ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-04-නාගානන්ද නාටකය (1919)

නාගානන්ද. නාටකය

( ක්‍රි.ව. 1919)


ශ්‍රී හර්ශාදෙව රජු විසන් විරචිත නාගානන්ද නාටකය නිතිඥ ජෝන් ද සිල්වා මහතුන් විසින් සිංහල නාට්යෝ මණ්ඩපයට සුදුසු පරිද්දෙන් සිංහලට නගන ලදි.


NAGANANDA A Drama by King Sri Harsha Deva Translated into Sinhalese AND ADAPTED TO THE SINHALESE STAGE By John De Silva Proctor S.G.


මෙම නාටකයේ රැගුම් 1‍ ‍ෙවනි වරට පබ්ලික්හෝල් නම් ශාලාවේදි වර්ෂ 1920 දෙසැම්බර් මස 21 වෙනි දින රාත්රි 9ට ශ්රි ලංකාද්වි‍පයේ මහාලේකම් තැන්පත් ගරු කටයුතු ශ්රිලමත් සර් ග්රිේම් තොම්සන් මන්ත්රිුතුමාණන් වහන්සේගේ විශිෂ්ටාධාරය පිට උන්නාන්සේගේ හමුවේදි ආනන්ද විදයාමන්දිරයේ සංගිත නාට්ය්සභාව විසින් දක්වන ලදි.


This play was staged for first time On the 21st of December 1920, at 9 p.m. At the PUBLIC HALL. Under the distringuished Patronage and in the presence of The Hon: SRI GRAEME THOMSON,K.C.B. Colonial Secretary of Ceylon’


ශ්රිn හර්ශoදෙව රජු විනිස් විරචිත මෙම නාගානන්ද නාටකය සිංහල නාට්යට මණ්ඩපයට සුදුසු පරිදිදෙන් සිංහලට පෙරළා බෞද්ධ මහා විද්යා‍මන්දිරයවු, ආනන්ද විද්යාදමන්දිරයට මවිසින් ඔප්පුකරන ලදි

ජෝන් ද සිල්වා (පෙරකදෝරු තැන.)


To ANANDA COLLEGE This translation of Sri Harsha Deva’s NAGANANDA ADAPTED TO The Sinhalese Stage is respectfully dedicated by The translator John De Silva” (Proctor)


වර්ෂ 1919 දෙසැම්බර් මස 4 වෙනි දින කොළඹ “මැන්දර්ජ් ඇවනිවු” විථියේ සිහිටි සිරිගහමැදුරේ දීය.


ප්ර්ස්ථාවනා.


නාට්යදකලා සිව්සැට කලාවන්ගෙන් එකකි. අනික් සියලුම කලාවන් මෙන් නාට්ය්කලාද ලෝකයාට ප්රායෝජන වන්නේය.ඒ ප්රකයෝජනවත් නාට්යනකලා මෝඩයන්ගේ අතට ගියාම ඉන් ලැබෙන ප්රනයෝජනයට වඩා අප්රයයෝජන වෙනවාට සැක නැත මෙම නාටකවල නැටුම් පෙන්වන අය මේ වර්තයමාන කාලයේ පුරුදු දුශ්චරිත වලින් මිදි යහපත් චරිතයක් ඇති කරගෙණ නැටුම් පෙන්වනවා නම් ඉන් ප්රකයෝජන රාශියක් තමන්ටත් ලෝකයාටත් ලැබෙනවාට අනුමාන නැත. එබැවින් කාශ්මිර දේශෙ රජකම් කල ශ්රි හර්ශරදෙව නම් මහරජුන් විසින් සංස්කෘත භාෂාවෙන් ලියා දැනට ඉංග්රි්සි භාෂාවට නැගි තිබෙන මෙම නාගාන්ද නාටකය අපේ සිංහල දරුවන්ගේ ප්‍දැයෝජනය පිණිස සිංහල නාට්යා මණ්ඩපයට යෝග්යේවන ප්ර කාර මවිසින් සිංහලට නගා අපේ ලංකාවේ බෞද්ධාගමේ ශ්රේ ෂ්ට පංක්තියේ විද්යාට මන්දිරයක් වු ආනන්ද මහා විද්යාා මන්දිරයට ඔප්පු කරන ලදි. එහි ඉංග්රිකසි භාෂාව ඉගෙණ ගන්නා ශිෂ්ය යන් විසින් මෙම නාටකය තමන්ගේ ජම්ම භාෂාවෙන් පුරුදුවි පළමුවෙනි වරට මහජනයා ඉදිරියේදි නැටුම් දක්වනවා ඇත. අපේ ඉංග්රිමසි උගත් තරුණයෝ මෙම උතුම් ශාස්ත්රතයෙන් ලොවට කළහැකි යහපත් වැඩ කල්පනා නොකොට මෝඩයන් ලවා නැටුම් දක්වන්ට ඉඩහැර තිබෙන කරුණෙන් පෙනියන්නේ සිංහල භාෂාව මතක් කරණකොට මොව‍ුන්ට හිරිගිතයක් උපදින බවයි. මෙම හිරිගිතය මොවුනට පහළවි ‍තිබෙන්නේ සිංහල භාෂාව, ව්යා.කරණ, අලංකාර, පුරාණ සිංහල චරිත, කෑම් බීම්. ඉඳුම් හිට‍ුම්, ඇඳුම් පැළඳුම්, මේ කිසිවක් මේ කාලේ නොදන්නා බැවිනි. එබැවින් මෙබඳු නාටක දැක්විමෙන් ඒ මෝඩ හිරිගිතිය දුරුවි තමන්ගේ භාෂාවටද සියරටටද ස්වකිය ශිල්ප ශාස්ත්රැවලටද ස්වකිය ජාතියටද ආදරයක් උපදිනවාට සැක කොයින්ද? මමත්ව‍ෙය්න මත්වි කාම සැම අනුව තම ජිවිතය ගතකරණ අ‍පේ තරුණයන්ට මෙම නාටකයේ පෙණෙන ජිමුතවාහන නම් විද්යාඅධරකුමාරයාගේ චරිතය ආදර්ශමයක් වශයෙන් ගැනිම කොපමණ යහපත්ද? එලෙස කරන්ට බැරිවුනත් මෙම ආත්මයෙන් ගන්නා ඵල පරෝපකාරිව ජිවිතය ගතකිරිම බව සිතට ගතයුතුයි.

වෘහත් කථා නමැති සංස්කෘත කථාන්තර පොතෙන් සොමදෙව ‍නම් බ්රා්හ්මණ. පඞිතුමා විසින් ජිමුතවාහන නම් විදයාධරකුමරුගේ කථාන්තරය ශතවර්ෂෘ 10 දී හෝ 11 දී උපුටා අරන් කථාසරිත්සාගර නමැති කාව්යතයෙහි අන්තර්ගත කරණලදි.


මෙම කවිපොත මෑතදී තාරානාථ නමැති බ්රාාහ්මණ පඩිතුමා විසින් ගද්යක කර ලියන ලදි. නාගානන්ද යනු නාග ලෝකෙට ප්රීනතිය යන අර්ථ දක්වන නාමයකි. ජිමුතවාහන යනු මයුර හෙවත් මොණරවාහනය යන අර්ථ ඇති නාමයකි. මෙම නාගානන්ද නාටකය රත්නාවලි නමැති මධුර නාටකය ප්රයබන්ධ කල කාශ්මිර ‍දේශයේ හත්වෙන් ශතවර්ෂුයේදි පමණ රජකම් කළ ශ්රි් හර්ශකදෙව නම් රජු විසින් ගොතන ලදැයි ශ්රින නිවාස ගොවින්ද භහානාප පඩිතුමාගේ කල්පනාවයි. වර්ෂ 1892 දී පමණ මෙම පඞිතුමා ශ්රිත හර්ශනදෙව රජුගේ සංස්කෘත නාගානන්ද නාටකය බෝම්බායේදි අච්චුගසා ප්රගසිඞකෙළේය. එම පොත ගරු කටයුතු බි. හේලවර්ත්හැම් මහතා විසින් ඉංග්රිසසියට නගා ප්රකසිද්ධකර තිබේ.

මෙම නාටකයේ ප්රසධන අර්ථය නම් බුද්ධාගමත් හින්දු ආගමත් යන ආගම් දෙක ගැන කරුණු අන්තර්ගත කර තැබිමයි. එක පැත්තකින් බුද්ධධර්මය පිලිබඳ කරුණු පෙණි යන අතරම අනික් අතින් හින්දු ආගමේ කරුණු පෙනීයයි. දඹදිව බුද්ධාගම පැතිරි ගොස් හින්දු ආගම යට යන කාලෙදි මෙම ග්රෙන්ථය කර තිබෛන්නේ හින්දු ආගම් යලිත් මතුකර ගැනිමට බව හැඟියයි. ජිමුතවාහන බුද්ධාගමකාරයෙක්. ඔහුගේ චරිතය බෝධිසත්ව චරිතයක් මෙන් පෙණෙන කළ ඔහුගේ සොඳුර වු මලයවති ගෞරි නම් දේව්දු යදිමින් ඊශ්වරාගමේ සිරිත් විරිත් අනුව ගිය බව පැහැදිලිව පෙණේ.

මෙම නාගානන්ද නාටකයේ කථා ශරිරය ලුහුඞින් දක්වමි.ජිමුතකේතු නම් විද්යා්ධර රජුට ඉතා කිකරුවු කුමාරයෙක් ජිමුතවාහන නමින් සිටිසේක. මේ කුමාරයා පොඩි දා පටන් කාම සැපට පිළිකුල් කර ‍ලෝකෝත්තර අතට තමාගේ ජිවිතය හරවාගත් දෙමව්පියන්ට ඉතා කිකරුවු පූජනිය කෙනෙකි. මොහුගේ සමාගමේ වැඩුනු ආත්රෙ ය නම් බ්රාිහ්මණයා කාමසැප අනුභව කෙරිමට මෙම කුමාරයාගේ හිත හරවන්ට නොයෙක් උපා යොදමින් සිටින කල මලබාර් ප්‍රදේශයේ පිහිටා තිබෙන් මලයකඳු වැටියට ‍ගොස් තපස් භාවානා කරන්ට පියරජ මෙම කුමරයාට විධාන කෙළේය. මෙම මලය කඳුවැටියේ බො‍හෝකර වැඩෙන්නේ සඳුන් ගස්ය.

සඳුන්ගසට සිංහලෙන් මලදා කායා නමක් ඇත. මලයජ වෘක්ෂය යන්නෙන් හැ‍ඟෙන්නේ ලය පවර්ත යේ උපන් වෘක්ෂයයි. එනම් වන්දන වෘකිෂයයි. හෙවත් සඳුන් ගසයි. මෙසේ මලය පර්වසතයට ගොස් තපස් ජිවිතයෙන් ජිමුතවාහන කුමාරයා ආත්රෙමය සමග සිටින කල සිද්ධයන්ගේ කුමාරියෙක්වු මලයවති චතුරිකා නම් දාසියක් සමග විණාව අතින් රැගෙණ ඊශ්වරයා‍ෙග් දේවිවු ගෞරි නම් දෙව්දු නමින් සාදා තිබුනු කෝවිලට පැමිණ ගෞරිට යාඤ්චාවක් කර ඈට සුදුසු පුරුෂයෙක් ලබා දෙන්ට අයැද සිටියාය. ගෞරි දේවතා තොමෝ මලයවතිට හීනෙන් යාච්ඤාව ඉෂ්ට කරන බව දන්වා ලැබෙන්ට යන පුරුෂයාද හීනෙන් පෙන්නුවාය. ගෞරිද ජිමුතවාහනට විවාහ කරගැන්මට සුදුසුවන ප්රහකාර හීනෙන් මලයවතිව ඕහට පෙන්නා දෙදෙනාගේ හිත් එකිනෙකා කෙරේ පොළඹවා දැමු‍සේක. මෙසේ දෙදෙනාගේ සිත් ප්රේරමයෙන් බරිතව සිටින කල දෙදෙනාම මුණ ගැසි හින්දු චාරිත්රේය අනුව ගන්ධර්ව විවාහයක් සිදුවිය. දිනක් ජිමුතවාහන තමාගේ මනමාළි තම දෙමව්පියන් සමග විසිමට පත්කර මලයවතිගේ සහෝදර මිත්රළවසු කුමාරයාත් සමග මුදු වෙරළට පැමිණියෙ. වෙරළේ ගල් පර්වසත උඩට නැගිලා ඈතින් පෙණෙන සුදුපාට පර්වෙත දැක ඒ කුමක්දැයි සෝදිසි කරගෙණ යනුයේ නාගලෝකේ නිවාසි නාගයන්ගේ ඇටගොඩවල් බැව් මිත්ර වසු කුමරුගෙන් දැනගත්තේය. පක්ෂි්යන්ගේ රජවු ගරුඞ නාග භවනේ සිටි නාගයන් ලක්ෂත ගණන් කා ඔවුන්ගේ ඇට මෙසේ ගොඩගැසි තිබෙනවා දුටු ඔහුගේ සිත කම්පාවිය. නාග රජද මේක නවත්වාගන්ට බැරුව දවසකට එක නාගයෙක් බැගින් බිලිගන්ටෙයි කියා ගරුඞ රාජාගෙන් ඉල්ලුකල ඔහුද ඊට කැමතිවි දවසකට එක බිල්ල බැගින් දෙන්ට නාග රජුට අණ කෙලේය. මෙසේ ශංඛවුඩා නම් නාගකුමාරයා ගරුඞ පක්ෂි රාජාට බිලිවෙන්ට දින පැමිණකල ඔහුගේ මහලු මාතා දුකින් වැලපි වැලපි ශංඛවුඩාත් සමග ජිමුතවාහන කුමාරයා සිටි සමිපයෙන් ගමන් කළවිට ජිමුතවාහන ඒ තොරතුරු අසා රතු ඇඳුමෙන් සැරසි ගරුඞ පක්ෂි රාජයා සිරිත් ප්රහකාර බිල්ලගන්න පර්ව තයට නැග්ගේය. ගරුඞාද නාගයෙක් යය් සිතා මේ විද්යාරධරකුමාරයා ඩැහැගෙණ මලය පර්ව‍තයට ගොස් ඔහුගේ මස් ඉරා ලේ බොන කොට ජිමුතවාහන සිරසේ පැළඳ සිටිය මැණික තම දෙමව්පියන්ගේ පාමුල වැටුනේය. දෙමව්පියෝ එය ඇහිඳගෙණ තම කුමාරයාට ගරුඞරාජයාගෙන් අන්තරා සිදුවු බව දැනගෙණ ගින්නට පැණ තමන්ගේ ජිවිත විනාශ කරගන්ට මත්තෙන් ගරුඩ පක්ෂිඑයා කුමරුන් ඩැහැගෙණ යද්දි වැටි තිබෙන ලේ පාර බලාගෙණ ගොස් මලයපර්වත මුදුනේදි ජිමුතවාහන සහ ගරුඞ පක්ෂියාත් දැක ජිමුතවාහනගේ ප්රාදණය යන්ට මත්තෙන් ඔහු සමඟ කථාකළෝය. ජිමුතවාහනද දෙමව්පියන්ට කථාකර තමාගේ ප්රාඞණය ඉකුත්වන්ට මත්තෙන් ගරුඞ පක්ෂි රාජයාට මෛත්රිගය දේශනාකර ඔහුගේ හිත කම්පා කරවා එතැන් පටන් නාගයින් කකා සිටි ගරුඬ පක්ෂිගයා සත්ව කරුණාවෙන් ක්රිහයා කරන්ට පටන්ගන්වා නාගලෝකයට ආනන්ද හෙවත් ප්රිෂතිය ගෙණ දුන්නේය. මේ ජිමුතවාහනගේ මගින් නාගලෝකේ නිවාසි නාගයන් ගැලවුන බැවින් ඔහුට මේ නාටකයේදි නාගානන්ද කියා නම වැටි තිබේ. ගෞරි නම් දෙව්දු ජිමුතවාහනගේද මැරුණාවු සියලුම නාගයන්ගේද පණ උපදවා තම තමන්ගේ නිවාසවලට යන්ට සැලැස්සුවාය.මේ නාටකේ කථා ශරීරය ලුහුඩින් මෙසේ දැක්වු නමුත් වැඩි විස්තර නාටකය කියවා බලා දතයුතුයි. මින් ‍ලොවට යහපත්ක් ‍වේවා!


පෝන් ද සිල්වා

පෙරකදෝරු තැන

වර්ෂ 1919 දෙසැම්බර් මස 4 දින

කොළඹ මැන්දර්ජ් ඇවනිවු

විථියේ පිහිටි සිරිගහ මැදුරේදිය.




නාට්යදකරුවෝ.


ජිමුතවාහන : විද්යා ධර කුමාරයෙක්, ජිමුතකේතු : ඔහු‍ෙ‍ග් පියා, මිත්රසවාසු: විශ්වාවසු නම් සිද්ධ රජුගේ පුත්රකයා, ශංඛවුඩා : නාගකුමාරයෙක් ගරුඞ : පක්ෂිි රාජා, ආත්රෙජය : ජිමුතවාහනගේ මිත්රි බ්රාුහ්මණයා, සෙඛරක: බේබබද්දෙක්, ගෞරි : ඊශ්වරයාගේ භාය්යාජිමුව, මලයවති : විශ්වාවසුගේ දූ, චතුරිකා : මලයවතිගේ දාසියෙක්, නව මල්ලිකා : සෙඛරකගේ භාය්ය්මු ව, ජිමුතකේතු‍ගේ බිසෝ, මහළු නාගාංගනා, සයන්ගෘහපති, දාසියෝ. පනිවිඩකාරයෝ, තාපසයෙක්. දාසයෝ, නාග කුමරුන්. වාලෙක් යනුයි.

නාගානන්ද,

නමේතස්ස භගවතො අරහතො

සම්මා සම්බුද්ධස්ස.

පුවත.

(සියලු නැට්ටුවෝම කියති.)

කල්යාින් - හිංචි.

සන්තොස වි භක්තියෙන් ධර්මේශ්වරා ධර්මො සංඝ නම් රත්ත හිස් නමා වන්දනා කෙරිම ඉතින් වේ අපෙන් සර්වනදෝෂ ඉන් භංගවේ නිතින් සාධුනී, රංගශාලා තුළ පාන නාටකේ නාගානන්ද බැව් තේරි යය්. කාශ්මිර දේසේ හර්ශිදෙව නම් රාජ බැන්දා ඒ සංස්කෘතෙන් තුම් ඒ රැගෙනා සිංහලෙන් පාමු මේ රෑ කාලේ ආනන්ද වෙන්නා සිත්. සාසනේ පාලනා දෙව් මෙහි දෝෂ සින්දලා නාට්ය කර්තෘහ හා නැට්ටුවන් රක්ෂා කරත්වා සෙත් සදා සියල්ලන්ට වේවා බෝ මංගලම් දැන්

458

     නාගානන්ර්්ටල නාටකය


රම්ය අපේ සිංහලෙන් සෑදු කතා දීපේ වේ දිප්ති සංකා නැත්. හෝ සාධුනි රංග ශාලා තුළ පාන නාටකේ නාගානන්ද බැව්‍ තේරියාය් &c.


1 අංකය

i ජවනාකා - වන මාර්ගේයක්

ජීමුතවාහන සහ ආත්රේය සිටිත්.

ජිමුත - තරුණ වයස කාමසැප විඳිමට නිසි ‍කාලේ තමා. හොඳ‍ නොහොඳ නොතේරෙණ වයසයි. ඒ ක‍ාලේ නින්දිතයි. මේ නින්දිත කාලේදි දෙමව්පියන්ගේ අණ පරිදි මට ක්රි යා කරන්ට ලැබුනොත් ඉන් ප්ර්යෝජන ලැබෙනවා ඇත. ආත්රෙ ය - (කිපෙමින්) ඔබවහන්සේ කලකිරි සිටිම පුදුමයක් නොවේ. මළවුන් හා සමාන මහල්ලන් දෙන්නෙකුට ජිවිතය කැපකරගෙණ ඉඳිමෙන් ඇති සිද්ධිය කුමක්ද? මේ රාජධුරයට අයත් සියලුම සැප විඳිනුමැනව. ඔන්න මගේ දැනමුතුකම. ජිමුත - මිත්රලය! නුඹේ කිම් හරිනෑ. පියාගේ අණප්ර්කාර ක්රිනයා කෙරිමේ තිබෙන තේජස රජෙකුලේ සිංහ‍හාසනයේ කොයින්ද? රාජධුරයෙන් ලැබෙන සැප දෙමව්පියන්ගේ අණ පිළිපැදිමෙන් ලැබෙව සැපට ප්ර මාණ නොවන්නේය. සියලුම රාජධුර සැප තරාදියේ එක තට්ටුවකට දමා අනිත් තට්ටුවට දෙමව්පියන්ට කීකරුවිමෙන් ලැබෙව සැප දමා කිරණකල ර‍ාජධුර සැප දැමු තට්ටුව තරාදි පොල්ලේ ගැසෙයි. අනිත් තට්ටුව පොළොවේ වඳි. අහෝ! මිත්රිය, නුඹ කියන සැප කොහෙද තිබෙන්නේ? ආත්රෙිය - (අහකට) පියාට කීකරුවීම මොන විකාරයක්ද. බොල මේ! (කල්පනාකරමින්) හොඳයි, කමක් නෑ. රාජධුරයේ

ජොන් ද සිල්වා							     				    459

සැප පමණක් විඳ විඳ ඉන්ට නොවෙයි මා කිවේ. ඉන් පිට එකක් නෑ. වැසියෝ සදාචාරෙහි ගමන් කරති. යහපත් ජනෝ වාසනා වෙති. මා වෙනුවට රජකම් කරන්නෙක් සිටි. මාගේ නෑයෝ මා හා සමානව සිටිති. කල්ප වෘක්ෂායෙන් දුප්පතාගේ අග හිඟ පිරිමැසේ. ඉතින්, මොනවද ඉතුරුවී තිබෙන සැප? තවත් මවිසින් කටයුතු කුමක්ද? ආත්රෙදය - හොඳයි, හොඳයි, මාතංග හතුරා බව දැනගන්න, රාජධානිය දැන් හොඳට තිබෙතත් ඔහුට ඉඩ ලැබුනු වහාම තට්ටුකරණ බව දැනගන්න. ජිමුත - ඇයි, ඇයි, එහෙම කරන්ට හිතලාද? ආත්රෙකය - ඔව්, ඔව්. ජිමුත - ඔහු තට්ටුකළාම ඇති වැරැද්ද මොකද? මට අයිති සියල්ලක්ම අනේ! මේ පඤ්චස්කන්ධය පවා අනුන්ගේ ප්රලයේජනටය පවතින බන දැනගණින්. මගේ පියාගේ දැනමුතුකම් මට හරස් නොවෙනවානම් මා සතු සියල්ලක්ම මාතංගට දනේනෙමි. ඉතින් මොකටද මිත්රිය ඔය නුඹේ පලක් නැති දැනමුතුකම්? පියා නිමය කළ‍දේ යෝග්යඹ වෙයි. මෙහි නොසිට මලය කඳු කරා ගොස් තපසාරාමයක් සොයාගෙණ කල් අරිමු. පියා මට එසේ අවවාද කළේය. ඉතින් කන්දට යමු.

බූප්කල්යායන් - දාදරා

ආත්රෙලය - වන්දනෙන් මිශ්රු වන් එයි හුළං ගස් කොලන් සොල්ල මින් නුවන් වෙයි නදන් ගිම් මගින්ගේ නිවෙයි ශිතලයි මේ හුළං හෙල් ගෙවා එයි ගසා දැන් සොඳින් මී මැස්සෝ, රොන්ගන්නෝ, ගුම් ගුම්ගා, මල් අස්සේ

460 නාගානන්ද් නාටකය

ලක්ෂැණයි, සිත් ‍පිනෙයි, නිල් ගුවන් දැන් පෙනෙයි කන්ද ඔස්සේ පෙනේ බුවිපාල් ජිමුත - ප්රිබති සාරා වෙයි මාසිත් - වාසේ වෙන්ට මෙහි සෑහෙයි ඉන්ටා භූමි මේ ලෙස් නැත් - පිනි මන්. ආත්රෙ ය - ලක්ෂනණයි, සිත් පිනෙයි, නිල් ගුවන් දැන් පෙනෙයි, කන්ද ඔස්සෙ පෙනේ බුවිපාල්

ජිමුත - මෙහි පවතින ලක්ෂ‍ණ විස්තර දිටුවාම මාගේ සිත ලෞකික අතට පෙරළි යනවා. අපට පදිංචියට තැනක් සොයමු. ආත්රෙ ය - ඔබවහන්සේගේ කැමැත්තක් (නික්මයමින්) ජිමුත - මගේ දකුණැස නටයි. ඉන් තේරෙන්නේ කුමක්දෝ! මගේ ඉෂ්ටනූන ආශා නොමැත. නුමුත් ප්ර්ඥාවන්තයන්‍ මේ නිමිත්ත ගැන කියා තිබේ. ඔවුන්ගේ වචන බොරු වෙන්ට පුළුවන්ද? මේ නිමිත්වතෙන් හැ‍ඟෙන්නේ මොකක්ද? ආත්රෙදය - ඔබවහන්සේගේ හිත අලවන වස්තුවක් සම්භවෙන බවයි. ජිමුත - (කල්පනා කරමින්) ඒක එහෙම තමා. ආත්රෙදය - ස්වාමිනි බලන්න, බලන්න! ඇත්තටම මෙතන තාපස අරඹයක්ය, ගස්වලින් වැටෙන තද සෙවනැල්ලෙන්ද කිසි අනතුරක් කල්පනා නොකර සිව්පාවුන් මෙහි ලැගිමෙන්ද පූජාවලින් සුවඳ දුම් අහසට නැගීමෙන්ද එය පෙනීයයි. ජිමුත - ඔව්, නුඹ කීවා හරි, මේක ශුද්ධ අරඹයක්ය. වස්ත්රස වෙනුවට අඳින්ට පතුරු උගුල්ලාගත් ගස් ඔය තිබෙන්නේ. නමුත් ගස්වලට අනුකම්පාවෙන් වඩා පළලට පතුරු උගුල්ලාගෙන නැත. අන්න ගිරවෙන් ශුද්ධ ලියවිල්ලෙන් ගාථාවක් කියනවා. ඌ ඒක කටපාඩම් කරගෙන තමා. ඇතුල්වී බලමු. අහෝ විවේක මණ්ඩලය, ඇත්තටම මේක.

ජොන් ද සිල්වා 461

ආරාමයකි. ශුද්ධවරයන්ගේ දූවරු මෙහි ගස් පෝෂ්යේ කරති. තාපසයන්ගේ ගෝලයෝ පූජාවලට වරින්වර දර කපති. තාපසයෝ ශුද්ධ කථාවස්තුවල අභිරහස් තෝරා දෙති. පලබරින් නැමුනාවු ගස් පවා අපට ගෞරවයක් වශයෙන් ඒවායේ මල් අපේ ඇඟට ඉසින්නාසේ හැගියයි. අහෝ! මේ අරඹය අපේ වාසස්ථානය වේවා මෙහි නැවති විඩා හරිමු. (ගීත වයනු ගයනු ඇසේ) මේ මොකද? ආත්රෙහය - ඇස් පියාගෙන කන් ඔසවා මුවෝ පවා ඒ සින්දුව අසා සිටිති. උන්ගේ කටින් භාගයක් තරම විකාපු තණ කොළ පිටට වැටෙති. ජිමුත - මුවෝ මධුර සින්දුවේ ශබ්ද උනන්දුවි හිතේ තමා ගැණිමට මෙන් කන්දී සිටත්. හෘංගනාදේ මෙන් මිහිරි හඞක් වයන භාණ්ඩයේ ලනුවලින් පිටත්වෙයි. ආත්රෙයය - මේ ශුද්ධ අරඹේ ගි කියන්නේ කව්ද? ජිමුත - මේ නාදයේ මධුරතාවය කෙතරම්ද කීවොත් දිව්යාං ගනාවන් ගයන වයන සින්දුයයි ඇඟියයි. ආත්රොය - ඉතින් ස්වාමින් ඇතුළට යමු. ජිමුත - හොඳයි. මාගේ මිත්ර ය, නුඹේ දැනමුතුකම් කදිමයි.ටිකක් හිටපන්. මේ ශුද්ධවාසය බලන්ට බාගවේලාවට අපි සුදුස්සෝ නොවම්හ. අර ගහට මුවාවෙල් බලා සිටිමු. ii ජවනිකා - තාපසාරාමය ගෞරි දේව්දුවගේ කෝවිල (මලයවති චතුරිකා සහ තවත් දාසියේ සයදෙනෙක් දුම්භාජන, වීණා අරන් පැමිණෙත්, මලයවති වීණාව වයමින් සින්දු කියයි.)

ජිල්ලා - ගසල් රමණිය කෝවිලේ, බැතිනා මේ කරම්, පූජා සොඳින් ශ්රිය ගෞරි දේව් දූ නමා. 462 නාගානන්ද. නාටකය

		සරණේ ඔබගේ, නමාමි මෙලෝ පැතිරේ යසා

මා‍ කෙරේ වේවා පෙමා

ප්රිසය චතුරිකා, ඔය දුම්භාජනය මෙහාට අරන් ඇවිත් දුම් දමා ගෞරි දෙව්දුවට ස්තෝත්ර කියමින් නටව්. මාඩි - හිංචි දාසියෝ - ඊශ්වරා‍ගේ දේවි ශ්රිව ගෞරි ස්වාමිදුගේ දුකා ‍- සින්දලාය දැන්ම නැත සංකා කිසි ඊට - නිවසාය කෝවිලේ රම්යස දේවි ආනන්ද ශ්රිැ ගෞරි (සාකි) යදින මෑගෙ, දුක් සන්සිඳදමා, උතුම් පුරුසෙක් ස්නේහවෙන්ට, දෙනු දෙව්දුවේ, ඊට නෑ වරදක් නටව් අත්දෙක හිස් මත පාමින් ස්නේහ පාවි - මෙ ශ්රිව ගෞරි වෙයි වෙයි වෙයි වෙයි ඈට සෙත්. නට නට පවසමු ගෞරිගේ රාංගේ අප මැතිනිගෙ දොස කර දෙය භංගේ ස්වාමිදූගේ දුකා - සින්දලාය දැන්ම නැත සංකා කිසි ඊට - නිවාසාය කෝවිලේ සිඳලාය සෝක දේවිගේ මෙ ගෞරි දෙව්දු සෙත දෙනවා, හොඳහැටි සිත් සේ, තුති ගොස්සේ, පාමු තොස්සේ ජයවේය ස්වාමිදුව මේ කදිම දේවතා පුරුසෙකු දෙනු නිසැකයි දෙනු නිසැකයි. දෙනු නිසැකයි ජයවේ ස්වාමිදුව මේ කදිම දේවතා ස්වාමිදූගේ දුකා සින්දලාය දැන්ම නැත සංකා කිසි ඊට - නිවසාය කෝවිලේ රම්යස දේව ආනන්ද ශ්රින ගෞරි.

(දාසියෝ නික්මයති) ජෝන් ද සිල්වා 463 (ජිමූතවාහන සහ ආත්රෙිය පැමිණ පැත්තකින් බලා ඉඳිත්.) බූපාලි - දුර්පත්ැ මලයවති - ගෞරි දෙව්දුවේ - පා වැඳ යදිමි යාඤ්ඤාව මාගේ ඉෂ්ටවෙන්ට උපුලටත් වැඩි රුසිරි ඇති ඔබ හිතේ තිබෙව අටිය දෙනු මැන කර කරුණා බෝ. ජිමුත - (ආත්රෙමයට) මාගේ ප්රේිමනිය මිත්රමය, හා! කෙතරම් රමණිය සින්දුවක්ද? එතරම් පැහැදිලියි. එතරම් මිහිරියි. ආත්‍රෙය - ස්වාමින්, මොකට හැංගි ඉන්නෙහිද? එච්චර මොකක්ද! ඕතොමෝ ස්ත්රිරයකි. අපි ඈට පෙනි හොඳට බලමු. ජිමුත - (සැකසහිතව) ‍කාරියක් නෑ. තරුණියක් දැකිමෙන් පාපයක් වෙන්නේ නෑ. නුමුත් අප දැක්කොත් ඈ පලායනවා ඇත. ඒ නිසා මෙහිම නැවති සිටිමු. ආත්රෙවය - ඔබවහන්සේගේ කැමැත්තක්. චතුරිකා - (මලයවතිට) ස්වාමිදු. සත්තකටම බොහෝ වේලාවක් සින්දු කියා වචනය කළ බැවින් ඔබවහන්සේට අධික මාන්සි ඇත. මලයවති - කො‍හොමද මාන්සා වෙන්නේ? ගෞරි දේව්දු ඉදිරියේ මා සින්දු කියමින් සිටි බව නුඹට මතක නැද්ද? චතුරිකා - මේ යාඤ්ඤාව නොඅසන දෙව්දු සතුටුකරන්ට ඔබවහන්සේ ගන්නා මාන්සියෙන් කිසි ප්රදයෝජනයක් නෑ. ඔබ වහන්සේග උපකාර ලබන්ට දන්න තරම් උපා යොදා ඇත. ඉන් කිසි පලක් නෑ. ආත්රෙනය - අහෝ! ස්වාමිනි කෙතරම් උම්මාද කරවන දර්ශඉනයක්ද! ඇගේ ‍දේහලක්ෂ ණය හා දක්ෂ් භාවය දෙකම ශ්රේරෂ්ටයි. සත්තකයි, ඕතොමෝ එක්කෝ දිව්යාං්ගනාවක් නැත්නම්. 464 නාගානන්දය නාටකය නාග කන්යා වක්, එහෙමත් නොවේ නම් විද්යානධර කන්යානවක්, නැත්තම් සිද්ධාංගනාවක්. ආශාවරි - දොහොරා. ජිමුත - හා හා! මසිත් සංවල වී යන්නා රුවින් දෙව් දූ ඊශ්වර බලා සැනසේ නෙත් යොමා සීයක් මේ දූ නාග කන්යා ව නම් නාග‍ ලොවේ පෑව සඳු විද්යා්ධර නම් අප වංසේ මෙ‍ලෝ වෙයි පසිඳු සිද්ධ ලියෙක් නම් සිද්ධයෝ ලෝ තේජස් පා ඉන්නහු රූප ශ්රිධයාවි. ආශාවරි - සාදි ලාවනි මත් උනා සිත් කාම ලෝකේ - පුත්රිුයෙක් උම්මාද රූපේ, රාගය ඉපදේ ඈව දැකිමෙන් - සිල් බිඳි යන්නා මාගේ, ධමර්යඉ නොදැනා ඉන්නා සියල් සත ගන්නෝ මේ තොණ්ඩ්රද බෙල්ලේ දමා නිත්.

ආත්රෙ ය - (ජිමුතවාහනව පරික්ෂායකර බලා අහකට කියයි.) හරි වාසනාව. අන්තිමේදි රාග ලාටුවේ ඇලුනි. නෑ ඊට වඩා හරි මාගේ උගුලේ වැටුනයි කීවොත්. ඒ කොහොම උනත් බො‍ හොම කල් ඇල්ලුවා ඔය ටික වෙන්ට. චතුරිකා - ස්වාමිදූ. මේ අනුකම්පාවක් නැති දෙව්දු ඉදිරියේ කුමට ගායනා කරන්නෙහිදැයි දෙවනුත් අසමි. (ගිත භාණ්ඩ බිමට අතඅරි.) මලයවති - දිව්යව ගෞරිට අපහස නොකරව. මෑතදි ඕතොමෝ මට කරුණා කළසේක. චතුරිකා - හොඳ කරුණාව ! කො‍හොමද ඔබ කරුණාව පෙන්නුවේ? ජිල්ලා - ත්රිාතාල් මලයවති - ගෞරි දෙව්දූ රම්යර චතුරිකා හීනෙනි මට පෙනුනාය ම සලකා - ගෞරි දව්දු &c. ජෝන් ද සිල්වා 465

කීය කුමාරෙක් මාව බඳියයි එය ගැන පේවි මම් මෙහි ආමි - ගෞරි දෙව්දු &c.

චතුරිකා - මන්ද හිනයක් යයි කිවේ. දේවතා හිතේ හැටියට දීලා තිබෙව හැඩයි. ආත්රෙ ය - (මේ සියල්ලක්ම ඇසිලා කියයි) ස්වාමිනි ඉතින් යමු දේවාලේ ඇතුළට. දන් තමා කුමාරිට කථා කරන්ට වේලාව. ජිමුත - බෑ මට යන්ට බෑ. ආත්රෙේය - (ආත්රෙුය ජිමුතවාහනව කුමාරි ළගට ඇද ගෙණ යයි.) ස්වාමානි ඔබට ආචාර කරමි චතුරිකා කීවා සැබැයි. මෙන්න දේවතා දෙනවයි කී කුමාරයා. මලයවති - (ලැජ්ජාවෙන් ජිමුතවාහන දිහාබලා චතුරිකාට කියයි.) අනේ! කව්ද මේ? චතුරිකා - (ජිමුතවාහන දිහා බලමන්) ඔහුගේ අධික ලක්ෂාණ රූපෙන් ඇ‍ඟෙන්නේ දෙව්දූ දෙනවයි කී කුමාරයා වගෙයි. (මලයවති නෙත් කොණකින් ජිමුතවාහන දිහා බලයි) කාලිංගඩා - දාදරා ජිමුත - ප්රේ මෙන් මෝරණ මාගේ ච්ත්ත සකි - කාන්සාවෙලා යාය නොමින් දැන් - මාගෙන් තොපට අනේ බිත නැතේ රාජ බලේ පෑම නොතරම් මම් - ප්රේපමෙන් මෝරණ &c දැන් හති දමා මාන්සි බෝම පානා ශ්රි් කුමාරි වාඩි වී සින්දා වීඩා ප්රිපත්වෙන්ට සෑහේ පෑදී කාරි තේරි මාන්සි නිවා මාන්සි ‍නිවා ගන්ට මම යදිම්.

මලයවති - (චතුරිකාට) අනේ! මට භය හිතෙනවා. ඔහු ඉදිරියේ මූණට මූණ හරවාගෙණ මෙහි සිටින්ට බෑ. (අහකට හැරේ.) 466 නාගානන්දි නාටකය

චතුරිකා - කුමරිය මොකද ඔය ක්රිදයාව? මලයවති - මොහු ඉදිරියේ මට ඉන්ට බෑ. වෙන පැත්තකට යමු. (නැගිටෙන්ට මෙන් තැත් කරයි) ආත්රෙැය - හා! ඕතොමෝ ඇත්තටම භයවෙලා. මවිසින් උපායක් යොදා ඈව මොහොතකට නවත්වාගන්ටද? ජිමූත - ඉන් වැරැද්දක් ඇතැයි නොසිතමි. ආත්රෙැය - (මලයවතිට) ආගන්තුකයන්ට වචන මාත්රකයකින්වත් සංග්රිහ නොකරන්නේ මක්නිසාද ස්වාමිදු? චතුරිකා - (මලයවතිට කියයි) පිලු - දිප්චන්දි මේ හැටි ලැජ්ජා නෑ සෑහෙන්නේ, ගෙට ආ අමුත්තන් සලකා ගන්නේ - ශිෂ්ටාචාර නොදන්නා විලසා - ඉන්නා අ‍හෝ සිනා නොම දක්වා මූණේ. (ජිමුතවාහනට) ස්වාමිනි ගන්නේ මා ආචාරේ - ඉඳගන්ටකෝ මෙහි මට ආචාරේ - පානා මූණ සිනා නෑ බුකවා - ලැජ්ජා වෙලා සිටිනා බැව් තේරේ.

ආත්රෙසය - (ජිමුතවාහනට) මාගේ කරුණාවන්ත මිත්රජය, ඕතොමෝ කදිමට කථාකරන්නීය. අපි ටිකක් ඉඳගෙණ පහසු ගණිමු.

(ඉඳගණිති.) මලයවති - (චතුරිකාට) ඔය රැස් පිරිස් නැතුව ක්රිතයාකරන්ට එපා. අරඹේ තාපසයෙක් හේම මෙහාට ආවොත් මා ගැන නරකි හිතනවා ඇත. (තාප‍සයෙක් පැමිණේ.) තාපසයා - විද්යා(ධරයන්ගේ රජකමට පත්වෙන්ට සිටින ජිමුතවාහන කුමාරයා මේ කන්දේ වසන බව සැලවි මිත්‍රවසු නම්

ජෝන් ද සිල්වා 467

සිද්ධ කුමාරයා තම පියා‍ෙ‍ග් අණ පරිදි ඔහුව ‍සොයන්ට ගියේය. සිද්ධ රජතුමා තම දියණිය වු මලයවති ජිමුතවාහනට බැඳ දෙනවා ඇත. ඉරමුදුන් වේලාවට පවත්වන පූජාවට නොසිට ඕතො‍මෝ ප්රලමාද නොවි ඈ කැඳවාගෙණ යන්ට මට කීවේය. ඇයි! මේ කා‍ගේ පාදසටහනක්ද? ගුප්ත ලාඤ්ඡනය පැහැදිලි ලෙස දූවිල්ලේ ඇඳි තිබෙන්නා. (ජිමුතවාහනව දකි) බූප්කල්යා්න් - ත්රිකතාල් මා හමුවේ ඉන්නේ රාජ කුමරෙකි - දේදුනු සේ දිස්නා තුංග දෙබැමකි - පුලුලා වේ පපු සිංහයෙකුගේ සේ - දෙනෙතේ නිලුපුල් ලක්ෂ-ණ දිලිසේ. පාද දෙකේ රේඛා රාජ කුමරුගේ - ඒ ගැන නෑ සංකා ඉන්නේ මා හමුවේ - ජිමුතවාහන දැන් මෙහි ඉන්නා - අසලේ සිටිනා දූ මලයවති. (දෙන්නා ළඟට පැමිණ ජිමුතවාහනට කියයි.)

ඔබවහන්සේට ආචාර කර පිළිගණිමි.

ජිමුත - (නැගිටෙන්ට හදයි) ඔබවහන්සේට නැමි ආචාර කරමි. තාපසයා - ඉඳගෙණ කථා කරනු මැනවි. අපේ ගුරුවරයාගේ කීමේ ප්රසකාර මෙහි පැමිණි අමුත්තා අපට වඩා උත්තමයෙකි. ඒ අමුත්තා ඔබවහන්සේය. මලයවති - (තාපසයාට) ස්වාමින් මාගේ ආචාරය පිළිගණු මැනව. තාපසයා - ‍මාගේ දරුවා! තිට සුදුසු පුරුෂයෙක් ලැබේවා! හා! තිට පණිවිඩයක් ගෙණාවෙමි. ඉරමුදුන් පූජා පවත්වන්ට අපේ ස්වාමියා තී කැටුව යන්ට කිවේය. වරෙන් මලයති - ඊට කිකරුවෙමි. මාගේ පියා එන්ට කියා එවා තිබේ. මාගේ හෘදය මෙහි නවතින්ට කිය්නේය. හා! මේ නිසා

468 නාගානන්දහ නාටකය

මම දෙකඩකට ඉරි සිටිමි. (ජිමුතවාහන දෙස බල බලා නික්මයයි) ජිමුත - (හුල්ලමින් මලයවති දෙස බලා කියයි.) ඈ ගියාට මොකද ඇගේ රමණිය රුව මගේ හෘදයේ ඇඳි තිබේ. කමාජ් - දාදරා - හිංචි ආත්රෙ ය - සොඳ කුමාරිකා ප්රේිම පාවි - හාදවේවි විරෝද කුමාරි නොවේය ස්වාමි - දැන් ම‍ගේ වැඩේ නිවාරණ වි - බඩ දන්නා ය කෑම කන්ට ඕනෑ - කළ පුට්ටුව දැන් ඉතින් නිවාරණ - කෑම සොයමු ගොසින රම්යු ශූද්ධවාස තවසු ගාව මිතුර මින් දැන් නික්මි. ජිමුත - ඉර මුදුන්වෙලා භූමි වේලි - හස්ති ග්රිදෂ්මෙන් පිපාසේ දරාය සඳුන් රුකේහි ඉස්ම බී පිපාස සංසි‍ඳේවි - උගෙ මුණද්දරේ වාත කම්පා - කණ හොල්ලාය ග්රි ෂ්ම යන්ට පිටට ඌගේ - මිතුර යන්කෝ නික්මි. (නික්මයති.)

2 අංකය i ජවනිකා - චන්දනලතාපේට යන පාර.

(මලයවතිගේ දාසියෙක් පැමිණේ.) දාසි - මලයවතිගේ සහෝදර මිත්ර.වසු සොයාගෙණ යන්ට ඕතොමො මා පිටත්කර එවුවාය. අද ඔහු මෙහි සිටින්ට ඕනෑ. ඔහුට මක්උනාදැයි මලයවති දැනගන්ට ආශාවෙන් සිටි. මේ කවුද ඉක්මණින් එන්නේ? බොලේ! චතුරිකා! (චතුරිකාට කියයි) චතුරිකා ඔච්චර ඉක්මනින් බෑරක්ද? මාව මගඇර යන්ට වගෙයි. චතුරිකා - අනේ නෑ. මලයවති කුමරි සඳුන් ලතාපේ පිළියෙළ කරන්ට මා එව්වාට. තද ග්රිරෂ්මය හේතුකොටගෙණ

ජෝන් ද සිල්වා 469 සර්වාංගයම උණෙන් පිඩිතව තිබෙන බැවින් සෙවනේ ඇවිත් ඉන්ට ඕතො‍මෝ කැමතිය. ඉතින් ආපසු ගොසින් ඒක සූදානම් වී තිබෙව බව ඈට දන්වමි. දාසි - හොඳයි. ගොසින් දන්වාපන්. ඉන් ඈට හොඳක් වේවායි ප්රාූර්ථනා කරමි. චතුරිකා - අනේ ඒක මම දන්නේ නෑ. ඈ කියන ඔය උණට ඉන් වැඩි හොඳක් වේයයි නොසිතමි. මට හිතෙනවා බාගවේලාවට නරක්වෙන්ට පුළුවනැයි කියා. ඒ කෙසේ වෙතත් කිවු වැඩේ කළ බව ගොසින් දන්වන්ට ඕනෑ. මාඩි - දාදරා දාසි - කාම දේව විදින සැරා චතු - රූම් රූම් ගා දාසි - වැදි ඇගෙ පපුව තුළා සැදුනි ලෙඩේ. චතු - හා හා හා දාසි - ඔසු නැත ලෙඩට අහෝ චතු - ඇය් ඇය් ඇය්? දාසි - උණ ගණි කෙට්ටු වී ශරීරේ. චතු - මොලේව නැතේ රාගය වාගේ රුදුරු ගිනිමැලේ දාසි - ඇවිලි ඇවිලි ඉතිරි පුරුෂ දැවෙති සංවලේ චතු - මෝහ ඊට කරුණු තමා දාසි - සත්තය් ඒ චතු - රැවටෙත් රුවට දනෝ නිතර ලොවේ. දාසි - සබාස්, සබාස්, සබාස්, චතු - පවතින විදිය තමා - කී, වේ, මේ. දාසි - මදනගේ පිස්සුව සැදිලා චතු - මලයවති ශෝකය දැරි නොලැබ පුරුෂයා. දාසි - සරණ බැඳුම කරුම පරිදි යෙදෙනවා ලියා. (නික්මයති) 470 නාගානන්දල නාටකය 2 ජවනිකා - වන්දනලතිපේ (මලයවති චතුරිකා සමග පැමිණේ.) දනාසරි - ලාවනි

මලයවති - දායි දායි හද මගේ සෞම්යග මිතුරි බෝ සේ ආලේ වාලි වී - ආදර පා මට කී ඒ වචනා - එන්නා දැන් සිහි වී - නොදුන්න හින්දා වචනේ තොස් වී මගෙ සිත දුක් පිරුණි පාර කීය අනේ යන්ට සුරා දූ ගෞරි කෝවිල්වත් ඉතින්

චතුරිකා	-	ස්වාමිදු සඳුන් ලතාපේට යන්නේ නැද්ද?

මලයවති - (කලබොලවි) අනේ! ඔව්, මට ඒක මතක් කළ හොඳා. වරෙන් යන්ට. චතුරිකා - (අහකට) සිහි විකල්වෙලා. දේවාලය ගැනමයි හිත (මලයවතිට) ස්වාමි දූ මේ තමා සඳුන් ලතාපේ. බාගවේලාවට එහි සෙවනේ වාඩිවි සිටියෝත් ගුණ ලැබෙයි. (පැත්තකින් ඇතුල්වෙයි) මාඩි - දිප්චන්දි මලයවති - කාම සුරි‍ඳේ චාපයෙන්, චාපයෙන්, චාපයෙන් විදි කාම සුරි‍ිඳේ - මම් ඔබේ දුල් රෑසිරි - පරදන කෙල්ලෙක් - දෙන්නේ දුක් මට ස්වාමි ඇයි අනේ! ඇයි අනේ! ඇයි අනේ! අනේ! කාම සුරි‍ඳේ &c -

(චතුරිකාට) හිරු රශිමිය මෙම සඳුන් ලතාපේ නොපවතින නුමුත් මාගේ ඇගේ දැවිල්ල නොනිවෙන්නේ මක්නිසාද චතුරිකා? චතුරිකා - ඔව්, ඔව්, උණට හේතුව දනිමි. නුමුත් ස්වාමිදු ඒ කිවාම ඒත්තු නොගණි. මලයවති - (අහකට) මගේ රහස ඈට දැනි තිබෙන හැඩයි. හොඳයි.

ජෝන් ද සිල්වා 471

හොඳයි, මොකද හේතුව? මොකක්ද මම ඒත්තු නොගන්නේ? චතුරිකා - හේතුව ඔබවහන්සේගේ හිතට රිංගා සිටින පුරුෂයා තමා. මලයවති - (ඉස්සරහට ප්රි තියෙන් ගොස් කියයි.) පුරුෂයා කෝ? ඔහු කෝ? ඔහු! චතුරිකා - ඔහු කීවේ කාටද? කව්ද ඔහු? (මලයවති හිස පහත්කරගෙණ නිශ්ශබ්දව ඉඳගණි.) කල්යාලන් - වල්ති චතුරිකා - ශෝක හද පවතින්ට හේතු මම දන්නෙමි දේවතා එ කිව් ශ්රිව කුමාරයාමයි උණ අරන් වැලපි දැන් බෝම හුල්ලන්නා සම්භ නූනයින් ඊට පස්සේ උන්දෑ මේ සඳුම්පේහි හූල්ල හූල්ලමින් උන්නත් නොයයි දුක් සින්දී කාන්තා බූවිලොවේ නැත ගින්නක් මේක වාගේම පිච්චි යත් ජනෝ මෝඩ වී නිබන්දා

මලයවති - (අහකට) හා! ඇත්තටම මගේ සිත ඈ දැනගන සිටි. (හඩනඟා කියයි) චතුරිකා උඹට වැටි තිබෙන නම කදිමයි මක්නිසාදයත් නුඹ කෙතෙරම් සමර්ර්ථායෙක්දැයි කිවොත් කිසිවක් නුඹෙන් හංගන්ට බෑ. ඒ නිසා සියල්ලක්ම මම උඹට කියඤ්ඤා චතුරිකා - ඉන් කමක් නෑ. ඒ සියල්ලක්ම දනිමි. මාගේ නම චතුරිකා බව සැබෑ නම් ඔබවහන්සේ වරක් දිටු ඇයට මොහොතක්වත් ඔබවහන්සේ නැතුව සැනසිල්ලක් නැති බව දැනගන්ට හොඳා. ඒ ටික දනිමි. මලයවති - (කඳුලු ගලමින්) එබඳු සැනසිල්ලකට මට ඇති උරුමේ කුමක්ද? 472 නාගානන්ද) නාටකය

චතුරිකා - ස්වාමිදු එසේ කියන්ට එපා. විෂ්ණුට පවා ලක්ෂ්මිගෙන් වෙන්වි සිටින කොට සම්පුර්ණඑ සැනසිමක් නෑ. මලයවති - අ‍නේ නුඹේ කරුණාවන්ත වචන මට ප්ර ශංශාවකි. ඔහු පිළිගන්ට එක වචනයක්වත් මට කියන්ට බැරිවුනු කරුණ මතක්වෙනකොට ඇ‍ඟේ උණ වැඩිවෙනවා. ඔහු හිතනවා ඇති මම වාරයක් නැති කෙණෙක් යයි කියා(හඞයි.) චතුරිකා - ස්වාමිදු අඞන්ට එපා.(අහකට) මොකඳ කරන්නේ ඇගේ හෘදයේ පවතින උණ ඈට පීඩා කරන බැවින් ඕතොමෝ හඬන්නිය.(කෙහෙල් කොළයක් රැගෙණ පවන් ගසයි.) මලයවති - (පවන් ගැසිම නවත්වමින්) අනේ! නවත්වාපන්.කෙහෙල් කොළෙන් නික්මෙන පවන් පවා ග්රිිෂ්මයි. චතුරිකා - ස්වාමිදු කෙහෙල් කොළේ වැරැද්දක් නොවේ; අර දර්ශිනයෙන් උපන් උණ කෙහෙල් කොළෙන් නික්මෙන හුළඟ රත් කරන්නේය. මලයවති - (කඳුලු පෙරමින්) අනේ මගේ කරුණාවන්ත චතුරිකා දැන් ඉතින් කිසි පලක් නෑ. කිසි දෙයකින් සැනසිල්ලක් නෑ. චතුරිකා - ඔව්, සැනසිල්ල ලැබෙන්ට එකක් ඇත. හොඳයි ඔහු මෙහාට ආවොතින්. (හොඳට ඇහුම්කන්දි) ස්වාමිදු අඩි ශබ්ද මට ඇසේ. කව්ද මෙහාට එනවා. මලයවති - මගේ කැළඹුම් සුබාවේන් කිසිවෙකුට පෙණෙන්ට හොඳ නෑ. ඊට හේතුව ඔවුන් අනුමාන කොට කියා පානවා ඇත. අශෝක වෘක්ෂේයට මුවාවි කවුද කියා බලා සිටිමු. (ජිමූතවාහන ආත්රෙ ය සමග පැමිණේ)

ආශාවරි දිප්චන්දි

ජිමුත - මා හද දා යා ඇය් මල් මදාගේ - සේරෝම ඊතල් විද්දේ

ජෝන් ද සිල්වා 473

මා කෙරේ මේ - ඇගෙ දෑස සුදිලි ඉඳුනිල් මිණක් සේ - තපසාරාමෙත් වැටි කාන්ති දිස්නේ.

ආත්රොය - මගේ මිත්රුය, තිබුණු සුබාව අබාවයට ගියාද? ජිමුත - මක් කියන්නේ “තිබුන සුබාව” ! ඇයා මාගේ හෘදයත් මනෝ ඉන්ද්රිවයත් දෙකම නිශ්චලව ස්ථිරව නැද්ද? දීප්තිමත් චන්ද්රරයා රැයින් රැය මවිසින් දැකලා නැද්ද? නෙලුම්මල් සුවඳ විඳලා නැද්ද? දෑසමන් සුවඳින් මිශ්ර සැන්දෑ පවන මවිසින් භුක්ති විඳ නැද්ද? නෙලුම්මල්වල වහන මී මැස්සන්ගේ ගුම් නාදය මවිසින් කන්දී අසා නැද්ද? ඉතින් මේ අසාධ්යව කාලේදී මන්ද මට ගරහන්නේ? (කල්පනාකරයි) නැවතත් කල්පනාකර බලඥඤා. ඒක සැබෑ නැද්ද? මා කිවු බොරුද - එහෙම නොවේ නම් කම්දෙව්ගේ සැර පහර මට විඳින්ට බැරිවෙන්නේ නෑ. නුඹ හරි. මගේ හිත ස්ථිරව පවතින බවයි කියා කො‍හොමද මා කියන්නේ. ආත්රෙකය - (අහකට) ඔහුගේ අනිස්ථිරභාවය ගැන මා කිවු වචනවලින් ‍හොඳටම ඔහු විකල්වි. ඉතින් ම‍ාගේ මාතෘකාව අමුතුකරන්ට ඕනෑ. (ජිමුතට) ස්වාමිනි දෙමව්පියන් මතන නැති කර මෙහාට ආවේ කොහොමද? ජිමුත - එම ප්රිශ්නය කරන්ට සුදුස්සේක් තොපට වඩා නැත. ඒ නිසා පහසා කියඤ්ඤා. මා‍ ප්රේසම කරණ ස්ත්රිපයක් මේ සඳුන් ලතාපේ චන්ද්රය පාෂාණය උඩ වාඩිවි සිටිනවා හීනෙන් දුටිමි. ඇගෙ වත මළානිකව අතට හේත්තුකර ගෙණ අඞ අඞා මගෙන් උත්තරයක් නැති බැවින් ඕතොමෝ මට බැණ වැදුනාය. එබැවින් මාගේ ප්රිැයාංගනා සිටිනවා දිටු සඳුන් ලතාපේහි අද දවස ගතකරමි. ආත්රෙ ය - මේ තිබෙන්නේ වන්දන ලතා මණ්ඩපය ඔබවහන්සේ ඇතුල්වෙනවාද?

474 නාගානන්දා නාටකය

ජිමුත - මේ වන්දන මණ්ඩපයෙන් මට ප්රිගතියක් නෑ. මක්නිසාද යත් හරියටම හඳ බැස්සායින් පස්සේ කළුවර පවතින්නා වාගේ මා දිටු ප්රි්යාංගනා මෙහි නැතුව මණ්ඩපය අන්ධ කාර වී තිබේ. චතුරිකා - ස්වාමිදු ඔබවහන්සේගේ වාසනාව! මෙන්න ඔබ වහන්සේගේ හිතේ කෙටි උන්න පුරුෂයා. මලයවති - (ප්රිනතියෙන් හා භයින්) ඔව්, නුමුත් මට මෙහි ඉන්ට බෑ. භයෙන් සම්පුර්ණකවු මට ඔහුගේ සමිපයේ ඉන්ට බෑ. බාගවේලාවට ඔහුට අප පෙණෙනවා ඇත. චතුරිකා - ස්වාමි දු අප හැංගි සිටින බව දන්නේ නැද්ද? ආත්රෙකය - ස්වාමිනි මෙන්න චන්ද්රනපාෂාණ ආස්න්නය. (ජිමුතවාහන හුල්ලයි.) චතුරිකා - ස්වාමිදු ඔවුන් මක්කියනවාදැයි කන් දි අසා සිටිමු. ආත්රෙකය - (ජිමුතවාහනගේ ඇඟට අත තබමින්) ස්වාමිනි කණ ඇසෙන්නේ නැද්ද? මේ තිබෙන්නේ චන්ද්රතපාෂාණ ආසනය. කල්යානන් - ලාවනි ජිමුත - ඉඳ උන්නා ඒ කාන්තා මේ පහණේ - තද හීල්ලිම හින්දා පුල් පපු ඈගේ - පැලුනා සේ පෙනුනානේ - ඉඳ උන්නා එ කාන්තා මේ පහණේ - ආලය ඇගේ දක්වාපි තොල් සැලි - උන්නාය කෝපෙන් සනසා නොදැමිමෙන් කාන්සා දුරා ලමි හාන්සිවෙල් මේ - ඉඳ උන්නා &c.

මලයවති - (කල්පනා කරමින්) කවුරු ගැනද ඔහු කථාකරන්නේ? කවුරුවුනත් ආලය ගැන පලහිලව්වක්. චතුරිකා - එය නොදනිමි. හොඳට ඇහුම්කන් දී දැනගම්මු ආත්රෙකය - (අහකට) මාගේ මිත්රදයා මෙබඳු කථාවලට මනාප වාගේ පෙනෙන්නා. තව ටිකක් දුරට ඒ ගැන විසඳුන්නෙමි.

ජෝන් ද සිල්වා 475

(ශබ්දනගා) ඉතින් මහතුනි, අර හීනෙන් පෙණුන ලක්ෂුණ ස්ත්රි්ට මොකද කිවේ? ජිමුත - තීගේ ලක්ෂකණ මුණෙන් කඳුලු පිනි බින්දු මම චන්ද්රක පාෂාණ ආසනය පිට විසිරි වැටෙන කල එම මුණ උදා වන චන්ද්රය මණ්ඩලයයි කියා සැක කරණු ලබන බව කිවෙම්. මලයවති - (තරහගොස්) චතුරිකා! මොන විලම්බිතද මේ . මින් නික්ම යමු. චතුරිකා - (අත අල්ලමින්) ස්වාමිදූ. එහෙම කියන්ට එපා. ඒ හිනෙන් දැකලා තිබෙන්නේ ඔබවහන්සේවයි. වෙනයම් කිසිවෙකුට ඔය ප්රිවතිය දෙවන්ට බෑ. මලයවති - හොඳයි මගේ සැක දුරු උනේ නෑ. නුමුත් මෙහි තව වැඩිදුරට මක්කියනවාදැයි නැවත අසා සිටින්නෙමි. ජිමුත - ආත්රොය. මට සිතිවිල්ලක් පහළ උනා. මගේ ප්රි.යංගනාව මට දකින්ට නෑ. ඇගේ රමනීය උවන මෙම චන්ද්රනපාෂාණයේ අඳින්ට අර කඳුබොඩට ‍ගොසින් හුණු කෑල්ලක් අරන් වරෙන්. ආත්රෙකය - ‍එහෙයි ස්වාමිනි (හැරි එයි) මෙන්න හුණු ඔබවහන්සේ එක් වර්ණ‍යක හුණු කෑල්ලක් ගෙණෙන්ටයි කීවේ. මම පඤ්චවර්ණ‍යක හුණු ගෙණාමි. ජිමුත - මාගේ මිත්රණය නුඹට ස්තුති වේවා. (ගලේ අඳි.) ජිං‍ජුට් - ලාවනි ප්රිතයේ නුඹෙ මුණෙ රෑප මෙ ගලේ ඇඳි මන් රැන්දි - හිත ප්රිතති සැදී දැන් පෑදී මන් ශෝක වෙය් බංගේ - නැත ඉච්ඡා බස් මා කීවේ - පිරියාංගනාගේ රූ රංගේ - නි ලාවකාශේහි පේන පුන් චන්ද්ර සේ මුණා‍ - පුන් චන්ද්ර සේ මුණා - නේත්රප තෘප්ති නැත්තේ මුණා බැලුවාට රම්ය කාන්තාගේ.


476 නාගානන්දම නාටකය

ආත්රොය - පුදුමයි! දකින්ට නැති අයෙකුගේ රුව ඔබවහන්සේ කොහොම අඳිනවාද? ජිමූත - පුදුමවෙන්ට කරුණක් නෑ. ඇගෙ රමණිය උවන මගේ හිතේ රැඳුනා. ඉතින් මොකද පුදුමේ එය ඇඳෙන කොට? මලයවති - (කඳුලු පෙරමින්) අනේ චතුරිකා මෙ කථාවේ අන්තිමට කුමක්දැයි දැන් පැහැදිලියි. මිත්රදවසු කොහෙ ගියාදැයි යමු බලන්ට චතුරිකා - (අහකට) ඇගේ ඉවසිලි නැති කමින් විනාශයට පැමිණෙන්ට බැරි නෑ. (මලයවතිට) ස්වාමිදු, ම්ත්රකවසු කුමාරයා සොයන්ට මනෝහරා ගියාය. බාගවේලාවට කුමාරයා දැන් මග එනවා ඇත. (මිත්රැවසු පැමිණේ) කමාජ් - දොහොරා. මිත්ර වසු - සොයා යමි පිත් කිව සේ - ජිමුතවාහන මෙදැන් පිතුරා දෙය් දූ බන්දලා - තොස් වි උන් හා නොමින් - උත්තම ඒ කුමරා ගති - දන්නා සේක් මා පිත් විද්යාකධර වංසේ කෙනෙකි - ජිමුතවාහන තුම් කමාජි - පංජාබ් ලක්ෂිණයි බෝ දේහ රූපේ - ඒ දුටන්ගේ නෙත් පිනි යේ සිත් දයාවෙය් ලෝකයා වෙත් - නංගි බැන්දොත් ඉන් කුමක් වේ - නීච චරිත නෑ සිටිලු අරඹේ - මම ගොසින් දැන් සම්භ වෙමි ‍තොසේ - මලයවතිගේ රම්ය පුරුෂයා - ඒ කුමරා වේද ලෝකේ.

(ආත්රෙේය මිත්රොවසු දැක කඩිමුඩිවෙයි) ආත්රෙතය - ස්වාමිනි මෙන්න මිත්රිවසු. ඉක්මන කරන්න; ඔය ඇන්ද රූපය වසා දමන්න. බාගවේලාවට ඔහු ඒක දකිනවා ඇත.

ජෝන් ද සිල්වා 477 (ජිමුතවාහන කෙසෙල් කොළයකින් රූපය වසයි.)

මිත්රිවසු - මහතුනි ඔබවහන්සේට ආචාර කරමි. ජිමුත - මිත්රෙවසු මම පිළගනිමි. චතුරිකා - ස්වාමිදූ. මිත්ර වසු අන්න ඇවිත් ඉන්නවා. මලයවති - හෝ කොපමණ සිත ප්රිියකරණ ආරංචියක්ද? ජිමුත - සිද්ධයන්ගේ විශ්වාවසු නම් උතුම් රජ සනිපෙන් සිටිනවාද? මිත්රවවසු - එහෙයි, මගේ පියාගේ අණ පරිදි මෙහි ආමි. ජිමුත - උන්වහන්සේ මොකද කියන්නේ? මලයවති - (අහකට) මාගේ පියාගේ අණ මොනවාදැයි මට දැන් ඇසි යනවා ඇත. මිත්රඇවසු - විශ්වාවසු රජ්ජුරුවෝ උන්වහන්සේ පවුලේ ප්රාදණය වැනි මලයවති දුව ඔබවහන්සේට බන්දාදෙන්ඩ කැමතිව සිටි. චතුරිකා - (සිනාසෙමින්) ස්වාමි දූ ඉතින් තවම තරහ තිබෙනවාද? මලයවති - (සිනාසෙමින්) උඹට මතක නැති වෙලාද ඔහුගේ සිත වෙන ස්ත්රි යක් කෙරෙහි බව. ජිමුත - (ආත්රෙ යට) මාගේ මිත්රතය, දැන් අපි අමාරුවකට පැමිණිලා සිටිම්හ. ආත්රේය - (ජිමුතට) කියන්ට ඕනෑද? එක්කෙනෙක් ගැන නොවෙන්නම් හිත බැඳිලා තිබෙන්නේ, මේ කුමාරයාගේ හිත නොරිද්දා ඉක්මණට යන්ට අරිණු මැනව. ජිමුත - මහතුණි, ඔබවහන්සේලාගේ උතුම් පවුලට බැ‍ඳෙන්ට කව්ද අමනාප - නමුතු අවාසනාවකට මෙන් මගේ සිත අරමුණුවි කම්මුතුයි.


478 නාගානන්ද් නාටකය (මලයවති සිහි නැති වෙයි.) ආත්රෙලය - (මිත්ර වසුට) මොහුගෙන් කැමැත්ත ඕනෑ නෑ. මොහුගේ දෙමව්පියන්ගෙන් අසන්න. මිත්රපවසු - (අහකට) ඔව්; ඒක නුවණට හුරුයි. ජිමුතවාහන දෙමව්පියන්ගේ අවවාද අසනවා ඇත. එබැවින් මේක ඔවුන්ට දන්වන්නෙමි. (ශබ්දනගා) හොඳයි, එක් එහෙම වේවා; අපේ යෝජනාව ඔබවහන්සේට ඔප්පු කෙළෙමු; ඔබවහන්සේ ඊට විරුද්ධ විය. මලයවති - (සිහිවෙමින් තරහ ගොසින්) මොකද මිත්ර වසු. තවම ඔහු සමග කථා කරනවාද අපට නින්දා කළායින් පසු. (මිත්රරවසූ නික්ම යයි) මලයවති - (චතුරිකාට) පලයන්. මිත්රකවසු ගියාද කියා. බලාපන්. මක්නිසාදයත් මමත් මින් නික්ම යන්ට මනාපයි. චතුරිකා - (අහකට) මොකද මෙකේ තේරුම? ඇ‍ගේ රහස් අදහසක් තිබේ. යන හැටියට ගොසින් හිංඟි බලා සිටින්නෙමි. කාඳරා - දිප්චන්දි මලයවති - (හඩමින්) ප්රා්ණ ඉතා තික්තා, කාලකන්නි උනේ - කිම මා එපා උනේ, හද පැලේ, දැන් - ප්රාඉණ ඉතා තික්තා - ගෙලේ වැල බන්දා එල්ලි නසින්නෙමි - දැන් පිහිටක් වෙන් රුක නුඹ අරඹේ.

(ගහේ වැල අතට ගණි) දෙව් දූ තිගේ පොරොන්දු ඉෂ්ට ව‍න්නේ නෑ. තිගේ දරුවාගේ හිතේ ආශාව පරිදි ති ක්රි යා කළේ නෑ, මේ ලෝකයේදි තී නුදුන් සැප පරලෝ කේදිවත් මට ලැබේවා. චතුරිකා - (දැක භයවි) අනේ! අනේ! ස්වාමිදූ එල්ලෙනවා. ජිමුත - (ඉක්මණට ඉදිරියට පැමිණ) කොහෙද! ඕතො‍මෝ කොහෙද? ‍ජෝන් ද සිල්වා 479

චතුරිකා - අශෝක ගස යට. ජිමුත - මගේ ආලය රඳන වස්තුව මේ ඉන්නේ. (මලයවතිව අතින් උසුලාගෙණ වැල ලිහා දමයි) අනේ රමණිය ස්ත්රිමය ඉවසාපන්. තමුන්ටම අනතුරක් කරගන්ට එපා. මේ වැල අතඇරපන්. මලක් කඩන්ටවත් සවි නැති ඔය අතින් මෙබඳ‍ු ක්රෑදරතර ක්රිනයාවක් කරන්නේ කොහොමද? මලයවති - (කිපෙමින්) මහතුනි, තමුන්නාන්සේ කවුද? මගේ අත හැර දමන්න. මගේ අදහස ඉෂ්ටකරගනට නොදෙන්ටද? ම‍රණෙදි පවා ඔබේ වාලි වි සිටින්ටද? ජිමුත - අපරාධයක් කරන්ට සෑදු අත කුමට හැර දමමිද? මුතු වැලක් පළඳින්ට ඕනෑ ඔය බෙල්ලේ තී දෙවනුත් තොණ්ඩුවක් දමා ගන්නාවා ඇත. ආත්රෙුය - මොකද මේකේ තේරුම? මේ කුමාරි එල්ලෙන්ට හදන්නේ මන්ද? චතුරිකා - නුඹට තේරෙන්නේ නැද්ද මෙහි සිටින නුඹේ මිත්රේයා බව ඊට හේතු කරුණ ජිමුත - මමද ඊට හේතුව? නුඹ කියන දේ මට තේරෙන්න් නෑ. අත්රෙතය - (චතුරිකාට) මොකද? තිගේ ‍කීමේ තේරුම පහදා කියාපන් චතුරිකා - ඉතින් කියඤ්ඤා ඇත්ත. චන්ද්රකපාෂාණයෙහි න‍ුඹේ මිත්රමයා ආලය බැඳ සිටින සිත්රි්යෙකුගේ රෑපය ඇන්දේය. මිත්රණවසු ඇවිත් මලයවති බඳින්ට ඔප්පු කළාම ඊට ඔහු අකමැති උනු නිසා මලයවති සිය පණ හානි කර ගන්ට ගියාය. ජිමුත - (ප්රිපතියෙන්) අහා මේ කව්ද? විශ්වාවසුගේ දරු මලයවතිද? චන්ද්රමයා පැන නැගුන ගැඹුරු සාගරයෙන් විනා මෙබඳු රමනිය දර්ශනයක් කොහෙන් උදා වේද? අහෝ මාගේ මන මා රැවටු හැටි.


480 නාගානන්දම නාටකය

ආත්රෙ ය - මින්පසු මාගේ මිත්‍රයාගේ වැරදි තවත් සොයයි කියා නොසිතමි.ස්වාමි දූ මකියන කථා විශ්වාස නැත්තම් අර චන්ද්රමපාෂාණයේ ඇඳ තිබෙණ රූපය ගොසින් බලන්න. (ජිමුතවාහනගෙන් අත උදුරාගන්ට මලයවති ලැජ්ජාවෙලා මෙන් තැත් කරයි.)

ජිමුත - (සිනාසෙමින්) බෑ. චන්ද්රො පාෂාණයේ මවිසින් ඇන්ද රෑපය දකිනතුරු අත නාරිමි. (දෙදනා සඳුන්ලතා මණ්ඩපයට ඇතුල්වෙති.) ආත්රෙෙය - (රූපය වසා තිබුන කෙසෙල් කොළය අහක් කරමින්) ස්වාමි දූ බලනු මානව. මෙම රූපය ඔහුගේ හිතේ ඇඳි සිටින කාන්තාවගේ බව තේරුම් ගන්න. මලයවති - (සිනාසෙමින්) ඇයි චතුරිකා ‍මොන පුදුමයද? මේ රූපය ‍මගේ රූපය වාගේ පෙනෙනවා. චතුරිකා - හැබෑටම පෙනෙනවා. කොහොමද කියන්නේ “වාගේ පෙනෙනව” යි කියා ඒක ඔබවහන්සේගේම රූපය කොට. මලයවති - මා ගැන මටම ලැජ්ජා උපදින්ට ඔහු සැලැස්සුවේය. ආත්රෙිය - ස්වාමින් ඉතින් ඇගේ අත ඇර දමනු මැනව. දැන් ඈ සමග ඔබේ ගන්ධර්ව මංගල්යනය සම්පූර්ණියි, කව්ද මේ ඉක්මණට එන්නේ. (දූතයෙක් පැමිණේ) දූතයා - (මලයවතිට) ස්වාමි දූ. ඔබවහන්සේ‍ට ‍ම‍ාගේ සන්තෝෂය ඔප්පු කරමි. ජිමුතවාහනගේ දෙමව්පියන් විසින් ඔබවහන්සේව ඔහුගේ මනමාළි මෙන් පිළිගන්නා ලදි. ජිංජුට් - කැමිටා ආත්රෙටය - (නටනට කියයි.) ආයි නැත කම්පා සිත දෙදෙනා ආශා හදේ දැන්ම සි‍ඳේ. නැත කම්පා සිත දෙදෙනා ආයි නැත කම්පා සිත දෙදෙනා. ජෝන් ද සිල්වා 481 (දොහොරා) මා ගත් උත්සාහ නෑ නිශ්ඵල ජය වියේ ගෞරි දෙව් දූ තමා කර්තෘල විවාහයේ - දැන් ඉතින් කන්ට දෙන් මා වැඩේ කම්මුතුයි - නැත කම්පා සිත දෙදෙනා ආයි නැත කම්පා සිත දෙදෙනා.

දූතයා - (මලයවතිට) ඔටුන්න හිමි කුමාර මිත්රිවසු විවාහ චාරිත්රව පැවැත්විම පිණිස ඔබවහන්සේ කැටුව වහාම යන්ට කීවේය ආත්රේයා - තෝ නීච වාලා. මලයවති ස්වාමි දූ අඬගහගෙණ ගියාම මගේ මිත්ර යා මෙහි තනියම ඉන්නේ කොහොමද? දූතයා - (ආත්රෙෙයට) උඹේ බැණුම් නවත්වාපන් (මලයවතිට) ස්වාමිදු සරණබන්ධනයට වේලාව දැන් හරි; මා පස්සේ වඩිනු මැනවි. (ජිමුතවාහන දිහා හැරි හැරි බලබලා දාසියත් සමග මලයවති නික්මයයි)

ජිමුත - (ප්රිහතියෙන්) අපි මෙහි කුමට ප්ර මාද වෙමුද? ඇතුළට ගොස් මගේ පියට ආචාර කර ඊට පසු මගුල් සිරිත් කටයුතු බලාගම්මු. (නික්මයති.) (දූතයෙක්)

කාfපි - ලාවනි කන්ද කරා සුවඳින් රතු රශ්මිය වැටි වැටි යනවා බෝ අරණෝදය සේ දිලිසේ සැම තැන් - කන්ද කරා &c. සිද්ධයන්ගේ දූකේ කාරබන්ධනේ ප්ර්සිද්ධ වෙන්ට - සුරලියෝ දෙති ගොසා - ඔබේ හිතේ හැටියටම මගුල වෙන්නට කරුණු සිදුවිය රජතුමා.

482 නාගානන්දි නාටකය

3 අංකය i ජවනිකා - මල්උයන. (එක් පාර්ශ්වයක්.) (සෙබරක වෙරි මතින් කුසලානයක් අතින් රැගෙණ ඇඳුම් අවුල් කරගෙණ මුද්රිරක පානය පුරවාපු භාජනයක් කරින් උසුලා ගත් වාලෙක් පස්සේන් කැඳවාගෙණ පැමිණේ.). සෙබරක - මා දන්නා දේවියෝ දෙදෙනෙක් සිටිති. එකෙක් බලදේව. අනිකා කාමදේව. බලදේව නිතරම අඩිගහනවා, කාමදේව නිතරම මනමාලකමේ යනවා. (වැනි වැනි වැටෙන්ට යයි.) හා හා ඇත්තටම මහ වාසනාව මෙන්න මම - මගේ මනමාළි මා සමග ඉන්නවා. ඉස්තරම් මුද්රිවක පානයෙන් බඩ පිරිලා - මගේ හිසේ මල්දමක්,ඉතින් මට මොනවාද ඕනෑ. (වැටෙන්ට යයි.) හුටන්! බටන්! කවුද? මාව තල්ලු ක‍රන්නේ කවුද? නවමල්ලිකාද? වාලා - නෑ මහත්මයා නමාලිකා තවම ඇවිත් නෑ. සෙබරක - (කිපෙමින්) මොකද, ඒකි තවම නැත්තේ? මලයවති අද පාන්දර බැන්දා. ඉතින් මෙහි එන්ට ඈට කල් ඇත. (කල්පනා කරමින්) මට හිතෙනවා සිද්ධ විද්යානධර දෙගොල්ලම මේ මංගල්යපය නිසා උයනේ බිබි ඉන්නවා ඇතැයි කියා. බාගවෙලාවට නවමාලිකා මා එනකල් එහි නැවති ඇත. ඈව සම්භවෙන්ට එහාට යන්ට ඕනෑ. සෙබරක මොකෙක්ද නව මාලිකා නැතුව. වාලා - නවමාලිකා නැතුව සෙබරක සම්පුර්ණෑ නෑ, සෙබරක - ඒක නොවෙන්නම් මමත් කිවේ මගේ කොමල නව මාලිකා මගේන බාගයයි මම ඇගෙන් බාගයයි. වාලා - වීජ ගණිතයටත් පිටින් යන ගණියතයක් හැඩයි. සෙබරක - නෑ යෝදයෝ, අපි දෙන්නා එක බරයි.

ජොන් ද සිල්වා 483

වාලා - එක බර දෙබෑයක්ද? සෙබරක - නෑ යෝදයෝ, අපි දෙන්නා එක බරයි. වාලා - එක බර දෙබැයක්ද? සෙබරක - ඔව්, ඔව්, දෙබෑය තමා. ‍ඒ බෑයට මේ බෑය එකතු කළාම සෙබරක සම්පූර්ණ් වන්නේය. වාලා - දැන් මට තේරුණා. නවමාලිකා නැතිකලක සෙබරක බාගයයි. සෙබරක - (අඩමින්) අනේ ‍එහෙමතමා. සෙබරක නමැති නැවේ සුක්කානම මගේ නවමාලිකාය.ඈ ප්රාමාදවෙන්නේ ‍මොකද කියා බලන්ට යමි.

2 ජවනිකා - මල් උයනේ වෙන පැත්තක් (ආත්රෙවය ගෑනු පළඳනා දෙකක් රැගෙණ පැමිණෙ) කාමොද - නටකා. ආත්රෙ ය - මිතුරාගේ ඉෂ්ට වී ආ‍ලේ - මෙහි ඒය බාග වේලාවේ - ( මී මැස්සෝ අනිති.) මට ඇන්නේ මන්ද මී මැස්සෝ. රොන් ගන්ටෙනවා මල්දාමේ - මේ මගුල් ඇඳුම් නිසා හිංසා හිංසා තේරි යය් යය් කාරි - රවටා ලඤ්ඤා වෙස් පා බාරි

හිංසා පීඩා හෘංගයන්ගේ මේ - මින් පස්සේ නෑ වෙන්නේ මේලෙස් - ලෝක හොල්මනක් වාගේ මේ උනේ - ගෑනු වෙස් අරන් ඉන්ට දැන් උනේ, සුවඳ සුවඳ ‍බෝ - ගෑව දේ. හමේ - පැමි‍ණි බඹරගේ - තුණ්ඩයෙන් විදේ ඡවි විභූෂණේ, දෝෂා බැව් පෙනේ - ගුම් ගුම් ගාන්නා - මූණ සමිපේ - කේශ කලාපේ - හෘංග විලාපේ - පළඳා ගණිමි - මෙසේ මේවා මේවා.

(ගෑනු ඇඳුම පළඳා ගණි) 484 නාගානන්දස නාටකය

(සෙබරක සහ වාලා පැමිණේ)

සෙබරක - (පරික්ෂාේ කරමින්) අනේ! මේ ඉන්නේ නවමාලිකා. ගමන ප්රරමාදවෙලා මට තරහ ගොසින් ඇතැයි කියා සිතා ගෙණ හිස හරවාගෙණ ඈ මූණ වසාගෙණ සිටි. ඈව සනසන්ට පුළුවන්ද කියා බලඤ්ඤා. (සිනාවෙමින් ‍ගොස් ආත්රෙ ය බදාගෙණ කටේ බුලත් ඔබව්ට හදයි.)

ආත්රෙිය - (මුද්රිරක පානයේ ගඳ දැනි මූණ අහකට හරවාගෙණ නාස අල්ලා ගණිමින් කියයි) චික් කොච්චර පිළිකුල්ද. එක හිරිහැරයකින් බේරුණේ තවත් හිරිහැරයකට වැටෙන්ටයි. (නවමාලිකා පැමිණේ)

නවමාලිකා - විශේෂ සැලකිල්ලකින් තමල මණ්ඩපය සූදානම් කර තබන්ට උයන් පාලයාට කියන්ැටෙයි කියා බිසවුන්නාන්සේ මට අණ කළාය. මක්නිසාදයත් මනමාළයාද මනමාළිද එහි යන්නාහුය. බිසවුන්නාන්සේළගේ පණිවිඩය දැන් කම්මුතු බැවින් මගේ ආදරවන්ත සෙබරක කොහේ ඉන්නවාදැයි බලන්ට යමි. පසුවුනු දොළොස් පැය තුළැ මගෙ වස්තුව නුදුටිමි, මා දකින්ට ඔහු බොහොම කැමැත්තෙන් සිටිනවා ඇත. (ආත්රෙොය සමග සිටිනා දකි.) අපොයි! මේ මොකද!! ඔහු වෙන කාටද ප්රේහම කරණවා. මෙහි නැවති සිට ඒ කුමක්දැයි පරික්ෂාකකර බලඤ්ඤා. සෙබරක - බ්රෂහ්ම, විෂ්ණු, ශිවාටවත් සෙබරක උඩගු නිසා නොවඳින්නේය. නුමුත් නවමාලිකාගේ පා සඟල ළඟ වැටෙන්නේය.(වැටෙයි.) ආත්රේය - තෝ වෙරිවුන තක්කඩියා! නවමාලිකා කොහේ ඉන්නවාදැයි දන්නෙහිද? නවමාලිකා - (සිනාසෙමින්) මෙන්න හොඳ විහිළුවක්! ආත්රෙගය සහ මා

ජොන් ද සිල්වා 485

අතරෙන් ඇත් වෙනස සෙබරක බිලා සිටින බැවින් නොදන්නේය. ආත්රොයට ඔහු ශෘංගාර රස පෙන්නයි. මම කිපුනාක් මෙන් හඟවා දෙන්නාටම ඔලොක්කු කරඤ්ඤා. වාලා - (සෙබරක සොලවමින්) මේ නවමාලිකා නොවේ. තද කෝපයකින් ඔය එන්නේ නවමාලිකා. නවමාලිකා - ඉතින් සෙබරක දැන් කාටද ඔය ආදර කරමින් සිටියේ? ආත්රෙිය - (වැස්ම අහක් කරමින්) ඒ මම නොවේද? මම බ්රාෙහ්මණයෙකි. සෙබරක - (අත්රෙිය අඳුනමින්) උලව්වේ! නුඹ අනුන්ගේ වෙස් ගන්න රිළවෙකි. මා රවටාගන්ට බෑ. මොහු අල්ලාපන් වාලා ම‍ා නවමාලිකා සනසනකල්. වාලා - මහත්මයා අණ කළ පරිදි, සෙබරක - (ආත්රෙණය යන්ට හැර නවමාලිකාගේ දෙපතුල් ළඟ වැටේ.) නවමාලිකා, මට සමාවුව මැනව. ආත්රෙිය - (අහකට) දැන් තමා ගැලවි යන්ට වේලාව, (දුවනට හදනකොට වාලා පුන නූලෙන් ඇල්ලුවාම එය කැඩෙයි.) වාලා - තෝ අනුන්ගේ වෙස් පාන නරියෙකි. තෝ දුවන්ටද? (බෙල්ලෙන් අල්ලා ගණි.) ආත්රෙෙය - අනේ නවමාලිකා මගේ මිත්රනයාවි මාව බේරා අරිණු මැනවි. නවමාලිකා - මා ඉදිරියේ හිස බිම ගසාගෙණ යාච්ඥා කළොත් එක් කරඤ්ඤා. ආත්රොය - ඕකත් කෙරෙයිද? කුමාරයනගේ මිත්රේයෙක් වු බ්රාුහ්මණ වංසේ උපන් මම උඹ වාගේ වාලියෙකුගේ පාද ඉදිරියේ වැඳ වැටෙමිද? නවමාලිකා - (සිනාසෙමින්) අනේ කමන් නෑ උඹ ලවා වන්දවඤ්ඤා. මගේ ප්රිමය සෙබරක. මගේ සැක දුරුඋනා. ඉතින් නැගිටපන්.


486 නාගානන්දද නාටකය

(බදාගණි). මනමාළ‍යාගේ පළමුවෙනි මිත්රායාට නුඹ අපහස කර ත‍ිබේ. නුඹේ හාම්පුතා මිත්රලවසු මෙය දැනගත්තොත් බොහොම කිපෙනව ඇත. මොහුගෙන් සමාව ඉල්ලා ගණින්. සෙබරක - මැතිනිය, නුඹේ වචන මට නිතිය වේ. (ආත්රෙවයව බදාගණි) මහත්මයා මට සමාවුව මැනව. මේ සියල්ලක්ම නිකම් සෙල්ලමටය. ම‍ෙග් නෑයෙක්යයි මට හිතුනා. (වැටෙන්ටයයි) කොහෙද මම? මම කවුද? මම සෙබරකද? නැත්තම් කව්ද? මම බේබද්දෙක්ද? නැත්තම් කව්ද? ආත්රෙදය - (ඉක්මන්වි) ඇත්තටම නෑ. නුඹට හොඳ සිහිය තිබෙනවා. සෙබරක - ඉතින් කාරණ කොහොම උනත් මේක කවටකමකි. (පිට ඇඳුම ගලවා අකුලා බිම අතුරා ආත්රෙතයට ඉඳගන්ට කියයි.) මට අලුත සම්භවුන නෑයා ඉඳගන්ටකෝ! ආ‍ෙත්රවයට - ස්වර්ගයයට ප්රයශංසාවේවා, ඔහු දැන් කුලප්පු නෑ. (ඉඳගණි)

සෙබරක - ඉතින් නවමාලිකා උඹ මගෙ අනික් පැත්තෙන් ඉඳගණින් එතකොට දෙනාටම එකසැරේ ආචාර කළෑකි. (නවමාලිකා ඉඳගණි.) වාලා ! මේ කුසලාන මුද්රි,ක පානයෙන් පුරවාපිය. (හිසේ පළඳා සිටින මල් දමෙන් මල් කඩා මුද්රිේක පානයට දමා දනගසා නවමාලිකාට ඔප්පුකරයි.) මැතිනිය, ඔබ බීලා අනික් අයින්ටත් දෙන්ටකෝ! නවමාලිකා - ඔව්, සන්තොෂයෙන්ම කරමි. (කුසල‍ානය අරන් ආපසු දෙයි.) සෙබරක - (මුද්රිහක පානය දැමු කුසලානය ආත්රෙනයට ඔප්පුකරමින්.) නවමාලිකාගේ තොල් ගෑ‍වීමෙන් මෙම මුද්රි කපාන කුසලානය මිහිරිවුන්. තමුන්නාන්සේට ඒක ඔප්පුකරන්ට අවසර. මට දෙන්ට ප‍ුලුවන් ඉහළම ගෞරවය මේක තමා.

ජොන් ද සිල්වා 487

ආත්රෙදය - මට සමාවෙයන්, මම බ්රාේහ්මණයෙකි. සෙබරක - බ්රා හ්මණයෙක් නම් කෝ පූන නූල? ආත්රෙදය - තොපේ වාලා සමග පොර බදද්දි ඒක කැඩි ගියා. නවමාලිකා - එහෙනම් වේදෙන් ගාථා ටිකක් වැදෑරුවාට මන්දැ? ආත්රෙිය - මුද්රිදක පානයේ ගඳත් මේ සුවඳත් මෙතන තිබෙනතුරු වේදෙන් ගාථා නොකියමි. නුමුත් තොප සග මට තර්ක කරන්ට බෑ. බ්රා.හ්මණයා තොපේ පා දෙක ළග වැටේ. නවමාලිකා - (ඉක්මන්කර නවත්වමින්) අනේ! මහත්මයා එක් කරන්ට එපා සෙබරක පලයන් යන්ට. පලයන් යන්ට. ඇත්තටම මේ බ්රාරහ්මණයෙක්. ගරු කටයුතු බ්රාකහ්මණයා තරහ වෙන්ට එපා: මේක කවටකමක් පමණයි. ‍ෙස‍බරක - (අහකට) සමාවක් ඉල්ලන්ට ඕනෑ. (ආත්රෙ ය ඉදිරියේ වැටේ.) මහත්මයා මට සමාවෙන්න! මම වෙරි වී උන්නෙමි: නවමාලිකා සමග ඉතින් මම යඤ්ඤා. ආත්රෙමය - කනගාටු වෙන්ට එපා හ‍ිතේ කහටක් නැතුව තොපට සමාවුනෙමි. බ්රාකහ්මණයා යන්තම් බේරුණා. නුමුත් මේ බේබද්දගේ ශරිර‍ය මගේ ඇ‍ඟේ ගෑවුනු බැවින් අපවිත්රැකම යන්ට ගොසින් නාන්ට ඕනෑ. (නික්මයයි.) (සෙබරක නවමාලිකා හා ව‍ාලාත් නික්ම යත්) (ජිමුතවාහන, මලයවතී, චතුරිකා සහ දාසියෝ මඟුල් ඇඳුමෙන් පැමිණෙති)

සාරංග හිංචි දාසියෝ - රූබර පින්වත් කුමරි කාර බැ‍ඳේ කුමරා ලෝකේ සැඳි සිද්ධයන්ගේ යසා කාලි දුනි ඈට ප්රේ්ම පාන රම්යර ස්වාමි යසා රැසා ලේ පුරාව යන්නා දැන් දුලා වී

488 නාගානන්දය නාටකය (සාකි) වෙලුනා මේ ජිමුතවාහන නම් රුකේ කල්නෑර රූබර කාන්ත් නම් ලතා ‍බෝම හොඳා කරකාර ප්රිනති ප්රි ති ඉතාන් අපි පාමු - නට නට නාරි ශුභ සිද්ධ වෙනු වෙනු දෙදෙනට මනමාළ ප්රිසති ප්රිෙති ඉතින් අපි පාමු - නට නට නාරි පද තබමින් පද තබමින් නළුවන් මෙන්

ජිමුත - (මලයවති දෙස කල්පනාකර බලමින් කියයි) ප්රේටමනිය බැල්මකින් බලනකල්හි ඕ‍තෝමෝ බිම බලාගෙන සිටින්නිය. කථාකළාට උත්තර නොදෙයි, බදාගත්තාම භයෙන් ත්රකස්තවි ඇකිලෙන්නීය. ඇගේ පුරුදු යාලුවන් කරා මගෙන් පලා දුවන්ට කැමති මෙන් සිටින්නේය. අලුතෙන් බැන්ද මගේ මනමාළි, හිතුවක්කාරි, තර්කෙනුකූලව කරුණු ‍නොවිමසන්නි, ලැජ්ජාකාරි. මේ නිසාම ම‍ාගේ සෞමය මනමාළිගේ ගුණාංගවලින් මගේ හිත වැඩි වැඩිය ආකර්ශාණය වන්නේය. (මලයවතීට) අහංකාරයෙන් කථාකරන්ට පුරුදු මම තිගේ නිශ්ශබ්ද භාවයෙන් මැඩ පැවැත්වී සිටිමි. දවාලට තදහිරු රශ්මියෙන්ද රාත්රි්යට හඳපානෙන්ද වනාන්තරේ ලැව් ගින්නේන්ද මාගේ ශරිරය තැවි ත‍ිබේ. මගේ හිත අනික් සියල්ලකින්ම මිදි තිගේ ස්වරූපයට වාල්විය. බොහෝ දිවා රෑ දුක්විඳ ලබාගත් මගේ ප්රිවයේ, තිගේ උවන නිරික්ෂ ණය කරමි. මලයවති - (ළඟට වෙමින්) ඔහුගේ අංගලක්ෂණ කෙතරම් කදිමද! ඔහුගේ වචන කෙතරම් ඉච්ඡා සහිතද! චතුරිකා - ඉච්ඡා සහිත නෑ! එහි ඉච්ඡාවක් නෑ කිව් සියල්ලක්ම ඒකාන්ත සත්යෙයමැයි. ජිමුත - චතුරිකා. තමල මණ්ඩපයට පන පාර පෙන්නාපන්. (මලයවතිට) මාගේ කුමරිය වරෙන්. තිගේ දුර්ව(ල ශරිරය කෙට්ටු වි නැමි තිබේ. ඉඟටියේ බැඳ තිබෙන මැණික් ජෝන් ද සිල්වා 489

පටියේ බර තිගේ දුවර්ල ශරිරය කෙසේ උසුලයිද? තිගේ කෝමල පා සඟල ශරිරය දරා සිටින්ට තරම් දුවර්ලද කොට කෙසේ මේ පාඩගම්වල බර උසුලද්ද? හා! ආභරණයෙන් අලංකාර නොකළාට තිගේ රෑපය සංසන්දනය කිරිමට නොහැකි තරම් ලක්ෂගණය; මේ තෙහෙට්ටුකරණ රන් මැණික් කුමට ශරිරයේ පටවා ගන්නෙහිද? පිලු - දාදරා

ශුභ මංගල්ලේ සන්දා - ශුභ මංගල්ලේ සන්දා - සිකි කැල රංගේ - වහිති ඉස්ම පෙරි - වන්දනා වෘක්ෂායෙනි - මණ්ඩපේ පුල් මල් මල් තුළේ - නද දෙති හෘංගා ගුම් ගා - නද දෙති ශෘංගා ගුම් ගා &c. (ආත්රෙෘය පැමිණෙමින්)

ස්වාමි ස්නේහ ප්රිෙති චරිත පෑ විල‍ාසේ බැලිමි එන්ට කල් ගියාය මා සිතු සේ මගුල ගැනම සිද්ධ විද්යාලධර සතොසේ ජිමුත - (ඉදිරියට යමින්) යමු බලන්ට උන්ගේ රංග - පුෂ්පදාම සිරස ඇන්ද - විද්යා ධර සිද්ධයෝද - එකට බොත්ය මද්ය පාන - ගෑනු උන්ගෙ බිපු - බඳුනෙහි ලා ලා ලා ලා ආත්රෙඇය - (මලයවතිට) ස්වාමි දූ ඔබවහන්සේ තෙහෙට්ටුවි ඉන්න හැඩයි, මේ පළිගු ආසනයේ වාඩිවෙන්ට නරකද? ජිමුත - මාගේ මිත්රනයා නුවණින් කථාකරයි. චන්ද්රුරශ්මියෙන් දීප්තිව සිසිල්ව තිබෙන මාගේ ප්රිවය සොඳුර‍ලේ උවන අච්චට ප්රිබෝධ විගෙණ එන රක්ත පද්ම‍යක් ව‍ාගෙයි, මෙහි ඉඳගෙන විඩා හරිමු මලයවති - මගේ පුරුෂයාගේ සුලු ආශාවක් උනත් ඊට කිකරු වන්නෙමි. තෘප්තියට පැමිණ සිටිමි. 490 නාගානන්ද නාටකය

ජිමුත - (මලයවතිගේ මූණ උස්සමින් බලා කියයි.) මගේ ප්රි යේ අනේ මම තීව පලක් නැතුව කොපමණ වෙහෙස කළෙම්ද? තිගේ මුණට මල්වලින් ගන්ට පලක් නැත. වැල්මොරෙයියා මෙන් රමණිය වර්ණලයෙන් යුතු ඇස් බැමිද ප්රිමයදායක පාත තොල ද වනාන්තරයක් මැද තිබෙව ලක්ෂමණ උයනක් හා සමානය චතුරිකා - (ආත්රෙහයට) ඔහු අපේ ස්වාමි දූ වර්ණ්න් කළ රඟ නුඹට ඇසෙන්ට ඇති. ඉතින් මම නුඹව වර්ණ්ණා කරඤ්කා. ආත්රෙටය - චතුරිකා, මා අහංකාර කරන්ට එපා. බල බලා ඉන්ට වටින එකම අයයි මෙහි ඇත්තේ. චතුරිකා - ඉන් කමක් නෑ. නුඹව වර්ණංණා කරන්ට කැමැත්තෙමි. අත්රෙකය - එහෙනම් වර්ණඹණා කරපන්. නුඹේ සුරභාවය ඇ‍ඟෙන්ට එක් කරපන්, එතකොට බාගවේලාවට සෙබරක මාව රිළවෙක්යයි කියා නොස්තයි. චතුරිකා - අද පාන්දර ඇස් බාගයක් පමණ වාසගෙන නුඹ සිටින කොට බො‍හොම ලක්ෂරණයට පෙණුනා. අන්න එහෙම මොහොතකට සිටපන් මවිසින් වර්ණෂණා කරණකල්, (අත්රෙිය එසේ කරයි, චතුරිකා තමල මොරෙයියාවක් අරන් මිරිකා ආත්රෙෙයගේ මුණ කළු කරයි, ජිමුතවාහනද මලයවතිද ප්රිආතියෙන් ඔහු දෙස බලති.) ජිමුත - කදිමයි, අප වැනි උදවිය ඉදිරියේ ඇතුව මෙසේ වර්ණලණා කරණු ලබන්ට නුඹට ලැබුනා වාසනාවකි.(මලයවතිට) මගේ රමණිය ප්‍ඹටියේ සිනා පහළ කරන තිගේ පාත තොල පුෂ්පයක්ය, නුමුත් ඉන් උපදින් ගෙඩිය තිබෙන්නේ තොප දෙස බලා සිටින මාගේ නේත්රනවලයි. ආත්රෙලය - (චතුරිකාට) නුඹ කළේ මොකද? චතුරිකා - නුඹව වර්ණුණා කොන‍ළෙම්ද?


ජෝන් ද සිල්වා 491

ආත්රෙදය - (මූණ අත ගා දැලිපාට තිබෙනවා දැක හැරමිටිය උස්සයි.) වාලාගේ දුව වු ති මේ මොකද කළේ? ඒ ඇරත කුමාර කුමාරි දෙදෙනාගේ ඉදිරියේ තී මගේ මූණ කළු කළෙහිය, මෙහි ඉතින් ඉන්ට ඕනෑ නෑ! නික්මයන්ට ඕනෑ, (නික්මයයි) චතුරිකා - අනේ! ‍අ‍ෙන්! ආත්රෙ යට තරහ ගියා. මම ගොසින් ඔහුව සනසා ගඤ්ඤා. මලයවති - උඹ යන්නෙහිද, මම මෙහි තනියම කුමක් කරම්ද? චතුරිකා - තනියම! ස්වාමිනි (ජිමුතවාහන දෙස සිනාසි බලයි) බොහොම වේලා තනියම් ඉන්ටකෝ! (නික්මයයි) ජිංජුට් - කාfපි - දාදරා ජිමුත - රාජපුත්රිා තිගේ උවන රතු නෙලුම් මලක් ලෙසේ දන්ත පේළි මුක්තලී, බෝම රැවටි නේද හෘංගා රොන් ගන්ට පේවි - නොවෙනු විළි කුමාරි මේ ලෙසේ (දුතයෙක් පැමිනේ)

දැන එන්නා ඔබ දක්නා ලෙස් මිත්රොවසු ස්වාමිනේ මා රාජකාරියක්ය ඒ ගැන ඔහු දොඩන්ට එයි තොසේ.

ජිමුත - මගේ රමනිය ප්රි යේ. මිත්රේවසු මුණගැහෙන්ට තිබේ. ඇතුළට පලයන්, ඉක්මණටම මම එඤ්ඤා (මිත්රනවසු පැමිණේ)

මිත්රිවසු - (අහකට) හතුරා තවම ජිවත්ව සිටි, ඌ මරානොදමා ලජ්ජා නැතුව කුමාරයාට මේ අශුභ ආරංචි කෙසේ දන්වමිද? “ ඔබේ රාජධානිය සතුරා අල්ලා ගත්තාය.” යන වචන මට කියන්ට පුලුවන්ද? එ කෙසේවෙතත් කියන්ට ඕනෑ, ඊට පසු නික්මයමි. (ජිමුතට) මිත්රෑවසු ඔබට ආචාර කරන්නේය - උතුම් කුමරුණි! 492 නාගානන්දම නාටකය

ජිමුත - ආයුබෝවන්! මිත්රනවසු, (ඔහු දෙසබලා) මොකද කල බලයකින් වගේ? මිත්රනවසු - කලබල නොවෙන්නේ කව්ද? දුෂ්ට මාතංග වැනි නින්දිත හතුරෙක් ඉන්දැද්දි ! ජිමුත්ර - ඉතින්, මොකද ඒකා කළෙ? මිත්ර්වසු - ඔබගේ රාජධිනියට ඌ පහරදෙන්නේය. නුමුත් අන්තිමේදි උන්දිගේ විනාශය තමා. ජිමුත - එහෙම උනොත් ඒක ප්රිිතිදායක ආරංචියකි! කාඳරා - දිප්චන්දි මිත්ර වසු - සේනා සන්නාහ සරාලා - යන මැන ස්වාමි - උගේ දප් බිඳාලා - දේස සැනසි යන්ට තබමි - ඊට කැමති නොවි - ඉන්ටෙපා - පන්නා මාතංගා දමඤ්ඤා - දිය කුස ඌගේ - බලේ මම් බිඳිඤ්ඤා - ක්රෑ-රතර වී - ප්රාබණ කරමි හානි - කඩුවෙන් - කපා දුරුජනා.

ජිමුත - (කන් වසා ගණිමින්) අහෝ මොහුගේ වචන් කොපමණ ක්රෑතරද, ඔය ක්රොාධ සහිත වචන නොඅසමි, (මිත්රලවසුට) මාගේ මිත්ර ය, ඔබ කරන්ට බැරි නෑ, නුඹේ ශක්ති සම්පන්න් බාහුවෙන් සහ බිඳින්ට බැරි බලෙනුත් ඔයිටත් වඩා ‍ලොකු වැඩ කරන්ට බැරි නෑ. යමෙක් ගලවා ගන්ට මගේ ශරිරය පවා පුදන්ට කැමති මම ඔයාක‍ාර ද‍ුෂ්ට යක්ෂ ක්රි යාවකින් මගේ රට බේරාගන්ට කෙසේ කැමැත්ත දෙම්ද? මගේ මිතුර, සතුරෝ හෘදයෙහි මිස පිට නොමැත - ඒ හතුරෝ නම් ආත්මයට විරුද්ධව නිතරම යුද්ධ කරන් දුශ්චරිතයෝ වෙති. මා සතුටු කරන්ට කැමති නම් ඔය කාලකන්නියාට අනුකම්පා කරපන්, බල පරාක්ර මයට ලෝභකමින් ඌ දුශ්චරිතයට වාලා විය. මිත්රරවසු - (කිපෙමින්) අනුකම්පා කරන්ට! අපට ඒ තරම් යහපතක් කළ අයට කරුණාව පෙන්වන්ට! ජෝන් ද සිල්වා 493

ජිමුත - (අහකට) අ‍හෝ! ඔහුගේ උදහස පැහැර යවන්ට මට නොහැකිය. (මිත්ර වසුට) මගේ දැනමුතුකම් අසාපන්. ඇතුළට වරෙන්. සැන්දෑවෙලා තිබේ, සියලු සත්වයන්ට ජිවිතාලෝකය දෙමින් අලුතෙන් උපන් පත්මයන් නින්දෙන් පුබු‍දුවා දමන වන්දනිය සූය්යගර්යාව මාන්සා නොබලා ‍ලෝකයාට වැඩකර බටහිර පවර්ත යට මුවාවි විඩා හරින්ට සුදුනම් වෙයි. සිද්ධයෝ ඔහුට ඝෝෂා පවත්වා ප්රනශංසා කරති. (නික්මයති) 4 අංකය i ජවනිකා - විථියක් (පස්සෙන් දුතයෙක් ඇතුව සයන් ගෘහපතියා රතු ඇඳුම් කුට්ටමක් රැගෙණ පැමිණේ) කාලිංගඩා - වල්ති. ස: ගෘහපති - රජාගේ වරඟන රැක්මට පත් වි - නාකි වෙල් හැරමිටි ඕනෑ - ගෑණුන් බාරේ ඉන්නෙමි කෑ ගා - රාජාගේ etc. මේ සැරයටියා රාජාගේ කොන්තෙව් - රාජධුරයේ මා රක්ෂාර - මා බාරේ ඇත බෝ බිසෝලා - ඉන් නිසා මම් මන්දිරේ - ඇත්තය් රජෙක්‍ සේ සිටිමි තොසේ - මෝඩකමක් මැයි ලියන් මෙසේ. කූඩු වෙලා රාජා යන්නේ - රක්ෂාෑ මගේ ඉතා හො‍ඳේ - පඩිත් ලබන්නෙම් මේකෙන් බෝසේ - බෝ බිසොල බිති වෙන්නෝ මගෙ අනාඥා දැම්මොත් කඩාලා - දොක්කම් වෙන්නි ඒ ‍බිසෝ - රාජාගේ වරඟන &c

දූතයා - ඔබවහන්සේ මේ කොහෙද යන්නේ? ස: ශෘ - මලයවතිට සහ බෑනාටත් තෑගි කිරිමට රතු ඇඳුම් වගයක් ගෙණයන්ට බිසවුන්නාන්සේ මට එවා තිබේ. කුමාරි ඇගේ

494 නාගානන්දක නාටකය

මයිලනුවන්ගේ නිවසේ සිටින්නිය. ජිමුතවාහන කුමාරයා මුදුබොඩට ගිය බව උඹ දන්නවා ඇත. ඉතින් මට විසඳ ගන්ට තිබෙන ප්රදශ්නය නම් “මෙම ඇඳුම් බිසවුන් නාන්සේගේ දුවට දෙන්ටද නැත්නම් බෑනාට දෙන්ටද?” යනුයි. දූතයා - මලයවතිට ඇඳුම් අරන් යනවා හොඳයි. මෙලහකට කුමාරයා මුදුබොඩ ගොසින් ඇත. ස:ගෘශ - බාගවේලාවට ගොසින් ඇත. ඒක නොවෙයි. උඹ කොහෙද යන්නේ? දූතයා - මනමාළයාට සහ මනමාළිටත් මේ ලබන අලුත් අවුරුද්දට තෑග්ගක් දෙන්ට ‍තිබෙන බව මිත්ර්වසූට මතක්කරන්ට යමි. ඒ ප්රකස්තාවට ඔබින යමක් සොයා බලන්ට යමි. (නික්මයති) ii ජවනිකා - මුදුවෙරළ (ජිමුතවාහන සහ මිත්රිවසු පැමිණෙත්) මාඩි - හිංචි - දාදරා ජිමුත - හාන්සිවෙන්නේ රෑ කාලේ නිල් තණ සයනේ නිල් තණ සයනේ - නිදි බර වේ - හාන්සි වෙන්නේ &c ගලක්ය මාගේ අසුන් වෘක්ෂව ලතාපේ වාසේ සිසිල් ජලේය මගේ බිම පුඤ්චි ගංගාවේ ගසේ මුලෙන් තමා බොජුන් පිරිමසා ගන්නේ මුවන් සමාගමේ මා හදා පිනි යන්නේ බැද්දේ ජිවිතේ මේක තමා - විවේකා ඇති වේ.

නුමුත් මොකක්ද අඩුයි. ඉල්ලන්ට ඕනෑ නෑ. මක්නිසාදයත් සියලුදේම ඒවායේ කැමැත්තෙන් දෙති. මගේ උපකාරය කිසි‍වෙකුට ඕනෑ නොකරයි. එබැවින් මගේ ජිවිතය මෙහි නිකරුණේ ගත‍වේ. ජෝන් ද සිල්වා 495

මිත්රදවසූ - (උඩබලමින්) කුමරුණි, වඩදිය ගලයි. ජිමුත - ඔව්, උඹ කිවා හරි. සාගර තරංගයෙන් පැන නගින ලොකු මත්ස්ය යන්ගේ ඝෝෂාවෙන් භයානක ‍දෝන්කාරයක් ගුහාවල ඇසේ. වෙරළේ ගණන් නැති සිප්පිකටු වඩදියෙන් විසිරි තිබේ. මිත්රෙවසු - අනේ බලන්න මූද මැණික් ගල් ඇල්ලුවා සේ දීප්තව පෙණේ. ජල ගැඹුරේ වසන ලොකු මත්ස්යියන් විසින් විකා විසිකරණ ලද කරාබුනැටිවලින් නික්මෙන සුවඳින් යුතු ජලය එහි තිබේ. වඩදිය ගලා අප ගහගෙන යන්ට මත්තෙන් ඔය ගලට නගිමු.(ගලට නගිති) ජිමුත - මිත්රඔවසු. මුදුන් වලාකුලෙන් වෑහුන හේමන්ත කාලේදි ධවල වණර්යෙහන් හිම රඳා ශෝභමානවු කඳු ගැට මෙන් ඔය උස් ගල් පර්ව්ත ඉතා ලක්‍ෂණට පෙණේ. මිත්ර්වසු - නෑ. ඒ කඳුගැට‍ නොවේ. සුදු ඇට ගොඩවල්ය. ජිමුත - ඇට? පුදුමයි. එතෙන්ට ඇට ආවේ කොහොමද? ඒ අවාසනාවන්ත සතුන් ඔය තරම් ගොඩවල් ගසා මරලාද? මිත්රාවසු - එක‍සැරේ මරලා නොවෙයි. ඕවා බිල්ලට අසුවුන නාගයන්ගේ ඇටයි. දින ගානේ එකා බැගින් ගොදුරට අසුවුන සතුන්ගේ ඇට තමා. දවසක් පාසා පක්ෂිනයන්ගේ ගරුඪ රජා පියාපත්වලින් මූදේ වතුර පලාගෙන තදෙන් හුළං හමවා පැමිණ අහසට නැගි නාගයෙක් ඩැහැගෙන ගොස් කන්නේය. ජිමුත - අහෝ ! දුෂ්ටකම! ඉතින් ඉතින් මිත්රකවසූ - නාගරජ වනාහි ඔහුගේ සෙනග මෙසේ සහමුළින්ම නැතිවෙයි සිතා මේ රුදුරු පක්ෂි රාජයාට යාච්ඥා කර සිටියේය.


496 නාගානන්දට නාටකය

ජිමුත - නාගරජු‍ෙග් යාච්ඤාව කුමක්ද? තමාගේ සෙනග ගලවා ගන්ට තමාම පුජාවෙන්ට යාච්ඤාවද? මිත්රත - නෑ! නෑ! පියාසර රජුට ඔහු මෙසේ කිවේය. “ඔබවහන්සේට භය වි ම‍ගේ වැසි‍යන්ගේ දරුවෝ උපදින්ට මත්තෙන් ගබ්සා වි ජාතිය වඳ වේ. ඔබවහන්සේට මින් ලාභයක් නැත. පෘථුවියෙන් ඔබවහන්සේගේ කෑම අන්තර්ධාැන වේ . දවසකට එක නාගයෙක් පමණක් බිලිගණු මැනව. එබැවින් මගේ වැසියන් භයගන්වන්ට පමණක් එපා” ය. ජිමුත - (නින්දාකරමින්) උතුම් රජුනි ! ආරක්ෂාසවක් නැති තොපේ ර‍ාජධානිය ප්ර්වේසම් ‍කළෙහිද! දහස් ගණන් නිවසන ‍රටේ එකෙක් සිටියේ නැද්ද? “ මගේ සෙනග ගලවා ගැනිමට මගේ ජිවිතය පූජාකරමි. මා බිල්ලට ගණින්” යයි කියන්ට! මිත්ර - පක්ෂිටරාජාව මෙසේ සතුටු කරන්ට නාගරජ එකඟවිය. එදා පටන් ඔය සුදු ඇට ගොඩවල් වැඩිවි යති. ඔව්, ඒවා වැඩිවෙති. මක්නිසාදයත් අසරණ නාගයෙක් බැගින් පක්ෂි, රාජයා දවසක් පාසා අල්වාගෙන කයි. ජිමුත - අහෝ! භයානකයි, භයානකයි මෙසේ තමා මොඩයන් ශරිර‍ය නිසා පව් කරන්නේ. වේලුන තණ පරඩලයකට වඩා නොවටින ශරිරය, අශුද්ධයෙන් පිරුන ශරිරය! මේ අපරාධ පාපය නිසා ශරීරයට දඩුවම් ඇත. අහෝ! එක නාගයෙක්වත් ගලවාගන්ට මගේ පණ පුදන්ට ඇත්නම්!

(දුතයා පැම‍ිණේ) දූතයා - යන්තම් කඳුගැටේට ආමි. මිත්රහවසු කුමාරයා වෑයම් කර සොයාගන්ට ඕනෑය. ඔහු මේ ඉන්නේ මනමාළයත් සමඟ. (ළඟට යමින්) ස්වාමිනි, ඔබවහන්සේට මාගේ ගෞරවය පුදමි.

ජෝන් ද සිල්වා 497

මිත්රද - තොපේ පණිවිඩය කුමක්ද? (දූතයා මිත්රදවසුගේ කණටකර කියයි.) කුමරුණි, මගේ පියා මට එන්ටෙයි කියා එවා තිබේ. ජිමුත - ආයුබෝවන්! පියාගේ අණ පිළිපැදපන්. මිත්රද - ජිමුතවාහන, මා යන්ට මත්තෙන් එක ඉල්ලිමක් කරන්ට තිබේ, මේ පිළිකුල් ස්ථානය හැරලා යන්න. මෙක මුසල ඉඩමක්ය. (නික්මයයි) ජිමුත - මම මුදට බැස වෙරළ දිගේ ඇවිදින්නේමි. (බසි. තිරෙන් පිට හඩක් ඇසේ: “ මගේ පුතේ නුඹ බිල්ලට අරන් මැරුම් කනවා බලා සිටින්නේ කොහොමද!”) ජිල්ලා - හිංචි ජිමුත - වේදනා සංඥා ඇසෙන්නා - ඒ ගෑණු හඬ වාගෙයි වේදනා සංඥා ඇසෙන්නා - කිමදෝ කාරි කෑ ගා හඞන්නේ බීත වී වෙව්ලා ඉන්නා විලාසයක් තේරුම් ගියා ඇන්නෑවේ - වේදනා සංඥා ඇසෙන්නා - ඒ ගෑණු හඞ වාගෙයි - වේදනා සංඥා ඇසෙන්නා.

(මැහැලියක්ද රතු ඇඳුමක් අරන් යන දාසයෙක්ද පස්සෙන් ඇතුව නාග කුමාරයෙක් වු ශාංඛවුඩා පැමිණෙ) මැහැල්ලි - අහෝ! මාගේ පුතේ! අද නුඹව බිල්ලට අරන් මරාදමනවා මම කෙසේ බලා සිටිම්ද? මුලු නාගලෝකේ නුඹ නැතුව අන්ධකාර වෙනවා ඇත ශංඛ - මෑනියන්වහන්ස, කුමට අඩනවාද? නුඹේ කඳුලෙන් මගේ දුක වැඩි වෙයි. පරජ් කාලිංගඩා - ලාවනි මැහැල්ලි - (අත් පා අත ගා) ඉරාය අත් පා ප්රේනමා පුතණ්ඩිය පක්ෂි්රජාගේ තුණ්ඩාග්රෙගන් - ඉරාය &c (අඞමින් බදාගණි) 498 නාගානන්ද නාටකය

ශංඛ - නාඞ මැනා මා බුදු අම්මා (යන්ට හදයි) මැහැල්ලි - අන්තිම පාරට පේන්නන් මුණා. ශංඛ - ශෝක වෙන්ටෙපා - මාතා නේ ඉරාය &c

දාසයා - ශංඛවුඩා කුමරුණි, වඩිනු මැනව. ඔබගේ මෑනියන්ගේ විලාපය නිසා නාගරජු‍ගේ ආඥාව ඈට මතක නැත.මෙහි නවතින්ට නොහැකිය. (වැඳ කියයි). උතුම් කුමරුනි, නාග රජුගේ නියෝගයට කිකරු විය යුතුයි. මරණයේ බාපනය වු මේ රතුපළඳනාව ඇඳ අර ඉරණම් ගල පිටට නැගි ඔබවහන්සේගේ කමර්‍ විපාකය ලබනු මැනව! ඔබවහන්සේ ගරුඩාගේ බිල්ලය. ජිමුත - මොවුන්ගේ රජ්ජුරුවෝ වැසියන් මෙසේ අත්හැර දමන සේක්ද! දාසයා - කුමරුණි මෙන්න රතු ඇඳුම, ඒක අරන් අඳිනු මැනව. ශංඛ - (ගෞරවයෙන්) ඒක මට දියන්. (අඳි). මගේ ස්වාමින්ට කීකරු වෙමි. මැහැල්ලි - (රතු පළඳනාව පුතා ඇඳ සිටිනවා දැක) මගේ ජිවිතය ඉතින් කම්මුතුයි! හෙණ ගුළිය වැටුනා ! (මුර්ච්ඡා වෙයි) ශංඛ - මාතා! සිහිවෙයන් දාසයා - කාලය ඉක්මණට ගමන් කරයි. පක්ෂි න්ගේ රා‍ජා පැමිණ ඔහුට නියමවු බිල්ල ස්වල්ප වේලාවකින් ගන්නවා ඇත. (නික්මයයි.)

මැහැල්ලි - (සිහිවෙමින්) බාර සීයක් ඔප්පුකර ලබාපු මාගේ පුතේ! ඉතින් නුඹව කවදා දකිම්ද! නුඹේ රෑපාලංකාර ශරිරය විනාශයට කැප විය!


ජෝන් ද සිල්වා 499


ජිමුත - පක්ෂි න්ගේ රාජා කොයිතරම් අනුකම්පා නැති අයෙක් ද! උගේ පපුව කළුගලක්ද! මවුගේ තුරුල්ලේ සිටින මේ දරුවාව දැක ඇගේ කඳුලු විලාව නොසලකා සිටිද!

රාමකලි - ලාවනි ශංඛ - මාතා නොහඬ නෑ මෙ ලෝ ආධාරේ මාතා කවුද මාව බේරාගන්නේ තනියම ඉපදුනි තනියම යන්නේ කලකම් ඵල දෙයි සව්ලෝහි මාතා නොහඩ නෑ මේ ‍ලෝ ආධාරේ ප්රා ණ අනුන්නේ බේ‍රන්නෝ ලොවේ ආදි කාලේ උන්නෝ දැන් ලෝ නොමැත් නාඞ ඉඳින් මාතා දැන් ‍ශෝකා නෑ නිවන්ට අයෙක් නම් මෙ ලෝකා පල කිම්ද හැඩිමෙන් මව් කෑ ගා - කැපවේච්චි පක්ෂිමයාගනේ ගැලවෙන්ට නෑ දැන් අන්දම් - ශොක හිතට ගත්තායින් කර්මෙන යාවිද වෙල් සුන් මගේ පාප කරුම ගෙවමි ලෝකේ

(මව්ගේ කඳුලු පිසයි.) ජිමුත - (අනුකම්පා වෙමින්) තම ස්වාමියා විසින් අත්හරිණු ලැබු මේ අසරණ අය මරණින් බේරා නොගත්තොත් මගේ සත්පුරුෂ ගතිය කුමක්ද! මම ගොසින් ඔවුන් කථා කරඤ්ඤා. ශංක - මෑනියනි සැනසියන්. මැහැල්ලි - මට සැනසිල්ල අනේ මෙලොව නෑ. තොපේ ආරක්ෂාා කාරයාවු රජා තොප දැන් අත්හැරියේය. ඉතින් කවුරු තොප ආරක්ෂාා කරයිද!


500 නාගානන්ද් නාටකය

ජිමුත - (ඉදිරයට පැමිණ) ඇයි! මන්ද මට බැරිද? මැහැල්ලි - (ගරුඞ පක්ෂි යායයි සිතා භයෙන් වෙව්ලා කියයි) අනේ විනතාගේ පුතණ්ඩි! නාග රජ මා මරණයට නියම කෙළේය. මම නුඹේ බිල්ලාය. ජිමුත - (කඳුලු පෙරමින්) අහෝ! ඇගේ දරුස්නේහ! නාගයන්ගේ සතුරාවු අනුකම්පාවක් නැති ගරුඪරාජයා පවා ඇගේ මේ දුක සහ ස්නේහය දැක අනුකම්පා නොවෙයිද!

ශංඛ - මාතා භය නොවෙනු. මොහු පක්ෂි රාජයා හා සමාන කෙනෙක් නොවේ. නුඹට පෙනෙන්නේ නැද්ද සත්පුරුෂ ගතිය? නාගයින්ගේ ලේ පෙරෙණ නැමුන රුදු හොටක් ඇති විනතාගේ පුතාටත් මොහුටත් පොදුවේ ඇති ගුණාංගයක් නැත. මැහැල්ලි - අනේ මගේ බිරම් ගතිය නිසා ලොව සියලුදෙනාම මට සතුරන් මෙන් පෙණි යති. ජිමූත - මෑනියනි, භය නෙවෙන්. මම තොපේ ආදරනීය දරුවා ප්රූවේසම් කිරිමට පැමුණුන විද්යා්ධරයෙකි. මැහැල්ලි - (ජිමුතට) මගේ පුතේ කෙතරම් ප්රි.තිදායක වචනද අනේ! තව සැරයක් කියාපන්! ජිමූත - ‍පොරොන්දුවලින් කමක් නෑ. එහි සැබෑව මගේ ක්රිදයාවෙන් පෙනි යනවා ඇත. මට අඳින්ට ඔය රතු ඇඳුම දියන්. එසේ ඇඳලා මරණයට ලකුණු තබා ගඤ්ඤා. මගේ ශරිරය විනතාගේ පුත්රුයාව බිල්ලට දී නුඹේ පුතා බේරා ගඤ්ඤා. මැහැල්ලි - හා! එපා, ඒක එහෙම නොවේවා! ශංඛචූඩා මෙන්ම නුඹත් මගේ පුතෙක්ය. පුතෙකුටත් වැඩිය. මක්නිසාදයත් කිසි නෑයෙක් මගේ පුතා බේරාගන්ට නාව තැන නුඹ නුඹේ ජිවිතය පුදා ම‍ගේ පුතා බේරාගන්ට කැමැත්තෙන්ම ආ බැවින්ය.

ජෝන් ද සිල්වා 501 ශංඛ - අනේ උතුම් මනුෂ්ය යා! ලෞකික අයින්ගේ හිතට ඔහුගේ හිත කොපමණ වෙනස්ද! පරපණ ගලවා ගැනිමට සිය පණ පිදුරු ගසක් තරමවත් නොසලකා පූජා කරයි. ඒ කෙසේ වෙතත් ආදි කාලේදී ප්රලඥාවන්ත විශ්වාමිත්ර ඍෂියා බඩගින්න නිවාගන්ට චණ්ඩාලයෙකුගේ අතින් බලුගාතයක් උදුරාගෙන කෑවේය. ගෞතම ඍෂියා තමාට උපකාරයක් කළ නාදීජංග මැරුවේය. ගරුඩා දවස ගෙනේම නාගයන් කන්නේය. ඉතින් ප්රරඥාවන්තයෝ, ශ්රේමෂ්ඨයෝ, යහපත් සැමදෙනාම සිය පණ පර පණට වඩා සලකති. (ජිමූතට) නමුත් නුඹ මෙකි සියලු දෙනාටම වැඩියෙන් ලෝකෝත්ත්ර අතට පෙරළි නොඉල්ලා අනුකම්පා කර මගේ පණ වෙනුවට නුඹේ පණ දෙන්ට කැමැත්ත දුන්නෙහිය. එසේ කරන්ට එපා! වැදගැම්මක් නැති සත්වයෝ ලෝකේ ඉපිද ජිවිතය ගෙවා මැරි මරණින් පසු සිහිවිමට කිසි ලකුණක් නොතබා යති. එහෙම කෙනෙකි මම. තමුන් ගැන නොසලකා පර පණ වෙනුවට සිය පණ පූජාකරණ සත්පුරුෂයෝ - නුඹ ඔවුන්ගේන එක්කෙනෙකි. කෙසේ උත්පත්තියට පැමිණෙන්නෝද? මැරෙන්ට ඕනැයි කියා බල නොකරණු. ඔය අරමුණ අත්හැර දමනු. බරවා - කාලිංගඩා - හිංචි. ජිමුත - තා නිසා මා පණා - මේ පොටේ පිදීම මගේ වසනා තගේ ප්රා-ණේ, නිසා මේ - පරාණේ පිදිමේ පිණ පෑදුනා ඒ ගැන එපාය මට චෝදනා - තා නිසා මා පණා නොකර බාදා මෙදා ගලවා දියන්කෝ වස්ත්රාන මගේ ශංඛය චූඩා ගුණ පානා මිත්රාන ඉරා කන්ට මගේ මාංස සතොස් වී දෙඤ්ඤා නැත සිත් සංකා ගරුඞාහට දානේ දෙඤ්ඤා මට චෝදනා - දැන් මේ ගැනා - නොකර මනා - ඇ‍ඳුමා දෙනා - ලෝකෙට සැදේය සෙත වාසනා. 502 නාගානන්දද නාටකය

ශංඛ - අනේ මට බලකරන්ට එපා. ඒක මට කරන්ට බෑ. මෙබඳු ක්රි‍යාවකින් කිසි කැලලක්. ‍‍ෙනාසිදු මගේ පවුලට කෙසේ පලුදු කරම්ද! නුඹේ ප්රේ මය ලබන්ට අපි වටින්නෝ උනෙමු නම් මගේ මව්ගේ ප්රා ණය බේරාගන්ට වෙන උපායක් යොදනු. ජිමුත - උපායක්! වෙන උපායක් යොදන්ට! මේක ඇර වෙන මොන උපායක්ද? නුඹේ මව් නුඹ සමග ඉඳ නසින්ට හැකිය. මගේ පණ පුජා කර නුඹව මරණින් බේරාගණිමි. ඔය ඇඳගෙණ සිටින රතු පළඳනාව මට දියන්. පුජා පවත්වන ගලට මම නගිඤ්ඤා. මේ මාරයාගේ තිප්පළෙන් මව් අරන් විගස පලයන්. ඈට මේ මරු ගල දිහා බලන්ට දෙන්ට එපා. අන්ධකාරයෙන් ගැවසී ගත් මේ ස්ථානය ගණන් නැති නාග ඇටවලින් පිරි තිබෙනවා. නුඹට පෙනෙන්නේ නැද්ද? ලේ‍ පෙරෙණ තුණ්ඩාග්ර යෙන් පතිත වන මාංස බලාගෙන පියා හඹන උකුස්සන් නිසා ඉර මුවා තිබේ. මේ රුධිර සාගරයේ පෙ‍ඟෙන මාංසවලින් නික්මෙන දුර්ගනන්ධය නිසා නරි නොකඩවම හූ කියත්. මාජි - ගසල් - දිප්චන්ද - වල්ති ශංඛ - නා‍ ‍ලෝ කම්පිත ප්රාිණින් මේ භුමියේ - කා ලන පක්ෂිු රජා - ග්රිනවේනා ඇටවැල් සදා - එල්ලා සිත් වේ බරම් - ප්රා්ණේ මගේ මින් මුදා අනේ - දෙන්ට බෝ මෛත්රිි ගුණෙන් හැපි - මෙදා ඉල්ලන පින්වතෙකි - මම් කෙසේ ගුනෙන් හැපි - මෙදා ඉල්ලන පින්වතෙකි - මම් කෙසේ අයැදුම පිළිගණිමිද මෙම - කම්පිත ප්රාේණින්‍ මේ භූ‍මියේ - කා ලන පක්ෂිණ රජා - ජිමුත - ඔය ඇති, මේ භයංකාර දර්ශණනවලට මම වංචල නොවෙමි. මගේ සිත සිථිරවම පවති. ශංඛ - දැන් ඉතින් වෙලාව ළඟයි. ගරුඞ රාජා එයි. ප්රා ණය පූජා කරන්ට මත්තෙන් මගේ ආගමේ අන්තිම කටයුතු කිරිම සෑහේ. එනිසා මේ තිබෙන කෝවිලට ‍ගොස් වැඳ පුදා ජෝන් ද සිල්වා 503 ඉක්මණට එන්නෙමි. මාතා පලයන්. නැවත මම උපදිම්වා. මොන ආත්මෙක උපන්නත් නුඹ මගේ මාතා වේවා. මැහැල්ලි - මගේ රම්ය පුතේ .ඔය මගෙන් වෙන් වී යන වචනද.ඔහොම මට යන්ට බෑ. නුඹ සමග මමත් නසිමි. (ශංඛචුඩා මව් සමග රතු ඇඳුමත් අරන් නික්මයයි.) ජිමුත - මගේ වාසනාව! සිතේ ආශාව අන්තිමේදී ඉෂ්ටවෙන්ට යන හැඩයි. (සයන් ගෘහපතියා රතු ඇඳුම් අරන් පැමිණේ.) සඃගෘහපති - ස්වාමිනි මගේ ආචාර පළිගණු මැනව. බලන්න බිසුන්නාන්සේ මේ ඇඳුම් තෑගි කොට එවා තිබේ. ජිමුත - (අහකට) ඒවා මට දියන්. මලයවති සමග සරණ බන්ධනයට ඇතුළ්වි‍මේ මහපත් විපාකට මට ලැබුනා. (සයන්ට) බිසවුන්නාන්සේට මගේ ආචාර ඔප්පුකරපන්; ආයුබෝවන් (සයන් ගෘහපති නික්මයයි) (රතු පළඳනාවක් අදිමින්)

ජිල්ලා - ලාවනි. ප්රාලණ පුදා ප්රානණ ගලවා ගන්නෙමි දුරු කර ආලය මේ ලෝ පේණා - ඇඳලා රතු මේ වස්ත්රක නගිඤ්ඤා ගල පිට දානෙට මාගේ ප්රාළණා - වාතවේග වෙනවා නිල් නුබ අඳුරු වයස් හිරු රශ්මි බංගේ - ගරුඞා පියඹා එන්ට ළගය් දැන් හිත පිරියෙන් සැලෙනා සර්වාං‍ගේ.

සිව් දිසාවන්හි පොළෝතලය උසුලාගෙණ සිටන හස්ති‍යෝ වෙව්ලති. සූය්ය්‍ට යන් දොළොස් දෙනෙක් පායා නික්මෙන ආලෝකය මෙන් ඔහුගේ ශරිරයෙන් නික්මෙන එලියෙන් මුලු සක්වළම බබලන්නේය. ගලට නගින කොට

504 නාගානන්ද‍ නාටකය

සර්වාංගයම ප්රි්තියෙන් පිරි යන්නේය. මේ ඉරනම් ගල බදාගන්නා කල මට ඉපදෙන ප්රිෙතිය සඳුන් ඇ‍ඟේ තවරාගෙන සිටින මලයවතිගේ ස්පර්ශපයට වඩා දහගුණයක් ‍ලොකුයි. දරුවෙක් මව‍ගේ තුරුල්ලේ නිදාගත් කළ ලැබන තෘප්තියට වඩා මේ ගල පිට සිටින කොට මගේ තෘප්තිය අධික වන්නේය. (ගරුඞා පැමිණේ.) ආශාවරි - දිප්චන්දි ගරුඞ - බිල්ල ගන්ටාමි අහස ගිගුම් දී දිටුවෙමි තාරපති ගගනේහි - බිල්ල ගන්ටාමි. උණ්ඩිවෙලා බෝ බීතෙන් සිටියය් - මට හිතුනා ශෙෂ මාව දැකිමෙන් - මුණගැසි අරුණෝදය තොස් කී - සූය්යැර්‍ රථෙහි බැන්ද අස් ගියෝ ගැස්සි - එල්ලි ඇත පියපත්හි වලාකුල් - මාගේ බලේ ආක්ශේ වී තුල් රිහිරි පෙරා මම් නා ලෝ සතුන්ගේ - කමි ඇට මාංසා දිදී වද හිංසා.

ජිමුත - (තමාටම) මේ මගේ පුජාව සන්තෝසෙන් කරමි. මතු උපදින ආත්මවල වැඩිවැඩිය පින් ලැබි අනුන් උදෙසා නැවතත් පුදන්ට කයක් මට ලැබේවා! ගරුඞ - (ජිමුතවාහනව දකි.) හා ! හා! ගල උඩ මගේ ‍ගොදුරවු නාග සිටි. හෘදය මට භයෙන් දෙදරා ලේ ගෑවුන මෙන් රතු පළඳනාවක් පෙරවාගෙණ ඉන්නාවු මොහුගේ පපුව හෙණ ගුණුඩුවකටවත් වඩා රුදුරු මගේ චක්රවතුණ්ඩයෙන් දෙබෑ කර දමමි (මල්වැසි වසි, හේරිනාද ඇසේ) අහෝ පුදුමයි භෘංගයන් සන්තෝස වන්නාවු මේ සුවඳැති මල් වැටෙන්නේ මොකද! මොකද! ආකාසේ හේරිනාද දෝංකාරය දුවන්නේ. (හිනාවෙමින්) කල්ප වෘක්ෂතය ඇත්තටම තද රළු හුළඟකින් වංචල වෙලාය. මගේ පියාපත්වලින් කැළඹුන වාතය නිසා ඒ මල් පොළවට ජෝන් ද සිල්වා 505 සැලෙන්නේය. වලාකුල්ද ලෝකයට විනාශය පැමිණෙන බව දක්වන්ට මෙන් ගිගුරුම් දෙති. ජිමුත - අ‍හෝ මම කොපමණ වාසනාවන්තයෙක්ද? මගේ හිතේ ආශාව මට ලැබුනි. ගරුඞ - (ජිමුතවාහනව අල්ලාගණි.) නුමුත් මේ මොකද? මොහු නාගයෙක් මෙන් නො‍පෙනේ. ඒ කෙසේ වෙතත් නාග ම‍ාංසයට මගේ තිබෙන ආසාව මොහුගේ මාංසයෙන් අඩු වන්නේය. ඉතින් මලය පවර්තග මුදුනට ඩැහැගෙන ගොස් එහිදි මොහුගේ මාංසයෙන් මගේ කුසගින්න නිවාගණිමි. (නික්මයයි.) 5 අංකය i ජවනාකා - පාරක්

(දූතයෙක් පැමිණේ.) දූතයා - අප විසින් ආදරය කරණු ලබන අයෙක් ‍ප්රටවේසම් වී ගෙදර සිටියත් ඔහුට නපුරක් සහ මර‍ණයත් වේයයි එම ආදරය නිසා අපට හිති යන්නේය. මනුෂ්ය වාසයෙන් තුරන් වී තනියම ඈත ගොසින් ඔහු සිටිනවා නම් ඊට වඩා භය අපට උපදින්නේ නැද්ද? කාරණා ඉතින් මෙහෙම තමා, පක්ෂිපන්ගේ රජා වු ගරුඞ සංචාරණය කරණ පළාතට විශ්වාවසු රජුගේ බෑනාවු ජිමුතවාහන ගොසින් සිටි. ගියාට පසු ඔහුගෙන් කිසි ආරංචියක් නෑ. අන්න! මලයවති කුමාරිද බිසවුන්නාන්සේද කැටුව ජිමුතකේතු රජ දුර ඉන්නවා. අහෝ! රාජඍෂින් වහන්සේ මූදූ පෙන මෙන් ධවලවු මුදේ තුනි තරඟ මෙන් රැළි ඇති වස්ත්ර පැළඳ හරියටම ශුද්ධ ගංගා නම් ගඟ සාගරය අලංකාර කරණ ප්රයකාර බිසවුන්නාන්සේ ඔහුගේ පැත්තකින් ඉන්න හැටි. දෙදෙනාම අනගිකමින්ද දරුඵල ලැබිමෙන්ද


506 නාගානන්දන නාටකය කිසිවෙකු සමාන නොවෙති. ඔවුන්ගේ පාද ළඟ ලක්ෂ ණ මලයවති කුමාරිකා වාඩි වි සි‍ටින්නිය. (නික්මයයි.) (ශංණචූඩා රතු ඇඳුමකින් පැමිණේ) කාලිංඩා - දිප්චන්දි

ශංඛ්චූාඩා - මගේ වන්දනා කෝවිල් උනිය හමාරා - පිදිම පණ මා වන්නේ මෙ වාරා - මරුගල මෙන්නා නැගි පණ පුදනා - කෝ විදුදාරා උන්න පෑදී - සිදුවද ප්රාගණා - දරාගන්ට නම් දුක් බෑ බිලි වී කුමාරා - ගියාද ගුරුළා - ඩෑගෙණ නෑරා - මමිතුර අය්යෝ පණ පිදුම ගැනා - ‍කොයිබ ගියාදේ අන්තරා වේ වැටුනාම බේරා - ගියාද කුරුළා etc.

අ‍හෝ දුෂ්ට මම! ‍ම‍යෙග් අපරාධයට සමාවක් නැත. මගේ නෑයන් වෙනුවට සිය පණ පුදා ලබාගන්ට තිබුන පිණ මට නැති වෙච්චි. මගේ රාජ ස්විමිගේ අණට අකීකරු උනෙමි. කාලකන්නි මම! පර පණ පුදවා සිය පණ ගලවා ගතිමි. මම රැවටුනෙමි. මේ නින්දාව ලබන්ට ජිවත් නොව් මරුග‍ෙලේ පටන් වැගිරි තිබෙව ලේ ධාරාව ප‍ාරේ ඔහුව සොයා ගෙණ යමි. (නික්මයයි) ii ජවනිකා - මාලිගය ඉදිරියේ උයනක්

(ජිමුතකේතු බිසවුන්වහන්සේ හා මලයවති සමග පැමිණේ) සාරංග - හිංචි

ජිමුතකේතු - මගේ බාල කාලේ වු ප්රිිති දැන් ඇත්තේ - තෙදිනි රාජධානි දිලෙන්නා ඒ සත්තේ - දිලෙන්නා ඒ සත්තේ - ධ්යා-න දැර වි චිත්තේ පිරි තිබෙන්නේ - ම ජිමුතවාහනා වැස්සන් සිත් ගන්නේ - නෙවැස්සන් සිත් ගන්නේ. ජෝන් ද සිල්වා 507

අපේ පැත්තකින් වාඩි වී ඉන්නා දේවි - පවර නන්දනි මා පුතා මෙන් තුම් වන්නි - පුතා මෙන් තුම් වන්නි - සැමදේම ම‍ාගේමයි මනා පිනෙන්නා - නුමුත් ජිවිත‍ෙකෂ සිතා බෝ බලඤ්ඤා - සිතා බෝ බලනඤ්ඤා.

(ජිමුතවාහනගේ දූතයා හදිස්සියේන් පැමිණේ.)

දූතයා - ජිමුතවාහන කුමාර‍යාගේ දූතයා. ජි. කේතු - අපොයි කෙතරම් අශුබ වචනද. බිසෝ - දෙවියෝ අශුභ නිමිති පැහැර අරිත්වා! මලයවති - අපොයි! මගේ හෘදය වස්තුව ඇතුළෙන් කිඳා බසින්නේය. ජි. කේතු - මොනවද, තොපේ ආරංචි. කුමාරය ගැන‍ මොකද? දූතයා - රජුනි, විශ්වාවසු රජ්පු‍රුවෝ ජිමුතවාහන කුමාරය‍ාගේ සුව දුක් දැනගන්ට කැමැත්තෙන් ඔබවහන්සේගෙන් එය අසා දැන ගන්ට මා එවු සේක.‍‍ෙමාන උත්තරයක් ‍‍ෙගාසින් කියන්ට මට ලැබෙනවාද? ජි.කේතු - මොකද කියන්නේ මගේ පුතා රපු ගාවා නැද්ද! බිසෝ - මොකද උතතර දෙන්ට ප්රයමාද? මගේ පුතා කොහේ යන්ට ඇද්ද? ජි.කේතු - අනුමානයක් නෑ. කොහේ ගියත් ඔහුගේ සිහිය නිතරම අප ගැනයි. මලයවති - එසේම වේවා. මගේ හිත බොහොම භයයි. දූතයා - ස්වාමිනි. රජුට කුමන උත්තරයක් අරන් යමිද? ජි.කේතු - කුමක් කියම්දැයි නොදනිමි. මාගේ හෘදය භයෙන් පිරි තිබේ. “ ජිමුතවාහන තවම ‍නාවේය.” ඒ උත්තරය අරන් පලයන්. අහා! මගේ පුත! මගේ පුත!! (ඉර දිහා බලමින්)

508 නාගානන්ද! නාටකය

ජිවිතය දෙන සූය්ය් මණ්ඩලය! අනේ ඔබේ සහස්රර රශ්මිය! තිලොවට ආරක්ෂායකාරයා! අනේ බලනු මැනව! මගේ පුතනුවන්ග් තේජස පැහැදිලි කරණු මැනව!(පා ඉදිරියේ සිළුමිණක් වැටේ) අ‍හෝ මේ මොකද හරියටම ඉතා ඉහළ අහසින් හුළඟ හේතුකොටගෙණ රතු තරුවක් පොළවට කඩා වැටුනා වාගෙයි. අනේ බලන්න එහි දිප්තිය ලේ ගොඩක් වාගෙයි. එ් කෝ ආලෝකෙන් මගේ ඇස් ක්ලාන්ත වේ. (සියලුදෙනාම බලති.) ලේ පෙරෙණ මස් කෑල්ලක් ඇතුව තිබේ. සිරස පළදින මැණිකකි. බිසෝ - (දුකින්) හා ! ඒක මගේ පුතාගේය. අහෝ! ගරුඞා ඔහුව බිල්ලට අරන්ය. මලයවති - (අහකට) දේවපිහිටාධාරයෙන් එය මගේ ස්වාමියාගේ නොවේවා! දූතයා - බලසම්පන්න රජුනි. ඔබවහන්සේ‍ගේ හට අඩුකරනට අවසර. නාගයන්ගේ සිරස් පළඳනාවලින් ඉදිරි වැටෙන මැණික් බිම තිබේ ජි කේතු - (බිසවට) මොහු කියන එක බාගවේලාවට වෙන්ට පුලුවනි. බිසෝ - දැන් මගේ පුතා විශ්වාචසු‍ගේ මාලිගාවට පැමිණ ඇද්දෝ (දූතයාට) විගස ගොසින් එහි ඉන්නාවද කියා බලාපන් (දූතයා නික්මයයි) ජි. කේතු - ඒක නාගයෙකු‍ෙ‍ග් මැණිකක් වේවා! (ශංණචුඩා පැමි‍ණේ) ශංණචූඩා - අනේ! ශිරෝමණි! තුන්ලෝකේම මෙබඳු මැණිකක් නැත කවදා නුම වාගේ කෙනෙක් මට දකින්ට ලැබේද! අනේ! මගේ නේත්රව ක්ලාන්ත වන්නේය. බි‍සෝ - (උනන්දු වෙමින්) ස්වාමිනි, අනේ මේ කව්ද? ඔහුගේ විලාප වචනවලින් මගේ හිත චංචල වන්නේය.


ජෝන් ද සිල්වා 509

ජි. කේතු - හිත චංචල කරගන්ට එපා. මේ සිරස පළඳනාව ඔහුගෙයි. කුරුල්ලෙක් මාංසයයි සිතා ඒක ඔහුගේ හිසෙන් උදුරාගන්නා ලද්දේන් මිහිපිට වැටි ත‍ිබේ. බිසෝ - (මලයවති බදාගණිමින්) මගේ දරුවා. නිශ්චලව සිටපන්.විධව භවයේ දුක් විඳින්ට තිගේ ලක්ෂදණය හේතු නොවන්නේය. ජි.කේතු - (ශංඛවූඩාට) මිත්ර්ය, සිරස පළදින මැණික කෙසේ නැති කරගත්තෙහිද? ශංඛචුඩා - අනේ! ඒක මගේ නොවෙයි. ජි. කේතු - එහෙනම් කාගේද? ශංඛ - ම‍ගේ කටහඩ ශෝකයෙන් මිරිකි කථාකරන්ට බැරිය. ජි.කේතු - නුඹේ ශෝකය උසුලන්ට බැරි මෙන් පෙනෙයි. මට එය පහදා කියනු. ඉන් උසුලන්ට බැරිකම මදක් අඩුවෙයි. ජිංජෝටි - කවාලි.

ශංඛ - රජ නා ලොවේ බිලි දෙන්ට මා එවියා - (දො‍හොරා) පුදන්ට ජිවිතේ ආමි නියෝගෙන් නා ලෝ රාජාගේ නුමුත් ඉඩ දුන්නේ නෑ විද්යාාධර පිදී ප්රා ණ තමාගේ ගරුඞා අහෝ බිලි ගත්තා ඒ කුමරා. (දොහොරා) පෙණේය ලේ ගලා පාරේ - දදා යන්නා දැන් මා‍ ළෙය් යා -- පිදී පණ උන්ගේ බේරාගන්ට මා ගරුඬාට වි බිල්ලා.

ජි.කේතු - මගේ පුත් ජිමුතවාහන විනා මෙබඳු උතුම් ක්රි්යාවක් කාට කරන්ට පුළුවන්ද! මේ කථාව කියන කොට ජිමුත වාහනගේ නම කියන්ට දැනගණින්.

510 නාගානන්දව නාටකය

බිසෝ - අනේ මාගේ පුතා! මලයවති - කලින් දිටු උපද්රාේව දැන් සිද්ධවිය ශංඛ - (කඳුලු පෙරමින) අහෝ මට විපත! මගේ අපරාධය නිසා මොවුන්ට මේ දුක සිද්ධවිය. ඇත්තටම මොව්හු මගේ ගැලවුම්කාරයාගේ දෙමව්පියෝය. සර්පටයෙකුගේ මරුමුවෙන් විෂ මිසක් වෙන කුමක් ලැබේද? හා! ශංඛචූඩා තා වෙනුවට දිවි පිදූ කරුණාවන්ත යාළුවාට දිය යුතු ණය නුඹ ගෙවා නිම ‍කළෙහිද? මම කෙසේ පණ හානි කර ගණිම්ද? නුමුත් පළමුවෙන් කටයුතුව තිබෙන්නේ ඔවුන් සනසා ගැණිමයි. බහිරවි - දොහොරා ජි.කේතු - මගේ පුතා මව්පියන් කෙරේ ජිවිතක්ෂහදීත් - පෙන්නා දුනි අය්යෝ ‍- ආදරේ රන්දා හිස් මතේ උණ් මේ රත්නේ පාමුල් වැටෙන්ටා සැලැස්විමෙන්. (සිළුමිණ අතට ගනිමින් කියයි.)

බහිරවි - ගසල් මෙච්චරදෝ අත්පත් උනේ පුත්රස රත්නෙන් මා පුත්. ඇන්ද රත්නේවත් මම් බලා වාම්දෝ ශෝකා කළේ නෑ දුෂ්ට කියා මා පුත්රව මට බෝ ආලේ පැලි යනා හෘදය මාගේ දැක්කාම මේ රත්නේ බි‍සෝ - පුත්රා මනා මව්පිත් කෙරේ කීකරු වීයා අත්වෙන්ට දෙව් ලෝ සම්පත් අනේ හේතුකාරියා පෙණි නෑ උන්න කල‍ා යම් දෝෂ කිසිවක් ලෝකේ ම‍ෙග් පුතා දුන්නා දානේ පෙම් පා ජිවිතේ මලයවති - දෙන්න පියේ රත්නේ සැමි ඇන්ද ඉන්දැද්දි මම් ඒක රන්දා හෘදය ළඟින් ප්රා ණ පූජා දෙම්

ජෝන් ද සිල්වා 511

දැවියා දුක් පිරිලා ගින්නෙන්ම ලෙස සර්වාංගේ සැමි නිසා යයි මා ප්රානනේ ගින්දරේ පියේ.

ජි. කේතු - අප සියුලදෙනාටම දැන් කරන්ට තිබෙන්නේ එකය. මක් නිසා කැළඹි සිටින්නෙහිද? බි‍ාසෝ - රජතුමනි, ඉතින් කුමට ප්ර මාද වෙමුද? ජි.කේතු - ප්රමමාද වෙන්ට ඕනෑ නෑ. ශුද්ධ ගින්දර දැන් දැවෙන්නො. අපි ගිනිමැලේට පැන නසිමු. කාන්ඩා -එක්තාල් ශංඛවුඩා - පපුව මට දොස් පැවරි පවුල වැනසි යන්නා ඊට මම මක් කරම් ශෝක වැඩි වි යන්නා (රජුට) දැන් එපා ස්විමා බූපා ශෝක පා මේ ක්රෑටර මරණ ඉරණමේ රංග කියාලන්ට කෝ ලෝකේ හපනා.

ස්වාමිනි, මේ උතුම් පවුල ගින්නට පැන විනාශවෙනවා යුතු නො‍වේ. බාග වේලාවට ජිමුතවාහන කුමාරයා න‍ාගයෙක් නොවන බැවින් ගරුඞ පක්ෂිා රාජයා ඔහුව‍ බේරා යන්ට අරිණවා ඇත. මේ ලේ වැල බලා ගරුඞ පක්ෂිව රාජයා ගිය පාර සොයා යමු. බිසෝ - මගේ පුතා නැවතත් මට දකින්ට දෙවියෝ පිහිටවෙත්වා. මලයවති - ඔබේ යාච්ඤාව ඉෂ්ටවේවා ජි.කේතු - (ශංඛචූඩාට) පුතනුවනි, නුඹේ වචන සැබෑවක්ම වේවා ඒ කෙසේ වෙතත් අපේ පණ පුදන්ට අප සමඟ ශුද්ධ ගින්දර ගෙණ ආ යුතුයි. නුඹ ගරුඞ පක්ෂිගයා ගිය පාර බලා ගමන් කරපන්. අපි ගින්දර රැගෙණ නුඹට පහුවෙලා එන්නෙමු (තිදෙනම ගිනි පන්දම් ගෙනෙන්ට යති)

512 නාගානන්ද නාටකය (ශංඛචූඩා ගරුඞා සොයා නික්මයයි.) iii ජවනිකා - වනමාර්ගයයක්

ශංඛචූඩා පැමිණේ. ශංඛචුඩා - හතුරා මලය කඳු මුදුනේ ලැගලා ඉන්නවා පෙනේ. ලේ පෙරෙණ හොට ඌ පවර්තතයේ පිහින්නේය. උගේ අග්නි ජ්වාලය මෙන් දීප්ති නේත්රතවලින් වනාන්තරයේ ගස් දැවි යති. උගේ තද නියපෝතු වලින් පොළෝතලය ඉරා දමන්නේය. (නික්මයයි.) (ජිමුතකේතු, බිසෝ,මලයවති ගිනිපන්දම් අතින් රැගෙණ ලේවැල බලා ගමන් කරති.) පිලු - දාදරා

ජි.කේතු - පුතුගේ ප්රා්ණ හානි දෙයිද, රීරි දේහ සලා - අයියෝ ක්රෑැර පක්ෂි යා - තිබේ ලේ වැටි මගා යන්ට පාර පෑදේ - ළහි ශෝක අග්නි දැල්ලි යන්නා දේවධාර වේ පුතා. බිසෝ - ගරුඞ පක්ෂි කාද පුත්රධ, ලෝකනාථ සුරා බෝ වේ හෘද වේදනා. මලයවති - විලාපේ සැමි නිසා තුණ්ඩ තුණ්ඩ රැන්දේ ම‍ගේ ප්රාඞණ යාවි ස්වාමි හින්දා - බෝ වේ හෘද වේදනා.

(නික්මයති) iv ජවනිකා - මලය පර්වසතය

(ගලක් උඩ ගරුඬ පක්ෂිණරාජයා වාඩිවා සිටි. ජිමුතවාහන ඔහු ඉදිරියෝ දිහා වි සිටි.)

ජෝන් ද සිල්වා 513

ගරුඞ - උපන්දා සිට කරන ලද නාග මාංස භක්ෂසණවලදි මෙහෙම පුදුමයක් නුදුටිමි. මොහු කිසි භයක් වේදනාවක් නොපෙන්නයි. ප්රිමති‍යක් අඟවයි. මක්නිසාදැයි නොදනිමි. දුර්වයල උනු බව නොපෙණේ.‍ ‍ෙල් ‍ෙප‍ෙරන නුමුත් චංචලවී නැත. අහෝ මොහුගේ ගාත්රාල ඉරණු ලැබුවත් මුණේ ශාන්ති ගතියද ප්රීනති සංඥාද ඇතුව මෛත්රිුයෙන් නෙත් පිරි තිබේ. මේ පුදුම වාරය මක්නිසාදැයි දැනගන්ට කැමැත්තෙමි. දැන් ඉතින් මොහුව නොයිරා කවුද, කොහෙන් ආවාදැයි විචාරමි. (ජිම‍ෙුතවාහන ඉදිරියට පැමිණේ.) ජිමුතවාහන - මගෙන් ලේ වැක්කෙරෙයි. නුමුත් මාංසය තිබේ. තොපේ බඩ පාරුණා මට නොපෙණේ. මන්ද ඉතින් මාව කා නොදමන්නේ? ගරුඞ - (අහකට) අහෝ! කෙතරම් පුදුමද. කටහඞ හයියයි. දුර්ව්ලකමක් නෑ, (ජිමුතවාහනට) තො‍පේ හෘදය වස්තු‍වෙන් මගේ ක්රෑ‍ර තුණ්ඩය ලේ උරා බීවාය. තොපේ ස්ථිර ගතියෙන් මගේ හිත දිනා ගන්නා ලද තොපේ නම කියනු. ජිමුත - බෑ. තොපේ කුසගින්න නිවෙනතුරු නොකියමි. මගේ ලේ මාංස කා බී තෘප්තියට පැමිණෙනු. (ඉක්මන් වී ශංණවුඩා පැමිණේ)

ශංඛ - අනේ ගරුඬ! මේ අගතිග නැති ක්රිුයාව නවත්වනු. මොහුව බේරියන්ට අරිණු, මොහු නාගයෙක් නොවේ. තොපේ ආහාරය මෙන් අපේ රජ මා එවා තිබේ. (පපුව ඇරලා පෙන්නයි.)

ජිමුත - අනිච්චං! මගේ බලාපොරොත්තු නැති විය. මොහුගේ පැමිණිමෙන් මගේ ආශාව ඉෂ්ට නොවන්නේය.

514 නාගානන්දො නාටකය ගරුඞ - මේ මොකද? දෙදෙනාම බිල්ලෙ ලකුණු දරති. කව්ද නාග? කථාකරපන්. බහිරවි - දොහොරා ශංඛ - දයා වී මොහුව බේරා මාව කාපන් ළඟා වී හා හා හා හා හා හා ! බහිරවි - දිප්චන්දි මම නාගෙකි පපුවේ දිසි - එ ලක්ෂදණේ ජම්මෙන් සෑදී තුණක්වේමැයි ‍පෙනේ හ‍ිසේ දිලේ - මාණික්යේ ආ‍ලෝකෙන් මාව මරා කා ස්වාමිනි - මොහු බේරාලන්න පා සෙනේ.

ගරුඬ - (එකිනෙකා දිහා මාරුවෙන් බලයි.) මේ කවුද? මට කියා දියන්. මවිසින් විනාශකර දමනු ලැබුවේ කවුද. ශංඛ - විද්යාිධරකුමාර ජිමුතවාහනයි මේ, තොපේ අඥානකමින් ක්රෑ්රාකාරයෙන් ඔහුව විනාශකර දැමුවෙහිය. ආශාවරි - ඛජන ටේකා ගරුඞ - දක්ෂ කිවියෝ සින්දුකරුවෝ සිව් දිශාවේ ප්රිරති ඝෝෂා බෝම කරති. මේ, කුමරු ගුණාගේ, කියත්ය ආකාසේ පක්ෂිෝ දිදී නාදේ රම්ය් කුමරා‍ගේ ලේ, නොදැනා මම් බී, ලතවෙමි ශෝකා බෝවී බෝවී බෝවී පාපේ සාපේ සිදුවේ - කෙලෙස දරමි තාපේ.

ජිමුත - මාගේ මිත්රබය, නුඹ චංචල වී සිටින්නේ මන්ද? ශංණවුඩා - චංචලවෙන්ට ප්රයස්තාව නොවේද? අන්තිම අපායට ඔබවහන්සේ මාව තල්ලුකර දැමිය යුතුයි. භයගුල්ලෙක් වු මගේ ශරිරය ඔබවහන්සේ ස්වකිය ශරිරය පුදා ගලවාගත් සේක. ජෝන් ද සිල්වා 515

ගරුඞ - අනේ මේ උතුම් කුමාරයා! ම‍ගේ කුසගින්න නිවිමට කැපවු නාගයාගේ ‍ජිවිතය බේරා තම ජිවිතය ඒ වෙනුවට පිදුවේය. භයානකයි! මගේ පාපය කෙතරම් එකක්ද! මක්නිසාද යත් ධර්මිෂ්ඨකමින් සම්පුර්ණේවු අයෙක් මවිසින් මරණලද හෙයිනි. මට ඉතින් කරනට තිබෙන්නේ කුමක්ද! මගේ මේ අපරාධය ගෙවාගන්නේ කොහොමද? ගිනිමැලෙන් මා දැවි මගේ පාපය සිඳගන්නවා මිසක් වෙන විධියකින් බැරිය, ගින්දර කොහෙන් මට ලැබේද! (වටපිට බලයි) හා හා කවුද ගින්දර රැගෙණ එනවා. මම ඔවුන්ව සම්භ වෙන්නෙමි. ශංඛ - කුමරුණි, ඔබවහන්සේගේ දෙමව්පියෝ ඇවිත් සිටිති. ජිමුත - අනේ ශංඛචූඩා, මා ළඟින් ඉඳගෙණ තොපේ ඇඳුමෙන් මගේ ඇඟ වසනු, ලේ ගලායන අවයව වසාදමනු. ගරුඬ පක්ෂිඟයා විසින් මගේ ශරිරය ඉරා ‍තිබෙව බව දෙමව්පියන් දිටුවොත් ඔවුන් කණගාටුවන් මැරෙණවා ඇත. (ශංඛචූඩා ඇඳුමෙන් වසයි.) (පිමුතකේතු, බිසෝ, මලයවති ශුද්ධ ගිනිපන්දම් අතින් රැගෙන පැමිණෙති.)

පිමුතකේතු - මගේ අතිකරුණාවන්ත ජිමුතවාහන පුතේ! නුඹේ ළය කුළුණෙන් තෙමි නාගයා වෙනුවට පණ පුදන්ට යන කොට අ‍හෝ! මාගේ මේ ක්රිකයාවෙන් මමද මාගේ දෙමවිපියෝද සොඳුරද යන සියලුදෙනාම නසින්නාහුයයි සිතු‍වේ නැත්තේ මන්ද? බිසෝ - (මලයවතිට) මගේ දරුව, අඩන්ට එපා, ඇඩුවොත් ඔය ශුද්ධ ගිනි පන්දම නිවෙනවා ඇත. ගරුඞ - මේ කවුද? මගේ අතිකරුණාවන්ත ජිමුතවාහන පු‍තේ” කියා කථාකරන්නේ. එකත් එකට ඔහුගේ පියයි. ඉතින් ඔහුගේ අතේ තිබෙන ගිනි පන්දමෙන් මගේ අරමුණ ඉෂ්ටවන්නේය. නුමුත් ඔහුගේ මුණ බලනට මට ලජ්ජයි.

516 නාගානන්දු නාටකය

ගින්දර ඉල්ලන්ට මොකට සිටිමිද! ගින්දර යටින් ඇතුව තිබෙන සාගරේ ළඟ නොවේද. එහි පැන නසිමි.

ජිමුත - ඉන් පලක් නෑ, කළාවු පාපය එසේ ගෙවෙන්නේ නෑ, ගරුඞ - (නමස්කාර කරමින්) එහෙනම් පාප ක්ෂේමාව ලබාගන්ට මම කුමක් කරම්දැයි උත්තමයාණන්වහන්සහ, මට කියනු මැනවි. ජිමුත - බලපන්. මගේ දෙමව්පියන් ඇවිත් ඉන්නවා. පළමුවෙන් මවිසින් ඔවුන්ට ආචාර කටයුතුයි. ගරුඬ - ඔබවහන්සේගේ කැමැත්තේ ප්රවකාර මම ප්රකමාදවෙමි. ජි.කේතු - (ළංවෙමින්) මගේ තුරුල්ලට වරෙන් පුතේ; තොපේ පියා ළඟට වරෙන්. (ජිමුතවාහන නැගිටෙන්ට හදයි, ඇඳුම් බිමට වැටි කලාන්ත වන්නේය.) ශංඛ - කුමර සිහිවෙව, සිහිවෙව. ජි.කේතු - පුතේ ! නුඹ ගියාද, නොබලා කථානොකර ගියාද! බිසෝ - මගේ පුතණ්ඩි‍යේ! මට වචනයක් කථාකරන්නේ නැද්ද? මලයවති - මගේ ස්වාමිනි, ඔබේ කරුණාවන්ත දෙමව්පියන් දිහා බලන්ට ඔව්හු නුසුදුස්සෝද? ශංඛ - අ‍හෝ කාලකන්නි මම! මගේ ප්රාමණය බේරුණා, නුමුත් මා වෙනුවට අනිකෙක් නසි. මම නිපදී මව්කුසෙ මැරුණෙම් නම් මිට වඩා හොඳා. මරණයට වඩා අධික වේදනාවෙන් මගේ හෘද‍යවස්තුව මොහොතෙන් මොහොත ක්ෂ ය වන්නේය. ගරුඞා - අනේ! මේ අන්තරාව මගේන් සිද්ධවිය. දුෂ්ට නපුරු මම ඉතින් මක්කරම්ද? සිහවෙයන්, සිහිවෙයන්, (පියාපත් වලින් පවන් සලයි.)


ජෝන් ද සිල්වා 517

ජිමුත - (ශංඛචූඩාට) ම‍ාගේ මිතුර, මගේ දෙමව්පියන් සනසාපන්. ශංඛ - ඉතා උත්තම රජුන්, බිසෝතුමනි, ඔබවහන්සේලාට දෙන්ට හැකි සැනසිල්ලක් දෙන්නෙමි. පුතනුවෝ ‍ජිවත්ව සිටිත්. ඔබවහන්සේලා නිසා ජිවත්ව සිටිනවා පෙනෙන්නේ නැද්ද? බි‍සෝ - පුතණ්ඩිය, නුඹ ක්රෑෙරතර මරණයකට අපේ ඇස්හමුවේදි ගොදුරු උනෙහිද! ජි.කේතු - අවාසනා වචන! ඔහු ජිවත්ව ඉන්නවා පෙනෙන්නේ නැද්ද? අඬ අඞා ඉන්න ඔහුගේ ප්රිනය සොඳුර සනසනු. බිසෝ - (අඬ අඞා මූණ වසාගනිමින්) අවාසනා වචන දුරුවේවා! මම නොහඬමි. මාගේ කරුණාවන්ත මලයවත් දුව සැලසි පුරුෂයාගේ මූන බලාපන්. ජි.කේතු - මගේ ප්රි්ය පුතා ඉක්මණටම පණ අදිනකොට ශක්තිට හීන වෙනකොට මගේ හෘදය වස්තුව කෑලි දාහකට කැඩි නොයය්ද! මලයවති - අ‍හෝ! මගේ හිත නපුරුයි, නැත්තම් මරණාසන්නවු පුරුෂයාට අනුකම්පාවෙන් මගේ ජි‍විතය නොපුදම්ද! බිසෝ - (ගරුඬාට) මගේ ප්රි‍ය පුතාගේ ලක්ෂ ණ ශරිරය තොප විනාශ කෙළේ තොපට උණුවිමක් නැද්ද? ජිමුත - ඔහු කළ වැරැද්ද කුමක්ද? මගේ ශරිරය තිබුනා වාගේම නොවෙයිද? නපුරෙන් පිරි තිබෙන පිළිකුල් මස් ගොඬකි. ‍ලේ ඇට සහිතව සියුම් හමකින් වැසි තිබේ. ගරුඬ - අනේ! උතුම් කල්පනා ඇති මනුෂ්ය යා! හා ! හා! මගේ වේදනාව බලනු මැනවි. ඉතා ගැඹුරු අවිචියේ ගින්නෙන් මාගේ දේහ දැවෙන්නේය. මේ පාපයෙන් මා බේරෙන්නේ කො‍හොමදැයි අනේ කියනු මැනව! ජිමුත - ම‍ගේ පියා අවසර දෙනවා නම් කියාදෙඤ්ඤා.


518 නාගානන්දි නාටකය

‍ජි.කේතු - කියාපන් පුතා. ජිමුත - ගරුඞ, කන්දී අහපන්. ගරුඬ - (නමස්කාර කරමින්) මම ඔබවහන්සේ වාලාය. බාහාග් - දිප්චන්දි ජිමුත - පරාණ නොනසන් කිසියම් කලේ දිලේය මෛත්රිපය ලෝ තුළේ කරපු පව් ගැන තැවි තැවි සිත‍ - පින් කෙරි, මෙන් පිරි, සාදරෙන්. සව්සතුන් කෙරෙහි නිවසන් - භාග්ය ඇති වේ. නොනසන් කිසියම් ‍කලේ - පරාණ නොනසන් කිසියම් කලේ - පුණ්යවකර්මහ කරන් ලොව පේවි - පව් යයි සේදි ගරුඞ පක්ෂි - ධර්මය නොමදැනී ඉන්න මෙ ලෝහී - සව්සත හට බෝදුක් පිරේවි - හෘදයේහි ඔවා ම කී - තබන්න පක්ෂිදය සිත් පිනි - පුණ්ය කර්මෙනන් විනා මෙලොවේ - අන් මගින් දුක සින්දී නොයේ - නොනසන් කිසියම් කලේ - පරාණ නොනසන් කසියම් කලේ.

ගරුඞ - ස්වාමිනි, එසේ කරන්නෙමි. අවිද්යාක නමැති අඳුරේ ගිලි සිටි මා ඔබවහන්සේ ‍ගොඩදැමුසේක. මින්පසු කිසි සත්වයෙක් නොමරන්නෙමි. සාගරයේ මින්පසු නාගයෝ ප්රියතියෙන් ක්රි ඩා කරත්වා! සඳුන් අරඹවල උන්ගේ කන්යාෙවෝ ඔබවහන්සේගේ මහිමයට ප්රසශංසා කරත්වා! අරුණෝදයෙන් ඔවුන්ගේ කම්මුල් රක්ත වර්ණි වෙත්වා! සැන්දෑකාලේ වලාකුල් මෙන් ඔවුන්ගේ ‍කේශකලාප පා සඟල දක්වා කෘෂ්ණ වර්ණුයෙන් වැවි ලීලෝපේත වේවා! ඔවුන් තෙහෙට්ටු උනත් ඔවුන්ගේ ගැලවුම්කාරයාණන් වහන්සේට දිය යුතු ප්රඔශංසාව නොනැවති තුණ්ඩයක් පාසා පවතිවා! ජිමුත - සතුටු උනෙමි. ස්ථිරව සිටපන්. පෙරලි අමුතුවෙන්ට එපා. (ශංඛවුඩාට) නික්ම ගෙදර පලයන්.(ශංඛවුඩා හිස එල්ලාගෙන ප්රඛමාදවෙයි) මන්ද නවතින්නේ. තොපට මක් ජෝන් ද සිල්වා 519

උනාදැයි දැන ගන්ට මාතා බිත වි සිටින්නිය. ඕතොමෝ තොප ගරුඬා විසින් විනාශ කරණලදැයි සිතන්නිය. බිසෝ - පක්ෂිවන්ගේ රාජා විසින් අල්ලාගණු ලැබුවත් ශරිරයට කිසි පිඩාවක් නූන තම දරුවා දක්නට ලැබෙව මව් වාසනාවන්තියෙකි. ශංඛ - ඔබවහන්සේ කීවා හරි. අනේ! කුමාරයා ගළවාගන්ට පුලුවන්දෝ! ජිමුත - හා! දැන් තමා වේදනාව දැනෙන්නේ. කුසල් කිරිමේදි දුක්වේදනා නොදැනේ. දැන් අන්ධකාරය ළංවේය්. (පණ අදි,.) ජිකේතු - මගේ පුතා! අනේ නිදන්නේ මන්ද! බිසෝ - අනේ මගේ පුතා! පණිගියාද! මලයවති - මගේ පුරුෂයා! අනේ අප දමා යනවාද! ජිමුත - (අත්දෙක එකට තබන්ට වෑයම් කරමින්) ශංඛවුඩා, ‍මා‍ගේ දෝත එකට තබාපන්. (බාගයක් වසාගත් ඇස්වලින් දෙමව්පියන් දෙස බලමින්) මාගේ පිතා, මාතා අනේ! මාගේ වචන අස මැන, අන්තිම වචනයි. මගේ ඇස් අන්ධකාරයි, ගාත්රා දුර්වලයි, කණ ඇහෙන්නේ නෑ. ඔබ වහන්සේලාගේ හඞ ඇසෙන්නේ නෑ, මගේ හුස්ම , ඉක්මණටම වැටේ. උපදින උපදින ආත්මවල පරෝපකාරිවෙ ශරිරය පූජා කරන්ට මේ පුජාවෙන් වැඩි වැඩිය පින් ‍ලැබේවා! (මැරෙයි) ශංඛ - අහෝ! ලෝකෙට එහි ස්වාමියා නැති විය. ජිංජුට් - ජිල්ලා - ලාවනි.

බි‍සෝ - පූජා හමාරා ජිවිතේ මා පුතුගේ හානි වි කීකරු පුත් මා කොයි කාලේදි දක්නෙම්දෝ නැවතා

520 නාගානන්ද නාටකය හදවත දෙළහී ශෝකාග්නි ජ්වාලා බෝ වී ම‍ගේ තුම් ස්වාමිනේ. ජි‍.කේතු - ජාති මෙ ලොකා නන්දනාවි සිටියෝ පා ප්රේිමා රම්බර පුත් මා දිව් පූජා දී නා ලෝ ශාන්ති සදා සුර‍ ‍ලොව වැඩියා මව් පිත් දමාලා ශෝක ම‍ුදා ලන් දේවනේ මලයවති - පාලා සෙ‍නේ මා උන්න ස්වාමි වැඩියා දැන් දෙව් ලෝ දැන් මට ඇත්තේ සිත් ශෝකා මැය් - ඉන්නා තෙක් මෙම ලෝ - විධව උනිම් මම් ඒ ගෞරි දෙව් දු නැද්ද බාල දුක් මා ළයේ ශංඛ - ශාන්ති සදා දී නාග ලෝකේ කුමරා මෙත් සිත් පා - දිවි පුද දුන්නා පක්ෂිා රාජා කෑවා රිරි‍ පෙරා මගේ පණ යවමි ශ්රිප පුත්රා පාරේ ලෝකේ එපා වි දැන් අනේ. බිසෝ - අනේ! අප ආරක්ෂාකර දේවාවදාරණ දෙවිදේවතාවරුණි! දිව්යඑලෝකාමෘතය රැගෙන මෙහි පැමිණ මගේ පුතණුවන්ට යළිත් ප්රායණය දෙන සේක්වා! ගරුඞ - (අහකට) මවිසින් කරණ ලද අපරාධයට පශ්චාත්තාප වෙන්නෙමි. මමද ජිමුතවාහන කුමරුන්ට ප්රා ණය ලැබෙන්ට දෙවියන්ගෙන් ඉල්ලමි. එපමණක් නොවේ, මවිසින් කා දමනලද සියලුම නාගයන්ගෙන් ඉතුරුව තිබෙන ඇටවලටද ප්රාකණය ලැබෙනට යාච්ඤා කරමි. දෙවියන් එසේ නොකළොත් මගේ පියාපත් වලින් තද කුණාටුවක් උපද්දවා සාගරය පෙන දමන්ට සලස්වමි. මාගේ නේත්රක ඔරවා බලා ඉර අහසින් දැ දැවෙන්ට සලස්වමි. වෙසමුණිගේ වලතඩිය කුඩුවෙලා යන්ට මගේ ‍හොටෙන් ගසමි. ශක්රතයාගේ හෙණ ගුණ්ඩු බිඳලමි. ජලාධිපති‍යාගේ දැල ඉරාලන්නෙමි. මේ සටනේදි දෙවියන් මැඩපවත්වා ස්වර්ග යෙන් පොළොවට අමෘත වැස්සක් එවන්නේමි. (නික්මයයි) ජෝන් ද සිල්වා 521

ජි.කේතු - (ශංඛචුඩාට) මන්ද ප්රිමාදවෙන්නේ, දර එකතුකර සෑයක් සාදා ගිනි තබා අපේ පුතනුවන් සමඟ එකට පැනලා නසිමු. බිසෝ - ඉක්මන් කරමු. ඉක්මන් කරමු. අපේ පුතා අප නැතුව දුකින් ඉන්න‍වා ඇත ශංඛ - දර සෑය සූදානම් වී තිබේ. ඔබවහන්සේගේ පුතනුවන් සම්භවෙන්ට පළමුනේ මම යමි. ජි.කේතු - (ජිමුතවාහන දෙස බලා) ඉතින් අපි සෑයට නගිමු. අනේ පුෂ්පදාම පැළඳ සිටි හිස! නිලේත්ඵල බඳු නේත්රි! දිව්ය රෑපර්යා ගුප්ත ලාඤ්ඡනයෙන් යුතු හස්තය! අහෝ කොහොම ගියෙහිද. විද්ය්ධරයන්ගේ රජකම තොපට නැති උනේ මගේ කර්ම නිසාද! මලයවති - ගෞරි දෙව් දුවේ! මගේ පුරුෂයා වෙන්ට සිටි උතුම් විද්යානධර කුමාරයා. කෝ ඔබවහන්සේගේ පොරොන්දු ඉෂ්ට උනාද? මගේ බලාපොරොත්තු සියල්ලක්ම කම්මුතුයි!! (ගෞරි පැමිණේ) සාවරි ‍- දාදරා බුපතින්ද ප්රාමණ දෙන්ට ආමි මම් තොපගේ පුතුන්ට පූජිත වෙන්ට ජිවිත දෙන්ට සිංචනේ කරම් අමෘත නැගිටෙන්ට ජිමුතවාහන සුරණ වරම පාලා. (පිමුතවාහණ නැගිට ගෞරිට වඳි.) ජිමුත - ගෞරි පාද මම් නමාමි දුක් සින්දා සෙත දේ ලෙවන්ට සේවකයන්ට පා නෙක රංග ආනිශංස ආශ්චය්ය්ා රකි ලෝක වධර්නෙ වෙන්ට කුලුණු ගුණෙනි සාරා

විද්යාකධරයන්ගෙන් ඔබවහන්සේට පැසසුම් ගීතිකා ඔප්පු වේ (අමෘතය වර්ෂ්වක් එයි.)

522 නාගානන්දත නාටකය ජි.කේතු - හා! මේ මොකද! වැහිකළුවක් නැතුව විහින්නේ. ගෞරි - ගරුඞගේ යාච්ඤාවට දෙවිවරු අමෘත වර්ෂකවක් එවු සේක. පශ්චාත්තාප වි තො‍පේ පුතාගේද කා දමා සිටින සියලුම නාගයන්ගේ ද ප්රාොණ ලැබෙන්ට ඔහු දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. රජුනි, තොපට අර නාගාධිපතියෝ ‍නොපෙනෙත්ද? මේ අමෘත වර්ෂාවෙන් ඔවුන්ගේ පංගුව ලබාගන්ට හිසේ දිලිසෙන මැණික් ඇතුව ඉරට්ට දිව්වලින් පොළව ලේව කන හැටි බලනු මැනව. ගංගාවක් ගලායන විධියට පණ ඉපදුන නාගයන් ඔවුනගේ පළමු තිබුන ලක්ෂ ණ අංග ඇතුව සාගර තරංගයට ලීලෝපේතව ගමන් කරණ හැටි නොපෙනේද? (පණ ඉපදුන නාගයෝ ඇවිත් කියයි.) ජියනම් - ත්රි තාල් පා වැඳ තුති දෙමු ගෞරි දූට අපි දුනි අපට දිවි ක්රෑ ර පක්ෂිඅ නැසු - පා වැඳ නා ලොව වැසි සැම ගෞරි දෙව් දු පාද වන්දනා දෙත්ය සතොස් වි ඔබ තෙද මහිම ප්රයකාශ විය අද

ගෞරි - (ජිමුතවාහනට) අහෝ මාගේ පුත්රෂය, තොප පණ ඉපැද්ද විම පමණක් මදිය. තොපට මගේ සම්පූර්ණ ආශිර්වාදය දිය යුතුයි. මේ මැණික් ඔබ්බන ලද භාජනයේ මානස නම් වැවේ පිනන හංසයන්ගෙන් චංලය වු නෙලුම් රේණු මිශ්ර රන් පාට ශුද්ධ වතුරෙන් විද්යා ධරයන්ගේ රජු මෙන් තොප අභිෂේක කරමි. මරණින් සහ මිණෙන් සටහන් කරණ ලද ගුප්ත ලාඤ්ඡනය තොපට දෙමි, සුදු සිව් දළැති හස්තියා දෙමි. මේ කළු අශ්වයා දෙමි. තොපේ මනමාළිද දෙමි. උත්තම රජුනි, ලෝකේශ්වරයානනි, මේ මැනික් පූජා තොපට දෙමි. විද්යාවධරයන්ගේ අධිපතියන් යටහත්කමින් තොප ඉදිරයට පැමිණෙන හැටි බලනු ජෝන් ද සිල්වා 523

මැනව. හේමන්ත කාලේ චන්ද්ර යා මෙන් ධවල වූ රාජකිය විජිනිපත් අතින් රැගෙණ තොපේ සතුරාවු මාතංග සේනාධපතිව ඔවුන් තොපේ පා සඟල ඉදිර‍ියේ නැමි ආචාර කරණකොට ඔව්හු පැළඳ සිටින මාණික්ය‍වලින් ඉන්ද්රරචාප‍ලෝකයක් නික්මෙන හැටි බලනු. මේ සියල්ලක්ම තොපේය. තවත් වැඩිපුර ඕනෑ කරන තිළිණක් මට කියනු. ජිමුත - මම කුමක් ඉල්ලමිද. ශංඛචුඩාගේ පණ ගැලවුනේය. ගරුඞ පක්‍ෂි‍රාජයා පශ්චාත්තාපයට පැමිණියේය. මැරුම් කෑ නාගාධිපතියේ පණ ඉපදි සිටින්නෝය.මගේ දෙමව්පියෝ මරණින් පසු මා ‍පිළිගෙන ජිවත්ව ඉන්නෝය. මුලුලෝකයට අගරජ මෙන් පත් උනෙමි. තවද ඔබවහන්සේ මනුෂ්යි ‍වේසයෙන් ඇවිත් මට පෙනෙන සේක. කුමක් ඉල්ලමිද? ඒ කෙසේ වෙතත් පඩි කියුම් පිට මෙසේ ප්රාකර්ථනා කරමි. මොණරුන්ට ප්රි තියෙන් නටන්ට නියම කලට වලාකුල් වලින් වර්ෂනව ලැබේවා. නිලස්වර්ණ පළඳනාවකින් වැසුනාක් මෙන් ගහකොළ ඇතුව ‍පොළෝතලයෙන් බොහෝ ධාන්ය් ලොවට ලැබේවා. තමන්ගේ මිත්රයයන් සමග ප්රි ති සම්භාෂණ ඇතුව ඊර්ෂියාක්රෝළධවල්න් මිදුන සිත් ඇතුව සියලුම ජාතිවල මනුෂ්යළයෝ ගි කියා නටා වාසනාවන්ත වි පින් රැස් කර ගණිත්වා! (නික්මයති) අවසනය

(සියලුම නැට්ටුවෝ පැමිණ කියති,) සින්දු - ලාවනි සිය පණ පුදමින් ජිමුතවාහන නා ලොව නන්ද දුන් රංගා 524 නාගානන්ද නාටකය

පේන කථාව ඇසු සජ්ජනන්ගේ නිතර සිත් වෙති කම්පා - සින්දා දෝෂා ඇත පබඳ රැන්දී සෙත් දෙති අමර - සතොස්වි - රුපු දප් බින්දා ලෝකේ - කතුරිඳු ‍මේ අප සෑමා - රක්ෂා කර දෙත දේවෝ අප මිහිපති සඳ ඉංග්රිපසි සැ‍රදේ - දප් සිඳා දුෂ්ට රුපුන්ගේඉ නිබ‍ඳේ, නිබ‍ඳේ, නිබ‍ඳේ ජය ජය ජය ජය වේ.


...............//..............