ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-04-කුස ජාතක දෘශ්යැ කාව්යටය (1916)

කුස ජාතකය දෘශ්ය කාව්යය

(ක්‍රි.ව. 1917)


This Kusa Jataka Drisaya Kavya Is most respectfully dedicated By its Author to Mr’ & Mrs.F.R. Senanayake Of Colombo.



සු සි රි මග පෙරසිටන් පවතින මුනිඳු වදහළ විලස නිති නේ ස සි රි හෙළදිව සරණ ඇfප්. ආර්. සේනනායක මැති මැතිනි නේ මි හි රි ලෙස මා ගෙතු මෙම කුසදා නමැති දිසි කවක් සොඳි නේ පැතිරි යන ලෙස මෙලක්කුස මම පුදමි ඔබ දෙදනොට මෙදි නේ


නිතිඥ ජෝන් ද සිල්වා

වර්ෂ 1917 මාර්තු මස 2 දින කොළඹදීය.



නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස


නාට්ය්කරුවෝ

සුත්ර්ධාරි - පුවත කියන්නා, ශිලවති - ඔක්කාකරජුගේ බිසව, ශක්ර යෝ - ඉන්ද්රසදේව, ඉන්ද්රාතනි - ශක්ර දේවියන්ගේ බිසව, නයි නටවන්නා සහ ස්ත්රි ය, මහලු වෙස්ගත් ශක්රමයේ, ඔක්කාකරජ, කුස කුමර - ඔක් කාකරජුගේ වැඩුමල් පුතා, ජයම්පති - එම බාලපුතා, වජ්ර ඤාණ - එම කවට නිලමේ, රාජදූතයෝ තිදෙනෙක්, කුදී - වයසට ගිය දාසයෙක්, පැන් අදින ස්ත්රි-යෝ දෙදෙනෙක්, දාසියෝ දෙදෙනෙක්, ප්රදභාවතී - කුසරජුගේ දේවි - මදුරජුගේ දුව, මදුරජ - සාගලපුර රජ, මදුරජුගේ බිසව, වැසියෝ තිදෙනෙක්, නාටිකාංගනාවෝ දොළොසක්, විශ්වකර්ම දිව්යගපුත්රකයා, ක්ෂ්ත්රිායවංසේ රාජපුත්රමයෝ හත්දෙනෙක්, වදකයෙක්, හේවාපිරිසක්, මදුරජුගේ දූකුමාරි‍යෝ හත් දෙනෙක්, අමාත්යයයෝ තුන්දෙනෙක්, පණිවිඩකාරයෙක්.


362 කුස ජාතක දෘශ්යෙ කාව්යෙය

පුවත

සියලුම නැට්ටුවෝ පැමණ කියති.

කල්යාෙන් - දුර්පත්.

ශ්රිාපාපතමමුනි, තිලෝනාගේ - දම් ද සහ නැමදා - කථාපාමු - ශ්රිමපාදත්ම - සර්වාදේවෝ සාදා සානතී - කාව්යද දෝෂ, සින්ද, ලත්වා කුසදා නම් දෘශ්යා කාව්යන පාමු - මේසබේ - සකල සුරෝම - පින්ලැබ අද මෙත්පා බෝම - සුරකිත කතු නැට්ටුවන්ද.

(එක නැට්ටුවෙක් සභාවට මෙසේ කියයි,)

නැට්ටුවෙක් - දේවාති දේවවු කරුණා නිධානවු අසරණ සරණවු සමන්තභද්ර්වු ත්රෛතලොක්යාිචාය්යවර්වු සම්ය ක්සම්බුද්ධ සර්වතඥරාජෝත්තමයානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වු ජේත නම් රාජකුමාරයන්ගේ උයන්හි ‍අනේපිඩු මහ සිටානන් විසින් සිව්පණස් කෙළක් ධන වියදම් කොට කරවා පිළිගන්වන ලද ජේතවන මහාවිහාරයෙහි දවස් යවන සේක් බුද්ධ ශාසනයෙහි උකටලීවු එක්තරා භික්ෂු් කෙනෙකුන් අරබයා වදාළ කුසජාතක ධර්ම දේශනාව දෘශ්යෂකාව්යබට නගා අප ජනයන්ගේ සිත් කාවදින ප්රදකාර රැඟුම් දක්වන්ට අප ඇදුරුතුමාගෙන් අවසර ලැබී තිබෙන හෙයින් ත්රිුවිධරත්නය නමස්කාරකර මෙය පටන් ගණිමු. බුද්ධ ශසනය සුරකින දෙවිදේවතාවුන් වහන්සේලා පින් අනු‍මෝදන්වී මෙම කාව්ය් ගෙතු කර්තෘ‍ද මෙහි නැටුම් දක්වන අපද සියලුම වස්දොස් සිඳ රක්ෂා කරත්වා - මින් යහපත් ‍ලෝකවාසින්ට වේවා යන ප්රාරත්වෘනාවෙන් මෙම කතා වස්තුව අද රාත්රිායේ මෙම නාට්යව මණ්ඩපයේදී දක්වමින් - දොසැතත් සාධුජනයෝ එය දුරලා අසත්වා බලත්වා!

(නික්මය යති.)


ජෝන් ද සිල්වා 363

1 අංකය

i ජවනිකා - මල් උයනක්

(ශිලවති බිසව සහ දාසියෝ දෙදෙනෙක් සිටිති.)

ශිලවති - දාසියනි මේ උයනේ කොපමණ ලක්ෂණ මල් තිබේද? මේ පැලජාති වලින් මනුෂ්යකයාගේ මන්නෙත් පිනන මල් ගෙඩි ආදිය ලැබේ. එසේම ස්ත්රිකන් නමැති ලතිවන්ට දරු සම්පත්ති නමැති මල් නැත්තම් ජනයෝ හෙලා දකිති. මෙම මල්ලරට කුසාවති නම් නුවර ඔක්කාර නම් අපේ මහරජහුගේ සොළොස් දහසක් අන්තඃපුර ස්ත්රි්න්ට ප්රජධානවු අගමෙහෙසුන් බිසෝවු මට ‍දරුවෙක් නැති නිසා රට වාසිහු රජවාසල් සමිපයට රැස්ව “ රට නසින්නේය විනාශ වෙන්නේය” යි කියා ඝොෂාකරති.

1 දාසි - දේවින්වහන්ස රටවැස්සන් එසේ ඝෝෂා කරන්නේ අප මහරජුන්ගේ අ‍ැවෑමෙන් පසු රට පාලනය කරන්ට රාජ වංශයෙන් නිස්සෙක් නැති වන හෙයින්ය. 2 දාසි - සොළොස් දහසක්, වාරාංගනාවන් ඇත්තාවු අප රජුන්ට ඔවුන්ගෙන්වත් අරුවෙක් නොසිටි කරුන රටවැස්සන්ගේ කරුමෙකි. ශිලවති - අහෝ මෙවිපත කෙසේ නැති කරමිද. මගේ දුක දෙවියන්ට වත් කියා සිටිමි. ආශාවරි - ත්රිමතාල් පුත්රෝ ත්පත්ති නෑ නෑ - මෙමට නිගා බෝ මැයි - කෝලාහාල දැන් වේය - දෙයියනේ මා ශෝක මුදා- පවර කුමර රත්නය දෙන් - කෝලාහාල දැන් වේය - (සාකි) මෙලජ්ජාව මා සිඳමැන පා බෝ අනුකම්පා මේලෝක බලනා සක්දෙව් - අසලා ම දුක් සරුපා

364 කුස ජාතක දෘශ්යල කාව්ය ය

පුත්ර පුත්රි උත්පත්ති - වෙන්ට ශිල රැකේ හිත භක්ති ශෝකෙන් මාව නොතබන්නේ - මේ ලජ්ජා දුරු කරන්නේ.

(නික්මයති.) ii ජවනිකා - කුසාවති නුවර විථියක් (වැසියෝ තිදෙනෙක් ගමන්කරති.)

i වැසියා - මිත්රියිනි දිව්යථලෝක භයක් තිබේ. ඉන් චුතවන ස්වභාව ඇත්තාවු දිව්යාපුත්රතයන්ට පහළවෙන පඤ්ච පූර්වේනිමිති දන්නාහුද? ii වැසියා - මම දනිමි - දිව්ය පුත්රනයා පැලඳි මල් මළානික වීමය, දිව්යර වස්ත්රු කිලුටුවීමය, ශරිරය දුර්ව්ණිභාවයට පැමිණිමය,දෙකි සිස්ලෙන් ඩහදිය වැහීමය, දිව්යරලෝකයෙහි ආලය මදවීමය යන මේවා පඤ්ච පූර්ව නිමිතිය. iii වැසියා - ඔය පඤ්ච පූර්ව නිමිති මේ පෘථුවිතලේ කිසිවෙකුට පහළ වෙනවාද? i වැසියා - ඔව් සමහර බුදුපුතුන්ට පහළ වෙනවා. ii වැසියා - ඒ කොහොමද? iii වැසියා - ඒ මෙහෙමයි - ශාසනයෙහි උකටලීවු සිත් ඇතිව එයින් පිරිහෙනු කැමති භික්ෂුන්ගේ ශ්රෙද්ධා නමැති මල් මළානික වීමය, ශිල නමැති වස්ත්ර‍ කිලුටුවීමය, කරබානා බවට හා නුගුණ පැතිරෙමින් විරූප බවට පැමිණිමය, ක්ලේශ නමැති ඩහදිය වැගිරිමය, ආරණය වෘක්ෂකමුල සුන්යාබගාරදි විවේක ස්ථාන‍යන්හි නොඇලිමය යන මේ පඤ්ච පූර්ව නිමිති පහළවුනොත් ඒ භික්ෂුන නමැති දිව්යිපුත්ර යා බුද්ධශාසන නමැති දිව්‍හළොල්කයෙන් චුත වන බවට පූර්වශ ලකුණුයි. i වැසියා - අපේ ඔක්කාක මහ රජුගේ වාසලට පැමිණ අප විසින් කරන ලද අරගලය නිසා රජුට දරුවෙක් ලබා ගැනිමට දැන් උපක්රලම යොදයි.


ජෝන් ද සිල්වා 365

ii වැසියා - සොලොස් දහසක් වරඟනන් මෙපමණ කල් උන්නාන්සේ රැකවල් ‍කරගෙණ සිටිසේක. අපේ කීමට දැන් යන්තම් ඒ රැකවලින් උන් මුදාඇරලා තිබේ. iii වැසියා - එසේ මුදාඇරලත් තවම කිසිවෙකුට දරුවෙක් ලැබී නැත i වැසියා - මේ සියලු ස්ත්රි්හු දුරාචාර බැවින් දුශ්ශිලවත් කුසල් මද තැනැත්තියෝය. උන්ට දරුපින් නැත. ii වැසියා - ඔක්කාක මහරජුගේ අගමෙහෙසුන් බිසව් වන ශිලවති දේවිය වනාහි ශිලාචාර සම්පන්නවු මහා පිණැත්තියෙකි. එතකොට කෝ ඒ දේවිට දරුපියන්? iii වැසියා - සුකර පෝතකයන් කොටු කරගෙණ ඉන්නා වාගේ ස්ත්රිිය රැකවල් කරන්ට ගියාම කෙසේ දාරකෝත්පත්තියක් වන්නේද? දරුපින් ඇද්ද නැද්ද කියා බලන්ට ඒ දේවිය රැකවලින් මුදන්ට අපි මහරජුට කීවෙමු. i වැසියා - අ‍පේ ඉල්ලිම මහරජ ප්රඒතික්ෂේප කළේ නැත. දැන් ශිලවති දේවිය රැකවලින් මුදනු ලැබ සිටින්නීය. ii වැසියා - පිණට වඩා ශ්රේමෂ්ඨ බලයක් ‍ලොව නොමැත. එබැවින් ඒ ශ්රේයෂ්ඨ බලය ඇති ශිලවති දේවිට දරුවන් නොලැබෙන්ට කරුණ මට නොපෙණේ. iii වැසියා - උන්නාන්සේට දරුවෝ ලැබෙනවා යන ප්රාෙර්ථනාවෙන් ගීතිකාවක් කිය කියා යමු. i වැසියා - කදිම කල්පනාව පටන් ගණිමු. වැසියෝ තුනේ දෙනාම කියති. දනාසරි - ත්රිකතාල් පාමින් සෙනේ බෝ ඉන්ට රාජ බි‍සෝ කෙරේ - වාසනා පුත්රත්න ලැබෙත ලැබෙත පවර දේවාධාරේනි - පාමින් සෙනේ බෝ ඉන්ට රාජබිසෝ කෙරේ - 366 කුස ජාතක දෘශ්ය කාව්යරය ශිලවන්ත දේවි ලජ්පාවේ මුරුට කියන දුක බෝ පුත්ර්රත්නය නිසාය - දාරකෝත්පත්ති වේවානේ - පාමින් සෙනේ බෝ ඉන්ට රාජබිසෝ කෙරේ (නික්ම යති.) iii ජවනිකා - ශක්ර භවන ශක්රනයෝ පාණ්ඩුකම්බල ශෛළාසනයේ වාඩිවි සිටිති. ඉන්ද්රා්නි දිව්යාංාගනා මල්මාලා පැලඳ පැත්තකින් සිටින්නීය. දිව්යාං්ගනාවෝ දොළොස් දෙනෙක් සුදුමල් පැලඳ නැටුම් දක්මති දිව්යාං ගනාවෝ දොළොස්දෙනා මෙසේ කියා නටති. මාඩි - හිංචි රමය්යාදේවි ආනන්ද බෝ පාවි - මෙ ලෝ ඉන්ද්රයගේ වාසේහි - ‍ලියේ නාටිකාංගනාවෝ - වෙති ආන්නද නිබන්ද - පිනි යාය ඉන්ද්රතදෙව් - දේවී ආනන්ද බෝ පාවි - (සාකි) කරපු පුණ්ය , කර්මේකිනී ‍ලබා, මෙලෝ සැප තුම් ශක්ර දේව, වැජඹේ මෙදා, ලෝකපාලනයෙන් - බලව් සම්පත සෙතසිරියා දී ස්නේහ පාවි - බෝ ඉන්ද්රාමනී තෙයි තෙයි තෙයි තෙයි තාත තෙයි තෙයි තෙයි තෙයි තෙයි තාත තෙයි පඞැඹුල අසුනෙහි වාඩි වී ‍වාසේ බලමැන සුරණිඳු, ඇත් චක්ෂුා දාසේ මෙ ලෝ ඉන්ද්රුගෙ වාසේහි - ලියෝ නාටිකාංගනාවෝ - වෙති ආනන්ද නිබන්ද - පිනි යාය ඉන්ද්රෝදෙව් දේවි ආනන්ද බෝ පාවි - අප ඉන්ද්රදරාජ දේවිගේ ස්වරූප දැක්මෙනි පිරිය වැඩි, සෙනෙහස, පාවි


ජෝන් ද සිල්වා 367 සුරඹුන්ගේ - දැක රංගේ හිත ප්රිේති වේය ශක්රංයෝ මෙ ලෝක පාලනෝ- නට නට පසසමු දැන් - සුරිඳුට තුම් - සුරිඳුට තුම් හිත ප්රිසතිවේය ශක්රසයෝ මෙලෝක පාලනෝ - ඉන්ද්රරගෙ වාසේහි - ලි‍යෝ නාටිකාංගනාවෝ වෙති ආනන්ද නිබන්ද - පිනි යාය ඉන්ද්ර්දෙව් දේවි ආනන්ද බෝ පාවි -

ශක්ර යෝ - ඉන්ද්රාිනිදේවි. ම‍ාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය රත්වි ගෙණ යයි ඉන්ද්රානනි - ඒ මක්නිසාදැයි බලනු මැනව. පුරියා - දිප්චන්දි (ඉක්මන්) ශක්රයයෝ - කිම්ද මෙම ප්රකකාර - කිම්ද මෙම ප්රුකාර බෝසේ මේ රත්වි - ශිලවති පොළවේ හඞනා දැන් දෙන්ට දරු යදිය - දෙන්ට දරු යදීය ‍බෝ වටි දරු දීම ‍ලෝකේ ශිලවන්තිය ඕතොමෝ යාචඤාව - ඒ බිසෝ තුම්ගෙ - කරමි මම් ඉටු ඒ ක්ෂසණේකින් කරමි මම් ඉටු ඒ ක්ෂ ණේකින් දෙන්ට දරු යදීය - දෙන්ට දරු යඳිය

ඉන්ද්රාරනි - දේවයින් සිල් රකින ස්ත්රි යෝ මනුෂ්යෙලෝකේ මාණික්යරයෝය. ස්ත්රිකන්ට ඊට වඩා ලක්ෂමණ ආභරණයක් නොමැත. ඒ නිසා ශිලවති දේවිට දරුවන් දෙනවා නම් පින්වන්ත දරුවන් දෙනු මැනව. ශක්රවයෝ - තිගේ යෝජනාව කදිමයි. තුසිත භවනේ දැන් බෝධිසත්වයෝ වැඩ සිටින සේක. මම එහි පැමිණ ඒ බෝධිසත්වයන් සමග කථාකොට ශිලවතිගේ කුසේ උපදින්ට කැමැත්ත ගන්නෙමි. එසේම තව දිව්යඒ


368 කුස ජාතක දෘශ්යස කාව්ය්ය

පුත්ර්යෙකු‍ෙග් කැමැත්තද අරන් මහලු වෙසකින් කුසාවති නගරයට ගොස් ඔක්කාක රජුගේ මාලිගාවේදිම ශිලවතිදේවි අරන් ගොස් කුඩා පැල්පතක් මවා එහි නිදිගන්වා ම‍ගේ ඍධ්යාලනුභාවයෙන් ඒ බිසවුන් මාගේ මේ තව්තිසා භවනට ගෙණ එන්නෙමි. ඉන්ද්රා නි - එසේ යහපති දේව - එතකොට අපටත් දැක කියාගන්ට හැකිවේ. (නික්ම යති)

2 අංකය i ජවනිකා - විථියක් නයිනටවන්නෙක් සහ ඔහුගේ ස්ත්රික ගමන්කරත්. නයිනටවන්නා - සොඳුර මේ පඤ්චසකන්ධනය රක්ෂාඑකර ගන්ට කොපමණ මාන්සිවෙලා ආහාර සපයාගන්ට ඕනෑද? සොඳුර - ආහාරය නැතුව ජිවත්වෙන්ට බෑ. එය මොන උපායකින් නුමුත් සපයාගත යුතුයි. නයිනටවන්නා - මේ විථියෝ වසන ජන‍යෝ අ‍පේ නයි ක්රිුඩාව දකින්ට කැමැත්තාහුය. මෙහි ටිකක් නැවති නයා නටවමු. සොඳුර - අ‍පේ පානිදර බතට සෑහෙන්ට මොකවත් සපයාගන්ට බැරිවෙන්නේ නෑ. නයිනටවන්නා - සොඳුර මේ විශාල ඉඩම් කඩම් ගෙවල් දොරවල් ඇති පෝසත් ජනයාගෙත් අපෙත් ඇති වෙනස මොකද? සොඳුරා - ‍ලොකු වෙනසක් තිබේ. අපට රෑ වුන තැන අපේ ගෙදරය උන්නැහේලාට එහෙම නොවෙයි - සුවඳ මල් තැවරෑ යහන් අත පය මිරිකන්ට වැඩකාරයන් කලට වේලාවට බොජුන් පිලියෙල කරන අරක්කැමියන් රථයෙන් ගමන් කෙරුම් මේ ආදි සැපපහසු එමට තිබේ.

ජෝන්ද සිල්වා 369 නයිනටවන්නා - අපේ කුසගින්න නිවාගන්ට කෑම ටිකක්ද රෙද්දක් සෝදාගෙනණ අඳින්ට තවත් රෙද්දක්ද තිබුනොත් මේ පඤ්චස්කස්ධයට හොඳටම ඇති. හිත පමණක් කිළුටුකර නොගෙණ සිටියෝත් ඒ වස්තුව මිල කරන්ට බෑ. සොඳුර - හිතේ වටිනාකම දන්නේ කී දෙනෙක්ද? එය කිළුටු උනාම සෝදාගන්න ක්රහමය දන්නේ කී දෙනෙක්ද? නයිනටවන්නා - ඒ කීම මම මුදුනෙන් පිලිගතිමි - මෙහි වාඩිවෙලා නයා නටවමු. විථියේ ‍යනෙන මගියන් සන්තෝෂවි අපට මොකවත් දෙනවා ඇත. (සොඳුර නලාවක් පිඹි - නයිනටවන්නා සින්දුවක් කියා නයා නටවයි.) ‍සෝහිනි - ත්රි-තාල් නයිනටවන්නා - පාමි නය් සෙල්ලම් දැන් මම් පාරේ පාරේ කව්රුත් ‍මේ දැක්කේත් තොස්වි දෙනවා තෑගි - ලිහාලා කල් නෑර රන් ලූ පසුම්බි දුක්සේ දැන් මේ පංචස්කන්ධෙ රක්ෂාපවෙන්නේ මෙහෙමයි ලෝකේ - පාම් නය් සෙල්ලම් දැන් මම් පාරේ පාරේ - ‍සොඳුර - මේ රක්ෂා නින්දා නැත් - නයිපෙණේ දැන් පුප්පාලා ඌ නටා අත්වෙය් මුදල් බෝ රක්ෂාාවෙන් නැත්මැය් පාඩු - එන්නා දැන් අර නාකි, සම්පත් හානි, මහල්ලා කැස්සෙන් පීඩාවු - රෝපත් අර නාකි ලොම්බා

(ශක්ර යෝ මහල්ලෙක් මෙන් පැමිණෙති) මහල්ලා - යාළුවා රජ මාලිගිවට යන පාර කොහෙන්ද? නයිනටවන්නා - මොන රජුගේ මාලිගිවද? මහල්ලා - කුසාවති නුවර ඔක්කාර රජුගේ මාලිගාවටයි. 370 කුස ජාතක දෘශ්යු කාව්යිය

නයිනටවන්නා - ඔහොම ගොසින් වටම හැරි යනු - ලොක්කෝ මේ නයා නටන හැටි බලා මොකවත් තෑගදිලා පලයන්. මහල්ලා - පුතේ ‍මා ගාවා කිසි මුදලක් නෑ - බුලත්විටක් නම් දෙඤ්ඤා නයිනටවන්නා - ඒත් ‍හොඳයි - හොඳ හිතෙන් දෙන කොයි එකත් හොඳයි. මහල්ලා - වාසලෙන් යමක් ලැබ‍ුනොත් එන පාර මෙහෙන් එඤ්ඤා එතකොට උඹලා සම්භවුනොත් ‍‍ෙමාකවත් දෙන්ට පුළුවන් වේ - ආයුබෝවන්. නයිනටවන්නා - සැරදේ සීයා - (නික්මයති)

ii ජවනිකා - ඔක්කාක රජුගේ මාලිගාව ඔක්කාක රජ සිංහාසනයේ වැඩසිටි. ශිලවති බිසෝ පැත්තකින් සිටි ඇමති පිරිසද නාටිකාංගනාවෝ ද සිටිත්. පිලු ත්රි තාල්

ඇමතියෝ - පුරා සඳ වාගෙ බි‍සෝ බබලාය් - ඒ-පුරා සඳා වාගෙ බි‍සෝ බබලාය් - නැට්ටුවේ - ‍තේජා සාරා ප්රිගතිපානි අප බුවිපාල් ඇමතියෝ - පුරා සඳ වාගේ බි‍සෝ බබලාය් - ඒ - පුරා සඳ වාගේ බිසෝ බබලාය් - නැට්ටුවෝ - පර දුක සිංදන - සිය රට වද්දන - කරණ උතුම් ගුණයෙන් නර රංජන - රජුට ප‍ුතුන් ගැන - ඇතිවේ ද‍ුක මන සියලුදෙනා - ලැබේවා නන්දන - රට බබලාය් - පුරා සඳ වාගෙ බිසෝ බබලාය් - ඒ - පුරා සඳ වාගෙ බිසෝ බබලාය් -

ජෝන්ද සිල්වා 371 නැට්ටුවෝ - රුපු ජන පුම්බා - පා පැරකුම්බා - උරෙහි ලම්බා - සිරි අම්බා - පින්ගන්නා - බූපල් නා - වැජඹෙන්නා - සැනසෙන්නා - සිංදන්නා - දුක් පන්නා. සියලුදෙනා - ලෝ යස පාය් - පුරා සඳ ව‍ාගේ බිසෝ බබලාය් - ඒ පුරා සඳ වාගේ බිසේ බබලාය් -

ඔක්කාකරජ - මේ ලෝකේ සියලුම සම්පතට වඩා දරුසම්පත අනගි බව මට දැන් වැටහි යනවාය. ඇමතියෝ - දේව ඒක එසේමයි - ස්ත්රි තොමෝ රත්නයක් - ඒ ර්තනයේ කාන්තිය නම් දරුවාය - දරුවන් නැති ස්ත්රිනන්ගේ දුක කියා නිම කරන්ට බැරිය. ශිලවති - මටද ඒ දුක දැන් සෑදී තිබේ. (ශක්රා බ්රානහ්මණ මහල්ලා පැමිණේ) ඇමතියෝ - මේ ජරාවට පත් මහලු බමුණා කුමට මෙහි ආවේද? ශක්රශබමුණා - සගයෙනි. නිග්රදහ නොකරව්. මාගේ ශරිරය දිරා ගියෝ වී නුමුත් රාග්යර නොදිරූ බැවින් තරුණ වන්නේය. ශිලවති බිසව ලදුමෝ නම් ගෙණ යෙම් සිතා ආමි. ඇමතියෝ - මේ හත්ඉලව් කෝලමක්. කාඳරා - ත්රිවතාල්

ශිලවතිගේ අත අල්ලාගෙණ කියයි. ශක්රතයෝ - රක්නා රට සේවක සේනා රංජනා මිහිපති දෙනු මට බිසව බිරිඳ‍ සේ ඔබට පුත්රෙ නැති දුක මම නවතම් සත්කාර මට සත්කාර දෙන් රම්බරි ගඤ්ඤා දිමුතා මෙ කතා - රක්නා රට සේවක සේනා රංජනා. 370 කුස ජාතක දෘශ්ය කාව්ය ය ඇමතියෝ - රාගෙන් රම්බර දේවිට නාකි, බමුණෙක් අද අත අල්ලමි මත්වි දැරු ශාන්ති නින්දා බි‍සෝට හොඳ මේවා නොකරා ඉඳිනු පමාවි මෙතාක් සිද්ධනුන මේ නිගා කිමා කෝලමකි ලෝකෙට මෙමකාරි බමුණු නාකිවුන රාග දරා හිත කෝලහලා කර වාසල සැපත් වී අල්ලාපි දේවිගේ ශ්රිශහස්තේ මාලිගාහි. ශිලවති - දේවයන් වහන්ස. මේ මොන විකාරයක්ද? ඔක්කාක - මට දුකයි හිනාවයි දෙකම එකපිට ‍පහළවෙනවා. ශිලවති - මට පුදුමයි පිළිකුල්කමයි දෙකම පහළවෙනවා. ශක්රතබමුණා - මට ජරාවයි රාගෙයි දෙක එකපිට. සින්ධුරා - වල්ති ඔක්කාක - කිම් කාරි කාරි මා‍ගේ දේවි අල්ලාපු කිම් කාරි දැන් මෙ නාකි වේසධාරි ආවේ, කෙලෙසා මාලිගාවෙත් දැන් ශක්ර බමුණා - කුලප්පු බෝ වෙන්ටෙපා දැන් ඔලොක්කු නෑ වෙන්නේ මාගෙන් - ඔක්කාක - කුසල් කෝ රාගෙන් බාන් නාකි ‍ලෝකේ ඇය් ‍හොල්මාන් - ශිලවති - පානා පෙම්-මත් වී දැන් - ‍කෝලම් බාන් - වෙන්නා නින්දා ලෝකෙන් - ඔක්කාක - කිම් කාරි කිරි ම‍ාගෙ දේවි අල්ලාපු කිම් කාරි දැන් මෙ නාකි වේසධාරි ‍ආවේ කෙලෙසා මාලිගාවෙත් දැන් - ඇමතියෝ - පුදුමා නාකින්ගේ කෝලම් දැන් වෙන්නේ භවනේ නෙය්යාඩම් අත් අල්ලාපි මේ සිල්වත් දේවිගේ දැන් ලජ්ජා බෝමය් ජෝන්ද සිල්වා 373

සියලුදෙනා - මෝල්කමක් වෙන්නා නාකි තුඃ ඔක්කාක - කදිම ආශාවක් පෑවේ චිඃ ශක්රාබමුණා - ගෙණ යම් දේවින් ‍දොක්කම් වී මම් ඔක්කාක - නාකිත් තෙය් තර්කිට තෙය් තෙය් තෙය් ශිලවති - මා හරින් ඉලව් මේ වාහේ සියලුදෙනා - කෝලම්‍ ලෝකේ මේ වාගේ නැත් ඔක්කාක - කිම් කාරි කාරි ම‍ාගේ දේවි අල්ලාපු කිම් කාරි දැන්.

මන්ත්රිනවරුනි මේ මහල්ලාගේ ක්රි‍යාව මට පුදුමයි. මොහුට තළා එලවන්ට මට හැකි නුමුත් ඉන් පාපයක් සිද්ධවෙන බැවින් නිකම් ඉඳිමි. ශක්රනබමුණා - ප න් දහසකට මැද තැබුවත් උඩ එ ල්ලා ර න් ආයුදේ නොවිදද විදිනා ගු ල්ලා සුන්දරි වරෙන් මා එක්ක යන්ට. තොපට ඕනෑකරණ බෝජුන් මට හිඟන් මට හිඟමනේ ‍ගොස් ගෙණත් දෙන්ට පුළුවනි. ශිලවති - අනේ මේ මොන පූර්ව‍ කරුමයක්ද? ශක්රතබමුණා - වරෙන් යන්ට වරෙන් යන්ට. (ශක්ර‍බමුණා ශිලවති අරන් නික්ම යයි.)

ඇමති‍යෝ - දේවයන්වහන්ස මේ නාකි බමුණා කවුරු වුනත් මහ තේජානුභාව ඇත්තාවු අයෙක් බව පෙණියයි.මක්නිසාද යත් මේ මාලිගාවට කිසි භයක් නැතුව පැමිණ ශිලවති දේවින්වහන්සේ ඔබවහන්සේගේ හමුවේදීම අරන් යන්ට ඕහට ඉඩ ප්රසස්තා ලැබුන බැවින්ය. ඔක්කාක - හොඳයි මින් මක්වේදැය් අපි බලමු. ශිලවති සිල්ගන්නා.

374 කුස ජාතක දෘශ්යප කාව්ය්ය

පතිව්ර තාව රකින. යහපත් ස්ත්රි‍යක් බැව් දනිමි, ඒ නිසා ඔය මහල්ලා අරන් ගියත් ඈගේ පතිව්ර තාවට කැලලක් නොවන්ට ඕතොමෝ හැසිරෙන්ට දන්නිය. එබැවින් මාගේ හෘදය පත්මේහි සංකා නමැති විෂ ඝොර පණුවාට උපදින්ට ඉඩක් නැත. (නික්ම යති.)

iii ජවනිකා - විථියක් (ශක්රජ බමුණා ශිලවති අරන් යයි.) බමුණා - සොඳුර මම පැලක් තනා හි තී නවත්වමි. තිට ඕනෑ කරණ ‍බොජුන් මම සිඟා කා සපයා ගෙණෙන්නෙමි. ශිලවති - අනේ මට ඔය බොජුන් ‍පුරුදු නැත. ශක්රතබමුණා - පැමිනි දුක් පැනි රස මෙන් සලකනු. ඉවසිල්ලෙන් සැප ලබාගන්ට පුළුවන්. ශිලවති - මට දැන් ඉතින් කවර සැපක්ද. දරුවන් නැතැයි කියා ලෝකයා මට ගරහයි. ශක්රාබමුණා - එ එසේමුත් දාර‍කෝත්පත්තියක් තිට ලැබුනදාට ඔය සරදම් නැතිවෙන් බව දැනගන්ට හොඳා.

දනාසරි - දාදරා ශක්රරබමුණා - තිට අවමාන්න ලැබේ ලෝකෙන් ශිලවති - හරි නාකියෙක්ව ගත්තැය් කියා තමා ශක්රතබමුණා - ඒක දෝෂ නැත රම්ය ශිලවති ශිලවති - මගේ දුක් බෝ වෙය් මෙ දැන් ශක්රතබමුණා - තිට අවමන්නා ලැබේ ලෝකෙන්


ජෝන්ද සිල්වා 375 ශිලවති - සංවාසෙන් කෝ කම්සැපා දැන් කාට කියාලම්‍ ශෝකය මාගේ පුත්රි නැතේ ඔක්කාක රජුන්ගේ දුක්වෙය් පිරි ම‍ගේ මන් ශක්රරබමුණා - තිට අවමාන්න ලැබේ ලෝකෙන් ශිලවති - දේව සක් - දේව සක් - ‍දේය මා දරෑ ශක්රතබමුණා - ලද්දෝතින් පුත්ර තුම් ඉන්ද්රාගෙන් ලැබේමැය් ශිලවති - ඒක සරියාද දැන් ශක්රතබමුණා - ඊට උත්තර කිම් ශිලවති - කාර බැන්දත් මෙලෙස් - ශිලයෙන් උන්නොතින් වාසි වෙය් වාසි වෙය් වාසි වෙය් අන්තිමේ දේව සක් - දේව සක් - දේය මා දරු - දේව සක් - (නික්ම යති.) iv ජවනිකා - ශක්ර-භවන. ශක්රනයෝ ශිලවති බිසව ඍද්ධිබලයෙන් ශක්රමලෝකයට ගෙණත් ඈව හත් දවසක් යනතුරු නින්දෙහි තබා පිබිදින්ට සලස්වා සුදම් සභාව කැඳවයි - ඉන්ද්රාකනි දේවිද නාටිකාංගනාවෝද ප්රිාතියෙන් සිටිති.

කල්යාාන් - දාදරා නාටිකාංගනාවෝ - නන්දන වන චිත්ත ඇති - සුරණිඳු විදුරත අපේ - අසුරයන්ගෙ ඔද බි‍ඳේ - ජයසිරි ලැබ සැප වි‍ඳේ සුගුණපාන ලෝ නිබන්දා - අගුණ රහිත ලෝක පිතා එ මනු ලෝවේ, සර්වඅශෝක - හංගය කර දී වැජඹේ - නන්දන වන චිත්ත ඇති - සුරණිඳු විඳුරත අපේ

376 කුස ජාතක දෘශ්ය කාව්ය ය දාදාදින්තා, කිටදාදින්තා, කිටිතක ගදිගින, දාගදිගන,දාද දිගන, දා - නන්දන වන චිත්ත ඇති - සුරණිඳු විදුරත අපේ- නගජග, නගජග, තරාණතෙයි - තෙයිතරාණ තෙයිතා නන්දනවන චිත්ත ඇති - සුරණිඳු විදුරත අපේ ශක්රතයේ - ඉන්ද්රානනී සොඳුර ඔය යහනේ සැතපෙන කුමාරි දන්නෙහිද ඉන්ද්රානනි - දේව. මීට ප්රඔථම අපේ මේ විමානෙහි ඈව නුදුටිමි. අපේම දිව්යාංනගනාවක් වාගෙයි. ශක්රයයෝ - නෑ මනුෂ්‍ ්ලෝකයේ කුසාවතී නුවර ඔක්කාකරජුගේ බිසවුන්නාන්සේය - දරු නැති ශෝකයෙන් වැලපි සිටින කල මම එහි ‍ගොසින් ඈව මෙහි ගෙණාවෙමි - අන්න ඕතොමෝ නින්දෙන් නැගිටෙනවා. (ශිලවති නින්දෙන් පිබිද වටපිට බලා පුදුමවි කියයි.) බිහාග් මාඩ් - චල්ති ත්රිාතාල්. ශිලවති - (සාකි) හේ මහරජ, සක්ලොව, ඉන්ට අසරණ මා ඇය් ගෙණාවේ - සැමිමාගේ ඔක්කාකරජු‍ කෝ - මේ දුක් තරයේ පිරෙය් ළයේ - පේනා මෙම දෙව් ‍ලෝ ‍සෝබන වේ පේනා මෙම දෙව් ලෝ සෝබන වේ මුදා දුක්ඛා ලන් - පුත්රම දී තුම්, සුරි‍ඳේ හා, පේනා මෙම දේව් ලේ සෝබන වේ ශෝක මා ළයේ බෝය ලැබ නිගා වඳිය කියති මෙමට සෑම ජනජනි පේනා මෙම දෙව් ලෝ ‍සෝබන වේ. ඉන්ද්රාමනි - මේ දේවි ඔබවහන්සේගෙන් පුත්රැ වරයක් ඉල්ලන්නිය.‍ දේව. එක දරුවාට දෙදෙනෙක් ඈට දානය කළමැනව. බෙහාහ් - ත්රිටතාල්. ශක්රහයෝ - බිසෝ තිගේ යාච්ඤා - ඉෂ්ටවෙනවා මෙ තිට ලැබෙය, පුත රත්න සඟලා

ජෝන්ද සිල්වා 377 බිසෝ තිගෙ යාච්ඤා - ඉෂ්ට වෙනවා මෙ කුස තණ මිට හා සාළු වීණා සඳුන සහ මෙ පරසතු මාලා. (මේවා ශිලවතිට දෙයි) බාරදෙන්නෙමි - සෙත් අත් වෙත් තිගේ රජුගේ - යහනෙ තබා එන්නෙම් බූ ලෝ ගොස් මම් මෙ තිට ලැබෙය පුත් රත්න සඟලා. ශිලවති - සාධු සාධු දේව. ඔබවහන්සේට පින් නොමින් ලැබේවා මා රැගෙණ ගොස් ඔක්කාක මහාරජානන්ගේ මාලිගාවෙහි තබනු මැනව. ශක්ර යෝ - තිට දෙන දරුදෙදෙනා අතුරෙන් එකෙක් වනාහි ප්රරඥාසම්පන්න වන්නේය. රුව මදවන්නේය එකෙක් රෑප සම්පන්න වු මුත් ඤාණයෙන් හීනවන්නේය. එබැවින් ඔවුන් දෙදන අතුරෙන් කවරෙකු පළමුකොට ලබනු කැමත්තිද? ශිලවති - සමස්ත ලෝකයෙහි ඤාණයට සමානවු අන්කිසි වස්තුවක් නැත්තේය. එබැවින් මම පළමුකොට ප්රතඥාසම්පන්නා ප‍ුත්ර.යා ලබා දෙවනුව රූපවන්ත පුත්රසයා ලබන්නෙමි. ශක්ර‍යෝ - තිගෙ රජුගේ ශ්රිනයහන්ගෙයි රජ්ජුරුවන් හා එක යහනේ සතප්පවා මාගේ පාදයේ මහපට ඇඟිල්ලෙන් තිගේ නාභි පරාමර්ශ කරන්නෙමි. එකෙනෙහිම පුරණ ලද දශපාරමි ධර්මයන් ඇති බුද්ධාංකුර වු අප මහබෝසතා‍නෝ තව්තිසා දෙව්ලොව්න් චුතව අවුත් තිගේ කුසෙහි පිළිසිඳ ගන්නාසේක. ඒ දරුවාට කුස තණ යන්න මුල් කොට කුස කුමාර යන නම දෙනු. කුසකුමරු පියවර නගා ඇවිඳින කල අනික් දිව්යනපුත්රායෙක්ද දෙව්ලොව්න් චුතව අවුත් තිගේ කුස පිළිසිඳ ගන්නේය. ඒ කුමරු හට ජයම්පති යන නාමය තබනු. දැන් මිනිස්ලොවට මා සමඟ වඩිනු (නික්ම යති.)

378 කුස ජාතක දෘශ්යන කාව්යිය සාරංග - හිංචි නාටිකාංගනාවෝ - පා ගුණ පෙම් පෙම් මේ ශක්ර්දේව බූ ‍ලෝ වැඩියේ සිලේ රකි ශිලවන්ති බිසෝ පුත්රර ලැබි ඈගේ ශෝක සින්දිබින්දි යාවි එ‍ලෝ මෙලෝ ප්රිගතිවෙන්ට සිද්ධි බෝ සිද්ධි (සාකි) ඉපදිලා ඔක්කාක රාජබිසෝ කුසේ පින්වත් ශ්රිල මහාබෝසත් පින් සදා දේය තිලෝ සත වෙත් පාමු පාමු අපේ තුති රාව - නට නට පාමු අප ශක්රමදෙවිඳුගෙ පිණ ලෝක තුළ පාවි පාමු පාමු අපේ තුති රාව - නට නට පාමු අප ශක්රමදෙවිඳුගෙ පිණ ‍‍ලෝක තුළ පාවි පාමු පාමු අපේ තුති රාව - නට නට පාමු තනගනගන්, තනගනගන්, තනගන් තෙයි පා ගුණ පෙම් පෙම් මෙ ශක්රතදේව බූ ලෝ වැඩි‍යේ. (නික්ම යති.) 3 අංකය i ජවනිකා - ඔක්කාක රජුගේ මාලිගාව ඔක්කාක රජ, ශිලවති බි‍සෝ, කුසකුමර, ජයම්පති කුමර උස් ආසනයක සිටිති. ඇමතියෝ සහ නාටිකාංඟනාවෝද වජ්රආඤාණ නමැති කවට නිලමේද සිටිත්. මලාර් දුර්පත් ඇමතියෝ - ශිලවති දේවි ඔක්කාක මහරජ. ලදිහුය කුස ජයම්පති නම් දරු - මේ කුමරෝ වාසවෙන්නාහු සැපතින් ‍- ‍බෝ - නැට්ටුවෝ දෙදනෙක් - (සාකි ) ශක්ර යෝ දුන්නෝ මේ පුතුන් බිසව අසා යැදුම් ජයම්පති රූපා ‍සොඳා විරූපය් පුත්රක කුසා

ජෝන්ද සිල්වා 379

සියලුදෙනාම - ශිලවති දේවි ඔක්කාක මහරජ ලදිහුය කුස ජයම්පති නම් දරු- මේ කුමරෝ වාසවෙන්නාහු සැපතින් - බෝ.

ඔක්කාකරජ - ඇමතිවරුණි - අපේ මේ කුසකුමාරයාට සොළොසව් රුද්දක් දැයට වසසැත.ඉතින් අප ජිවත්ව සිටියදිම ඕහට විවාහයක් කරඳි ඔටුණු පළඳවා මේ රට පාලනයට භරදෙන් එක යුතු නොවේද? ඇමතියෝ - එහෙයි ස්වාමිනි කුසකුමාර - අනේ පියතුමනි මට විවාහයක් එපා ම‍ාගේ මාතා තුන්වරක් මීට ‍ප්රිථම විවාහ ජිවිතයට ඇතුළත්වෙන්ට මට කී නුමුත් ඊට අසතුටු වුනෙමි. මම් කුමාරිකාවක් බඳිම් නම් මවිසින් සාදන රන් රූපය මෙන් ලක්ෂ ණ කුමාරිකාවක් ලැබුනොත් බඳින්නෙමි. නැත්නම් පියරජුගේ ඇවෑමෙන් පසු තපස් ශිලය රක්ෂාප කරන්නෙමි. ජයම්පති - මාගේ සහෝදරයාගේ මුණ අරූප බැවින් ගෑනුන්ගේ ආඩම්බර බලන්ට වෙයි යන භයින්දෝහෝ විවාහයක් කරගන්ට අකමැති වන්නේය. ශිලවති - රූපය වනාහි නැතිවි යන එකකි. එ වෙනුවට මාගේ පුතා දෑරඟමිණක් සේ නිර්මලවු ඤාණයක් ඇත. 1 ඇමතියා - දේව, ස්ත්රිියෝ වනාහි රූපයට රැවටෙති. ඒ රැවටෙන් ස්ත්රිණයෝ අපේ මේ ප්ර්ඥාවන්ත කුමරුන් දිටුවාම අප්රිපය කරන්නාහුට එය දැනගත් කුස කුමාරයන්වහන් සේ ස්ත්රිහන්ට අප්රි ය කරණසේක. වජ්රරඤාණ - ‍දේවයන්වහන්සෙ, සරණබන්ධනය සංසාර ව්යරවහාරයෙකි. ඒ ව්ය්වහාරයෙන් පිට තපස් ශිලයට බසින් උත්තමයෝ සිටිති. තවත් සමහරෙක් අසරණ සරණව සිටින්ට කැමතිව සිටිති. 380 කුස ජාතක දෘශ්යස කාව්ය්ය ඔක්කාකරජ - මොකද අසරණ සරණය. වජ්රාඤාණ - අසරණ සරණය කියන්නේ විවාහයක් සිරිත්ප්රයකාර කර නොගෙණ ස්ත්රිරන්ගේ සරණ යෑමය. අපේ කුස කුමාරයානන්වහන්සේට එහෙම එකක්වත් හිතිලාදෝ. කුසකුමාර - වජ්රෙඤාණ. මාගේ එහෙම කල්පනාවක් නැත. දෙමව්පියන්ගේ ඇවිටිලිය නිසා විවාහයකට ඇතුළත් වෙන්ට කැමැත්තෙමි. වජ්රටඤාණ - සැරදේ කුසකුමර. බැන්දදාට ඔබවහන්සේට සහ දේවින්ටත් යුවතිපති කියා කථාකරනට මට ඉඩ ලැබෙනවා. නළඟනෝ එම ප්රිකතිය කල් ඇතුවම මේ සභාවේ සින්දුවක් කියමින් රැඟුම් දක්වා ප්රරකාශ කරව්. මාඩි - හිංචි නළඟ‍නෝ - සෝබන රූපේන යුක්තවු අංගනා මනරම් වේවා විවාහ කල්නෑරමා - වාගෙ දෙවඟනා රූ සාරවු කාන්තා මනරම් - වේවා විවාහ කල්නෑරමා - නළගනෝ දෙදෙනෙක් - (සාකි) රජිඳුනි, පුත්රා විරූපෙනි, උන්නත් දැරි ඤාණාංග - බුදුකුරු ‍මෝහ සින්දනා - නළඟ‍නෝ - විදු එලි ලොව, පාන බුදුකුරු බෝසතානෝ - සිටිති ‍ලෝකේ - ජන මෝහ සිංදනා ඤාණය විනා කිමා රූ‍පේ - නළඟනෝ දෙදෙනෙක් - (සාකි ) මනරම් නැණා අත්වි දිලි සිටිත් බෝසතානෝ - මේ කුසපුත්රන එව්වෝ මෙ‍ලෝ, විදුරත නම් දෙවියෝ - සියලුම නළඟනෝ - ආනන්ද වෙත් ලොව සර්වන නර නාරි මේ ලෝක ලක්ෂිණ වෙය් බො‍හෝසේ ධර්ම වැඳෑරි - පින් බල මේ ‍ලෝකෝපකාරා ප්රී ති වෙලා, බෝ, ගිත, පාමු, මේ සබේ ජෝන්ද සිල්වා 381 මනරම්, වේවා විවාහ කල් නෑරමා - සෝබන රූපෙන් යුක්තවු අංගනා මනරම් වේවා විවාහ කල්නෑරමා.

ඔක්කාක - වජ්රනඤාණ. මේ නාටිකාංගනාවන්ගේ මධුර සින්දුවෙන් අපේ සිත් නන්දනවුනි. මගේ ශිලවති බිසව ඉන්ද්‍ත්ලෝකෙට ශක්රාදෙවියන් ගෙණහිය ප්රකස්ථාවේදී ඈට ශක්ර්දෙවියන්ගෙනන් ලැබුන තෑගි නම් කුසතණකොල මිටක්, දිව්යෙ සළුවක්, සඳුන්හරයක්, පරසතු මලක් සහ කොනකද විණාවක්ය. ඒ වීණාව වයන්ට අපේ පුත් කුස කුමාරයෝ ඉතා සමත්ව වෙති. ශිලවති - කුසනන්දන. ඔය වීණාව වයනු. අපි සියලුදෙනාටම කොටස බැගින් කියන්ට වජ්රනඤාණ සින්දුවක් පටන්ගණු මැනවි. කාලිංගඩා - කහරවා - වල්ති වජ්රංඤාණ - මහරාජා භව‍නේ පහනා ඉන්නා මෙ දේවි දිලෙනා සිත් වෙය් බෝ නදනා නදනා ඔක්කාක - දෙස්වාසිහු බෝ, ප්රිහතිඝෝෂා දී දැන් ඉන්නෝ නෑ ඉන් නෑ දෝෂා ශිලවති - පුත් ‍මගේ මේ බෝධසතා‍නෝ කුස - මුණ අරූපා ඔව් ඔව් ඔව් ඔව් පව් පින් පව් පින් මිශ්‍ිනය් සසරේ සතටා නළඟ‍නෝ - තුන්ලෝවාසි මොහඳුරේ ඉන්නාහුය ධර්ම නොතේ‍රි ඊට සොයාගණි ඖෂධ බෝසත් පේවි මොහඳුරේ ඉන්නාහුය ධර්මප නොතේරි

382 කුස ජාතක දෘශ්යන කාව්යරය සියලුදෙනාම - සංසාරේ දුක් ‍බෝ සාරේ ඒකෙන් බේරේ, ධර්මුධාරෙන් සැබැය් මක් කියම් මම්. ඔක්කාක - ඇමතිවරුණි - අපේ පුත්රප කුසකුමාරයා සාදන රත්ත රන් රෑපය අරන් ‍ගොස් සියලුම රට තොටවල එය දක්වා ඒවාගේ කුමාරියෙක් සිටිනවා නම් දෙමව්පියන් සමග කතාකොට අපේ පුතුට ඒ කුමාරිකාව මඟු‍ල් අසා අපට වහාම දන්වව්. ඇමතියෝ - එසේ යහපති දේව. (නික්මයති.) ii ජවනිකා - විථියක් රාජදුතයෝ තිදෙනෙක් කුසකුමරුන් විසින් රණින් සාදන ලද ස්ත්රි රූපය අරන් ගමන්කරති. කල්යාලන් - ත්රිගතාල් - වල්ති 1 රජදුතයා - මෙම රන්රුව මෙන් කෝ ලියේ - මෙම රන්රුව මෙන් කෝ ලියෝ - මෙම රන්රුව මෙන් කෝ ලියෝ - නෑ මෙ ලෝ අනේ මෙසේ රූ නාරි - කුස කාරබඳින්නට ‍සොයනා ‍සෝබන ලඳ නොදැකා ආමි මෙම රන්රුව මෙන් ‍කෝ ලියෝ 2 රාජදූතයා - රුචි වෙන්ට සදා ඇත රූපේ නැත මේ ලෙස නාරි රූපේ මෙම රන්රුව මෙන් කෝ ලියෝ රාජදූතයා - සිරි ලියටා වඩා අනගි, දේහ අංග මේ - (කෙලෙස සැදිද මෙ රුව) 2 රන් නාරි මෙම ‍රන්රුව මෙන් කෝ ලියෝ. ජෝන්ද සිල්වා 383

1 දුතයා - මිත්රෝවරුණි - අපි දැන් ‍නොයෙක් රටවලට ගියෙමු. මෙබඳු රුව ඇති ලියක් තම සම්භවුනේ නැත. මදුරට සාගල නුවරට පැමිණෙමු. 2 දූතයා - හොඳයි ඒ කල්පනාව. 3 දූතයා - එහි පැන්තොට සමි‍පයේ මේ රූපය තබා අපි හැංගි ඉඳන් බලාගෙණ සිටිමු. පැන් ගෙණයන්ට පැමිණෙන ගෑනු මේ රූපය බලා අසවල් ස්ත්රිහය වාගෙයි කිවොත් ඒ ස්ත්රි ව සොයා යමු. 1 දූතයා - කදිම කල්පනාව 2 දූතයා - අර පෙණෙන්නේ පැන් තොට තමා. 3 දූතයා - ඒ අසල් මේ රූපය තබා අපි හැංගි සිටිමු. 1 දූතයා - එසේ කරමු. (රූපය තබා හැංගි සිටිති - කුදු මහලු ස්ත්රි යෙක් තවත් ස්ත්රිින් දෙදෙනෙක් සමග පැන් ගෙණයන්ට රන් ‍කළගෙඩි උකුලේ තබාගෙණ පැමිණෙති - කුදි රන්රුව දැක ප්රලභාවතීයයි සිතා මෙසේ කියති.) කුදි - මේ අවේලාවේ පබාවති කුමරිය පැන්තොට ලඟ තනියම සිටිනවා පෙණෙනවාද? 1 ස්ත්රිාය - ඔව් අම්මා - පුදුමයි මේක පියරජ‍ුට හේම දැනගන්ට ලැබුනෝත් උඹට අන්තරා පැමිණෙනවාට සැක නෑ. 2 ස්ත්රිනය - සවස්කාලේ ටිකක් හුලං ගහන්ට ඇවිත් ඉන්නවා වෙන්ට ප‍ුළුවනි. කුදී - කෙල්ලන්ගේ ඔලමොට්ටලකම් මෙහෙම තමා අත පුරා කම්මුල් පාරක් දෙන්ට ඕනෑ. කල්යාෝන - ත්රි.තාල්(ඉක්මන්) විකාර මොකද කෙල්ල මෙහි තනියෙන් ‍මෙලෙස්නෙන් නොහික්මුන්කම කිම් නීච මෙන් 384 කුස ජාතක දෘශ්යෙ කාව්ය4ය රජ මට අච්චු නොමින් - ද‍ී මා පන්නය් දැන් මේවා නීච කෘත්යම බව තේරුම් ගෙණ තී මෙහි කි‍මාවෙ දැන් කන්ස බිඳි යන්ට දෙමි බැට මම් මාගේ ක‍ෙට් දැමි පස් පස් පස්.

(රූපේ කම්මුලට ගසා රැවටි මෙසේ කියයි.) බොලව් මෙහෙම රැවටිල්ලකට කිසිකලක මම අසුනුනෙමි. හරියටම අපේ ප්රලභාවති කුමරියගේ ලක්ෂනණ තිබෙන්ට මෙම රන්රුව විශවකර්මඅයා‍වත් සෑදුවාද? 1 ස්ත්රි්ය - මටත් හිතෙනවා විශ්වකර්මද දිව්යනපුත්‍ියයාගේ වැඩක් යයි කීයා 2 ස්ත්රි්ය - පැන් අරන් යමු. වෙලා ගියා. (පැන් අරන් නික්ම යති.) (රාජදුතයෝ එළියට පැමිණෙති) 1 රාජදුතයා - අපේ උපාය සපලවුනු හැඩයි - මේ රූපෙත් අරන් කුදි සිටින රජ මාලිගාටම පැමිණෙමු. 2 රාජදුතයා - ප්රයභාවති කුමරියගෙයි මේ රන්රුවෙයි කිසි වෙනසක් නැති බව කුදී දුන් කම්මුල් පාරෙන් පෙණුනා. 3 ර‍ාජදුතායා - යමු ප්රුමාදනොවි. (නික්මයති.)

iii ජවනිකා - මදුරජගේ මාලිගාව (එකපැත්තක සිංහාසනයද තවත් ආසාදනද තිබේ. මාලිගිවේ පැත්තක උඩුමහල් කවුළුවක් ලඟ ප්රාභාවති කුමරිය සිටින්නි, ඔක්කාක රජුගේ දූතයෝ රන්රුව අරන් පැමිණෙති. මදුරජුගේ දුතයෙක්ද සිටි.)

ජෝන්ද සිල්වා 385

මාඩි - දාදරා (පබාවති දැක කියයි) 1 රාජදූතයා - සිරියාංගනා සේ මෙකුමාරි - මූන චන්ද්රජ විලස දුල්ලි - මෙ ‍ලෝහි, කෝ මෙලෙස රූධාරි - (ස්වර්ණජ මෙ රූහි - රූ අඳුරුවි යාවි) 2 සිරියාංගනා සේ මෙකුමාරි - 2 රාජදුතයා - (සාකි) මැදුරේ පහන් මෙන් දිස්න වී ඉන්නි ප්රෙභාවති ලඳා - කර්මය පරිද්දෙන් සිද්ධ වෙය් මගුල් ඈට නිස්සාමය් කුසා - හා හා හා හා කෝ මෙ ලෙස රූධාරි - සිරියාංගනා සේ මෙකුමාරි 3 රාජදූතයා - (සාකි) දෑසත් ඇගේ නීලෝත්පලා මෙන් පේණවා නිල්වර්ණරවි දිස්නේ දසන් මුක්තාභරෙව් මන් වෙය් ‍සැලුම් වැස්සන් මෙ ලෙව් - හේ හේ හේ හේ - කෝ මෙ ලෙස රූධාරි - ස්වර්ණ මෙ රූහි - රූ අඳුරු වී යාවී - මදුරජුගේදූත - මොකද නුඹලා මේ ප්ර භාවති කුමරියගේ රූපාලංකාරය ගැන වර්ණදනා කරන්නේ. 1 රාජදුතයා - දූතයිනි. අපි ඔක්කාක රජහුගේ දුතමාත්යයයෝ වම්හ. මෙම ස්වර්ණජරූපය මෙන් ජම්බුද්විපයෙහි යම් කුමාරිකාවක් සිටිනවා නම් එම කුමාරිය ඉක්ෂහවාකුවංශ පෘථිවිශ් වරයානන්ට සක්දෙවිඳු විසින් දෙන ලද සිංහස්වරයෙන් යුක්තවු කුස කුමාරයාට මඟුල් කතා කරන්ට අපට අවසරදී තිබෙව හෙයින් ප්ර භවති කුමරිය දැක මෙහි පැමිණියෙමු. අප මෙහි සිටින මහරජු‍ට දක්වනු මැනව. මහරජුගේ දූත - එය දන්නමි - නැවති සිටිනු මැනවි.

(මදුරජ බිසව සහ දාසියෝ දෙදෙනෙක් පැමිණෙති)

386 කුස ජාතක දෘශ්ය කාව්යදය

රාජදූත‍යෝ - සැරදේ මහරජ. මදුරජ - තොපි කුමක්නිසා මෙහි පැමිණියාහුද 1 රාජදුතායා - සකල ජම්බුද්විපයට මුදුන් මල්කඩක් බඳු ඔක්කාක මහ රජුගේ වැඩුමල් පුත් කුස කුමාරයානන්ට ඔබවහන්සේගේ දියණිය වු ප්ර භාවති කුමරිය මගුල් අසා කැමැත්ත දැනගෙණයන්ට අපට අවසර ලැබි තිබෙන හෙයින් ඒ ගැන ලැබෙන අවසරය කුමක්දැයි දැන ගන්ට ආමු. මදුරජ - ඊට අපේ අකමැත්තක් නැති බව දන්වනවා හොඳයි. 2 රාජදුතයා - එසේ දන්වම්හ. ඔබවහන්සේට මේ කසුන්රුව තුටු පඞුරු වශයෙන් දෙන්ට අපට අණ කළසේක. මදුරජ - මමද තොපට තුටුපඞුරු වශයෙන් අනේක වස්තුන් දෙමි.මෙපුවත් ඔකාවස් රජතුමන්ට දන්වව්. 3 රාජදුතයා - ඔකාවස් මහරජතුරමා මහත් ජනසමුහයා පරිවාර කොට අගමෙහෙසිකාවන් සමග මෙහි පැමිණෙනවා ඇත. නුමුත් කුසකුමරයා ඒ සමග නොපැමිණෙන්නේය. බිසව - ඒ මන්ද? 1 රාජදුතාය - ඔක්කාක රාජ පරම්පරාවෙහි පෙර සිට පැවතෙන චාරිත්රයධර්මයයක් ඇත. එනම් දරුගැබක් පිහිටන තුරු දවල් දවස අතරෙහි ස්වාමිපුරුෂයා ඒ කාන්තාව හට නොපෙණෙමින් රාත්රිපභාගයෙහි සමගිව වැස ඉර පායන්ට ප්රෙථමයෙන් යහනින් නැගට ස්ත්රිවට‍ නොපෙණි යාමය. මදුරජ - ඊට අපේ දුව අකමැති නැත. ඒ චාරිත්ර ධර්ම නුකූල අපේ දියනියන් කැන්දාගෙණ යන්ට මෙහි පැමිණෙන ලෙස ඔක්කාක රජුට සහ බිසවුන්ටත් දන්වනු මැනවි. 2 රාජදුතයා - එසේ යහපති දේව.


ජෝන්ද සිල්වා							      				    387

බයිරවි - කහරවා - ත්රි.තාල් මදුරජ - එවි බලාධාරි රාජා ම‍නෝහර මෙදා දූතයන් අපවෙත සුන්දර දූ කාරබැන්දොත්, වේ සැප මනහර වෙන්නේ මංගල්ලේ, පෙර කර්මන,ලෙස තිර ඒවි බලාධාරි, රාජා මනෝහර - මදුබිසව - දුල් රූසිරින් යුත්, මගෙ දියනි - දුල් රූසිරින් යුත් මගෙ දියනි - කර්ම ලෙසා - බැඳ යනවා නැත කිසි දොස් - නැත කිසි දොස් - නැත දොස් - රොස් නොවේ ලඳා මදුරජ - ඒවි බලධාරි රාජා මනෝහර මෙදා දූතයන් අප වෙත සුන්දර

(නික්මයති) iv ජවනිකා - විථියකි සූත්රිධාරි පැමිණ අභ්යවන්තර පුවත කියයි. සාධුජනයිනි, ඔක්කාක රජානෝ මහත් පෙළහරින් ඒ ප්රොභාවති කුමරිය කැඳවාගෙණ කුසාවති නගරයට පැමිණ එම නුවර දිව්යළපුරයක් මෙන් සරහා බන්ධනාගාරවල සිටි හිරකාරයින්ද කූඩුවල සිටි පක්ෂියන්ද රැ හැන් ආදි දම්වැලින් බැඳ සිටියාවු සිව්පාවුන්ද ඉන් මුදාහරවා ස්වකිය පුත්රිවු කුසකුමාර ර‍ාජ්යාටභිෂේක කරවා ප්රමභාවති කුමරිය අග්රරමෙහෙසිකා කොට කුසරජහුගේ ආඥාවයයි අණබෙර ගස්සවා සේසත් නැගුසේක. විරූප මුනක් ඇති කුසරජ පබාවති බිසවට දාවල් දවසේ නොපෙනි දෙදෙනා මෙසේ කල්යවන කල ශිලවති බිසවට කියා එක්දිනක් ප්රේභාවතිය දක්නාට ඇත්හටල ඈව කුසරජ කැන්දෙව්වේය. එතෙන්දි ප්ර්භාවති දිටු


388 කුස ජාතක දෘශ්යත කාව්යලය

කුසරජතුමා ඇත්බෙට්ටකින් ඈට ගසා සරදම් ‍කළේය. ප්ර භාවති බිසෝ බොහොම කිපි ශිලවති බිසවට පැමිණිලි කළා - ප්ර්භාවති ව සනසාදමා ශිලවති තොමෝ කුසරජුට දෙවනුත් ඈව පෙන්වන්ට උපා යොදා අශ්වශාලාවට කැන්දා ගියාය. එතනදීත් කුසරජ තම මෙහෙසියගේ රූපලක්ෂාණය දැක ඉවසන්ට බැරැව අස්බෙට්ටකින් ගැසිය. ප්රයභාවති ඒ ගැන කිපි ශිලවති දේවිට පැමිණිලි කළාය. ඈද ප්රයභාවතිව සනසා සිටින කල එක්දිනක් ප්රිභාවතිට තම පුරුෂයා දකින්ට ආශාවක් පහළ වි ඒ බව ශිලවති දේවිට දැන්නුවාය. එකල ශිලවති කියන්නි දරුවෙක් ලැබෙනතුරු ස්වාමිපුරුෂයා දැකිම අපේ රාජ වංශ චාරිත්රකයට අනුකූල නැති බැවින් තිට දැන්ම ස්වාමිහුගේ දැක්ම උවමනා නොවේය. ඒ කෙසේ වෙතත් දරුව හෙට දින තිගේ සැමිව කුසරජා‍නෝ ඓරාවන හස්තියා පිට නගරය බලන්ට යන කල සුදර්ශහන විර්ථමයෙන් ගමන්කරති. එකල තී සිව්මැදුරු කවුළුවෙන් දකුවයි කීවාය. කුසරජුගේ ජයම්පති නම් මල්ලි සියලු රාජාභරණයෙන් සැරසි හස්තියා පිට නැගුනේය - කුසරජ ඇත්ගොව්වෙක් මෙන් පසු ආසනයෙක්හි හිඳ සුදර්ශයන විර්ථ.යේ ගමන් කරන කල ජනේලෙන් එබිකම් කර බලන පබාවතිව දැක උසුලු විසුලු පාමින් ක්රිකඩා දැක්වුයේය. පබාවතිගේ හිතේ සංකා ඉපද මේ දෙදෙනාගෙන් ‍මගේ පුරුෂයා කවුද කියා නිශ්චයකර ගැනිමට එක්තරා කුදියෙක් පිටත්කර ඇරියාය. කුසරජතුමා මේක දැන කුදිට එය පබාවතිට දන්වන්ට එපායයි කී සේක. කුදීද එය නොදන්වා පබාවති සැක දුරුනොකර සිටියාය. මෙසේ පබාවති තම ස්වාමිපුරුෂයා ජයම්පති කුමාරයාද එසේ නැතුව විරූප මුනක් ඇති කුසරජද යනු නිශ්චය කරගන්ට බැරුව සිටින කල ශිලවති බි‍සෝ කුසරජු‍ගේ අයැදුම පිට කුසරජුට මගුල්පොකුණට බැස කරවටක් ප්රුමාණ දියෙහි නෙළුම් පත්ර යකින් මුහුන වසාගෙණ සිටින්ට කියා නියම කොට ප්රෙභාවතිව ස්නානය පිණිස එම මගුල පොකුණට කැන්දා ගියාය. මෙම මගුල්පොකුණේදි සිද්ධවු කරුනු මෙතැන් පටන් සියලුදෙනාම බලා දැනගණිත්වා.


(නික්ම යයි.)


ජෝන්ද සිල්වා 389 v ජවනිකා - නෙළුම් පොකුණ කුසරජ නෙළුම් ‍පොකුණේ හැංගි සිටි.ප්රනභාවති දේවි දාසියන් දෙදෙනෙක් සමග සිනිඳු කසිසළු පළඳ රන් ‍කළගෙඩි අරන් ස්නානය පිණිස පැමිණෙයි. පහඩි - හිංච් - දාදරා පබාවති - සිත් සේ නෑමෙහි ලියෝ - එති එති පාරේ පොකුණේ ඕලු නෙළුම් සේරෑ - පෑදුන මේ ශුද්ධ ජලා නාලා ගිමා නිවා - ගන්නට නාරි එන්නාහ‍ු (සාකි) ගවර සෙමෙර පැනයන රිළා පොකුණු ජලේ බී ලා දුවති නාද කරති ගිරා මයු‍ර කොබෝ බී ජ ලා 1 දාසිය - සෝබන නිලුපුල් පියුම් කල්හාර ම ල් ගුම් ගුම් යන නාද දී වෙත් යති මදු ලෝ ල් නීලකොබෝ කෝකිලෝ නෙක් පාටින් පි ල් දරා හඩා නාද පෑවෝ හින්දා මේක ල් 2 දාසිය - පින් සිරින් යුක්ත කුමාරිගේ රූපාංගේ මෙම ලෝකෙට සැලවි යාය අංජන සේ දෑසේ දැන් තළා තුළට බැස නාමු සැන්දෑවේ ගොඩ ‍ගොඩ ගා - ගොඩ ගොඩ ගා පක්ෂිතයෝ ගසේ ලැග දෙති හීන් නාදේ - නාමු ‍ ගොඩ ‍ගොඩ ගා - ගොඩ ගොඩ ගා. පබාවති - දාසියනි මා සමග පොකුණට බසිව් දාසියෝ - එසේ යහපති සිවාමිදූ පබාවති - පීන පීන නෙළුම් මල් කඩමු. 1 දාසි - මට නම් පීනන්ට පුළුවනි. මෑට බැරිය. පබාවති - අර පෙණෙන ලොකු නෙළුම්මල කඩා‍ගන්ට යමි. (පබාවති කුසරජ මුන වාසගෙණ සිටින නෙළුම්මල කඩා‍ගන්ට පීනා යයි. නෙළුම්මලට අතගසන කොටම කුසරජුගේ මුන දැක බියවි මෙසේ කියයි) 390 කුස ජාතක දෘශ්යද කාව්ය්ය

පිලු - දාදරා

පබාවති - රූපා විරූපාය බියකරු වෙති කුස - ‍මම් කුස බූපා - නි‍බොරු තී පා පබාවති - මොකද මේ වන විකාර කුස - තීගේ ස්වාමි රාජා මේ - කර අදර අදර මම සිටිනෙමි පබාවති - වත විකාර යකෙකි යකෙකි කුස - මූන, පාවි, දේවි පබාවති - සිත් නෑලේ කුස - අත ඇල්ලේ පබාවති - සිත සෙල්ලේ කුස - යන්ටෙපා පණේ දාසියෝ - හ හ හ හ කුස - යන්ටෙපා පණේ

(පබාති ගොඩට පැන මෙසේ කියා පලායයි.) පබාවති - මගේ සැමියා මේ පොකුණේ සිටින ජල රකුසා නම් මට එපා මට එපා - කුසරජා ජලරකුසෙකි - අහෝ මේක ඇන්නෑ මගුලකි - මෙහි නොසිට මාගේ දෙමව්පියන්ගේ වාසල් කරා ඉක්මණට යන්නෙමි. (නික්මයති)

4 අංකය i ජවනිකා - සුදර්ශ න විර්ථෙය පබාවති බිසෝ දෙමව්පියන්ගේ වාසල් කරා ගමන් කරයි.

ජෝන්ද සිල්වා 391 බහිරවි - දාදරා පබාවති - වක්ත්රා පානා, විකාර වන්, ස්වාමි කුසා, ගත්තේ මා වෙන්නේ සංවාස, නැත, මින්පසු දුක්, සිත් වැද්දී මෙලෝ එපාවි, විරූප, සැමි හැර, මව්ගෙ, නිවාස එල්ලේ යමි දේවාති දේව රකු මා අනේ - ඇය් බැන්දෙව්වෙ මා - පෙණියන්නා ලෝකේ කරුම සසර මේ. ii ජවනිකා - මදුරජ‍ුගේ මාලිගාව මදුරජ සහ බිසව සිටිත් මදුරජ - මාගේ බිසෝ. යම් සත්වයෙක් මේලෝ උපන්නාම ඔහුගේ කර්මිවිපාකය හැටියට කල යන්නේය. රජකම් කළත් කල කම් පඩිසන් දෙන බවට සැකක් නෑ. බිසව - යමෙකුගේ ක්රිැයාවේ ඵලවිපාක සිද්ධවන්නේ කෙසේද යත හොත් අහසට විසිකරණ ලද ගල්කැටය එහි නොරඳා පොළවට වැටෙන්නා වාගේය. තමුන් කරන කියන දේ තමුන් කරාව පැමිණේ. මදුරජ - එය එසේමයි මේ කර්මටවිපාක පිළවෙල ‍යමෙකුට අවබෝධ වෙනතුරු ඔහු අඳුරේ ගමන් කරයි. (පබාවති කොපයෙන් පැමිණේ) බහිරෝ - ත්රිේතාල් පබාවති - මාගෙ පියා මාතා ඇය් මා බන්දා දුන්නේ උවනේ රූප, විරූප, එපා වී, මම් ආමි, සැපා කෝ ලෝ රූපාලංකාරිගේ මදුරජ - ති ද විකාර ක්රිායාවය් කළේ පබාවති - රකුසු මුහුන පාන කුසරාජා, සංවාසේ, මට සාපේ, සැපා කෝ ‍‍ලෝ රූපාලංකාරිගේ

392 කුස ජාතක දෘශ්යා කාව්යකය

බිසව - (සාකි) සන්තාපයවු දෝනි මා, නොවි කෝප සැනසෙන් පබාවති - කුමන මෙලොව සැප ඉන් අනේ බිසව - තිගේ දුක අත් ඇරි යාය් පබාවති - කාට විලාප පවසමි මම මාතේ, අද්භූතේ, මරගාතේ, සැපා කෝ ලෝ රූපාලංකාරිගේ. මදුරජ - මනමාලයා නොපෙන්න‍ා ප්රමයෝගයෙන් මෙම මගුල කර ගත් බව දැන් පෙණියයි. දියණිය ඉවසිල්ලේන් සැනසිල්ල ලැබේ. ඉක්මන් වෙන්ට එපා. (නික්මයති,) iii ජවනිකා - සාගල නුවරට යන පාර. කුසරජ කොකනද වීණාව වයමින් පබාවති සොයා දුක්මුසු විලාප කියමින් ගමන්කරයි - පබාවතිගේ මාලිගාව අසලින් යන කල උඩුමහලේ කවුළුවකින් පබාවති බලා සිටින්නිය මගේ ප්රිකයකාන්තා විරහය නිසා අනංගයාගේ දුන්නෙන් පිටත් වෙන ක්රෑපර පංචචාණය හෙවත් සැරපස රාත්රියකාලයේදි වැදීමෙන් අපමණවු දුඃඛවේදනා දැන් විඳිමි. මම මේ සාගල නුවරට පැමිණ මාගේ තේජෝවික්රවමය ප්රඛකාශකොට ප්රතභාවතිය කැඳවා එන්නෙමි. මා එනකල් ර‍ාජ්යපය බලාගන්ට මගේ මෑනියන්වහන්සේට භාර දුනිමි. ස්ත්රිඑයෝ වනාහි ස්වකිය රූපාලංකාරය උතුම්කොට සලකා ගෙණ ඤාණවන්ත පුරුෂයන්ට හෙලාදකිති. මීට වඩා මෝඩකමක් තවත් නැත. මෙසේ ක්රිෙයා කරන මෝඩ ස්ත්රිපන්ට තැවෙන්ට කරුන සිද්ධවිම සත්තකයි. බයිරවි - ත්රි.තාල් (සාකි) ආදර මගේ සුන්දරි, ගියදා සිට ශෝකෙන් සිටිමි වැලපීලා, පැලී කෙලෙසා එය වානෙම් ම ‍‍ශෝකේ දැන් බෝ වි සැර පස වැද්දි ළහි

ජෝන්ද සිල්වා 393 නින්ද ‍‍නෝනා - සොයනෙමි ඒ පබාවති මා මාලිගාවෙ ඉන්ට ආවෙ නිගා පෑවෙ මා සීදේවි නැද්ද ප්රේනමේ - මෙහි සදලා දෙම් බෝජුන් - මම් මාලිගාවෙ, දාසෙක් සේ දැන්.

(නික්ම යයි.) iv ජවනිකා - මදුරජුගේ මාලිගාව පබාවති සහ මහලු කුදියෙක් සිටිත් ‍වාගෙශ්වරි කාඳාරා - ත්රි තාල් පබාවති - ඤාණසරු කුසරජ සිටි මෙපුරේ මෙඅප සොයනා - දාස් වෙස් රැගෙණා ‍මගෙ ප්රේ-ම නැත හිත වෛරෙ - කුදි - කුමරිය හිමිසඳ කෙරෙහි වෙනු දයා පබාවති - විසුලු විසුලු වත දැරියා කුදි - සුගුණ දරණ සැමි පබාවති - උවනත රාක්ෂණසාගේ කුදි - ඔහු වෙත වෙනු මැන පිරියා පබාවති - ම‍ෙග ප්රේ ම නැත හිත වෛරෙ - ඤාණසරු කුසරජ සිටි මෙපුරේ.

කුදි - සොඳුරු කුමරිය. කුස රජ නොයෙක් උපා යොදා නුඹ ‍වහන්සේ ලබාගන්ට මෙහි පැමිණ විණා වයනය කළේය. ඒක නුඹවහන්සේට ඇසි කුසරජ බව දැනගත් සේක. පබාවති - දැන් අපේ මාගි‍ගාවේ අරක්කැමි වැඩේ යෙදි සිටින්නේය මා එක්ක කථා කරගන්ට හොඳට ඔත්තු බලනවා 394 කුස ජාතක දෘශ්යත කාව්යකය

කුදි - බොහොම රසට කෑම පිසනවා පබාවති - ශුපශාස්ත්රපයෝ පරතෙරට ගිය අයෙකි කුදි - ඒවාගේම සංගිතයටත් ඉතා සමර්ථය පබාවති - මා නිසා බො‍හොම දුක් විඳිනවා. කුදි - බත් පිස කද බැඳගෙණ කෑම අදිනවා. පබාවති ‍- ආදරය නිසා පිරිමායා ගෑනිට වාල්වෙනවා. කුදි - නුරාවෙන් ‍මෝහ වඩනවා පබාවති - කුසරජ ඔන්න බත් කද ගේණවා - හැංගෙමු හැ‍ංගෙම‍ු. (නික්මයති.) (කුසරජ පබාවති දකිනු කැමැත්තෙන් බත් කදක් කර ගහගෙණ පැමිණේ) සනාසරි - දාදරා කුස - කෑම රස පිසාදෙන්ට, ආමි මෙහි මගේ ප්රේරමනිය, බොලඳිට ආදරේ - රස කෑම කෑවාට, පෙම් පෑම කෙරෙද වීරෝද හිත දුරු කරමින් - මා ලඳ හින්දා බෝවුනි නින්දා රිවිකුල රජිඳා - කද ගෙණ යනවා - දමපි නිගාවේ, සොඳුර උලව්වේ, වැටුනි මුලාවේ, මගේ බිරිඳා - ඤාණ නැති ලඳා රූප ශෝබනවි සිටියාම දෝෂ සිදුවේය ලෝකයේ - හිත පෑදී, නෑ යෝදි, බාදා දී සිටින න‍ුරාවෙ, අඟනෙකි ලොව තුල් - ඤාණ නැති ලඳා බත් කදා සෙල්ලී මා හිස ක්ලාන්තේ බිම ඇද වැටෙනා දුක මගෙ නොනිවි අඟන විකාර කරණ උජාර ලොවට විකාර බව පෙණෙනා.

(කුසරජ බත් කදත් සමගින් බිම වැටේ) (පබාවති මේ දැක ලඟට පැමිණ මෙ‍ෙ‍ස් කියන්නි.)

ජෝන්ද සිල්වා 395 පබාවති - අ‍හෝ කුසරජ මෙහි මළොත් මට අන්තරා පැමිණේ. මින් කුමන විපාකයකි වේදැයි නොදනිමි. මගේ පියරජතුමා ‍ෙමහි කුසරජ සිටින බව දැනගත්තොත් මට චෝදනා කරනවා ඇත.මෙහු සිහිකරවාගෙණ කුසාවති නුවරට පිටත්කර අරිණවා හොඳයි. කාඳාරා - දිපිචන්දි රාජ කුසා මූර්ච්ජා විය ශෝක ළයේ මෙහි ප්රායණ මේ සැණේ යාද වියෝගෙන් අහෝ සිහිවි දැන් තොස්ව මෙමා හා මා සනසාලන් මගෙ ප්රිනය රජි‍ඳේ (සාකි) නොකිපි රජිඳා මා කෙරේ ප්රේිම හිතේ පාමින් මා හා හාදවි සිටින් දාස වැඩේ හරිමින්.

කුසරාජ - අනේ දැන්ද ආදර මට පෙන්නන්නේ - හත්මාසයක් මුලුල්ලේ මාලි‍ගාවේ අරක්කැමි වැඩේ කරගෙණ මෙපමණ දුක් විඳ විඳ සිටි මට තිගේ රූ මූන දැන්ද දකින්ට ලැබුන් - තුඃ තුඃ තූඃ (කුසරජ පබාවතිගේ මුනට කෙලගැසුකල පබාවති කිපි මෙසේ කියා පලායන්නිය) පබාවති - ඔබවහන්සේගේ මූණ වාගේම හිතති කැත බව මේ ක්රිතයාවෙන් පෙණුනා - දෙවනුත් ඔබවහන්සේගේ ඇසට දකින්ට මම නේමි. කුසරජ - පිරිමියාගේ ඤාණය. ගෑනිගේ රූපලක්ෂසණය. මේ දෙකෙන් කොයි එක පිරිමහිදැයි බලමු. 396 කුස ජාතක දෘශ්යු කාව්යිය

(නික්මයති)

v ජවනිකා - විථියක් වැසියෝ තිදෙනෙක් ගමන් කරති. 1 වැසියා - කුසරජ විරූප වුයේ මකිනිසාද? 2 වැසියා - කමර්විවපාක බලයෙන් බව දන්නේ නැද්ද? 4 වැසියා - කමන කමර්යික් කළේද? 2 වැසියා - කුස මහිපාලට පුර්ව ජාතියේදි ස‍හෝදරයෙක් සිටියේය. කුලසිරිත් විධියට එක්තරා කෙළෙඹි දුවක් මේ සහෝදරයා සරණ ගෙණ ගියේය. කුස මේ පවුලේ විසුයේය. මෙසේ සිටින් කල පසේබුදු කෙණෙක් පින්ඩපාතය වැඩියාම ස්ත්රි ය විසින් සාදා තිබුන අතිරස කැවුම් කොටසක් පසේ බුදුන්ට ඒ ස්ත්රිව තොමෝ පුජා කලාය. මෙම කැවුම් කොටස කුසකුමාරයාගේ කොටසය. මිට කිපුන කුස කුමාරයා පසේබුදුන් කරා දුවගොස් පාත්රපයෙන් කැවුම් කොටස අරන් ආවේය. එය දිටු ස්ත්රිටතොමෝ අළුත් ගිතෙල් කලයක් ගෙණවුත් ඒ ‍පසේබුදුන්ගේ පාත්රිය පුරවා මේ කලාවු පුණ්යෙ මහිමතාවයෙන් මෙවක් පටන් මතු උපනුපන් ජාතියෙක්හි හිනවු කුලයකි නූපදිම්වා පසළොස්වක චන්ද්ර් මණ්ඩලය පරිද්දෙන් රූපශ්රිුයෙන් බබලම්වා මේ දුර්ජහන පුරුෂයා එක්ව වාසයක් නොවෙම්වායි කියා ප්රා‍ර්ථනා කලාය. 2 වැසියා - එසේ ප්රාථර්ථනා කළ ස්ත්රි ද මේ ප්ර භාවති දේවි. 3 වැසියා - ඔව් ඔව් - පසේ බුදුන්ගේ පාත්ර යෙන් කැවුම් අරගත් පුරුෂයා තමා මේ කුසරජ නම් ‍බෝධිසත්වයන්වහන්සේ. 1 වැසියා - කුසරජුට කැවුම් මුනක් ලැබිලා තිබෙන්නේ ඔය හින්දා තමා.


ජෝන්ද සිල්වා 397

2 වැසියා - පුර්වැකර්මලය පඩිසන් දෙනහැටි බලනු මැනව. පබාවති දේවි පැනලා ඇවිත් කුසරජ ලතවෙන හැටි බලාපල්ලා. කුඹලෙක් මෙන් වසමින් කෙළිවලන් සාදා පබාවති දේවි වසන මාලිගාවට එව්වේය. දැන් අරක්කැමියෙක් මෙන් මහවාසල වසන්නේය. 3 වැසියා - රජකම් කළත් කලකම් ‍පඩිසන් දෙන්නේ ඔහොම තමා. බිහාග් - හිංචි 1 වැසියා - දාසකම් කර වියෝග දුක් ලදි බූපා කර්මග බලේ රංග පේණවා 2 වැසියා - මුන අනේ විකාර වුනා රාජාගේ තුම් කර්මගබලේ රංග පේණවා 3 වැසියා - දේවිගේ නෑ අනේ හාදකම් - අනුකම්පාව ඈගේ නොමැත් සමාදානේ නෑ පව්ලේ වියෝගෙන් ඉදිත් කර්මාබලේ රංග පේණවා 1 වැසියා - කෝලහාලා අනේ නෑ බූපල් - ඤාණවන්තෙක් නිසා බෝ පින්වත් දේවි මෝඩකම් පාපි - මත් වි රූපෙන් - කර්මවබලේ රංග පේණවා - (නික්මයති) vi ජවනිකා - ශක්ර-භවන. ශක්රනයෝ ශෛලාසනයේ වාඩිවි සිටිත්. විශ්වකර්මව ආදි පිරිසක්ද නාටිකාංගනාවෝද ප්රිවතිඝෝෂා පවත්වති.

බිහාග් - ත්රි්තාල් සියලුදෙනාම - ලෝ සත වෙත් යොමා දාසැය් ශක්රු සුරින්ද සෙත් සලසා දෙය් 398 කුස ජාතක දෘශ්ය කාව්යදය

රුපු ඔද බිඳලන තේජස් දරාගත් - ශක්ර දේවගේ භාග්ය- මහිමය දැන්ම කියවි, කර කාව්ය ක‍ාව්යා - ලෝ සත වෙත් යොමා අසුරගෙ ඔද බිඳ අප සුරවර සමාවෙමිනි, සිතා තොසිනි බලමැන මේ සබ නාට්යද විලාස - සංගිත ස්වර, විණාවේ පාන සොඳ - අංගනාවෝ නටත්වා - කර පැසසුම් - සුරණිඳු වෙත පැසසුම් - කර කර තුටු කර මන් - සබ මනරම්.

ශක්රරයෝ - දිවයපුත්රබයිනි, මාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය හුණුවි යයි. ප්රරභවතිය නිසා මනුෂ්‍රණලෝකයේ කුසරජ නම් බෝධි සත්වයෝ උකටලිව සිටින සේක. කුස රජහට ප්රයභාවතිය ලැබෙන් විධියක් කරන්නෙමි. මදුරජ විසින් යවන ලද ලියුම් මෙන් ලිය‍ුම් හතක් ජම්බුද්විපයේ ක්ෂ ත්රිලය වංශොද් භූත රජදරුවන් සත්දෙනෙකුට ලියා ඇර කුසරජු කෙරෙන් වියෝව මෙහි පැමිණ සිටින ප්රයභාවති නම් දියනිය සරණ ගෙණ යන්ට කැඳවන්නෙමි. එබැවින් විශ්වකර්මි මෙම ලියුම් හත රැගෙණ මනුෂයලෝකයට පැමිණ කැත්කුලේ උපන් රජදරුවන් හත්දෙනාට දී විගස මෙහි එනු. මෙසේ කළාම කුසනිරිඳුගේ තරම පබාවතිට තේරුම් ගන්ට හැකිවන්නේය. උදාරතර ස්ත්රිගයෝ වනාහි පුරුෂයන්ගේ උත්තම ගුණවලට පයින් ගසති. මට්ටුවෙන්ට මෙම ප්රුස්තාව කදිමයි. විශ්වකර්මට - දේව. ඔබවහන්සේගේ පණිවිඩය ඉක්මනට ඉෂ්ටකර ලන්නෙමි.

(නික්මයති.) ජෝන් ද සිල්වා 399

5 අංකය i ජවනිකා - සාගලනුවර සමිපයේ විථියක්. (කැත්කුල රජදරුවෝ සත්දෙනෙක් ලියුම් හත ලැබි සාගලනුවර අසල සම්භවෙති.) 1 රජ - අප සියලුදෙනාටම මදුරජ එවා තිබෙන ලියුම් පුදුමයි. 2 රජ - ඒක එහෙම තමා. 3 රජ - කුසරජු කෙරෙන් පැනලා ඇවිත් සිටින ප්රිභාවති අපි හත් දෙනෙක් කෙසේ බඳිමුද? 4 රජ - හත් කොටසකට කපලා එක කොටස බැගින් එකිනෙකාට බැනදෑකි - මදුරජුගේ කල්පනාව එහෙම වෙන්ට ඇති. නැත්තම් හත්දෙනෙකුට මේ ඇර තිබෙන පිස්සු ලියුම් මොනවාද? 5 රජ - අප වෙහෙස කළේ මක්නිසාදැයි මදුරජුගෙන් අසා අරිමු. හරි උත්තරයක් නුදුන්නොත් වහාම සාගල නුවර විනාශකර දමන බව දන්වමු. 6 රජ - කදිම කල්පනාවයි. 7 රජ - ඒ කුමාරිකාව අප හත්දෙනාගෙන් එකෙකුට හේම ලැබුනොත් අප අ‍තරෙත් ‍ඊර්ෂියා ක්රෝගධ උපදින්ට බැරි නෑ මේ මදුරජුගේ මොට්ට ක්රි යාවෙන් අපේ සමාදානයත් නැති වුනා. කමාජ් - දාදරා(ඉක්මන්) රජවරු 7 දෙනා - පබාවති ගන්ට ආ බූපාල් 1 රජා - ‍ගෙණ යතිද හත්දෙනාම 2 රජා - ලන්දෙකු හව්ලේ ආශාවෙන්


400 කුස ජාතක දෘශ්යට කාව්ය ය

3 රජා - ඒකෙන් යුද්ධ වේය ඉතින් 4 රජා - මේ ‍මෝඩ රජු හා 5 රජා - යුද්ධය කරමුව 6 රජා - දැන් මදුරජු දැක 7 රජා - විකාර අංගය් මෙකි හස්න එව් - හාය් හාය් හාය්


(නික්මයති) ii ජවනිකා - මදුරජුගේ මාලිගාව. මදුරජද බිසවද සිටිති. මදුරජ - අපේ දියනියන් අටදෙනා අතුරෙන් වැඩුමල් ප්රවභාවති දියනියට සකල ජම්බුද්වීපයට අධිරාජ වු කුස නරේන්ර්් ත් තමයා පුරුෂයා මෙන් ලැබිලාත් අපට සැනසිල්ලක් මට සරණ බන්ධනයෙන් නොලැබි තිබෙන කරුන ඉතා කණගාටුදායකයි. බිසව - පුරුෂ‍යාගේ වැරදි කොපමණ තිබුනත් එය පිටට දන්වන ස්ත්රිදතොමෝ උඩබලාගෙණ කෙලගසා ගන්නිය. මදුරජ - රූප යෞවනකම නිසා අපේ දියනි කරගත් මෝඩකම විනාශයට හේතුවකි. බිසව - දේව සංසාර ගමන නොදත් ජනයෝ ලෝක මායාවලට රැවටි භවේ නොයෙක් දුක් විඳිති. කුසරජුට අපේ ප්රාභාවති දියණිය දුන් වියෝග ගින්න මේ ආත්මේදිම ඈට පඩිසන් දෙන්ට පුළුවන ඒ ගැනස මට දුකයි. මදුරජ - අපේ අනික් දියනියන් හත්දෙනාට යන කල බලා ගම්මු.

(වැසියෙක් පැමණ වාඳවැටි කියයි.)

ජෝන් ද සිල්වා 401

වැසියා	-	දේවයන්වහන්සි කුසරජුගෙන් වෙන්වි ඇවිත් සිටින ඔබ වහන්සේගේ දියනියන්වු ප්රිබාවති බිසවුන්නාන්සේ විවාහ කර දෙන්ට ක්ෂනත්රි්ය කුල රජදරුවන් හත්දෙකෙකුට ඔබ වහන්සේ ලියුම් ඇර සාගලනුවරට කැන්දවා සිටින බැවින් ඒ හත්දෙනෙකුට එක බිසවුන්නාන්සේ කෙණෙක් බන්දා දෙන්ට තැත්කළ ඔබවහහන්සේව මරා ර‍ාජධානිය නැතිකර දමන්ට සූදානම්ව මහත් සේනාවක් සමග ඒ හත්දෙනා පැමිණ සිටිති.

මදුරජ - මේක පුදුමයි - එහෙම ලියුම් කිසිවක් මම නෑරියෙමි. බිසව - නෑරිය නම් එම රජ දරුවෝ කුමට මෙහි පැමිණෙන්නාහුද? මදුරජ - එහෙම නම් කවුද මාගේ අත්සන දමා අරිණ ලද ලියුම් වෙන්ට ඕනෑ. වැසියා - ලියුම් ලැබි කෝපයෙන් මෙහි දැන් යුද්ධාරම්භ කරති. මදුරජ - අ‍හෝ මේ කාලකන්නි දුවක් නිසා අපට සිද්ධවෙන්ට යන අන්තරා. කුසරජ මෙහි ඇත්නම් අපට ගැලවෙන්ට පුළුවනි. දැන් කුමක් කරම්ද. පබාවති කෑලි හතකට කපා මෙම කෝප වු රජදරුවන්ට දෙන්ට වැසි්රය තෝ ගොසින් ‍වදකයා මෙහි කැන්දා ගෙණෙනු. වැසියා - එසේ යහපති දේව. (වැසියා නික්මයයි.)

ජිංගලාගර්බි - දාදරා මදුරජ - හත්කඩක් වෙන්ටා කුමරි දෙම් කපා, රජුන්ට කෑලි බිසව - එය එපාය ස්වාමිතුම සමා වී, ඈව බේරන් මදුරජ - කුමරි මා පබාවති කළා විනේ, විකාර සේම


402 කුස ජාතක දෘශ්යප කාව්යාය බිසව - සණ්ඩු වී එ මෝඩ ලඳා, දුවපි ස්වාමියාගෙන් මදුරජ - ඒක අපේ දෝෂයක් නොවේ බිසෝ, ඇගේම ‍දෝෂ බිසව - සැමි සමාවි නොමර බේරනු දව් - පින් ලැබේ මදුරජ - මෙයින් ‍බොහෝ, අන්තරා, විනාශ වේ, මෙ රාජධානි බිසව - කාලකන්නි ‍දෝනි බේරන් ප්රේාමවන්ත ස්වාමි මදුරජ - දෝනි කප්පවා මරා ‍බෙදාදෙමි ඔවුන්ට කෑලි

(නික්මයති.) iii ජවනිකා - විථියක්. රාක්ෂිය විලාසයෙන් වද‍කරුවා රත්මල් පැලඳ රතුවස්ත්රි ඇඳ පරසුව සහ මස්ලොඹුවද අරගෙණ රාජභවනයට ගමන්කරයි. වදකාය - අප මහරජතුමන්ගේ අණපිට පබාවති කුමරිය මේ මස් ලෝඹුවට පිට තබා පරසුවෙන් හත්කඩකට කපා දමමි- රූපේ නිසා උඩුගව ස්වාමිපුරුෂයාට හෙලා දැක නිගාදුන් රිස්ස අද යයි. මටත් හොඳ ‍ප්රායෝජන අද ලැබෙයි. පහඩි - කහරවා. සිංදම් ‍ෙගාස් මම් මාලිග ඉන්නා පබාවතිගේ ගාත් ඉන් අත්පත් වෙය් ස්ත් සේ සැපැති කෑම් මම් කාලා බීලා ගෑනි සැපවන්තව ඉන්දාම් මේකෙන් නෑ පව් මා අතේ බිරාම් රජිඳා කී කාරි වේ වේ රිරි මාංසෝහි පෙරේ - කපා ලන්නේමි ආලෙන් ප්රේහමෙන් වැඩු දෝනියන් සිංදාලඤ්ඤා කී ලෙස පින්වත් රජානන්. ජෝන් ද සිල්වා 403 (නික්මයයි) iv ජවනිකා - මදුරජුගේ මාලිගාවේ ඇතුල් මැදුරක් මදුරජුගේ බි‍සෝ ඉතා දුකින් හාන්සිවි සිටින්නිය මදුබිසෝ - අහෝ අහෝ අහෝ! කරුමේ කරුමේ කරුමේ. මාගේ වැඩුමල් දුව අද කම්මුතුයි. අපොයි අ‍පොයි අපොයි. (පබාවති හිසකෙස් වනාගෙණ අඞ අඞා මව්ගේ පාදලඟ වැටි මෙසේ කියයි.) ආශාවරි - දිප්චන්දි පබාවති - දැන් මරුවා පේනා මෑනියනි මා පින් ඇත මා මෙහි බේරගනිවා කෝපවුනා පිය - මා මරවනවා මින් ගලවන්න මගෙ බුදු අම්මා මාලිගයේ මගේ කුසරජු කැන්දා ඕහට මේ දුක දන්වනු අම්මා

බිසව - දියනිය කුස රජ්ජුරුවෝ මේ මාලිගාවේ ඉන්නාසේක්ද? පබාවති - එහෙයි මෑනියනි. දැන් හත්මාසයක් මුලුල්ලේ අරක්කැමි වැඩේ යෙදිලා දැලි කුනු ඇ‍ඟේ තවරාගෙණ සිටිනවා. බිසව - අහෝ දියනිය මේ අපරාධයට තී ඉඩදී සිටියේ මන්ද? පබාවති - මගේ වැරැද්ද තමා. අනේ මාතා කුසරජු මෙහි සිටින බව පියානන්වහන්සේට දන්වා මගේ පළු බේරා දමනු මැනවි. බිසව - ඇත්තටම කුසරජ මෙහි සිටිනවා නම් ඒ ගැන වෑයම් කරමි. යමු පියරජු කරා.

(නික්මයති)

404 කුස ජාතක දෘශ්යන කාව්යිය 6 අංකය i ජවනිකා - මදුරජුගේ මාලිගාව මදුරජ, ඇමතියෝ දෙ‍දෙනෙක්ද, වදකයාද සිටිත්. සින්ධුරා - ත්රිෙතාල්(ඉක්මන්) මදුරජ - යෞවන, මදයෙන් සිටිනා දූ දෝෂ පෙණේවි දැන් සින්දාලනු කැන්දා වෙති නින්දා දුව හින්දා ඇය් මෙම විරුද්ධකම්, වෙන්ට දුව ඉඩදුන්නේ වදකයා - කියනා සේ, ජිවිත‍ෙක්ෂා, කර ඇගෙ ලම් මාගෙ, මෙ පරසුව මොට්ට නෑ දේව ‍‍හොඳට කැපේවි.

(මදුරජුගේ බිසව පබාවති සමග පැ‍මිණේ) බිසව - අපේ දියනියන්ගේ කන්නලව්ව ටිකක් ශ්ර‍වනය කළ මැනවි. (පබාවති පියරජුගේ පාදලග වැටි හඩා මෙසේ කියන්නි) ජංගලා - ත්රිගතාල් (සාකි) පබාවති - රම්යත පිතුර මා ගැන කිපි, නොසිට ඇතුව කම්පා බේරා ලාවා ජිවිතේ, කැන්දා කුස බූපා මගේ සැමියා දාස මෙන්, ඇත මෙහි වාසේ වී. ඒ සගවාගෙණ දුක් දැරිම්, මේ වෙන තෙක් දුර වි බේරණු පණ මා, ඒක නොම‍රණේ, මෙදිනේ පියේ කෝප නිවා ලය් - මෙනිවාසේ - කුස බූපති දාස විලාසේන් මෙහි වාසේ - කුස බුපති -

මදුරජ - කුසරජ මෙපමණකල් මාගේ මාලා‍ගාවේ දාසකමේ සිටි බවක් මේ කියන කල් නොදනිමි. ඇමතිය. විගස ගොස් මෙහි කුසරජු‍න් කැන්දා එනු.

ජෝන් ද සිල්වා 405

ඇමතියා - එසේ යහපති දේවයන්වහන්ස (ඇමති නික්මයයි) බිසව - සකලශ්රි න් විරාජමාන කුසාවත්පුර නමැති ආකාශයේ බබලන සුය්ය්ක දිව්ය රාජයා මෙන් කීර්ති දේහයකින් යුත් කුස මිහිපල්තුමාට සත්මසක් මුලුල්ලේ මේ මාලි‍ගාවේ දාසකම් කරන්ට ඉඩදුන් ප්ර්භාවති තමා ගෑනි. (කුසරජ සහ ඇමතියා පැමිණෙත්. සියලුදෙනාම නැගිට ආචාර කරත්)

මදුරජ - කුසරජතුමනි ඔබවහන්සේගේ බිසව් වන මෙම ප්රගබාවතිය රැගෙණ යන්ට ක්ෂසත්රිවය වංශෙ රජදරුවෝ හත්දෙනෙක් පැමිණ යුද්ධ ආරම්භ කරත්. අපේ රාජධානිය උදුරගෙණ අප මරා ජයපානය කරන බව දන්වා එවා තිබේ. කුසරජ - මා ඉන්නැද්දි මගේ බිසව කිසිකෙණෙකුට ගෙණයන්ට නොදෙමි. ඔවුන් අල්ලා කුදලාගෙණ මෙහි එන්නෙමි. කිසවෙක් භයවෙන්ට එපා. කාfපි - ත්රි.තාල් ‍ හෙය් යොප් ඔවුන් කරමි මම සුන් අවමන්, එ වදන්, කෙරුවෙන්, යමි දැන්, එ ජනන්, බිඳිමින් මෙහි මමි, ගෙණ එම්, සැණෙකින් - ඔවුන් කරමි මම සුන් - හෙය් යොප් -

මදේවි නොම දෙමි එරජ පිරිසට විකාර තක්කඩි ‍ආවෝ ගන්ට කුමරි නිච කාරි කාට තේරි මේ ‍‍යකෝලම් බෝ වි‍ ලෝ නාස්ති

මාත් ඉන්දැද්දි ආවා සේනා ලජ්ජා කෝ උන්ගේ මමාණ්ඩි 406 කුස ජාතක දෘශ්යබ කාව්ය ය

ගුටිකා බැටකා යත් ගා නොණ්ඩි ඒක සරි - (වචන) ටොකු දෙමි කුදලමින් ඔවුන් කරමි මම සුන් - හේය් යොප් ඔවුන් කරමි මම සුන්

(නික්ම යයි) ii ජවනිකා - විථියක්. කුසරජ තම යුද්ධසේනාවත් සමග ගමන්කරයි කුසරජ - ප්රිනය හේවායිනි මේ රජදරු සත්දෙනා මාගේ සිංහනාදය ඇසුන කල භයින් පලායන්නාහුය. එබැවින් භය නොවි යමව්. හේවායෝ - එසේ යහපති දේව. කුසරජ - පිටත් වෙයව්. පහඩි - දාදරා හේවායෝ - ආදරෙන් සාදරෙන් දේස රක්නා ඤාණෙන් තුංග, බූපල් රංග දැන් බලව් දැන් බලව් - දේස රක්නා කුස - නිචයන්ගේ දප් බින්දේ. කට්ටු මුට්ටු උන්ට වේ. හේවායෝ - යුද්ධ භූමියේ මළොත් කුස - තේරේ තේරේ ‍ලෝ සැපත්. ‍හේවායෝ - හැංගි යත්මැය් බූපල් සත් කුස - ටොක්ක ටොක්ක කා දුවත් හේවායෝ - දේවි ගන්ට ආ මෝලුන්

ජෝන් ද සිල්වා 407

කුස - එලවපාන් එලවපාන් හේවායෝ - දේස රක්නා කුස - මහිපල් සුරකම් දැන් හැ‍ඟේය්. හේවායෝ - ආදරෙන් සාදරෙන් දේස රක්නා ඤාණෙන් තුංග බූපල් රක්නා දැන් බලව් දැන් බලව් - දේස රක්නා කුස - නීචයන්ගේ දප් බින්දේ

(නික්මයති) iii ජවනිකා - වනාන්තර යුද්ධ භුමියක්. රජ දරුවෝ සත් දෙනා තම පිරිසත් සමග සිටිත් රජදරු‍වෝ - යුද්ධයට සැරසි සිටිව් - සතුරුසේනා මෙහි පැමිණෙනවා (කුසරජ සහ සේනාව පැමිණෙති) කුස - නිවටයින් මාගේ ප්රසභාවති දේවින් කැන්දා යන්ට තොපි මා හා යුදධ කරන්ට ආවාහුද? (රජ දරුවෝ වෙව්ලා සිටිති) මුන්ගේ සළුවලින් මුන්ගේ අත් බඳිව් (කුසරජුගේ හේවායෝ සතුරු රජුන්ගේ අත් බදිති) මේ සතුරන් මදුරජුගේ වාසල් කරා අරන් යමව් හේවායෝ - එසේ යහපති දේව (නික්මයති) iv ජවනාකා - මදුරජගේ ම‍ාලා‍ගාව මදුරජ, බිසව, ප්ර භාවති, රජු‍ෙග් අනික් දූරු හත්දෙනාද ඇමතියෝද, නාටිකාංගනාවෝද සිටිත්.

408 කුස ජාතක දෘශ්යි කාව්යිය මදුරජ - ප්රි ය බිසවුනි කුසරජ මෙහි නොසිටියා නම් ප්රකභාවතී දුවගෙ ආලේ කම්මුතුයි. බිසව - ඒක එහෙම තමා - වාසනාවක් මෙන් කුසනිරිඳු මෙහි සිටියේය. ප්රිභාවති - මවිසින් කරණ ලද වැරැද්ද මට හැගි ගියා - මින්පසු මගේ පුරුෂයාට කිසි වෙනස්කමක් නොකරන්නෙමි. (කුස ක්ෂසත්රිොයවංශේ රජදරුවන් ‍හත්දෙනා බැඳගෙණ පැමිනේ) කුසරජ - දේව. මාගේ පබාවති බිසව යුද්ධකර ගෙණයන්ට තැත්කළ මේ රජදරුවන් හත්දෙනා අල්ලා ගෙණාවෙමි. ඔබවහන්සේ ඔවුන් මරා දමන්නෙහිද. එසේ නැතුව ජිවත් වෙන්ට අරින්ුනෙහිද? මදුරජ - පුතණ්ඩ තොපට මනාපයක් කළ මැනව. කුසරජ - එසේනම් මෙම හත්දෙනාට පබාවතිගේ සහෝදරියන් හත්දෙනා බැඳ දෙමු. මදුරජ - එසේ කළමැනව.

(කුසරජ රජදරුවන් හත්දෙනාගේ සුරතෙ කුමාරියන් හත්දෙනාගේ සුරත තබා පැන්වත්කොට මෙ‍සේ කියයි)

බහිරවි - සාකි කුස - එ‍ලෝ මෙලෝ දැන් ශාන්ති බෝ, සුරෝ තොපට සලසව් බැන්ද කාර කුමාරිකා, අරන් ගොසින් වැජඹේව් සියලුදෙනාම - දේව දේව දේවෝ දන් ආධාර පෑ‍වෝ නූනි යුද්ධ දුක් ශෝක සින්දා දැමුවෝ


ජෝන් ද සිල්වා 409 කුමාරියෝ - සෑමදෙන තුටු වී කෙරි මෙමගුල සුරෝ නොපැකිල දෙත්වා දරුපල නිරෝගිහාව දීලා - මදුරජ - ජයස්තු ශුභමස්තු සිද්ධිරස්තු (ශක්ර-යෝ වෙරෝවන නම් වු අෂ්ටවංක මාණික්යවය අරන් පැමිණෙති.) ශක්රශයෝ (සාකි) - ප්රිණතිය දිව්ය විමානයේ, සිදු වි කුස බෝසත් නොමරා ජන රණභූමි‍යේ, නැගු නියා සේසත් පිලු - ත්රි‍තාල්. නෑ හානි බූපති ගණු පෙම් වී සුන්දරි වතෙහි විකාරේ සුන්උනි භංග වී කරුමේ නිමාවි - හා හා හා හා හා හා හා හා හා හා හා හා හා යනු පෙම් වී අටවක් රත්නේ දෙමි (කුසරජුගේ උරේ මැණික පලඳවයි) නෑ හානි බූපති ගණු පෙම් වී සුන්දරි

(ශක්රබයෝ කුසරජුට ආශිර්වාණදකර නික්මයති. ප්රමභාවතිට කුසරජුගේ රෑපය ඉතා ලක්ෂ්ණය පෙනි ආද‍රයෙන් කුසරජු කරා පැමිණ මෙසේ කියන්නී) පහඩි - සාකි. පබාවති - සෞම්ය ප්රේිමේන කුස රජ ගති දේවි පෙර කළ අවමාන්යි බෝම දුර ලී සෙත සැදුනි සෞම්යළ ප්රේමමේන කුසරජ ගති දේවි විවාහ නෑනන්ගේ, සෙත් සාරවන්නා මෙක කාර බැන්දීඹ, සන්තෝෂ දෙන්නා සූර වීර ඤාණ පෑවෝ රාජානෝ ‍ සෞම්යා ප්රේ මේන කුස රජ ගති දේවි 410 කුස ජාතක දෘශ්යේ කාව්යෞය

අපට තොපට කාය සැපත සැමටම වෙනු ශාන්ති සැපත - සර්වම දෝෂ බුන් වි සෞම්යො ප්රේ්මෙන කුස රජ ගති දේවි බහිරවි - ත්රිරතාල් සියලුම නැට්ටුවෝ - කාව්යේදෝෂාදි ඇතොත් සමා වී පෙන්නු දැන් නාට්යේ මෙ ජාතකේහි නැටුම්කරුන් හා කිවි ද දේවෝ රකිත් දී ශාන්ති ‍සිඳදෝෂ කවිහි ඉංග්රිදසි බූපල්ද රාජධානි ‍බෝවාකල් වෙන්ට විජෘම්හමානි මෝ සර්වාදේවෝ රකිත ‍ලෝකේ රුපුන් දප් බින්දා ජය. ශ්රිල සදා දී ! (සිද්ධිරස්තු)