ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-02-දුටුගැමුණු චරිතය (1910)

දුටුගැමුණු චරිතය (ක්රිණ.ව 1906)

To A.St.V. Jayawardhana.Esqr. Barrlster – At – Law and Advocatc Of The Hon’ble the Supreme Courl of The lsland of Ceylon This Drama Entitiled Dutugemunu. Is Most Respectfully Dedicaled by its Author. ශ්රීA ලංකාද්වීපයේ ගෞරවාර්භ ශ්රේ ෂ්ඨාධිකරණ ශාලාවේ අද්වකත් ධුරන්දර ඒ.සැන්ච්.චි. ජයවර්ධන මැතිතුමාණන්ට මෙම දුටුගැමුණු චරිතය එයි කර්තෘව විසින් සමාදරයෙන් ඔප්පු කරණ ලදී.

සි හ ල දිවඹර දිලෙන ගුරු ගුරු සදිසි සිතිවිලි වතුර පාද න මෙ ක ල රදනිය උගත් මැතිසඳ නමින් ඒ සැන්ටි වි ජයවද්ද න ල ක ල සියබස ගොතා නළු කර ගැමුණු මහරජ සිරිත නන්ද න ස ක ල සිරි මැතිඳුන්ට පතමින් පුදමි සියජන වෙන්ව නන්ද න

සි හ ල රටනැගු කොඬිය සිරිසිලි උගත් දෙටු පවුලකින් පැවතෙන වි පු ල ගුණයුතු මෙමැති සඳ තිලක බබලන මිණත්ස සොබන මෙ ක ල බජනය කරන රගබල යසරැසා දසදිගෙහි යවමින ස ක ල සිරිමැති මැතිනි දරුසැමටම වේවා නිති බෙලෙනි තෙරුවන

නීතීඥ ජෝන්ද සිල්වා



264 දුටුගැමුණු චරිතය

ප්රුස්තාවනා

සිංහල ඉතිහාසය නොබලන අපේ සිංහල බාල පරම්පරාවට එය හොඳාකාර දැනගැණීමට පහසු ක්‍රමයක් නම් අපේ ප්රවසිද්ධ රජදරුවන්ගේ කථාන්තර නාටකකර දැක්වීමයි. මේ මගින් සිය වංසේ කථාන්තර පහසුවෙන් දැනගන්ට ප්රකස්තා ලැබේ. මවිසින් නාටකකර දක්ව ලද සිරිසගබෝ, ශ්රීස වික්ර්ම රාජසිංහ යන සිංහල රජදරුවන්ගේ කථාන්තර සිංහල ජනයා පමණක් නොව ලංකාවේ වසන දෙමළ, මරක්කල, ජා, ලංසි ආදී ජාතිවල ජනයෝද දැන් හොඳාකාර දනිති. එබැවින් අපේ බුදුධශාසනය ලංකාවේ ස්ථීරවම තැබීමට බොහෝසේ වෙහෙසවූ දුටුගැමුණු මහරජුගේ කථාන්තරය සිංහල ජනයා විසින් දතයුතු බැවින් මෙහි එම කථාන්තරය නාටකකර දක්වමි. මෙම මාහැගි නාටකයේ පේන සින්දු අබ්දුල් අසීස් සහ අමිර් ඛාන් නම් හින්දු සංගීතය මනාසේ පුරුදු මහතුන් විසින් දෙන ලද රාග තාල බලා ප්රමබන්ධ කළෙමි.

දුටුගැමුණු මහරජ ක්රි ස්තු වර්ෂයට පෙර වර්ෂ 164 දී ලංකාවේ රජ කටම පත්වී අවුරුදු 24 ක් රජකම් කළේය. මෙම රජුගේ පියා කාවන්තිස්ස රජ රුහුනේ රජකම් කරණ සමයේ එළාල නම් දෙමළ රජෙක් පිහිටි මායා නමැති පලාත් දෙක අල්ලාගෙණ රජකම් කර නොයෙක් විහාර දාගැබ් නැතිකරදමා සිංහල ජනයාට හිරිහැර කරමින් රාජ්යම කළේය. ඔහුට විරුද්ධව කාවන්තිස්ස රජු යුද්ධයට නොගිය බැවින් ගැමුණු කුමාරයෝ කිපී රජවාසලින් පැන ගොස් තම පියරජුට ස්ත්රීවන් අඳින ආභරණ එවා දශමහා යෝධයන් එකතු කරගෙණ සිංහල සේනාව සූදානම් කරගෙණ එළාල රජුට විරුද්ධව යුද්ධයට ගියෝය. ඒ යන ගමනේදී යුද්ධ විසිහතක් පමණ ‍කර දෙමළුන් පරාජය කොට අන්තිමේදී අනුරාධපුරයේදී එළාල රජුන් මරා ජයපානය කළසේ. මෙසේ ලක්දිව ඒකච්ඡත්රමකොට දුටුගැමුණු රජ බුද්ධශාසනය ආරක්ෂා වෙනු පිණිස එකක් අඩු සියයක් විහාර දාගැබ් ආදිය සිංහල ද්වීපයෙහි තනා මහා පින් රාශියක් අත්පත්කර ගත් සේක. අදවෙනතුරා අනුරාධපුරයේ පෙණෙන්ට තිබෙන රුවන්වැලිසෑය මෙම සිංහල නරදේව විසින් තනන ලද්දකි. ගල්කනු 1600 ක් පිට තනන ලද ලෝවාමහාපායද මෙම රජු විසින් තවුතිසා දිව්යාලෝකයේ බිරණි නම් දිව්යංනගනාවගේ මාලිගාවේ රූපය ගෙන්වා ඒවාගේ සාදවන ලද්දිකි. මේ කාලේ වසන බුද්ධගම්කාරයන්ට වඩා බුද්ධදර්මයෙහි ශ්රේද්ධාවක් දුටුගැමුණු රජ කාලේ සිංහල ජනයාට තිබුන බව මෙම නාටකය බලන කියන







ජෝන් ද සිල්වා 265


සැමදෙනාටම පෙණීයනවා ඇත. එසේ අධික ශ්ර ඬාවක් ඔවුන්ට තිබුණේ සෘධිබල ඇති රහතුන් ඒ කාලේ සිටි බැවින්යයි සිතිය හැකිය. අහසින් මේ මනුෂ්යබ ශරීරය අරන් වඩිනා රහතුන් සියැසින් දුටු ජනයාට ත්රෛතලෝක්යා.චාය්ය්ේ ම බුදුහාමුදුරුවන්ගේ ධර්මය ගැන සැක කරන්ට ඉඩක් නොතිබුන බැවින් දුටුගැමුණු මහරජ ඇතුළුව මුලු සිංහල ජාතිය තමන්සතු වසතුව ආගම නිසා පූජාකර රුවන්වැලිසෑය ආදී මහා දාගැබ් බන්දවා දහම් පෙතේ රටේ පතුරුවා හැරිය බව පෙණීයයි. සිංහල ජාතියේ වික්රවමභාවය රඳන්නේ බුද්ධාගම පිටයි. සමදරා බිසව දුටුගැමුණු රජුගේ මරණාසන්නයේදී කියන වචන සිංහල ජනයා මතක නැති නොකළ යුතුයි. එනම් -

ජා ති ජරාවිය මරණය යනු මෙම සියලු සතට උරුමෙකි නිති නේ ජෝ ති සතර බැලු කල සැම ගහයෝ පෙන්නති පෙරකරුමය සොඳි නේ නී ති යමේකම බව අප මුනිසඳ දෙසුව නිමල් දහමෙහි පෙනු නේ නී ති මේ සිංහල බුදුසමයෙන් පිට ‍ගියදා පිරිහෙයි බූපති නේ

තවද මෙම නාටකයේ පෙණෙන දුටුගැමුණු රජුගේ දශමහා යෝධයන් ගැන දැන් සිටින සිංහල ජනයාට සැක උපදින්ට බැරි නැත. මක්නිසාදයත් අඩි තිහක් හතළිහක් අහසේ පැන්නායයි කියනකොට මේ කියන්නේ යවන නිසොල්ලාසායේ කථාවක්යයි අපේ ජනයාට වැටහී යනවා ඇත. (එසේ නොවෙයි) අප පුරාණ ජනයා පුරුදුකළ උතුම් ශාස්ත්රා අතුරෙන් ස්වර ශාස්ත්රේය ඉතා වැදගත් එකකි. එම ස්වර ශාස්ත්රමය දැන් සිටින ජනයා පුරුදු නොකරයි. එහි කියා තිබෙන විදියට එම ශාස්ත්රඅය පුරුදුකර ගන්නා අයට අහසේ අඩි තිහක් හතළිහක් පනින්ට බැරි නැති බව කල්පනා කටයුතුයි.

දුටුගැමුණු රජුට වැළඳුන රෝගය කුමක්දැයි ඉතිහාසය පොත්වල නොපෙනණන නමුත් පුරාණ සර්පවෙදකම දක්වන පොත්වල නයි විසෙන් මළබව පෙණීයයි. එක්තරා නාගකන්යාරවක් සමග පිලිසඳර බස් ගැමුණුරජ කළ හෙයින් ඕතොමෝ කිපී රජුට දෂ්ට කිරීමට නයෙක් එච්වායයි කියා ත‍ිබේ. ඒ කාලේ සර්පවෙදකම් මනාසේ පුරුදු කපුරුනාද ගුරුන්නාන්සේ‍යයි ප්රැසිද්ධ වෙදෙක් සිටි බවද ඔහු අම්බලමක සිටින කල එම නයා පළමුවෙන් ඔහුට දෂ්ටකර දෙවනුව රජුට දෂ්ට කළ බවද එම පොත්වල දක්වා තිබේ.

ලක්දිව නිමල බුද්ධාගම පවතින කාලේදී ලක්ෂගණන් රහතුන් ලෝකේ නොයෙක් පළාත්වලින් වැඩිය බව පෙණීයයි. මෙම කාලයේදී






266 දුටුගැමුණු චරිතය


මීශර දේශයේ ඇලැක්ෂණ්ඩ්රා නගරයෙන්ද ආශියා තුර්කියේ පිහිටා තිබෙන ඇලැප්පු නම් නුවරින්ද අවකාන් දේශයේ පිහිටි කන්දහාර් පුරෙන්ද දුටුගැමුණු රජුගේ මරණය දැකීමට රහතුන්වහන්සේලා වැඩිබව රුවන්වැලිදාගැබ් වර්ණනා යන පෙතෙන් පෙණේ.

සිංහල රටේ රහතුන් සිටින කාලේ අපේ සංගීත ශාස්ත්රවයද අතපසු නොවී හොඳාකාර පුරුදුව තිබුණු බව ගැමුණු රජුගේ යුද්ධ පෙළහරට ගෙණ යන ලද සංගීත භාණ්ඩයන්ගන් පෙණීයයි. මෙසේ මෙම නාටකය බලන කියන ජනයාට ස්වකීය ජාතියේ තිබුන පුරාණ ශාස්ත්රාැදියද හොඳාකාර පෙණීයන අතර ජාත්යා ල නමැති කුළුගෙඩියෙන් දෙමළ ජනයාගේ දර්ප නමැති ඔළුගෙඩිය දුටුගැමුණු රජ පොඩිකරදමාපු හැටි පෙණීයනවා ඇත.

මෙම නාටකයේ පෙණෙන කථා ශරීරය බලා යමෙක් දුටුගැමුණු රජු පිලිබඳව නාටකයක් තැනුවොත් හෝ මෙහි තිබෙන රාග තාල අනුව යම් සින්දුවක් තැනුවොත් හෝ ඕහට විරුද්ධව නඩු පමුණුවන බව දතයුතුයි. මවිසින් තනනලද නාටකවල ප්රඕයෝජනය මට කැප නුමුත් කපටි ජනයා මගේ ප්ර බන්ධ අවසර නැතුව අරන් කථා කරණ යන්ත්රුවලට දී මිළ මුදල් සපයාගන්ට හිතට අරන් තිබෙන බැවින් මෙබඳු තක්කඩියන්ගෙන් මගේ ප්රදබන්ධ ආරක්ෂාකරගන්ට කාලේ දැන් පැමිණ තිබෙන බැවින් සියලු දෙනාටම දැනගැණීම පිණිස මෙහි මෙම වාක්යගය යෙදුවෙමි. මේ පොතේ සියලුම අයිතිවාසිකම් මටම තබාගත් බව සියලුදෙනාම සලකත්වා.

ජොන්ද සිල්වා නීතිඥ වර්ෂ 1910 ක් වූ ජූනි මස 27 වෙනි දින කොළඹ සන්ජෝශප් විදියේ පිහිටි විජය මන්දිරයේදීය.








ජෝන් ද සිල්වා 267

නමො තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස.

නාට්ය කරුවෝ.

කාවන්තිස්ස (රුහුණේ සිංහල රජ,දුටුගැමුණුගේ පියා), විහාර මහා දේවී (කාවන්තිස්ස රජුගේ බිසෝ, ගැමුණු, තිස්ස යන කුමරුන්ගේ මව්), එළාල (දෙමළ රජ), දීඝරන්තුක (දෙමළ යෝධයෙක්), නන්දිමිත්රි, සුරනිමල, මහාසෝන, ගොඨයිබර, ථෙරපුත්තාභය, මහාහරණ, වේළුසුමණ, ඛංජදේව, උම්මාදඵුස්ස, ලහිය්යජ වසභ (දුටුගැමුණු රජුගේ දශ මහා යෝධයෝ), කන්දුල (රාජ කවටයා), චේතිය (ඔහුගේ ස්ත්‍රි), සමදරා (දුටුගැමුණු රජුගේ බිසෝ), සාලි (දුටුගැමුණු රජුගේ පුතා), බිරණී (තවුතිසා දෙව්ලොව දිව්යාං ගනාවක්), දුටුගැමුණු (එනම් සිංහල රජ), තිස්ස කුමරු (දුටුගැමුණුගේ සහෝදරයා), නාටිකාංගනාවෝ, වැසියෝ, රාජපුරුෂයෝ, රහතුන්වහන්සේලා, දෙමළ විසි මහා යෝධයෝ, යුද්ධ සේනා, සංගීත කාණ්ඩ, නාග කන්යා්වක්.

පුවත

සූත්ර්ධාරී පැමිණේ.

කල්යා්න් - ත්රි තාල්.

සිරිගණ ශාක්යය සිංහල මුනි රාජා - ධර්ම සංඝ තෙරුවන් නමාමි. දුටුගැමුණු නාටකය සාදා - දෙන්ට බෝම සන්තෝෂ වීය. දෙමි ‍රජුගේ ඉතිහාස පාදා.

රැක මැන කාව්යජ කර්තෘද සුර සැමා - සර්වදෝෂ බිඳ නාට්යරකාර අප-රකින ලෝක සැපදිලා - රාජවංස ලංකාවෙ නාට්යු කර දෙමි මම් ඇති සැටි පාලා - රස කර ගීත පාමි මහ රංගේ- සිංහලුන්ගෙ පෙර ධීර ටීර බල ප්රහකට වීම මෙහි අංගේ- ජම්මභූමි නග්ගන්ට ලෝකේ අප ඉතිහාසය ‍ෙසාඳ ලෝකේ _________________

(නික්ම යයි.)


268 දුටුගැමුණු චරිතය

(රබන්කාරියක් පැමිණෙ)

ජිල්ලා - දාදරා

සූත්රාධාරි ගියා තෝරා දී නාට්යා දක්වන්ට දැන් මම ආමී සිත බෝම පිරියා - මාගේ රබාන මේ දැක්කෑකි ගසාලනවා මා නාට්යෑ දක්වන්ට දැන් මම ආමී.

ජේ ද සිල්වා කිවි ලංකාවේ නාට්යස ‍ශාස්ත්රා නුකූලව පෑවේ මෙම දීපේ ජනයා - ඊර්ෂ්යා නොවී දයා පෙන්වන්ට සොඳා මෙම කාලේ නාට්යන ශාස්ත්රා නුකූලව පෑවේ.

නාට්යන පාමි මේ රෑ ශාලාවේ හින්දු සංගීත දැන් ඇත දීපේ ඇති දෝෂ දුරලා - මේවා අසා බලා ජාත්‍යාල නිසා ඉවසත්වා හින්දු සංගීත දැන් ඇත දීපේ.

(නික්ම යයි.)

1 අංකය

i. ජවනිකා - මාගම කාවන්තිස්ස රජුගෙ මාලිගාවේ ඇතුල් මැදුරක්.

(දුටුගැමුණු කුමාරයා ඇඳක වකුටුවෙලා සැතපී ඉඳී)

ගැමුණු - ජම්ම භූමි වෙන්ට හංග, ගලා ආව මූද රංග චණ්ඩ ක්රෑ ර ද්රුවිඨයන්ට, බෑ දෙන්ට දීප පාගන්ට මා පිය උන්ට බෝ බියවෙන්ට, මක්නිසාද නෑ තේරී, මාගේ ප්රාමණ දැන් පුදන්ට, ඉන්නෙමි දීපය බේරගන්ට.

(කාවන්තිස්ස රජද විහාර මහා දේවිද පැමිණෙත්.)

කාවන්තිස්ස - මගෙ විහාර දේවී ලංකා බිරම් ලංකා බිරම් දෙමළුන්ගෙන් මේ දැන් බෝ සැරේ එන්නාහු සේනා යකුන් වන්වූ ගම් සිංහලුන්ගේ කරත් පාලු දැන් මගෙ විහාර දේවි ලංකා බිරම්.

ජෝන් ද සිල්වා 269

වි-මහා දේවි - යුද කෙරීම සෑහේ උන් හා ඉතින් උන් හා ඉතින් ගලවන්ට මෙදිව යුද කෙරීම සෑහේ උන් හා ඉතින් ශාසනේ ආරක්ෂා වෙන්නේ කෙලෙස්නෙන් උන් පාගලාමු රජින්දේ උතුම් යුද කෙරීම සෑහේ උන් හා ඉතින්. ________________ (ගැමුණු කුමාරයා දැක කථාකරයි.)

වි-මහා දේවි - ප්රි.ය නන්දන. තද ශීතලයක් හැදුන මෙන් ඇ‍ඳේ වකුටුවී සිටින්නෙහිද?

ගැමුණු - සැරදේ මගේ මව්තුම. ශීතලයක් නොව බිතළයක්ය.

වී-මහා දේවි - බිතළයක්.

ගැමුණු - එහෙයි මෑනියනි.

කාවන්තිස්ස - මොකද බිතළය.

ගැමුණු - භයවුනු ළය බීත ළය බව පියතුමනි අසාවා. වකුටුනොවී මක්කරම්ද, මේ අතින් බැලුවත් හැඩිදෙමළා. අර අතින් බැලුවත් මහමූද. මගේ කකුල් දිග ඇර ගන්ට තරමටවත් ඉඩක් නැතිකොට වකුටුනොවී මක් කරම්ද

කාවන්තිස්ස - පුතණුවනි එබඳු ප්රමස්තාවලදී නුවනින් ක්රිඉයාකළ යුතුයි. සැඩිදෙමළ සේනාවගෙන් අපේ රටට අන්තරාව පැමිණ තිබෙන බව මට හොඳාකාර පෙණීයයි. ඒ කෙසේ වෙතත් සතුරාගෙන් පරාජය වෙන්ට ක්රි.යා නොකට යුතුයි.

ගැමුණු - පියතුමනි ඔවුන්ට හිතු හැටියත් කරන්ට ඉඩදී සිටියොත් වැසියාගෙන් නොයෙක් අවලාද ඔබතුමන්ට අසන්ට සිදුවෙනු නිසැකයි. එබැවින් උන් හා යුද්ධ කිරීමට මට අවසර දුන මැනව.

කාවන්තිස්ස - පුත ගැමුණු කුමරුනි ඉවසාපන්. නුඹට යුද්ධකර උන් පරාජය කරන්ට නොහැකිය. ඉවසාපන්.



270 දුටුගැමුණු චරිතය ගැමුණු - ඉවසන දනා රුපු යුධයට ජයකොඩිය කියතත් මේ ප්රුස්තාවේදී ඉවසන්ට ගියොත් පිරිමිකමට හොබින්නේ නෑ. රටතොට වනසන කලට ඉවසිල්ලෙන් එය කෙසේ වැලැක්විය හැකිද.

කාවන්තිස්ස - බැරි තැන නොඉවසා කුමක් කරමිද?

ගැමුණු - බැරීයයි කියා අත ඇරියොත් කිසිවක් ‍කරන්ට නොහැකිය. වීරියෙන් ඔය බැරිකම පැහැරයයි.

වි-මහා දේවි - ස්වාමිනි දශපාරමි ධර්මයන්ගෙන් වීරියද එකකි. පාරමී ධර්ම පුරුදුකරගෙණ යන අපේ පුතාට අවසර දුන්නොත් හැඩි දෙමළා රටින් නෙරපා හරිණවාට සැක නැත.

ගැමුණු - මෑනියන් වහන්සේ කී වචනවලින් මගේ සිතට ධෛය්ය්ීර්‍ ලැබුනේය. පියතුමණි බියනොව ක්රිනයා කරන්ට ප්රදස්තාව දැනුයි. එබැවින් මට අවසර දෙනු මැනව.

කාවන්තිස්ස - මම අවසර නොදෙමි.

එමන්කල්යා.න් - වල්ති

ගැමුණු - විනාශවේය මේ දීපේ දැන් සිත්හි නෑ සංකා රුපුන්ගෙන් සිදුවේ නෙක් දොස් රුස්සන්ට බෑ මේවා.

යුද යුද යුද කරමි කරමි මම රුපු නසලා දමනෙමි මෙකලා කල්නෑර ඔවුන්ගේ ‍දප් බිඳලා ඔසවමි ජයකොඩි දීපෙ උතුම්.

ඔද බිඳ බිඳ බිඳ දමමි දමමි මම රට නසනා සැඩිදෙමළ ජනා මම පාගාදමලා දීප අපේ විගසම විගසම බේරගණිම්

පිතුරට හොඳ නැත පිරිමි ඇඳුම අප එවනෙමි මම් ලිය අඳින ඇඳුම් වල් ක්රෑමර ජනා මේ දීප නසා ලන කල කුමටද ඉන්නෙ නිකම්.


ජෝන් ද සිල්වා 271

(සරොස්වී නික්මයයි.) ‍ වි-මහා දේවි - ස්වාමිනි ලේ උෂ්ණව තිබෙන වයසේදී තරුණයන්ගේ ගති ‍ඔහොම තමා. ඒ ගැන කෝප නූන මැනව.

ඝෝහනී - ත්රි.තාල්.

කා. තිස්ස - බිසෝ මා ඒ පුත කෝපා කළේ ක්රෑීර දෙමළ සේනා එක්ක දැන් යුදටා ගොසින කුමරු පැරදී අයස ලබනු නිසැක

ඒ පුත කෝපා කලේ බිසෝ මා. මටද නිගාදුනි මා බස නාසා බාරදූර වැඩ ඔහොමට බැරීය ඒ පුත කෝපා කලේ බිසෝ මා.

වි. මහාදේවි - නොවේවා ස්වාමිනි කෝපා එසේ චාර තරුණයින්ගේ ඉක්මණින් කිපුමා සිතට නොගණු මැනවි කුමරු දෙඩු වචන ස්වාමිනි කෝපා එසේ නොවේවා.

දෙමළ ජනාහට දී බැට බෝසේ දීප බේරගණි මගෙ පුත ගැමුණු ස්වාමිනි කෝපා එසේ නොවේවා.

ii .ජවනිකා - මාගම විථියක්.

(රටවැසියෝ ගමන් කරති.)

කාලිංගඩා - දිප්වන්දි.

i වැසියා 		-	ලංකාවෙ දැන් මේ නෙක් විපත් වෙයි.

සිත් බිරම් අප සිත් බිරම් - නෙක් චණ්ඩ දෙමළුන්ගෙන් නොමින් හිංසා ලැබෙයි හිංසා ලැබෙයි.

ii වැසියා - ඉන්නා රාජා කාවන්තිස්සා ලක්දිවේ සිංහාසනේ කන් බීරීවූ සේ - මෝහයෙන් ඉන්නා නිකම් ඉන්නා නිකම්.


272 දුටුගැමුණු චරිතය


iii වැසියා - ඇන්නෑවෙ ගම්බිම් නෙක් උයන් කෙත් උන් ඇවිත් වැනසුම කරත්- ලංකාවෙ ජන ඉන්නා නිකම් ඉන් දොස් යෙදෙයි, ඉන් දෙස් යෙදෙයි.

ii වැසියා - වෙන්නේ උපද්රාය මෙ ලෙස්නෙන්- බූපතින්ගේ දෝසෙනි හිංසාද පීඩා වෙත් නොමින් දුප්පත් ජනෝ දැන් ‍මක් කරත්.

සියලු දෙනාම - දීපෙහි ඇත්නම් දැන් රජෙක් නිර්භීතයෙන් නිර්භීතයෙන් උන් හංගකරලා පාවිකුම්, ලක්දිව් මුදාලයි ඉක්මණින් මේවා කෙරෙන්නේ ලංකාවේ, පින්දහම් සෙව්වන් නිසා දැන් සිංහලුන්ගේ දප් බිදේ. ශිව ආගමේ දෙමළා නිසා.

(නික්මයති.)

iii. ජවනිකා - එළාල රජුගේ මාලිගාව.

අනුරාධපුර එළාල රජ සිංහාසනාරූඨව සිටිනසේක. දීඝජන්තු ඇදි ඇමති මණ්ඩලය ස්තුති ඝෝෂා පවත්වති. නාටිකාංගනාවෝ නැටුම් දක්වති.

ඝෝශනි - ත්රිතතාල්

ඇමති මණ්ඩලය - සිය රජිදා නඩු විසඳා වාස වී රටතොට රටතොට සාරකන්ට, මාන්සි වී. දේශ හැර ඇවිත් මේදීප ගත් සමත් බුවීපාල් නම් එළාල් කිත්හරා දික්සරා ගෙල්සරා ලායි ලායි ලායි ලායි

සිහල ජනා පරදමිනා ලක්දිවේ සැරද සැරද අපෙ එළාල නරේන්ද්රස - සීරුවේ තේජසය නිමල් - මේ - දිපෙ දැන් උදුල් වෙවුලමින් සිත් බිතෙන් සිංගලාල් - සිංගලාල් - සිංගලාල් - ඉන්නා - ඉන්නා.


ජෝන් ද සිල්වා 273


දේවයන් වහන්ස අප ශිවාගම සිංහල ජනයා අතරේ පතුරුවා ඇරියොත් දෙමළ ආණ්ඩුව හුඟක්කල් පවත්වාගන්ට හැකිවන්නේය.

එමන් කල්යාකත් - දාදරා

එළාල - වල් කරකර ලාමු ලංකාවේ දාගැබ් විහාර බිඳ බිඳ මේ කාලේ පවතී ආගම මුනිඳුන්ගේ දැන් නෑ දෙයියන්ගේ ඒ දේවාලේ ශිවසමයේ, කෝවිල්, මේ දීපයේ, දැන් සෑදේ මගෙ රාජ ආණ්ඩුවෙන් මේ දීපේ, වෙයි උතුම්, මකවාලාමි බුද්ධාගම් ____________________

එළාල - දීඝජන්තුක සිංහල ග්රා,මවල තිබෙන දාගැබ් විහාරාදිය නටබුන්කර ශිවාගමේ දේවාල තනාපියව්.

දීඝජන්තු - එසේ යහපති දේවයන්වහන්ස:

(දීඝජන්තු නික්මයයි.)

නාටිකාංගනාවෝ කුළු අරන් නටති.

ජිංජුට - ත්රිටතාල් දාදරා

නාටිකාංගනාවෝ -

ලංකාවෙ දැන් අපෙ වංශෙ රාජා - සිංහලුන්ගෙ කලේ දර්ප තෑජා අත්පත්වී රටේ පිහිටි මායා- දැන් රුහුණේහි වෙසේ උන්ගෙ රාජා ශුර එළාල දේව මෙකාලේ - සිංහලුන්ගෙ කලේ දර්ප තෑජා. පාන්පූජා කරත් විහාර තුළේහි - බූගා සිරසා කහ වස්ත්රතධාරී ඒ නාස්තිදි බූපල් එළාලේ - සිංහලුන්ගෙ කලේ දර්ප තෑජා. රුපුන්ගේ දප් බින්දා අසුන්හි වෙසෙවා-


274 දුටුගැමුණු චරිතය

තේජදැරු තුංගරාජා දිනේවා. ලංකාවෙ ඉන්න මේ නෙක් පළාතේ - සිංහලුන්ගේ කලේ දර්ප තෑජා.

(නික්ම යති.)

iv. ජවනිකා - විථියක්.

දුටුගැමුණු ගෑනු ඇඳුමක් රැගෙණ පලායයි.

බැරෝ - පංජාබි දාදරා.

රටවාසී බෝ හිංසාවෙ ලාපී, තේරි නැත පියාට මෙකාරි අනුන් රට කරද්දී රොස්වි ඉන්නේ පියා සිලේහි ඉතින් පිත් මා කෙරේ කෝපේ, ඇත්තේ, මින් යාම දැන් සෑහේ දෙමළ සේනා රටේ ගම් බිම්, උදුරගන්නා අපෙන් බෝසේ මම් යුඬකර දීප බේරා - ලාමි එය කෙරීමට පේවී. _______________ (වැසියෙක් පැමිණේ.)

වැසියා - පස්වාදහසක් බුදුවන්ඩ මට කථාකරන්ට භයයි. ඔබවහන්සේ අද අමුතු ස්වභාවකින් කොහේ වඩිනසේක්ද?

දුටුගැමුණු - සැඩිදෙමළා අපේ රට‍ නසා විහාර දාගැබ් ආදිය නටබුන්කර මහත් හානියක් කරද්දී මගේ පියතුමා යුඬ නොකර සිටිනසේක. නුඹ මේ ගෑනු ඇඳුම වාසලට පැමිණ මගේ පියතුමාට දීපන්. මම කඳුකරට පලායමි.

වැසියා - ඔබවහන්සේ කී ප්රගකාර මෙම ඇඳුම වාසලට ගොසින් දෙන්නෙමි.

දුටුගැමුණු - ගොසින් දීපන් මා ගිය පළාත කියන්ට එපා.

(නික්ම යයි.)



ජෝන් ද සිල්වා 275

2 අංකය

ජවනිකා - කාවන්තිස්ස රජුගේ මාලිගාව

කාවන්තිස්සරජ, විහාරමහාදේවී, වේළුසුමණ සහ කන්දුල නම් රාජකවටයා සිටිත්.

බිශාන් - පිස්තෝ ගසල් දාදරා

කාවන්තිස්ස - සෞම්යෝ සිරියා වචන මාගේ දැන් සවන්දීලා අසන් දුෂ්ඨගාමිණි නම් අපේ පුත් යයි පලා දැන් වාසලෙන් මා හ‍ඳේ අග්නි විලාසෙන් දිලෙන තෝපේ සුන්දරී වාගෙණා දැන් ඉන්ට බෑ මේ කුමරුගේ යයිදෝ රිහී. දැන් මේදීපේ යුඬකරලා උන්ව පරදාලෑම බෑ. ඉන් බොහිංසා අත්වී රාජ්ජේ සාගතේ සෑ‍ඳේ අනේ.

වී. මහාදේවි - ‍ස්වාමි ඉවසා සුගුණ පානු පුත්කෙරේ කෝපා නොවී චණ්ඩවූ දෙමළුන් පරද්දාලයි මාපුත් ගාමිණි මේ රටේ ඉන්නා ජනන්ගේ පවර ආගම් සින්දලා දමනකල් උන්නොත් නිකම් දැන් රටට වෙන්නේ අන්තරා ඒ නිසා මා පුත්රන ගැමුණු යුඬ කරලා සිත් ලෙසේ ලංකා උන්ගෙන් බේර ගත්තොත් පින් සිදුවේ බෝ ලෙසේ. __________________

වේළුසුමණ - දේවයන්වහන්ස. මේ ලොව උපදින ‍යමෙක් ඇද්ද ඔහු එකක් ගැන සමර්ථ වන්නේ ය. ඔබවහන්සේ බුඬ ශාසනය ආරක්ෂා කරගෙණ ශීලයෙහි පිහිටා සිටින සේක. ගැමුණු කුමාරයා ද යුඬකාමි ව සිටින්නේය. එබැවින් යුඬයට සමර්ථ වෙන්ට බැරී නෑ. දෙමළුන්ට නිසි බැට නොලැබෙයි කියා නොසිතමි.

කන්දුල - ‍මමද මේ වේළුසුමණ කී වචන පිලිගණිමි. වඳින්ට නිසි ප්රදස්තාවේදී වැඳීමද ගහන්ට නිසි ප්රපස්තාවේදී ගැහීමද මේ දෙකම ඒ ඒ ප්රරස්තා බලා කටයුතුයි. මගේ චේතිය නම් සොඳුර දවසක්දා අතින් ඉලපතක් රැගෙන කෝපයෙන් දිලිහි දිලිහී මාපාරේ එලවාඑන කොට මට උස් කඩුල්ලකින් පැනලා යන්ට තිබුන නමුත් එසේ කරන්ට බැරීවී නැවතීසිට විගස ආපසු



276 දුටුගැමුණු චරිතය


පැන ඈව සිපාචාර කළෙමි. එතකොට චේතිය ඉලපත විසිකර අනේ වාසනාවන් කියා මා ඉඹගත්තාය. ඔන්න ඔහොම ප්ර ස්තාවලදී නොගසා ඉවසා වැඳීම හොඳයි.

කාවන්තිස්ස - කොහොම ප්රවස්තාවකදීද එහෙනම් ගසන්ට ඕනෑ.

කන්දුල - දවසක්දා මගේ සොඳුර නාන්ට ගොසින් ලිස්සා වැටී හුස්ම නැතුව මැරුණාමෙන් සිටියාය. විගස මම ගොසින් නිල බලා බැට දෙකක් තුනක් දුන්නෙමි. එවිට අර මැරී සිටිය චේතිය ප්රීදතියට පත්ව නැගිට මගේ කරේ එල්ලී අනේ මගේ රත්තරනා කියා කෑ ගසන්ට පටන්ගත්තාය. ඔන්න ඔහොම ප්රතස්තාවලදී ගසන්ට වටින්නේය.

කාවන්තිස්ස - ඇයි වෙනයම් ප්රේස්තාවකදී නුඹේ සොඳුරට නො ගසන්නෙහිද?

කන්දුල - දේවයන්වහන්ස ගෑනුන්ට ගසන පිරිමි පිරිමිද? බබලතා කියා ගෑනිට කියන්නේ බෙලහීන නිසා නොවෙද?

(වැසියෙක් ගෑනු ඇඳුමක් රැගෙණ පැමිණේ)

වැසියා - අපේ දේවයන්වහන්ස පුත් ‍ගාමිණී ගෙණත් දෙන්ට කීවා මේ පොට්ටනී කෝපෙන් මෙන් ඒ පුත්ර ඉතා වේගයෙන් ගියා බෝම සංචල් වූ සිත් පෙන්නමින්.

කාවන්තිස්ස - (වේළුසුමණට කථාකර කියයි.) වේළුසුමණ ඔය පොට්ටනියේ කුමක් තිබේදැයි ලිහා බලාපන්.

වේළුසුමණ - එසේ යහපති දේවයන්වහන්ස

(වේළුසුමණ පොට්ටනිය ලිහා බලයි. කන්දුල එබිකම්කර බලා මෙසේ කියයි.)

කන්දුල - මේක මගේ සොඳුරගේ ඇඳුමයි. (වැසියාට කතාකරයි) කවුද උඹට මේක දුන්නේ.

වැසියා - ඒක නොදනිමි. දුටුගැමුණු කුමාරයා විථියේදී සම්භවී අප දේවයන්වහන්සේට දෙන්ටෙයි කියා මට අන දුන්සේක.


ජෝන් ද සිල්වා 277

කල්යාදන් - වල්ති

කන්දුල - මාගේ ශ්රි යා බාරි ඇන්ද සාරි අරන් ආවෙ මෙදැන් කාගේ ආඥාවක්දැයි හොරා කියා සිටින්, නැන්දා මාමා මේවා දැක්කොත් දෝෂා බෝසේ පාමින් නින්දාදී දර්ප බින්දාලත් බල්ලා කියා ඉතින් බල්ලා කියා ඉතින් පුස්ඹෙන් දත්ත හැකි මාගේ චේති ඇඳ උන් සාරී ඒක වාගේ නැත සාරී රටේ අනුන්ට දැන්. රටේ අනුන්ට දැන්.

කව්දෝ වාහේ දුන්නේ මගේ ගෑනිගේ මේ සාරි ගාමිණී කුමරාගේ කට්ටකමක් වගෙයි. කට්ටකමක් වගෙයි අබ් බබ් බබ් බබ් බබ් බබ් බා. ඤා‍ඤ් ඤාක් ඤා - චිඃ චිඃ නොදෝමකින්, චිඃ චිඃ නොදෝමකින්. _________________

වේළුසුමන - එහි සාරිය පමණක් නොවේ. ‍පාමුදු, පාඩගම්, රුවන් තනපට, පමුතුලිංගම්, පට්ටකාර ආදී ආභාරණද තිබේ.

කාවන්තිස්ස - මගේ පුතනුවන් රැකගත නොහැකිය. ඔහු මට අකීකරු වන්නේය. මගේ දරුවන් දෙන්නාවූ තිස්ස කුමාරයා සහ ගැමුණු කුමාරයා අතරේ යම් කලෙක දබරෙක් වීනම් දසමහා යෝධයන් එක්කෙනෙකුට පක්ෂ වුනොත් ලොකු අන්තරා ඉන් සිදුවන්නේය. එබැවින් වේළුසුමණ ආදි දසමහා යෝධයන් මේ දෙදෙනොගෙන් කිසිවෙකුට සහය නොවන පිණිස දිව්රා මාගේ හිතේ තිබෙන සැකය දුරලනු යුතුයි.

වේළුසුමන - සහෝදර දෙදෙනා අතරේ යම් දබරයක් සිදුවන්නේ නම් ඊට අපි සහය නොවන්නෙමු. නුමුත් දෙමළ ජනයාට විරුද්ධව කෙරෙණ යුඬයක් ඇත්නම් ඊට සහය වන බව ප්රෙකාශ කරමි.

කාවන්තිස්ස - සහෝදරයන් අතරේ සාමදානය පවතින ලෙස බලාගත යුතුයි.

(සියලුදෙනාම නික්මයති.)



278 දුටුගැමුණු චරිතය


ii ජවනිකා - විථියක්

(දසමහා යෝධයෝ ගැමුණු කුමාරයාට එකතුවීමට කොත්මලේට ගමන් කරති.)

ජිංජුට - දාදරා ‍ යෝධයෝ - ඉන්නා දැන් හැංගි වාසලෙන් ගොස් දුෂ්ටගාමිණී දීපේහි අන්තරා දැන් මේ ඇත්තේ රුපුන්ගෙණී එක්වීම සෑහේ ගොස් සෑමා පින්වත් කුමාරයා මේ ලංකා බේරගන්නවා පාගා රුපුන් දමා මීපල්ගේ පුත්ර් දෙන්නාගෙන් තිස්ස කුමාරයා අයියාගෙන් කොල්ලකාලා ගණීදෝ කිරීටයා දැන් කොත්මලේ වාසවෙන අපේ ගාමිණී පින්වත් කැන්දා රුපුන්ට හංගදී දීපේ මුදුලමු. _______________ නන්දිමිත්ර_ - මාගේ මිත්රලවරුණි. කාවන්තිස්ස රජ්ජුරුවෝ ස්වර්ගස්ථවූ සේක. බාල පුත්ර තිස්සකුමාරයා මෑනියන් විහාර මහාදේවින්ද කඩොලැතුද වස්තුවද හැරගෙණ දුටුගැමුණු කුමාරයන්ට භයේ ඔටුනු නොපැළඳ දිගාමඩුලු නම් ග්රාකමයට පිටත්ව ගොසින් සිටිනසේක.

සුරනිර්මල - සම්පතට ලෝභයෙන් හෝ රටට ලෝභයෙන් හෝ තම දරුවන් දෙදෙනා අතරේ යම් දබරෙක් වීනම් ඒ දෙදෙනාගෙන් කිසිවෙකුට පක්ෂවෙන්ට එපායයි පියරජුන් ජීවත්ව ඉන්දැද්දී අපෙන් දිව්රුමක් අරන් තිබෙන බැවින් දැන් තිස්ස කුමාරයා සමග දුටුගැමුණු කුමාරයා කරණ යුඬවලට අපෙන් කිසිවෙක් බැ‍ඳෙන්ට හොඳ නැත.

ගොඨයිඹර - තිස්ස කුමාරයා යුඬකර පැරදී දුටුගැමුණු කුමරුන්ට ජය අත් වූ බව සැලයි.

වේළුසුමන - එහෙනම් ඉතින් යුඬකරන්ට තිබෙන්නේ පිහිටි මායා දෙරට අල්වාගෙණ සිටින දෙමළුන් සමගයි.

ඛංජදේව - අපි සියලු දෙනාම දුටුගැමුණු කුමරු සම්භවී උන්වහන්සේට එකතුවී ක්රිටයාකරමු.


ජෝන් ද සිල්වා 279


මහාසෝණ - මේ සිංහල ද්වීපය පාලනයට සුදුස්සා ගැමුණු කුමාරයාය. එබැවින් උන්වහන්සේට එකතුවීම නිසියි.

ථෙරපුත්තාභය - අප වැනි යෝධයන් හෙළදිව සිටිද්දී හැඩිදෙමළාට රට කරන්ට ඇර තිබෙන එක අපට නින්දාවකි.

මහාභරණ - යුද්දෙට නැති කඩුව කොස් කොටන්ටද.

උම්මාදඵුස්ස - මෙබඳු ප්රකස්තාවකට නැති යෝධයන්ගෙන් කුමන ප්රමයෝජනයක්ද?

ලහියවසභ - අපේ ආගමත් ජාතියක් ආරක්ෂා කරගැණුම අප විසින් කටයුතු පළමුවෙනි වැඩය.

(නික්මයති.)

iii ජවනිකා - තිස්සමහාරාමය

දුටුගැමුණු තමාගේ ජය කොන්තයට ධාතුන්වහන්සේ වඩා සංඝයා වඳිනසේක.

ගැමුණු - ස්වාමිණි බුදුසසුන් ඇති කරණු පිණිස මාවැලිගගින් එතර යෙමි. වැඳපුඳා ගන්නා පිණිස මා හා කැටිව වඩිනා භික්ෂුන් වහන්සේ දුන මැනවි.

සංඝයා - රාජ්ය සුවයක් පිණිස සටන් කරන්නෙහිද?

ගැමුණු - ඒ අදහසින් නොව සම්යසක් සම්බුදුරජානන් වහන්සේගේ පස්වාදහසක් මුලුල්ලෙහි පවත්නා ශාසනය පිහිටුවනු පිණිසයි.

සංඝයා - පන්සියයක් සංඝයාවහන්සේ ඔබතුමන් කැටුව යන්ට සූදානම් කරමි. මොහාන්ධකාරය දුරලන එකම සද්ධර්ම ලෝකය මෙම සිංහල ද්වීපයෙහි වැසියාට ආරක්ෂා කරදීම මහත් පුණ්ය ක්රිෙයාවකි.

බෛරව - ත්රිකතාල් - ගසල්

ගැමුණු - තිරීට ලක්දිවේ මා හිස්මතේ දරන්නේ ඒ හින්දයි ලංකාභූමි මගේ ශ්රතද්ධාවෙන් සදම් දාගැබ්


280 දුටුගැමුණු චරිතය


බෝ පින් අත්වෙයි මෙ දීපේ පාලනේ ව‍න්නේ රුපුන්ගේ දර්ප බින්දීමෙන් පිටත්වී මම් ගොසින් පාගාලන්නෙම් උන් වෙන්ට මින් දොක්කම්

(නික්මයයි.)

3 අංකය.

i. ජවනිකා - මාගම රජමාලිගාව

(දුටුගැමුණු රජ සහ දශමහා යෝධයන් ඇතුලුව පිරිසක් සිටිති.)

ගැමුණු - මාගේ පක්ෂපාත යෝධයනි, දෙමළ සේනාව මහාවැලි ග‍ඟෙන් එතර නොයෙක් ගම්වල කඳවුරු බැඳගෙණ සිටිති. මියුගුණ, අඹුටුව, සත්බෑකොට්ටය, ඇතුරොබ, දෙනගම, මහකෝල, පොල්වත්ත, දිගාහයගල්ල, කසාතොට, වෙඨනම් නුවර, භාරනක නම් ගම, වෙඨකනම් ගම, ගාමිණි නම් ගම, කුඹනම් ගම, නන්දික නම් ගම, බානු නම් ගම, තඹුන්න, දමුන්න, රුයේ යන ගම්වල කඳවුරු බැඳ ගෙණ සිටින දෙමළ සේනාව අප විසින් යුඬකර පරාජය කළ යුතුයි.

යෝධයෝ - පස්වාදහසක් බුදුවන්ඩ නැගෙණහිරි කෙළවර පටන් බස්නාහිරි කෙළවර සතර ගව්වෙත පිරිස උරෙන් උරගසා සිටින්ට සිංහල සේනාව අප දේවයන්වහන්සේට ඇත්තේය. ඒ සේනාව අප දහදෙනා යටතේ කාණ්ඩ සෑදී අපේ ගැටබෙර, පණාබෙර, එකැස් බෙර, මහිගුබෙර, මද්දල, පටහ, ලොහොබෙර, යුවලබෙර, ඇඳුරු බෙර, මහබෙර, දැදුරුබෙර, රෝදබෙර, මුදගුබෙර, කැරඬිබෙර, ඝෝෂාබෙර, තලප්පර, වීරංදම්, තම්මැට්ට, නිඝාන, රණරංගඝෝෂා, සමුද්රපඝෝෂා, අනුක්කත්තු, ලිවුබුඹුලි, දවුල්, මොරසු, මල්ලාර, සිරිවිලි, තප්පු, තත්සර, ඩැක්කි, උඩැක්කි, මද්ධල, නාගසර, උච්චං, භයංග, කොම්බු, දළහම්, සකුන්, විරිදු, සුරණ, නාගසර, කාලදම්, දාරදළහම්, ලෝහම්, සින්නම්, කින්නර, කංචිතාලම, සමුත්තාලම්, ගීතාලම්, පටහ, ඩමරු, මඩු, වෙඩි, මධිවනී ආදී හෙරිජාතීන් ගස්වමින්, සක්සින්නම්,


ජෝන් ද සිල්වා 281

රන්සින්නම්, රිදිසින්නම්, රුවන්සින්නම්, රන්දාරා, රිදීදාරා, දළහම්, ලෝහම්, ගවරහම්, විජයොධ්වනි, ඔත්තු, තන්තිරි, පටසිරි ආදී කාහලජාති නාද කරමින් නකුලවිණා, හෘංගවීණා, ක්ෂුද්රආවීණා, ආලවර්තාත, වංගි, වස්දඩු ආදියෙන් යුක්තව ශක්රදදේවේන්ද්රදයා පිරිවැරූ දේවසමූහයක් මෙන් ඔබවහන්සේ සන්නාහ සන්නඩවූ සිංහල සෙනග පිරිවරා වඩිනු මැනවි. සැඩිදෙමළාගේ බලය නටබුන් වෙනවාට සැක නැත.

දාදර - ත්රිටතාල් - ටෝෂරි

ගැමුණු - චණ්ඩ දෙමළාගේ බලේ මම් සිඳාලා සේසත් නංවමි කල්නෑරා මෙහි නෙත් සේනා දිවිදෙති පුදාලා-

යෝධයෝ - බුදුන්ගේ ශාසනේ බින්දාලාන මේ දෙමළුන්ගේ රාජා ගේ ඔදේ බින්දමින් දෑත් පුණු අරිම්මෝ දප්දිදී බං ගේ අපේ සේනා බලේ ලක්දිව් තුලේ ඇත්තේ නිරීන්දේ දැ න් දීපේ මුදාලා දැම්ම හැකි නසා දෙමළුන් අපේ යුද්දෙ න්

සිහල සේනාව මගේ - රැස්වී ඉන්නාවු ර ගේ මේ ශ්රීන ලංකාවේ අගේ - දත්තේ සේනාව ම ගේ විශ්වාසයි මට යුද්දෙන් - මේ පරාදේ උන් ගේ වෙලා ලංකා මුදාගන්නා - බැව් සේනා මා ගේ

බුද්ධ ශාසන බේරම් දෙමළාව පාගා චණ්ඩ දෙමළාගේ බලේ මම් සිඳලා සේසත් නංවමි කල්නෑරා මෙහි නෙක් සේනා දිවිදෙති පුදාලා.

(නික්මයති)

ii. ජවනිකා - මාගම ගෙයක්.

කන්දුල සහ චේතිය සිටිත්.

කන්දුල - මාගේ බොලඳ චේතිය, අපේ ගැමුණු රජුගේ දසහා යෝධයන්ගේ, ශූරකම් දිටුවෙහිද?



282 දුටුගැමුණු චරිතය

චේතිය - ඊයේ නන්දිමිත්ර යා අඩි තිහකටත් ඉහළ අහසට නැග කඩුහරඹ කරණවා දිටිමි.

කන්දුල - ඇයි මගේ චේතියට එහෙම පනින්ට බැරිද?

චේතිය - මොකද බැරි, මට පනින්ට පුළුවනි ඔහේගේ ඇඟට උඩින්.

කන්දුල - කෙලින් හිටියාමද නැතුව බෑවීලා ඉන්නකොටද?

චේතිය - බෑවිලා ඉන්නකොටයි.

කන්දුල - ඒ පැනුම පොඩි ළමයෙකුට පවා පුළුවනි. එහෙම නොවෙයි අහසේ අඩි විස්සක් තිහක් ඉහළ පනින්ට බැරීද?

චේතිය - ඒ ශාස්ත්රකය මට පුරුදු නැහැ. ස්වර ශාස්ත්රෙය දන්නවානම් පුළුවනි.

කන්දුල - ස්වරෝදය නොදන්න කෙනෙක් මේකාලේ ලංකාවේ නෑ. ඒ උතුම් ශාස්ත්ර යේ දක්වා තිබෙන හැටියට අඩි 30 ත් 40 ත් අහසේ පැනීම අමාරු එකක් නොවේ.

චේතිය - හැබෑටම තමුන්නාන්සේ ස්වරෝදය පුහුණුකරලා තිබෙනවාද?

කන්දුල - එහෙමයි එහෙමයි පැනලා පෙන්වන්ටද.

චේතිය - ඒ දෙවනු පුළුවනි. කොහොමද දැන් යුදකිරීමට යනු පිණිස රාජපණිවිඩ රටේ යවා තිබෙනවා නොවෙද?

කන්දුල - එහෙමයි, එහෙමයි, ඉතින් මෙපමණකල් කවටකමින් දිවි රැකගෙන දීගකෑවෙමි. දැන් ඉතින් යුද්දෙට ගියාම බාගවේලාවට නුඹට කන්දුලගේ වැන්දඹු චේතිය කියා නමක් ව්යවවහාර වෙන්ට බැරිනෑ.

චේතිය - එහෙම නමක් ව්යැවහාර වෙන්ට මගේ අ‍ල්ලේ රේඛාවලින් නොපෙණේ.

කන්දුල - අනේ වාසනාවන් මගේ පණ චේතිය නිසා මේපොවේදී බේරෙයි.



ජෝන් ද සිල්වා 283

දාදරා - තැම්ටා

කන්දුල - අප දීපේ සිරිවාටි බේරාවී, රාජා ගාමිණී සේනාව ලංකාවේ රාජාට පක්ෂයි මාත් බේරී එන්ට දෙයියන්ගෙන් යදිම් බැතියෙනී. යුදෙන් ජයගණී - රාජා ගාමිණී.

චේතිය - අප වාගේ, හොඳ ජෝඩු ලංකාවේ මේකාලේ නැත්තේ වාහෙට මේ මගේ ප්රේගමේ පෙණේඩි යන් දෙන්නා එක්ක ඉක්මන්වී නැතේ කිසිදොසක් හිතේ ඔබමිසක් මේකාලේ නැත්තේ

කන්දුල - මගෙ බාරී රණබිමහි නංවාපු කේලි සේ ඇත්තේ උම්මාදවී හේවා යුද්දේ පරාදේ වෙන්ටත් සීදේවී හැක්කීවේ නොගොස් මෙහි ඉඳන් - වඳින් තුණුරුවන් - මම එඤ්ඤ බේරි.

චේතිය - හරි ජාඩියෙහි මූඩි වාගේම දෙන්නාගේ රංගා මූඩිය නැත්නම් මේ ජාඩිය පාළුයි බෑ බෑ මා එක්ක යන් යන් යන් මටත් කළ හැකී යුදත් නොවලැකියන් මා එක්ක දැන්. _________________

කන්දුල - ඉලව් හැපිච්ච, අප දෙන්නා ජාඩියට මූඩිය වාගේ නම්, ජාඩිය කව්ද මූඩීය කව්ද?

චේතිය - මූඩිය මගේ රත්තරන වද - මම ජාඩිය ටද.

කන්දුල - හොඳ ජාඩිය, සංසාර දුක එක හාදුවක් දුන්නාම මතක නැති වෙන්ට ඇත.

චේතිය - පිරිමින් වාසනාවන්ත කරන්නෙත් අපි තමා. කාලකණ්ණි කරන්නෙත් අපි තමා.

කන්දුල - ඒක නම් ඇත්තයි.

(දෙදෙනාම සිපාචාර කරමින් යති.)


284 දුටුගැමුණු චරිතය

iii. ජවනිකා - කසටපිටියේ විථියක්.

දුටුගැමුණු රජ කඩොල් ඇතු පිට නැග දසමහා යෝධයින් ඇතුළු වූ සේනාව පිරිවරා සංගීත කාණ්ඩ ඇතුව සන්නාහ සන්නඩව වඩින සේක.

1 හේවිසි කාන්ඩයයි, 2 නලා පිඹින්නෝ, 3 බෙර ගසන්නේ, 4 උඩැක්කිකාරයෝ, 5 කයිතාලම් කාරයෝ, 6 යුඬ සින්දු කියන්නෝ, 7 විණාකාරයෝ, 8 දසමහා යෝධයෝ, 9 දුටුගැමුණු රජ කඩොලැතු පිටින් ගමන් කරයි. ඊට පසු යුඬ සේනාවක් රජුට පෙර ඉදිරියෙන්ද ගමන් කරති.

iv. ජවනිකා - අනුරාධපුර දකුණු වාසල

එළාල රජ, දීඝජන්තුක ඇතුළුවූ විසහා යෝධායන්ද යුඬසේනාවද පර්ව ත නම් ඇතුද සිටිති.

එළාල - මාගේ දෙමළ වංශේ ජනයිනි, දුටුගැමුණු නම් සිංහල නරදේව විජිතපුරය ආදී සියලුම බලකොටු දැන් අල්ලාගෙණ අපේ සේනාව මරා ගිරිනිල් මානෙල් යන සේනාපතියන්ද මරා කසාගල්බඩ කඳවුරු බැඳගෙන සිටින බව සැලයි. අපේ නුවර දැන් ගන්ට එන්නේය.

විසිමහායෝධ - මේ ලොව නුවණින් පරීක්ෂාකොට කළමනා සියලු කටයුත්තෙක් ඇත්නම්, එසේ කෙළ පැමිණ සිටින අප වැනි අයින් විසින් පිරිවරණ ලද නුඹවහන්සේ කුමට සැක කරන්නෙහිද?

එළාල - දීඝජන්තුක ප්රලධානවූ මගේ යෝධයෙනි. දුටුගැමුණුරජ සහ සිංහල සේනාව දැන් මෙහි පැමිණෙනවා ඇත. සටනට සැරසී සිටිව්.

විසිමහායෝධ - ඔබවහන්සේගේ මේ පර්ව ත නම් ඇතා පිට නගිනු මැන. අපේ සේනාව සිංහල සේනාව පරාජය කොට ඔබ වහන්සේට ජය ලබාදෙනවා ඇත.




ජෝන් ද සිල්වා 285 මාඩි - පංජාඩි

එළාල - නිරින්දා ගාමිණිසේනාහු එන්නා හෙරි ඝෝෂා දී කරව් යුද උන්ගෙ දප් බින්දා - මරව් හේවා සිරස් සින්දා

දීඝජන්තුක - ‍රජිඳා කී ප්ර කාරා වේ - උන් සෑමා සුන්කරන්නෙමි මම් කාගෙන් මෙම උන්ගේ හේවායන් - කපා මම් ලාමි බෝ වේගෙන්. ______________

එලාල - ගැමුණු රජුගේ යුඬසේනාව ලඟයි. සූදානම් වෙයව්.

යෝධයෝ ‍ - එසේ යහපති දේවයන්වහන්ස.

(ගැමුණු රජුගේ යුඬසේනාව පැමිණ යුඬකරයි.)

දෙමළ සේනාව හිස් ලූ ලූ අත පලායයි. දීඝජන්තුක නම් යෝධයා කඩු පලඟ ගෙණ සූරනිර්මල යෝධයාට ගසන්ට යන තැනේදී සුරනිර්මල ඕහට ගසයි. දීඝජන්තු මරහඬදී මෙසේ කියා නසින්නේය.

පංජාබි.

දීඝජන්තුක - යුද්දෙහි හපනා මා කපාලා මේ දැන් ප්රා ණ හානිවෙයි යුඬභූමියේ මේතෙක් කළාවූ දස්කම් විනාසේ ඉන්නා සේනා මින් පලායයි දැන් මරුවාගේ මුව පැමිණි මම මේ බිම්හි නස්නෙම් සිංහලයන් මැද ______________

(දීඝජන්තුක නසී)

දීඝජන්තුක මළ බව දුටු එළාල රජ පර්වත නම් ඇතුපිට නැගී පලායයි. දුටුගැමුණු රජ කඩොලැතු පිට නෑගි ලුහුබඳවා ගොස් එළාල රජු මරයි.

සිංහල පිරිස දෙමළුන් කපා කොටා පරාජය කරති.

දුටුගැමුණු - එළාල රජුගේ මේ මළ ශරීරයට, මහත් පූජාසත්කාර කර රන්සිවිගෙයකින් ගෙණගොස් දවා සොහොන් 286 දුටුගැමුණු චරිතය

ගප්කරවා ඒ රජු දැවූ ස්ථානයෙහි එළාල වෛත්ය ය නමින් දාගැබක් බඳිව්. මා ඇතුළු මට පසු ශ්රී‍ ලංකාද්වීපයේ රජකමට පැමිණෙන රජදරුවන් ආදී සියලුදෙනාම ඒ දැගැබ සමීපයෙන් යනවිට, ඇතුන්, අසුන්, ඉදෝලි, දෝලි කුනම් නැගී නොගිය යුතුයි.

සිංහලසේ‍නා - දේවයන්වහන්ස නියම කල පරිදි වහාම කරනු ලැබේ.

දුටුගැමුණු රජ චතුරංගිනි සේනාව සමග මහ පෙළහරින් අනුරාධපුරයට වඩින සේක.

4 අංකය

i. ජවනිකා - අනුරාධපුර මාළිගාව

විහාර මහාදේවි, සමදරා බිසෝ, සාලි නම් කුමාරයා සහ ආවතේව පිරිසක් සිටිති.

වී මහා දේවි - මාගේ මුනුබුරු සාලි, නුඹේ පියරජ එළාල රජු‍න් පරාජයකොට ඔහුගේ බෑනා කෙනෙක්වූ හල්ලුතයා සමග යුඬයට ගොස් ඌද පරාජය කොට තිලක එක්චිඡත්රාකොට පාලනය කරණ සේක. නුඹ මාගේ පුතනුවන්ගේ එකම පුත්රයයාය. පුත්රායෝ වනාහි, ත්රිමවිධාකාර වෙති. අතිජාත, අනුජාත සහ අවජාතකයි. මෙයින් නුඹ කොයි වර්ගයට ඇතුළත් වන්නෙහිද?

සාලි - අතිජාතිකයයි සිතමි.

සමදරා - අතිජාතක පුත්රියානම් පියා සිටින අඩියට ඉහළින් ක්රියයා කරණ පුත්රායාය. අනුජාතකනම්, පියාට සමානව පියා සිටින අඩියට පැමිණ ක්රිනයාකරණ දරුවාය. අවජාතකනම්, පියා සිටින අඩියට පාතින් ක්රිියාකරණ දරුවා බව දතයුතුයි. මේ ප්රයකාරයට මාගේ පුත්රයයා පළමුවෙනි දෙවෙනි පංතියට ඇතුළත්නොවී තුන්වෙනි පංතියට පැමිණ සිටින බව පෙණීයයි.

සාලි - ‍මම අවජාතක පුත්රැයෙක්ද?

වි. මහාදේවි - ක්රි‍යාවෙන් පෙණෙන්නේ එහෙමයි.



ජෝන් ද සිල්වා‍ 287

සාලි - ඒ කොහොමද?

සමදරා - ඇයි පුත අප රාජ පරම්පරාවට පලුදුවන චණ්ඩාල ස්ත්රි්යක් අඹුකමට ගැණීමෙන් නුඹ කෙසේ පියරජුට ඉහළින් හෝ සමානව හෝ ක්රිනයා කරන්නෙහිද?

වල්ති

සාලි - මාගෙ මව් දැන් කිව් බාරී ගත්තෙම් මම් සිත් සන්තෝෂවී ඇගෙ රුව රැසඳුන් මෙන් දෑසා දිව්යු ලෝකයෙහි වාස කුමාරී රංග දිලෙයි රුවීනා බිරිඳි මගෙ මන්, පිනුවෙන්, බෝලෙස්නෙන්, ඈට බාරී‍ මෙන් මේ ගත්තෙම්, ඉන් වන්නාවූ දොස් තේරී නෑ නෑ නෑ ඇගෙ රුව රසඳුන් මෙන් දෑසා.

සමදරා - රූපෙ හින්දා පුත් රාජචාරිත්ර්ත් බින්දා දැන් ලාපී දීපෙ රජකම අත්වෙන්නේ නෑ තේජසාර පිය තාගෙ අශොක මාල සැඩොල් ලිය බැව් දනිමැයි එබැවින් නොසිටින්, කෝපෙන් දැන්, ස්වාමිමාගෙ අල්ලා අච්චුදෙයි කල්නෑර පුත් සාලි මා පෙම්වත් දීපෙ රජකම අත්වෙන්නේ නෑ.

වි. මහාදේවි - මෝඩකම් පස්සෙය තේරී යන්නේ පුත් දොස් වේමැයි රාගේ දීපෙ රජකම් අත්වෙන්නේ නෑ රිස්සායාය කරගත්ත විවාහෙ නැද්ද ලියෝ අ‍පගේ ගොතිරේ නොසිටින් මෙහි දැන් එයි කෝපෙන් තා පියානො පන්නා ලත්මැයි නින්දා බෝම ඉන් වන්නේ සාලි පුත් දීපෙ රජකම අත්වෙන්නේ නෑ ______________

සාලි - මෑණියන් වහන්ස රුව ඇති අශොකමාලා මාගේ ප්රිනය භාර්යාවය. ඒ මගුල කරගත් මට රාජ්යාය නොලැබෙන බව දැන් ප්ර-කාශ කළ බැවින් දැන් කල්පනා කටයුතු කරුණු දෙකක් තිබේ. මගේ භාය්යා් ව අත්නෑර තබාගැණීම සහ අත්හැරලා රාජ්යකයට හිමිකාරයෙක් වීමයි. මේ දෙක ඤාණ තරාදියේ ලා කිරා බලන කල


288 දුටුගැමුණු චරිතය

මාගේ මේ වයසට පෙණී යන්නේ අශෝකමාලාව තබා ගැණීමයි. එබැවින් රාජ්ය ය ලබාගැණීමට වඩා මවිසින් පාවා ගත් අර දුප්පත් ස්ත්රීබය අත් නෑර තබාගැණීම සර්වාකාරයෙන්ම යුතු බැව් මට හැගී යන්නේය.

සමදරා - පුත මේ ලෝකයෙහි සිටින සියලුම මනුෂ්යීයන්ට ගුරුවරු දෙදෙනෙක් ඇත. එනම් මව්පිය දෙදෙනාය. මනුෂ්යවයෙකුගේ ජීවිතයේදී සිඬවන්නාවූ ඉතා වැදගත් කරුණ නම් ඔහුගේ සරණ මංගල්යසයයි. එබඳු වැදගත් කරුණකදි තම දෙගුරුන්ගේ අවවාද නොඅසා දෙගුරුන් නොසලකා යමෙක් රාගයෙන් මත්ව ක්රිනයා කරණවා නම් ඒ ගැන පශ්චත්තාපවෙන්ට සිඬවන්නේය. රුවට රැවටී රජකුලයට නිගාවන අශොක ගහේ සිටි සැඩොල් ලිය ගත් නුඹට මොන රජකම්ද? පියා මෙහි එන්ට මත්තෙන් මින් පලායනු.

සින්දුව

සාලි - රාජේන්ද්රි කෝපෙන් මා දැන් එලවන බව කීය මව්ටත් එපාවුනි මාගේ බාරී - රාජේන්ද්රඑ කර්ම ලෙසින්, කර්ම ලෙසින් සිදු මගුලකි මෙම බඹා කොටා හිස තිබුනා අශොකා - නොහරිමි එලඳුන් දෝෂවෙතත් ඉන් ඒ පූර්ව නියමේමයි. මගෙ බිරිඳා - මගෙ බිරිඳා පින් පව් දන්නා, නැත පලුදා දන්නා ධර්ම තිලෝ පතින්ගේ රජකම අත්හැර ගන්නෙමි මගෙ බිරිඳා _______________

(නික්මයයි)

විහාරමහාදේවි -

ත රු ණ හිත මගෙ දියනි අස මැන වේගයෙන් යන තුරඟ විල සේ ද ම ණ කරණට බැරිය දෙනලද ඔවා කටකලියාව වැන සේ ඉ ග ණ ගතයුතු පළමු ගුරුකම සිත දමණකර ගැණුම සොඳ සේ නොදැ ණ එමලොව සිටින සැමදෙන චපලගතියට වැටෙති තොල සේ

(නික්ම යයි.)



ජෝන් ද සිල්වා 289

ii. ජවනිකා - අනුරාධපුර චන්ද්ර වංක විථිය

(කන්දුල සහ චේතිය ගමන්කරති.)

කන්දුල - ඡතු නංවාපි ගාමිණි ලක්දිව දැන් රජ වාසල්හි චේති ඉන්ටෑකි යන් රස කෑම කකා හොඳ විහිළු දොඩා සියියැකි දෙදෙනට - හා හා හා

චේතිය - කට ඇති වාහේ ලද්දේ මෙමාගේ හේතුවකී පූරුවේ- රජිඳා ප්රීරතිවෙයි, කෑම දෙයි ඇඳුම් දෙයි වාසි වේ - හඃ හඃ හඃ

කන්දුල - පාඩගම් නාද කිංකිණි කිංකිණි මෙන් මාගෙ කර්ණෙහි වන්නේ සුන්දරී දැන් තිගේ මූණෙ රංගා පියුමක්ය හෘංගා නද දෙන්නා ගුමු ගුමු - ගා ගා ගා

චේතිය - රුව ඇති මාව නැත්නම් මේ දීපේ කන්දුලගේ නෑ අගේ බිරින්දා ලක්ෂණයි වාහෙ මා කටුයි මසුයි ප්රේ මේ බෝ - හඃ හඃ හඃ

කන්දුල - දීඝජන්තුක සිංහල දීපෙට විත් සෙන්තුපොච්චිව සේනා විය අපත් දෙමළාගෙ ඕදේ බිඳුනාය ල‍ඳේ අප දීපේ නිදහස - චී චී චී

චේතිය - මට නැත තේරී කිව්පද යොදලා අන් බසකින් කන්දූලේ තිබෙන්නා සිංහලෙන් බෝම බස් එයින් ඇයි කීවේ නැත්තේ වාහේ _______________

කන්දුල - සොඳුර නිෂ්පන්න, තත්සම, තද්භව කියා තැන්විධියක සිංහල වචන තිබේ. මේ රටේම ඉපදුන වචන නිෂ්පන්නයි. අන් භාෂාවල තිබෙන වචන අපේ භාෂාවෙන් තිබෙනවා නම් ඒ තත්සමයි. අන් භාෂාවක


290 දුටුගැමුණු චරිතය

පවතින වචනයකින් බිඳී එන වචන තද්භවයි. ඉතින් මේ තුන් ප්රිකාර වචන බලන තැන ‍”සේත්තුපෝච්චි” යනු දෙමළ භාෂාවේ මැරුණා යන අර්ථ දක්වන පදයකි. මට හිතුනා ඒ දෙමළ වචනය අරන් සිංහල භාෂාවේ පදිංචිකර තබන්ට.

චේතිය - ඔහොම හිතුවක් කරන්ට සිංහල පණ්ඩිතයෝ ඉඩදෙත්ද?

කන්දුල - ඉඩදෙත්යයි සිතන්ට බෑ. නුමුත් අපේ සිංහල භාෂාව ඉන්දියාවේ සංස්කෘත, පාලි, දෙමළ ආදී භාෂා වලින් අගහිඟ පිරිමසා ගන්නා බව පෙණීයයි.

චේතිය - නුමුත් ඔය විධියට පිරිමහ ගැන්මක් ඇතැයි මට හිතෙන්නේ නෑ. මැරුණා, කළුරියකළා ආදී නොයෙක් වචන භාෂාවේ තිබෙද්දී ඔය අමුතු පදයක් භාෂාවට රිංගවන්ට ඕනෑ නෑ.

කන්දුල - සොඳුරගේ කල්පනාව හරි. නුමුත් දීඝජන්තුක සෙත්තු පෝච්චි කීවාම හොඳට ගැලපෙනවා. සෙත්තු පෝච්ච දෙමළ වචනයයි. දීඝජන්තුක දෙමළ සේනාපතියයි. උන්දෑ මළයි කියන අර්ථයයි.

චේතිය - ඇයි කන්දුලගේ මුව පියුමේ සරස්වතී දිව්යංෙගනාව වැඩ සිටින කොට කොයි අතට පද යොදන්ට බැරිද?

කන්දුල - සොඳුරගේ උරවීමනේ ශ්රිසයාකාන්තාව වසනකොට කාගේ මන් නුවන් නොපිනේද?

චේතිය - කට ඇති පුතාට රුව ඇති දුව ලැබුනාම තකට තක තමා

කන්දුල - දුටුගැමුණු රජ්ජුරුවෝ දශමහා යෝධයන්ට තෑගි බෝග දෙන්ට යන සේක්යයි රටතොටේ පතළවී තිබේ.

චේතිය - පිහිටි මායා දෙරට දෙමළ ජනයාගෙන් මුදාගැනීමට ඉවහල්වූ දශමහා යෝධයන්ට තෑගි නොදෙනවානම් තෑගි දෙන්ට යුතු කාටද?





ජෝන් ද සිල්වා 291

කන්දුල - ඇයි සොඳුර මමත් යුඬයට ගියෙමි. මටද තෑගි දිය යුතුයි. වෙන දෙයකින් දෙමළ ජනයාට මට ගහන්ට බැරිවුනත් කටින් ගැසුවෙමි.

චේතිය - කටින් නම් ගහන්ට සමර්ථයා බව දනිමි. කටින් ගසා යුඬ දිනන්ට පුළුවන්නම්, කන්දුලට මුළුලෝකයම දිනාගන්ට බැරිනෑ.

කන්දුල - ඔය තරම් උසස් කල්පනාවක් මා ගැන චේතිය කර තිබෙන බව අදයි මට දැනුනේ. වාසනාවන් මගේ සීදේවී කෝ හාදුවක් දෙන්ට. රජවාසල දැන් ලඟයි. ඉතින් යමු.

(නික්මයති)

iii ජවනිකා - අනුරාධපුර මාලිගාව

දුටුගැමුණු රජ සිංහාසනේ සිටිනසේක. විහාර මහාදේවී, සමදරා බිසව වැඩහිදිනසේක දශමහායෝධයෝ සිටිති. නාටිකාංගනාවෝ ගීතිකා නටති.

ත්රිාතාල

දශමහායෝධයෝ - රුපුනොද සුන්බුන් කළේ නිරින්දා ලංකා බේරා ගත්ත රජින්දා තේරී ධර්ම සිල් ගන්නා පව් නස්නා දීපේ විහාර බන්දන්නා සැදෑ සිතනින් ශාසන පාලක ගැමුණු බූපතී සැරද සැරද සිහල දීපේ චණ්ඩ රුපුන් මැඩ දප් බුන් පාමිණි සිහල ජනද පක්ෂයි බෝම දික්ලිය බන් මුක්තාහර වත් කිත් දැන් ඇත අගපත් බූපතිදුන් වෙත් ඉතා නැණවත්. _________________

(නාටිකාංගනාවෝ නටති.)




292 දුටුගැමුණු චරිතය

දුටුගැමුණු - අටළොස් තලංකයක් පමණ දෙමළුන් මරා කළ යුඬ කරණ කොටගෙණ මා විසින් බොහෝ පව් රැස්කරණ ලදී. මේ අකුශල කර්මයෙන් ස්වර්ග මෝක්ෂ දෙකට බාධා ඇද්ද නැද්ද යන මේ සැකය මවිසින් දතයුතුයි. ඒ ධර්මය දත් තෙරුන්නාන්සේ කෙනෙකුත් කැඳවා අසා දැනගන්නෙමි. මෙම රජගෙයි කරඩුවක මෙසේ ලියවා තබන ලද රන්පත කියවිමි. එම රන්පතේ මිහිඳු තෙරුන්නාන්සේ මාගේ මුත්තනුවන්වූ දෙවන පෑතිස් රජ්ජුරුවන්ට මෙසේ කියා තිබේ. මහරජ තොපගේ මුණුබුරුවූ දුටුගැමුණු නම් රජෙක් එක්සිය විසිරියත් රුවන්වැලි නම් දැගැබක් කරවන්නේය. සංඝයා වහන්සේට පොහෝ කරන්නට නවමහල් ඇති ලෝවාමහාපායයි යන ප්රාරසාදයක් කරවන්නේය. එබැවින් මාගේ පක්ෂපාත යෝධයිනි. රුවන්වැලිසෑය සහ ලෝවාමහාපාය වහාම කරවා දැමීම මට භාර වැඩකි. එය මතු උපදින සිංහල ජනයාගේ ශ්රැඬාව බුද්ධාගම කෙරෙහි පවතින ප්රිකාර සාදවා දමමු.

යෝධයෝ - එසේ යහපති දේවයන්වහන්ස, අහසේ ගමන් කරණ රහතුන්ගේ සෙවනැල්ල අනුරාධපුර භූමියේ වැටීමෙන් උදේ වරුවෙහි ඒ වේලාගන්ට බැරිවේ. බුද්ධ ධර්මයේ දක්වන ධ්යාෙන වැඩු මෙම රහතුන්වහන්සේලාගේ ඉදීමෙන් ලංකා වැසියාට බුද්ධගම කෙරෙහි කිසි සැකයක් නැත. එබැවින් ඔහුන්ගේ සකල වස්තුවම මෙම උතුම් දැගැබ් විහාරාදිය තැනීමට පූජාකරන්ට පසුබට නොවෙති.

දුටුගැමුණු - ඒක සැබෑවකි. බුද්ධධර්මයෙහි සත්යුතාවය ඔයින්ම ඇතැඹුලක්සේ පෙණීයන බැවින් අපේ සකලවස්තුව මය ගැන ජූජා කළාට කිසි පාඩුවක් නැත. ඒ පූජාකරණ වස්තුව වාගේ කෝටිවාරයක් මතු උපදින ආත්මවලදී ලැබෙන බව සත්තකයි. ඒ ඇරත් වස්තුව සපයන ජනයා කා බී සැපවිඳ කිසි කුසලක් නොකර සිටියොත් ඔහු පරලොව යනකොට හිස්අතින් යන්නේය. ගෙණියන එකම වස්තුව නම්, තමා විසින් කලාවූ කුසල් පමණයි.





ජෝන්ද සිල්වා 293


යෝධයෝ - දේවයන්වහන්ස පුවගු දිවයින වැඩඋන් රහතුන්වහන්සේ විසින් ඔබවහන්සේ සමීපයට එවූ අටනමක් රහතුන්වහන්සේලා ඇත. එම රහතන්වහන්සේලා මෙසේ වදාළසේක. කිහිඹි. කුහුඹු. ලෙහෙඩී, ඉනිකිනි ඈ කුඩා සතුන් මැරූ කල පවා පව්යයි බුද්ධ ධර්මයෙහි පෙණෙන නමුත් ඔබවහන්සේ ඒකසංඛ්යයකල්ප ලක්ෂයක් මුලුල්ලේ පිරූ පාරමිතා ඇති කෘත්යා ධිකාර මහතානෝය. අනාගතයෙහි බුදුවෙන මෛත්රෘය සම්යිත් සම්බුදුරජානන් වහන්සේට දකුණත්සව් වන්නහුය. එසේ හෙයින් ඔබවහන්සේ සසර විසීම නැති හෙයින් පාපයට අවකාශ නැත. ඔබවහන්සේගේ ජීවිතයේ ඉතිරි කාලය ශාසනය උදෙසා ගතකිරීම සිංහලජනයාගේ පරලෝ සුභසිද්ධියට අත්යකන්තොපකාරී වන්නේය.

දුටුගැමුණු - එසේ කටයුතු බව මටද හැඟී ගොස් තිබේ.

නාටිකාංගනාවෝ අත්පොලසන්දී මෙසේ කියා නටති.

දාදරා - වල්ති

ගාමිණී රාජා ලංකා සුරක්නා ධර්මෙන් බුදුන් දෙසූ - ලංකා සුරක්නා ධර්මෙන් රුපුන් දප් සුන්වුනි මන් මෙන් ගාමිණී රාජා ලංකා සුරක්නා ධර්මෙන් බිරම් බවේ දුක්ඛ භංග කරන්නා තුංගවු ථුපා දැන් සදවන්නා පින්කෙත්වු රාජා මේ තිලෝනා පුරාණේ දෙසුදම් රැක්මෙන් මේ සිහල බල ලොව පතුරපි දැන්. ___________

වි. මහාදේවි - පුත ගාමිණී. මේ මනුෂ්ය ලෝකය ඇතුළුව තුන්ලෝකවසී සත්වයා සංසාර දුකින් ගැලවීම පිණිස දෑරඟමිණක් මෙන් පිරිසිදු සියුම් ධර්මය දේශනාකළ අප තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ ඒ ධර්මය නැති නොවි සිංහල ජනයා අතරේ පවතින්ට ඔය අදහස්කළ දැගැබ් ආදිය වහාම බන්දවා දමනු මැනව.



294 දුටුගැමුණු චරිතය

සමදරා - සත්ය වූ ධර්මය දීපවාසීන්ට අවබෝධවන පරිද්දෙන් ආරක්ෂා කර තැබීමට වඩා පිණක් ඇතැයි මට නොහැගේ. එබැවින් අප රජතුමා කල්පනාකර තිබෙන එම පුණ්යගකර්මයන් කල්නෑර පටන් ගන්නවා සො‍ඳේ.

කන්දුල සහ චේතිය පැමිණෙති.

කල්යාලත් - හිංචි

කන්දුල - ගානා යස වන්දන බූලෝ දිගැත්ගේ කුඹුන්හී රජින්දා ‍දිනේවා මෙදීපේ චේතිය් හා ආවේ රක්ෂා සොයා දැන් වාසල්හී පින්සාර රාජා වඳිමි මම.

චේතිය - කියුම් දත් උගත් සත් මගේ ස්වාමියාටත් මෙහි රක්ෂාවක් දුන්නොත් පින්වේය බෝ ලෙස් මාගම් වාසල්හී රක්ෂාවක් ලැබිලා පිනී මන් පියාගේ වාගේ මා රජින්දේ ________________

ගැමුණු රජ - මාගේ පියරජුගේ මාලිගාවේ කවට ධූරන්ධරය බලා සිටි කන්දුලට මගේ වාසලේ කවට ධූරය දෙමි.

කන්දුල - අපේ දේවයන්වහන්ස බුදුවන්ඩ, චිරාත් කාලයක් සිංහලද්වීපය ඒකච්ඡත්රී කොට පාලනය කරණ සේක්වා.

5 අංකය

i. ජවනිකා - තව්තිසා දිව්ය ලෝකයෙහි දිව්යි විමාණයක්

බිරණී නම් දිව්යල ස්ත්රි්ද දිව්යාංෝගනාවෝද සිටිති.

බීරණී රුවන් ඔටුන්නක් පැළද ඉතා දිග දිව්යඩ සළුවක් හැඳ බොහෝ ආභරණ පැළඳ සුවඳ විලවුන් ගෙණ, සපු, නා, පනා, සිහින්ගෙන්ද, දෙයිද්ද, සුරබි, උපුල්, පරසතු, කෝචිදාර, මහනෙල්, දුනුකේ, වැටකේ, කරාකේ, සේවන්දි ආදී මල් පැළඳ නළුනාටකයන් පිරිවරා රුවන් මාලිගාවේ සිටින සේක.

නාටිකාවෝ බිම වාඩිවී සිටිති.


ජෝන් ද සිල්වා 295

ආඝාවරි - පංජාබි.

බිරණී - පීරා කොණ්ඩේ කුසුම් රැඳි වාරාංගනෝ මාගේ විමන්හි නටතී බොහෝ බූලෝහි උන් කලේ බෝ පින් ‍කළෙන් පෑදී මේ දිව්යන ලෝකේ සම්පත් ලදිම් මාගේ විමන්හි නටතී බොහෝ - පීරා කොණ්ඩේ.

සේවන්දි දෑසමන් නාමල් උපුල් ආදී බෝ පුෂ්ප රන්දා ගත් මා දිලී. මාගේ විමන්හී නටතී බොහෝ - පීරා කොණ්ඩේ.

සිත් පෑදී දත් පිසු ඒ පින් බෙලෙන් දෙව්ලෝ මේ දේහ ලද්දෙම් බෝ ගව් උසින් මාගෙ විමන්හි නටතී බොහෝ ______________

නාටිකාංගනාවෝ නටති.

ත්රිකතාල් - වල්ති

(1) කොබෝලීල නා කුසුම් මානෙල් මාලා දේහේ හීසරා විමනා ආලෝක පායි සුරාංගනාගේ නටමු විමානේ වූඩා රත්නෙන් දිස්නේ ඉතා ලක්ෂණවූ රණ බරණා බෝ කුමරි මේ බිරණිය දේහේ හීසරා විමනා ආලෝක පායි.

(2) නෙක පාරිජාත මල් දේහේ රන්දා විහිදේ සුවඳා කුමරි තේජස්ම පායි කුසල් බලේ බෝ පෙනෙය මෙදෙව්ලෝ සෑසී දුන් දම් තේරී කළා පින් බුවිලෝ එය පලදැරී ඉපදී මේ තව්තිසාහි විහිදේ සුවඳා කුමරි තේජස්ම පායි. ______________

(රහතුන්වහන්සේ නමක් පැමිණේ.)


296 දුටුගැමුණු චරිතය


(සියලුදෙනාම වැඳ නමස්කාර කරති.)

බිරණී - නිර්මල බුද්ධ ධර්මය පවතින සිංහල ද්වීපයෙන් බුද්ධ පුත්රියෙක්ද?

ර.වහන්සේ - එහෙයි අපේ දුටුගැමුණු රජ්ජුරුවන් වහන්සේ භික්ෂු සංඝයාට පොහෝ ගෙයක් සෑදීමට තී වැඩ සිටින මේ ප්රාගසාදය පෙති කඩන ඇඳගෙණ යන්ට වැඩියෙමි.

බිරණී - මාගේ රුවන් මාලිගාව දහසක් රුවන් ගබඩායෙන් සැදුම් ලදි.

ර. වහන්සේ - එය මම පෙතිකඩෙහි හිගුලෙන් අඳිමි.

බිරණී - ඔබවහන්සේ එය ඇඳගෙණ ගොස් සිංහල රජුන්ට බාර දෙනු මැනවි.

ර. වහන්සේ - එහෙයි.

(සියලුදෙනාම වැඳ නමස්කාර කළායින් පසු රහතුන් වහන්සේ නික්මයයි.)

නාටිකාංගනා - බිරණී දෙව්ලිය දැන් ඔය ඇවිත් ගිය රහතුන් වහන්සේ මනුෂ්යං ලෝකයෙන් මෙම තව්තිසා දිව්ය ලෝකයට ආවේ කොහොමද?

බිරණී - භික්ෂු නම් සංසාර භය නැති කරගත් අයයි. සංසාරයේ නැවත නැවත ඉපිද සඤ්චාරණය කරන්නේ කෙලෙස් සහිත පුද්ගලයායි. ලෞකික ලෝකෝත්තර කියා ධ්යාගන දෙවිධියක් තිබේ. ලෞකික ධ්යා නලාභීන්ට සහ ලෝකෝත්තර ධ්යාේන වැඩූ රහතුන්ට දිව්යා ලෝකවලට පවා මනුෂ්යත කයින් යන්ට පුළුවනි. ත්රෛයලෝක්යාතචාය්ය්රර්‍ බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙහි මෙය හොඳාකාර දක්වා තිබේ.

නාටිකාංගනාවෝ - ඒ උතුම් ධර්මය අපටද දැනගන්ට ඇත්නම් කොයි තරම් වාසනාවක්ද?




ජෝන් ද සිල්වා 297

බිරණී - සිංහල ද්වීපයේ මේ කාලේ සිංහල වංසේ උපන්නොත් එය මනාසේ අවබෝධවෙයි.

(නාටිකාංගනාවෝ මෙසේ කියා නටති.)

පංජාබි

නාටිකාංගනාවෝ -

(1) සාධු සාධු ලංකාවේ ඇත සෑසී දම්- පින් පව් කුමක්ද කියා දත්තහැකි මන මෙනි දෙව්ලෝහි වාසේ මට එපා වේවි (සාධු සාධු) ධර්මෙහි රඟ පෙණෙවී ඒ උතුම් මුනි මම් නමාමි - දුක් සංසාරේ දුන්න තෝරා කව්ද මිසක් ඒ මුනින්දා - මිථ්යාේදෘෂ්ටින්ගේ අවිද්යා සිංහලුන්ගේ දීපයේ නෑ.

(2) සාධු සාධු ලංකාවේ ඇත සෑසිදම්- මම් ගොසින් ඉපදිම්වා සිංහලුන්ගේ දීපයේ මේ සංසාරේ දුක් සින්දා ලන්නේ ධර්මෙ සෑසි දුන් කොයි ලෝකෙත් දුක බෝ වේ මැයි මේ ලෝකෙත් දුක් දැන් ඇති වෙයි රහතුන් දත් ධර්මේ හෙළදිව්හී ඇත්තේ මේ කාලේ ඉන් මොක්පුර ගන්ට හැක්කී.

යන් - යන් - යන් - යන් - යන් - යන්.

(නික්මයති)

ii. ජවනිකා - චන්ද්රාවංශ විථිය.

රාජ දූතයෙක් බෙරයක් ගසා දුටුගැමුණු රජුගේ ආඥාවක් ප්රිකාශ කරමින් යන්නේය.

රාජ දූතයා - ලෝවාමහාපාය සෑදීමට සියලු දෙනාටම රැස්වෙන්ට අප දේවයන් වහන්සේ පණිවඩ එවා තිබේ. එහි වැඩ කරණ සියලු දෙනාටම මිළ දෙනු ලැබේ. මෙම ප්ර සාදය එකි එකී දිගින් සියක් සියක් රියන්ය. උසිනුත් සියත් රියන්ය. මහල් නමයක්ය. එකී එකී මහලෙක්හී. සියත්

298 දුටුගැමුණු චරිතය

සියත් ගබඩා ගෙවල්ය. ඒ සියලු ගබඩා ගෙවල් රිදියෙන් තනනු ලැබේ. ගබඩා ගෙවලු විසිතුරු වියනින් හෙබියා වූ පබලුමය පදනමින් ද යුක්ත වන්නේ ය. ඒ වේදිකායෙහි පියුම්ද නොයෙක් සත් රුවණින් කරනු ලැබේ. දහයක් ගබඩා අනේක රත්නයෙන් සත් රුවණින් කරනු ලැබේ. දහයක් ගබඩා අනේක රත්නයෙන් සිව් මැදුරු කව්ළුවද රුවණින්ම නිමවා වෙසවුනු රජුගේ නාරිවාහනය මෙන් මාලිගා මධ්යායෙහි රුවන් මණ්ඩපයක්ද කරවණු ලැබේ. තවද දෙවන පෑතිස්ස රජ්ජුරුවන් විසින් ඉදුවන ලද ශිලාලෙඛනය අප රජ්ජුරුවන් වහන්සේ දැක එතැන්හි රුවන්වැලි දැගැබ් වහන්සේ ද තනනු ලැබේ.

ස ක ල ඉසුරු පෙරමග පින්බලයෙන් අප නිරිඳු තුම ට මෙක ල පහළවෙති මෙම පුර කඩක්ය දෙව්ලෝ මිහිපි ට දෙ ම ළ සතුරු සෙන් නැතිකර අප මුනි සසුනද ඇතිකො ට සි හ ල බලය හෙළදිව පිහිටුවෙ අප මහරජ තිරතො ට

(නික්මයයි.)

iii. ජවනිකා - අනුරාධපුර මාලිගාව

ගැමුණු රජ සිංහාසනේ සිටින සේක. දස මහ යෝධයෝද කන්දුලද සිටිති.

ගැමුණු - සතුරන් පරාජය කොට ලංකාද්වීපය ඒකාතපත්ර කර තැබීමට මට එකතුව යුඬ කළවූ දශ මහා යෝධයිනි. තොපට මේ ප්රඑස්තාවේ ම විසින් රන් රුවන්, තනතුරු ආදිය දෙනු ලැබේ. එය සන්තෝෂයෙන් පිළිගණිව්.

රජ්ජුරුවෝ රන් රුවන් හුණ්ඩු ගණනේ බෙදා දෙන සේක. ථෙරපුත්තාභය යෝධයා තමන්ට දුන් තනතුරු නොගන්නේ.

ථෙ.පු. අභය - මට ඔය තනතුරු රන් රුවන් කමක් නෑ

ගැමුණු - කුමක් පිණිස නොගන්නේද?

ථෙ.පු. අභය - තව සතුරෝ ඇත.

ගැමුණු - දැන් සිංහලද්වීපය මට ඒක රාජ්යතය වුනා. තව සිටින සතුරෝ කව්ද?



ජෝන් ද සිල්වා 299

ථෙ.පු. අභය - දේවයන්වහන්ස කිසි කලෙකත් කෙලෙස් නමැති සතුරා ජය ගත නොහැක්ක. එසේ හෙයින් කෙලෙස් නමැති සතුරා හා යුඬය කරන්ට යමි.

ගැමුණු - නොගොස් මෙහි වාසය කරණු මැනව.

ථෙ.පු. අභය - මට සමාවී ඒ යුඬයට යන්ට අවසර දෙනු මැනව.

ගැමුණු - යහපත මහණ වෙව.

ථෙ.පු. අභය - දේවයන්වහන්ස මම රුහුණු දනව්වෙහි ගුත්තල අංජලි පව්ව නම් විහාරයෙහි සිටින්නෙමි. ඔබ වහන්සේට ඕනෑ වූ කලෙක මට දන්වා එවනු මැනව.

කන්දුල - දේවයන්වහන්ස ථෙරපුත්තාභය ‍නම් යෝධයට දෙන ලද වස්තුව එපයි කියා මහණ වෙන්ට අදහස් කර සිටින බැවින් එම වස්තුව මට දුන්නොත් මැනවි.

ගැමුණු - යෝධයන්ට බෙදා දිය යුතු වස්තුව තට කැප නැත.

කන්දුල - දේවයන්වහන්ස යෝධ සංඛ්යා වට මාවත් ඇතුළත් කර ගත්තාම නරකද?

ගැමුණු රජ - මනා සේ යුද්ධ කිරීම පුරුදු ඔවුන් හා තොපි කෙසේ සමාන වන්නෙහිද?

කන්දුල - ඇයි දේවයන්වහන්ස මවිසින් කටින් කළ යුද්ධ ඔට්ටු නැද්ද.

ගැමුණු රජ - එබඳු යුද්ධවලට නිසි තෑගි බෝග නිතරම තොපට ලැබේ. දැනට මගේ පක්ෂපාත වැසියෝ මාගේ නියෝගය පිට රුවන්වැලි ‍මහාසෑය සහ ලෝවාමහාප්රා සාදය සාදාගෙණ යති. එයින් මහත් කුශල් රාශියක් ලැබේ.

කන්දුල - මහත් ධන රාශියක් වියදම්කර ඒවා තනාලනවාට වඩා ලක්දිවට පිටරටවලින් පැමිණෙන හතුරන්




300 දුටුගැමුණු චරිතය

වැලැක්වීමට නැව් කණ්ඩායමක් සාදවා එහි භටයන් නවත්වා තබනවා නරකද?

ගැමුණු රජ - මෝහයෙන් පීඩිත කන්දුලට නැව් කණ්ඩායමක් බුද්ධ ශාසනයට වඩා ප්ර්යෝජන යයි සිතෙතත් අපට එසේ නොපෙණේ. මොක්පුරට පැමිණෙන මාර්ගය වැසියාට පහසුවෙන් පෙන්නාදෙන එක ඊට වඩා කොපමණ හොඳ ද?

කන්දුල - ස්වාමිණි මට සමාවුව මැනව. ඔබවහන්සේගේ යහපත් කල්පනාවට මමද එකඟ වෙමි. රුවන්වැලිසෑයේ ධාතු නිධාන් කළායින් පසු බුබ්බුලාකාරය හා සිව්රැස් කොටුව සාදා නිම විය. තව කරන්ට තිබෙන්නේ දාගැබ් කැරැල්ල, කොත් කර්මාන්ත, සේසත හා සුණු කර්මාන්ත පමණකි.

දුටුගැමුණු - ලෝවාමහාපාය සාදවා එය සංඝයා වහන්සේට පූජා කෙළෙමි.

ද.ම. යෝධයෝ - ඒ පූජාවට රැස් වූ රහතුන් වහන්සේලා බොහෝ ගණනකි.

ත්රි.තාල්.

කන්දුල - මෝහය සුන් කළා නරසී පින්කම්, පින්කම්, බොසේ බෝසේ වෙන්නා දීපයේහි පින්සිරියෙන් විරාජිත වූ - ගැමුණු රජුට සිරිසැප අත්වන්නේ යටගයේ දෙව් ගංගා නම් - කීර්තිනි සේසත් නංවා මහබඹුමුදුනේ ශ්රීන පාපි මෙ ලෝ - දක්වා ම වැටේය සෙවනැල්ලා බවේ දුක් සින්දාපී - තේරි දම් මේ රාජා. ______________

(නික්මයයි.)






ජෝන් ද සිල්වා 301


iv.ජවනිකා - අනුරාධපුර වැවක්

නාගකන්යාජවක් රං කළගෙඩියක් රැගෙණ නාන්ට එන සේක.

සංහරාගරණ - දාදරා

නාගකන්යා - සුවඳ පත්ම ඕලු ආදි - නොයෙක් පුෂ්පයෙන් සෑදී සරන හංස සේරු බෝම - පොකුණු ශිත පැන්පිරි- සුවඳ-

වතුර නාන තෙක් ජනෝ - පැමිණ නාති ග්රී ෂ්ම යන්ට ‍මමද නාග ලෝකයෙන්ම - මෙපුර ආමි නාන සේ සුවඳ -

පෙණෙන ථූප මේ පුරේ - වඳිති ඊට දීපවාසි රකිති ධර්ම ශාක්යේ වංශ - මුනිඳු දේශනා ලෙසේ සුවඳ - _____________ (රාජපුරුෂයෙක් පැමිණේ.)

සින්දුව

රාජපුරුෂයා - ශ්රියයාකාන්තා වැවේ ඉවුරේ - පෙණෙනවා විෂ්ණුගෙන් වෙන්ව - දුටන්ගේ චීත්ත සංචල්වේ - රජිඳා මෑට ආශාවි.

නාගකන්යාච - කොහේ සිට දැන් සැපත් වන්නේ - මෙහි තා එව්වේ රාජාදෝ - එබූපල්ගේ සිතේ ආශා -සි‍ඳේමැයි නාගකන්යා මම්. ____________

රාජපුරුෂයා - මනුෂ්යව ස්ත්රිඳයක් මෙපමණ රූපාලංකාර නැති බව මට පෙණී ගියාය. අපේ නරදේවතුමා තී දැක සුවදුක් විචාරාගෙණ යන්ට මා පිටත්කර එව් සේක.

නාගකන්යාප - අපේ දුක් සැප තොපේ රජුට මොකටද?

රාජපුරුෂයා - ඒකච්ඡත්රඅකොට සිංහල ද්වීපය ආණ්ඩුකර වදාරණ අපේ රජතුමාට තොපේ දුක්සැප නොදන්වනවා නම් එය කාට දැන්විය යුතුද?




302 දුටුගැමුණු චරිතය


නාගකන්යා - ඒ රජතුමාගේ ආඥාචක්ර යෙන් පිට වාසයකරණ අපට ඉන් කම් කිම?

රාජපුරුෂයා - තී දැන් වාසය කරන්නේ අප දේවයන්වහන්සේගේ අනසක පවතින සීමාව තුළයි.

නාගකන්යාි - අප ලෝකේ වසන කන්යාවවෝ තමන්ගේ කන්යා භාවය අගේ කොට සලකති. මේ සිංහල ද්වීපයේ ස්ත්රියයෝද එසේ මැයි සිතමි.

රාජපුරුෂයා - අප දේවයන්වහන්සේගෙන් අවසර ලැබුන සේ වාසල කරා යමු.

නාගකන්යා. - මම නොයමි. නාගලෝකේ අපේ රජුට මෙය දන්වා තොපේ රජුට නිසි අච්චුවක් ලබාදෙන්නෙමි.

(නාගකන්යා්ව නික්මයයි.)

රාජපුරුෂයා - අපේ නරදේවතුමා නොකී බස් මම ඈට කීවෙමි. නිකරුනේ රජුට මින් අන්තරා වේදැයි සැකරමි. මගේ සිතේ ආශා ප්රටකාශ කරන්ට භයෙන් රජතුමා ඈ සමග පිළිසදර බස් කථා කරන්ට ආශාවෙන් සිටින සේකැයි මුසාවාදයක් කීවෙමි. මින් කුමක් වේදැයි නොදනිමි.


(නික්මයයි.)

v. ජවනිකාව

දිඝාමඩුල්ලේ සිට අනුරාධපුරයට යන විථිය

තිස්සකුමාරයා තම සහෝදරවූ දුටුගැමුණු රජුගේ මරණාන්තික ව්යාසධිය අසා අනුරාධපුරයට රාජපුරුෂයෙකුත් සමග ගමන් කරයි.

රාජපුරුෂයා - තිස්සකුමරුණි අප මහරජ රුවන්වැලිසෑය සාදා නිම වෙන්ට මත්තෙන් ඉතා තදබල අසනීපයකින් පීඩිතව සිටින බැවින් ඔබතුමන් වහාම කැඳවාගෙණ යන්ට මට අණ දුන්සේක.

තිස්ස - රුවන්වැලිසෑයේ වැඩ කොපමණ දුරට කෙරී තිබෙනවාද?


ජෝන් ද සිල්වා 303

රාජපුරුෂයා - බුබ්බුලාකාරය සහ සිව්රැස් කොටුව බඳවා නිමවීය. කොත් කර්මාන්තය හා සුණු කර්මාන්තයත් පමණක් ඉතුරුව තිබේ.

තිස්ස - ලෝවාමහපාය කම්මුතුද?

රාජපුරුෂ - එහෙයි කුමරුණි

තිස්ස - රජුගේ ලෙඩේ මොකද?

රාජපුරුෂ - සර්පයෙක් දෂ්ට කරලා විෂ මූර්ච්ඡාවයි. එක්තරා නාග කන්යාරවක් සමග පිළිසඳර බස් කථා කළාට ඈට තරහ ගොස් රජුන්ට දෂ්ට කිරීමට නයෙක් එවන ලදැයි සැලයි. සර්ප වෙදකම මනාසේ පුරුදු කපුරුනාද ගුරුන්නාන්සේට පළමුවෙන් දෂ්ටකර ඊගාවට අපේ මහරජුට දෂ්ට කළ බව වැසියෝ කියති.

දිප්වන්දි

තිස්ස - සිත් මගේ ශෝකවේ බෑ ගාමණීගේ රෝගේ සාධ්යන කරදෙන්ට වෙද්දු අද නැද්දෝ දීපේ බේත් කාලා සුවවේ ආයු ගෙවී නැත්නම් දැන් ලක්දිවේ ඡත්රව නැගු අයියා රකිත්වා දේවෝ.

රාජපුරුෂ - පිං බලෙන් පූපතී දෙව්ලෝ යනවා නෑ සංකා බැන්ද නෙක දැගැබ් බෝම ඇත දීපේ ලංකා දුක් වෙන්නේ කුමටා පින් දම් කළා ඒ බූපල් ලක්දිවේ සිංහලයා නැග්ගා ලොවේ තේජස් පා. _______________

(නික්මයති.)

vi. ජවනිකා - අනුරාධපුර මාළිගාව

(ගැමුණු රජ ඇ‍ඳේ සැතපී සිටින සේක. සමදරා බිසව ලගින් සිටින්නීය. ආවතේව පිරිසක්ද සිටිති.)

දුටුගැමුණු - ප්රිවය සොඳුර, ඉතින් මාගේ ආයු කෙළවරට පැමිණි තිබේ. දෙමළුන් හා අටවිසි මහා සටනක් කර සිංහලද්වීපය ද්රාවිඪ ජනයාගෙන් මුදා ගතිමි. ඒ සියලුම සටන් කළත් මරුවා සමග සටන් කිරීම නොහැකිය.


304 දුටුගැමුණු චරිතය


සමදරා - මරුවා සමග සටන් කිරීමට තිබෙන්නාවූ එකම ආයුධය සද්ධර්ම නමැති ආයුධයයි. එය හිතේ ධාරණ කරගෙන හිත පිරිසිදුවෙන් තබා ගත්තාම මරුවා දිනුවත් පරාජය වුනා මෙනි.

දුටුගැමුණු - අටළොස් තලංකයක් පමණ දෙමළුන්ගේ ජීවිත මගේ අතින් හානි වුනිය. මේ මොහොතේදී ඒ ගැන මට හිතට භය උපදිනවාය.

සමදරා - දේවයිනි, මෙසේ කල්පනා කරනු මැනව. යම් කොටුවක දෙතුන් සීයක් හරක් ගාල්කර සිටිත් යයි සිතනු මැනව. එහි ශක්ති සම්පන්න හරක් ඇත. එසේම කෙට්ටු වුන බෙලහීන හරක් දෙන්නෙක් ඒ කොටුවේ දොරටුව ලඟ ඇතැයි කල්පනා කරණු මැනව. දොරටුව ඇරියාම අර ශක්ති සම්පන්න හරකුන්ට පෙර මෙම කෙට්ටු හරක් දෙන්නා කොටුවෙන් පිටවී යන්නා වාගේ මේ මොහොතේදී ඔබවහන්සේ කළ පුණ්ය්ක්රිමයා සිහි කරගෙණ සිටියාම ඒ පින් බලේ පෙරටුවට පැමිණ යහපත් තැනක ඔබතුමන්ගේ ඉපදීම වන්නේය. ඒ ඇරත් ඔබවහන්සේ ශාසනේ වෙනුවෙන් කර තිබෙන වැඩ කල්පනා කර බැලුවාම අටළොස් කලංකයක් දෙමළ සේනාව මැරූ කර්මය අහෝසි කර්ම වෙනවාට සැක නැත. එබැවින් කළ පින් පමණක් කල්පනා කරණු මැනව.

(තිස්ස කුමාරයා සහ රාජ පුරුෂයා පැමිණ රජුට නමස්කාර කරයි. රජ සන්තෝෂයෙන් තිස්ස කුමරුන් පිළිගණී)

පංජාබි

තිස්ස - අප දේව අසනීප කෙසේදො කියා යැව් සේ ආමී හිත ශෝකා බෝවේ රජින්දා - හින්දා දේවෝපකාරයෙන් ශාධ්යෝවේවා රෝ, ඖෂධ ගැන්මෙන් ආයු රැකෙන්නා අපේ උතුම් නරසී, මෙහි ආමි කියා යැව්සේ පේවි.





ජෝන් ද සිල්වා 305


රාජපුරුෂයා - නරදේව නේක ථූප විහාරා සෑදී ලංකාවේ මේ කරගත්ති බෝ පින්, සදම් පා දීපේ - මෝහාන්ධකාර නෑ මෙකාලේ ඒකෙ පින් දැන් අත්වෙන්ට එන්නා - මෙලෝ දුකින් නොයිඳා සැප දෙව්ලෝ ලැබීමෙන් සෙත් සෑදී. _______________

දුටුගැමුණු - මාගේ මලනුවනි, මා ලඟට පැමිණ නුඹේ හිස මාගේ ළෙහි තබනු. (තිස්ස කුමාරයා එසේ කරයි රජු තිස්ස කුමරුන්ගේ මුණ සිඹ මෙසේ කියයි.) මලන්ඩ මේ ලෝකයෙහි සහය නම් ඒ ඉතාම ලාමක දෙයෙක. එසේ හෙයින් නෑයන් විසින් මිත්රමයන් විසින් සහයෝ නම් පරලොව සහයෝමය. එබැවින් මවිසින් තනන ලද රුවන්වැලිසෑය දාගැබ් නොනිමි සියලු කර්මාන්ත නිම කරවා නොමියනතෙක් මා ඇස දක්වා මා සතුටු කරව.

තිස්ස - (නුවන් කඳුළු පිසිමින් කියයි.) මාගේ බෑණන්වහන්සේ ඉතා දුර්වල සේක. එසේ හෙයින් පුලුවන් ඉක්මනට දාගැබ නොනිමි කර්මාන්ත කරවාලන්නෙමි. ඔබවහන්සේ රන්සිව් ගෙයකින් ගෙණගොස් රුවන්වැලි දාගැබ් සම්පූර්ණ කොට පෙන්වන්නෙමි. ඒ ගැන කනගාටු නූන මැනව. ඒ වැඩේ ප්ර්මාද කරන්ට කල් නැති බැවින් මට යන්ට අවසර දුන මැනව.

දුටුගැමුණු - මලන්ඩ එය ප්රබමාද නොකර කරවා මා කැටුව ‍යන්ට එනු මැනව.

(තිස්ස කුමාරයා නික්මයයි.)

සමදරා -

ජා ති ජරා විය මරණය යනු මෙම සියලු සතට උරුමෙකි නිති නේ ජෝ ති සතර බැලුකල සැම ගහයෝ පෙරකරුමය පෙන්නති නොමි නේ නි ති ය මේකම බව අප මුනිසඳ දෙසුව නිමල් දෙහමෙහි පෙණු නේ ජා ති මෙ සිංහල බුදුසමයෙන් පිට ගියදා පිරිහෙයි බූපති නේ




306 දුටුගැමුණු චරිතය


අ වි දු නිසා මෙම සසර සරණ සත බුදුදම් එලියෙහි ලනු පිණි සා ර ජි ඳු අපේ කළ වෙහෙර දහම් පොත් ඇත සිංහලයට මෙලක කු සා පි නි ඳු ලෙසින් නැණ වැඩුමට වෙන මොනවද ලොව ඇත්තේ දහම මි සා නි රි ඳු තුමන් කළ ජින්රැස කැවුවම යයි සුරපුර පතුරා යස සා

දුටුගැමුණු -

සො ඳු ර මගේ කිව්බස සවනත වන් කල හද නද වුනි නොම වික ලා ප ව ර තිලෝගුරු දුන් සුනිමල දම් හෙළදිව පවතින ලෙස තබ ලා ස ත ර සසුන උදෙසා කළ න සටන් අකුසල් පල නොම වි විපු ලා වි ත ර නොවන දෙව්ලෝ සැප විඳුමට රිසි විය මට කිව් බස අස ලා

(තිස්සකුමාරයා පිරිසත් කැටුව රන්සිවිගෙයක් රැගෙණ පැමිණේ.)

තිස්ස - ස්වාමිණි මවිසින් දාගැබ් කළමනා සියලු කර්මාන්ත නිම කරවන ලදී.

දුටුගැමුණු - එසේවී නම් මලණ්ඩ දාගැබ් වහන්සේ මා ඇස දක්වනු

තිස්ස - එසේ යහපති ස්වාමිණි.

රන්සිව්ගෙයකින් තිස්ස කුමාරයෝ තම සොහොයුරු දුටුගැමුණුරජු රුවන්වැලිසෑය කරා ගෙණයන සේක.

(නික්මයති.)

vii. ජවනිකා - රුවන්වැලිසෑය සහ ලෝවාමහාපාය.

තිස්ස කුමාරයා සුදුරෙදිවලින් රුවන්වැලිසෑය සුණුකර්මාන්ත කළා මෙන් පෙණෙන්ට වස්සවා කුළුපත්තන් ලවා කැරැල්ල සැටියේ සැරගෙය බඳවා සිත්තරුලවා නානාවිධ සිතුවම් කරවා කොත්පළඳවා මුදුනෙහි සේසතක් නංවා තම සහෝදර ගැමුණු රජුන් රන්සිවිගෙයකින් පිරිසත් සමග ගෙණයන්නේය. රුවන්වැලිසෑයේ දකුණුදිග දොරටු සමීපයෙහි බිම අතුළමනා ඇතිරිලි අතුව ඒ මත්තෙහි තිස්සකුමාරයෝ ගැමුණු රජුන් සැතැප්පූහ. රජ්ජු‍රුවෝ දකුණැලයෙන් නැමි රුවන්වැලි දාගැබ වඳීනාහුය. වමැලයෙන් නැමි නවමහලක් ඇති ලෝවාමහාපාය දක්නාහුය. මෙසේ ඒ දෙක බල බලා සිත්පහදා ප්රී තියෙන් පින පිනා වැදහොත් වේලෙහි සංඝයා වහන්සේලා රජ්ජුරුවන් ගිලන්බව දැන වදාරා දුටුගැමුණු රජහුගේ සුවදුක් විචාරණු පිණිස වැඩ සිටි සේක.



ජෝන් ද සිල්වා 307

රහතුන්වහන්සේලා රජ්ජුරුවන් මැදිකොට මුලුමුලුව පිරිත් බැණ වදාරණසේක

ගැමුණු - මේ සංඝයා වහන්සේලාගේ සමාගමයෙහි මා හා සමග මියුගුනේ පටන් දෙමළුන් හා අටවිසි මහාසටනක් කරණ කල්හි මා අත්නොහැර නොපසුබැස සිටි ථෙරපුත්තාභය තෙරුන් වහන්සේ මා දැන් මරහු හා කරණ යුඬයෙන් පරදින බව දැනදෝ හෝ වැඩලා නැත.

(පර සිත් දන්නා ථෙරපුත්තාභය රහතුන්වහන්සේ අහසින් අවුත් ගැමුණුරජ අභිමුඛයෙහි සිටින සේක.)

ථෙරපුත්තාභය - මම තොප ලඟම සිටිමි.

දුටුගැමුණු - ස්වාමිණි නුඹ වහන්සේ ඇතුළුවූ දශමහායෝධයන් හැර ගෙණ දෙමළුන් සමග ආ විසිමහා යෝධයන් සමග සටන් කළෙමි. දැන් මම තනියම මරුවා හා සමග යුඬයට පටන් ගතිමි. ඒ මරු නමැති සතුරා පරදවාගත නොහෙමි. එසේ හෙයින් නුඹවහන්සේද මට සහාය වුව මැනව.

ථෙරපුත්තාභය - මහරජ තෙපි භය නොකරව්. කෙලෙස් නමැති සතුරාට තොප පරදවා ගත නොහෙයි. මරු නමැති සතුරා හා නොදිනිය හැක්කේය. ‍ෙද්වයිනි සියලු ලෝවැසියෝම ජාතියම අනුව ගියාහුය. ජරාවෙන්ම වළදනා ලද්දාහුය. එබැවින් අනිත්යයතාව කල්පනා කටයුතුය. මහරජ සියලු දෙව්බඹුන් ආදීවු සත්වයෝ ජරා මරණ දෙක එක්ව ගණිති. සත්රුවන් පහළවූ දවස් සතරමහාද්වීපයට ආකාශයෙන් ගොස් අනුශාසනාකොට දාවල් බත් දඹදිව තමන්ගේ ගෙයිදීම අනුභව කරන්නාවූ මේසා මහත් අනුභාව සම්පන්නවූ සක්විති රජ්ජුරුවන්ද ප්රමදේශ රජදරුවන්ද මහා සම්මත රෝජවරරෝජ කල්යාරණාදිවූ අසංඛ්යා්යුත්ත රජදරුවන්ද මහා පිණැති ජෝතියමැඩ මහාසිටානන් ආදී බොහෝ සම්පත් ඇති සිටුවරුන්ද මහත්වූ ශක්ති ඇති වාසුදේව බලදේවාදී දසබෑ රජදරුවන්ද සෘඩ්මතුන්ට අගතැන්පත් මුගලන්





308 දුටුගැමුණු චරිතය


මහතෙරුන් වහන්සේ ආදිවූ සෘද්ධි ඇත්තවුන්ද නුවණැත්තන්ට අගතැන්පත්වූ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ ආදිවූ නුවණැත්තවුන්ද ස්යම්භු ඥාණයෙන් පැමිණෙන ලද ගුණවිශේෂයක් ඇති පසේබුදුවරුන්ද සියලු ගුණයෙන් අපරිමිතවූ අතුල්යතවූ සම්ය ක් සම්බුඬයන්ද මරහු නමැති ඇතා විසින් මඩනා ලද කල්හි රාගාදී සියලු කෙළෙසුන්ගෙන් ගැවසී ගත් අවශෙෂ සියලු සත්වයන් මරණ නමැති වඩබා මුඛයෙහි වැටි නැසීයනු ආශ්චය්ය් මර නොවෙයි. මහරජ, ගිය ජාතියෙහි තොපගේ කුසලෙහි අදහස් මහත් බැවින් එලඹ සිටියාවූ දිව්ය ලෝකයෙහි දිව්යතසුව හැර තෙපි මේ මනුෂ්යවලෝකයට අවුත් මේ රාජවංශයෙහි ඉපිද බොහෝ කුසල් කොට බුදුසසුන්බැබල වූහ. එසේ හෙයින් දේවයිනි කිසි සැකයක් නොසිතා අද දක්වා තොප විසින් කරණ ලද සියලු පින්කම් සඳහන් කරව.

ගැමුණු - ස්වාමිණී නුඹවහන්සේ මරු හා කරණ යුඬයේද මට පිටිවහල්වූ සේක. පින්කිරියවත ලියන්නෙනි කියවව්.

ලියන්නා - දේවයන්වහන්ස අද දක්වා නුඹවහන්සේ විහාර එකක් අඩු සියයක් කරවූසේක. එසේ කරවූ විහාරවලින් මිරිසවැටි විහාරය ඒකානුකෙළක් වස්තු වියදම් කොට කරවන ලදී. නැවත උතුම් වූ ලෝවාමහාපාය තිස්කෙළක් වස්තු වියදම් කොට ‍කරවූසේක. නැවත රුවන්වැලි මහැසෑයෙහි අගය නැති වස්තු සූචිස්සක් හැර කරවනලද සෙසු කර්මාන්තයෝ කෙළදහසක් වස්තු අගනාහ. නැවත මිරිසවැටි විහාරය පිළිගන්වන සතියද ලෝවාමහාපාය පිළිගන්වන සතියද රුවන්වැලි දාගැබ මගුල් උළු ඔබ්බවන සතියද ධාතු නිධාන කළ සත් දවසේද යන මේ සිව්තැන්හි සතරදිගින් වැඩි භික්ෂු භික්ෂුණී සංඝයාවහන්සේලාට මහදන්දී තුන්සිවුරු පාත්ර දෙවුසේක. සූවිසි මහා වෙසක් පූජාවක් කලසේක. නැවත සිංහලද්වීපයෙහි සියලු භික්ෂු සංඝයා වහන්සේට තුන්වරෙක තුන්සිවුරු පාත්රාය දෙවූසේක. සත් සත් දවසක් ලංකා රාජ්යියෙන් පස්වරෙක තුණුරුවන්ට පිදූසේක. එලහි තෙලන් සකස් සුදුකඩින් පාන්පියළි අඹරා





ජෝන් ද සිල්වා 309

දොලොස් තෙනක නිරන්තරයේන සත්දහසක් පහන් පූජා කළසේක. ලක්දිව අටලොස් තෙනක වෙදහල් නංවා වෙදවරුන්ට භාණ්ඩාගාරයෙන් මිළදී රෝගී සියලු ගිලනුන්ට පිළියම් කරවා වෙදවරුන් කී සැටියේ නිරන්තරයෙහි ප්ර්ත්යටය සැටියේ බතුන් දෙවූසේක. නැවත සිව්සාළිස් තෙනක මනාකොට කරවනලද මීපිඬු දන් දෙවූසේක. එසේම සිව්සාලිස් තෙනක නිරන්තරයෙහි තෙල් උපුල්වා සියල්ලවුන්ට කිරිබතුන් දෙවූසේක. නැවත එපමණ තෙනක එලහි තෙලින් බදනා ලද පුලුප් බදනා බත් හා නිරන්තරයෙන්ම දෙවු සේක. මසකට දොලොස් දවසක් බැගින් මේ සියලු ලංකාද්විපයේහි ඇතැයි කී සියලු විහාරයකට පහන් තෙල් දෙවුසේක. එසේම හැතැන්හිම මැදහත්ව පසිදිනා ධර්මාධිකරණද කරවූසේක. සියලු ලංකාද්වීපයෙහි ගර්භණී ස්ත්රීූන්ට මිරිස් ලුණුද ප්රදශව කරවූ මිනිනඹුවන්ට පිළිද දෙවුසේක. ලංකාද්වීපයෙහි සියලු සතුන්ට හා දවල් ගැල් ඇද රෑ සයින් සිටිනා ගොනුන්ට මියෙ වැකු පිදුරු දෙව්සේක. මේ සියලු දානයට ව‍ඩා ලොව්තුරා බුදුන්ගේ ධර්ම දානයම උත්තමය. මේ සියලු ලක්දිය හැමදෙනාම බණ අසන්ට ගමකට පණ්ඩිත කෙනෙකුන් බැගින් සලස්වා ඒ සියලු පණ්ඩිතවරුන්ට ගෙහිල් වැටුප් වියදම් තමාගෙන්ම ගෙවා ඔවුන්ට සත්කාර කොට ලංකාද්වීපයෙහි සියලු තැන්හිම බණ කියවූසේක. කොළොම්ගල මඩුකනසායෙහි මාහැගිවූ කණ තුබුකුණුඩලාබරණ දෙක දී තණසාලේ පැසිබත් මුලක් හැරගෙණ ක්ෂීණාශ්රෙවයන් පස්දෙනෙකුන් වහන්සේට ප්රගසන්නවූ සිතින් දී වදාළ සේක. නැවත යුදගනා පිටියෙහිදි මලනුවන්වහන්සේ හා සමග කළ යුඬයෙහි පැරද පලායන්නාවූ නුඹවහන්සේ සප්පඳුරුහොය සැතපී වැඩහිඳ ලද බත් දන්දී කමීය කියා ඇමැත්තහු ලවා සිඟාවඩනා කලැයි හඬගාවා එවේලෙහි අහසින් වැඩි රහතුන් වහන්සේ දැක බතෙහි උපේක්ෂාවක් නොකොට තැටි බත් දුන් සේක.

දුටුගැමුණු - මාගේ සිත සතුටුකළ මේ ලියන්නාට සම්පත් දෙවව්. (ථෙරපුත්තාභයට කථාකර කියයි.) ස්වාමිනි මම සූවිසි





310 දුටුගැමුණු චරිතය

අවුරුද්දක් රාජ්ය ය කළෙමි. භික්ෂු සංඝයාවහන්සේට උපකාරීව සිටියෙමි. එබැවින් මාගේ ශරීරයද සංඝයා වහන්සේට උපකාරී වනු පිණිස මා මළකල මාගේ ශරීරය රුවන්වැලිදාගැබ් සමීපයෙහි පොහෝකරණ මළුවෙහි වදාළ මැනව.

තිස්ස - දේවයන්වහන්සේ කී ප්රණකාර ඒ සියල්ලක්ම කරවන්නෙමි.

දුටුගැමුණු - මලණ්ඩ තිස්සයෙනි. මාගේ මහා දාගැබෙහි නොනිමි කර්මාන්තයෙක් ඇත්නම් එය යහපත්කොට කරවාලව, සවස උදෑසන මහා දාගැබ්වහන්සේට මල් පහන් පූජාකර වැඳ දවස තුන් වේලෙහි සක්පිඹ මේ ආදිවූ පූජාත් කරව. මා තබාලූ දන් වැට පිරිනොහෙළා දවාලට මහා සංඝයාවහන්සේට කළමනා සියලු උපස්ථානයෙහි තා ප්ර මාද නොවව. තොපි දිවිරැක්මෙහිද සිහි ඇතිවව. ලංකාවාසීන්ට කිසි පීඩිවක් නොකොට දැහැමින් සෙමින් රජකරව.

දුටුගැමුණුරජ මුවෙන් නොබැණ සිටිනසේක. රහතුන් වහන්සේලා බණ කියනසේක. සදිව්යනලෝකයෙන් දෙවියෝ රථ සයක් ගෙණවුත් පිලිවෙළින් තබා අහසේ සිට රජ්ජුරුවන්ට මෙසේ දන්වති.

දෙවියෝ - දේවයිනි. අපගේ දෙව්ලොව රම්යථය. අපගේ දේවලොව ආයුෂත් බොහෝය. එසේ හෙයින් අපගේ දෙව්ලොවට වැඩිය මැනව.

දුටුගැමුණු - යම්තාක් මම බණ අසම්ද ඒතාක් ඉවසව. (දකුණත ඔසවා සංඥකරයි.) (රජ්ජුරුවන් කළ සංඥාව දැක මහා සංඝයාවහන්සේ පිරිවමින් සිටි බණ තබා වදාළ සේක.) ස්වාමිණි පිරිවමින් සිටි බණ නොපිරිවා තබා වදාළේ කුමටද?

සංඝ්යා - දේවයිනි තොප අතින් සංඥාකොට වැලකු හෙයින්ය.

දුටුගැමුණු - ස්වාමිනි මම නුඹ වහන්සේලා පිරිවාණා බණ වළකා සංඥා කළෙමි නොවෙමි. දේවතාවෝ සදිව්යනලෝකයෙන්






ජොන් ද සිල්වා 311

රථ සයක් ගෙණවුත් සිට තම තමන්ගේ දිව්ය ලෝකයට මා ගෙණ යනු කැමතිව ආරාධනා කළෝය. එසේ ‍හෙයින් මම යම්තාක් බණ අසම්ද ඒතාක් බලවයි කියා සංඥා කෙළෙමි.

ථෙරපුත්තාභය - දේවයිනි මරණ බියෙන් තොපි නන්දොඩවනවායයි සමහරෙක් සැක කරණ බැවින් සියල්ලවුන්ගේ සැක දුරුකොට සදෙව්ලොවින් ආ රථ සයෙහි මල්දම් ගන්වව.

දුටුගැමුණු - මල්දම් සයක් අහසට දමව්.

(මල්දම් සය දිව්යෙ රථවල වෙන වෙනම රැඳි තිබේ.)

ස්වාමිණී කිනම් ‍ෙදව්ලොවක් රම්යමද?

ථෙරපුත්තාභය - දේවයිනි තුසිත භවනය යහපත. බුදුවන සමය බලා හිඳිනා මෛත්රේය බෝදීසත්වයෝ එහිම වෙසෙති.

(දුටුගැමුණුරජ තුසිත භවනෙහි ආලයකොට රුවන්වැලි දාගැබ් වහන්සේ බලබලාම වැද ස්වර්ගස්ථ වනසේක. රජ්ජුරුවන්ගේ පුර ස්ත්රි හු තමතමන්ගේ ඉසකේවැටි මුදා පිටමැද හෙලා හඬති.)

සින්දුව

පුරස්ත්‍රිහු - අන්ධකාර වේමැයි - දීපයේ මේ උතුම් අපේ රාජා ගියාමයි මෙදා දෙව්ලෝ ලකල් සිංහලද්වීප නග්ගවා ලොවේ දුන් උතුම් ගාමිණි නම් බූපතී දෙව්සැපා ලද්දේ තිලෝනා දුන් ධර්මේ හින්දා

දුන්න ධර්ම යැයි රැක්ක මේ බූපතී සදා දාගැබ් විහාරා - අපේ දීපේ සරා ලාපි පස්වාදහස් වසා තිබේ ඒ දහම් ලක්දිවේ ස්ථීරවි - මොක්සැපා බූපල්ට වේවා සංසාර සුන්වී.




312 දුටුගැමුණු චරිතය

සියලු නැට්ටුවෝ

                                        අප මහ නරනිඳු ගාමිණී ව

රුපුසෙන් ලාපි ලංකාවෙන් දොට්ට විකුම් පා සුන්දර ශාසන ලක්දිව ස්ථීර කළසේක පින්කර දුරලා පව්සිත සිය වංසේ ජන මෙත් සිත් පාලා සන්තෝෂෙන් මේ ප්ර ස්තා නෑරා ආවේ නිත්තෙන් වේවා ශාන්ති සාරා සරා.

සිරිලක කරවන ඉංග්රීශසි රජිඳුන් ලෝක රක්නා සව්දේව පිරිස් දැන් සුන්කර රෝබිය සෙත්කර ‍ගම්ගිර රැකගන්ට මෙත්කර යදිවූ පෙම්කර ඔදබින්ද රුජුසෙන් සෙත් අත්වී හිංසා හීනෙන්වත් නොසෑදී බෝවාකල් ඉංග්රී්සි රාජා ජීවත් වේවා.

.................//.............