කෝකිල සන්දේශය-අරුත් වියකන-v
201. ගතපිවිතුරු සරහන ගල පදක්කම
කරවනතුරු ලිය නෙත රුසිරු වැක්කම
සැදිවිසිතුරු තුරු මග දෙ පස එක්කම
බලමමිතුරු සඳ අත්තාලමුක්කම
201. මමිතුරු සඳ, ගත පිවිතුරු, පදක්කම ගල සරඟන, උතුරුලිය නෙතැ රුසිරු වැක්කම කරවන මඟ දෙ පස එක්ක ම විසිතුරු තුරු සැදි අත්තාල මුක්කම බල. මගේ යහළු තුමාණෙනි, සිරුර නිමල වු, මිණි අභරණ බෙල්ල සරසන (හෙවත් බෙල්ලේ අබරණ ලූ), උසස් අඟනන් රූ සිරිය ඇසේ ව කන්නා වු, පාර දෙපැත්තේ එක්ක මැ වාගේ අලංකාර වූ ගස් හැදී ඇති අත්තාලමුක්කම දකින්නැ. ‘පදක්කම්’ නම් ගලැ පළඳිනා මිණි අබරණයි. ලොවාදු පෙත්තක් හෝ මැණිකක් හෝ සහිත මාලය මේ වගට අයත් වේ.
202. හැමසත් සිතැගි වත් දෙන ලෙසිනි සුර තුර සියපත් මිතුරු කුල පැරැකුම් නිරිදු තුර තෙදකිත් ලෙසින් පැලැඹෙන නොහැරැ දිය තුර දිවසත් නොසඳ සඳ දැකැ ලගු තුරෙකතුර
202. සුරතුර ලෙසිනි හැම සිත ඇඟි වත් දෙන, සිය පත් මිතුරු කැලැ , උතුරු පැරකුම් නිරිදු, දිය අතුර නොහැර පැලැඹෙන තෙද කින් ලෙසින් දිවස අත් නොසඳ සඳ දැකැ තුරෙකැ අතුරැ ලගු. දෙව් රුක (කප් තුර) සෙයින් සියලු සතුන් ගේ සිතට කැමති ( සිතන පතන) වස්තුව දෙන, හිරු කුලේ වූ, උතුම් වූ පැරැකුම් රජු ගේ , ලෝ තුළ (එක තැනකුත්) නැරැ පැතිරෙන්නා වූ තෙද හා යසස හා මෙන් දවස අවසනැ හිරු සඳ දෙක දක්මින් ගසෙකැ (අතු රැස) තුළැ ලගින්නැ. සිතැඟි= සිත ඇඟි දියතුර= දිය අතුරැ දිවසත්= දිවස අත් තුරෙකතුර=තුරෙකැ අතුරැ
203. වැ ස උදයග අගැ සිඳැ අඳුරු පව් රැසි ර ස කරගින් සර මිණි සුමුගින් නොලැසි ලෙ ස මතුරන බිඟු අක මල් ගත රිවිසි ඇ ස නිදි දැහැ නැඟි සිටැ යන්නැ සකි නිසි
203. නිසි සකි රිවි ඉසි උදය අග අගැ වැසැ අඳුරු පව් රැසි සිඳැ රහ කර අගින් සර මිණි සුමුගින් බිඟු කෙ මල් මතුරන ලෙසැ නොලැසි ගත ඇස නිදි දැහැ නැඟි සිටැ යන්නැ. සුදුසු වු හෙවත් මෙතින් නො සිඳුණු යහළුව, හිරු නැමැති රුසිවරයා උදාගිර මුඳුනේ හිඳැ අඳුර පව් සමූහය කඩා දමා හෙවත් නසා, රස් නැමැති අතේ අගින් විල ( හෝ නෙළුම් මල හෝ )නැමැති කරඬුවෙන් මී මැසි සමුහයා නැමැති ඇට වැළ (ජප මාලාව) දැපීම (ජප කිරීම) පිණිසැ නොපමා වැ ගත් විටැ ඇසේ නින්ද දුරු කොටැ නැඟී සිටැ යන්නැ. ‘අක මල්’ නම් වූ ජප මාලාව බුදුනුවන් ගේ නම් නව ගුණ ඇට ‘වැළයි’. ඔවුන්ගේ දැපීම බවුන් ( භාවනා) කිරීමයි. උදයග = උදය අග කරගින්= කර අගින් රිවිසි= රිවි ඉසි
46. මඟ වැනුම (11) 204. යුත් හිමි නදැ නුඹ දුන් නින්ද අසමින සිත් පිනමින් පෙර මඟැ ලූ වැටුපු මෙන රත් මිණි කිරණ නැඟි සල් පිල් යහ දසන යත් මැනැවි යැ නරඹා මාවටු පටුන
204. හිමි නද යුත් නුඹ දුන් නින්ද අසමින් සිත් පිනමින් පෙර මඟැ ලූ වැටුපු මෙන් සල් පිල් මුඳුනැ රත් මිණි කිරණ අකුරු නැඟි මාවටු පටුන නරඹා යත් මැනැවි යැ. හිමියාගේ නදට බඳු වු, ඔබ දුන් ගැඹුරු නද අසමින් සිත් පිනා පෙර මඟැ දැල්ලු පහන් මෙන්, බඩු තිබා වෙණෙදහම් කරන වේදිකා මුඳුනේ රත් මැණික් රස් සරණි (ශ්රේ,ණි) නැගී ඇති මාවටු පටුන හෙවත් මා තොට බලා යනවා නම් හොඳ යි. කොවුලා ගේ සම්දරුවා වසත් තෙමේයි. මේ දීමේ දනන් අලුත් අවුරුදු දෙවියා පිළිගන්නට සැදෙන්නා සේ වසත් කෙළි කෙළින්නෝ කම් දෙව් පිළිගන්නට සැදෙති.
205. න යි ස න් යනැල් ගෙවි සරනා ගොයම් වෙල කොයිය න් නෙදැයි නුඹ දැකැ යෙකි මඟ අසල අ යි ය න් කෝවිලට වැදැ නොවැ කල විකල ව යි ය න් නැමැඳැ දෙයියන් සිරි පා කමල
205. මඟ අසල නය්යන් යන ගොයම් වෙලැ සරනා ඇල් ගෙවි නුඹ දැකැ කොයි යනනේ දැයි යෙති. අය්යන් කෝවිලට වැදැ කල විකල නොවැ දෙය්යන් සිරි පා කමල වැඳැ වයි යන්. පාර අයිනේ ඇති නායන් වේලි නම් ගොයම් වෙලේ ගැවසෙන ඇල් කෙත් රක්නා ගෑනු ඔබ දකිමින් ‘කොහි යනවාදැ’යි කියති.(පිළිවිසිති). අය්යන්නාර් කෝවිලට වැදි සිහි විකල් කොටැ ගන්නේ නැති වැ දෙවියන් ගේ සිරි පා පියුම් වැඳැ වහා ගමන් කරන්. ‘නායන් වේලි’ යනු ‘දෙයියන්නේ වෙල’ බණ්ඩාරවෙල’ යන නම් පළ කරන දෙමළ වදනෙකි. අය්යනාර් තෙමේ දෙමළ දනන් විසින් වඳිනු, පුදනු ලබන ගම් බාර දෙවියෙකි. ‘අය්යනායක’ යනු ද මෙ දිවයිනේ දී ඔහු සඳහනැ ඇසේ. 206. නොමඳ අමා ඔත මෙන් දෙන කනකනය නි සි ඳ කියන ලිය ලිය ගී තැනතැනය නොඉඳ මෙතා පිය නද යැයි යනයනය ස බ ඳ බලන් සිරිසර නො ගෙවෙනවනය
206. සබඳ, කන කන(ය) දෙන නොමඳ අමා ඔත මෙන් ලිය තැන තැනිය නිසිඳ කියන, ලිය ගී මෙතා පිය නඳ යැයි නොඉඳ යන යනය සිරි සර නොගෙවන වනය බලන්. යහළුව, කනෙක් කනෙක් හි දෙන්නා වූ මඳ නොවන අමා වැඟිරිමක් මෙන් ගෑනුන් තන්හි තන්හි සැඳි හිඳැ ගෙනැ කියන, ලයට එකඟ ගී තගේ පියාව ගේ නද වනැයි සිතා හිඳිනේ නැති වැ යන ගමනේ, සිරින් සරු බව අවසන් නොවන වනය බලන්නැ.
207. දින කර කුලග අන පැරකුම් රජු ගේ තෙද ගන දින දින දික් විජය කෙරෙමින් පැලැඹෙමින එන වර කැටි ගැසී විලස තැන තැන වන තුර ළතඹ පලු සුමු පෙනෙනු යැ දුලන
207. දිනකර කුල අත පැරකුම් නිරිඳු ගෙ ගන තෙද දිනැ දික් විජය කෙරෙමින් පැලැඹෙමින් එන වරැ කැටි ගැසි තැනැ තැනැ රැඳි විලස වන අතුර දුලන ළතඹ පලු සුමු පෙනෙන යැ. හිරු කුලයට අග තන පත් පැරැකුමුබා රජුගේ ගන වූ තෙදස දිනෙක්හි දිනෙක් හි දිගුන් සපුරා ජය ගන්මින් හැසිරී එන ගමනේ කැටි ගැසි තන්හි තන්හි රැඳුණා සේ වනය තුළැ ළා දළු සමූහ පෙනෙන්නේ යි. ගිරා අසුන් කරුවෝ මේ ළා දළු වන දෙව් ලියන් ගේ පත්ලේ ලා රස වන මුඳුනේ වැකුණු සෙයින් දකිති. කුලග= කුල අග 208. සුවිමල් සියුමල් වැලි තල විල් පිට දෙපතුල් ළතඹුරු සරහා ඇම විට පිපිමල් රොන් ඇඟැ තවරා සුවඳට වනකල් බිලිඳුන් කෙළි නරඹන් සිට 208. සුවිමල් සියුමැලි වැලි තල විල් පිට, ඇම විට, දෙපතුල් ළ තඹුරු සරහා, සුවඳට පිපි මල් රොන් ඇඟ තවරා වන, කල් බිලිඳුන්කෙළි සිටැ නරඹන්. පිවිතුරු වු, මුදු වු, වැලි තලා නැමැති විල් පිට හෙවත් විල් තලය දෙපත්ල නැමැති ළා නෙළුම් මලින් සැරැසිලි කොටැ, සුවඳ පිණිසැ පිපුණු මල් රොන් අඟේ තවරා (කෙළිනා ) වන වැසි ගෑනු බිලිදුන්ගේ සෙල්ලම් රැඳි බලාපන්. මල රහිත හෙවත් පිරිසිදු, සියුම් බැවින් ඉතා මුදු වූ වැලිතලා පිට විල් පිට බඳුයි. බිලිඳු වන දැරියෝ එහි කෙළිති. උන් ගේ පතුල් ළා නෙළුම් මල්බඳුයි. උන් ගේ ඇඟේ පිපුණු මල් රොන් තවරා ඇති. එයින් පතුල් නැමැති නෙළුම් මල්හි සුවඳ නැති අඩුව පිරේ.
209. සිද ඹුවන වළා රැඳි පැහැ දුළේ පද සන් දුන් නිල් මිණි ගලතළේ තද රජ හස පෙළ දිවැ වෙළේ වැද රැවැටි සිත ලොබ දුරු කෙළේ
209. සිඳ අඹුවන නිල්මිණි ගල් අත්ළේ දුන් පැහැ උදුළ වළා රැඳි පද යන්, නද, රජ හස පෙළ වෙළේ දිවැ දිවැ වැද රැවටී සිතැ ලොබ දුරු කෙළේ සිදු ලියන් සිද්ධ නම් ගණයේ දෙව් අඹුවන් නිල් මැණික් ගල් තළායේ දුන්නා වූ, පැහැයෙන් බබළන වළලු ( එනම් නුරු වළා) රැඳුණු පිය සිනෙහිත් නදෙහිත් ( ලොබ වැ) රජ හස් පෙළ ලහි ලහියේ දිවෙමින් අවුත් වැදී රැවැටීමෙන් (එහි)ආසාව දුරු කෙබළේයි. සිදු දෙව් ලියෝ මේ වෙනේ ඇති ගල් අතළ මතැ ඇවිදිති. එ ගල් අතළේ ලා රස වැකි ඇති. පියෙහි සන් පිහිටා තඹුරු (නෙළුම් මල්) සෙයින් පෙනේ. හස්හු නෙළුම් මල් පැණියෙහි ලොල් සිත් ඇත්තෝයි. එයින් කීහ හස් අසුන් කරුවෝඃ- ‘බොන කල පොකුරු මි හිඳැ පිපි පියුම් හිස’ යැයි නෙළුම් දක්නා හසුන් ලහි වැ එ වෙතැ දිවෙනු පවතෙකි. නිල්මිණි තෙලේ පා ගැටෙනු හා ඒ ළදුන් ගේ පයැ ඇති. පැහැ උදුලන නුරු වළා හඩ නැගේ. ඒ නූරු වළා නද හසුන් ගේ ( වෙසෙසින් හැසිනියන්ගේ) හඩ බඳුයි. කීහු මැ නො? හස් අසුන් කරුවෝඃ-
‘අප සර ගත් වළලුත් ලා තමන් දඟා , , , , , , , , , , , , , , , , , , අප සර වෙති හසඟන පුරඟනන් මඟා’ යැයි. එ හෙයින් එ හඬ අසා ද රජ හස්හු ලහි වැ දිවැ එත් එහි පද ලස් මිසැ නෙළුමෙක් නැති. නූරු වළා හඬ මිසැ හස් හඩෙක් නැති. එ හෙයින් දිවැ එන රජ හස්හු රැවටි එහි අසාව දුරු කරත්. සිද්ධයෝ නමඃ- ‘ අනිමා මහිමා වෛව ලඝිමා ගරිමා තථා ප්රාාප්ති: ප්රා.කාම්යනමිශිත්වං වශිත්වං වාෂ්ටසිද්ධයඃ’ යැයි කියන ලද. (කුඩා වීම. මහත් විම, ලුහු විම, බරවීම, සිතූ කුමකට ද පැමිණිම, නොවැළැක්වියැ හැකි කැමැත්ත, පබු බව, විසි කරන බව යන) අට සිදු කළ හෙයින් එ නම ලත් දෙව් ගණ දසයෙන් එකකකට අයත්වූ බප ඇත්තෝ වෙති.
විද්යා ධරෝප්සරෝ යක්ෂ රක්ෂෝ ගනධර්ව කිනනරාඃ විශාවෝ ගුහ්යාකඃ සිද්‍ධෝ භූතෝමි දේවයෝනයඃ (විදුදර, අප්සරස්, යක්, රකුස්, ගදඹ, කිනුරු, පිසස්, ගුහ, සිදු, බුහු) යි අමරසිංහයෝ දස දෙව් ගණය සඳහති. ‘සිදඹුවන් සරණ- තෙගි ලු ලා රෙසන් සන් විමලඳු නිල් මිණි තලට දිවෙන කල හස් පෙළ දිටි’ යි මුව දෙව් දා කව් කරුවෝ ද ඉඳුනිල් මිණි අතළේ පිය සනට රජ හස් පෙළ රැවැටෙන සේ දකිත්. සිරි රහල් හිමියෝ- ‘සරන සුරඟන කැල ලා රස වැකි සරණ තල සොඳුරු පිළිමිණි තල තඹුරු පිපි සුර ගඟෙව් මන කල’ යැයි පිය සන්හි නෙළුම් මල් විලස පළ කොටැ වදාරති. ‘පුරඟන සරන වරැ මිණි නිල් සදලු තෙලේ වැකි ලතු පද ලසින් රැවැටුණු බමර කැලේ’ යි රැවැටීම බමරුනට පවරති තිසර අසුන් කරුවෝ.
‘කෙළිනා මතඹුවන් පෙඳසා නුරු වළා රැවු දැහැ දිගු විල් තිසර පෙළ දැවැ වන් රුදු පහා කුස්’ යැයි වළලු රැවුවට හසුන් රැවැටෙන සේ මුව දෙව් දා කව් කරුවෝ ද කියති. මිණි සලඹෙහි දිඟැස කොලහල අසා රත හස පස්සේ යන විලස අගන්නා වැනි ගමන් එක ලෙස’ යැයි සිරි රහල් හිමියෝ ද වදාරති.
‘රජ හස පෙළ ....දුරු කෙළේ’ යනු දුරු කිරිම ‘හස පෙළ’ එකක් හැටියට නො කරනුයෙන් මනරම් නොවේ. ‘රජ ගස පෙළ දිළේ’ යැයි යෙත දිළීම මුළු මහත් වැළට පොදු වනුයෙන් සුදුසු මැයි. දුරු කිරීම කරනුයේ එකා එකා හෙයින් මෙහි දී ගුරු කමට සුදුසු වනුයේ:- ‘තමන් මින දොළ පුරති බිඟු රළ’ යන ගුත්තිල දා කව් වදන වැනි යෙදුම් යැ. (ඉඳු) නිල් මිණි තල මතැ සිදඹුවන් සරනු ලක් දිවේ වන පියෙස්හි එතරම් හුරු පුරුදු පවෙතක් නොවේ. එයින් වැනීම වඩු අතට බර වෙයි.
210. ක මි න් මිරිස පලු සැමුව මුවදා බ මි න් ගසා කැස් පනිමින් එ සඳා ල මි න් රුකුළු අත මි බී නොමඳා සෙමින් ඉඳිති රුකුවලැ වැදැ සමුදා
210. සා මුව මිරිස පලු කමින් මුව දා එ සඳැ බමින් කැස් ගසා පනිමින් රුකුළු අත ලමින් නො මඳ මී බී සමුදා වැදැ රුකුවලැ සෙමින් ඉඳිති. රිළවහු ගම්මිරිස් දළු සපා කට දැවිල්ල ඇති වී. එකලැ බිය පත්වැ ‘කැස්’ යි හඬ නඟා පැනැ, බිල තුළට අත ලා බොහෝ කොටැ මී පැණි බී, රළට වැදි ගස් මතැ කර බා ඉදිත්.
211. ගිරි මුදු නත හැලීය ඇදැ හැලීය පිපිවන පෙත සලීය සලි මලීය හෝ පලු පලු එලීය රත දිලීය තැනැ තැනැ සියුමැලීය සුදු වැලීය
211. ගිරි මුඳුනත ඇදැ හැලිය, වන පෙතැ පිපි සලීය, සලිමලී ය, රත දිලිය පලු එලිය හෝ පලු. තැනැ තැනැ සියුමැලිය සුදු වැලීය. කඳු මුදුන්හි එයින් ඇද හැලෙන්නා වූ (දිය) ඇලි යැ. වන පියෙස් හෙවත් කැලැ පෙළේ මල් පිපුණු සල් ඉඹුල් යන රුක් යැ. රත් පැහැය දිලෙන්නා වූ එල්ලෙන දළු ඇති හෝ පලුගස් යැ, තන්හි තන්හි මුදු මෙළෙක් සුදු වැලි (තල) යැ. 212. සුවඳැති නිලුපුලීය සුවිපුලීය සුපිපි නෙළුම් මලීය රොනවුලීය නද දෙන ම ලොලීය ම් ලොලීය තැනැ තැනැ වන විලීය නෙත් කලිය.
212. තැන තැනැ සුවඳ ඇති සිවිපුල් නිල් උපුලී, රොන් අවුල් සුපිපි නෙළුම් මලී, මී ලොලි නද දෙන මී ලොලි, නෙත් කලි වන විලි. තන්හි තන්හි සුවඳ සහිත වු, මහත් වූ, නිල් උපුල් (හෙවත් මානිල්) මල් හිත්. රොනින් ගැවැසි මනා වැ පිපුණු නෙළුම් මල හිත් (මල්) පැණියට ඇති ආසායෙන් නද දෙන්නා වු මීමැස්සන් ගෙන් යුත් ඇස් ඇදැ ගන්නා වන විල් යැ.
213. දෝත ලු ඉඳි තලීය කොබලලීය මි අඹ දොඹ සලිය පලු දෙලීය මුව ලඹ සුවඳෙ ලීය රස බලීය දුටු දන සිතිවිලීය නිති ඇලීය
213. ඳෝතලු, ඉඳි, තල් යැ, කොබලලීයැ, මී, අඹ, දොඹ, සල් යැ, පලු. දෙල්යැ, බලි රස, මුව ලඹ සුවඳෙලී යැ දුටු දන සිතිවිලි නිති ඇල යැ.
දෝතලු යැ, ඉඳි යැ තල් යැ, කොබලීල යැ, මී අඹ යැ ,දොඹ යැ, සල්යැ, පලු යැ, දෙල්යැ මහත් රස ඇති. මුව එල්ලන සුවඳෙල් යැ යන මේ දැය දුටු දනන් ගේ සිත් නිතින් ඇලැ වී.
214. සැට දා සුවඳැලීය පියුමැලීය කලමදු රත් ඇලීය මොනරැලීය පැසුණු නොයෙක් ඇලීය කෙත් මලීය ඇල් ගෙවීලීය බලීය රූ දිලීය
214. සැටදා (ඇල්) සුවඳ ඇල්, පියුම් ඇල්, කල මඳු(ඇල්), රත් ඇල්, මොනර ඇල්, නොයෙක් ඇල් පැසුණු බලි රූ දිලු ඇල් ගෙවිලිය, (සිටිනා) කෙත් මල් යැ. සැටදා ඇල්, සුවද ඇල්, පියුම් ඇල්, කල මදු ඇල්, රත් ඇල්, මොනර ඇල් ආදි නොඑක් ඇල් කිරි වැදැ පැසී ඇති, මහත් වූ රුවින් බැබළි ඇල් කෙත් රක්නා ලියන් ඇති වෙල් එළි යැ ( හෙවත්) කෙත් යයවල් යැ. 215. සැදි සුවදැල්ලා වනය විපුල්ලා රැඳි මිහිලොල්ලා පිපි වන විල්ලා බිඳැ නව පල්ලා යන මුව ගොල්ලා දුට එසි යල්ලා නෙතු සිතු අල්ලා 215. සවඳ ඇල්ලා, යැදි විපුල් වනය, මහි ලොල් රැඳි, පිපි වන විල්, නව පල්ල බිදැ යන මුව ගොල්ල, එ සියල්ල දුට නෙතු සිතු අල්ලා. සුවඳ ඇල් කෙතින් සැදුණු මහ වනය යැ, මී මැස්සන් රැඳුණු. මල් පිපි ඇති වන විල් යැ, අලුත් දළු බුදිමින් යන මුව සමූහයෝ යැ, එ සියල්ල දුටුව හොත් නෙතත් සිතත් ගනී. ( ‘සැදි’ යනු’රැදි’ යි විණි නම් ‘සුවදැල්ලා’ යනු සුවදින් යුත් ඇල් ගුණය යැයි ගත හැකි). 216. පිපි මල් රොන් බරේය තුරු සිරේය පරපුටු රැව් කෙරේය අරතරේය සිකි පිල් දග ඇරේය රග කෙරේය දුට ඒ සිරි සරේය ලොබ කෙරේය
216. රොන් බරේ පිපි මල් තුරු සිරේ පරපුටු රැව් කෙරේ, අරතරේ සිනි පිල් රග කෙරේ දග ඇරේ, ඒ සිරිසරේ දුට ලොබ කෙරේ. රොනින් බර වූ පිපිණු මල් ඇති ගස් මුඳුනේ කොවුලා නද දෙයි. එ අරතරේ මොනරා ගේ පිල්, නැටුම් පිණිසැ විදැ හේ. ඒ සිරිසර දුටුව හොත් ලොබ(ආසාව) ඇති කෙරෙයි. (211-215) හැලිය = හැලි යැ ඇදැහැලිය = ඇදැහැලෙන සලීය =සල් සලිමලීය = සලිමලි( සලිමලියැ, සිදත් ස:) එලීය = එලි දිලීය = දිලි සියුමැලීය =සියුමැලි වැලීය = වැලි යැ නිලුපුලීය = නිලුපුල් සුවිපුලීය = සුවිපුල් මලීය = මල් රොනවුලීය = රොනවුල් මීලොලිය = මිලොල් ලොලීය = ලෝලීන් නෙත් කලීය = නෙත් කලු තලීය =තල් දෙලීය =දෙල් සුවඳෙලිය =සුවදෙල් බලීය =බලි සිතිවිලිය = සිතිවිලි ඇලිය =ඇල් සුවඳැලීය =සුවදැල් පියුමැලිය = පියුමැල් ඇලීය = ඇල් මොනරැලීය = මොනරැල්
කෙත්මලීය =කෙත්මල්
මනකලිය =මනකල් දිලීය =දිලි සුවඳැල්ලා =සුවදැල් විපුල්ලා = විපුල් මිහිලොල්ලා=මිහිලොලුන් විල්ලා =විල් පල්ලා =පලු ගොල්ලා =ගොල්ල සියල්ලා =සියල්ල යන සියල්ල එළිවිකාරයි. 216. වැන්නේ එළි නිසා ‘ඇ’ ‘අ’ වීමෙන්ද, සඳැස නිසා අමුතු වැ වැටීමෙන් ද සැපයුණු ‘ය’ දක්නා ලැබේ. 217. පුරා වරලැ මල් ඇඳැ රිටි සුඹුලු පට සරා තිලක සිරියෙල් නළලැ ඇම විට ගිරා මුගටියන් ගෙනැ සිටිනා අතට කිරා ත අඟනන් නරඹව සිතු ලෙසට
217. වරලැ මල් පුරා, රිටි සුඹුලු පට ඇඳැ, ඇම විටැ සිරියෙල් තිලක නළලැ සරා ගිරා මුගටියන් අතට නෙතැ සිටිනා කිරාත අඟනන් සිතු ලෙසට නරඹව. වරල පුරා මල් ගවසා, රිටි පට්ටා රෙදි ඇඳැ, සියලු විටැ සිරියෙල් තිලකයෙන් නළල සරහා, ගිරවුන් මුගටියන් අතටගෙනැ සිටිනා වැදි ගෑනුන් හිතේ හැටියට බලව. කිරාතයෝ නම් වන වැසි දනෝයි. 218. ම ලි න් නොවිදි සැදි තුගු කුමුකු තුරු දුල ව ලි න් ගැගෙන සපුනැයි පෙණ කොටැ තුමුල ලොලින් සැලෙති ගසනුව මත් මියුරු කැල ව ලි න් එසිරි දැකැ යා ගන්නැ මන කල
218. නො විදි මලින් සැදි, දුල තුගු, කුමුකු තුරු තුමුල පෙණ කොටැ වලින් නැගෙන සපුනැයි ගසනුව ලොලින් මත් මියුරු කැල සැලෙති. මන කල එ සිරිසර දැකැ වලින් යාගන්නැ.
නො පිපුණු මලින් සැරැහුණු ( හෙවත් නො ගැහුණු මල් සහිත) බබලන්නා වූ, උස් වූ, පුවක් ගස් මහත් වූ පෙණය පුඹුවා නගුටින් නැගී සිටිනා නයින් වන්නට ඇතියි ගසා ගන්නා ආසාවෙන්, මත් මොනර ගණා පුල පුලා ලහි වෙත්. සිත ඇදැ ගන්නා ඒ සිරින් සරු බව දකිමින් වනයෙන් යා ගනනැ. මෙහි ‘සපුනැයි’ යනු හෙළ නියරට සුදුසු වන්නට නම් සපුන් වෙතියි කියා හෝ ‘සප්හු’ යි කියා හෝ වනුයි තිසි. සකු නියර අසරින් නම් මඳ ඉඩක් සලසා ගත හැකි වෙතත් ඒ එතරම් මනරම් නො වෙයි. ‘ගඹ දෙලෙන් බිහිවී සහ මල් පුවක් තුරු රැස් මද මතිනෙකල් විහිදු පණ රැඳි උරා කැල වන්’ යැයි සසදා කව් කරුවෝ ද පුවක් තුරු උරගුන් සේ දකිති.
48. ලැඟුම් (12) 219. අඹල වෙයින්ගත පඬෙරග රගන වර ලකළ කර කමල කොපොලතැ උරිරුතර විසුළ මෙන් දිගත අලු කැරැ අවරඹර පතළ සඳ කැලුම් දැකැ ලගු තුරෙකතුර
219. පඬෙරඟ රඟන වරැ ගත අඹළ වෙයින් කර කමල ලකළ කොපොලතැ උරිරු තර දිගු අත අලු කැරැ විසුල මෙන් අවර අඹරැ පතළ සඳ කැලුම් දැකැ තුරෙකැ අතුර ලගු. මහ ඉසුරා නටන වේලේ සිරුර කැරඅකැවු වේගය නිසා අත්ල නැමැති නෙළුම සැරැහූ මිනී හිස් කබලේ ඇති ලෙයේ කැල්ම දිගුන් කෙළවර එළිය කරමින් විසුරුණා සේ පැළ පසැ අහසේ පැතිරි සැඳෑ කැලුම් දක්මින් ගසෙකැ( රිකිලි කොළ) ඇතුළෙ ලැගිම කරනු. සුදු පැහැ සිරුර ඇතියෙන් මහ ඉසුරාට පඬෙරඟ (පඬෙර= සුදු; අඟ= සිරුර) යනු නමෙකි. හේ සැඳෑවට ‘බහිරි’ නම් නැටුමක් කරන්නෙකි. පඬෙරග = පඬෙර අඟ දිගත = දිගු අත තුරෙකතුර= තුරෙකැ අතුරැ
49 නැගුම(12) 220. අවර සමුදුර අතුරැ නිසාකර ගැලෙත, නිල් ගල කෙකා කැරැ පිල් විදත, සරත මල් සරා කැරැ සර වගළ සඳැ ත නෙත පුැුදු නිදි දැහැ තුරෙනි යා කර. පැළ මුහුද තුළැ සඳ ගිලෙත් මැ, මොනරුන් කෙකා රැව් දී පිල් විදහත් මැ විඩා පත් මල් සරාගේ අතේ වූ හී වැගුරුණු කල්හි තගේ ඇසට පුරුදු වූ නිදි ඉවතැ දමා ගසින් ගමන් කරනු. සමුදුරතුර = සමුදුර අතුරැ වලග = වල් අග
221. මල් මිණි මුතු මුවරඳ මුව රඳමිනි කුල් මත් බිගු රැව් සවනත සදමිනි ඇල් නල විඳැ තුනු ගිම් පා කෙරෙමිනි මල් විලසල තුඟු තුරකට අරමිනි
221. මිණි මුතු මල් මුවරඳ මුවැ රඳමින්, කුල්මත් බිඟු රැව් සවනතැ සදමින්, ඇල් නල විඳැ තුනු ගිම් පා කෙරෙමින් මල් විල අසලැ තුගු තුරකට අරමින්. පිපුණු මල්හි පැණි බී. කුල්මත් වූ මී මැස්සන් ගේ නද අස අසා, සිහිල් සුළං පහස් විඳිමින් ඇඟේ ගිමන දුරු කොටැ ගෙනැ මල්විල අසලැ උස් ගසකට නැගී- මිණිමුතු වීම නම් මණි පතිත් (පත්රුයෙන්) මිදිම යි. ඒ තමා පුබුදු වීම. මණි පතුය නම් මල් කොපුව යි. විලසල =විල අසලැ
222. තුල සිකි පිල් වරලස බැඳැ සුවදැති මල් පටිනා දුල ඉණැ මිණි වැළැ දිස් වන දුහුලැඳැ මන නඳනා නල ලෙළ රන් ලිය සේ රූ සිරි සියුමැලි ලියනා බල එ විලෙහි කෙළනා ඉපිලිපිලි දිය මුඳුනා
222. සිකි පිල් තුල වරලස සුවඳ ඇති මල් පටින් බැඳැ, ඉණැ දුල් මිණි වැළ දිසි වන මන නඳ දුහුල් ඇදැ, එවිලෙහි දිය මුඳුනැ ඉපිලි ඉපිලි කෙළනා නල ලෙළ රන් ලිය සේ රූ සිරි, සියුමැලි ලියන් බල. මොනර පිල බඳු කෙස් වැටිය සුවඳවත් මල් දම් පටයෙන් බැඳැ, ඉණේ දිලෙන්නා වු මැණික් වැළ (මෙවුල්දම) පෙනෙන, සිතට තොස දෙන සියුම් සිනිඳු සළු ඇඳැ ඒ විලේ දිය මත්තේ ඉපිලි ඉපිලී හෙවත් ඉල්පෙමින් දිය කෙළිනා, සුළඟට ලෙළ දෙන රන් වැල් බඳු, සිතට අල්ලන, මුදු මෙළෙක් ගෑනුන් බලව. ඉණැදුල මිණි වැළ නම් මෙවුල් දමයි. ‘පවනින් ලෙළෙන රන ලිය වන් ලියන් කැල රුවනින් ලකළ ගඟැ දිය කෙළැ නිමුණු කල’ යනු සිරි රහල් වදති. සුවඳැති = සුවඳ ඇති දුහුලැඳැ = දුහුල් ඇඳැ ඉපිලිපිලි = ඉපිලි ඉපිලී 223. නිල් පැහැ සර සර පත් ඇතුළතා තුල් පිනි බිඳු රැස් වන් ලෙළ දෙතා නිල් මිණි විතැ ඔත මුතු යැයි සිතා කල් බඳ රැවැටෙති ඇරැ ගෙනැ ඉතා
223. නිල් පැහැසර සර පත් ඇතුළතැ වන් තුල් පිනි බිඳු රැස් ලෙළ දෙත, කල්බඳ නිල් මිණි විතැ ඔත මුතු යැයි සිතා ඇරැ ගෙනැ ඉතා රැවැටෙති. නිල් පැහැයෙන් සරු වු නෙළුම් කොළ තුළට වැදුණු මහත් වු පිනි බිඳු සමූහ ගෑනු නිල් මැණික් බඳුනේ වැටුණු මුතු යැ කියා සිතා ඇරැ ගන්මින් බෙහෙවින් රැවැටෙති.
224. න ඳ දුනුකේ මල් රොන් ඉවුරතේ සෙද සැලුණෙන් නිලුපුල් සිය පතේ සොද විලඹුව දුන් තම නෙතැ වතේ ස ඳ සුනු සඳ සුනු එක සරි යුතේ
324. ඉවුරතේ නඳ දුනුකේ මල් රොන්, නිලුපුල් සියපතේ සෙද සැලුණෙන් සොඳ විල් අඹුව තම නෙතැ වතේ දුන් සඳ සුනු සඳ සුනු එක සිරි යුතේ. (විල්) ඉවුරේ වූ සිත් තොස කරවන දුනුකේ මල් සුනු (කුඩු) නිල් උපුලේත් නෙළුමෙත් වහා හැලුණු නිසා, මනා වූ විල් නැමැති අඟන තමා ගේ ඇසේත්, මූණේත් ලු කපුරු කුඩු (සුදු) සඳුන් කුඩු හා එක් සබාව (හැටිය) ඇත්තේ වී. විල අඟනක් වේ නම් නිල් උපුල ඇගේ ඇසයි. එහි වැටුණු දුනුකේ මල් සුනු ඇසට ලු කපුරු සුනු වැනියි. නෙළුම එ ගෑනිය ගේ මූණයි. නෙළුමේ වැටුණු දුනුකේ මල් රොන් මුහුණේ දැමූ සඳුන් කුඩු වැනියි. නිලුපුල්= නිල් උපුල් විලඹුව= විල් අඹුව
225. පුල් නන් මල් රොන් පැහැ වි නිල් සිලිලෙහි තිබෙනු හිවි දුල් රිවි කිරණින් නො තැවි තුල් විලඹුව පට පෙරැවි
225. පුලු නන් මල් රොන් පැහැවී නිල් සිලිලෙ හි හිවි තිබෙනු විල් අඹුව දුල් රිවි කිරණින් නොතැවි පට පෙරෙවි තුල්. පිපුණු වූ නො එක් මල්හි රොන් ( හෙවත් මල් කුඩු) ඉන් ඉවත් වැ නිල් පෑ දියේ උසට ( ගොඩ ගැසී තිබෙනු ) විල නැමැති අඟන බබළන්නා වූ ඉරු රැසින් නො තැවෙන්නට රෙද්ද පෙරවැ ගත්තා බඳුයි.
226. විහිදුණු රත සර වන් රන හසේ ගත ඇති පැහැ වෙන් වනු කුම් ලෙසේ වෙතැ දිය කෙළනා ලිය තන ලෙසේ දැකැ විළියෙන් සිය වෙස් වළන සේ
226. විහිදුණු රත සර වන් රන හස ගතැ ඇති පැහැ වෙන් වනු කුම් ලෙසැ(යැ යත්) වෙතැ දිය කෙළිනා ලිය තන ලෙස දැකැ විළියෙන් සිය වෙස් වළන සේ. පිපුණා වූ රත් නෙළුම් කරා පැමිණි රන හසා ගේ ඇගේ ඇති පාට වෙනස් විම කවර අයුරු ද(කියනවා නම්) එ ළගැ දිය කෙළිනා ගෑනිය ගේ තනයේ හැටිය දක්මින් ලජ්ජාවට පැමිණැ තමාගේ වෙස් සඟවන්නා බඳුයි (හෙවත් වෙස් මාරු කරනවා වැනියි).
(හසාට විළි ඇති වන්නේ ගෑනිය ගේ තනය හැඩ හුරු කමින් තම හට වැඩියෙන් හොබනා බව දැක්මෙනි.)
227. නිසි ලෙසැ දිය පහරක් වැදැ කත වත විසි රෙත දිය රොන් නොමඳ වැ දස අත සිසි රස් පතුරුවමින් නිල් ගුවනත දිසි රඟ කියෙලි යැ දුටු සත නෙත සිත
227. කත වතැ නිසි ලෙස දිය පහරක් වැදැ දිය රොන් නොමඳ වැ දස අතැ පැතිරෙත, දුටු සත සිතැ නෙතැ සිසි රස් පතුරුවමින් නිල් ගුවනත දිසි රග කියෙලි යැ. ගෑනියක ගේ මූණේ හරි හැටියට මැ ( අතින් විදුනා ලද) දිය පහරක් වැදි කුඩු පොද, මදියි නොකියන පමණට දස අතේ විහිදී යන විටැ එ දුටු දනන් ගේ සිතෙත් ඇසේත්, සඳ රස් විහිදුවමින් නිල් අහසේ පෙනෙන අයුරු ගෙනැ ඇරැ පෑයේයි. අනෙකකු අතින් විදි දිය පාරක් හරි හැටියට මැ ගෑනියක ගේ මූණේ වැදී එයින් සීකර හෙවත් කුඩු පොද දස අතේ පැතිරෙත් මැ මිනිසුන් ගේ ඇසට පෙනුණේත් සිතට නැගුණේත් නිල් අහස් තලයේ සඳ, රස් පතුරුවමින් සිටිනා සේයි. ගැනිය ගේ මූණ සඳ බඳුයි දිය කුඩු පොද රස් බඳුයි. ජල තලය නිල් අහස බඳුයි. 228 බැ ස සුරඟගැ කෙළිනා සුරඟන සේ තොස දියුණුවැ දිය කෙළනා විලසේ ඇස පැහැසර වත පියොවුරු පිණිසේ හස පියුමුපුලින්, සදි විල එක සේ
228. සුර ගඟැ බැසැ කෙළිනා සුර අඟන සේ තොස දියුණු වැ දිය කෙළිනා විලසේ පැහැ සර ඇස, වත, පියොවුරු පිණිසේ හස පියුම් උපුලින් සැදි සේ වී. අහස ගඟේ බැසැ (දිය) කෙළිනා දෙව් ලියන් සෙයින් සතොස වඩමින් දිය කෙළින්නා වූ ගෑනුන් ගේ සරුවට පැහැ පත් ඇස, මූණ, පියොවුරු නිසා විල හසුන් ගෙන් ද, පියුමින් ද, උපුලින් ද සැදුණු අයුරු වූයේයි. මෙහි ඇස වත පියොවුරු යන්නට- අරුත් වියකත හස පියුම් උපුල් යනු පිළිලොම් අතට උපමාන විසින් ගත යුතු. ‘පිණිස’ යනු ‘නිසා’ යන අරුතැ යෙදී ඇත. පියුමුපුලින් = පියුම් උපුලින් 229 යු ත් සර සත ලෙළ රළ සෙමරිනා ප ත් මතසන තිසරිඳු ඉදීමිනා ම ත් බිඟු වෙණ කොවුලන් ගියෙනා න ත් බලනු යැ විලසෙහි මියුරනා 229. සර සත, රළ සෙමෙරින් යුත් තිසරිඳු පත්මත අසනැ ඉඳිමින් මත් බිඟු වෙණ,කොවුලන් ගියෙන් විල අසෙහි මියුරන් නෙත් බලනු යැ. පියුම් (හෙවත් නෙළුම් මල් නැමැති) කුඩයෙන් (සේසතින්) ද,රළ නැමැති වල් විදුනායෙන් (ද) යුතු හංස නැමැති රජ (නෙළුම්) කොළ මතු පිට නැමැති අසුනේ ඉඳිමින් (මුවරඳින්) මත් වූ මී මැස්සන් ගේ නද නැමැති වීණා නදින් ද,කොවුල් නද නැමැති ගී නදින් ද යුත් වූ විල් තෙරැ මොනරුන් ගේ රැඟුම් බලනුයේ වෙයි. රජෙක් අස්නේ හිඳැ නැටුම් බලයි.ඒ රජ නම් හංසයායි.විලේ නෙළුම් මල එ රජු ගේ (සේ) සතයි.රළ සෙමෙර වල් විදුනාවයි,කොළ මතු පිට අසුනයි.නටන්නෝ විල්තෙරැ මොනරුයි.ඒ නැටුමේ ගී නද කොවුලන් ගේ හඬයි,වීණා නද (මුවරඳින්) මත් මීමැස්සන් ගේ රැවයි. මතසන = මත අසුන 230 පැනැහී යන මෙන් රණැ කම් ළතලේ පැනැහී කෙළෙනා මලගට විපුලේ පැනැහී නොපැකිලි කිවියර එ කලේ පැනැහී උවමක් නුදුටු යැ විකලේ 230. රණැ කම් හී පැනැ ළතලේ යන මෙන් පැනැහී කෙළීනා මලගට විපුලේ පැනැහී නො පැකිලි කිමියර එ කලේ උවමක් පැනැහී විකලේ නුදුටු යැ. කොවුල් සඳෙස් යුදෙහි මල්සරා ගේ හී ළය තලයට (පපුවට) පැනැ වදින්නාක් මෙන් දියේ පනිමින් වැටී කෙළින්නා වූ අඟනට, (පෙරැ) මහ පැනයන් (ප්රිශ්නයන්) හි දූ පැකුලුණේ නැති කිවියෝ එ වෙලායේ පැනේ (ප්රැඥයේ) විකල බැවින් සුදුසු උපමානයක් නො දැක්කෝ යැ. ‘මලග’ යනු ‘මලඟ අලඟ දිය ටඹ පැහැ සර වටොර කෙ කියන්’ ඈ තන්හි මෙන් බෙහෙවින් යෙදෙන්නේ ‘මල්සරා’ සඳහායි.අඟනට ද ‘මලඟ’ යන නම කියැවේ.එයින් කීහ. (සවන) සිරිසඟබෝ සිරි පැරැකුම් රජ තුමෝ,රුවන් මලෙහි:- ‘සොඳුරු,ඉතිරි,බිරි ලිය,සඳ,කත්,මෙහෙලි,කල් ගැහැනි,සිඟුවළඟ,මලඟ මාගම්,වමි,පිය,තමා’ඈ විසින් 231 බෝ මුව රඳිනි රැඳි තඹරත උන් බමර මේ දිගු වලින් වල් පහරත යනු විසිර යාකුරු පතු වලින් උදුන තඹ ඉසි වර සේ නැගි නැඹුළු දුම් රොද සිරි පැයි නො හැර 231.බෝ මුවරඳිනි රැඳි තඹරන උන් බමර මේ දිගු, වලින් වල් පහර මත විසිර යනු යා කුරු පතු වලින් උඳුනතැ අඹ ඉසිවරැ සේ නැඹුළු දුම් රොද සිරි නො හැරැ පෑයි. බොහෝ වූ මල්,පැණි,රැඳි, ඇති, නෙළුම් මල, තුළැ උන්නා වූ බමරුන්,මේඝයා ගේ හෙවත් වැසි වලාව ගේ දික් වූ නගුටින්, වල් ,පහර, වැදුණා මැ ඉසිරි යාම,යකඩ තළන්න.පතු වලින් (දිය ඉසිනා මුසුනින්) උඳුන මතැ දිය ඉස්සා වූ වෙලේ සෙයින් නැගුනා වූ මහත් දුම් රොටුවෙකැ සැටි නෑරැ පෑයේ යි. අරුත් වියකන වැසි දිය බිඳු හෙන් මැ නෙළුම් මලැ උන් බමරුන් නැගී යාමෙත්,යකඩ තළන්නා පතු වලින් උඳුනට දිය ඉස්සාම ඳුම් නැගීමත් එක් බඳු කොටැ දක්වන ලදී. තඹරත = තඹර අතැ පහරොත = පහර ඔත උඳුනතඹ = උදුනතැ අඹ 51.සැදෑ නිය වැනුම් 232 සිය රැළි දී දිලි විදු මෙන් ගන ගබ අතුරතුරේ ලිය රැළිනිපිලි ගැලෙමින් දිය කෙළැ නිමි එතරේ සිය සර රුපු එනවා දැකැ නො මැ සිටැ හස අඹරේ සිය කර බා ගෙනැ ලදිනෙම් ගොස් වති පැළ සයුරේ 232. ගන ගබ අතුර අතුරේ සිය රැළි දි දිලි විදු මෙන් ලිය රැළින් ඉපිලි ගැලෙමින් දිය කෙළැ නිමි එ තරේ,සිය සර රුපු එනවා දැකැ හස අඬරේ නො සිටැ ම ලදින් එව් සිය කර බා ගෙනැ ගොස් පැළ සයුරේ වනි. වැසි වලාව අතරැ සිය ගණන් රැළි ගැසි ගැසී දිලෙන විදුලිය සෙයින් අඟනන් දිය රළින් මතු වෙමින් එහි ගැලෙමින් දිය කෙළැ අවසන් වූ එ වේලේ තම නෑයන් වන පියුම්හි සතුරා (සඳ) එනවා දකිමින් හසා වන් හිරු අහසේ නො සිටැමැ ලජ්ජාවෙන් මෙන් තමා ගේ රස් හකුළුවා ගෙනැ ගොසින් බටහිරි සුමුදුරට වැදුණේයි. රැළිනිපිලි = රැළින් ඉපිලී ලදිනෙම් = ලදින් එමි 233 පවර දිනිඳු හිමි වෙන් වෙමිනි යන නිසා ලකර තඹුරු මුව හකුළමිනි එ විගසා තුසර කඳුළු නිලුපුල් නෙතිනි ඉසා එ වර විලඹු බිගු තදිනඬනු දී ගොසා කොවුල් සදෙස් 233. එ විගසැ පවර දිනිඳු හිමි වෙන් වෙමිනි යන නිසා විල් අඹු තඹුරු ලකර මුව හකුළමින් තුසර කඳුළු බිඳු නිල් උපුල් නෙතින් ඉසැ ඉසැ බිගු නදින් එ වරැ ගොස දී අඬනු(යැ). එ ඉකිමනින් මැ උතුම් වූ හිරු නැමැති හිමියා වියෝ වැ යන හෙයින් විල නැමැති කත ගේ පියුම් නැමැති සැදුම් ලද කට හකුළුවමින් පිනි නැමැති කඳුළු බිඳු නිල් උඳුල් නැමැති ඇසින් හෙළමින් මීමැස්සන් ගේ නදින් ගොස දී ඇඬීම වේ. ‘රිවි කල්හු යත විල් කල් හළ හස වැළ මෙවුල් වත සොටුනි ගුගුරා මෙන් පියුම් දග බිගු රැව්නෙන්’ යන කවුසිළු මිණි කුස ද්රෙයේ වැනුම පිරියමින් මෙය යෙදූ සේ යි.
දිනිඳු = දින ඉඳු
නිලුපුල්= නිල් උපුල් විලඹු = විල් අඹු 234 තද ලෙසැ වැලැඳි සිය කර අකුළා පුවළ සෙද රිවි පිය ගියෙන් වැදැ සෝක හද තුළ සඳ ගට වදිත දව කල ගෙලෙහි මුතු වැළ සිඳ විසුළ මෙන් නුබතුරු පෙනෙ යැ තුරු වැළ 234. තද ලෙසැ වැදි සිය කර හකුළා පුවළ රිවි පිය සෙද ගියෙන් හිඳ තුළැ සෝක වැදැ සද අගට වදින දව කල ගෙලෙහි මුතු වැළ සිඳැ විසළ එව් ගුවන අතුරු තුරු පෙළ පෙනෙ යැ. දැඩියේ වැලැඳි සිය රස් මැයැ තම අත අකුළා උදාර වූ හිරු නැමැති හිමියා ගිය හෙයින් සිත ඇතුළට සොව වැදුණු හෙයින් සැදෑව නැමැති ගින්නට වදිනා දවාල නැමැති අඟන බෙල්ලේ වූ මුතු වැළ කඩා ඉසිරැවු සේ අහස අතුරේ තාරකා සමූහ පෙනෙයි. අරුත් වියකන මෙද:- ‘නො දැක්මෙන් රිවිහු දව කත සදග වදනා සිඳැ විසුළ මුත් හර මෙන් ගඟ රස් දිසි නුඹ තෙලේ’ යන කව්සිළුමිණි කුස දා ගීයේ අනුවාදනයෙකි. සදගට = සඳ අගට විසුළෙවු = විසුළ එව් ගුවනතුරු= ගුවන අතුරු 235 මහත් ගුණැති සුදනන් තම කිලුටු ඇත දියත් නො සඟවා පවසන සේ නියත දිගත් පුරා පිරිසිදු සොම රස් අතන වියත් පැමිණි සඳ ලප දක්වා දිමුත 235.මහත් ගුණ ඇති සුදනන් තම කිලුටු ඇත,දියත් නො සඟවා නියත පවසන සේ පිරිසිදු සොමි අනත රස් දිගු අත් පුරා වියත් පැමිණි දිමුත් සඳ ලප දක්වා. මහත් වූ (එ නම් මහතුන්ගේ වූ) ගුණ ඇති මනා දනෝ (සත් පුරුෂයෝ) තමන්ගේ කිලුටක් ඇත හොත් සඟවන්නේ නැති වැ ලෝ වැසියාට එකතින් (ඒ කාන්තයෙන්) කියන්නා සේ නිමල වූ,සිසිල් වූ අපමණ රස් දිගු අත්හි (දිගුන් ගේ අගට මැ) පුරා අහසට පැමිණි,බැබැළීම් සහිත සඳ ලපය පෙන්වයි. ගුණැති = ගුණ ඇති දිගත් = දිගු අත් 52.ලැඟුම් (13) 236 තුගු රළතින් නැඟූ නී රද සක විලස දිගු හෙළි කැරැ සඳ කැන් වසත නුබ කුස
බිඟු ගුම් ගත මිණි මුතු කුමුදු වත බැස
ලගු එමැ තුරු මමිතුරු සඳිනි සිතු ලෙස කොවුල් සුරුඳෙස් 236.ම මිතුරු සඳිනි,නී රද තුගු රළ අතින් නැගූ සක විලස සද කැන් දිගු හෙළි කැරැ නුඹ කුස වසත,මිණි මුතු කුමුදු වන බැසැ බිගු ගුම් ගත සිතැ ලෙසැ එ මැ තුරැ ලගු. මා ගේ මිතුරු තුමෙනි.නදීත් ගේ රජු (හෙවත් සයුර) උස් වූ රළ නැමැති අතින් නැංවූවා වූ හෙවත් එසැ වූ සක් ගෙඩිය වැනි ස ඳේ කාන්තිය දිගුන් එළිය කෙරෙමින් අහස වසත් මැ,පුබුදු වූ කුමුදු වනයට බැසැ මීමැස්සන් නද දෙත් මැ හිතේ හැටියට එ මැ (දිය කෙළි බැලු) ගසේ ලගින්නැ. රළතින් = රළ අතින් 53 නැඟුම් (13) 237 තොරව විලඹු චිය සර මුව මුකුලු කොට පෙරව ගත් නැඹුළු ගන අඳුරු සළු පට තරව කර කරින් හැරැ රිවි දිසි කලට කරව පියාසර ලැගි තුරගින් නැගිට 237.විල් අඹු තොර වැ පිය සර මුව මුකුලු කොටැ පෙරව ගත් නැඹුළු ගන අඳුරු සළු පට තර වැ කර කරින් හැරැ රිවි දිසි කලට නැගිටැ ලැගි තුර අගින් පියාසර කරව. විල් නැමැති කුලඟන (තමා ගෙන්) තොර වීම නිසා,පිය වූ පියුම් නැමැති කට හකුළුවා ගෙනැ පොරවා ගත් මහත් වූ ගන අඳුර නැමැති සළු පට දැඩියේ (බෙලෙන් මෙන්) රස් නැමැති අතින් ඉවත් කොටැ හිරු පෙනුණු කල්හි නැගී සිටැ ලැගි ගස මුඳුනින් පියාඹින්නැ. විලඹු = විල් අඹු තුරඟින්= තුර අඟින් අරුත් වියකන 54.මඟ වැනුම (12) 238 එවිල වෙතැ පිහිටි සැදි තුගු පා තුළෙහි නිමල ගතින් සිරි පෑ කෙලෙසග කුළෙහි විපුල ගුණැති තතිඳු තුමන් දැකැ වෙළෙහි සසල නො වී නමඳුව සතොස කැරැ ළෙහි 238.එ විල වෙතැ පිහිටි තුගු පා තුළෙහි සැදී,නිමල ගතින් කෙලෙස් අඟ කුළෙහි සිරි පෑ,විපුල ගුණ ඇති තතිඳු තුමන් දැකැ වෙළෙහි සසළ නොවී ළෙහි සතොස කැරැ නමඳුව. එ විල ළඟැ පිහිටි උස් වූ පාය ඇතුළේ සැදී සිටිනා,පිරිසිදු සිරුරින් කෛලාස කඳු මුඳුනේ හැටි පෙන්නු,මහත් ගුණ ඇති තතිඳු තුමන් (නාථ දෙවිඳුන්) දැකැ ලහි බව නිසා සැසැලීමකට නො පැමිණැ සිතේ සතුට ඇති කොටැ ගෙනැ නැමැඳීම් කර. කෙලෙසග = කෙලෙස් අග තතිඳු තුමන් = නත ඉඳු තුමන් 239 සේවක සමැඟ පැරකුම් නිරිඳු ගෙ විපුල ඒවක පැමිණි සපුමල් කුමරිඳු පබල නේවක ගුණැති කණ්ණඩි සෙන් බිඳි තුමුල ජාවක කෝට්ටය දැකැ යන් මග අසල 239.පැරකුම් නිරිඳුගෙ විපුල සේවක සමඟැ ඒ වකැ පැමිණි පබල සපුමල් කුමරිඳු නේ වක ගුණඇති,තුමුල කණ්ණාඩි සෙන් බිඳී,මඟ අසල ජාවක කෝට්ටිය දැකැ යන්. පැරකුම්බා රජු ගේ මහත් වූ හේවා හමුදාවන් සමගැ එ දින පැමිණි ඉතා බලවත් සපුමල් කුමර තුමා නො එක් වක් ගුණ ඇති,මහතු වූ කර්ණාට සේනාවන් බිඳුවා හළ තැන වූ,මඟ ළඟ (පාර අයිනේ) ඇති ජාවක කෝට්ටය දැකැ යන්නැ. කොවුල් සදෙස් මෙ පුවත:- තම තෙද අණට උදු හිමි කැරැ සතර දලනිදු පිම්ඹූ සැඬ විරිදු පසිදු කණ්ණඩි නිරිඳු ගේ රුදු
දසටක් ගිරි දුදුළු ජය ගෙනැ විකුම් තෙද රළු හළ දළ රුපු අමුළු දරුණු මර සෙත් අයුරු බළ මුළු
අඹළ මෙර මත වැද වෙරළ ගල සිඳු දිය කඳ ලෙස කැරැ ගොස නොමඳ අවුත් වන් සඳ යුදට එක බඳ
යුදැ ඹද පසින්දා ඹවුන් බිදැ ලුහුබන්දා යස දසතැ අන්දා කෙළෙ යැ මුළු දඹදිවට නින්දා’යැයි ගිරා අසුන් කරුවෝ සඳහන් කරති. 240 රැඳි නව රිවි කිරණෙව් මිහඹ තුරු සිර සැඳි එක බද ලෙළ දළු පල පත් පතර විදි මග තුරු පැස නරඹා ලොබ විතර ඉදි ගුණ සකි සෙද වැදැ යන් සුනිලඹර 240.ඉඳි ගුණ සකි,මිහඹ තුරු සිරැ රැඳි නව රිවි කිරණ එව් සැඳි එක බද ලෙළ දළු පල පත් පතර විදි මඟ අතුරු බැසැ ලොබ විතර නරබා සෙද සුනිල් අඹර වැදැ යන්.
අරුත් වියකන
නොවක් ගුණ ඇති යහළුව,මී අඹ ගස් මුඳුනේ රැඳුණු අලුත් (උදා) හිරු ගේ රස් මෙන් සැදී එක් අයුරින් ලෙළ දෙන දළු,පල,කොළ රැස පතළ මඟ අතුරට බැසැ අදහසේ පමණට (ඇති වන තෙක්) බලා තද නිල් පැහැ ඇති අහසට වැදී යන්නැ. කිරණෙව් = කිරණ එව් 241 අසිත ගැඹුරු දිය මත නැඟි තුගු රළය විසිත තෙමින් පැනැ පැනැ ගැසෙත වෙලළය එසිත ලොබින් ගනුවෙන දීවර වෙළය තසිත ලෙසට ලුණු හොය බල කෙළ කෙළය 241.අසිත ගැඹුරු දිය මතැ නැඟි තුගු රළ පැනැ පැනැ වෙලළ ගැසෙන විසිත නෙමින් ගනුව එ සිත ලොබින් වෙළය දිවර එන ලුණු හොය නා සිත ලෙසට කෙළැ කෙළැ බල. කළු පැහැ,ගැඹුරු දිය මතු පිටැ නැංගා වූ උස් රළ පැන පැන වෙරළේ ගැසෙන විසිතුරු වූ නො එක් මසුන් ගන්නට ඒ සිතේ ලොබ නිසා ලහි වැ කුඩ වැද්දන් එන ලුණු ඔය ත ගේ සිතේ හැටියට සෙල්ලම් කරමින් බලව. 242.සබඳ, නිලා තිබෙන එක ගන සහයුරු වන යැ කෙවිලඹ ලලා කෙලෙන නෙත් සර මුනය ගතෙහි නො ලා ගල්මුනයැ නො රඳා මෙනය තොස් කැරැ එ තැනින් පලා යව. යහළුව, නිල් පැහැ පත් වැ තිලෙන්නා වූ, එකට කැටි වැ ඇති මී අඹ වනයේ කොවුල් අඟනුන් හෙළ හෙළා කෙළින්නා වූ ඇස් නැමැති ඊ තුඩ ඇඟෙහි ලා නො ගෙනැ, ගල් මුනයේ නො නැවතී සිත සතුටු කොටැ එ තැනින් පැලෑ යව. (කෙවිලඹ යනු ‘කෙවුළඹ’ යැයි අයෙක් සකස් කෙරෙති.එ හෙත් කෙවුළු අඹුවනට මී අඹ වනයෙක්හි ඇති කටයුත්තක් නැති හෙයින් ද, ඔවුන් ගේ නෙත් සර මුනය කොවුලකු ගේ ඇගේ වැදුණාට එයින් වන හානියක් නැති හෙයින්ද ඒ සැකසීම නො ඉවසන ලදී.’කෙවුළු’ යන්නෙන් අඟවන්නේ නිතර කටයුත්තේ - එ නම් මසුන් මැරීමේ - සැටි හෙයින් ඒ මී අඹ වනයෙකැ වැදී කරන්නක් නො වන බව මෙහිදී සලකන ලදී) 243 පෙ ර සිරි ගන සිරි පිරි ලකට වැඩ කර තො ර නොවැ මෙහි විසු නිස සර පහළ වර ත ර බිය ගෙනැ රැස් වූ ලෙසැ මුහුදු තෙර කො ර සැඩි තල් උයන් දැකැ සිත බිය නො කර 243. පෙරැ සිරිගන සිරි පිරි ලකට වැඩ කැරැ තොර නො වැ මෙහි විසූ නිසසර පහළ වරැ තර බිය ගෙනැ මුහුදු තෙරැ රැස් වූ ලෙසැ (ඇති) කොර සැඩි තල් උයන් දැකැ සිත බිය නො කර. ඉහතැ බුදු රදුන් සැපතින් පිරුණු ලක් දිවට දියුණුව ඇති වන නිසා මෙහි ඉමක් නිමක් නැති වැ හෙවත් මින් තුරන් නො වී වාසය කළ යකුන් හට පහර දුන් විටැ උන් දැඩි බියට පත් වැ මූද අයිනේ රැස් වූ හෙවත් ගොඩ ගැසුණු සේ සිටිනා කොරොසු (ගොරෝසු) තල් වතු දැක්මෙන් සිතට බිය ගන්නට එපා: බුදු රදුන් මාවැලි ගඟ අසැ මහ නා වන උයනේ රැස්වැ සිටි යකුන් ගින්නෙන් බිය ගන්වා මූදු තෙරට පලවා හැරැ ගිරි දිවයිනට පැටැවූහයි වංස කතා කාරයෝ කියති.එ දා වෙරළේ රැස් වැ සිටි යක් සෙන් සෙයින් කොර සැඞි තල් ගසින් ගැවැසි වතු ගල් මුනය දෙසැ ඇති.එ දැක්මෙන් එ තල් වතු යක් පිරිස වෙතියි සිතට බිය නො ගන්නටයි ඒ කීයේ. වංස කතා මුල් පුවත එ සේ වෙතත් විජය කුමරුන් තම්මැන්නාවට ගොඩ බසිත් දී මෙහි යකුන් සිටි බව, පඬු අබා රජු දවසේත් ඔවුන් මෙහි වූ බව එ මැ වංස කතා කාරයෝ මැ කියති. අදත් යකුන් පලවන ඇදුරෝ දුම්මල දවා ගිනි ජාලා මැවීමෙන් ඒ කරති. 244 රන් වන් සුවන් සුව සර රියද බිය වැ ලා උන් උන් තැනින් සෙදවුත් ගොදුරැ කැරැ ලොලා රන් වන් කරල් සිදැ යන ඇල් කෙතුදු බලා යන් මන් ලෙසින් මඟ බැසැ සඳළු වැලි තලා 244. සර රිය අද බිය වැ ලා රන් වන් සුවන් සුව ගොඳුරු ලොල් කැරැ උන් උන් තැනින් සෙඳ අවුත් රන් වන් කරල් සිදැ යන ඇල් කෙතුඳු බලා සඳ අලු වැලි තලා මඟැ බැසැ මන් ලෙසින් යන්. ළිහිණියන් පලවනට හඬ නංවන උවාරණයන් හි හඬට සිත බිය වී වන වැදුණු රන් වන් ගිරවුන් ගොදුරට ආසා කොටැ උන් උන් තැනින් වහා අවුත් රන් වන් කරල් කඩා ගෙනැ යන ඇල් කෙත් ද බලමින් සඳ පාන වැනි වැලි තල පිටැ ඇති මඟට බැසැ සිත් පරිදි යන්නැ. රියද = රිය අද රන් වන් = අරන් වන් සෙඳවුත් = සෙඳ අවුත් කෙතුඳු = කෙත් දූ සඳළු = සඳ අළු 245 පි නා සපු කැකුළු සිරි දී බමර මැළි ම නා ලෙසැ කරඳ මල් විලඳ ඉස යළි ත නා ත යන පෙර මඟ පුළින පිය විළී සි නා වනඹ කළ මල් මුවෙනි නො හැකිළි 245. වන අඹ පිනා නො හැකිළී සපු කැකුළු සිරි බමර වැළ දී යළි කරඳ මල් විලඳ ඉසැ ත යන පෙර මඟැ පුළින තල පියවිළි තනා මල් මුවෙනි සිනා කළ. වනය නැමැති කුල කත සතුටින් පිනා ගොස් සපු මල් කැකුළු සිරියෙන් යුත් බමර සමූහයන් යොදා, පෙරළා කරඳ මල් නැමැති විලඳ ඉසැ තා යන පෙර මගෙහි වැලි තල නැමැති පාවාඩ සදා මල් නැමැති මුවයෙන් හෙවත් කටින් සිනා පහළ කළා. ‘ මඳ නල සල දුන ගෙන සදලෙහි කරඳ මල් තුරු සා අති නිස්නා පෙර මඟැ විලඳ සිරි ලද’ යැයි පඬු ඉඳුහු ද කරඳ මල් විලඳ කොටැ දුටග්හය. 55. පුර වැනුම (4) 246 ර න් දද කිකිණි දැල් බැඳි පා පෙළැති රුදු තැ න් තැන් සැදූ මිණි මුතු දිගන අලු විදු න න් සිරි සපිරි නිති කිඳුරුඳු ගෙ පුර බඳු ම න් තොස් වෙමින් ගොස් යාපා පටුන වදු 246. මන් තොස් වෙමින් ගොස් රන් දද, කිකිණි දැල් බැඳි රුඳු පා පෙළ ඇති, දිගු අතැ අලු විදු මිණි මුතු තැන් තැන් සෑඳූ, නිති නන් සිරි සපිරි, කිඳුරු ඉඳු ගෙ පුර බඳු යාපා පටුන් වඳු. සිතේ සතෙස ඇති කොටැ ගනිමින් හෙවත් සතුටු සිතින් ගොස් රන් කොඩි (දෙ බළ කොඩි) කිකිණි දැල් බදිනා ලද මහත් වූ මහල් මැඳුරු පෙළ ඇත්තා වූ , දිගුන් කෙළවරට එළිය පතුරුවන මැණික් ද මුතු ද තැන් තැන් සැරහූ නිබඳ නො එක් සැපත් සපිරි ඇති , වෙසවුණු රජු ගේ (අලකමද නම්) පුර වැනි යාපා පටුනට පිවිසෙව. පෙළැති = පෙළ ඇති දිගතැ = දිගු අතැ කිඳුරිඳු = කිදුරු ඉඳු
247. ත ර හිවි මහල් රැඳි රන් කැරැලි මුඳුනත ව ර තුඟු දොරටු සහ පිළිමිණි උර දිමුත ක ර පෙණ මඬුලු පෙළ විසිතුරු වැ මැ අතත නි ර තුරු බලන වැනි පුර සිරි සර අතත
247.මුඳුනතැ රන් කැරලි රැඳි තර, හිවි මහල් ( ඇති ) වර, තුඟු දොරටු සහ දිමුත පිළිමිණි උර අනත පෙණ මඬුලු පෙළැ කැරැ පුරැ අනත සිරි සර නිරතුරු විසිතුරු වැ මැ බලන වැනි.
මුඳුනේ රන් කොත් රැඳී ඇති සවිබලයෙන් තිර වූ උස් අට හලු මහල් සහිත, උතුම් වූ උස් දොර අටු සහිත දීප්තිමත් පළිඟු තාප්පය අනත් නා රජු පෙන මඬුලු පෙළ පුම්බා පුරයේ ඇති කෙළවරක් නැති සිරින් සරු බව විස්තර සහිත වැ මැ බලන්නා වැනියි
‘ගිරිඳු යුරු නිසල වාසල් පෙළිනුදුළ වි හිදු මිණි පවුර තත ලු දරණ වැළ’
යැ යි මිට පළමු ද කියැවිණි (121)
‘තුඟු ගොපුර පෙණ කැරැ නත ලු දරණ වැළ යුර’ යැයි
අලගියවන්නයෝ ද මේ අනුවැ පවසති.
248. ම න ක ල් දසත පවනින් රන් දද අඹළ ඉ ඳු නි ල් මිණි පා සෙවිනගෙහි මුතු වැළ පැ හැ දු ල් සලෙළ විදුලිය සහ බලා වැළ සු වි ස ල් ගනැයි සෙද රඟ දෙති ගෙසිකී පෙළ
248. මන කල් රන් දද, මුතු වැළ, සෙවෙනි අගෙහි පවනින් දස අතැ අඹළ ඉඳුනිල් මිණි පා පැහැ උඳුල් සලෙළ විදුලිය සහ බලා වැළ, සුවිසල් ගනැයි ගෙසිකී පෙළ සෙද රඟ දෙති.
සිත් ඇදැ ගන්නා රන් කොඩිත් මුතු වැළත් පල අගෙහි සුළඟට දස අතේ ඇඹැරී ගිය, ඉඳුනිල් මැණික් මැඳුරු පැහැයෙන් වෙසෙසින් දිලෙන ලෙළ දෙන විදුලියත් කොක් පෙලත් සහිත ඉතා මහත් වැසි වලා යැ යි හීලෑ මොනර සමූහය වහා නටත්.
ඉඳුනිල් මිණි පා වැසි වලා වෙතියි මොනරුන් රැවැටෙනු කවර කිවියාත් සඳහන් කරති.මෙහි වෙසෙස විදුලියත් කොක් පෙළත් පිණිසැ රන් දදත් මුතු වැළත් දැක් වීමයි.
දසතැ = දස අතැ සෙවෙනගෙහි = සෙවෙනි අගෙහි
249. ද ළ නව සඳ වරලස ගන කළබ හස
කළ හස වත සත පත තන රන කලස
ල ළ නල රන ලත ගත ගමන කල හස
ද ළ සඳ සඳ වන කත නරඹව සකස
249. නව සඳ දළ, ගන කළබ හස කළ වරලස, සත පත හස වත, රන කලස තන,නල ලළ රන ලත ගත, කලහස ගමන, දළසඳ සඳ වත කත සකස නරඹව.
අලුත් සඳට බඳු නළල ඇති, ගන වැසි වලාවට සිනා සුණු කෙස් කලබ ඇති, පියුම බඳු වූ සිනා ගත් මූණ ඇති, රන් කුඹු සදිසි තන ඇති, රන හසුන් ගේ ගමනට බඳු ගමන් ඇති මෙහෙසුරු කත වත් කතුන් හොඳ හැටි බලව.
දළ සඳ නම් ජටායේ නව සඳ බඳිනා මහ ඉසුරා යි. දළ සඳ සඳ නම් මහා ඉසුරා ගේ පියාව වූ උමාව යි.
250. ල ව න් පැහැති සඳ කැන් සදිසි මන නඳ රු ව න් බරණ දිලි තුනු එ පුරඟ’න ළද වු ව න් සුපුන් සිසි සොමි කිරණින් වොරද ලෙ වන් සඳ කිරණ ඔද කැරැවි යැ නොමඳ
250. ලවන් සඳ කැන් සදිසි මන නඳ පැහැ ඇති රුවන් බරන දිලි තුනු එ පුරැ ළද අඟන වූවන් වොරද සුපුන් සිසි කිරණින් ලෙවන් සඳ කිරි අණ නො මද ඔද කැරැවි යැ.
තොල් සැඳැ කැල්මට බඳු සිත් තොස කරවන පැහැ යෙන් යුත්, මිණි අබරණින් දිලෙන සිරුර ඇති එ පුරෙ තුරුණු ලිය මුහුණ නැමැති,බබළන සපිරි සඳ රසින් ලෝ වැසියා ගේ සිත නැමැති, කිරි මුහුද බෙහෝ කොටැ ඔද වඩවා ලූ වා යැ.
පැහැති = පැහැ ඇති බරණ = අබරණ කිරණ = කිරි අණ