු දුක් ගෝරා රූබර ප්රි‍යේ වුනි විනාසේ අය්යෝ මරාලා &c


538 මහිලා නාටකය

දාසි - මහාරාජිනි, ආලය නිසා දුක පැමිණේ. ඔබවහන්සේගේ ආල නමැති ඊය වැදි තිබුන ලාලසිංහ නමැති ඉලක්කේ කම්මුතුයි. දැන් කුමට විලාව තියෙනවාද චන්ද්රායවති - දාසි. හිතේ දුක් නමැති කළු රෑපය ලෝකයාට පෙන්නන්ට පුළුවන් විලාප නමැති කන්නාඩියෙන්ය තාරමති - එසේ පෙන්නිමෙන් ප්රසයෝජනයක් නෑ. අනුන්ගේ පූර්වා කර්මන ගැන අපි දුක් වෙලා මක් කරමුද! (මන්ත්රි්, සෙනෙවි දෙදනා පැමිණෙත් මහිලා බිසවට හිස නමා වඳිත්) මහිලා - මාගේ අණසක පවතින මෙම රාජ්යණයේ විසු ලාලසිංහගේ ජිවිත හානි කළේ නුඹලා කාගේ බලයක් පිටද. මන්ත්රිා - මහාරාජනි. ඔබවහන්සේට පිට රජු විසින් කඩුව භාර දෙද්දි ඔබවහන්සේව ප්ර-වේසම් කර ගන්ට උන්වහන්සේ අපට කී සේක. කුල ගෝත්රටය නොසෑහෙන එම ලාලසිංහ ඔබවහන්සේ සමග විවාහ විමෙන් මෙම රාජධානියට පැමිණෙන අන්තරාව අපට පෙනි ගොස් ඔහුගේ ප්රාවණය හානි කළෙමු. එක් ඔබවහන්සේට විරුද්ධව කළ වැඩක් නොවේව. මහිලා - මගේන් අවසර අරන් මන්ද එය නොකළේ සෙනෙවි - මහරාජිනි. හොරාගෙ අම්මාගෙන් පේණ අහන්ට ගියාම ඇති සිද්ධිය මෙකක්ද මහිලා - ඒ කෙසේ වෙතත් මාගේ තත්වයට දිය යුතු ගෞරවය තොප නුදුන් බැවින් වහාම තොපේ රක්ෂාවලින් අහක් විය යුතුයි. මෙතැන් පටන් මගේ වාසලේ තොපට ඔය නිල දරන්ට ඉඩ නොදෙමි. ජිල්ලා - ලාවනි

මන්ත්රි් - ඒ ලාලසිංහ ඒ ලාලසිංහ දිවි හානි කලෙන් නෑ දෝෂ ඔබව හට විපක්ෂ වාර අපේ නෑ.

ජෝන් ද සිල්වා 539 පුණ්යදවන්ති ඇයි කෝප ‍නොමග යතොත් ඉන් බේරා ගැන්මා මට බාර කාරි දනිවා අහෝ නොවි සිත් කැලඹ් පපා විකාර මාරු කලාට මාරු කළාට රක්ෂාව අපේ කී සේම රජිනිය තැවුල් යෙදේය ඔබේ සිත් පස්සේ දෝෂ වෙයි බෝම එ පිය රජින්දා දීලා ගම්බිම් ඇත් බෝම රක්ෂා වුනෑකි නිලේ නැතත් දැන් දන්වා බිසෝ මෙ කාරි.

චන්ද්රවවති - මහාරාජිනි. මෙම දෙදෙනාගේ විස්තර දැක්විමෙන් කෝපය තව දියුණු වන්නේය කමාජ් - චල්ති මහිලා - මගේ අණසක කඩ කර කුරිරු පවිටු වැඩ කර මෙම රට කිළුටු කරපු චී චී තකතිරු මෙ තොප දෙදෙන දැන් කඩු දෙක විගසට දෙනු මට මෙහාට - මගේ අණසක අද සිට මගේ රට ගෑනු නිලධාරි කර පත් කර මෙම රට පාලනය දෙමි. නීච පාප කළ තොප දැන්ම වාසලින් පිට වී රාජද්රෝ හි වැඉ නොකරම් ක්රෑ ර මන්ත්රි සෙනෙව් - ඔබහට පසුහබට වෙන්ට සිදු වේය දනු ඉල්ලුව කඩු දෙක ඔන්න ගණු මැන. නීච රාගයෙන් වැසුණාය මන් නුවන් නිමල ඒකේ දෝෂ ඔබහට දැනේවි කුමාරි.

(දෙදෙනා කඩු දෙක බිම දා නික්ම යති.)

මහිලා - චන්ද්ර වති. නුඹ මන්ත්රිෙ ධුරයටද තාරමතී සෙනෙවි ධුරයටද මම පත් කරමි. මෙවක් පටන් ‍මගේ රාජ්යියෙහි කිසි පිරිමියෙකුට මගේ වාසලේ නිලයක් නොදෙමි. මගේ රාජධානිය ස්ත්රිට රාජ්යරය යන නමින් අද සිට ප්රිකට වේ. 540 මහිලා නාටකය චන්ද්රමවති තාරමති - ඔබවහන්සේගේ අණප්ර කාර මෙ කිවු නිල අපි ලබා රට පාලනයට සුදුසු කටයුතු කරන්නෙමු.

(දෙන්නා කඩු දෙක පැලඳ ගණිති. සියලු දෙනාම නික්ම යති.)

ii විත්රු වස්ත්රිය කැල‍ෑවක්

(මචන්ද්ර්නාත්, ගෝරකනාත්, කානිජ, ජාලන්දර, රාමධර, දේවගර නමැති යෝගිහු ගමන් කරත්.) අමිර්කල්යාහන් - දාදරා

සියලුදෙනා - නමව් නමව් සුරේන්ද්රර දම් රකිව් නොවි පමා බිරම් බිරම් බිරම් බවේහි දුක් බොහෝ තමා මාර මාර මාරයාගේ බලය නෑ නිමා පේවි ධර්මෙ රැක්ම සෑහෙ පව් හැරා දමා. කොයි කලේ ගෝර මාර එයිද ‍නොතේරි ලෝකේ අල්ප බුද්ධියේ වෙසේ ලෝක සත්වයා දුක් බවේ සාර වෙන්නේ ධර්මත නොදන්න හින්දා මෝඩයන්ට නෑ හැඟි මේක ලෝ කුසා.

(ව්යාංෑගනාත් මෙසෝ කියමින් පැමිණේ)

ව්යංවගනාත් - අල්ලා මා කොණ්ඩෙන් සාමි මරුවා දැන් ඉන්නා පේවි ඊට බිතෙන් මම් - ඉන්නෙම් දෙව් වැඳ පුදා නමව් නමව් සුරේන්දරම් දම් රකිව් නොවි පමා.

මචන්ද්රවනාත් - ශිෂ්ය ‍ගෝරකනාත්. මේ ස්ථානයෙහි බොහෝ කල් මම සිටියෙමි. වෙන ස්ථානයකට ගොස් පදිංචි වෙන්ට මට කල්පනා වී තිබේ. ‍ගෝරකනාත් - ගුරු කොහෙ යන්ටද කල්පනාව. මෙපමණ විවේක ඇති ස්ථානයක් වෙන ඇතැයි නොසිතමි. ජෝන් ද සිල්වා 541 මචන්ද්රසනාත් - මේ වාගේ ස්ථානයක් මට නොලැබුණොත් නගර සමිපයේ වත්තක් සොයා බලා සමාධියට වඳිමි. ගෝරකනාත් - ගුරු. මට විසඳගන්ට ප්ර ශ්නයක් තිබේ. ඒ අසනු මැනවි. මචන්ද්ර්නාත් - මොකද ඒ ප්රඳශ්නය බිහාග් - ඛ්යා-ල් ගෝරකනාත් - කැලෑවේ වාසය කරණ යෝගි ‍නොසෑහේ වාසේ ගම් අස්සේ ගෑනු වාස වෙනා ඒ ගම් මැද්දේ කරණට බැරි වේ ධ්යාමනේ. එයින් බිඳි යයි තමාගේ ඍද්ධි ඉන් දොස් බොහෝය ස්වාමි ‍නොසෑහේ වාසේ ගම් අස්සේ. ධ්යානන යාය කැඩි මාගේ ස්වාමි සැප ඇති බොජුනා කෑමෙන් එයින් ශරිරේ මහත් වි රාගේ නිත්තෙන් ‍හ‍ිතේ රැ‍‍ඳේවි කාමිනි කනකාදි මේ වස්තු දමනය කරති ලොක්කන් ඒක නිසා දැන් මෙ වාසේ නෑරා උන්නොත් රැකේය ඍද්ධි.

චන්ද්ර්නාත් - ශිෂ්යෑ. නුඹේ ප්රයශ්නය ගම්භිර එකකි. යෝගි ජනයා සංසාරයේ හැ‍සිරෙන්ට ගියෝත් ඔහුට කුමක් වේද යනු නුඹේ ප්රහශ්නයයි. මේක ‍එසේ මෙසේ ප්රනශ්නයක් නොවෙයි. මීට උත්තර දොළොස් අවුරුද්දකට පස්සේ දෙන්නෙමි. (නමස්කාර කරති ගෝරකනාත් - ස්වාමිනි. මට ඔබවහන්සේ කවදා සම්භ‍වේද. මචන්ද්ර්නාත් - ඒක කියන්ට බෑ. දෙයියන්ගේ අභිප්රාඒවයි.

542 මහිලා නාටකය ව්යංයගනාත් - ගුරුතුමනි. ම‍ා එක්ක යන්නේ නැද්ද මචන්ද්ර නාත් - නුඹ යෝගභ්රහෂ්ටයෙකි. මා සමග යන්ට නුඹ සුදුස්සෙක් නොවේ. ව්යංචගනාත් - නුඹවහන්සේ කරණ සියලුම යෝග ක්රි යා මමද කරන්නෙමි.මගේ නරක ගති සියල්ලක්ම අත් අරින්නෙමි. මචන්ද්රමනාත් - එහෙනම් වරෙන් (නික්ම යති.) (මහිලා නාටකයේ ඉතිරි කොටස අස්ථානගත යි)