ගිරා සන්දේශ විස්තර වර්ණනා-21
201
අර්ථය - වෙනස් වෙනස් ආකාරයට බඳනා ලද දිය කඩිතිවල ජලක්රීනඩා කොට යන්නා වූත් එන්නා වූත් කුරුලු සමූහයා
රාව ප්ර්තිරාව කළ, මිනිසුන්ගේ සිත් සතුටු වන රස ඵලවැල දිලි වටේට තැන් තැන් වල බබලන නොයෙක් රුක් පෙළය.
විස්තර - තෝතැනි - ගස් අසල ජලය පුරවා කළ කුඩා ජලාශ, ජපානය ආදි මහායාන බුදු සමය පවත්නා රටවල පන්සල් වල මෙවැනි ජලාශ බහුලය. විජයබා පිරිවෙන මහායානය පැවති ස්ථානයක් නිසා එහි මෙබඳු කුඩා ජලාශ තනවා තිබෙන්නට ඇත.
සියොත් - පක්ෂීන්
රැව් පිළිරැව් - රාව ප්ර තිරාව; එකෙකු කළ නාදය හා එයට පිළිතුරු වශයෙන් කරන නාදය
පලවැල - කුඩා ගෙඩි හා ලොකු ගෙඩි, ඵලාඵල යන්නෙන් බිඳී ඇත.
202
අන්වය - රැළින් රැළ බිඟුන් කෙළ වතළ, කෙළින් කෙළ දිමුතු තඹර අචල පොකුණු නුමුතුය. පළින් පළ මිණිමුතු සුරත් නිල් මල් පෙළින් පෙළ විහිදි සුසැදුණු මල්වතුය.
අර්ථය - රංචුවෙන් රංචුව මීමැස්සන් ක්රීිඩා කරමින් විසිරුණා වූ කොනින් කොන දීප්තිමත් නෙලුම් ගැවසි පොකුණුවලින් විනිර්මුක්ත නොවේ. තැනින් තැන පිපුණු රතු සහ නිල් මල් පේළියෙන් පේළියට විහිදුණා වූ හොඳින් සෑදුනු මල් වතුය.
විස්තර - රැළින් රැළ - මීමැස්සන් හැසිරෙන බව කියා ඇත්තේ රංචුවෙන් රංචුවය.
කෙළින් කෙළ - කෙළවරින් කෙළවරට
නුමුතුය - මුක්ත වූයේ නොවේ; ගහනය
මිණිමුතු - මිණියෙන් (මණියෙන්) මුතුයේ මිණි මුතු; පිපුණු
203
අන්වය - පසෙක, නොයෙක සුවඳ මුවරඳ හෙන පිවිතුරුය සුපුල් සල් කොළඹ ඉළු විසිතුරය. දෙසෙක අතුරුය නොව සසක සහසකර කිරණ එව් සුපිපි සපු නා කිණිහිරි තුරුය.
අර්ථය - පැත්තක (ඇති) නොයෙක් සුවඳ මකරන්ද වැටෙන පවිත්රක, මනාව පිපුණු සල්, කදම්බ වනය විසිතුරුය.
පැත්තක, අතරක් නැතිව චන්ද්රි සූර්ය රශ්මිය මෙන් මනාව පිපුණු සපු නා හා කිණිහිරි ගස්ය.
විස්තර - (1) පැත්තක ඇති සල් හා කොළොම් ගස්වලින් නොයෙක් (එකිනෙකට වෙනස්) සුවඳ සහිත රේණු පතිත වෙයි. අනික් පැත්තේ ඇති සපු, නා හා කිණිහිරි මල් අතරක් නැතිව චන්ද්රප සූර්ය රැස් පැතිරී සිටින්නාක් වැනිය. මෙහි නාමල් සුදු නිසා චන්ද්රප රශ්මයටද, සපු කිණිහිරි රතු නිසා සූර්ය රශ්මියටද උපමා කර ඇත.
(2) ඉළු - වනය, කැලෑව
සසක - සස + අක, සාවා අංකය හෙවත් සලකුණ හැටියට ඇත්තේ යමක්ද ඒ සසකයි. චන්ද්ර යායි.
නොව’තුරුය - අතුරු + නොව; අතරක් නැතිව
204
අර්ථය - පළොල්, හීන්කෙන්ද, ඇසළ, සමන්පිච්ච, සව්කෙන්ද, උල්කෙන්ද, නිල් මානෙල්, අංකෙන්ද, සීනිද්ද (යන මේවායේ) සුවඳ අතරක් නොතබා දස අතේ විහිදෙයි.
205
අන්වය - තුරු සිරේය මල් රොන් නිරතුරේය පවන් වැදී මළු අතුරේය ඉසිරේය. බිඟු තුරේය ලොබ කර නොවිතරේය දම් පිළිරැව් යුරේය නද කෙරේය.
අර්ථය - ගස් මුදුන්හි මල් රේණු නිතරම සුළං වැදී මිදුල් මත ඉහිරී යයි. මී මැස්සෝ තද ආශා උපදවා අප්රතමාණ ධර්මය ප්රේතිරාව කරන්නාක් මෙන් නාද කරති.
විස්තර - නොවිතර - විතර නැති; අප්රිමාණ
පිළිරැව් යුරේය - ප්රපතිරාව ආකාරයෙන්
206
අන්වය - සබඳ, නොමඳ බමර අකුරු රැඳි මල් රෙහෙණු පට සිය අතු අතට ඇර ගෙන වෙහෙර වට තුරුද කොවුල් රැවු තෙපලෙන් නිතොර දහම් මිහිරි කොට පවසන වැනි.
අර්ථය - යහළුව, බොහෝ වූ මී මැසි නමැති අකුරු රැඳුණා වූ මල් රේණු නමැති වස්ත්රැය තමන්ගේ අතු නමැති අතට රැගෙන විහාරය වටා ඇති ගස්ද, කෝකිල රාව නමැති වචනයෙන් නිතරම ධර්මය මිහිරි කොට පවසන්නාක් වැනිය.
විස්තර - (1) මෙය අපට රහල් හිමියන්ගෙ පහත සඳහන් කවිය සිහිපත් කරවයි.
දෙසන බණ සඟවැ ළ උගත් ගිරවුන් නිකස ළ කියත ඉඳ බිළ තුළ තුරුදු බණනෙ’ව් මගද ගා පෙළ (කාව්යන ශේඛරය 1.56)
මෙහි අර්ථ බීජය අශ්වඝෝෂගේ බුද්ධ චරිත කාව්ය්යෙහි එයි.
(2) වෘක්ෂයෝ බණ කියති. ඒවායේ අතු අත්ය. මල් රේණු බණ ලියූ වස්ත්රරයයි. එහි හැසිරෙන බමරු අකුරුයි. කොවුල් නාදය ශබ්ද නඟා බණ කීමට සමානය.
(3) පට - වස්ත්රරය; අතීතයෙහි ලිවීම සඳහා රෙදිද පාවිච්චියට ගැනිණ.
207
අන්වය - එවෙහෙර අතුර රඳන මහරු මහ සඟන නිරතුරු රඳ සිවුරු පැහැ දියුණු කර පිපි සොඳුරු නිමල් නඳන මල් කැන් සැදි රුසිරු ඇසළ තුරු නොයෙක තැන බබලයි.
අර්ථය - ඒ විහාරය තුළ වසන මහාර්ග මහා සංඝයා නිතර රංජනය කරන්නා වූ (පඬු පොවන) සිවුරුවල පාට දෙගුණ කරමින්, පිපුණා වූ සුන්දර පිරිසිදු මල් පොකුරු සැදි සිත්කලු ඇසළ ගස් නොයෙක් තැන බබලයි.
විස්තර - රඳන - රැඳි සිටින යන තේරුම මෙන්ම රංජනය කරන. වර්ණවත් කරන යන තේරුමද දේ. දෙවන රඳන යනු සිවුරු පඬු පෙවීමයි.
208
අර්ථය - ගස් අතුවලින් වැටුණු පුංචි ලේනුන් රැගෙන සිතේ ආශාවේන පිඹ ඇඟ හෙමින් පිරිමැද, මල් ගොටුවලින් වතුර පොවමින් අතින් අතට (ගනිමින්) බාල භාවයෙහි සිටි සාමණේරවරුන්ගෙන් ශෝභමාන වෙයි.
විස්තර - (1) විහාර ආරාමයෙහි සිටි පුංචි හෙරණුන් පිළිබඳ කදිම විස්තරයකි.
(2) යටියෙන් - යෂ්ටියෙන්, මෙතැන ගස්වල අතුය.
සිතු අටියෙන් - සිතේ කැමැත්තෙන්
පැටි ලෙහෙනුන් - ලේන් පැටියන්; නොයෙක් විට මෙබඳු තැන්වල විශේෂණ විශෙෂ්යටයන් මාරු වී සිටි. ලමා ළපටින් = ළපටි ළමයින්, පොඩි මුට්ටි = මුට්ටි පොඩි ආදි වසයෙනි.
මල ගෙටියෙන් - ගස්වල කොළ කුඩා මලක් මෙන් රවුම් කර තැනූ ගොටුව; ගොටුවෙන්ම ගෙටියෙන්
පැටියෙන් සිටි - බාල බවින් සිටි, ළමා
හෙරණුන් - සාමණේර භික්ෂූන්
209
අන්වය - වෙනස්ව යෙදී ඇත්තේ වචනයක් දෙකක් පමණි.
අර්ථය - ගස් යට මනාව පිපුණා වූ නිල් කටරොළු මල් සමූහය අභිභවා දික් නිල් ඇස් (සහිත) පිල් රැස විදහා මනස්කාන්ත වූ ගෘහ මයූර ගණයා නටන්නා වූ මුතුපටක් හා සමාන පිරිසිදු සුදු වැලිතලාය.
විස්තර - මල් කුලය - මල් සමූහය
පැටි කොට - පුංචි කොට, පරදවා
ඇස් පිල් - මොනරාගේ පිල් කලඹෙහි ඇස් ලකුණ දක්නට ලැබේ.
පිල් කැලය - පිල් සමූහය, එකම අදහස වෙන වෙන වචනවලින් ප්රටකාශ කිරීමට සිංහල කවි සම්ප්ර-දායෙන් ඉඩ ඇත.
සුදුසු - සදෘශ, සමාන
210
අන්වය - එහි තුරින් තුර පල රස බී සැනහී කුසුම් රදසින් තැවරි සැරි සතොසින් වෙහෙරට ගොසින්
අර්ථය - එහි ගසින් ගසෙහි පල රස පානය කොට සන්තර්පිතව මල් රේණුවලින් සැරසී සන්තෝෂයෙන් විහාරයට ගොස්
විස්තර - කුසුම් රදසින් - කුසුම් රජසින් හෙවත් මල් රේණුවලින්
සැරී - සැරහී යන්නෙහි ‘හ්’ ලෝපයෙන් නිපදී ඇත. මල් රේණු තැවරීම සැරසීමක් ලෙස දැක්විණ.