ගජබින්නා ලංකාරය
ගජබින්නා ලංකාරය හෙවත්
සිරිමලා සහ රන්එතනා
1. සි න් දා කෙලෙසි මළකඩ සිත තුලින් මහා
බි න් දා දස මරුන් දප්සත බැතින් යහා
න න් දා සියල් නේ දැනතේ සොඳින් මහා
වැ න් දා මුනිඳු සිරිපායුග නිතින් මහා
2. බැ ති යෙ නි නිතර සිහිකළ පම ණකින් මහා
සු නි ව නි සැපත ලංකර දෙන සතන් පිනා
මු නි දු න් තිලෝගුරු දෙසු සති දහම් මනා
ස ත ති නි විඳිම් අදරින් සිත බැතින් පිනා
3. ර න් දා සතන් සිති යහ එන නිරන් තරේ
ප න් දා සක් සසුන සුරකින බැතින් තරේ
න න් දා මුනිඳු පුත් සිල්වති සඟන් වරේ
නි න් දා නොකර නමදිම් මම නිරන් තරේ
4. තෙ රු ව න් මෙලෙස වැඳ පින් දී දෙවිය න් ට
ඇ සු ව න් සතුටු සයුරේ වැද පිහින න් ට
ර ම ව න් කතාවක් සැම සිත් පිනව න් ට
ක වි යෙ න් කියමි සුදනෙනි එය අහගන් න් ට
5. මු තු ඇ ට ය ක් හදිසි ඉන්දී මහ සයුරේ
මෙ ම සිරිලක් දිවෙහි පෙර කාලෙදි මිතුරේ
සිරි සැපනෙක් ලෙසට පිරි “ ලග්ගල” ප ව රේ
ග ම ප වු ල ක් විසි සැපවිඳ නිරන් තෙරේ
6. “ර න් කි රා” නමැති එ පවුලේ මහ ගමයා
“ර න් කි රි” නමැති ගම අඟනක් සරියා
ම න් යු රෙන් තොරාගෙන නෑයින්ට කියා
සු න් ද රී ලෙසට පාවාගෙන සිටියා
7. ර න් ර ස ලෙසට එක්වී අඹුසැමි දෙ න්නා
ක ම් සැ ප විඳින අතරේ සිත තුටි න්නා
සු න් ද ර එගම් රාලට දැවීමෙ න්නා
“රන්කිරි” වැදුවෙ දෙවරට දූවරු දෙ න්නා
8. වැ ඩි ම ල් දුවගෙ නාමය “රන්එතන” විය
සු නි ම ල් බාල දූ නම “කිරිඑතන” විය
ගු ණ දු ල් පියා දූවරු වෙත වඩා පිය
එ සි ය ල් සැපත් ළංකොට දෙන්නා තැ නිය
-( 2 )-
9. ය ල ට මහට කුඹුරේ වැඩටික කර තී
ක ල ට හේන්වල කුරහන් අමු ඉසි තී
බ ත ට වඩා හොඳ අල බතල ඉඳුව තී
ග ම ට සෙතක් නිතරම මොහුගෙන් කෙරෙ තී
10. වී බිසි වලින් ගෙමිදුල නිති බබලා වී
අටු කොටු පුරා අමු, කුරහන් පුරවා වී
බතල මයෙක් හිඟුරල ගොඩවල් ගහ වී
මෙ සැම දෙයින් නිතරම ගේ උතුරා වී
11. එ ල ගො න් මී හරක් ඇතු අපමණ ඔහු ට
උ ද ළු ත් පෝරු කැති නගුළුත් ඇත එම ට
ද ව ස ක් නෑර ගොවිතැන් බත් කරන වි ට
කි සි ව ක් ඔහුට හිඟ නැතිවිය බලන කො ට
12. උ ද යෙ න් දොවා කිරිටික ගොස් විකුනා වී
වැ ඩි යෙ න් තියෙන වී කුරහන් විකුනා වී
ක ඩ මි න් පොල් ද, දෙල්, කොස්, අඹ විකුනා වී
මෙ ලෙසි න් බොහොම මිළ මුදලුත් එක්කර වී
13. දූවරු කෙරෙහි බැඳි තද ආදරය නි සා
ගැසූ අඹුඩෙ වත් නොකඩා මෙම මිනි සා
ගොඩ මඩ සියලු ගොවිතැන් කර හැම දව සා
අඩුවක් එ පවුලට නොකළයි කිසි දව සා
14. ගො වි තැ න් බතින් අඩුවක් නොම කර කිසි ම
සො බ ම න් එ දුවරු තනනා සඳ මෙහෙ ම
වරු සෙන් වරුසෙ ගතවී දෙදෙනට වහ ම
ය හ ති න් එ මල් වර පත්විය දෙන්නා ම
15. වැ ඩි වි ය පැමිණි ගමරාලගෙ දූ දෙ න්නා
තැ ඹි ලි ය වගේ රූපෙන් නිති බබල න්නා
සු ර ලි ය උවත් රූපෙන් දිලි සුපස න්නා
මෙ ම ලි ය දුටොත් පැරදී වල්වැද ය න්නා
16. සො ඳ යස ලපටි තන පොඩි වැසෙන ලෙස ර මා
ඇ ඳ සුදූ සේල පොටවල් කර උඩින් ද මා
බැ ඳ මුතු මාල දැතේ රන් වළලු ද මා
ම ඳ රද දුරු ලෙස බබලයි දෙන්න ළ මා
17. ග ම ලි යො උනත් මෙම දෙන්නා රුවින් උ තු න්
සු ර ලි යො වගේ රූපෙන් දිළි සෙමින් නො මි න්
කි ඳු රි යො වගේ කට හඬ පා සිහින් සි හි න්
ඇ ති නි යො ලෙසට යති දෙන්නා ගමන් බි ම න්
-( 3 )-
18. මෙලෙසින් රුවින් බබලන ගම ලමිස් සියෝ
දෙ ගු රු න් නිතර අම වදනින් හිනැස් සියෝ
දෙ ගු රු න් කෙරෙන් පැවතන තුල නො නැස් සියෝ
එ බැ වි න් විය කරකාරෙට සුදුස් සියෝ
19. ඇ ත ත් වස්තු ගමරාලට නෙක ලොසි නී
ටි ක ක් මෝඩයෙකි හේ තෙම සුදනයි නී
තු න ක් වරුස ගතවෙනකොට මේ ලෙසි නී
දු ව ක් දිග දෙන්නට ඕ හට සිතු නී
20. සි ත ක් ඉපදි “රන්කිරා” නම් එ ගමරාලට මෙමලෙ සේ
කෙ නෙ ක් සෙව්වයි “රන්එතනා” නම් දුවනි දෙන්නට සි සේ
ටි ක ක් කල්මේලෙසට සැම තැන සොයන කාලෙදි සහතෙ සේ
ම ද ක් ලක්ෂණ එගම පැංවෙත් සොයාදුනි කපුවෙක් ය සේ
21. ජෝ ඩු කර දුන් එගම් පැංචගෙ නිවාසෙට ගොස් මෙගමෙ යා
හෝ ඩු වාවෙන් සියලු විස්තර සොයාගන සිත් වීපි යා
ජෝ ඩු කාරය කැඳව ගෙදරට එගැන සන්තොස බවකි යා
කෝ ඩු වෙන් මනමාලි පැංචා ගෙන්නවා ගෙට එ සිරි යා
22. ත ම න් ගේ වැඩිමහල් දුව වන එ “රන්එතනා” සසොබ නා
එ ව න් ලක්සන එ ගම පැංචට විවාකරදී නොලසි නා
ත ම න් වස්තුව සමඟ මුදලුත් එ දැවැද්දට දී ම නා
ගො හි න් ඇරලී එ ගම පැංචගෙ නිවාසෙට දුව සතුටි නා
23. වෙ න් වෙලා තම මවුපියන්ගෙන් එ “රන් එතනා” මෙලෙසි නේ
ර න් රසා ලෙස තමන් හිමි වන එ ගම පැංචා සමඟි නේ
ස න් තොසින් නැදිමයිල් දෙන්නගෙ සතුටු කරසිත නිති දි නේ
වෙ න් නොව දව සරින්නට විය නොයෙක් සැපවිඳ යහති නේ
24. එ යි න් පසු “රන්කිරා” සුරතල් බාල දුවනිය රැකගෙ නා
සො ඳි න් ගොඩමඩ ගොවිතැනුත් කර වසන සඳ සිතිවිල සි නා
රු වි න් බබලන “රන්කිරී” නම් අඹුව දවසක සතුටි නා
ත ම න් හිමිවල එගමරාලට කීහ වදනක් මෙලෙසි නා
25. බො ල න් උඹ දැන් වැඩිමහල් දුව දීග දී නිදහස් වෙ ලා
ග ණ න් වසයෙන් පුරා අවුරුදු පහක් ගිය මුත් ගතවෙ ලා
නි ක න් මෙම ගෙයිනා කිවෙන්නට තබා පොඩිදුව සුනිම ලා
නො ද න් නා වගෙ ඉන්නෙ ඇයිදෝ තැනක් නොසයානො
26. කො හෙ න් හරි හොඳ කඩවසම් ඇති එනම් පැංචෙක් සොයව ලා
සො ඳි න් මගෙ මේ බාල පැංචිට විවා කරදී නොවමු ලා
සැ පෙ න් ඉන්නට ඉඩ කඩම් සහ මිළමුදල් ටික පවර ලා
බි න් න් බස්වා ගන්න නරකද කියා අසුවයි සිත පු ලා
-( 4 )-
27. ඔ ව් බො ල න් උඹ කීව වචනය ඇත්ත බව මට වැටහු න
ම ව් පි ය න් වන අපට එම දුව පිටට දුන්නොත් සැබවි න
කො යි ලෙසින් වත් සැපත් විඳගෙන ඉන්න බැරිබව තේරු න
කොයි කොහෙන් හරි තරුණ පැංචෙක් සොයා ගෙන නිසි විලසි න
28. බි න් න කරදී අපේ පොඩිදුව එ “කිරිඑතනා” නොලසි නේ
බි න් න බස්වා ගතිමි කියලා එවන් බෑනව මෙමතැ නේ
ගෙ න් න වා අර මගුල් කපුවා සිතේ අදහස කියමි නේ
ද න් න තැනකින් හොඳට කීකරු කෙනෙක් සොයනු කී තැ නේ
29. මෙ තෙ ක් කල් මට ගම මහත්තයො ඇයි ද ඒ බව නොකිව් වේ
කෙ නෙ ක් ඉන්නව ඊට සෑහෙන ගමේ “ලොග්ගල” වලව් වේ
කො තෙ ක් වැඩපල ඇතත් ඕහට එවන් “ කිරිනැලිවලව් වේ”
සැ ක ක් නෑ ඉක්මනට කරලා ලබයි පඩිනඩි වලව්වේ
30. නි ත ර යනමුත් වලව්වට මේ පැංච වැඩපල කරන ටා
ප ව ර “ලොග්ගල” දනැති පවුලක කෙනෙකි මේ තෙමසැබ
ලො තු ර පූජිත එගම් පවුලේ දෙමවුපියො මේ ළමය ටා
නි ත ර පවසති “සරිමලා” යයි කියන නමකුත් කෙදිම ටා
31. ඉ න් නිසා මම් ගම මහත්තතයො ගොසින් එගමට හෙටදි නේ
ස න් තොසින් එම දෙමව්පියො හට මෙගැන තොරතුරු කිය
බි න් න් බස්වා ගන්න තුටුනම් පුතා ඔබෙ ගෙයි එලෙසි නේ
කැ න් ද එන්නෙමි කියා කීවයි ඔහුගෙ දෙගුරුන් සැබැවි නේ
32. කි යා මේ ලෙස මගුල් කපුවා එගම පවුලටඉ කාර නා
ද යා වෙන් උන් දුන්න මගවියදමද අරගන සතුටි නා
බි යා නොව ගොසි එ “ලොග්ගල” නම් ගමට දුරුමගගෙව
සො යි ගෙන ගොස් සිරිමලාගේ මවුපියන් වෙත පැමුනු නා
33. ම ගු ල් කපුවා තුටින් පිළිගෙන එ ගම ජෝඩුව එම දි නේ
ම ගු ල් කපුවට වාඩිවෙන්නට කියා පුටුවක් තබමි නේ
ද ව ල් කෑමත් කන්ට දීලා ඉතා රසවත් විලසි නේ
තැ වු ල් ලක් කිසි නැතුව ඇසුවයි කාලෙකින් ආ කාර නේ
34. අ ස න් නකො මේ ගමමහත්තයො ආව කාරනෙ සන්තොසි න්
නො මි න් දන ඇති එ “ලග්ගල” ගමේ ඉඳි පවුලක් ඉස්තර න්
කි ය න් නට බෑ රූපලක්ෂොණ ඒ තරම් රුව ඇති නොමි න්
න මි න් “කිරිඑතනා” ය කියනා ගම දුවක් ඇත එයි බොල න්
35. රූ ප යෙ න් ගිරි දේවි පරදන එවන් බාලම දුවනි ටා
රූ සි රි න් යුත් තරුණ පැංචෙක් සොයති දෙගුරුන් සැබව ටා
මා ඉ ති න් මෙහි ආවෙ ඔබගේ “සිරිමලා” නම් පුතුහ ටා
ඒ උ තු න් කත පවා දෙන්නට කතාබසිකර ගන්න ටා
-( 5 )-
36. මො වු න් දෙන්නට දෙන්න බැලුවම පරෙවි ජෝඩුව සම වෙ තී
කො ටි න් කියතොත් දෙන්න හරියට ජාඩියට මූඩිය වෙ තී
බැ වි න් ගුණවත් ගම මහත්තයො කළොත් එමගුලවිරු තී
උ තු න් ඔබගේ පුතනුවන්ගේ වාසනාවකි බොරු නැ තී
37. ප හ න් තරුවක් පෑවූ විලසට එ පැංචිගෙ රුව බබල තී
එ ව න් “කිරිඑතනා” ගෙ රුසිරෙන් නොමින් එවගේ රැස්දෙ තී
නි ති න් කිරි උතුරනා විලසට මස්තු එම ගෙට ලංවෙ තී
බැ වි න් එමගුල කෙරෙව්වට කිසි දොසක් නැතිබව කී බැ තී
38. අ සා එම මගුල් කපුව කී බස ගම අඹුව සහ එ ගම යා
ය සා ලෙස ගොස් එවන් පැංචිගෙ නිවාසෙට අපි නොලස යා
සො යි බලමින් උන්ගෙ තොරතුරු අපට කැපෙතොත් එලම යා
දො සා නොව එය ඉස්ට කර දෙමි කියා ඕහට වී පි යා
39. ම ගු ල් කපුවත් සමඟ “ලොග්ගල” ගම මහත්තය එම දි නේ
තැ වු ල් ලක් නොව ගොසින් “ලග්ගල” එගමරාලගෙ ගෙට අ නේ
සි ය ල් ලක් එහි බලා තොරතුරු එ පැංචිගෙ රුව දකිමි නේ
ම ගු ල් කපුවගෙ කී ම විලසට ඊට තුටුවිය අපම නේ
40. මෙ ලෙ ස දෙපසේ දෙගොල්ලලම එම මගුල කන්නට තුටු වෙ ලා
නො ල ස තම තම නෑදෑ මිතුරන් කැන්දවායන සිත්එ ලො ලා
දො හො ස නොව එම “සිරිමලා” නම් මනාලය හට සුනිම ලා
දෙ සැ ය පිනවන ඇඳුමි පැලඳුම් අනිදවාගෙන නොව මු ලා
41. “ලො ග් ග ලි න්” පිටවෙලා ගොස් “ලග්ගලට” එපිරිස සතුටි නේ
සි ත් ලෙ සි න් අර එගමරාලගෙ නිවාසෙට ගොස් නොලසි නේ
නෙ ක් සිරි න් යුතු “සිරිමලා” නම් තරුණ පැංචට සකිය නේ
අ ත් බැ ද න් දී එ “කිරි එතනා” නමැති පැංචිය එම දි නේ
42. බි න් න් බස්වා “සිරිමලා” නම් පුතා එම ගෙයි මවුපි යෝ
ඔ න් න පුතු සහ දුවත් රැකගන ඉන්න පවසා වී පි යෝ
දෙ න් න දෙමහල්ලන එයින් පිටවෙලා සමගින් නෑසි යෝ
ඔ න් න සේරම බැසලා පාරට වහා “ලොග්ගල”ටම ගි යෝ
43. ‘සි රි ම ලා’ එම නැන්ද මාමගෙ ගෙදර නැවතී මෙලෙසි න්
සි රි දු ලා ‘කිරි එතන’ නම් යුත් බිරිය සමගින් සන්තොසි න්
සි ත ලො ලා වෙන් වසන සඳ කම් සැපත් විඳ රන් රස ලෙසි න්
ස ව න ලා අස වෙච්ච සිද්දිය “සිරිමලා” හට දැන් ඉති න්
44. ආ ල වෙමින් උන් දෙන්නා පණට පණ ම ගේ - මන
මා ල ක මි න් පසුවෙන සඳ නොකර කිසි ඳ ගේ
ආ ල බ සි න් දවසක්දා “සිරිමලා’ අ ගේ - මන
මා ලි අ ත් නි අල්ලා ගෙන කී ය මේ ර ගේ
-( 6 )-
45. කි රි යි පැණි යි විලසට දැන් කරට කර ව ගේ - අපි
ල ල යි ලි ල යි ලාල ලිලයි වසමු පන ව ගේ
උ ඹ යි ම ම යි දෙන්න හොඳයි කැපෙති එකර ගේ - අපි
ක මු යි බො මු යි පැණි උරමුයි දෙතොල මී ව ගේ
46. මා ල කුරු රන් වළලුත් අරගන කෙ ඤ්ඤා - හොඳ
සේ ල හැට්ට මල් ඉසිව්ව ගෙනැත්ල දෙ ඤ්ඤා
කෝ ල නැතු ව ඔර්ලී ය අතු දෙකන දම් ඤ්ඤා - උඹ
දා ල පනේ මම් මෙතනින් ඉවත නො ඤ්ඤා
47. පු හු ල් දෝසි සීනි මොටයි කඩල ගෙනෙ ඤ්ඤා - තව
සි සි ල් ජාති ලොසින්ජරත් ගෙනැති කව ඤ්ඤා
ප තො ල් කොහිල වම්බටු මෑ කරල් ගෙනෙ ඤ්ඤා -දිග
ව ර ල් නො මැති තෝරු, තුඩයො මාළු ගෙනෙ ඤ්ඤා
48. දො ස ක් වෙන්ට ඉඩ නොතබා නිතර රකී ඤ්ඤා -තුටු
දෙ ය ක් නුඹට ගෙනැවිත් දී සිත නලව ඤ්ඤා
මැ ණි ක් බරණ ලා සරසා ඇවිද්ද ව ඤ්ඤා -මුළු
මෙ ල ක් දිවේ වෙහෙරද බෝ එ වන්ද ව ඤ්ඤා
49. ර න් රස ලෙස මෙන් නොව මම නිතර වස ඤ්ඤා - මගෙ
පෙම් බරිවගෙ සුන්දර කම් සැපත විඳි ඤ්ඤා
ය ම් කිසි විට නුඹ වෙනුවට පණත් පුද ඤ්ඤා -කිසි
යම් කාලෙක නුඹ නොමැතිව ගමන් නොය ඤ්ඤා
50. මෙ යා ගෙ සිත තැලෙන්ට මම වචන නොකිය මී -මගෙ
පි යා දරිය මැණිකක් ලෙස නිතර රකිනෙ මී
සො යි ගෙනැති සැන් පිනිදිය සබන් දෙන්නෙ මී -මම
මෙ යි කාරයෙනි මගෙ මනමාලි නලව මී
51. පු ං චි උනත් මගෙ පැංචිට රුවින් බබල නා -කිසි
අ ං චි යකට පා තබන්ට ඉඩක් නොදෙමි නා
පු ං චි උවන සිප සනසා කොමල වදනි නා -නිති
කො ං චි කරල පැංචිට මම හිනස්සවන් නා
52. මෙ යා ගෙ මවුපියන්ගෙ සිත් නොරිද්ද ව ඤ්ඤා -හිත
ද යා වකන් නුඹට මෙමා නිති සලක ඤ්ඤා
පි යා දුන්න වතු පිටි ගේ දොරත් රකි ඤ්ඤා -මගෙ
පි යා දරිගෙ අදහස් ලෙස ගෙදර වස ඤ්ඤා
53. ල ප ටි වයසෙ සිරිමලයා මෙලෙස කියමි නේ -තම
ක ප ටි බසින් කිරිඑතනා රවටගෙන සැ නේ
එ ව ටි නෙ ගොවිතැන් අත්හැර වසන සඳ අ නේ -අය
මෙ සැ ටි එයනි පසු උනදේ සැවොම සතුටි නේ
-( 7 )-
54. මා මා ගැසුව අමුඩෙත් නොකඩා දෙව ලේ
බෝමා වැඩකරලා කෙත්වතුවල විපු ලේ
සැ මා එතන බොන දෑ සරි කර නිම ලේ
පේ මා සිතින් දෙයි ගෙදරට නිසන්ස ලේ
55. නැ න් දා සැමිය උපයන දේ සැරැක නි තී
නි න් දා නොවන්නට ලෝකෙන් කිසිම වැ තී
ර න් දා බැන වෙත මෙත් සිත සිතැගි යු තී
කැ න් දා කවති රස බත් මාළු නිති නි තී
56. දා සි ය වගේ අම්මා ගෙයි වැඩ කර තී
මෙහෙසි ය වගේ දුව පුටු උඩ ලැග සිටි තී
කු ස් සි ය කොහෙද වත් නොබලා ඒ යුව තී
මැ හැ ලි ය ලවා බත්ටික ගෙන්නවා ක තී
57. බෑ නා දුවත් සමඟින් ඉඳ සෝක් කර යි
හේ නේ පලාතටවත් ඔහු නිකම් නොය යි
කුඹුරේ තිබෙන වී ටිකවත් ගෙනැත් නොල යි
නිකමා වගේ ඉඳගෙන ඔහෙ බත් ගිලිතෙ යි
58. වැ ප ස් සේ සිටිතත් තම සිත ලෙස ට
හි ර ප ස් සේ නොසිටිනු කීවා ලෙස ට
හි ර ප ස් සේ සිටි එ ම “සිරිමලා” හ ට
මේ ලෙ ස් සේ අස සිදුවුන දේ එවී ට
69. එ ව න් නැන්ද මාමා ලඟ බැන ව රා
නි ක ම් ඉඳන් මේලෙස සිව් වසක් පු රා
ත ම න් බිරියා සමඟින් වැස සිටින ව රා
අ ස න් මාම නැන්දට කි බසක් නු රා
60. නි ක මෙ ක් සොයාගෙන දුව දී අපි දෙන් නා
ද හ දු ක් විඳල සවිකර ගත් දේ දුන් නා
අ බැ ට ක් පමණ නැත උගෙ ගුණයක් දන් නා
න හ ම ක් අපට සිදුවිය ඉන් සැබවින් නා
61. දු ව ත් ගිය යි උගෙ අඩිපාරෙම අප ගේ
කි සි ත් අපට සැලකිය නැත වෙනද ව ගේ
ගෙ ය ක් දොරත් සේරම උන් දෙන්නා ගේ
බො ට ත් මටත් මතුවට වෙයි මෙයින් ඳ ගේ
62. ක පු වා ඇවිත් කී බොරු බස් පිළිරැගෙ න
මො න වා උනත් කම් නැත සිතමින් දෙදෙ න
ද රු වා දීග දීලා නිකමෙකුට යො න
කැ පු වා වළක් අපි දෙන්නට අපි දෙදෙ න
-( 8 )-
63. ව තු පි ටි කුඹුරු ගහකොල තිබුනත් අප ට
ව තු පි ටි කුඹු රු නෑ බෑනගෙ දෙගුරු හ ට
හි තු හැ ටි යේම නොබලා හිර දුන්නා ට
ව තු පි ටි පවා දැන් නැත අපි දෙන්නා ට
64. න ගු ල ක් පවා අල්ලන්නට සීරු නැ තී
කු ඹු ර ක් පවා වපුරන්නට නොදත් රු තී
නි ක මෙ ක් බින්න බස්වාගෙන දුවට බැ තී
වි ප ත ක් අපිම අපටම මෙලෙස කරග තී
65. එ බැ වි න් අපගෙ බෑනට ඉඩ දුනොත් එ සේ
කි සි ය ම් වැඩක් නොම කර ඉඳ නිකම් මෙ සේ
වි ය ද ම් කරල සේරම මිළ මුදල් රැ සේ
ක න වැ ම් දුමට පත් කර ලයි දුවත් ල සේ
66. එ නි සා සොඳුර අහපන් මා කියන බ ස
ස ල සා නොදෙන් දෙවෙලෙම බත් හැම දව ස
වෙ න සා ටිකින් ටික කෙරුවොත් ඔහු දව ස
ස ල සා ගනිව් මතුවට යන කල දව ස
67. කි ය මි න් ගමරාල ගමමහගෙට මෙලෙසි න්
ස හ ති න් උගන්වන ගෙස බෑනට ගොවිතැ න්
පෙ ර මෙ න් නොයෙක් ගරු සැලකිලි නොම කරමි න්
මෙ ලෙ සි න් අසනු බෑනට කළදේ මයිල න්
68. මා ම ගෙ බෑන වෙත තිබු සිත නැතිවෙ ච්චී
දෑ ස ට පෙනෙන කොටමත් පිළිකුල් වෙ ච්චී
හී ල ට දවාලට කෑමත් අඩු වෙ ච්චී
ක කා මහත් නැවතුනි මගෙ අප්පො ච්චී
69. අ ළු ත් පිටට නැන්දත් සැලකුවයි බෝහෝ
දු ව ත් සමඟ උන්නයි ලඟ ලඟින් අ හෝ
න මු ත් ටිකක් කල් ගියවිට මෙලෙස ස හෝ
බ තු ත් නොදී තිබ්බයි බඩගින්නෙ බොහෝ
70. නි ක ම් ඉඳන් කන කෑමට වඩා දුවේ
වැ ඩ ක් පලක් කර කන එක හොඳයි දුවේ
නි ක ම් ඔහොම සිටියොත් ඔය ළමය දු වේ
න හි න් නටයි වෙන්නේ පණ පිටින් දු වේ
71. ක ජ් ජා වගේ ඉඳගෙන උඹෙ මනාල යා
ල ජ් ජා නැද්ද කන එක බත් නොම සප යා
වි ජ් ජා කාරයෙක් වගෙ දැන් නොම ඉඳි යා
ල ජ් ජා නැතුව කරවන් වැඩ ගොවිපල යා
-( 9 )-
72. බෑ න ට ඇසෙන ලෙස දුවනිට මේ ලෙසි නී
දෑ ස ට පෙනෙන සැමවිට දොස් පවසමි නී
හේනට නැතොත් කුඹුරට ගොස් සිත ලෙසි නී
හා න ට කියාපන් කීවයි නොව ලසි නී
73. කෑ ම බීමත් ටිකක් අඩුකර වෙනස් ගතියක් පාමි නා
සෑ ම දාටම නැන්ද මේ ලෙස කරන නින්දා අසමි නා
බෝ ම කෝපෙට පත්ව බෑනා ගමට යන්නට සිතමි නා
ඒ ම නොගොහින් යලිත් මේ ලෙස සිතී කරුණක් නුවැති නා
74. ක ළ ත් මගෙ නැදි මයිල් දෙන්නා වෙනස් ගතියක් මෙලසි නේ
ගි යො ත් මගෙ සීදේවි අත්හැර වෙන්නෙ විපතයි මට අ නේ
ම ළ ත් මෙහි ඉඳ මට කමකනෑ සිතා බෑනා එම දි නේ
ඉ ඩ ක් ලැබෙනා තුරු සිටියයි පලිය ගන්නට ඒ ගැ නේ
75. එ යි න් පසු මේ ‘සිරිමලා’. නම් කපටි බෑනා සකිය නේ
ත ම න් මාමා සමඟ එකතුව කරයි ගොවිතැන් සැමදි නේ
තැ නි න් තැන ගොස් හේන් කොටලා අමුද කුරහන් ඉසිමි නේ
සො ඳි න් සිටවයි අල, බතල, මඤ්ඤොක්ක, රඹපැල සතුටි නේ
76. දි න ක් මාමා සමඟ නගුලුත්, කිවිටි, මීගොන් ඇරගෙ නා
ටි ක ක් ඈතින් තිබුනු කුඹුරක හී ගාන්නට ගියතැ නා
ඉ ඩ ක් බලමින් පලිය ගන්නට සිටිය බෑනා එම දි නා
ම ද ක් අසනුය නැන්ද, මාමට කරපු හටනය මෙලෙසි නා
77. දෙ න් න මා ම ත් බෑන එනගුල් දෙකක මීගොන් බැඳගෙ නේ
ඔ න් න හානා සඳේ එ කුඹුර දවල් විය බෝ විලසි නේ
ක න් න බතවත් තවම කුඹුරට ගෙනාවේ නැත දෙවිය නේ
ඉ න් න බැරි ලෙස එ ගමරාලට අහෝ කුසගිනි ඇවුලු නේ
78. බො ලේ බෑනෝ නැන්ද බත් ටික තවම නැත මෙහි ගෙනා වේ
බ ලේ නැත මට හී හාන්නට නැතුව බත් මට මේ වෙලා වේ
කැ ලේ පැත්තට ගොසින් මම දැන් සොයා පොල් ගස් මුවා වේ
බො ලේ අරගන එමිය කියලා කුරුම්බාවක් දුලා වේ
79. ගො ඩි න් බෑනට ටිකක් ඉඳගන ඉන්ට කියලා එ ගම යා
වෙ ලෙ න් මෙගොඩට ගිය සදේ පොල් ගසක් සොයමින් නොව
එ ව න් කෙනෙහිම නැන්ද එතනට ඇවිත් බත් ගෙනවී පි යා
නෙ ති න් නො ම දැක තමන් සැමියා ඇසී වදනක් මෙලෙස යා
80. බො ල න් බෑනෝ කොයිද මාමා ගියේ කොතැන ද ඇසු තැ නා
බ ල න් සිටි මගෙ පලිය ගන්නට හොඳ වෙලාවකි සිතමි නා
එ ව න් නැන්දට කතාබස් කර ඉතා අදරින් පින පි නා
කි ය න් කට වනි මෙන්න මේ ලෙස ගොතා බොරුවක් එ ම නා
-( 10 )-
81. ඔ න් න් නැන්දේ මාමගේ හැටි අදයි මට බන් තේරු නේ
අ න් න බලපන් අන්න අර ගොඩෙ ඉඳල අගනෙක් අද දි නේ
මෙ න් න මේ ලෙස අත වනන කොට මාම නගුලත් දමමි නේ
ඉ න් න කියලා මෙතන මා හට ගියයි එගොඩට විගසි නේ
82. හැ බැ යි නැන්දේ වලාකුල් බිද චන්ර්ේදි බිම්බය පෑ ලෙසි න්
දි ලෙ යි මා දුටු එවන් අඟනගෙ එ සිරියා වන බෝලෙසි න්
අ පො යි නැන්දේ එවන් ගෑණිත උඹත් බැලුකල ලක්සණි න්
පෙ නෙ යි උඹ බත් අපේ මාමට වැඳිරියක් ලෙස සත්තකි න්
83. හ රි ය ට ම හ රි කනකරුව මෙන් ඇගේ රූපය දිලෙන්න නා
කොයි ලෙ ස ට හරි මාමගේ සිත ඒකි අරගන තිබෙන් නා
කො යි කවර හ රි දිනක නැන්දට වේය විපතක් එයින් නා
මෙහෙම්පල් බොරු කියා නැන්දව රැවැට්ටුවෙ මොහු නොමි නා
84. අ සා බෑනා කීව එවදන නැන්ද කෝපෙට පත්වු නා
අ සා දාරණ කමක් තව මේ ලෝකෙ ඇද්දෝ මේලෙසි නා
න සා ලන්නට පවුල් ඕකිට ඉඩක් නොතබමි කිවමි නා
ල සා දිව්වයි වෙලෙන් එගොඩට රහස අල්ලන අටිය නා
85. එ ව න් කෙනෙහිම ඇවිත් මාමා බෑන ගාවට විගසි නේ
බො ල න් බෑනෝ තවම නැන්දා ආවෙ නැද්දැයි ඇසි අ නේ
ඉ ති න් උඹටත් උගන්වන්නෙමි පාඩමක් මම සිතමි නේ
කි ය න් නට මනි මෙන්න මේ ලෙස මාමටත් බොරු ගොතමි නේ
86. ඔ න් න මාමේ නැන්දගේ හැටි අදයි මට බන් තේරු නේ
මෙ න් න බලපන් මෙන්න මේ ගොඩෙ ඉඳල මිනිහෙක් අද දි නේ
එ න් න කියලා අත වනන කොට නැන්ද කුල්මත් වී අ නේ
ඔ න් න මෙගොඩට ගියයි කී එයි ඔමරි බැල්මක් හෙලමි නේ
87. බො ල න් මාමේ උඹට වැඩියෙන් ඔහුගෙ රූපය බබල තී
හො රෙ න් මාමට වැඩිය නැන්දා ඔහුට ආලය බැද ඇ තී
මෙ දැ න් නැන්දා ගොසින් එතනට එවන් මිනිහා ලඟ ඇ තී
මෙ යි න් මාමට කොයි වෙලාවේ දී වේ ද විපතක් නො දැනෙ තී
88. මෙ සේ කී කල බෑන මාමට යකුට දුම්මල ගැසු ලෙසි න්
වි සේ නැගිලා යකෙක් විලසට පත්ව කෝපෙට බෝ ලෙසි න්
දෝ සේ කල ඒකිටත් ඌටත් මෙයින් මත්තට ඔය ලෙසි න්
දෙ සේ ලක්දිව් කුලේ ඉන්නට නෙදෙන්නෙමි ඉඩ පවසමි න්
89. ඊ ගසක වේගයෙන් දුව ගොස් එවන් පැත්තට දෙවිය නේ
නෑ ර පඳුරක් ගානෙ ඒ අඹුව සොයන්නට වන තැන තැ නේ
පාර කොටලා නැන්ද මාමට බැන මේ ලෙස සකිය නේ
කාල බත් ටික පුරා බඩ කට උනිය පැත්තක බලමි නේ
-( 11 )-
90. තැ නි න් තැන ඇවිද නැන්ද පඳුරක් ගානෙ හිමියා සොයමි නා
සැ පි න් නක් ලෙස ඇවිත් ආපසු බෑන සිටිතැන බලමි නා
බො ල න් බෑනෝ තවම මාමා ආවෙ නැත්දැයි ඇසු තැ නා
ද කි න් නට වත් තවම මාමා ආවෙ නැත කී එතති නා
91. එ වි ට නැන්දා කෝප ගින්නෙන් පුපුර පුපුරා කියන් නේ
කො හෙ ට ගියමුත් අන්දැ සවසට ඒය ගෙදරට බොලන් නේ
එ වි ට හොර අඹුවන් සොයන්නට එයින් මතු ඉඩ නොදෙන් නේ
හ ත ට කපලා මාව මැරුවත් කරමි කරදර ඉතින් නේ
92. කි යා මේ ලෙස රෝස් පරො ස් බස් නැන්ද සැමියව සකිය නේ
සො යි ගෙන බත් ගෙන අඩු බඩු එයින් පිටවී නොලසි නේ
ඔ යා සවසට ගෙදර ආපසු දනිමි කටයුතු කියමි නේ
ගි යා ආපසු යකිණියක් ලෙස කෝප ගින්නෙන් දැවෙමි නේ
93. ත ම න් අඹු සහ එසොර සැමියා අල්ල ගන්නට සිතමි නා
එ ව න් ගමයා කැලේ පඳුරක් ගානෙ ඇවිදල සොයමි නා
නෙ ති න් වත් දැකගන්ට නොලැබී පත්ව කෝපෙට අපම නා
සැ නි න් ආපසු බෑන වෙත විත් ඇසී කුරුණක් මෙලෙසි නා
94. බො ල න් බෑවෝ නැන්ද තවමත් ආවෙ නැද්දැයි ඇසු තැ නේ
ත ම න් අටවපු උගුල හොඳහැටි දන්න බෑනා නොලසි නේ
බො ල න් මාමේ තවම නැන්දා ආවෙනැත මෙහි සැබවි නේ
කො හෙ න් හරි හොරරාල සමගින් ගෙදරයන්ටැ ත කී අ නේ
95. අ සා බෑනා කීව වචනය මාම පවසයි මෙලෙසි න්
කොහේ ගියමුත් ඕකි සවසට ඒය ගෙදරට සන්තො සි න්
මෙ මා ගොස් අද සවස ගෙදරට ඕකි අල්ලා කෙසිපති න්
සො යි යන්නට හොරෙන් රාළල නොදෙන්නෙමි ඉඩ පව න්
96. හො ඳ යි මම අද ගෙදර එනතුරු ඉවසපන් යයි කිය කි යා
අ පො යි කුසගින්නේ ම මාමා කුඹුරෙ වැඩටික කර ති යා
දැ වෙ යි බෑනෝ මගේ කුස දැන් ඉරත් අවරට බැස ගි යා
ය මු යි කියලා රැගෙන නගුලුත් හරක් ආපසු ගෙනගි යා
97. කු ඹු රු වැඩකර සවස ගමයා ගෙදර එනතුරු බලමි නා
කු රි රු ගතියෙන් මගම මහගේ ඉඳී සැපිනිය විලසි නා
සො ඳු රු ගමයත් අඹුට බැටදෙන අදහසිනි සිත් කෝපෙ නා
න පු රු රකුසෙක් ලෙසට පැනගෙන ඇවිත් නිවසට ගොඩ වු නා
98. සි ත් තු ලේ දැඩි මෝඩකම් තිබු බැවින් දෙන්නම සකිය නේ
සත්වලේ කළ බෑන කී බස් සැබෑවක් ලෙස පිලිගෙ නේ
ප න් ස ලේ කුඩ මිටිත් සමහරදාට ගැටෙනා විලසි නේ
සිත් තුලේ තිබු කෝප ගින්නෙන් දැවී දෙන්නම අපම නේ
-( 12 )-
99. කො හෙ ද බොල තී ගියේ කියමින් රාල අඹුවට බැටදෙ තී
කො හෙ ද බොල තෝ ගියේ කියමින් අඹුව රාලට ගුටි දෙ තී
මෙ ලෙ ද දෙන්නා බහින් බස්වී හොඳට ගුටි මුර අල්ල තී
එ ස ඳ ගෙයිතිබු, ඇද, පුටුත්, හැලි, වලන් තැන තැන පොඩි වෙ තී
100. පැ ය ක් හෝ පැය දෙකක් තිස්සේ මෙලෙස හොඳ පොර අල්ල ලා
කෙනෙක් අනිකට පාත් නොවෙනවා නොයෙක් කුලමල පවස ලා
ඉ නි ක් බිති දෙන්නාට දෙන්නම පැරදිලා ගුටි වැඩි වෙ ලා
කො නක් අල්ලා ගොසින් දෙන්නම නිදාගති දෙපොලට වෙ ලා
101. අ නේ දෙවියනි මක්කරන්ටද බෑන කළ පොඩි උදව්වෙ න්
අ නේ බතවත් නැතුව ගමයා නිදාගත්තයි හාමති න්
ඉ නේ රෙදිවත් මහගේ ඉරුණු රෙදි කඩවල් පිටි න්
උ නේ මොකදැයි කියා අයියෝ නිදාගති කෙඳිරිය පිටි න්
102. අ ඬ අ ඬා දුව එ “කිරි එතනා” සිද්දවුන දේ දකිමි නා
ව ඩ ව ඩා සන් වලින් යුක්තව ගොසින් කුස්සිය බලමි නා
ගෙ න කු ඩා හැලි වලන් ලිප උඩ තබා බත් කිරි පිසිමි නා
අ ඬ අ ඬා ගොස් මවුපියන් වෙත කීහ බත් කන විලසි නා
103. “සි රි ම ලා” ඒ කිසිත් නොබලා ඉඳී පැත්තක පුදුමයෙ න්
බ ත රැ ලා “කිරිඑතනා” සැමියට කිය කන්නට බත් ගොසි න්
හි නැ හි ලා එහි ගොසින් බත්කා නිදාගත්තයි නොවලසි න්
දු වේ, කාලා ගොස් කළයි දෙගුරුට නොයෙක් සැලකිලි නොති
104. එ ලී වී බැලුව කල ගම මහගෙට නිම ලා
මැ ල වී උවන උනි අයියෝ උණ ගැනි ලා
පො ඩි වී දත් ඇන්ද ගමරාලගෙ උදු ලා
බැ රි වී නැගිට ගන්නට උනි බිම වැටි ලා
105. ගෙ න් නා වෙදෙක් දුවනිය ගෙදරට විග ස
පෙ න්නා දෙමව්පියො දෙන්නගෙ ලෙඩ නොල ස
ද න් න් තරම් වෙදකම් කරවා සතො ස
දු න් නා සුවය දෙන්නා ටම එක විග ස
106. ඉ දෙ න තුරා ලිප උඩ තිබු බත් හැලි ය
දෙ දෙ න දෙමල්ලෝ කෙරුවත් දබර බි ය
ඉ දු න ට පස්සෙ නැත දබරය කී ලෙස ය
දෙ දෙ න ම එයින් පසු හොදටම සමග වි ය
107. එ ක් වී පවුල ඉන් පසු රන් රස ලෙස ට
දු ක් වී සිද්දවුන දේ ගැන බෝ ලෙස ට
ම ක් වී ගියත් මින් මතු අපි දෙන්නා ට
දැ ක් වී මැනවි කී වයි මෙත් සෑම වි ට
-( 13 )-
108. ඉ න් පසු වරුස තුන හතරක් ගිය සදෙ හි
“ ර න් එතන” ව බලනට සිතලා සැනෙ හී
සු න් දර බෑන හට අඬගා නොව එරෙ හී
මෙ න් න මෙලෙස කීවයි මාමා සැන හී
109. ක ල කි න් බැනො දුව වැඩිමල් “රන් එත නා”
නො ගි යෙ න් බලන්නට මගෙ සිත බෝ තැවෙ නා
එ බැ වි න් මෙ අපි දෙන්නා එහි ගොස් සොදි නා
දු ව නි න් බලා එමයයි කී නොව ලසි නා
110. මාමෙ හොඳයි නුඹෙ අදහස බෝම හොඳ යි
ලොකු නෑනා මටත් දකින්ට බෝම හිත යි
යමු දෙන්නා එහෙනම් දැන් උඹයි මම යි
ලොකු නෑනා අපට බෝ සැලකිලිත් කර යි
111. කියමින් මෙලෙස බෑනා තම මාම ස හා
අතිරස කැවුම් අග්ගල පොදියක් ද ස හා
අල බතලත් හාල් සිල්ලර ටිකක් ස හා
අරගන ගියයි එම දෙන්නා වහා ව හා
112. ක ල කි න් පියා එනු දුටු “රන් එතනා” ට
නො ම දි න් එදා සතුටක් ඇතිවී සිත ට
බැ ති යෙ න් ඇවි ත් තම පිය එන ඉස්සර ට
එ න වු න් දෙනින පිළිගති තම නිවාසෙ ට
113. ලො කු බෑ නා මාම සමගින් කතා කර යි
පො ඩි බෑ නා ඒවට හූමිටිත් තිය යි
“රන් එ ත නා” කුස්සිය වෙත වහා දුව යි
එ ම දෙ දෙ නා හට කිරි පැණි ගෙනැත් කව යි
114. වැ ඩි ම ල් දුවට සිටි පොඩි සුරතල් පැංචී
අ ත අ ල් ලා සීයගෙ කර කර කොංචී
සු ර ත ල් වදන් දොඩොවයි කර ඇර පුංචී
එ යි ය ල් ලෝම තුටු විය පැටියට පුංචී
115. සො යා සොඳ මාලු පිනි දුව කතිහනි යේ
උ යා බත් මාලු රසවත් ලෙස සිරි යේ
පි යා සමඟ පොඩි මස්සින හට පිරි සේ
ද යා වෙන් කන්නට දුනි ආහර සැන යේ
116. කා ලා අහර කිස නිමකර සියලු දෙ න
සා ලා වට වෙලා උනුනුත් සිත් තුටි න
පා ලා අදර උනුනුන් හට නෙක ලෙසි න
නැ නා ඇසී මස්සින ගෙන් මේ ලෙසි න
-( 14 )-
117. කොහොමද මස්සිනේ උඹලගෙ එ දුක් සැ ප
න ර ක ද නංගිගේ වැඩවල හේම අ ප
මගෙ හො ඳ අම්ම උඹහෙත් බලනවද සැ ප
න ර ක ද මෙමා මගෙ ගතිගුණ හේම තො ප
118. මො න වට කියනවද නෑනේ එ වත ගො ත
නි ති ම ට නංගි සලකයි ලෙසට සිරික ත
නැ ත ම ට නැන්දගෙන් වෙනසක් කිසිම වැ ත
අ ත මි ට පවා දෙයි මාමා මට සත ත
119. ම ගෙ යෝදිගේ වග ඇසුවොත් උඹ නෑ නේ
ඉ ල ඇට කැඩෙන තුරු හිනැහෙයි නොව ඌ නේ
වි සු වත් කිරි පැණිසෙ එක්වී බුදු නෑ නේ
කෙරු වොත් විහිලුවක් දැලි ගාතිය මූ නේ
120. මෙලෙසින් දෙකන් පිනවන සුමිහිරු බසි නී
උ නු නු ත් සතුටු වෙනසද සිත් ලෙස සොඳි නී
බ සි මි න් ඉරද අවරට යන්ට සැරසු නී
ද කි මි න් එබව “රන් එතනා” නැගිරිමි නී
121. උ යා හොඳ රසැති ආහර නොවලසි නී
ම ස් සිනා සමඟ තම පියටත් රම නී
ස තු ටින් කවා රෑ කෑමත් යස ලෙසි නී
නි දා ගන්ට දොර පිළෙ ඇඳ සරස දු නී
122. කා ලා බොජුන් සැමදෙන නිදියන්ට ගි යා
මා මට එක් ඇඳක සැපසේ නින්ද ගි යා
බෑ නා අනිත් ඇඳෙ නිදනා සඳ පිරි යා
මා මට යෙදුන දේ අස දැන් සැවොම ඳ යා
123. රූ එ ක දෙකේ කනිසම කිට්ටුවෙදි අ නේ
බෑ නට අහරවා මාමා නොමලසි නේ
කක්කුසි සියට යන්නට අඬ ගැසුව තැ නේ
බෑ නා කීවයි මාමට මේලෙස එදි නේ
124. මා මෙ මාමෙ වැඩි කලබොල නොකර න්ට
රෑ ට එකක් කුස්සිය වෙත බැහැ ය න්ට
මෙ න්න මෙගස් මුට්ටිය ගෙන පහර න්ට
කී ව යි බෑනා අයිනක ගොස් ඉඳග න්ට
125. රා පුර වන්ට තබලා තිබු එ මුට්ටි යේ
මා මා මෙලෙස පහරා යස විලස්සි යේ
බෑ න න්ඩියට අඬගා යලි නොලස්සි යේ
කැ ත සොදන්ට වතුරත් මෙහි නොදිස් සි යේ
-( 15 )-
126. එ බැ වි න් බැනො මගෙ දුවනිට කතා ක ර
ඉ ල් ල න් වරෙන් කී කල කලයක් වතු ර
සෙ ල්ල න් වැඩිය හොදනෑ මාමෙ මෙයු ර
බ ල් ල න් හපයි එහෙ මෙහෙ දිව්වොත් මෙව ර
127. ප ලි ය ක් එදත් බෑනට ගන්නට සිති ලා
ක ළ ය ක් එ පැණි සොයලා ඇඳයට තිබි ලා
ක ළ ය ක් මෙන්න තියනව වතුරෙන් පිරි ලා
සැ ක ය ක් නැතුව සොදනු කැත කුණු කික ලා
128. අ ර න් එ පැණි කළෙ මාමා සිත ලෙසි නී
සො දි න් පස්ස සෝදන සඳ අත ඇලු නී
එ ව න් දියර පැණි බව එහුට වැටහු නී
එ හෙ න් මෙහෙන් පැණි බේරෙනවා පෙනු නී
129. බො ල න් බෑනො පැණි තැවරී පිරි ප ස් සේ
සි ටි න් නට පවා මට බෑ දැන් ති ස් සේ
අ ර න් කොට්ටයක් බෑනා ඒ අ ස් සේ
පු ළු න් ටික රැගෙන ඉරලා එහි අ ස් සේ
130. මා මෙ අරන් මෙ පුළුන් ටික දැන් නොල සා
පි ස දාගනින් කියලා පිටිපස සක සා
මා මා අතට දුන් සඳ එම පුලුන් රැ සා
මා මා එයින් පිසිනට විය පිටි පස් සා
131. නො දැ න බැනගෙ තරම මාමා උගුන ඵෙ බැනගෙ අසුවෙ ලා
ඇ ලු න එ පුලුන් පිටින් එලිවෙන තුරා නොනිදා ගතක ලා
නැ ගෙ න හිර දිග් බාගයෙන් ඉරු උදාවේගන එනක ලා
රැ ගෙ න මාමා අසූචී මුට්ටිය බෑනටත් නොම පවස ලා
132. ත බා ගෙ න එම අසූචි මුට්ටිය කිහිල්ව තද කරගෙ නා
පො ර ව ගෙන උත් රෙද්දෙ පොටකින් වසාගෙන එය යහති නා
නො ම දැනෙ න ලෙසකිසිම කෙනෙකුට දමා කැලයට මෙයසැ නා
සෝ ද ගෙ න ඇග සුපිරිසිදුකර එමිය ගෙට මම සිතමි නා
137. එ ව න් ගමයා අසූවි මුට්ටිය අරන් ගෙදරින් නික්මු නා
උදෙ න් දොර ඇර දුව ඇවිත් බැලුසදෙ පියතුම නොපෙනු නා
බො ල න් මස්සිනෙ තාත්ත මග ගියේ කොතැනද ඇසු තැ නා
බො ල න් නෑනේ තේ වතුර පසුවෙලා බැන බැන පිට වු නා
134. නො දැ න කාරිය දුවනි එම විට පියා පස්සෙන් ගොසින් නේ
ම ගැණ කෝපව ඇයිද අයියෝ තාත්තේ උඹ දුවන් නේ
වරෙ න් ආපසු යන්ට කියලා ඇල්ලු සඳ රෙදි පොටින් නේ
ගැ ස් සු පාටර අසුචි මුට්ටිය බිඳ පොඩිවී ලසි න්නේ
-( 16 )-
135. දු ව නි ගේ හිස පටන් දෙපතුල දක්ව අසූචි තැවරු නා
එ ම ර ගේ පිය ගමරාලගෙත් ඒව සැම තැන ගැවු නා
දු ව ම ගේ කළ මෙ නින්දාවට නොයමි ආපසු සිතමි නා
නො ම ද ගේ ඔහු මගදි නා පිරිසිදුව ගමටම පැමුණු නා
136. දු ව ත් ගොස් පොකුණකට නාලා සුපිරිසිදුවී සකිය නේ
පු ව ත් සිදුවුන කිසිම කෙනෙකුට නොදක්වා විලිවිඳිමි නේ
තා ත් තට තේවතුර පසුවී ගියයි කෝපව කියමි නේ
කි සි ත් නොකියා සැමිය හට වත් කළයි කටයුතු ගෙයි අ නේ
137. “සි රි ම ලා” තම මස්සිනා හට දුන්නු සඳ තේ පානෙ ටා
හි නැ හි ලා ඔහු එ තේපැන් බී නොදන්නා ලෙස ලටප ටා
සු නි ම ලා ගුණ වඩන නෑනේ මමත් තනියෙම මෙම වි ටා
ග ම බ ලා යන්නෙමිය කියලා ගියයි අවසර ගෙනතු ටා
138. බෑන ගෙටැවිත් කියයි සිතලා තමන් හට උන කාරි යා
මා ම දුවැවිත් ලඟට බෑනගෙ නොකිව ඉන්නට පවසි යා
බෑ න කිසිවක් නොදන්නා ලෙස ඇවිත් නිවසට කරද යා
රෑ ට කෑ ම ත් කාල හොඳ හැටි නිදන්නට යහනට ගි යා
139. මෙ සේ කිසි සද්දයක් නොමැතිව දෙකන් අවුරුදු ගිය ස ඳේ
දො සේ කරනට සිතා නැවතත් නැදි මයිලහට පෙර ල දේ
ය සේ ලෙස එක් දිනක් නැන්දට කතාකර තම සිත්ලෙ දේ
කෙ සේ විසුවත් නැන්දෙ මාමා එ ලුනු පරයකි කී සො දේ
140. එ මෙ න් දවසක් බෑන මාමට ඉතා රහසින් කියන් නේ
බො ල න් මාමේ නැන්ද ඔය ලෙස වසන මුත් සීත ලෙසි නේ
එ වු න් දෑසක් බැල්ලියක් බව සිතට ගෙන යස ලෙසින් නේ
ඇ ගෙ න් ගැලවී වාසෙ කළ හොත් හොඳ ය කීවයි නිතින් නේ
141. ත ම න් හිමියා ලුනුපරයක් වේද කියලා බලන ටා
ඉ ඩ ක් ලැබෙනා තුරා නැන්දා ඉදි ඔහු ලෙව කන්න ටා
එ මෙ න් මාමත් කවදහරි වෑ ක් බැල්ලි බව දකින ටා
ත ම න් ගේ ඇඟ ලේවකන තුරු බලා සිටියයි කදිම ටා
142. හි තේ අදහස ලෙසට නැන්දා දිනක් මාමට ලංවෙ ලා
අ තේ ලුනු රස ඇද්ද කියලා බලා ගන්නට සිතපු ලා
හි තේ ලෙස අත ලෙවකන්නට සැදුව අතරේ වී මු ලා
හි තේ තිබු සැක නිසා මාමා නොමින් බියකට පත්වෙ ලා
143. ම ර න් නට ඈ සදන වේලෙහි බෑ න එතනට දුවගොසි න්
ඔ වු න් දෙන්නම සමගි කරවා කියා කළදේ මුලපට න්
එ ව න් මාමත් සමඟ නැන්දත් අඹුත් රැකගෙන යසලෙසි න්
සො ඳි න් සැප විඳ වාසෙ කෙරුවයි මාමගෙන් ලත් බූදලෙ න්
- සිද්ධිරස්තු -