ගිරා සන්දේශ විස්තර වර්ණනා-23

221

අන්වය - සමහර සුපිළිපන් සඟ ගණ මන මෙනය පුවතර අරුත් ටීක වෙන වෙනය ගෙන පැණසර ඇදුරු උවදෙස් බස් දැන ගෙනය විනය නය ගැඹුරු තැන් නොම හැර විමසති.

අර්ථය - ඇතැම්, මනා වූ ප්රඹතිපත්ති සහිත සංඝ සමූහයා සිත් වූ පරිදි, ප්රයසිද්ධ අර්ථ ටීකා වෙන වෙනම ගෙන ප්රතඥාවෙන් සාර වූ ආචාර්ය උපදේශ වචන දැන ගෙන විනය න්යා යයන්හි ගම්භීර ස්ථාන අත නොහැර විමර්ශනය කරති.

විස්තර - (1) ඉහත සඳහන් පද්යර දෙකෙන් කියවුණේ ත්රි පිටකයේ අභිධර්ය, සූත්රධ යන පිටක අධ්යනයනය කරන සංඝයා ගැනය.

(2) සුපිළිපන් - සුපටිපන්න. යහපත් ප්රකතිපත්තීන්හි පිහිටි

අරුත් - අර්ථ කථා, සමන්ත පාසාදිකා ආදි ග්රපන්ථ.

ටීකා - අර්ථ කථාවන් සඳහා කළ ව්යාතඛ්යා න; මේවා දුරවබෝධ පදවලට කළ අර්ථ කථනයන්ය.

විනය - භික්ෂූන් සඳහා වූ ශික්ෂාපද ආදිය ඇතුළත් පිටකය.


222

අන්වය - සොඳ පත් පොත් රැගෙන, වෙහෙර පසෙක ඉඳ නොයෙක ගැඹුර තැන් සිත් ලෙසින පිළිවිස යෙදෙන සන් සඳ අරුත් නොහැර සලකමින් වියරණ වනපොත් කරන හෙරණ රැසක.

අර්ථය - උසස් පොත් පත් ගෙන විහාරයෙහි පැත්තක ඉඳ ගෙන නොයෙක් ගම්භීර ස්ථාන අභිමත පරිදි විමසමින් යෙදෙන්නා වූ සංඥා, සන්ධි හා අර්ථයන් සලකා බලමින් ව්යාිකරණ කට පාඩම් කරන්නා වූ සාමණේර සමූහයකි.

විස්තර - (1) විහාරයෙහි ධර්මය උගන්වන භික්ෂූන් ගැන කීමෙන් ඉක්බිතිව මෙතැන් සිට ශාස්ත්රා හදාරන අය ගැන විස්තර කෙරේ.

(2) සන් සඳ - සංඥා හා සන්ධි; සිදත් සඟරාවෙහිද සඳහන් වන ව්යා2කරණ විධි දෙකකි. වනපොත් කරන - කට පාඩම් කරන


223

අන්වය - දැමුණු සිතින් වෙහෙර පූරණ කර ඉඳ, තියුණු නැණින් සැත නිවාරණ කෙරෙමින් එකින් එක සමය කාරණ පමුණුවමින් බමුණු රැසෙක් වෙද අරුත් දාරණ කෙරෙති.

අර්ථය - හික්මුණු සිත් ඇතිව විහාරය පුරා ඉඳ, තීක්ෂණ ඥානයෙන් සැක පහ කෙරෙමින් එකින් එක ආගමික මතවලට හේතූන් ගෙන හැර දක්වමින් බ්රාමහ්මණ සමූහයක් වේද අර්ථ ධාරණය කරති.

විස්තර - (1) තොටගමු වෙහෙරෙහි බුදු සමය පමණක් නොව වෙනත් ආගම්ද ඉගැන්වුණු බව මෙයින් පෙනේ.

(2) සැක නිවාරණ කෙරමින් - සැක දුරු කරමින්

සමය - ආගම්

කාරණ - කාරණ යන වචනයෙහි නියම තේරුම හේතු යනුයි. ‘සාධක’ වැනි තේරුමක් එහි නැත. මේ අනුව කරුණු හා කාරණ යනු අර්ථ දෙකක යෙදෙන බව පෙනේ. ‘කිමද නොසතුටු වන්ට කාරණ?’ (ගුත්තිලය) ආදි තැන්වල කාරණ යනු යෙදී ඇත්තේද හේතු යන තේරුමෙනි. කෙසේ වුවද අද මේ වචනය යෙදෙන්නේ ‘කාරණා’ අර්ථය දීම සඳහා යෙදීම අනුමත කළ හැකිය.

වෙද’රුත් - වෙද + අරුත්; වේදයන්හි අර්ථ; ලෝකයේ ඇති පැරණිම ලේඛන අතර ගැණෙන වේද හින්දූන්ගේ ශුද්ධ ග්රුන්ථ වේ. මුලදී වේදය කොටස් තුනකින් යුක්ත විය. සෘග්, යජුර්, සාමන් යනු එහි නම්ය. ත්රි වේදය නමින් හැඳින්වුණු මෙයට අථර්ව වේදය එක් වීමෙන් චතුර්වේදය ඇති විය.


224

අන්වය - පබා තුරු ලෙසින් නොමද බොල්ලන් ගෙන නිල් පලග මැද පෙළින් පෙළ තබා ඇද සෙද බබා තැනින් තැන ගණන් බැඳ, ඉඳ සමහරු පබාකර සිදත් ගණිති.

අර්ථය - ප්රනභා සහිත තාරකා වැනි බොහෝ බෙල්ලන රැගෙන නිල් ඵලක මධ්යයයෙහි පේළියෙන් පේළියට තබා අදිමින් වහා භාග කෙරෙමින් තැනින් තැන ග්රෙහ ගණන් බැඳ ඉඳිමින් සමහරු සූර්ය සිද්ධාන්තය ගණිති.

විස්තර - (1) පුරාණ කාලයෙහි නක්ෂත්ර්, ග්රතහ ගණිත උගත් ආකාරය මෙයින් විස්තර වේ.

(2) පබා - ප්රමභාව

බොල්ලන් වර්තමාන ව්ය වහාරයෙහි ‘බෙල්ලන්’ යැයි එයි.

නිල් පලග - දාම් ලෑලි වැනි ලී පුවරුවල; ග්රාහ මණ්ඩලය පිහිටුවන ලද්දේ මේ පුවරු මතය.

පබාකර සිදත - පබාකර යනු සූර්යයාය. එහෙයින් පබාකර සිදත නම් සූර්ය සිද්ධාන්තයයි. සූර්යයා විසින් මය නම් වූ අසුරයාට උගන්වන ලදැයි කියන ජ්යොයතිශ්ශාස්ත්රය ග්ර න්ථයකි.


225

අන්වය - එහි වෙදවරු, ඇම දමස උවදුරු දුර ඇර සත්වග වෙසෙස රකිනුව මුනි විරු දෙසූ සදහම මෙන් පෙර ඇදුරු ඉසිවරන් නොයෙක ලෙස පැවසූ වෙද සතර සතොස පිරුවති.

අර්ථය - එහි වෛද්යුවරු හැමදා උපද්රැවයන් දූරීභූත කොට සත්ව වර්ගය විශේසයෙන් ආරක්ෂා කරනු පිණිස මුනීන්ද්රව වීරයා දේශනා කළ සද්ධර්මය මෙන් පූරුවාචාර්ය සෘෂිවරුන් විසින් නොයෙක් ආකාරයට ප්රධකාශ කරන ලද වෛද්යව ශාස්ත්රරය සතුටින් පාඩම් කරති.

විස්තර - මුනිවිරු - මුනි වීරයා; බුදුන් වහන්සේ

ඉසිවරන් - සෘෂිවරුන්

වෙද සතර - වෛද්යද ශාස්ත්රවය; ආයුර්වෙද මතයට අනුව මෙය මහා බ්ර හ්මයා විසින් ලොවට දෙන ලද්දකි. සමහර ග්ර;න්ථවල භාරද්වජ මගින්ද සමහර ග්ර‍න්ථවල ධන්වන්තරී ආදි වෙනත් සෘෂිවරු මගින්ද එය ලැබුණු බව පැවසේ. සුරයන් කිරිසයුර කැළඹූ අවස්ථාවේ ධන්වන්තරෟ බෙහෙත් මංජුසාවක් රැගෙන ඉන් මතු වූ බව කියති.


226

අන්වය - සමහරු පෙර පටන පරසිදු මනහර පොත් රැගෙන එහි පද අරුත් කියන ලෙස නොහැර දැන ගෙන සුරගුර අවත් වනපොතින් උතුරු දෙම්හයි නොයෙක් තැන අත් සතර පිරුවති.

අර්ථය - ඇතැම් අය පුරාණ කාලයේ සිට ප්ර්සිද්ඛ මනහර පොත් රැගෙන ඒවායේ පදාර්ථ කියන ආකාරය අත් නොහැර දැන ගෙන බෘහස්පතිට වුවත් කටපාඩමින් උත්තර දෙම්හයි නොයෙක් තැන්වල අර්ථ ශාස්ත්ර්ය පාඩම් කරති.

විස්තර - තොටගමුවේ විජයබා පිරිවෙනෙහි ගිහියන්ට අවශ්යප ශාස්ත්රප විෂයන්ද ඉගැන්වූ බව පෙනේ. වෛද්යව ශාස්ත්රිය වුවද භික්ෂූන් ප්රයගුණ කළ නමුත් අර්ථ ශාස්ත්රෙය වැනි ඒවා ගිහි විෂයන්ය. අර්ථ ශාස්ත්රෂය යනු කෞටිල්යළ නම් බ්රා්හ්මණ පඬිවරයා විසින් ලියන ලද දේශපාලන තන්ත්ර ය පිළිබඳ ග්ර න්ථයකි. එහි විෂය දැනට අප අර්ථ ශාස්ත්රතය නමින් ගන්නා කරුණුවලට වෙනස්ය.

කෙසේ වුවද මෙතැන අදහස් කරන්නට ඇත්තෙ අර්ථ ශාස්ත්රපයද යනු සැක සහිතය. අර්ථ ශාස්ත්රතය ‘අත් සතර’ යනුවෙන් වෙන තැනක සඳහන් වී නැත. රජුන්ට ‘අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ’ බව පැරණි පොත්වල නිතර කියවෙන නිසා මෙය එදිනෙදා කටයුතු කර ගැනීමේ ශාස්ත්රනය විය යුතුය.


227

අන්වය - පෙර කිවියර සිරි රුකුළු, සඳ ලකර වියරණ දැන ගත් වියත් මුළු සිරිමත් සොඳුරු එවෙහෙර ලකුළු තැන තැන ඉඳ සකු. මගද, එළු. දෙමළ කව් නළු පවසත්.

අර්ථය - පුරාණ කවිවරයන්ගේ ආකාරය ගෙන හැර දැක්වූ, ඡන්දස්, අලංකාර, ව්යායකරණ දැන ගත්තා වූ උගතුන් සමූහය ශ්රීදමත්, සුන්දර එම විහාරයෙහි අලංකාර කරනු ලැබූ තැන් තැන්වල හිඳ සංස්කෘත, පාලි, සිංහල හා දෙමළ කාව්යු නාටක ප්රවකාශ කරති.

විස්තර - (1) පොළොන්නරු යුගයේදී කාව්යත නාටක ආදිය භික්ෂූන් ඉගෙනීම හෝ ඉගැන්වීම නොකටයුතු ‘ගර්භිත’ විද්යාක’ හැටියට සැලකිණි. එහෙත් මෙම පිරිවෙනේ ‍ඒවා ඉගැන්වුණු බව පෙනේ.

(2) ලකුළු තැන තැන - අලංකාර කරනු ලැබූ තැන් තැන්වල; නාට්යාගදිය පෙන්විය හැක්කේ සරසන ලද ස්ථානවලය. ඒ නිසා මෙසේ කියවිණ.

රුකුළු - ඉදිරිපත් කළ. ප්රමකාශ කළ

සඳ ලකර - ඡන්දස් හා අලංකාර; පද්ය‍වල වෘත්තාදිය උගන්වන ශාස්ත්රදය ඡන්දස්ය. කාව්යන අලංකාර කරන, රසවත් කරන ලක්ෂණ උගන්වන ශාස්ත්ර ය අලංකාරයි.

මගද - මාගධි, පාලි භාෂාව; බුද්ධ ධර්මය මාගධියෙන්ද ජෛන ධර්මය අර්ධ මාගධයෙන්ද ලියවී ඇත.

සකු - සංස්කෘත

කව්නළු - කාව්ය හා නාටක


228

අන්වය - දැමිටු ම - ඉටු මිතුර. පවර එ වෙහෙර පෙර තොප නුදුටු නොඇසූ මෙබඳු සිරිසර නෙත සිත සතුටු කර දැක පුදයට පිවිටු දන කොලහල නැවති වර මුනි මැඳුර තුර වැද

අර්ථය - ධර්මිෂ්ඨ වූ මාගේ ඉෂ්ට මිත්රහය. උතුම් වූ ඒ විහාරයෙහි කලින් ඔබ නුදුටු නොඇසූ මේ ආකාර ශ්රී සාරය, ඇසත් සිතත් පිනවමින් දැක පූජාව සඳහා ජනයාගේ කලබල නැවතුණු කල්හි බුදු මැඳුර ඇතුළට පිවිස

විස්තර - පෙර තොප නුදුටු - මෙසේ කියන්නට ඇත්තේ වෙනත් පිරිවෙන්වල මෙබඳු විෂයන් නූගැන්වුණුනිසා විය හැකිය.

සිරිසර - ග්රීව සාරය; ශ්රී සම්පත්තිය

පිවිටු දැමිටු ම-ඉටු මිතුර - ප්රතවිෂ්ට වූ, පැමිණියා වූ මාගේ ඉෂ්ට මිත්රයය

කොලහල - සාමාන්ය යෙන් පවත්නා කලබලකාරි ගතියද කොලහල නමින් හැඳින්වේ.


229

අන්වය - ලක රද ඉසුරු ලද දද කැලණිතිස් මහ රද යුවරද වරද තතු ලෙස පිරිසිඳ නොදැන නිවරද වරද යතිඳුට වරද කළ ස‍ෙඳ් සුරන් සිත් කිපියෙන් සිඳු වෙරළ මැඬ ගෙන එත මෙලක සෙත නිසා සක් දෙවිඳු මැවූ ඒ මුහුද පැහැම වූ දිසා පිළිම රුව දැක. රුදුව සෙනඟ ගෙන යුදට ආ වසවතු

මුදුව බිණූ තෙපලෙන් ජය ගෙන බුදුව ලොවට නොයෙක් සෙත් කළ මුනිඳුහට අදර බැති පෙම් සිත් දියුණු කොට වඳුව.

අර්ථය - ලංකා රාජ්යව ඓශ්චර්ය ලැබූ මුග්ධ කැලණිතිස්ස මහරජු යුවරාජයා‍ගේ වැරැද්ද නියම පරිදි විනිශ්චය කොට නොදැන වැරැද්දක් නැති කල්හිත් (නැතහොත් නිර්විණදායි) ස්ථවිරතුමාට වරද කළ කල්හි දෙවියන්ගේ සිත් කුපිත වූයෙන් සමුද්රණය වෙරළ ඉක්මවා එන කල්හි මේ ලංකාවේ ශාන්තිය සඳහා ශක්රෙ දේවේන්ද්රායා නිර්මිත කළ ඒ මුහුදෙහි පාටම වූ දිසා ප්ර තිමාව දැක, රෞද්රේ සේනාව රැගෙන යුද්ධයට ආ වසවර්ති මාරයා මෘදුව කියූ වචනයනේ ජය ගෙන බුදු වී ලෝකයට නොයෙක් ශාන්ති කළ අප බුදුන්ට ආදර භක්ති ප්රේලම සිත් වඩා නමස්කාර කරව.

විස්තර - දද - මෝඩ

කැලණිතිස් මහරද - කාවන්තිස්ස රජු දවස කැලණියේ රජ කළ නිරිඳු. මොහු විහාර මහා දේවියගේ පියාය. මොහුගේ බිසව රජුගේ මලණුවන් සමග මිත්රරව සිටියාය. ඔහු ඇයට ලියූ ලිපියක් රහත් තෙර නමක විසින් ලියන ලදැයි සැක කළ රජු එම රහත් තෙර උණු තෙල් කටාරමක ලා මැරවීය. මෙයින් කෝප වූ දෙවියන් මුහුද ගොඩ ගලන්නට සැලැස්වූයෙන් තම දූ වූ විහාර මහා දේවිය මුහුදට බිලි දෙන්නට රජුට සිදු විය. මෙම පද්යහයෙහි සඳහන් වනුයේ එම සිද්ධියයි.

නිවරද වරද - නිවැරදි කල්හිද; ‘වරද’ යන පදයට ‘නිවන් සලසන’ යන තේරුමද දීමට පුළුවන.

දිසා පිළිම රුව - මෙය කවර පිළිම විශේෂයක්දැයි කීමට නොදනිමු. දිසාවෙහි ප්රුධාන ප්ර තිමා රූපය, මුහුද ගැලීම වළක්වනු පිණිස ශක්රවයා මැවූ ප්රාතිමාව යන තේරුම් සෝරත හිමියෝ දෙති.

මුදුව බිණූ - මෘදුව කියූ


230

අර්ථය - මහත් වූ සංසාර සාගරයෙහි නිමග්නව හැසිරෙන කෙළවරක් නැති සත්වයා නිර්වාණ පුරයට ගෙන යන අදහසින් නිතර සොඳුරු බෝධිසත්ව ගුණධර්ම පුරන්නා වූ ලෝක ප්රනකට ශෝභන නාථ දෙවිඳුන් දැක ගොසින්.

විස්තර - කුමුටුව - කිමිදී, ගිලී

අනත - අන්තයක්, කෙළවරක් නැති.

සතත - නිරන්ත‍රයෙන්

බුදුකුරු - බුදු + අකුරු, බුදුධාංකුර, බුද්ධාංකුරයෝ නම් බෝධිසත්වයෝය.