ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-02-අධ්යාශය සහ අනුමෝදනාව
අධ්යා ශය සහ අනුමෝදනාව
නීතිඥ ජෝන් ද සිල්වා (ක්රිම.ව. 1857 – 1922) වනාහි සිංහල නාට්ය් වංශයෙහි පුරෝගාමී නාට්ය් කර්තෘවරයෙකි. ඔහුගේ නාට්යස කෘති අධ්ය2යනය කිරීමෙන් ‘නූර්ති’ නම් වූ සිංහල නාට්‍ය යුගය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබීමේ අවස්ථාව රසික ජනයාට ලැබෙතියි යන්න අපගේ විශ්වාසය විය. එබැවින් - අවුරුදු හැට හැත්තෑවකින් නැවත මුද්රාණය නො කළාවූ ද පොත් වශයෙන් මුද්ර-ණය නො කළ නිසා සාමාන්යව පාඨකයාගේ ආශ්රුයෙන් බොහෝ සෙයින් දුරස්ථ වූ ද ජෝන් ද සිල්වාගේ නාට්යා පිටපත් සොයා මෙසේ මුද්රෙණය කරන්නට සිතුවෙමු.
මෙම කෘතිය සකස් කිරීමෙහි ලා අප පෙලඹවූ තවද එක් කාරණයක් විය. එනම්, ගීත නිබන්ධකයකු වශයෙන් ජෝන් ද සිල්වා සිංහල ගීත ක්ෂේත්රදයෙහි උසුලන්නා වු සුවිශේෂ ස්ථානය යි. ගීතය කේවල කලා මාධ්යීයක් වන්ට පෙරාතු ව නාටකය හා බද්ධ ව පැවතිණ. නාඩගම්, නූර්ති, ටීටර් යන නම් වලින් හැඳින්වුණු සිංහල නාටක, ගීතයෙන් හා සංගිත නේ ආඪය නිර්මාණ නාට යෝ වුහ. නූර්ති යූගයෙහි ජෝන් ද සිල්වා විසින් පමණක් රචනා කරන ලද ගීත සංඛ්යා ව දහස් ගණනකි. ඉන් ඇතැම් ගීයක් රස නුසුන් ව අදත් දනන් තුඩ තුඩ පිළිරැව් දේ. එබැවින් නාට්යඇ කෘති ඒකරාශී කිරීමේ ව්යාඅජයෙන් අප විසන් කරනු ලැබ ඇත්තේ ජෝන් ද සිල්වාගේ ගීත ඒකරාශී කර සිංහල ගීත වංශයේ ඌන පූරණයක් කිරීමකැයි යම් කෙනෙකු චෝදනා නඟතොත් එය පිළිගන්ට අප ඉත සිතින් සූදානම් බැව් කිව මනා වේ. මේ කෘතියෙහි පමනක් අඩංගු වී ඇති නූර්ති ගීත සංඛ්යා්ව 179කි.
ජෝන් ද සිල්වා නාට්යන කෘති එකතුවෙහි එක් එක් කාණ්ඩවල මුලට අමුණා ඇති පූර්විකා ගැන ද වචනයක් සඳහන් කළ යුතු ව ඇත.එනම්, ඒවා හුණදෙක් දූහුනන් දැනුම් සදහා සකස් කරන ලද ලිපි ලේඛන බව යි. ජෝන් ද සිල්වා පිලිබඳ හසරක් නො දත් පාඨකයකුට වුව ඔහු ගැන කිසියම් අවබෝධයක් ලබාගෙන ඉන් අනතුරු ව නාටක පෙළ පරිශීලනය කරන්ට අවකාශ සලසා දීම එම ලේඛන පළ කිරීමේ අභිලාෂය විය.
ජෝන් ද සිල්වාගේ නාට්යළ කෘති මෙහි ලා සංග්රයහ කිරීමේ දී ඒවායෙහි අඩංගු වූ ප්රලස්තාවනා, භූමිකා විස්තර, පිළිගැන්වීමේ වාක්යි හා
කාව්ය ඒ හැටියෙන් ම බහාලන ලදි. එමෙන් ම වියරණ නය බුන් තැන්, අක්ෂර වින්යායසයෙහි සහ පද බෙදීමෙහි සදොස් තැන් එසේ ම තිබෙන්ට හැරියෙමු. භාරතීය රාග නාම හා තාල නාමවල දැකිය හැකි උච්චාරණය දෝෂ ද එමට ය. ඒවා ද ශුද්ධ කිරීමෙන් තොරව මුද්රැණය කරන්ට යෙදුණේ සිංහල නාට්ය.යෙහි ප්රාධථමික අවධියේ භාෂා සාහිත්යක සංගීත කලාවන්හි තත්ත්වය පාඨකයාට වටහා දීමේ හිතාධ්යාාශයෙනි.
ක්ෂණික ආර්ථික ප්ර්තිලාභ ගෙන නො දෙන මෙම දැවැන්ත කෘතිය, කාණ්ඩ වශයෙන් ප්රරකාශයට පත් කිරීමේ බැරැරුම් වගකීම පවරා ගත් ඇස්. ගොඩගේ මහතාණෝ අපගේ නො මඳ කෘතඥතාවට පාත්රි වෙති. අප අධ්යශයනාංශ ප්රණධාන මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා ද, ආචාර්ය සුනන්ද මහේන්ද්රර මහතා ද, කථිකාචාර්ය සරත් විජේසූරිය, කථිකාචාර්ය රත්නසිරි අරංගල, දයාවංශ ජයකොඩි, අමර හේවාමද්දුම, කේ.ඩී. පරණවිතාන,ගංගාදරී කුමාරසේකර, දී.ග.සෝමපාල, අනුර සී.පෙරේරා, ගුණසිරි වීරසූරිය, අතුල ජයකොඩි යන මහත්ම මහත්මීහු ද මෙම කාරිය සඳහා නන් අයුරින් අනුබල දුන්හ. ඔවුහු ද මෙම සද් ක්රිසයාවෙහි පින්ඵල භුක්ති විඳිත්වා ! සුනිල් ආරියරත්න
1992 අප්රේාල් 20 වන දා ශ්රීල ජයවර්ධනපුර විශ්වවිද්යාදලයෙහි සිංහල අධ්යයයනාංශයේ දී ය.
දෙ වන මුද්රරණය
ජෝන් ද සිල්වා නාට්යා කෘති එකතුව නම් වූ ග්ර න්ථ නාමය ජෝන් ද සිල්වා නූර්ති නාට්යා එකතුව යනුවෙන් වෙනස් කළ බව ද මේ ද්විතීය භාගයෙහි තිබුණු ශ්රීා වික්රතම රාජසිංහ නාට්යද පිටපත ප්රෝථම භාගයට ගෙන ගිය බව ද අලුතින් ගීත සූචීයක් ඇතුළත් කළ බව ද සඳහන් කළ යුතු වේ. ‘එකතු කළ නාට්යත පංක්තිය’ නමැති පිටුව ද අලුතින් ඈඳන ලද්දකි. ගීත සූචිය සම්පාදනය කළ සුනේත්රාට කංකානම්ගේ, මුද්ර ණ කටයුතුවල දී වෙහෙස වූ පියසිරි ප්රි න්ට්න් සිස්ටම්ස්හි නිමල් දිසානායක යන හිතෛෂින්ටත් අකුරු ඇමිණු සාරංගි ප්රි න්ටර්ස්හි කාර්ය මණ්ඩලයටත් ස්තූතිවන්ත වෙමි. සුනිල් ආරියරත්න 2008 ජනවාරි 01 වන දා ආරණ්ය්වාසයේ දී ය. 8 ගීත ප්රආබන්ධක ජෝන් ද සිල්වා
ජෝන් ද සිල්වා (ක්රිද.ව. 1857-1922), නාට්යන කර්තෘවරයකු වශයෙන් බොහෝ විචාරකයන්ගේ විමර්ශනයට පාත්රි වී තිබේ. ගීත ප්ර බන්ධකයකු වශයෙන් ද ඔහුගේ කාර්ය සාඵල්යවය සාකච්ජාවට භාජනය කිරිම අත්ය වශ්ය8 කාරනයක් වන්නේ සිංහල නාට්ය වංශයෙහි මෙන් ම සිංහල ගීත වංශයෙහි ද එක්තරා යුගයක් ඔහු විසින් නියෝජනය කරනු ලබන බැවිනි.
සිංහල නාට්යු වංශයෙහි පැනෙන නාඩගම් යුගය සහ නූර්ති යුගය වැනි කාලපරිච්ජේදයන්හි ගීතය කේවල විෂයයක් බවට පත්ව නො තිබිණ. ගීතය එල්බ ගෙන සිටියේ නාඩගමෙහි ය: නූර්තියෙහි ය: ටීවර්වල ය. එබැවින් පුරාණ ගීත රචකයන්ගේ නාම ලේඛනයක් පිළියෙළ කරන්නකුගේ නාමාවලියෙහි, පිලිප්පු සිඤ්ඤෝ , ගේබ්රිකයෙල් ප්රිනාන්දු, වි.ක්රිපස්තියන් පෙරේරා වැනි නාඩගම් රචකයන්ගේ නාමයන් ද සී. දොන් බස්තියන්, ජෝන් ද සිල්වා, චාල්ස් ඩයස් වැනි නූර්ති රචකයන්ගේ නාමයන් ද ඇතුළත් වීම නො වැලැක්විය හැක්කකි. ගීතය, කේවල කලා මාධ්යූයක් බවට පත් වූයේ නූර්ති යුගයේ නිමාවත් සමඟ ය: ග්රැ,මෆෝන් ගී යුගයෙහි උදාවත් සමඟ ය.
කේවල කලා මාධ්යූයක් වන්ට පෙරාතු ව ගීතය හා නාටකය කෙතරම් ඵෙන්ද්රීය ලෙස බද්ධ වී තිබුණේද යත් නාටක රචනය වනාහි ‘සින්දුකාරයන්ගේ’ කාරියක් ලෙස සලකන්ට යෙදුණි. ඇහැලේපොල නාඩගමේ මුද්රි ත පිටපතෙහි සදහන් අන්දමට එහි කර්තෘවර පිලිප්පු සිඤ්ඤෝ ‘මුහම්දිරම්ලා ගැන සින්දු බැන්දා වූ ද පාරේ යන විට පවා එහෙ මෙහෙ තිබෙන දේවල් ගැන සින්දු බැන්දා වූ ද සින්දු කියා පිටරටවලින් ආ සින්දුකාරයන් පවා පරාජය කළා වු ද කෙනෙකි.’ (ඇහැලේපොල නාඩගම හෙවත් සිංහලේ නාඩගම, 1870, ලක්රිවිකිරණ මුද්රාංකකණය, හැඳින්වීම.) පිලිප්පු සිඤ්ඤෝගේ සුලඹාවනි නාඩගම පසු කාලයක මුද්ර ණය කරන්ට යෙදුණේ කොළඹ
9
12 ගීත ප්රපබන්ධක
පදිංචි සින්දුකාරයන් කීප දෙනෙකු ලවා ශුද්ධ කරවා ගෙන ය.’ (සුළඹාවතී නාඩගම,) 1874 ලක්රිවිකිරණ මුද්රාංකකණය, හැඳින්වීම.) 1873 දී මුද්රි)ත වෙසතුරු නාඩගම් පෙළ හඳුන්වා ඇත්තේ වෙස්සන්තර ජාතකේ සින්දු පොත නමිනි.
සින්දු ලියන්ට නො දත් අය අතීතයෙහි නාටක රචනයට නො බට බැව් පෙනේ. අනුන් ලවා නාටක රචනා කොට, සින්දු බැඳ ගත් පළමු වන නාට්යනකරුවා සේ පෙනෙන්නේ ජෝන් ද සිල්වාගේ පුත්රහ ජේ පීටර් ද සිල්වා ය. ඔහු විසින් නිෂ්පාදිත සවෙනි පරාක්රසමබාහු නාට්යරයේ මුද්රිාත පිටපතෙහි සඳහන් අන්දමට එහි කථා ගර්භය ජේ.පීටර් ද සිල්වාගෙනි. රචනා වින්යා ස සි.එස්. පෙරේරාගෙනි. එහි මෙසේ ද සඳහන් වේ. ‘මගේ පියා නාට්යා ලිවීම ඇරඹු කාලයේ මගේ වයස අවු.5 යි. ඔහු මට සිංහල භාෂාව උගන්වන්ට ගත් වෑයම නිෂ්ඵල විය. මෙය මගේ මිත්ර සී.එස්. පෙරේරා ලවා නාටක කර ගතිමි.’ (සවෙනි පරාක්රපමබාහු නාට්යය, 1930 විඥප්තිය)
19 වන සියවස අග භාගයේ දී මෙරට රැගුම් දක්වන්ට පැමිණි විදේශීය නාට්ය කණ්ඩායම් විසින් මෙහි වැඩි වශත්යෙන් රංගගත කරන ලද්දේ ද ගීත නාටක යි. 1877, 1882, 1889, 1895, 1898, 1899, 1908, 1913 යන වර්ෂවල ඉන්දියාවේ - බොම්බායෙන් පැමිනි පාර්සී ජාතක නාට්ය5 සමාගම් සති ගණන් මෙහි පෙන් වූ හින්දුස්තානි නාටක ඔවුන් හඳුන්වා ඇත්තේ drama යන පදයෙන් නොව opera යන පදයෙනි. Opera යන අපරදිග ප්රrචලිත සංගීත නාටක විශේෂයකි. සී. දොන් බස්තියන් විසින් ප්රාිරබ්ධ නූර්ති නමැති නාටක ගණයට පූර්වාදර්ශ සැපයුවේ මෙම opera නාටක යි. ජෝන් ද සිල්වා, නූර්ති ගණයේ නාටක 30ක් පමණ රචනා කළේය.
නූර්ති වූ කලි ගීයට මැ මුල් තැන දුන් නාටක විශේෂයකි. ගද්යච සංවාද ද තිබුණේ වී නමුදු ඊට අප්රයධාන ස්ථානයක් මැ හිමි විණ. නූර්ති නාටක පංක්තිය විමසා බලන්නකුට පෙනෙන්නේ ස්වකීය නාටකවලට හැකිතාක් ගීත ඇතුළත් කරන්ට නූර්ති රචකයන් ගෙන ඇති බලවත් උත්සාහයයි.
ජෝන් ද සිල්වාගේ නාට්යය කිහිපයක හැරෙන්ට අනෙක් සෑම නාට්යනක ම ඇතුළත් වූ ගීත සංඛ්යායව විශාල ය. නල රාජ චරිතයෙහි 56 කි; දස්කොන් නාටකයෙහි 28 කි. සිරිසඟබෝචරිතයෙහි 50 කි: පරාභව නාටකයෙහි 20 කි; ශ්රී වික්රනම නාටකයෙහි 59 කි; රාමායණයෙහි
ජෝන් ද සිල්වා 13
55කි ; ශකුන්තලාහි 42කි; උත්තර රාම චරිතයෙහි 55කි; වළගම්බා චරිතයෙහි 36කි: රත්නාවලී නාටකයෙහි 40 කි; දුටුගැමුනු චරිතයෙහි 34 කි; වෙස්සන්තර නාටකයෙහි 42 කි. මෙසේ බලන කල ජෝන් ද සිල්වා නාට්යු ක්ෂේත්ර4යෙහි ගත කළ වසර 36 ක කාලය තුළ ලියන්ට යෙදුණු ගීත සංඛ්යාබව දහස් ගණනකැයි කිව හැකි ය.
ජෝන් ද සිල්වා ලියූ ගි සියල්ල කලින් සාදන ලද තනුවලට අනුව ලියන ලද ඒවා ය. ඇතැම් තනු මෙරට ප්රලචලිත ව පැවති හින්දුස්තානි ගී තනු ය. නලරාජ චරිතය, දස්කොන් නාටකය වැනි ජෝන් ද සිල්වාගේ මුල් නාට්යැ කෘතිවල මෙබඳු තනු දක්නා ලැබේ. සබාමේ ආමදේනි, වෙරමන මයිලානාහෝ, මෙරාදිල්ල වාතාහෙ, ජෙඩියාරජානි, ලායසයා, රාජාහුමස්, මෙරේ පියාරී බුල් බුල් ආදි වශයෙන් නලරාජ චරිත, දස්කොන් නාටක ගී සිරසෙහි දකින්ට ලැබෙන්නේ එම හින්දුස්තානි ගීතවල මුල් පද ය. යට දැක්වෙන්නේ ’රාජාහුමයි’ නමැති හින්දුස්තානි ගීතය යි. එම ගීතය මෙරට ජනප්රිනයත්වයට පත් වූයේ මෙහි පැමිණි සෑම පාර්සි නාට්ය සමාගමක් මගින් ම පාහේ රඟ දක්වන්ට යෙදුණු ‘ඉන්දර් සභා’ නාටකය නිසාය. රාජා හු මයි කව්මකා ඕර් ඉන්දර් මේරා නාම් හෛ බින් පරියෝංකේ දිද්කේ මුජේ නහිං කරාරේ
සුනෝරේ මේරේ දේව්රේ දිල් කෝනහිං කරාරේ ජල්දී මේරේ වාස්තේ සහා කරෝ තෛයාරේ
තඛිත බිවඕ ජග්මගා ජල්දිසේ ඉස් ආන් මුජ්කෝ ශබ්හර් බෛට්නා මහ්පිල් කේ දර්මියාන්
මේරා සිංහල්දීප මේන් මුල්කෝ මුල්කෝ රාජ් ජී මේරා හෛ වාප්තා කි ජල්සා දේබුං ආජ්
පූර්වෝක්ත හින්දුස්තානි ගීයට අනු ව ජෝන් ද සිල්වා දස්කොන් නාටකයට ලියූ සිංහල ගීය මෙසේ වේ. නීලාකාසේ පායනා පුන් සඳ සේ දුල්වන් ලක්ෂණ සේනාවක් තමා පරංගි හේවායන් ඊයම් මුණ්ඩෙන් හෙල් කඳු සුන් කර හේවායෝ සිංහල සේනාවල් පරාජයෙහි ලා ගන්නෝ
11
14 ගීත ප්රලබන්ධක
මේලෝනම් සේනාපතී ස්වාමි වලානේදි මුණ්ඩ අරන් ආ මුත් මැරී වැටි යුද්දේදී මෙලෝගේ හේවා සැමැ සිංහ හේවායෝ ගල් පෙරළා කන්දේ ඉඳන් විනාශයේ ලෑවෝ
ගල් වර්ෂාවක් සේ වැටී හිස් පොඩි වී යය් නම් ගත් පල කිම්දෝ මුණුඩයෙන් පරංගියාගේ දැන් මේ ලංකාවේ හෙල් කඳු යුද්ධෙට ආධාරයි ලක්ෂ ගණන් ආවත් පරංගියා පරාදේ වෙයි.
ජෝන් ද සිල්වා දස්කොන් නාටකයෙහි සින්දුවක් බැඳීම සඳහා තෝරා ගත් පූර්වෝක්ත හින්දුස්තානි ගිය, එවක රට තුළ වැඩි ම ජනප්ර්සාදය හිමි කර ගෙන තිබුණු ගීය බැව් පෙනේ. මන්ද එවක රචිත සිංහල ගීත අතරින් වැඩි සංක්යාබවක් බැඳ ඇත්තේ ‘රාජාහුමයි’ ගීය අනුව බැවිනි. බ්රකම්පෝර්ඩ් නාඩගමේ ‘ආවා කදිමයි මේ වරේ’,’මොන්රෝ කුමරා වී ලොලා’,’උන්නා මන් මෙහි බොහෝ වෙලා’,’මාගේ නේත්රාදලෝක පාන’,’කින්දෑ මෙහි ආවේ ලොලා’ යන ගී 5 ද (ඩබ්.සී. ප්රේ’රා, බ්ර ම්පෝර්ඩ් හෙවත් වොලිලන්ඩ් සහ එන්ගලීන්, 1913, කොළඹ, 2.7.8.13.17 පිටු) සිද්ධාර්ථ කුමාරෝදය වර්ණ්නා නමැති දෘශ්ය් කාව්යවයේ ‘මම් ආවෙමි දෙව් ලොවේ සිටා’, ක්රීදඩාවට මම එක් දිනක් ආ සඳ මෙ උයනටා’ නමැති ගී 2ත් (ඇෆ්.ජේ.පෙරේරා, සිද්ධාර්ථ කුමාරෝදය වර්ණනා, 1883, කොළඹ, 4 . 6 පිටු) අඥත කර්තෘක රොමියෝ ජුලියට් නාට්යවයේ ‘සර්වබලධාරී වූ දෙව්තුම අණ ලෙසිනා’, ‘භක්ති ඇත්තේ වී නමුත්’,’භක්ති ඇති කෙනෙකැයි සිතුවෙමි’, යන ගී 3ත් රොමියෝ ජුලියට් නාටකයේ 1903(ආවේ කිම මේ අලුයමා ගීයත්(රොමියෝ ජුලියට්, කොලඹ, 15 පිටුව) වොල්ඩින් සහ ටර්ජිනා නාටකයේ ‘සොබමන් දූ මා ටර්ජිනා’ ගීයත්(ඇන්.ජෝන් ප්ර)නාන්දු, වොල්ඩින් සහ ටර්ජිනා, 1892, කොළඹ, 1 පිටුව) ඇතුළු තවත් බොහෝ ගී සින්දූ පූර්වෝක්ත ‘රාජහුමයි’ ගීයට අනුව බැඳ ඇති සැටි දකින්ට පුළුවන. මෙසේ එක ම ගී තනුව පුන පුනා යෙදීමෙන් කාරනා දෙකක් පැහැදිලි වේ. පළමු වැන්න, පාර්සී නාට්යන කණ්ඩායම මගින් මෙරට විසුරුවා හල හින්දුස්තානි ගීවල ජනප්රි යතාව යි: දෙවැන්න, මධුර ගී තනුවල අහේනිය යි. ඉන්දියාවෙන් සංගීතඥයන් ‘ආනයනය කොට’ ඔවුන් වෙතින් අභිනව - මධුර රාගතාල ලබා
12
ජෝන් ද සිල්වා 15
ගන්ට නාට්ය්කරුවන් පෙලඹුණේ යට කී දෙවන කාරණාව නිසා යැයි සිතිය හැකිය.
ජෝන් ද සිල්වා ගීත ප්රනබන්ධයට බට මුල් අවධියෙහි මෙම හින්දුස්තානි සින්දු අනුව සිංහල සින්දු බැඳීමේ සම්ප්ර්දායට අනුගත ව ක්රිියා කළ සැටි ඔහුගේ ආරම්භක නාට්යස කිහිපයෙන් මෙන් ම ගිනි හටන (1886) නාටකයෙහි ආ යට සඳහන් ප්රආකාශයෙන් ද පෙනේ.
විරිත ගෙන හින්දු - කරණෙමි මෙසේ සින් දූ කුකවි මන බින්දු - අසනු මැන සොඳ මෙ ගී සින් දු
රට තුළ ප්රිචලිත ව පැවති ‘හින්දු විරිත්’ ගෙන සින්දු බඳිනු වෙනුවට අබිනව ‘හින්දු විරිත්’ අනු ව සින්දු බැඳීමේ සම්ප්ර දාය ආරම්භ කරන්ට යෙදුණේ ද ජෝන් ද සිල්වා විසිනි: ඒ - සිරිසඟබෝ චරිතයෙනි (1903). එ තැන් පටන් ජෝන් ද සිල්වාගේ මුද්රිවත නාට්යි පොත්වල ගී සිරසෙහි දකින්ට ලැබෙන්නේ ඒ ගීයට අයත් රාග නාමය සහ තාල නාමයත් ය. මෙම රාග තාල සහිත ගී තනු, ගීත ප්රෝබන්ධ කිරීම සඳහා සංගීතඥයන් විසින් නාට්යිකර්තෘවරුන් වෙත කල්යල් ඇතිව සපයන ලද ඒවා බැව් යට සඳහන් ප්රසකාශවලින් පැහැදිලි වේ.
“මෙම සඟබෝ චරිතයෙහි පෙනෙන සින්දු ... විශ්වනාත් ලව්ජි පණ්ඩිත විසින් දෙන ලද රාග තාල බලා සිංහල භාෂාව කඩා බිඳ නො දමා ප්රලබන්ධ කර තිබෙන.....සින්දු බව සිංහල උගත් ජනයාට පෙනී යනවා ඇත.” (සිරිසඟබෝ චර්තය, ප්ර්ස්තාවනාව)
“කටිවාර් ප්රබදේශයේ සිට සිංහල ආර්ය සුබොධ නාට්‍ය සභාවට සංගීතය පුරුදු කෙරීමට ඇවිත් සිටින විශ්වනාත් ලව්ජි පණ්ඩිත විසින් දෙන ලද රාග තාල බලා මෙහි සින්දු ගොතන ලදී.”(ශකුන්තලා නාටකය, ප්ර ස්තාවනාව)
“මෙම මාහැගි නාටකයේ පේන සින්දු අබ්දූල් අසීස් සහ අමීර් ඛාන් නම් හින්දු සංගීතයා මනා සේ පුරුදු මහතුන් විසින්” දෙන ලද රාග තාල බලා ප්රුබන්ධ කළෙමි.”(දුටුගැමුණු චරිතය, ප්ර ස්තාවනා)
13 16 ගීත ප්ර්බන්ධක
“ මෙම රාග තාල කාංජි මහාරාජ් පඬිතුමා විසින්” දෙන ලදි. (කුස ජාතක දෘශ්යට කාව්යයය, ප්රජස්තාවනා) මෙසේ ‘රාග තාල දීම’ යනුවෙන් හැම විට ම වාගේ අදහස් කෙරුණේ සිංහල වචන සැපයීම සඳහා ගී තනුවක් සම්පාදනය කිරීම යි. ගී තනුව සැපයුණේ ස්වර ලිපි මගින් නොව හින්දුස්තානි ගීත ප්රිබන්ධ මගින් බව ජෝන් ද සිල්වාගේ අත් පිටපත් විමසා බලන්නකුට පෙනේ. (විමසන්න:ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, 25:30 ලිපි ගොනුව) ජෝන් ද සිල්වා විසින් කළ යුතු ව තිබුණේ එම හින්දුස්තානි ගියේ ලගු-ගුරු මාත්රාකවලට අනුගත ව ‘වචන දැමීම’ යි.
මේ අනු ව බලන කල එක් කරුණක් පැහැදිලි ව පෙනේ. එනම්, සී. දොන් බස්තියන් විසින් ප්රාලරබ්ධ ජනප්රි ය හින්දුස්තානි ගීතවලට වචන දැමීමේ කාරියත් ජෝන් ද සිල්වා විසින් ප්රාරරබ්ධ අභිනව හින්දුස්තානි තනුවලට වචන දැමීමේ කාරියත් යන දෙක ම තත්කාලීන ගීත ප්රරබන්ධකයාට එක ම කාරියක් වූ බව යි.
ජෝන් ද සිල්වාගේ ගීත ප්රකබන්ධ දහස් ගණන ම නිර්මාණය වූයේ පූර්වෝක්ත ‘වචන දැමීමේ’ රචනෝපාය තුළිනි. මෙම රචනෝපාය සිංහල කවිකාරයන්ට ආගන්තුක වූවක් ද? මෙය විමර්ශනයට භාජනය විය යුතු කරුණකි. සී. දොන් බස්තියන්, ජෝන් ද සිල්වා ආදීහු නාට්යත කාර්තෘවරුන්, ගීත ප්රණබන්ධකයන් මෙන් ම කවි පොත් ලියා පළ කළ කවිකාරයෝ ද වෙත්. එබැවින් මෙම විමර්ශනය වඩාත් වැදගත් වේ. _______________________ ඉන්දීය සංගීතඥන් විසින් ‘දෙන ලද’ මේ රාග තාල, ඔවුන්ගේ අභිනව නිර්මාණ ද නැතහොත් එවක ඉන්දියාවේ ප්රාචලිත ව පැවති ගී තනු ද යන්න පිළිබඳ නිශ්චිත අදහසක් කිසිදු විචාරකයකු විසින් ප්රතකාශ කරනු ලැබ නැත. විශ්වනාත් ලච්ජි විසින් ජෝන් ද සිල්වාට දෙන ලද ඇතැම් රාග තාල, ලච්ජිගේ සිවතන්ත්රශ නිර්මාණ නො වන බවට ඉගියක් මේ කෘතියේ දෙවන මුද්රගණ අවස්තාව වන විට දැන ගන්ට ලැබුණේය. ඒ මෙසේ ය. දීපා මේතා නමැති ප්රිවීණ ඉන්දිය චිත්ර්පට අධ්යනක්ෂවරිය නිර්මාණය කළ ‘ෆයර්’ නමැති චිත්රමපටයෙහි රාමායණ ජන නාටකයක ජවනිකාවක් ඇත. එම ජවනිකාවෙහි දි’ ශ්රී වික්රයම’ නාටකයේ ජනප්රිකය ගීතයක් වන ‘පුණ්ය වන්ත තුම් ලංකේන්ද්රිය ස්වාමි’ ගීයෙහි තනුව සහිත ඉන්දීය ගීතයක් වාදනය වූයේ ය. එයින් පැහැදිලි වනුයේ ශ්රීව වික්රගම නාටකයට ලච්ජි විසින් ‘දෙන ලද’ තනුව, ඉන්දීය ජන නාටකයකින් උපුටා ගෙන ඇති බව ය - සුනිල් ආරියරත්න 01-01-08
14 ජෝන් ද සිල්වා 17
සිංහල කවීහු කාව්යනකරණයෙහි දී සියබස්ලකර, එළු සදැස් ලකුණ ආදී කාව්යාකනුශාසනාවන් විසින් පෙන්වා දෙන ලද නීති රීති පද්ධතියකට අවනත වූහ. ඔවුන් කවි බැන්දේ ජන්දස සහිත ව යි. ජන්දස යනු කවියක යෙදිය යුතු අක්ෂර, මාත්රා හෝ ගණවල සංඛ්යාජ නියමය යි. සංස්කෘත ජන්දස් ශාස්ත්රයය අනු ව හැඩ ගැසුණු සිංහල ජන්දස් ශාස්ත්රඛයේ දී ලගු - ගුරු හෙවත් හ්ර ස්ව සහ දීර්ඝ මාත්රා ගණනින් විරිත් බෙදෙන ජන්දස මාත්රාර ජන්දස නමින් ද ලගු - ගුරු වර්ණ ගණනින් හෙවත් අක්ෂර ගණනින් විරිත් බෙදෙන ජන්දස ගණ ජන්දස නමින් හඳුන්වන ලදි. එළු සඳැස් ලකුණේ නම නියමයන්ට පටහැනි රචනා වරින්වර සිංහල පද්යන සාහිත්ය යට එක් නො වුණේ නො වේ. විශේෂයෙන් කෝට්ටේ, මහනුවර, මාතර සාහිත්යන අවධිවල එබඳු රචනා ප්ර්චාරයට පත් විය. ක්රි,.ව. 17 වන සියවසෙහි පටන් ‘සින්දු’ නම් වූ ප්ර බන්ධ වර්ගයක් සිංහල සාහිත්යනයෙහි දෘශ්යදමාන වේ. (විස්තර සඳහා කියවන්න. සුනිල් ආරියරත්න, සින්දු විස්තරය, 1989 කොළඹ,) නාඩගම් සින්දු, නුර්ති සින්දු ආදී වශයෙන් ක්රනම විකාශයට පත් වූයේ මේ රචනා විශේෂය යැයි සිතන්ට ඉඩ ඇත. මේවා සිංහල ජන්දස් ශාස්ත්රනයට පටහැනි රචනා ය: සංගීතයට ඥාතිත්වය පාන රචනා ය. සංගීතඥයා විසින් රචකයා වෙත ප්රරදානය කරනු ලබන ‘ගීත අච්චුවක්’ වූ බැව් පෙනේ. පද රචකයා සිය අදහස්, කවි කල්පනා උපමා රූපකාදී භාෂා ප්රබයෝග මෙම ගීත අච්චුවට වත් කළ යුතු විය. මාත්රාි ජන්දසින් සමුද්රකඝෝෂ විරිතට කවියක් බැඳීම හෝ ගණ ජන්දසින් මාලිනී විරිතට කවියක් බැඳීම වුව එක්තරා අන්දමකට ‘කවි අච්චුවකට’ අවනත වීමක් ලෙස පෙනී යන කල මෙම ‘ගීත අච්චු’ ප්ර වණතාව සිංහල කවිකාරයකුට බරපතල අභියෝගයක් වී දැයි විමසා බැලීම වටී.
සමුද්රවඝෝෂ විරිතින් කවි කරන්නා, පාදයක් මාත්රාු අටළොස බැගින් යුක්ත වන සේ කවි පද හතරකින් එය බැඳිය යුතු ය: මාත්රා දහයෙන් හා අටෙන් යතිය තැබිය යුතු ය. එළිසම පිහිටුවිය යුතු ය. මාලිනි විරිතින් කවි කරන්නාහු නනමයයයුතෙයං මාලිනී හොගිලොකෛ: යන සංස්කෘත ජන්දස් ශාස්ත්රා නියමයට යටත් විය යුත්තාහ. එනම්, මාලිනී විරිතේ දී එක් කවි පාදයක් ‘න’ ගණ, ‘න’ ගණ, ‘ම’ ගණ, ‘ය’ ගණ, ‘ය’ ගණ යන ගණ පසින් යුක්ත විය යුතු අතර අටින් සතින් යති පිහිටුවිය යුතු ය. (---/---/
15
18 ගීත ප්රශබන්ධක
-්රප ්ර ) මේ අනු ව බලන කල ජෝන් ද සිල්වා ආදීන්ට ගී තනු සම්පාදනය කළ සංගීඥයන් විසින් අපේක්ෂිත ගීත ප්ර බන්ධය වනාහි ජන්දස ශාස්ත්ර ය විසින් කවිකාරයකුගෙන් අපේක්ෂිත කාව්යත ප්ර බන්ධයට එක්තරා අන්දමකින් සමාන වී යැයි කෙනකුට සිතෙන්ට පුළුවන. එහෙත්, සින්දු ආකෘතිය වනාහි කාව්ය ආකෘතියට වඩා සංකීර්ණ වූවක් බැව් පෙනේ. පදමාලාවක් පාදක කොට නො ගෙන ගී තනු බඳින සංගීතඥයා මධුර ස්වර සංගති ස්පර්ශ කරමින් එහි උද්දීප්තියට අදාළ වන පරිදි ඉතා දික් වූත් ඉතා කෙටි වූත් පාදයන්ගෙන් සමන්විත ස්වර රචනයක් බඳි. ඇතැම් විටෙක දීර්ඝ මාත්රා සමුහයක් ද තවත් විටෙක හ්ර්ස්ව මාත්රාබ සමුහයක් ද එක ළඟ පිහිටුවයි. ඇතැම් පාදයක් දීර්ඝයකින් කෙළවර කරන ඔහු තවත් පාදයක් ලගුවකින් අවසන් වන්ට සලස්වයි. ලගු-ගුරු මාත්රා් සංඛ්යාකව පිහිටුවීම විසින් ද යති පිහිටුවීම විසින් ද පාද සංඛ්යා.ව විසින් ද ඔහු බඳින ස්වර රචනා සියල්ල එකිනෙකට වෙනස් වේ. එහෙත් සමුද්රිඝෝෂ විරිතෙහි හෝ මාලිනී විරිතෙහි ලගු-ගුරැ මාත්රා් සංඛ්යා ව ද යති පිහිටුවීම ද පාද සංඛ්යාවව ද ස්ථිතික ය. මෙනයින් බලන කල කාව්යඑකරණයෙහි නියැළී හුන් ජෝන් ද සිල්වා වැනි රචකයන් ගීත ප්ර බන්ධයට අවතීර්ණ වූයේ එය අලුත් අභියෝගයක් හා ආගන්තුක කලා මාධ්යරයක් ලෙස සලකා ගනිමින් බව ඔවුන් ලියූ කවි හා ගීත තුලනය කරන විට පෙනී යයි.
ජෝන් ද සිල්වා කවි පොත් කිහිපයක් රචනා කළේ ය. ඉන් සමහරක් මාත්රාම ජන්දසින් කළ සිවුපද ය ‘(කව් ගෙල දම ආදී පොත්) සමහරක් ගණ ජන්දසින් කළ සිලෝ කවි ය (ශ්රි(පාද ශතකය ආදී පොත්) ඔහු සිය නාටටකවලට මේ උභය ජන්දසින් ම බැඳුණු කාව්යස රචනා ඇතුළත් කළේ ය. මේ දස්කොන් නාටකාරම්හයෙහි එන කව් තුනෙන් එකකි:
සු සි රි මගෙහි නිති සරන සුදන මෙම වදන කරනු සවනා මෙසි රි ලකෙහි පෙර විසුව පසිඳු දස්කොන් මැතිඳුගෙ වරුණා ඉ ති රි නො කර දැන ගතැකි ලෙසට සොඳ වහර සිහල බසිනා මි හි රි විරිත ගෙන පබඳ කෙළෙය අප ඇදුරිඳු මේ ලෙසිනා
මේ වනාහි ඉතා ව්යතක්ත කාව්යළ ප්රිබන්ධයකි. එළිසමය සඳහා පද විකෘත කළ තැන්, වියරණ නය බුන් තැන්, අපභ්රබෂ්ට පද මෙහි
16 ජෝන් ද සිල්වා 19
නො දක්නා ලැබේ. සිරිසඟබෝ චරිතයෙන් උපුටා ගත් මේ සිවුපදය ද බලන්න.
වැ හි පො ද මගෙ ළඳ නළලත වැටි සඳ ලිස්සා ගෙන ගොස් එ සැණෙකිනා ම න න ද කරවන පියයුරුවල හැපි පොඩි වී ගොස් නැබයේ රැඳුණා ත රි ඳු ද ඇගේ සොඳ උවනත දිටු සඳ විළි වැද රාහුගෙ මුව වැදුණා
බ ම රු ද ගුමු ගුමු නද දෙති අගෙ පා
සඟල අසල නිතර ම සරනා
බම්මන්නාගේ මුවට නඟා ඉදිරිපත් කෙරෙන පූර්වෝක්ත සිවුපදය ජෝන් ද සිල්වාගේ කවිත්වය කියා පාන රචනයකි. සිරිසඟබෝ රජතුමාගේ අභිෂේක මංගල්යගයට සහභාගි වන්ට යන නළාකාරයා හා හක් පිඹිහින්නා විසින් ගයනු ලබන සිවුපදයයි මේ. ජෝන් ද සිල්වා මෙහි දී තුන් තැනක එළිසමය තබා ඇත්තේ වැඩි ආයාසයකින් තොර ව ය.
දෙ න දෙ න දනයෙහි අකුසල දුර ලන ස න ස න සැම දන මඳහස උවනින ගු ණ නැ ණ අබරණ නිතරම පළදින ම න පි න වන සිරි සඟබෝ දනු මැන
ශ්රීප වික්රසම නාට්ය යෙහි අභිෂේක මංගල්යත අවස්ථාවේ උඩැක්කි කාරයන් ගයන සිවුපද ද භාෂා ශාස්ත්රඟ දත් පරිණත කවියකුගේ ව්යික්ත රචනා ලෙස හඳුන්වා දිය හැකි වේ.
ප ව ර නි ම ල් බුදු දහම් විලස සිරිලක පාලනයට අප රජිඳා මෙ ව ර සි ය ල් සම්මතය අනු ව දැරි මකුට හිසේ සත සිත පහදා නි ත ර පු ළු ල් උර විමන වසයි සිරි ලිය සිය සැමි උරතල නොසිඳා ස ත ර ද හ ම් සහ රුවන් බෙලෙනි නිදුකින් වැජඹෙනු මැන සිය නිරිඳා
දුටුගැමුණු චරිතයෙහි එන - මරණ මංචකයට වන් දුටුගැමුණු රජු සහ සමදරා අතර සිදුවන කාව්යෙමය සංවාදය, කරුණ රසින්
17
20 ගීත ප්ර බන්ධක
පිරිපුන් එකකි. දුටුගැමුණු රජතුමා විසින් කරන ලද පින් දහම්, සමදරාව විසින් මෙනෙහි කරනු ලැබිමෙන් අනතුරු ව දුටුගැමුණුගේ මුවට නඟාලන සිවුපදය මෙබඳු වේ.
සොඳු ර මගේ කිව් බස සවනත වන් කල හද නද වුණි නොම විකලා ප ව ර තිලෝගුරු දුන් සුනිමල් දම් හෙළ දිව පවතින ලෙස තබලා ස ත ර සසුන උදෙසා කළ නෙ සටන් අකුසල් පල නොම වී විපුලා වි ත ර නොවන දෙව් ලෝ සැප විඳුමට රිසි විය මට කිව් බස අසලා
මහානාම චරිතයෙහි එන ‘සිංහල ජාතික ගීතිකාව’ නමැති පද්යප පන්තියද ප්ර ශස්ත රචනයකි.
ප ත ළ මෙලෝ කුස නිමල යසස් රැස රුපු දන ඔද සිඳ බිඳ දම ලා ළ ක ල මෙ ලක් කුස රදනිය පිහිටවු සිංහල දරුවනි ඉදිරි බ ලා වි ක ල නො වී යස හරය යළිත් බඳ ලන්නට අර දික් වමිය ගෙ ලා මෙ ක ල වරෙව් බැස සතර මඟට සිය රට ආලය නම් හුය කැට ලා
ඔතැලෝ නාටකයෙන් උපුටා ගත් යට සඳහන් රචනාවලින් පෙනෙන්නේ ජෝන් ද සිල්වා ගණ ඡන්දසින් යුක්ත සිලෝ කාව්යා බන්ධනයෙහි සමත්කම් පෑ අයුරු ය.
කො හො ම කොහොම මේවා සිද්ද වී දැයි කියාලා ව හ ම ව හ ම පාදා දෙන් ඉයාගෝ නුහුල්ලා අ රු ම පු දු ම යක් සේ සීනු සද්දේ ඇසීලා බො හො ම බි ර ම පත් වී එත් දනෝ මේ ඇසිල්ලා
උක්ත සිලෝව මාලිනී විරිතින් රචිත යි. යට දැක්වෙන්නේ භුජංගප්රරයාත විරතින් රචිත සිලෝවකි.
දනිම් මම් නුඹේ බස් බැරෑරුම් විලාසේ ඇහුම් කන් දුනිම් මම් සිටිම් දැන් බියෙන් සේ රහස් දත් නුමුත් ඒ නො හංගා මනා සේ දැනුම් දී සිටින් මා ඉයාගෝ නිද්ර් සේ
යට දැක්වෙන නිදසුන් කිහිපය ද විමසා බලන්න.
18 ජෝන් ද සිල්වා 21
1. පා ලි බ සේ මෙ බු දු ගො සේ සාමිතො සේ දත්-අතැඹුල රංගේ සෑ ම දෙ සේ නි ම ල ය සේ කැන්සඳ සේ යය්- ලොව මන රංගේ දී ප තු සේ ප ව ති න සේ දම්මරැ සේ ලී - අප මුනිඳුන්ගේ සා ස ඇ සේ ස ක ල ද්රෙ සේ මන් විල සේ ලන් - දුර තෙරිඳුන්ගේ
ස ස ර ගමන කොට කර දෙන මනර ම් ප ව ර මුනිඳු දෙසු පෙර කල එදහ ම් මෙ ව ර මගද බස ගෙන ලිවු කර පෙ ම් නි ත ර වඳිමි බුදු ගොස මහ තෙර ම ම් (මහානාම චරත, 5 අංකය, 4 ජවනිකාව)
11. පින වන සිය ජන මන නෙත් නට වන රඟ සබ මෙම ගත් ස තො සි න සැමදෙන අප වෙත් - බලනු මැනා
වෙ රි වෙන දියබොන සැම සත් මුනි බණ දැන ගෙන සිටිතත් සත තින එය කඩ කරලත් - නුනුවණිනා
සැ මදෙ න සිය හම නම ලත් වෙරි වෙන මෙම දිය නොබොතොත් මෙදෙ යින උවදුරු දුරුවෙත් - එසැණෙකිනා
අප ගැන නොමකර ඉසිසිත් අස මැන මෙහි ඇති රසවත් මන වන ගී කව් සින්දුත් - දෙසවනිනා
(සුරාසොඬ ප්ර කරණය, ආමුඛයේ එන නාටිකාංගනාවගේ ගීය)
පූර්වෝක්ත උද්ධරණ මඟින් ජෝන් ද සිල්වාගේ කවිත්වයට ද භාෂා ශාස්ත්ර් ඥනයට ද නිදර්ශන සැපයෙතියි සිතේ. ජෝන් ද සිල්වා කවිය හා ගීතය මාධය දෙකක් ලෙස සැලකුවේ ය. ඒ බව රත්නාවලී නාටකයෙන් උපුටා දැක්වෙන මෙම සංවාදයෙන් පැහැදිලි වේ.
වසන්නක - මදනික ඇවිත් නුඹේ කවිය මට උගන්නපන්. මදනික - කවිය ? මෝඩයා ඒක කවියක් නොවේය. වසන්තක - ඒක මොකක්ද එතකොට?
19 22 ගීත ප්ර්බන්ධක
මදනික - කියා නටන සින්දුවක්ය. වසන්තක - ඔහෝ සින්දුවක්. එහෙම නම් ආයුබෝවන්..........
සින්දුවක් නිර්මාණය වන්නේ පදමාලාවේත්, තනු රචනයේත්, ගායනයේත් සම්මිශ්ර්ණයෙනි. මේ අතරින් වඩාත් වැදගත් වන්නේ පදමාලාව යැයි ජෝන් ද සිල්වා විශ්වාස කළේ ය: සින්දුවක් යනු මධුර තනුවකට ඔහේ වචන පිරවීමක් නො වන බවත් හුදෙක් මධුර රාග තාලවලින් පමණක් රස විඳින්නේ නූගත් ජනයා බවත් හේ පැවසී ය. වළගම්බා චර්තයෙන් උපුටා යට දක්වන උද්ධරණය කියවා බලන්න.
සූත්රබධාරී - නළගන නුඹ බෑරක් ද? නාටිකාංගනා - සංගීත මගින් බඩ රැකගන්ට යමි. සූත්රාධාරී - සංගීතයට රැවටෙන ජනෝ ලක්දිව සිටිත්ද? නාටිකාංගනා - දැනට එමට සිටිති. මධුර හින්දුස්තානි සින්දුවකට හෝ ගුජරාති සින්දුවකට හෝ ඔහෙ සිංහල වචන පුරවා අර මුල් සින්දුවේ ශබ්දය පමණක් තිබුණොත් ඒක තමා දැන් කාලේ සිංහල ජනයාට බොහොම ලක්ෂණ. සූත්රකධාරී - ඒ තරමට අපේ ජනයෝ රැවටෙත් ද? නාටිකාංගනා - වචන රසවිඳින්ට සෑහෙන තරම භාෂාව නොදන්න බැවින් කණට මිහිරි ශබ්දය පමණක් සලකති. සූත්ර්ධාරි - ඒක අපේ ජාතියේ දියුණුවට ලොකු බාධාවකි. පුරාණ නාට්ය් කර්තෘවරු තමන්ගේ නාටකවල සිත ප්රවබෝධ කරන කව් සිලෝ වාක්යෘ ආදිය යෙදුවා මිසක් දැන් වාගේ සංගීතය යොදා නොගත්තේ ය.
නාටිකාංගනා - එතකොට දැන් සංගීතය යොදා ගන්නේ මන්ද? සූත්රාධාරි - භාෂාව නූගත් සිංහල ජනයාගේ කර්ණ පිනීමෙන් වත් යම් කථා වස්තුවක් අවබෝධ කිරීමට යි.
20
ජෝන් ද සිල්වා 23
නාටිකාංගනා - දැන් මට තේරුණා. එතකොට සිංහල රටේ සිංහල භාෂාව ඉගෙන ගන්ට ඉගෙන ගන්ට නාට්යර ශාස්ත්රායේ සංගීතය දොක්කම් වෙන්ට පුළුවනි. සූත්රමධාරි - ඒක එහෙම තමා. බුද්ධිය වැඩීමට වාග්දේවි පිදිය යුතුයි.
පූර්වෝක්ත උද්ධෘතයට අනු ව නම් අප ජෝන් ද සිල්වාගේ නාට්යි කෘති වෙතින් බලාපොරොත්තු විය යුත්තේ බෙහෙවින් අර්ථ සම්පන්න පදමාලා ය. එහෙත් සැබැවින්ම ඔහු විසින් ලියන්නට යෙදුණු නාට්ය් ගීත සමස්තය අර්ථ සම්පන්න රචනා නො වන බව මෙහි ලා සඳහන් කළ යුතු වේ. ඒ ගී අතර, ඉතා හොඳ රචනා ද මධ්යිම ගණයේ රචනා ද අධම ගණයේ රචනා ද දකින්ට ලැබේ. ජෝන් ද සිල්වාගේ ඉතා හොඳ ගීත රචනා බොහොමයක් අඩංගු වන්නේ සිරිසඟබෝ නාටකයෙහි බව අපගේ හැඟීම යි. යට දැක්වෙන්නේ 1 අංකයේ 1 ජවනිකාවෙහි’තුති බෝ දෙන්නෙමි’ නමැති ගීයෙන් උපුටා ගත් කොටසකි.
රාග රජස් ලම් හදයේ සෝදා පුණ්යජකර්ම ජලයෙන් මෝක්ෂ සැපා සෙවු රහතුන් පාරේ යන්ට පේවී සදහම් පුරුදු වෙමි.
සඟබෝ කුමරු, රාජගුරු අමතා පවසන මේ ගීතාර්ධයෙන් පළ වන්නේ ආගම ධර්මයට නැඹුරු වූ ඔහුගේ ගති ලක්ෂණ යි. රාජගුරැගෙන් සමුගෙන අනුරාධපුරය බලා යන සඟබෝ කුමරැගේ නෙතට ලක් වන්නේ මොනවා ද? දහමට ළැදි ඔහුගේ දැමුණු සිතට ඔබින දසුන් ය.
භූ ලෝ මතේ මේ දෙව් ලෝ පෑවා සේ පේනා මෙ පුර මුනි ශාසන වාසේ එර්දියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ සෙවණැල්ලෙනි හිරු රශ්මිය හංගේ.
‘දන්නෝ බුදුන්ගේ’ ඈ විසින් ඇරඹෙන මේ ගීයේ මුල් කොටස ගයන සංඝතිස්ස ද අනුරාධපුරයේ වසන්නා වූ සිල්වතුන්, භික්ෂු
21
24 ගීත ප්රතබන්ධක
සංඝයා, රහතුන් වහන්සේලා දකී. එහෙත් ඔවුන් දෙපොළට වඩා හාත්පසින් ම වෙනස් ගති ලක්ෂණ ඇති ගෝඨාභය කුමරු දකින්නේ මොනවා ද? අනුරාධ නගරයේ හුදු චමත්කාරය පමණි. මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදි සේරු පංති පංති පිනනි බෝ සේ අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ
මෙම ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය සම්බන්ධ ව මහගම සේකර දක්වා ඇති අදහස් මෙබඳු වේ. ‘දන්නෝ බුදුන්ගේ වාගේ ගීතයක ඇති සිත් කාවදින ගතියට උදක් ම හේතු වන්නේ එහි වචන මාලාව. සංස්කෘත හා සිංහල වචන ඉතාම උචිත විදියට මෙහි මිශ්රව කර තියෙනව. ගීතයට අමුතු මාධුර්යයකුත්, ප්රා ණවත් ගතියකුත් ඒ නිසා ලැබෙනවා. ගීතයේ අදහසත් වැදගත්. කවියාගෙ පරමාර්ථය අනුරාධපුර ශුද්ධ නගරය වර්ණනා කිරීම යි. ‘භුලෝ මතේ මේ දෙව් ලෝ පෑවා සේ’ යන අදහස පැරණි සාහිත්යාකරුවනුත් නිතර යෙදුව. මිහිබට සුරපුර ආදි වශයෙන් සන්දේශ කාව්යඅ ආදියෙහි නිතර අපට එය හමුවෙනවා.නමුත් මෙතන ඒය ප්රරකාශ කර ඇති ආකාරයෙන් අලුත් අදහසක් වගෙයි අපට දැනෙන්නෙ. එර්දියෙන් යන රහතුන්ගෙ සෙවණැල්ලෙන් හිරු රශ්මිය වැලකෙන බව කීම රසවත් යෙදුමක්. අනුරාධපුර නගරයට ඉහළින් අහසේ රහත් හාමුදුරුවරු වඩිනව. රහතුන් කොපමණ විශාල සංඛ්යාරවක් සිටිනවාද කියතොත් හිරැ රශ්මියවත් පොළවට වැටෙන්නෙ නෑ. මෙයින් වටිනා සංකේතාර්ථයකුත් ලබාගන්නට පුළුවන්.එනම් සසර බිය නමැති ද්ර්හය, රහතුන්ගේ කරුණා සිසිලින් සමනය වන බව යි. ජෝන් ද සිල්වා නාට්ය් ලිව්වේ සිංහල භාෂා ශාස්ත්රය ඉතා ම පිරිහී ගිය කාලයක එබඳු කාලයක පැරණි සාහිත්ය් පොත පත ආයාසයෙන් පරිශීලනය කරල එයින් වචන හොයා ගෙන මෙබඳු ගීත රචනා කිරීමෙන් ඇත්ත වශයෙන් ම ඔහු කර තිබෙන්නේ වටිනා සේවයක් (රංජිත් අමරකීර්ති පලිහපිටිය (සංස්.) මහගම සේකර නොපළ ගීත, 1984, කොළඹ, 7-8 පිටු)
සිරිසඟබෝ නාටකයෙහි 1 අංකයේ 5 වන ජවනිකාව ආරම්භයෙහි එන රජුට ප්රිශංසා කිරීමේ ගීතය, චිරන්තන සාහිත්යික භාෂාව මනා කොට හසුරුවමින් කළ ප්රිබන්ධයකි.
22
ජෝන් ද සිල්වා 25
මුනිඳු සසුන ලක සුරකින නරණා සැරද යස හර දිගු ලිය ගෙල වට බැඳ සොඳිනා යුදෙනා - නොමිනා - රුපු ඔද බිඳිනා මෙ දීපේ අණසක තිබෙනා - සැම දෙනා ඊට තොස් ව පසසති ඔබ හට පැණසර - නරණා මුනිඳු සසුන ලක සුරකින නරණා ගුණෙනා - දිලෙනා - නිලඹර තුරුණා සමනා - සිරි උර විමනා වාසවෙනා ඊට වෙණ් සුර කිපෙවිද නො දනිමු ඔබහට ඉසිනා
3 අංකයේ 1 ජවනිකාව ආරම්භයේ එන සඟබෝ කුමරු සුදු වස්ත්රර ඇඳ රුවන්වැලි සෑයට මල් පුදමින් ගයන ගීය, භක්ති රසය වඩන්නා වූ ප්රනශස්ත ප්රවබන්ධයකි.
ලෝකානන්ද තිලෝනා නමා මල් මේ පුදම් ශ්රීන පාද පත්ම ශාක්ය සිංහ සාදරෙන් වඳිම් රම්යන වූ පන්සිල් රකින්ට ලෝකයේ බැතින් වේවා මට වාසනා දැන් මේ පූජා බලෙන්
සිරිසඟබෝ පුවත වැනි කථාන්තරයකින් ප්රයකාශමාන විය යුතු මුඛ්යද රසය වනාහි ශාන්ත රසය හෝ කරුණ රසය වේ. සිරිසඟබෝ නාටකයෙහි ගී බොහොමයක් තුළින් උද්වහනය වන්නේ ද එකී රසයන් මැ බැව් පෙනේ. 5 වන අංකයේ 3 වන ජවනිකාවේ දී අත්තනගලු ආරණ්යදටය වන් සිරිසඟබෝ ගයන ගීය ඉහත දැක්වූ ගීත කිහිපයට අමතර ව දැක්විය හැකි තවත් නිදසුනකි.
සිඳී ආශා ළයේ ප්රීතතී රුචි වුණි මේ වනේ වාසේ දඹ නා මි දෙහි බෝ පනා තිපලා හා තිඹිරි ඇත්තේ බෝ සේ මෙම වනේ සෑසී සීල රකිමි. මෝහ සිඳා ලු කලා පේවී පෙනේ නිවනා මන් නෙත් පෑදී සිඳී ආශා ළයේ ප්රීතතී රුචි වුණී මේ වනේ වාසේ.
23 26 ගීත ප්රිබන්ධක
ශ්රී වික්ර ම නාටකයේ 2 අංකයේ 1 ජවනිකාවේ ශ්රී වික්ර ම රාජසිංහ රජු අභිමුව සිංහල නිලමේවරුන් ගයන ගීය, පැරණි සාහිත්යික බසින් ලියූ අනුප්රා ය රසින් ද යුතු ව්යරක්ත ප්රමබන්ධයකි.
ගුණසරු සිංහල බූපතී වාසනා පින් ඇතී දැනමිති වචනැති යහපති නරපති ගුණසරු සිංහල බූපතී ජනින ව තුංග එ අණ්ඩර වංසේ පරසිදු විය ලකේ සුන්දර සරසවි මුවසර සර සර සිරිලිය පුළුලුරැතී සැමදේශ ප්රළදේශ ස්වදේශ විදේශ විශේෂ කීර්තියක් ඇති.
3 අංකයේ 3 ජවනිකාවේ දී ඇහැලේපොල කුමාරිහාමි සිය දැරිය නළවමින් ගයන ගීය, යුගයේ ඓතිහාසික පසුබිමට උචිත අදහස් ගැබ් වූ නැළවිලි ගීයක් ලෙස පෙන්වා දිය හැකි ය. මද්දුම බණ්ඩාර වැනි දරුවන් වැදු වීර මාතාවකයේ මුවට ඒ අදහස් සාකල්යකයෙන් ගැලපේ.මෙහි ඒන ‘බුදියනු’ යන පදය,ගියෙහි සෙසු පද පංක්තියට අනනුකූල බව කිව යුතු ය.
දොය් දොය් කුමරි නාඩ මේ තොටිල්ලේ මාතා ළඟ ම බුදියනු තුරුල්ලේ.
මන පිනවන පිය නැත පරමාදේ කිරි බොන් කුමරි දැන් නාඩා මේ සෑසී දෙසු දම් ඤාණෙන් යුක්තවී මා දරුවෝ රක්ෂා කරත්වා.
කුමරෝ ද කුමරි මේ මාගේ අප සිංහල භාෂා මෙ කාලේ දැන ශිල්ප ශාස්ත්රක ඤාණෙන් වැඩි දියුණු වෙන්ට වෑයම් බෝම කරනු සන්තෝසෙන්.
දොය් දොය් නාඩනු පියා දැන් එනවාය කුමරි ඉඳු නාඬ මේ.
24
ජෝන් ද සිල්වා 27
තුංග අපේ මේ ලංකාදීපේ සිංහලයෝ ජාත්යාකලයෙන් බෝ මැරුවෝය සතුරු අන් සේනා රණ භූමියෙ නංවා මනා සේ
ජයකේලි ශක්ති පෑමෙන් රට රැකපු රංග ඤාණෙන් දැක්ක හැකිය ඉතිහාසෙන්.
දොය් දොය් නාඬනු පියා දැන් එනවාය කුමරි ඉඳු නාඬ.
ඉංග්රිකසින් විසින් තමන් අල්ලා ගන්ට යෙදුණු පසු (6 අංකය, 4 ජවනිකාව) ශ්රී වික්රුම රාජසිංහ රජ්ජුරුවන් ගයන ගීය ද තත්කාලීන ඓතිහාසික පසුබිම හා මැනවින් බද්ධ වී තිබේ. රට ඉංග්රීයසින්ට පවරා දීමෙන් සිංහල ජනයා කර ගන්නා විපත පිළිබඳ අනාවැකි, නිලමෙවරුන්ගේ නුගුණ, දරැවන් කොටවා මරන්ට තුඩු දුන් හේතු ආදිය ඉන් ප්ර කාශිත යි: නිලමෙවරුන්ගේ බහට මුලා වූ රජු පිළිබඳ අනුකම්පාවක් ද ඉන් උපදී.
සිංහලේ අල්ලා දෙවා ඇයි මෙසේ නිගා කළේ මෙදා ඉංග්රි සින්ගේ තරම තේරේ රාජ ආණ්ඩු නැති සඳා
මේ අපේ මන්ත්රීසවරුන්ගේ දොසා නිසා වීනේ උනා වා වැරැද්දක් නොමැත, දන්නෝ ඒ දනින් මැයි මනා මෙනා
නීතියේ අච්චු දුනිම් රාජදෝහි ඒ පවුල් නසා ඊට මා හා කිපෙනු දොස් වේ සිංහලුන් දැන් කෙළත් ගසා
ජෝන් ද සිල්වාගේ ප්ර්ශස්ත ගීත ප්රතබන්ධ කිහිපයක් රාමායණ නාටකයෙහි ද දක්නා ලැබේ. එහි 3 වන අංකයේ 2 ජවනිකාවේ එන රාම කුමරු ගයන ගීය එවැන්නකි. මේ වනාහි දණ්ඩකාරණ්ය්යට වන් රාම-සීතා-ලක්ෂ්මණ තිදෙන රැක දෙන ලෙස ඊශ්වර දෙවියන්ගෙන් කෙරෙන සැදීමක් වේ.
රකිනු ඊශ්වරා මෙ අප සෑම සකල අපල දුරැර නො හැර සිරි සැප සලසාද බැද්දෙ ඉන්න අපට සකල දුක හැරා - රකිනු ඊශ්වරා.
25 28 ගීත ප්ර බන්ධක
නිදුකිනි රැක අප සියල් දෙනු මැන සෙත සිරි විපුල් ඔබ ගුණ මහිමේ ප්රගකාශ වේය ඊශ්වරා.
රාම-ලක්ෂ්මණ දෙදෙනා බැහැර ගිය මොහොතේ දණ්ඩකා රණ්ය යට එන රාවණ තුළ සීතාව දැකීමෙන් හටගන්නා ප්රයබෝධය සහ ප්ර මෝදය 3 වන අංකයේ 2 වන ජවනිකාවේ එන ‘පායන මේ බැද්දෙ තාරපතිද මේ’, යන ගීයෙන් මනා ලෙස වර්ණිත යි.
පායන මේ බැද්දෙ තාරපති ද මේ ආල නොවී ඉන්ට කාට හැකිද මේ.
දිලිසේ දත් මුතු සේ ම සුබාවී වරලේ රඳවා පුෂ්ප සුදිලිසේ.
නාස නැමී ස්වර්ණ අංකුස ලෙස වේ දෑස ඇගේ ඉන්ද්රණනීල මැණික සේ
ලෙල දේ පුන් තන සෞම්යර ළඳාගේ කැළඹේ දැකලා ඈව ම හද බෝ.
වෙස්සන්තර ජාතක නාට්ය යෙහි 3 වන අංශයේ 1 ජවනිකාවේ එන යුග ගීය. ජෝන් ද සිල්වාගේ කවිත්වය විදහා දක්වන තවත් එක් භාවවාහී පදමාලාවකි. ජෝන් ද සිල්වාගේ දහස් සංඛ්යාවත ගී අතරින් සිංහල නාට්යඑ කලාව පිළිබඳ ප්රා මාණිකයකු වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රටයන්ගේ ප්ර ශංසාවට පාත්රා වූ එක ම ගීය ද මෙය වේ. “........මතු දැක්වෙන ගීතයෙහි භාෂා ප්රගයෝගය ඔප මට්ටම් කරන ලද්දක් නුවුවද එහි රාග තාලයෙහි හා වචනවල මනා සංකලනය නිසාත් ප්රාකාශිත කුලධර්මානුකූල හැඟීම් නිසාත් සිංහලයන්ගේ පාරම්පරික උපවිඥානය හාරා අවුස්සා ඔවුන් ලොමුදැහැගැන්මෙන් උදම් කරවන ශක්තියක් එහි ඇත්තා සේ ය. (සිංහල ගැමි නාටකය, 1968, කොළඹ, 193 පිටුව.)
වෙස්සන්තර - මගෙ මද්රිර නම් බිසෝගේ යාඥාවෙ බෝය වේගේ
26
ජෝන් ද සිල්වා 29
නෙක් චණ්ඩ ව්ය ඝ්ර වාසේ හිමාල දේශ දේවී හාමත් ව ඉන්ට වේමැය් බෝ දුක් විඳින්ට වෙන්නේ නවතින්න මාලිගාවේ සිදේවි නේනු මාගේ
මද්රිි බිසෝ - ගෙයි පාන නෑ නියෝතින් මම් අන්ධකාරෙ ඉන්නෙම් මා බැන්ද පෙම්බරාගේ ඒ වාස මාගෙ වාසේ බෝ චණ්ඩ ව්යවඝ්ර ආදී උන්නත් හිමාල දේසේ එමි ස්වාමි එක්ක නික්මී ඒ ජීවිතේට පේවී.
3 වන අංකයේ 3 වන ජවනිකාවේ වංකගිරිය බලා යන අතරමග දී වෙස්සන්තර, මද්රිි, ජාලිය, ක්රී ෂ්ණජිනා යන සිවු දෙනා ගයන ගීය. උනුන්ගේ චරිත ලක්ෂණ - හැගීම් හෙළි කරන සුලු අරුත්බර ප්රදබන්ධයකි. බුදු බව ප්රනර්ථනා කරන වෙස්සන්තර රජු ජයතුරා නුවරින් පිටමං වි යන්නේ සොම්නස් සිතිනි. ඔහුගේ දනාධ්යා්ශය මුදුන් පමුණුවා ගන්ට රුකුල් දෙන කරුණාබර පතිනිය මාලිගයෙන් නික්ම යන්නී, සැමියා හා එක්ව බව දුක සංසිඳුවා ලීමේ අභිලාෂයෙනි. එහෙත් කුඩා ජාලිය කුමරු තුළ ඇත්තේ දුකකි. ඒ සිය නැගණියට හිමාල වනයේ දී විඳින්ට සිදු වන දුක් ගැහැට පිළිබඳ දුක යි. එහෙත් සසර දුක නිවීම සඳහා සිය පියා අනුදත් ක්රිවයාමාර්ගය ගැන කුඩා ක්රිතෂ්ණජිනා තුළ අවබෝධයක් තිබේ. ව්යදක්ත බසකින් රචනා නොවුණ ද යට සඳහන් ගීයෙන් මේ සකලවිධ අදහස් පළ නො වන්නේ ද?
වෙස්සන්තර - යමු දේවි බෝම මාන්සි වී පාපෙන් ගැලවී - යමු දේවී බෝම මාන්සි වී බුදු බව ලැබීමටා.
මද්රිබ - දෙන දානේ ආනිසංස බෝ ඒකෙන් ලොබ සන්සිඳී
27
30 ගීත ප්රනබන්ධක
සීත හිමාලයේ සිල් රැක මා ස්වාමි නිවසමු ඉන් ගෙවේ බවා.
ජාලිය - මගෙ නංගි ක්රි ෂ්ණජිනාවෝ මේකෙන් අපට දුකා මගේ නංගි ක්රිකෂ්ණජිනාවෝ දාන දිදී පියා පින් කරගන්නා බෝ සිදුවුණි දුක් මෙසේ මෙදා
ක්රිදෂ්ණජිනා - සසරේ දුක් දැක්ක මා පියා දානෙන් ලොබ සුන් කෙරි සසරේ දුක් දැක්ක මා පියා ඊට අපේ දුකා පින් ඇති අය්යණ්ඩී නැත පමණා පෙනේ මෙදා
පූර්වෝක්ක චරිත විසින් 4 වන අංකයේ 2 වන ජවනිකාවේ දී ගයනු ලබන ගීය ද තවත් අරුත් බර ප්රයබන්ධයක් වේ. වංකගිරියෙහි රෞද්රී භාවය ඉන් මනා කොට වර්ණිත යි.
වෙස්සන්තර - පුත්රණ පුත්රිං දේවි මෙහි පෙනෙත් විශාල පර්වතා ඝෝර ව්යතඝ්රප සිංහ දාර පිඹුරු වසති නෙක් අතා රෑට නින්ද නොයා සීත - බෝ තදින් වදීය වාත වනේ විසුම දෙන්නෙ බිත - රුදු ලෙඩ ඇත සන්නිපාත
ජාලිය - මාගේ භාග්ය්වන්ත පිතුරු මව් ද දැන් ඉඳිත් වනේ ඒ නිසා ම නැත බයත් ඊට සෞම්ය් පිතුරුනේ
මද්රිා බිසෝ - පුණ්ය වන්ත ස්වාමියා කෙරේ බැඳී දයා ළයේ නෑරි පවති මේ හිමාලයේ උන්න දිවා රැයේ ඉතා සීත හුළං වේග - වෙවුලවා දමාය අංග
ක්රිසෂ්ණජිනා - දැසෙ නින්ද නේය රෑට මේ හිමාලයේ පියේ බෝම දුක් විඳින්ට වේය හාමතේ දිවා රැයේ.
කෝට්ටේ යුගයේ දි පටන් දෘශ්ය මාන වන්නා වූ ‘සින්දු’ නමැති ප්ර්බන්ධ ප්ර කාරය, සිංහල කවියෙන් වෙනස් වන්නා වූ ප්රයධාන සාධකය නම් භාෂා භාවිතය හා වෘත්ත භාවිතය යි. ඉතා දිගු හා කෙටි විසම
ජෝන් ද සිල්වා 31
පාද සහිත ව අඥාත විරිත්වලින් ඒවා රචනා විය. ඉහත කියන්ට යෙදුණු පරිදි මාත්රා ඡන්දසින් හෝ ගණ ඡන්දසින් කව් බඳින්නකුට සංගීත ආකෘතියකට සින්දු බැඳීම එතරම් අසිරිමත් කාරියක් නො වූ නමුදු භාෂා ශෛලිය හා විරිත සම්බන්ධ පූර්වෝක්ත උභය සාධක නිසා අපේ රචකයන් එය අබිනව මාධ්යෛයක් කොට සැලකූ බැව් පෙනේ. එනයින් සංස්කෘත මිශ්ර භාෂා ශෛලිය, පැරණි සිංහල සින්දූවේ අනන්යඋතා ලක්ෂණය බවට පත් වූයේ ය. නාඩගම් හා නූර්ති සසඳමින් සරච්චන්ද්ර මහතා කරන මෙම ප්ර්කාශය. නුර්ති ගීයෙහි බස පිළිබඳ හැඟීමක් අප තුළ ඇති කරන්ට සමත් වේ. වියත් ලේඛකයන්ගේ අතෙහි නාඩගම් බස සාහිත්ය් ව්යසවහාරයෙන් පෝෂණය වී කාව්යව රසය උද්වහනය කිරීමෙහි සමත් වූ කමනීය මාධ්යයක් බවට පත් වූ නමුත්, නුර්ති ගීතවල බස එවැනි ලක්ෂණවලින් යුක්ත වූයේ කලාතුරකිනි. එක් හේතුවක් නම් බස් වහර පිළිබඳ ව කිසියම් සම්ප්ර්දායක් අනුගමනය කළ යුතු යයි නූර්තිකරුවන් නො සිතීම විය හැකි ය. අනික, නුර්තිකරුවන් තම ගීත රචනාව සඳහා අමුතු ශෛලියකින් යුත් සංගීතයක් ඇසුරු කළ නිසා සාම්ප්රතදායික බස් වහර අනුගමනය කිරීම දුෂ්කර වීම යයි සිතේ. ගද්යි ශෛලිය සම්බන්ධයෙන් මෙන් ගීත රචනාවෙහි දී ද නුර්තිකරුවන් සිතා මතා සිද්ධාන්තයක් අනුගමනය නො කළ බව, ඇතැම් ගීතයක වචන අඩක් මනා කොට යෙදී තිබීමෙන් ද අනික් අඩ සැලකිල්ලක් නැති ව රචනා කොට තිබීමෙන් ද පෙනී යයි. (සි.ගැ.නා.191-192 පිටු.)
ජෝන් ද සිල්වාගේ නාට්යැ ගි සමහරක් ප්ර්ශස්ත ස්ථරය කරා ළඟා නො වන්නේ සරත්චන්ද්ර් මහතා විසින් පෙන්වා දෙන ලද මේ භාෂා විෂමතාව නිසා යැයි කිව හැකි ය. උත්තර රාම චරිතයෙහි 3 වන අංකයේ 3 වන ජවනිකාවෙන් උපුටා ගත් මෙම ගියෙහි අවසන් දෙ පදය විමසා බලන්න. එය, එහි මුල් පදවලට ආවේණික භාෂා සම්ප්රිදායෙන් ඉඳුරා බැහැර වූවකි. නූර්ති ගීත රචකයන් කිසියම් නිශ්විත භාෂා රීතියක් අනුගමනය නො කළ බව ස්ථුට කිරීම සඳහා සරච්චන්ද්රී මහතා පෙන්වා දෙන නිදර්ශනය ද මෙය වේ.
දේවදාර වෘක්ෂ චම්පකාසෝක වන්දනා පූගතාල මූනමල් ද කදිර මෙ වන නන්දනා
32 ගීත ප්රතබන්ධක
බූරු ගෝන හස්ති අශ්ව - මේ වනේ පෙනෙන් විශාල පෙනේ මෙතන වෘක්ෂ සාල - ගුමු නද දෙති භෘංග ලෝල
ජානකීට මාන්සි ඇති වූ පාට දැන් පෙනේ පෙනේ හාන්සි වෙන්ට මෙහි හොඳා නින්ද යාවි මන මෙනේ
මෙබඳු අනුවිත භාෂා සම්මිශ්ර්ණයෙන් යුක්ත ගී පද රැසක් ජෝන්ද සිල්වාගේ නාට්යා ගීත අතරින් හමු වේ. යට දැක්වෙන්නේ තවත් නිදසුන් කිහිපයකි. මේ ගීතාර්ධයන්හි එන (i) සේරෝම (ii). ඉස්ම බී, කණ හොල්ලාය (iii ). කසාද බැන්දා (iv ). පත්තු වැනි පද සලකා බලන්න.
1. පුරේ රම්යා කෞසම්බි සක්දෙව් විමානෙව් නගරවාසි සේරෝම පෝසත් බැව් තේරේ (රත්නාවලී. 1 අංකය, 1 ජවනිකාව)
11. ඉර මුදුන් වෙලා භූමි වේලී හස්ති ශ්රීලෂ්මෙන් පිපාසේ දරාය සඳුන් රුකේහි ඉස්ම බි පිපාස සංසිඳේවී උගෙ මූණද්දරේ වාත කම්පා කණ හොල්ලාය ශ්රීතෂ්ම යන්ට පුප්පා... (නාගානන්ද, අ අංකය. 2 ජවනිකාව)
111. මේ දිප ලංකා සාරා සාරා කසාද බැන්දා රාජා රාජා (විහාරමහාදේවි චරිතය, 4 අංකය. 4 ජවනිකාව)
IV. පත්තු මා සිත් මන්දිරේ මෙතෙක්
වියෝගාග්නි දැන් ති නිව්වා
(වළගම්බා චරිත, 5 අංකය, 3 ජවනිකාව)
නූර්ති නාටකවල ගද්ය සංවාද අභිබවාගෙන සින්දු ගොඩ ගැසුණේ නාට්යියේ දෘශ්ය කොටස්, සූච්යණ කොටස්, වාව්යණ කොටස් ආදි සියල්ල සින්දුවට නැඟීම නුර්ති සම්ප්රයදාය වූ නිසා බැව් පෙනේ.
ජෝන් ද සිල්වා 33
එම සම්ප්රලදාය ගොඩ නැඟුණේ සංගීත ලෝලී ප්රේුක්ෂකයන් ආකර්ෂණය කර ගන්ට නාට්ය්කරැවන් දැරූ වෑයමේ ප්රගතිඵලයක් වශයෙන් විය හැකි ය. නුර්ති නාටක නිෂ්පාදනය සහ ප්රවදර්ශනය වෙළඳ ව්යාතපාරයක් වූයේ ය. ගීයට නඟන්ට පුළුවන් දේ ද නුපුළුවන් දේ ද ගී කර ගයන්ට යෑම නිසා ඉතා දුර්වල තත්ත්වයේ ගීත රාශියක් නුර්ති යුගයේ දී බිහි විය. ජෝන් ද සිල්වාගේ ගී අතර ද එබඳු ප්රුබන්ධ විරල නො වේ. යට දැක්වෙන ගීත කොටස් විමසා බලන්න.
i. වාසව දත්ත - කියන් මේ වාගේදෝ වාරේ ඉන්න ලෝකේ වාහෙලාගේ දැන් කාංචනමාලා - ක්රිැයාව නින්දිතයි උන්ගේ මේ වාරේ ගන්දස්සාරයි නොදකින් - චී චී - ගන්දස්සාරයි නොදකින් වසන්තක - සාගරිකා ළඳේ රාජාගෙ ආලේ පම් පම් ගා එයි නගිමින්- අද පම් පම් ගා එයි නගිමින් (රත්නාවලී, 3 අංකය, 6 ජවනිකාව)
ii. දුෂ්ට පරට්ටිය මක්ක කීවාද හීන්සැරේ... දුෂ්ට බාරි කාලකණ්ණී මොට්ට වාරයෙන් පට්ට පඳුරිගෙ පණ යයි අද එක විට නිකම් කකා ඉඳ මනු මුනු ගාය බලු වේසාවි වල්බාරි පල්කාර වේසාවී චි: චි: නෑ සෙනේ. (උත්තර රාම චරිතය, 1 අංකය. 1 ජවනිකාව)
iii. ලක්ෂ්මණ - රාග විසේ මේ විකාර ගෑනී පාන ලෙසේ ආවේ මේකිගෙ නාසේ දැන් ම කපා ලමි යන සේ ලේ ගංගා බොහෝ මේ පර වේසාවී කැත ගෑනී ආල වෙලා මා කරාම ආවා නීච පරට්ටී දැන් මේකිගෙ වාහේ කවුද කියා මම හගවා දෙම් කපලා - නාහේ චී පර වේසාවි ජඩ බාරී (රාමායණය, 2 අංකය. 2 ජවනිකාව)
34 ගීත ප්රනබන්ධක
සංගීතඥයන් විසින් සම්පාදනය කරන ලද හින්දුස්තානි සින්දු අනු ව හෝ හින්දුස්තානි වචන සහිත ව සැපයූ ‘රාගතාල’ අනු ව සිංහල වචන ලියන්ට යෑමේ දී හින්දුස්තානි උච්චාරණයට අනුගත වචන හා අරුත් සුන් පද ජෝන් ද සිල්වාගේ ගීවලට ප්ර්විෂ්ට වූ සැටි යට දක්වන නිදසුන්වලින් දැකිය හැකි වේ.
i. මගේ වන්දනා කෝවිල් උනිය හමාරා (නාගානන්ද, 5 අංකය. 1 ජවනිකාව) ii. පූජා හමාරා ජීවිතේ මා පුතුනේ හානි වී (නාගානන්ද, 5 අංකය, 4 ජවනිකාව) iii. අර රර රර රරර ගගා රාවණාග පුත්ර යා (රාමායණය, 5 අංකය, 3 ජවනිකාව) iv. මගෙ බිසෝගෙ චාරෙ රිස්සුම් අයියෝ නෑ දැන් දැන් බුද්ධි සුන් සුන් සුන් (විහාරමහාදේවී චරිතය, 2 අංකය, 3 ජවනිකාව) v. බැද්දේ කඳු අස්සේ හැංගී බුම් ගා වෙඩි ලන්නාහු මරලා බෝම හේවායන් යෙදී හානී යෙදී හානී (කැප්පෙට්පොළ, 4 අංකය, 3 ජවනිකාව) vi. තිගෙ හද සෝකා බෝ නොම වෙයියා බැඳුණි මෙ තිට ආල බෝ සේම ළෙයියා (වළගම්බා චරිත, 1 අංකය, 2 ජවනිකාව) vii. පුෂ්පා චාපේ දෙය්යා විද්දා දමාපී ඊයා සුන්දර මාගේ ළය්යා පෙම්වත් ඕහට දය්යා (කින්ග් ලියර්, 16 වන සින්දුව)
විශ්ව නාට්යල නාමාවලියෙහි අග්ර ස්ථාන දරන කෘති කිහිපයක් සිංහල වේදිකාවට ගෙන ඒමේ ගෞරවය ජෝන් ද සිල්වාට හිමි වේ. කාලිදාස, ශ්රීහ හර්ෂ, භවභූති ආදින්ගේ නාටක ද ශේක්ස්පියර්ගේ නාටක ද හේ සිංහල වේදිකාවට ගෙන ආවේ ය. ශකුන්තලා, රත්නාවලී, නාගානන්ද, උත්තර රාම චරිතය, ඔතැලෝ, හැම්ලට්, වැනිසියේ වෙළෙන්දා. මිම්මට මිම්ම යන නම්වලින් ආයේ මේ විශ්ව
ජෝන් ද සිල්වා 35
නාට්යදකරුවන්ගේ කෘති කිහිපයක සිංහලානුවාද ය. මේ නිසා රසික ජනයා මෙම නාටක තුළින් වඩාත් විශිෂ්ට ගණයේ ගීත සමුච්චයක් අසන්ට බලාපොරොත්තු වීම ඉතා සාධාරණය වේ. මන්ද, කාලිදාස හෝ ශේක්ස්පියර් ලෝකයේ අග්රජගණ්යක කවීන් බැවිනි. එහෙත් එබඳු විශිෂ්ටත්වයක් මෙකී අනුවාද නාටක ගීවලින් නම් පළ නො වන බැව් කියන්ට සිදු වේ. මීට ප්රදධාන හේතුව ජෝන් ද සිල්වා එකී විශ්ව නාටක ගැඹුරින් වටහා නො ගැනීම මතු නො ව තත්කාලීන නො දියුණු නාට්යග සම්ප්රෝදායේ බලපෑම සහ අවිදග්ධ රුචිකත්වයේ අහිතකර බලපෑම බවත් ඔහුගේ වැඩි අවධානය යොමුවූයේ එකී නාටකවලින් පළ වූ කථාන්තර වෙත මිස ඒවායින් පළ වූ කවිත්වය වෙත නො වන බවත් විචාරකයෝ පවසති. කාලිදාසගේ නාටක ද ශේක්ස්පියර්ගේ නාටක ද ඔහු නුර්ති සම්ප්රිදායට අනුගත ව සකස් කළේය. පෙර අපර දෙදිග විශ්ව නාට්ය කරුවන්ට ගීතය හෝ පද්යචය යොදා ගත්තේ අදහස් ප්රගකාශයට ගද්යි බස ප්රමාණවත් නො වූ විට මුත් ජෝන් ද සිල්වා ස්ථානයේ මෙන්ම අස්ථානයේ ද ගීත ඇතුළත් කළේ ය. මේ නිසා කාලිදාස නො ලියූ ගී ජෝන් ද සිල්වාගේ ශාකුන්තලයේ ද ශ්රීළ හර්ෂදේව නො ලියූ ගී ජෝන් ද සිල්වාගේ රත්නාවලියෙහි සහ නාගානන්දයෙහි ද ශ්රීී භවභූති නො ලියූ ගී ජෝන් ද සිල්වාගේ උත්තර රාම චරිතයෙහි ද දක්නා ලැබේ. මේ සම්බන්ධයෙන් සරච්චන්ද්ර් මහතා දක්වන අදහස් මෙබඳු ය. ‘නුර්තිවල අනුචිත ලෙස යෙදා ඇති ගී සින්දු නිසා ඇතැම් විට නාට්යතමය අවස්තාවන්ට බාධා පැමිණෙන අයුරැ කාලිදාසයන්ගේ මුල් ශාකුන්තලය හා ජෝන් ද සිල්වා මහතාගේ අනුවාදය සසඳා දැක්විය හැකි ය. කාලිදාසයන්ගේ කෘතියෙහි පළමු අංකයෙහි දුෂ්යඳන්ත රජු සැඟවී ශකුන්තලා දෙස බලාගෙන සිටින අතර බඹරෙක් ඇගේ මුහුණ වටා හැසිරෙමින් ඈට හිරිහැර පමුණුවයි. ඈ මේ හුමර පීඩාව අභිනයෙන් දක්වන අතර, නො පෙනී සිටින රජ ශකුන්තලාගේ රූප ශෝභාව වර්ණනා කරයි. එහෙත් ජෝන් ද සිල්වා අනුවාදයෙහි, බඹරා ශකුන්තලාට හිරිහැර කරන විට ශකුන්තලා ම ගීයක් ගයමින් තමාගේ රූප ශෝභාව ගැන කියයි. එ මෙසේ ය.
ගුමු නාදේ දෙන බඹරගෙ දොසිනා කරදර විය බොහො සේ ඒ මල දාලා ආවෙ ගුම් ගාලා මගෙ මූණ රිද්දා වත මාගේ මල වාගේ එහි භෘංගේ එයි රිංගේ මම කාට කියම්දෝ කරදර මේවා මාගේ මූණ රිද්දා
36 ගීත ප්රයබන්ධක
අනතුරු ව දුෂ්ය න්ත රජ ශකුන්තලා අබිමුවට පැමිණේ. මෙහි දී ශකුන්තලා ලවා ගීයක් ගැයීමට සැලස්වීම මේ කදිම නාට්යාමය අවස්ථාවෙහි සූක්ෂ්මත්වයට බාධා කරන අතර ශකුන්තලාගේ චරිත නිරූපණයට ද හානිකර යයි සිතේ. සංස්කෘත පෙළ බලා පරිවර්තනය කරන ලද ‘නාගානන්ද’, හා ‘රත්නාවලී’ යන නාට්යරද්වයෙහි පවා අනවශ්ය තැන්වලට සින්දු දැමීමෙන් මුල් කෘතිවල සන්දර්භයට හානි පැමිණ තිබෙන අයුරු මනා සේ පෙනේ. (සිං.ගැ.නා. 192 පිටුව)
ගීතය විසින් නුර්ති නාටකය කෙතරම් සැහැසි ලෙස ආක්රාමණය කරනු ලැබ තිබිණිද යත් සංස්කෘත නාටකවල ආ ගද්යල සංවාද පවා නුර්තිකරුවන් විසින් ගීයට පෙරළන්ට යෙදුණි. රත්නාවලී නාට්ය යෙහි 1 අංකයෙහි සාගරිකා තෙපලන ‘මේ පිය රජතුමා මාව පාවලා දුන්න උදයන රජතුමානෙ. අනේ අනුන්ට වැඩකාරකම් කිරීමෙන් පහත් තත්වයකට වැටුණු මගේ අසරණ ජීවිතේ යන්තම් බලාපොරොත්තු සහගත තත්වයකට පත් වුණා. යන වාසගම (රත්නාවලී, පියදාස නිශ්ශංක පරිවර්තනය, 1957, මහරගම. 11 පිටුව.), ජෝන් ද සිල්වා ගීයට නගන්නේ මෙ පරිද්දෙනි.
උදයනි ද අහෝ පෙනෙනා මේ පියාගෙ අදහස සේ එව්වේ මෙහාට මා මනමාලී වෙන සේ මෙ රජුටදෝ? උදයනි ද අහෝ පෙනෙනා මේ රජු ගැන සිත පෙළඹේ උදයනි ද අහෝ පෙනෙනා මේ? (රත්නාවලී, 1 අංකය, 1 ජවනිකාව)
අනුවාද නාටකවල දී ජෝන් ද සිල්වා අභිනව ගීත, සංවාද ඇතුළත් කළ සේ ම ඒවායේ අංක හා ජවනිකා වෙන් කිරීම ද සිය අභිමතය අනු ව කළ සැටි විචාරකයන් විසින් තුලනාත්මක ව පෙන්වා දෙනු ලැබ තිබේ.
ශේක්ස්පියර් නාටක සිංහලට පෙරළීමේ දී ගද්ය යට නගා ඇති ජේදයන්ට වඩා පද්යසයට හෝ ගීතයට නඟා ඇති ජේදයන් දුර්වල වී ඇති සැටිත් මුල් අදහස විකෘත වී සංක්ෂේපයෙන් කියැ වී ඇති
ජෝන් ද සිල්වා 37
සැටිත් මහාචාර්ය විමල් දිසානායක පෙන්වා දී ඇත. (ජෝන් ද සිල්වා හා සිංහල නාට්ය්ය, 1974, කොළඹ, 41-47 පිටු.)
ජෝන් ද සිල්වාගේ ඔතැලෝ අනුවාදය පිළිබඳ තවත් විචාරක මතයක් මෙසේ වේ. මුල් ග්රුන්ථයේ බොහෝ කොටස් අත් හරිමින් ද ඇතැම් කොටස්වල සාරාංශය පමණක් දෙමින් ද කරන ලද මෙම සංක්ෂිප්ත පරිවර්තනයෙන් ජෝන් ද සිල්වා අදහස් කර ඇත්තේ කියවා රස විඳීමේ සාහිත්යථ ග්රෙන්ථයක් හෝ අංග සම්පූර්ණ පරිවර්තන කෘතියක් හෝ නිෂ්පාදනය කිරිම නො ව, එකල ප්රේක්ෂකයන්ගේ ඕනෑ එපාකම් සපුරාලන නාට්යෂයක් පමණක් නිෂ්පාදනය කිරීම බව පෙනේ’. (කේ. ජී. කරුණාතිලක, ඔතෙලෝ හෙවත් වැනිසියේ යොනා, 1979, නුගේගොඩ, පෙරවදන, xi පිටුව.)
පැරණි සිංහල නාඩගම් ගී සමඟ සසඳා බලන කල නුර්ති ගීය විසින් පෙන්වනු ලබන්නේ සිංහල ගීතයේ පසුබෑමකැයි කිය හැකි ය. නාඩගම්වලට සාපේක්ෂ ව බලද්දී ව්ය්ක්ත, ප්රිශස්ත ප්රවබන්ධ නුර්තිවල දකින්නට ලැබෙන්නේ කලාතුරකිනැයි කියන්ට සිදු වේ. එහෙත් නුර්ති ගීය අද්යිතන රසිකයන් අතර ද ජනප්රිවය ය. ඒ වනාහි හුදු ගීත පදමාලාව නිසා ලත් ජනප්රිුයත්වයක් යැයි පැවසීම අසිරු වේ. මන්ද යත් නුර්ති ගීය සතු මධුර මනෝහර රාග තාල පංක්තිය, මෙම ජනප්රිඅයත්වයට බොහෝ සේ හේතු වූ බව පෙනෙන්ට තිබෙන බැවිනි. ඇතැම් ජනප්රිජය නුර්ති ගීයකින් සංගීත ව්යුීහය ඉවත් කළ විට අපට දකින්ට ලැබෙන්නේ සුන රුත් පද පෙළකි. නැතහොත් සිංහලයේ ශබ්ද ධර්මයන්ට පටහැනි ව ගිය කඩතොළු ප්ර බන්ධයකි. බොහෝ විට සිදු වී ඇත්තේ මධුර රාග තාල නිසා ඒ කඩතොළු වැසී යාම යි. නාඩගම් ගීයෙහි ස්වභාව එය නොවේ. රාග තාල සහිත ව ගත්කල ද රාග තාල රහිතව ගත් කල ද ඇගැයිය හැකි ප්රාශස්ත ගීත ප්ර බන්ධයෝ නාඩගම් ගී අතර දක්නා ලැබෙත්.
නුර්ති නාටක යුගයෙහි පහළ වූ දක්ෂතම නාට්ය කර්තෘවරයා ද දක්ෂතම ගීත ප්ර්බන්ධකයා ද ජෝන් ද සිල්වා යැයි කිව හැකි ය. ඔහු නිසැක වශයෙන් ම සිය පූර්වගාමී නුර්ති රචකයා වූ සී.දොන් බස්තියන්ට ද අනුප්රාුප්තික නුර්ති රචකයා වූ චාල්ස් ඩයස්ට ද වඩා කවිත්යෙන්, භාෂා නෛපුණ්යයයෙන් හා සමාර විඥානයෙන් හෙබියා වූ තැනැත්තෙකි. එහෙත් නුර්ති සම්ප්රාදාය වැනි සංකර නාට්යර සම්ප්රයදායකට
38 ගීත ප්ර බන්ධක
හා තමා ජීවත් වූ යුගයෙහි තමාගේ නාට්ය නැරඹු පංක්තියෙහි අවිදග්ධ රසඥතාවට මෙන් ම අභිනව සංගීත ශෛලියකට අවනත වන්ට සිදු වීම නිසාත් නාඩගම මෙන් හුදු විනෝදායන මාර්ගයක් වශයෙන් නො ව වෙළඳ ව්යාදපාරයක් වශයෙන් පැවති නුර්තී නාට්යාකරණයේ දී ‘නුර්ති වෙළඳ පොළට’ ගෙන යෑම සඳහා වැඩි වැඩියෙන් නාටක ලියා නිෂ්පාදනය කරන්ට පෙළඹීම නිසාත් යහපත් කලා විචාරයකින් හෝ ගුරුත්න්හි ලා සැලකිය හැකි පූර්වාදර්ශයකින් හෝ තොර ව නිර්මාණකරණයෙහි යෙදෙන්ට සිදු වීම නිසාත් ජෝන් ද සිල්වාගේ සමස්ත සාර්ථකත්වයට සම්බාධක පැනවුණු බව මෙහි ලා සඳහන් කළ යුතු වන්නේ ය.