ගිරා සන්දේශ විස්තර වර්ණනා-16

151, 152, 153

පැරකුම්බා රජුගේ වර්ණනය ඉදිරිපත් කෙරෙන සෙසු ලඝු කවි මෙන්ම මේවාද සරලය. එහෙයින් අර්ථ දැක්වීමක් අවශ්යෙ නොකෙරේ. මෙම වර්ණනය සමස්ත වසයෙන් ගෙන පරාක්රහම රාජ වර්ණනයක් කිරීමට උත්සාහ ගන්න.

විස්තර - දස රද දහම් - යහපත් රජුන් සතු දාන, ශීල පරිත්යානග, සෘජුත්ව, මෘදුත්ව, තපස්, අක්රෝසධ, අවිහිංසා, ක්ෂාන්ති, අවිරෝධතා යන ගුණ දහය.

විස්තර - ස සමය - ෂඩ් දර්ශනය; ගෞතමගේ න්යාණය, කණාදගේ වෛශෙෂික, කපිලගේ සාංඛ්යා, පතංජලිගේ යෝග, ජෛමිනීගේ මීමංසා, ඛාදරායනගේ වේදාන්ත යන හතයි.


154

මිලිඳු රජු - මිනැන්ඩර් නමැති ග්රී,ක් රජු; බෞද්ඛ සාහිත්යයයේ එන මිලිඳු රජු නොයෙකුත් සමය සමයාන්තරවල නිපුණයෙකු හැටියට හැඳින්වේ. මේ රජු නියම වසයෙන්ම සිටි අයෙකු නොව මිලින්ද ප්රහශ්නය රචනා කිරීම සඳහා මැවූ චරිතයක් සේ සමහරු ගනිති. කෙසේ වුවද මෙතෙම බෞද්ධ භික්ෂුවක වූ නාගසේන තෙරුන් සමග වාද කොට පරාජයට පත් විය.


155, 156

අර්ථය - (155) ආයුධ ශිල්ප හරඹය දැන, විරුද්ධවුන් දුරු කොට රාජනීති නමැති ආශ්රයමයට වැදී සියලු කාව්යව නාට්යධ අත් නොහැරම ශ්ර වණය කෙළේය.

(156) ශ්රී‍ ලංකාව අලංකාර ලෙස ආරක්ෂා කොට සියලු සත්වයාගේ සිත් සතුටු කළා වූ බැබලුණු අප නරේන්ද්රශයා ලෝකයට පහළ වූ පිරිසිදු පින් කැටියකි.

විස්තර - රද නීති අසරම වැද - ‘රාජ නීතියම පිහිට කොට’ යැයි මෙයට කුමාරතුංග සංස්කරණය අරුත් කියන නමුත් ‘අසරම’ යනු ‘ආශ්රිමය’ යැයි ගැනීම වඩා සුදුසු බව පෙනේ.


157, 158, 159

අර්ථය - (157) කරුණාවෙන් දුකට පැමිණියන්ගේද, තීක්ෂණ ඥානයෙන් උගතුන්ගේද, විකුමයෙන් බලවතුන්ගේද, නිතර දෙන්නා වූ මහා දානයේන් දුප්පතුන්ගේද

(158) මෛත්රිෙයෙන් රජවරුන්ගේද, සුදුසු තනතුරුවලින් මන්ත්රීනන්ගේද, වර්ධනය කිරීමෙන් කුලවතුන්ගේද, මහත් වූ භක්ති ප්රේදම මනසින් ශ්රලමණයන්ගේද,

(159) වචනයෙන් යහපත් දේ කියන්නවුන්ගේද, (රූප) විලාසයේන කාන්තාවන්ගේද මේ ආකාරයට ලොකවාසීන්ගේ සිත් ගත්තේය.

විස්තර - නිවතුන් - මෙහි ‘වත්’ නම් වස්තුවය; වස්තු නැත්තෝ නිවත්තුය.

වැඩුමෙන් කුලැතියන - කුලවත්තු නොයෙක් විට තම කුලය වර්ධනය වනු දැකීමට කැමති වෙති.

සිය - තම

සියන් - ඥාතීන්

විලසින් - විලාසයෙන්, රූපයෙන්

විලසියන් - විලාසිනින්, කාන්තාවන්.