කෝකිල සන්දේශය-සඳෙස-ii

101. යන බිඟු දැල් ඉදු සැව් ළපලු විදු ළෙල

පිපි මන කල් පිය ගඳ කුමුදු කොක වැළ

රුදු ගන තුල් ගන සා තුඟු වන ගහළ

දැකැ හැමකල් රඟ දෙති මියුරු ගිරි කුළ


102. දි ගු රා වයෙන් නැඟි තු ගු ගන කුළු සැටිය

ව ගු රා ගත මුණ වැකි ගන ගුරු මැටිය

ගු ගු රා පොරට තැනැ තැනැ ගව රළ සිටිය

ඉ ඳු රා බලන් සබඳිනි සිටැ පොතුපිටිය


103. බෝ කර සුවඳ ගෑ තන රන් පාණයුරේ

සේ කර අඩෙවි දළ නෙත් මද බාණයුරේ

ආ කර වන් ළඳුන් රඳනා පාණඳුරේ

යා කර මිතුරු දැකැ ඉඳැ මල් මුණතුරේ


104. එ ක් වැ ලොබින් සීඳු පා කැරැ වලා පෙළ

දු ක් වැ නො යා හී සිටියා මෙන් වෙලළ

ලක්සපතිය තම පොල් උයන සුලකළ

දැක්ක හැකි යැ මඳ තැන් ගිය එයති’ගිළ


105. ගෙනැ නෙළුන් සිටිනා-

ගොපලු ලිය තුනු එළියේ

මෙනැ සෝ අඳුරු දුරු කරැ-

දැකැ යව මොරටුඑළියේ


106. ග ත් දැඩිනු මොළකැටි මල් දම් ලෙසින

අ ත් පොඩි උඩ නගමින් ළතඹුරු සිරින

ම ත් වැඩි ලෙසැ ලිය ගී කියන රැටුවෙන

අ ත් තිඩියෙ සිටැ අසමත් යා සෙමින


107. ස ද දළැ1දළැසින්2 විසුරුණු3 සමානේ4

ස ඳ දෙව් දල පැළඹරැ දිසි මගානේ

වැ ද නිදි ගන්ට සහයුරු වෙළපි යානේ

සෙ ද නුඹ වඩින් වෙහෙරට පැපිළියානේ


108. නි සා ලිය වියො වැ හැරැ තුරු1 පිරිවරද

නි සා කර සොවින් එකකි වැ මැ ගිය සඳ

ර සා යන නුවන් රූ සිරි සර සබඳ

ල සා නො වැ ගසින් බසිමින් හද පැහැද


109. රම් රඳුට දිනිතිය- කොසොලිඳු දූ රදු මෙන

පියකරු නව සදෙව් සත නමඳින වෙසෙස

සිය ගුරු බිසෝ හිමි සඳ නමිනි නිසි ලෙස

අප පැරැකුම් නිරිඳු - කැරැවු සොදුරු වෙහෙරෙහි2


විසිතුරු සිරිත් සපිරුණු මුනි මැඳුරතට

මමිතුරු පිවිසැ මතු වන ලෙසැ නිවන තට


බි ඳැ ම න් වසවතු බෝ මුලෙහි වැඩැ හිඳ

ස ඳ ව න් යස සපිරු3 දියතැ හැම4 සඳ

ද ව ම න් මුනිඳ දුටු මෙන් ඒ මුනිඳු සඳ

බැ ති යෙ න් නමඳු5 මමිතුරු තුන් සිත පැහැද


110. න න් දද තිසර6 තුඟු කඳු පෙළ තරඟ වැළ

ස න් පැහැ දළු පබළු7 ගන පත් සිලිලුතුළ

මෙත් මින කර බබළන දුමිඳුන් ලකළ

ම න් තොස වෙමින් නමඳුව දෙනුව මන දොළ


111. එවෙහෙර තඹරකර - සරගන රන තිසර යුරු

බි ජු ව ල් කිරළ සෙමරෙව් සිහි ඇති වෙමින

ඇමැකල් සිතින්8 සිවු පිරිසුදු සිල් රකින

නැත දිනමිණි රැසින්- තුන් දොස් අඳුරු දුරු කළ


සොඳුරු දස සිඳුරු කුඹු තල කන් තළය

සිඳුරු සෙමෙර කළ තම තෙද යස දුළය


ස ඳ ස ර පත් නො ලගත මසුරු දිය බිදු

න ඳ ගුණ මෙන් සිලිලින් පිරි මහ මුහුදු

වැ ද සැතැපෙන් සිත සේ තුරු වත් පසිදු

සො ඳ එ සුනෙන් පා මහ9 තෙරිඳුන් නමඳු


(1. තරු-කිසි 2. එ වෙහෙරැ-මූ 5. සපිරුණු- කිසි 4. ඇම-ටික5.නඹදුව-මූ 6. තිසර- වැඩි . 7. පබළ-ගුණ 8. නිතින්-ම 9. එ සුගත් මහ දෙව්- වැඩි)


112. වෙ හෙ ර අවට සල් සපු නා තුරු මුඳුන

ප ව ර පුබුදු මල් මුව රඳ සුවඳ ගෙන

නොහැර හමන සිහිලස පවන විඳමින

මිතුර සොදින් වැදැ යා ගත් සෙද ගුවන


113. ගැටියන කැනින් කැනැ වැදැ පවන නැටියන

වැටියන සිතින් අඹ ගැළැවෙමිනි නැටියන

පැටියන නවා කලදුන් තුරගැ සැටියන

අටි යන දැකැ නො සි ටැ යා ගන්නැ යටියන


114. ලෙළ දුන් මිණි මෙවුල් නරු බර පුළුලුකුළ

සොබමන් වළා රැඳි දිගු යුවළත් කොමළ

ප ය ර න් සලඹ හඬ යන එන ලියන් කෙළ

අ ස මි න් තපියබඳ නද යැයි නො වන් ලොළ


115. පු ර න සොඳුරු සිල් තෙද දස සතපාය

හ ර න දුරට පන් සර මෙන් සතපාය

ක ර න පෝය නිති යති ගණ වරපාය

දු රි න නො ගොස් දැකැ යන් පය සතපාය


116. කුල් මත් ළඳුන් පිහි නත උඩුකුරු වැ සෙද

දුල් වුවනත් පියොවුරු කැකුළු මන නඳ

පු ල් පියුමෙනි කැකුළෙනි සුසැදුණු නොමඳ

ගල් පොකුණේ දිය නා ගිම් නිවා තද


117. ග ජ බා නිරිඳු කැරැවු පහය මෙන් පෙර

ම හ බා මෙ පැරැකුම් නරනිඳු සසිරි බර

සසොබා රන් කොතින් කැරැවු සිරි මැඳුර

නරඹා පතිනි පුද වැඳැ යා ගත් මිතුර


118. මලය ගිනේ එන මඳ නල සිහිල් කොට

ගැන ගිමනේ දැහැ විඳැ විඳැ සිතු ලෙසට

ඉටු සකිනේ මහැ නො රඳ වැඩම කොට

පළමු වෙනේ වදු මන රම් වෙහෙරතට


119. පුවතර විමල කුල-කිරණව සුපුන් සඳ යුරු


මිහිපල් කිරුළු මිණි රස් සඳ වෙල ගිහිණී

සුවි මල් පද තඹර නිය නව සඳ දිලිණී1

හර සර පිරි ඉතිරි2-කුළුනඹ3 වතුරු පැතිරෙන

හෙම් පත් අයුරු සදහම් සී තෙල රඳන

දම් කින් මෙ මා හිමි සදු සමග උදුළන


මු නි ඳු සසුන් වර සුර ග‍ඟෙහි ඇති වුණු

සි නි ඳු සිහිල් සිල් මුවරඳිනි ගැවැසුණු

පු බු දු යතිඳු සර ගුණ සුවඳ විහිදුණු

න ම ඳු මිතුරු සඳ සඳ තුටු කැරැ දියුණු


120. සැ දු මිණි බරණ මිහි ලිය හස ලෙසට

මු දු පුළින දිසි වේ මඟැ නිසි ලෙසට

රු දු ගජ තුරඟසෙන් සරන හැම විට

ව දු මෙ වන් ජය වද්දන පුර වරට


121. ගි රි දු යුරු නිසල වාසල් පෙළිනුදුළ

වි හි දු මිණි පවුර තන ලු දරණ වැළ

ප සි දු පුර කිරණ යුතු හය තරඟ පෙළ

නි රි ඳු සඳ සඳින් හැම සඳැ උදම් කළ

(1. නියදල පැහැ රමණි වූ 2. සිහිල්-මූ 3. කුලුණව -මූ)


122. ලෙස් වැ දිනිඳු පැලැඹුණු පඬි නිරිඳු පෙර

රොස් වැ මෙ දිව් එන වරැ මේ බියෙහි තර

රැ ස් වැ තැනෙකැ සිටියා මෙන් එ පුර වර

උස් වැ පෙනෙයි නිල් මිණි පහ කුළු පතර


123. පුරන මන නුවන සිරි එ පුරෙහි නිතින1

හරන නැබුළු ගන කුළු ගන රන් කොතින

සරන2 සොඳුරු පා සිරසී දද බියෙන

වරන සුපුන් සිසි නොලදින්3 විය4 ගහන5


124. සැප තින් සපිරි එ පුරෙහි පසිඳු පහ අගේ

ල ප සුන්6 තරිඳු රන් කොත් දිලෙන7 සුර මගේ

අ ප සිය හිම් නරඹන ලොබිනි සිතු රගේ

සැප මිණි8 දිනිඳු සහ කිරණින් සිටිති හැගේ


125. වැද පුර වේ මැදැ මතැතුන් සෙද දිවෙත

බ ඳ රසු වැළ9 සිඳැ10 ගිලිහෙන ලෙස අනත

ම ද ලොබ කැරැ බිගු මුළු පැමිණි තොපොලත

නද කන් නළ නැළුමෙන් වෙතැ11 විසුළ යු ත


126. සිටිනා තුඟු ලකුළු යුග පියොවුරු බරිනි

මිටිනා ගතැකි ඉඟ සුඟ දසත නැමෙමිනි

වටිනා මෙ මුළු ලොවමුව මඳ හස දෙමිනි

සිටිනා කලුන් බල දොර දොරෙහි පෙනිමිනි


(1. සිවු පියේමැ’නා’ මූ 2. වරන-මූ 3. නොළගින් -මූ4.පිය- බොහෝ 5. කිරණ- ඉතා වැඩි 6. දුන්-බොහෝ 7. ලෙළෙනු- ඉතා වැඩි 8. සැපමිණ -මු 9 දැල් -මූ 10. සිඳි මු 11. මේ-මූ


127. උ ම ගන වන් ලිය සුමුවට පැරැදැ සඳ

න ම් ලප දැහැ යළි දිය බල ලබන ලෙද

අ ම ඔසු විමසනුව තුරු සෙන් ගෙනැ නොමඳ

ඇම සඳැ වෙහෙස විඳැවිදි රන් ගිරි බෙයද


128. පයින් කොමළ ලිය රන් සලඹ සල සලා

වෙයින්1 කෙළෙන ලෙස නිල් වරලැ මල් සලා

මෙයින් ගලන දිය බිදු විලස සිතු නොලා

මෙයින් පිටත් කෙ උවම් කියති කිවි බලා2


129. ම ල් සු ඹු ළු බැඳි නිල් වරල ගන කුළු

තන කැකුළු ගන රන් කලස සුලකුළු

තුනු බැබළු ලිය ලිය සදිසි පන්සි ළු

දුටු ස ලෙ ළු වෙති ලෙස ඇකිලි පය වෙළු


130. න ල ලෙළ රන් ලිය වන් පුරඟන නිමල

දු ල මුව ගැබැ පිරි මඳ හස පන පැකිල

ලොල වඩමින් නිති දැවටී නුවන් දැල

බ ල සකි සඳ සිටිනා සලෙළ මුව කැල


131. දෙකෙකින් සතර තිස වන විසි මා පසැති

අනූ අට තුනූ නව සා3 අක් දළැති

අසු සත ගණන් එක් කොටැ සැටින් නිති

එ පුරැ ලියෝ විසි එකෙකින් දස කෙරෙති

 		1. මෙයින් - වැඩි 2. ලොලා- කිහිප 3. සිය-මූ


132. පත මු ළු ස ක් වළැ සිරි එක තැනෙකැ පිරි

ගන වි ල ස ක් පානා එ පුර වර සිරි

සිත වෙනසක් නො වැ පවසත අනත සිරි

වත දහසක් තව ලදුවොත් මිසක් බැරි


133. දු ල තා සොඳුරු පුර ඳුරු විජයොත් පාය

තු ල නා දෙරණ සැපැමිණි තුගු මහ පාය

රඳනා පසිඳු මහසෙන් දෙව් රද පාය

බැතිනා සපිරි දැකැ යත් කැරැ පිණිපාය


134. දිනිඳු මඬල අපහස කරන විලසිනේ

වි හි දු කිරණ යුතු කළ ලකළ ගන රනේ

ප සි දු විමැන මුනි දසනිඳුට සතොසිනේ

සිනිඳු නදැනි මමිතුරු සඳිනි නම දිනේ


135. සබඳ,ඒ පුරාධීප ප්රනභාකරකුලෝද්භූත නරශ්රෙ ෂ්ඨයාගේ ගුණ විශේෂයක් ශ්රසවණය කර


136. උ තු ර දිපති සිරි පැරැකුම්බා සුරිඳු

ප ව ර බරණ දිලි මනරම්බා ගිරිදු

ප ත ර තෙද යසිනි රිවි බිමිබා තරිඳු

එ පු ර වජඹි සිරි පැරැකුම්බා නිරිදු


137. දෙ වි රද වන් මිහි මඬලට ගිම් ගිහිණි

සි ව් සයුරත රැඳි යස තෙද සෙ මුතු මිණි

ස ව් සිරි සර පැරැකුම්බා මෙ රද මිණි

ලෙ ව් තුටු කෙළෙ සිරි ලක රජ සිරි පැමිණි


138. රන් දාරා නේ මිණි සමඟ කළ නද

රන් දාරා තදසා මෙ හිමි ගේ නද1

රන් දාරා පිය වෙස් ගෙනැ විරිදු රද

රන් දාරා ගිය සිය සතඹු ගෙනැ සෙද


139. සවන් දෙසු තෙවළා දම් අත් රසින

සවන් පුරා නිරතුරු සුසිරි වඩමින


සවන් අකුරු මෙ නිරිඳු තිළින තරඹන

සවන් මිණි රොනින් යදි බිඟු කෙළෙ නඳන


140. ප හ ළා විලස යුග කෙළ රිවි බිඹු ලෙළව

පු ව ළා මෙ හිමි සඳ තද තෙද නල මොළව

නොවළා රුපු සයුර වියළා වැදැ වෙළව

ස ස ළා සළා දී බබළයි මුළු පොළව


141. මි හි තු ල් නිසල ගුණ මෙ නිරිඳු සඳ සනත

දි ගු නි ල් පැහැදැ යුග බැම නව මෙ නඟත

පි ළි ම ල් තුමුල් කිඳුලිය2 පා කැරැ නැවත

සු හු ඹු ලු කෙළේ සව් සත සතොස ඇල් කෙත


142. කිවි කුල කමලකර පොබයන රිවි මඬල

සිරි කල කුල2 නිවෙස් මෙ නිරිඳුට රිවි කුල

සම බල නොදැනි නිරිඳකු නු බව මෙ කල

මහ වල තුරක් නැති මෙනි දෙව් තුරට තුල


143. පලග වන් වියත් දද තුටු වන්ට බලී

පලඟ අවි රැගත් වරැ මෙ විරු රුපු කලී

පලග හුණු මුහුණු සහදුන් කඳුළු හැලී

පලඟ අඬ ගහණ මිලි තරිඳු සිරිසිලි


144. ස ව් සිරි දෙන සෙවුතා සත හට නිබඳ

දෙ ව් කුඹු වන් මෙ නිරිඳු රජ කරන සඳ3

ලෙ ව් තුරු රුපු නිරිඳුන් පැලඹෙනු කෙ බද

එ ව් සරනා රිවි අබියෙසැ කදෝ රද4


(කිදලිය - මු 2. කළ - ටික. 3. නද- කිසි 4. ඒව් රිවි අබියෙසැ සරනා කදෝ රද - කිසි. ඒව් රිවි අබියෙසැ සරනා කෙදා් ලෙද-බොහෝ)


145. අ මා කිරණ කැළලැතියෙන් පළමු කොට

ත මා මැ සරි නො මැ වනු යෙති1 හැරැ දුරට

ත මා මැ තම හට සරි ඔහු2 ගුණ රැසට

මා බලනු කිවියර උපමා කුම ට


146. රිවිගොත් කිරි මුහුද ඔද දුන් සිසි ලෙසට

ම හ ස ත් ගුණෙන් වැජැඹෙන නිති මෙ මුළු රට දිය කොන් මෙ නිරිඳුන් තෙද යසස වැනුමට

කිවිවත් නො වෙන් වන් වෙන් සරසවි නෙතට


147. සඳ කැන් සදිසි බබළන පිළිමිණි දෙරණ

ගන රන් ටැඹින් සුලකළ විහිදෙන කිරණ

සැදි නත් රුවින් රුවිනග නවගම් වරණ

සොබ මන් සබා මඩුවෙහි නිති2 පිය කරණ


148. තුරු පිරිවර සුපුන්-සඳ බබළනෙව් නුබ මැදැ

නන් මිණි පෙළින් පෙළ විසිතුරු ලෙසට ඔබා

බන් සොඳ වියන් යට සේ සතිනි හිවි පබා

රම් කම් කළ රුසිරු- පුවතර මුවර තොරණින්


හිම් සෙල් නිමල් සුවිපුල් සී අස්න4 මතු

සුවි මල් රුවන්5බරණින් සුරැසී දිමුතු


දි ගැ ස සොඳුරු කර සල සෙමෙර පවතින

නොලස මිණි කිරුළැ6මුතු ලැල්7 ලෙළමින

දෙ ප ස නරිඳු කුල8 අත් මුදුන දෙවමින

මෙලෙස එ අප පැරැකුම් රජු උන් සඳින


(1.වනුයෙන් -කිසි . 2. ෙමාහු - මු. 3. නෙත් - මු. 4. අසුත් -මු . 5ත ලකල් ,ළකල් - මු. 6. කිරුළු - කිසි. 7. දැල් - කිසි, 8. කැල - ටික)


149. පබ සර මිණි කිරුළු පළදිමිනි සිතු ලෙස

සුබ කර මෙ සිරි ලක රකිනා එන දවස

නැබ සර විකුමි රජ කුමරුන් සිටි විලස

දඹ තුර දෙපසැ රතකුරු සිරි පැයි වෙසෙස


150. දි ය ත් පසිදු රිවි සඳ අනල කුලෙනුදා

ම හ ත් සොළි පාඬි කේරළ නිරිඳු සද

දි මු ත් මකුට මිණි මල් සරණ නලැ පුද

සි ටි ත් පසෙකැ කර නල තඹුරු මන යොද


151. ක පු රු සඳුත් මුව මද සොඳ සුවඳ ඇති

රු සි රු සියුම් පට සළු සමඟ නන් වතී

ව තු රු ලෙසින් ගෙනැ නන් දෙසැ නිරිඳු නිති

අ තු රු නො දි දී වැඳැ වැඳැ එහි සිටිති


152. කර තත් වෙනස් තම ගැලැවෙන උපා දැන

නැවතත් එ රන් රස විලසින් එක් කරන

දැනැගත් රජ නීති සත නතු ලෙස නැණින

සිරි මත් ඇමති ගණ වැදැ සිටිති අදරින


153. ව ද න සතර පැවැසු සන දැනැ නො හැර

ක ර න සකම් විදි නො වරදවන පවර

න ද න පෙරව් බමුණන් සිටැ එක පැතිර

කි ය න නොයෙක් ආසිරි වදනින් නිෙතාර


154. සොඳ එළු දෙමළු1 මාගද දෙව්2 බස පසිදු

සෙ ද3 මියුරසින්4 නොසැකෙව් කිවියෙහි පුරුදු

ඹ ද ගුණ ගිහිණි නන්5 යුත් මහ කිවිඳු

වැ ඳ වැඳ කියති නො මඳවැ කව් බැඳැ විරිදු



155. නිමල් බරණ ගන සරසා සකස් කොට

තුමුල් උතුරු පට සළුවෙන් එකස් කොට

කමල් සදිසි අත් ලෙළවා උසස් කොට

විපුල් වැ වැඳි තෙපලත්1 තුති වෙසස් කොට


156. දි ව ස ර වන් ලිය රන් තළි ගෙනැ අතට

වි ල ස පැපෑ සිරි විලි ආ වඩන සිට

මෙලෙස සිව් සිරිත් සුසැදුණු සබ මැද ට

පි වි ස සෙමෙන් ගොස් බුහුමන් කැරැ වෙත ට


157. මි තු රු කුලග දුන් රසුදුළ මිණි මිතුර

ස තු රු අඳුරු දුරු කළ සියපත් මිතුරු

උ තු රු කරන වරැ පැරැකුම් දෙරණිසුරු

රු සි රු සරණ වැදැ මෙ ලෙසින් කිය මිතුරු


158. සැප තින් දිනිඳු දිනු හිමි සඳ දැන් ඔබ ට

ඔප තුනු සිරි යුත් පත් තෙනෙ තනතුර ට

සිප සිරි සඳ වැඩි සපුමල් කුමරිදු ට

අප යත හිමි අස්නක් දිනි දෙන ලෙසට


159. එගෙ න යන පවන් දැන් එ රදුන් ළග ට

උගෙ න සැළ කරන මෙන් කීයෙන් ඔබට

මෙතැන පැමිණියෙමි පවසා මේ ලෙසට

රැගෙ න වසර වැදැ2 නැගෙමින් නුබ තල ට


160. අතුරු නො හැරැ ඉවුරසැ පිහිටි වන ගටින්

ළතුරු උදුරමින් බිඟු රැඳුණු මල් පටින්

වතුර උතුරුවා ඇවිදින් පිරෙන වටින්

මිතුරු එ තෙර යා කර කොන්තගන්තොටින්


161. ස ර සිය සිය පැරැකුම් නිරි’ඳු පුවතර

ත ර හිවි මුතු සේ සත් සේ ද අර තර

පෙ ර දිගඟන මුකුරෙව් වත සිසිර කර

ව ර මමිතුර සැතපෙව තුරෙකැ පල බර


162. අ ඹ ර මිණි රැසින් ගනඳුරු යත බැහැර

ත ඹ ර පුබුදු වත පෙති එ කිනෙකින් හැර

බ ඹ ර කැලෙහි වැදැ වැදැ තුඩු දෙන නො හැර

අ ඹ ර තුරු පිවිසැ යන් පිය පිය පැහැර


163. ඇල ව ඉපිලිපිලි ගන විදුලි සෙ එළිය

බ ල ව දිවන වරලින් දී දිය රැළිය

ති ල ව කලෙකැ සිටැ කෙළනා නො හැකිළිය

බ ල ව කැළැණි ගඟැ සොබමින් මස්කෙළිය


164. කි ර ණි නුදුළ මිණි කොත් කැරැළි ලෙළ දිදි

පැ රැ ණි නො වන හැම සඳ නවහමින් රැදි

ත ර ණි පතට අසල වැ උසැති පා සැදි

කැලැණී පුරට වදු දිය නා විඩා සිඳි


165. න ද නිසසර විරුඳුන් මන් සිඳැ පසිඳ

බැ ඳ යස දද දිගු දිගු යටගෙහි නිබඳ

න ඳ කළ සත සව් සිරි දීමෙන් නොමඳ

වැ ඳ අනතුරු එහි විභීසණ සුරිඳු සඳ


166. ස ඳ සිළු මලඟ නො කෙලෙස දිමුතු මුතු රැස

බ ඳ පිරියමින් තර සර සෑය මහ උස

න ඳ මුනි සහ දුමිඳු නරඹා පුරා ඇස

වැ ඳ ඉටු මිතුරු සඳ දියුණව සිතැ ස‍ෙතා ස


167. සඳ කැන් මිණින් යුතු බිතු පා සඳැල්ලේ

ස ඳ ව න් වුවන් පෑ කෙළී ලිය මඬුල්ලේ

බ ල මි න් මඳක් ඉඳැ රන් කොත් කැරැල්ලේ

සතොසින් පියාසර කර එ මැ ඇසිල්ලේ


168. ගගා සූමණි වෙණ ගෙනැ සිනිඳු තත් නගා

රඟා සුරඹ ලිය ගී කියන මන රඟා

මඟා මිතුරු තුම ළද බොළඳ කොමළඟා

ළඟා නො වැදැ වැදැ යන් එ සඳැ සුර මඟා


169. ව ත් ත ල කුසුම තුඟු නැහැ වොරැඳි හැම සද

ව ත් ත ල පල නිමල පියෙවුරු බරිනි තඳ

ව ත් ත ල නළලැ තෙසු ලිය ලිය රැඳි නොමඳ

ව ත් ත ල සොඳුරු සිරි දැකැ යන් මඳක් ඉඳ


170. තෙත නිල් උපුල් වන් වත පුන් සඳ සේය

ර ත ලවනත කෙම් පල බඳු වද සේය

වෙ ත එන ලියන් දැකැ දැකැ රන් ලිය සේය

ස ත පෙව මඳක් ඉඳැ මා බෝ වේ සේය


171. මතු වනු නො දැන ගුරු එ රහත් හිමි නිමල

සි තු විකලින් බඳනෙහි ලුවෙනි උණු තෙල

ඇ තු සහ නිරිඳු ගෙනැ ගිය මඟ පොලෝ තල

ඇතු බුන් වළැයි යෙති ඒ දකු මඟ අසල


172. ත රි ඳු කිරණ කිරණව රළ පෙළ තුල්ල

සි නි ඳු සිහිල් මළුතුළ පළ සුදු වැල්ල

වි හි දු කුසුම් සුවඳැති තුරු සෙවණැල්ල

න ම දු වෙහෙර මහ වත වෙතැ රිළැවුල්ල


173. ඉ ඟ සුඟ සිහින් මොළෙ‍ාකත් මල් දම් සැටිය

ර ඟ අඟවන අඟනන් තන හෙම් තැටිය

ග ඟ ළඟැ සුසැදි මල් බර සල් රම් යටිය

ම ඟ මග අසලැ සිරිසර වැලිගම්පිටිය



174 රැ ඳි ඉවුරස පුල් නා මල් ‍ෙවළපතුර

බැ ඳි නිල් වරල ගෙනැ හැරැ හැරැ1 කළපතුර

ඇ ඳි සළු සමඟැ ලිය2 පැනැ පැනැ කළපතුර

කි ඳි ගොඩ හොය කෙළිනු3 දැකැ සතොස ළපතුර


175. ලෙ සි නේ සෙමෙර පෙළ මලවල තළානේ

රි සි නේ ළපලු බිඳැ කන මුව රළානේ

තොසි නේ මේ හැම දුටු දන මන වෙළානේ

ගොසි නේ නරඹ සිරි බෝනාවළානේ


176. නෑ ර මු වේ පිය ලිය කියන රස කොට

ගී ළ මු ‍ෙව් පුරමින් සවන කැරැ තුට

මා ග මු වේ වන් ගොදුරට ලොබ නො කොට

මී ග මු වේ ගෙ මුවෝ සිටිති හැම විට


177. පැ ළ පෙර ගිරි දෙ රද5 දකිනෙව් ඔවුනොවුන

දු ළ දිනමිණි සඳ කිරුළින් සිය මුදුන

ක ළ සුලකුළු ඒ නරඹා නො වැ ගමන

කො ළ තුරු තුරු වැදැ නිදි ගත් රතනුවන


178. දි ලු ණු නිසා කල තුරු මල් කළු වරල

මැලු ණු වර සැළි පැළ සිඳු යහන් තල

ඇලු ණු තෙනෙයි නිදි දැහැ වැදැ ගුවන් තල

කුලු ණු දියුණු නුඹ යන් රැවු දිදී ගල


179. තෝ ප් පු වෙ සනහා-

මඟ දෙපස වන විලහී

තෝ ප් පු ව නම් පියෙසින්-

යා ගත් නිවී සැහැහී


180. පාන ව බට මුවහත නෙත් පිළිරුවට

මා ව න මින් ලැහි රැවටෙන සමහමට

මා න ව හෙයින් එ තෙර වැ සෙද බැසැ මගට

පා න ව යා කර මමිතුර සිතු ලෙසට



181. සී රා ලෙසින් උල් තියුණඟ තුඟු අගිනි

සා රා දෙරණ පස් සියලගෙහි ඉසිමිනි

සූ රා මහත් කොටැ පිළිමල්න දැකිමිනි

මා රා විලැ සිටිති වන මිවු මේ ලෙසිනි



182. ක න ත පැමිණි අඳුනැඳැ යුග නෙත් පෙටිය

සු න ත දෙබැම යුග නත ගන රන් තැටිය

තනෙන සිත සතුටු කරවන ලිය සිටිය

ව න ත බැරි අනත සිරි පිරි නිකපිටිය1


183. ක ලා සපිරි සඳ සේ සස ලපින් යුත

නි ලා තිබෙන දෙ නුවන සමඟ වුවනත

දු ලා සිටින රන් ලිය වන් ලිය අනත

ස ලා වතට වැඳැ දැකැ යන් ලෙසට සිත


184. ම නා ලෙසට නරඟින් රැගෙනැ වෙලළසේ2

ව නා තිබෙන තැනැ තැනැ දිමුතු මුතු රැසේ

උනා නොහැරැ අත විඳැ සිඳු ලිය පහසේ

සි නා ගතෙවි නී රද නොසිනි නොකමසේ


185. පැ ළ දිගු වෙනුර සරහන කොතබු මිණ ලෙසින්

ද ළ රිවි බිඹු බබළන වෙසෙස සහ රසින්

ද ළ සඳ පිහිටි මුන්නේ සරම දැකැ තොසින්

ලෙළ තුගු තුරෙකැ වැදැ සැතැපෙන්නැ සිතු ලෙසින්


186. යොන් පැළ දිගු දළැ රැඳි මෙන් තලා ටික

ව ත් පැළ සිඳු මන කෙළිනා සදිව් සක

මි න් පිරිවර සමග වැ ගිය සඳැ සසක

ය න් ම සබඳ සෙද නැගි තුරගින් නිසැක


187. සිය ඹර ඩෙබර මොර-කළුහර මුහුළු සිඳුවර

පැසුණු රස දොළුඹාන මහදඹාන

හැසුණු කනකරඹාන බඹරඹාන


තව නාලිය වැලැඳි-පුවඟු පුවඟු දු රැරඟ

දු නු කේ සලළ ලෙ ළා න මල් සළා න

වැනුකේ යුවළ කො ළා න තල් තළා න


ප ල බර පර රුකීය මග රුකීය

ස ල මද නල වැකිය නො වැළකීය

පු ල වන සිරි මෙකීය එකි නෙකීය

බ ල ස පුරා සකීය තෝ සකීය



188. නි ල් ල කස කැල ගිරි නිල් ලියනඟල

පු ල් ල කුසුම් බිඟු සහ ගළ පුළිනතල

දු ල් ල හිවි සහලගර හළු දුමිනවල

වෙල්ල වල වෙනැති සැටි සකි නො දැකැ පල


189. පෙම් පෙන්නා කුවෙණි සිරි විජයි දුට

බිම් දුන්නා ලක හිමි කැරැ සපත කොට1

උම්2 දෙන්නා වැසැ උන් නුවර ඉඳි කොට

නම් මැන්නා අඩවිය දැකැ යත් එ පිට


190. ලොබද වඩා රා බී මත් කත්තළම

ස බ ඳ පතුරුවා දෙන රඟ අත්තළම

ස බ ඳ බලා සිටැ තුටු කරැ නෙත්තළම

නු බ ඳ පමා නො වැ වැදැ යන් පුත්තළම


191. දෙ ව් සිරි සර දිසි වන රන් පරප්පුව

කොව් ලඟනක සමඟ වැ වැසැ සරප්පුව

එ ව් මි රස බිදැ මී අඹ තරප්පුව

ස ව් සැපතින් යුතු දකු පොන්පරප්පුව



192. ලෙ ළ සිවි රස3 කලා4 වැළ තරඟින් ගැවැසි

ක ළ පුරඳුරු කැළලිඳුවර පඳුරු දිසි

කෙ ළ නා සරා සරසෙව්5 එන සුපුන් සිසි

වෙ ළ පතුරෙකැ වැදැ ලැගැ ගන්න සෙද නිසි


193. පෙර ගිරි ලෙනින් බාසුරු බාසුරු කෙසර

ක ර කර කෙසුරු පොලමින් පිටත එන වර

දු ර දුර පලන ගනඳුර පිනිපා එතර

හැ ර නිදි මිතුර බලමින් යෙහෙනි යා කර



194. වතළ කැලුම් දසතග ලවනත හමුව

සියු මැලිතුම් රන් ලිය වැනි ලිය සුමුව

වෙතැ සිතැ පෙම් කැරැ සිටිනා සලෙළ මුව

දකු මන රම් මුවදොරගම තො ද යොමුව


195. ස ස ලිය තරග පෙළ කෙළෙනා දියාසර

අ ස ලිය දිමුතු මුතු සක් සිරි පියාසර

බැ ස ලිය පැන තරන දැකැ කැරැ පියාසර

මු ස ලිය මුව දොරින් සකි කර පියාසර


196. පැ ළ දිගඟන පට වැටියෙහි අවරැදුරු1

ලෙ ළ දිගතින්2 ලූ රිවි පහනින්3 සොඳුරු

දු ළ ත නකිති පති ගන සිරිති4 ගනදුරු

වෙ ළ විවැ5 ගොස් සැතැපෙව සකි තුරු මැදුරු


197. එ ක් අත් ලෙසක් සක්වා නො හැරැ6 වෙනතට7

ස ක්8 අත් අගින් පැනැ වන ගිය මා වතට9

දි ක් අත් දිනිදු අලු කළ පත සකි තනට10

නික් මෙන් මැනැවි නෙතැ නිදි හැරැ මිතුරු තට



198. පැ ර රළ සිලිලැ මතු වෙමිනි එක ලෙස

මෝ ර රළ උනුන් ගතැ වැදැ වැදැ සරොස

නෑ ර කෙළැ කරන කොලහල හැම දවස

මෝර වළ එ සිරි නරඹා යන් සියැස


199. මු තු බෙ ල් ල න් තරගින් විසිරි වෙරළස

සි තු ලො ල් ල න්11 මුතු අවුළන නොවී ලස

ළ ඳ ගො ල් ල න් රූ දැකැ වෙමිනි සහ තොස

නො පැ කි ල් ල න්12 මමිතුරු සඳිනි එ විගස



200. පෙ න් නා රමට අඟනන් සැරැසී සිටිය

ස න් නා රමට වැදැ තල් පොල් සල් යටිය

දු න් නා රමට එන සතුටින් දිවැ පැටිය

මන්නා රමට වැදැ නරඹන් සිතු සැටිය

"https://si.wikibooks.org/w/index.php?title=කෝකිල_සන්දේශය-සඳෙස-ii&oldid=4388" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි