කාව්යශේඛර-තෙළෙස්වන සග

තෙළෙස්වන සග



1. දැක1 වෙදු ලෙඩ තර ම් කරන විලසින්2 ගිනිය ම්3

ඒ සොරට හිමි උතු ම් කැරැව් වරදට සුදුසු දඬුව ම්


2. තව ද නරවර ණා4 කැඳවා ළඟට බමු ණා

ඔහු ලියගෙ නුගු ණා කියා සායද ලියෝ දෙර ණා


3. එසෙයින්5 ලියක වෙ න සමසිත්ව නිති වෙසෙමි න

දන් පින් කරයි6 දැ න බණත් හිමි කී එවිප්7 මෙලෙසි න


තෙළෙස්වන සග


1. වෙදු-වෛද්යැයා, ලෙඩ-(වහ්නිකර්මිසාධ්යනවූ) ව්යා‍ධියගේ, තරම්-ප්රිමාණය, දැක දර්ශනය කොට, ගිනියම්-වහ්නිකර්මවය, කරන විලසින් - කරන්නාක් මෙන්, උතුම් -උත්තම වූ, හිමි- (බෝධිසත්ව)ස්වාමි තෙම, ඒසොරුට-ඒ චෞරයාහට, වරදට සුදුස-අපරාධයට යෝග්යිවූ, දඬුවම්-දණ්ඩකර්මය, කැරවී- කැරවූයේය.

2. තවද-අනිකෙකුදු(ඇති), නරවරණා-නරවරේණයවූ(පණ්ඩි තෝත්තමයා), බමුණා(වෘද්ධ)බ්රාමහ්මණයා, ළගට(තමන්)සමී පයට, කැඳවා-ආහ්වානය කරවා, ඔහු ඒ වෘද්ධද්විජයාගේ, ලියගේ-කාන්තාව සම්බන්ධිවූ, නුගුණා-අගුණයෙන්, කියා-කථ නය කොට, දෙරණා-ධරණිතලයෙහි, ලියෝ-ස්ත්රීගහු, සාය ද- දුර්ලභයෝ ද.

3. එසෙයින්-ඒ හේතුවෙන්, වෙන ලියක-අන්යස ස්ත්රි යක හා, සම සිත්ව-සමානාධ්යා ශයව, නිති-අනවරතයෙන්, වෙසෙමින- විසය කෙරෙමින්, දන් පින්-දානධර්මයෙන්, දැන-ජානනය කොට, කරයි-කරවයි,හිමි-(බෝධිසත්ව)ස්වාමීහු, බණත්- කථනය කරන කල්හි, ඒ විප්-ඒ විප්රය තෙම, මෙලෙසින-මේ වක්ෂ්යරමාණ ආකාරයෙන් , කී-(ප්රිත්යු්ත්තර)කථනය කෙළේ.

1 දැන 2 කරවන ලෙසින් 3 පිළියම 4 පඬිවරණා 5 එහෙයින්-මුද්රිත 6 කරව 7 එවිට 272 කාව්යමශේකරය 13 සර්ගපය



4. පිරිමිනුදු1 පන න අවසරකල් රහස්තැ න

මිස නොලැබෙන සෙයි න2 ගැහැනු3 කවුරුද වරද නොබැ‍ඳෙ න


5. දෙතිස්කුණු ඇතිව ත් සත ගත ඇළුම් නොහරි ත්

එබැවින් වරදැත ත් පරණ පුරුදුවූ4 ලියම යහප ත්


6. එ මේ දන්වා ලි ය ගමනින් සදිසි නාලි ය

ගෙන්වා බැමිණි ලි ය5 ඉසුරු මෙ තෙපුල් යළි කියා ලි ය



4. පතන-ප්රා ර්ථනා කරන්නාවූ, පිරිමිනුදු-පුරුෂයන්ද, අව සරකල්-අවකාශ කාලයද, රහස්තැන-රහෝගතස්ථානයද, නොලැබෙන සෙයින මිස-අලභ්ය මාන හෙයින් මුත්, වරද- අපරාධයෙහි, නොබැ‍ඳෙන-ආසක්ත නොවන්නා වූ, ගැහැනු- ගෘහිනීහු, කවුරු ද-කතර තැනැත්තීහුද.

5. දෙතිස්කුණු-ද්වාතිංශද්විදකුනපයන්, ඇතිවත්-විද්යාරමාන වුවත්, සත-සත්වයෝ, ගත-ස්වකීය ශරීරයෙහි, ඇළුම්-ආසඬ් ගය, නොහරිත්-වර්ජනය නොකෙරෙත්, එබැවින්-තද්හාව යෙන්, වරද ඇතත්-අපරාධ විද්යාෙමාන වුවත්, පරණ පුරාණවූ, පුරුදුවූ-පරිවිත වූ, ලියම-ස්ත්රීම තොමෝම, යහපත්-ශෝභන වෙයි(යනු පිළිතුරුයි)

6. එ-ඒ වෘද්ධ බ්රා,හ්මන තෙම, මේ-(යථෝක්තවූ)අර්ථය, දන්වාලිය-නිවේදනය කළේය, යළි-නැවත, ඉසුරු-(මහා බෝධිසත්ව)ස්වාමි තෙම, ගමනින්-ගමනලීලායෙන්, නාලිය සදිසි-හස්තියක වැනිවූ, බැමිණි ලිය-භ්රාඉහ්මණ ස්ත්රිළය, ගෙන්වා- (සමීපයට)පමුණුවා, මෙතෙපුල්-මේ(අවවාද)වචනයෙන්, කියා ලිය-කථනය කළේය.

1 පිරිමියෙකුදු-මුද්රිත 2 බැවින-මුද්රිත 3 ගැහැණු-මුද්රිත 4 පුරුදු-සමහර 5 බමුණුලිය-ඇතැම් 13 සර්ගසය සංජීවනී ව්යා-ඛ්යාන 273



7. රන්වන් පැහැ ගතැ ති නලඹළ ලියක විලසැ ති

ලියක් රූසිරු ඇ ති මැකේ නුලුනණන් මීට සැක නැ ති


8. වෙමින් කිසි රැහැණි ය‍ සියහිමි කෙරෙන් පැරණි ය

සිතු වෙනත පැමිණි ය කැලල වෙයි අහනන්ට බැමිණි ය


9. පෙමින් පිළිබද් දේ රැඳවූ එකකු1 මැද් දේ‍

උන් ලිය නොයිද් දේ2 ඇසූ3 අනිකෙක් කෙසේ බද් දේ



7. රන්වන්-ස්වර්ණවර්ණවූ, පැහැ-ප්ර්භාවත්වූ, ගතැති-දේහයක් ඇත්තාවූ, නලඅඹළ-මාරුතයෙන් ආවෘත්තවූ, ලියක-(සිවර්ණ්) ලතාවකගේ,විලසැති-විලාසයෙන් යුන් යුක්ත වූ, රූසිරු ඇති-රූප ශ්රීකමත්වූ, ලියක් -ස්ත්රිූයක් තොමෝ, නුගුණෙන්-(තමාගේ) අගුණය කරණකොට ගෙන,මැකේ-ලුප්තවේ, මීට-මේ අර්ථඇය සඳහා, සැක නැති-සංශයෙක් නැත්තේයි.

8. බැමිණිය-එම්බා බ්රාශහ්මණිය, කිසි රැහැනිය-අනියත රෝෂ යකින්, වෙමින්-යුක්තව, පැරැණිය-පුරාණවූ, සියහිමි කෙරෙන්-ස්වකීය ස්වාමීහු කෙරෙන්, වෙනත-අන්යපකු කෙරෙහි, සිතූ-චිත්තය, පැමිණිය ප්රා,ප්ත වුවහොත්, අඟනන්ට-අඬ්ගනා වන්ට, කැලල වෙයි-(ඒ)කලඞ්යෙක් වේ.

9. පෙමින්-ප්රේ-මයෙන්, පිළිබද්දේ- ප්ර තිබද්ධවූ, රැඳවූ-රඤ් ජනය කරවූ, එකකු-එක් පුරුෂයක්හුගේ, මැද්දේ-මධ්යඅයෙහි හෙවත් ආශ්රමයෙහි, නොඉද්දේ-සෘජුසිත් ඇති නොව, උන්- වාසය කළා වූ, ලිය-ස්ත්රිකයක හා ඇසූ-(එපවත්)ශ්රහවනය කළාවූ, අනිකෙක්-අන්යි පුරුෂයෙක් තෙම, කෙසේ-කවර පරිද්දෙකින්, බද්දේ-ආසක්ත වේද.

1 එකෙකු 2 නොසිද්දේ 3 අසා

274 කාව්‍සකෙශ්කරය 13 සර්ගකය




10. මල් සුවඳ නපු රූ සෙයින් නොලැගෙන බම රූ

අඟනන් වනු දු රූ තමන් නුගුණෙන් මෙබස නිබො රූ



11. නැති ගුණය පෙන් නා පිරිමින් නිති ළඟන් නා

බොළඳකම් දන් නා කවුරු අඟනන්1 පියත් පන් නා



12. සැප ඇති කල සර ණ ඉඳිති අඟනො නොපම ණ

නාහස්නාපහ ණ2 වැන්න3 හිමි දුක් ඔවුන්ගේ ගු ණ



10. නපුරු සුවඳ-අනිෂ්ට සුගන්ධය කරනකොට ගෙන, නොලැ ගෙන බමරු-සමීපස්ථ නොවන භෘඬ්ගයන් ඇති , මල් සෙයින්- පුෂ්පයන් මෙන්, අඟනන්-අඬ්ගනාවන්, තමන් නුගුණෙන්- තමන්ගේ නුගුණය කරණ කොට ගෙන, දුරුවනු-(මහපත් වල්ලභ යක් කෙරෙන්)දූරීභූතවීමය යන , මෙබස-මේභාෂිතය, නිබොරු- අසත්යෙ නොවේ(සත්යය මැයි).

11. ඇති ගුණය-සත්යයවූ ගුණය, පෙන්නා-දර්ශනය කරවා, නිති-අනවරතයෙන්, පිරිමින්-ස්වාමිපුරුෂයන්ගේ, ළගන්නා- චිත්තාරාධනය කරන්නාවූ, බොළඳකම්-()ස්ත්රීගන්ට යොග්ය් වූ මුග්ධතාවන්, දන්නා-ජානනය කරන්නා වූ, අඟනන්-අඬ්ගනා වන්,කවුරු-කතර ජන කෙනෙක්, පන්නා පියති-නිර්හරණය කෙරෙත් ද හෙවත් නෙරපත්ද.

12. සැප ඇති කළ-ස්වාමිපුරුෂයා සුවපත් කල්හි, අඟනෝ- අඬ්ගනාවෝ, නොපමණ-අප්රමමාණ රහිතව හෙවත් වුවමනා පමණටත් වැඩිව, සරණ ඉඳිති-ශරණව වාසය කෙරෙත්, ඔවුන්ගේ-ඒ භාය්යාරෙත්වන්ගේ, ගුණ-ගුණධර්ම(පරීක්ෂණයෙහිලා), හිමිදුක්-ස්වාමිහුගේ දුඃඛය තෙම, නාහස්නාපහණ වැන්න-නිකප පාෂාණයක් මෙනි. 1 ගැහැනුන් 2 නහස්නාපහණින 3 පෙනේ-මුද්රිත 13 සර්ගහය සංජීවනී ව්යාණඛ්යා 275



13. නොවන හිමි හර ණේ දරු වැදු ගැහැනි1 නුගු ණේ

රහින් පුතු මුහු ණේ රහස තම කළ වරද පමු ණේ


14. දඩසැර එකකු2 වෙ ත් වැදූ දරුවන් ගෙනැවි ත්

අනිකක්හු ගෙයි ක ත් මීට වැඩි විළි නැති කමෙක් නැ ත්


15. හමිහට ඇති පද ම් පිටතට කියන නොතර ම්

පෙන්වන කොහොලක ම්3 ඉතිරි ගෙයි වසන සැතිරි න ම්



13. හිමි-ස්වාමීහු හා, හරණේ නොවත-සමාන රූප නොවන් නා වූ, දරු-දාරකයන්, වැදූ-ප්රේසූත කළාවූ, නුගුණේ-ගුණවත් නුවූ, ගැහැනි-ගෘහිණි තුමූ, පුතු-පුත්රස මුඛයාගේ, රහින් ආකාරයෙන්, රහස-රහසිගතව, තම කළ-තමා විසින් කරන ලද, වරද-අපරාධය, පමුනණ්-(ප්ර කාශයට)පමුණුවන්නිය.

14. එකකු වෙත්-එක් පුරුෂයෙකු කෙරෙහි, දවස් ඇර, කාලක්ෂේපකොට, වැදූ-ප්රකසව කළාවූ, දරුවන්පුත්රිදුහිතෘන්, ගෙනැවිත්-ග්රතහණය කොට අවුත්, අනිකක්හු-අන්ය පුරුෂයක් හුගේ, ගෙයි-ගෘහයෙහි, කත්-අනුභව කෙරෙත්, මිට වැඩි- මෙයින් අධිකවූ, විළි නැති කමෙක්-ව්රීඩාරහිත ක්රිභයාවක්, නැත්- අවිද්ය මානයි.

15. හිමිහට-ස්වාමිපුරුෂයාහට, ඇති පදම්-ඇත්තාවූ(ධන ධාන්යා දී)ප්රිමාණය, පිටතට-බාහිර ජනයාහට, කියන-කථනය කරන්නාවූ, නොතරම්-අප්රයමාණවූ, කොහොළකම්-කුතුහල කර්මයන්, පෙන්වන-දර්ෂණය කරවන්නාවූ,ඉතිරි-ස්ත්රීූතොමෝ, ගෙයි-ගෘහයෙහි, වසන-වාසය කරන්නාවූ, සැතිරිනම්-ශත්රමතැනැත්තී නම් වේ1 ගැහැනු 2 එකෙකු 3 කොහොල්කම් 276. කාව්‍කරෙශඛර 13.සර්ග ය



16. හන්1 කිලුටුවත් ඈ ති ගෙතු හිසකේ වැටී ඇ ති

නෙතට දුරිනා ප ති ඔබලවෙස් වැනි වෙන2 පඬුරු නැ තී


17. මලිය දිවි දෙයි ය න ඇදහිලි නොවන නිතියෙ න

හිමි සහ දවස් ය න දුකට සරි කො ද දුකෙක් ලොව වෙ න



18. ලෙහිමි අන් නිවෙ සා ලැග්ගයි3 කියන බස සා

ඉඳින ලිය ඉව සා කවර නම් දෙය නොඉඳ4 ඉව සා



16. දුරින්- දුරස්ථානයෙක්හි සිට ,ආ- ආගමනය කළාවූ , පති- ස්විමීහුගේ , නෙතට- නේත්රියට , හන්- ආච්ඡාදිතවූ , කිලුටු වත් ඇති- ක්ලිෂ්ටවස්ත්රව අත්තාවූ , ගෙතූ- ග්රළථනය කරන ලද, හිසකේ වැටී ඇති- කේශකලාප ඇත්තාවූ , ඔබලවෙස්වැනි- ( භාය්යා්ඡ වගේ) දුර්වල වේෂය බඳුවූ , වෙන පඬුරු- අන්යැ ප්රනභෘතයෙක් , නැති- නැත්තේය .

17. මලි‍ය- මාගේ භාය්යාස තොමෝ , දිවි දෙයි යන - ජීවිතය රැක දෙන්නීය යන , ඇහිලි නොවන - ශ්ර ද්ධාවකින් යුක්ත නුවූ , හිමි සහ - ස්වාමියෙකු හා සමඟ , නිතියෙන- අනවරතයෙන් , දවස් යන- කාලක්ෂේප වන්නාවූ , දුකට-දුඃඛයට , සරි- සමානවූ, වෙන දුකෙක්- අන්යක දුඃඛයෙක් , ලොව - ලෝකයෙහි , කොද- කවරේ ද,

18. ගෙහිමි- ගෘහස්වාමි තෙම , අන් නිවෙසා- අන්ය, නිවසෙන යෙකිහි, ලැග්ගයි කියන- ශයනය කළේය යන , බස- වචනය, අසා -ශ්රිවණය කොට , ඉවසා (එය) අධිවාසනය කොට , ඉඳින- වාසය කරන්නාවූ , ලිය- ස්ත්රීළ තොමෝ , කවර නම් දෙය - කිනම් දෙයක්, ඉවසා ධිවාසනය කොට, නොඉඳ -වාසය නොකරන්නී ද?.

1.අන්- මුද්රිත	2.වෙණ	3.ලැග්ගයි- මුද්රිත		4.නොයිඳ-මුද්රිත 

13.සර්ගඉය සංජීවනි වයා ම්ඛ්යාන 277.



19. ළදකල පෙර ද‍ව ස යහපත සිතා සෙනෙහ ස

මැහැලි කල්හි ද තො ස පුරව1 ගුණ අත් නොහරිනා ලෙ ස


20. තම වරදින් ස බා වේමැද සියන්2 සසො බා

යන ලෙස කර නො බා කරව යහපත ගුණෙන් සුල බ‍ා


21. දරුවන්ට3 සිනෙහැ ත4 විමල් යහසට සිනෙහැ ත4

තමහට ද5 සිනෙහැ ත4 තරේ සිනෙහැති4 වන්න හිමි වෙ ත



19. පෙර දවස- පූර්ව කාලයෙහි , ළදකල- තරුණ අවස්ථායෙහි , යහපත- සුන්දර වූ , සෙනෙහස- ස්නේභාධ්යාජශය , සිතා- චින්තනය කොට, මැහැලි කල්හි ද- වෘද්ධාවස්ථායෙහි ද, ගුණ- ගුණය , අත් නොහරින‍ා ලෙද - වර්ජනය නොකරන පරිද්දෙන් , තොප- සන් තෝෂය , පුරව- පූරණය කරව.

20. තම වරදින්- ස්වකීය අපරාධයක් හේතුකොට ගෙන , සියන්- බන්ධූන් , කර නොබා- පතිතස්කන්ධ නොව , සසොබා- ශෝභා සහිතව , සබාවේ මැද- සභාමධ්යු විථීමධ්ය යන්හි , යන ලෙස- ගමනය කරන පරිද්දෙන් , ගුණෙන්-( තමාගේ) ගුණය කරණ කොට , යහපත- සාධූත්වය , සුලබා කරව - සුලභ කරව.

21. දරුවන්ට- පුත්රාදුහිතෘන්ට , සිනෙහෙ ඇත- ස්නේහය ඇත හොත් , තමහට ද- ආත්මය හට ද, සිනෙහෙ ඇත- ස්නේහය ඇත හොත්, හිමිවෙත- ස්වාමීහු නෙරෙහි , කරේ- ස්ථීරව , සිනෙහෙ ඇති වන්න - ස්නේහාන්විත වෙව.

1.පුරුදු-සමහර 2.කියන 3.දරුවන්ට 4.සෙනෙහැත 5.තමාට ද

278 කාව්‍නෙෙශඛර 13.සර්ග ය



22. සැබැවින් කළ වර ද අඟවන සිතින් නීවර ද

කරන තැත1 ගෙයි ඉ ඳ දෙවෙනි වරදැයි දනුව කල්බ ද


23. බැරම2 පලගත් අ තු නැමෙන විලසින් තමන තු

හිමි පෙම් වත දිමු තු නැමෙව ඔහු වෙත සිතා3 කටයු තු


24. ඇසිපිය හෙන ක ලේ වැලඳි අත කල4 ලිහි ලේ

තිබත5 පියතෙප ලේ හිමින් වියොවයි6 සිතව එක ලේ



22. කල්බඳ- මනෝඥදේහ ඇත්තිය , සැබැවින්- සත්ය වූ පරිද් දෙන් , කළ වරද- කළාවූ අපරාධය , නිවරද- නිරපරාධයෙකැයි, අඟවන සිතින්- නිවෙිදනය කරන චිත්තයෙන් , ගෙයි ඉඳ- ගෙහි උපවෙිශනය කොට , කරන-කරනු ලබන්නාවූ , තැත- උත්සා හ‍ය , දෙවෙනි වරදැයි- දිවීතීය අපරාධය‍යි , දනුව- ජානනය කරව.

23. බැරම-භරිතවම, පලගත්- ඵලග්රැහණය කළාවූ, අතු- ශාඛාවන් , තමනතු- තමා කරා හෙවත් වෘක්ෂය කරා , නැමෙන විලසින්- අවනත වන පරිද්දෙන් , හිමි-ස්වාමිහුගේ , පෙම්-ප්රෙ-මය, දිමුතුවන- දීප්තිමත් වන කල්හි , ඔහු වෙත- ඒ ස්වාමිහු කෙරෙහි , කටයුතු- කර්තව්යතයන්, සිතා- චින්තනය කොට , නැමෙව- අවනත වෙව.

24. ඇසිපිය හෙන කලේ- අක්ෂිපක්ෂ්මයන් නිපතිත වන කල්හි ද, වැලඳි අත- ආලඞ්ගිත හස්තය, ලිහිලේ කල- සිථිලවූ කල්හි ද, පියතෙපලේ- ප්රි-ය වචනය , තිබත - නිමවන කල්හි ද ( යන) , එකලේ- එබඳු කාලයෙහි , හිමින්- සුවාමීන් හා , වියෝවයි- වියෝගය වියයි, සිතව- චින්තනය කරව.

1.තැත් 2.බරට 3.කියා 5.අතකළ-මුද්රිත 5.නිබඳ 6.වයොවෙයි-වියොවැයි

13.සර්ග2ය සංජීවනි වයා, ිඛ්යාු 279.



25. පවතු ලෙස වැඩක රු හිමි හට නොව නොකීක රු

සම1 ගැහැනුන් සොඳු රු නොසන පනතෙක2 මතු දවස් හ රු


26. ඉති බැමිණිට එව ර තම පියතමම දෙවි කැ ර

දවසරිනුව නිතො ර ඔවා කැර තරවටුව පඬිව ර


27. එ බමුණුට සෙනෙහ ස තම මාලිගා අබිය ස

හිවි මහලින් සක ස ගෙයක් සලසා නිත් හිඳින3 ලෙ ස


25. වැඩකරු ලෙස-දාසියක මෙන් , හිමිහට- ස්වාමිහට, පවතු- ප්රකවෘත්ත වෙව, නොකීකරු නොව- දුර්වව නොවව, සොඳුරු- සුන්දරවූ , සමගැහැනුන්- සමාන ස්ත්රී න් , නොසෙන පනතෙක- හාස්යර නොකරන ප්රැඥප්තියෙක්හි , මතු- අනාගතයෙහි , දවස් හරු- කල්යවව.

26. ඉති මෙසෙයින්, පඬිවර- පණ්ඩිතෝත්තම තෙම ,එවර- ඒ වාරයෙහි , බැමිණිට - බ්රා හ්මණියට , තම පියතමම- ස්වකීය වල්ලභයාම , දෙවිකැර - දෛවත කොට , නිතොර - නිරන්තර යෙන් , දවස් අරිනුව - කල්යවනු පිණිස , තරවටුව- තර්ජනයෙන් යුක්තව , ඔවා කැර- අවවාද කොට -( දතු දෙවකක් හා කුලකයි)

27. එ බමුණුට- ඒ බ්රාිහ්මණයා හට , සෙනෙහස- ස්නේහාධ්යාස ශයෙන් , තම මාලිගා අබියස- ස්වකීය ප්රා සාද සමීපයෙහි , හිවි මහලින්- උච්චභූමීන්ගෙන් යුක්තවූ , ගෙයක්- ගෘහයක් ,නිති හිඳින ලෙස- නිත්යූවාසාකාරයෙන් ,සකස- මනාසේ , සලසා- සම්පාදිත කොට . 1-සැම 2.නොපත් පමණට 3.ඉඳින-මුද්රිත

280. කාව්‍ාහෙශඛර 13.සර්ග ය



28. ගම්බිම් වහල් යු තු ගවසිය කසුන් මිණි මු තු

සළු අබරණ දිමු තු මෙ ඈ සව්සිරි දෙවි මහස තු


29. එ මහත්මා එව ර කුලුණෙන් පතළ නරතු ර

දියවැඩමඟුල් කැ ර විසී සැපසේ වෙමින් සිරි ස ර


30. සෙන්මහපඬි සුග ත් එ රුක්දෙවි නම් සැරියු ත්

මහලු දද ගුණට ත් අනඳ මහතෙර මහණ යෙසු ස ත්


28. වහල් යුතු- දුසිදාසයන්ගෙන් යුක්ත වූ , ගම්බිම්- ග්රා මභූමිය , ගවසිය- සියගණන් ගෙරිහුය, කසුන්-කිඤ්චනය , මිණි- මාණි ක්යිය , මුතු-මෞක්තිකය , දිමුතු- දීප්තිමත්වූ , සළුඅභරණ- ශාටක හා ආභරණය (යන) , මෙ ඈ- මේ ආදීවූ, සව්සිරි- සකලශ්රීභන්, මහසතු-මහාසත්ව‍ තෙම , දෙවි- ද‍ානය කරවි.

29. එවර-තත් කාලයෙහි , එ මහත්මා - ඒ ( බෝධිසත්ව) මහෝත් තම තෙම , පතළ- (ජනයන් කෙරෙහි) ව්යාඒප්තවූ , කුලුණෙන්- කරුණායෙන් , නරතුර- නිරන්තරයෙන් , දියවැඩ මඟුල්- ජගද් ධිත මඞ්ගලයන් , කැර- සිද්ධ කොට , සිරිසර වෙමින්- ශ්රීගසාර යෙන් යුක්තව, සැපසේ - සැපවූ පරිද්දෙන් , විසී- වාසය කෙළෙයි.

30. සෙන්මහපඬි- ඒ සේනක මහාපණ්ඩිත කෙමේ නම් , සුගත්- සුගතවූ ( අස්මත් තෙමේ) ය, එ රුක්දෙවි නම්- ඒ වෘක්ෂදේවතා නම්, සැරියුත්- ශාරිපුත්ර් ( මහාස්ථවිර තෙමේ) ය, ගුණවත්- ගුණාන් විතවූ , මහලු දද- වෘද්ධ බ්රාකහ්මණ තෙමේ නම් , අනඳ මහතෙර- ආනන්ද මහාස්ථවිර තෙමේය, සෙසු සත්- අවශේෂ ජන තෙම, මහණ- භික්ෂුසඞ්ඝ තෙමේ යයි.




31. සදහම් සිතෙල් රන පා සඟට අසන කැර පිණි පා

සග අප වල දෙකට උ පා දො මුනිඳු කී ගළ පා


32. සුරනර මන කරවන තො ස් විහිද අටභයුතු බඹගො ස්

දෙසන ලෙසට ඇති අනුස ස් මුනිඳු පටන්ගති සිවුස ස්



ඉති තෙළෙස්වන සග


31. සඳහම් සිතෙල්-සද්ධර්ම නැමති සිංහවශාවට, රනපා- ස්වර්ණළභාජන බඳුවූ, පිණිපා කැර-ප්ර ණිපාත කොට, අසන-ශ්රතව ණයකරන්නාවූ, සඟට-යතිසමූහයා හට, සගඅපවග දෙකට- ස්වර්ගාපවර්ග සම්පත්තිද්වයට, උපා-උපායවූ, මෙදා-මේ ජාතක ධර්මය, ගළපා-පූර්වාපරසන්ධි සවනය කොට, මුනිඳු-මුනින්ද්රත යාණෝ, කී-වදාළසේක.

32. සුරනර-දේවමනුෂ්ය යන්ගේ, මන-චිත්තයන්, තොස්කර වන-තුෂ්ට කරවන්නාවූ, අටභ යුතු-අෂ්ටාභිගයකින් සමන්විතවූ, බඹගොස්-බ්රරහ්මඝෝෂය, විහිද-විසෘෂ්ට කොට, මුනිඳු-මුනින්ද්රී යන්වහන්සේ, අනුසස් ඇති-අනාශංසයෙන් යුක්තවූ, සිවුසස්- චතුස්සත්ය යන්, දෙසන ලෙසට-දේශනා කරන පරිද්දෙන්, පටන්ගති-ආරම්භග්ර,හණය කළසේකි.


ත්ර්යෝදශසර්ගග ව්යාණඛ්යායනය නිමි

"https://si.wikibooks.org/w/index.php?title=කාව්යශේඛර-තෙළෙස්වන_සග&oldid=4519" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි