කාලිංග බොධි ජාතක කාව්‍ය-විවරණය

ග්ර න්ථි පද විවරණය

සංස්කරණය

අගතිසි (573) අගසති ඍෂිවරයා, අගත් ඉසි; මෙහි නුවණින් අග පත් බැව් දැක්වූයේ අගස්ති ඍෂිහට උපමා කිරීමෙනි. පැරැණි කවියන් හට එබඳු උපමා කිරීමක් නුහුරුය. දක්ෂිණ භාරතීයයන් අතර අගස්ති ශ්රේැෂ්ඨ උගතකු කොට සලකනු ලැබෙයි. ප්රවථම ද්ර්විඩ ව්යාිකරණය කැරුණේ ද අගස්ති ඍෂිවරයා විසිනි. එහෙයින් නුවණින් අගතීසි හා සමාන කොට දැක්වීම යෝග්යයය.

අග (181, 294) අග්නිය. "ගිනි ගැත අග හුතැස් හුතස්න සිකි දහන් දල" - රුවන් මල.

අග සිළු (12) අග්නි ශිඛා, ගිනි දළු අගම යුගය (356) කල්පානත්ය

අටදිටි සඳ (52) සරස්වතීය. අට දිට නම් බ්රනහ්මයායි. හේ මුහුණු සතරක් ඇත්තේයි. එහෙයින් හෙතෙම ඇස් අටක් ඇත්තේය. දිටි නම් ඇසයි දෘෂ්ටි > දිටි > දිට සඳ යනු කාන්තා පර්යාමය. බඹහුගේ භාර්යා් හෙයින් සරසවිය අටදිටි සඳ නම් වෙයි.

අඩ දණ්නි (267) දණ අඩක් නැමිමෙන් අඩ ගහන රාමිලින සඳ (182) රාහු විසින් අර්ධයයක් ග්නනා ලද.

අතැඹුලෙක (78) හස්තාම'ලකය, අතැ වූ නෙල්ලි ගෙඩිය. ආමලක > ඇඹුල යමක් මැනැවින් දන්නා කල ඇතැ ඇඹුලක් මෙන් සමාන කොට දැක්වීම සිරිති.

අද පල්(133) අජපාල > අද පල්. එනම් නුග රුක. අබු බඳ (197) නිතර, අනුබද්ධ > අනුබද > නුබඳ.

අපර නිරද (542) නිරද අපර (541) අපර සාගරය පැළ දිග සයුර. නදී රාජ > නීරද > නිරද, නීරද නම් සාගරයයි. සිරිත්පති යයි සංස්කෘතයෙහි නදීන්හට නමක් වෙයි.

අපවග (673) අපවර්ගි, නිවනයි. අපිස් බැව් (653) අලෙපච්ඡතාව.

අපුස් (421) අපුවඡ යන්නෙන් ආ හැකිය එසේ නම් වලග නැති යන අත්ථියෙහි යෙදේ.



(87)

අබිනවය (455) අලුත් බව අබියස (222, 588) ඉදිරිය අර වින්දේ (61) නෙළුම, අරවින්දල අලි (419) අලි

අලි වැල (318) මී මැසි රැස; අලි යනු ශෘංගයනට නමෙක් වෙයි. එළිසමය සඳහා අලී යයි සකස් කොට ඇත.

අවනි තල (27) පොළෝ තලය අවනි පෘථිවි පර්‍ාි යය. "ක්ෂමාවතිමේදිනි මහී" - අමරකෝෂ.

අවිවර (360) විවර නො වී.

අසුර ගුරු (4) කිවි; අසුරයන්ගේ ගුරු නම් ශුක්රාිවාර්ය යෝය. හේ ශාස්ත්රමයෙහි නිපුණය. ඔහු ද ලෝක සංරක්ෂණයෙහි නියුක්ත දෙවියෙකු කොට කවීන් විසින් සැලැකෙයි.

ඇල් ගෙවි කල් (323) ඇල් කෙත් රක්නා කාන්තාවන්, ශාලි ගෝපිකාවන්, කල් යනු කාන්තා පාර්ය යාය.

ඈ වත්නී (244) ඇවැත්නි. යනු මාත්රාු ගණන සම්පූර්ණ කර ගැනීමට විරූප කර ඇති අයුරුයි.

ඉකුත්වන (272) අතීන කථාව, අතීක්රා්න්ත වස්තුව

ඉඟු සැව් (164) අනංගයා. ඉක්ෂුචාප. අනංගයා දුන්න සඳහා යොදා ඇත්තේ උක් දණෙඩකි.

ඉදාවන (104) චන්ද්රථයා බඳු ඉන්දු > ඉඳු. ඉඳා - ඉඳු යන්නෙහි අපරූපයෙකි.

උද අව (548) උදා වීම හා අවරට යාම.

උදසික සෑ (214) උද්දෙසික චෛත්යාය.

උනඹුවො ( 294) විරහ කාන්තාවෝ

උපෝසත කුලය (605) දශඇත්කුලයෙන් එකකි. ඡන්දන්ත කුලයට පෙරාතුව කුලය.

උබය කුල (18) කුල වය, මව් පිය කුල දෙක උලෑඟි (519) උල්ලඕඝිත, උඩට නැගුණු. (88)

උවින්දේ (47) උවිඳු (59) විෂ්ණු; උපෙන්ද්ර ; වාමන කල්හි විෂ්ණු ශක්රඅයාට මල් බෑ වැ උපන්නේය. එහෙයිනි ඔහු උපන්ද්රල (උප + ඉන්ද්රක) නම් වනුයේ.

එසඳ (11, 13, 18) ඒ කාන්තාව සඳ කාන්තා පාර්යායයය.

ඔකාවංඝ පරපුරයෙන් (102) ඉක්ෂුවාකු රජුගේ පරමපරාවෙන්. ඉක්ෂුවාකු යනු විවස්වත් මුනුහුගේ පුතෙකි. හේ අයෝධ්යාුවෙහි රජ කළේය.

ඔවිලින් (362) උන්සිල්ලාවෙන්.

ඕන්කර (418) ගොරවමින්.

කඳ ගුරු (4) ඊශ්වරයා. ගුරු යන්නෙන් පියා කියැවෙයි. ස්කන්දා දේවයන්ගේ පියා ඊශ්වරයා වෙයි. එහෙයින් කඳ ගුරු යනු ඊශ්වරයායි.

කමල් කර (674) සූර්යයයා, පියමුක් අතෙහි ඇති හෙයින් හිර කමල් කර නමි.

කල‍ෙද් (74) රිදී, කලධෞත; කිලුට සෝදා හරින ලද්දේ නුයි කලධෞත නම් වෙයි.

කල් වියො(404) කාන්තාවන්ගෙන් වෙන් වූ.

කාල වැකැ කුල (638) දශ ඇත් කුලයේ පළමුවැන්න.

කිනුමඟ (181) අහස. "සුගත් ගුණ කිනුමඟ - නුදුටු කෙළවර මනරඟ" - සුමුගු දා කළු 118.

කිරණ (50) කිරරණ (180) කිම් මුහුද, ක්ෂීර + අණිව ක්ෂිරාණිව.

කිරණ දුව (277) සිරි කත කිරණ යනු කිරි මුහුදයි. සූරයන් හා අසූරයන් කිරි මුහුද කැලැඹීමේ දී සිරිකත ඉන් පහළ විය. එහෙයින් ඕ කිරණ දුව නම් වෙයි.

කිරණ'හස්ති (57) රශ්මිය නමැති ආකාශ නදිය. කිරණ යනු රශ්මියට ද නමෙකි. ආකාශ නදී > අහස් නි ඡන්දස් රක්ෂණය පිණිය නී යනු නි යයි යොදා ඇත.

කිරිඳා (107) ඇත් රජ. කිරි + ඉඳු කර (හස්තය) ඇත්තේ කරින් තමැ. කරින් > කිරි, ඉන්ද්රම ඉඳු .කරීන්ද්රඇ කිරිඳු.

(89)

කිරි රද දල (336) කිරි මුහුදෙහි ජලය, කිරි රද කිරිමුහුදයි.

කිසල (231) කොළ, කිසලය > කිසල

කුදිටන් (62) මිත්යාර ලබ්ධිකයන් කු නින්දිත, කුත්සිත අත්ථය පළ කරන අව්ය යෙකි.

කුදිටු ඉබු (254) මිත්යාු දෘෂ්ටිකයන් නමැති හස්තීන්, ඉහ > ඉබු

කුඹුයොන් (37) අගස්ති, ක‍ළයෙක උපන් නිසා අගස්ති ඍෂි කුම්භයෝනි නම් වෙයි.

කුලම්බා තිලකෙව් (116) කුල කාන්තාවන්ට තිලකයක් වැනි කුල + අම්බා, තිලක + එච්

කුලඹ (19) කුල කාන්තාව කුල + අඹ, කුල අම්බිකා

කෙණෙර (419), කෙණෙරඟන (562) ඇතින්න. කරෙණු (සං) > කණෙරු (පා) > කෙණෙර

කොඳ දසනී (318) කොද මල් බඳු දත් ඇත්තී දහන (සං) > දසත

කොපුලන (34) කොපුල, ස්වාත්ථියෙහි අත් ප්රරත්යිය වීමෙන් කොපුලත් යි සිඩයි.

ගඟනත (358) ගණ දෙවි. ඝ්රාතණ > ගහන්, ගඟන (නැහැය) අතක් කොට ඇති හෙයින් ගණ දෙවි ගහනන් නම් වෙයි.

ගැප්රන (368) බ්රුහ්මයා, රන්ගැබු යන වචනය නුවර යුගයේ කවීන් බ්රපහ්මයා සඳහා යොදා තිබේ. හිරණ්ය8 ගභී (සං) "රන් ගැබු දුන් සිවුරු - වැලද ගිහි වෙස් කර දුරු" 141

ගිරින්දා (344) මහ මෙර, ගිරීන්ද්රැ > ගිරිඳු. මහමෙර පර්වරතයන් අතර ප්රඇධාන හෙයින් ගිරිඳු නම් වෙයි එය උසින් එක් ලක්ෂ අට සැට දහසක් යොදුන් ඇත්තෙයි.

ගෙමිණක් (21) ගෘහ මාර්ණ්ක්යගයක්

ගෙමියුරු (197) ගෘහ මයුරයෝ. ඇති කරන මොනරුන්.

ගෙල නිල් (354) මොනරා නීලකණ්ඨ නිල් ගෙල යන්න ගෙල නිල් යයි යොදා ඇති " මොනරා සිකි පිල්බර නිල්කට මියුරු සමඅත්" - රුවන් මල.


(90)

තලාටිකෙක (545) කුඩා තිලක සටහනෙක. තිලකසෙතාක

තවසරන් දම් (163) තපස්වීන්ගේ ධර්මිය. එපුරහි කාන්තාවන්ගේ රූප ශ්රී‍ය දුටු හොත් තවුසන්ගේ සිල් පවා බිඳී යන බව පැවසීය.

තිලක (36) බ්රපහ්මයා, වට පැවැත්මයි, මැවීම ය, රැකීමය, නැසීමය යන තෙවැදැරුම් ඇති හෙයින් බ්රිහ්මයා තිවට නම් වෙයි. මැවීමේහි දී බ්රලහ්ම නැමැ රැකීමෙහි දී විෂ්ණු නමැ සංහාරයෙහි දී ඊශ්වර නමැ.

තිවට'ඟන (476) සරස්වතී. තිවට බ්රරහ්මයායි. ඔහුගේ භාර්‍යව හෙයින් සරස්වතී තිවට'ඟන නම් වෙයි.

තිවට යතුරු (367) අනංගයා බ්රහහ්මයාහට සතුරු වූ හෙයින් අනංගයා තිවට සතුරු නම් වෙයි. අනංගයා ඊශ්වරයාගේ ද සතුරෙකු හැටියට සැලැකෙයි. එහෙයින් අනංගයාහට තියැස රිපු ආදී නම් යෙදී ඇත.

තිළිණ (32) පරිත්යාගගය

තිළින (322) සතුටින්

තිළිතුල (539) ඇතිරිලි අතුරන ලද

තුදුසත් (138) තුදුස් රියන්, චුදද හත්ථ (පා) තුදුස් + අත්

තුනු (500) ශරීරය, තනු (සං)

තුවටුවෙන් (225) නටුවෙන්

තුසර (85) පිනි, තුෂාර

තුසරකර (154) චන්ද්ර්යා. සිසිල් රස් ඇති හෙයින් චන්ද්රයයා තුෂාරකර, තුෂාර කිරණ නම් වෙයි.

තෙහිරුනි (439) ඉරිතුනක් ඇති

තෙදිය තුර (111) තුන් ලොව ඇතුළත සවර්ගස, මතිය, පාතාල යනු තුන් ලොවයි

තෙවාළ (68,78) ත්රිඉපිටක, වන වළා. සුතන් වළා විජම් වළා යනු තුන් වළාය. තෙවුනා (196) විරාජමාන වන; බබළන තෙවූ ධාතුවෙන් නිසන් වතිමාන කෘදන්තයි (91)

තොයිනා (48, ජලයෙන් තෝය (සං) > ‍තොස් දඟ කෙළේ (32) බැඳ ගති, හිර කර ගති. දඳ (348) බමුණන්, විජ දද'ලි (293) බමුණන් නමැති මීමැස්සන්. දද + අලි. දල ද (517) මාළුන්, ජලජ දල සර (289) මාළුන් ජලවර දස'ගන (386) දිගා කාන්තාවන් දයඹුල් (71) බුදුහු. දසබල දළ සක (36,54,285) දළැස (55), දළ නයන (180) ඊශ්වරයා සක, ඇස, නයන යනු අක්ෂි පර්යකයාය දිඟු නෙත (282) කාන්තාව, දිගු නෙත් ඇති හෙයින් ස්ත්රි්ය දිගු නෙත නම් වෙයි දිනනා (542) සූර්යාය‍ා දිනට අධිපති හෙයින් සූර්යියා මෙනම් වෙයි. දින නාථ දිනපති (99) සූර්යායා දිය ඇස (79) සූයර්යාන. ලොවට ඇසක් වැනි හෙයින් සූර්ය්යා දියැස නමි. දිය දෙටු (153) බුදුහු ලොවට ශ්රෙනෂ්ඨ පුරුෂ වන හෙයින් බුදුහු ජගත් ජ්යෙෙෂ්ඨ නම් වෙයි. දිය බඳ (53) විෂ්ණු දියවක (31) මාස පෝය ගෙවීමෙන් දෙවැනි දිනය. පුර දියවක පසළොස්වක ගෙවීමෙන් දෙවැනි දිනය අවදියවක නමි. දිය සක (356) හිරු. ලොවට ඇසක් බුදු නුයි සූර්යවයා‍ එනම් වෙයි. ජගඑවක්ෂු ජගදක්ෂි, ජගනෙත්ත්රව නම් හිරුය. දියැස (417) හිරු. දියසක යන්න බලනු. දිය + ඇස දිවකුරු (90) දීපංකර බුදුන් දිවමන් (215) ජීවමාන දුග් ගැන ( ) සේවාව කොට, දුන් ගෙන දුමරදු (137) බෝරුක රුක් අතරෙහි ප්රනධාන වන හෙයින් බෝරුක දාම රාජ නම් වෙයි. දුමින්දා (232) බෝරුක. දාමෙන්ද්රන (දාම + ඉන්ද්රෙ)

(92) දුගින (156) බ්රොහ්මයා, ද්රැරගිණ (සං) දෙගුරුන් (11) මවුපිය දෙදෙනා 'උපන් තැන පටන් ගෙන මෙසේ හිඳුනෙය, මෙසේ සිටුනෙය යනාදි විසින් පළමු ශික්ෂණ කරවති" - (ධර්මඋ ප්ර දීපිකා) - එහෙයින් මවුපියෝ ගුරු තන්හි පිහිටියෝ වෙති. නරන (643) රජ, නරහාථ නරනා (100, 227) රජ නරනා යන්න ඡන්දස් රක්ෂණය පිණිස නරන යයි වෙනස් කොට ද ඇත. නරසිහ (25, 38) විෂ්ණු නාසිංහ විෂ්ණු දෙවි හිරණ්ය කශිපු නම් අසුර රාජයා නැසීම සඳහා තෘසිංහ වේශයෙන් ලොව පහළ විය. නිකා අයුරු (102) චන්ද්රෂයා හෝ සූර්ය යා නිග කළ (106, 364, නිඟා කළ ඡන්දය රැකීම පිණිස භ්රයස්ව කොට ඇත. නිම් වළලු (585) සක් වළල්ල තෙමිය. නිරඳ (542) සයුර. අපර නිරද, නිරද අපර යන්න බලන්න නිරද යන්න කෝකිල සන්දේශයෙහි යොදා ඇත්තේ මෙසේයි. "තිකුළන වෙසෙයි සිතෙනුයෙ වට කොට නිරද" (27) නිලා ලියෙව් (319) සිරි කත වැනි නීලාංග යයි විෂ්ණුහට නමෙක් වෙයි මඟ සලකුණෙහි ද මේ වචනය යෙදී ඇත. "නිලා ලිය සෙ රුසිරැකි වරහන නිතර" (62) "කෙළින ළකල් ළඳ වන් රුවින් තිලා" (123) නිස'ඹුන (546) රාත්රින නමැති කාන්තාව නිශා + අම්බිකා නිහඬුරු (395) සුසුම් (ලමින්) හුස්ම ගැනීමට බැරි කමින් දුකට පත් වීමේ දී මෙන් ම සතුටට පත් වීමේ දී ද මෙය විය හැකිය කව්මිණිකොඩලෙහි. "දෙකර හිස තබමින හැඬී නිහඬුරු ලලා සොවමින" - 543 නිරදින (89) සාගරය නිරද යන්න බලනු. නුඹ මිණක් (342) සූර්ය යා‍ නහොමණි නෙත ඹු (182) කඳුළු නෙත් + අඹු අම්බු > අඹු > අඹ නෙළුඹැසිනි (85) නෙළුම් නූලින් නෙළුඹු + ඇසිනි අංශු > අස්, අස් + ඉනි, ඇසිනි. ප‍ෙඬරඟ (181 ඊශ්වරයා, පාණ්ඩර යනු සුදු පැහැය. සුදු සිරුරක් ඇති හෙයින් ඊශ්වරයා ප‍ෙඬරඟ නම් වෙයි. (93)

පත්මාසනය (582) පාලඟ බැඳ ඉදීම, ඌරු බඩාසනයයි. පදරුත් (656) පදාථි, ලොව සියලු දෙය ම අයත් වෙයි. පබළ (564) පබළු ප්රිවාල පල'ඟ (160) වහල මතුයෙහි, පල + අග පසවීද නේ මඬලී (658) දත යුතු සියල්ල නුවණින් දැන ඥෙය මණ්ඩල > නේ මඬල. පසලෙහි (411) ගඟ පහළ පසැරා (426) අනංගයා (මල්) හී පසක් ඇතියෙන් අනංගයා මෙනම් වෙයි. පසුන් කර (140) නසා, ප්රදච්ඡින්ත් පියවිලි (410) පාවාඩ, පාදපට පියසර (94) ප්රිපය කාන්තාව, සර කාන්තා පාර්ය යා ය පියුමත (33) නෙළුම, පියුම් + අත්. අත් ස්වාර්ථයයෙහි තඩිත ප්රටත්යඉය පිරිබෝ සෑය (214) පාරිභෝගික චෙතිය පිළිමල් (159) ප්රුතිමල්ල. තරඟයට ඉදිරිපත් වන්නා පිළිමිණි (195) පළිඟු ස්ඵටික මර්ණ් පුර කල (165) පුර කාන්තාව පුරුඳුරු (351) ශක්ර යා පුරන්දර (අසුරයන්ගේ) පුර බිඳ ලන හෙයින් ඉන්ද්රත (ශක්රි) පුරන්දර නම් වෙයි. පුස්නේ (264) පෝෂණය කරන පුස් ධාතුවෙන් නිපන් වර්ත මාන කෘදන්තය. පෙර දිගු සඳ (545) පෙර දිග නමැති කාන්තාව පෙර මස සඳ (110) පුර පස සඳ පේ (362) ප්රේ(තයා පොකුරු දැළි (325) නෙළුම් දළු පුකෙර > පොකුරු. දළු මැ දැලි නම් වෙයි. බඳ කුඹු (48) භද්රන කුම්ඟ සිතූ පැතූ දේ දෙන කළය. භද්රන ඝටයයි. බඹ ගොස (143) බ්රරහ්ම ඝොෂාව


(94)

බඹ සර (202) සරස්වතිය. සර කාන්තා පර්යාපය ය. බඹ සරය (175) බ්රයහ්ම චර්යා්ය උතුම් හැසිරීම. බරදිජ (640) භාරවාජ මේ බෝසත් බමුණාගේ නමයි බර දිට (202) ස්කන්ද, කද කුමරු. දිට යනු නෙත්ය නෙත් දොළසක් ඇත්තේ බරදිට නම් වෙයි. බාරස > බර. බල දෙව් (23) බල භද්රු බස'කර අරුත මෙන (381) වචනය, දක්ෂ රය, අත්ථිය මෙන් නොවෙන් සම්බන්ධතාව පළ කිරීමට මේ උපමාව යොදනු ලැබෙයි. රජය, බිසෝය, දූ කුමරියය යන තුන් දෙන ගේ එක්වන් සම්බන්ධතාව මෙයින් පළ කැරිණි. අලගියවන්න කුස්තන්තීනු හටනෙහි මේ උපමාව යොදා ඇතතේ මෙසේයි. බස කර අරුත මෙන - වෙනස නොම පෑ පවතින පිති පුත් විදි යන - තෙවක් එක් සුර වදිම් අදරින කාලිදාස රඝු වංශයෙහි වචනය හා අත්ථයෙහි සම්බන්ධතාව උපමාවක් වශයෙන් දක්වා ඇත්තේ මෙසේයි. "වාගත්ථාවීම සම්පාකේතෟ - වාගත්ථි ප්ර තිපත්තයෙ ජගතා පිතරෞ වනති - පාථිති පරමෙග්වරෞ" බින් (109) බිමින්, බිම් යන්න එලිසමය නිසා අපරුපයක් කළ අයුරුය බොජ රජ (372) භොජ නම් රජ කාලිදාස ආදි කවිවරයන් ඇසුරු කළ මහා රාජයා මෙසින් කියැවෙයි. මකුළු දැල දා යන (225) මකුළු දැල පිළිස්සි යන ඉක්මන් බව දැක්වීම පිණිස යොදන කියමනෙකි. මහා (55) බලා මහතොත් (373) බලතොත්. මත'යන (268) හිස නමැති අසුන. මද (37) අනංගයා. පෙර මද ඊශ්වරයාගේ දැවීමට පෙර අනංගයා මල් සුඹුළු වෙක (411) මල් වඩම. චුම්බට > සුඹුළ මහමන්දතු (99) මන්ධාතෘ සූර්ය (විවස්වත්) වංශයෙහි උපන් බල සම්පන්න රජ කෙනෙකි. හේ දෙව් ‍ලොවෙහි ද රජ කම් කළේය. මහ සම්මත (98) එනම් රජ පළමු වන රජය. හේ මහජන යාගේ කැමැත්තෙන් තෝරා ගනු ලැබීය.

(95)

මහසෙන් (161) ස්කන්ද. හෙ තෙම දේව සේනාපතියා මහසෙන් නම් වනුයේ එහෙයිනි.

		මාරුක් (531) පොල්

මැණික රුවනක් (615) මාණික්යු රත්නයක්, උතුම් මැණිකක්, රුවන් සද ශ්රෙමෂ්ඨනත්තය පළ කරයි.

මණි දැදිරි (563) පිපුණා වූ.

මිග ඉඳු (102) සිංහයා, මාගෙන්ද්රන

මින් ඇස් (432, මාළුන් නැමති ඇස් මීන > මින්

මිලින (182) කිලිටි

මිහිරා (138, 250) පොළව විවර කොට. මිහි + ඉරා මහිරා නැගුණු එය තර 156.

බුදුගුණාලංකාරයෙහි "මිහිරා නැගි රුවට තුදුසත් විදුරසුන් පිට" - 401

කව්මිණි කොංලෙහි "පෙර පිනින් නොවිතර මිහිරා නැඟුණු එය තර" - 156

මුරු (4) දෙවියෝ, මරුත් (සං) මුවපොල්ලන් (416) මෘග පෝතකයන් මුව රඳුන් (330) සිංහයා මෘග රාජ මුවිඳු (365) සිංහයා, මුව + ඉඳු; මෘගෙන්ද්රහ මුහුණන් (37) ගණ දෙවි මුහුණෙහි අත්ඇතියෙන් මුහුණක් නමැ මෙනා (339) මේ ඇතුන්ගේ, නාග > නා, ඇතුන්. යට'ග (278) යටි අග. යෂ්ටියෙහි මුදුන යසන (539) ඇඳ. සයන > යසන > යහන. යුග'ගා, යුග'ත (12) කල්පයෙහි අවසානය. එකල ලොව දියෙන් හෝ ගින්නෙන් හෝ සුළඟින් හෝ විනාශ වෙයි යුග + අඟ යුග + අත යුග පද (57) පා දෙක යුගව (214) දෙ වැන්නය යුග සරණ (528) පා දෙක යුවල මින (561) මත්සයන් දෙදෙනා, මීන > මින්; මින (96)

රතිඟුල් පල සෙ (485) සාදිලිංගම් ගෙඩී මෙන් රත් + ඉඟුල් රතිඳු ගොවි (260) රතු පැහැ ඇති පණු වෙසෙසක් වැස්සෙන් පසු ව බිම මේ පණුවෝ මතු වෙති ඉන්ද ගොපක (පා) > ඉඳුගොව්. රඳුසෙ අමරා (535) ශක්ර යා මෙන් අමර (දෙවියන්ගේ) රදු සේ. රස සිඳු (487) ස්වර්ණ‍ සාගරයේ රන් උතු (567) රන් බඳුන රම්බා (116) එනම් අප්සරාව, රම්හා මේ කුවේරයාගේ පුත් තලකුබරයාගේ භාර්යාිය. රූ සිරිය සඳහා රම්බාට හා රම්බාපතිට උපමා කරනු ලැබෙයි. ඔවූහු දෙදෙන සොඳුරු රූ සිරි ඇත්තෝය. රවි කලැ (391) සූර්යල නමැති කාන්තාය, ප්රිූයයා. රුපිළු (107) සතුරන් නමැති වනය. රුපු + ඉළු නම් වනයයි. ලඹදර (20) ගණ දෙවි. ලමේබාදර. එල්බෙන බඩක් ඇති හෙයින් මෙනම් වෙයි. ලෙව් ගුරු (4) ලෝකවාසී, බ්ර හ්මයා. වටපල (253) නුග ගෙඩිය වට දුනැඳලා (324) ඇහැ වටේට අඳුනක් ගා ‍ වත් සඳට (484) මුහුණ නමැති සඳුට වත'න (376) ගණ දෙවි, වත් + දන. වත්හි (මුහුණෙහි) අත ඇතියෙන් මෙනම් වෙයි. වදනිඳු (560) සුරගුරු; බෘහස්පති වචනයට අධිපති හෙයින් බෘහස්පති වදනිදු නම් වෙයි. එහෙයින් ඔහුට සංසකෘතයෙහි ශීෂප්ති, ගිරිගයන නම් ද වෙයි. වන්නකු නිලමේ (41) මුදල් පිළිබඳ කාරිය බාර නිලධාරියා වත්නායක. වන පත් වුවෙන් (391) විරහයට පත් වූ හෙයින්. වන'ඹ (435) වනය නමැති කාන්තාව වනිඳු (167) සාගරය


(97)

වමියන් (404) කාන්තාවන්. වාමා > වම් වරණ (38) ඇතා. වරණ (සං) වර සරන් (315) උතුම් කාන්තාවන් වලහක (612) වලාහක නම් අශ්ව කුලය වලිමුව (364) වඳුරා, රිලවා වසුදර (633) පොළව, වසුන්ධරා වා මඟ (86) සුළං මඟ විජය සිරි (47) විජය නමැති ශ්රීනය විදු (59, 180) බ්රනහ්මයා විදුරකුයෙන (643) වජ්රාිඩකු‍ශයෙන්. වජ්රක > විදුරු, දියමන්ති වියෝවග (32) අනංගයා. වියෝගයෙහි දී ගින්නක් බදු නුයි වියෝවග නම් වියෝ + අග ‍ විලිකුන් (426) පැසුණු. විලිකුස් ධාතුවෙන් නිපන් අතීත කෘදන්ත නාමය වී සඳ (238) කී කල වෙතදර (549) වේත්රනධාර වෙනු (55) විෂ්ණු වෙනු මඟ (181) අහස වෙනු මඟ යන්න සඳහා කව් මිණි මල්දමෙහි 'වෙනු පද' සද යොදා ඇත්තේ මෙසේයි. "අරා සෙදිත් සුවදැලවා වෙනු පද" (689) වෙය (506) විථිය වෙර ගිම් (136) සිරුරු ගිම්. මහන්සිය වෙරි බු (25) සතුරන් නමැති හස්තීන් වෙර + ඉඹු ඉහ > ඉබු වේණු (595) වංශ, තළා. සක් (289) ශංඛය. සක්විති එවන් (575) සක්විති වත්, සක්විති පදවි ලබා ගැනීමට පිරිය යුත ව්රදත සක (515) ඇස. වක්ෂු > වකබු > සක සක කුල (103) ශාක්ය කුලය (98)

සත් සයුර (21) ශාස්ත්රන සාගරය සත් සර (94) ‍ෙශ්ර‍ෂ්ඨ සත්වයා, බෝසත් සතර (85, 86) ශාසනෲ, බුදු රද සනරත් (29) විෂ්ණු චතුර් භුජ "සතර කර නතිඳු මව පත්තිනි කුමරු" - 202 මහ සලකුණ සතරවත් (574) බ්රරහ්මයා, චතුර් මුඛ සතර වදන (193) බ්රරහ්මයා, චතුර් මුඛ සතාරා හිමි (220) ශාස්තෲන් වහන්සේ සඳ කල (393) සන්ධ්යාර කාලය සඳ කැන් (546) සන්ධ්යාක කාන්තිය සඳ'ට දිට (596) සරස්වතී අටදිට සඳ යන්න බලන්න සබරු (428) වැද්දා, ශබර > සබර සමතු (290) කොවුලා සමනා (26) සමත්ථිත සමතා යන්න එළිසමය නිසා සමනා යි සකස් කළ අයුරුයි. සමර (279) යුඬය සමර ගුරු (4) විෂ්ණු සමර නම් අනංගයායි. විෂ්ණු ඔහුගේ පියායි. එහෙයින් විෂ්ණු සමර ගුරු නම් වෙයි. පැරුකුම්බා සිරිතෙහි අනංගයා විෂ්ණු පුත්රමයා ලෙසින් දක්වා ඇතතේ මෙසේයි. "යුවති නයන මන පිනවන රුසිරු තෙනය නාරායණ" - 70 සමර යස ලිය (176) අනංගයාගේ කීතීනිය නමැති ස්ත්රී0න් සමර > සමර සර (141) පියුම් සර අන්දම් (163) පියුම් වැනි සරණ සර (80) පාද පද්මය සරන් දම් (163) රන්දම් සහිත සර නෙත (183) විෂ්ණු සංස්කෘතයෙහි විෂ්ණුහට පුණ්ඩරිකාක්ෂ නම් නමෙක් ද වෙයි.

(99)

සර වදනී (318) පියුමක් වැනි මුහුණක් ඇත්තීය.

සර සර සිරි ගති (289) (ඒ පුරයෙහි) කාන්තාව විලෙක සිරිය ගත්තේය.

සවත (373) ස්කන්ද. මුහුණ සයක් ඇති හෙයින් සවත් තමි.

සවිතු කුල අඹර (23) සූර්යන වශය නමැති ආකාශය සවිතෘ > සවිතු හිරුයි.

සිකාමිණ (102) ශිඛා මණි මුදුනෙහි පළඳින මැණික, සිළුමිණ සිතිපති (99) රජ ක්ෂිථි > සිති, සිති නම් පොළවයි සිඳු (273) සයුර, සින්ධු සියකමලා (541) හිරු. හිරු පද්මයනට බන්ධු ලෙසින් සැලැකේ. හිරු නිසා පියුම් පුබුදු වන හෙයිනි. පද්ම බන්ධු. සියලඟ (300) සියලු සිරුර. සකලාංග, සියල් + අඟ ‍ සිරි දු (55) ශ්රී. කාන්තාව සිරි සදා (10, 18) ශ්රීර කාන්තාව සිවනන (443) බ්රලහ්මයා, චතුරාතන. මුව සතරක් ඇති හෙයින් බ්රාහ්ම මේ නමි. සිව්මුව (246) බ්රිහ්මයා සීකර (522) පොද සුත (320) පුතා සුත'ඹුන් (426) දරුවන් හා භර්යාතයන්, සුත + අඹු සුදම් සබ (551) සුඬමා සභාව තව් තිසා දෙව් ලොව දෙවියන් රැස්වන සභාවයි. සුබැසි (334) මනා තෙපුල් ඇති සුරකල් (354) දෙව් ලියන. සුර කාන්තා සුරගුරු (4) බෘහස්පති, දෙවියනට ගුරු වූයේ බෘහස්පති නමැ සුවංකරු (30, 35) ස්වර්ණාංකුර සුවන් (320) ගිරවුන් හර (59) ඊශ්වරයා හරණා (100) බඳු. වැනි හරිසඳු නිරින්දා (344) හරිස්චන්ද්රර රජත ඇත්ත කතා කිරීම තිසා ලෝක ප්රඹකට රජ‍ කෙනෙකි. හස (12, 47, 99, 356, 365) වැනි හසපිලවු (174) හංස පෝතකයන්, හස් පැටියන්. හෙම් රන් හේම හොසුළු (371) කුඩා හොය


(100)


උප ග්රන්ථය

ධර්ම් ප්රේදීපිකාගත

කාලිංගබොධි ජාතක කථාව.

සංස්කරණය

නමව් මුනිසරණ

"දන්තපුරෙ රාජා හුත්වා" යන තන්හි ඔහු දන්තපුරයෙහි රජ වූ පරිදි කිසේයයත්?

ඔහු මුත්තා කලිඟුරජු දවසැ ඔහු දරුවන් දෙදෙනාගේ ලක්ෂණ බලත "නෛමිත්තිකයෝ පියා ඇමෑමෙන් මහකලිඟු කුමරහු එනුවර රජ වන පරිදි කීහ-සුළු කලිඟුකුමරහු තාපස‍වෙෂධාරී වැ ජිවිකා කරන සේ ඔහු පුතකු චක්රීවන්ති වන සේ කීහු.

එක්බිති දෙටපිත් පියා ඇවෑමෙන් රජ විය. කුඩා පිත් යුවරජ වී. එකල්හි සුළුකලිඟු කුමර "මපිතෙක් සක්විති වේලැ" යි පුතු නිසා උපන් අභිමානයෙන් ගජවිති වැ වැටෙයි. රජ ඒ නොවින්දහී, එව්හු ගන්ව‍'යි යෙදී, එකණෙහි වරයෙක් ගොස් "රජ තා ගන්නට යෙදීය. තා දිවි රැකෙන තැනකට පලා යා" යි කීහී-එකල් සුළුකලිඟු කුමර තමාගේ හස්මුඳුදු සිහින්පලසුදු කගරුවන ද තම හට වැඩ පසස්නා ඇමැත්තක්හට පෑ "මේ සලකුණෙන් මපුතු ආ කලැ ඕවුහට රජය දෙව" යි කියා නුවරින් නික්මැ ගම් නික්මැ ගම් නියම්ගම් දනව් මලමඬුලුගෙවා ගොස් හිමවත් අබියසට වැද නිල අඹුරේ උල්කාපාත සෙයින් මතැන්යුද්හි දළ ගැහැටෙමින්නිල් වත අතුරෙන් පලන ගිනිදල බලමින්, මරාසලවටහි සිඳී වගුළ පියුම්රාමිණි රූ සෙයින් නවසදලපෙළෙවැ මත්මුවරදුන් නියපඳු රෙන් පැළූ මතැත්කුඹින් මුත් මුතුකැල දක්මින් මේ ගැබ්හි විදුලිය සෙයින් අහසින් ගොස් වන අතුරට වදනා සිදඹුවන් සියො සහකග සිදු බළන් නහමමින්, බමරපියරැවින් හොබනා සුපිපි තරුවනයන් බලමින්, සඳකත්ගඟුල් ඌල් කෙළෑ කොළඩිළු වැදැ මුවරඳ රොන් තව ර ගෙනැ දවන රවන බමන බමර වැළ අලළමින් බට ගිමව් පවන් පහස් ලැබෙමින් ගොස්. සොමි සිහිල් සිනිඳු දිය ඇති හොයක් වෙතැ රමණී පියසෙක්හි අසපුවක් කොට ගෙනැ තවුස් පැවිජි වැ විසී.

මඳුරට ද සාගල නුවරැ මදුරජු දුවක් උපත. නෛමිතතිකයෝ ඇයද ගේ ලක්ෂණ බලා "මෝ තාපස ජිවිකා කෙරෙයි. මැය පිතෙක් වුකලැ චක්රදවර්තලතී වෙයි කීහු. මුළ දඹදිව්හි රජහු එපවත් අසා උනුන් යතාගතැටි ව එකපැහැර අවුදු නුවර පිහි කොටන වටාගත්හු. එකල්හි මදුරජ "ඉදින් මම් මදුව මොවුන් කෙරෙන් එකක්හට දිනිමි නම් තෙසු රජහු දහති, මදුව රැක්ක මැනවැ" යි සිතා දුව ද බිසොව ද හැ‍රගෙනැ එක්තරා වෙසෙකින් නික්මැ පලා ගොස් වනයට වැදැ සුළුකලිඟුකුමරහට නුදුරු තන්හි උඩුහොයැ අසපුවක් කොට ගෙනැ තවුස් පැවිජි වැ විසී.

මෙසේ පැවිජි වූ රජු හා බිසොව හා දෙදෙනා දුව අසපුවෙහි හිඳුවා වනයට ‍ගොස් ඵලාඵල ඇරැ කා වැටෙත් - එකල්හි යුවරජ සිරිවියෝමහගිමින් කුළුකළ සුළුකලිඟුකුමරහු සනහමින් මෙන් වහරේ කලෙක් සම්ප්ර ප්ත වී - එකල්හි කල්වියෝ සුළුකලිඟුකුමර මරා සලවටහි සිඳී වගුළ පබළුවැළ බඳු නව-සදල ගැවසි මිහිපිටුහි සරන රතිඳුගොව්කැල දැකැ ගනකල් නැමැති පියා ලළ වත විදු ලිය නැමැති රන්දමට ලියනඟලා ලිය නැමැති අඟනන් දිගු කළ රතන් සෙයින් පිපි ලියනඟ ගලාමල් දැකැ දිසා නැමැති අඟනන් නිල්වලා නැමැති මුහුළස්හි පළන් විසිතුරු මල් දම් සෙයින් තෙව්නා දෙව්දුනු බලා ලියනඟලා ලිය නැමැති අඟනන් කුසුම් නැමැති රතනින් ගත් මුත්හර බඳු මලින් ගලන දියදහර බලා විදුලිය මැ රන්දම් ඇති කොකවැළ මැ දළ ඇති ගලන දියදහර බලා විදුලිය මැ රන්දම් ඇති කොකවැළ මැ දළ ඇති ගලන දියදහර මැ මදපොද ඇති ඇත්බඳින් බජන නිල් වලාකුළු නහමා, ගල්පයත්හි මත් ගඳ ගජන් හා සැහැසෙමින් මෙන් ගල්හිසට බට දලලඹ නිල් මේකුළුහි ගජගැජුම් බඳු ගන ගැජුම් අසා හමුළු සිහිල්, උතුරු නලපහස් ලදි නුදු අස්වස් නොලද්.

එකල්හි පුරුදු රිවිකල්හු කල්දස්නෙත් වනපත් දසවමියන් වලාවරලයින් ඉසිපියන ගනපොදතර මැයිඳුවර මී විලසින් සැදීගතගැජුමෙන් විසිරගිය මත්බලාපෙළ මැ එම වන කල් පිය මින් නොවිගියහි ඉසිපියන දළ ලෙළ ප‍ෙඬර හර සිරින් හෙ‍ාබනා ඔවුන් ම සතු මියෙනුඩුහුරු නලහව්වක් උසුලමින් පුල් නී කොළොඹිඑහි මදමඳ සැලෙමින් මම ත පවතසිත් කල් වහරේ කල් ඔව්හට අකල් වී-දසනුදස සැඟවූ නිල්වදුල් හා සමග කල්වියෝ සුළුකලිඟුකුමරහට වනසෝ කල් බොල්විය, වලාතල හා සමග මියෙනු ඩුහුරු තලමිමීය, විදුලිය හා සමග මතවෙවුලිය, වැසිදහර හා සමග කදුළු දහර වැහිණ, දිගත්හි දිවගත් මත්බලාපෙළ මැ කිරිවලා සේ පැතිණ, දලලඹ කළබින් වැදැලිගත් තැන් මැ දිවයුරු තෙදින් දම්තැන් සේ පැතිණ, කොළඹවන ගිසින් මමන මුවරඳ රොන් මැ රජකඳ සේ පැතිණ, බමරබරපුල්ලෙළ ලියනගලා ම දසනු දෙසෙහි සහදුම් ළැව්දල සේ පැතිණ, වලානෙලන් මමන සිහිල් පොද මැ කුරුරැස් ගොර මිරිගුදල සේ පැතිණ, හේ ඔව්හට සිහිලස් දෙන වහරයෙක් නොවීය, සතැවුලිකරන මහගිමෙක් වී මෙසේ කල්වියෝ වැ වන වසන රජකුමරහු එකලා ව දිරිය බලැ ලා, වහරේ කල් ගෙවූ කල්හි සරාසිරිත් මුළුලෝ යහපත් වී-එකල්හි සරාසඳරසින් දිලිසෙන මුළු‍ලෝ දැකැ මිණිදැදිරි පත්පෙළින් ගඳ වහන කුමුදුවන දැක, සහගුම් මිණිදැල්පෙළ බඳු බමරවැළින් හොබනා වනවිල් දැකැ තුරුපියන් වෙලෙප් මහදත්හි හෙව බිඟුපියරැවින් ගාන මලිගිය ලියන් දැකැ, කලිවියෝ සුළුකලිඟුකුමරහු ආහපත්වූ කල්හි වසත් සිරිත් මුළුලෝ සව්සැජවවී.

එක්බිති නන් කුසුමිරෙජෙන් ලෝ තවරමින් කොවුලන් කුල්වමින් මත්‍ මොනරගණා පිලඹරා කෙකා ගන්වමින් වෙහෙල්මියුල්ගණ, මනදොළ පුරවමින් ගඳගජන් මද කරවමින් මල්පල් ලෙන්න් සාමඩුලු සදමින් මබරකැල ගුම් ගන්වමින් වනවිල්හි තිසර උගසින් බුන් රළසැකින් පුල්මහනෙල් ගල්වමින් පියුම් තඹුරු වෙනෙහි රොන් උදහවමින් සපු සළල සල් වෙනෙහි බිඟු මුමන ගන්වමින් වියෝදනන් සියෝ කරවමින් පියුම් තඹුරු වෙනෙහි රොන් උදහවමින් සපු සළල සල් වෙනෙහි බිඟු මුමන ගන්වමින් වියෝදනන් සියෝ කරවමින් සියෝදනන් මනදොළ පුරවමින් කෙළිදෙළෙහි උමතු වනයෝනත් වන යා කරවමින් නැගි වසත් කල්හි මදුරදුහු දූ මවුපියන් පලපිලියට වන යාකළ කල්හි නන් විසිතුරු කුසුම් ගෙනැ, මල්සුඹුළු වක් කොටැ පැල‍ඳගෙනැ අසපුයෙන් නික්මැ සිවි පැහැයෙන් වන අතුරු හොබවමින් පුල්යෙළලියවමි න් බිඟුපියරැවින් බැණෑ කුසුම් අසුරෙන් ඕනා මුවරඳ රොන් තවර ලැබෙමින් මඳකුසුම් ගඳින් එවෙනෙහි බමරකැල බමවමින් ගොස් හෝවැළයෙහි හිණු පෙළක් සේ තිබූ මල්පල්ලෙන් සුසන් බමරගදෙව් නුමුත් අඹ රුකකට නැගී කෙළැ පළන් මල් සුමුළුව දියෙහි පියා යෙයි- එක් දවසක් ඇය දියෙහි පියූ මල්සුඹුළුව යටහොය නහා නැ‍ෙඟන සුළුකලිඟු කුමරහු හිස ගොස් තුබූයේයි.

එකල්හි වන වන් යුවරජ මල්සුඹුළුව දැකැ "මේ නවයෝතෙහි සිටි ළදැරියක අත්තමැයි වසත් නලපහස් ලද නහඹගඳගජක් හු සේ හජියෙන් උත්කර්ෂව "ගොස් බැලුව මැනවැ" යි උඩුගඟට යනුයේ කොමළ සුරත් පළු දෙලෙහි දිව් ලලා පියන්ගේ පියබ‍ෙඳහි ඉසුර විඳ කෙළනා වෙහෙල්මියුල්ගණ නහමමින් ලෙළ ලිය ගළහොයළහී මොනරකිකි ළින් මැද කෙකාරැවින් ගගා නටන මත්මොනරගණ, බලමින් බමරගිගුමෙන් ගුම් ගත් සුපුල් ලියළෑ හැබට වඳිමින්, විසිතුරු කෙසුරුමල්දෙලෙන් ගැවසී ගත් සුදු සිනි දුමෙළෙක් වැලිපිටු මඩිමින්, භාවභාවයෙන් ලළිත වරඟන බඳු නිරුපුල්රුක්හි සුපුල්මල් නහවමින්, සඳුන්පලුලෙළ වූ සල් සලළ මල් රොන්මුසු දිවගඳබර මදාරා රජ ඉදුහු දිවකිනුරු වෙණ රැව් බඳු සහගුම් බමරකැල අලළමින් බැස තුනුවඟ ළඟ වැ යහදෙන හි මව් පවන් පහස් ලැබෙමින් ගොස් රජකුමරිය දඹරුක්හි හිඳ මියුරුසරයෙන් කියන ගී අසා රුක්මුලට එළැඹෑ නිල්වලාගැබ්හි විදු ලියහවියෙන් සුනිල්දලගැබ්හි දිස්නා දැරිය දැකැ ලොමුදෙහෙන් උදම් වී එව්හු සුනිල් යුවළනුවන් බිඟුහු ඇය වුවන්පියුම් දැකැ ඇසිපිය පියා පහරා යහදසුන් මී බොත් එකල්හි සුළුකලිඟුතුමර "මෝ දෙව් අසරක හෝ නා කිඳුරු ගදඹ සිඳඹුවක හෝ, යන සිතින් " සොඳුර තී කවරහ" යි පිළිවිත් එසඳ රජකුමරි බමර පියරැවි බඳු සිනිඳු මියුරු තෙපුලෙන් "මිනිසක්මු හිම්" යූ

ඒ අසා යුවරජ "සපුපැහැසිවිය, තී අඹුන් මි නිසක බැවින් ගසින් බස" වී මෙසේ නොයෙක් සේ බැණ ගසින් බහා ගත නොහී "කියන සොඳුර මහබඹ තෙ මෙහෙ සඳින් සොමි ගෙනැ රන්ගලින් පහන් පැහැ උකහාගෙනැ වනවිලින් මත්හස්යුවළක් ගෙනැ තුන්රත්පියුමක් ඇරැ එයින් එකක් තබා දෙකක් හිරගෙනැ සිනිදු සුනිල් මහනෙල්මල් දෙකක් ගෙනැ ළහෝපල්ලෙ හි මෙළෙකක් ගෙනැ, ළහෙල්මැල්ලෙහි සිහිලස් ගෙනැ සැහැසී හනා වනා බමරබර පුල් ලෙළ ලියෙක් හි එවැ තී මවමින් ළය කී සේ ගල කෙ‍ෙ‍ළ් හොයි" කී.

එසඳ රජකුමරි "හිම් ම් කැතදුවක්මු, එයින් මා නොබස් නා සේය" යි කියා 'එසේහොත් මම ද කැත කුමරෙක් මි" යි කී හෙයින් " හිමි, තෙපුලෙන් මතු ක්ෂත්රිොය වන්නේ නොවෙයි තොප ක්ෂත්රිරය වුවහොත් ක්ෂත්රිෙය මායා කියව යි බැණැ එව්හු ක්ෂත්රිොයමායා කි" කල්හි තොමෝ ද එව්හට ක්ෂත්රියයමායා කියා අඹරුකින් බැස ළඟවූ

එකල්හි රජකුමර බුලත්ලියවැලඳී පුවක්තුරු පෙතින් හා තකුල් කපුරු වනරැජින් හොබනා සහබමරලියගෙකක් දැකැ රජදුවට "මෙහි හාත්පස්හි බමරග‍රුෙඳව් පැවතියේය මුව රඳ රොන් තවරගත් බමර අඟනන් හා සමග රිසි සේ මල මී බොන බමරහු අවුත්සුව විඳිනවුන් වැනි යව්හ, එයට යම්හයි" යි ඇය තමන් වනවදුලට නොයාදී රතත්පල්ලෙහිගෙන ලියගෙට වැද පලුදල යහන් එළඹැ වලානලපහසින් පුබුදු කොළඹ වනයක් සෙයින් ඇය ප්රෙබොධ කෙළේ.

එක්බිති එ රජකුමර ඇය සිනිඳු පහන් පැහැ මැ සම වැ මමන සිලිල්, ඇති තුන් කැලැති මැ තරඟවැළ ඇති තැබමඬුළු මැ සළා වැටුමි ඇති, සොමිවුවන් මැ නව පුබුදු පියුම් ඇති, ඉඳුනිල්මිණි කැල් මෙන් උදුලන දිගුපුළුල් නෙත් මැ නිල්මහනෙල් ඇති, මෙළෙක් අත් මැ පොකුරුදැලි ඇති. ලළනසුනිල් කියඹුවැළවරලුමැ බිඟු පෙළ ඇති, ඉහිල්වසත් රසන්වැළ මැ හුන් මිදෙල් කුසුම් රිණි ඇති, නැහැ අලුත් අඟරා මැ පියුම්රජ තවර ඇති තන තනන මඬුලුමැ වජ ඹනා මත්හස් රජුන් ඇති විළිබර සිනා මැ පුප්නා කුමුදු ඇති මුවතඹරෙන් ගලන වජන් මැ මීබිදු ඇති, කල් තුනුවිල් හි ගැලී වියෝමහගිම් නිවා ඇයගේ අභිනව අවිදග්ධ සනා රෙසෙන් අද වැ අකුරු පලුමල් මී බිඳුසියෝ නලපහස් ලද රන්ලියක් බදු සහවෙවුලුම් ලොමුදහ ගත් ඇඟ තඹලවත් කදුළු උතුළ නුවන් සොසුළු සොමිටුවන් බලා සඳුන් පලුදෙලෙන් විදැමිණි ඌල් වසා පැන් පොවා සරත්සසගා විනොයා සඳකත්මිණි ගඟුලෙ හි නහවා සිදුවරපෙතක් හොත්සේ ගොස් සුපිපි ලියගෙකෙක්හි සිට ඇය අසපුවට නඟා යවී.

හෝ මවුපියන් ආකලැ "කලිඟුරජ පිත් යුවරජ සුළුකලිඟුකුමර තම බෑ මහකලිඟුරජුගේ උදහසින් අවුදු වනයෙහි වසනුයේ මා හෝ වැළයෙහි දැක මා හා අවුදු මුඹ දැන් දෙදෙනා දැක්කැටිවැ සිටියේ යැ" යූ - එකල්හි මුදුරජු හා බිසොව හා දෙදෙන එව්හු ගෙන්වා ගෙන හැමපවත් පිළිවිසැ තමන් හා සමාන බැව් දැනැ ඇය ඔව්හට මැ දුන්හු එයින් කීහ.

"විපාදන්ය සමාදපි මඬ්යාහදපි ජලනිධෙර්ද්දීශොප්ය න්තාත් ආ නීයඣ ටිති ඝටයතිවිධිරහිමතමහිමුඛීභුත"

මෙසේ විධි වශයෙන් සුළුකලිඟු කුමරහු හා මදුරදු දුව හා දෙදෙනා එක්වැ ප්රි යසංවාසයෙන් වැටෙන කල්හි රජදූ ගබ් ගෙනැ දසමස් ඇවෑමෙන් පින් ඇති මහපුරිස්ලකුණෙන් දිස්නා සිරිරු ඇති පුත්රුවනක් ලදු. එව්හු මුත්තා. කලිඟුරජු නම් තබා සතර දෙන මහත් හරසරින් වඩත්.

එකල්හි කලිඟුකුමර තමා සුනිල් සිනිඳු සියුම් වරලින් හොබනා වට සිහින් තමල්ලිය නිල්මිණි නිල්මහනෙල් නිල්වලා පැහැ වඩිමින්, බැමයෙන් දෙව්දුනු, නුවනින් නිල්මහනෙල්, මියෙන්තඹුරු දසතින් සිඳුවරකුසුම් පරයමින් ගනරන් පටක් බඳු සොමි නළල් මැදහි එබූ නිල් තලාටිකින් වන දෙවියන් නුවන්මන අදිමින් මව තනන තන ම රන්ගල්කුළුහි එබු මියෙන් කිරිපැනුරා බොත් සහදප් කෙසුරු වෙස්පාමින්, පියා පුළුල් උර සයුරෙහි රන්සුනෙරසිරින් වොරජමින් සැළුදැඹින්හා (මරු කුකුළු තඹුරෙහෙරුයෙන්) දෙමුන්තන් සොම්නස් මහ විල්හි ගලා නියඬුහුරු කෙරෙමින් තඹුරු ගැප්හී බමර පියරැව් බඳු කල් බොලඳ තෙප්ලෙන් ලෙවන් කන් ගන්වමින් සම මෙළෙක් වැලිතලමැ විල්පිටුහී පතුල්තඹුරු අතුරු නොතබා මිණිඬුස්වමින් තරවමැ රජ ගත්කල් බඳින් මදමත් ගඳැත්වෙස් පියහට පාමින් මොනර කිනුරු කෙවිලි මුවගණහා කෙළිමින් පියා යුවරජ හා මුත්තා මහ රජහු කෙරෙන් මහගත් උගන්මින් ඔවුන් කෙ‍ෙර් හැම සිප්හී නිපතට පැමිණෙමින් මහත් ගඳගජන් අත්හී ගෙනැ බහා හොවමින් සුර කිනුරු නාගඳඹ සිඳඹුවන් නුවන් මන වුළුඹුමින් වැඩිවියපත්.

එක්බිති එව්හුපියෝ තක්ෂත්ර යොගයක් දැකැ තමා බෑ රජහු මළ බැව් දැන පුතු කැඳවා වැළතහිඳුවා "පුතැ! වනයෙහි නොවසා තාමහළුපියේ මහ කලිඟුරජ මෙළේ තෝ දන්තපුරයට ගොස් කුලසතු රජයගැණැ" යි තමා අළ හස්මුන්දද පලසද කඩුවද දක්වාදී- ‍ පුතැ! දන්තපුරයෙහි අසවල්වෙයැ අපට වැඩ සරණ ඇමති යෙක් ඇති උහුගේ ගෙහි යහන් මැද බැස මෙතුන් සලකුණු පෑ මා පුත් බව කියා හේ තා රජයෙහි පිහිටුව" යි පුත්හට සමුදිත්.

එසඳ කලිඟුකුමර මව්පියනුදු මුත්තනුදු වැඳැ පැද කුණු කොට පින්මුවා ඉදුහයෙන් අහසින් ගොස් දන්තපුරයෙහි ඇමැත්තාගේ ගෙහි යහන් මැද බැස සිටියේය.

එකල්හි ඇමති කලිඟුරජකුමරහු දැකැ විද්යාැධරයෙක හෝ? දිව්ය ගාන්ධර්වදයෙක හෝ? යන සිතින් තෝ කවරෙහි? පිළිවිස "මම සුළුකලිඟු යුව රජහු පිත් කලිඟුකුමර නම්" යි හස්මුන්දද පලසද කගරුවනද පෑ කල්හි මහමන්දාහු දුටු මහ දිළිඳක්හු සෙයින් මහ සොම්නසින් පිනා එපුරෙහි මහ ඇමතියනට කී.

එකල්හි ඇමතියෝ අවුදු කලිඟුකුමරහු දැක සොම්නස්වැ එපුර දෙව් පුරයක් සෙයින් සදා එව්හු මඟුල් පෙළහරින් නහවා සුදු තවරගත්වා සේදුහුල් හඳවා දළමුත්හර පළඳවා කඩා මල් කඩින් මුහුලස් ‍හොබවා පළහෙළ දළයහන්හී හිඳුවා දුහුල් වියන් බැඳ පළ සුදු මලෝලඹු දී වැටසිරි පහයා මඟුල් අවුස් වඩා යහ තෙලුහු - අළුයෙහි කුමරහු මඟුල් ගී පළ තුරින් දුරු වූ නිදිමෙදෙන් මත් වැ සඳ පහන් ලකුළුවුවන් පුජවමින් යහන් තෙලෙන් නැගිසඳ -

සුපුල් කොල තුරෙහි ලැගි මත් කොවුලන් "මඟුල් පෙරහර යුත් දනා එන්නේල" යන වදනක් මෙන් හඬනැගූ සඳ කුමුදොරෙහි මුවරද රොන් රජ තැවැරූ බමර කැල මඟුල් කඩා මල්දම් වතුළසඳ මඟුල් පෙරහර බඳ නන්ජනා මඟුල් මඩු පුවුටු සඳ මඟුල් මහ ඇමැතියෝ කුමරහු සවුබරණින් සදා මඟුල් මඩු වඩා සත්රුවන් රැස්හි, සිටුවා තෙසකින් බිසෙවුදී "තුන් කල්හි මෙවෙනි සැණයෙක් නොවූ විරිය" යවා මඟුල් කොට ‍ෙඑරාවණාරූඨව දෙව්පිරිස් පිරිවරා සුදසුන් මහ වෙසින් ගොස් විජයොත් මහපාවන් දෙව් රජහුගේ හවියෙන් ඇත් කඳ හිඳුවා නුවර පිරිවරා රජගෙට වැඩූහ.

මෙසෙයින් කලිඟුකුමර දන්තපුරයෙහි රජවී