කාලිංග බොධි ජාතක කාව්‍ය-කාව්‍ය vi
501. තම පිය රදුන් ගෙන සව් සත යෙහෙන් දැන ගෙන බඹ කුමරෙකු සිරින එකලු කර තුනු රුවින් ඒ වන
502. වන දෙව'ඹුන් විසින රූ රස අඳුන් අඳිමින ඒ කුමරු සසොබන වසන සඳ ඒ වනෙහි සතොසින
503. පිය නිරිඳු දිනයෙක දැකලා නැකැත් යෝගෙක ඔහු බෑ රදු නිසැක 2 මැරුණු බව දැක විලස 3 දිව සක
1 ඔරැඳින 2 මළ වූ 3 දිවසෙක (64) 504. කැඳවා තම කුමරු හිඳුවා වෙන ම පියකරු පිය නිරිඳු නො ව සරු මෙසේ 1 පැවසී බසින් අම යුරු
505. පුත, තොප පියා දෙට කළුරිය කෙළය මෙකලට තෝ මේ වන නොසිට ගොසින් නො ලස ව දන්ත පුරයට
506. අසවල් වෙය වසන මා පෙර ඉටු මිතුරු වන ඇමතියෙකු ඇති ගුණ ඔහුගෙ ගෙට වැද මෙතොප නොලසින
507. මේ පලස කඩුවත් අනගි මිණි බැඳු මුද්දත් දක්වා ගොනො'හු සිත් කියා තොප මා පුතු නියාවත්
508. කුල සතු රජය ගෙන වසවයි එපුර කියමින දෙමින් තුන් සලකුණ දිනී අවසර යන්ට නොලසින
509. ඒ කුමරිඳු එවිට ගොසින් දෙමුතුන් ළඟ සිට කියා මෙ පවත තුට ඔවුන් වැඳ සමුගන්ට නැමි විට
510. මදු රද බිසෝ යඳ හඬා වැලපි ඉකි බිඳ සිඹ කුමරු පෙම් බැඳ යන්ට සමුදුන් සඳ දුකින් තද
511. යළි ඇවිත් මවු වෙත කී සඳ නොහැර එපුවත පැලෙන මෙන් හදවත ඉතා දුක් වී බිසෝ නො නැවත
1 පැසිය (65) 512. කුමරුන් වැලද ගෙන අඬනා සෙඳහි බිසවුන ඔවුන් තෙන් කදුළෙන තෙමී ගියෙ ඒ කුමරු වෙසෙසින
513. දෙමුතුන් මවු පියන අඬා වැලපුණු අවසන පැදකුණු කොට ඔවුන නැමඳ අවසර රැගෙන නොලසින
514. බඹ ලොවට නැෙඟනා බඹ කුමරුවකු සිරිනා ඒ කුමරිඳු මනා නැගී අහසට කුසල් බෙලෙනා
515. මන සක සතුටු කරවන සොඳුරු මනහර නො වැලක සුර කිඳුරු සිදු විදුදර පවර නොව සැක කෙළින තුනු පැහැයෙන් එකලු කර දහසෙක සුවාසූ හිම සෙල්දිටි කුමර
516. මනහර සතර පැහැයෙන් දිසි සිව් දිගට හැම වර නිවෙස් වන පහ සැදි සුරනිඳුට තුගුතර පවු සතක් සුසැදී ඇති අවට මහමෙර බැලී ඔහු අහසින්යමින් සිට
517. නොමඳ පබළු සක් මිණි මුතු රැසිනි ගද දලද සමග ලෙළ දෙන තරඟ නල වැද නිබඳ තැව් පසුරු ගෙන යන රුවල් බැඳ පැහැද බලා ගියෙ කුමරිඳු මහ මුහුද
518. ඉඳු නිල් දෙරණ සෑදූ කලදෝ යට'ග දුල බඳු බැඳි දද තල වැද නිරතුර සසල උඳු දල තුළෙන් ඇද ගෙන ගුවන වනි'ගිල සිඳු පිට දිටී ගුරුළුන් ගත් නයින් කැල
519. නියමින් සුසැදි මේ සක්වළෙහි අතර ම නොමදින් උලැගි දළ රල සපිරි නිතර ම වෙසෙසින් තිනි පිහිටි මහ සමුදුර මැද ම දිවසින් සතර සහ නැරැඹි කොදෙව් හැම
(66)
520. දුලා මහරු මිණි රැස් දස දිග පැතිර
වෙලා එකළු තිබෙනා නිබඳ මනහර
කලා සුර සමඟ වසනා නෙක අයුර
බලා ගියේ නිල'ඹර දිසි විමන් සුර
521. රඟා කොමල'ඟන සිරි පා මින් නිසැක ළඟා වම යනෙන සිදු විදුදර නොයෙක මඟා ඔවුන් සැටි තුටු කර සිය දෙසෙක මහා රිවි ගියේ ඒ කුමරු නො වැලැක
522. අහස් ගෙඟහි වැද වැද රැගෙන සීකර වෙසෙස් සිහිල් මඳ නල හමනා උතුර පහස් ලබ ලබා මඳ කල් ඉඳ අඹර සතොස් වෙමින් ගොස් ඔහු තුනු ගිමන් හැර
523. බැස දන්ත පුරයට පෙර කී ඇමතිගේ ගෙට වැද ඒ කුමරු තුට යහන පිට උන් සෙඳහි මොනවට
524. දැක ඇමති බිය ගෙන සිදු විදුදරෙක සිතමින තොපි කවුද කියමින ඇසූ සඳ කී කුමරු මෙලෙසින
525. පෙර මිතුරු වූ තට සුළු කලිඟු නම් කුමරුට පත් පුත් නතතුරට කෙනෙකි මම දැන ගනු 1 නියම කොට
526. පවසමිනි නො නැවත මුදු සහ පලස අසිපත දක්වා ඔහුගෙ නෙත හළේ දුරු කර උපන් සැක සිත
527. තම දොර පහළ වුණ නිදන දුටු දිළිෙඳකු මෙන නොමඳ ඔහු සතුටින කීය මහ මැතියනට විගසින
1 නියමෙට (67) 528. එබස'සා මැති ගණ සතුටින් වහා අවුදින ඒ කුමරු දකිමින නමැඳ ඔහු යුග සරණ වෙසෙසින
529. එ මැති සිත තොස් කර නොමඳ මහසෙන් රැස් කර එ පුරෙහි වෙසෙස් කර 1 කීහ පරසන ලෙස නො ලස කර
530. එ පුරවර දොර දොර මැද රන් තොරන් මනහර කලදෝ කුඹ නෙ තර සදා දද බැඳ නලින් ලෙළ'ඹර
531. පුන් කලස් තබමින් මාරුක් මලින් සදමින් මුව ලඹ රඹ නොමින් සදා තැන තැන නො මඳ බඳිමින්
532. කළු වැලි ඉස්වමින් සුදු වැලි අතුට වෙසෙසින් එ පුර සුර පුර මෙන් සදා නො පමණ සිතින් විගසින්
533. එක් වී ඇමති ගණ සුවඳ ඔසු යෙදු වෙසෙසින සුපිරිදු පැන් ගෙන කුමරු නාවා නොමඳ බැතියෙන
534. කසී සළු හඳවා දළ මුත් හර පළඳවා අබරණ නො මඳවා වඩා නිසි ලෙස අනගි සොඳවා
535. තවරා සුඳ'ගරා හෙළ මල් දමිනි පවරා නිල් මුහුළස සරා දරා කිරුළ'සි රදු සෙ අමරා
1 කිව්ව (68) 536. මෙලෙසින් කුමර සඳ සරසා නො ලස නිවරඳ නැවත ඒ මැති සඳ මහරු විමනෙක සොඳුරු මනනඳ
537. පළ හෙළ වියන් බැඳ කිරි සිඳු තරඟ පෙළ ලෙද සුදු මුදු තිරැ'ද සොඳ තෙමා ගත් පිනි දියෙන් මනනඳ
538. හිම'ඹු බිඳු වැහෙනා සමන් මල් වල් වමිනා සුවඳ තෙල ලමිනා පහන් දල්වා අවට සොබනා
539. රත් කම් කළ සොඳුරු
ගජ දළ සයන පිවිතුරු
පට තිළි තුළ මහරු
කුමරු එහි ඉඳුවමින් පියකරු
540. සුරඹුන් පරද වන
රුසිරැති සොඳුරු වර'ඟන
ලවා පෙර සිරිතින
වැඩුවා මල් ආසිරි සතොසින
541. එසඳ එරද තද තෙද'ග නො ගාලා නොමඳ දිග'ත යන සතෙඳහි තැවිලා යළිද එ ඔපත් එ බව නිවාලා නිරද අපර ගිලි වැනි සිය කමාලා
542. සුග'ග නිරද වියලනු සිය කරිනා එ බව තම ද දැන එන පර පුරෙනා ගැඹුරු මම ද බැලු යෙහෙකැයි සිතිනා අපර නිරද තුළ ගිලි දෝ දිනනා
543. දිනිඳු එපැළ සිදු ගිලුණු සෙඳ්යා උවිඳු සමග සිරි වසන සෙඳ්යා කුමුදු වරල මිදි වැටුණු ලෙදේයා තුරුදු ගගන දිස්විය නො මෙඳ්යා (69) 544. තුරුදු වියන දිස් වුණු සඳිනේයා කුමුදු වනය පොබ කරවමිනේයා මිහිඳු තුසර වගුරා නොමිනේයා තරිඳු පැමිණි පෙර ගිරි හිසිනේයා
545. ලොලා වෙමින් එ සෙඳහි පෙර දිගු සඳ තිලා ගගන මුහුළස තුරු කොඳ බැඳ දුලා නළල මැඳ සුසැදු පැහැ නද නලා ටි කෙක සිරි ගනිය සුපුන් සඳ
546. දකිමින් සිසි හිමි ලොබ වී නිස'ඹුන අඳිමින් සඳ කැන් සුදු වන සසොබන කියමින් කොවුලන් නද ගී නො ලසින වෙසෙසින් සපැමිණි සඳ ඒ කුමරුන
547. අසමින් පසතුරු නද කෙරු නො නැවත කුසුමන් සහ පට තිළි තුළ සයනත විලසින් පෙර මද රදුගෙ සිරි ගත සතොසින් කුමරිඳු සැතපී සිරිමත
548. එන වර එම සඳ අලුයම් සිරිසඳ පැහැසර උද අව රඟ වන රිවි සඳ මනහර ඇගෙ දෙසවන බැහැවූ සොඳ පුවකර මිණි තොඩු යුවලෙක සිරි ලද
549. පෙරින් දිනිඳු රද වඩිනා පුවතර රැසින් අරුණ දුරු කර හළෙ ගන'ඳර ඔවුන් ට ඉඩ දී හරිනට මඟ'තුර සතුන් ඉවත කරනා වැනි ෙවනදර
550. මෙලෙස රෑ අවසන කුමරු නැඟි සඳ යසතින ඇමති ගණ අවුදින සරා බරණින් සුරිඳු විලසින
551. සුදම් සබ මඬු යුරු මඟුල් මඩුවට පිවිතුරු කැඳවා ගොස් කුමරු සත් රුවන් රැස මෙනෙහි පියකරු
(70)
552. සිටුවමින් සතොසින
අබිසෙස් මඟුල් කරමින
යළි මඟුලැතු සොබොන
සරහ ගෙනැවිත් විගස නො ලසින
553. දැක්වූ සඳ එ විට නැගෙමින් නිරිඳු ඇතු පිට ලෙළ මුතු ලැල් අවට නංවමින් සේ සතක් මුදුනට
554. ඇත් ඇස් රිය පබළ සිව් රඟ සෙනග පැහැ දුළ පිරිවරමින් එ කල අසා පසතුරු මහත් කොල හල
555. අසුර සෙන් ජය ගෙන ඒරාවණැ'තු නැෙඟමින දිව සෙනඟ සමඟින එ සුදසුන් මේ මැදින් සසොබන
556. එ විජයොත් පහයට වඩිනා සිරිඳු විලසට නුවර පැදකුණු කොට පැහැද වැද ඒ නිරිඳු රද ගෙට
557. වර එ පුර'ඹර මැද තුටු කර සුදන මන කොද දිලි සුපිරි සඳ ලෙද එ රද සතොසින් විසී මනනඳ
558. මෙ අප මහ බෝසත් බමුණු කුලයෙක සිරිමත් ඉපිද තුටු කර සිත් වැඩී ඉසුරෙන් වෙමින් අග පත්
559. දන්ත පුර සිරි පත් කලිඟු බරදිජ නම් යුත් එ දද විරු සිරිමත් 1 විසී එ පුරෙහි වෙමින් පැනවත්
1 විසූ (71) 560. එ බමුණු සුපිරිසිඳු එතර වී සව් සත සිඳු දෙරණ පත් වදනිඳු විලස දිය තුළ වීය පරසිඳු
561. ඔහු දෙබැම සසොබන නිඹ පත් දෙකෙක වෙසෙසින දිඟු නිල් යුග නයන රුසිරු ගඟ කෙළිනෙව් යුවළ මින
562. යොවුන'ඹු කෙණෙර'ඟන මැඩ ලන රන් අකුසු මෙන බබළන ඔහු ගහන විලස පවසති කෙලෙස වෙසෙසින
563. දල කෙසර උදුලිය දළ වන් දලින් ළකලිය එ දද මුව මඩලිය මිණි දැදිරි රත සරෙක කියලිය
564. පැරැදී ඔහු ගෙලට සක ද සැඟවී දිය යට යළි විත් රදු ළඟට නිතර හඬනෙව් එ සිරි ලබනට
565. මුදු කොමල යුවලත සපු මල් දමෙ'ව් පැහැ පත වසඟ නිති සිරි කත ඔහු'ර රන් ගිරි තලෙක සිරි ගත
566. වර එ හිමි සිහිනි'ඟ දුනු මිට වැන්න වියොවග වට සිලුටු උරු යුග දිලේ රන් රඹ දෙකඳ එක රඟ
567. ඔහු දෙදණ සසොබන රන් උතු යුවල සිරි ගෙන බබළයි එක ලෙසින කෙසේ පවසති විලස වෙසෙසින
(72)
568. දිලි යුග දහ සොඳුරු
දුනුකේ කැකුළු එක යුරු
විලසින් පිපි තඹුරු
නිබඳ බබළයි දෙපද පියකරු
569. එ හිමි රුව මොනවට කියත හොත් ඇති විලසට බඹ ගුරු සඳ'ට දිට විනා පවසනු බැරි කිවිදෙකුට
570. එ විරු දිසි යස ලිය මෙර වට ගොසින් පැටලිය කුසුම් තුරු බැබළිය වලා දල සඳ පලෙක කියලිය
571. සිව් මේ දත් යෙහෙන සව් සත සතුටු කරවන බට දෙරණ සසොබන දෙවැනි බඹ වැනි එ දද වෙසෙසින
572. කැඩපතින් පෙනෙනා පිළිබිඹු ලෙසින් දියනා 1 කරුණු ද නො කරුණා නො හැර වැටහේ සිතට සොඳිනා
573. ලොවෙහි සියලු ම තතු දැන ගෙන නො හැර බෝසතු අගනිසි ලෙස දිමුතු නැණින් ලෙව් සත කෙළේ තම නතු
574. මුළු දියත දිය කොත් නඟමින් නියෙන් අග පත් විලසින් සතර වත් වෙමින් පරසිදු විසී මහසත්
575. ඒ බෝසත් සොඳුරු කලිඟු රදුගෙන් පියකරු ලබා ගුරු තනතුරු කීය සක්විති එවන් තොරතුරු
1 කරුණු නොකරුණා (73) 576. දස වන ම වෙසෙසින නරනිඳු සිතෙහි දරමින පැවැත ම එම ලෙසන එසඳ පුණු පොහෝ දිනෙක නොලසින
577. පුරමින් එ දස වන එදින උදයෙහි නොනැවත ලොබ හැර තමන් සිත කෙළක් දන වියදමින් සුදිමුත
578. දන් දී යදින්හට සුවඳ පැන් නා මොනවට කසී සළු වත තුට පැලඳ නරනිඳු විලසට
579. රස මසවුලෙන් යුත් අම දිව බොජුන් එක යුත් වේලා දැන නුමුත් එ රද මෙහෙ නිමවමින් නොනැවත්
580. සුදු සිනිඳු මුදු වත පිවිතුරු උතුරු සළුවෙන එක'සක් වසා ගෙන පෙරව අට සිල් රැගෙන සතොසින
581. විජයොත් පහ සොබන පැරැයූ රුවින් බබළන මතු මහලට ගොසින නැඟී යහනට එරද සතුටින
582. පත්මාසනය බැඳ වැඩ ඉඳ එ සඳ නිවරද තම දත් සිල් නොමඳ එ රද සිහි කර කර සිටින සඳ
583. ඔහු කුසල් බලයෙන නොයෙක් මිණි රැස් විහිදෙන පසතුරු නද සිරින මියුරු නද ඇති නිබඳ පවතින
(74)
584. කිරි මුහුදින් නැගුණ
බුබුළු විලසින් සසොබන
ලෙළ මුතු ලැල් තලින
එ සියයක් සේසතින් ඔරඳින
585. නව රුවනින් දිලෙන සක්නිම් වළලු සසොබන ළහිරු මඬලක් මෙන සොඳුරු රත කර විලින් නැෙඟමින
586. සපැමිණ වන හිසට එ දින දිව ගෙයි මොනවට තුරු වියන දිසි විට උදා සඳහා සමඟ එක විට
587. දස දිග එක'ලු කර අහසින් අවුත් මනහර සක් රුවනෙ'පුර වර සිසාරා'විද අවට තුන් වර
588. යළි සැදු උතුරු දෙස මිණි සී මැදුර අබියස සිටි සඳ අහස් කුස නිරිඳු දැක වඩවමින් සිත තොස
589. හුන'ස්නෙන් නැගෙමින සක් රුවන හා සමගින නැග අහස විගසින එ රද වැඩ ඉද සුරිදු විලසින
590. සක්විති රජ ඉසුර පහළ බව ලොව නො ම හැර පළ කර එ පුර තුර සිටින වර සර අමර සර යුර
591. සමගින් ඇමතිවර විගසැ'විත් රැස් නො ම හැර නව නොයෙක මනහර රැගෙන තල් වැට සලන චාමර
(75)
592. කුඩ කොඩි අවි නොමින
රැගත් මහසෙන් අවුදින
පිරිවරා නොලසින
රැස් ව අහසෙහි ගන ව වෙසෙසින
593. සතළිස් යොදුන් තැන පිරි සිටි සෙන් සමගින එ රද සක්විති වන නික්ම අහසින් ළහිරු විලසින
594. එ සඳ රද'1දිරි පිට දිව ගඳ'ඹුවන් විලසට නළ'ඹු දහසක් සැට නටා යති තුනු රුසිරු පළ කොට
595. ඔවුනට ඉදිරියෙන එ පමණ විලස දෙව'ඟන වර රුසිරු පුර'ඟන වේණු වීණා වයති අපමණ
596. ඔවුන් පෙරටු ව සිට සග සුර කුමරු විලසට සෙනගෙක නොව නිවට යුග'ග සමුදුර ගොසක විලසට
597. දස දිග ගුගුරුවා නෙක තුරු ගොස පතුරුවා නුම නො ම අතුරුවා සෙනග යෙති තැන තැන විසුරුවා
598. නත මුව දහසකින කීවත් නොගෙවෙන ඉසුරෙන සක්විති රද සොබන සියලු පිරිවර සමඟ වෙසෙසින
599. සුනෙර ගිර අවටින සැදි සමුදුරට මතුයෙන වැඩ සතර දිවයින බල බලා එහි ඉසුරු වෙසෙසින
1 දිරි සිට (76) 600. සමුදුරට බසිමින එහ දිය ඉවත් වුණු තැන සිය සෙනඟ සතොසින රුවන් ගනිමින් එයට වඳිමින
601. පොදි බැඳ රිසි පමණ සෙනඟ අහසට නගිමින සත් රුවන සමගින ඇවිත් සිය පුර එ රද සතොසින
602. සක් රුවන'නුහසින සිවු දිව් නොහැර ජය ගෙන සිය විමන වදිමින වසන සඳ සව් සිරින් නොපමණ
603. රන් ටැම් සැදු සොඳුරු දැව පේකඩින් විසිතුරු සැදි රන් කොත් මහරු ඇත් හලෙහි ඒ රදුගෙ පියකරු
604. තුඟු කුඹු දළ දකුණ සතර පද කර වලගින නිති සුපිහිටි දෙරණ මඟුල් ලකුණෙන් නොමඳ බබළන
605. කෙලෙස කුළ සම වන පළ හෙළ ගතින් ඔරඳින උපෝසත කුලයෙන ඇතෙක් විත් සිටි සෙඳහි සතොසින
606. කලිඟු සක්විති රද දකිමින් එ ඇතු මන නඳ සල කන් සෙමෙර බැඳ අනගි රන් සැත් පෝරු දුල සොඳ
607. පද මිණි ගිගිරි ලා දෙ දළ රන් කොපු බහලා මෙ ලෙස සරහා ලා එ සක්විති රද ඇතුට නැගිලා
(77)
608. පෙර සෙ පිරිවර ගෙන
අහසින් ගොසින් නොලසින
සිව් දිවයින් පැමිණ
රදුන් හා සව් සතනට එහිඳින
609. දස'කුසල් හරිමින දස පින් කිරිය නොලසින නිති කරව සතොසින පවසමින් අවවාද කුලුණෙන
610. යළි ඒ ඇතු පිටින පිරිවර සමඟ නොමඳින සිය පුරට අවුදින වසන සඳ රද නොමඳ කුලුණෙත
611. ඇත් රුවන ලත් පසු කිලුටක් සිරුර නුමුසු කිරි සිදු රැළ සුදුසු ඉතා පළ හෙළ රුවින් නුමුසු
612. අස් රදෙකු වලහක අවුදින් යෙහෙන් නො වැලැක අස් හල එක් පසෙක සිටිය සඳ සෙද එ නරවර දැක
613. මිණි කිකිණි ඈ තන බරණින් සරා වෙසෙසින සක්විති රජ පෙමින නැගී අසු පිට විගස නොලසින
614. පෙර සෙ සක්වළ වට ඇවිද දන මන තුටු කොට පෙරවරු ම සනිකට ඇවිත් පැමිණේ එ සිය විමනට
615. රියනක් දිග සතර සුවසු දහසක් පිරිවර මැණික් සැදි මනහර මැණික් රුවනක් ඉතා පැහැසර
(78)
616. වේපුල්ල පවුවෙන
නැඟී අහසට වෙසෙසින
තුරු කැල මැද දිලෙන
සපිරි සඳ මෙන් ඇවිත් සපැමිණ
617. යළි ද සොඳ 1රුසිරු දිගැස් රුවනක් පියකරු දිවයිතිනු'තු රුකුරු පහල විය ඒ රදුට වන ගරු
618. තව ගහපති රුවන ලැබ පුත් රුවන වෙසෙසින කලිඟු සක්විති වන නිරිඳු සඳ කිව නො හැකි ඉසුරෙන
619. රජ සිරි විඳ නොමඳ වැස එක් දිනෙක මනනඳ මවු පිය ගෙනෙන ලෙද යන්ට නික්මී එ සක්විති රද
620. මඟුලැතුට නගිමින පිරිවර සමඟ නොමඳින සෙද අහස නැගෙමින වඩින සඳ කිව නොහැකි ඉසුරෙන
621. ඒ මඟුලැතු සොබන යන්ට නො හැකි ව අහසින පසු බැස උන් සඳින නිරිඳු ඇතු මෙහෙය වී නොලසින
622. වැද අකුසු පහර ද නො යා ඇතු එහි උන් සඳ කිසි කරුණක් නොලද නො ගොස් සිටිනේ මේ ඇතු කුමට ද
623. ගුරු වූ එ රද හට මහ බෝසතුන් වන තුට සිතා බැස දෙරණට බැලූ සඳ ඒ බමුණු මොනවට
1 රුසිරු (79) 624. සියලු මුනිඳුන්හට විජය බිම වූ නොකිලිටි තැබ වූ මුළු දෙරණට එ මහ බෝ මැඩ දිටිය වන තුට
625. රජ කිරියක් පමණ තැන සා ලොමක් විතරින නැති ව කිසි ව ම තණ දිලෙන කලදෝ පටක් විලසින
626. සුසැදි හෙළ වැල්ලෙන දෙපස සැදි මල් ගොල්ලෙන වැහෙන රොන් හැල්ලෙන දිලෙන නිරතුරු මෙම සියල්ලෙන
627. ලිය තුරු සැදි අවට බෝ මැඩ දෙසට හැම විට නැමෙමින් එක රඟට තිබෙන ලෙස දැක එ දද මොනවට
628. මෙ වර පෙදෙස විසූ සියලු මුනි කෙලෙසුන් නැසූ තැනෙකැයි වන සුදුසු මෙහි මතින් යනු වේය නුසුදුසු
629. සිතා වැද අහසට එ සක්විති රදු ළඟ සිට නැමද යළි සරණට මෙ සේ මහසත් පැවසි එරදුට
630. නර නිඳුනි, තෙල බිම සැම මුනි වරන් වරන් නො හැර ම කෙලෙසුන් නසා හැම හරින තැනකැයි ඉතා මනරම
631. එහි අවට සුසැදුණ ලතා තුරු තණ නොපමණ දකුණට කැරකෙමින වැඳුම් ගෙන සිටින්නේය හැම දින
(80)
632. මුළු දෙරණ නැබ වත
නිසල තැනෙකැයි සසොබන
කප පළමු උපදින
කලෙහි පළමු ව මෙ බිම ඉපදුණ
633. කප නැසී යන වර පසු ව ම නසී වසුදර මේ ලකුණ පුවතර මගුරු වසයෙන් ඇසිමි ලොබ කර
634. මේ ඔබ හිමි සඳින
අහසින් බිමට බසිමින
වැඳ පුදනට පෙමින
යෙහෙකි නොපමා වෙමින් විගසින
635. සක් බඹෑ මුරුතට වත් බැරි මතින් යාමට එ බැවින් මෙ ඔබ සිට කුමට වෙහෙසනු මෙ ඇතු යාමට
636. සක්විති හිමි සඳින පෝසත කුලෙහි ඉපදුණ ඇතුන්ගෙන් නොපමණ විදුරු අං කුසයෙකින් ඇන ඇන
637. වෙහෙසූවන් සොඳට මේ බෝ මැෙඩහි අසලට වත් මේ කප හිමට බැරිය වෙහෙසනු කුමට යාමට
638. ඔබ පෙර පිනෙන් ලද මේ ඇත් රජහු මත නඳ කාලවැකැ කුල සොඳ කුල'ටකින් වැඩි සිටිය බල තද
639. පෝසත කුලෙහි පත් මේ ඇතු තුමා සිරිමත් විදුරකුසෙන් ඇනන් මෙහෙයන්ට ඔබ නො වේ පෝසත්
(81) 640. කලිඟු බරදිජ වන එ දද මේ ලෙස නො ලසින පැවසු බස නො ම ගෙන රැගෙන ඇතු යෙමි සිතා මෙතනින
641. විදුරකුසෙන් රුදුරු ඇන ඇන එ රදු නො ව සරු මෙහෙයු සඳ සිදුරු වෙහෙස ඉවසිය නො හී බර ගරු
642. ගුගුරා මහ හඬින පසු බැස හොඩ නවා ගෙන අහස ම තද බියෙන උතිය උක්කුටුකයෙන් එ සඳන
643. නැවතත් ඒ නරන කෙටූ සඳ විදුරකු'සෙන ඇතු ද ඒ වෙහෙසින කළේ කළුරිය එහි ම විගසින
644. මළ බව රද සිතට නො නැග උන් සඳ ඇතු පිට මහ බෝසත් එවිට මෙ සේ පැවසී එ නරනිඳුහට
645. හිමි සඳිනි සක්විති ඔබෙ ඇත් රුවන බල ඇති මෙළේ දැන් නො නැවති වෙහෙස වනු කිම් නො දැන ඇති ගති
646. එබැවින් අතෙකු වෙත පැතුව මැනවයි නිරිඳුන කී සඳ මහ සතුන සිතී වහ වෙන ඇතෙකු එන මෙන
647. එ රද සිත සමගින පෝසත කුලෙන් සසොබන ඇතෙකු විත් විගසින දෙමින් පිට උන් සෙඳහි නො ලසින
(82)
648. නරනිඳු එ ඇතු පිට
උන් සඳ මළැතු සනිකට
වැටී ගිය මිහි පිට
නැවත බෝසත් බසට තුති කොට
649. බැස අහසින් දෙරණ එ රද බෝ මැඩ වෙසෙසින තිබූ අසිරි දකිමින කළේ තුති බෝසතුට මෙලෙසින
650. බමුණ තොප සව් සත අතැඹුලෙක ලෙස බව දත හැඟුණෙය අද ම සිත කියා නරනිඳු තව ද නො නැවත
651. සැම කරුණු දැන ගෙන තුන් ලෝ තලට අග වන ගුණ නැණෙති නොපමණ බමුණු නම් තොපි ම යයි බමුණන
652. මෙ ලෙස රදු කියමින තුති කළ සෙඳහි බමුණන තමහට නොසරි වන නො ඉවසා ඔහු එ ගුණ අපමණ
653. තම අපිස් බැව් යැද මුනි රදුන් ගුණ මහතද රදුට හැගෙනා ලෙද මෙලෙස පවසති එ දද නිවරද
654. මුනි තුන් කල් දනිති අපි ඒ ලෙසට නො ම වෙති සිප් බලයෙන් පැවති මඳක් කටයුතු පෙනෙන ලෙස ඇති
655. නිරිඳුනි අප තවද
ඇසු දෙයකැද්ද නිවරද
එලෙස කියනේ 1 වෙද
2 එහෙත් ඒ ලෙස නො වෙයි මුනි රද
1 සෙද 2 මෙය පිටපත්හි නැත (83) 656. තුන් කල් ම පවතින පදරුත් සියලු වෙසෙසින නො අසා තම නැණින දනියි අතැඹුල විලස නිසැකින
657. 1 අප ආගම් පුරිස උගත් සිප් බලයෙන් ලස නො ව කියනවා මිස දෙයක් වෙන බැරි කියනු ඒ ලෙස
658. මුනි සඳුහු වු කලි තම සිය නැණින් නො පැකිලි පස විද නේ මඬලි දකිති කර තල මල සෙ සැම කලි
659. මෙලෙසින් මුනිඳු ගුණ කියා මහසත් නොපමණ උන් සෙඳහි නොලසින කලිඟු සක්විති නිරිඳු සතොසින
660. මුනි ගුණයෙහි පැහැදි සතර දිවයින් වල රැඳි දනන් සහ නිවැරැදි කළෙ-බෝ පුද එ රද සිත බැඳි
661. පහන් මල් ගඳ දුම් ගෙන්වා එ සඳ නො ව හිම් බෝ මැඩෙහි මනරම් එ රද හිඳ සත් දිනක් කර පෙම්
662. නොයෙක් පුද කරමින යළි නරනිඳුන් සතුටින බෝ මැඩෙහි අවටින දසට රියනක් උසැති සසොබන
663. රන් ටැඹක් සඳමින ඊවට නිම්වූ රුවතින රන වැටකින් සොබන වසා නරනිඳු නොමද සතුටින
1 අපි (84) 664. දින දින බෝ මැඩට යාළක් කුසුම් සැට අට පුදනට නියම කොට සදී ඒ රද තෙසිත තුටු කොට
665. කිව නොහැකි විලසින සිව් දිව් සෙනඟ සමගින කර බෝ පුද නොමින එ රද යළි අහසට ම නගිමින
666. ගොස් හිමවතට වැද දෙමවුපිය දැක මන තද කැඳවා උන් එ සඳ දන්ත පුරයට පැමිණ සුපැහැද
667. විඳ සව් සිරි නොමඳ පින් කොට නොයෙක් මනනඳ ආයු කෙළවර සෙද ගොසින් දෙව් ලොව උපනි ඒ රද
668. සුර නර බඹ මහරු මන් මැඩි මුනි තිලෝගුරු ගොසින'ටඟ අම යුරු කලිඟු බෝදා දෙසා අනතුරු
669. එ කලෙහි කලිඟු රද දැන් මේ අනඳ තෙර වෙ ද කලිඟු බරදිජ දද නමැති උතුමා ගුණැති මන නඳ
670. දස පෙරුමන් පුරා කෙලෙසුන් නසා ඉඳුරා බුදු වූ ලොවුතුරා මෙමා යයි දෙසි මුනිඳු පවරා
671. මෙ දා කව් කරනට අයැදපු මෙ මැති උතුමට මෙපින් රැස මුල් කොට වේය සිදු බුදු බව ම මතුවට
(85)
672. මම ද නැණ පමණින
කි මුනි සඳුගෙ ගුණ නැණ
කුසල් රැස් සතුටින
වෙමින් අනුමෝදනා සතුටින
673. බඹ සුර නර උරග ඈ සව් සතුනි මනරග විදිමින් ඉසුරු සග නැවත පැමිණෙව් පුරට අපවග
674. තෙපුල් ගෙන සක් රදුන්ගෙන් මුනි සසුන් සහ ලෙව් නිතර රකිනා උපුල් වන් සුර රදුනි බුදු ගුණ මකි පින් පඬුරට ම රැගෙනා නිමල් අප අග මැතිඳුහට නෙක ඉසුරු දෙවමින් වඩා කරුණා කමල් කර සඳ දෙරණ සමුදුර ගඟන හිම් කර මැනවි රකිනා
675. සක වසින් එක් දහස් සත් සිය විසි එකට පත් වසෙහි සොබනා පුරවකින් එකොළස මසින් වෙසෙඟෙහි බුද දින මිතුන රැසිනා දස පැයින් ගුරු හෝරාව ලත් උදය තුරුපල් ගුණය රැගෙනා ලක මෙතුන් අග සෙනෙවිරත් මැති තුම විසින් කළ යැදුම් නිතිනා
676. ලකර සත දත් වියතුනැත්කුඹු බිඳපු
මැත තර කෙසර එකහර
නිතර පෙම කොට වසන සරසවි සුපිරිසිදු
මුව මැදුර නො ම හැර
පවර දුනුවිල ඒ ඒකනායක දහම්කින් නම්
මුදලි මනහර
අජර'මර මොක් පිණිස මේ කව් කෙළෙය
නිම දනු සතුන් පැනසර
- නිමි -