කෝකිල සන්දේශය-අරුත් වියකන-i
කොවුල් සඳෙස්
අරුත් වියකන
1. ආසිරි
1 සැරදෙ කොවුලිඳු සඳ සර සිරි අමා රස සේ තුනු සිරිනි නිලුපුල තුල් ලැබැ පුල් අමා රස සේ
1. අමා සේ රස සර සිරි,තුනු සිරිනි නිල් උපුල තුල්,කොවුල් ඉඳු සඳ,සේ පුල් අමා රස ලැබැ සැර දෙ.
අමාවට ( අමෘතයට) බඳු රසවත් ස්වර සම්පත්තියක් ඇති (හෙවත් හඬ සැපතක් ඇත්තා වු). සිරුරේ හැටියෙන් මානිල් මලට සම වන කොවුල් රජ උතුමාණෙනි. සේවනයට සුදුසු වු මල් මුවරඳ රස බලමින් දිගු කලක් ජීවත් වන්නැ.
‘අමා’ යනු දෙව්යන් බොන්නා වු,බීමට ඉතා පිය වන්නා වු, කිරි මුහුදින් පහළ වුහයි පුරාණ කතාවන්හි සඳහන් ‘අමෘතය’ නම් දැය සැඳැහීමෙහි ද,ඒ අනුසරින් ‘මිහිරි මැ මිහිරි’ බව ඇහැවීමෙහි ද කිවියෝ යොදති
‘අමෘනය’ බීමෙන් දෙවියන් අමර (නො මැරෙනු) වෙතියි යෙති. වදන් අරුත වු ‘නො මළ’ යන්න සේ මැ ‘අමර’ යන්න ද ඇඟැවීමට එහෙයින් ‘අමෘත’ යනු යෙදේ.(මාභා: ඉරු:) පියකර, මිහිරි, ඈ අරුත් පළ කිරීමට ද,මහ ඉසුරු, වෙනු ඇ දෙවියන් සැඳැහීමට ද ධන්වන්තරී රුසියා සැඳැහීමට ද එ වදන පසුවට පසුවට යොදන ලද බව පෙනේ.
කොවුල් සඳෙස්
කිරි මුහුද කැලැඹිමේ දී ‘අමෘතය’ පහළ වු පරිදි ඉතා පළ පුවතෙකි (අතිරේකය බලන්නැ).
‘සිරි’ යනු, සුබ, හැටි, සැපත් ඈ අරුත් දෙයි. සර සිරි නම් සැපතක් (සම්පතක්) වන නාදය යි. කොවුලාගේ වැදගත් බව රදා පවතින්නේ උගේ නාදේ ඇති මිහිර පිටැයි. එ හෙයින් ඒ තමා ඌට ඇති සම්පත. ‘ෙකා්කිලානං ස්වෙරා් රූපං’ යැ යි ෙකාවුලාට අැති රුව උෙග් නද බව පළ කරති අෙයකි ‘පුල්’ යනු ‘පිපුණු’ යන අරුක දෙයි, ඒ පිීම (හෙවත් පුබුදු වීම) මල් හි නම් . එ අනුසරින් කිසි විටෙකැ පිපුණු මල් සඳහනැ දු ‘පුල්’ යනු කිවියෝ යොදත්. මෙහි ‘පුල් අමා රස’ යැයි කීයේ පිපුණු මල්හි මිහිරි වු පැණි සඳහායි. අමාව මත් ගතිය ඇති කරවන බීමකි. මල් පැණිද මත ඇති කරවන රස (රා) යි.
‘ඉඳු’ යනු හෙටුවා, උතුමා, යන අරුත දෙයි. රජයනුයෙන් හෙවත් රක්නෙන් හෙටුවා ‘රජ’ යන්නෙන් ද සැඳැහෙයි. එ හෙයින් ‘ඉඳු’ යන්න රජ බව් ඇගැවීමේ දී ද යෙදේ. නරන්ගේ ඉඳු (නරනිඳු) නම් රජ තෙමේ යි මුනිවරයනට ඉඳු වුයේ මුනිඳු යි. උතුම් යන අරුත ද ‘ඉඳු’ යන්නෙන් දෙන්නේ එ හෙයින්. උතුම් වු මැති මැතිඳු යි. ඒමැතියන්ගේ රජ නොවේ. උතුම් වු කොවුල් තෙමේ ද කොවුල් ඉඳුයි. මෙහි ‘කොවුල් ඉඳු’ යනු උතුම් වු ‘කොවුලා’ යන්නෙන් වියනක් කිරීමට ඉඩ නො ලැබේ. ඒ ඇයි?
‘සඳ’ යනු ද මෙහි දී දෙන්නේ ‘උතුම් තැනැත්තා’ යන අරුතයි. ‘ඉඳු’ යනුත් ‘උතුම්’ යන අරුතෙහි ලා ගිනිතොත් ‘කොවුල් ඉඳු සඳ’යනු ‘උතුම්’ වු කොවුල් උතුමාණෙනි’ කියා හෝ ‘කොවුල් උතුම් උතුමාණෙනි’ කියා හෝ වියනක් කරන්නට සිදු වේ. ඉන් මිදෙනු පිණිසැ ‘කොවුල් ඉඳු සඳ’ යනු කොවුල් රජ උතුමාණෙනි’ යි වියකන් කරන ලදී. ‘ඉතා උතුම් වු තැන් නම් උතුම් මැ උතුම් කොවුලාණෙනියි ගත ද වරද නො වේ.
අරුත් වියකන
සේ (ජේක) යනු සමත්, බුහුටි, බමර ඈ අරුත්හි මුල් අවදියේ යෙදුණත්, ‘ගුරුකමට ගතයුතු, සෙවියැ යුතු, හික්මැවුණු, සොයනට - මිහිර’ යන අරුත්හි පසුවට පසුවට යොදන්නට කිවියෝ නො පැකුලුණාහ. ‘සේ පියෝ’ යන්නෙන් ගුරුකමට ගත යුතු වියතුන්ගේ යෙදුම් ද ‘සේ පියන්’ යන්නෙන් සෙවීමට සුදුසු පියාවන් ද (ක සි.මි) සේ රස යන්නෙන් මී බඳු රස ද අඟවන්නට කිවියෝ පුරුදු වු
2. පැසැසුම්
සර දෙන ලකුණු රුඳි-රතු නෙතිනි යුතු මමිතුරු
හිවි සල් සයුරු මල් සේ සත් සෙමෙර සුවි සල් නව වසනිදු දිය මිහිඟු බෙර
පරපුර වදන තුම්- රනකුරු කළ කිරුළ මෙර
නළා ගෙනැ වෙතින් පිඹි වෙනුට සර මඳින් නළා කරන කැල්මෙන් සහද පිය නදින්
පුන් සඳ සුරිඳු සඳ සලකුණු අඳින වර බන් සොඳ තෙලි තුඩෙව් තෙල තුඩිති මන හර මින් දද ජය විරිදු නද කරන පියකර අන් කො ද මෙ දිය තුරු තොප සරි වන පවර
2. සර දෙන ලකුණු රැඳි,රතු නෙතිනි යුතු හිවි සල්,සහයුරු මල් සේ සත් සෙමෙර, සුවිසල්, නව වසත් ඉඳු දිය මිහිඟු බෙර-
කිරුළ මෙර රන් අකුරු කළ, උතුම් පරපුර වදන- වෙනින් නළා ගෙනැ පිඹි වෙනුව සර මඳින්,සහද පිය නදින් කැල්මෙන් නළා කරන -
සුරිඳු සඳ පුන් සඳැ සා ලකුණු අඳින වරැ බන් සොඳ තෙලි තුඩ එව් තෙල තුඩිනි මන හර- මින් දද ජය විරිඳු නද කරන, පිය කර -
කොවුල් සඳෙස්
මමිතුර
මෙ දිය අතුරැ පවර තොප සරි වන අන් කොද?
මිහිරි නද දෙන ලකුණු රඳ පවත්නාවු, රන් පෑ ඇසින් යුත්වු, උස් වැ නැඟී සිටිනා සල් (මල්) මී අඹ මල් සේ සත්,සෙමෙර වු ඉතා පතළ අලුත් වසත් කල් නැමැති රජුගේ ජය පළ කරන මිහිඟු බෙරය වු, වොටුන්න, මෙර රන් පැළෑටි කළ සේ පළ කරන කටින් කටැ පැවැතැ එන්නා වු, උතුම් පුවතක් ඇති,කලෑවෙන් බට දඬු ගෙනැ (නළා) පිඹි වෙන් (විෂ්ණූ) දෙවියාට, පැහැයෙනුත් උපතින් මැ ලද මිහිරි නදිනුත් වෙහෙස පමුණුවන, සක් දෙව් උතුමා පුරා හඳ මැද්දේ සා ලකුණු අඳින් දී (තෙලි කූරට) බැඳැ මනා වු තෙලි තුඩු වැනි ඔය තුඩින් සිත් ගන්නා වු ,අනංගයාගේ ජය ගැනැ තුති පැසැසුම් නද කරන්නාවු ,පිය කරුවු,
මා යහළුව
මෙලෝ තුළැ උතුම් වු තොපට සම වන්නා වු අනෙක් කවර එකෙක් වේද?
කවර අතින් බැලුවත් කොවුලා අසම වු උතුම් එකෙකි. මෙලෝ කුසේ ඌට සරි වන අන් එකෙක් නැත්තේයි.
කොවුලා කෙරේ මිහිරි නද දෙන බවට ලකුණු රුඳී ඇත්තේයැ. හේ රන් පැහැ නෙතින් යුතු එකෙකි. හේ අවුත් වසත් අවදිය නැමති රජුගේ ජය බෙරය වැතැයි. කිරුළ මෙර රන් අකුරු කිරිම පිළිබඳ විකුම් පළ කරන කටින් කටැ පැවැතැ එන කනා පුවතෙක් ඌට ඇත්තේයැ. හෙ තෙමේ වෙන් (විෂ්ණු) දෙවියා වෙහෙස වන්නෙකි දැනෙකින්. පැහැයෙන් ද හේ ඒ දෙවියා වෙහෙසෙයි. වෙන් දෙවියා සුනිල් යැයි ,කොවුලා ඔහුට වැඩියෙන් සුනිල් යැ. වෙන් දෙවියා කැලෑවෙන් ගත් බට දඬු නළාවෙහි පිය කර නද පළ කළේ කොවුලා පළ කරන්නේ උපතින් මැ ලද මිහිරි නදයි. ඒ වෙන් ගේ නළා හඬට වැඩියෙන් මිහිරි සර (ස්වර) ඇති නදෙකි.
උගේ තුඩ සිත් ඇදැ ගන්නාසුලුයි. එය තෙලි (පින්සල්) තුඩක් බඳුයි. සක් දෙව් රජු පුන් සඳේ සා රුව ඇඳීමට බැඳි තෙලි තුඩ වැනියි එය. හෙ තෙමේ මින් දදා ගේ හේවත් අනඟා ගේ ජය පසසමින් පිය කරවූ විරිදු ගී ගයයි. වසත් (වසන්ත) අවදිය පැමිණෙනු දන්වන සතෙකි. කොවුලන් නද කිරීම. මැදින් දින මැදැ සරියේ දී කොවුලෝ නද දෙන්නට පටන් ගනිත්. පැමිණෙන්නා වූ වසත් අවදිය නව (අලුත්) වසත් අවදියයි. එය රජකු හැටියට සලකතොත් යුදට එන එ රජු පෙරටු වැ දෙන කොවුල් නද ජය බෙර හඬයි. කොවුලා එ හඬ නික්මවන (ජය) බෙරයයි. වසත් අවදියට සල් මල් පිපේ. කෙළින් නැගී සිටුනා එ මල් සේසත් වෙයි. වසත් රජුට. මී අඹ මල් ද එ අවදියට පිපේ. ඒ තමා වසත් රජුගේ වල් විදුනා. වෙන් දෙවියා බට දඬු නළා පිඹිමෙහි වෙසෙසින් පළ වූයේ ‘කෘෂ්ණ’ අවතාරයෙන් පෙනී සිටි අවධියේයි.
සක් දෙව් රජු සිඳේ සා රුව ඇඳි පවත සස දා පුවතින් පළවෙයි. ‘දැකැ සා බමුණා මුනි විරු එ සස කල්හි දල මැදරා සිසි දිසි සිය මස්නි පුස්නා ළෙන්’
යැයි සස දා කව් කරුවෝ එ සවත් සැකෙවින් දක්වති. ‘සා වැ අප බෝසත් සක් බමුණාට දෙනුව ඇඟැ මස් පිනූ සඳැ ගින්නට සුරිඳු ගෙනැ සඳ මැදෙහි ඇන්දේ’
යැයි රතස්ගලු තෙර සාමිවරයා ඒ මැ ලිහිල් බසින් කියයි.
කොවුල් සඳෙස් කම් දෙව් (මින් දද) පිදීමේ මඟුල් උලෙළ පවත්වනු වසත් අවදියේ දීයි. එ අවදියට නද දෙන කොවුලා ගේ හඬ මින් දදා ගේ ජය විරිදු ඇස්වීමක් බඳු වෙයි.
මුවර මසකු ලකුණු කළ කොඩියක් (දදයක්) ඇත්තේයි කම් දෙවියාට ‘මින් (මත්ස්යල) දද’ යනු නමෙකි. වසතිඳු = වසත් ඉඳු රනකුරු = රන් අකුරු තුඬෙව් = තුඩ එව්
3 මෙ ලෙස පසිදු වන ගුණ මුහුදු තුල්ලා ඇ සැ ස රසදුනෙව් සිය තුනු සුනිල්ලා පි වි ස සරන වන අඹ දළුව ලොල්ලා වෙසෙ ස අපට සැප ත දැකුමැ කොවුල්ලා
3. මෙ ලෙසැ පසිදු වන ගුණ මුහුඳු තුල්, ඇසැ ඇසැ රස අඳුන් එම සිය තුනු සුනිල්, අඹ දළුව ලොලින් වන පිවිසැ සරන කොවුල, අපට වෙසෙස් සැපත තා දැකුමැ.
මෙ (කියු) අයුරින් පසිදු වන්නා වූ, ගුණෙන් පිරි මුහුදක් වන්, ඇසක් ඇසක් පාසා රස අඳුන් වන් වූ තම සිරුරේ තද නිල් පැහැය ඇති, අඹ දළුවට ලොල් වැ වන වැදී එහි ගැවැසෙන කොවුල, අපට වැඩි මැ සැපත නම් තා දැකීමයි.
කොවුලා පසිදුයි, ඒ පසිදු වන සැටියි මුලින් කීයේ. මූද මහ දිය කඳක් වන්නා සේ හේ තෙමේ මහ ගුණ කඳෙකි. ඇසට ඉතා සුව එළවන රස අඳුන් සුනිල් පැහැ වේ. කොවුලා ගේ සිරුර ද සුනිල් යැ. එ හෙයින් ඌ පෙනෙන්නේ ඇසෙක්හි ඇසෙක්හි ඇදෙන රස අඳුනක් වැයි. හෙ තෙමේ අඹ දළු බිදීමෙහි ලොල් යැ. එහෙයිනි ඌ වල් වැදී එහි සරනුයේ. මේ අසුන් කරුට ඌ දක්නට ලැබීම වෙසෙස් සැපතෙකි. අරුත් වියකන
මෙ ලෙස = මේ ලෙසැ ඇසැස = ඇසැ ඇසැ පිවිස = පිවිසැ තුල්ලා = තුල් සුනිල්ලා = සුනිල් ලොල්ලා = ලොල් වැ කොවුල්ලා = කොවුලා
4. මිතුරු තුමෝ පෙරැ බැඳි මිතුරු දම් තර මතුරු ලෙසින් නො හරිති දෙන ඉසුරු බර සිතුරු වනෙව් සිතුවා සිදු කරන වර මිතුරු එයින් ම තෙපල ත සවනත පුර
4. මිතුරු උතුමෝ පෙරැ බැඳි තර මිතුරු දම් ඉසුරු බර දෙන මතුරු ලෙසින් නොහරිති. සිතු රුවන එව සිතුවා සිදු කරන, වර මිතුරු එයින් ම තෙපලන සවනැතැ පුර. මිතුරු උතුමෝ හෙවත් උතුම් යාළුවෝ ආදී සිටැ බඳිනා ලද දැඩි මිතුරු දහම (තද යාළු කම) සැපත් මහ රැසක් දෙන මතුරක් (මන්ත්ර යක්) පරිද්දෙන් නො හැරු රකිති. සිතු මිණ සෙයින් සිතූ දැය ඉටු කරන, උතුම් යාළුවෙ එනිසා ම ගේ කිම ත ගේ කනේ පුරව. සැපත් මහ රැසක් දෙන්නාවූ මතුරෙක් වේ නම් මිනිස්සු එ නො අත් හරිති. පෙරු සිටැ බැඳි දැඩි යාළු කමත් සැපත් සලසන්නෙකි. උතුම් යාළුවෝ ඒ යාළු කම අත් නො හරිති. සිතු මිණ නම් සිතූ පැතූ සැපත් දීමෙන් සිතුවා සිදු සිදු කරන්නෙකි. කොවුලා ද සිතු මිණ සෙයින් සිතුවා සිදු කරන බව කීයේ ඌ ඒ අයුරින් පසසා තමන් සිතූ දැ වන අස්න ගෙතැ ගොස් පැවැසීම ඔහුගෙන් සිදු කරවා ගන්නට යි.
සැල ළිහිණියාට:- ‘මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි මැ පැවැති බිතු සිතුවම් රූ මෙන් පිටු නො පාවිති” යැයි ද, පරෙවියාට:- ‘තමා ඉටු මිතුරු කරණී පැමිණි වර ප මා නො වෙති සිදනෝ මෙත් කයැට කර’ යැයි ද, සිරි රහල් හිමියෝ වදාළහ.
‘යසඟ පොරණ ගුණ මිතුරනට කළ තමා සසඟ වුවත් උන් අත් පත් වේ යැ ඇමා’ යැයි මියුරු අසුන් කරුවෝ කීහ. ‘සවනත පුර’ යැයි කීයේ කන් පුරා අසන්නට සුදුසු බව ඇඟැවීමටයි. කන් පුරා මේ තෙපල ඇති වැටැ අන් කිසිත් එහි වැදීමට ඉඩ කඩ නො ලබයි.
5 නො ලැගේ කනට සිනිඳු වැ ගිරවුන් වදන ති ස ගේ දුරැ ඇසෙයි නද සැලළිහිණියන හැ ම ගේ ළ ගෙනැ පවසන මියුරු තෙපුලෙන නො හැලගඟේ මෙ තතු කීමට තොප මිසක් වෙන
5. ගිරවුන් වදන කනට සිනිඳු වැ නො ලැගේ, සැල ළිහිණියන් නද නිසගේ දුරු ඇසෙයි. මියුරු තෙපුලෙන් ඇම ගේ ළ ගෙනැ පවසන තොප මිසක් මෙ තතු කීමට වෙන නො හැඟේ.
ගිරවුන් ගේ කීම කනට සිනිඳු වැ වදින්නේ නැති සැල ළිහිණියන් ගේ හඬ උපතින් මැ දුරට ඇසෙනසුලු වේ. මිහිරි වදනින් සියල්ලන් ගේ සිත් ගෙනැ (යමක්) පවසන්නාවූ තොප ඇරැ මෙ පවත් කීමට සුදුසු වෙන එකකු මට හැඟෙන්නේ නැති.
අරුත් වියකත ගිරා කට හඬ රළු යි, එ හෙයින් කනට සිනිඳු වැ වදිනවා වෙනුවට ඒ කන් කා වදී. එය අසන්නා ගේ කනට පීඩාවෙකි. ඒ නිසා මෙ කටයුත්තේ ගිරවා සුදුසු නො වේ. සැල ළිහිණියා උපතින් මැ ගැඹුරු වූ හෙවත් දුරට පැතිරී යන මග ගොස ඇත්තෙකි. ඌ කියන දැය ඇසියැ යුතු තැනැත්තාට පමණක් නො වැ දුරෙහි වූ සෙස්සවුන් හට ද ඇසේ. එ හෙයින් ඒ මග කරදරයෙකි. කොවුලා මියුරු සර (මධුර ස්වර) ඇත්තෙකි. එ හෙයින් උගේ තෙපුල ඇම ගේ සිත් ගනී. සියල්ලන් ගේ සිත් මිහිරි වදනින් ගන්මින් යමක් කියන්නා තමා අස්නක් සිත් මිහිරි වදනින් ගන්මින් යමක් කියන්නා තමා අස්නක් ගෙනැ ගොස් පවසන්නට තිස්සා. එ හෙයින් මෙ කටයුත්ත පැවැරීමට කොවුලා මැ මිසැ වෙන එකකු ගැනැ අසුන් කරුට හැඟීමක් නැති බවයි ඒ කීයේ. ‘මේ කටයුත්තට සුදුසු මැ තැනැත්තා ඔබයි’ යනු ඒ ඇඟැවූ සැටියි. ගිරවුන්, සැල ළිහිණියන් අසුන් කටයුත්තේ මීට පළමු යොදවා ඇති සෙයෙක් ද මින් ඇගේ. ඒ එ සේ නම් කොවුල් අස්න ගිරා අස්නට ද (වයසින්) බාල සේ සලකන්නට සිදු වෙයි. එ හෙත් මේ අපේ ගිරා අස්නේ ගිරවා සලකා කියන ලද්දෙක් නො වේ.
6 සැ බැ වි න් ගන කලට හස සපද සුර පතේ ත බ මි න් ගමන් සරැ තුරු සිදුරැ සැඟැවෙතේ ලොබයෙන් රැඟුමැ ලස් වෙති මියුරු දිය නෙතේ එ බැ වි න් තොප මැ නිසි බව මෙ යතුරට සිතේ
6. සැබැවින්, හස සපද ගන කලට සුර පතේ ගමන් තබමින් සරැ තුරු සිදුරැ සැහැවෙත් (සැහැ වෙතේ). මියුරු දිය නෙතේ රැඟුමැ ලොබයෙන් ලස් වෙති. එ බැවින් මෙ යතුරට තොප මැ නිසි බව සිතේ.
කොවුල් සදෙස්
උපතින් මැ (හෙවත් ස්වභාවයෙන් මැ) වැසි අවදියට හංසයෝත් මී මැස්සෝත් අහසේ ගමන් නවතා විල්හි ද රුක් බෙන තුළැ ද සැඟැවෙත්. මොනරු ඉරුට රඟ පෑමේ (නැටීමේ) ආසාවෙන් පමා වෙති. ඒ නිසා මේ ගමනට (එකී දොයින් මිදුණු) බව මැ සුදුසු බව මට සිතෙයි.
වැසි අවදියට අහසේ පියෑඹීම නො කෙරෙති හංසයෝත් මී මැස්සෝත්. හංසයෝ එ අවදියට මානස විලේ සැගී සිටිතියි යෙති කිවියෝ. මානසයේ වේවා අනෙක් විලෙකැ වේවා ඔවුන් වැසි අවදියේ රැඳි සිටිනු නම් ඇත්තයි. මී මැස්සන්ට ද වැසි අවදිය සැහී සිටියැ යුතු සමයයෙකි. ඌ තුමූ වැස්ස ඇති විටැ (තමන් මී බැඳි) රුක් සිදුරු තුළැ රැඳෙති. එ අයුරු සරස් කම ගමනෙහි ලබන්නේ අසුන් ගෙනැ යාමට සුදුස්සෝ නො වෙති. වැසි එත් මැ යන ගමන පියා සෑහෙන්නට ඔවුන් සැබැවින් (ස්වභාවයෙන්) මෙහෙයැවෙන හෙයිනි. මොනරු වනාහි නගිනා බස්නා හිරුට නැටීමෙන් සේවය කරන්නෝයි. ඌ එහි ආසා ඇත්‍තෝයි. අන් ඇම පසුවට නිබා නැටීම කොටැ සිටිනු ඔවුන් ගේ සබාවයි. ඉරු නගිනා නගිනා විටැ, බසිනා බසිනා විටැ නට නටා අසුන් ගෙනැ යාම කලට වේලාවට නො කළ හැකි. එ හෙයින් මොනරු ද අසුන් ගෙනැ යාමට තිස්සෝ නො වෙත්. හඬ කොරොසු බැවින් ගිරවුන් ද, හඬ පමණට වඩා දුරැ පැතිරැ යන බැවින් සැල ළිහිණියන් ද, වැසි අවදියේ ගමන් නො යනුයෙන් හංසයන්, මී මැස්සන් ද, නැටීමේ මත් වනුයෙන් මොනරුන් ද අසුන් ගෙනැ යාමේ සුදුසු නො වනුයෙන් ඒ සියලු දොසින් මිදුණු කොවුලා මේ ගමනට නිස්සා සේ සිතෙන බව පැවැසීමෙන් උගේ සිත ඔස්වනු යි ඒ කැරුණේ. සුරත් (දෙවියන්) ගේ පත (මග) සුර පතයි. දෙවියන් ගමන් කරන්ේනේ අහසින් හෙයින් දෙවියන් ගේ මග යත් නෙත් ඇඟැවෙන්නේ අහසයි.
සැඟැවෙතේ = සැඟැවෙත් දිය නෙතේ = දිය නෙතුට දිය (ලොව) ට නෙත (ඇස) යැයි හිරුට ‘දිය තෙත’ යනු පැවැසේ.
මෙ යතුරට (මේ ගමනට). යතුර (යාත්රායව) නමි ගමනයි.
8. කටයුතු නිදෙස
(කයුත්ත සදහන් කිරිම)
7 . මිතුරු තුරු පති වොරඳන. සරද කල්තුල් සබඳ ත අදහස කිමැ යත්? 7. මිතුරු තුරුපති වොරඳන සරද කල් තුල් සබඳ ත අදහස කිමැ යත් :- හිරු සඳු බබළන සරා කල් සදිසි යහළුව තා ගෙත් අදහස් කරන ලද්ද කිමෙක් දැයි කියනවා නම්:-
‘මිතුරු’ යනු හිරුට නමෙකි. තුරු = තරු තරු (තාරකා) වලට පති වුයේයි සඳට ‘තුරුපති, යනු නමකි. වොරැඳිම නම බබළමින් පැවතිමයි.
වලා රහිත හෙයින් සරා අවදියේ අහය කොවුලා ගේ සිරුර සේ සුනිල් වෙ.
8 අස් නක් සදිසි සිරිසඳ ඉඳින හැම වර දිස් නක් ලෙසින් මුළු සිරි ලකට පුවතර සස් නක් ලොවක් රක්නා රජකුට පවර අස් නක් රැගෙනැ යන ගමනෙකි දුරු කතර
8. සිරි සඳ හැම වරැ ඉදින අස්නක් සදිසි, මුළු සිරි ලකට දිස්නක් ලෙසින් පුවතර, සස්නක් ලොවත් රක්නා පවර රජකුට අස්නක් රැගෙනැ යන දුරු කතර ගමෙනකි.
කොවුල් සඳෙස්
සිරි කත සියලු විටැ හිඳිනා අසුනක් හා සරි වැ පෙනෙන, මුළු මහත් සිරි ලක් දිවැ පුරා දිදුලක් (දීප්තියක්) මෙන් පසිදුවු, සසුනකුත් ලොවකුත් රක්නා වු උතුමි රජකු හට අසුනක් ගෙනැ ගොස් සැළ කරනු පිණිසැ දුරු මගෙකැ යන්නට ඇති ගමනෙකි.
තොප විසිත් යා යුතු ගමනෙක් වෙ. ඒ ගමන දුරු මගක් ගෙවා කළ යුත්තෙකි. අස්තක් ඇරැ ගෙතැ යාමත් විසිත් කළ යුත්තෙකි. අස්න රජකුටයි, උතුමි රජකුටයි, සස්තකුත් රක්නා උතුමි රජකුටයි.
සස්න නම් බුදු සස්නයි. ලොව නම් පජා (ප්ර ජා) වයි හෙවත් ජන සමුහයායි. ලොවක් රැක්ම නම් මිනිස් රැසක් රැක්මයි.
එ රජ තෙමෙ මුළු මහත් සිරි ලක් දිවෙ පසිදුයි. දිළියෙන එළියක් සෙයින් පසිදුයි.
එ රජ අසුනක් බඳුයි. තිකම් මැ, කාත් හිඳිනා අසුනක් නොවැ සිරි කන ඇම විටැ ඉඳිනා අසුනක් බදුයි. සිරිකත ඇම විටැ රඳන පසිදු අසුන නමි වෙනු (විෂ්ණු) දෙවියා ගේ උර මඬලයි .දැත් ඇය ඇම විටැ ඉඳිනා අසුන මෙරජැයි කිමෙන් ඇගෙන්තේ සිරි කත ඇම විටැ මොහු කෙරේ රඳන බවයි.
‘කතර, යන්නෙන් මුලින් මුලින් සදහත් වුයේ කාතරයයි. දැන් ඒ ‘මග’යන අරුතෙහි ද යේදේ. දුක සේ තරණය කළ යුතු වන්නෙ කතරයි.
.9 උ න් ආරිය සක් විති රජු දැහැ දුර ට දැ න් වජඹින යාපා පටුන තිර කොට න න් සිරි යුත් සපුමල්රජ කුමරිඳු ට දෙ න් මෙ හසුත් ගෙනැ ගොස් ම මිතුර සතුට
9. ම මිතුර, උත් ආරිය සක්විති රජු දුරට දහ, යාපා පටුන තිර කොටැ දැන් වජඹින, නන් සිරි යුන්, සපුමල් රජ කුමරිඳුට මෙ හසුත් ගෙනැ ගොස් සතුටදෙන්.
අරුත් වියකත
මගේ යහළුවාණෙනි, (එහි) උත්නා වු ආරිය සක්විති රජු ඈතට (එ නම් එතෙරට) පලවා හැරැ දැත් යාපා පටුන තිර කොටැ ගෙනැ වැජඹිත්නා වු, නො එක් සිරියෙත් යුතු සපුමල් රජ කුමර තුමාට මේ අසුන ගෙනැ ගොස් සතුටින් දෙන්නැ.
පෙරැ යාපා පටුනේ උන්නේ ආරිය සක්විති රජ තෙමෙයි. සේනා නායක සපුමල් කුමරා (6) සිරිපැරුකුමිබා රජුගේ නියොවිත් බල සෙත් ගෙනැ ගොස් එ රජු පර තෙරට පලවා හැර (කි.ව.1447-1550) එය සවිමත් කොටැ ගෙනැ එ පියෙස රැක්මෙ යෙදි එහි විසුමි ගති. එ අයුරිත් එහි වසන සපුමල් කුමරාටයි මෙ අස්න යවත්නෙ.
‘බල පිරිසෙන් සහ යාපා පටුන් ගෙන
බල සේනා නායක සපු කුමරු එන’
යැයි සිරි රහල් හිමියන් සැල ලිහිණියාට කියේ එ කුමරු යාපා පටුන ගෙනැ එ බව මහ රජුට සැළ කිරීමට එමින් සිටි ගමන සඳහම්නුයි.
මෙලකැ නිරිඳුන් හට අවනත නුවු පෙරැ සිට ආරිය සක්විතු ට නොමිඳ බල සෙත් යාවා යුදයට
කළ යුදෙහි රිදවා එ නිරිඳුහු ලුහු බඳවා ඔහු ගෙ ඔද සිඳවා මයිල් නා බැ මලුන් බඳවා
මැති සෙනඟ සලසා යාපා පටන නොලසා ගෙතැ අදහස ලෙසා තිබි යැ පස් වා දහස් යසසා
යැයි ගිරා අසුන් කරු කියේ ද මෙ පවතයි .
කොවුල් සදෙස්
‘නැ රි ය ජය මත් පෙරු සිටැ පුරුදු
වි රි ය බල විකුමෙන් සරි මිගිඳු
ආ රි ය සක්විති රජ කුල කුමුඳු
සු රි ය හිමි දින පැරුකුම් නිරිඳු’
යැයි පැරුකුමිබා සිරිත් කරු සැඳැහුයේ ද මෙ පවතයි.
සිරි පැරැකුමිබා රජු ගේ නියොවිත් යාපා පටුන ගත් සපුමල් කුමරු ජයවද්දන පුරේ මහ වාසලට පැමිණැ ඒ පවත් සැළ කැරු සිටි තැතේ දි සතුටට පත් එ රජතෙමෙ පෙරළා දෙමළුන් ගේ පැමිණීමට ඉඩ නො තිබා යාපා පටුන බල කොටු ඇයෙත් තිර කොටැ ගෙනැ එ පෙදෙස රත්තා පිණිසැ පෙරළා එ කුමරු එහි යැවි. එයින් එහි ගොස් යාප පටුන තිර කොටැ එහිරුඳි සිටිනා සපුමල් කුමරුටයි මෙ අස්න ගෙනැ ගොස් දෙන්නටැයි කියේ.
කුමරිඳු = කුමර ඉඳු
10 තව ද ජලධරේන්ද්රඳ නිලවර්ණානුකාරි ශරිර ලාවණ්‍යයෙත් තේත්රාුහිරාම වු මිත්රෝලත්තමය, මධුර ශබ්දාර්ථ පුර්ණ සන්දේශය පැසුළු පවසමි. දැත් තා යාත්රාත වන පුරප්රධචර වර්ණනා. නැමති ස්වර්ණලංකාරයෙන් කර්ණාලංකාර කර.
10. තවද, ජලධරේන්ද්රතනීලවර්ණානුකාරී ශරීර ලාවණ්ය්යෙන් නේත්රාංශිරාම වූ මිත්රෝලත්තමය, මධුර ශබ්දාර්ථපූර්ණ සන්දේශය පැසුළු පවසමි. දැන් තා යාත්රාධ වන පුරප්ර,වර්වර්ණනා නැමැති ස්වර්ණාලංකාරයෙන් කර්ණාලංකාර කර.
තවත් කියැ යුත්නතකි,
මහ වැහිවලාවෙකැ නිල්පැහැයට බඳු සිරුරු ඔපයෙත් ඇස් අලවත්නා වු මිතුරු තුමෙනි, මිහිරි සදින් අරුතින් පිරුණු අස්න පසුවට කියමි. දැත් ඔබ ගමත් කරත්නේ යම් පුරෙකින් නම් එ උතුමි පුරේ වැනුම නැමති රත් පළඳනාවෙත් කන් සැරසිම කරන්නැ.
අරුත් වියකන
නිකුත් වන පුර පවත් පැවැසිමට මුල පිරිම විසිනි එය කියේ. ජලධර (දිය දරන්නේ) යනු වැහිවලාවට නමෙකි. ‘ඉන්ද්රු’ (ඉඳු) යනු රජ, නායක, මහ, යන අරුත් දෙයි රජා ද මහ මැ එකායි. ජලධර ඉත්ද්රදසා (වැසි වලා රජ ) නම් මහවැහි වලාවයි. ‘ජලධර ඉන්ද්රය’ යනු ‘ආත් (ඉකි ) ගුණැ’ යන සුත්රාය අනුවැ(අ, ඉ, දෙක එක් වැ ඒ විමෙන්.) ‘ජලධරේන්ද්රජ, යැයි ගැළැපේ. නිලවර්ණ අනුකාරි නේත්ර් අහිරාම ශබ්ද අර්ථ කර්ණ අලංකාරයෙත් , යනු, ‘සවර්ණ දිර්ඝ’ නියා යෙන්:-
‘නිලවර්ණානුකාරි නේත්රාලහිරාම ශබ්දාර්ථ ස්වර්ණාලංකාර කර්ණාලංකාර’ යැයි හාවෙයි . අහිරාමය නම් සපුරා ඇලිමයි . නේත්ර් අහිරාමය නම නෙත් සපුරා ඇලිමයි. ශබ්දය නම් ‘හඬ’ යි. අර්ථය නම් එ හඬින් අඟවන අරුතයි. එළි, අනුප්රාවස, යමක. ආදිය ශබ්ද අලංකාරයි. විසිතුරු වු අරුත් අර්ථාලංකාරයි. පුරවැනුම මිහිරි ශබිදලංකාරයෙනුත් අර්ථාලංකාර යෙනුත් සපිරි බවයි ‘මධුරශබිද්රිර්ථ පුර්ණ් යත්නෙත් අගැවෙ ත්නේ.
කොවුල් සදෙස්
රත්පළඳනායෙන් කන් සැරසිම සතුටින් කරන්නෙකි. මිහිරි ශබිදාලංකාර ඇති පුර වැනිමද එසෙයින් සතුට උපදවමින් අසන්නට ඇති බවයි ‘පුරප්රකචර වර්ණනා නැමති ස්වර්ණාලංකාරයෙත් කර්ණාලංකාර කර’ යන්නෙන් අඟවනුයේ.
4. පුර වැනුමි (දෙවි නුවර)
පුරප්රවවර වර්ණනා නැමැති ස්වර්ණාලඬ්කාරයෙත් කර්ණාලඞ්කාර කර.
ගිරි රද අයුරු පා නන්පෑය වීදිය පිරි මිණි පබළ තුල් සල් දෙ පසැ වීදිය සිරි කර සතත ගෙ උයන්කුසුම වීදිය සිරි දෙවි නුවර බල තුරු නිනද වීදිය
11. නන් පෑය වීදිය ගිරි රද අයුරු පා, වීදිය දෙ පසෑ මිණි පබළ පිරි තුල් සල්, සිකර, කුසුම සතත වීදිය ගෙ උයන්, තුරු නිනද විදිය, සිරි දෙවිනුවර බල.
නො එක් පෑහැ පැතිරෙන, මහ මෙර බඳු. මැඳුරු (ඇති), වීදිය දෙ පැත්තේ මැණික් පබළු පිරුණු මහත් වු වෙණෙඳ පිල්(ඇති), රත් පියුම්, (නො එක් ) මල් සියලු විටැ පිපි ඇති ගෙවතු සහිත වු, නො එක් තුරු. රැවුහි නිනාදය පැතිරැ පවත්තා වු සිරිමත් . දෙවිනුවර බව.
ගිරින් ගේ රජ හෙවත් උස් මැ ගිර ගිරි රද යි . ඒ මහ මෙරට නමෙකි. මෙර ගිරින් තො එක් පැහැ විහිදේ, ඒ ඉතා උස් යැ. දෙව් නුවරේ මැදුරු කෙරෙන් ද නො එක් දෙවි නුවරැ මැඳුරු මහ මෙර බඳුයි.
අරුත් වියකත
දෙව්නුවරේ විදි දෙ පැසැ මහත් වු සල්පිල් (නැන් නමි වෙණෙඳ හල්) ඇත්තේයි. එහි මැණික්, පබුළු යන දැය පිරි ඇති. දෙවිනුවරේ ගෙවතු නිබඳ පිපි සිටිනා මලින් ගැවසියේයි. (එහි විල් පොකුණු ඈහි) රතු නෙළුම් ද පිපි ඇති. එ නුවරේ නො එක්. වගේ තුරු රැවු (තුර්ය රාවය ) නික්මේ එ රැවු එක් වැ එයින් නිතද පැතිරැ යෙයි.
එ දෙව් නුවර සිරිමත් යැ .
සිරි කත ගේ අතේ ඇත්තේ නුයි (ශ්රී කරේ, හස්තේ ඉදං ශ්රී් කරම් ) රන්පියුමට ‘සිරිකර’ යනු නමෙකි. නො එක් තද එකට පැතිරෙත්නේ ‘තිතඳ’ යි .
නො එක් නද එකට හැනී පැතිරෙන්නේ ‘නිතද’ යි.
12 පිරි දිය පිරි නුපුර උර දිසි මිණි මෙවුල
තුඟු සුලකළ කළ පුර දොර කර විපුල සොමි සිය කිරණ යුග මිණි තෝඩු රසුදුල සුර රද කිරුළ දැරු නිති මෙ පුර මනකල
12. දිය පි රි පිරි නුපුර, උර මිණි වෙවුල දිසි, තුඟු සුලකළ කළ විපුල පුර දොර කර, සොමි, සියකිරණ රස් උදුල මිණි තෝඩු යුග, මෙ පුර මනකල නිති සුර රද කිරුළ දැරෑ. දිය පිරුණු අගළ නැමති පා සලඔ ඇති ,තාප්පය නැමැති මිණි මෙවුල් දම පෙනෙනට ඇති , උස්වු මනාසේ සැරැසිලි කළ මහත්වු පුර (වාසල් ) දොර නැමති බාහු (සගළ ) ඇති , සඳ යැ ඉර යැ යන රස් විහිදුවමිත් බබළන දෙ පෙඳ ඇති පුර නැමති අඟත තිබඳ වැ දෙවි රජු නැමැති කිරෑළ (වොටුන ) දරෑයැ.
70 කොවුල් සඳෙස්
දෙවිනුවර අඟනකි. නුවර වටා ඇති දිය පිරුණු අගළ ඇගේ පා වළල්ලයි, පුර වටා ඇනිපවුර ඇගේ උකුළු වට, දි මැණික් එල්ලු මෙවුල් දමයි. උස් වු, වෙසෙසින් සරැසිලි සහිත කොටැ කරවන ලදමහත් වු වාසල් දෙර දෙබැය තමා ඇගේ (අබරණින් සැරැහු) බාහු සඟළ. උදා අවර ගිරි මුඳුනැ බබළන සඳත් හිරත් ඇගේ දෙ සවනනේ බැහු රස් උදුල මිණි තෝඩු දෙකයි. ඇගේ හිසේ නිතිත් රැඳි පවත්තා කිරුළ තමා (දෙව්නුවරේ නිති වසන ) දෙව්රජ.
සිසිල් ගුණයෙත්, පහන් ගුණයෙන් යුත් බැවින් සඳට ‘සොමි’ යනු නමෙකි.
සිය ගණන් කි රණ (රස්) ඇත්තේයි හිරුට ‘සිය කිරණ’ යන නම යෙදේ.
සිත (මත) ඇදැ ගත්තේයි අගනට ‘මතකල්’ යන නම පැවැසේ. දෙව්නුවරේ නිතී වසන දෙව් රජ නම් (ලක් දිවැ බුදු සසුනට අරක් ගත්) උපුල් වන් තෙමේයි.
රසුදුල = රස් උදුල
මත අදිනී මතකල, මින කල බඳු වුයේ නුයි මනකල නම්, පුර මැ මනකල පුරමනකල යි.
13 නොපහ ළ සඳෙහි රිවි ගනඳර ලන ලෙසැ ම
තොවහ ළ කිරණ තුබුවා මෙත් නොවසර ම සි රි දු ළ මෙ පුර ෙව් සුසැදු දෙරැ දොරැ ම සුල ක ළ මිණි තොරණ බබලයි හැම දිනැ ම
13 සිරි උදුළ මෙ පුර වේ සුසැඳු දොරැ දොරැ මැ සුලකළ මිණි තොරණ, එහි රිව් නො පහළ සඳෙහි ගන අඳුර ලන ලෙසැ මැ නො වහළ කිරණ නො අවසර මැ තැබුවා මෙන් හැම දිනැ මැ බබළ යි.
අරුත් වියකත
සැපතිත් උදුළන හෙවත් අතිශයිත් බබළන ෙම් පුරේ විදියෙහි, මනා සේ තැනු දොර කඩක් (ගෙ දොරක් ගෙ දොරක් ) පාසා මැ ඉතා අලංකාර කොටැ (නංවා) ඇති මැණික් තොරණ එ පුරට ඉර පහළ නුවු විටැ තද අඳුර පලවනු සදහා නො වෑරුණු (හෙවත් කීස නුවු) රස් ( අතරැ) ඉඩක් ෙනා පැ මැ තිබුවා සෙයිත් සියලු දා බබළයි. එ නුවර සැපතිත් උස් වැ බබළන එකෙකි. එහි විදි අසැ මැඳුරු ඇති. එ මැඳුරු මනා සේ සරසා ඇති .ඒ එක් දොරක් ද නෑරැ ඇම දොරෙහි මැ මැණික් තොරණ නංවා ඇති. එ තොරණද මනා සේ අලංකාර කරන ලද ඒවායි .එ තොරණ බබළත්නේ කිස නුවු හිරු රස් බඳු රස් විහිඳුවමි නි .එහෙයිත් එ බලත්නවුනට පෙනෙන්තේ ඉර පහළ නුවු විටැ ගත වු අඳර දුරු කරනු මැ පිණිස ඉරු ගේ දුබල නුවු හෙවත් තො වෑරුණු රස් එ තන්හි තැබුවා සේ මැයි.
‘නො පහළ සඳෙහි රිවි ගනඳර ලන ලෙසැ මි, යන තැන අගින් ඇති ‘ම’ යනු ‘සඳ’ යන අරු තෙහි යෙදුණු සේ ගතිතී සත්ත කරුවෝ. ‘ම’ යන්නෙන් වෙත් කිරිමට අවසරයෙක් එවිටැ නොලැ ෙබි. ‘රිවි , යත්තන් ‘ම, යත්තත් සිටිනා නත් සිහි අති වැ බලන කාට වුවත් පෙනී යා යුතු වෙයි, ‘ම’යනු ‘සඳ,යන අරුතෙහි තො යෙදුණුබව ගත අඳර බිඳිම ඉරුට මුත් නියතිත් සඳුට පැවැරි ඇති කටයුත්තෙක් නො ෙවි. මිණි නොරණ රස් ද ඉරු රස් බඳු මුත් සඳ රස් බඳු තො ෙ වි . සඳ රස් බඳු වත්තනේ රිදි තොරණේරස් යැ.
ගනගදර= ගන අඳර නො වසර=නො අවසර
72. කොවුල් සඳෙස් 14 ඉ දු නි ල් මිණි තුළ පා සි මැඳර තූර ම න ක ල් කල් වන සඳ සදිසි තොවිතර සු වි පු ල් ගෙ දිගු විල් වැදැ සරනා තිතර වි යො වු ල් දුක් වැ සක්වා යුග ගියෝ හැර
14. ඉඳුනිල් මිණි අකුළ පා සි මැදුර අතුරු මන කල් කල් වන නො විතර සඳ සදිසි.සුවිපුපුල් ගෙ දිගු විල් වැදැ නිතර සරන සක්වා යුග වියෝ අවුල් දුක්වැ හැරු ගියෝ.
තද නිල් (ඉඳු නිල් ) මැණික් ඇතුරෑ මහල්හි සි මැඳුරු අතුළතැ අගනත් ගේ සිත් ඇදැ ගන් නාසුලු මුණ අනිශයින් සඳ හා සම පෙනීම ඇත්තේයි .ගෙ දිගු විල් වැදි නීතිත් එහි ගැවසෙන සක්වා ලිහිණි සගළ වියෝ අවුල් පැමිණෙතයි දුක් වි (එ විල්) හැර ගියෝයි.
ඒ දෙවිනුවරේ මැඳුරු මහල් තල ඉදු නිල් මිණි අතුරා කරන ලද ඒවා යි. එහි සි මැඳුරු ඇරතුළේ අගනෝ සිටිති . ඔවුත් ගේ මුහුණ සිත් ඇදැ ගත්නා සුලු (මනස් කාත්ත) යි. අතිශයිත්මැ සඳසේ පෙතෙයි . එ පුරේ මැඳුරු අසැ ගෙ දිගු විල් ඇති .සක්වා ලිහිණියෝ එ විල් වැදි නිබඳ ගැවසෙති .ඌතුමු සිමැදුරේ පෙනෙන ගෑනුත් ගේ මුණ සඳ යැයි සැකිත් සිතති . සඳ කැල්ම සක්වා ලිහිණියත් ගේ ඇගට වැටුණාම උන් උන් , උන් හට උන්හට මැ බියකුරු වැ පෙනෙනුයෙත් ඔවුනට වෙන් වැ යන්තට සිදු වනුෙයත් සි මැඳුරේ පෙනෙන ගෑනු මුණ සඳයැයි ගත් ඌ තුමු මතු පැමිනණන වියෝ අවුලේ දුක සලකා එ විල් හැරු වෙත් වැ ගිය හ .
සක්වාවෝ දිය ඇසුරු කරන ගණයට අයත් ළිහිණි වෙසෙසෙකා සත්තු යැ . මොවුන් රුයේ වියෝ වැ එ දුකිත් වලප්නා බව ආදි මැෙවිි අව දිෙය් පටන් පළවැ පැවැනි පුවතෙකි (සෘක් .ii .32, 3)- දඹ දිෙව් . කිවියත් කෙරේ අරුත් වියකත 73 වෙසෙසින් පළෙමි සක්වා වියෝව මියුරු අසුන් කරුවාන් (මි .102) කොවුල් අසුන් කරුවාන් මුන් අපේ සෙසු කිවියන් එ තරමි බරට සිතට ගත් සෙයෙක් නො පෙනේ. අපේ කිවියත් බෙහෙවින් මෙ ළිහිණි යන් සඳහන් කෙළේ ලියන් ගේ පියොවුරු සඳහන සමග යැ (ක .සේ. iii 31.x 1 6 ක සි x-33)
කොවුල් . අසුන් කරු සරණ ගිය සාලි ඇලේ හිමියෝද :-
‘විදුනුබඳ දෙදෙන් නිල් මිණිත් වු විමන්හි දැකැ වුවනත යොතත් තත්හී තත්හී දෙරෝරෙන් ගෙ සරස යුග සක්වාෙමි කුළින් බි වැ දිස්නා එ සොර කුසර පා යැයි පත් සතැවුලි පුරේහී යනු වදාරති. ‘සුවිසල් ගෙ දිගුවිල් , යැයි පැවසිම පැසැසියැ නො හැකියි.
‘ශනේන ධනුර්භි පුෂ්කරිණි, ත්‍රිහිර්දිර්ඝකා, වතුර්- හිර්ද්‍රෝණඃ, පඤ්වහිතඩාගැ, යැයි වශිෂ්ඨයන් කියන හෙයින් ගෙ දිගු විලක් දුනු තුත් සියයක් බිම (=රියන් 39600) වසා සිටිනා (රියන් 1200 x 33) ජලතල යෙකි.ඵය ඊට විසල් හෝ කුඩා හෝ නො වියැ හැකි.
මැඳුරු තුරු =මැඳුරු අතුරු වියොවුල් =වියෝ අවුල්
15 ව න්සුරගන වුරගන වුවත දුටු මතින්
රන් පියුමැයි දැකැ නො හැකිළෙන සැක සිතිත් තන් මිණි තොරණ කැලුමෙහි පිවිසැ සුර පතීන් පු න් සිසි වෙස් වළා යන වැන්නැ බිය පතීන්
15. සුරගන වන් වරගන වුවන දුටු මතින්දැකැ නො හැකිළෙන රන් පියුමැයි සැක සිතින් බය පතින් පුන් සිසි නන් මිණිනොරණ කැලුමෙහි පිවිසැවෙස් වළා සුර පතින් යනවැන්නැ.
71 කොවුල් සඳෙස් දෙවි ලිය වැනි වු කුල කතුන්ගේ මුණු දුටු පමණින් මැ (විමසිමක් නැති වැ) බලා (ඒ මුහුණු) පර වැ හැකිළෙන් නේ නැති රන් නෙළුමි මල් යැයි සැකසිත් අනි වැ බිය පත් වුයෙන් පුරා හඳ නොයෙක් පැහැ මැණික් තොරණ කාන්තියේ ගැලි වෙස් වළහා අහසේ යන්නා වැනි යි .එ පුරේ බො මැණික් නොරණ ඇති . රන්මිණි ඉඳු නිල් ,මරකත ඈ මැණික් තොරණ පෙළින් පැතිරෙන මිණි කැල්ම අහස පුරා පැතිර සිටි . අහසින් යන පුන් සඳ එ මිණි කැලුමි පතර මැදට වැඳුණාම එහි පැහැය නො එක් නො එක් අයුරින් වෙනස් වෙයි . එ විටැ සිතෙන්නේ පුන්සඳ වෙස් පෙරළමින් යනාවා යැ කියායි . ඇයි ඒ වෙස් පෙරළිම කරන්තේ ? බිය පත් හෙයිනි .කුමට ද බිය පත් වුයේ ? තමා ගේ කැල්මෙන් හැකිළෙන්නෙ .නැති රන් පියුමි ඇතැයි සිතුණු හෙයින් නි. සඳ දැකැ නො හැකිළෙන පියුමි ඇති සැටිෙයකි සඳට පෙනෙන්නේ.දහමෙ පරිදි තමා දැකැ හැකිළිම නො වන පියුමි ඇන්නමි ඒ පියුමි තමාට වැඩියෙන් බලයත් ඇති දැය ෙස් සඳට හැගෙයි. තමාට වඩා බලය ඇති පියුමි ෙවි නමි එ පියුමි කෙරෙන් පැලෑ යාමයි කළ. යුකු . පැලෑ යන විටැ නොහසු වනු පිණිසැ වෙස් පෙරළියැ යුතු ෙවි .සඳඑ සේ වෙස් පෙරළමින් යනවාසේ පෙණෙන බවයි ෙමකි ෙය්.
ඇත්තේ හැටියට නමි සඳ දැකැ නො හැ කළෙන පියුමි නැත්තේයි .යමක් දුටු මතිත් මැ විමැසිමක් නැති වැ ඒ එසේයැයි ගැන්ම ඇන්ත දැන්මෙක් නො ෙවි .සඳමෙපුරේ අගනන් ගේ මුහුණ රන් පියුමි සේ පෙනුණෙත් ඒ පියුමි මැ යැයි තව ද විමැසිමක් නො කොටැ දුටු මතිත් මැ ඇදැහී. මුහුණු පියුමි සේ නො හැකිළේ. එ හෙයින් නො හැකිළි පෙනෙන්තේ රන් පියුමි නො කළ හඳ දුටු මතින් මැ ඒ මුණු පියුමි කොටැ බලා සැක වැ බියට පැමිණියේයි.
අරුත් විනක 75
‘දිසි මිණි නිල් සැඳැලිය ලිය වත කමල දැකැ නො මලන පුල් පියුමැයි කැරු කුහල, යැයි සෙඳ් රුවැටිමක් මියුරු අසුන් කරුවෝ ද සඳහතී.
සුරඟන =සුර අගත වරඟන=වර අගත
16 මෙ පු ර සොබන පිළිමිණි රුදු හගැ බඳ
අ ඹ ර ලෙළෙන දද සෙද පවන් වැඳ ප ව ර ඉසුරු සිරු සුර ගගිනි මත තඳ නිතොර වැගෙන හැලි සිය සිරිසිලි සබඳ
16. සබඳ ,මෙ පුරු සොබන , රුදු පිළිමිණි පහ අගැබඳ,පවන් වැදැ සෙද සෙද අඹරු ලෙළෙන දද පවර ඉසුරු සරු මන නඳ සුර ගගින් නිතොරවැහෙන හැලි සිරි ඉසිඋ.
යහළුව, මෙ පුරේ හොබනා වු, මවුත් වු පළිගුයෙන් කරන ලද මහල් මුඳුනේබඳනා ලද, සුළං වැදිම නිසා වහ වහා ලෙළෙන්නා වු දෙ බළ කොඩි, උතුමිවු (මහ) ඉසුරු (දෙවියා) ගේ හිසේ වු,සිත් කුටු කරවන අහස් ගගින් නොරක් තැනි වැ ඇදැ හැළෙන්නා වු සියගණන්ඇලිවලැ සැටි ඉසිලියැ.
මෙපුරේ හොබනා මහ මැඳුරු ඇත්තේයි .ඒ මැඳුරු පළිගු මිණෙන් කරන ලද හෙයින් සුදු පැයෙන් බබළයි එ පහ මුදුනේ කොඩි බැඳැඇත්තේ යි. ඒ කොඩි සුළං වැදිම නිසා නිබද වැ අහසේ ලෙළ දෙයි.එ විටැ එ දද පෙනෙන්නේ ඉසුරු දෙවියා ගේ හිසේ ඇති යි . අහස් ගගිත් ඇදැ හැළෙන සිය ගණන් ඇලිමෙනි. ඉසුරු දෙවියා උතුමකි පළිගු මැඳුරුසුදු පැහැයෙන් යුතු වෙයි . ඉසුරු දෙවියා ද සුදු පෑ සිරුර ඇත්තෙකි . එදෙවියා වසන කෙලෙස් ගිර. දසුදුයි . කොඩි ද සුදුපැයෙන් යුතුෙවි අදහස් ගඟ ද සුදුයි එයින් ඇදැ හැළෙන ඇලි වෙසෙසින් මැ සුදු වි යුතු.
76 කොවුල් සඳෙස් පුරාණ කාරයන් ගේ කිි ෙමි හැටියට ‘සුරගඟ’ නමි වු අහස් නදිය වයිකිණ්ටයෙහි වෙසෙන වෙන් (විෂ්ණු ) දෙවියා ගේ පයේ මාපට ඇගිල්ලෙන් බස්නේ වෙයි . කෙළින්මැ එය පොලවට වැටුණ හොන් පොළෝ තලය . සිදුරු කොටැ ගෙනැ යතී සිතූ මහ ඉසුරු තෙෙමි ඒ දිය .දහරට තමා ගේ හිස යොමු කොටැ එය තමා , ගේ හිසට එවා ගති . ඉසුරු ගේ හිස පිටට වැටුණු එදිය දහර ඹහුලගේ මඞලේ රුඳි එ වටා තුන් දරණයක් ගොස් දැඩි වෙය බාල කො ටැ ගෙනැ ඉන් බිමට බස්නේ යි. එ සෙයින් මහ ඉසුරු ගේ දළ මඬලේ ගමන් කරන අහස් ගගීන් නිතොරු . ඇදැ හැළෙන සිය ගණන් ඇලි මෙනි ෙමි දද පෙනෙන්නේ.
සිරිසිලි= සිරි ඉසිලී
17 දි ලි වි දු ලී සැරුහු ගත රන් පොරොදු
තියුණු උ ලි දළ දළ කො ක වැල විහිදු කනතහැලී ගි ලි මද වැසි පොද සිකිඳු ස ර න බලි ගජ මුළුෙ මි කුළෙවි රුදු
17 සැරුහු ගන රන් පොරොදු දිලි විදුලි, තියුණු උල් දළ දළ විහිදු කොක වැළ, කකනත හැලි ගිලි මද සිනිඳු වැසි පො ද, සරන බලි ගජ මුළු රුදු ෙමි කුළු එවි.
සැරුහුමි විසින් ලත ලද ගත රන් පොරොදු නැමති . දිලෙන විදුලි ඇති ,තියුණු උල් සහිත මහත් වු දළ නැමති පැතිරු යන කො ක් සමුහය ඇති, කත් මුලින් දහර (ධාරා) හැටියට ගලා බස්නා මද නැමති සිනිඳු වැ හි .කළු බඳුයි.
එ පුරේ සරන ඇත් සමුහයෝ වෙති . ඌ බලත්හුයැ. ඒ බලවත් ඇත් සමුහයෝ ගන රතින් කරන ලද. පොරොදු ලා සරහනලද්ද්රෙි වෙති.උන් ගේ දළ මහත් යැ.
අරුත් වියකත 77
තියුනු වු උල් සහිත යැ. උන් ගේ කොපොලින් මද දහර ගලබසි . ඌ බලවත්හු යෑ එහෙයින් ඌමහත් වු වැහි වලා කුළු වැනි වෙත්.
ඇත්තු මහ වහි වලා කුළුයි උන් සරහා ඇති ගත රන් පොරොදු වැහි වලා කුළේ දිලෙත විදුලියයි .උන්ගේ තියුණු උල් සහිත මහත් දළ වැහි වලා කුළු ඇතිවි ටැ පැතිරු යන කොක් පෙළෙයි. උන් ගේ කොපොලින් ගලා බස්නා මද දහර මහ වැහි වලා කුළින් බස්තා වැසි පොද දහරයි .
උලි=උල් (එළි) කුළෙවි=කුළු එවි
(දෙවි නුවර රජකු වසන පුරෙක් නොෙවි .එ හෙයින් ඇත් අස් රිය පා බළ යන සිවු රඟ සෙන් වැනීමෙක් මෙහි නොෙවි . මෙහි සඳහන් ඇත් සමුහය යුද සෙනගේ ඇත් සෙනඟ නො වැ දෙවොලේ ඇතුන් පිරිස වියැ යුතු) 18 .ම ලි ගි ය ම ලි න් රුදිදිගු නිල් වරල සරා
ග ල මු තු පටින් දිලිහෙන වුවන සඳ සරා සැ දි හෙ ළ සඳුනු තන අගනෝ මෙ පුර සරා ය ස ලි ය ලෙසින් පැලැ ඹෙති සතන පන් සරා
18 දිගු නිල් වරල රෑඳ මලිගිය මලින් , ගල දිලිහෙන මුතු පටින් සරා, වුවන සරා සඳ. හෙළසඳුන් සැදි තන (ඇති) අඟනෝ මෙ පුර සරා පන්සාරා යය ලිය ලෙසින් සතන පැලැබෙති.
දික් වු (ද) නිල් (පැහැ) වු දකෙස් වැටිය (එහි) රඳවන ලද ඉද්ද මලින් ද, බෙල්ල දලිසෙන්නා වු මුතු පටින් ද සරහා (ගෙ නැ ) සරත් අවදි යේ සඳැ වත් මුහුණු ඇති, සු දු ගඳුන් තැවැරු පි ෙයාවුරු ඇති ගෑනු මෙපුරේ ඇවිදිමීන් මල් සරා ගේ හෙවන් ම ද රජු ගේ යසස් නැමැති වැල් සෙයින් නිබඳ පෙනෙමින් සිටිත්ත. 78 කොවුල් සඳෙස් ෙම වතාහි රුයේ පවන් වැනුමක් විසිත්. ගතයුත්තෙකි. කවි සමයය යසස සුදු පැහැ ඇති දැයක් කොටැ සලකවයි . මද රජු ගේ යසස ද එ හෙයින් සුදු පෑ වියැ න් යුතු. යුතු වැල් හැටියට සරන යසස ද සුදු පැහැ වියැ යුතු යසස් වැල් සෙයින් සරන අගනන් ද සුදු පෑවියැ යුතු උන් ගේදිගු වරල නිල්වුව ද ඉද්ද මල් රඳ වා සදන ලද හෙයින් සුදට පෙනේ . බෙල්ලේ ඇනි දිලිසෙන මුතු පට ද සුදුයි මුණ සරා සඳ බඳු නමි එ ද සුදු වියැ යුතු . සුදු සඳුන් සුනු තැවරෑ නත ද සුදුයි . එ හෙයින් (සිහින් සිරුරු ඇති) ඹවුන් (දතත් නෙත් සිත් සිත් ඇදි මෙන් පුරේ අරුම නොෙවි .
මිහි පඩෙර මල් දමි කපුරු හර සඳනඟරා හගවමි නැවිදි කෙළි කල් මද දුනෙවි පුර වෙරේ , යත්තත්
‘මලිගය මල් දමි හඟරා තවර ඹරින් ගත් ගත් සාරා සිසි රස් ගි දැ පියෝ පුර පියෝ,
‘යන්තත් .මෙහි දි සිහිපත් වෙයි (ක. සි. Vi .14. 15 ) පන්සරා , යනු සර පසක් අවි කොටැ ගෙනැ සිටිති යි යෙන මදන හට නමෙකි.
පන්සර, පන්සියය, ඈ තන්හි ‘පන්,යනු ‘පස්’යන්නට සම අරුත් දෙයි. නෙළුමි, අශෝක, අඹ, ඉද්ද මානිල් යන මල් පස මදනා ගේ ඊ වෙනියි:-
අරුත් වියකත 79 ‘අරවින් දමශෝ කඤ්ව චුතඤ්ව තවමල්ලිකා නීලෝත් පලඤ්ව පඤ්වෛනේ පඤ් චබාණස්යව සායකා’ යන්නෙන් දඹදිවි වැසියෝ කියති . ඒ එක් එක් ඊයෙන් පහර ලත් විටැ මුළාව යැ, විකල බව හෙවත් පිස්සුවයැ වෙළිල්ල යැ,දර දඞු විම යැ යන ලෙඩ අට ගන්නා බව:-
‘සමිමෝ හනොත්මාදනෙවෙ ශෝෂණාස්නාපතස්තථ- ස්නමි හනශ් චේතිකාමස්යය පඤ්චබාණාඃ ප්රතකිර්තිතැඃ’ යත්නෙන් පැවැසේ. එ තයින්:- නෙළුමි මල් හි පහර ලද්දේ සපුරා මුළා වෙයි, අශෝක , , , , , , , , උමතු , , අඹ , , , , , , , , වියැළිමට පත් , , ඉද්ද , , , , , , , , තැවුලියට , , , , මානිල් , , , , , , , , ගල් ගැ සෙයි පත් සරා ගේ දුන්න උක් දඩින් නිමිසේ යි දුනු දිය බමර වැළෙකී.ඹහු ගේ පියා වෙන් (විෂ්ණු) දෙවියායි- මව සිරි කතයි .පියාව රුක්මිනියයි. යහළුවා වසත්තයායි. 19 ල ක ළ උයන්වලැ සිටි කපුරු තුරු පෙන
හ ස ළ සුවඳ මඳ නල එ මෙ පුරු දිගු නෙත පු ව ළ සුරන සරතස දු කැරු නැවත ඉ පි ළ අවල කෙළියෙහි සැලසි යැ සතන
19. ලකළ උයන්වලැ කපුරු තුරුපෙත හසළ සුවද මඳ නල මෙපුරු දිගුනෙත පුවළ සුරත සරතය දුරු කැරු, නැවැතැ ඉපිළැ සතන අවල කෙළිහියෙ හි . සැලසියැ.
80 කොවුල් ස ඳෙස් හො බනා සේ සදනු ලද උයන් හි ඇති කපුරු ගස් පෙළ ඇසුරු කළ (එ ගෙයින්) සුඳවත් වු මඳ පවන මෙ පුරේ ගැනුන් ගේ මහත් වු රති කෙළියේ පත් විඩා ව දුරු කොටැ යලිත් උන්සන්න වැ නිකඳ අවල කෙළියේ යෙදෙන්නට සැලසි. කපුරු රුක් අසරින් හමන පවන ගෑනුත් ගේ කාමාශාව යළි යළි උත්සත්ත කරවන බවයි ඒ කියේ .මෙහි:-
‘අවිර නතර ලිලායාතජාතශ්රඋමාණා මුපශ මෙු පයාත්නං නිැ සහේඬිගෙඬගතානා මි පුනරුෂසි විවි ක්තෛර්මාතරිශ්වාවචුර්ණ්ය ජ වයති මදනාග්තිං මාලනිනං රජෝහි,
යන මාඝ පැදිය (මැඝ xi . 17)ඇසිරින් පරෙවි අසුන්කරු වන් කළ,
‘විඳ මුළු රෑ රනි සැප සමහත් දියුණු
මදනගනේ අගනන් ඇහැ සඳුනණු මඳ පවනින් මලිගිය රොන් සුනු වැකුණු
මසද දිලිහිණි යළිපෙරු නැගු මට අරුණු ,
යන් නේ යමි තම මුහුණුවරෙක් දක් නා ලැෙබි.දික් වු ඇස් ඇතියි අගනට ‘දිගුනෙ ත’ යනු නමකිත.
20 සි තු පිනවන මත සලෙළුන් දුටු චිගසි
නෙතු පටු නළලතට නොසම වැ පුර දිගැසි යු තු තද ලද බියෙනුදු සරද නව සිසි මි තු දිනනුව අසිරෑ කළ දළ දළැසි
20. දුටු විගසි මත සලෙළුන් සිතු පිනවන පුර දිගැසි නෙතු පටුනළලට නො සම වැ තද ලද බියෙ නුදු යුතු සරද නව සිසි මතු දිනුව දළ ඇසිරු කළ
අරුන් වියකන 81 දුටු හැටියේ මැ මත් සළෙල දනන් ගේ සිත් පිනවන්නා වු එ පුරු ළඳු න් ගේ, ඇස් සහිත වු පටු නළලට සම නුවුයෙන් තද ලජ්ජා වෙනුන් බියෙනුත් (=හිරි ඹතප් දෙකිත්) යුත් අලුත් සරාසඳ මතු ජය ගනු පතා මහ ඉසුරා ගේ ජටාව ඇසුරු කෙළේයි.
දළ ඇසක් (තළල්.ඇසක්) ඇතියෙන් මහ ඉසුරාට දළ ඇසි යනු නමකි . මහ ඉසුරා ගේ ජටාව මුඳුනේ අලුත් සඳ ලැගී තියි. යෙහි එ හෙයිනි ‘චන්ද්රද ශේබ ර ,යන නම ඹහුට ඇත්තේ
දළැ අඬ සඳ බඳින ගොර සජ හරක් පළඳන රග කරන දින දින මහලු ගොන් වාහනෙත් ඇවිදින
ල ත් මහ පදෙවියා සිර සුර ගගින් දෙවියා අනග රුව දෙවියා යෙ හෙකි පුද කරන දෙවියා,යි
බුදුගුණ අලංකාරයෙහි ඹහු ගේ සැටි පවති මෙන්මහනෙරිඳුතමෝ. සරාකල්හි අහස වලා රහිතවනුයෙන් සඳ පළ තළලත් දිලි දිලි පෙනේ . දෙවිනුවරේ අගතත් ගේ පටු තළලත් නෙතුස රා කල්හි අලුහි ලුන්සඳ එහිඇති ලපටයත් වැඩියෙහොබනේ වෙයි එතවසඳටතද ලජජාවක් ඇති ෙවගෙැහැනු ගෙන් නිගාවපැමිණෙනියි හියෙක්ද ඇතිවෙ. එ තෙයිත් මහ දෙවියා උදෙසාදුක් ගෙතැ එනදවසේ වත් ජය ලබන අදහසත් එ සඳ මහ දෙයා ගේ දළ ( ජ ටා) ල්ලැ ඇරුකළ වැනියි. 6
82 කොවුල් සඳෙස්
විගසී = විගසින් බියෙනුදු = බියෙන් දු දළැසි = දළ ඇසි ඇස් ඇතීයේ (ඇස් +ඉ) ‘ඇසි’ යි.
ම න ති න් නො හළ දස දමි සතැති ඇම විට ම න ති ත් සවි ඉසුරු නෙවුනා ති ස ලෙසට වෙන ති න් ගත් සකෙවි සිරි පෑ මෙ නුවර ට වෙන ති ත් උවම කිවියර විමසනු කුම ට
21 ඇම විටැ දස දමි මනතින් නො හළ සත ඇති.මනතින් සවි ඉසුරු නිසි ලෙසට තෙවුනා .වෙනු අතින් උවමි විමයනු කුමට.
සියලු කල්හි දස දහ දමි සිත තුළින් නො හැරියා වු දනන් ඇති, සියලු සැපත් මැනුමි සිමාව ඉක්මවා සුදුසු පරිද්දෙන් පවත්නා වු,වෙත් (විෂ්ණු) දෙවියා අතින් ගත් සත මෙන් සිරිමත් බව පෙන්වු මෙ නුවර පිණිස කව් කරුවා අනෙක් අනෙකින් උපාමවත් විමසන්නේ ඇයි?
මෙනුවරේ වසත දනෝ සියලු විටැ දස දම් සිතින් නො හළෝ වෙතී. මෙගි සියලු සැපත් සුදුසු පරිදි පවත්තේයි ඒ සැපත් මෙ තෙකැයි නොකියැ හැකි සේ පමණ ඉක්මවා ඇත්තෙයි - මෙ යසිරිමත් යැ ,වෙන් දෙවියා ගේ අතේ ඇති සක මේන් සිමන්යැ . එ හෙයින් මෙ නුවර මෙ නුවර බදුයි නො කියා මීට පිටතින් උපමා කිවියා කුමට විමසයි ද එ විමැසිමෙත් වැඩෙක් නො වේ.
වෙන් දෙවියාගේ අතේ දකුණට කරකැවුණ දගර ඇති ‘පාඤ්චජත්යො’ තම සකෙක් වෙයි . ඒ මංගල සම්මත (සුබ)දැයෙකි. එ සකක්හඞතුත් ලොවැ පැතිරු ඉතිරුසිටි.
අරුත් වියකන 83
දෙව්නුවර වෙනු අතින් ගත් සකෙහි සිරි පාත බව කිමෙන් එය මංගල සම් සමත තැනක්බවත් එහි යස ගොස තුන් ලොව පුරා පැතිරු ඉතිරු යන බවත් පළ වේයි.
එහි වසන දනෝ දස දම් සිත තුළින් බැහැරු නො කළෝ වෙති.
සතර මගත්, සතර පලයත් , නීවනත් පෙළ දහමත් දස දම් විසින් සැලැකැවේ.
එ අයුරු පුරට සම අත් තැනක් නැති හෙයින් එයට එය මැ උපමා පිණිසැ නො ගෙනැ පිටතින් උපමා කව් කරුවා කුමට විමසයි ද?
මනතින් = මන අතින් (=සිත තුළින්)
, , = , , , , (=මිනුම් අත්තයෙන්). වෙනතින් = වෙනු අතින්
, , = වෙන අතින්
සකෙව් = සක එව්.
5. දෙව් රද වැනුම්.
(උපුල්වන්)
22 සුර පුර සිරි සපිරි
එක තැන්හි වුන් දිසි සේ සව් සත සතන් හදනා පුවතර මෙ පුර වරෙහී .
22. සුර පුර සපිරි සිරී ඇති සැපත් අවුන් එක තැන්හි දිසි සේ සව් සන සසන් හදනා පුවතර මෙ පුර වරෙහී.
84 කොවුල් සඳෙස්
දෙව් පුරේ සපිරි ඇති සැපත් අවුත් එක් තැනැ (ගො ඩගැසි) පෙනුණු සෙයින් සියලු සතුන් ගේ සිත් අදින්නා වු, පසිදු වු මෙ උතුම් පුරෙහි-
තැන්හිවු ත් =තැන්හි අවුත්.
23 වි සේ ස වන විකුමෙන් සදිසි දිය බඳ
රො සේ රුපෑ පෙර සුර කුරරිරු මත් බිඳ
තො සේ මුනිඳු සාසන රකිතා නීබඳ වෙ සේ සිරිත් කිහිරුලිපුල් සුරිඳු සඳ
23. විසේස වන විකුමෙන් දිය බඳ සඳසි, රොසේ රුපෑ,කරුරු, පෙර සුර මන් බිඳැ නොසේ මුනීඳු සාසන නිබඳ රකිනා කිහිරුලි උපුල් සුරිඳු සඳ සිරින් වෙසේ. වෙසෙස් වු හෙවත් අනුන් හට නැති වැ නමින් හට මැඇරුණු සමත් කමින් වෙන් (විෂ්ණු) දෙවියා හා එක් සරි ,උදහස දක්වා නපුරු වු අසුරයත් ගේ සස්ත නිතී රක්නා වු ගිරි හෙල උපුල්වන් දෙව් රජ තුමා වාසය කරයි.
(පසිඳු වු දෙව්නුවරේ ) කිහිරුලි උපුවන් දෙව් රජ තුමාවාසය තරයි.
මේ දෙව් රජ තුමා අනුත් හට තැති , තමන් හට මැ ඇරුණ් (වෙසෙස්) විකුම් ඇත්තෙකි . එ හෙයින් එ ඇතීත් මෙ තුමා වෙන් දෙවියා සරි වෙයි.
දෙව් තෙමෙ ‘බලි, නම් අසුරයා තුන් පියවරින් මැඞැ පාතාලයයට හෙළීමෙන් අන් අසුරට වෙ සෙස් වැ ‘නෙවිකුම්’ යයි පසිදු වි .මෙන් අත් සුරතට වෙසෙස් වැ තෙවි කුම් , යැයි පසිදු වි මේ උපුල්වන් දෙව් රජ තෙමේ ද මර යුදද්රස අත් සුරත් නො පෑමෙත් වෙසෙස් වු වෙකි.එ හෙයින් වෙසෙස් විකුම් ඇති බැවින් මෙ තෙමේ වෙන් දෙවියා සරි වෙයි.
අරුත් වියකන 85
ලෝ පුරා වැඞ සිටැ ලෝ වැසියන් රක්නෙත් වෙන් දෙව් තෙමේ ‘දියබඳ, (ජගත් බන්ධු) යැයි පසිදු වෙයි .මේ උපුල්වන් දෙව් රජ තෙමේ උදහස් වදළ පමණින් අසුරන් ගේ උඩගු බව නැසු වෙකි .පෙරමෙ රපල්ලට පලවන ලද්දේ වෙතී. පෙරු සුරුපුරේ වුසුවත් හෙයින් උන් හට ‘පෙර සුර , (පුර්ව දේවාඃ) යන නමි වේ. සටනෙහි ලොල් ඌ තුමු නපුරු (කුරුරෑ) ගති ගුති ගුණ ඇත්තෝ වෙති .සටන්කැමති හෙයින් මත් (උඔගු බව ) ඇන්තෝයැ . මෙඋපුල්වන් දෙව්රජ තෙමේ තමා ගේ රොස් බව පෑ ඔවුන් ගේ මත්බිඳැලුයේයි.
මේ සුරිඳ බුදු සස්ත රුක් මේ නීති යෙහිදි සිටිනේ ද සතොසිති.
උපුල්වන් දෙව් රජු දෙවුනුවරට පමිණියේ බුඳු සස් න රුකැ සිටිමට යැයි ‘වංශකථා කාරයෝ’ ද කියති .පිරිනීවන් පානා මුනිඳුන් සිංහලයා සහිත සිරි ලක් දිවත්, එහි මතු පිහිටන බුදු සස් නත් රුකැ බලාගැන්ම සක් දෙව් රජුට පැවැරු බවත් , සක් දෙව් රජු එ කටයුත්තේ උපුල් වන් දෙව් රජ නීල කළ බවත් ‘මහාවංස’ කරයෝ කියති.
‘සබිබලෝකහිතං කත්වා
සත්වා සත්තිඛණං පරං
පරිතිබ්බැණමංචම්හි තීපන්තෝ ලෝක නායකෝ
දේවතාසන් කීපාතම්හි
මහන්තම්හි මහාමුනි
සක්කංතත්ර සම්පට්ඨං
අවෝච වදනංවරෝ
“විජ යෝ ලාළවිසයා
සිහබාහුනරින්ද ජෝ
ඒසලංකම නුප්පත්තෝ
සත්තභච්වසතානුගෝ
86 කොවුල් සඳෙස්
පතිට්ඨිස් සතී දේවින්ද ලංකායං මම සාසනං තස්මා සපරිවාරං තං රක්ඛ ලංකඤ්ච සාධුකං’’
නථාගතස්ස දේවින්දෙ වවෝ සුන්වාව සාදරෝ දේවස්සුප්පලවණ්ණස්ස ලංකාරක්ඛං සමප්පයී
සක්කේත වුත්තමත්තෝ සෝ ලංකාමාගම්ම සජ්ජු කං පරිබ්බාමුලමුපාවිසි’ රුක්ඛමුලමුපාවිසි’
යනු ‘මහාංස’ වදනයි ( vii. I-6)
මේ දෙව් රජු ගේ ලක් දිව් පැමිණිම පිළිබඳ ‘මහාවංස,වදන නඑඅයුරු වුවත් යක් ඇදුරු වදන් නත්අයුරු වෙයි.කිහිරි කඳක් හැටියට මෙදෙව් රජු මුහුදින් දෙව් නුවරට පා වි ආ බවයි යක් ඇදුරන් කියන්නේ.දොවොලේ එළිපතු කඳ හැටියට දමන ලද එ කීහිරි කඳන් දෙව් රුව තෙළන ලද බවත් එ හෙයින් ‘ඛදිර දේහලි’ යන්න ඇසුරු. කොටැ පහළ කිහිරුලි’යන නම වු බවත් යක් ඇඳුරු පුවත් අදහන් නො පවසනී . එහෙත් ‘ඛදිර දේහලි’ යන්නක් නැ දැ මැ.කිහිරි ලි’ යන්නෙත් ‘කිහිරුලි’ යනු සලසාගත හැකියි . ‘ගිරි හෙලි’ යත්නෙත් ‘කිහිරුලි’ යනු වි යැයි අයෙක් සිතන් එහෙත්:-
කීහිරුලි උපුල්වන් දෙව් රජු නී ගිරිහෙල් පුරු’ යන සිරි රහල් වදන එයට හරස් වෙයි.
පැරුකුමිබා සිරිත් කරුවෝ ‘මහාවංස’ පුවතත් යක්ඇඳුරු පුවතක් එක් කොටැ:-
අරුත් වියකත 87
‘යමල් හලැ මුනී ලෙසින් වදහළ සිතින් මේලක රකීනුව මේත් උපුල් වන් දෙව් මහ රජාණන් වඩිනු දැකැමහ සයුරතීන් නීමල් ගුණ යුත් නමි න් දපිළි සෙන් රජෙක්ආ එ විපුල් සිරි දෙව් නුවර කරවා පිහිට කැරුවියැ යහපති’
යනු පවසත්.
යක් ඇදුරන් ‘දැඩිමුණඩ’ යන නමින් අඳුනන් නේද මෙ උපුල්වන් දෙවියායි.
මෑනැ අවදියේ විත්තු උපුල්වන් දෙව් රජුන් වෙන් (විෂ්ණු) දෙවිඳුන් එක් මැ නැතැත්තකු කොටැ සඳහන් කරන් . හින්දු දනත් ගේ ‘නීමුර්නීය’ට අයත් වෙන් දෙවියා බුදු සසුන් තො රක්නා බව නො දන්තා පැවිදි දනෝ ද යක් ඇදුරු බස අදහනී. මෙහි:-
“වියේස වත විකුමෙන් සදිසි දිය බඳ’ යන් තැමැ පමණ වෙයි, උපුවන් දෙවිඳුන් වෙන් දෙවිඳුන් දෙදෙ නකු බව දනතට.
උපුල්වන් සුරිඳු වනත තිසර අසුන් කරුවෝ ද:-
‘සනොසින් වසත සිරි සරසවිය මොහු කෙරේ
වියො වින් පැමිණි ඳුක් නො මැ විඳැ එ අවසරේ රුකි යේන් ම්සක් බඹ බඹසර එ අරතරේ සොවගින් තැවි කළු නො මැ වේ ද වෙනුයුරේ
යනු කීයන් .එයින් ද උපුල්වන් සුරිඳු වෙන් දෙවිඳු නො වන බව පළ වෙයි . සිරි රහල් හිමියෝ පරවී අස්තෙහි උපුල්වන් සුරිදු පවත් වෙසෙස් කොටැ දක්වතී. ඒවෙන් දෙව්පවතින් ඉදුරා වෙනස් වේ.
88 කොවුල් සඳෙස්
‘වි සේ ස වන විකු මෙත් බාසුරු කෙසර
ලෙ සේ අසුර ගජ දප් බිඳු මෙහි ළතර
තො සේ උපුල්වන් සුරනිඳුතුම් මේ පුර වෙ සේ මෙ පුරු පුරඳුරු මේත් නිදස පුර,
යන පාරෙවි අසුන් පැහැදියේ මුහුණුවර මේ පැදියේ දක්න ලැෙබි .කී හිරුලි පුල් =කී හි රු ලි උපුල්
24 ස හ ස් කීරණ සඳයුරු මොහු නෙද යසග
අ හ ස් පොළොව ගැවැසිණ් නොහරුඑක රග ස හ ස් වෙමින් යුග නකෙළැ ප ත් මොළ සුළග වෙසෙස් කීරණ මිණි රළ සහ එසෙවු රග
24. සහස් කිරණ, සඳ අයුරු මොහු තෙද යස අන අහස් පොළොව නො හැරු එක රඟ ගැවසිණ , (ඒ) යුගකෙළැ පත් මොළ සුළග සහස් වෙමි කීණැ වෙසසෙස් මිණි රළ සහ එසෙවු රඟ.
ඉරත් සඳත් වැනි මේ දෙව්රජු ගේ තෙදත් කීන් සිරුරත් තැවැසුණෙයි . ඒ නප අවසනැ කල් පාන්නයේ ) දි පැමිණි සැඬ පවණ සැහැසි (දරුණු) වි කීරි මුහුදේ වෙසෙස් වු මෑණික් රළත් සමගැ එකට ඉහළ කැංවුවා මෙනී.
මේ දෙව් ර ජු ගේ තෙද රුසත් යසසත් ලොව පුරා අහසත් පොළොවත් නෑරු එකට පැතිරු සිටි .කව් සමය යේ හැටි යට නෙද රන්පෑය.ත් සුදු පෑයත් එක ගොෙඬි දිස්වේ එයපෙනෙන්නේ කීරි දේ රළ සමගින් එහි වෙසෙස් වු මැණික්ද (මුසු වැ) ඉහළ නැගුණා මෙනි. කී රි මුහුදු රළ සුදුයි . එහි ගැව ැසිම මැණික් රතුයි.අහසඣ
අරුත් වියකත 89
පොළොවත් අතරු ඉඩ නො තිබා ගැවැසෙන්නට සයුර රළ නැංවිම හැකි වත්තේ කප්කෙළවරු හමා බස්තා දැඩි සුළගට පමණයි එ ද මෑණික් රුස ද හා නංවිම සැහැසි බැවිත් කරන ලද්දෙ කී.
දෙව් රජු ගේ තෙදත් යසත් සියලු තැනැ සමි සේ පැතිරි බවයි ඒ කීයේ
සඳයුර =සඳ අයුරු
දහස් ගණන් රස් ඇතියි ‘සහස්කීරණ’ යනු ද හිරුට නම කී.
පැහැ ති සිපත් මින් පටහළ කුමු පෙළ ද නැ මැ ති සකවි උදු රුදු දිය සළා බඳ
දි ග ති නොසළ දත්වා රද සෙත් මුහුද නැ වැ ති මෙ සුර ර ද පද තිය වෙලළ වැද
25. පැහැ ඇ ති අසිපත් මීන් , පටහළ කුටු පෙළ ද, සක් අවි නැමති උදු රුදු සළා බඳ, දිගු අතින් ඹසළ දත්වා රද සෙන් මුහුද මොහු පද නිය වෙළැ වදැ තැවැති.
පැහැ පත් හෙවත් ඕප් නැංවුණු කඩු තල නැමැති මසුන් ඇති, පලස් නැමැති කැසුප් මුළු ඇති, පාරා වළලු නැමති කෙළින් බස්තා මහතා වු සුමී ඇති, දිසා කෙළවරින් නැගි වත් අසුර රජු ගේ සේනා නැමති මුහුද මෙ දෙව් රදු ගේ පයේ නීය නමැති වෙරළේ වැදි නැවැත්තේයි.
කො තෙක් නැගී ආවත් වෙරළ පැන යාමක්, වෙරළ ඉක්මවා යාමක් මුහුද නො කරයි . එය වෙරළේ වැදි නවතී. මෙහි අසුර රජු ගේ සෙත් මෙ දෙව් රජු ගේ පයේ නී.පෙළේ ගැටි නැවැත්තේ දසුන් ඉමෙ සිටැ නැගී ආ මුහුද වෙරළේ හැපි තැවැතුණා වා ගේයි. පයේ නියෙහි ගැටී නැවතිම නම් පා වැඳැ නැවතිමයි.
90 කොවුල් සඳෙස්
අසුර රජු ගේ සෙත් ඉතා මහත් වුයේත් මුද වැනි කොටැ දක්වන්නට සිදුවිණි.
මුදේ මස් හු සරති ,සේනාවේ ලෙළෙන කඩු තල ඇති .මුදේ කැසුප් මුළු ඇති, සේනාවේ පලිස් ඇත්තේයි . මුදේ කෙළින් සළා වැටෙන මහත්වු දිය සුළි ඇත්තේයි, සේ නාවේ බමවනු (කරකවනු) ලබන පාරා වළලු ඇති . එ හෙයින් අසි පත්, පටහල , පාරා වළලු සහිත අසුර සේනාව , මසුන් ,කැස්බත්, මහ දිය සුළි ඇති මුදට සරි කරන ලදි. එ අසුර සෙත් මෙ සුරිඳුගේ පා පිට වැදැ නැවත්ම මුද වෙර ළේ ගැටි පසු බැසිම් බඳු කොටැ දැක්විණි.
‘දන්චා රද’ නමි අසුර රජුයි. ‘දනවා’ යනු අසුරයතට
නමෙකි.
පැ හැති = පැහැ ඇනි සිපත් = අසි පත් නැමැති = නම් ඇති ස කවි = සක් අවි දිගනිනො සළ = දිගු අතින් ඔසළ
සක් අවි ‘බුමරංග’ යන නමින් ඕස්ත්රේ‘ලියා වැසියෝ දනිතී .
26 පැහැසර සුරතැගිලි දළුඅත් අතු ලකර
පුව තර තිළිණ පල බර මුතු මල් පතර පිය කර පැළැඳි නිල් මිණි වැළ රැඳි බමර සිරි සර රුපැයි මෙ සුරිඳු පවර සුර තුර
26 පවර මෙ සුරිඳු සුරත් ඇහිලි පැහැ සර දළු , ලකර අත් අතු, පුවතර තිළිණ පලබර ,මුතු මල් පතර , පැළැඳි පියකර නිල් මිණි බමර වැළ, රුඳි සුරතුරු ‘සිරි සර ,රැපැයි.
අරුත් වියකන 91
උතුම් වු මේ දෙව් රජ තද රත් ඇගිලි නැමැති පැහැයෙන් සරුවු දළු ඇති ,සැරැසුම් සහිත අත් නැමති අතු ඇති, ඉතා පසිදු වු දිමනා නැමැති බර වු පල ඇති ,මුතු තැමැති මල් සමුහය ඇති, පැළැඳැ ගන්තා ලද පියකරු වු නිල් මැණික් නැමති බමර සමුහය ඇතී දෙව් රුකේ හැටිය පෙන්වයි.
උපුල්වන් දෙව් රජ තුමා දෙව් ලොවේ ඇති සිතූ පැතු සැපත් දෙන ගසේ සැටිය පෙන්නුම් කැරැ සිටිනා බවයි ඒ කීයේ. කවර ගසෙකැ වුව ද,
(1) දළු ඇති වියැ යුතු, (2) අතු ,, ,, ,,
(3) පල , , , , (4) මල් , , , , (5) බමරුන් වියැ යුතු.
දෙව් රජතුමා ගස වන විටැ,
(1) එතුමා ගේ අතැ ඇති තද රත් පැහැයෙන් යුත් ඇගිලි පැහැපත් වු දළුයි. (2) (අබරණින් සරසන ලද) අත් අතුයි. (3) එ තුමා අතින් දෙනු ලබන ඉතා පසිදු වු තෑගි බරවු පල යැ. (දීම ගැනැ එ තුමා ඉතා පසිදුයි. එ තුමා ගේ දිමනා ද ඉතා පසිදුයි .) (4) එ තුමා පැළැඳි මුතු රැස තමා මල් සමුහය. (5) එ දෙව් රජු නිල් මිණි ද පැළැඳි සිටි. (නිල් මිණිත් බමර සමුහයාත් පියකර යැ.)
මේ වනාහි අපේ කිවියන් බෙහෙවින් ඇසුරු කළ ලකරෙකි
92 කොවුල් සඳෙස්
‘දිගු තර සුරතැගිලි දළු තිය කුසුම් සර
පිය කර සුනිල් මිණි අබරණ රැදි බමර සුර තර නදන කැරු සව් සිරි දෙන නීතොර සුර තුර අතු විලස කියැ ලියැ සුරිඳු කර’
යැයි කියති සමන් දෙව් රජු වනත සැවුල් අසුරන් කරුවෝ.. සිරි රනල් හිමියෝද,
ක තා මිණි වළලු නැගි රස් මල් කැතිනී ම තා දිගු ඇගිලි තව නඔ ළපලු ඇ තී ද නා කැමති දෙන පලඹත එ සුර පතී දි නා දිමුතු අතු සිරි සුර තුරෑ පැවති’ යි
විබිසණ දෙව් රජු ගේ අත් සුර තුරේ අඅතු සරි කොටැ වදාරතී..
‘සුර තුරු අයුරු අතු අතැ රැදි කතා ලිය’ යැයි. පැරුකුම්බා රජු වතන ගිරා අසුන් කරුවෝ කියති.
27 දු කු රඹ අරණ මුලුපුළ දිරදෙව් අරද.
විකු මට පසිදු මොහු වෙපසින්අසුර රද.
දැකු මට බියෙන් සැගැවී බල කොට මෙරද.
නි කු ළත වෙසෙයි සිනෙනු යැ වට කැරැති රද.
27. දුකු රඹ අරණ මුල් උපුළ දිරද එච් අරද විකුමට පසිදු මොහු දැකුමට බියෙන් වෙපසින් අසුර රද මෙර ද නිරද වට කොටැ බල කොටැ නිකුළ අතැ සැගැවි වෙසෙයි සිතෙනු යැ.
දුක් නැමැති කෙසෙල් වනය මුලින් ඉඳරෑ ඇත් රජු බඳු වැ නිති සතුරන් මැඩීමට නමි දැරෑ ෙම තුමා දැකිමට බිය ඇති වැ ‘වේපචිත්ති’ නම් ඇසුර රජ මහ මෙරත් සයුරින් වට කොටැ අරක් ගන්වා තුන් කුළ (ත්රි‘කූටය) අතරු සැගැවී වෙසේ යැයි සිතෙයි.
කෙසෙල් වනයක් මුලින් ඉදිරිම ඇත් රජකුට බර කටයුත්තෙක් නො වේ. සතුන් ගේ දුක් කෙසෙල් වනයක් බඳුයි. මේ දෙව් රජු එ දුක් සහමුලින් සිඳින්නේ ඇත් රජු ඇඟට නොදැනි කෙසෙල් වනය මුලින් උදුරන්නා මෙති..කෙසෙල් වනය මුලින් ඉදිරෑ ඇත් රජු (මහ ඇතා) මෙන් සතුන් දුක් සහමුලින් නැසු මෙ දෙව් රජ තෙමේ නරතුරු සතුරන් මැඩිම ගැනැ නම් දැරූවෙකි. අසුරයෝ සුරත් ගේ සතුරෝයි. එ හෙයින් මේ දෙව් රජ අසුරන් මැඩිමේ නිතිත් නම් දැරුවෙකි ‘වේපචිත්ති’ යා අසුරන් ගේ රජයැ. ඒ අසුර රජ තෙමේ සටනට තිබා මේ දෙව් රජු දැක්මට ද බිය ඇති වැ මෙර පල්ලේ වු තුන් කුළ අතරට වැදි, (ඉහළින්) නමතට ආවරණය වු මහ මෙර පවා සයුරින් වට කොටැ අරක්දි සැඟී වෙසෙනවා යැයි සිතේ.
ඇසුරෝ නම් ආදි මෙර මුඳුනෙහි වු (පෙර) සුරෝයි. (දැන්) සුරෝ සටන් කොටැ කපට උපායෙන් උන් පරදවා මෙරට පල්ලට පලවා හැරැ මෙර මුදුන තම හට අත් කොටැ ගත් හ. දැන් මේර මුදුන සුර බවනයි. මෙර පල්ල අසුර බවනයි . මෙර පිහිටා ඇත්තේ ළිප් කැට තුනක් මත්තේ සැළක් පිහිටියා සේ ගල් තුනක් ම්න්තේයි . මෙර දරා සිටිනා එ ගල් තුන තුන් කුළ (ත්රිත කුටය) යන්නෙත් සදහන් වෙයි . එ තුන් කුළ අතරැ (ළිප වන්) ඉඩ පියෙස තමා අසුරන් බවන අසුරනුත් චේපච්ත්ති නමි අසුර රජුන් වසන්නේැ එහි යැ.
එක් ලස්ස අට සැට දනස් යොදුන් උස ඇතැයි යෙන මෙරින් අඹක් ඇත්තේ මුහුදු දියේ ගැලි යැයි කියත් . එ වටා (යුගන්ධර, ඊශ්ධර, කරවික, සුදර්ශන , තේමින්දර, විනතක අශ්ව කර්ණ යන) කුල පව් ටැටි සතන් එ වැටි අතරැ , සිදන් (සිදන්න ) සමුදුරු සතකුත් වෙතියි යෙති. අසුරන් බවනට උඩින් ඇවුරුම වු මෙර සයුරින්ද වට කොටැ ඇතියි කියේ එ හෙයිනි .තුන් කුළ අතරට වි උඩින් ඇවුරුම වු මෙර ද සයුරින් වට කොටැ සේමය සලසා ගෙනැ අසුර රජු වසන්නේ මේ උපුල්වන් දෙව් රජු දැකුමට ඇති බිය නිසා යැයි සිතෙන බවයි කිවියන් කියන්නේ.
94 කොවුල් සඳෙස්
මේ වැ නුම් වියවුල් කොටැ සැවුල් අසුන් කරුවෝ:- සි රි ම න මෙහිමි යුද කැරු වැද රුපු නුවර නො නැ වත දිනු බව දැකැ බියෙනි රද සුර සි ඳු ස න අගළ සත් කුල පවු පවුරු කැර
නි කු ළ න වෙසෙයි සිතෙනු යැ බල කොටැ සුතෙර,
යනු සිරි රජ සිහ රජු වැනිමෙහි ලා කියති. ,දිරඳ, යනු ,ඇත්රජ, යන අරුත දෙයි . ,නිරඳ යනු , නී රද, යන්න විරිත නිසා ලුහු කිරිමෙන් නිපදවා ඇති
නිපදවා ඇති . නි, නම් නදියි. නදියට රජ නු යි මුදට තී රද , යනු පැවැසේ .මුවදව් දා කව් කරු,වෝ ද විරිත නිසා නුවණනී සයුරා, යනු නුවණ ති සයුරා, යි පයොදනි.
මුළුපුළ = මුල් උපුල් තිකුළන = තිකුළ අත
28 අ ව ර දිනිඳු සේ ලෙසැ දියුණු වන සැප
ප ව ර සුරිඳු ගුණයට වැජැඹි සිරා සිප නිතොර කලා අඩු වැඩි වන පැතිරැ ලප සි සි ර කර සරි යැ කියැකි ද විසින් අප
28 අවර දිනිඳු සේ ලෙසැ සැප දියුණු වන, සිරි සිපැ වැජඹි, පවර සුරිඳු ගුණයට, ලප පැතිරැ ,නිතර කලා අඩු වැඩි වන සිසිර කර සරි යැයි අප විසින් කියැ හැකිද?
අවරට නැමුණු (හෙවත් බසින්නට හැරුණු) හිරුඑළියෙ මුවායෙන් වැටෙන සෙවණැල්ල සෙයින් සුවය වැඩෙන්නා වු සිරි කත සිඹැ ගෙනැ (තැන් නම් තුරුලු කොටැ ගෙතැ) ඉහළින් පෙනී සිටි, උතුම්වු (මෙ) දෙව් රජුගේ ගුණයට කැළලක් පැතිරි ඇති , නිතින් කලාවන් අඩු වැඩි වන සද (ගුණයෙන්) සරි යැයි අපට කියැ හැකිද?
අරුත් වියකන 95
සවස්මානයේ සෙවණැල්ල කෙමෙන් දික් වන්නේයි . මෙ දෙව් රජු ගේ සුවයද කෙමෙන් වැඩි වන්නේයි මෙ දෙවියා සිරි කත සිපැ ගැනීමේ ද සමත්වෙයි . එ හෙයින් උසස් වැ පෙනෙන්නේ යි . එ සේ මැ උතුම්ද වෙයි. සඳ ද සොමි ගුණඇත්තෙකි . එ හෙත් එයට පළ වු හෙවත් පැතිරි ලපයක් ඇත්තේයි. එහි කලා දිනෙත් දිනැ අඩු වැඩි වෙයි . එ අයුරු ලපයක් ඇති , එක් විදියක් නැති සඳේ ගුණය මෙදෙව් රජුගේ ගුණයට සරි යැයි අපට කියැ හැකි ද? (නො හැකියි).
පතර දුදන අනදර සුදන අදර ද
අවර දනිඳු සේ ලෙසැ වැඩි වෙයි නිබඳ,
යැයි අලගියවන්න රාලහාමියා ද අවර දිනිඳු සේ සදහති.
කලාවෙක් නම් සඳ මඬලින් සොළොසින් කොටසෙකි සිසිල් වු කර (රස්) ඇත්තේ ,සිසිර කර,යි.
දිනිඳු = දිනැ ඉඳු සුරිඳු = සුර ඉඳු
29 නිසි විසිතුරු සියුමැලි රුසිරු කලිඳු නී
රිසි ලෙස කෙළින සුරගන නුවන දිය දිනී
දි සි මොහු යස සිසි දිය උදයග හිසිනී නැසි පිළිමල් සර සුර සියුරු තොස දිනි
29 නිසි විසිතුරු , සියුමැලි රුසිරි කලිඳු නි, සුර අනත නුවන දිය දිනී රිසි ලෙස කෙළින මොහු දිය උදය අග හිසින් දිසි යස සිසි පිළිමල් සර නැසි, සුර සයුරු තොස දනි.
සුදුසු වූ, විසිතුරු වූ, සුකොමළ (සියුම් මුදු ගුණෙන් යුත්) වූ රෑ සිරිය නැමැති යමුනා නදියේ දෙව් ලියන්ගේ ඇස් නැමැති මසුන් කැමති පරිද්දෙන් ෙසල්ලම් කරන්නා (රඟ පානා) වූ මේ තුමාගේ, ජය නැමැති උදා ගිරි මුදුනින් පෙනෙන්නා වූ යසස නැමැති හඳ සතුරන් නැමැති නෙළුම් මල් නැසීයැ, දෙවියන් නැමැති ඇටිකුකුළනට සතුට දුන්නේයි.
කලිඳු ගඟ නම් යමුනා නදියයි. කලින්ද නම් කදු මුඳුනින් පහළ වුයේයි එයට කාලින්දී (කලිඳු) යන නම් වේ. යමුනාවේ දිය සුනිල් පැහැයෙන් යුතු යැ යනු ලෝ පළ පුවතකි උපුල්වන් දෙව් රජ තෙමේද සුනිල් පැහැයෙන් බබළයි (මේ උපුල් වන් දෙව් රජු න් වෙන් දෙව් රජුන් එක්මැ තැනැත්තකු හැටියට මෑනැ කපුවන් සලකන්නට වුයේ ද මෙ හෙයිනි) එ තුමා ගේ රෑ සි රිය එ හෙයින් සුනිල් පැහැ දිය පිරුණු කලිඳු නදිය වැනි ඒ රෑ සිරි දක්නට නිසි යි. විසිතුරු යි හෙවත් වෙනස් වෙනස් සිත්තමින් සැරසූ සෙයින් බබළයි. සුකොමළයි හෙවත් ඇසට සිහිල් සුවපහස් දෙන්නේයි. සුර අඟනුන් රිසි ස් ඒ රෑ සිරිය බල බලා ඇස් පිනවා ගනිති.
දියෙහි උපනේ (දිනුයේ) යි මසුට දියදිනී යනු නමෙකි. දිය දීනී (මසුන්) වැනි නු යි දියදිනී යි නුවන මැ දිය දිනී නුවන දිය දනී දෙව් අඟනන්ගේ ලෙළුම් සහිත ඇස් දියේ ඇලැපෑ කෙළෙන මසුන් වැනිය. ඒ ඇසින් දෙව් අඟනන් නිතින්, සිත් සේ මේ දෙව් අජුගේ රැ සිරි බලමින් මහත් දොළින් ඇස් සනහවන විටැ පෙනෙන්නේ මසුන් රිසි සේ යමුනා නදායේ නෙළෙනා සේයි. මසුනට යමුනා නදියේ නම් සේ පියකරු ද, දෙව් අඟනන්ගේ ඇසට මෙ දෙව් රජුගේ රෑ සිරි පියකරැ වෙයි.ඌ තුමූ මහත් දොළින් එ බලති.
මෙ දෙව් රජු රුපුන් නැසීමේ, මැඩීමේ සමත් බව පළමුවැ පැවැසිනි. සතුරන් මැඬ ජයගනිත් ගනිත් දෙව් රජුගේ යසස පැතැරේ. ඒ හරියට මැ උදාගිරි හසින් හඳ එළිය පැතිරෙන සේයි. රුපුන් (සතුරන්) මැඩැ ලබන ජය උදා ගිරි ජය අවසනැ පළවන යසස උදය ගිරි මුඳුනින් නගිනා හදයි . සඳ පහන නෙළුම් හකුළුවයි . මෙදෙව් රජු ගේ යසස සතුරන් නො පෙනී ඇකිළි සැහෙනට සලස්වයි. සඳ එළියේ නෙළුම් ම ල් බඳුයි , මෙ දෙව් රජු ගේ යසස පළවැ පවත්නා විටැ සතුරෝ . සඳ එළිය ඇටි කුකුළනට සතොස ඵලවන්නේකි . සඳ කැන අමා ගෙණෙහිලා සැලකේ . ඇටිකුකුළන් සඳ කැන් බොතියි යෙති . එ හෙයින් උනට පීයුෂ පානී , යනුද පැවසේ. පියුෂ, නම් අමාවයි . සඳ කැන ද අමා, වෙයි . එ අමා කැන වගුරුවන සඳ එය බොන ඇටිකුකුළනට දෙන්නේ තොසයි. මෙදෙව් රජු ගේ ජය යසසින් රුපුන් සැගෙන බවත් , සුරත් තුටු වන බවත් කී සැටියි එ රුපුහු සදේ නෙළුම් බඳු වෙති සුරෝ සඳේ ඇටි කුකුළන් බදු වෙත්
සුරඟත = සුර අඟන උදයඟ = උදය අඟ
30. අ මා ඇදුරු උන් සැඳැ විදුරසුන් මතු ප මා නොවී පැමිණෙත යුදට වසවතු ත මා මැ සැවි බල පෑ සිටි නො බා සිතු මෙම වතනු කිම මොහු තෙද බල අමුතු
30 අමා ඇඳුරු විඳුරසුන් මතු උන් සඳ වසවතු පමා නොවි යුදට පැමිණෙත සිතු නොබා තමා මැ සැවු බල පෑ සිටි මොහු තෙද බල මෙ මා අමුත් වනනු කිමැ?
බුදු වන උතුමා විදුරු අස්න මත්තේ උන් කල්හි වසවත් දෙව් පුතු වහා සටනට එත් මැ සිතේ බියක් නැවති වැ දුන්නේ බල මහිම දක්වා තමා ගේ දිරියෙන් මැ සිටියා වු මෙ උතුමා ගේ තෙදසත් , බලයත් මෙ මා අමුතු-වෙන් කීයන්නේ කුමට ද?
‘අමා’ යනු නිවනට ද නමෙකි. එ හෙයින් නිවන් දෙනා වු බුදු රජාණන් වහන්සේට අමා ඇදුරු, යනු පැවැසේ.
බුදු වන උතුමා විදුරසුන් අරා වැඩැ උන් වේලෙහි වසවතු මර සෙන් ගෙනැ යුදට පැම්ණෙත් මැ එතුමාන් පිරිවරා සිටි මහ බඹු, සක් දෙව් රජු, මහා කාල නා රජු ඈ සියල්ලෝ බියෙන් ඇළැලි පැලෑ ගිය සැටි බුදු සිරිතේ විසිතුරට පැවැසේ. එ දා මේ උපුල් වන් දෙව් රජු ඔවුන්සේ පැලෑ නො ගොස් දුන්න හයා ගෙනැ සටනට සැරුසී විදුරස්න සෙවණේ සිටි බව ලක් දිව් වැසියන් කෙරේ පළ පුවතෙකි.. දුනු වම්හි වෙසෙසින් පසිදු මේ දෙව් රජු ගේ පුත් කුමරු දුනුදෙව් රජ යන නමින් පසිඳු බව පරෙවි අසුන් කරුවෝ කියති.
ස ව් දිගු බිතු කිරණව් යස උදුල් වන සැ ව් බල පෑ එ දිනෙව් බුදු මගුල් වන දෙ ව් නුවරෙහි හට දෙව් රජ උපුල් වන දෙ ව් මෙ හසුන් මතු සව් සිරි විපුල් වන
යැයි මියුරු අසුන් කරුවන් කියන්නේ ද මෙ පවත යි.
විදුරසුන් = විදුරු අසුන් 31. දෙ හි රු න් සුවඳ රොන් ගෙනැ නද දෙන ලෙසට ග න ර න් කිකිණිසන් කොටැ යුග පද අවට කෙ රෙ මින් සැඳෑ රහ නළු මුළු නැවැති විට නු ඹ මන් ලෙසට වැදැ සුර රද මැඳුරනට
31. සුවඳ රොන් ගෙනැ දෙහිරුන් නද දෙන ලෙසට යුග පද අවට ගන රන් තිකිණි සන් කොටැ , නථ මුළු සැදැ රග කෙරෙමින් නැවැති විටැ නුඹ රද මැඳුරනට මන් ලෙසට වැදැ-
(නෙළුම් මලින්) සුවඳ වන් වු රොන් ගෙනැ ම් මැස්සන් හඬ නගන සේ දෙ පය වටා බැඳැ ඇති, ගන රනින් කරන ලද මිණි ගෙඩි හඬව හඬවා නටන දන සමුහයා සැන්දැ පුජාවට නටා නැවතුණාට පස්සේ ඔබ සින් තියා දෙව් රජු ගේ විමන ඇතුළට වැදි-
දෙවොලේ උදේ සවසැ රුගුම් පුද පැවැත් විම සිරිතෙකි.
32 පෙරසුර දිරද කුඹු බිඳැ සි ලෙස නිනොර
යස හර කිවිඳු කැල ගෙලෙ සුසැදු නො හැර මන හර උපුල් වන් සුර රද පා තඔර නම කර මිතුරු සඳ බැනිසහ ගතවසර
32. මිතුරු සඳ සී ලෙසැ පෙරසුර දිරද කුඬු බිඳැ නිතොර කිවි කැල ගලැ යස හර නො හැරු සුසැදු මනහර උපුල් වන් සුර රද පා නඹර බැනි සහ නම කැරු අවසර ගත්. මිතුරු තුමාණෙනි, සිංහයා සෙයින් අසුරන් නැමති ඇතුන් ගේ හිස් පළා , නිරතුරුවැ මැ කිවියන් සමුහයා ගේ බෙල්ලේ (නමන් ගේ) යසස නැමැති මුතු වැළ නූනා මැ සැදු, සිත් ඇදැ ගන්නාසුලු උපුල්වන් දෙව් රජු ගේ පා පියුම් බැති පෙර දැරි වැ නැමඳැ (ගමනට) අවසර ගත්තැ.
අසුරෝ ඇත් රජුන් වැන්නෝ යි. මේ දෙව් රජ තෙමේ සිංහයකු වැනියි. සිංහයා ඇතුන් ගේ ඔළු බිඳියි . එයින් මෙ තුමා ගේ යසස වැෙඩි. කිවියෝ එ යසස පසසින්. මුතු වැළ ගලට (හෙවන් බෙල්ලට) හොබනා මැ අබරණයයි. එ ඉතා ආසායෙන් බෙල්ලේ පළඳනු ලබන්නෙකි. මෙ දෙව් රජු ගේ යසස වැනීම කවියන් ගේ ගල (උගුර) ට සැරැසි- මෙකී. ඔවුන් ගේ කිවි බව විසිතුරට පළ වන්නේ ඉන් හෙයින්. එහෙයින් කිවියෝ නො නවත්වා මැ මෙ දෙව් රුජු ගේ යසස වනති . එ වත් යසසක් ඇති හෙවත් කිවි කැල ගලට මුතු හරක් සේ වන යසසක් ඇති දෙව් රජුගේ පා පියුම් වැදැ ගමනට අවසර ගන්නටයි ඒකීයේ.
පුරෙකින් පුරකට යන්නකු පුර පතියා ගෙන්ද රටෙකින් රටකට යන්නෙකු රජුගෙන් ද අවසර ගැනීම නියමයෙකි.
ගතුවසර = ගනු අවසර (අවසර ගනු )
(පුර පති දෙව් රජු ගෙන් ගමනට අවසර ලබා ගත් ඉබික්බිති ගමන් අරඹින්නට සුදුසු වේලාවක් පැමිණෙනු බලමින් රුදි සිටිමින්, සුබ ගමන් හෙවත් හෙයින් ආගමේ සිරිත් පරිදි වැඳුම් පිඳුම් කිරිමට ත් වෙහෙරට යන්නට නියම වේ)
6. වෙහෙර වැනුම් (1) 33 සු වි මල් සපිරි සඳ රස් වන් එක පැතිර
එ ක තුල් ලකළ රළ වැළ ලෙළ කිරි සයුර හැම කල් දිමුතු මුතු වැලි තුළ මළු පවර සු වි සල් මෙ පුර මැදැ වෙහෙරට වදු මිතුර
33. මිතුර, සුවිසල් සපිරි සඳ රස් එක පැතිරැ වන්, ලකළ රළ වැළ ලෙළ කිරි සයුර එක තුල් , මුතු වැලි අතුළ මළු හැම කල් දිමුතු, පවර, සුවිසල් මෙ පුර මැදැ වෙහෙරට වදු.
යහළුව, මනා සේ පිරිසුදු මැ පිරිසුදු වු , පුරා හඳ එළිය (කිසි සරසක් නැතිවැ) එක් පහරට පැතිරි වැටුණු, එයින් මැ සැරුසුණු රළ පෙළ දෙන කිරි මුද හා එක් සම වු , මුතු වැලි අතුරන ලද මිදුල සියලු විටැ දිලියුම් සහිත වැ පවත්නා වු , ඉතා උතුම් වූ, ඉතා මහත් වු මෙ පුර මැදේදෙ පිහිටියා වු විහාරයට වදින්නැ.
දෙව් නුවර මැද්දේ මහ වෙහෙරෙකි. එය උතුම් වු එකෙකි. එහි මිදුල සියලු විටැ කැලුම් සහිතයි එ සෙයින් කැලුම් සහිත වත්නේ මුතු වැලි අතුරා ඇති හෙයිනි එහෙයින් මැ එය කිරි මුහුද හා එත් සමයි . නිකම් මැ කිරි මුහුද හා නො වේ, නො කිලිටි හෙවත් වෙසෙසින් නිමල්වු පුරා හඳ එළියෙන්- වලා, අතු ඈ කිසිවෙකින් නො ඇවිරි එක් විටැ සියලු තැනැ පැතිරෙමින් වැටුණු පුරා හඳ පාතින් - සැදි ලෙළ දෙන රළ පෙළ සහිත කිරි මුහුද හා යි.
අරුත් වියකන 101
මුතු වැලි , යනු මුතු බඳු වැලියි අයෙක් ගනිති . එ හෙත් සයුරු තෙර බද පුරකට මුතු වැලි හිඟ නැති බව සලකන එ සෙයින් ගැනීම නුසුදුසු බව පෙනේ .
දෙව් නුවරේ වෙහෙර කිහිපයක් වු සේ පෙනේ. මියුරු අසුන් කරවනුත් පරෙවි අසුන් කරවනුත් පුරින් පිටතැ වු හැටියටයි වෙහෙර සඳහන් කරන්නේ. කොවුලාට යාමට අණ ලැබෙන්නේ පුර මැදැ පිහිටි වෙහෙරකටයි . පරෙවි අසුන් කරුවන් සඳහන වෙහෙරේ වට දා ගෙයෙක් ද වෙයි සෙසු අසුන් කරුවන් කවර අයුරු හෝ දා ගබක් සඳහන් කරන්නේ නැති.
වැලිතුළ = වැලි අතුළ
34. සි ති ය ම් වලින් විසිතුරු මුනි මැඳුරු වල ම න ර ම් ලෙසින් බබලන මුනි රෑ නිමල සිත පෙම් වඩා වැදැ සිරි පා යුග කමල බව ගිම් නිවන නිවනන් කර සැප විපුල
34. සිතියම්වලින් විසිතුරු මුනි මැදුරුවලැ මන රප ලෙසින් බබළන නිමල මුනි රෑ සිරි පා යුග කමල සිතැ පෙම් වඩා වැඳැ බව ගිම් නිවන, විපුල සැප, නිවන අත් කර.
අදිනා ලද සිත්තම්වලින් නො එක් නො එක් ලෙසට සරහන ලද පිළිම ගෙවලැ සිත් අලවන ලද පරිද්දෙන් බබළන්නා වු පිරිසුදු වු (නැන්නම් කෙලෙසුන් කෙරෙන් දුරුවු) බුදු රජු ගේ පිළිමයන්හි සිරි පා දෙක නැමති නෙළුම් මල සිතේ ඇල්ම දියුණුවමින් වැඳැ සසර දුක් නැමති ගිමන නිවන මහත් සැපවු නිවන ලබා ගනුව. එ වෙහෙරේ පිළිම ගෙවල් ගණනාවක් වු බවයි මුනි මැඳුරුවලැ යන්නෙන් ඇගෙන්නේ . පිළිම ගෙ බිතු නො එක් සින්තම් න් විසිතුරු කිරිම අදත් දක්නට ලැබේ.
102 කොවුල් සඳෙස්
නිවනත් = නිවන අන්
මැඳුරුවලැ, යනු එළි නිසා මැඳුරුවල, යැයි පෙරැළිණි.
35 සි ඳු රු අසන තුරු පති මහ වියත සර
ම හ රු සුදු කඳින් රැඳි නම ඉටු මිතුර ස ස රු නිමල් කැන් සත් පුදැති පින කර සො ඳු රු දුමිඳු සඳ පිණිපා කර මිතුර
35. මිතුර ඳුම් ඉඳු සඳ පිණිපාකර,යි (යහළුව රුක් රජ සඳු හෙත් සිරි මහ බෝ රුක් රජු නැමති සඳ වඳුව යි ) සිරිමා බෝව සඳ බදු කොටැ -රූ ලකරින් වැනිම කොටැ- දක්වති කිවියාණෝ.
එ හෙයින් පැදියෙහි ඇති වෙසෙසුන් වදන් බෝ රුකටත් සඳටන් පොඳු වේ. ගන්නට සිදුවේ. වදන් පොදු වුවද අරුත් පොදු නො වේ සෙලෙස් රු ලකරෙහිදි. කෙ අයුරු දුම් ඉඳු ද යනු පැදියේ වදනින් මෙ සේ දැක් වියැ හැකි.
(මිතුර) උරු සිදු අසන, තුරු පති, මහ වියන සර, මහ අරු සුදු කදින් රැදි , තම ඉටු මිතුර, සසරු, නිමල් කැන්, සත් පුද ඇති , පින් අකර,
(සොඳුරු දුම් ඉඳු නැමැති)
සිඳුරු අසන, තු රු පති මහ වියන සර, මහ අරු සුදු කඳි න් රැදි, තම ඉටු මිතුර, සසරු , නිමල් කැන්, සන් පුද ඇති, පිනකර.
සොඳුරු සඳ පිණිපා කර (වඳුව)
සිඳුරු අසන යනු දුම් රදු(රුක් රජු) ට වෙසෙසුන් වන විටැඋරු සිඳු (සිඳු උරු=සිඳුරු) අසන යැයි පද බිඳි සිටි. මහත් වු මුද අසලැ වැ (මුද අයිනේ) සිටිනා,යි එ වි ටැ අරුත් ගන්නට සිදු වේ.
අරුත් වියකත 103
ඒ මැ සඳට වෙසෙසුන් වන සිඳුරු අසන ගජ වාහන යැයි ගන්නට සිදු වෙයි (සිඳුරු යනු අතුට නමෙකි . සඳු ඇතකු පිටැ නැගි යෙතියි ගහ පුද කරුවෝ කියන්.)
තුරු පති යනු රුක් රජුට වෙසෙසුන් වන රුක්නට අදිපති, යි ද, සඳට වෙසෙසුන් වන තරුවලට අදිපති, යි ඳ ගත යුතු (නාරා පති යනු සඳුට නමෙකි.)
මහ වියන සර යනු රුක් රජු වෙසෙසන මහත්වු අහස සරහා සටිනා යි ද ගත යුතු වේ.
රුක් රජ ද මහ අරු (මහත් අගය ඇති) සුදු කඳින් රැඳි (යුත්) යැ. සඳ ද මහ අරු සුදු කඳ සහිතයි . රුක් රජ තම (සසර බියට ) ඉටු මිතුර (ඉතා යහළුවා) වෙයි. සඳ ද නම (අඳරට ) ඉටු මිතුරා (වැඩ කුරු පගන) වෙයි.
සසරු යන්න රුක් රජු වෙසෙසත අතු (ශාඛා) වලින් සරු යි ද, සඳ වෙසෙසන සා රුවිත් , යුත් යැයි ද අරුත්දෙයි.
රුක් රජුට නිමල් කැන් , යැයි කීයේ මල් තැන් නැති හෙවත් මල් නො ගෙ තැ පල දෙන බව ඇගැවිමටයි.
සඳ නිමල් කැන්, වනුයේ මල නැති හෙවත් පිරිසිදු කැල්ම ඇතියෙන්.
රුක් රජ සත් පුද ඇති වනුයේ සතුන් විසින් හෝ සතරහු විසින් හෝ කරන ලද පුද ඇති හෙයිනි . දනෝ බෝ දුම්ඳුට පුද පුජා පවත්වති . සතරහු ද අනිමිස ඇසින් දුම්ඳු පිදු.
සඳ ද ගහ පුද පවත්වන දනන් හෝ සඳ වඳිනා දනන් හෝ කරන පුද ඇතියෙන් සන් පුද ඇති වෙයි.
රුක් රජු පින් උපදවන ආකරයක් වනුයෙන් පින් අතර යි. සඳ පිනි ඇති කරනුයෙන් පිනකර. යි.
104 කොවුල් සඳෙස්
මිතුර,
උරු සිඳු අසන, තුරු පති, මහ වියත සර,මහ අරු සුදු කඳින් රුඳින් රුඳි, නම ඉටු මිතුරු සසරු නිමල් කැන්සත් පුද ඇති , පින් අකර සොඳුරු දුමිඳු (සිඳුරු අසන තුරු පවනි, මහ වියුත සර,මහ අරු සුදු කදින් රුඳි, නම් ඉටු මිතුරු, සසරෑ, නිමල් කැන් , සන් පුද ඇති, පිකකර,සොඳුරු.)
සඳ පිණිපා කර.
යාළුවේ, මහත්වු මුදට ආසන්න, මහ අහස සරහා සිටිනා (නැත්නම් මහත් වු අහසේ පැහැය ඇති), මහත් අගය ඇති සුදු කඳිත් යුතු, සසර බියට ඉතා යහළුවු අතු පතරින් සරු මල්කැන් තැනි (වැ පල දෙන), දනන් විසින් කරනු ලබන පුජා ඇති, පින් අංකරවු, මනාරුක් රජු නැමති (ගජ වාහනවු තාරාපති වු , මහ අහසේ සරන , මහත් අගය ඇති සුදු කඳින් යුතු, අඳරට ඉත මහතුරු, සා රුවින් යුත් , පිරිසුදු කැලුම් ඇති, සතුත් විසින් කරනු ලබන පුද ඇති, පිනි අට ගන්වන) මනා වු සඳ නම්ඳුව.
සඳ ද දනන් ගෙන් වැඳුම් පිඳුම් ලබන බව පසිදුයි.
ප්ර ථමවයයි චන්ද්රඃ , සර්වලෝකෛකවන්දාඃ යනු දඹදිවේ වියත්තු කියති.
36 ප සැ ස් මදාරා විසිතුරු තුරෙහි නඳ
වි සෙ ස් විලස විහිදුණු කුසුමෙව් සුවඳ අ පි ස් ගුණෙන් යුතු යතිඳුන් හට නිබද සතො ස් සිතෙයි පුරමින් නමඳුව සබඳ
36. සබඳ, පස් ඇස් විසිතුරු මදාරා තුරෙහි විසෙස් විලසැ විහිදුණු සුවඳ කුසුම් එව්, නිබඳ අපිස් ගුණෙන් යුතු යතිඳුන් හට සිතෙයි සතොස් පුරමින් නමුඳුව.
අරුත් වියකත 105
යහළුව, බුදුන් නැමැති විසිතුරු වු හෙවත් මනා සැදුමෙන් යුත්, (සිත්) තුටුකරවන මදාරා ගසෙහි වෙසෙස් වැ පිපුණු සුදවත් මල් බඳු වු නිතින් මඳ දැයින් සතුටු වන ගුණෙන් යුත් වු පැවැදි උතුමන් හට සිනේ සතොස පුරා නැමදිම් කරව..
බෝතුර නැමැදි ඉක්බිති වෙහෙරේ පැවිදි උතුමන් නැමදීම කරන්නට යි ඒ කියේ.
බුදු රදුන් මදාරා නම් දෙව් රුකක් හැටියට ත් පැවිදි උතුමන් එ රුකේ වෙසෙසින් පිපුණු සුවඳ කුසුම් හැටියටත් මෙහිදැක් වු සැටි විසිතුරු .පැවිදි උතුමන් කුසුම් වන සුවඳ හැටියට සැලැකෙන්නේ සිල් ගුණයයි .
ඇසි පසක් ඇත්තේ නුයි පස් ඇස් යනු බුදුට නමකි. (පියෙවිවු ) මසැස , දිවිසැ, පැනසැ, බුදු ඇස, සමතාස යැයි පස් ඇස දැක්වේ.
(පිළිම, මහ බෝ හා පැවිදි උතුමත් නැමැඳි ඉක්බිති සමනැස එ වෙහෙර අසැ සැතපෙන සේ දුතයාට පැවසේ)
7. ලැගුම් (1)
37 එ න ගුවනත පුන් සඳ හැරඳුරේ දුරේ
ප න බිගු රුවු දි පිපි මල් තුරේ තුරේ වෙත එ වෙහෙර සුපිහිටි අඹ තුරේ තුරේ සැ ත පෙව යෙහෙන් මුළු රෑ ම මිතුරේ තුරේ
37. ම මිතුරේ අඳුරු දුරු හැරු පුන් සඳ ගුවනත එන. මල් පිපි නුරේ බිගු රුවු දි පත, එ වෙහෙර වෙතැ සුපිහිටි අඹ නුරේ මුළු රෑ යෙහෙන් සැතැපෙව.
මගේ යහළුව, අඳුර දුරු කොටැ හරිමින් පුරා හඳ අහසට එන් මැ, එ මල් පිපුණා වු ගසක් ගසක් පාසා මී මැස්සන් නද දි පැමිණෙන් මැ එ විහාරය ළගැ නිසි සේ පිහිටා ඇති අඹ ගසේ සතුටිත් යුතු වැ රැය පුරා සුව සේ සැතැපුමි ගන්තැ.
106 කොවුල් සඳෙස්
හැරඳුරේ = හැරු අඳුරේ හැරැඳුරේ දුරේ = හැරැ ඳුර දුරැ (එළි)
8.නික්මුම් (1)
38 ක ර කිරණින් මිණි මුතු විලැ තඹුරු කැල
පෙර ගි රගින් නුබ මිණි පැමිණෙන උදුල අ ර තර ළු මොහොතින් ඉසි රිසි උදා කල නර සර මිතුර යා කර නැමැඳැ දසබල
38. තර සර මිතුර, කිරණින් විලැ තඹුරු කැල මිණිමුතු කැරු, උදුල නු බමිණි පෙරගිර අගින් පැමිණෙන අරතර ඉසිරිසි උදා කලැ එ මොහොතින් දසබල නැමැඳැ යා කර.
නිර බැවින් හෙවත් නො සැලෙන ගුණයෙන් සරුවු යහළුව, රසින් විල්හි නෙළුම් මල් සමුහය පුබුඳු කරවමින් උදා ගිරි මුඳුනින් ඉරු පැමිණෙන් මැ , එ අතර තුරේ කිවි නම් රුසිවරයා (පහන් තරුව) උදා වු විටැ බුදුන් නැමැදිමේන් පියාසර කරන්නැ.
දිතුන් ගේ ගුරු වු සිකුරාට ඉසිරිසි, යන නම් වේ. සිකුරු තරුවට පෙර යැවැ දී ඉර බටු , තරුව යන නමද, අලු යමැ පහන් තරුව යන නම ද මේ දිව් වැසියෝ කියති.
බල දසයක් ඇත්නුයි බුදුහට දස බල, යන නම් වේ.
තාරායණ, බල නම් වු දස දස දෙනා ගේ බල දසය කාය බල නම් වේ. මිනිසුන් දස දෙනකු ගේ බල ඇති වෙයි , කාළාවන නම් කුලයේ ඇතකුට.
අරුත් වියකන 107
කාලාව කඤ්ච1 ගංගෙය්යං 2 පණ්ඩර.2 තම්බ4 පිංගලම්5 ගන්ධ6 මංගල7 හේමඤ්ච 8 උපෝසථ9 ඡද්දන්ති10 මේ දස,
යැයි දස කුලයෙකැ ඇත්තු වෙති . ඒ එක් එක් කුලයේ ඇතකු ගේ බල ඊට පහත් පහත් කුලයේ ඇතුන් දස දස දෙන කුගේ බලයට සම වෙයි . බුදුහු ජද්දන්නයන් දස දෙනකුට බල ඇත්තාහ. ඒ මිනිස් ගණනින්:-
10x10x10x10x10x 10x10x10x10x10x10=
100000000000 කs.
ස්ථාතාස්ථානදන්නා නුවණ, යථාභුතවිපාක දන්නා නුවණ, ප්රදනිපත්ති දක්නා නුවණ, ලෝකධාතු දත්නා නුවණ, අධිමුක්නිකත්ව දන්නා නුවණ , ඉන්ද්රිිය පරාවරන දන්නා නුවණ, සංක්ලේශ ව්යයවදා න ව්යුනත්ථාන දන්නා නුවණ, පුර්වේනීවාස දත්තා නුවණ, ච්යු නි උත්පත්නි දත්නා නුවණ, ආශ්රණවක්ෂය දන්නා නුවණ,
යනු දස නුවණ බල යැ වෙසෙසින් දස බල පිණිසැ නුවණ බල මැ ගත්නා බව:-
සේ නොසේ කම් පල ඈ ඇමි තත් හි ඇම කල පවති නුවණ බල එ මුනි දසබල යැ ඉන් එම්බල
යන මෙත් හිමියන් ගේ වදනිත් පෙනෙයි .
ගිරගිත් = ගිරි අගින්.
108 fldjq,a ifඳස්
39 දෙස දෙස වනය තතවා පිපි මල් කැතිනී
පි සි එන සුවඳ මඳ නල විඳැ ලෙස කැමතී වෙස ගත මිහිගු සක් සන් පෙර මග පැවැති ල ස නො වැ වඩින් සකි දැකැ මේ සුබ නිමිතී
39. සකි, දෙසැ දෙසැ වනය තනවා, පිපි මල් කැන් ඉති පියැ එන සුවඳ මඳ නල කැමති ලෙසැ විදැ, පෙර මගැ පැවැති වෙසගන , මිහිගු සක් සන් (යන) මේ සුබ නිමිනි දැකැ ලස නො වැ වඩින්.
ඉන මිතුර, ඒ ඒ පැත්තේ වල්සලා හෙවත් කැලෑව සලමින් , පිපුණා වු මල් කිනිති පිරිමැඳැ හමන්නා වු මතා ගදින් යුතු මඳ පවත් රිසි සේ විඳිමින් ඉදිරි මගැ පවත්තා වෙසගන , වයන මා බිහිගු බෙර, පිඹිනා සක් යන මේ සුබ ලකුණු දැකැ දැකැ පමා නො වැ යන්තැ.
කැතිති = කැන් ඉති
දෙසැ දෙසැ, යනු එළි නිසා දෙස දෙස , යැයි පෙරුළිණි
9. මඟ වැනුම් (1)
40 අලුත් විහිදි තඹරෙව් වුවන හැම දින
අලුත් විහිදි සියුමැලි තුනුවග සොබන අලුත් ළපලු පැහැ රඳවන සග මුවන අලුත් විදියේ විලසින් දැකැ වඩන
40. වුවන හැම දිනැ අලුත් විහිදි තඹර එව්, අලුත් විහිඳි සියුමැලි, සොබන තුනු අඟ, ළපලු පැහැ අලුත් සග මුවන් රඳවන අත් විදියේ විලසින් දැකැ වඩන .
මුණ සියලු දවස්හි (මැ) අලුතින් පිපුණු නෙළුම් මල වැනිවු, කාත්තිය ද පැතිරෙන මුදු මෙළෙක් වු සිහින් සිරුර ඇති, ළා දළු පාට ඇති අතුල් තරුණයන් නැමති මුවන් රඳවන්නා වු අලුත් විදියේ අඟනන් දක්මින් යන්තැ.
අරුත් වියකන 109
අලුත් විදියේ අඟනන් ගේ මුණ අලුනැ (එ විගසැ) පිපුණු නෙළුම් මල් වැනියි . ඔවුන් ගේ සිරුර සිහිත් යැ, කෝමල යැ, ඉන් එළියද විහිදේ . ඔවුන් ගේ අතුල් ද ළාදළු පැහැය ඇත්තෙයි . ළා දළු දුටුවා මැ මුවන් රැඳෙන්නා සේ උන් ගේ අතුල් දුටුවාම තරුණයෝ රැඳෙති (ඌ තුමු ළා දළු පෙන්නා මුවන් රඳවන සෙයින් අතුල් තල පෙන්නා තරුණයන් රඳවතී.)
තඹරෙව් = තඔර එව්
(මෙ ළගට, වඬුතුපුල් සුර රද
සයුරති නෙදිතැ මහි කල්
ලු පියවිලි සිරින් දුල් යා ගත් මගුල් වැල්ලෙන්,
යන ගීය කිසි පිට පතෙකැ දක්නා ලැබේ. ඒ වනාහි පරෙවි අස්නින් (117) උපුටා ගෙනැ මේ තැනට යොදන ලද්දෙකි.
41 වැල් ලේ විසුළ නර තරගින් ලෙවන් මීණී
දි ල් ලේ ගණිඳු පුදයට ලු මෙන් ගෙ මීණී තුල් ලේ සුරිඳු විමනෙව් පෙර මග පැමිණී වැල්ලේ මඩම දැකැ යන් සිරි සර ගිහිණි
41. තර තරඟින් වැල්ලේ විසුළ ලෙ වන් මීණි ගණිඳු පුදයට ලු ගෙ මි ණ් මෙන් දිල්ලේ, පෙර මහ පැමීණි නතුල්ලේ සුරිඳු විමන එව් සිරි සර ගිහිණි වැල්ලේ මඩම දැකැ යන්.
මහ රළින් වැල්ලේ ඉහිරුණු (ඇතුරුණු ) ලේ පැහැ මැණික් (ගණයන් හට අදිපති වු) ගණ දෙවියාට පුද පිණිසැ දල්වන ලද පහන් මෙන් දිලෙන, ඉදිරි මඟට පැමිණැ සිටි දෙව් රජු ගේ මහත් වු මැඳුර මෙන් බොහෝ සැපතින් සරුවු වැල්ලේ මඩම දැක්මින් යන්නැ.
110 කොවුල් සඳෙස් අලුත් විදියට පසු කොටැ යන කොවුලාට පෙර මඟැ (මගැඉදිරියේ) පෙනෙන්නේ වැල්ලේ මඬමයි. එය වෙරළ අසැ ඇතියෙන් එ නම් වි. එ ඇති සරියේ මුදු වැල්ලෙ හෙවත් වෙරළ මතු පිටැ මහ රළ පහරින් ඉහිරි ලේ පැහැ මැණික් ඇතිරි ඇති. ඒ මැණික් දිලෙන්නේ ගණ දෙවියාට පුද පිණිසැ නංවන ලද පහන් මෙති. ඒ මඩම විසල් එකෙකි. එ හෙයින් එය පෙනෙන්නේ ඉදිරියට පැමිණැ. සිටිනා සුර රජු ගේ මැඳුර මෙනි. එහි සැපත් බොහෝයි.
වැල්ලේ ඇතිරි ඇති මැණික් ගණිඳු පුදට ලු පහන් මෙතැයි කීමෙත් එ මඩම අසැ ගණ දෙව් කෝවිලක්වු බව ඇඟැවේ. මෑතැදි කරන ලද බිමි කැණිමෙන් ද එ බව පසක්වි ඇති (පෙර වදන බලන්තැ)
මඩමෙක් නම් නවා තන් පිණිසැ කරන ලද මැඳුරෙක දිල්ලේ (දිලි), තුල්ලේ (තුල්) යනු එළි නිසා වු පෙරුළියි. ගෙ මිණි, යනු පහන් යන්න අගවන්නට යෙදුණේයි.
42 වික සින නමලු ලිය මල් බර කියඹු වැළි
අක ණු නිතඹ පුල් වතඟත කරන තිළි එක සර සරන පැහ සර රෑන සැදි කීළි දැක නට සිතෙයි සැක නො වැ ළෙන මිණි වැළි
42. විකසින තමලු ලිය මල් බර කියඹු වැළි, (නිතඹ) අකණු නිතඹ, පුල් වන අගන නිළිකරන , එක සර සරන පැහැයර රෑන සැදි කිළි දැකැ සැක නොවැතට සිතෙයි ලෙළෙන මිණි වැළි.
පිපුණා වු කොල්ලම් වැල් නැමැති මලින් බර අලකා රොද ඇනි, (අවට පියෙස නැමැති) පටු නුවු උකුළ ඇති,මල් පිපුණ වනය නැමැති තැතිය තුටු කරවන්නා වු , එක් හඬින් සරන්නා වු, රංවු ගැසුණු ගිරවුන් දැක්තා තට සැකනැති වැ මැ සිතෙයි ලෙළ දෙන්නා වු මැණික් මාල යැයි.
අරුත් විය 111
වැල්ලේ මඬමේන් ඹබිබෙහි වන රොදක් වු බව මින් පෙනේ. මියුරු අසුන් කරුවෝ ද එයට දෙස් (සාක්කි) දෙනි. ඒ වන රොඳ හෙවත් කැලැ කැටිය අගනක කොටැ මෙහි දැක්වේ.
මල් පිපුණු වනය අගනයි, එහි ඇති මල් පිපුණු කොල්ලම් වැල් ගොල්ල එ අගන ගේ ගවසත ලද මලින් බර අලකා රොදයි . අවට පැතිරිබිම් තලය (නිතඹ) පටුනු වු හෙවත් පුඵල් වු උකුළ (නිතඹ) යි . එහි ගිරවු සරති . ඔවුන් සරන්නේ එක් හඩින් සරන්නේ රංචු (රෑන්) ගැසීයි. ඒ ගිරා රංචු (රෑන්) දුටුවා මැ සැක නැති වැ මැ කොවුලාට සිතෙනවා ඇති ලෙළ දෙන මැණික් වැළ යැ කියා.
ඒ රෑන ගිරවුන් කරන්නේ මල් පුල් වන රොද නැමති අනගනට නොස දිමයි.
කොල්ලම් පැළැටිය ඉද්ද සේ මැ වැල් ගණයට ද, ගස් ගණයට ද රිසිසේ ඇතුළු තළ හැකියි. සිරි රහල් හිමියෝ:-
කම්ලු වරලස නිලුපුලන් නෙත් සුරන් බිඹු වැළ ලවනනේ , යැයි නම්ලු වැල් බව වත් ගස් බව වන් වෙසෙසින් නො දක්වා සඳහන් කළ හ.
තැති වරදැ සැත කැර වන දෙව් ලියන් හිමි හැර
සැගැවි සිටි දෙ තෙර
තමලු ලිය ගොමු පෙළින් මනහර,
යැයි නමලු වැල් බව වදාළහ . බා ගෙ දා එ සේ වදාරන්නට ඇත්නේ සස දා කචි කරුවන් ගේ:-
හැගැ නැති වරදක් සැගැවි හැරු තම හිමින් වන දෙවියන් කෙළතා තමලු ලිය ගුම් රදනා
යන්න අසරින් ඒ බැඳුම් කළ හෙයින් වතැ.
112 කොවුල් සඳෙස්
කොල්ලම් ගසින් නිල් ඉවුරැනිපොකුණසිති, යැයි එ හිමියෝ මැ කොල්ලම් ගස් ගණයෙහි ලාද වදාරති.
කීයඹු වැළ හෙවත් අලකැවලිය, කන් ගොටු ඳෙක අඩක් මුවා වන සේ උර හිස තෙක් වැටෙන්නට ගොතා හෙළූ කෙස් රොදයි. එහි මල් හෝ මුතු හෝ ගැවැසිම් කැරේ.
නිතඹ යන වදන අවට පියෙස උකුළ යන අරුත් දෙකමැ ගන්නට යොදා ඇතී.
(කියඹු) වැළි = (කීයඹු) වැළ ඇති. (මිණි) වැළි = (මිණි) වැළි යි.
43 ස ව න සවත සතියෙහි වැඩැ හිඳින ලෙස
ලෙළෙන දරණ වැළ ලු මුදලිඳු විලස ක ර න පසිදු මෙන් රැදි නා රද සකස සොබ න නාග කෝ විල දකු මිතුරු නොස
43. මිතුරු, සවන සනිසයෙහි සවන වැඩැ හිඳිනා ලෙසැ ලෙළෙන දරණ වැළලු , මුලිඳු විලස පසිඳු කරන මෙන් සකස නා රද රුඳි, සොබන නාග කෝවිල නොසැ දකු
යහඵව, සය වැනි සනීයේ දි බුදුත් වැඩැ හිඳිනා පරිද්දෙන් , ලෙළෙන්නා වු දරණ පෙළ ගැසු මුචලින්ද, නම් නා රජුගේ සැටි පළ කරතට මෙන් සකස් කරන ලද තා රජු රෑදි ඇති නාගකෝවිල නොසින් බල.
මේ නාග කෝවිල පරෙවි අසුන් කරුවෝ ද දකිති. එය හින්දු,, දනන් ගේ බිමක් බව කෝවිල යන්නෙන් පෙනේ. බුදුනුවන් දෙවියන් පිහිටුවා පුද සැලකීලි දක්වන තැන් සඳහන් වන්නේ බෙහෙවිත් දෙවොල දේවාලය යන නම්වලිනි.