කාව්යශේඛර-සංක්ෂේපභාවය
කාව්ය ශේඛර
මහා කාව්ය සාරය
ප්‍රාරම්භය
ෂඩ්භාෂාපරමේශ්වර ශ්රීය රාහුල සඩ්ඝරාජ මාහිමියෝ මහා කාව්යෂ ලක්ෂඛණයෙන් යුක්තවූ මහාකාව්යරයක් කටැටිව අප මහ බෝසතුන්ගේ ප්ර ඥපරමාර්ථපාරමී ගුණප්රරකාශක ‘සක්තුහස්ත්ර ජාතකය’ ගෙන ‘කාව්යීශේඛරය’ නම් මහාකාව්ය්ය කලහ.
කව්සේකර හදාරන්නවූන්ගේ සුඛාවබෝධය පිණිස එහි සර්ගේයක් පාසා සංක්ෂිප්ත භාවය මෙහි යොදනු ලැබේ.
1. සර්ගය
සංස්කරණයපළමුකොට කාව්යය කර්තෲන්වහන්සේ ඉෂ්ටදේවතාවූ රත්න ත්රුය වැඳ දෙවියන් ද මෙනෙහි කොට මෙත් වඩා ග්රනන්ථකරණ යට පැරකුම් රජුගේ දුහිතෘවූ උලකුඩය නම් දේවිය ආරාධනය කළ නියාව ප්රජකාශ කරනුවෝ පරාක්ර මබාහු රජුගේ වර්ණානය ද, ශ්රනද්ධා ශිල ශ්රැනත ත්යාදග ප්රරඥදී අනේක ගුණයෙන් හෙබි එම දේවියගේ වර්ණදනය ද කොට -කවියෙන් කළ ධර්මයක් අසනු රිසියෙන් ඒ දේවිය විසින් කළ ආරාධනය පිළිගෙන මෙම කාව්යෙය කරන බව පැවසූසේක. ශ්රී රාහුල මාහිමියෝ තමන්ගේ පරම්පරාව ද පාණ්ඩිත්යව ද, එළි කොට මේ ජාතකයෙහි නිදා නය දක්වනුවෝ සැවැත්නුවර කොසොල්රට අනේපිඬු සිටුහු හා දෙව්රම්වෙහෙර ද, වර්ණ නා කොට එහි රැස්වූ මහාසඞ්ඝයා විසින් තථාගතයන්වහන්සේගේ සවණක්රස් විහිදුවමින් ධර්මරසභා වට වැඩි බව ද ඒ කථාව අසා දැන් බුද්ධත්වයට පැමිණි තමන් වහන්සේ ලොව විස්මිත කළ නියාවත් වදාළසේක.එවිට භික්ෂූන් විසින් ආරාධිතවූ තථාගතයන්වහන්සේ විසින් මේ සත්තුභස්තජාතකය වදාළේ පූර්ව ආත්මභාවයෙහි තමන්වහස්සේ කෙරෙහි පැවති ඥනමහිමය කියා පෑමටය යනු ප්රමථම සර්ගසයෙහි සාරයහි.
2. සර්ගය
සංස්කරණයපෙර දඹදිව දෙව්ලොවට නිගා කළ යස ඉසුරෙන් පිරුණු බරණැස් නම් පුරයෙක් විය. ඒ නගරවරයෙහි තුන්ලොව පතළ කීර්තියක් ඇති ත්යා්ගය, සත්යයය තේජසය යනාදී මාඇඟි ගුණ යෙන් හෙබි ජනක නම් රජෙක් විය.ඒ රජුගේ අග්රා හාරග්රා ම යෙහි වේදවේදාඞ්ගයන්හි නිපුණවූ බ්රාඉහ්මණයෙක් සිය බිරිඳ හා රන්රස ලෙසින් සමඟිව ධර්මිෂ්ඨව වෙසේ. මෙහිදී ඒ බැමිණි යගේ ශරීරය පාදාන්තයේ පටන් කේශාන්තය දක්වා උත්කර්ෂ යෙන් වර්ණිතයි.
3. සර්ගය
සංස්කරණයබෝධිසම්හාරයන් පුරන්නාවූ අප බෝසතාණෝ සුන්දරවූ එම බ්රාහහ්මණියගේ කුස පිළිසිඳ ගත්හ.ක්රිමයෙන් ගැබ මුහුකුරා ගියකල්හි කුමාරයාට අමායෙන් පුරවන ලද පූර්ණ කුම්භයෙන් මෙන් පියයුරු මහත්ව තනපුඬු ද නිල්වූ කල්හි බමුණුතුමා ඉතා සතු ටුව තමා උගත් වේදශාස්ත්රානනුසාරයෙන් නොඅඩු කොට ගැප් පෙරහැර කෙළේය. ඉක්බිති ඒ බැමිණි තොමෝ නොබෝ දිනෙකින්ම ග්ර හයන් උච්චව උදාව සිටි ශුභමුහුර්තයෙක්හි මහා භාග්යි ඇති දර්ශනියවූ පුත්රාරත්නයක් ප්රෙසව කළා. මෙසේ උපන් පින්වත් කුමාරයා පිළිබඳ සියලු ජාතකර්මවිධින් ශාස්ත්රා්නුකූලව ශුභමුහුර්තයෙහි සිදුකළ පියබමුණු තෙම තම කුලයට යෝග්ය් පරිදි පුත්රෙයාට සේනක යයි නම් තැබීය. පෙරපස සඳ මෙන් කුමාර ක්රීෙඩාකරමින් වැඩෙන පුත්ර යාට පස්වන අවුරුද්දෙහි අක්ෂර ශික්ෂාව කරවා අටවන අවුරුද්දෙහි උපනයනකර්මය කොට ශාස්ත්රාකධ්යුයනය පිණිස තක්ෂිලායෙහි දිසාපාමොක් ආචාරින් වෙත යැවී. දුටු දුටුවන්ගේ මනනෙත් පිනවන හුරුබුහුටි බ්රාඅහ් මණ කුමාරයා තක්ෂශිලාව බලා මඟට බැස යන කල්හි ඔහු ඉදිරියට පැමිණ පෙරහැරක් සෙයින් ගඞ්ගා නම් ගඟ හමු විය. පියුම් කුමුදු ඈ කුසුම් සැදි , සක්වාලිහිණි විල්ලිහිණි ආදි පක්ෂි ගණයා ව්සින් සේවිත ,ඉවුරුසමීපයෙහි ගිනි පුදන ජනයාගේ මන්ත්‍රජප කිරීමෙන් නාදවත්වූ. හෝපලු ආදී නානාවිධ වෘක්ෂ යෙන් ද,නාරිලතා ආදී ලතායෙන් ද ගහනවූ ගඟ ඔස්සේ යන කුමරු ගඞ්ගා -යමුනා යන දෙනදීන් එක්වන තැන විචිත්ර ශෝභා ඇති ප්රඞයාගතිර්ථය දිටී.ශ්වේතවර්ණච ගඞ්ගාජලය නිලවර්ණ යමුනා ජලය හා එක්ව ගලා බස්නා කල්හි පවත්නා විසිතුරු බලමින් එහි ස්නානය කොට සැනහී ඒ සමීප වනයට වැද ගඟබඩ තපස් කරන සෘෂිවරුන් ද දුටුයේය.
4. සර්ගය
සංස්කරණයමෙසේ යන බෝසත් කුමාරයාණෝ නානා රුක්ලියමලින්හෙබි, සුරඟනන්ට වාසස්ථානවූ, නිර්මල ශීතල ජලප්රබවාහායෙන් දර්ශ නීයවූ,ගෝවර්ධන පර්ව,තය දුටුහ. එහිවූ දැකුම්කලු ස්වාභාවික වන සෞන්දර්ය්ගෝවය බලමින් සුවඳ මුසු මඳ පවන් විඳිමින් විඩා රහිතවම ගෝවර්ධනය පර්වයතය පසු කළහ. (කවීහු විසින් මෙහි වනවණීනය කළ අයුරු විචිත්රනය)
5. සර්ගය
සංස්කරණයඑයින් නික්මුණු කුමාරයාණන් ගම්මැද නානාවිධ එලවුලු දුරු මිරිස් වැවු කොටු ද,අඹ දඹ නා පනා පොල් තල් ආදී වැවිලි ඇති වතු ද, හැල් ගොයම් උඳු මුං තල මෑ ආදි අනේකවිධ ධාන්යවයෙන් ගැවසුණු කෙත්වතු ද, බලමින් ප්රීකතිමත්ව යන කල්හි අවන්ති රට ශිප්රාු නදිය හමු වුව. සේනක කුමාරයෝ මෙසේ දර්ශනියවූ ජලජ පුෂ්පයන්ගෙන් හා ජලවර සත්වයන් ගෙන් ද මනහරවූ එගඟින් එතරව පැන් සනහා නෙළුඹුදැලි කා පැන් බී නෙළුම්පත් අතුට මඳක්කල් ගංතෙර සැතපී විඩා හැර එතනින් නික්ම ගොස් තක්සලා නුවරට පැමිණියහ. බමුණු කුමාරාණෝ සකල ශාස්ත්රකරත්නයනට රත්නාකාරය වැනි මහා විද්යාණලයට ගොස් එහි සරසවිමඬුවෙහි වෘහස්පතිහු මෙන් වැඩ සිටි දිසාපාමොක් ආචාරීන් දැක ගුරුපඬුරුදී වැඳ ශාස්ත්රා ධ්යරය නය පටන් ගත්හ. මහපැනැති කුමාරයාණෝ ගුරුන්ට සුවවව කිකරුව පරිචර්යා් යෙන් ඔවුන් සිත් ගෙන උගත යුතු සියලු ශාස්ත්රපයන් ඉගෙන ගුරුන් සමුගෙන සිය නුවරට පෙරළා ආවෝය.
39 .
සපුරිස් රුවන් රැස් සපිරුණු සුමුගු එක ලෙස් විදුලිය මඩු විලස් ගුරුන් සරසවි මඩුව දිටි ලෙස්
40.
කසුනෙන් කරන ලද සුද තුල එහි අසුන් මැද පියුමාසනය බැද උදාගුරු මෙන් තෙවුණ වැඩ හිද
41.
ඒ දහන් හු බැදී කසමල් සමන් පැලදී හෙළ සදුනෙන් සැදී එක කළ තුරුපටින් වොරැදී
42.
මුව සදුගෙන් මුළුලු මෙරජෙව් නිකුත් දැළිවලු ඒ ගුරුන් වැඩි මහලු ගොසින් දුටුයේ කුමරු සිත්කලු
43.
පියලි බද දහසින් පාමුල තබා සතොසින් අදර බැති වෙසෙසින් ඒ ගුරු සරණත නැමැදී සිරසින්
44.
ඔවුන් ආ කටයුතු පිලිවිස ඇදුරු දැන තතු ඇති වන ලෙසට මතු පටන් ගැන්වී අකුරු බෝසතු
45.
ඒ දවස් පටන් කොට ඔහු ගෙයි පළමු නැගී සිට මිසක් කී තැනකට නො යේ නො සිටි නො රිසි ලෙසකට
46.
අත් පා මෙහෙවරින් දවසැර ගුරුන් හසරින් දුන් උන් අවසරින් පසුව සැතපෙ ඇමට අදරින්
47.
ගුරු දරු නැ සියන් යලිදු ඔහු විස්වැසියන් පළමු අතවැසියන් හැදින අනදර නො කෙළෙ කිසියන්
48.
ගුරු සිත නොරිදවා වෙලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනි කුමරු සොදවා
49.
කෙලෙහි ගුණ දන්නා කී දෙය යුහු ව ගන්නා නුවණැති ව ඉන්නා කුමරු ලත් දෙය ගුරුට පෙන්නා
50.
කාවිසි සිතින් නීති වැඩ කැමතිව වෙනස් නැති ගුරු සිත් ලෙස පැවැති කුමරු සව්සත ගෙවා දැන ගති
51.
පැහැයෙන් සුවදිනුදු මොරෝන සපු කැකුල බදු රුවින් ගුණ නැණිනුදු වැදිණි මහසත් වෙමින් පරසිදු
6. සර්ගය
සංස්කරණයගුණනුවණින් පිරිපුන් යොවුන්වියට පැමිණි පුත්කුමරු දුටු පියබමුණු තෙමේ සිප වැළඳ ස්ය පුතු තමකුලයට සරිලන බමුණු කුලයෙක්හි කුලකාන්තතාවක හා විවාහ කරවා ගෘහස්ථාශ්ර මයට පැමිණවී.
(මෙහි විවාමඟුල වර්ණිත අයුරු මනහරවේ)
7. සර්ගය
සංස්කරණයඉක්බිති මහ නුවණැති සේනක පණ්ඩිතයන් එවකට කසීරට රජු කරා පැමිණි තමාගේ ශාස්ත්රපඥනය ප්රකකාශකළ කල්හි ඒ බව දත් රජු විසින් ඔහු පුරෝහිත තනතුරට පත්කරන ලදහ. මෙසේ රාජපුජිතව ධර්මයෙන් නිතියෙන් රජුට අනුශාසනා කෙරෙමින් රජුත් රටවැසියාත් සතුටු කොට වසන සේනක පඬිතුමාගේ නාමය සිද්ධමන්ත්රසයක් මෙන් මුළුරට වැසියන්ගේ මුඛයක් පාසා ජල්පිත විය.පිරිසුදු දර්පණයෙහි පෙනෙන ප්රිතිබිමිබය මෙන් කටයුතු නොකොටයුතු දක්නා සෙන්පඬිහු රජකුලයෙහි මහත්වු ආදරපූජා ලබමින් විසූහ. මෙකල්හි මෙතුමා දකිනු රිසියෙන්දෝ හංස නැමති පියයුරු ඇති නිලෝත්පල නැමති නෙත් ඇති ශරත්ශ්රීිය පැමිණියාය.රජතුමෝ එක් දිනක් පිරිවර සහිතව උයන් කෙළියට ඇතුපිටින් පිටත්ව ගොස් සවස්වනතුරු ක්රීනඩා කොට පෙරළා මාළාගයට ආහ. (මෙහි උද්යළනක්රීතඩා, සලිලක්රීරඩා හා සන්ධ්යාා කාලය ද වර්ණිතය)
8. සර්ග්ය
සංස්කරණයඉක්බිති රාත්රිළ ආරම්භයෙහි රජ තෙමේ නෘත්යඩ මණ්ඩපයට පැමිණි සංගිත රසාස්වාදනය කොට අගරු සුවඳින් මනහරවූ මල් අතුළ ශ්රීංයහන් ගබාඩාවට පැමිණ නිඳාගෙන උදය චන්දින්ගේ ස්තුතිපාඨයන් අසමින් පිබිදියේ වේදමන්ත්රියන් සිහි කොට ආගමික කාත්ය නිමවා ආභරණ පැළඳ සිංහාසනාරූඨව සිවුරඟ සෙනඟ දැක එදවස පසළොස්වක් පොහෝදිනය වූයෙන් සේනක පණ්ඩිතයන් කැඳවා ධර්මපශ්රහවණයට කැමති බව දැන්විය. ඒ ආරාධනය සේනක පණඩිතයන් යහපතැයි පිළිගත් හෙයින් සියලු පුරවැසියෝ රැස්ව සුධර්මා නම් දිව්යෙසභාව සෙයින් ධර්ම ශාලාව සරසනුවෝ ලදපස්මල් ඉස අවට මල්කම් ලියකමින් මොනවට සැරසූහ. මෙසේ සැරසිලි කරත්ම සවස් විය.නිශා කාන්තාව උදයපර්වත නැමති හස් යෙන් පුර්ණරචන්ද්රෙ නැමති වටාපත ගෙන සිටි කල්හි සතසිත පිනවමින් සුවඳ සිහිල් මඳ පවන් හැමිය .නානාවිධ තූර්ය්ින වාදනයෙන් සකල නගරය මුඛරිත විය.බෝසතාණන්ගේ මඞගලධර්ම්ශ්ර වණය පිණිස නානා දෙසින් විසිතුරු නන්අබරණින් සැරසුණු මහාජනයෝ රැස් වුහු. මහ සතාණෝ ද මොනවට සැරසී ධර්මා සනරූඪව රජු ඇතුළු මහ පිරිසට ගම්භීර මධුරනාදයෙන් තිලෝගුරු සෙයින් ධර්මතදේශනා කරන්නට පටන් ගත්හ.
9. සර්ගය
සංස්කරණයමහරජාණෙනි! ධර්මය හා ධනය ඇසුරු කොට කාමාදී ෂඩ්විධ කෙලෙස්සතුරන් දුරු කොට වක්ෂුරාදි ඉන්ද්රිකයන් වසඟ කොට ගෙන ගුරූපදේශයන් කඩ නොකොට වාසය කරව.
දෙවියන් සෙයින් ගුරුහු පිදිය යුතු වෙති. දෙලොවට වැඩ ඇති ක්රිසයාවෝම කළ යුත්තාහ. සත්යවයෙන් මිතුරන්ගේ ද ආදර යෙන්, ඤාතින්ගේ ද ප්රේතමයෙන්, ස්ත්රීෙන්ගේ ද දානයෙන්, දැයි දසුන්ගේ ද සිත්ගෙන දයාදක්ෂිණ්යතයෙන් යුක්තව පැවතිය යුතුය. පෙරරජුන්ගේ නියමයන් නොබිඳීමය, දුප්පතුන්ට සංග්ර හ කිරී මය, ප්රිොය තෙපුල් බිණීමය, සමානාත්මතාය, අර්ථය්ය ර් ක්ෂාන්තිය, සැහැසි නොවීමය, ඊර්ෂ්යාස නොකිරීමය, රළුවචන නොකීමය, නෑයන් හා එක්ව ප්රෙ මයෙන් විසීමය යන මෙකී ගුණයෝ පිරිය යුතු වෙති.
ව්යයක්ත කථා ඇති, නොකළ දැයෙහි සිහි ඇති, සේනා බලයෙන් යුත්, ශිල්පශාස්ත්රනයන්හි හසළ ,සතුරන්ගේ සිදුරු දක්නා ,මන්ත්රතණයෙහි කල්යල් දන්නා අයවැය නියමය දන්නා ලෝභ ක්රෝතධ භීති චාප්ය්ෙ ක්රැ රත්ව මාත්සර්ය්‍දු ක්රීිඩාලෞල්යය යන මෙතෙක් දුර්ගුණයෙන් වෙන්වූ නරේන්ද්රයන් රාජ්යරයට පැමිණි කල ලෝකය එකම මඟුල්හලක් වන්නේය.
මල නොපෙළා රොන් ගන්නා බමරුන් මෙන් ජනයා නොපෙළා අයබදු ගතමනාය.කළයුතු දැය දැන පමා නොවිය යුතුය.කල් යැවියයුතු වැඩට ඉක්මන් නොවිය යුතුය. වරදට නිසි දඬුවම් දීම වරද කළහට කරන සංග්ර්හයෙකි . නොවිමසා කටයුතු කිරීම විනාශයට මුල .සිවුරඟසෙනඟ ගෙන ගොස් ලබන ශත්රැරවිජයට වඩා තමාගේ නුවණින් ලබන ජය උතුමි. ලොව කවුරුන් කුමක් කීවත් ඔවුන්ට අවමන් නොකර තම නුවණින් විමසා යෝග්යක දැයම ගතයුතුය. කෙළවර නපුරු විපාක ඇති මහත් ලාභය ද විපතක්සේ දැක්කයුතු අනුවණයන් ලත් රජසැපත නිරය දුඃඛයට සමවේ.එයම පැනවතුන් ලද්දේ දෙව් රජසැප හා ද සම නොවේමය.
1 ප්රාමණඝාතය, 2 අත්තාදානය , 3 පරදාරසෙවනය රහමෙරපානය 5.මුසාවාදය, 6.පිසුණුවවනය 7 ගිස් තෙපුල් කීමය,8. පරුෂ වචනය, 9.විෂමලෝභය,10.ව්යා පා දය , 11.මිථ්යාුදෘෂ්ටිය යන මේ එකොලොස් පාපයන් කළහු අපායභාග් වෙති. මේ පව් නොකළහු සදෙව්ලොවම සැපයට භාජනය වෙති. එහෙයින් මෙකී පාපයෙන් තොරව දානදී දසවිධ කුසල් පිරිය යුතුය.
1 දානය 2.සීලය 3 භාවනාවය 4.පින්දීමය , 5පින් අනුමෝදන්විමය, 6 ධර්ම3දේශනාය, 7.ධර්ම ශ්ර5වණය , 8 ගරු කළ යුත්තන් කෙරෙහි ගරු කිරීමය , 9වතාවත් කිරීමය යන මේ දොළොස් පින් නිරන්තරයෙන් කොට පැතූ පැතුම් සිතුමිණක් ලද්දහුට සෙයින් සමෘද්ධ වේ.
වැළිදු පොහෝදිනයෙහි අෂ්ටාඩ්ගශීලය සමාදන්ව භාවනානු යෝගිව විසිය යුතු. එයිනුදු තමාගේ ශරීරය අනුව සිතමින් කාය ගතාසතිය වැඩීම යෙහෙකි. දුර්ගන්ධය වහනයවන දෙතිස් කුණු පිරුණු, විදුලියක්සේ අස්ථීරවූ එහෙයින්ම අනිත්යුවූ ජරා යෙන් මිරිකුණු, රෝගයෙන් පෙළුණු මේ ශරිරය සියලු දුඃඛ යට වාසස්ථාන බව දැන නිවන් ලැබීමට වහාම උත්සාහ කට යුතුය.
මේ ධර්මදේශනාව ඉතා භක්තියෙන් අසා නුවණින් විමසා දැකගත් ඒ බරණැස්රජ සේසත් සහිත රාජයෙන් ධර්මය පුදා තියුගි පවත්වා ඊට අනුකූලවම පැවැත්තේයි.
10. සර්ගය
සංස්කරණයඑකල එක්තරා දුප්පත් මහලු බ්රාැහ්මණයෙක් සිඟමනින් සපයා ගත් කහවනු දහසක් තමාගේ මිත්රවයෙකු වෙත තබලා නැවතත් සිඟිමට ගියේය. ධනහිමියා පෙරළා අවුත් ධනය ඉල්ලූ කල දීගත නොහී ඒ සිලව්වට තම රූපත් තරුණ දියණියන් පාවා දුන්නේය . කාමසම්පත් විඳිමම ධන රැස්කිරීමෙහි ඵලයයි සැලකූ ඒ මහලු බමුණා රාගයෙන් අන්ධව තරුණිය සමඟ සිය ගෙට පැමිණියේයි. පැමිණ මඳකලක් සුවසේ වාසය කරන කල්හි බැමිණිය අන්තරුඅපැමි ණයකු හා පෙම්බැඳ රහසින් ඔහු හා වාසයට පටන්ගත්තීය.ඒ එසේ මැයි . පුරාතනයෙහි පටන් මේ ලෝකයෙහි පිනවිය නොහැකි වස්තු සොළොසසෙක් ඇත. එයින් ස්ත්රිපයද එක වස්තුවෙකි. ඕරතිකෙළියෙන්ද ආභරණ පැළඳ සැරසීමෙන් ද, දරුවන් ලැබීමෙන් ද තෘප්ත නොවන්නීය. මෙසේ හෙයින් ඒ බැමිණිය සොරහිමියා හා සිත්සේ මෙවුන්දම්හි යෙදීමට සිය හිමියා බාධාවෙකැයි සිතන්නී මහලු බමුණා ගෙයින් පලවා හැර සැක නැතිව කම්සැප විඳීමට නොවරදින සුලු උපායක් යොදාලුය. එහෙයින් වහලකු ගෙනෙන ලෙස ඔහුට ඇවිටිලිකොට ඒ පිණිස රටතොට සිඟායාමට ඔහු ගිවිස්වාලා අත්සුනු ආදී මාර්ගෝපකරණයන් ද සම් පසුම්බියක දමා දුන්නීය.සිය බිරිඳගේ කපට ප්රසයෝගය නොදත් අඹුසොඬ බමුණා ද ගෙන් නික්ම නියම්ගම් රටවල සිඟා යනුයේ සත් සියයක් කහවනු ලද්දේය. හෙතෙම ආපසු එමින් මඟදි ගසක් මුල හිඳ පසුම්බිය ලිහා අත්සුනු කා පැන් බොන පිණිස අසල පිහිටි ඇළට යන්නේ පසුම්බි කට බැඳුමට අමතකව ගියේය.අත්සුනුගඳ අසා එහි පැමිණි කාලසර්පයෙක් පසුම්බිය තුළට වැදගති.පැන් බී පෙරළා පැමිණි බමුණු ද ඇතුළත නොවිමසාම පසුම්බිය බැඳ කරතබා යන්නට වන. මේ බව දුටු රුක්දෙවියෙක් කරුණාපෙරටුව බමුණු අමතා “බමුණ නොකී වෙයි. නොකිය, අද මඟ රැඳුණ තෝ නසී, ගෙට ගිය තා අඹුව නසී”යි මෙපමණක් කියා අතුරුදහන් විය.එ අසා මහත් භීති යට පැමිණි බමුණා එතැන් පටන් මරණභයින් බියපත්ව මෙය විනිශ්චය කීරීමට සේනක පණ්ඩිතයන් වෙත ගියේය. එදවස ද සේනක පණ්ඩිතයන් රජු ඇතුළු පිරිසට බණ දෙසන දිනයෙකි. මහලු බමුණා හදපිරුණු ශෝකයෙන් නෙත් පිරුණු කඳුළෙන් මුවපිරුණු විලාපයෙන් යුතුව මහසතාණන්ගේ පාමුලහි වැඳ මෙපවත් සැලකෙළේය. විදුරු නුවණැති මහාසතාණෝ ද තම නැණන් කාරණය මොනවට විමසා බලන්නට වන්හ.
11. සර්ගිය
සංස්කරණයඒ කෙසේ ද යත් : “මනුෂ්ය න්ගේ මරණයට කරුණු බෝහෝ ඇති. එසේ ද වුව රුක්දෙවියා බමුණාට කී මරණය ගෙට ගිය කල අඹූවට ද මඟ රැඳුණු කල බමුණුට ද වෙයි. මෙය නිශ්චිත මරණයෙක් නම් නොවේ. අනියතවූ මේ දෙමරණයටම බමුණුගේ ගෙට යාම හෝ මඟ රැඳීම හේතුවන හෙයින් මරණ හේතුව බමුණා සමගම විය යුතුය.” යනාදී වසයෙනි නානා නයින් මෙසේ විමසත් විමසත්ව ඇසල්ලෙකින් බමුණාගේ පසුම්බියට නයෙකු වන් සැටි බෝසතාණන්ගේ පැනැසට පෙනී ගියේය. ඒ නයා ද මෙපමණ කලබල සහිත ස්ථානයෙහි ඔවුනොවුන් වෙරපැහැරීම් ඇත ද නිසොල්මන්ව සිටිනුයෙන් විෂඝෝර කළුනයෙක්ම වනැයි දැන මෙසේ කීහ:
“බමුණ, තා මඟ එන අතර පැන් පහසු තැනෙක රුකක් මුල හිඳ අත්සුනු කා පසුම්බිය නොබැඳ එය ගසමුල තිබියදී පැන් බිමට ගිය කල්හි අත්සුනු සුවඳ එය ගසමුල ආඝ්රබනය කොට පැමිණි කාල සර්පයෙක් පසුම්බිය තුළ වැදී ඇත.තා පැන් බි පෙරළා අවුත් ඇතුළත නොබලාම සඳහන් නැතිව පසුම්බිය බැඳ කර තබා ගෙන එනු දුටු රුක්දෙවියා මේ පැනය අප ලවා විසඳවනු කැමැත්තේ මෙසේ කීයේය. අද තා ගෙට ගිය කෙණෙහි තාගේ අඹූව සිඟා ලත් ධනය බලනු පිණිස වහා පසුම්බියට අත ලන්නීය. එකෙනෙහිම කාලසර්පයා විසින් දෂ්ට කරන ලද ඕ තොමෝ නස්නිය.”ගෙට ගිය අඹුවනයි” යනු මෙසේ සිද්ධිය . අද තෝ මඟ රැඳුණහොත් රාත්රීෙ කෑම පිණිස පසුම්බිය ලිහා එහි අත ලන් නෙහිය,එකෙණෙහි නයා විසින් දෂ්ට කරන ලද්දේ නස්නෙහියත “මඟ රැඳුණුහොත් තෝ නසී” යනු සිද්වනුයේ මෙසේය. එහෙයින් මේ සහායෙහිම තා තෝම දණ්ඩෙකින් ගසා පෙණය කර දෙදව් ලෙළව මින් නික්මෙන නාගේන්ද්රනය දැක සැක හරව” යනුයි. බමුණා මෙය අසා බිය වැද කර තුබු පසුම්බිය බිම දමා ඈතට පැන කී ලෙසම කෙළේය. එකෙණෙහි ‘සූ’ ‘සූ’ යි පෙණය කෙරෙමින් නිකුත් නාගයා සබාමාධ්යණයෙහි දරණ ලා ගෙන හොත්තේය . සර්ව ඥභාෂිතයක් වැනි මෙම ව්යාධකරණය දුටු සබාසඳ ජනයෝ මුග්ධ-වසඟ-වූහ. යකුන් වැසුණවුන් මෙන් කටයුතු නොකොට යුතු නොදරුවෝ ගල්රූසේ සිටිවනම හුන්වනම බලා හුන්හ. මේ ආශ්චර්ය්ෝ ය දුටු රජවරු ස්වකීය කිරුළු මහබෝසතාණන් හට පිදුහ. අන්යෙවයෝ තමන් අයත් ඒ ඒ දැයින් ඔබ පිදුහ. මහජනයා පිළි හිස සිසාරමින් නටන්නට වන්හ. දෙවියෝ මල් වැසි වැස්වූහ. තුතිගි ගැවසූ එසේද වුව මහසතාණෝ පර්ව්තයක් මෙන් නොසැලී හුන්හ.
12. සර්ගය
සංස්කරණයමහත්සේ පුදකොලහල පවත්නා කලත් නාගයා බෝසත් අනුහසින් නිශ්චලව සිටියේයි. එකෙනෙහිම මහසත්හු විෂවෙදකු ලවා ඌ අල්වා වනයට යැවූහ. ඉක්බිති මහලු බමුණා රජුට ද තුතිගා කියා මුව නොසෑහෙනසේ අගමැති වූ සේනක පණ්ඩිතයන්ට ස්තූති කරනුයේ ‘හිමිතුමාණෙනි, වහ්න්ය දී අෂ්ටමූර්ති ඇති ඊශ්වරයා නම් ඔබමය. අද මට සපිරිවර සක්විතිරජය ඇතොත් එය ඔබ පාමුල පුදමි . විෂ්ණුහට ජනයෝ මල්පල පුදන්නාහුය. එතුමාට මල්පල දුර්ලභ නිසා නොව එය ඔවුන්ගේ භක්ති ප්රෙ මය හඟවනු පිණිසය. එසේ හෙයින් මාගේ දුප්පත් පූජාව පිළිගනු මැනවැ ‘යි දුකසේ ලත් වහල්මිලවූ කහවණු සත්සියය (700) හිමිපාමුල තැබීය. හිමි තුමාණෝ මන්දහාසයෙන් මුව සරසා ‘ද්විජෝත්තම , ඔබ ප්රිණයවචනයෙන් තුතිකොට මට උපස්ථාන කළහුය. ඔබ මාගේ මිත්ර යෙක. දුප්පත් මිත්රපයෙකුගෙන් කිසිවක් ලැබීමට බලාපොරොත්තු නොවීම සජ්ජන චාරිත්ර්යෙකි, තව ද පණ්ඩිතයෝ සුභාෂිත වචන යන්ගේ ගෞරවය අඩු වෙතැයි කුලියක් නොගනිති. එහෙයින් මෙයින් එකකුත් නොගනිමි” යි කියා ඒ ප්රා හෘතයන් ප්ර තික්ෂේප කොට තමා වෙතින් ද තුන්සියයක් දමා දහස පුරවා ඔහුටම පරිත්යාතග කොට මත්තෙහි ද බමුණා අමතා මෙසේ කීහ:
“බමුණු තොපගේ භාය්ය් ව තරුණය , තොප මහලු බැවින් ඈ අන්පුරුෂයකු කෙරේ බැඳි තා ගෙයින් පලවා රිසිසේ විසීමට කළ උපායක් බව මුත් මෙහි සත්යායෙක් නැත.එහෙයින් තා මේ රන්මිල දහස කෙළින්ම ගෙට ගෙනගියහොත් ඕ තොමෝ රැගෙන හොරහිමිහට දෙන්නීය. ඒ නිසා මාර්ගයෙහි සුදුසු තැනෙක තබා යව” යනුයි. බමුණා ද එතුමා වැඳ සමුගෙන යනුයේ එසේම කෙළේය. එහෙත් බමුණා ගෙටවන් කෙණෙහි සොරහිමි හා සැතපී හුන් බැමිණිය සොරා සෙමෙන් ගෙයින් පිටකොට බමුණාගේ රවුල අල්ලා මෙතෙක් කල් සොයා ගෙන ආ ධනය කොයිදැයි ඇසූය. අඹුසොඬ බමුණා අසවල් තැන තබා ආමියි නොවළහා කීය, බැමිණිගේ සොරසැමියා ගෙය සමීපයෙහිම උන් බව දැන ඕ එකෙණෙහිම ඔහුට දැන්වූය.පසු දින උදයම ධනය තිබූ තැනට ගොස් බැලු මහල්ලා කහවණු නොදැක අඞමින් මහසත්හු කරා ගියේය. මහසතාණෝ සියලු තතු දැන සොරා අල්වා සියලු රන්මිල නැවත බමුණාට දෙවුහ.
13. සර්ගය
සංස්කරණයරෝගතත්වය බලා සුදුසු බෙහෙත් යොදන වෙදෙකු මෙන් මහාසතාණෝ සොරාට වරදට සුදුසු දඬුවම් දෙවා බමුණු කැඳවා අනාචාර ඇති ස්ත්රීදය හැර තමන්ගේ තත්වයට ගැළපෙන සමසිත් බමුණා එබස් අසා මෙසේ කීහ.
“හිමිපාණෙනි, තමන් පතන පිරිමියනුත්, අවකාශ කාලයත්, රහසිගත ස්ථානයත් නොලැබෙන බැවින් මිස කවර ගැහැනි යක් වරදට නොබැඳේ ද ? සියලු සරාගස්ත්රී හු බැඳෙත්ම. ඉතා පිළිකුල් දෙතිස්කුණපයන් ඇතත් කිසිවෙක් ශරීරයෙහි ඇති ඇලුම් නොහරිත්. එබැවින් පරණ පුරුදු ලියම මට යහපති” යනුයි. එ අසා මහසතාණෝ බැමිණිය ගෙන්වා අවවාද දෙනුවෝ “බැමිණිය,ස්තියකගේ අවගුණයෙන් රූපසෞන්දය්ය්ීරයදි සියලු ගුණ මැකී යන්නේය. සියහිමියා තමාට ප්රේමයෙන් සිටියදී ඔහුගේ යම් දොසක් සිතාගෙන අන්හිමියකු කෙරේ සිත යැවීම ස්ත්රියයකට නොමැකෙන කැලලෙකි. ප්රෙමමයෙන් බැඳි සිටි එක් පුරුෂයෙකු කෙරෙහි බිඳී ගිය අඟනක් අන්යත පුරුෂයෙක් කෙසේ නම් අටඬ්කව පිළිගනී ද? නොපිළිගනීමය. සුවඳ නැති මලට බමරු නොඑති. එමෙන්ම ස්ත්රීින්ගේ නුගුණ නිසාම පුරුෂයෝ ඔවුන් දුරු කෙරෙත්. අකුටිලව ප්රෙම කෙරෙමින් පුරුෂයන්ගේ සිත් ගැනීමට දන්නා බොළඳ ස්ත්රිකය පන්නා දමනුයේ කචරෙක් ද ? කිසි කෙනෙක් පන්නා නොදමති. සැප සම්පත් ඇතිකල කොප- මණවත්, අඟනෝ පුරුෂයන් වෙත සිටිති. පුරුෂයාගේ දුප්පත් කම ස්ත්රි යගේ ගුණ දැනගැනීමට උරගලෙකි.තමාගේ වරදින් ස්වකීයයන් සභාමධ්යියෙහි අධෝමුඛ නොකරව.තම දරුවන්ට හෝ නිර්මල යසසට හෝ ස්වකීය නෑයනට හෝ සෙනෙහස ඇතොත් සිය පුරුදු හිමි වෙත සිනෙඟැතිවව” යනාදීන් රළුව ද මොළොක්ව ද අවවා ද දුන්හ. තව ද ‘බැමිණිය , තී පතිදේවතාව වසව” යි නියම කොට බමුණු අඹුසැමියන් තම මාලිගය සමීප යෙහිම නවත්වා දිවි ඇතිතාක් සංග්රුහ කළහ. බෝසතාණෝ ද කුලුණු නුවණින් ලෝවැඩ වසමින් වූසූහ. එකල සේනක පණ්ඩිතයෝ නම් තථාගතයන්වහන්සේය. රුක්දෙවියෝ සැරියුත් මහතෙරණුවෝය, මහලු බමුණ ණෝ නම් අනඳ මහතෙරණුවෝය. සෙසු පිරිස්හු ද බුද්ධශ්රා වකයෝය.
තථාගතයන්වහන්සේ මේ ජාතකය වදාරා මත්තෙහි වතුරාය්ය්ද සත්යතය දෙසූ සේක.
14. සර්ගය
සංස්කරණයදුඃඛය, සමුදය, නිරෝධය, මාර්ගය යන මේ සතර චතුරාය්ය්න් සත්යය නම්වේ. ක්ලේශ සහිත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන කොටස් පස දුඃඛසත්යව නමි. පඨවිධාතු, අපෝධාතු , තෙජෝ ධාතු, වයෝධාතු යන මේ සතර මහාභූත ද :වක්ෂුඃප්රපසාදදි ප්රුසාදරූප පස ද: රූප ශබ්ද ගන්ධ රස යන රූප සතර ද : ස්ත්රීය භාවය පුරුෂභාවය හෘදයරූපය ජිවිතේන්ද්රිබයය ඕජසය යන මේ අටළොස නිපන්රූ නම්වේ.
පොළොව තදය, ගිනි උණුසුම්ය, දිය තෙත්ය, වාතය පුරවන සුලුය. මෙසතර පළිවෙළින් පිහිටවීම, බැඳීම, පැසීම , සෙල වීම යන ක්රි,යා ඇත්තේය.
ඇසේ කළුරූපය මැද උකුණුහිසක් ප්රයමාණව පිහිටියේ චක්ෂුඃ ප්‍රසාදයයි. කන තුළ සියුම් රෝමයෙන් ගැවසිගත් මුද්දක් බඳු ශ්රෝකත්රයප්ර්සාදයවේ.නාසයෙහි ළුළුකුර සටහන් ඇතිව ඝාණ ප්රෝසාදය ද, දිව මැද නෙළුම්මල් පෙත්තක සටහනින් ජිහ්වා ප්රෝසාදය ද, කෙස් ලොම් නිය දත් හා වියළි සම්කඩ හැර අන් සියලු ශරීරයෙහි සම ඇසුරු කොට කායප්රසසාදය ද පවත්නේය. නිලාදි වර්ණහය, මනුෂ්යා වාග්ව්යේවහාරාදී ශබ්දය, සුගඳ දුඟද විසින් දෙපරිදිවූ ගඳය. කසට මධුරාදී රසය පයෝධර ආදී ලක්ෂණ කොට ඇති ස්ත්රි භාවය .දැළිරවුල් ආදී සලකුණු ඇති පුරුෂ භාවය. හෘදයවස්තුවය , රූපජීවිතින්ද්රිුයය, ඕජෝරූපය යන අටොළොසයි:-
අරමුණු රසවිඳින වේදනාස්කන්ධය අරමුණු හඳුනන සංඥා ස්කන්ධය 1.ස්පර්ශය , 2 චේතනාය 3 එකඟ බව 4 අරූප ජිවින්ද්රිියය 5 මනසිකාරය, 6. විතර්කය 7.විචාරය 8 අධි මෝක්ෂය 9.විය්ය්ය ය 10 ප්රී්තිය 11ඡන්දය 12 මෝහය , 13 අහිරිකය 14. අතෝත්තප්පය, 15 උද්ධච්වය 16 ලෝහය : 17 දෘෂ්ටිය 18. මානය 19 ද්වේශය 20 ඊර්ෂ්යා ජය, 21 මාත් සය්ය්ය ්ය 22 කුක්කුච්වය 23. ථීනය 24 මිද්ධය , 25 විවිකිච් ඡාය ,26 ශ්ර ද්ධාය 27 ස්මෘතිය 28 හිරිය 29 ඔත්තප්පය, 30 අලෝභය 31.අද්වේෂය 32 මධ්ය.ස්ථාය ,33 කාය පස්සද්ධිය , 34. චිත්තපස්සද්ධිය, 35.කායලහුතාය, 36.චිත්ත ලහුතාය. 37 කායමුදුතාය , 38 චිත්තයමුදුතාය,39 කායපාගුඤ්ඤතාය, 42 විත්තපාගුඤ්ඤතාය , 43 කායජ්ජුකතාය ,44 චිත්තුජ්ජු කතාය, 45 සම්මාවාචාය 46.මුදිතාය , 50 ප්ර්ඥය යන පනස් ආකාර සංස්කාරස්කන්ධය, සියලු පදාර්ථයන් දන්නා විත්තයවූ විඥනස්කන්ධය යන ස්කන්ධ පස දුඃඛසත්‍ය නම්වේ. මෙයට මූලාකාරණය සමුදයසත්යන නමි. හේතුනිරෝධයෙන් ඵලනිරෝධය යට පැමිණිම නිරෝධසත්ය් නම් වේ. ඒ නිරෝධයට මාර්ගයයවූයේ සම්යැක්දෘෂ්ටි ආදි අඞ්ග අටක් ඇති ආය්ය් තුමාර්ගයයි. එ ද සීල , සමාධී, ප්රටඥා යන අඞ්ගත්රයයයෙන් සඞ්ගෘභිතය. මෙසේ ක්රසම යෙන් සියුසස් දෙසා රහත්ඵලය අවසන් කොට දම් දෙසූසේක.
15. සර්ගය
සංස්කරණය“මෙලෝපරලෝ සැපතටත් මෝක්ෂය ලැබීමටත් එකම පිහිට යයි නොයෙක් බුදුවරුන් විසින් දෙසුවක් කියමි” යි කාව්ය කර්තෲන්වහන්සේ සිය අදහස් පරිදි ප්රනතිඥා කොට ග්රයන්ථසමාප් තිය ආරම්භ කරනුවෝ : බුද්ධං සරණං ගච්ඡාමී -ධම්මං සරණං ගච්ඡාමී- සඞ්ඝං සරණං ගච්ඡාමි යන මේ අකුරු විසිහතරෙකින් යුතු තිසරණය පාරලෞකික සැපතට ප්ර තිෂ්ඨායි කීහ.
මහාකරුණායෙන් යුත් සියලු දැය දන් නුවණ ඇති උත්තම යාණෝ බුද්ධ නම් වනසේක.
සෝවාන් ආදි සතරමඟ සතරඵල හා නිර්වාණයද ත්රිනපිටක පය්ය්් ආපන්න ශ්රී සද්ධර්මය ද ධර්ම නමි.
සෝවාන් ආදි සතරමඟ සතරපලයන් ලැබූ ආය්ය්‍ත්පිරිස සඞ්ඝ නම් වේ.
මෙකි රත්නත්ර.යට ජීවිතය පිදීමෙන් ද මේ මට පිහිට යයි ගැන්මෙන් ද, වැඳීමෙන් ද, ශිෂ්යට බවට පැමීනිමෙන් ද යන සතර ආකාරයෙන් සරණගමනය සිදුවේ.
නෑකමකට හෝ ආචාය්ය් සියයි කියා හෝ හයට හෝ සරණ ගතහොත් එයින් පරලෙවට කිසිත් පිහිටක් නැත.එසේ නොවපරම පූජාර්භ යයිම දැන සරණ සමාදන්ව පංචසිල නමැති ආභරණ පැළඳ අනිත්යය දුඃඛ අනාත්ම යන තිලකුණු භාවනාව වඩා සගමොක්සැප සිද්ධකර ගනිවූ.
ශ්රිස බුද්ධවර්ෂයෙන් 236 වැන්නෙහි ශ්රිසමහාබෝධිශාඛාව ගෙන ලක්ද්වට පැමිණි, මිහිඳු මාහිමියන්හට මාතුල ගුණවත් සුමිත්ර නම් කුමාරයණන්ට ‘ජයමහාලාන’ යන තනතුරු දෙන දින යෙහි දෙවනපෑතිස්රජතුමාණෝ තමාගේ කිරිටය ද ඔහු (සුමිත්රද) හිස පැළැන්දවූහ.ඉක්බිති මහබෝ වඳවා , සඞ්ඝමිත්රා ස්ථවිරා වන්ගේ ආශ්රදමයෙහි සිටි සුමනා කුමරිය විවාහ කොට. බෝධි රක්ෂණයෙහි යොදාලුහ. එම වාසයෙහි උපන් ශ්රීොසඞ්ඝබෝධිය, මහාසේනයය, කීර්තිශ්රී මේඝය, බුද්ධදාසය, මහානාමය,කුමාර දාසය . අග්රකබෝධිය, මහාවිජයබාහුය,මහාපරාක්රහමබාහුය යන රජුන්ගෙන් අසංහින්න රාජවංසයෙහි ශාක්යීවිජයබාහුරජුගේ නරේන්ද්ර්යාණන්ගේ තිස්සතරවන මේ වර්ෂයෙහි කාව්යදශේඛරය ලියා නිමවිය.
පාලි සිංහල භාෂාද්වයෙහි නිපුණවූ, පවිත්රා නුවණ ගුණ ඇති , කිර්තිමත් ලෝකනාථා රාජකුමාරිකාවෝ මේ ධර්මය මැනවින් ශ්ර්වණය කළහ.
තොටගමුවෙහෙර අධිගෘහිතවූ නාථාසුන්රේද්රර තෙම දිනේවා . තුන්ලෝවැස්සෝ ඔවුනොවුන්ට මෙත් කෙරෙමින් සැපයෙන් වැඩි නිවන් ලබත්වා . සද්ධර්මය දිලේවා. රජතුමා මැනවින් රට රකීවා.සුදුසු කලට වැසි වසීවා . ලෝකසත්වයෝ සමඟිව දිගා වෙත්වා.
විද්යාෙලංකාර පිරිවන්හි උප ප්ර ධානාචාය්ය්ස ව වැඩවූසූ, හැඬිපන්නල පඤ්ඤාලෝක ස්වාමීන්ද්ර යන් විසින්
කාව්යා්ශේඛරය නිසා ලියූ සංක්ෂේප භාවය මෙතෙකින් නිමිසේයි.