ගිරා සන්දේශ විස්තර වර්ණනා-3
21
අන්වය - අසීරු නැත.
අර්ථය - අලංකාර වූ විවිධ ප්රාතසාදවල මැණික් බිත්තිවල පෙනෙන උදය රැස් සහිත සූර්ය මණ්ඩලය මේ පුරයෙහි සිටින සිත් ඇද ගන්නා කුල කාන්තාවන්ගේ මුහුණ නමැති පියුම්, මන්දිර ඇතුළට වැදි වැදී බලන්නාක් වැන්න.
විස්තර - (1) නගරයේ මන්දිරවල ලස්සණ කාන්තාවෝ වාසය කරති. ඔවුන්ගේ මුහුණු නෙළුම් මල් මෙන් ලස්සණය. නෙළුම් මල් හා සූර්යයා අතර ඥාති සම්භන්ධයක් ඇතැයි කවියෝ කියති, කෙසේ වුවද නෙළුම් උදෑසන පුබුද වන නිසා සූරුයයා ඒවා පුබුදන බව කවි සමය කියයි. උදෑසන හිරු පායා එන විට ප්රාාසාද බිත්තිවල පතිත වන සූර්ය බිම්බය, හිරු, මැදුරු ඇතුළට වැදි වැදී කාන්තාවන් ගේ මුහුණු නමැති පියුම් බැලීමක් වැන්න.
(2) මිණි බිතිනි - මැණික් බිත්තියෙන්; කිරි ගරුෙඬන් කළ බිත්තිවලට පිළිමිණි බිත් යැයි කියනු ලැබේ. එහෙත්
මෙතැන ‘මිණි’ නිල් මිණිය. ඉන්, ඔප ලූ කළු ගල් බිත්ති අදහස් කළා විය හැකිය. නෙළුම් පිපෙන්නේ ජලයෙහිය. ජලය නිල්පාට නිසා මෙතැනට උචිත වනුයේද නිල් බිත්තිය.
22
අර්ථය - සකල ශ්රී යෙන් පිරුණු මෙහි ප්රාතසාදයන්හි කොත් කැරලි අග (ඇති) මහත් වූ නිල් මැණික් ප්රවභාව ආකාශයෙහි පැතිරී රාහු පරිද්දෙන් සූර්යයාටත් චන්ද්රතයාටත් ළංවී ආකාශ ගංගාවෙහි (දිය) සෙවෙල් ලෙසින් පෙනෙයි.
විස්තර - (1) ප්රාසසාදයන්හි කොත් අග නිල් මැණික් සවි කොට ඇත. ඒවායින් නිකුත් වන්නේ නිල් පැහැයකි. එය කොතරම් ඉහළට විහිදෙන්නේද යතහොත් රාහු අසුරයා පරිද්දෙන් ඉරට හා හඳටද ළං වෙයි. දිය සෙවෙල් රාහු, දිය සෙවෙල් යන ආකාර දෙකෙන්ම දැක්වීම එතරම් උචිත නොවේ. ඇරත් මීට ඉහත 20 වැනි කවෙන් කියවෙනුයේ පහ අග කොත් කැරලි රනින් කළ බවයි.
(2) කවියා දැන් කවි පහකින්ම (17, 19, 20, 21, 22) කෙළේ නගරයේ ගෙවල් හා එහි කොටස් පිළිබඳ වර්ණනාවන්ය. එසේ වුවත් ස්වාධීන යැයි කිව හැකි කිසිදු විස්තරයක් ඉදිරිපත් කොට නැත. ගතානුගතික වර්ණනා පුන පුනා ඉදිරිපත් කිරීමෙන් මේ වර්ණනාව නීරස වී ඇත.
(3) අහස් ගඟ - මෙය කවීන්ගේ මනසෙහි උපන්නක් වන නමුත් ඒ පිළිබඳ නොයෙක් අන්දමේ විස්තර දක්නා ලැබේ. බෞද්ධ පොතපතෙහි එන පරිදි අහස් ගඟ අනවතප්ත විලෙන් පටන් ගෙන ඒ වටා තුන් වරක් පැදකුණු කොට දකුණු පස ඇති ගල් තලාව දිගේ සැට යොදුනක් ගලා ගොස් පර්වතයක හැපි තුන් ගව්වක් අහසින් ගමන් කරයි. අහස් ගඟ කියන්නේ ඒ කොටසටය. සුදු පැහැති මෙහි දිව්යාං ගනාවෝත් සිද්ධාංගනාවෝත් නාති.
පුරාණ නමින් හැඳින්වෙන හින්දු ග්ර න්ථවලට අනුව විෂ්ණුගේ මැපටැඟිල්ලෙන් පටන් ගන්නා මෙය ඊශ්වරයාගේ ජටාව වටා තුන්වරක් කැරකැවී පොළොවට පතිතව ගංගා, සින්ධු ආදි හතක් වසයෙන් මුහුදට ගලා යයි.
රාමායණයේ එන පුවතකට අනුව භගිරථගේ පුත්තු සැට දහසක් කපිල සෘෂිගේ ශාපයෙන් දැවී අළු වී යති. භගීරථගේ යාච්ඤාවෙන් පැහැදෙන ගංගා නම් දෙවඟන ඔවුන්ට පණ දීම සඳහා ගංගා නදිය පොළොවට එවන්නීය. එය පිළිගැනීමට පොළොව ශක්තිමත් නොවන නිසා පළමුවෙන් ශිවගේ ජටාවට බැස එතනින් සාගරයට ගලා ගොස් පුතුන්ට පණ දෙයි.
සුර මග - ආකාශය
(4) ගඟ - සංස්කෘත ආදි ඉන්දීය භාෂාවලින් ගංගා යනු නදියක නමක් පමණකි. නමුත් සිංහල ව්ය වහාරය අනුව හැම නදියක්ම ගඟකි. ලාංකික පාලි ග්රනන්ථද එම ක්රසමය අනුගමනය කර ඇත.
23
අන්වය - පහසුය.
අර්ථය - පබළු, මුතු මැණික් ආදියෙන් ආභරණ තනා පැළඳ ගෙන සඳලු තලවල සිටි තරුණ ස්ත්රීකහු අපූරු පල්ලව පත්රු, මල්, ගෙඩි බෙහෙවින් දරා, ස්වර්ණ පර්වත ප්රා න්තයෙහි ඇති කනක ලතාවන් වැන්නෝය.
විස්තර - (1) විශාල මන්දිරවල සඳලු තලයන්හි තරුණ කාන්තාවෝ පබළු, මුතු, මැණික් ආදියේන තැනූ ආභරණ පැළඳ ගෙන සිටිති. ඔවුහු රන්වන් පාට වෙති. ඒ ප්රාරසාද රන්වන් පාටය. විශාල බැවින් පර්වත බඳුය. ඒ නිසා කාන්තාවන් පෙනෙන්නේ පර්වත ප්රානන්තවල ළා දලු, මල් ගෙඩි සහිත ස්වර්ණ ලතාවන් ලෙසිනි. පබළු ළාදලුද, මුතු මල්ද, මැණික් ගෙඩිද වේ.
(2) සඳලු - විශාල මාලිගාවන්හි උඩුමහලෙහි සඳ එළිය ලැබෙන පරිදි තැනූ ආලින්දයන්.
කනා ලියන් - රත්රන් ලතාවන්
රන්ගිරි - මහමෙරට නමි.
බෙයද - පර්වත පාර්ශවය
24
අන්වය හා අර්ථය දෙකම දුෂ්කර නොවේ.
විස්තර - (1) රූමත් තරුණ ස්ත්රීමන්ගේ පියවුරු හංසයන් වැනි යැයි කියනු ලැබේ. මේ නගරයෙහි ස්ත්රීෂන්ගේ පියවුරු සුදු හංසයන්ටත් වඩා ලස්සණය. ඒ දකින හංසයෝ පරාජයට පත්ව ලජ්ජාවෙන් කැලයේ විල්වලට යති. එයින් උයන්වල විල් අවලස්සණ වී යා හැකිය. කාන්තාවන්ගේ තනපට බැඳීම ඔවුන්ගේ එ ලජ්ජාව නැති කොට ආපසු ගෙන්වීමේ ප්රේයත්නයක් වැන්න.
(2) මෙයද අලුත් අදහසක් නොවන නමුත් පුර වර්ණනා වසයෙන් මෙතෙක් ඉදිරිපත් කළ සෙසු කවිවලට වඩා රසවත්ය. පැහැදිලි චිත්ත රූපයක් මැවෙන පරිදි වචන මනා ලෙස හසුරුවා මෙම පද්යරය රචනා කොට ඇත.
ගෙදිගුවිල - ගෙවල් සමීපයෙහි තනන ලද දිගටි විල් අලංකාරය පිණිස මේවායේ හංසයෝ ඇති කරනු ලබති.
(3) අඟනන් වසති - අන්තර් වාක්ය යක උක්තය කර්ම විභක්තියෙනුත් ආඛ්යාැතය බහු වචනයෙනුත් තැබීම පැරණි සිංහල රීතියකි. සමහරු අදද මෙය අනුගමනය කරති.
25
අන්වය - මනකලා වත් කලා සපිරි සිසි වත, පිලා ඉඳු දුනු වන් නිලා තිබෙන බැම, රන හස පිලා වන් තනන දුලා තන පුර කලාවන් බලා පයැ’ද යනු බැරි.
අර්ථය - සිත් පිනවන වර්ණ සහිත සියලු කොටස්වලින් පිරි සඳ වැනි නිල්ව තිබෙන ඇහි බැම ස්වර්ණ හංස පැටවුන් මෙන් නලියන්නා වූ දිලෙන පියයුරු (සහිත) පුර ස්ත්රිමන් දැක පය නඟා යෑමටය නුපුළුවන.
විස්තර - වන් - මෙතැන පැහැය ගත හැකිය.
කල - සෙඳන් දහසයෙන් කොටස ‘කලා’ නමි. ඒ සියලුම කලා පිරුණු කල්හි පුන්සඳයි.
පිලා - කුඩා; නියම තේරුම ‘පැටවා’ යනුයි.
තනන - නටන, සෙලවෙන.
හස පිලා වන් - හංස පෝතකයන් වැන්න. ලොකු හංසයන්ට මෙන් නොව, හංස පැටවුන්ට එක විදියකට සිටිය නොහැකිය. ස්ත්රීටන්ගේ පියවුරුද එසේම චලනය වෙයි. පුරකලා වන් - නගරයේ ස්ත්රිටන්
26
අන්වය - දුෂ්කර නැත. ‘රොද ‘ක් කන අලක’ යන්න ‘අක් කන අලක රොද’ යැයි ගන්න.
අර්ථය - කන කෙළවර කියඹු වැල මුතු පට හා ගොතා බැඳ සඳ වැනි මුහුණෙහි සිත් සතුටු කරවන මඳ සිනහවක් පා උඩුමහලින් ටිකක් එළියට පෙනෙන පරිදි සිටි යහපත් තරුණ පුර ස්ත්රී හු විශේෂයෙන් දිව්යාංෙගනාවන් වැන්නාහ.
විස්තර - (1) පුරඟනන් සුරඟනන්ට උපමා කිරීමකිසි සේත් අලුත් අදහසක් නොවේ. එහෙත් මේ දක්වා අප ගිරා සන්දේශයේ උගත් කොටසේ එන රසවත්ම කවිය මෙය යැයි කිව හැකිය. කවිය කියවන අපට ලස්සණට මුහුණ හා හිස සරසා ගෙන මතු මහල් තලයේ සිට අඩක් එළියට පෙනෙන සේ මඳ සිනා පා සිටින කාන්තාවෝ මැවී පෙනෙති.
යම් කිසි සුන්දර දෙයක් සම්පූර්ණයෙන් පෙනෙන කල්හිද එහි අගය අඩු වෙයි. එහෙයින් ‘මඳක් එළි පෙනී’ යැයි කීම සුදුසුය. එසේම සම්පූර්ණ සිනාවට වඩා අඩ සිනාවද සිත් ගන්නාසුලුය.
(2) අක් කන - කනෙහි කෙළවර ‘ග’ යන්න හල් වූ විට නොයෙක් තැන්වල ‘ක්’ හැටියට සිටී.
අලක - අලංකාරය සඳහා කන අගින් නවා පහතට හෙළන කෙස් රොද. මෙයට කියඹු වැල යයිද කියනු ලැබේ.
මඳහස - මන්ද හාසය - අඩ සිනහව.
ලද - තරුණ.
උදක් - විශේෂයෙන්
27
අන්වය - වෙරළ ඉගිළ උතුළ උලෙළ රළ වැළ ලෙස නැබළ
පටළ පෙළ ලෙළවමිනි කෙළ කෙළ මොළ කරළ කෙරළ
බළ දළදප පහළ පුවළ දළ සිහළ බළ මුළු නිති ඔසළ.
අර්ථය - සමුද්රළ තීරය ඉක්මවා ඉතිරුණා වූ චංචල රළ පන්තිය ලෙස මහත් වූ පලිස් සොලව සොලවා ක්රීළඩා කරමින් මහත් සේ කර්කශ කේරළ හමුදා එඩි පහ කළා වූ ප්රෞ ඩ හා මහත් සිංහල භට සේනාවෝ නිතර එක් රැස් වූහ.
විස්තර - (1) මෙය අර්ථය හා සරලතවය අතින් එතරම් උසස් නිර්මාණයක් නොවේ. එසේ වුවත් මෙහි යොදා ඇති වචනවලින් නඟින ශබ්ද ධ්වනිය ප්ර ස්තූතයට ඉතාමත් උචිතය. පලිස් උඩට ඔසවා ගෙන ලෙළව ලෙළවා එක් රැස්ව සිටින සේනාවක් ධ්වනිත කිරීම සඳහා ඒ අතිශයින්ම සුදුසුය.
(2) ඉගිළ තුළ - මෙහි ඉගිළ + උතුළ හෙවත් උතුරා ගිය යන අර්ථය ගැනීම වඩා සුදුසුය. ඉගිළ + උතුළ යන පද මෙසේ සන්ධි වීමට පුළුවන. රජ + උතුමා = රජතුමා වන්නාක් මෙනි.
නැබළ - මහත්.
පටල - මෙහි අර්ථය පලිස් යැයි කෝෂ ග්රනන්ථවල එයි.
කරළ - කර්කශ
පුවළ - මහත්.
දළ - දෘඪ, මහත්
ඔසළ - රැස් වූ.
28 හා 29
අර්ථය - මහාසේන හෙවත් කඳ කුමරුගේ වික්ර මයෙන් සාර වූ මහා සේනාව නිතර සිටින සියලු ඓශ්චර්යෙන් විශේෂයෙන් පිරුණු ශක්රව පුරය වැනි ඒ නගරයෙහි උතුම් වූ ඉසුරෙන් ශක්ර්යා මෙන් ප්රශසිද්ධ, විරුද්ධ රජුන් නමැති ඇතුන්ට සිංහයෙකු (බඳු) නිතරම සුචරිත ක්ර මය අවුල් නොකොට පුරුදු කළ සුන්දර වූ සිරි පැරකුම්බා නිරිඳු වෙසෙයි.
විස්තර - (1) ගිරාකරු එක් මාතෘකාවක් යටතේ කළ යුතු වර්ණනය කොට වෙනත් මාතෘකාවකට බසින බොහෝ තැන්වල විරිත වෙනස් කරන බව පෙනේ. මෙහිද පුර වර්ණනයෙන් ඉක්බිතිව රාජ වර්ණනය ආරම්භ කිරීම සඳහා විරිත වෙනස් කළ බව පෙනේ.
(2) මහසෙන් - ස්කන්ධ කුමාරයා. ඔහුට මහත් වූ සුර සේනාවක් සිටී නිසා මෙනමින් හැඳින්වේ.
කඳ කුමරුගේ පියා මහේශ්වරයාය. මව පාර්වතියයි. මේ දෙදෙනාගේ එක් වීමෙන් කඳ කුමරුගේ උපත සිදු වූ අයුරු විස්තර කරමින් කාලිදාස ‘කුමාර සම්භව’ නම් වූ කාව්යමය ලියා ඇත.
විකුම්සරු - වික්රවමයෙන් සාර වූ
දම්බා විරිදු - ජම්භ නම් අසුරයාගේ විරුද්ධකරු - ශක්රකයා සුරා’සුර යුද්ධයේදී මොහු අසුරයන්ගේ නායකයෙක් විය. මිගිඳු - මිග + ඉඳු, මෘගයන්ගේ රජු = සිංහයා
සතත - නිතර
වැජඹි - කුමාරතුංග මෙය ‘වජඹි’ යනුවෙන් වෙනස් කරයි. එහෙත් තවත් බොහෝ තැන්වල වර්තමානය හැඟවීමට අතීත ක්රිසයා පදය යොදා ඇත. විස්තර සඳහා විමර්ශන සහිත තිසර සන්දේශය බලන්න.
30
අර්ථය - නැවතද, මේ තමන්ගේ බාහු බල පරාක්රදමයෙන් ජය ගත් අන්යර රාජ සමූහයා විසින් වික්ර-මයන් පසස්නා ලද ලෝක චක්රේවර්ති සිරි පැරකුම්බා මහ රජතුමාගේ යුද්ධ වික්රරමාධිකකම, තේජස, දානය යසස ආදියෙහි ඒකදේශයක් (ස්වල්පයක්) අසව.
විස්තර - (1) ගැඹුරු වචන සමූහයක් යොදා ඇති නමුත් ඒ වචනවල ශබ්දයේ තරමට අර්ථයක් නොමැත. සාඩම්බර සංස්කෘත වචන යෙදීමේ ලා සිංහල බෝධිවංසාදියෙහි කතුවරුන් මෙන් මේ සන්දේශකාරයා දක්ෂ නොවේ. පද්යව රචකයෙකුගෙන් එය බලාපොරොත්තු විය යුත්තක්ද නොවේ.
සමහරවිට කතුවරයා මේ ගැඹුරු වචන භාවිතා කිරීමෙන් අදහස් කරන්නට ඇත්තේ පරාක්රරමාබාහු රාජයාගේ බල පරාක්ර මය පිළිබඳ ඉඟියක් කිරීම විය හැකිය.
(2) නිජ භුජ බල - තමන්ගේ හස්ත බලය
පරාක්රපමාක්රා න්ත - පරාක්රතමයෙන් ජය ගත්
පරරාජචක්ර - අන්ය- රාජ වළල්ල හෙවත් සමූහය
භූ චක්ර්වර්ති - පොළෝ තලයට චකුවර්ති
වික්ර්මාතික්රතම - අතිශය වික්ර්මය
ප්ර්තාප - තේජස; තාප - තවන ගතිය
ප්ර්දාන - දීම
කීර්ත්යාදි - කීර්ති ආදි; කීර්තිය නම් යසසයි
ගුණෛකදෙශයක් - ගුණ+එක දේශයක්; ගුණයෙහි එක කොටසක්