ගිරා සන්දේශ විස්තර වර්ණනා-24

231

අන්වය - මිතුර, පවර රුසිරු මහ සඟ සමග බෝතුරු බැති පෙම් සිතිනි නොහැර නැමද පිවිතුරු වෙහෙර පසඟතුරු රැවු පුද නොදෙන තුරු සැදි සොඳුරු පහ අතුරු වැද

අර්ථය - (1) මිත්රොය, උසස්, සිත්කලු මහා චෛත්යරය සමග බෝධි වෘක්ෂයද, භක්ති ප්රේයම සිතින් අත් නොහැර වැඳ පවිතු වූ විහාරයෙහි පංචාංගික තූර්ය නාද පූජා පැවැත්වීමට පෙර අලංකාර සුන්දර ප්රාවසාදය තුළට සන්තෝෂයෙන් වැදී.

(2) පසඟතුරු රැවු - පංචාංගික තූර්ය නාදය; ආතත, විතත, විතතාතක, ඝන. ශුෂිර යන තූර්ය භාණ්ඩ වර්ග පසින් දෙන නාදය.


232

අන්වය - කඳවුරුගම් කුල දලනිඳු ලකළ මුදලිඳු. පිවිතුරු සොඳුරු උතුරුමුල මහ තෙරිඳුට මුනුබුරු මහරු ගුණ සරු, පිළිවෙත් ගැඹුරු, ඇම කල තම තෙපුල් කිවිකුල මුදුන් මල් කළ, නිකසළ මනරම් මුනි සසුන් වැඩ පිණිස පැරකුම් රජු විසින් සුත පෙමිනි ඇති කළ සිරිබර මෙසිරි ලක අඟන පැලඳි පිරිසිදු පුවතර මහ වෙහෙර වැසි සිනිඳු ගුණ තෙර මනහර රුවන් වැළ මැද බඳ මිණි එක බඳු පවර විජයබ පිරුවන් තෙරිඳු නම කර.

අර්ථය - ස්කන්ධවාරග්රාවම කුලය නමැති සමුද්රිය අලංකාර කළ මහා මේරු පර්වතය වැනි, පිරිසිදු සුන්දර උත්තරමූල මහා ස්ථවිරයන්ට මුනුබුරු, මාහරභ ගුණයෙන් සාර, ප්රුතිපත්තීන්ගෙන් ගැඹුරු, සියලු කල්හිම තමන්ගේ වචනය කවීන් සමූහයාගේ මුදුනෙහි පළඳින පුෂ්පය බවට පත් කළ, නොකැළැල්, මනරම් බුද්ධ ශාසනයෙහි හිත පිණිස පරාක්රලම රජු විසින් පුත්රක ප්රේ මයෙන් ඇති කළා වූ සිරියෙන් බර මේ ශ්රීර ලංකා නමැති කාන්තාව පැළැන්දා වූ පවිත්ර , ප්ර සිද්ධ මහා විහාරවාසි ස්නිග්ධ ගුණ (ඇති) ස්ථවිරවරුන් නමැති ම‍නෝහර රත්නාවලිය මැද බැඳි මැණිකක් හා සමාන උතුම් විජයබාහු විහාර (අධිපති) ස්ථවිරතුමාට නමස්කාර කරව.

විස්තර - කඳවරුගම් කුල - ස්කන්ධවාර වංශය; සිරි රහල් හිමියන් උපන්නේ මෙම වංශයෙහිය. කඳවුරු පුරය නමින් හැඳින්වෙන්නේ පොළොන්නරුවයි. එහි සම්බන්ධයක් නිසා කඳවුරු ගම් කුලය ඇති වූයේ යැයි සමහරුන් කියතත් එය පිළිගැනීම දුෂ්කරය. මේ කාලය වන විට පොළොන්නරුව වැනි විශාල නගරයක් හැඳින්වීම සඳහා ‘ගම්’ යන වචනය භාවිතා කෙළේ යැයි සිතීම දුෂ්කරය.

දලනිදු - ජලනිධිය; ජලයට නිධාන වන නිසා සමුද්රටය දලනිදු යැයි හැඳින්වේ.

මුදලිඳු - මහාමේරු පර්වතය

උතුරුමුල මහ තෙරිඳු - උත්තරමූල යනු පෙර පැවති සංඝායතනයක නමකි. ගලතුරුමුල, විල්ගම්මුල, මහනෙත්පාමුල, කපාරා මූල සේනාධිපති මූල ආදි වසයෙන් මෙවැනි ගුරුකුල අටක් තිබිණ. අනුරාධපුර යුගයේදී ආරම්භ වූ මේ ආයතන ගැන දැන් එතරම් විස්තර ලබාගත නොහැකිය.

සුත පෙමින - පුත්ර ප්රේ්මයෙන්; රහල් හිමියන් කුඩා කල පුත්රමයෙකු හැටියට හදා වඩා ගනු ලැබුයේ හවන පැරකුම්බා රජු විසිනි.

මහ වෙහෙර - අනුරාධපුරයෙහි මහාවිහාරය.

විජයබ පිරුවන් තෙරිඳු - විජයබා විහාරාධිපති. නොයෙක් විට විහාරයක අධිපති හිමියෝ විහාරයේ නමින් හැඳින්වුණහ. මයූරපාද හිමි ආදි වසයෙනි. මෙහි කියවෙනුයේ සිරිරහල් හිමි ගැනය.


233

විස්තර - අසදෘශ - අසමාන

ප්ර්ඥාපාටව - ප්රුඥව නිසා ඇති වු දක්ෂකම

ප්ර්ශස්තතර - වඩා පැසසිය යුතු

ත්රිතපිටක වාගීශ්වර - ත්රි පිටක වචනයට අධිපති; ත්රි‍පිටකයෙහි ඕනෑම දෙයක් ක්ෂණයකින් කිව හැකි.

වාග් + ඊශ්වර ‍ = වාගීශ්වර

වර්ණ භාෂණයක - ගුණ කීමකි.

කර්ණභූෂණය කර - කර්ණ පළඳනාවක් කරව; හොඳින් අසන්න යන අර්ථයයි.


234

අර්ථය - ගම්භීර වූ අභිධර්ම පිටකය නමැති ක්ෂීර සාගරය නිතරම සොඳුරු වූ නුවණ නැමිත මහාමේරු පහරින් කලඹා මිහිරි වූ පදාර්ථ නමැති අමෘතය ලෝකයාට ගෙන දෙන්නා වූ ඒ යතිවරයාට මේ කාලයෙහි කවුරු නම් සමාන වෙත්ද?

විස්තර - විජම් පෙළ - අභිධර්ම පාළිය; මෙය ‘ධම්ම සංගණී’ ආදි ප්ර කරණ හතකින් යුත්තය; අබිදම්> බිදම්> විදම්> විජම්; ‘ද’ යන්නට ඇතැම් විට ‘ජ’ ආ‍දේශ වේ. බුදස් = බුජස් ආදි තැන්වල මෙනි. බීජ. වීජ යනාදි තැන්වල ‘බ’ කාරයට ‘ව’ කාරාදේශයද සිදු වේ.

සකොබ කොට - සංක්ෂොභ කොට, කලඹා


235

අර්ථය - මහත් වූ විවිධ කිලුටු දෘෂ්ටි නමැති ග්රී ෂ්මය දුරු කොට උතුම් වූ ස්වර්ග මෝක්ෂ ඵල සම්පත් ලෝකයට දෙන්නා වූ

බුදුන් වහන්සේගේ සූත්ර ධර්ම නමැති උස් වූ දිව්යද වෘක්ෂයට මනස්කාන්ත ඔහුගේ ඥානය නමැති භූමියම පිහිට විය.

විස්තර - (1) කලින් කවියේන විජයබා තෙරුන්ගේ අභිධර්ම විශාරදත්වය ප්ර්කාශ කළ කවියා මෙයින් උන් වහන්සේගේ සූත්ර ධර්ම ඥානය පිළිබඳව කියයි. සුත්ර ධර්මය විශාල ගසකි. ඉන් මිථ්යාත දෘෂ්ටි නමැති ග්රීිෂ්මය දුරු වෙයි. එහි හට ගන්නා ගෙඩි වනුයේ ස්වර්ග මෝක්ෂ සම්පත්තීන් මේ මහා වෘක්ෂය පිහිටියේ විජයබා පිරිවෙන් හිමිගේ ඥානය නමැති පොළොවෙහිය.

(2) විහිගුම් - මහත් වූ

විහිට - විහිදුවා, දුරුකොට

නරදම් සැරි - පුරුෂ දම්යළ සාරථි යනුයි. දමනය කළ යුතු අය දමනය කරන යනු එහි තේරුමයි.

සුරතුර - දෙව්ලොව දිව්යය වෘක්ෂ පහක් වේ. ඉන් කල්ප වෘක්ෂය සඳහා මෙසේ කියන ලද බව සැලකීම සුදුසුය.


236

අන්වය - මුනිවර සසුන් මිහි මඬලෙහි නදනා කළ මනහර විනය පද අරුත් මහ මිණි අදනා පෙර ඇදුරන් උවදෙසුන් ලැබ නැණ පතළ දනා ඇර ගෙන දෙමින් යති ගණ ‍නඳනා කරවයි.

අර්ථය - බුද්ධ ශාසනය නමැති පොළෝ තලයෙහි නිධන් කළ සිත් ගන්නා විනය පදාර්ථ (නමැති) මහත් මැණික් අදින්නා වූ, පුරාණ ආචාර්යවරුන්ගේ උපදෙස් ලබා ඥානය නමැති ප්ර කට ධනය රැගෙන දෙමින් යතීන් සමූහයා සතුටු කරවයි.

විස්තර - (1) බුද්ධ ධර්මය වඩාත් පහසුවෙන් තේරුම් ගැනීම සඳහා අටුවා ඉදිරිපත් කළෝ බුද්ධඝෝෂෘචාරීහුය. ඔවුන් එසේ කෙළේ ඊට කලින් සිටි පුරාණ ආචාර්යවරුන්ගේ

මතද සැලකිල්ලට ගනිමිනි. මේ පුරාණාචාර්යවරුන්ගේ මත පොළොවෙහි නිධන් කළ මැණික් මෙන් අර අටුවාවල අන්තර්ගත වෙයි. තොටගමු වෙහෙර වැසි යතිවරු මේ පුරාණාචාර්ය මත නමැති ඒ මැණික් මතු කර දීමෙහි සමත් වෙති.

(2) මිහි මඬල - පෘථිවි මණ්ඩලය


237

නැණ පතල දන - ඥානය වනාහි පෙර පටන්ම ප්රයකට ධනයකි.

අන්වය - සතර පහළ කළ පොරණ ඇදුරන් සෙ අට වියරණය නොහැර සිත සෙ දැන ගෙන සත සතොස කරන පවර පබඳ බැඳ සියලු දෙරණ නිතොර පසිඳු කරවියත

අර්ථය - ශාස්තුයන් ඇති කළා වූ පුරාණ ආචාර්යවරුන් මෙන් අෂ්ට ව්යාගකරණය අත් නොහැර සිත් සේ දැන සත්ව‍යාගේ (ලෝ වැසියාගේ) සන්තෝෂයට හේතු වූ උසස් ප්රතබන්ධ බැඳ මුළු ලෝකයෙහි නිතර ප්ර සිද්ධ කරවීය.

විස්තර - අට වියරණය - ශාස්ත්රනය පහළ කළා වූ පුරාණාචාර්යවරයන් දැන සිටියේ සංස්කෘත ව්යා කරණයයි. එහෙයින් මෙහි අදහස් කරනුයේ ඉන්ද්රළ, චන්ද්ර , කාස්කෘත්සන, අපිශල, ශාකටායන, පාණිනි, අමර, ජෛනෙන්ද්ර යන අට දෙනාගේ ව්යායකරණයන්ය. රහල් තෙරණුවෝ ඒ සියල්ල දත්හ. උන් වහන්සේ බුද්ධිප්පසාදනී, පඤ්චිකාප්රකදීප යන ව්යා කරණ විවරණ පොත් දෙකක්ද රචනා කළහ.

පවර පබඳ - උසස් ප්රපබන්ධ; සංස්කෘත වියරණ දැනසිටි පමණින්ම, කුමාරතුංග අදහස් කරන පරිදි, මේවා සකු ප්ර;බන්ධ විය යුතු නොවේ. රහල් හිමියෝ සැළලිහිණිය, කාව්ය ශේඛරය ආදි උසස් ප්රිබන්ධ සිංහලෙන් කළහ. මින් ඒවාද අදහස් වන්නේ විය හැකිය.


238

අන්වය - සසමය, සතර සිඳු අගතිසි කරතලය සපිරි පිරිසිදු ගුණ ඇම කලය අසමය. මෙසමය දියතෙහි පසිඳු එහිමි තෙපලය විසමය ඇදුරු තුරු උදුරන සැඬ නලය.

අර්ථය - ෂඩ් සමය නැමැති සතර සාගරයට නැතහොත් ආගම සහිත ශාස්ත්රක නමැති සාගරයට අගස්ති සෘෂිහුගේ අත්තල බඳු හොඳින් පිරුණු පිරිසිදු ගුණ හැම කල්හිම අසමානය. මේ කාලයෙහි ලෝකයෙහි ප්රිසිද්ධ නමැති ගස් උදුරා ලන චණ්ඩ මාරුතයකි.

විස්තර - සසමය- න්යාහය, වෛශෙෂික, සාංඛ්යන, යෝග, මීමංසා, වේදාන්ත යන දර්ශන විධි හය. සසමය යන්නට නිවැරදි දර්ශනය යනුවෙන්ද අරුත් කිව හැකිය.

අගතිසි-අගස්ත්යය සෘෂිවරයා; වරක් ඉන්දු විසින් ලුහු බඳිනු ලැබූ අසුරයෝ දිව ගොස් මුහදෙහි සැඟවුණහ. මෙවිට අගස්ත්යර සෘෂිවරයා මුහුදෙහි දිය දෝතින් ගෙන පානය කොට ඔවුන් දැක්වීය. මෙහි එන සඳහන ඒ ගැනය. අගතිසිට අත්ලට ගත් වතුර ගැන හොඳ දැනුමක් ඇත. ෂඩ් දර්ශනය ගැන විජයබ හිමියන්ට ඇත්තේද එබඳු දැනුමකි

කරතල - හස්ත කලයෙහි; අත්තලෙහි

විසමය ඇදුරු තුරු - මිථ්යාබ දෘෂ්ටි නමැති ගස්

සැඬ නලය - චණ්ඩ වූ මාරුතයයි.


239

අන්වය - සේ පිරියත් මහ කව් යෙහෙන දැන ගෙන, සියපත්, කොඳ සඳ සේ සොබන යස රැස් පෑ දියතෙහි නිතින දියකොත් බඳවා ඒ නඳන සිරිමත් යති බබලයි.

අර්ථය - දක්ෂ භාවයේ කෙළවරට (ගොස් බඳනා ලද) මහා කාව්යනයන් හොඳින් දැන ගෙන නෙලුම්, කුමුදු හා චන්ද්ර(යා මෙන් ශෝභන යශෝරශ්මිය පෙන්වා ලෝකයෙහි නිතර ජයකොඩි බඳවා ඒ නන්දනීය වූ හිමිතුමා බබලයි.

විස්තර - සේ පිරියත් = ‘සේ’ යනු ඡෙක හෙවත් දක්ෂ භාවයයි. එහි කෙළවරට ගියේ සේ පිරියත්ය.

දියකොත් බඳවා - ජය කොඩි නංවා


240

අන්වය - පසිඳු, රුසිරු සරසවි ලිය නිතර රැඳි, කිවිඳු සවන් බිඟු වැල නොහැර තුටු කළ පුබුදු සොඳුරු පවර ඔහු මුව තඹරට, සඳ ලකර සිනිඳු සුවඳ මුවරඳ විය.

අන්වය - පසිඳු, රුසිරු සරසවි ලිය නිතර රැඳි, කිවිඳු සවන් බිඟු වැල නොහැර තුටු කළ පුබුදු සොඳුරු පවර ඔහු මුව තඹරට, සඳ ලකර සිනිඳු සුවඳ මුවරඳ විය.

අන්වය - ප්රුසිද්ධ වූ, සිත්කලු සරස්වතී කාන්තාව අනවරතයෙන් සිටි කවිඳුන්ගේ කන් නමැති මී මැසි සමූහයා අත් නොහැ සතුටු කළා වූ ප්ර්බුද්ධ, සුන්දර ඔහුගේ මුඛ පද්මයට, ඡන්දෝලංකාර සිනිඳු සුවඳ රේණු විය.

විස්තර - (1) විජයබා පිරුවන්පති හිමියන්ගේ මුහුණ නෙලුම් මලකි. එහි සරසවි වසන බව කීමෙන් උන් වහන්සේගේ කවිත්වය ධ්වනිතය. ඒ කවිත්වයෙන් කවීන්ගේ කන් නමැති මී මැස්සෝ සතුටු වෙති. එසේම ඒ පියුමෙහි රේණු ඡන්දස් අලංකාරයැයි කීමෙන් එම ශාස්ත්රතයන් විෂයෙහි උන් වහන්සේගේ නිපුණත්වය ප්රරකාශ වේ.

(2) සරසවි ලිය - සරසවි යැයි කී විට ‘ලිය’ යනු අනවශ්යගය. එහෙත් බැමිණිලීය, බිසෝලඳ ආදි ව්යාවහාර සිංහලයෙහි දක්නට ලැබේ.

සඳලකර - කවිවල විරිත් පිළිබඳව උගන්වන ශාස්ත්රටය ඡන්දස්ය. අලංකාර විධීන් උගන්වනුයේ ලකරය.