ගුත්තිල කාව්‍ය-ප්‍රස්තාවනා

සංඥාපනය

සිංහල කවි පොත් අතුරෙන් ගුත්තිල කාව්යඅය කරම් ජන සම්භාවනීය අන්යප කව් පොතක් නැත්තේ යැයි කිය යුතුයි. ඊට හේතුව නම් එය කාව්යන රසයෙන් අනූන වන අතර වැඩි දෙනාට කියවා තේරුම් ගැනීම පහසු වීමයි. මේ නිසා ම ගුත්තිල කාව්යනය ඉතා දීර්ඝ කාලයන සිට පාඨශාලාවන්හි භාවිතා කරන ලදි. පින් පල ඇසීමට රුචි වූ බෞඬ මහා ජනයා ද මෙය ඉතා ආදරයෙන් පරිහීලනය කළහ.

ගුත්තිල ජාතකය ඇසුරු කොට මේ කාව්යරය රචනා කරන ලද්දේ වැත්තෑවේ හැමුදුරුවන් විසිනැයි මුඛ පරම්පරාවෙන් පැවැත එයි. ඒ මිස කතෘ පිළිබඳ කිසිම සටහනක් පොතෙහි හෝ සමකාලීන ඉතිහාසයන්හි හෝ ඇතුළත් නොවේ. ගුත්තිල කාව්ය්ය කතෘ තොටගමුවේ ශ්රීන රාහුල ස්ථවිරයන් වහන්සේ ගේ ගොලයෙකැ යි ද කියනු ලැබේ. ආචාර්යයන් වහන්සේ හා සමඟ ඇති වූ මත බේදයක දී තමා ගුරු දොහී වීමේ විපාක හොඳ හැටි දන්නා බැවින් ගුරු දෝහියකු නොවන බව ඇඟවීමට තමාගේ කාව්යි රචනාවට ගුත්තිල ජාතකය තෝරා ගත් බවද කියත්. සිය පින් සිරිරත්’ යනුවෙන් ප්රතථම කව වායු ගණයෙන් ආරම්භ කිරීමේ විපාකයක් වශයෙන් මෙම කාව්ය් කතෘහට දෙශ ගත වීමට සිදු වූ බව ද මුඛ පරම්පරාගත කථාවෙන් ප්රපකාශ වේ. වායු ගණයෙන් මුල කව රචනා කිරීම නිසා කෙසේ වුවත් ස්වකීය ගුරුවරයාගේ අප්රකසන්නය නිසා මේ කාව්යක කතෘ සිය රට හැරදමා විදෙශ ගතව සංචාරය කිරීම විශ්වාස නො කළ හැකි කරුණක් නො වේ.

සිංහල පොත් කතෘවරු බොහෝ සෙයින් ම ස්වකීය යෙදුම් සඳහා අනුන්ට ණය ගැති බව නො එක් උසස් සිංහල කාව්යවයන්ගෙන් ප්රනත්යවක්ෂව පෙනේ. මේ චෝදනාවට අසු නොවන කතෘවරු යම් ගණනක් ඇත්නම් ඒ සියලු දෙනාගෙම ම ගුත්තිල කාව්යු කතෘ තුමෝ අග්රෙගසරයහ. මුන් වහන්සේගේ අනික් කෘතීහු වූ නම් ඒ කවරහු ද යනුත් දැනගන්නට නැත.

ගුත්තිල කාව්ය ය දැනට කීප දෙ‍නකුගේ සංස්කරණයන්ගෙන් යුක්තව මුද්රිඅතව පවතී. මේ සියලු ම සංස්කරණයන්ගෙන් පණ්ඩිත ඩබ්ලිව්. ඇfප්. ගුණවර්ධන මුදලිතුමන්ගේ සංස්කරණය ඉතා වැදගත් කොට සැලකිය යුතුයි. එසේ වුවත් පාඨශාලා ශිෂ්යසයන්ගේ භාවිතය සඳහා කරනු ලබන සංස්කරණයක් එතරම් විස්තර සහිත නොවිය යුතුයයි පාඨශාලාචාර්යහවරයන්ගේ අදහස බැවින් පාඨශාලා ශිෂ්ය යනට යෝග්යනවනාකාරයෙන් අපගේ මේ සංස්කරණය කම්පාදනය කරන ලදි. කවක් පාසා භාවාත්ථි‍යක් හෝ පදගතාත්ථිසයත් හෝ නොයෙදෙන ලද්දේ එහෙයිනි. ශිෂ්ය යනට දුරවබොධයයි සැලකිය හැකි. වචනයෙන් අත්ථිනයන් පමණක් අපි යෙදුමු.වැඩි විස්තර ආචාරර්යයවරයන්ගෙන් අසා දැන ගත යුතුයි.


වී.ඩී. ද ලැනරෝල